Pali BJTතෙන හි කුමාර, තඤ්ඤෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි; යථා තෙ ඛමෙය්ය, තථා නං ව්යාකරෙය්යාසි. තං කිම්මඤ්ඤසි කුමාර? ඉධස්ස ගහපතිස්ස වා ගහපතිපුත්තස්ස වා කූටාගාරං උල්ලිත්තාවලිත්තං නිවාතං ඵුස්සිතග්ගලං පිහිතවාතපානං; තත්රස්ස පල්ලඞ්කො ගොණකත්ථතො පටිකත්ථතො පටලිකත්ථතො කදලිමිගපවර පච්චත්ථරණො{2} සඋත්තරච්ඡදො උභතොලොහිතකූපධානො; තෙලප්පදීපො චෙත්ථ ඣායෙය්ය; චතස්සො ච පජාපතියො මනාපමනාපෙන පච්චුපට්ඨිතාස්සු; තං කිම්මඤ්ඤසි කුමාර සුඛං වා සො සයෙය්ය, නො වා, කථං වා තෙ එත්ථ හොතීති?
Sinhala BJTකුමාරය, එසේ නම් මෙහිලා තා ම පුළුවුස්මි. යම්සේ තට රුස්නේ නම්, එසේ ප්‍රකාශ කරව. කුමාරය, එය කිමැයි හඟනෙහි ද? මෙ ලොව්හි ගැහැවියකුහට හෝ ගැහැවි පුතකුට හෝ ඇතුළත පිටත අලෙව් දුන් වාතයෙන් තොර වූ වැද්දූ අගුල් ඇති යෙදූ වා කවුළු ඇති කුළුගෙයක් වන්නේ නම්, එහි කළුකොඳු පලස් අතුළ, සුදු එළුලොම්මුවා ඇතිරි අතුළ, ඝනපුප් එළුලොම් ඇතිරි අතුළ, කෙහෙල්මුව සමින් කළ උතුම් පසතුරුණු ඇති, උඩුවියන් සහිත හිස්දොර හා පාමුල දෙපස රත් කන්වයින් ඇති පලඟෙක් ඇත් නම්, තෙල් පහනෙක් ද එහි දැල්වේ නම්, පාදපරිචාරිකාවෝ සිවුදෙනකුත් මනාප මනාප උපස්ථානයෙන් එළඹ සිටියාහු නම්, කුමාරය, එය කිමැයි සිතයි ද? හෙතෙම සුවසේ හෝනේ හෝ වේ ද? නොහොත් නො වේ ද? මෙහිලා තට කෙබඳු සිතෙක් හෝ වේ දැ”යි?
Pali BJTසුඛං සො භන්තෙ සයෙය්ය; යෙ ච පන ලොකෙ සුඛං සෙන්ති, සො තෙසං අඤ්ඤතරොති.
Sinhala BJT‘වහන්ස, හෙතෙම සැපසේ හෝනේය. ලොව්හි යම් කෙනෙකුන් සුවසේ හොවිත් නම්, හෙතෙම ඔවුනතුරෙන් අන්‍යතරයෙකැ’යි කීය. කුමාරය, එසේ නම් මෙහිලා තා ම පුළුවුස්මි. යම්සේ තට රුස්නේ නම්, එසේ ප්‍රකාශ කරව.
Pali BJTතං කිම්මඤ්ඤසි කුමාර? අපි නු තස්ස ගහපතිස්ස වා ගහපතිපුත්තස්ස වා උප්පජ්ජෙය්යුං රාගජා පරිළාහා කායිකා වා චෙතසිකා වා, යෙහි සො රාගජෙහි පරිළාහෙහි පරිඩය්හමානො දුක්ඛං සයෙය්යාති? එවං භන්තෙ. යෙහි ඛො සො කුමාර, ගහපති වා ගහපතිපුත්තො වා රාගජෙහි පරිළාහෙහි පරිඩය්හමානො දුක්ඛං සයෙය්ය, සො රාගො තථාගතස්ස පහීනො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො. තස්මාහං සුඛමසයිත්ථං. තං කිම්මඤ්ඤසි කුමාර? අපි නු තස්ස ගහපතිස්ස වා ගහපතිපුත්තස්ස වා උප්පජ්ජෙය්යුං දොසජා පරිළාහා -පෙ- උප්පජ්ජෙය්යුං මොහජා පරිළාහා කායිකා වා චෙතසිකා වා යෙහි සො මොහජෙහි පරිළාහෙහි පරිඩය්හමානො දුක්ඛං සයෙය්යාති? එවං භන්තෙ. යෙ හි ඛො සො කුමාර, ගහපති වා ගහපතිපුත්තො වා මොහජෙහි පරිළාහෙහි පරිඩය්හමානො දුක්ඛං සයෙය්ය, සො මොහො තථාගතස්ස පහීනො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො. තස්මාහං සුඛමසයිත්ථං’ති.
Sinhala BJT‘කුමාරය, ‘එය කිමැ’යි සිතයි ද? රාගයෙන් උපන් යම්බඳු පරිදාහයෙන් දැවෙන හෙතෙම දුකසේ හෝනේ නම්, එබඳු කය පිළිබඳ වූ හෝ සිත පිළිබඳ වූ හෝ රාගයෙන් උපන් පරිදාහයෝ ඒ ගෘහපතියාට හෝ ගෘහපතිපුත්‍රයාට හෝ උපදනාහු ද? ‘වහන්ස, එසේය’. ‘කුමාරය, ඒ ගෘහපති තෙමේ හෝ ගෘහපති පුත්‍රයා හෝ රාගයෙන් උපන් යම් දැවිල්ලෙකින් හාත්පසින් දැවෙන්නේ දුකසේ හෝනේ නම්, ඒ රාගය තථාගයන් වහන්සේට ප්‍රහතය, උපුටා හළ මුල් ඇත්තේය, (මුදුන සිඳුනා ලද) තාලවස්තුවක් මෙන් කරණ ලද්දේය. නැවත නොවැඩීම කරණ ලද්දේය. නැවත නූපදනා සැහැවි ඇත්තේය. එහෙයින් මම සුවසේ හොත්මි. ‘කුමාරය, එය කිමැ’යි සිතයි ද? ඒ ගෘහපතියාහට හෝ ගෘහපතිපුත්‍රයාහට හෝ ද්වේෂයෙන් උපන් දැවිලිහි ඉදින් උපදනාහු ද? -පෙ- හෙතෙම යම්බඳු මෝහයෙන් උපන් දැවිල්ලෙන් දැවෙන්නේ දුකසේ හොවී නම්, එබඳු වූ කායික හෝ චෛතසික හෝ මෝහයෙන් උපන් දැවිලිහි උපදින්නාහු ද? ‘වහන්ස, එසේය.’ ‘කුමාරය, ඒ ගෘහපතියා හෝ ගෘහපතිපුත්‍රයා හෝ මෝහයෙන් උපන් යම්බඳු දැවිල්ලෙකින් දැවෙන්නේ දුකසේ හෝනේ නම්, ඒ මෝහය තථාගතයනට ප්‍රහතය. උපුටා හළ මුල් ඇත්තේය. (මුදුන සිඳලූ) තාලවස්තුවක් මෙන් කරණ ලද්දේය. නැවත නොවැඩීම කරණ ලද්දේය. මතු නූපදනා සැහැවි ඇත්තේය. එහෙයින් මම සුවසේ හොත්මි’යි.
Pali BJT24. සබ්බදා වෙ සුඛං සෙති, බ්රාහ්මණො පරිනිබ්බුතො, යො න ලිම්පති{1} කාමෙසු සීතිභූතො නිරූපධි.
Sinhala BJT24. (කෙලෙස් පිරිනිවීමෙන්) පිරිනිවීගිය (කෙලෙස්තැවීම නැති බැවින්) සිහිල් වූ ක්ලේශෝපධීන්ගේ අභාවයෙන් උපධි රහිත වූ යමෙක් වස්තුකාම ක්ලේශකාමයන්හි නො ඇලේ ද, ඒ ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ තෙම හැමකල්හි සැපසේ හොවියි.
Pali BJT25. සබ්බා ආසත්තියො ඡෙත්වා විනෙය්ය හදයෙ දරං, උපසන්තො සුඛං සෙති සන්තිං පප්පුය්ය චෙතසොති.
Sinhala BJT25. සියලු තෘෂ්ණාවන් සිඳ සිත්හි ක්ලේශදරථ සංහිඳුවා චිත්තශාන්තියට පැමිණ සංහුන් වූයේ සුවසේ හෝනේය යි.
Pali BJT3. 1. 4. 6.
Sinhala BJT3. 1. 4. 6.
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT36. තීණිමානි භික්ඛවෙ දෙවදූතානි. කතමානි තීණි: ඉධ භික්ඛවෙ එකච්චො කායෙන දුච්චරිතං චරති, වාචාය දුච්චරිතං චරති, මනසා දුච්චරිතං චරති. සො කායෙන දුච්චරිතං චරිත්වා, වාචාය දුච්චරිතං චරිත්වා, මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. තමෙනං භික්ඛවෙ නිරයපාලා නානාබාහාසු ගහෙත්වා යමස්ස රඤ්ඤො දස්සෙන්ති: ‘අයං දෙව පුරිසො අමත්තෙය්යො අපෙත්තෙය්යො අසාමඤ්ඤො අබ්රහ්මඤ්ඤො, න කුලෙජෙට්ඨාපචායී. ඉමස්ස දෙවො දණ්ඩං පණෙතූ’ති.
Sinhala BJT36. මහණෙනි, මේ දේවදූතයෝ තිදෙනෙකි. කවර තිදෙනෙක යත්: මහණෙනි, මෙ ලොව්හි එකෙක් කයින් දුසිරිත් කරනේය. වචනයෙන් දුසිරිත් කරනේය. සිතින් දුසිරිත් කරනේය. හෙතෙම කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට සිතින් දුසිරිත් කොට කාබුන් මරණින් මත්තෙහි අපාය නම් වූ දුගති නම් වූ විනිපාත නම් වූ නරකයට පැමිණෙයි. මහණෙනි, යමපල්හු ඔහු වෙන වෙන අත්හි ලා ගෙණ යමරජුට දක්වත්. ‘දේවයන් වහන්ස, මේ පුරුෂ මවට අහිතයෙක, පියාට අහිතයෙක, මහණුනට අහිතයෙක, බමුණනට අහිතයෙක, කුලදෙටුවන් නොපුදන්නෙක. දේවයන් වහන්සේ මුහුට දඬුවම් එළවත්වා’ යී.
Pali BJTතමෙනං භික්ඛවෙ යමො රාජා පඨමං දෙවදූතං සමනුයුඤ්ජති, සමනුගාහති, සමනුභාසති: ‘අම්භො පුරිස, න ත්වං අද්දස මනුස්සෙසු පඨමං දෙවදූතං පාතුභූත’න්ති. සො එවමාහ : ‘නාද්දසං භන්තෙ’ති.
Sinhala BJTමහණෙනි, යමරජ ඔහුගෙන් පළමු දේවදූතයා අනුයෝග වතට නඟා විචාරයි. ලබ්ධියෙහි පිහිටුවයි, කරුණු විචාරයි: ‘එම්බා පුරුෂය, මිනිසුන් අතුරෙහි පහළ වූ පළමු දේවදූතයා තෝ නොදිටිහි ද?’ හේ මෙසේ කියයි. ‘වහන්ස, නො දිටිමි.’
Pali BJTතමෙනං භික්ඛවෙ යමො රාජා එවමාහ: ‘අම්භො පුරිස, න ත්වං අද්දස මනුස්සෙසු ඉත්ථිං වා පුරිසං වා ආසීතිකං වා නාවුතිකං වා වස්සසතිකං වා ජාතියා, ජිණ්ණං ගොපානසිවඞ්කං භොග්ගං දණ්ඩපරායණං පවෙධමානං ගච්ඡන්තං ආතුරං ගතයොබ්බනං ඛණ්ඩදන්තං පලිතකෙසං විලූනං ඛලිතංසිරො{2} වලිතං තිලකාහතගත්ත’න්ති. සො එවමාහ: ‘අද්දසං භන්තෙ’ති.
Sinhala BJTමහණෙනි, යමරජ ඔහුට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, තෝ මිනිසුන් අතුරෙහි උපතින් අසූවස් ගියා වූ හෝ අනූවස් ගියා වූ හෝ සියවස් ගියා වූ හෝ දිරූ ගොනැස්සක් මෙන් නැමූනා වූ වක් වූ සැරයටිය පිහිට කොට ඇති ව වෙවුළමින් යන්නා වූ ජරායෙන් ආතුර වූ ගිය යොවුන් විය ඇති, කඩදත් ඇති, පැසුනු කෙස් ඇති, මුඩු හිස් ඇති, මට්ටත්තල ඇති, හටගත් රැලි ඇති, තලකැලලින් යුත් සිරුරු ඇති, ස්ත්‍රියක හෝ පුරුෂයකු, නොදිටිහි ද?’ හේ මෙසේ කියයි: ‘වහන්ස, දිටිමි.’
Pali BJTතමෙනං භික්ඛවෙ යමො රාජා එවමාහ: ‘අම්භො පුරිස, තස්ස තෙ විඤ්ඤුස්ස සතො මහල්ලකස්ස න එතදහොසි: ‘අහම්පි ඛොම්හි ජරාධම්මො ජරං අනතීතො, හන්දාහං කල්යාණං කරොමි කායෙන වාචාය මනසා’ති? සො එවමාහ: ‘නාසක්ඛිස්සං, භන්තෙ. පමාදස්සං භන්තෙ’ති.
Sinhala BJTමහණෙනි, යමරජ ඔහුට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, මහලු වූ නුවණැත්තා වූ ම ඒ තාහට මෙබඳු සිතෙක් නො වී ද? ‘මම ද ජරාව නො ඉක්ම වූයෙම් ජරාව ස්වභාව කොට ඇත්තෙම් වෙමි. ඉදින් මම කයින් වචසින් මනසින් කලණ දහම් පුරුදු කෙරෙම් නම් මැනවැ’ යි. හෙතෙම මෙසේ කියයි: ‘වහන්ස, නො හැකිවීමි. වහන්ස, පමා වීමි’යී.
Pali BJTතමෙනං භික්ඛවෙ යමො රාජා එවමාහ: ‘අම්භො පුරිස, පමාදවතාය න කල්යාණමකාසි කායෙන වාචාය මනසා. තග්ඝ ත්වං අම්භො පුරිස, තථා කරිස්සන්ති යථා තං පමත්තං. තං ඛො පනෙතං පාපං කම්මං නෙව මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත්තාමච්චෙහි කතං, න ඤාතිසාලොහිතෙහි කතං, න දෙවතාහි කතං, න සමණබ්රාහ්මණෙහි කතං. අථ ඛො තයා වෙතං පාපං කම්මං කතං, ත්වඤ්ඤෙවෙතස්ස විපාකං පටිසංවෙදිස්සසී’ති.
Sinhala BJTඔහට යමරජ මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, පමාවත් බැවින් කයින් වචසින් මනසින් කුසල් නො කෙළෙහි, එම්බා පුරුෂය, එහෙයින් ඒ පමාවූවහුට යම්සේ ද එසේ තට කරන්නාහ. ඒ මේ පාපකර්‍මය වනාහි මව විසින් නො ම කරණ ලද්දේ ය. පියා විසින් නො ම කරණ ලද්දේ ය. බෑයා විසින් නො ම කරණ ලද්දේ ය. බිහිනිය විසින් නො ම කරණ ලද්දේ ය. සගයහළුවන් විසිනුදු නො ම කරණ ලද්දේ ය. නෑ සහලේ නෑයන් විසිනුදු නො ම කරණ ලද්දේ ය. දෙවියන් විසින් නො ම කරණ ලද්දේ ය. මහණ බමුණන් විසින් නො ම කරණ ලද්දේ ය. වැලිදු තා විසින් ම මේ පාපකර්‍මය කරණ ලදී. තෝ ම මේ කර්‍මයාගේ විපාක විඳුව’ යි.
Pali BJTතමෙනං භික්ඛවෙ යමො රාජා පඨමං දෙවදූතං සමනුයුඤ්ජිත්වා සමනුගාහිත්වා සමනුභාසිත්වා, දුතියං දෙවදූතං සමනුයුඤ්ජති, සමනුගාහති, සමනුභාසති: ‘අම්භො පුරිස, න ත්වං අද්දස මනුස්සෙසු දුතියං දෙවදූතං පාතුභූතන්ති?’ සො එවමාහ: ‘නාද්දසං භන්තෙ’ති. තමෙනං භික්ඛවෙ යමො රාජා එවමාහ: ‘අම්භො පුරිස, න ත්වං අද්දස මනුස්සෙසු ඉත්ථිං වා පුරිසං වා ආබාධිකං දුක්ඛිතං බාළ්හගිලානං, සකෙ මුත්තකරීසෙ පළිපන්නං සෙමානං අඤ්ඤෙහි වුට්ඨාපියමානං, අඤ්ඤෙහි සංවෙසියමානන්ති?’ සො එවමාහ: ‘අද්දසං, භන්තෙ’ති.
Sinhala BJTමහණෙනි, යමරජ ප්‍රථම දේවදූතයා අනුයෝගවතට නංවා ලබ්ධියෙහි පිහිටුවා කරුණු ගන්වා, කරුණු විචාරා, දෙවන දේවදූතයා අනුයෝගවතට නංවා විචාරයි, කරුණු ගන්වයි, කරුණු විචාරායි: ‘එම්බා පුරුෂය, තෝ මිනිසුන් අතුරෙහි පහළ වූ දෙවන දේවදූතයා නො දිටිහි ද?’ හේ මෙසේ කියි: ‘වහන්ස, නො දිටිමි’යි. මහණෙනි, යමරජ තුලුන්ට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, තෝ මිනිසුන් අතුරෙහි රෝගාතුර වූ දුකට පත් වූ හෝ දැඩි ගිලන් වූ සිය මලමූයෙහි ගැලී හෝනා මෙරමා විසින් නගාසිටුවනු ලබන්නා වූ මෙරමා විසින් හොවනු ලබන්නා වූ ස්ත්‍රියක හෝ පුරුෂයකු, නොදිටිහි ද?’ හේ මෙසේ කියයි: ‘වහන්ස, දිටිමි.’
Pali BJTතමෙනං භික්ඛවෙ යමො රාජා එවමාහ: අම්භො පුරිස, තස්ස තෙ විඤ්ඤුස්ස සතො මහල්ලකස්ස න එතදහොසි: අහම්පි ඛොම්හි ව්යාධිධම්මො ව්යාධිං අනතීතො, හන්දාහං කල්යාණං කරොමි කායෙන වාචාය මනසාති. සො එවමාහ: නාසක්ඛිස්සං භන්තෙ. පමාදස්සං භන්තෙති.
Sinhala BJTමහණෙනි, යමරජ තුලුන්ට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, මහලු වූ නුවණැත්තා වූ ම ඒ තට මේ සිත නො වී ද?’ ‘මම ද ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෙම්, ව්‍යාධිය නො ඉක්මවූයෙම් වෙමි. එබැවින් මම කයින් වචසින් මනසින් කුසල් දහම් කෙරෙමි’යි. හේ මෙසේ කියයි: ‘වහන්ස, නො හැකිවීමි. වහන්ස, පමාවීමි’යී.
Pali BJTතමෙනං භික්ඛවෙ යමො රාජා එවමාහ: ‘අම්භො පුරිස, පමාදවතාය න කල්යාණමකාසි කායෙන වාචාය මනසා. තග්ඝ ත්වං අම්භො පුරිස, තථා කරිස්සන්ති යථා තං පමත්තං; තං ඛො පනෙතං පාපං{2} කම්මං නෙව මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත්තාමච්චෙහි කතං, න ඤාතිසාලොහිතෙහි කතං, න දෙවතාහි කතං, න සමණබ්රාහ්මණෙහි කතං. අථ ඛො තයා වෙතං පාපං{2} කම්මං කතං. ත්වඤ්ඤෙවෙතස්ස විපාකං පටිසංවෙදිස්සසී’ති.
Sinhala BJTමහණෙනි, යමරජ තුලුන්ට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, පමාවත්වන බැවින් කයින් වචසින් මනසින් කුසල් නො කෙළෙහි ය. එම්බා පුරුෂය, ඒ පමාවූවකුට කරන්නාක් සෙයින් තට ද කරන්නාහ. මේ පව්කම් වනාහි මව විසිනිදු නො ම කරණ ලද. පියා විසිනිදු නො ම කරණ ලද. බෑයා විසිනිදු නො ම කරණ ලද. බුන් විසිනිදු නො ම කරණ ලද. යහළුවන් විසිනිදු නො ම කරණ ලද. නෑ සහලේනෑයන් විසිනිදු නො ම කරණ ලද. දෙවියන් විසිනිදු නො ම කරණ ලද. මහණ බමුණන් විසිනිදු නො ම කරණ ලද. වැලිදු තා විසින් ම මේ පාපකර්‍මය කරණ ලදී. මේ පාපකර්‍මයාගේ විපාක තෝ ම විඳුනෙහිය’යී.
Pali BJTතමෙනං භික්ඛවෙ යමො රාජා දුතියං දෙවදූතං සමනුයුඤ්ජිත්වා සමනුගාහිත්වා සමනුභාසිත්වා, තතියං දෙවදූතං සමනුයුඤ්ජති සමනුගාහති සමනුභාසති: ‘අම්භො පුරිස, න ත්වං අද්දස මනුස්සෙසු තතියං දෙවදූතං පාතුභූතන්ති?’ සො එවමාහ: ‘නාද්දසං, භන්තෙ’ති. තමෙනං භික්ඛවෙ යමො රාජා එවමාහ: ‘අම්භො පුරිස, න ත්වං අද්දස මනුස්සෙසු ඉත්ථිං වා පුරිසං වා එකාහමතං වා ද්වීහමතං වා තීහමතං වා උද්ධුමාතකං විනීලකං විපුබ්බකජාතන්ති? සො එවමාහ: ‘අද්දසං, භන්තෙ’ති. තමෙනං භික්ඛවෙ යමො රාජා එවමාහ: ‘අම්භො පුරිස, තස්ස තෙ විඤ්ඤුස්ස සතො මහල්ලකස්ස න එතදහොසි: ‘අහම්පි ඛොම්හි මරණධම්මො, මරණං අනතීතො, හන්දාහං කල්යාණං කරොමි කායෙන වාචාය මනසා’ති. සො එවමාහ: ‘නාසක්ඛිස්සං භන්තෙ. පමාදස්සං භන්තෙ’ති. තමෙනං භික්ඛවෙ යමො රාජා එවමාහ: ‘අම්භො පුරිස, පමාදවතාය න කල්යාණමකාසි කායෙන වාචාය මනසා. තග්ඝ ත්වං අම්භො පුරිස, තථා කරිස්සන්ති යථා තං පමත්තං. තං ඛො පනෙතං පාපං{2} කම්මං නෙව මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත්තාමච්චෙහි කතං, න ඤාතිසාලොහිතෙහි කතං, න දෙවතාහි කතං, න සමණබ්රාහ්මණෙහි කතං. අථ ඛො තයා වෙතං පාපං{2} කම්මං කතං. ත්වඤ්ඤෙවෙතස්ස විපාකං පටිසංවෙදිස්සසී’ති.
Sinhala BJTමහණෙනි, යමරජ දෙවන දේවදූතයා අනුයෝගවතට නංවා කරුණු ගන්වා, කරුණු විචාරා, තෙවන දේවදූතයා අනුයෝගවතට නංවා විචාරයි, කරුණු ගන්වයි, කරුණු විචාරායි: ‘එම්බා පුරුෂය, තෝ මිනිසුන් අතුරෙහි පහළ වූ තෙවන දේවදූතයා නොදිටිහිදැ’ යි. හේ මෙසේ කියයි: ‘වහන්ස, නොදිටිමි’යි. මහණෙනි, යමරජ තුලුන්ට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, තෝ මිනිසුන් අතුරෙහි මළගිය එක් දවසක් ඇත්තා වූ හෝ මළගිය දෙදවසක් ඇත්තා වූ හෝ මළගිය තෙදිනක් ඇත්තා වූ හෝ ඉදිමුනු වෙසෙසින් නිල්වන් වූ පූයා වෑහෙන ස්ත්‍රියක හෝ පුරුෂයකු, නොදිටිහි දැ’යි. හේ මෙසේ කියයි: ‘වහන්ස, දිටිමි’. මහණෙනි, යමරජ තුලුන්ට මෙසේ කියයි. ‘එම්බා පුරුෂය, මහලු වූ නුවණැත්තා වූ ම තට මේ සිත නො වී ද?’ ‘මම ද මරණය නො ඉක්මවූයෙම්, මරණය ස්වභාව කොට ඇත්තෙම් වෙමි. එබැවින් මම කයින් වචසින් මනසින් කුසල් දහම් කෙරෙමි’යි. හෙතෙම මෙසේ කියයි: ‘වහන්ස, නො හැකිවීමි. වහන්ස, පමාවීමි’. මහණෙනි, යමරජ තුලුන්ට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, පමාවත්වන බැවින් කයින් වචසින් මනසින් කුසල් දහම් නො කෙළෙහි ය. එම්බා පුරුෂය, ඒ පමාවූවහුට කරන්නාක් සෙයින් තට ද කරන්නාහ. ඒ මේ පාපකර්‍මය වනාහි මව විසිනිදු නොකරණ ලදී. පියා විසිනිදු නො කරණ ලදී. බෑයා විසිනිදු නො කරණ ලදී. ුන් විසිනිදු නො කරණ ලදී. සගයහළුවන් විසිනිදු නො කරණ ලදී. නෑ සහලේනෑයන් විසිනිදු නො කරණ ලදී. දෙවියන් විසිනිදු නො කරණ ලදී. මහණ බමුණන් විසිනිදු නො කරණ ලදී. වැලිදු තා විසින් ම මේ පාපකර්‍මය කරණ ලදී. තෝ ම මේ පාපකර්‍මයාගේ විපාක විඳුනෙහිය’ යි.
Pali BJTතමෙනං භික්ඛවෙ යමො රාජා තතියං දෙවදූතං සමනුයුඤ්ජිත්වා සමනුගාහිත්වා සමනුභාසිත්වා තුණ්හී හොති. තමෙනං භික්ඛවෙ නිරයපාලා පඤ්චවිධබන්ධනං නාම කාරණං කරොන්ති. තත්තං අයොඛිලං හත්ථෙ ගමෙන්ති. තත්තං අයොඛිලං දුතියස්මිං හත්ථෙ ගමෙන්ති. තත්තං අයොඛිලං පාදෙ ගමෙන්ති. තත්තං අයොඛිලං දුතියස්මිං පාදෙ ගමෙන්ති. තත්තං අයොඛිලං මජ්ඣෙ උරස්මිං ගමෙන්ති. සො තත්ථ දුක්ඛා තිබ්බා{1} කටුකා වෙදනා වෙදියති. න ච තාව කාලං කරොති, යාව න තං පාපං කම්මං{2} බ්යන්තී හොති.
Sinhala BJTමහණෙනි, යමරජ තෙල තෙවන දේවදූතයා අනුයෝගවතට නංවා විචාරා කරුණු ගන්වා කරුණු කියා තුෂ්ණිම්භූත වෙයි. මහණෙනි, යමපල්ලෝ ඔහුට පඤ්චවිධබන්‍ධන නම් කම් කටොලු කරත්: රත්කළ යහුලක් දකුණතෙහි ගසත්. රත්කළ යහුලක් දෙවෙනි (වම්) අතෙහි ගසත්. රත්කළ යහුලක් දකුණු පයෙහි ගසත්. රත්කළ යහුලක් දෙවෙනි (වම්) පාහි ගසත්. රත්කළ යහුලක් ලමැද ගසත්. හේ එහි දුක් වූ තීව්‍ර වූ කටුක වූ වේදනා විඳුනේයි. ඒ පාපකර්‍මය නොගෙවෙනා තාක් හේ කලුරිය නො කරයි.
Pali BJTතමෙනං භික්ඛවෙ නිරයපාලා සංවෙසෙත්වා{3} කුඨාරීහි තච්ඡන්ති. සො තත්ථ දුක්ඛා තිබ්බා{1} ඛරා කටුකා වෙදනා වෙදියති, න ච තාව කාලං කරොති, යාව න තං පාපං කම්මං බ්යන්තී හොති. තමෙනං භික්ඛවෙ නිරයපාලා උද්ධපාදං{4} අධොසිරං ඨපෙත්වා{5} වාසීහි තච්ඡන්ති -පෙ- තමෙනං භික්ඛවෙ නිරයපාලා රථෙ යොජෙත්වා ආදිත්තාය භූමියා සම්පජ්ජලිතාය සජොතිභූතාය {6}සාරෙන්තිපි පච්චාසාරෙන්තිපි -පෙ- තමෙනං භික්ඛවෙ නිරයපාලා මහන්තං අඞ්ගාරපබ්බතං ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං ආරොපෙන්තිපි ඔරොපෙන්තිපි. තමෙනං භික්ඛවෙ නිරයපාලා උද්ධපාදං{4} අධොසිරං ගහෙත්වා තත්තාය ලොහකුම්භියා පක්ඛිපන්ති, ආදිත්තාය සම්පජ්ජලිතාය සජොතිභූතාය. සො තත්ථ ඵෙණුද්දෙහකං පච්චති.{7} සො තත්ථ ඵෙණුද්දෙහකං පච්චමානො සකිම්පි උද්ධං ගච්ඡති, සකිම්පි අධො ගච්ඡති, සකිම්පි තිරියං ගච්ඡති. සො තත්ථ දුක්ඛා තිබ්බා කටුකා වෙදනා වෙදියති, න ච තාව කාලං කරොති, යාව න තං පාපං කම්මං බ්යන්තී හොති. තමෙනං භික්ඛවෙ නිරයපාලා මහානිරයෙ පක්ඛිපන්ති. සො ඛො පන භික්ඛවෙ මහානිරයො –:
Sinhala BJTමහණෙනි, යමපල්හු තුලුන් හොවාපියා කෙටේරියෙන් සසිත්. හේ එහි දුක් වූ තීව්‍ර වූ කටුක වූ වේදනා විඳුනේයි. ඒ පාපකර්‍මය නොගෙවෙනා තාක් හේ කලුරිය නො කරයි. යමපල්හු තුලුන් පා උඩුකුරු කොට හිස යටිකුරු කොට තබා වෑයෙන් සසිත් ... මහණෙනි, යමපල්හු තුලුන් රියෙහි යොදා ගිනි ගෙණ දිලියෙන ගිනිදැල් සහිත බිම්හි ඔබ මොබ ඇවිදුවත් ... මහණෙනි, යමපල්හු තුලුන් ගිනි ගෙණ දිලියෙන ගිනිදැල් සහිත මහඅඟුරුපව්වකට නංවත් , බස්වත් ... මහණෙනි යමපල්හු තුලුන් පා උඩුකුරු කොට හිස යටිකුරු කොට ගෙණ රත් වූ ඇවිලගත් ගිනිදැල් සහිත ලෝකුඹුයෙහි බහත්. හේ එහි පෙණ බඳු දේහ ඇතිව පැසෙයි. හේ එහි පෙණ බඳු දේහ ඇතිව පැසෙනුයේ වරක් උඩට මතු වෙයි. වරක් යටට බසියි. වරක් සරසට ද යෙයි. හේ එහි දුක් වූ තීව්‍ර වූ කටුක වූ වේදනා විඳියි. ඒ පව්කම් නො ගෙවෙනා තාක් කලුරිය නො කරයි. යමපල්හු තුලුන් ගෙණ මහානිරයෙහි බහත්. මහණෙනි, ඒ මහානිරය වනාහි:
Pali BJT26. චතුක්කණ්ණො චතුද්වාරො විභත්තො භාගසො මිතො, අයොපාකාරපරියන්තො අයසා පටිකුජ්ජිතො.
Sinhala BJT26. සිවුකොන් ඇත්තේ ය, සිවුදොරටු ඇත්තේ ය, කොටස් කොට මැන බෙදන ලද්දේ ය, යපවුරින් පිරිසිඳුනා ලද්දේ ය, යපටින් වසන ලද්දේ ය.
Pali BJT27. තස්ස අයොමයා භූමි ජලිතා තෙජසා යුතා, සමන්තා යොජනසතං ඵරිත්වා තිට්ඨති සබ්බදා’ති.
Sinhala BJT27. එහි බිම යමුවා ය, දිලින, ගිනිදැලින් මුසු වෙයි. හාත්පස යොදුන් සියක් පුරා හැමකල්හි පැතිර සිටුනේය.
Pali BJTභූතපුබ්බං භික්ඛවෙ යමස්ස රඤ්ඤො එතදහොසි: ‘යෙ කිර භො, ලොකෙ පාපකානි කම්මානි කරොන්ති, තෙ එවරූපා විවිධා කම්මකාරණා කරීයන්ති. අහො වතාහං මනුස්සත්තං ලභෙය්යං, තථාගතො ච ලොකෙ උප්පජ්ජෙය්ය අරහං සම්මාසම්බුද්ධො, තං චාහං භගවන්තං පයිරුපාසෙය්යං. සො ච මෙ භගවා ධම්මං දෙසෙය්ය, තස්ස චාහං භගවතො ධම්මං ආජානෙය්යන්ති. තං ඛො පනාහං භික්ඛවෙ න අඤ්ඤස්ස සමණස්ස වා බ්රාහ්මණස්ස වා සුත්වා එවං වදාමි. අපි ච ඛො භික්ඛවෙ යදෙව මෙ සාමඤ්ඤාතං සාමං දිට්ඨං සාමං විදිතං, තදෙවාහං වදාමීති.
Sinhala BJTමහණෙනි, වූ විරීයෙකි: යමරජුට මෙබඳු සිතෙක් විය: ‘භවත්නි, ලොව්හි යම් කෙනෙක් පව්කම් කෙරෙත් ද, ඔවුහු මෙබඳු වූ නන් කම්කටොලු කරවනු ලබත්. අහෝ! ඉදින් මම මිනිසත්බවක් ලබම් නම්, අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් ලොව උපදින සේක් නම්, මම ද ඒ භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරන්නෙම් නම්, ඒ භාග්‍යවතුන් වහන්සේ ද මට දහම් දෙසන සේක් නම්, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මය මම දැනගන්නෙම් නම්, ඉතා මැනැවැ’යි. මහණෙනි, ඒ වනාහි මම අන් මහණකුගෙන් හෝ බමුණකුගෙන් හෝ අසා මෙසේ නො කියමි. මහණෙනි, වැලිදු යමක් මා විසින් තමා විසින් ම දැනගන්නා ලද ද, තමා ම දක්නා ලද ද, තමා විසින් ම ප්‍රකට කොට දැනගන්නා ලදද, __එය මම ම__{1} කියමි.
Pali BJT28. චොදිතා දෙවදූතෙහි යෙ පමජ්ජන්ති මානවා, තෙ දීඝරත්තං සොචන්ති හීනකායූපගා නරා.
Sinhala BJT28. දේවදූතයන් විසින් මෙහෙයන ලද යම් මිනිස් කෙනෙක් පමා වෙත් ද, හීන වූ අත්බැව් ලැබූ ඒ මිනිස්සු බොහෝ කලක් සොවිත්.
Pali BJT29. යෙ ච ඛො දෙවදූතෙහි සන්තො සප්පුරිසා ඉධ, චොදිතා නප්පමජ්ජන්ති අරියධම්මෙ කුදාචනං.
Sinhala BJT29. මෙ ලොව්හි දේවදූතයන් විසින් මෙහෙයන ලද යම් ශාන්ත සත්පුරුෂ කෙනෙක් වෙත් ද, (ඔහු) ආර්‍ය්‍යධර්‍මයෙහි කිසි කලෙකත් පමා නො වෙත්.
Pali BJT30. උපාදානෙ භයං දිස්වා ජාතිමරණසම්භවෙ, අනුපාදා විමුච්චන්ති ජාතිමරණසඞ්ඛයෙ.
Sinhala BJT30. ජාති මරණ දෙකට කරුණු වූ (පඤ්ච) උපාදානයෙහි බිය දැක (ආත්ම ආත්මීය වශයෙන්) සතර උපාදානයන් නො ගෙණ ජාතිමරණයන්ගේ ක්‍ෂය සඞ්ඛ්‍යාත නිර්‍වාණය නිමිති කොට මිදෙත්.
Pali BJT31. තෙ ඛොප්පමත්තා{1} සුඛිතා{2} දිට්ඨධම්මාභිනිබ්බුතා, සබ්බවෙරභයාතීතා සබ්බදුක්ඛං උපච්චගුන්ති.
Sinhala BJT31. මෙ අත්බව්හි ම කෙලෙස් පිරිනිවීමෙන් නිවුනු නොපමා වූ (එහෙයින් ම) සුවපත් වූ ඔහු සියලු වෙරභය ඉක්මවූවාහු සියලු දුක් ඉක්ම ගියාහුය යි.
Pali BJT3. 1. 4. 7.
Sinhala BJT3. 1. 4. 7.
Pali BJT37. අට්ඨමියං භික්ඛවෙ පක්ඛස්ස චතුන්නං මහාරාජානං අමච්චා පාරිසජ්ජා ඉමං ලොකං අනුවිචරන්ති: ‘කච්චි බහූ මනුස්සා මනුස්සෙසු මත්තෙය්යා පෙත්තෙය්යා සාමඤ්ඤා බ්රහ්මඤ්ඤා කුලෙජෙට්ඨාපචායිනො උපොසථං උපවසන්ති, පටිජාගරන්ති{3}, පුඤ්ඤානි කරොන්තීති.
Sinhala BJT37. මහණෙනි, අඩමසැ අටවක්හි සිවුමහරජුන්ගේ පිරිසට අයත් ඇමතියෝ ‘කිමෙක් ද? මිනිස් ලොව්හි බොහෝ මිනිස්සු මවුන් පුදනුවාහු ද, පියන් පුදනුවාහු ද, මහණුන් පුදනුවාහු ද, බමුණන් පුදනුවාහු ද, කුලදෙටුවන් පුදනුවාහු ද, පෙහෙවස් වෙසෙත් ද, පටිජාගර උපෝසථය කෙරෙත් ද, පින් කෙරෙත් දැ’යි. මෙලොව සිසාරා ඇවිදිත්.
Pali BJTචාතුද්දසියං{*} භික්ඛවෙ පක්ඛස්ස චතුන්නං මහාරාජානං පුත්තා ඉමං ලොකං අනුවිචරන්ති, කච්චි බහූ මනුස්සා මනුස්සෙසු මත්තෙය්යා පෙත්තෙය්යා සාමඤ්ඤා බ්රහ්මඤ්ඤා කුලෙජෙට්ඨාපචායිනො උපොසථං උපවසන්ති, පටිජාගරන්ති{3} පුඤ්ඤානි කරොන්තී’ති. තදහු භික්ඛවෙ උපොසථෙ පණ්ණරසෙ චත්තාරො මහාරාජා{4} සාමඤ්ඤෙව ඉමං ලොකං අනුවිචරන්ති: ‘කච්චි බහූ මනුස්සා මනුස්සෙසු මත්තෙය්යා පෙත්තෙය්යා සාමඤ්ඤා බ්රහ්මඤ්ඤා කුලෙජෙට්ඨාපචායිනො උපොසථං උපවසන්ති, පටිජාගරන්ති පුඤ්ඤානි කරොන්තී’ති.
Sinhala BJTමහණෙනි, අඩමසැ තුදුස්වක්හි සිවුමහරජුන්ගේ පුත්‍රයෝ මේ ලෝකය වටාගෙණ ඇවිදිත්: ‘කිම, මිනිසුන් අතුරෙහි බොහෝ දෙනා මවුන් පුදනුවාහු ද, පියන් පුදනුවාහු ද, මහණුන් පුදන්නාහු ද, බමුණන් පුදන්නාහු ද, කුලදෙටුවන් පුදන්නාහු ද, පෙහෙවස් වෙසෙත් ද, පටිජාගර උපෝසථය කෙරෙත් ද, පින් කෙරෙත් දැ’යි. මහණෙනි, ඒ පුරපසළොස්වක් පොහෝ දින සිවුමහරජවරු තුමූ ම මේ ලොව වටාගෙණ ඇවිදිත්. ‘කිම, මිනිසුන් අතුරෙහි බොහෝ දෙනා මවුන් පුදන්නාහු ද, පියන් පුදන්නාහු ද, මහණුන් පුදන්නාහු ද, බමුණන් පුදන්නාහු ද, කුලදෙටුවන් පුදන්නාහු ද, පෙහෙවස් වෙසෙත් ද, පටිජාගර උපෝසථය කෙරෙත් ද, පින් කෙරෙත් දැ’යි.
Pali BJTසචෙ භික්ඛවෙ අප්පකා හොන්ති මනුස්සා මනුස්සෙසු මත්තෙය්යා පෙත්තෙය්යා සාමඤ්ඤා බ්රහ්මඤ්ඤා කුලෙජෙට්ඨාපචායිනො උපොසථං උපවසන්ති, පටිජාගරන්ති, පුඤ්ඤානි කරොන්ති. තමෙනං භික්ඛවෙ චත්තාරො මහාරාජා{4} දෙවානං තාවතිංසානං සුධම්මායං සභායං{†} සන්නිසින්නානං සන්නිපතිතානං ආරොචෙන්ති: අප්පකා ඛො මාරිසා මනුස්සා මනුස්සෙසු මත්තෙය්යා පෙත්තෙය්යා සාමඤ්ඤා බ්රහ්මඤ්ඤා කුලෙජෙට්ඨාපචායිනො උපොසථං උපවසන්ති, පටිජාගරන්ති, පුඤ්ඤානි කරොන්තී’ති. තෙන{5} භික්ඛවෙ දෙවා තාවතිංසා අනත්තමනා හොන්ති: දිබ්බා වත භො කායා පරිහායිස්සන්ති, පරිපූරිස්සන්ති අසුරා{6} කායාති.
