Pali BJTකො පන භන්තෙ හෙතු, කො පච්චයො කල්යාණස්ස කම්මස්ස කිරියාය, කල්යාණස්ස කම්මස්ස පවත්තියාති?
Sinhala BJTවහන්ස, කල්‍යාණකර්‍ම කිරීමට වේවයි කල්‍යාණ කර්‍ම පවත්නට වේව යි හේතු කවරෙ ය? ප්‍රත්‍යය කවරේය?
Pali BJTඅලොභො ඛො මහාලි හෙතු, අලොභො පච්චයො කල්යාණස්ස කම්මස්ස කිරියාය, කල්යාණස්ස කම්මස්ස පවත්තියා, අදොසො ඛො මහාලි -පෙ- අමොහො ඛො මහාලි හෙතු, අමොහො පච්චයො කල්යාණස්ස කම්මස්ස කිරියාය, කල්යාණස්ස කම්මස්ස පවත්තියා. යොනිසො මනසිකාරො ඛො මහාලි හෙතු, යොනිසො මනසිකාරො පච්චයො කල්යාණස්ස කම්මස්ස කිරියාය, කල්යාණස්ස කම්මස්ස පවත්තියා. සම්මාපණිහිතං ඛො මහාලි චිත්තං හෙතු, සම්මාපණිහිතං චිත්තං පච්චයො, කල්යාණස්ස කම්මස්ස කිරියාය, කල්යාණස්ස කම්මස්ස පවත්තියා. අයං ඛො මහාලි හෙතු අයං පච්චයො, කල්යාණස්ස කම්මස්ස කිරියාය, කල්යාණස්ස කම්මස්ස පවත්තියා.
Sinhala BJTමහාලිය, කල්‍යාණකර්‍ම කිරීමට වේවයි, කල්‍යාණ කර්‍ම පවත්නට වේවයි අලෝභය හේතු වන්නේ ය. අලෝභය ප්‍රත්‍යය වන්නේ ය: මහාලිය, කල්‍යාණකර්‍ම කිරීමට වේවයි, කල්‍යාණ කර්‍ම පවත්නට වේවයි, අදෝෂය ... අමෝහය හේතු වන්නේ ය. අමෝහය ප්‍රත්‍යය වන්නේ ය. මහාලිය, කල්‍යාණකර්‍ම කිරීමට වේවයි කල්‍යාණකර්‍ම පවත්නට වේවයි, යෝනිසෝමනසිකාරය හේතු වන්නේ ය, යෝනිසෝමනසිකාරය ප්‍රත්‍යය වන්නේ ය, මහාලිය, කල්‍යාණකර්‍ම කිරීමට වේවයි කල්‍යාණකර්‍ම පවත්නට වේවයි මනාසේ පිහිටුවා ලූ සිත හේතු වන්නේ ය. මනාසේ පිහිටුවා ලූ සිත ප්‍රත්‍යය වන්නේ ය. මහාලිය, කල්‍යාණකර්‍ම කිරීමට වේවයි, කල්‍යාණ කර්‍ම පවත්නට වේවයි මේ හේතු වන්නේ ය, මේ ප්‍රත්‍ය වන්නේ ය.
Pali BJTඉමෙ ච ඛො මහාලි දස ධම්මා ලොකෙ න සංවිජ්ජෙය්යුං, නයිදං පඤ්ඤායෙථ අධම්මචරියා විසමචරියාති වා, ධම්මචරියා සමචරියාති වා, යස්මා ච ඛො මහාලි ඉමෙ දස ධම්මා ලොකෙ සංවිජ්ජන්ති, තස්මා පඤ්ඤායති අධම්මචරියා විසමචරියාති වා ධම්මචරියා සමචරියාති වාති.
Sinhala BJTමහාලිය, ලොව්හි මේ දශධර්‍මයෝ නො වැටෙන්නාහු නම් (අකුශලකර්‍මපථාඛ්‍ය) අධර්‍මචර්‍ය්‍යා සඞ්ඛ්‍යාත විෂමචර්‍ය්‍යා යී හෝ (දශකුශලකර්‍මපථාඛ්‍ය) ධර්‍මචර්‍ය්‍යා සඞ්ඛ්‍යාත සමචර්‍ය්‍යා යී හෝ යන මෙය නො පැනෙන්නේ ය. මහාලිය, යම් හෙයෙකින් ලොව්හි මේ දසදහම්හු වැටෙත් ද එහෙයින් අධර්‍මචර්‍ය්‍යා සඞ්ඛ්‍යාත විෂමචර්‍ය්‍යා යී හෝ ධර්‍මචර්‍ය්‍යා සඞ්ඛ්‍යාත සමචර්‍ය්‍යා යී හෝ පැනෙන්නේ යි.
Pali BJT10. 1. 5. 8.
Sinhala BJT10. 1. 5. 8.
Pali BJTදසධම්ම සුත්තං
Sinhala BJTදසධම්ම සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්]
Pali BJTදස ඉමෙ භික්ඛවෙ ධම්මා පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බා. කතමෙ දස:
Sinhala BJTමහණෙනි, මේ දහම් දස දෙනෙක් පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතුවහ. කවර දස දෙනෙක යත්:
Pali BJT1. “වෙවණ්ණියම්හි අජ්ඣුපගතො”ති පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං,
Sinhala BJT1. ‘විවර්‍ණභාවයට පැමිණියෙම් වෙමි’යි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු.
Pali BJT2. “පරපටිබද්ධා මෙ ජීවිකා”ති පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.
Sinhala BJT2. ‘මගේ දිවි වැටුම් පරා අයත්ය’යි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු යි.
Pali BJT3. “අඤ්ඤො මෙ ආකප්පො කරණීයො”ති පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.
Sinhala BJT3. ‘මා විසින් අන්‍ය වූ ආකල්පයෙක් කටයුතු’යි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු.
Pali BJT4. “කච්චිනු ඛො මෙ අත්තා සීලතො න උපවදතී”ති පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.
Sinhala BJT4. ‘කිමෙක මාගේ සිත සීලහේතුයෙන් උපවාද නො කෙරේදැ’යි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු.
Pali BJT5. “කච්චිනු ඛො මං අනුවිච්ච විඤ්ඤූ සබ්රහ්මචාරී සීලතො න උපවදන්තී”ති පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.
Sinhala BJT5. “කිමෙක විඥ සබ්‍රම්සරහු කරුණු දැන සීලහේතුවෙන් මට උපවාද නො කෙරෙත් දැ”යි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු.
Pali BJT6. “ සබ්බෙහි මෙ පියෙහි මනාපෙහි නානා භාවො විනාභාවොති” පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.
Sinhala BJT6. ‘ප්‍රිය වූ මනාප වූ හැමයෙන් මාගේ නානාභාවය, විනාභාවය වේ’යයි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු.
Pali BJT7. “කම්මස්සකොම්හි කම්මදායාදො කම්මයොනි කම්මබන්ධු කම්මපටිසරණො යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදො භවිස්සාමීති” පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.
Sinhala BJT7. “කර්‍මය ස්වකීය කොට ඇතියෙම් කර්‍මය දායාද කොට ඇතියෙම් කර්‍මය යෝනි කොට ඇතියෙම් කර්‍මය බන්‍ධු කොට ඇතියෙම් වෙමි. කල්‍යාණ වූ හෝ පාපක වූ හෝ යම් ම කර්‍මයක් කෙරෙම් නම් එයට දායාද වෙමි”යි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු.
Pali BJT8. “කථං භූතස්ස මෙ රත්තින්දිවා වීතිපතන්තී”ති පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.
Sinhala BJT8. “කෙබඳු වූ මට රෑ දාවල් හු ඉක්ම යෙත් දැ”යි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු.
Pali BJT9. “කච්චිනු ඛොහං සුඤ්ඤාගාරෙ අභිරමාමී”ති පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.
Sinhala BJT9. “කිමෙක මම් ශුන්‍යාගාරයෙහි සිත් අලවා වෙසෙම් දැ”යි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු.
Pali BJT10. “අත්ථිනු ඛො මෙ උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සන විසෙසො අධිගතො සොහං පච්ඡිමෙ කාලෙ සබ්රහ්මචාරීහි පුට්ඨො න මඞ්කුභවිස්සාමී”ති පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.
Sinhala BJT10. “උතුරුමිනිස්දමින් වැඩි ආර්‍ය්‍යභාව කරණයට සමත් ඥානදර්‍ශන විශේෂයෙක් ම විසින් අධිගත වූයේ ඇද්දැයි ඒ මම් පැසුළු කල්හි සබ්‍රම්සරුන් විසින් පුළුවුස්නා ලදුයෙම් නිතෙද නො වෙමැ”යි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ දස ධම්මා පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බා ති.
Sinhala BJTමහණෙනි, පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු මේ ධර්‍ම දසදෙනා යි.
Pali BJT10. 1. 5. 9.
Sinhala BJT10. 1. 5. 9.
Pali BJTසරීරට්ඨධම්ම සුත්තං
Sinhala BJTශරීරට්ඨධම්ම සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJTදස ඉමෙ භික්ඛවෙ ධම්මා සරීරට්ඨා, කතමෙ දස: සීතං, උණ්හං, ජිඝච්ඡා, පිපාසා, උච්චාරො, පස්සාවො, කායසංවරො, වචීසංවරො, ආජීවසංවරො, පොනොභවිකො{1} භවසඞ්ඛාරො. ඉමෙ ඛො භික්ඛවෙ දස ධම්මා සරීරට්ඨා ති.
Sinhala BJTමහණෙනි, මේ ශරීරස්ථධර්‍ම දසදෙනෙකි. කවර දසදෙනෙක යත්: ශීත හා උෂ්ණ හා ක්‍ෂුධා හා පිපාසා හා උච්චාර හා ප්‍රස්‍රාව හා කායසංවර හා වාක්සංවර හා ආජීවසංවර හා පුනර්‍භව කරන භවසංස්කාර හා යි. මහණෙනි, මේ දස දහම්හු ශරීරස්ථ යි.
Pali BJT10. 1. 5. 10.
Sinhala BJT10. 1. 5. 10.
Pali BJTභණ්ඩන සුත්තං
Sinhala BJTභණ්ඩන සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ, තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛු පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා උපට්ඨානසාලායං සන්නිසින්නා සන්නිපතිතා භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති.
Sinhala BJTඑක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවත අසල අනේපිඬු සිටුහුගේ ජේතවන නම් වූ අරම්හි වැඩවසන සේක. එකල්හි බොහෝ මහණහු පසුබත පිඬුවායෙන් වැළකියාහු උවටන් හල්හි රැස්ව හුන්නාහු සන්නිපතිත වූවාහු හටගත් පූර්‍වභාග කලහ ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විරුද්ධවාදයට පැමිණියාහු උනුන් මුවසැතින් පෙළන්නාහු වෙසෙත්.
Pali BJTඅථ ඛො භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනුපට්ඨානසාලා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛු ආමන්තෙසි. “කායනුත්ථ භික්ඛවෙ එතරහි කථාය සන්නිසින්නා, කා ච පන වො අන්තරා කථා විප්පකතා”ති?
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කල පිළිසලනින් නැගි සේක් උවටන්හල් කරා වැඩි සේක. වැඩ ප්‍රඥප්තාසනයෙහි හුන් සේක. හිඳ භාග්‍යවතුන් වහන්සේ මහණුන් ඇමතූ සේක. “මහණෙනි, දැන් කවර කථායෙකින් හුන්නා ව? තොප විසින් කවර අතුරු කථායෙක් අඩාළ කරන ලද දැ” යි?
Pali BJT“ඉධ මයං භන්තෙ පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා උපට්ඨාන සාලායං සන්නිසින්නා සන්නිපතිතා භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරාමා”ති.
Sinhala BJT“වහන්ස, අපි මේ සැවැත පසුබත පිඬුවායෙන් පෙරළා පැමිණියමෝ උවටන් හල්හි හුන්නමෝ රැස්වූවමෝ හටගත් පූර්‍වභාග කලහ ඇතියමෝ හටගත් කලහ ඇතියමෝ විරුද්ධවාදයට පැමිණියමෝ උනුන් මුවසැතින් පෙළමින් වසම්හ”‘යි.
Pali BJT“න ඛො පන ඉදං භික්ඛවෙ තුම්හාකං පතිරූපං කුලපුත්තානං සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතානං යං තුම්හෙ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා, අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරෙය්යාථ”
Sinhala BJTමහණෙනි, යම් හෙයකින් තෙපි හටගත් පූර්‍වභාග කළහ ඇතියහු, හටගත් කළහ ඇතියහු විවාදාපන්න වූවහු උනුන් මුවසැතින් පෙළමින් වසවු නම් මෙය සැදැහැයෙන් ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය ශාසනයෙහි පැවිදි වූ කුලපුත් තොපට නුසුදුසු මැ යි.
Pali BJTදස ඉමෙ භික්ඛවෙ ධම්මා සාරාණීයා{1} පියකරණා ගරුකරණා සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තන්ති. කතමෙ දස:
Sinhala BJTමහණෙනි, මේ දස ධර්‍ම කෙනෙක් සාරාණීය වූවහු ප්‍රියභාවය කරන්නාහු ගුරුභාවය කරන්නාහු සඞ්ග්‍රහ පිණිස අවිවාදය පිණිස සමගිය පිණිස එක් බව පිණිස වටනාහ. කවර දස දෙනෙක යත්:
Pali BJT1. ඉධ භික්ඛවෙ භික්ඛු සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති, ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. යම්පි භික්ඛවෙ භික්ඛු සීලවා හොති -පෙ- සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති.
Sinhala BJT1. මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. ආචාරගෝචර සම්පන්න වූයේ පාමොක් සංවරසිලින් සංවෘත ව වෙසෙයි. අණුමාත්‍ර වරදෙහිදු බිය දක්නාසුලු වැ සිකපෙදෙහි සමාදන් කොට ගෙන හික්මෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ සිල්වත් වේ ද ... සමාදන් කොට ගෙන සිකපෙදෙහි හික්මේ ද, මෙ දහමද සාරාණීය යී. ප්‍රිය කරණ යි. ගරුකරණ යි. සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමගි පිණිස එක් බව පිණිස වැටෙයි.
Pali BJT2. පුන චපරං භික්ඛවෙ භික්ඛු බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො, යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සබ්යඤ්ජනා කෙවල පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා. අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති.
Sinhala BJT2. තවද මහණෙනි, මහණ ශ්‍රැතධර වූයේ රැස්කොට ගත් ශ්‍රැත ඇතියේ බහුශ්‍රුත වෙයි’ යම් මේ දහම් කෙනෙක් ආදිකල්‍යාණ ද මධ්‍යකල්‍යාණ ද පර්‍ය්‍යවසාන කල්‍යාණ ද සාත්‍ථසව්‍යඤ්ජන වූවාහු කේවල පරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍ය පවසත් නම් එබඳු ධර්‍මයෝ ඔහු විසින් ධෘත වූවාහු බහුශ්‍රුත වෙත්. වචනයෙන් පරිචිත වෙත්. මනසින් අනුප්‍රේක්‍ෂිත වෙත්. ප්‍රඥායෙන් සුප්‍රතිවිද්ධ වෙත්. මෙ දහමුදු සාරාණීය යි. ප්‍රියකරණ යි. ගරු කරණ යි. සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමගි පිණිස එක්බව පිණිස වැටෙයි.
Pali BJT3. පුන චපරං භික්ඛවෙ භික්ඛු කල්යාණමිත්තො හොති කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො. යම්පි භික්ඛවෙ භික්ඛු කල්යාණමිත්තො හොති කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො. අයම්පි ධම්මො සාරාණීයො පියකරණො -පෙ- එකීභාවාය සංවත්තති.
Sinhala BJT3. තවද මහණෙනි, මහණ කලණ යහළුවන් ඇතියේ කලණයනට නැඹුරු වූයේ කල්‍යාණ මිත්‍ර වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ කලණ යහළුවන් ඇතියේ කලණයනට නැඹුරු වූයේ කල්‍යාණමිත්‍ර වේද මෙ දහමුදු සාරාණීය යි. ප්‍රියකරණ යි ... එක් බව පිණිස වැටෙයි.
Pali BJT4. පුන චපරං භික්ඛවෙ භික්ඛු සුවචො හොති සොවචස්සකරණෙහි ධම්මෙහි සමන්නාගතො, ඛමො පදක්ඛිණාහී අනුසාසනිං යම්පි භික්ඛවෙ භික්ඛු සුවචො හොති සොවචස්සකරණෙහි ධම්මෙහි සමන්නාගතො, ඛමො පදක්ඛිණග්ගාහී අනුසාසනිං, අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති.
Sinhala BJT4. තවද මහණ සුවචභාවය කරන ධර්‍මයෙන් සමන්‍වාගත වූයේ අවවාදක්‍ෂම වූයේ අනුශාසනය ප්‍රදක්‍ෂිණායෙන් ගන්නා සුලු සුවච වෙයි. මහණෙනි, යම්හෙයෙකින් මහණ සුවචභාවය කරන දහමින් සමන්‍වාගත වූයේ අවවාදක්‍ෂම වූයේ අනුශාසනය ප්‍රදක්‍ෂිණායෙන් ගන්නා සුලු සුවච වේ නම් මෙ දහම ද සාරාණීය යි. ප්‍රියකරණ යි. ගරු කරණ යි. සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමගි පිණිස එක්බව පිණිස වැටෙයි.
Pali BJT5. පුන චපරං භික්ඛවෙ භික්ඛු යානි තානි සබ්රහ්මචාරීනං උච්චාවචානි කිඞ්කරණීයානි තත්ථ දක්ඛො හොති අනලසො තත්රූපායාය වීමංසාය සමන්නාගතො අලං කාතුං අලං සංවිධාතුං. යම්පි භික්ඛවෙ භික්ඛු යානි තානි සබ්රහ්මචාරීනං උච්චාවචානි කිඞ්කරණීයානි, තත්ථ දක්ඛො හොති අනලසො තත්රූපායාය වීමංසාය සමන්නාගතො අලං කාතුං අලං සංවිධාතුං. යම්පි භික්ඛවෙ භික්ඛු යානි තානි සබ්රහ්මචාරීනං උච්චාවචානි කිං කරණීයානි තත්ථ දක්ඛො හොති අනලසො තත්රූපායාය වීමංසාය සමන්නාගතො අලං කාතුං අලං සංවිධාතුං අයම්පි ධම්මො සාරාණීයො පියකරණො -පෙ- එකීභාවාය සංවත්තති.
Sinhala BJT5. තවද මහණෙනි, මහණ සබ්‍රම්සරුන් පිළිබඳ කුම් කෙරෙම් දැයි පිළිවිස කටයුතු කුදුමහත් යම් ඒ කටයුතු වේ නම් එහි දක්‍ෂ වෙයි. අනලස් වූයේ තත්‍රෝපායවීමංසායෙන් සමන්‍වාගත වූයේ කරනට හා සංවිධානයට සමත් වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ සබ්‍රම්සරුන් පිළිබඳ යම් ඒ කුදු මහත් කිංකර්‍තව්‍ය වේ නම් එහිත් දක්‍ෂ වූයේ වේද අනලස් වූයේ තත්‍රෝපායවීමංසායෙන් සමන්‍වාගත වූයේ කරනට හා සංවිධානයට සමර්‍ත්‍ථ වේද මෙ දහම ද සාරාණීය යි. ප්‍රියකරණ යි … එක් බව පිණිස වටනේ ය.
Pali BJT6. පුන චපරං භික්ඛවෙ භික්ඛු ධම්මකාමො හොති පියසමුදාහාරො අභිධම්මෙ අභිවිනයෙ උළාරපාමොජ්ජො, යම්පි භික්ඛවෙ භික්ඛු ධම්මකාමො හොති පියසමුදාහාරො අභිධම්මෙ අභිවිනයෙ උළාරපාමොජ්ජො. අයම්පි ධම්මො සාරාණීයො, පියකරණො -පෙ- එකීභාවාය සංවත්තති.
Sinhala BJT6. තවද මහණෙනි, මහණ ප්‍රිය සමුදාහාර ඇත්තේ අභිධර්‍මයෙහි අභිවිනයෙහි මහත් ප්‍රාමෝද්‍ය ඇත්තේ ධර්‍මකාම වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ ප්‍රිය සමුදාහාර ඇත්තේ අභිධර්‍මයෙහි අභිවිනයෙහි මහත් ප්‍රාමෝද්‍ය ඇතියේ ධර්‍මකාම වේද මෙ දහම ද සාරාණීය යි. ප්‍රියකරණ යි. … එක් බව පිණිස වැටෙයි.
Pali BJT7. පුන චපරං භික්ඛවෙ භික්ඛු ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. යම්පි භික්ඛවෙ භික්ඛු ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති:
Sinhala BJT7. තවද මහණෙනි, මහණ අකුසල දහමුන්ගේ ප්‍රහාණය පිණිස කුසල් දහමුන්ගේ උපසම්පත් පිණිස ස්ථාමත් වූයේ දළපැරකුම් ඇතියේ කුසලධර්‍මයන්හි නො බහා තැබූ වීර්‍ය්‍යධූර ඇතියේ රුකුළු වැර ඇතියේ වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ අකුසල් දහමුන්ගේ ප්‍රහාණය පිණිස කුසල් දහමුන්ගේ උපසම්පත් පිණිස ස්ථාමතවත් වූයේ දළපැරකුම් ඇතියේ කුසල් දහම්හි නො බහා තැබූ වීර්‍ය්‍යධුර ඇතියේ රුකුළු වැර ඇතියේ වෙසේ ද, මෙ දහම ද සාරාණීය යි. පිය කරණ යි. ගරුකරණ යි. සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමගි පිණිස ඒකී භාව පිණිස වැටෙයි.
Pali BJT8. පුන චපරං භික්ඛවෙ භික්ඛු සන්තුට්ඨො හොති ඉතරීතරචීවරපිණ්ඩපාත සෙනාසන ගිලානපච්චය භෙසජ්ජපරික්ඛාරෙන. යම්පි භික්ඛවෙ භික්ඛු සන්තුට්ඨො හොති ඉතරීතර චීවරපිණ්ඩපාතසෙනාසන ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන. අයම්පි ධම්මො සාරාණීයො පියකරණො -පෙ- එකීභාවාය සංවත්තති.
