Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 15301-15400 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTපාණාතිපාතො -පෙ- මිච්ඡාදිට්ඨි. අයං වුච්චති භික්ඛවෙ අසද්ධම්මො.
Sinhala BJTප‍්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ අසද්ධර්‍මයයි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ සද්ධම්මො:
Sinhala BJTමහණෙනි, සද්ධර්‍මය කවරේය යත්:
Pali BJTපාණාතිපාතා වෙරමණී -පෙ- සම්මාදිට්ඨි.
Sinhala BJTපණිවායෙන් දුරුවීම ... සම්‍යක් දෘෂ්ටියි.
Pali BJTඅයං වුච්චති භික්ඛවෙ සද්ධම්මො ති.
Sinhala BJTමහණෙනි, මේ සද්ධර්‍මයයි කියනු ලැබේ.
Pali BJT10. 4. 4. 4.
Sinhala BJT10. 4. 4. 4.
Pali BJTසප්පුරිසධම්ම සුත්තං
Sinhala BJTසප්පුරිසධම්ම සූත්‍රය
Pali BJTසප්පුරිසධම්මඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි, අසප්පුරිසධම්මඤ්ච. තං සුණාථ -පෙ-
Sinhala BJTමහණෙනි, තොපට සත්පුරුෂධර්‍ම හා අසත්පුරුෂධර්‍ම හා දෙසමි, ඒ අසවු …
Pali BJTකතමො ච භික්ඛවෙ අසප්පුරිසධම්මො:
Sinhala BJTමහණෙනි, අසත්පුරුෂධර්‍ම කවරේය යත්:
Pali BJTපාණාතිපාතො -පෙ- මිච්ඡාදිට්ඨි. අයං වුච්චති භික්ඛවෙ අසප්පුරිසධම්මො.
Sinhala BJTප‍්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ අසත්පුරුෂ ධර්‍මයි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ සප්පුරිසධම්මො:
Sinhala BJTමහණෙනි, සත්පුරුෂධර්‍ම කවරේය යත්:
Pali BJTපාණාතිපාතා වෙරමණී -පෙ- සම්මාදිට්ඨි.
Sinhala BJTපණිවායෙන් දුරුවීම ... සම්‍යක් දෘෂ්ටියි.
Pali BJTඅයං වුච්චති භික්ඛවෙ සප්පුරිසධම්මො ති.
Sinhala BJTමහණෙනි, මේ සත්පුරුෂ ධර්‍මයයි කියනු ලැබේ.
Pali BJT10. 4. 4. 5.
Sinhala BJT10. 4. 4. 5.
Pali BJTඋප්පාදෙතබ්බධම්ම සුත්තං
Sinhala BJTඋප්පාදෙතබ්බධම්ම සූත්‍රය
Pali BJTඋප්පාදෙතබ්බඤ්ච වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි, න උප්පාදෙතබ්බඤ්ච. තං සුණාථ -පෙ-
Sinhala BJTමහණෙනි, තොපට උත්පාදයිතව්‍යධර්‍ම හා අනුත්පාදයිතව්‍යධර්‍ම හා දෙසමි. ඒ අසවු …
Pali BJTකතමො ච භික්ඛවෙ න උප්පාදෙතබ්බො ධම්මො:
Sinhala BJTමහණෙනි, අනුත්පාදයිතව්‍ය ධර්‍ම කවරේය යත්:
Pali BJTපාණාතිපාතො -පෙ- මිච්ඡාදිට්ඨි. අයං වුච්චති භික්ඛවෙ න උප්පාදෙතබ්බො ධම්මො.
Sinhala BJTප‍්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි, මහණෙනි, මේ අනුත්පාදයිතව්‍ය ධර්‍මයි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ උප්පාදෙතබ්බො ධම්මො:
Sinhala BJTමහණෙනි, උත්පාදයිතව්‍ය ධර්‍ම කවරේය යත්:
Pali BJTපාණාතිපාතා වෙරමණී -පෙ- සම්මාදිට්ඨි.
