Pali BJTවීසතියා භික්ඛවෙ -පෙ-
Sinhala BJTමහණෙනි, විසි කරුණෙකින් …
Pali BJT10. 5. 2. 7.
Sinhala BJT10. 5. 2. 7.
Pali BJTතිංසාය භික්ඛවෙ -පෙ-
Sinhala BJTමහණෙනි, තිස් කරුණෙකින් …
Pali BJT10. 5. 2. 8.
Sinhala BJT10. 5. 2. 8.
Pali BJTචත්තාරීසාය භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ඛතං උපහතං අත්තානා පරිහරති -පෙ- අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති.
Sinhala BJTමහණෙනි, සතළිස් කරුණෙකින් සමන්‍වාගත වූයේ සාරාලූ ගුණ ඇති නටගුණ ඇති ආත්ම පරිහරණය කරයි. ... නොදැමුණු ගුණ ඇති නොනට ගුණ ඇති ආත්ම පරිහරණය කරයි.
Pali BJT10. 5. 2. 9.
Sinhala BJT10. 5. 2. 9.
Pali BJTදසහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ඉධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. -පෙ- ඉධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා සුගති සග්ගං ලොකං උපපජ්ජති.
Sinhala BJTමහණෙනි, මෙලොව්හි දස කරුණෙකින් සමන්‍වාගත වූ ඇතැමෙක් කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණේ. ... මෙලොව්හි ඇතැමෙක් කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයට එළඹෙයි.
Pali BJT10. 5. 2. 10.
Sinhala BJT10. 5. 2. 10.
Pali BJTවීසතියා භික්ඛවෙ -පෙ-
Sinhala BJTමහණෙනි, විසි කරුණෙකින් ...
Pali BJT10. 5. 2. 11.
Sinhala BJT10. 5. 2. 11.
Pali BJTතිංසාය භික්ඛවෙ -පෙ-
Sinhala BJTමහණෙනි, තිස් කරුණෙකින් ...
Pali BJT10. 5. 2. 12.
Sinhala BJT10. 5. 2. 12.
Pali BJTචත්තාරීසාය භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ඉධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති -පෙ- ඉධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති.
Sinhala BJTමහණෙනි, මෙලොව්හි සතළිස් කරුණෙකින් සමන්‍වාගත වූ ඇතැමෙක් කාබුන් මරණින් මතු අපාය සඞ්ඛ්‍යාත, දුර්‍ගති සඞ්ඛ්‍යාත, විනිපාත සංඞ්ඛ්‍යාත නිරයට පැමිණේ. ... මෙලොව්හි ඇතැමෙක් කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණේ.
Pali BJT10. 5. 2. 13.
Sinhala BJT10. 5. 2. 13.
Pali BJTදසහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො බාලො වෙදිතබ්බො -පෙ- පණ්ඩිතො වෙදිතබ්බො -පෙ-
Sinhala BJTමහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත බාල තෙමේ දත යුත්තේය: ... පණ්ඩිත තෙම දතයුත්තේ ...
Pali BJT10. 5. 2. 14.
Sinhala BJT10. 5. 2. 14.
Pali BJTවීසතියා භික්ඛවෙ -පෙ-
Sinhala BJTමහණෙනි, විසි කරුණෙකින් ...
Pali BJT10. 5. 2. 15.
Sinhala BJT10. 5. 2. 15.
Pali BJTතිංසාය භික්ඛවෙ -පෙ-
Sinhala BJTමහණෙනි, තිස් කරුණෙකින් …
Pali BJT10. 5. 2. 16.
Sinhala BJT10. 5. 2. 16.
Pali BJTචත්තාරීසාය භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො බාලො වෙදිතබ්බො -පෙ- පණ්ඩිතො වෙදිතබ්බො -පෙ- ඉමෙහි ඛො භික්ඛවෙ චත්තාරීසාය ධම්මෙහි සමන්නාගතො පණ්ඩිතො වෙදිතබ්බොති.
Sinhala BJTමහණෙනි, සතළිස් කරුණෙකින් සමන්‍වාගත වූ බාලතෙම දත යුත්තේය -පෙ- පණ්ඩිත තෙම දත යුත්තේය. මහණෙනි, මෙ සතළිස් කරුණෙන් සමන්‍වාගත වූ පණ්ඩිත දතයුත්තේ ය යි.