Sinhala BJTමහණෙනි, ඉදින් මිනිසුන් අතුරෙහි මවුන් පුදන පියන් පුදන මහණුන් පුදන බමුණන් පුදන කුලදෙටුවන් පුදන මිනිස්සු ස්වල්ප වෙත් ද, (එසේ ම) ස්වල්ප මනුෂ්‍ය කෙනෙක් පෙහෙවස් වෙසෙත් ද, පටිජාගර උපෝසථය කෙරෙත් ද, පින් කෙරෙත් ද, මහණෙනි, සතරවරම් මහරජවරු සුධර්‍මාසභායෙහි රැස්ව හුන් තව්තිසාවැසි දෙවියන්ට මෙකරුණ සැළ කරත්: ‘නිදුකානෙනි, මිනිස්ලොව්හි ස්වල්ප මනුෂ්‍ය කෙනෙක් මවුන්ට හිතවත්හ. පියනට හිතවත්හ. මහණුනට හිතවත්හ. බමුණනට හිතවත්හ. කුලදෙටුවන් පුදන්නාහ. පෙහෙවස් කරන්නාහ. පටිජාගර උපෝසථය කරන්නාහ. පින් කරන්නාහ’ යි. මහණෙනි, එයින් තව්තිසා වැසි දෙවියෝ ‘අහහ’ භවත්නි, දෙව්පිරිස්හු පිරිහෙන්නාහ, අසුර පිරිස්හු පිරෙන්නාහ’ යි නො සතුටු සිත් ඇත්තාහු වෙති.
Pali BJTසචෙ පන භික්ඛවෙ බහූ හොන්ති මනුස්සා මනුස්සෙසු මත්තෙය්යා පෙත්තෙය්යා සාමඤ්ඤා බ්රහ්මඤ්ඤා කුලෙජෙට්ඨාපචායිනො උපොසථං උපවසන්ති, පටිජාගරන්ති, පුඤ්ඤානි කරොන්ති. තමෙනං භික්ඛවෙ චත්තාරො මහාරාජා දෙවානං තාවතිංසානං සුධම්මායං සභායං සන්නිසින්නානං සන්නිපතිතානං ආරොචෙන්ති: ‘බහූ ඛො මාරිසා මනුස්සා මනුස්සෙසු මත්තෙය්යා පෙත්තෙය්යා සාමඤ්ඤා බ්රහ්මඤ්ඤා කුලෙජෙට්ඨාපචායිනො උපොසථං උපවසන්ති, පටිජාගරන්ති, පුඤ්ඤානි කරොන්තී’ති. තෙන භික්ඛවෙ දෙවා තාවතිංසා අත්තමනා හොන්ති: ‘දිබ්බා වත භො කායා පරිපූරිස්සන්ති, පරිහායිස්සන්ති අසුරා කායාති.{6}
Sinhala BJTමහණෙනි, ඉදින් මිනිස්ලොව බොහෝ මනුෂ්‍යයෝ මවුනට හිතවත් නම්, පියනට හිතවත් නම්, මහණුනට හිතවත් නම්, බමුණනට හිතවත් නම්, කුලදෙටුවන් පුදත් නම්, පෙහෙවස් වෙසෙත් නම්, පටිජාගර උපෝසථය කෙරෙත් නම්, පින් කෙරෙත් නම්, මහණෙනි, සිවුවරම් මහරජවරු සුධර්‍මාසභායෙහි රැස්ව හුන් තව්තිසාවැසි දෙවියනට මෙසේ සැළ කරත්: ‘නිදුකාණනි, මිනිසුන් අතුරෙහි බොහෝ මිනිස්සු මවුනට හිතවත්හ. පියනට හිතවත්හ. මහණුනට හිතවත්හ. බමුණනට හිතවත්හ. කුලදෙටුවන් පුදන්නාහ. පෙහෙවස් වසන්නාහ. පටිජාගර උපෝසථය වසන්නාහ. පින් කරන්නාහ’ යි. මහණෙනි, එයින් තව්තිසා වැසි දෙවියෝ ‘භවත්නි, ප්‍රීතියෙක! දෙව්පිරිස්හු පිරෙන්නාහ, අසුරපිරිස්හු පිරිහෙන්නාහ’ යි තුටුසිත් ඇත්තාහු වෙත්.
Pali BJT3. 1. 4. 8.
Sinhala BJT3. 1. 4. 8.
Pali BJT38. භූතපුබ්බං භික්ඛවෙ සක්කො දෙවානමින්දො දෙවෙ තාවතිංසෙ අනුනයමානො{1} තායං වෙලායං ඉමං ගාථං අභාසි:
Sinhala BJT38. මහණෙනි, වූ විරීයෙකි: සක්දෙවිඳු තව්තිසා වැසි දෙවියන් ඇලුම් කරවමින් ඒ වෙලායෙහි මේ ගය කීය:
Pali BJT32. චාතුද්දසිං පඤ්චදසිං{2} යා ච පක්ඛස්ස අට්ඨමී{3} පාටිහාරියපක්ඛං ච අට්ඨඞ්ගසුසමාගතං, උපොසථං උපවසෙය්ය යො පස්ස{4} මාදිසො නරො’ති.
Sinhala BJT32. ‘ඉදින් යම් මිනිසෙක් මා’ බඳු වන්නේ නම්, ඒ මිනිස් පක්‍ෂයෙහි තුදුස්වක්හි ද, පසළොස්වක්හි ද, අටවක්හි ද, ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂයෙහි ද, අටඟින් යුත් පෙහෙවස් වසනේ ය.
Pali BJTසා ඛො පනෙසා භික්ඛවෙ සක්කෙන දෙවානමින්දෙන ගාථා දුග්ගීතා, න සුගීතා, දුබ්භාසිතා, න සුභාසිතා. තං කිස්ස හෙතු: සක්කො හි භික්ඛවෙ දෙවානමින්දො අවීතරාගො අවීතදොසො අවීතමොහො. යො ච ඛො සො භික්ඛවෙ භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා{*} කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤා විමුත්තො, තස්ස ඛො එතං භික්ඛවෙ භික්ඛුනො කල්ලං වචනාය :
Sinhala BJTමහණෙනි, සක්දෙවිඳු විසින් ඒ ගාථා වරදවා ගයන ලදු. මැනැවින් නො ගයන ලදු. වරදවා කියන ලදු. මැනැවින් නො කියන ලදු. ඒ කවරහෙයින යත්: සක්දෙවිඳු වනාහි පහ නො කළ රාග ඇත්තෙක. පහ නො කළ ද්වේෂ ඇත්තෙක. පහ නො කළ මෝහ ඇත්තෙක. මහණෙනි, ක්‍ෂය කළ ආස්‍රව ඇති, වැස නිම වූ මඟබඹසර ඇති, කරණ ලද සිවුමග කටයුතු ඇති, බහා තබන ලද කෙලෙස්බර ඇති, පැමිණි ස්වාර්‍ත්‍ථ ඇති, ක්‍ෂය කළ සසර බැඳුම් ඇති, මනාසේ දැන කෙලෙසුන් කෙරෙන් මිදුනු යම් රහත් මහණෙක් වේ ද, ඒ මහණහු විසින් මෙය කියන්නට නිසි ය.
Pali BJT33. චාතුද්දසිං{2} පඤ්චදසිං යා ච පක්ඛස්ස{3} අට්ඨමී, පාටිහාරියපක්ඛං ච අට්ඨඞ්ගසුසමාගතං උපොසථං උපවසෙය්ය යොපස්ස{4} මාදිසො නරො’ති.
Sinhala BJT33. ‘ඉදින් යම් මිනිසෙක් මා බඳු වන්නේ ද, ඒ මිනිස් පක්‍ෂ පිළිබඳ තුදුස්වක්හි ද, පසළොස්වක් හි ද, අටවක්හි ද, ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂයෙහි ද, අටඟින් යුත් පෙහෙවස් වසනේ ය.
Pali BJTතං කිස්ස හෙතු? සො හි භික්ඛවෙ - භික්ඛු වීතරාගො වීතදොසො වීතමොහොති.
Sinhala BJTකවර හෙයින යත්: මහණෙනි, යම් හෙයෙකින් ඒ මහණ පහ වූ රාග ඇත්තේ වේ ද, පහ වූ ද්වේෂ ඇත්තේ වේ ද, පහ වූ මෝහ ඇත්තේ වේ ද, එහෙයිනි.
Pali BJTභූතපුබ්බං භික්ඛවෙ සක්කො දෙවානමින්දො දෙවෙ තාවතිංසෙ අනුනයමානො තායං වෙලායං ඉමං ගාථං අභාසි:–
Sinhala BJTමහණෙනි, වූ විරීයෙකි: සක්දෙවිඳු තව්තිසා වැසි දෙවියන් ඇලුම් කරවමින් ඒ වෙලායෙහි මේ ගය කීය:
Pali BJT34. චාතුද්දසිං{2} පඤ්චදසිං යා ච පක්ඛස්ස අට්ඨමී,{3} පාටිහාරියපක්ඛං ච අට්ඨඞ්ගසුසමාගතං උපොසථං උපවසෙය්ය යොපස්ස{4} මාදිසො නරො’ති.
Sinhala BJT34. ඉදින් යම් මිනිසෙක් මා බඳු වන්නේ නම්, ඒ මිනිස් පක්‍ෂ පිළිබඳ තුදුස්වක්හි ද, පසළොස්වක් හි ද, අටවක්හි ද, ප්‍රාතිහාර්‍ය්‍යපක්‍ෂයෙහි ද, අටඟින් යුත් පෙහෙවස් වසනේය’යි.
Pali BJTසා ඛො පනෙසා භික්ඛවෙ සක්කෙන දෙවානමින්දෙන ගාථා දුග්ගීතා, න සුගීතා, දුබ්භාසිතා, න සුභාසිතා. තං කිස්ස හෙතු? සක්කො හි භික්ඛවෙ දෙවානමින්දො අපරිමුත්තො ජාතියා ජරාමරණෙන{5} සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, අපරිමුත්තො දුක්ඛස්මාති වදාමි.
Sinhala BJTමහණෙනි, සක්දෙවිඳු විසින් ඒ ගාථාව වරදවා ගයන ලදු. මැනැවින් නො ගයන ලදු, වරදවා කියන ලදු, මැනැවින් නො කියන ලදු. ඒ කවර හෙයින යත්: මහණෙනි, යම් හෙයෙකින් සක්දෙවිඳු ජාතියෙන් ද, ජරායෙන් හා මරණයෙන් ද, ශෝකයෙන් ද, වැලපීමෙන් ද, දුක්දොම්නසින් ද, දැඩි ආයාසයෙන් ද, හාත්පසින් නො මිදුනේ ද, එහෙයිනි. (හෙ තෙමේ) දුකින් නොමිදුනේ ය යි කියමි.
Pali BJTයො ච ඛො සො භික්ඛවෙ භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤා විමුත්තො, තස්ස ඛො එතං භික්ඛවෙ භික්ඛුනො කල්ලං වචනාය:–
Sinhala BJTමහණෙනි, ක්‍ෂය කළ ආස්‍රව ඇති, වැස නිම වූ මඟබඹසර ඇති, කරණ ලද සිවුමග කටයුතු ඇති, බහා තැබූ කෙලෙස්බර ඇති, පැමිණි ස්වාර්‍ත්‍ථ ඇති, ක්‍ෂය කළ සසර බැඳුම් ඇති මනාසේ දැන කෙලෙසුන් ගෙන් මිදුනු යම් රහත් මහණෙක් වේ ද, ඒ මහණහු විසින් මෙය කියන්නට නිසි ය.
Pali BJT35. චාතුද්දසිං පඤ්චදසිං යා ච පක්ඛස්ස අට්ඨමී, පාටිහාරියපක්ඛං ච අට්ඨඞ්ගසුසමාගතං; උපොසථං උපවසෙය්ය යොපස්ස මාදිසො නරො’ති.
Sinhala BJT35. ‘ඉදින් යම් මිනිසෙක් මා බඳු වන්නේ ද, ඒ මිනිස් පක්‍ෂය පිළිබඳ තුදුස්වක්හි ද, පසළොස්වක් හි ද, අටවක්හි ද, ප්‍රාතිහාර්‍ය්‍යපක්‍ෂයෙහි ද, අටඟින් යුත් පෙහෙවස් වසනේ ය.
Pali BJTතං කිස්ස හෙතු? සො හි භික්ඛවෙ භික්ඛු පරිමුත්තො ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි පරිමුත්තො දුක්ඛස්මාති වදාමීති.
Sinhala BJTඒ කවර හෙයින යත්: මහණෙනි, යම් හෙයෙකින් ඒ මහණ ජාතියෙන් ද, ජරාමරණයෙන් ද, ශෝකයෙන් ද, වැලපීමෙන් ද, කායිකදුකින් ද, දොම්නසින් ද, දැඩි ආයාසයෙන් ද, මිදුනේ ද, එහෙයිනි. (හෙ තෙමේ) දුකින් මිදුනේය යි කියමි.
Pali BJT3. 1. 4. 9.
Sinhala BJT3. 1. 4. 9.
Pali BJT39. සුඛුමාලො අහං භික්ඛවෙ පරමසුඛුමාලො. අච්චන්තසුඛුමාලො. මම සුදං භික්ඛවෙ පිතු නිවෙසනෙ පොක්ඛරණියො කාරිතා හොන්ති. එකත්ථ සුදං{*} උප්පලං පුප්ඵති,{1} එකත්ථ පදුමං, එකත්ථ පුණ්ඩරීකං, යාවදෙව මමත්ථාය. න ඛො පනස්සාහං භික්ඛවෙ අකාසිකං{†} චන්දනං ධාරෙමි. කාසිකං සු මෙ තං භික්ඛවෙ වෙඨනං හොති. කාසිකා කඤ්චුකා, කාසිකං නිවාසනං, කාසිකො උත්තරාසඞ්ගො. රත්තින්දිවං ඛො පනස්සු{2} මෙතං භික්ඛවෙ සෙතච්ඡත්තං ධාරීයති, මා නං ඵුසි සීතං වා උණ්හං වා රජො වා තිණං වා උස්සාවො වාති.
Sinhala BJT39. මහණෙනි, මම නිදුක්මි. අතිශයින් නිදුක්මි. සතතයෙන් නිදුක්මි. මහණෙනි, මාගේ පියනිවෙස්නෙහි පොකුණු කරවන ලද. එකෙක වනාහි නිලුපුල් පිපෙයි. එකෙක හෙළපියුම් පිපෙයි. එකෙක රත්පියුම් පිපෙයි. ඒ වනාහි හුදෙක් මා පිණිස ම ය. මහණෙනි, මම වනාහි නො සියුම් සඳුනක් නම් නො දරමි. මහණෙනි, මා හිස්වෙළුම ද සියුම් ම වෙයි. මාගේ පොරෝනා කස්ස ද සියුම් ම ය. හඳනා ද සියුම් වෙයි. උතුරුසළුව ද සියුම් වේ. මහණෙනි, රෑ දෙවෙහි ශීතය හෝ උෂ්ණය හෝ රජස හෝ තෘණ හෝ පිනි හෝ මුහු නහමක් පෙළාවා යි මට සේසතෙක් දරණු ලැබේ.
Pali BJTතස්ස මය්හං භික්ඛවෙ තයො පාසාදා අහෙසුං, එකො හෙමන්තිකො, එකො ගිම්හිකො, එකො වස්සිකො. සො ඛො අහං භික්ඛවෙ වස්සිකෙ පාසාදෙ වස්සිකෙ චත්තාරො මාසෙ නිප්පුරිසෙහි තූරියෙහි පරිචාරියමානො{3} න හෙට්ඨාපාසාදං ඔරොහාමි. යථා ඛො පන භික්ඛවෙ අඤ්ඤෙසං නිවෙසනෙසු{4} දාසකම්මකරපොරිසස්ස කණාජකං භොජනං දීයති බිලඞ්ගදුතියං, එවමෙවස්සු මෙ භික්ඛවෙ පිතු නිවෙසනෙ දාසකම්මකරපොරිසස්ස සාලිමංසොදනො දීයති.
Sinhala BJTමහණෙනි, ඒ මට තුන් පහයෙක් වීය. එකෙක් හේමන්තයට හිත ය, එකෙක් ගිම්හානයට හිත ය, එකෙක් වර්‍ෂාඍතුවට හිත ය. මහණෙනි, ඒ මම වැසිකලට නිසි පහයෙහි පිරිමින් නැති (ස්ත්‍රීන් කරණ) පසඟතුරුයෙන් පිනවනු ලබන්නෙම් යට පහයට නො බස්මි. මහණෙනි, යම්සේ අන්‍යයන්ගේ නිවෙස්හි දස්කම්කරු අතැවැසි පුරුෂයනට කාඩි දෙවන කොට ඇති නිවුඩුසාලේ බත දෙනු ලැබේ ද, මහණෙනි, එලෙසින් මාගේ පිය නිවෙස්නෙහි දස්කම්කරු යටත් පුරුෂයනට මස් සහිත ඇල්සහලේ බත් දෙනු ලැබේ.
Pali BJTතස්ස මය්හං භික්ඛවෙ එවරූපාය ඉද්ධියා සමන්නාගතස්ස එවරූපෙන ච සුඛුමාලෙන එතදහොසි: ‘අස්සුතවා ඛො පුථුජ්ජනො අත්තනා ජරාධම්මො සමානො ජරං අනතීතො පරං ජිණ්ණං දිස්වා අට්ටීයති, හරායති, ජිගුච්ඡති, අත්තානඤ්ඤෙව අතියිත්වා.{5} අහම්පි ඛොම්හි ජරාධම්මො, ජරං අනතීතො. අහං චෙව ඛො පන ජරාධම්මො සමානො ජරං අනතීතො, පරං ජිණ්ණං දිස්වා අට්ටීයෙය්යං, හරායෙය්යං, ජිගුච්ඡෙය්යං, න මෙ තං අස්ස පතිරූපන්ති’. තස්ස මය්හං භික්ඛවෙ ඉති පටිසඤ්චික්ඛතො යො යොබ්බනෙ යොබ්බනමදො, සො සබ්බසො පහීයි.
Sinhala BJTමහණෙනි, මෙබඳු ඉදුහයෙන් ද මෙබඳු සියුමැලියෙන් ද යුත් ඒ මට මේ සිත විය: අශ්‍රැතවත් පෘථග්ජන ජරාව ස්වභාව කොට ඇත්තේ ම ජරාව නො ඉක්ම වූයේ ම ජරාවට පත් අනෙකකු දැක තමා තබා පීඩිත වෙයි. ලජ්ජිතවෙයි, පිළිකුල් උපදවයි. වැලි මම ද ජරාව ස්වභාව කොට ඇත්තෙම්. ජරාව නො ඉක්ම වූයෙම් වෙමි. මම ද ජරාව ස්වභාව කොට ඇත්තෙම් ජරාව නො ඉක්ම වූයෙම් ම ජරාවට පත් අනෙකකු දැක පීඩිත වන්නෙම් නම්, ලජ්ජිත වන්නෙම් නම්, පිළිකුල් උපදවන්නෙම් නම්, එය මට නිසි නො වන්නේ ම ය’. මහණෙනි, මෙසේ නුවණින් සලකා බලන්නා වූ ඒ මාගේ යොවුන් විය නිමිති කොට යම් යෞවනමදයෙක් වී ද, එය සර්‍වප්‍රකාරයෙන් ප්‍රහත විය.
Pali BJTඅස්සුතවා ඛො පුථුජ්ජනො අත්තනා ව්යාධිධම්මො සමානො ව්යාධිං අනතීතො, පරං ව්යාධිතං දිස්වා අට්ටීයති, හරායති, ජිගුච්ඡති, අත්තානඤ්ඤෙව අතියිත්වා{5}, අහම්පි ඛොම්හි ව්යාධිධම්මො, ව්යාධිං අනතීතො, අහං චෙව ඛො පන ව්යාධිධම්මො සමානො ව්යාධිං අනතීතො, පරං ව්යාධිතං දිස්වා අට්ටීයෙය්යං හරායෙය්යං ජිගුච්ඡෙය්යං, න මෙ තං අස්ස පතිරූපන්ති’. තස්ස මය්හං භික්ඛවෙ ඉති පටිසඤ්චික්ඛතො යො ආරොග්යෙ ආරොග්යමදො, සො සබ්බසො පහීයි.
Sinhala BJTඅශ්‍රැතවත් පෘථග්ජනයා තෙමේ ව්‍යාධිය ස්වභාව කොට ඇත්තේ ම ව්‍යාධිය නො ඉක්ම වූයේ ම ව්‍යාධියට පත් අනෙකකු දැක තමා තබා පීඩිත වෙයි, ලජ්ජිත වෙයි, පිළිකුල් උපදවයි. මම වැලිත් ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෙම්, ව්‍යාධිය නො ඉක්ම වූයෙම් වෙමි. මම ද ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෙම්, ව්‍යාධිය නො ඉක්ම වූයෙම් ම ව්‍යාධියට පත් අනෙකකු දැක පීඩිත වන්නෙම් නම්, ලජ්ජිත වන්නෙම් නම්, පිළිකුල් උපදවන්නෙම් නම්, ඒ මට තරම් නො වන්නේ ම ය’. මහණෙනි, මෙසේ නුවණින් සලකා බලන්නා වූ ඒ මාගේ ආරෝග්‍යය නිමිති කොට යම් ආරෝග්‍යමදයෙක් වී නම්, එය සර්‍වප්‍රකාරයෙන් ප්‍රහත විය.
Pali BJTඅස්සුතවා ඛො පුථුජ්ජනො අත්තනා මරණධම්මො සමානො මරණං අනතීතො පරං මතං දිස්වා අට්ටීයති හරායති ජිගුච්ඡති, අත්තානඤ්ඤෙව අතියිත්වා{1} අහම්පි ඛොම්හි මරණධම්මො මරණං අනතීතො, අහං චෙව ඛො පන මරණධම්මො සමානො මරණං අනතීතො පරං මතං දිස්වා අට්ටීයෙය්යං හරායෙය්යං ජිගුච්ඡෙය්යං, න මෙතං අස්ස පතිරූපන්ති’. තස්ස මය්හං භික්ඛවෙ ඉති පටිසඤ්චික්ඛතො යො ජීවිතෙ ජීවිතමදො, සො සබ්බසො පහීයීති.
Sinhala BJTඅශ්‍රැතවත් පෘථග්ජන තෙමේ මරණය ස්වභාව කොට ඇත්තේ ම මරණය නො ඉක්ම වූයේ ම මරණයට පත් අනෙකකු දැක තමා තබා පීඩිත වෙයි, ලජ්ජිත වෙයි, පිළිකුල් උපදවයි. ‘මම වැලිත් මරණය ස්වභාව කොට ඇත්තෙම් මරණය නො ඉක්ම වූයෙම් වෙමි. මම ද මරණය ස්වභාව කොට ඇත්තෙම් මරණය නො ඉක්ම වූයෙම් ම මළා වූ අනෙකක්හු දැක පීඩිත වන්නෙම් නම්, ලජ්ජිත වන්නෙම් නම්, පිළිකුල් උපදවන්නෙම් නම්, ඒ මට තරම් නො වන්නේ ය’. මහණෙනි, මෙසේ නුවණින් සලකා බලන්නා වූ ඒ මාගේ ජීවිතය නිමිති කොට යම් ජීවිතමදයෙක් වී නම්, එය සර්‍වප්‍රකාරයෙන් ප්‍රහත විය.
Pali BJTතයො’මෙ භික්ඛවෙ මදා. කතමෙ තයො: යොබ්බනමදො, ආරොග්යමදො, ජීවිතමදො. යොබ්බනමදමත්තො වා භික්ඛවෙ අස්සුතවා පුථුජ්ජනො කායෙන දුච්චරිතං චරති, වාචාය දුච්චරිතං චරති, මනසා දුච්චරිතං චරති. සො කායෙන දුච්චරිතං චරිත්වා, වාචාය දුච්චරිතං චරිත්වා, මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. ආරොග්යමදමත්තො වා භික්ඛවෙ අස්සුතවා පුථුජ්ජනො -පෙ- ජීවිතමදමත්තො වා භික්ඛවෙ අස්සුතවා පුථුජ්ජනො කායෙන දුච්චරිතං චරති, වාචාය දුච්චරිතං චරති, මනසා දුච්චරිතං චරති. සො කායෙන දුච්චරිතං චරිත්වා, වාචාය දුච්චරිතං චරිත්වා, මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.
Sinhala BJTමහණෙනි, මේ මද තුණෙකි. කවර තුණෙක යත්: යෞවනමදය, ආරෝග්‍යමදය, ජීවිතමදයි. මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජන යෞවන මදයෙන් මත්වූයේ කයින් දුසිරිත් කරයි, වචසින් දුසිරිත් කරයි, සිතින් දුසිරිත් කරයි. හේ කයින් දුසිරිත් කොට වචසින් දුසිරිත් කොට සිතින් දුසිරිත් කොට කාබුන් මරණින් මතු සුවයෙන් පහ වූ දුකට ගති වූ විවසව පතිත වන නිරයට පැමිණෙයි. මහණෙනි, ආරෝග්‍යමදයෙන් මත් වූත් අශ්‍රැතවත් පෘථග්ජන ... ජීවිතමදයෙන් මත් වූත් අශ්‍රැතවත් පෘථග්ජන කයෙන් දුසිරිත් කරයි, වචසින් දුසිරිත් කරයි, මනසින් දුසිරිත් කරයි. කයින් දුසිරිත් කොට වචසින් දුසිරිත් කොට මනසින් දුසිරිත් කොට කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ගති වූ (පව්කළහු) විවසව පතිත වන නිරයට පැමිණෙයි.
Pali BJTයොබ්බනමදමත්තො වා භික්ඛවෙ භික්ඛු සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. ආරොග්යමදමත්තො වා භික්ඛවෙ භික්ඛු සික්ඛං පච්චකාය හීනායාවත්තති, ජීවිතමදමත්තො වා භික්ඛවෙ භික්ඛු සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තතීති.
Sinhala BJTමහණෙනි, යොවුන්මදින් මත් වූ ද මහණ ශික්‍ෂාව හැරපියා ගිහිබවට පෙරළෙයි. මහණෙනි, ආරෝග්‍යමදයෙන් මත් වූ ද මහණ ශික්‍ෂාව හැරපියා ගිහිබවට පෙරළෙයි. ජීවිතමදයෙන් මත් වූ ද මහණ ශික්‍ෂාව හැරපියා ගිහිබවට පෙරළෙයි.
Pali BJT36. ව්යාධිධම්මා ජරාධම්මා අථො මරණධම්මිනො, යථා ධම්මා තථා සන්තා ජිගුච්ඡන්ති පුථුජ්ජනා.
Sinhala BJT36. ව්‍යාධිය ස්වභාව කොට ඇත්තා වූ ද ජරාව ස්වභාව කොට ඇත්තා වූ ද යලි මරණය ස්වභාව කොට ඇත්තා වූ ද පෘථග්ජනයෝ (ව්‍යාධිආදි) ස්වභාවයන් නො ඉක් මැ සිටියාහු ම (මෙරමා) පිළිකුල් කරත්.
Pali BJT37. අහං චෙතං ජිගුච්ඡෙය්යං එවං ධම්මෙසු පාණිසු, න මෙතං පතිරූපස්ස මම එවං විහාරිනො.
Sinhala BJT37. මම ද මෙබඳු ස්වභාව ඇති ප්‍රාණීන් කෙරෙහි පිළිකුල් කරන්නෙම් නම්, මෙබඳු ජුගුප්සාවිහරණ ඇති මට එය තරම් නො වන්නේ ය.
Pali BJT38. සොහං එවං විහරන්තො ඤත්වා ධම්මං නිරූපධිං, ආරොග්යෙ යොබ්බනස්මිං ච ජීවිතස්මිං ච යෙ මදා.
Sinhala BJT38. මම මෙසේ වසන්නෙම් නිර්‍වාණධර්‍මය දැන, ආරෝග්‍යයෙහි ද යෞවනයෙහි ද, ජීවිතයෙහි ද යම් මද කෙනෙක් වෙත් නම්,
Pali BJT39. සබ්බෙ මදෙ අභිභොස්මි නෙක්ඛම්මෙ{2} දට්ඨු ඛෙමතං, තස්ස මෙ අහු උස්සාහො නිබ්බානං අභිපස්සතො.
Sinhala BJT39. නිර්‍වාණයෙහි ක්‍ෂේමභාවය දැක සියලු මදයන් මැඩලූ යෙම් වෙමි. නිවන දක්නා ඒ මට උත්සාහය විය.
Pali BJT40. නාහං භබ්බො එතරහි කාමානි පටිසෙවිතුං, අනිවත්තී භවිස්සාමි බ්රහ්මචරියපරායනොති.
Sinhala BJT40. දැන් මම කාමයන් සෙවුනට භව්‍ය නො වෙමි. නො නවත්නෙම් මඟබඹසර පිහිට කොට ඇත්තෙම් වෙමි.
Pali BJT3. 1. 4. 10.
Sinhala BJT3. 1. 4. 10.
Pali BJT40. තීණි’මානි භික්ඛවෙ ආධිපතෙය්යානි. කතමානි තීණි: අත්තාධිපතෙය්යං, ලොකාධිපතෙය්යං, ධම්මාධිපතෙය්යං.
Sinhala BJT40. මහණෙනි, මේ ආධිපත්‍යයයෝ තුන් දෙනෙකි. කවර තුන්දෙනෙක යත්: ආත්මාධිපත්‍යය, ලෝකාධිපත්‍යය, ධර්‍මාධිපත්‍යයි.
Pali BJTකතමං ච භික්ඛවෙ අත්තාධිපතෙය්යං: ඉධ භික්ඛවෙ භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා ඉති පටිසඤ්චික්ඛති: ‘න ඛො පනාහං චීවරහෙතු අගාරස්මා අනගාරියං පබ්බජිතො. න පිණ්ඩපාතහෙතු -පෙ- න සෙනාසනහෙතු -පෙ- න ඉතිභවාභවහෙතු අගාරස්මා අනගාරියං පබ්බජිතො. අපි ච ඛොම්හි ඔතිණ්ණො ජාතියා ජරාමරණෙන{1} සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො. අප්පෙවනාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථා’ති. අහඤ්චෙව ඛො පන යාදිසකෙ{2} වා කාමෙ ඔහාය අගාරස්මා අනගාරියං පබ්බජිතො, තාදිසකෙ වා කාමෙ පරියෙසෙය්යං, තතො වා පාපිට්ඨතරෙ, න මෙතං{3} අස්ස පතිරූපන්ති. සො ඉති පටිසඤ්චික්ඛති: ආරද්ධං ඛො පන මෙ විරියං භවිස්සති අසල්ලීනං, උපට්ඨිතා සති අසම්මුට්ඨා,{4} පස්සද්ධො කායො අසාරද්ධො, සමාහිතං චිත්තං එකග්ගන්ති’. සො අත්තානඤ්ඤෙව අධිපතිං කරිත්වා අකුසලං පජහති, කුසලං භාවෙති, සාවජ්ජං පජහති, අනවජ්ජං භාවෙති, සුද්ධං අත්තානං පරිහරති. ඉදං වුච්චති භික්ඛවෙ අත්තාධිපතෙය්යං.
Sinhala BJTමහණෙනි, ආත්මාධිපත්‍යය කවරේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ අරණ්‍යයට ගියේ හෝ වෘක්‍ෂමූලයට ගියේ හෝ ශුන්‍යාගාරයට ගියේ හෝ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කරයි: ‘මම චීවරහේතුයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් නො වෙමි. පිණ්ඩපාත හේතුයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් නො වෙමි. සෙනසුන් හේතුයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් නො වෙමි. මෙසේත් භවය, මෙසේත් භවයයි ඒ ඒ සම්පත්තිභව හේතුයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් නො වෙමි. වැලිදු ජාතියෙන් හා ජරාමරණයෙන් හා ශෝකයෙන් හා වැලපීමෙන් හා දුක්දොම්නසින් හා දැඩි ආයාසයෙන් හා වැදගන්නා ලදුයෙම් වෙමි. දුකට බටුයෙම්, දුකින් පීඩිත වූයෙම් වෙමි. මෙහැම දුක්රැසෙහි අවසන් කිරීමෙක් පැණෙන්නේ නම් මනාමැනු යී. තවද මම යම්බඳු වූ කාමයන් හැර ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් ද, එබඳු වූ කාමයන් හෝ එයට වඩා ඉතා ලාමක වූ කාමයන් හෝ සොයන්නෙම් නම්, එය මට තරම් නො වන්නේය යි. හෙතෙම මෙසේ නුවණින් සලකයි: ‘මවිසින් වීර්‍ය්‍යය සම්පූර්‍ණ කරණ ලද වෙයි. එහෙයින් ම නො හැකුළුනේ වෙයි. සිහිය එළඹ සිටියේ වෙයි. එහෙයින් ම නො මුළා වෙයි. කය සැහැල්ලු වෙයි. එහෙයින් ම සන්හුන් දරථ ඇත්තේ ය. සිත අරමුණෙහි පිහිටුවන ලද, එහෙයින් ම එකඟ වූයේ’ යි. හෙතෙම තමා ම අධිපති කොට අකුශලය දුරු කෙරෙයි, කුශලය වඩයි, සාවද්‍යය දුරලයි, අනවද්‍යය වඩයි, පිරිසිදු කොට ආත්මය පිරිවටයි. මෙය අත්තාධිපතෙය්‍ය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ ලොකාධිපතෙය්යං: ඉධ භික්ඛවෙ භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා ඉති පටිසඤ්චික්ඛති: ‘න ඛො පනාහං චීවරහෙතු අගාරස්මා අනගාරියං පබ්බජිතො. න පිණ්ඩපාතහෙතු -පෙ- න සෙනාසනහෙතු -පෙ- න ඉතිභවාභවහෙතු අගාරස්මා අනගාරියං පබ්බජිතො. අපි ච ඛොම්හි ඔතිණ්ණො ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො. අප්පෙවනාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථා’ති. අහං චෙව ඛො පන එවං පබ්බජිතො සමානො කාමවිතක්කං වා විතක්කෙය්යං, ව්යාපාදවිතක්කං වා විතක්කෙය්යං, විහිංසාවිතක්කං වා විතක්කෙය්යං, මහා ඛො පනායං ලොකසන්නිවාසො. මහන්තස්මිං ඛො පන ලොකසන්නිවාසෙ සන්ති සමණබ්රාහ්මණා ඉද්ධිමන්තො දිබ්බචක්ඛුකා පරචිත්තවිදුනො. තෙ දූරතොපි පස්සන්ති, ආසන්නාපි න දිස්සන්ති, චෙතසාපි චිත්තං පජානන්ති{5} තෙපි මං එවං ජානෙය්යුං : ‘පස්සථ භො ඉමං කුලපුත්තං සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො සමානො වොකිණ්ණො විහරති පාපකෙහි අකුසලෙහි ධම්මෙහී’ති. දෙවතාපි ඛො සන්ති ඉද්ධිමන්තිනියො දිබ්බචක්ඛුකා පරචිත්තවිදුනියො. තා දූරතොපි පස්සන්ති, ආසන්නාපි න දිස්සන්ති, චෙතසාපි චිත්තං පජානන්ති{5} තාපි මං එවං ජානෙය්යුං: ‘පස්සථ භො ඉමං කුලපුත්තං සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො සමානො වොකිණ්ණො විහරති පාපකෙහි අකුසලෙහි ධම්මෙහී’ති. සො ඉති පටිසඤ්චික්ඛති – ‘ආරද්ධං ඛො පන මෙ විරියං භවිස්සති අසල්ලීනං, උපට්ඨිතා සති අසම්මුට්ඨා,{4} ‘පස්සද්ධො කායො අසාරද්ධො, සමාහිතං චිත්තං එකග්ගන්ති’. සො ලොකඤ්ඤෙව අධිපතිං කරිත්වා අකුසලං පජහති, කුසලං භාවෙති, සාවජ්ජං පජහති, අනවජ්ජං භාවෙති, සුද්ධං අත්තානං පරිහරති. ඉදං වුච්චති භික්ඛවෙ ලොකාධිපතෙය්යං.
Sinhala BJTමහණෙනි, ලෝකාධිපත්‍යය කවරේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ වනසෙනස්නට ගියේ හෝ රුක්මුලට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ මෙසේ සිතයි: ‘මම වනාහි චීවර හේතුයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් නො වෙමි, පිණ්ඩපාතය හේතු කොට ගෙණ ... සෙනසුන් හේතු කොට ගෙණ හෝ ... මෙසේ මෙසේත් භවය, මෙසේත් භව යයි ඒ ඒ සම්පත්තිභවය හේතුයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් නො වෙමි. වැලිදු ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුක්දොම්නසින් දැඩි ආයාසයෙන් වැදගන්නා ලද්දෙම් දුකින් මඩන ලදුයෙම් දුකින් පීඩිත වූයෙම් වෙමි. මෙ හැම දුක්රැස අවසන් කිරීමෙක් පැණේ නම් මැනැවැ යි. මම ද, වැලිත් මෙසේ පැවිදි වූයෙම් ම කාමවිතර්‍කයක් හෝ කරන්නෙම් නම් , ව්‍යාපාදවිතර්‍කයක් හෝ කරන්නෙම් නම්, විහිංසාවිතර්‍කයක් හෝ කරන්නෙම් නම්, මේ ලෝකසන්නිවාසය වනාහි මහත් වූවෙකි. මහත් වූ ලෝකසන්නිවාසයෙහි ඍද්ධිමත් වූ දිවැස් ඇති පරසිත් දන්නා මහණ බමුණෝ ඇත. ඔවුහු දුරිනුදු දක්නාහ. සමීපස්ථවූවාහු නමුදු නො පැණෙන්නාහ. ඔවුන්ගේ සිතිනුදු මාගේ සිත දැන ගණිත්. තවද ඔවුහු මා මෙසේ දැනගන්නාහුය: ‘භවත්නි, මේ කුලපුත්හු බලව, සැදැහැයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට වන්නේ ලාමක අකුශලධර්‍මයන්ගෙන් ගැවසී ගත්තේ වෙසෙයි. ඍද්ධිමත් වූ දිවැස් ඇත්තා වූ පරසිත් දන්නා වූ දෙවියෝ ද ඇත. ඔවුහු ද දුරින් (මා) දකිත්. සමීපස්ථවූවාහු ද (ඔවුහු) නො පැණෙත්. ඔවුහු තමන් සිතිනුදු මා සිත දැනගන්නාහ. ඔවුහු ද මා මෙසේ දැන ගන්නාහ: ‘භවත්නි, මේ කුලපුත්හු බලව, සැදැහැයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට වන්නේ ම ලාමක අකුශලධර්‍මයන්ගෙන් ව්‍යාකීර්‍ණව වෙසේය’යි. හේ මෙසේ නුවණින් සලකයි: ‘මා විසින් වීර්‍ය්‍යය අරඹන ලද. එය නො හැකුළුනේ වෙයි. සිහිය එළඹ සිටියේය. එහෙයින් මුළා නුවූයේ ය. නාමකය සන්හිඳුනේ ය. එහෙයින් ම දරථ රහිත වෙයි. සිත සමාධිගත වූයේ ය. එහෙයින් ම එකඟ වේ ය’ යි. හේ ලෝකයා ම අධිපති කොට අකුශලය හැරලයි, කුශලය වඩයි, සාවද්‍යය දුරලයි, අනවද්‍යය වඩයි, පිරිසිදු කොට ආත්මය පිරිවටයි. මහණෙනි, මෙය ලෝකාධිපත්‍ය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ ධම්මාධිපතෙය්යං: ඉධ භික්ඛවෙ භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා ඉති පටිසංචික්ඛති: ‘න ඛො පනාහං චීවරහෙතු අගාරස්මා අනගාරියං පබ්බජිතො. න පිණ්ඩපාතහෙතු -පෙ- න සෙනාසනහෙතු -පෙ- න ඉති භවාභවහෙතු අගාරස්මා අනගාරියං පබ්බජිතො. අපි ච ඛො’ම්හි ඔතිණ්ණො ජාතියා ජරාමරණෙන{1} සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො. අප්පෙවනාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථා’ති. ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො{2} පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති. සන්ති ඛො පන මෙ සබ්රහ්මචාරී ජානං පස්සං විහරන්ති. අහං චෙව ඛො පන එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ පබ්බජිතො සමානො කුසීතො විහරෙය්යං පමත්තො, න මෙතං අස්ස පතිරූපන්ති’. සො ඉති පටිසඤ්චික්ඛති: ‘ආරද්ධං ඛො පන මෙ විරියං භවිස්සති අසල්ලීනං, උපට්ඨිතා සති අසම්මුට්ඨා, පස්සද්ධො කායො අසාරද්ධො, සමාහිතං චිත්තං එකග්ගන්ති’. සො ධම්මං යෙව අධිපතිං කරිත්වා අකුසලං පජහති, කුසලං භාවෙති, සාවජ්ජං පජහති, අනවජ්ජං භාවෙති, සුද්ධං අත්තානං පරිහරති. ඉදං වුච්චති භික්ඛවෙ ධම්මාධිපතෙය්යං. ඉමානි ඛො භික්ඛවෙ තීණි ආධිපතෙය්යානීති.
Sinhala BJTමහණෙනි, ධර්‍මාධිපත්‍යය කවරේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ වන සෙනස්නට ගියේ හෝ රුක්මුලට ගියේ හෝ ශුන්‍යාගාරයට ගියේ හෝ මෙසේ සිතයි: ‘මම වනාහි චීවරහේතුයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් නො වෙමි. පිණ්ඩපාත හේතුයෙන් ගිහිගෙන් නික්ම ... සෙනසුන් හේතුයෙන් ... ඉතිභවාභව හේතුයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් නො වෙමි. වැලිදු ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුක්දොම්නසින් දැඩි ආයාසයෙන් අවතීර්‍ණවෙමි. දුකට බටුයෙම් දුකින් මඩනා ලදුයෙම් වෙමි. මේ හැම දුක් රැස අවසන් කිරීමෙක් පැණේ නම්, ඉතා මැනව. භාග්‍යවතුන් වහන්සේ විසින් සාන්දෘෂ්ටිකවූ අකාලික වූ ‘එව බලව’ යන විධානයට නිසි වූ උපනයනයට නිසි වූ නුවණැත්තන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු වූ නවලෝකොත්තර ධර්‍මය මොනොවට ප්‍රකාශ කරණ ලදී. මට සමාන බඹසර ඇත්තාහු වෙත් ම ය. ඔහු __මා__{1} දන්නාහු දක්නාහු වෙසෙත්. මම ද වනාහි මෙසේ ස්වාඛ්‍යාත වූ ශාසනයෙහි පැවිදි වූයෙම් ම කුසීත ව ප්‍රමත්ත ව වෙසෙම් නම්, එය මට නිසි නොවන්නේය’ යි. හෙතෙම මෙසේ නුවණින් සලකයි: ‘මා විසින් වීර්‍ය්‍යය පුරන ලද වෙයි. එහෙයින් ම නො හැකුළුනේ වෙයි. සිහිය එළඹ සිටියේ ය. එහෙයින් ම නුමුළා වූයේ ය. නාමකය සන්හින. එහෙයින් ම දරථ රහිත වෙයි. සිත සමාධිගත වූයේ ය. එහෙයින් ම එකඟ වේය’ යි. හෙතෙම ධර්‍මය ම අධිපති කොට අකුශලය හැරලයි, කුශලය වඩයි, සාවද්‍යය හැරලයි, අනවද්‍යය වඩයි, පිරිසුදු වූ ආත්මය පරිහරණය කරයි. මහණෙනි, මෙය ධර්‍මාධිපත්‍ය යි කියනු ලැබේ. මහණෙනි, මේ වනාහි ආධිපත්‍යයෝ තුන් දෙන යහ.
Pali BJT41. නත්ථි ලොකෙ රහො නාම පාපකම්මං පකුබ්බතො, අත්තා තෙ පුරිස ජානාති සච්චං වා යදි වා මුසා.
Sinhala BJT41. පව්කම් කරණුවහට ලොව්හි රහසෙක් නම් නැත. පුරුෂය, තාගේ ආත්මය (හිත) එය සැබවෙක් ද, නැතහොත් මුසායෙක් දැයි දන්නේ යි.
Pali BJT42. කල්යාණං වත භො සක්ඛි අත්තානං අතිමඤ්ඤසි, යො සන්තං අත්තනි පාපං අත්තානං පරිගූහසි.
Sinhala BJT42. යම් බඳු වූ තෝ තමා කෙරෙහි ඇත්තාවූ ම පව තමාට සඟවන්නෙහි ද? පින්වත, තමා ඉක්මවා හඟනෙහි ද? මැනවෙක් වනාහි ඒකාන්තයෙන් ප්‍රත්‍යක්‍ෂය.
Pali BJT43. පස්සන්ති දෙවා ච තථාගතා ච ලොකස්මිං බාලං විසමං චරන්තං, තස්මා හි අත්තාධිපකො{3} සතො චරෙ ලොකාධිපො ච නිපකො ච ඣායී. ධම්මාධිපො ච අනුධම්මචාරී න හීයති සච්චපරක්කමො මුනි.
Sinhala BJT43. යම් හෙයෙකින් ලොව්හි විෂම ලෙස හැසිරෙන්නා වූ බාලයා දෙවියෝ ද තථාගතවරු ද දකිත් ද එහෙයින් ම සිහි ඇත්තාවූ ද තන්වැසි නුවණැත්තා වූ ද ධ්‍යාන කරණ සුලුවූ ද ධර්‍මය අනුව හැසිරෙන්නා වූ ද සත්‍යපරාක්‍රම ඇත්තාවූ ද යම් මහණෙක්
Pali BJT44. පසය්හ මාරං අභිභුය්ය අන්තකං යො ච ඵුසී ජාතිඛයං පධානවා, ස{4} තාදිසො ලොකවිදූ සුමෙධො සබ්බෙසු ධම්මෙසු අතම්මයො මුනීති.
Sinhala BJT44. ප්‍රධන් වීර්‍ය්‍යය ඇත්තේ මාරයා මැඩ අන්තකයා අභිභවනය කොට රහත් බව ප්‍රත්‍යක්‍ෂ කෙළේ ද, අත්තාධිපති වූ ද ලෝකාධිපති වූ ද ධර්‍මාධිපති වූ ද ලෝකය දැනගත්තා වූ මනා නුවණැත්තා වූ එබඳු මුනි තෙම සියලු ත්‍රෛභූමික ධර්‍මයන්හි තම්මය නම් වූ තෘෂ්ණායෙන් තොර වූයේ ලෝකය දැනගත්තේ, නො පිරිහේ ය යී.
Pali BJTදෙවදූත වග්ගො චතුත්ථො.{*}
Sinhala BJTසතරවන දේවදූත වර්‍ගය යි.
Pali BJT[5. චූලවග්ගො]
Sinhala BJT[5. චූල වර්‍ගය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT3. 1. 5. 1.
Sinhala BJT3. 1. 5. 1.
Pali BJT41. තිණ්ණං භික්ඛවෙ සම්මුඛීභාවා සද්ධො කුලපුත්තො බහුං පුඤ්ඤං පසවති. කතමෙසං තිණ්ණං: සද්ධාය භික්ඛවෙ සම්මුඛීභාවා සද්ධො කුලපුත්තො බහුං පුඤ්ඤං පසවති. දෙය්යධම්මස්ස භික්ඛවෙ සම්මුඛීභාවා සද්ධො කුලපුත්තො බහුං පුඤ්ඤං පසවති. දක්ඛිණෙය්යානං භික්ඛවෙ සම්මුඛීභාවා සද්ධො කුලපුත්තො බහුං පුඤ්ඤං පසවති. ඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං සම්මුඛීභාවා සද්ධො කුලපුත්තො බහුං පුඤ්ඤං පසවතීති.
Sinhala BJT41. මහණෙනි, තුන් දෙනකුන්ගේ හමුබැවින් සැදැහැවත් කුලපුත් බොහෝ පින් රැස් කරණේය. කවර තිදෙනකුගේය යත්: මහණෙනි, සැදැහැ හමුබැවින් සැදැහැවත් කුලපුත් බොහෝ පින් රැස් කරණේය. මහණෙනි, දේයධර්‍ම හමුබැවින් සැදැහැති කුලපුත් බොහෝ පින් රැස් කරණේ ය. මහණෙනි, දක්‍ෂිණාර්‍හයන්ගේ හමුබැවින් සැදැහැති කුලපුත් බොහෝ පින් රැස් කරණේ ය. මහණෙනි, මෙ කරුණු තුණ හමුබැවින් සැදැහැති කුලපුත් බොහෝ පින් රැස් කරණේ ය.
Pali BJT3. 1. 5. 2.
Sinhala BJT3. 1. 5. 2.
Pali BJT42. තීහි භික්ඛවෙ ඨානෙහි සද්ධො පසන්නො වෙදිතබ්බො. කතමෙහි තීහි: සීලවන්තානං දස්සනකාමො හොති, සද්ධම්මං සොතුකාමො හොති, විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති මුත්තචාගො පයතපාණී වොස්සග්ගරතො යාචයොගො දානසංවිභාගරතො. ඉමෙහි ඛො භික්ඛවෙ තීහි ඨානෙහි සද්ධො පසන්නො වෙදිතබ්බොති.
Sinhala BJT42. මහණෙනි, මේ කරුණු තුණෙකින් පහන් වූ සැදැහැතියේ දතයුතු වේ. කවර තුණෙකින යත්: සිල්වතුන් දක්නා කැමැතියේ වෙයි, සදහම් අසනු කැමැතියේ වෙයි, වුහුටු ත්‍යාග ඇත්තේ දීමෙහි දෙවි අත් ඇතියේ හැරපීමෙහි ඇලුනේ යදනට නිසිවූයේ දන් හා සංවිභාගයෙහි ඇලුනේ පහ වූ මසුරු මලින් යුත් සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණෙනි, මේ තෙකරුණින් යුක්ත වූයේ පහන් වූ සැදැහැතියේ යි දත යුතුයි.
Pali BJT45. දස්සනකාමො සීලවතං සද්ධම්මං සොතුමිච්ඡති, විනෙය්ය{1} මච්ඡෙරමලං ස වෙ සද්ධොති වුච්චතීති.
Sinhala BJT45. සිල්වතුන් දක්නට කැමැතියේ වේ ද, සදහම් අසන්නට කැමැති වේ ද, මසුරුමල දුරලා වෙසේ ද, හේ ඒකාන්තයෙන් සැදැහැත්තේ ය යි කියනු ලැබේ.
Pali BJT3. 1. 5. 3.
Sinhala BJT3. 1. 5. 3.
Pali BJT43. තයො’මෙ{2} භික්ඛවෙ අත්ථවසෙ සම්පස්සමානෙන අලමෙව පරෙසං ධම්මං දෙසෙතුං. කතමෙ තයො: යො ධම්මං දෙසෙති, සො අත්ථපටිසංවෙදී ච හොති ‘ධම්මප්පටිසංවෙදී ච. යො ධම්මං සුණාති, සො අත්ථප්පටිසංවෙදී ච හොති ධම්මපටිසංවෙදී{3} ච. යො චෙව ධම්මං දෙසෙති, යො ච ධම්මං සුණාති, උභො අත්ථපටිසංවෙදිනො ච හොන්ති ධම්මප්පටිසංවෙදිනො ච. ඉමෙ ඛො භික්ඛවෙ තයො අත්ථවසෙ සම්පස්සමානෙන අලමෙව පරෙසං ධම්මං දෙසෙතුන්ති.
Sinhala BJT43. මහණෙනි, මේ කරුණු තුණක් දක්නහු විසින් පරහට දහම් දෙසුමට නිසි ම වේ. කවර තුණෙක යත්: යමෙක් දහම් දෙසා නම්, හේ අටුවා දන්නේත් වෙයි. පෙළදහම් දන්නේත් වෙයි. යමෙක් ධර්‍මය අසා නම්, හෙ අටුවා දන්නේත් පෙළදහම් දන්නේත් වෙයි. යමෙකුත් දහම් දෙසා නම්, යමෙකුත් දහම් අසා නම්, එ දෙදෙන අටුවා දන්නාහු ද පෙළදහම් දන්නාහු ද වෙත්. මහණෙනි, මේ කරුණු තුණ දක්නහු විසින් පරහට දහම් දෙසනු නිසි මැ යි.
Pali BJT3. 1. 5. 4.
Sinhala BJT3. 1. 5. 4.
Pali BJT44. තීහි භික්ඛවෙ ඨානෙහි කථා පවත්තනී{1} හොති. කතමෙහි තීහි: යො ධම්මං දෙසෙති, සො අත්ථපටිසංවෙදී ච හොති ධම්මපටිසංවෙදී ච. යො ධම්මං සුණාති, සො අත්ථපටිසංවෙදී ච හොති ධම්මපටිසංවෙදී ච. යො චෙව ධම්මං දෙසෙති, යො ච ධම්මං සුණාති, උභො අත්ථපටිසංවෙදිනො ච හොන්ති ධම්මපටිසංවෙදිනො ච. ඉමෙහි ඛො භික්ඛවෙ තීහි ඨානෙහි කථා පවත්තනී{1} හොතීති.
Sinhala BJT44. මහණෙනි, කරුණු තුණෙකින් කථාව පවත්නී වෙයි. කවර තුණෙකින යත්: යමෙක් දහම් දෙසා නම්, හේ අටුවා දන්නේත් පෙළදහම් දන්නේත් වෙයි. යමෙක් දහම් අසා නම්, හේ අටුවා දන්නේත් පෙළදහම් දන්නේත් වේ. යමෙක් එ දහම් දෙසා නම්, යමෙක් දහම් අසා නම්, යන දෙදෙන ම අටුවා දන්නෝත් පෙළදහම් දන්නෝත් වෙති. මහණෙනි, මේ කරුණු තුණෙන් කථාව පවත්නී වේ යයි.
Pali BJT3. 1. 5. 5.
Sinhala BJT3. 1. 5. 5.
Pali BJT45. තීණි’මානි භික්ඛවෙ පණ්ඩිතපඤ්ඤත්තානි සප්පුරිසපඤ්ඤත්තානි. කතමානි තීණි: දානං භික්ඛවෙ පණ්ඩිතපඤ්ඤත්තං සප්පුරිසපඤ්ඤත්තං. පබ්බජ්ජා භික්ඛවෙ පණ්ඩිතපඤ්ඤත්තා සප්පුරිසපඤ්ඤත්තා. මාතාපිතුන්නං{2} භික්ඛවෙ උපට්ඨානං පණ්ඩිතපඤ්ඤත්තං සප්පුරිසපඤ්ඤත්තං. ඉමානි ඛො භික්ඛවෙ තීණි පණ්ඩිතපඤ්ඤත්තානි සප්පුරිසපඤ්ඤත්තානීති.
Sinhala BJT45. මහණෙනි, පණ්ඩිතයන් විසින් පණවන ලද සත්පුරුෂයන් විසින් පණවන ලද මේ කරුණු තුණෙකි. කවර තුණෙක යත්: මහණෙනි, දානය පණ්ඩිතයන් විසින් පණවන ලද සත්පුරුෂයන් විසින් පණවනලද. මහණෙනි, පැවිද්ද පණ්ඩිතයන් විසින් පණවන ලද සත්පුරුෂයන් විසින් පණවන ලද. මහණෙනි, මවුපියඋවටන පණ්ඩිතයන් විසින් පණවන ලද සත්පුරුෂයන් විසින් පණවනලද. මහණෙනි, මොහු තිදෙන පණ්ඩිතයන් විසින් පණවන ලද්දාහු සත්පුරුෂයන් විසින් පණවන ලද්දාහු වෙති යි.
Pali BJT46. සබ්භි දානං උපඤ්ඤත්තං අහිංසා සඤ්ඤමො දමො, මාතාපිතුඋපට්ඨානං සන්තානං බ්රහ්මචාරිනං.
Sinhala BJT46. ශ්‍රේෂ්ඨචර්‍ය්‍යා ඇති සත්පුරුෂයන්ගේ දානය ද අහිංසාව ද ශීලසංයමය ද ඉන්‍ද්‍රියසංවරය ද මවුපිය උවටන ද යන මේ සත්පුරුෂයන් විසින් පණවන ලද වෙයි.
Pali BJT47. සතං එතානි ඨානානි යානි සෙවෙථ පණ්ඩිතො, අරියො දස්සනසම්පන්නො ස ලොකං භජතෙ සිවන්ති.
Sinhala BJT47. පණ්ඩිත තෙමේ සත්පුරුෂයන් පිළිබඳ වූ යම්බඳු මේ තුන් කරුණු සෙවුනේ නම්, දර්‍ශන සම්පන්න වූ ඒ ආර්‍ය්‍ය තෙම දෙව්ලොව සෙවුනේ යි.
Pali BJT3. 1. 5. 6.
Sinhala BJT3. 1. 5. 6.
Pali BJT46. යං භික්ඛවෙ සීලවන්තො පබ්බජිතා ගාමං වා නිගමං වා උපනිස්සාය විහරන්ති, තත්ථ මනුස්සා තීහි ඨානෙහි බහුං පුඤ්ඤං පසවන්ති. කතමෙහි තීහි: කායෙන වාචාය මනසා. යං භික්ඛවෙ සීලවන්තො පබ්බජිතා ගාමං වා නිගමං වා උපනිස්සාය විහරන්ති, තත්ථ මනුස්සා ඉමෙහි තීහි ඨානෙහි බහුං පුඤ්ඤං පසවන්තීති.
Sinhala BJT46. මහණෙනි, සිල්වත් පැවිද්දෝ යම් ගමක් හෝ නියම්ගමක් ඇසුරු කොට වෙසෙත් ද, එහි මිනිස්සු කරුණු තුණෙකින් බොහෝ පින් ලබත්. කවර තුණෙකින යත්: කයින් ද, වචනයෙන් ද, සිතින් දැයි. මහණෙනි, සිල්වත් වූ පැවිද්දෝ යම් ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කොට වසත් නම්, එහි මිනිස්සු මේ කරුණු තුණෙන් බොහෝ පින් ලබත්.
Pali BJT3. 1. 5. 7.
Sinhala BJT3. 1. 5. 7.
Pali BJT47. තීණි’මානි භික්ඛවෙ සඞ්ඛතස්ස සඞ්ඛතලක්ඛණානි. කතමානි තීණි: උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති. ඉමානි ඛො භික්ඛවෙ තීණි සඞ්ඛතස්ස සඞ්ඛතලක්ඛණානීති.
Sinhala BJT47. මහණෙනි, ප්‍රත්‍යය සමවායයෙන් සකස් කරණ ලද්දහුගේ මේ සඞ්ඛත ලක්‍ෂණ තුණෙකි. කවර තුණෙක යත්: ඉපැදීම පැණෙයි, නැස්ම (බිඳීම) පැණෙයි, සිටියහුගේ වෙනස්වීම (නම් වූ ජරාව) පැණෙයි. මහණෙනි, ප්‍රත්‍යය සමවායයෙන් සකස් කරණ ලද්දහුගේ මේ සඞ්ඛත ලක්‍ෂණ තුණයි.
Pali BJT3. 1. 5. 8.
Sinhala BJT3. 1. 5. 8.
Pali BJT48. තීණි’මානි භික්ඛවෙ අසඞ්ඛතස්ස අසඞ්ඛතලක්ඛණානි. කතමානි තීණි: න උප්පාදො පඤ්ඤායති, න වයො පඤ්ඤායති, න ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති. ඉමානි ඛො භික්ඛවෙ තීණි අසඞ්ඛතස්ස අසඞ්ඛතලක්ඛණානීති.
Sinhala BJT48. මහණෙනි, ප්‍රත්‍යයයන් විසින් නො සකස්කළහු (නිර්‍වාණයා) ගේ මේ අසඞ්ඛත ලක්‍ෂණ තුණෙකි. කවර තුනෙක යත්: උපත් නොපැණෙයි, ව්‍යය නොපැණෙයි, සිටියහුගේ අන්‍යථාත්‍වය (ජරාව) නො පැණෙයි. මහණෙනි, අසංස්කාර (ධර්‍මයා) ගේ මේ අසංස්කෘත ලක්‍ෂණ තුණයි.
Pali BJT3. 1. 5. 9.
Sinhala BJT3. 1. 5. 9.
Pali BJT49. හිමවන්තං භික්ඛවෙ පබ්බතරාජං නිස්සාය මහාසාලා තීහි වඩ්ඪීහි වඩ්ඪන්ති. කතමාහි තීහි:{1} සාඛාපත්තපලාසෙන වඩ්ඪන්ති, තචපපටිකාය වඩ්ඪන්ති, ඵෙග්ගුසාරෙන වඩ්ඪන්ති. හිමවන්තං භික්ඛවෙ පබ්බතරාජං නිස්සාය මහාසාලා ඉමාහි තීහි වඩ්ඪීහි වඩ්ඪන්ති.
Sinhala BJT49. මහණෙනි, හිමවත් පර්‍වතරාජයා නිසා මහා වෘක්‍ෂයෝ තුන් වැඩුමෙකින් වැඩෙත්. කවර තුණෙකින යත්: ශාඛායෙන් හා පත්‍ර සඞ්ඛ්‍යාත කොළපතරින් වැඩෙත්, පොතුපතරින් වැඩෙත්, එලයෙන් හා හරින් හා වැඩෙත්, මහණෙනි, හිමවත් පර්‍වතරාජයා නිසා මහාවෘක්‍ෂයෝ මේ තුන් වැඩුමෙන් වැඩෙත්.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ සද්ධං කුලපතිං නිස්සාය අන්තොජනො තීහි වඩ්ඪීහි වඩ්ඪති. කතමාහි තීහි: සද්ධාය වඩ්ඪති, සීලෙන වඩ්ඪති, පඤ්ඤාය වඩ්ඪති. සද්ධං භික්ඛවෙ කුලපතිං නිස්සාය අන්තොජනො ඉමාහි තීහි වඩ්ඪීහි වඩ්ඪතීති.
Sinhala BJTමහණෙනි, එපරිද්දෙන් ම සැදැහැති කුලදෙටුහු නිසා ඇතුළු දෙනේ තුන් වැඩුමෙකින් වැඩෙයි. කවර තුණෙකින යත්: සැදැහැයෙන් වැඩෙයි, ශීලයෙන් වැඩෙයි, ප්‍රඥායෙන් වැඩෙයි. මහණෙනි, සැදැහැති කුලපතිහු නිසා ඇතුළු දෙනේ මේ තුන් වැඩුමින් වැඩෙයි.
Pali BJT48. යථාපි පබ්බතො සෙලො අරඤ්ඤස්මිං බ්රහාවනෙ, තං රුක්ඛා උපනිස්සාය වඩ්ඪන්තෙ තෙ වනස්පතී.{2}
Sinhala BJT48. නොගම් මහවෙනෙහි ගල්පව්වෙක් යම්බඳු වේ නම්, එය ඇසුරු කොට ගෙණ ඒ වනදෙටු වෘක්‍ෂයෝ වැඩෙත්.
Pali BJT49. තථෙව සීලසම්පන්නං සද්ධං කුලපතිං ඉධ, උපනිස්සාය වඩ්ඪන්ති පුත්තදාරා ච බන්ධවා, අමච්චා ඤාතිසඞ්ඝා ච යෙ චස්ස අනුජීවිනො.
Sinhala BJT49. එපරිදි ම මෙහි සැදැහැති සිල්වත් කුලදෙටුහු ඇසුරු කොට ගෙණ අඹුදරුවෝ ද, බන්‍ධුහු ද, සගයෝ ද, නෑ සමූහයෝ ද යම් අනුජීවීහු වෙත් නම්, ඔහු ද වැඩෙත්.
Pali BJT50. ත්යාස්ස සීලවතො සීලං චාගං සුචරිතානි ච, පස්සමානානුකුබ්බන්ති යෙ භවන්ති{3} විචක්ඛණා.
Sinhala BJT50. යම් විචක්‍ෂණ කෙනෙක් වෙත් නම්, ඔහු ඒ සිල්වත්හුගේ ශීලය හා ත්‍යාග්‍ය හා සුචරිත හා දක්නාහු ඔහු අනුව ක්‍රියා කෙරෙත්.
Pali BJT51. ඉධ ධම්මං චරිත්වාන මග්ගං සුගතිගාමිනං, නන්දිනො දෙවලොකස්මිං මොදන්ති කාමකාමිනොති.
Sinhala BJT51. මෙලොව සුගතිගාමී මාර්‍ගය වන කුසල් දහම් පුරා (කර්‍මනන්‍දනායෙන්) සතුටු වූවාහු පස්කම් සැප කැමැත්තාහු දෙව්ලොව දී (විපාක මෝදනායෙන්) සතුටු වෙත්.
Pali BJT3. 1. 5. 10.
Sinhala BJT3. 1. 5. 10.
Pali BJT50. තීහි භික්ඛවෙ ඨානෙහි ආතප්පං කරණීයං. කතමෙහි තීහි: අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ආතප්පං කරණීයං. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ආතප්පං කරණීයං. උප්පන්නානං සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිබ්බානං{4} ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අධිවාසනාය ආතප්පං කරණීයං. ඉමෙහි තීහි භික්ඛවෙ ඨානෙහි ආතප්පං කරණීයං.
Sinhala BJT50. මහණෙනි, කරුණු තුණෙකින් වීර්‍ය්‍යය කට යුතුයි. කවර තුණෙකින යත්: නූපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ නූපදීම පිණිස වීර්‍ය්‍යය කට යුතු. නූපන් කුශලධර්‍මයන්ගේ ඉපැත්ම පිණිස වීර්‍ය්‍යය කට යුතු. උපන් දුක් වූ තීව්‍ර වූ කර්‍කශ වූ කටුක වූ අමිහිරි වූ අමනාප වූ දිවිහරණා වූ ශාරීරික වේදනාවන් ඉවසීම පිණිස වීර්‍ය්‍යය කටයුතුය.
Pali BJTයතො ඛො භික්ඛවෙ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ආතප්පං කරොති, අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ආතප්පං කරොති, උප්පන්නානං සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිබ්බානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අධිවාසනාය ආතප්පං කරොති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු ආතාපී නිපකො සතො සම්මා දුක්ඛස්ස අන්තකිරියායාති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක පටන් කොට මහණ නූපන් ලාමක අකුශලධර්‍මයන් නූපදනා පිණිස වීර්‍ය්‍යය කෙරේ ද, නූපන් කුශලධර්‍මයන් ඉපැත්ම පිණිස වීර්‍ය්‍යය කෙරේ ද, උපන් දුක් වූ තීව්‍ර වූ කර්‍කශ වූ කටුක වූ අමිහිරි වූ අමනාප වූ දිවිහරණා වූ ශාරීරික වේදනාවන් ඉවසීම පිණිස වැර කෙරේ ද, මහණෙනි, මේ මහණ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ පාරිහාරික නුවණින් නුවණැත්තේ ස්මෘති සම්පන්න වූයේ මොනොවට දුක් නසනු පිණිස පිළිපන්නේ යි කියනු ලැබේ.
Pali BJT3. 1. 5. 11.
Sinhala BJT3. 1. 5. 11.
Pali BJT51. තීහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො මහාචොරො සන්ධිම්පි ඡින්දති, නිල්ලොපම්පි හරති, එකාගාරිකම්පි කරොති, පරිපන්ථෙපි තිට්ඨති. කතමෙහි තීහි: ඉධ භික්ඛවෙ මහාචොරො විසමනිස්සිතො ච හොති, ගහනනිස්සිතො ච හොති, බලවනිස්සිතො ච හොති.
Sinhala BJT51. මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්‍වාගත වූ මහසොර ගෘහසන්‍ධි ද සිඳුනේයි. වොලොගැණුම් ද කරණේයි. එක් ගෙයක් පැහැර ගැණුම් ද කරණේයි. කඩපලා සොරකමෙහි ද යෙදෙයි. කවර තුණෙකින යත්: මහණෙනි, මෙ ලොව්හි මහසොර විෂමස්ථාන ඇසුරු කෙළේ ද වෙයි, වනලැහැබ් ඇසුරු කෙළේ ද වෙයි. බලවතුන් ඇසුරු කෙළේ ද වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ මහාචොරො විසමනිස්සිතො හොති: ඉධ භික්ඛවෙ මහාචොරො නදීවිදුග්ගං වා නිස්සිතො හොති, පබ්බතවිසමං වා. එවං ඛො භික්ඛවෙ මහාචොරො විසමනිස්සිතො හොති.
Sinhala BJTමහණෙනි, මහසොර කෙසේ නම් විසමතැන් ඇසුරු කෙළේ වේ ද: මහණෙනි, මෙලොව්හි මහසොර නදී විදුර්‍ගයක් හෝ පර්‍වත විෂම ස්ථානයක් හෝ ඇසුරු කෙළේ වෙයි. මහණෙනි, මෙසේ මහසොර විෂමස්ථානයන් ඇසුරු කෙළේ වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ මහාචොරො ගහනනිස්සිතො හොති: ඉධ භික්ඛවෙ මහාචොරො තිණගහනං වා නිස්සිතො හොති රුක්ඛගහනං වා ගෙධං{1} වා පන වනසණ්ඩං. එවං ඛො භික්ඛවෙ මහාචොරො ගහනනිස්සිතො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහසොර ගහන ස්ථානයන් ඇසුරු කෙළේ වේ ද: මහණෙනි, මෙ ලොව්හි මහසොර තණ ලැහැබ් හෝ රුක් ලැහැබ් හෝ මහවන ලැහැබ් හෝ ඇසුරු කෙළේ වෙයි. මහණෙනි, මෙසේ මහසොර ගහන ස්ථානයන් ඇසුරු කෙළේ වේ.