Pali BJT6. පුන චපරං භික්ඛවෙ සඨො හොති, සාඨෙය්ය විනයස්ස න වණ්ණවාදී. යම්පි භික්ඛවෙ භික්ඛු සඨො හොති, සාඨෙය්යවිනයස්ස න වණ්ණවාදී අයම්පි ධම්මො න පියත්තාය -පෙ- න එකීභාවාය සංවත්තති.
Sinhala BJT6. තවද මහණෙනි, මහණ ශඨ වූයේ ශඨභාව විනයයාගේ ගුණ නො කියන සුලු වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ ශඨ වූයේ ශඨභාව විනයයාගේ ගුණ නො කියන සුලු වේ නම් මෙ දහමුදු ප්‍රිය භාවය පිණිස ... ඒකී භාවය පිණිස නො වැටේ.
Pali BJT7. පුන චපරං භික්ඛවෙ භික්ඛු මායාවී හොති, මායාවිනයස්ස න වණ්ණවාදී. යම්පි භික්ඛවෙ භික්ඛු මායාවී හොති, මායාවිනයස්ස න වණ්ණවාදී, අයම්පි ධම්මො න පියත්තාය -පෙ- න එකීභාවාය සංවත්තති.
Sinhala BJT7. තවද මහණෙනි, මහණ මායා ඇතියේ මායා විනයයාගේ ගුණ නො කියන සුලුයේ වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මායාවී වූයේ මායා විනයාගේ ගුණ නො කියන සුලු වේ නම් මෙ දහමුදු ප්‍රිය භාවය පිණිස ... ඒකී භාවය පිණිස නො වැටේ.
Pali BJT8. පුන චපරං භික්ඛවෙ භික්ඛු ධම්මානං න නිසාමකජාතියො හොති ධම්ම නිසන්තියා න වණ්ණවාදී. යම්පි භික්ඛවෙ භික්ඛු ධම්මානං න නිසාමකජාතියො හොති, ධම්ම නිසන්තියා න වණ්ණවාදී, අයම්පි ධම්මො න පියත්තාය -පෙ- න එකීභාවාය සංවත්තති.
Sinhala BJT8. තවද මහණෙනි, මහණ නව ලොව්තුරු දහම් නො දරන සැහැවි ඇතියේ ධර්‍මධාරණයෙහි ගුණ නො බණන සුලු වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ ධර්‍මොපධාරණස්වාභාවය නැතියේ ධර්‍මොපධාරණයේ ගුණ නො බණන සුලු වේ නම් මෙ දහමුදු ප්‍රිය භාවය පිණිස ... ඒකී භාවය පිණිස නො වැටේ.
Pali BJT9. පුන චපරං භික්ඛවෙ භික්ඛු න පටිසල්ලානො හොති, පටිසල්ලානස්ස න වණ්ණවාදී යම්පි භික්ඛවෙ භික්ඛු න පටිසල්ලානො හොති, පටිසල්ලානස්ස න වණ්ණවාදී, අයම්පි ධම්මො න පියත්තාය -පෙ- න එකීභාවාය සංවත්තති.
Sinhala BJT9. තවද මහණෙනි, මහණ පිළිසලන නැතියේ පිළිසලනෙහි ගුණ නො කියන සුලු වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ පිළිසලන ඇතියේ පිළිසලනෙහි ගුණ නො කියන සුලු වේ නම් මෙ දහමුදු ප්‍රිය භාවය පිණිස ... ඒකී භාවය පිණිස නො වැටේ.
Pali BJT10. පුන චපරං භික්ඛවෙ භික්ඛු සබ්රහ්මචාරීනං න පටිසන්ථාරකො හොති, පටිසන්ථාරකස්ස න වණ්ණවාදී. යම්පි භික්ඛවෙ භික්ඛු න පටිසන්ථාරකො හොති, පටිසන්ථාරකස්ස න වණ්ණවාදී, අයම්පි ධම්මො න පියත්තාය, න ගරුත්තාය න භාවනාය න සාමඤ්ඤාය න එකීභාවාය සංවත්තති.
Sinhala BJT10. තවද මහණෙනි, මහණ සබ්‍රම්සරනට පටිසන්‍ථාර නැතියේ පටිසන්‍ථාරයෙහි ගුණ නො බණන සුලු වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ පටිසන්‍ථාර නැතියේ පටිසන්‍ථාරයෙහි ගුණ නො බණන සුලු වේ නම් මෙ දහමුදු ප්‍රිය භාවය පිණිස ... ඒකී භාවය පිණිස නො වැටේ.
Pali BJTඑවරූපස්ස භික්ඛවෙ භික්ඛුනො කිඤ්චාපි එවං ඉච්ඡා උප්පජ්ජෙය්ය: ‘අහො වත මං සබ්රහ්මචාරී සක්කරෙය්යුං ගරුකරෙය්යුං මානෙය්යුං පූජෙය්යුන්ති’. අථ ඛො නං සබ්රහ්මචාරී න චෙව සක්කරොන්ති, න ගරුකරොන්ති, න මානෙන්ති, න පූජෙන්ති, තං කිස්සහෙතු:
Sinhala BJTමහණෙනි, මෙබඳු මහණහට මෙබඳු ඉච්ඡාවක් උපදනේ ය: “සබ්‍රම්සරහු ඉදින් මට සත්කාර කෙරෙත් නම් නම් ගුරුකාර කෙරෙත් නම් බුහුමන් කෙරෙත් නම් පුදත් නම් අහෝ ඉතා මැනැව”යි. එහෙත් සබ්‍රම්සරහු නොම සත්කාර කරත්, නොම ගුරුකාර කරත්, නොම බුහුමන් කරත්, නොම පුදත්, ඒ කවර හෙයින් යත්:
Pali BJTතථා හිස්ස භික්ඛවෙ විඤ්ඤූ සබ්රහ්මචාරී තෙ පාපකෙ අකුසලෙ ධම්මෙ අප්පහීනෙ සමනුපස්සන්ති.
Sinhala BJTඑසේ මැයි, මහණෙනි, පින්වත් සබ්‍රම්සරහු ඔහුගේ අප්‍රහීණවූ ඒ පාප අකුශල ධර්‍මයන් දක්නාහු ය.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ අස්සඛලුඞ්කස්ස කිඤ්චාපි එවං ඉච්ඡා උප්පජ්ජෙය්ය: අහො වත මං මනුස්සා ආජානීයට්ඨානෙ ඨපෙය්යුං, ආජානීයභොජනඤ්ච භොජෙය්යුං, ආජානීයපරිමජ්ජනඤ්ච පරිමජ්ජෙය්යුන්ති”. අථ ඛො නං මනුස්සා න චෙව ආජානීයට්ඨානෙ ඨපෙන්ති, න ච ආජානීයභොජනං භොජෙන්ති, න ච ආජානීයපරිමජ්ජනං පරිමජ්ජන්ති. තං කිස්ස හෙතු: තථා හිස්ස භික්ඛවෙ විඤ්ඤූ මනුස්සා තානි සාඨෙය්යානි, කූටෙය්යානි ජිම්භෙය්යානි වඞ්කෙය්යානි අප්පහීනානි සමනුපස්සන්ති. එවමෙව ඛො භික්ඛවෙ එවරූපස්ස භික්ඛුනො කිඤ්චාපි එවං ඉච්ඡා උප්පජ්ජෙය්ය: “අහො වත මං සබ්රහ්මචාරී සක්කරෙය්යුං ගරුකරෙය්යුං මානෙය්යුං පූජෙය්යුන්ති”. අථ ඛො නං සබ්රහ්මචාරී න චෙව සක්කරොන්ති, න ගරුකරොන්ති, න මානෙන්ති, න පූජෙන්ති. තං කිස්ස හෙතු: තථා හිස්ස භික්ඛවෙ විඤ්ඤූ සබ්රහ්මචාරී තෙ පාපකෙ අකුසලෙ ධම්මෙ අප්පහීනෙ සමනුපස්සන්ති.
Sinhala BJTමහණෙනි, යම් පරිදි අස්ගුණ්ඩයක්හට මෙබඳු ඉච්ඡායෙක් උපදනේ ය: මිනිස්හු මා ආජානේය ස්ථානයෙහි තබත් නම් මැනැව, ආජානේය භෝජන වළඳවත් නම් මැනැව, අජානේය පරිමාර්‍ජනද කරන්නාහු නම් මැනැවැ”යි. එතෙකුදු වත් මිනිස්සු ඒ අස්ගුණ්ඩයා ආජානේයස්ථනායෙහි නො තබන්නාහ. ආජානේය භෝජන නො ද වළඳවන්නාහ, ආජානේය පරිමාර්‍ජනය නො ද කරන්නාහ. එ කවර හෙයින යත්: එසේ මය, මහණෙනි, නුවණැති මිනිස්හු ඔහුගේ අප්‍රහීණ ශඨබව් දු කූඨබව්දු ඉදු නොවන බව්දු වක් දු දක්නාහුය (එහෙයිනි). මහණෙනි, එ පරිදිම මෙබඳු භික්‍ෂූහට “යහ හ! සබ්‍රම්සරහු මා සත්කාර කරන්නාහු නම් ගුරුකාර කරන්නාහු නම්, මානනා කරන්නාහු නම්, පූජනා කරන්නාහු නම් මැනැවැ”යි. මෙබඳු ඉච්ඡායෙක් උපදනේ නමුදු ඔහුට සබ්‍රම්සරහු සත්කාර නො ද කරන්නාහ, ගුරුකාර නො ද කරන්නාහ, මානනා කරන්නාහු නම්, පූජනා නො ද කරන්නාහ. එ කවර හෙයින යත්: එසේ ම ය, මහණෙනි, නුවණැති සබ්‍රම්සරහු ඔහුගේ අප්‍රහීණ පාප අකුසල ධර්‍මයන් දක්නාහු ය. එ හෙයින.
Pali BJT1. ඉධ පන භික්ඛවෙ භික්ඛු න අධිකරණිකො හොති, අධිකරණසමථස්ස වණ්ණවාදී. යම්පි භික්ඛවෙ භික්ඛු න අධිකරණිකො හොති, අධිකරණසමථස්ස වණ්ණවාදී, අයම්පි ධම්මො පියත්තාය ගරුත්තාය භාවනාය සාමඤ්ඤාය එකීභාවාය සංවත්තති.
Sinhala BJT1. මහණෙනි, මෙ සස්නෙහි මහණ අධිකරණ කාරක නො වෙයි. අධිකරණසමථය පිළිබඳ ගුණ බණන්නේ වෙයි. ‘මහණෙනි, මහණ අධිකරණ කාරක නො වෙයි. අධිකරණසමථය පිළිබඳ ගුණ බණන්නේ වෙයි’ යන දහමෙක් ඇත් ද, මෙ දහම ද ප්‍රිය බවට ගුරුභාවයට භාවනාවට ශ්‍රමණධර්‍මයට ඒකී භාවයට වැටෙයි.
Pali BJT2. පුන චපරං භික්ඛවෙ භික්ඛු සික්ඛාකාමො හොති, සික්ඛාසමාදානස්ස වණ්ණවාදී. යම්පි භික්ඛවෙ භික්ඛු සික්ඛාකාමො සික්ඛාසමාදානස්ස වණ්ණවාදී, අයම්පි ධම්මො පියත්තාය -පෙ- එකීභාවාය සංවත්තති.
Sinhala BJT2. තවද මහණෙනි, අනෙකෙකි: මහණ ශික්‍ෂාකාම වෙයි, ශික්‍ෂාසමාදානය පිළිබඳ ගුණ බණන්නේ වෙයි, “මහණෙනි, මහණ ශික්‍ෂාකාම වෙයි, ශික්‍ෂාසමාදානය පිළිබඳ ගුණ බණන්නේ වෙයි” යන යම් දහමෙක් ඇත් ද, මේ දහම ද ප්‍රිය භාවයට ... ඒකී භාවයට වැටෙයි.
