Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 14601-14700 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTකො නාමො ආයස්මා? කථඤ්ච පනායස්මන්තං සබ්රහ්මචාරී ජානන්තී ති?
Sinhala BJTආයුෂ්මත්හු කිනම්හුයි? කෙසේ නම් සබ්‍රම්සරහු ආයුෂ්මතුන් දන්නාහු දැයි?
Pali BJTආනන්දොති ඛො මෙ ආවුසො නාමං, ආනන්දොති ච පන මං සබ්රහ්මචාරී ජානන්තී ති.
Sinhala BJTඇවැත්නි, ‘ආනන්‍ද’ යනු මාගේ නම් වෙයි. සබ්‍රම්සරහු මා ආනන්‍ද යි ද දනිත් යි.
Pali BJTමහාචරියෙන වත කිර භොතා සද්ධිං මන්තයමානා න ජානිම්හ ‘ආයස්මා ආනන්දො’ති. සචෙ හි මයං සඤ්ජානෙය්යාම ‘ආයස්මා ආනන්දො’ති එත්තකම්පි නො නප්පටිභාසෙය්ය. ඛමතු ච මෙ ආයස්මා ආනන්දොති.
Sinhala BJTඑකැතින් මහාචාර්‍ය්‍ය භවතුන් හා සමගම ම මන්ත්‍රණය කරන අපි “ආයුෂ්මත් ආනන්‍ද හ”යි නො දනුම්හ. ඉදින් අපි (මෙ) ‘ආයුෂ්මත් ආනන්‍ද හ’යි දනුමෝ නම් අපව මෙතෙකුදු නො වටනේ ය. ආයුෂ්මත් ආනන්‍දයෝ මට කමත්වා යි.
Pali BJT10. 2. 5. 7.
Sinhala BJT10. 2. 5. 7.
Pali BJTආහුනෙය්ය සුත්තං
Sinhala BJTආහුනෙය්‍ය සූත්‍රය
Pali BJTදසහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙහි දසහි:
Sinhala BJTමහණෙනි, දශධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය, පාහුණෙය්‍ය, දක්ඛිණෙය්‍ය, අඤ්ජලිකරණීය වෙයි. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර දශයෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු සීලවා හොති පාතිමොක්ඛසංවර සංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වූයේ ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත වූයේ වාස කරයි. ආචාර ගෝචරසම්පන්න වූයේ අණුමාත්‍ර වරදෙහි භය දක්නා සුලුයේ සමාදන් වැ සිකපදයන්හි හික්මෙයි.
Pali BJTබහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා.
Sinhala BJTශ්‍රැතධර වූයේ ශ්‍රැතසන්නිචය ඇතියේ බහුශ්‍රුත වෙයි. ආදි කල්‍යාණ, මධ්‍ය කල්‍යාණ, පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ යම් බඳු ධර්‍මකෙනෙක් සාර්‍ත්‍ථ සව්‍යඤ්ජන කොට, කේවලපරිපූර්‍ණ, පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය පළට කරත් නම්, එබඳු ධර්‍මයෝ ඔහු විසින් ධරන ලද්දාහු වචනයෙන් පරිචිත වූවාහු මනසින් අනුප්‍රේක්‍ෂිත වූවාහු ප්‍රඥායෙන් සුප්‍රවිදිත වූවාහු බහුශ්‍රුත වෙති.
Pali BJTකල්යාණමිත්තො ච හොති කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො.
Sinhala BJTකල්‍යාණ සගයන් ඇතියේ කල්‍යාණ පුද්ගලයනට නැඹුරුවීම් ඇතියේ කල්‍යාණමිත්‍ර ද වෙයි.
Pali BJTසම්මාදිට්ඨිකො හොති සම්මාදස්සනෙන සමන්නාගතො.
Sinhala BJTසම්‍යග් දර්‍ශනයෙන් සමන්‍වාගත වූයේ සම්‍යග්දෘෂ්ටික වෙයි.
Pali BJTඅනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති එකොපි හුත්වා බහුධා හොති, බහුධා පි හුත්වා එකො හොති, ආවීභාවං තිරොභාවං තිරොකුඩ්ඩං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡති සෙය්යථාපි ආකාසෙ. පඨවියාපි උම්මුජ්ජනිමුජ්ජං කරොති සෙය්යථාපි උදකෙ. උදකෙපි අභිජ්ජමානෙ ගච්ඡති සෙය්යථාපි පඨවියං. ආකාසෙපි පල්ලඞ්කෙන කමති සෙය්යථාපි පක්ඛි සකුණො. ඉමෙ පි චන්දිම සුරියෙ එවං මහිද්ධිකෙ එවං මහානුභාවෙ පාණිනා පරිමසති පරිමජ්ජති. යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙති.
Sinhala BJTඅනේකවිධ ඍද්ධි විශේෂය වදනේය. එකෙක් ම වූයේ බහුප්‍රකාරයෙන් වෙයි. බහුප්‍රකාරයෙන් වූයේ ම එකෙක් වෙයි. පළට බව, නො පළ බව කරනේය, බිතින් පරභාගයට පවුරින් පරභාගයට පවුයෙන් පරභාගයට අහසැ සෙයින් නො ලැගෙමින් යෙයි. දියෙහි මෙන් පොළොව්හිදු නැගීම් හා ගැලීම් හා කෙරෙයි. පොළොව්හි සෙයින් නො බිඳෙන දියෙහි දු ගමන් කෙරෙයි. පියාපත් ඇති ළිහිණියක සෙයින් අහස්හිදු පළඟින් යෙයි. මෙසේ මහර්ධි ඇති, මෙසේ මහානුභාව ඇති මෙ සඳහිරුනුදු අත්ලෙන් පරාමර්‍ෂ කෙරෙයි, පිරිමදියි, බඹ ලෝ හිම් කොට ද කයින් වශය පවත්වයි.
Pali BJTදිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණාති දිබ්බෙ ච මානුසෙ ච යෙ දූරෙ ච සන්තිකෙ ච,
Sinhala BJTවිශුද්ධ වූ මිනිසැස ඉක්ම ගිය දිවසෝධායෙන් දිව්‍ය වූ හා මානුෂ හා දුරෙහි හා වෙත හා උභය ශබ්දයන් අසයි.
Pali BJTපරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානාති සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති. සදොසං වා චිත්තං -පෙ- වීතදොසං වා චිත්තං -පෙ- සමොහං වා චිත්තං -පෙ- වීතමොහං වා චිත්තං -පෙ- සඞ්ඛිත්තං වා චිත්තං -පෙ- වික්ඛිත්තං වා චිත්තං -පෙ- අමහග්ගතං වා චිත්තං -පෙ- මහග්ගතං වා චිත්තං -පෙ- සවුත්තරං වා චිත්තං -පෙ- අනුත්තරං වා චිත්තං -පෙ- අසමාහිතං වා චිත්තං -පෙ- සමාහිතං වා චිත්තං -පෙ- අවිමුත්තං වා චිත්තං -පෙ- විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති.
Sinhala BJTපරසත්ත්‍ව පරපුද්ගලයන්ගේ සිත් තම සිතින් පිරිසිඳ දන්නේ ය: සරාග වූ හෝ චිත්තය සරාග චිත්ත යයි දන්නේ ය. වීතරාග හෝ චිත්තය වීතරාග චිත්ත යයි දන්නේ ය. සදෝස හෝ චිත්තය ... වීතදෝස හෝ චිත්තය ... සමෝහ හෝ චිත්තය ... වීතමෝහ හෝ චිත්තය ... සංක්‍ෂිප්ත හෝ චිත්තය ... වික්‍ෂිප්ත හෝ චිත්තය ... අමහද්ගත හෝ චිත්තය ... මහද්ගත හෝ චිත්තය ... සඋත්තර හෝ චිත්තය ... අනුත්තර හෝ චිත්තය ... අසමාහිත හෝ චිත්තය ... සමාහිත හෝ චිත්තය ... අවිමුත්ත හෝ චිත්තය ... විමුත්ත හෝ චිත්තය ... විමුක්ත හෝ චිත්තය විමුක්ත චිත්තය යි දන්නේය.
Pali BJTඅනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථීදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො, තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො, වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො, චත්තාරීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො, ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාති සතසහස්සම්පි අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ අනෙකෙපි සංවට්ට විවට්ටකප්පෙ අමුත්රාසිං, එවංනාමො, එවංගොත්තො, එවංවණ්ණො, එවමාහාරො එවං සුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො අමුත්ර උපපාදිං. තත්රාපාසිං එවන්නාමො එවඞ්ගොත්තො, එවංවණ්ණො එවමාහාරො එවං සුඛ දුක්ඛ පටිසංවෙදී, එවමායු පරියන්තො. සො තතො චුතො ඉධූප්පන්නොති ඉති සාකාරං සවුද්දෙසං අනෙකවිහිතං පුබ්බෙ නිවාසං අනුස්සරති.
Sinhala BJTඅනේකවිධ පූර්වේනිවාස සිහි කරන්නේ ය. කෙසෙයින යත්: එක් ජාතිකෙකුදු - ජාති දෙකකුදු - ජාති තුනකුදු - ජාති සතරකුදු - ජාති පසකුදු - ජාති දශයකුදු - ජාති විස්සකුදු - ජාති තිසකුදු - ජාති සතළිසකුදු - ජාති පනසකුදු - ජාති සියයකුදු - ජාති දහසකුදු - ජාති සුවහසකුදු - නොයෙක් සංවර්‍තකල්පයනුදු - අනේක විවර්‍තකල්පයනුදු - අනේක සංවර්‍තවිවර්‍ත කල්පයනන් දැයි (යන විසිනි.) මෙබඳු නම් ඇත්තෙම්, මෙබඳු ගොත් ඇත්තෙම්, මෙබඳු සිරුරු පැහැතියෙම්, මෙබඳු අහරැතියෙම් මෙබඳු සුවදුක් විඳුනෙම්, මෙබඳු ආයු හිම් කොට ඇතියෙම්, අසෝතන්හි උපන්මි, හෙ මම් එයින් සැවැ අසෝතන්හි උපනිමි. එහිදු මෙබඳු නමැතියෙම්, මෙබඳු ගොත් ඇතියෙම්, මෙබඳු පැහැ ඇතියෙම්. මෙබඳු අහරැතියෙම් මෙබඳු සුවදුක් විඳින සුලුයෙම් මෙබඳු ආයු හිම්කොට ඇත්තෙම් වීමි. එ මම් එයින් ච්‍යුතවූයෙම් මෙහි උපන්නෙම් වෙමියි මෙ ආකාර සහිත උද්දේශ සහිත අනේකවිධ පූර්වේනිවාසය සිහි කරයි.
Pali BJTදිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති. ‘ඉමෙ වත භොන්තො සත්තා කාය දුච්චරිතෙන සමන්නාගතා වචී -පෙ- මනො -පෙ- අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨි කම්ම සමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමෙවා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා, වචී -පෙ- මනො සුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්ම සමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං ලොකං උපපන්නාති, ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති.
Sinhala BJTවිශුද්ධ වූ මිනිසැස ඉක්ම ගිය දිවැසින් සැවෙන උපදනා සත්ත්‍වයන් දකී, හීන වූ ද ප්‍රණීත වූ ද සුවර්‍ණ වූ ද දුර්වර්‍ණ වූ ද සුගත වූ ද කම් වූ පරිදි මැරීයන සත්ත්‍වයන් දන්නේ ය. එකැතියෙන් මෙ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් සමන්‍වාගත වූහු ... වාග් .... මනස් ... ආර්‍ය්‍යයනට උපවාද කරන්නාහු මිථ්‍යාදෘෂ්ටික වූහු මිථ්‍යාදෘෂ්ටික කර්‍ම සමාදාන ඇත්තාහු වෙති. ඔහු කා බුන් මරණින් මතු අපාය වූ දුගති වූ විනිපාත වූ නිරයට පැමිණියාහු වෙත්. මෙ භවත් සත්ත්‍වයෝ කාය සුචරිතයෙන් සමන්‍වාගත වූවාහු ... වාග් .... මනෝ සුචරිතයෙන් සමන්‍වාගත වූවාහු ආර්‍ය්‍යයනට උපවාද නො කරන්නාහු සම්‍යග්දෘෂ්ටික වූවාහු සම්‍යග්දෘෂ්ටික කර්‍ම සමාදානයෙන් යුක්ත වූවාහු වෙති. ඔහු කා බුන් මරණින් මතු සුගති වූ ස්වර්‍ග ලෝකයෙහි උපන්නාහු වෙති. මෙසේ විශුද්ධි වූ මිනිස් ඇස ඉක්ම ගිය දිවැසින් ච්‍යවමෘන වූ ද උපපද්‍යමාන වූ ද හීන, ප්‍රණීත, සුවර්‍ණ, දුවර්‍ණ, සුගත, දුර්‍ගත, කම් වූ පරිදි යන සත්ත්‍වයන් දනී.
Pali BJTආසවානං ඛයා අනාසවං චෙතො විමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
Sinhala BJTආස්‍රක්‍ෂයයෙන් අනාස්‍රව චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය ඉහාත්මයෙහි ම තෙමෙ අභිඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට එළඹ වෙසෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ දසහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති පාහුණෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTමහණෙනි, මේ දස ධර්‍මයෙන් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි, පාහුණෙය්‍ය වෙයි, දක්ඛිණෙය්‍ය වෙයි, අඤ්ජලිකරණීය වෙයි, ලෝකයට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර වෙයි.
Pali BJT10. 2. 5. 8.
Sinhala BJT10. 2. 5. 8.
Pali BJTථෙර සුත්තං
Sinhala BJTථේර සූත්‍රය
Pali BJTදසහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු යස්සං යස්සං දිසායං විහරති. ඵාසුයෙව විහරති. කතමෙහි දසහි:
Sinhala BJTමහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත තෙර මහණෙක් යම් ම දිසායෙක වාසය කෙරේ නම් පහසුයෙන් ම වසන්නේ ය. කවර දසයෙකින යත්:
Pali BJTථෙරො හොති රත්තඤ්ඤූ චිරපබ්බජිතො. සීලවා හොති -පෙ- සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. බහුස්සුතො හොති -පෙ- දිට්ඨියා සුප්පටිවිද්ධො. උභයානි ඛො පනස්ස පාතිමොක්ඛානි විත්ථාරෙන ස්වාගතානි හොන්ති සුවිභත්තානි සුප්පවත්තීනි සුවිනිච්ඡිතානි සුත්තසො අනුබ්යඤ්ජනසො අධිකරණ සමුප්පාද වූපසමෙ කුසලො හොති. ධම්මකාමො හොති පියසමුදාචාරො, අභිධම්මෙ අභිවිනයෙ උළාරපාමුජ්ජො, සන්තුට්ඨො හොති.
Sinhala BJTතෙර මහණ, පැවිදිව බොහෝ කල් ඇත්තේ රාත්‍රඥ වෙයි. සිල්වත් වෙයි ... සිකපදයන්හි සමාදන්ව හික්මෙයි. බහුශ්‍රුත වෙයි ... ප්‍රඥායෙන් මොනොවට පිළිවිදියාහු වෙති. උභය ප්‍රාතිමොක්‍ෂයෝ ඔහු විසින් විස්තර වශයෙන් සුවිභක්ත වූවාහු මොනොවට වණපොත්වන්නාහු සූත්‍ර විසින් අනුව්‍යඤ්ජන විසින් මොනොවට විනිශ්චිත වූවාහු ස්වාගත වෙත්. අධිකරණ සමුත්පාදව්‍යුපශමයෙහි කුශල වෙයි. ප්‍රිය කථා ඇතියේ ධර්‍මකාම වූයේ අභිධර්‍මයෙහි අභිවිනයෙහි උදාර ප්‍රාමෝද්‍යය ඇත්තේ වෙයි.
Pali BJTඉතරීතරචීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන. පාසාදිකො හොති අභික්කන්තෙ පටික්කන්තෙ. සුසංවුතො අන්තරඝරෙපි නිසජ්ජාය, චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී ආසවානඤ්ච ඛයා අනාසවං චෙතො විමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
Sinhala BJTඉතරතෙර චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍ර‍්‍යය භෛෂජ්‍යපරිෂ්කාරයෙන් සතුටු වෙයි. ඉදිරි ගමනෙහි දු පෙරළා යන ගමනෙහිදු ප්‍රසාද ඇතියේ වෙයි. ඇතුළුගෙහිදු නිෂාද්‍යායෙන් සුසංවෘත වෙයි. අභිචිත්තයෙහි උපන් දිටුදැහැමියෙහි සුඛවිහරණ වූ සතර ධ්‍යානයන් කැමැති සේ ලබන සුල්ලේ නිදුකින් ලබන සුල්ලේ පහසුවෙන් ලබන සුල්ලේ වෙයි. ආස්‍රවයන්ගේ ක්‍ෂයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්ති ප්‍රඥාවිමුක්ති ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට පැමිණ වාසය කරයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ දසහි ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු යස්සං යස්සං දිසායං විහරති ඵාසුයෙව විහරතීති.
Sinhala BJTමහණෙනි, මෙ දස කරුණෙන් සමන්‍වාගත තෙර මහණ යම් ම දිශායෙක්හි වෙසේ නම් පහසුවෙන් ම වාසය කෙරේ යයි.
Pali BJT10. 2. 5. 9.
Sinhala BJT10. 2. 5. 9.
Pali BJTඋපාලි සුත්තං
Sinhala BJTඋපාලි සූත්‍රය
Pali BJTඅථ ඛො ආයස්මා උපාලි යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා උපාලි භගවන්තං එතදවොච: ඉච්ඡාමහං භන්තෙ අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවිතුන්ති.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, මම ආරණ්‍ය - වානප්‍රස්ථ ප්‍රාන්තශයනාසනයන් සෙවුමට කැමතියෙමි යි.
Pali BJTදුරභිසම්භවානි ඛො උපාලි අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි, දුක්කරං පවිවෙකං දුරභිරමං එකත්තෙ හරන්ති මඤ්ඤෙ මනො වනානි සමාධිං අලභමානස්ස භික්ඛුනො. යෙ ඛො උපාලි එවං වදෙය්ය: ‘අහං සමාධිං අලභමානො {*}අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවිස්සා මි’ති. තස්සෙතං පාටිකඞ්ඛං සංසීදිස්සති වා උප්පිලවිස්සතිවා{1}.
Sinhala BJTඋපාලි, ආරණ්‍ය - වානප්‍රස්ථ ප්‍රාන්තශයනාසනයෝ දුසඃහ වෙත්, සිත් ඇලැවිය නො හැකි වෙත්. ප්‍රවිවේකය දුෂ්කර වෙයි. අභිරමණය සුකර නො වෙයි, වනයෝ සමාධිය නො ලබන මහණහුගේ සිත ඒකී භාවය ඇතිවත් ම පැහැරගන්නාක් මෙන් මෙනි, උපාලි, යම් කෙනෙක් මෙසේ කියන්නාහු ද: “මම් සමාධිය නො ලබනුයෙම් අරණ්‍යයන් හි වනපෙත් හා ප්‍රාන්ත සෙනසුන් හා ඇසුරු කෙරෙමැ”යි (කියායි). ඔහු විසින් ගිලෙන්නේය හෝ ඉල්පෙන්නේය හෝ යන තෙල කැමති විය යුතු.
