Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 14501-14600 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT10. තත්ර ගහපති ය්වායං කාමභොගී ධම්මෙන භොගෙ පරියෙසති, අසාහසෙන, ධම්මෙන භොගෙ පරියෙසිත්වා අසාහසෙන අත්තානං සුඛෙති, පීනෙති, සංවිභජති පුඤ්ඤානි කරොති, තෙ ච භොගෙ අගථිතො අමුච්ඡිතො අනජ්ඣාපන්නො, ආදීනවදස්සාවී නිස්සරණ පඤ්ඤො පරිභුඤ්ජති. අයං ගහපති, කාමභොගී චතුහි ඨානෙහි පාසංසො: ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙනාති ඉමිනා පඨමෙන ඨානෙන පාසංසො. අත්තානං සුඛෙති පීනෙතී’ති ඉමිනා දුතියෙන ඨානෙන පාසංසො. සංවිභජති පුඤ්ඤානි කරොතී’ති ඉමිනා තතියෙන ඨානෙන පාසංසො තෙ ච භොගෙ අගථිතො අමුච්ඡිතො අනජ්ඣාපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජතී’ති, ඉමිනා චතුත්ථෙන ඨානෙන පාසංසො.
Sinhala BJT10. ගැහැවිය, ඔවුනතුරෙහි යම් කාමභෝගියෙක් දැහැමින් නො සැහැසි කමින් භෝග සොයා නම්, දැහැමින් නො සැහැසි කමින් භෝග සොයා තමා සුවපත් කරයි නම්, පිනවයි නම්, සංවිභාග කරයි නම්, පින් කරයි නම්, ඒ භෝගයනුදු ග්‍රථිත නො වූයේ මූර්ඡිත වූයේ එහි බැස නොගත්තේ ආදීනව දක්නා සුලුවූයේ නිඃසරණ ප්‍රඥා ඇතියේ වළඳයි නම්, ගැහැවිය, මෙ කාමභෝගී තෙම සතර කරුණෙකින් පැසැසිය යුතු වෙයි: දැහැමින් නොසැහැසි කමින් භෝග සොයයි යන මෙ පළමු කරුණින් පැසැසිය යුතු වෙයි. තමා සුවපත් කෙරෙයි, පිනවයි යන මෙ දෙවත් කරුණින් පැසැසිය යුතු වෙයි. සංවිභාග කරයි, පින් කරයි, යන මෙ තෙවන කරුණින් පැසැසිය යුතු වෙයි. එ භෝගයනුදු ග්‍රථිත වූයේ අමූර්ඡිත වූයේ අධ්‍යාපන්න නො වූයේ ආදීනව දක්නා සුලුයේ නිඃසරණ ප්‍රඥා ඇතියේ වළඳයි යන මෙ සතර කරුණින් පැසැසිය යුතු වෙයි.
Pali BJTඅයං ගපහති කාමභොගී ඉමෙහි චතුහි ඨානෙහි පාසංසො.
Sinhala BJTගැහැවිය, මෙ කාම භෝගීතෙම මෙ සතර කරුණෙන් පැසැසිය යුතු වෙයි.
Pali BJTඉමෙ ඛො ගහපති දස කාමභොගී සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. ඉමෙසං ඛො ගහපති දසන්නං කාමභොගීනං ය්වායං කාමභොගී ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙන. ධම්මෙන භොගෙ පරියෙසිත්වා අසාහසෙන, අත්තානං සුඛෙති පීනෙති. සංවිභජති පුඤ්ඤානි කරොති, තෙ ච භොගෙ අගථිතො අමුච්ඡිතො අනජ්ඣාපන්නො ආදීනවදස්සාවී නිස්සරණ පඤ්ඤො පරිභුඤ්ජති, අයං ඉමෙසං දසන්නං කාමභොගීනං අග්ගො ච සෙට්ඨො ච පාමොක්ඛො ච උත්තමො ච පවරො ච.
Sinhala BJTගැහැවිය මෙ දස කාමභෝගීහු ලොව්හි විද්‍යාමාන ම වෙති. ගැහැවිය මෙ දස කාමභෝගීන් අතුරෙන් යම් කාමභෝගියෙක් ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයා නම්, ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයා තමා සුවපත් කරයි නම්, පිනවා නම්, සංවිභාග කරයි නම්, පින් කරයි නම් එ භෝගයනුදු ග්‍රථිතනුවූයේ අමූර්ඡිත වූයේ අධ්‍යාපන්න නො වූයේ ආදීනව දක්නා සුලුයේ නිඃසරණ ප්‍රඥා ඇතියේ වළඳා නම්, මෙතෙම මෙ දස කාමභෝගීන්ගෙන් අග්‍රද, ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උත්තම ද ප්‍රවර ද වෙයි.
Pali BJTසෙය්යථාපි ගහපති ගවා ඛීරං, ඛීරම්හා දධි, දධිම්හා නවනීතං, නවනීතම්හා සප්පි, සප්පිම්හා සප්පිමණ්ඩො තත්ථ අග්ගමක්ඛායති, එව මෙව ඛො ගගපති ඉමෙසං දසන්නං කාමභොගීනං ය්වායං කාමභොගී ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙන, ධම්මෙන භොගෙ පරියෙසිත්වා අසාහසෙන අත්තානං සුඛෙති පීනෙති සංවිභජති, පුඤ්ඤානි කරොති, තෙ ච භොගෙ අගථිතො අමුච්ඡිතො අනජ්ඣාපන්නො ආදීනව දස්සාවී නිස්සරණ පඤ්ඤො පරිභුඤ්ජති. අයං ඉමෙසං දසන්නං කාමභොගීනං අග්ගො ච සෙට්ඨො ච පාමොක්ඛො ච උත්තමො ච පවරොචාති.
Sinhala BJTගැහැවිය, යම් පරිදි දෙනගෙන් කිරිය, කිරෙන් දිහිය, දිහියෙන් වෙඬරුය, වෙඬරුයෙන් ගීය, ගියෙන් ගී මධුය, එහි ලා අග්‍රයයි ගිණුමටයේ ද, ගැහැවිය, එපරිදි ම මෙ දස කාමභෝගීන් අතුරෙන් යම් කාමභෝගියෙක් ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයා නම්, ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයා තමා සුවපත් කරයි නම්, පිනවා නම්, සංවිභාග කරයි නම්, පින් කරයි නම්, එ භෝගයනුදු ග්‍රථිත නුවූයේ අමූර්ඡිත වූයේ අනධ්‍යාපන්නවූයේ ආදීනව දක්නා සුලුයේ, නිඃසරණ ප්‍රඥා ඇතියේ වළඳා නම්, මෙ දස කාමභෝගීන්ගෙන් මෙතෙම අග්‍රද, ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උත්තම ද ප්‍රවර ද වෙයි.
Pali BJT10. 2. 5. 2.
Sinhala BJT10. 2. 5. 2.
Pali BJTභය සුත්තං
Sinhala BJTභය සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT(සැවැත්)
Pali BJTඅථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අනාථපිණ්ඩිකං ගහපතිං භගවා එතදවොච:
Sinhala BJTඑකල්හි අනාථපිණ්ඩික ගෘහපති භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් අනාථපිණ්ඩික ගෘහපතිහට භාග්‍යවතුන් වහන්සේ තෙල සැළ කළහ:
Pali BJTයතො ඛො ගහපති අරියසාවකස්ස පඤ්චභයානි වෙරානි වූපසන්තානි හොන්ති, චතුහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති, අරියො චස්ස ඤායො පඤ්ඤාය සුදිට්ඨො හොති සුප්පටිවිද්ධො, ආකඞ්ඛමානො අත්තනාව අත්තානං ව්යාකරෙය්ය:
Sinhala BJTගෘහපතිය, යම් හෙයෙකින් අරී සවුහුගේ පඤ්ච චිත්තෝ ත්‍රාසභයයෝ අකුශල වෛරයෝ මොනොවට සන්හුන් වෙත් ද, සතර සෝවාන් අඟින් සමන්‍වාගත වේ ද, ඔහු විසින් ආර්‍ය්‍ය (විදර්‍ශනා මාර්‍ග සඞ්ඛ්‍යාත) න්‍යායය ප්‍රඥායෙන් මොනොවට දක්නා ලද්දේ, සුපිළි විදියේ වේ ද, කැමැති වනුයේ තෙමේ තමා පහළ කරන්නේ ය:
Pali BJTඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනි ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො සොතාපන්නො හමස්මී, අවිනිපාත ධම්මො නියතො සම්බොධි පරායනොති. කතමානි පඤ්ච භයානි වෙරානි වූපසන්තානි හොන්ති:
Sinhala BJT“ක්‍ෂය වී ගිය නිරෑ ඇතියෙම් ක්‍ෂය වී ගිය තිරිසන් යොන් ඇතියෙම් ක්‍ෂය වී ගිය ප්‍රේතවිෂය ඇතියෙම්, ක්‍ෂය වී ගිය අවාදුගති විනිපා ඇතියෙම් වෙමි. විනිපාතස්වාභාව නැතියෙම් නියතයෙම් සම්බෝධිය පරායණ කොට ඇතියෙම් ශ්‍රෝතාපන්න යෙමි”යි. කවර පඤ්චභය වෛරයෝ සන්හුන්නාහු වෙත් ය යත්:
Pali BJTයං ගහපති, පාණාතිපාතී පාණාතිපාතප්පච්චයා දිට්ඨධම්මිකම්පි භයං වෙරං පසවති, සම්පරායිකම්පි භයං වෙරං පසවති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. පාණාතිපාතා පටිවිරතො නෙව දිට්ඨධම්මිකං භයං වෙරං පසවති න සම්පරායිකං භයං වෙරං පසවති න චෙතසිකං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති, පාණාතිපාතා පටිවිරතස්ස එවං තං භයං වෙරං වූපසන්තං හොති.
Sinhala BJTගෘහපතිය, පණිවා කරණ සුලුවූයේ පණිවා හේතුකොටගෙන දෘෂ්ට ධාර්මික වූ ද යම් භය හා වෛර හා ලබා ද, සාම්පරායික වූ ද භය හා වෛර ලබා ද, චෛතසික වූ ද දුක් දොම්නස් විඳිනේ ද, පණිවායෙන් විරත වූයේ එ දෘෂ්ට ධාර්මික වූ භය වෛර නො ම ලබන්නේ ය. සාම්පරායික භය වෛර නො ම ලබන්නේ ය, චෛතසික දුඃඛදෞර්‍මනස්‍ය නො ම විඳිනේය. මෙසේ ප්‍රාණඝාතයෙන් වෙන්වූවහුගේ එ බිය හා වෙර හා සංහිඳුනේ වෙයි.
Pali BJTයං ගහපති අදින්නාදායී -පෙ- කාමෙසු මිච්ඡාචාරී -පෙ- මුසාවාදී -පෙ- සුරාමෙරය මජ්ජපමාදට්ඨායී සුරාමෙරය මජ්ජපමාදට්ඨානපච්චයා දිට්ඨධම්මිකම්පි භයං වෙරං පසවති, සම්පරායිකම්පි භයං වෙරං පසවති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති සුරාමෙරය මජ්ජපමාදට්ඨානා පටිවිරතො නෙව දිට්ඨධම්මිකං භයං වෙරං පසවති න සම්පරායිකං භයං වෙරං පසවති න චෙතසිකං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති, සුරාමෙරය මජ්ජපමාදට්ඨානා පටිවිරතස්ස එවං තං භයං වෙරං වූපසන්තං හොති. ඉමානි පඤ්චභයානි වෙරානි වූපසන්තානි හොන්ති.
Sinhala BJTගෘහපතිය, නුදුන්දෑගන්නා සුලුවූයේ -පෙ- කාමයන්හි මිසහසර ඇතියේ - මුසවා බණනසුලුවූයේ යම් - ගෘහපතිය, මදපමා දෙකට කරුණුවූ රහමෙර බොන සුලුයේ මදපමා දෙකට කරුණුවූ රහමෙර හේතුයෙන් යම් දෘෂ්ටධාර්මික වූ ද භය හා වෛර හා ලබා නම් සාම්පරායික වු ද භය හා වෛර හා ලබා නම් චෛතසික වූ ද දුක් දොම්නස් විඳිනේ නම් මදපමා දෙකට කරුණු රහමෙරින් විරත වූයේ දෘෂ්ට ධාර්මික වූ ද භය හා වෛර හා නොම ලබනේ ය, සාම්පරායික වූ ද දුක් භය හා වෛර හා නො ම ලබනේ ය, චෛතසික වූ ද දුක් දොම්නස් නො ම විඳුනේය, මදපමා දෙකට කරුණු වූ රහමෙරින් විරතහුගේ මෙසේ එ භය හා වෛර හා සංහිඳුනේ වෙයි. මෙ පස් භය හා වෛර හා ව්‍යුපශාන්ත වෙත්.
Pali BJTකතමෙහි චතුහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති:
Sinhala BJTකවර නම් සතර සෝවාන් අඟින් සමන්‍වාගත වේය යත්:
Pali BJTඉධ ගහපති අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථී සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී”ති.
Sinhala BJTගෘහපතිය, මෙ සස්නෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බුදුන් කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි: මෙ කරුණිනුදු එ භාග්‍යවත්හු අර්‍හත්හ, සම්‍යක් සම්බුද්යහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගතයහ, අනුත්තරයහ, පුරුෂදම්‍ය සාරථිහ, දේවමනුෂ්‍යයනට ශාස්තෘහ, බුද්ධයහ, භාග්‍යවත්හ”යි. ධර්‍මයෙහි අවෙත්‍ය ප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි: භගවත්හු විසින් ධර්‍මය ස්වාඛ්‍යාතය, සාන්දෘෂ්ටිකය, අකාලිකය, ඒහිපස්සිකය, උපනයාර්‍හය, විඥයන් විසින් ප්‍රත්‍යාත්ම වශයෙන් දතයුතුය”යි.
Pali BJTසඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, උජුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, ඤායපටිපන්නො භගවතො සාවක සඞ්ඝො, සාමීචිපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා, එස භගවතො සාවකසඞ්ඝො ආහුනෙය්යො පාහුණෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති.
Sinhala BJTසඞ්ඝයා කෙරෙහි අවෙත්‍ය ප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි: භගවත්හුගේ අරී සවු සඟ සුපිළිපන් වෙයි, භගවත්හුගේ සවු සඟ ඍජු පිළිවෙතට පිළිපන, භගවත්හුගේ සවු සඟ මාර්‍ග නියාමයට පිළිපන, භගවත්හුගේ සවු සඟ සාමීචියට පිළිපන. මේ සතර පුරුෂ යුගලයෙක් අෂ්ට පුරුෂපුද්ගල කෙනෙක් වෙත් නම් භගවත්හුගේ තෙල ශ්‍රාවක සඞ්ඝ ආහුණෙය්‍යය, පාහුණෙය්‍යය, දක්ඛිණෙය්‍යය, අඤ්ජලීකරණීයය, ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර”යි.
Pali BJTඅරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති, අඛණ්ඩෙහි අච්ඡිද්දෙහි අසබලෙහි අකම්මාසෙහි භුජිස්සෙහි විඤ්ඤුප්පසත්ථෙහි අපරාමට්ඨෙහි සමාධිසංවත්තනිකෙහි ඉමෙහි චතුහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති.
Sinhala BJTඅඛණ්ඩ වූ අච්ඡිද්‍රවූ අශබල වූ අකල්මාෂ වූ භුජිස්‍ය වූ විඥ ප්‍රශස්ත වූ අපරාමාෂ්ට වූ සමාධියට හිතව වැටෙන ආර්‍ය්‍යකාන් ශීලයෙන් සමන්‍වාගත වෙයි. මෙ සතර සෝතාපත්ති අඞ්ගයෙන් සමන්‍වාගත වෙයි.
Pali BJTකතමො චස්ස අරියො ඤායො පඤ්ඤාය සුදිට්ඨො හොති සුප්පටිවිද්ධො:
Sinhala BJTඔහු විසින් කවර ආර්‍ය්‍ය න්‍යායයෙක් ප්‍රඥායෙන් සුදෘෂ්ට වූයේ සුප්‍රති විද්ධය යත්:
Pali BJTඉධ ගහපති අරියසාවකො ඉතිපටිසංචික්ඛති: “ඉති ඉමස්මිං සති ඉදං හොති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති, ඉමස්මිං අසති ඉදං න හොති, ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති, යදිදං අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාම රූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTගෘහපතිය, මෙසස්නෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: මෙසේ මෙ අවිද්‍යාදි ප්‍රත්‍ය ඇතිවත් ම මෙ සංස්කාරාදිය වෙයි. මෙ ප්‍රත්‍යයාගේ උත්පාදයෙන් මෙ ඵලය උපදනේය, මෙ ප්‍රත්‍යයාගේ අභාවය වත්ම මෙ ඵලය නොවේ, මෙ ප්‍රත්‍යයාගේ නිරෝධයෙන් මෙ ඵලය නිරුද්ධ වෙයි, එ කිසේය යත්: අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙත්, සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥානය වෙයි, විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප වෙයි, නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වෙයි, ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්‍ශ වෙයි, ස්පර්‍ශ ප්‍රත්‍යයයෙන් වේදනා වෙයි, වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණා වෙයි, තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වෙයි, උපාදාන ප්‍රත්‍යයයෙන් භව වෙයි, භව ප්‍රත්‍යයයෙන් ජාති වෙයි, ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ ශෝක පරිදේව දුඃඛදෞර්‍මනස්‍යෝපායාසයෝ වෙත්. මෙසේ තෙල කේවල දුඃඛස්කන්‍ධයාගේ සමුදය වෙයි.
Pali BJTඅවිජ්ජායත්වෙව අසෙසවිරාග නිරොධා සඞ්ඛාර නිරොධො, සඞ්ඛාර නිරොධා විඤ්ඤාණ නිරොධො, විඤ්ඤාණ නිරොධා නාමරූප නිරොධො, නාමරූප නිරොධා සළායතන නිරොධො, සළායතන නිරොධා ඵස්ස නිරොධො, ඵස්ස නිරොධා වෙදනා නිරොධො, වෙදනා නිරොධා තණ්හා නිරොධො, තණ්හා නිරොධා උපාදාන නිරොධො, උපාදාන නිරොධා භව නිරොධො, භව නිරොධා ජාති නිරොධො, ජාති නිරොධා ජරා මරණං සොකපරිදෙවදුක්ඛ දොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති. අයඤ්චස්ස අරියො ඤායො පඤ්ඤාය සුදිට්ඨො හොති සුප්පටිවිද්ධො.
Sinhala BJTඅවිද්‍යාහුගේ ම අශේෂවිරාග නිරෝධයෙන් සඞ්ඛාර නිරෝධය වෙයි, සඞ්ඛාර නිරෝධයෙන් විඥාන නිරෝධය වෙයි, විඥාන නිරෝධයෙන් නාමරූප නිරෝධය වෙයි, නාමරූප නිරෝධයෙන් ෂඩායතන නිරෝධය වෙයි, ෂඩායතන නිරෝධයෙන් ස්පර්‍ශ නිරෝධය වෙයි, ස්පර්‍ශ නිරෝධයෙන් වේදනා නිරෝධය වෙයි, වේදනා නිරෝධයෙන් තෘෂ්ණා නිරෝධය වෙයි, තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වෙයි, උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වෙයි, භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙයි, ජාති නිරෝධයෙන් ජරාමරණ ශෝක පරිදේව දුඃඛදෞර්‍මනස්‍යෝපායාසයෝ නූපදිත්. මෙසේ තෙල කේවල දුඃඛ ස්කන්‍ධයාගේ නිරෝධය වෙයි, ඔහු විසින් මෙ න්‍යාය ප්‍රඥායෙන් සුදෘෂ්ට සුප්‍රතිවිද්ධ වෙයි.
Pali BJTයතො ඛො ගහපති අරියසාවකස්ස ඉමානි පඤ්චභයානි වෙරානි වූපසන්තානි හොන්ති. ඉමෙහි චතුහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති. අයමස්ස අරියො ඤායො පඤ්ඤාය සුදිට්ඨො හොති සුප්පටිවිද්ධො, සො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං ව්යාකරෙය්ය: “ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනියො ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො. සොතාපන්නො හමස්මි අවිනිපාත ධම්මො නියතො සම්බොධිපරායනොති.
Sinhala BJTගෘහපතිය, යම් කලෙක ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ මේ පඤ්චභය වෛරයෝ ව්‍යුපශාන්ත වෙත් ද, මේ සතර ස්‍රෝතාපත්ති-අඞ්ගයෙන් සමන්‍වාගත වේ ද, ඔහු විසින් මෙ ආර්‍ය්‍ය න්‍යාය ප්‍රඥායෙන් සුදෘෂ්ට ද සුප්‍රතිවිද්ධද වෙයි. හේ කැමැති වන්නේ තෙමේ තමා පාළ කරන්නේය: ක්‍ෂය වූ නිරය ඇතියෙම්, ක්‍ෂය වූ තිරිසන්යොන් ඇතියෙම්, ක්‍ෂය වූ ප්‍රේත විෂය ඇතියෙම් ක්‍ෂය අවාදුගති විනිපා ඇතියෙම් නො හෙන සැහැවි ඇතියෙම් නියතයෙම් සම්බෝධි පරායණයෙම් සෝවාන් වෙමි යි.
Pali BJT10. 2. 5. 3.
Sinhala BJT10. 2. 5. 3.
Pali BJTකිංදිට්ඨික සුත්තං
Sinhala BJTකිංදිට්ඨික සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති දිවා දිවස්ස සාවත්ථියා නික්ඛමි. භගවන්තං දස්සනාය. අථ ඛො අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස එතදහොසි: “අකාලො ඛො තාව භගවන්තං දස්සනාය, පතිසල්ලීනො භගවා, මනො භාවනීයා නම්පී භික්ඛූනං අකාලො දස්සනාය, පතිසල්ලීනා මනොභාවනීයා භික්ඛු. යන්නූනාහං යෙනඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමෙය්යන්ති”. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමි.
Sinhala BJTඑක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනාථපිණ්ඩික සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩ වසන සේක. එකල්හි අනාථපිණ්ඩික ගෘහපති මැදි දහවල් භාග්‍යවතුන් වහන්සේ දක්නට සැවැතින් නික්මින. ඉක්බිති අනාථපිණ්ඩික ගෘහපතිහට තෙල සිත විය: “භාග්‍යවතුන් දක්නට තව ම නො කල, භාග්‍යවත්හු ප්‍රතිසංලීනයහ, මනෝ භාවනීය මහණුන් දක්නට ද, නො කල, මනෝ භාවනීය මහණහු ප්‍රතිසංලීනයහ. මම් අන්තොටු පිරිවැජ්ජන්ගේ අසපුව කරා යෙම් මැනැවැ”යි. ඉක්බිති අනේපිඬු සිටුතෙම අන්තොටු පිරිවැජියන්ගේ අසපුව කරා එළඹියේ ය.
Pali BJTතෙන ඛො පන සමයෙන අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා සඞ්ගම්ම සමාගම්ම උන්නාදිනො උච්චාසද්දා මහාසද්දා අනෙකවිහිතං තිරච්ඡාන කථං කථෙන්තා නිසින්නා හොන්ති. අද්දසංසු ඛො තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා අනාථපිණ්ඩිකං ගහපතිං දූරතොව ආගච්ඡන්තං, දිස්වා අඤ්ඤමඤ්ඤං සණ්ඨපෙසුං: “අප්පසද්දා භොන්තො හොන්තු, මා භොන්තො සද්දමකත්ථ, අයං අනාථපිණ්ඩිකො ගහපති ආගච්ඡති සමණස්ස ගොතමස්ස සාවකො, යාවතා ඛො පන සමණස්ස ගොතමස්ස සාවකා ගිහී ඔදාතවසනා සාවත්ථියං පටිවසන්ති, අයං තෙසං අඤ්ඤතරො අනාථපිණ්ඩිකො ගහපති. අප්පසද්දකාමා ඛො පන තෙ ආයස්මන්තො අප්පසද්ද විනීතා අප්පසද්දස්ස වණ්ණවාදිනො. අප්පෙව නාම අප්පසද්දං පරිසංවිදිත්වා උපසංකමිතබ්බං මඤ්ඤෙය්යා”ති. අථ ඛො තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා තුණ්හී අහෙසුං.
Sinhala BJTඑ සමයෙහි අන්තොටු පිරිවැජියෝ එක් රැස්ව ඔල්වරසන් කරන්නාහු උස්හඬ මහ හඬ ඇත්තාහු අනේකවිධ තිරශ්චීන කථා කියන්නාහු හුන්නාහු වෙති. එ අන්තොටු පිරිවැජියෝ දුරින්ම එන අනේපිඬු ගැහැවි දුටුහු. දැක උනුන් (ඉරියව් - තෙපුල්) නැවැත් වූහ: “භවත්හු අල්ප ශබ්ද වෙත්වා, භවත්හු නහමක් ශබ්ද කරත්වා, මේ මහණ ගොයුම් සවු අනේපිඬු ගැහැවි එයි. මහණ ගොයුම්හුගේ සුදුවත් හඳනා ගිහි සව්වෝ යම් පමණ සැවැත්හි වෙසෙත් නම්, මේ අනාථ පිණ්ඩික ගෘහපති ඔවුනතුරෙන් අන්‍යතරයෙක, එ ආයුෂ්මත්හු වනාහි අල්පශබ්ද ඇති (මාත්‍රභාණී) යහු විසින් හික්මවන ලද්දාහු අල්පශබ්දයාගේ ගුණ වණන්නාහු වෙති, අල්පශබ්ද ඇති පිරිස දැන එළඹියැ යුතු කොට හඟනේ නම් මැනැවැයි. ඉක්බිති ඒ අන්තොටු පිරිවැජියෝ තුෂ්ණීම්භූත වූහ.
Pali BJTඅථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙහි: අඤ්ඤතිත්ථියෙහි පරිබ්බාජකෙහි සද්ධිං සම්මොදි, සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අනාථපිණ්ඩිකං ගහපතිං තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එතදවොචුං: “වදෙහි ගහපති කින්දිට්ඨිකො සමණො ගොතමො”ති. “න ඛො අහං භන්තෙ භගවතො සබ්බං දිට්ඨිං ජානාමී”ති.
Sinhala BJTඉක්බිති අනේපිඬු ගැහැවි තෙම එ අන්තොටු පිරිවැජියන් කරා එළඹියේ ය. එළඹ ඒ අන්තොටු පිරිවැජියන් හා සමග සතුටු විය. සම්මෝදනයට නිසි සිහි කටයුතු කථා කොට නිමවා එකත් පසෙක හින. එකත් පසෙක හුන් අනාථපිණ්ඩික ගැහැවිහට ඒ අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ තෙල කරුණ කීහ: “ගැහැවිය, මහණ ගොයුම්හු කවර දෘෂ්ටියක් ඇතියහු දැ යි කියව”යි. “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ හැම දිටු නො දන්මි”යි
Pali BJTඉති කිර ත්වං ගහපති, න සමණස්ස ගොතමස්ස සබ්බං දිට්ඨිං ජානාසි, වදෙහි ගහපති කිං දිට්ඨිකා භික්ඛූ”ති. “භික්ඛූ තම්පි ඛො අහං භන්තෙ න සබ්බං දිට්ඨිං ජානාමී”ති.
Sinhala BJT“ගැහැවිය, මෙසේ තෙපි මහණ ගොයුම්හුගේ හැම දිටු නො දන්හු නම්, ගැහැවිය, භික්‍ෂූහු කවර දෘෂ්ටි ඇතියහු දැයි කියව”යි. “වහන්ස, මම භික්‍ෂූන්ගේ ද හැම දිටු නො දන්මි”යි.
Pali BJTඉති කිර ත්වං ගහපති, න සමණස්ස ගොතමස්ස සබ්බං දිට්ඨිං ජානාසි, න පි භික්ඛූනං සබ්බං දිට්ඨිං ජානාසි, වදෙහි ගහපති, කිං දිට්ඨිකොසි ත්වන්ති” එතං ඛො භන්තෙ අම්හෙහි න දුක්කරං ව්යාකාතුං “යං දිට්ඨිකා මයන්ති”. ඉඞ්ඝ තාව ආයස්මන්තො යථාසකානි දිට්ඨිගතානි බ්යාකරොන්තු, පච්ඡාපෙතං අම්හෙහි න දුක්කරං භවිස්සති බ්යාකාතුං සන්දිට්ඨිකා මයන්ති.
Sinhala BJT“ගැහැවිය, මෙසේ තෙපි මහණ ගොයුම්හුගේ හැම දිටු නො දන්හු නම්, භික්‍ෂූන්ගේ ද හැම දිටු නො දන්හු නම්, ගැහැවිය, තෙපි කවර දිටු ඇතියහු දැයි කියව”යි. වහන්ස, අපි කවර දිටු ඇතියමෝ ද යන තෙල කරුණ පාළ කරන්නට අප විසින් දුෂ්කර නො වෙයි. එසේ නම් ආයුෂ්මත්හු පළමු මැ යථා ස්වක දෘෂ්ටීන් පාළ කෙරෙත් වා, අපි යම් දෘෂ්ටියක් ඇතියමෝ නම් තෙල කරුණ අප විසින් පසු ද පාළ කරන්නට දුෂ්කරයෙක් නො වන්නේ ය.
Pali BJTඑවං වුත්තෙ අඤ්ඤතරො පරිබ්බාජකො අනාථපිණ්ඩිකං ගහපතිං එතදවොච: “සස්සතො ලොකො, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤන්ති” එවං දිට්ඨිකො අහං ගහපතී”ති, අඤ්ඤතරොපි පරිබ්බාජකො අනාථපිණ්ඩිකං ගහපතිං එතදවොච: “අසස්සතො ලොකො, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති” එවං දිට්ඨිකො අහං ගහපතී”ති. අඤ්ඤතරොපි ඛො පරිබ්බාජකො අනාථපිණ්ඩිකං ගහපතිං එතදවොච: ‘අන්තවා ලොකො’ -පෙ- ‘අනන්තවා ලොකො’ -පෙ- ‘තං ජීවං තං සරීරං’ -පෙ- ‘අඤ්ඤං ජීවං, අඤ්ඤං සරීරං’ -පෙ- ‘හොතී තථාගතො පරම්මරණා’ -පෙ- ‘න හොති තථාගතො පරම්මරණා’ -පෙ- ‘හොති ච න හොති ච තථාගතො පරම්මරණා’ -පෙ- නෙව හොති, න න හොති තථාගතො පරම්මරණා’, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති” එවං දිට්ඨිකො අහං ගහපතී”ති.
Sinhala BJTමෙසේ කී කල්හි අන්‍යතර පරිව්‍රාජකයෙක් අනාථපිණ්ඩික ගෘහපතිහට තෙල කරුණ කීය: “ගෘහපතිය, මම ලෝකය ශාශ්වතය, මෙ ම සත්‍යය, අනෙක අසත්‍යය යන මෙබඳු දෘෂ්ටි ඇතියෙමි යි. අන්‍යතර පරිව්‍රාජකයෙක් ද අනාථපිණ්ඩික ගෘහපතිහට තෙල කරුණ කීය: “ලෝකය අශාශ්වතය, මෙ ම සත්‍යය: අනෙක සිස්ය යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙමැ”යි. අන්‍යතර පරිව්‍රාජකයෙක් ද අනාථපිණ්ඩික ගෘහපතිහට තෙල කරුණ කී: “ගැහැවිය, මම ලෝකය අන්තවත්ය, -පෙ- ලෝකය අනන්තවත් ය, -පෙ- එ ජීවය; එ සිරුරය -පෙ- ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙක, -පෙ- සත්ත්‍වයා මරණින් පසු (පිළිසඳ විසින්) වෙයි, -පෙ- සත්ත්‍ව මරණින් පසු (පිළිසඳ විසින්) නොවෙයි -පෙ- සත්ත්‍වයා මරණින් පසු වන්නේ ද, නොවන්නේ ද වෙයි -පෙ- සත්ත්‍වයා මරණින් පසු නො මැ වෙයි, නොවන්නේ නොවෙයි, මෙ ම සත්‍යය, අනෙක සිස් ය යන මෙබඳු දෘෂ්ටි ඇතියෙමි”යි.
Pali BJTඑවං වුත්තෙ අනාථපිණ්ඩිකො ගහපති තෙ පරිබ්බාජකෙ එතදවොච: ය්වායං භන්තෙ, ආයස්මා එවමාහ: ‘සස්සතො ලොකො, ඉද මෙව සච්චං මොඝමඤ්ඤන්ති” එවං දිට්ඨිකො අහං ගහපතී’ති, ඉමස්සායස්මතො දිට්ඨි අත්තනො වා අයොනිසො මනසිකාරහෙතු උප්පන්නා, පරතොඝොසප්පච්චයා වා. සා ඛො පනෙසා දිට්ඨි භූතා සඞ්ඛතා චෙතයිතා පටිච්චසමුප්පන්නා, යං ඛො පන කිඤ්චි භූතං සඞ්ඛතං චෙතයිතං පටිච්චසමුප්පන්නං තදනිච්චං, යදනිච්චං තං දුක්ඛං, යං දුක්ඛං තදෙව සො{1} ආයස්මා අල්ලීනො තදෙව සො{1} ආයස්මා අජ්ඣූපගතො.
Sinhala BJTමෙසේ කී කල්හි අනාථපිණ්ඩික ගෘහපති එ පිරිවැජියනට තෙල කරුණ කීය: වහන්ස, යම් ආයුෂ්මතෙක් “ගෘහපතිය මම ලෝකය ශාශ්වතය, මෙ මැ සත්‍ය ය, අන්‍ය සිස් ය යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙමැ”යි මෙසේ කී නම්, මෙ ආයුෂ්මත්හුගේ දෘෂ්ටිය තමාගේ අයෝනිසෝමනසිකාර හේතුයෙන් හෝ පරතෝඝෝෂ ප්‍රත්‍යයයෙන් උපන. තෙල දෘෂ්ටිය වනාහි භූත ය, සංස්කෘත ය, කල්පිත ය, ප්‍රතීත්‍ය සමුත්පන්න ය. යම් කිසිවක් ම භූත ද, සංස්කෘත ද, කල්පිත ද, ප්‍රතීත්‍ය සමුත්පන්න ද එ අනිත්‍ය වෙයි. යම් කිසිවක් ම අනිත්‍ය වේ ද එ දුඃඛය. යමක් දුඃඛ වේ නම් එ ආයුෂ්මත් එයට ම ඇලුණේ ය. එ ආයුෂ්මත් එයට ම බැසගත්තේ ය.
Pali BJTයොපායං භන්තෙ, ආයස්මා එවමාහ: අසස්සතො ලොකො, ඉද මෙව සච්චං මොඝමඤ්ඤන්ති” එවං දිට්ඨිකො අහං ගහපතී’ති, ඉමස්සපි{2} ආයස්මතො{3} දිට්ඨි අත්තනො වා අයොනිසො මනසිකාරහෙතු උප්පන්නා පරතොඝොසප්පච්චයා{4} වා. සා ඛො පනෙසා දිට්ඨි භූතා සඞ්ඛතා චෙතයිතා පටිච්චසමුප්පන්නා, යං ඛො පන කිඤ්චි භූතං සඞ්ඛතං චෙතයිතං පටිච්චසමුප්පන්නං තදනිච්චං, යදනිච්චං තං දුක්ඛං, යං දුක්ඛං තදෙව සො ආයස්මා අල්ලීනො තදෙව සො ආයස්මා අජ්ඣුපගතො.
Sinhala BJTවහන්ස, යම් ම ආයුෂ්මතෙක් “ගෘහපතිය, මම ලෝකය අශාශ්වත ය, මෙ මැ සත්‍ය ය, අන්‍යය අසත්‍ය ය යන මෙබඳු දෘෂ්ටි ඇතියේ මැයි” මෙසේ කී නම්, මෙ ආයුෂ්මත්හුගේ දෘෂ්ටිය ද තමාගේ අයෝනිමනසිකාරය හේතුයෙන් හෝ පරතෝඝෝෂප්‍රත්‍යයෙන් හෝ උපන, තෙල දෘෂ්ටිය භූත ය, සංස්කෘත ය, කල්පිත ය, ප්‍රතීත්‍යසමුත්පන්න ය. යම් කිසිවක් ම භූත ද, සංස්කෘත ද, කල්පිත ද, ප්‍රතීත්‍යසමුත්පන්න ද එ අනිස වෙයි, යමක් අනිස වේ නම් එ දුක් ය, යමක් දුක් වේ නම් එයට ම මේ ආයුෂ්මත් ඇලුණේ ය. එයට ම මේ ආයුෂ්මත් බැසගත්තේ ය.
Pali BJTයො පායං භන්තෙ ආයස්මා එවමාහ: අන්තවා ලොකො -පෙ- අනන්තවා ලොකො -පෙ- තං ජීවං තං සරීරං -පෙ- අඤ්ඤං ජීවං, අඤ්ඤං සරීරං -පෙ- හොතී තථාගතො පරම්මරණා -පෙ- න හොති තථාගතො පරම්මරණා -පෙ- හොති ච න හොති ච තථාගතො පරම්මරණා -පෙ- නෙව හොති, න න හොති තථාගතො පරම්මරණා ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති එවං දිට්ඨිකො අහං ගහපතී’ති. ඉමස්සපි ආයස්මතො දිට්ඨි අත්තනො වා අයොනිසො මනසිකාරහෙතු උප්පන්නා, පරතොඝොසප්පච්චයා වා. සා ඛො පනෙසා දිට්ඨි භූතා සඞ්ඛතා චෙතයිතා පටිච්චසමුප්පන්නා.
Sinhala BJTවහන්ස, යම් ම ආයුෂ්මතෙක් “ගෘහපතිය, මම ‘ලෝකය අන්තවත් යැ, -පෙ- ලෝකය අනන්තවත් යැ ... එමැ ජීවය එමැ ශරීරය ... සත්ත්‍ව මරණින් මතු වෙයි ... සත්ත්‍ව මරණින් මතු නො වෙයි ... සත්ත්‍ව මරණින් මතු වන්නේත් නොවන්නේත් වෙයි ... සත්ත්‍ව මරණින් මතු නො ම වෙයි, නො ම නො වෙයි, මෙ ම සත්‍ය ය, අන්‍යය මෝඝය යන මෙ බඳු දෘෂ්ටි ඇතියෙමි” කීයේ නම්, මෙ ආයුෂ්මත්හුගේ ද දෘෂ්ටිය තමාගේ අයෝනිසෝමනසිකාරයෙන් හෝ පරතෝඝෝෂප්‍රත්‍යයෙන් හෝ උපන. තෙල දෘෂ්ටිතොමෝ භූත ය, සංස්කෘත ය, කල්පිත ය, ප්‍රතීත්‍යසමුත්පන්න ය.
Pali BJTයං ඛො පන කිඤ්චි භූතං සංඛතං චෙතයිතං පටිච්චසමුප්පන්නං, තදනිච්චං, යදනිච්චං තං දුක්ඛං, යං දුක්ඛං තදෙවෙසො ආයස්මා අල්ලීනො, තදෙවෙසො ආයස්මා අජ්ඣුපගතොති.
Sinhala BJTමේ කිසිවක් භූත, සංස්කෘත, කල්පිත, ප්‍රතීත්‍යසමුත්පන්න වේ ද, එ අනිස. යමක් අනිස වේ ද, එ දුක. යමක් දුක් වේ ද, එයටම මේ ආයුෂ්මත් ඇලුණේය. එයට ම මෙ ආයුෂ්මත් බටුයේ යි.
Pali BJTඑවං වුත්තෙ තෙ පරිබ්බාජකා අනාථපිණ්ඩිකං ගහපතිං එතදවොචුං: බ්යාකතානි ඛො ගහපති අම්හෙහි සබ්බෙහෙව යථාසකානි දිට්ඨිගතානි, වදෙහි ගහපති, කිං දිට්ඨිකොසි ත්වන්ති’.
Sinhala BJTමෙසේ කී කල්හි එ පිරිවැජියෝ අනේපිඬු ගැහැවිහට තෙලකීහ: “ගෘහපතිය, අප හැම දෙන විසින් යථාස්වක දෘෂ්ටීහු ව්‍යාකෘතයහ. ගෘහපතිය, තෝ කවර දෘෂ්ටි ඇතියෙක්හි දැයි කියව”යි.
Pali BJTයං ඛො භන්තෙ කිඤ්චි භූතං සඞ්ඛතං චෙතයිතං පටිච්චසමුප්පන්නං, තදනිච්චං. යදනිච්චං තං දුක්ඛං. යං දුක්ඛං තං නෙතං මම, නෙසො හමස්මි, න මෙ සො අත්තාති එවංදිට්ඨිකො අහං භන්තෙති.
Sinhala BJTවහන්ස, මම යම් කිසිවක් භූත ද, සංස්කෘත ද, කල්පිත ද, ප්‍රතීත්‍යසමුත්පන්න ද, එ අනිත්‍ය වෙයි. යමක් අනිත්‍ය ද, එ දුඃඛ වෙයි. යමක් දුඃඛ වේ නම්, ‘තෙල මාගේ නො වෙයි, තෙල මම් නො වෙම්, තෙල මාගේ ආත්ම නො වෙයි’ යන මෙ බඳු දෘෂ්ටි ඇතියෙකිමි”යි.
Pali BJTයං ඛො ගහපති කිඤ්චි භූතං සඞ්ඛතං චෙතයිතං පටිච්චසමුප්පන්නං තදනිච්චං, යදනිච්චං තං දුක්ඛං, යං දුක්ඛං තදෙව ත්වං ගහපති අල්ලීනො, තදෙව ත්වං ගහපති අජ්ඣුපගතොති.
Sinhala BJTගෘහපතිය, යම් කිසිවක් භූත, සංස්කෘත, කල්පිත, ප්‍රතීත්‍යසමුත්පන්න වේ නම්, එ අනිත්‍ය වෙයි. යමක් අනිත්‍ය වේ නම් එ දුඃඛ වෙයි. යමක් දුඃඛවේ නම්, ගෘහපතිය, තෝ එයට ම ඇලුනෙහි, ගෘහපතිය, තෝ එයට ම බටුයෙහියි.
Pali BJTයං ඛො භන්තෙ කිඤ්චි භූතං සංඛතං චෙතයිතං පටිච්චසමුප්පන්නං තදනිච්චං, යදනිච්චං, තං දුක්ඛං, යං දුක්ඛං තං නෙතං මම, නෙසො’හමස්මි’ න මෙසො අත්තාති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං තස්ස ච උත්තරිං නිස්සරණං යථාභූතං පජානාමීති. එවං තෙ පරිබ්බාජකා තුණ්හීභූතා මඞ්කුභූතා පත්තක්ඛන්ධා අධොමුඛා පජ්ඣායන්තා අප්පටිභානා නිසීදිංසු.
Sinhala BJTවහන්ස, යම් කිසිවක් භූත, සංස්කෘත, කල්පිත, ප්‍රතීත්‍යසමුත්පන්න වේ නම්, එ අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම්, ඒ දුක් වෙයි. යමක් දුක් වේ නම් එය ‘තෙල මාගේ නො වෙයි, තෙල මම් නො වෙම්, තෙල මාගේ ආත්ම නො වෙයි. මෙසේ තෙල සම්‍යක් ප්‍රඥායෙන් මා විසින් මොනොවට දක්නා ලදී. එයට ද මතුයෙහි යථාභූතකොට නිඃසරණය දන්මි’යි. මෙසේ කී කල්හි එ පරිව්‍රාජකයෝ තුෂ්ණීභූත වූවාහු දොම්නස් ඇතියහු යට හෙලූ කඳ ට ඇත්තාහු යටහෙලූ මුව ඇත්තාහු සිතිවිලි සිතන්නාහු ප්‍රතිභාන රහිත වැ හුන්හ.
Pali BJTඅථ ඛො අනාථපිණ්ඩිකො ගහපති තෙ පරිබ්බාජකෙ තුණ්හීභූතෙ මඞ්කුභූතෙ පත්තක්ඛන්ධෙ අධොමුඛෙ පජ්ඣායන්තෙ අප්පටිභානෙ විදිත්වා උට්ඨායාසනා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො අනාථපිණ්ඩිකො ගහපති යාවතකො අහොසි තෙහි අඤ්ඤතිත්ථියෙහි පරිබ්බාජකෙහි සද්ධිං කථාසල්ලාපො, තං සබ්බං භගවතො ආරොචෙසි.
Sinhala BJTඉක්බිති අනාථපිණ්ඩික ගෘහපති තෙම එ පිරිවැජියන් තුෂ්ණීම්භූතයහු උපන් දොම්නස් ඇතියහු බහාගත් කඳට ඇතියහු යටහෙලූ මුව ඇතියහු සිතිවිලි පර වූවහු ප්‍රතිභාන රහිත වූවහු දැන භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් අනාථපිණ්ඩික ගෘහපති තෙම ඒ අන්තොටු පිරිවැජියන් හා සමග යම් පමණ වූ කථාසංලාපයෙක් වී නම්, ඒ හැම භාග්‍යවතුන් වහන්සේට සැලකළේ ය.
Pali BJTසාධු සාධු ගහපති, එවං ඛො තෙ ගහපති මොඝපුරිසා කාලෙන කාලං සහධම්මෙන සුනිග්ගහීතං නිග්ගහෙතබ්බාති. අථ ඛො භගවා අනාථපිණ්ඩිකං ගහපතිං ධම්මියා කථාය සංදස්සෙසි, සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති භගවතා ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJTගැහැවිය මැනැවි, මැනැවි. ගැහැවිය, මෙසේ ම ඒ මෝඝ පුරුෂයෝ කලින් කල සකරුණෙන් සුනිගෘහිත කොට නිගැනියයුත්තාහ යි. ඉක්බිති භාග්‍යවතුන් අනාථපිණ්ඩිකගෘහපතීහු දැහැමි කථායෙන් සන්‍දර්‍ශන කරවූහ, සමාදන් කරවූහ, මොනොවට ඔද ගැන්වූහ, සුපහන් කරවූහ. ඉක්බිති අනාථපිණ්ඩික ගෘහපති භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථායෙන් සන්‍දර්ශිත වූයේ සමාදපිත වූයේ සමුත්තේජිත වූයේ සම්ප්‍රහර්‍ෂිත වූයේ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ මොනොවට වැඳ පැදකුණු කොට නැඟී ගියේ ය.
Pali BJTඅථ ඛො භගවා අචිරපක්කන්තෙ අනාථපිණ්ඩිකෙ ගහපතිම්හි භික්ඛූ ආමන්තෙසි. යොපි සො භික්ඛවෙ භික්ඛු වස්සසතූපසම්පන්නො ඉමස්මිං ධම්මවිනයෙ, සොපි එවමෙවං අඤ්ඤතිත්ථියෙ පරිබ්බාජකෙ සහධම්මෙන සුනිග්ගහිතං නිග්ගණ්හෙය්ය යථා තං අනාථපිණ්ඩිකෙන ගහපතිනා නිග්ගහීතාති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනාථපිණ්ඩික ගෘහපතියා නික්මගිය නො බෝකල් ඇති වත් ම භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, මෙ දහම් විනයෙහි උපසපුයෙන් සියක්වස් ගිය මහණෙක් වේ නම්, අනාථපිණ්ඩික ගෘහපතීහු විසින් ඔහු යම් පරිද්දෙන් නිගෘහීත වෙත් නම්, හෙද මෙ පරිද්දෙන් ම සකරුණෙන් අන්තොටු පිරිවැජියන් නිගන්නේ”යි.
Pali BJT10. 2. 5. 4.
Sinhala BJT10. 2. 5. 4.
Pali BJTවජ්ජියමාහිත සුත්තං
Sinhala BJTවජ්ජියමාහිත සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා චම්පායං විහරති ගග්ගාරාය පොක්ඛරණියා තීරෙ, අථ ඛො වජ්ජියමාහිතො ගහපති දිවා දිවස්ස චම්පායා නික්ඛමි භගවන්තං දස්සනාය. අථ ඛො වජ්ජියමාහිතස්ස{1} ගහපතිස්ස එතදහොසි: අකාලො ඛො තාව භගවන්තං දස්සනාය, පතිසල්ලීනො භගවා, මනොභාවනීයානම්පි භික්ඛූනං අකාලො දස්සනාය, පතිසල්ලානා මනොභාවනීයා භික්ඛු. යන්නූනාහං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමෙය්යන්ති.
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ චම්පා නුවර සමීපයෙහි ‘ගග්ගරා’ නම් පොකුණු තෙර වැඩ වසන සේක. එකල්හි වජ්ජියමාහිත නම් ගෘහපතියා භාග්‍යවතුන් වහන්සේ දක්නා සඳහා චම්පා නුවරින් මහ දවල්හි නික්මියේ ය. එකල්හි වජ්ජියමාන ගෘහපතියහට තෙල සිත විය: “භාග්‍යවතුන් වහන්සේ දක්නට තවම නො කලි. භාග්‍යවතුන් වහන්සේ පිළිසලනෙහි හුන්හ. මනෝභාවනීය භික්‍ෂූනුදු දක්නට නො කලි, මනෝභාවනායෙහි ඇලුණු භික්‍ෂූහු පිළිසලනෙහි යෙදුණහ. ඉදින් මම් අන්තොටු පිරිවැජියන්ගේ අසපුවට යෙම් නම් මැනැවැ”යි.
Pali BJTඅථ ඛො වජ්ජියමාහිතො ගහපති යෙනඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා සඞ්ගම්ම සමාගම්ම උන්නාදිනො උච්චාසද්දා මහාසද්දා අනෙකවිහිතං තිරච්ඡානකථං කථෙන්තා නිසින්නා හොන්ති.
Sinhala BJTඉක්බිති වජ්ජියමාහිත ගෘහපති අන්තොටු පිරිවැජ්ජන්ගේ අසපුවට එළඹියේ ය. එකල්හි අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ එක් රැස්ව ඔල්වරසන් ඇත්තාහු උස්හඬ ඇත්තාහු මහහඬ ඇත්තාහු නන් වැදෑරුම් තිරිසන්ගිය කථා කියමින් හුන්නාහු වෙත්.
Pali BJTඅද්දසංසු{2} ඛො තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා වජ්ජියමාහිතං ගහපතිං දූරතොව ආගච්ඡන්තං. දිස්වා අඤ්ඤමඤ්ඤං සණ්ඨපෙසුං අප්පසද්දා භොන්තො හොන්තු, මා භොන්තො සද්දමකත්ථ, අයං වජ්ජියමාහිතො ගහපති ආගච්ඡති, සමණස්ස ගොතමස්ස සාවකො, යාවතා ඛො පන සමණස්ස ගොතමස්ස සාවකා ගිහී ඔදාතවසනා චම්පායං පටිවසන්ති, අයං තෙසං අඤ්ඤතරො. වජ්ජියමාහිතො ගහපති අප්පසද්දකාමා ඛො පන තෙ අයස්මන්තො අප්පසද්දවිනීතා අප්පසද්දස්ස වණ්ණවාදිනො අප්පෙවනාම අප්පසද්දං පරිසං විදිත්වා උපසඞ්කමිතබ්බං මඤ්ඤෙය්යාති.
Sinhala BJTඒ අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ වජ්ජියමාහිත ගෘහපතීහු එනු දුරදීම දුටහ. දුරදී ම එන්නහු දැක උනුන් පිහිටවූහ (නවතාලූහ) “භවත්හු නිහඬ වෙත් වා, භවත්හු නහමක් ශබ්ද කෙරෙත්වා. ශ්‍රමණභවත් ගෞතමයන්ගේ ශ්‍රාවක වජ්ජියමාහිත ගෘහපති එයි. ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවක වූ සුදුවත් හඳනා යම් පමණ ගිහිහු චම්පායෙහි වසත් ද, මේ වජ්ජියමාහිත ගෘහපති ඔවුන්ගෙන් අන්‍යතරයෙක් වෙයි. අල්පශබ්ද කැමැති ඒ භවත් හු අල්පශබ්ද ඇතියහු (මහණ ගොයුම්හු) විසින් විනීත වූවාහු අල්පශබ්දයාගේ වර්‍ණ කියන්නාහු නිහඬ පිරිසැ යි දැන එළඹිය යුතු කොට හඟනේ නම් මැනැවැ”යි.
Pali BJTඅථ ඛො තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා තුණ්හී අහෙසුං. අථ ඛො වජ්ජියමාහිතො ගහපති යෙන තෙ පරිබ්බාජකා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙහි අඤ්ඤතිත්ථියෙහි පරිබ්බාජකෙහි සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො වජ්ජියමාහිතං ගහපතිං තෙ පරිබ්බාජකා එතදවොචුං:
Sinhala BJTඉක්බිති ඒ අන්තොටු පිරිවැජියෝ තූෂ්ණීම්භූත වූහ. එකල්හි වජ්ජියමාහිත ගැහැවි එ පිරිවැජියන් කරා එළැඹියේ ය. එළැඹ ඒ අන්තොටු පිරිවැජියන් සමග සතුටු විය. සතුටු විය යුතු ස්මරණාර්‍හ කථාව කොට නිමවා එකත්පසෙක හින. එකත්පසෙක හුන් වජ්ජියමාහිත ගෘහපතිහට ඒ පිරිවැජියෝ තෙල කරුණ කීහ:
Pali BJT“සච්චං කිර ගහපති සමණො ගොතමො සබ්බං තපං ගරහති, සබ්බං තපස්සිං ලූඛාජීවිං එකංසෙන උපක්කොසති උපවදතී’ති?
Sinhala BJTගෘහපතිය, මහණ ගොයුම් හැම තපසක් (දුෂ්කර ක්‍රියාවක්) ගරහන්නේ ය, රූක්‍ෂාජීව ඇති දුෂ්කර තවුස් දම් රක්නා හැමට එකැතින් උපක්‍රෝශ කරන්නේ ය. උපවාද කරන්නේ ය යනු සැබෑවෙක් දැයි?”
Pali BJTන ඛො භන්තෙ භගවා සබ්බං තපං ගරහති, න පි සබ්බං තපස්සිං ලූඛාජීවිං එකංසෙන උපක්කොසති උපවදති. ගාරය්හං ඛො පන භන්තෙ භගවා ගරහති, පාසංසියං පසංසති, ගාරය්හං ඛො පන භන්තෙ භගවා ගරහන්තො, පාසංසීයං{1} පසංසන්තො විභජ්ජවාදො භගවා. න සො භගවා එත්ථ එකංසවාදොති.
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ හැම තපස නො මැ ගරහන්නා හ, රූක්‍ෂාජීව ඇති හැම තපස්වියකුට එකැතින් නො ද උපක්‍රෝෂ හා උපවාද හා නො කරන්නා හ. වහන්ස, භගවත්හු ගැරැහිය යුක්තහු ම ගරහන්නා හ, පැසැසියයුතුවහු ම පසස්නා හ. වහන්ස, ගැරැහියයුතුවහු ම ගරහන, පැසසියයුතුවහු ම පසස්නා භාග්‍යවතුන් වහන්සේ විභජ්ජවාද ඇතියහ. එ භගවත්හු මෙ කරුණෙහිලා ඒකාංශවාද ඇතියාහු නො වෙත්.
Pali BJTඑවං වුත්තෙ අඤ්ඤතරො පරිබ්බාජකො වජ්ජියමාහිතං ගහපතිං එතදවොච:
Sinhala BJTමෙසේ කී කල්හි අන්‍යතර පරිව්‍රාජකයෙක් වජ්ජියමාහිත ගීහපතිහට තෙල කරුණ කීහ:
Pali BJT“ආගමෙහි ත්වං ගහපති යස්ස ත්වං සමණස්ස ගොතමස්ස වණ්ණං භාසසි සො සමණො ගොතමො වෙනයිකො අප්පඤ්ඤත්තිකොතී.
Sinhala BJT“ගැහැවිය ඉවසව, තෝ යම් බඳු මහණ ගොයුමක්හුගේ ගුණ වනහි නම්, එ මහණ ගොයුම්හු (මෙරමා විසින්) හික්මැවිය යුතුවහ, (කිසිවක්) පැනැවිය නො සමත්හ”යි
Pali BJTඑත්ථපාහං භන්තෙ ආයස්මන්තෙ වක්ඛාමි සහධම්මෙන ඉදං කුසලන්ති භන්තෙ භගවතා පඤ්ඤත්තං, ඉදං අකුසලන්ති භන්තෙ භගවතා පඤ්ඤත්තං. ඉති කුසලාකුසලං භගවා පඤ්ඤාපයමානො සප්පඤ්ඤත්තිකො භගවා, න සො භගවා වෙනයිකො අප්පඤ්ඤත්තිකොති.
Sinhala BJTවහන්ස, මෙ කරුණෙහිදු මම් ආයුෂ්මත්නට සහ ධර්‍මයෙන් කියනෙම්: වහන්ස, භාග්‍යයවතුන් වහන්සේ විසින් ‘මේ කුසල’යි පැනැවිණ, වහන්ස, භාග්‍යයවතුන් වහන්සේ විසින් මෙ ‘අකුසල’ යි පැනවිණ. මෙසේ භාග්‍යයවතුන් වහන්සේ කුශලාකුශල පනවන්නාහු භගවත් සප්පඤ්ඤත්තික වෙති. ඒ භගවත්හු වෙනයික අප්පඤ්ඤත්තික නො වෙත් යයි.
Pali BJTඑවං වුත්තෙ තෙ පරිබ්බාජකා තුණ්හීභූතා මඞ්කුභූතා පත්තක්ඛන්ධා අධොමුඛා පජ්ඣායන්තෙ අප්පටිභානා නිසීදිංසු. අථ ඛො වජ්ජියමාහිතො ගහපති තෙ පරිබ්බාජකෙ තුණ්හීභූතෙ මඞ්කුභූතෙ පත්තක්ඛන්ධෙ අධොමුඛෙ පජ්ඣායන්තෙ අප්පටිභානෙ විදිත්වා උට්ඨායාසනා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො වජ්ජියමාහිතො ගහපති යාවතකො අහොසි තෙහි අඤ්ඤතිත්ථියෙහි පරිබ්බාජකෙහි සද්ධිං කථාසල්ලාපො තං සබ්බං භගවතො ආරොචෙසි.
Sinhala BJTමෙසේ කී කල්හි එ පිරිවැජියෝ තූෂ්ණීම්භූත වූවාහු මකු වූවාහු යට හෙලූ කඳට ඇතියහු යට අළ මුව ඇත්තාහු සිතිවිලි සිතනුවෝ ප්‍රතිභාන රහිත ව හුන්හ. ඉක්බිති වජ්ජියමාහිත ගෘහපති තූෂ්ණීම්භූත, මඞ්කුභූත, නැමූ කඳට ඇති යට හෙලූ ඇස් ඇති සිතිවිලි සිතන කිසිවක් නො වටහන එ පිරිවැජියන් දැන හුනස්නෙන් නැඟ භාග්‍යයවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් භාග්‍යයවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් වජ්ජියමාහිත ගැහැවි ඒ පරිව්‍රාජකයන් සමඟ යම් පමණ කථාසල්ලාපයෙක් වී නම් එ හැම භාග්‍යයවතුන් වහන්සේට සැල කෙළේ ය.
Pali BJTසාධු සාධු ගහපති. එවං ඛො තෙ ගහපති මොඝපුරිසා කාලෙන කාලං සහධම්මෙන සුනිග්ගහිතං නිග්ගහෙතබ්බා. නාහං ගහපති සබ්බං තපං තපිතබ්බන්ති වදාමි, න පනාහං ගහපති සබ්බං තපං න තපිතබ්බන්ති වදාමි. නාහං ගහපති සබ්බං සමාදානං සමාදාතබ්බන්ති{2} වදාමි. න පනාහං ගහපති සබ්බං සමාදානං න සමාදාතබ්බන්ති වදාමි. නාහං ගහපති සබ්බං පධානං පදහිතබ්බන්ති වදාමි. න පනාහං ගහපති සබ්බං පධානං න පදහිතබ්බන්ති වදාමි. නාහං ගහපති සබ්බො පටිනිස්සග්ගො පටිනිස්සජිතබ්බොති වදාමි. න පනාහං ගහපති සබ්බො පටිනිස්සග්ගො න පටිනිස්සජිතබ්බොති වදාමි. නාහං ගහපති සබ්බා විමුත්ති විමුච්චිතබ්බාති වදාමි, න පනාහං ගහපති සබ්බා විමුත්ති න විමුච්චිතබ්බාති වදාමි.
Sinhala BJTගෘහපතිය, මැනැව, මැනැව. ගෘහපතිය, මෙසෙයින් ම එ මෝඝ පුරුෂයෝ සහධර්‍මයෙන් කලින් කල සුනිගෘහිතව නිගැනිය යුත්තාහ. ගෘහපතිය හැම තවුස් දමක් තැවිය යුතු කොට මම නො කියමි. ගෘහපතිය, හැම තවුස් දමක් නො තැවිය යුතු කොට ද මම නො කියමි. ගෘහපතිය, හැම සමාදානයක් සමාදන් විය යුතු කොට මම නො කියමි. ගෘහපතිය, හැම සමාදානයක් සමාදන් විය යුතුයයි ද මම නො කියමි. ගෘහපතිය, හැම ප්‍රධන් වීර්‍ය්‍යයක් කළ යුතු යයි මම නොකියමි. හැම ප්‍රධන් වීර්‍ය්‍යයක් නො කළ යුතු යයි මම නොකියමි. හැම ප්‍රතිනිඃසර්‍ගයෙක් දුර ලිය යුතු යයි මම නොකියමි. හැම ප්‍රතිනිඃසර්‍ගයෙක් දුර නො ලිය යුතු යයි මම නොකියමි. ගෘහපතිය, හැම විමුක්තියෙක් විමුක්තව්‍ය නො කියමි. ගෘහපතිය, හැම විමුක්තියෙක් විමුක්තව්‍ය නො වේ යයි ද මම නො කියමි.
Pali BJTයං හි ගහපති තපං තපතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, . කුසලා ධම්මා පරිහායන්ති, එවරූපං තපං න තපිතබ්බන්ති වදාමි. යඤ්චඛ්වාස්ස ගහපති තපං තපතො අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්ති, එවරූපං තපං තපිතබ්බන්ති වදාමි.
Sinhala BJTගැහැවිය, යම් ම තපසක් කරනුවහුගේ අකුසල් දහම්හු වැඩෙත් ද, කුසල් දහම් හු පිරිහෙත් ද, මෙබඳු තව නො තැවිය යුතු යයි කියමි. ගැහැවිය, යම් ම තවක් තවනා ඔහුගේ අකුසල් දහම්හු පිරිහෙත් ද, කුසල් දහම්හු වැඩෙත් ද, මෙ බඳු තව තැවිය යයි කියමි.
Pali BJTයං හි ගහපති සමාදානං සමාදියතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති, එවරූපං සමාදානං න සමාදිතබ්බන්ති වදාමි, යඤ්චඛ්වාස්ස ගහපති සමාදානං සමාදියතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති, එවරූපං සමාදානං සමාදිතබ්බන්ති වදාමි.
Sinhala BJTගැහැවිය, යම් ම සමාදානයෙක් සමාදන්වනුවහුගේ අකුශලධර්‍මයෝ වැඩෙත් ද. කුශල ධර්‍මයෝ පිරිහෙත් ද මෙ බඳු සමාදානය නො සමාදන් විය යුතුයයි කියමි. ගැහැවිය, යම් ම සමාදානයක් සමාදන් වන ඔහුගේ අකුශල ධර්‍මයෝ පිරිහෙත් ද, කුශල ධර්‍මයෝ වැඩෙත් ද, මෙබඳු සමාදානය සමාදන් විය යුතු යයි කියමි.
Pali BJTයං හි ගහපති පධානං පදහතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති, එවරූපං පධානං න පදහිතබ්බන්ති වදාමි. යඤ්චඛ්වාස්ස ගහපති පධානං පදහතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති, එවරූපං පධානං පදහිතබ්බන්ති වදාමි.
Sinhala BJTගැහැවිය, යම් ම ප්‍රධන්වීර්‍ය්‍යයක් කරනුවහුගේ අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශල ධර්‍මයෝ පිරිහෙත් ද මෙ බඳු ප්‍රධන්වීර්‍ය්‍යය නො කළයුතු යයි කියමි. ගැහැවිය, යම් ම ප්‍රධන්වීර්‍ය්‍යයක් කරන ඔහුගේ අකුශල ධර්‍මයෝ පිරිහෙත් ද, කුශල ධර්‍මයෝ වැඩෙත් ද, මෙබඳු ප්‍රධන්වීර්‍ය්‍යය කළයුතු යයි කියමි.
Pali BJTයං ගහපති පටිනිස්සග්ගං පටිනිස්සජ්ජයතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති, එවරූපො පටිනිස්සග්ගො පටිනිස්සජිතබ්බොති වදාමි. යඤ්චඛ්වාස්ස ගහපති පටිනිසග්ගං පටිනිසජ්ජයතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති, එවරූපො පටිනිස්සග්ගො න පටිනිස්සජිතබ්බොති වදාමි.
Sinhala BJTගැහැවිය, යම් ම ප්‍රතිනිඃසර්‍ගයක් දුරලනුවහුගේ අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශල ධර්‍මයෝ පිරිහෙත් ද, මෙබඳු ප්‍රතිනිඃසර්‍ගය දුරලියයුතු යයි කියමි. ගැහැවිය, යම් ම ප්‍රතිනිඃසර්‍ගයක් දුරලනුවහුගේ අකුශල ධර්‍මයෝ පිරිහෙත් ද, කුශල ධර්‍මයෝ වැඩෙත් ද, මෙබඳු ප්‍රතිනිඃසර්‍ගය නො දුරලිය යුතු යයි කියමි.
Pali BJTයං හි ගහපති විමුත්තිං විමුච්චයතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති, එවරූපා විමුත්ති න විමුච්චිතබ්බාති වදාමි. යඤ්චඛ්වාස්ස ගහපති විමුත්තිං විමුච්චයතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති, එවරූපා විමුත්ති විමුච්චිතබ්බාති වදාමීති.
Sinhala BJTගැහැවිය, යම් ම විමුක්තියක් කරනුවහුගේ අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශල ධර්‍මයෝ පිරිහෙත් ද, මෙ බඳු විමුක්තිය නො කටයුතු යයි කියමි. ගැහැවිය, යම් ම විමුක්තියක් කරනුවහුගේ අකුශල ධර්‍මයෝ පිරිහෙත් ද, කුශල ධර්‍මයෝ වැඩෙත් ද, මෙබඳු විමුක්තිය කළයුතු යයි කියමි.
Pali BJTඅථ ඛො වජ්ජියමාහිතො ගහපති භගවතා ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJTඉක්බිති වජ්ජියමාහිත ගැහැවි භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථායෙන් සන්‍දර්ශිත වූයේ සමාදපිත වූයේ සමුත්තජිත වූයේ සම්ප්‍රභර්ෂිත වූයේ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.
Pali BJTඅථ ඛො භගවා අචිරපක්කන්තෙ වජ්ජියමාහිතෙ ගහපතිම්හි භික්ඛු ආමන්තෙසි යො පි සො භික්ඛවෙ භික්ඛු දීඝරත්තං අප්පරජක්ඛො ඉමස්මිං ධම්මවිනයෙ, සො පි එවමෙව අඤ්ඤතිත්ථියෙ පරිබ්බාජකෙ සහධම්මෙන සුනිග්ගතහිං නිග්ගණ්හෙය්ය යථා තං වජ්ජියමාහිතෙන ගහපතිනා නිග්ගහීතාති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වජ්ජියමාහිත ගෘහපති ගිය නොබෝකල් ඇතිවත් ම මහණුන් ඇමතූ සේක: මහණෙනි, යම් බඳු මහණෙක් මෙ දහම්විනයෙහි දීර්‍ඝරාත්‍රයෙහි නුවණැස්හි කෙලෙස් රජස් නැතියේ වී නම්, එ මහණ ද, යම් පරිද්දෙකින් වජ්ජියමාහිත ගෘහපතීහු නිගෘහීත වූහුද එපරිදිම සුනිගෘහීත කොට සකරුණෙන් නිගන්නේ ය.
Pali BJT10. 2. 5. 5.
Sinhala BJT10. 2. 5. 5.
Pali BJTඋත්තිය සුත්තං
Sinhala BJTඋත්තිය සූත්‍රය
Pali BJTඅථ ඛො උත්තියො පරිබ්බාජකො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො උත්තියො පරිබ්බාජකො භගවන්තං එතදවොච:
Sinhala BJTඑකල්හි උත්තිය පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවිය යුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හින. එකත්පසෙක හුන් උත්තිය පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කීය:
Pali BJTකින්නුඛො භො ගොතම සස්සතො ලොකො, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති?
Sinhala BJTකිමෙක, භවත් ගෞතමයෙනි, ‘ලෝකය ශාශ්වත ය’ යි යන මෙම සත්‍ය ද, අනෙක මෝඝ වේ දැ? යි
Pali BJTඅව්යාකතං ඛො එවං උත්තිය මයා ‘සස්සතො ලොකො, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤන්ති’.
Sinhala BJTඋත්තිය, ‘ලෝකය ශාශ්වත ය යන මෙම සත්‍ය වෙයි, අනෙක මෝඝ වේ ය’යි මෙසේ මා විසින් අව්‍යාකෘතම වෙයි.
Pali BJTකීං පන භො ගොතම ‘අසස්සතො ලොකො, ඉද මෙව සච්චං මොඝමඤ්ඤන්ති’?
Sinhala BJTකිමෙක, භවත් ගෞතමයෙනි, ‘ලෝකය අශාශ්වත ය’ යන මෙම සත්‍ය වේ ද? අනෙක මෝඝ වේ දැ? යි
Pali BJTඑතම්පි ඛො උත්තිය අව්යාකතං මයා ‘අසස්සතො ලොකො, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති’.
Sinhala BJTඋත්තිය, ‘ලෝකය ශාශ්වත ය’ යන මෙ ම සත්‍ය වෙයි, අනෙක මෝඝ යන තෙල කරුණ ද මා විසින් අව්‍යාකෘත වේ යයි.
Pali BJTකින්නු ඛො භො ගොතම අන්තවා ලොකො -පෙ- තං ජීවං තං සරීරං -පෙ- අඤ්ඤං ජීවං, අඤ්ඤං සරීරං -පෙ- හොති තථාගතො පරම්මරණා -පෙ- හොති ච න හොති ච තථාගතො පරම්මරණා -පෙ- නෙව හොති න නහොති තථාගතො පරම්මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති?
Sinhala BJTකිමෙක, භවත් ගෞතමයෙනි, ‘ලෝකය අන්තවත් ය’ ... ‘ඒ මැ ජීව ය, එමැ ශරීර ය’ .. ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ’ යි ... ‘මරණින් මතු සත්ත්‍ව වෙයි ... සත්ත්‍ව මරණින් මතු නො වෙයි’ ... ‘සත්ත්‍ව මරණින් මතු වන්නේ ද නොවන්නේ ද වෙයි’ ... ‘සත්ත්‍ව මරණින් මතු නො ම වන්නේ ය නො ම නොවන්නේ ය’ යන මෙම සත්‍ය වෙයි. අනෙක මෝඝ වේ දැයි?
Pali BJTඑතම්පි ඛො උත්තිය අව්යාකතං මයා ‘නෙව හොති න නහොති තථාගතො පරම්මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති.
Sinhala BJTඋත්තිය, ‘සත්‍ව මරණින් මතු නොම වන්නේ ය, නොම නොවන්නේ ය’ යන මෙම සත්‍ය වෙයි, අනෙක මෝඝ වේය යන තෙල කරුණ ද මා විසින් අව්‍යාකෘත වේ යයි.
Pali BJTකින්නු ඛො භො ගොතම සස්සතො ලොකො ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති ඉති පුට්ඨො සමානො ‘අව්යාකතං ඛො එතං උත්තිය මයා සස්සතො ලොකො ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති’ වදෙසි.
Sinhala BJTකිමෙක, භවත් ගෞතමයෙනි, ‘සත්ත්‍ව ශාශ්වත ය’ යන මෙම සත්‍ය වෙයි, අනෙක මෝඝ වේ දැ’යි මෙසේ පුළුවුස්නා ලදුයේ, “උත්තිය, ‘ලෝකය ශාශ්වත ය, යන මෙම සත්‍ය වෙයි, අනෙක මෝඝ වේ ය’ යන තෙල මා විසින් අව්‍යාකාත වේ යයි කියහි,
Pali BJTකිම්පන භො ගොතම අසස්සතො ලොකො ඉදමෙව සච්චං මොඝමඤ්ඤනි ඉති පුට්ඨො සමානො එතම්පි ඛො උත්තිය අව්යාකතං මයා ‘අසස්සතො ලොකො ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති” වදෙසි.
Sinhala BJTකිමෙක, භවත් ගෞතමයෙනි, ‘ලෝකය අශාශ්වත ය’ යන මෙම සත්‍ය වෙයි, අනෙක මෝඝ වේ දැයි? මෙසේ පුළුවුස්නා ලදුයේ, “උත්තිය, ‘ලෝකය අශාශ්වත ය’ යන මෙම සත්‍ය වෙයි, අනෙක මෝඝය යන තෙල කරුණ මා විසින් අව්‍යාකාතය ය”යි කියහි,
Pali BJTකින්නු ඛො භො ගොතම අන්තවා ලොකො -පෙ- අනන්තවා ලොකො -පෙ- තං ජීවං තං සරීරං -පෙ- අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං -පෙ- හොති තථාගතො පරම්මරණා -පෙ- න හොති තථාගතො පරම්මරණා -පෙ- හොති ච න හොති ච තථාගතො පරම්මරණා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණා ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති ඉති පුට්ඨො සමානො ‘එතම්පි ඛො උත්තිය අබ්යාකතං මයා නෙව හොති න න හොති තථාගතො පරම්මරණා ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති වදෙසි. අථ කිඤ්චරහි භොතා ගොතමෙන ව්යාකතන්ති?
Sinhala BJTකිමෙක, භවත් ගෞතමයෙනි, ‘ලෝකය අන්තවත් ය’ ... ‘ලෝකය අනන්තවත් ය’ ... ‘ඒ මැ ජීව ය, ඒ මැ ශරීර ය, ජීවය අනෙකෙකි, ශරීරය අනෙකෙකැ යි’ ... ‘සත්ත්‍ව මරණින් මතු වන්නේ ය’ ... ‘සත්ත්‍ව මරණින් මතු නො වන්නේ ය’ ... ‘සත්ත්‍ව මරණින් මතු වන්නේ ද නො වන්නේ ද වෙයි’ ... ‘සත්ත්‍ව මරණින් මතු නො ම වන්නේ ය, නො ම නො වන්නේ ය’ යන මෙම සත්‍ය, අනෙක් මෝඝ දැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ම, “උත්තිය, සත්ත්‍ව මරණින් මතු නොම වන්නේ ය, නො ම නො වන්නේ ය, යන මෙම සත්‍යය, අනෙක මෝඝ වේය යන තෙල කරුණ ද මාවිසින් අව්‍යාකෘත ය”යි කියහි. වැලි එසේ වී නම් භවත් ගෞතමයන් විසින් කවරක් ව්‍යාකෘත වේ දැ යි?
Pali BJTඅභිඤ්ඤාය ඛො අහං උත්තිය සාවකානං ධම්මං දෙසෙමි සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථඞ්ගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියායාති.
Sinhala BJTඋත්තිය, මම විශිෂ්ටඥානයෙන් දැන ම සත්ත්‍වයන්ගේ විශුද්ධිය සඳහා ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමණය සඳහා දුක්දොම්නසුන්ගේ අස්තඞ්ගමය සඳහා න්‍යායයාගේ අධිගමය සඳහා නිර්‍වාණයාගේ සාක්‍ෂාත් කරණය සඳහා ශ්‍රාවකයනට ධර්‍ම දේශනා කරමි යි.
Pali BJTයං පනෙතං භවං ගොතමො අභිඤ්ඤාය අභිඤ්ඤාය සාවකානං ධම්මං දෙසෙති සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථඞ්ගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය සබ්බො වා තෙන ලොකො නීයිස්සති{1} උපඩ්ඪො වා තිභාගො වා ති? එවං වුත්තෙ භගවා තුණ්හී අහොසි.
Sinhala BJTභවත් ගෞතමයෝ තෙල යම් ධර්‍මයක් සත්ත්‍වයන්ගේ විශුද්ධිය සඳහා ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමණය සඳහා දුක්දොම්නසුන්ගේ අස්තඞ්ගමය සඳහා න්‍යායයාගේ අධිගමය සඳහා නිර්‍වාණයාගේ සාක්‍ෂාත් කරණය සඳහා සව්වනට ධර්‍ම දේශනා කරත් නම්, එ දහමින් හැම ලොව හෝ, අඩෙක් හෝ, තුන්වන භාගයෙක් හෝ (නිවනට) පමුණුවනු ලැබේ දැයි? මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ තූෂ්ණීම්භූත වූහ.
Pali BJTඅථ ඛො ආයස්මතො ආනන්දස්ස එතදහොසි: ‘මාහෙවං ඛො උත්තියො පරිබ්බාජකො පාපකං දිට්ඨිගතං පටිලභි. ‘සබ්බසාමුක්කංසිකං වත මෙ සමණො ගොතමො පඤ්හං පුට්ඨො සංසාදෙති, නො විස්සජ්ජෙති, න නූන විසහතී’ති. තදස්ස උත්තියස්ස පරිබ්බාජකස්ස දීඝරත්තං අහිතාය දුක්ඛායා’ති.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයනට තෙල සිත විය: “උත්තිය පරිව්‍රාජක මෙබඳු ලාමක දෘෂ්ටිගතයක් නහමක් ලබාවා. ‘එකැතින් මා විසින් සර්‍වොත්කර්‍ෂ ප්‍රශ්නය පුළුවුස්නා ලද ශ්‍රමණ භවත් ගෞතමයෝ වළහති, නො විසඳති, එකැතින් නො ඉවසත් යි.’ එය උත්තිය පරිව්‍රාජකයාහට දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් වන්නේ යයි.”
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො උත්තියං පරිබ්බාජකං එතදවොච: තෙන හාවුසො උත්තිය උපමං තෙ කරිස්සාමි. උපමාය පි ඉධෙකච්චෙ විඤ්ඤූ පුරිසා භාසිතස්ස අත්ථං ආජානන්ති.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ උත්තිය පිරිවැජියනට තෙල කීහ: ඇවැත් උත්තිය, තට එකරුණෙන් උපමාවකුදු කරණෙම්. මෙ ලොව්හි ඇතැම් විඥ පුරුෂයෝ උපමායෙනුදු භාෂිතයාගේ අරුත් දැන ගණිත්.
Pali BJTසෙය්යථාපි ආවුසො උත්තිය රඤ්ඤො පච්චන්තිමං නගරං දළහුද්දාපං{1} දළ්හපාකාරතොරණං එකද්වාරං. තත්රස්ස දොවාරිකො පණ්ඩිතො බ්යත්තො මෙධාවී අඤ්ඤාතානං නිවාරෙතා, ඤාතානං පවෙසෙතා. සො තස්ස නගරස්ස සමන්තා අනුපරියායපථං අනුක්කමමානො න පස්සෙය්ය පාකාරසන්ධිං වා පාකාරවිවරං වා අන්තමසො බිළාර නික්කමනමත්තම්පි, නො ච ඛ්වස්ස එවං ඤාණං හොති: එත්තකා පාණා ඉමං නගරං පවිසන්ති වා නික්ඛමන්ති වාති. අථ ඛ්වස්ස එවමෙත්ථ හොති: යෙ ඛො කෙචි ඔළාරිකා පාණා ඉමං නගරං පවිසන්ති වා නික්ඛමන්ති වා සබ්බෙ තෙ ඉමිනා ද්වාරෙන පවිසන්ති ච නික්ඛමන්ති චාති.
Sinhala BJTඇවැත් උත්තිය, රජකුගේ තරපවුරු පදනම් ඇති, තරපවුරු හා තොරන් ඇති, එක් වාසල් දොරෙකින් යුත් ප්‍රත්‍යන්ත නගරයෙක් යම් පරිදි වේ නම් එහි පණ්ඩිත ව්‍යක්ත ස්ථානෝචිතප්‍රඥා ඇති අඥාතයන් වළහන, ඥාතයන් වැද්ද දෙන ද්වාරපාලකයෙක් වන්නේ ය. හේ එ නගරයාගේ අවට සිසාරා යන මංහි ඇවිදිනුයේ ප්‍රාකාරසන්‍ධියක් වේවයි, යටත් පිරිසෙයින් බළලකු නික්මෙන පමණ වූ ද ප්‍රාකාර විවරයක් වේවයි නො දක්නේ ය. ඔහට වනාහි මෙ බඳු නුවණෙක් නො ම පහළ වන්නේ ය: “මෙතෙක් සත්හු මෙ නුවරට පිවිසෙත් හෝ නික්මෙත් හෝ”යි. වැලිදු ඔහට එහි ලා මෙබඳු සිතෙක් ම වන්නේ ය: “යම් කිසි ඖදාරික (ස්ථුල) ප්‍රාණි කෙනෙක් මෙ නුවර වදිත්නම් හෝ ඉන් නික්මයෙත් නම් හෝ, එ හැම දෙන මෙ දොරින් පිවිසෙන්නාහු ද වෙති, නික්මෙන්නාහු ද වෙත්” යි.
Pali BJTඑවමෙව ඛො ආවුසො උත්තිය න තං තථාගතස්ස එවං උස්සුක්කතං හොති ‘සබ්බො වා තෙන ලොකො නීයිස්සති, උපඩ්ඪො වා තිභාගො වා’ති. අථ ඛො එවමෙත්ථ තථාගතස්ස හොති: යෙ ඛො කෙචි ලොකම්හා නීයිංසු වා නීයන්ති වා නීයිස්සන්ති වා, සබ්බෙ තෙ පඤ්චනීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ චතුසු සතිපට්ඨානෙසු සුපට්ඨිතචිත්තා සත්තබොජ්ඣඞ්ගෙ යථාභූතං භාවෙත්වා එවමෙතෙ ලොකම්හා නීයිංසු වා නීයන්ති වා නීයිස්සන්ති වා’ති.
Sinhala BJTඇවැත් උත්තිය, එපරිද්දෙන්ම “හැම ලෝකය හෝ ඉන් අඩෙක් හෝ ත්‍රිභාගයෙක් හෝ එයින් පමුණුවනු ලැබෙයි යන මෙ බඳුවූ වූ ඒ උත්සුක භාවය නො වෙයි. වැලිදු තථාගතයනට මෙ කරුණෙහි ලා මෙබඳු සිතෙක්ම වෙයි: “යම් කිසිවෙක් ම ලෝකයෙන් නික්ම ගියාහු ද, නික්මයෙත් ද, නික්ම යන්නාහු ද, එ හැම පඤ්චනීවරණ සඞ්ඛ්‍යාත ප්‍රඥාව දුර්‍වල කරණ, චිත්තෝපක්ලේශයන් දුරැරලා සතර සීවටන්හි මොනොවට එළැවූ සිත් ඇතියහු සප්ත බෝධ්‍යඞ්ගයන් තත්වූ පරිදි වඩා මෙ පරිද්දෙන් ලෝකයෙන් නික්ම ගියහ, නික්ම යත්, නික්මයන්නාහ”යි.
Pali BJTයදෙව ඛො ත්වං ආවුසො උත්තිය භගවන්තං පඤ්හං අපුච්ඡි{2} තදෙවෙතං පඤ්ඤං භගවන්තං අඤ්ඤෙන පරියායෙන අපුච්ඡි. තස්මා තෙ තං භගවා න ව්යාකාසීති.
Sinhala BJTඇවැත් උත්තිය, තෝ යම් ම ප්‍රශ්නයක් භාග්‍යවතුන් වහන්සේ විචාළෙහි නම්, තෙල ප්‍රශ්නය තො අන් අයුරෙකින් භාග්‍යවතුන් විචාළෙහි ය. එහෙයින් තට භාග්‍යවතුන් වහන්සේ එ නො වදාළ සේකැයි.
Pali BJT10. 2. 5. 6.
Sinhala BJT10. 2. 5. 6.
Pali BJTකොකනද සුත්තං
Sinhala BJTකොකනද සූත්‍රය
Pali BJTඑකං සමයං ආයස්මා ආනන්දො රාජගහෙ විහරති තපොදාරාමෙ. අථ ඛො ආයස්මා ආනන්දො රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය යෙන තපොදා තෙනුපසඞ්කමි ගත්තානි පරිසිඤ්චිතුං, තපොදෙ{3} ගත්තානි පරිසිඤ්චිත්වා පච්චුත්තරිත්වා එකචීවරො අට්ඨාසි ගත්තානි පුබ්බාපයමානො. කොකනදොපි ඛො පරිබ්බාජකො රත්තියා පච්චූසසමයං පච්චුපට්ඨාය යෙන තපොදා තෙනුපසඞ්කමි ගත්තානි පරිසිඤ්චිතුං. අද්දසා ඛො කොකනදො පරිබ්බාජකො ආයස්මන්තං ආනන්දං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන ආයස්මන්තං ආනන්දං එතදවොච:
Sinhala BJTඑක් කලෙක ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ රජගහ නුවර සමීපයෙහි තපෝදාරාමයෙහි වාසය කරත්. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ රාත්‍රි ප්‍රත්‍යූෂ සමයෙහි නැගිට ගාත්‍ර පරිෂේකය සඳහා තපොදා නදිය කරා වැඩියහ. තපෝදයෙහි ගාත්‍ර පරිෂෙක කොට පෙරළා ගොඩ නැගී සිරුරු තෙත සිඳුවමින් ඒකචීවරව සිටියහ. කොකනද පරිව්‍රාජක ද රාත්‍රිහුගේ ප්‍රත්‍යූෂ සමයෙහි නැගී තපොදා නදිය කරා ගාත්‍ර ස්නානය පිණිස ගියේ ය. කොකනද පරිව්‍රාජකයා ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් එනු දුරදී ම දිටී. දැක ආයුෂ්මත් ආනන්‍ද තෙරුනට තෙල කීය:
Pali BJTකො’ ත්ථ{1} ආවුසොති?
Sinhala BJTඇවැත්නි, තෙපි කවරහු වව.
Pali BJTඅහමාවුසො, භික්ඛූති.
Sinhala BJTඇවැත්නි, මම් මහණෙක් මි යි.
Pali BJTකතමෙසං ආවුසො භික්ඛූනන්ති?
Sinhala BJTඇවැත්නි, කවර මහණුන් අතුරෙහි වව යි?
Pali BJTසමණානං ආවුසො සක්යපුත්තියානන්ති.
Sinhala BJTඇවැත්නි, ශ්‍රමණ ශාක්‍යපුත්‍රයන් අතුරෙහි වෙමි යි.
Pali BJTපුච්ඡෙය්යාම මයං ආයස්මන්තං කිඤ්චිදෙව දෙසං සචෙ ආයස්මා ඔකාසං කරොති පඤ්හස්ස වෙය්යාකරණායාති.
Sinhala BJTඉදින් ආයුෂ්මත් පැන විසඳනට අවකාශ කෙරේ නම් අපි ආයුෂ්මතුන් කිසියම් ම ලේශයක් පුළුවුස්න මෝයි.
Pali BJTපුච්ඡාවුසො, සුත්වා වෙදිස්සාමාති.
Sinhala BJTඇවැත්නි, පුළුවුස, අසා දනුම්හ යි.
Pali BJTකින්නු ඛො භො ‘සස්සතො ලොකො ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති’ එවං දිට්ඨි භවන්ති?
Sinhala BJTභවත්නි, කිමෙක, තෙපි ‘ලෝකය ශාශ්වතය’ යන ‘මෙ ම සත්‍යය අනෙක මෝඝය’ යන මෙ බඳු දෘෂ්ටි ඇති යව් දැයි?
Pali BJTන ඛො අහං ආවුසො එවං දිට්ඨි ‘සස්සතො ලොකො ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති.
Sinhala BJTඇවැත්නි, මම ‘ලෝකය ශාශ්වතය’ යන ‘මෙ ම සත්‍යය අනෙක මෝඝය’ යන මෙ බඳු දෘෂ්ටි නැතියෙකිමි යි.
Pali BJTකිම්පන භො අසස්සතො ලොකො ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති එවන්දිට්ඨි භවන්ති?
Sinhala BJTභවත්නි, කිමෙක භවත්හු ‘ලෝකය ශාශ්වතය’ යන ‘මෙ ම සත්‍යය, අනෙක මෝඝය’ යන මෙ බඳු දෘෂ්ටි ඇතියව් දැ? යි.
Pali BJTන ඛො අහං ආවුසො, එවන්දිට්ඨි ‘අසස්සතො ලොකො ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති.
Sinhala BJTඇවැත්නි, මම ‘ලෝකය අශාශ්වතය’ යන ‘මෙය ම සත්‍යය අනෙක සිස්ය’ යන මෙ බඳු දෘෂ්ටි නැතියෙකිමි යි.
Pali BJTකින්නු ඛො භො, අන්තවා ලොකො -පෙ- අනන්තවා ලොකො -පෙ- තං ජීවං තං සරීරං -පෙ- අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං -පෙ- හොති තථාගතො පරම්මරණා -පෙ- න හොති තථාගතො පරම්මරණා -පෙ- හොති ච න ච හොති ච තථාගතො පරම්මරණා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණා ඉදමෙව සච්චං,මොඝමඤ්ඤන්ති එවන්දිට්ඨි භවන්ති?
Sinhala BJTභවත්නි, කිමෙක තෙපි ‘ලෝකය අන්තවත් ය’ ... ‘ලෝකය අනන්තවත්ය’ ...’ඒ ජීවවෙයි, එ ශරීර වෙයි’ ... ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙක’ ... ‘සත්ත්‍ව මරණින් මතු වන්නේ ය’ ... ‘සත්ත්‍ව මරණින් මතු නො වන්නේ ය’ ... ‘සත්ත්‍ව මරණින් මතු වන්නේ ය, නො ද වන්නේ ය’ ... ‘සත්ත්‍ව මරණින් මතු නො ම වන්නේ ය, නො ම නොවන්නේ ය’ යන මෙය ම සත්‍යය, අනෙක සිස් ය යන මෙ බඳු දෘෂ්ටි ඇතියව් දැ යි?
Pali BJTන ඛො අහං ආවුසො, එවංදිට්ඨි ‘නෙව හොති න න හොති තථාගතො පරම්මරණා, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති.
Sinhala BJTඇවැත්නි මම, “සත්ත්‍ව මරණින් මතු නො ම වන්නේ ය, නො ම නොවන්නේ ය” යන මෙය ම සත්‍යය, අනෙක සිස් ය, මෙ බඳු දෘෂ්ටි ඇතියෙකිම් නො වෙම් මැයි.
Pali BJTතෙනහි භවං න ජානාති න පස්සතීති? න ඛො අහං ආවුසො න ජානාමි, න පස්සාමි, ජානාමහං ආවුසො පස්සාමී ති.
Sinhala BJTඑ කරුණෙන් ම භවත් නො දන්නේ ය නො දක්නේ යයි? ඇවැත්නි, මම නො ම නො දන්නෙම්, නො ම නො දක්නෙ මි. ඇවැත්නි, මම දන්මි, දක්මි යි.
Pali BJTකින්නු ඛො භො සස්සතො ලොකො, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤන්ති එවන්දිට්ඨි භවන්ති ඉති පුට්ඨො සමානො ‘න ඛො අහං ආවුසො එවන්දිට්ඨි සස්සතො ලොකො ඉද මෙව සච්චං මොඝමඤ්ඤන්ති’ වදෙසි.
Sinhala BJTභවත්නි, කිමෙක, ‘භවත් “ලෝකය ශාශ්වතය” යන මෙම සත්‍යය අනෙක සිස්ය යන මෙබඳු දෘෂ්ටි ඇතියාව’යි මෙසේ පුළුවුස්නා ලදුයේ ම, ‘ඇවැත්නි, මම “ලෝකය ශාශ්වතය” යන මෙ ම සත්‍යය, අනෙක මෝඝය යන මෙ බඳු දෘෂ්ටි ඇතියෙකිම් නො වෙ මැයි’ කියව.
Pali BJTකින්නු ඛො භො අසස්සතො ලොකො, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤන්ති එවන්දිට්ඨි භවන්ති ඉති පුට්ඨො සමානො ‘න ඛො අහං ආවුසො එවන්දිට්ඨි අසස්සතො ලොකො ඉද මෙව සච්චං මොඝමඤ්ඤන්ති’ වදෙසි.
Sinhala BJTභවත්නි, කිමෙක, ‘භවත් “ලෝකය අශාශ්වතය” යන මෙ ම සත්‍යය අනෙක සිස්ය යන මෙබඳු දෘෂ්ටි ඇතිය ව් දැ? යි, මෙසේ පුළුවුස්නා ලදුයේ ම ‘ඇවැත්නි, මම “ලෝකය අශාශ්වතය” යන මෙ ම සත්‍යය, අනෙක මෝඝය යන මෙ බඳු දෘෂ්ටි ඇතියෙකිම් නො වෙ මැයි’ කියව.
Pali BJTකින්නු ඛො භො අන්තවා ලොකො -පෙ- අන්තවා ලොකො -පෙ- අනන්තවා ලොකො -පෙ- තං ජීවං තං සරීරං -පෙ- අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං -පෙ- හොති තථාගතො පරම්මරණා -පෙ- න හොති තථාගතො පරම්මරණා -පෙ- හොති ච න හොති ච තථාගතො පරම්මරණා -පෙ- නෙව හොති, න න හොති තථාගතො පරම්මරණා ඉද මෙව සච්චං, මොඝමඤ්ඤන්ති එවං දිට්ඨි භවන්ති ඉති පුට්ඨො සමානො න ඛො අහං ආවුසො එවන්දිට්ඨි නෙව හොති න න හොති තථාගතො පරම්මරණා, ඉද මෙව සච්චං මොඝමඤ්ඤන්ති වදෙසි.
Sinhala BJTභවත්නි, කිමෙක, ‘භවත් ‘ලෝකය අන්තවත’ ... ‘ලෝකය අනන්තවත’ ... ‘ඒ ජීවය, එ ශරීරය’ ... ‘ජීවය අනෙකක, ශරීරය අනෙකෙක’ ... ‘සත්ත්‍ව මරණින් මතු වන්නේය’ ... ‘සත්ත්‍ව මරණින් මතු නො වන්නේ ය’ ... ‘සත්ත්‍ව මරණින් මතු වන්නේ ය නොවන්නේ ය’ ... ‘සත්ත්‍ව මරණින් මතු නො ම වන්නේ ය, නො ම නොවන්නේ ය’ යන මෙ ම සත්‍යය, අනෙක සිස්ය යන මෙබඳු දෘෂ්ටි ඇතියවු දැ’යි පුළුවුස්නා ලදුයේ ම, ඇවැත්නි, මම සත්ත්‍ව මරණින් මතු නොම වන්නේ ය, නොම නො වන්නේ ය යන මෙ ම සත්‍යය, අනෙක මෝඝය යන මෙබඳු දෘෂ්ටි ඇතියෙකිම් නො වෙ මැයි කියව.
Pali BJTතෙන හි භවං න ජානාති න පස්සතී ති ඉති පුට්ඨො සමානො න ඛො අහං ආවුසො න ජානාමි න පස්සාමි, ජානාමහං ආවුසො පස්සාමී ති වදෙසි. යථා කථම්පනාවුසො ඉමස්ස භාසිතස්ස අත්ථො දට්ඨබ්බොති?
Sinhala BJTඑ කරුණෙන් භවත් නොදන්නේය, නො දක්නේ යයි මෙසේ පුළුවුස්නා ලදුයේ ම ‘ඇවැත්නි, මම නො දන්නෙම් නොවෙමි, නො දක්නෙම් නොවෙ මි. ඇවැත්නි, මම් දන්මි, දක්මියි’ කියව, ඇවැත්නි, මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය කෙසේ වනාහි දතයුතු වේ දැ යි?
Pali BJTසස්සතො ලොකො, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති ඛො ආවුසො දිට්ඨිගතමෙතං. අසස්සතො ලොකො ඉදමෙව සච්චං, මොඝමඤ්ඤන්ති ඛො ආවුසො දිට්ඨිගතමෙතං. අන්තවා ලොකො ඉදමෙව සච්චං, මොඝමඤ්ඤන්ති ඛො ආවුසො දිට්ඨිගතමෙතං. අනන්තවා ලොකො -පෙ- තං ජීවං තං සරීරං ඉදමෙව සච්චං -පෙ- අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං හොති තථාගතො පරම්මරණා -පෙ- න හොති තථාගතො පරම්මරණා -පෙ- හොති ච න හොති ච තථාගතො පරම්මරණා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණා ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති ඛො ආවුසො දිට්ඨිගතමෙතං. {1}
Sinhala BJTඇවැත්නි, “ලෝකය ශාශ්වතය’ යන මෙ ම සත්‍යය, අනෙක සිස් ය” යන තෙල දෘෂ්ටිගතයෙක. ඇවැත්නි, ‘ලෝකය අශාශ්වතය’ යන මෙ ම සත්‍යය, අනෙක මෝඝය, යන තෙල දෘෂ්ටිගතයෙක. “ලෝකය අන්තවත්ය, ... ලෝකය අනන්තවත්ය ... ඒ ජීවය, ඒ ශරීරය ... ජීවය අනෙකෙක ශරීරය අනෙකෙක -පෙ- තථාගත මරණින් මතු වන්නේ ය ... තථාගත මරණින් මතු නො වන්නේ ය ... තථාගත මරණින් මතු වන්නේ ය, නො දවන්නේ ය ... තථාගත මරණින් මතු නො ම වන්නේ ය, නො ම නොවන්නේ ය” යන මෙම සත්‍යය, අනෙක සිස්ය යන තෙල දෘෂ්ටිගතයෙක.
Pali BJTයාවතා ආවුසො දිට්ඨිගතා යාවතා දිට්ඨිට්ඨානං දිට්ඨාධිට්ඨානං දිට්ඨි පරියුට්ඨානං දිට්ඨිසමුට්ඨානං දිට්ඨිසමුග්ඝාතො. තමහං ජානාමි, තමහං පස්සාමි තමහං ජානන්තො තමහං පස්සන්තො ක්යාහං වක්ඛාමී ‘නජානාමි, න පස්සාමී’ති. ‘ජානාමහං ආවුසො පස්සාමී’ති.
Sinhala BJTඇවැත්නි, යම් පමණ වූ දෘෂ්ටිගතයෝ වෙත් ද, යම් පමණ වූ දෘෂ්ටි ස්ථානයෙක්, දෘෂ්ට්‍යධිෂ්ඨානයෙක්, දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථානයෙක්, දෘෂ්ටිසමුත්‍ථානයෙක්, දෘෂ්ටිසමුද්ඝාතයෙක් ඇත් ද, එ මම් දන්මි, එ මම් දක්මි, මම් එ දන්නෙම්, එ මම් දක්නෙම් කවර හෙයින් මම් නො දන්මි, නො දක්මි යි කියනෙම් ද? ඇවැත්නි, මම් දන්නෙම් දක්නෙම් වෙමි යි.