Pali BJT3. පුන චපරං භික්ඛවෙ භික්ඛු අප්පිච්ඡො හොති, ඉච්ඡා විනයස්ස වණ්ණවාදී. යම්පි භික්ඛවෙ භික්ඛු අප්පිච්ඡො හොති, ඉච්ඡාවිනයස්ස වණ්ණවාදී, අයම්පි ධම්මො පියත්තාය -පෙ- එකීභාවාය සංවත්තති.
Sinhala BJT3. තවද මහණෙනි, අනෙකෙකි: මහණ අල්පේච්ඡ වෙයි, ඉච්ඡාවිනය පිළිබඳ ගුණ බණන්නේ වෙයි, “මහණෙනි, මහණ අල්පේච්ඡ වෙයි, ඉච්ඡාවිනය පිළිබඳ ගුණ බණන්නේ වෙයි” යන යම් දහමෙක් ඇත් ද, මේ දහම ද ප්‍රිය භාවයට … ඒකී භාවයට වැටෙයි.
Pali BJT4. පුන චපරං භික්ඛවෙ භික්ඛු අක්කොධනො හොති, කොධවිනයස්ස වණ්ණවාදී. යම්පි භික්ඛවෙ භික්ඛු අක්කොධනො හොති, කොධවිනයස්ස වණ්ණවාදී, අයම්පි ධම්මො පියත්තාය -පෙ- එකීභාවාය සංවත්තති.
Sinhala BJT4. තවද මහණෙනි, අනෙකෙකි: මහණ නො කිපෙනසුලු වෙයි, ක්‍රෝධවිනය පිළිබඳ ගුණ බණන්නේ වෙයි, “මහණෙනි, මහණ නො කිපෙනසුලු වෙයි, ක්‍රෝධවිනය පිළිබඳ ගුණ බණන්නේ වෙයි” යන යම් දහමෙක් ඇත් ද, මේ දහම ද ප්‍රිය භාවයට … ඒකී භාවයට වැටෙයි.
Pali BJT5. පුන චපරං භික්ඛවෙ භික්ඛු අමක්ඛී හොති, මක්ඛවිනයස්ස වණ්ණවාදී. යම්පි භික්ඛවෙ භික්ඛු අමක්ඛී හොති, මක්ඛවිනයස්ස වණ්ණවාදී, අයම්පි ධම්මො පියත්තාය -පෙ- එකීභාවාය සංවත්තති.
Sinhala BJT5. තවද මහණෙනි, අනෙකෙකි: මහණ ගුණමකු නො වෙයි, මක්ඛවිනය පිළිබඳ ගුණ බණන සුලු වෙයි, “මහණෙනි, මහණ ගුණමකු නො වෙයි, මක්ඛවිනය පිළිබඳ ගුණ බණන්නේ වෙයි” යන යම් දහමෙක් ඇත් ද, මේ දහම ද ප්‍රිය භාවයට … ඒකී භාවයට වැටෙයි.
Pali BJT6. පුන චපරං භික්ඛවෙ භික්ඛු අසඨො හොති, සාඨෙය්ය විනයස්ස වණ්ණවාදී. යම්පි භික්ඛවෙ භික්ඛු අසඨො හොති, සාඨෙය්යවිනයස්ස වණ්ණවාදී, අයම්පි ධම්මො පියත්තාය -පෙ- එකීභාවාය සංවත්තති.
Sinhala BJT6. තවද මහණෙනි, මහණ ශඨ නො වෙයි, ශඨභාවවිනය පිළිබඳ ගුණ බණන්නේ වෙයි, “මහණෙනි, මහණ ශඨ නො වෙයි, ශඨභාවවිනය පිළිබඳ ගුණ බණන්නේ වෙයි” යන යම් දහමෙක් ඇත් ද, මේ දහම ද ප්‍රිය භාවයට … ඒකී භාවයට වැටෙයි.
Pali BJT7. පුන චපරං භික්ඛවෙ භික්ඛු අමායාවී හොති, මායාවිනයස්ස වණ්ණවාදී. යම්පි භික්ඛවෙ අමායාවී හොති, මායාවිනයස්ස වණ්ණවාදී අයම්පි ධම්මො පියත්තාය -පෙ- එකීභාවාය සංවත්තති.
Sinhala BJT7. තවද මහණෙනි, අනෙකෙකි: මහණ මායා නැතියේ වෙයි, මායාවිනය පිළිබඳ ගුණ බණන්නේ වෙයි, “මහණෙනි, මහණ මායා නැතියේ වෙයි, මායාවිනය පිළිබඳ ගුණ බණන්නේ වෙයි” යන යම් දහමෙක් ඇත් ද, මේ දහම ද ප්‍රිය භාවයට … ඒකී භාවයට වැටෙයි.
Pali BJT8. පුන චපරං භික්ඛවෙ භික්ඛු ධම්මානං නිසාමකජාතියො හොති, ධම්මනිසන්තියා වණ්ණවාදී. යම්පි භික්ඛවෙ භික්ඛු ධම්මානං නිසාමකජාතියො හොති, ධම්මනිසන්තියා වණ්ණවාදී, අයම්පි ධම්මො පියත්තාය -පෙ- එකීභාවාය සංවත්තති.
Sinhala BJT8. තවද මහණෙනි, අනෙකෙකි: මහණ නව ලොව්තුරා දහමුන් පිළිබඳ සොයන සැහැවි ඇතියේ වෙයි, ධර්‍මනිසාමනය පිළිබඳ ගුණ බණන්නේ වෙයි, “මහණෙනි, මහණ දහමුන් පිළිබඳ සොයන සැහැවි ඇතියේ වෙයි, ධම්මනිසාමනය පිළිබඳ ගුණ බණන්නේ වෙයි” යන යම් දහමෙක් ඇත් ද, මේ දහම ද ප්‍රිය භාවයට … ඒකී භාවයට වැටෙයි.
Pali BJT9. පුන චපරං භික්ඛවෙ භික්ඛු පටිසල්ලීනො හොති, පටිසල්ලානස්ස වණ්ණවාදී, යම්පි භික්ඛවෙ භික්ඛු පටිසල්ලීනො හොති, පටිසල්ලානස්ස වණ්ණවාදී, අයම්පි ධම්මො පියත්තාය -පෙ- එකීභාවාය සංවත්තති.
Sinhala BJT9. තවද මහණෙනි, අනෙකෙකි: මහණ පිළිසලන ඇතියේ වෙයි, පිළිසලන පිළිබඳ ගුණ බණන්නේ වෙයි, “මහණෙනි, මහණ පිළිසලන ඇතියේ වෙයි, පිළිසලන පිළිබඳ ගුණ බණන්නේ වෙයි” යන යම් දහමෙක් ඇත් ද, මේ දහම ද ප්‍රිය භාවයට -පෙ- ඒකී භාවයට වැටෙයි.
Pali BJT10. පුන චපරං භික්ඛවෙ භික්ඛු සබ්රහ්මචාරීනං පටිසන්ථාරකො හොති, පටිසන්ථාරකස්ස වණ්ණවාදී. යම්පි භික්ඛවෙ භික්ඛු පටිසන්ථාරකො හොති, පටිසන්ථාරකස්ස වණ්ණවාදී, අයම්පි ධම්මො පියත්තාය ගරුත්තාය භාවනාය, සාමඤ්ඤාය එකීභාවාය සංවත්තති.
Sinhala BJT10. තවද මහණෙනි, අනෙකෙකි: මහණ සබ්‍රම්සරුන් පිළිබඳ පිළිසඳර ඇතියේ වෙයි, පිළිසඳර පිළිබඳ ගුණ බණන්නේ වෙයි, “මහණෙනි, මහණ පිළිසඳර ඇතියේ වෙයි, පිළිසඳර පිළිබඳ ගුණ බණන්නේ වෙයි” යන යම් දහමෙක් ඇත් ද, මේ දහම ද ප්‍රිය භාවයට ගුරු භාවයට භාවනාවට ශ්‍රමණධර්‍මයට ඒකී භාවයට වැටෙයි.
Pali BJTඑවරූපස්ස භික්ඛවෙ භික්ඛුනො කිඤ්චාපි න එවං ඉච්ඡා උප්පජ්ජෙය්ය, “අහො වත මං සබ්රහ්මචාරී සක්කරෙය්යුං ගරුකරෙය්යුං, මානෙය්යුං පූජෙය්යුන්ති”. අථ ඛො නං සබ්රහ්මචාරී සක්කරොන්ති, ගරුකරොන්ති, මානෙන්ති, පූජෙන්ති, තං කිස්ස හෙතු: තථා හිස්ස භික්ඛවෙ විඤ්ඤූ සබ්රහ්මචාරී තෙ පාපකෙ අකුසලෙ ධම්මෙ පහීනෙ සමනුපස්සන්ති.
Sinhala BJTමහණෙනි, මෙවන් භික්‍ෂූහට “මට සබ්‍රම්සරහු සත්කාර කරන්නාහු නම්, ගුරුකාර කරන්නාහු නම් මානනා කරන්නාහු නම් පූජනා කරන්නාහු නම් මැනැවැ”යි මෙවන් ඉච්ඡායෙක් නූපදනේ නමුදු ඔහට සබ්‍රම්සරහු සත්කාර කරන්නාහ, ගුරුකාර කරන්නාහ, මානනා කරන්නාහ, පූජනා කරන්නාහ, එ කවර හෙයින යත්: මහණෙනි, එසේ මැයි නුවණැති සබ්‍රම්සරහු ඔහුගේ ඒ පාප අකුශල ධර්‍මයන් දක්නාහ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ භද්දස්ස අස්සාජානීයස්ස කිඤ්චාපි න එවං ඉච්ඡා උප්පජ්ජෙය්ය: “අහො වත මං මනුස්සා ආජානීයට්ඨානෙ ඨපෙය්යුං ආජානීයභොජනනඤ්ච භොජෙය්යුං, ආජානීයපරිමජ්ජනඤ්ච පරිමජ්ජෙය්යුන්ති”, අථ ඛො නං මනුස්සා ආජානීයට්ඨානෙ ඨපෙන්ති, ආජානීයභොජනඤ්ච භොජෙන්තී, ආජානීයපරිමජ්ජනඤ්ච පරිමජ්ජන්ති. තං කිස්ස හෙතු: තථා හිස්ස භික්ඛවෙ විඤ්ඤූ මනුස්සා තානි සාඨෙය්යානි කූටෙය්යානි ජිම්හෙය්යානි වඞ්කෙය්යානි පහීනානි සමනුපස්සන්ති.
Sinhala BJTමහණෙනි, යම් පරිදි භද්‍ර අශ්වාජානේයහට “මිනිස්සු මා ආජානේය ස්ථානයෙහි තබන්නාහු නම්, ආජානේය භෝජන ද වළඳවත් නම්, ආජානේය පරිමාර්‍ජනා කරන්නාහු නම් ඉතා මැනැවැ”යි යන මෙබඳු ඉච්ඡායෙක් නූපදනේ නමුදු මිනිස්හු ඔහු ආජානේය ස්ථානයෙහි තබන්නාහ, ආජානේය භෝජන ද වළඳවන්නාහ, ආජානේය පරිමාර්‍ජනය ද කරන්නාහ. එ කවර හෙයින යත්: මහණෙනි, එ එසේ මැ යි නුවණැති මිනිස්හු ඔහුගේ ඒ ප්‍රහීණ ශඨ බව්, කුළු බව්, ඉදු නොවන බව්, වක් බව් දක්නාහ. එහෙයිනි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ එවරූපස්ස භික්ඛුනො කිඤ්චාපි න එවං ඉච්ඡා උප්පජ්ජෙය්ය: “අහො වත මං සබ්රහ්මචාරී සක්කරෙය්යුං, ගරුකරෙය්යුං, මානෙය්යුං, පූජෙය්යුන්ති”, අථ ඛො නං සබ්රහ්මචාරී සක්කරොන්ති, ගරුකරොන්ති, මානෙන්ති, පූජෙන්ති තං කිස්ස හෙතු: තථා හිස්ස භික්ඛවෙ විඤ්ඤූ සබ්රහ්මචාරී තෙ පාපකෙ අකුසලෙ ධම්මෙ පහීනෙ සමනුපස්සන්තීති.
Sinhala BJTමහණෙනි, එපරිදිම ම මෙවන් මහණහට “සබ්‍රම්සරහු මට සත්කාර කරන්නාහු නම්, ගුරුකාර කරන්නාහු නම්, මානනා කරන්නාහු නම් පූජනා කරන්නාහු නම් ඉතා මැනැවැ”යි මෙබඳු ඉච්ඡායෙක් නූපදනේ ය. එ කවර හෙයින යත්: “මහණෙනි, එසේමැ යි, නුවණැති සබ්‍රම්සරහු ඔහුගේ ඒ ප්‍රහීණ පාප අකුශල ධර්‍මයන් දක්නාහ. එහෙයිනැ”යි.
Pali BJT10. 2. 4. 8.
Sinhala BJT10. 2. 4. 8.
Pali BJTඅක්කොසක සුත්තං
Sinhala BJTඅක්කෝසක සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT(සැවැත්)
Pali BJTයො සො භික්ඛවෙ භික්ඛු අක්කොසක පරිභාසකො අරියූපවාදී සබ්රහ්මචාරීනං, අට්ඨානමෙතං අනවකාසො{1} යං සො දසන්නං බ්යසනානං අඤ්ඤතරං බ්යසනං න නිගච්ඡෙය්ය. කතමෙසං දසන්නං:
Sinhala BJTමහණෙනි, යම් මහණෙක් සබ්‍රම්සරුනට අක්කෝස පරිභාස කරන්නේ වේද, ආර්‍ය්‍යෝපවාද කරන්නේ වේ ද, යම් හෙයෙකින් හේ දශවිධ ව්‍යශනයන් අතුරෙන් අන්‍යතර ව්‍යශනයකට නො යන්නේ ය යන තෙල නො කරුණෙක, වන්නට අවකාශ ද නැත. කවර දශ දෙනෙකුන් අතුරින් යත්:
Pali BJTඅනධිගතං නාධිගච්ඡති, අධිගතා පරිහායන්ති, සද්ධම්මස්ස න වොදානයන්ති.{1} සද්ධම්මෙසු වා අධිමානිකො හොති, අනභිරතො වා බ්රහ්මචරියං චරති, අඤ්ඤතරං වා සඞ්කිලිට්ඨං ආපත්තිං ආපජ්ජති, ගාළ්හං වා රොගාතඞ්කං ඵුසති, උම්මාදං වා පාපුණාති චිත්තක්ඛෙපං, සම්මූළ්හො කාලං කරොති, කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.
Sinhala BJTඅනධිගත දහම් නොලබන්නේ ය, අධිගත දහමින් දහමින් පිරිහෙන්නේ ය, ශාසනසද්ධර්‍මයෝ ඔහුගේ ව්‍යවදානයට නො යෙති. සද්ධර්‍මයෙහි අධිමානික හෝ වෙයි, අනභිරත වැ සසුන් බඹසර කෙරෙයි, එක්තරා සකිලිටි ඇවැතකට හෝ අවදනේ වෙයි, දැඩි රෝගාතඞ්කයක් හෝ ස්පර්‍ශ කරයි, චිත්තවික්‍ෂේප සඞ්ඛ්‍යාත උමතුවට හෝ පැමිණෙයි. සම්මූඪ ව කලුරිය කෙරෙයි. කාබුන් මරණින් මතුයෙහි අපාය දුර්‍ගති විනිපාත සඞ්ඛ්‍යාත නිරයට එළඹේ.
Pali BJTයො සො භික්ඛවෙ භික්ඛු අක්කොසපරිභාසකො අරියූපවාදී සබ්රහ්මචාරීනං. ඨානමෙතං අවකාසො, යං සො ඉමෙසං දසන්නං බ්යසනානං අඤ්ඤතරං බ්යසනං නිගච්ඡෙය්යාති.
Sinhala BJTමහණෙනි, යම් ඒ මහණෙක් සබ්‍රම්සරුනට අක්‍රොශ හා පරිභාෂ කරන්නේ වේ ද, ආර්‍ය්‍යෝපවාද කරන්නේ වේ ද, හේ තෙල දශව්‍යශනයන් අතුරින් අන්‍යතරව්‍යශනයකට පැමිණෙන්නේ ය යන යමෙක් ඇත් ද තෙල කරුණ ඇති.
Pali BJT10. 2. 4. 9.
Sinhala BJT10. 2. 4. 9.
Pali BJTකොකාලික සුත්තං
Sinhala BJTකෝකාලික සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT(සැවැත්)
Pali BJTඅථ ඛො කොකාලිකො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො කොකාලිකො භික්ඛු භගවන්තං එතදවොච: “පාපිච්ඡා භන්තෙ සාරිපුත්ත මොග්ගල්ලානා, පාපිකානං ඉච්ඡානං වසං ගතා”ති.
Sinhala BJTඑසඳ කෝකාලික මහණ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹිණ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් කෝකාලික මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේය. “වහන්ස, සැරියුත් මුගලන්හු පාපේච්ඡයහ. පාපඉච්ඡාවන්ගේ වශයට ගියහ”යි.
Pali BJTමා හෙවං කොකාලික, මා හෙවං කොකාලික, පසාදෙහි කොකාලික සාරිපුත්තමොග්ගල්ලානෙසු චිත්තං, පෙසලා සාරිපුත්තමොග්ගල්ලානාති.
Sinhala BJT“කෝකාලිකය, නහමක් මෙසේ කිය, කෝකාලිකය, නහමක් මෙසේ කිය, කෝකාලිකය, සැරියුත් මුගලනුන් කෙරෙහි සිත පහදව, සැරියුත් මුගලන්හු පේශලයහ” යි.
Pali BJTදුතියම්පි ඛො කොකාලිකො භික්ඛු භගවන්තං එතදවොච: “කිඤ්චාපි මෙ භන්තෙ භගවා සද්ධායිකො පච්චයිකො, අථ ඛො පාපිච්ඡාව සාරිපුත්තමොග්ගල්ලානා පාපිකානං ඉච්ඡානං වසං ගතා”ති.
Sinhala BJTකෝකාලික මහණ දෙවනවට ද භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය: “වහන්ස, මා හට භාග්‍යවතුන් වහන්සේ ශ්‍රද්ධාව එළවත් නමුදු ප්‍රත්‍යයික වෙත් නමුදු සැරියුත් මුගලන්හු පාපේච්ඡයහ. පාපඉච්ඡාවන්ගේ වශයට ගියහ”යි.
Pali BJTමා හෙවං කොකාලික මා හෙවං කොකාලික, පසාදෙහි කොකාලික සාරිපුත්තමොග්ගල්ලානෙසු චිත්තං, පෙසලා සාරිපුත්තමොග්ගල්ලානාති.
Sinhala BJT“කෝකාලිකය, නහමක් මෙසේ කිය, කෝකාලිකය නහමක් මෙසේ කිය, කෝකාලිකය, සැරියුත් මුගලනුන් කෙරෙහි සිත පහදව, සැරියුත් මුගලන්හු පේශලයහ” යි.
Pali BJTතතියම්පි ඛො{1} කොකාලිකො භික්ඛු භගවන්තං එතදවොච: “කිඤ්චාපි මෙ භන්තෙ භගවා සද්ධායිකො පච්චයිකො, අථ ඛො පාපිච්ඡාව සාරිපුත්තමොග්ගල්ලානා පාපිකානං ඉච්ඡානං වසං ගතා”ති.
Sinhala BJTකෝකාලික මහණ තෙවනවට ද භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය: “වහන්ස, මාහට භාග්‍යවතුන් වහන්සේ ශ්‍රද්ධාව එළවත් නමුදු ප්‍රත්‍යයික වෙත් නමුදු වැලිත් සැරියුත් මුගලන්හු පාපේච්ඡයහ. පාපඉච්ඡාවන්ගේ වශයට ගියහ”යි.
Pali BJTමා හෙවං කොකාලික, මා හෙවං කොකාලික, පසාදෙහි කොකාලික සාරිපුත්තමොග්ගල්ලානෙසු චිත්තං, පෙසලා සාරිපුත්තමොග්ගල්ලානාති.
Sinhala BJT“කෝකාලිකය, නහමක් මෙසේ කිය, කෝකාලිකය නහමක් මෙසේ කිය, කෝකාලිකය, සැරියුත් මුගලනුන් කෙරෙහි සිත පහදව, සැරියුත් මුගලන්හු පේශලයහ” යි.
Pali BJTඅථ ඛො කොකාලිකො භික්ඛු උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අචිරපක්කන්තස්සෙව කොකාලිකස්ස භික්ඛුනො සාසපමත්තාහි පිළකාහි සබ්බො කායො ඵුටො අහොසි. සාසපමත්තියො හුත්වා මුග්ගමත්තියො අහෙසුං. මුග්ගමත්තියො හුත්වා කලායමත්තියො අහෙසුං. කලායමත්තියො හුත්වා කොලට්ඨිමත්තියො අහෙසුං. කොලට්ඨිමත්තියො හුත්වා කොලමත්තියො අහෙසුං, කොලමත්තියො හුත්වා ආමලකමත්තියො අහෙසුං. ආමලකමත්තියො හුත්වා බෙලුවසලාටුකමත්තියො අහෙසුං. බෙලුවසලාටුකමත්තියො හුත්වා බිල්ලමත්තියො අහෙසුං. බිල්ලමත්තියො හුත්වා පභිජ්ජිංසු. පුබ්බඤ්ච ලොහිතඤ්ච පග්ඝරිංසු. ස්වාස්සුදං කදලිපත්තෙසු සෙති මච්ඡොව විසගිලිතො.
Sinhala BJTඉක්බිති කෝකාලික මහණ හුනස්සෙන් නැග භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියේය. බැහැර ගිය නොබෝ කල් ඇත්තා වූ ම කෝකාලික මහණ හුගේ හැම කය සර්‍ෂපමාත්‍රවූ පොළින් පැතුරුනේ විය. (ඒ පොළ) සර්‍ෂපමාත්‍ර ව මුද්ගමාත්‍ර විය. මුද්ගමාත්‍රික ව කඩල ඇට පමණැති විය. කඩල ඇට පමණැතිව ඩෙබරැට පමණැති විය. ඩෙබරැට පමණ ව කොල මාත්‍රික විය. කොල මාත්‍රික ව ආමලක මාත්‍රික වූහ. ආමලක මාත්‍රිකව තරුණ බිල්වඵලමාත්‍රික විය. තරුණ බිල්වඵලමාත්‍රික ව බිල්ව මාත්‍රික විය. බිල්ව මාත්‍රික ව බිඳිණ. පූයි හා ලේ වගුලේ ය, හේ විසගිලි මස්සකු සෙයින් කේල්පත්හි හෝනේ ය.
Pali BJTඅථ ඛො තුදු පච්චෙක බ්රහ්මා{2} යෙන කොකාලිකො භික්ඛු තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා වෙහාසෙ ඨත්වා කොකාලිකං භික්ඛුං එතදවොච: “පසාදෙහි කොකාලික සාරිපුත්තමොග්ගල්ලානෙසු චිත්තං, පෙසලා සාරිපුත්ත මොග්ගල්ලානා”ති.
Sinhala BJTඑකල්හි තුදු පච්චේකබ්‍රහ්ම කෝකාලික කරා එළැඹියේ ය. එළැඹ අහස්හි සිට කෝකාලික මහණ හට තෙල කීය: “කොකාලිකය, සැරියුත් මුගලනුන් කෙරෙහි සිත පහදව, සැරියුත් මුගලන්හු පේශලයහ” යි.
Pali BJTකොසි ත්වං ආවුසොති?
Sinhala BJTඇවැත්නි, තෝ කවරෙක් වෙහි යි?
Pali BJTඅහං තුදු පච්චෙකබ්රහ්මාති.
Sinhala BJT“මම් තුදු පච්චේකබ්‍රහ්ම වෙමි”යි
Pali BJTනනු ත්වං ආවුසො භගවතා අනාගාමී ව්යාකතො, අථ කිං චරහි ඉධාගතො? පස්ස යාවඤ්ච තෙ ඉදං අපරද්ධන්ති.
Sinhala BJTඇවැත්නි, තෝ භාග්‍යවතුන් වහන්සේ විසින් අනාගාමී ව්‍යාකෘත නො වෙහි ද? වැලි දැන් කවර හෙයින් මෙහි ආයෙහි දැයි. යම්තාක් මෙය තාගේ අපරාධය වේ ද ඒ තාක් දකුව”යි.
Pali BJTඅථ ඛො තුදු පච්චෙකබ්රහ්මා කොකාලිකං භික්ඛුං ගාථාහි අජ්ඣභාසි:
Sinhala BJTඑසඳ තුදු පච්චේකබ්‍රහ්ම කෝකාලික මහණ හට ගාථායෙන් කීය:
Pali BJT1. පුරිසස්ස හි ජාතස්ස කුඨාරී ජායතෙ මුඛෙ, යාය ඡින්දති අත්තානං බාලො දුබ්භාසිතං භණං.
Sinhala BJT1. බාලතෙම දුබැසිබණන්නේ යම් පරොස් බස් සඞ්ඛ්‍යාත අවියෙකින් තමා සිඳුනේ නම්, උපන් පුරුෂයාගේ මුවෙහි පරොස් බස් නමැති කූඨාරිය උපදනේ මැයි.
Pali BJT2. යො නින්දියං පසංසති තං වා නින්දති යො පසංසියො, විචිනාති මුඛෙන සො කලිං කලිනා තෙන සුඛං න වින්දති.
Sinhala BJT2. යමෙක් නින්‍දාර්‍හයා පසස්නේ ද යමෙක් ප්‍රශංසාර්‍හ වේනම් ඔහුට හෝ නින්‍දා කරණේ ද, හේ මුවින් අපරාධ රැස්කරණේ ද, ඒ අපරාධයෙන් සුව නො විඳුනේ ය.
Pali BJT3. අප්පමත්තො{1} අයං කලි යො අක්ඛෙසු ධනපරාජයො, සබ්බස්සාපි සහාපි අත්තනා අයමෙව මහන්තතරො{2} කලි යො සුගතෙසු මනං පදොසයෙ{3}
Sinhala BJT3. ද්‍යුත ක්‍රීඩාවන්හි ලා තමා හා යම් සියලු ධනපරාජයෙක් වේ නම්, මේ අපරාධය අල්පමාත්‍රවෙයි. යමෙක් සම්‍යක් ගතයන් කෙරෙහි සිත ප්‍රද්විෂ්ට කෙරේ නම්, මෙය ම මහන්තර අපරාධ වෙයි.
Pali BJT4. සතං සහස්සානං නිරබ්බුදානං, ඡත්තිංසති පඤ්ච ච අබ්බුදානි යමරියගරහී නිරයං උපෙතී, වාචං මනඤ්ච පණිධාය පාපකන්ති”.
Sinhala BJT4. යම් යෙහෙකින් පාපක වූ වාන්මනස් පිහිටුවා ආර්‍ය්‍යයන් ගරහනුයේ වේ ද, හේ නිබ්බුද ගණනින් එක්දහස් එක්සිය සතිසෙක් ද, අබ්බුද පසෙක් දැයි මෙතෙක් කාලමානයක් නිරයට එළඹෙයි.
Pali BJTඅථ ඛො කොකාලිකො භික්ඛු තෙනෙව ආබාධෙන කාලමකාසි, කාලකතො ච කොකාලිකො භික්ඛු පදුමනිරයං උපපජ්ජි සාරිපුත්තමොග්ගල්ලානෙසු චිත්තං ආඝාතෙත්වා.
Sinhala BJTඑක්බිති කෝකාලික මහණ ඒ ආබාධයෙන් ම මෙළේය. කලුරිය කළ කෝකාලික මහණ සැරියුත් මුගලන් කෙරෙහි සිත් ඝටා පදුම නිරයෙහි උපන.
Pali BJTඅථ ඛො බ්රහ්මා සහම්පති අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි, එකමන්තං ඨිතො ඛො බ්රහ්මා සහම්පති භගවන්තං එතදවොච: “කොකාලිකො භන්තෙ භික්ඛු කාලකතො, කාලකතො ච භන්තෙ කොකාලිකො භික්ඛු පදුමනිරයං උප්පන්නො සාරිපුත්තමොග්ගල්ලානෙසු චිත්තං ආඝාතෙත්වා”ති. ඉදමවොච බ්රහ්මා සහම්පති, ඉදං වත්වා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායි.
Sinhala BJTඑක්බිති සහම්පති බඹ මධ්‍යම රාත්‍රියෙහි විශිෂ්ට ඡවිවර්‍ණ ඇතියේ සකල ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹිණ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙකැ සිට ගත, එකත්පසෙකැ සිටි සහම්පතී බඹ භාග්‍යවතුන් වහන්සේට තෙල බස් සැළ කෙළේය: “වහන්ස, කෝකාලික මහණ මෙළේය. වහන්ස, මළ කෝකාලික මහණ සැරියුත් මුගලනුන් කෙරෙහි සිත් දූෂ්‍ය කොට ඝටා පදුම නිරයට එළැඹිණැ’යි සහම්පතී බඹ මෙබස් කීය. මෙබස් කියා භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට එ දෙව්රම් හි ම අතුරුදහන් කෙළේය.
Pali BJTඅථ ඛො භගවා තස්සා රත්තියා අච්චයෙන භික්ඛු ආමන්තෙසි. ඉමං භික්ඛවෙ රත්තිං බ්රහ්මා සහම්පති අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි.
Sinhala BJTඑක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රෑ ගෙවීමෙන් මහණුන් ඇමතූ සේක. මහණෙනි, මෙ රෑ සහම්පතී බඹ මධ්‍යම රාත්‍රියෙහි විශිෂ්ට ඡවිවර්‍ණ ඇතියේ සකල ජේතවනය බබුළුවා මා කරා එළැඹීණ. එළැඹ මා සකසා වැඳ එකත්පසෙක සිටියේ ය.
Pali BJTඑකමන්තං ඨිතො ඛො භික්ඛවෙ බ්රහ්මා සහම්පති මං එතදවොච: “කොකාලිකො භන්තෙ භික්ඛු කාලකතො, කාලකතො ච භන්තෙ කොකාලිකො භික්ඛු පදුමනිරයං උපපන්නො, සාරිපුත්තමුග්ගල්ලානෙසු චිත්තං ආඝාතෙත්වා”ති. ඉදමවොච භික්ඛවෙ බ්රහ්මා සහම්පති ඉදං වත්වා මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායීති.
Sinhala BJTමහණෙනි, එකත්පසෙක සිටි සහම්පතී බඹ මට තෙල බස් සැල කෙළේය: “වහන්ස, කෝකාලික මහණ මෙළේය. වහන්ස, කලුරිය කළ කෝකාලික මහණ සැරියුත් මුගලනුන් කෙරෙහි සිත් ප්‍රදූෂ්‍ය කොට ඝටා පදුම නිරයට එළඹිණැ”යි, මහණෙනි, සහම්පතී බඹ මෙය කීය. මෙය කියා මා සකසා වැඳ පැදකුණු කොට එ දෙව්රම් හි ම අතුදන් කෙළේ”යි.
Pali BJTදීඝං එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච: “කීවනුඛො භන්තෙ පදුමෙ නිරයෙ ආයුප්පමාණන්ති”. දීඝං ඛො භික්ඛු පදුමෙ නිරයෙ ආයුප්පමාණං, න තං සුකරං සඞ්ඛාතුං “එත්තකානි වස්සානී”ති වා “එත්තකානි වස්සසතානී”ති වා “එත්තකානි වස්සසහස්සානී”ති වා “එත්තකානි වස්ස සතසහස්සානී”ති වාති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි අන්‍යතර මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: “වහන්ස, පදුම නිරයෙහි ආයුෂ් ප්‍රමාණය කෙතෙක් කල් වේදැ?යි. “මහණ, පදුම නිරයෙහි ආයුස් ප්‍රමාණය දීර්‍ඝය, එය ‘මෙතෙක් වර්‍ෂයහ’යි හෝ ‘මෙතෙක් වර්‍ෂශතයෙකැයි’ හෝ ‘මෙතෙක් වර්‍ෂ සහස්‍රයෙකැ’යි හෝ ‘මෙතෙක් වර්‍ෂ ශත සහස්‍රයෙකැ’යි හෝ ගණන්ට සුකර නො වේ”යි.
Pali BJTසක්කා පන භන්තෙ උපමං කාතුන්ති.
Sinhala BJT“වහන්ස උවමක් කළ හැකි”දැ?යි.
Pali BJT“සක්කා භික්ඛූ”ති භගවා අවොච.
Sinhala BJT“මහණ, හැකැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJTසෙය්යථාපි භික්ඛු වීසතිඛාරිකො කොසලකො තිලවාහො, තතො පුරිසො වස්සසතස්ස වස්සසතස්ස අච්චයෙන එකමෙකං තිලං උද්ධරෙය්ය, ඛිප්පතරං ඛො සො භික්ඛු වීසතිඛාරිකො කොසලකො තිලවාහො ඉමිනා උපක්කමෙන පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්ය, නත්වෙව එකො අබ්බුදො නිරයො.
Sinhala BJTමහණ යම් සේ කෝශල දේශයෙහි වූ විසිකිරියක් ඇති තලගැළක් වේ නම්, පුරුෂයෙක් වර්‍ෂ ශතයක්හුගේ වර්‍ෂ ශතයක්හුගේ ඇවෑමෙන් එයින් එක් එක් තලැටක් නංවා ගන්නේ නම් මහණ, විසිකිරියක් ඇති ඒ මාගධක තල ගැළ මේ උපක්‍රමයෙන් ක්‍ෂිප්‍රතර ව පරික්‍ෂයට පර්‍ය්‍යාදානයට යන්නේ ය. එක් අර්වුද නිරයෙක් (පරික්‍ෂයට) නොයේ මැ යි.
Pali BJTසෙය්යථාපි භික්ඛු වීසති අබ්බුදා නිරයා එවමෙකො නිරබ්බුදො නිරයො. සෙය්යථාපි භික්ඛු වීසති නිරබ්බුදා නිරයා එවමෙකො අබබො නිරයො, සෙය්යථාපි භික්ඛු වීසතිඅබබා නිරයා එවමෙකො අහහො නිරයො. සෙය්යථාපි භික්ඛු වීසති අහහා නිරයා එවමෙකො අටටො නිරයො. සෙය්යථාපි භික්ඛු වීසති අටටා නිරයා එවමෙකො කුමුදො නිරයො. සෙය්යථාපි භික්ඛු වීසති කුමුදා නිරයා එවමෙකො සොගන්ධිකො නිරයො. සෙය්යථාපි භික්ඛු වීසති සොගන්ධිකා නිරයා එවමෙකො උප්පලකො නිරයො. සෙය්යථාපි භික්ඛු වීසති උප්පලකා නිරයා එව මෙවකො පුණ්ඩරීකො නිරයො. සෙය්යථාපි භික්ඛු වීසති පුණ්ඩරිකා නිරයා එවමෙකො පදුමො නිරයො. පදුමං ඛො පන භික්ඛු නිරයං කොකාලිකො භික්ඛු උපපන්නො සාරිපුත්තමොග්ගල්ලානෙසු චිත්තං ආඝාතෙත්වාති.
Sinhala BJTමහණ යම් සෙයින් විංශත් අර්වුද නිරයෝ වෙත් නම්, එක් නිරර්වුද නිරයෙක් මෙබඳු වෙයි: මහණ, යම් සෙයින් විංශත් නිරර්වුද නිරයෝ වෙත් නම් එක් අබබ නිරයෙක් මෙබඳු වෙයි. මහණ, යම් සෙයින් විසංති අබබ නිරයෝ වෙත් නම්, එක් අභභ නිරයෙක් මෙබඳු වෙයි. මහණ යම් සෙයින් විසංති අභභනිරයෝ වෙත් නම් එක් අටට නිරයෙක් මෙබඳු වෙයි. මහණ, යම් සෙයින් විසංති අටට නිරයෝ වෙත් නම් එක් කුමුද නිරයෙක් මෙබඳු වෙයි. මහණ, යම්සෙයින් විසංති කුමුද නිරයෝ වෙත් නම්, එක් සෞගන්‍ධික නිරයෙක් එබඳු වෙයි, මහණ යම් සෙයින් විංශත් සෞගන්‍ධික නිරයෝ වෙත්නම්, එක් උත්පලක නිරයෙක් මෙබඳු වෙයි. මහණ, යම්සෙයින් විංශත් උත්පලක නිරයෝ වෙත් නම් එක් පුණ්ඩරීක නිරයෝ වෙත් නම් එක් පදුම නිරයෙක් මෙබඳු වෙයි. මහණ, සැරියුත් මුගලනුන් කෙරෙහි සිත් ප්‍රදූෂ්‍ය කොට ඝටා කෝකාලික මහණ පදුම නිරයට එළැඹිණැ යි.
Pali BJTඉදමවොච භගවා ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. මෙය වදාරා ශාස්තෘ වූ සුගතයන් වහන්සේ අනතුරුව තෙල වදාළ සේක:
Pali BJT1. පුරිසස්ස හි ජාතස්ස කුඨාරී ජායතෙ මුඛෙ, යාය ඡින්දති අත්තානං බාලො දුබ්භාසිතං භණං.
Sinhala BJT1. දු බැසි බණන බාල තෙම යමෙකින් තමා සිඳුනේ නම් (එබඳු) කුඨාරියෙක් උපන් පුරුෂයාගේ මුවෙහි උපදනේය.
Pali BJT2. යො නින්දියං පසංසති තං වා නින්දති යො පසංසියො, විචිනාති මුඛෙන සො කලිං කලිනා තෙන සුඛං න වින්දති.
Sinhala BJT2. යමෙක් නින්ද්‍යයකු පසස්නේ ද, යමෙක් හෝ ප්‍රශංසාර්‍හ වේ නම් ඔහට නින්‍දා හෝ කෙරේ නම්, හේ මුවින් අපරාධ කරණේය. ඒ අපරාධ හේතුයෙන් සුඛ නො විඳිනේ ය.
Pali BJT3. අප්පමත්තො අයං කලි යො අක්ඛෙසු ධනපරාජයො, සබ්බස්සාපි සහාපි අත්තනා අයමෙව මහන්තතරො කලි යො සුගතෙසු මනං පදොසයෙ.
Sinhala BJT3. ද්‍යුතක්‍රීඩාවන්හි ලා තමා හා යම් මුලු ධන පරාජයෙක් වේ නම්, මේ අපරාධය අල්පාමාත්‍රවෙයි. සම්‍යක් ගතයන් කෙරෙහි යමෙක් සිත ප්‍රද්විෂ්ට කෙරේ නම් මෙය ම මහන්තර අපරාධය වෙයි. හේ
Pali BJT4. සතං සහස්සානං නිරබ්බුදානං, ඡත්තිංසති පඤ්ච ච අබ්බුදානි යමරියගරහී නිරයං උපෙති, වාචං මනඤ්ච පණිධාය පාපකන්ති.
Sinhala BJT4. පාපක වාඞ්මනස් පිහිටුවා ආර්‍ය්‍යයනට ගර්‍හා කරනුයේ යම් නිරයකට එළැඹේ නම්, හේ නිරර්වුද ගණනින් එක්දහස් එක්සිය සතිසෙක් ද අර්වුද පසෙක් දැ යි මෙතෙක් කාලමානයෙක් ඔහට වේ යයි.
Pali BJT10. 2. 4. 10.
Sinhala BJT10. 2. 4. 10.
Pali BJTඛීණාසවබල සුත්තං
Sinhala BJTඛීණාසවබල සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJTඅථ ඛො ආයස්මා සාරිපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං සාරිපුත්තං භගවා එතදවොච: “කති නු ඛො සාරිපුත්ත ඛීණාසවස්ස භික්ඛුනො බලානි, යෙහි බලෙහි සමන්නාගතො ඛීණාසවො භික්ඛු ආසවානං ඛයං පටිජානාති ‘ඛීණා මෙ ආසවා’ති”
Sinhala BJTඑසඳ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ ඇදුරු කොට වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: “ශාරිපුත්‍රයෙනි, යම් බලයන්ගෙන් සමන්‍වාගත ක්‍ෂීණාස්‍රව මහණ මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ’යි ආස්‍රවයන්ගේ ක්‍ෂය පිළිදන්නේ නම්, ක්‍ෂීණාස්‍ර මහණහුගේ එබඳු බල කෙතෙකැ?”යි.
Pali BJTදස භන්තෙ ඛීණාසවස්ස භික්ඛුනො බලානි, යෙහි බලෙහි සමන්නාගතො ඛීණාසවො භික්ඛු ආසවානං ඛයං පටිජානාති “ඛීණා මෙ ආසවා”ති.
Sinhala BJTවහන්ස, යම්බඳු බලකෙනෙකුන්ගෙන් සමන්‍වාගත ක්‍ෂීණාස්‍රව මහණ මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ’යි පිළිදන්නේ නම් ක්‍ෂීණාස්‍රව මහණහුගේ එබඳු බල දස දෙනෙක.
Pali BJTකතමානි දස:
Sinhala BJTකවර දස දෙනෙකයත්:
Pali BJT1. ඉධ භන්තෙ ඛීණාසවස්ස භික්ඛුනො අනිච්චතො සබ්බෙ සඞ්ඛාරා යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨා හොන්ති.
Sinhala BJT1. වහන්ස, මෙ සස්නෙහි ක්‍ෂීණාස්‍රව මහණහු විසින් සර්‍වසංස්කාරයෝ අනිත්‍ය විසින් ඇති සැටියෙන් සම්‍යක් ප්‍රඥායෙන් සුදෘෂ්ට වෙත්.
Pali BJTයම්පි භන්තෙ ඛීණාසවස්ස භික්ඛුනො අනිච්චතො සබ්බෙ සඞ්ඛාරා යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨා හොන්ති. ඉදම්පි භන්තෙ ඛීණාසවස්ස භික්ඛුනො බලං හොති, යං බලං ආගම්ම ඛීණාසවො භික්ඛු ආසවානං ඛයං පටිජානාති “ඛීණා මෙ ආසවා”ති.
Sinhala BJTවහන්ස, ක්‍ෂීණාස්‍රව භික්‍ෂූහු විසින් සර්‍වසංස්කාරයෝ අනිත්‍ය විසින් ඇති සැටියෙන් සම්‍යක් ප්‍රඥායෙන් මොනොවට දක්නා ලදහ යන යමෙක් ඇත් ද, වහන්ස, යම් බලයකට පැමිණ ක්‍ෂීණාස්‍රව මහණ ‘මා විසින් ආස්‍රවයෝ ක්‍ෂීණයහ’යි පිළිදන්නේ නම්, මෙ ද ක්‍ෂීණාස්‍රව භික්‍ෂූහුගේ බලයෙක.
Pali BJT2. පුන චපරං භන්තෙ ඛීණාසවස්ස භික්ඛුනො අඞ්ගාරකාසූපමා කාමා යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨා හොන්ති. යම්පි භන්තෙ ඛීණාසවස්ස භික්ඛුනො අඞ්ගාරකාසූපමා කාමා යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨා හොන්ති, ඉදම්පි භන්තෙ ඛීණාසවස්ස භික්ඛුනො බලං හොති, යං බලං ආගම්ම ඛීණාසවො භික්ඛු ආසවානං ඛයං පටිජානාති “ඛීණා මෙ ආසවා”ති.
Sinhala BJT2. තවද වහන්ස, අනෙකෙකි. ක්‍ෂීණාස්‍ර භික්‍ෂූහු විසින් කාමයෝ අඞ්ගාරකාසූපමයහ’යි ඇතිසැටියෙන් සම්‍යක් ප්‍රඥායෙන් මොනොවට දන්නා ලදහ. වහන්ස ක්‍ෂීණාස්‍රව මහණහු විසින් කාමයෝ “අඞ්ගාරකාසූපමයහ”යි ඇතිසැටියෙන් සම්‍යක් ප්‍රඥායෙන් මොනොවට දන්නා ලදහ යන යමෙක් ඇත්නම්, වහන්ස, යම් බලයකට පැමිණ ක්‍ෂීණාස්‍රව මහණ ‘මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ’යි ප්‍රතිඥා කෙරේ නම්, මෙ ද ක්‍ෂීණාස්‍රව භික්‍ෂුහුගේ බලයෙක.
Pali BJT3. පුන චපරං භන්තෙ ඛීණාසවස්ස භික්ඛුනො විවෙකනින්නං චිත්තං හොති විවෙකපොණං විවෙකපබ්භාරං වවකට්ඨං{1} නෙක්ඛම්මාභිරතං ව්යන්තීභූතං සබ්බසො ආසවට්ඨානීයෙහි ධම්මෙහි. යම්පි භන්තෙ ඛීණාසවස්ස භික්ඛුනො විවෙකනින්නං චිත්තං හොති විවෙකපොණං විවෙකපබ්භාරං වවකට්ඨං නෙක්ඛම්මාභිරතං ව්යන්තීභූතං සබ්බසො ආසවට්ඨානීයෙහි ධම්මෙහි, ඉදම්පි භන්තෙ ඛීණාසවස්ස භික්ඛුනො බලං හොති යං බලං ආගම්ම ඛීණාසවො භික්ඛු ආසවානං ඛයං පටිජානාති, “ඛීණා මෙ ආසවා”ති.
Sinhala BJT3. තවද වහන්ස, අනෙකෙකි; ක්‍ෂීණාස්‍ර භික්‍ෂුහුගේ සිත සර්‍වප්‍රකාරයෙන් ආස්‍රවස්ථානීය ධර්‍මයන්ගෙන් වාන්තවූයේ නෛෂ්ක්‍රම්‍යයෙහි ඇලුනේ කෙලෙසුන්ගෙන් දුරු වූයේ (ඵල සමාපත්තිවශයෙන්) නිර්‍වාණ විවේකයට නැඹුරු වූයේ විවේකප්‍රවණ වූයේ විවේකප්‍රාග්භාර වූයේ වෙයි. වහන්ස, ක්‍ෂීණාස්‍රව භික්‍ෂූහුගේ චිත්තය ආස්‍රවයනට කරුණු වූ ක්ලේශ දර්‍ඹයන් කෙරෙන් සර්‍වප්‍රකාරයෙන් විගතාන්ත වූයේ නෛෂ්ක්‍රම්‍යාභිරහිත වූයේ කෙලෙසුන්ගෙන් දුරු වූයේ විවෙක නිම්න වූයේ විවේකප්‍රවණවූයේ විවෙකප්‍රාග්භාරවූයේ වෙයි’ යන යමෙක් ඇත් ද, වහන්ස, යම් බලයකට පැමිණ රහත් පැමිණ රහත් මහණ ‘මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ’යි ආස්‍රවක්‍ෂයය ප්‍රතිඥා කෙරේ නම්, වහන්ස, මේ ද රහත් මහණහුගේ බලයෙක.
Pali BJT4. පුන චපරං භන්තෙ ඛීණාසවස්ස භික්ඛුනො චත්තාරො සතිපට්ඨානා භාවිතා හොන්ති සුභාවිතා. යම්පි භන්තෙ ඛීණාසවස්ස භික්ඛුනො චත්තාරො සතිපට්ඨානා භාවිතා හොන්ති සුභාවිතා, ඉදම්පි භන්තෙ ඛීණාසවස්ස භික්ඛුනො බලං හොති යං බලං ආගම්ම ඛීණාසවො භික්ඛු ආසවානං ඛයං පටිජානාති, “ඛීණා මෙ ආසවා’ති.
Sinhala BJT4. තවද වහන්ස, අනෙකකි. ක්‍ෂීණාස්‍රව මහණහු විසින් සතර සීවටන්හු බැවුනාහු මොනොවට බැවුනාහු වෙත්. වහන්ස, ‘ක්‍ෂීණාස්‍රව භික්‍ෂුහු විසින් සතර සතිපට්ඨානයෝ වඩන ලද, මොනොවට වඩන ලදහ’ යන යමෙක් ඇත්ද, යම් බලයකට පැමිණ රහත් මහණ ‘මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ’යි ආස්‍රවක්‍ෂයන්ගේ ක්‍ෂය පිළිදන්නේ නම්, වහන්ස, මේ ද ක්‍ෂීණාස්‍රව භික්‍ෂුහුගේ බලයෙක.
Pali BJT5-10 පුන චපරං භන්තෙ ඛීණාසවස්ස භික්ඛුනො චත්තාරො සම්මප්පධානා භාවිතා හොන්ති සුභාවිතා -පෙ- චත්තාරො ඉද්ධිපාදා භාවිතා හොන්ති සුභාවිතා -පෙ- පඤ්චින්ද්රියානි භාවිතානි හොන්ති සුභාවිතානි -පෙ- පඤ්චබලානි භාවිතානි හොන්ති සුභාවිතානි -පෙ- සත්තබොජ්ඣඞ්ගා භාවිතා හොන්ති සුභාවිතා -පෙ- අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවිතො හොති සුභාවිතො, යම්පි භන්තෙ ඛීණාසවස්ස භික්ඛුනො අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවිතො හොති සුභාවිතො, ඉදම්පි භන්තෙ ඛීණාසවස්ස භික්ඛුනො බලං හොති යං බලං ආගම්ම ඛීණාසවො භික්ඛු ආසවානං ඛයං පටිජානාති, “ඛීණා මෙ ආසවා”ති.
Sinhala BJT5-10. තවද වහන්ස, අනෙකකි. ක්‍ෂීණාස්‍රව මහණහු විසින් සතර සම්‍යක් ප්‍රධානයෝ භාවිත සුභාවිත වෙති -පෙ- සතර ඍද්ධිපාදයෝ භාවිත සුභාවිත වෙති -පෙ- පඤ්චේන්‍ද්‍රියෝ භාවිත සුභාවිත වෙති -පෙ- පඤ්ච බලහු භාවිත සුභාවිත වෙති -පෙ- සප්ත බෝධ්‍යඞ්ගයෝ භාවිත සුභාවිත වෙත්. -පෙ- ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය භාවිත සුභාවිත වේ. වහන්ස, ක්‍ෂීණාස්‍රව භික්‍ෂූහු විසින් අරීඅටඟිමඟ බැවිණ, මොනොවට බැවිණ යන යමෙක් ඇත් ද, වහන්ස, රහත් මහණ යම් බලයකට පැමිණ ‘මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ’යි ආස්‍රවයන්ගේ ක්‍ෂය පිළිදන්නේ නම්, මෙ ද රහත් මහණුගේ බලයෙකි.
Pali BJTඉමානි ඛො භන්තෙ දස ඛීණාසවස්ස භික්ඛුනො බලානි, යෙහි බලෙහි සමන්නාගතො ඛීණාසවො භික්ඛු ආසවානං ඛයං පටිජානාති “ඛීණා මෙ ආසවා”ති.
Sinhala BJTවහන්ස, යම් බල කෙනෙකුගෙන් සමන්‍වාගත රහත් මහණ ‘මා විසින් ආස්‍රවයෝ ක්‍ෂීණයහ’යි ආස්‍රවයන්ගේ ක්‍ෂයය ප්‍රතිඥා කෙරේ නම් ක්‍ෂීණාස්‍රව භික්‍ෂූහුගේ මේ ඒ දස බලයි.
Pali BJTථෙරවග්ගො චතුත්ථො.
Sinhala BJTසතර වැනි ථේර වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTබාහුනො ආනන්දො ච පුණ්ණියො ච බ්යාකරණං, කත්ථි අඤ්ඤාධිකරණං කොකාලිකො ච බලානි චා{2} ති.
Sinhala BJTබාහුනය, ආනන්‍දය, පුණ්ණිය, බ්‍යාකරණය, කත්‍ථිය, අඤ්ඤාය, අධිකරණය, කෝකාලිකය, බල සූත්‍ර දැයි දසයෙකි.
Pali BJT5. උපාලිවග්ගො
Sinhala BJT5. උපාලි වර්‍ගය
Pali BJT10. 2. 5. 1.
Sinhala BJT10. 2. 5. 1.
Pali BJTකාමභොගී සුත්තං
Sinhala BJTකාමභෝගී සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අනාථපිණ්ඩිකං ගහපතිං භගවා එතදවොච:
Sinhala BJTඑක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු මහසිටුහුගේ ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි අනාථ පිණ්ඩික ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් අනාථ පිණ්ඩික ගෘහපති හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJTදස ඉමෙ ගහපති කාමභොගී සන්තො සංවිජ්ජමානො ලොකස්මිං. කතමෙ දස.
Sinhala BJTගැහැවිය, මෙ ලොව්හි කාමභෝගී හු දස දෙනෙක් විද්‍යාමාන වෙත්. කවර දසදෙනෙකයත්:
Pali BJT1. ඉධ පන ගහපති එකච්චො කාමභොගී අධම්මෙන භොගෙ පරියෙසති සාහසෙන. අධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙන න අත්තානං සුඛෙති පීනෙති න සංවිභජති න පුඤ්ඤානි කරොති.
Sinhala BJT1. ගැහැවිය, මෙලොව්හි එක් කාම භෝගියෙක් අධර්‍මයෙන් සැහැසි කමින් භෝග පර්‍ය්‍යෙෂණා කරණේ ය. අධර්‍මයෙන් සැහැසි කමින් භෝග පර්‍ය්‍යෙෂණා කොට තමා නො සුවපත් කරන්නේ ය. නො පිනවන්නේ ය. සංවිභාග නො කරන්නේ ය, පින් නොකරන්නේ ය.
Pali BJT2. ඉධ පන ගහපති එකච්චො කාමභොගී අධම්මෙන භොගෙ පරියෙසති සාහසෙන. අධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙන අත්තානං සුඛෙති, පීනෙති, න සංවිභජති, න පුඤ්ඤානි කරොති.
Sinhala BJT2. ගැහැවිය, මෙලොව්හි එක් කාම භෝගියෙක් අධර්‍මයෙන් සාහසික කර්‍මයෙන් භෝග සොයනේ ය. අධර්‍මයෙන් සාහසික කර්‍මයෙන් භෝග සොයා තමා සුවපත් කරනේ ය, පිනවනුයේ ය, සංවිභාග නො කරනේ ය, පින් නො කරනේ ය.
Pali BJT3. ඉධ පන ගහපති එකච්චො කාමභොගී අධම්මෙන භොගෙ පරියෙසති සාහසෙන. අධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙන, අත්තානං සුඛෙති පීනෙති, සංවිභජති, පුඤ්ඤානි කරොති.
Sinhala BJT3. ගැහැවිය, මෙලොව්හි එක් කාමභෝගියෙක් අධර්‍මයෙන් සාහසික කර්‍මයෙන් භෝග සොයනේ ය. අධර්‍මයෙන් සාහසික කර්‍මයෙන් භෝග සොයා තමා සුවපත් කරනේ ය, පිනවන්නේය, සංවිභාග කරනේ ය, පින් කරනේ ය.
Pali BJT4. ඉධ පන එකච්චො කාමභොගී ධම්මාධම්මෙන භොගෙ පරියෙසති සාහසෙන පි අසාහසෙන පි. ධම්මාධම්මෙන භොගෙපරියෙසිත්වා සාහසෙන පි අසාහසෙන පි න අත්තානං සුඛෙති පීනෙති, න සංවිභජති, න පුඤ්ඤානි කරොති.
Sinhala BJT4. ගැහැවිය, මෙලොව්හි එක් කාමභෝගියෙක් ධර්‍මාධර්‍මයෙන් සාහසයෙනුදු අසාහසයෙනුදු භෝග සොයනේය. ධර්‍මාධර්‍මයෙන් සාහසයෙනුදු අසාහසයෙනුදු භෝග සොයා තමා සුවපත් නො කරයි, නො පිනවයි, සංවිභාග නො කරයි, පින් නො කරයි.
Pali BJT5. ඉධ පන ගහපති එකච්චො කාමභොගී ධම්මාධම්මෙන භොගෙ පරියෙසති සාහසෙන පි. අසාහසෙන පි ධම්මාධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙන පි අසාහසෙන පි අත්තානං සුඛෙති පීනෙති, න සංවිභජති න පුඤ්ඤානි කරොති.
Sinhala BJT5. ගැහැවිය, මෙලොව්හි එක් කාමභෝගියෙක් ධර්‍මාධර්‍මයෙන් ද සාහසයෙන් ද අසාහසයෙන් ද භෝග සොයා තමා සුවපත් කරයි, පිනවයි, සංවිභාග නො කරයි, පින් නො කරයි.
Pali BJT6. ඉධ පන ගහපති එකච්චො කාමභොගී ධම්මාධම්මෙන භොගෙ පරියෙසති සාහසෙන පි අසාහසෙන පි. ධම්මාධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙන පි අසාහසෙන පි අත්තානං සුඛෙති පීනෙති, සංවිභජති, පුඤ්ඤානි කරොති.
Sinhala BJT6. ගැහැවිය, මෙලොව්හි එක් කාමභෝගියෙක් ධර්‍මාධර්‍මයෙනුදු සාහසයෙනුදු අසාහසයෙනුදු භෝග සොයනේ ය. ධර්‍මාධර්‍මයෙනුදු සාහසයෙනුදු භෝග සොයා තමා සුවපත් කරනේ ය, පිනවන්නේ ය, සංවිභාග කරනේ ය, පින් කරනේ ය.
Pali BJT7. ඉධ පන එකච්චො කාමභොගී ධම්මෙන භෙගෙ පරියෙසති අසාහසෙන. ධම්මෙන භොගෙ පරියෙසිත්වා අසාහසෙන න අත්තානං සුඛෙති පීනෙති, න සංවිභජති, න පුඤ්ඤානි කරොති.
Sinhala BJT7. ගැහැවිය, මෙලොව්හි එක් කාමභෝගියෙක් දැහැමින් නො සැහැසිකමින් භෝගපර්‍ය්‍යෙෂණ කරනේ ය. දැමින් නො සැහැසිකමින් භෝගපර්‍ය්‍යෙෂණ කොට තමා සුවපත් නො කරනේ ය. නො පිනවන්නේය, සංවිභාග නො කරනේ ය. පින් නොකරනේ ය.
Pali BJT8. ඉධ පන ගහපති එකච්චො කාමභොගී ධම්මෙන භොගෙ පරියෙසති, අසාහසෙන. ධම්මෙන භොගෙ පරියෙසිත්වා අසාහසෙන අත්තානං සුඛෙති පීනෙති, න සංවිභජති, න පුඤ්ඤානි කරොති.
Sinhala BJT8. ගැහැවිය, මෙලොව්හි එක් කාමභෝගියෙක් ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයනේ ය. ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයා තමා සුවපත් කරනේ ය, පිනවන්නේ ය, සංවිභාග නො කරන්නේ ය, පින් නො කරනේ ය.
Pali BJT9. ඉධ පන ගහපති එකච්චො කාමභොගී ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙන. ධම්මෙන භොගෙ පරියෙසිත්වා අසාහසෙන අත්තානං සුඛෙති පීනෙති, සංවිභජති, පුඤ්ඤානි කරොති. තෙ ච භොගෙ ගථිතො මුච්ඡිතො අජ්ඣාපන්නො ආනාදීනව දස්සාවී අනිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති.
Sinhala BJT9. ගැහැවිය, මෙලොව්හි එක් කාමභෝගියෙක් ධර්‍මයෙන් අසාහසයෙන් භෝග සොයන්නේය, ධර්‍මයෙන් අසාහසයෙන් භෝග සොයා තමා සුවපත් කරයි, පිනවයි, සංවිභාග කරයි, පින් කරයි. (ලෝභයෙන්) ග්‍රථිත වූයේ; මූර්ඡිතවූයේ, එහි බැස ගත්තේ ආදීනව නො දක්නා සුලුයේ නිඃසරණප්‍රඥා නැතියේ එ භෝගයනුදු වලඳනේය.
Pali BJT10. ඉධ පන ගහපති එකච්චො කාමභොගී ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙන. ධම්මෙන භොගෙ පරියෙසිත්වා අසාහසෙන අත්තානං සුඛෙති පීනෙති, සංවිභජති, පුඤ්ඤානි කරොති. තෙ ච භොගෙ අගථිතො අමුච්ඡිතො අනජ්ඣාපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති.
Sinhala BJT10. ගැහැවිය, මෙලොව්හි එක් කාමභෝගියෙක් ධර්‍මයෙන් අසාහසයෙන් භෝග පර්‍ය්‍යෙෂණ කරයි. දැහැමින් නො සැහැසියෙන් භෝග සොයා තමා සුවපත් කෙරෙයි, පිනවයි, සංවිභාග කෙරෙයි, පින් කරයි. ග්‍රථිත නො වූයේ මූර්ඡිත නො වූයේ, එහි නො බැස ගත්තේ ආදීනව දක්නා සුලුයේ නිඃසරණප්‍රඥා ඇතියේ වළඳනේ යි.
Pali BJT1. තත්ර ගහපති ය්වායං කාමභොගී අධම්මෙන භොගෙ පරියෙසති සාහසෙන, අධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙන, න අත්තානං සුඛෙති, පීනෙති, න සංවිභජති, න පුඤ්ඤානි කරොති, අයං ගහපති කාමභොගී තීහි ඨානෙහි ගාරය්හො: ‘අධම්මෙන භොගෙ පරියෙසති සාහසෙනා’ති ඉමිනා පඨමෙන ඨානෙන ගාරය්හො. ‘න අත්තානං සුඛෙති පීනෙති’ති ඉමිනා දුතියෙන ඨානෙන ගාරය්හො න සංවිභජති, න පුඤ්ඤානි කරොතී’ති ඉමිනා තතියෙන ඨානෙන ගාරය්හො අයං ගහපති කාමභොගී ඉමෙහි තීහි ඨානෙහි ගාරය්හො.
Sinhala BJT1. ගැහැවිය, එහි යම් කාමභෝගියෙක් අදහමින් සැහැසිකමින් භෝග සොයනේ නම්, අදහමින් සැහැසිකමින් භෝග සොයා තමා සුවපත් නො කෙරේ නම්, නො පිනවා නම්, සංවිභාග නො කෙරේ නම්, පින් නො කෙරේ නම්, ගැහැවිය මෙ කාමභෝගී තෙම තුන් කරුණෙකින් ගැරැහිය යුත්තේ ය: ‘අදහමින්, සැහැසිකමින් භෝග පර්‍ය්‍යෙෂණ කරයි’ යන මේ පළමු කරුණෙන් ගැරැහිය යුත්තේ ය. තමා සුවපත් නො කෙරෙයි, නො පිනවයි, යන මේ දෙවන කරුණෙන් ගැරැහිය යුත්තේ ය. සංවිභාග නො කෙරෙයි, පින් නො කෙරෙයි යන මේ තුන්වන කරුණෙන් ගැරැහිය යුත්තේ ය. ගැහැවිය, මෙ කාමභෝගී පුරුෂ මෙතුන් කරුණෙන් ගැරැහිය යුත්තේ ය.
Pali BJT2. තත්ර ගහපති ය්වායං කාමභොගී අධම්මෙන භොගෙ පරියෙසති සාහසෙන, අධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙන අත්තානං සුඛෙති, පීනෙති, න සංවිභජති, න පුඤ්ඤානි කරොති, අයං ගහපති කාමභොගී ද්වීහි ඨානෙහි ගාරය්හො, එකෙන ඨානෙන පාසංසො. ‘අධම්මෙන භොගෙ පරියෙසති සාහසෙනා’ති ඉමිනා පඨමෙන ඨානෙන ගාරය්හො. ‘අත්තානං සුඛෙති පීනෙතී’ති ඉමිනා එකෙන ඨානෙන පාසංසො. ‘න සංවිභජති, න පුඤ්ඤානි කරොතීති ඉමිනා දුතියෙන ඨානෙන ගාරය්හො. අයං ගහපති කාමභොගී ඉමෙහි ද්වීහි ඨානෙහි ගාරය්හො. ඉමිනා එකෙන ඨානෙන පාසංසො.
Sinhala BJT2. ගැහැවිය, එහි යම් කාමභෝගියෙක් අධර්‍මයෙන් සාහසික කර්‍මයෙන් භෝග සොයා නම්, අධර්‍මයෙන් සාහසික කර්‍මයෙන් භෝග සොයා තමා සුවපත් කරයි නම්, පිනවා නම්, සංවිභාග නොකෙරේ නම් පින් නො කෙරේ නම්, ගැහැවිය, මෙ කාමභෝගී පුරුෂයා කරුණු දෙකෙකින් ගැරැහිය යුත්තේ ය. එක් කරුණෙකින් ප්‍රශංසාර්‍හ වෙයි: ‘අධර්‍මයෙන් සාහසික කර්‍මයෙන් භෝග සොයන්නේ ය යන මෙ පළමු කරුණෙන් ගැරැහිය යුත්තේ ය. තමා සුවපත් කෙරෙයි. පිනවයි යන මෙ එක් කරුණෙන් ප්‍රශංසාර්‍හ වෙයි. සංවිභාග නොකෙරෙයි. පින් නො කෙරෙයි යන මෙ දෙවන කරුණෙන් ගැරැහිය යුත්තේ ය. ගැහැවිය, මෙ කාමභෝගී පුරුෂ තෙම දෙකරුණෙන් ගැරැහිය යුත්තේ ය. මෙ එක් කරුණින් පැසැස්ස යුතු වෙයි.
Pali BJT3. තත්ර ගහපති ය්වායං කාමභොගී අධම්මෙන භොගෙ පරියෙසති. සාහසෙන අධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙන අත්තානං සුඛෙති, පීනෙති, සංවිභජති, පුඤ්ඤානි කරොති. අයං ගහපති කාමභොගී එකෙන ඨානෙන ගාරය්හො, ද්වීහි ඨානෙහි පාසංසො. ‘අධම්මෙන භොගෙ පරියෙසති සාහසෙනාති ඉමිනා එකෙන ඨානෙන ගාරය්හො. අත්තානං සුඛෙති පීනෙතී’ති ඉමිනා පඨමෙන ඨානෙන පාසංසො. ‘සංවිභජති, පුඤ්ඤානි කරොතී’ති ඉමිනා දුතියෙන ඨානෙන පාසංසො. අයං ගහපති කාමභොගී ඉමිනා එකෙන ඨානෙන ගාරය්හො. ඉමෙහි ද්වීහි ඨානෙහි පාසංසො.
Sinhala BJT3. ගැහැවිය, එහි යම් කාමභෝගියෙක් අධර්‍මයෙන් සාහසික කර්‍මයෙන් භෝග සොයා නම්, අධර්‍මයෙන්, සාහසික කර්‍මයෙන් භෝග සොයා තමා සුවපත් කෙරේ නම්, පිනවා නම්, සංවිභාග කෙරේ නම් පින් කෙරේ නම්, ගැහැවිය, මෙ කාමභෝගියා එක් කරුණෙකින් ගැරැහිය යුතු වෙයි. දෙකරුණෙකින් ප්‍රශංසාර්‍හ වෙයි: අධර්‍මයෙන් සාහසික කර්‍මයෙන් භෝග සොයයි යන මෙ එක් කරුණෙකින් ගැරැහිය යුතු වෙයි. තමා සුවපත් කරයි, පිනවයි යන මේ පළමු කරුණින් ප්‍රශංසාර්‍හ වෙයි. සංවිභාග කරයි, පින් කෙරෙයි යන මේ දෙවන කරුණින් ප්‍රශංසාර්‍හ වෙයි. ගැහැවිය, මෙ කාම භෝගියා මෙ එක් කරුණින් ගැරැහිය යුතු වෙයි. මෙ දෙකරුණින් ප්‍රශංසාර්‍හ වෙයි.
Pali BJT4. තත්ර ගහපති ය්වායං කාමභොගී ධම්මාධම්මෙන භොගෙ පරියෙසති සාහසෙන පි අසාහසෙන පි, ධම්මාධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙන පි අසාහසෙන පි න අත්තානං සුඛෙති පීනෙති න සංවිභජති, න පුඤ්ඤානි කරොති, අයං ගහපති කාමභොගී එකෙන ඨානෙන පාසංසො, තීහි ඨානෙහි ගාරය්හො. ‘ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙනා’ති ඉමිනා එකෙන ඨානෙන පාසංසො. ‘අධම්මෙන භොගෙ පරියෙසති සාහසෙනා’ති ඉමිනා පඨමෙන ඨානෙන ගාරය්හො, ‘න අත්තානං සුඛෙති පීනෙතී’ති ඉමිනා දුතියෙන ඨානෙ ගාරය්හො. ‘න සංවිභජති, න පුඤ්ඤානි කරොතී’ති ඉමිනා තතියෙන ඨානෙන ගාරය්හො. අයං ගහපති කාමභොගී ඉමිනා එකෙන ඨානෙන පාසංසො. ඉමෙහි තීහි ඨානෙහි ගාරය්හො.
Sinhala BJT4. ගැහැවිය, ඔවුනතුරෙහි යම් කාමභෝගියෙක් ධර්‍මාධර්‍මයෙනුදු සාහසිකාසාහසිකකර්‍මයෙනුදු භෝග සොයා නම්, ධර්‍මාධර්‍මයෙන් හා සාහසිකාසාහසිකකර්‍මයෙනුදු භෝග සොයා තමා සුවපත් නො කෙරේ නම්, නොපිනවා නම්, සංවිභාග නොකෙරේ නම්, පින් නොකෙරේ නම්, ගැහැවිය, මෙ කාම භෝගී පුද්ගල එක් කරුණෙකින් ප්‍රශංසාර්‍හ වෙයි, තුන් කරුණෙකින් ගැරැහිය යුතු වෙයි: ‘දැහැමින් නො සැහැසි කමින් භෝග සොයන්නේ ය යන මෙ එක් කරුණෙකින් ප්‍රශංසාර්‍හ වෙයි. අධර්‍මයෙන් සාහසික කර්‍මයෙන් භෝග පර්‍ය්‍යෙෂණ කරයි යන මෙ පළමුවන කරුණින් ගැරැහිය යුතු වෙයි. තමා සුවපත් නො කෙරෙයි නො පිනවයි යන මේ දෙවන කරුණින් ගැරැහිය යුතු වෙයි. සංවිභාග නො කරයි, පින් නො කරයි, යන මෙ තුන්වන කරුණින් ගැරැහිය යුතු වෙයි. ගැහැවිය මෙ කාම භෝගී තෙම මෙ එක් කරුණෙන් පැසැස්ස යුතු වෙයි. මෙ තුන් කරුණෙන් ගැරැහිය යුතු වෙයි.
Pali BJT5. තත්ර ගහපති ය්වායං කාමභොගී ධම්මාධම්මෙන භොගෙ පරියෙසති සාහසෙන පි අසාහසෙන පි, ධම්මාධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙන පි අසාහසෙන පි, අත්තානං සුඛෙති පීනෙති න සංවිභජති න පුඤ්ඤානි කරොති. අයං ගහපති කාමභොගී ද්වීහි ඨානෙහි පාසංසො: ද්වීහි ඨානෙහි ගාරය්හො: ‘ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙනා’ති ඉමිනා පඨමෙන ඨානෙන පාසංසො. අධම්මෙන භොගෙ පරියෙසති සාහසෙනා’ති ඉමිනා පඨමෙන ඨානෙන ගාරය්හො, ‘අත්තානං සුඛෙති පීනෙතී’ති ඉමිනා දුතියෙන ඨානෙන පාසංසො. න සංවිභජති, න පුඤ්ඤානි කරොතී’ති ඉමිනා දුතියෙන ඨානෙන ගාරය්හො. අයං ගහපති කාමභොගී ඉමෙහි ද්වීහි ඨානෙහි පාසංසො, ඉමෙහි ද්වීහි ඨානෙහි ගාරය්හො.
Sinhala BJT5. ගැහැවිය, ඔවුනතුරෙහි යම් කාමභෝගියෙක් ධර්‍මා ධර්‍මයෙනුදු සාහසිකා සාහසික කර්‍මයෙනුදු භෝග සොයා නම් ධර්‍මාධර්‍මයෙනුදු සාහසිකා සාහසික කර්‍මයෙනුදු භෝග සොයා කර්‍මයෙනුදු භෝග සොයා තමා සුවපත් කෙරේ නම්, පිනවා නම්, සංවිභාග නො කෙරේ නම්, පින් නො කෙරේ නම්, ගැහැවිය, මේ කාමභෝගී පුද්ගල දෙකරුණෙකින් ප්‍රශංසාර්‍හ වෙයි. දෙකරුණෙකින් ගැරැහිය යුතු වෙයි: ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයනේ ය යන මේ පළමු කරුණින් ප්‍රශංසාර්‍හ වෙයි. අධර්‍මයෙන් සාහසික කර්‍මයෙන් භෝග සොයයි යන මෙ පළමු කරුණින් ගැරැහිය යුතු වෙයි. තමා සුවපත් කරයි, පිනවයි යන මෙ කරුණින් ප්‍රශංසාර්‍හ වෙයි. සංවිභාග නො කරයි, පින් නො කරයි යන මේ දෙවන කරුණින් ගැරැහිය යුතු වෙයි. ගැහැවිය, මෙ කාම භෝගී පුද්ගල මෙ කරුණු දෙකින් ප්‍රශංසාර්‍හ වෙයි. මෙ කරුණු දෙකින් ගැරැහිය යුතු වෙයි.
Pali BJT6. තත්ර ගහපති ය්වායං කාමභොගී ධම්මාධම්මෙන භොගෙ පරියෙසති සාහසෙන පි අසාහසෙන පි ධම්මාධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙන පි අසාහසෙන පි, අත්තානං සුඛෙති පීනෙති, සංවිභජති, පුඤ්ඤානි කරොති. අයං ගහපති කාමභොගී තීහි ඨානෙහි පාසංසො: එකෙන ඨානෙන ගාරය්හො: ‘ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙනා’ති ඉමිනා පඨමෙන ඨානෙන පාසංසො. අධම්මෙන භොගෙ පරියෙසති සාහසෙනා’ති ඉමිනා එකෙන ඨානෙන ගාරය්හො, ‘අත්තානං සුඛෙති පීනෙතී’ති ඉමිනා දුතියෙන ඨානෙන පාසංසො. සංවිභජති, පුඤ්ඤානි කරොතී’ති ඉමිනා තතියෙන ඨානෙන පාසංසො. අයං ගහපති කාමභොගී ඉමෙහි තීහි ඨානෙහි පාසංසො, ඉමිනා එකෙන ඨානෙන ගාරය්හො.
Sinhala BJT6. ගැහැවිය, ඔවුනතුරෙහි යම් කාම භෝගියෙක් ධර්‍මාධර්‍මයෙනුදු, සාහසිකාසාසික කර්‍මයෙනුදු භෝග සොයා නම් ධර්‍මාධර්‍මයෙනුදු සාහසිකාසාහසික කර්‍මයෙනුදු භෝග සොයා තමා සුවපත් කෙරෙයි නම්, පිනවා නම්, සංවිභාග කෙරෙයි නම්, පින් කෙරෙයි නම්, ගැහැවිය, මෙ කාමභෝගී පුද්ගල තුන් කරුණෙකින් ප්‍රසංසාර්‍හ වෙයි, එක් කරුණෙකින් ගැරහිය යුතුවෙයි: ධර්‍මයෙනුදු අසාහසික කර්‍මයෙනුදු භෝග පර්‍ය්‍යෙෂණ කරනුයේය යන මේ පළමු කරුණින් ප්‍රසංසාර්‍හ වෙයි. අධර්‍මයෙනුදු සාහසික කර්‍මයෙනුදු භෝග පර්‍ය්‍යෙෂණ කරනුයේය යන මේ එක් කරුණෙන් ගැරැහිය යුතු වෙයි. තමා සුවපත් කරනුයේ, පිනවන්නේය යන මේ දෙවන කරුණින් ප්‍රසංසාර්‍හ වෙයි. සංවිභාග කරනුයේය, පින කරනුයේ ය යන මෙ තෙවන කරුණින් ප්‍රසංසාර්‍හ වෙයි. ගැහැවිය, මෙ කාමභෝගී පුද්ගල මෙතුන් කරුණින් ප්‍රසංසාර්‍හ වෙයි. මෙ එක් කරුණින් ගැරැහිය යුතු වෙයි.
Pali BJT7. තත්ර ගහපති ය්වායං කාමභොගී ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙන, ධම්මෙන භොගෙ පරියෙසිත්වා අසාහසෙන න අත්තානං සුඛෙති පීනෙති, න සංවිභජති, න පුඤ්ඤානි කරොති. අයං ගහපති කාමභොගී එකෙන ඨානෙන පාසංසො: ද්වීහි ඨානෙහි ගාරය්හො: ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙනා’ති ඉමිනා එකෙන ඨානෙන පාසංසො. ‘න අත්තානං සුඛෙති පීනෙතී’ති, ඉමිනා පඨමෙන ඨානෙන ගාරය්හො. ‘න සංවිභජති, න පුඤ්ඤානි කරොතී’ති ඉමිනා දුතියෙන ඨානෙන ගාරය්හො. අයං ගහපති කාමභොගී ඉමිනා එකෙන ඨානෙන පාසංසො. ඉමෙහි ද්වීහි ඨානෙහි ගාරය්හො.
Sinhala BJT7. ගැහැවිය, ඔවුනතුරෙහි යම් කාමභෝගියෙක් ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයා නම්, ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයා තමා සුවපත් නොකෙරෙයි නම්, නො පිනවා නම්, සංවිභාග නො කෙරේ නම්, පින් නොකෙරේ නම්, ගැහැවිය, මෙ කාමභෝගී පුද්ගල එක් කරුණෙකින් පැසැස්ස යුතු වෙයි. දෙකරුණෙකින් ගැරැහිය යුතු වෙයි: ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග පර්‍ය්‍යෙෂණ කරනුයේය යන මේ පළමු කරුණින් පැසැස්ස යුතු වෙයි. තමා සුවපත් නො කරනුයේ ය, නො පිනවයි, යන මෙ පළමුවන කරුණින් ගැරැහිය යුතු වෙයි. සංවිභාග නො කෙරෙයි, පින් නො කෙරෙයි යන මෙ දෙවන කරුණින් ගැරැහිය යුතු වෙයි. ගැහැවිය, මෙ කාම භෝගී පුද්ගල මෙ එක් කරුණින් පැසැස්ස යුතු වෙයි. මෙ දෙකරුණින් ගැරැහිය යුතු වෙයි.
Pali BJT8. තත්ර ගහපති, ය්වායං කාමභොගී ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙන, ධම්මෙන භොගෙ පරියෙසිත්වා අසාහසෙන අත්තානං සුඛෙති පීනෙති, න සංවිභජති, න පුඤ්ඤානි කරොති. අයං ගහපති කාමභොගී ද්වීහි ඨානෙහි පාසංසො: එකෙන ඨානෙන ගාරය්හො: ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙනා’ති ඉමිනා පඨමෙන ඨානෙන පාසංසො. අත්තානං සුඛෙති පීනෙතී’ති, ඉමිනා දුතියෙන ඨානෙන පාසංසො. න සංවිභජති න පුඤ්ඤානි කරොතී’ති ඉමිනා එකෙන ඨානෙන ගාරය්හො. අයං ගහපති කාමභොගී ඉමෙහි ද්වීහි ඨානෙහි පාසංසො. ඉමිනා එකෙන ඨානෙන ගාරය්හො.
Sinhala BJT8. ගැහැවිය, ඔවුනතුරෙහි යම් කාමභෝගියෙක් ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයා නම්, ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයා තමා සුවපත් කෙරේ නම්, පිනවා නම්, සංවිභාග නො කෙරේ නම්, පින් නො කෙරේ නම්, ගැහැවිය, මෙ කාම භෝගියා දෙකරුණෙකින් ප්‍රශංසාර්‍හ වෙයි. ඒ කරුණෙකින් ගැරැහිය යුතු වෙයි: ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග පර්‍ය්‍යෙෂණ කරයි යන මේ පළමු වන කරුණින් ප්‍රශංසාර්‍හ වෙයි. තමා සුවපත් කරයි, පිනවයි යන මෙ දෙවන කරුණින් ප්‍රශංසාර්‍හ වෙයි. සංවිභාග නො කෙරෙයි, පින් නො කෙරෙයි යන මෙ එක් කරුණින් ගැරහිය යුතු වෙයි. ගැහැවිය, මේ කාම භෝගී මෙ දෙකරුණින් පැසැස්ස යුතු වෙයි. මෙ එක්කරුණින් ගැරැහිය යුතු වෙයි.
Pali BJT9. තත්ර ගහපති, ය්වායං කාමභොගී ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙන, ධම්මෙන භොගෙ පරියෙසිත්වා අසාහසෙන අත්තානං සුඛෙති, පීනෙති, සංවිභජති, පුඤ්ඤානි කරොති, තෙච භොගෙ ගථිතො මුච්ඡිතො අජ්ඣාපන්නො අනාදීනව දස්සාවී අනිස්සරණ පඤ්ඤො පරිභුඤ්ජති. අයං ගහපති, කාමභොගී තීහි ඨානෙහි පාසංසො එකෙන ඨානෙන ගාරය්හො: ‘ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙනා’ති ඉමිනා පඨමෙන ඨානෙන පාසංසො, ‘අත්තානං සුඛෙති පීනෙතී’ති ඉමිනා දුතියෙන ඨානෙන පාසංසො. සංවිභජති පුඤ්ඤානි කරොතී’ති ඉමිනා තතියෙන ඨානෙන පාසංසො. ‘තෙ ච භොගෙ ගථිතො මුච්ඡිතො අජ්ඣාපන්නො අනාදීනවදස්සාවී අනිස්සරණපඤ්ඤො පරිභුඤ්ජතී’ති, ඉමිනා එකෙන ඨානෙන ගාරය්හො. අයං ගහපති කාමභොගී ඉමෙහි තීහි ඨානෙහි පාසංසො. ඉමිනා එකෙන ඨානෙන ගාරය්හො.
Sinhala BJT9. ගැහැවිය, ඔවුනතුරෙහි යම් කාම භෝගියෙක් ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයා නම්, ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයා තමා සුවපත් කෙරෙයි නම්, පිනවයි නම්, සංවිභාග කෙරෙයි නම්, පින් කෙරෙයි නම්, ඒ භෝගයෙනුදු ග්‍රථිතවූයේ මූර්ඡිත වූයේ එහි බැස ගත්තේ ආදීනව නොදක්නා සුළු වූයේ අනිඃසරණප්‍රඥා ඇත්තේ වළඳානම්, ගැහැවිය, මෙ කාමභෝගී තෙම තුන් කරුණෙකින් පැසැසිය යුතු වෙයි. එක් කරුණෙකින් ගැරැහිය යුතු වෙයි: ධර්‍මයෙන් අසාහාසික කර්‍මයෙන් භෝග සොයයි යන මෙපළමු කරුණින් පැසැස්ස යුතු වෙයි. තමා සුවපත් කෙරෙයි, පිනවයි යන මෙ දෙවන කරුණින් පැසැස්ස යුතු වෙයි. සංවිභාග කෙරෙයි, පින් කෙරෙයි, මෙ තෙවන කරුණින් පැසිසිය යුතු වෙයි. එ භෝගයනුදු ග්‍රථිත වූයේ මූර්ඡිත වූයේ එහි බැස ගත්තේ, ආදීනව නො දක්නා සුලු වූයේ නිඃසරණ ප්‍රඥා නැත්තේ වළඳ කරයි යන මෙ එක් කරුණින් ගැරැහිය යුතු වෙයි. ගැහැවිය, මේ කාමභෝගයා මේ තුන් කරුණින් පැසැස්ස යුතු වෙයි. මෙ එක් කරුණින් ගැරැහිය යුතු වෙයි.