Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 15201-15300 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඅරියධම්මඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි, අනරියධම්මඤ්ච තං සුණාථ -පෙ-
Sinhala BJTමහණෙනි, තොපට ආර්‍ය්‍යධර්‍මය ද අනාර්‍ය්‍යධර්‍මය ද දෙසන්නෙමි. එ අසව …
Pali BJTකතමො ච භික්ඛවෙ අනරියො ධම්මො:
Sinhala BJTමහණෙනි, අනාර්‍ය්‍යධර්‍ම කවරේය යත්:
Pali BJTපාණාතිපාතො -පෙ- මිච්ඡාදිට්ඨි. අයං වුච්චති භික්ඛවෙ අනරියො ධම්මො.
Sinhala BJTප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ අනාර්‍ය්‍යධර්‍මයයි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ අරියො ධම්මො:
Sinhala BJTමහණෙනි, ආර්‍ය්‍ය ධර්‍ම කවරේය යත්:
Pali BJTපාණාතිපාතා වෙරමණී -පෙ- සම්මාදිට්ඨි.
Sinhala BJTප්‍රාණඝාතයෙන් විරමණය ... සම්‍යග්දෘෂ්ටියයි.
Pali BJTඅයං වුච්චති භික්ඛවෙ අරියො ධම්මොති.
Sinhala BJTමහණෙනි, මේ ආර්‍ය්‍යධර්‍මයයි කියනු ලැබේ.
Pali BJT10. 4. 3. 3.
Sinhala BJT10. 4. 3. 3.
Pali BJTකුසල සුත්තං
Sinhala BJTකුසල සූත්‍රය
Pali BJTකුසලඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි, අකුසලඤ්ච. තං සුණාථ -පෙ-
Sinhala BJTමහණෙනි, තොපට කුසල් ද අකුසල් ද දෙසමි. එ අසවු ...
Pali BJTකතමඤ්ච භික්ඛවෙ අකුසලං:
Sinhala BJTමහණෙනි, අකුසල කවරේය යත්:
Pali BJTපාණාතිපාතො -පෙ- මිච්ඡාදිට්ඨි. ඉදං වුච්චති භික්ඛවෙ අකුසලං.
Sinhala BJTප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ අකුසලයි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ කුසලං:
Sinhala BJTමහණෙනි, කුසල කවරේය යත්:
Pali BJTපාණාතිපාතා වෙරමණී -පෙ- සම්මාදිට්ඨි.
Sinhala BJTප්‍රාණඝාතයෙන් විරමණය ... සම්‍යග්දෘෂ්ටියයි.
Pali BJTඉදං වුච්චති භික්ඛවෙ කුසලන්ති.
Sinhala BJTමහණෙනි, මේ කුසලයි කියනු ලැබේ.
Pali BJT10. 4. 3. 4.
Sinhala BJT10. 4. 3. 4.
Pali BJTඅත්ථ සුත්තං
Sinhala BJTඅර්‍ත්‍ථ සූත්‍රය
Pali BJTඅත්ථඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි, අනත්ථඤ්ච. තං සුණාථ -පෙ-
Sinhala BJTමහණෙනි, තොපට අර්‍ත්‍ථ හා අනර්‍ත්‍ථ හා දෙසමි. එ අසවු ...
Pali BJTකතමො ච භික්ඛවෙ අනත්ථො:
Sinhala BJTමහණෙනි, අනර්‍ත්‍ථ කවරේය යත්:
Pali BJTපාණාතිපාතො -පෙ- මිච්ඡාදිට්ඨි. අයං වුච්චති භික්ඛවෙ අනත්ථො.
Sinhala BJTප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ අනර්‍ත්‍ථයි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ අත්ථො:
Sinhala BJTමහණෙනි, අර්‍ත්‍ථය කවරේය යත්:
Pali BJTපාණාතිපාතා වෙරමණී -පෙ- සම්මාදිට්ඨීති.
Sinhala BJTපණිවායෙන් විරමණය ... සම්‍යක් දෘෂ්ටියි.
Pali BJTඅයං වුච්චති භික්ඛවෙ අත්ථො ති.
Sinhala BJTමහණෙනි, මේ අර්‍ත්‍ථයි කියනු ලැබේ.
Pali BJT10. 4. 3. 5.
Sinhala BJT10. 4. 3. 5.
Pali BJTධම්ම සුත්තං
Sinhala BJTධර්‍ම සූත්‍රය
Pali BJTධම්මඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි, අධම්මඤ්ච. තං සුණාථ -පෙ-
Sinhala BJTමහණෙනි, තොපට ධර්‍ම හා අධර්‍ම හා දෙසමි. එ අසවු ...
Pali BJTකතමො ච භික්ඛවෙ අධම්මො:
Sinhala BJTමහණෙනි, අධර්‍ම කවරේය යත්:
Pali BJTපාණාතිපාතො -පෙ- මිච්ඡාදිට්ඨි. අයං වුච්චති භික්ඛවෙ අධම්මො.
Sinhala BJTප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ අධර්‍මයි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ ධම්මො:
Sinhala BJTමහණෙනි, ධර්‍ම කවරේය යත්:
Pali BJTපාණාතිපාතා වෙරමණී -පෙ- සම්මාදිට්ඨි.
Sinhala BJTප්‍රාණඝාතයෙන් විරමණය ... සම්‍යක් දෘෂ්ටියයි.
Pali BJTඅයං වුච්චති භික්ඛවෙ ධම්මො ති.
Sinhala BJTමහණෙනි, මේ ධර්‍මයි කියනු ලැබේ.
Pali BJT10. 4. 3. 6.
Sinhala BJT10. 4. 3. 6.
Pali BJTසාසවධම්ම සුත්තං
Sinhala BJTසාසවධම්ම සූත්‍රය
Pali BJTසාසවඤ්ච වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි, අනාසවඤ්ච. තං සුණාථ -පෙ-
Sinhala BJTමහණෙනි, සාස්‍රවධර්‍ම හා අනාස්‍රවධර්‍ම හා දෙසමි. එ අසවු ...
Pali BJTකතමො ච භික්ඛවෙ සාසවො ධම්මො:
Sinhala BJTමහණෙනි, සාස්‍රවධර්‍ම කවරේය යත්:
Pali BJTපාණාතිපාතො -පෙ- මිච්ඡාදිට්ඨි. අයං වුච්චති භික්ඛවෙ සාසවො ධම්මො.
Sinhala BJTප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ සාස්‍රවධර්‍මයි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ අනාසවො ධම්මො:
Sinhala BJTමහණෙනි, අනාස්‍රවධර්‍ම කවරේය යත්:
Pali BJTපාණාතිපාතා වෙරමණී -පෙ- සම්මාදිට්ඨි.
Sinhala BJTප්‍රාණඝාතයෙන් විරමණය ... සම්‍යක් දෘෂ්ටියයි.
Pali BJTඅයං වුච්චති භික්ඛවෙ අනාසවො ධම්මො ති.
Sinhala BJTමහණෙනි, මේ අනාස්‍රව ධර්‍ම යි කියනු ලැබේ.
Pali BJT10. 4. 3. 7.
Sinhala BJT10. 4. 3. 7.
Pali BJTසාවජ්ජ සුත්තං
Sinhala BJTසාවද්‍ය සූත්‍රය
Pali BJTසාවජ්ජඤ්ච වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි, අනවජ්ජඤ්ච. තං සුණාථ -පෙ-
Sinhala BJTමහණෙනි, තොපට සාවද්‍යධර්‍ම හා අනවද්‍යධර්‍ම හා දෙසමි. එ අසවු ...
Pali BJTකතමො ච භික්ඛවෙ සාවජ්ජො ධම්මො:
Sinhala BJTමහණෙනි, සාවද්‍යධර්‍ම කවරේය යත්:
Pali BJTපාණාතිපාතො -පෙ- මිච්ඡාදිට්ඨි. අයං වුච්චති භික්ඛවෙ සාවජ්ජො ධම්මො.