Sinhala BJT8. තවද මහණෙනි, මහණ ඉතෙරතරචීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍ය භෛෂජ්‍ය පරිෂ්කාරයෙන් සතුටු වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ ඉතෙරතරචීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍ය භෛෂජ්‍යපරිෂ්කාරයෙන් සතුටු වේ ද, මෙ දහම ද සාරාණීය යි. පියකරණයි … ඒකී භාව පිණිස වැටෙයි.
Pali BJT9. පුන චපරං භික්ඛවෙ භික්ඛු සතිමා හොති පරමෙන සතිනෙපක්කෙන සමන්නාගතො චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා. යම්පි භික්ඛවෙ භික්ඛු සතිමා හොති පරමෙන සතිනෙපක්කෙන සමන්නාගතො චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා. අයම්පි ධම්මො සාරාණීයො -පෙ- එකීභාවාය සංවත්තති:
Sinhala BJT9. තවද මහණෙනි, මහණ පරම ස්මෘතිනිපකභාවයෙන් සමන්‍වාගත වූයේ චිරකෘතයත් චිරභාෂිතයත් සමරනුයේ පුන-පුනා සමරනුයේ ස්මෘතිමත් වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ පරම ස්මෘතිනිපකභාවයෙන් සමන්‍වාගත වූයේ චිරකෘතයත් චිරභාෂිතයත් සමරනුයේ පුන-පුනා සමරනුයේ ස්මෘතිමත් වේ ද, මෙ දහම ද සාරාණීය යි … ඒකී භාවයට වැටෙයි.
Pali BJT10. පුන චපරං භික්ඛවෙ භික්ඛු පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො’ අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා. යම්පි භික්ඛවෙ භික්ඛු පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා. අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති.
Sinhala BJT10. තවද මහණෙනි, මහණ උදා-විය අනුව යන ආර්‍ය්‍ය වූ නිර්වේදය ඇසුරු කළ මොනොවට දුඃඛක්‍ෂයට යන ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ ප්‍රඥාවත් වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ උදා-විය අනුව යන ආර්‍ය්‍ය වූ නිර්වේදය ඇසුරු කළ මොනොවට දුඃඛක්‍ෂයට යන සුලු ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ ප්‍රඥාවත් වෙ ද මෙ දහම ද සාරාණීය යි. පිය කරණ යි. ගරුකරණ යි. සඞ්ග්‍රහය පිණිස අවිවාද පිණිස සමගි පිණිස ඒකී භාව පිණිස වැටෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ දසධම්මා සාරාණීයා පියකරණා ගරුකරණා සඞ්ගහාය අවිවාදාය එකීභාවාය සංවත්තන්තී’ති.
Sinhala BJTමහණෙනි, මේ දස දහම්හු සාරාණීයහ. පිය කරණහ. ගරුකරණහ. සඞ්ග්‍රහයට ප්‍රිය භාවයට අවිවාදයට ඒකී භාවයට වැටෙත් ය යි.
Pali BJTඅක්කොසවග්ගො පඤ්චමො.
Sinhala BJTපස්වැනි අක්කෝසවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTවිවාදා ද්වෙ ච මූලානි කුසිනාරා පවෙසනෙ, සක්කා මහාලි ධම්මා ච සරීරට්ඨා ච භණ්ඩානාති.
Sinhala BJTවිවාද සූත්‍රය, විවාදමූලසූත්‍ර දෙකය, කුසිනාරා සූත්‍රය, අන්තේපුරප්පවේසන සූත්‍රය, සකක්‍ය සූත්‍රය, මහාලි සූත්‍රය, දසධම්ම සූත්‍රය, සරීරට්ඨ සූත්‍රය, භණ්ඩන සූත්‍රය දැයි දසයෙක.
Pali BJTපඨමො පණ්ණාසකො සමත්තො.
Sinhala BJTපඨමපණ්ණාසකය සමාප්ත යි.
Pali BJT2. දුතියො පණ්ණාසකො
Sinhala BJT2. දෙවන පණ්ණාසකය
Pali BJT1. සචිත්තවග්ගො
Sinhala BJT1. සචිත්ත වර්‍ගය
Pali BJT10. 2. 1. 1.
Sinhala BJT10. 2. 1. 1.
Pali BJTසචිත්ත සුත්තං
Sinhala BJTසචිත්ත සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛු ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච.
Sinhala BJTඑක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ ජේතවන නම් වූ අරම් හි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූහ. ‘වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ.
Pali BJTනො චෙ{1} ඛො භික්ඛවෙ භික්ඛු පරචිත්තපරියාය කුසලො හොති, අථ ‘සචිත්තපරියාය කුසලො භවිස්සා{2}මී’ති එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං.
Sinhala BJTමහණෙනි, ඉදින් මහණ පරචිත්ත පරියාය කුසල නො වේ නම් එකල සචිත්තපරියායකුසල වේමැයි, මහණෙනි, මෙසේ ම තොප විසින් හික්මිය යුතු ය.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු සචිත්තපරියාය කුසලො හොති: සෙය්යථාපි භික්ඛවෙ ඉත්ථී වා පුරිසො වා දහරො යුවා මණ්ඩනකජාතිකො ආදාසෙ වා පරිසුද්ධෙ පරියොදාතෙ අච්ඡෙ වා උදපත්තෙ සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො සචෙ තත්ථ පස්සති රජං වා අඞ්ගණං වා, තස්සෙව රජස්ස වා අඞ්ගණස්ස වා, පහානාය වායමති. නො චෙ තත්ථ පස්සති රජං වා අඞ්ගණං වා තෙනෙවත්තමනො හොති පරිපුණ්ණසඞ්කප්පො “ලාභා වත මෙ පරිපුණ්ණං වත මෙ”ති. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛුනො පච්චවෙක්ඛණා බහූකාරා හොති කුසලෙසු ධම්මෙසු. අභිජ්ඣාලූ නු ඛො බහුලං විහරාමි, අනභිජ්ඣාලූ නු ඛො බහුලං විහරාමි, ව්යාපන්නචිත්තො නු ඛො බහුලං විහරාමි, අව්යාපන්නචිත්තො නු ඛො බහුලං විහරාමි, ථීනමිද්ධපරියුට්ඨිතො නු ඛො බහුලං විහරාමි, විගතථීනමිද්ධො නු ඛො බහුලං විහරාමි, උද්ධතො නු ඛො බහුලං විහරාමි, අනුද්ධතො නු ඛො බහුලං විහරාමි, විචිකිච්ඡො නු ඛො බහුලං විහරාමි, තිණ්ණවිචිකිච්ඡො නු ඛො බහුලං විහරාමි, කොධනො නු ඛො බහුලං විහරාමි. අක්කොධනො නු ඛො බහුලං විහරාමි, සඞ්කිලිට්ඨචිත්තො නු ඛො බහුලං විහරාමි, අසඞ්කිලිට්ඨචිත්තො නු ඛො බහුලං විහරාමි, සාරද්ධකායො නු ඛො බහුලං විහරාමි, අසාරද්ධකායො නු ඛො බහුලං විහරාමි, කුසීතො නු ඛො බහුලං විහරාමි, ආරද්ධවිරියො නු ඛො බහුලං විහරාමි, අසමාහිතො නු ඛො බහුලං විහරාමි, සමාහිතො නු ඛො බහුලං විහරාමී ති.
Sinhala BJTමහණෙනි, කෙසේ මහණ සචිත්තපරියාය කුසලවේ ය යත්: මහණෙනි, දහර වූ තරුණ වු සැරසීම් සැහැවි කොට ඇති ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි පරිශුද්ධ වූ පර්‍ය්‍යවදාත වූ කැටපතෙක වේවයි පහන් දියබඳුනෙක වේවයි තම මුවනිමිති පිරික්සා බලනුයේ ඉදින් එහි රජසක් හෝ තල කැලලක් හෝ දක්නේ ද ඒ රජස හෝ තල කැලල දුරලීමට ව්‍යායාම කෙරෙයි. ඉදින් එහි රජසක් වේවයි තල කැලලක් වේවයි නො දක්නේ නම් “එකැතින් මට ලාභයෙක, එකැතින් මාගේ මුව පරිපූර්‍ණ ය”යි එයින් තුටු සිත් ඇත්තේ පිරිපුන් සඞ්කල්ප ඇත්තේ වෙයි. මහණෙනි, එපරිදිම මහණහට කුසල්දහම්හි ප්‍රත්‍යවේක්‍ෂණාව බහූපාකාර වෙයි: අභිධ්‍යා බහුල කොට ඇතියෙම් බෙහෙවින් වෙසෙම් දෝ අභිධ්‍යා බහුල කොට නැතියෙම් වෙසෙම් දෝ යි; ව්‍යාපාදයෙන් යුත් සිතැතියෙම් බෙහෙවින් වෙසෙම් දෝ ව්‍යාපාදයෙන් වියුත් සිතැතියෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි; ථිනමිද්ධයෙන් වැඩුනෙම් බෙහෙවින් වෙසෙම් දෝ පහවූ ථිනමිද්ධ ඇතියෙම් බෙහෙවින් වෙසෙම් දෝ යී, උද්ධතයෙම් බෙහෙවින් වෙසෙම් දෝ අනුද්ධතයෙම් බෙහෙවින් වෙසෙම්දෝ යී අනුද්ධතයෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි විචිකිච්ඡා ඇතියෙම් බෙහෙවින් වෙසෙම් දෝ තරණය කළ විචිකිච්ඡා ඇතියෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි කිපෙන සුල්ලෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි නො කිපෙන සුල්ලෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි; සකිලිටි සිතැත්තෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි; නො කිලිටි සිතැත්තෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි; ගිලන් කය ඇතියෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි; නොගිලන් කය ඇතියෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි; කුසීතයෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි; ඇරඹි වැර ඇතියෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි; අසමාහිතයෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි; සමාහිතයෙම් බෙහෙවින් වෙසෙම් දෝ” යි.
Pali BJTසචෙ භික්ඛවෙ භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “අභිජ්ඣාලූ බහුලං විහරාමි, බ්යාපන්නචිත්තො බහුලං විහරාමි, ථීනමිද්ධපරියුට්ඨිතො බහුලං විහරාමි, උද්ධතො බහුලං විහරාමි. විචිකිච්ඡො බහුලං විහරාමි, කොධනො බහුලං විහරාමි, සංකිලිට්ඨචිත්තො බහුලං විහරාමි, සාරද්ධකායො බහුලං විහරාමි, කුසීතො බහුලං විහරාමි, අසමාහිතො බහුලං විහරාමී”ති. තෙන භික්ඛවෙ භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤඤ්ච කරණීයං. සෙය්යථාපි භික්ඛවෙ ආදිත්තචෙලො වා ආදිත්තසීසො වා තස්සෙව චෙලස්ස වා සීසස්ස වා නිබ්බාපනාය අධිමත්තං ඡන්දඤ්ච වායාමඤ්ච උස්සාහඤ්ච උස්සොළ්හිඤ්ච අප්පටිවානිඤ්ච සතිඤ්ච සම්පජඤ්ඤඤ්ච කරෙය්ය, එවමෙව, ඛො තෙන භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හි ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤඤ්ච කරණීයං.
Sinhala BJTමහණෙනි, ඉදින් මහණ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ දන්නේ නම්: “අභිධ්‍යා බහුලයෙම් බොහෝ කොට වෙසෙම්, ව්‍යාපාද යුත් සිතැතියෙම් බොහෝ කොට වෙසෙම්, ථීනමිද්ධයෙන් වැඩුණෙම් බොහෝ කොට වෙසෙම්, උද්ධතයෙම් බොහෝ කොට වෙසෙම්, සකිලිටි සිතැතියෙම් බොහෝ කොට වෙසෙම්, ගිලන් කය ඇතියෙම් බොහෝ කොට වෙසෙම්, කුසීතයෙම් බොහෝ කොට වෙසෙම්, අසමාහිතයෙම් බොහෝ කොට වෙසෙමැ”යි, මහණෙනි, ඒ මහණහු විසින් ඒ ලමු අකුසල් දහමුන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් හා උස්සෝළහියක් හා නො පසු බැස්මෙක් හා ස්මෘතියෙක් හා සම්ප්‍රජන්‍යයෙක් හා කටයුතු. මහණෙනි, යම් සේ ඇවිළගත් පිළි ඇත්තේ වේව යි ඇවිළගත් හිස් ඇත්තේ වේවයි එ ම පිළිය හෝ හිස හෝ නිවීමට අධිමාත්‍ර ඡන්‍දයෙක් ද ව්‍යායාමයක් ද උත්සාහයෙක් ද උස්සෝළහියක් ද නො පසුබැස්මක් ද ස්මෘතියක් ද සම්ප්‍රජන්‍යයක් ද කෙරේ නම් එසෙයින් ම ඒ මහණහු විසින් ඒ ලමු අකුසල් දහමුන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දයෙක් හ උත්සාහයෙක් හා උස්සෝළහියක් හ නො පසුබැස්මක් හෝ ස්මෘතියෙක් හා සම්ප්‍රජන්‍යයෙක් හ කටයුතු.
Pali BJTසචෙ පන භික්ඛවෙ භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “අනභිජ්ඣාලූ බහුලං විහරාමි, අව්යාපන්නචිත්තො බහුලං විහරාමි, විගතථීනමිද්ධො බහුලං විහරාමි, අනුද්ධතො බහුලං විහරාමි, තිණ්ණවිචිකිච්ඡො බහුලං විහරාමි, අක්කොධනො බහුලං විහරාමි, අසඞ්කිලිට්ඨචිත්තො බහුලං විහරාමි, අසාරද්ධකායො බහුලං විහරාමි, ආරද්ධවිරියො බහුලං විහරාමි. සමාහිතො බහුලං විහරාමී ති. තෙන භික්ඛවෙ භික්ඛුනා තෙසුයෙව කුසලෙසු ධම්මෙසු පතිට්ඨාය උත්තරිං ආසවානං ඛයාය යොගො කරණීයො ති.
Sinhala BJTමහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ දන්නේ නම්: “අභිධ්‍යා බහුල කොට නැතියෙම් බොහෝ කොට වෙසෙම්, ව්‍යාපාද වියුත් සිතැතියෙම් බොහෝ කොට වෙසෙම්, පහවූ ථීනමිද්ධ ඇතියෙම් බොහෝ කොට වෙසෙම්, අනුද්ධතයෙම් බොහෝ කොට වෙසෙම්, තරණය කළ විචිකිච්ඡා ඇතියෙම් බොහෝ කොට වෙසෙම්, නො කිලිටි සිතැතියෙම් බොහෝ කොට වෙසෙම්, නො ගිලන් කය ඇතියෙම් බොහෝ කොට වෙසෙම්, නො කුසීතයෙම් බොහෝ කොට වෙසෙම්, සමාහිතයෙම් බොහෝ කොට වෙසෙමැ”යි. මහණෙනි, එහෙයින් මහණහු විසින් ඒ කුසල් දහම්හි ම පිහිටා මතු ආස්‍රවක්‍ෂය පිණිස යෝග කටයුතු’යි
Pali BJT10. 2. 1. 2.
Sinhala BJT10. 2. 1. 2.
Pali BJTසාරිපුත්ත සුත්තං
Sinhala BJTසාරිපුත්ත සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJTතත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛු ආමන්තෙසි “ආවුසො භික්ඛවො”ති. “ආවුසො”ති ඛො තෙ භික්ඛු ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච:
Sinhala BJTඑකල ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ‘ඇවැත් මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල කීහ:
Pali BJTනො චෙ ආවුසො භික්ඛු පරචිත්තපරියාය කුසලො හොති, අථ “සචිත්තපරියාය කුසලො භවිස්සාමී”ති. එවං හි වො ආවුසො සික්ඛිතබ්බං.
Sinhala BJT“ඇවැත්නි, ඉදින් මහණ පරිචිත්තපරියාය කුසල නො වේ නම් එකල සචිත්තපරියාය (තම සිතට අවවාද කිරීමෙහි) කුසල වෙමි”යි ඇවැත්නි මෙසෙයින් තොප විසින් හික්මිය යුතු.
Pali BJTකථඤ්ච ආවුසො භික්ඛු සචිත්තපරියාය කුසලො හොති, සෙය්යථාපි ආවුසො ඉත්ථී වා පුරිසො වා දහරො යුවා මණ්ඩනක ජාතිකො ආදාසෙ වා පරිසුද්ධෙ පරියොදාතෙ අච්ඡෙ වා උදපත්තෙ සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො, සචෙ තත්ථ පස්සති රජං වා අඞ්ගණං වා, තස්සෙව රජස්ස වා අඞ්ගණස්ස වා පහානාය වායමති. නො චෙ තත්ථ පස්සති රජං වා අඞ්ගණං වා, තෙනෙවත්තමනො හොති, පරිපුණ්ණො සඞ්කප්පො, “ලාභා වත මෙ පරිසුද්ධං වත මෙ”ති. එවමෙව ඛො ආවුසො භික්ඛුනො පච්චවෙක්ඛනා බහූකාරා හොති කුසලෙසු ධම්මෙසු: “අභිජ්ඣාලූ නු ඛො බහුලං විහරාමි, අනභිජ්ඣාලූ නු ඛො බහුලං විහරාමි, බ්යාපන්නචිත්තො නු ඛො බහුලං විහරාමි, අබ්යාපන්නචිත්තො නු ඛො බහුලං විහරාමි, ථීනමිද්ධපරියුට්ඨිතො නු ඛො බහුලං විහරාමි, විගතථීනමිද්ධො නු ඛො බහුලං විහරාමි, උද්ධතො නු ඛො බහුලං විහරාමි, අනුද්ධතො නු ඛො බහුලං විහරාමි, විචිකිච්ඡො නු ඛො බහුලං විහරාමි, තිණ්ණවිචිකිච්ඡො නු ඛො බහුලං විහරාමි, කොධනො නු ඛො බහුලං විහරාමි, අක්කොධනො නු ඛො බහුලං විහරාමි, සඞ්කිලිට්ඨචිත්තො නු ඛො බහුලං විහරාමි, අසංකිලිට්ඨචිත්තො නු ඛො බහුලං විහරාමි, සාරද්ධකායො නු ඛො බහුලං විහරාමි, අසාරද්ධකායො නු ඛො බහුලං විහරාමි, කුසීතො නු ඛො බහුලං විහරාමි, ආරද්ධවිරියො නු ඛො බහුලං විහරාමි, සමාහිතො නු ඛො බහුලං විහරාමි, අසමාහිතො නු ඛො බහුලං විහරාමී”ති.
Sinhala BJTඇවැත්නි, මහණ කෙසේ සචිත්තපරියාය කුසල වේ ය යත්: ඇවැත්නි, යම් පරිදි අහර වූ තරුණ වූ සැරසුම් සැහැවි ඇති ස්ත්‍රියක් වේව යි, පුරුෂයෙක් වේව යි පරිශුද්ධ පර්‍ය්‍යවදාත කැටපතෙක හෝ පහන් දියබඳුනෙක හෝ ම සිය මුවනිමිති පිරික්සා බලනුයේ ඉදින් එහි රජසක් වේවයි අඞ්ගණයක් වේවයි දන්නේ නම් එම රජස හෝ අඞ්ගණය හෝ දුරලීමට ව්‍යායාම කෙරෙයි. ඉදින් එහි රජසක් හෝ අඞ්ගණයක් හෝ නො දක්නේ නම් එකැතින් මට ලාභයෙක. එකැතින් මාගේ මුව පිරිසිදුය යි පිරිපුන් සංකල්ප ඇතියේ එයින් ම තුටු සිතැත්තේ වෙයි. ඇවැත්නි, එ පරිදි ම මහණහට කුසල් දහම්හි ප්‍රත්‍යවේක්‍ෂණාව බහුපකාර වෙයි: “අභිජ්ඣා බහුල කොට ඇතියෙම් බෙහෙවින් වෙසෙම් ද, අභිජ්ඣා බහුල කොට නැතියෙම් බොහෝ කොට වෙසෙම් දෝ අව්‍යාපාදයෙන් යුත් සිතැත්තෙම් බොහෝ කොට වෙසෙම් ද ව්‍යාපාදයෙන් වියුත් සිතැත්තෙම් බහුල කොට වෙසෙම් ද, ථිනමිද්ධයෙන් මැඩුණු සිතැතියෙම් බහුල කොට වෙසෙම් ද, පහවූ ථිනමිද්ධ ඇතියෙම් බහුල කොට වෙසෙම් ද, උද්ධතයෙම් බහුල කොට වෙසෙම් ද, අනුද්ධතයෙම් බහුල කොට වෙසෙම් ද, විචිකිච්ඡා ඇතියෙම් බහුල කොට වෙසෙම් ද, තරණය කළ විචිකිච්ඡා ඇතියෙම් බහුල කොට වෙසෙම් ද, කිපෙන සුල්ලෙම් බහුල කොට වෙසෙම් ද, නො කිපෙන සුල්ලෙම් බහුල කොට වෙසෙම් ද, සකිලිටි සිතැතියෙම් බහුල කොට වෙසෙම් ද, නො කිලිටි සිතැතියෙම් බහුල කොට වෙසෙම් ද, ගිලන් කය ඇතියෙම් බහුල කොට වෙසෙම් ද, නො ගිලන් කය ඇතියෙම් බහුල කොට වෙසෙම් ද, කුසීතයෙම් බහුල කොට වෙසෙම් ද, ඇරඹිවැර ඇතියෙම් බහුල කොට වෙසෙම් ද, සමාහිතයෙම් බහුල කොට වෙසෙම් ද, අසමාහිතයෙම් බහුල කොට වෙසෙම්දැයි” යි.
Pali BJTසචෙ ආවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: අභිජ්ඣාලූ බහුලං විහරාමි -පෙ- අසමාහිතො බහුලං විහරාමී”ති. තෙනාවුසො භික්ඛුනා තෙසංයෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හිච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤඤ්ච කරණීයං. සෙය්යථාපි ආවුසො ආදිත්තචෙලො වා ආදිත්තසීසො වා තස්සෙව චෙලස්ස වා සීසස්ස වා නිබ්බාපනාය අධිමත්තං ඡන්දඤ්ච වායාමඤ්ච උස්සාහඤ්ච උස්සොළ්හිඤ්ච අප්පටිවානිඤ්ච සතිඤ්ච සම්පජඤ්ඤඤ්ච කරෙය්ය, එව මෙව ඛො ආවුසො තෙන භික්ඛුනා තෙසංයෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හි ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤඤ්ච කරණීයං.
Sinhala BJTඇවැත්නි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ දන්නේ නම්: “අභිජ්ඣා බහුල කොට ඇත්තෙම් බොහෝ කොට වෙසෙම් දෝ ... අසමාහිතයෙම් බොහෝ කොට වෙසෙම් දෝ” යි. ඇවැත්නි, ඒ මහණහු විසින් එ ම ලමු අකුසල් දහමුන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් හා මහාවීර්‍ය්‍යයෙක් හා නොපසුබැස්මෙක් හා ස්මෘතියෙක් හා සම්ප්‍රජන්‍යයෙක් හා කටයුතු. ඇවැත්නි, යම් පරිදි ඇවිළි පිළි ඇතියේ වේව යි ඇවිළි හිස ඇතියේ වේව යි එ පිළිය හෝ හිස නිවීම පිණිස අධිමාත්‍රඡන්‍දයක් හා ව්‍යායාමයක් හා උත්සාහයෙක් හා මහ වැරක් හා නො පසුබැස්මක් හා සතියක් හා සම්පජඤ්ඤයක් හා කෙරේ නම් ඇවැත්නි, එ පරිදි ම එ මහණහු එ ම ලමු අකුසල් දහමුන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් හා මහවැරෙක් හා නො පසු බැස්මක් හා ස්මෘතියෙක් හා සම්ප්‍රජන්‍යයක් හා කටයුතු:
Pali BJTසචෙ ආවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “අනභිජ්ඣාලූ බහුලං විහරාමි -පෙ- සමාහිතො බහුලං විහරාමී”ති. තෙනාවුසො භික්ඛුනා තෙසුයෙව කුසලෙසු ධම්මෙසු පතිට්ඨාය උත්තරිං ආසවානං ඛයාය යොගො කරණීයො”ති.
Sinhala BJTඇවැත්නි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ දන්නේ වේ නම් අභිජ්ඣා බහුල කොට ඇතියෙම් බොහෝ කොට වෙසෙම් ... සමාහිතයෙම් බොහෝ කොට වෙසෙම්’යී. ඇවැත්නි, එ මහණ විසින් එ ම කුසල් දහම්හි පිහිටා මතුයෙහි ආස්‍රවක්‍ෂය පිණිස යෝග කටයුතු යි.
Pali BJT10. 2. 1. 3.
Sinhala BJT10. 2. 1. 3.
Pali BJTඨිති සුත්තං
Sinhala BJTඨිති සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJTඨිතිම්පාහං{1} භික්ඛවෙ න වණ්ණයාමි කුසලෙසු ධම්මෙසු පගෙව පරිහානිං, වුද්ධිං ච ඛො අහං භික්ඛවෙ වණ්ණයාමි කුසලෙසු ධම්මෙසු නො ඨිතිං නො හානිං.
Sinhala BJTමහණෙනි, මම් කුසල් දහම්හි ස්ථිතිය ද නො වනම්. පරිහානිය කැල මැ යි. මහණෙනි, මම් කුසල් දහම්හි වෘද්ධිය ද වනම්. ස්ථිය නො වනම්. පරිහානිය නො වනම්.
Pali BJTකථඤ්ච භික්ඛවෙ හානි හොති කුසලෙසු ධම්මෙසු, නො ඨිති නො වුද්ධි. ඉධ භික්ඛවෙ භික්ඛු යත්තකො හොති සද්ධාය සීලෙන සුතෙන චාගෙන පඤ්ඤාය පටිභානෙන. තස්ස තෙ ධම්මා නෙව තිට්ඨන්ති, නො වඩ්ඪන්ති. හානිමෙතං භික්ඛවෙ වදාමි, කුසලෙසු ධම්මෙසු. නො ඨිති, නො වුද්ධි.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් කුසල් දහම්හි හානි වේ ද, ස්ථිති නො වේ ද, වෘද්ධි නො වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ශ්‍රද්ධායෙන් ශීලයෙන් ශ්‍රැතයෙන් ත්‍යාගයෙන් ප්‍රඥායෙන් ප්‍රතිභානයෙන් යම් පමණ වේ ද, ඔහට එ දහම්හු නොම සිටුනාහ. නො වඩනා හ. මහණෙනි, තෙල කුසල් දහම්හි හානි යයි කියමි. ස්ථිතිය නො වෙයි. වෘද්ධි නො වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ ඨිති හොති කුසලෙසු ධම්මෙසු, නො හානි නො වුද්ධි. ඉධ භික්ඛවෙ භික්ඛු යත්තකො හොති සද්ධාය සීලෙන සුතෙන චාගෙන පඤ්ඤාය පටිභානෙන. තස්ස තෙ ධම්මා නෙව හායන්ති, නො වඩ්ඪන්ති. ඨිතිමෙතං භික්ඛවෙ වදාමි, කුසලෙසු ධම්මෙසු. නො හානිං නො වුද්ධිං. එවං ඛො භික්ඛවෙ ඨිති හොති කුසලෙසු ධම්මෙසු නො වුද්ධි නො හානි.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් කුසල් දහම්හි ස්ථිතිය වේ ද, හානි නො වේ ද, වෘද්ධි නො වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ශ්‍රද්ධායෙන්, ශීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥායෙන්, ප්‍රතිභානයෙන් යම් පමණ වේ නම් ඔහට එ දහම්හු නො ම පිරිහෙත්. නො වැඩෙත්. මහණෙනි, තෙල කුසල් දහම් හි ස්ථිතිය යි කියමි. හානිය යි නො කියමි. වෘද්ධිය යි නොකියමි. මහණෙනි, මෙසේ කුසල් දහම්හි ස්ථිතිය වෙයි. වෘද්ධි නො වේ. හානි නො වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ වුද්ධි හොති කුසලෙසු ධම්මෙසු, නො ඨිති, නො හානි, ඉධ භික්ඛවෙ භික්ඛු යත්තකො හොති සද්ධාය සීලෙන සුතෙන චාගෙන පඤ්ඤාය පටිභානෙන. තස්ස තෙ ධම්මා නෙව තිට්ඨන්ති නො හායන්ති, වුද්ධිමෙතං භික්ඛවෙ වදාමි, කුසලෙසු ධම්මෙසු. නො ඨිතිං නො හානිං, එවං ඛො භික්ඛවෙ වුද්ධි හොති කුසලෙසු ධම්මෙසු නො ඨිති, නො හානි.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් කුසල් දහම් වෘද්ධි වේ ද, ස්ථිති නො වේ ද, හානි නො වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ශ්‍රද්ධායෙන්, ශීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥායෙන්, ප්‍රතිභානයෙන් යම් පමණ වේ ද, ඔහට එ දහම්හු නො ම සිටුනාහ. නො ම පිරිහෙන්නාහ.
Pali BJTනො චෙ භික්ඛවෙ භික්ඛු පරචිත්තපරියායකුසලො හොති, අථ “සචිත්තපරියායකුසලො භවිස්සාමී”ති, එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං
Sinhala BJTමහණෙනි, තෙල කුසල් දහම්හි වෘද්ධියයි කියමි. ස්ථිති යයි නො කියමි. හානිය යි නො කියමි. මහණෙනි, මෙසේ වනාහි කුසල් දහම්හි වෘද්ධි වේ. ස්ථිති නොවේ. හානි නො වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු සචිත්තපරියායකුසලො හොති, සෙය්යථාපි භික්ඛවෙ ඉත්ථී වා පුරිසො වා දහරො වා යුවා මණ්ඩනජාතිකො ආදාසෙ වා පරිසුද්ධෙ පරියොදාතෙ අච්ඡෙ වා උදපත්තෙ සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො සචෙ තත්ථ පස්සති රජං වා අඞ්ගණං වා, තස්සෙව රජස්ස වා අඞ්ගණස්ස වා පහානාය වායමති, නො චෙ තත්ථ පස්සති රජං වා අඞ්ගණං වා තෙනෙවත්තමනො හොති පරිපුණ්ණසඞ්කප්පො “ලාභා වත මෙ පරිසුද්ධං වත මෙ”ති.
Sinhala BJTමහණෙනි, ඉදින් මහණ පරචිත්තපරියාය කුසල නො වේ නම් එකල සචිත්තපරියාය කුසල වෙමියි, මහණෙනි, මෙසේ ම තොප විසින් හික්මිය යුතු. මහණෙනි, කෙසේ නම් මහණ සචිත්තපරියාය කුසල වේ ය යත්: මහණෙනි, යම් පරිදි දහර වූ තරුණ වූ සරහන සැහැවි ඇති ස්ත්‍රියක් වේව යි, පුරුෂයෙක් වේවයි පිරිසිදු පර්‍ය්‍යවදාත ආදර්‍ශයෙක හෝ පහන් දියබඳුනෙක හෝ තම මුවනිමිති පිරික්සා බලනුයේ ඉදින් එහි රජසක් හෝ (තල කැලැල් ආදී) අඞ්ගණයක් හෝ දක්නේ හෝ එම රජස් හෝ අඞ්ගණය දුරලීමට ව්‍යායාම කෙරෙයි. ඉදින් එහි රජසක් හෝ අඞ්ගණයක් හෝ නො දක්නේ නම් එකැතින් මට ලාභය, එකැතින් මා මුව පිරිසිදුය යි පිරිපුන් මනදොළ ඇතියේ එයින් ම තුටු සිතැතියේ වෙයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ භික්ඛුනො පච්චවෙක්ඛනා බහුකාරා හොති කුසලෙසු ධම්මෙසු “අභිජ්ඣාලූ නු ඛො බහුලං විහරාමි අනභිජ්ඣාලූ නු ඛො බහුලං විහරාමි’ බ්යාපන්නචිත්තො නු ඛො බහුලං විහරාමි, අබ්යාපන්නචිත්තො නු ඛො බහුලං විහරාමි, ථීනමිද්ධපරියුට්ඨිතො නු ඛො බහුලං විහරාමි, විගත ථීනමිද්ධො නු ඛො බහුලං විහරාමි, උද්ධතො නු ඛො බහුලං විහරාමි, අනුද්ධතො නු ඛො බහුලං විහරාමි, විචිකිච්ඡො නු ඛො බහුලං විහරාමි, තිණ්ණවිචිකිච්ඡො නු ඛො බහුලං විහරාමි, කොධනො නු ඛො බහුලං විහරාමි, අක්කොධනො නු ඛො බහුලං විහරාමි, සංකිලිට්ඨචිත්තො නු ඛො බහුලං විහරාමි, අසංකිලිට්ඨචිත්තො නු ඛො බහුලං විහරාමි, සාරද්ධකායො නු ඛො බහුලං විහරාමි, අසාරද්ධකායො නු ඛො බහුලං විහරාමි, කුසීතො නු ඛො බහුලං විහරාමි, ආරද්ධවිරියො නු ඛො බහුලං විහරාමි, සමාහිතො නු ඛො බහුලං විහරාමි, අසමාහිතො නු ඛො බහුලං විහරාමී”ති.
Sinhala BJTමහණෙනි, එපරිදි ම භික්‍ෂුහට කුසල් දහම්හි ප්‍රත්‍යවේක්‍ෂණාව බහූපකාර වේ. අභිධ්‍යාලූයෙම් බොහෝ කොට වෙසෙම් දෝ අනභිධ්‍යාලුයෙම් බොහෝ කොට වෙසෙම් දෝ යි. ව්‍යාපන්නචිත්තයෙම් බොහෝ කොට වෙසෙම් දෝ අව්‍යාපන්නචිත්තයෙම් බොහෝ කොට වෙසෙම් දෝ යි. ථිනමිද්ධයෙන් මැඬුණෙම් බොහෝ කොට වෙසෙම් දෝ පහවූ ථිනමිද්ධ ඇතියෙම් බොහෝ කොට වෙසෙම් දෝ යි. උද්ධතයෙම් බොහෝ කොට වෙසෙම් දෝ අනුද්ධතයෙම් බොහෝ කොට වෙසෙම් දෝ යි. විචිකිච්ඡා ඇතියෙම් බොහෝ කොට වෙසෙම් දෝ තරණය කළ විචිකිච්ඡා ඇතියෙම් බොහෝ කොට වෙසෙම් දෝ යි. කිපෙන සුල්ලෙම් බොහෝ කොට වෙසෙම් දෝ සකිලිටි සිතැතියෙම් බොහෝ කොට වෙසෙම් දෝ යි, ගිලන් කය ඇතියෙම් බොහෝ කොට වෙසෙම් දෝ නො ගිලන් කය ඇතියෙම් බොහෝ කොට වෙසෙම් දෝ යි. කුසීතයෙම් බොහෝ කොට වෙසෙම් දෝ, ඇරඹූ වැර ඇතියෙම් බොහෝ කොට වෙසෙම් දෝ යි. අසමාහිතයෙම් බොහෝ කොට වෙසෙම් දෝ සමාහිතයෙම් බොහෝ කොට වෙසෙම් දෝ” යි.
Pali BJTසචෙ භික්ඛවෙ භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: අභිජ්ඣාලූ බහුලං විහරාමි, බ්යාපන්නචිත්තො බහුලං විහරාමි, ථීනමිද්ධපරියුට්ඨිතො බහුලං විහරාමි, උද්ධතො බහුලං විහරාමි, විචිකිච්ඡො බහුලං විහරාමි, කොධනො බහුලං විහරාමි, සංකිලිට්ඨචිත්තො බහුලං විහරාමි, සාරද්ධකායො බහුලං විහරාමි, කුසීතො බහුලං විහරාමි, අසමාහිතො බහුලං විහරාමී”ති. තෙන භික්ඛවෙ භික්ඛුනා තෙසංයෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හි ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤඤ්ච කරණීයං.
Sinhala BJTමහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ දන්නේ නම්: “අභිධ්‍යාලූයෙම් බොහෝ කොට වෙසෙමි. ඛ්‍යාපන්නචිත්තයෙම් බොහෝ කොට වෙසෙමි. ථිනමිද්ධපරියුට්ඨතයෙම් බොහෝ කොට වෙසෙමි. උද්ධතයෙම් බොහෝ කොට වෙසෙමි. විචිකිච්ඡා ඇතියෙම් බොහෝ කොට වෙසෙමි. කිපෙන සුල්ලෙම් බොහෝ කොට වෙසෙමි. සකිලිටි සිතැතියෙම් බොහෝ කොට වෙසෙමි. ගිලන් කය ඇතියෙම් බොහෝ කොට වෙසෙමි. කුසීතයෙම් බොහෝ කොට වෙසෙමි. අසමාහිතයෙම් බොහෝ කොට වෙසෙමි”යි. මහණෙනි, එ මහණහු විසින් එම ලමු අකුසල දහමුන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් හා මහවැරෙක් හා නො පසුබැස්මෙක් හා සතියෙක් හා සම්පජඤ්ඤයෙක් හා කටයුතු යි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ ආදිත්තචෙලො වා ආදිත්තසීසො වා තස්සෙව චෙලස්ස වා සීසස්ස වා නිබ්බාපනාය අධිමත්තං ඡන්දඤ්ච වායාමඤ්ච උස්සාහඤ්ච, උස්සොළ්හිඤ්ච අප්පටිවානිඤ්ච සතිඤ්ච සම්පජඤ්ඤඤ්ච කරෙය්ය. එවමෙව ඛො භික්ඛවෙ තෙන භික්ඛුනා තෙසංයෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හි ච අප්පටිවානි ච සති ච සම්පජඤ්ඤඤ්ච කරණීයං.
Sinhala BJTමහණෙනි, යම් පරිදි ඇවිළි පිළි ඇතියේ හෝ ඇවිළි හිස ඇතියේ හෝ එම පිළිය හෝ හිස නිවීම පිණිස අධිමාත්‍ර ඡන්‍දයක් හා ව්‍යායාමයක් හා උත්සාහයක් හා උස්සෝළහියක් හා නො පසුබැස්මක් හා සතියක් හා සම්පජඤ්ඤයක් හා කෙරේ ද, මහණෙනි, එ පරිදිම එ මහණහු විසින් එ ලමු අකුසල් දහමුන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දයක් හා ව්‍යායාමයක් හා උත්සාහයක් හා උස්සෝළහියක් හා නො පසු බැස්මෙක් හා සතියෙක් හා සම්පජඤ්ඤයෙක් කටයුතු යි.
Pali BJTසචෙ පන භික්ඛවෙ භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: ‘අනභිජ්ඣාලූ බහුලං විහරාමි, අබ්යාපන්නචිත්තො බහුලං විහරාමි, විගතථීනමිද්ධො බහුලං විහරාමි, තිණ්ණවිචිකිච්ඡො බහුලං විහරාමි, අක්කොධනො බහුලං විහරාමි, අසංකිලිට්ඨචිත්තො බහුලං විහරාමි, අසාරද්ධකායො බහුලං විහරාමි, ආරද්ධවිරියො බහුලං විහරාමි, සමාහිතො බහුලං විහරාමී”ති. තෙන භික්ඛවෙ භික්ඛුනා තෙසුයෙව කුසලෙසු ධම්මෙසු පතිට්ඨාය උත්තරිං ආසවානං ඛයාය යොගො කරණීයො ති.
Sinhala BJTමහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ දන්නේ නම්, “අනභිධ්‍යාලූයෙම් බොහෝ කොට වෙසෙමි. අබ්‍යාපන්නචිත්තයෙම් බොහෝ කොට වෙසෙමි. විගතථිනමිද්ධයෙම් බොහෝ කොට වෙසෙමි. තිණ්ණවිචිකිච්ඡයෙම් බොහෝ කොට වෙසෙමි. නො කිපෙන සුල්ලෙම් බොහෝ කොට වෙසෙමි. නො කිලිටි සිතැතියෙම් බොහෝ කොට වෙසෙමි. ඇරඹූ වැර ඇතියෙම් බොහෝ කොට වෙසෙමි. සමාහිතයෙම් බොහෝ කොට වෙසෙමි” යි. මහණෙනි, ඒ මහණහු විසින් එ කුසල් දහම්හි ම පිහිටා මත්තෙහි ආස්‍රවක්‍ෂය පිණිස යෝග කටයුතුයි.
Pali BJT10. 2. 1. 4.
Sinhala BJT10. 2. 1. 4.
Pali BJTසමථ සුත්තං
Sinhala BJTසමථ සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJTනො චෙ භික්ඛවෙ භික්ඛු පරචිත්තපරියායකුසලො හොති, අථ “සචිත්තපරියායකුසලො භවිස්සාමී”ති එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං.
Sinhala BJTමහණෙනි, ඉදින් මහණ පරචිත්තපරියායකුසල නො වේ නම් එකල සචිත්තපරියායකුසල වෙමි යි, මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු යි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු සචිත්තපරියාය කුසලො හොති, සෙය්යථාපි භික්ඛවෙ ඉත්ථී වා පුරිසො වා දහරො යුවා මණ්ඩනකජාතිකො ආදාසෙ වා පරිසුද්ධෙ පරියොදාතෙ අච්ඡෙ වා උදපත්තෙ සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො සචෙ තත්ථ පස්සති රජං වා අඞ්ගණං වා, තස්සෙව රජස්ස වා අඞ්ගණස්ස වා පහාණාය වායමති, නො චෙ තත්ථ පස්සති රජං වා අඞ්ගණං වා, තෙනෙවත්තමනො හොති පරිපුණ්ණසඞ්කප්පො “ලාභා වත මෙ පරිසුද්ධං වත මෙ”ති. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛුනො පච්චවෙක්ඛණා බහුකාරා හොති කුසලෙසු ධම්මෙසු. “ලාභී නු ඛොම්හි අජ්ඣත්තං චෙතොසමථස්ස, න නු ඛොම්හි ලාභී අජ්ඣත්තං චෙතොසමථස්ස, ලාභී නු ඛොම්හි අධිපඤ්ඤාධම්මවිපස්සනාය. න නු ඛොම්හි ලාභී අධිපඤ්ඤාධම්මවිපස්සනායා”ති.
Sinhala BJTමහණෙනි, මහණ කෙසේ නම් මහණ සචිත්තපරියායකුසල වේ ය යත්: “මහණෙනි, යම් සේ දහර වූ තරුණ වූ සදන සැහැවි ඇති ස්ත්‍රියක් වේව යි පුරුෂයෙක් වේ වයි පරිශුද්ධ පර්‍ය්‍යවදාත ආදර්‍ශයෙක වේවයි පහන් දියබඳුනෙක වේව යි තම මුව නිමිති පිරික්සා දක්නේ ඉදින් එහි රජසක් වේව යි තල කැලලක් වේවයි දක්නේ නම් එම රජස හෝ තල කැලල දුරලීමට ව්‍යායාම කෙරෙයි. ඉදින් එහි රජසක් වේවයි තල කැලලක් වේවයි නො දක්නේ නම් පිරිපුන් මනදොළ ඇතියේ එකැතින් මට ලාභයෙක, එකැතින් මා මුව පිරිසිදු යයි එයින් ම තුටු සිත් ඇතියේ වෙයි. මහණෙනි, එ පරිදි ම මහණහට කුසල් දහම්හි ප්‍රත්‍යවේක්‍ෂණාව බහූපකාර වෙයි. “අධ්‍යාත්මයෙහි චිත්තසමථය ලබන සුලු වෙම් දෝ යි අධ්‍යාත්මයෙහි චිත්තසමථය නො ලබන සුලුයෙම්දෝයි අධිප්‍රඥා ධර්‍මවිදර්‍ශනාව ලබන සුල්ලෙම් දෝයි අධිප්‍රඥාධර්‍ම විදර්‍ශනාව නො ලබන සුල්ලෙම් දෝ” යි.
Pali BJTසචෙ භික්ඛවෙ භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “ලාභීම්හි අජ්ඣත්තං චෙතොසමථස්ස, න ලාභී අධිපඤ්ඤාධම්මවිපස්සනායා”ති. තෙන භික්ඛවෙ භික්ඛුනා අජ්ඣත්තං චෙතොසමථෙ පතිට්ඨාය අධිපඤ්ඤා ධම්මවිපස්සනාය යොගො කරණීයො සො අපරෙන සමයෙන ලාභිචෙව හොති අජ්ඣත්තං චෙතොසමථස්ස ලාභී ච අධිපඤ්ඤාධම්මවිපස්සනාය.
Sinhala BJTමහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ දන්නේ නම් “අධ්‍යාත්මයෙහි චිත්තසමථය ලබන සුල්ලෙම්, අධිප්‍රඥා ධර්‍මවිදර්‍ශනාව නො ලබන සුල්ලෙමි”යි. මහණෙනි, එ මහණහු විසින් අධ්‍යාත්මයෙහි චිත්තසමථයෙහි පිහිටා අධිප්‍රඥාධර්‍මවිදර්‍ශනාව පිණිස යෝග කටයුතු යි. හේ පසුකල්හි අධ්‍යාත්මයෙහි චිත්තසමථය ලබන සුල්ලේත් අධිප්‍රඥාධර්‍මවිදර්‍ශනාව ලබන සුල්ලේත් වෙයි.
Pali BJTසචෙ පන භික්ඛවෙ භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “ලාභීම්හි අධිපඤ්ඤාධම්මවිපස්සනාය න ලාභී අජ්ඣත්තං චෙතොසමතස්සා”ති. තෙන භික්ඛවෙ භික්ඛුනා අධිපඤ්ඤාධම්මවිපස්සනාය පතිට්ඨාය අජ්ඣත්තං චෙතොසමථෙ යොගො කරණීයො. සො අපරෙන සමයෙන ලාභී චෙව හොති අධිපඤ්ඤාධම්මවිපස්සනාය ලාභී ච අජ්ඣත්තං චෙතොසමථස්ස.
Sinhala BJTමහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ දන්නේ නම් අධිප්‍රඥාධර්‍මවිදර්‍ශනාව ලබන සුල්ලෙම් වෙමි. අධ්‍යාත්මයෙහි චිත්ත සමථය නො ලබන සුල්ලෙම් වෙමි”යි. මහණෙනි, ඒ මහණහු විසින් අධිප්‍රඥාධර්‍මවිදර්‍ශනාවෙහි පිහිටා අධ්‍යාත්මයෙහි චිත්ත සමථය පිණිස යෝග කටයුතු යි. හේ පසු කල්හි අධිප්‍රඥාධර්‍මවිදර්‍ශනාව ලබන සුල්ලේත් අධ්‍යාත්මයෙහි චිත්ත සමථය ලබන සුල්ලේත් වෙයි.
Pali BJTසචෙ පන භික්ඛවෙ භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “න ලාභී අජ්ඣත්තං චෙතොසමථස්ස න ලාභී අධිපඤ්ඤාධම්මවිපස්සනායා”ති. තෙන භික්ඛවෙ භික්ඛුනා තෙසංයෙව කුසලානං ධම්මානං පටිලාභාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හි ච අප්පටිවානි ච සති ච සම්පජඤ්ඤඤ්ච කරණීයං.
Sinhala BJTමහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ දන්නේ නම් අධ්‍යාත්මයෙහි චිත්ත සමථය නො ලබන සුල්ලෙම්, අධිප්‍රඥාධර්‍ම විදර්‍ශනාව නො ලබන සුල්ලෙමි”යි, මහණෙනි, ඒ මහණහු විසින් එ කුසල් දහම් ලබනු පිණිස අධිමාත්‍ර ඡන්‍දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් හා මහාවීර්‍ය්‍යයෙක් හා නො පසුබැස්මෙක් හා සතියෙක් හා සම්ප්‍රජන්‍යයෙක් හා කටයුතු.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ ආදිත්තචෙලො වා ආදිත්තසීසො වා තස්සෙ ව චෙලස්ස වා සීසස්ස වා නිබ්බාපනාය අධිමත්තං ඡන්දඤ්ච වායාමඤ්ච උස්සාහඤ්ච උස්සොළ්හිඤ්ච අප්පටිවානිඤ්ච සතිඤ්ච සම්පජඤ්ඤඤ්ච කරෙය්ය, එවමෙව ඛො භික්ඛවෙ තෙන භික්ඛුනා තෙසංයෙව කුසලානං ධම්මානං, පටිලාභාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හි ච අප්පටිවානි ච සති ච සම්පජඤ්ඤඤ්ච කරණීයං සො අපරෙන සමයෙන ලාභීචෙව හොති අජ්ඣත්තං චෙතොසමථස්ස ලාභී ච අධිපඤ්ඤාධම්මවිපස්සනාය.
Sinhala BJTමහණෙනි, යම් පරිදි ඇවිළගත් පිළි ඇතියේ වේවයි ඇවිළගත් හිස් ඇතියේ වේවයි එම පිළිය හෝ හිස නිවීමට අධිමාත්‍ර ඡන්‍දය හා ව්‍යායාමය හා උත්සාහය හා උස්සෝළහිය හා අප්පටිවානිය හා සතිය හා සම්පජඤ්ඤය හා කෙරෙයි. මහණෙනි, එ පරිදිම එ මහණහු විසින් එම කුසල් දහම් ලබනු වස් අධිමාත්‍ර ඡන්‍දය හා ව්‍යායාමය හා උත්සාහය හා උස්සෝළහිය හා අප්පටිවානිය හා සතිය හා සම්පජඤ්ඤය හා කටයුතු. හේ පසුකල්හි අධ්‍යාත්මයෙහි චිත්තසමථය ලබන සුල්ලේත් අධිප්‍රඥාධර්‍මවිදර්‍ශනාව ලබන සුල්ලේත් වෙයි.
Pali BJTසචෙ පන භික්ඛවෙ භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “ලාභිම්හි අජ්ඣත්තං චෙතොසමථස්ස, ලාභී අධිපඤ්ඤාධම්මවිපස්සනායා”ති තෙන භික්ඛවෙ භික්ඛුනා තෙසුයෙව කුසලෙසු ධම්මෙසු පතිට්ඨාය උත්තරිං ආසවානං ඛයාය යොගො කරණීයො.
Sinhala BJTමහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ මෙසේ දන්නේ නම්: “අධ්‍යාත්මයෙහි චිත්තසමථය ලබන සුල්ලෙම් වෙමි. අධිප්‍රඥාධර්‍ම විදර්‍ශනාව ලබන සුල්ලෙම් වෙමි” යි. මහණෙනි, ඒ මහණහු විසින් එම කුසල් දහම්හි පිහිටා මත්තෙහි ආස්‍රවක්‍ෂයට යෝග කටයුතු යි.
Pali BJTචීවරම්පහං භික්ඛවෙ, දුවිධෙන වදාමි. සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි. පිණ්ඩපාතම්පහං භික්ඛවෙ දුවිධෙන වදාමි. සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි. සෙනාසනම්පහං භික්ඛවෙ දුවිධෙන වදාමි. සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි. ගාමනිගමම්පහං භික්ඛවෙ දුවිධෙන වදාමි, සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි. ජනපදපදෙසම්පහං භික්ඛවෙ දුවිධෙන වදාමි, සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි. පුග්ගලම්පහං භික්ඛවෙ දුවිධෙන වදාමි, සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි.
Sinhala BJTමහණෙනි, මම් සිවුරු ද දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මහණෙනි, මම් පිඬුවා ද දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මහණෙනි, මම් සෙනසුන් ද දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මහණෙනි, මම් ගම්-නියම්ගම් ද දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මහණෙනි, මම් දනව් පියෙස් ද දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මහණෙනි, මම් පුඟුල් ද දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි.
Pali BJT“චීවරම්පහං භික්ඛවෙ දුවිධෙන වදාමි සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි”ති ඉති ඛො පනෙතං වුත්තං කිඤ්චෙතං පටිච්ච වුත්තං. තත්ථ යං ජඤ්ඤා චීවරං “ඉදං ඛො මෙ චීවරං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති. කුසලා ධම්මා පරිහායන්තී”ති. එවරූපං චීවරං න සෙවිතබ්බං, තත්ථ යං ජඤ්ඤා චීවරං ඉදං ඛො මෙ චීවරං සෙවතො අකුසලා, ධම්මා පරිහායන්ති. කුසලා ධම්මා අභිවඩ්ඪන්ති”ති. එව රූපං චීවරං සෙවිතබ්බං, චීවරම්පහං භික්ඛවෙ දුවිධෙන වදාමි, සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTමහණෙනි. මම් සිවුරුද දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද යත්: “එහි මේ සිවුර සෙවුනා මට අකුසල් දහම් වැඩෙත්, කුසල් දහම් පිරිහෙත්” යි යම් ම සිවුරක් දන්නේ නම් එබඳු සිවුර නො සෙවිය යුතු. එහි මේ මේ සිවුර සෙවුනා මට අකුසල් දහම් පිරිහෙත් කුසල් දහම් වැඩෙතියි යම් ම සිවුරක් දන්නේ නම් එබඳු සිවුරු සෙවිය යුතු. මහණෙනි. මම් සිවුර ද දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල මෙ පිණිස කියන ලද.
Pali BJT“පිණ්ඩපාතම්පහං භික්ඛවෙ දුවිධෙන වදාමි, සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි”ති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං: තත්ථ යං ජඤ්ඤා පිණ්ඩපාතං ඉමං ඛො මෙ පිණ්ඩපාතං සෙවෙතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්ති, එවරූපො පිණ්ඩපාතො න සෙවිතබ්බො. තත්ථ යං ජඤ්ඤා පිණ්ඩපාතං ඉමං ඛො මෙ පිණ්ඩපාතං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්තී ති. එවරූපො පිණ්ඩපාතො සෙවිතබ්බො. පිණ්ඩපාතම්පහං භික්ඛවෙ දුවිධෙන වදාමි, සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති. ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTමහණෙනි. පිඬුවා ද දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද යත්: එහි මේ පිඬුවා සෙවුනා මට අකුසල් දහම් වැඩෙත්, කුසල් දහම්හු පිරිහෙත් යි යම් ම පිඬුවාවක් දන්නේ නම් එබඳු පිඬුවා නො සෙවිය යුතු. එහි මේ මේ පිඬුවා සෙවුනා මට අකුසල් දහම්හු පිරිහෙත්, කුසල් දහම්හු වැඩෙතියි යම් පිඬුවාවක් දන්නේ නම් එබඳු පිඬුවා සෙවිය යුතු. මහණෙනි, මම පිඬුවා ද දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල මෙ පිණිස කියන ලද.
Pali BJTසෙනාසනම්පහං භික්ඛවෙ දුවිධෙන වදාමි, සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පීති. ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං: තත්ථ යං ජඤ්ඤා සෙනාසනං ඉදං ඛො මෙ සෙනාසනං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්තී”ති. එවරූපං සෙනාසනං න සෙවිතබ්බං. තත්ථ යං ජඤ්ඤා සෙනාසනං ඉදං ඛො මෙ සෙනාසනං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්තී ති. එවරූපං සෙනාසනං සෙවිතබ්බං. සෙනාසනම්පහං භික්ඛවෙ දුවිධෙන වදාමි, සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී ති. ඉති යං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTමහණෙනි, මම සෙනසුන් ද දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද යත්: “එහි මෙ සෙනසුන් සෙවුනා මට අකුසල් දහම් වැඩෙත්, කුසල් දහම්හු පිරිහෙත්” යි යම් ම සෙනසුනක් දන්නේ නම් එබඳු සෙනසුන නො සෙවිය යුතු. එහි මෙ සෙනසුන් සෙවුනා මට අකුසල් දහම් පිරිහෙත් කුසල් දහම් වැඩෙතියි යම් ම සෙනසුනක් දන්නේ නම් එබඳු සෙනසුනක් සෙවිය යුතු. මහණෙනි, මම සෙනසුන් දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල මෙ පිණිස කියන ලද.
Pali BJT“ගාමනිගමම්පහං භික්ඛවෙ දුවිධෙන වදාමි, සෙවිතබ්බං අසෙවිතබ්බම්පීති” ඉති ඛො පනෙතං වුත්තං කිඤ්චෙතං පටිච්ච වුත්තං: “තත්ථ යං ජඤ්ඤා ගාමනිගමං ඉදං ඛො මෙ ගාමනිගමං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්ති, එවරූපො ගාමනිගමො න සෙවිතබ්බො, තත්ථ යං ජඤ්ඤා ගාමනිගමං ඉමං ඛො මෙ ගාමනිගමං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්තීති. එවරූපො ගාමනිගමො සෙවිතබ්බො. ගාමනිගමම්පාහං භික්ඛවෙ දුවිධෙන වදාමි, සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පීති, ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTමහණෙනි. මම් ගම් නියම්ගම් දු දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද යත්: “එහි ගම් නියම්ගම් සෙවුනා මට අකුසල් දහම් වැඩෙත්, කුසල් දහම්හු පිරිහෙත්” යි යම් ම ගම් නියම්ගමක් දන්නේ නම් එබඳු ගම් නියම්ගම් නො සෙවිය යුතු. එහි මේ ගම් නියම්ගම් සෙවුනා මට අකුසල් දහම්හු පිරිහෙත්, කුසල් දහම් වැඩෙතියි යම් ම ගම් නියම්ගම් දන්නේ නම් එබඳු ගම් නියම්ගම් සෙවිය යුතු. මහණෙනි. ගම් නියම්ගම් ද මම් දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල මේ පිණිස කියන ලද.
Pali BJT“ජනපදපදෙසම්පහං භික්ඛවෙ දුවිධෙන වදාමි, සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පීති” ඉති ඛො පනෙතං වුත්තං කිඤ්චෙතං පටිච්ච වුත්තං: තත්ථ යං ජඤ්ඤා ජනපද පදෙසං ඉමං ඛො මෙ ජනපදපදෙසං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්තීති. එවරූපො ජනපද පදෙසො න සෙවිතබ්බො. තත්ථ යං ජඤ්ඤා ජනපදපදෙසං ඉමං ඛො මෙ ජනපදපදෙසං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්තීති. එවරූපො ජනපදපදෙසො සෙවිතබ්බො. ජනපදපදෙසම්පහං භික්ඛවෙ දුවිධෙන වදාමි, සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පීති. ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTමහණෙනි, මම් දනව් පියසුදු දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද යත්: “එහි දනව් පියස සෙවුනා මට අකුසල් දහම් වැඩෙත්, කුසල් දහම්හු පිරිහෙති” යි යම් දනව් පියසෙක් දන්නේ නම් එබඳු දනවු පියෙස් නො සෙවිය යුතු. එහි මේ දනව් පියෙස සෙවුනා මට අකුසල් දහම්හු පිරිහෙත් කුසල් දහම් වැඩෙතියි යම් ම දනව් පියෙසක් දන්නේ නම් මෙබඳු දනව් පියෙස සෙවිය යුතු. මහණෙනි, දනව් පියෙසුදු මම් දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මෙසේ ඒ යමක් කියන ලද නම් තෙල මෙ පිණිස කියන ලද.
Pali BJT“පුග්ගලම්පහං භික්ඛවෙ දුවිධෙන වදාමි, සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පීති” ඉති ඛො පනෙතං වුත්තං කිඤ්චෙතං පටිච්ච වුත්තං: තත්ථ යං ජඤ්ඤා පුග්ගලං ඉමං ඛො මෙ පුග්ගලං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්තීති. එවරූපො පුග්ගලො න සෙවිතබ්බො. තත්ථ යං ජඤ්ඤා පුග්ගලං ඉමං ඛො මෙ පුග්ගලං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්තීති. එවරූපො පුග්ගලො සෙවිතබ්බො. පුග්ගලම්පහං භික්ඛවෙ දුවිධෙන වදාමි, සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පීති ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තන්ති.
Sinhala BJTමහණෙනි, මම් පුඟුල් ද දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද යත්: “එහි මේ පුඟුල් සෙවුනා මට අකුසල් දහම්හු වැඩෙත්, කුසල් දහම්හු පිරිහෙති” යි යම් ම පුඟුලකු දන්නේ නම් මෙබඳු පුද්ගල නො සෙවිය යුත්තේ ය. එහි මේ පුඟුල් සෙවුනා මට අකුසල් දහම් පිරිහෙත් කුසල් දහම් වැඩෙති යි යම් පුඟුලකු දන්නේ නම් මෙබඳු පුද්ගල සෙවිය යුතු. මහණෙනි, මම් පුඟුල් ද දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල මෙ පිණිස කියන ලදැ යි.
Pali BJT10. 2. 1. 5.
Sinhala BJT10. 2. 1. 5.
Pali BJTපරිහාන සුත්තං
Sinhala BJTපරිහාන සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJTතත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛු ආමන්තෙසි ආවුසො භික්ඛවොති, ආවුසොති ඛො තෙ භික්ඛු ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච:
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ‘ඇවැත් මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූහ, ඒ භික්‍ෂූහු ‘ඇවැත්නි’ යි ආයුෂ්මත් සැරියුත් තෙරුනට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල කීහ:
Pali BJTපරිහානධම්මො පුග්ගලො පරිහානධම්මො පුග්ගලොති ආවුසො වුච්චති කිත්තාවතා නු ඛො ආවුසො පරිහානධම්මො පුග්ගලො වුත්තො භගවතා, කිත්තාවතා ච පන අපරිහානධම්මො පුග්ගලො වුත්තො භගවතාති?
Sinhala BJTඇවැත්නි, පිරිහෙන සැහැවි ඇති පුඟුලාය, පිරිහෙන සැහැවි ඇති පුඟුලා යි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙකින් පුඟුල් පිරිහෙන සැහැවි ඇත්තේ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ද? ‘කෙතෙක් කරුණින් පුඟුල් නො පිරිහෙන සැහැවි ඇත්තේය’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ද?
Pali BJTදූරතොපි ඛො මයං ආවුසො ආගච්ඡෙය්යාම ආයස්මතො සාරිපුත්තස්ස සන්තිකෙ එතස්ස භාසිතස්ස අත්ථමඤ්ඤාතුං, සාධුවතායස්මන්තං යෙව සාරිපුත්තං පටිභාතු, එතස්ස භාසිතස්ස අත්ථො. ආයස්මතො සාරිපුත්තස්ස සුත්වා භික්ඛු ධාරෙස්සන්තීති.
Sinhala BJT“ඇවැත්නි, අපි ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හමුයෙහි තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය දැනගන්නට දුර සිට වුවත් පැමිණෙම්හ. එකැතින් තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට ම වැටහේ නම් මැනැව. ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ භාෂිතය අසා භික්‍ෂූහු ධරන්නාහ” යි.
Pali BJTතෙනහාවුසො සුණාථ, සාධුකං මනසිකරොථ භාසිස්සාමීති. එවමාවුසොති ඛො තෙ භික්ඛු ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච:
Sinhala BJTඇවැත්නි, එසේ නම් අසවු, මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමි යි ඇවැත්නි, එසේයයි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට පිළිවදන් ඇස්වූ හ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල කීහ.
Pali BJTකිත්තාවතා නු ඛො ආවුසො පරිහානධම්මො පුග්ගලො වුත්තො භගවතා: ඉධාවුසො භික්ඛු අස්සුතඤ්චෙව ධම්මං න සුණාති, සුතා චස්ස ධම්මා සම්මොහං ගච්ඡන්ති. යෙ චස්ස ධම්මා පුබ්බෙ චෙතසො සම්ඵුට්ඨපුබ්බා, තෙ ච න සමුදාචරන්ති. අවිඤ්ඤාතඤ්ච න විජානාති. එත්තාවතා ඛො ආවුසො පරිහානධම්මො පුග්ගලො වුත්තො භගවතා.
Sinhala BJTඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් කෙතෙක් කරුණින් පුඟුල් පිරිහෙන සැහැවි ඇතියේ යි වදාරණ ලද්දේ ය යත්: ඇවැත්නි, මෙ සස්නෙහි මහණ ශ්‍රැත ධර්‍මයක් නො අසන්නේ ය. ඔහු විසින් අශ්‍රැත ධර්‍මයෝත් සම්මෝහයට යෙත්. යම් දහම් කෙනෙකුන් පෙර ඔහු විසින් සිතින් පහස්නා ලද විරූ නම් ඔහුත් උදා නො වෙත්. අවිඥාතයත් නො දන්නේ ය. ඇවැත්නි, මෙතෙකින් පුඟුල් පිරිහෙන සැහැවි ඇත්තේ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද්දේ ය.
Pali BJTකිත්තාවතා ච පනාවුසො අපරිහානධම්මො පුග්ගලො වුත්තො භගවතා: ඉධාවුසො භික්ඛු අස්සුතඤ්චෙව ධම්මං සුණාති, සුතා චස්ස ධම්මා න සම්මොහං ගච්ඡන්ති. යෙ චස්ස ධම්මා පුබ්බෙ චෙතසො සමෙට්ඨපුබ්බා, තෙ ච සමුදාචරන්ති, අවිඤ්ඤාතඤ්ච විජානාති එත්තාවතා ඛො ආවුසො අපරිහානධම්මො පුග්ගලො වුත්තො භගවතා.
Sinhala BJTඇවැත්නි, කෙතෙකින් පුඟුල් නො පිරිහෙන සැහැවි ඇතැ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ද යත්: ඇවැත්නි, මෙ සස්නෙහි මහණ අශ්‍රැත ධර්‍මය ද අසන්නේ ය. ඔහු විසින් ශ්‍රැත ධර්‍මයෝ ද සම්මෝහයට නො යෙත්. යම් ධර්‍ම කෙනෙකුත් ඔහු විසින් පෙර සිතින් නො පහස්නා ලද විරූ නම් ඔහු ද උදා වෙත්. අවිඥාතය ද දැනගන්නේ ය. ඇවැත්නි, මෙතෙකින් පුද්ගල අපරිහානධර්‍ම ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද්දේ ය.