Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 14301-14400 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT1. සො වතානන්ද භික්ඛු සද්ධො සමානො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සතීති ඨානමෙතං විජ්ජති.
Sinhala BJT1. ආනන්‍දයෙනි, එකැතියෙන් එ මහණ ශ්‍රද්ධා ඇතියේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.
Pali BJT2. සො වතානන්ද භික්ඛු සීලවා සමානො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සතීති ඨානමෙතං විජ්ජති.
Sinhala BJT2. ආනන්‍දයෙනි, එකැතින් එ මහණ සිල්වත් වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.
Pali BJT3. සො වතානන්ද භික්ඛු බහුස්සුතො සුතධරො සමානො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සතීති ඨානමෙතං විජ්ජති.
Sinhala BJT3. ආනන්‍දයෙනි, එකැතියෙන් එ මහණ බහුශ්‍රුත වූයේ ශ්‍රැතධර වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.
Pali BJT4. සො වතානන්ද භික්ඛු සුවචො සමානො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සතීති ඨානමෙතං විජ්ජති.
Sinhala BJT4. ආනන්‍දයෙනි, එකැතියෙන් එ මහණ සුවච වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.
Pali BJT5. සො වතානන්ද භික්ඛු කල්යාණමිත්තො සමානො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සතීති ඨානමෙතං විජ්ජති.
Sinhala BJT5. ආනන්‍දයෙනි, එ මහණ එකැතින් කල්‍යාණමිත්‍ර වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.
Pali BJT6. සො වතානන්ද භික්ඛු ආරද්ධවිරියො සමානො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සතීති ඨානමෙතං විජ්ජති.
Sinhala BJT6. ආනන්‍දයෙනි, එකැතින් එ මහණ රුකුළු වෙර ඇතියේ මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.
Pali BJT7. සො වතානන්ද භික්ඛු උපට්ඨිතසති සමානො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සතීති ඨානමෙතං විජ්ජති.
Sinhala BJT7. ආනන්‍දයෙනි, එ මහණ එකැතින් එළඹ සිටි සිහි ඇතියේ මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.
Pali BJT8. සො වතානන්ද භික්ඛු සන්තුට්ඨො සමානො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සතීති ඨානමෙතං විජ්ජති.
Sinhala BJT8. ආනන්‍දයෙනි, එ මහණ එකැතින් සන්තුෂ්ට වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.
Pali BJT9. සො වතානන්ද භික්ඛු අප්පිච්ඡො සමානො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සතීති ඨානමෙතං විජ්ජති.
Sinhala BJT9. ආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් අල්පෙච්ඡ වූයේ මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.
Pali BJT10. සො වතානන්ද භික්ඛු සම්මාදිට්ඨිකො සමානො ඉමස්මිං ධම්ම විනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සතීති ඨානමෙතං විජ්ජති.
Sinhala BJT10. ආනන්‍දයෙනි, එ මහණ එකැතින් සම්‍යක් දෘෂ්ටික වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.
Pali BJTසො වතානන්ද භික්ඛු ඉමෙහි දසහි ධම්මෙහි සමන්නාගතො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සතීති ඨානමෙතං විජ්ජතීති.
Sinhala BJTආනන්‍දයෙනි, එ මහණ එකැතින් මේ දස කරුණින් සමන්‍වාගත වූයේ මෙ සස්නෙහි වෘද්ධියට වෛපුල්‍යයට පැමිණෙන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ ය යි.
Pali BJT10. 2. 4. 3.
Sinhala BJT10. 2. 4. 3.
Pali BJTපුණ්ණිය සුත්තං
Sinhala BJTපුණ්ණිය සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJTඅථ ඛො ආයස්මා පුණ්ණියො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා පුණ්ණියො භගවන්තං එතදවොච: “කො නු ඛො භන්තෙ, හෙතු, කො පච්චයො, යෙන අප්පෙකදා තථාගතං ධම්මදෙසනා පටිභාති, අප්පෙකදා නප්පටිභාතී?”ති.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් පුණ්ණිය කෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් පුණ්ණිය කෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ: “වහන්ස, යම් හෙයකින් කිසි කලෙක තථාගතයනට ධර්‍මදේශනාව වටහා නම් කිසි කලෙක නො වටහා නම් හේතු කවර ප්‍රත්‍යය කවර යැ?”
Pali BJTසද්ධො ච පුණ්ණිය භික්ඛු හොති, නො ච උපසඞ්කමිතා, නෙව තාව තථාගතං ධම්මදෙසනා පටිභාති. යතො ච ඛො පුණ්ණිය භික්ඛු සද්ධො ච හොති උපසඞ්කමිතා ච, එවං තථාගතං ධම්මදෙසනා පටිභාති.
Sinhala BJTපුණ්ණිය, මහණ සැදැහැතියේ ද වෙයි. නො ද වෙත එළඹෙන සුලු වෙයි. ඒ තාක් තථාගතයනට ධර්‍ම දේශනාව නො ම වටහයි. පුණ්ණිය, යම් කලෙක මහණ සැදැහැතියේ ද වෙත එළඹෙන සුලු ද වේ නම් මෙසේ තථාගතයනට ධර්‍ම දේශනාව වැටහෙයි.
Pali BJTසද්ධො ච පුණ්ණිය භික්ඛු හොති උපසඞ්කමිතා ච, නො ච පයිරුපාසිතා -පෙ- පයිරුපාසිතා ච, නො ච පරිපුච්ඡිතා. පරිපුච්ඡිතා ච, නො ච ඔහිතසොතො ධම්මං සුණාති, ඔහිතසොතො ච ධම්මං සුණාති, නො ච සුත්වා ධම්මං ධාරෙති, සුත්වා ච ධම්මං ධාරෙති, නො ච ධතානං ධම්මානං අත්ථං උපපරික්ඛති. ධතානඤ්ච ධම්මානං අත්ථං උපපරික්ඛති, නො ච අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො හොති. අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො ච හොති, නො ච කල්යාණවාචො හොති කල්යාණවාක්කරණො පොරියා වාචාය සමන්නාගතො විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා. කල්යාණවාචො ච හොති කල්යාණවාක්කරණො පොරියා වාචාය සමන්නාගතො විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා, නො ච සන්දස්සකො හොති සමාදපකො සමුත්තෙජකො සම්පහංසකො සබ්රහ්මචාරීනං. න ච තාව තථාගතං ධම්මදෙසනා පටිභාති.
Sinhala BJTපුණ්ණිය, මහණ සැදැහැතියේත් වෙත එළඹෙන සුලුත් වෙයි, නො ද පර්‍ය්‍යුපාසනා කෙරෙයි ... පර්‍ය්‍යුපාසනා කරණ සුලුත් වෙයි, නො ද පරිපෘච්ඡා කරණ සුලුත් වෙයි. පරිපෘච්ඡා කරණ සුලුත් වෙයි. නොද අවහිත ශ්‍රෝත ඇතියේ ධර්‍මය අසයි. අවහිත ශ්‍රෝත ඇතියේ ධර්‍මය ද අසයි, අසා දහම් නො දරයි. අසා ධර්‍මයත් දරයි, ධෘත ධර්‍මයන්ගේ අර්‍ත්‍ථය නො ද පිරික්සයි. ධෘත ධර්‍මයන්ගේ අර්‍ත්‍ථයත් පිරික්සයි, අර්‍ත්‍ථය දැන ධර්‍මය දැන නො ද ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්න වෙයි. අර්‍ත්‍ථය දැන ධර්‍මය දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්න ද වෙයි, නො ද කලණ තෙපුල් ඇතියේ නො ද කල්‍යාණ වාක්කරණ (මිහිරි කටහඬ) ඇතියේ පළිබෝධ රහිත නිදොස් අරුත් හඟවන පිරුණු තෙපුලින් නො ද සමන්‍වාගත වූයේ වෙයි. කලණ වදන් ඇතියේ කල්‍යාණ වාක්කරණ ඇතියේ පළිබෝධ රහිත නිදොස් අරුත් හඟවන පිරිපුන් වදනින් සමන්‍වාගත වූයේ ද වෙයි, සබ්‍රම්සරුනට සමාදන් කරවන සමුත්තේජනා කරවන සම්ප්‍රහංසනා කරවන සන්‍දර්‍ශක නො ද වෙයි. ඒ තාක් තථාගතයනට ධර්‍ම දේශනාව නො ද වැටහෙයි.
Pali BJTයතො ච ඛො පුණ්ණිය භික්ඛු සද්ධො ච හොති උපසඞ්කමිතා ච පයිරුපාසිතා ච පරිපුච්ඡිතා ච, ඔහිතසොතො ච ධම්මං සුණාති, සුත්වා ච ධම්මං ධාරෙති. ධතානඤ්ච ධම්මානං අත්ථං උපපරික්ඛති. අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො ච හොති, කල්යාණවාචො ච හොති කල්යාණවාක්කරණො පොරියා වාචාය සමන්නාගතො විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා. සන්දස්සකො ච හොති සමාදපකො සමුත්තෙජකො සම්පහංසකො සබ්රහ්මචාරීනං. එවං තථාගතං ධම්මදෙසනා පටිභාති. ඉමෙහි ඛො පුණ්ණිය, දසහි ධම්මෙහි සමන්නාගතා එකන්තපටිභානං තථාගතං ධම්මදෙසනා හොතීති.
Sinhala BJTපුණ්ණිය, යම් කලෙක මහණ සැදැහැතියේත් එළැඹෙන සුලුත් පර්‍ය්‍යුපාසනා කරණ සුලුත් පුළුවුස්නේත් වේ ද, අවහිත ශ්‍රෝත ඇතියේ දහම් අසා ද, අසාත් දහම් දරා ද, ධෘත ධර්‍මයන්ගේ අර්‍ත්‍ථය පිරික්සා ද, අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්න ද වෙයි. පළිබෝධ රහිත නිදොස් අරුත් හඟවන පිරිපුන් තෙපුලින් සමන්‍වාගත වූයේ කල්‍යාණවාක් ඇතියේත් වෙයි. සබ්‍රම්සරුනට සමාදන් කරණුයේ සමුත්තේජනා කරණුයේ සම්ප්‍රහර්‍ෂණා කරණුයේ සන්‍දශර්‍ක ද වෙයි. මෙසේ තථාගතයනට ධර්‍ම දේශනා වටහයි. පුණ්ණිය, මේ දස කරුණින් සමන්‍වාගත වූ ධර්‍ම දේශනාව තථාගතයනට ඒකාන්ත ප්‍රතිභාන ඇති වේ යයි.
Pali BJT10. 2. 4. 4.
Sinhala BJT10. 2. 4. 4.
Pali BJTබ්යාකරණ සුත්තං
Sinhala BJTබ්‍යාකරණ සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJTතත්ර ඛො ආයස්මා මහාමොග්ගල්ලානො භික්ඛු ආමන්තෙසි ‘ආවුසො භික්ඛවො{1}’ති. ආවුසො’ති ඛො තෙ භික්ඛු ආයස්මතො මහාමොග්ගල්ලානස්ස පච්චස්සොසුං. ආයස්මා මහාමොග්ගල්ලානො එතදවොච:
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ “ඇවැත්නි මහණෙනි”යි භික්‍ෂූන් ඇමතූ හ. “ඇවැත්නි”යි ඒ මහණහු ආයුෂ්මත් මහමුගලන් තෙරුනට පිළිවදන් ඇස්වූ හ. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ තෙල කරුණ කීහ:
Pali BJTඉධාවුසො භික්ඛු අඤ්ඤං බ්යාකරොති “ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාමී”ති. තමෙනං තථාගතො වා තථාගතසාවකො වා ඣායී සමාපත්තිකුසලො පරචිත්තකුසලො පරචිත්තපරියායකුසලො සමනුයුඤ්ජති, සමනුගාහති, සමනුභාසති. සො තථාගතෙන වා තථාගතසාවකෙන වා ඣායිනා සමාපත්තිකුසලෙන පරචිත්තකුසලෙන පරචිත්තපරියායකුසලෙන සමනුයුඤ්ජියමානො සමනුගාහියමානො සමනුභාසියමානො ඉරීණං ආපජ්ජති, විපිනං{2} ආපජ්ජති, අනයං ආපජ්ජති, බ්යසනං ආපජ්ජති, අනයබ්යසනං ආපජ්ජති.
Sinhala BJTඇවැත්නි, මෙ සස්නෙහි මහණ “ජාතිය ක්‍ෂීණ විය, බ්‍රහ්මචර්‍ය්‍යය වැස නිමවන ලද, සිවුමඟ කරණ ලද, මෙ බව පිණිස අනෙකක් නැතියි දන්මි”යි අර්‍හත්‍වය පවසයි. තථාගත වේවයි සමාපත්ති කුසලවූ පරසිත් දැන්මෙහි කුසල වූ පරචිත්තපර්‍ය්‍යායයෙහි කුසල වූ තථාගත ශ්‍රාවක වේවයි ඔහු අනුයෝගවතට නංවයි, සමනුගාහනා කරයි. ලබ්ධියෙහි පිහිටු වයි. සමනුභාසනා කරයි, කරුණු විචාරයි. හේ තථාගතයන් විසින් වේවයි ධ්‍යාන ඇති සමාපත්තියෙහි කුසල පරචිත්තයෙහි කුසල පරචිත්තපරියායෛහි කුසල තථාගත ශ්‍රාවකයකු විසින් වේවයි අනුයෝගවතට නංවන ලදුයේ සමනුග්‍රාහ කරනු ලබන්නේ සමනුභාසනා කරනු ලබන්නේ සිස් බවට පැමිණෙයි. නිර්ගුණභාවයට පැමිණෙයි, හානියට පැමිණෙයි, වනසට පැමිණෙයි, අනයව්‍යසනයට පැමිණේ.
Pali BJTතමෙනං තථාගතො වා, තථාගතසාවකො වා ඣායී සමාපත්තිකුසලො පරචිත්තකුසලො පරචිත්තපරියායකුසලො එවං චෙතසා චෙතො පරිච්ච මනසිකරොති:
Sinhala BJTතථාගත වේවයි දැහැන් ඇති සමවත්හි දක්‍ෂ වූ පරසිත් දැනුම්හි දක්‍ෂ වු පරචිත්තපර්‍ය්‍යාය කුසල වු තථාගතශ්‍රාවක වේවයි මෙසේ ඔහු සිතින් සිත පිරිසිඳ මෙනෙහි කරයි.
Pali BJT“කින්නුඛො අයමායස්මා අඤ්ඤං බ්යාකරොති ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාමී”ති.
Sinhala BJT“කවර කරුණකින් මේ ආයුෂ්මත් ‘ජාතිය ක්‍ෂීණය, බ්‍රහ්මචර්‍ය්‍යය වැස නිමවන ලද ය, කරණී කරන ලද ය, මෙ බව පිණිස අන් කටයුතු නැතැ යි දන්මි’යි අර්‍හත්‍වය පවසාදැ”යි.
Pali BJT1. තමෙනං තථාගතො වා තථාගතසාවකො වා ඣායී සමාපත්ති කුසලො පරචිත්තකුසලො පරචිත්තපරියායකුසලො එවං චෙතසා චෙතො පරිච්ච පජානාති: කොධනො ඛො පන අයමායස්මා, කොධපරියුට්ඨිතෙන චෙතසා බහුලං විහරති, කොධපරියුට්ඨානං ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
Sinhala BJT1. තථාගත වේවයි ධ්‍යාන ඇති සමාපත්තියෙහි දක්‍ෂ පරචිත්තයෙහි දක්‍ෂ පරචිත්තපර්‍ය්‍යායෙහි දක්‍ෂ තථාගතශ්‍රාවකයෙක් වේවයි මෙසේ ඔහු සිතින් සිත පිරිසිඳ දන්නේ ය: “මේ ආයුෂ්මත් ක්‍රෝධ ඇතියේ ක්‍රෝධයෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල ක්‍රෝධ පර්‍ය්‍යුත්‍ථානය වනාහි තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
Pali BJT2. උපනාහී ඛො පන අයමායස්මා, උපනාහපරියුට්ඨිතෙන චෙතසා බහුලං විහරති, උපනාහපරියුට්ඨානං ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
Sinhala BJT2. මේ ආයුෂ්මත් බද්ධවෛර ඇතියේ බද්ධවෛරයෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල උපනාහර්‍ය්‍යුත්‍ථානය වනාහි තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
Pali BJT3. මක්ඛී ඛො පන අයමායස්මා, මක්ඛපරියුට්ඨිතෙන චෙතසා බහුලං විහරති, මක්ඛපරියුට්ඨානං ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
Sinhala BJT3. මේ ආයුෂ්මත් මකුගුණ ඇතියේ මකුගුණයෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල මකු ගුණ නැගීම වනාහි තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
Pali BJT4. පලාසී ඛො පන අයමායස්මා, පලාසපරියුට්ඨිතෙන චෙතසා බහුලං විහරති, පලාසපරියුට්ඨානං ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
Sinhala BJT4. මේ ආයුෂ්මත් යුගග්‍රාහ ඇතියේ යුගග්‍රාහයෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල යුගග්‍රාහයාගේ නැගීම වනාහි තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
Pali BJT5. ඉස්සුකී ඛො පන අයමායස්මා, ඉස්සාපරියුට්ඨිතෙන චෙතසා බහුලං විහරති, ඉස්සාපරියුට්ඨානං ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
Sinhala BJT5. මේ ආයුෂ්මත් ඊර්‍ෂ්‍යා ඇතියේ ඊර්‍ෂ්‍යාවෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල ඊර්‍ෂ්‍යා පර්‍ය්‍යුත්‍ථානය වනාහි තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
Pali BJT6. මච්ඡරී ඛො පන අයමායස්මා, මච්ඡෙරපරියුට්ඨිතෙන චෙතසා බහුලං විහරති, මච්ඡෙරපරියුට්ඨානං ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
Sinhala BJT6. මේ ආයුෂ්මත් මසුරුබැව් ඇතියේ මාත්සර්‍ය්‍යයෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල මාත්සර්‍ය්‍යපර්‍ය්‍යුත්‍ථානය වනාහි තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
Pali BJT7. සඨො ඛො පන අයමායස්මා, සාඨෙය්යපරියුට්ඨිතෙන චෙතසා බහුලං විහරති, සාඨෙය්යපරියුට්ඨානං ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
Sinhala BJT7. මේ ආයුෂ්මත් ශඨ වූයේ ම ශඨ බැවින් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල ශඨ බැව් නැගීම වනාහි තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
Pali BJT8. මායාවී ඛො පන අයමායස්මා, මායාපරියුට්ඨිතෙන චෙතසා බහුලං විහරති, මායාපරියුට්ඨානං ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
Sinhala BJT8. මේ ආයුෂ්මත් මායා ඇතියේ මායායෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල මායා පර්‍ය්‍යුත්‍ථානය වනාහි තථාගතප්‍රවිදිත ධර්‍මවිනයෙහි පිරිහිනෙක.