Pali BJTසාමඤ්ඤවග්ගො දුතියො
Sinhala BJTදෙවැනි සාමඤ්ඤ වර්‍ග යි.
Pali BJT3. රාගාදිපෙය්යාලං
Sinhala BJT3. රාගාදිපෙය්‍යාලය
Pali BJT10. 5. 3. 1.
Sinhala BJT10. 5. 3. 1.
Pali BJTරාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය දසධම්මා භාවෙතබ්බා. කතමෙ දස: අසුභසඤ්ඤා මරණසඤ්ඤා ආහාරෙ පටික්කූලසඤ්ඤා සබ්බලොකෙ අනභිරතසඤ්ඤා අනිච්චසඤ්ඤා අනිච්චෙ දුක්ඛසඤ්ඤා දුක්ඛෙ අනත්තසඤ්ඤා පහානසඤ්ඤා විරාගසඤ්ඤා නිරොධසඤ්ඤා, රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය ඉමෙ දසධම්මා භාවෙතබ්බා.
Sinhala BJTමහණෙනි, රාගයාගේ අභිඥාව පිණිස දසදහම් කෙනෙක් වැඩිය යුතුවහ. කවර දස දෙනෙක යත්: අසුභසඤ්ඤා ය, මරණසඤ්ඤා ය, ආහාරයෙහි පටික්කුලසඤ්ඤා ය, සර්‍වලෝකයෙහි අනභිරත සඤ්ඤා ය, අනිච්ච සඤ්ඤා ය, අනිච්චේ දුක්ඛ සඤ්ඤා ය, දුක්ඛෙඅනත්තසඤ්ඤා ය, පහානසඤ්ඤා ය, විරාගසඤ්ඤා ය, නිරෝධසඤ්ඤා යි. මහණෙනි, රාගයාගේ අභිඥාව පිණිස මෙ දස දහම්හු වැඩිය යුතුවහ.
Pali BJT10. 5. 3. 2.
Sinhala BJT10. 5. 3. 2.
Pali BJTරාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය දසධම්මා භාවෙතබ්බා. කතමෙ දස: අනිච්චසඤ්ඤා අනත්තසඤ්ඤා ආහාරෙ පටික්කූලසඤ්ඤා සබ්බලොකෙ අනභිරතසඤ්ඤා අට්ඨිකසඤ්ඤා පුලවකසඤ්ඤා{1} විනීලකසඤ්ඤා විපුබ්බකසඤ්ඤා විච්ඡිද්දකසඤ්ඤා උද්ධුමාතකසඤ්ඤා. රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය ඉමෙ දසධම්මා භාවෙතබ්බාති.
Sinhala BJTමහණෙනි, රාගයාගේ අභිඥාව පිණිස, දශධර්‍ම කෙනෙක් වැඩිය යුතුවහ, කවර දශ කෙනෙක යත්: අනිච්චසඤ්ඤා ය, අනත්තසඤ්ඤා ය, ආහාරේ පටික්කුලසඤ්ඤා ය, සබ්බලොකෙ අනභිරත සංඤ්ඤා ය, අට්ඨික සඤ්ඤා ය, පුලවක සඤ්ඤා ය, විනීලකසඤ්ඤා ය, විපුබ්බකසඤ්ඤාය, විච්ඡිද්දකසඤ්ඤා ය, උද්ධුමාතකසඤ්ඤා යි, මහණෙනි, රාගයාගේ අභිඥාව සඳහා මෙ දස දහම්හු වැඩිය යුතුවහ යි.
Pali BJT10. 5. 3. 3.
Sinhala BJT10. 5. 3. 3.
Pali BJTරාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය දසධම්මා භාවෙතබ්බා. කතමෙ දස: සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි සම්මාඤාණං සම්මාවිමුත්ති. රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය ඉමෙ දසධම්මා භාවෙතබ්බාති.
Sinhala BJTමහණෙනි, රාගයාගේ අභිඥාව සඳහා දශධර්‍ම කෙනෙක් වැඩිය යුතුවහ, කවර දශ කෙනෙක යත්: සම්මාදිට්ඨි ය, සම්මාසඞ්කප්ප ය, සම්මාවාචා ය, සම්මාකම්මන්ත ය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසතිය, සම්මාසමාධි ය, සම්මාඤාණ ය, සම්මාවිමුත්ති යි, මහණෙනි, රාගයාගේ අභිඥාව සඳහා මෙ දස දහම්හු වැඩිය යුතුවහයි.
Pali BJT10. 5. 3. 4-6.
Sinhala BJT10. 5. 3. 4-6.
Pali BJTරාගස්ස භික්ඛවෙ පරිඤ්ඤාය -පෙ-
Sinhala BJTමහණෙනි, රාගයාගේ පරිඥාව පිණිස, ...
Pali BJT10. 5. 3. 7-9.
Sinhala BJT10. 5. 3. 7-9.
Pali BJTරාගස්ස භික්ඛවෙ පරික්ඛයාය -පෙ-
Sinhala BJTමහණෙනි, රාගයාගේ පරික්‍ෂය ය පිණිස ...
Pali BJT10. 5. 3. 10-12.
Sinhala BJT10. 5. 3. 10-12.
Pali BJTරාගස්ස භික්ඛවෙ පහානාය -පෙ-
Sinhala BJTමහණෙනි, රාගයාගේ ප්‍රහාණය පිණිස ...
Pali BJT10. 5. 3. 13-15.
Sinhala BJT10. 5. 3. 13-15.
Pali BJTරාගස්ස භික්ඛවෙ ඛයාය -පෙ-
Sinhala BJTමහණෙනි, රාගයාගේ ක්‍ෂය පිණිස ...
Pali BJT10. 5. 3. 16-18.
Sinhala BJT10. 5. 3. 16-18.
Pali BJTරාගස්ස භික්ඛවෙ වයාය -පෙ-
Sinhala BJTමහණෙනි, රාගයාගේ ව්‍යය පිණිස ...
Pali BJT10. 5. 3. 19-21.
Sinhala BJT10. 5. 3. 19-21.
Pali BJTරාගස්ස භික්ඛවෙ විරාගාය පෙ
Sinhala BJTමහණෙනි, රාගයාගේ විරාගය පිණිස ...
Pali BJT10. 5. 3. 22-24.
Sinhala BJT10. 5. 3. 22-24.
Pali BJTරාගස්ස භික්ඛවෙ නිරොධාය -පෙ-
Sinhala BJTමහණෙනි, රාගයාගේ නිරෝධය පිණිස ...
Pali BJTඋපසමාය -පෙ-{*}
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT10. 5. 3. 25-27.
Sinhala BJT10. 5. 3. 25-27.
Pali BJTරාගස්ස භික්ඛවෙ චාගාය -පෙ-
Sinhala BJTමහණෙනි, රාගයාගේ ත්‍යාගය පිණිස ...
Pali BJT10. 5. 3. 28-30.
Sinhala BJT10. 5. 3. 28-30.
Pali BJTරාගස්ස භික්ඛවෙ පටිනිස්සග්ගාය -පෙ- ඉමෙ දසධම්මා භාවෙතබ්බාති.
Sinhala BJTමහණෙනි, රාගයාගේ ප්‍රතිනිස්සර්‍ජනය පිණිස මෙ දස දහම්හු වැඩිය යුත්තාහ යි.
Pali BJT10. 5. 3. 31-60.
Sinhala BJT10. 5. 3. 31-60.
Pali BJTදොසස්ස භික්ඛවෙ -පෙ-
Sinhala BJTමහණෙනි, ද්වේෂයාගේ ...
Pali BJT10. 5. 3. 90.
Sinhala BJT10. 5. 3. 90.
Pali BJTමොහස්ස භික්ඛවෙ -පෙ-
Sinhala BJTමහණෙනි, මෝහයාගේ ...
Pali BJT10. 5. 3. 120.
Sinhala BJT10. 5. 3. 120.
Pali BJTකොධස්ස භික්ඛවෙ -පෙ-
Sinhala BJTමහණෙනි, ක්‍රෝධයාගේ ...
Pali BJT10. 5. 3. 150.
Sinhala BJT10. 5. 3. 150.
Pali BJTඋපනාහස්ස භික්ඛවෙ -පෙ-
Sinhala BJTමහණෙනි, උපනාහයාගේ ...
Pali BJT10. 5. 3. 180.
Sinhala BJT10. 5. 3. 180.
Pali BJTමක්ඛස්ස භික්ඛවෙ -පෙ-
Sinhala BJTමහණෙනි, මක්ඛයාගේ ...
Pali BJT10. 5. 3. 210.
Sinhala BJT10. 5. 3. 210.
Pali BJTපලාසස්ස භික්ඛවෙ -පෙ-
Sinhala BJTමහණෙනි, පලාසයාගේ ...
Pali BJT10. 5. 3. 240.
Sinhala BJT10. 5. 3. 240.
Pali BJTඉස්සාය භික්ඛවෙ -පෙ-
Sinhala BJTමහණෙනි, ඊර්‍ෂ්‍යාවගේ ...
Pali BJT10. 5. 3. 270.
Sinhala BJT10. 5. 3. 270.
Pali BJTමච්ඡරියස්ස භික්ඛවෙ -පෙ-
Sinhala BJTමහණෙනි, මාත්සර්‍ය්‍යයාගේ ...
Pali BJT10. 5. 3. 300.
Sinhala BJT10. 5. 3. 300.
Pali BJTමායාය භික්ඛවෙ -පෙ-
Sinhala BJTමහණෙනි, මායාවගේ ...
Pali BJT10. 5. 3. 330.
Sinhala BJT10. 5. 3. 330.
Pali BJTසාඨෙය්යස්ස භික්ඛවෙ -පෙ-
Sinhala BJTමහණෙනි, සාඨෙය්‍යයාගේ ...
Pali BJT10. 5. 3. 360.
Sinhala BJT10. 5. 3. 360.
Pali BJTථම්භස්ස භික්ඛවෙ -පෙ-
Sinhala BJTමහණෙනි, ථම්භයාගේ ...
Pali BJT10. 5. 3. 390.
Sinhala BJT10. 5. 3. 390.
Pali BJTසාරම්භස්ස භික්ඛවෙ -පෙ-
Sinhala BJTමහණෙනි, සාරම්භයාගේ ...
Pali BJT10. 5. 3. 420.
Sinhala BJT10. 5. 3. 420.
Pali BJTමානස්ස භික්ඛවෙ -පෙ-
Sinhala BJTමහණෙනි, මානයාගේ ...
Pali BJT10. 5. 3. 450.
Sinhala BJT10. 5. 3. 450.
Pali BJTඅතිමානස්ස භික්ඛවෙ -පෙ-
Sinhala BJTමහණෙනි, අතිමානයාගේ ...
Pali BJT10. 5. 3. 480.
Sinhala BJT10. 5. 3. 480.
Pali BJTමදස්ස භික්ඛවෙ -පෙ-
Sinhala BJTමහණෙනි, මදයාගේ ...
Pali BJT10. 5. 3. 510.
Sinhala BJT10. 5. 3. 510.
Pali BJTපමාදස්ස භික්ඛවෙ අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය -පෙ- උපසමාය -පෙ- චාගාය -පෙ- පටිනිස්සග්ගාය ඉමෙ දසධම්මා භාවෙතබ්බාති.
Sinhala BJTමහණෙනි, ප්‍රමාදයාගේ අභිඥානය පිණිස ... පරිඥානය පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස ... ප්‍රතිනිස්සර්‍ජනය පිණිස ... දස දහම්හු වැඩිය යුත්තාහ යි.
Pali BJTරාගාදිපෙය්යාලං නිට්ඨිතං.
Sinhala BJTරාගාදිපෙය්‍යාලය නිමි.
Pali BJTදසකනිපාතො නිට්ඨිතො.
Sinhala BJTදසක නිපාතය නිමියේ ය.
Pali BJT11. එකාදසකො නිපාතො
Sinhala BJT11. ඒකාදශ නිපාතය
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
Sinhala BJTඒ භගවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJT1. නිස්සයවග්ගො
Sinhala BJT1. නිස්සය වර්‍ගය
Pali BJT11. 1. 1.
Sinhala BJT11. 1. 1.
Pali BJTකිමත්ථිය සුත්තං
Sinhala BJTකිමත්‍ථිය සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
Sinhala BJTමා විසින් මෙසේ අසනලදි: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩවසන සේක.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච:
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි හුන්හ. එකත්පස්හි හුන් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ:
Pali BJTකිමත්ථියානි භන්තෙ කුසලානි සීලානි කිමානිසංසානීති. අවිප්පටිසාරත්ථානි ඛො ආනන්ද කුසලානි සීලානි අවිප්පටිසාරානිසංසානීති.
Sinhala BJTවහන්ස, කුශලශීලයෝ කවරක් අර්‍ත්‍ථ කොට කවරක් අනුසස් කොට ඇත් දැයි? ආනන්‍දයෙනි, කුශලශීලයෝ අවිප්‍රතිසාරය අර්‍ත්‍ථ කොට අවිප්‍රතිසාරය අනුසස් කොට ඇති.
Pali BJTඅවිප්පටිසාරො පන භන්තෙ කිමත්ථියො කිමානිසංසොති? අවිප්පටිසාරො ඛො ආනන්ද පාමොජ්ජත්ථො{1} පාමොජ්ජානිසංසො.
Sinhala BJTවහන්ස, අවිප්‍රතිසාරය කුමක් අර්‍ත්‍ථ කොට කුමක් අනුසස් කොට ඇත් දැයි? ආනන්‍දයෙනි, අවිප්‍රතිසාරය ප්‍රමෝදය අර්‍ත්‍ථ කොට ප්‍රමෝදය අනුසස් කොට ඇත.
Pali BJTපාමොජ්ජං{1} පන භන්තෙ කිමත්ථියං කිමානිසංසන්ති: පාමොජ්ජං ඛො ආනන්ද පීතත්ථං පීතානිසංසං.
Sinhala BJTවහන්ස, ප්‍රමෝදය කුමක් අර්‍ත්‍ථ කොට කුමක් අනුසස් කොට ඇත් දැ යි? ආනන්‍දයෙනි, ප්‍රමෝදය ප්‍රීතිය අර්‍ත්‍ථ කොට ප්‍රීතිය අනුසස් කොට ඇත.
Pali BJTපීති පන භන්තෙ කිමත්ථියා කිමානිසංසාති. පීති ඛො ආනන්ද පස්සද්ධත්ථා පස්සද්ධානිසංසා.
Sinhala BJTවහන්ස, ප්‍රීතිය කුමක් අර්‍ත්‍ථ කොට කුමක් අනුසස් කොට ඇත් දැයි? ආනන්‍දයෙනි, ප්‍රීතිය ප්‍රශ්‍රබ්ධිය අර්‍ත්‍ථ කොට ප්‍රශ්‍රබ්ධිය අනුසස් කොට ඇත.
Pali BJTපස්සද්ධි පන භන්තෙ කිමත්ථියා කිමානිසංසාති? පස්සද්ධි ඛො ආනන්ද සුඛත්ථා සුඛානිසංසා.
Sinhala BJTවහන්ස, ප්‍රශ්‍රබ්ධිය කුමක් අර්‍ත්‍ථ කොට කුමක් අනුසස් කොට ඇත්දැයි? ආනන්‍දයෙනි, ප්‍රශ්‍රබ්ධිය සුඛය අර්‍ත්‍ථ කොට සුඛය අනුසස් කොට ඇත.
Pali BJTසුඛං පන භන්තෙ කිමත්ථියං කිමානිසංසන්ති? සුඛං ඛො ආනන්ද සමාධත්ථං සමාධානිසංසං.
Sinhala BJTවහන්ස, සුඛය කුමක් අර්‍ත්‍ථ කොට කුමක් අනුසස් කොට ඇත් දැයි? ආනන්‍දයෙනි, සුඛය සමාධිය අර්‍ත්‍ථ කොට සමාධිය අනුසස් කොට ඇත.
Pali BJTසමාධි පන භන්තෙ කිමත්ථො කිමානිසංසොති? සමාධි ඛො ආනන්ද යථාභූතඤාණදස්සනත්ථො යථාභූතඤාණදස්සනානිසංසො.
Sinhala BJTවහන්ස, සමාධිය කුමක් අර්‍ත්‍ථ කොට කුමක් අනුසස් කොට ඇත් දැ යි? ආනන්‍දයෙනි, සමාධිය යථාභූතඥානදර්‍ශනය අර්‍ත්‍ථ කොට යථාභූතඥානදර්‍ශනය අනුසස් කොට ඇත.
Pali BJTයථාභූතඤාණදස්සනං පන භන්තෙ කිමත්ථියං කිමානිසංසන්ති? යථාභූතඤාණදස්සනං ඛො ආනන්ද නිබ්බින්දනත්ථං නිබ්බිදානිසංසං.
Sinhala BJTවහන්ස, යථාභූතඥානදර්‍ශනය කුමක් අර්‍ත්‍ථ කොට කුමක් අනුසස් කොට ඇත් දැයි? ආනන්‍දයෙනි, යථාභූතඥානදර්‍ශනය නිර්වේදය අර්‍ත්‍ථ කොට නිර්වේදය අනුසස් කොට ඇත.
Pali BJTනිබ්බිදා පන භන්තෙ කිමත්ථො කිමානිසංසාති? නිබ්බිදා ඛො ආනන්ද විරාගත්ථා විරාගානිසංසා.
Sinhala BJTවහන්ස, නිර්වේදය කුමක් අර්‍ත්‍ථ කොට කුමක් අනුසස් කොට ඇත් දැයි? ආනන්‍දයෙනි, නිර්වේදය විරාගය අර්‍ත්‍ථ කොට විරාගය අනුසස් කොට ඇතැයි.
Pali BJTවිරාගො පන භන්තෙ කිමත්ථො කිමානිසංසොති? විරාගො ඛො ආනන්ද විමුත්තිඤාණදස්සනත්ථො විමුත්තිඤාණදස්සනානිසංසොති.
Sinhala BJTවහන්ස, විරාගය කුමක් අර්‍ත්‍ථ කොට කුමක් අනුසස් කොට ඇත් දැයි? ආනන්‍දයෙනි, විරාගය විමුක්තිඥානදර්‍ශනය අර්‍ත්‍ථ කොට විමුක්තිඥානදර්‍ශනය අනුසස් කොට ඇතැයි.
Pali BJTඉති ඛො ආනන්ද කුසලානි සීලානි අවිප්පටිසාරත්ථානි, අවිප්පටිසාරානිසංසානි. අවිප්පටිසාරො පාමොජ්ජත්ථො පාමොජ්ජානිසංසො. පාමොජ්ජං පීතත්ථං පීතානිසංසං. පීති පස්සද්ධත්ථා පස්සද්ධානිසංසා. පස්සද්ධි සුඛත්ථා සුඛානිසංසා. සුඛං සමාධත්ථං සමාධානිසංසං. සමාධි යථාභූතඤාණදස්සනත්ථො යථාභූතඤාණදස්සනානිසංසො. යථාභූතඤාණදස්සනා නිබ්බින්දත්ථං නිබ්බිදානිසංසං, නිබ්බිදා විරාගත්ථා විරාගානිසංසා, විරාගො විමුත්තිඤාණදස්සනත්ථො විමුත්තිඤාණදස්සනානිසංසො. ඉති ඛො ආනන්ද කුසලානි සීලානි අනුපුබ්බෙන අග්ගාය පරෙන්තීති.
Sinhala BJTආනන්‍දයෙනි, මෙසේ කුශලශීලයෝ අවිප්‍රතිසාරය අර්‍ත්‍ථ කොට අවිප්‍රතිසාරය අනුසස් කොට ඇත. අවිප්‍රතිසාරය ප්‍රමෝදය අර්‍ත්‍ථ කොට ප්‍රමෝදය අනුසස් කොට ඇත. ප්‍රමෝදය ප්‍රීතිය අර්‍ත්‍ථ කොට ප්‍රීතිය අනුසස් කොට ඇත. ප්‍රීතිය ප්‍රශ්‍රබ්ධිය අර්‍ත්‍ථ කොට ප්‍රශ්‍රබ්ධිය අනුසස් කොට ඇත. ප්‍රශ්‍රබ්ධිය සුඛය අර්‍ත්‍ථ කොට සුඛය අනුසස් කොට ඇත. සුඛය සමාධිය අර්‍ත්‍ථ කොට සමාධිය අනුසස් කොට ඇත. සමාධිය යථාභූතඥානදර්‍ශනය අර්‍ත්‍ථ කොට යථාභූතඥානදර්‍ශනය අනුසස් කොට ඇත. යථාභූතඥානදර්‍ශනය නිර්වේදය අර්‍ත්‍ථ කොට නිර්වේදය අනුසස් කොට ඇත. නිර්වේදය විරාගය අර්‍ත්‍ථ කොට විරාගය අනුසස් කොට ඇත. විරාගය විමුක්තිඥානදර්‍ශනය අර්‍ත්‍ථ කොට විමුක්තිඥානදර්‍ශනය අනුසස් කොට ඇත. ආනන්‍දයෙනි, මෙසේ කුශලශීලයෝ අනුක්‍රමයෙන් අර්‍හත්ත්‍වය සඳහා පිරිනැමෙති’යි.