Sinhala BJTපණිවායෙන් දුරුවීම ... සම්‍යක් දෘෂ්ටියි.
Pali BJTඅයං වුච්චති භික්ඛවෙ උප්පාදෙතබ්බො ධම්මොති.
Sinhala BJTමහණෙනි, මේ උත්පාදයිතව්‍ය ධර්‍ම යි කියනු ලැබේ.
Pali BJT10. 4. 4. 6.
Sinhala BJT10. 4. 4. 6.
Pali BJTආසෙවිතබ්බධම්ම සුත්තං
Sinhala BJTආසේවිතබ්බධම්ම සූත්‍රය
Pali BJTආසෙවිතබ්බඤ්ච වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි, නාසෙවිතබ්බඤ්ච. තං සුණාථ -පෙ-
Sinhala BJTමහණෙනි, තොපට ආසේවිතව්‍ය ධර්‍ම හා අනාසේවිතව්‍ය ධර්‍ම හා දෙසමි. ඒ අසවු ...
Pali BJTකතමො ච භික්ඛවෙ නාසෙවිතබ්බො ධම්මො:
Sinhala BJTමහණෙනි, ආනාසෙවිතව්‍ය ධර්‍ම කවරේය යත්:
Pali BJTපාණාතිපාතො -පෙ- මිච්ඡාදිට්ඨි. අයං වුච්චති භික්ඛවෙ නාසෙවිතබ්බො ධම්මො.
Sinhala BJTප‍්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ අනාසේවිතව්‍ය ධර්‍මය යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ ආසෙවිතබ්බො ධම්මො:
Sinhala BJTමහණෙනි, ආසේවිතව්‍ය ධර්‍ම කවරේය යත්:
Pali BJTපාණාතිපාතා වෙරමණී -පෙ- සම්මාදිට්ඨි.
Sinhala BJTපණිවායෙන් දුරුවීම ... සම්‍යක් දෘෂ්ටියි.
Pali BJTඅයං වුච්චති භික්ඛවෙ ආසෙවිතබ්බො ධම්මොති.
Sinhala BJTමහණෙනි, මේ ආසේවිතව්‍ය ධර්‍මය යි කියනු ලැබේ.
Pali BJT10. 4. 4. 7.
Sinhala BJT10. 4. 4. 7.
Pali BJTභාවෙතබ්බධම්ම සුත්තං
Sinhala BJTභාවෙතබ්බධම්ම සූත්‍රය
Pali BJTභාවෙතබ්බඤ්ච වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි, නභාවෙතබ්බඤ්ච. තං සුණාථ -පෙ-
Sinhala BJTමහණෙනි, තොපට භාවයිතව්‍ය ධර්‍ම හා නභාවයීතව්‍ය ධර්‍ම හා දෙසමි. ඒ අසවු ...
Pali BJTකතමො ච භික්ඛවෙ න භාවෙතබ්බො ධම්මො:
Sinhala BJTමහණෙනි, න භාවිතව්‍ය ධර්‍ම කවරේය යත්:
Pali BJTපාණාතිපාතො -පෙ- මිච්ඡාදිට්ඨි. අයං වුච්චති භික්ඛවෙ න භාවෙතබ්බො ධම්මො.
Sinhala BJTප‍්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ නභාවයිතව්‍ය ධර්‍මයි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ භාවෙතබ්බො ධම්මො:
Sinhala BJTමහණෙනි, භාවයිතව්‍ය ධර්‍ම කවරේය යත්:
Pali BJTපාණාතිපාතා වෙරමණී -පෙ- සම්මාදිට්ඨි.
Sinhala BJTපණිවායෙන් දුරුවීම ... සම්‍යක් දෘෂ්ටියි.
Pali BJTඅයං වුච්චති භික්ඛවෙ භාවෙතබ්බො ධම්මොති.
Sinhala BJTමහණෙනි, මේ භාවයිතව්‍ය ධර්‍මයයි කියනු ලැබේ.
Pali BJT10. 4. 4. 8.
Sinhala BJT10. 4. 4. 8.
Pali BJTබහුලීකාතබ්බධම්ම සුත්තං
Sinhala BJTබහුලීකාතබ්බධම්ම සූත්‍රය
Pali BJTබහුලීකාතබ්බඤ්ච වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි, න බහුලීකාතබ්බඤ්ච. තං සුණාථ -පෙ-
Sinhala BJTමහණෙනි, තොපට බහුලී කර්‍තව්‍ය ධර්‍ම හා නබහුලීකර්‍තව්‍ය ධර්‍ම හා දෙසමි. ඒ අසවු …
Pali BJTකතමො ච භික්ඛවෙ න බහුලීකාතබ්බො ධම්මො:
Sinhala BJTමහණෙනි, න බහුලීකර්‍තව්‍ය ධර්‍ම කවරේය යත්:
Pali BJTපාණාතිපාතො -පෙ- මිච්ඡාදිට්ඨි. අයං වුච්චති භික්ඛවෙ න බහුලීකාතබ්බො ධම්මො.
Sinhala BJTප‍්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ න බහුලීකර්‍තව්‍ය ධර්‍මයි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ බහුලීකාතබ්බො ධම්මො:
Sinhala BJTමහණෙනි, බහුලීකර්‍තව්‍ය ධර්‍ම කවරේය යත්:
Pali BJTපාණාතිපාතා වෙරමණී -පෙ- සම්මාදිට්ඨි.
Sinhala BJTපණිවායෙන් දුරුවීම ... සම්‍යක් දෘෂ්ටියි.
Pali BJTඅයං වුච්චති භික්ඛවෙ බහුලීකාතබ්බො ධම්මොති.
Sinhala BJTමහණෙනි, මේ බහුලීකර්‍තව්‍ය ධර්‍මයයි කියනු ලැබේ.
Pali BJT10. 4. 4. 9.
Sinhala BJT10. 4. 4. 9.
Pali BJTඅනුස්සරිතබ්බධම්ම සුත්තං
Sinhala BJTඅනුස්සරිතබ්බධම්ම සූත්‍රය
Pali BJTඅනුස්සරිතබ්බඤ්ච වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි, නානුස්සරිතබ්බඤ්ච. තං සුණාථ -පෙ-
Sinhala BJTමහණෙනි, තොපට අනුස්මර්‍තව්‍ය ධර්‍ම හා නානුස්මර්‍තවය්‍ය ධර්‍ම හා දෙසමි. ඒ අසවු …
Pali BJTකතමො ච භික්ඛවෙ නානුස්සරිතබ්බො ධම්මො:
Sinhala BJTමහණෙනි, නානුස්මර්‍තව්‍ය ධර්‍ම කවරේය යත්:
Pali BJTපාණාතිපාතො -පෙ- මිච්ඡාදිට්ඨි. අයං වුච්චති භික්ඛවෙ නානුස්සරිතබ්බො ධම්මො.
Sinhala BJTප‍්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ නානුස්මර්‍තව්‍ය ධර්‍මයි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ අනුස්සරිතබ්බො ධම්මො:
Sinhala BJTමහණෙනි, අනුස්මර්‍තව්‍ය ධර්‍ම කවරේය යත්:
Pali BJTපාණාතිපාතා වෙරමණී -පෙ- සම්මාදිට්ඨි.
Sinhala BJTපණිවායෙන් දුරුවීම ... සම්‍යක්දෘෂ්ටියි.
Pali BJTඅයං වුච්චති භික්ඛවෙ අනුස්සරිතබ්බො ධම්මොති.
Sinhala BJTමහණෙනි, මේ අනුස්මර්‍තව්‍ය ධර්‍මයයි කියනු ලැබේ.
Pali BJT10. 4. 4. 10.
Sinhala BJT10. 4. 4. 10.
Pali BJTසච්ඡිකාතබ්බධම්ම සුත්තං
Sinhala BJTසච්ඡිකාතබ්බධම්ම සූත්‍රය
Pali BJTසච්ඡිකාතබ්බඤ්ච වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි, න සච්ඡිකාතබ්බඤ්ච. තං සුණාථ -පෙ-
Sinhala BJTමහණෙනි, තොපට සාක්‍ෂාත්කර්‍ව්‍ය ධර්‍ම හා න සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍මය හා දෙසමි. ඒ අසවු ...
Pali BJTකතමො ච භික්ඛවෙ න සච්ඡිකාතබ්බො ධම්මො:
Sinhala BJTමහණෙනි, නා සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම කවරේය යත්:
Pali BJTපාණාතිපාතො -පෙ- මිච්ඡාදිට්ඨි. අයං වුච්චති භික්ඛවෙ න සච්ඡිකාතබ්බො ධම්මො.
Sinhala BJTප‍්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ න සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ සච්ඡිකාතබ්බො ධම්මො:
Sinhala BJTමහණෙනි, සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම කවරේය යත්:
Pali BJTපාණාතිපාතා වෙරමණී -පෙ- සම්මාදිට්ඨි.
Sinhala BJTපණිවායෙන් දුරුවීම ... සම්‍යක් දෘෂ්ටියි.
Pali BJTඅයං වුච්චති භික්ඛවෙ සච්ඡිකාතබ්බො ධම්මොති.
Sinhala BJTමහණෙනි, මේ සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම යි කියනු ලැබේ.
Pali BJTඅරියමග්ග වග්ගො චතුත්ථො.
Sinhala BJTසිවුවැනි අරියමග්ගවර්‍ග යි.
Pali BJT5. අපරපුග්ගල වග්ගො
Sinhala BJT5. අපරපුග්ගල වර්‍ගය
Pali BJT10. 4. 5. 1-12.
Sinhala BJT10. 4. 5. 1-12.
Pali BJTසෙවිතබ්බාදි ද්වාදස සුත්තානි
Sinhala BJTසේවිතබ්බාදි ද්වාදශ සූත්‍රයෝ
Pali BJT1. දසහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො පුග්ගලො න සෙවිතබ්බො, කතමෙහි දසහි:
Sinhala BJT1. මහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත පුද්ගලයා නො සෙවිය යුත්තේ ය. කවර දසයෙකින යත්:
Pali BJTපාණාතිපාතී හොති, අදින්නාදායී හොති, කාමෙසු මිච්ඡාචාරී හොති, මුසාවාදී හොති, පිසුනවාචො{1} හොති, ඵරුසවාචො හොති, සම්ඵප්පලාපී හොති, අභිජ්ඣාලූ හොති, ව්යාපන්නචිත්තො හොති, මිච්ඡාදිට්ඨිකො හොති, ඉමෙහි ඛො භික්ඛවෙ දසහි ධම්මෙහි සමන්නාගතො පුග්ගලො න සෙවිතබ්බො,
Sinhala BJTපණිවා කරණුයේ වෙයි, නුදුන් දෑ ගන්නා සුලුයේ වෙයි, කාමයන්හි මිස හසර ඇතියේ වෙයි. මුසවා කියන සුලුයේ වෙයි. පිසුනු බස් ඇතියේ වෙයි. පරොස් බස් ඇතියේ වෙයි. සම්ඵප්‍රලාප ඇතියේ වෙයි, අභිධ්‍යාලූ වෙයි, ව්‍යාපාදයට වන් සිතැතියේ වෙයි. මිථ්‍යාදෘෂ්ටික වෙයි. මහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත පුද්ගල නො සෙවිය යුත්තේය.
Pali BJTදසහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො පුග්ගලො සෙවිතබ්බො. කතමෙහි දසහි:
Sinhala BJTමහණෙනි, දස කරුණකින් සමන්‍වාගත පුද්ගල සෙවිය යුත්තේ ය, කවර දසයෙකින යත්:
Pali BJTපාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, පිසුනාය වාචාය පටිවිරතො හොති, ඵරුසාය වාචාය පටිවිරතො හොති, සම්ඵප්පලාපා පටිවිරතො හොති, අනභිජ්ඣාලූ හොති, අව්යාපන්නචිත්තො හොති, සම්මාදිට්ඨිකො හොති, ඉමෙහි ඛො භික්ඛවෙ දසහි ධම්මෙහි සමන්නාගතො පුග්ගලො සෙවිතබ්බොති.
Sinhala BJTපණිවායෙන් වැළැකියේ වෙයි, අයිනාදනින් වැළැකියේ වෙයි. කාමයන්හි මිසහසරින් වැළැකියේ වෙයි. මුසවායෙන් වැළැකියේ වෙයි. පිසුනුබසින් වැළැකියේ වෙයි. පරොස් බසින් වැළැකියේ වෙයි. සම්ඵප්‍රලාපයෙන් වැළැකියේ වෙයි. අනභිධ්‍යාලූ වෙයි, ව්‍යාපාදයට නො වන් සිතැත්තේ වෙයි. සම්‍යග්දෘෂ්ටික වෙයි. මහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත පුද්ගල සෙවිය යුත්තේය යි.
Pali BJT2. දසහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො පුග්ගලො න භජිතබ්බො -පෙ- භජිතබ්බොති.
Sinhala BJT2. මහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත පුද්ගල නො බිජිය යුත්තේ ය ... බිජිය යුත්තේ ය යි.
Pali BJT3. න පයිරුපාසිතබ්බො -පෙ- පයිරුපාසිතබ්බොති,
Sinhala BJT3. පර්‍ය්‍යුපාසනා නො කොට යුත්තේ ය. -පෙ- පර්‍ය්‍යුපාසනා කොට කටයුත්තේය යි.
Pali BJT4. න පුජ්ජො හොති -පෙ- පුජ්ජො හොතී ති,
Sinhala BJT4. පූජ්‍ය නො වේ -පෙ- පූජ්‍ය වේ යයි.
Pali BJT5. න පාසංසො හොති - පාසංසො හොතී ති,
Sinhala BJT5. ප්‍රශංසාර්‍හ නො වේ -පෙ- ප්‍රශංසාහ වේ යයි.
Pali BJT6. අගාරවො හොති - සගාරවො හොතී ති,
Sinhala BJT6. ගෞරව නැතියේ වෙයි -පෙ- ගෞරව සහිත වේ යයි.
Pali BJT7. අප්පතිස්සො හොති -පෙ- සප්පතිස්සො{2} හොතී ති,
Sinhala BJT7. ප්‍රතිශය නැතියේ වෙයි -පෙ- ප්‍රතිශය සහිත වේ යයි.
Pali BJT8. නාරාධකො හොති -පෙ- ආරාධකො හොතී ති,
Sinhala BJT8. ආරාධක නො වේ -පෙ- ආරාධක වේ යයි.
Pali BJT9. න විසුජ්ඣති -පෙ- විසුජ්ඣතීති.
Sinhala BJT9. විශුද්ධ නො වේ -පෙ- විශුද්ධ වේ යයි.
Pali BJT10. මානං නාභිභොති -පෙ- මානං අනභිභොතීති.
Sinhala BJT10. මානය නො මඩනේ ය -පෙ- මානය මඩනේ සයි.
Pali BJT11. පඤ්ඤාය න වඩ්ඪති -පෙ- පඤ්ඤාය වඩ්ඪතීති.
Sinhala BJT11. ප්‍රඥායෙන් නො වඩනේ ය. -පෙ- ප්‍රඥායෙන් වැඩෙන්නේ ය.
Pali BJT12. බහුං අපුඤ්ඤං පසවති -පෙ- බහුං පුඤ්ඤං පසවති, කතමෙහි දසහි:
Sinhala BJT12. බොහෝ අපුණ්‍යය රැස් කෙරෙයි ... බොහෝ පින් රැස්කෙරෙයි. කවර දසකරුණින යත්:
Pali BJTපාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, පිසුනාය වාචාය පටිවිරතො හොති, ඵරුසාය වාචාය පටිවිරතො හොති, සම්ඵප්පලාපා පටිවිරතො හොති, අනභිජ්ඣාලූ හොති, අව්යාපන්නචිත්තො හොති, සම්මා දිට්ඨිකො හොති,
Sinhala BJTපණිවායෙන් වැළැකියේ වෙයි, අයිනාදනින් වැළැකියේ වෙයි, කාමයන්හි මිසහසරින් වැළැකියේ වෙයි, මුසවායෙන් වැළැකියේ වෙයි, පිසුනු බසින් වැළැකියේ වෙයි, පරොස් බසින් වැළැකියේ වෙයි, සම්ඵප්‍රලාපයෙන් වැළැකියේ වෙයි, අභිධ්‍යා බහුල කොට නැතියේ වෙයි, ව්‍යාපාදයට වන් සිත් නැතියේ වෙයි. සම්දිටු ඇතියේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ දසහි ධම්මෙහි සමන්නාගතො පුග්ගලො බහුං පුඤ්ඤං පසවතීති.
Sinhala BJTමහණෙනි, මේ දස කරුණින් සමන්‍වාගත පුද්ගල බොහෝ පින් රැස් කරන්නේය යි.
Pali BJTපුග්ගලවග්ගො පඤ්චමො.
Sinhala BJTපස්වැනි පුද්ගල වර්‍ග යි.
Pali BJTචතුත්ථො පණ්ණාසකො.
Sinhala BJTසතරවන පණ්ණාසකය යි.
Pali BJTපණ්ණාසාතිරෙක සුත්තානි
Sinhala BJTඅතිරේක සූත්‍ර
Pali BJT1. කරජකායවග්ගො
Sinhala BJT1. කරජකාය වර්‍ගය
Pali BJT10. 5. 1. 1.
Sinhala BJT10. 5. 1. 1.
Pali BJTපඨමනිරය සුත්තං
Sinhala BJTපඨමනිරය සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJTදසහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි දසහි:
Sinhala BJTමහණෙනි, දස කරුණකින් සමන්‍වාගත වූයේ ගෙනවුත් බහා තැබූයේ යම් සේ නම් එසේ නිරයෙහි නික්‍ෂිප්ත වෙයි. කවර දස කරුණකින යත්:
Pali BJT1. ඉධ භික්ඛවෙ එකච්චො පාණාතිපාතී හොති ලුද්දො ලොහිතපාණී හතපහතෙ නිවිට්ඨො අදයාපන්නො සබ්බපාණභූතෙසු.
Sinhala BJT1. මහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් රුදුරු කම් ඇතියේ ලෙහෙ වැකුණු අත් ඇතියේ නැසුම් වොලොගැණුම්හි බටුයේ සර්‍වප්‍රාණභුතගණයා කෙරෙහි දයාවට නො පතුයේ ප්‍රාණඝාතී වෙයි.
Pali BJT2. අදින්නාදායී හොති. යං තං පරස්ස පරචිත්තූපකරණං ගාමගතං වා අරඤ්ඤගතං වා, තං අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදාතා හොති.
Sinhala BJT2. නුදුන්දෑ ගන්නා සුලු වෙයි. ග්‍රාමගත වේවයි අරණ්‍යගත වේවයි. මෙරමාගේ යම් ඒ පරචිත්තෝපකරණයෙක් වේ නම් ස්තෙය සඞ්ඛ්‍යාත වූ එ නුදුන් දෑ ගන්නේ වෙයි.
Pali BJT3. කාමෙසු මිච්ඡාචාරී හොති. යා තා මාතුරක්ඛිතා පිතුරක්ඛිතා මාතාපිතුරක්ඛිතා භාතුරක්ඛිතා භගිනීරක්ඛිතා ඤාතිරක්ඛිතා ගොත්තරක්ඛිතා ධම්මරක්ඛිතා සස්සාමිකා සපරිදණ්ඩා අන්තමසො මාලා ගුලපරික්ඛිත්තාපි, තථා රූපාසු චාරිත්තං ආපජ්ජිතා හොති.
Sinhala BJT3. කාමයෙහි මිසහසර ඇත්තේ වෙයි. මාතෘරක්‍ෂිතා ය, පිතෘරක්‍ෂිතාය, මාතෘරක්‍ෂිතාය, භ්‍රාතෘරක්‍ෂිතාය, භගිනිරක්‍ෂිතාය, ඥාතිරක්‍ෂිතාය, ගෝත්‍රරක්‍ෂිතාය, ධර්‍මරක්‍ෂිතාය, සස්වාමිකාය, සපරිදණ්ඩාය යටත් පිරිසෙයින් මල්ගුලායෙන් පරික්‍ෂිප්ත වූවා දැයි යම් ඒ මාගම්හු වෙත් නම් එබන්දන් කෙරෙහි හැසිරෙන බවට පැමිණියේ වෙයි.
Pali BJT4. මුසාවාදී හොති සභාගතො{1} වා පරිසගතො වා ඤාති මජ්ඣගතො වා පූගමජ්ඣගතො වා රාජකුලමජ්ඣගතො වා අභිනීතො සක්ඛිපුට්ඨො ‘එහම්භො පුරිස, යං ජානාහි, තං වදෙහී’ති. සො අජානං වා ආහ ‘ජානාමී’ති. ජානං වා ආහ ‘න ජානාමී’ති අපස්සං වා ආහ, ‘පස්සාමී’ති පස්සං වා ආහ, න පස්සාමී’ති. ඉති අත්තහෙතු වා පරහෙතු වා ආමිසකිඤ්චික්ඛහෙතු වා සම්පජානමුසා භාසිතා හොති.
Sinhala BJT4. සභාගත වේවයි පර්‍ෂද්ගත වේවයි, ඥාතිමධ්‍යගත වේවයි, පූගමධ්‍යගත වේවයි, රාජකුලමධ්‍යගත වේවයි ඉදිරියට කැඳවන ලදුයේ “එම්බා පුරුෂය, එව යමක් දිනිහි නම් එ කියව”යි, සාක්‍ෂ්‍ය පුළුවුස්නා ලදුයේ මුසාවාදී වෙයි. හේ නො දන්නේ හෝ “දන්මි”යි කියයි. දන්නේ හෝ ‘නො දන්මි’යි කියයි. නො දක්නේ හෝ ‘දක්මි’යි කියයි, දක්නේ හෝ ‘නො දක්මී’යි කියයි, මෙසේ තමා හේතු කොට වේව යි මෙරමා හේතු කොට වේවායි කිසියම් ආමිසයක් හේතුකොට වේවයි, දැන දැන මුසවා බණන්නේ වෙයි.
Pali BJT5. පිසුනාවාචො හොති, ඉතො සුත්වා අමුත්ර අක්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්ර වා සුත්වා ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය. ඉති සමග්ගානං වා භෙත්තා, භින්නානං වා අනුප්පදාතා, වග්ගාරාමො වග්ගරතො වග්ගනන්දි වග්ගකරණිං වාචං භාසිතා හොති.
Sinhala BJT5. පිසුනුබස් ඇතියේ වෙයි. මොවුන්ගේ භේදයට මෙ තැනින් අසා කියන්නේ වෙයි. එහි හෝ අසා ඔවුන්ගේ භේදයට මොවුනට කියන්නේ ය. මෙසේ සමගයන් හෝ බිඳින සුලුවූයේ භින්නයනට හෝ අනුබල දෙන්නේ වර්‍ගයෙහි රැඳියේ වර්‍ගරත වූයේ වර්‍ගයෙහි සතුටු වන්නේ වර්‍ග කරණ වදන් කියන්නේ වෙයි.
Pali BJT6. ඵරුසාවාචො හොති, යා සා වාචා අණ්ඩකා කක්කසා පරකටුකා පරාභිසජ්ජනී කොධසාමන්තා අසමාධිසංවත්තනිකා තථාරූපිං වාචං භාසිතා හොති.
Sinhala BJT6. පරොස්බස් ඇතියේ වෙයි. නො සබැඳි කැකුළු මෙරමා කටුක පරාගටනා ක්‍රෝධය වටා ඇති සමාධිට අහිත යම් ඒ තෙපුලක් වේ නම් එබඳු තෙපුල් කියන්නේ වෙයි.
Pali BJT7. සම්ඵප්පලාපී හොති අකාලවාදී අභූතවාදී අනත්ථවාදී අධම්මවාදී අවිනයවාදී අනිධානවතිං වාචං භාසිතා හොති අකාලෙන අනපදෙසං අපරියන්තවතිං අනත්ථසංහිතං.
Sinhala BJT7. අකාලවාදී ව අභූතවාදී ව අනර්‍ත්‍ථවාදී ව අධර්‍මවාදී ව අවිනයවාදී ව සම්ඵප්‍රලාප කියන සුලු වෙයි. සිත්හිලා නො දැරිය යුතු නො කල්හි කරුණු රහිත පරිච්ඡේද රහිත අනර්‍ත්‍ථය ඇසුරු කළ බස් කියන්නේ වෙයි.
Pali BJT8. අභිජ්ඣාලූ හොති යං තං පරස්ස පරචිත්තූපකරණං, තං අභිජ්ඣිතා හොති, ‘අහොවත{1} යං පරස්ස තං මම අස්සා’ති.
Sinhala BJT8. අභිධ්‍යා බහුල කොට ඇත්තේ වෙයි, මෙරමාගේ යම් ඒ පරචිත්තෝපකරණයෙක් වේ නම්, “අහෝ, ඒ කැතින් යමක් මෙරමාගේ වේ නම් එ මට වේව”යි. එය ගිජුසිතින් පතනේ වෙයි,
Pali BJT9. බ්යාපන්නචිත්තො හොති පදුට්ඨමනසඞ්කප්පො, ‘ඉමෙ සත්තා හඤ්ඤන්තු වා බජ්ඣන්තු වා උච්ඡිජ්ජන්තු වා විනස්සන්තු වා මා වා අහෙසුන්ති”.
Sinhala BJT9. ප්‍රදුෂ්ටමනඃ සඞ්කල්ප ඇතියේ “මෙ සත්හු නැසෙත් වායි හෝ බැඳෙත්වයි හෝ මුලුසුන් වෙත්වයි හෝ වැනසෙත්වයි හෝ නහමක් වෙත්වයි හෝ” ව්‍යාපාදයට පත් සිතැතියේ වෙයි.
Pali BJT10. මිච්ඡාදිට්ඨිකො හොති විපරීතදස්සනො, ‘නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරො ලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී’ති.
Sinhala BJT10. දුන්දැයෙහි පල නැත, යාගයෙහි නැත, හෝමයෙහි පල නැත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵල විපාක නැත, මෙලෝ නැත, පරලෝ නැත, මවක් නැත, පියෙක් නැත, ඖපපාදුක සත්ත්‍වයෝ නැත, ලොව්හි යහමගට ගිය මනා පිළිවෙත් සපන් යමෙක් තුමූ මෙලෝ හා පරලෝ හා තුමූ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට සකසා දනිත් නම් එ බඳු මහණබමුණෝ නැත.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ දසහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
Sinhala BJTමහණෙනි, මෙ දසකරුණින් සමන්‍වාගත වූයේ ගෙනවුත් බහා තැබුයේ යම් සේ නම් එසේ නිරාහි නික්‍ෂිප්ත වෙයි.