Pali BJTනො චෙ ආවුසො භික්ඛු පරචිත්තපරියාය කුසලො හොති, අථ සචිත්තපරියාය කුසලො භවිස්සාමී ති එවං හි වො ආවුසො සික්ඛිතබ්බං.
Sinhala BJTඇවැත්නි, ඉදින් මහණ පරචිත්තපරියාය කුසල නො වේ නම් එකල සචිත්තපරියාය කුසල වෙමි යි, ඇවැත්නි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු.
Pali BJTකථඤ්චාවුසො භික්ඛු සචිත්තපරියාය කුසලො හොති: සෙය්යථාපි ආවුසො ඉත්ථී වා පුරිසො වා දහරො යුවා මණ්ඩනක ජාතිකො ආදාසෙ වා පරිසුද්ධෙ පරියොදාතෙ, අච්ඡෙ වා උදපත්තෙ සකං මුඛනිමිත්තං පච්චචවෙක්ඛමානො සචෙ තත්ථ පස්සති රජං වා අඞ්ගණං වා, තස්ස රජස්ස වා අඞ්ගණස්ස වා පහානාය වායමති. නො චෙ තත්ථ පස්සති රජං වා අඞ්ගණං වා, තෙනෙවත්තමනො හොති පරිපුණ්ණසංකප්පො, ලාභා වත මෙ, පරිසුද්ධං වත මෙති. එවමෙව ඛො ආවුසො භික්ඛුනො පච්චවෙක්ඛනා බහුකාරා හොති කුසලෙසු ධම්මෙසු.
Sinhala BJTඇවැත්නි, කෙසේ නම් මහණ සචිත්තපරියාය කුසල වේ ය යත්: ඇවැත්නි, යම් සේ දහර වූ තරුණ වූ සරහන සැහැවි ඇති ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි පිරිසිදු පර්‍ය්‍යවදාත ආදර්‍ශයෙක් හෝ පහන් දියබඳුනෙක හෝ තම මුව නිමිති පිරික්සනුයේ ඉදින් එහි රජසක් වේවයි තල කැලලක් වේව යි දක්නේ නම් ඒ රජස හෝ තල කැලල හෝ දුරලීමට ව්‍යායාම කෙරෙයි. ඉදින් එහි රජසක් හෝ තල කැලලක් නො දක්නේ නම් පිරිපුන් මනදොළ ඇතියේ එකැතින් මට ලාභයෙක්, එකැතින් මා මුව පිරිසිදු ය යි එයින් ම තුටු සිත් ඇත්තේ වෙයි. ඇවැත්නි, එසෙයින් ම භික්‍ෂූහට කුශලධර්‍මයන්හි ප්‍රත්‍යවේක්‍ෂණාව බහුපකාර වෙයි.
Pali BJTඅනභිජ්ඣාලූ නු ඛො බහුලං විහරාමි, සංවිජ්ජති නු ඛො මෙ එසො ධම්මො, උදාහු නො අබ්යාපන්නචිත්තො නු ඛො බහුලං විහරාමි, සංවිජ්ජති නු ඛො මෙ එසො ධම්මො, උදාහු නො. විගතථීනමිද්ධො බහුලං විහරාමි. සංවිජ්ජති නු ඛො මෙ එසො ධම්මො, උදාහු නො. අනුද්ධතො නු ඛො බහුලං විහරාමි, සංවිජ්ජති නු ඛො මෙ එසො ධම්මො, උදාහු නො. තිණ්ණවිචිකිච්ඡො නු ඛො බහුලං විහරාමි, සංවිජ්ජති නු ඛො මෙ එසො ධම්මො, උදාහු නො. අක්කොධනො නු ඛො බහුලං විහරාමි, සංවිජ්ජති නු ඛො මෙ එසො ධම්මො, උදාහු නො. අසංකිලිට්ඨචිත්තො නු ඛො බහුලං විහරාමි, සංවිජ්ජති නු ඛො මෙ එසො ධම්මො, උදාහු නො. ලාභී නු ඛොම්හි අජ්ඣත්තං ධම්මපාමුජ්ජස්ස, සංවිජ්ජති නු ඛො මෙ එසො ධම්මො, උදාහු නො. ලාභී නු ඛොම්හි අජ්ඣත්තං චෙතො සමථස්ස, සංවිජ්ජති නු ඛො මෙ එසො ධම්මො, උදාහු නො. ලාභී නු ඛොම්හි අධිපඤ්ඤා ධම්මවිපස්සනාය, සංවිජ්ජති නු ඛො මෙ එසො ධම්මො, උදාහු නොති.
Sinhala BJTඅනභිජ්ඣාලූයෙම් බොහෝ කොට වෙසෙම් ද මට තෙල දහම විද්‍යමාන ද, නොහොත් අවිද්‍යමාන දැ යි. අව්‍යාපන්න චිත්තයෙම් බොහෝ කොට වෙසෙමි ද. මට තෙල දහම විද්‍යමාන වේ ද, නොහොත් අවිද්‍යමාන වේ දැ යි. විගතථිනමිද්ධයෙම් බහුලකොට වෙසෙම් ද. මට තෙල දහම ඇත්තේ ද, නැතහොත් නැත්තේ දැ යි. අනුද්ධතයෙම් බොහෝ කොට වෙසෙම් ද, මට තෙල ධර්‍මය ඇත්තේ දැයි, නැතහොත් නැත්තේ දැ යි. තිණ්ණවිචිකිච්ඡයෙම් බොහෝ කොට වෙසෙම් මට තෙල දහම ඇත්තේ ද, නැතහොත් නැත්තේ දැ යි. නොකිපෙන සුල්ලෙම් බොහෝ කොට වෙසෙම් ද, මට තෙල දහම ඇත්තේ ද, නොහොත් නැත්තේ දැ යි. නොකිලිටි සිතැතියෙම් බොහෝ කොට වෙසෙමි ද, මට තෙල දහම ඇත්තේ ද, නොහොත් නැත්තේ දැ යි. අධ්‍යාත්මයෙහි ධර්‍මප්‍රමෝද්‍යය ලබන සුලු වෙම් ද, මටතෙල දහම ඇත්තේ ද, නොහොත් නැත්තේ ද, අධ්‍යාත්මයෙහි චිත්ත සමථ ලබන සුලු වෙම් ද, මට තෙල දහම ඇත්තේ ද නැතහොත් නැත්තේ ද, අධිප්‍රඥාධර්‍මවිදර්‍ශනාව ලබන සුලු වෙම් ද, මට තෙල දහම ඇත්තේ ද නොහොත් නැත්තේ දැ යි.
Pali BJTසචෙ ආවුසො භික්ඛු පච්චවෙක්ඛමානො සබ්බෙපි මෙ කුසලෙ ධම්මෙ අත්තනි න සමනුපස්සති, තෙනහාවුසො භික්ඛුනා සබ්බෙසඤ්ඤෙව ඉමෙසං කුසලානං ධම්මානං පටිලාභාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤඤ්ච කරණීයං. සෙය්යථාපි ආවුසො ආදිත්තචෙලො වා ආදිත්තසීසො වා තස්සෙව චෙලස්ස වා සීසස්ස වා නිබ්බාපනාය අධිමත්තං ඡන්දඤ්ච වායාමඤ්ච උස්සාහඤ්ච උස්සොළ්හිඤ්ච අප්පටිවානිඤ්ච සතිඤ්ච සම්පජඤ්ඤඤ්ච කරෙය්ය, එවමෙව ඛො ආවුසො තෙන භික්ඛුනා සබ්බෙසඤ්ඤෙව ඉමෙසං කුසලානං ධම්මානං පටිලාභාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤඤ්ච කරණීයං.
Sinhala BJTඇවැත්නි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙ හැම කුසල් දහම් තමා කෙරෙහි ලා නො දක්නේ ද, ඇවැත්නි, එ මහණහු විසින් මෙ හැම කුසල් දහම් ලබනු වස් අධිමාත්‍ර ඡන්‍දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් හා මහාවීර්‍ය්‍යයෙක් හා නොපසුබැස්මෙක් හා ස්මෘතියෙක් හා සම්ප්‍රජන්‍යයෙක් කටයුතු. ඇවැත්නි, යම් සේ ඇවිළගත් පිළී ඇතියේ වේව යි, ඇවිළගත් හිස ඇතියේ වේව යි, එම පිළිය හෝ හිස හෝ නිවීමට අධිමාත්‍ර ඡන්‍දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් හා වීර්‍ය්‍යයක් හා නො පසුබැස්මක් ස්මෘතියක් හා සම්ප්‍රජන්‍යයක් හා කරන්නේ ය. ඇවැත්නි, ඒ පරිදි ම ඒ මහණහු විසින් මේ හැම කුසල් දහම් ලබනු වස් අධිමාත්‍ර ඡන්‍දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් හා වීර්‍ය්‍යයෙක් හා නො පසුබැස්මක් හා සිහියක් හා මනා නුවණක් හා කටයුතු.
Pali BJTසචෙ පනාවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එකච්චෙ කුසලෙ ධම්මෙ අත්තනි සමනුපස්සති, එකච්චෙ කුසලෙ ධම්මෙ අත්තනි න සමනුපස්සති, තෙනාවුසො භික්ඛුනා යෙ කුසලෙ ධම්මෙ අත්තනි සමනුපස්සති, තෙසු කුසලෙසු ධම්මෙසු පතිට්ඨාය, යෙ කුසලෙ ධම්මෙ අත්තනි න සමනුපස්සති, තෙසං කුසලානං ධම්මානං පටිලාභාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤඤ්ච කරණීයං.
Sinhala BJTඇවැත්නි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ ඇතැම් කුසල් දහම් තමා කෙරෙහි ලා දක්නේ ද, සමහර කුසල් දහම් තමා කෙරෙහි ලා නො දක්නේ ද, ඇවැත්නි, එ මහණහු විසින් යම් කුසල් දහම් තමා කෙරෙහි ලා දක්නේ නම් ඒ කුසල් දහම්හි පිහිටා යම් කුසල් දහම් තමා කෙරෙහි ලා නො දක්නේ නම් එ කුසල් දහම් ලබනුවට අධිමාත්‍ර ඡන්‍දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් හා වීර්‍ය්‍යයෙක් හා නො පසුබැස්මෙක් හා සිහියක් හා මනා නුවණක් හා කටයුතු.
Pali BJTසෙය්යථාපි ආවුසො ආදිත්තචෙලො වා ආදිත්තසීසො වා තස්සෙ ව චෙලස්ස වා සීසස්ස වා නිබ්බාපනාය අධිමත්තං ඡන්දඤ්ච වායාමඤ්ච උස්සාහඤ්ච උස්සොළ්හිඤ්ච අප්පටිවානිඤ්ච සතිඤ්ච සම්පජඤ්ඤඤ්ච කරෙය්ය, එවමෙව ඛො ආවුසො තෙන භික්ඛුනා යෙ කුසලෙ ධම්මෙ අත්තනි සමනුපස්සති, තෙසු කුසලෙසු ධම්මෙසු පතිට්ඨාය යෙ කුසලෙ ධම්මෙ අත්තනි න සමනුපස්සති, තෙසං කුසලානං ධම්මානං පටිලාභාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච අප්පටිවානි ච සති ච සම්පජඤ්ඤඤ්ච කරණීයං.
Sinhala BJTඇවැත්නි, යම් පරිදි ඇවිළගත් පිළී ඇතියේ වේවයි, ඇවිළගත් හිස ඇතියේ වේව යි එම පිළිය හෝ හිස හෝ නිවනට අධිමාත්‍ර ඡන්‍දයක් හා ව්‍යායාමයක් හා උත්සාහයක් හා වීර්‍ය්‍යයක් හා නො පසුබැස්මෙක් හා සිහියක් හා මනා නුවණක් හා කරන්නේ ද, ඇවැත්නි, එ පරිදිම එ මහණහු විසින් යම් කුසල් දහම් තමා කෙරෙහි දක්නේ නම් ඒ කුසල් දහම් හි පිහිටා, යම් කුසල් දහම් තම කෙරෙහි ලා නො දක්නේ නම් එ කුසල් දහම් ලබනු වස් අධිමාත්‍ර ඡන්‍දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් හා වීර්‍ය්‍යයෙක් හා නො පසුබැස්මෙක් හා සිහියක් හා මනා නුවණක් හා කටයුතු.
Pali BJTසචෙ පනාවුසො භික්ඛු පච්චවෙක්ඛමානො සබ්බෙ පි මෙ කුසලෙ ධම්මෙ අත්තනි සමනුපස්සති, තෙනාවුසො භික්ඛුනා සබ්බෙසුයෙව ඉමෙසු කුසලෙසු ධම්මෙසු පතිට්ඨාය උත්තරිං ආසවානං ඛයාය යොගො කරණීයොති.
Sinhala BJTඇවැත්නි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙ හැම කුසල් දහම් තමා කෙරෙහි දක්නේ නම්, ඇවැත්නි, එ මහණහු විසින් මෙ හැම කුසල් දහම් හි පිහිටා මත්තෙහි ආස්‍රවක්‍ෂය පිණිස යෝග කටයුතු යි.
Pali BJT10. 2. 1. 6.
Sinhala BJT10. 2. 1. 6.
Pali BJTපඨමසඤ්ඤා සුත්තං
Sinhala BJTප්‍රථම සංඥා සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJTදස ඉමා භික්ඛවෙ සඤ්ඤා භාවිතා බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිසංසා අමතොගධා අමතපරියොසානා කතමා දස:
Sinhala BJTමහණෙනි, මෙ දස සංඥාවෝ භාවිත බහුලීකෘත වූවාහු මහත්ඵල මහානිශංස වූවාහු නිවනට වදනාහු නිවන් අවසන් කොට ඇත්තාහු වෙත්. කවර දසයෙක යත්:
Pali BJTඅසුභසඤ්ඤා, මරණසඤ්ඤා, ආහාරෙපටික්කූලසඤ්ඤා, සබ්බලොකෙ අනභිරතසඤ්ඤා, අනිච්චසඤ්ඤා, අනිච්චෙ දුක්ඛසඤ්ඤා, දුක්ඛෙ අනත්තසඤ්ඤා, පහානසඤ්ඤා, විරාගසඤ්ඤා, නිරොධසඤ්ඤා. ඉමා ඛො භික්ඛවෙ දසසඤ්ඤා භාවිතා බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති.
Sinhala BJTඅශුභසංඥා යැ මරණසංඥා යැ ආහාරයෙහි ප්‍රතිකූලසංඥා යැ සර්‍වලෝකයෙහි අනභිරතසංඥා යැ අනිත්‍යසංඥා යැ අනිත්‍යයෙහි දුඃඛසංඥා යැ දුංඛයෙහි අනාත්මසංඥා යැ ප්‍රහාණසංඥා යැ විරාගසංඥා යැ නිරෝධසංඥා යි. මහණෙනි, මේ දස සංඥාවෝ භාවිත බහුලීකෘත වූවාහු නිවනට වදනාහු නිවන අවසන් කොට ඇත්තාහු වෙත් යී.
Pali BJT10. 2. 1. 7.
Sinhala BJT10. 2. 1. 7.
Pali BJTදුතිය සඤ්ඤා සුත්තං
Sinhala BJTදුතිය සඤ්ඤා සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJTදස ඉමා භික්ඛවෙ සඤ්ඤා භාවිතා බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිසංසා අමතොගධා අමතපරියොසානා කතමා දස:
Sinhala BJTමහණෙනි, මෙ දස සංඥාවෝ භාවිත බහුලීකෘත වූවාහු මහත්ඵල මහානිශංස වූවාහු නිවනට වදනාහු නිවන් අවසන් කොට ඇත්තාහු වෙත්. කවර දසයෙක යත්:
Pali BJTඅනිච්චසඤ්ඤා අනත්තසඤ්ඤා මරණසඤ්ඤා ආහාරෙ පටික්කූලසඤ්ඤා සබ්බලොකෙ අනභිරතසඤ්ඤා අට්ඨිකසඤ්ඤා, පුලවකසඤ්ඤා විනීලකසඤ්ඤා විච්ඡිද්දකසඤ්ඤා උද්ධුමාතකසඤ්ඤා.
Sinhala BJTඅනිත්‍යසංඥා යැ අනාත්මසංඥා යැ මරණසංඥා යැ ආහාරයෙහි ප්‍රතිකූලසංඥා යැ සර්‍වලෝකයෙහි අනභිරතසංඥා යැ අස්තිකසංඥා යැ පුලවකසංඥා යැ විනීලකසංඥා යැ විච්ඡිද්දකසංඥා යැ උද්ධුමාතකසංඥායි.
Pali BJTඉමා ඛො භික්ඛවෙ දස සඤ්ඤා භාවිතා බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති.
Sinhala BJTමහණෙනි, මේ දස සංඥාවෝ භාවිත බහුලීකෘත වූවාහු මහත්ඵල මහානිශංස වූවාහු නිවනට වදනාහු නිවන් අවසන් කොට ඇත්තාහු වෙත් යී.
Pali BJT10. 2. 1. 8.
Sinhala BJT10. 2. 1. 8.
Pali BJTමූලක සුත්තං
Sinhala BJTමූලක සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJTසචෙ භික්ඛවෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං: “කිම්මූලකා ආවුසො සබ්බෙ ධම්මා, කිං සම්භවා සබ්බෙ ධම්මා, කිංසමුදයා සබ්බෙ ධම්මා කිංසමොසරණා සබ්බෙ ධම්මා, කිංපමුඛා සබ්බෙ ධම්මා, කිමාධිපතෙය්යා සබ්බෙ ධම්මා, කිංඋත්තරා සබ්බෙ ධම්මා, කිංසාරා සබ්බෙ ධම්මා, කිංඔගධා සබ්බෙ ධම්මා, කිංපරියොසානා සබ්බෙ ධම්මාති. එවං ඵුට්ඨා තුම්හෙ භික්ඛවෙ තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං කින්ති බ්යාකරෙය්යාථාති?
Sinhala BJTඉදින් මහණෙනි, අන්තොටු පිරිවැජ්ජෝ මෙසේ පුළුවුස්නාහු නම්: “ඇවැත්නි, හැම දහම්හු කුමක් මුල් කොට ඇද්ද? හැම දහම්හු කුමක් සම්භව කොට ඇද්ද? හැම දහම්හු කුමක් සමුදය කොට ඇද්ද? හැම දහම්හු කුමක් සමවසරණ කොට ඇද්ද? හැම දහම්හු කුමක් පාමොක් කොට ඇද්ද? හැම දහම්හු කුමක් අධිපති කොට ඇද්ද? හැම දහම්හු කුමක් උතුරු කොට ඇද්ද? හැම දහම්හු කුමක් සාර කොට ඇද්ද? හැම දහම්හු කුමකට වදනාහු ද? හැම දහම්හු කුමක් අවසන් කොට ඇද්දැ?” යි. මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට කුමැයි පවසවු ද?
Pali BJTභගවම්මූලකා නො භන්තෙ ධම්මා, භගවනෙනත්තිකා, භගවංපටිසරණා සාධු වත භන්තෙ භගවන්තං යෙව පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො. භගවතො සුත්වා භික්ඛු ධාරෙස්සන්තීති.
Sinhala BJTවහන්ස, අපගේ ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇතියහ. වහන්ස, එකැතින් තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේටම වැටහේ නම් මැනැව. භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අසා භික්‍ෂූහු ධරන්නාහ යි.
Pali BJTතෙන හි භික්ඛවෙ සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස්සාමී ති. එවං භන්තෙති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං භගවා එතදවොච:
Sinhala BJTමහණෙනි, එසේ වී නම් අසව, මැනවින් මෙනෙහි කරව, කියන්නෙමියි. ‘වහන්ස, එසේය’යි එ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
Pali BJTසචෙ භික්ඛවෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං: කිම්මූලකා ආවුසො සබ්බෙ ධම්මා, කිංසම්භවා සබ්බෙ ධම්මා. කිංසමුදයා සබ්බෙ ධම්මා, කිංසමොසරණා සබ්බෙ ධම්මා, කිංපමුඛා සබ්බෙ ධම්මා, කිංආධිපතෙය්යා සබ්බෙ ධම්මා, කිංඋත්තරා සබ්බෙ ධම්මා, කිංසාරා සබ්බෙ ධම්මා, කිංඔගධා සබ්බෙ ධම්මා, කිංපරියොසානා සබ්බෙ ධම්මාති. එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථ:
Sinhala BJTමහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ මෙසේ පුළුවුස්නාහු නම්: “ඇවැත්නි, හැම දහම්හු කුමක් මුල් කොට ඇතියහුද? හැම දහම්හු කුමක් සම්භව කොට ඇතියහුද? හැම දහම්හු කුමක් සමුදය කොට ඇතියහුද? හැම දහම්හු කුමක් සමවසරණ කොට ඇතියහුද? හැම දහම්හු කුමක් පාමොක් කොට ඇතියහුද? හැම දහම්හු කුමක් අධිපති කොට ඇතියහුද? හැම දහම්හු කුමක් උතුරු කොට ඇතියහුද? හැම දහම්හු කුමක් සාර කොට ඇතියහුද? හැම දහම්හු කුමකට වදනාහු ද? හැම දහම්හු කුමක් අවසන් කොට ඇතියහුදැ?” යි. මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ කියව:
Pali BJTඡන්දමූලකා ආවුසො සබ්බෙ ධම්මා, මනසිකාරසම්භවා සබ්බෙ ධම්මා, ඵස්සසමුදයා සබ්බෙ ධම්මා වෙදනා සමොසරණා සබ්බෙ ධම්මා, සමාධිපමුඛා සබ්බෙ ධම්මා, සතාධිපතෙය්යා සබ්බෙ ධම්මා, පඤ්ඤුත්තරා සබ්බෙ ධම්මා, විමුත්තිසාරා සබ්බෙ ධම්මා, අමතොගධා සබ්බෙ ධම්මා, නිබ්බාන පරියොසානා සබ්බෙ ධම්මාති. එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථාති.
Sinhala BJTඇවැත්නි, හැම දහම්හු ඡන්‍දය මුල්කොට ඇතියහ. හැම දහම්හු මනසිකාරය සම්භව ඇතියහ. හැම දහම්හු ස්පර්‍ශය සමුදය කොට ඇතියහ. හැම දහම්හු වේදනාව සමවසරණ කොට ඇතියහ. හැම දහම්හු සමාධිය පාමොක් කොට ඇතියහ. හැම දහම්හු ස්මෘතිය අධිපති කොට ඇතියහ. හැම දහම්හු ප්‍රඥාව උතුරු කොට ඇතියහ. හැම දහම්හු විමුක්තිය සාරකොට ඇතියහ. හැම දහම්හු නිවනට වදනාහ. හැම දහම්හු නිවන අවසන් කොට ඇතියහ යි. මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජ්ජනට මෙසේ කියවු යි.
Pali BJT10. 2. 1. 9.
Sinhala BJT10. 2. 1. 9.
Pali BJTපබ්බජ්ජා සුත්තං
Sinhala BJTපබ්බජ්ජා සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJTතස්මාතිහ භික්ඛවෙ එවං සික්ඛිතබ්බං: යථා පබ්බජ්ජාපරිචිතඤ්ච නො චිත්තං භවිස්සති. න වුප්පන්නා පාපකා අකුසලා ධම්මා චිත්තං පරියාදාය ඨස්සන්ති. අනිච්චසඤ්ඤාපරිචිතඤ්ච නො චිත්තං භවිස්සති අනත්තසඤ්ඤා පරිචිතඤ්ච නො චිත්තං භවිස්සති. අසුභසඤ්ඤාපරිචිතඤ්ච නො චිත්තං භවිස්සති ආදීනවසඤ්ඤාපරිචිතඤ්ච නො චිත්තං භවිස්සති. ලොකස්ස සම්භවඤ්ච විභවඤ්ච ඤත්වා තං සඤ්ඤාපරිචිතඤ්ච නො චිත්තං භවිස්සති. ලොකස්ස සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච ඤත්වා තං සඤ්ඤාපරිචිතඤ්ච නො චිත්තං භවිස්සති. පහානසඤ්ඤාපරිචිතඤ්ච නො චිත්තං භවිස්සති. විරාගසඤ්ඤාපරිචිතඤ්ච නො චිත්තං භවිස්සති. නිරොධසඤ්ඤාපරිචිතඤ්ච නො චිත්තං භවිස්සතීති. එවං හි වො සික්ඛිතබ්බං.
Sinhala BJTමහණෙනි, මෙහිලා මෙසේ හික්මිය යුතු: අපට පැවිද්දට නිසි සේ පුරුදු කළ සිතෙක් වන්නේ ය, උපන් ලමු අකුසල් දහම්හු සිත මැඩගෙන නො සිටුනාහ, අනිත්‍යසංඥාවට පුරුදු කළ සිත අපට වන්නේ ය, අනාත්මසංඥාවෙහි පුරුදු කළ සිත අපට වන්නේ ය, අශුභසංඥාවෙහි පුරුදු කළ සිත අපට වන්නේ ය, ආදීනවසංඥායෙහි පුරුදු කළ සිත අපට වන්නේ ය, ලෝකයාගේ සමය හා විසමය ද දැන ඒ සංඥාවෙහි පුරුදු කළ සිත අපට වන්නේ ය, ලෝකයාගේ සම්භවය හා විභවය හා දැන එ සංඥාවෙහි පුරුදු කළ සිත අපට වන්නේ ය, පඤ්චස්කන්‍ධ ලෝකයාගේ සමුදය ද අස්තගමය ද දැන ඒ සංඥායෙහි පරිචිත වූ සිත අපට වන්නේ ය, ප්‍රහාණසංඥායෙහි පරිචිත චිත්තය අපට වන්නේ ය, විරාගසංඥායෙහි පරිචිත සිත අපට වන්නේ ය, නිරෝධසංඥායෙහි පරිචිත සිත අපට වන්නේ ය යි තොප විසින් මෙසේ ම හික්මිය යුතු.
Pali BJTයතො ඛො භික්ඛවෙ භික්ඛුනො යථා පබ්බජ්ජාපරිචිතඤ්ච චිත්තං හොති. න වුප්පන්නා පාපකා අකුසලා ධම්මා චිත්තං පරියාදාය තිට්ඨන්ති. අනිච්චසඤ්ඤා පරිචිතඤ්ච චිත්තං හොති. අනත්තසඤ්ඤා පරිචිතඤ්ච චිත්තං හොති. අසුභසඤ්ඤා පරිචිතඤ්ච චිත්තං හොති. ආදීනවසඤ්ඤාපරිචිතඤ්ච චිත්තං හොති. ලොකස්ස සමඤ්ච විසමඤ්ච ඤත්වා තං සඤ්ඤාපරිචිතඤ්ච චිත්තං හොති. ලොකස්ස සම්භවඤ්ච විභවඤ්ච ඤත්වා තං සඤ්ඤාපරිචිතඤ්ච චිත්තං හොති. ලොකස්ස සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච ඤත්වා තං සඤ්ඤා පරිචිතඤ්ච චිත්තං හොති. පහානසඤ්ඤා පරිචිතඤ්ච චිත්තං හොති. විරාගසඤ්ඤා පරිචිතඤ්ච චිත්තං හොති. නිරොධසඤ්ඤා පරිචිතඤ්ච චිත්තං හොති. තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතාති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක සිට මහණහට පැවිද්දට නිසි කොට පුරුදු කළ සිත වේ ද, උපන් ලමු අකුසල් දහම්හු සිත මැඩගෙන නො සිටුනාහු ද, අනිත්‍යසංඥායෙහි පරිචිත සිතත් වේ ද, අනාත්මසංඥායෙහි පරිචිත සිතත් වේ ද, අශුභසංඥායෙහි පරිචිත සිතත් වේ ද, ආදීනවසංඥායෙහි පරිචිත සිතත් වේ ද, සත්ත්‍වලෝකයාගේ සම විසමත් දැන ඒ සංඥායෙහි පරිචිත සිතත් වේ ද, ලෝකයාගේ සම්භව විභව දෙකත් දැන ඒ සංඥායෙහි පරිචිත සිතත් වේ ද, ලෝකයාගේ සමුදය අස්තගමයත් දැන ඒ සංඥායෙහි පරිචිත සිතත් වේ ද, ප්‍රහාණසංඥායෙහි පරිචිත සිතත් වේ ද, විරාගසංඥායෙහි පරිචිත සිතත් වේ ද, නිරෝධසංඥායෙහි පරිචිත සිතත් වේ ද, ඔහට ඉහාත්මයෙහි අර්‍හත්‍වය හෝ උපාදිශේෂය ඇති වත් ම අනාගාමිත්‍වය හෝ යි උභය ඵලයන්ගෙන් අන්‍යතර ඵලයක් කැමැති වියයුතු යි.
Pali BJT10. 2. 1. 10.
Sinhala BJT10. 2. 1. 10.
Pali BJTගිරිමානන්ද සුත්තං
Sinhala BJTගිරිමානන්‍ද සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා ගිරිමානන්දො ආබාධිකො හොති දුක්ඛිතො බාළ්හගිලානො. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච:
Sinhala BJTඑක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවත සමීපයෙහි අනේපිඬුහුගේ ජේතවන නම් අරම්හි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් ගිරිමානන්‍ද තෙරණුවෝ හටගත් ආබාධ ඇතියාහු දුකට පැමිණියාහු දැඩි ගිලන් බැව් ඇතියාහු වෙත්. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ:
Pali BJTආයස්මා භන්තෙ ගිරිමානන්දො ආබාධිකො හොති දුක්ඛිතො බාළ්හගිලානො, සාධු භන්තෙ භගවා යෙනායස්මා ගිරිමානන්දො තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායාති.
Sinhala BJTවහන්ස, ආයුෂ්මත් ගිරිමානන්‍ද තෙරණුවෝ උපන් ආබාධ ඇතියාහු පැමිණි දුක් ඇතියාහු දැඩි ගිලන්බව ඇතියාහු වෙත්. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස ආයුෂ්මත් ගිරිමානන්‍ද තෙරුන් කරා වඩනා සේක් නම් මැනැව යි.
Pali BJTසචෙ ඛො ත්වං ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනො උපසඞ්කමිත්වා දසසඤ්ඤා භාසෙය්යාසි, ඨානං ඛො පනෙතං විජ්ජති යං ගිරිමානන්දස්ස භික්ඛුනො දසසඤ්ඤා සුත්වා සො ආබාධො ඨානසො පටිප්පස්සම්භෙය්ය.
Sinhala BJTආනන්‍දයෙනි, ඉදින් තෙපි ගිරිමානන්‍ද මහණහු වෙත එළැඹ දශ සංඥා කියහු නම්, යම්හෙයෙකින් දශසංඥා අසා ගිරිමානන්‍ද මහණහුගේ ඒ ආබාධය හේතු විසින් සන්හිඳෙන්නේ යන තෙල කරුණ ඇත.
Pali BJTකතමා දස:
Sinhala BJTකවර දශයෙක යත්:
Pali BJTඅනිච්චසඤ්ඤා, අනත්තසඤ්ඤා, අසුභසඤ්ඤා, ආදීනවසඤ්ඤා, පහානසඤ්ඤා, විරාගසඤ්ඤා, නිරොධසඤ්ඤා, සබ්බලොකෙ අනභිරතසඤ්ඤා, සබ්බසඞ්ඛාරෙසු අනිච්චසඤ්ඤා, ආනාපානසති.
Sinhala BJTඅනිත්‍යසංඥා යැ, අනාත්මසංඥා යැ, අශුභසංඥා යැ, ආදීනවසංඥා යැ, ප්‍රහාණසංඥා යැ, විරාගසංඥා යැ, නිරෝධසංඥා යැ, හැමලෝහි අනභිරතසංඥා යැ, සවුසකරන්හි අනිත්‍යසංඥා යැ, ආනාපාන සති යැ යි.
Pali BJT1. කතමාචානන්ද අනිච්චසඤ්ඤා:
Sinhala BJT1. ආනන්‍දයෙනි, අනිච්චසංඥා කවර:
Pali BJTඉධානන්ද භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා ඉති පටිසංචික්ඛති: “රූපං අනිච්චං වෙදනා අනිච්චා සඤ්ඤා අනිච්චා සඞ්ඛාරා අනිච්චා විඤ්ඤාණං අනිච්චන්ති”. ඉති ඉමෙසු පඤ්චසුපාදානක්ඛන්ධෙසු අනිච්චානුපස්සී විහරති. අයං වුච්චතානන්ද අනිච්චසඤ්ඤා.
Sinhala BJTආනන්‍දයෙනි, මෙසස්නෙහි මහණ වලට ගියේ වේවයි රුක්මුලට ගියේ වේවයි ශූන්‍යාගාරයට ගියේ වේවයි මෙසේ නුවණින් සලකන්නේ ය: “රූපය අනිත්‍ය ය, වේදනා අනිත්‍ය ය, සංඥා අනිත්‍ය ය, සංස්කාරයෝ අනිත්‍ය ය, විඥානය අනිත්‍ය ය” යි. මෙසේ මේ පඤ්චෝපාදානස්න්‍ධයන්හි අනිත්‍යානුදර්ශී ව වසයි. ආනන්‍දයෙනි, මේ අනිත්‍යසංඥා යයි කියනු ලැබේ.
Pali BJT2. කතමාචානන්ද අනත්තසඤ්ඤා:
Sinhala BJT2. ආනන්‍දයෙනි, අනාත්මසංඥා කවර:
Pali BJTඉධානන්ද භික්ඛු අරඤ්ඤගතො වා -පෙ- ඉතිපටිසඤ්චික්ඛති: “චක්ඛුං{1} අනත්තා, රූපා{2} අනත්තා සොතං අනත්තා, සද්දා අනත්තා, ඝානං අනත්තා, ගන්ධා අනත්තා, ජිව්හා අනත්තා, රසා අනත්තා, කායො අනත්තා, ඵොට්ඨබ්බා අනත්තා, මනො අනත්තා, ධම්මා අනත්තා”ති. ඉති ඉමෙසු ඡසු අජ්ඣත්තික බාහිරෙසු ආයතනෙසු අනත්තානුපස්සී විහරති. අයං වුච්චතානන්ද අනත්තසඤ්ඤා.
Sinhala BJTආනන්‍දයෙනි, මෙසස්නෙහි මහණ වලට ගියේ වේවයි රුක්මුලට ගියේ වේවයි ශූන්‍යාගාරයට ගියේ වේවයි මෙසේ නුවණින් සලකන්නේ ය: චක්‍ෂුස අනාත්ම ය, රූප අනාත්ම ය, ශ්‍රෝතස අනාත්ම ය, ශබ්ද අනාත්ම ය, ඝ්‍රාණය අනාත්ම ය, ගන්‍ධ අනාත්ම ය, ජිහ්වා අනාත්ම ය, රස අනාත්ම ය, කය අනාත්ම ය, ස්පර්ශය අනාත්ම ය, මනස අනාත්ම ය, ධර්‍ම අනාත්ම ය” යි මෙසේ මේ ස වැදෑරුම් ආධ්‍යාත්මික බාහිර ආයතනයන්හි අනාත්මානුදර්ශීව වාසය කරයි. ආනන්‍දයෙනි, මේ අනාත්මසංඥා යි කියනු ලැබේ.
Pali BJT3. කතමාචානන්ද අසුභසඤ්ඤා:
Sinhala BJT3. ආනන්‍දයෙනි, අශුභසංඥා කවර:
Pali BJTඉධානන්ද භික්ඛු ඉමමෙව කායං උද්ධං පාදතලා අධො කෙසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනො පච්චවෙක්ඛති: “අත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා නඛා දන්තා තචො මංසං නහාරු අට්ඨි අට්ඨිමිඤ්ජා වක්කං හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො අස්සු වසා ඛෙළො සිඞ්ඝානිකා ලසිකා මුත්තන්ති” ඉති ඉමස්මිං කායෙ අසුභානුපස්සී විහරති, අයං වුච්චතානන්ද අසුභසඤ්ඤා.
Sinhala BJTආනන්‍දයෙනි, මෙ සස්නෙහි මහණ පා තලින් උඩ, කෙස්මතුයෙන් යට සම හිම් කොට ඇති නානාප්‍රකාර අශුචියෙන් පිරි මෙම කය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ ය: මේ කායයෙහි කේශයෝ ය, රෝමයෝ ය, නිය ය, දත් ය, සම් ය. මාංස ය, නහර ය, ඇට ය, ඇටමිදුලු ය, වකුගඩු ය, හෘදය ය, අක්මා ය, දලබු ය, බඩදිව ය, පපුකැණ ය, අතුනු ය, අතුනුබහන ය, ඖදර්‍ය්‍ය ය, පුරීෂ ය, පිත් ය, ශ්ලේස්මා ය, පූයා ය, ලේ ය, සෝදිය ය, මේදස් ය, කඳුළු ය, වුරුණු තෙල් ය, කෙල ය, මුකුනු ය, සඳ මිදුලු ය, මූ ය යන මොහු ය ඇතැයි මෙසේ මෙ කයෙහි අශුභානුදර්ශි ව වාසය කරයි. ආනන්‍දයෙනි, මේ අශුභසංඥාය යි කියනු ලැබේ.
Pali BJT4. කතමාචානන්ද ආදීනවසඤ්ඤා:
Sinhala BJT4. ආනන්‍දයෙනි, ආදිනවසංඥා කවර:
Pali BJTඉධානන්ද භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා ඉතිපටිසඤ්චික්ඛති: “බහු දුක්ඛො ඛො අයං කායො බහු ආදීනවො, ඉති ඉමස්මිං කායෙ විවිධා ආබාධා උප්පජ්ජන්ති, සෙය්යථීදං: චක්ඛුරොගො සොතරොගො ඝානරොගො ජිව්හාරොගො කායරොගො සීසරොගො කණ්ණරොගො මුඛරොගො
Sinhala BJTආනන්‍දයෙනි, මෙ සස්නෙහි මහණ වලට ගියේ වේවයි රුක්මුලට ගියේ වේවයි ශූන්‍යාගාරයට ගියේ වේවයි මෙසේ සලකන්නේ ය: බොහෝ දුක් ඇති මේ කය බොහෝ ආදීනව ඇත්තේ ය. මෙසේ මේ කයෙහි විවිධ ආබාධයෝ උපදනාහ. ඔහු කවරයහත්: චක්ඛුරෝග ය, සෝතරෝග ය, ඝානරෝග ය, ජීව්හාරෝග ය, කායරෝග ය, සීසරෝග ය, කණ්ණරෝග ය, මුඛරෝග ය,
Pali BJTදන්තරොගො කාසො සාසො පිනාසො ඩහො ජරො කුච්ඡිරොගො මුච්ඡා පක්ඛන්දිකා සූලා විසූචිකා කුට්ඨං ගණ්ඩො කිලාසො සොසො අපමාරො දද්දු කණ්ඩු කච්ඡු රඛසා{1} විතච්ඡිකා ලොහිතපිත්තං මධුමෙහො අංසා පිළකා භගන්දලා පිත්තසමුට්ඨානා ආබාධා සෙම්හසමුට්ඨානා ආබාධා, වාතසමුට්ඨානා ආබාධා සන්නිපාතිකා ආබාධා උතුපරිණාමජා ආබාධා විසමපරිහාරජා ආබාධා ඔපක්කමිකා ආබාධා කම්මවිපාකජා ආබාධා සීතං උණ්හං ජිඝච්ඡා පිපාසා උච්චාරො පස්සාවො”ති. ඉති ඉමස්මිං කායෙ ආදීනවානුපස්සී විහරති. අයං වුච්චතානන්ද ආදීනවසඤ්ඤා.
Sinhala BJTදන්තරෝග ය, කාස ය, ශ්වාස ය, පිනාස ය, දාහ ය, ජ්වර ය, කුච්ඡිරෝග ය, මූර්ඡා ය, පක්ඛන්‍දිකා ය, ශූලා ය, විශූචිකා ය, කුෂ්ට ය, ගණ්ඩ ය, කිලාස ය, ස්වාස ය, අපස්මාර ය, දද්දු ය, කණ්ඩු ය, කච්ඡු ය, රඛසා ය, විතච්ඡිකා ය, ලෝහිතපිත්ත ය, මධුමේහ ය, අංස ය, පිළකා ය, භගන්‍දරා ය, පිතින් උපදනා ආබාධ ය, සෙමෙන් උපදනා ආබාධ ය, වාතයෙන් උපදනා ආබාධ ය, සන්නිපාතික ආබාධ ය, ඍතුපරිණාමයෙන් වන ආබාධ ය, විෂමපරිහාරයෙන් උපදනා ආබාධ ය, ශිත ය, උෂ්ණ ය, සා ය, පවස ය, උච්චාර ය, පස්සාව ය යී. මෙසේ මෙ කාහි ආදීනවානුදර්ශී ව වෙසෙයි. ආනන්‍දයෙනි, මේ ආදීනවානුසංඥා යි කියනු ලැබේ.
Pali BJT5. කතමාචානන්ද පහානසඤ්ඤා:
Sinhala BJT5. ආනන්‍දයෙනි, ප්‍රහාණසංඥා කවර:
Pali BJTඉධානන්ද භික්ඛු උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙති පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති. උප්පන්නං ව්යාපාදවිතක්කං නාධිවාසෙති පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති. උප්පන්නං විහිංසා විතක්කං නාධිවාසෙති පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති. උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ නාධිවාසෙති පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති. අයං වුච්චතානන්ද පහානසඤ්ඤා.
Sinhala BJTආනන්‍දයෙනි, මෙ සස්නෙහි මහණ උපන් කාමවිතර්‍ක නො ඉවසයි. දුරලයි, විනෝදනා කෙරෙයි, විගතාන්ත කෙරෙයි, අනභාවයට යවයි. උපන් ව්‍යාපාදවිතර්‍ක නො ඉවසයි, දුරලයි, විනෝදනා කරයි, විගතාන්ත කෙරෙයි, අනභාවයට යවයි. උපන් විහිංසාවිතර්‍ක නො ඉවසයි, දුරලයි, විනෝදනා කරයි, විගතාන්ත කෙරෙයි, අනභාවයට යවයි. උපනුපන් ලමු අකුසල් දහම් නො ඉවසයි, දුරලයි, විනෝදනා කරයි, විගතාන්ත කෙරෙයි, අනභාවයට යවයි. ආනන්‍දයෙනි, මේ ප්‍රහාණසංඥායි කියනු ලැබේ.
Pali BJT6. කතමාචානන්ද විරාගසඤ්ඤා:
Sinhala BJT6. ආනන්‍දයෙනි, විරාගසංඥා කවර:
Pali BJTඉධානන්ද භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා ඉති පටිසඤ්චික්ඛති: “එතං සන්තං එතං පණීතං යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො, තණ්හක්ඛයො විරාගො නිබ්බානන්ති. අයං වුච්චතානන්ද විරාගසඤ්ඤා.
Sinhala BJTආනන්‍දයෙනි, මෙ සස්නෙහි මහණ වලට ගියේ වේවයි රුක්මුලට ගියේ වේවයි ශූන්‍යාගාරයට ගියේ වේවයි මෙසේ සලකන්නේ ය: සර්‍වසංස්කාරයන්ගේ යම්බඳු ශමථයෙක් සර්‍වොපධීන්ගේ දුරලීමෙක් තෘෂ්ණා ක්‍ෂයයෙක් විරාගයෙක් නිර්‍වාණයෙක් වේ නම් තෙල ශාන්ත ය, තෙල ප්‍රණීත ය. ආනන්‍දයෙනි, මේ විරාගසංඥා යි කියනු ලැබේ.
Pali BJT7. කතමාචානන්ද නිරොධසඤ්ඤා:
Sinhala BJT7. ආනන්‍දයෙනි, නිරෝධසංඥා කවර:
Pali BJTඉධානන්ද භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා ඉති පටිසඤ්චික්ඛති: “එතං සන්තං එතං පණීතං යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො, තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානන්ති”. අයං වුච්චතානන්ද නිරොධසඤ්ඤා.
Sinhala BJTආනන්‍දයෙනි, මෙ සස්නෙහි මහණ වලට ගියේ වේවයි රුක්මුලට ගියේ වේවයි ශූන්‍යාගාරයට ගියේ වේවයි මෙසේ සලකන්නේ ය: සර්‍ව සංස්කාරයන්ගේ යම්බඳු ශමථයෙක් සර්‍වොපධීන්ගේ දුරලීමෙක් තෘෂ්ණා ක්‍ෂයයෙක්, නිරෝධයෙක්, නිර්‍වාණයෙක් වේ නම් තෙල ශාන්ත ය, තෙල ප්‍රණීත ය. ආනන්‍දයෙනි, මේ නිරෝධසංඥා යි කියනු ලැබේ.
Pali BJT8. කතමාචානන්ද සබ්බලොකෙ අනභිරතසඤ්ඤා:
Sinhala BJT8. ආනන්‍දයෙනි, සර්‍වලෝකයෙහි අනභිරතසංඥා කවර:
Pali BJTඉධානන්ද භික්ඛු යෙ ලොකෙ උපායූපාදානා චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා, තෙ පජහන්තො විරමති න උපාදියන්තො. අයං වුච්චතානන්ද සබ්බලොකෙ අනභිරතසඤ්ඤා.
Sinhala BJTආනන්‍දයෙනි, මේ සස්නෙහි මහණ ලොව්හි යම් උපය සඞ්ඛ්‍යාත තෘෂ්ණා - මාන - දෘෂ්ටීහු වෙත් ද කාමූපාදානදි උපාදානයෝ වෙත් ද, චිත්තාධිට්ඨාන සඞ්ඛ්‍යාත ශාශ්වත උච්ඡේද කෙනෙක් වෙත් ද අභිනිවේස සඞ්ඛ්‍යාත අත්තානුදිට්ඨියෙක් වේ ද අනුසය සඞ්ඛ්‍යාත ථාමගත ක්ලේශයෝ වෙත් ද, ඔවුන් දුරලමින් දැඩි ව නො ගනිමින් නො ඇලෙයි. ආනන්‍දයෙනි, මේ සර්‍වලෝකයෙහි අනභිරතසංඥා යි කියනු ලැබේ.
Pali BJT9. කතමාචානන්ද සබ්බසඞ්ඛාරෙසු අනිච්චසඤ්ඤා:
Sinhala BJT9. ආනන්‍දයෙනි, සර්‍වසංස්කාරයන්හි අනිත්‍යසංඥා කවර:
Pali BJTඉධානන්ද භික්ඛු සබ්බසඞ්ඛාරෙහි අට්ටීයති හරායති ජිගුච්ඡති. අයං වුච්චතානන්ද සබ්බසඞ්ඛාරෙසු අනිච්චසඤ්ඤා.
Sinhala BJTආනන්‍දයෙනි, මෙ සස්නෙහි මහණ හැම ප්‍රත්‍යුත්පන්නධර්‍මයන්ගෙන් පෙළෙයි. හිරි කෙරෙයි. පිළිකුල් කෙරෙයි. ආනන්‍දයෙනි, මේ සර්‍වසංස්කාරයන්හි අනිත්‍යසංඥා යි කියනු ලැබේ.
Pali BJT10. කතමාචානන්ද ආනාපානසති:
Sinhala BJT10. ආනන්‍දයෙනි, ආනාපානසති කවර:
Pali BJTඉධානන්ද භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො සතො ව අස්සසති, සතො පස්සසති.
Sinhala BJTආනන්‍දයෙනි, මෙ සස්නෙහි මහණ වලට ගියේ වේවයි රුක්මුලට ගියේ වේවයි ශූන්‍යාගාරයට ගියේ වේවයි කය ඍජු කොට තබා සිහි පෙරට කොට එළවා පලක් බැඳ හිඳියි. හේ සිහි ඇතියේ ම ආශ්සාස කෙරෙයි, සිහි ඇතියේ ම ප්‍රශ්වාස කෙරෙයි:
Pali BJTදීඝං වා අස්සසන්තො දීඝං අස්සසාමීති පජානාති. දීඝං වා පස්සසන්තො දීඝං පස්සසාමීති පජානාති. රස්සං වා අස්සසන්තො රස්සං අස්සසාමීති පජානාති. රස්සං වා පස්සසන්තො රස්සං පස්සාමීති පජානාති. සබ්බකාය පටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති. සබ්බකාය පටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති.
Sinhala BJTදීර්‍ඝ කොට ආශ්වාස කරනුයේ හෝ දීර්‍ඝ කොට ආශ්වාස කෙරෙමි යි දනී, දීර්‍ඝ කොට ප්‍රශ්වාස කරනුයේ හෝ දීර්‍ඝ කොට ප්‍රශ්වාස කෙරෙමි යි දනී, ලඝූ කොට ආශ්වාස කරනුයේ හෝ ලඝූ කොට ආශ්වාස කෙරෙමි යි දනී, ලඝූ කොට ප්‍රශ්වාස කරනුයේ හෝ ලඝූ කොට ප්‍රශ්වාස කෙරෙමි යි දනී. සකල අශ්වාසකායය මුල - මැද - අග පාළ කරනුයේ ආශ්වාස කෙරෙමි යි හික්මෙයි. සකල ප්‍රශ්වාසකායය මුල - මැද - අග පාළ කරනුයේ ප්‍රශ්වාස කෙරෙමි යි හික්මෙයි. ඖදාරික ආශ්වාසකායසංස්කාරය සන්හිඳුවමින් ආශ්වාස කෙරෙමි යි හික්මෙයි. ඖදාරික ප්‍රශ්වාසකායසංස්කාරය සන්හිඳුවමින් ප්‍රශ්වාස කෙරෙමි යි හික්මෙයි.
Pali BJTපීතිපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති. පීතිපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. සුඛපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති. සුඛපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. චිත්තසඞ්ඛාරපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති. චිත්තසඞ්ඛාරපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං චිත්තසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං චිත්තසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති.
Sinhala BJTප්‍රීතිය මොනොවට දන්නේ ආශ්වාස කෙරෙමියි හික්මෙයි. ප්‍රීතිය මොනොවට දන්නේ ප්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි. තුන් දැහැන් විසින් සුඛය මොනොවට දන්නේ ආශ්වාස කෙරෙමියි හික්මෙයි. තුන් දැහැන් විසින් සුඛය මොනොවට දන්නේ ප්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි. සිවුදැහැන් විසින් චිත්තසංස්කාරය දන්නේ ආශ්වාස කෙරෙමියි හික්මෙයි. සිවුදැහැන් විසින් චිත්තසංස්කාරය දන්නේ ප්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි. ඖදාරික චිත්තසංස්කාරය සන්හිඳුවමින් ආශ්වාස කෙරෙමියි හික්මෙයි. ඖදාරික චිත්තසංස්කාරය සන්හිඳුවමින් ප්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි.
Pali BJTචිත්තපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති. චිත්තපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. අභිප්පමොදයං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති. අභිප්පමොදයං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති. සමාදහං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති. සමාදහං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති. විමොචයං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති. විමොචයං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති.
Sinhala BJTසිවුදැහැන් විසින් චිත්තය දන්නේ ආශ්වාස කෙරෙමියි හික්මෙයි. සිවුදැහැන් විසින් චිත්තය දන්නේ ප්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි. සමථ විපස්සනා විසින් සිත පහන් කරවමින් ආශ්වාස කෙරෙමි යි හික්මෙයි. සමථ විපස්සනා විසින් සිත පහන් කරවමින් ප්‍රශ්වාස කෙරෙමි යි හික්මෙයි. ධ්‍යාන විසින් සිත අරමුණෙහි සමව තබමින් ආශ්වාස කෙරෙමි යි හික්මෙයි. ධ්‍යාන විසින් සිත අරමුණෙහි සමව තබමින් ප්‍රශ්වාස කෙරෙමි යි හික්මෙයි. නීවරණයන්ගෙන් සිත මුදමින් ආශ්වාස කෙරෙමි යි හික්මෙයි. නීවරණයන්ගෙන් සිත මුදමින් ප්‍රශ්වාස කෙරෙමි යි හික්මෙයි.
Pali BJTඅනිච්චානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති. අනිච්චානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. විරාගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති. විරාගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. නිරොධානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති. නිරොධානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති. පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. අයං වුච්චතානන්ද ආනාපානසති.
Sinhala BJTඅනිත්‍යානුදර්ශී වුයෙමේ ආශ්වාස කෙරෙමි යි හික්මෙයි. අනිත්‍යානුදර්ශී වූයෙම් ප්‍රශ්වාස කෙරෙමි යි හික්මෙයි. විරාගානුදර්ශී වූයෙම් ආශ්වාස කෙරෙමි යි හික්මෙයි. විරාගානුදර්ශී වූයෙම් ප්‍රශ්වාස කෙරෙමි යි හික්මෙයි. නිරෝධානුදර්ශී වූයෙම් ආශ්වාස කෙරෙමි යි හික්මෙයි. නිරෝධානුදර්ශී වූයෙම් ප්‍රශ්වාස කෙරෙමි යි හික්මෙයි. ප්‍රතිනිඃසර්‍ගානුදර්ශී වූයෙම් ආශ්වාස කෙරෙමි යි හික්මෙයි. ප්‍රතිනිඃසර්‍ගානුදර්ශී වූයෙම් ප්‍රශ්වාස කෙරෙමි යි හික්මෙයි. ආනන්‍දයෙනි, මේ ආනාපානසති යි කියනු ලැබේ.
Pali BJTසචෙ ඛො ත්වං ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනො උපසඞ්කමිත්වා ඉමා දස සඤ්ඤා භාසෙය්යාසි, ඨානං ඛො පනෙතං විජ්ජති යං ගිරිමානන්දස්ස භික්ඛුනො ඉමා දස සඤ්ඤා සුත්වා සො ආබාධො ඨානසො පටිප්පස්සම්භෙය්යාති.
Sinhala BJTආනන්‍දයෙනි, ඉදින් තෙපි ගිරිමානන්‍ද මහණහු වෙත ගොස් මේ දශ සංඥා කියවු නම් යම් හෙයෙකින් මේ දශසංඥා අසා ගිරිමානන්‍ද මහණහුගේ ඒ ආබාධය හේතු විසින් සන්හිඳෙන්නේ ය යන තෙල කරුණ ඇත.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො භගවතො සන්තිකෙ ඉමා දස සඤ්ඤා උග්ගහෙත්වා යෙනායස්මා ගිරිමානන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතො ගිරිමානන්දස්ස ඉමා දස සඤ්ඤා අභාසි. අථ ඛො ආයස්මතො ගිරිමානන්දස්ස ඉමා දස සඤ්ඤා සුත්වා සො ආබාධො ඨානසො පටිප්පස්සම්භී, වුට්ඨාහි චායස්මා ගිරිමානන්දො තම්හා ආබාධා තථා පහීනො ච පනායස්මතො ගිරිමානන්දස්ස සො ආබාධො අහොසීති.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් තෙරණුවෝ භාග්‍යවතුන් හමුයෙහි මේ දශසංඥා උගෙන ආයුෂ්මත් ගිරිමානන්‍ද තෙරුන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් ගිරිමානන්‍ද තෙරුන්ට මේ දසසංඥා කීහ. ඉක්බිති මේ දශසංඥා අසා ආයුෂ්මත් ගිරිමානන්‍ද තෙරුන්ගේ ඒ ආබාධය හේතු විසින් සන්හින. ආයුෂ්මත් ගිරිමානන්‍ද තෙරණුවෝත් ඒ ආබාධයෙන් නැගියහ. ආයුෂ්මත් ගිරිමානන්‍ද තෙරුන්ගේ ඒ ආබාධය එසේ ප්‍රහීණ ම වී.
Pali BJTසචිත්තවග්ගො පඨමො.
Sinhala BJTපළමුවැනි සචිත්තවර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTසචිත්ත සාරිපුත්තා ච ඨිතිඤ්ච සමථෙන ච පරිහානා ච ද්වෙ සඤ්ඤා මූලා පබ්බජිතා ගිරීති.
Sinhala BJTසචිත්ත සූත්‍රය, සාරිපුත්ත සූත්‍රය, ඨිති සූත්‍රය, සමථ සූත්‍රය, පරිහාන සූත්‍රය, සඤ්ඤා සූත්‍ර දෙකය, මූල සූත්‍රය, පබ්බජිත සූත්‍රය, ගිරිමානන්‍ද සූත්‍රය දැයි දසයෙක.
Pali BJT2. යමකවග්ගො
Sinhala BJT2. යමක වර්‍ගය
Pali BJT10. 2. 2. 1.
Sinhala BJT10. 2. 2. 1.
Pali BJTඅවිජ්ජා සුත්තං
Sinhala BJTඅවිද්‍යා සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJTපුරිමා භික්ඛවෙ කොටි න පඤ්ඤායති අවිජ්ජාය ‘ඉතො පුබ්බෙ අවිජ්ජා නාහොසි, අථ පච්ඡා සම්භවී’ති. එවමෙතං භික්ඛවෙ වුච්චති, අථ ච පන පඤ්ඤායති ‘ඉදප්පච්චයා අවිජ්ජා’ති.
Sinhala BJT“මහණෙනි, මෙයින් පෙර අවිද්‍යා නො වී ය, එයින් පසු පහළ වී යැ” යි අවිද්‍යාවගේ පුරිම කෙළවරෙක් නො පැනේ. මෙසේ තෙල කියනු ලැබේ. වැලිදු අවිද්‍යාව ඉදම්ප්‍රත්‍යයෙනැ යි පැනේ.
Pali BJTඅවිජ්ජම්පහං{1} භික්ඛවෙ සාහාරං වදාමි නො අනාහාරං, කො චාහාරො අවිජ්ජාය: පඤ්ච නීවරණා තිස්ස වචනීයං. පඤ්චපහං{2} භික්ඛවෙ නීවරණෙ සාහාරෙ වදාමි නො අනාහාරෙ. කො චාහාරො පඤ්චන්නං නීවරණානං: තීණි දුච්චරිතානීතිස්ස වචනීයං. තීණිපහං{3} භික්ඛවෙ දුච්චරිතානි සාහාරානි වදාමි නො අනාහාරානි කො චාහාරො තිණ්ණන්නං දුච්චරිතානං: ඉන්ද්රියාසංවරො{4} තිස්ස වචනීයං. ඉන්ද්රියාසංවරම්පහං භික්ඛවෙ සාහාරං වදාමි නො අනාහාරං, කො චාහාරො ඉන්ද්රියාසංවරස්ස: අසතාසම්පජඤ්ජන්තිස්ස වචනීයං. අසතාසම්පජඤ්ඡම්පහං භික්ඛවෙ සාහාරං වදාමි නො අනාහාරං, කො චාහාරො අසතාසම්පජඤ්ඤස්ස: අයොනිසො මනසිකාරොතිස්ස වචනීයං. අයොනිසො මනසිකාරම්පහං භික්ඛවෙ සාහාරං වදාමි නො අනාහාරං, කො චාහාරො අයොනිසො මනසිකාරස්ස: අස්සද්ධියන්තිස්ස වචනීයං. අස්සද්ධියම්පහං භික්ඛවෙ සාහාරං වදාමි නො අනාහාරං, කො චාහාරො අස්සද්ධියස්ස: අසද්ධම්මසවණන්තිස්ස වචනීයං. අසද්ධම්මසවණම්පහං භික්ඛවෙ සාහාරං වදාමි නො අනාහාරං, කො චාහාරො අසද්ධම්මසවණස්ස: අසප්පුරිසසංසෙවොතිස්ස වචනීයං.
Sinhala BJTමහණෙනි, මම අවිද්‍යාව සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. අවිද්‍යාවගේ ආහාර කවරේ ය: පඤ්චනීවරණයහ යි කියයුතු වෙයි. මහණෙනි, මම පඤ්චනීවරණයනුදු සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. පඤ්චනීවරණයන්ගේ ආහාර කවරේ ය: ත්‍රිවිධ දුශ්චරිතයහයි කියයුතු වෙයි. මහණෙනි, මම ත්‍රිවිධ දුශ්චරිතයන් ද සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. ත්‍රිවිධ දුශ්චරිතයන්ගේ ආහාර කවරේ ය: ඉන්‍ද්‍රිය අසංවරය යි කියයුතු වෙයි. මහණෙනි, මම ඉන්‍ද්‍රිය අසංවරය ද සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. ඉන්‍ද්‍රිය අසංවරයාගේ ආහාර කවරේ ය: අස්මෘති අසම්ප්‍රජන්‍යය යි යි කියයුතු වෙයි. මහණෙනි, මම අස්මෘති අසම්ප්‍රජන්‍යය ද සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. අස්මෘතිය අසම්ප්‍රජන්‍යයාගේ ආහාර කවරේ ය: අයෝනිසෝමනසිකාරය යි කියයුතු වෙයි. මහණෙනි, මම අයෝනිසෝමනසිකාරය ද සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. අයෝනිසෝමනසිකාරයාගේ ආහාර කවරේ ය: නො ඇදහිලි බව ය යි කියයුතු වෙයි. මහණෙනි, මම නො ඇදහිලි බව ද සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. නො ඇදහිලිබව්හුගේ ආහාර කවරේ ය: අසද්ධර්‍මශ්‍රවණ ය යි කියයුතු වෙයි. මහණෙනි, මම අසද්ධර්‍මශ්‍රවණය ද සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. අසද්ධර්‍මශ්‍රවණයාගේ ආහාර කවරේ ය: අසත්පුරුෂ සංසේවා ය යි කියයුතු වෙයි.
Pali BJTඉති ඛො භික්ඛවෙ අසප්පුරිසසංසෙවො පරිපූරො අසද්ධම්මසවනං පරිපූරෙති. අසද්ධම්මසවනං පරිපූරං අස්සද්ධියං පරිපූරෙති. අස්සද්ධියං පරිපූරං අයොනිසොමනසිකාරං පරිපූරෙති. අයොනිසො මනසිකාරො පරිපූරො අසතාසම්පජඤ්ඤං පරිපූරෙති. අසතාසම්පජඤ්ඤං පරිපූරං ඉන්ද්රියාසංවරං පරිපූරෙති. ඉන්ද්රියාසංවරො පරිපූරො තීණි දුච්චරිතානි පරිපූරෙති. තීණි දුච්චරිතානි පරිපූරානි පඤ්ච නීවරණෙ පරිපූරෙන්ති. පඤ්ච නීවරණා පරිපූරා අවිජ්ජං පරිපූරෙන්ති. එවමෙතිස්සා අවිජ්ජාය ආහාරො හොති. එවඤ්ච පාරිපූරි.
Sinhala BJTමහණෙනි, මෙසේ අසත්පුරුෂසංසේවා පරිපූර්‍ණ වූයේ අසද්ධර්‍මශ්‍රවණය පුරයි. අසද්ධර්‍මශ්‍රවණය පරිපූර්‍ණ වූයේ නො ඇදහිලි බව පුරයි. නො ඇදහිලි බව පරිපූර්‍ණ වූයේ අයෝනිසෝමනසිකාරය පුරයි. අයෝනිසෝමනසිකාරය පරිපූර්‍ණ වූයේ අස්මෘති අසම්ප්‍රජන්‍යය පුරයි. අස්මෘති අසම්ප්‍රජන්‍යය පරිපූර්‍ණ වූයේ ඉන්‍ද්‍රිය අසංවරය පුරයි. ඉන්‍ද්‍රිය අසංවරය පරිපූර්‍ණ වූයේ ත්‍රිවිධ දුශ්චරිතයන් පුරයි. ත්‍රිවිධ දුශ්චරිත පරිපූර්‍ණ වූවාහු පඤ්චනීවරණයන් පුරත්. පඤ්චනීවරණයෝ පරිපූර්‍ණ වූවාහු අවිද්‍යාව පුරත්. මෙසේ තෙල අවිද්‍යාවගේ ප්‍රත්‍යය වෙයි. මෙසේ පරිපූර්‍ණ භාවය ද වේ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ උපරි පබ්බතෙ ථුල්ලඵුසිතකෙ දෙවෙ වස්සන්තෙ දෙවෙ ගලගලායන්තෙ{1} තං උදකං යථානින්නං පවත්තමානං පබ්බතකන්දරපදරසාඛා පරිපූරෙති, පබ්බතකන්දරපදරසාඛා පරිපූරා කුස්සුබ්භෙ{2} පරිපූරෙන්ති, කුස්සුබ්භා{2} පරිපූරා මහාසොබ්භෙ පරිපූරෙන්ති, මහාසොබ්භා පරිපූරා කුන්නදියො පරිපූරෙන්ති, කුන්නදියො පරිපූරා මහානදියො පරිපූරෙන්ති, මහානදියො පරිපූරා මහාසමුද්දං සාගරං පරිපූරෙන්ති. එවමෙතස්ස මහාසමුද්දස්ස සාගරස්ස ආහාරො හොති, එවඤ්ච පාරිපූරී.
Sinhala BJTමහණෙනි, යම් පරිදි ගල් මතුයෙහි දළ පොද ඇති වැසි වස්නා කල්හි වැසිදිය ගලා යත් ම එ දිය නිම්න තැන් තුබූ සේ වැටෙමින් පර්‍වත කන්‍දර ප්‍රදර ශාඛා පුරාලන්නේ වේද, පර්‍වත කන්‍දර ප්‍රදර ශාඛාවෝ පරිපූර්‍ණ වූවාහු කුඩා හෙබ් පුරාලත් ද, කුඩා හෙබ්හු පරිපූර්‍ණ වූවාහු මහ හෙබ් පුරාලත් ද, මහ හෙබ්හු පරිපූර්‍ණ වූවාහු කුඩා නදීන් පුරාලත් ද, කුඩා නදීහු පරිපූර්‍ණ වූවාහු මහා නදීන් පුරා ලත් ද මහා නදීහු පරිපූර්‍ණ වූවාහු මහාසමුද්‍රය පුරා ලත්ද මෙසේ තෙල මහා සමුද්‍රයාගේ ප්‍රත්‍යය වෙයි. මෙසේත් පරිපූර්‍ණභාවය වේ.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ අසප්පුරිසසංසෙවො පරිපූරො අසද්ධම්මසවනං පරිපූරෙති අසද්ධම්මසවනං පරිපූරං අස්සද්ධියං පරිපූරෙති, අස්සද්ධියං පරිපූරං අයොනිසොමනසිකාරං පරිපූරෙති, අයොනිසො මනසිකාරො පරිපූරො අසතා’සම්පජඤ්ඤං පරිපූරෙති, අසතා’සම්පජඤ්ඤං පරිපූරං ඉන්ද්රියා’සංවරං පරිපූරෙති, ඉන්ද්රියා’සංවරො පරිපූරො තීණි දුච්චරිතානි පරිපූරෙති. තීණි දුච්චරිතානි පරිපූරානි පඤ්චනීවරණෙ පරිපූරෙන්ති, පඤ්චනීවරණා පරිපූරා අවිජ්ජං පරිපූරෙන්ති. එවමෙතිස්සා අවිජ්ජාය ආහාරො හොති. එවඤ්ච පාරිපූරි.
Sinhala BJTමහණෙනි, ඒ පරිදි ම අසත්පුරුෂ සංසේවය පරිපූර්‍ණ වූයේ අසද්ධර්‍ම ශ්‍රවණය පුරයි. අසද්ධර්‍මශ්‍රවණය පරිපූර්‍ණ වූයේ නො හැදහිලි බව පුරයි. නො හැදහිලි බව පරිපූර්‍ණ වූයේ අයෝනිසෝමනසිකාරය පුරයි. අයෝනිසෝමනසිකාරය පරිපූර්‍ණ වූයේ අස්මෘති අසම්ප්‍රජන්‍යය පුරයි. අස්මෘති අසම්ප්‍රජන්‍යය පරිපූර්‍ණ වූයේ ඉන්‍ද්‍රිය අසංවරය පුරයි. ඉන්‍ද්‍රිය අසංවරය පරිපූර්‍ණ වූයේ ත්‍රිවිධ දුශ්චරිතයන් පුරයි. ත්‍රිවිධ දුශ්චරිතයෝ පරිපූර්‍ණ වූවාහු පඤ්චනීවරණයන් පුරත්. පඤ්චනීවරණයෝ පරිපූර්‍ණ වූවාහු අවිද්‍යාව පුරත්. මෙසේ තෙල අවිද්‍යාවගේ ප්‍රත්‍යය වෙයි. මෙසේත් පරිපූර්‍ණ භාවය වෙයි.
Pali BJTවිජ්ජාවිමුත්තිම්පහං{3} භික්ඛවෙ සාහාරං වදාමි නො අනාහාරං. කො චාහාරො විජ්ජාවිමුත්තියා: “සත්තබොජ්ඣඞ්ගා”තිස්ස වචනීයං. සත්තපහං{4} භික්ඛවෙ බොජ්ඣඞ්ගෙ සාහාරෙ වදාමි නො අනාහාරෙ. කො චාහාරො සත්තන්නං බොජ්ඣඞ්ගානං: “චත්තාරො සතිපට්ඨානා”තිස්ස වචනීයං. චත්තාරොපහං භික්ඛවෙ සතිපට්ඨානෙ සාහාරෙ වදාමි නො අනාහාරෙ. කොචාහාරො චතුන්නං සතිපට්ඨානානං: “තීණි සුචරිතානී”තිස්ස වචනීයං. තීණිපහං භික්ඛවෙ සුචරිතානි සාහාරානි වදාමි නො අනාහාරානි. කො චාහාරො තිණ්ණන්නං සුචරිතානං: “ඉන්ද්රියසංවරො”තිස්ස වචනීයං. ඉන්ද්රියසංවරම්පහං භික්ඛවෙ සාහාරං වදාමි නො අනාහාරං කො චාහාරො ඉන්ද්රියසංවරස්ස: “සතිසම්පජඤ්ඤන්තිස්ස” වචනීයං. සතිසම්පජඤ්ඤම්පහං භික්ඛවෙ සාහාරං වදාමි නො අනාහාරං.
Sinhala BJTමහණෙනි, මම විද්‍යා විමුත්තිය ද සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. විද්‍යා විමුත්තියට ප්‍රත්‍යය කවරේය: සත් වැදෑරුම් මාර්‍ග බෝධ්‍යඞ්ගයහ යි කිය යුතු වෙයි. මහණෙනි, මම සප්ත බෝධ්‍යඞ්ගයන් සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. සප්ත බෝධ්‍යඞ්ගයන්ගේ ප්‍රත්‍යය කවරේය: සතර සීවටනයහ යි කියයුතු වෙයි. මහණෙනි, මම සතර සීවටනුදු සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. සතර සීවටන්හුගේ ප්‍රත්‍යය කවරේය: ත්‍රිවිධ සුචරිතය යි කියයුතු වෙයි. මහණෙනි, මම ත්‍රිවිධ සුවරිතයනුදු සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. ත්‍රිවිධ සුචරිතයන්ගේ ප්‍රත්‍යයෝ කවරහ: ඉන්‍ද්‍රිය සංවරය යි කිය යුතුවෙයි. මහණෙනි, මම ඉන්‍ද්‍රිය සංවරය සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. ඉන්‍ද්‍රිය සංවරයාගේ ප්‍රත්‍යය කවරේ ය: ස්මෘති සම්ප්‍රජන්‍ය ය යි කියයුතු ය. මහණෙනි, මම ස්මෘති සම්ප්‍රජන්‍යය සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි.
Pali BJTකො චාහාරො සතිසම්පජඤ්ඤස්ස: “යොනිසොමනසිකාරො” තිස්ස වචනීයං, යොනිසොමනසිකාරම්පහං භික්ඛවෙ සාහාරං වදාමි නො අනාහාරං. කො චාහාරො යොනිසොමනසිකාරස්ස: “සද්ධා” තිස්ස වචනීයං. සද්ධම්පහං භික්ඛවෙ සාහාරං වදාමි නො අනාහාරං. කො චාහාරො සද්ධාය: “සද්ධම්මසවනන්තිස්ස” වචනීයං. සද්ධම්මසවනම්පහං භික්ඛවෙ සාහාරං වදාමි, නො අනාහාරං. කො චාහාරො සද්ධම්මසවනස්ස: “සප්පුරිසසංසෙවො”තිස්ස වචනීයං.
Sinhala BJTස්මෘති සම්ප්‍රජන්‍යයාගේ ප්‍රත්‍යය කවරේය: යෝනිසෝමනස්කාර යි කියයුතුය. මහණෙනි, මම යෝනිසෝමනස්කාර ද සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. යෝනිසෝමනසිකාරයාගේ ප්‍රත්‍යය කවරේය: ශ්‍රද්ධාව යැයි කිය යුතු ය. මහණෙනි, මම ශ්‍රද්ධාව සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. ශ්‍රද්ධාවගේ ප්‍රත්‍යය කවරේ ද යත්: සද්ධර්‍ම ශ්‍රවණය යැයි කිය යුතු ය. මහණෙනි, මම සද්ධර්‍ම ශ්‍රවණය සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. සද්ධර්‍ම ශ්‍රවණයාගේ ප්‍රත්‍යය කවරේ ද යත්: සත්පුරුෂ සංසේවය යැයි කිය යුතු ය.
Pali BJTඉති ඛො භික්ඛවෙ සප්පුරිසසංසෙවො පරිපූරො සද්ධම්මසවනං පරිපූරෙති, සද්ධම්මසවනං පරිපූරං සද්ධං පරිපූරෙති, සද්ධා පරිපූරා යොනිසොමනසිකාරං පරිපූරෙති, යොනිසොමනසිකාරො පරිපූරො සතිසම්පජඤ්ඤං පරිපූරෙති, සතිසම්පජඤ්ඤං පරිපූරං ඉන්ද්රියසංවරං පරිපූරෙති, ඉන්ද්රියසංවරො පරිපූරො තීණි සුචරිතානි පරිපූරෙති, තීණි සුචරිතානි පරිපූරානි චත්තාරො සතිපට්ඨානෙ පරිපූරෙන්ති, චත්තාරො සතිපට්ඨානා පරිපූරා සත්තබොජ්ඣඞ්ගෙ පරිපූරෙන්ති, සත්තබොජ්ඣඞ්ගා පරිපූරා විජ්ජාවිමුත්තිං පරිපූරෙන්ති. එවමෙතිස්සා විජ්ජාවිමුත්තියා ආහාරො හොති. එවඤ්ච පාරිපූරි.
Sinhala BJTමහණෙනි, මෙසේ සත්පුරුෂසංසේවය පරිපූර්‍ණ වූයේ සද්ධර්‍මශ්‍රවණය පුරයි. සද්ධර්‍මශ්‍රවණය පරිපූර්‍ණ වූයේ ශ්‍රද්ධාව පුරයි. ශ්‍රද්ධාව පරිපූර්‍ණ වූවා යෝනිසෝමනස්කාර පුරයි. යෝනිසෝමනස්කාර පරිපූර්‍ණ වූයේ ස්මෘති සම්ප්‍රජන්‍යය පුරයි. ස්මෘති සම්ප්‍රජන්‍යය පරිපූර්‍ණ වූයේ ඉන්‍ද්‍රියසංවරය පුරයි. ඉන්‍ද්‍රියසංවරය පරිපූර්‍ණ වූයේ ත්‍රිවිධ සුචරිතයන් පුරයි. ත්‍රිවිධ සුචරිතයෝ පරිපූර්‍ණ වූවාහු සතරසීවටන් පුරත්. සතරසීවටන්හු පරිපූර්‍ණ වූවාහු සප්තබෝධ්‍යඞ්ගයන් පුරත්. සප්තබෝධ්‍යඞ්ගයෝ පරිපූර්‍ණ වූවාහු විද්‍යා විමුක්තිය පුරත්. මෙසේ තෙල විද්‍යාවිමුක්තියගේ ප්‍ර‍්‍යය වෙයි. මෙසේත් පරිපූර්‍ණභාවය වෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ උපරි පබ්බතෙ ඵුල්ලඵුසිතකෙ දෙවෙ වස්සන්තෙ දෙවෙ ගලගලායන්තෙ තං උදකං යථා නින්නං පවත්තමානං පබ්බතකන්දරපදරසාඛා පරිපූරෙති, පබ්බතකන්දරපදරසාඛා පරිපූරා කුස්සුබ්භෙ පරිපූරෙන්ති, කුස්සුබ්භා පරිපූරා මහාසොබ්භෙ පරිපූරෙන්ති, මහාසොබ්භා පරිපූරා කුන්නදියො පරිපූරෙන්ති, කුන්නදියො පරිපූරා මහානදියො පරිපූරෙන්ති, මහානදියො පරිපූරා මහාසමුද්දං සාගරං පරිපූරෙන්ති. එවමෙතස්ස මහාසමුද්දස්ස සාගරස්ස ආහාරො හොති, එවඤ්ච පාරිපූරී.
Sinhala BJTමහණෙනි, යම් පරිදි ගල් මුදුනෙහි දළ පොද ඇති වැසි වස්නා කල්හි වැසිදිය ගලායන කල්හි ඒ දිය නිම්න තුබූ සේ වැටෙමින් පර්‍වත කන්‍දර ප්‍රදර ශාඛා පුරා ලන්නේ වේද, පර්‍වත කන්‍දර ප්‍රදරශාඛාවෝ පරිපූර්‍ණ වූවාහු කුඩා හෙබ් පුරාලත් ද, කුඩා හෙබ්හු පරිපූර්‍ණ වූවාහු මහහෙබ් පුරාලත් ද, මහහෙබ්හු පරිපූර්‍ණ වූවාහු කුඩා නදීන් පුරාලත් ද, කුඩා නදීහූ පරිපූර්‍ණ වූවාහු මහා නදීන් පුරාලත් ද, මහා නදීහු පරිපූර්‍ණ වූවාහු මහමුහුද පුරාලත් ද, මෙසේ තෙල මහා සාගරයාගේ ප්‍රත්‍යය වෙයි. මෙසේත් පරිපූර්‍ණභාවය වෙයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ සප්පුරිසසංසෙවො පරිපූරො සද්ධම්මසවනං පරිපූරෙති, සද්ධම්මසවනං පරිපූරං සද්ධං පරිපූරෙති, සද්ධා පරිපූරා යොනිසොමනසිකාරං පරිපූරෙති, යොනිසොමනසිකාරො පරිපූරො සතිසම්පජඤ්ඤං පරිපූරෙති, සතිසම්පජඤ්ඤං පරිපූරං ඉන්ද්රියසංවරං පරිපූරෙති, ඉන්ද්රියසංවරො පරිපූරො තීණි සුචරිතානි පරිපූරෙති, තීණි සුචරිතානි පරිපූරානි චත්තාරො සතිපට්ඨානෙ පරිපූරෙන්ති, චත්තාරො සතිපට්ඨානා පරිපූරා සත්තබොජ්ඣඞ්ගෙ පරිපූරෙන්ති, සත්තබොජ්ඣඞ්ගා පරිපූරා විජ්ජාවිමුත්තිං පරිපූරෙන්ති. එවමෙතිස්සා විජ්ජාවිමුත්තියා ආහාරො හොති. එවඤ්ච පාරිපූරීති.
Sinhala BJTමහණෙනි, එ පරිදි ම සත්පුරුෂසංසේවය පරිපූර්‍ණ වූයේ සද්ධර්‍ම ශ්‍රවණය පුරයි. සද්ධර්‍මශ්‍රවණය පරිපූර්‍ණ වූයේ සැදැහැ පුරයි. ශ්‍රද්ධාව පරිපූර්‍ණ වූවා යෝනිසෝමනස්කාර පුරයි. යෝනිසෝමනස්කාර පරිපූර්‍ණ වූයේ ස්මෘති සම්ප්‍රජන්‍යය පුරයි. ස්මෘති සම්ප්‍රජන්‍යය පරිපූර්‍ණ වූයේ ඉන්‍ද්‍රියසංවරය පුරයි. ඉන්‍ද්‍රියසංවරය පරිපූර්‍ණ වූයේ ත්‍රිවිධ සුචරිතයන් පුරයි. ත්‍රිවිධ සුචරිතයෝ පරිපූර්‍ණ වූවාහු සතර සීවටන් පුරත්. සතර සීවටන්හු පරිපූර්‍ණ වූවාහු සප්තබෝධ්‍යඞ්ගයන් පුරත්. සප්තබෝධ්‍යඞ්ගයෝ පරිපූර්‍ණ වූවාහු විද්‍යාවිමුක්තිය පුරත්. මෙසේ තෙල විද්‍යාවිමුක්තියගේ ප්‍රත්‍යය වෙයි. මෙසේත් පරිපූර්‍ණභාවය වේ ය යි.
Pali BJT10. 2. 2. 2.
Sinhala BJT10. 2. 2. 2.
Pali BJTතණ්හා සුත්තං
Sinhala BJTතෘෂ්ණා සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJT“පුරිමා භික්ඛවෙ කොටි න පඤ්ඤායති භවතණ්හාය, ඉතො පුබ්බෙ භවතණ්හා නාහොසි, අථ පච්ඡා සම්භවී{1}”ති. එවඤ්චෙතං භික්ඛවෙ වුච්චති, අථ ච පන පඤ්ඤායති “ඉදපච්චයා භවතණ්හා”ති.
Sinhala BJT“මහණෙනි, මෙයින් පෙර භවතෘෂ්ණාව නො වී ය. යළි පසුව ඇතිවී යැ”යි භවතෘෂ්ණාවගේ පුරිම කෙළවරක් නො පැනෙයි. මහණෙනි, තෙල මෙසේ කියනු ලැබේ. එතෙකුදුවත් භවතෘෂ්ණාව මේ ප්‍රත්‍යයෙනැයි” පැනේ.
Pali BJTභවතණ්හම්පහං{2} භික්ඛවෙ සාහාරං වදාමි, නො අනාහාරං, කො චාහාරො භවතණ්හාය: ‘අවිජ්ජා’තිස්ස වචනීයං. අවිජ්ජම්පහං භික්ඛවෙ සාහාරං වදාමි, නො අනාහාරං. කො චාහාරො අවිජ්ජාය: “පඤ්ච නීවරණා” තිස්ස වචනීයං. පඤ්චපහං භික්ඛවෙ නීවරණෙ සාහාරෙ වදාමි, නො අනාහාරෙ. කො චාහාරො පඤ්චන්නං නීවරණානං: “තීණි දුච්චරිතානී”තිස්ස වචනීයං. තීණිපහං භික්ඛවෙ දුච්චරිතානි සාහාරානි වදාමි, නො අනාහාරානි. කො චාහාරො තිණ්ණන්නං දුච්චරිතානං: “ඉන්ද්රියාසංවරො”තිස්ස වචනීයං ඉන්ද්රියාසංවරම්පහං භික්ඛවෙ සාහාරං වදාමි. නො අනාහාරං. කො චාහාරො ඉන්ද්රියාසංවරස්ස: අසතාසම්පජඤ්ඤන්ති”තිස්ස වචනීයං. අසතාසම්පජඤ්ඤම්පහං භික්ඛවෙ සාහාරං වදාමි, නො අනාහාරං කො චාහාරො අසතාසම්පජඤ්ඤස්ස: “අයොනිසොමනසිකාරො”තිස්ස වචනීයං. අයොනිසොමනසිකාරම්පහං භික්ඛවෙ සාහාරං වදාමි. නො අනාහාරං කො චාහාරො අයොනිසොමනසිකාරස්ස: “අස්සද්ධිය”න්තිස්ස වචනීයං. අස්සද්ධියම්පහං භික්ඛවෙ සාහාරං වදාමි, නො අනාහාරං කො චාහාරො අස්සද්ධියස්ස: “අසද්ධම්මසවන”න්තිස්ස වචනීයං. අසද්ධම්මසවනම්පහං භික්ඛවෙ සාහාරං වදාමි, නො අනාහාරං. කො චාහාරො අසද්ධම්මසවනස්ස: අසප්පුරිසසංසෙවොතිස්ස වචනීයං.
Sinhala BJTමහණෙනි, භවතෘෂ්ණාව ද සප්‍රත්‍යය කොට කියමි. නිෂ්ප්‍රත්‍ය කොට නො කියමි. භවතෘෂ්ණාවගේ ප්‍රත්‍යය කවරේ ය: අවිද්‍යා ය යි කිවයුතු වෙයි. මහණෙනි, මම අවිද්‍යාව ද සප්‍රත්‍යය කොට කියමි. නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. අවිද්‍යාවගේ ප්‍රත්‍යය කවරේ යැ: පඤ්චනිවරණයහ යි කිවයුතු වෙයි. මහණෙනි, මම පඤ්චනිවරණයනුදු සප්‍රත්‍යය කොට කියමි. නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. පඤ්චනිවරණයන්ගේ ප්‍රත්‍යය කවරේ යැ: ත්‍රිවිධ දුශ්චරිතයෝ ය යි කිය යුතුය. මහණෙනි, මම ත්‍රිවිධ දුශ්චරිතයන් ද සප්‍රත්‍යය කොට කියමි. නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. ත්‍රිවිධ දුශ්චරිතයන්ගේ ප්‍රත්‍යය කවරේ ය: ඉන්‍ද්‍රිය අසංවරය යි කියයුතු වෙයි. මහණෙනි, මම ඉන්‍ද්‍රිය අසංවරය ද සප්‍රත්‍යය කොට කියමි. නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. ඉන්‍ද්‍රිය අසංවරයාගේ ප්‍රත්‍යය කවරේ ය: අස්මෘති - අසම්ප්‍රජන්‍ය යි කිය යුතු ය. මහණෙනි, මම අස්මෘති - අසම්ප්‍රජන්‍ය ද සප්‍රත්‍යය කොට කියමි. නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. අස්මෘති - අසම්ප්‍රජන්‍යයාගේ ප්‍රත්‍යය කවරේ ය: අයෝනිසෝමනසිකාරය යි කිය යුතු වෙයි. මහණෙනි, මම අයෝනිසෝමනසිකාරය ද සප්‍රත්‍යය කොට කියමි. නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. අයෝනිසෝමනසිකාරයාගේ ප්‍රත්‍යය කවරේ ය: නො ඇදහිලි බව යයි කියයුතු වෙයි. මහණෙනි, මම නො ඇදහිලි බව ද සප්‍රත්‍යය කොට කියමි. නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. නොඇදහිලිබව්හුගේ ප්‍රත්‍යය කවරේ ය: අසද්ධර්‍මශ්‍රණය යි කියමි. මහණෙනි, මම අසද්ධර්‍මශ්‍රවණය ද සප්‍රත්‍යය කොට කියමි. නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. අසද්ධර්‍මශ්‍රවණයාගේ ප්‍රත්‍යය කවරේ ය: අසත්පුරුෂසංසේවය යි කියයුතු වෙයි.
Pali BJTඉති ඛො භික්ඛවෙ අසප්පුරිසසංසෙවො පරිපූරො අසද්ධම්මසවනං පරිපූරෙති. අසද්ධම්මසවනං පරිපූරං අස්සද්ධියං පරිපූරෙති, අස්සද්ධියං පරිපූරං අයොනිසොමනසිකාරං පරිපූරෙති, අයොනිසොමනසිකාරො පරිපූරො අසතාසම්පජඤ්ඤං පරිපූරෙති, අසතාසම්පජඤ්ඤං පරිපූරං ඉන්ද්රියාසංවරං පරිපූරෙති, ඉන්ද්රියාසංවරො පරිපූරො තීණි දුච්චරිතානි පරිපූරෙති, තීණි දුච්චරිතානි පරිපූරානි පඤ්චනීවරණෙ පරිපූරෙන්ති. පඤ්චනීවරණා පරිපූරා අවිජ්ජං පරිපූරෙන්ති. අවිජ්ජා පරිපූරා භවතණ්හං පරිපූරෙති. එවමෙතිස්සා භවතණ්හාය ආහාරො හොති, එවඤ්ච පාරිපූරි.
Sinhala BJTමහණෙනි, මෙසේ අසත්පුරුෂසංසේවය පරිපූර්‍ණ වූයේ අසද්ධර්‍මශ්‍රවණය පුරයි. අසද්ධර්‍මශ්‍රවණය පරිපූර්‍ණ වූයේ නොඇදහිලි බව පුරයි. නොඇදහිලි බව පරිපූර්‍ණ වූයේ අයෝනිසෝමනසිකාරය පුරයි. අයෝනිසෝමනසිකාරය පරිපූර්‍ණ වූයේ අස්මෘති අසම්ප්‍රජන්‍යය පුරයි, අස්මෘති අසම්ප්‍රජන්‍යය පරිපූර්‍ණ වූයේ ඉන්‍ද්‍රිය අසංවරය පුරයි. ඉන්‍ද්‍රිය අසංවරය පරිපූර්‍ණ වූයේ ත්‍රිවිධ දුශ්චරිත පුරයි. ත්‍රිවිධ දුශ්චරිතයෝ පරිපූර්‍ණ වූවාහු පඤ්චනීවරණයන් පුරත්. පඤ්චනීවරණයෝ පරිපූර්‍ණ වූවාහු අවිද්‍යාව පුරත්. අවිද්‍යාව පරිපූර්‍ණ වූවා භව තෘෂ්ණාව පුරයි. මෙසේ තෙල භවතෘෂ්ණාවගේ ප්‍රත්‍යය වෙයි. මෙසේත් පරිපූර්‍ණභාවය වෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ උපරිපබ්බතෙ ථුල්ලඵුසිතකෙ දෙවෙ වස්සන්තෙ දෙවෙ ගලගලායන්තෙ තං උදකං යථානින්නං පවත්තමානං පබ්බතකන්දරපදරසාඛා පරිපූරෙති, පබ්බතකන්දරපදරසාඛා පරිපූරා කුස්සුබ්භෙ පරිපූරෙන්ති, කුස්සුබ්භා පරිපූරා මහාසොබ්භෙ පරිපූරෙන්ති, මහාසොබ්භා පරිපූරා කුන්නදියො පරිපූරෙන්ති, කුන්නදියො පරිපූරා මහානදියො පරිපූරෙන්ති, මහානදියො පරිපූරා මහාසමුද්දං සාගරං පරිපූරෙන්ති. එවමෙතස්ස මහාසමුද්දස්ස සාගරස්ස ආහාරො හොති, එවඤ්ච පාරිපූරි.
Sinhala BJTමහණෙනි, යම් පරිදි ගල්මතුයෙහි මහත් පොද ඇති වැසි වස්නා කල්හි වැසි දිය ගලා යන කල්හි ඒ දිය නිම්න තුබූ සේ වැටෙමින් පර්‍වතකන්‍දර ප්‍රදරශාඛා පුරාලන්නේ වේ ද, පර්‍වතකන්‍දර ප්‍රදරශාඛා පිරුණාහු කුඩා කුඩා හෙබ් පුරාලත් ද, කුඩා හෙබ්හු පිරුණාහු මහහෙබ් පුරාලත් ද, මහහෙබ්හු පිරුණාහු කුඩා නදීන් පුරාලත් ද, කුඩා නදීන් පිරුණාහු මහ නදීන් පුරාලත් ද, මහ නදීහු පිරුණාහු සයුර පුරාලත් ද, මෙසේ තෙල සමුද්‍රයාගේ ආහාරය වෙයි. මෙසේත් පරිපූර්‍ණභාවය වෙයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ අසප්පුරිසසංසෙවො පරිපූරො අසද්ධම්මසවනං පරිපූරෙති, අසද්ධම්මසවනං{1} පරිපූරං අස්සද්ධියං පරිපූරෙති, අස්සද්ධියං පරිපූරං අයොනිසොමනසිකාරං පරිපූරෙති. අයොනිසොමනසිකාරො පරිපූරො අසතාසම්පජඤ්ඤං පරිපූරෙති, අසතාසම්පජඤ්ඤං පරිපූරං ඉන්ද්රියාසංවරං පරිපූරෙති, ඉන්ද්රියාසංවරො පරිපූරො තීණි දුච්චරිතානි පරිපූරෙති, තීණි දුච්චරිතානි පරිපූරානි පඤ්චනීවරණෙ පරිපූරෙන්ති. පඤ්ච නීවරණා පරිපූරා අවිජ්ජං පරිපූරෙන්ති. අවිජ්ජා පරිපූරා භවතණ්හං පරිපූරෙති. එවමෙතිස්සා භවතණ්හාය ආහාරො හොති එවං ච පාරිපූරි.
Sinhala BJTමහණෙනි, එපරිදි ම අසත්පුරුෂ සංසේවය පරිපූර්‍ණ වූයේ අසද්ධර්‍ම ශ්‍රවණ පුරයි. අසද්ධර්‍මශ්‍රවණය පරිපූර්‍ණ වූයේ නොඇදහිලිබව පුරයි. නොඇදහිලිබව පරිපූර්‍ණ වූයේ අයෝනිසෝමනසිකාරය පුරයි. අයෝනිසෝමනසිකාරය පරිපූර්‍ණ වූයේ අස්මෘති අසම්ප්‍රජන්‍යය පුරයි. අස්මෘති අසම්ප්‍රජන්‍යය පරිපූර්‍ණ වූයේ ඉන්‍ද්‍රිය අසංවරය පුරයි. ඉන්‍ද්‍රිය අසංවරය පරිපූර්‍ණ වූයේ ත්‍රිවිධ දුශ්චරිතයන් පුරයි. ත්‍රිවිධ දුශ්චරිතයෝ පරිපූර්‍ණ වූවාහු පඤ්චනීවරණයන් පුරත්. පඤ්චනීවරණයෝ පරිපූර්‍ණ වූවාහු අවිද්‍යාව පුරත්. අවිද්‍යාව පරිපූර්‍ණ වූවාහු භවතෘෂ්ණාව පුරයි. මෙසේ තෙල භවතෘෂ්ණාවගේ ප්‍රත්‍යය වෙයි. මෙසේත් පරිපූර්‍ණභාවය වෙයි.
Pali BJTවිජ්ජාවිමුත්තිම්පහං භික්ඛවෙ සාහාරං වදාමි, නො අනාහාරං, කො චාහාරො විජ්ජාවිමුත්තියා: සත්තබොජ්ඣඞ්ගාතිස්ස වචනීයං. සත්තපහං භික්ඛවෙ බොජ්ඣඞ්ගෙ සාහාරෙ වදාමි, නො අනාහාරෙ කො චාහාරො සත්තන්නං බොජ්ඣඞ්ගානං: චත්තාරො සතිපට්ඨානාතිස්ස වචනීයං. චත්තාරොපහං භික්ඛවෙ සතිපට්ඨානෙ සාහාරෙ වදාමි, නො අනාහාරෙ. කො චාහාරො චතුන්නං සතිපට්ඨානානං: තීණි සුචරිතානී’තිස්ස වචනීයං. තීණිපහං භික්ඛවෙ සුචරිතානි සාහාරානි වදාමි, නො අනාහාරානි, කො චාහාරො තිණ්ණන්නං සුචරිතානං: ඉන්ද්රියසංවරොතිස්ස වචනීයං. ඉන්ද්රියසංවරම්පහං භික්ඛවෙ සාහාරං වදාමි නො අනාහාරං. කො චාහාරො ඉන්ද්රියසංවරස්ස: සතිසම්පජඤ්ඤන්තිස්ස වචනීයං. සතිසම්පජඤ්ඤම්පහං භික්ඛවෙ සාහාරං වදාමි. නො අනාහාරං. කො චාහාරො සතිසම්පජඤ්ඤස්ස: යොනිසොමනසිකාරොතිස්ස වචනීයං. යොනිසොමනසිකාරම්පහං භික්ඛවෙ සාහාරං වදාමි, නො අනාහාරං. කො චාහාරො යොනිසො මනසිකාරස්ස: සද්ධාතිස්ස වචනීයං: සද්ධම්පහං භික්ඛවෙ සාහාරං වදාමි, නො අනාහාරං. කො චාහාරො සද්ධාය: සද්ධම්මසවනන්තිස්ස වචනීයං. සද්ධම්මසවනම්පහං භික්ඛවෙ සාහාරං වදාමි, නො අනාහාරං. කො චාහාරො සද්ධම්මසවනස්ස: සප්පුරිසසංසෙවොතිස්ස වචනීයං.
Sinhala BJTමහණෙනි, මම විද්‍යාවිමුක්තිය ද සප්‍රත්‍යය කොට කියමි. අප්‍රත්‍යය කොට නොකියමි. විද්‍යාවිමුක්තියගේ ප්‍රත්‍යය කවරේ ය: සප්තබෝධ්‍යඞ්ගය හයි කිය යුතු වෙයි. මහණෙනි, මම සප්තබෝධ්‍යඞ්ගයන් ද සප්‍රත්‍යය කොට කියමි. අප්‍රත්‍යය කොට නොකියමි. සප්තබෝධ්‍යඞ්ගයන්ගේ ප්‍රත්‍යය කවරේ ය: සතර සතිපට්ඨානයහ යි. මහණෙනි, මම සතර සතිපට්ඨානයන් ද සප්‍රත්‍යය කොට කියමි. අප්‍රත්‍යය කොට නො කියමි. සතර සතිපට්ඨානයන්ගේ ප්‍රත්‍යය කවරේ ය: ත්‍රිවිධ සුචරිතයහ යි කියයුතු වෙයි. මහණෙනි, මම ත්‍රිවිධ සුචරිතයන් ද සප්‍රත්‍යය කොට කියමි. අප්‍රත්‍යය කොට නො කියමි. මහණෙනි, ත්‍රිවිධ සුචරිතයන්ගේ ප්‍රත්‍යය කවරේ ය: ඉන්‍ද්‍රිය සංවරයයි කියයුතු වෙයි. මහණෙනි, මම ඉන්‍ද්‍රිය සංවරය ද සප්‍රත්‍යය කොට කියමි. අප්‍රත්‍යය කොට නො කියමි. ඉන්‍ද්‍රිය සංවරයාගේ ප්‍රත්‍යය කවරේ ය: ස්මෘතිසම්ප්‍රජන්‍ය යයි කිය යුතු වෙයි. මහණෙනි, මම ස්මෘතිසම්ප්‍රජන්‍ය ද සප්‍රත්‍යය කොට කියමි. නිෂ්ප්‍රත්‍යය කොට නොකියමි. ස්මෘතිසම්ප්‍රජන්‍යයාගේ ප්‍රත්‍යය කවරේ ය: යෝනිසෝමනසිකාර යයි කිය යුතු වෙයි. මහණෙනි, මම යෝනිසෝමනසිකාර ය ද සප්‍රත්‍යය කොට කියමි. අප්‍රත්‍යය කොට නොකියමි. යෝනිසෝමනසිකාරයාගේ ප්‍රත්‍යය කවරේ ය: ශ්‍රද්ධා යයි කියයුතු වෙයි. මහණෙනි, මම ශ්‍රද්ධාව ද සප්‍රත්‍යය කොට කියමි. අප්‍රත්‍යය කොට නොකියමි. ශ්‍රද්ධාවගේ ප්‍රත්‍යය කවරේ ය: සද්ධර්‍මශ්‍රවණ යයි කිවයුතු වෙයි. මහණෙනි, මම සද්ධර්‍මශ්‍රවණය ද සප්‍රත්‍යය කොට කියමි. නිෂ්ප්‍රත්‍යය කොට නොකියමි. සද්ධර්‍මශ්‍රවණයාගේ ප්‍රත්‍යය කවරේ ය: සත්පුරුෂසංසේව යයි කියයුතු වෙයි.
Pali BJTඉති ඛො භික්ඛවෙ සප්පුරිසසංසෙවො පරිපූරො සද්ධම්මසවනං පරිපූරෙති සද්ධම්මසවනං පරිපූරං, සද්ධං පරිපූරෙති, සද්ධා පරිපූරා යොනිසොමනසිකාරං පරිපූරෙති, යොනිසොමනසිකාරො පරිපූරො සතිසම්පජඤ්ඤං පරිපූරෙති, සතිසම්පජඤ්ඤං පරිපූරං ඉන්ද්රියසංවරං පරිපූරෙති, ඉන්ද්රියසංවරො පරිපූරො, තීණි සුචරිතානි පරිපූරෙති තීණි සුචරිතානි පරිපූරානි, චත්තාරො සතිපට්ඨානෙ පරිපූරෙන්ති, චත්තාරො සතිපට්ඨානා පරිපූරා සත්ත බොජ්ඣඞ්ගෙ පරිපූරෙන්ති, සත්ත බොජ්ඣඞ්ගා පරිපූරා විජ්ජාවිමුත්තිං පරිපූරෙන්ති. එවමෙතිස්සා විජ්ජාවිමුත්තියා ආහාරො හොති. එවඤ්ච පාරිපූරි.
Sinhala BJTමහණෙනි, මෙසේ සත්පුරුෂසංසේවය පරිපූර්‍ණ වූයේ සද්ධර්‍මශ්‍රවණය පුරයි. සද්ධර්‍මශ්‍රවණය පරිපූර්‍ණ වූයේ ශ්‍රද්ධාව පරිපූර්‍ණ වෙයි. ශ්‍රද්ධාව පරිපූර්‍ණ වූවා යෝනිසෝමනස්කාර පුරයි. යෝනිසෝමනස්කාර පරිපූර්‍ණ වූයේ ස්මෘතිසම්ප්‍රජන්‍යය පුරයි. ස්මෘතිසම්ප්‍රජන්‍යය පරිපූර්‍ණ වූයේ ඉන්‍ද්‍රිය සංවරය පුරයි. ඉන්‍ද්‍රිසංවරය පරිපූර්‍ණ වූයේ ත්‍රිවිධ සුචරිතයන් පුරයි. ත්‍රිවිධ සුචරිතයෝ පරිපූර්‍ණ වූවාහු සතර සතිපට්ඨානයන් පුරති. සතර සතිපට්ඨානයෝ පරිපූර්‍ණ වූවාහු සප්තබෝධ්‍යඞ්ගයන් පුරත්. සප්තබෝධ්‍යඞ්ගයෝ පරිපූර්‍ණ වූවාහු විද්‍යවිමුක්තිය පුරත්. මෙසේ තෙල විද්‍යාවිමුක්තියට ආහාර වෙයි. මෙසේ පාරිපූරිය වෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ උපරි පබ්බතෙ ථුල්ලඵුසිතකෙ දෙවෙ වස්සන්තෙ දෙවෙ ගලගලායන්තෙ තං උදකං යථානින්නං පවත්තමානං පබ්බතකන්දරපදරසාඛා පරිපූරෙති, පබ්බතකන්දරපදරසාඛා පරිපූරා කුස්සුබ්භෙ පරිපූරෙන්ති, කුස්සුබ්භා පරිපූරා මහාසොබ්භෙ පරිපූරෙන්ති, මහාසොබ්භා පරිපූරා කුන්නදියො පරිපූරෙන්ති, කුන්නදියො පරිපූරා මහානදියො පරිපූරෙන්ති, මහානදියො පරිපූරා මහාසමුද්දං සාගරං පරිපූරෙන්ති. එවමෙතස්ස මහාසමුද්දස්ස සාගරස්ස ආහාරො හොති, එවඤ්ච පාරිපූරි.
Sinhala BJTමහණෙනි, යම් පරිදි ගල්මතුයෙහි මහත් පොද ඇති වැසි වස්නා කල්හි වැසි දිය ගලායත්ම එදිය නිම්න තුබූ සේ වැටෙමින් පර්‍වතකන්‍දර ප්‍රදරශාඛා පුරාලන්නේ වේ ද, පර්‍වතකන්‍දර ප්‍රදරශාඛා පිරුණාහු කුඩා හෙබ් පුරාලත් ද, කුඩා හෙබ්හු පිරුණාහු මහහෙබ් පුරාලත් ද, මහහෙබ්හු පිරුණාහු කුඩා නදීන් පුරාලත් ද, කුඩා නදීන් පිරුණාහු මහ නදීන් පුරාලත් ද, මහ නදීහු පිරුණාහු සයුර පුරාලත් ද, මෙසේ තෙල සමුද්‍රයාගේ ආහාරය වෙයි. මෙසේත් පරිපූර්‍ණභාවය වෙයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ සප්පුරිසසංසෙවො පරිපූරො සද්ධම්මසවනං පරිපූරෙති. සද්ධම්මසවනං පරිපූරං සද්ධං පරිපූරෙති, සද්ධා පරිපූරා යොනිසොමනසිකාරං පරිපූරෙති. යොනිසොමනසිකාරො පරිපූරො සතිසම්පජඤ්ඤං පරිපූරෙති, සතිසම්පජඤ්ඤං පරිපූරං ඉන්ද්රියසංවරා පරිපූරෙති, ඉන්ද්රියසංවරො පරිපූරො, තීණි සුචරිතානි පරිපූරෙති. තීණි සුචරිතානි පරිපූරානි, චත්තාරො සතිපට්ඨානෙ පරිපූරෙන්ති, චත්තාරො සතිපට්ඨානා පරිපූරා සත්ත බොජ්ඣඞ්ගෙ පරිපූරෙන්ති, සත්ත බොජ්ඣඞ්ගා පරිපූරා විජ්ජාවිමුත්තිං පරිපූරෙන්ති. එවමෙතිස්සා විජ්ජාවිමුත්තියා ආහාරො හොති. එවඤ්ච පාරිපූරීති.
Sinhala BJTමහණෙනි, එපරිදි ම සත්පුරුෂසංසේවය පරිපූර්‍ණ වූයේ සද්ධර්‍මශ්‍රවණය පුරයි. සද්ධර්‍මශ්‍රවණය පරිපූර්‍ණ වූයේ ශ්‍රද්ධා පුරයි. ශ්‍රද්ධාව පරිපූර්‍ණ වූවා යෝනිසෝමනස්කාර පුරයි. යෝනිසෝමනස්කාර පරිපූර්‍ණ වූයේ ස්මෘතිසම්ප්‍රජන්‍යය පුරයි. ස්මෘතිසම්ප්‍රජන්‍යය පරිපූර්‍ණ වූයේ ඉන්‍ද්‍රියසංවරය පුරයි. ඉන්‍ද්‍රියසංවරය පරිපූර්‍ණ වූයේ ත්‍රිවිධ සුචරිතයන් පුරයි. ත්‍රිවිධ සුචරිතයෝ පරිපූර්‍ණ වූවාහු සතර සතිපට්ඨානයන් පුරත්. සතර සතිපට්ඨානයෝ පරිපූර්‍ණ වූවාහු සප්තබෝධ්‍යඞ්ගයන් පුරත්. සප්තබෝධ්‍යඞ්ගයෝ පරිපූර්‍ණ වූවාහු විද්‍යාවිමුක්තිය පුරත්. මෙසේ තෙල විද්‍යාවිමුක්තියට ආහාරය වෙයි. මෙසේත් පරිපූර්‍ණභාවය වේ යි.
Pali BJT10. 2. 2. 3.
Sinhala BJT10. 2. 2. 3.
Pali BJTනිට්ඨඞ්ගත සුත්තං
Sinhala BJTනිට්ඨඞ්ගත සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJTයෙ කෙචි භික්ඛවෙ මයි නිට්ඨං ගතා, සබ්බෙ තෙ දිට්ඨිසම්පන්නා, තෙසං දිට්ඨිසම්පන්නානං පඤ්චන්නං ඉධ නිට්ඨා, පඤ්චන්නං ඉධ විහාය නිට්ඨා, කතමෙසං පඤ්චන්නං ඉධ නිට්ඨා: සත්තක්ඛත්තුපරමස්ස කොලඞ්කොලස්ස එකබීජිස්ස සකදාගාමිස්ස, යො ච දිට්ඨෙව ධම්මෙ අරහා, ඉමෙසං පඤ්චන්නං ඉධ නිට්ඨා,
Sinhala BJTමහණෙනි, යම් කෙනෙක් මා කෙරෙහි නිර්‍වෙමතික වෙත් ද එ හැම දෘෂ්ටිසම්පන්නයහ. ඒ දෘෂ්ටිසම්පන්නයන් ගෙන් එ පස්දෙනෙකුන්ගේ මේ ලෝකයෙහි ම නිෂ්ඨාව (පරිනිර්‍වාණ) වෙයි. පස්දෙනෙකුන්ගේ මේ ලෝකය හැර (බ්‍රහ්මලෝකයෙහි) නිෂ්ඨාව වෙයි. මේ ලෝකයෙහි නිෂ්ඨාව කවර පස්දෙනෙකුන්ගේ යත්: සත්තක්ඛත්තුපරමයාගේ ය, කොලංකොලයාගේ ය, ඒකබීජහුගේ ය, සකදාගාමීහුගේ ය, යමෙකුත් ඉහාත්මයෙහි ම අර්‍හත් වේ නම්, ඔහුගේ ය යි මේ පස්දෙනාගේ නිෂ්ඨාව මෙ ලොව්හි ම වෙයි.
Pali BJTකතමෙසං පඤ්චන්නං ඉධ විහාය නිට්ඨා: අන්තරාපරිනිබ්බායිස්ස, උපහච්චපරිනිබ්බායිස්ස, අසඞ්ඛාරපරිනිබ්බායිස්ස, සසඞ්ඛාරපරිනිබ්බායිස්ස, උද්ධං සොතස්ස අකනිට්ඨගාමිනො. ඉමෙසං පඤ්චන්නං ඉධ විහාය නිට්ඨා. යෙ කෙචි භික්ඛවෙ මයි නිට්ඨං ගතා, සබ්බෙ තෙ දිට්ඨිසම්පන්නා. තෙසං දිට්ඨිසම්පන්නානං ඉමෙසං පඤ්චන්නං ඉධ විහාය නිට්ඨාති.
Sinhala BJTකවර පස්දෙනෙකුන්ගේ මේ ලොව හැර නිෂ්ඨාව වේ ය යත්: අන්තරාපරිනිබ්බායීහුගේ ය, උපහච්චපරිනිබ්බයීහුගේය, අසඞ්කාරපරිනිබ්බායීහුගේ ය, සසඞ්කාරපරිනිබ්බායීහුගේ ය, අකනිට්ඨගාමී උද්ධංසෝතයාගේ යයි, මේ පස් දෙනාගේ මෙලොව හැර නිෂ්ඨාව වෙයි. මහණෙනි, යම් කෙනෙක් මා කෙරෙහි නිෂ්ඨංගත වෙත් ද එ හැම දෘෂ්ටිසම්පන්නයහ. ඒ දෘෂ්ටිසම්පන්නයන්ගෙන් මෙ පස් දෙනාගේ මෙ ලෝ හි ම නිෂ්ඨාව වෙයි. මේ පස්දෙනාගේ මෙ ලෝ හැර නිෂ්ඨාව වේ යයි.
Pali BJT10. 2. 2. 4.
Sinhala BJT10. 2. 2. 4.