Sinhala BJTප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ සාවද්‍යධර්‍මයි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ අනවජ්ජො ධම්මො:
Sinhala BJTමහණෙනි, අනවද්‍යධර්‍ම කවරේය යත්:
Pali BJTපාණාතිපාතා වෙරමණී -පෙ- සම්මාදිට්ඨි.
Sinhala BJTපණිවායෙන් දුරුවීම .. සම්‍යක් දෘෂ්ටියයි.
Pali BJTඅයං වුච්චති භික්ඛවෙ අනවජ්ජො ධම්මො ති.
Sinhala BJTමහණෙනි, මේ අනවද්‍යධර්‍මයි කියනු ලැබේ.
Pali BJT10. 4. 3. 8.
Sinhala BJT10. 4. 3. 8.
Pali BJTතපනීය සුත්තං
Sinhala BJTතපනීය සූත්‍රය
Pali BJTතපනීයඤ්ච වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි, අතපනීයඤ්ච. තං සුණාථ -පෙ-
Sinhala BJTමහණෙනි, තොපට තපනීය ධර්‍ම හා අතපනීයධර්‍ම හා දෙසමි. එ අසවු ...
Pali BJTකතමො ච භික්ඛවෙ තපනීයො ධම්මො:
Sinhala BJTමහණෙනි, තපනීයධර්‍ම කවරේය යත්:
Pali BJTපාණාතිපාතො -පෙ- මිච්ඡාදිට්ඨි. අයං වුච්චති භික්ඛවෙ තපනීයො ධම්මො.
Sinhala BJTප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි.
Pali BJTකතමො ච භික්ඛවෙ අතපනීයො ධම්මො:
Sinhala BJTමහණෙනි, අතපනීයධර්‍ම කවරේය යත්:
Pali BJTපාණාතිපාතා වෙරමණී -පෙ- සම්මාදිට්ඨි.
Sinhala BJTපණිවායෙන් වෙන්වීම ... සම්‍යක්දෘෂ්ටියි.
Pali BJTඅයං වුච්චති භික්ඛවෙ අතපනීයො ධම්මො ති.
Sinhala BJTමහණෙනි, මේ අතපනීයධර්‍මයි කියනු ලැබේ.
Pali BJT10. 4. 3. 9.
Sinhala BJT10. 4. 3. 9.
Pali BJTආචයගාමී සුත්තං
Sinhala BJTආචයගාමී සූත්‍රය
Pali BJTආචයගාමිඤ්ච වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි, අපචයගාමිඤ්ච. තං සුණාථ -පෙ-
Sinhala BJTමහණෙනි, තොපට ආචයගාමීධර්‍ම හා අපචයගාමීධර්‍ම හා දෙසමි. එ අසවු:
Pali BJTකතමො ච භික්ඛවෙ ආචයගාමී ධම්මො:
Sinhala BJTමහණෙනි, ආචයගාමීධර්‍ම කවරේය යත්:
Pali BJTපාණාතිපාතො -පෙ- මිච්ඡාදිට්ඨි. අයං වුච්චති භික්ඛවෙ ආචයගාමී ධම්මො.
Sinhala BJTප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටි යි. මහණෙනි, මේ ආචයගාමීධර්‍ම යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ අපචයගාමී ධම්මො:
Sinhala BJTමහණෙනි, අපචයාගාමී ධර්‍ම කවරේය යත්:
Pali BJTපාණාතිපාතා වෙරමණී -පෙ- සම්මාදිට්ඨි.
Sinhala BJTපණිවායෙන් දුරුවීම ... සම්‍යක් දෘෂ්ටියි.
Pali BJTඅයං වුච්චති භික්ඛවෙ අපචයගාමී ධම්මො ති.
Sinhala BJTමහණෙනි, මේ අපචයගාමීධර්‍ම යි කියනු ලැබේ.
Pali BJT10. 4. 3. 10.
Sinhala BJT10. 4. 3. 10.
Pali BJTදුක්ඛුද්රය සුත්තං
Sinhala BJTදුක්ඛුද්‍රය සූත්‍රය
Pali BJTදුක්ඛුද්රයඤ්ච වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි, සුඛුද්රයඤ්ච. තං සුණාථ -පෙ-
Sinhala BJTමහණෙනි, තොපට දුක්ඛුද්‍රයධර්‍ම හා සුඛුද්‍රයධර්‍ම හා දෙසමි. එ අසවු ...
Pali BJTකතමො ච භික්ඛවෙ දුක්ඛුද්රයො ධම්මො:
Sinhala BJTමහණෙනි, දුක්ඛුද්‍රයධර්‍ම කවරේය යත්:
Pali BJTපාණාතිපාතො -පෙ- මිච්ඡාදිට්ඨි. අයං වුච්චති භික්ඛවෙ දුක්ඛුද්රයො ධම්මො.
Sinhala BJTප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ දුක්ඛුද්‍රයධර්‍මයි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ සුඛුද්රයො ධම්මො:
Sinhala BJTමහණෙනි, සුඛුද්‍රයධර්‍ම කවරේය යත්:
Pali BJTපාණාතිපාතා වෙරමණී -පෙ- සම්මාදිට්ඨි.
Sinhala BJTපණිවායෙන් දුරුවීම ... සම්‍යක් දෘෂ්ටියි.
Pali BJTඅයං වුච්චති භික්ඛවෙ සුඛුද්රයො ධම්මො ති.
Sinhala BJTමහණෙනි, මේ සුඛුද්‍රයධර්‍ම යි කියනු ලැබේ.
Pali BJT10. 4. 3. 11.
Sinhala BJT10. 4. 3. 11.
Pali BJTදුක්ඛවිපාක සුත්තං
Sinhala BJTදුක්ඛවිපාක සූත්‍රය
Pali BJTදුක්ඛවිපාකඤ්ච වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි, සුඛවිපාකඤ්ච. තං සුණාථ -පෙ-
Sinhala BJTමහණෙනි, තොපට දුක්ඛවිපාකධර්‍ම හා සුඛවිපාකධර්‍ම හා දෙසමි. එ අසවු ...
Pali BJTකතමො ච භික්ඛවෙ දුක්ඛවිපාකො ධම්මො:
Sinhala BJTමහණෙනි, දුක්ඛවිපාකධර්‍ම කවරේය යත්:
Pali BJTපාණාතිපාතො -පෙ- මිච්ඡාදිට්ඨි. අයං වුච්චති භික්ඛවෙ දුක්ඛවිපාකො ධම්මො.
Sinhala BJTප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ දුක්ඛවිපාකධර්‍මයි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ සුඛවිපාකො ධම්මො:
Sinhala BJTමහණෙනි, සුඛවිපාකධර්‍ම කවරේය යත්:
Pali BJTපාණාතිපාතා වෙරමණී -පෙ- සම්මාදිට්ඨි.
Sinhala BJTපණිවායෙන් දුරුවීම ... සම්‍යක්දෘෂ්ටියි.
Pali BJTඅයං වුච්චති භික්ඛවෙ සුඛවිපාකො ධම්මො ති.
Sinhala BJTමහණෙනි, මේ සුඛවිපාකධර්‍මයි කියනු ලැබේ.
Pali BJTසාධුවග්ගො තතියො.
Sinhala BJTතුන්වැනි සාධූවර්‍ග යි.
Pali BJT4. අරියමග්ගවග්ගො
Sinhala BJT4. අරියමග්ග වර්‍ගය
Pali BJT10. 4. 4. 1.
Sinhala BJT10. 4. 4. 1.
Pali BJTඅරියමග්ග සුත්තං
Sinhala BJTඅරියමග්ග සූත්‍රය
Pali BJTඅරියමග්ගඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි, අනරියමග්ගඤ්ච. තං සුණාථ -පෙ-
Sinhala BJTමහණෙනි, තොපට ආර්‍ය්‍යමාර්‍ගය හා අනාර්‍ය්‍යමාර්‍ගය හා දෙසමි. ඒ අසවු …
Pali BJTකතමො ච භික්ඛවෙ අනරියො මග්ගො:
Sinhala BJTමහණෙනි, අනාර්‍ය්‍යමාර්‍ගය කවරේය යත්:
Pali BJTපාණාතිපාතො -පෙ- මිච්ඡාදිට්ඨි. අයං වුච්චති භික්ඛවෙ අනරියො මග්ගො.
Sinhala BJTප‍්‍රාණඝාතය ... මිථ්‍යා - දෘෂ්ටියි. මහණෙනි, මේ අනාර්‍ය්‍යමාර්‍ගයයි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ අරියො මග්ගො:
Sinhala BJTමහණෙනි, ආර්‍ය්‍යමාර්‍ගය කවරේය යත්:
Pali BJTපාණාතිපාතා වෙරමණී -පෙ- සම්මාදිට්ඨි.
Sinhala BJTප‍්‍රාණඝාතයෙන් විරමණය ... සම්‍යක් දෘෂ්ටියි.
Pali BJTඅයං වුච්චති භික්ඛවෙ අරියො මග්ගො ති.
Sinhala BJTමහණෙනි, මේ ආර්‍ය්‍යමාර්‍ගයි කියනු ලැබේ.
Pali BJT10. 4. 4. 2.
Sinhala BJT10. 4. 4. 2.
Pali BJTකණ්හමග්ග සුත්තං
Sinhala BJTකණ්හමග්ග සූත්‍රය
Pali BJTකණ්හමග්ගඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි, සුක්කමග්ගඤ්ච. තං සුණාථ -පෙ-
Sinhala BJTමහණෙනි, තොපට කෘෂ්ණමාර්‍ගය හා ශුක්ලමාර්‍ගය හා දෙසමි. ඒ අසවු …
Pali BJTකතමො ච භික්ඛවෙ කණ්හො මග්ගො:
Sinhala BJTමහණෙනි, කෘෂ්ණමාර්‍ගය කවරේය යත්:
Pali BJTපාණාතිපාතො -පෙ- මිච්ඡාදිට්ඨි. අයං වුච්චති භික්ඛවෙ කණ්හො මග්ගො.
Sinhala BJTප‍්‍රාණඝාතය ... මිථ්‍යා - දෘෂ්ටියි. මහණෙනි, මේ කෘෂ්ණමාර්‍ගයයි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ සුක්කො මග්ගො:
Sinhala BJTමහණෙනි, ශුක්ලමාර්‍ග කවරේය යත්:
Pali BJTපාණාතිපාතා වෙරමණී -පෙ- සම්මාදිට්ඨි.
Sinhala BJTප‍්‍රාණඝාතයෙන් විරමණය .... සම්‍යක්දෘෂ්ටියි.
Pali BJTඅයං වුච්චති භික්ඛවෙ සුක්කො මග්ගො ති.
Sinhala BJTමහණෙනි, මේ ශුක්ලමාර්‍ගයි කියනු ලැබේ.
Pali BJT10. 4. 4. 3.
Sinhala BJT10. 4. 4. 3.
Pali BJTසද්ධම්ම සුත්තං
Sinhala BJTසද්ධම්ම සූත්‍රය
Pali BJTසද්ධම්මඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි, අසද්ධම්මඤ්ච. තං සුණාථ -පෙ-
Sinhala BJTමහණෙනි, තොපට සද්ධර්‍මය හා අසද්ධර්‍මය හා දෙසමි. ඒ අසවු ....
Pali BJTකතමො ච භික්ඛවෙ අසද්ධම්මො:
Sinhala BJTමහණෙනි, අසද්ධර්‍මය කවරේය යත්: