Pali BJT11. 1. 2.
Sinhala BJT11. 1. 2.
Pali BJTන චෙතනාකරණීය සුත්තං
Sinhala BJTන චේතනාය කරණීය සූත්‍රය
Pali BJTසීලවතො භික්ඛවෙ සීලසම්පන්නස්ස න චෙතනාය කරණීයං ‘අවිප්පටිසාරො මෙ උප්පජ්ජතූ’ති. ධම්මතා ඛො එසා භික්ඛවෙ යං සීලවතො සීලසම්පන්නස්ස අවිප්පටිසාරො උප්පජ්ජති.
Sinhala BJTමහණෙනි, සිල්සපන් සිල්වත්හට ‘මට අවිප්‍රතිසාරය උපදීවා’යි චේතනායෙන් කර්‍තව්‍යයෙක් නැත. මහණෙනි, සිල්පහන් සිල්වත්හට අවිප්‍රතිසාරය උපදනේය යන, තෙල ධර්‍මතාහෙයිනි.
Pali BJTඅවිප්පටිසාරිස්ස{1} භික්ඛවෙ න චෙතනාය කරණීයං ‘පාමොජ්ජං මෙ උප්පජ්ජතූ’ති. ධම්මතා එසා භික්ඛවෙ යං අවිප්පටිසාරිස්ස{1} පාමොජ්ජං උප්පජ්ජති.
Sinhala BJTමහණෙනි, අවිප්‍රතිසාරය අතියහුට ‘මට ප්‍රමෝදය උපදීවා’යි චේතනායෙන් කර්‍තව්‍යයෙක් නැත. මහණෙනි, අවිප්‍රතිසාරය ඇතියහුට ප්‍රමෝදය උපදනේය යන තෙල ධර්‍මතා හෙයිනි.
Pali BJTපමුදිතස්ස භික්ඛවෙ න චෙතනාය කරණීයං. පීති මෙ උප්පජ්ජතූ’ති ධම්මතා එසා භික්ඛවෙ යං පමුදිතස්ස පීති උප්පජ්ජති.
Sinhala BJTමහණෙනි, ප්‍රමුදිතයාහට ‘මට ප්‍රීතිය උපදීවා’යි චේතනායෙන් කර්‍තව්‍යයෙක් නැත. මහණෙනි, ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදීය යන, තෙල ධර්‍මතා හෙයිනි.
Pali BJTපීතිමනස්ස භික්ඛවෙ න චෙතනාය කරණීයං ‘කායො මෙ පස්සම්භතූති. ධම්මතා එසා භික්ඛවෙ පීතිමනස්ස කායො පස්සම්භති.
Sinhala BJTමහණෙනි, ප්‍රීතමනස් ඇත්තාහට ‘මාගේ නාමකාය සන්හිඳේවා’යි චේතනායෙන් කටයුතු නැත. මහණෙනි, ප්‍රීතමනස්කයාගේ කය සන්හිඳෙන්නේ ය යන තෙල ධර්‍මතා හෙයිනි.
Pali BJTපස්සද්ධකායස්ස භික්ඛවෙ න චෙතනාය කරණීයං ‘සුඛං වෙදියාමී’ති. ධම්මතා එසා භික්ඛවෙ යං පස්සද්ධකායස්ස සුඛං උප්පජ්ජති.
Sinhala BJTමහණෙනි, සන්හුන් කය ඇතියහුට ‘සුඛවේදනා විඳිනෙම්ව’යි චේතනායෙන් කරණී නැත. මහණෙනි, සන්හුන් කය ඇතියහුට සුඛය උපදනේ ය යන තෙල ධර්‍මතා හෙයිනි.
Pali BJTසුඛිනො භික්ඛවෙ න චෙතනාය කරණීයං ‘චිත්තං මෙ සමාධීයතූ’ති. ධම්මතා එසා භික්ඛවෙ යං සුඛිනො චිත්තං සමාධියති.
Sinhala BJTමහණෙනි, සුඛ ඇතියහුට’මාගේ සිත සමාධි වේවා’යි චේතනායෙන් කරණී නැති. මහණෙනි, සුඛ ඇතියහුගේ සිත සමාහිත වේ ය යන තෙල ධර්‍මතායෙක.
Pali BJTසමාහිතස්ස භික්ඛවෙ න චෙතනාය කරණීයං ‘යථාභූතං පජානාමි{1}, පස්සාමී’ති. ධම්මතා එසා භික්ඛවෙ යං සමාහිතො යථාභූතං පජානාති{2} පස්සති.
Sinhala BJTමහණෙනි, සමාධිගත සිත් ඇත්තාහට ‘යථාභූත ව දන්මි දක්මි’යි චේතනායෙන් කරණී නැති. මහණෙනි, සමාධිගත සිතැතියේ යථාභූත ව දන්නේ දක්නේ ය යන තෙල ධර්‍මතායෙක.
Pali BJTයථාභූතං භික්ඛවෙ ජානතො පස්සතො න චෙතනාය කාරණීයං ‘නිබ්බින්දාමී’ති. ධම්මතා එසා භික්ඛවෙ යං යථාභූතං ජානං පස්සං නිබ්බින්දති.
Sinhala BJTමහණෙනි, යථාභූත ව දන්නා දක්නාහට ‘සසරට කලකිරෙමි’යි චේතනායෙන් කරණී නැති. මහණෙනි, යථාභූත ව දන්නේ දක්නේ සසර කලකිරෙයි යන, තෙල ධර්‍මතායෙක.
Pali BJTනිබ්බින්නස්ස{3} භික්ඛවෙ න චෙතනාය කරණීයං ‘විරජ්ජාමී’ති. ධම්මතා එසා භික්ඛවෙ යං නිබ්බින්නො{4} විරජ්ජති.
Sinhala BJTමහණෙනි, නිර්වේදයට පැමිණියහුට ‘විරාගයට පැමිණෙමි’යි චේතනායෙන් කරණී නැති. මහණෙනි, නිර්විග්න වූයේ නො ඇලේ යන තෙල ධර්‍මතායෙක.
Pali BJTවිරත්තස්ස භික්ඛවෙ න චෙතනාය කරණීයං ‘විමුත්තිඤාණදස්සනං සච්ඡිකරොමී’ති. ධම්මතා එසා භික්ඛවෙ යං විරත්තො විමුත්තිඤාණදස්සනං සච්ඡිකරොති.
Sinhala BJTමහණෙනි, විරක්තයාහට ‘විමුක්තිඥානදර්‍ශනය පසක් කෙරෙමි’යි චේතනායෙන් කරණී නැති. මහණෙනි, විරක්ත වූයේ විමුක්තිඥානදර්‍ශන පසක් කෙරේ යන, තෙල ධර්‍මතායෙකි.
Pali BJTඉති ඛො භික්ඛවෙ විරාගො විමුත්තිඤාණදස්සනත්ථො විමුත්තිඤාණදස්සනානිසංසො. නිබ්බිදා විරාගත්ථා විරාගානිසංසා. යථාභූතඤාණදස්සනං නිබ්බිදත්ථං නිබ්බිදානිසංසං. සමාධි යථාභූතඤාණදස්සනත්ථො යථාභූතඤාණදස්සනානිසංසො. සුඛං සමාධත්ථං සමාධානිසංසං. පස්සද්ධි සුඛත්ථා සුඛානිසංසා. පීති පස්සද්ධත්ථා පස්සද්ධානිසංසා.
Sinhala BJTමහණෙනි, මෙසේ විරාගය විමුක්තිඥානදර්‍ශනය අර්‍ත්‍ථ කොට ඇත. විමුක්තිඥානදර්‍ශනය අනුසස් කොට ඇත. නිර්වේදය විරාගය අර්‍ත්‍ථ කොට විරාගය අනුසස් කොට ඇත. යථාභූතඥානදර්‍ශනය නිර්වේදය අර්‍ත්‍ථ කොට නිර්වේදය අනුසස් කොට ඇත. සමාධිය යථාභූතඥානදර්‍ශනය අර්‍ත්‍ථ කොට යථාභූතඥානදර්‍ශනය අනුසස් කොට ඇත. සුඛය සමාධිය අර්‍ත්‍ථ කොට සමාධිය අනුසස් කොට ඇත. ප්‍රශ්‍රබ්ධිය සුඛය අර්‍ත්‍ථ කොට සුඛය අනුසස් කොට ඇත. ප්‍රීතිය ප්‍රශ්‍රබ්ධිය අර්‍ත්‍ථ කොට ප්‍රශ්‍රබ්ධිය අනුසස් කොට ඇත.
Pali BJTපාමොජ්ජං පීතත්ථං පීතානිසංසං. අවිප්පටිසාරො පාමොජ්ජත්ථො පාමොජ්ජානිසංසො. කුසලානි සීලානි අවිප්පටිසාරත්ථානි අවිප්පටිසාරානිසංසානි.
Sinhala BJTප්‍රමෝදය ප්‍රීතිය අර්‍ත්‍ථ කොට ප්‍රීතිය අනුසස් කොට ඇත. අවිප්‍රතිසාරය ප්‍රමෝදය අර්‍ත්‍ථ කොට ප්‍රමෝදය අනුසස් කොට ඇත. කුශලශීලයෝ අවිප්‍රතිසාරය අර්‍ත්‍ථ කොට අවිප්‍රතිසාරය අනුසස් කොට ඇත.
Pali BJTඉති ඛො භික්ඛවෙ ධම්මා ච ධම්මෙ{1} අභිසන්දෙන්ති. ධම්මා ච ධම්මෙ පරිපූරෙන්ති අපාරා පාරඞ්ගමනායාති.{2}
Sinhala BJTමහණෙනි, මෙසේ ධර්‍මයෝ ම ධර්‍මයන් පවත්වන්නාහ. ධර්‍මයෝ ම මෙ ත්‍රෛභූමික වර්‍තතීරයෙන් නිර්‍වාණ සඞ්ඛ්‍යාත පාරිමතීරයට යනු සඳහා ධර්‍මයන් ද පුරන්නාහයි.
Pali BJT11. 1. 3.
Sinhala BJT11. 1. 3.
Pali BJTපඨම උපනිස සුත්තං
Sinhala BJTපඨම උපනිස සූත්‍රය
Pali BJTදුස්සීලස්ස භික්ඛවෙ සීලවිපන්නස්ස හතූපනිසො හොති අවිප්පටිසාරො, අවිප්පටිසාරෙ අසති අවිප්පටිසාරවිපන්නස්ස හතූපනිසං හොති පාමොජ්ජං. පාමොජ්ජෙ අසති පාමොජ්ජවිපන්නස්ස හතූපනිසා හොති පීති. පීතියා අසති පීතිවිපන්නස්ස හතූපනිසා හොති පස්සද්ධි. පස්සද්ධියා අසති පස්සද්ධිවිපන්නස්ස හතූපනිසං හොති සුඛං. සුඛෙ අසති සුඛවිපන්නස්ස හතූපනිසො හොති සම්මාසමාධි. සම්මාසමාධිම්හි අසති සම්මාසමාධිවිපන්නස්ස හතූපනිසං හොති යථාභූතඤාණදස්සනං. යථාභූතඤාණදස්සනෙ අසති යථාභූතඤාණදස්සනවිපන්නස්ස හතූපනිසා හොති නිබ්බිදා. නිබ්බිදාය අසති නිබ්බිදාවිපන්නස්ස හතූපනිසො හොති විරාගො. විරාගෙ අසති විරාගවිපන්නස්ස හතූපනිසං හොති විමුත්තිඤාණදස්සනං.
Sinhala BJTමහණෙනි, විපන්සිල් ඇති දුසිල්හුගේ අවිප්‍රතිසාරය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. අවිප්‍රතිසාරය නැතිවත් ම නට අවිප්‍රතිසාර ඇත්තහුගේ ප්‍රමෝදය නට කරුණු ඇතියේ වෙයි. ප්‍රමෝදය නැතිවත් ම නට ප්‍රමෝද ඇතියහුගේ ප්‍රීති තොමෝ නට උපනිඃශ්‍රය ඇත්තී වෙයි. ප්‍රීතිය නැතිවත් ම විපන් ප්‍රීතිඇතියහුගේ ප්‍ර‍්‍රශ්‍රබ්ධි තොමෝ නට උපනිඃශ්‍රය ඇත්තී වෙයි. ප්‍ර‍්‍රශ්‍රබ්ධිය නැතිවත් ම විපන් ප්‍ර‍්‍රශ්‍රබ්ධි ඇතියහුගේ සුඛය නටමුල් වෙයි. සුඛ නැතිවත් ම සුඛවිපන්නයාගේ සම්‍යක්සමාධිය නට උපනිඃශ්‍රය ඇති වෙයි. සම්‍යක්සමාධිය නැතිවත් ම සම්‍යක්සමාධිවිපන්නයාගේ යථාභූතඥානදර්‍ශනය නැතිවත් ම විපන් යථාභූතඥානදර්‍ශනය ඇතියහුගේ නිර්වේදය නට උපනිඃශ්‍රය ඇති වෙයි. නිර්වේදය නැතිවත් ම විපන් නිර්වේද ඇත්තහුගේ විරාගය නට උපනිඃශ්‍රය ඇති වෙයි. විරාගය නැතිවත් ම විපන් විරාග ඇතියහුගේ විමුක්තිඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ රුක්ඛො සාඛාපලාසවිපන්නො තස්ස පපටිකාපි න පාරිපූරිං{3} ගච්ඡති. තචොපි -පෙ- ඵෙග්ගුපි -පෙ- සාරොපි න පාරිපූරිං ගච්ඡති.
Sinhala BJTමහණෙනි, යම් පරිද්දෙන් විපන් අතුපත් ඇති වෘක්‍ෂයෙක් වේ නම් එ රුක්හුගේ පතුරුදු පරිපූර්‍ණභාවයට නො යෙයි. සිවිදු ... බොරුදු ... හර ද පරිපූර්‍ණභාවයට නො යෙයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ දුස්සීලස්ස සීලවිපන්නස්ස හතූපනිසො හොති අවිප්පටිසාරො. අවිප්පටිසාරෙ අසති අවිප්පටිසාරවිපන්නස්ස හතූපනිසං හොති පාමොජ්ජං. පාමොජ්ජෙ -පෙ- හතූපනිසං හොති යථාභූතඤාණදස්සනං.
Sinhala BJTමහණෙනි, එ පරිද්දෙන් ම විපන්සිල් ඇති දුසිල්හුගේ අවිප්‍රතිසාරය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. අවිප්‍රතිසාරය නැතිවත් ම විපන් අවිප්‍රතිසාරය ඇතියහුගේ ප්‍රමෝදය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. -පෙ- විමුක්තිඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි.
Pali BJTසීලවතො භික්ඛවෙ සීලසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති අවිප්පටිසාරො. අවිප්පටිසාරෙ සති අවිප්පටිසාරසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති පාමොජ්ජං. පාමොජ්ජෙ සති පාමොජ්ජසම්පන්නස්ස උපනිසසම්පන්නා හොති පීති. පීතියා සති පීතිසම්පන්නස්ස උපනිසසම්පන්නා හොති පස්සද්ධි. පස්සද්ධියා සති පස්සද්ධිසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති සුඛං. සුඛෙ සති සුඛසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති සම්මාසමාධි. සම්මාසමාධිම්හි සති සම්මාසමාධිසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති යථාභූතඤාණදස්සනං. යථාභූතඤාණදස්සනෙ සති යථාභූතඤාණදස්සනසම්පන්නස්ස උපනිසසම්පන්නා හොති නිබ්බිදා. නිබ්බිදාය සති නිබ්බිදාසම්පන්නස්ස උපනිසසම්පන්නා හොති විරාගො. විරාගෙ සති විරාගසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති විමුත්තිඤාණදස්සනං.
Sinhala BJTමහණෙනි, සිල්සපන් සිල්වත්හුගේ අවිප්‍රතිසාරය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. අවිප්‍රතිසාරය ඇතිවත් ම අවිප්‍රතිසාරසම්පන්නයාගේ ප්‍රමෝදය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රමෝදය ඇතිවත් ම ප්‍රමෝදසම්පන්නයාගේ ප්‍රීතිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රීතිය ඇතිවත් ම ප්‍රීතිසම්පන්නයාගේ ප්‍ර‍්‍රශ්‍රබ්ධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍ර‍්‍රශ්‍රබ්ධිය ඇතිවත් ම සුඛය උපනිඃශ්‍රය සම්පන්න වෙයි. සුඛය ඇතිවත් ම සුඛසම්පන්නයාගේ සම්‍යක්සමාධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සම්‍යක්සමාධිය ඇතිවත් ම සම්‍යක්සමාධි, සම්පන්නයාගේ යථාභූතඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. යථාභූතඥානදර්‍ශනය ඇතිවත් ම යථාභූතඥානදර්‍ශනසම්පන්නයාගේ නිර්වේදය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. නිර්වේදය ඇතිවත් ම නිර්වේදසම්පන්නයාගේ විරාගය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. විරාගය ඇතිවත් ම විරාගසම්පන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ රුක්ඛො සාඛාපලාසසම්පන්නො තස්ස පපටිකාපි පාරිපූරිං ගච්ඡති, තචොපි -පෙ- ඵෙග්ගුපි -පෙ- සාරොපි පාරිපූරිං ගච්ඡති. එවමෙව ඛො භික්ඛවෙ සීලවතො සීලසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති අවිප්පටිසාරො, අවිප්පටිසාරෙ සති අවිප්පටිසාරසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති පාමොජ්ජං -පෙ- විමුත්තිඤාණදස්සනන්ති.
Sinhala BJTමහණෙනි, යම් සෙයෙකින් අතුපත් සපන් වෘක්‍ෂයෙක් වේ නම්, එ රුක්හුගේ පතුරුදු පිරිපුන්බවට යෙයි. සිවිදු … බොරුදු ... හරදු පිරිපුන්බවට යෙයි. මහණෙනි, එසෙයින් ම සිල්සපන් සිල්වත්හුගේ අවිප්‍රතිසාරය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. අවිප්‍රතිසාරය ඇතිවත් ම අවිප්‍රතිසාරසම්පන්නයාගේ ප්‍රමෝදය … විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි.
Pali BJT11. 1. 4.
Sinhala BJT11. 1. 4.
Pali BJTදුතිය උපනිස සුත්තං
Sinhala BJTදුතිය උපනිස සූත්‍රය
Pali BJTතත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛු ආමන්තෙසි ‘ආවුසො භික්ඛවො’ති. ‘ආවුසො’ති ඛො තෙ භික්ඛු ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච:
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ “ඇවැත්නි මහණෙනි,”යි භික්‍ෂූන් ඇමතූහ. “ඇවැත්නි”යි එ මහණහු ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල වදාළහ.
Pali BJTදුස්සීලස්ස ආවුසො සීලවිපන්නස්ස හතූපනිසො හොති අවිප්පටිසාරො, අවිප්පටිසාරෙ අසති අවිප්පටිසාරවිපන්නස්ස හතූපනිසං හොති පාමොජ්ජං. පාමොජ්ජෙ අසති පාමොජ්ජවිපන්නස්ස හතූපනිසා හොති පීති. පීතියා අසති පීතිවිපන්නස්ස හතූපනිසා හොති පස්සද්ධි. පස්සද්ධියා අසති පස්සද්ධි විපන්නස්ස හතූපනිසං හොති සුඛං. සුඛෙ අසති සුඛවිපන්නස්ස හතූපනිසො හොති සම්මාසමාධි. සම්මාසමාධිම්හි අසති සම්මාසමාධිවිපන්නස්ස හතූපනිසං හොති යථාභූතඤාණදස්සනං. යථාභූතඤාණදස්සනෙ අසති යථාභූතඤාණදස්සනවිපන්නස්ස හතූපනිසා හොති නිබ්බිදා. නිබ්බිදාය අසති නිබ්බිදාවිපන්නස්ස හතූපනිසො හොති විරාගො. විරාගෙ අසති විරාගවිපන්නස්ස හතූපනිසං හොති විමුත්තිඤාණදස්සනං.
Sinhala BJTඇවැත්නි, සිල්විපන් දුසිල්හුගේ අවිප්‍රතිසාරය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. අවිප්‍රතිසාරය නැතිවත් ම නට අවිප්‍රතිසාරය ඇතියහුගේ ප්‍රමෝදය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. ප්‍රමෝදය නැතිවත් ම ප්‍රමොදවිපන්නයාගේ ප්‍රීතිය නට උපනිඃශ්‍රය ඇති වෙයි. ප්‍රීතිය නැතිවත් ම ප්‍රීතිවිපන්නයාගේ ප්‍රශ්‍රබ්ධිය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. ප්‍රශ්‍රබ්ධිය නැතිවත් ම ප්‍රශ්‍රබ්ධිවිපන්නයාගේ සුඛය නට උපනිඃශ්‍රය ඇති වෙයි. සුඛ නැතිවත් ම සුඛවිපන්නයාගේ සම්‍යක්සමාධිය නට උපනිඃශ්‍රය ඇති වෙයි. සම්‍යක්සමාධිය නැතිවත් ම සම්‍යක්සමාධිවිපන්නයාගේ යථාභූතඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි. යථාභූතඥානදර්‍ශනය නැතිවත් ම යථාභූතඥානදර්‍ශනවිපන්නයාගේ නිර්වේදය නට උපනිඃශ්‍රය ඇති වෙයි. නිර්වේදය නැතිවත් ම නිර්වේදවිපන්නයාගේ විරාගය නට උපනිඃශ්‍රය ඇති වෙයි. විරාගය නැතිවත් ම විරාගවීපන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි.
Pali BJTසෙය්යථාපි ආවුසො රුක්ඛො සාඛාපලාසවිපන්නො තස්ස පපටිකාපි න පාරිපූරිං ගච්ඡති, තචොපි -පෙ- ඵෙග්ගුපි -පෙ- සාරොපි -පෙ- න පාරිපූරිං ගච්ඡති. එවමෙව ඛො ආවුසො දුස්සීලස්ස සීලවිපන්නස්ස හතූපනිසො හොති අවිප්පටිසාරො. අවිප්පටිසාරෙ අසති අවිප්පටිසාරවිපන්නස්ස හතූපනිසං හොති පාමොජ්ජං -පෙ- විමුත්තිඤාණදස්සනං.
Sinhala BJTඇවැත්නි, යම් පරිද්දෙකින් අතු-පත් විපන් රුකෙක් වේ නම් එහි පතුරුදු පිරිපුන්බවට නො යෙයි. සිවිදු … බොරුදු … හරදු පිරිපුන්බවට නො යෙයි. ඇවැත්නි, ඒ පරිදි ම සිල්විපන් දුසිල්හුගේ අවිප්‍රතිසාරය නට උපනිඃශ්‍රය ඇතිවෙයි. අවිප්‍රතිසාරය නැතිවත් ම අවිප්‍රතිසාරවිපන්නයාගේ ප්‍රමෝදය නට උපනිඃශ්‍රය ඇති වෙයි -පෙ- විමුක්තිඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි.
Pali BJTසීලවතො ආවුසො සීලසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති අවිප්පටිසාරො. අවිප්පටිසාරෙ සති අවිප්පටිසාරසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති පාමොජ්ජං. පාමොජ්ජෙ සති පාමොජ්ජ සම්පන්නස්ස උපනිසසම්පන්නා හොති පීති. පීතියා සති පීතිසම්පන්නස්ස උපනිසසම්පන්නා හොති පස්සද්ධි. පස්සද්ධියා සති පස්සද්ධිසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති සුඛං. සුඛෙ සති සුඛසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති සම්මාසමාධි. සම්මාසමාධිම්හි සති සම්මාසමාධිසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති යථාභූතඤාණදස්සනං. යථාභූතඤාණදස්සනෙ සති යථාභූතඤාණදස්සනසම්පන්නස්ස උපනිසසම්පන්නා හොති නිබ්බිදා. නිබ්බිදාය සති නිබ්බිදාසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති විරාගො. විරාගෙ සති විරාගසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති විමුත්තිඤාණදස්සනං.
Sinhala BJTඇවැත්නි, සිල්සපන් සිල්වත්හුගේ අවිප්‍රතිසාරය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. අවිප්‍රතිසාරය ඇතිවත් ම අවිප්‍රතිසාරසම්පන්නයාගේ ප්‍රමෝදය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රමෝදය ඇතිවත් ම ප්‍රමෝදසම්පන්නයාගේ ප්‍රීතිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රීතිය ඇතිවත් ම ප්‍රීතිසම්පන්නයාගේ ප්‍රශ්‍රබ්ධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රශ්‍රබ්ධිය ඇතිවත් ම ප්‍රශ්‍රබ්ධිසම්පන්නයාගේ සුඛය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සුඛ ඇතිවත් ම සුඛසම්පන්නයාගේ සම්‍යක්සමාධිය උපනිඃශ්‍රය සම්පන්න වෙයි. සම්‍යක්සමාධිය ඇතිවත් ම සම්‍යක්සමාධිසම්පන්නයාගේ යථාභූතඥානදර්‍ශනය උපනිඃශ්‍රය සම්පන්න වෙයි. යථාභූතඥානදර්‍ශනය ඇතිවත් ම යථාභූතඥානදර්‍ශනසම්පන්නයාගේ නිර්වේදය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. නිර්වේදය ඇතිවත් ම නිර්වේදසම්පන්නයාගේ විරාගය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. විරාගයඇතිවත් ම විරාගසම්පන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි.
Pali BJTසෙය්යථාපි ආවුසො රුක්ඛො සාඛාපලාසසම්පන්නො තස්ස පපටිකාපි පාරිපූරිං ගච්ඡති, තචොපි -පෙ- ඵෙග්ගුපි -පෙ- සාරොපි පාරිපූරිං ගච්ඡති. එවමෙව ඛො ආවුසො සීලවතො සීලසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති අවිප්පටිසාරො, අවිප්පටිසාරෙ සති අවිප්පටිසාරසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති පාමොජ්ජං -පෙ- විමුත්තිඤාණදස්සනන්ති.
Sinhala BJTඇවැත්නි, යම්සේ අතු - පත් සපන් රුකෙක් වේ නම් එහි පතුරුදු පිරිපුන්බවට යෙයි. සිවිදු ... බොරුදු ... හරදු පිරිපුන් බවට යෙයි. ඇවැත්නි, එසෙයින් ම සිල්සපන් සිල්වත්හුගේ අවිප්‍රතිසාරය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. අවිප්‍රතිසාරය ඇතිවත් ම අවිප්‍රතිසාරසම්පන්නයාගේ ප්‍රමෝදය උපනිඃශ්‍රසම්පන්න වෙයි … විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි.
Pali BJT11. 1. 5.
Sinhala BJT11. 1. 5.
Pali BJTතතිය උපනිස සුත්තං
Sinhala BJTතතිය උපනිස සූත්‍රය
Pali BJTතත්ර ඛො ආයස්මා ආනන්දො භික්ඛු ආමන්තෙසි -පෙ- දුස්සීලස්ස ආවුසො සීලවිපන්නස්ස හතූපනිසො හොති අවිප්පටිසාරො, අවිප්පටිසාරෙ අසති අවිප්පටිසාරවිපන්නස්ස හතූපනිසං හොති පාමොජ්ජං. පාමොජ්ජෙ අසති පාමොජ්ජවිපන්නස්ස හතූපනිසා හොති පීති. පීතියා අසති පීතිවිපන්නස්ස හතූපනිසා හොති පස්සද්ධි. පස්සද්ධියා අසති පස්සද්ධි විපන්නස්ස හතූපනිසං හොති සුඛං. සුඛෙ අසති සුඛවිපන්නස්ස හතූපනිසා හොති සම්මාසමාධි. සම්මාසමාධිම්හි අසති සම්මාසමාධිවිපන්නස්ස හතූපනිසං හොති යථාභූතඤාණදස්සනං. යථාභූතඤාණදස්සනෙ අසති යථාභූතඤාණදස්සනවිපන්නස්ස හතූපනිසා හොති නිබ්බිදා. නිබ්බිදාය අසති නිබ්බිදාවිපන්නස්ස හතූපනිසො හොති විරාගො. විරාගෙ අසති විරාගවිපන්නස්ස හතූපනිසං හොති විමුත්තිඤාණදස්සනං.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භික්‍ෂූන් ඇමතූහ ... ඇවැත්නි, සිල්විපන් දුසිල්හුගේ අවිප්‍රතිසාරය නට උපනිඃශ්‍රය ඇති වෙයි. අවිප්‍රතිසාරය නැතිවත් ම අවිප්‍රතිසාරවිපන්නයාගේ ප්‍රමෝදය නට උපනිඃශ්‍රය ඇති වෙයි. ප්‍රමෝදය නැතිවත් ම ප්‍රමොදවිපන්නයාගේ ප්‍රීතිය නට උපනිඃශ්‍රය ඇති වෙයි. ප්‍රීතිය නැතිවත් ම ප්‍රීතිවිපන්නයාගේ ප්‍රශ්‍රබ්ධිය නට උපනිඃශ්‍රය ඇති වෙයි. ප්‍රශ්‍රබ්ධිය නැතිවත් ම ප්‍රශ්‍රබ්ධිවිපන්නයාගේ සුඛය නට උපනිඃශ්‍රය ඇති වෙයි. සුඛය නැතිවත් ම සුඛවිපන්නයාගේ සම්‍යක්සමාධිය නට උපනිඃශ්‍රය ඇති වෙයි. සම්‍යක්සමාධිය නැතිවත් ම සම්‍යක්සමාධිවිපන්නයාගේ යථාභූතඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි. යථාභූතඥානදර්‍ශනය නැතිවත් ම යථාභූතඥානදර්‍ශනවිපන්නයාගේ නිර්වේදය නට උපනිඃශ්‍රය ඇති වෙයි. නිර්වේදය නැතිවත් ම නිර්වේදවිපන්නයාගේ විරාගය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. විරාගය නැතිවත් ම විරාගවිපන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි.
Pali BJTසෙය්යථාපි ආවුසො රුක්ඛො සාඛාපලාසවිපන්නො තස්ස පපටිකාපි න පාරිපූරිං ගච්ඡති. තචොපි -පෙ- ඵෙග්ගුපි -පෙ- සාරොපි න පාරිපූරිං ගච්ඡති. එවමෙව ඛො ආවුසො දුස්සීලස්ස සීලවිපන්නස්ස හතූපනිසො හොති අවිප්පටිසාරො. අවිප්පටිසාරෙ අසති අවිප්පටිසාරවිපන්නස්ස හතූපනිසං හොති පාමොජ්ජං -පෙ- විමුත්තිඤාණදස්සනං.
Sinhala BJTඇවැත්නි, යම්පරිදි අතුපත් විපන් රුකෙක් වේ නම් එහි පතුරුදු පිරිපුන් බවට නො යෙයි. සිවිදු ... බොරුදු ... හරදු පිරිපුන් බවට නො යෙයි. ඇවැත්නි, එ පරිදි ම සිල්විපන් දුසිල්හුගේ අවිප්‍රතිසාරය නට උපනිඃශ්‍රය ඇති වෙයි. අවිප්‍රතිසාරය නැතිවත් ම අවිප්‍රතිසාරවිපන්නයාගේ ප්‍රමෝදය නට උපනිඃශ්‍රය ඇති වෙයි ... විමුක්තිඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි.
Pali BJTසීලවතො ආවුසො සීලසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති අවිප්පටිසාරො. අවිප්පටිසාරෙ සති අවිප්පටිසාරසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති පාමොජ්ජං. පාමොජ්ජෙ සති පාමොජ්ජසම්පන්නස්ස උපනිසසම්පන්නා හොති පීති. පීතියා සති පීතිසම්පන්නස්ස උපනිසසම්පන්නා හොති පස්සද්ධි. පස්සද්ධියා සති පස්සද්ධිසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති සුඛං. සුඛෙ සති සුඛසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති සම්මාසමාධි. සම්මාසමාධිම්හි සති සම්මාසමාධිසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති යථාභූතඤාණදස්සනං. යථාභූතඤාණදස්සනෙ සති යථාභූතඤාණදස්සනසම්පන්නස්ස උපනිසසම්පන්නා හොති නිබ්බිදා. නිබ්බිදාය සති නිබ්බිදාසම්පන්නස්ස උපනිසසම්පන්නා හොති විරාගො. විරාගෙ සති විරාගසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති විමුත්තිඤාණදස්සනං.
Sinhala BJTඇවැත්නි, සිල්සපන් සිල්වත්හුගේ අවිප්‍රතිසාරය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. අවිප්‍රතිසාරය ඇතිවත් ම අවිප්‍රතිසාරසම්පන්නයාගේ ප්‍රමෝදය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රමෝදය ඇතිවත් ම ප්‍රමෝදසම්පන්නයාගේ ප්‍රීතිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රීතිය ඇතිවත් ම ප්‍රීතිසම්පන්නයාගේ ප්‍රශ්‍රබ්ධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රශ්‍රබ්ධිය ඇතිවත් ම ප්‍රශ්‍රබ්ධිසම්පන්නයාගේ සුඛය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සුඛය ඇතිවත් ම සුඛසම්පන්නයාගේ සම්‍යක්සමාධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සම්‍යක්සමාධිය ඇතිවත් ම සම්‍යක්සමාධිසම්පන්නයාගේ යථාභූතඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. යථාභූතඥානදර්‍ශනය ඇතිවත් ම යථාභූතඥානදර්‍ශනසම්පන්නයාගේ නිර්වේදය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. නිර්වේදය ඇතිවත් ම නිර්වේද සම්පන්නයාගේ විරාගය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. විරාගය ඇතිවත් ම විරාගසම්පන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි.
Pali BJTසෙය්යථාපි ආවුසො රුක්ඛො සාඛාපලාසසම්පන්නො තස්ස පපටිකාපි පාරිපූරිං ගච්ඡති. තචොපි -පෙ- ඵෙග්ගුපි -පෙ- සාරොපි පාරිපූරිං ගච්ඡති. එවමෙව ඛො ආවුසො සීලවතො සීලසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති අවිප්පටිසාරො. අවිප්පටිසාරෙ සති අවිප්පටිසාරසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති පාමොජ්ජං -පෙ- විමුත්තිඤාණදස්සනන්ති.
Sinhala BJTඇවැත්නි, යම්සේ අතුපත් සපන් රුකෙක් වේ නම් එහි පතුරුදු පිරිපුන් බවට යෙයි. ඇවැත්නි, එසෙයින් ම සිල්සපන් සිල්වත්හුගේ අවිප්‍රතිසාරය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. අවිප්‍රතිසාරය ඇතිවත් ම අවිප්‍රතිසාරයසම්පන්නයාගේ ප්‍රමෝදය උපනිඃශ්‍රයසම්පන්න වෙයි ... විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි.
Pali BJT11. 1. 6.
Sinhala BJT11. 1. 6.
Pali BJTව්යසන සුත්තං
Sinhala BJTව්‍යසන සූත්‍රය
Pali BJTයො සො භික්ඛවෙ භික්ඛු අක්කොසකපරිභාසකො{1} අරියූපවාදී{2} සබ්රහ්මචාරීනං අට්ඨානමෙතං අනවකාසො යං සො එකාදසන්නං ව්යසනානං අඤ්ඤතරං ව්යසනං න නිගච්ඡෙය්ය. කතමෙසං එකාදසන්නං:
Sinhala BJTමහණෙනි, යම් මහණෙක් සබ්‍රම්සරුනට ආක්‍රෝශ පරිභව කරනුයේ ආර්‍ය්‍යයනට උපවාද බණනසුලු වේද, හේ යම් හෙයෙකින් එකොළොස් ව්‍යසනයන්ගෙන් එක්තරා ව්‍යසනයකට නො යන්නේ ය යන යමෙක් වේ නම් තෙල කරුණ අස්ථාන වෙයි. අනවකාශ වෙයි. කවර එකොළොස් කරුණින යත්:
Pali BJTඅනධිගතං නාධිගච්ඡති, අධිගතං{1} පරිහායති, සද්ධම්මස්ස න වොදායති, සද්ධම්මෙසු වා අධිමානිකො හොති. අනභිරතො වා බ්රහ්මචරියං චරති, අඤ්ඤතරං වා සඞ්කිලිට්ඨං ආපත්තිං ආපජ්ජති. සික්ඛං වා පච්චක්ඛාය හීනායාවත්තති, ගාළ්හං වා රොගාතඞ්කං ඵුසති, උම්මාදං වා පාපුණාති චිත්තක්ඛෙපං,සම්මූළ්හො කාලං කරොති, කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.
Sinhala BJTඅනධිගත අධිගතයෙන් නො ලබන්නේ ය. විශේෂය පිරිහෙන්නේ ය. ඔහුගේ ශික්‍ෂාත්‍රය සඞ්ඛ්‍යාත ශාසනධර්‍මය ව්‍යවදානයට නො යෙයි. සද්ධර්‍මයෙහි හෝ අධිමාන ඇතියේ වෙයි. නො ඇලුනේ හෝ බඹසර හැසිරෙයි. එක්තරා සකිලිටි ඇවැතකට හෝ අවදනේ ය. ශික්‍ෂා හෝ ප්‍රත්‍යාඛ්‍යානය කොට හීනභාවයට වැටෙයි. දැඩි රෝගාබාධයක් හෝ පහස්නේ ය. චිත්තක්‍ෂේප සඞ්ඛ්‍යාත උන්මාදයට හෝ පැමිණෙයි නට සිහි ඇතියේ කලුරිය කෙරෙයි. කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත සඞ්ඛ්‍යාත නිරයට පැමිණෙයි.
Pali BJTයො සො භික්ඛවෙ භික්ඛු අක්කොසකපරිභාසකො අරියූපවාදී සබ්රහ්මචාරීනං, අට්ඨානමෙතං අනවකාසො යං සො ඉමෙසං එකාදසන්නං ව්යසනානං අඤ්ඤතරං ව්යසනං න නිගච්ඡෙය්යාති.
Sinhala BJTමහණෙනි, යම් මහණෙක් සබ්‍රම්සරුනට ආක්‍රෝශ පරිභව කරනුයේ ආර්‍ය්‍යෝපවාද බණනසුලු වේ නම් හේ මේ එකොළොස් ව්‍යසනයන්ගෙන් එක්තරා ව්‍යසනයකට නො පැමිණෙන්නේ ය යන තෙල කරුණ අස්ථාන වෙයි. අනවකාශ වේ.
Pali BJT11. 1. 7.
Sinhala BJT11. 1. 7.
Pali BJTපඨම සඤ්ඤා සුත්තං{*}
Sinhala BJTපඨම සඤ්ඤා සූත්‍රය
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච:
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ:
Pali BJTසියා නු ඛො භන්තෙ භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස, න ආපස්මිං ආපොසඤ්ඤී අස්ස, න තෙජස්මිං තෙජොසඤ්ඤී අස්ස, න වායස්මිං වායොසඤ්ඤී අස්ස, න ආකාසානඤ්චායතනෙ ආකාසානඤ්චායතනසඤ්ඤී අස්ස, න විඤ්ඤාණඤ්චායතනෙ විඤ්ඤාණඤ්චායතනසඤ්ඤී අස්ස, න ආකිඤ්චඤ්ඤායතනෙ ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤී අස්ස, න නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤී අස්ස. න ඉධ ලොකෙ ඉධ ලොකසඤ්ඤී අස්ස, න පරලොකෙ පරලොකසඤ්ඤී අස්ස. යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්රාපි න සඤ්ඤී අස්ස, සඤ්ඤී ච පන අස්සාති.
Sinhala BJTවහන්ස, යම් පරිද්දෙකින් පෘථිවී (කෘත්ස්න) යෙහි පෘථිවීසංඥා ඇති නොවන්නේ නම්, ආපෝකසිණයෙහි අප්සංඥා ඇති නොවන්නේ නම් තේජස්හි තේජස්සංඥා ඇති නො වන්නේ නම්, වායුයෙහි වායු සංඥා ඇති නොවන්නේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා ඇති නො වේ නම් විඤ්ඤාණාඤ්චායතනයෙහි විඤ්ඤාණාඤ්චායතනසංඥා ඇති නො වේ නම් ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා ඇති නො වේ නම් නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා ඇති නොවේ නම් ඉහලෝකයෙහි ඉහලෝකසංඥා ඇති නො වේ නම්, පරලෝකයෙහි පරලෝකසංඥා ඇති නො වේ නම්, යම් මේ ප්‍රාප්ත වූ පර්‍ය්‍යෙෂණ කළා වූ සිතින් අනුවිවරණය කරන ලද දිට්ඨ සඞ්ඛ්‍යාත රූපායතනයක් හෝ ශ්‍රැතසඞ්ඛ්‍යාත ශබ්දායතනයක් හෝ මුතසඞ්ඛ්‍යාත ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍ය ආයතනයක් හෝ සුඛ-දුඃඛාදි ධර්‍මාරම්මණයෙක් හෝ වේ නම් එහිදු සංඥා ඇති නො වේ නම් සංඥා ඇතියේත් වේ නම් භික්‍ෂුහට එබඳු සංඥා ප්‍රතිලාභයෙක් වේ දැයි.
Pali BJTසියා ආනන්ද භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස, න ආපස්මිං ආපොසඤ්ඤී අස්ස, න තෙජස්මිං තෙජොසඤ්ඤී අස්ස, න වායස්මිං වායොසඤ්ඤී අස්ස, න ආකාසානඤ්චායතනෙ ආකාසානඤ්චායතනසඤ්ඤී අස්ස, න විඤ්ඤාණඤ්චායතනෙ විඤ්ඤාණඤ්චායතනසඤ්ඤී අස්ස, න ආකිඤ්චඤ්ඤායතනෙ ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤී අස්ස, න නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤී අස්ස, න ඉධලොකෙ ඉධලොකසඤ්ඤී අස්ස, න පරලොකෙ පරලොකසඤ්ඤී අස්ස, යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්රාපි න සඤ්ඤී අස්ස, සඤ්ඤී ච පන අස්සාති.
Sinhala BJTආනන්‍දයෙනි, යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා ඇති නො වේ නම්, ආපයෙහි අප්සංඥා ඇති නො වේ නම්, තේජස්හි තේජස්සංඥා ඇති නො වේ නම්, වායුයෙහි වායුසංඥා ඇති නො වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා ඇති නො වේ නම්, විඤ්ඤාණාඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා ඇති නො වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා ඇති නො වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා ඇති නො වේ නම්, ඉහලෝකයෙහි ඉහලෝකසංඥා ඇති නො වේ නම්, පරලෝකයෙහි පරලෝකසංඥා ඇති නො වේ නම්, යම් මේ සිතින් ප්‍රාප්ත වූ පර්‍ය්‍යෙෂිත වූ සිතින් අනුවිවරණය කරන ලද දිට්ඨසඞ්ඛ්‍යාත රූපායතනයක් හෝ ශ්‍රැතසඞ්ඛ්‍යාත ශබ්දායතනයක් හෝ මුතසඞ්ඛ්‍යාත ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යආයතනයක් හෝ සුඛ-දුඃඛාදි ධර්‍මායතනයක් හෝ වේ නම්, එහිදු සංඥා ඇති නො වේ ද, සංඥා ඇතියේත් වේ ද, එබඳු සමාධිප්‍රතිලාභයෙක් මහණහට වන්නේ ය.
Pali BJTයථාකථං පන භන්තෙ සියා භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො, යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස, න ආපස්මිං ආපොසඤ්ඤී අස්ස, න තෙජස්මිං තෙජොසඤ්ඤී අස්ස, න වායස්මිං වායොසඤ්ඤී අස්ස, න ආකාසානඤ්චායතනෙ ආකාසානඤ්චායතනසඤ්ඤී අස්ස, න විඤ්ඤාණඤ්චායතනෙ විඤ්ඤාණඤ්චායතනසඤ්ඤී අස්ස, න ආකිඤ්චඤ්ඤායතනෙ ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤී අස්ස, න නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤී අස්ස, න ඉධලොකෙ ඉධලොකසඤ්ඤී අස්ස, න පරලොකෙ පරලොකසඤ්ඤී අස්ස, යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්රාපි න සඤ්ඤී අස්ස, සඤ්ඤී ච පන අස්සාති.
Sinhala BJTවහන්ස, යම් පරිදි පෘථිවියෙහි පෘථිවීසංඥා නැති වේ නම්, අප්හි අප්සංඥා නැති වේ නම්, තේජස්හි තේජස්සංඥා නැති වේ නම් වායුයෙහි වායුසංඥා නැති වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතන සංඥා නැති වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා නැති වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා නැති වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා නොමැති වේ නම් ඉධලෝකයෙහි ඉධලොකසංඥා නැති වේ නම්, පරලෝකයෙහි පරලෝක සංඥා නැති වේ නම්, යම්බඳු මේ සිතින් ප්‍රාප්ත පර්‍ය්‍යෙෂිත අනුවිචරිත, දිට්ඨ සුත මුත විඤ්ඤාතයකුත් වේ නම් එහිදු සංඥා ඇති නො වේ නම් සංඥා ඇතියේත් වේ නම් මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් කෙසේ වන්නේ දැයි.
Pali BJTඉධානන්ද භික්ඛු එවං සඤ්ඤී හොති: “එතං සන්තං එතං පණීතං යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බාන”න්ති. එවං ඛො ආනන්ද සියා භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො, යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස, න ආපස්මිං ආපොසඤ්ඤී අස්ස, න තෙජස්මිං තෙජොසඤ්ඤී අස්ස, න වායස්මිං වායොසඤ්ඤී අස්ස, න ආකාසානඤ්චායතනෙ ආකාසානඤ්චායතනසඤ්ඤී අස්ස, න විඤ්ඤාණඤ්චායතනෙ විඤ්ඤාණඤ්චායතනසඤ්ඤී අස්ස, න ආකිඤ්චඤ්ඤායතනෙ ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤී අස්ස, න නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤී අස්ස, න ඉධලොකෙ ඉධලොකසඤ්ඤී අස්ස, න පරලොකෙ පරලොකසඤ්ඤී අස්ස, යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්රාපි න සඤ්ඤී අස්ස, සඤ්ඤී ච පන අස්සාති.
Sinhala BJTආනන්‍දයෙනි, මෙ සස්නෙහි මහණ “යම්බඳු සර්‍වසංස්කාරසමථයෙක් සර්‍වොපධිප්‍රතිනිස්සර්‍ගයෙක් තෘෂ්ණාක්‍ෂයයෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ නම් තෙල ශාන්ත ය, තෙල ප්‍රණීතය”යි යන මෙබඳු සංඥා ඇතියේ වෙයි. ආනන්‍දයෙනි, මෙසේ යම් පරිදි පෘථිවියෙහි පෘථිවිසංඥා නැති වේ නම් අප්හි අප්සංඥා නැති වේ නම් තේජස්හි තේජස්සංඥා නැති වේ නම් වායුවෙහි වායුසංඥා නැති වේ නම් ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා නැති වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා නැති වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා නැති වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා නැති වේ නම්, ඉහලෝකයෙහි ඉහලෝකසංඥා නැති වේ නම්, පරලෝකයෙහි පරලෝකසංඥා නැති වේ නම්, ප්‍රාප්ත වූ ද පර්‍ය්‍යෙෂිත වූ ද සිතින් අනුවිචරිත වූ ද යම් දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා නැත්තේ නම්, එහෙත් සංඥා ඇතියේත් වේ නම්, භික්‍ෂුහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වෙයි.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා සාරිපුත්තෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච:
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් සකසා වැඳ පැදකුණු කොට ආයුෂ්‍මත් සැරියුත් තෙරුන් කරා ගියහ. ගොස් ආයුෂ්‍මත් සැරියුත් තෙරුන් හා සතුටුවූහ. සම්මෝදනයට නිසි සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ආයුෂ්‍මත් සැරියුත් තෙරුන්ට තෙල කීහ:
Pali BJTසියා නු ඛො ආවුසො සාරිපුත්ත භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස -පෙ- යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්රාපි න සඤ්ඤී අස්ස, සඤ්ඤී ච පන අස්සාති.
Sinhala BJTඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, යම් පරිදි පෘථිවියෙහි පෘථිවිසංඥා නොමැති වේ නම් -පෙ- යම් බඳු ප්‍රාප්ත වූ ද පර්‍ය්‍යෙෂිත වූ ද සිතින් අනුවිචරිත වූ ද දිට්ඨ, සුත, මුත,විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා නැති වේ නම්, එතෙකුදු වත් සංඥා ඇතියේත් වේ නම් මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වේ දැයි?
Pali BJTසියා ආවුසො ආනන්ද භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස -පෙ- යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්රාපි න සඤ්ඤී අස්ස, සඤ්ඤී ච පන අස්සාති.
Sinhala BJTඇවැත්නි, ආනන්‍දයෙනි, යම් පරිදි පෘථිවියෙහි පෘථිවිසංඥා නොමැති වේ නම් ... ප්‍රාප්ත වූ ද පර්‍ය්‍යෙෂිත වූ ද සිතින් අනුවිචරිත වූ ද දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා නැති වේ නම්, එහෙත් සංඥා ඇතියේත් වේ නම්, මහණහට එබඳු සමාධිප්‍රතිඵලයෙක් වේ යයි.
Pali BJTයථාකථං පනාවුසො සාරිපුත්ත සියා භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස -පෙ- යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්රාපි න සඤ්ඤී අස්ස, සඤ්ඤී ච පන අස්සාති.
Sinhala BJTඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, යම් පරිදි පෘථිවියෙහි පෘථිවිසංඥා නැති වේ නම් … ප්‍රාප්ත වූ ද පර්‍ය්‍යෙෂිත වූ ද මනසින් අනුවිචරිත වූ ද දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයෙක් වේ නම් එහිදු සංඥා නැති වේ නම් මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් කෙසේ නම් වේ දැයි.
Pali BJTඉධාවුසො ආනන්ද භික්ඛු එවං සඤ්ඤී හොති: ‘එතං සන්තං එතං පණීතං යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බාන”න්ති, එවං ඛො ආවුසො ආනන්ද, සියා භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස -පෙ- යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්රාපි න සඤ්ඤී අස්ස, සඤ්ඤී ච පන අස්සාති.
Sinhala BJTඇවැත්නි, ආනන්‍දයෙනි, මෙසස්නෙහි මහණ “යම් මේ සර්‍වසංස්කාර ශමථයෙක් සර්‍වොපධිප්‍රතිනිසර්‍ගයෙක් තෘෂ්ණාක්‍ෂයයෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ නම්, තෙල ශාන්ත ය, ප්‍රණීත ය”යි යන මෙබඳු සංඥා ඇතියේ වෙයි. ඇවැත්නි ආනන්‍දයෙනි, මහණහට යම් පරිදි පෘථිවියෙහි පෘථිවිසංඥා නොමැති වේ නම් ... ප්‍රාප්තවූ ද, පර්‍ය්‍යෙෂිත වූ ද මනසින් අනුවිචරිත වූ ද දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා නැතියේ වේ නම්, එකෙකුදුවත් සංඥා ඇතියේත් වේ නම් එබඳු සමාධිප්‍රතිලාභයෙක් වේ යයි.
Pali BJTඅච්ඡරියං ආවුසො, අබ්භුතං ආවුසො, යත්ර හි නාම සත්ථු ච සාවකස්ස ච අත්ථෙන අත්ථො බ්යඤ්ජනෙන බ්යඤ්ජනං සංසංදිස්සති සමෙස්සති න විග්ගහිස්සති, යදිදං අග්ගපදස්මිං.
Sinhala BJTඇවැත්නි, යම් කරුණෙක්හි ලා ශාස්තෲන් වහන්සේගේ ද ශ්‍රාවකයාගේ ද අග්‍රපදයෙහි ලා අර්‍ත්‍ථය හා අර්‍ත්‍ථය ද බ්‍යඤ්ජනය හා ව්‍යඤ්ජනය ද සැසැඳේ නම්, සමාන වේ නම්, නො වැරදේ නම්, තෙල ආශ්චර්‍ය්‍ය යි. ඇවැත්නි, තෙල අද්භූත යි.
Pali BJTඉදානාහං ආවුසො භගවන්තං උපසඞ්කමිත්වා එතමත්ථං අපුච්ඡිං. භගවාපි මෙ එතෙහෙව පදෙහි එතෙහි බ්යඤ්ජනෙහි එතමත්ථං ව්යාකාසි, සෙය්යථාපි ආයස්මා සාරිපුත්තො. අච්ඡරියං ආවුසො, අබ්භුතං ආවුසො, යත්ර හි නාම සත්ථු ච සාවකස්ස ච අත්ථෙන අත්ථො බ්යඤ්ජනෙන බ්යඤ්ජනං සංසංදිස්සති, සමෙස්සති, න විග්ගහිස්සති, යදිදං අග්ගපදස්මින්ති.
Sinhala BJTඇවැත්නි ශාරීපුත්‍රයෙනි, මම් මෙ දැන් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ තෙල අර්‍ත්‍ථය පිළිවිසියෙමි, භාග්‍යවතුන් වහන්සේ ද තෙල පදයෙන් තෙල ව්‍යඤ්ජනයෙන් තෙල අර්‍ත්‍ථය ආයුෂ්මත් ශාරීපුත්‍රයන් (විසඳූ) පරිද්දෙන් විසඳූ සේක. ඇවැත්නි යම් කරුණෙක් ශාස්තෲන්වහන්සේ හා ශ්‍රාවකයාගේ හා අර්‍ත්‍ථයෙන් අර්‍ත්‍ථයත් බ්‍යඤ්ජනයෙන් බ්‍යඤ්ජනයත් අග්‍රපද සඞ්ඛ්‍යාත නිර්‍වාණයෙහි ලා සැසැඳේ නම් සමාන වේ නම් නොවැරදේ නම්. ඇවැත්නි, තෙල ආශ්චර්‍ය්‍ය යි. ඇවැත්නි, අද්භූත යි.
Pali BJT11. 1. 8.
Sinhala BJT11. 1. 8.
Pali BJTමනසිකාර සුත්තං
Sinhala BJTමනසිකාර සූත්‍රය
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච:
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළහ:
Pali BJTසියා නු ඛො භන්තෙ භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො, යථා න චක්ඛුං මනසි කරෙය්ය, න රූපං මනසි කරෙය්ය, න සොතං මනසි කරෙය්ය, න සද්දං මනසි කරෙය්ය, න ඝානං මනසි කරෙය්ය, න ගන්ධං මනසි කරෙය්ය, න ජිව්හං මනසි කරෙය්ය, න රසං මනසි කරෙය්ය, න කායං මනසි කරෙය්ය, න ඵොට්ඨබ්බං මනසි කරෙය්ය, න පඨවිං මනසි කරෙය්ය, න ආපං මනසි කරෙය්ය, න තෙජං මනසි කරෙය්ය, න වායං මනසි කරෙය්ය, න ආකාසානඤ්චායතනං මනසි කරෙය්ය, න විඤ්ඤාණඤ්චායතනං මනසි කරෙය්ය, න ආකිඤ්චඤ්ඤායතනං මනසි කරෙය්ය, න නෙවසඤ්ඤානාසඤ්ඤායතනං මනසි කරෙය්ය, න ඉධ ලොකං මනසි කරෙය්ය, න පරලොකං මනසි කරෙය්ය, යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම්පි න මනසි කරෙය්ය, මනසි ච පන කරෙය්යාති.
Sinhala BJTවහන්ස, යම් පරිද්දෙකින් චක්‍ෂුස මෙනෙහි නො කෙරේ නම්, රූපය මෙනෙහි නො කෙරේ නම්, ශ්‍රෝතස මෙනෙහි නො කෙරේ නම්, ශබ්දය මෙනෙහි නොකෙරේ නම්, ඝ්‍රාණය මෙනෙහි නො කෙරේ නම්, ගන්‍ධය මෙනෙහි නො කෙරේ නම්, ජිහ්වාව මෙනෙහි නො කෙරේ නම්, රස මෙනෙහි නො කෙරේ නම්, කය මෙනෙහි නො කෙරේ නම්, ස්ප්‍රෂ්ටව්‍යය මෙනෙහි නො කෙරේ නම්, පෘථිවිය මෙනෙහි නො කෙරේ නම්, ආපය මෙනෙහි නො කෙරේ නම්, තේජස් මෙනෙහි නො කෙරේ නම්, වායු මෙනෙහි නො කෙරේ නම්, ආකාසානඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, විඤ්ඤාණඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, ආකිඤ්චඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, ඉහලොකය මෙනෙහි නො කෙරේ නම්, පරලෝකය මෙනෙහි නො කෙරේ නම්, යම්බඳු වූ මේ ප්‍රාප්ත වූ පර්‍ය්‍යෙෂිත වූ සිතින් අනුවිචරිත වූ දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයක් ඇත් නම්, එ ද මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි කරනෙක් වේ නම් මහණහට එබඳු සමාධි ප්‍රතිලාභයෙක් වන්නේ දැ යි?
Pali BJTසියා ආනන්ද භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො, යථා න චක්ඛුං මනසි කරෙය්ය, න රූපං මනසි කරෙය්ය, න සොතං මනසි කරෙය්ය, න සද්දං මනසි කරෙය්ය, න ඝානං මනසි කරෙය්ය, න ගන්ධං මනසි කරෙය්ය, න ජිව්හං මනසි කරෙය්ය, න රසං මනසි කරෙය්ය, න කායං මනසි කරෙය්ය, න ඵොට්ඨබ්බං මනසි කරෙය්ය, න පඨවිං මනසි කරෙය්ය, න ආපං මනසි කරෙය්ය, න තෙජං මනසි කරෙය්ය, න වායං මනසි කරෙය්ය, න ආකාසානඤ්චායතනං මනසි කරෙය්ය, න විඤ්ඤාණඤ්චායතනං මනසි කරෙය්ය, න ආකිඤ්චඤ්ඤායතනං මනසි කරෙය්ය, න නෙවසඤ්ඤානාසඤ්ඤායතනං මනසි කරෙය්ය, න ඉධ ලොකං මනසි කරෙය්ය, න පරලොකං මනසි කරෙය්ය, යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම්පි න මනසි කරෙය්ය, මනසි ච පන කරෙය්යාති.
Sinhala BJTආනන්‍දයෙනි, යම් පරිද්දෙකින් චක්‍ෂුස මෙනෙහි නො කෙරේ නම්, රූපය මෙනෙහි නො කෙරේ නම්, ශ්‍රෝතස මෙනෙහි නො කෙරේ නම්, ශබ්දය මෙනෙහි නො කෙරේ නම්, ඝ්‍රාණය මෙනෙහි නො කෙරේ නම්, ගන්‍ධය මෙනෙහි නො කෙරේ නම්, ජිහ්වා මෙනෙහි නො කෙරේ නම්, රස මෙනෙහි නො කෙරේ නම්, කායය මෙනෙහි නො කෙරේ නම්, ස්ප්‍රෂ්ටව්‍යය මෙනෙහි නො කෙරේ නම්, පෘථුවිය මෙනෙහි නො කෙරේ නම්, ආපය මෙනෙහි නො කෙරේ නම්, තේජස මෙනෙහි නො කෙරේ නම්, වායුව මෙනෙහි නො කෙරේ නම්, ආකාසානඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, විඤ්ඤාණඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, ආකිඤ්චඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, ඉහ ලෝකය මෙනෙහි නො කෙරේ නම්, පරලෝකය මෙනෙහි නො කෙරේ නම්, යම්බඳු ප්‍රාප්ත වූ පර්‍ය්‍යෙෂිත වූ මනසින් අනුවිචරිත වූ දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයෙකුත් ඇත්නම් එ ද මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි කරනුයේ ද වේ නම්, මහණහට එබඳු සමාධි ප්‍රතිලාභයෙක් වේ යයි.
Pali BJTයථා කථං පන භන්තෙ සියා භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො, යථා න චක්ඛුං මනසි කරෙය්ය -පෙ- යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම්පි න මනසි කරෙය්ය, මනසි ච පන කරෙය්යාති.
Sinhala BJTවහන්ස, යම් පරිද්දෙකින් චක්‍ෂුස මෙනෙහි නො කෙරේ නම්, ... යම් බඳු ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත මනසින් අනුවිචරිත වූ දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයෙක් වේ නම් එ ද මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි කරනු යේත් වේ නම්, කෙසේ නම් මහණ හට එබඳු සමාධි ප්‍රතිලාභයෙක් වේ දැයි?
Pali BJTඉධානන්ද භික්ඛු එවං මනසි කරොති: “එතං සන්තං එතං පණීතං යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බාන”න්ති එවං ඛො ආනන්ද සියා භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො, යථා න චක්ඛුං මනසි කරෙය්ය, න රූපං මනසි කරෙය්ය, න සොතං මනසි කරෙය්ය, න සද්දං මනසි කරෙය්ය, න ඝානං මනසි කරෙය්ය, න ගන්ධං මනසි කරෙය්ය, න ජිව්හං මනසි කරෙය්ය, න රසං මනසි කරෙය්ය, න කායං මනසි කරෙය්ය, න ඵොට්ඨබ්බං මනසි කරෙය්ය, න පඨවිං මනසි කරෙය්ය, න ආපං මනසි කරෙය්ය, න තෙජං මනසි කරෙය්ය, න වායං මනසි කරෙය්ය, න ආකාසානඤ්චායතනං මනසි කරෙය්ය, න විඤ්ඤාණඤ්චායතනං මනසි කරෙය්ය, න ආකිඤ්චඤ්ඤායතනං මනසි කරෙය්ය, න නෙවසඤ්ඤානාසඤ්ඤායතනං මනසි කරෙය්ය, න ඉධ ලොකං මනසි කරෙය්ය, න පරලොකං මනසි කරෙය්ය, යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම්පි න මනසි කරෙය්ය, මනසි ච පන කරෙය්යාති.
Sinhala BJTආනන්‍දයෙනි, මෙ සස්නෙහි මහණ මෙසේ මෙනෙහි කරන්නේ ය: “යම් බඳු මෙ සර්‍වසංස්කාරයන්ගේ ශමථයෙක් සර්‍වොධීන්ගේ ප්‍රතිනිඃසර්‍ගයෙක්, තෘෂ්ණාක්‍ෂයයෙක්, විරාගයෙක්, නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ නම්, තෙල ශාන්ත ය, තෙල ප්‍රණීත ය” (කියා) යි. ආනන්‍දයෙනි, මෙසේ වනාහි යම් පරිද්දෙකින් චක්‍ෂුස මෙනෙහි නො කෙරේ නම්, රූපය මෙනෙහි නො කෙරේ නම්, ශ්‍රෝතස මෙනෙහි නො කෙරේ නම්, ශබ්දය මෙනෙහි නො කෙරේ නම්, ඝ්‍රාණය මෙනෙහි නො කෙරේ නම්, ගන්‍ධය මෙනෙහි නො කෙරේ නම්, ජිහ්වාව මෙනෙහි නො කෙරේ නම්, රසය මෙනෙහි නො කෙරේ නම්, කායය මෙනෙහි නො කෙරේ නම්, ස්ප්‍රෂ්ටව්‍යය මෙනෙහි නො කෙරේ නම්, පෘථිවිය මෙනෙහි නො කෙරේ නම්, ආපය මෙනෙහි නො කෙරේ නම්, තේජස මෙනෙහි නො කෙරේ නම්, වායුව මෙනෙහි නො කෙරේ නම්, ආකාසානඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, විඤ්ඤාණඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, ආකිඤ්චඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, ඉහලොකය මෙනෙහි නො කෙරේ නම්, පරලෝකය මෙනෙහි නො කෙරේ නම්, යම් බඳු ප්‍රාප්ත පර්‍ය්‍යෙෂිත, මනසින් අනුවිචරිත වූ මේ දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයෙක් ද වේ නම් එය ද මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි කරනුයේ ද වේ නම්, භික්‍ෂුහට එබඳු සමාධි ප්‍රතිලාභයෙක් වේ යයි,
Pali BJT11. 1. 9.
Sinhala BJT11. 1. 9.
Pali BJTසන්ධ සුත්තං
Sinhala BJTසන්‍ධ සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා නාදිකෙ විහරති ගිඤ්ජකාවසථෙ අථ ඛො ආයස්මා සන්ධො{1} යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං සන්ධං භගවා එතදවොච:
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාදික නගර සමීපයෙහි වූ ගිඤ්ජකාවස්ථයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් සන්‍ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් සන්‍ධ තෙරුන්හට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:
Pali BJTආජානීයජ්ඣායිතං සන්ධඣාය{2}, මා ඛලුඞ්කජ්ඣායිතං. කථඤ්ච ඛලුඞ්කජ්ඣායිතං හොති:
Sinhala BJTසන්‍ධයෙනි, ආජානේයධ්‍යායිතය සිතව, අස්ගුණ්ඩයාගේ ධ්‍යායිතය නහමක් සිතව, සන්‍ධයෙනි, අස්ගුණ්ඩයාගේ ධ්‍යායිතය කිසෙයින් වේ ය යත්:
Pali BJTඅස්සඛලුඞ්කො හි සන්ධ දොණියා{3} බද්ධො ‘යවසං යවසන්ති’ ඣායති, තං කිස්ස හෙතු: න හි සන්ධ අස්සඛලුඞ්කස්ස දොණියා, බුද්ධස්ස එවං හොති, කිං නු ඛො මං අජ්ජ අස්සදම්මසාරථි කාරණං කාරෙස්සති? කිමස්සාහං පතිකරොමී’ති? සො දොණියා බද්ධො ‘යවසං යවසන්ති, ඣායති.
Sinhala BJTසන්‍ධයෙනි, සත්ත්‍වාහාර බවන දෙණ සමීපයෙහි බඳනා ලද අස්ගුණ්ඩයා වනාහි ‘යවස, යවස’යි සිතනේ ය. එ කවර හෙයින යත්: සන්‍ධයෙනි, යචස බහන දෙණ හමුයෙහි බැඳුණු අස්ගුණඩහට මෙබඳු සිතෙක් නො වෙ යි: ‘අස්දම්සැරි අද මා ලවා කිනම් කරුණක් කරවන්නේ ද? මම අද ඔහට කුමක් පෙරළා කරනෙම් දැ’යි (කියායි). හේ දෙණ වෙත බැඳුණේ ‘යවස, යවසැ’ යි සිතනේ ය,
Pali BJTඑවමෙව ඛො සන්ධ ඉධෙකච්චො පුරිසඛලුඞ්කො අරඤ්ඤගතොපි රුක්ඛකමූලගතොපි සුඤ්ඤාගාරගතොපි කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරති කාමරාගපරෙතෙන. උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති. සො කාමරාගං යෙව අන්තරං කරිත්වා ඣායති පජ්ඣායති නිජ්ඣායති, අපජ්ඣායති. ව්යාපාදපරියුට්ඨිතෙන චෙතසා විහරති - ථීනමිද්ධපරියුට්ඨිතෙන චෙතසා විහරති - උද්ධච්චකුක්කුච්චපරියුට්ඨිතෙන චෙතසා විහරති - විචිකිච්ඡාපරියුට්ඨිතෙන චෙතසා විහරති විචිකිච්ඡා පරෙතෙන. උප්පන්නාය ච විචිකිච්ඡාය නිස්සරණං යථාභූතං නප්පජානාති. සො විචිකිච්ඡං යෙව අන්තරං කරිත්වා ඣායති පජ්ඣායති නිජ්ඣායති අපජ්ඣායති. සො පඨවිම්පි නිස්සාය ඣායති, ආපම්පි නිස්සාය ඣායති, තෙජම්පි නිස්සාය ඣායති, වායම්පි නිස්සාය ඣායති, ආකාසානඤ්චායතනම්පි නිස්සාය ඣායති, විඤ්ඤාණඤ්චායතනම්පි නිස්සාය ඣායති, ආකිඤ්චඤ්ඤායතනම්පි නිස්සාය ඣායති, නෙවසඤ්ඤානාසඤ්ඤායතනම්පි නිස්සාය ඣායති, ඉධ ලොකම්පි නිස්සාය ඣායති, පරලොකම්පි නිස්සාය ඣායති, යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම්පි නිස්සාය ඣායති. එවං ඛො සන්ධ පුරිසඛලුඞ්කජ්ඣායිතං හොති.
Sinhala BJTසන්‍ධයෙනි, එ පරිද්දෙන් ම මෙ සස්නෙහි ඇතැම් පුරුෂගුණ්ඩයෙක් වලට ගියේ වේව යි, රුක්මුලට ගියේ වේව යි, ශූන්‍යාගාරයට ගියේ වේව යි, කාමරාගයෙන් ගන්නා ලද කම්රාඅනුගිය සිතින් වාසය කරයි. උපන්නා වූ ද කාමරාගයාගේ නිඃසරණය ඇතිසැටියෙන් නො දන්නේ ය. හේ කාමරාගය අභ්‍යන්තරයෙහි කොට ධ්‍යාන කෙරෙයි. ප්‍රධ්‍යාන කෙරෙයි නිබඳ කොට ධ්‍යාන කෙරෙයි, බැස ගෙන සිතයි, ව්‍යාපාදයෙන් ගත් සිතින් වාසය කරයි -- සත්‍යානමිද්ධයෙන් ගත් සිතින් වාසය කරයි -- ඖද්ධත්‍යකෞකෘත්‍යයෙන් ගත් සිතින් වාසය කරයි -- විචිකිත්සායෙන් ගත් විචිකිත්සායෙන් මැඩුණු සිතින් වාසය කරයි. උපන්නා වූ ද විචිකිත්සාහුගේ නිඃසරණය ඇතිසැටියෙන් නො දන්නේ ය, හේ විචිකිත්සාව ම අභ්‍යන්තරයෙහි කොට (ලා) සිතන්නේ ය, නානාප්‍රකාරයෙන් සිතන්නේ ය, නිබඳකොට සිතන්නේ ය, බැස සිතන්නේ ය, හේ පෘථිවීකෘත්ස්නධ්‍යානය ද නිසා ධ්‍යාන කරන්නේය -- අප්කෘත්ස්නධ්‍යානය ද නිසා සිතන්නේ ය - තේජස්කෘත්ස්නධ්‍යානය ද නිසා සිතන්නේ ය. වායුකාත්ස්නධ්‍යානය ද නිසා සිතන්නේ ය -- ආකාසානඤ්චායතනධ්‍යානය ද සිතන්නේ ය -- විඤ්ඤානඤ්චායතනධ්‍යානය ද නිසා සිතන්නේ ය -- ආකිඤ්චඤ්ඤායතනධ්‍යානය ද නිසා සිතන්නේ ය, පරලෝකය ද නිසා සිතන්නේ ය. යම් බඳු සිතන්නේ ය ඉහප්‍රාප්ත පර්‍ය්‍යෙෂිත මනසින් අනුවිචරිත මේ දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයෙක් වේ නම්, එය ද නිසා සිතන්නේ ය. සන්‍ධයෙනි, මෙසෙයින් පුරුෂ ඛලුඞ්කධ්‍යාධිතය වෙයි.
Pali BJTකථඤ්ච සන්ධ ආජානීයජ්ඣායිතං හොති: භද්රො හි සන්ධ අස්සාජානීයො දොණියා බද්ධො න යවසං යවසන්ති ඣායති. තං කිස්ස හෙතු: භද්රස්ස හි සන්ධ අස්සාජානීයස්ස දොණියා බුද්ධස්ස එවං හොති: කිං නු ඛො මං අජ්ජ අස්සදම්මසාරථි කාරණං කාරෙස්සති? කිමස්සාහං පතිකරොමී’ති? සො දොණියා බද්ධො න යවසං යවසන්ති ඣායති. භද්රොහි සන්ධ අස්සාජානීයො යථා ඉණං යථා බද්ධං{1} යථා ජානිං යථා කලිං, එවං පතොදස්ස අජ්ඣොහරණං සමනුපස්සති.
Sinhala BJTසන්‍ධයෙනි, භද්‍ර වූ ආජානේයධ්‍යායිතය කෙසේ වේ ය යත්: සන්‍ධයෙනි, අශ්වාජානේයයා සත්ත්‍වාහාර බහන දෙණ සමීපයෙහි බඳනාලදුයේ ‘යවස, යවසැ’යි නො සිතන්නේ ය. එ කවර හෙයින යත්: සන්‍ධයෙනි, දෙණ සමීපයෙහි බඳනා ලද භද්‍ර වූ අශ්වාජානේයයාට මෙබඳු සිතෙක් වෙයි: අද මා ලවා අස්දම්සැරි කුමක් කරවන්නේ ද? ඔහට මම් අද කුමක් පෙරළා කරනෙම් දැ”යි (කියායි), හේ දෙණ හමුයෙහි බඳනා ලදුයේ ‘යවස, යවසැ’යි නො සිතන්නේ ය. සන්‍ධයෙනි, භද්‍ර වූ අශ්වාජානේයයා වනාහි ප්‍රතොදයාගේ අධ්‍යවහරණ සඞ්ඛ්‍යාත පතනය සාණ සදෘස කොට බන්‍ධන සදෘස කොට හානි සදෘස කොට මහාපරාධ සදෘස කොට මෙසේ මොනවට දක්නේ ය.
Pali BJTඑවමෙව ඛො සන්ධ භද්රො පුරිසාජානීයො අරඤ්ඤගතොපි රුක්ඛමූලගතොපි සුඤ්ඤාගාරගතොපි න කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරති න කාමරාගපරෙතෙන, උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං පජානාති.
Sinhala BJTසන්‍ධයෙනි, එ පරිද්දෙන් ම භද්‍ර වූ පුරුෂාජානේයයා වලට ගියේ වේවයි රුක්මුලට ගියේ වේව යි ශූන්‍යාගාරයට ගියේ වේවයි කාමරාගයෙන් ගත් මඩනා ලද සිතින් වාසය නො කරයි. උපන්නා වූ ද කාමරාගයාගේ නිඃසරණය ඇතිසැටියෙන් දන්නේ ය.
Pali BJTන ව්යාපාදපරියුට්ඨිතෙන චෙතසා විහරති -පෙ- න ථීනමිද්ධපරියුට්ඨිතෙන චෙතසා විහරති -පෙ- න උද්ධච්චකුක්කුච්චපරියුට්ඨිතෙන චෙතසා විහරති -පෙ- න විචිකිච්ඡාපරියුට්ඨිතෙන චෙතසා විහරති න විචිකිච්ඡා පරෙතෙන, උප්පන්නාය ච විචිකිච්ඡාය නිස්සරණං යථාභූතං පජානාති. සො නෙව පඨවිං නිස්සාය ඣායති. න ආපං නිස්සාය ඣායති, න තෙජං නිස්සාය ඣායති, න වායං නිස්සාය ඣායති, න ආකාසානඤ්චායතනං නිස්සාය ඣායති, න විඤ්ඤාණඤ්චායතනං නිස්සාය ඣායති, න ආකිඤ්චඤ්ඤායතනං නිස්සාය ඣායති, න නෙවසඤ්ඤානාසඤ්ඤායතනං නිස්සාය ඣායති, න ඉධ ලොකං නිස්සාය ඣායති, න පරලොකං නිස්සාය ඣායති. යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා තම්පි නිස්සාය න ඣායති, ඣායති ච පන එවං ඣායිඤ්ච පන සන්ධ භද්රං පුරිසාජානීයං සඉන්දා දෙවා සබ්රහ්මකා සපජාපතිකා ආරකාව නමස්සන්ති:
Sinhala BJTව්‍යාපාදයෙන් මඩනා ලද, සිතින් වාසය නො කෙරෙයි -- සත්‍යානමිද්ධයෙන් මඩනා ලද සිතින් වාසය නො කෙරෙයි -- ඖද්ධත්‍යකෞකෘත්‍යයෙන් මඩනා ලද සිතින් වාසය නො කෙරෙයි -- විචිකිත්සායෙන් මඩනා ලද විචිකිත්සායෙන් යටකළ සිතින් වාසය නො කරයි උපන්නා වූ ද විචිකිත්සාවගේ නිඃසරණය තතු සේ දන්නේ ය. හේ පෘථිවිය නිසා නො ම ධ්‍යාන කෙරෙයි, ආපය නිසා නොම ධ්‍යාන කෙරෙයි, තේජස් නිසා නොම ධ්‍යාන කෙරෙයි, වායු නිසා නොම ධ්‍යාන කෙරෙයි, ආකාසානඤ්චායතනය නිසා නො ම ධ්‍යාන කෙරෙයි, විඤ්ඤාණඤ්චායතනය නිසා නො ම ධ්‍යාන කෙරෙයි, ආකිඤ්චඤ්ඤායතනය නිසා නොම ධ්‍යාන කෙරෙයි, නේවසඤ්ඤානාසඤ්ඤායතනය නිසා නොම ධ්‍යාන කෙරෙයි, ඉහලොකය නිසා නොම ධ්‍යාන කෙරෙයි, පරලෝකය නිසා නො ම ධ්‍යාන කෙරෙයි, යම් ප්‍රාප්ත පර්‍ය්‍යෙෂිත මනසින් අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම් එ ද නිසා නො ම ධ්‍යාන කෙරෙයි. එතෙකුදුවත් ධ්‍යාන කෙරෙයි. සන්‍ධයෙනි, භද්‍ර වූ පුරුෂාජානේයයා ඉන්‍ද්‍රයා සහිත බ්‍රහ්මයා සහිත ප්‍රජාපති සහිත දෙවියෝ දුරදී ම නමදනාහ:
Pali BJTනමො තෙ පුරිසාජඤ්ඤ - න මො තෙ පුරිසුත්තම යස්ස තෙ නාභිජානාම - යම්පි නිස්සාය ඣායසී ති.
Sinhala BJT“යම් ම අරමුණක් නිසා ධ්‍යානය කරහු නම් තොපගේ එ අරමුණ නො දනුමෝ නම්, පුරුෂාජානේයයෙනි, තොපට නමස්කාර වේවා, පුරුෂෝත්තමයෙනි තොපට නමස්කාර වේවා”යි
Pali BJTඑවං වුත්තෙ ආයස්මා සන්ධො භගවන්තං එතදවොච:
Sinhala BJTමෙසේ වදාළ කල්හි ආයුෂ්මත් සන්‍ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ.
Pali BJTකථං ඣායී පන භන්තෙ භද්රො{1} පුරිස ජානීයො ඣායති, සො නෙව පඨවිං නිස්සාය ඣායති, න ආපං නිස්සාය ඣායති, න තෙජං නිස්සාය ඣායති, න වායං නිස්සාය ඣායති, න ආකාසානඤ්චායතනං නිස්සාය ඣායති, න විඤ්ඤාණඤ්චායතනං නිස්සාය ජායති, න ආකිඤ්චඤ්ඤායතනං නිස්සාය ඣායති, න නෙවසඤ්ඤානාසඤ්ඤායතනං නිස්සාය ඣායති, න ඉධ ලොකං නිස්සාය ඣායති, න පරලොකං නිස්සාය ඣායති. යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම්පි නිස්සාය ඣායති. ඣායති ච පන කථං ඣායිඤ්ච පන භන්තෙ භද්රං පුරිසාජානීයං සඉන්දා දෙවා සබ්රහ්මකා සපජාපතිකා ආරකාව නමස්සන්ති?
Sinhala BJTවහන්ස, ධ්‍යාන කරන සුලු භද්‍ර වූ ඒ පුරුෂාජානේයයා පෘථිවීකෘත්ස්නය නිසා ධ්‍යාන නො කරන්නේ නම් ආපය නිසා ධ්‍යාන නොකරන්නේ නම් තේජස් නිසා ධ්‍යාන නො කරන්නේ නම්, වායු නිසා ධ්‍යාන නො කරන්නේ නම්, ආකාසානඤ්චායතනය නිසා ධ්‍යාන නො කරන්නේ නම්, විඤ්ඤාණඤ්චායතනය නිසා ධ්‍යාන නො කරන්නේ නම්, ආකිඤ්චඤ්ඤායතනය නිසා ධ්‍යාන නො කරන්නේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනය නිසා ධ්‍යාන නො කරන්නේ නම් ඉහ ලෝකය නිසා ධ්‍යාන නො කරන්නේ නම්, පරලෝකය නිසා ධ්‍යාන නො කරන්නේ නම්, යම් ප්‍රාප්ත වූ පර්‍ය්‍යෙෂිත වූ මනසින් අනුවිචරිත වූ දිට්ඨ සුත, මුත, විඤ්ඤාතයෙක් වේ නම් එ ද නිසා ධ්‍යාන නො කෙරේ නම් වැලි ධ්‍යාන කරන්නේත් වේ නම්, කෙසේ නම් ධ්‍යාන කරන්නේ ද, වහන්ස, කෙසේ ධ්‍යාන කරණ සුලු පුරුෂාජානේයයා ඉන්‍ද්‍රයා සහිත බ්‍රහ්මයා සහිත ප්‍රජාපති සහිත දෙවියෝ දුරදී ම නමස්කාර කරන්නාහු ද?
