Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 14201-14300 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT2. සද්ධාය සීලෙන ච යොධ වඩ්ඪති පඤ්ඤාය චාගෙන සුතෙන චූභයං සො තාදිසො සප්පුරිසො විචක්ඛණො දිට්ඨෙව ධම්මෙ උභයෙන වඩ්ඪතීති
Sinhala BJT2. මෙලොව්හි යමෙක් ශ්‍රද්ධායෙනුදු ශීලයෙනුදු ප්‍රඥායෙනුදු ශ්‍රැතයෙනුදු වැඩේ නම් එබඳු විචක්‍ෂණ ඒ සත්පුරුෂයා ඉහාත්මයෙහි ම උභයාර්‍ත්‍ථයෙන් වැඩෙන්නේ යි.
Pali BJT10. 2. 3. 5.
Sinhala BJT10. 2. 3. 5.
Pali BJTමිගසාලා සුත්තං
Sinhala BJTමිගසාලා සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා ආනන්දො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන මිගසාලාය උපාසිකාය නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො මිගසාලා උපාසිකා යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නා ඛො මිගසාලා උපාසිකා ආයස්මන්තං ආනන්දං එතදවොච:
Sinhala BJTඑක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ ජේතවන ආරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ පෙරවරුයෙහි හැඳ පෙරව පා සිවුරු රැගෙන මිගසාලා උවැසියගේ නිවස කරා එළඹියහ. එලඹ පැනවූ අස්නෙහි හුන්හ. ඉක්බිති මිගසාලා උපාසිකා ආයුෂ්මත් අනඳ තෙරුන් කරා එළඹියා. එළඹ ආයුෂ්මත් අනඳ තෙරුන් සකසා වැඳ එකත්පස්ව හුනු, එකත්පස්ව හුන් මිගසාලා උපාසිකා ආයුෂ්මත් අනඳ තෙරුන්ට තෙල කරුණ සැළ කළා:
Pali BJTකථං කථං නාමායං භන්තෙ ආනන්ද භගවතා ධම්මො දෙසිතො අඤ්ඤෙය්යො, යත්ර හි නාම බ්රහ්මචාරී ච අබ්රහ්මචාරී ච උභො සමසමගතිකා භවිස්සන්ති අභිසම්පරායං? පිතා මෙ භන්තෙ පුරාණො බ්රහ්මචාරී අහොසි ආරාචාරී විරතො මෙථුනා ගාමධම්මා. සො කාලකතො භගවතා ව්යාකතො සකදාගාමී සත්තො තුසිතං කායං උප්පන්නො’ති. පෙත්තා පි යො මෙ භන්තෙ ඉසිදත්තො අබ්රහ්මචාරී අහොසි සදාරසන්තුට්ඨො. සොපි කාලකතො භගවතා බ්යාකතො සකදාගාමී සත්තො තුසිතං කායං උපපන්නො’ති.
Sinhala BJTවහන්ස, ආනන්‍දයෙනි, යම් ම ධර්‍මයක බ්‍රම්සැරිත් අබ්‍රම්සැරිත් යන දෙදෙන පරලොව්හි සම සමගතික වෙත් නම් භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්‍මය කිසෙයින් කිසෙයින් දතයුතු කොට දෙසන ලද්දේ ද? වහන්ස, පුරාණ නම් වූ ම පිය ග්‍රාමධර්‍ම වූ මෛථුනයෙන් වැළකියේ දුරුවූයේ බ්‍රහ්මචාරී විය. හේ සකෘදාගාමීසත්ත්‍ව වූයේ කලුරිය කළේ තුෂිත දේවකායේහි උපනැයි භාග්‍යවතුන් වහන්සේ විසින් ව්‍යාකෘත ය. වහන්ස, මාගේ සුළුපිය ඉසිදත්ත ස්වදාරසන්ගෙන් තුෂ්ට වූයේ අබ්‍රහ්මචාරී විය. හේ ද සකෘදාගාමී සත්ත්‍වවූයේ කලුරිය කළේ තුෂිත දේවකායෙහි උපනැයි භාග්‍යවතුන් වහන්සේ විසින් ව්‍යාකෘත ය.
Pali BJTකථං කථං නාමායං භන්තෙ ආනන්ද භගවතා ධම්මො දෙසිතො අඤ්ඤෙය්යො, යත්ර හි නාම බ්රහ්වචාරී ච අබ්රහ්මචාරී ච උභොසමසමගතිකා භවිස්සන්ති අභිසම්පරායන්ති. එවං ඛො පනෙතං භගිනි භගවතා බ්යාකතන්ති.
Sinhala BJTවහන්ස, ආනන්‍දයෙනි, යම් ධර්‍මයෙක්හි බ්‍රහ්මචාරීත් අබ්‍රහ්මචාරීත් යන දෙදෙන පරලොව්හි සම සමගතික වෙත් නම් මේ ධර්‍මය කෙසේ කෙසේ දතයුතු කොට භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද ද? බුහුන තෙල භාග්‍යවතුන් වහන්සේ විසින් මෙපරිදි ම ව්‍යාකෘත වේ යි.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො මිගසාලාය උපාසිකාය නිවෙසනෙ පිණ්ඩපාතං ගහෙත්වා උට්ඨායාසනා පක්කාමි. අථ ඛො ආයස්මා ආනන්දො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච:
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ මිගසාලා උවැසියන්ගේ නිවෙස්නෙහි පිඬුවා ගෙන හුනස්නෙන් නැගී ගියහ. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ පසුබත පිඬුවායෙන් පෙරළා ආවාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ:
Pali BJTඉධාහං භන්තෙ පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන මිගසාලාය උපාසිකාය නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදිං. අථ ඛො භන්තෙ මිගසාලා උපාසිකා යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නා ඛො භන්තෙ මිගසාලා උපාසිකා මං එතදවොච:
Sinhala BJTවහන්ස, මම පෙරවරුයෙහි හැඳ පෙරව පාසිවුරු රැගෙන මිගසාලා උවැසියගේ නිවෙස්නට ගියෙමි, පැනවූ අස්නෙහි හුන්මි. වහන්ස, එකල්හි මිගසාලා උපාසිකාව මා කරා එළැඹියා. එළඹ මා සකසා වැඳ එකත්පස්ව හුණු. වහන්ස, එකත්පස්ව හුන් මිගසාලා උපාසිකා මට තෙල සැළ කළා:
Pali BJTකථං කථං නාමායං භන්තෙ ආනන්ද භගවතා ධම්මො දෙසිතො අඤ්ඤෙය්යො, යත්ර හි නාම බ්රහ්මචාරී ච අබ්රහ්මචාරී ච උභො සමසමගතිකා භවිස්සන්ති අභිසම්පරායං? පිතා මෙ භන්තෙ පුරාණො බ්රහ්මචාරී අහොසි ආරාචාරී විරතො මෙථුනා ගාමධම්මා. සො කාලකතො භගවතා බ්යාකතො සකදාගාමී සත්තො තුසිතං කායං උපපන්නොති. පෙත්තාපි යො මෙ භන්තෙ ඉසිදත්තො අබ්රහ්මචාරී අහොසි සදාරසන්තුට්ඨො, සො’පි කාලකතො භගවතා බ්යාකතො සකදාගාමී සත්තො තුසිතං කායං උපපන්නොති.
Sinhala BJTවහන්ස, යම් ම ධර්‍මයෙක්හි බ්‍රහ්මචාරීත් අබ්‍රහ්මචාරීත් යන දෙදෙන පරලොව්හි සම සම ගතික වෙත් නම් මේ ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ විසින් කෙසේ කෙසේ නම් දතයුතු කොට දෙසන ලද ද? වහන්ස, පුරාණ නම් ම පිය ග්‍රාමධර්‍ම වූ මෛථුනයෙන් වැළකියේ, වෙන් වූයේ, බ්‍රහ්මචාරී විය. හේ සකෘදාගාමී සත්ත්‍ව වූයේ කලුරිය කළේ තුෂිතකායයෙහි උපනැයි භාග්‍යවතුන් වහන්සේ විසින් ව්‍යාකෘතය. වහන්ස, මා සුළුපිය ඉසිදත්ත ස්වදාරසන්තුෂ්ට වූයේ අබ්‍රහ්මචාරී විය. හෙ ද සකෘදාගාමී සත්ත්‍ව වූයේ කලුරිය කළේ තුෂිතකායයෙහි උපනැයි භාග්‍යවතුන් වහන්සේ විසින් ව්‍යාකෘත ය.
Pali BJTකථං කථං නාමායං භන්තෙ ආනන්ද භගවතා ධම්මො දෙසිතො අඤ්ඤෙය්යො, යත්ර හි නාම බ්රහ්මචාරී ච අබ්රහ්මචාරී ච උභො සමසමගතිකා භවිස්සන්ති අභිසම්පරායන්ති, එවං වුත්තෙ අහං භන්තෙ මිගසාලං උපාසිකං එතදවොචං: එවං ඛො පනෙතං භගිනි භගවතා බ්යාකතන්ති.
Sinhala BJTවහන්ස, යම් ම ධර්‍මයක බ්‍රහ්මචාරීත් අබ්‍රහ්මචාරීත් යන දෙදෙන පරලොව්හි සම සම ගතික වෙත් නම් මේ ධර්‍මය කෙසේ කෙසේ නම් අඥේය කොට භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද ද? වහන්ස, මෙසේ කී කල්හි මම මිගසාලා උපාසිකාවට තෙල කීමි: “බුහුන, භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල එසේම වදාරන ලදැ” යි.
Pali BJTකා චානන්ද මිගසාලා උපාසිකා බාලා අබ්යත්තා අම්බකා අම්බකපඤ්ඤා{1}? කෙ ච පුරිසපුග්ගලපරොපරියඤාණො?
Sinhala BJTආනන්‍දය, බාල වූ අව්‍යක්ත වූ ස්ත්‍රීප්‍රඥා ඇති මාගමක් වන මිගසාලා උපාසිකා කවර? පුරුෂ
Pali BJTදසයිමෙ ආනන්ද පුග්ගලො සන්තො සංවිජ්ජමානා ලොකස්මි. කතමෙ දස:
Sinhala BJTපුද්ගලයන්ගේ පරාවරඥානයෙහි ලා (සම්මාසම්බුදු වරයෝ) කවරහ?
Pali BJT1. ඉධානන්ද එකච්චො පුග්ගලො දුස්සීලො හොති, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති, යත්ථස්ස තං දුස්සීල්යං අපරිසෙසං නිරුජ්ඣති, තස්ස සවණෙන පි අකතං හොති, බාහුසච්චෙන පි අකතං හොති දිට්ඨියා පි අප්පටිවිද්ධං හොති, සාමයිකම්පි{2} විමුත්තිං න ලභති, සො කායස්ස භෙදා පරම්මරණා හානාය පරෙති නො විසෙසාය, හානගාමී යෙච හොති නො විසෙසගාමී.
Sinhala BJT1. ආනන්‍දයෙනි, මෙලොව්හි අන්‍යතර පුද්ගලයෙක් දුස්සීල වෙයි. ඒ ඵලසමාධි ඵලප්‍රඥා ද ඇතිසැටි නොදන්නේය. යම් මාර්‍ගයක ඔහුගේ ඒ දෞශශීල්‍යය අනවශේෂ කොට නිරුද්ධ වේ නම් ඔහු විසින් එය ශ්‍රවණයෙනුදු නො අසන ලද වෙයි. බාහුශ්‍රැත්‍යයෙනුදු නො හසළ වෙයි. දෘෂ්ටියෙනුදු නො පිළිවිදුනා ලද වෙයි. සාමයික වූ ද (ප්‍රීතිප්‍රාමෝද්‍යසඞ්ඛ්‍යාත) විමුක්තිය නො ලබයි. හේ කාබුන් මරණින් මතු හානියට ම යෙයි. විශේෂයට නො යෙයි. හානගාමී ම වෙයි. විශේෂගාමී නො වේ.
Pali BJT2. ඉධ පනානන්ද එකච්චො පුග්ගලො දුස්සීලො හොති, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති, යත්ථස්ස තං දුස්සීල්යං අපරිසෙසං නිරුජ්ඣති, තස්ස සවණෙන’පි කතං හොති, බාහුසච්චෙන’පි කතං හොති දිට්ඨියා’පි පටිවිද්ධං හොති, සාමයිකම්පි විමුත්තිං ලභති, සො කායස්ස භෙදා පරම්මරණා විසෙසාය පරෙති, නො හානාය, විසෙසගාමී යෙව හොති, නො හානගාමී.
Sinhala BJT2. ආනන්‍දයෙනි, මෙලොව්හි අන්‍යතර පුද්ගලයෙක් දුස්සීල වෙයි. චිත්තසමාධිය හා ප්‍රඥාවිමුක්තියත් ඇති සැටි දනියි. යම් මගෙක ඔහුගේ ඒ දුස්සීල්‍යය අනවශේෂ කොට නිරුද්ධ වේ නම් ඒ ශ්‍රවණයෙනුදු අසන ලද වෙයි, බාහුශ්‍රැත්‍යයෙනුදු හසළ වෙයි, දෘෂ්ටියෙනුදු පිළිවිදුනා ලද වෙයි, සාමයික විමුක්තිය ද ලබයි. හේ කාබුන් මරණින් මතු විශේෂයට පැමිණෙයි. හානියට නො පැමිණෙයි. විශේෂගාමී වෙයි. හානගාමී නො වේ.
Pali BJTතත්රානන්ද පමාණිකා පමිණන්ති ‘ඉමස්සාපි තෙව ධම්මා, අපරස්සාපි තෙව ධම්මා. කස්මා තෙසං එකො හීනො, එකො පණීතො’ති. තං හි තෙසං ආනන්ද හොති දීඝරත්තං අහිතාය දුක්ඛාය.
Sinhala BJTආනන්‍දයෙනි, එහිලා ප්‍රාමාණිකයෝ තුලනා කෙරෙත්: “මොහුදුගේ ඒ ධර්‍මයෝ ම වෙත්. පරාගේ ද එම ධර්‍මයෝ වෙත්. කවර හෙයින් ඔවුනතුරෙන් එකෙක් හීන වේ ද, එකෙක් ප්‍රණීත වේදැ”යි. ආනන්‍දයෙනි, ඒ ප්‍රමාණකරණය ඔවුනට දීර්‍ඝරාත්‍රියෙහි අහිත පිණිස දුක් පිණිස වෙයි.
Pali BJTතත්රානන්ද ය්වායං පුග්ගලො දුස්සීලො හොති. තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූකං පජානාති. යත්ථස්ස තං දුස්සීල්යං අපරිසෙසං නිරුජ්ඣති. තස්ස සවණෙන’පි කතං හොති, බාහුසච්චෙනපි කතං හොති, දිට්ඨියා’පි පටිවිද්ධං හොති. සාමයිකම්පි විමුත්තිං ලභති, අයං ආනන්ද පුග්ගලො අමුනා පුරිමෙන පුග්ගලෙන අභික්කන්තතරො ච පණීතතරො ච. තං කිස්ස හෙතු: ඉමං හි ආනන්ද පුග්ගලං ධම්මසොතො නිබ්බහ{1}ති. තදන්තරං{2} කො ජානෙය්ය අඤ්ඤත්ර තථාගතෙන. තස්මාතිහානන්ද මා පුග්ගලෙසු පමාණිකා අහුවත්ථ, මා පුග්ගලෙසු පමාණං ගණ්හිත්ථ, ඛඤ්ඤතිහානන්ද පුග්ගලො පුග්ගලෙසු පමාණං ගණ්හන්තො, අහං චානන්ද{3} පුග්ගලෙසු පමාණං ගණ්හෙය්යං, යො වාපනස්ස මාදිසො.
Sinhala BJTආනන්‍දයෙනි, එහි ලා යම් ඒ පුද්ගලයෙක් දුස්සීල වේ ද ඒ චිත්ත විමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා ඇති සැටි නො දනී ද, යම් ම මගක ඔහුගේ ඒ දෞශ්ශීල්‍යය අනවශේෂ කොට නිරුද්ධ වේද, ඔහු විසින් එය ශ්‍රවණයෙනුදු අසන ලද වෙයි, බාහුශ්‍රැත්‍යයෙනුදු හසළ වෙයි, දෘෂ්ටියෙනුදු ප්‍රතිවිද්ධ වෙයි, සාමයික විමුක්තිය ද ලබයි. ආනන්‍දයෙනි, මෙ පුඟුල් අසෝ පළමු පුඟුලාගෙන් වඩා සුන්‍දර ද වඩා උත්තම ද වෙයි. එ කවර හෙයින යැ: ආනන්‍දයෙනි, විදර්‍ශනා ඥාන සඞ්ඛ්‍යාත ධර්‍මශ්‍රෝතස මෙ පුඟුල් (අරීබිමට) පමුණුවයි. තථාගතයන් හැර එහි වෙනස කවරෙක් දන්නේ ද? ආනන්‍දයෙනි, එහෙයින් මෙ කරුණෙහි ලා පුඟුලන් විසාහි නහමක් ප්‍රාමාණික වවු. පුඟුලන් විසාහි නහමක් පමණ ගනිවු. ආනන්‍දයෙනි, පුද්ගලයන් කෙරෙහි පමණ ගන්නා පුඟුල් ගුණ විසින් ඛනනයට පැමිණේ මැයි. ආනන්‍දයෙනි, මම් හෝ පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණය ගන්නෙමි, ම බන්දෙක් හෝ වේ නම් (ප්‍රමාණ ගන්නේ) යී.
Pali BJT3. ඉධ පනානන්ද එකච්චො පුග්ගලො සීලවා හොති, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති, යත්ථස්ස තං සීලං අපරිසෙසං නිරුජ්ඣති, තස්ස සවණෙන පි අකතං හොති, බාහුසච්චෙන පි අකතං හොති, දිට්ඨියා පි අප්පටිවිද්ධං හොති, සාමයිකම්පි විමුත්තිං න ලභති, සො කායස්ස භෙදා පරම්මරණා හානාය පරෙති, නො විසෙසං හානගාමී යෙව හොති, නො විසෙසගාමී.
Sinhala BJT3. ආනන්‍දයෙනි, මෙහි අන්‍යතර පුද්ගලයෙක් සිල්වත් වෙයි. ඒ චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා ඇති සැටි නො දන්නේ ය. යම් මගෙක ඔහුගේ ඒ ශීලය අනවශේෂ කොට නිරුද්ධ වේ නම් ඔහු විසින් එය ශ්‍රවණයෙනුදු නො අසන ලද වෙයි, බාහුශැත්‍යයෙනුදු නො හසළ වෙයි, දෘෂ්ටියෙනුදු අප්‍රතිවිද්ධ වෙයි, සාමයිකවිමුක්තියද නො ලබයි. හේ කාබුන් මරණින් මතු හානියට පැමිණෙයි. විශේෂයට නො පැමිණෙයි. හානගාමී ම වෙයි. විශේෂගාමී නො වේ.
Pali BJT4. ඉධ පනානන්ද එකච්චො පුග්ගලො සීලවා හොති, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති, යත්ථස්ස තං සීලං අපරිසෙසං නිරුජ්ඣති, තස්ස සවණෙන පි කතං හොති, බාහුසච්චෙන පි කතං හොති, දිට්ඨියා පි පටිවිද්ධං හොති.
Sinhala BJT4. ආනන්‍දයෙනි, මෙහි අන්‍යතර පුද්ගලයෙක් සිල්වත් වෙයි. ඒ චේතෝවිමුක්තියත් පඤ්ඤාවිමුක්තියත් ඇති සැටි දනියි. යම් මගෙක ඔහුගේ ඒ ශීලය අනවශේෂ කොට නිරුද්ධ වේ නම් ඔහු විසින් එය ශ්‍රවණයෙනුදු අසන ලද වෙයි, බාහුශැත්‍යයෙනුදු හසළ වෙයි, දෘෂ්ටියෙනුදු ප්‍රතිවිද්ධ වෙයි,
Pali BJTසාමයිකම්පි විමුත්තිං ලභති, සො කායස්ස භෙදා පරම්මරණා විසෙසාය පරෙති, නො හානාය. විසෙසගාමීයෙව හොති, නො හානගාමී.
Sinhala BJTසාමයික විමුක්තිය ද ලබයි. හේ කාබුන් මරණින් මතු විශේෂයට පැමිණෙයි. හානියට නො පැමිණෙයි. විශේෂගාමී ම වෙයි. හානගාමී නො වේ.
Pali BJTතත්රානන්ද පමාණිකා පමිණන්ති -පෙ- ආහං චානන්ද පුග්ගලෙසු පමාණං ගණ්හෙය්යං, යො වා පනස්ස මාදිසො.
Sinhala BJTආනන්‍දයෙනි, එහි ලා ප්‍රාමාණිකයෝ පමණ කරත් ... මම් හෝ පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණය ගන්නෙමි, මා බඳු යමෙක් හෝ වේ නම් (ප්‍රමාණ ගන්නේ) යී.
Pali BJT5. ඉධ පනානන්ද එකච්චො පුග්ගලො තිබ්බරාගො හොති, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති, යත්ථස්ස සො රාගො අපරිසෙසො නිරුජ්ඣති, තස්ස සවණෙනපි අකතං හොති, බාහුසච්චෙන පි අකතං හොති, දිට්ඨියාපි අපටිවිද්ධං හොති, සාමයිකම්පි{1} විමුත්තිං න ලභති, සො කායස්ස භෙදා පරම්මරණා හානාය පරෙති, නො විසෙසාය, හානගාමී එව හොති, නො විසෙසගාමී.
Sinhala BJT5. ආනන්‍දයෙනි, මෙ ලොව්හි අන්‍යතර පුද්ගලයෙක් තීව්‍රරාග වෙයි. ඒ චිත්තවිමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් ඇතිසැටි නො දන්නේ ය. යම් මාර්‍ගයෙක්හි ඔහුගේ ඒ රාගය අනවශේෂ කොට නිරුද්ධ වේ නම්, එහු විසින් එය ශ්‍රවණයෙනුදු නො අසන ලද වෙයි, බාහුශැත්‍යයෙනුදු නො හසළ වෙයි, දෘෂ්ටියෙනුදු අප්‍රතිවිද්ධ වෙයි, සාමයික විමුක්තිය ද නො ලබන්නේ ය. හේ කාබුන් මරණින් මතු හානියට පැමිණෙයි. විශේෂයට නො පැමිණෙයි. හානගාමී ම වෙයි. විශේෂගාමී නොවේ.
Pali BJT6. ඉධ පනානන්ද එකච්චො පුග්ගලො තිබ්බරාගො හොති, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති, යත්ථස්ස සො රාගො අපරිසෙසො නිරුජ්ඣති. තස්ස සවණෙනපි කතං හොති, බාහුසච්චෙනපි කතං හොති, දිට්ඨියාපි පටිවිද්ධං හොති, සාමයිකම්පි විමුත්තිං ලභති. සො කායස්ස භෙදා පරම්මරණා විසෙසාය පරෙති නො හානාය, විසෙසගාමීයෙව හොති නො හානගාමී.
Sinhala BJT6. ආනන්‍දයෙනි, මෙහි අන්‍යතර පුද්ගලයෙක් තීව්‍රරාග වෙයි. ඒ චිත්ත විමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා ඇතිසැටි දන්නේ ය. යම් මාර්‍ගයෙක්හි ඔහුගේ ඒ රාගය අනවශේෂව නිරුද්ධ වේ නම්, ඔහු විසින් එය ශ්‍රවණයෙනුදු අසන ලද වෙයි, බාහුශැත්‍යයෙනුදු හසළ වෙයි, දෘෂ්ටියෙනුදු ප්‍රතිවිද්ධ වෙයි, සාමයික විමුක්තිය ද ලබනේ ය. හේ කාබුන් මරණින් මතු විශේෂයට පැමිණෙයි. හානියට නො පැමිණෙයි. විශේෂගාමී ම වෙයි. හානගාමී නො වේ.
Pali BJTතත්රානන්ද පමාණිකා පමිණන්ති -පෙ- අහං චානන්ද පුග්ගලෙසු පමාණං ගණ්හෙය්යං, යො වා පනස්ස මාදිසො.
Sinhala BJTආනන්‍දයෙනි, එහිලා ප්‍රාමාණිකයෝ ප්‍රමාණ කරත් ... ආනන්‍දයෙනි, පුද්ගලයන් කෙරෙහි මම් හෝ ප්‍රමාණය ගන්නෙමි, මා බඳු යමෙක් වේ නම් හෝ (ප්‍රමාණය ගන්නේ) යි.
Pali BJT7. ඉධ පනානන්ද එකච්චො පුග්ගලො කොධනො හොති, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති. යත්ථස්ස සො කොධො අපරිසෙසො නිරුජ්ඣති, තස්ස සවණෙනපි අකතං හොති, බාහුසච්චෙනපි අකතං හොති, දිට්ඨියාපි අප්පටිවිද්ධං හොති, සාමයිකම්පි විමුත්තිං න ලභති. සො කායස්ස භෙදා පරම්මරණා හානාය පරෙති නො විසෙසාය, හානගාමීයෙව හොති නො විසෙසගාමී.
Sinhala BJT7. ආනන්‍දයෙනි, මෙහි අන්‍යතර පුද්ගලයෙක් කිපෙනසුලු වෙයි. ඒ චිත්තවිමුක්තිය හා ප්‍රඥා විමුක්තිය හා ඇති සැටි නො දන්නේය, යම් මාර්‍ගයෙක් ඔහුගේ ඒ ක්‍රෝධය අනවශේෂව නිරුද්ධ වේ නම් ඔහු විසින් ශ්‍රවණයෙනුදු එය අකෘත වෙයි, බාහුශ්‍රැත්‍යයෙනුදු අකෘත වෙයි, දෘෂ්ටයෙනුදු අප්‍රතිවිද්ධ වෙයි, සාමයික විමුක්තිය ද නො ලබනේ ය. හේ කාබුන් මරණින් මතු හානියට යෙයි. විශේෂයට නොයෙයි හානගාමී ම වෙයි. විශේෂගාමී නො වේ.
Pali BJT8. ඉධ පනානන්ද එකච්චො පුග්ගලො කොධනො හොති, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති. යත්ථස්ස සො කොධො අපරිසෙසො නිරුජ්ඣති. තස්ස සවණෙනපි කතං හොති, බාහුසච්චෙනපි කතං හොති, දිට්ඨියාපි පටිවිද්ධං හොති, සාමයිකම්පි විමුත්තිං ලභති. සො කායස්ස භෙදා පරම්මරණා විසෙසාය පරෙති නො හානාය, විසෙසගාමීයෙව හොති නො හානගාමී.
Sinhala BJT8. ආනන්‍දයෙනි, මෙහි අන්‍යතර පුද්ගලයෙක් කිපෙනසුලු වෙයි. ඒ චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා ඇති සැටි දන්නේය, යම් මාර්‍ගයෙක් ඔහුගේ ඒ ක්‍රෝධය අනවශේෂව නිරුද්ධ වේ නම් ඔහු විසින් එය ශ්‍රවණයෙනුදු කරන ලද වෙයි, බාහුශ්‍රැත්‍යයෙනුදු කරන ලද වෙයි, දෘෂ්ටියෙනුදු කරන ලද වෙයි, සාමයික විමුක්තිය ද ලබනේ ය. හේ කාබුන් මරණින් මතු විශේෂයට යෙයි. හානයට නො යෙයි. විශේෂගාමී ම වෙයි. හානගාමී නො වෙයි.
Pali BJTතත්රානන්ද පමාණිකා පමිණන්ති -පෙ- අහං චානන්ද පුග්ගලෙසු පමාණං ගණ්හෙය්යං, යො වා පනස්ස මාදිසො.
Sinhala BJTආනන්‍දයෙනි, එහිලා ප්‍රාමාණිකයෝ ප්‍රමාණ කරත් ... ආනන්‍දයෙනි, මම හෝ පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණ ගන්නෙම්, යමෙක් මබඳු හෝ වේ නම් (ගන්නේ) යි.
Pali BJT9. ඉධ පනානන්ද එකච්චො පුග්ගලො උද්ධතො හොති, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති. යත්ථස්ස තං උද්ධච්චං අපරිසෙසං නිරුජ්ඣති, තස්ස සවණෙනපි අකතං හොති, බාහුසච්චෙනපි අකතං හොති, දිට්ඨියාපි අප්පටිවිද්ධං හොති, සාමයිකම්පි විමුත්තිං න ලභති. සො කායස්ස භෙදා පරම්මරණා හානාය පරෙති නො විසෙසාය, හානගාමීයෙව හොති නො විසෙසගාමී.
Sinhala BJT9. ආනන්‍දයෙනි, මෙහි අන්‍යතර පුද්ගලයෙක් උද්ධත වෙයි. ඒ චිත්තවිමුක්තිය හා ප්‍රඥා විමුක්තිය හා ඇති සැටි නො දන්නේය, යම් මාර්‍ගයෙක ඔහුගේ ඒ ඖද්ධත්‍යය අනවශේෂව නිරුද්ධ වේ නම් ඔහු විසින් ශ්‍රවණයෙනුදු අකෘත වෙයි, බාහුශ්‍රැත්‍යයෙනුදු අකෘත වෙයි, දෘෂ්ටියෙනුදු අප්‍රතිවිද්ධ වෙයි, සාමයික විමුක්තිය ද නොලබයි. හේ කාබුන් මරණින් මතු හානියට යෙයි. විශේෂයට නො යෙයි. හානගාමී ම වෙයි. විශේෂගාමී නො වේ.
Pali BJT10. ඉධ පනානන්ද එකච්චො පුග්ගලො උද්ධතො හොති, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති. යත්ථස්ස තං උද්ධච්චං අපරිසෙසං නිරුජ්ඣති, තස්ස සවණෙනපි කතං හොති, බාහුසච්චෙනපි කතං හොති, දිට්ඨියාපි පටිවිද්ධං හොති, සාමයිකම්පි විමුත්තිං ලභති. සො කායස්ස භෙදා පරම්මරණා විසෙසාය පරෙති නො හානාය. විසෙසගාමීයෙව හොති නො හානගාමී.
Sinhala BJT10. ආනන්‍දයෙනි, මෙහි අන්‍යතර පුද්ගලයෙක් උද්ධත වෙයි. ඒ චිත්තවිමුක්තිය හා ප්‍රඥා විමුක්තිය හා ඇති සැටි දන්නේය. යම් මාර්‍ගයෙක්හි ඔහුගේ ඒ ඖද්ධත්‍යය අනවශේෂව නිරුද්ධ වේ නම්, ඔහු විසින් ශ්‍රවණයෙනුදු කරන ලද වෙයි, බාහුශ්‍රැත්‍යයෙනුදු කරන ලද වෙයි, දෘෂ්ටයෙනුදු ප්‍රතිවිද්ධ වෙයි, සාමයික විමුක්තිය ද ලබනේ ය. හේ කාබුන් මරණින් මතු විශේෂයට පැමිණෙයි. හානියට නො පැමිණෙයි. විශේෂගාමී ම වෙයි. හානගාමී නො වේ.
Pali BJTතත්රානන්ද පමාණිකා පමිණන්ති “ඉමස්සපි තෙව ධම්මා, අපරස්සපි තෙව ධම්මා. කස්මා නෙසං එකො හීනො එකො පණීතො”ති. තං හි තෙසං ආනන්ද හොති දීඝරත්තං අහිතාය දුක්ඛාය.
Sinhala BJTආනන්‍දයෙනි, එහිලා ප්‍රාමාණිකයෝ ප්‍රමාණ කරත්: මොහුගේ ද එම ධර්‍මයෝය, අන්හුගේ ද එම ධර්‍මයෝ ය. කවර හෙයින් ඔවුනතුරෙන් එකෙක් හීන වේ ද? එකෙක් ප්‍රණීත වේ දැ”යි. ආනන්‍දයෙනි, එය ම ඔවුනට දීර්‍ඝරාත්‍රයෙහි අහිතය පිණිස දුක් පිණිස වෙයි.
Pali BJTතත්රානන්ද ය්වායං පුග්ගලො උද්ධතො හොති, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති. යත්ථස්ස තං උද්ධච්චං අපරිසෙසං නිරුජ්ඣති. තස්ස සවණෙනපි කතං හොති, බාහුසච්චෙනපි කතං හොති, දිට්ඨියාපි පටිවිද්ධං හොති, සාමයිකම්පි විමුත්තිං ලභති.
Sinhala BJTආනන්‍දයෙනි, එහි යම් මේ පුද්ගලයෙක් උද්ධත වේ නම් ඒ චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා ඇති සැටි දන්නේ නම්, යම් මාර්‍ගයෙක්හි ඔහුගේ ඒ ඖද්ධත්‍යය අනවශේෂව නිරුද්ධ වේ නම්, ඔහු විසින් එය ශ්‍රවණයෙනුදු කෘත වෙයි, බාහුශ්‍රැත්‍යයෙනුදු කෘත වෙයි, දෘෂ්ටියෙනුදු ප්‍රතිවිද්ධ වෙයි, සාමයික විමුක්තිය ද ලබනේ ය.
Pali BJTඅයං ආනන්ද පුග්ගලො අමුනා පුරිමෙන පුග්ගලෙන අභික්කන්තතරො ච පණීතතරො ච. තං කිස්ස හෙතු: ඉමං හෙතං ආනන්ද පුග්ගලං ධම්මසොතො නිබ්බහති. තදන්තරං{1} කො ජානෙය්ය අඤ්ඤත්ර තථාගතෙන. තස්මා තිහානන්ද මා පුග්ගලෙසු පමාණිකා අහුවත්ථ, මා පුග්ගලෙසු පමාණං ගණ්හිත්ථ. ඛඤ්ඤතිහානන්ද පුග්ගලෙසු පමාණං ගණ්හන්තො. අහං වා ආනන්ද පුග්ගලෙසු පමාණං ගණ්හෙය්යං, යො වා පනස්ස මාදිසො.
Sinhala BJTආනන්‍දයෙනි, මෙ පුඟුල් තෙල පළමු පුඟුලාගෙන් සුන්‍දරතර ද ප්‍රණීතතර ද වෙයි. එ කවර හෙයින යත්: ආනන්‍දයෙනි, ධර්‍මස්‍රෝතස මෙ පුඟුලා නිවනට පමුණුවයි. එ වෙනස තථාගතයන් හැර කවරෙක් දන්නේ ද? ආනන්‍දයෙනි, එහෙයින් මෙහි ලා පුඟුලන් කෙරෙහි නහමක් ප්‍රාමාණික වවු, පුඟුලන් කෙරෙහි නහමක් පමණ ගනිවු. ආනන්‍දයෙනි, පුද්ගලයන් කෙරෙහි පමණ ගන්නේ ගුණ විසින් කණිනු ලබන්නේ ය. ආනන්‍දයෙනි, මම හෝ පුද්ගලයන් කෙරෙහි ප්‍රාමාණ ගන්නෙමි, යමෙක් මබඳු හෝ වේ නම් (ගන්නේ) යි.
Pali BJTකා චානන්ද මිගසාලා උපාසිකා බාලා අබ්යත්තා අම්බකා අම්බකපඤ්ඤා, කෙ ච පුරිසපුග්ගලපරොපරියෙ ඤාණෙ. ඉමෙ ඛො ආනන්ද දසපුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මි.
Sinhala BJTආනන්‍දයෙනි, බාල අව්‍යක්ත ස්ත්‍රියක් වන ස්ත්‍රීප්‍රඥා ඇති මිගසාලා උපාසිකා කවර? පුද්ගල පරවරඥානයෙහිලා (තථාගතවරයෝ) කවරහුය? ආනන්‍දයෙනි, මේ දසපුඟුල්හු ලෝකයෙහි විද්‍යාමාන වෙත්.
Pali BJTයථාරූපෙන ආනන්ද සීලෙන පුරාණො සමන්නාගතො අහොසි, තථාරූපෙන සීලෙන ඉසිදත්තො සමන්නාගතො අභවිස්ස, නයිධ පුරාණො ඉසිදත්තස්ස ගතිම්පි අඤ්ඤස්ස. යථාරූපාය ච ආනන්ද පඤ්ඤාය ඉසිදත්තො සමන්නාගතො අහොසි, යථාරූපාය පඤ්ඤාය පුරාණො සමන්නාගතෙ අභවිස්ස, නයිධ ඉසිදත්තො පුරාණස්ස ගතිම්පි අඤ්ඤස්ස. ඉති ඛො ආනන්ද ඉමෙ පුග්ගලා උභො එකඞ්ගහීනාති.
Sinhala BJTආනන්‍දයෙනි, යම් බඳු ශීලයෙකින් පුරාණ සමන්‍වාගත විද, එබඳු ශීලයෙන් ඉසිදත්ත ද සමන්‍වාගත වී නම් මෙහිලා පුරාණ ඉසිදත්තගේ ගතිදු නොදන්නේය. ආනන්‍දයෙනි, යම්බඳු ප්‍රඥායෙන් පුරාණ සමන්‍වාගත වී නම්, මෙහිලා ඉසිදත්ත පුරාණගේ ගතිදු නො දන්නේය. ආනන්‍දයෙනි, මෙසේ මේ පුද්ගල දෙදෙන ඒකාඞ්ගහීන වෙති” යි.
Pali BJT10. 2. 3. 6.
Sinhala BJT10. 2. 3. 6.
Pali BJTතයොධම්ම සුත්තං
Sinhala BJTතයෝධම්ම සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJTතයො මෙ භික්ඛවෙ ධම්මා ලොකෙ න සංවිජ්ජෙය්යුං, න තථාගතො ලොකෙ උප්පජ්ජෙය්ය අරහං සම්මාසම්බුද්ධො, න තථාගතප්පවෙදිතො ධම්මවිනයො ලොකෙ දිප්පෙය්ය. කතමෙ තයො:
Sinhala BJTමහණෙනි, මේ ධර්‍ම තුණක් ලොව විද්‍යාමාන නොවේ නම්, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයෝ ලොව නූපදනාහ. තථාගත ප්‍රවිදිත ධර්‍ම විනය ලොව්හි දීප්ත නොවන්නේ ය. කවර තුනෙක යත්:
Pali BJTජාති ච ජරා ච මරණඤ්ච. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මා ලොකෙ න සංවිජ්ජෙය්යුං, න තථාගතො ලොකෙ උප්පජ්ජෙය්ය අරහං සම්මාසම්බුද්ධො, න තථාගතප්පවෙදිතො ධම්මවිනයො ලෙකෙ දිප්පෙය්ය. යස්මා ච ඛො භික්ඛවෙ ඉමෙ තයො ධම්මා ලොකෙ සංවිජ්ජන්ති, තස්මා තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො. තස්මා තථාගතප්පවෙදිතො ධම්මවිනයො ලොකෙ දිප්පති.
Sinhala BJTජාතිය හා ජරාව හා මරණය හා යි. මහණෙනි, මෙ දහම් ගුණ ලොව්හි විද්‍යාමාන නොවේ නම්, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයෝ ලොව නූපදනාහ. තථාගත ප්‍රවිදිත ධර්‍ම විනය ලොව දීප්ත නො වන්නේ ය. මහණෙනි, යම් හෙයකින් මේ දහම් තුන ලොව දීප්ත වේ ද එහෙයින් අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයෝ ලොව උපදනාහ. එහෙයින් තථාගත ප්‍රවිදිත ධර්‍ම විනය ලොව්හි දීප්ත වෙයි.
Pali BJT1. තයොමෙ භික්ඛවෙ ධම්මෙ අප්පහාය අභබ්බො ජාතිං පහාතුං ජරං පහාතුං මරණං පහාතුං. කතමෙ තයො: රාගං අප්පහාය දොසං අප්පහාය මොහං අප්පහාය. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මෙ අප්පහාය අභබ්බො ජාතිං පහාතුං ජරං පහාතුං මරණං පහාතුං. {2}
Sinhala BJT1. මහණෙනි, මේ ධර්‍ම තුනක් නො පියා (ප්‍රහාණය නො කොට) ජාතිය පියන්නට ජරාව පියන්නට මරණය පියන්නට අභව්‍ය වෙයි. කවර තුනෙක යත්: රාගය නො පියා, ද්වේෂය නො පියා, මෝහය නො පියා යි. මහණෙනි, මේ තුන් දහම් නොපියා ජාතිය පියන්නට ජරාව පියන්නට මරණය පියන්නට අභව්‍ය වෙයි.
Pali BJT2. තයොමෙ භික්ඛවෙ ධම්මෙ අප්පහාය අභබ්බො රාගං පහාතුං දොසං පහාතුං මොහං පහාතුං. කතමෙ තයො: සක්කායදිට්ඨිං අප්පහාය විචිකිච්ඡං අප්පහාය සීලබ්බතපරාමාසං අප්පහාය. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මෙ අප්පහාය අභබ්බො රාගං පහාතුං දොසං පහාතුං මොහං පහාතුං.
Sinhala BJT2. මහණෙනි, මේ දහම් තුන නො පියා රාගය පියන්නට, ද්වේෂය පියන්නට, මෝහය පියන්නට අභව්‍යයි. කවර තුනෙකයත්: සක්කාය දිට්ඨිය නො පියා, විචිකිච්ඡාව නො පියා, සීලබ්බත පරාමාසය නො පියායි. මහණෙනි, මෙතුන් දහම් නො පියා රාගය පියන්නට ද්වේෂය පියන්නට මෝහය පියන්නට අභව්‍ය වෙයි.
Pali BJT3. තයොමෙ භික්ඛවෙ ධම්මෙ අප්පහාය අභබ්බො සක්කායදිට්ඨිං පහාතුං, විචිකිච්ඡං පහාතුං සීලබ්බතපරාමාසං පහාතුං. කතමෙ තයො: අයොනිසොමනසිකාරං අප්පහාය කුම්මග්ගසෙවනං අප්පහාය චෙතසො ලීනත්තං අප්පහාය. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මෙ අප්පහාය අභබ්බො සක්කාය දිට්ඨිං පහාතුං විචිකිච්ඡං පහාතුං සීලබ්බතපරාමාසං පහාතුං.
Sinhala BJT3. මහණෙනි, මෙ තුන් දහම් නො පියා සක්කාය දිට්ඨිය පියන්නට, විචිකිච්ඡාව පියන්නට, සීලබ්බත පරාමාසය පියන්නට අභව්‍යයි. කවර තුනෙක යත්: අයෝනිසෝමනසිකාරය නො පියාය, කුමග සෙවුනා නො පියාය, චිත්තයාගේ ලීනත්‍වය නො පියාය. මහණෙනි, මෙ තුන් දහම් නො පියා සක්කාය දිට්ඨිය පියන්නට, විචිකිච්ඡාව පියන්නට, සීලබ්බත පරාමාසය පියන්නට අභව්‍යයි.
Pali BJT4. තයොමෙ භික්ඛවෙ ධම්මෙ අප්පහාය අභබ්බො අයොනිසොමනසිකාරං පහාතුං කුම්මග්ගසෙවනං පහාතුං චෙතසො ලීනත්තං පහාතුං. කතමෙ තයො:’ මුට්ඨසච්චං අප්පහාය අසම්පජඤ්ඤං අප්පහාය චෙතසො වික්ඛෙපං අප්පහාය. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මෙ අප්පහාය අභබ්බො අයොනිසොමනසිකාරං පහාතුං කුම්මග්ගසෙවනං පහාතුං චෙතසොලීනත්තං පහාතුං.
Sinhala BJT4. මහණෙනි, මෙ තුන් දහමුන් නො පියා අයෝනිසෝමනසිකාරය පියන්නට, කුමග සෙවුනා පියන්නට, චිත්තයාගේ ලීනත්‍වය පියන්නට අභව්‍යයි. කවර තුනෙක යත්: සිහි මුළාව නොපියා, අසම්පජඤ්ඤය නො පියා, චිත්තයාගේ වික්‍ෂේපය නො පියා යි. මහණෙනි, මෙ දහම් තුන නො පියා අයෝනිසෝමනසිකාරය පියන්නට කුම්මග්ගසේවනය පියන්නට චිත්තයාගේ ලීනත්‍වය පියන්නට අභව්‍යයි.
Pali BJT5. තයොමෙ භික්ඛවෙ ධම්මෙ අප්පහාය අභබ්බො මුට්ඨසච්චං පහාතුං අසම්පජඤ්ඤං පහාතුං චෙතසො වික්ඛෙපං පහාතුං. කතමෙ තයො: අරියානමදස්සනකම්යතං අප්පහාය අරියධම්මස්ස අසොතුකම්යතං අප්පහාය උපාරම්භචිත්තං අප්පහාය. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මෙ අප්පහාය අභබ්බො මුට්ඨසච්චං පහාතුං අසම්පජඤ්ඤං පහාතුං චෙතසො වික්ඛෙපං පහාතුං.
Sinhala BJT5. මහණෙනි, මෙ දහම් තුන නො පියා මුළා සිහිය පියන්නට, අසම්පජඤ්ඤය පියන්නට, චිත්තවික්‍ෂේපය පියන්නට අභව්‍යයි. කවර තුනෙක යත්: ආර්‍ය්‍යයන්ගේ අදර්‍ශනකාම්‍යතාව නො පියා, ආර්‍ය්‍යධර්‍මයාගේ අශ්‍රෝතුකාම්‍යතාව නොපියා, උපාරම්භ (චිත්ත පරිභවකරනු කැමැති සිත) නො පියා යි. මහණෙනි, මෙ දහම් තුන නො පියා මුළා සිහිය පියන්නට, අසම්පජඤ්ඤය පියන්නට, චිත්තවික්‍ෂේපය පියන්නට අභව්‍ය යි.
Pali BJT6. තයොමෙ භික්ඛවෙ ධම්මෙ අප්පහාය අභබ්බො අරියානමදස්සනකම්යතං පහාතුං අරියධම්මස්ස අසොතුකම්යතං පහාතුං උපාරම්භචිත්තතං පහාතුං. කතමෙ තයො: උද්ධච්චං අප්පහාය අසංවරං අප්පහාය දුස්සීල්යං අප්පහාය. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මෙ අප්පහාය අභබ්බො අරියානමදස්සනකම්යතං පහාතුං අරියධම්මස්ස අසොතුකම්යතං පහාතුං උපාරම්භචිත්තතං පහාතුං.
Sinhala BJT6. මහණෙනි, මේ දහම් තුන නො පියා ආර්‍ය්‍යයන්ගේ අදර්‍ශනකාම්‍යතාව පියන්නට, ආර්‍ය්‍යධර්‍මයාගේ අශ්‍රෝතුකාම්‍යතාව පියන්නට, උපාරම්භ චිත්තාව පියන්නට අභව්‍ය යි. කවර තුනෙක යත්: උද්ධච්චය නො පියා, අසංවරය නො පියා, දෞශ්ශීල්‍යය නො පියා යි. මහණෙනි, මෙ දහම් තුන නො පියා ආර්‍ය්‍යයන්ගේ අදර්‍ශනකාම්‍යතාව පියන්නට, ආර්‍ය්‍යධර්‍මයාගේ අශ්‍රෝතුකාම්‍යතාව පියන්නට, උපාරම්භචිත්තාව පියන්නට අභව්‍ය යි.
Pali BJT7. තයොමෙ භික්ඛවෙ ධම්මෙ අප්පහාය අභබ්බො උද්ධච්චං පහාතුං අසංවරං පහාතුං දුස්සීල්යං පහාතුං. කතමෙ තයො: අස්සද්ධියං අප්පහාය අවදඤ්ඤුතං අප්පහාය කොසජ්ජං අප්පහාය. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මෙ අප්පහාය අභබ්බො උද්ධච්චං පහාතුං. අසංවරං පහාතුං දුස්සීල්යං පහාතුං.
Sinhala BJT7. මහණෙනි, මෙ දහම් තුන නො පියා උද්ධච්චය පියන්නට, අසංවරය පියන්නට, දෞශ්ශීලය පියන්නට අභව්‍යයි. කවරතුනෙක යත්: අස්සද්ධිය නො පියා, අවදඤ්ඤුතාව නො පියා (යාචකයන් බස් නො ද න්නා බව) නො පියා, කෝසජ්ජය නො පියා යි. මහණෙනි, මෙ දහම් තුන නො පියා උද්ධච්චය පියන්නට, අසංවරය පියන්නට, දෞශ්ශීල්‍යය පියන්නට අභව්‍යයි.
Pali BJT8. තයො මෙ භික්ඛවෙ ධම්මෙ අප්පහාය අභබ්බො අස්සද්ධියං පහාතුං අවදඤ්ඤුතං පහාතුං කොසජ්ජං පහාතුං. කතමෙ තයො: අනාදරියං අප්පහාය දොවචස්සතං අප්පහාය පාපමිත්තතං අප්පහාය. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මෙ අප්පහාය අභබ්බො අස්සද්ධියං පහාතුං අවදඤ්ඤුතං පහාතුං කොසජ්ජං පහාතුං.
Sinhala BJT8. මහණෙනි, මෙතුන් දහම් නො පියා අස්සද්ධිය පියන්නට, අවදඤ්ඤුතාව පියන්නට, කෝසජ්ජය පියන්නට අභව්‍යයි. කවර තුනෙක යත්: අනාදරිය නො පියා, දෝවචස්සතාව නො පියා, පාපමිත්තතාව නොපියා යි. මහණෙනි, මේ තුන් දහම් නොපියා, අස්සද්ධිය පියන්නට, අවදඤ්ඤුතාව (දීමෙහි නො කැමැති බව) පියන්නට, කෝසජ්ජය පියන්නට අභව්‍යයි.
Pali BJT9. තයො මෙ භික්ඛවෙ ධම්මෙ අප්පහාය අභබ්බො අනාදරියං පහාතුං දොවචස්සතං පහාතුං පාපමිත්තතං පහාතුං. කතමෙ තයො: අහිරිකං අප්පහාය අනොත්තප්පං අප්පහාය පමාදං අප්පහාය. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මෙ අප්පහාය අභබ්බො අනාදරියං පහාතුං දොවචස්සතං පහාතුං පාපමිත්තතං පහාතුං.
Sinhala BJT9. මහණෙනි, මෙ දහම් තුන නොපියා අනාදරය පියන්නට, දෝවචස්සතාව පියන්නට, පාපමිත්‍රතාව පියන්නට අභව්‍යයි. කවර තුනෙක යත්: අහිරිකය නොපියා, අනොත්තප්පය නො පියා, පමාදය නො පියා යි. මහණෙනි, මේ තුන් දහම් නො පියා අනාදරිය පියන්නට, දෝවචස්සතාව පියන්නට, පාපමිත්‍රතාව පියන්නට අභව්‍ය යි.
Pali BJT10. අහිරිකොයං භික්ඛවෙ අනොත්තප්පී{1} පමත්තො හොති, සො පමත්තො සමානො අභබ්බො අනාදරියං පහාතුං දොවචස්සතං පහාතුං පාපමිත්තං පහාතුං, සො පාපමිත්තො සමානො අභබ්බො අස්සද්ධියං පහාතුං අවදඤ්ඤුතං පහාතුං කොසජ්ජං පහාතුං, සො කුසීතො සමානො අභබ්බො උද්ධච්චං පහාතුං අසංවරං පහාතුං දුස්සීල්යං පහාතුං, සො දුස්සීලො සමානො අභබ්බො අරියානමදස්සනකම්යතං පහාතුං අරියධම්මස්ස අසොතුකම්යතං පහාතුං, උපාරම්භචිත්තතං පහාතුං, සො උපාරම්භචිත්තො සමානො අභබ්බො මුට්ඨසච්චං පහාතුං අසම්පජඤ්ඤං පහාතුං චෙතසො වික්ඛෙපං පහාතුං සො වික්ඛිත්ත චිත්තො සමානො අභබ්බො අයොනිසොමනසිකාරං පහාතුං කුම්මග්ගසෙවනං පහාතුං චෙතසො ලීනත්තං පහාතුං, සො ලීනචිත්තො සමානො අභබ්බො සක්කායදිට්ඨිං පහාතුං විචිකිච්ඡං පහාතුං සීලබ්බතපරාමාසං පහාතුං, සො විචිකිච්ඡො සමානො අභබ්බො රාගං පහාතුං දොසං පහාතුං මොහං පහාතුං, සො රාගං අප්පහාය දොසං අප්පහාය මොහං අප්පහාය අභබ්බො ජාතිං පහාතුං ජරං පහාතුං මරණං පහාතුං.
Sinhala BJT10. මහණෙනි, මේ අහිරික අනොත්තප්පී ප්‍රමත්ත වෙයි. හේ පමාවූයේම අනාදරිය පියන්නට, දෝවචස්සතාව පියන්නට, පාපමිත්‍රතාව පියන්නට අභව්‍යයි. හේ පවිටු මිතුරන් ඇතියේ ම අස්සද්ධිය පියන්නට, අවදඤ්ඤුතාව පියන්නට, කෝසජ්ජය පියන්නට අභව්‍යයි. හේ කුසීත වූයේ ම උද්ධච්චය පියන්නට, අසංවරය පියන්නට, දුශ්ශීල්‍යය පියන්නට අභව්‍ය වෙයි. හේ දුශ්ශීල වූයේ ම ආර්‍ය්‍යයන් නො දක්නා කැමැති බව පියන්නට, අරීදහම් නො අසනු කැමැති බව පියන්නට, උපාරම්භචිත්තභාවය පියන්නට අභව්‍ය වෙයි. හේ උපාරම්භ චිත්ත ඇතියේ ම මුළා සිහිය පියන්නට, අසම්ප්‍රඥානය පියන්නට, චිත්තවික්‍ෂේපය පියන්නට අභව්‍ය වෙයි. හේ වික්‍ෂිප්ත සිත් ඇතියේ ම අයෝනිසෝ මනසිකාරය පියන්නට, කුමාර්‍ගසේවනය පියන්නට, චිත්තයාගේ ලීනත්‍වය පියන්නට අභව්‍යයි. හේ ලීන සිත් ඇතියේ ම සක්කායදිට්ඨිය පියන්නට, විචිකිච්ඡාව පියන්නට, සීලබ්බතපරාමාසය පියන්නට අභව්‍ය වෙයි. හේ විචිකිච්ඡා ඇතියේ ම රාගය පියන්නට, ද්වේෂය පියන්නට, මෝහය පියන්නට ජරාව පියන්නට, මරණය පියන්නට අභව්‍යයි.
Pali BJT1. තයො මෙ භික්ඛවෙ ධම්මෙ පහාය භබ්බො ජාතිං පහාතුං ජරං පහාතුං මරණං පහාතුං. කතමෙ තයො: රාගං පහාය දොසං පහාය මොහං පහාය. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මෙ පහාය භබ්බො ජාතිං පහාතුං ජරං පහාතුං මරණං පහාතුං.
Sinhala BJT1. මහණෙනි, මෙදහම් තුන පියා ජාතිය පියන්නට, ජරාව පියන්නට, මරණය පියන්නට භව්‍යයි. කවර තුනෙක යත්: රාගය පියා ය, ද්වේෂය පියා ය, මෝහය පියා යි. මහණෙනි, මේ තුන්දහම් පියා ජාතිය පියන්නට ජරාව පියන්නට මරණය පියන්නට භව්‍යයි.
Pali BJT2. තයො මෙ භික්ඛවෙ ධම්මෙ පහාය භබ්බො රාගං පහාතුං දොසං පහාතුං මොහං පහාතුං. කතමෙ තයො: සක්කායදිට්ඨිං පහාය විචිකිච්ඡං පහාය සීලබ්බතපරාමාසං පහාය. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මෙ පහාය භබ්බො රාගං පහාතුං දොසං පහාතුං මොහං පහාතුං.
Sinhala BJT2. මහණෙනි, මේ තුන්දහම් පියා රාගය පියන්නට ද්වේෂය පියන්නට මෝහය පියන්නට භව්‍යයි. කවර තුනෙක යත්: සක්කායදෘෂ්ටිය පියා ය, විචිකිච්ඡාව පියා ය, සීලබ්බතපරාමාසය පියා යි. මහණෙනි, මේ තුන්දහම් පියා රාගය පියන්නට, ද්වේෂය පියන්නට, මෝහය පියන්නට භව්‍යයි.
Pali BJT3. තයොමෙ භික්ඛවෙ ධම්මෙ පහාය භබ්බො සක්කායදිට්ඨිං පහාතුං විචිකිච්ඡං පහාතුං සීලබ්බතපරාමාසං පහාතුං. කතමෙ තයො: අයොනිසොමනසිකාරං පහාය කුම්මග්ගසෙවනං පහාය චෙතසොලීනත්තං පහාය. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මෙ පහාය භබ්බො සක්කාය දිට්ඨිං පහාතුං විචිකිච්ඡං පහාතුං සීලබ්බතපරාමාසං පහාතුං.
Sinhala BJT3. මහණෙනි, මේ තුන්දහම් පියා සක්කායදිට්ඨිය පියන්නට, විචිකිච්ඡා පියන්නට, සීලබ්බතපරාමාස පියන්නට භව්‍යයි. කවර තුනෙකයත්: අයෝනිසෝ මනසිකාරය පියා, කුමාර්‍ගසේවනය පියා, චිත්තයාගේ ලීනත්‍වය පියා යි. මහණෙනි, මේ තුන්දහම් පියා සක්කායදිට්ඨිය පියන්නට, විචිකිච්ඡා පියන්නට, සීලබ්බතපරාමාස පියන්නට භව්‍යයි.
Pali BJT4. තයොමෙ භික්ඛවෙ ධම්මෙ පහාය භබ්බො අයොනිසොමනසිකාරං පහාතුං කුම්මග්ගසෙවනං පහාතුං චෙතසො ලීනත්තං පහාතුං. කතමෙ තයො: මුට්ඨසච්චං පහාය අසම්පජඤ්ඤං පහාය චෙතසො වික්ඛෙපං පහාය. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මෙ පහාය භබ්බො අයොනිසො මනසිකාරං පහාතුං කුම්මග්ගසෙවනං පහාතුං චෙතසො ලීනත්තං පහාතුං.
Sinhala BJT4. මහණෙනි, මේ තුන්දහම් පියා අයෝනිසෝ මනසිකාරය පියන්නට, කුමාර්‍ගසේවනය පියන්නට, චිත්තයාගේ ලීනත්‍වය පියන්නට භව්‍යයි. කවර තුනෙකයත්: සිහිමුළාව පියා ය, අසම්ප්‍රඥානය පියා ය, චිත්තවික්‍ෂේපය පියා යි. මහණෙනි, මේ දහම් තුණ හැරපියා අයෝනිසෝ මනසිකාරය පියන්නට, කුමාර්‍ගසේවනය පියන්නට, චිත්තයාගේ ලීනත්‍වය පියන්නට භව්‍යයි.
Pali BJT5. තයොමෙ භික්ඛවෙ ධම්මෙ පහාය භබ්බො මුට්ඨසච්චං පහාතුං අසම්පජඤ්ඤං පහාතුං චෙතසො වික්ඛෙපං පහාතුං. කතමෙ තයො: අරියානමදස්සනකම්යතං පහාය අරියධම්මස්ස අසොතුකම්යතං පහාය උපාරම්භචිත්තතං පහාය. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මෙ පහාය භබ්බො මුට්ඨසච්චං පහාතුං අසම්පජඤ්ඤං පහාතුං චෙතසො වික්ඛෙපං පහාතුං.
Sinhala BJT5. මහණෙනි. මෙ තුන් දහම් හැරපියා සිහිමුළාව පියන්නට, අසම්ප්‍රඥානය පියන්නට, චිත්තවික්‍ෂේපය පියන්නට භව්‍යයි. කවර තුනෙක යත්: ආර්‍ය්‍යයන් නො දක්නා කැමැති බව හැරපියා, ආර්‍ය්‍යධර්‍මය නො අසනු කැමැති බව හැරපියා, උපාරම්භචිත්තය ඇති බව හැරපියා යි. මහණෙනි. මෙ තුන් දහම් හැරපියා සිහිමුළාව පියන්නට, අසම්ප්‍රඥානය පියන්නට, චිත්තවික්‍ෂේපය පියන්නට භව්‍යයි.
Pali BJT6. තයොමෙ භික්ඛවෙ ධම්මෙ පහාය භබ්බො අරියානමදස්සනකම්යතං පහාතුං අරියධම්මස්ස අසොතුකම්යතං පහාතුං උපාරම්භචිත්තතං පහාතුං. කතමෙ තයො: උද්ධච්චං පහාය අසංවරං පහාය දුස්සීල්යං පහාය. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මෙ පහාය භබ්බො අරියානමදස්සනකම්යතං පහාතුං අරියධම්මස්ස අසොතුකම්යතං පහාතුං උපාරම්භචිත්තතං පහාතුං.
Sinhala BJT6. මහණෙනි, මෙ තුන් දහම් හැරපියා ආර්‍ය්‍යයන් නො දක්නා කැමැති බව පියන්නට, ආර්‍ය්‍යධර්‍ම නො අසනු කැමැත්ත පියන්නට, උපාරම්භසිත් ඇති බව පියන්නට භව්‍යයි. කවර තුනෙකයත්: උද්ධච්චය හැරපියා ය, අසංවරය හැරපියාය, දෞශ්ශීල්‍යය හැර පියා යි. මහණෙනි, මෙ තුන් දහම් හැරපියා ආර්‍ය්‍යයන් නො දක්නා කැමැති බව පියන්නට, ආර්‍ය්‍යධර්‍මය නො අසනු කැමැති බව පියන්නට, උපාරම්භසිත් ඇති බව හැර පියන්නට භව්‍යයි.
Pali BJT7. තයොමෙ භික්ඛවෙ ධම්මෙ පහාය භබ්බො උද්ධච්චං පහාතුං අසංවරං පහාතුං දුස්සීල්යං පහාතුං. කතමෙ තයො: අස්සද්ධියං පහාය අවදඤ්ඤුතං පහාය කොසජ්ජං පහාය. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මෙ පහාය භබ්බො උද්ධච්චං පහාතුං අසංවරං පහාතුං දුස්සීල්යං පහාතුං.
Sinhala BJT7. මහණෙනි, මෙ තුන් දහම් හැරපියා උද්ධච්චය පියන්නට, අසංවරය පියන්නට, දෞශ්ශීල්‍යය පියන්නට භව්‍යයි. කවර තුනෙ යත්: අස්සද්ධිය හැරපියා ය, අවදඤ්ඤුතාව හැරපියාය, කෝසජ්ජය හැරපියා යි. මහණෙනි, මේ තුන් දහම් හැරපියා උද්ධච්චය පියන්නට, අසවරය පියන්නට, දෞශ්ශීල්‍යය පියන්නට භව්‍යයි.
Pali BJT8. තයොමෙ භික්ඛවෙ ධම්මෙ පහාය භබ්බො අස්සද්ධියං පහාතුං අවදඤ්ඤුතං පහාතුං කොසජ්ජං පහාතුං. කතමෙ තයො: අනාදරියං පහාය දොවචස්සතං පහාය පාපමිත්තතං පහාය. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මෙ පහාය භබ්බො අස්සද්ධියං පහාතුං අවදඤ්ඤුතං පහාතුං කොසජ්ජං පහාතුං.
Sinhala BJT8. මහණෙනි, මෙ තුන් දහම් හැරපියා සැදැහැ නැති බව හැර පියන්නට, යදිවදන් නො දන්නා බව හැර පියන්නට, කුසීත බව පියන්නට භව්‍යයි. තුනුරුවන්හි අදර නැති බව හැර පියායි, නො කීකරු බව හැර පියායි, පවිටු මිතුරන් ඇතිබව හැර පියායි. මහණෙනි, මේ තුන් දහම් හැරපියා සැදැහැ නැති බව පියන්නට, යදි වදන් නොදන්නා බව හැර පියන්නට, කුසීත බව හැර පියන්නට භව්‍යයි.
Pali BJT9. තයො මෙ භික්ඛවෙ ධම්මෙ පහාය භබ්බො අනාදරියං පහාතුං දොවචස්සතං පහාතුං පාපමිත්තතං පහාතුං. කතමෙ තයො: අහිරිකං පහාය අනොත්තප්පං පහාය පමාදං පහාය. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මෙ පහාය භබ්බො අනාදරියං පහාතුං දොවචස්සතං පහාතුං පාපමිත්තතං පහාතුං.
Sinhala BJT9. මහණෙනි, මෙ තුන් දහම් හැරපියා අනදරි බැව් පියන්නට, අකීකරු බැව් පියන්නට, ලමු මිතුරන් ඇති බව පියන්නට භව්‍යයි. කවර තුනෙක යත්: අහිරිකය පියාය, අනොත්තප්පය පියාය, ප්‍රමාදය පියායි. මහණෙනි, මේ තුන් දහම් හැර පියා අනදරි බව පියන්නට, අකීකරු බව පියන්නට, පවිටු මිතුරන් ඇති බව පියන්නට භව්‍යයි.
Pali BJT10. හිරිමායං භික්ඛවෙ ඔත්තප්පී අප්පමත්තො හොති, සො අප්පමත්තො සමානො භබ්බො අනාදරියං පහාතුං දොවචස්සතං පහාතුං පාපමිත්තතං පහාතුං. සො කල්යාණමිත්තො සමානො භබ්බො අස්සද්ධියං පහාතුං අවදඤ්ඤුතං පහාතුං කොසජ්ජං පහාතුං. සො ආරද්ධවිරියො සමානො භබ්බො උද්ධච්චං පහාතුං අසංවරං පහාතුං දුස්සීල්යං පහාතුං. සො සීලවා සමානො භබ්බො අරියානමදස්සනකම්යතං පහාතුං අරියධම්මස්ස අසොතුකම්යතං පහාතුං උපාරම්භචිත්තතං පහාතුං. සො අනුපාරම්භචිත්තො සමානො භබ්බො මුට්ඨසච්චං පහාතුං අසම්පජඤ්ඤං පහාතුං චෙතසො වික්ඛෙපං පහාතුං. සො අවික්ඛිත්තචිත්තො සමානො භබ්බො අයොනිසොමනසිකාරං පහාතුං කුම්මග්ගසෙවනං පහාතුං චෙතසොලීනත්තං පහාතුං. සො අලීනචිත්තො සමානො භබ්බො සක්කායදිට්ඨිං පහාතුං විචිකිච්ඡං පහාතුං, සීලබ්බතපරාමාසං පහාතුං. සො අවිචිකිච්ඡො සමානො භබ්බො රාගං පහාතුං දොසං පහාතුං මොහං පහාතුං. සො රාගං පහාය දොසං පහාය මොහං පහාය භබ්බො ජාතිං පහාතුං ජරං පහාතුං මරණං පහාතුන්ති.
Sinhala BJT10. මහණෙනි, මේ හිරි ඇතියේ ඔතප් ඇතියේ අප්පමත්ත වෙයි. අප්‍රමත්ත වූ ම හේ අනාදරිය පියන්නට, දුර්‍වචභාවය පියන්නට, පාපමිත්‍රතාව පියන්නට භව්‍යයි. හේ කලණමිතුරන් ඇතියේ ම අස්සද්ධිය පියන්නට, අවදඤ්ඤුතාව පියන්නට, කෝසජ්ජය පියන්නට භව්‍යයි. හේ ආරබ්ධවීර්‍ය්‍ය වූයේ ම උද්ධච්චය පියන්නට, අසංවරය පියන්නට, දෞශ්ශීලය පියන්නට භව්‍යයි. හේ සිල්වත් වූයේ ම ආර්‍ය්‍යයන් නො දක්නා කැමැති බව පියන්නට, ආර්‍ය්‍යධර්‍මයාගේ නො අසනු කැමැති බව පියන්නට, උපාරම්භ සිත් ඇති බව පියන්නට භව්‍යයි. හේ අනුපාරම්භ චිත්ත ඇතියේ ම සිහි මුළාව පියන්නට, සම්ප්‍රඥානය පියන්නට, චිත්ත වික්‍ෂේපය පියන්නට භව්‍යයි. හේ අවික්‍ෂිප්ත සිත් ඇතියේ ම අයෝනිසෝ මනසිකාරය පියන්නට, කුමාර්‍ගසේවනය පියන්නට, චිත්තයාගේ ලීනත්‍වය පියන්නට භව්‍යයි. හේ අලීන චිත්ත වූයේ ම සක්කායදිට්ඨිය පියන්නට, විචිකිච්ඡාව පියන්නට, සීලබ්බතපරාමාසය පියන්නට භව්‍යයි. හේ විචිකිච්ඡා නැතියේ ම රාගය පියන්නට, ද්වේෂය පියන්නට, මෝහය පියන්නට භව්‍යයි. රාගය හැරපියා ද්වේෂය හැරපියා මෝහය හැරපියා ජාතිය පියන්නට, ජරාව පියන්නට, මරණය පියන්නට භව්‍ය වේ යයි.
Pali BJT10. 2. 3. 7.
Sinhala BJT10. 2. 3. 7.
Pali BJTකාක සුත්තං
Sinhala BJTකාක සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJTදසහි භික්ඛවෙ අසද්ධම්මෙහි සමන්නාගතො කාකො. කතමෙහි දසහි: ධංසී ච පගබ්භො ච තින්තිනො ච මහග්ඝසො ච ලුද්දො ච අකාරුණිකො ච දුබ්බලො ච ඔරවිතා ච මුට්ඨස්සතී ච නෙචයිකො{1}ච. ඉමෙහි ඛො භික්ඛවෙ දසහි අසද්ධම්මෙහි සමන්නාගතො කාකො.
Sinhala BJTමහණෙනි, කවුඩු දශ අසද්ධර්‍මයෙකින් සමන්‍වාගත වෙයි. කවර දසයෙකින යත්: ධංසී (ගුණ නසන්නේ) ද වෙයි, ප්‍රගල්භ ද වෙයි, ආසඞ්කා බහුල වෙයි, මහග්ඝස (මහත්කොට බුදිනේ) ද වෙයි, දරුණු ද වෙයි, නිෂ්කාරුණික වෙයි, දුර්‍වල ද වෙයි, ලමුහඬ ඇතියේ ද වෙයි, මුළාසිහි ඇතියේ ද වෙයි, රැස්කරණුයේ ද වේ. මහණෙනි, කවුඩු මේ දශ අසද්ධර්‍මයෙන් සමන්‍වාගත වේ.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ දසහි අසද්ධම්මෙහි සමන්නාගතො පාපභික්ඛු. කතමෙහි දසහි: ධංසී ච පගබ්භො ච තින්තිනො ච මහග්ඝසො ච ලුද්දො ච අකාරුණිකො ච දුබ්බලො ච ඔරවිතා ච මුට්ඨස්සතී ච නෙචයිකො ච. ඉමෙහි ඛො භික්ඛවෙ දසහි අසද්ධම්මෙහි සමන්නාගතො පාපභික්ඛූති.
Sinhala BJTමහණෙනි, එ පරිදි ම ලමු මහණ දශ අසද්ධර්‍මයෙකින් සමන්‍වාගත වෙයි. කවර දසයෙකින යත්: ධංසී ද වෙයි, ප්‍රගල්භ ද වෙයි, ආසඞ්කා බහුල ද වෙයි, මහග්ඝස (මහත්කොට බුදිනේ) ද වෙයි, දරුණු ද වෙයි, අකාරුණික ද වෙයි, ලමුහඬ ඇතියේ ද වෙයි, මුළාසිහි ඇතියේ ද වෙයි, රැස්කරණුයේ ද වේ. මහණෙනි, ලමුමහණ මේ අසද්ධර්‍මයෙන් සමන්‍වාගත වේ යි.
Pali BJT10. 2. 3. 8.
Sinhala BJT10. 2. 3. 8.
Pali BJTනිගණ්ඨ සුත්තං
Sinhala BJTනිගණ්ඨ සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJTදසහි භික්ඛවෙ අසද්ධම්මෙහි සමන්නාගතා නිගණ්ඨා. කතමෙහි දසහි: අස්සද්ධා භික්ඛවෙ නිගණ්ඨා, දුස්සීලා භික්ඛවෙ නිගණ්ඨා, අහිරිකා භික්ඛවෙ නිගණ්ඨා, අනොත්තප්පිනො භික්ඛවෙ නිගණ්ඨා, අසප්පුරිසම්භත්තිනො භික්ඛවෙ නිගණ්ඨා, අත්තුක්කංසකපරවම්භකා භික්ඛවෙ නිගණ්ඨා, සන්දිට්ඨිපරාමාසා ආධානගාහී දුප්පටිනිස්සග්ගිනො භික්ඛවෙ නිගණ්ඨා, කුහකා භික්ඛවෙ නිගණ්ඨා, පාපිච්ඡා භික්ඛවෙ නිගණ්ඨා, මිච්ඡාදිට්ඨිකා භික්ඛවෙ නිගණ්ඨා. ඉමෙහි ඛො භික්ඛවෙ දසහි අසද්ධම්මෙහි සමන්නාගතා නිගණ්ඨාති.
Sinhala BJTමහණෙනි, නිගණ්ඨයෝ දශ අසද්ධර්‍මයෙන් සමන්‍වාගතයහ. කවර දසයෙකිනයත්: මහණෙනි, නුවටෝ අශ්‍රද්ධයහ. මහණෙනි, නුවටෝ දුසිල්හ. මහණෙනි, නුවටෝ අහිරිකයහ. මහණෙනි, නුවටෝ ඔතප් නැතියහ. මහණෙනි, නුවටෝ අසත්පුරුෂයන් කෙරෙහි බැති ඇතියහ. මහණෙනි, නුවටහු ආත්මොත්කර්‍ෂක පරවම්භකයහ. මහණෙනි, නුවටහු ස්වදෘෂ්ටිය පරාමර්‍ෂ කොට ඇත්තාහු ස්වදෘෂ්ටිය දෘඪ කොට ගත්තාහු ස්වදෘෂ්ටිය නො දුරැලිය හැක්කාහු වෙති. මහණෙනි, නුවටහු කුහකයහ. මහණෙනි, නුවටහු පාපේච්ඡයහ. මහණෙනි, නුවටහු මිථ්‍යාදෘෂ්ටිකයහ. මහණෙනි, නුවටහු මේ දශ අසද්ධර්‍මයෙන් සමන්‍වාගතයහයි.
Pali BJT10. 2. 3. 9.
Sinhala BJT10. 2. 3. 9.
Pali BJTආඝාතවත්ථු සුත්තං
Sinhala BJTආඝාතවස්තු සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJTදස ඉමානි භික්ඛවෙ ආඝාතවත්ථූනි. කතමානි දස: අනත්ථම්මෙ අචරීති ආඝාතං බන්ධති, අනත්ථම්මෙ චරතීති ආඝාතං බන්ධති, අනත්ථම්මෙ චරිස්සතීති ආඝාතං බන්ධති. පියස්ස මෙ මනාපස්ස අනත්ථං අචරීති -පෙ- අනත්ථං චරතීති -පෙ- අනත්ථං චරිස්සතීති ආඝාතං බන්ධති. අප්පියස්ස මෙ අමනාපස්ස අත්ථං අචරි -පෙ- අත්ථං චරති -පෙ- අත්ථං චරිස්සතීති ආඝාතං බන්ධති, අට්ඨානෙ ච කුප්පති. ඉමානි ඛො භික්ඛවෙ දස ආඝාතවත්ථූනීති.
Sinhala BJTමහණෙනි, මේ ආඝාතවස්තු දශයෙක්. කවර දශයෙකයත්: ‘මට අනර්‍ත්‍ථ කෙළේ’යි ආඝාත බඳනේය. ‘මට අනර්‍ත්‍ථ කෙරේ’යි ආඝාත බඳනේය. ‘මට අනර්‍ත්‍ථ කරන්නේ’යි ආඝාත බඳනේයි. මාගේ ප්‍රිය මනාපයාට අනර්‍ත්‍ථ කෙළේයි ... අනර්‍ත්‍ථ කෙරේ යි ... අනර්‍ත්‍ථ කරන්නේ යි ... ආඝාත බඳනේය. ‘මාගේ අප්‍රියඅමනාපයාට අර්‍ත්‍ථ කෙළේ’යි .... අර්‍ත්‍ථ කෙරෙයි ... අර්‍ත්‍ථ කරණේයි ආඝාත බඳනේ ය. අස්ථානයෙහිදු කිපෙයි. මහණෙනි, මේ දශ ආඝාත වස්තු යි.
Pali BJT10. 2. 3. 10.
Sinhala BJT10. 2. 3. 10.
Pali BJTආඝාතපටිවිනය සුත්තං
Sinhala BJTආඝාත පටිවිනය සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJTදස ඉමෙ භික්ඛවෙ ආඝාතපටිවිනයා. කතමෙ දස: අනත්ථම්මෙ අචරි, තං කුතෙත්ථ ලබ්භාති ආඝාතං පටිවිනෙති. අනත්ථම්මෙ චරති, තං කුතෙත්ථ ලබ්භාති ආඝාතං පටිවිනෙති. අනත්ථම්මෙ චරිස්සති, තං කුතෙත්ථ ලබ්භාති ආඝාතං පටිවිනෙති. පියස්ස මෙ මනාපස්ස අනත්ථං අචරි -පෙ- අනත්තං චරති -පෙ- අනත්ථං චරිස්සති, තං කුතෙත්ථ ලබ්භාති ආඝාතං පටිවිනෙති. අප්පියස්ස මෙ අමනාපස්ස අත්ථං අචරි -පෙ- අත්ථං චරති -පෙ- අත්ථං චරිස්සති තං කුතෙත්ථ ලබ්භාති ආඝාතං පටිවිනෙති. අට්ඨානෙ ච න කුප්පති. ඉමෙ ඛො භික්ඛවෙ දස ආඝාත පටිවිනයාති.
Sinhala BJTමහණෙනි, මේ ආඝාතපටිවිනයෝ දස දෙනෙක. කවර දසදෙනෙක යත්: මට අනර්‍ත්‍ථ කෙළේ, එය මෙහි කොයින් ලැබේ දැයි ආඝාතය දුරලයි. මට අනර්‍ත්‍ථ කෙරේ, එය මෙහි කොයින් ලැබේ දැයි ආඝාතය දුරලයි. මට අනර්‍ත්‍ථ කරන්නේය, එය මෙහි කොයින් ලැබේ දැයි ආඝාතය දුරලයි. මාගේ ප්‍රියමනාපයට අනර්‍ත්‍ථ කෙළේය ... අනර්‍ත්‍ථ කරයි ... අනර්‍ත්‍ථ කරන්නේය. එය මෙහි කොයින් ලැබේ දැයි ආඝාතය දුරලයි. අස්ථානයෙහි ද නො කිපෙයි. මහණෙනි, මේ දස ආඝාත පටිවිනයෝ යි.
Pali BJTආකඞ්ඛවග්ගො තතියො.
Sinhala BJTතෙවැනි ආකඞ්කවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTආකඞ්ඛො කණ්ටකො ඉට්ඨාවඩ්ඪී ච මිගසාලායා{1} අභබ්බො චෙව කාකොච නිගණ්ඨා ද්වෙ ච වත්ථූනීති{2}
Sinhala BJTආකඞ්ක සූත්‍රය, කණ්ටක සූත්‍රය, ඉට්ඨ සූත්‍රය, වඩ්ඪී සූත්‍රය, මිගසාලා සූත්‍රය, අහබ්බ සූත්‍රය, කාක සූත්‍රය, නිගණ්ඨ සූත්‍රය, වත්‍ථු සූත්‍ර දෙක දැයි දසයෙකි.
Pali BJT4. ථෙරවග්ගො
Sinhala BJT4. ථේර වර්‍ගය
Pali BJT10. 2. 4. 1.
Sinhala BJT10. 2. 4. 1.
Pali BJTබාහුන සුත්තං
Sinhala BJTබාහුන සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා චම්පායං විහරති ගග්ගරාය පොක්ඛරණියා තීරෙ. අථ ඛො ආයස්මා බාහුනො{1} යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා බාහුනො භගවන්තං එතදවොච:
Sinhala BJTඑක් කලෙක භාග්‍යවතුන් වහන්සේ චම්පා නගරය සමීපයෙහි ගග්ගරා පොකුණුතෙර වැඩ වසන සේක. එකල ආයුෂ්මත් බාහුන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් බාහුන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ:
Pali BJTකතිහි නු ඛො භන්තෙ ධම්මෙහි තථාගතො නිස්සට්ඨො විසංයුත්තො විප්පමුත්තො විමරියාදීකතෙන චෙතසා විහරිතීති ?
Sinhala BJTවහන්ස, කෙතෙක් ධර්‍මයන්ගෙන් තථාගතයන් වහන්සේ නිසෘෂ්ට වූවාහු විසංයුක්ත වූවාහු විප්‍රමුක්ත වූවාහු ක්ලේශමර්‍ය්‍යාදාව බිඳලූ සිතින් වසන සේක් දැ යි?
Pali BJTදසහි ඛො පන බාහුන ධම්මෙහි තථාගතො නිස්සට්ඨො විසංයුත්තො විප්පමුත්තො විමරියාදීකතෙන චෙතසා විහරති. කතමෙහි දසහි: රූපෙන ඛො බාහුන තථාගතො නිස්සට්ඨො විසංයුත්තො විප්පමුත්තො විමරියාදීකතෙන චෙතසා විහරති. වෙදනාය ඛො බාහුන -පෙ- සඤ්ඤාය ඛො බාහුන -පෙ- සඞ්ඛාරෙහි ඛො බාහුන -පෙ- විඤ්ඤාණෙන ඛො බාහුන -පෙ- ජාතියා ඛො බාහුන -පෙ- ජරාය ඛො බාහුන -පෙ- මරණෙන ඛො බාහුන -පෙ- දුක්ඛෙහි ඛො බාහුන -පෙ- කිලෙසෙහි ඛො බාහුන තථාගතො නිස්සට්ඨො විසංයුත්තො විප්පමුත්තො විමරියාදීකතෙන චෙතසා විහරති.
Sinhala BJTබාහුනයෙනි, දශ දහමකින් තථාගතයෝ නිසෘෂ්ට වූවාහු විසංයුක්ත වූවාහු කෙලෙස් කෙලෙස් මියර බිඳ ලූ සිතින් වෙසෙති. කවර දසයෙකින් යත්: බාහුනය, තථාගතයෝ රූපයෙන් නිසෘෂ්ට වූවාහු විසංයුක්ත වූවාහු විප්‍රමුක්ත වූවාහු කෙලෙස් මියර බිඳ ලූ සිතින් වෙසෙත්. බාහුනයෙනි, වේදනායෙන් ... බාහුනයෙනි, සංඥායෙන් ... බාහුනයෙනි, සංස්කාරයන්ගෙන් ... බාහුනයෙනි, විඥානයෙන් ... බාහුනයෙනි, ජාතියෙන් ... බාහුනයෙනි, ජරායෙන් ... බාහුනයෙනි, මරණයෙන් ... බාහුනයෙනි, දුඃඛයෙන් ... බාහුනයෙනි, ක්ලේශයන්ගෙන් තථාගතයෝ නිසෘෂ්ට වූවාහු විසංයුක්ත වූවාහු විප්‍රමුක්ත වූවාහු කෙලෙස් මියර බිඳි සිතින් වෙසෙත්.
Pali BJTසෙය්යථාපි බාහුන උප්පලං වා පදුමං වා පුණ්ඩරීකං වා උදකෙ ජාතං උදකෙ සංවඩ්ඪං උදකා අච්චුග්ගම්ම තිට්ඨති අනුපලිත්තං උදකෙන. එමමෙව ඛො බාහුන ඉමෙහි දසහි ධම්මෙහි තථාගතො නිස්සට්ඨො විසංයුත්තො විප්පමුත්තො විමරියාදීකතෙන චෙතසා විහරිතීති.
Sinhala BJTබාහුනයෙනි, යම් පරිද්දකින් උපුලක් වේවයි, පියුමක් වේවයි, පඬෙරක් වේවයි දියෙහි උපනේ, දියෙහි වැඩුනේ, දියෙන් නැගී දිය හා නො ගැටුනේ සිටුනේ ද, බාහුනයෙනි, එ පරිදි ම මේ දස දහමින් තථාගතයෝ නිසෘෂ්ට වූවාහු විසංයුක්ත වූවාහු විප්‍රමුක්ත වූවාහු බිඳ ලූ කෙලෙස් මියර ඇති සිතින් වාස කරත් හ යි.
Pali BJT10. 2. 4. 2.
Sinhala BJT10. 2. 4. 2.
Pali BJTආනන්ද සුත්තං
Sinhala BJTආනන්‍ද සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං ආනන්දං භගවා එතදවොච:
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJT1. සො වතානන්ද භික්ඛු අස්සද්ධො සමානො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJT1. ආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් ශ්‍රද්ධා නැතියේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
Pali BJT2. සො වතානන්ද භික්ඛු දුස්සීලො සමානො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJT2. ආනන්‍දයෙනි, එ මහණ එකැතින් දුසිල් වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
Pali BJT3. සො වතානන්ද භික්ඛු අප්පස්සුතො සමානො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJT3. ආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් අල්පශ්‍රැත වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
Pali BJT4. සො වතානන්ද භික්ඛු දුබ්බචො සමානො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJT4. ආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් දුර්වච වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
Pali BJT5. සො වතානන්ද භික්ඛු පාපමිත්තො සමානො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJT5. ආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් පවිටු මිතුරන් ඇතියේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
Pali BJT6. සො වතානන්ද භික්ඛු කුසීතො සමානො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJT6. ආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් කුසීත වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
Pali BJT7. සො වතානන්ද භික්ඛු මුට්ඨස්සති සමානො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJT7. ආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් මුළාසිහි ඇතියේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
Pali BJT8. සො වතානන්ද භික්ඛු අසන්තුට්ඨො සමානො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJT8. ආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් අසන්තුෂ්ට වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
Pali BJT9. සො වතානන්ද භික්ඛු පාපිච්ඡො සමානො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJT9. ආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් පාපේච්ඡ වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
Pali BJT10. සො වතානන්ද භික්ඛු මිච්ඡාදිට්ඨිකො සමානො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJT10. ආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් මිථ්‍යාදෘෂ්ටික වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
Pali BJTසො වතානන්ද භික්ඛු ඉමෙහි දසහි ධම්මෙහි සමන්නාගතො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් මේ දශ ධර්‍මයෙන් සමන්‍වාගත වූයේ මෙ සස්නෙහි වෘද්ධියට වෛපුල්‍යයට පැමිණෙන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි.