Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 14801-14900 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTකතමො චාවුසො අධම්මො, කතමො ච ධම්මො, කතමො ච අනත්ථො, කතමො ච අත්ථො:
Sinhala BJTඇවැත්නි, අධර්‍ම කවරේ ය, ධර්‍මය ද කවරේ ය, අනර්‍ත්‍ථය ද කවරේ ය, අර්‍ත්‍ථය කවරේ ය යත්:
Pali BJT“මිච්ඡාදිට්ඨි ආවුසො අධම්මො සම්මාදිට්ඨි ධම්මො. යෙ ච මිච්ඡාදිට්ඨිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, අයං අනත්ථො. සම්මාදිට්ඨිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති, අයං අත්ථො.
Sinhala BJTඇවැත්නි, මිථ්‍යාදෘෂ්ටිය අධර්‍ම වෙයි, සම්‍යග්දෘෂ්ටිය ධර්‍මය වෙයි, මිථ්‍යාදෘෂ්ටි ප්‍රත්‍යයෙන් යම් බඳු නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම්, මෙ අනර්‍ත්‍ථ යි, සම්‍යග්දෘෂ්ටි ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත් නම්, මෙ අර්‍ත්‍ථ වේ.
Pali BJTමිච්ඡාසඞ්කප්පො ආවුසො අධම්මො, සම්මාසඞ්කප්පො ධම්මො -පෙ- මිච්ඡාවාචා ආවුසො අධම්මො, සම්මාවාචා ධම්මො -පෙ- මිච්ඡාකම්මන්තො ආවුසො අධම්මො සම්මාකම්මන්තො ධම්මො -පෙ- මිච්ඡාආජීවො ආවුසො අධම්මො, සම්මා ආජීවො ධම්මො -පෙ- මිච්ඡාවායාමො ආවුසො අධම්මො, සම්මාවායාමො ධම්මො -පෙ- මිච්ඡාසති ආවුසො අධම්මො, සම්මාසති ධම්මො -පෙ- මිච්ඡාසමාධි ආවුසො අධම්මො, සම්මා සමාධි ධම්මො -පෙ- මිච්ඡාඤාණං ආවුසො අධම්මො, සම්මා ඤාණං ධම්මො -පෙ- මිච්ඡාවිමුත්ති ආවුසො අධම්මො, සම්මාවිමුත්තිධම්මො, යෙ ච මිච්ඡාවිමුත්තිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, අයං අනත්ථො. සම්මාවිමුත්තිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති, අයං අත්ථො.
Sinhala BJTඇවැත්නි, මිථ්‍යාසංකල්පය අධර්‍මයි, සම්‍යක්සංකල්පය ධර්‍මයි ... ඇවැත්නි, මිථ්‍යාවාක් අධර්‍මයි, සම්‍යග්වාක් ධර්‍මයි ... ඇවැත්නි, මිථ්‍යාකර්‍මාන්තය අධර්‍මයි, සම්‍යක්කර්‍මාන්තය ධර්‍මයි ... ඇවැත්නි, මිථ්‍යාආජීවය අධර්‍මයි, සම්‍යගාජීවය ධර්‍මයි ... ඇවැත්නි, මිථ්‍යාව්‍යායාමය අධර්‍මයි, සම්‍යග්ව්‍යායාමය ධර්‍මයි ... ඇවැත්නි, මිථ්‍යාස්මෘතිය අධර්‍මයි, සම්‍යක්ස්මෘතිය ධර්‍මයි ... ඇවැත්නි, මිථ්‍යාසමාධිය අධර්‍මයි, සම්‍යක්සමාධිය ධර්‍මයි ... ඇවැත්නි, මිථ්‍යාඥානය අධර්‍මයි, සම්‍යග්ඥානය ධර්‍මයි ... ඇවැත්නි, මිථ්‍යාවිමුක්තිය අධර්‍මයි, සම්‍යග්විමුක්ති ධර්‍මයි ... මිථ්‍යාවිමුක්ති ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම්, මෙ අනර්‍ත්‍ථ යි. සම්‍යග්විමුක්ති ප්‍රත්‍යයෙනුදු නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත් නම් මෙ අර්‍ත්‍ථ යි.
Pali BJTයං ඛො නො ආවුසො භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො “අධම්මො ච භික්ඛවෙ වෙදිතබ්බො ධම්මො ච, අනත්ථො ච වෙදිතබ්බො අත්ථො ච, අධම්මඤ්ච විදිත්වා ධම්මඤ්ච, අනත්ථඤ්ච විදිත්වා අත්ථඤ්ච, යථා ධම්මො යථා අත්ථො තථා පටිපජ්ජිතබ්බ”න්ති. ඉමස්ස ඛො අහං ආවුසො භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමි. ආකඞ්ඛමානා ච පන තුම්හෙ ආවුසො භගවන්තංයෙව උපසඞ්කමිත්වා එතමත්ථං පුච්ඡෙය්යාථ. යථා වො භගවා ව්යාකරොති. තථා නං ධාරෙය්යාථාති.
Sinhala BJTඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට ‘මහණෙනි, අධර්‍මය ද ධර්‍මය ද දතයුතු ය, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දතයුතු ය, අධර්‍මය ද ධර්‍මය දැන අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දැන ධර්‍මය යම් පරිදි වේ නම්, අර්‍ත්‍ථය යම් පරිදි වේ නම් එ පරිද්දෙන් පිළිපැදිය යුතු ය’යි යන මේ යම් උද්දේශයක් සැකෙවින් උදෙසා විතර විසින් අරුත් නොබෙදා හුනස්නෙන් නැඟී විහාරයට වන්හු නම්, ඇවැත්නි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත් නොබෙදූ මේ උද්දේශයාගේ අර්‍ත්‍ථය මෙසේ විතර විසින් දනිම්. ඇවැත්නි, තෙපි කැමතිවන්නාහු නම්, භාග්‍යවතුන් වහන්සේ කරාම එළඹ තෙල කරුණ පුළුවුස්ව. භාග්‍යවත්හු තොපට යම් ලෙසෙකින් ව්‍යාකරණ කරත් නම්, එලෙසින් එ දරව යි.
Pali BJT’එවමාවුසො’ති ඛො තෙ භික්ඛු ආයස්මතො ආනන්දස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛු භගවන්තං එතදවොචුං:
Sinhala BJT“ඇවැත්නි, එසේය”යි එ මහණහු ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ගේ භාෂිතය සතුටින් පිළිගෙන, අනුමෝදන්ව හුනස්නෙන් නැග භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ:
Pali BJT“යං ඛො නො භන්තෙ භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො “අධම්මො ච භික්ඛවෙ වෙදිතබ්බො ධම්මො ච, අනත්ථො ච වෙදිතබ්බො අත්ථො ච, අධම්මඤ්ච විදිත්වා ධම්මඤ්ච අනත්ථඤ්ච විදිත්වා අත්ථඤ්ච, යථා ධම්මො යථා අත්ථො තථා පටිපජ්ජිතබ්බ’න්ති. තෙසං නො භන්තෙ අම්හාකං අචිරපක්කන්තස්ස භගවතො එතදහොසි: “ඉදං ඛො නො ආවුසො භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො ‘අධම්මො ච භික්ඛවෙ වෙදිතබ්බො ධම්මො ච, අනත්ථො ච වෙදිතබ්බො අත්ථො ච, අධම්මඤ්ච විදිත්වා ධම්මඤ්ච, අනත්ථඤ්ච විදිත්වා අත්ථඤ්ච, යථා ධම්මො යථා අත්ථො තථා පටිපජ්ජිතබ්බ’න්ති. කො නු ඛො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජෙය්යා”ති. තෙසං නො භන්තෙ අම්හාකං එතදහොසි: “අයං ඛො ආයස්මා ආනන්දො සත්ථු චෙව සංවණ්ණිතො, සම්භාවිතො ච විඤ්ඤූනං සබ්රහ්මචාරීනං, පහොති චායස්මා ආනන්දො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං. යන්නූනමයං යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමෙය්යාම, උපසඞ්කමිත්වා ආයස්මා ආනන්දං එතමත්ථං පුච්ඡෙය්යාම, යථා නො ආයස්මා ආනන්දො ව්යාකරිස්සති, තථා නං ධාරෙස්සාමාති.
Sinhala BJT“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අපට ‘මහණෙනි, අධර්‍මය ද ධර්‍මය ද දතයුතු ය, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දතයුතු ය, අධර්‍මයත් ධර්‍මයත් දැන අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දැන ධර්‍මය යම් පරිදි වේ නම් අර්‍ත්‍ථය යම් පරිදි වේ නම් එසේ පිළිපැදිය යුතු ය’යි යම් උද්දේසයක් සැකෙවින් විතර විසින් අරුත් නොබෙදා හුනස්නෙන් නැඟී විහාරයට වන් සේක් ද වහන්ස, ඒ අපට භාග්‍යවතුන් වහන්සේ බැහැර වැඩි නො බෝ කල් වත් ම තෙල සිත විය. ‘ඇවැත්නි, අපට භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි, අධර්‍මය ද ධර්‍මය ද දතයුතුය, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දතයුතුය, අධර්‍මය ද ධර්‍මය ද දැන අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දැන ධර්‍මය යම් පරිදි වේ නම් අර්‍ත්‍ථය යම් පරිදි වේ නම් ඒ පරිදි පිළිපැදිය යුතු ය’යි යන මේ උද්දේසය සැකෙවින් උදෙසා විස්තර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැඟී විහාරයට වන්හ. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තර විසින් අරුත් නොබෙදන ලද මේ උද්දේසයාගේ අර්‍ත්‍ථය කවරෙක් නම් විතර විසින් බෙදන්නේ දැ”යි. වහන්ස, ඒ අපට තෙල සිත විය: “මේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ශාස්තෘන් වහන්සේ විසිනුදු සංවර්‍ණණිතයහ. විඥ සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතයහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත් නො බෙදන ලද මේ උද්දේසයාගේ අර්‍ත්‍ථය විතර විසින් බෙදනට පොහොසත් ද වෙති. ඉදින් අපි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් කරා එළඹමෝ නම්, එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් තෙල අරුත් පුළුවුස්නමෝ නම් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ යම් පරිදි අපට ව්‍යාකරණ කෙරෙත් නම් එසෙයින් එම දරන්නමෝ නම් මැනැවැ”යි.
Pali BJTඅථ ඛො මයං භන්තෙ යෙනායස්මා ආනන්දො තෙනුපසංකමිම්හ, උපසංකමිත්වා ආයස්මන්තං ආනන්දං එතමත්ථං අපුච්ඡිම්හ. තෙසං නො භන්තෙ ආයස්මතා ආනන්දෙන ඉමෙහි ආකාරෙහි ඉමෙහි පදෙහි ඉමෙහි ව්යඤ්ජනෙහි අත්ථො සුවිභත්තො”ති.
Sinhala BJTවහන්ස, ඉක්බිති අපි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් කරා එළඹියම්හ. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් තෙල අරුත් පුළුවුසුම්හ. වහන්ස, එ අපට ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් විසින් මේ අයුරින් මෙ පෙදෙන් මෙ ව්‍යඤ්ජනයෙන් අර්‍ත්‍ථය සුවිභක්තය යි.
Pali BJTසාධු සාධු භික්ඛවෙ පණ්ඩිතො භික්ඛවෙ ආනන්දො, මහාපඤ්ඤො භික්ඛවෙ ආනන්දො. මමඤ්චෙපි තුම්හෙ භික්ඛවෙ උපසංකමිත්වා එතමත්ථං පුච්ඡෙය්යාථ, අහම්පි චෙතං අත්ථං එවමෙව ව්යාකරෙය්යං, යථා තං ආනන්දෙන ව්යාකතං. එසො චෙතස්ස අත්ථො, එවඤ්ච නං ධාරෙය්යාථාති.
Sinhala BJTමහණෙනි, මැනව, මැනව. මහණෙනි, ආනන්‍දයෝ පණ්ඩිතයහ. මහණෙනි, ආනන්‍දයෝ මහාප්‍රාඥයහ. මහණෙනි, ඉදින් තෙපි මා කරා එළඹ තෙල අරුත් පුළුවුස්නාහු නම් මම ද තෙල කරුණ ආනන්‍දයන් විසින් එය යම් පරිදි ව්‍යාකෘත නම් එපරිදි ම විවරණ කරමි. තෙල භාෂිතයාගේ තෙල අරුත් ම ය. එසෙයින් ම එය දරව යි.
Pali BJT10. 3. 2. 4.
Sinhala BJT10. 3. 2. 4.
Pali BJTඅජිත සුත්තං
Sinhala BJTඅජිත සූත්‍රය
Pali BJTඅථ ඛො අජිතො පරිබ්බාජකො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො අජිතො පරිබ්බාජකො භගවන්තං එතදවොච:
Sinhala BJTඑකල්හි අජිත පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත්පසෙක හින. එකත්පසෙක හුන් අජිත පරිව්‍රාජක භගවත්හට තෙල කීය.
Pali BJTඅම්හාකං භො ගොතම පණ්ඩිතො නාම සබ්රහ්මචාරී. තෙන පඤ්චමත්තානි චිත්තට්ඨානසතානි චින්තිතානි, යෙහි අඤ්ඤතිත්ථියා උපාරද්ධා{1} පජානන්ති උපාරද්ධම්භාති.{2}
Sinhala BJTභවත් ගෞතමයෙනි, අපගේ පණ්ඩිත නම් සබ්‍රම්සරෙක් ඇත. ඔහු විසින් යම් චිත්තෝත්පාද කෙනෙකුන් කරණ කොට ගෙන අන්‍යතීර්‍ත්‍ථකයෝ නිගන්නාලදහු නිගන්නා ලදුම්හයි දනිත් නම් එබඳු පන්සියක් පමණ චිත්තෝත්පාදයෝ සිතන ලදහ.
Pali BJTඅථ ඛො භගවා භික්ඛු ආමන්තෙසි: ධාරෙථ නො තුම්හෙ භික්ඛවෙ පණ්ඩිතවත්ථූනීති?
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණුන් ඇමතූ සේක: “මහණෙනි, තෙපි පණ්ඩිත වස්තූන් දරවුදැ”යි.
Pali BJTඑතස්ස භගවා කාලො, එතස්ස සුගත කාලො, යං භගවා භාසෙය්ය, භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ යමක් වදාරනසේක් නම් භාග්‍යවත්නි, තෙල සඳහා මෙ කලි, සුගතයෙනි, තෙල සඳහා මෙ කලි, භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අසා භික්‍ෂූහු දරත්හ යි.
Pali BJTතෙන හි භික්ඛවෙ සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස්සාමීති.
Sinhala BJTමහණෙනි, එහෙයින් ම අසවු, මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමි යි.
Pali BJTඑවම්භන්තෙති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං.
Sinhala BJTවහන්ස, එසේ ය යි එ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.
Pali BJTභගවා එතදවොච:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
Pali BJTඉධ භික්ඛවෙ එකච්චො අධම්මිකෙන වාදෙන අධම්මිකං වාදං අභිනිග්ගණ්හාති, අභිනිප්පීළෙති. තෙන ච අධම්මිකං පරිසං රඤ්ජෙති. තෙන සා අධම්මිකා පරිසා උච්චාසද්දා මහාසද්දා හොති. පණ්ඩිතො වත භො, පණ්ඩිතො වත භොති.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි එකෙක් අධාර්මිකවාදයෙන් අධාර්මිකවාදය නිගන්නේ ය, වෙසෙසින් පෙළන්නේ ය. එයිනුදු අධාර්මික පර්‍ෂද්රඤ්ජිත කරනේ ය. එයින් ඒ අධාර්මික පර්‍ෂද් “භවත්නි, එකැතින් පණ්ඩිත ය. භවත්නි, එකැතින් පණ්ඩිත ය”යි උස්හඬ මහහඬ හඬ ඇති වෙයි.
