Pali BJTපාණාතිපාතම්පහං භික්ඛවෙ තිවිධං වදාමි ලොභහෙතුකම්පි දොසහෙතුකම්පි මොහහෙතුකම්පි. අදින්නාදානම්පහං භික්ඛවෙ තිවිධං වදාමි ලොභහෙතුකම්පි දොසහෙතුකම්පි මොහහෙතුකම්පි. කාමෙසු මිච්ඡාචාරම්පහං භික්ඛවෙ තිවිධං වදාමි ලොභහෙතුකම්පි දොසහෙතුකම්පි මොහහෙතුකම්පි. මුසාවාදම්පහං භික්ඛවෙ තිවිධං වදාමි ලොභහෙතුකම්පි දොසහෙතුකම්පි මොහහෙතුකම්පි. පිසුණංවාචම්පහං භික්ඛවෙ තිවිධං වදාමි ලොභහෙතුකම්පි දොසහෙතුකම්පි මොහහෙතුකම්පි. ඵරුසංවාචම්පහං භික්ඛවෙ තිවිධං වදාමි ලොභහෙතුකම්පි දොසහෙතුකම්පි මොහහෙතුකම්පි. සම්ඵප්පලාපම්පහං භික්ඛවෙ තිවිධං වදාමි ලොභහෙතුකම්පි දොසහෙතුකම්පි මොහහෙතුකම්පි. අභිජ්ඣම්පහං භික්ඛවෙ තිවිධං වදාමි ලොභහෙතුකම්පි දොසහෙතුකම්පි මොහහෙතුකම්පි. ව්යාපාදම්පහං භික්ඛවෙ තිවිධං වදාමි ලොභහෙතුකම්පි දොසහෙතුකම්පි මොහහෙතුකම්පි. මිච්ඡාදිට්ඨිම්පහං භික්ඛවෙ තිවිධං වදාමි ලොභහෙතුකම්පි දොසහෙතුකම්පි මොහහෙතුකම්පි.
Sinhala BJTමහණෙනි, මම ප්‍රාණඝාතය ත්‍රිවිධ කොට කියමි: ලෝභහේතුක ය, දෝසහේතුක ය, මෝහහේතුක ය යි. මහණෙනි, මම අදින්නාදානය ද ත්‍රිවිධ කොට කියමි: ලෝභහේතුක ය, දෝසහේතුක ය, මෝහහේතුකය යී. මහණෙනි, මම කාමමිථ්‍යාචාරය ද ත්‍රිවිධ කොට කියමි: ලෝභහේතුක ය, දෝසහේතුක ය, මෝහහේතුකය යි. මහණෙනි, මම මුසාවාදය ද ත්‍රිවිධ කොට කියමි: ලෝභහේතුක ය, දෝස හේතුක ය, මෝහහේතුක යයි. මහණෙනි, මම පිසුණුබස ද ත්‍රිවිධ කොට කියමි: ලෝභහේතුක ය, දෝසහේතුක ය, මෝහහේතුක ය යි. මහණෙනි, මම පරොස්බස් ද ත්‍රිවිධ කොට කියමි: ලෝභහේතුක ය, දෝසහේතුක ය, මෝහහේතුකය යි. මහණෙනි, මම සම්ඵප්‍රලාප ද ත්‍රිවිධ කොට කියමි: ලෝභ හේතුක ය, දෝසහේතුක ය, මෝහහේතුක යයි. මහණෙනි, මම අභිධ්‍යාව ද ත්‍රිවිධ කොට කියමි: ලෝභහේතුක ය, දෝසහේතුක ය, මෝහහේතුක ය යි. මහණෙනි, මම ව්‍යාපාදය ද ත්‍රිවිධ කොට කියමි: ලෝභහේතුක ය, දෝසහේතුක ය, මෝහහේතුක ය යි. මහණෙනි, මම මිථ්‍යාදෘෂ්ටි ය ද ත්‍රිවිධ කොට කියමි: ලෝභහේතුක ය, දෝසහේතුකය, මෝහහේතුකය යි.
Pali BJTඉති ඛො භික්ඛවෙ ලොභො කම්මනිදානසම්භවො, දොසො කම්මනිදානසම්භවො, මොහො කම්මනිදානසම්භවො. ලොභක්ඛයා කම්මනිදානසඞ්ඛයො, දොසක්ඛයා කම්මනිදානසඞ්ඛයො, මොහක්ඛයා කම්මනිදානසඞ්ඛයොති.
Sinhala BJTමහණෙනි, මෙසේ වනාහි ලෝභය කම්මනිදානසම්භව වෙයි. දෝසය කම්මනිදාන සම්භව වෙයි. මෝහය කම්මනිදානසම්භව වෙයි. ලොභක්‍ෂය හේතුවෙන් කර්‍මනිදානක්‍ෂයය වෙයි. දෝෂක්‍ෂය හේතුවෙන් කර්‍මනිදානක්‍ෂයය වෙයි, මෝහක්‍ෂය හේතුවෙන් කර්‍මනිදානක්‍ෂයය වේ යයි.
Pali BJT10. 4. 2. 9.
Sinhala BJT10. 4. 2. 9.
Pali BJTසපරික්කමන සුත්තං
Sinhala BJTසපරික්කමන සූත්‍රය
Pali BJTසපරික්කමනො අයං භික්ඛවෙ ධම්මො, නායං ධම්මො අපරික්කමනො. කථඤ්ච භික්ඛවෙ සපරික්කමනො අයං ධම්මො, නායං ධම්මො අපරික්කමනො:
Sinhala BJTමහණෙනි, මේ ධර්‍මය පරිවර්‍ජන සහිත වෙයි, මේ ධර්‍මය පරිවර්‍ජන රහිත නො වෙයි. මහණෙනි, මේ ධර්‍මය කෙසේ පරිවර්‍ජන සහිත වේය යත්: මේ ධර්‍මය කෙසේ පරිවර්‍ජන රහිත නොවේය යත්:
Pali BJTපාණාතිපාතිස්ස භික්ඛවෙ පාණාතිපාතා වෙරමණී පරික්කමනං හොති. අදින්නාදානස්ස භික්ඛවෙ අදින්නාදානා වෙරමණී පරික්කමනං හොති. කාමෙසු මිච්ඡාචාරිස්ස{1} භික්ඛවෙ කාමෙසු මිච්ඡාචාරා වෙරමණී පරික්කමනං හොති. මුසාවාදිස්ස{2} භික්ඛවෙ මුසාවාදා වෙරමණී පරික්කමනං හොති.
Sinhala BJTමහණෙනි, ප්‍රාණඝාතී හට ප්‍රාණඝාතවිරමණය පරිවර්‍ජනය වෙයි. මහණෙනි, අදින්නාදායී හට අදින්නාදානවිරමණය පරිවර්‍ජනය වෙයි. මහණෙනි, කාමමිථ්‍යාචාරීහට කාමමිථ්‍යාචාරවිරමණය පරිවර්‍ජනය වෙයි. මහණෙනි, මුසාවාදී හට මුසාවාදවිරමණය පරිවර්‍ජනය වෙයි.
Pali BJTපිසුනාවාචස්ස භික්ඛවෙ පිසුනාවාචා වෙරමණී පරික්කමනං හොති. ඵරුසාවාචස්ස භික්ඛවෙ ඵරුසාය වාචාය වෙරමණී පරික්කමනං හොති. සම්ඵප්පලාපිස්ස{1} භික්ඛවෙ සම්ඵප්පලාපා වෙරමණී පරික්කමනං හොති. අභිජ්ඣාලුස්ස භික්ඛවෙ අනභිජ්ඣා පරික්කමනං හොති. ව්යාපන්නස්ස{2} භික්ඛවෙ අව්යාපාදො පරික්කමනං හොති. මිච්ඡාදිට්ඨිකස්ස{3} භික්ඛවෙ සම්මාදිට්ඨි පරික්කමනං හොති.
Sinhala BJTමහණෙනි, පිසුනුබස් ඇත්තහුට පිසුනු බසින් විරමණය පරික්‍රමණය වෙයි. මහණෙනි, පරොස් බස් ඇත්තහුට පරොස් බසින් විරමණය පරික්‍රමණය වෙයි. මහණෙනි, සම්ඵප්‍රලාප ඇත්තහුට සම්ඵප්‍රලාපයෙන් විරමණය පරික්‍රමණය වෙයි. මහණෙනි, අභිධ්‍යා ඇත්තහුට අනභිධ්‍යාව පරික්‍රමණය වෙයි. මහණෙනි, ව්‍යාපාද ඇත්තහුට අව්‍යාපාදය පරික්‍රමණය වෙයි. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටි ඇත්තහුට සම්‍යග්දෘෂ්ටිය පරික්‍රමණය වෙයි.
Pali BJTඑවං ඛො භික්ඛවෙ, සපරික්කමනො අයං ධම්මො නායං ධම්මො අපරික්කමනොති.
Sinhala BJTමහණෙනි, මෙසේ මේ ධර්‍මය සපරික්‍රමණ වෙයි. මේ ධර්‍මය අපරික්‍රමණ නො වේ ය යි.
Pali BJT10. 4. 2. 10.
Sinhala BJT10. 4. 2. 10.
Pali BJTචුන්ද සුත්තං
Sinhala BJTචුන්‍ද සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං, එකං සමයං භගවා පාවායං{4} විහරති චුන්දස්ස කම්මාර පුත්තස්ස අම්බවනෙ. අථ ඛො චුන්දො කම්මාරපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො චුන්දං කම්මාරපුත්තං භගවා එතදවොච: කස්ස නො ත්වං චුන්ද සොචෙය්යානි රොචෙය්යාසීති{5}?
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදී. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ පාවා හි චුන්‍දකර්‍මාර පුත්‍රයාගේ අඹවෙනෙහි වැඩ වසන සේක. එකල චුන්‍ද කර්‍මාරපුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හින. එකත්පස් ව හුන් ආයුෂ්මත් චුන්‍ද කර්‍මාරපුත්‍රහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: චුන්‍දය, තෝ කවරකුගේ සුචිභාවයන් රුස්නෙහි දැ යි.
