Pali BJTබීජ සුත්තං
Sinhala BJTබීජ සූත්‍රය
Pali BJTමිච්ඡාදිට්ඨිකස්ස භික්ඛවෙ පුරිස පුග්ගලස්ස මිච්ඡා සංකප්පස්ස - මිච්ඡා වාචස්ස - මිච්ඡා කම්මන්තස්ස - මිච්ඡා ආජීවස්ස - මිච්ඡා වායාමස්ස - මිච්ඡා සතිස්ස - මිච්ඡා සමාධිස්ස - මිච්ඡා ඤාණිස්ස - මිච්ඡා විමුත්තිස්ස යඤ්චෙව{1} කායකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං{2}, යඤ්ච වචීකම්මං -පෙ- යඤ්ච මනොකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං, යා ච චෙතනා යා ච පත්ථනා, යො ච පණිධි, යෙ ච සඞ්ඛාරා, සබ්බෙ තෙ ධම්මා, අනිට්ඨාය අකන්තාය අමනාපාය අහිතාය දුක්ඛාය සංවත්තන්ති. තං කිස්ස හෙතු: දිට්ඨි හි{3} භික්ඛවෙ පාපිකා.
Sinhala BJTමහණෙනි, මිථ්‍යාදෘෂ්ටික පුරුෂ පුද්ගලයා විසින් - මිථ්‍යා සංකල්ප ඇති - මිථ්‍යා වාක් ඇති - මිථ්‍යා කර්‍මාන්ත ඇති - මිථ්‍යා ආජීව ඇති - මිථ්‍යා ව්‍යායාම ඇති - මිථ්‍යා ස්මෘති ඇති - මිථ්‍යා සමාධි ඇති - මිථ්‍යා ඥාන ඇති - මිථ්‍යා විමුක්ති ඇති පුරුෂ පුද්ගලයා විසින් දෘෂ්ටි පරිදි ගන්නා ලද සමාදන් වන ලද යම් කාය කර්‍මයක් හා - යම් වාග් කර්‍මයක් හා දෘෂ්ටි පරිදි ගන්නා ලද සමාදන් වන ලද යම් මනඃ කර්‍මයක් හා යම් චේතනාවක් හා යම් ප්‍රාර්‍ත්‍ථනාවක් හා යම් ප්‍රණිධියක් හා යම් සංස්කාර හා වෙත් නම්, ඒ හැම ධර්‍මයෝ අනිටු වූ අකාන්ත වූ අමනාප වූ අහිත වූ දුක් පිණිස වැටෙත්. එ කවර හෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය ලමු වේ මැයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ නිම්බබීජං වා කොසාතකී බීජං තිත්තකාලාබු බීජං වා අල්ලාය පඨවියා නික්ඛිත්තං යඤ්චෙව{1} පඨවිරසං උපාදියති. යඤ්ච ආපොරසං උපාදියති. සබ්බං තං තිත්තකත්තාය කටුකත්තාය අසාතත්තාය සංවත්තන්ති. තං කිස්ස හෙතු: බීජං හි භික්ඛවෙ පාපකං.
Sinhala BJTමහණෙනි, යම් සේ කොසඹ බිජුවටෙක් වේවයි වැටකොලු බිජුවටෙක් වේවයි තික්ත ලබු බිජුවටෙක් වේවයි තෙත් පොළොව්හි නික්‍ෂිප්ත වූයේ යම් ම පොළෝරසයක් හා අල්වාගනී නම්, යම් ම ආපෝරසයක් හා අල්වාගනී නම්, එහැම තික්ත භාවය පිණිස, කුළුබව් පිණිස, අශාතභාවය පිණිස වැටෙයි. එ කවරහෙයින යත්: මහණෙනි, බිජුවට ලමුමැයි. (එහෙයිනි)
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ මිච්ඡාදිට්ඨිකස්ස පුරිස පුග්ගලස්ස - මිච්ඡා සංකප්පස්ස - මිච්ඡා වාචස්ස - මිච්ඡා කම්මන්තස්ස - මිච්ඡා ආජීවස්ස - මිච්ඡා වායාමස්ස - මිච්ඡා සතිස්ස - මිච්ඡා සමාධිස්ස - මිච්ඡා ඤාණිස්ස - මිච්ඡා විමුත්තිස්ස යඤ්චෙව කායකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං, යඤ්ච වචීකම්මං -පෙ- යඤ්ච මනොකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං, යා ච චෙතනා යා ච පත්ථනා, යො ච පණිධි, යෙ ච සඞ්ඛාරා, සබ්බෙ තෙ ධම්මා, අනිට්ඨාය අකන්තාය අමනාපාය අහිතාය දුක්ඛාය සංවත්තන්ති. තං කිස්ස හෙතු: දිට්ඨි හි භික්ඛවෙ පාපිකා.
Sinhala BJTමහණෙනි, එපරිද්දෙන් ම මිථ්‍යාදෘෂ්ටික පුරුෂ පුද්ගලයා විසින් - මිථ්‍යාසංකල්ප ඇති - මිථ්‍යාවාක් ඇති - මිථ්‍යා කර්‍මාන්ත ඇති - මිථ්‍යා ආජීව ඇති - මිථ්‍යා ව්‍යායාම ඇති - මිථ්‍යා ස්මෘති ඇති - මිථ්‍යා සමාධි ඇති - මිථ්‍යා ඥාන ඇති - මිථ්‍යා විමුක්ති ඇති පුරුෂ පුද්ගලයා විසින් දෘෂ්ටි වූ පරිද්දෙන් ගන්නා ලද සමාදන්වන ලද යම් කායකර්‍මයක් හා - යම් ම වාක්කර්‍මයක් හා දෘෂ්ටි පරිදි ගන්නා ලද සමාදන් වන ලද යම් ම මනඃකර්‍මයක් හා - යම් ම චේතනාවක් හා යම් ම ප්‍රාර්‍ත්‍ථනාවක් හා යම් ම ප්‍රණිධියක් හා යම් ම සංස්කාර කෙනෙක් හා වෙත් ද එ හැම දහම්හු අනිටු බව පිණිස, අකාන්තය පිණිස දුක් පිණිස වැටෙත්. එ කවර හෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය ලමු මැයි. (එහෙයිනි)
Pali BJTසම්මාදිට්ඨිකස්ස භික්ඛවෙ පුරිසපුග්ගලස්ස සම්මා සංකප්පස්ස - සම්මා වාචස්ස - සම්මා කම්මන්තස්ස - සම්මා ආජීවස්ස - සම්මා වායාමස්ස - සම්මා සතිස්ස - සම්මා සමාධිස්ස - සම්මා ඤාණිස්ස - සම්මා විමුත්තිස්ස යඤ්චෙව කායකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං, යඤ්ච වචීකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං යඤ්ච මනොකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං, යා ච චෙතනා, යා ච පත්ථනා යො ච පණිධි, යෙ ච සඞ්ඛාරා සබ්බෙ තෙ ධම්මා ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තන්ති. තං කිස්ස හෙතු: දිට්ඨි හි{4} භික්ඛවෙ භද්දිකා.
Sinhala BJTමහණෙනි, සම්‍යක්දෘෂ්ටික පුරුෂපුද්ගලයා විසින් - සම්‍යක් සංකල්ප ඇති - සම්‍යක් වාක් ඇති - සම්‍යක් කර්‍මාන්ත ඇති - සම්‍යක් ආජීව ඇති - සම්‍යක් ව්‍යායාම ඇති - සම්‍යක් ස්මෘති ඇති - සම්‍යක් සමාධි ඇති - සම්‍යක් ඥාන ඇති - සම්‍යක් විමුක්ති ඇති පුරුෂ පුද්ගලයා විසින් දෘෂ්ටි වූ පරිදි ගන්නා ලද සමාදන් වන ලද යම් ම කායකර්‍මයක් වේවයි, දෘෂ්ටි වූ පරිදි ගන්නා ලද සමාදන්වන ලද යම් ම වාක්කර්‍මයක් වේවයි, දෘෂ්ටි වූ පරිදි ගන්නා ලද සමාදන්වන ලද යම් ම මනඃකර්‍මයක් වේවයි, යම් ම චේතනාවක් වේවයි, යම් ම ප්‍රාර්‍ත්‍ථනාවක් වේවයි, යම් ම ප්‍රණිධියක් වේවයි, යම් ම සංස්කාර වෙත්වයි, එ හැම ධර්‍මයෝ ඉටු වූ කාන්ත වූ මනාප වූ හිත වූ සැප පිණිස වැටෙත්. එ කවරහෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය භද්‍ර මැයි. (එහෙයිනි)
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, උච්ඡුබීජං වා සාළි බීජං වා මුද්දිකා බීජං වා අල්ලාය පඨවියා නික්ඛිත්තං යඤ්චෙව පඨවිරසං උපාදියති, යඤ්ච ආපොරසං උපාදියති, සබ්බං තං සාතත්තාය මධුරත්තාය අසෙචනකත්තාය සංවත්තති. තං කිස්ස හෙතු: බීජං හි භික්ඛවෙ භද්දකං.
Sinhala BJTමහණෙනි, යම්පරිදි උක් බිජුවටෙක් වේවයි හැල් බිජුවටෙක් වේවයි මිදි බිජුවටෙක් වේවයි තෙත් පොළොව්හි නික්‍ෂිප්ත වූයේ යම්බඳු පොළෝ රසයක් ගන්නේ ද ආපෝරසයක් ගන්නේ ද එ හැම ශාකභාවයට මියුරු බවට අසෙචනක භාවයට වැටෙයි. එ කවර හෙයින යත්: මහණෙනි, බිජුවට භද්‍ර ය, එහෙයිනි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ සම්මාදිට්ඨිකස්ස පුරිසපුග්ගලස්ස සම්මා සංකප්පස්ස සම්මාවාචස්ස - සම්මාකම්මන්තස්ස - සම්මා ආජීවස්ස - සම්මා වායාමස්ස - සම්මා සතිස්ස - සම්මා සමාධිස්ස - සම්මා ඤාණස්ස - සම්මා විමුත්තිස්ස යඤ්චෙව කායකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං, යඤ්ච වචීකම්මං -පෙ- යඤ්ච මනොකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං, යා ච චෙතනා, යා ච පත්ථනා යො ච පණිධි, යෙ ච සඞ්ඛාරා සබ්බෙ තෙ ධම්මා ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තන්ති. තං කිස්ස හෙතු: දිට්ඨි හි භික්ඛවෙ භද්දිකාති.
Sinhala BJTඑපරිදි ම මහණෙනි, සම්‍යග්දෘෂ්ටික පුරුෂපුද්ගලයා විසින් - සම්‍යක්සංකල්ප ඇති - සම්‍යග්වචන ඇති - සම්‍යක්කර්‍මාන්ත ඇති - සම්‍යගාජීව ඇති - සම්‍යග්ව්‍යායාම ඇති - සම්‍යක්ස්මෘති ඇති - සම්‍යක්සමාධි ඇති - සම්‍යග්ඥාන ඇති - සම්‍යග්විමුක්ති ඇති පුරුෂපුද්ගලයා විසින් දෘෂ්ටියට අනුව ගන්නා ලද සමාදන් වන ලද යම් ම කායකර්‍මයක් වේවයි, යම් ම වාක්කර්‍මයක් වේවයි - දෘෂ්ටියට අනුව ගන්නා ලද සමාදන් වන ලද යම් ම මනඃකර්‍මයක් වේවයි, යම් ම චේතනාවක් වේවයි, යම් ම ප්‍රාර්‍ත්‍ථනාවක් වේවයි, යම් ම ප්‍රණිධියක් වේවයි, යම් ම සංස්කාරකෙනෙක් වෙත්වයි, එ හැම ඉටු වූ කාන්ත වූ මනාප වූ හිත වූ සුඛය පිණිස වැටෙත්. එ කවර හෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය භද්‍ර මැයි. (එහෙයිනි)
Pali BJT10. 3. 1. 5.
Sinhala BJT10. 3. 1. 5.
Pali BJTවිජ්ජා සුත්තං
Sinhala BJTවිජ්ජා සූත්‍රය
Pali BJTඅවිජ්ජා භික්ඛවෙ පුබ්බඞ්ගමා අකුසලානං ධම්මානං සමාපත්තියා. අන්වදෙව අහිරිකං අනොත්තප්පං. අවිජ්ජාගතස්ස භික්ඛවෙ අවිද්දසුනො මිච්ඡාදිට්ඨි පහොති. මිච්ඡාදිට්ඨිකස්ස මිච්ඡාසඞ්කප්පො පහොති. මිච්ඡා සඞ්කප්පස්ස මිච්ඡාවාචා පහොති. මිච්ඡාවාචස්ස මිච්ඡාකම්මන්තො පහොති. මිච්ඡා කම්මන්තතස්ස මිච්ඡා ආජීවො පහොති. මිච්ඡා ආජීවස්ස මිච්ඡාවායාමො පහොති. මිච්ඡා වායාමස්ස මිච්ඡාසති පහොති. මිච්ඡා සතිස්ස මිච්ඡාසමාධි පහොති. මිච්ඡා සමාධිස්ස මිච්ඡාඤාණං පහොති. මිච්ඡාඤාණිස්ස මිච්ඡාවිමුත්ති පහොති.
Sinhala BJTමහණෙනි, අකුශලධර්‍ම සමාපත්තියට අවිද්‍යා පූර්‍වඞ්ගම වෙයි. අහ්‍රීකය, අනපත්‍රපාය යන දෙක නුහුබඳනේ මය. මහණෙනි, අවිද්‍යාගත අන්‍ධබාලයාට මිථ්‍යාදෘෂ්ටිය පොහෝනේය. මිථ්‍යාදෘෂ්ටිකහට මිථ්‍යා සංකල්පය පොහෝනේයි. මිථ්‍යාසංකල්ප ඇතියහුට මිථ්‍යාවාක් පොහෝනේයි. මිථ්‍යාවාක් ඇතියහුට මිථ්‍යාකර්‍මාන්ත පොහෝනේය. මිථ්‍යාකර්‍මාන්ත ඇතියහට මිථ්‍යා ආජීවය පොහෝනේය. මිථ්‍යාආජීවය ඇතියහට මිථ්‍යාව්‍යායාමය පොහෝනේය. මිථ්‍යාව්‍යායාමය ඇතියහට මිථ්‍යාස්මෘතිය පොහෝනේය. මිථ්‍යාස්මෘතිය ඇතියහට මිථ්‍යාසමාධි පොහෝනේය. මිථ්‍යාසමාධි ඇතියහට මිථ්‍යාඥානය පොහෝනේය. මිථ්‍යාඥානය ඇතියහට මිථ්‍යාවිමුක්ති පොහෝනේය.
Pali BJTවිජ්ජා ච ඛො භික්ඛවෙ පුබ්බඞ්ගමා කුසලානං ධම්මානං සමාපත්තියා. අන්වදෙව හිරොතප්පං. විජ්ජාගතස්ස භික්ඛවෙ විද්දසුනො සම්මාදිට්ඨි පහොති. සම්මා දිට්ඨිකස්ස සම්මා සඞ්කප්පො පහොති, සම්මා සඞ්කප්පස්ස සම්මාවාචා පහොති. සම්මා වාචස්ස සම්මා කම්මන්තො පහොති. සම්මා කම්මන්තස්ස සම්මා ආජීවො පහොති. සම්මා ආජීවස්ස සම්මාවායාමො පහොති. සම්මාවායාමස්ස සම්මාසති පහොති. සම්මාසතිස්ස සම්මා සමාධි පහොති. සම්මාසමාධිස්ස සම්මා ඤාණං පහොති. සම්මාඤාණස්ස සම්මා විමුත්ති පහොතී’ති
Sinhala BJTතවද මහණෙනි, කුශලධර්‍මසමාපත්තියට විද්‍යාව පූර්‍වඞ්ගම වෙයි. එ අනුව හිරිඔතප් නුහුබඳනේ ය. මහණෙනි, විද්‍යාගත විදර්ශිහට සම්‍යග්දෘෂ්ටිය පොහෝනේ ය. සම්‍යග්දෘෂ්ටිකයාහට සම්‍යක්සංකල්පය පොහෝනේ ය. සම්‍යග්සංකල්පය ඇත්තාහට සම්‍යක්වාග් පොහෝනේ ය. සම්‍යක්වචන ඇත්තාහට සම්‍යක්කර්‍මාන්තය පොහෝනේ ය. සම්‍යක්කර්‍මාන්තය ඇත්තාහට සම්‍යගාජීවය පොහෝනේ ය. සම්‍යගාජීව ඇත්තාහට සම්‍යග්ව්‍යායාමය පොහෝනේ ය. සම්‍යග්ව්‍යායාමය ඇත්තාහට සම්‍යක්ස්මෘතිය පොහෝනේ ය. සම්‍යග්ස්මෘති ඇත්තාහට සම්‍යග්ඥානය පොහෝනේ ය. සම්‍යග්ඥානය ඇත්තාහට සම්‍යග්විමුක්තිය පොහෝනේ යයි.
Pali BJT10. 3. 1. 6.
Sinhala BJT10. 3. 1. 6.
Pali BJTනිජ්ජර සුත්තං
Sinhala BJTනිජ්ජර සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJTදස ඉමානි භික්ඛවෙ නිජ්ජරවත්ථූනි. කතමානි දස:
Sinhala BJTමහණෙනි, මෙ නිර්ජර වස්තූහු දශදෙනෙක. කවර දශදෙනෙක යත්:
Pali BJT1. සම්මාදිට්ඨිකස්ස භික්ඛවෙ මිච්ඡාදිට්ඨි නිජ්ජිණ්ණා හොති. යෙ ච මිච්ඡාදිට්ඨිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති. සම්මාදිට්ඨිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
Sinhala BJT1. මහණෙනි, සම්‍යග්දෘෂ්ටිකයාගේ මිථ්‍යාදෘෂ්ටිය (මාර්‍ගභාවනායෙන්) නිර්ජිර්‍ණ වෙයි. මිථ්‍යාදෘෂ්ටි ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලමු අකුශල ධර්‍මයෝ උපදනාහු නම් ඔහුගේ එ අකුශල ධර්‍මයෝ නිර්ජිර්‍ණ වෙත්. සම්‍යග්දෘෂ්ටි ප්‍රත්‍යයෙනුදු නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත්.
Pali BJT2. සම්මාසංකප්පස්ස භික්ඛවෙ මිච්ඡාසඞ්කප්පො නිජ්ජිණ්ණො හොති. යෙ ච මිච්ඡාසඞ්කප්පපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති, සම්මා සඞ්කප්පපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
Sinhala BJT2. මහණෙනි, සම්‍යක්සංකල්ප ඇතියහුගේ මිථ්‍යාසංකල්පය නිර්ජිර්‍ණ වෙයි. මිථ්‍යාසංකල්ප ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලමු අකුශල ධර්‍මයෝ උපදනාහු නම් ඕහට ඔහුදු නිර්ජිර්‍ණ වෙත්. සම්‍යග් සංකල්ප ප්‍රත්‍යයෙනුදු නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත්.
Pali BJT3. සම්මාවාචස්ස භික්ඛවෙ මිච්ඡාවාචා නිජ්ජිණ්ණො හොති. යෙ ච මිච්ඡාවාචාපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති. සම්මාවාචාපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
Sinhala BJT3. මහණෙනි, සම්‍යක්වචන ඇතියහුගේ මිථ්‍යාවචනය නිර්ජීර්‍ණ වෙයි. මිථ්‍යාවාක්ර ප්‍රත්‍යයෙන් නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ වෙත් නම් ඕහට ඔහු ද නිර්ජිර්‍ණ වෙත්. සම්‍යග්වාක් ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත්.
Pali BJT4. සම්මාකම්මන්තස්ස භික්ඛවෙ මිච්ඡාකම්මන්තො නිජ්ජිණ්ණො හොති, යෙ ච මිච්ඡාකම්මන්ත පච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති. තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති. සම්මාකම්මන්තපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
Sinhala BJT4. මහණෙනි, සම්‍යක්කර්‍මාන්ත ඇතියහුගේ මිථ්‍යාකර්‍මාන්තය නිර්ජිර්‍ණ වෙයි. මිථ්‍යාකර්‍මාන්ත ප්‍රත්‍යයෙන් නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ උපදනාහු නම් ඕහට එ අකුශලධර්‍මයෝ ද නිර්ජිර්‍ණ වෙත්. සම්‍යක් සංකල්පකර්‍මාන්ත ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත්.
Pali BJT5. සම්මා ආජීවස්ස භික්ඛවෙ මිච්ඡාආජීවො නිජ්ජිණ්ණො හොති. යෙ ච මිච්ඡාආජීවපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති. සම්මාආජීව පච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
Sinhala BJT5. මහණෙනි, සම්‍යගාජීව ඇතියහුගේ මිථ්‍යාජීවය නිර්ජිර්‍ණ වෙයි. මිථ්‍යාජීව ප්‍රත්‍යයෙන් යම්බඳු ලාමක අකුශලධර්‍මයෝ වෙත් නම් ඔහුගේ ඒ අකුශලධර්‍මයෝ නිර්ජිර්‍ණ වෙත්. සම්‍යගාජීව ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ ද භාවනායෙන් පරිපූර්තියට යෙත්.
Pali BJT6. සම්මාවායාමස්ස භික්ඛවෙ මිච්ඡාවායාමො නිජ්ජිණ්ණො හොති. යෙ ච මිච්ඡාවායාමපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස නිජ්ජිණා හොන්ති. සම්මාවායාම පච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
Sinhala BJT6. මහණෙනි, සම්‍යග්ව්‍යායාම ඇතියහුගේ මිථ්‍යාව්‍යායාමය නිර්ජිර්‍ණ වෙයි. මිථ්‍යාව්‍යායාම ප්‍රත්‍යයෙන් යම්බඳු ලාමක අකුශල ධර්‍මයෝ උපදනාහු නම්, ඕහට එ අකුසල්හු ද නිර්ජිර්‍ණ වෙත්. සම්‍යග්ව්‍යායාම ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත්.
Pali BJT7. සම්මා සතිස්ස භික්ඛවෙ මිච්ඡා සති නිජ්ජිණ්ණා හොති. යෙ ච මිච්ඡාසතිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති. සම්මාසති පච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
Sinhala BJT7. මහණෙනි, සම්‍යක්ස්මෘති ඇතියහුගේ මිථ්‍යාස්මෘතිය නිර්ජිර්‍ණ වෙයි, මිථ්‍යාස්මෘති ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ උපදනාහු නම් ඔහුගේ එ අකුශලධර්‍මයෝ ද නිර්ජිර්‍ණ වෙත්. සම්‍යක්ස්මෘති ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත්.
Pali BJT8. සම්මා සමාධිස්ස භික්ඛවෙ මිච්ඡා සමාධි නිජ්ජිණ්ණො හොති. යෙ ච මිච්ඡාසමාධිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති. සම්මාසමාධිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භවනා පාරිපූරිං ගච්ඡන්ති.
Sinhala BJT8. මහණෙනි, සම්‍යක්සමාධි ඇතියහුගේ මිථ්‍යාසමාධිය නිර්ජිර්‍ණ වෙයි. මිථ්‍යාසමාධිප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ උපදනාහු නම් ඕහට එ අකුශලධර්‍මයෝ ද නිර්ජිර්‍ණ වෙත්. සම්‍යක්සමාධිප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පිරීමට යෙත්.
Pali BJT9. සම්මා ඤාණස්ස භික්ඛවෙ මිච්ඡා ඤාණං නිජ්ජිණ්ණං හොති. යෙ ච මිච්ඡාඤාණපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති. සම්මාඤාණපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භවනා පාරිපූරිං ගච්ඡන්ති.
Sinhala BJT9. මහණෙනි, සම්‍යග්ඥාන ඇතියහුගේ මිථ්‍යාඥාන නිර්ජිර්‍ණ වෙයි. මිථ්‍යාඥාන ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ උපදනාහු නම් ඕහට එ අකුශලධර්‍මයෝ ද නිර්ජිර්‍ණ වෙත්. සම්‍යග්ඥාන ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත්.
Pali BJT10. සම්මාවිමුත්තිස්ස භික්ඛවෙ මිච්ඡාවිමුත්ති නිජ්ජිණ්ණා හොති. යෙච මිච්ඡාවිමුත්තිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති. සම්මාවිමුත්තිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති. ඉමානි ඛො භික්ඛවෙ දසනිජ්ජරාවත්ථුනී ති.
Sinhala BJT10. මහණෙනි, සම්‍යග් විමුක්ති ඇතියහුගේ මිථ්‍යාවිමුක්ති නිර්ජිර්‍ණ වෙයි, මිථ්‍යාවිමුක්ති ප්‍රත්‍යයෙන් නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ උපදනාහු නම් ඕහට එ අකුශලධර්‍මයෝ ද නිර්ජිර්‍ණ වෙත්. සම්‍යග් විමුක්ති ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත්. මහණෙනි, මෙ දසදෙන නිර්ජරවස්තූහු වෙත්.
Pali BJT10. 3. 1. 7.
Sinhala BJT10. 3. 1. 7.
Pali BJTධොවන සුත්තං
Sinhala BJTධෝවන සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJTඅත්ථි භික්ඛවෙ දක්ඛිණෙසු ජනපදෙසු ධොවනං නාම තත්ථ හොති අන්නම්පි පානම්පි ඛජ්ජම්පි භොජ්ජම්පි ලෙය්යම්පි පෙය්යම්පි නච්චම්පි ගීතම්පි වාදිතම්පි. අත්ථෙතං භික්ඛවෙ ධොවනං, නෙතං නත්ථීති වදාමි. තඤ්ච ඛො එතං භික්ඛවෙ ධොවනං හීනං ගම්මං පොථුජ්ජනිකං අනරියං අනත්ථ සංහිතං, න නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමයා න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්ත ති.
Sinhala BJTමහණෙනි, දක්‍ෂිණජනපදයෙහි ධෝවන නම් නැකැත් කෙළියෙක් ඇත. මහණෙනි, එ නකත් කෙළියෙහි අන්න හා පාන හා ඛාද්‍ය භෝජ්‍ය හා ලෙහ්‍ය හා පෙය හා නෘත්‍ය හා ගීත හා වාදිත්‍ර හා වෙයි. මහණෙනි, තෙල ධොවනය ඇත් මැයි. තෙල නැතැයි නො ම කියමි. මහණෙනි, තෙල ධොවනය හීනය, ග්‍රාම්‍යය, පුහුදුනන් අයත්ය, අනාර්‍ය්‍යය, අනර්‍ත්‍ථ ඇසුරු කෙළේය. නිර්වේදය සඳහා නො වෙයි, විරාගය සඳහා නො වෙයි, නිරෝධය සඳහා නො වෙයි, ක්ලේශව්‍යුපශමය සඳහා නො වෙයි. අභිඥා සඳහා නො වෙයි, සම්බෝධිය සඳහා නො වෙයි, නිර්‍වාණය පිණිස නො වැටෙයි.
Pali BJTඅහඤ්ච ඛො භික්ඛවෙ අරියං ධොවනං දෙසිස්සාමී. යං ධොවනං එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. යං ධොවනං ආගම්ම ජාතිධම්මා සත්තා ජාතියා පරිමුච්චන්ති, ජරාධම්මා සත්තා ජරාය පරිමුච්චන්ති, මරණධම්මා සත්තා මරණෙන පරිමුච්චන්ති, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මා සත්තා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසෙහි පරිමුච්චන්ති. තං සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස්සාමී ති. එවං භන්තෙ ති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං භගවා එතදවොච:
Sinhala BJTමහණෙනි, මම ද යම් ධොවනයක් ඒකාන්ත නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, ව්‍යුපශමය පිණිස, අභිඥා පිණිස, සම්බෝධිය පිණිස, නිර්‍වාණය පිණිස වැටේ නම්, යම් ධොවනයකට පැමිණ ජාතිස්වභාව ඇති සත්හු ජාතියෙන් මිදෙත් නම් ජරාස්වාභාව ඇති සත්හු ජරායෙන් මිදෙත් නම්, මරණස්වාභාව ඇති සත්හු මරණයෙන් මිදෙත් නම්, ශෝක, පරිදේව, දුඃඛ, දෞර්‍මනස්‍ය උපායාස සැහැවි කොට ඇති සත්හු ශෝක, පරිදේව, දුක් දොම්නස් දැඩි ආයාසයෙන් මිදෙත් නම්, එබඳු ආර්‍ය්‍ය ධොවනයක් දෙසන්නෙමි. එ අසව, මොනොවට මෙනෙහි කරව, කියනෙමි යි. ‘එසේය, වහන්සැ’යි එ මහණහු භාග්‍යවත්හට පිළිවදන් ඇස්වූහ. භගවත්හු තෙල වදාළහ:
Pali BJTකතමඤ්ච තං භික්ඛවෙ අරියං ධොවනං යං ධොවනං එකන්ත නිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති, යං ධොවනං ආගම්ම ජාතිධම්මා සත්තා ජාතියා පරිමුච්චන්ති, ජරාධම්මා සත්තා ජරාය පරිමුච්චන්ති, මරණධම්මා සත්තා මරණෙන පරිමුච්චන්ති, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මා සත්තා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසෙහි පරිමුච්චන්ති.
Sinhala BJTමහණෙනි, යම් ධොවනයක් ඒකාන්ත නිර්වේදයට විරාගයට, නිරෝධයට, ව්‍යුපශමයට, අභිඥාවට, සම්බෝධයට, නිර්‍වාණයට වැටේ නම්, යම් ධොවනයකට පැමිණ ජාතිධර්‍ම සත්ත්‍වයෝ ජාතියෙන් මිදෙත් නම්, ජරාධර්‍ම සත්ත්‍වයෝ ජරායෙන් මිදෙත් නම්, මරණධර්‍ම සත්ත්‍වයෝ මරණින් මිදෙත් නම්, ශෝක, පරිදේව, දුඃඛ, දෞර්‍මනස්‍ය, උපායාස ධර්‍ම සත්ත්‍වයෝ සෝක, පරිදේව, දුඃඛ, දෞර්‍මනස්‍ය, උපායාසයෙන් මිදෙත් නම්, එ ආර්‍ය්‍යධොවනය කවර යත්:
Pali BJTසම්මාදිට්ඨිකස්ස භික්ඛවෙ මිච්ඡාදිට්ඨි නිද්ධොතා හොති, යෙ ච මිච්ඡා දිට්ඨිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස නිද්ධොතා හොන්ති. සම්මාදිට්ඨිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භවනා පාරිපූරිං ගච්ඡන්ති.
Sinhala BJTමහණෙනි, සම්‍යක්දෘෂ්ටිකයා විසින් මිථ්‍යාදෘෂ්ටිය නිරවශේෂයෙන් දෝනාලදු වෙයි. මිථ්‍යාදෘෂ්ටිප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඔහු විසින් ඔහුදු නිරවසෙස්නෙන් දෝනාලදහ. සම්‍යග්දෘෂ්ටි ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ ද භාවනායෙන් පරිපූර්තියට යෙත්.
Pali BJTසම්මාසඞ්කප්පස්ස භික්ඛවෙ මිච්ඡාසඞ්කප්පො නිද්ධොතො හොති -පෙ- සම්මාවාචස්ස භික්ඛවෙ මිච්ඡාවාචා නිද්ධොතා හොති -පෙ- සම්මාකම්මන්තස්ස භික්ඛවෙ මිච්ඡාකම්මන්තො නිද්ධොතො හොති -පෙ- සම්මා ආජීවස්ස භික්ඛවෙ මිච්ඡාආජීවො නිද්ධොතො හොති -පෙ- සම්මා වායාමස්ස භික්ඛවෙ මිච්ඡාවායාමො නිද්ධොතො හොති -පෙ- සම්මාසතිස්ස භික්ඛවෙ මිච්ඡාසති නිද්ධොතා හොති -පෙ- සම්මාසමාධිස්ස භික්ඛවෙ මිච්ඡාසමාධි නිද්ධොතො හොති -පෙ- සම්මාඤාණස්ස භික්ඛවෙ මිච්ඡාඤාණං නිද්ධොතං හොති -පෙ- සම්මා විමුත්තිස්ස භික්ඛවෙ මිච්ඡාවිමුත්ති නිද්ධොතා හොති. යෙ ච මිච්ඡාවිමුත්ති පච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස නිද්ධොතා හොන්ති. සම්මාවිමුත්තිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
Sinhala BJTමහණෙනි, සම්‍යක්සංකල්ප ඇත්තහු විසින් මිථ්‍යාසංකල්පය නිර්ධෞත වෙයි. ... මහණෙනි, සම්‍යග්වාක් ඇතියහු විසින් මිථ්‍යාවචනය නිර්ධෞත වෙයි. ... මහණෙනි, සම්‍යක්කර්‍මාන්ත ඇතියහු විසින් මිථ්‍යාකර්‍මාන්තය නිර්ධෞත වෙයි. ... මහණෙනි, සම්‍යගාජීව ඇත්තහු විසින් මිථ්‍යාආජීවය නිර්ධෞත වෙයි. ... මහණෙනි, සම්‍යග්ව්‍යායාම ඇත්තහු විසින් මිථ්‍යාව්‍යායාම නිර්ධෞත වෙයි. ... මහණෙනි, සම්‍යක්ස්මෘති ඇතියහු විසින් මිථ්‍යාස්මෘතිය නිර්ධෞත වෙයි. ... මහණෙනි, සම්‍යක්සමාධි ඇත්තහු විසින් මිථ්‍යාසමාධිය නිර්ධෞත වෙයි. … මහණෙනි, සම්‍යග්ඥානය ඇතියහු විසින් මිථ්‍යාඥානය නිර්ධෞත වෙයි. ... මහණෙනි, සම්‍යග්විමුක්ති ඇත්තහු විසින් මිථ්‍යාවිමුක්තිය නිර්ධෞත වෙයි. මිථ්‍යාවිමුක්ති ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලමු අකුසල් දහම්හු උපදනාහු නම් ඔහු විසින් ඔහුදු නිර්ධෞත වෙත්. සම්‍යග්විමුක්ති ප්‍රත්‍යයෙන් නොයෙක් කුසල් දහම්හු ද භාවනායෙන් පරිපූර්තියට යෙත්.
Pali BJTඉදං ඛො තං භික්ඛවෙ අරියං ධොවනං, යං ධොවනං එකන්ත නිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති, යං ධොවනං ආගම්ම ජාතිධම්මා සත්තා ජාතියා පරිමුච්චන්ති, ජරාධම්මා සත්තා ජරාය පරිමුච්චන්ති, මරණධම්මා සත්තා මරණෙන පරිමුච්චන්ති, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මා සත්තා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසෙහි පරිමුච්චන්තී ති.
Sinhala BJTමහණෙනි, යම් ධොවනයෙක් ඒකාන්ත නිර්වේදයට - විරාගයට නිරෝධයට - ව්‍යුපමශයට - අභිඥාවට - සම්බෝධියට නිර්‍වාණයට වැටේ නම්, යම් ධොවනයකට පැමිණ ජාතිස්වභාව ඇති සත්ත්‍වයෝ ජාතියෙන් මිදෙත් නම්, ජරාස්වභාව ඇති සත්ත්‍වයෝ ජරායෙන් මිදෙත් නම්, මරණස්වභාව ඇති සත්ත්‍වයෝ මරණයෙන් මිදෙත් නම්, ශෝක, පරිදේව, දුක්, දොම්නස්, දැඩි ආයාස සැහැවි කොට ඇති සත්ත්‍වයෝ ශෝක, පරිදේව, දුක්, දොම්නස්, දැඩි ආයාසයන්ගෙන් මිදෙත් නම්, එ යයි.
Pali BJT10. 3. 1. 8.
Sinhala BJT10. 3. 1. 8.
Pali BJTතිකිච්ඡක සුත්තං
Sinhala BJTතිකිච්ඡක සූත්‍රය
Pali BJTතිකිච්ඡකා භික්ඛවෙ විරෙචනං දෙන්ති පිත්තසමුට්ඨානානම්පි ආබාධානං පටිඝාතාය, සෙම්හසමුට්ඨානානම්පි ආබාධානං පටිඝාතාය, වාතසමුට්ඨානානම්පි ආබාධානං පටිඝාතාය, අත්ථෙතං භික්ඛවෙ විරෙචනං නෙතං නත්ථි ති වදාමි. තඤ්ච ඛො එතං භික්ඛවෙ විරෙචනං සම්පජ්ජතිපි, විපජ්ජතිපි.
Sinhala BJTමහණෙනි, චිකිත්සකයෝ පිතින් උපදනා ආබාධයන් නසනුවට ද සෙමෙන් උපදනා ආබාධයන් නසනුවට ද වාතයෙන් උපදනා ආබාධයන් නසනුවට ද විරේචන දෙත්. මහණෙනි, තෙල විරේචනය ඇත, ‘තෙල නැතැ’යි නොකියමි. මහණෙනි, තෙල විරේචනය සම්පද්‍යමාන හෝ විපද්‍යමාන හෝ වෙයි.
Pali BJTඅහඤ්ච ඛො භික්ඛවෙ අරියං විරෙචනං දෙසිස්සාමි, යං විරෙචනං සම්පජ්ජතියෙව නො විපජ්ජති, යං විරෙචනං ආගම්ම ජාතිධම්මා සත්තා ජාතියා පරිමුච්චන්ති, ජරාධම්මා සත්තා ජරාය පරිමුච්චන්ති, මරණධම්මා සත්තා මරණෙන පරිමුච්චන්ති, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මා සත්තා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසෙහි පරිමුච්චන්ති. තං සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස්සාමීති. එවං භන්තෙති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTමහණෙනි, මම ද යම් විරේචනයෙක් සම්පද්යමාන ම වේ නම් විපද්‍යමාන නොවේ නම්, යම් විරේචනයකට පැමිණ ජාතිස්වභාව කොට ඇති සත්ත්‍වයෝ ජාතියෙන් මිදෙන්නාහු ද, ජරාස්වභාව කොට ඇති සත්ත්‍වයෝ ජරායෙන් මිදෙන්නාහු ද, මරණස්වභාව කොට ඇති සත්ත්‍වයෝ මරණින් මිදෙන්නාහු ද, ශෝකපරිදේව, දුක්, දොම්නස්, දැඩි ආයාස ස්වභාව කොට ඇති සත්ත්‍වයෝ ශෝකපරිදේව, දුක්, දොම්නස්, දැඩි ආයාසයෙන් මිදෙන්නාහු ද, එබඳු ආර්‍ය්‍ය විරේචනයක් දෙසම්. එ අසව, මොනොවට මෙනෙහි කරව, කියනෙමැයි. ‘එසේය වහන්සැ’යි එ මහණහු භගවත්හට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ දෙසූහ:
Pali BJTකතමඤ්ච තං භික්ඛවෙ අරියං විරෙචනං, යං විරෙචනං ආගම්ම ජාති ධම්මා සත්තා ජාතියා පරිමුච්චන්ති, ජරාධම්මා සත්තා ජරාය පරිමුච්චන්ති, මරණධම්මා සත්තා මරණෙන පරිමුච්චන්ති, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මා සත්තා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසෙහි පරිමුච්චන්ති:
Sinhala BJTමහණෙනි, යම් විරේචනයට පැමිණ ජාතිධර්‍ම සත්ත්‍වයෝ ජාතියෙන් මිදෙන්නාහු නම්, ජරාධර්‍ම සත්ත්‍වයෝ ජරායෙන් මිදෙන්නාහු නම්, මරණධර්‍ම සත්ත්‍වයෝ මරණින් මිදෙන්නාහු නම්, ශෝකපරිදේව, දුඃඛ, දෞර්‍මනස්‍යෙපායාසධර්‍ම සත්ත්‍වයෝ ශෝක, පරිදේව, දුක්, දොම්නස් දැඩි ආයාසයෙන් මිදෙන්නාහු නම් එ ආර්‍ය්‍ය විරේචනය කවර:
Pali BJTසම්මාදිට්ඨිකස්ස භික්ඛවෙ මිච්ඡාදිට්ඨි විරිත්තො හොති, යෙ ච මිච්ඡාදිට්ඨිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස විරිත්තා හොන්ති. සම්මාදිට්ඨිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
Sinhala BJTමහණෙනි, සම්‍යග්දෘෂ්ටිකයා විසින් මිථ්‍යාදෘෂ්ටිය විරික්ත වෙයි. මිථ්‍යාදෘෂ්ටි ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ වෙත් නම් ඔහු විසින් ඔහු ද විරික්ත වෙත්. සම්‍යක්දෘෂ්ටි ප්‍රත්‍යයෙන් අනේක කුශල ධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත්.
Pali BJTසම්මාසඞ්කප්පස්ස භික්ඛවෙ මිච්ඡාසංකප්පො විරිත්තො හොති -පෙ- සම්මාවාචස්ස භික්ඛවෙ මිච්ඡාවාචා විරිත්තා හොති -පෙ- සම්මාකම්මන්තස්ස භික්ඛවෙ මිච්ඡාකම්මන්තො විරිත්තො හොති -පෙ- සම්මාආජීවස්ස භික්ඛවෙ මිච්ඡාආජීවො විරිත්තො හොති -පෙ- සම්මාවායාමස්ස භික්ඛවෙ මිච්ඡාවායාමො විරිත්තො හොති -පෙ- සම්මාසතිස්ස භික්ඛවෙ මිච්ඡාසති විරිත්තා හොති -පෙ- සම්මාසමාධිස්ස භික්ඛවෙ මිච්ඡාසමාධි විරිත්තො හොති -පෙ- සම්මාඤාණිස්ස භික්ඛවෙ මිච්ඡාඤාණං විරිත්තං හොති -පෙ- සම්මාවිමුත්තිස්ස භික්ඛවෙ මිච්ඡාවිමුත්ති විරිත්තා හොති, යෙ ච මිච්ඡාවිමුත්තිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති. තෙ චස්ස විරිත්තා හොන්ති. සම්මාවිමුත්ති පච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
Sinhala BJTමහණෙනි, සම්‍යක්සංකල්ප ඇත්තහුට මිථ්‍යාසංකල්පය විරික්ත වෙයි. ... සම්‍යග්වචන ඇතියහු විසින් මිථ්‍යාවචනය විරික්ත වෙයි. ... සම්‍යග්කර්‍මාන්තයට මිථ්‍යාකර්‍මාන්තය විරික්ත වෙයි. ... සම්‍යාගජීව ඇත්තහු විසින් මිථ්‍යාජීවය විරික්ත වෙයි. ... සම්‍යග්ව්‍යායාම ඇත්තහු විසින් මිථ්‍යාව්‍යායාමය විරික්ත වෙයි. ... සම්‍යක්ස්මෘති ඇත්තහු විසින් මිථ්‍යාස්මෘතිය විරික්ත වෙයි. ... සම්‍යක්සමාධි ඇත්තහු විසින් මිථ්‍යාසමාධිය විරික්ත වෙයි. ... සම්‍යග්ඥාන ඇතියහු විසින් මිථ්‍යාඥානය විරික්ත වෙයි. ... සම්‍යග්විමුක්ති ඇතියහු විසින් මිථ්‍යාවිමුක්ති විරික්ත වෙයි. මිථ්‍යාවිමුක්ති ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ උපදනාහු නම් ඔහු විසින් ඔහු ද විරික්ත වෙත්. සම්‍යග්විමුක්ති ප්‍රත්‍යයෙන් අනේක කුශල ධර්‍මයෝ ද භාවනාවෙන් පරිපූර්තියට යෙත්.
Pali BJTඉදං ඛො තං භික්ඛවෙ අරියං විරෙචනං, යං විරෙචනං සම්පජ්ජතියෙව නො විපජ්ජති. යං විරෙචනං ආගම්ම ජාතිධම්මා සත්තා ජාතියා පරිමුච්චන්ති. ජරාධම්මා සත්තා ජරාය පරිමුච්චන්ති. මරණධම්මා සත්තා මරණෙන පරිමුච්චන්ති, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මා සත්තා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසෙහි පරිමුච්චන්තී ති.
Sinhala BJTමහණෙනි, යම් විරේචනයෙක් සම්පද්යමාන ම වේ නම් විපද්‍යමාන නො වේ නම් යම් විරේචනයෙකට පැමිණ ජාතිධර්‍ම සත්ත්‍වයෝ ජාතියෙන් මිදෙන්නාහු නම්, ජරාධර්‍ම සත්ත්‍වයෝ ජරායෙන් මිදෙන්නාහු නම්, මරණධර්‍ම සත්ත්‍වයෝ මරණින් මිදෙන්නාහු නම්, ශෝක, පරිදේව, දුඃඛ, දෞර්‍මනස්‍යෙපායාසධර්‍ම සත්ත්‍වයෝ සෝ, වැලපීම්, දුක්, දොම්නස් දැඩි වෙහෙසින් මිදෙන්නාහු නම්, මෙ එ ආර්‍ය්‍ය විරේචනයයි.
Pali BJT10. 3. 1. 9.
Sinhala BJT10. 3. 1. 9.
Pali BJTවමන සුත්තං
Sinhala BJTවමන සූත්‍රය
Pali BJTතිකිච්ඡකා භික්ඛවෙ වමනං දෙන්ති, පිත්තසමුට්ඨානානං ආබාධානං පටිඝාතාය, සෙම්හසමුට්ඨානානම්පි ආබාධානං පටිඝාතාය, වාතසමුට්ඨානානම්පි ආබාධානං පටිඝාතාය, අත්ථෙතං භික්ඛවෙ වමනං, නෙතං නත්ථි ති වදාමි. තඤ්ච ඛො එතං භික්ඛවෙ වමනං සම්පජ්ජතිපි, විපජ්ජතිපි.
Sinhala BJTමහණෙනි, චිකිත්සකයෝ පිතින් උපදනා ආබාධයන් නසනුවට ද සෙමින් උපදනා ආබාධයන් නසනුවට ද වාතයෙන් උපදනා ආබාධයන් නසනුවට ද වමන බෙහෙත් දෙත්. මහණෙනි, තෙල වමන ඇත. තෙල නැතැයි නොකියමි. මහණෙනි, තෙල වමන බෙහෙත් සම්පද්‍යමාන ද වෙයි, විපද්‍යමාන ද වෙයි.
Pali BJTඅහඤ්ච ඛො භික්ඛවෙ අරියං වමනං දෙසිස්සාමි, යං වමනං සම්පජ්ජතියෙව නො විපජ්ජති, යං වමනං ආගම්ම ජාතිධම්මා සත්තා ජාතියා පරිමුච්චන්ති, ජරාධම්මා සත්තා ජරාය පරිමුච්චන්ති, මරණධම්මා සත්තා මරණෙන පරිමුච්චන්ති, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මා සත්තා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසෙහි පරිමුච්චන්ති. තං සුණාථ -පෙ- භගවා එතදවොච:
Sinhala BJTමහණෙනි, යම් වමනයක් සම්පද්‍යමාන ම වේ නම් විපද්‍යාමාන නොවේ නම් යම් වමන බෙහෙතකට පැමිණ ජාතිධර්‍ම සත්හු ජාතියෙන් මිදෙත් නම්, ජරාධර්‍ම සත්හු ජරායෙන් මිදෙත් නම්, මරණධර්‍ම සත්හු මරණින් මිදෙත් නම්, ශෝක, පරිදේව, දුඃඛ, දෞර්‍මනස්‍ය උපායාසධර්‍ම සත්හු සෝ, වැලපීම්, දුක්, දොම්නස් දැඩි උපායාසයෙන් මිදෙත් නම්, එබඳු ආර්‍ය්‍යවමනයක් දෙසන්නෙමි. එ අසව, -පෙ- භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJTකතමඤ්ච තං භික්ඛවෙ අරියං වමනං: යං වමනං සම්පජ්ජතියෙව නො විපජ්ජති, යං වමනං ආගම්ම ජාතිධම්මා සත්තා ජාතියා පරිමුච්චන්ති -පෙ- සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසෙහි පරිමුච්චන්ති.
Sinhala BJTමහණෙනි, යම් ආර්‍ය්‍යවමනයෙක් සම්පද්‍යමාන ම වේ නම් විපද්‍යාමාන නොවේ නම්, යම් වමනයකට පැමිණ ජාතිධර්‍මසත්ත්‍වයෝ ජාතියෙන් මිදෙත් නම්, ... ශෝක, පරිදේව, දුඃඛ, දෞර්‍මනස්‍ය උපායාසයෙන් මිදෙත් නම්, එ ආර්‍ය්‍යවමනය කවර:
Pali BJTසම්මාදිට්ඨිකස්ස භික්ඛවෙ මිච්ඡාදිට්ඨි වන්තා හොති යෙ ච මිච්ඡාදිට්ඨිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති තෙ චස්ස වන්තා හොන්ති. සම්මාදිට්ඨිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
Sinhala BJTමහණෙනි, සම්‍යග්දෘෂ්ටිකයා විසින් මිථ්‍යාදෘෂ්ටිය වාන්ත වෙයි. මිථ්‍යාදෘෂ්ටි ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඔහු විසින් ඔහුදු වාන්තයහ. සම්‍යග්දෘෂ්ටි ප්‍රත්‍යයෙන් අනේක කුශලධර්‍මයෝ ද භාවනායෙන් පරිපූර්තියට යෙත්.
Pali BJTසම්මාසඞ්කප්පස්ස භික්ඛවෙ මිච්ඡාසඞ්කප්පො වන්තො හොති -පෙ- සම්මා වාචස්ස භික්ඛවෙ මිච්ඡාවාචා වන්තා හොති -පෙ- සම්මාකම්මන්තස්ස භික්ඛවෙ මිච්ඡාකම්මන්තො වන්තො හොති -පෙ- සම්මා ආජීවස්ස භික්ඛවෙ මිච්ඡාආජීවො වන්තො හොති -පෙ- සම්මාවායාමස්ස භික්ඛවෙ මිච්ඡාවායාමො වන්තො හොති -පෙ- සම්මාසතිස්ස භික්ඛවෙ මිච්ඡාසති වන්තා හොති -පෙ- සම්මාසමාධිස්ස භික්ඛවෙ මිච්ඡාසමාධි වන්තො හොති -පෙ- සම්මාඤාණිස්ස භික්ඛවෙ මිච්ඡාඤාණං වන්තං හොති -පෙ- සම්මාවිමුත්තිස්ස භික්ඛවෙ මිච්ඡාවිමුත්ති වන්තා හොති යෙ ච මිච්ඡාවිමුත්තිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස වන්තා හොන්ති. සම්මාවිමුත්තිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති. ඉදං ඛො තං භික්ඛවෙ අරියං වමනං, යං වමනං සම්පජ්ජතියෙව නො විපජ්ජති, යං වමනං ආගම්ම ජාතිධම්මා සත්තා ජාතියා පරිමුච්චන්ති -පෙ- සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මා සත්තා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසෙහි පරිමුච්චන්තී ති.
Sinhala BJTමහණෙනි, සම්‍යක් සංකල්පඇතියහු විසින් මිථ්‍යාසංකල්පය වාන්ත වෙයි. ... සම්‍යග්වචන ඇතියහු විසින් මිථ්‍යාවාක් වාන්ත ය .... සම්‍යක්කර්‍මාන්ත ඇතියහු විසින් මිථ්‍යාකර්‍මාන්තය වාන්තය. ... මහණෙනි, සම්‍යගාජීවය ඇතියහු විසින් මිථ්‍යා ආජීවය වාන්තය. ... මහණෙනි, සම්‍යග්ව්‍යායාම ඇතියහු විසින් මිථ්‍යාව්‍යායාමය වාන්ත වෙයි. ... මහණෙනි, සම්‍යක්ස්මෘතිය ඇතියහු විසින් මිථ්‍යාස්මෘතිය වාන්ත වෙයි. ... මහණෙනි, සම්‍යක්සමාධිය ඇතියහු විසින් මිථ්‍යාසමාධිය වාන්ත වෙයි. ... මහණෙනි, සම්‍යග්ඥාන ඇතියහු විසින් මිථ්‍යාඥානය වාන්ත වෙයි. ... මහණෙනි, සම්‍යග්විමුක්තිය ඇතියහු විසින් මිථ්‍යාවිමුක්තිය වාන්ත වෙයි. මිථ්‍යාවිමුක්ති ප්‍රත්‍යයෙන් යම්බඳු අනේක ලාමක අකුශල ධර්‍මයෝ උපදනාහු නම් ඔහු විසින් ඔහුදු වාන්ත වෙත්. සම්‍යග්විමුක්ති ප්‍රත්‍යයෙන් නොයෙක් කුශල ධර්‍මයෝ ද භාවනායෙන් පරිපූර්තියට යෙත්. මහණෙනි, යම් වමන සම්පද්‍යමාන ම වේ නම්, විපද්‍යමාන නොවේ නම්, යම් වමනකට පැමිණ ජාතිධර්‍ම සත්ත්‍වයෝ ජාතියෙන් මිදෙත් නම් ... ශෝක, පරිදේව, දුඃඛ, දෞර්‍මනස්‍යෙපායාසධර්‍ම සත්ත්‍වයෝ සෝ වැලපුම් දුක් දොම්නස් දැඩි වෙහෙසින් මිදෙත් නම් මේ ඒ ආර්‍ය්‍යවමනය යි.
Pali BJT10. 3. 1. 10.
Sinhala BJT10. 3. 1. 10.
Pali BJTනිද්ධමනිය සුත්තං
Sinhala BJTනිද්ධමනිය සූත්‍රය
Pali BJTදස ඉමෙ භික්ඛවෙ නිද්ධමනියා ධම්මා. කතමෙ දස:
Sinhala BJTමහණෙනි, මේ නිර්ධමනිය ධර්‍ම දස දෙනෙකි. කවර දස දෙනෙක යත්:
Pali BJTසම්මාදිට්ඨිකස්ස භික්ඛවෙ මිච්ඡාදිට්ඨි නිද්ධන්තා හොති. යෙ ච මිච්ඡා දිට්ඨි පච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස නිද්ධන්තා හොන්ති, සම්මාදිට්ඨි පච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
Sinhala BJTමහණෙනි, සම්‍යග්දෘෂ්ටිකයා විසින් මිථ්‍යාදෘෂ්ටිය පහ කෙළේ වෙයි. මිථ්‍යාදෘෂ්ටි ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඔහු විසින් උහුදු පහකරන ලදහ. සම්‍යග්දෘෂ්ටි ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත්.
Pali BJTසම්මාසඞ්කප්පස්ස භික්ඛවෙ මිච්ඡාසඞ්කප්පො නිද්ධන්තො හොති -පෙ- සම්මාවාචස්ස භික්ඛවෙ මිච්ඡාවාචා නිද්ධන්තා හොති -පෙ- සම්මාකම්මන්තස්ස භික්ඛවෙ මිච්ඡාකම්මන්තො නිද්ධන්තො හොති -පෙ- සම්මා ආජීවස්ස භික්ඛවෙ මිච්ඡාආජීවො නිද්ධන්තො හොති -පෙ- සම්මා වායාමස්ස භික්ඛවෙ මිච්ඡාවායාමො නිද්ධන්තො හොති -පෙ- සම්මාසතිස්ස භික්ඛවෙ මිච්ඡාසති නිද්ධන්තා හොති -පෙ- සම්මාසමාධිස්ස භික්ඛවෙ මිච්ඡා සමාධි නිද්ධන්තො හොති -පෙ- සම්මාඤාණිස්ස භික්ඛවෙ මිච්ඡාඤාණං නිද්ධන්තා හොති -පෙ- සම්මා විමුත්තිස්ස භික්ඛවෙ මිච්ඡාවිමුත්ති නිද්ධන්තා හොති, යෙ ච මිච්ඡාවිමුත්තිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස නිද්ධන්තා හොන්ති. සම්මාවිමුත්තිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති. ඉමෙ ඛො භික්ඛවෙ දස නිද්ධමනියා ධම්මා ති.
Sinhala BJTමහණෙනි, සම්‍යක්සංකල්ප ඇතියහු විසින් මිථ්‍යාසංකල්පය පහ කෙළේවෙයි ... මහණෙනි, සම්‍යග්වාත් ඇතියහු විසින් මිථ්‍යාවාක් පහ කෙළේ වෙයි ... මහණෙනි, සම්‍යක්කර්‍මාන්ත ඇතියහු විසින් මිථ්‍යාකර්‍මාන්ත පහ කෙළේ වෙයි ... මහණෙනි, සම්‍යගාජීව ඇතියහු විසින් මිථ්‍යාජීවය පහ කෙළේ වෙයි ... මහණෙනි, සම්‍යග්ව්‍යායාම ඇතියහු විසින් මිථ්‍යාව්‍යායාමය පහ කෙළේ වෙයි ... මහණෙනි, සම්‍යක්ස්මෘති ඇතියහු විසින් මිථ්‍යාස්මෘති පහ කෙළේ වෙයි ... මහණෙනි, සම්‍යක්සමාධිය ඇතියහු විසින් මිථ්‍යාසමාධිය පහ කෙළේ වෙයි ... මහණෙනි, සම්‍යග්ඥානය ඇතියහු විසින් මිථ්‍යාඥානය පහ කෙළේ වෙයි ... මහණෙනි, සම්‍යග්විමුක්ති ඇතියහු විසින් මිථ්‍යාවිමුක්තිය පහ කෙළේ වෙයි ... මිථ්‍යාවිමුක්ති ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම්, උහුදු ඔහු විසින් පහකරන ලදහු වෙත්. සම්‍යග්විමුක්ති ප්‍රත්‍යයෙන් කුශලධර්‍මයෝ ද භාවනායෙන් පරිපූර්තියට යෙත්. මහණෙනි, මොහු දසදෙන නිද්ධමනිය ධර්‍ම වෙත්.
Pali BJT10. 3. 1. 11.
Sinhala BJT10. 3. 1. 11.
Pali BJTඅසෙක සුත්තං
Sinhala BJTඅසේඛ සූත්‍රය
Pali BJTඅථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච.
Sinhala BJTඑකල්හි අන්‍යතර මහණෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් එ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ කීය:
Pali BJTඅසෙඛො අසෙඛො තී භන්තෙ වුච්චති, කිත්තාවතා නු ඛො භන්තෙ භික්ඛු අසෙඛො හොතී ති?
Sinhala BJTවහන්ස, අසේඛයා, අසේඛයා යි කියනු ලැබේ. වහන්ස, මහණ කෙතෙක් කරුණින් අසේඛ වේ දැ යි?
Pali BJTඉධ භික්ඛු, භික්ඛු අසෙඛාය සම්මාදිට්ඨියා සමන්නාගතො හොති, අසෙඛෙන සම්මාසඞ්කප්පෙන සමන්නාගතො හොති, අසෙඛාය සම්මාවාචාය සමන්නාගතො හොති, අසෙඛෙන සම්මා කම්මන්තෙන සමන්නාගතො හොතී, අසෙඛෙන සම්මාආජීවෙන සමන්නාගතො හොති, අසෙඛෙන සම්මාවායාමෙන සමන්නාගතො හොති, අසෙඛාය සම්මාසතියා සමන්නාගතො හොති, අසෙඛෙන සම්මාසමාධිනා සමන්නාගතො හොති, අසෙඛෙන සම්මාඤාණෙන සමන්නාගතො හොති, අසෙඛාය සම්මා විමුත්තියා සමන්නාගතො හොති. එවං ඛො භික්ඛු, භික්ඛු අසෙඛො හොතී ති.
Sinhala BJTමහණ, මෙ සස්නෙහි මහණ අශෛක්‍ෂ සම්‍යග්දෘෂ්ටියෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ්‍ය සම්‍යක්සංකල්පයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ්‍ය සම්‍යග්වචනයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ්‍ය සම්‍යක්කර්‍මාන්තයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ්‍ය සම්‍යගාජීවයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ්‍ය සම්‍යක්ව්‍යායාමයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ්‍ය සම්‍යක්ස්මෘතියෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ්‍ය සම්‍යග්ඥානයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ්‍ය සම්‍යග්විමුක්තියෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, මහණ මෙසේ අසේඛ වේ යයි.
Pali BJT10. 3. 1. 12.
Sinhala BJT10. 3. 1. 12.
Pali BJTඅසෙඛියධම්ම සුත්තං
Sinhala BJTඅසේඛියධම්ම සූත්‍රය
Pali BJTදස ඉමෙ භික්ඛවෙ අසෙඛියා ධම්මා. කතමෙ දස:
Sinhala BJTමහණෙනි, මෙ අසෙඛියධර්‍ම දස දෙනෙකි. කවර දස දෙනෙක යත්:
Pali BJTඅසෙඛා සම්මාදිට්ඨි, අසෙඛො සම්මාසඞ්කප්පො, අසෙඛා සම්මාවාචා, අසෙඛො සම්මාකම්මන්තො, අසෙඛො සම්මාආජීවො, අසෙඛො සම්මාවායාමො, අසෙඛො සම්මාසති, අසෙඛො සම්මාසමාධි, අසෙඛා සම්මා ඤාණං, අසෙඛා සම්මාවිමුත්ති. ඉමෙ ඛො භික්ඛවෙ දස අසෙඛියා ධම්මාති.
Sinhala BJTඅසේඛ සම්මාදිට්ඨි ය, අසේඛ සම්මාසඞ්කප්ප ය, අසේඛ සම්මාවාචා ය, අසේඛ සම්මාකම්මන්ත ය, අසේඛ සම්මාආජීව ය, අසේඛ සම්මාවායාම ය, අසේඛ සම්මාසතිය ය, අසේඛ සම්මාසමාධිය ය, අසේඛ සම්මාඤාණය ය, අසේඛ සම්මාවිමුක්ති යයි. මහණෙනි, මොහු දස අසේඛිය ධර්‍මයෝ යි.
Pali BJTසමණසඤ්ඤාවග්ගො පඨමො.
Sinhala BJTපළමුවැනි සමණසඤ්ඤා වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTසඤ්ඤා බොජ්ඣඞ්ගා මිච්ඡත්තං බීජං විජ්ජාය නිජ්ජරා ධොවනඤ්ච තිකිච්ඡා ච නිද්ධමනං ද්වෙ අසෙඛාති.
Sinhala BJTසඤ්ඤා ය, බොජ්ඣඞ්ග ය, මිච්ඡත්ත ය, බීජය, විජ්ජා ය, නිජ්ජරා ය, ධෝවන ය, තිකිච්ඡා දෙකය, නිද්ධමන ය, අසේඛ සූත්‍ර දෙකදැයි දොළොසෙකි.
Pali BJT2. පච්චොරොහණීවග්ගො
Sinhala BJT2. පච්චෝරෝහණි වර්‍ගය
Pali BJT10. 3. 2. 1.
Sinhala BJT10. 3. 2. 1.
Pali BJTපඨම අධම්ම සුත්තං
Sinhala BJTපඨම අධම්ම සූත්‍රය
Pali BJTඅධම්මො ච භික්ඛවෙ වෙදිතබ්බො අනත්ථො ච, ධම්මො ච වෙදිතබ්බො අත්ථො ච, අධම්මඤ්ච විදිත්වා අනත්ථඤ්ච ධම්මඤ්ච විදිත්වා අත්ථඤ්ච යථා ධම්මො යථා අත්ථො තථා පටිපජ්ජිතබ්බං.
Sinhala BJTමහණෙනි, අධර්‍ම හා අනර්‍ත්‍ථ හා දතයුතු, ධර්‍ම හා අර්‍ත්‍ථ හා දතයුතු, අධර්‍ම හා අනර්‍ත්‍ථ හා දැන ධර්‍ම හා අර්‍ත්‍ථ දැන ධර්‍ම යම් පරිදි වේ නම් අර්‍ත්‍ථ යම් පරිදි වේ නම් ඒ පරිදි පිළිපැදිය යුතු.
Pali BJTකතමො ච භික්ඛවෙ අධම්මො ච අනත්ථො ච: මිච්ඡාදිට්ඨි මිච්ඡා සඞ්කප්පො මිච්ඡාවාචා මිච්ඡාකම්මන්තො මිච්ඡාආජීවො මිච්ඡාවායාමො මිච්ඡාසති මිච්ඡාසමාධි මිච්ඡාඤාණං මිච්ඡාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ අධම්මො ච අනත්ථො ච.
Sinhala BJTමහණෙනි, අධර්‍මය හා අනර්‍ත්‍ථය හා කවර: මිච්ඡාදිට්ඨි ය, මිච්ඡාසඞ්කප්ප ය, මිච්ඡාවාචා ය, මිච්ඡාකම්මන්ත ය, මිච්ඡාආජීව ය, මිච්ඡාවායාම ය, මිච්ඡාසති ය, මිච්ඡාසමාධි ය, මිච්ඡාඤාණ ය, මිච්ඡාවිමුත්ති ය යි. මහණෙනි, මේ අධර්‍මය හා අනර්‍ත්‍ථය හා යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ ධම්මො ච අත්ථො ච: සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි සම්මාඤාණං සම්මාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ ධම්මො ච අත්ථො ච.
Sinhala BJTමහණෙනි, ධර්‍ම හා අර්‍ත්‍ථ හා කවරේ ය යත්: සම්මාදිට්ඨි ය, සම්මාසඞ්කප්ප ය, සම්මාවාචා ය, සම්මාකම්මන්ත ය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසති ය, සම්මාසමාධි ය, සම්මාඤාණ ය, සම්මාවිමුත්ති ය යි. මහණෙනි, ධර්‍ම හා අර්‍ත්‍ථ යයි කියනු ලැබේ.
Pali BJTඅධම්මො ච භික්ඛවෙ වෙදිතබ්බො අනත්ථො ච, ධම්මො ච වෙදිතබ්බො අත්ථො ච, අධම්මඤ්ච විදිත්වා අනත්ථඤ්ච, ධම්මඤ්ච විදිත්වා අත්ථඤ්ච යථා ධම්මො යථා අත්ථො තථා පටිපජ්ජිතබ්බන්ති ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තන්ති.
Sinhala BJTමහණෙනි, අධර්‍මය හා අනර්‍ත්‍ථය හා දත යුතු ය, ධර්‍මය හා අර්‍ත්‍ථය හා දත යුතුය, අධර්‍ම හා අනර්‍ත්‍ථ හා දැන ධර්‍ම හා අර්‍ත්‍ථ හා දැන ධර්‍මය යම් පරිදි වේ නම් අර්‍ත්‍ථය යම් පරිදි වෙ නම් එපරිදි පිළිපැදිය යුතු යයි මෙසේ යමක් කියනලද නම්, තෙල මෙ පිණිස කියන ලදැ යි.
Pali BJT10. 3. 2. 2.
Sinhala BJT10. 3. 2. 2.
Pali BJTදුතිය අධම්ම සුත්තං
Sinhala BJTදුතිය අධම්ම සූත්‍රය
Pali BJTඅධම්මො ච භික්ඛවෙ වෙදිතබ්බො ධම්මො ච, අනත්ථො ච වෙදිතබ්බො අත්ථො ච. අධම්මඤ්ච විදිත්වා ධම්මඤ්ච, අනත්ථඤ්ච විදිත්වා අත්ථඤ්ච යථා ධම්මො යථා අත්ථො තථා පටිපජ්ජිතබ්බං:
Sinhala BJTමහණෙනි, අධර්‍ම හා ධර්‍ම හා දතයුතු: අනර්‍ත්‍ථ හා අර්‍ත්‍ථ හා දතයුතු, අධර්‍ම හා ධර්‍ම හා දැන අනර්‍ත්‍ථ හා අර්‍ත්‍ථ හා දැන ධර්‍මය යම් පරිදි වේ නම්, අර්‍ත්‍ථය යම් පරිදි වේ නම් එසේ නම් පිළිපැදිය යුතුයි.
Pali BJTකතමො ච භික්ඛවෙ අධම්මො, කතමො ච ධම්මො, කතමො ච අනත්ථො කතමො ච අත්ථො.
Sinhala BJTමහණෙනි, අධර්‍මය කවරේය, ධර්‍මය කවරේය, අනර්‍ත්‍ථය කවරේය, අර්‍ත්‍ථය කවරේය යත්:
Pali BJT1. මිච්ඡාදිට්ඨි භික්ඛවෙ අධම්මො, සම්මාදිට්ඨි ධම්මො. යෙ ච මිච්ඡාදිට්ඨිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති අයං අනත්ථො. සම්මාදිට්ඨිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්ති අයං අත්ථො.
Sinhala BJT1. මහණෙනි, මිච්ඡාදිට්ඨිය අධර්‍මයි, සම්මාදිට්ඨිය ධර්‍ම යි. මිථ්‍යාදෘෂ්ටි ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම්, මේ අනර්‍ත්‍ථ වෙයි. සම්‍යග්දෘෂ්ටිප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත් නම් මේ අර්‍ත්‍ථ වෙයි.
Pali BJT2. මිච්ඡාසඞ්කප්පො භික්ඛවෙ අධම්මො, සම්මාසඞ්කප්පො ධම්මො. යෙ ච මිච්ඡාසඞ්කප්පපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, අයං අනත්ථො. සම්මාසඞ්කප්පපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති, අයං අත්ථො.
Sinhala BJT2. මහණෙනි, මිථ්‍යාසංකල්පය අධර්‍මයි, සම්‍යක්සංකල්පය ධර්‍ම යි. මිථ්‍යාසංකල්ප ප්‍රත්‍යයෙන් යම් ම නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම්, මේ අනර්‍ත්‍ථ යි. සම්‍යග්සංකල්ප ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
Pali BJT3. මිච්ඡාවාචා භික්ඛවෙ අධම්මො, සම්මාවාචා ධම්මො, යෙ ච මිච්ඡාවාචා පච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, අයං අනත්ථො. සම්මාවාචාපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති, අයං අත්ථො.
Sinhala BJT3. මහණෙනි, මිථ්‍යාවාක් අධර්‍මයි, සම්‍යග්වාක් ධර්‍ම යි. මිථ්‍යාවාක් ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම්, මේ අනර්‍ත්‍ථ යි. සම්‍යග්වාක් ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
Pali BJT4. මිච්ඡාකම්මන්තො භික්ඛවෙ අධම්මො, සම්මාකම්මන්තො ධම්මො. යෙ ච මිච්ඡාකම්මන්තපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, අයං අනත්ථො. සම්මාකම්මන්තපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති, අයං අත්ථො.
Sinhala BJT4. මහණෙනි, මිථ්‍යාකර්‍මාන්තය අධර්‍මයි, සම්‍යක්කර්‍මාන්තය ධර්‍ම යි. මිථ්‍යාකර්‍මාන්ත ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම්, මේ අනර්‍ත්‍ථ යි. සම්‍යග්කර්‍මාන්ත ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
Pali BJT5. මිච්ඡාආජීවො භික්ඛවෙ අධම්මො, සම්මාආජීවො ධම්මො. යෙ ච මිච්ඡාආජීවපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, අයං අනත්ථො. සම්මාආජීවපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති, අයං අත්ථො.
Sinhala BJT5. මහණෙනි, මිථ්‍යාආජීවය අධර්‍මයි, සම්‍යගාජීවය ධර්‍ම යි. මිථ්‍යාජීව ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම්, මේ අනර්‍ත්‍ථ යි. සම්‍යගාජීව ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
Pali BJT6. මිච්ඡාවායාමො භික්ඛවෙ අධම්මො, සම්මාවායාමො ධම්මො. යෙ ච මිච්ඡාවායාමපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති. අයං අනත්ථො. සම්මාවායාමපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති, අයං අත්ථො.
Sinhala BJT6. මහණෙනි, මිථ්‍යාව්‍යායාමය අධර්‍මයි, සම්‍යග්ව්‍යායාමය ධර්‍ම යි. මිථ්‍යාව්‍යායාම ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම්, මේ අනර්‍ත්‍ථ යි. සම්‍යග්ව්‍යායාම ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
Pali BJT7. මිච්ඡාසති භික්ඛවෙ අධම්මො, සම්මාසති ධම්මො. යෙ ච මිච්ඡාසතිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, අයං අනත්ථො, සම්මාසතිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති, අයං අත්ථො.
Sinhala BJT7. මහණෙනි, මිථ්‍යාස්මෘතිය අධර්‍මයි, සම්‍යක්ස්මෘතිය ධර්‍ම යි. මිථ්‍යාස්මෘති ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම්, මේ අනර්‍ත්‍ථ යි. සම්‍යග්ස්මෘති ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
Pali BJT8. මිච්ඡාසමාධි භික්ඛවෙ අධම්මො, සම්මාසමාධි ධම්මො. යෙ ච මිච්ඡාසමාධිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, අයං අනත්ථො. සම්මාසමාධිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති. අයං අත්ථො.
Sinhala BJT8. මහණෙනි, මිථ්‍යාසමාධිය අධර්‍මයි, සම්‍යක්සමාධිය ධර්‍ම යි. මිථ්‍යාසමාධිය ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම්, මේ අනර්‍ත්‍ථ යි. සම්‍යග්සමාධි ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
Pali BJT9. මිච්ඡාඤාණං භික්ඛවෙ අධම්මො, සම්මාඤාණං ධම්මො. යෙ ච මිච්ඡා ඤාණපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, අයං අනත්ථො. සම්මාඤාණපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති. අයං අත්ථො.
Sinhala BJT9. මහණෙනි, මිථ්‍යාඥානය අධර්‍මයි, සම්‍යග්ඥානය ධර්‍ම යි. මිථ්‍යාඥාන ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම්, මේ අනර්‍ත්‍ථ යි. සම්‍යග්ඥාන ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලදහම්හු භාවනායෙන් පිරිපුන්බවට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
Pali BJT10. මිච්ඡාවිමුත්ති භික්ඛවෙ අධම්මො, සම්මාවිමුත්ති ධම්මො. යෙ ච මිච්ඡා විමුත්තිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, අයං අනත්ථො. සම්මාවිමුත්තිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති. අයං අත්ථො.
Sinhala BJT10. මහණෙනි, මිථ්‍යාවිමුක්තිය අධර්‍මයි, සම්‍යග්විමුක්තිය ධර්‍ම යි. මිථ්‍යාවිමුක්ති ප්‍රත්‍යයෙන් යම්බඳු ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම්, මේ අනර්‍ත්‍ථ යි. සම්‍යග්විමුක්ති ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
Pali BJTඅධම්මො ච භික්ඛවෙ වෙදිතබ්බො ධම්මො ච, අනත්ථො ච වෙදිතබ්බො අත්ථො ච, අධම්මඤ්ච විදිත්වා ධම්මඤ්ච, අනත්ථඤ්ච විදිත්වා අත්ථඤ්ච, යථා ධම්මො යථා අත්ථො තථා පටිපජ්ජිතබ්බන්ති. ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තන්ති.
Sinhala BJTමහණෙනි, අධර්‍මය ද ධර්‍මය ද දතයුත්තේ ය, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දතයුත්තේ ය, අධර්‍මය ද දැන, ධර්‍මය ද දැන, අනර්‍ත්‍ථය දැන අර්‍ත්‍ථය ද දැන, දහම් යම් පරිදි නම් එසේ පිළිපැදිය යුතු යයි මෙසේ යමක් කියන ලද නම් තෙල කරුණ මෙ නිසා කියන ලදැ යි.
Pali BJT10. 3. 2. 3.
Sinhala BJT10. 3. 2. 3.
Pali BJTතතිය අධම්ම සුත්තං
Sinhala BJTතතිය අධම්ම සූත්‍රය
Pali BJTඅධම්මො ච භික්ඛවෙ වෙදිතබ්බො, ධම්මො ච. අනත්ථො ච වෙදිතබ්බො අත්ථො ච, අධම්මඤ්ච විදිත්වා ධම්මඤ්ච, අනත්ථඤ්ච විදිත්වා අත්ථඤ්ච, යථා ධම්මො යථා අත්ථො තථා පටිපජ්ජිතබ්බන්ති. ඉදමවොච භගවා ඉදං වත්වා සුගතො උට්ඨායාසනා විහාරං පාවිසි.
Sinhala BJTමහණෙනි, අධර්‍මය ද ධර්‍මය ද දතයුතු, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දතයුතු, අධර්‍මය ද ධර්‍මය ද දැන, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දැන ධර්‍මය යම් පරිදි නම්, අර්‍ත්‍ථය යම් පරිදි නම්, එපරිද්දෙන් පිළිපැදිය යුතු යයි භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැඟි විහාරයට වැඩි සේක.
Pali BJTඅථ ඛො තෙසං භික්ඛූනං අචිරපක්කන්තස්ස භගවතො එතදහොසි: “ඉදං ඛො නො ආවුසො භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො “අධම්මො ච භික්ඛවෙ වෙදිතබ්බො ධම්මො ච, අනත්ථො ච වෙදිතබ්බො අත්ථො ච, අධම්මඤ්ච විදිත්වා ධම්මඤ්ච, අනත්ථඤ්ච විදිත්වා අත්ථඤ්ච, යථා ධම්මො යථා අත්ථො තථා පටිපජ්ජිතබ්බ”න්ති. කො නු ඛො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජෙය්යාති.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ බැහැර වැඩි නො බෝ කල් වත් ම එ මහණුන්ට තෙල සිත විය: ඇවැත්නි, අපහට භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, අධර්‍මය ද ධර්‍මය ද දතයුතු, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දතයුතු, අධර්‍මය ද ධර්‍මය ද දැන, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දැන, ධර්‍මය යම් පරිදි නම්, අර්‍ත්‍ථය යම් පරිදි වේ නම්, එසෙයින් පිළිපැදිය යුතු යි” යන මෙ උද්දේශය සැකෙවින් උදෙසා විස්තර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැඟි විහාරයට වැඩියහ. කවරෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තර විසින් අරුත් නො බෙදන ලද මේ උද්දේශයාගේ අර්‍ත්‍ථය විභාග කරන්නේ දැ”යි.
Pali BJTඅථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි: ‘අයං ඛො ආයස්මා ආනන්දො සත්ථු චෙව සංවණ්ණිතො, සම්භාවිතො ච විඤ්ඤූනං සබ්රහ්මචාරීනං, පහොති චායස්මා ආනන්දො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං.
Sinhala BJTඑකල්හි එ මහණුන්හට තෙල සිත විය: “මේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ශාස්තෘන් වහන්සේ විසිනුදු සංවර්ණිතයහ. විඥ සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතයහ. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත් නො බෙදූ මේ උද්දේශයාගේ අර්‍ත්‍ථය විතර විසින් බෙදා දක්වන්නට ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පොහොසත් ද වන්නාහ.
Pali BJTයන්නූන මයං යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමෙය්යාම. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං එතමත්ථං පුච්ඡෙය්යාම, යථා නො ආයස්මා ආනන්දො ව්යාකරිස්සති, තථා නං ධාරෙස්සාමා”ති.
Sinhala BJT“ඉදින් අපි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් කරා එළඹමෝ නම්, එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් තෙල අරුත් පුළුවුස්නමෝ නම්, ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ යම් පරිද්දෙකින් අපට ව්‍යාකරණ කරත් ද එ පරිද්දෙන් එය දරන්නමෝ නම් යෙහෙකැ”යි.
Pali BJTඅථ ඛො තෙ භික්ඛු යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මතා ආනන්දෙන සද්ධිං සම්මොදිංසු, සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛු ආයස්මන්තං ආනන්දං එතදවොචුං:
Sinhala BJTඉක්බිති එ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් සමග සතුටු වූහ. සතුටු විය යුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ මහණහු ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට තෙල කීහ:
Pali BJT“ඉදං ඛො නො ආවුසො ආනන්ද භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො, ‘අධම්මො ච භික්ඛවෙ වෙදිතබ්බො ධම්මො ච, අනත්ථො ච වෙදිතබ්බො අත්ථො ච, අධම්මඤ්ච විදිත්වා ධම්මඤ්ච, අනත්ථඤ්ච විදිත්වා අත්ථඤ්ච, යථා ධම්මො යථා අත්ථො, තථා පටිපජ්ජිතබ්බන්ති’. තෙසං නො ආවුසො අම්හාකං අචිරපක්කන්තස්ස භගවතො එතදහොසි: ‘ඉදං ඛො නො ආවුසො භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො, අධම්මො ච භික්ඛවෙ වෙදිතබ්බො ධම්මො ච, අනත්ථො ච වෙදිතබ්බො අත්ථො ච. අධම්මඤ්ච විදිත්වා ධම්මඤ්ච, අනත්ථඤ්ච විදිත්වා අත්ථඤ්ච, යථා ධම්මො යථා අත්ථො තථා පටිපජ්ජිතබ්බන්ති. කො නු ඛො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජෙය්යාති. තෙසං නො ආවුසො අම්හාකං එතදහොසි: “අයං ඛො ආයස්මා ආනන්දො සත්ථු චෙව සංවණ්ණිතො සම්භාවිතො ච විඤ්ඤූනං සබ්රහ්මචාරීනං, පහොති චායස්මා ආනන්දො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං. යන්නූන මයං යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමෙය්යාම, උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං එතමත්ථං පුච්ඡෙය්යාම, යථා නො ආයස්මා ආනන්දො ව්යාකරිස්සති තථා නං ධාරෙය්යාමා”ති. විභජිතු ආයස්මා ආනන්දොති.
Sinhala BJTඇවැත් ආනන්‍දයෙනි, භාග්‍යවතුන් වහන්සේ අපට ‘මහණෙනි, අධර්‍මය ද ධර්‍මය ද දතයුතු, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දතයුතු, අධර්‍මය ද ධර්‍මය ද දැන, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දැන, ධර්‍මය යම් පරිදි වේ නම් අර්‍ත්‍ථය යම් පරිදි වේ නම් එසේ පිළිපැදිය යුතු’යි යන මේ උද්දේශය සැකෙවින් උදෙසා විතර විසින් අර්‍ත්‍ථය නො බෙදා හුනස්නෙන් නැඟ විහාරයට වන්හ. ඇවැත්නි, එ අපට භාග්‍යවතුන් වහන්සේ බැහැර වැඩි නොබෝ කල්වත් ම තෙල සිත විය: ‘ඇවැත්නි, අපට භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි, අධර්‍මය ද ධර්‍මය ද දතයුතු ය, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දතයුතු ය, අධර්‍මය ද ධර්‍මය ද දැන, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දැන, ධර්‍මය යම් පරිදි වේ නම්, අර්‍ත්‍ථය යම් පරිදි වේ නම්, එ පරිදි පිළිපැදිය යුතු ය’ යන මේ උද්දේශය සැකෙවින් උදෙසා විස්තර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැඟ විහාරයට වන්හ. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත් නො බෙදන ලද මේ උද්දේශයාගේ අර්‍ත්‍ථය කවරෙක් විතර විසින් අර්‍ත්‍ථය බෙදා දක්වන්නේ දැ’යි. ඇවැත්නි, එ අපට තෙල සිත විය: “මෙ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ වනාහි ශාස්තෘන් වහන්සේ විසින් ද සංවර්ණිතයහ. විඥ සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතයහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත් නො බෙදූ මේ උද්දේශයාගේ අර්‍ත්‍ථය විස්තර විසින් අරුත් බෙදනට පොහොසත් ද වෙත්. අපි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් කරා එළඹමෝ නම්, එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් තෙල කරුණ පුළුවුස්නමෝ නම්, ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ යම් පරිදි ව්‍යාකරණ කරන්නහු ද එ පරිදි දරන්නමෝ නම් යෙහෙකැ’යි. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ බෙදා දක්වත්වා යි.
Pali BJTසෙය්යථාපි ආවුසො පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව මූලං අතික්කම්මඛන්ධං සාඛා පලාසෙ සාරං පරියෙසිතබ්බං මඤ්ඤෙය්ය, එවං සම්පදමිදං ආයස්මන්තානං සත්ථරි සම්මුඛීභූතෙ තං භගවන්තං අතියිත්වා{1} අම්හෙ එතමත්ථං පටිපුච්ඡිතබ්බං මඤ්ඤථ. සොහාවුසො භගවා ජානං ජානාති, පස්සං පස්සති, චක්ඛුභූතො ඤාණභූතො ධම්මභූතො බ්රහ්මභූතො වත්තා පවත්තා අත්ථස්ස නින්නෙතා අමතස්ස දාතා ධම්මස්සාමී තථාගතො. සො චෙව පනෙතස්ස කාලො අහොසි, යං තුම්හෙ භගවන්තං යෙව උපසඞ්කමිත්වා එතමත්ථං පුච්ඡෙය්යාථ, යථා වො භගවා ව්යාකරෙය්ය තථා නං ධාරෙය්යාථා ති.
Sinhala BJTඇවැත්නි, හර කැමැති පුරුෂයෙක් හර සොයනුයේ සාරපර්‍ය්‍යෙෂණ කරනුයේ සිටුනා හර ඇති මහරුක්හුගේ මුල ඉක්ම කඳ ඉක්ම අතු කොළෙහි හර සෙවිය යුතු කොට හඟනේ යම් සේ නම්, මෙ එබඳු උපමා සම්පත් ඇත්තෙකි. ආයුෂ්මත්හට ශාස්තෘන් සම්මුඛ වත් ම එ භාග්‍යවත්හු ඉක්ම තෙල කරුණ අප පිළිවිසිය යුතු කොට හඟනාහු ය. ඇවැත්නි, දන්නා වූ එ භාග්‍යවතුන් වහන්සේ දනිත්ම ය, දක්නාහු දක්නාහුම ය. තථාගතයන් වහන්සේ චක්‍ෂූර්භූතයහ, ඥානස්වභාව ඇතියහ, ධර්‍මස්වභාව ඇතියහ, ශ්‍රේෂ්ඨ ස්වභාව ඇතියහ, වක්තෘහ, ප්‍රවර්‍තනයෙහි සමර්‍ත්‍ථයහ, අර්‍ත්‍ථයාගේ නිර්නේතෘහ, අමෘතයාගේ දාතෘහ, ධර්‍මස්වාමීහ. තෙල කරුණ සඳහා එම කල් විය. එහෙයින් තෙපි එ භාග්‍යවතුන් වහන්සේ කරා ම එළඹ තෙල කරුණ පුළුවුස්ව. භාග්‍යවතුන් වහන්සේ යම් පරිද්දෙකින් තොපට ව්‍යාකරණ කෙරෙත්නම්, එ පරිද්දෙන් එය දරව යි.
Pali BJTඅද්ධාවුසො ආනන්ද භගවා ජානං ජානාති, පස්සං පස්සති. චක්ඛුභූතො ඤාණභූතො ධම්මභූතො බ්රහ්මභූතො වත්තා පවත්තා අත්ථස්ස නින්නෙතා අමතස්ස දාතා ධම්මස්සාමි තථාගතො. සො චෙව පනෙතස්ස කාලො අහොසි යං මයං භගවන්තං යෙව උපසඞ්කමිත්වා එතමත්ථං පුච්ඡෙය්යාම, යථා නො භගවා ව්යාකරෙය්ය තථා නං ධාරෙය්යාම. අපි ච ආයස්මා ආනන්දො සත්ථු චෙව සංවණ්ණිතො, සම්භාවිතො ච විඤ්ඤූනං සබිරහ්මචාරීනං, පහොති චායස්මා ආනන්දො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං. විභජතායස්මා ආනන්දො අගරු කරිත්වාති.
Sinhala BJTඇවැත් ආනන්‍දයෙනි, එකැතින් දන්නාහු ම භාග්‍යවත්හු දනිති, දක්නාහු දකිත්, චක්‍ෂූර්භූතයහ, ඥානභූතයහ, ධර්‍මභූතයහ, බ්‍රහ්මභූතයහ, වක්තෘහ, ප්‍රවර්තෘහ, අර්‍ත්‍ථයාගේ නිර්නේතෘහ, අමෘතයාගේ දෘතෘහ, තථාගතයෝ ධර්‍මස්වාමීහ. යම් හෙයකින් අපි භාග්‍යවතුන් වහන්සේ කරා ම එළැඹ පුළුවුස්නමෝ නම්, යම් පරිද්දෙකින් අපට භාග්‍යවතුන් වහන්සේ ව්‍යාකරණ කරන සේක් නම් එසෙයින් දරනමෝ නම්, තෙල කරුණ සඳහා එ ම කල් විය. වැලිත් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ශාස්තෘන් වහන්සේ විසිනුදු සංවර්ණිතයහ, විඥ සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතයහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත් නො බෙදන ලද මේ උද්දේශයාගේ අර්‍ත්‍ථය විතර විසින් විභජනයට සමත්හ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ නො බර කොට විභජනය කරත්ව යි.
Pali BJTතෙන හාවුසො සුණාථ සාධුකං මනසිකරොථ භාසිස්සාමී ති. එව මාවුසොති ඛො තෙ භික්ඛු ආයස්මතො ආනන්දස්ස පච්චස්සොසුං. ආයස්මා ආනන්දො එතදවොච:
Sinhala BJTඇවැත්නි, එ කරුණින් අසව, මොනොවට මෙනෙහි කරව. දෙසන්නෙමැ යි. ‘ඇවැත්නි, එසේ’යයි එ මහණහු ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ තෙල කරුණ වදාළහ:
Pali BJTයං ඛො නො ආවුසො භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො “අධම්මො ච භික්ඛවෙ වෙදිතබ්බො ධම්මො ච, අනත්ථො ච වෙදිතබ්බො අත්ථො ච, අධම්මඤ්ච විදිත්වා ධම්මඤ්ච, අනත්ථඤ්ච විදිත්වා අත්ථඤ්ච, යථා ධම්මො යථා අත්ථො තථා පටිපජ්ජිතබ්බ”න්ති.
Sinhala BJTඇවැත්නි, අපට භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, අධර්‍මය ද ධර්‍මය ද දතයුතු ය, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දතයුතු ය, අධර්‍මය ද ධර්‍මය ද දැන අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දැන ධර්‍මය යම් පරිදි වේ නම් එ පරිදි පිළිපැදිය යුතුය”යි යම් ම උද්දේශයක් උදෙසා විස්තර විසින් අර්‍ත්‍ථවිභජනය නො කොට හුනස්නෙන් නැග විහාරයට වන්හු නම්: