Pali BJTචතුත්ථ සුත්තං
Sinhala BJTචතුර්‍ත්‍ථ සූත්‍රය
Pali BJTදස ඉමෙ භික්ඛවෙ ධම්මා රාගවිනයපරියොසානා හොන්ති, දොසවිනයපරියොසානා හොන්ති, මොහවිනයපරියොසානා හොන්ති, නාඤ්ඤත්ර සුගතවිනයා. කතමෙ දස: සම්මාදිට්ඨි -පෙ- සම්මාවිමුත්ති. ඉමෙ ඛො භික්ඛවෙ දසධම්මා රාගවිනයපරියොසානා හොන්ති, දොසවිනයපරියොසානා හොන්ති, මොහවිනයපරියොසානා හොන්ති, නාඤ්ඤත්ර සුගතවිනයාති.
Sinhala BJTමහණෙනි, සුගත් විනය හැර අන් තැනක මෙ දසදහම්හු රාගවිනය පර්‍ය්‍යවසාන කොට ඇති නො වෙත්. ද්වේෂ විනය පර්‍ය්‍යවසාන කොට ඇති නො වෙත්. මෝහවිනය පර්‍ය්‍යවසාන කොට ඇති නො වෙත්. කවර දස දහමෙක යත්: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුක්ති යි. මහණෙනි, සුගත් විනය හැර අන් තන්හි මෙ දසදහම්හු රාගවිනය පර්‍ය්‍යවසාන කොට, ඇති නො වෙත්. ද්වේෂ විනය පර්‍ය්‍යවසාන කොට, ඇති නො වෙත්. මෝහවිනය පර්‍ය්‍යවසාන කොට, ඇති නො වෙත් යී.
Pali BJT10. 3. 3. 5.
Sinhala BJT10. 3. 3. 5.
Pali BJTපඤ්චම සුත්තං
Sinhala BJTපඤ්චම සූත්‍රය
Pali BJTදස ඉමෙ භික්ඛවෙ ධම්මා එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්ති. නාඤ්ඤත්ර සුගතවිනයා. කතමෙ දස: සම්මාදිට්ඨි -පෙ- සම්මාවිමුත්ති, ඉමෙ ඛො භික්ඛවෙ දසධම්මා එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්ති, නාඤ්ඤත්ර සුගතවිනයාති.
Sinhala BJTමහණෙනි, සුගත් විනය හැර අන් තන්හි මෙ දසදහම්හු ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස ව්‍යුපසමය පිණිස අභිඥා පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස නො වැටෙත්. කවර දස දහමෙකයත්: සම්මාදිට්ඨිය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, සුගත් විනය හැර අන් තැනෙක මෙ දසදහම්හු ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස ව්‍යුපශමය පිණිස අභිඥා පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස නො වැටෙති යී.
Pali BJT10. 3. 3. 6.
Sinhala BJT10. 3. 3. 6.
Pali BJTඡට්ඨම සුත්තං
Sinhala BJTෂෂ්ඨ සූත්‍රය
Pali BJTදස ඉමෙ භික්ඛවෙ ධම්මා භාවිතා බහුලීකතා අනුප්පන්නා උප්පජ්ජන්ති, නාඤ්ඤත්ර සුගතවිනයා, කතමෙ දස: සම්මාදිට්ඨි -පෙ- සම්මාවිමුත්ති. ඉමෙ ඛො භික්ඛවෙ දසධම්මා භාවිතා බහුලීකතා අනුප්පන්නා උප්පජ්ජන්ති, නාඤ්ඤත්ර සුගතවිනයාති.
Sinhala BJTමහණෙනි, සුගත් විනය හැර අන් තැනෙක නූපන් මෙ දසදහම්හු භාවිත බහුලීකෘත ව නො උපදනාහ. කවර දස දහමෙක යත්: සම්මාදිට්ඨිය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, සුගත් විනය හැර අන් තන්හි නූපන් මෙ දසදහම්හු භාවිත ව බහුලීකෘත ව නූපදනාහ යි.
Pali BJT10. 3. 3. 7.
Sinhala BJT10. 3. 3. 7.
Pali BJTසත්තම සුත්තං
Sinhala BJTසප්තම සූත්‍රය
Pali BJTදස ඉමෙ භික්ඛවෙ ධම්මා භාවිතා බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිසංසා නාඤ්ඤත්ර සුගතවිනයා. කතමෙ දස: සම්මාදිට්ඨි -පෙ- සම්මාවිමුත්ති. ඉමෙ ඛො භික්ඛවෙ දසධම්මා භාවිතා බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිසංසා, නාඤ්ඤත්ර සුගතවිනයාති.
Sinhala BJTමහණෙනි, සුගත් විනය හැර අන් තැනෙක මෙ දසදහම්හු භාවිත ව බහුලීකෘත ව මහත්ඵල මහානෘශංස නො වෙත්. කවර දසදහමෙක යත්: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, සුගත් විනය හැර අන් තැනෙක මෙ දසදහම්හු භාවිත ව බහුලීකෘත ව මහත්ඵල මහානෘශංස නො වෙති යී.
Pali BJT10. 3. 3. 8.
Sinhala BJT10. 3. 3. 8.
Pali BJTඅට්ඨම සුත්තං
Sinhala BJTඅෂ්ටම සූත්‍රය
Pali BJTදස ඉමෙ භික්ඛවෙ ධම්මා භාවිතා බහුලීකතා රාගවිනයපරියොසානා හොන්ති, දොසවිනයපරියොසානා හොන්ති, මොහවිනයපරියොසානා හොන්ති, නාඤ්ඤත්ර සුගතවිනයා කතමෙ දස: සම්මාදිට්ඨි -පෙ- සම්මාවිමුත්ති. ඉමෙ ඛො භික්ඛවෙ දසධම්මා භාවිතා බහුලීකතා රාගවිනයපරියොසානා හොන්ති, දොසවිනයපරියොසානා හොන්ති, මොහවිනයරියොසානා හොන්ති, නාඤ්ඤත්ර සුගතවිනයාති.
Sinhala BJTමහණෙනි, සුගත් විනය හැර අන් තැනෙක භාවිත බහුලීකෘත මෙ දසදහම්හු රාගවිනය පර්‍ය්‍යවසාන කොට ඇති නො වෙත්. ද්වේෂවිනය පර්‍ය්‍යවසාන කොට ඇති නො වෙත්. මෝහවිනය පර්‍ය්‍යවසාන කොට ඇති නො වෙත්. කවර දසදහමෙක යත්: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, සුගත් විනය හැර අන් තැනක භාවිත බහුලීකෘත මෙ දසදහම්හු රාගවිනය පර්‍ය්‍යාවසාන කොට ඇති නො වෙත්. ද්වේෂවිනය පර්‍ය්‍යවසාන කොට ඇති නො වෙත්. මෝහවිනය පර්‍ය්‍යවසාන කොට ඇති නොවෙත්.
Pali BJT10. 3. 3. 9.
Sinhala BJT10. 3. 3. 9.
Pali BJTනවම සුත්තං
Sinhala BJTනවම සූත්‍රය
Pali BJTදස ඉමෙ භික්ඛවෙ ධම්මා භාවිතා ධම්මා බහුලීකතා එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්ති, නාඤ්ඤත්ර සුගතවිනයා. කතමෙ දස: සම්මාදිට්ඨි -පෙ- සම්මාවිමුත්ති. ඉමෙ ඛො භික්ඛවෙ දසධම්මා භාවිතා බහුලීකතා එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්ති, නාඤ්ඤත්ර සුගතවිනයාති.
Sinhala BJTමහණෙනි, සුගත් විනය හැර අන් තැනෙක භාවිත බහුලීකෘත මෙ දසදහම්හු ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස ව්‍යුපශමය පිණිස අභිඥා පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස නො වැටෙත්. කවර දසදහමෙක යත්: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුක්ති යි. මහණෙනි, සුගත් විනය හැර අන් තැනෙක භාවිත බහුලීකෘත මෙ දසදහම්හු ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස ව්‍යුපශමය පිණිස අභිඥා පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස නො වැටෙති යි.
Pali BJT10. 3. 3. 10.
Sinhala BJT10. 3. 3. 10.
Pali BJTදසම සුත්තං
Sinhala BJTදසම සූත්‍රය
Pali BJTදස ඉමෙ භික්ඛවෙ මිච්ඡත්තා. කතමෙ දස: මිච්ඡාදිට්ඨි මිච්ඡාසඞ්කප්පො මිච්ඡාවාචා මිච්ඡාකම්මන්තො මිච්ඡාආජීවො මිච්ඡාවායාමො මිච්ඡාසති මිච්ඡාසමාධි මිච්ඡාඤාණං මිච්ඡාවිමුත්ති. ඉමෙ ඛො භික්ඛවෙ දස මිච්ඡත්තාති.
Sinhala BJTමහණෙනි, මේ මිථ්‍යාත්‍ව දසයෙක. කවර දසයෙක යත්: මිච්ඡාදිට්ඨි ය, මිච්ඡාසඞ්කප්ප ය, මිච්ඡාවාචා ය, මිච්ඡාකම්මන්ත ය, මිච්ඡාආජීව ය, මිච්ඡාවායාම ය, මිච්ඡාසති ය, මිච්ඡාසමාධි ය, මිච්ඡාඤාණ ය, මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ දස මිථ්‍යාත්‍ව යි.
Pali BJT10. 3. 3. 11.
Sinhala BJT10. 3. 3. 11.
Pali BJTඑකාදසම සුත්තං
Sinhala BJTඒකාදශ සූත්‍රය
Pali BJTදස ඉමෙ භික්ඛවෙ සම්මත්තා. කතමෙ දස: සම්මාදිට්ඨි සම්මා සඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි සම්මාඤාණං සම්මාවිමුත්ති. ඉමෙ ඛො භික්ඛවෙ දස සම්මත්තාති.
Sinhala BJTමහණෙනි, මේ සම්‍යක්ත්‍ව දසයෙක. කවර දසයෙක යත්: සම්මාදිට්ඨි ය, සම්මාසඞ්කප්ප ය, සම්මාවාචා ය, සම්මාකම්මන්ත ය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසති ය, සම්මාසමාධි ය, සම්මාඤාණ ය, සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ දස සම්‍යක්ත්‍ව යි.
Pali BJTපරිසුද්ධවග්ගො තතියො.
Sinhala BJTතෙවැනි පරිසුද්ධවර්‍ග යි.
Pali BJT4. සාධුවග්ගො
Sinhala BJT4. සාධු වර්‍ගය
Pali BJT10. 3. 4. 1.
Sinhala BJT10. 3. 4. 1.
Pali BJTසාධු සුත්තං
Sinhala BJTසාධු සූත්‍රය
Pali BJTසාධුඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි, අසාධුඤ්ච. තං සුණාථ සාධුකං මනසිකරොථ භාසිස්සාමීති. එවම්භන්තෙති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTමහණෙනි, තොපට සාධුධර්‍මය හා අසාධු ධර්‍මය හා දෙසන්නෙමි. එ අසවු, මොනොවට මෙනෙහි කරවු කියන්නෙමි යි. එසේය වහන්සැයි ඒ මහණහු භාග්‍යවත්නට පිළිවදන් ඇස් වූහ. භාග්‍යවත්හු තෙල වදාළ හ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ ආසාධුං{1}: මිච්ඡාදිට්ඨි මිච්ඡාසඞ්කප්පො මිච්ඡාවාචා මිච්ඡාකම්මන්තො මිච්ඡාආජීවො මිච්ඡාවායාමො මිච්ඡාසති මිච්ඡාසමාධි මිච්ඡාඤාණං විච්ඡාවිමුත්ති. ඉදං වුච්චති භික්ඛවෙ අසාධුං{1}.
Sinhala BJTමහණෙනි, අසාධු ධර්‍මය කවර: මිච්ඡාදිට්ඨි ය, මිච්ඡාසඞ්කප්ප ය, මිච්ඡාවාචා ය, මිච්ඡාකම්මන්ත ය, මිච්ඡාආජීව ය, මිච්ඡාවායාම ය, මිච්ඡාසති ය, මිච්ඡාසමාධි ය, මිච්ඡාඤාණ ය, මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ අසාධු ධර්‍මය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ සාධුං{1}: සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි සම්මාඤාණං සම්මාවිමුත්ති. ඉදං වුච්චති භික්ඛවෙ සාධුන්ති.
Sinhala BJTමහණෙනි, සාධුධර්‍මය කවර: සම්මාදිට්ඨි ය, සම්මාසඞ්කප්පය, සම්මාවාචා ය, සම්මාකම්මන්ත ය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසති ය, සම්මාසමාධි ය, සම්මාඤාණ ය, සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ සාධුධර්‍ම යි කියනු ලැබේ.
Pali BJT10. 3. 4. 2.
Sinhala BJT10. 3. 4. 2.
Pali BJTඅරියධම්ම සුත්තං
Sinhala BJTඅරියධම්ම සූත්‍රය
Pali BJTඅරියධම්මඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි{2} අනරියධම්මඤ්ච. තං සුණාථ සාධුකං මනසිකරොථ -පෙ- කතමො ච භික්ඛවෙ අනරියො ධම්මො. මිච්ඡාදිට්ඨි -පෙ- මිච්ඡාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ අනරියො ධම්මො. කතමො ච භික්ඛවෙ අරියො ධම්මො: සම්මාදිට්ඨි -පෙ- සම්මාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ අරියො ධම්මොති.
Sinhala BJTමහණෙනි, තොපට ආර්‍ය්‍ය ධර්‍මය හා අනාර්‍ය්‍ය ධර්‍මය හා දෙසන්නෙමි. එ අසවු මොනොවට මෙනෙහි කරවු ... මහණෙනි, අනාර්‍ය්‍යධර්‍මය කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ අනාර්‍ය්‍යධර්‍ම යි කියනු ලැබේ. මහණෙනි, ආර්‍ය්‍යධර්‍ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ ආර්‍ය්‍යධර්‍ම යි කියනු ලැබේ.
Pali BJT10. 3. 4. 3.
Sinhala BJT10. 3. 4. 3.
Pali BJTකුසල සුත්තං
Sinhala BJTකුශල සූත්‍රය
Pali BJTකුසලඤ්ච{3} වො භික්ඛවෙ දෙසිස්සාමි{2} අකුසලඤ්ච{4}. තං සුණාථ -පෙ- කතමඤ්ච භික්ඛවෙ අකුසලං: මිච්ඡාදිට්ඨි -පෙ- මිච්ඡාවිමුත්ති. ඉදං වුච්චති භික්ඛවෙ අකුසලං. කතමඤ්ච භික්ඛවෙ කුසලං: සම්මාදිට්ඨි -පෙ- සම්මාවිමුත්ති. ඉදං වුච්චති භික්ඛවෙ කුසලන්ති.
Sinhala BJTමහණෙනි, තොපට කුශල හා අකුශල හා දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, අකුශල කවර යත්: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ අකුශල යි කියනු ලැබේ. මහණෙනි, කුශල කවර යත්: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ කුශල යි කියනු ලැබේ.
Pali BJT10. 3. 4. 4.
Sinhala BJT10. 3. 4. 4.
Pali BJTඅත්ථ සුත්තං
Sinhala BJTඅත්‍ථ සූත්‍රය
Pali BJTඅත්ථඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි අනත්ථඤ්ච. තං සුණාථ -පෙ- කතමො ච භික්ඛවෙ අනත්ථො: මිච්ඡාදිට්ඨි -පෙ- මිච්ඡාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ අනත්ථො. කතමො ච භික්ඛවෙ අත්ථො: සම්මාදිට්ඨි -පෙ- සම්මාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ අත්ථොති.
Sinhala BJTමහණෙනි, තොපට අර්‍ත්‍ථය හා අනර්‍ත්‍ථය දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, අනර්‍ත්‍ථය කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ අනර්‍ත්‍ථයි කියනු ලැබේ. මහණෙනි, අර්‍ත්‍ථය කවර: සම්මාදිට්ඨිය ... සම්මාවිමුත්තිය යි. මහණෙනි, මේ අර්‍ත්‍ථය යි කියනු ලැබේ.
Pali BJT10. 3. 4. 5.
Sinhala BJT10. 3. 4. 5.
Pali BJTධම්ම සුත්තං
Sinhala BJTධම්ම සූත්‍රය
Pali BJTධම්මඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි, අධම්මඤ්ච. තං සුණාථ -පෙ- කතමො ච භික්ඛවෙ අධම්මො: මිච්ඡාදිට්ඨි -පෙ- මිච්ඡාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ අධම්මො. කතමො ච භික්ඛවෙ ධම්මො: සම්මාදිට්ඨි -පෙ- සම්මාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ ධම්මොති.
Sinhala BJTමහණෙනි, තොපට ධර්‍මය හා අධර්‍මය හා දෙසමි. එ අසවු ... මහණෙනි, අධර්‍මය කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ අධර්‍ම යි කියනු ලැබේ. මහණෙනි, ධර්‍මය කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ ධර්‍ම යි කියනු ලැබේ.
Pali BJT10. 3. 4. 6.
Sinhala BJT10. 3. 4. 6.
Pali BJTසාසව සුත්තං
Sinhala BJTසාසව සූත්‍රය
Pali BJTසාසවඤ්ච වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි, අනාසවඤ්ච. තං සුණාථ -පෙ- කතමො ච භික්ඛවෙ සාසවො ධම්මො: මිච්ඡාදිට්ඨි -පෙ- මිච්ඡාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ සාසවො ධම්මො. කතමො ච භික්ඛවෙ අනාසවො ධම්මො: සම්මාදිට්ඨි -පෙ- සම්මාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ අනාසවො ධම්මොති.
Sinhala BJTමහණෙනි, තොපට සාස්‍රව ධර්‍මය හා අනාස්‍රවධර්‍ම හා දෙසමි. එ අසවු ... මහණෙනි, සාස්‍රවධර්‍ම කවර යත්: මිච්ඡාදිට්ඨිය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ සාස්‍රවධර්‍ම යි කියනු ලැබේ. මහණෙනි, අනාස්‍රවධර්‍ම කවර යත්: සම්මාදිට්ඨිය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ අනාස්‍රව ධර්‍ම යි කියනු ලැබේ.
Pali BJT10. 3. 4. 7.
Sinhala BJT10. 3. 4. 7.
Pali BJTසාවජ්ජ සුත්තං
Sinhala BJTසාවජ්ජ සූත්‍රය
Pali BJTසාවජ්ජඤ්ච ඛො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි, අනවජ්ජඤ්ච. තං සුණාථ -පෙ- කතමො ච භික්ඛවෙ සාවජ්ජො ධම්මො: මිච්ඡාදිට්ඨි -පෙ- මිච්ඡාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ සාවජ්ජො ධම්මො. කතමො ච භික්ඛවෙ අනවජ්ජො ධම්මො: සම්මාදිට්ඨි -පෙ- සම්මාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ අනවජ්ජො ධම්මොති.
Sinhala BJTමහණෙනි, සාවද්‍යධර්‍මය හා අනවද්‍යධර්‍ම හා දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, සාවද්‍යධර්‍ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ සාවද්‍යධර්‍ම යි කියනු ලැබේ. මහණෙනි, අනවද්‍යධර්‍ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ අනවද්‍යධර්‍ම ය යි කියනු ලැබේ.
Pali BJT10. 3. 4. 8.
Sinhala BJT10. 3. 4. 8.
Pali BJTතපනීය සුත්තං
Sinhala BJTතපනීය සූත්‍රය
Pali BJTතපනීයඤ්ච වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි, අතපනීයඤ්ච. තං සුණාථ -පෙ- කතමො ච භික්ඛවෙ තපනීයො ධම්මො: මිච්ඡාදිට්ඨි -පෙ- මිච්ඡාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ කතමො ච තපනීයො ධම්මො. කතමො ච භික්ඛවෙ අතපනීයො ධම්මො: සම්මා දිට්ඨි -පෙ- සම්මාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ අතපනීයො ධම්මොති.
Sinhala BJTමහණෙනි, තොපට තපනීයධර්‍ම හා අතපනීයධර්‍ම හා දෙසමි. එ අසවු ... මහණෙනි, තපනීයධර්‍ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ තපනීයධර්‍ම යි කියනු ලැබේ. මහණෙනි, අතපනීයධර්‍ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ අතපනීයධර්‍ම යි කියනු ලැබේ.
Pali BJT10. 3. 4. 9.
Sinhala BJT10. 3. 4. 9.
Pali BJTආචයගාමී සුත්තං
Sinhala BJTආචයගාමී සූත්‍රය
Pali BJTආචයගාමිඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි, අපචයගාමිඤ්ච. තං සුණාථ -පෙ- කතමො ච භික්ඛවෙ ආචයගාමී ධම්මො: මිච්ඡාදිට්ඨි -පෙ- මිච්ඡාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ ආචයගාමී ධම්මො. කතමො ච භික්ඛවෙ අපචයගාමී ධම්මො: සම්මාදිට්ඨි -පෙ- සම්මාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ අපචයගාමී ධම්මොති.
Sinhala BJTමහණෙනි, තොපට ආචයගාමීධර්‍ම හා අපචයගාමීධර්‍ම හා දෙසමි. එ අසවු ... මහණෙනි, ආචයගාමීධර්‍ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ ආචයගාමීධර්‍ම යි කියනු ලැබේ. මහණෙනි, අපචයගාමී ධර්‍ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ අපචයගාමී ධර්‍ම යි කියනු ලැබේ.
Pali BJT10. 3. 4. 10.
Sinhala BJT10. 3. 4. 10.
Pali BJTදුක්ඛුද්රය සුත්තං
Sinhala BJTදුක්ඛුද්‍රය සූත්‍රය
Pali BJTදුක්ඛුද්රයඤ්ච වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි, සුඛුද්රයඤ්ච. තං සුණාථ -පෙ- කතමො ච භික්ඛවෙ දුක්ඛුද්රයො ධම්මො: මිච්ඡාදිට්ඨි -පෙ- මිච්ඡාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ දුක්ඛුද්රයො ධම්මො. කතමො ච භික්ඛවෙ සුඛුද්රයො ධම්මො: සම්මාදිට්ඨි -පෙ- සම්මාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ සුඛුද්රයො ධම්මොති.
Sinhala BJTමහණෙනි, තොපට දුක් උදාකරන ධර්‍ම හා සුව උදාකරන ධර්‍ම හා දෙසමි. එ අසවු ... මහණෙනි, දුක් උදාකරන ධර්‍ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ දුක් උදාකරන ධර්‍මයි කියනු ලැබේ. මහණෙනි, සුව උදාකරන ධර්‍ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ සුව උදාකරන ධර්‍ම යි කියනු ලැබේ.
Pali BJT10. 3. 4. 11.
Sinhala BJT10. 3. 4. 11.
Pali BJTදුක්ඛවිපාක සුත්තං
Sinhala BJTදුක්ඛවිපාක සූත්‍රය
Pali BJTදුක්ඛවිපාකඤ්ච වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි, සුඛවිපාකඤ්ච, තං සුණාථ -පෙ- කතමො ච භික්ඛවෙ දුක්ඛවිපාකො ධම්මො: මිච්ඡාදිට්ඨි -පෙ- මිච්ඡාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ දුක්ඛවිපාකො ධම්මො. කතමො ච භික්ඛවෙ සුඛ විපාකො ධම්මො: සම්මාදිට්ඨි -පෙ- සම්මාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ සුඛවිපාකො ධම්මොති.
Sinhala BJTමහණෙනි, දුක්ඛවිපාකධර්‍මය හා සුඛවිපාක ධර්‍මය දෙසමි. එ අසවු ... මහණෙනි, දුක්ඛවිපාකධර්‍මය කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ දුක්ඛවිපාකධර්‍ම යි කියනු ලැබේ. මහණෙනි, සුඛ විපාකධර්‍ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ සුඛ විපාක ධර්‍ම යි කියනු ලැබේ.
Pali BJTසාධුවග්ගො චතුත්ථො.
Sinhala BJTසතරවැනි සාධුවර්‍ග යි.
Pali BJT5. අරියවග්ගො
Sinhala BJT5. අරිය වර්‍ගය
Pali BJT10. 3. 5. 1.
Sinhala BJT10. 3. 5. 1.
Pali BJTඅරියමග්ග සුත්තං
Sinhala BJTඅරියමග්ග සූත්‍රය
Pali BJTඅරියමග්ගඤ්ච වො භික්ඛවෙ{1} දෙසිස්සාමි, අනරියමග්ගඤ්ච. තං සුණාථ -පෙ- කතමො ච භික්ඛවෙ අනරියමග්ගො: මිච්ඡාදිට්ඨි -පෙ- මිච්ඡාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ අනරියො මග්ගො. කතමො ච භික්ඛවෙ අරියො මග්ගො: සම්මාදිට්ඨි -පෙ- සම්මාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ අරියො මග්ගොති.
Sinhala BJTමහණෙනි, තොපට ආර්‍ය්‍යමාර්‍ගය හා අනාර්‍ය්‍යමාර්‍ගය දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, අනාර්‍ය්‍යමාර්‍ග කවර: මිච්ඡාදිට්ඨිය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ අනාර්‍ය්‍යමාර්‍ග යි කියනු ලැබේ. මහණෙනි, ආර්‍ය්‍යමාර්‍ගය කවර: සම්මාදිට්ඨිය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ ආර්‍ය්‍යමාර්‍ග යි කියනු ලැබේ.
Pali BJT10. 3. 5. 2.
Sinhala BJT10. 3. 5. 2.
Pali BJTසුක්කමග්ග සුත්තං
Sinhala BJTසුක්කමග්ග සූත්‍රය
Pali BJTසුක්කමග්ගඤ්ච{2} වො භික්ඛවෙ{1} දෙසිස්සාමි කණ්හමග්ගඤ්ච{3}. කතමො ච භික්ඛවෙ කණ්හමග්ගො: මිච්ඡාදිට්ඨි -පෙ- මිච්ඡාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ කණ්හමග්ගො. කතමො ච භික්ඛවෙ සුක්කමග්ගො: සම්මාදිට්ඨි -පෙ- සම්මාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ සුක්කමග්ගොති.
Sinhala BJTමහණෙනි, තොපට ශුක්ලමාර්‍ගය හා කෘෂ්ණමාර්‍ගය දෙසන්නෙම්. එ අසවු ... මහණෙනි, කෘෂ්ණමාර්‍ගය කවර: මිච්ඡාදිට්ඨිය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ කෘෂ්ණමාර්‍ග යි කියනු ලැබේ. මහණෙනි, ශුක්ලමාර්‍ගය කවර: සම්මාදිට්ඨිය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ ශුක්ලමාර්‍ග යි කියනු ලැබේ.
Pali BJT10. 3. 5. 3.
Sinhala BJT10. 3. 5. 3.
Pali BJTසද්ධම්ම සුත්තං
Sinhala BJTසද්ධම්ම සූත්‍රය
Pali BJTසද්ධම්මඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි, අසද්ධම්මඤ්ච. තං සුණාථ -පෙ- කතමො ච භික්ඛවෙ අසද්ධම්මො: මිච්ඡාදිට්ඨි -පෙ- මිච්ඡාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ අසද්ධම්මො. කතමො ච භික්ඛවෙ සද්ධම්මො: සම්මාදිට්ඨි -පෙ- අයං වුච්චති භික්ඛවෙ සද්ධම්මොති.
Sinhala BJTමහණෙනි, තොපට සද්ධර්‍මය හා අසද්ධර්‍මය දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, අසද්ධර්‍ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ අසද්ධර්‍ම යි කියනු ලැබේ. මහණෙනි, සද්ධර්‍ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ සද්ධර්‍ම යි කියනු ලැබේ.
Pali BJT10. 3. 5. 4.
Sinhala BJT10. 3. 5. 4.
Pali BJTසප්පුරිසධම්ම සුත්තං
Sinhala BJTසප්පුරිසධම්ම සූත්‍රය
Pali BJTසප්පුරිසධම්මඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි, අසප්පුරිසධම්මඤ්ච. තං සුණාථ -පෙ- කතමො ච භික්ඛවෙ අසප්පුරිසධම්මො: මිච්ඡාදිට්ඨි -පෙ- මිච්ඡාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ අසප්පුරිසධම්මොති. කතමො ච භික්ඛවෙ සප්පුරිසධම්මො: සම්මාදිට්ඨි -පෙ- සම්මාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ සප්පුරිසධම්මොති.
Sinhala BJTමහණෙනි, තොපට සත්පුරුෂධර්‍මය හා අසත්පුරුෂධර්‍මය හා දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, අසත්පුරුෂධර්‍ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ අසත්පුරුෂධර්‍ම යි කියනු ලැබේ. මහණෙනි, සත්පුරුෂධර්‍මය කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ සත්පුරුෂධර්‍ම යි කියනු ලැබේ.
Pali BJT10. 3. 5. 5.
Sinhala BJT10. 3. 5. 5.
Pali BJTඋප්පාදෙතබ්බ සුත්තං
Sinhala BJTඋප්පාදෙතබ්බ සූත්‍රය
Pali BJTඋප්පාදෙතබ්බඤ්ච වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි, න උප්පාදෙතබ්බඤ්ච. තං සුණාථ -පෙ- කතමො ච භික්ඛවෙ න උප්පාදෙතබ්බො ධම්මො: මිච්ඡාදිට්ඨි -පෙ- මිච්ඡාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ න උප්පාදෙතබ්බො ධම්මො. කතමො ච භික්ඛවෙ උප්පාදෙතබ්බො ධම්මො: සම්මාදිට්ඨි -පෙ- සම්මාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ උප්පාදෙතබ්බොධම්මොති.
Sinhala BJTමහණෙනි, තොපට ඉපදවියයුතු දහම් හා නො ඉපදවිය යුතු දහම් හා දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, නො ඉපදවිය යුතු දහම් කවර: මිච්ඡාදිට්ඨිය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ නො ඉපදවිය යුතු දහමැයි කියනු ලැබේ. මහණෙනි, ඉපදවිය යුතු දහම් කවර: සම්මාදිට්ඨිය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ ඉපදවිය යුතු දහමැ යි කියනු ලැබේ.
Pali BJT10. 3. 5. 6.
Sinhala BJT10. 3. 5. 6.
Pali BJTආසෙවිතබ්බ සුත්තං
Sinhala BJTආසේවිතබ්බ සූත්‍රය
Pali BJTආසෙවිතබ්බඤ්ච වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි, න සෙවිතබ්බඤ්ච. තං සුණාථ -පෙ- කතමො ච භික්ඛවෙ න සෙවිතබ්බො ධම්මො: මිච්ඡාදිට්ඨි -පෙ- මිච්ඡාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ න සෙවිතබ්බො ධම්මො. කතමො ච භික්ඛවෙ ආසෙවිතබ්බො ධම්මො: සම්මාදිට්ඨි -පෙ- සම්මාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ ආසෙවිතබ්බො ධම්මොති.
Sinhala BJTමහණෙනි, තොපට සෙවිය යුතු දහම් හා නො සෙවිය යුතු දහම් හා දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, නො සෙවිය යුතු දහම් කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ නො සෙවිය යුතු දහමැ යි කියනු ලැබේ. මහණෙනි, සෙවිය යුතු දහම් කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ සෙවිය යුතු දහමැ යි කියනු ලැබේ.
Pali BJT10. 3. 5. 7.
Sinhala BJT10. 3. 5. 7.
Pali BJTභාවෙතබ්බ සුත්තං
Sinhala BJTභාවෙතබ්බ සූත්‍රය
Pali BJTභාවෙතබ්බඤ්ච වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි, න භාවෙතබ්බඤ්ච. තං සුණාථ -පෙ- කතමො ච භික්ඛවෙ න භාවෙතබ්බො ධම්මො: මිච්ඡාදිට්ඨි -පෙ- මිච්ඡාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ න භාවෙතබ්බො ධම්මො. කතමො ච භික්ඛවෙ භාවෙතබ්බො ධම්මො: සම්මාදිට්ඨි -පෙ- සම්මාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ භාවෙතබ්බො ධම්මොති.
Sinhala BJTමහණෙනි, තොපට භාවයිතව්‍යධර්‍ම හා න භාවයිතව්‍යධර්‍ම දෙසමි. එ අසවු ... මහණෙනි, න භාවිතව්‍යධර්‍ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ න භාවිතව්‍යධර්‍මයි කියනු ලැබේ. මහණෙනි, භාවයිතව්‍යධර්‍ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ භාවිතව්‍යධර්‍ම යි කියනු ලැබේ.
Pali BJT10. 3. 5. 8.
Sinhala BJT10. 3. 5. 8.
Pali BJTබහුලීකත්තබ්බ සුත්තං
Sinhala BJTබහුලීකත්තබ්බ සූත්‍රය
Pali BJTබහුලීකත්තබ්බඤ්ච{1} වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි, න බහුලීකත්තබ්බඤ්ච{1}. තං සුණාථ -පෙ- කතමො ච භික්ඛවෙ න බහුලීකත්තබ්බො ධම්මො: මිච්ඡාදිට්ඨි -පෙ- මිච්ඡාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ න බහුලීකත්තබ්බො ධම්මො. කතමො ච භික්ඛවෙ බහුලීකත්තබ්බො ධම්මො: සම්මාදිට්ඨි -පෙ- සම්මාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ බහුලීකත්තබ්බො ධම්මොති.
Sinhala BJTමහණෙනි, තොපට බහුලීකර්‍තව්‍යධර්‍ම හා අබහුලීකර්‍තව්‍යධර්‍ම හා දෙසමි. එ අසවු ... මහණෙනි, අබහුලීකර්‍තව්‍ය ධර්‍ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මෙ අබහුලීකර්‍තව්‍යධර්‍ම යි කියනු ලැබේ. මහණෙනි, බහුලීකර්‍තව්‍යධර්‍ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ බහුලීකර්‍තව්‍යධර්‍ම යි කියනු ලැබේ.
Pali BJT10. 3. 5. 9.
Sinhala BJT10. 3. 5. 9.
Pali BJTඅනුස්සරිතබ්බ සුත්තං
Sinhala BJTඅනුස්සරිතබ්බ සූත්‍රය
Pali BJTඅනුස්සරිතබ්බඤ්ච වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි, නානුස්සරිතබ්බඤ්ච. තං සුණාථ -පෙ- කතමො ච භික්ඛවෙ නානුස්සරිතබ්බො ධම්මො: මිච්ඡාදිට්ඨි -පෙ- මිච්ඡාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ නානුස්සරිතබ්බො ධම්මො. කතමො ච භික්ඛවෙ අනුස්සරිතබ්බො ධම්මො: සම්මාදිට්ඨි -පෙ- සම්මාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ අනුස්සරිතබ්බො ධම්මොති.
Sinhala BJTමහණෙනි, තොපට අනුස්මර්‍තව්‍යධර්‍ම හා නානුස්මර්‍තව්‍යධර්‍ම හා දෙසමි. එ අසවු ... මහණෙනි, නානුස්මර්‍තව්‍යධර්‍ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ නානුස්මර්‍තව්‍යධර්‍ම යි කියනු ලැබේ. මහණෙනි, අනුස්මර්‍තව්‍යධර්‍ම කවර: සම්මාදිට්ඨිය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ අනුස්මර්‍තව්‍යධර්‍ම යි කියනු ලැබේ.
Pali BJT10. 3. 5. 10.
Sinhala BJT10. 3. 5. 10.
Pali BJTසච්ඡිකාතබ්බ සුත්තං
Sinhala BJTසච්ඡිකාතබ්බ සූත්‍රය
Pali BJTසච්ඡිකාතබ්බඤ්ච වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි, න සච්ඡිකාතබ්බඤ්ච. තං සුණාථ -පෙ- කතමො ච භික්ඛවෙ න සච්ඡිකාතබ්බො ධම්මො: මිච්ඡාදිට්ඨි -පෙ- මිච්ඡාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ න සච්ඡිකාතබ්බො ධම්මො. කතමො ච භික්ඛවෙ සච්ඡිකාතබ්බො ධම්මො: සම්මාදිට්ඨි -පෙ- සම්මාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ සච්ඡිකාතබ්බො ධම්මොති.
Sinhala BJTමහණෙනි, තොපට සාක්‍ෂාත්ර්‍තව්‍යධර්‍ම හා න සාක්‍ෂාකර්‍තව්‍යධර්‍ම හා දෙසමි. එ අසවු ... මහණෙනි, න සාක්‍ෂාත්කර්‍තව්‍යධර්‍ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ න සාක්‍ෂාත්කර්‍තව්‍යධර්‍ම යි කියනු ලැබේ. මහණෙනි, සාක්‍ෂාත් කර්‍තව්‍යධර්‍ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ සාක්‍ෂාත් කර්‍තව්‍යධර්‍ම යි කියනු ලැබේ.
Pali BJTඅරියවග්ගො පඤ්චමො.
Sinhala BJTපස්වැනි ආර්‍ය්‍යවර්‍ග යි.
Pali BJTතතියො පණ්ණාසකො.
Sinhala BJTතෙවන පණ්ණාසක යි.
Pali BJT4. චතුත්ථ පණ්ණාසකො
Sinhala BJT4. සතරවන පණ්ණාසකය
Pali BJT1. පුග්ගලවග්ගො
Sinhala BJT1. පුග්ගල වර්‍ගය
Pali BJT10. 4. 1. 1.
Sinhala BJT10. 4. 1. 1.
Pali BJTසෙවිතබ්බ සුත්තං
Sinhala BJTසේවිතබ්බ සූත්‍රය
Pali BJTදසහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො පුග්ගලො න සෙවිතබ්බො. කතමෙහි දසහි: මිච්ඡාදිට්ඨිකො හොති, මිච්ඡාසඞ්කප්පො හොති, මිච්ඡාවාචො හොති, මිච්ඡාකම්මන්තො හොති, මිච්ඡාආජීවො හොති, මිච්ඡාවායාමො හොති, මිච්ඡාසති හොති, මිච්ඡාසමාධි හොති, මිච්ඡාඤාණී හොති, මිච්ඡාවිමුත්ති හොති. ඉමෙහි ඛො භික්ඛවෙ දසහි ධම්මෙහි සමන්නාගතො පුග්ගලො න සෙවිතබ්බො.
Sinhala BJTමහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත පුද්ගල නො සෙවිය යුතු වෙයි. කවර දස කරුණෙකින යත්: මිථ්‍යාදෘෂ්ටික වෙයි, මිථ්‍යා සඞ්කල්ප ඇතියේ වෙයි, මිථ්‍යාවචන ඇතියේ වෙයි, මිථ්‍යා කර්‍මාන්ත ඇතියේ වෙයි, මිථ්‍යාආජීව ඇතියේ වෙයි, මිථ්‍යාව්‍යායාම ඇතියේ වෙයි, මිථ්‍යාස්මෘති ඇතියේ වෙයි, මිථ්‍යාසමාධි ඇතියේ වෙයි, මිථ්‍යාඥාන ඇතියේ වෙයි, මිථ්‍යාවිමුක්ති ඇතියේ වෙයි. මහණෙනි, මෙ දසකරුණින් සමන්‍වාගත පුද්ගල නො සෙවිය යුතු වේ යයි.
Pali BJTදසහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො පුග්ගලො සෙවිතබ්බො, කතමෙහි දසහි: සම්මාදිට්ඨිකො හොති, සම්මාසඞ්කප්පො හොති, සම්මාවාචො හොති, සම්මාකම්මන්තො හොති, සම්මාආජීවො හොති, සම්මාවායාමො හොති, සම්මාසති හොති, සම්මාසමාධි හොති, සම්මාඤාණී හොති, සම්මාවිමුත්ති හොති. ඉමෙහි ඛො භික්ඛවෙ දසහි ධම්මෙහි සමන්නාගතො පුග්ගලො සෙවිතබ්බොති.
Sinhala BJTමහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත පුද්ගල සෙවියයුත්තේ වෙයි, කවර දස කරුණෙකින යත්: සම්‍යග්දෘෂ්ටි ඇතියේ වෙයි, සම්‍යග්සඞ්කල්ප ඇතියේ වෙයි, සම්‍යග්වචන ඇතියේ වෙයි, සම්‍යග්කර්‍මාන්ත ඇතියේ වෙයි, සම්‍යග්ආජීව ඇතියේ වෙයි, සම්‍යග්ව්‍යායාම ඇතියේ වෙයි, සම්‍යග්ස්මෘති ඇතියේ වෙයි, සම්‍යග්සමාධි ඇතියේ වෙයි, සම්‍යග්ඥාන ඇතියේ වෙයි, සම්‍යග්විමුක්ති ඇතියේ වෙයි. මහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත පුද්ගල සෙවිය යුතු වේ යයි.