Pali BJT9. පාපිච්ඡො ඛො පන අයමායස්මා ඉච්ඡාපරියුට්ඨිතෙන චෙතසා බහුලං විහරති, ඉච්ඡාපරියුට්ඨානං ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
Sinhala BJT9. මේ ආයුෂ්මත් පාපේච්ඡා ඇතියේ ඉච්ඡායෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල ඉච්ඡා පරියුට්ඨානය වනාහි තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
Pali BJT10. මුට්ඨස්සති{1} ඛො පන අයමායස්මා උත්තරිකරණීයෙ ඔරමත්තකෙන විසෙසාධිගමෙන අන්තරාවොසානං ආපන්නො, අන්තරාවොසානගමනං ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
Sinhala BJT10. මේ ආයුෂ්මත් මුළා සිහි ඇතියේ මතුයෙහි කටයුතු ඇතිවත් ම ස්වල්පමාත්‍ර විශේෂ අධිගමයන් අතරෙහි නිෂ්ඨාවට පැමිණියේ ය. තෙල අන්තරාවොසානගමනය වනාහි තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
Pali BJTසො වතාවුසො භික්ඛු ඉමෙ දසධම්මෙ අප්පහාය ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සතීති නෙතං ඨානං විජ්ජති. සො වතාවුසො භික්ඛු ඉමෙ දසධම්මෙ පහාය ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සතීති ඨානමෙතං විජ්ජතීති.
Sinhala BJTඇවැත්නි, එ මහණ මේ දස දහම් නො හැර මෙ සස්නෙහි එකැතියෙන් වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි. ඇවැත්නි, එ මහණ මේ දස දහම් හැර එකැතින් මෙ සස්නෙහි එකැතියෙන් වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණේ ය යන තෙල කරුණ විද්‍යාමාන වේ යි.
Pali BJT10. 2. 4. 5.
Sinhala BJT10. 2. 4. 5.
Pali BJTකත්ථි සුත්තං
Sinhala BJTකත්‍ථී සූත්‍රය
Pali BJTඑකං සමයං මහාචුන්දො චෙතීසු විහරති සහජාතියං. තත්ර ඛො ආයස්මා මහාචුන්දො භික්ඛු ආමන්තෙසි ‘ආවුසො භික්ඛවො’ති ආවුසොති ඛො තෙ භික්ඛු ආයස්මතො මහාචුන්දස්ස පච්චස්සොසුං. ආයස්මා මහාචුන්දො එතදවොච:
Sinhala BJTඑක් කලෙක ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ චෙතී ජනපදයෙහි වූ සහජාතියෙහි වැඩ වෙසෙත්. එකල්හි ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ ‘ඇවැත්නි, මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’යි ඒ මහණහු ආයුෂ්මත් මහාචුන්‍ද තෙරුන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ තෙල කීහ:
Pali BJTඉධාවුසො භික්ඛු කත්ථි හොති විකත්ථි අධිගමෙසු “අහං පඨමං ඣානං සමාපජ්ජාමිපි වුට්ඨහාමිපි. අහං දුතියං ඣානං සමාපජ්ජාමිපි වුට්ඨහාමිපි. අහං තතියං ඣානං සමාපජ්ජාමිපි වුට්ඨහාමිපි. අහං චතුත්ථං ඣානං සමාපජ්ජාමිපි වුට්ඨහාමිපි. අහං ආකාසානඤ්චායතනං සමාපජ්ජාමිපි වුට්ඨහාමිපි. අහං විඤ්ඤාණඤ්චායතනං සමාපජ්ජාමිපි වුට්ඨහාමිපි. අහං ආකිඤ්චඤ්ඤායතනං සමාපජ්ජාමිපි වුට්ඨහාමිපි. අහං නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපජ්ජාමිපි වුට්ඨහාමිපි. අහං සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජාමිපි වුට්ඨහාමිපී”ති.
Sinhala BJTඇවැත්නි, මෙ සස්නෙහි මහණ අධිගමයන්හිලා කථායෙහි කුසල වූයේ විවර කොට බණනසුලු වෙයි: මම ප්‍රථමධ්‍යානයට සමවදනෙම් ද ඉන් නැගී සිටුනෙම් ද වෙමි. මම ද්විතීයධ්‍යානයට සමවදනෙම් ද ඉන් නැගී සිටුනෙම් ද වෙමි. මම තෘතීයධ්‍යානයට සමවදනෙම් ද ඉන් නැගී සිටුනෙම් ද වෙමි. මම චතුර්‍ත්‍ථධ්‍යානයට සමවදනෙම් ද ඉන් නැගී සිටුනෙම් ද වෙමි. මම ආකාසානඤ්චායතනයට සමවදනෙම් ද ඉන් නැගී සිටුනෙම් ද වෙමි. මම විඤ්ඤාණඤ්චායතනයට සමවදනෙම් ද ඉන් නැගී සිටුනෙම් ද වෙමි. මම ආකිඤ්චඤ්ඤායතනයට සමවදනෙම් ද ඉන් නැගී සිටුනෙම් ද වෙමි. මම නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවදනෙම් ද ඉන් නැගී සිටුනෙම් ද වෙමි. මම සඤ්ඤාවේදයිතනිරෝධයට සමවදනෙම් ද ඉන් නැගී සිටුනෙම් ද වෙමි”යි.
Pali BJTතමෙනං තථාගතො වා තථාගතසාවකො වා ඣායී සමාපත්තිකුසලො පරචිත්තකුසලො පරචිත්තපරියායකුසලො සමනුයුඤ්ජති සමනුගාහති සමනුභාසති. සො තථාගතෙන වා තථාගතසාවකෙන වා ඣායිනා සමාපත්තිකුසලෙන පරචිත්තකුසලෙන පරචිත්තපරියායකුසලෙන සමනුයුඤ්ජියමානො සමනුගාහියමානො සමනුභාසියමානො ඉරීණං ආපජ්ජති විපිනං ආපජ්ජති අනයං ආපජ්ජති බ්යසනං ආපජ්ජති අනයබ්යසනං ආපජ්ජති.
Sinhala BJTතථාගත වේවයි ධ්‍යාන ඇති සමාපත්ති කුසල වූ පරචිත්තයෙහි දක්‍ෂ වූ පරිචිත්තපරියායෙහි ඡේක වූ තථාගත ශ්‍රාවකයෙක් වේවයි ඔහු අනුයෝගවතට නංවයි, කරුණු ගන්වා අසයි. සමනුභාසනා කරයි. හේ තථාගතයන් විසින් හෝ ධ්‍යාන ඇති සමාපත්තියෙහි දක්‍ෂ පරචිත්තයෙහි කුසල පරචිත්තපරියායෙහි ඡේක වූ තථාගත ශ්‍රාවකයකු විසින් හෝ අනුයෝගවතට නංවනු ලබනුයේ කරුණු ගන්වනු ලබනුයේ සමනුභාසනා කරුණු ලබනුයේ සිප් බවට පැමිණෙයි. නිර්ගුණ භාවයට පැමිණෙයි. හානියට පැමිණෙයි. ව්‍යසනයට පැමිණෙයි. අනයව්‍යසනයට පැමිණේ.
Pali BJTතමෙනං තථාගතො වා තථාගතසාවකො වා ඣායී සමාපත්තිකුසලො පරචිත්තකුසලො පරචිත්තපරියායකුසලො එවං චෙතසා චෙතො පරිච්ච මනසිකරොති, කින්නු ඛො අයමායස්මා කත්ථි හොති විකත්ථි අධිගමෙසු “අහං පඨමං ඣානං සමාපජ්ජාමිපි වුට්ඨහාමිපි -පෙ- අහං සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජාමිපි වුට්ඨහාමිපී”ති.
Sinhala BJTතථාගත වේවයි ධ්‍යාන ඇති සමාපත්තියෙහි දක්‍ෂ පරසිත්හි දක්‍ෂ පරචිත්තපර්‍ය්‍යායෙහි ඡේක වූ තථාගත ශ්‍රාවකයෙක් වේවයි ඔහු මෙසේ සිතින් සිත පිරිසිඳ මෙනෙහි කරයි: “මේ ආයුෂ්මත් කවර හෙයින් අධිගමයන්හිලා කථායෙහි දක්‍ෂ වූයේ විවර කොට බණන සුලු වේ” ද “මම ප්‍රථමධ්‍යානයට සමවදනෙම් ද ඉන් නැගී සිටින්නෙම් ද වෙමි යි ... මම සඤ්ඤාවේදයිතනිරෝධයට සමවදනෙම් ද ඉන් නැගී සිටුනෙම් ද වෙමි” යි.
Pali BJTතමෙනං තථාගතො වා තථාගතසාවකො වා ඣායී සමාපත්තිකුසලො පරචිත්තකුසලො පරචිත්තපරියායකුසලො එවං චෙතසා චෙතො පරිච්ච පජානාති.
Sinhala BJTතථාගත වේවයි දැහැන් ඇති සමවත් හි කුසල පරසිත්හි කුසල පරචිත්තපරියායෙහි කුසල තථාගත ශ්‍රාවකයෙක් වේවයි මෙසේ ඔහු සිතින් සිත පිරිසිඳ දන්නේ ය:
Pali BJT1. දීඝරත්තං ඛො පන අයමායස්මා, ඛණ්ඩකාරී ඡිද්දකාරී සබලකාරී කම්මාසකාරී න සන්තතකාරී න සන්නතවුත්තී සීලෙසු දුස්සීලො ඛො පනායමායස්මා, දුස්සීල්යං ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
Sinhala BJT1. මේ ආයුෂ්මත් දීර්‍ඝරාත්‍රියෙහි ශීලයෙහි ඛණ්ඩකාරීය, ඡිද්‍රකාරීය, කල්මාෂකාරීය, සන්තතකාරී නො වෙයි. සතතප්‍රවෘත්ති ඇතියේ ත් නො වෙයි. මේ ආයුෂ්මත් දුශ්ශීල ය, තෙල දෞශ්ශීලය්‍යය තථාගතප්‍රවිදිත විනයෙහි පිරිහිනෙක.
Pali BJT2. අස්සද්ධො ඛො පන අයමායස්මා, අස්සද්ධියං ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
Sinhala BJT2. මේ ආයුෂ්මත් ශ්‍රද්ධා නැත්තේ ය. තෙල ශ්‍රද්ධා රහිත බව තථාගත තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
Pali BJT3. අප්පස්සුතො ඛො පන අයමායස්මා, අනාචාරො, අප්පසච්චං ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
Sinhala BJT3. මේ ආයුෂ්මත් අල්පශ්‍රැත වූයේ ආචාර නැත්තේ ය. තෙල අල්පශ්‍රැතය තථාගත තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
Pali BJT4. දුබ්බචො ඛො පන අයමායස්මා, දොවචස්සතා ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
Sinhala BJT4. මේ ආයුෂ්මත් දුර්‍වචය, තෙල දුර්‍වචභාවය තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
Pali BJT5. පාපමිත්තො ඛො පන අයමායස්මා, පාපමිත්තා ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
Sinhala BJT5. මේ ආයුෂ්මත් පාපමිත්‍රය, තෙල පාපමිත්‍රතාව තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
Pali BJT6. කුසීතො ඛො පන අයමායස්මා, කොසජ්ජං ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
Sinhala BJT6. මේ ආයුෂ්මත් කුසීතයෙක, තෙල කුසීත භාවය තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
Pali BJT7. මුට්ඨස්සති ඛො පන අයමායස්මා, මුට්ඨසච්චං ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
Sinhala BJT7. මේ ආයුෂ්මත් මුළා සිහි ඇතියෙක, තෙල මුළා සිහි ඇති බව තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
Pali BJT8. කුහකො ඛො පන අයමායස්මා, කොහඤ්ඤං ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
Sinhala BJT8. මේ ආයුෂ්මත් කුහකය, තෙල කොහොන් බව තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
Pali BJT9. දුබ්භරො ඛො පන අයමායස්මා, දුබ්භරතා ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
Sinhala BJT9. මේ ආයුෂ්මත් දුර්‍භරයෙක, තෙල දුර්‍භරතාව තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
Pali BJT10. දුප්පඤ්ඤො ඛො පන අයමායස්මා, දුප්පඤ්ඤතා ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
Sinhala BJT10. මේ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥය, තෙල දුෂ්ප්‍රාඥතාව තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
Pali BJTසෙය්යථාපි ආවුසො සහායකො සහායකං එවං වදෙය්ය: යදා තෙ සම්ම ධනෙන ධනකරණීයං අස්ස, යාචිස්සසි{1} මං ධනං, දස්සාමි තෙ ධනන්ති. සො කිස්මිචිදෙව ධනකරණීයෙ සමුප්පන්නෙ සහායකො සහායකං එවං වදෙය්ය:
Sinhala BJTඇවැත්නි, යම් සේ යහළුවෙක් යහළුවකුට මෙසේ කියා නම්: “යහළුව, යම් කලෙක තට ධනයෙන් ධනකරණී වේ නම් මා දන යදුවයි, තට ධන දෙමි”යි. එ යහළු කිසියම් ධන කරණියක් උපන් කල්හි යහළු හට මෙසේ කියයි;
Pali BJT“අත්ථො මෙ සම්ම ධනෙන, දෙහි මෙ ධනන්ති”. සො එවං වදෙය්ය: “තෙන හි සම්ම ඉධ ඛනාහී”ති. සො තත්ර ඛනන්තො නාධිගච්ඡෙය්ය, සො එවං වදෙය්ය: “අලිකං මං සම්ම අවච, තුච්ඡකං මං සම්ම අවච “ඉධ ඛනාහී”ති. සො එවං වදෙය්ය “නාහං තං සම්ම අලිකං අවචං, තුච්ඡකං අවචං, තෙන හි සම්ම ඉධ ඛනාහී”ති. සො තත්රපි ඛනන්තො නාධිගච්ඡෙය්ය, සො එවං වදෙය්ය “අලිකං මං සම්ම අවච, තුච්ඡකං මං සම්ම අවච ‘ඉධ ඛනාහී’ති. සො එවං වදෙය්ය “නාහං තං සම්ම අලිකං අවචං, න තුච්ඡකං අවචං, තෙන හි සම්ම ඉධ ඛනාහීති. සො තත්රපි ඛනන්තො නාධිගච්ඡෙය්ය, සො එවං වදෙය්ය “අලිකං මං සම්ම අවච, තුච්ඡකං මං සම්ම අවච ‘ඉධ ඛනාහී’ති. සො එවං වදෙය්ය “නාහං තං සම්ම අලිකං අවචං, තුච්ඡකං අවචං, තෙන හි සම්ම ඉධ ඛනාහී”ති. සො තත්රපි ඛනන්තො නාධිගච්ඡෙය්ය, සො එවං වදෙය්ය “අලිකං මං සම්ම අවච, තුච්ඡකං මං සම්ම අවච ‘ඉධ ඛනාහී”ති. සො එවං වදෙය්ය “නාහං තං සම්ම අලිකං අවචං, තුච්ඡකං අවචං, අපි ච අහමෙව උම්මාදං පාපුණිං චෙතසො විපරියාය”න්ති.
Sinhala BJTයහළුව මට ධනයෙන් අර්‍ත්‍ථ ඇත, මට ධන දෙව”යි. හේ මෙසේ කියයි: “එසේ නම් යහළුව මෙහි කනව”යි හේ එහි කනනුයේ කිසිවක් නො ලබන්නේ ය. හේ මෙසේ කියයි: “මෙහි කනව”යි. යහළුව මට මුසවා කීයෙහි, යහළුව මට හිස් බස් කීයෙහි, හේ මෙසේ කියන්නේ ය: “යහළුව මම තට මුසවා නො කීමි, හිස් බස් නො කීමි. එසේ නම් යහළුව මෙහි කනව”යී. හේ එහිදු කනනුයේ ධන නොලබන්නේ ය. හේ මෙසේ. කියයි: මෙහි මෙහි කනවයි. “යහළුව, මට මුසවා කීයෙහි, යහළුව, මට හිස් බස් කීයෙහි” යි හේ මෙසේ කියයි: “යහළුව, මම තට මුසවා නො කීමි, හිස් බස් නො කීමි. එසේ වී නම් යහළුව, මෙහි කනවයි, හේ එහිදු කනනුයේ ධන නො ලබයි. හේ මෙසේ කියයි: “යහළුව, මෙහි කනව”යි මට මුසාව කීයෙහි, යහළුව, මට හිස් බස් කීයෙහි. යහළුව, මම තට මුසවා නො කීමි, හිස් බස් නො කීමි. එසේ වී නම් යහළුව, මෙහි කනවයි, හේ එහිදු කනනුයේ ධන නො ලබන්නේ ය. හේ මෙසේ කියයි: “යහළුව, මෙහි කනව”යි මට මුසාව කීයෙහි, යහළුව, මට හිස් බස් කීයෙහි. හේ මෙසේ කියයි: “යහළුව මම තට මුසවා නො කීමි, හිස් බස් නො කීමි, වැලි දු මම ම උමතුවට චිත්තවිපර්‍ය්‍යාසයට පත්මි”යි.
Pali BJTඑවමෙව ඛො ආවුසො භික්ඛු කත්ථී විකත්ථි අධිගමෙසු “අහං පඨමං ඣානං සමාපජ්ජාමිපි වුට්ඨහාමිපි, අහං දුතියං ඣානං සමාපජ්ජාමිපි වුට්ඨහාමිපි, අහං තතියං ඣානං සමාපජ්ජාමිපි වුට්ඨහාමිපි, අහං චතුත්ථං ඣානං සමාපජ්ජාමිපි වුට්ඨහාමිපි, අහං ආකාසානඤ්චායතනං සමාපජ්ජාමිපි වුට්ඨහාමිපි, අහං විඤ්ඤාණඤ්චායතනං සමාපජ්ජාමිපි වුට්ඨාහාමිපි, අහං ආකිඤ්චඤ්ඤායතනං සමාපජ්ජාමිපි වුට්ඨහාමිපි, අහං නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපජ්ජාමිපි වුට්ඨහාමිපි, අහං සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජාමිපි වුට්ඨහාමිපී”ති.
Sinhala BJTඇවැත්නි, එ පරිද්දෙන් ම මහණ කථායෙහි දක්‍ෂ වූයේ අධිගමයන්හි විවර කොට කියන සුලු වෙයි: “මම පළමු දැහැනට සමවදනෙම් ද, ඉන් නැගිටුනෙම් ද වෙමි, මම දෙවන දැහැනට සමවදනෙම් ද, ඉන් නැගිටුනෙම් ද වෙමි, මම තෙවන දැහැනට සමවදනෙම් ද, ඉන් නැගිටුනෙම් ද වෙමි, මම සිවුවන දැහැනට සමවදනෙම් ද, ඉන් නැගිටුනෙම් ද වෙමි, මම ආකාසානඤ්චායතනයට සමවදනෙම් ද, ඉන් නැගිටුනෙම් ද වෙමි, මම විඤ්ඤාණඤ්චායතනයට සමවදනෙම් ද, ඉන් නැගිටුනෙම් ද වෙමි, මම ආකිඤ්චඤ්ඤායතනයට සමවදනෙම් ද, ඉන් නැගිටුනෙම් ද වෙමි, මම නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවදනෙම් ද, ඉන් නැගිටුනෙම් ද වෙමි, මම සඤ්ඤාවේදයිත නිරෝධයට සමවදනෙම් ද, ඉන් නැගිටුනෙම් ද වෙමි”යි.
Pali BJTතමෙනං තථාගතො වා තථාගතසාවකො වා ඣායී සමාපත්තිකුසලො පරචිත්තකුසලො පරචිත්තපරියායකුසලො සමනුයුඤ්ජති සමනුගාහති{1} සමනුභාසති. සො තථාගතෙන වා තථාගතසාවකෙන වා ඣායිනා සමාපත්තිකුසලෙන පරචිත්තකුසලෙන පරචිත්තපරියායකුසලෙන සමනුයුඤ්ජියමානො සමනුගාහියමානො සමනුභාසියමානො ඉරීණං ආපජ්ජති බ්යසනං ආපජ්ජති, අනයබ්යසනං ආපජ්ජති.
Sinhala BJTතථාගත වේවයි ධ්‍යාන ඇති සමවත්හි දක්‍ෂ මෙරමා සිත්හි දක්‍ෂ පරචිත්තපරියායෙහි කුසල තථාගතශ්‍රාවකයෙක් වේවයි එබඳු ඔහු අනුයෝගවතට නංව යි. කරුණු ගන්වා අසයි. සමනුභාසනා කරයි. හේ තථාගතයන් විසින් වේවයි දැහැන් ඇති සමාපත්ති කුසල පරචිත්ත කුසල පරචිත්තපරියාය කුසල තථාගතශ්‍රාවකයකු විසින් වේවයි අනුයෝගයට නංවනු ලබනුයේ කරුණු ගන්වා අසනු ලබනුයේ සමනුභාසනා කරනු ලබන්නේ හිස් බවට පැමිණෙයි. නිර්ගුණ භාවයට පැමිණෙයි. අනයට පැමිණෙයි. ව්‍යසනයට පැමිණෙයි, අනයව්‍යසනයට පැමිණෙයි.
Pali BJTතමෙනං තථාගතො වා තථාගතසාවකො වා ඣායී සමාපත්තිකුසලො පරචිත්තකුසලො පරචිත්තපරියායකුසලො එවං චෙතසා චෙතො පරිච්ච මනසිකරොති, “කින්නු ඛො ආයමායස්මා කත්ථී හොති විකත්ථි අධිගමෙසු “අහං පඨමං ඣානං සමාපජ්ජාමිපි -පෙ- අහං සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජාමිපි වුට්ඨහාමිපී”ති.
Sinhala BJTතථාගත වේවයි ධ්‍යාන ඇති සමාපත්ති කුසල පරචිත්ත කුසල පරචිත්තපරියාය කුසල තථාගතශ්‍රාවකයෙක් වේවයි එබඳු ඔහු මෙසේ සිතින් සිත පිරිසිඳ මෙනෙහි කරයි: “කවර හෙයින් මේ ආයුෂ්මත් කථායෙහි දක්‍ෂ වූයේ අධිගමයන්හි විකත්‍ථනා කරන සුළු වේ ද “මම ප්‍රථම ධ්‍යානයට සමවදනෙම් ද ඉන් නැගිටුනෙම් ද ... මම සඤ්ඤාවේදයිත නිරෝධයට සමවදනෙම් ද ඉන් නැගිටුනෙම් ද වෙමි”යි.
Pali BJT1. තමෙනං තථාගතො වා තථාගත සාවකො වා ඣායී සමාපත්තිකුසලො පරචිත්තකුසලො පරචිත්තපරියායකුසලො එවං චෙතසා චෙතො පරිච්ච පජානාති: දීඝරත්තං ඛො අයමායස්මා ඛණ්ඩකාරී ඡිද්දකාරී සබලකාරී කම්මාසකාරී න සන්තතකාරී න සන්තතවුත්ති සීලෙසු. දුස්සීලො ඛො අයමායස්මා, දුස්සීල්යං ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
Sinhala BJT1. තථාගත වේවයි ධ්‍යාන ඇති සමාපත්ති කුසලපරචිත්ත කුසල පරචිත්තපරියාය කුසල තථාගතශ්‍රාවකයෙක් වේවයි එබඳු ඔහු සිතින් සිත පිරිසිඳ දන්නේ ය: “මේ ආයුෂ්මත් දීර්‍ඝරාත්‍රයක් සීලයෙහි ඛණ්ඩකාරීය, ඡිද්‍රකාරීය, ශබලකාරීය, කල්මාෂකාරීය, සන්තතකාරී නො වෙයි, සන්නතවෘත්තී ද නො වෙයි, මේ ආයුෂ්මත් දුසිල් ය, තෙල දුසිල් බව වනාහි තථාගත ප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
Pali BJT2. අස්සද්ධො ඛො පන අයමායස්මා, අස්සද්ධියං ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
Sinhala BJT2. මේ ආයුෂ්මත් අශ්‍රද්ධය, තෙල සැදැහැ නැති බව තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
Pali BJT3. අප්පස්සුතො ඛො පන අයමායස්මා අනාචාරො, අප්පසච්චං ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
Sinhala BJT3. මේ ආයුෂ්මත් අල්පශ්‍රැත ය, ආචාර නැත්තෙක, තෙල අල්පශ්‍රැත්‍යය තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
Pali BJT4. දුබ්බචො ඛො පන අයමායස්මා, දොවචස්සතා ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
Sinhala BJT4. මේ ආයුෂ්මත් දුර්‍වචය, තෙල දුර්‍වචභාවය තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
Pali BJT5. පාපමිත්තො ඛො පන අයමායස්මා, පාපමිත්තතා ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
Sinhala BJT5. මේ ආයුෂ්මත් පාපමිත්‍රයෙක, තෙල පාපමිත්‍රතාව තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
Pali BJT6. කුසීතො ඛො පන අයමායස්මා, කොසජ්ජං ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
Sinhala BJT6. මේ ආයුෂ්මත් කුසීතයෙක, තෙල කුසීතභාවය තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
Pali BJT7. මුට්ඨස්සති ඛො පන අයමායස්මා, මුට්ඨසච්චං ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
Sinhala BJT7. මේ ආයුෂ්මත් මුළා සිහි ඇතියෙක, තෙල මුළා සිහි ඇති බව තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
Pali BJT8. කුහකො ඛො පන අයමායස්මා, කොහඤ්ඤං{1} ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
Sinhala BJT8. මේ ආයුෂ්මත් කුහකයෙක, තෙල කොහොන් බව තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
Pali BJT9. දුබ්භරො ඛො පන අයමායස්මා, දුබ්භරතා ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
Sinhala BJT9. මේ ආයුෂ්මත් දුර්‍භරයෙක, තෙල දුර්‍භරතාව තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
Pali BJT10. දුප්පඤ්ඤො ඛො පන අයමායස්මා, දුප්පඤ්ඤතා ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
Sinhala BJT10. මේ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥයෙක, තෙල දුෂ්ප්‍රාඥතාව තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
Pali BJTසො වතාවුසො භික්ඛු ඉමෙ දසධම්මෙ අප්පහාය ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සතීති නෙතං ඨානං විජ්ජති. සො වතාවුසො භික්ඛු ඉමෙ දස ධම්මෙ පහාය ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජතීති ඨානමෙතං විජ්ජතීති.
Sinhala BJTඇවැත්නි, ඒ මහණ මේ දසදහම් නො හැර මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වේ. ඇවැත්නි, එ මහණ මෙ දහම් හැරපියා මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණේ ය යන තෙල කරුණ විද්‍යාමාන වේ යයි.
Pali BJT10. 2. 4. 6.
Sinhala BJT10. 2. 4. 6.
Pali BJTඅධිමාන සුත්තං
Sinhala BJTඅධිමාන සූත්‍රය
Pali BJTඑකං සමයං ආයස්මා මහාකස්සපො රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තත්ර ඛො ආයස්මා මහාකස්සපො භික්ඛූ ආමන්තෙසි ‘ආවුසො භික්ඛවො’{2}ති. ආවුසො’ති ඛො තෙ භික්ඛු ආයස්මතො මහාකස්සපස්ස පච්චස්සොසුං. ආයස්මා මහාකස්සපො එතදවොච:
Sinhala BJTඑක් කලෙක ආයුෂ්මත් මහාකාශ්‍යප තෙරණුවෝ රජගහ නුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වාසය කරන සේක. එ කල්හි ආයුෂ්මත් මහාකාශ්‍යප තෙරණුවෝ ‘ඇවැත්නි, මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’යි එ මහණ ආයුෂ්මත් මහාකාශ්‍යප තෙරුන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් මහාකාශ්‍යප තෙරණුවෝ තෙල කීහ:
Pali BJTඉධාවුසො භික්ඛු අඤ්ඤං බ්යාකරොති “ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාමී”ති. තමෙනං තථාගතො වා තථාගතසාවකො වා ඣායී සමාපත්තිකුසලො පරචිත්තකුසලො පරචිත්තපරියායකුසලො සමනුයුඤ්ජති සමනුගාහති සමනුභාසති. සො තථාගතෙන වා තථාගතසාවකෙන වා ඣායිනා සමාපත්තිකුසලෙන පරචිත්තකුසලෙන පරචිත්තපරියායකුසලෙන සමනුයුඤ්ජියමානො සමනුගාහියමානො සමනුභාසියමානො ඉරීණං ආපජ්ජති, විපිනං ආපජ්ජති, අනයං ආපජ්ජති, බ්යසනං ආපජ්ජති, අනයබ්යසනං ආපජ්ජති.
Sinhala BJTඇවැත්නි, මෙ සස්නෙහි මහණ “ජාතිය ක්‍ෂීණ ය, බඹසර වැස නිමවන ලදී, කරණීය කෘතය, මේ අර්‍හත්බව පිණිස අනික් කිසෙක් නැතැ”යි දන්මි’යි අර්‍හත්‍වය ප්‍රකාශ කෙරෙයි. තථාගත වේවයි ධ්‍යාන ඇති, සමාපත්තියෙහි කුසල පරචිත්තයෙහි කුශල පරචිත්තපර්‍ය්‍යායෙහි කුසල තථාගත ශ්‍රාවකයෙක් වේවයි එබඳු ඔහු අනුයෝගයට නංවයි. කරුණු ගන්වා අසයි, සමනුභාෂණා කරයි. හේ තථාගතයන් විසින් හෝ ධ්‍යාන ඇති සමාපත්ති කුශල වූ පරචිත්ත කුශල වූ පරචිත්තපර්‍ය්‍යායෙහි කුසල වූ තථාගත ශ්‍රාවකයකු විසින් හෝ අනුයෝගයට නංවනු ලබන්නේ කරුණු ගන්වනු ලබන්නේ සමනුභාෂණා කරණු ලබන්නේ තුච්ඡභාවයට පැමිණෙයි, නිර්ගුණ භාවයට පැමිණෙයි, අනයට පැමිණෙයි, ව්‍යශනයට පැමිණෛයි, අනයව්‍යශනයට පැමිණෙයි.
Pali BJTතමෙනං තථාගතො වා තථාගතසාවකො වා ඣායී සමාපත්තිකුසලො පරචිත්තකුසලො පරචිත්තපරියායකුසලො එවං චෙතසා චෙතො පරිච්ච මනසිකරොති “කිං නු ඛො අයමායස්මා අඤ්ඤං බ්යාකරොති ‘ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාමී”ති.
Sinhala BJTතථාගත වේවයි ධ්‍යාන ඇති සමාපත්තියෙහි කුසල වූ පරචිත්තයෙහි කුශල වූ පරචිත්තපර්‍ය්‍යායෙහි කුසල වූ තථාගත ශ්‍රාවකයෙක් වේවයි එබඳු ඔහු මෙසේ සිතින් සිත පිරිසිඳ මෙනෙහි කරයි: “කවර හෙයින් මේ ආයුෂ්මත් ‘ජාතිය ක්‍ෂීණ ය, බඹසර වැස නිමවන ලදී, සිවුමග කරණී කරන ලදී, මේ අර්‍හත්බව පිණිස අනික් කිසෙක් නැතැ’යි දන්මි’යි අර්‍හත්‍වය ප්‍රකාශ කෙරේ දැ?”යි.
Pali BJTතමෙනං තථාගතො වා තථාගතසාවකො වා ඣායී සමාපත්තිකුසලො පරචිත්තකුසලො පරචිත්තපරියායකුසලො එවං චෙතසා චෙතො පරිච්ච පජානාති.
Sinhala BJTතථාගත වේවයි ධ්‍යාන ඇති සමාපත්තියෙහි කුසල වූ පරචිත්තයෙහි කුශල වූ පරචිත්තපර්‍ය්‍යාය කුසල වූ තථාගත ශ්‍රාවකයෙක් වේවයි එබඳු ඔහු මෙසේ සිතින් සිත පිරිසිඳ දන්නේ ය.
Pali BJTඅධිමානිකො ඛො අයමායස්මා අධිමානසච්චො අප්පත්තෙ පත්තසඤ්ඤී අකතෙ කතසඤ්ඤී අනධිගතෙ අධිගතසඤ්ඤී අධිමානෙන අඤ්ඤං බ්යාකරොති ‘ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාමී”ති.
Sinhala BJTමේ ආයුෂ්මත් අධිමාන ඇතියේ අධිමානය සත්‍ය කොට ඇත්තේ අප්‍රාප්තයෙහි ප්‍රාප්තයෙමි යනසංඥා ඇතියේ අකෘතයෙහි කෘතයෙමි යන සංඥා ඇතියේ අනධිගතයෙහි අධිගතයෙමි යන සංඥා ඇතියේ අධිමානය කරණකොටගෙන ‘ජාතිය ක්‍ෂීණ ය, මග බඹසර වැස නිමැවිණ, සිවු මග කරණී කරන ලදී. මෙ රහත් බව පිණිස අන් කිසෙක් නැතැ’යි දන්මියි අර්‍හත්‍වය ප්‍රකාශ කරයි.
Pali BJTතමෙනං තථාගතො වා තථාගතසාවකො වා ඣායී සමාපත්තිකුසලො පරචිත්තකුසලො පරචිත්තපරියායකුසලො එවං චෙතසා චෙතො පරිච්ච මනසිකරොති “කින්නු ඛො අයමායස්මා නිස්සාය අධිමානිකො අධිමානසච්චො අප්පත්තෙ පත්තසඤ්ඤී අකතෙ කතසඤ්ඤී අනධිගතෙ අධිගතසඤ්ඤී අධිමානෙන අඤ්ඤං බ්යාකරොති ‘ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාමී’ති. “
Sinhala BJTතථාගත වේවයි ධ්‍යාන ඇති සමාපත්ති කුශල පරචිත්ත කුශල පරචිත්තපරියාය කුශල තථාගතශ්‍රාවකයෙක් වේවයි එබඳු ඔහු මෙසේ සිතින් සිත පිරිසිඳ මෙනෙහි කරයි: “මේ ආයුෂ්මත් කවර කරුණක් නිසා අධිමාන ඇතියේ අධිමානය සත්‍ය කොට ඇත්තේ අප්‍රාප්තයෙහි ප්‍රාප්තයෙමි යන සංඥා ඇතියේ අකෘතයෙහි කෘතයෙමි යන සංඥා ඇතියේ අනධිගතයෙහි අධිගතයෙමි යන සංඥා ඇතියේ අධිමානයෙන් ‘ජාතිය ක්‍ෂීණ ය, මග බඹසර වැස නිමැවිණ, සිවු මග කරණීකරන ලදී. මෙ අර්‍හත් බව පිණිස අන් කිසෙක් නැතැ’යි දන්මි යි අර්‍හත්‍වය ප්‍රකාශ කෙරේ දැ”යි.
Pali BJTතමෙනං තථාගතො වා තථාගතසාවකො වා ඣායී සමාපත්තිකුසලො පරචිත්තකුසලො පරචිත්තපරියායකුසලො එවං චෙතසා චෙතො පරිච්ච පජානාති.
Sinhala BJTතථාගත වේවයි ධ්‍යාන ඇති සමාපත්ති කුශල පරචිත්ත කුශල පරචිත්තපරියාය කුශල තථාගතශ්‍රාවකයෙක් වේවයි එබඳු ඔහු මෙසේ සිතින් සිත පිරිසිඳ දන්නේය.
Pali BJTබහුස්සුතො ඛො පන අයමායස්මා සුතධරො සුතසන්නිචයො, යෙ තෙ ධම්මා ආදිකල්යාණා, මජ්ඣෙකල්යාණා, පරියොසානකල්යාණා සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති. තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. තස්මා අයමායස්මා අධිමානිකො අධිමාන සච්චො අප්පත්තෙ පත්තසඤ්ඤී අකතෙ කතසඤ්ඤී අනධිගතෙ අධිගතසඤ්ඤී අධිමානෙන අඤ්ඤං බ්යාකරොති ‘ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතකරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාමී’ති.
Sinhala BJTමේ ආයුෂ්මත් බහුශැත වූයේ ශ්‍රැතධර වූයේ ශ්‍රැතසන්නිචය කොට ඇතියේ ය. ආදිකල්‍යාණ මධ්‍යකල්‍යාණ පර්‍ය්‍යවසානකල්‍යාණ වූ යම් ඒ දහම් කෙනෙක් සාර්‍ත්‍ථ වූ සබ්‍යඤ්ජන වූ කේවලපරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍යය පවසත් නම් එබඳු ධර්‍මයෝ ඔහු විසින් බහුශ්‍රුත වූවාහු ධෘත වූවාහු වචනයෙන් පරිචිත වූවාහු සිතින් අනුප්‍රේක්‍ෂිත වූවාහු දෘෂ්ටියෙන් සුප්‍රතිවිද්ධ වූවාහු වෙත්. එහෙයින් මේ ආයුෂ්මත් අධිමාන ඇතියේ අධිමාන සත්‍ය කොට ඇතියේ අප්‍රාප්තයෙහි ප්‍රාප්තයෙමි යන සංඥා ඇතියේ අකෘතයෙහි කෘතයෙමි යන සංඥා ඇතියේ අනධිගතයෙහි ‘අධිගතයෙමි’ යන සංඥා ඇතියේ අධිමානයෙන් ‘ජාතිය ක්‍ෂීණ ය, බ්‍රහ්මචර්‍ය්‍යය වැස නිමවිණ, කරණී කෘත ය, මෙ බව පිණිස අන් කිසෙක් නැතැ’යි දන්මියි අර්‍හත්‍වය පහළ කෙරෙයි.
Pali BJTතමෙනං තථාගතො වා තථාගතසාවකො වා ඣායී සමාපත්තිකුසලො පරචිත්තකුසලො පරචිත්තපරියායකුසලො එවං චෙතසා චෙතො පරිච්ච පජානාති, අභිජ්ඣාලූ ඛො පන අයමායස්මා අභිජ්ඣාපරියුට්ඨිතෙන චෙතසා බහුලං විහරති, අභිජ්ඣාපරියුට්ඨානං ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
Sinhala BJTතථාගත වේවයි ධ්‍යාන ඇති සමාපත්තිකුසල පරචිත්තකුසල පරචිත්තපරියායකුසල තථාගතශ්‍රාවකයෙක් වේවයි එබඳු ඔහු මෙසේ සිතින් සිත පිරිසිඳ දන්නේය: මේ ආයුෂ්මත් අභිධ්‍යා බහුල කොට ඇතියේ අභිධ්‍යායෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල අභිධ්‍යා පර්‍ය්‍යුත්‍ථානය වනාහි තථාගත ප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
Pali BJTබ්යාපන්නො ඛො පන අයමායස්මා බ්යාපාදපරියුට්ඨිතෙන චෙතසා බහුලං විහරති, බ්යාපාදපරියුට්ඨානං ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
Sinhala BJTමේ ආයුෂ්මත් ව්‍යාපාදයට පැමිණියේ ව්‍යාපාදයෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල ව්‍යාපාද පර්‍ය්‍යුත්‍ථානය වනාහි තථාගත ප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
Pali BJTථීනමිද්ධො ඛො පන අයමායස්මා ථීනමිද්ධපරියුට්ඨිතෙන චෙතසා බහුලං විහරති, ථීනමිද්ධපරියුට්ඨානං ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
Sinhala BJTමේ ආයුෂ්මත් ථිනමිද්ධ ඇතියේ ථිනමිද්ධයෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල ථිනමිද්ධ පරියුට්ඨානය වනාහි තථාගත ප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
Pali BJTඋද්ධතො ඛො පන අයමායස්මා උද්ධච්චපරියුට්ඨිතෙන චෙතසා බහුලං විහරති, උද්ධච්චපරියුට්ඨානං ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
Sinhala BJTමේ ආයුෂ්මත් උද්ධත වූයේ ඖද්ධතයෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල ඖද්ධත්‍යපර්‍ය්‍යුත්‍ථානය වනාහි තථාගත ප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
Pali BJTවිචිකිච්ඡො ඛො පන අයමායස්මා විචිකිච්ඡාපරියුට්ඨිතෙන චෙතසා බහුලං විහරති, විචිකිච්ඡාපරියුට්ඨානං ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
Sinhala BJTමේ ආයුෂ්මත් විචිකිච්ඡා ඇතියේ විචිකිච්ඡායෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථානය වනාහි තථාගත ප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
Pali BJTකම්මාරාමො ඛො පන අයමායස්මා කම්මරතො කම්මාරාමතං අනුයුත්තො. කම්මාරාමතා ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
Sinhala BJTමේ ආයුෂ්මත් කර්‍මාරාම වූයේ කර්‍මයෙහි ඇලුණේ කර්‍මාරාමතායෙහි අනුයුක්තයෙක. තෙල කර්‍මාරාමතාව වනාහි තථාගත ප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
Pali BJTභස්සාරාමො ඛො පන අයමායස්මා භස්සරතො භස්සාරාමතං අනුයුත්තො, භස්සාරාමතා ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
Sinhala BJTමේ ආයුෂ්මත් දොඩමලු වූයේ දොඩමලු බැව්හි ඇලුණේ දොඩමලු බැව්හි අනුයුක්ත වේ. තෙල දොඩමලු බව වනාහි තථාගත ප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
Pali BJTනිද්දාරාමො ඛො පන අයමායස්මා නිද්දාරතො නිද්දාරාමතං අනුයුත්තො. නිද්දාරාමතා ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
Sinhala BJTමේ ආයුෂ්මත් නිද්‍රාරාම වූයේ නිද්‍රායෙහි ඇලුණේ නිද්‍රාරාමතායෙහි අනුයුක්තයෙක. තෙල නිද්‍රාරාමතාව වනාහි තථාගත ප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
Pali BJTසඞ්ගණිකාරාමො ඛො පන අයමායස්මා. සඞ්ගණිකරතො සඞ්ගණිකාරාමතං අනුයුත්තො, සඞ්ගණිකාරාමතා ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
Sinhala BJTමේ ආයුෂ්මත් සඞ්ඝණිකාරාම වූයේ සඞ්ඝණිකායෙහි ඇලුණේ සඞ්ඝණිකාරාමතායෙහි අනුයුක්තයෙක. තෙල සඞ්ඝණිකාරාමතාව වනාහි තථාගත ප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
Pali BJTමුට්ඨස්සති ඛො පන අයමායස්මා උත්තරිං කරණීයෙ ඔරමත්තකෙන විසෙසාධිගමෙන අන්තරාවොසානං ආපන්නො. අන්තරාවොසානගමනං ඛො පන තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පරිහානමෙතං.
Sinhala BJTමේ ආයුෂ්මත් මුළාසිහි ඇතියේ මතුයෙහි කරණී ඇතිවත් ම ස්වල්පමාත්‍ර විශේෂාධිගමයෙන් අන්තරාවොසානයට පැමිණියේ ය. තෙල අන්තරාවොසාගමනය වනාහි තථාගත ප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
Pali BJTසො වතාවුසො භික්ඛු ඉමෙ දසධම්මෙ අප්පහාය ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTඇවැත්නි, එ මහණ මෙ දස දහම් නො හැරපියා මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණේය යන තෙල කරුණ විද්‍යාමාන නොවේ.
Pali BJTසො වතාවුසො භික්ඛු ඉමෙ දසධම්මෙ පහාය ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සතීති ඨානමෙතං විජ්ජතීති:
Sinhala BJTඇවැත්නි, එ මහණ මෙ දස දහම් හැරපියා මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණේ ය යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.
Pali BJT10. 2. 4. 7.
Sinhala BJT10. 2. 4. 7.
Pali BJTඅධිකරණික සුත්තං
Sinhala BJTඅධිකරණික සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJTතත්ර ඛො භගවා කලන්දකං{1} භික්ඛුං ආරබ්භ භික්ඛූ ආමන්තෙසි ‘භික්ඛවො’ති. භදන්තෙති තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ කලන්‍දක මහණහු අරබයා ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යි එ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ ට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ.
Pali BJT1. ඉධ භික්ඛවෙ භික්ඛු අධිකරණිකො හොති, අධිකරණසමථස්ස න වණ්ණවාදී. යම්පි භික්ඛවෙ භික්ඛු අධිකරණිකො හොති, අධිකරණසමථස්ස න වණ්ණවාදී, අයම්පි ධම්මො න පියත්තාය න ගරුත්තාය න භාවනාය න සාමඤ්ඤාය න එකීභාවාය සංවත්තති.
Sinhala BJT1. මහණෙනි, මෙ සස්නෙහි මහණ අධිකරණ ඇතියේ අධිකරණ සමථයාගේ වර්‍ණවාදී නො වෙයි. මහණෙනි, යම් හෙයකින් මහණ අධිකරණ ඇතියේ අධිකරණ සමථයාගේ වර්‍ණවාදී නො වේ නම් මෙ දහම ද ප්‍රියභාවය පිණිස ගුරුභාවය පිණිස භාවනාව පිණිස ශ්‍රමණ භාවය පිණිස එකි භාවය පිණිස නො වැටේ.
Pali BJT2. පුන චපරං භික්ඛවෙ භික්ඛු න සික්ඛාකාමො හොති, සික්ඛාසමාදානස්ස න වණ්ණවාදී. යම්පි භික්ඛවෙ භික්ඛු න සික්ඛාකාමො හොති, සික්ඛාසමාදානස්ස න වණ්ණවාදී, අයම්පි ධම්මො න පියත්තාය න ගරුත්තාය න භාවනාය න සාමඤ්ඤාය න එකීභාවාය සංවත්තති.
Sinhala BJT2. තවද මහණෙනි, මහණ ශික්‍ෂාකාම නො වූයේ ශික්‍ෂා සමාදානයෙහි ගුණ කියන්නේ නොවෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ ශික්‍ෂ්‍යාකාම නො වූයේ ශික්‍ෂාසමාදානයාගේ ගුණ නො කියන සුලු වේ නම් මෙ දහම ද ප්‍රිය භාවය පිණිස ගුරු භාවය පිණිස භාවනාව පිණිස ශ්‍රමණ භාවය පිණිස ඒකී භාවය පිණිස නො වැටේ.
Pali BJT3. පුන චපරං භික්ඛවෙ භික්ඛු පාපිච්ඡො හොති, ඉච්ඡා විනයස්ස න වණ්ණවාදී. යම්පි භික්ඛවෙ භික්ඛු පාපිච්ඡො හොති, ඉච්ඡාවිනයස්ස න වණ්ණවාදී, අයම්පි ධම්මො න පියත්තාය න ගරුත්තාය න භාවනාය න සාමඤ්ඤාය න එකීභාවාය සංවත්තති.
Sinhala BJT3. තවද මහණෙනි, මහණ ලමු ඉච්ඡා ඇතියේ ඉච්ඡා විනයාගේ ගුණ නො කියන සුලු වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ ලමු ඉච්ඡා ඇතියේ ඉච්ඡා විනයයාගේ ගුණ නො කියන සුලු වේ නම් මෙ දහමුදු ප්‍රිය භාවය පිණිස ගුරු භාවය පිණිස භාවනාව පිණිස ශ්‍රමණ භාවය පිණිස ඒකී භාවය පිණිස නො වැටේ.
Pali BJT4. පුන චපරං භික්ඛවෙ භික්ඛු කොධනො හොති, කොධවිනයස්ස න වණ්ණවාදී. යම්පි භික්ඛවෙ භික්ඛු කොධනො හොති, කොධවිනයස්ස න වණ්ණවාදී, අයම්පි ධම්මො න පියත්තාය -පෙ- න එකීභාවාය සංවත්තති.
Sinhala BJT4. තවද මහණෙනි, මහණ කිපෙන සුලුයේ ක්‍රෝධ විනයාගේ ගුණ නො කියන සුලුයේ වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ කිපෙන සුලුයේ ක්‍රෝධවිනයාගේ ගුණ නො කියන සුලුයේ වේ නම් මෙ දහමුදු ප්‍රිය භාවය පිණිස ... ඒකී භාවය පිණිස නො වැටේ.
Pali BJT5. පුන චපරං භික්ඛවෙ භික්ඛු මක්ඛී හොති, මක්ඛ විනයස්ස න වණ්ණවාදී, යම්පි භික්ඛවෙ භික්ඛු මක්ඛී හොති, මක්ඛවිනයස්ස න වණ්ණවාදී, අයම්පි ධම්මො න පියත්තාය -පෙ- න එකීභාවාය සංවත්තති.
Sinhala BJT5. තවද මහණෙනි, මහණ මකු ගුණ ඇතියේ මක්ඛවිනයයාගේ ගුණ නො කියන සුලු නො වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ මකු ගුණ ඇතියේ මක්ඛවිනයයාගේ ගුණ නො කියන සුලු වේ නම් මෙ දහමුදු ප්‍රිය භාවය පිණිස ... ඒකී භාවය පිණිස නො වැටේ.