Pali BJT10. 4. 1. 2-12.
Sinhala BJT10. 4. 1. 2-12.
Pali BJTභජිතබ්බාදි සුත්තානි
Sinhala BJTභජිතබ්බාදි එකොළොස් සූත්‍රයෝ
Pali BJT2. දසහි භික්ඛවෙ සමන්නාගතො පුග්ගලො න භජිතබ්බො -පෙ- භජිතබ්බොති.
Sinhala BJT2. මහණෙනි, දසකරුණෙකින් සමන්‍වාගත පුද්ගල භජිතව්‍ය නො වෙයි ... භජිතව්‍ය වෙයි.
Pali BJT3.න පයිරුපාසිතබ්බො -පෙ- පයිරුපාසිතබ්බොති.
Sinhala BJT3. පර්‍ය්‍යුපාසිතව්‍ය නොවෙයි ... පර්‍ය්‍යුපාසිතව්‍ය වේ.
Pali BJT4. න පුජ්ජො හොති -පෙ- පුජ්ජො හොතීති.
Sinhala BJT4. පූජ්‍ය නො වෙයි ... පූජ්‍ය වේ.
Pali BJT5. න පාසංසො හොති -පෙ- පාසංසො හොතීති.
Sinhala BJT5. ප්‍රශංසාර්‍හ නො වෙයි ... ප්‍රශංසාර්‍හ වේ.
Pali BJT6. අගාරවො හොති -පෙ- සගාරවො හොතීති.
Sinhala BJT6. ගෞරව නැතියේ වෙයි ... ගෞරව සහිත වේ.
Pali BJT7. අප්පතිස්සො{1} හොති -පෙ- සප්පතිස්සො{2} හොතීති.
Sinhala BJT7. ප්‍රතිශය නැතියේ වෙයි ... ප්‍රතිශය සහිත වේ.
Pali BJT8. නාරාධකො හොති -පෙ- ආරාධකො හොතීති.
Sinhala BJT8. අනාරාධකවෙයි … ආරාධක වේ.
Pali BJT9. න විසුජ්ඣති -පෙ- විසුජ්ඣතීති.
Sinhala BJT9. විශුද්ධ නො වෙයි … විශුද්ධ වේ.
Pali BJT10. මානං නාධිභොති -පෙ- මානං අධිභොතීති.
Sinhala BJT10. මානස මඩනේ ය ... මානස නො මඩනේයි.
Pali BJT11. පඤ්ඤාය න වඩ්ඪති -පෙ- පඤ්ඤාය වඩ්ඪතීති.
Sinhala BJT11. ප්‍රඥා නො වඩනේ ය ... ප්‍රඥා වඩනේ යි.
Pali BJT12. බහුං අපුඤ්ඤං පසවති -පෙ- කතමෙහි දසහි: සම්මාදිට්ඨිකො හොති, සම්මාසඞ්කප්පො හොති, සම්මාවාචො හොති, සම්මාකම්මන්තො හොති, සම්මාආජීවො හොති, සම්මාවායාමො හොති, සම්මාසති හොති, සම්මාසමාධි හොති, සම්මාඤාණී හොති, සම්මාවිමුත්ති හොති, ඉමෙහි ඛො භික්ඛවෙ දසහි ධම්මෙහි සමන්නාගතො පුග්ගලො බහුං පුඤ්ඤං පසවතීති.
Sinhala BJT12. බොහෝ පව් රැස් කෙරෙයි ... බොහෝ පින් රැස් කෙරේ ... කවර දසයෙකින යත්: සම්‍යග්දෘෂ්ටික වෙයි, සම්‍යග්සංකල්ප ඇතියේ වෙයි, සම්‍යග්වචන ඇතියේ වෙයි, සම්‍යග්කර්‍මාන්ත ඇතියේ වෙයි, සම්‍යග්ආජීව ඇතියේ වෙයි, සම්‍යග්ව්‍යායාම ඇතියේ වෙයි, සම්‍යග්ස්මෘති ඇතියේ වෙයි, සම්‍යග්සමාධි ඇතියේ වෙයි, සම්‍යග්ඥාන ඇතියේ වෙයි, සම්‍යග්විමුක්ති ඇතියේ වෙයි. මහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත පුද්ගල බොහෝ පින් රැස් කෙරේ යයි.
Pali BJTපුග්ගලවග්ගො පඨමො.
Sinhala BJTපළමුවැනි පුද්ගල වර්‍ග යි.
Pali BJT2. ජාණුස්සොණි වග්ගො
Sinhala BJT2. ජාණුස්සෝණි වර්‍ගය
Pali BJT10. 4. 2. 1.
Sinhala BJT10. 4. 2. 1.
Pali BJTබ්රාහ්මණ පච්චොරොහණී සුත්තං
Sinhala BJTබ්‍රාහ්මණ පච්චෝරෝහණී සූත්‍රය
Pali BJTතෙන ඛො පන සමයෙන ජාණුස්සොණි බ්රාහ්මණො තදහුපොසථෙ සීසං නහාතො{1} නවං ඛොමයුගං නිවත්ථො අල්ලං කුසමුට්ඨිං ආදාය භගවතො අවිදූරෙ එකමන්තං ඨිතො හොති.
Sinhala BJTඑසමයෙහි ජාණුස්සෝණි බ්‍රාහ්මණ එ පොහෝ දවස්හි ශීර්‍ෂස්නාන කෙළේ නවකොමුපිළී යුවළක් හැඳ අමු හීතණ මිටක් රැගෙන භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි එකත්පස් ව සිටියේ වෙයි.
Pali BJTඅද්දසා ඛො භගවා ජාණුස්සොණිං බ්රාහ්මණං තදහුපොසථෙ සීසං නහාතං{2} නවං ඛොමයුගං නිවත්ථං අල්ලං කුසමුට්ඨිං ආදාය එකමන්තං ඨිතං දිස්වා ජාණුස්සොණිං බ්රාහ්මණං එතදවොච:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ එ පොහෝ දවස්හි ශීර්‍ෂ ස්නාන කළ නවකොමු පිළී සඟලක් හැඳි අමු හීතණ මිටක් ගෙන එකත්පසෙක සිටි ජාණුස්සෝණි බමුණු දුටු සේක. දැක ජාණුස්සෝණි බමුණුහට තෙල කරුණ වදාළ සේක:
Pali BJTකිං නු ඛො ත්වං බ්රාහ්මණ තදහුපොසථෙ සීසං නහාතො නවං ඛොමයුගං නිවත්ථො අල්ලං කුසමුට්ඨිං ආදාය එකමන්තං ඨිතො, කින්ත්වජ්ජ{3} බ්රාහ්මණ බ්රාහ්මණ කුලස්සාති.{4}
Sinhala BJTබ්‍රාහ්මණය, තෝ එපොහෝ දවස්හි ශීර්‍ෂස්නාන කෙළේ, නවකොමු පිළී සඟලක් හැඳ අමු හීතණ මිටක් ගෙන කවර හෙයින් එකත්පස්හි සිටියෙහි දැ’යි? බ්‍රාහ්මණය, අද බ්‍රාහ්මණ කුලයට කුමක් වේ දැයි?
Pali BJTපච්චොරොහණී භො ගොතම අජ්ජ බ්රාහ්මණ කුලස්සා’ති.
Sinhala BJTභවත් ගෞතමයන්වහන්ස, අද බ්‍රාහ්මණ කුලයට පාපයන්ගේ ප්‍රත්‍යවරෝහණීය (ශෝධනය) වේ යයි.
Pali BJTයථා කථං පන බ්රාහ්මණ බ්රාහ්මණානං පච්චොරොහණී හොතීති?
Sinhala BJTබ්‍රාහ්මණය, බ්‍රාහ්මණයන්ගේ ප්‍රත්‍යවරෝහණීය කවර පරිද්දෙකින් වේ දැයි?
Pali BJTඉධ භො ගොතම බ්රාහ්මණා තදහුපොසථෙ සීසං නහාතා නවං ඛොමයුගං නිවත්ථා අල්ලෙන ගොමයෙන පඨවිං ඔපුඤ්ඡිත්වා{5} හරිතෙහි කුසෙහි පත්ථරිත්වා අන්තරා ච වෙලං අන්තරා ච අග්ග්යාගාරං සෙය්යං කප්පෙන්ති, තෙ තං රත්තිං තික්ඛත්තුං පච්චුට්ඨාය පඤ්ජලිකා අග්ගිං නමස්සන්ති “පච්චොරොහාම භවන්තං පච්චොරොහාම භවන්ත”න්ති. පහූතෙන ච සප්පිතෙලෙන නවනීතෙන අග්ගිං සන්තප්පෙන්ති. තස්සා ච රත්තියා තෙන පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන බ්රාහ්මණෙ සන්තප්පෙන්ති. එවං ඛො භො ගොතම බ්රාහ්මණානං පච්චොරොහණී හොතීති.
Sinhala BJTභවත් ගෞතමයන්වහන්ස, මෙ ලොව්හි බමුණෝ ඒ පොහෝ දවස්හි හිස් සෝදා නහා නවකොමුපිළී සඟල හැඳියාහු අමු ගොමින් බිම පිරිබඩ කොට නිල් කුසතණින් අතුරා වැලි ඉවුරු හා ගිනිහල් ගෙය හා අතර ශය්‍යා කෙරෙත්. ඔහු ඒ රෑ තෙවරක් නැඟි සිට බැඳිලි ව ගිනිදෙවි වඳනාහ. “භවත්හට ප්‍රත්‍යවරෝහණීය (පාපශෝධනය) කරම්හ, භවත්හට ප්‍රත්‍යවරෝහණය කරම්හ” යි. බොහෝ ගිතෙලිනුදු වෙඬරුයෙනුදු ගිනිදෙවියා සතප්වති. එ රෑ ඇවෑමෙන් ඒ පිණී කෑ යුතු දැයින් හා බිඳිය යුතු දැයින් බුමුණනුදු සතප්වති. භවත් ගෞතමයන්වහන්ස, මෙසෙයින් බමුණන්ගේ ප්‍රත්‍යවරෝහණය වේ යයි.
Pali BJTඅඤ්ඤථා ඛො බ්රාහ්මණ බ්රාහ්මණානං පච්චොරොහණී, අඤ්ඤථා ච පන අරියස්ස විනයෙ පච්චොරොහණී හොතීති.
Sinhala BJTබ්‍රාහ්මණය, බමුණන්ගේ ප්‍රත්‍යවරෝහණය අන්පරිදි වෙයි. ආර්‍ය්‍යයන්ගේ විනයෙහි ප්‍රත්‍යවරෝහණය අන් පරිදි වේ යයි.
Pali BJTයථා කථං පන භො ගොතම අරියස්ස විනයෙ පච්චොරොහණී හොතීති, සාධු මෙ භවං ගොතමො තථා ධම්මං දෙසෙතු යථා අරියස්ස විනයෙ පච්චොරොහණී හොතීති.
Sinhala BJTභවත් ගෞතමයන්වහන්ස, ආර්‍ය්‍යයන්ගේ විනයෙහි ප්‍රත්‍යවරෝහණය කිසෙයින් වේ දැයි? භවත් ගෞතමයන් වහන්සේ ආර්‍ය්‍යයන්ගේ විනයෙහි යම් පරිදි ප්‍රත්‍යවරෝහණය වේ නම් එ පරිදි මට දහම් දෙසන සේක් නම් මැනැවැ යි.
Pali BJTතෙන හි බ්රාහ්මණ සුණාහි, සාධුකං මනසිකරොහි, භාසිස්සාමීති. එවම්භොති ඛො ජාණුස්සොණී බ්රාහ්මණො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
Sinhala BJTබමුණ, එසේ නම් අසව, මොනොවට මෙනෙහි කරව, කියන්නෙමියි පින්වතුන් වහන්ස, එසේයැ යි. ජාණුස්සෝණී බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස් වී ය. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
Pali BJTඉධ බ්රාහ්මණ අරියසාවකො ඉති පටිසංචික්ඛති: පාණාතිපාතස්ස ඛො පාපකො විපාකො දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායඤ්චාති. සො ඉතිපටිසඞ්ඛාය පාණාතිපාතං පජහති, පාණාතිපාතා පච්චොරොහති, අදින්නාදානස්ස ඛො පාපකො විපාකො දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායඤ්චාති. සො ඉති පටිසඞ්ඛාය අදින්නාදානං පජහති, අදින්නාදානා පච්චොරොහති. කාමෙසු මිච්ඡාචාරස්ස ඛො පාපකො විපාකො දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායඤ්චාති. සො ඉති පටිසඞ්ඛාය කාමෙසු මිච්ඡාචාරං පජහති, කාමෙසු මිච්ඡාචාරා පච්චොරොහති. මුසාවාදස්ස ඛො පාපකො විපාකො දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායඤ්චාති, සො ඉති පටිසඞ්ඛාය මුසාවාදං පජහති, මුසාවාදා පච්චොරොහති, පිසුනාය වාචාය ඛො පාපකො විපාකො දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායඤ්චාති. සො ඉති පටිසඞ්ඛාය පිසුනං වාචං පජහති. පිසුනාය වාචාය පච්චොරොහති. ඵරුසාය වාචාය ඛො පාපකො විපාකො දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායඤ්චාති. සො ඉති පටිසඞ්ඛාය ඵරුසං වාචං පජහති, ඵරුසාය වාචාය පච්චොරොහති, සම්ඵප්පලාපස්ස ඛො පාපකො විපාකො දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායඤ්චාති. සො ඉති පටිසඞ්ඛාය සම්ඵප්පලාපං පජහති, සම්ඵප්පලාපා පච්චොරොහති, අභිජ්ඣාය ඛො පාපකො විපාකො දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායඤ්චාති. සො ඉති පටිසඞ්ඛාය අභිජ්ඣං පජහති. අභිජ්ඣාය පච්චොරොහති. ව්යාපාදස්ස ඛො පාපකො විපාකො දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායඤ්චාති, සො ඉති පටිසඞ්ඛාය ව්යාපාදං පජහති, ව්යාපාදා පච්චොරොහති, මිච්ඡාදිට්ඨියා ඛො පාපකො විපාකො දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායඤ්චාති, සො ඉති පටිසඞ්ඛාය මිච්ඡාදිට්ඨිං පජහති, මිච්ඡාදිට්ඨියා පච්චොරොහති, එවං ඛො බ්රාහ්මණ අරියස්ස විනයෙ පච්චොරොහණී හොතීති.
Sinhala BJTබමුණ, මෙ සස්නෙහි අරීසවු මෙසේ නුවණින් සලකන්නේ ය. පණිවායෙහි ලාමක විපාක ඉහාත්මයෙහිත් අභිසම්පරාහිත් වේ මැ යි, හේ මෙසේ නුවණින් සලකා පණිවා හැරලයි. පණිවායෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙ යි. අයිනාදන්හුගේ ලාමක විපාක ඉහාත්මයෙහි හා අභිසම්පරාහි හා වෙයි, හේ මෙසේ නුවණින් සලකා අයිනාදන් හැර ල යි. අයිනාදනින් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි. කාමයෙහි මිසහසරෙහි ලාමක විපාක දිටුදැමියෙහි හා සම්පරාහි හා වෙයි, හෙ මෙසේ නුවණින් සලකා කාමයෙහි මිසහසර හැරලයි. කාමයන්හි මිසහසරින් ප්‍රත්‍යවරෝහණ කෙරෙ යි. මුසවායෙහි ලාමක විපාක දිටුදැමියෙහි හා අභිසම්පරාහි හා වෙයි, හේ මෙසේ නුවණින් සලකා මුසවා හැරලයි. මුසවායෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි. පිසුණු බස් හි ලාමක විපාක දිටුදැමියෙහි සම්පරාහි හා වෙයි, හේ මෙසේ නුවණින් සලකා පිසුනු බස් හැර ලයි. පිසුනු බසින් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි. පරොස්බස්හි ලාමක විපාක දිටුදැමියෙහි සම්පර හි හා වෙයි, හේ මෙසේ නුවණින් සලකා පරොස්බස් හැරලයි. පරොස් බසින් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි. සම්ඵප්‍රලාපයාගේ ලාමක විපාක දිටුදැමියෙහි හා සම්පරාහි හා වෙයි, හේ මෙසේ නුවණින් සලකා සම්ඵප්‍රලාපය හැරලයි. සම්ඵප්‍රලාපයෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි. අභිධ්‍යාවගේ ලාමක විපාක දිටුදැමියෙහි හා සම්පරාහි හා වෙයි, හේ මෙසේ නුවණින් සලකා අභිධ්‍යා හැරලයි. අභිධ්‍යායෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි. ව්‍යාපාදයාගේ ලාමක විපාක ඉහාත්මයෙහි හා සම්පරාහි හා වෙයි, හේ මෙසේ නුවණින් සලකා ව්‍යාපාදය හැරලයි. ව්‍යාපාදයෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි. මිථ්‍යාදෘෂ්ටිහුගේ ලාමක විපාක ඉහාත්මයෙහි හා සම්පරාහි හා වෙයි, හේ මෙසේ නුවණින් සලකා මිථ්‍යාදෘෂ්ටිය හැරලයි. මිථ්‍යාදෘෂ්ටියෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි. බමුණ මෙසේ ආර්‍ය්‍යයන්ගේ විනයෙහි ප්‍රත්‍යවරෝහණ වේ යයි.
Pali BJTඅඤ්ඤථා භො ගොතම බ්රාහ්මණානං පච්චොරොහණී, අඤ්ඤථා ච පන අරියස්ස විනයෙ පච්චොරොහණී හොතීති. ඉමිස්සා ච භො ගොතම අරියස්ස විනයෙ පච්චොරොහණියා බ්රාහ්මණානං පච්චොරොහණී කලං නාග්ඝති සොළසිං.
Sinhala BJTපින්වත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයන්ගේ ප්‍රත්‍යවරෝහණය අන්පරිදි වෙයි. ආර්‍ය්‍යවිනයෙහි ප්‍රත්‍යවරෝහණය අන් පරිදි ම වෙයි. ආර්‍ය්‍යවිනයෙහි එන මේ ප්‍රත්‍යවරෝහණය සොළොස්වන කලාවට ද බ්‍රාහ්මණයන්ගේ ප්‍රත්‍යවරෝහණය නො අගනේ යි.
Pali BJTඅභික්කන්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනැව ... භවත් ගෞතමයන් වහන්සේ අද සිට මා දිවිහිමියෙන් (තෙරුවන්) සරණ ගිය උවසු කොට දරන සේක් ව යි.
Pali BJT10. 4. 2. 2.
Sinhala BJT10. 4. 2. 2.
Pali BJTඅරියපච්චොරොහණී සුත්තං
Sinhala BJTඅරිය පච්චෝරෝහණී සූත්‍රය
Pali BJTඅරියං වො භික්ඛවෙ පච්චොරොහණිං දෙසිස්සාමි, තං සුණාථ -පෙ- භගවා එතදවොච:
Sinhala BJTමහණෙනි, තොපට ආර්‍ය්‍යප්‍රත්‍යවරෝහණය දෙසන්නෙමි. එය අසවු ... භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJTඉධ භික්ඛවෙ අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති, පාණාතිපාතස්ස ඛො පාපකො විපාකො දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායඤ්චාති. සො ඉති පටිසඞ්ඛාය පාණාතිපාතං පජහති. පාණාතිපාතා පච්චොරොහති -පෙ- මිච්ඡාදිට්ඨියා ඛො පාපකො විපාකො දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායඤ්චාති. සො ඉති පටිසඞ්ඛාය මිච්ඡාදිට්ඨිං පජහති, මිච්ඡාදිට්ඨියා පච්චොරොහති. අයං වුච්චති භික්ඛවෙ අරියා පච්චොරොණීති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි අරීසවු මෙසේ නුවණින් සලක යි. ප්‍රාණ ඝාතකයාගේ ලාමක විපාක දිටුදැමියෙහි හා සම්පරායෙහි හා වෙයි, හේ මෙසේ නුවණින් සලකා පණිවා හැර ලයි. ප්‍රාණඝාතයෙන් ප්‍රත්‍යාවරෝහණ කරයි ... මිථ්‍යාදෘෂ්ටියගේ ලාමක විපාක දිටුදැමියෙහි හා සාම්පරායෙහි හා වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිථ්‍යාදෘෂ්ටිය හැර ලයි. මිසදිටුයෙන් ප්‍රත්‍යාවරෝහණය කරයි. මහණෙනි, මේ ආර්‍ය්‍යප්‍රත්‍යාවරෝහණය යි කියනු ලැබේ.
