Pali BJTදසහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි දසහි:
Sinhala BJTමහණෙනි, දසකරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙනවුත් තැබූයේ යම් සේ නම් එසේ ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත වෙයි. කවර දසයකින යත්:
Pali BJT1. ඉධ භික්ඛවෙ එකච්චො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති, නිහිතදණ්ඩො නිහිතසත්ථො, ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති.
Sinhala BJT1. මහණෙනි, මෙ ලොව්හි ප්‍රාණඝාතය දුරු කොට බහා තැබූ දඬු ඇතියේ බහා තැබූ අවි ඇතියේ ලජ්ජා ඇතියේ දයාපත් වූයේ ප්‍රාණඝාතයෙන් වැළැක්කේ වෙයි. සර්‍වප්‍රාණභූතගණයා කෙරෙහි හිතානුකම්පීව වෙසෙයි.
Pali BJT2. අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති, යං තං පරස්ස පරචිත්තූපකරණං ගාමගතං වා අරඤ්ඤගතං වා, න තං අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදාතා හොති.
Sinhala BJT2. අයිනාදන් හැර පියා අයිනාදනින් වැළැක්කේ වෙයි. ග්‍රාමගත වේවයි අරණ්‍යගත වේවයි මෙරමාගේ විත්තොපකරණයෙක් වේ නම් ස්තෙය සඞ්ඛ්‍යාත ඒ නුදුන් දෑ ගන්නේ වෙයි.
Pali BJT3. කාමෙසු මිච්ඡාචාරං පහාය කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති. යා තා මාතුරක්ඛිතා, පිතුරක්ඛිතා, මාතාපිතුරක්ඛිතා, භාතු රක්ඛිතා, භගිනීරක්ඛිතා, ඤාතිරක්ඛිතා, ගොත්තරක්ඛිතා, ධම්මරක්ඛිතා, සස්සාමිකා සපරිදණ්ඩා අන්තමසො මාලාගුලපරික්ඛිත්තාපි, තථාරූපාසු න චාරිත්තං ආපජ්ජිතා හොති.
Sinhala BJT3. කාමමිථ්‍යාචාරය හැර පියා කාමමිථ්‍යාචාරයෙන් වැළැක්කේ වෙයි. මාතෘරක්‍ෂිතා ය, පිතෘරක්‍ෂිතාය, මාතෘපිතෘ රක්‍ෂිතාය, භ්‍රාතෘරක්‍ෂිතාය, භගිනිරක්‍ෂිතාය, ඥාතිරක්‍ෂිතාය, ගෝත්‍රරක්‍ෂිතාය, ධර්‍මරක්‍ෂිතාය, සස්වාමිකාය, සපරිදණ්ඩාය යටත් පිරිසෙයින් මල්ගුලායෙන් පරික්‍ෂිප්ත වු දැයි යම් ඒ මාගම්හු වෙත් නම් එබන්දන් කෙරෙහි නො හැසිරෙන බවට පැමිණෙන්නේ වෙයි.
Pali BJT4. මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති. සභාගතො වා පරිසගතො වා ඤාතිමජ්ඣගතො වා පූගමජ්ඣගතො වා රාජකුලමජ්ඣගතො වා අභිනීතො සක්ඛිපුට්ඨො, “එහම්භො පුරිස, යං ජානාහි, තං වදෙහී”ති. සො අජානං වා ආහ: ‘න ජානාමී’ති. ජානං වා ආහ, ‘ජානාමී’ති, අපස්සං වා ආහ ‘න පස්සාමී’ති. පස්සං වා ආහ, ‘පස්සාමී’ති. ඉති අත්තහෙතු වා පරහෙතු වා ආමිසකිඤ්චික්ඛහෙතු වා න සම්පජානමුසා භාසිතා හොති.
Sinhala BJT4. මුසාවාදය හැරපියා මුසාවායෙන් වැළැක්කේ වෙයි. සභාගත වේවයි, පර්‍ෂද්ගත වේවයි, ඥාතිමධ්‍යගත වේවයි, පූගමධ්‍යගත වේවයි, රාජකුලමධ්‍යගත වේවයි, කැඳවනු ලදුයේ “එම්බා පුරුෂයා, එව යමක් දනිහි නම් එ කියව”යි සාක්‍ෂ්‍ය පුළුවුස්නා ලදුයේ වෙයි. හේ නො දන්නේ හෝ ‘නොදන්මි’යි කියයි. දන්නේ හෝ ‘දන්මි’යි කියයි, නො දක්නේ හෝ ‘නො දක්මි’යි කියයි. දක්නේ හෝ ‘දක්මි’යි කියයි. මෙසේ තමා හේතු කොට හෝ මෙරමා හේතු කොට හෝ කිසි ආමිෂයක් හේතු කොට හෝ දැන දැන මුසවා නො කියන්නේ වෙයි.
Pali BJT5. පිසුනං වාචං පහාය පිසුනාය වාචාය පටිවිරතො හොති. න ඉතො සුත්වා අමුත්ර අක්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්ර වා සුත්වා ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය, ඉති භින්නානං වා සන්ධාතා සහිතානං වා අනුප්පදාතා සමග්ගාරාමො සමග්ගරතො සමග්ග නන්දී සමග්ගකරණිං වාචං භාසිතා හොති.
Sinhala BJT5. පිසුනුබස් හැරපියා පිසුනු බසින් වැළැකියේ වෙයි. මෙයින් අසා මොවුන්ගේ භේදය සඳහා එහි නො කියනේ ය, එ තන්හි හෝ අසා මොවුන්ගේ භේදය සඳහා මොවුනට නො කියන්නේ ය. මෙසේ බිඳුනවුන් හෝ සන්‍ධාන කරණුයේ සමගයනට හෝ අනුබල දෙනුයේ සමගියෙහි ඇලුමැතියෝ සමගයන් කෙරෙහි රැඳියේ සමග වූවන් දැක තුස්නේ සමග කරනු බස් කියන්නේ වෙයි.
Pali BJT6. ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති. යා තා වාචා නෙලා කණ්ණසුඛා පෙමණීයා හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා තථාරූපිං වාචං භාසිතා හොති.
Sinhala BJT6. පරොස්බස් හැරපියා පරොස් බසින් වැළැකියේ වෙයි, යම් ඒ බසෙක් නිදොස් වේ ද, කනට සුව එළවා ද, ප්‍රේම දනවා ද හාදයාඞ්ගම වේ ද ගුණෙන් පිරිපුන් වේ ද, බොහෝ දෙනාට කාන්ත වේ ද, බොහෝ දෙනාට මනවඩා ද එ බඳු බස් කියන්නේ වෙයි.
Pali BJT7. සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති. කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී නිධානවතිං වාචං භාසිතා හොති, කාලෙන සාපදෙසං පරියන්තවතිං අත්ථසංහිතං.
Sinhala BJT7. සම්ඵප්‍රලාප හැරපියා සම්ඵප්‍රලාපයෙන් වැළැකියේ වෙයි. කාලවාදී ව භූතවාදී ව අර්‍ත්‍ථවාදී ව ධර්‍මවාදී ව විනයවාදී ව ලෙහි රඳවා ගතයුතු බස් කල්හි සකරුණු කොට පර්‍ය්‍යන්තවත් කොට සහිත කොට කියන්නේ වෙයි.
Pali BJT8. අනභිජ්ඣාලූ හොති, යං තං පරස්ස පරචිත්තූපකරණං, තං අනභිජ්ඣිතා හොති, “අහො වත යං පරස්ස තං මම අස්සා”ති.
Sinhala BJT8. අභිධ්‍යා බහුල කොට නැත්තේ වෙයි. මෙරමාගේ යම් ඒ පරචිත්තෝපකරණයෙක් වේ නම්, එය “අහෝ, යමක් මෙරමාගේ වේ නම්, එය මට වේව”යි ගිජු සිතින් නො පතන්නේ වෙයි.
Pali BJT9. අබ්යාපන්නචිත්තො හොති අප්පදුට්ඨමනසඞ්කප්පො, ‘ඉමෙ සත්තා අවෙරා හොන්තු අව්යාපජ්ජා අනීඝා සුඛී අත්තානං පරිහරන්තු”ති.
Sinhala BJT9. “මෙ සත්ත්‍වයෝ වෛර නැත්තාහු ව්‍යාපාද නැත්තාහු දුක් නැත්තාහු සැප ඇත්තාහු ආත්මපරිහරණ කෙරෙත්වා” අප්‍රදුෂ්ට මනස්සඞ්කල්ප ඇතියේ ව්‍යාපාදයට නො පත් සිත් ඇත්තේ වෙයි.
Pali BJT10. සම්මාදිට්ඨිකො හොති අවිපරීතදස්සනො, ‘අත්ථි දින්නං අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, අත්ථි අයං ලොකො, අත්ථි පරො ලොකො, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තා ඔපපාතිකා, අත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා, සම්මා පටිපන්නා, යො ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී’ති.
Sinhala BJT10. ‘දුන් දෑ පල ඇත, යාගයෙහි පල ඇත, හෝමයෙහි පල ඇත, සුකෘතදුෂ්කෘතයන්ගේ ඵල විපාක ඇත. මෙ ලෝ ඇත, පරලෝ ඇත, මවු ඇත, පියා ඇත, ඖපපාදුකසත්ත්‍වයෝ ඇත, ලොව්හි සම්‍යග්ගතව සම්‍යක්ප්‍රතිපත්තියට පත්ව යමෙක් මෙලෝ හා පරලෝ හා තුමූ විශිෂ්ට ඥානයෙන් දැන පසක් කොට දන්නාහු නම් එබඳු මහණ බමුණෝ ඇතැ”යි අවිපරීතදර්‍ශන ඇති සම්‍යග් දෘෂ්ටික වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ දසහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
Sinhala BJTමහණෙනි, මෙ දසකරුණෙන් සමන්‍වාගත වූයේ (හිසින්) ගෙනා දැයක් යම්සේ බහා තැබුයේ වේ නම් එසේ ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත වෙයි.
Pali BJT10. 5. 1. 2.
Sinhala BJT10. 5. 1. 2.
Pali BJTදුතියනිරය සුත්තං
Sinhala BJTදුතියනිරය සූත්‍රය
Pali BJTදසහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි දසහි:
Sinhala BJTමහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙන එන ලද්ද බහාතැබුයේ යම්සේ වේ නම් එසේ නිරයෙහි නික්‍ෂිප්ත වෙයි. කවර දසයෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ එකච්චො පාණාතිපාතී හොති ලුද්දො ලොහිතපාණී හතපහතෙ නිවිට්ඨො අදයාපන්නො සබ්බපාණභූතෙසු. අදින්නාදායී හොති -පෙ- කාමෙසු මිච්ඡාචාරී හොති -පෙ- මුසාවාදී හොති -පෙ- පිසුනාවාචො හොති -පෙ- ඵරුසාවාචො හොති -පෙ- සම්ඵප්පලාපී හොති -පෙ- අභිජ්ඣාලූ හොති -පෙ- ව්යාපන්නචිත්තො හොති -පෙ- මිච්ඡාදිට්ඨිකො හොති විපරීතදස්සනො, ‘නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරො ලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී’ති.
Sinhala BJTමහණෙනි, මෙලොව්හි ඇතැමෙක් රුදුරු කම් ඇතියේ ලෙහෙයින් වැකුණු අත් ඇතියේ නැසුම් වොලො ගැනුම්හි බටුයේ හැම සතුන් කෙරෙහි දයාවට නො පැමිණියේ ප්‍රාණඝාතී වෙයි. නුදුන්දෑ ගන්නා සුළු වෙයි. ... කාමයන්හි මිසහසර ඇතියේ වෙයි. ... මුසවා කියන්නේ වෙයි ... පිසුනුබස් ඇතියේ වෙයි .... පරොස් බස් ඇතියේ වෙයි ... සම්ඵප්‍රලාප ඇතියේ වෙයි ... අභිධ්‍යා බහුල කොටැතියේ වෙයි ... ව්‍යාපාදයට පත් සිතැතියේ වෙයි ... “දුන් දෑ පල නැත, යාගයෙහි පල නැත, හෝමයෙහි පල නැත, සුකෘතදුෂ්කෘතයෙහි ඵල විපාක නැත, මෙලෝ නැත, පරලෝ නැත, මවු නැත, පියා නැත, ඖපපාදුක සත්ත්‍වයෝ නැත, ලෝකයෙහි යමෙක් තුමූ ම මෙලෝ හා පරලෝ හා විශිෂ්ටඥානයෙන් දැන පසක්කොට ප්‍රකට කොට දනිත් නම් එ බඳු මහණ බමුණෝ නැතැ”යි විපරීතදර්‍ශන ඇති මිථ්‍යාදෘෂ්ටික වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ දසහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙති.
Sinhala BJTමහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත වූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේ නම් එසේ නිරයෙහි නික්‍ෂිප්ත වෙයි.
Pali BJTදසහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි දසහි:
Sinhala BJTමහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙන එන ලද්දක් බහා තැබුයේ යම්සේ වේ නම් එසේ ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත වෙයි. කවර දසයෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ එකච්චො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති, නිහිතදණ්ඩො නිහිතසත්ථො, ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති. අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති -පෙ- කාමෙසු මිච්ඡාචාරං පහාය කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති -පෙ- මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති -පෙ- පිසුනං වාචං පහාය පිසුනා වාචා පටිවිරතො හොති -පෙ- ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති -පෙ- සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති -පෙ- අනභිජ්ඣාලූ හොති -පෙ- අබ්යාපන්නචිත්තො හොති -පෙ- සම්මා දිට්ඨිකො හොති අවිපරීතදස්සනො, ‘අත්ථි දින්නං අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, අත්ථි අයං ලොකො, අත්ථි පරො ලොකො, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තා ඔපපාතිකා, අත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා, සම්මා පටිපන්නා, යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී’ති.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් බහා තැබූ දඬු ඇතියේ බහා තැබූ අවි ඇතියේ ලජ්ජා ඇතියේ ප්‍රාණඝාතය හැරපියා ප්‍රාණඝාතයෙන් වැළැකියේ වෙයි. දයාවට පැමිණියේ සවුසතුන් කෙරෙහි හිතානුකම්පා ඇතියේ වාසය කරයි. අයිනාදන් හැර පියා අයිනාදනින් වැළැකියේ වෙයි ... කාමයන්හි මිසහසර හැරපියා කාමයන්හි මිසහසරින් වැළැකියේ වෙයි ... මුසවා හැරපියා මුසවායෙන් වැළැකියේ වෙයි ... පිසුනු බස් හැර පියා පිසුනු බසින් වැළැකියේ වෙයි ... පරොස් බස් හැර පියා පරොස් බසින් වැළැකියේ වෙයි … සම්ඵප්‍රලාපය හැරපියා සම්ඵප්‍රලාපයෙන් වැළකියේ වෙයි ... අභිධ්‍යා බහුල කොටැතියේ නො වෙයි ... ව්‍යාපාදයට නො පත් සිතැතියේ වෙයි ... “දුන්දැයෙහි පල ඇති, යාගයෙහි පල ඇත, හෝමයෙහි පල ඇත, සුකෘත දුෂ්කෘතයන්ගේ ඵල විපාක ඇත, මෙලෝ ඇත, පරලෝ ඇත, මවු ඇත, පියා ඇත, ඖපපාදුක සත්ත්‍වයෝ ඇත, යමෙක් තුමූ මෙලෝ හා පරලෝ හා විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට මොනොවට දක්නාහු නම්, එ බඳු සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න මහණ බමුණෝ ඇතැ”යි අවිපරීත දර්‍ශන ඇතියේ සම්‍යග් දෘෂ්ටික වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ දසහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
Sinhala BJTමහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත වූයේ ගෙන එනලද දැයක් බහා තැබූයේ යම්සේ නම් එසේ ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත වෙයි.
Pali BJT10. 5. 1. 3.
Sinhala BJT10. 5. 1. 3.
Pali BJTමාතුගාම සුත්තං
Sinhala BJTමාතුගාම සූත්‍රය
Pali BJTදසහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො මාතුගාමො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි දසහි:
Sinhala BJTමහණෙනි, දසකරුණෙකින් සමන්‍වාගත මාගම් ගෙන එන ලද දැයක් බහා තැබුයේ යම් සේ වේ නම් එසේ නිරයෙහි නික්‍ෂිප්ත වෙයි. කවර දසයෙකින යත්:
Pali BJTපාණාතිපාතී හොති අදින්නාදායී හොති, කාමෙසු මිච්ඡාචාරී හොති, මුසාවාදී හොති, පිසුනා වාචො හොති, ඵරුසා වාචො හොති, සම්ඵප්පලාපී හොති, අභිජ්ඣාලූ හොති, ව්යාපන්න චිත්තො හොති, මිච්ඡා දිට්ඨිකො හොති.
Sinhala BJTප්‍රාණඝාතී වෙයි, නුදුන් දැ ගන්නේ වෙයි, කාමයන්හි මිසහසර ඇතියේ වෙයි, මුසවා කියන්නේ වෙයි, පිසුනු බස් ඇතියේ වෙයි, පරොස් බස් ඇතියේ වෙයි, සම්ප්‍රඵලාප ඇතියේ වෙයි, අභිධ්‍යා බහුලකොට ඇත්තේ වෙයි, ව්‍යාපාදයට වන් සිතැත්තේ වෙයි, මිථ්‍යාදෘෂ්ටික වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ දසහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො යථාභතං නික්ඛිත්තෙ එවං නිරයෙ.
Sinhala BJTමහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත මාගම ගෙන එන ලද දැයක් බහා තැබූයේ යම් සේ නම්, එසේ නිරයෙහි නික්‍ෂිප්ත වෙයි.
Pali BJTදසහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො මාතුගාමො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි දසහි:
Sinhala BJTමහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත මාගම ගෙන එන ලද දැයක් බහා තැබූයේ යම්සේ නම්, එසේ ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත වෙයි. කවර දශයෙකින යත්:
Pali BJTපාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, පිසුනාය වාචාය පටිවිරතො හොති, ඵරුසාය වාචාය පටිවිරතො හොති, සම්ඵප්පලාපා පටිවිරතො හොති, අනභිජ්ඣාලූ හොති, අබ්යාපන්නචිත්තො හොති, සම්මාදිට්ඨිකො හොති.