Pali BJTබ්රාහ්මණා භන්තෙ පච්ඡාභූමකා කමණ්ඩලුකා සෙවාලමාලිකා අග්ගිපරිචාරකා{6} උදකොරොහකා සොචෙය්යානි පඤ්ඤාපෙන්ති. තෙසාහං සොචෙය්යානි රොචෙමීති.
Sinhala BJTවහන්ස, පශ්චාද්භූමි වැසි කමඬලා දරන සෙවෙල්දම් පළඳින ගිනි පුදන උදකාවරෝහණය කරන බ්‍රාහ්මණයෝ සුචිභාවයන් පනවත්. වහන්ස, මම ඔවුන්ගේ සුචිභාවයන් රුස්නෙමි යි.
Pali BJTයථා කථං පන චුන්ද, බ්රාහ්මණා පච්ඡාභූමකා කමණ්ඩලුකා සෙවාලමාලිකා අග්ගිපරිචාරිකා උදකොරොහකා සොචෙය්යානි පඤ්ඤාපෙන්තීති?
Sinhala BJTචුන්‍දය, කෙසේනම් පශ්චාද්භූමිවාසී කමඬලා දරන සෙවෙල්දම් පළඳින ගිනි පුදන උදකාවරෝහණය කරන බ්‍රාහ්මණයෝ සුචිභාවයන් පණවත්දැයි?
Pali BJTඉධ භන්තෙ බ්රාහ්මණා පච්ඡා භූමකා කමණ්ඩලුකා සෙවාලමාලිකා අග්ගිපරිචාරිකා උදකොරොහකා තෙ සාවකෙ{7} එවං සමාදපෙන්ති: “එහි ත්වං අම්භො පුරිස, කාලස්සෙව{8} උට්ඨහන්තොව{9} සයනම්හා පඨවිං ආමසෙය්යාසි, නො චෙ පඨවිං ආමසෙය්යාසි අල්ලානි ගොමයානි ආමසෙය්යාසි, නො චෙ අල්ලානි ගොමයානි ආමසෙය්යාසි හරිතානි තිණානි ආමසෙය්යාසි.
Sinhala BJTවහන්ස, මෙහි පශ්චාද්භූමක වූ කමඬලා දරන සෙවෙල්දම් පළඳින ගිනි පුදන උදකාවරෝහණය කරන බමුණෝ මෙසේ සව්වන් සමාදන් කරවත්: “එම්බා පුරුෂය, එව තෝ කල් ඇතිව ම යහනින් නැගිටුනේ පොළොව පිරිමදනෙහි, ඉදින් පොළොව නො පිරිමදනෙහි නම් අමුගොම පිරිමදනෙහි, ඉදින් අමුගොම නො පිරිමදනෙහි නම් නිල් තණ පිරිමදනෙහි.
Pali BJTනො චෙ හරිතානි තිණානි ආමසෙය්යාසි අග්ගිං පරිචරෙය්යාසි, නො චෙ අග්ගිං පරිචරෙය්යාසි පඤ්ජලිකො ආදිච්චං නමස්සෙය්යාසි, නො චෙ පඤ්ජලිකො ආදිච්චං නමස්සෙය්යාසි සායතතියකං උදකං ඔරොහෙය්යාසීති. එවං ඛො භන්තෙ බ්රාහ්මණා පච්ඡාභූමකා කමණ්ඩලුකා සෙවාලමාලිකා අග්ගිපරිචාරකා උදකොරොහකා සොචෙය්යානි පඤ්ඤාපෙන්ති. තෙසාහං සොචෙය්යානි රොචෙමීති.
Sinhala BJTඉදින් නිල්තණ නො පිරිමදනෙහි නම් අග්නිපරිචරණය කරනෙහි. ඉදින් අග්නිපරිචරණය නො කරනෙහි නම් බදැඳිලි ව හිරු නමදනෙහි. ඉදින් බදැඳිලි ව හිරු නො නමදනෙහි නම් සවස තෙවැනි කොට උදකාවරෝහණ කරනෙහි”යි. වහන්ස, මෙසේ පශ්චාද්භූමක, කමඬලා දරන සෙවෙල්මල්දම් පළඳින, අග්නිපරිචරණය කරන උදකාවරෝහණය කරණ බ්‍රාහ්මණයෝ සුචිභාවයන් පණවත් යි. ඔවුන්ගේ ඒ සුචිභාවයන් කැමැත්තෙමි යි.
Pali BJTඅඤ්ඤථා ඛො චුන්ද බ්රාහ්මණා පච්ඡාභූමකා කමණ්ඩලුකා සෙවාලමාලිකා අග්ගිපරිචාරකා උදකොරොහකා සොචෙය්යානි පඤ්ඤාපෙන්ති. අඤ්ඤථා ච පන අරියස්ස විනයෙ සොචෙය්යං හොතීති.
Sinhala BJTචුන්‍දය, පච්ඡාභූමි වැසි කමඬලා දරණ සෙවෙල් දම් පළඳින අග්නිපරිචරණය කරන උදකාවරෝහණයෙහි යෙදෙන බ්‍රාහ්මණයෝ අන් පරිද්දෙකින් සුචිභාවයන් පනවත්. ආර්‍ය්‍යවිනයෙහි වනාහි සුචිබව අන්පරිද්දෙකින් වේ ය යි.
Pali BJTයථා කථං පන භන්තෙ අරියස්ස විනයෙ සොචෙය්යං හොති? සාධු මෙ භන්තෙ භගවා තථා ධම්මං දෙසෙතු යථා අරියස්ස විනයෙ සොචෙය්යං හොතීති.
Sinhala BJTවහන්ස, ආර්‍ය්‍යවිනයෙහි සුචිබව කෙසේ වේ ද? වහන්ස, යම් පරිදි ආර්‍ය්‍යවිනයෙහි සුචිබව වේ නම් භාග්‍යවතුන් වහන්සේ මට එපරිදි දහම් දෙසනසේක් නම් මැනැවැයි.
Pali BJTතෙන හි චුන්ද සුණාහි, සාධුකං මනසිකරොහි, භාසිස්සාමීති. එවං භන්තෙති ඛො චුන්දො කම්මාරපුත්තො භගවතො පච්චස්සොසී. භගවා එතදවොච:
Sinhala BJTචුන්‍දය, එසේ නම් අසව, මොනොවට මෙනෙහි කරව, දෙසන්නෙමියි. එසේය වහන්සැයි චුන්‍දකර්‍මාරපුත්‍ර භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වීය. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
Pali BJTතිවිධං ඛො චුන්ද කායෙන අසොචෙය්යං හොති, චතුබ්බිධං වාචාය අසොචෙය්යං හොති, තිවිධං මනසා අසොචෙය්යං හොති.
Sinhala BJTචුන්‍දය, කයින් ත්‍රිවිධඅශූචිභාවයෙක් වෙයි, වචනයෙන් චතුර්විධ අශූචිභාවයෙක් වෙයි, මනසින් ත්‍රිවිධ අශූචිභාවයෙක් වේ.
Pali BJTකථඤ්ච චුන්ද තිවිධං කායෙන අසොචෙය්යං හොති:
Sinhala BJTචුන්‍දය, කයින් ත්‍රිවිධ අශූචිභාවය කිසේය යත්:
Pali BJT1. ඉධ චුන්ද එකච්චො පාණාතිපාතී හොති ලුද්දො ලොහිතපාණී හතපහටෙ{1} නිවිට්ඨො අදයාපන්නො සබ්බපාණ භූතෙසු.
Sinhala BJT1. චුන්‍දය, මෙ ලොව්හි ඇතැමෙක් රුදුරුකම් ඇතියේ ලෙහෙවැකි අත් ඇතියේ නැසුම් හා පැහැරුම්හි නිවිෂ්ට වූයේ සව්සතුන් කෙරෙහි දයාරහිත වූයේ ප්‍රාණාඝාතී වෙයි.
Pali BJT2. අදින්නාදායී හොති යං තං පරස්ස පරචිත්තූපකරණං ගාමගතං වා අරඤ්ඤගතං වං, තං අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදාතා හොති,
Sinhala BJT2. අයිනාදන් කරන සැහැවි ඇතියේ වෙයි: ග්‍රාමගත වේවයි අරණ්‍යගත වේවයි යම් මෙරමා සතු වස්තුපකරණයෙක් වේ නම් ස්තෙය සඞ්ඛ්‍යාත වූ නොදුන් දෑ ගන්නේ වෙයි.
Pali BJT3. කාමෙසු මිච්ඡාචාරී හොති යා තා මාතුරක්ඛිතා පිතුරක්ඛිතා මාතාපිතුරක්ඛිතා භාතුරක්ඛිතා භගිනිරක්ඛිතා ඤාතිරක්ඛිතා ධම්මරක්ඛිතා සස්සාමිකා සපරිදණ්ඩා අන්තමසො මාලාගුලපරික්ඛිත්තාපි. තථාරූපාසු චාරිත්තං ආපජ්ජිතා හොති,
Sinhala BJT3. කාමයන්හි මිස හසර ඇතියේ වෙයි: මාතෘරක්‍ෂිතාය, පිතෘරක්‍ෂිතාය, මාතෘපීතෘරක්‍ෂිතාය, භ්‍රාතෘරක්‍ෂිතාය, භගිනිරක්‍ෂිතාය, ඥාතිරක්‍ෂිතාය, ධර්‍මරක්‍ෂිතාය, සස්වාමිකාය, සපරිදණ්ඩාය, යටත් පිරිසෙයින් මාලාගුලායෙන් පරික්‍ෂිප්ත වූවා දැයි යම් ඒ මාගම්හු වෙත් නම් එබඳු මාගමුන් කෙරෙහි හැසිරෙන බවට පැමිණෙන්නේ වෙයි.