Pali BJTනමො තෙ පුරිසාජඤ්ඤ - නමො තෙ පුරිසුත්තම යස්ස තෙ නාභිජානාම - යම්පි නිස්සාය ඣායසී ති.
Sinhala BJT“යම් ම අරමුණක් නිසා ධ්‍යාන කරන්නහු නම්, තොපගේ අරමුණ නො දනුමෝ නම්, පුරුෂාජානේයයෙනි,, තොපට නමස්කාර වේවා, පුරුෂෝත්තමය, තොපට නමස්කාර වේවා”යි.
Pali BJTඉධ සන්ධ භද්රස්ස පුරිසජානීයස්ස පඨවියා{1} පඨවිසඤ්ඤා විභූතා හොති, ආපස්මිං ආපොසඤ්ඤා විභූතා හොති, තෙජස්මිං තෙජොසඤ්ඤා විභූතා හොති, වායස්මිං වායොසඤ්ඤා විභූතා හොති, ආකාසානඤ්චායතනෙ ආකාසානඤ්චායතනසඤ්ඤා විභූතා හොති, විඤ්ඤාණඤ්චායතනෙ විඤ්ඤාණඤ්චායතනසඤ්ඤා විභූතා හොති, ආකිඤ්චඤ්ඤායතනෙ ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤා විභූතා හොති, නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤා විභූතා හොති, ඉධ ලොකෙ ඉධලොකසඤ්ඤා විභූතා හොති, පරලොකෙ පරලොකසඤ්ඤා විභූතා හොති. යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා තත්රාපි සඤ්ඤා විභූතා හොති එවං ඣායී ඛො සන්ධ භද්රො පුරිසාජානීයො නෙව පඨවිං නිස්සාය ඣායති, න ආපං නිස්සාය ඣායති, න තෙජං නිස්සාය ඣායති, න වායං නිස්සාය ඣායති, න ආනාසානඤ්චායතනං නිස්සාය ඣායති, න විඤ්ඤාණඤ්චායතනං නිස්සාය ඣායති, න ආකිඤ්චඤ්ඤායතනං නිස්සාය ඣායති, න නෙවසඤ්ඤානාසඤ්ඤායතනං නිස්සාය ඣායති, න ඉධලොකං නිස්සාය ඣායති, න පරලොකං නිස්සාය ඣායති, යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම්පි නිස්සාය න ඣායති, ඣායති ච පන එවං ඣායිඤ්ච පන සන්ධ භද්රං පුරිසාජානීයං සඉන්දා දෙවා සබ්රහ්මකා සපජාපතිකා ආරකාව නමස්සන්ති:
Sinhala BJTසන්‍ධයෙනි, මෙ සස්නෙහි භද්‍ර වූ පුරුෂාජානේයයාහට පෘථිවීකෘත්ස්නයෙහි (චතුෂ්ක, පඤ්චක) පෘථිවීධ්‍යානසංඥාව ප්‍රකට වෙයි. ආපයෙහි ආප්සංඥාව ප්‍රකට වෙයි. තේජස්හි තේජස්සංඥාව ප්‍රකට වෙයි. වායුයෙහි වායුසංඥාව ප්‍රකට වෙයි. ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතන සංඥාව ප්‍රකට වෙයි. විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන සංඥාව ප්‍රකට වෙයි. ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතන සංඥාව ප්‍රකට වෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව ප්‍රකට වෙයි. ඉහලෝකයෙහි ඉහලෝකසංඥාව ප්‍රකට වෙයි, පරලෝකයෙහි පරලෝක සංඥාව ප්‍රකට වෙයි. යම් මේ ප්‍රාප්ත පර්‍ය්‍යෙෂිත මනසින් අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම් එහි දු සංඥාව ප්‍රකට වෙයි. සන්‍ධයෙනි, මෙසේ සිතන සුලු භද්‍ර වූ පුරුෂාජානේය තෙම පෘතුවිය නිසා ම ධ්‍යාන නො කරන්නේය, ආපය නිසා නො ම ධ්‍යාන කරන්නේ ය. තේජස් නිසා නොම කරන්නේ ය: වායු නිසා නොම ධ්‍යාන කරන්නේ ය, ආකාසානඤ්චායතනය නිසා නොම ධ්‍යාන කරන්නේය, විඤ්ඤාණඤ්චායතනය නිසා නො ම ධ්‍යාන කරන්නේ ය, ආකිඤ්චඤ්ඤායතනය නිසා නො ම ධ්‍යාන කරන්නේ ය, නේවසඤ්ඤානාසඤ්ඤායතනය නිසා නො ම ධ්‍යාන කරන්නේ ය, ඉහ ලෝකය නිසා නොම ධ්‍යාන කරන්නේ ය, පරලෝකය නිසා නො ම ධ්‍යාන කරන්නේ ය. යම් ප්‍රාප්ත වූ පර්‍ය්‍යෙෂිත මනසින් අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම් එ ද නිසා ධ්‍යාන කරන්නේය. ධ්‍යාන නො කරනුයේ ද වේ, සන්‍ධයෙනි මෙසේ ධ්‍යාන කරණ සුලු භද්‍ර වූ පුරුෂාජානේයයා ඉන්‍ද්‍රයා සහිත බ්‍රහ්මයා සහිත, ප්‍රතිපති සහිත දෙවියෝ දුරදීම
Pali BJTනමො තෙ පුරිසාජඤ්ඤ - නමො තෙ පුරිසුත්තම යස්ස තෙ නාභිජානාම - යම්පි නිස්සාය ඣායසීති.
Sinhala BJT“යම් අරමුණක් නිසා ධ්‍යාන කරනෙහි නම් තොපගේ ඒ ධ්‍යානාරම්මණය නොදන්මෝ නම්, පුරුෂාජානේයයෙනි. ඒ තොපට නමස්කාර වේවා, පුරුෂොත්තමය, ඒ තොපට නමස්කාර වේවා”යි නමස්කාර කරන්නාහ.
Pali BJT11. 1. 10.
Sinhala BJT11. 1. 10.
Pali BJTමොරනිවාප සුත්තං
Sinhala BJTමොරනිවාප සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා රාජගහෙ විහරති මොරනිවාපෙ පරිබ්බාජකාරාමෙ. තත්ර ඛො භගවා භික්ඛු ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTඑක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි වූ මොරනිවාප නමු වූ පරිව්‍රාජකාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’, යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යි එ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළසේක:
Pali BJTතීහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු අච්චන්තනිට්ඨො හොති අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සානං කතමෙහි තීහි: අසෙඛෙන සීලක්ඛන්ධෙන අසෙඛෙන සමාධික්ඛන්ධෙන අසෙඛෙන පඤ්ඤාක්ඛන්ධෙන. ඉමෙහි ඛො භික්ඛවෙ තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අච්චන්තනිට්ඨො හොති අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සානං.
Sinhala BJTමහණෙනි, කරුණු තුනෙකින් සමන්‍වාගත මහණ අතීක්‍රාන්ත (ක්‍ෂයව්‍ය සඞ්ඛ්‍යාත) අන්තවත් නිෂ්ඨා (නිර්‍වාණ) ඇතියේ අත්‍යන්ත යෝග ක්‍ෂේම ඇතියේ අත්‍යන්තයෙන් බ්‍රහ්මචාරීවූයේ අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇතියේ දෙවි මිනිස්නට ශ්‍රේෂ්ඨ වූයේ වෙයි. කවර තුනෙකින යත්: අශෛක්‍ෂශීලස්කන්‍ධයෙන, අශෛක්‍ෂ සමාධි ස්කන්‍ධයෙන, අශෛක්‍ෂ ප්‍රඥාස්කන්‍ධයෙනැයි. මහණෙනි, මේ තුන් කරුණෙන් සමන්‍වාගත මහණ අත්‍යන්ත නිෂ්ඨ වූයේ අත්‍යන්ත යෝගක්‍ෂේම ඇතියේ අත්‍යන්ත බ්‍රහ්මචාරී වූයේ අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇතියේ දෙවි මිනිස්නට ශ්‍රේෂ්ඨ වෙයි.
Pali BJTඅපරෙහිපි භික්ඛවෙ තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අච්චන්තනිට්ඨො හොති අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සානං. කතමෙහි තීහි: ඉද්ධිපාටිහාරියෙන, ආදෙසනාපාටිහාරියෙන අනුසාසනීපාටිහාරියෙන. ඉමෙහි ඛො භික්ඛවෙ තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අච්චන්තනිට්ඨො හොති අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සානං.
Sinhala BJTමහණෙනි, අනෙකුදු තුන් කරුණෙකින් සමන්‍වාගත මහණ අත්‍යන්ත නිෂ්ඨා ඇතියේ අත්‍යන්තයොගක්‍ෂේම ඇතියේ අත්‍යන්ත බ්‍රහ්මචාරී වූයේ අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇතියේ දෙවි මිනිස්නට ශ්‍රේෂ්ඨ වෙයි. කවර තුනෙකින යත්: ඍද්ධිප්‍රාතිහර්‍ය්‍යයෙන, ආදේශනා ප්‍රාතිහාර්‍ය්‍යයෙන, අනුශාසනී ප්‍රාතිහාර්‍ය්‍යයෙනැයි. මහණෙනි, මෙ තුන් කරුණෙන් සමන්‍වාගත මහණ අත්‍යන්තනිෂ්ඨා ඇතියේ අත්‍යන්ත යෝග ක්‍ෂේම ඇතියේ අත්‍යන්ත බ්‍රහ්මචාරී වූයේ අත්‍යන්ත පර්‍ය්‍යවසාන ඇතියේ දෙවිමිනිස්නට ශ්‍රේෂ්ඨ වෙයි.
Pali BJTඅපරෙහිපි භික්ඛවෙ තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අච්චන්තනිට්ඨො හොති අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සානං, කතමෙහි තීහි: සම්මාදිට්ඨියා, සම්මාඤාණෙන, සම්මා විමුත්තියා ඉමෙහි ඛො භික්ඛවෙ තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අච්චන්තනිට්ඨො හොති, අච්චන්තයොගක්ඛෙමී, අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සානං.
Sinhala BJTමහණෙනි, අනෙකුදු තුන් කරුණෙකින් සමන්‍වාගත මහණ අත්‍යන්තනිෂ්ඨා ඇතියේ අත්‍යන්තයොගක්‍ෂේම ඇතියේ බ්‍රහ්මචාරී වූයේ අත්‍යන්තපර්‍ය්‍යාවසාන ඇතියේ දෙවිමිනිස්නට ශ්‍රේෂ්ඨ වෙයි. කරව තුනෙකින යත්: සම්‍යග්දෘෂ්ටියෙන, සම්‍යග්ඥානයෙන, සම්‍යග්විමුක්තියෙනැයි. මහණෙනි, මෙ කරුණු තුනින් සමන්‍වාගත මහණ අත්‍යන්තනිෂ්ඨා ඇතියේ අත්‍යන්තයොගක්‍ෂේම ඇතියේ අත්‍යන්තබ්‍රහ්මචාරී වූයේ අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇතියේ දෙවි මිනිස්නට ශ්‍රේෂ්ඨ වෙයි.
Pali BJTද්වීහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු අච්චන්තනිට්ඨො හොති අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සානං. කතමෙහි ද්වීහි: විජ්ජාය ච චරණෙන ච. ඉමෙහි ඛො භික්ඛවෙ ද්වීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අච්චන්තනිට්ඨො හොති අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සානං.
Sinhala BJTමහණෙනි, කරුණු දෙකෙකින් සමන්‍වාගත මහණ අත්‍යන්ත නිෂ්ඨා ඇතියේ අත්‍යන්ත යෝගක්‍ෂේම ඇතියේ අත්‍යන්තබ්‍රහ්මචාරී වූයේ අත්‍යන්ත පර්‍ය්‍යවසාන ඇතියේ දෙවි මිනිස්නට ශ්‍රේෂ්ඨ වෙයි. කවර දෙකෙකින යත්: විද්‍යායෙන, චරණයෙනැයි. මහණෙනි, මෙ දෙකරුණෙන් සමන්‍වාගත මහණ අත්‍යන්ත නිෂ්ඨා ඇතියේ අත්‍යන්තයොගක්‍ෂේම ඇතියේ අත්‍යන්ත බ්‍රහ්මචාරී වූයේ අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇතියේ දෙවි මිනිස්නට ශ්‍රේෂ්ඨ වෙ යි.
Pali BJTබ්රහ්මුනා පෙසා භික්ඛවෙ සනංකුමාරෙන ගාථා භාසිතා:
Sinhala BJTමහණෙනි, සනංකුමාර බ්‍රහ්ම විසිනුදු තෙල ගාථා භාෂිත වෙයි:
Pali BJTඛත්තියො සෙට්ඨො ජනෙතස්මිං - යෙ ගොත්තපටිසාරිනො විජ්ජාචරණසම්පන්නො - සො සෙට්ඨො දෙවමානුසෙති.
Sinhala BJT“යමෙක් තුමූ ගෝත්‍රප්‍රතිසාරී වෙත් නම්, එ මහාජනයා අතුරෙහි ක්‍ෂත්‍රිය තෙමේ ශ්‍රේෂ්ඨ වෙයි. විද්‍යායෙන් හා චරණධර්‍මයෙන් සම්පන්න ඒ ක්‍ෂීණාස්‍රව බුදුහු දෙවි මිනිසුන් අතුරෙහි ශ්‍රේෂ්ඨ වෙති”යි.
Pali BJTසා ඛො පනෙසා භික්ඛවෙ බ්රහ්මුනා සනංකුමාරෙන ගාථා සුගීතා, නො දුග්ගීතා සුභාසිතා නො දුබ්භාසිතා, අත්ථසංහිතා නො අනත්ථසංහිතා අනුමතා මයා. අහම්පි භික්ඛවෙ එවං වදාමි.
Sinhala BJTමහණෙනි, සනංකුමාර බ්‍රහ්මයා විසින් තෙල ගාථා තොමෝ දූර්ගීත නොව සුගීත වෙයි. දුර්‍භාෂිත නොව සුභාෂිත ය. අනර්‍ත්‍ථ සංහිත නොව අර්‍ත්‍ථ සංහිත ය, මා විසින් අනුමත ද වෙයි. මහණෙනි, මම්දු මෙසේ කියම්:
Pali BJTඛත්තියො සෙට්ඨො ජනෙතස්මිං - යෙ ගොත්තපටිසාරිනො විජ්ජාචරණසම්පන්නො - සො සෙට්ඨො දෙවමානුසෙති.
Sinhala BJTයම් කෙනෙක් ගෝත්‍රප්‍රතිසාරී වෙත් නම්, එ බඳු ජනයා අතුරෙහි ක්‍ෂත්‍රිය තෙමේ ශ්‍රේෂ්ඨ ය, විද්‍යායෙන් හා චරණ ධර්‍මයෙන් සම්පන්න එ ක්‍ෂීණාස්‍රව මුනිහු දෙවිමිනිසුන් අතුරෙහි ශ්‍රේෂ්ඨ වෙතැ”යි.
Pali BJTනිස්සයවග්ගො පඨමො.
Sinhala BJTප්‍රථම නිස්සය වර්‍ගය යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTකිමත්ථියා චෙතනා තයො - උපනිසා ව්යසනෙන ච ද්වෙ සඤ්ඤා මනසිකාරො - සන්ධො මොරනිවාපකන්ති.
Sinhala BJTකිමත්‍ථිය, චේතනා යන සූත්‍ර දෙක ය උපනිසා සූත්‍ර තුනෙක, ඛ්‍යසන සූත්‍ර ය, සඤ්ඤා සූත්‍ර දෙක ය, මනසිකාර සූත්‍රය, සන්‍ධ සූත්‍ර ය, මොරනිවාප සූත්‍ර ය දැයි දසයෙකි.
Pali BJT2. අනුස්සතිවග්ගො
Sinhala BJT2. අනුස්සති වර්‍ගය
Pali BJT11. 2. 1.
Sinhala BJT11. 2. 1.
Pali BJTමහානාම සුත්තං
Sinhala BJTමහානාම සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛු භගවතො චීවරකම්මං කරොන්ති, ‘නිට්ඨිතචීවරො භගවා තෙමාසච්චයෙන චාරිකං පක්කමිස්සතී’ති. අස්සොසි ඛො මහානාමො සක්කො සම්බහුලා කිර භික්ඛු භගවතො චීවරකම්මං කරොන්ති ‘නිට්ඨිතචීවරො භගවා තෙමාසච්චයෙන චාරිකං පක්කමිස්සතී’ති. අථ ඛො මහානාමො සක්කො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො මහානාමො සක්කො භගවන්තං එතදවොච:
Sinhala BJTඑක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කපිලවත්‍ථු සමීපයෙහි වූ නිග්‍රෝධාරාමයෙහි වසන සේක. එකල්හි බොහෝ වහන් දෑ “භාග්‍යවතුන් වහන්සේ නිමහම් කළ සිවුරු ඇතිසේක් තෙමස් ඇවෑමෙන් චාරිකාවට වඩනාහ” යි භාග්‍යවතුන් වහන්සේට සිවුරුකම් කරන්නාහ. මහානාම ශාක්‍ය තෙමේ “භාග්‍යවතුන් වහන්සේ නිමහම් කළ සිවුරු ඇති සේක් තෙමස් ඇවෑමෙන් චාරිකාවට බැහැර වඩනාහ”යි බොහෝ වහන් දෑ භාග්‍යවතුන් වහන්සේට සිවුරුකම් කරන්නාහයි ඇසුයේ ය. ඉක්බිති මහානාම ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස් ව හුන් මහානාම ශාක්‍ය තෙම භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ කීය:
Pali BJTසුතං මෙ තං භන්තෙ ‘සම්බහුලා කිර භික්ඛු භගවතො චීවරකම්මං කරොන්ති නිට්ඨිතචීවරො භගවා තෙමාසච්චයෙන චාරිකං පක්කමිස්සතී’ති. තෙසං නො භන්තෙ නානාවිහාරෙහි විහරතං කෙනස්ස විහාරෙන විහාතබ්බන්ති?
Sinhala BJTවහන්ස, “භාග්‍යවතුන් වහන්සේ නිමහම් කළ සිවුරු ඇතිසේක් තෙමස් ඇවෑමෙන් චාරිකාවට බැහැර වඩනාහ”යි බොහෝ වහන්දෑ භාග්‍යවතුන් වහන්සේට සිවුරුකම් කරන්නාහයි තෙල පුවත මා විසින් අසන ලදී, වහන්ස, නානා විහරණයෙන් වසන එ අප විසින් කවර විහරණයෙකින් විසිය යුතු වේ දැයි.
Pali BJTසාධු සාධු මහානාම, එතං ඛො මහානාම තුම්හාකං පතිරූපං කුලපුත්තානං යං තුම්හෙ තථාගතං උපසඞ්කමිත්වා පුච්ඡෙය්යාථ, ‘තෙසං නො භන්තෙ නානා විහාරෙහි විහරතං කෙනස්ස විහාරෙන විහාතබ්බ”න්ති.
Sinhala BJTමහානාමයෙනි, මැනැව, මැනැව, යම් හෙයෙකින් තෙපි තථාගතයන් කරා එළඹ ‘වහන්ස, නානාවිහරණයෙන් වසන අප විසින් කවර නම් විහරණයෙකින් විසිය යුතු වේ දැ’යි පුළුවුස්නවු නම්, මහනාමයෙකි, තෙල කරුණ කුලපුත් වන තොපට නිසි වේ මැ ය.
Pali BJTසද්ධො ඛො මහානාම ආරාධකො හොති නො අස්සද්ධො, ආරද්ධවිරියො ආරාධකො හොති, නො කුසීතො: උපට්ඨිතසතී ආරාධකො හොති, නො මුට්ඨස්සතී: සමාහිතො ආරාධකො හොති, නො අසමාහිතො පඤ්ඤවා ආරාධකො හොති නො දුප්පඤ්ඤො. ඉමෙසු ඛො ත්වං මහානාම පඤ්චසු ධම්මෙසු පතිට්ඨාය ඡධම්මෙ උත්තරිං භාවෙය්යාසි.
Sinhala BJTමහානාමයෙනි, සැදැහැතියේම ආරාධක වෙයි, සැදැහැ නැතියේ නො වෙයි, ආරද්ධවීර්‍ය්‍ය වූයේ ම ආරාධක වෙයි, කුසීතයා නො වේ. එළඹ සිටි සිහි ඇතියේ ම ආරාධක වෙයි, නට සිහි ඇතියේ නො වේ. (උපචාරාර්‍පණවිසින්) එකඟ සිත් ඇතියේ ම ආරාධක වෙයි, අසමාහිතයා නොවේ. (විදර්‍ශනා මාර්‍ග ප්‍රඥායෙන්) පැණැතියේ ම ආරාධක වෙයි, දුෂ්ප්‍රාඥ නො වේ. මහානාමයෙනි, තෝ මෙ පඤ්චධර්‍මයන්හි පිහිටා මතුයෙහි ෂඩ් ධර්‍ම කෙනෙකුන් වඩන්නෙහි.
Pali BJTඉධ ත්වං මහානාම තථාගතං අනුස්සරෙය්යාසි, ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති.{1}
Sinhala BJTමහානාමයෙනි, තෝ මෙ විසාහි ‘මෙ කරුණිනිදු’ ඒ භගවත්හු අර්‍හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගතයහ, ලෝකවිද්හ, අනුත්තරපුරුෂදම්‍යසාරථිහ, දෙවිමිනිසුනට ශාස්තෘවහ, බුද්ධහ, භගවත්හ’යි තථාගතයන් (ගුණ විසින්) සිහිකරන්නෙහි.
Pali BJTයස්මිං මහානාම සමයෙ අරියසාවකො තථාගතං අනුස්සරති නෙවස්ස තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති, න දොසපරියුට්ඨිතං චිත්තං හොති, න මොහපරියුට්ඨිතං චිත්තං හොති. උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති. තථාතතං ආරබ්භ උජුගතචිත්තො ඛො පන මහානාම අරියසාවකො ලභති අත්ථවෙදං ලභති ධම්මවෙදං, ලභති ධම්මූපසංහිතං පාමොජ්ජං පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදියති, සුඛිනො චිත්තං සමාධියති. අයං වුච්චති මහානාම අරියසාවකො විසමගතාය පජාය සම්පන්නො විහරති, සබ්යාපජ්ඣාය පජාය අබ්යාපජ්ඣො විහරති, ධම්මසොතසමාපන්නො බුද්ධානුස්සතිං භාවෙති.
Sinhala BJTමහානාමයෙනි, යම් කලෙක අරීසවු තථාගතයන් සිහි කෙරේද, එ සමයෙහි ඔහට රාගයෙන් මඩනා ලද සිත් නො වෙයි. ද්වේෂයෙන් මඩනා ලද සිත් නොවෙයි. මෝහයෙන් මඩනා ලද සිත් නො වෙයි. එ සමයෙහි ඔහුගේ සිත තථාගතයන් ඇරැබ ඍජුගත ම වෙයි. මහානාමයෙනි, ඍජු ව ගිය සිත් ඇති අරීසවු අර්‍ත්‍ථකථා නිඃශ්‍රිත ප්‍රීති ප්‍රමෝදය ලබයි (පෙළදම් නිසා උපදනා) ධර්‍ම වේදය ලබයි. ධමෝපනිඃශ්‍රිත ප්‍රමෝදය ලබයි. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදී. පිනාගිය සිතැත්තහුගේ නාමකාය හා කරජකායය සංහිඳෙයි. සන්හුන් කය ඇතියේ කායික චෛතසික සුවය විඳී. සුව ඇතියහුගේ සිත එකඟ වෙයි, මහානාමයෙනි, මෙ අරීසවු (රාග, ද්වේෂ, මෝහයෙන්) විෂමගත සත්ත්‍වයන් අතුරෙහි ව්‍යුපශමයට පැමිණියේ වාසය කෙරේ යි ද, දුක් සහිත සත්ත්‍වයන් අතුරෙහි නිදුක් ව වාසය කෙරේ යි ද, විදර්‍ශනා සඞ්ඛ්‍යාත ධර්‍මස්‍රෝතයට පැමිණියේ බුද්ධානුස්මෘතිය වඩනේ යි ද කියනු ලැබේ.
Pali BJTපුන චපරං ත්වං මහානාම ධම්මං අනුස්සරෙය්යාසි, ‘ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී’ති යස්මිං මහානාම සමයෙ අරියසාවකො ධම්මං අනුස්සරති නෙවස්ස තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති, න දොසපරියුට්ඨිතං චිත්තං හොති, න මොහපරියුට්ඨිතං චිත්තං හොති. උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති. ධම්මං ආරබ්භ උජුගතචිත්තො ඛො පන මහානාම අරියසාවකො ලභති අත්ථවෙදං ලභති ධම්මවෙදං, ලභති ධම්මූපසංහිතං පාමොජ්ජං පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදියති, සුඛිනො චිත්තං සමාධියති. අයං වුච්චති මහානාම අරියසාවකො විසමගතාය පජාය සම්පන්නො විහරති, සබ්යාපජ්ඣාය පජාය අබ්යාපජ්ඣො විහරති, ධම්මසොතසමාපන්නො ධම්මානුස්සතිං භාවෙති.
Sinhala BJTතවද, මහානාමයෙනි, තෙපි “භාග්‍යවතුන් වහන්සේ විසින් (සපර්‍ය්‍යාප්තික නව ලෝකෝත්තර ධර්‍මය ස්වාඛ්‍යාත ය, සාන්දෘෂ්ටික ය, අකාලික ය, ඒහිපස්සික ය, ඖපනයික ය, විඥයන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුත්තේ ය”යි ධර්‍ම සිහි කරවු, මහානාමයෙනි, යම් කලෙක අරීසවු ධර්‍මය සිහි කෙරේ ද, එ සමයෙහි ඔහට රාගයෙන් මඩනා ලද සිත් නො වෙයි, ද්වේෂයෙන් මඩනා ලද සිත් නො වෙයි, මෝහයෙන් මඩනා ලද සිත් නො වෙයි. එසමයෙහි ඔහුගේ සිත ධර්‍මය ඇරැබැ ඉඳුරා ගියේ ම වෙයි, මහානාමයෙනි, ඍජු ව ගිය සිතැති අරීසවු අර්‍ත්‍ථවේදය ලබයි, ධර්‍මවේදය ලබයි, ධර්‍මොපනිඃශ්‍රිත ප්‍රමෝදය ලබයි. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදයි, ප්‍රීති යුක්ත සිත් ඇතියහුගේ (ද්විවිධ) කය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳුනේ ය. සුව ඇතියහුගේ සිත එකඟ වෙයි. මහානාමයෙනි, මේ අරීසවු විෂමගත ප්‍රජාක්ඛ්‍ය සත්ත්‍වයන් අතුරෙහි ව්‍යුපමශයට පැමිණියේ වාසය කෙරේ යයි ද, දුක් සහිත සත්ත්‍වයන් අතුරෙහි නිදුක් ව වාසය කෙරේ යයි ද, ධර්‍මශ්‍රෝතසට පැමිණියේ ධර්‍මානුස්මෘතිය වඩනේ යයි ද කියනු ලැබේ.