Sinhala BJTපණිවායෙන් වැළැකියේ වෙයි. අයිනාදනින් වැළැකියේ වෙයි. කාමයෙහි මිසහසරින් වැළැකියේ වෙයි. මුසවායෙන් වැළැකියේ වෙයි. පිසිනු බසින් වැළැකියේ වෙයි. පරොස්බසින් වැළැකියේ වෙයි. සම්ප්‍රඵලාපයෙන් වැළැකියේ වෙයි. අභිධ්‍යා බහුල කොට නැතියේ වෙයි. ව්‍යාපාදයට පත් සිත් නැතියේ වෙයි. සම්‍යග් දෘෂ්ටික වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ දසහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
Sinhala BJTමහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත මාගම ගෙන එන ලද දැයක් බහා තැබුයේ යම්සේ නම්, එසේ ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත වෙයි.
Pali BJT10. 5. 1. 4.
Sinhala BJT10. 5. 1. 4.
Pali BJTඋපාසිකා සුත්තං
Sinhala BJTඋපාසිකා සූත්‍රය
Pali BJTදසහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතා උපාසිකා යථාභතං නික්ඛිත්තා එවං නිරයෙ. කතමෙහි දසහි:
Sinhala BJTමහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත උවැසි ගෙන එන ලද දැයක් බහා තැබුයේ යම් සේ නම් එසේ නිරයෙහි නික්‍ෂිප්ත වෙයි. කවර දසයෙකින යත්:
Pali BJTපාණාතිපාතිනී හොති, අදින්නාදායිනී හොති, කාමෙසු මිච්ඡාචාරිණී හොති, මුසාවාදිනී හොති, පිසුනාවාචා හොති, ඵරුසාවාචා හොති, සම්ඵප්පලාපිනී හොති, අභිජ්ඣාලුනී හොති, බ්යාපන්නචිත්තා හොති, මිච්ඡාදිට්ඨිකා හොති.
Sinhala BJTපණිවා කරන්නී වෙයි. නුදුන් දෑ ගන්නී වෙයි. කාමයන්හි මිස හසර ඇත්තී වෙයි. මුසවා කියන්නී වෙයි. පිසුනු බස් ඇත්තී වෙයි. පරොස් බස් ඇත්තී වෙයි. සම්ප්‍රඵලාප ඇත්තී වෙයි. අභිධ්‍යා බහුල කොට ඇත්තී වෙයි, ව්‍යාපාදයට අවන් සිත් ඇත්තී වෙයි. මිසදිටු ඇත්තී වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ දසහි ධම්මෙහි සමන්නාගතා උපාසිකා යථාභතං නික්ඛිත්තා එවං නිරයෙ.
Sinhala BJTමහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත උවැසි ගෙන එන ලද දැයක් බහා තැබූයේ යම්සේ ද, එසේ නිරයෙහි නික්‍ෂිප්ත වෙයි.
Pali BJTදසහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතා උපාසිකා යථාභතං නික්ඛිත්තා එවං සග්ගෙ. කතමෙහි දසහි:
Sinhala BJTමහණෙනි, දසකරුණෙකින් සමන්‍වාගත උවැසි ගෙන එන ලද දැයක් බහා තැබුයේ යම්සේ වේ ද එසේ ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත වෙයි. කවර දසයෙකින යත්:
Pali BJTපාණාතිපාතා පටිවිරතා හොති -පෙ- සම්මාදිට්ඨිකා හොති.
Sinhala BJTපණිවායෙන් වැළැකියා වෙයි .... සම්දිටු ඇත්තී වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ දසහි ධම්මෙහි සමන්නාගතා උපාසිකා යථාභතං නික්ඛිත්තා එවං සග්ගෙති.
Sinhala BJTමහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත උවැසි ගෙන එන ලද දෙයක් බහාතැබුයේ යම්සේ වේද, එසේ ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත වේ යයි.
Pali BJT10. 5. 1. 5.
Sinhala BJT10. 5. 1. 5.
Pali BJTවිසාරද සුත්තං
Sinhala BJTවිසාරද සූත්‍රය
Pali BJTදසහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතා උපාසිකා අවිසාරදා අගාරං අජ්ඣාවසති. කතමෙහි දසහි:
Sinhala BJTමහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත අවිශාරද උපාසිකා තොමෝ ගිහිගෙයි වසයි. කවර දසයෙකින යත්:
Pali BJTපාණාතිපාතිනී හොති, අදින්නාදායිනී හොති, කාමෙසු මිච්ඡාචාරිනී හොති, මුසාවාදිනී හොති, පිසුනාවාචා හොති, ඵරුසවාචා හොති, සම්ඵප්පලාපිනී හොති, අභිජ්ඣාලුනී හොති, බ්යාපන්නචිත්තා හොති, මිච්ඡාදිට්ඨිකා හොති.
Sinhala BJTපණිවා කරන්නී වෙයි. නුදුන් දෑ ගන්නී වෙයි, කාමයන්හි මිසහසර ඇත්තී වෙයි, මුසවා කියන්නී වෙයි, පිසුනුබස් ඇත්තී වෙයි, පරොස්බස් ඇත්තී වෙයි, සම්ප්‍රඵලාප ඇත්තී වෙයි. අභිධ්‍යා බහුල කොට ඇත්තී වෙයි. ව්‍යාපාදයට අවන් සිතැත්තී වෙයි. මිසදිටු ඇත්තී වෙයි,
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ දසහි ධම්මෙහි සමන්නාගතා උපාසිකා අවිසාරදා අගාරං අජ්ඣාවසති.
Sinhala BJTමහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත උපාසිකා තොමෝ අවිශාරද වූවා ගිහිගෙයි වසයි.
Pali BJTදසහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතා උපාසිකා විසාරදා අගාරං අජ්ඣාවසති. කතමෙහි දසහි:
Sinhala BJTමහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත විශාරද උපාසිකා තොමෝ ගිහිගෙයි වසයි. කවර දසයෙකින යත්:
Pali BJTපාණාතිපාතා පටිවිරතා හොති, අදින්නාදානා පටිවිරතා හොති, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතා හොති, මුසාවාදා පටිවිරතා හොති, පිසුනාය වාචාය පටිවිරතා හොති, ඵරුසාය වාචාය පටිවිරතා හොති, සම්ඵප්පලාපා පටිවිරතා හොති, අනභිජ්ඣාලුනී හොති, අබ්යාපන්නචිත්තා හොති, සම්මාදිට්ඨිකා හොති.
Sinhala BJTපණිවායෙන් වැළැකියා වෙයි, අයිනාදනින් වැළැකියා වෙයි, කාමයන්හි මිස හසරින් වැළැකියා වෙයි, මුසවායෙන් වැළැකියා වෙයි, පිසුනුබසින් වැළැකියා වෙයි, පරොස් බසින් වැළැකියා වෙයි, සම්ප්‍රඵලාපයෙන් වැළැකියා වෙයි. අභිධ්‍යා බහුල කොට නැත්තී වෙයි. ව්‍යාපාදයට පත් සිත් නැත්තී වෙයි. සම්‍යග්දෘෂ්ටි ඇත්තී වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ දසහි ධම්මෙහි සමන්නාගතා උපාසිකා විසාරදා අගාරං අජ්ඣාවසතීති.
Sinhala BJTමහණෙනි, මෙ දස කරුණින් යුත් උපාසිකා තොමෝ විශාරද වූවා ගිහිගෙයි වසයි.
Pali BJT10. 5. 1. 6.
Sinhala BJT10. 5. 1. 6.
Pali BJTසංසප්පනිය පරියාය සුත්තං
Sinhala BJTසංසප්පනිය පරියාය සූත්‍රය
Pali BJTසංසප්පනියපරියායං වො භික්ඛවෙ දෙසිස්සාමි තං සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස්සාමීති. එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTමහණෙනි, තොපට සංසර්‍පණීය පර්‍ය්‍යාය දෙසන්නෙමි. එ අසවු, මොනොවට මෙනෙහි කරවු. කියන්නෙමි යි. එසේ ය, වහන්සැයි එ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJTකතමො ච සො භික්ඛවෙ සංසප්පනීයපරියායො ධම්මපරියායො:
Sinhala BJTමහණෙනි, සංසර්‍පණීය පර්‍ය්‍යාව නම් වූ එ ධර්‍මපර්‍ය්‍යාය කවරේය යත්:
Pali BJTකම්මස්සකා භික්ඛවෙ සත්තා කම්මදායාදා කම්මයොනි කම්මබන්ධු කම්මපටිසරණා, යං කම්මං කරොන්ති කල්යාණං වා පාපකං වා තස්ස දායාදා භවන්ති.
Sinhala BJTමහණෙනි, සත්හු කර්‍මය දායාද්‍ය කොට ඇත්තාහු කර්‍මය කරණ කොට ඇත්තාහු කර්‍මය බන්‍ධු කොට ඇත්තාහු කර්‍මය පිළිසරණ කොට ඇත්තාහු කර්‍මස්වකයහ. කලණ වේවයි ලමු වේවයි යම් ම කර්‍මයක් කෙරෙත් නම් එයට දායාද වෙත්.
Pali BJTඉධ භික්ඛවෙ එකච්චො පාණාතිපාතී හොති ලුද්දො ලොහිතපාණී හතපහතෙ නිවිට්ඨො අදයාපන්නො සබ්බපාණභූතෙසු, සො සංසප්පති කායෙන, සංසප්පති වාචාය, සංසප්පති මනසා, තස්ස ජිම්හං කායකම්මං හොති, ජිම්හං වචීකම්මං, ජිම්හං මනොකම්මං, ජිම්හා ගති, ජිම්හුපපත්ති. ජිම්හගතිකස්ස ඛො පනාහං භික්ඛවෙ ජිම්හුපපත්තිකස්ස ද්වින්නං ගතීනං අඤ්ඤතරං ගතිං වදාමි, යෙ වා එකන්ත දුක්ඛා නිරයා, යා වා සංසප්පජාතිකා තිරච්ඡානයොනි.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් රුදුරුකම් ඇතියේ ලෙහෙවැකි අත් ඇතියේ නැසුම්හි හා වොලො ගැණුම් හි බටුයේ සර්‍වප්‍රාණභූත ගණයා කෙරෙහි දයාරහිත වූයේ ප්‍රාණඝාතී වෙයි. හෙ කයින් සංසර්‍පණ (කර්‍ම) කෙරෙයි, වචනයෙන් සංසර්‍පණ කෙරෙයි. මනසින් සංසර්‍පණ කෙරෙයි, ඔහුගේ වක්‍රකාය කර්‍මය වෙයි, වක්‍රවාක්කර්‍මය වෙයි, වක්‍ර මනඃ කර්‍මය වෙයි, වක්‍රගති වෙයි, චක්‍ර උප්පත්ති වෙයි, මහණෙනි, මම වක්‍රගති ඇති වක්‍ර උපපත්ති ඇතියහුට යම් බඳු එකැතින් දුක් ඇති නිරයෝ වෙත් නම් යම් බඳු සංසර්‍පණ ස්වාභාව ඇති තිරිසන් යොන්හු වෙත් නම් එ දෙගතියෙන් එක්තරා ගතියක් කියමි.
Pali BJTකතමා ච සා භික්ඛවෙ සංසප්පජාතිකා තිරච්ඡානයොනි: අහිවිච්ඡිකා, සතපදී, නකුලා, බිළාරා, මූසිකා, උලූකා, යෙ වා පනඤ්ඤෙ පි කෙචි තිරච්ඡාන යොනිකා සත්තා මනුස්සෙ දිස්වා සංසප්පන්ති. ඉති ඛො භික්ඛවෙ භූතා භූතස්ස උපපත්ති හොති, යං කරොති, තෙන උපපජ්ජති, උපපන්නමෙතං ඵස්සා ඵුසන්ති. එවංපහං භික්ඛවෙ කම්මදායාදා සත්තා ති වදාමි.
Sinhala BJTමහණෙනි, සංසර්‍පණස්වාභාව ඇති ඒ තිරශ්චීනයෝනිය කවර: සර්‍පයහ වෘශ්චිකා යහ, ශතපදීහුය, නකුල යහ, විඩාල යහ, මූෂිකා යහ, උලුකය හයි. යම් බඳු කිසියම් තිරශ්චීන යෝනියෙහි උපන් සත්ත්‍වකෙනෙක් මිනිසුන් දැක හැකිලෙත් නම් ඔහු හෝ යි. මහණෙනි, මෙසේම විද්‍යාමාන කර්‍මයෙන් සත්ත්‍වයාගේ උපපත්තිය වෙයි, යමක් කෙරේ නම් එයින් උපදනේය. උපන් ඔහු විපාක ස්පර්‍ශයෝ පහසිත්, මහණෙනි, මෙසේ ද මම් සත්ත්‍වයෝ කර්‍ම දායාදය හ යි කියමි.
Pali BJTඉධ පන භික්ඛවෙ එකච්චො අදින්නාදායී හොති -පෙ- කාමෙසු මිච්ඡාචාරී හොති -පෙ- මුසාවාදී හොති -පෙ- පිසුනවාචො හොති -පෙ- ඵරුසවාචො හොති -පෙ- සම්ඵප්පලාපී හොති -පෙ- අභිජ්ඣාලූ හොති -පෙ- බ්යාපන්නචිත්තො හොති -පෙ- මිච්ඡාදිට්ඨිකො හොති විපරීතදස්සනො:
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් නුදුන් දෑ ගන්නා සුලු වෙයි … කාමයන්හි මිසහසර ඇතිවෙයි … මුසවා බණන සුලු වෙයි ... පිසුනු බස් ඇතියේ වෙයි ... පරොස් බස් ඇතියේ වෙයි ... සම්ප්‍රඵලාප කියන සුලු වෙයි ... අභිධ්‍යා බහුල කොට ඇතියේ වෙයි ... ව්‍යාපාදයට වන් සිතැතියේ වෙ ... විපරීතදර්‍ශන ඇති මිථ්‍යා දෘෂ්ටික වෙයි:
Pali BJT’නත්ථි දින්නං -පෙ- නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා, යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී”ති. සො සංසප්පති කායෙන, සංසප්පති වාචාය, සංසප්පති මනසා, තස්ස ජිම්හං කායකම්මං හොති, ජිම්හං වචීකම්මං, ජිම්හං මනොකම්මං, ජිම්හා ගති, ජිම්හුපපත්ති.
Sinhala BJT“දුන් දෑහි ඵල නැත ... ලොව්හි සම්‍යක්ගත සම්‍යක්ප්‍රතිපන්න වූ යම් කෙනෙක් මෙ ලොව හා පරලොව හා තුමූ විශිෂ්ට ඥානයෙන් දැන සාක්‍ෂාත් කොට ප්‍රකර්‍ෂයෙන් දන්නාහු නම් එබඳු මහණ බමුණෝ නැතැ”යි. හෙ කයින් කර්‍ම කෙරෙයි වචනයෙන් කර්‍ම කෙරෙයි. මනසින් කර්‍ම කෙරෙයි. ඔහුගේ කායකර්‍ම වක්‍ර වෙයි, වාක්කර්‍ම වක්‍ර වෙයි, මනඃ කර්‍ම වක්‍ර වෙයි, වක්‍රගති වෙයි, වක්‍ර උපපත්ති වෙයි.
Pali BJTජිම්හගතිකස්ස ඛො පනාහං භික්ඛවෙ ජිම්හුපපත්තිකස්ස ද්වින්නං ගතීනං අඤ්ඤතරං ගතිං වදාමි, යෙ වා එකන්තදුක්ඛා නිරයා, යා වා සංසප්පජාතිකා තිරච්ඡානයොනි. {1}
Sinhala BJTමහණෙනි, වක්‍රගති ඇතියහුට වක්‍ර උපපත්ති ඇතිය හුට මම යම් බඳු වූ හෝ එකැතියෙන් දුක් ඇති නිරයෝ වෙත් නම් යම් බඳු වූ හෝ හැකිළෙන සැහැවි ඇති තිරිසන් යොන් වේ නම් එබඳු දෙගතියෙන් එක්තරා ගතියක් කියමි.
Pali BJTකතමා ච සා භික්ඛවෙ සංසප්පජාතිකා තිරච්ඡානයොනි: අහිවිච්ඡිකා, සතපදී, නකුලා, බිළාරා, මූසිකා, උලූකා, යෙ වා පනඤ්ඤෙ පි කෙචි තිරච්ඡානයොනිකා සත්තා මනුස්සෙ දිස්වා සංසප්පන්ති. ඉති ඛො භික්ඛවෙ භූතා භූතස්ස උපපත්ති හොති, යං කරොති, තෙන උපපජ්ජති, උපපන්නමෙතං ඵස්සා ඵුසන්ති. එවංපහං භික්ඛවෙ කම්මදායාදා සත්තා ති වදාමි.
Sinhala BJTමහණෙනි, ඒ හැකිළෙන සැහැවි ඇති තිරිසන් යොන් කවර: සප්හුය නුහුසුය පත්වාය නුකුල්ය බළල්ය මීය මහමුහුණුයි, යම් බඳු වූ හෝ අන්කිසි තිරිසන් යොන් ඇති සත්ත්‍වකෙනෙක් මිනිසුන් දැක හැකිලෙත් නම් ඔහු යි. මහණෙනි, මෙසේ (ස්වභාවයෙන්) විද්‍යාමාන කර්‍මයෙන් සත්ත්‍වයාගේ උපත වෙයි, යමක් කෙරේ නම් එයින් උපදනේය. උපන් තෙල පුඟුලා විපාකස්පර්‍ශයෝ පහසිත්. මහණෙනි, මෙසේ ද මම සත්හු කර්‍මදායාදය යි කියමි.
Pali BJTකම්මස්සකා භික්ඛවෙ සත්තා කම්මදායාදා කම්මයොනි කම්මබන්ධු කම්මපටිසරණා, යං කම්මං කරොන්ති කල්යාණං වා පාපකං වා තස්ස දායාදා භවන්ති.
Sinhala BJTමහණෙනි, සත්‍වයෝ කර්‍ම දායාද්‍ය කොට ඇති කර්‍මයෝනි කොට ඇති කර්‍මබන්‍ධු කොට ඇති කර්‍ම පිළිසරණ කොට ඇති කර්‍මස්වක වෙති. කලණ වේවයි ලමු වේවයි යම් කර්‍මයක් කෙරෙත් නම් එයට දායාද වෙත්.
