Pali BJTකථඤ්ච භික්ඛවෙ තිවිධා මනොකම්මන්තසම්පත්ති කුසලසඤ්චෙතනිකා සුඛුද්රයා සුඛවිපාකා හොති:
Sinhala BJTමහණෙනි, කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛ විපාක ඇති ත්‍රිවිධ මනඃ කර්‍මසම්පත් කිසේය යත්:
Pali BJT8. ඉධ භික්ඛවෙ එකච්චො අනභිජ්ඣාලූ හොති, යං තං පරස්ස පරචිත්තූපකරණං, තං අනභිජ්ඣිතා හොති, ‘අහො වත යං පරස්ස තං මමස්සා’ති.
Sinhala BJT8. මහණෙනි, මෙ ලොව් හි ඇතැමෙක් අභිධ්‍යා බහුල නො වෙයි: පරා අයත් යම් වස්තූපකරණ ඇද්ද එය තමන් නතු කොට ගැන්ම නො සිතන්නේ වෙයි: “පරාසතු යම් දැයෙක් ඇද්ද එය මා සතු වන්නේ නම් මැනැවැ”යි.
Pali BJT9. අව්යාපන්නචිත්තො හොති අප්පදුට්ඨමනසඞ්කප්පො, ‘ඉමෙ සත්තා අවෙරා අබ්යාපජ්ජා අනීඝා සුඛී අත්තානං පරිහරන්තූති.
Sinhala BJT9. ව්‍යාපාදයට පත් සිත් නැත්තේ වෙයි, ප්‍රදූෂ්‍යමනඃසඞ්කල්ප නැත්තේ වෙයි: “මෙ සත්හු වෛර නැත්තාහු ව්‍යාපාද රහිත වූවාහු උවදුරු රහිත වූවාහු සුව ඇත්තාහු ආත්ම පරිහරණය කෙරෙත්ව”යි
Pali BJT10. සම්මාදිට්ඨිකො හොති අවිපරීතදස්සනො, ‘අත්ථි දින්නං අත්ථි යිට්ඨං -පෙ- යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී’ති.
Sinhala BJT10. සම්‍යග් දෘෂ්ටික වූයේ විපරීත දර්‍ශන නැත්තේ වෙයි: “දාන විපාක ඇත, මඞ්ගල දාන ඇත ... මෙලො පරලෝ තුමූම විශිෂ්ට ඥානයෙන් දැන සාක්‍ෂාත් කොට පවසත් නම් එබඳු මහණ බමුණු කෙනෙක් ලෙව්හි ඇතැ”යි.
Pali BJTඑවං ඛො භික්ඛවෙ තිවිධා මනොකම්මන්තසම්පත්ති කුසලසඤ්චෙතනිකා සුඛුද්රයා සුඛවිපාකා හොති.
Sinhala BJTමහණෙනි, කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛ විපාක ඇති ත්‍රිවිධ මනඃකර්‍මසම්පත් මෙසේ වෙයි.
Pali BJTතිවිධකායකම්මන්තසම්පත්ති කුසලසඤ්චෙතනිකා හෙතු වා භික්ඛවෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. චතුබ්බිධවචීකම්මන්තසම්පත්ති කුසලසඤ්චෙතනිකා හෙතු වා භික්ඛවෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. තිවිධ මනො කම්මන්ත සම්පත්ති කුසලසඤ්චෙතනිකා හෙතු වා භික්ඛවෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති.
Sinhala BJTමහණෙනි, ත්‍රිවිධ කායකර්‍ම සඞ්ඛ්‍යාත කුසලසඤ්චේතනා හේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ග ලෝකයෙහි උපදිති. මහණෙනි, චතුර්විධ වාක්කර්‍මසඞ්ඛ්‍යාත කුසලසඤ්චේතනා හේතුයෙන් හෝ සත්හු කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයෙහි උපදිති. මහණෙනි, ත්‍රිවිධ මනඃකර්‍ම සම්පත් සඞ්ඛ්‍යාත කුසලසඤ්චේතනා හේතුයෙන් හෝ සත්හු කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයෙහි උපදිති.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ අපණ්ණකො මණි උද්ධං ඛිත්තො යෙන යෙනෙව පතිට්ඨාති සුප්පතිට්ඨිතං යෙව පතිට්ඨාති. එවමෙව ඛො භික්ඛවෙ තිවිධ කායකම්මන්තසම්පත්ති කුසලසඤ්චෙතනිකා හෙතු වා සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති.
Sinhala BJTමහණෙනි, යම් සේ සිවුරැස් පසැටක් උඩ ලූයේ යම් යම් අතකින් පිහිටා ද සුප්‍රතිෂ්ඨිත ව ම පිහිටයි. මහණෙනි, එ පරිදි ම ත්‍රිවිධකායකර්‍ම සම්පත් සඞ්ඛ්‍යාත කුසල සඤ්චේතනා හේතුයෙන් හෝ සත්හු කාබුන් මරණින් මතු ස්වර්‍ග ලෝක සඞ්ඛ්‍යාත සුගතියෙහි උපදිත්.
Pali BJTචතුබ්බිධ වචීකම්මන්තසම්පත්ති කුසලසඤ්චෙතනිකා හෙතු වා සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති.
Sinhala BJTචතුර්විධ වාක්කර්‍මසම්පත් කුසලසඤ්චේතනා හේතුවෙන් හෝ සත්හු කාබුන් මරණින් මතු ස්වර්‍ගලෝක සඞ්ඛ්‍යාත සුගතියෙහි උපදිත්.
Pali BJTතිවිධ මනොකම්මන්තසම්පත්ති කුසලසඤ්චෙතනිකා හෙතු වා සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති.
Sinhala BJTත්‍රිවිධ මනඃකර්‍මසම්පත් සඞ්ඛ්‍යාත කුසලසඤ්චේතනා හේතුයෙන් හෝ සත්හු කාබුන් මරණින් මතු ස්වර්‍ගලෝක සඞ්ඛ්‍යාත සුගතියෙහි උපදිත්.
Pali BJTනාහං භික්ඛවෙ සඤ්චෙතනිකානං කම්මානං කතානං උපචිතානං ව්යන්තීභාවං වදාමි. තඤ්ච ඛො දිට්ඨෙ වා ධම්මෙ, උපපජ්ජෙ වා අපරෙ වා පරියායෙ. න ත්වෙවාහං භික්ඛවෙ සඤ්චෙතනිකානං කම්මානං කතානං උපචිතානං අප්පටිසංවිදිත්වා දුක්ඛස්ස අන්තකිරියං වදාමීති.
Sinhala BJTමහණෙනි, මම දැන දැන කළ රැස්කළ කර්‍මයන්ගේ නො විඳ විගාතාන්තභාවයෙක් නො කියමි. හෙ ද මේ අත් බැව්හි හෝ වෙයි, දෙවෙනි අත් බැව්හි හෝ වෙයි, අපරජන්මයෙහි හෝ වෙයි. මහණෙනි, මම දැන දැන කළ රැස්කළ කර්‍මයන්ගේ විපාක නො විඳ දුක් කෙළවර කිරීමක් නො කියමි යී.
Pali BJT10. 5. 1. 8.
Sinhala BJT10. 5. 1. 8.
Pali BJTදුතිය සඤ්චෙතනික සුත්තං
Sinhala BJTදුතිය සඤ්චේතනික සූත්‍රය
Pali BJTනාහං භික්ඛවෙ සඤ්චෙතනිකානං කම්මානං කතානං උපචිතානං අප්පටිසංවිදිත්වා ව්යන්තීභාවං වදාමි. තඤ්ච ඛො දිට්ඨෙ වා ධම්මෙ, උපපජ්ජෙ වා අපරෙ වා පරියායෙ. න ත්වෙවාහං භික්ඛවෙ සඤ්චෙතනිකානං කම්මානං කතානං උපචිතානං අප්පටිසංවිදිත්වා දුක්ඛස්සන්තකිරියං වදාමී.
Sinhala BJTමහණෙනි, මම කරන ලද රැස් කරන ලද සඤ්චේතනික කර්‍මයන්ගේ විපාක නො විඳ විගතාන්ත භාවයක් නො කියමි. හෙ ද වනාහි ඉහාත්මයෙහි ම හෝ අනතුරු ආත්මභාවයෙහි හෝ අපරජන්මයෙහි හෝ වේ. මහණෙනි, මම කරන ලද රැස් කරන ලද සඤ්චේතනික කර්‍මයන්ගේ විපාක නො විඳ දුක් කෙළවර කිරීමක් නො ම කියමි.
Pali BJTතත්ර භික්ඛවෙ තිවිධා කායකම්මන්තසන්දොසබ්යාපත්ති අකුසලසඤ්චෙතනිකා දුක්ඛුද්රයා දුක්ඛවිපාකා හොති. චතුබ්බිධා වාචාකම්මන්තසන්දොසබ්යාපත්ති අකුසලසඤ්චෙතනිකා දුක්ඛුද්රයා දුක්ඛවිපාකා හොති. තිවිධා මනොකම්මන්තසන්දොසබ්යාපත්ති අකුසලසඤ්චෙතනිකා දුක්ඛුද්රයා දුක්ඛ විපාකා හොති.
Sinhala BJTමහණෙනි, එහිලා අකුසලසඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛ විපාක ඇති කායකර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් ත්‍රිවිධ වෙයි. අකුසලසඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛවිපාක ඇති වාක්කර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් චතුර්විධ වෙයි. අකුසලසඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛ විපාක ඇති මනඃ කර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් ත්‍රිවිධ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ තිවිධා කායකම්මන්තසන්දොසබ්යාපත්ති අකුසලසඤ්චෙතනිකා දුක්ඛුද්රයා දුක්ඛවිපාකා හොති -පෙ- එවං ඛො භික්ඛවෙ තිවිධා කාය කම්මන්ත සන්දොසබ්යාපත්ති අකුසලසඤ්චෙතනිකා දුක්ඛුද්රයා දුක්ඛවිපාකා හොති.
Sinhala BJTමහණෙනි, අකුසලසඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛ විපාක ඇති ත්‍රිවිධ කායකර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් කිසේය යත්: ... මහණෙනි, අකුසලසඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛ විපාක ඇති ත්‍රිවිධ කාය කර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් මෙසේ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ චතුබ්බිධා වචීකම්මන්ත සන්දොසබ්යාපත්ති අකුසලසඤ්චෙතනිකා දුක්ඛුද්රයා දුක්ඛ විපාකා හොති -පෙ- එවං ඛො භික්ඛවෙ චතුබ්බිධා වචීකම්මන්ත සන්දොසබ්යාපත්ති අකුසලසඤ්චෙතනිකා දුක්ඛුද්රයා දුක්ඛවිපාකා හොති.
Sinhala BJTමහණෙනි, අකුසල සඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛ විපාක ඇති චතුර්විධ වාක්කර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් කිසේය යත්: ... මහණෙනි, අකුසල සඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛ විපාක ඇති චතුර්විධ වාක්කර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් මෙසේ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ තිවිධාමනො කම්මන්ත සන්දොසබ්යාපත්ති අකුසලසඤ්චෙතනිකා දුක්ඛුද්රයා දුක්ඛවිපාකා හොති -පෙ- එවං ඛො භික්ඛවෙ තිවිධා මනො කම්මන්ත සන්දොසබ්යාපත්ති අකුසලසඤ්චෙතනිකා දුක්ඛුද්රයා දුක්ඛවිපාකා හොති.
Sinhala BJTමහණෙනි, අකුසල සඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛ විපාක ඇති ත්‍රිවිධ මනඃකර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් කිසේය යත්: ... මහණෙනි, අකුසල සඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛ විපාක ඇති ත්‍රිවිධ මනඃකර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් මෙසේ වෙයි.
Pali BJTතිවිධ කායකම්මන්තසන්දොසබ්යාපත්ති අකුසලසඤ්චෙතනිකාහෙතු වා භික්ඛවෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති. චතුබ්බිධවචීකම්මන්ත -පෙ- තිවිධමනොකම්මන්ත සන්දොසබ්යාපත්ති අකුසලසඤ්චෙතනිකා හෙතු වා භික්ඛවෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති.
Sinhala BJTමහණෙනි, ත්‍රිවිධ කායකර්‍ම ස්වදෝෂ විපත් සඞ්ඛ්‍යාත අකුසල සඤ්චේතනා හේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු අපාය, දුර්‍ගති විනිපාත සඞ්ඛ්‍යාත නිරයෙහි උපදනාහ. චතුර්විධ වාක්කර්‍ම ... මහණෙනි, ත්‍රිවිධ මනඃ කර්‍ම ස්වදෝෂ විපත් සඞ්ඛ්‍යාත අකුසල සඤ්චේතනා හේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත සඞ්ඛ්‍යාත නිරයෙහි උපදනාහ.
Pali BJTනාහං භික්ඛවෙ සඤ්චෙතනිකානං කම්මානං කතානං උපචිතානං අප්පටිසංවිදිත්වා බ්යන්තීභාවං වදාමි. තඤ්ච ඛො දිට්ඨෙ වා ධම්මෙ උපපජ්ජෙ වා අපරෙ වා පරියායෙ. න ත්වෙවාහං භික්ඛවෙ සඤ්චෙතනිකානං කම්මානං කතානං උපචිතානං අප්පටිසංවිදිත්වා දුක්ඛස්සන්තකිරියං වදාමි.
Sinhala BJTමහණෙනි, කරන ලද රැස් කරන ලද සඤ්චේතනික කර්‍මයන්ගේ විපාක නො විඳ විගතාන්ත භාවයක් මම නො කියමි. හෙ ද වනාහි ඉහාත්මයෙහි හෝ අනතුරු අත් බැව්හි හෝ අපර ජන්මයෙහි හෝ වෙයි. මහණෙනි, මම කරන ලද රැස් කරන ලද සඤ්චේතනික කර්‍මයන් නො විඳ දුක් කෙළවර කිරීමක් නො ම කියමි.
Pali BJTතත්ර භික්ඛවෙ තිවිධා කායකම්මන්තසම්පත්ති කුසලසඤ්චෙතනිකා සුඛුද්රයා සුඛවිපාකා හොති. චතුබ්බිධා වචීකම්මන්තසම්පත්ති කුසලසඤ්චෙතනිකා සුඛුද්රයා සුඛවිපාකා හොති. තිවිධා මනොකම්මන්තසම්පත්ති කුසලසඤ්චෙතනිකා සුඛුද්රයා සුඛවිපාකා හොති.
Sinhala BJTමහණෙනි, එහි ලා කුසල සඤ්චේතනා ඇති සුව එළවන සුඛ විපාක ඇති කාය කර්‍ම සඞ්ඛ්‍යාත සම්පත් ත්‍රිවිධ වෙයි. කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛවිපාක ඇති වාක්කර්‍ම සඞ්ඛ්‍යාත සම්පත් චතුර්විධ වෙයි. කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛවිපාක ඇති මනඃකර්‍ම සඞ්ඛ්‍යාත සම්පත් ත්‍රිවිධ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ තිවිධා කායකම්මන්තසම්පත්ති කුසලසඤ්චෙතනිකා සුඛුද්රයා සුඛවිපාකා හොති -පෙ- එවං ඛො භික්ඛවෙ තිවිධා කායකම්මන්තසම්පත්ති කුසලසඤ්චෙතනිකා සුඛුද්රයා සුඛවිපාකා හොති.
Sinhala BJTමහණෙනි, කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛ විපාක ඇති ත්‍රිවිධකාය කර්‍ම සඞ්ඛ්‍යාත සම්පත් කිසේය යත් ... මහණෙනි, කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛවිපාක ඇති ත්‍රිවිධකායකර්‍ම සඞ්ඛ්‍යාත සම්පත් මෙසේ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ චතුබ්බිධා වචීකම්මන්ත සම්පත්ති කුසලසඤ්චෙතනිකා සුඛුද්රයා සුඛ විපාකා හොති -පෙ- එවං ඛො භික්ඛවෙ චතුබ්බිධා වචීකම්මන්තසම්පත්ති කුසලසඤ්චෙතනිකා සුඛුද්රයා සුඛවිපාකා හොති.
Sinhala BJTමහණෙනි, කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛ විපාක ඇති චතුර්විධ වාක්කර්‍ම සඞ්ඛ්‍යාත සම්පත් කිසේ වේය යත් … මහණෙනි, කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛ විපාක ඇති චතුර්විධ වාක්කර්‍ම සඞ්ඛ්‍යාත සම්පත් මෙසේ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ තිවිධා මනොකම්මන්තසම්පත්ති කුසලසඤ්චෙතනිකා සුඛුද්රයා සුඛවිපාකා හොති -පෙ- එවං ඛො භික්ඛවෙ තිවිධා මනොකම්මන්තසම්පත්ති කුසලසඤ්චෙතනිකා සුඛුද්රයා සුඛවිපාකා හොති.
Sinhala BJTමහණෙනි, කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛ විපාක ඇති ත්‍රිවිධ මනඃකර්‍ම සඞ්ඛ්‍යාත සම්පත් කිසේ වේය යත් ... මහණෙනි, කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛවිපාක ඇති ත්‍රිවිධ මනඃකර්‍ම සංඛාත සම්පත් මෙසේ වෙයි.
Pali BJTතිවිධකායකම්මන්තසම්පත්ති කුසලසඤ්චෙතනිකා හෙතු වා භික්ඛවෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. චතුබ්බිධවචීකම්මන්ත -පෙ- තිවිධ මනො කම්මන්ත සම්පත්ති කුසලසඤ්චෙතනිකා හෙතු වා භික්ඛවෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති -පෙ-
Sinhala BJTමහණෙනි, ත්‍රිවිධකාය කර්‍ම සංඛ්‍යාත කුසල සඤ්චේතනා හේතුවෙන් හෝ සත්හු කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ග ලෝකයෙහි උපදිත්. චතුර්විධ වාක්කර්‍ම .. ත්‍රිවිධ මනඃකර්‍ම සම්පත් සංඛ්‍යාත කුසල සඤ්චේතනා හේතුවෙන් හෝ සත්හු කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ග ලෝකයෙහි උපදනාහ ...
Pali BJT10. 5. 1. 9.
Sinhala BJT10. 5. 1. 9.
Pali BJTකරජකාය සුත්තං
Sinhala BJTකරජකාය සූත්‍රය
Pali BJTනාහං භික්ඛවෙ සඤ්චෙතනිකානං කම්මානං කතානං උපචිතානං අප්පටිසංවිදිත්වා{1} ව්යන්තීභාවං වදාමි. තඤ්චෙ ඛො දිට්ඨෙ වා ධම්මෙ උපපජ්ජෙ{2} වා අපරෙ වා පරියායෙ. න ත්වෙවාහං භික්ඛවෙ සඤ්චෙතනිකානං කම්මානං කතානං උපචිතානං අප්පටිසංවිදිත්වා දුක්ඛස්සන්තකිරියං වදාමි.
Sinhala BJTමහණෙනි, මම දැන දැන කළ, රැස් කළ කර්‍මයන්ගේ නො විඳ විගතාන්තභාවයක් නො කියමි. හෙ ද වනාහි ඉහාත්මයෙහි හෝ වෙයි. දෙවන ජන්මයෙහි හෝ වෙයි. ජන්මාන්තරයෙහි හෝ වෙයි. මහණෙනි, මම දැන දැන කළ, රැස් කළ කර්‍මයන්ගේ විපාක නො විඳ දුක කෙළවර කිරීමක් නො ම කියමි.
Pali BJTස ඛො සො භික්ඛවෙ අරියසාවකො එවං විගතාභිජ්ඣො විගතව්යාපාදො අසම්මූළ්හො සම්පජානො පතිස්සතො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං -පෙ- තථා තතියං -පෙ- තථා චතුත්ථං{3} ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය{4} සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ජෙන ඵරිත්වා විහරති.
Sinhala BJTමහණෙනි, ඒ මේ අරීසවු මෙසේ පහ වූ අභිධ්‍යා ඇතියේ පහ වූ ව්‍යාපාද ඇතියේ අසම්මූඪ වූයේ සම්‍යක් ප්‍රඥා ඇතියේ එළඹ සිටි සිහි ඇතියේ මෙත්සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. දෙවන දිග ද එසේ ය. තෙවන දිග ද එසේ ය. සිවුවන දිග ද එසේ ය. මෙසේ උඩ යට සරස හැමතන්හි සර්‍වාත්මභාවයෙන් හැමතාක් ලොව විපුල මහද්ගත අප්‍රමාණ අවෛර අව්‍යාපාද මෙත්සහගිය සිතින් පතුරුවා වෙසෙයි.
Pali BJTසො එවං පජානාති: “පුබ්බෙ ඛො මෙ ඉදං චිත්තං පරිත්තං අහොසි අභාවිතං. එතරහි පන මෙ ඉදං චිත්තං අප්පමාණං සුභාවිතං. යං ඛො පන කිඤ්චි පමාණකතං කම්මං, න තං තත්රාවසිස්සති. න තං තත්රාවතිට්ඨතී’ති.
Sinhala BJTහෙ මෙසේ දනියි: “පෙර වනාහි මාගේ මෙ සිත අභාවිත වූයේ පරිත්ත විය. දැන් වනාහි මාගේ මේ සිත සුභාවිත වූයේ අප්‍රමාණ වෙයි. යම් කිසි ප්‍රමාණ කෘත කර්‍මයක් වේ නම් ඒ එහි අවශිෂ්ට නො වෙයි. ඒ එහි නො සිටුනේ” යි.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ දහරතග්ගෙ චෙ සො අයං{5} කුමාරො මෙත්තං චෙතො විමුත්තිං භාවෙය්ය, අපි නු ඛො පාපකම්මං කරෙය්යාති? නො හෙතං භන්තෙ.
Sinhala BJTමහණෙනි, ඒ කුමැයි හඟිවු ද? ළදරු කල් පටන් ඉදින් ඒ මේ කුමර මෛත්‍රීචිත්ත විමුක්තිය වඩනේ නම් පව් කමක් නම් කෙරේ දැ යි. වහන්ස, තෙල නො වේ මැයි.
Pali BJTඅකරොන්තං ඛො පන පාපකම්මං අපි නු ඛො දුක්ඛං ඵුසෙය්යාති?
Sinhala BJTදුක පාපකර්‍ම නො කරන්නාහු පහස්නේ දැ යි.
Pali BJTනො හෙතං භන්තෙ, අකරොන්තං හි භන්තෙ පාපකම්මං කුතො දුක්ඛං ඵුසිස්සතී ති.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැයි. වහන්ස, දුක පව් නො කරන්නහු කෙසේ නම් පහස්නේ ද?
Pali BJTභාවෙතබ්බා ඛො පනායං භික්ඛවෙ මෙත්තාචෙතොවිමුත්ති ඉත්ථියා වා භික්ඛවෙ පුරිසෙන වා. ඉත්ථියා වා භික්ඛවෙ පුරිසස්ස වා නායං කායො ආදාය ගමනීයො. චිත්තන්තරො භික්ඛවෙ මච්චො. සො එවං පජානාති: “යං ඛො මෙ ඉධ{1} කිඤ්චි පුබ්බෙ ඉමිනා කරජකායෙන පාපකම්මං කතං, සබ්බං තං ඉධ වෙදනීයං, න තං අනුගං භවිස්සතී”ති.
Sinhala BJTමහණෙනි, ස්ත්‍රියක විසින් වේවයි පුරුෂයකු විසින් වේවයි මේ මෛත්‍රීචිත්තවිමුක්තිය වැඩිය යුතු මැයි. ස්ත්‍රියගේ වේවයි, පුරුෂයාගේ වේවයි මේ කරජකායය පරලෝ ගෙන යා හැකි නො වේ මැයි. මහණෙනි, මේ මිනිස් තෙම චිත්තක්‍ෂණාන්තරයක් ඇත්තෙකි. හේ මෙසේ දනී: “මෙ ලොව්හි ම විසින් පෙර මෙ කරජකයින් යම් කිසි පව්කමක් කරන ලද නම් එ හැම මෙ ලොව්හි ම වින්ද යුතු වෙයි. (උපපද්‍ය වේදනීය විසින්) එය අනුව යන්නක් නො වන්නේ ය”යි.
Pali BJTඑවං භාවිතා ඛො භික්ඛවෙ මෙත්තාචෙතොවිමුත්ති අනාගාමිතාය සංවත්තති, ඉධ පඤ්ඤස්ස භික්ඛුනො උත්තරිං විමුත්තිං අප්පටිවිජ්ඣතො.
Sinhala BJTමහණෙනි, මෙසේ වඩනා ලද මෛත්‍රී චිත්තවිමුක්තිය මතුයෙහි අර්‍හත්ත්‍ව විමුක්තිය නො පිළි විදුනා ප්‍රඥා ඇති මහණහට මෙලොව්හිදී ම අනාගාමී බව පිණිස වැටෙයි.
Pali BJTකරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතා සහගතෙන චෙතසා -පෙ- උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං - තථා තතියං - තථා චතුත්ථං - ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ජෙන ඵරිත්වා විහරති.
Sinhala BJTකරුණා සහගිය සිතින් ... මුදිතා සහගිය සිතින් ... උපේක්‍ෂා සහගත සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. දෙවන දිග ද එසේ ය - තෙවන දිග ද එසේ ය - සිවුවන දිගද එසේ ය - මෙසේ උඩ යට සරස හැමතන්හි සර්‍වාත්මභාවයෙන් හැම තාක් ලොව විපුල මහද්ගත අප්‍රමාණ අවෛර ව්‍යාපාද රහිත උපේක්‍ෂා සහගත සිතින් පතුරුවා වෙසෙයි.
Pali BJTසො එවං පජානාති, “පුබ්බෙ ඛො මෙ ඉදං චිත්තං අප්පමාණං පරිත්තං අහොසි අභාවිතං, එතරහි පන මෙ ඉදං චිත්තං සුභාවිතං. යං ඛො පන මෙ කිඤ්චි පමාණකතං කම්මං, න තං තත්රාවසිස්සති, න තං තත්රාවතිට්ඨතී”ති.
Sinhala BJTහෙ මෙසේ දනී: “පෙර වනාහි මාගේ සිත අභාවිත වූයේ පරිත්ත වීය. දැන් වනාහි මාගේ මෙ සිත සුභාවිත වූයේ අප්‍රමාණ වෙයි, ම විසින් යම් ම කර්‍මයක් ප්‍රමාණ කරන ලද ද ඒ කර්‍මය මෙහි අවශිෂ්ට නො වෙයි. එ එහි නො සිටුනේ ය”යි.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ දහරතග්ගෙ චෙ සො අයං කුමාරො උපෙක්ඛං චෙතොවිමුත්තිං භාවෙය්ය, අපි නු ඛො පාපකම්මං කරෙය්යාති?
Sinhala BJTමහණෙනි, එ කුමැයි හඟිවු ද? ළදරු කල් පටන් ඉදින් ඒ මේ කුමර උපේක්‍ෂා චිත්ත විමුක්තිය වඩනේ නම් පව්කම් කරන්නේ දැ යි.
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ ම ය.
Pali BJTඅකරොන්තං ඛො පන පාපකම්මං අපි නු ඛො දුක්ඛං ඵුසෙය්යාති?
Sinhala BJTදුක පව්කම් නො කරන්නහු පහස්නේ දැ යි.
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැයි.
Pali BJTඅකරොන්තං හි භන්තෙ පාපකම්මං කුතො දුක්ඛං ඵුසිස්සතී ති.
Sinhala BJTවහන්ස, දුක පාපකර්‍ම නො කරන්නහු කිසේ නම් පහස්නේ දැ යි.
Pali BJTභාවෙතබ්බා ඛො පනායං භික්ඛවෙ උපෙක්ඛා චෙතොවිමුත්ති ඉත්ථියා වා පුරිසෙන වා. ඉත්ථියා වා භික්ඛවෙ පුරිසස්ස වා නායං කායො ආදාය ගමනීයො. චිත්තන්තරො අයං භික්ඛවෙ මච්චො. සො එවං පජානාති: “යං ඛො මෙ ඉධ කිඤ්චි පුබ්බෙ ඉමිනා කරජකායෙන පාපකම්මං කතං, සබ්බං තං ඉධ වෙදනියං. න තං අනුගං භවිස්සතී ති. එවං භාවිතා ඛො භික්ඛවෙ උපෙක්ඛා චෙතොවිමුත්ති අනාගාමිතාය සංවත්ත ති. ඉධ පඤ්ඤස්ස භික්ඛුනො උත්තරිං විමුත්තිං අප්පටිවිජ්ඣතො ති.
Sinhala BJTමහණෙනි, ස්ත්‍රියක විසින් වේවයි, පුරුෂයකු විසින් වේවයි මේ උපේක්‍ෂාචේතෝ විමුක්තිය වැඩිය යුතුය. මහණෙනි, ස්ත්‍රියගේ හෝ පුරුෂයාගේ හෝ මේ කය පරලොව ගෙන යා හැකි නො වේ. මහණෙනි, මෙ මිනිස් තෙම චිත්ත ක්‍ෂණාන්තරයක් ඇත්තෙකි. හෙ මෙසේ දනී: “ම විසින් මෙ ලොව්හි පෙර මෙ කරජකයින් යම් පව්කමක් කරණ ලද නම් එ හැම මෙලොව වින්ද යුතු වෙයි. එය අනුගතයෙක් නො වන්නේ ය”යි මහණෙනි, මෙසේ වඩනා ලද උපේක්‍ෂාචිත්ත විමුත්තිය මතුයෙහි අර්‍හත්‍ව චිත්තවිමුක්තිය නො පිළි විදුනා ප්‍රාඥභික්‍ෂූහුගේ මෙලොව්හිදී අනගැමි බව පිණිස වැටේ යි.
Pali BJT10. 5. 1. 10.
Sinhala BJT10. 5. 1. 10.
Pali BJTඅධම්මචරියා සුත්තං
Sinhala BJTඅධම්මචරියා සූත්‍රය
Pali BJTඅථ ඛො අඤ්ඤතරො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං{1} වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො බ්රාහ්මණො භගවන්තං එතදවොච:
Sinhala BJTඑ සඳ එක්තරා බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත් පසෙක හින. එකත් පසෙක හුන් එ බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය:
Pali BJTකො නු ඛො භො ගොතම හෙතු, කො පච්චයො, යෙනමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්තී ති?
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, යම් හෙයෙකින් මෙ ලොව්හි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු අපාය සඞ්ඛ්‍යාත දුර්‍ගති සඞ්ඛ්‍යාත විනිපාත නම් වූ නිරයෙහි උපදනාහු නම් එ හේතු කවර? එ ප්‍රත්‍යය කවර? යි.
Pali BJTඅධම්මචරියා විසමචරියා හෙතු ඛො බ්රාහ්මණ එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්තීති.
Sinhala BJTබ්‍රාහ්මණය, අධර්‍මචර්‍ය්‍යයා සංඛ්‍යාත විෂමචර්‍ය්‍යාව හේතු කොට ගෙන මෙසේ මෙලොව් හි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු අපාය සංඛ්‍යාත, දුර්‍ගති සංඛ්‍යාත, විපාත නම් වූ නිරයෙහි උපදනා හු ය යි.
Pali BJTකො පන භො ගොතම හෙතු, කො පච්චයො, යෙනමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්තීති?
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකින් මෙ ලොව්හි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ග ලෝකයෙහි උපදනාහු නම්, ඒ හේතු කවර? එ ප්‍රත්‍යය කවර? යි.
Pali BJTධම්මචරියා සමචරියා හෙතු ඛො බ්රාහ්මණ එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්තීති.
Sinhala BJTබ්‍රාහ්මණය, මෙ ලොව්හි ඇතැම් සත්ත්‍ව කෙනෙක් මෙසේ ධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත සමචර්‍ය්‍යාව හේතු කොට ගෙන කාබුන් මරණින් පසු සුගති නම් ස්වර්‍ග ලෝකයෙහි උපදනාහයි.
Pali BJTන ඛො අහං ඉමස්ස භොතො ගොතමස්ස සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාමි. සාධු මෙ භවං ගොතමො තථා ධම්මං දෙසෙතු යථාහං ඉමස්ස භොතො ගොතමස්ස සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානෙය්යන්ති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්සේ විසින් සැකෙවින් දෙසූ මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය මම විස්තර විසින් නො දනිම් මැයි. භවත් ගෞතමයන් වහන්සේ විසින් සැකෙවින් දෙසන ලද මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය යම් පරිද්දෙකින් මම විස්තර විසින් දැන ගනිම් නම්, භවත් ගෞතමයන් වහන්සේ මට එපරිද්දෙන් ධර්‍මය දෙසන සේක් නම් මැනැවි.
Pali BJTතෙන හි බ්රාහ්මණ, සුණාහි, සාධුකං මනසි කරොහි භාසිස්සාමීති.
Sinhala BJTබ්‍රාහ්මණය, එසේ නම් අසව, මොනොවට මෙනෙහි කරව, කියන්නෙමි යි.
Pali BJTඑවං හොති ඛො සො බ්රාහ්මණො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
Sinhala BJTපින්වතුන් වහන්ස, එසේ ය යි බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක.
Pali BJTතිවිධා{1} ඛො බ්රාහ්මණ, කායෙන අධම්මචරියා විසමචරියා හොති. චතුබ්බිධා{2} වාචාය අධම්මචරියා විසමචරියා හොති. තිවිධා මනසා අධම්මචරියා විසමචරියා හොති.
Sinhala BJTබ්‍රාහ්මණය, කායද්වාරයෙන් ත්‍රිවිධ අධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත විෂමචර්‍ය්‍යායෙක් වෙයි. වාග්ද්වාරයෙන් චතුර්විධ අධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත විෂමචර්‍ය්‍යායෙක් වෙයි. මනෝද්වාරයෙන් ත්‍රිවිධ අධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත විෂමචර්‍ය්‍යායෙක් වෙයි.
Pali BJTකථඤ්ච බ්රාහ්මණ, තිවිධා{1} කායෙන අධම්මචරියා විසමචරියා හොති: -පෙ- එවං ඛො{3} බ්රාහ්මණ, තිවිධා කායෙන අධම්මචරියා විසමචරියා හොති.
Sinhala BJTබ්‍රාහ්මණය, කායද්වාරයෙන් ත්‍රිවිධ අධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත විෂමචර්‍ය්‍යාව කෙසේ වේය යත්: -පෙ- බ්‍රාහ්මණය, මෙසේ කායද්වාරයෙන් ත්‍රිවිධ අධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත විෂමචර්‍ය්‍යාව වෙයි.
Pali BJTකථඤ්ච බ්රාහ්මණ චතුබ්බිධා{2} වාචාය අධම්මචරියා විසමචරියා හොති: -පෙ- එවං ඛො{3} බ්රාහ්මණ, චතුබ්බිධා වාචාය අධම්මචරියා විසමචරියා හොති.
Sinhala BJTබ්‍රාහ්මණය, වාග්ද්වාරයෙන් චතුර්විධ අධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත විෂමචර්‍ය්‍යාව කෙසේ වේය යත්: -පෙ- බ්‍රාහ්මණය, මෙසේ වනාහි වාග්ද්වාරයෙන් චතුර්විධ අධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත විෂමචර්‍ය්‍යාව වෙයි.
Pali BJTකථඤ්ච බ්රාහ්මණ තිවිධා{1} මනසා අධම්මචරියා විසමචරියා හොති: -පෙ- එවං ඛො{3} බ්රාහ්මණ, තිවිධා මනසා අධම්මචරියා විසමචරියා හොති.
Sinhala BJTබ්‍රාහ්මණය, මනෝද්වාරයෙන් ත්‍රිවිධ අධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත විෂමචර්‍ය්‍යාව කෙසේ වේය යත්: -පෙ- බ්‍රාහ්මණය, මෙසේ මනෝද්වාරයෙන් ත්‍රිවිධ අධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත විෂමචර්‍ය්‍යාව වෙයි.
Pali BJTඑවං අධම්මචරියා විසමචරියා හෙතු ඛො බ්රාහ්මණ, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති.
Sinhala BJTබ්‍රාහ්මණය, මෙසේ අධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත විෂමචර්‍ය්‍යාව හේතු කොට මෙලොව්හි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු අපාය නම් වූ දුගති නම් වූ විනිපාත නම් වූ නිරයෙහි උපදනා හ.
Pali BJTතිවිධා{1} ඛො බ්රාහ්මණ, කායෙන ධම්මචරියා සමචරියා හොති. චතුබ්බිධා{2} වාචාය ධම්මචරියා සමචරියා හොති. තිවිධා මනසා ධම්මචරියා සමචරියා හොති.
Sinhala BJTබ්‍රාහ්මණය, කායද්වාරයෙන් ත්‍රිවිධ ධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත සමචර්‍ය්‍යායෙක් වෙයි. වාග්ද්වාරයෙන් චතුර්විධ ධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත සමචර්‍ය්‍යායෙක් වෙයි. මනෝද්වාරයෙන් ත්‍රිවිධ ධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත සමචර්‍ය්‍යායෙක් වෙයි.
Pali BJTකථඤ්ච බ්රාහ්මණ, තිවිධා කායෙන ධම්මචරියා සමචරියා හොති: -පෙ- එවං ඛො බ්රාහ්මණ, තිවිධා කායෙන ධම්මචරියා සමචරියා හොති.
Sinhala BJTබ්‍රාහ්මණය, කායද්වාරයෙන් ත්‍රිවිධ ධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත සමචර්‍ය්‍යාව කෙසේ වේය යත්: ... බ්‍රාහ්මණය, කායද්වාරයෙන් ත්‍රිවිධ ධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත සමචර්‍ය්‍යාව වෙයි.
Pali BJTකථඤ්ච බ්රාහ්මණ චතුබ්බිධා වාචාය ධම්මචරියා සමචරියා හොති: -පෙ- එවං ඛො බ්රාහ්මණ, චතුබ්බිධා වාචාය ධම්මචරියා සමචරියා හොති.
Sinhala BJTබ්‍රාහ්මණය, වාග්ද්වාරයෙන් චතුර්විධ ධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත සමචර්‍ය්‍යාව කෙසේ වේය යත්: ... බ්‍රාහ්මණය, වාග්ද්වාරයෙන් චතුර්විධ ධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත සමචර්‍ය්‍යාව මෙසේ වෙයි.
Pali BJTකථඤ්ච බ්රාහ්මණ තිවිධා මනසා ධම්මචරියා සමචරියා හොති: -පෙ- එවං ඛො බ්රාහ්මණ, තිවිධා මනසා ධම්මචරියා සමචරියා හොති.
Sinhala BJTබ්‍රාහ්මණය, මනෝද්වාරයෙන් ත්‍රිවිධ ධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත සමචර්‍ය්‍යාව කෙසේ වේය යත්: ... බ්‍රාහ්මණය, මනෝද්වාරයෙන් ත්‍රිවිධ ධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත සමචර්‍ය්‍යාව මෙසේ වෙයි.
Pali BJTඑවං ධම්මචරියා සමචරියා හෙතු ඛො බ්රාහ්මණ එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්තී ති.
Sinhala BJTබ්‍රාහ්මණය, මෙසේ ධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත සමචර්‍ය්‍යාව හේතු කොට ගෙන මෙසේ මෙ ලොව්හි ඇතැම් සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ග ලෝකයෙහි උපදනාහ යි.
Pali BJTඅභික්කන්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTපින්වත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්තය ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් මා දිවිහිමියෙන් තෙරුවන් සරණ ගිය උවසුවකු කොට දරණ සේක්වා යි.
Pali BJTකරජකායවග්ගො පඨමො.
Sinhala BJTප්‍රථම කරජකාය වර්‍ගය යි.
Pali BJT2. සාමඤ්ඤවග්ගො
Sinhala BJT2. සාමඤ්ඤ වර්‍ගය
Pali BJT10. 5. 2. 1.
Sinhala BJT10. 5. 2. 1.
Pali BJTපඨම සුත්තං
Sinhala BJTපළමුවැනි සූත්‍රය
Pali BJTදසහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි දසහි:
Sinhala BJTමහණෙනි, දස ධර්‍මයෙකින් සමන්‍වාගත වූයේ ගෙනෙන ලදුවක් බහා තැබුයේ යම් සේ ද එසේ නිරයෙහි වෙයි. කවර දසයෙකින යත්:
Pali BJTපාණාතිපාතී හොති, අදින්නාදායී හොති, කාමෙසු මිච්ඡාචාරී හොති, මුසාවාදී හොති, පිසුණාවාචො හොති, ඵරුසාවාචො හොති, සම්ඵප්පලාපී හොති, අභිජ්ඣාලූ හොති, ව්යාපන්නචිත්තො හොති. මිච්ඡාදිට්ඨිකො හොති. ඉමෙහි ඛො භික්ඛවෙ දසහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
Sinhala BJTපණිවා කරනුයේ වෙයි. නුදුන් දැ ගන්නා සුලුයේ වෙයි, කාමයන්හි මිස හසර ඇතියේ වෙයි. මුසවා බණන සුලුයේ වෙයි. පිසුන් බස් ඇතියේ වෙයි. පරොස් බස් ඇතියේ වෙයි. සම්ඵප්‍රලාප ඇතියේ වෙයි. අභිධ්‍යාලූ වෙයි. ව්‍යාපාදයට පත් සිතැතියේ වෙයි. මිසදිටු ඇතියේ වෙයි. මහණෙනි, මේ දස ධර්‍මයෙන් සමන්‍වාගත වූයේ ගෙනෙන ලද්දක් බහා තැබුයේ යම් සේ වේ නම් එසේ නිරයෙහි වෙයි.
Pali BJTදසහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි දසහි:
Sinhala BJTමහණෙනි, දස ධර්‍මයෙකින් සමන්‍වාගත වූයේ ගෙන එන ලද්දක් බහා තැබුයේ යම් සේ වේ නම්, එසේ ස්වර්‍ගයෙහි වෙයි. කවර දසයෙකින යත්:
Pali BJTපාණාතිපාතා පටිවිරතො හොති. අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, පිසුනාය වාචාය පටිවිරතො හොති, ඵරුසාය වාචාය පටිවිරතො හොති, සම්ඵප්පලාපා පටිවිරතො හොති. අනභිජ්ඣාලූ හොති, අබ්යාපන්නචිත්තො හොති, සම්මාදිට්ඨිකො හොති. ඉමෙහි ඛො භික්ඛවෙ දසහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
Sinhala BJTපණිවායෙන් වැළැකියේ වෙයි. අයිනාදනින් වැළැකියේ වෙයි. කාමයන්හි මිසහසරින් වැළැකියේ වෙයි. මුසවායෙන් වැළැකියේ වෙයි. පිසුනු බසින් වැළැකියේ වෙයි. පරොස් බසින් වැළැකියේ වෙයි. සම්ඵප්‍රලාපයෙන් වැළැකියේ වෙයි. අනභිධ්‍යාලූ වෙයි. අබ්‍යාපාදයට පත් සිතැතියේ වෙයි. සම්දිටු ඇතියේ වෙයි. මහණෙනි, මෙ දස ධර්‍මයෙන් සමන්‍වාගත වූයේ ගෙනෙන ලද්දක් බහා තැබුයේ යම් සේ වේ නම් එසේ ස්වර්‍ගයෙහි වෙයි.
Pali BJT10. 5. 2. 2.
Sinhala BJT10. 5. 2. 2.
Pali BJTදුතිය සුත්තං
Sinhala BJTදෙවැනි සූත්‍රය
Pali BJTවීසතියා භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි වීසතියා:
Sinhala BJTමහණෙනි, විසි කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙනෙන ලද්දක් බහා තැබුයේ යම් සේ වේ නම්, එසේ නිරයෙහි වෙයි. කවර විස්සෙකින යත්:
Pali BJTඅත්තනා ච පාණාතිපාතී හොති, පරඤ්ච පාණාතිපාතෙ සමාදපෙති. අත්තනා ච අදින්නාදායී හොති, පරඤ්ච අදින්නාදානෙ සමාදපෙති.
Sinhala BJTතෙමේ ද ප්‍රාණඝාතී වෙයි මෙරමා ද ප්‍රාණඝාතයෙහි සමාදන් කරවයි. තෙමේ ද නුදුන් දැ ගන්නා සුලුයේ වෙයි. මෙරමා ද අයිනාදනින් සමාදන් කරවයි.
Pali BJTඅත්තනා ච කාමෙසු මිච්ඡාචාරී හොති, පරඤ්ච කාමෙසු මිච්ඡාචාරෙ සමාදපෙති. අත්තනා ච මුසාවාදී හොති, පරඤ්ච මුසාවාදෙ සමාදපෙති. අත්තනා ච පිසුනවාචො හොති, පරඤ්ච පිසුනාය වාචාය සමාදපෙති. අත්තනා ච ඵරුසාවාචො හොති, පරඤ්ච ඵරුසාය වාචාය සමාදපෙති. අත්තනා ච සම්ඵප්පලාපී හොති, පරඤ්ච සම්ඵප්පලාපෙ සමාදපෙති. අත්තනා ච අභිජ්ඣාලූ හොති, පරඤ්ච අභිජ්ඣාය සමාදපෙති. අත්තනා ච ව්යාපන්නචිත්තො හොති, පරඤ්ච ව්යාපාදෙ සමාදපෙති. අත්තනා ච මිච්ඡාදිට්ඨිකො හොති, පරඤ්ච මිච්ඡාදිට්ඨියා සමාදපෙති. ඉමෙහි ඛො භික්ඛවෙ වීසතියා ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
Sinhala BJTතෙමේ ද කාමයන්හි මිසහසර ඇතියේ වෙයි. මෙරමා ද කාමයන්හි මිස හසරයෙහි සමාදන් කරවයි. තෙමේ ද මුසවා ඇතියේ වෙයි. මෙරමා ද මුසවායෙහි සමාදන් කරවයි. තෙමේ ද පිසුනු බස් ඇතියේ වෙයි. මෙරමා ද පිසුනු බස්හි සමාදන් කරවයි. තෙමේ ද පරොස් බස් ඇතියේ වෙයි. මෙරමා ද පරොස් බස්හි සමාදන් කරවයි. තෙමේ ද සම්ඵප්‍රලාප ඇතියේ වෙයි. මෙරමා ද සම්ඵප්‍රලාපයෙහි සමාදන් කරවයි. තෙමේ ද අභිධ්‍යාලූ වෙයි. මෙරමා ද අභිධ්‍යායෙහි සමාදන් කරවයි. තෙමේ ද ව්‍යාපාදයට පත් සිතැතියේ වෙයි. මෙරමා ද ව්‍යාපාදයෙහි සමාදන් කරවයි. තෙමේ ද මිථ්‍යා දෘෂ්ටික වෙයි. මෙරමා ද මිථ්‍යාදෘෂ්ටිකයෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ විසි කරුණිකින් සමන්‍වාගත වූයේ ගෙන එන ලද්දක් බහා තැබුයේ යම් සේ වේ නම්, එසේ නිරයෙහි වෙයි.
Pali BJTවීසතියා භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ, කතමෙහි වීසතියා,
Sinhala BJTමහණෙනි, විසි කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙන එන ලද්දක් බහා තැබුයේ යම් සේ වේ නම්, එසේ ස්වර්‍ගයෙහි වෙයි. කවර විස්සෙකින යත්:
Pali BJTඅත්තනා ච පාණාතිපාතා පටිවිරතො හොති, පරඤ්ච පාණාතිපාතා වෙරමණියා සමාදපෙති. අත්තනා ච අදින්නාදානා පටිවිරතො හොති, පරඤ්ච අදින්නාදානා වෙරමණියා සමාදපෙති. අත්තනා ච කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, පරඤ්ච කාමෙසු මිච්ඡාචාරා වෙරමණියා සමාදපෙති. අත්තනා ච මුසාවාදා පටිවිරතො හොති, පරඤ්ච මුසාවාදා වෙරමණියා සමාදපෙති. අත්තනා ච පිසුනාය වාචාය පටිවිරතො හොති, පරඤ්ච පිසුනාය වාචාය වෙරමණියා සමාදපෙති. අත්තනා ච ඵරුසාය වාචාය පටිවිරතො හොති, පරඤ්ච ඵරුසායා වාචාය වෙරමණියා සමාදපෙති. අත්තනා ච සම්ඵප්පලාපා පටිවිරතො හොති, පරඤ්ච සම්ඵප්පලාපා වෙරමණියා සමාදපෙති. අත්තනා ච අනභිජ්ඣාලූ හොති, පරඤ්ච අනභිජ්ඣාය සමාදපෙති. අත්තනා ච අබ්යාපන්නචිත්තො හොති, පරඤ්ච අබ්යාපාදෙ සමාදපෙති. අත්තනා ච සම්මාදිට්ඨිකො හොති, පරඤ්ච සම්මාදිට්ඨියා සමාදපෙති.
Sinhala BJTතෙමේ ද පණිවායෙන් වැළැකියේ වෙයි. මෙරමා ද පණිවායෙන් වැළැකීමෙහි සමාදන් කරවයි. තෙමේ ද අයිනාදනින් වැළැකියේ වෙයි. මෙරමා ද අයිනාදනින් වැළැකීමෙහි සමාදන් කරවයි. තෙමේ ද කාමයෙහි මිස හසරින් වැළැකියේ වෙයි. මෙරමා ද කාමයන්හි මිස හසරින් වැළැකීමෙහි සමාදන් කරවයි. තෙමේ ද මුසාවායෙන් වැළැකියේ වෙයි. මෙරමා ද මුසාවායෙන් වැළැකීමෙහි සමාදන් කරවයි. තෙමේ ද පිසුනු බසින් වැළැකියේ වෙයි. මෙරමා ද පිසුනු බසින් වැළැකීමෙහි සමාදන් කරවයි. තෙමේ ද පරොස් බසින් වැළැකියේ වෙයි. මෙරමා ද පරොස් බසින් වැළැකීමෙහි සමාදන් කරවයි. තෙමේ ද සම්ඵප්‍රලපායෙන් වැළැකියේ වෙයි. මෙරමා ද සම්ඵප්‍රලාපයෙන් වැළැකීමෙහි සමාදන් කරවයි. තෙමේ ද අනභිධ්‍යාලූ වෙයි. මෙරමා ද අනභිධ්‍යායෙහි සමාදන් කරවයි. තෙමේ ද අව්‍යාපාදයට සිතැතියේ වෙයි. මෙරමා ද අව්‍යාපාදායෙහි සමාදන් කරවයි. තෙමේ ද සම්‍යක්දෘෂ්ටික වෙයි. මෙරමා ද සම්‍යක්දෘෂ්ටිකයෙහි සමාදන් කරවයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ වීසතියා ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
Sinhala BJTමහණෙනි, මේ විසි කරුණින් සමන්‍වාගත වූයේ ගෙන එන ලද්දක් බහා තැබුයේ යම් සේ නම් එසේ ස්වර්‍ගයෙහි වෙයි.
Pali BJT10. 5. 2. 3.
Sinhala BJT10. 5. 2. 3.
Pali BJTතතිය සුත්තං
Sinhala BJTතුන්වැනි සූත්‍රය
Pali BJTතිංසාය භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි තිංසාය:
Sinhala BJTමහණෙනි, තිස් කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම් සේ නම් එසේ නිරයෙහි වෙයි: කවර තිසෙකින යත්:
Pali BJTඅත්තනා ච පාණාතිපාතී හොති, පරඤ්ච පාණාතිපාතෙ සමාදපෙති, පාණාතිපාතෙ ච සමනුඤ්ඤො හොති. අත්තනා ච අදින්නාදායී හොති, පරඤ්ච අදින්නාදානෙ සමාදපෙති, අදින්නාදානෙ ච සමනුඤ්ඤො හොති. අත්තනා ච කාමෙසු මිච්ඡාචාරී හොති, පරඤ්ච කාමෙසු මිච්ඡාචාරෙ සමාදපෙති, කාමෙසු මිච්ඡාචාරෙ ච සමනුඤ්ඤො හොති. අත්තනා ච මුසාවාදී හොති, පරඤ්ච මුසාවාදෙ සමාදපෙති, මුසාවාදෙ ච සමනුඤ්ඤො හොති. අත්තනා ච පිසුනවාචො හොති, පරඤ්ච පිසුනාය වාචාය සමාදපෙති, පිසුනාය වාචාය ච සමනුඤ්ඤො හොති. අත්තනා ච ඵරුසවාචො හොති, පරඤ්ච ඵරුසාය වාචාය සමාදපෙති, ඵරුසාය වාචාය ච සමනුඤ්ඤො හොති. අත්තනා ච සම්ඵප්පලාපී හොති, පරඤ්ච සම්ඵප්පලාපෙ සමාදපෙති, සම්ඵප්පලාපෙ ච සමනුඤ්ඤො හොති. අත්තනා ච අභිජ්ඣාලූ හොති, පරඤ්ච අභිජ්ඣාය සමාදපෙති, අභිජ්ඣාය ච සමනුඤ්ඤො හොති. අත්තනා ච ව්යාපන්න චිත්තො හොති, පරඤ්ච ව්යාපාදෙ සමාදපෙති, ව්යාපාදෙ ච සමනුඤ්ඤො හොති. අත්තනා ච මිච්ඡාදිට්ඨිකො හොති, පරඤ්ච මිච්ඡාදිට්ඨියා සමාදපෙති, මිච්ඡාදිට්ඨියා ච සමනුඤ්ඤො හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තිංසාය ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙති.
Sinhala BJTතෙමේ ද ප්‍රාණඝාතී වෙයි. මෙරමා ද ප්‍රාණඝාතයෙහි සමාදන් කරවයි. ප්‍රාණඝාතයෙහි සමසිතැතියේ වෙයි. තෙමේ ද අදින්නාදායී වෙයි. මෙරමා ද අයිනාදන්හි සමාදන් කරවයි. අයිනාදන්හි සම සිතැතියේ ද වෙයි. තෙමේ ද කාමයන්හි මිථ්‍යාචාරී වෙයි. මෙරමා ද කාමයන්හි මිස හසරෙහි සමාදන් කරවයි. කාමමිථ්‍යාචාරයෙහි සමසිතැතියේ වෙයි. තෙමේ ද මුසවා කියන සුලු වෙයි. මෙරමා දු මුසවායෙහි සමාදන් කරවයි. මුසවායෙහි සම සිතැතියේ ද වෙයි. තෙමේ පිසුනු බසැතියේ ද වෙයි. මෙරමා ද පිසුනුයෙහි සමාදන් කරවයි. පිසුනු බස්හි සමනුඥ වෙයි. තෙමේ පරොස් බසැතියේ ද වෙයි. මෙරමා ද පරොස්බස්හි සමාදන් කරවයි. පරොස් බස්හි තෙමේ සමනුඥ ද වෙයි. තෙමේ සම්ඵප්‍රලාප කියනුයේ ද වෙයි. මෙරමා ද සම්ඵප්‍රලාපයෙහි සමාදන් කරවයි. සම්ඵප්‍රලාපයෙහි සමනුඥ ද වෙයි. තෙමේ අභිධ්‍යාලූ ද වෙයි. මෙරමා ද අභිධ්‍යායෙහි සමාදන් කරවයි. අභිධ්‍යායෙහි සමනුඥ ද වෙයි. තෙමේ ව්‍යාපාදයට පත් සිතැතියේ ද වෙයි. මෙරමා ද ව්‍යාපාදයෙහි සමාදන් කරවයි. ව්‍යාපාදයෙහි සමනුඥ ද වෙයි. තෙමේ මිථ්‍යාදෘෂ්ටික ද වෙයි. මෙරමා ද මිථ්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි. මිථ්‍යාදෘෂ්ටියෙහි සමනුඥ ද වෙයි. මහණෙනි, මෙ තිස් දහමින් සමන්‍වාගත වූයේ ගෙනෙන ලද්දක් බහා තැබුයේ යම් පරිදි වේ නම්, එසේ නිරයෙහි වෙයි.
Pali BJTතිංසාය භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි තිංසාය:
Sinhala BJTමහණෙනි, තිස් කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙනෙන ලද්දක් බහා තැබූයේ යම් පරිදි වේ නම් එ පරිදි ස්වර්‍ගයෙහි වෙයි: කවර තිස් කරුණෙකින යත්:
Pali BJTඅත්තනා ච පාණාතිපාතා පටිවිරතො හොති, පරඤ්ච පාණාතිපාතා වෙරමණියා සමාදපෙති, පාණාතිපාතා වෙරමණියා ච සමනුඤ්ඤො හොති. අත්තනා ච අදින්නාදානා පටිවිරතො හොති, පරඤ්ච අදින්නාදානා වෙරමණියා සමාදපෙති, අදින්නාදානා වෙරමණියා ච සමනුඤ්ඤො හොති. අත්තනා ච කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, පරඤ්ච කාමෙසු මිච්ඡාචාරා වෙරමණියා සමාදපෙති, කාමෙසු මිච්ඡාචාරා වෙරමණියා ච සමනුඤ්ඤො හොති.
Sinhala BJTතෙමේ ද ප්‍රාණඝාතයෙන් වැළැකියේ වෙයි. මෙරමා ද ප්‍රාණඝාතයෙන් වැළැකීමෙහි සමාදන් කරවයි. ප්‍රාණඝාත විරතියෙහි සමනුඥ ද වෙයි. තෙමේ අයිනාදනින් වැළකියේ ද වෙයි. මෙරමා ද අයිනාදනින් වැළැකීමෙහි සමාදන් කරවයි. අයිනාදනින් වැළකීමෙහි සමනුඥ ද වෙයි. තෙමේ කාමමිථ්‍යාචාරයෙන් වැළකියේ වෙයි. මෙරමා ද කාමමිථ්‍යාචාරයෙන් වැළැකීමෙහි සමාදන් කරවයි. කාමමිථ්‍යාචාර විරතියෙහි සමනුඥ ද වෙයි.
Pali BJTඅත්තනා ච මුසාවාදා පටිවිරතො හොති, පරඤ්ච මුසාවාදා වෙරමණියා සමාදපෙති, මුසාවාදා වෙරමණියා ච සමනුඤ්ඤො හොති. අත්තනා ච පිසුනාය වාචාය පටිවිරතො හොති, පරඤ්ච පිසුනාය වාචාය වෙරමණියා සමාදපෙති, පිසුනාය වාචාය වෙරමණියා ච සමනුඤ්ඤො හොති. අත්තනා ච ඵරුසාය වාචාය පටිවිරතො හොති, පරඤ්ච ඵරුසාය වාචාය වෙරමණියා සමාදපෙති, ඵරුසාය වාචාය වෙරමණියා ච සමනුඤ්ඤො හොති. අත්තනා ච සම්ඵප්පලාපා පටිවිරතො හොති, පරඤ්ච සම්ඵප්පලාපා වෙරමණියා සමාදපෙති, සම්ඵප්පලාපා වෙරමණියා ච සමනුඤ්ඤො හොති. අත්තනා ච අනභිජ්ඣාලූ හොති, පරඤ්ච අනභිජ්ඣාය සමාදපෙති, අනභිජ්ඣාය ච සමනුඤ්ඤො හොති. අත්තනා ච අබ්යාපන්න චිත්තො හොති, පරඤ්ච අව්යාපාදෙ සමාදපෙති, අව්යාපාදෙ ච සමනුඤ්ඤො හොති. අත්තනා ච සම්මාදිට්ඨිකො හොති, පරඤ්ච සම්මාදිට්ඨියා සමාදපෙති, සම්මාදිට්ඨියා ච සමනුඤ්ඤො හොති, ඉමෙහි ඛො භික්ඛවෙ තිංසාය ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
Sinhala BJTතෙමේ ද මුසවායෙන් වැළකියේ වෙයි. මෙරමා ද මෘෂාවාද විරතියෙහි සමාදන් කරවයි. මෘෂාවාද විරතියෙහි සමනුඥ ද වෙයි. තෙමේ ද පිසුනු බසින් වැළකියේ වෙයි. මෙරමා ද පිසුනු බසින් වැළැකීමෙහි සමාදන් කරවයි. පිසුන් වචන විරතියෙහි සමනුඥ ද වෙයි. තෙමේ ද පරුෂ වචනයෙන් වැළැකියේ වෙයි. මෙරමා ද පරුෂවචනවිරතියෙහි සමාදන් කරවයි. පරුෂ වචන විරතියෙහි සමනුඥ ද වෙයි. තෙමේ ද සම්ඵප්‍රලාපයෙන් වැළැකියේ වෙයි. මෙරමා ද සම්ඵප්‍රලාපවිරතියෙහි සමාදන් කරවයි. සම්ඵප්‍රලාපවිරතියෙහි සමනුඥ ද වෙයි. තෙමේ ද අනභිධ්‍යාලූ වෙයි. මෙරමා ද අනභිධ්‍යායෙහි සමාදන් කරවයි. අනභිධ්‍යායෙහි සමනුඥ ද වෙයි. තෙමේ ද අව්‍යාපන්නචිත්ත වෙයි. මෙරමා ද අව්‍යාපාදයෙහි සමාදන් කරවයි. අව්‍යාපාදයෙහි සමනුඥ ද වෙයි. තෙමේ ද සම්‍යග්දෘෂ්ටික වෙයි. මෙරමා ද සම්‍යග්දෘෂ්ටියෙහි සමාදන් කරවයි. සම්‍යග්දෘෂ්ටියෙහි සමනුඥ ද වෙයි. මහණෙනි, මේ තිස් කරුණින් සමන්‍වාගත වූයේ ගෙනෙන ලද්දක් බහා තැබුයේ යම් සේ ද එ පරිදි ස්වර්‍ගයෙහි වෙයි.
Pali BJT10. 5. 2. 4.
Sinhala BJT10. 5. 2. 4.
Pali BJTචතුත්ථ සුත්තං
Sinhala BJTසතරවැනි සූත්‍රය
Pali BJTචත්තාරීසාය භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි චත්තාරීසාය:
Sinhala BJTමහණෙනි, ධර්‍ම සතළිසෙකින් සමන්‍වාගත වූයේ ගෙනෙන ලද්දක් බහා තැබූයේ යම් සේ නම් එසේ නිරයෙහි වෙයි: කවර සතළිසෙකින යත්:
Pali BJTඅත්තනා ච පාණාතිපාතී හොති, පරඤ්ච පාණාතිපාතෙ සමාදපෙති, පාණාතිපාතෙ ච සමනුඤ්ඤො හොති, පාණාතිපාතස්ස ච වණ්ණං භාසති. අත්තනා ච අදින්නාදායී හොති, පරඤ්ච අදින්නාදානෙ සමාදපෙති, අදින්නාදානෙ ච සමනුඤ්ඤො හොති, අදින්නාදානස්ස ච වණ්ණං භාසති. අත්තනා ච කාමෙසු මිච්ඡාචාරී හොති, පරඤ්ච කාමෙසු මිච්ඡාචාරෙ සමාදපෙති, කාමෙසු මිච්ඡාචාරෙ ච සමනුඤ්ඤො හොති, කාමෙසු මිච්ඡාචාරස්ස ච වණ්ණං භාසති.
Sinhala BJTතෙමේ ද ප්‍රාණඝාතී වෙයි. මෙරමා ද ප්‍රාණඝාතයෙහි සමාදන් කරවයි. ප්‍රාණඝාතයෙහි සමනුඥ ද වෙයි. ප්‍රාණඝාතයාගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද අයිනාදන් ගන්නාසුලු වෙයි. මෙරමා ද අයිනාදන්හි සමාදන් කරවයි. අයිනාදන්හි සමනුඥ ද වෙයි. අයිනාදන්හි ගුණ ද බෙණෙයි. තෙමේ ද කාමමිථ්‍යාචාරී වෙයි. මෙරමා ද කාමමිථ්‍යාචාරයෙහි සමාදන් කරවයි. කාමමිථ්‍යාචාරයෙහි සමනුඥ ද වෙයි. කාමමිථ්‍යාචාරයාගේ ගුණ ද බෙණෙයි.
Pali BJTඅත්තනා ච මුසාවාදී හොති, පරඤ්ච මුසාවාදෙ සමාදපෙති, මුසාවාදෙ ච සමනුඤ්ඤො හොති, මුසාවාදස්ස ච වණ්ණං භාසති. අත්තනා ච පිසුනවාචො හොති, පරඤ්ච පිසුනාය වාචාය සමාදපෙති, පිසුනාය වාචාය සමනුඤ්ඤො හොති, පිසුනාය ච වාචාය වණ්ණං භාසති.
Sinhala BJTතෙමේ ද මුසවා කියනසුලු වෙයි. මෙරමා ද මුසවායෙහි සමාදන් කරවයි. මුසවායෙහි සමනුඥ ද වෙයි. මුසවාහි ගුණ ද බෙණෙයි. තෙමේ ද පිසුනුබසැතියේ වෙයි. මෙරමා ද පිසුනුබස්හි සමාදන් කරවයි. පිසුන්බස්හි සමනුඥ ද වෙයි. පිසුනුබස්හුගේ ගුණ ද බෙණෙයි.
Pali BJTඅත්තනා ච ඵරුසවාචො හොති, පරඤ්ච ඵරුසාය වාචාය සමාදපෙති, ඵරුසාය වාචාය ච සමනුඤ්ඤො හොති, ඵරුසාය වාචාය ච වණ්ණං භාසති. අත්තනා ච සම්ඵප්පලාපී හොති, පරඤ්ච සම්ඵප්පලාපෙ සමාදපෙති, සම්ඵප්පලාපෙ ච සමනුඤ්ඤො හොති, සම්ඵප්පලාපස්ස ච වණ්ණං භාසති. අත්තනා ච අභිජ්ඣාලූ හොති, පරඤ්ච අභිජ්ඣාය සමාදපෙති, අභිජ්ඣාය ච සමනුඤ්ඤො හොති, අභිජ්ඣාය ච වණ්ණං භාසති. අත්තනා ච ව්යාපන්නචිත්තො හොති, පරඤ්ච ව්යාපාදෙ සමාදපෙති, ව්යාපාදෙ සමනුඤ්ඤො හොති, ව්යාපාදස්ස ච වණ්ණං භාසති. අත්තනා ච මිච්ඡාදිට්ඨිකො හොති, පරඤ්ච මිච්ඡාදිට්ඨියා සමාදපෙති, මිච්ඡාදිට්ඨියා ච සමනුඤ්ඤො හොති, මිච්ඡාදිට්ඨියා ච වණ්ණං භාසති. ඉමෙහි ඛො භික්ඛවෙ චත්තාරීසාය ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
Sinhala BJTතෙමේ ද පරොස් බස් ඇතියේ වෙයි. මෙරමා ද පරොස්බස්හි සමාදන් කරවයි, පරොස්බස්හි සමනුඥ ද වෙයි. පරොස්බස්හුගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද සම්ඵප්‍රලාප ඇතියේ වෙයි, මෙරමා ද සම්ඵප්‍රලාපයෙහි සමාදන් කරවයි, සම්ඵප්‍රලාපයෙහි සමනුඥ ද වෙයි. සම්ඵප්‍රලාපයාගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද අභිධ්‍යාලූ වෙයි, මෙරමා ද අභිධ්‍යායෙහි සමාදන් කරවයි. අභිධ්‍යායෙහි සමනුඥ ද වෙයි. අභිධ්‍යාව ගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද ව්‍යාපන්නචිත්ත වෙයි. මෙරමා ද ව්‍යාපාදයෙහි සමාදන් කරවයි, ව්‍යාපාදයෙහි සමනුඥ ද වෙයි. ව්‍යාපාදයාගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද මිථ්‍යාදෘෂ්ටික වෙයි. මෙරමා ද මිථ්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි. මිථ්‍යාදෘෂ්ටියෙහි සමනුඥ ද වෙයි, මිථ්‍යාදෘෂ්ටිහුගේ ගුණ ද බෙණෙයි. මහණෙනි, මෙ සතළිස් කරුණින් සමන්‍වාගත වූයේ ගෙනෙන ලද්දක් බහා තැබූයේ යම් සේ නම්, එසේ නිරයෙහි වෙයි.
Pali BJTචත්තාරීසාය භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ, කතමෙහි චත්තාරීසාය:
Sinhala BJTමහණෙනි, සතළිස් කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙනෙන ලද්දක් බහා තැබුයේ යම් සේ නම් එසේ ස්වර්‍ගයෙහි වෙයි. කවර සතළිසෙකින යත්;
Pali BJTඅත්තනා ච පාණාතිපාතා පටිවිරතො හොති, පරඤ්ච පාණාතිපාතා වෙරමණියා සමාදපෙති, පාණාතිපාතා වෙරමණියා ච සමනුඤ්ඤො හොති, පාණාතිපාතා වෙරමණියා ච වණ්ණං භාසති. අත්තනා ච අදින්නාදානා පටිවිරතො හොති, පරඤ්ච අදින්නාදානා වෙරමණියා සමාදපෙති, අදින්නාදානා වෙරමණියා ච සමනුඤ්ඤො හොති, අදින්නාදානා වෙරමණියා ච වණ්ණං භාසති. අත්තනා ච කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, පරඤ්ච කාමෙසු මිච්ඡාචාරා වෙරමණියා සමාදපෙති, කාමෙසු මිච්ඡාචාරා වෙරමණියා ච සමනුඤ්ඤො හොති, කාමෙසු මිච්ඡාචාරා වෙරමණියා ච වණ්ණං භාසති.
Sinhala BJTතෙමේ ද ප්‍රාණඝාතයෙන් වැළකියේ වෙයි. මෙරමා ද ප්‍රාණඝාතවීරමණයෙහි සමාදන් කරවයි. ප්‍රාණඝාතවිරමණයෙහි සමනුඥ ද වෙයි. ප්‍රාණඝාතවිරමණයාගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද අයිනාදනින් වැළකියේ වෙයි. මෙරමා ද අයිනාදනින් විරමණයෙහි සමාදන් කරවයි, අදින්නාදාන විරමණයෙහි සමනුඥ ද වෙයි. තෙමේ ද කාමමිථ්‍යාචාරයෙන් වැළකියේ වෙයි. මෙරමා ද කාමමිථ්‍යාචාර විරමණයෙහි සමාදන් කරවයි. කාමමිථ්‍යචාරවීරමණයෙහි සමනුඥ ද වෙයි. කාමමිථ්‍යචාරවිරමණයාගේ ගුණ ද බෙණෙයි.
Pali BJTඅත්තනා ච මුසාවාදා පටිවිරතො හොති, පරඤ්ච මුසාවාදා වෙරමණියා සමාදපෙති, මුසාවාදා වෙරමණියා ච සමනුඤ්ඤො හොති, මුසාවාදා වෙරමණියා ච වණ්ණං භාසති. අත්තනා ච පිසුනාය වාචාය පටිවිරතො හොති, පරඤ්ච පිසුනාය වාචාය වෙරමණියා සමාදපෙති, පිසුනාය වාචාය වෙරමණියා ච සමනුඤ්ඤො හොති, පිසුනාය වාචාය වෙරමණියා ච වණ්ණං භාසති. අත්තනා ච ඵරුසාය වාචාය පටිවිරතො හොති, පරඤ්ච ඵරුසාය වාචාය වෙරමණියා සමාදපෙති, ඵරුසාය වාචාය වෙරමණියා ච සමනුඤ්ඤො හොති, ඵරුසාය වාචාය වෙරමණියා ච වණ්ණං භාසති.
Sinhala BJTතෙමේ ද මුසවායෙන් වැළැකියේ වෙයි. මෙරමා ද මුසවායෙන් විරමණයෙහි සමාදන් කරවයි, මුසාවාදවිරමණයෙහි සමනුඥ ද වෙයි. මෘෂවාදවිරමණයාගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද පිසුනු බසින් වැළැකියේ වෙයි, මෙරමා ද පිසුනු බසින් වැළකී මෙහි සමාදන් කරවයි. පිසුනු බසින් විරමණයෙහි සමනුඥ ද වෙයි. පිසුනු බසින් විරමණයාගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද පරුෂවචනයෙන් වැළැකියේ වෙයි, මෙරමා ද පරොස්බසින් වැළැකීමෙහි සමාදන් කරවයි. පරුෂවචනවිරමණයෙහි සමනුඥ ද වෙයි. පරුෂවචනවිරතිහුගේ ගුණ ද බෙණෙයි
Pali BJTඅත්තනා ච සම්ඵප්පලාපා පටිවිරතො හොති, පරඤ්ච සම්ඵප්පලාපා වෙරමණියා සමාදපෙති, සම්ඵප්පලාපා වෙරමණියා ච සමනුඤ්ඤො හොති, සම්ඵප්පලාපා ච වෙරමණියා වණ්ණං භාසති. අත්තනා ච අනභිජ්ඣාලූ හොති, පරඤ්ච අනභිජ්ඣාය සමාදපෙති, අනභිජ්ඣාය ච සමනුඤ්ඤො හොති, අනභිජ්ඣාය ච වණ්ණං භාසති. අත්තනා ච අව්යාපන්නචිත්තො හොති, පරඤ්ච අව්යාපාදෙ සමාදපෙති, අව්යාපාදෙ ච සමනුඤ්ඤො හොති, අව්යාපාදස්ස ච වණ්ණං භාසති. අත්තනා ච සම්මාදිට්ඨිකො හොති, පරඤ්ච සම්මාදිට්ඨියා සමාදපෙති, සම්මාදිට්ඨියා ච සමනුඤ්ඤො හොති, සම්මාදිට්ඨියා ච වණ්ණං භාසති, ඉමෙහි ඛො භික්ඛවෙ චත්තාරීසාය ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
Sinhala BJTතෙමේ ද සම්ඵප්‍රලාපයෙන් වැළැකියේ වෙයි. මෙරමා ද සම්ඵප්‍රලාප විරමණයෙහි සමාදන් කරවයි. සම්ඵප්‍රලාපවිරමණයෙහි සමනුඥ ද වෙයි. සම්ඵප්‍රලාපවිරමණයාගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද අනභිධ්‍යා ලූ වෙයි, මෙරමා ද අනභිධ්‍යායෙහි සමාදන් කරවයි. අනභිධ්‍යායෙහි සමනුඥ ද වෙයි. අනභිධ්‍යාවගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද අව්‍යාපන්න චිත්ත වෙයි, මෙරමා ද, අව්‍යාපාදයෙහි සමාදන් කරවයි, අව්‍යාපාදයෙහි සමනුඥ ද වෙයි. අව්‍යාපාදයාගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද සම්‍යග්දෘෂ්ටික වෙයි. මෙරමා ද සම්‍යග්දෘෂ්ටියෙහි සමාදන් කරවයි. සම්‍යග්දෘෂ්ටියෙහි සමනුඥ ද වෙයි. සම්‍යග්දෘෂ්ටියගේ ගුණ ද බෙණෙයි. මහණෙනි, මෙ සතළිස් කරුණින් සමන්‍වාගත වූයේ ගෙනෙන ලද්ද බහා තැබූයේ යම් සේ ද එසේ ස්වර්‍ගයෙහි වෙයි.
Pali BJT10. 5. 2. 5.
Sinhala BJT10. 5. 2. 5.
Pali BJTපඤ්චමාදි සුත්තානි
Sinhala BJTපඤ්චමාදි සූත්‍රය
Pali BJTදසහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ඛතං උපහතං අත්තානං පරිහරති -පෙ- අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති -පෙ-
Sinhala BJTමහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත වූයේ සාරාලූ ගුණ ඇති නටගුණ ඇති ආත්ම පරිහරණය කරයි. ... ගුණ විසින් සාරා නො දැමූ නොනට ගුණ ඇති ආත්ම පරිහරණ කරයි. ...
Pali BJT10. 5. 2. 6.
Sinhala BJT10. 5. 2. 6.