Pali BJTඉධ පන භික්ඛවෙ එකච්චො අධම්මිකෙන වාදෙන ධම්මිකං වාදං අභිනිග්ගණ්හාති, අභිනිප්පීළෙති. තෙන ච අධම්මිකං පරිසං රඤ්ජෙති. තෙන සා අධම්මිකා පරිසා උච්චාසද්දා මහාසද්දා ‘පණ්ඩිතො වත භො, පණ්ඩිතො වත භො’ති.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි එකෙක් අධාර්මිකවාදයෙන් ධාර්මිකවාදය දැඩි කොට නිගන්නේ ය, දැඩි කොට පෙළන්නේ ය. එයිනුදු අධාර්මික පර්‍ෂද් “භවත්නි, එකැතින් පණ්ඩිත ය, භවත්නි, එකැතින් පණ්ඩිත ය”යි උස්හඬ මහහඬ ඇති වෙයි.
Pali BJTඉධ පන භික්ඛවෙ එකච්චො අධම්මිකෙන වාදෙන ධම්මිකං ච වාදං අධම්මිකඤ්ච වාදං අභිනිග්ගණ්හාති, අභිනිප්පීළෙති. තෙන ච අධම්මිකං පරිසං රඤ්ජෙති. තෙන සා අධම්මිකා පරිසා උච්චාසද්දා මහාසද්දා හොති පණ්ඩිතො වත භො, පණ්ඩිතො වත භො’ති.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි එකෙක් අධාර්මිකවාදයෙන් ධාර්මිකවාදය ද අධාර්මිකවාදය ද දැඩි ව නිගනී, දැඩි ව පෙළ යි. එයින් ම අධාර්මික පර්‍ෂද් රඳනේ ය. ඒ කරුණින් ඒ අධාර්මික පර්‍ෂද් “භවත්නි, එකැතින් පණ්ඩිත. භවත්නි, එකැතින් පණ්ඩිත ය”යි උස්හඬ ඇති මහ හඬ ඇති වෙයි.
Pali BJTඉධ පන භික්ඛවෙ එකච්චො ධම්මිකෙන වාදෙන ධම්මිකං ච වාදං අධම්මිකඤ්ච වාදං අභිනිග්ගණ්හාති, අභිනිප්පීළෙති. තෙන ච අධම්මිකං පරිසං රඤ්ජෙති. තෙන සා අධම්මිකා පරිසා උච්චාසද්දා මහාසද්දා හොති ‘පණ්ඩිතො වත භො, පණ්ඩිතො වත භො”ති.{*}
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි එකෙක් ධාර්මිකවාදයෙන් ධාර්මිකවාදය ද අධාර්මිකවාදය ද දැඩි ව නිගන්නේ ය, දැඩි ව පෙළන්නේ ය. එයිනුදු අධාර්මික පර්‍ෂද් කැඳවන්නේ ය. එයින් ඒ අධාර්මික පර්‍ෂද් “භවත්නි, එකැතින් පණ්ඩිත ය. භවත්නි, එකැතින් පණ්ඩිත ය”යි උස්හඬ මහහඬ ඇති වෙයි.
Pali BJTඉධ පන භික්ඛවෙ එකච්චො ධම්මිකෙන වාදෙන ධම්මිකං වාදං අභිනිග්ගණ්හාති, අභිනිප්පීළෙති. තෙන ච ධම්මිකං පරිසං රඤ්ජෙති. තෙන ච සා ධම්මිකා පරිසා උච්චාසද්දා මහාසද්දා හොති පණ්ඩිතො වත භො, පණ්ඩිතො වත භො’ති.{*}
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි එකෙක් ධාර්මික වාදයෙන් ධාර්මිකවාදය තදින් නිගනී, තදින් පෙළයි. එයිනුදු ධාර්මික පර්‍ෂද් රඳවයි. එයින් ඒ ධාර්මික පර්‍ෂද් “භවත්නි, එකැතින් පණ්ඩිත ය. භවත්නි, එකැතින් පණ්ඩිත ය” යි උස්හඬ ඇති මහ හඬ ඇති වෙයි.
Pali BJTඅධම්මො ච භික්ඛවෙ වෙදිතබ්බො ධම්මො ච, අනත්ථො ච වෙදිතබ්බො අත්ථො ච. අධම්මඤ්ච විදිත්වා ධම්මඤ්ච, අනත්ථං ච විදිත්වා අත්ථඤ්ච, යථා ධම්මො යථා අත්ථො පටිපජ්ජිතබ්බං.
Sinhala BJTමහණෙනි, අධර්‍මය ද ධර්‍මය ද දතයුතු, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දතයුතු, අධර්‍මය ද ධර්‍මය ද දැන අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දැන දහම් යම් පරිදි වේ නම් අරුත් යම් පරිදි වේ නම් එ පරිදි පිළිපැදිය යුතු.
Pali BJTකතමො ච භික්ඛවෙ අධම්මො, කතමො ච ධම්මො: කතමො ච අනත්ථො, කතමො ච අත්ථො:
Sinhala BJTමහණෙනි, අධර්‍මය කවර? ධර්‍මය ද කවර? අනර්‍ත්‍ථය කවර? අර්‍ත්‍ථය ද කවර?
Pali BJTමිච්ඡාදිට්ඨි භික්ඛවෙ අධම්මො, සම්මාදිට්ඨි ධම්මො, යෙ ච මිච්ඡාදිට්ඨිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, අයං අනත්ථො. සම්මාදිට්ඨිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති අයං අත්ථො.
Sinhala BJTමහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය අධර්‍ම යි. සම්‍යක්දෘෂ්ටිය ධර්‍ම යි. මිථ්‍යාදෘෂ්ටි ප්‍රත්‍යයෙන් යම් බඳු නොයෙක් ලමු අකුශල ධර්‍මයෝ උපදනාහු නම් මේ අනර්‍ත්‍ථ යි. සම්‍යක්දෘෂ්ටි ප්‍රත්‍යයෙනුදු නොයෙක් කුශල ධර්‍මයෝ භාවනායෙන් පරිපූර්ත්තියට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
Pali BJTමිච්ඡාසඞ්කප්පො භික්ඛවෙ අධම්මො, සම්මාසඞ්කප්පො ධම්මො -පෙ- මිච්ඡාවාචා භික්ඛවෙ අධම්මො, සම්මාවාචා ධම්මො -පෙ- මිච්ඡාකම්මන්තො භික්ඛවෙ අධම්මො සම්මාකම්මන්තො ධම්මො -පෙ-
Sinhala BJTමහණෙනි, මිථ්‍යාසඞ්කල්පය අධර්‍ම යි, සම්‍යක්සඞ්කල්පය ධර්‍ම යි ... මහණෙනි, මිථ්‍යාවාග් අධර්‍ම යි, සම්‍යක්වාග් ධර්‍ම යි ... මහණෙනි, මිථ්‍යා කර්‍මාන්තය අධර්‍ම යි. සම්‍යක් කර්‍මාන්තය ධර්‍ම යි ...
Pali BJTමිච්ඡාආජීවො භික්ඛවෙ අධම්මො, සම්මා ආජීවො ධම්මො -පෙ- මිච්ඡාවායාමො භික්ඛවෙ අධම්මො, සම්මාවායාමො ධම්මො -පෙ- මිච්ඡාසති භික්ඛවෙ අධම්මො, සම්මාසති ධම්මො -පෙ- මිච්ඡාසමාධි භික්ඛවෙ අධම්මො, සම්මා සමාධි ධම්මො -පෙ- මිච්ඡාඤාණං භික්ඛවෙ අධම්මො, සම්මා ඤාණං ධම්මො -පෙ- මිච්ඡාවිමුත්ති භික්ඛවෙ අධම්මො, සම්මාවිමුත්ති ධම්මො, යෙ ච මිච්ඡාවිමුත්තිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, අයං අනත්ථො. සම්මාවිමුත්තිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති, අයං අත්ථො.
Sinhala BJTමහණෙනි, මිථ්‍යාආජීවය අධර්‍ම යි. සම්‍යක්ආජීවය ධර්‍ම යි ... මහණෙනි, මිථ්‍යාව්‍යායාමය අධර්‍ම යි. සම්‍යක්ව්‍යායාමය ධර්‍ම යි ... මහණෙනි, මිථ්‍යා ස්මෘතිය අධර්‍ම යි, සම්‍යක්ස්මෘතිය ධර්‍ම යි ... මහණෙනි, මිථ්‍යාසමාධිය අධර්‍ම යි. සම්‍යක්සමාධිය ධර්‍ම යි ... මහණෙනි, මිථ්‍යාඤාණය අධර්‍ම යි, මහණෙනි, සම්‍යක්ඥානය ධර්‍ම යි ... මහණෙනි, මිථ්‍යාවිමුක්තිය අධර්‍ම යි. සම්‍යක්විමුක්තිය ධර්‍ම යි. මිථ්‍යාවිමුක්ති ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ උපදනාහු නම් මේ අනර්‍ත්‍ථ යි. සම්‍යක් විමුක්ති ප්‍රත්‍යයෙනුදු මේ කුශල ධර්‍මයෝ භාවනායෙන් පරිපූර්‍තතියට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
Pali BJTඅධම්මො ච භික්ඛවෙ වෙදිතබ්බො ධම්මො ච, අනත්ථො ච වෙදිතබ්බො අත්ථො ච, අධම්මඤ්ච විදිත්වා ධම්මඤ්ච, අනත්ථඤ්ච විදිත්වා අත්ථඤ්ච යථා ධම්මො, යථා අත්ථො තථා පටිපජ්ජිතබ්බන්ති ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තන්ති.
Sinhala BJTමහණෙනි, අධර්‍මය ද ධර්‍මය ද දතයුතු, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දතයුතු, අධර්‍මයත් ධර්‍මයත් දැන අනර්‍ත්‍ථයත් අර්‍ත්‍ථයත් දැන දහම් යම් පරිදි වේ නම් අනර්‍ත්‍ථ යම් පරිදි වේ නම් එසේ පිළිපැදිය යුතු යයි මෙසේ යමක් කියන ලද නම් මෙය තෙල කරුණ පිණිස කියන ලදැ යි.
Pali BJT10. 3. 2. 5.
Sinhala BJT10. 3. 2. 5.
Pali BJTසඞ්ගාරව සුත්තං
Sinhala BJTසඞ්ගාරව සූත්‍රය
Pali BJTඅථ ඛො සඞ්ගාරවො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සඞ්ගාරවො බ්රාහ්මණො භගවන්තං එතදවොච:
Sinhala BJTඑකල්හි සඞ්ගාරව බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස්ව හින. එකත්පස්ව හුන් සඞ්ගාරව බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල කීය:
Pali BJT“කිං නු ඛො භො ගොතම ඔරිමං තීරං, කිං පාරිමං තීර”න්ති?
Sinhala BJTභවත් ගෞතමයෙනි, මෙතෙර කවර, එතෙර කවර?
Pali BJTමිච්ඡාදිට්ඨි ඛො බ්රාහ්මණ ඔරිමං තීරං, සම්මාදිට්ඨි පාරිමං තීරං. මිච්ඡාසඞ්කප්පො ඔරිමං තීරං, සම්මාසඞ්කප්පො පාරිමං තීරං. මිච්ඡාවාචා ඔරිමං තීරං, සම්මාවාචා පාරිමං තීරං. මිච්ඡාකම්මන්තො ඔරිමං තීරං සම්මාකම්මන්තො පාරිමං තීරං. මිච්ඡා ආජීවො ඔරිමං තීරං, සම්මා ආජීවො පාරිමං තීරං. මිච්ඡාවායාමො ඔරිමං තීරං, සම්මා වායාමො පාරිමං තීරං. මිච්ඡාසති ඔරිමං තීරං, සම්මාසති පාරිමං තීරං. මිච්ඡාසමාධි ඔරිමං තීරං, සම්මාසමාධි පාරිමං තීරං. මිච්ඡාඤාණං ඔරිමං තීරං, සම්මාඤාණං පාරිමං තීරං. මිච්ඡාවිමුත්ති ඔරිමං තීරං, සම්මාවිමුත්ති පාරිමං තීරං. ඉදං ඛො බ්රාහ්මණ ඔරිමං තීරං, ඉදං පාරිමං තීරන්ති.
Sinhala BJTබ්‍රාහ්මණය, මිථ්‍යාදෘෂ්ටිය මෙ තෙර යි. සම්‍යක්දෘෂ්ටිය එතෙර යි. මිථ්‍යාසඞ්කල්පය මෙතෙර යි, සම්‍යක්සඞ්කල්පය එතෙර යි. මිථ්‍යාවචනය මෙතෙර යි, සම්‍යක්වචනය එතෙර යි. මිථ්‍යාකර්‍මාන්තය මෙතෙර යි, සම්‍යක්කර්‍මාන්තය එතෙර යි. මිථ්‍යාආජීවය මෙතෙර යි, සම්‍යක්ආජීවය එතෙර යි. මිථ්‍යාව්‍යායාමය මෙතෙර යි, සම්‍යක්ව්‍යායාමය එතෙර යි. මිථ්‍යාසතිය මෙතෙර යි, සම්‍යක්සතිය එතෙර යි. මිථ්‍යාසමාධිය මෙතෙර යි, සම්‍යක්සමාධිය එතෙර යි. මිථ්‍යාඥානය මෙතෙර යි, සම්‍යක්ඥානය එතෙර යි. මිථ්‍යාවිමුක්තිය මෙතෙර යි, සම්‍යක්විමුක්තිය එතෙර යි. බමුණ, මෙ වනාහි මෙතෙරය, මෙ එතෙරය යි.
Pali BJT1. අප්පකා තෙ මනුස්සෙසු - යෙ ජනා පාරගාමිනො, අථායං ඉතරා පජා - තීරමෙවානුධාවති.
Sinhala BJT1. මිනිසුන් අතුරෙන් යම් ජන කෙනෙක් නිවන් යනුවෝ ද එ ජනයෝ මඳහ. වැලි මෙ (නිවන් යන සත්ත්‍වයන් කෙරෙන්) අන් ප්‍රජාව සත්කාය තීරයට ම දිවෙයි.
Pali BJT2. යෙ ච ඛො සම්මදක්ඛාතෙ - ධම්මෙ ධම්මානුවත්තිනො, තෙ ජනා පාරමෙස්සන්ති - මච්චුධෙය්යං සුදුත්තරං.
Sinhala BJT2. යම් කෙනෙකුන් මොනොවට දෙසූ (දේශනා) නව ලෝකෝත්තර ධර්‍මයෙහි ධර්‍මානුරූප ව වටනාහු ද, එ ජනයෝ සුදුසතර තෙබුමු වට නැමැති මෘත්‍යුධෙයය තරණය කොට පරතෙර (නිවන) ට යෙත්‍.
Pali BJT3. කණ්හං ධම්මං විප්පහාය සුක්කං භාවෙථ පණ්ඩිතො, ඔකා අනොකං ආගම්ම - විවෙකෙ යත්ථ දූරමං.
Sinhala BJT3. පණ්ඩිත තෙමේ කෘෂ්ණ ධර්‍ම හැරදමා වර්‍ත සඞ්ඛ්‍යාත ගෙන් යම් කාය චිත්ත උපධි විවේකයෙක්හි අභිරමණය කිරීමට දුෂ්කර වූ විවර්‍ත සඞ්ඛ්‍යාත අනෝකයට පැමිණ ශුක්ලධර්‍මය වඩනේ ය.
Pali BJT4. තත්රාභිරතිමිච්ඡෙය්ය - හිත්වා කාමෙ අකිඤ්චනො, පරියොදපෙය්ය අත්තානං - චිත්තක්ලෙසෙහි පණ්ඩිතො.
Sinhala BJT4. පලිබෝධ රහිත වූයේ පණ්ඩිත තෙම ද්විවිධ කාමයන් දුරු කොට එ නිවන්හි අභිරතිය කැමැති වන්නේ ය. චිත්තක්ලේශයන්ගෙන් සිත පර්‍ය්‍යවදාත කරන්නේ ය.
Pali BJT5. යෙසං සම්බොධි අඞ්ගෙසු - සම්මාචිත්තං සුභාවිතං, ආදානපටිනිස්සග්ගෙ - අනුපාදාය යෙ රතා, ඛීණාසවා ජුතීමන්තො - තෙ ලොකෙ පරිනිබ්බුතා ති.
Sinhala BJT5. යමකුන් විසින් සම්බෝධ්‍යඞ්ගයන්හි මොනොවට සිත වඩන ලද ද ග්‍රහණප්‍රතිනිඃසර්‍ග සඞ්ඛ්‍යාත නිර්‍වාණයෙහි චතුරෝපාදාන විසින් නො ගෙන යම් කෙනෙක් ඇලුණාහු ද ද්‍යුතිමත් එ ක්‍ෂීණාස්‍රවයෝ පඤ්චස්කන්‍ධ සඞ්ඛ්‍යාත උපාදාන ලෝකයෙහි (කෙලෙස් පිරිනිවුමෙන්) නිවියහයි.
Pali BJT10. 3. 2. 6.
Sinhala BJT10. 3. 2. 6.
Pali BJTඔරිමතීර සුත්තං
Sinhala BJTඔරිමතීර සූත්‍රය
Pali BJTඔරිමඤ්ච ඛො භික්ඛවෙ තීරං දෙසිස්සාමි, පාරිමඤ්ච තීරං. තං සුණාථ. සාධුකං මනසිකරොථ, භාසිස්සාමීති. එවං භන්තෙති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTමහණෙනි, තොපට ඔරිමතීරය හා පාරිමතීරය හා දෙසන්නෙමි. එ අසව, මොනොවට මෙනෙහි කරව දෙසන්නෙමි යි. ‘වහන්ස, එසේ’ යි එ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
Pali BJTකතමඤ්ච භික්ඛවෙ ඔරිමං තීරං, කතමඤ්ච පාරිමං තීරං:
Sinhala BJTමහණෙනි, ඔරිමතීරය හා කවර, පාරිමතීරය හා කවර:
Pali BJTමිච්ඡාදිට්ඨි භික්ඛවෙ ඔරිමං තීරං, සම්මාදිට්ඨි පාරිමං තීරං -පෙ- මිච්ඡාවිමුත්ති ඔරිමං තීරං, සම්මාවිමුත්ති පාරිමං තීරං. ඉදං ඛො භික්ඛවෙ ඔරිමං තීරං, ඉදං පාරිමං තීරන්ති.
Sinhala BJTමහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය ඔරිමතීරය යි. සම්‍යග්දෘෂ්ටිය පාරිමතීරය යි ... මිථ්‍යාවිමුක්තිය ඔරිමතීරය යි. සම්‍යග්විමුක්තිය පාරිමතීරය යි. මහණෙනි, මෙ ඔරිමතීරය යි. මෙ පාරිමතීරය යි.
Pali BJT1. අප්පකා තෙ මනුස්සෙසු - යෙ ජනා පාරගාමිනො, අථායං ඉතරා පජා - තීරමෙවානුධාවති.
Sinhala BJT1. මිනිසුන් අතුරෙන් යම් ජන කෙනෙක් නිවන් යනුවෝ ද, එ ජනයෝ මදහ. වැලි මෙ සෙසු ලොවී සත්ත්‍වාඛ්‍ය ප්‍රජාව සත්කාය තීරයටම දිවෙයි.
Pali BJT2. යෙ ච ඛො සම්මදක්ඛාතෙ - ධම්මෙ ධම්මානුවත්තිනො, තෙ ජනා පාරමෙස්සන්ති - මච්චුධෙය්යං සුදුත්තරං.
Sinhala BJT2. යම් කෙනෙකුන් මොනොවට දෙසූ නව ලොවුතුරු දහම්හි ධර්‍මානුරූප ව වටනාහු ද, එ ජනයෝ සුදුසතර වූ තෙබුමු වට නැමැති මෘත්‍යුධෙයය තරණය කොට පරතෙර (නිවන) ට යෙත්.
Pali BJT3. කණ්හං ධම්මං විප්පහාය - සුක්කං භාවෙථ පණ්ඩිතො, ඔකා අනොකං ආගම්ම - විවෙකෙ යත්ථ දූරමං.
Sinhala BJT3. පණ්ඩිත තෙම කෘෂ්ණධර්‍ම හැරපියා වර්‍ත සඞ්ඛ්‍යාත ගිහිගෙන් ත්‍රිවිධ විවේකයෙහි අභිරමණයට දුෂ්කරවූ විවර්‍ත සඞ්ඛ්‍යාත අනෝකයට පැමිණ ශුක්ල ධර්‍ම වඩනේ ය.
Pali BJT4. තත්රාභිරතිමිච්ඡෙය්ය - හිත්වා කාමෙ අකිඤ්චනො, පරියොදපෙය්ය අත්තානං - චිත්තක්ලෙසෙහි පණ්ඩිතො.
Sinhala BJT4. පරිරෝධ නැතියේ කාමයන් හැරපියා එ නිවන්හි අභිරතිය පතන්නේ ය. පණ්ඩිත තෙමේ චිත්තක්ලේශයන්ගෙන් සිත පර්‍ය්‍යවදාත කරන්නේ ය.
Pali BJT5. යෙසං සම්බොධි අඞ්ගෙසු - සම්මාචිත්තං සුභාවිතං, ආදානපටිනිස්සග්ගෙ - අනුපාදාය යෙ රතා, ඛීණාසවා ජුතීමන්තො - තෙ ලොකෙ පරිනිබ්බුතා ති.
Sinhala BJT5. යමකුන් විසින් සම්බෝධ්‍යඞ්ගයන්හි චිත්තය මොනොවට වඩන ලද ද, ආදාන ප්‍රතිනිඃසර්‍ගයෙහි උපාදාන විසින් නො ගෙන යමෙක් ඇලුණාහු ද ද්‍යුතිමත් එ ක්‍ෂීණාස්‍රව පණ්ඩිතයෝ ලොව්හි පිරිනිවියහ යි.
Pali BJT10. 3. 2. 7.
Sinhala BJT10. 3. 2. 7.
Pali BJTපඨම පච්චොරොහණී සුත්තං
Sinhala BJTපඨම පච්චෝරෝහණී සූත්‍රය
Pali BJTතෙන ඛො පන සමයෙන ජාණුස්සොණි{1} බ්රාහ්මණො තදහුපොසථෙ සීසං{2}නහාතො නවං ඛොමයුගං නිවත්ථො අල්ලකුසමුට්ඨිං ආදාය භගවතො අවිදූරෙ එකමන්තං ඨිතො හොති.
Sinhala BJTඑ සමයෙහි ජානුස්සෝණී බ්‍රාහ්මණ එ පොහෝ දවස්හි හිස නහවාලූයේ නව ක්‍ෂෞමවස්ත්‍ර යුග්මයක් හැඳියේ අමු කුසතණ මිටක් ගෙන භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි එකත්පස්හි සිටියේ වෙයි.
Pali BJTඅද්දසා ඛො භගවා ජාණුස්සොණිං බ්රාහ්මණං තදහුපොසථෙ සීසං නහාතං නවං ඛොම යුගං නිවත්ථං අල්ලං කුසමුට්ඨිං ආදාය අවිදූරෙ එකමන්තං ඨිතං. දිස්වා ජාණුස්සොණිං බ්රාහ්මණං එතදවොච:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ එපොහෝ දවස්හි හිස නහවාලූ නව ක්‍ෂෞමවස්ත්‍ර යුග්මයක් හැඳි අමු හීතණ මිටක් ගෙන නුදුරෙහි එකත්පස්හි හුන් ජාණුස්සෝණී බ්‍රාහ්මණයා දුටුහු, දැක ජාණුස්සෝණී බ්‍රාහ්මණහට තෙල කරුණ වදාළ සේක:
Pali BJTකිං නු ඛො ත්වං බ්රාහ්මණ, තදහුපොසථෙ සීසං නහාතො නවං ඛොමයුගං නිවත්ථො අල්ලං කුසමුට්ඨිං ආදාය එකමන්තං ඨිතො? කිං න්වජ්ජ බ්රාහ්මණකුලස්සාති?
Sinhala BJTබ්‍රාහ්මණය, එ පොහෝ දවස්හි හිස සෝදා නහා නව කොමුපිළී යුවළක් හැඳියේ අමු හීතණ මිටක් ගෙන තෙපි කවර හෙයින් එකත් පසෙක් සිටියහු ද? අද බ්‍රාහ්මණ කුලයට කවරක් ඇද්දැයි?
Pali BJTපච්චොරොහණී භො ගොතම, අජ්ජ බ්රාහ්මණකුලස්සාති.
Sinhala BJTභවත් ගෞතමයිනි, අද බ්‍රාහ්මණ කුලයට ප්‍රත්‍යවරෝහණය (පව් සෝදා හැරීම) යි.
Pali BJTයථාකථං පන බ්රාහ්මණ, බ්රාහ්මණානං පච්චොරොහණී හොතී ති?
Sinhala BJTබ්‍රාහ්මණය, බමුණන්ගේ ප්‍රත්‍යවරෝහණය කෙසෙයින් වේ ද?
Pali BJTඉධ භො ගොතම, බ්රාහ්මණා තදහුපොසථෙ සීසං නහාතා නවං ඛොමයුගං නිවත්ථා අල්ලෙන ගොමයෙන පඨවිං ඔපුඤ්ඡිත්වා හරිතෙහි කුසෙහි පත්ථරිත්වා අන්තරා ච වෙලං අන්තරා ච අග්ග්යාගාරං සෙය්යං කප්පෙන්ති. තෙ තං රත්තිං තික්ඛත්තුං පච්චුට්ඨාය පඤ්ජලිකා අග්ගිං නමස්සන්ති “පච්චොරොහාම භවන්තං, පච්චොරොහාම භවන්ත”න්ති. පහූතෙන ච සප්පිතෙලෙන නවනීතෙන අග්ගිං සන්තප්පෙන්ති. තස්සා ච රත්තියා අච්චයෙන පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන බ්රාහ්මණෙ සන්තප්පෙන්ති. එවං ඛො භො ගොතම, බ්රාහ්මණානං පච්චොරොහණී හොතීති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, මෙලොව්හි බමුණෝ එ පොහෝ දවස්හි හිස් සෝදා නෑවාහු නව කොමුපිළී යුවළක් හැදියාහු අමුගොමින් පොළෝ අලෙවුදී නිල් හීතණින් අතුරා වැලිසරට හා ගිනිහල් ගෙට අතර ශය්‍යා කරත්. ඔහු එරෑ තෙවිටක් නැඟී බදැඳිලි ව ගිනි නමදිත්. “භවතුන්ට ප්‍රත්‍යවරෝහණය (පාපශෝධන) කරම්හ”යි. බොහෝ ගිතෙලිනුදු වෙඬරුයෙනුදු අග්නි සන්තර්‍පණ කරත්. එරෑ ඉක්ම යාමෙනුදු කෑ යුතු බුදිය යුතු පිණි අහරින් බමුණන් සන්තර්පිත කරත්. භවත් ගෞතමයෙනි, මෙසෙයින් බ්‍රාහ්මණයන්ගේ ප්‍රත්‍යවරෝහණය වේ යයි.
Pali BJTඅඤ්ඤථා ඛො බ්රාහ්මණ, බ්රාහ්මණානං පච්චොරොහණී අඤ්ඤථා ච පන අරියස්ස විනයෙ පච්චොරොහණී හොතී ති.
Sinhala BJTබ්‍රාහ්මණය, බ්‍රාහ්මණයන්ගේ ප්‍රත්‍යවරෝහණය අන්පරිද්දෙකින් වෙයි. ආර්‍ය්‍යවිනයෙහි ප්‍රත්‍යවරෝහණය අන් පරිද්දෙකින් වේ යයි.
Pali BJTයථාකථං පන භො ගොතම, අරියස්ස විනයෙ පච්චොරොහණී හොතීති? සාධු මෙ භවං ගොතමො තථා ධම්මං දෙසෙතු, යථා අරියස්ස විනයෙ පච්චොරොහණී හොතීති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, ආර්‍ය්‍යවිනයෙහි ප්‍රත්‍යවරෝහණය කෙසේ වේ දැයි? ආර්‍ය්‍යවිනයෙහි ප්‍රත්‍යවරෝහණය යම් පරිද්දෙකින් වේ නම් භවත් ගෞතමයන් වහන්සේ මට එලෙසින් දහම් දෙසන සේක්වා යි.
Pali BJTතෙන හි බ්රාහ්මණ, සුණාහි, සාධුකං මනසිකරොහි, භාසිස්සාමීති.
Sinhala BJTබ්‍රාහ්මණය, එ කරුණෙන් අසව, මොනොවට මෙනෙහි කරව දෙසන්නෙමි.
Pali BJTඑවං භොති ඛො ජාණුස්සොණි බ්රාහ්මණො භගවතො පච්චස්සොසි, භගවා එතදවොච:
Sinhala BJTභවත්නි, එසේය යි ජාණුස්සෝණි බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වීය.
Pali BJTඉධ බ්රාහ්මණ, අරියසාවකො ඉතිපටිසඤ්චික්ඛති: “මිච්ඡාදිට්ඨියා ඛො පාපකො විපාකො දිට්ඨෙ චෙව ධම්මෙ, අභිසම්පරායඤ්චා”ති, සො ඉති පටිසඞ්ඛාය මිච්ඡාදිට්ඨිං පජහති, මිච්ඡාදිට්ඨියා පච්චොරොහති.
Sinhala BJTබමුණ, මෙසස්නෙහි අරීසවු මෙසේ නුවණින් සලක යි. මිථ්‍යාදෘෂ්ටිහුගේ ලාමක විපාක දිටුදැමියෙහි ම හා සම්පරායෙහි වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිසදිටු හැරපියයි. මිථ්‍යාදෘෂ්ටියෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි.
Pali BJTමිච්ඡාසඞ්කප්පස්ස ඛො පාපකො විපාකො දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායඤ්චාති. සො ඉති පටිසඞ්ඛාය මිච්ඡාසඞ්කප්පං පජහති, මිච්ඡාසඞ්කප්පා පච්චොරොහති.
Sinhala BJTමිථ්‍යාසඞ්කල්පයාගේ ලාමක විපාක වනාහි දිටුදැහැමියෙහි ම හා සම්පරායෙහි හා වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිථ්‍යාසඞ්කල්ප හැර පියයි, මිථ්‍යාසඞ්කල්පයෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි.
Pali BJTමිච්ඡාවාචාය ඛො පාපකො විපාකො දිට්ඨෙ චෙව ධම්මෙ, අභිසම්පරායඤ්චාති. සො ඉති පටිසඞ්ඛාය මිච්ඡාවාචං පජහති. මිච්ඡාවාචාය පච්චොරොහති.
Sinhala BJTමිථ්‍යාවාක්හුගේ ලාමක විපාක වනාහි දිටුදැහැමියෙහි ම හා සම්පරායෙහි හා වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිථ්‍යාවචනය හැර පියයි, මිථ්‍යාවචනයෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි.
Pali BJTමිච්ඡාකම්මන්තස්ස ඛො පාපකො විපාකො දිට්ඨෙ චෙව ධම්මෙ, අභිසම්පරායඤ්චාති. සො ඉති පටිසඞ්ඛාය මිච්ඡාකම්මන්තං පජහති. මිච්ඡාකම්මන්තා පච්චොරොහති.
Sinhala BJTමිථ්‍යාකර්‍මාන්තයාගේ වනාහි ලාමක විපාක දිටුදැහැමියෙහි ම හා සම්පරායෙහි හා වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිථ්‍යාකර්‍මාන්තය හැර පියයි, මිථ්‍යාකර්‍මාන්තයෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි.
Pali BJTමිච්ඡාආජීවස්ස ඛො පාපකො විපාකො දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායඤ්චාති සො ඉති පටිසඞ්ඛාය මිච්ඡාආජීවං පජහති. මිච්ඡාආජීවා පච්චොරොහති.
Sinhala BJTමිථ්‍යාආජීවයාගේ වනාහි ලාමකවිපාක දිටුදැහැමියෙහි ම හා සම්පරායෙහි හා වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිථ්‍යාආජීවය හැර පියයි, මිථ්‍යාආජීවයෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි.
Pali BJTමිච්ඡාවායාමස්ස ඛො පාපකො විපාකො දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායඤ්චාති සො ඉති පටිසඞ්ඛාය මිච්ඡාවායාමං පජහති. මිච්ඡා වායාමා පච්චොරොහති.
Sinhala BJTමිථ්‍යාව්‍යායාමයාගේ වනාහි ලාමක විපාක දිටුදැහැමියෙහි ම හා සම්පරායෙහි හා වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිථ්‍යාව්‍යායාමය හැර පියයි, මිථ්‍යාව්‍යායාමයෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි.
Pali BJTමිච්ඡාසතියා ඛො පාපකො විපාකො දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායඤ්චාති සො ඉති පටිසඞ්ඛාය මිච්ඡාසතිං පජහති. මිච්ඡාසතියා පච්චොරොහති.
Sinhala BJTමිථ්‍යාස්මෘතිහුගේ වනාහි ලාමක විපාක දිටුදැහැමියෙහි ම හා සම්පරායෙහි හා වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිථ්‍යාස්මෘතිය හැර පියයි, මිථ්‍යාස්මෘතියෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි.
Pali BJTමිච්ඡාසමාධිස්ස ඛො පාපකො විපාකො දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායඤ්චාති සො ඉති පටිසඞ්ඛාය මිච්ඡාසමාධිං පජහති. මිච්ඡාසමාධිම්හා පච්චොරොහති.
Sinhala BJTමිථ්‍යාසමාධිහුගේ වනාහි ලාමක විපාක දිටුදැහැමියෙහි ම හා සම්පරායෙහි හා වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිථ්‍යාසමාධි හැර පියයි, මිථ්‍යාසමාධියෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි.
Pali BJTමිච්ඡාඤාණස්ස ඛො පාපකො විපාකො දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායඤ්චාති සො ඉති පටිසඞ්ඛාය මිච්ඡාඤාණං පජහති. මිච්ඡාඤාණා පච්චොරොහති.
Sinhala BJTමිථ්‍යාඥානයාගේ වනාහි ලාමක විපාක දිටුදැහැමියෙහි ම හා සම්පරායෙහි හා වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිථ්‍යාඥානය හැර පියයි, මිථ්‍යාඥානයෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි.
Pali BJTමිච්ඡාවිමුත්තියා ඛො පාපකො විපාකො දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායඤ්චාති සො ඉති පටිසඞ්ඛාය මිච්ඡාවිමුත්තිං පජහති. මිච්ඡාවිමුත්තියා පච්චොරොහති.
Sinhala BJTමිථ්‍යාවිමුක්තිහුගේ වනාහි ලාමක විපාක දිටුදැහැමියෙහි ම හා සම්පරායෙහි හා වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිථ්‍යාවිමුක්ති හැරපියා මිථ්‍යාවිමුක්තියෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි.
Pali BJTඑවං ඛො බ්රාහ්මණ, අරියස්ස විනයෙ පච්චොරොහණී හොතීති.
Sinhala BJTබ්‍රාහ්මණය, මෙසේ වනාහි ආර්‍ය්‍යවිනයෙහි ප්‍රත්‍යවරෝහණ වේ යයි.
Pali BJTඅඤ්ඤථා භො ගොතම, බ්රාහ්මණානං පච්චොරොහණී, අඤ්ඤථා ච පන අරියස්ස විනයෙ පච්චොරොහණී හොතීති. ඉමිස්සා ච ඛො භො ගොතම, අරියස්ස විනයෙ පච්චොරොහණියා බ්රාහ්මණානං පච්චොරොහණී කලං නාග්ඝති සොළසිං.
Sinhala BJTභවත් ගෞතමයෙනි, බ්‍රාහ්මණයන්ගේ ප්‍රත්‍යවරෝහණ අන් පරිද්දෙකින් වෙයි. ආර්‍ය්‍යවිනයෙහි ප්‍රත්‍යවරෝහණය ද අන් පරිද්දෙකින් වේ යයි. භවත් ගෞතමයෙනි, බ්‍රාහ්මණයන්ගේ ප්‍රත්‍යවරෝහණය මේ ආර්‍ය්‍යවිනයෙහි ප්‍රත්‍යවරෝහණයාගේ සොළොස්වන කලා ද නො අගනේ යයි.
Pali BJTඅභික්කන්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, ඉතා කාන්ත ය ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් මා දිවිහිමියෙන් සරණ ගිය උවසුවකු කොට දරන සේක්වා යි.
Pali BJT10. 3. 2. 8.
Sinhala BJT10. 3. 2. 8.
Pali BJTදුතිය පච්චොරොහණී සුත්තං
Sinhala BJTදුතිය පච්චෝරෝහණ සූත්‍රය
Pali BJTඅරියං ඛො භික්ඛවෙ පච්චොරොහණිං දෙසිස්සාමි. තං සුණාථ -පෙ- කතමා ච භික්ඛවෙ අරියා පච්චොරොහණී:
Sinhala BJTමහණෙනි, තොපට ආර්‍ය්‍යප්‍රත්‍යවරෝහණය දෙසන්නෙමි. එය අසවු ... මහණෙනි, ආර්‍ය්‍යප්‍රත්‍යවරෝහණය කවර යත්:
Pali BJTඉධ භික්ඛවෙ අරියසාවකො ඉති පටිසංචික්ඛති: “මිච්ඡාදිට්ඨියා ඛො පාපකො විපාකො දිට්ඨෙ චෙව ධම්මෙ, අභිසම්පරායඤ්චා”ති, සො ඉති පටිසඞ්ඛාය මිච්ඡාදිට්ඨිං පජහති, මිච්ඡාදිට්ඨියා පච්චොරොහති. මිච්ඡාසඞ්කප්පස්ස ඛො පාපකො විපාකො -පෙ- මිච්ඡාවාචාය ඛො පාපකො විපාකො -පෙ- මිච්ඡාකම්මන්තස්ස ඛො පාපකො විපාකො -පෙ- මිච්ඡාආජීවස්ස ඛො පාපකො -පෙ- මිච්ඡාවායාමස්ස ඛො පාපකො විපාකො -පෙ- මිච්ඡාසතියා ඛො පාපකො විපාකො -පෙ- මිච්ඡාසමාධිස්ස ඛො පාපකො විපාකො -පෙ- මිච්ඡාඤාණස්ස ඛො පාපකො විපාකො -පෙ- මිච්ඡාවිමුත්තියා ඛො පාපකො විපාකො දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායඤ්චාති සො ඉති පටිසඞ්ඛාය මිච්ඡාවිමුත්තිං පජහති. මිච්ඡාවිමුත්තියා පච්චොරොහති. අයං වුච්චති භික්ඛවෙ අරියා පච්චොරොහණීති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි අරීසවු මෙසේ නුවණින් සලක යි: මිථ්‍යාදෘෂ්ටියගේ වනාහි ලාමක විපාක දිටුදැමියෙහි ම හා සම්පරායෙහි හා වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිසදිටු දුරු කෙරෙයි. මිථ්‍යාදෘෂ්ටියෙන් ප්‍රත්‍යවරෝහණය කෙරෙයි. මිථ්‍යාසඞ්කල්පයාගේ වනාහි ලාමක විපාක ... මිථ්‍යාවාක්හුගේ වනාහි ලාමක විපාක ... මිථ්‍යාකර්‍මාන්තයාගේ වනාහි ලාමක විපාක ... මිථ්‍යාආජීවයාගේ වනාහි ලාමක විපාක ... මිථ්‍යාව්‍යායාමයාගේ වනාහි ලාමක විපාක ... මිථ්‍යාස්මෘතියගේ වනාහි ලාමක විපාක ... මිථ්‍යාසමාධිහුගේ වනාහි ලාමක විපාක ... මිථ්‍යාඤාණයාගේ වනාහි ලාමක විපාක ... මිථ්‍යාවිමුක්තිගේ වනාහි ලාමක විපාක දිටුදැමියෙහි හා සම්පරායෙහි හා වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිථ්‍යාවිමුක්තිය හැරපියයි. මිථ්‍යාවිමුක්තියෙන් ප්‍රත්‍යවරෝහණය යි. මහණෙනි, ආර්‍ය්‍යවිනයෙහි ප්‍රත්‍යවරෝහණය යි.
Pali BJT10. 3. 2. 9.
Sinhala BJT10. 3. 2. 9.
Pali BJTපුබ්බඞ්ගම සුත්තං
Sinhala BJTපුබ්බඞ්ගම සූත්‍රය
Pali BJTසුරියස්ස භික්ඛවෙ උදයතො එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං යදිදං අරුණග්ගං. එවමෙව ඛො භික්ඛවෙ කුසලානං ධම්මානං එතං පුබ්බඞ්ගමං, එතං පුබ්බනිමිත්තං, යදිදං සම්මාදිට්ඨි. සම්මාදිට්ඨිස්ස{1} භික්ඛවෙ සම්මා සඞ්කප්පො පහොති. සම්මාසඞ්කප්පස්ස සම්මාවාචා පහොති. සම්මාවාචස්ස සම්මාකම්මන්තො පහොති. සම්මාකම්මන්තස්ස සම්මාආජීවො පහොති. සම්මාආජීවස්ස සම්මාවායාමො පහොති. සම්මාවායාමස්ස සම්මාසති පහොති. සම්මාසතිස්ස සම්මාසමාධි පහොති. සම්මාසමාධිස්ස සම්මාඤාණං පහොති. සම්මාඤාණිස්ස සම්මාවිමුත්ති පහොතීති.
Sinhala BJTමහණෙනි, උදාවන හිරුහට තෙල පූර්‍වඞ්ගම වෙයි, තෙල පූර්‍වනිමිත්ත වෙයි, එනම් අරුණු නැඟීම යි. මහණෙනි, එ පරිදිම කුශල ධර්‍මයනට තෙල පූර්‍වඞ්ගම වෙයි, තෙල පූර්‍ව නිමිත්ත වෙයි, එනම් සම්දිට්හයි. මහණෙනි, සම්‍යක්දෘෂ්ටි ඇත්තහුට සම්‍යක්සඞ්කල්පය පොහෝනේ වෙයි. සම්‍යක්සඞ්කල්ප ඇත්තහුට සම්‍යක්වාක් පොහෝනේ වෙයි. සම්‍යක්වාක් ඇත්තහුට සම්‍යක්කර්‍මාන්ත පොහෝනේ වෙයි. සම්‍යක්කර්‍මාන්ත ඇත්තහුට සම්‍යක් ආජීවය පොහෝනේ වෙයි. සම්‍යක්ආජීවීහට ඇත්තහුට සම්‍යක්ව්‍යායාමය පොහෝනේ වෙයි. සම්‍යක්ව්‍යායාමය ඇත්තහුට සම්‍යක්ස්මෘතිය පොහෝනේ වෙයි. සම්‍යක්ස්මෘතිය ඇත්තහුට සම්‍යක්සමාධිය පොහෝනේ වෙයි. සම්‍යක්සමාධිය ඇත්තහුට සම්‍යක්ඥානය පොහෝනේ වෙයි. සම්‍යක්ඥානීහට සම්‍යක්විමුක්තිය පොහෝනේ වෙයි.
Pali BJT10. 3. 2. 10.
Sinhala BJT10. 3. 2. 10.
Pali BJTආසවක්ඛය සුත්තං
Sinhala BJTආසවක්ඛය සූත්‍රය
Pali BJTදස ඉමෙ භික්ඛවෙ ධම්මා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත්තන්ති. කතමෙ දස:
Sinhala BJTමහණෙනි, මේ දශධර්‍ම කෙනෙක් භාවිත බහුලීකෘත වූහු ආස්‍රවක්‍ෂය සඳහා වැටෙත්. කවර දශ කෙනෙක යත්:
Pali BJTසම්මාදිට්ඨි, සම්මාසඞ්කප්පො, සම්මාවාචා, සම්මාකම්මන්තො, සම්මාආජීවො, සම්මා වායාමො, සම්මාසති, සම්මාසමාධි, සම්මාඤාණං, සම්මාවිමුත්ති.
Sinhala BJTසම්මාදිට්ඨි ය, සම්මාසඞ්කප්ප ය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසතිය ය, සම්මාසමාධි ය, සම්මාඤාණය, සම්මාවිමුත්ති යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ දස ධම්මා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත්තන්තීති.
Sinhala BJTමහණෙනි, මේ දසදහම් භාවිතා බහුලීකෘත වූහු ආස්‍රවක්‍ෂය පිණිස වැටෙතැයි.
Pali BJTපච්චොරොහණීවග්ගො දුතියො.
Sinhala BJTදෙවන පච්චෝරෝහණ වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTතයො අධම්මා අජිතො සඞ්ගාරවො ච ඔරිමං ද්වෙ චෙව පච්චොරොහණී පුබ්බඞ්ගමං ආසවො චාති.
Sinhala BJTඅධර්‍ම සූත්‍ර තුනෙක, අජිත සූත්‍රය, සඞ්ගාරව සූත්‍රය, ඔරිම සූත්‍රය, පච්චෝරෝහණ සූත්‍ර දෙකය, පුබ්බඞ්ගම සූත්‍රය ආසව සූත්‍රයදැයි යන දසයයි.
Pali BJT3. පරිසුද්ධවග්ගො
Sinhala BJT3. පරිශුද්ධ වර්‍ගය
Pali BJT10. 3. 3. 1.
Sinhala BJT10. 3. 3. 1.
Pali BJTපඨම සුත්තං
Sinhala BJTප්‍රථම සූත්‍රය
Pali BJTදස ඉමෙ භික්ඛවෙ ධම්මා පරිසුද්ධා පරියොදාතා නාඤ්ඤත්ර සුගතවිනයා කතමෙ දස:
Sinhala BJTමහණෙනි, සුගත් විනය හැර අන් තන්හි මෙ දස දහම්හි පරිශුද්ධ පර්‍ය්‍යවදාත නො වෙත්. කවර දස කෙනෙක යත්:
Pali BJTසම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි සම්මාඤාණං සම්මාවිමුත්ති. ඉමෙ ඛො භික්ඛවෙ දසධම්මා පරිසුද්ධා පරියොදාතා නාඤ්ඤත්ර සුගතවිනයාති.
Sinhala BJTසම්මාදිට්ඨි ය, සම්මාසඞ්කප්ප ය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසති ය, සම්මාසමාධි ය, සම්මාඤාණය, සම්මා විමුත්ති යි. මහණෙනි, සුගත් විනය හැර අන් තන්හි මෙ දස දහම්හු පරිශුද්ධ පර්‍ය්‍යවදාත නො වෙතැයි.
Pali BJT10. 3. 3. 2.
Sinhala BJT10. 3. 3. 2.
Pali BJTදුතිය සුත්තං
Sinhala BJTද්වේතීය සූත්‍රය
Pali BJTදස ඉමෙ භික්ඛවෙ ධම්මා අනුප්පන්නා උප්පජ්ජන්ති, නාඤ්ඤත්ර සුගතවිනයා. කතමෙ දස: සම්මාදිට්ඨි -පෙ- සම්මාවිමුත්ති. ඉමෙ ඛො භික්ඛවෙ දසධම්මා අනුප්පන්නා උප්පජ්ජන්ති නාඤ්ඤත්ර සුගතවිනයාති.
Sinhala BJTමහණෙනි, නූපන් මෙ දස දහම්හු සුගත් විනය හැර අන් තැනක නො උපදනාහ. කවර දස දහමෙක යත්: සම්මාදිට්ඨි ... සම්මාවිමුක්තිය. මහණෙනි, නූපන් මෙ දසදහම්හු සුගත් විනය හැර අන් තන්හි නූපදනාහ යි.
Pali BJT10. 3. 3. 3.
Sinhala BJT10. 3. 3. 3.
Pali BJTතතිය සුත්තං
Sinhala BJTතෘතීය සූත්‍රය
Pali BJTදස ඉමෙ භික්ඛවෙ ධම්මා මහප්ඵලා මහානිසංසා නාඤ්ඤත්ර සුගතවිනයා. කතමෙ දස: සම්මාදිට්ඨි -පෙ- සම්මාවිමුත්ති. ඉමෙ ඛො භික්ඛවෙ දස ධම්මා මහප්ඵලා මහානිසංසා නාඤ්ඤත්ර සුගතවිනයාති.
Sinhala BJTමහණෙනි, සුගත් විනය හැර අන් තැනක මෙ දසදහම්හු මහත්ඵල මහානෘසංස නො වෙත්. කවර දස දහමෙක් යත්: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුක්ති යි. මහණෙනි, සුගත් විනය හැර අන් තැන්හි මෙ දසදහම්හු මහත්ඵල මහා නෘසංස නො වෙත් යී.
Pali BJT10. 3. 3. 4.
Sinhala BJT10. 3. 3. 4.