Pali BJTසෙය්යථාපි උපාලි මහා උදකරහදො, අථ ආගච්ඡෙය්ය හත්ථිනාගො සත්තරතනො වා අට්ඨරතනො වා. තස්ස එවමස්ස: ‘යන්නූනාහං ඉමං උදකරහදං ඔගාහෙත්වා කණ්ණසන්ධොපිකම්පි ඛිඩ්ඩං කීළෙය්යං, පිට්ඨිසන්ධොපිකම්පි ඛිඩ්ඩං කීළෙය්යං. කණ්ණසන්ධොපිකම්පි ඛිඩ්ඩං කීළිත්වා පිට්ඨිසන්ධොපිකම්පි ඛිඩ්ඩං කීළිත්වා නහාත්වා ච පිවිත්වා ච පච්චුත්තරිත්වා යෙන කාමං පක්ඛමෙය්ය’න්ති. සො උදකරහදං ඔගාහෙත්වා කණ්ණසන්ධොපිකම්පි ඛිඩ්ඩං කීළෙය්ය. පිට්ඨිසන්ධොපිකම්පි ඛිඩ්ඩං කීළෙය්ය. කණ්ණසන්ධොපිකම්පි ඛිඩ්ඩං කීළිත්වා පිට්ඨිසන්ධොපිකම්පි ඛිඩ්ඩං කීළිත්වා නහාත්වා ච පිවිත්වා ච පච්චුත්තරිත්වා යෙන කාමං පක්කමෙය්ය. තං කිස්සහෙතු: මහාහුපාලි අත්තභාවො ගම්භීරෙ ගාධං වින්දති,
Sinhala BJTඋපාලි, යම් සේ මහ දිය විලෙක් වේ නම්, එකල සත්රියන් වේ වයි, අටරියන් වේ වයි, හස්ති නාගයෙක් එයි නම්, ඔහට මෙබඳු සිතෙක් වන්නේ ය: මම මෙ දිය විලට බැස කණ්ණසන්‍ධොපික (කන් දෙවුන් කෙළි) නම් ක්‍රීඩා ද කෙළනෙම් පිට්ඨිසන්‍ධොකපික (පිටදෙවුන්) නම් ක්‍රීඩාව ද කෙළනෙම් නම් කණ්ණසන්‍ධොපික නම් ක්‍රීඩා ද කෙළැ පිට්ඨිසන්‍ධොකපික නම් ක්‍රීඩා ද කොට ස්නාන ද කොට පැන්පීම ද කොට ගොඩනැඟී කැමැති තැනෙක යෙම් නම් යෙහෙකැ”යි. හේ මහදිය විලට බැස කණ්ණසන්‍ධොපික නම් ක්‍රීඩා ද කෙළනේ ය, පිට්ඨිසන්‍ධොකපික නම් ක්‍රීඩා ද කෙළනේ ය. කණ්ණසන්‍ධොපික නම් ක්‍රීඩා ද කෙළැ පිට්ඨිසන්‍ධොකපික නම් ද ක්‍රීඩා ද කොට සනහා පැන් බී ගොඩනැඟී කැමැති තැනෙක යන්නේ ය. එ කවර හෙයින යත්: උපාලි, මහත් වූ ම ආත්මභාවයෙක් ගැඹරෙහි ප්‍රතිෂ්ඨා විඳුනේය.
Pali BJTඅථ ආගච්ඡෙය්ය සසො වා බිළාරො වා. තස්ස එව මස්ස: කො චාහං, කො ච හත්ථිනාගො? යන්නූනාහං ඉමං උදකරහදං ඔගාහෙත්වා කණ්ණසන්ධොපිකම්පි ඛිඩ්ඩං කීළෙය්යං පිට්ඨිසන්ධොපිකම්පි ඛිඩ්ඩං කීළෙය්යං කණ්ණසන්ධොපිකම්පි ඛිඩ්ඩං කීළිත්වා පිට්ඨිසන්ධොපිකම්පි ඛිඩ්ඩං කීළිත්වා නහාත්වා ච පිවිත්වා ච පච්චුත්තරිත්වා යෙන කාමං පක්කමෙය්යන්ති. සොතං උදකරහදං{1} සහසා අප්පටිසඞ්ඛාය පක්ඛන්දෙය්ය.
Sinhala BJTඉක්බිති ශශකයෙක් වේව යි විඩාලයෙක් වේ වයි එන්නේය. ඔහට මෙ සිත වන්නේ ය. මම් කවරෙකිම්? ඇත් නා කවරෙක? මම් මෙ මහ දිය විලට බැස කණ්ණසන්‍ධොපික නම් ක්‍රීඩා ද කෙළනෙම්, පිට්ඨිසන්‍ධොපික නම් ක්‍රීඩා ද කෙළෙනම්, කණ්ණසන්‍ධොපික නම් ක්‍රීඩා ද කෙළැ පිට්ඨිසන්‍ධොපික නම් ක්‍රීඩා ද කෙළැ සනහා පැන් බී ගොඩනැඟී කැමැති තැනෙක යෙම් නම් මැනැවැ”යි. හේ දිය විලට වහා නොපස්විකා පනනේ ය.
Pali BJTතස්සෙතං පාටිකඞ්ඛං සංසීදිස්සති වා උප්පිලවිස්සති වා තං කිස්සහෙතු: පරිත්තො හුපාලි අත්තභාවො ගම්භීරෙ ගාධං න වින්දති. එවමෙව ඛො උපාලි යො එවං වදෙය්ය: අහං සමාධිං අලභමානො අරඤ්ඤෙ වනපත්ථානි පත්තානි සෙනාසනානි පටිසෙවිස්සාමී ති. තස්සෙතං පාටිකඞ්ඛං, සංසීදිස්සති වා උප්පිලවිස්සති වා.
Sinhala BJT‘ගිලෙනුයේ හෝ ඉල්පෙනුයේය’ යන තෙල ඔහු විසින් කැමැති විය යුතු. හෙ කවරහෙයින යත්: උපාලි, ලඝු වූ ශරීරාත්මභාවය ගැඹරෙහි ප්‍රතිෂ්ඨා නො විඳුනේ ම ය. උපාලි, එපරිද්දෙන් ම යමෙක් මෙසේ කියා නම්: “මම සමාධි නො ලබනුයෙම් අරන හා පෙත් හා ප්‍රාන්ත සෙනසුන් සෙවුනෙමි”යි ඔහු විසින් “ගිලෙයි හෝ ඉල්පෙයි හෝ” යන තෙල කැමැති වියුතු.
Pali BJTසෙය්යථාපි උපාලි දහරො කුමාරො මන්දො උත්තානසෙය්යකො සකෙන මුත්තකරීසෙන කීළති, තං කිං මඤ්ඤසි උපාලි, නන්වායං කෙවලා පරිපූරා බාලඛිඩ්ඩාති? එවං භන්තෙ.
Sinhala BJTඋපාලි, ළදරු උඩුකුරුව හෝනා බොළඳ කුමරෙක් යම්සේ සිය මලමූයෙන් කෙළනේ නම්, උපාලි, ඒ කුමැයි හඟුව? මෙ හැම පිරිපුන් බාල ක්‍රීඩායෙක් නො වේ ද? වහන්ස, එසේය.
Pali BJTස ඛො සො උපාලි කුමාරො අපරෙන සමයෙන වුද්ධිමන්වාය ඉන්ද්රියානං පරිපාකමන්වාය යානි තානි කුමාරකානං කීළාපනකානි භවන්ති. සෙය්යථීදං: වඞ්කකං,{2} ඝටිකං, මොක්ඛචිකං, චිඞ්ගුලකං පත්තාළ්හකං, රථකං ධනුකං, තෙහි කීළති. තං කිං මඤ්ඤසි උපාලි. නන්වායං ඛිඩ්ඩා පුරිමාය ඛිඩ්ඩාය අභික්කන්තතරා ච පණීතතරා චාති? එවං භන්තෙ.
Sinhala BJTඋපාලි, එ කුමර ම පසු කාලයෙහි විය පැමිණ ඉන්‍ද්‍රිය පරිපාකයට පැමිණ, වඞ්කක (කුඩා කෙළි නගුල්) ය, ඝටිකා (කෙළිදඬු) ය, මොක්ඛචිකා (පිනුම් ගැසුම්) ය, චිඞ්ගුලක (හුළංපෙති) ය, පත්තාළහක (කොළ නැලිය) ය, කෙළිරියය, කුඩා කෙළි දුනුය, යන මෙබඳු කුමරුවන් ගේ යම් ඒ කෙළි බඩු වෙත් නම් එයින් කෙළනේ ය. උපාලි එ කුමැයි හඟුව, මෙ කෙළි, පළමු ක්‍රීඩාවට වඩා සිත්කලු හා ප්‍රණීතතර හා නොවේ ද? වහන්ස, එසේය.
Pali BJTසඛො සො උපාලි කුමාරො අපරෙන සමයෙන වුද්ධිමන්වාය ඉන්ද්රියානං පරිපාකමන්වාය පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගිභූතො පරිචාරෙති චක්ඛුවිඤ්ඤෙය්යෙහි රූපෙහි ඉට්ඨෙහි කන්තෙහි මනාපෙහි පියරූපෙහි කාමූපසංහිතෙහි රජනීයෙහි, සොතවිඤ්ඤෙය්යෙහි සද්දෙහි, ඝානවිඤ්ඤෙය්යෙහි ගන්ධෙහි, ජිව්හාවිඤ්ඤෙය්යෙහි රසෙහි, කාය විඤ්ඤෙය්යෙහි ඵොට්ඨබ්බෙහි ඉට්ඨෙහි කන්තෙහි මනාපෙහි පිය රූපෙහි කාමූපසංහිතෙහි රජනීයෙහි, තං කිං මඤ්ඤසි උපාලි, නන්වායං ඛිඩ්ඩා පුරිමාහි ඛිඩ්ඩාහි අභික්කන්තතරා ච පණීතතරා චාති?
Sinhala BJTඋපාලි, එ කුමරු ම පසු කලෙක වැඩිවිය පත්ව ව ඉන්‍ද්‍රිය පරිපාකයට ගොස් පස්කම් ගුණෙන් සමර්පිත වූයේ සමග වූයේ ඉෂ්ට කාන්ත මනාප චක්‍ෂුර්විඥේය වූ කාමෝපසංහිත වූ රැඳැවිය යුතු රූපයන්ගෙන් පරිචරණ කරයි. ශ්‍රෝතවිඥේය ශබ්දයෙන්, ඝ්‍රාණවිඥේය ගන්‍ධයෙන්, ජිහ්වාවිඥේය රසයෙන්, කායවිඥේය ඉෂ්ට කාන්ත මනාප ප්‍රියරූප කාමයට හිත වූ රජනීය වූ ස්ප්‍රෂ්ටව්‍යයෙන් පරිචරණය කරයි. උපාලි, එ කුමැයි හඟුව? මෙ ක්‍රීඩා පළමු ක්‍රීඩායෙන් වඩා උතුම් වූයේ ප්‍රණීතතර වූයේත් නො වේ ද?
Pali BJTඑවං භන්තෙ
Sinhala BJTවහන්ස එසේය.
Pali BJTඉධං ඛො පන වො උපාලි තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථී සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා: සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවල පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති. තං ධම්මං සුණාති ගහපති වා ගහපතිපුත්තො වා අඤ්ඤතරස්මිං වා කුලෙ පච්චාජාතො සො තං ධම්මං සුත්වා තථාගතෙ සද්ධං පටිලභති, සො තෙන සද්ධාපටිලාභෙන සමන්නාගතො ඉතිපටිසංචික්ඛති: සම්බාධො ඝරාවාසො රජාපථො, අබ්භොකාසො පබ්බජ්ජා. නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්ත පරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්යන්ති. සො අපරෙන සමයෙන අප්පං වා භොගක්ඛන්ධං පහාය මහන්තං වා භොගක්ඛන්ධං පහාය අප්පං වා ඤාතිපරිවට්ටං පහාය මහන්තං වා ඤාතිපරිවට්ටං පහාය කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති.
Sinhala BJTඋපාලි, මෙ ලොව්හි අර්‍හත්, සම්‍යක් සම්බුද්ධ, විද්‍යාචරණ සම්පන්න, සුගත, ලෝකවිද්, අනුත්තර පුරුෂදම්‍යසාරථී, දෙව් මිනිස්නට ශෘස්තෘ වූ බුද්ධ වූ භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ උපදනාහුය. උහු දෙවියන් සහිත, මරුන් සහිත බඹුන් සහිත, මහණ බමුණන් සහිත සත්ත්‍වයන් ඇති සදේව මානුෂ මෙ ලොව තුමූ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට දන්වන්නාහ. උහු ආදි කල්‍යාණ වූ මධ්‍යයෙහි කල්‍යාණ වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ සාර්‍ත්‍ථ වූ සව්‍යඤ්ජන වූ කේවල පරිපූර්‍ණ වූ ධර්‍ම දේශනා කරත්. පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍ය පළට කරත්. එ ධර්‍මය ගෙහෙවියෙක් වේවයි, ගෙහෙවි පුතෙක් වේවයි, අන්‍යතර කුලයෙක උපන්නේ වේව යි අසන්නේ ය. හෙ එ දහම් අසා තථාගතයන් කෙරෙහි ශ්‍රද්ධා ප්‍රතිලාභයෙන් සමන්‍වාගත වූයේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කරයි: ගෘහවාසය සම්බාධය, කෙලෙස් මගෙක පැවිද්ද අභ්‍යවකාශය වේ. ඒකාන්ත පරිපූර්‍ණ වූ ලියූ සකක් සෙයින් ඒකාන්තපරිශුද්ධ වූ මෙ බඹසර වස්නට ගිහිගෙයි වසනුවහු විසින් සුකර නො වෙයි. ඉඳින් මම් කෙහෙමස් බහා කහවත් පෙරෙව ගිහිගෙන් නික්ම පැවිද්දට වදනෙම් නම් යෙහෙකැයි. හේ පසු කල්හි අල්ප වූ හෝ භෝගස්කන්‍ධය හැරැදමා මහත් වූ හෝ භෝගස්කන්‍ධය හැරදමා අල්ප වූ හෝ ඥාතිපරිවර්‍තය හැරැදමා මහත් වූ හෝ ඥාතිපරිවර්‍තය හැරැදමා කේමස් බහා කහවත් පෙරැවැ ගිහි ගෙන් නික්ම පැවිද්දට වදනේ ය.
Pali BJTසො එවං පබ්බජිතො සමානො භික්ඛූනං සික්ඛාසාජීවසමාපන්නො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති, නිහිත දණ්ඩො නිහිතසත්ථො ලජ්ජි දයාපන්නො සබ්බපාණභූතානුකම්පී විහරති. අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති දින්නාදායී දින්නපාටිකඞ්ඛී අථෙනෙන සුචි භූතෙන අත්තනා විහරති. අබ්රහ්මචරියං පහාය බ්රහ්මචාරී හොති ආරාචාරී විරතො මෙථුනා ගාමධම්මා, මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති සච්චවාදී සච්චසන්ධො ථෙතො පච්චයිකො අවිසංවාදකො ලොකස්ස, පිසුනංවාචං පහාය පිසුණාය වාචාය පටිවිරතො හොති.
Sinhala BJTහෙ මෙසේ පැවිදි වූයේ ම භික්‍ෂූන්ගේ ශික්‍ෂා සාජීවයට පැමිණියේ පණිවා හැරැ පණිවායෙන් වැළැකියේ වෙයි. බහා තැබූ දඬු ඇතියේ බහා තැබූ සත් ඇතියේ ලදැතියේ දයාපන්න වූයේ සර්‍වප්‍රාණිභූතයනට හිතානුකම්පා ඇතියේ වෙසෙයි. අයිනාදන් හැරැදමා අයිනාදනින් වැළැකියේ වෙයි. දුන් දෑ ගන්නා සුලුයේ දුන් දෑ කැමැත්තේ නො සොර පිවිතුරු ආත්මයෙන් වාසය කරයි. අබ්‍රම්සර හැරැදමා බ්‍රම්සර ඇතියේ ආරාචාරී වූයේ ගැමිදම් වන මෙවුන්දමින් වැළැකියේ වෙයි. මුසවා හැරැදමා මුසවායෙන් වැළැකියේ සත්‍යය කියනසුළුයේ සත්‍යසන්‍ධ වූයේ තථධර්‍මයෙන් යුක්ත වූයේ හැදැහිය හැකි (කථා ඇතියේ ලෝකයාට අවිසංවාදක) වූයේ වෙයි. පිසුනු බස් හැරැදමා පිසුනු බසින් වැළැකියේ වෙයි.
Pali BJTන ඉතො සුත්වා අමුත්ර අක්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්ර වා සුත්වා න ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය, ඉති භින්නානං වා සන්ධාතා සහිතානං වා අනුප්පදාතා සමග්ගාරාමො සමග්ගරතො සමග්ගනන්දී සමග්ගකරණිං වාචං භාසිතා හොති. ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති. යා සා වාචා නෙළා කණ්ණසුඛා පෙමනීයා හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා, තථාරූපිං වාචං භාසිතා හොති. සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී නිධානවතිං වාචං භාසිතා හොති කාලෙන සාපදෙසං පරියන්තවතිං අත්ථසංහිතං.
Sinhala BJTමොවුන්ගේ භේදය පිණිස මෙතැන්හි අසා අසෝතන්හි නො කියනුයේ අසෝ තන්හි හෝ අසා අසුකයන්ගේ බිඳුම සඳහා මොවුනට නො කියන්නේ වෙයි. මෙසේ අසමගි වූවන් සමගි කරණුයේ සමගි වූවනට අනුබල දෙන්නේ සමගියෙහි ඇලුම් ඇත්තේ සමගියෙහි රැඳුනේ සමගියෙන් සතුටුවනුයේ සමගි කරණ සුළු බස් කියන්නේ වෙයි. පරොස් බස් හැරැදමා පරොස් බසින් වැළැකියේ වෙයි. නිදොස්, කණට සුව දෙන, පෙම් දනවන, සුවසේ ලගන්නා ගුණෙන් පිරිපුන්, බහුජනකාන්ත වූ බහුජනමනාප වූ යම් බසක් වේ නම් එබඳු බස් කියන්නේ වෙයි. සම්ප්‍රඵලාප හැර දමා සම්ප්‍රඵලාපයෙන් වැළැකියේ වෙයි. කාල වාදී වූයේ සැබෑ කියනුයේ දෘෂ්ට ධාර්මික - සාම්පරායික අර්‍ත්‍ථයම කියන සුලුයේ නව ලොවුතුරු දහම් ම කියන සුලුයේ සංවර, පහාන විනය පිණිස බස් කියනුයේ නිධානවත් වදන් සුදුසු කල්හි සකරුණු කොට පර්‍ය්‍යන්තවත් කොට කියනුයේ වෙයි.
Pali BJTසො බීජගාමභූතගාමසමාරම්භා පටිවිරතො හොති. එකභත්තිකො හොති. රත්තුපරතො විරතො විකාලභොජනා. නච්චගීතවාදිතවිසූකදස්සනා පටිවිරතො හොති, මාලාගන්ධවිලෙපනධාරණමණ්ඩන විභූසනට්ඨානා පටිවිරතො හොති උච්චාසයනමහාසයනා පටිවිරතො හොති. ජාතරූපරජතපටිග්ගහණා පටිවිරතො හොති. ආමකධඤ්ඤ පටිග්ගහණා පටිවිරතො හොති. ආමකමංසපටිග්ගහණා පටිවිරතො හොති. ඉත්ථිකුමාරිකපටිග්ගහණා පටිවිරතො හොති. දාසිදාසපටිග්ගහණා පටිවිරතො හොති. අජෙළකපටිග්ගහණා පටිවිරතො හොති. කුක්කුට සූකරපටිග්ගහණා පටිවිරතො හොති. හත්ථිගවාස්සවළවා පටිග්ගහණා පටිවිරතො හොති. ඛෙත්තවත්ථුපටිග්ගහණා පටිවිරතො හොති. දූතෙය්ය පහිණගමනානුයොගා පටිවිරතො හොති. කයවික්කයා පටිවිරතො හොති, තුලාකූටකංසකූටමානකූටා පටිවිරතො හොති. උක්කොටන වඤ්චනනිකතිසාචියොගා පටිවිරතො හොති. ඡෙදනවධබන්ධනවිපරාමොසආලොපසාහකාරා පටිවිරතො හොති.
Sinhala BJTභූතගාම බීජගාම විකෝපනයෙන් වැළැකියේ වෙයි. රාත්‍රිභෝජනයෙන් දුරු වූයේ විකල් බොජුනෙන් වැළැකියේ ඒකභක්තික වෙයි. නැටුම් ගැයුම් විසුලු දස්නෙන් බොජුනෙන් වැළැකියේ වෙයි. මල් ගඳ විලෙවුන් දැරුම් උනුතැන් පිරවීම් සිරුරු සැරැහුම් යන කරුණින් වැළැකියේ වෙයි. උසස්නෙන් හා මහස්නෙන් වැළැකියේ වෙයි. රන් රිදී පිළි ගැනුමෙන් වැළැකියේ වෙයි. ආමක ධාන්‍ය පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. අමු මස් පිළිගැනුමෙන් වැළැකියේ වෙයි. ස්ත්‍රීන් හා කුමාරිකාවන් පිළිගැනුමෙන් වැළැකියේ වෙයි. දැසි දස් පිළිගැනුමෙන් වැළැකියේ වෙයි. එළුතිරෙළු වන් පිළිගැනුමෙන් වැළැකියේ වෙයි. කුකුළුන් හා හූරන් පිළිගැනුමෙන් වැළැකියේ වෙයි. ස්ත්‍රීන් ගෙරි අසුන් වෙළඹුන් පිළිගැනුමෙන් වැළැකියේ වෙයි. කෙත් වත් පිළිගැනුමෙන් වැළැකියේ වෙයි. දූතගමන ප්‍රහෙණගමනෙහි යෙදුමෙන් වැළැකියේ වෙයි. ක්‍රය වික්‍රයෙන් වැළැකියේ වෙයි. තුලා කූට, කංස කූට, මාන කූටයෙන් වැළැකියේ වෙයි. ලස්ගෙන හිමියන් අහිමියෙන් කිරීමය, වඤ්චනාය, මායායෝගය යන මෙදැයින් වැළැකියේ වෙයි. ඡේදනය, මරණය බන්‍ධනය, මං පැහැරීමය, ගම් පැහැරීමය, සාහසික ක්‍රියාය යන මෙයින් වැළැකියේ වෙයි.
Pali BJTසො සන්තුට්ඨො හොති කායපාරිහාරිකෙන චීවරෙන කුච්ඡිපාරිහාරිකෙන පිණ්ඩපාතෙන යෙන යෙනෙව පක්කමති සමාදායෙව පක්කමති. සෙය්යථාපි පක්ඛීසකුණො යෙන යෙනෙව ඩෙති, සපත්තභාරොව ඩෙති. එවමෙව භික්ඛු සන්තුට්ඨො හොති කායපාරිහාරිකෙන චීවරෙන කුච්ඡිපාරිහාරිකෙන පිණ්ඩපාතෙන යෙන යෙනෙව පක්කමති, සමාදායෙව පක්කමති සො ඉමිනා අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො අජ්ඣත්තං අනවජ්ජසුඛං පටිසංවෙදෙති:
Sinhala BJTහේ කායපාරිහාරක චීවරයෙනුදු කුච්ඡිපාරිහාරික පිඬුවායෙනුදු සතුටු වෙයි. යම් ම දිගෙක යේ නම්, රැගෙන ම යෙයි. යම් පරිදි පක්‍ෂි ශකුනයෙක් යම් ම දිගෙක ඉගිල යේ නම් සපත්‍රහාරව ම ඉගිල යෙයි ද එසෙයින් මහණ කායපාරිහාරික චීවරයෙනුදු කුක්‍ෂිපාරිහාරික පිණ්ඩපාතයෙනුදු සතුටු වෙයි. යම් ම දිගෙක යේ නම් රැගෙන ම යෙයි. හේ මෙ ආර්‍ය්‍ය ශීලස්කන්‍ධයෙන් සමන්‍වාගත වූයේ අධ්‍යාත්මයෙහි අනවද්‍ය සුඛය විඳුනේය.
Pali BJTසො චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොතී නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙතං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති.
Sinhala BJTහේ චක්‍ෂුසින් රූපයක් දැක නිමිති නොගන්නා සුලු වෙයි. අනුව්‍යඤ්ජන නොගන්නා සුලු වෙයි. යම් හේතුයෙකින් චක්‍ෂුරින්‍ද්‍රියය අසංවෘත කොට වසන තෙල මහණහු ලමු අකුසල් දම් වූ අභිධ්‍යා දෞම්නස්‍යයෝ නුහුබඳනාහු නම් එ සංවරය සඳහා පිළිපදනේය. චක්‍ෂුරින්‍ද්‍රියය රක්නේ ය, චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.
Pali BJTසොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති, නානුබ්යඤ්ජනග්ගාහී, යත්වාධිකරණමෙතං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති මනින්ද්රියං, මනින්ද්රියෙ සංවරං ආපජ්ජති. සො ඉමිනා අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො අජ්ඣත්තං අබ්යාසෙකසුඛං පටිසංවෙදෙති.
Sinhala BJTශොත්‍රයෙන් ශබ්ද අසා ... ඝ්‍රාණයෙන් ගන්‍ධය ආඝ්‍රාණ කොට ... දිවින් රස විඳ ... කයින් ස්ප්‍රෂ්ටව්‍යය පැහැස ... මනසින් ධර්‍මය දැන නිමිති නොගන්නා සුලු අනුව්‍යඤ්ජන නොගන්නා සුලු වෙයි. යම් හෙයකින් මනසින්‍ද්‍රිය ය අසංවෘත කොට වෙසෙන තෙල මහණහු ලමු පවු දහම් වන අභිධ්‍යා දෞර්‍මනස්‍යයෝ නුහුබඳනාහු ද, එ සංවරය සඳහා පිළිපදනේය. මනින්‍ද්‍රියය රක්නේ ය. මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. හේ මෙ ආර්‍ය්‍ය ඉන්‍ද්‍රිය සංවරයෙන් සමන්‍වාගත වූයේ අධ්‍යාත්මයෙහි අව්‍යාශෙක සුඛය විඳුනේ ය.
Pali BJTසො අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති, ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති, සම්මිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී හොති, සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති, අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති. උච්චාර පස්සාවකම්මෙ සම්පජානකාරී හොති. ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී හොති. .
Sinhala BJTහේ ඉදිරි ගමනෙහි දු පෙරළා ගමනෙහි දු සම්ප්‍රජන්‍යකාරී වෙයි. ඉදිරි බැල්මෙහි දු පසු බැල්මෙහි දු සම්ප්‍රජන්‍යකාරී වෙයි. අත් පා හැකුළුම්හි දු විහිදුම්හි දු සම්ප්‍රජන්‍යකාරී වෙයි. සඟළ පා සිවුරු ධැරුම්හි සම්ප්‍රජන්‍යකාරී වෙයි. අශිතයෙහි දු, පීතයෙහි දු, ඛායිතයෙහු දු, සායිතයෙහි දු සම්ප්‍රජන්‍යකාරී වෙයි. උච්චාර - ප්‍රස්‍රාව කර්‍මයෙහි සම්ප්‍රජන්‍යකාරී වෙයි. ගමනෙහි දු, සිටුම්හි දු, හිඳුම්හි දු, හෙවීම්හි දු නිදිවැරුම්හි දු භාෂිතයෙහි දු තූෂ්ණීම්භාවයෙහි දු සම්ප්‍රජන්‍යකාරී වෙයි.
Pali BJTසො ඉමිනා ච අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො ඉමිනා ච අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො ඉමිනා ච අරියෙන සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො විචිත්තං සෙනාසනං භජති: අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං සො අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.
Sinhala BJTහේ මෙ ආර්‍ය්‍යශිලස්කන්‍ධයෙනු දු සමන්‍වාගත වූයේ මේ ආර්‍ය්‍ය ඉන්‍ද්‍රිය සංවරයෙනුදු සමන්‍වාගත වූයේ මේ ආර්‍ය්‍ය ස්මෘති සම්ප්‍රජන්‍යයෙනුදු සමන්‍වාගත වූයේ ජනසම්බාධා රහිත සෙනසුන් වන අරණ්‍යය, වෘක්‍ෂ මූලය, පර්‍වතය, කන්‍දරය, ගිරිගුහාය, ශමසානය, වනපෙතය, අබවසය, තණසෙවෙණිය බෙජෙයි. හේ අරණට ගියේ වේවයි රුක්මුලට ගියේ වේවයි ජනශූණ්‍යාගාරයට ගියේ වේවයි පලක් බැඳ කය ඉදු කොට තබා සිහිය පරිමුඛ කොට එළවා හිඳුනේය.
Pali BJTසො අභිජ්ඣං ලොකෙ පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති. අභිජ්ඣාය චිත්තං පරිසොධෙති. ව්යාපාදපදොසං පහාය අබ්යාපන්නචිත්තො විහරති සබ්බපාණභූතහිතානුකම්පී, ව්යාපාදපදොසා චිත්තං පරිසොධෙති. ථීනමිද්ධං පහාය විගත ථීනමිද්ධො විහරති ආලොකසඤ්ඤී සතො සම්පජානො, ථීනමිද්ධා චිත්තං පරිසොධෙති. උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතො විහරති අජ්ඣත්තං වූපසන්තචිත්තො උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසොධෙති. විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡො විහරති අකථංකථී කුසලෙසු ධම්මෙසු, විචිකිච්ඡාය චිත්තං පරිසොධෙති.
Sinhala BJTහේ පඤ්චස්කන්‍ධ සඞ්ඛ්‍යාත ලොව්හි අභිධ්‍යාව දුරු කොට පහව ගිය අභිධ්‍යා ඇති සිතින් වාසය කරණේය. අභිධ්‍යායෙන් සිත පිරිසුදු කෙරෙයි. ව්‍යාපාද ප්‍රද්වේෂය දුරු කොට ව්‍යාපාදයට නො අවන් සිතින් සිතැතියේ සර්‍වප්‍රාණභූතයනට හිතානුකම්පා ඇතියේ වාසය කරයි. ව්‍යාපාද ප්‍රද්වේෂයෙන් සිත පිරිසිදු කෙරෙයි. ස්ත්‍යානමිද්ධය දුරුකොට පහව ගිය ස්ත්‍යානමිද්ධ ඇතියේ ආලෝක සංඥා ඇතියේ ස්මෘතිමත් වූයේ සම්‍යක් ප්‍රඥා ඇත්තේ ස්ත්‍යානමිද්ධයෙන් සිත පිරිසුදු කෙරෙයි. ඖද්ධත්‍ය කෞකෘත්‍යය දුරු කොට උද්ධත නො වූයේ අධ්‍යාත්මයෙහි ව්‍යුපශාන්ත චිත්ත ඇතියේ වාසය කරයි. ඖද්ධත්‍ය කෞකෘත්‍යයෙන් සිත පිරිසුදු කෙරෙයි. විචිකිත්සාව දුරු කොට තරණ කළ විචිකිත්සාව ඇතියේ කුශල ධර්‍මයන් විෂයයෙහි කථංකථි නොවූයේ විචිකිත්සායෙන් සිත පිරිසිදු කෙරෙයි.
Pali BJTසො ඉමෙ පඤ්චනීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. තං කිං මඤ්ඤසි උපාලි, නන්වායං විහාරො පුරිමෙහි විහාරෙහි අභික්කන්තතරො ච පණීතතරො චාති?
Sinhala BJTහේ මේ චිත්තෝපක්ලේශ වන ප්‍රඥාව දුර්‍වල කරණ පඤ්චනීවරණයන් දුරු කොට කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. උපාලි, එ කුමැයි හඟිව් ද? මෙ විහාරය පළමු විහරණයට වඩා අභික්කන්තර වූයේත් ප්‍රණීතතර වූයේත් නොවේ ද?
Pali BJTඑවං භන්තෙ.
Sinhala BJTවහන්ස, එසේය.
Pali BJTඉමම්පි ඛො උපාලි මම සාවකා අත්තනි ධම්මං සම්පස්සමානා අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවන්ති. නො ච ඛො තාව අනුප්පත්ත සදත්ථා විහරන්ති.
Sinhala BJTඋපාලි, මාගේ ශ්‍රාවකයෝ මෙ දහම ද තමා කෙරෙහි දක්මින් අරණු දු, වනපෙත් දු, දුරුසෙනසුනු දු සෙවුනාහ. එතෙකුදු වුව පිළිවෙළින් පැමිණි ස්වාර්‍ත්‍ථ (අර්‍හත්‍ව) ය ඇත්තාහුව වාසය නො කරත් මැයි.
Pali BJTපුන චපරං උපාලි භික්ඛු විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. තං කිං මඤ්ඤසි උපාලි, නන්වායං විහාරො පුරිමෙහි විහාරෙහි අභික්කන්තතරො ච පණීතතරො චා ති?
Sinhala BJTතවද, උපාලි, මහණ විතර්‍ක විචාරයන්ගේ ව්‍යපශමයෙන් -පෙ- ද්විතීය ධ්‍යානයට එළඹ වාසය කරයි. උපාලි, ඒ කුමැයි හඟුව? මෙ විහාරය පළමු විහරණයට වඩා අභිකාන්තතරත් ප්‍රණීතතරත් නොවේ ද?
Pali BJTඑවං භන්තෙ.
Sinhala BJTවහන්ස, එසේය.
Pali BJTඉමම්පි ඛො උපාලි මම සාවකා අත්තනි ධම්මං සම්පස්සමානා අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවන්ති. නො ච ඛො තාව අනුප්පත්තසදත්ථා විහරන්ති.
Sinhala BJTඋපාලි, මාගේ ශ්‍රාවකයෝ මෙ දහම දු තමා තුළ දක්මින් අරණු දු, වනපෙතු දු, දුරු සෙනසුන් ද සෙවුනාහ. එතෙකුදු වුව පිළිවෙළින් පත් ස්වාර්‍ත්‍ථ ඇත්තාහු නොම වෙසෙත්.
Pali BJTපුන චපරං උපාලි භික්ඛු පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති තං කිං මඤ්ඤසි උපාලි නන්වායං විහාරො පුරිමෙහි විහාරෙහි අභික්කන්තතරො ච පණීතතරොචා ති?
Sinhala BJTතවද උපාලි, මහණ ප්‍රීතියෙනුදු විරාගයෙන් -පෙ- තෘතීයධ්‍යානයට එළඹ වෙසෙයි. උපාලි, එ කුමැයි හඟුව? මෙ විහාරය පළමු විහාරයනට වඩා අභිකාන්තතර හා ප්‍රණීතතර හා නො වේද?
Pali BJTඑවං භන්තෙ.
Sinhala BJTවහන්ස, එසේය.
Pali BJTඉමම්පි ඛො උපාලි මම සාවකා අත්තනි ධම්මං සම්පස්සමානා අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවන්ති. නො ච ඛො තාව අනුප්පත්තසදත්ථා විහරන්ති.
Sinhala BJTඋපාලි, මෙ දහම ද මාගේ ශ්‍රාවකයෝ තමන් කෙරෙහි දක්නාහු අරණු දු, වනපෙතු දු, දුරු සෙනසුනු දු සෙවුනාහ. එතෙකුදු වුව පිළිවෙළින් පැමිණි ස්වාර්‍ත්‍ථ ඇත්තාහු නො ම වෙසෙත්.
Pali BJTපුන චපරං උපාලි භික්ඛු සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති, තං කිං මඤ්ඤසි උපාලි නන්වායං විහාරො පුරිමෙහි විහාරෙහි අභික්කන්තතරො ච පණීතතරො චා ති?
Sinhala BJTතවද උපාලි, මහණ සුඛප්‍රහාණයෙනුදු -පෙ- චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි. උපාලි, ඒ කුමැයි හඟුව? මෙ විහාරය පළමු විහාරයනයට වඩා අභිකාන්තතරත් ප්‍රණීතතරත් නොවේ ද?
Pali BJTඑවං භන්තෙ.
Sinhala BJTවහන්ස, එසේය.
Pali BJTඉමම්පි ඛො උපාලි මම සාවකා අත්තනි ධම්මං සම්පස්සමානා අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවන්ති. නො ච ඛො තාව අනුප්පත්තසදත්ථා විහරන්ති.
Sinhala BJTඋපාලි, මෙ දහම ද මාගේ සව්වෝ තමන් කෙරෙහි දක්නාහු අරණු දු, වනපෙතු දු, දුරු සෙනසුනු දු සෙව්නාහ. එතෙකුදු වුව පිළිවෙළින් පත් ස්වාර්‍ත්‍ථ ඇත්තාහු නො වෙසෙත්.
Pali BJTපුන චපරං උපාලි භික්ඛු සබ්බසො රූප සඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. තං කිං මඤ්ඤසි උපාලි, නන්වායං විහාරො පුරිමෙහි විහාරෙහි අභික්කන්තරො ච පණීතතරො චාති?
Sinhala BJTතවද උපාලි, මහණ සර්‍වප්‍රකාරයෙන් රූප සංඥාවන් මොනොවට ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තගමයෙන් නානාත්‍ව සංඥාවන්ගේ අමනසිකාරයෙන් කිසුණු ඉගුලු අහස අනතැ’යි ආකාසානඤ්චායතනයට එළඹ වෙසෙයි. උපාලි, එකුමැ යි හඟුව? මෙ විහාරය පළමු විහාරයනට වඩා අභිකාන්තතර හා ප්‍රණීතතර හා නො වේ ද?
Pali BJTඑවං භන්තෙ.
Sinhala BJTවහන්ස එසේය.
Pali BJTඉමම්පි ඛො උපාලි, මම සාවකා අත්තනි ධම්මං සම්පස්සමානා අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවන්ති. නො ච ඛො තාව අනුප්පත්තසදත්ථා විහරන්ති.
Sinhala BJTඋපාලි, මාගේ ශ්‍රාවකයෝ මෙ දහම ද තමන් කෙරෙහි දක්නා හු අරණ්‍යයනු දු, වනපෙතු දු, ප්‍රාන්තශයනාසනයනු දු සෙවුනාහ. එතෙකුදු වුව අනුප්‍රාප්ත ස්වාර්‍ත්‍ථ ඇත්තාහු නො වෙසෙත්.
Pali BJTපුන චපරං උපාලි භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති: -පෙ- සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චී ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති -පෙ-
Sinhala BJTතවද උපාලි, මහණ සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය සමතික්‍රම කොට ‘විඥානය අනන්තය’යි විඤ්ඤාණඤ්චායතනයට එළඹ වෙසෙයි. ... -පෙ- සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ‘කිසිදු නැති’යි ආකිඤ්චඤ්ඤායතනයට එළඹ වෙසෙයි. ...
Pali BJTසබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම ‘සන්තමෙතං, පණීතමෙත’න්ති නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති, තං කිං මඤ්ඤසි උපාලි, නන්වායං විහාරො පුරිමෙහි විහාරෙහි අභික්කන්තතරො ච පණීතතරො චාති?
Sinhala BJTසර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනයට ඉක්ම ‘තෙල ශාන්තය, තෙල ප්‍රණීතය’යි නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළඹ වෙසෙයි. උපාලි, එ කිමැයි හඟුව? මෙ විහාරය පළමු විහාරයනට වඩා අභිකාන්තතර හා ප්‍රණීතතර හා නො වේ දැයි!
Pali BJTඑවං භන්තෙ.
Sinhala BJTවහන්ස, එසේය.
Pali BJTඉමම්පි ඛො උපාලි මම සාවකා අත්තනි ධම්මං සම්පස්සමානා අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවන්ති. නො ච ඛො තාව අනුප්පත්තසදත්ථා විහරන්ති.
Sinhala BJTඋපාලි, මාගේ සව්වෝ මෙ දහම ද තමන් කෙරෙහි දක්නාහු අරණු දු, වනපෙතු දු, දුරු සෙනසුනු දු සෙවුනාහ. එතෙකුදු වුව පිළිවෙළින් පත් රහත්ඵල ඇත්තාහු නො වෙසෙත් මැයි.
Pali BJTපුන චපරං උපාලි භික්ඛු සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති. පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. තං කිං මඤ්ඤසි උපාලි, නන්වායං විහාරො පුරිමෙහි විහාරෙහි අභික්කන්තතරො ච පණීතතරො චා ති?
Sinhala BJTඋපාලි, තවද මහණ සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය සමතික්‍රම කොට සංඥාවේදයිත නිරෝධයට එළඹ වෙසෙයි. ඔහු ප්‍රඥායෙන් දැක ඔහුගේ ආස්‍රවයෝ ද පරික්‍ෂීණ වෙත. උපාලි, ඒ කිමැයි හඟුව? මෙ විහාරය පළමු විහාරයනට වඩා අභිකාන්තතර හා ප්‍රණීතතර හා නොවේ ද?
Pali BJTඑවං භන්තෙ.
Sinhala BJTවහන්ස, එසේය.
Pali BJTඉමම්පි ඛො උපාලි මම සාවකා අත්තනි ධම්මං සම්පස්සමානා අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවන්ති. නො ච ඛො තාව අනුප්පත්තසදත්ථා විහරන්ති. ඉඞ්ඝ ත්වං උපාලි, සඞ්ඝෙ විහරාහි, සඞ්ඝෙ තෙ විහරතො ඵාසු භවිස්සතී ති.
Sinhala BJTඋපාලි, මාගේ ශ්‍රාවකයෝ මේ දහම ද තමන් තුළ දක්නාහු අරණ්‍යය ද වාන ප්‍රස්ථයන් ද ප්‍රාන්තශයනාසනයන් ද සෙවුනාහ. එතෙකුදු වුව අනුප්‍රාප්ත ස්වාර්‍ත්‍ථ ඇත්තාහු නො වෙසෙත්. උපාලි, එහෙයින් තෝ සඟුන් කෙරෙහි වසව, සඟුන් කෙරෙහි වසන තොපට පහසු වන්නේ ය යි.
Pali BJT10. 2. 5. 10.
Sinhala BJT10. 2. 5. 10.
Pali BJTභබ්බාභබ්බ සුත්තං
Sinhala BJTභබ්බාභබ්බ සූත්‍රය
Pali BJTදස ඉමෙ භික්ඛවෙ ධම්මෙ අප්පහාය අභබ්බො අරහත්තං සච්ඡිකාතුං කතමෙ දස:
Sinhala BJTමහණෙනි, මෙ දහම් දසය නොහැර අර්‍හත්‍වය සාක්‍ෂාත් කරණයට අභව්‍ය වෙයි. කවර දසයෙක් යත්:
Pali BJTරාගං දොසං මොහං කොධං උපනාහං මක්ඛං පලාසං ඉස්සං මච්ඡරියං මානං.
Sinhala BJTරාගය, ද්වේෂය, මෝහය, ක්‍රෝධය, උපනාහය, මකුබවය, පලාසය, ඊර්‍ෂ්‍යාය, මාත්සර්‍ය්‍යය, මානය දැයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ දස ධම්මෙ අප්පහාය අභබ්බො අරහත්තං සච්ඡිකාතුං.
Sinhala BJTමහණෙනි, මෙ දස දහම් නොහැර අර්‍හත්‍වය සාක්‍ෂාත් කරණයට අභව්‍ය වෙයි.
Pali BJTදසයිමෙ භික්ඛවෙ ධම්මෙ පහාය භබ්බො අරහත්තං සච්ඡිකාතුං කතමෙ දස:
Sinhala BJTමහණෙනි, මෙ දහම් දසය හැර අර්‍හත්‍වය සාක්‍ෂාත් කරණයට භව්‍ය වෙයි. කවර දසයෙක යත්:
Pali BJTරාගං දොසං මොහං කොධං උපනාහං මක්ඛං පලාසං ඉස්සං මච්ඡරියං මානං.
Sinhala BJTරාගය, ද්වේෂය, මෝහය, ක්‍රෝධය, උපනාහය, මක්ඛය, පලාසය, ඊර්‍ෂ්‍යාය, මාත්සර්‍ය්‍යය, මානය දැයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ දස ධම්මෙ පහාය භබ්බො අරහත්තං සච්ඡිකාතුන්ති.
Sinhala BJTමහණෙනි, මෙ දස දහම් හැර අර්‍හත්‍වය සාක්‍ෂාත් කරණයට භව්‍ය වෙයි.
Pali BJTඋපාලිවග්ගො පඤ්චමො.
Sinhala BJTපස්වැනි උපාලි වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTකාමභොගී වෙරං - දිට්ඨිවජ්ජ උත්තියා උභො කොකනදො ආහුනියො: ථෙරො උපාලි අභබ්බොති.
Sinhala BJTකාම භෝගී සූත්‍රය, වෙර සූත්‍රය, දිට්ඨි සූත්‍රය, වජ්ජියමාහිත සූත්‍රය, උත්තිය සූත්‍රය, කොකනද සූත්‍රය, ආහුනෙය්‍ය සූත්‍රය, ථේර සූත්‍රය, උපාලි සූත්‍රය, අභබ්බ සූත්‍රය දැයි දසයෙකි.
Pali BJTදුතියො පණ්ණාසකො නිට්ඨිතො.
Sinhala BJTදෙවන පණ්ණාසකය නිමි.
Pali BJT3. තතියො පණ්ණාසකො
Sinhala BJT3. තෙවන පණ්ණාසකය
Pali BJT1. සමණසඤ්ඤාවග්ගො
Sinhala BJT1. සමණසඤ්ඤා වර්‍ගය
Pali BJT10. 3. 1. 1.
Sinhala BJT10. 3. 1. 1.
Pali BJTසමණසඤ්ඤා සුත්තං
Sinhala BJTසමණසඤ්ඤා සූත්‍රය
Pali BJTතිස්සො ඉමා භික්ඛවෙ සමණසඤ්ඤා භාවිතා බහුලීකතා සත්තධම්මෙ පරිපූරෙන්ති. කතමා තිස්සො:
Sinhala BJTමහණෙනි, මෙ ත්‍රිවිධ ශ්‍රමණ සංඥා කෙනෙක් භාවිත බහුලීකෘත වූවාහු සත්කරුණක් පිරිපුන් කරත්. කවර තුන් කෙනෙක් යත්:
Pali BJTවෙවණ්ණියම්හි අජ්ඣුපගතො, පටපටිබද්ධා මෙ ජීවිකා, අඤ්ඤො මෙ ආකප්පො කරණීයොති. ඉමා ඛො භික්ඛවෙ තිස්සො සමණසඤ්ඤා භාවිතා බහුලීකතා සත්තධම්මෙ පරිපූරෙන්ති. කතමෙ සත්ත:
Sinhala BJT(කාය - චීවරාදී) වෛවර්‍ණ්‍යයට පැමිණියෙම් වෙමියි. මා දිවිවැටුම් පරාපිළිබැඳි වෙයි; මා විසින් ගිහිනට අන්‍ය වූ ශ්‍රමණාකල්පයෙක් කට යුත්තේ ය; මහණෙනි, ශ්‍රමණයනට උපදනා මෙ ත්‍රිවිධ සංඥාහු භාවිත බහුලීකෘත වූවාහු සත් කරුණක් පිරිපුන් කරත්. කවර සත් කෙනෙක යත්:
Pali BJTනිච්චං සන්තතකාරී{1} හොති සන්තතවුත්ති{2} සීලෙසු, අනභිජ්ඣාලූ හොති. අව්යාපජ්ඣො හොති. අනතිමානී හොති සික්ඛාකාමො හොති, ඉදමත්ථන්තිස්ස හොති ජීවිතපරික්ඛාරෙසු ආරද්ධවිරියො ච{3} විහරති. ඉමා ඛො භික්ඛවෙ තිස්සො සමණඤ්ඤා භාවිතා බහුලීකතා ඉමෙ සත්ත ධම්මෙ පරිපූරෙන්තී ති.
Sinhala BJTහැම කල්හි නිරන්තරකාරී වූයේ ශීලයෙහි සතතප්‍රවෘත්ති ඇත්තේ වෙයි. අභිධ්‍යාබහුල නොවෙයි. ව්‍යාපාද නැත්තේ වෙයි. අතිමාන නැත්තේ වෙයි. ශික්‍ෂා කාම වෙයි. ඔහුගේ ජීවිතපරික්‍ෂාකාරයන්හි මේ ප්‍රත්‍යය ය යන (අදහස) වෙයි. ඇරඹු වැර ඇතියේ ද වෙයි. මහණෙනි, මේ ත්‍රිවිධ ශ්‍රමණ සංඥාවෝ භාවිත බහුලීකෘත වූවාහු මෙ සත් කරුණු සපුරත්යි.
Pali BJT10. 3. 1. 2.
Sinhala BJT10. 3. 1. 2.
Pali BJTබොජ්ඣඞ්ග සුත්තං
Sinhala BJTබොජ්ඣඞ්ග සූත්‍රය
Pali BJTසත්තිමෙ භික්ඛවෙ බොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා තිස්සො විජ්ජා පරිපූරෙන්ති. කතමෙ සත්ත:
Sinhala BJTමහණෙනි, මේ සප්ත බෝධ්‍යඞ්ගයෝ භාවිත බහුලීකෘත වූවාහු ත්‍රිවිද්‍යාවන් සපුරත්. කවර සතෙක යත්:
Pali BJTසතිසම්බොජ්ඣඞ්ගො, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො, විරියසම්බොජ්ඣඞ්ගො, පීතිසම්බොජ්ඣඞ්ගො, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො සමාධිසම්බොජ්ඣඞ්ගො, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො, ඉමෙ ඛො භික්ඛවෙ සත්තබොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා තිස්සො විජ්ජා පරිපූරෙන්ති. කතමා තිස්සො:
Sinhala BJTසතිසම්බොජ්ඣඞ්ගය, ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය, විරිය සම්බොජ්ඣඞ්ගය, පීති සම්බොජ්ඣඞ්ගය, පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය, සමාධි සම්බොජ්ඣඞ්ගය, උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය යි. මහණෙනි, මේ සප්ත සම්බොජඣඞ්ගයෝ භාවිත බහුලීකෘත වූවාහු ත්‍රිවිද්‍යාවන් සපුරත්, කවර තිදෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථීදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ අනේකවිධ වූ පූර්වේනිවාසානු ස්මෘතිය සිහි කරයි. එ කෙසේය යත්: එක් ජාතියක් ද, ජාති දෙකක් ද ... මෙසේ ආකාර සහිත උද්දේශ සහිත අනේකවිධ පූර්වේනිවාසය අනුස්මරණය කරයි.
Pali BJTදිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන -පෙ- යථාකම්මූපගෙ සත්තෙ පජානාති.
Sinhala BJTමිනිසැස ඉක්ම ගිය, විශුද්ධ වූ දිවැසින් ... කම් වූ පරිදි ප්‍රතිසන්‍ධියට එළඹෙන සත්ත්‍වයන් දනිත්.
Pali BJTආසවානං ඛයා -පෙ- සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
Sinhala BJTආස්‍රවක්‍ෂයන් … සාක්‍ෂාත් කොට එයට එළඹ වෙසෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ සත්ත බොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා ඉමා තිස්සො විජ්ජා පරිපූරෙන්තී ති.
Sinhala BJTමෙ සප්ත බෝධ්‍යඞ්ගයෝ භාවිත බහුලීකෘත වූවාහු මෙ ත්‍රිවිද්‍යාවන් සපුරත්.
Pali BJT10. 3. 1. 3.
Sinhala BJT10. 3. 1. 3.
Pali BJTමිච්ඡත්ත සුත්තං
Sinhala BJTමිච්ඡත්ත සූත්‍රය
Pali BJTමිච්ඡත්තං භික්ඛවෙ ආගම්ම විරාධනා හොති, නො ආරාධනා. කථඤ්ච භික්ඛවෙ මිච්ඡත්තං ආගම්ම විරාධනා හොති නො ආරාධනා:
Sinhala BJTමහණෙනි, මිථ්‍යාත්‍වයට විරාධනා වෙයි. ආරාධනායෙක් නොවෙයි. මහණෙනි, කෙසේ නම් මිථ්‍යාත්‍වයට පැමිණීමෙන් විරාධන වේ යැ ආරාධනා නො වේය යත්:
Pali BJTමිච්ඡාදිට්ඨිකස්ස භික්ඛවෙ මිච්ඡාසංකප්පො පහොති, මිච්ඡාසඞ්කප්පස්ස මිච්ඡාවාචා පහොති, මිච්ඡාවාචස්ස මිච්ඡාකම්මන්තො පහොති, මිච්ඡාකම්මන්තස්ස මිච්ඡා ආජීවො පහොති, මිච්ඡාආජීවස්ස මිච්ඡාවායාමො පහොති, මිච්ඡාවායාමස්ස මිච්ඡාසති පහොති, මිච්ඡාසතිස්ස මිච්ඡාසමාධි පහොති, මිච්ඡාසමාධිස්ස මිච්ඡාඤාණං පහොති, මිච්ඡාඤාණිස්ස{1} මිච්ඡාවිමුත්ති පහොති. එවං ඛො භික්ඛවෙ මිච්ඡත්තං ආගම්ම විරාධනා හොති නො ආරාධනා.
Sinhala BJTමහණෙනි, මිථ්‍යාදෘෂ්ටිකහට මිථ්‍යාසංකල්පය පොහෝනේය, මිථ්‍යාසංකල්ප ඇතියහට මිථ්‍යාවාක් පොහෝනේය. මිථ්‍යාවාක් ඇතියහට මිථ්‍යා කර්‍මාන්ත පොහෝනේය. මිථ්‍යා කර්‍මාන්ත ඇතියහට මිථ්‍යා ආජීවය පොහෝනේය. මිථ්‍යා ආජීව ඇත්තාහට මිථ්‍යා ව්‍යායාමය පොහෝනේය. මිථ්‍යා ව්‍යායාමය ඇත්තාහට මිථ්‍යා ස්මෘතිය පොහෝනේය. මිථ්‍යා ස්මෘතිය ඇත්තාහට මිථ්‍යා සමාධිය පොහෝනේය. මිථ්‍යා සමාධි ඇත්තාහට මිථ්‍යා ඥානය පොහෝනේය. මිථ්‍යා ඥානය ඇත්තාහට මිථ්‍යා විමුක්ති පොහෝනේය. මහණෙනි, මෙ සෙයින් ම මිථ්‍යාත්‍වයට පැමිණීමෙන් විරාධනා වෙයි. ආරාධනා නො වෙයි.
Pali BJTසම්මත්තං භික්ඛවෙ ආගම්ම ආරාධනා හොති, නො විරාධනා කථඤ්ච භික්ඛවෙ සම්මත්තං ආගම්ම ආරාධනා හොති, නො විරාධනා:
Sinhala BJTමහණෙනි, සම්‍යක්ත්‍වයට පැමිණීමෙන් ස්වර්‍ග - මාර්‍ගාරාධනා වෙයි. විරාධනා නො වෙයි. මහණෙනි, කෙසේ නම් සම්‍යක්ත්‍වයට පැමිණීමෙන් ආරාධනා වේයැ, විරාධනා නොවේය යත්:
Pali BJTසම්මාදිට්ඨිකස්ස භික්ඛවෙ සම්මාසඞ්කප්පො පහොති, සම්මාසඞ්කප්පස්ස සම්මාවාචා පහොති, සම්මාවාචස්ස සම්මාකම්මන්තො පහොති, සම්මාකම්මන්තස්ස සම්මා ආජීවො පහොති, සම්මා ආජීවස්ස සම්මාවායාමො පහොති, සම්මා වායාමස්ස සම්මාසති පහොති, සම්මාසතිස්ස සම්මා සමාධි පහොති, සම්මාසමාධිස්ස සම්මාඤාණං පහොති, සම්මාඤාණිස්ස{2} සම්මාවිමුත්ති පහොති. එවං ඛො භික්ඛවෙ සම්මත්තං ආගම්ම ආරාධනා හොති නො විරාධනා ති.
Sinhala BJTමහණෙනි, සම්‍යක්දෘෂ්ටිකයාහට සම්‍යක් සංකල්පට පොහෝනේය. සම්‍යක් සංකල්ප ඇතිහට සම්‍යග් වචනය පොහෝනේය. සම්‍යග් වචනය ඇතියහට සම්‍යක්කර්‍මාන්තය පොහෝනේය. සම්‍යක් කර්‍මාන්ත ඇතියහට සම්‍යගාජීවය පොහෝනේය. සම්‍යගාජීවය ඇතියහට සම්‍යග් ව්‍යායාමය පොහෝනේය. සම්‍යග් ව්‍යායාමය ඇත්තහුට සම්‍යක් ස්මෘතිය පොහෝනේය. සම්‍යක් ස්මෘතිය ඇත්තහුට සම්‍යක් සමාධිය පොහෝනේය. සම්‍යක් සමාධිය ඇත්තහුට සම්‍යග් ඥානය පොහෝනේය. සම්‍යග් ඥාන ඇත්තහුට සම්‍යග් විමුක්තිය පොහෝනේයි. මහණෙනි, මෙ සෙයින් ම සම්‍යක්ත්‍වයට පැමිණීමෙන් ආරාධනා වේ. විරාධනා නො වෙයි.
Pali BJT10. 3. 1. 4.
Sinhala BJT10. 3. 1. 4.