Pali BJTඉධ භික්ඛවෙ එකච්චො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති නිහිත දණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති. සො න සංසප්පති කායෙන, න සංසප්පති වාචාය න සංසප්පති මනසා. තස්ස උජුං කාය කම්මං හොති, උජුං වචීකම්මං, උජුං මනො කම්මං, උජු ගති, උජූපපත්ති. උජුගතිකස්ස ඛො පනාහං භික්ඛවෙ උජූපපත්තිකස්ස ද්වින්නං ගතීනං අඤ්ඤතරං ගතිං වදාමි, යෙ වා එකන්තසුඛා සග්ගා, යානි වා පන තානි උච්චාකුලානි ඛත්තිය මහාසාළකුලානි වා බ්රාහ්මණ මහාසාළකුලානි වා ගහපති මහාසාළකුලානි වා අඩ්ඪානි මහද්ධනානි මහාභොගානි පහූතජාතරූපරජතානි පහූත චිත්තූපකරණානි පහූතධනධඤ්ඤානි.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් පණිවා හැරපියා බහා තැබූ දඬු ඇතියේ බහා තැබූ සැත් ඇතියේ පණිවායෙන් වැළැක්කේ වෙයි. පවට ලජ්ජා ඇතියේ දයාවට පැමිණියේ සර්‍වප්‍රාණභූතයන් කෙරෙහි හිතානුකම්පා ඇතියේ වෙසෙයි. හෙ කයින් සංසර්‍පණ නො කෙරෙයි, වචනයෙන් සංසර්‍පණ නො කෙරෙයි. මනසින් සංසර්‍පණ නො කෙරෙයි. ඔහුගේ කාය කර්‍මය ඍජු වෙයි, වාක් කර්‍ම ඍජු වෙයි, මනඃ කර්‍ම ඍජු වෙයි, ඍජුගති වෙයි, ඍජු උපපත්ති වෙයි, මහණෙනි, ඍජුගති ඇතියහුට ඍජු උපපත්ති ඇතියහුට මම යම් ඒ ඒකාන්තසුඛ ස්වර්‍ගයෝ හෝ වෙත් නම් යම් බඳු වූ හෝ ක්‍ෂත්‍රිය මහා සාරකුල වෙත්වයි බ්‍රාහ්මණ මහාසාර කුල වෙත්වයි ගෘහපති මහාසාර කුල වෙත්වයි ආඪ්‍ය වූ මහත් ධන ඇති මහා භොග ඇති බොහෝ රන් රිදී ඇති බොහෝ චිත්තෝපකරණ ඇති බොහෝ ධන ධ්‍යාන ඇති උසස් කුල වෙත් නම් එ බඳු දෙගතියෙන් එක්තරා ගතියක් කියමි.
Pali BJTඉති ඛො භික්ඛවෙ භූතා භූතස්ස උපපත්ති හොති යං කරොති, තෙන උපපජ්ජති, උපපන්නමෙතං ඵස්සා ඵුස්සන්ති. එවංපහං භික්ඛවෙ කම්මදායාදා සත්තාති වදාමි.
Sinhala BJTමහණෙනි, මෙසේ විද්‍යාමාන කර්‍මයෙන් සත්ත්‍වයාගේ උපපත්තිය වෙයි. යම් කර්‍මයක් කෙරේ නම් එයින් උපදනේය. උපන් තෙල පුඟුල්හු විපාකස්පර්‍ශයෝ පහසිත්. මහණෙනි, මෙසේ ද මම සත්ත්‍වයෝ කර්‍මදයාදයයි කියමි.
Pali BJTඉධ පන භික්ඛවෙ එකච්චො අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති -පෙ- කාමෙසු මිච්ඡාචාරං පහාය කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති -පෙ- මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති -පෙ- පිසුනං වාචං පහාය පිසුනාය වාචාය පටිවිරතො හොති -පෙ- ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති -පෙ- සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති -පෙ- අනභිජ්ඣාලූ හොති -පෙ- අබ්යාපන්නචිත්තො හොති -පෙ- සම්මාදිට්ඨිකො හොති අවිපරීතදස්සනො:{1}
Sinhala BJTමහණෙනි, මෙලොව්හි ඇතැමෙක් අයිනාදන් හැරපියා අයිනාදනින් වැළැක්කේ වෙයි ... කාමයන්හි මිසහසර හැරපියා කාමයන්හි මිසහසරින් වැළැක්කේ වෙයි ... මුසවා හැරපියා මුසවායෙන් වැළැක්කේ වෙයි ... පිසුනු බස් හැරපියා පිසුනු බසින් වැළැක්කේ වෙයි ... පරොස්බස් හැරපියා පරොස් බසින් වැළැක්කේ වෙයි ... සම්ප්‍රඵලාප හැරපියා සම්ප්‍රඵලාපයෙන් වැළැක්කේ වෙයි ... අනභිධ්‍යාලූ වෙයි ... ව්‍යාපාද රහිත සිතැත්තේ වෙයි ... අවිපරීතදර්‍ශන ඇති සම්‍යක්දෘෂ්ටික වෙයි:
Pali BJTඅත්ථි දින්නං, අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, අත්ථි අයං ලොකො, අත්ථි, පරො ලොකො, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තා ඔපපාතිකා, අත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා, යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී ති. සො න සංසප්පති කායෙන, න සංසප්පති වාචාය, න සංසප්පති මනසා, තස්ස උජුං කාය කම්මං හොති, උජුං වචීකම්මං, උජුං මනො කම්මං, උජුගති, උජුපපත්ති.
Sinhala BJT“දුන් දැයෙහි ඵල ඇත, යාගයෙහි ඵල ඇත, හෝමයෙහි ඵල ඇත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵල විපාක ඇත, මෙ ලෝ ඇත, පරලෝ ඇත, ඖපපාදුක සත්ත්‍වයෝ ඇත. යම් කෙනෙක් මෙලෝ හා පරලෝ හා තුමූ විශිෂ්ට ඥානයෙන් දැන පසක් කොට දනිත් නම් එ බඳු සම්‍යක්ගත සම්‍යක්ප්‍රතිපන්න මහණ බමුණෝ ඇතැ”යි. හෙ කයින් නො හැකිලෙයි, වචනයෙන් නො හැකිලෙයි, මනසින් නො හැකිලෙයි, ඔහට ඍජුකාය කර්‍ම වෙයි, ඍජුවාක්කර්‍ම වෙයි, ඍජු මනඃ කර්‍ම වෙයි, ඍජුගති වෙයි, ඍජු උප්පත්ති වෙයි.
Pali BJTඋජුගතිකස්ස ඛො පනාහං භික්ඛවෙ උජුපපත්තිකස්ස ද්වින්නං ගතීනං අඤ්ඤතරං ගතිං වදාමි. යෙ වා එකන්තසුඛා සග්ගා, යානි වා පන තානි උච්චාකුලානි ඛත්තියමහාසාළ කුලානි වා, බ්රාහ්මණ මහාසාළකුලානි වා ගහපති මහාසාළ කුලානි වා, අඩ්ඪානි මහද්ධනානි මහා භොගානි පහුත ජාතරූපරජතානි පහුතචිත්තූපකරණානි, පහූතධනධඤ්ඤානි, ඉති ඛො භික්ඛවෙ භූතා භූතස්ස උපපත්ති, හොති යං කරොති, තෙන උපපජ්ජති උපපන්නමෙනං ඵස්සා ඵුසන්ති. එවංපහං භික්ඛවෙ කම්මදායාදා සත්තාති වදාමි.
Sinhala BJTමහණෙනි, මම ඍජුගති ඇතියහුට ඍජු උප්පත්ති ඇතියහුට යම් බඳු ඒකාන්ත සුඛ ස්වර්‍ගයෝ හෝ වෙත් නම් යම් බඳු ක්‍ෂත්‍රිය මහාසාරකුල වෙත්වයි, බ්‍රාහ්මණ මහාසාරකුල වෙත්වයි, ගෘහපති මහාසාරකුල වෙත්වයි, ආඪ්‍ය වූ මහත් ධන ඇති, මහාභෝග ඇති, බොහෝ රන් රිදී ඇති, බොහෝ චිත්තෝපකරණ ඇති බොහෝ ධනධ්‍යාන ඇති උසස් කුලයෝ හෝ වෙත් නම් එ බඳු දෙගතියෙන් එක්තරා ගතියක් කියමි. මහණෙනි, විද්‍යාමාන කර්‍මයෙන් සත්හුගේ උපත වෙයි. යමක් කෙරේ නම් එයින් උපදනේය. උපන් තෙල පුඟුලා විපාකස්පර්‍ශයෙන් පහසිත්. මහණෙනි, මෙසේ ද මම සත්ත්‍වයෝ කර්‍මදායාදහයි කියමි.
Pali BJTකම්මස්සකා භික්ඛවෙ සත්තා කම්මදායාදා කම්මයොනි කම්මබන්ධු කම්මපටිසරණා යං කම්මං කරොන්ති කල්යාණං වා පාපකං වා තස්ස දායාදා භවන්ති.
Sinhala BJTමහණෙනි, සත්ත්‍වයෝ කර්‍ම දායාද කොට ඇති කර්‍මයෝනි කොට ඇති කර්‍මබන්‍ධු කොට ඇති කර්‍ම ප්‍රතිශරණ කොට ඇති කර්‍මස්වක වෙත්. කලණ වේවයි ලමු වේවයි යම් කර්‍මයක් කෙරෙත් නම් එයට දායාද වෙත්,
Pali BJTඅයං ඛො සො භික්ඛවෙ සංසප්පනියපරියායො ධම්ම පරියායොති.
Sinhala BJTමහණෙනි, මෙ සංසර්‍පණීය පර්‍ය්‍යාය නම් වූ ධර්‍ම පර්‍ය්‍යාය වේය යි.
Pali BJT10. 5. 1. 7.
Sinhala BJT10. 5. 1. 7.
Pali BJTපඨමසඤ්චෙතනික සුත්තං
Sinhala BJTපඨම සඤ්චේතනික සූත්‍රය
Pali BJTනාහං භික්ඛවෙ සඤ්චෙතනිකානං කම්මානං කතානං උපචිතානං අප්පටිසංවිදිත්වා ව්යන්තීභාවං වදාමි. තඤ්ච ඛො දිට්ඨෙ වා ධම්මෙ උපපජ්ජෙ{1} වා අපරෙ වා පරියායෙ. න ත්වෙ වාහං භික්ඛවෙ සඤ්චෙතනිකානං කම්මානං කතානං උපචිතානං අප්පටිසංවිදිත්වා දුක්ඛස්සන්තකිරියං වදාමි.
Sinhala BJTමහණෙනි, මම දැන දැන කළ වැඩූ කර්‍මයන්ගේ විපාක නො විඳ විගතාන්ත භාවයක් නොකියමි. හෙ ද වනාහි දිටුදැමියෙහි ම හෝ උපපද්‍යයෙහි හෝ අපරපරියායෙහි හෝ වෙයි. මහණෙනි, මම දැන දැන කළ වැඩූ කර්‍මයන්ගේ විපාක නො විඳ දුඃඛයාගේ කෙළවර කිරීමක් නො කියම් මැයි.
Pali BJTතත්ර භික්ඛවෙ තිවිධා කායකම්මන්තසන්දොසබ්යාපත්ති අකුසලසඤ්චෙතනිකා දුක්ඛුද්රයා දුක්ඛවිපාකා හොති. චතුබ්බිධා වචීකම්මන්ත සන්දොසබ්යාපත්ති අකුසලසඤ්චෙතනිකා දුක්ඛුද්රයා දුක්ඛවිපාකා හොති. තිවිධා මනො කම්මන්තසන්දොසබ්යාපත්ති අකුසලසඤ්චෙතනිකා දුක්ඛුද්රයා දුක්ඛ විපාකා හොති.
Sinhala BJTමහණෙනි, එහි අකුශලසඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛවිපාක ඇති කායකර්‍ම සඞ්ඛ්‍යාත ස්වකීය විපත් ත්‍රිවිධ වේ. අකුශලසඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛවිපාක ඇති වාක්කර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් චතුර්විධ වෙයි. අකුශලසඤ්චේතනා ඇති දුඃඛ විපාක ඇති දුක් උපදවන මනඃකර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් ත්‍රිවිධ වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ තිවිධා කායකම්මන්ත සන්දොසබ්යාපත්ති අකුසලසඤ්චෙතනිකා දුක්ඛුද්රයා දුක්ඛවිපාකා හොති:
Sinhala BJTමහණෙනි, කෙසේ නම් අකුශලසඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛවිපාක ඇති කාය කර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් ත්‍රිවිධ වේය යත්:
Pali BJT1. ඉධ භික්ඛවෙ එකච්චො පාණාතිපාතී හොති ලුද්දො ලොහිතපාණී හතපහතෙ නිවිට්ඨො අදයාපන්නො සබ්බපාණභූතෙසු.
Sinhala BJT1. මහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් රුදුරු කම් ඇත්තේ ලෙහෙ වැකි අත් ඇත්තේ නැසුම් - වොලො ගැණුම්හි බටුයේ සර්‍වප්‍රාණී භූතයන් කෙරෙහි දයාරහිත වූයේ ප්‍රාණඝාතී වෙයි.
Pali BJT2. අදින්නාදායී හොති. යං තං පරස්ස පරවිත්තූපකරණං ගාමගතං වා අරඤ්ඤගතං වා අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදාතා හොති.
Sinhala BJT2. නුදුන් දෑ ගන්නා සුලු වෙයි, ග්‍රාමගත වේවයි අරණ්‍යගත වේවයි මෙරමාගේ යම් එ පරචිත්තෝපකරණයෙක් වේ නම් ස්තෙය සඞ්ඛ්‍යාත ඒ නුදුන් දෑ ගන්නේ වෙයි.
Pali BJT3. කාමෙසු මිච්ඡාචාරී හොති, යා තා මාතුරක්ඛිතා -පෙ- අන්තමසො මාලාගුලපරික්ඛිත්තාපි, තථාරූපාසු චාරිත්තං ආපජ්ජිතා හොති.
Sinhala BJT3. කාමයන්හි මිසහසර ඇතියේ වෙයි, මාතෘරක්‍ෂිතාය ... යටත් පිරිසෙයින් මල්ගුලායෙනුදු පරික්‍ෂිප්ත වූ, යම් ඒ මාගම්හු වෙත් නම් එබඳු මාගමුන් කෙරෙහි හැසිරීමට පැමිණියේ වෙයි.
Pali BJTඑවං ඛො භික්ඛවෙ තිවිධා කාය කම්මන්ත සන්දොසබ්යාපත්ති අකුසලසඤ්චෙතනිකා දුක්ඛුද්රයා දුක්ඛවිපාකා හොති.
Sinhala BJTමහණෙනි, මෙසේ අකුශලසඤ්චේතනා ඇති දුක් උපදවන දුන් විපාක ඇති කායකර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් ත්‍රිවිධ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ චතුබ්බිධා වචී කම්මන්ත සන්දොසබ්යාපත්ති අකුසලසඤ්චෙතනිකා දුක්ඛුද්රයා දුක්ඛ විපාකා හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් අකුසල සඤ්චේතනා ඇති දුක් උපදවන දුක් විපාක ඇති වාක්කර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් චතුර්විධ වේය යත්:
Pali BJT4. ඉධ භික්ඛවෙ එකච්චො මුසාවාදී හොති, සභාගතො වා{1} පරිසගතො වා{1} ඤාතිමජ්ඣගතො වා පූගමජ්ඣගතො වා රාජකුලමජ්ඣගතො වා අභිනීතො සක්ඛි පුට්ඨො, “එහම්භො පුරිස යං ජානාසි තං වදෙහී”ති. සො අජානං වා ආහ ‘ජානාමී’ති. ජානං වා ආහ ‘න ජානාමි’ ති. අපස්සං වා ආහ, ‘පස්සාමී’ති, පස්සං වා ආහ, ‘න පස්සාමී’ති. ඉති අත්තහෙතු වා පරහෙතු වා ආමිස කිඤ්චික්ඛහෙතු වා සම්පජානමුසාභාසිතා හොති.
Sinhala BJT4. මහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් මුසවා කියන්නේ වෙයි: සභාවට ගියේ වේවයි පිරිසකට ගියේ වේවයි නෑයන් මැදට ගියේ වේවයි ගණමැදට ගියේ වේවයි රාජකුල මධ්‍යයට ගියේ වේවයි ඉදිරියට කැඳවන ලදුයේ එම්බා පුරුෂය, එව, යමක් දන්හි නම් එ කියවයි සාක්‍ෂි පුළුවුස්නා ලදුයේ හෙ නො දන්නේ හෝ දන්මියි කියයි. දන්නේ හෝ නො දන්මි යි කියයි. නො දක්නේ හෝ දක්මියි කියයි. දක්නේ හෝ නො දක්මියි කියයි. මෙසේ තමා හේතුකොට වේවයි, මෙරමා හේතු කොට වේවායි කිසි ආමිසයක් හේතුකොට වේවයි දැන දැන මුසවා කියන්නේ වෙයි.
Pali BJT5. පිසුනවාචො හොති. ඉතො සුත්වා අමුත්ර අක්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්ර වා සුත්වා ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය. ඉති සමග්ගානං වා භෙත්තා, භින්නානං වා අනුප්පදාතා වග්ගාරාමො වග්ගරතො වග්ගනන්දි වග්ගකරණිං වාචං භාසිතා හොති.
Sinhala BJT5. පිසුණුබස් ඇතියේ වෙයි: මෙතැනින් අසා මොවුන්ගේ භේදය පිණිස එතැන කියන්නේ වෙයි, එතැනින් හෝ අසා ඔවුන්ගේ භේදය පිණිස මොවුන්ට කියන්නේ වෙයි. මෙසේ සමගවූවන් හෝ බිඳුවන්නේ භින්නයනට හෝ අනුබල දෙන්නේ වර්‍ගයෙහි සිත් ඇලවූයේ වර්‍ගයෙහි රැඳුනේ වර්‍ගයෙන් තුටුවන්නේ වර්‍ගකරනබස් කියන්නේ වෙයි.
Pali BJT6. ඵරුසවාචො හොති, යා සා වාචා අණ්ඩකා කක්කසා පරකටුකා පරාභිසජ්ජනී කොධසාමන්තා අසමාධිසංවත්තනිකා, තථාරූපිං වාචං භාසිතා හොති.
Sinhala BJT6. පරොස්බස් ඇත්තේ වෙයි. හටගත් අණ්ඩක (නිර්‍ය්‍යාස හෝ පිළිල) ඇති කර්‍කශ වූ පරාහට කටුක වූ පරා ලග්න කරන කෝධයට සමීප වූ සමාධිය පිණිස නො පවත්නා වූ යම් වචනයක් වේ ද එබඳු වචන කියන්නේ වෙයි.
Pali BJT7. සම්ඵප්පලාපී හොති, අකාලවාදී අභූතවාදී අනත්ථවාදී අධම්මවාදී අවිනයවාදී අනිධානවතිං වාචං භාසිතා හොති අකාලෙන අනපදෙසං අපරියන්තවතිං අනත්ථසංහිතං.
Sinhala BJT7. අකාලවාදී අභූතවාදී අනර්‍ත්‍ථවාදී අධර්‍මවාදී අවිනයවාදී සම්ප්‍රඵලාප බණන්නේ වෙයි. නො කල්හි කරුණු රහිතව පර්‍ය්‍යන්ත විරහිත අනර්‍ත්‍ථ සංහිත සිත්හි ලා දරනට නො නිසි බස් බණන්නේ වෙයි.
Pali BJTඑවං ඛො භික්ඛවෙ චතුබ්බිධා වචීකම්මන්ත සන්දොස බ්යාපත්ති අකුසලසඤ්චෙතනිකා දුක්ඛුද්රයා දුක්ඛවිපාකා හොති.
Sinhala BJTමහණෙනි, මෙසේ අකුසලසඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛවිපාක ඇති වාක්කර්‍මසඞ්ඛ්‍යාත ස්වදෝෂවිපත් චතුර්විධ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ තිවිධාමනොකම්මන්ත සන්දොසබ්යාපත්ති අකුසලසඤ්චෙතනිකා දුක්ඛුද්රයා දුක්ඛවිපාකා හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ අකුසලසඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛවිපාක ඇති මනඃකර්‍මසඞ්ඛ්‍යාත ස්වදෝෂවිපත් ත්‍රිවිධ වේය යත්:
Pali BJT8. ඉධ භික්ඛවෙ එකච්චො අභිජ්ඣාලූ හොති, යං තං පරස්ස පරවිත්තූපකරණං තං අභිජ්ඣිතා හොති: අහො වත යං{1} පරස්ස තං මමස්සා”ති.
Sinhala BJT8. මහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් අභිධ්‍යා බහුල වෙයි. පරා අයත් යම් වස්තූපකරණ ඇද්ද එය තමන් නතු කොට ගැන්මට සිතන්නේ වෙයි. “පරාසතු යම් දැයෙක් ඇද්ද එය මා සතු වන්නේ නම් මැනැවැ”යි.
Pali BJT9. ව්යාපන්නචිත්තො හොති පදුට්ඨමනසංකප්පො ‘ඉමෙ සත්තා හඤ්ඤන්තු වා බජ්ඣන්තු වා උච්ඡිජ්ජන්තු වා විනස්සන්තු වා මා වා අහෙසුන්ති.
Sinhala BJT9. ව්‍යාපාදයට පත් සිතැත්තේ වෙයි. ප්‍රදූෂ්‍යමනඃසංකල්ප ඇත්තේ වෙයි: “මේ සත්හු නැසෙන්නාහු හෝ වෙත්වා! බැඳෙන්නාහු වෙත්වා! සිඳෙන්නාහු හෝ වෙත්වා! නැසෙන්නාහු හෝ වෙත්වා! නොහොත් නොවෙත්වා හෝ”යි.
Pali BJT10. මිච්ඡාදිට්ඨිකො හොති විපරීතදස්සනො, නත්ථි දින්නං නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරො ලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සමග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තීති.
Sinhala BJT10. මිසදිටුගත්තේ විපරීතදර්‍ශන ඇතියේ වෙයි. “දානවිපාක නැත, මඞ්ගලදාන නැත, හෝම නැත, සුකෘතදුෂ්කෘතකර්‍මයන්ගේ ඵලයෙක් විපාකයෙක් නැත, මෙලෝ නැත, පරලෝ නැත, මවු නැත, පියා නැත, ඕපපාතිකසත්ත්‍වයෝ නැත, යම් කෙනෙක් මෙලෝ හා පරලෝ හා තමන් විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් ද එබඳු සම්‍යග් ගත සම්‍යක්ප්‍රතිපන්න මහණ බමුණු කෙනෙක් ලෙව්හි නැති.
Pali BJTඑවං ඛො භික්ඛවෙ තිවිධා මනො කම්මන්ත සන්දොසබ්යාපත්ති අකුසලසඤ්චෙතනිකා දුක්ඛුද්රයා දුක්ඛවිපාකා හොති.
Sinhala BJTමහණෙනි, මෙසේ අකුශලසඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛවිපාක ඇති මනඃකර්‍මසඞ්ඛ්‍යාත ස්වදෝෂවිපත් ත්‍රිවිධ වෙයි.
Pali BJTතිවිධ කායකම්මන්තසන්දොසබ්යාපත්ති අකුසලසඤ්චෙතනිකා හෙතු වා භික්ඛවෙ, සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති.
Sinhala BJTමහණෙනි, ත්‍රිවිධකාය කර්‍ම ස්වදෝෂ විපත් සඞ්ඛ්‍යාත අකුසල සඤ්චේතනා හේතුවෙන් හෝ සත්හු කාබුන් මරණින් මතු දුර්‍ගති විනිපාත නිරය සඞ්ඛ්‍යාත අපායෙහි උපදිති.
Pali BJTචතුබ්බිධවචීකම්මන්තසන්දොසබ්යාපත්ති අකුසලසඤ්චෙතනිකා හෙතු වා භික්ඛවෙ, සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති.
Sinhala BJTමහණෙනි, චතුර්විධවාක්කර්ම ස්වදෝෂ විපත් සඞ්ඛ්‍යාත අකුසල සඤ්චේතනා හේතුවෙන් හෝ සත්හු කාබුන් මරණින් මතු දුර්‍ගති විනිපාත නිරය සඞ්ඛ්‍යාත අපායෙහි උපදිති.
Pali BJTතිවිධ මනොකම්මන්තසන්දොසබ්යාපත්ති අකුසලසඤ්චෙතනිකා හෙතු වා භික්ඛවෙ, සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති.
Sinhala BJTමහණෙනි, ත්‍රිවිධමනඃකර්‍ම ස්වදෝෂ විපත් සඞ්ඛ්‍යාත අකුසල සඤ්චේතනා හේතුවෙන් හෝ සත්හු කාබුන් මරණින් මතු දුර්‍ගති විනිපාත නිරය සඞ්ඛ්‍යාත අපායෙහි උපදිති.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ අපණ්ණකො මණි උද්ධං ඛිත්තො යෙන යෙනෙව පතිට්ඨාති, සුප්පතිට්ඨිතායෙව පතිට්ඨාති, එවමෙව ඛො භික්ඛවෙ තිවිධ කායකම්මන්තසන්දොසබ්යාපත්ති අකුසලසඤ්චෙතනිකා හෙතු වා සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති. චතුබ්බිධවචීකම්මන්තසන්දොසබ්යාපත්ති අකුසලසඤ්චෙතනිකාහෙතු වා සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති. තිවිධ මනො කම්මන්තසන්දොසබ්යාපත්ති අකුසලසඤ්චෙතනිකාහෙතු වා සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති.
Sinhala BJTමහණෙනි, යම් සේ සිවුරැස් පසැටක් උඩලූයේ යම් යම් අතකින් පිහිටා ද සුප්‍රතිට්ඨිතව ම පිහිට යි. මහණෙනි, එ පරිදි ම ත්‍රිවිධකාය කර්‍ම ස්වදෝෂ විපත් සඞ්ඛ්‍යාත අකුසල සඤ්චේතනා හේතුවෙන් හෝ සත් හු කාබුන් මරණින් මතු දුර්‍ගති විනිපාත නිරය සඞ්ඛ්‍යාත අපායෙහි උපදිති. චතුර්විධවාක්කර්ම ස්වදෝෂ විපත් සඞ්ඛ්‍යාත අකුසල සඤ්චේතනා හේතුවෙන් හෝ සත්හු කාබුන් මරණින් මතු දුර්‍ගති විනිපාත නිරය සඞ්ඛ්‍යාත අපායෙහි උපදිති. ත්‍රිවිධ මනඃකර්‍ම ස්වදෝෂ විපත් සඞ්ඛ්‍යාත අකුසල සඤ්චේතනා හේතුවෙන් හෝ සත්හු කාබුන් මරණින් මතු දුර්‍ගති විනිපාත නිරය සඞ්ඛ්‍යාත අපායෙහි උපදිති.
Pali BJTනාහං භික්ඛවෙ සඤ්චෙතනිකානං කම්මානං කතානං උපචිතානං අප්පටිසංවිදිත්වා ව්යන්තීභාවං වදාමි. තඤ්ච ඛො දිට්ඨෙ ව ධම්මෙ උපපජ්ජෙ වා අපරෙ වා පරියායෙ.
Sinhala BJTමහණෙනි, මම දැන දැන කළ, රැස් කළ කර්‍මයන්ගේ නො විඳ විගතාන්තභාවයෙක් නො කියමි. හෙ ද වනාහි දිටුදැමියෙහි හෝ වෙයි, දෙවන අත් බැව් හි හෝ වෙයි, අපර භවයෙක් හෝ වේ.
Pali BJTන ත්වෙවාහං භික්ඛවෙ සඤ්චෙතනිකානං කම්මානං කතානං උපචිතානං අප්පටිසංවිදිත්වා දුක්ඛස්සන්තකිරියං වදාමි.
Sinhala BJTමහණෙනි, මම දැන දැන කළ, රැස් කළ කර්‍මයන්ගේ නො විඳ දුක් කෙළවර කිරීමක් නො කියමි.
Pali BJTතත්ර භික්ඛවෙ තිවිධා කායකම්මන්තසම්පත්ති කුසලසඤ්චෙතනිකා සුඛුද්රයා සුඛවිපාකා හොති, චතුබ්බිධා වචීකම්මන්ත සම්පත්ති කුසලසඤ්චෙතනිකා සුඛුද්රයා සුඛවිපාකා හොති, තිවිධා මනොකම්මන්තසම්පත්ති කුසලසඤ්චෙතනිකා සුඛුද්රයා සුඛවිපාකා හොති.
Sinhala BJTමහණෙනි, එහි ලා කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛවිපාක ඇති කායකර්‍ම සම්පත් ත්‍රිවිධ වෙයි, කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛවිපාක ඇති වාක්කර්‍ම සම්පත් චතුර්විධ වෙයි, කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛවිපාක ඇති මනඃකර්‍ම සම්පත් ත්‍රිවිධ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ තිවිධා කායකම්මන්තසම්පත්ති කුලසඤ්චෙතනිකා සුඛුද්රයා සුඛවිපාකා හොති.
Sinhala BJTමහණෙනි, කුසල සඤේචේතනා ඇති සුව උපදවන සුඛ විපාක ඇති ත්‍රිවිධකාය කර්‍ම සම්පත් කෙසේ වේය යත්:
Pali BJT1. ඉධ භික්ඛවෙ එකච්චො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති, නිහිතදණ්ඩො නිහිතසත්ථො, ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති.
Sinhala BJT1. මහණෙනි, මෙලොව්හි ඇතැමෙක් පණිවායෙන් දුරුව පණිවායෙන් වැළක්කේ වෙයි. බහාතැබූ දඬු ඇත්තේ බහාතැබූ අවි ඇත්තේ ලජ්ජා ඇත්තේ දයාපන්න වූයේ සර්‍වප්‍රාණභූතයන් කෙරෙහි හිතානුකම්පී ව වෙසෙයි.
Pali BJT2. අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති, යං තං පරස්ස පරවිත්තූපකරණං ගාමගතං වා අරඤ්ඤගතං වා, න තං අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදාතා හොති.
Sinhala BJT2. අයිනාදන් හැර අයිනාදනින් වැළැක්කේ වෙයි: ග්‍රාමගතවේවයි අරණ්‍යගත වේවයි පරා අයත් යම් පරවස්තූපකරණයෙක් වේ නම් සේතය සඞ්ඛ්‍යාත නො දුන් එය නො ගන්නේ වෙයි.
Pali BJT3. කාමෙසු මිච්ඡාචාරං පහාය කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති. යා තා මාතුරක්ඛිතා -පෙ- අන්තමසො මාලාගුලපරික්ඛිත්තාපි, තථාරූපාසු න චාරිත්තං ආපජ්ජිතා හොති.
Sinhala BJT3. කාමයන්හි මිස හසර හැර කාම මිථ්‍යාචාරයෙන් වැළැක්කේ වෙයි: මාතුරක්ඛීතාය ... යටත් පිරිසෙයින් මාලා ගුණ පරික්‍ෂිප්තව හෝ කිසිවකු අයත්කර ගත් යම් ඒ ස්ත්‍රීහු වෙත් නම් එබඳු ස්ත්‍රීන් කෙරෙහි මිථ්‍යාචාරයට නො යන්නේ වෙයි.
Pali BJTඑවං ඛො භික්ඛවෙ තිවිධා කායකම්මන්තසම්පත්ති කුසලසඤ්චෙතනිකා සුඛුද්රයා සුඛවිපාකා හොති.
Sinhala BJTමහණෙනි, මෙසේ කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛ විපාක ඇති ත්‍රිවිධකායකර්‍ම සම්පත් වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ චතුබ්බිධා වචීකම්මන්ත සම්පත්ති කුසලසඤ්චෙතනිකා සුඛුද්රයා සුඛ විපාකා හොති:
Sinhala BJTමහණෙනි, කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛවිපාක ඇති චතුර්විධ වාක්කර්‍ම සම්පත් කිසේය යත්:
Pali BJT4. ඉධ භික්ඛවෙ එකච්චො මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති. සභාගතො වා පරිසගතො වා ඤාතිමජ්ඣගතො වා පූගමජ්ඣගතො වා රාජකුලමජ්ඣගතො වා අභිනීතො සක්ඛිපුට්ඨො “එහම්භො පුරිස යං ජානාහි, තං වදෙහී’ති. සො අජානං වා ආහ: ‘න ජානාමී’ති. ජානං වා ආහ, ‘ජානාමී’ති, අපස්සං වා ආහ ‘න පස්සාමී’ති. පස්සං වා ආහ, ‘පස්සාමී’ති. ඉති අත්තහෙතු වා පරහෙතු වා ආමිසකිඤ්චික්ඛහෙතු වා න සම්පජාන මුසා භාසිතා හොති.
Sinhala BJT4. මහණෙනි, මෙලොව්හි ඇතැමෙක් මුසවා හැර මුසාවාදයෙන් වැළැක්කේ වෙයි. සභාවටගියේ වේවයි, පිරිසට ගියේ වේවයි, ඥාතිමධ්‍යයට ගියේ වේවයි, සමූහ මධ්‍යයට ගියේ වේවයි, රාජකුලමධ්‍යයට ගියේ වේවයි, හමුවට කැඳවන ලදුයේ “එම්බා පුරුෂයා, මෙහි එව, යමක් දනිහි නම් එ කියව”යි සාක්‍ෂ්‍ය පුළුවුස්නා ලද හේ නො දත් දැය හෝ නො දන්මි යි කියායි, දත් දැය හෝ දන්මි යි කියායි, නො දුටු දැය හෝ නො දක්මි යි කියායි දුටු දැය හෝ දක්මි යි කිය යි මෙසේ තමා හේතුකොට ගෙන වේව යි, පරා හේතු කොට ගෙන වේව යි කිසි ආමිසයක් හේතු කොට ගෙන වේවයි දැන දැන මුසවා බණන්නේ වෙයි.
Pali BJT5. පිසුනං වාචං පහාය පිසුනාය වාචාය පටිවිරතො හොති. න ඉතො සුත්වා අමුත්ර අක්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්ර වා සුත්වා ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය, ඉති භින්නානං වා සන්ධාතා සහිතානං වා අනුප්පදාතා සමග්ගාරාමො සමග්ගරතො සමග්ගනන්දී සමග්ගකරණිං වාචං භාසිතා හොති.
Sinhala BJT5. පිසුනු බස් හැර බසින් වැළැක්කේ වෙයි. මෙ තැනින් අසා මොවුන්ගේ භේදය පිණිස එ තැන නො කියන්නේ වෙයි. එ තන්හි අසා ඔවුන්ගේ භේදය පිණිස මොවුනට නො කියන්නේ වෙයි. මෙසේ අසමග්‍රයන් සමග්‍ර කරන්නේ සමග්‍රයන්හට අනුබල දෙන්නේ සමග්‍රාරාම වූයේ සමග්‍රරත වූයේ සමග්‍රනන්‍දි වූයේ සමග්‍රකරණී බස් බණන්නේ වෙයි.
Pali BJT6. ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති. යා සා වාචා නෙළා කණ්ණසුඛා පෙමනීයා හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා තථාරූපං වාචං භාසිතා හොති.
Sinhala BJT6. පරොස් බස් හැර පරුෂ වචනයෙන් වැළැක්කේ වෙයි: නිදොස් වූ කර්‍ණසුඛ වූ ප්‍රේමණීය වූ හෘදයඞ්ගම වූ බහුජන කාන්ත වූ බහුජනමනාප වූ යම් බසෙක් වේ නම් එබඳු බස් බණන්නේ වෙයි.
Pali BJT7. සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති, කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී නිධානවතිං වාචං භාසිතා හොති, කාලෙන සාපදෙසං පරියන්තවතිං අත්ථසංහිතං. එවං ඛො භික්ඛවෙ චතුබ්බිධා වචීකම්මන්තසම්පත්ති කුසලසඤ්චෙතනිකා සුඛුද්රයා සුඛවිපාකා හොති.
Sinhala BJT7. නිසරු (ප්‍රලාප) බස් හැරපියා නිසරු බසින් වැළැක්කේ වෙයි: කල් බලා කියනුයේ සැබැවක් ම කියනුයේ වැඩ දායක තෙපුල් කියනුයේ ධර්‍මවාදී වූයේ විනයවාදී වූයේ සුදුසු කල කරුණු සහිත වූ පිරිසිඳීම් ඇති වැඩ සහිත වූ ළෙහි තැබිය යුතු වූ තෙපුලක් ම කියන්නේ වෙයි. මහණෙනි, කුසලසඤ්චේතනා ඇති සුව උපදවන සුඛවිපාක ඇති චතුර්විධවාක්කර්මසම්පත් මෙසේ වෙයි.