Pali BJTඑවං ඛො චුන්ද කායෙන අසොචෙය්යං හොති.
Sinhala BJTචුන්‍දය, මෙසේවනාහි කයින් අශූචීභාවය වේ.
Pali BJTකථඤ්ච චුන්ද චතුබ්බිධං වාචාය අසොචෙය්යං හොති:
Sinhala BJTචුන්‍දය, කිසේ නම් වචනයෙන් සිවුවැදෑරුම් අශූචිභාවය වේය යත්:
Pali BJT4. ඉධ චුන්ද එකච්චො මුසාවාදී හොති සභාගතො{1} වා පරිසගතො{2} වා ඤාතිමජ්ඣ ගතො වා පූගමජ්ඣගතො වා රාජකුලමජ්ඣගතො වා අභිනීතො සක්ඛිපුට්ඨො “එහම්භො පුරිස යං ජානාසි තං වදෙහී’ති’. සො අජානං වා ආහ ‘ජානාමී’ති, ජානං වා ආහ ‘න ජානාමී’ ති අපස්සං වා ආහ ‘පස්සාමී’ති. {*} පස්සං වා ආහ ‘න පස්සාමී’ති. ඉති අත්තහෙතු වා පරහෙතු වා ආමිසකිඤ්චික්ඛහෙතු වා සම්පජානමුසා භාසිතා හොති.
Sinhala BJT4. චුන්‍දය මෙ ලොව්හි ඇතැමෙක් සභාවකට ගියේ වේවයි පිරිසකට ගියේ වේවයි නෑයන් මැදට ගියේ වේවයි ජනසමූහ මැදට ගියේ වේවයි රජකුලන මැදට ගියේ වේවයි ඉදිරියට කැඳවන ලදුයේ එම්බා පුරුෂය, මෙහි එව, යමක් දිනිහි නම් එ කියවයි සාක්‍ෂි අසන ලදුයේ මුසවා බණන සුලු වෙයි. හේ නො දන්නේ ම ‘දනිමි’යි කියයි, දන්නේ හෝ ‘නො දනිමි’යි කියයි, නො දක්නේ හෝ ‘දක්මි’යි කියයි, දක්නේ හෝ ‘නො දක්මි’යි කියයි. මෙසේ ආත්මහේතුයෙන් වේවයි පරහේතුයෙන් වේවයි අල්ප වූ ආමිස හේතුයෙන් වේවයි සම්පජානමුසා බණන්නේ වෙයි.
Pali BJT5. පිසුනාවාචො හොති ඉතො සුත්වා අමුත්ර අක්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්ර වා සුත්වා ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය. ඉති සමග්ගානං වා භෙත්තා භින්නානං වා අනුප්පදාතා වග්ගාරාමො වග්ගරතො වග්ගනන්දී වග්ගකරණිං වාචං භාසිතා හොති.
Sinhala BJT5. මොවුන්ගේ භේදය පිණිස මෙතැනින් අසා අසෝතන්හි කියනුයේ හෝ අසෝතන්හි අසා ඔවුන්ගේ භේදය පිණිස මොවුනට කියනුයේ හෝ පිසුනුබස් ඇතියේ වෙයි: මෙසේ සමග වූවන් බිඳිනුයේ හෝ බිඳුනවුනට අනුබල දෙනුයේ හෝ වර්‍ගකරණයෙහි ඇලුනේ වර්‍ගකරණයෙහි නිකුත්වූයේ වර්‍ගකරණයෙන් තුස්නේ වර්‍ගකරණබස් බණන්නේ වෙයි.
Pali BJT6. ඵරුසවාචො හොති යා සා වාචා අණ්ඩකා කක්කසා පරකටුකා පරාභිසජ්ජනී කොධසාමන්තා අසමාධිසංවත්තනිකා, තථාරූපිං වාචං භාසිතා හොති.
Sinhala BJT6. පරොස්බස් ඇතියේ වෙයි: යම් ඒ බසක් රළු වේ ද කැකුළු වේ ද පරහට කටුක වේද මෙරමා ගටනා සුලු වේද ක්‍රෝධය වට ඇතියේ වේද සමාධියට හිත නො වේ ද එබඳු බස් කියන්නේ වෙයි.
Pali BJT7. සම්ඵප්පලාපී හොති අකාලවාදී අභූතවාදී අනත්ථවාදී අධම්මවාදී අවිනයවාදී අනිධානවතිං වාචං භාසිතා හොති අකාලෙන අනපදෙසං අපරියන්තවතිං අනත්ථසංහිතං.
Sinhala BJT7. සම්ඵප්‍රලාප වෙයි: අකාලවාදී ව අභූතවාදී ව අනර්‍ත්‍ථවාදී ව අධර්‍මවාදී ව අවිනයවාදී ව ළෙහි නො තැබිය යුතු නො කල්හි හේතු රහිත පිරිසිඳුම් නැති අනර්‍ත්‍ථය ඇසුරු කළ බස් බණනේ වෙයි.
Pali BJTඑවං ඛො චුන්ද චතුබ්බිධං වාචාය අසොචෙය්යං හොති.
Sinhala BJTචුන්‍දය, මෙසේ වචනයෙන් සිවුවැදෑරුම් අශූචිභාවය වේ.
Pali BJTකථඤ්ච චුන්ද තිවිධං මනසා අසොචෙය්යං හොති:
Sinhala BJTචුන්‍දය, කෙසේ නම් සිතින් ත්‍රිවිධ අශූචිභාවය වේය යත්:
Pali BJT8. ඉධ චුන්ද එකච්චො අභිජ්ඣාලූ හොති යං තං පරස්ස පරවිත්තූපකරණං තං අභිජ්ඣිතා හොති, “අහො වත යං පරස්ස තං මම අස්සාති.{3}
Sinhala BJT8. චුන්‍දය, මෙලොව්හි ඇතැමෙක් අභිධ්‍යා බහුල කොට ඇතියේ වෙයි. යම් ඒ මෙරමාගේ පරචිත්තෝපකරණ වේ නම් එයට ගිජු වෙයි. “අහෝ මෙරමා අයත් යමක් වේ නම් එය මට වේවා”යි
Pali BJT9. ව්යාපන්නචිත්තො හොති පදුට්ඨමනසඞ්කප්පො “ඉමෙ සත්තා හඤ්ඤන්තු වා බජ්ඣන්තු වා උච්ඡිජ්ජන්තු වා විනස්සන්තු වා මා වා අහෙසුං ඉති වා”ති.{4}
Sinhala BJT9. ප්‍රද්විෂ්ට මනඃ සඞ්කල්ප ඇතියේ මෙ සත්හු නැසෙත්වා හෝ යි බැඳෙත්වා හොයි මුල් සිඳී යෙත්වා හෝයි වැනසෙත්වා හෝයි නො ම,වෙත්වා හෝයි ව්‍යාපාදයට පත් සිත් ඇතියේ වෙයි.
Pali BJT10. මිච්ඡාදිට්ඨිකො හොති විපරීතදස්සනො, “නත්ථි දින්නං නත්ථි යිට්ඨං නත්ථි හුතං නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො නත්ථි අයං ලොකො නත්ථි පරොලොකො නත්ථි මාතා නත්ථි පිතා නත්ථි සත්තා ඔපපාතිකා නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී”ති.
Sinhala BJT10. “දෙන ලද්දෙහි ඵල නැති, පුදන ලද්දෙහි ඵල නැත, හෝමයෙහි ඵල නැත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලවිපාක නැත, මෙලෝ නැත, පරලෝ නැත, මව නැත, පියා නැත, ඕපපාතික සත්ත්‍වයෝ නැත, ලෝකයෙහි ස්ම්‍යග්ගත ව සම්‍යක් ප්‍රතිපන්න ව මෙලෝ පරලෝ තුමූ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට යමෙක් පවසත් නම් එබඳු මහණ බමුණෝ නැතැයි.
Pali BJTඑවං ඛො චුන්ද තිවිධං මනසා අසොචෙය්යං හොතීති.
Sinhala BJTචුන්‍දය, මෙසේ සිතින් ත්‍රිවිධ අශූචිභාව වේ.
Pali BJTඉමෙ ඛො චුන්ද දස අකුසලකම්මපථා. ඉමෙහි ඛො චුන්ද දසහි අකුසලෙහි කම්මපථෙහි සමන්නාගතො කාලස්සෙව වුට්ඨහන්තොව සයනම්හා පඨවිඤ්චෙපි ආමසති අසුචියෙව හොති. නො චෙපි පඨවිං ආමසති අසුචියෙව හොති, අල්ලානි චෙපි ගොමයානි ආමසති අසුචියෙව හොති, නො චෙපි අල්ලානි ගොමයානි ආමසති අසුචියෙව හොති, හරිතානි චෙපි තිණානි ආමසති අසුචියෙව හොති, නො චෙපි හරිතානි තිණානි ආමසති අසුචියෙව හොති, අග්ගිඤ්චෙපි පරිචරති අසුචියෙව හොති, නො චෙපි අග්ගිං පරිචරති අසුචියෙව හොති, පඤ්ජලිකො චෙපි ආදිච්චං නමස්සති අසුචියෙව හොති, නො චෙපි පඤ්ජලිකො ආදිච්චං නමස්සති අසුචියෙව හොති, සායතතියකඤ්චෙපි උදකං ඔරොහති අසුචියෙව හොති, නො චෙපි සායතතියකං උදකං ඔරොහති අසුචියෙව හොති.
Sinhala BJTචුන්‍දය, මේ දශඅකුශලකර්‍මපථයි. චුන්‍දය, මේ දශඅකුශලකර්‍මපථයෙන් සමන්‍වාගත වූයේ කල් ඇතිව ම යහනින් නැගී සිටුනේ පොළොව පිරිමදනේ නමුදු අශූචි ම වෙයි. පොළොව නො පිරිමදනේ නමුදු අශූචි ම වෙයි, අමුගොම පිරිමදනේ නමුදු අශූචි ම වෙයි, අමුගොම නො පිරිමදනේ නමුදු අශූචි ම වෙයි, නිල්තණ පිරිමදනේ නමුදු අශූචි ම වෙයි, නිල්තණ නො පිරිමදනේ නමුදු අශූචි ම වෙයි, අග්නිපරිචර්‍ය්‍යා කරන්නේ නමුදු අශූචි ම වෙයි, අග්නිපරිචර්‍ය්‍යා නො කරන්නේ නමුදු අශූචි ම වෙයි, බදැඳිලිව හිරු නමදනේ නමුදු අශූචි ම වෙයි. බදැඳිලි ව හිරු නො නමදනේ නමුදු අශූචි ම වෙයි, සවස තුන්වනු කොට දියට බස්නේ නමුදු අශූචි ම වෙයි, සවස තුන්වනු කොට දියට නො බස්නේ නමුදු අශූචි ම වෙයි.
Pali BJTතං කිස්ස හෙතු?
Sinhala BJTඑ කවර හෙයිනැ යත්:
Pali BJTඉමෙ චුන්ද දස අකුසලකම්මපථා අසුචියෙව{1} හොන්ති, අසුචිකරණා ච. ඉමෙසං පන චුන්ද දසන්නං අකුසලානං කම්මපථානං සමන්නාගමනහෙතු නිරයො පඤ්ඤායති, තිරච්ඡානයොනි පඤ්ඤායති, පෙත්තිවිසයො පඤ්ඤායති, යා වා පන අඤ්ඤාපි{2} කාචි දුග්ගතියො{3}.
Sinhala BJTචුන්‍දය, මේ දශඅකුශලධර්‍මයෝ අශූචි ම වෙති, අශූචිකරණ ම වෙත්. චුන්‍දය, දශඅකුශල කර්‍මපථයන්ගේ සමන්‍වාගමහේතුයෙන් නිරය පැනෙයි, තිරිසන්යොන් පැනෙයි, ප්‍රේතවිෂය පැනෙයි. එබඳු අන් කිසි දුර්‍ගතිහු ද පැනෙත්.
Pali BJTතිවිධං ඛො චුන්ද කායෙන සොචෙය්යං හොති, චතුබ්බිධං වාචාය සොචෙය්යං හොති, තිවිධං මනසා සොචෙය්යං හොති.
Sinhala BJTචුන්‍දය, කායසෝචෙය්‍යය ත්‍රිවිධ වෙයි, වචීසොචෙය්‍යය චතුර්විධ වෙයි, මනෝසොචෙය්‍යය ත්‍රිවිධ වෙයි.
Pali BJTකථං චුන්ද තිවිධං කායෙන සොචෙය්යං හොති:
Sinhala BJTචුන්‍දය, කෙසේ කයින් ත්‍රිවිධ සුචිභාවය වේයැ යත්:
Pali BJT1. ඉධ චුන්ද එකච්චො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති, නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති.
Sinhala BJT1. මෙලොව්හි ඇතැමෙක් පණිවා හැර පණිවායෙන් වැළැක්කේ වෙයි, බහා තැබූ දඬු ඇත්තේ බහා තැබූ අවි ඇත්තේ ලජ්ජා ඇත්තේ සව්සතුන් කෙරෙහි දයා ඇත්තේ හිතානුකම්පා ඇත්තේ වෙසෙයි.
Pali BJT2. අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති, යං තං පරස්ස පරචිත්තූපකරණං ගාමගතං වා අරඤ්ඤගතං වා, න තං අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදාතා හොති.
Sinhala BJT2. අයිනාදන් හැර අයිනාදනින් වෙන් වූයේ වෙයි, ගම්හි වූ හෝ අරන්හි වූ හෝ මෙරමා අයත් යම් ඒ පරචිත්තූපකරණ වේ නම් ථෙය්‍යසඞ්ඛ්‍යාත ඒ නො දුන් දෑ නො ගන්නේ වෙයි.
Pali BJT3. කාමෙසු මිච්ඡාචාරං පහාය කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති. යා තා මාතුරක්ඛිතා පිතුරක්ඛිතා මාතාපිතුරක්ඛිතා භාතුරක්ඛිතා භගිනිරක්ඛිතා ඤාතිරක්ඛිතා{4} ධම්මරක්ඛිතා සස්සාමිකා සපරිදණ්ඩා අන්තමසො මාලාගුලපරික්ඛිත්තාපි, තථාරූපාසු න චාරිත්තං ආපජ්ජිතා හොති.
Sinhala BJT3. කාමයන්හි මිස හසර හැර දමා මිසහසරින් වැළැක්කේ වෙයි, මාතෘරක්‍ෂිතාය, පීතෘරක්‍ෂිතාය, මාතාපීතෘරක්‍ෂිතාය, භ්‍රාතෘරක්‍ෂිතාය, භගිනිරක්‍ෂිතාය, ඥාතිරක්‍ෂිතාය, ධර්‍මරක්‍ෂිතාය, සස්වාමිකය, සපරිදණ්ඩාය, යටත් පිරිසෙයින් මල්ගුලායෙන් පිරිකෙව්ලදුදැයි යම් ඒ මාගම්හු වෙත් නම් උන් කෙරෙහි නො හැසිරෙන බවට නො පැමිණෙන්නේ වෙයි.
Pali BJTඑවං ඛො චුන්ද තිවිධං කායෙන සොචෙය්යං හොති.
Sinhala BJTචුන්‍දය, මෙසේ කයින් ත්‍රිවිධ ශූචිභාවය වේ.
Pali BJTකථඤ්ච චුන්ද චතුබ්බිධං වාචාය සොචෙය්යං හොති:
Sinhala BJTචුන්‍දය, කෙසේ නම් වචනයෙන් සිවුවැදෑරු සුචිභාව වේ යත්:
Pali BJT4. ඉධ චුන්ද එකච්චො මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති, සභාගතො වා පරිසගතො වා ඤාතිමජ්ඣගතො වා පූගමජ්ඣගතො වා රාජකුලමජ්ඣගතො වා අභිනීතො සක්ඛිපුට්ඨො, “එහම්භො පුරිස යං ජානාසි, තං වදෙහී”ති සො අජානං වා ආහ ‘න ජානාමී’ති, ‘ජානං වා ආහ ජානාමී’ති, අපස්සං වා ආහ ‘න පස්සාමී’ති, පස්සං වා ආහ ‘පස්සාමී’ති. ඉති අත්තහෙතු වා පරහෙතු වා ආමිසකිඤ්චික්ඛහෙතු වා න සම්පජානමුසා භාසිතා හොති.
Sinhala BJT4. චුන්‍දය, මොලොව්හි ඇතැමෙක් මුසවා හැර පියා සභාවට ගියේ වේවයි, පිරිසට ගියේ වේවයි, නෑයන් මැදට ගියේ වේවයි, ජනසමූහ මැදට ගියේ වේවයි, රජකුලන් මැදට ගියේ වේවයි, අබිමුවට කැඳවන ලදුයේ “එම්බා පුරුෂය, එව, යමක් දන්නෙහි නම් එ කියව”යි සාක්‍ෂි විසින් පිළිවුස්නා ලදුයේ මුසවායෙන් වැළැක්කේ වෙයි. හේ නොදන්නේ හෝ නොදන්මි’යි කියයි, දන්නේ හෝ ‘දනිමි’යි කියයි. නො දක්නේ හෝ නො දක්මි’යි කියයි, දක්නේ හෝ ‘දක්මි’යි කියයි. මෙසේ ආත්මහේතුයෙන් වේවයි පරහේතුයෙන් වේවයි කිසියම් ආමිසහේතුවකින් වේවයි සම්පජානමුසා නො කියන්නේ වෙයි.
Pali BJT5. පිසුනා වාචං පහාය පිසුනාය වාචාය පටිවිරතො හොති. න ඉතො සුත්වා අමුත්ර අක්ඛාතා ඉමෙසං භෙදාය. න අමුත්ර වා සුත්වා ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය. ඉති භින්නානං වා සන්ධාතා සහිතානං වා අනුප්පදාතා සමග්ගාරාමො සමග්ගරතො සමග්ගනන්දී සමග්ගකරණං වාචං භාසිතා හොති.
Sinhala BJT5. පිසුනු බස් හැරපියා පිසුනුබසින් වැළැක්කේ වෙයි: මෙතන්හි අසා මුන්ගේ භේදය පිණිස එතන්හි නො කියන්නේ වෙයි, එ තන්හි අසා උන්ගේ භේදය පිණිස මොවුනට නො කියන්නේ වෙයි. මෙසේ බිඳුනවුන් හෝ ගටනුයේ වෙයි, සමග වූවනට අනුප්‍රදාතෘ වෙයි. සමගයෙහි ඇලුනේ සමගයන් කෙරෙහි රැඳුනේ සමගයන් හා තුටු වනුයේ සමග කරන බස් කියනුයේ වෙයි.
Pali BJT6. ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති යා සා වාචා නෙලා කණ්ණසුඛා පෙමණීයා හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා, තථාරූපිං වාචං භාසිතා හොති.
Sinhala BJT6. පරොස්බස් හැරපියා පරොස් බසින් වැළැක්කේ වෙයි: යම් ඒ බසක් නිදොස් වූ, කනට සුව දෙන ප්‍රේමණීය හෘදයඞ්ගම විනීත බොහෝ දෙන හට සිත්කලු බොහෝ දෙන හට මන වඩන බසෙක් වේ නම් එබඳු බස් තෙපලන්නේ වෙයි.
Pali BJT7. සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති, කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී නිධානවතිං වාචං භාසිතා හොති කාලෙන සාපදෙසං පරියන්තවතිං අත්ථසංහිතං.
Sinhala BJT7. පලප් බස් හැරපියා පලප්බසින් වැළැක්කේ වෙයි: කාලවාදී ව භූතවාදී ව අර්‍ත්‍ථවාදී ව ධර්‍මවාදී ව විනයවාදී ව ළෙහි නිදන් කටයුතු සහේතුක වූ පිරිවැටුම් ඇති අර්‍ත්‍ථනිඃශ්‍රිත බස් කල්හි බණන්නේ වෙයි.
Pali BJTඑවං ඛො චුන්ද චතුබ්බිධං වාචාය සොචෙය්යං හොති.
Sinhala BJTචුන්‍දය, මෙසේ වචනයෙන් චතුර්විධ ශූචිභාවය වේ.
Pali BJTකථඤ්ච චුන්ද තිවිධං මනසා සොචෙය්යං හොති:
Sinhala BJTචුන්‍දය, මනසින් ත්‍රිවිධ ශූචිභාවය කෙසේ වේය යත්:
Pali BJT8. ඉධ චුන්ද එකච්චො අනභිජ්ඣාලූ හොති, යං තං පරස්ස පරචිත්තූපකරණං, තං නාභිජ්ඣිතා හොති{1} අහො වත යං පරස්ස තං මම අස්සාති.
Sinhala BJT8. චුන්‍දය, මෙ ලොව්හි ඇතැමෙක් අභිජ්ඣා බහුල නො වෙයි. මෙරමාගේ යම් ඒ පරචිත්තෝපකරණයෙක් වේ නම් ‘අහෝ, එකැතින් ඒ පරා අයත් යමක් වේ නම් එ මට වේව’යි එයට ගිජු නො වෙත්.
Pali BJT9. අව්යාපන්නචිත්තො හොති අප්පදුට්ඨමනසංකප්පො, “ඉමෙ සත්තා අවෙරා අව්යාපජ්ජා අනීඝා සුඛී අත්තානං පරිහරන්තු”ති{2}.
Sinhala BJT9. “මේ සත්ත්‍වයෝ වෛර නැතියාහු ව්‍යාපාද නැතියාහු දුක් නැතියාහු සුවපත් වූවාහු ආත්මපරිහරණ කෙරෙත්වා”යි අප්‍රද්විෂ්ටමනඃ සංකල්ප ඇතියේ අව්‍යාපාදයට නො වන් සිත් ඇතියේ වෙයි.
Pali BJT10. සම්මාදිට්ඨිකො හොති අවිපරීතදස්සනො, “අත්ථි දින්නං, අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, අත්ථි අයං ලොකා අත්ථි පරො ලොකො, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තා ඔපපාතිකා, අත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා, යෙ ඉමං ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී”ති.
Sinhala BJT10. දුන් දෑහි ඵල ඇත, පූජායෙහි ඵල ඇති, හෝමයෙහි ඵල ඇති, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලවිපාක ඇත, මෙලෝ ඇත, පරලෝ ඇත, මවු ඇත, පියා ඇත, ඖපපාතික සත්ත්‍වයෝ ඇත, යමෙක් මෙලෝ හා පරලෝ තුමූ ම විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට ප්‍රකාශ කෙරෙත් නම් එබඳු සම්‍යක්ගත ප්‍රතිපන්න මහණ බමුණෝ ලොව්හි ඇතැයි අවිපරීත දර්‍ශන ඇතියේ සම්‍යග්දෘෂ්ටික වෙයි.
Pali BJTඑවං ඛො චුන්ද තිවිධං මනසා සොචෙය්යං හොති.
Sinhala BJTචුන්‍දය, මෙසේ මනසින් ත්‍රිවිධ ශූචිභාවය වේ.
Pali BJTඉමෙ ඛො චුන්ද දස කුසලකම්මපථා.
Sinhala BJTචුන්‍දය, මේ දශ කුශල කර්‍මපථයෝයි.
Pali BJTඉමෙහි ඛො දසහි කුසලකම්මපථෙහි සමන්නාගතො කාලස්සෙව උට්ඨහන්තොව සයනම්හා පඨවිං චෙපි ආමසති, සුචියෙව හොති. නො චෙපි පඨවිං ආමසති, සුචියෙව හොති. අල්ලානි චෙපි ගොමයානි ආමසති සුචියෙව හොති. නො චෙපි අල්ලානි ගොමයානි ආමසති, සුචියෙව හොති. හරිතානි චෙපි තිණානි ආමසති, සුචියෙව හොති නො චෙපි හරිතානි තිණානි ආමසති, සුචියෙව හොති අග්ගිඤ්චෙපි පරිචරති, සුචියෙව හොති. නො චෙපි අග්ගිං පරිචරති, සුචියෙව හොති පඤ්ජලිකො චෙපි ආදිච්චං නමස්සති, සුචියෙව හොති. නො චෙපි පඤ්ජලිකො ආදිච්චං නමස්සති, සුචියෙව හොති. සායතතියකඤ්චෙපි උදකං ඔරොහති, සුචියෙව හොති. නො චෙපි සායතතියකං උදකං ඔරොහති, සුචියෙව හොති.
Sinhala BJTමේ දශ කුශල කර්‍මපථයන් ගෙන් සමන්‍වාගත වූයේ කල් ඇතිව ම යහනින් නැගෙනුයේ ම පොළෝ පිරිමදනේ නමුදු ශූචියෙක්ම වෙයි. පොළෝ නො පිරිමදනේ නමුදු ශූචියෙක් ම වෙයි. අමුගොම පිරිමදනේ නමුදු ශූචියෙක් ම වෙයි. අමුගොම නො පිරිමදනේ නමුදු ශූචියෙක් ම වෙයි. නිල් තණ පිරිමදනේ නමුදු ශූචියෙක් ම වෙයි. නිල් තණ නො පිරිමදනේ නමුදු ශූචියෙක් ම වෙයි. අග්නිපරිචර්‍ය්‍යා කරනේ ශූචියෙක් ම වෙයි. අග්නිපරිචර්‍ය්‍යා නො කරනුයේ නමුදු ශූචියෙක් ම වෙයි. බදැඳිලිව හිරු නමදනේ නමුදු ශූචියෙක් ම වෙයි. බදැඳිලිව හිරු නො නමදනේ නමුදු ශූචියෙක් ම වෙයි. සවස තෙවෙනි කොට දියට බස්නේ නමුදු ශූචියෙක් ම වෙයි. සවස තෙවෙනි කොට දියට නො බස්නේ නමුදු ශූචියෙක් වෙයි.
Pali BJTතං කිස්ස හෙතු.
Sinhala BJTඑ කවර හෙයිනැ
Pali BJTඉමෙ චුන්ද දස කුසලකම්මපථා සුචියෙව හොන්ති, සුචිකරණා ච ඉමෙසඤ්ච පන චුන්ද දසන්නං කුසලානං කම්මපථානං සමන්නාගමනහෙතු දෙවා පඤ්ඤායන්ති, මනුස්සා පඤ්ඤායන්ති, යා වා පනඤ්ඤාපි කාචි සුගතියොති.
Sinhala BJTචුන්‍දය, මේ දශ කුශල කර්‍ම පථයෝ ශූචි ම වෙති. ශූචිකරණ ද වෙත්. චුන්‍දය, මේ දශ කුශල කර්‍මපථයන්ගේ සමන්‍වාගමන හේතුයෙන් දෙවියෝ පැනෙත්. මනුෂ්‍යයෝ පැනෙත්. යම් බඳු අන් කිසි සුගතිහු ද පැනෙත්යයි.
Pali BJTඑවං වුත්තෙ චුන්දො කම්මාරපුත්තො භගවන්තං එතදවොච:
Sinhala BJTමෙසේ වදාරත් ම චුන්‍ද කර්‍මාරපුත්‍ර භාග්‍යවතුන් වහන්සේට තෙල කීය:
Pali BJTඅභික්කන්තං භන්තෙ අභික්කන්තං භන්තෙ -පෙ- උපාසකං මං භන්තෙ භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTවහන්ස, ඉතා මැනැව .. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණගත උපාසකයකු කොට මා ධරන සේක්වායි.
Pali BJT10. 4. 2. 11.
Sinhala BJT10. 4. 2. 11.
Pali BJTජාණුස්සොණී සුත්තං
Sinhala BJTජාණුස්සෝණි සූත්‍රය
Pali BJTඅථ ඛො ජාණුස්සොණී බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි, එකමන්තං නිසින්නො ඛො ජාණුස්සොණී බ්රාහ්මණො භගවන්තං එතදවොච:
Sinhala BJTඉක්බිති ජාණුස්සෝණී බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටුවියයුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත්පස්හි හින, එකත්පස්හි හුන් ජාණුස්සෝණී බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය.
Pali BJTමයමස්සු භො ගොතම බ්රාහ්මණා නාම දානානි දෙම සද්ධානි කරොම: “ඉදං දානං පෙතානං ඤාතිසාලොහිතානං උපකප්පතු, ඉදං දානං පෙතා ඤාතිසාලොහිතා පරිභුඤ්ජන්තු’ති. කච්චි තං භො ගොතම දානං පෙතානං ඤාතිසාලොහිතානං උපකප්පති? කච්චි තෙ පෙතා ඤාතිසාලොහිතා තං දානං පරිභුඤ්ජන්ති ති?
Sinhala BJTපින්වත් ගෞතමයන් වහන්ස බ්‍රාහ්මණ නම් වූ අපි “මේ දානය පරලොව ගිය ඥාතිසාලෝහිතයනට පැමිණේවා. මෙ දානය පරලොව ගිය ඥාතිසාලොහිතයෝ පරිභෝග කරත්වා”යි දන්දෙම්හ, ශ්‍රාද්ධ කරම්හ. කිමෙක භවත් ගෞතමයන් වහන්ස, එ දානය ප්‍රේතඥාතිසාලෝහිතයනට පැමිණේද? කිමෙක, ඒ ප්‍රේතඥාතිසාලෝහිතයෝ එ දන් පරිභෝග කරත් දැයි?
Pali BJTඨානෙ ඛො බ්රාහ්මණ උපකප්පති, නො අට්ඨානෙති.
Sinhala BJTබ්‍රාහ්මණය, ස්ථානයෙහි පැමිණෙයි, අස්ථානයෙහි නො පැමිණේයයි.
Pali BJTකතමඤ්ච{1} භො ගොතම ඨානං? කතමං අට්ඨානන්ති?
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, ස්ථානය කවරේය? අස්ථානය කවරේය?
Pali BJTඉධ බ්රාහ්මණ එකච්චො පාණාතිපාතී හොති, අදින්නාදායී හොති කාමෙසු මිච්ඡාචාරී හොති, මුසාවාදී හොති, පිසුනවාචො හොති, ඵරුසවාචො හොති, සම්ඵප්පලාපී හොති, අභිජ්ඣාලූ හොති, ව්යාපන්නචිත්තො හොති, මිච්ඡාදිට්ඨිකො හොති, සො කායස්ස භෙදා පරං මරණා නිරයං උපපජ්ජති. යො නෙරයිකානං සත්තානං ආහාරො තෙන සො තත්ථ යාපෙති, තෙන සො තත්ථ තිට්ඨති. ඉදම්පි ඛො බ්රාහ්මණ අට්ඨානං යත්ථ ඨිතස්ස තං දානං න උපකප්පති.
Sinhala BJTබ්‍රාහ්මණය, මෙ ලොව්හි ඇතැමෙක් ප්‍රාණඝාතී වෙයි. අයිනාදන් කරනේ වෙයි. කාමයන්හි මිසහසර ඇතියේ වෙයි. මුසවා කියන සැහැවියේ වෙයි, පිසුනු බස් ඇතියේ වෙයි, පරොස් බස් ඇතියේ වෙයි, පලප් තෙපලන්නේ වෙයි, අභිධ්‍යා බහුල වෙයි, ව්‍යාපාදයට වන් සිතැත්තේ වෙයි, මිථ්‍යාදෘෂ්ටික වෙයි. හේ කාබුන් මරණින් පසු නිරයට එළඹෙයි. නිරිසතුන්ගේ යම් ආහාරයෙක් වේ නම් එයින් හේ එහි යැපෙයි. එයින් හේ එහි සිටුනේ ය. බ්‍රාහ්මණය, යම් තැනෙක සිටියහුට එ දානය නො පැමිණේ නම්, මෙ ද (එබඳු) අස්ථානයෙකි.
Pali BJTඉධ පන බ්රාහ්මණ එකච්චො පාණාතිපාතී හොති -පෙ- මිච්ඡාදිට්ඨිකො හොති. සො කායස්ස භෙදා පරම්මරණා තිරච්ඡානයොනිං උපපජ්ජති. යො තිරච්ඡානයොනිකානං සත්තානං ආහාරො තෙන සො තත්ථ යාපෙති, තෙන සො තත්ථ තිට්ඨති. ඉදම්පි ඛො බ්රාහ්මණ අට්ඨානං, යත්ථ ඨිතස්ස තං දානං න උපකප්පති.
Sinhala BJTබ්‍රාහ්මණය, මෙ ලොව්හි ඇතැමෙක් ප්‍රාණඝාතී වෙයි -පෙ- මිථ්‍යාදෘෂ්ටික වෙයි. හේ කාබුන් මරණින් මතු තිරශ්චීන යෝනියට එළඹෙයි. තිරිසන් යොන් සත්නට යම් ආහාරයෙක් වේ නම් හේ, එහි එයින් යැපෙයි එයින් හේ එහි සිටුනේය. බ්‍රාහ්මණය, යම් තැනෙක සිටුන හට එ දානය නොපැමිණේ නම්, මේද අස්ථානයෙකි.
Pali BJTඉධ පන බ්රාහ්මණ එකච්චො පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, පිසුනාය වාචාය පටිවිරතො හොති, ඵරුසාය වාචාය පටිවිරතො හොති, සම්ඵප්පලාපා පටිවිරතො හොති, අනභිජ්ඣාලූ හොති, අව්යාපන්නචිත්තො හොති, සම්මාදිට්ඨිකො හොති. සො කායස්ස භෙදා පරම්මරණා මනුස්සානං සහව්යතං උපපජ්ජති. යො මනුස්සානං ආහාරො තෙන සො තත්ථ යාපෙති, තෙන සො තත්ථ තිට්ඨති. ඉදම්පි ඛො බ්රාහ්මණ අට්ඨානං, යත්ථ ඨිතස්ස තං දානං න උපකප්පති.
Sinhala BJTබ්‍රාහ්මණය, මෙ ලොව්හි ඇතැමෙක් පණිවායෙන් වැළැකියේ වෙයි. අයිනාදනින් වැළැකියේ වෙයි. කාමයන්හි මිසහසරින් වැළැකියේ වෙයි. මුසවායෙන් වැළැකියේ වෙයි. පිසුනුබසින් වැළැකියේ වෙයි. පරොස්බසින් වැළැකියේ වෙයි. සම්ඵප්‍රලාපයෙන් වැළැකියේ වෙයි. අභිධ්‍යා බහුලකොට නැතියේ වෙයි. ව්‍යාපාද නැතියේ වෙයි. සම්දිටු ඇතියේ වෙයි. හෙ කාබුන් මරණින් මතු මනුෂ්‍යයන්ගේ සහභාවයට එළැඹෙයි. මිනිසුන්ගේ යම් අහරෙක් වේ නම්, හෙ එහි එයින් යැපෙන්නේ ය. ඉන් හෙ එහි සිටුනේය. බ්‍රාහ්මණය, යම් තැනෙක සිටියහුට එ දානය නොලැබේ නම්, මෙ ද එබඳු අස්ථානයෙකි.
Pali BJTඉධ පන බ්රාහ්මණ එකච්චො පාණාතිපාතා පටිවිරතො හොති -පෙ- සම්මාදිට්ඨිකො හොති. සො කායස්ස භෙදා පරම්මරණා දෙවානං සහව්යතං උපපජ්ජති. යො දෙවානං ආහාරො තෙන සො තත්ථ යාපෙති, තෙන සො තත්ථ තිට්ඨති. ඉදම්පි ඛො බ්රාහ්මණ අට්ඨානං, යත්ථ ඨිතස්ස{1} තං දානං න උපකප්පති.
Sinhala BJTබ්‍රාහ්මණය, මෙ ලොව්හි ඇතැමෙක් පණිවායෙන් වැළැකියේ වෙයි. -පෙ- සම්දිටු ඇතියේ වෙයි. හෙ කාබුන් මරණින් මතු දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. දෙවියන්ගේ යම් අහරෙක් වේ නම් එයින් හෙ එහි යැපෙන්නේය. හෙ එයින් එහි සිටුනේය. බ්‍රාහ්මණය, යම් තැනෙක සිටියහට එ දානය නො එළැඹේ නම් මෙ ද අස්ථානයෙකි.
Pali BJTඉධ පන බ්රාහ්මණ එකච්චො පාණාතිපාතී හොති -පෙ- මිච්ඡාදිට්ඨිකො හොති. සො කායස්ස භෙදා පරං මරණා පෙත්ති විසයං උපපජ්ජති. යො පෙත්තිවෙසයිකානං සත්තානං ආහාරො, තෙන සො තත්ථ යාපෙති. තෙන සො තත්ථ තිට්ඨති. යං වා පනස්ස අනුප්පවෙච්ඡන්ති{2} මිත්තා වා අමච්චා වා ඤාති වා සාලොහිතා වා, තෙන සො තත්ථ යාපෙති. තෙන සො තත්ථ තිට්ඨති. ඉදං ඛො බ්රාහ්මණ ඨානං, යත්ථ ඨිතස්ස තං දානං උපකප්පතී ති.
Sinhala BJTබ්‍රාහ්මණය, මෙලොව්හි ඇතැමෙක් පණිවාකරනසුලු වෙයි. -පෙ- මිසදිටු ඇතියේ වෙයි. හෙ කාබුන් මරණින් මතු ප්‍රේතවිෂයට එළඹෙයි. ප්‍රේතවිෂයට අයත් සත්ත්‍වයන්ගේ යම් අහරෙක් වේ නම්, එයින්, හෙ එහි යැපෙයි. එයින් හෙ එහි සිටුනේය. ඔහට මිත්‍රයෝ වෙත්වයි, සගයෝ වෙත්වයි, ඥාතීහු වෙත්වයි, සහ ලේ නෑයෝ වෙත්වයි යමක් හෝ දෙත් නම්, හෙ ඉන් එහි යැපෙයි. හෙ එයින් සිටුනේය. බ්‍රාහ්මණය, යම් තැනෙක සිටියහුට එ දානය එළැඹේ නම්, එ ස්ථානය වෙයි.
Pali BJTසචෙ පන භො ගොතම සො පෙතො ඤාතිසාලොහිතො තං ඨානං අනුප්පන්නො හොති, කො තං දානං පරිභුඤ්ජතීති?
Sinhala BJTපින්වත් ගෞතමයන් වහන්ස, ඉන් පරලොව ගිය ඒ ඥාති සාලෝහිතයා එතැනට නො පැමිණියේ නම් කවරෙක් එ දන පරිභෝග කෙරේ දැ යි?
Pali BJTඅඤ්ඤෙපිස්ස බ්රාහ්මණ පෙතා ඤාති සාලොහිතා තං ඨානං අනුප්පත්තා හොන්ති. තෙ තං දානං පරිභුඤ්ජන්තී ති.
Sinhala BJTබ්‍රාහ්මණය, පරලොව ගිය අන්‍යඥාතිසාලෝහිතයෝද එතැනට පැමිණියාහු වෙත්, ඔහු එ දන් වළඳත් යයි.
Pali BJTසචෙ පන භො ගොතම සො චෙව පෙතො ඤාතිසාලොහිතො තං ඨානං අනුපපන්නො හොති, අඤ්ඤෙපිස්ස පෙතා ඤාතිසාලොහිතා තං ඨානං අනුපපන්නා හොන්තී. කො තං දානං පරිභුඤ්ජතී ති?
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, පරලොව ගිය ඒ ඥාති සාලොහිත ද එහි නො පැමිණියේ වෙයි, පරලොව ගිය ඔහුගේ අන්‍යඥාතිසාහිලෝහිතයෝ ද එතැනට නොපැමිණියාහු වෙත්නම්, කවරෙක් ඒ දන් වළඳනාහුදැයි?
Pali BJTඅට්ඨානං ඛො එතං බ්රාහ්මණ, අනවකාසො යං තං ඨානං විචිත්තං අස්ස ඉමිනා දීඝෙන අද්ධුනා යදිදං පෙතෙහි ඤාති සාලොහිතෙහි. අපි ච බ්රාහ්මණ දායකොපි අනිප්ඵලො හොති.
Sinhala BJTබ්‍රාහ්මණය, යම් කරුණෙකින් මෙ දීර්‍ඝකාලයෙහි පරලොවගිය ඥාතිසාලෝහිතයන්ගෙන් එ ස්ථානය විවික්ත වන්නේ ය, යන තෙල කරුණ අස්ථාන වෙයි, අනවකාශ වෙයි, බ්‍රාහ්මණය, නැවැත දායක තෙමේ ද අනිෂ්ඵල වෙයි.
Pali BJTඅට්ඨානෙපි භවං ගොතමො පරිකප්පං වදතීති? අට්ඨානෙපි ඛො අහං බ්රාහ්මණ පරිකප්පං වදාමි
Sinhala BJTභවත් ගෞතමයන් වහන්සේ අස්ථානයෙහිදු (දානඵලයාගේ) පරිකල්පය වදාරත්හු දැයි?
Pali BJTඉධ බ්රාහ්මණ එකච්චො පාණාතිපාතී හොති. අදින්නාදායී හොති, කාමෙසු මිච්ඡාචාරී හොති, මුසාවාදී හොති, පිසුනාවාචො හොති, ඵරුසවාචො හොති, සම්ඵප්පලාපී හොති, අභිජ්ඣාලූ හොති, ව්යාපන්නචිත්තො හොති, මිච්ඡාදිට්ඨිකො හොති, සො දාතා හොති, සමණස්ස වා බ්රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං, සෙය්යාවසථපදීපෙය්යං. සො කායස්ස භෙදා පරං මරණා හත්ථීනං සහව්යතං උපපජ්ජති. සො තත්ථ ලාභී හොති අන්නස්ස පානස්ස මාලා නානාලඞ්කාරස්ස.
Sinhala BJTබ්‍රාහ්මණය, මම අස්ථානයෙහිදු දානඵල පරිකල්පය වදාරමි. බ්‍රාහ්මණය, මෙලොව්හි ඇතැමෙක් පණිවාකරනසුලු වෙයි. අයිනාදන් ගන්නාසුලු වෙයි. කාමයන්හි මිසහසර ඇතියේ වෙයි. මුසවා බණනසුලු වෙයි. පිසුනුබස් ඇතියේ වෙයි. පරොස් බස් ඇතියේ වෙයි. සම්ඵප්‍රලාප ඇතියේ වෙයි. අභිධ්‍යා බහුල කොට ඇතියේ වෙයි. ව්‍යාපාදයට පැමිණි සිතැත්තේ වෙයි. මිසදිටු ඇතියේ වෙයි. හේ ශ්‍රමණයකුහට වේවයි, බ්‍රාහ්මණයකුහට වේවයි, අන්න, පාන, වස්ත්‍ර, යාන, මාලාගන්‍ධ විලේපන, ශය්‍යා ආවසථ, ප්‍රදීපෝපකරණ දෙන්නේ වෙයි, හෙ කාබුන් මරණින් මතු ඇතුන්ගේ සහභාවයට එළඹෙයි. හෙ එහි අන්න, පාන, මාලා නානාලඞ්කාර ලබන සුලු වෙයි.
Pali BJTයං ඛො බ්රාහ්මණ ඉධ පාණාතිපාතී, අදින්නාදායී, කාමෙසු මිච්ඡාචාරී, මුසාවාදී, පිසුනවාචො, ඵරුසවාචො, සම්ඵප්පලාපී, අභිජ්ඣාලූ, ව්යාපන්නචිත්තො, මිච්ඡාදිට්ඨිකො, තෙන සො කායස්ස භෙදා පරම්මරණා හත්ථීනං සහව්යතං උපපජ්ජති. යං ච ඛො සො දාතා හොති සමණස්ස වා බ්රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං, සෙය්යාවසථපදීපෙය්යං, තෙන සො තත්ථ ලාභී හොති අන්නස්ස පානස්ස මාලා නානාලංකාරස්ස.
Sinhala BJTබ්‍රාහ්මණය, මෙ ලොව්හි යම්හෙයෙකින් පණිවා කරනසුලුද අයිනාදන් ගන්නා සුලු ද කාමයන්හි මිසහසර ඇතියේ ද පිසුනුබස් ඇතියේ ද පරොස්බස් ඇතියේ වේද සම්ඵප්‍රලාප ඇතියේද අභිධ්‍යා බහුලකොට ඇතියේ ද ව්‍යාපාදයට පත් සිතැතියේද, මිථ්‍යාදෘෂ්ටික වේද, එහෙයින් හේ කාබුන් මරණින් මතු හස්තීන්ගේ සහභාවයට එළඹෙයි. යම් කරුණෙකින් හෙ මහණකුට වේවයි බමුණකුට වේවයි අන්නපාන වස්තු යාන මාලා ගන්‍ධ විලේපන ශය්‍යා ආවස්ථා ප්‍රදීපෝපකරණ දෙන්නේ වේද එකරුණින් හෙ එහි අන්නපාන මාලා නානාලඞ්කාර ලබන සුල්ලේ වෙයි.
Pali BJTඉධ බ්රාහ්මණ එකච්චො පාණාතිපාතී හොති. අදින්නාදායී හොති, කාමෙසු මිච්ඡාචාරී හොති, මුසාවාදී හොති, පිසුනාවාචො හොති, ඵරුසවාචො හොති, සම්ඵප්පලාපී හොති, අභිජ්ඣාලූ හොති, ව්යාපන්නචිත්තො හොති, මිච්ඡාදිට්ඨිකො හොති. සො දාතා හොති, සමණස්ස වා බ්රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං, සෙය්යාවසථපදීපෙය්යං. සො කායස්ස භෙදා පරං මරණා අස්සානං සහව්යතං උපපජ්ජති -පෙ- ගුන්නං සහව්යතං උපපජ්ජති -පෙ- කුක්කුරානං සහව්යතං උපපජ්ජති -පෙ- සො තත්ථ ලාභී හොති අන්නස්ස පානස්ස මාලා නානාලඞ්කාරස්ස.
Sinhala BJTබමුණ, මෙ ලොව්හි ඇතැමෙක් පණිවා කරනසුලු වෙයි. අයිනාදන් ගන්නා සුලු වෙයි. කාමයන්හි මිසහසර ඇතියේ වෙයි. මුසාවාදී වෙයි. පිසුනු බස් ඇති වෙයි. පරොස්බස් ඇති වෙයි. සම්ඵප්‍රලාප ඇති වෙයි. අභිජ්ඣා බහුල වෙයි. ව්‍යාපාදයට පත් සිත් ඇති වෙයි. මිථ්‍යාදෘෂ්ටික වෙයි. හෙ මහණකුට වේවයි බමුණකුට වේවයි අන්නපාන වස්ත්‍රයාන මාලාගන්‍ධවිලේපන ශය්‍යා ආවසථ ප්‍රදීපෝපකරණ දෙන්නේ වෙයි. හේ කාබුන් මරණින් මතු අශ්වයන්ගේ සහභාවයට යෙයි. ගෙරින්ගේ සහභාවයට එළඹෙයි. ... සුනඛයන්ගේ සහභාවයට එළඹෙයි. ... හෙ එහි අන්න පාන මාලා හා නානාලඞ්කාර ලබන සුල්ලේ වෙයි.
Pali BJTයං ඛො බ්රාහ්මණ ඉධ පාණාතිපාතී -පෙ- මිච්ඡාදිට්ඨිකො, සො තෙන කායස්ස භෙදා පරම්මරණා කුක්කුරානං සහව්යතං උපපජ්ජති. යඤ්ච ඛො සො දාතා හොති සමණස්ස වා බ්රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං, සෙය්යාවසථපදීපෙය්යං, තෙන සො තත්ථ ලාභී හොති අන්නස්ස පානස්ස මාලා නානාලඞ්කාරස්ස.
Sinhala BJTබමුණ යම් කරුණකින් මෙලොව පණිවා කරන්නේ වේද, මිසදිටු ඇති වේද, හෙ එ කරුණින් කාබුන් මරණින් මතු සුනඛයන්ගේ සහභාවයට එළඹෙයි. යම් කරුණකින් හෙ මහණකුට වේවයි, බමුණෙකුට වේවයි, අන්නපානවස්ත්‍ර යාන මාලාගන්‍ධවිලේපන ශය්‍යාවසථ ප්‍රදීපෝපකරණ දෙනුයේ වෙයි. හෙ එකරුණින් එහි අන්නපානමාලා නානාලඞ්කාර ලබනසුලු වෙයි.
Pali BJTඉධ පන බ්රාහ්මණ එකච්චො පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, පිසුනාවාචා පටිවිරතො හොති, ඵරුසාය වාචාය පටිවිරතො හොති, සම්ඵප්පලාපා පටිවිරතො හොති, අනභිජ්ඣාලූ හොති, අව්යාපන්නචිත්තො හොති, සම්මාදිට්ඨිකො හොති. සො දාතා හොති සමණස්ස වා බ්රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං. සො කායස්ස භෙදා පරං මරණා මනුස්සානං සහව්යතං උපපජ්ජති. සො තත්ථ ලාභී හොති මානුසකානං පඤ්චන්නං කාමගුණානං.
Sinhala BJTබමුණ, මෙ ලොව්හි ඇතැමෙක් පණිවායෙන් වැළැක්කේ වෙයි. අයිනාදනින් වැළැක්කේ වෙයි. කාමයෙහි මිසහසරින් වැළැක්කේ වෙයි. මුසාවායෙන් වැළැක්කේ වෙයි. පිසුනු බසින් වැළැක්කේ වෙයි. පරොස් බසින් වැළැක්කේ වෙයි. සම්ඵප්‍රලාපයෙන් වැළැක්කේ වෙයි. අනභිජ්ඣාලූ වෙයි. අව්‍යාපන්නචිත්ත වෙයි. සම්‍යග් දෘෂ්ටික වෙයි. හෙ මහණකුට වේවයි, බමුණකුට වේවයි, අන්නපානවස්ත්‍ර යාන මාලාගන්‍ධවිලේපන ශය්‍යාවසථප්‍රදීපෝපකරණ දෙනුයේ වෙයි. හෙ කාබුන් මරණින් මතු මිනිසුන්ගේ සහභාවයට යෙයි. හෙ එහි කාබුන් මරණින් මතු මිනිසුන්ගේ සහභාවයට යෙයි. හෙ එහි මිනිස්නට අයත් පස්කම් ගුණ ලබනසුල්ලේ වෙයි.
Pali BJTයං ඛො බ්රාහ්මණ ඉධ පාණාතිපාතා පටිවිරතො හොති -පෙ- සම්මාදිට්ඨිකො, තෙන සො කායස්ස භෙදා පරම්මරණා මනුස්සානං සහව්යතං උපපජ්ජති, යඤ්ච ඛො සො දාතා හොති සමණස්ස වා බ්රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං, තෙන සො තත්ථ ලාභී හොති මානුසකානං පඤ්චන්නං කාමගුණානං.
Sinhala BJTබ්‍රාහ්මණය, යම් හෙයකින් මෙලොව්හි පණිවායෙන් වැළැක්කේ වේද, සම්‍යක් දෘෂ්ටික වේද, එහෙයින් හෙ කාබුන් මරණින් මතු මිනිසුන්ගේ සහභාවයට එයි. යම් හෙයකින් හෙතෙම මහණකුට වේවයි, බමුණකුට වේවයි අන්න පාන වස්ත්‍ර යාන මාලා ගන්‍ධ විලේපන ශය්‍යාආවසථ ප්‍රදීපෝපකරණ දෙන්නේ වේ ද, එහෙයින් හෙ එහි මිනිස්නට අයත් පස්කම් ගුණ ලබන සුලු වෙයි.
Pali BJTඉධ පන බ්රාහ්මණ එකච්චො පාණාතිපාතා පටිවිරතො හොති -පෙ- සම්මාදිට්ඨිකො හොති, සො දාතා හොති සමණස්ස වා බ්රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං. සො කායස්ස භෙදා පරං මරණා දෙවානං සහව්යතං උපපජ්ජති. සො තත්ථ ලාභී හොති දිබ්බානං පඤ්චන්නං කාමගුණානං.
Sinhala BJTබමුණ මෙ ලොව්හි ඇතැමෙක් පණිවායෙන් වැළැක්කේ වෙයි ..... සම්‍යග් දෘෂ්ටික වෙයි. මෙ මහණකුට වේවයි, බමුණකුට වේවයි, අන්නපාන වස්ත්‍ර යාන මාලා ගන්‍ධ විලේපන ශය්‍යා - ආවසථ ප්‍රදීපෙය දෙන්නේ වෙයි. හෙ කාබුන් මරණින් මතු දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. හෙ එහි දෙවියන් සතු පස්කම් ගුණ ලබන්නේ වෙයි.
Pali BJTයං ඛො බ්රාහ්මණ ඉධ පාණාතිපාතා පටිවිරතො හොති -පෙ- සම්මාදිට්ඨිකො. තෙන සො කායස්ස භෙදා පරං මරණා දෙවානං සහව්යතං උපපජ්ජති. යඤ්ච ඛො සො දාතා හොති සමණස්ස වා බ්රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං, තෙන සො තත්ථ ලාභී හොති දිබ්බානං පඤ්චන්නං කාමගුණානං. අපි ච බ්රාහ්මණ, දායකො පි අනිප්ඵලො ති.
Sinhala BJTබ්‍රාහ්මණය, යම් හෙයකින් මෙ ලොව්හි අතැමෙක් පණිවායෙන් වැළැක්කේ වේද … සම්‍යග් දෘෂ්ටික වේ ද, එහෙයින් හෙ කාබුන් මරණින් මතු දෙවියන්ගේ සහභාවයට පැමිණේ. යම් හෙයෙකින් හේ මහණකුට වේවයි බමුණකුට වේවයි අන්න පාන වස්ත්‍ර යාන මාලාගන්‍ධ විලේපන ශය්‍යාවසථ ප්‍රදීපෙය දෙන්නේ වේද, එහෙයින් හේ එහි දෙවියනට හිමි පස්කම් ගුණ ලබන්නේ වෙයි. වැලිදු බ්‍රාහ්මණය දායක ද අනිෂ්ඵල වේ යයි.
Pali BJTඅච්ඡරියං භො ගොතම, අබ්භුතං භො ගොතම, යාවඤ්චිදං භො ගොතම අලමෙව දානානි දාතුං, අලං සද්ධානි කාතුං, යත්රහි නාම දායකො පි අනිප්ඵලො හොති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්‍ය්‍යයි. පින්වත් ගෞතමයන් වහන්ස, අද්භූතයි. භවත් ගෞතමයන් වහන්ස, යම් යම් දානයෙක්හි ලා දායක ද අනිෂ්ඵල වේ. දන්දීම නිසිමැයි. ශ්‍රාද්ධ කිරීම නිසි මැයි.
Pali BJTඑව මෙතං බ්රාහ්මණ, එවමෙතං බ්රාහ්මණ,{1} දායකොපි හි බ්රාහ්මණ අනිප්ඵලො{2} හොති.
Sinhala BJTබ්‍රාහ්මණය, තෙල කරුණ එසේ මැයි. බ්‍රාහ්මණය තෙල කරුණ එසේමැයි. බ්‍රාහ්මණය දායකයා ද අනිෂ්ඵල ම වෙයි.
Pali BJTඅභික්කන්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනැවි -පෙ- භවත් ගෞතමයන් වහන්සේ අද පටන් මා දිවිහිමියෙන් සරණ ගිය උවසුවකු කොට ධරන සේක්වා යි.
Pali BJTජාණුස්සොණීවග්ගො දුතියො.
Sinhala BJTදෙවැනි ජාණුස්සෝණී වර්‍ග යි.
Pali BJT3. සාධුවග්ගො
Sinhala BJT3. සාධු වර්‍ගය
Pali BJT10. 4. 3. 1.
Sinhala BJT10. 4. 3. 1.
Pali BJTසාධු සුත්තං
Sinhala BJTසාධු සූත්‍රය
Pali BJTසාධුඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි, අසාධුඤ්ච, තං සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස්සාමී’ති. එවං භන්තෙති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTමහණෙනි, තොපට සාධුත්‍වය හා අසාධුත්‍වය හා දේශනා කරන්නෙමි. එ අසව, මොනොවට මෙනෙහි කරව, කියන්නෙමි යි. වහන්ස, එසේ යයි එ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:
Pali BJTකතමඤ්ච භික්ඛවෙ අසාධු{1}:
Sinhala BJTමහණෙනි, අසාධුත්‍වය කවර යත්:
Pali BJTපාණාතිපාතො, අදින්නාදානං, කාමෙසු මිච්ඡාචාරො, මුසාවාදො, පිසුණාවාචා, ඵරුසාවාචා, සම්ඵප්පලාපො, අභිජ්ඣා, ව්යාපාදො, මිච්ඡාදිට්ඨි. ඉදං වුච්චති භික්ඛවෙ අසාධු{2}.
Sinhala BJTප්‍රාණඝාතය අදින්නාදානය කාමයන්හි මිථ්‍යාචාරය, මුසාවාදය, පිශුනාවාචාය, පරුෂවාග්ය, සම්ඵප්‍රලාපය, අභිධ්‍යාය, ව්‍යාපාදය, මිත්‍යාදෘෂ්ටියයි. මහණෙනි, මෙ අසාධුයයි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ සාධු{3}:
Sinhala BJTමහණෙනි, සාධුත්‍වය කවර යත්:
Pali BJTපාණාතිපාතා වෙරමණී, අදින්නාදානා වෙරමණී, කාමෙසු මිච්ඡාචාරා වෙරමණී, මුසාවාදා වෙරමණී, පිසුණාය වාචාය වෙරමණී, ඵරුසාය වාචාය වෙරමණී, සම්ඵප්පලාපා වෙරමණී, අනභිජ්ඣා, අව්යාපාදො, සම්මාදිට්ඨි.
Sinhala BJTපණිවායෙන් විරමණය, අයිනාදනින් විරමණය, කාමයන්හි මිථ්‍යාචාරයෙන් විරමණය, මුසාවාදයෙන් විරමණය, පිසුනුබසින් විරමණය, පරොස්බසින් විරමණය, සම්ඵප්‍රලාපයෙන් විරමණය, අනභිධ්‍යාය, අව්‍යාපාදය, සම්‍යග්දෘෂ්ටියයි.
Pali BJTඉදං වුච්චති භික්ඛවෙ සාධූතී.
Sinhala BJTමහණෙනි, මෙ සාධුත්‍වයයි කියනු ලැබේ.
Pali BJT10. 4. 3. 2.
Sinhala BJT10. 4. 3. 2.
Pali BJTඅරියධම්ම සුත්තං
Sinhala BJTඅරියධම්ම සූත්‍රය