Pali BJT10. 4. 2. 3.
Sinhala BJT10. 4. 2. 3.
Pali BJTසඞ්ගාරව සුත්තං
Sinhala BJTසංගාරව සූත්‍රය
Pali BJTඅථ ඛො සඞ්ගාරවො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි -පෙ- එකමන්තං නිසින්නො ඛො සඞ්ගාරවො බ්රාහ්මණො භගවන්තං එතදවොච: කින්නු ඛො භො ගොතම ඔරිමං තීරං? කිං පාරිමං තීරන්ති?
Sinhala BJTඑකල්හි සඞ්ගාරව බ්‍රාහ්මණ භාග්‍යවතුන්වහන්සේ කරා එළඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. ... එකත්පස් ව හුන් සඞ්ගාරව බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය. පින්වත් ගෞතමයන් වහන්ස, ඔරිමතීරය කවරේය, පාරිමතීරය කවරේය යි?
Pali BJTපාණාතිපාතො ඛො බ්රාහ්මණ ඔරිමං තීරං, පාණාතිපාතා වෙරමණී පාරිමං තීරං. අදින්නාදානං ඛො බ්රාහ්මණ ඔරිමං තීරං, අදින්නාදානා වෙරමණී පාරිමං තීරං. කාමෙසු මිච්ඡාචාරො ඛො බ්රාහ්මණ ඔරිමං තීරං, කාමෙසු මිච්ඡාචාරා වෙරමණී පාරිමං තීරං. මුසාවාදො ඔරිමං තීරං, මුසාවාදා වෙරමණී පාරිමං තීරං. පිසුනාවාචා ඔරිමං තීරං පිසුනාය වාචාය වෙරමණී පාරිමං තීරං. ඵරුසා වාචා ඔරිමං තීරං, ඵරුසාය වාචාය වෙරමණී පාරිමං තීරං. සම්ඵප්පලාපො ඔරිමං තීරං, සම්ඵප්පලාපා වෙරමණී පාරිමං තීරං. අභිජ්ඣා ඔරිමං තීරං. අනභිජ්ඣා පාරිමං තීරං. ව්යාපාදො ඔරිමං තීරං, අව්යාපාදො පාරිමං තීරං. මිච්ඡාදිට්ඨි ඔරිමං තීරං, සම්මාදිට්ඨි පාරිමං තීරං, ඉදං ඛො බ්රාහ්මණ ඔරිමං තීරං, ඉදං පාරිමං තීරන්ති.
Sinhala BJTබ්‍රාහ්මණය, ප්‍රාණඝාතය ඔරිමතීරය යි. ප්‍රාණඝාතයෙන් විරමණය පාරිමතීරය යි. බ්‍රාහ්මණය, අයිනාදන් ඔරිමතීරය යි. අයිනාදනින් විරමණය පාරිමතීරය යි. බ්‍රාහ්මණය, කාමමිථ්‍යාචාරය ඔරිමතීරය යි. කාමමිථ්‍යාචාරයෙන් විරමණය පාරිමතීරය යි. බ්‍රාහ්මණය, මුසාවාදය ඔරිමතීරය යි. මුසාවාදයෙන් විරමණය පාරිමතීරය යි. පිසුනුබස ඔරිමතීරය යි. පිසුනුබසින් විරමණය පාරිමතීරය යි. පරොස්බස ඔරිමතීරය යි. පරොස්බසින් විරමණය පාරිමතීරය යි. සම්ප්‍රඵලාපය ඔරිමතීරය යි. සම්ප්‍රඵලාපයෙන් විරමණය පාරිමතීරය යි. අභිධ්‍යාව ඔරිමතීරය යි. අනභිධ්‍යාව පාරිමතීරය යි. ව්‍යාපාදය ඔරිමතීරය යි. අව්‍යාපාදය පාරිමතීරය යි. මිථ්‍යාදෘෂ්ටිය ඔරිමතීරය යි. සම්‍යග්දෘෂ්ටිය පාරිමතීරය යි. බ්‍රාහ්මණය, මේ ඔරිමතීරය වෙයි. මේ පාරිමතීරය වේ යයි.
Pali BJT1. අප්පකා තෙ මනුස්සෙසු යෙ ජනා පාරගාමිනො, අථායං ඉතරා පජා තීරමෙවානු ධාවතී,
Sinhala BJT1. මනුෂ්‍යයන් අතුරෙහි යම් ජන කෙනෙක් පාරසඞ්ඛ්‍යාත නිර්‍වාණයට යන් සුලු වෙත් ද ඔහු ස්වල්ප වෙත්. වැලිත් මේ අන්‍යප්‍රජා තොමෝ තෙර අනුව දුවන්නේ මැයි.
Pali BJT2. යෙ ච ඛො සම්මදක්ඛාතෙ ධම්මෙ ධම්මානුවත්තිනො, තෙ ජනා පාරමෙස්සන්ති මච්චුධෙය්යං සුදුත්තරං.
Sinhala BJT2. යම් කෙනෙක් මොනොවට දෙසන ලද ධර්‍මයෙහි ධාර්‍මනුවර්‍තතී වෙත් ද එ ජනයෝ තරණයෙහි අති දුෂ්කර වූ මෘත්‍යුධෙය ය ඉක්මවා පාරයට යෙත්.
Pali BJT3. කණ්හං ධම්මං විප්පහාය සුක්කං භාවෙථ පණ්ඩිතො ඔකා අනොකං ආගම්ම විවෙකෙ යත්ථ දූරමං.
Sinhala BJT3. පණ්ඩිත තෙමේ ඔක සඞ්ඛ්‍යාත ගිහිගෙන් නික්ම අනෝක සඞ්ඛ්‍යාත පැවිද්දට පැමිණ යම් විවෙකයෙක් හි දුකසේ අභිරමණය කෙරේද, කෘෂ්ණධර්‍ම හැරපියා ශුක්ලධර්‍ම වඩනේය.
Pali BJT4. තත්රාභිරතිමිච්ඡෙය්ය හිත්වා කාමෙ අකිඤ්චනො පරියොදපෙය්ය අත්තානං චිත්තක්ලෙසෙහි පණ්ඩිතො.
Sinhala BJT4. රාගාදි කිඤ්චන නැතියේ කාමයන් හැරපියා එහි අභිරතිය කැමැති වන්නේ ය. ඒ පණ්ඩිත තෙමේ චිත්තක්ලේශයන්ගෙන් සිත පර්‍ය්‍යවදාත කරන්නේ ය.
Pali BJT5. යෙසං සම්බොධි අඞ්ගෙසු සම්මා චිත්තං සුභාවිතං ආදානපටිනිස්සග්ගෙ අනුපාදාය යෙ රතා ඛීණාසවා ජුතීමන්තො තෙ ලොකෙ පරිනිබ්බුතා ති.
Sinhala BJT5. යම් කෙනෙකුන් විසින් සම්බෝධ්‍යඞ්ගධර්‍මයන් හි සිත මොනොවට සුභාවිත ද උපාදානයන්ගේ (දුරලීම වූ නිර්‍වාණයෙහි යම් කෙනෙකුන් තෘෂ්ණාදෘෂ්ටි ඈ විසින් නො ගෙන ඇලුනාහු වෙත් ද ද්‍යුතිමත් වූ ඒ ක්‍ෂීණාස්‍රවයෝ ලොව්හි පිරිනිවුනාහු වෙති.
Pali BJTසඞ්ගාරව සුත්තං තතියං.
Sinhala BJTසඞ්ගාරව සූත්‍රය තෙවැනි යි
Pali BJT10. 4. 2. 4.
Sinhala BJT10. 4. 2. 4.
Pali BJTඔරිමතීර සුත්තං
Sinhala BJTඔරිමතීර සූත්‍රය
Pali BJTඔරිමඤ්ච වො භික්ඛවෙ තීරං දෙසිස්සාමි, පාරිමඤ්ච තීරං, තං සුණාථ -පෙ- කතමඤ්ච භික්ඛවෙ ඔරිමං තීරං? කතමඤ්ච පාරිමං තීරං?
Sinhala BJTමහණෙනි තොපට ඔරිමතීරය හා පාරිමතීරය හා දෙසමි, ඒ අසවු ... මහණෙනි, ඔරිමතීරය හා කවරේය යත්? පාරිමතීරය කවරේය යත්?
Pali BJTපාණාතිපාතො ඛො භික්ඛවෙ ඔරිමං තීරං, පාණාතිපාතා වෙරමණී පාරිමං තීරං. අදින්නාදානා ඔරිමං තීරං, අදින්නාදානා වෙරමණී පාරිමං තීරං. කාමෙසු මිච්ඡාචාරො ඔරිමං තීරං, කාමෙසු මිච්ඡාචාරා වෙරමණී පාරිමං තීරං. මුසාවාදො ඔරිමං තීරං, මුසාවාදා වෙරමණී පාරිමං තීරං. පිසුණා වාචා ඔරිමං තීරං, පිසුණාය වාචාය වෙරමණී පාරිමං තීරං. ඵරුසා වාචා ඔරිමං තීරං, ඵරුසාය වාචාය වෙරමණී පාරිමං තීරං. සම්ඵප්පලාපො ඔරිමං තීරං, සම්ඵප්පලාපා වෙරමණී පාරිමං තීරං. අභිජ්ඣා ඔරිමං තීරං, අනභිජ්ඣා පාරිමං තීරං. ව්යාපාදො ඔරිමං තීරං, අව්යාපාදො පාරිමං තීරං. මිච්ඡාදිට්ඨි ඔරිමං තීරං, සම්මා දිට්ඨි පාරිමං තීරං. ඉදං ඛො භික්ඛවෙ ඔරිමං තීරං, ඉදං පාරිමං තීරන්ති.
Sinhala BJTමහණෙනි, ප්‍රාණඝාතය ඔරිමතීරයි, ප්‍රාණඝාතයෙන් විරමණය පාරිමතීරයි. අදින්නාදානය ඔරිම තීරයි, අදින්නාදානයෙන් විරමණය පාරිමතීරයි. කාමමිථ්‍යාචාරය ඔරිම තීරයි, කාමමිථ්‍යාචාරයෙන් විරමණය පාරිමතීරයි. මුසාවාදය ඔරිමතීරයි, මුසාවාදයෙන් විරමණය පාරිමතීරයි. පිසුනුබස් ඔරිමතීරයි, පිසුනුබසින් විරමණය පාරිමතීරයි. පරොස්බස් ඔරිමතීරයි, පරොස්බසින් විරමණය පාරිමතීරයි. සම්ඵප්‍රලාපය ඔරිමතීරයි, සම්ඵප්‍රලාපයෙන් විරමණය පාරිමතීරයි. අභිධ්‍යාව ඔරිමතීරයි, අනභිධ්‍යාව පාරිමතීරයි. ව්‍යාපාදය ඔරිමතීරයි අව්‍යාපාදය පාරිමතීරයි. මිථ්‍යාදෘෂ්ටිය ඔරිම තීරයි, සම්‍යග්දෘෂ්ටිය පාරිමතීරයි. මහණෙනි, මේ ඔරිමතීරයි, මේ පාරිමතීරයි.
Pali BJT1. අප්පකා තෙ මනුස්සෙසු යෙ ජනා පාරගාමිනො අථායං ඉතරා පජා තීරමෙවානුධාවති
Sinhala BJT1. මනුෂ්‍යයන් අතරෙහි යම් ජන කෙනෙක් නිවන්පරතෙර යනසුලු වෙත් නම් ඔහු අල්ප වෙත්. වැලිත් (මේ) සෙසු ප්‍රජා මෙ තෙර අනුවම දිවෙයි.
Pali BJT2. යෙ ච ඛො සම්මදක්ඛාතෙ ධම්මෙ ධම්මානුවත්තිනො, තෙ ජනා පාරමෙස්සන්ති මච්චුධෙය්යං සුදුත්තරං.
Sinhala BJT2. යම් ම කෙනෙක් මොනොවට දෙසන ලද ධර්‍මයෙහි ධර්‍මානුවර්තී වෙත් ද ඒ ජනයෝ සුද්ස්තරමෘත්‍යුධෙය ය තරණය කොට පරතීරයට යෙත්.
Pali BJT3. කණ්හං ධම්මං විප්පහාය සුක්කං භාවෙථ පණ්ඩිතො ඔකා අනොකං ආගම්ම විවෙකෙ යත්ථ දූරමං.
Sinhala BJT3. ඔකසඞ්ඛ්‍යාත ගිහිගෙන් නික්ම අනෝක සඞ්ඛ්‍යාත පැවිද්දට පැමිණ යම් විවෙකයෙක් හි දුකසේ සිත් අලවා වෙසේද, ඒ පණ්ඩිත තෙම කෘෂ්ණ ධර්‍ම හැරපියා ශුක්ලධර්‍ම වඩනේ ය.
Pali BJT4. තත්රාභි රතිමිච්ඡෙය්ය හිත්වා කාමෙ අකිඤ්චනො පරියොදපෙය්ය අත්තානං චිත්තක්ලෙසෙහි පණ්ඩිතො.
Sinhala BJT4. රාගාදි කිඤ්චන රහිත වූයේ කාමයන් හැරපියා අභිරතිය රුස්නේ ය. පණ්ඩිත තෙම චිත්තක්ලේෂයන්ගෙන් සිත පර්‍ය්‍යවදාත කෙරෙ යි.
Pali BJT5. යෙසං සම්බොධි අඞ්ගෙසු සම්මා චිත්තං සුභාවිතං ආදානපටිනිස්සග්ගෙ අනුපාදාය යෙ රතා ඛීණාසවා ජුතීමන්තො තෙ ලොකෙ පරිනිබ්බුතා ති.
Sinhala BJT5. යමකුන් විසින් සම්බෝධ්‍යඞ්ගයන්හි මොනොවට සිත සුභාවිත ද යම් කෙනෙකුන් උපාදාන විසින් නො ගෙන ආදානප්‍රතිනිසර්‍ගයෙහි ඇලුනාහු ද ද්‍යුතිමත් වූ එ ක්‍ෂීණාශ්‍රවයෝ පස්කඳලොව් හි පිරිනිවුණහ යි.
Pali BJT10. 4. 2. 5.
Sinhala BJT10. 4. 2. 5.
Pali BJTපඨම අධම්ම සුත්තං
Sinhala BJTපඨම අධම්ම සූත්‍රය
Pali BJTඅධම්මො ච භික්ඛවෙ වෙදිතබ්බො අනත්ථො ච, ධම්මො ච වෙදිතබ්බො අත්ථො ච. අධම්මඤ්ච විදිත්වා අනත්ථඤ්ච, ධම්මඤ්ච විදිත්වා අත්ථඤ්ච යථා ධම්මො යථා අත්ථො තථා පටිපජ්ජිතබ්බං.
Sinhala BJTමහණෙනි, අධර්‍මය හා අනර්‍ත්‍ථය හා දතයුත්තේ ය. ධර්‍මය හා අර්‍ත්‍ථය හා දතයුත්තේ ය. අධර්‍මය හා අනර්‍ත්‍ථය හා දැන ධර්‍මය හා අර්‍ත්‍ථය හා දැන ධර්‍මය යම් පරිදි වේ නම් අර්‍ත්‍ථය යම් පරිදි වේ නම් එ පරිදි පිළිපැදිය යුතු.
Pali BJTකතමො ච භික්ඛවෙ අධම්මො ච අනත්ථො ච.
Sinhala BJTමහණෙනි, අධර්‍මය හා අනර්‍ත්‍ථය කවරේය යත්:
Pali BJTපාණාතිපාතො, අදින්නාදානං, කාමෙසු මිච්ඡාචාරො, මුසාවාදො, පිසුනාවාචා, ඵරුසාවාචා, සම්ඵප්පලාපො, අභිජ්ඣා, ව්යාපාදො, මිච්ඡාදිට්ඨි. අයං වුච්චති භික්ඛවෙ අධම්මො ච අනත්ථො ච.
Sinhala BJTප්‍රාණාඝාතය අදින්නාදානය කාමමිථ්‍යාචාරය මුසාවාදය පිසුනාවාචාය ඵරුසාවාචා ය සම්ඵප්‍රලාපය අභිධ්‍යාය ව්‍යාපාදය මිථ්‍යාදෘෂ්ටිය යි. මහණෙනි, මේ අධර්‍මය හා අනර්‍ත්‍ථය හා යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ ධම්මො ච අත්ථො ච:
Sinhala BJTමහණෙනි, ධර්‍මය හා අර්‍ත්‍ථය කවරේය යත්?
Pali BJTපාණාතිපාතා වෙරමණී, අදින්නාදානා වෙරමණී, කාමෙසු මිච්ඡාචාරා වෙරමණී, මුසාවාදා වෙරමණී, පිසුනාය වාචාය වෙරමණී, ඵරුසාය වාචාය වෙරමණී, සම්ඵප්පලාපා වෙරමණී, අනභිජ්ඣා, අව්යාපාදො, සම්මාදිට්ඨි, අයං වුච්චති භික්ඛවෙ ධම්මො ච අත්ථො ච.
Sinhala BJTප්‍රාණාඝාතයෙන් විරමණය, අදත්තාදානයෙන් විරමණය, කාමමිථ්‍යාචාරයෙන් විරමණය, මුසාවාදයෙන් විරමණය, පිසුනුබසින් විරමණය, පරොස්බසින් විරමණය, සම්ඵප්‍රලාපයෙන් විරමණය, අනභිධ්‍යාය, අව්‍යාපාදය, සම්‍යක්දෘෂ්ටිය යී. මහණෙනි, මේ ධර්‍මය හා අර්‍ත්‍ථය හා යි කියනු ලැබේ.
Pali BJTඅධම්මො ච භික්ඛවෙ වෙදිතබ්බො අනත්ථො ච, ධම්මො ච වෙදිතබ්බො අත්ථො ච, අධම්මඤ්ච විදිත්වා අනත්ථඤ්ච ධම්මඤ්ච විදිත්වා අත්ථඤ්ච යථා ධම්මො යථා අත්ථො තථා පටිපජ්ජිතබ්බන්ති ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තන්ති.
Sinhala BJTමහණෙනි, අධර්‍මය හා අනර්‍ත්‍ථය හා දතයුත්තේ ය. ධර්‍මය හා අර්‍ත්‍ථය දතයුත්තේ ය. අධර්‍මය දැන අනර්‍ත්‍ථය ද දැන ධර්‍මය හා අර්‍ත්‍ථය හා දැන ධර්‍මය යම් පරිදි වේ නම් අර්‍ත්‍ථය යම් පරිදි වේ නම් එ සේ පිළිපැදිය යුතු ය යි මෙසේ යමක් කියන ලද නම් තෙල මේ පිණිස කියන ලදැ යි.
Pali BJT10. 4. 2. 6.
Sinhala BJT10. 4. 2. 6.
Pali BJTදුතිය අධම්ම සුත්තං
Sinhala BJTදුතිය අධම්ම සූත්‍රය
Pali BJTඅධම්මො ච භික්ඛවෙ වෙදිතබ්බො, ධම්මො ච, අනත්ථො ච වෙදිතබ්බො අත්ථො ච. අධම්මඤ්ච විදිත්වා ධම්මඤ්ච, අනත්ථඤ්ච විදිත්වා අත්ථඤ්ච යථා ධම්මො යථා අත්ථො තථා පටිපජ්ජිතබ්බන්ති ඉදමවොච භගවා, ඉදං වත්වා සුගතො උට්ඨායාසනා විහාරං පාවිසි.
Sinhala BJTමහණෙනි, අධර්‍ම හා ධර්‍ම හා දතයුත්තේ ය. අනර්‍ත්‍ථ හා අර්‍ත්‍ථ දතයුත්තේ ය. අධර්‍ම හා ධර්‍ම හා දැන අනර්‍ත්‍ථ හා අර්‍ත්‍ථ දැන ධර්‍මය යම් පරිදි වේ නම් අර්‍ත්‍ථය යම් පරිදි වේ නම් එසේ පිළිපැදිය යුතු ය යි. භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැගී විහාරයට පිවිසි සේක.
Pali BJTඅථ ඛො තෙසං භික්ඛූනං අචිරපක්කන්තස්ස භගවතො එතදහොසි: ඉදං ඛො නො ආවුසො භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො, “අධම්මො ච භික්ඛවෙ වෙදිතබ්බො ධම්මො ච, අනත්ථො ච වෙදිතබ්බො අත්ථො ච. අධම්මං ච විදිත්වා ධම්මඤ්ච, අනත්ථඤ්ච විදිත්වා අත්ථඤ්ච, යථා ධම්මො යථා අත්ථො තථා පටිපජ්ජිතබ්බන්ති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ කල් ඇතිවත් ම එ මහණුනට තෙල සිත විය. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට සැකෙවින් මේ උද්දේසය උදෙසා විතර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක, “මහණෙනි, අධර්‍ම හා ධර්‍ම හා දතයුත්තේ ය. අනර්‍ත්‍ථ හා අර්‍ත්‍ථ දතයුත්තේය. අධර්‍ම හා ධර්‍ම හා දැන අනර්‍ත්‍ථ අර්‍ත්‍ථ හා දැන ධර්‍ම යම් පරිදි වේ නම් අර්‍ත්‍ථ යම් පරිදි වේ නම් එපරිදි පිළිපැදිය යුතුය” යි.
Pali BJTකො නු ඛො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජෙය්යාති?
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දෙසන ලද විතර විසින් අරුත් නො බෙදන ලද මේ උද්දේසයාගේ අර්‍ත්‍ථය කවරෙක් නම් විතර විසින් බෙදන්නේ දැ යි?
Pali BJTඅථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි:
Sinhala BJTඉක්බිති එ මහණුනට තෙල සිත විය.
Pali BJTඅයං ඛො ආයස්මා මහා කච්චානො සත්ථු චෙව සංවණ්ණිතො, සම්භාවිතො ච විඤ්ඤූනං සබ්රහ්මචාරීනං, පහොති චායස්මා මහා කච්චානො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං. යන්නූන මයං යෙනායස්මා මහා කච්චානො තෙනුපසඞ්කමෙය්යාම, උපසඞ්කමිත්වා ආයස්මන්තං මහා කච්චානං එතමත්ථං පුච්ඡෙය්යාම. යථා නො ආයස්මා මහාකච්චානො ව්යාකරිස්සති, තථා නං ධාරෙස්සාමාති.
Sinhala BJT“මේ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ ශාස්තෲන් විසිනුදු සංවර්ණිතයහ. විඥසබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතය හ. ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දෙසන ලද විතර විසින් අරුත් නො බෙදන ලද මේ උද්දේශයාගේ අර්‍ත්‍ථය විස්තර විසින් විභජනය කිරීමට පොහෝනේත් වෙයි. අපි ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන් කරා එළඹමෝ නම්, එළඹ, ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන් තෙල අරුත් පුළුවුස්නමෝ නම්, යම් සෙයකින් ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ අපට ව්‍යාකරණ කෙරෙත් නම් එ සෙයින් එය ධරන්නමෝ නම් යෙහෙකැ”යි.
Pali BJTඅථ ඛො තෙ භික්ඛු යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මතා මහා කච්චානෙන සද්ධිං සම්මොදිංසු, සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු, එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛු ආයස්මන්තං මහා කච්චානං එතදවොචුං:
Sinhala BJTඑ කල්හි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන් කරා එළඹිය හ. එළඹ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන් සමඟ සතුටු වුහ. සතුටු වියයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන් හ. එකත්පසෙක හුන් ඒ මහණහු ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන්ට තෙල සැළකළහ:
Pali BJT“ඉදං ඛො නො ආවුසො කච්චාන භගවා සංඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො, “අධම්මො ච භික්ඛවෙ වෙදිතබ්බො ධම්මො ච, අනත්ථො ච වෙදිතබ්බො අත්ථො ච, අධම්මඤ්ච විදිත්වා ධම්මඤ්ච අනත්ථඤ්ච විදිත්වා අත්ථඤ්ච යථා ධම්මො යථා අත්ථො, තථා පටිපජ්ජිතබ්බන්ති”. තෙසං නො ආවුසො අචිරපක්කන්තස්ස භගවතො එතදහොසි: “ඉදං ඛො නො ආවුසො භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො. “අධම්මො ච භික්ඛවෙ වෙදිතබ්බො ධම්මො ච, අනත්ථො ච වෙදිතබ්බො අත්ථො ච, අධම්මඤ්ච විදිත්වා ධම්මඤ්ච අනත්ථඤ්ච විදිත්වා අත්ථඤ්ච යථා ධම්මො, යථා අත්ථො, තථා පටිපජ්ජිතබ්බන්ති. “
Sinhala BJT“ඇවැත් කාත්‍යායනයෙනි, අපට භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් මේ උද්දේසය උදෙසා විතර විසින් අරුත් විභාග නො කොට හුනස්නෙන් නැඟී විහාරයට පිවිසිය හ, මහණෙනි, අධර්‍ම හා ධර්‍ම හා දතයුත්තේ ය. අනර්‍ත්‍ථ හා අර්‍ත්‍ථ හා දතයුත්තේ ය. අධර්‍ම හා ධර්‍ම හා දැන අනර්‍ත්‍ථ හා අර්‍ත්‍ථ හා දැන ධර්‍මය යම් පරිදි වේ නම් අර්‍ත්‍ථය යම් පරිදි වේ නම් එසේ පිළිපැදිය යුතුය’යි. ඇවැත්නි, එ අපට භාග්‍යවතුන් වහන්සේ වැඩි නො බෝ කල් වත් ම තෙල අදහස විය: ‘ඇවැත්නි, අපට භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් මේ උද්දේස උදෙසා විතර විසින් අරුත් විභාග නො කොට හුනස්නෙන් නැගී විහාරයට වන් හ, මහණෙනි, අධර්‍මය හා ධර්‍මය හා දතයුත්තේ ය. අනර්‍ත්‍ථය හා අර්‍ත්‍ථය දතයුත්තේ ය. අධර්‍මය හා ධර්‍මය හා දැන අනර්‍ත්‍ථය හා අර්‍ත්‍ථය හා දැන ධර්‍මය යම් පරිදි වේ ද අර්‍ත්‍ථය යම් පරිදි වේ ද එසේ පිළිපැදිය යුතුය’ යි.
Pali BJTකො නු ඛො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජෙය්යා”ති තෙසං නො ආවුසො අම්හාකං එතදහොසි:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත් නො බෙදන ලද මේ උද්දේසයාගේ අර්‍ත්‍ථය කවරෙක් විතර විසින් විභාග කෙරේදැ”යි. ඇවැත්නි, එ අපට තෙල සිත විය.
Pali BJTඅයං ඛො ආයස්මා මහා කච්චානො සත්ථු චෙව සංවණ්ණිතො, සම්භාවිතො ච විඤ්ඤූනං සබ්රහ්මචාරීනං, පහොති චායස්මා මහා කච්චානො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං. යන්නූනමයං යෙනායස්මා මහා කච්චානො තෙනුපසඞ්කමෙය්යාම, උපසඞ්කමිත්වා ආයස්මන්තං මහා කච්චානං එතමත්ථං පුච්ඡෙය්යාම. යථා නො ආයස්මා මහාකච්චානො ව්යාකරිස්සති, තථා නං ධාරෙස්සාමා”ති. විභජතායස්මා මහාකච්චානො ති.
Sinhala BJT“මේ ආයුෂ්මත් මහාකාත්‍යාන තෙරණුවෝ ශාස්තෘන්වහන්සේ විසිනුදු සංවර්ණිතය හ. විඥ සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතය හ. ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත් නො බෙදන ලද මේ උද්දේසයාගේ අර්‍ත්‍ථය විතර විසින් විභාග කරන්නට පොහෝනාහු වෙති. අපි ආයුෂ්මත් මහාකාත්‍යාන තෙරුන් තෙල අරුත් පුළුවුස්නමෝ නම්, ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ අපට යම් පරිදි ව්‍යාකරණ කෙරෙත් නම් එ පරිදි එය දරමෝ නම් ඉතා යෙහෙකැ”යි. ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ විභජනය කෙරෙත්වා යි
Pali BJTසෙය්යාථාපි ආවුසො පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව මූලං, අතික්කම්ම ඛන්ධං, සාඛාපලාසෙ සාරං පරියෙසිතබ්බං මඤ්ඤෙය්ය, එවං සම්පදමිදං. ආයස්මන්තං සත්ථරි සම්මුඛීභූතෙ තං භගවන්තං අතිසිත්වා අම්හෙ එතමත්ථං පටිපුච්ඡිතබ්බං මඤ්ඤථ. සොහාවුසො භගවා ජානං ජානාති, පස්සං පස්සති. චක්ඛුභූතො ඤාණභූතො ධම්මභූතො බ්රහ්මභූතො වත්තා පවත්තා අත්ථස්ස නින්නෙතා අමතස්ස දාතා ධම්මස්සාමී තථාගතො. සො චෙව පනෙතස්ස කාලො අහොසි යං තුම්හෙ භගවන්තංයෙව උපසඞ්කමිත්වා එතමත්ථං පුච්ඡෙය්යාථ. යථා ඛො{1} භගවා ව්යාකරෙය්ය, තථා නං ධාරෙය්යාථා ති.
Sinhala BJT“ඇවැත්නි, යම් පරිදි හරයෙන් අර්‍ත්‍ථ ඇති සාරය සොයන සාරපර්‍ය්‍යෙෂණය කරන පුරුෂයෙක් හර ඇති සිටුනා මහරුකක්හුගේ මුල ඉක්ම කඳ ඉක්ම අතුපතරෙහි සාරය සෙවිය යුතු කොට හඟනේ නම් මෙ එබඳු උපමායෙකි. ආයුෂ්මත්නට ශාස්තෘන් වහන්සේ සම්මුඛීභූත වත් ම එ භගවත්හු ඉක්ම අප තෙල අරුත් පිළිවිසිය යුතු කොට හඟනාහුය. ඇවැත්නි, දන්නා වූ ම ඒ භාග්‍යවත්හු දන්නා හ. දක්නාහු ම දක්නා හ. චක්‍ෂූර්භූත වූ ඤාණභූත වූ ධර්‍මභූත වූ බ්‍රහ්මභූත වූ තථාගතයෝ වක්තෘ හ. ප්‍රවර්තෘ හ. අර්‍ත්‍ථයාගේ නිර්නේතෘ හ. අමෘතයගේ දාතෘ හ. ධර්‍මස්වාමී හ. යම් හෙයකින් තෙපි භාග්‍යවතුන් වහන්සේ ම කරා එළඹ තෙල අරුත් පුළුවුස්නහු නම් තෙල කරුණ පිණිස එම කල් විය. භාග්‍යවතුන් වහන්සේ යම් පරිදි තොපට ව්‍යාකරණ කරන සේක් නම් එ පරිදි එය දරව” යි.
Pali BJTඅද්ධා ආවුසො කච්චාන භගවා ජානං ජානාති, පස්සං පස්සති, චක්ඛු භූතො ඤාණභූතො ධම්මභූතො බ්රහ්මභූතො වත්තා පවත්තා අත්ථස්ස නින්නෙතා අමතස්ස දාතා ධම්මස්සාමී තථාගතො. සො චෙව පනෙතස්ස කාලො අහොසි: යං මයං භගවන්තංයෙව උපසඞ්කමිත්වා එතමත්ථං පුච්ඡෙය්යාම, යථා නො භගවා ව්යාකරෙය්ය, තථා නං ධාරෙය්යාම, අපිචායස්මා මහා කච්චානො සත්ථු චෙව සංවණ්ණිතො, සම්භාවිතො ච විඤ්ඤූනං සබ්රහ්මචාරීනං, පහොතිචායස්මා මහා කච්චානො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං. විභජතායස්මා මහා කච්චානො අගරුං කරිත්වා{1}ති.
Sinhala BJTඇවැත්නි, කාත්‍යායනයෙනි, එකැතින් දන්නා වූ ම ඒ භාග්‍යවත්හු දනිත් මැ යි. දක්නාහු දකිත් මැ යි. චක්‍ෂූර්භූත වූ ඥානභූත වූ ධර්‍මභූත වූ බ්‍රහ්මභූත වූ තථාගතයන් වහන්සේ වක්තෘ හ. ප්‍රවර්තෘ හ. අර්‍ත්‍ථයාගේ නිර්නේතෘ හ. අමෘතයාගේ දාතෘ හ. ධර්‍මස්වාමී හ. යම් හෙයකින් අපි භාග්‍යවතුන් වහන්සේ ම කරා එළඹ තෙල අරුත් පුලුවුස්නමෝ නම් තෙල කරුණ සඳහා එම කල් විය. යම් පරිදි භාග්‍යවතුන් වහන්සේ අපට ව්‍යාකරණ කරන සේක් නම් පරිදි එ පරිදි එය දරම් හ. වැලිත් ආයුෂ්මත් මහකාත්‍යයන තෙරණුවෝ ශාස්තෘන් වහන්සේ විසිනුදු සංවර්ණීතය හ. විඥ සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතයහ. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත් නො බෙදන ලද තෙල උද්දේසයාගේ අර්‍ත්‍ථය විතර විසින් විභාග කිරීමට ආයුෂ්මත් මහාකාත්‍යායනයෝ පොහොසත් හ. ආයුෂ්මත් මහාකාත්‍යායනයෝ නො ගුරු කොට විභාග කෙරෙත්ව යි.
Pali BJTතෙනහාවුසො සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස්සාමීති. ‘එවමාවුසො’ති ඛො තෙ භික්ඛූ ආයස්මතො මහාකච්චානස්ස පච්චස්සොසුං. ආයස්මා මහා කච්චානො එතදවොච:
Sinhala BJT“ඇවැත්නි, එසේ වී නම් අසවු, මැනැවින් මෙනෙහි කරවු, දෙසන්නෙමි”යි. ‘ඇවැත්නි, එසේය’යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහා කාත්‍යායනයන් හට පිළිවදන් ඇස්වූ හ. ආයුෂ්මත් මහාකාත්‍යායන තෙමේ තෙල කීහ:
Pali BJTයං ඛො නො ආවුසො භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො, “අධම්මො ච භික්ඛවෙ වෙදිතබ්බො ධම්මො ච, අනත්ථො ච වෙදිතබ්බො අත්ථො ච, අධම්මඤ්ච විදිත්වා ධම්මඤ්ච, අනත්ථං ච විදිත්වා අත්ථඤ්ච යථා ධම්මො, යථා අත්ථො, තථා පටිපජ්ජිතබ්බන්ති. “
Sinhala BJTඇවැත්නි, අපට භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, අධර්‍මය හා ධර්‍මය හා දත යුතුය. අනර්‍ත්‍ථය හා අර්‍ත්‍ථය හා දතයුතුය. අධර්‍මය හා ධර්‍මය හා දැන අනර්‍ත්‍ථය හා අර්‍ත්‍ථය හා දැන ධර්‍මය යම් සේ නම්, අර්‍ත්‍ථය යම් සේ නම් එසේ පිළිපැදිය යුතු ය” යන යමක් සංක්‍ෂිප්තව උදෙසුම් කොට විතර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැගි විහාරයට පිවිසි සේක් ද,
Pali BJTකතමො චාවුසො අධම්මො, කතමො ච ධම්මො, කතමො ච අනත්ථො, කතමො ච අත්ථො:
Sinhala BJTඇවැත්නි, අධර්‍මය හා කවර, ධර්‍මය හා කවර, අනර්‍ත්‍ථය හා කවර, අර්‍ත්‍ථය හා කවර:
Pali BJTපාණාතිපාතො ආවුසො අධම්මො, පාණාතිපාතා වෙරමණී ධම්මො, යෙ ච පාණාතිපාත පච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, අයං අනත්ථො. පාණාතිපාතා වෙරමණී පච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති, අයං අත්ථො.
Sinhala BJTඇවැත්නි, ප්‍රාණඝාතය අධර්‍මයි. ප්‍රාණඝාතයෙන් විරමණය ධර්‍මයි. ප්‍රාණඝාතප්‍රත්‍යයෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්‍ම කෙනෙක් සම්භව වෙත් නම් මේ අනර්‍ත්‍ථ යි. ප්‍රාණඝාතවිරමණප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්‍ණ බවට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
Pali BJTඅදින්නාදානං ආවුසො අධම්මො, අදින්නාදානා වෙරමණී ධම්මො, යෙච අදින්නාදානපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, අයං අනත්ථො, අදින්නාදානා වෙරමණී පච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති, අයං අත්ථො.
Sinhala BJTඇවැත්නි, අදත්තාදානය අධර්‍මයි. අදත්තාදාන විරමණය ධර්‍මයි. අදත්තාදාන ප්‍රත්‍යයෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ සම්භව වෙත් නම් මේ අනර්‍ත්‍ථයි. අදත්තාදානවිරමණප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්‍ණබවට යෙත් නම් මේ අර්‍ත්‍ථයි.
Pali BJTකාමෙසු මිච්ඡාචාරො ආවුසො අධම්මො, කාමෙසු මිච්ඡාචාරා වෙරමණී ධම්මො, යෙ ච කාමෙසු මිච්ඡාචාරපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, අයං අනත්ථො. කාමෙසු මිච්ඡාචාරා වෙරමණී පච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති, අයං අත්ථො.
Sinhala BJTඇවැත්නි, කාමමිථ්‍යාචාරය අධර්‍ම යි. කාමමිථ්‍යාචාරයෙන් විරමණය ධර්‍මයි. කාමමිථ්‍යාචාරප්‍රත්‍යයෙන් යම් නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ සම්භව වෙත් නම් මේ අනර්‍ත්‍ථයි. කාමමිථ්‍යාචාරයෙන් විරමණප්‍රත්‍යයෙන් නොයෙක් කුශල ධර්‍මයෝ භාවනායෙන් පරිපූර්‍ණබවට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
Pali BJTමුසාවාදො ආවුසො අධම්මො, මුසාවාදා වෙරමණී ධම්මො. යෙච මුසාවාද පච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, අයං අනත්ථො, මුසාවාදා වෙරමණී පච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති අයං අත්ථො.
Sinhala BJTඇවැත්නි, මුසාවාදය අධර්‍ම යි. මුසාවාදයෙන් විරමණය ධර්‍මයි. මුසාවාද ප්‍රත්‍යයෙන් යම් නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ සම්භව වෙත් නම් මේ අනර්‍ත්‍ථ යි. මුසාවාදයෙන් විරමණප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්‍ණබවට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
Pali BJTපිසුනා වාචා ආවුසො අධම්මො, පිසුනාය වාචාය වෙරමණී ධම්මො, යෙ ච පිසුනා වාචා පච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, අයං අනත්ථො. පිසුනාය වාචාය වෙරමණී පච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති, අයං අත්ථො.
Sinhala BJTඇවැත්නි, පිසුනුවචනය අධර්‍ම යි. පිසුනුවචනයෙන් විරමණය ධර්‍ම යි. පිසුනවාචාප්‍රත්‍යයෙන් යම් නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ සම්භව වෙත් නම් මේ අනර්‍ත්‍ථ යි. පිසුනුවචනයෙන් විරමණප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්‍ණබවට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
Pali BJTඵරුසා වාචා ආවුසො අධම්මො, ඵරුසාය වාචාය වෙරමණී ධම්මො, යෙ ච ඵරුසවාචා පච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, අයං අනත්ථො. ඵරුසාය වාචාය වෙරමණී පච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති, අයං අත්ථො.
Sinhala BJTඇවැත්නි, පරොස්බස් අධර්‍ම යි. පරොස්බසින් විරමණය ධර්‍ම යි. පරුෂවචන ප්‍රත්‍යයෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ සම්භව වෙත් නම් මේ අනර්‍ත්‍ථ යි. පරොස්බසින් විරමණප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්‍ණ බවට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
Pali BJTසම්ඵප්පලාපො ආවුසො අධම්මො, සම්ඵප්පලාපා වෙරමණී ධම්මො, යෙ ච සම්ඵප්පලාප පච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මො සම්භවන්ති, අයං අනත්ථො. සම්ඵප්පලාපා වෙරමණී පච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං, ගච්ඡන්ති, අයං අත්ථො.
Sinhala BJTඇවැත්නි, සම්පප්‍රලාපය අධර්‍ම යි. සම්ඵප්‍රලාපයෙන් විරමණය ධර්‍ම යි. සම්පප්‍රලාපප්‍රත්‍යයෙන් යම් නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ සම්භවවෙත් නම් මේ අනර්‍ත්‍ථ යි. සම්ඵප්‍රලාපයෙන් විරමණප්‍රත්‍යයෙන් නොයෙක් කුශල ධර්‍මයෝ භාවනායෙන් පරිපූර්‍ණබවට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
Pali BJTඅභිජ්ඣා ආවුසො අධම්මො, අනභිජ්ඣා ධම්මො, යෙ ච අභිජ්ඣාපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, අයං අනත්ථො, අනභිජ්ඣා පච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති, අයං අත්ථො.
Sinhala BJTඇවැත්නි, අභිධ්‍යාව අධර්‍ම යි. අනභිධ්‍යාව ධර්‍ම යි. අභිධ්‍යාප්‍රත්‍යයෙන් යම් නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ සම්භව වෙත් නම් මේ අනර්‍ත්‍ථ යි. අනභිධ්‍යාප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්‍ණ බවට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
Pali BJTව්යාපාදො ආවුසො අධම්මො, අව්යාපාදො ධම්මො, යෙ ච ව්යාපාදපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, අයං අනත්ථො, අව්යාපාද පච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති, අයං අත්ථො.
Sinhala BJTඇවැත්නි, ව්‍යාපාදය අධර්‍ම යි. අව්‍යාපාදය ධර්‍ම යි. ව්‍යාපාදප්‍රත්‍යයෙන් යම් නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ සම්භව වෙත් නම් මේ අනර්‍ත්‍ථ යි. අව්‍යාපාදප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්‍ණබවට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
Pali BJTමිච්ඡාදිට්ඨි ආවුසො අධම්මො සම්මාදිට්ඨි ධම්මො, යෙ ච මිච්ඡාදිට්ඨි පච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති අයං අනත්ථො, සම්මා දිට්ඨිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති, අයං අත්ථො.
Sinhala BJTඇවැත්නි, මිථ්‍යාදෘෂ්ටිය අධර්‍ම යි. සම්‍යග්දෘෂ්ටියි ධර්‍ම යි. මිථ්‍යාදෘෂ්ටියප්‍රත්‍යයෙන් යම් නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ සම්භව වෙත් නම් මේ අනර්‍ත්‍ථ යි. සම්‍යක්දෘෂ්ටිප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්‍ණබවට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
Pali BJTයං ඛො නො ආවුසො භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො ‘අධම්මො ච භික්ඛවෙ වෙදිතබ්බො ධම්මො ච, අනත්ථො ච වෙදිතබ්බො අත්ථො ච, අධම්මඤ්ච විදිත්වා ධම්මඤ්ච, අනත්ථඤ්ච විදිත්වා අත්ථඤ්ච, යථා ධම්මො යථා අත්ථො, තථා පටිපජ්ජිතබ්බන්ති”. ඉමස්ස ඛො අහං ආවුසො භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමි, ආකඞ්ඛමානා ච පන තුම්හෙ ආවුසො භගවන්තං යෙව උපසඞ්කමිත්වා එතමත්ථං පුච්ඡෙය්යාථ, යථා නො{1} භගවා ව්යාකරොති තථා නං ධාරෙය්යාථාති.
Sinhala BJT“ඇවැත්නි, අපට භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, අධර්‍මය හා ධර්‍මය හා දතයුතු ය. අනර්‍ත්‍ථය හා අර්‍ත්‍ථය හා දතයුතුය. ධර්‍මය හා අධර්‍මය හා දැන අනර්‍ත්‍ථය හා අර්‍ත්‍ථය හා දැන ධර්‍මය යම් සේ නම් අර්‍ත්‍ථය යම් සේ නම් එසේ පිළිපැදිය යුතු ය” යන යමෙක් සංක්‍ෂිප්තව උදෙසුම් කොට විතර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැගී විහාරයට පිවිසි සේක් ද, ඇවැත්නි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසුම් කළ විතර විසින් අරුත් නො බෙදූ මේ ධර්‍මයා ගේ අර්‍ත්‍ථය විතර විසින් මෙසේ දනිමි. ඇවැත්නි, තෙපි කැමැති වන්නාහු නම් භාග්‍යවතුන් වහන්සේ වෙත ම එළඹ මේ අර්‍ත්‍ථය විචාරවු. යම් පරිදි භාග්‍යවතුන් වහන්සේ අපට ප්‍රකාශකරන සේක් නම් එපරිදි එය දරවු යි.
Pali BJTඑවමාවුසොති ඛො තෙ භික්ඛු ආයස්මතො මහාකච්චානස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා යෙන භගවා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු, එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛු භගවන්තං එතදවොචුං:
Sinhala BJTඇවැත්නි, එසේය යි ඒ මහණහු ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනය කොට අනුමෝදනා කොට හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන් හ. එකත් පසෙක හුන් ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ:
Pali BJTයං ඛො නො භන්තෙ භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො, “අධම්මො ච භික්ඛවෙ වෙදිතබ්බො ධම්මො ච, අනත්ථො ච වෙදිතබ්බො අත්ථො ච, අධම්මඤ්ච විදිත්වා ධම්මඤ්ච, අනත්ථඤ්ච විදිත්වා අත්ථඤ්ච, යථා ධම්මො යථා අත්ථො තථා පටිපජ්ජිතබ්බන්ති”. තෙසං නො භන්තෙ අම්හාකං අචිරපක්කන්තස්ස භගවතො එතදහොසි: “ඉදං ඛො නො ආවුසො භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො “අධම්මො ච භික්ඛවෙ වෙදිතබ්බො ධම්මො ච, අනත්ථො ච වෙදිතබ්බො අත්ථො ච අධම්මඤ්ච විදිත්වා ධම්මඤ්ච අනත්ථඤ්ච විදිත්වා අත්තඤ්ච යථා ධම්මො යථා අත්ථො තථා පටිපජ්ජිතබ්බන්ති. “
Sinhala BJT“වහන්ස, අපට භාග්‍යවතුන් වහන්සේ අධර්‍මය හා ධර්‍මය හා දතයුත්තේ ය. අනර්‍ත්‍ථ හා අර්‍ත්‍ථය දතයුත්තේ ය. අධර්‍මය හා ධර්‍මය හා දැන අනර්‍ත්‍ථ හා අර්‍ත්‍ථය හා දැන ධර්‍මය යම් පරිදි වේ නම් අර්‍ත්‍ථය යම් පරිදි වේ නම් එසේ පිළිපැදිය යුතුය”යි, මේ උද්දේසයක් සැකෙවින් උදෙසා විතර විසින් අරුත් විභාග නො කොට හුනස්නෙන් නැඟී වෙහෙරට වන් සේක් ද වහන්ස, ඒ අපට භාග්‍යවතුන් වහන්සේ වැඩි නො බෝ කල් වත් ම තෙල සිත විය; “ඇවැත්නි, අපට භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, අධර්‍මය හා ධර්‍මය හා දතයුතුය. අනර්‍ත්‍ථ හා අර්‍ත්‍ථය හා දත යුතුය. ධර්‍මය හා අධර්‍මය හා දැන අනර්‍ත්‍ථය හා අර්‍ත්‍ථය හා දැන ධර්‍මය යම් පරිදි වේ නම් අර්‍ත්‍ථය යම් පරිදි වේ නම් එපරිදි පිළිපැදිය යුතුය’යි. යමක් සංක්‍ෂිප්තව උදෙසුම් කොට විතර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැගී විහාරයට වන් සේක.
Pali BJTකො නු ඛො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං විභජෙය්යා”ති. තෙසං නො භන්තෙ අම්හාකං එතදහොසි:
Sinhala BJTකවරෙක් භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් උදෙසූ විතර විසින් අරුත් නො බෙදූ මේ උද්දේසයාගේ අර්‍ත්‍ථය විභජනය කෙරෙන්නේදැ”යි. වහන්ස, එ අපට තෙල සිත විය:
Pali BJT“අයං ඛො ආයස්මා මහා කච්චානො සත්ථුචෙව සම්මන්තිකො සම්භාවිතො ච විඤ්ඤූනං සබ්රහ්මචාරීනං පහොති චායස්මා මහාකච්චානො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං. යන්නූන මයං යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමෙය්යාම, උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකච්චානං එතමත්ථං පුච්ඡෙය්යාම යථා නො ආයස්මා මහාකච්චානො ව්යාකරිස්සති තථා නං ධාරෙය්යාමාති. අථ ඛො මයං භන්තෙ යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමිම්හා. උපපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකච්චානං එතමත්ථං පුච්ඡිම්හා: තෙසං නො භන්තෙ ආයස්මතා මහාකච්චානෙන ඉමෙහි ආකාරෙහි ඉමෙහි පදෙහි ව්යඤ්ජනෙහි අත්ථො සුවිභත්තොති.
Sinhala BJT“මේ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ ශාස්තෘන් වහන්සේ විසිනුදු සංවර්ණිතය හ. විඥ සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතය හ. ආයුෂ්මත් මහා කාත්‍යායන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසූ විතර විසින් අරුත් නො බෙදූ මේ උද්දේසයාගේ අර්‍ත්‍ථය විතර විසින් බෙදනට සමත් හ. අපි ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවන් කරා එළඹමෝ නම් එළඹ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන් තෙල අරුත් පුළුවුස්නමෝ නම් ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ අපට යම් පරිදි ව්‍යාකරණ කෙරෙත් නම් එය එ පරිදි දරම්හ”යි. වහන්ස, ඉක්බිති අපි ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන් කරා එළඹියම් හ. එළැඹ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන් පුළුවුසුම් හ. “වහන්ස, ඒ අපට ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන් විසින් මේ අයුරින් මේ පදයෙන් මේ ව්‍යඤ්ජනයෙන් අර්‍ත්‍ථය සුවිභක්තයහ”යි.
Pali BJTසාධු සාධු භික්ඛවෙ, පණ්ඩිතො භික්ඛවෙ මහාකච්චානො, මහාපඤ්ඤො භික්ඛවෙ මහාකච්චානො, මං චෙපි තුම්හෙ භික්ඛවෙ උපසඞ්කමිත්වා එතමත්ථං පුච්ඡෙය්යාථ අහම්පි චෙතං එවමෙවං ව්යාකරෙය්යං යථා තං මහාකච්චානෙන ව්යාකතං. එසො චෙවෙතස්ස අත්ථො, එවං ච නං ධාරෙය්යාථාති.
Sinhala BJTමහණෙනි, මැනැවි, මැනැවි, මහණෙනි, මහාකාත්‍යාන පණ්ඩිත වෙයි. මහණෙනි, මහාකාත්‍යාන මහාප්‍රාඥ වෙයි, මහණෙනි, තෙපි මා කරා ද අවුත් තෙල අරුත් පුලුවුස්නහු නම් මම ද තෙල අර්‍ත්‍ථය මහාකාත්‍යායනයන් විසින් යම් පරිදි ව්‍යාකෘත නම් එ පරිදි ම ව්‍යාකරණ කරනෙමි. තෙල කාරණයාගේ අර්‍ත්‍ථය එ මැ යි. එසේ ම එය දරව’යි.
Pali BJT10. 4. 2. 7.
Sinhala BJT10. 4. 2. 7.
Pali BJTතතිය අධම්ම සුත්තං
Sinhala BJTතතිය අධම්ම සූත්‍රය
Pali BJTඅධම්මො ච භික්ඛවෙ වෙදිතබ්බො ධම්මො ච, අනත්ථො ච වෙදිතබ්බො අත්ථො ච, අධම්මඤ්ච විදිත්වා ධම්මඤ්ච, අනත්ථඤ්ච විදිත්වා අත්ථඤ්ච, යථා ධම්මො, යථා අත්ථො තථා පටිපජ්ජිතබ්බං.
Sinhala BJTමහණෙනි, අධර්‍මය හා ධර්‍මය හා දතයුත්තේ ය. අනර්‍ත්‍ථය හා අර්‍ත්‍ථය හා දතයුත්තේ ය. අධර්‍මය හා ධර්‍මය හා දැන අනර්‍ත්‍ථය හා අර්‍ත්‍ථය හා දැන යම් පරිදි ධර්‍මය වේ නම් යම් පරිදි අර්‍ත්‍ථය වේ නම් එ පරිදි පිළිපැදිය යුතු.
Pali BJTකතමො ච භික්ඛවෙ අධම්මො, කතමො ච ධම්මො, කතමො ච අනත්ථො, කතමො ච අත්ථො, පාණාතිපාතො භික්ඛවෙ අධම්මො, පාණාතිපාතා වෙරමණී ධම්මො, යෙ ච පාණාතිපාතපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, අයං අනත්ථො. පාණාතිපාතා වෙරමණී පච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති, අයං අත්ථො.
Sinhala BJTමහණෙනි, අධර්‍මය කවර, ධර්‍මය කවර: අනර්‍ත්‍ථය කවර, අර්‍ත්‍ථය කවර: මහණෙනි, ප්‍රාණඝාතය අධර්‍ම යි. ප්‍රාණඝාතයෙන් විරමණය ධර්‍ම යි. ප්‍රාණඝාතප්‍රත්‍යයෙන් යම් නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම් මේ අනර්‍ත්‍ථ යි. ප්‍රාණඝාතයෙන් විරමණප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
Pali BJTඅදින්නාදානං භික්ඛවෙ අධම්මො, අදින්නාදානා වෙරමණී ධම්මො -පෙ- කාමෙසු මිච්ඡාචාරො භික්ඛවෙ අධම්මො, කාමෙසු මිච්ඡාචාරා වෙරමණී ධම්මො -පෙ- මුසාවාදො භික්ඛවෙ අධම්මො, මුසාවාදා වෙරමණී ධම්මො -පෙ- පිසුනා වාචා භික්ඛවෙ අධම්මො, පිසුනාය වාචාය වෙරමණී ධම්මො -පෙ- ඵරුසා වාචා භික්ඛවෙ අධම්මො, ඵරුසාය වාචාය වෙරමණී ධම්මො -පෙ- සම්ඵප්පලාපො භික්ඛවෙ අධම්මො, සම්ඵප්පලාපා වෙරමණී ධම්මො -පෙ- අභිජ්ඣා භික්ඛවෙ අධම්මො, අනභිජ්ඣා ධම්මො -පෙ- ව්යාපාදො භික්ඛවෙ අධම්මො, අව්යාපාදො ධම්මො -පෙ- මිච්ඡාදිට්ඨි භික්ඛවෙ අධම්මො සම්මාදිට්ඨි ධම්මො, යෙ ච මිච්ඡාදිට්ඨි පච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති අයං අනත්ථො, සම්මා දිට්ඨිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති, අයං අත්ථො.
Sinhala BJTමහණෙනි, අදින්නාදානය අධර්‍ම යි. අදින්නාදානයෙන් විරමණය ධර්‍මයි ... මහණෙනි, කාමමිථ්‍යාචාරය අධර්‍ම යි. කාමමිථ්‍යාචාරයෙන් විරමණය ධර්‍ම යි ... මහණෙනි, මුසාවාදය අධර්‍ම යි. මුසාවාදයෙන් විරමණය ධර්‍ම යි ... මහණෙනි, පිසුනුබස් අධර්‍ම යි. පිසුනු බසින් වෙන්වීම ධර්‍ම යි ... මහණෙනි, පරුෂවචන අධර්‍මයි ... පරුෂවචනයෙන් වෙන්වීම ධර්‍මයි ... මහණෙනි, සම්පප්‍රලාපය අධර්‍ම යි. සම්ඵප්‍රලාපයෙන් විරමණය ධර්‍ම යි ... මහණෙනි, අභිධ්‍යා අධර්‍ම යි. අනභිධ්‍යා ධර්‍ම යි ... මහණෙනි, ව්‍යාපාදය අධර්‍ම යි. අව්‍යාපාදය ධර්‍ම යි ... මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය අධර්‍ම යි. සම්‍යග්දෘෂ්ටිය ධර්‍ම යි. මිථ්‍යාදෘෂ්ටිප්‍රත්‍යයෙන් යම් නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම් මේ අනර්‍ත්‍ථ යි. සම්‍යග්දෘෂ්ටිප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත්. මේ අර්‍ත්‍ථ යි.
Pali BJT“අධම්මො ච භික්ඛවෙ වෙදිතබ්බො ධම්මො ච, අනත්ථො ච වෙදිතබ්බො අත්ථො ච. අධම්මඤ්ච විදිත්වා ධම්මඤ්ච, අනත්ථඤ්ච විදිත්වා අත්ථඤ්ච යථා ධම්මො යථා අත්ථො, තථා පටිපජ්ජිතබ්බන්ති”. ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්චවුත්තන්ති.
Sinhala BJT“මහණෙනි, අධර්‍මය හා ධර්‍මය හා දතයුතු ය, අනර්‍ත්‍ථය හා අර්‍ත්‍ථය හා දතයුතු ය. අධර්‍මය හා ධර්‍මය හා දැන අනර්‍ත්‍ථය හා අර්‍ත්‍ථය හා දැන ධර්‍මය යම් පරිදි වේ නම් අර්‍ත්‍ථය යම් පරිදි වේ නම් එසේ පිළිපැදිය යුතුය”යි මෙසේ යමක් කියන ලද නම් තෙල මේ සඳහා කියන ලද්දේ යි.
Pali BJT10. 4. 2. 8.
Sinhala BJT10. 4. 2. 8.
Pali BJTකම්මනිදාන සුත්තං
Sinhala BJTකම්මනිදාන සූත්‍රය