Pali BJTඅවෙච්චප්පසන්න සුත්තං
Sinhala BJTඅවෙච්චප්පසන්න සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJTයෙ කෙචි භික්ඛවෙ මයි අවෙච්චප්පසන්නා, සබ්බෙ තෙ සොතාපන්නා තෙසං සොතාපන්නානං පඤ්චන්නං ඉධ නිට්ඨා, පඤ්චන්නං ඉධ විහාය නිට්ඨා. කතමෙසං පඤ්චන්නං ඉධ නිට්ඨා: සත්තක්ඛත්තුපරමස්ස කොලඞ්කොලස්ස එකබීජිස්ස සකදාගාමිස්ස, යො ච දිට්ඨෙව ධම්මෙ අරහා ඉමෙසං පඤ්චන්නං ඉධ නිට්ඨා.
Sinhala BJTමහණෙනි, යම් කෙනෙක් මා කෙරෙහි අචලප්‍රසාදයෙන් සම්පන්න වෙත් නම් එ හැම ස්‍රෝතාපන්නයහ. ඒ ස්‍රොතාපන්නයන්ගෙන් පස්දෙනෙකුන්ගේ මෙලෝහි නිෂ්ඨාව වෙයි. පස්දෙනෙකුගේ නිෂ්ඨාව මෙලෝ හැර වෙයි. මෙලෝහි නිෂ්ඨාව කවර පස්දෙනෙකුගේ ය යත්: සත්තක්ඛත්තුපරමයාගේ ය, කොලංකොලයාගේ ය, ඒකබීජහුගේ ය, සකදාගාමීහුගේ ය, යමෙකුත් ඉහාත්මයෙහි ම අර්‍හත් වේ නම්, ඔහුගේ ය යි මේ පස්දෙනාගේ නිෂ්ඨාව මෙ ලොව්හි ම වෙයි.
Pali BJTකතමෙසං පඤ්චන්නං ඉධ විහාය නිට්ඨා: අන්තරාපරිනිබ්බායිස්ස උපහච්චපරිනිබ්බායිස්ස අසඞ්ඛාරපරිනිබ්බායිස්ස සසඞ්ඛාරපරිනිබ්බායිස්ස උද්ධංසොතස්ස අකනිට්ඨගාමිනො. ඉමෙසං පඤ්චන්නං ඉධ විහාය නිට්ඨා. යෙ කෙචි භික්ඛවෙ මයි අවෙච්චප්පසන්නා, සබ්බෙ තෙ සොතාපන්නා. තෙසං සොතාපන්නානං ඉමෙසං පඤ්චන්නං ඉධ නිට්ඨා, ඉමෙසං පඤ්චන්නං ඉධ විහාය නිට්ඨාති.
Sinhala BJTකවර පස්දෙනෙකුන්ගේ මෙලෝ හැර නිෂ්ඨාව වේ ය යත්: අන්තරාපරිනිබ්බායීහුගේ ය, උපහච්චපරිනිබ්බයීහුගේය, අසඞ්කාරපරිනිබ්බායීහුගේ ය, සසඞ්කාරපරිනිබ්බායීහුගේ ය, අකනිට්ඨගාමී උද්ධංසෝතයාගේ යයි. මේ පස් දෙනාගේ මෙලොව හැර නිෂ්ඨාව වෙයි. මහණෙනි, යම් කෙනෙක් මා කෙරෙහි අචලප්‍රසන්න වෙත් නම් එ හැම සෝතාපන්නයහ. ඒ සෝතාපන්නයන් අතුරෙන් මෙ පස් දෙනාගේ නිෂ්ඨාව මෙහි ම වෙයි. මේ පස්දෙනාගේ නිෂ්ඨාව මෙ ලොය හැර වේ යයි.
Pali BJT10. 2. 2. 5.
Sinhala BJT10. 2. 2. 5.
Pali BJTපඨමසුඛ සුත්තං
Sinhala BJTපඨම සුඛ සූත්‍රය
Pali BJTඑකං සමයං ආයස්මා සාරිපුත්තො මගධෙසු, විහරති නාලකගාමකෙ. අථ ඛො සාමණ්ඩකානි පරිබ්බාජකො යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා සාරිපුත්තෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං{1} වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සාමණ්ඩකානි පරිබ්බාජකො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච. කින්නු ඛො ආවුසො සාරිපුත්ත සුඛං කිං දුක්ඛන්ති.
Sinhala BJTඑක්කලෙක ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ මගධ ජනපදයෙහි නාලක ගාමකයෙහි වාසය කරන්නාහ. එකල්හි සාමණ්ඩකානි පිරිවැජි ආයුෂ්මත් සැරියුත් තෙරුන් කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරුන් හා සතුටු විය. සතුටුවිය යුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත්පස්ව හින. එකත්පස් ව හුන් සාමණ්ඩකානි පිරිවැජි ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට තෙල කීය: “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, සුඛ කිමෙක, දුක්ඛ කිමෙකැ”යි.
Pali BJTඅභිනිබ්බත්ති ඛො ආවුසො දුක්ඛා, අනභිනිබ්බත්ති සුඛා. අභිනිබ්බත්තියා ආවුසො සති ඉදං දුක්ඛං පාටිකඞ්ඛං. සීතං උණ්හං ජිඝච්ඡා පිපාසා උච්චාරො පස්සාවො අග්ගිසම්ඵස්සො දණ්ඩසම්ඵස්සො සත්ථසම්ඵස්සො ඤාතිපි මිත්තාපි සඞ්ගම්ම සමාගම්ම රොසෙන්ති. අභිනිබ්බත්තියා ආවුසො සති ඉදං දුක්ඛං පාටිකඞ්ඛං.
Sinhala BJTඇවැත්නි, අභිනිර්‍වෘතිය (ඉපැත්ම) දුඃඛය, අනභිනිර්‍වෘතිය (නොයිපැත්ම) සුඛය යි. ඇවැත්නි, අභිනිර්‍වෘතිය ඇතිවත් ම මෙ දුඃඛය කැමැති විය යුතු: ශීත ය, උෂ්ණ ය, සා ය, පවස් ය, උච්චාර ය, ප්‍රස්‍රාව ය, අග්නිස්පර්‍ශ ය, දණ්ඩස්පර්‍ශ ය, ශස්ත්‍රස්පර්‍ශ ය යි. ඥාතීහු ද මිත්‍රයෝ ද එක් රැස්ව කෝප ගන්වත්. ඇවැත්නි, අභිනිර්‍වෘතිය ඇතිවත් ම මෙ දුක කැමැති විය යුතු.
Pali BJTඅනභිනිබ්බත්තියා ආවුසො සති ඉදං සුඛං පාටිකඞ්ඛං. න සීතං න උණ්හං න ජිඝච්ඡා න පිපාසා න උච්චාරො න පස්සාවො න අග්ගිසම්ඵස්සො න දණ්ඩසම්ඵස්සො න සත්ථසම්ඵස්සො ඤාතිපි මිත්තාපි සඞ්ගම්ම සමාගම්ම න රොසෙන්ති. අනභිනිබ්බත්තියා ආවුසො සති ඉදං සුඛං පාටිකඞ්ඛන්ති.
Sinhala BJTඇවැත්නි, අනභිනිර්‍වෘතිය ඇතිවත් ම මෙ සුඛය කැමැති විය යුතු. ශීත නැත, උෂ්ණ නැත, සා නැත, පවස් නැත, උච්චාර නැත, ප්‍රස්‍රාව නැත, අග්නිස්පර්‍ශ නැත, දණ්ඩස්පර්‍ශ නැත, ශස්ත්‍රස්පර්‍ශ නැත. ඥාතීහු ද මිත්‍රයෝ ද එක් රැස්ව කෝප නො ගන්වත්. ඇවැත්නි, අනභිනිර්‍වෘතිය ඇතිවත් ම මෙ සුඛය කැමැති විය යුතු.
Pali BJT10. 2. 2. 6.
Sinhala BJT10. 2. 2. 6.
Pali BJTදුතියසුඛ සුත්තං
Sinhala BJTදුතිය සුඛ සූත්‍රය
Pali BJTඑකං සමයං ආයස්මා සාරිපුත්තො මගධෙසු විහරති නාලකගාමකෙ. අථ ඛො සාමණ්ඩකානි පරිබ්බාජකො යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා සාරිපුත්තෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සාමණ්ඩකානි පරිබ්බාජකො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච. කින්නු ඛො ආවුසො සාරිපුත්ත ඉමස්මිං ධම්ම විනයෙ සුඛං කිං දුක්ඛන්ති.
Sinhala BJTඑක් කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මගධ ජනපදයෙහි නාලක ගාමකයෙහි වාසය කරන්නාහ. එකල්හි සාමණ්ඩකානි පිරිවැජි ආයුෂ්මත් සැරියුත් තෙරුන් කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරුන් හා සතුටු විය. සතුටුවිය යුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත්පස්ව හින. එකත්පස් ව හුන් සාමණ්ඩකානි පිරිවැජි ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට තෙල කීය: “ඇවැත්. ශාරීපුත්‍රයෙනි, මෙ ධර්‍මවිනයෙහි සුඛ නම් කිමෙක? දුක්ඛ නම් කිමෙකැ”යි.
Pali BJTඅනභිරති ඛො ආවුසො ඉමස්මිං ධම්මවිනයෙ දුක්ඛා. අභිරති සුඛා. අනභිරතියා ආවුසො සති ඉදං දුක්ඛං පාටිකඞ්ඛං: ගච්ඡන්තොපි සුඛං සාතං නාධිගච්ඡති. ඨිතොපි -පෙ- නිසින්නොපි -පෙ- සයානොපි -පෙ- ගාමගතොපි -පෙ- අරඤ්ඤගතොපි - රුක්ඛමූලගතොපි - සුඤ්ඤාගාරගතොපි අබ්භොකාසගතොපි -පෙ- භික්ඛුමජ්ඣගතොපි සුඛං සාතං නාධිගච්ඡති. අනභිරතියා ආවුසො සති ඉදං දුක්ඛං පාටිකඞ්ඛං.
Sinhala BJTඇවැත්නි, මෙ ධර්‍මවිනයෙහි අනභිරතිය දුක්ඛ ය, අභිරතිය සුඛ ය. ඇවැත්නි, අනභිරතිය ඇතිවත් ම මෙ දුක්ඛ ය කැමැති විය යුතු: යනුයේ ද සුඛයක් සාතයක් නො ලබනේ ය, සිටියේ ද ... හුන්නේ ද … හෝනේ ද ... ගම්බටුයේ ද ... වලට ගියේ ද ... රුක්මුලට ගියේ ද ... ශූන්‍යෘගාරයට ගියේ ද ... අබවසට ගියේ ද ... මහණුන් මැදට ගියේ හෝ සුඛයක් සාතයක් නො ලබනේ ය. ඇවැත්නි, අනභිරතිය ඇතිවත් ම මෙ දුක කැමැති විය යුතු.
Pali BJTඅභිරතියා ආවුසො සති ඉදං සුඛං පාටිකඞ්ඛං: ගච්ඡන්තොපි සුඛං සාතං අධිගච්ඡති -පෙ- ඨිතොපි - නිසින්නොපි - සයානොපි - ගාමගතොපි අරඤ්ඤගතොපි - රුක්ඛමූලගතොපි - සුඤ්ඤාගාරගතොපි - අබ්භොකාසගතොපි - භික්ඛුමජ්ඣගතොපි සුඛං සාතං අධිගච්ඡති. අභිරතියා ආවුසො සති ඉදං සුඛං පාටිකඞ්ඛන්ති.
Sinhala BJTඇවැත්නි, අභිරතිය ඇතිවත් ම මෙ සුඛය කැමැති විය යුතු: යනුයේ ද, සුඛය සාතය ලබනේ ය. සිටියේ ද ... හුන්නේ ද ... හෝනේ ද ... ගම්බටුයේ ද ... වලට ගියේ ද ... රුක්මුලට ගියේ ද ... ශූන්‍යෘගාරයට ගියේ ද … අබවසට ගියේ ද ... මහණුන් මැදට ගියේ ද සුඛය සාතය ලබනේ ය. ඇවැත්නි, අභිරතිය ඇති වත් ම මෙ සුඛ කැමැති විය යුතුයි.
Pali BJT10. 2. 2. 7.
Sinhala BJT10. 2. 2. 7.
Pali BJTපඨමනළකපාන සුත්තං
Sinhala BJTපඨම නළකපාන සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන නළකපානං නාම කොසලානං නිගමො, තදවසරි. තත්ර සුදං භගවා නළකපානෙ විහරති පලාසවනෙ, තෙන ඛො පන සමයෙන භගවා තදහුපොසථෙ භික්ඛුසඞ්ඝපරිවුතො නිසින්නො හොති. අථ ඛො භගවා බහුදෙවරත්තිං භික්ඛූනං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා තුණ්හීභූතං තුණ්හීභූතං භික්ඛුසඞ්ඝං අනුවිලොකෙත්වා ආයස්මන්තං සාරිපුත්තං ආමන්තෙසි.
Sinhala BJTඑක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කෝසල ජනපදයෙහි චාරිකා කරනසේක් මහබික්සඟුන් සමග කෝසලයන්ගේ නළකපාන නම් නියම් ගමට වැඩි සේක. එහි භාග්‍යවතුන් වහන්සේ නළකපානය අසල වූ පලාස වනයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පොහෝ ලත් එදවස්හි බික්සඟුන් විසින් පිරිවරන ලද සේක් හුන්නාහු වෙත්. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ බොහෝ වේලාවක් භික්‍ෂූන්ට දැහැමි කථායෙන් කරුණු දක්වා සමාදන් කරවා සමුත්තේජන සම්ප්‍රහර්‍ෂණය කොට තුෂ්ණීම්භූත වූ බික්සඟුන් අනුවිලෝකනය කොට ආයුෂ්මත් සැරියුත් තෙරුන් ඇමතූ සේක.
Pali BJTවිගතථීනමිද්ධො{1} ඛො සාරිපුත්ත භික්ඛුසඞ්ඝො, පටිභාතු තං සාරිපුත්ත භික්ඛූනං ධම්මී කථා, පිට්ඨි මෙ ආගිලායති, තමහං ආයමිස්සාමීති. ‘එවම්භන්තෙ’ති ඛො ආයස්මා සාරිපුත්තො භගවතො පච්චස්සොසි.
Sinhala BJT“ශාරීපුත්‍රයෙනි, භික්‍ෂුසඞ්ඝයා පහවූ ථිනමිද්ධ ඇතියේ ය. ශාරීපුත්‍රයෙනි, භික්‍ෂූන් සඳහා ධාර්මික කථාව තොපට වැටහේ නම් මනා මැනු. මා පිට රද නැහෙයි. ඒ මම් සන්හිඳු වන්නෙමි’යි. ‘එසේ යැ වහන්සැ’යි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.
Pali BJTඅථ ඛො භගවා චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤාපෙත්වා දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙසි. පාදෙ පාදං අච්චාධාය සතො සම්පජානො උට්ඨානසඤ්ඤං මනසිකරිත්වා, තත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛු ආමන්තෙසි “ආවුසො භික්ඛවො”ති. ‘ආවුසො’ති ඛො තෙ භික්ඛු ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඟළ සිවුගුණ කොට පනවා දකුණත් පසින් දක්‍ෂිණපාදයෙහි වාමපාද මඳක් හැද තබා ස්මෘතිමත් වූවාහු සම්‍යක්ප්‍රඥා ඇත්තාහු උත්‍ථානසංඥාව මෙනෙහි කොට සීහශය්‍යා කළ සේක. එහි දී ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ‘ඇවැත් මහණෙනි’යි මහණුන් ඇමතූහ. ‘ඇවැත්නි’යි ඒ භික්‍ෂුහු ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල කීහ.
Pali BJTයස්ස කස්සචි ආවුසො සද්ධා නත්ථි කුසලෙසු ධම්මෙසු හිරි{1} නත්ථි ඔත්තප්පං නත්ථි, විරියං{2} නත්ථි, පඤ්ඤා නත්ථි කුසලෙසු ධම්මෙසු. තස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති, හානියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු නො වුද්ධි. සෙය්යථාපි ආවුසො කාළපක්ඛෙ චන්දස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති, හායතෙව වණ්ණෙන, හායති මණ්ඩලෙන, හායති ආභාය, හායති ආරොහපරිණාහෙන. එව මෙව ඛො ආවුසො යස්ස කස්සචි සද්ධා නත්ථි කුසලෙසු ධම්මෙසු, හිරි නත්ථි, ඔත්තප්පං නත්ථි, විරියං නත්ථි, පඤ්ඤා නත්ථි, කුසලෙසු ධම්මෙසු. තස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති, හානියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො වුද්ධි.
Sinhala BJTඇවැත්නි, යම් කිසිවක්හට කුශලධර්‍මයන් කෙරෙහි හිරි නැත් ද, ඔතප් නැත් ද, වීර්‍ය්‍යය නැත් ද, කුශල ධර්‍මයන් කෙරෙහි ප්‍රඥා නැත් ද, ඔහට යම් මැ රැයක් හෝ දාවලක් හෝ ඒ නම්, කුශලධර්‍මයන් කෙරෙහි හානියෙක් ම කැමැති විය යුතු. වෘද්ධියෙක් නො වේ. ඇවැත්නි, යම් පරිදි කළුවරපස්හි චන්‍ද්‍රයාට යම් මැ රැයක් හෝ දාවලක් හෝ ඒ නම්, ඒ වර්‍ණයෙනුදු පිරිහෙයි මඬුලුයෙනුදු පිරිහෙයි, ආභායෙනුදු පිරිහෙයි, ආරෝපරිහාණයෙනුදු පිරිහෙයි. ඇවැත්නි, එපරිදි ම යමකුහට කුශලධර්‍මයන්හි ශ්‍රද්ධා නැත් ද, හිරි නැත් ද, ඔතප් නැත් ද, වීර්‍ය්‍යය නැත් ද, කුශලධර්‍මයන්හි ප්‍රඥා නැත් ද, ඔහට යම් මැ රැයක් හෝ දවාලක් හෝ ඒ නම් කුශලධර්‍මයන්හි හානියෙක් ම කැමැති විය යුතු. වෘද්ධියෙක් නො වේ.
Pali BJT“අස්සද්ධො පුරිසපුග්ගලො”ති ආවුසො පරිහානමෙතං. “අහිරිකො පුරිසපුග්ගලො”ති ආවුසො පරිහානමෙතං. “අනොත්තප්පීපුරිස පුග්ගලො”ති ආවුසො පරිහානමෙතං. “කුසීතො පුරිසපුග්ගලො”ති ආවුසො පරිහානමෙතං. “දුප්පඤ්ඤො පුරිසපුග්ගලො” ති ආවුසො පරිහානමෙතං. “කොධනො පුරිසපුග්ගලො”ති ආවුසො පරිහානමෙතං. “උපනාහී පුරිසපුග්ගලො”ති ආවුසො පරිහානමෙතං. “පාපිච්ඡොපුරිසපුග්ගලො”ති ආවුසො පරිහානමෙතං. “පාපමිත්තතො පුරිසපුග්ගලො”ති ආවුසො පරිහානමෙතං. “මිච්ඡාදිට්ඨිකො පුරිසපුග්ගලො”ති ආවුසො පරිහානමෙතං.
Sinhala BJTඇවැත්නි, ‘අශ්‍රද්ධ පුරුෂ පුද්ගල’ යන තෙල පරිහාණියෙක්, ඇවැත්නි, ‘අශ්‍රීක පුරුෂ පුද්ගල’ යන තෙල පරිහාණියෙක, ඇවැත්නි, ‘ඔතප් නැති පුරුෂ පුද්ගල’ යන තෙල පරිහාණියෙක, ඇවැත්නි, ‘කුසීත පුරුෂ පුද්ගල’ යන තෙල පරිහාණියෙක, ඇවැත්නි, ‘දුෂ්ප්‍රාඥ පුරුෂ පුද්ගල’ යන තෙල පරිහාණියෙක, ඇවැත්නි, ‘ක්‍රොධන පුරුෂ පුද්ගල’ යන තෙල පරිහාණියෙක, ඇවැත්නි, ‘බද්ධවෛරී පුරුෂ පුද්ගල’ යන තෙල පරිහාණියෙක, ඇවැත්නි, ‘පාපේච්ඡ පුරුෂ පුද්ගල’ යන තෙල පරිහාණියෙක, ඇවැත්නි, ‘පාපමිත්‍ර පුරුෂ පුද්ගල’ යන තෙල පරිහාණියෙක, ඇවැත්නි, ‘මිථ්‍යාදෘෂ්ටික පුරුෂ පුද්ගල’ යන තෙල පරිහාණියෙකි.
Pali BJTයස්ස කස්සචි ආවුසො සද්ධා අත්ථි කුසලෙසු ධම්මෙසු, හිරි අත්ථි, ඔත්තප්පං අත්ථි, පඤ්ඤා අත්ථි කුසලෙසු ධම්මෙසු. තස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති, වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො පරිහානි. සෙය්යථාපි ආවුසො ජුණ්හපක්ඛෙ චන්දස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති වඩ්ඪතෙව වණ්ණෙන, වඩ්ඪති මණ්ඩලෙන, වඩ්ඪති ආභාය, වඩ්ඪති ආරොහපරිණාහෙන. එවමෙව ඛො ආවුසො යස්ස කස්සචි සද්ධා අත්ථි කුසලෙසු ධම්මෙසු, හිරි අත්ථි, ඔත්තප්පං අත්ථි, විරියං අත්ථි. පඤ්ඤා අත්ථි කුසලෙසු ධම්මෙසු. තස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති, වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො පරිහානි.
Sinhala BJTඇවැත්නි, යම් කෙනකුහට කුශලධර්‍මයන් කෙරෙහි ශ්‍රද්ධා ඇත් ද, හිරි ඇත් ද, ඔතප් ඇත් ද, කුශල ධර්‍මයන් කෙරෙහි ප්‍රඥා ඇත් ද, ඔහට යම් මැ රැයක් හෝ දවාලක් හෝ ඒ නම්, කුශලධර්‍මයන් කෙරෙහි වෘද්ධියෙක් ම කැමැති විය යුතු, පරිහාණියෙක් නො වේ. ඇවැත්නි, යම් සේ ශුක්ලපක්‍ෂයෙහි චන්‍ද්‍රයා හට යම් බඳු රැයක් හෝ දවාලක් හෝ ඒ නම්, ඒ වර්‍ණනයෙනුදු වැඩේ මැ යි, මැඩිලියෙනුදු වැඩෙයි, ආභායෙනුදු වැඩෙයි, ආරෝපරිහාණයෙනුදු වැඩේ. ඇවැත්නි, එසෙයින් ම යමකුහට කුශලධර්‍මයන්හි ශ්‍රද්ධා ඇත් ද, හිරි ඇත් ද, ඔතප් ඇත් ද, වීර්‍ය්‍යය ඇත් ද, කුශලධර්‍මයන්හි ප්‍රඥා ඇත් ද, කුශලධර්‍මයන්හි වෘද්ධියෙක් ම කැමැති විය යුතු, පරිහාණියෙක් නො වේ.
Pali BJT“සද්ධො පුරිසපුග්ගලො” ති ආවුසො අපරිහානමෙතං. “හිරිමා පුරිසපුග්ගලො”ති ආවුසො අපරිහානමෙතං. ඔත්තප්පී පුරිසපුග්ගලො”ති ආවුසො අපරිහානමෙතං. “ආරද්ධවිරියො පුරිසපුග්ගලො”ති ආවුසො අපරිහානමෙතං. පඤ්ඤවා පුරිසපුග්ගලො”ති ආවුසො අපරිහානමෙතං. අක්කොධනො පුරිසපුග්ගලො”ති ආවුසො අපරිහානමෙතං. “අනුපනාහී පුරිසපුග්ගලො”ති ආවුසො අපරිහානමෙතං. “අප්පිච්ඡො පුරිසපුග්ගලො”ති ආවුසො අපරිහානමෙතං. “කල්යාණමිත්තො පුරිසපුග්ගලො”ති ආවුසො අපරිහානමෙතං. “සම්මාදිට්ඨිකො පුරිසපුග්ගලො”ති ආවුසො අපරිහානමෙතන්ති.
Sinhala BJTඇවැත්නි, ‘ශ්‍රද්ධා ඇති පුරුෂ පුද්ගල’ යන තෙල අපරිහාණියෙක. ඇවැත්නි, ‘හ්‍රීමත් පුරුෂ පුද්ගල’ යන තෙල අපරිහාණියෙක. ඇවැත්නි, ‘අපත්‍රපා ඇති පුරුෂ පුද්ගල’ යන තෙල අපරිහාණියෙක. ඇවැත්නි, ‘ආරබ්ධවීර්‍ය්‍ය ඇති පුරුෂ පුද්ගල’ යන තෙල අපරිහාණියෙක. ඇවැත්නි, ‘ප්‍රඥාවත් පුරුෂ පුද්ගල’ යන තෙල අපරිහාණියෙක. ඇවැත්නි, ‘නොකිපෙන සැහැවි ඇති පුරුෂ පුද්ගල’ යන තෙල අපරිහාණියෙක. ඇවැත්නි, ‘බද්ධ වෛර නැති පුරුෂ පුද්ගල’ යන තෙල අපරිහාණියෙක. ඇවැත්නි, ‘කල්‍යාණමිත්‍ර පුරුෂ පුද්ගල’ යන තෙල අපරිහාණියෙක. ඇවැත්නි, ‘සම්‍යක්දෘෂ්ටික පුරුෂ පුද්ගල’ යන තෙල අපරිහාණියෙකැ ‘යි.
Pali BJTඅථ ඛො භගවා පච්චුට්ඨාය ආයස්මන්තං සාරිපුත්තං ආමන්තෙසි සාධු සාධු සාරිපුත්ත, යස්ස කස්සචි සාරිපුත්ත, සද්ධා නත්ථි කුසලෙසු ධම්මෙසු, හිරි නත්ථි, ඔත්තප්පං නත්ථි, විරියං නත්ථි, පඤ්ඤා නත්ථි කුසලෙසු ධම්මෙසු. තස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති, හානියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො වුද්ධි.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරුන් ඇමතූ සේක: “ශාරීපුත්‍රයෙනි, ඉතා මැනැවි, ඉතා මැනැවි, ශාරීපුත්‍රයෙනි, යම් කෙනෙකුන්ට කුශල ධර්‍ම කෙරෙහි ශ්‍රද්ධා නැත් ද, හිරි නැත් ද, අපත්‍රපා නැත් ද, වීර්‍ය්‍ය නැත් ද, කුශලධර්‍මයන් කෙරෙහි ප්‍රඥා නැත් ද ඔහට යම්බඳු රැයක් හෝ දවාලක් හො ඒ නම්, කුශලධර්‍මයන් කෙරෙහි හානියෙක් ම කැමැති විය යුතු. වෘද්ධියෙක් නො වේ.
Pali BJTසෙය්යථාපි සාරිපුත්ත කාළපක්ඛෙ චන්දස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති, හායතෙව වණ්ණෙන, හායති මණ්ඩලෙන, හායති ආභාය, හායති ආරොහපරිණාහෙන. එවමෙව ඛො සාරිපුත්ත යස්ස කස්සචි සද්ධා නත්ථි කුසලෙසු -පෙ- පඤ්ඤා නත්ථි කුසලෙසු ධම්මෙසු. තස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති, හානියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො වුද්ධි.
Sinhala BJTශාරීපුත්‍රයෙනි, යම් සේ කෘෂ්ණපක්‍ෂයෙහි චන්‍ද්‍රයාට යම්බඳු රාත්‍රියක් හෝ දවාලක් හෝ ඒ නම් වර්‍ණයෙනුදු පිරිහෙයි, මැඩිලියෙනුදු පිරිහෙයි, ආභායෙනුදු පිරිහෙයි, ආරෝහපරිණාහයෙනුදු පිරිහෙයි. ශාරීපුත්‍රයෙනි, එපරිදි ම යම් කෙනෙකු හට කුශලධර්‍මයන් කෙරෙහි යම් බඳු රාත්‍රියක් හෝ දාවලක් ඒ නම්, කුශලධර්‍මයන් කෙරෙහි හානියෙක් ම කැමැති විය යුතු. වෘද්ධියෙක් නොවේ.
Pali BJT“අස්සද්ධො පුරිසපුග්ගලො”ති සාරිපුත්ත පරිහානමෙතං, අහිරිකො -පෙ- අනොත්තප්පී - කුසීතො - දුප්පඤ්ඤො - කොධනො - උපනාහී - පාපිච්ඡො - පාපමිත්තො - මිච්ඡාදිට්ඨිකො පුරිසපුග්ගලො”ති සාරිපුත්ත පරිහානමෙතං.
Sinhala BJTශාරීපුත්‍රයෙනි, ‘අශ්‍රද්ධ පුරුෂපුද්ගල’ යන තෙල පරිහාණියෙක, අහ්‍රීක ... අපත්‍රපා නැති ... කුෂිද ... දුස්ප්‍රාඥ - කිපෙනසුලු - බද්ධවෛර ඇති - පාපේච්ඡ වූ - පවිටු මිතුරන් ඇති ... ශාරීපුත්‍රයෙනි, මිථ්‍යාදෘෂ්ටික පුරුෂ පුද්ගල යන තෙල පරිහාණියෙක.
Pali BJTයස්ස කස්සචි සාරිපුත්ත සද්ධා අත්ථි කුසලෙසු ධම්මෙසු, හිරි අත්ථි - ඔත්තප්පං අත්ථි - විරියං අත්ථි - පඤ්ඤා අත්ථි කුසලෙසු ධම්මෙසු. තස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති, වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො පරිහානි. සෙය්යථාපි සාරිපුත්ත ජුණ්හපක්ඛෙ චන්දස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති, වඩ්ඪතෙව වණ්ණෙන. වඩ්ඪති මණ්ඩලෙන, වඩ්ඪති ආභාය, වඩ්ඪති ආරොහපරිණාහෙන.
Sinhala BJTශාරීපුත්‍රයෙනි, යම් කෙනකුට කුශලධර්‍මයන් කෙරෙහි ශ්‍රද්ධා ඇත් ද, හිරි ඇත් ද, ඔතප් ඇත් ද, වීර්‍ය්‍ය ඇත් ද, කුශලධර්‍මයන් කෙරෙහි ප්‍රඥා ඇත් ද, ඔහට යම්බඳු රාත්‍රියක් හෝ දවසක් හෝ ඒ නම්, වෘද්ධිය ම කැමැති විය යුතු. පරිහාණිය නො වේ. ශාරීපුත්‍රයෙනි, යම් සේ ශුක්ලපක්‍ෂයෙහි චන්‍ද්‍රයාගේ යම්බඳු රාතුයක් හෝ දවසක් හෝ ඒ නම්, වර්‍ණයෙනුදු වැඩේ මැයි, මැඩිලියෙනුදු වැඩෙයි, අහායෙනුදු වැඩෙයි, ආරෝහපරිණාහයෙනුදු වැඩෙයි.
Pali BJTඑව මෙව ඛො සාරිපුත්ත යස්ස කස්සචි සද්ධා අත්ථි කුසලෙසු ධම්මෙසු. හිරි අත්ථි - ඔත්තප්පං අත්ථි - විරියං අත්ථි - පඤ්ඤා අත්ථි කුසලෙසු ධම්මෙසු. තස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො පරිහානි.
Sinhala BJTශාරීපුත්‍රයෙනි, එ සෙයින් ම යම් කෙනෙකුට කුශලධර්‍මයන් කෙරෙහි ශ්‍රද්ධා ඇත් ද, හිරි ඇත් ද, ඔතප් ඇත් ද, වීර්‍ය්‍ය ඇති ද, කුශලධර්‍මයන් කෙරෙහි ප්‍රඥා ඇත් ද, ඔහට යම්බඳු රාත්‍රියක් හෝ දවසක් හෝ ඒ නම්, කුශලධර්‍මයන් කෙරෙහි වෘද්ධිය ම කැමැති විය යුතු. පරිහාණි නො වේ.
Pali BJT“සද්ධො පුරිසපුග්ගලො”ති සාරිපුත්ත අපරිහානමෙතං, හිරිමා -පෙ- ඔත්තප්පී - ආරද්ධවිරියො - පඤ්ඤවා - අක්කොධනො - නුපනාහී - අප්පිච්ඡො - කල්යාණමිත්තො - සම්මාදිට්ඨිකො පුරිසපුග්ගලො”ති සාරිපුත්ත අපරිහානමෙතන්ති.
Sinhala BJTශාරීපුත්‍රයෙනි, ‘ශ්‍රද්ධා ඇති පුරුෂ පුද්ගල’ යන තෙල අපරිහාණියෙක, හ්රීමත් ... අපත්‍රපා ඇති - ආරබ්ධවීර්‍ය්‍ය ඇති - ප්‍රඥා ඇති - ක්‍රෝධ ස්වභාව නැති - බද්ධවෛර නැති - අල්පේච්ඡ වූ - කල්‍යාණමිත්‍රයන් ඇති - ‘සම්‍යක්දෘෂ්ටික පුරුෂ පුද්ගල’ යන තෙල අපරිහාණියෙකැයි.
Pali BJT10. 2. 2. 8.
Sinhala BJT10. 2. 2. 8.
Pali BJTදුතිය නළකපාන සුත්තං
Sinhala BJTදුතිය නළකපාන සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා නළකපානෙ විහරති පලාසවනෙ. තෙන ඛො පන සමයෙන තදහුපොසථෙ භික්ඛුසඞ්ඝපරිවුතො නිසින්නො හොති. අථ ඛො භගවා බහුදෙවරත්තිං භික්ඛූනං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා තුණ්හීභූතං තුණ්හීභූතං භික්ඛුසඞ්ඝං අනුවිලොකෙත්වා ආයස්මන්තං සාරිපුත්තං ආමන්තෙසි.
Sinhala BJTඑක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නළකපාන අසළ වූ පලාස වනයෙහි වාසය කරන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ පොහෝ ලත් එදවස්හි බික්සඟුන් විසින් පිරිවරනලදහු හුන්නාහු වෙත්. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ බොහෝ වේලාවක් භික්‍ෂූන්ට දැහැමි කථායෙන් සංදර්‍ශනය කොට සමාදන් සමුත්තේජනය කොට සම්ප්‍රහර්‍ෂණය කොට තුෂ්ණීම්භූත භික්‍ෂුසඞ්ඝයා අනුවිලෝකනය කොට ආයුෂ්මත් සැරියුත් තෙරුන් ඇමතූ සේක:
Pali BJTවිගතථීනමිද්ධො ඛො සාරිපුත්ත භික්ඛුසඞ්ඝො, පටිභාතු තං සාරිපුත්ත භික්ඛූනං ධම්මීකථා, පිට්ඨි මෙ ආගිලායති, තමහං ආයමිස්සාමීති. “එවං භන්තෙ”ති ඛො ආයස්මා සාරිපුත්තො භගවතො පච්චස්සොසි.
Sinhala BJT“ශාරීපුත්‍රයෙනි, භික්‍ෂුසඞ්ඝයා පහවූ ථිනමිද්ධය ඇතියේ ය. ශාරීපුත්‍රයෙනි, භික්‍ෂූන් සඳහා තොපට දැහැමි කථාව වැටහේ නම් මනා මැ නු. මාගේ පිට රදනැඟෙයි. එය මම සන්හිඳුවමැ”යි. ‘වහන්ස, එසේය’යයි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.
Pali BJTඅථ ඛො භගවා චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤාපෙත්වා දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙසි පාදෙ පාදං අච්චාධාය සතො සම්පජානො උට්ඨානසඤ්ඤං මනසිකරිත්වා, තත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛු ආමන්තෙසි “ආවුසො භික්ඛවෙ”ති. ‘ආවුසො’ති ඛො තෙ භික්ඛු ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඟල සිවුර සිවුගුණ කොට අතුරා දකුණැළයෙන් වාමපාදයෙහි දකුණුපා මදක් ඇද තබා ස්මෘතිමත් වූවාහු සම්ප්‍රඥාන ඇතියාහු උත්‍ථානසංඥා මෙනෙහි කොට සිංහශය්‍යා කළ සේක. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ‘ඇවැත් මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල කීහ:
Pali BJTයස්ස කස්සචි ආවුසො සද්ධා නත්ථි කුසලෙසු ධම්මෙසු, හිරි නත්ථි -පෙ- ඔත්තප්පං නත්ථි - විරියං නත්ථි - පඤ්ඤා නත්ථි - සොතාවධානං නත්ථි - ධම්ම ධාරණා නත්ථි - අත්ථූපපරික්ඛා නත්ථි - ධම්මානුධම්මපටිපත්ති නත්ථි - අප්පමාදො නත්ථි කුසලෙසු ධම්මෙසු. තස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති, හානියෙව කුසලෙසු ධම්මෙසු, නො වුද්ධි. සෙය්යථාපි ආවුසො කාළපක්ඛෙ චන්දස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති, හායතෙව වණ්ණෙන, හායති මණ්ඩලෙන, හායති ආභාය, හායති ආරොහපරිණාහෙන. එවමෙව ඛො ආවුසො යස්ස කස්සචි සද්ධා නත්ථි කුසලෙසු ධම්මෙසු. හිරි නත්ථි - ඔත්තප්පං නත්ථි - විරියං නත්ථි - පඤ්ඤා නත්ථි - සොතාවධානං නත්ථි - ධම්මධාරණා නත්ථි - අත්ථූපපරික්ඛා නත්ථි - ධම්මානුධම්මපටිපත්ති නත්ථි - අප්පමාදො නත්ථි කුසලෙසු ධම්මෙසු. තස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති, හානියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු. නො වුද්ධි.
Sinhala BJTඇවැත්නි, යම් කෙනෙකුන්ට කුශලධර්‍මයන්හි ශ්‍රද්ධා නැත් ද, හිරි නැත් ද ... ඔතප් නැත් ද, - වීර්‍ය්‍යය නැත් ද, - ප්‍රඥා නැත් ද, - ශ්‍රෝතාවධානය නැත් ද, - ධර්‍මධාරණා නැත් ද, - අර්‍ත්‍ථොපපරීක්‍ෂා නැත් ද, - ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති නැත් ද, - කුශල ධර්‍මයන්හි අප්‍රමාදය නැත් ද, ඔහට යම්බඳු රාත්‍රියක් හෝ දවසක් හෝ ඒ නම්, කුශල ධර්‍මයන්හි හානිය ම කැමැති වියයුතු. වෘද්ධිය නො වේ. ඇවැත්නි. යම් සේ කෘෂ්ණපක්‍ෂයෙහි චන්‍ද්‍රයාගේ යම්බඳු රාත්‍රියක් හෝ දවසක් හෝ ඒ නම්, වර්‍ණයෙනුදු පිරිහෙයි, මැඩිලියෙනුදු පිරිහෙයි, ආභායෙනුදු පිරිහෙයි, ආරෝහපරිණාහයෙනුදු පිරිහෙයි. ඇවැත්නි, එසෙයින් ම යම් කෙනෙකුට කුශලධර්‍මයන්හි ශ්‍රද්ධා නැත් ද, හිරි නැත් ද ... ඔතප් නැත් ද, - වීර්‍ය්‍ය නැත් ද, - ප්‍රඥා නැත් ද, - ශ්‍රෝතාවධානය නැත් ද, - ධර්‍මධාරණා නැත් ද, - අර්‍ත්‍ථොපපරීක්‍ෂා නැත් ද, - ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති නැත් ද, - කුශල ධර්‍මයන්හි අප්‍රමාදය නැත් ද, ඔහට යම්බඳු රාත්‍රියක් හෝ දවසක් හෝ ඒ නම්, කුශල ධර්‍මයන්හි හානිය ම කැමැති වියයුතු. වෘද්ධිය නො වේ.
Pali BJTයස්ස කස්සචි ආවුසො සද්ධා අත්ථි කුසලෙසු ධම්මෙසු. හිරි අත්ථි -පෙ- ඔත්තප්පං අත්ථි - විරියං අත්ථි - පඤ්ඤා අත්ථි - සොතාවධානං අත්ථි - ධම්මධාරණා අත්ථි - අත්ථූපපරික්ඛා අත්ථි - ධම්මානුධම්මපටිපත්ති අත්ථි - අප්පමාදො අත්ථි කුසලෙසු ධම්මෙසු. තස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති, වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො පරිහානි. සෙය්යථාපි ආවුසො ජුණ්හපක්ඛෙ චන්දස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති, වඩ්ඪතෙව වණ්ණෙන,වඩ්ඪති මණ්ඩලෙන වඩ්ඪති ආභාය, වඩ්ඪති ආරොහපරිණාහෙන, එවමෙව ඛො ආවුසො යස්ස කස්සචි සද්ධා අත්ථි කුසලෙසු ධම්මෙසු -පෙ- අප්පමාදො අත්ථි කුසලෙසු ධම්මෙසු. තස්සා යා රත්ති වා දිවසො වා ආගච්ඡති, වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු. නො පරිහානීති:
Sinhala BJTඇවැත්නි, යම් කෙනෙකුන්ට කුශලධර්‍මයන්හි ශ්‍රද්ධා ඇත් ද, හිරි ඇත් ද ... අපත්‍රපා ඇත් ද, - වීර්‍ය්‍යය ඇත් ද, - ප්‍රඥා ඇත් ද, - ශ්‍රෝතාවධානය ඇත් ද, - ධර්‍මධාරණා ඇත් ද, - අර්‍ත්‍ථොපපරීක්‍ෂා ඇත් ද, - ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති ඇත් ද, - කුශල ධර්‍මයන්හි අප්‍රමාදය ඇත් ද, ඔහට යම්බඳු රාත්‍රියක් හෝ දවසක් හෝ ඒ නම්, කුශල ධර්‍මයන්හි වෘද්ධිය ම කැමැති විය යුතු. පරිහාණි නො වේ. ඇවැත්නි, යම් සේ සුක්ලපක්‍ෂයෙහි චන්‍ද්‍රයාගේ යම්බඳු රාත්‍රියක් හෝ දවසෙක් හෝ ඒ නම්, වර්‍ණයෙනුදු වැඩේ මැ යි, මැඩිලියෙනුදු වැඩේ, ආභායෙනුදු වැඩේ, ආරෝහපරිණාහයෙනුදු වැඩේ. ඇවැත්නි, එසෙයින් ම යම් කෙනෙකුට කුශලධර්‍මයන්හි ශ්‍රද්ධා ඇත් ද, ... කුශල ධර්‍මයන්හි අප්‍රමාදය ඇත් ද, ඔහට යම්බඳු රාත්‍රියක් හෝ දවසක් හෝ ඒ නම්, කුශල ධර්‍මයන්හි හානිය ම කැමැති විය යුතු. පරිහාණි නො වේ.
Pali BJTඅථ ඛො භගවා පච්චුට්ඨාය ආයස්මන්තං සාරිපුත්තං ආමන්තෙසි. සාධු සාධු සාරිපුත්ත යස්ස කස්සචි සාරිපුත්ත, සද්ධා නත්ථි කුසලෙසු ධම්මෙසු, හිරි නත්ථි - ඔත්තප්පං නත්ථි - පඤ්ඤා නත්ථි - විරියං නත්ථි - සොතාවධානං නත්ථි - ධම්මධාරණා නත්ථි - අත්ථූපපරික්ඛා නත්ථි - ධම්මානුධම්මපටිපත්ති නත්ථි - අප්පමාදො නත්ථි කුසලෙසු ධම්මෙසු. තස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති, හානියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො වුද්ධි. සෙය්යථාපි සාරිපුත්ත කාළපක්ඛෙ චන්දස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති, හායතෙව වණ්ණෙන, හායති මණ්ඩලෙන, හායති ආභාය, හායති ආරොහපරිණාහෙන, එවමෙව ඛො සාරිපුත්ත යස්ස කස්සචි සද්ධා නත්ථි කුසලෙසු ධම්මෙසු -පෙ- අප්පමාදො නත්ථි කුසලෙසු ධම්මෙසු. තස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති, හානියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු. නො වුද්ධි.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුවන් වහන්සේ යළි නැගී වදාරා ආයුෂ්මත් සැරියුත් තෙරුන් ඇමතූ සේක: ශාරීපුත්‍රයෙනි, මැනැවි, ඉතා මැනැවි, ශාරීපුත්‍රයෙනි, යම් කෙනකුන්ට කුශල ධර්‍මයන්හි ශ්‍රද්ධා නැත් ද, හිරි නැත් ද, - ඔතප් නැත් ද, - ප්‍රඥා නැත් ද, - වීර්‍ය්‍ය නැත් ද, - ශ්‍රෝතාවධාන නැත් ද, - ධර්‍මධාරණා නැත් ද, - අර්‍ත්‍ථොපපරීක්‍ෂා නැත් ද, - ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති නැත් ද, - කුශල ධර්‍මයන්හි අප්‍රමාදය නැත් ද, ඔහට යම්බඳු රාත්‍රියක් හෝ දවසක් හෝ එයි නම්, කුශල ධර්‍මයන්හි හානිය ම කැමැති වියයුතු. වෘද්ධිය නො වේ. ශාරීපුත්‍රයෙනි, කෘෂ්ණපක්‍ෂයෙහි චන්‍ද්‍රයාගේ යම්බඳු රාත්‍රියක් හෝ දවසෙක් හෝ එයි නම්, වර්‍ණයෙනුදු පිරිහෙයි, මැඩිලියෙනුදු පිරිහෙයි, ආභායෙනුදු පිරිහෙයි, ආරෝහපරිණාහයෙනුදු පිරිහෙයි. ශාරීපුත්‍රයෙනි, එසෙයින් ම යම් කෙනෙකුන්ට කුශලධර්‍මයන්හි ශ්‍රද්ධා නැත් ද, ... කුශල ධර්‍මයන්හි අප්‍රමාදය නැත් ද, ඔහට යම්බඳු රාත්‍රියක් හෝ දවසක් හෝ ඒ නම්, කුශල ධර්‍මයන්හි හානියෙක් ම කැමැති විය යුතු. වෘද්ධි නො වේ.
Pali BJTයස්ස කස්සචි සාරිපුත්ත සද්ධා අත්ථි කුසලෙසු ධම්මෙසු. හිරි අත්ථි - ඔත්තප්පං අත්ථි - විරියං අත්ථි - පඤ්ඤා අත්ථි - සොතාවධානං අත්ථි - ධම්මධාරණා අත්ථි - අත්ථූපපරික්ඛා අත්ථි - ධම්මානුධම්මපටිපත්ති අත්ථි - අප්පමාදො අත්ථි කුසලෙසු ධම්මෙසු. තස්සා යා රත්ති වා දිවසො වා ආගච්ඡති, වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො පරිහානි. සෙය්යථාපි සාරිපුත්ත ජුණ්හපක්ඛෙ චන්දස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති, වඩ්ඪතෙව වණ්ණෙන, වඩ්ඪති මණ්ඩලෙන වඩ්ඪති ආභාය, වඩ්ඪති ආරොහපරිණාහෙන, එවමෙව ඛො සාරිපුත්ත යස්ස කස්සචි සද්ධා අත්ථි කුසලෙසු ධම්මෙසු -පෙ- අප්පමාදො අත්ථි කුසලෙසු ධම්මෙසු. තස්සා යා රත්ති වා දිවසො වා ආගච්ඡති, වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු. නො පරිහානීති:
Sinhala BJTශාරීපුත්‍රයෙනි, යම් කෙනෙකුන්ට කුශල ධර්‍මයන්හි ශ්‍රද්ධා ඇද්ද, හිරි ඇද්ද, ඔතප් ඇද්ද, වීර්‍ය්‍ය ඇද්ද, ප්‍රඥා ඇද්ද, ශ්‍රෝතාවධාන ඇද්ද, ධර්‍මධාරණා ඇද්ද, අර්‍ත්‍ථොපපරීක්‍ෂා ඇද්ද, ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති ඇද්ද, කුශල ධර්‍මයන්හි අප්‍රමාදය ඇද්ද, ඔහට යම්බඳු රාත්‍රියක් හෝ දවසක් හෝ ඒ නම්, කුශලධර්‍මයන්හි වෘද්ධිය ම කැමැති විය යුතු. පරිහානිය නො වේ. ශාරීපුත්‍රයෙනි, යම් සේ ශුක්ලපක්‍ෂයෙහි චන්‍ද්‍රයාගේ යම්බඳු රාත්‍රියක් හෝ දවසෙක් හෝ ඒ නම්, වර්‍ණයෙන් වැඩේ මැයි. මැඩිලියෙනුදු වැඩේ මැයි. ආභායෙනුදු වැඩේ මැයි. ආරෝහපරිණාහයෙනුදු වැඩේ මැයි. ශාරීපුත්‍රයෙනි, එ පරිදි ම යම් කෙනකුන්ට කුශලධර්‍මයන්හි ශ්‍රද්ධා ඇද් ද, ... කුශල ධර්‍මයන්හි අප්‍රමාද ඇද්ද ද, ඔහට යම් රැයක් හෝ දවසෙක් හෝ ඒ නම්, කුශල ධර්‍මයන්හි වෘද්ධිය ම කැමැති විය යුතු. පරිහානි නො වේ යී.
Pali BJT10. 2. 2. 9.
Sinhala BJT10. 2. 2. 9.
Pali BJTපඨම කථාවත්ථු සුත්තං
Sinhala BJTපඨම කථාවත්‍ථු සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛු පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා උපට්ඨානසාලායං සන්නිසින්නා සන්නිපතිතා අනෙකවිහිතං තිරච්ඡානකථං අනුයුත්තා විහරන්ති. සෙය්යථීදං රාජකථං චොරකථං මහාමත්තකථං සෙනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඤාතිකථං යානකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං සූරකථං විසිඛාකථං කුම්භට්ඨානකථං පුබ්බපෙතකථං නානත්තකථං ලොකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉතිභවාභවකථං ඉති වාති.
Sinhala BJTඑක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වාසය කරන සේක. එකල්හි බොහෝ භික්‍ෂූහු පසුබත පිඬුවායෙන් වැළකියාහු වටන්හල්හි රැස්ව හුන්නාහු අනේකවිධ තිරශ්චීන කථායෙහි යෙදුනාහු වාසය කරත්. ඒ කවර යත්: “රාජකථා ය, චෝරකථා ය, මහාමාත්‍යකථා ය, සේනාකථා ය, භයකථා ය, යුද්ධකථා ය, අන්නකථා ය, පානකථා ය, වස්ත්‍රකථා ය, ශයනකථා ය, මාලාකථා ය, ගන්‍ධකථා ය, ඥාතිකථා ය, යානකථා ය, ග්‍රාමකථා ය, නිගමකථා ය, නගරකථා ය, ජනපදකථා ය, ස්ත්‍රීකථා ය, පූර්‍වප්‍රේතකථා ය, නානාත්මකකථා ය, ලෝකඛ්‍යායිකථා ය, සමුද්‍රාඛ්‍යායිකථා ය, ඉතිභවාභවකථා ය, මෙසේ හෝ” යි.
Pali BJTඅථ ඛො භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙන උපට්ඨානසාලා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛු ආමන්තෙසි: “කායනුත්ථ භික්ඛවෙ එතරහි කථාය සන්නිසින්නා සන්නිපතිතා, කාසි පන වො අන්තරාකථා විප්පකතාති?
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස්වරුයෙහි පිළිසලණින් නැගුණාහු වටන්හල් කරා එළඹියහ. එළඹ පැනවූ අස්නෙහි හුන්හ. හිඳ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, තෙපි මෙකල කවර කථායෙකින් යුක්තව රැස්ව හුන්නහු ද? කවර නම් කථායෙක් තොප විසින් අඩාළ කරනලද ය? වහන්ස, පසුබත පිඬුවායෙන් පෙරළා පැමිණියමෝ අපි මේ වටන්හල්හි රැස්ව හුන්නමෝ අනේකවිධ තිරශ්චීන කථායෙහි යෙදුනමෝ වාසය කරම්හ. ඒ කවර යත්: රාජකථාය, .... චෝර කථාය ... ඉතිභවාභවකථා ය, මෙසේ හෝ”යි.
Pali BJTඉධ මයං භන්තෙ පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා, උපට්ඨානසාලායං සන්නිසින්නා සන්නිපතිතා අනෙකවිහිතං තිරච්ඡානකථං අනුයුත්තා විහරාම. සෙය්යථීදං: රාජකථං චොරකථං -පෙ- ඉති භවාභවකථං ඉති වාති. න ඛො පනෙතං භික්ඛවෙ තුම්හාකං පතිරූපං කුලපුත්තානං සද්ධාය අගාරස්මා අනගාරියං පබ්බජිතානං, යං තුම්හෙ අනෙකවිහිතං තිරච්ඡානකථං අනුයුත්තා විහරෙය්යාථ. සෙය්යථීදං: රාජකථං චොරකථං මහාමත්තකථං සෙනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඤාතිකථං යානකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං සූරකථං විසිඛාකථං කුම්භට්ඨානකථං පුබ්බපෙතකථං නානත්තකථං ලොකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉතිභවාභවකථං ඉති වාති.
Sinhala BJTමහණෙනි, ගෙන් නික් ම අනගාරිය ශාසනයෙහි පැවිදි වු කුලපුත්‍ර තොපට ප්‍රතිරූප නො වේ ම ය. යම් හෙයෙකින් තෙපි අනේකවිහිත වූ තිරශ්චීන කථායෙහි යෙදුනහු වාසය කරත් නම් - ඒ කවරය යත්: රාජකථා ය, චෝරකථා ය, මහාමාත්‍ය කථා ය, සේනාසනකථා ය, භයකථා ය, යුද්ධකථා ය, අන්නකථා ය, පානකථා ය, වස්ත්‍රකථා ය, ශයනකථා ය, මාලාකථා ය, ගන්‍ධකථා ය, ඥාතිකථා ය, යානකථා ය, ග්‍රාමකථා ය, නිගමකථා ය, නගරකථා ය, ජනපදකථා ය, ස්ත්‍රීකථා ය, ශූරකථා ය, විසිඛාකථා ය, කුම්භස්ථානකථා ය, පූර්‍වප්‍රේතකථා ය, නානාත්‍වකථා ය, ලොකඛ්‍යායිකා ය, සමුද්‍රාඛ්‍යායිකා ය, ඉතිභවාභවකථා ය” යන මේ යි.
Pali BJTදස ඉමානි භික්ඛවෙ කථාවත්ථූනි. කතමානි දස: අප්පිච්ඡකථා සන්තුට්ඨිකථා පවිවෙකකථා අසංසග්ගකථා විරියාරම්භකථා සීලකථා සමාධිකථා පඤ්ඤාකථා විමුත්තිකථා විමුත්තිඤාණදස්සනකථාති. ඉමානි ඛො භික්ඛවෙ දසකථාවත්ථූනි.
Sinhala BJTමහණෙනි, මේ කථාවස්තු දශයෙක. කවර දශයෙක යත්: අප්පිච්ඡකථා ය, සන්තුට්ඨිකථා ය, පවිවේකකථා ය, අසංසග්ගකථා ය, විරියාරම්භකථා ය, සීලකථා ය, සමාධිකථා ය, පඤ්ඤකථා ය, විමුත්තිකථා ය, විමුත්තිඤාණදස්සනකථා යි. මහණෙනි, මේ දශකථාවස්තූහු යි.
Pali BJTඉමෙසං චෙ තුම්හෙ භික්ඛවෙ දසන්නං කථාවත්ථූනං උපාදායුපාදාය කථං කථෙය්යාථ, ඉමෙසම්පි චන්දිමසුරියානං එවං මහිද්ධිකානං එවං මහානුභාවානං තෙජසා තෙජං පරියාදියෙය්යාථ, කො පන වාදො අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානන්ති.
Sinhala BJTමහණෙනි, ඉදින් තෙපි මේ දශකථාවස්තූන්ගෙන් කථාවක් ගෙන කියන්නහු නම්, මෙසේ මහර්ධි ඇති මෙසේ මහානුභාව ඇති මේ චන්‍ද්‍රසූර්‍ය්‍යයන්ගේ ද තෙද සිය තෙදින් මැඩගෙන සිටුනාහු ය. අන්තොටු පිරිවැජියන් පිළිබඳ කවර කථා යැ?යි.
Pali BJT10. 2. 2. 10.
Sinhala BJT10. 2. 2. 10.
Pali BJTදුතියකථාවත්ථු සුත්තං
Sinhala BJTදුතිය කථාවත්‍ථු සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛු පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා උපට්ඨානසාලායං සන්නිසින්නා සන්නිපතිතා අනෙකවිහිතං තිරච්ඡානකථං අනුයුත්තා විහරන්ති. සෙය්යථීදං: රාජකථං චොරකථං මහාමත්තකථං -පෙ- ඉතිභවාභවකථං ඉති වාති.
Sinhala BJTඑක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ ජේතවන නම් ආරාමයෙහි වාසය කරන සේක. එසමයෙහි බොහෝ භික්‍ෂූහු පසුබත පිඬුවායෙන් පෙරළා පැමිණියාහු උවටන්හල්හි රැස්ව හුන්නාහු අනේකවිධ තිරශ්චීන කථායෙහි ඇලුණාහු වාසය කරත්. ඒ කවර යත්: රාජකථා ය, චෝරකථා ය, මහාමාත්‍රකථාය, -පෙ- ඉතිභවාභවකථාය යි.
Pali BJT1.දස ඉමානි භික්ඛවෙ පාසංසානි ඨානානි. කතමානි දස: ඉධ භික්ඛවෙ භික්ඛු අත්තනා ච අප්පිච්ඡො හොති, අප්පිච්ඡකථඤ්ච භික්ඛූනං කත්තා හොති. “අප්පිච්ඡො භික්ඛු අප්පිච්ඡකථඤ්ච භික්ඛූනං කත්තා”ති පාසංසමෙතං ඨානං.
Sinhala BJT1. මහණෙනි, මේ ප්‍රශංසාවහ කරුණු දසයෙකි. කවර දසයෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙමේ ද අල්පේච්ඡ වෙයි. අල්පේච්ඡ කථාත් භික්‍ෂූන්ට කරන්නේ වේ යයි තෙල කරුණ ප්‍රශංසාවහ වේ.
Pali BJT2. අත්තනා ච සන්තුට්ඨො හොති. සන්තුට්ඨීකථඤ්ච භික්ඛූනං කත්තා “සන්තුට්ඨො හොති, භික්ඛු සන්තුට්ඨීකථඤ්ච භික්ඛූනං කත්තා”ති. පාසංසමෙතං ඨානං.
Sinhala BJT2. තෙමේත් සතුටු වූයේ වෙයි. සන්තුෂ්ටිකථාව භික්‍ෂූන්ට කරනුයේත් වෙයි. “මහණ සතුටු වූයේ සන්තුෂ්ටිකථාව භික්‍ෂූන්ට කරන්නේ ය” යන තෙල කරුණ ප්‍රශංසාවහ වේ.
Pali BJT3. අත්තනා ච පවිවිත්තො හොති, පවිවෙකකථඤ්ච භික්ඛූනං කත්තා හොති. “පවිවිත්තො භික්ඛු පවිවෙකකථඤ්ච භික්ඛූනං කත්තා”ති පාසංසමෙතං ඨානං.
Sinhala BJT3. තෙමේත් ප්‍රවිවික්ත වෙයි, ප්‍රවිවේකකථා භික්‍ෂූන්ට කරන්නේත් වෙයි. “මහණ ප්‍රවිවික්ත වූයේ භික්‍ෂූන්ට ප්‍රවිවේකකථා කරනේ ය”යි තෙල කරුණ ප්‍රශංසාවහ වේ.
Pali BJT4. අත්තනා ච අසංසට්ඨො හොති, අසංසට්ඨකථඤ්ච භික්ඛූනං කත්තා හොති, අසංසට්ඨො භික්ඛු අසංසට්ඨකථඤ්ච භික්ඛූනං කත්තා”ති පාසංසමෙතං ඨානං.
Sinhala BJT4. තෙමේත් අසංසෘෂ්ට වූයේ වෙයි, භික්‍ෂූන්ට අසංසෘෂ්ට කථාව කරන්නේත් වෙයි. “මහණ අසංසෘෂ්ට වූයේ භික්‍ෂූන්ට අසංසෘෂ්ට කථාව කරන්නෙක” යන තෙල කරුණ ප්‍රශංසාවහ වේ.
Pali BJT5. අත්තනා ච ආරද්ධවිරියො හොති, විරියාරම්භකථඤ්ච භික්ඛූනං කත්තා හොති. “ආරද්ධවිරියො භික්ඛු විරියාරම්භකථඤ්ච භික්ඛූනං කත්තා”ති පාසංසමෙතං ඨානං.
Sinhala BJT5. තෙමේත් ආරබ්ධවීර්‍ය්‍ය වෙයි, භික්‍ෂූන්ට වීර්‍ය්‍යාරම්භකථාව කරන්නේත් වෙයි. “මහණ ආරබ්ධවීර්‍ය්‍ය වූයේ භික්‍ෂූන්ට වීර්‍ය්‍යාරම්භකථාව කථාව කරන්නෙක” යන තෙල කරුණ ප්‍රශංසාවහ වේ.
Pali BJT6. අත්තනා ච සීලසම්පන්නො හොති, සීලසම්පදාකථඤ්ච භික්ඛූනං කත්තා හොති. “සීලසම්පන්නො භික්ඛු සීලසම්පදාකථඤ්ච භික්ඛූනං කත්තා”ති පාසංසමෙතං ඨානං.
Sinhala BJT6. තෙමේත් සිල්සපන් වූයේ වෙයි. සීලසම්පදාකථාව භික්‍ෂූන්ට කරන්නේත් වෙයි. “සිල්සපන් මහණ භික්‍ෂූන්ට සීලසම්පදාකථාව කරන්නෙක” යන තෙල කරුණ ප්‍රශංසාවහ වේ.
Pali BJT7. අත්තනා ච සමාධිසම්පන්නො හොති, සමාධි සම්පදාකථඤ්ච භික්ඛූනං කත්තා හොති. “සමාධිසම්පන්නො භික්ඛු සමාධිසම්පදාකථඤ්ච භික්ඛූනං කත්තා”ති පාසංසමෙතං ඨානං
Sinhala BJT7. තෙමේත් සමාධිපන්නවූයේ වෙයි. භික්‍ෂූන්ට සමාධිසම්පදාකථාව කරන්නේත් වෙයි. “සමාධිසම්පන්න මහණ භික්‍ෂූන්ට සමාධිසම්පදාකථාව කරන්නෙක” යන තෙල කරුණ ප්‍රශංසාවහ වේ.
Pali BJT8. අත්තනා ච පඤ්ඤාසම්පන්නො හොති, පඤ්ඤාසම්පදාකථඤ්ච භික්ඛූනං කත්තා හොති. “පඤ්ඤාසම්පන්නො භික්ඛු පඤ්ඤාසම්පදාකථඤ්ච භික්ඛූනං කත්තා”ති පාසංසමෙතං ඨානං.
Sinhala BJT8. තෙමේත් ප්‍රඥාසම්පන්න වෙයි. ප්‍රඥාසම්පදාකථාව භික්‍ෂූන්ට කරන්නේත් වෙයි. “ප්‍රඥාසම්පන්න මහණ භික්‍ෂූන්ට ප්‍රඥාසම්පදාකථාව කරන්නෙක” යන තෙල කරුණ ප්‍රශංසාවහ වේ.
Pali BJT9. අත්තනා ච විමුත්තිසම්පන්නො හොති, විමුත්තිසම්පදාකථඤ්ච භික්ඛූනං කත්තා හොති. “විමුත්තිසම්පන්නො භික්ඛු විමුත්තිසම්පදාකථඤ්ච භික්ඛූනං කත්තා”ති පාසංසමෙතං ඨානං.
Sinhala BJT9. තෙමේත් විමුක්තිසම්පන්න වෙයි. විමුක්තිසම්පදාකථාව භික්‍ෂූන්ට කරන්නේත් වෙයි. “විමුක්තිසම්පන්න මහණ භික්‍ෂූන්ට විමුක්තිසම්පදාකථාව කරන්නෙක” යන තෙල කරුණ ප්‍රශංසාවහ වේ.
Pali BJT10. අත්තනා ච විමුත්තිඤාණදස්සනසම්පන්නො හොති, විමුත්තිඤාණදස්සනසම්පදාකථඤ්ච භික්ඛූනං කත්තා හොති. ‘විමුත්තිඤාණදස්සන’සම්පන්නො භික්ඛු විමුත්තිඤාණදස්සනසම්පදාකථඤ්ච භික්ඛූනං කත්තා”ති පාසංසමෙතං ඨනාං. ඉමානි ඛො භික්ඛවෙ දස පාසංසානි ඨානානීති.
Sinhala BJT10. තෙමේත් විමුක්තිඥානදර්‍ශනසම්පන්න වෙයි. විමුක්තිඥානදර්‍ශනකථාව භික්‍ෂූන්ට කරන්නේත් වෙයි. “විමුක්තිඥානදර්‍ශනසම්පන්න මහණ භික්‍ෂූන්ට විමුක්තිවිමුක්තිඥානදර්‍ශනකථාව කරන්නෙක” යන තෙල කරුණ ප්‍රශංසාවහ වේ.
Pali BJTයමකවග්ගො දුතියො.
Sinhala BJTදෙවන යමකවර්‍ගයි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඅවිජ්ජා තණ්හා නිට්ඨා ච අවෙච්චදෙව සුඛානි ච නළකපානෙ ද්වෙ වුත්තා කථාවත්ථු අපරෙ ද්වෙති.
Sinhala BJTඅවිජ්ජා ය, තණ්හා ය, නිට්ඨා ය, අවෙච්චප්පසන්න ය, සුඛ සූත්‍ර දෙක ය, නළකපාන සූත්‍රදෙක ය, කථාවත්‍ථු සූත්‍ර දෙක දැයි දශයෙක.
Pali BJT3. ආකඞ්ඛවග්ගො
Sinhala BJT3. ආකඞ්ඛ වර්‍ගය
Pali BJT10. 2. 3. 1.
Sinhala BJT10. 2. 3. 1.
Pali BJTආකඞ්ඛෙය්ය සුත්තං
Sinhala BJTආකඞ්ඛෙය්‍ය සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ, තත්ර ඛො භගවා භික්ඛු ආමන්තෙසි භික්ඛවොති: භදන්තෙති තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච. සම්පන්නසීලා භික්ඛවෙ විහරථ සම්පන්නපාතිමොක්ඛා, පාතිමොක්ඛසංවරසංවුතා විහරථ ආචාර ගොචරසම්පන්නා, අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවිනො සමාදාය සික්ඛථ සික්ඛාපදෙසු.
Sinhala BJTඑක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬුසිටුහුගේ ජේතවන නම් ආරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක: මහණෙනි, සිල්සපන්ව, ප්‍රාතිමෝක්‍ෂශීලයෙන් සමන්‍වාගත ව වාසය කරවු. ආචාර ගෝචරසම්පන්න වූවාහු අණුමාත්‍ර වරදෙහිදු භය දක්නා සුල්ලහු ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත වූවාහු වාසය කරවු. සමාදන් කොට ගෙන ශික්‍ෂාපදයන්හි හික්මෙවු.
Pali BJT1. ආකඞ්ඛෙය්ය චෙ භික්ඛවෙ භික්ඛු “සබ්රහ්මචාරීනං පියො චස්සං මනාපො ච ගරු ච භාවනීයො චා”ති. සීලෙස්වෙවස්ස පරිපූරකාරී අජ්ඣත්තං. චෙතොසමථමනුයුත්තො අනිරාකතජ්ඣානො විපස්සනාය සමන්නාගතො බ්රූහෙතා සුඤ්ඤාගාරානං.
Sinhala BJT1. මහණෙනි, ඉදින් මහණ “සබ්‍රම්සරුනට ප්‍රිය හා මනාප හා ගුරු හා භාවනීය හා වෙම්ව”යි කැමැති වේ නම් අධ්‍යාත්මචිත්තසමථයෙහි යෙදුණේ නො හළ ධ්‍යාන ඇතියේ විදර්‍ශනායෙන් සමන්‍වාගත වූයේ ශූන්‍යාගාරභාවනාව වඩනුයේ ශීලයන්හි ම පරිපූරකාරී වන්නේ ය.
Pali BJT2. ආකඞ්ඛෙය්ය චෙ භික්ඛවෙ භික්ඛු “ලාභී අස්සං චීවර පිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරාන”න්ති. සීලෙස්වෙවස්ස පරිපූරකාරී අජ්ඣත්තං චෙතොසමථමනුයුත්තො අනිරාකතජ්ඣානො විපස්සනාය සමන්නාගතො බ්රූහෙතා සුඤ්ඤාගාරානං.
Sinhala BJT2. මහණෙනි. ඉදින් මහණ “චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාර ලබන සුලු වෙම් ව”යි කැමැති වේ නම් අධ්‍යාත්මචිත්තසමථයෙහි යෙදුණේ නො හළ දැහැන් ඇතියේ සප්තානුදර්‍ශනයෙන් සමන්‍වාගත වූයේ ශූන්‍යාගාරයන් වඩනුයේ ශීලයන්හිම පරිපූරකාරී වන්නේ ය.
Pali BJT3. ආකඞ්ඛෙය්ය චෙ භික්ඛවෙ භික්ඛු “යෙසාහං පරිභුජ්ඣාමි චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං, තෙසං තෙ කාරා මහප්ඵලා අස්සු මහානිසංසා”ති සීලෙස්වෙවස්ස පරිපූරකාරී -පෙ- බ්රූහෙතා සුඤ්ඤාගාරානං.
Sinhala BJT3. මහණෙනි. ඉදින් මහණ “මම් යම් කෙනෙකුන්ගේ චීවරපිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාර වළඳ කෙරෙම් නම් ඔවුන්ගේ ඒ ප්‍රත්‍යසත්කාරයෝ මහත්ඵල මහානෘසංස වෙත්ව”යි කැමැති වේ … නම් ශූන්‍යාගාරයන් වඩනුයේ ශීලයන්හි ම පරිපූරකාරී වන්නේ ය.
Pali BJT4. ආකඞ්ඛෙය්ය චෙ භික්ඛවෙ භික්ඛු “යෙ මෙ පෙතා ඤාතිසාලොහිතා කාලකතා පසන්නචිත්තා අනුස්සරන්ති, තෙසං තං මහප්ඵලං අස්ස මහානිසංස”න්ති සීලෙස්වෙවස්ස පරිපූරකාරී -පෙ- බ්රූහෙතා සුඤ්ඤාගාරානං.
Sinhala BJT4. මහණෙනි. ඉදින් මහණ “මාගේ යම් ම ඥාතිසාලෝහිත ප්‍රේත කෙනෙක් කලුරිය කළාහු පහන් සිතැත්තාහු අනුස්මරණ කෙරෙත් නම් ඔවුන්ගේ එය මහත්ඵල මහානෘශංස වේ ව”යි ... ශූන්‍යාගාරයන් වඩනුයේ ශීලයන්හි ම පරිපූරකාරී වන්නේ ය.
Pali BJT5. ආකඞ්ඛෙය්ය චෙ භික්ඛවෙ භික්ඛු “සන්තුට්ඨො අස්සං ඉතරීතරචීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙනා”ති. සීලෙස්වෙවස්ස පරිපූරකාරී -පෙ- බ්රූහෙතා සුඤ්ඤාගාරානං.
Sinhala BJT5. මහණෙනි. ඉදින් මහණ “ඉතෙරතෙර චීවරපිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාරයෙන් සන්තුෂ්ට වෙම්ව”යි කැමැති වේනම් නම් ... ශූන්‍යාගාරයන් වඩනුයේ ශීලයන්හි ම පරිපූරකාරී වන්නේ ය.
Pali BJT6. ආකඞ්ඛෙය්ය චෙ භික්ඛවෙ භික්ඛු “ඛමො අස්සං සීතස්ස උණ්හස්ස ජිඝච්ඡාය පිපාසාය ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං දුරුත්තානං දුරාගතානං වචනපථානං උප්පන්නානං. සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිප්පානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අධිවාසකජාතිකො අස්සන්ති සීලෙස්වෙවස්ස පරිපූරකාරී -පෙ- බ්රූහෙතා සුඤ්ඤාගාරානං.
Sinhala BJT6. මහණෙනි, ඉදින් මහණ ශිත හා උෂ්ණ හා සා හා පවස් හා මැසිමදුරු හා වා අව් හා සරීසාපයන්ගේ ස්පර්‍ශය ඉවසන සුල්ලෙම් වෙමිවයි නපුරු කොට කියු නපුරු කොට පැමිණි වචනමාර්‍ගයන් ද උපන් දුක් වූ තීව්‍රවු රලු වූ කටුක වූ අසාත වූ අමනාප වූ ප්‍රාණහර වූ ශාරීරිකවේදනාවන් ඉවසන සැහැවි ඇත්තෙම් වෙම්වයි ... ශූන්‍යාගාරයන් වඩනුයේ සීලයන්හි ම පරිපූරකාරී වන්නේ ය.
Pali BJT7. ආකඞ්ඛෙය්ය චෙ භික්ඛවෙ භික්ඛු “අරති රති සහො අස්සං, න ච මං අරති රති සහෙය්ය, උප්පන්නං අරති රතිං අභිභුය්ය අභිභුය්ය විහරෙය්ය”න්ති, සීලෙස්වෙවස්ස පරිපූරකාරී -පෙ- බ්රූහෙතා සුඤ්ඤාගාරානං.
Sinhala BJT7. මහණෙනි, ඉදින් මහණ (අභිනිෂ්ක්‍රමණ ප්‍රතිපත්තියෙහි) “අරතිය හා කාමගුණයන්හි රතිය හා මැඩ ලන්නෙම් වෙම්ව යි අරතිය හා රතිය ද මා නහමක් මඩීව යි උපන් අරතිය හා රතිය මැඩ - මැඩ වාස කරම්ව”යි කැමැති වේ නම් ... ශූන්‍යාගාරයන් වඩනුයේ සීලයන්හි ම පරිපූරකාරී වන්නේ ය.
Pali BJT8. ආකඞ්ඛෙය්ය චෙ භික්ඛවෙ භික්ඛු “භයභෙරව සහො අස්සං, නච මං භයභෙරවො සහෙය්ය, උප්පන්නං භයභෙරවං අභිභුය්ය අභිභුය්ය විහරෙය්ය”න්ති, සීලෙස්වෙවස්ස පරිපූරකාරී -පෙ- බ්රූහෙතා සුඤ්ඤාගාරානං.
Sinhala BJT8. මහණෙනි, ඉදින් මහණ “චිත්තෝත්‍රාස හා බිහිසුණු අරමුණු සහන සුල්ලෙම් වෙමිවයි, භයභේරව නහමක් මැඩ යේවයි උපන් භයභේරව මැඩ - මැඩ වාසය කෙරෙම්ව”යි කැමැති වේ නම් ... ශූන්‍යාගාරයන් වඩනුයේ සීලයන්හි ම පරිපූරකාරී වන්නේ ය.
Pali BJT9. ආකඞ්ඛෙය්ය චෙ භික්ඛවෙ භික්ඛු “චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී අස්සං අකිච්ඡලාභී අකසිරලාභී”ති, සීලෙස්වෙවස්ස පරිපූරකාරී -පෙ- බ්රූහෙතා සුඤ්ඤාගාරානං.
Sinhala BJT9. මහණෙනි, ඉදින් මහණ “ආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ සිවුදැහැන් කැමැති සේ ලබන්නෙම් නිදුක් සේ ලබන්නෙම් පහසු සේ ලබන්නෙම් වෙම්ව”යි ... ශූන්‍යාගාරයන් වඩනුයේ සීලයන්හි ම පරිපූරකාරී වන්නේ ය.
Pali BJT10. ආකඞ්ඛෙය්ය චෙ භික්ඛවෙ භික්ඛු “ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්ය”න්ති, සීලෙස්වෙවස්ස පරිපූරකාරී අජ්ඣත්තං චෙතොසමථමනුයුත්තො අනිරාකතජ්ඣානො විපස්සනාය සමන්නාගතො බ්රූහෙතා සුඤ්ඤාගාරානං.
Sinhala BJT10. මහණෙනි, ඉදින් මහණ “ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය දිටුදැමියෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් සාක්‍ෂාත් කොට එයට පැමිණ වෙසෙම්ව”යි ආධ්‍යාත්ම චිත්තසමථයෙහි යෙදුණේ නො හළ දැහැන් ඇතියේ විදර්‍ශනායෙන් සමන්‍වාගත වූයේ ශූන්‍යාගාරයන් වඩනුයේ ශීලයන්හි පරිපූරකාරී වන්නේ ය.
Pali BJTසම්පන්නසීලා භික්ඛවෙ විහරථ සම්පන්නපාතිමොක්ඛා, පාතිමොක්ඛසංවරසංවුතා විහරථ ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවිනො සමාදාය සික්ඛථ සික්ඛාපදෙසු”තී. ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තන්ති.
Sinhala BJTමහණෙනි, “සිල්සපන් වූවාහු පාමොක්සපන් වූවාහු වාසය කරවු. ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවෘත වූවාහු ආචාරගෝචර සම්පන්න වූවාහු වාසය කරවු. අණුමාත්‍රවද්‍යන්හි භය දක්නා සුල්ලහු සමාදන් කොට ගෙන සිකපදයන්හි හික්මෙවු”යයී මෙසේ යමක් කියන ලද නම් තෙල මේ පිණිස කියනලදැ යි.
Pali BJT10. 2. 3. 2.
Sinhala BJT10. 2. 3. 2.
Pali BJTකණ්ටක සුත්තං
Sinhala BJTකණ්ටක සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං සම්බහුලෙහි අභිඤ්ඤාතෙහි අභිඤ්ඤාතෙහි ථෙරෙහි සාවකෙහි සද්ධිං ආයස්මතා ච චාලෙන{1} ආයස්මතා ච උපචාලෙන{2} ආයස්මතා ච කක්කටෙන{3} ආයස්මතා ච කටිම්බෙන{4} ආයස්මතා ච කටෙන{5} ආයස්මතා ච කටිස්සඞ්ගෙන{6} අඤ්ඤෙහි ච අභිඤ්ඤාතෙහි අභිඤ්ඤාතෙහි ථෙරෙහි සාවකෙහි සද්ධිං.
Sinhala BJTඑක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි වූ මහාවන කූටාගාරශාලායෙහි ආයුෂ්මත් චාලය, ආයුෂ්මත් උපචාලය, ආයුෂ්මත් කක්කටය, ආයුෂ්මත් කටිම්බය, ආයුෂ්මත් කට ය, ආයුෂ්මත් කටිස්සඞ්ගය යන ඉතා ප්‍රකට ස්ථිවිර ශ්‍රාවකයන් ද අන්‍ය වූත් ප්‍රකට බොහෝ ස්ථිවිර ශ්‍රාවකයන් ද සමග වාසය කරන සේක:
Pali BJTතෙන ඛො පන සමයෙන සම්බහුලා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා ලිච්ඡවී භද්දෙහි භද්දෙහි යානෙහි චරපුරාය{7} උච්චාසද්දා මහාසද්දා මහාවනං අජ්ඣොගාහන්ති භගවන්තං දස්සනාය. අථ ඛො තෙසං ආයස්මන්තානං එතදහොසි: “ඉමෙ ඛො සම්බහුලා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා ලිච්ඡවී භද්දෙහි භද්දෙහි යානෙහි චරපුරාය උච්චාසද්දා මහාසද්දා මහාවනං අජ්ඣොගාහන්ති භගවන්තං දස්සනාය. සද්දකණ්ටකා ඛො පන ඣානා වුත්තා භගවතා, යන්නූන මයං යෙන ගොසිඞ්ගසාලවනදායො තෙනුපසඞ්කමෙය්යාම, තත්ථ මයං අප්පසද්දා අප්පකිණ්ණා ඵාසුං{8} විහරෙය්යාමා”ති. අථ ඛො තෙ ආයස්මන්තො යෙන ගොසිඞ්ගසාලවනදායො තෙනුපසඞ්කමිංසු. තත්ථ තෙ ආයස්මන්තො අප්පසද්දා අප්පකිණ්ණා ඵාසුං විහරන්ති.
Sinhala BJTඑකල්හි ඉතා ප්‍රසිද්ධ බොහෝ ලිච්ඡවීහු උස්හඬ මහහඬ ඇත්තාහු භද්‍ර භද්‍ර යානයන්ගෙන් පෙර - පසුව යන මහ සෙනඟ සමග නික්ම භාග්‍යවතුන් වහන්සේගේ දර්‍ශනය පිණිස මහාවනයට ඇතුළු වෙති. එකල්හි ඒ ආයුෂ්මත්නට තෙල සිත වීය: මේ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ බොහෝ ලිච්ඡවීහු භද්‍ර භද්‍ර යානයන්ගෙන් පෙර - පසුව යන මහ සෙනඟ සමග උස්හඬ මහහඬ ඇත්තාහු භාග්‍යවතුන් දකිනු සඳහා මහාවනයට වදනාහ. භාග්‍යවතුන් වහන්සේ විසින් “ධ්‍යානයෝ ශබ්දකණ්ටකයහ”යි වදාරන ලදී. අපි ගෝසිඞ්ගසාලවනදායට එළැඹමෝ නම් මැනව, එහි අපි අල්පශබ්ද අල්පකීර්‍ණ වූවමෝ පහසුවෙන් වාසය කරම්හ”යි. ඉක්බිති ඒ ආයුෂ්මත්හු ගෝසිඞ්ගවනදායට එළඹියහ. එහි ඒ ආයුෂ්මත්හු අල්පශබ්ද වූවාහු අල්පකීර්‍ණ වූවාහු පහසුවෙන් වාසය කරත්.
Pali BJTඅථ ඛො භගවා භික්ඛු ආමන්තෙසි: “කහන්නුඛො භික්ඛවෙ චාලො? කහං උපචාලො? කහං කක්කටො? කහං කටිම්බො? කහං කටො? කහං කටිසඞ්ගො? කහන්නු ඛො තෙ භික්ඛවෙ ථෙරා සාවකා ගතාති?
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, චාල කොහි ය? උපචාල කොහි ය? කක්කට කොහි ය? කටිම්බ කොහි ය? කට කොහි ය? කටිස්සඞ්ග කොහි ය? මහණෙනි, ඒ තෙරසව්මහණෝ කොහි ගියාහු දැ?යී.
Pali BJTඉධ භන්තෙ තෙසං ආයස්මන්තානං එතදහොසි: “ඉමෙ ඛො සම්බහුලා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා. ලිච්ඡවී භද්දෙහි භද්දෙහි යානෙහි චරපුරාය උච්චාසද්දා මහාසද්දා මහාවනං අජ්ඣොගාහන්තී භගවන්තං දස්සනාය, සද්දකණ්ටකා ඛො පන ඣානා වුත්තා භගවතා, යන්නූන මයං යෙන ගොසිඞ්ගසාලවනදායො තෙනුපසඞ්කමෙය්යාම, තත්ථ මයං අප්පසද්දා අප්පකිණ්ණා ඵාසුං විහරෙය්යාමා”ති. අථ ඛො තෙ භන්තෙ ආයස්මන්තො යෙන ගොසිඞ්ගසාලවනදායො තෙනුපසඞ්කමිංසු. තත්ථ තෙ ආයස්මන්තො අප්පසද්දා අප්පකිණ්ණා ඵාසුං විහරන්තීති.
Sinhala BJTවහන්ස, මෙහිලා ඒ ආයුෂ්මත්නට තෙල සිත විය: “මේ බොහෝ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ බොහෝ ලිච්ඡවීහු භද්‍ර භද්‍ර යානයන්ගෙන් පෙර - පසුව යන මහසෙන් සමඟ උස්හඬ ඇතියාහු මහහඬ ඇතියාහු භාග්‍යවතුන් දැකුම සඳහා මහාවනයට වදනාහ. භාග්‍යවතුන් වහන්සේ “ධ්‍යානයෝ ශබ්දකණ්ටකයහ”යි කියන ලදහ. අපි ගෝසිඞ්ගසාලවනදාය කරා එළැඹෙමෝ නම් මැනව, එහි අපි අල්පශබ්ද වූවමෝ අල්පකීර්‍ණ වූවමෝ පහසු සේ වාසය කරම්හ’යි. වහන්ස, ඉක්බිති ඒ ආයුෂ්මත්හු ගෝසිඞ්ගසාලවනදාය කරා එළැඹියහ. එහි ඒ ආයුෂ්මත්හු අල්පශබ්ද වූවාහු අල්පාකීර්‍ණ වූවාහු සුවසේ වාසය කරත්”යි.
Pali BJTසාධු සාධු භික්ඛවෙ යථා තෙ මහාසාවකා සම්මා බ්යාකරමානා බ්යාකරෙය්යුං. සද්දකණ්ටකා හි භික්ඛවෙ ඣානා වුත්තා මයා.
Sinhala BJTමහණෙනි, මැනැවැ, මැනැවැ. යම් පරිදි ඒ මහසව්වෝ මොනොවට පවසන්නාහු කියත් නම් එසේ මවිසින් “ධ්‍යානයෝ ශබ්දකණ්ටකයහ”යි කියන ලදහ.
Pali BJTදසයිමෙ භික්ඛවෙ කණ්ටකා, කතමෙ දස: පවිවෙකාරාමස්ස සඞ්ඝනිකාරාමතා කණ්ටකො, අසුභනිමිත්තානුයොගමනුයුත්තස්ස සුභනිමිත්තානුයොගො කණ්ටකො, ඉන්ද්රියෙසු ගුත්තද්වාරස්ස විසූකදස්සනං කණ්ටකො, බ්රහ්මචාරිස්ස{1} මාතුගාමොපවිචාරො{2} කණ්ටකො, පඨමස්ස ඣානස්ස සද්දො කණ්ටකො, දුතියස්ස ඣානස්ස විතක්කවිචාරා කණ්ටකො{3} තතියස්ස ඣානස්ස පීති කණ්ටකො, චතුත්ථස්ස ඣානස්ස අස්සාසපස්සාසා{4} කණ්ටකො, සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා සඤ්ඤා ච වෙදනා ච කණ්ටකො, රාගො කණ්ටකො, දෙසො කණ්ටකො, මොහො කණ්ටකො, අකණ්ටකා භික්ඛවෙ විහරථ, නික්කණ්ටකා භික්ඛවෙ විහරථ. අකණ්ටකා භික්ඛවෙ අරහන්තො, නික්කණ්ටකා භික්ඛවෙ අරහන්තො, අකණ්ට නික්කණ්ටකා භික්ඛවෙ අරහන්තොති.
Sinhala BJTමහණෙනි, මේ කණ්ටක දශයෙක, කවර දශයෙක යත්: ප්‍රවිවේකයෙහි ඇලුනහුට සඞ්ගණිකාරාමතාව කණ්ටක යි. අශුභනිමිත්තානුයෝගයෙහි යෙදුනට ශුභනිමිත්තානුයෝගය කණ්ටක යි. ඉන්‍ද්‍රියයන්හි ගුප්තද්වාරඇතියහුට විසුලුදස්න කණ්ටක යි. බඹසරනුහට මාගමක වෙත හැසිරීම කණ්ටක යි. ප්‍රථමධ්‍යානයට ශබ්දය කණ්ටක යි. ද්විතීයධ්‍යානයට විතර්‍කවිචාර කණ්ටක යි. තෘතීයධ්‍යානයට ප්‍රීතිය කණ්ටක යි. චතුර්‍ත්‍ථධ්‍යානයට ආශ්වාස ප්‍රශ්වාස කණ්ටක යි. සංඥාවේදයිත නිරෝධසමාපත්තියට සංඥාත් වේදනාත් කණ්ටක යි. රාගය කණ්ටක යි. ද්වේෂය කණ්ටක යි. මෝහය කණ්ටක යි. මහණෙනි, කණ්ටක රහිත වූවාහු වාසය කරවු. මහණෙනි, නිෂ්කණ්ටකව වාසය කරවු. මහණෙනි, අකණ්ටක නිෂ්කණ්ටකව වාසය කරවු. මහණෙනි, රහත්හු අකණ්ටකයහ. මහණෙනි, රහත්හු නිෂ්කණ්ටකයහ. මහණෙනි, රහත්හු අකණ්ටක නිෂ්කණ්ටකයහ යි.
Pali BJT10. 2. 2. 3.
Sinhala BJT10. 2. 3. 3.
Pali BJTඉට්ඨධම්ම සුත්තං
Sinhala BJTඉට්ඨධම්ම සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT(සැවැත්)
Pali BJTදසයිමෙ භික්ඛවෙ ධම්මා ඉට්ඨා කන්තා මනාපා දුල්ලභා ලොකස්මිං, කතමෙ දස:
Sinhala BJTමහණෙනි, ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ මේ ධර්‍ම දශදෙනෙක් ලොව්හි දුර්‍ලභයහ, කවර දශදෙනෙක යත්:
Pali BJTභොගා ඉට්ඨා කන්තා මනාපා දුල්ලභා ලොකස්මිං, වණ්ණො ඉට්ඨො කන්තො මනාපො දුල්ලභො ලොකස්මිං, ආරොග්යං ඉට්ඨං කන්තං මනාපං දුල්ලභං ලොකස්මිං, බ්රහ්මචරියං ඉට්ඨං කන්තං මනාපං දුල්ලභං ලොකස්මිං, මිත්තා ඉට්ඨා කන්තා මනාපා දුල්ලභා ලොකස්මිං, බාහුසච්චං ඉට්ඨං කන්තං මනාපං දුල්ලභං ලොකස්මිං, පඤ්ඤා ඉට්ඨා කන්තා මනාපා දුල්ලභා ලොකස්මිං, ධම්මා ඉට්ඨා කන්තා මනාපා දුල්ලභා ලොකස්මිං, සග්ගා ඉට්ඨා කන්තා මනාපා දුල්ලභා ලොකස්මිං.
Sinhala BJTඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ භෝගයෝ ලොව්හි දුර්‍ලභයහ. ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ වර්‍ණය ලොව්හි දුර්‍ලභයහ. ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ආරෝග්‍ය ලොව්හි දුර්‍ලභයහ. ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ශීලය ලොව්හි දුර්‍ලභයහ. ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ බ්‍රහ්මචර්‍ය්‍ය ලොව්හි දුර්‍ලභයහ. ඉෂ්ට කාන්ත මනාප මිත්‍රයෝ ලොව්හි දුර්‍ලභයහ. ඉෂ්ට කාන්ත මනාප බාහුශ්‍රැත්‍යය ලොව්හි දුර්‍ලභයහ. ඉෂ්ට කාන්ත මනාප ප්‍රඥාව ලොව්හි දුර්‍ලභයහ. ඉෂ්ට කාන්ත මනාප ධර්‍මයෝ ලොව්හි දුර්‍ලභයහ. ඉෂ්ට කාන්ත මනාප ස්වර්‍ගයෝ ලොව්හි දුර්‍ලභයහ.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ දසධම්මා ඉට්ඨා කන්තා මනාපා දුල්ලභා ලොකස්මිං.
Sinhala BJTමහණෙනි, මෙ දසදහම්හු ඉෂ්ට කාන්ත මනාප වූවාහු ලොව්හි දුර්‍ලභයහ.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ දසන්නං ධම්මානං ඉට්ඨානං කන්තානං මනාපානං දුල්ලභානං ලොකස්මිං, දසධම්මා පරිපන්ථා: ආලස්සං{1} අනුට්ඨානං භොගානං පරිපන්ථො, අමණ්ඩනා අභූසණා{2} වණ්ණස්ස පරිපන්ථො, අසප්පාය කිරියා ආරොග්යස්ස පරිපන්ථො, පාපමිත්තතා සීලානං පරිපන්ථො, ඉන්ද්රියාසංවරො බ්රහ්මචරියස්ස පරිපන්ථො, විසංවාදනා මිත්තානං පරිපන්ථො, අසජ්ඣාය කිරියා බාහුසච්චස්ස පරිපන්ථො, අසුස්සුසා අපරිපුච්ඡා පඤ්ඤාය පරිපන්ථො, අනනුයොගො අපච්චවෙක්ඛනා ධම්මානං පරිපන්ථො. මිච්ඡාපටිපත්ති සග්ගානං පරිපන්ථො.
Sinhala BJTමහණෙනි, ලොව්හි ඉෂ්ට, කාන්ත, මනාප, දුර්‍ලභ වූ මේ දශධර්‍මයනට උවදුරු දහම් දස දෙනෙකි: ආලස්‍යය අනුත්‍ථානය භෝගයනට උවදුරෙක. අමණ්ඩනය හා අභූෂණය වර්‍ණයට උවදුරෙක. අසත්ප්‍රායක්‍රියාව ආරෝග්‍යයට උවදුරෙක. පාපමිත්‍රතාව ශීලයනට උවදුරෙක. ඉන්‍ද්‍රිය අසංවරය බ්‍රහ්මචර්‍ය්‍යයට උවදුරෙක. විසංවාදනාව මිත්‍රයනට උවදුරෙක. අසධ්‍යායක්‍රියාව බහුශ්‍රුත බවට උවදුරෙක. අශුශ්‍රෑෂාව හා අපරිපෘච්ඡාව ප්‍රඥාවට උවදුරෙක. අනනුයෝගය හා අප්‍රත්‍යවේක්‍ෂණාව ධර්‍මයනට උවදුරෙක. මිථ්‍යාප්‍රතිපත්තිය ස්වර්‍ගයනට උවදුරෙකි.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ දසන්නං ධම්මානං ඉට්ඨානං කන්තානං මනාපානං දුල්ලභානං ලොකස්මිං ඉමෙ දස ධම්මා පරිපන්ථා.
Sinhala BJTමහණෙනි, ලොව්හි ඉෂ්ට, කාන්ත, මනාප, දුර්‍ලභ වූ මේ දශ ධර්‍මයන්ට මේ දශ ධර්‍මයෝ උවදුරු වෙත්.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ දසන්නං ධම්මානං ඉට්ඨානං කන්තානං මනාපානං දුල්ලභානං ලොකස්මිං දසධම්මා ආහාරා අනාලස්සං උට්ඨානං භොගානං ආහාරො. මණ්ඩනාවිභූසනා වණ්ණස්ස ආහාරො. සප්පායකිරියා ආරොග්යස්ස ආහාරො. කල්යාණමිත්තතා සීලානං ආහාරො. ඉන්ද්රියසංවරො බ්රහ්මචරියස්ස ආහාරො. අවිසංවාදනා මිත්තානං ආහාරො. සජ්ඣායකිරියා බාහුසච්චස්ස ආහාරො. සුස්සූසා පරිපුච්ඡා පඤ්ඤාය ආහාරො. අනුයොගො පච්චවෙක්ඛනා ධම්මානං ආහාරො. සම්මාපටිපත්ති සග්ගානං ආහාරො.
Sinhala BJTමහණෙනි, ලොව්හි ඉෂ්ට, කාන්ත, මනාප, දුර්‍ලභ වූ මේ දශ ධර්‍මයන්ට දශ ධර්‍මකෙනෙක් ප්‍රත්‍යය වෙත්: අනාලස්‍යය හා උත්‍ථානය භෝගයනට ප්‍රත්‍යය යි, මණ්ඩනා හා විභූෂණාව වර්‍ණයට ප්‍රත්‍යය යි, සත්ප්‍රායක්‍රියාව ආරෝග්‍යයට ප්‍රත්‍යය යි, කල්‍යාණමිත්‍රතාව ශීලයනට ප්‍රත්‍යය යි, ඉන්‍ද්‍රියසංවරය බ්‍රහ්මචර්‍ය්‍යයට ප්‍රත්‍යය යි, අවිසංවාදනාව මිත්‍රයනට ප්‍රත්‍යය යි, සද්ධ්‍යායක්‍රියාව බහුශ්‍රුත බවට ප්‍රත්‍යය යි, සුශ්‍රෑෂාව හා පරිපෘච්ඡාව ප්‍රඥාවට ප්‍රත්‍යය යි, අනුයෝගය හා ප්‍රත්‍යවේක්‍ෂණාව ධර්‍මයනට ප්‍රත්‍යය යි, සම්‍යක්ප්‍රතිපත්තිය ස්වර්‍ගයනට ප්‍රත්‍යය යි.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ දසන්නං ධම්මානං ඉට්ඨානං කන්තානං මනාපානං දුල්ලභානං ලොකස්මිං ඉමෙ දසධම්මා ආහාරාති.
Sinhala BJTමහණෙනි, ලොව්හි ඉෂ්ට කාන්ත මනාප දුර්‍ලභ වූ මේ දශ ධර්‍මයනට දශ මේ දශධර්‍මයෝ ප්‍රත්‍යයහ යි.
Pali BJT10. 2. 3. 4.
Sinhala BJT10. 2. 3. 4.
Pali BJTවඩ්ඪී සුත්තං
Sinhala BJTවඩ්ඪි සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT(සැවැත්)
Pali BJTදසහි භික්ඛවෙ වඩ්ඪීහි වඩ්ඪමානො අරියසාවකො අරියාය වඩ්ඪියා වඩ්ඪති, සාරාදායී ච හොති වරදායී කායස්ස. කතමෙහි දසහි:
Sinhala BJTමහණෙනි, වෘද්ධි දශයකින් වැඩෙන අරීසවු ආර්‍ය්‍යවෘද්ධියෙන් වැඩෙයි. ශරීරයාගේ සාරය ගන්නා සුලු වෙයි. උත්තමාර්‍ත්‍ථය ගන්නා සුලුත් වෙයි. කවර දසයෙකින යත්:
Pali BJTඛෙත්තවත්ථූහි වඩ්ඪති. ධනධඤ්ඤෙන වඩ්ඪති. පුත්තදාරෙහි වඩ්ඪති. දාසකම්මකාර පොරිසෙහි වඩ්ඪති. චතුප්පදෙහි වඩ්ඪති. සද්ධාය වඩ්ඪති. සීලෙන වඩ්ඪති. සුතෙන වඩ්ඪති. චාගෙන වඩ්ඪති. පඤ්ඤාය වඩ්ඪති. ඉමාහි ඛො භික්ඛවෙ දසහි වඩ්ඪීහි වඩ්ඪමානො අරියසාවකො අරියාය වඩ්ඪියා වඩ්ඪති සාරාදායී ච හොති වරාදායී කායස්සාති.
Sinhala BJTක්‍ෂේත්‍රවාස්තුයෙන් වැඩෙයි. ධනධ්‍යානයෙන් වැඩෙයි. පුත්‍රදාරයන්ගෙන් වැඩෙයි. දස් කම්කරු පුරුෂයන්ගෙන් වැඩෙයි. චතුෂ්පදීන්ගෙන් වැඩෙයි. ශ්‍රද්ධාවෙන් වැඩෙයි. ශීලයෙන් වැඩෙයි. ශ්‍රැතයෙන් වැඩෙයි. ත්‍යාගයෙන් වැඩෙයි. ප්‍රඥායෙන් වැඩෙයි. මහණෙනි, මේ දශවෘද්ධියෙන් වැඩෙන අරීසවු ආර්‍ය්‍යවෘද්ධියෙන් වැඩෙයි. ශරීරයාගේ සාරය ගන්නා සුලු වෙයි. උත්තමාර්‍ත්‍ථය ගන්නා සුලුත් වෙයි.
Pali BJT1. ධනෙන ධඤ්ඤෙන ච යොධ වඩ්ඪති පුත්තෙහි දාරෙහි චතුප්පදෙහි ච ස භොගවා හොති යසස්සි පූජිතො ඤාතීහි මිත්තෙහි අථොපි රාජූහි.
Sinhala BJT1. මෙ ලොව්හි යමෙක් ධනධ්‍යානයෙනුදු පුත්‍රදාරයන්ගෙනුදු චතුෂ්පදීන්ගෙනුදු වැඩේ නම් වැලිත් නෑයන් විසිනුදු මිතුරන් විසිනුදු රජුන් විසිනුදු පුදන ලද හේ භෝගවත් වූයේ යශස්වී වෙයි.