Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1301-1400 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT3. 1. 3. 2.
Sinhala BJT3. 1. 3. 2.
Pali BJT22. තයො’මෙ භික්ඛවෙ ගිලානා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො: ඉධ භික්ඛවෙ එකච්චො ගිලානො ලභන්තො වා සප්පායානි භොජනානි, අලභන්තො වා සප්පායානි භොජනානි, ලභන්තො වා සප්පායානි භෙසජ්ජානි, අලභන්තො වා සප්පායානි භෙසජ්ජානි, ලභන්තො වා පතිරූපං උපට්ඨාකං, අලභන්තො වා පතිරූපං උපට්ඨාකං, නෙව වුට්ඨාති තම්හා ආබාධා.
Sinhala BJT22. මහණෙනි, ලොව්හි මේ ගිලන්නු තුන් දෙනෙක් ඇත. කවර තුන් දෙනෙක යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි ගිලනෙක් පථ්‍ය භෝජන ලබන්නේ හෝ පථ්‍ය භෝජන නො ලබන්නේ හෝ, පථ්‍ය බෙහෙත් ලබන්නේ හෝ පථ්‍ය බෙහෙත් නො ලබන්නේ හෝ, නිසි උපස්ථායකයකු ලබන්නේ හෝ නිසි උපස්ථායකයකු නො ලබන්නේ හෝ ඒ ආබාධයෙන් නොමැ නැගි සිටුනේ ය.
Pali BJTඉධ භික්ඛවෙ එකච්චො ගිලානො ලභන්තො වා සප්පායානි භොජනානි, අලභන්තො වා සප්පායානි භොජනානි, ලභන්තො වා සප්පායානි භෙසජ්ජානි, අලභන්තො වා සප්පායානි භෙසජ්ජානි, ලභන්තො වා පතිරූපං උපට්ඨාකං, අලභන්තො වා පතිරූපං උපට්ඨාකං, වුට්ඨාති තම්හා ආබාධා.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි කිසි ගිලනෙක් පථ්‍ය භෝජන ලබන්නේ හෝ පථ්‍ය භෝජන නො ලබන්නේ හෝ, පථ්‍ය බෙහෙත් ලබන්නේ හෝ පථ්‍ය බෙහෙත් නො ලබන්නේ හෝ, නිසි උපස්ථායකයකු ලබන්නේ හෝ නිසි උපස්ථායකයකු නො ලබන්නේ හෝ, ඒ ආබාධයෙන් නැගි සිටුනේ ය.
Pali BJTඉධ පන භික්ඛවෙ එකච්චො ගිලානො ලභන්තො’ව සප්පායානි භොජනානි නො අලභන්තො, ලභන්තො’ව සප්පායානි භෙසජ්ජානි නො අලභන්තො, ලභන්තො’ව පතිරූපං උපට්ඨාකං නො අලභන්තො, වුට්ඨාති තම්හා ආබාධා.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි කිසි ගිලනෙක් පථ්‍ය භෝජන නො ලබනු නොව ලබනුයේ ම, පථ්‍ය බෙහෙත් නො ලබනු නොව ලබනුයේ ම, නිසි උපස්ථායකයකු නො ලබනු නොව ලබනුයේ ම, ඒ ආබාධයෙන් නැගි සිටුනේ ය.
Pali BJTතත්ර භික්ඛවෙ ය්වායං ගිලානො ලභන්තො’ව සප්පායානි භොජනානි නො අලභන්තො, ලභන්තො’ව සප්පායානි භෙසජ්ජානි නො අලභන්තො, ලභන්තො’ව පතිරූපං උපට්ඨාකං නො අලභන්තො, වුට්ඨාති තම්හා ආබාධා, ඉමං ඛො භික්ඛවෙ ගිලානං පටිච්ච ගිලානභත්තං අනුඤ්ඤාතං, ගිලානභෙසජ්ජං අනුඤ්ඤාතං, ගිලානුපට්ඨාකො අනුඤ්ඤාතො; ඉමඤ්ච පන භික්ඛවෙ ගිලානං පටිච්ච අඤ්ඤෙපි ගිලානා උපට්ඨාතබ්බා. ඉමෙ ඛො භික්ඛවෙ තයො ගිලානා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.
Sinhala BJTමහණෙනි, එහි ලා යම් ගිලනෙක් පථ්‍ය භෝජන නො ලබනු නො ව ලබනුයේ ම, පථ්‍ය බෙහෙත් නො ලබනු නො ව ලබනුයේ ම, නිසි උපස්ථායකයකු නො ලබනු නො ව ලබනුයේ ම, ඒ ආබාධයෙන් නැගේ ද, මහණෙනි, මේ ගිලනා පිණිස ගිලන් බත අනුදන්නා ලදී. ගිලන් බෙහෙත් අනුදන්නා ලදී. ගිලන් උවටෙක් අනුදන්නා ලද්දේ ය. මහණෙනි, මේ ගිලනා නිසා අන් ගිලන්නු ද උවටැන් කළයුත්තාහු වෙති. මහණෙනි, මේ වනාහි ලොව්හි විද්‍යමාන වූ ගිලන්නු තුන් දෙන වෙත්.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ තයොමෙ ගිලානූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො: ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො ලභන්තො වා තථාගතං දස්සනාය, අලභන්තො වා තථාගතං දස්සනාය, ලභන්තො වා තථාගතප්පවෙදිතං ධම්මවිනයං සවණාය, අලභන්තො වා තථාගතප්පවෙදිතං ධම්මවිනයං සවණාය, නෙවොක්කමති{1} නියාමං කුසලෙසු ධම්මෙසු සම්මත්තං.
Sinhala BJTමහණෙනි, එපරිද්දෙන් ම ලොව්හි මේ ගිලනුන් බඳු පුද්ගලයෝ තුන්දෙනෙක් විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් තථාගතයන් වහන්සේ දක්නට ලබන්නේ හෝ තථාගතයන් දක්නට නොලබන්නේ හෝ තථාගතයන් දෙසූ ධර්‍මවිනය අසන්නට ලබන්නේ හෝ තථාගතයන් දෙසූ ධර්‍මවිනය අසන්නට නොලබන්නේ හෝ කුශලධර්‍මවිෂයෙහි මාර්‍ගනියාම සඞ්ඛ්‍යාත සම්‍යක්ත්‍වයට නො පැමිණෙයි.
Pali BJTඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො ලභන්තො වා තථාගතං දස්සනාය, අලභන්තො වා තථාගතං දස්සනාය, ලභන්තො වා තථාගතප්පවෙදිතං ධම්මවිනයං සවණාය, අලභන්තො වා තථාගතප්පවෙදිතං ධම්මවිනයං සවනාය, වොක්කමති{2} නියාමං කුසලෙසු ධම්මෙසු සම්මත්තං.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් තථාගතයන් දක්නට ලබන්නේ හෝ තථාගතයන් දක්නට නො ලබන්නේ හෝ තථාගතයන් දෙසූ ධර්‍මවිනය අසන්නට ලබන්නේ හෝ තථාගතයන් දෙසූ ධර්‍මවිනය අසන්නට නොලබන්නේ හෝ කුශලධර්‍මයන් විෂයෙහි මාර්‍ගනියාම සඞ්ඛ්‍යාත සම්‍යක්ත්‍වයට පැමිණෙයි.
Pali BJTඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො ලභන්තො’ව{3} තථාගතං දස්සනාය, නො අලභන්තො, ලභන්තො’ව තථාගතප්පවෙදිතං ධම්මවිනයං සවණාය, නො අලභන්තො වොක්කමති{2} නියාමං කුසලෙසු ධම්මෙසු සම්මත්තං.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් තථාගතයන් දක්නට නොලබනු නොව ලබන්නේ ම, තථාගතයන් දෙසූ ධර්‍මවිනය අසන්නට නොලබනු නොව ලබන්නේ ම කුසලධර්‍මයන් විෂයෙහි මාර්‍ගනියාම සඞ්ඛ්‍යාත සම්‍යක්ත්‍වයට පැමිණෙයි.
Pali BJTතත්ර භික්ඛවෙ ය්වායං පුග්ගලො ලභන්තො’ව තථාගතං දස්සනාය, නො අලභන්තො, ලභන්තො’ව තථාගතප්පවෙදිතං ධම්මවිනයං සවණාය, නො අලභන්තො, වොක්කමති{2} නියාමං කුසලෙසු ධම්මෙසු සම්මත්තං. ඉමං ඛො භික්ඛවෙ පුග්ගලං පටිච්ච ධම්මදෙසනා අනුඤ්ඤාතා. ඉමඤ්ච පන භික්ඛවෙ පුග්ගලං පටිච්ච අඤ්ඤෙසම්පි ධම්මො දෙසෙතබ්බො. ඉමෙ ඛො භික්ඛවෙ තයො ගිලානූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, එහි ලා යම් පුද්ගලයෙක් තථාගතයන් දක්නට නොලබනු නොව ලබන්නේ ම, තථාගතයන් දෙසූ ධර්‍මවිනය අසන්නට නොලබනු නොව ලබන්නේ ම, කුශල ධර්‍මයන් විෂයෙහි මාර්‍ගනියාම සඞ්ඛ්‍යාත සම්‍යක්ත්‍වයට පැමිණේ ද, මේ පුඟුලා පිණිස ධර්‍මදේශනාව අනුදන්නා ලදු. මහණෙනි, මේ පුඟුලා පිණිස අනුන්ට ධර්‍මය දෙසිය යුතුයි. මහණෙනි, ලොව්හි ගිලනුන් උපමා කොට ඇති මේ පුද්ගලයෝ තුන් දෙන විද්‍යමාන වෙත්.
Pali BJT3. 1. 3. 3.
Sinhala BJT3. 1. 3. 3.
Pali BJT23. තයො’මෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො: ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො සබ්යාපජ්ඣං කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති, සබ්යාපජ්ඣං වචීසඞ්ඛාරං අභිසඞ්ඛරොති, සබ්යාපජ්ඣං මනොසඞ්ඛාරං අභිසඞ්ඛරොති. සො සබ්යාපජ්ඣං කායසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා සබ්යාපජ්ඣං වචීසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා සබ්යාපජ්ඣං මනොසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා සබ්යාපජ්ඣං ලොකං උපපජ්ජති. තමෙනං සබ්යාපජ්ඣං ලොකං උපපන්නං සමානං සබ්යාපජ්ඣා ඵස්සා ඵුසන්ති. සො සබ්යාපජ්ඣෙහි ඵස්සෙහි ඵුට්ඨො සමානො සබ්යාපජ්ඣං වෙදනං වෙදියති එකන්තදුක්ඛං, සෙය්යථාපි සත්තා නෙරයිකා.
Sinhala BJT23. මහණෙනි, මේ පුද්ගලයෝ තුන්දෙනෙක් ලොව්හි විද්‍යමාන වෙත්. කවර තුන් දෙනක යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුඟුලෙක් දුඃඛ සහිත (කායද්වාරයෙහි උපදනා චේතනා රාශිය යි කියන ලද) කායසංස්කාරය රැස් කෙරෙයි. දුඃඛ සහිත (වාග්ද්වාරයෙහි උපදනා චේතනා රාශිය යි කියන ලද) වාක්සංස්කාරය මුළු කෙරෙයි. දුඃඛ සහිත (මනෝද්වාරයෙහි උපදනා චේතනා රාශිය යි කියන ලද) මනඃසංස්කාරය පිඬු කෙරෙයි. හේ දුඃඛ සහිත කායසංස්කාරය රැස් කොට, දුඃඛ සහිත වාක්සංස්කාරය මුළු කොට, දුඃඛ සහිත මනඃසංස්කාරය පිඬු කොට දුඃඛ සහිත ලෝකයට පැමිණෙයි. දුඃඛ සහිත ලෝකයට පැමිණියා වූ ම ඔහු දුඃඛ සහිත ස්පර්‍ශයෝ පහස්නාහ. හේ දුඃඛ සහිත ස්පර්‍ශයන් විසින් පහස්නා ලදුයේ ම නිරිසතුන් සෙයින් ඒකාන්තයෙන් දුක් වූ සාබාධවිපාක වේදනාව විඳුනේ ය.
Pali BJTඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො අබ්යාපජ්ඣං කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති, අබ්යාපජ්ඣං වචීසඞ්ඛාරං අභිසඞ්ඛරොති, අබ්යාපජ්ඣං මනොසඞ්ඛාරං අභිසඞ්ඛරොති. සො අබ්යාපජ්ඣං කායසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා අබ්යාපජ්ඣං වචීසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා අබ්යාපජ්ඣං මනොසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා අබ්යාපජ්ඣං ලොකං උපපජ්ජති. තමෙනං අබ්යාපජ්ඣං ලොකං උපපන්නං සමානං අබ්යාපජ්ඣා ඵස්සා ඵුසන්ති. සො අබ්යාපජ්ඣෙහි ඵස්සෙහි ඵුට්ඨො සමානො අබ්යාපජ්ඣං වෙදනං වෙදියති එකන්තසුඛං, සෙය්යථාපි දෙවා සුභකිණ්හා.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් නිදුක් කායසංස්කාරය රැස් කෙරෙයි. නිදුක් වාක්සංස්කාරය රැස් කෙරෙයි. නිදුක් මනඃසංස්කාරය රැස් කෙරෙයි. හේ නිදුක් කායසංස්කාරය රැස් කොට, නිදුක් වාක්සංස්කාරය රැස් කොට නිදුක් මනඃසංස්කාරය රැස් කොට නිදුක් ලෝකයට පැමිණෙයි. නිදුක් ලොවට පැමිණියා වූ ම ඔහු නිදුක් ස්පර්‍ශයෝ පහස්නාහ. හේ නිදුක් ස්පර්‍ශයන් විසින් පහස්නා ලදුයේ ම සුභකිණ්ණ දෙවියන් සෙයින් නිදුක් ඒකාන්ත සුව ඇති විපාක වේදනාව විඳුනේ ය.
Pali BJTඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති, සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි වචීසඞ්ඛාරං අභිසඞ්ඛරොති, සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි මනොසඞ්ඛාරං අභිසඞ්ඛරොති. සො සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි කායසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි වචීසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි මනොසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි ලොකං උපපජ්ජති. තමෙනං සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි ලොකං උපපන්නං සමානං සබ්යාපජ්ඣාපි අබ්යාපජ්ඣාපි ඵස්සා ඵුසන්ති. සො සබ්යාපජ්ඣෙහිපි අබ්යාපජ්ඣෙහිපි ඵස්සෙහි ඵුට්ඨො සමානො සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි වෙදනං වෙදියති වොකිණ්ණසුඛදුක්ඛං, සෙය්යථාපි මනුස්සා, එකච්චෙ ච දෙවා, එකච්චෙ ච විනිපාතිකා. ඉමෙ ඛො භික්ඛවෙ තයො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් දුඃඛ සහිත වූ ද, දුඃඛ රහිත වූ ද කායසංස්කාරය රැස් කෙරෙයි. දුඃඛ සහිත වූ ද දුඃඛ රහිත වූ ද වාක්සංස්කාරය රැස් කෙරෙයි. දුඃඛ සහිත වූ ද දුඃඛ රහිත වූ ද මනඃසංස්කාරය රැස් කෙරෙයි. දුඃඛ සහිත වූ ද දුඃඛ රහිත වූ ද කායසංස්කාරය රැස් කොට දුඃඛ සහිත වූ ද දුඃඛ රහිත වූ ද වාක්සංස්කාරය රැස් කොට, දුඃඛ සහිත වූ ද දුඃඛ රහිත වූ ද මනඃසංස්කාරය රැස් කොට දුඃඛ සහිත වූ ද දුඃඛ රහිත වූ ද ලෝකයට පැමිණෙයි. දුඃඛ සහිත වූ ද දුඃඛ රහිත වූ ද ලෝකයට පැමිණියා වූ ම ඔහු දුඃඛ සහිත වූ ද දුඃඛ රහිත වූ ද ස්පර්‍ශයෝ පහස්නාහ. දුඃඛ සහිත වූ ද දුඃඛ රහිත වූ ද ස්පර්‍ශයන් විසින් පහස්නා ලදුයේ ම හේ __ඇතැම් මිනිසුන් හා ඇතැම් __විනිපාත දෙවියන්__ සෙයින්__{1} දුඃඛ සහිත වූ ද දුඃඛ රහිත වූ ද සුවදුක් මුසු වූ වේදනාව විඳුනේ ය. මහණෙනි, මේ පුද්ගලයෝ තිදෙන ලොව්හි විද්‍යමාන වෙති.
Pali BJT3. 1. 3. 4.
Sinhala BJT3. 1. 3. 4.
Pali BJT24. තයො’මෙ භික්ඛවෙ පුග්ගලා පුග්ගලස්ස බහුකාරා. කතමෙ තයො: යං භික්ඛවෙ පුග්ගලං ආගම්ම පුග්ගලො බුද්ධං සරණං ගතො හොති, ධම්මං සරණං ගතො හොති, සඞ්ඝං සරණං ගතො හොති. අයං භික්ඛවෙ පුග්ගලො ඉමස්ස පුග්ගලස්ස බහුකාරො.
Sinhala BJT24. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් පුද්ගලයක්හට බොහෝ වහල් වෙති. කවර තුන් දෙනෙක යත්: මහණෙනි, යම් පුඟුලකු වෙත පැමිණ පුද්ගල තෙමේ බුදුන් සරණ ගියා වේ ද, දහම් සරණ ගියා වේ ද, සඟුන් සරණ ගියා වේ ද, මහණෙනි, මේ ඇදුරු පුද්ගල තෙමේ මේ අතැවැසි පුද්ගලයාහට බොහෝ වහල් වෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ යං පුග්ගලං ආගම්ම පුග්ගලො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. අයං භික්ඛවෙ පුග්ගලො ඉමස්ස පුග්ගලස්ස බහුකාරො.
Sinhala BJTතවද මහණෙනි, යම් පුද්ගලයකු වෙත පැමිණ පුද්ගල තෙමේ ‘මේ දුකැ’යි තත් වූ පරිද්දෙන් දන්නේ වේ ද, ‘මේ දුක් ඉපැදීමෙහි හේතුය’යි තත් වූ පරිද්දෙන් දන්නේ වේ ද, ‘මේ දුක් නැති කිරීමැ’යි තත් වූ පරිද්දෙන් දන්නේ වේ ද, ‘මේ දුක් නැති කරණු පිණිස යන ප්‍රතිපදාය’ යි තත් වූ පරිද්දෙන් දන්නේ වේ ද, මහණෙනි, මේ ඇදුරු පුද්ගල තෙමේ මේ අතැවැසි පුද්ගලයාහට බොහෝ වහල් වෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ යං පුග්ගලං ආගම්ම පුග්ගලො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති; අයං භික්ඛවෙ පුග්ගලො ඉමස්ස පුග්ගලස්ස බහුකාරො. ඉමෙ ඛො භික්ඛවෙ තයො පුග්ගලා පුග්ගලස්ස බහුකාරා.
Sinhala BJTතවද මහණෙනි, යම් පුද්ගලයකු වෙත පැමිණි පුද්ගල තෙමේ ආස්‍රවයන්ගේ ක්‍ෂයහේතුයෙන් අනාස්‍රව වූ ඵලසමාධිය ද ඵලප්‍රඥාව ද ඉහාත්මයෙහි ම තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට උපයා ගෙණ වාසය කරන්නේ වේ ද, මහණෙනි, මේ ඇදුරු පුද්ගල තෙමේ මේ අතැවැසි පුද්ගලයාහට බොහෝ උපකාරවත් ෙවේ. මහණෙනි, මේ ඇදුරු පුද්ගලයෝ තුන් දෙන මේ අතැවැසි පුද්ගලයාහට බොහෝ උපකාරවත් වෙති.
Pali BJTඉමෙහි ච පන භික්ඛවෙ තීහි පුග්ගලෙහි ඉමස්ස පුග්ගලස්ස නත්ථඤ්ඤො පුග්ගලො බහුකාරතරොති වදාමි. ඉමෙසඤ්ච භික්ඛවෙ තිණ්ණං පුග්ගලානං ඉමිනා පුග්ගලෙන න සුප්පතිකාරං වදාමි, යදිදං අභිවාදන පච්චුට්ඨාන අඤ්ජලිකම්ම සාමීචිකම්ම චීවරපිණ්ඩපාතසෙනාසන ගිලානපච්චය භෙසජ්ජපරික්ඛාරානුප්පදානෙනාති.
Sinhala BJTමහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනාට වඩා මේ අතැවැසි පුද්ගලයාට උපකාර ඇති අනෙක් පුද්ගලයෙක් නැතියි කියමි. මහණෙනි, මේ පුද්ගලයන් තුන් දෙනාහට මේ (අතැවැසි) පුඟුලා විසින් මනා සේ ප්‍රත්‍යුපකාර කිරීම සුකර නො වෙති යි කියමි. හේ කිමෙකින: වැඳීම ය, දැක හුනස්නෙන් නැගී සිටීම ය, ඇඳිලි කිරීම ය, උවසර කිරීම ය, චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපච්චය හා බෙහෙත් පිරිකර දීමය යන මෙයිනි.
Pali BJT3. 1. 3. 5.
Sinhala BJT3. 1. 3. 5.
Pali BJT25. තයො’මෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො: අරුකූපමචිත්තො පුග්ගලො, විජ්ජූපමචිත්තො{1} පුග්ගලො, වජිරූපමචිත්තො{2} පුග්ගලො.
Sinhala BJT25. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලොව්හි විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක යත්: පැරැණි වණයක් බඳු සිත් ඇති පුද්ගලය, විදුලිය බඳු සිත් ඇති පුද්ගලය, විදුරක් බඳු සිත් ඇති පුද්ගල යි.
Pali BJTකතමො ච භික්ඛවෙ අරුකූපමචිත්තො පුග්ගලො: ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො කොධනො හොති උපායාසබහුලො, අප්පම්පි වුත්තො සමානො අභිසජ්ජති, කුප්පති, බ්යාපජ්ජති, පතිත්ථියති, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. සෙය්යථාපි{3} භික්ඛවෙ දුට්ඨාරුකා{4} කට්ඨෙන වා කඨලෙන{5} වා ඝට්ටිතා{6} භිය්යොසොමත්තාය අස්සන්දති;{7} එවමෙව ඛො භික්ඛවෙ ඉධෙකච්චො පුග්ගලො කොධනො හොති උපායාසබහුලො අප්පම්පි වුත්තො සමානො අභිසජ්ජති, කුප්පති, බ්යාපජ්ජති, පතිත්ථියති, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. අයං වුච්චති භික්ඛවෙ අරුකූපමචිත්තො පුග්ගලො.
Sinhala BJTමහණෙනි, පැරැණි වණයක් බඳු සිත් ඇති පුද්ගල කවරේය යත්: මහණෙනි, මෙලොව්හි කිසි පුඟුලෙක් කිපෙන සුලු වෙයි, දැඩි ආයාස බහුල කොට ඇත්තේ වෙයි, මඳකුදු කියනු ලැබුයේ ම ලැගෙයි, කිපෙයි, ප්‍රකෘතිය පියයි, තද ව සිටී, කෝපයත් ද්වේෂයත් නොසතුටත් පහළ කෙරෙයි. මහණෙනි, යම් පරිදි දඬුකඩෙකින් හෝ කැබිලිත්තෙකින් හෝ ගටනා ලද පැරැණි වණයක් වෙසෙසින් (ලෙ සැරව) වගුරුවා ද, මහණෙනි, එපරිද්දෙන් ම මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් කිපෙන සුලු වෙයි. දැඩි ආයාස බහුල කොට ඇත්තේ වෙයි. මඳකුදු කියනු ලැබුයේ ම ලැගෙයි, කිපෙයි, ප්‍රකෘතිය අත් හරියි, තදව සිටී, කෝපයත් ද්වේෂයත් නොසතුටක් පහළ කෙරෙයි. මහණෙනි, මෙ පැරැණි වණයක් බඳු සිත් ඇති පුද්ගලයා යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ විජ්ජූපමචිත්තො පුග්ගලො: ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. සෙය්යථාපි භික්ඛවෙ චක්ඛුමා පුරිසො රත්තන්ධකාරතිමිසායං විජ්ජන්තරිකාය රූපානි පස්සෙය්ය, එවමෙව ඛො භික්ඛවෙ ඉධෙකච්චො පුග්ගලො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති, යථාභූතං පජානාති. අයං වුච්චති භික්ඛවෙ විජ්ජූපමචිත්තො පුග්ගලො.
Sinhala BJTමහණෙනි, විදුලිය බඳු සිත් ඇති පුද්ගල කවරේය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් “මේ දුකැ” යි තත් වූ පරිද්දෙන් දනී. “මේ දුක් උපදනා හේතු ය” යි තත් වූ පරිද්දෙන් දනී. “මේ දුක් නැති කිරීම ය” යි තත් වූ පරිද්දෙන් දනී. “මේ දුක් නැති කරණු පිණිස යන පිළිවෙත ය” යි තත් වූ පරිද්දෙන් දනී. මහණෙනි, යම් පරිදි ඇස් ඇති පුරුෂයෙක් ගණඳුරු රැයෙහි විදුලිය පවත්නා අතුරෙහි රූ දක්නේ වේ ද, මහණෙනි, එපරිදි මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් “මේ දුකැ” යි තත් වූ පරිද්දෙන් දනී. ... ‘මේ දුක් නැති කරණ පිළිවෙතැ’ යි තත් වූ පරිද්දෙන් දනී. මහණෙනි, විදුලිය බඳු සිත් ඇති පුද්ගලයා යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ වජිරූපමචිත්තො පුග්ගලො: ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. සෙය්යථාපි භික්ඛවෙ වජිරස්ස නත්ථි කිඤ්චි අභෙජ්ජං, මණි වා පාසාණො වා. එවමෙව ඛො භික්ඛවෙ ඉධෙකච්චො පුග්ගලො ආසවානං ඛයා -පෙ- සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ වජිරූපමචිත්තො පුග්ගලො. ඉමෙ ඛො භික්ඛවෙ තයො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, විදුර බඳු සිත් ඇති පුද්ගල කවරේය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් අනාස්‍රව වූ ඵලසමාධිය ද ඵලප්‍රඥාව ද ඉහාත්මයෙහි ම තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඇටි ඇටි සඳ සමවැද වෙසෙයි. මහණෙනි, යම් පරිදි මිණෙක් වේවයි, පහණෙක් වේවයි, විදුර විසින් නොබිඳලියහෙන දැයෙක් නැද්ද, මහණෙනි, එපරිද්දෙන් ම මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් ආස්‍රවක්‍ෂයන් ... ප්‍රත්‍යක්‍ෂ කොට උපයා වෙසෙයි. මහණෙනි, මෙ විදුර බඳු සිත් ඇති පුද්ගලයා යි කියනු ලැබේ. මහණෙනි, මේ වනාහි ලෝකයෙහි විද්‍යමාන වන පුද්ගලයෝ තුන් දෙන වෙත්.
Pali BJT3. 1. 3. 6.
Sinhala BJT3. 1. 3. 6.
Pali BJT26. තයො’මෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො: අත්ථි භික්ඛවෙ පුග්ගලො න සෙවිතබ්බො න භජිතබ්බො න පයිරුපාසිතබ්බො. අත්ථි භික්ඛවෙ පුග්ගලො සෙවිතබ්බො භජිතබ්බො පයිරුපාසිතබ්බො. අත්ථි භික්ඛවෙ පුග්ගලො සක්කත්වා ගරුකත්වා සෙවිතබ්බො භජිතබ්බො පයිරුපාසිතබ්බො.
Sinhala BJT26. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලොව්හි විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක යත්: මහණෙනි, නො එළඹියයුතු නො ඇලියයුතු පුනපුනා නො එළඹියයුතු පුද්ගලයෙක් ඇත. මහණෙනි, සේවනය කටයුතු භජනය කටයුතු පර්‍ය්‍යුපාසනය කටයුතු පුද්ගලයෙක් ඇත. මහණෙනි, සත්කාර කොට ගුරුකාර කොට සේවනය කටයුතු පර්‍ය්‍යුපාසනය කටයුතු පුද්ගලයෙක් ඇත.
Pali BJTකතමො ච භික්ඛවෙ පුග්ගලො න සෙවිතබ්බො න භජිතබ්බො න පයිරුපාසිතබ්බො: ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො හීනො හොති සීලෙන සමාධිනා පඤ්ඤාය. එවරූපො භික්ඛවෙ පුග්ගලො න සෙවිතබ්බො න භජිතබ්බො න පයිරුපාසිතබ්බො අඤ්ඤත්ර අනුද්දයාය{1} අඤ්ඤත්ර අනුකම්පාය.
Sinhala BJTමහණෙනි, සේවනය නො කටයුතු භජනය නො කටයුතු පර්‍ය්‍යුපාසනය නො කටයුතු පුද්ගලයා කවරේය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් ශීලයෙන් සමාධියෙන් ප්‍රඥායෙන් (තමහට) හීන වේ ද, මහණෙනි, මෙබඳු පුද්ගල සේවනය නො කටයුතුය. භජනය නො කටයුතුය. පර්‍ය්‍යුපාසනය නො කටයුතුය. දයාව හැරයි, අනුකම්පාව හැරයි.
Pali BJTකතමො ච භික්ඛවෙ පුග්ගලො සෙවිතබ්බො භජිතබ්බො පයිරුපාසිතබ්බො: ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො සදිසො හොති සීලෙන සමාධිනා පඤ්ඤාය. එවරූපො භික්ඛවෙ පුග්ගලො සෙවිතබ්බො, භජිතබ්බො, පයිරුපාසිතබ්බො. තං කිස්ස හෙතු: සීලසාමඤ්ඤගතානං සතං සීලකථා ච නො භවිස්සති, සා ච නො පවත්තනී{2} භවිස්සති. සා ච නො ඵාසු භවිස්සති. සමාධිසාමඤ්ඤගතානං සතං සමාධිකථා ච නො භවිස්සති, සා ච නො පවත්තනී{2} භවිස්සති, සා ච නො ඵාසු භවිස්සති. පඤ්ඤාසාමඤ්ඤගතානං සතං පඤ්ඤාකථා ච නො භවිස්සති, සා ච නො පවත්තනී{2} භවිස්සති, සා ච නො ඵාසු භවිස්සතීති. තස්මා එවරූපො පුග්ගලො සෙවිතබ්බො භජිතබ්බො පයිරුපාසිතබ්බො.
Sinhala BJTමහණෙනි, සේවනය කටයුතු, භජනය කටයුතු, පර්‍ය්‍යුපාසනය කටයුතු පුද්ගල කවරේය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් ශීලයෙන් සමාධියෙන් ප්‍රඥායෙන් (තමහට) සමාන වේ ද, මහණෙනි, මෙබඳු පුද්ගල සේවනය කටයුතුය. භජනය කටයුතුය. පර්‍ය්‍යුපාසනය කටයුතු ය. ඒ කවර හෙයින යත්: ශීලයෙන් සමාන බවට ගියා වූ ම අපගේ ශීල කථාව ද වෙයි, අපගේ ඒ කථාව ද පවත්නී වෙයි, ඒ කථාව අපට පහසු ද වෙයි. සමාධියෙන් සමාන බවට ගියා වූ ම අපගේ සමාධිකථාව ද වෙයි, එය අපගේ පවත්නා කථාව ද වෙයි, ඒ කථාව අපට පහසු ද වෙයි. ප්‍රඥායෙන් සමාන බවට ගියා වූ ම අපගේ ප්‍රඥාකථාව ද වෙයි, එය අපගේ පවත්නා කථාව ද වෙයි, ඒ කථාව අපට පහසු ද වෙයි. එහෙයින් මෙබඳු වූ පුද්ගල සේවනය කටයුත්තේ ය. භජනය කටයුත්තේ ය. පර්‍ය්‍යුපාසනය කටයුත්තේ ය.
Pali BJTකතමො ච භික්ඛවෙ පුග්ගලො සක්කත්වා ගරුකත්වා සෙවිතබ්බො භජිතබ්බො පයිරුපාසිතබ්බො: ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො අධිකො හොති සීලෙන සමාධිනා පඤ්ඤාය. එවරූපො භික්ඛවෙ පුග්ගලො සක්කත්වා ගරුකත්වා සෙවිතබ්බො භජිතබ්බො පයිරුපාසිතබ්බො. තං කිස්ස හෙතු: ඉති අපරිපූරං වා සීලක්ඛන්ධං පරිපූරෙස්සාමි, පරිපූරං වා සීලක්ඛන්ධං තත්ථ තත්ථ පඤ්ඤාය අනුග්ගහෙස්සාමි. අපරිපූරං වා සමාධික්ඛන්ධං පරිපූරෙස්සාමි, පරිපූරං වා සමාධික්ඛන්ධං තත්ථ තත්ථ පඤ්ඤාය අනුග්ගහෙස්සාමි. අපරිපූරං වා පඤ්ඤාක්ඛන්ධං පරිපූරෙස්සාමි, පරිපූරං වා පඤ්ඤාක්ඛන්ධං තත්ථ තත්ථ පඤ්ඤාය අනුග්ගහෙස්සාමීති. තස්මා එවරූපො පුග්ගලො සක්කත්වා ගරුකත්වා සෙවිතබ්බො භජිතබ්බො පයිරුපාසිතබ්බො. ඉමෙ ඛො භික්ඛවෙ තයො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, කවර පුද්ගලයෙක් සත්කාර කොට ගුරුකාර කොට සේවනය කටයුත්තේ වේ ද, භජනය කටයුත්තේ වේ ද, පර්‍ය්‍යුපාසනය කටයුත්තේ වේ ද: මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් ශීලයෙන් සමාධියෙන් ප්‍රඥායෙන් (තමහට) වැඩි තරම් වේ ද, මහණෙනි, මෙබඳු වූ පුද්ගල සත්කාර කොට ගුරුකාර කොට සේවනය කටයුත්තේය. භජනය කටයුත්තේ ය. පර්‍ය්‍යුපාසනය කටයුත්තේය. ඒ කවර හෙයින යත්: මෙසේ නො පිරිපුන් හෝ සිල්කඳ පුරමි. පිරිපුන් හෝ සිල්කඳ ඒ ඒ තන්හි ප්‍රඥායෙන් අනුගන්මි. නො පිරිපුන් හෝ සමාධිස්කන්‍ධය පුරමි. පිරිපුන් හෝ සමාධිස්කන්‍ධය ඒ ඒ තන්හි ප්‍රඥායෙන් අනුගන්මි. නො පිරිපුන් හෝ ප්‍රඥාස්කන්‍ධය පුරමි. පිරිපුන් හෝ ප්‍රඥාස්කන්‍ධය ඒ ඒ තන්හි ප්‍රඥායෙන් අනුගන්මි. එහෙයින් මෙබඳු වූ පුද්ගල සත්කාර කොට ගරුකාර කොට සේවනය කටයුත්තේ ය. භජනය කටයුත්තේය. පර්‍ය්‍යුපාසනය කටයුත්තේය. මහණෙනි, මේ පුද්ගලයෝ තිදෙනා ලෝකයෙහි විද්‍යමාන වෙති.
Pali BJT1. නිහීයති පුරිසො නිහීනසෙවී න ච හායෙථ කදාචි තුල්යසෙවී, සෙට්ඨමුපනමං උදෙති ඛිප්පං තස්මා අත්තනො උත්තරිං භජෙථාති.
Sinhala BJT1. තමනට වඩා (ගුණයෙන්) හීනයන් සෙවුනා පුරුෂ පිරිහෙයි. තමන් හා (ගුණයෙන්) සමාන පුඟුලන් සෙවුනා පුරුෂ කිසි කලෙකත් නො පිරිහෙයි. තමනට වඩා (ගුණයෙන්) වැඩුනවුන් වෙත නැමෙන්නේ වහා වැඩෙයි. එහෙයින් තමනට වඩා (ගුණයෙන්) වැඩිතැනැත්තකු භජනය කරන්නේ ය.
Pali BJT3. 1. 3. 7.
Sinhala BJT3. 1. 3. 7.
Pali BJT27. තයො’මෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො: අත්ථි භික්ඛවෙ පුග්ගලො ජිගුච්ඡිතබ්බො, න සෙවිතබ්බො, න භජිතබ්බො, න පයිරුපාසිතබ්බො. අත්ථි භික්ඛවෙ පුග්ගලො අජ්ඣුපෙක්ඛිතබ්බො, න සෙවිතබ්බො, න භජිතබ්බො, න පයිරුපාසිතබ්බො. අත්ථි භික්ඛවෙ පුග්ගලො සෙවිතබ්බො, භජිතබ්බො, පයිරුපාසිතබ්බො.
Sinhala BJT27. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලෝකයෙහි ඇත. කවර තුන් දෙනෙක යත්: මහණෙනි, පිළිකුල් කටයුතු වූ නොසෙවිය යුතු වූ භජනය නොකටයුතු වූ පර්‍ය්‍යුපාසනය නොකටයුතු වූ පුඟුලෙක් ඇත. මහණෙනි, මැදහත්ව දැක්කයුතු, නො සෙවියයුතු භජනය නොකටයුතු පර්‍ය්‍යුපාසනය නොකටයුතු පුඟුලෙක් ඇත. මහණෙනි, සේවනය කටයුතු භජනය කටයුතු පර්‍ය්‍යුපාසනය කටයුතු පුඟුලෙක් ඇත.
Pali BJTකතමො ච භික්ඛවෙ පුග්ගලො ජිගුච්ඡිතබ්බො, න සෙවිතබ්බො, න භජිතබ්බො, න පයිරුපාසිතබ්බො: ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො දුස්සීලො හොති පාපධම්මො අසුචි සංකස්සරසමාචාරො පටිච්ඡන්නකම්මන්තො අස්සමණො සමණපටිඤ්ඤො අබ්රහ්මචාරී බ්රහ්මචාරීපටිඤ්ඤො අන්තොපූති අවස්සුතො කසම්බුජාතො. එවරූපො භික්ඛවෙ පුග්ගලො ජිගුච්ඡිතබ්බො, න සෙවිතබ්බො, න භජිතබ්බො න පයිරුපාසිතබ්බො. තං කිස්ස හෙතු: කිඤ්චාපි භික්ඛවෙ එවරූපස්ස පුග්ගලස්ස න දිට්ඨානුගතිං ආපජ්ජති, අථ ඛො නං පාපකො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති පාපමිත්තො පුරිසපුග්ගලො පාපසහායො පාපසම්පවඞ්කොති. සෙය්යථාපි භික්ඛවෙ අහි ගූථගතො, කිඤ්චාපි න දංසති, අථ නං මක්ඛෙති. එවමෙව ඛො භික්ඛවෙ කිඤ්චාපි එවරූපස්ස පුග්ගලස්ස න දිට්ඨානුගතිං ආපජ්ජති, අථ ඛො නං පාපකො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති පාපමිත්තො පුරිසපුග්ගලො පාපසහායො පාපසම්පවඞ්කොති. තස්මා එවරූපො පුග්ගලො ජිගුච්ඡිතබ්බො, න සෙවිතබ්බො, න භජිතබ්බො, න පයිරුපාසිතබ්බො.
Sinhala BJTමහණෙනි, ගැරැහිය යුතු නො සෙවියයුතු නො ඇලියයුතු පුනපුනා නො එළඹිය යුතු පුද්ගල කවරේය යත්: මහණෙනි, මේ ලෝකයෙහි කිසි පුද්ගලයෙක් දුශ්ශීල වූ පාපකස්වභාව ඇති අපවිත්‍ර වූ සැකෙන් සිහි කළයුතු හැසිරීම් ඇති පිළිසන්කමත් ඇති ශ්‍රමණප්‍රතිරූපක වූ, ශ්‍රමණයෙමී, පිළින කරණ, බ්‍රහ්මචාරී ප්‍රතිරූපක වූ, බ්‍රහ්මචාරීමී පිළින කරන, ඇතුළත දුගඳ වූ කෙලෙසුන් විසින් තෙත් වූ හටගත් කෙලෙස් කසළ ඇතියේ වේ ද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙමේ පිළිකුල් කටයුතු නො සෙවියයුතු භජනය නො කටයුතු පර්‍ය්‍යුපාසනය නො කටයුතු වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙබඳු පුද්ගලයාගේ දෘෂ්ටානුගතියට නොයතුදු වැළිත් “පවිටු මිතුරන් ඇති පවිටුන් සහාය කොට ඇති පවිටුන් කෙරෙහි නැමෙන පුරුෂ පුද්ගලයෙකැ”යි ඔහුගේ ලාමක වූ කීර්ති ශබ්දය (අපකීර්තිය) උස්ව නගියි. මහණෙනි, අසුචියෙන් වැකුනු සර්‍පයා නොඩහතත් වැලි ඔහු (අසූචියෙන්) යම්සේ තවරා ද, මහණෙනි, එමෙන් ම මෙබඳු පුඟුලාගේ දෘෂ්ටානුගතියට නොපැමිණිය ද වැලි “මේ පුරුෂපුද්ගල පාපමිත්‍රයන් ඇතියෙක, පාප යහළුවන් ඇතියෙක, පාපයන් කෙරෙහි නැමුනෙකැ”යි ඔහුගේ අපකීර්ති ශබ්දය උස්ව නැඟෙයි. එහෙයින් මෙ බඳු වූ පුද්ගල පිළිකුල් කටයුතු වෙයි. සේවනය නොකටයුතු වෙයි. භජනය නොකටයුතු වෙයි. පර්‍ය්‍යුපාසනය නොකටයුතු වේ.
Pali BJTකතමො ච භික්ඛවෙ පුග්ගලො අජ්ඣුපෙක්ඛිතබ්බො, න සෙවිතබ්බො, න භජිතබ්බො, න පයිරුපාසිතබ්බො: ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො කොධනො හොති -පෙ- සෙය්යථාපි භික්ඛවෙ දුට්ඨාරුකා{1} කට්ඨෙන වා කඨලෙන වා ඝට්ටිතා{2} භිය්යොසොමත්තාය අස්සන්දති.{3} එවමෙව ඛො භික්ඛවෙ -පෙ- සෙය්යථාපි භික්ඛවෙ තින්දුකාලාතං කට්ඨෙන වා කඨලෙන{4} වා ඝට්ටිතං භිය්යොසොමත්තාය චිච්චිටායති, චිටිචිටායති. එවමෙව ඛො භික්ඛවෙ -පෙ- ගූථකූපො කට්ඨෙන වා කඨලෙන{4} වා ඝට්ටිතො භිය්යොසොමත්තාය දුග්ගන්ධො හොති. එවමෙව ඛො භික්ඛවෙ ඉධෙකච්චො පුග්ගලො කොධනො හොති, උපායාසබහුලො, අප්පම්පි වුත්තො සමානො අභිසජ්ජති, කුප්පති, ව්යාපජ්ජති, පතිත්ථියති, කොපඤ්ච දොසඤ්ච අපච්චයඤ්ච පාතුකරොති, එවරූපො භික්ඛවෙ පුග්ගලො අජ්ඣුපෙක්ඛිතබ්බො, න සෙවිතබ්බො, න භජිතබ්බො, න පයිරුපාසිතබ්බො. තං කිස්ස හෙතු: අක්කොසෙය්යාථාපි මං, පරිභාසෙය්යාථාපි මං, අනත්ථම්පි මං කරෙය්යාති. තස්මා එවරූපො පුග්ගලො අජ්ඣුපෙක්ඛිතබ්බො, න සෙවිතබ්බො, න භජිතබ්බො, න පයිරුපාසිතබ්බො.
Sinhala BJTමහණෙනි, මැදහත් සේ දැක්කයුතු සේවනය නොකටයුතු භජනය නොකටයුතු පර්‍ය්‍යුපාසනය නොකටයුතු පුද්ගල කවරේය යත්: මහණෙනි, මේ ලෝකයෙහි කිසි පුඟුලෙක් කිපෙනසුලු වූයේ වේ ද ... මහණෙනි, යම් පරිදි දඬුකඩෙකින් හෝ කැබිලිත්තෙකින් හෝ ගටනු ලැබූ පැරැණි වණෙක් යම් සේ වෙසෙසින් ලේ සැරව වගුරුවා ද, මහණෙනි, එසේ ම ... මහණෙනි, යම් පරිදි දඬුකඩෙකින් හෝ කැබිලිත්තෙකින් හෝ ගටනු ලැබූ තිඹිරිගිනිපෙණෙහෙල්ල වැඩිපමණින් “චිටි චිටි” යන අනුකරණ පවත්වා ද, මහණෙනි, එපරිද්දෙන් ම දඬුකඩෙකින් හෝ කැබිලිත්තෙකින් හෝ ගටනු ලැබූ අශුචිවළ යම්සේ වෙසෙසින් දුගඳ වහනය කෙරේ ද, මහණෙනි, එපරිද්දෙන් ම මේ ලෝකයෙහි කිසි පුද්ගලයෙක් දැඩි ආයාසබහුල කොට ඇත්තේ මඳකුත් කියන ලද්දේ එහි ගැටේ ද, කිපේ ද, තදව සිටුනේ වේ ද, කෝපයත් ද්වේෂයත් නොසතුටත් පහළ කෙරේ ද, මහණෙනි, මෙබඳු පුද්ගල මැදහත් සේ දැක්ක යුත්තේ ය. සේවනය නොකට යුත්තේ ය. භජනය නොකට යුත්තේ ය. පර්‍ය්‍යුපාසනය නොකට යුත්තේ ය. කවර හෙයින යත්: වැලි මා හැවියහෙන්නේය, වැලි මට අසභ්‍ය බණනේය, මට අනර්‍ත්‍ථ ද කරන්නේය කියායි. එබැවින් මෙබඳු පුද්ගල මැදහත් සේ දැක්ක යුත්තේ ය. සේවනය නොකට යුත්තේ ය. භජනය නොකට යුත්තේ ය. පර්‍ය්‍යුපාසනය නොකට යුත්තේ ය.
Pali BJTකතමො ච භික්ඛවෙ පුග්ගලො සෙවිතබ්බො, භජිතබ්බො, පයිරුපාසිතබ්බො: ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො සීලවා හොති කල්යාණධම්මො. එවරූපො භික්ඛවෙ පුග්ගලො සෙවිතබ්බො, භජිතබ්බො, පයිරුපාසිතබ්බො. තං කිස්ස හෙතු: කිඤ්චාපි භික්ඛවෙ එවරූපස්ස පුග්ගලස්ස න දිට්ඨානුගතිං ආපජ්ජති. අථ ඛො නං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති: “කල්යාණමිත්තො පුරිසපුග්ගලො, කල්යාණසහායො, කල්යාණසම්පවඞ්කො”ති. තස්මා එවරූපො පුග්ගලො සෙවිතබ්බො, භජිතබ්බො, පයිරුපාසිතබ්බො. ඉමෙ ඛො භික්ඛවෙ තයො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, කවර පුද්ගලයෙක් සේවනය කටයුතු වේ ද, භජනය කටයුතු වේ ද, පර්‍ය්‍යුපාසනය කටයුතු වේ ද: මහණෙනි, මේ ලොව්හි කිසි පුද්ගලයෙක් කලණ දහම් ඇත්තේ සිල්වත් වෙයි. මහණෙනි, මෙබඳු පුද්ගල සේවනය කටයුත්තේ ය, භජනය කට යුත්තේ ය, පර්‍ය්‍යුපාසනය කට යුත්තේ ය. ඒ කවර හෙයින් යත්: මහණෙනි, මෙබඳු පුද්ගලයාගේ දෘෂ්ටානුගතියට නොයතත් වැලි “මේ පුරුෂ පුද්ගල කලණ මිතුරන් ඇතියෙක, කලණ යහළුවන් ඇතියෙක, කලණ මිතුරන් කෙරෙහි නැමුනෙකැ” යි මෙසේ ඔහු ලකුණු කොට කලණ යස ගී උස්ව නැඟෙයි. එහෙයින් මෙබඳු පුද්ගල සේවනය කටයුත්තේ ය, භජනය කටයුත්තේ ය, පර්‍ය්‍යුපාසනය කටයුත්තේ ය. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙන ලෝකයෙහි විද්‍යමාන වෙත්.
Pali BJT2. නිහීයති පුරිසො නිහීනසෙවී න ච හායෙථ කදාචි තුල්යසෙවී, සෙට්ඨමුපනමං උදෙති ඛිප්පං තස්මා අත්තනො උත්තරිං භජෙථාති.
Sinhala BJT2. තමහට වඩා (ගුණයෙන්) හීනයන් සෙවුනා පුරුෂ පිරිහෙයි. තමන් හා (ගුණයෙන්) සමාන පුඟුලන් සෙවුනා පුරුෂ කිසිකලෙකත් නො පිරිහෙන්නේ ය. තමනට වඩා (ගුණයෙන්) වැඩුනවුන් වෙත නැමෙන්නේ වහා වැඩෙයි. එහෙයින් තමනට වඩා (ගුණයෙන්) වැඩි තැනැත්තකු භජනය කරන්නේ යි.
Pali BJT3. 1. 3. 8.
Sinhala BJT3. 1. 3. 8.
Pali BJT28. තයො’මෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො: ගූථභාණී පුප්ඵභාණී මධුභාණී.
Sinhala BJT28. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලොව්හි විද්‍යමාන වෙති. කවර තුන් දෙනෙක යත්: ගුථභාණීය, පුප්ඵභාණීය, මධුභාණීය යන මොහුයි.
Pali BJTකතමො ච භික්ඛවෙ පුග්ගලො ගූථභාණී: ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො සභග්ගතො{1} වා පරිසග්ගතො{2} වා ඤාතිමජ්ඣගතො වා පූගමජ්ඣගතො වා රාජකුලමජ්ඣගතො වා අභිනීතො සක්ඛිපුට්ඨො “එහම්භො{3} පුරිස යං ජානාසි, තං වදෙහී”ති. සො අජානං වා ආහ, “ජානාමී”ති. ජානං වා ආහ, “න ජානාමී”ති. අපස්සං වා ආහ, “පස්සාමී”ති පස්සං වා ආහ, “න පස්සාමී”ති. ඉති අත්තහෙතු වා පරහෙතු වා ආමිසකිඤ්චික්ඛහෙතු වා සම්පජානමුසා භාසිතා හොති. අයං වුච්චති භික්ඛවෙ පුග්ගලො ගූථභාණී.
Sinhala BJTමහණෙනි, ගුථභාණී පුද්ගල තෙමේ කවරේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් සභාවට ගියේ හෝ ගම්පිරිසට ගියේ හෝ නෑයන් මැදට ගියේ හෝ සේණි මැදට ගියේ හෝ රජකුලන් මැදට ගියේ හෝ “එම්බා, පුරුෂය, එව, යමක් දනිහි නම් එය කියව” යි පිළිවිසීමට හමියට කැඳවන ලද්දේ සාක්‍ෂි කොට පුළුවුස්නා ලද්දේ නොදන්නේ හෝ ‘දන්මි’යි කියයි. දන්නේ හෝ ‘නො දන්මි’ යි කියයි. නො දක්නේ හෝ ‘දක්මි’ යි කියයි. දක්නේ හෝ ‘නො දක්මි’යි කියයි. මෙසේ තමා හේතු කොට ගෙණ හෝ මෙරමා හේතු කොට ගෙණ හෝ මඳ ආමිෂයක් හේතු කොට ගෙණ හෝ දැන දැන මුසවා බෙණේ ද, මහණෙනි, මේ ගුථභාණී පුද්ගලයා යී කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ පුග්ගලො පුප්ඵභාණී: ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො සභග්ගතො වා පරිසග්ගතො{2} වා ඤාතිමජ්ඣගතො වා පූගමජ්ඣගතො වා රාජකුලමජ්ඣගතො වා අභිනීතො සක්ඛිපුට්ඨො “එහම්භො{3} පුරිස, යං ජානාසි තං වදෙහී’ති. සො අජානං වා ආහ, “න ජානාමී”ති, ජානං වා ආහ, “ජානාමී”ති, අපස්සං වා ආහ “න පස්සාමී”ති, පස්සං වා ආහ, “පස්සාමී”ති: ඉති අත්තහෙතු වා පරහෙතු වා ආමිසකිඤ්චික්ඛහෙතු වා න සම්පජානමුසා භාසිතා හොති. අයං වුච්චති භික්ඛවෙ පුග්ගලො පුප්ඵභාණී.
Sinhala BJTමහණෙනි, පුප්ඵභාණී පුද්ගල කවරේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුඟුලෙක් සභාවට ගියේ හෝ පිරිසට ගියේ හෝ නෑයන් මැදට ගියේ හෝ සේණි මැදට ගියේ හෝ රජකුලන් මැදට ගියේ හෝ “එම්බා, පුරුෂය, එව, යමක් දනිහි නම් එය කියව” යි පෙරමුණට කැඳවන ලද්දේ සාක්‍ෂි කොට පුළුවුස්නා ලද්දේ වේ ද, හෙ නො දන්නේ හෝ “නොදන්මි”යි කියයි. දන්නේ හෝ “දන්මි” යි කියයි. නො දක්නේ හෝ “නො දක්මි” යි කියයි. දක්නේ හෝ “දක්මි”යි කියයි. මෙසේ තමා හේතු කොට හෝ මෙරමා හේතු කොට හෝ මඳ ආමිෂයක් හේතු කොට හෝ දැන දැන මුසවා නො බෙණේ ද, මහණෙනි, මේ පුප්ඵභාණී පුද්ගලයා යී කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ පුග්ගලො මධුභාණී: ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො ඵරුසං වාචං පහාය ඵරුසාය{4} වාචාය පටිවිරතො හොති. යා සා වාචා නෙලා කණ්ණසුඛා පෙමනීයා හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා; තථාරූපිං{5} වාචං භාසිතා හොති. අයං වුච්චති භික්ඛවෙ පුග්ගලො මධුභාණී. ඉමෙ ඛො භික්ඛවෙ තයො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මධුභාණී පුද්ගල කවරේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් පරුස්විසිකම් දුරු කොට කොරොස් බසින් වැළහුනේ වෙයි. යම් බසක් නිදොස් ද, කණට සුව එළවා ද, පෙම් දනවා ද, ල ගණී ද, තන්වැසි (සභ්‍ය) ද, බොහෝ දෙනාට කැමති ද, බොහෝ දෙනාට මනාප ද, එබඳු බස් කියන්නේ වේ ද, මහණෙනි, මේ මධුභාණී පුද්ගලයා යී කියනු ලැබේ. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙන ලොව්හි විද්‍යමාන වෙත් යයි.
Pali BJT3. 1. 3. 9.
Sinhala BJT3. 1. 3. 9.
Pali BJT29. තයො’මෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො: අන්ධො එකචක්ඛු ද්විචක්ඛු. කතමො ච භික්ඛවෙ පුග්ගලො අන්ධො: ඉධ භික්ඛවෙ එකච්චස්ස පුග්ගලස්ස තථාරූපං චක්ඛු න හොති, යථාරූපෙන චක්ඛුනා අනධිගතං වා භොගං අධිගච්ඡෙය්ය, අධිගතං වා භොගං ඵාතිකරෙය්ය.{1} තථාරූපම්පිස්ස චක්ඛු න හොති, යථාරූපෙන චක්ඛුනා කුසලාකුසලෙ ධම්මෙ ජානෙය්ය, සාවජ්ජානවජ්ජෙ ධම්මෙ ජානෙය්ය, හීනප්පණීතෙ ධම්මෙ ජානෙය්ය, කණ්හසුක්කසප්පටිභාගෙ ධම්මෙ ජානෙය්ය. අයං වුච්චති භික්ඛවෙ පුග්ගලො අන්ධො.
Sinhala BJT29. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලොව්හි විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක යත්: අන්‍ධ ය, එකැස් ඇත්තේ ය, දෑස් ඇත්තේ ය යි. මහණෙනි, අන්‍ධ පුද්ගල කවරේය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයකුට යම්බඳු පැණැසෙකින් නොලත් භොග හෝ ලබන්නේ නම්, ලැබූ භෝග හෝ වඩා ගන්නේ නම්, එබඳු වූ නුවණැසෙක් නොවෙයි. යම් බඳු නුවණැසෙකින් කුසල් අකුසල් දහම් දැනගන්නේ නම්, සදොස් නිදොස් දහම් දැනගන්නේ නම්, හීනප්‍රණීත දහම් දැනගන්නේ නම්, අන්‍යෝන්‍ය ප්‍රතිවිරුද්ධ වූ කෘෂ්ණ ශුක්ල ධර්‍මයන් දැනගන්නේ නම්, එබඳු වූ නුවණැසෙක් ඕහට නැත. මහණෙනි, මේ පුද්ගල අන්‍ධයා යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ පුග්ගලො එකචක්ඛු: ඉධ භික්ඛවෙ එකච්චස්ස පුග්ගලස්ස තථාරූපං චක්ඛු හොති, යථාරූපෙන චක්ඛුනා අනධිගතං වා භොගං අධිගච්ඡෙය්ය, අධිගතං වා භොගං ඵාතිකරෙය්ය. තථාරූපම්පිස්ස* චක්ඛු න හොති, යථාරූපෙන චක්ඛුනා කුසලාකුසලෙ ධම්මෙ ජානෙය්ය, සාවජ්ජානවජ්ජෙ ධම්මෙ ජානෙය්ය, හීනප්පණීතෙ ධම්මෙ ජානෙය්ය, කණ්හසුක්කසප්පටිභාගෙ ධම්මෙ ජානෙය්ය. අයං වුච්චති භික්ඛවෙ පුග්ගලො එකචක්ඛු.
Sinhala BJTමහණෙනි, එකැස් ඇති පුද්ගල කවරේය යත්: මහණෙනි, මේ ලෝකයෙහි කිසි පුද්ගලයකුට යම් බඳු ඇසෙකින් ලබා නොගත් භෝග ලබා ගන්නේ නම්, ලබාගත් භෝග හෝ වඩා ගන්නේ නම්, එබඳු නුවණැසෙක් ද වෙයි. යම් බඳු නුවණැසෙකින් කුසල් අකුසල් දහම් දැනගන්නේ නම්, සදොස් නිදොස් දහම් දැනගන්නේ නම්, හීනප්‍රණීත ධර්‍මයන් දැනගන්නේ නම්, අන්‍යෝන්‍ය ප්‍රතිවිරුද්ධ වූ කෘෂ්ණ ශුක්ල ධර්‍මයන් දැනගන්නේ නම්, එබඳු වූ නුවණැස ද ඔහට නො වේ. මහණෙනි, මේ පුද්ගල එකැස් පුඟුලාය යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ පුග්ගලො ද්විචක්ඛු: ඉධ භික්ඛවෙ එකච්චස්ස පුග්ගලස්ස තථාරූපං චක්ඛු හොති, යථාරූපෙන චක්ඛුනා අනධිගතං වා භොගං අධිගච්ඡෙය්ය, අධිගතං වා භොගං ඵාතිකරෙය්ය{1} තථාරූපම්පිස්ස චක්ඛු හොති, යථාරූපෙන චක්ඛුනා කුසලාකුසලෙ ධම්මෙ ජානෙය්ය, සාවජ්ජානවජ්ජෙ ධම්මෙ ජානෙය්ය, හීනප්පණීතෙ ධම්මෙ ජානෙය්ය, කණ්හසුක්කසප්පටිභාගෙ ධම්මෙ ජානෙය්ය. අයං වුච්චති භික්ඛවෙ පුග්ගලො ද්විචක්ඛු. ඉමෙ ඛො භික්ඛවෙ තයො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, දෑස් ඇති පුද්ගල කවරේය යත්: මහණෙනි, මේ ලොව්හි කිසි පුද්ගලයකුට යම් බඳු වූ නුවණැසෙකින් නොලැබූ හෝ භෝගයන් ලබාගන්නේ නම් හෝ ලබාගත් භෝගයන් වඩා ගන්නේ නම් එබඳු නුවණැසෙක් වෙයි. යම් බඳු වූ නුවණැසෙකින් කුසල් අකුසල් දහම් දැනගන්නේ නම්, සදොස් නිදොස් දහම් දැනගන්නේ නම්, හීනප්‍රණීත ධර්‍මයන් දැනගන්නේ නම්, අන්‍යෝන්‍ය ප්‍රතිවිරුද්ධ වූ කෘෂ්ණ ශුක්ල ධර්‍මයන් දැනගන්නේ නම්, එබඳු වූ නුවණැස ද ඔහට වේ. මහණෙනි, මේ දෑස් ඇති පුද්ගලයා යි කියනු ලැබේ. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙන ලොව්හි විද්‍යමාන වෙත්.
Pali BJT3. න චෙව භොගා තථාරූපා න ච පුඤ්ඤානි කුබ්බති, උභයත්ථ කලිග්ගාහො අන්ධස්ස හතචක්ඛුනො.
Sinhala BJT3. නට නුවණැස් ඇති අන්‍ධයාහට එබඳු භෝගයෝ නො වෙත්. පින් ද නොකරයි, දෙලොව්හි පරාජයග්‍රහණ වෙයි.
Pali BJT4. අථාපරායං අක්ඛාතො එකචක්ඛු ච පුග්ගලො, ධම්මාධම්මෙන සසඨො{2} භොගානි පරියෙසති.
Sinhala BJT4. වැලිදු ශඨවැ සිටුනා හේ පින්පව් දෙකින් භෝගයන් සොයා ද, එබඳු වූ මේ අනෙක් එකැස් ඇති පුඟුලෙක් ද වදාරණ ලද්දේය.
Pali BJT5. ථෙය්යෙන කූටකම්මෙන මුසාවාදෙන චූභයං, කුසලො හොති සඞ්ඝාතුං{3} කාමභොගී ච මානවො, ඉතො සො නිරයං ගන්ත්වා එකචක්ඛු විහඤ්ඤති.
Sinhala BJT5. කාමභෝගී වූ ඒ මිනිස් සොර රැවටිලි හා මුසවාය යන දෙකිනුදු භෝග රැස් කරන්නට දක්‍ෂයෙක් වේ. එකැස් ඇති හෙ මෙයින් නිරයට ගොස් වැනසෙයි.
Pali BJT6. ද්විචක්ඛු පන අක්ඛාතො සෙට්ඨො පුරිසපුග්ගලො, ධම්මලද්ධෙහි භොගෙහි උට්ඨානාධිගතං ධනං.
Sinhala BJT6-7. දෑස් ඇත්තා වූ ශ්‍රේෂ්ඨ පුරුෂ පුද්ගලයෙක් ද වදාරණ ලද්දේය. ශ්‍රේෂ්ඨ සංකල්පනා ඇති විචිකිච්ඡාරහිත සිත් ඇති ඒ මනුෂ්‍යයා දැහැමින් ලත් භෝගයෙන් යුක්ත වූයේ උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලත් ධනය (මෙරමාහට) දෙයි. යම් තැනෙකට ගොස් නොසොස්නේ නම්, එබඳු සොඳුරු තැනට පැමිණෙයි.
Pali BJT7. දදාති සෙට්ඨසඞ්කප්පො අව්යග්ගමනසො{4} නරො, උපෙති භද්දකං ඨානං යත්ථ ගන්ත්වා න සොචති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT8. අන්ධඤ්ච එකචක්ඛුඤ්ච ආරකා පරිවජ්ජයෙ, ද්විචක්ඛුං{5} පන සෙවෙථ සෙට්ඨං පුරිසපුග්ගලන්ති.
Sinhala BJT8. අන්‍ධයා ද එකැස් ඇති පුද්ගලයා ද දුරින් දුරු කරන්නේය. ශ්‍රේෂ්ඨ වූ දෑස් ඇති පුරුෂ පුද්ගලයා සේවනය කරන්නේය යි.
Pali BJT3. 1. 3. 10.
Sinhala BJT3. 1. 3. 10.
Pali BJT30. තයො’මෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො: අවකුජ්ජපඤ්ඤො පුග්ගලො, උච්ඡඞ්ගපඤ්ඤො පුග්ගලො, පුථුපඤ්ඤො පුග්ගලො.
Sinhala BJT30. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලොව්හි විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක යත්: අවකුජ්ජපඤ්ඤ පුද්ගලය, උච්ඡඞ්ගපඤ්ඤ පුද්ගලය, පුථුපඤ්ඤ පුද්ගලයි.
Pali BJTකතමො ච භික්ඛවෙ අවකුජ්ජපඤ්ඤො පුග්ගලො: ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො ආරාමං ගන්තා හොති අභික්ඛණං භික්ඛූනං සන්තිකෙ ධම්මසවණාය. තස්ස භික්ඛූ ධම්මං දෙසෙන්ති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සව්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙන්ති. සො තස්මිං ආසනෙ නිසින්නො තස්සා කථාය නෙවාදිං මනසි කරොති, න මජ්ඣං මනසි කරොති, න පරියොසානං මනසි කරොති. වුට්ඨිතොපි තම්හා ආසනා තස්සා කථාය නෙවාදිං මනසි කරොති, න මජ්ඣං මනසි කරොති, න පරියොසානං මනසි කරොති. සෙය්යථාපි භික්ඛවෙ කුම්භො නික්කුජ්ජො, තත්ර උදකං ආසිත්තං විවට්ටති, නො සණ්ඨාති. එවමෙව ඛො භික්ඛවෙ ඉධෙකච්චො පුග්ගලො ආරාමං ගන්තා හොති අභික්ඛණං භික්ඛූනං සන්තිකෙ ධම්මසවණාය. තස්ස භික්ඛූ ධම්මං දෙසෙන්ති, ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං, සාත්ථං සව්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙන්ති. සො තස්මිං ආසනෙ නිසින්නො තස්සා කථාය නෙවාදිං මනසි කරොති, න මජ්ඣං මනසි කරොති, න පරියොසානං මනසි කරොති. වුට්ඨිතොපි තම්හා ආසනා තස්සා කථාය නෙවාදිං මනසි කරොති, න මජ්ඣං මනසි කරොති, න පරියොසානං මනසි කරොති. අයං වුච්චති භික්ඛවෙ අවකුජ්ජපඤ්ඤො පුග්ගලො.
Sinhala BJTමහණෙනි, අවකුජ්ජපඤ්ඤ පුද්ගල කවරේය යත්: මහණෙනි, මේ ලෝකයෙහි කිසි පුද්ගලයෙක් භික්‍ෂූන් වෙත නිතර බණ ඇසීම පිණිස ආරාමයට යන්නේ වේ ද, භික්‍ෂූහු ඕහට මුල කලණ කොට මැද කලණ කොට අග කලණ කොට අර්‍ත්‍ථ සහිත කොට ව්‍යඤ්ජන සහිත කොට කේවල සම්පූර්‍ණ කොට දහම් දෙසත්. පිරිසිදු කොට බඹසර ප්‍රකාශ කරත්, හෙතෙම ඒ අස්නෙහි හුන්නේ ඒ කථාව පිළිබඳ මුල මෙනෙහි නො කරයි. මැද මෙනෙහි නො කරයි, අග මෙනෙහි නො කරයි. ඒ අස්නෙන් නැඟී සිටියේත් ඒ කථාව පිළිබඳ මුල මෙනෙහි නො කෙරේ, මැද මෙනෙහි නො කෙරේ, අග මෙනෙහි නො කෙරේ. මහණෙනි, යම් පරිදි යටිකුරු කළ කළයෙක් වේ ද, වත් කරණ ලද ජලය පෙරළේ ද, නො නවත්නේ ද, මහණෙනි, එපරිද්දෙන් ම මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් භික්‍ෂූන් වෙත බණ ඇසීම පිණිස නිතර ආරාමයට යන්නේ වේ ද, භික්‍ෂූහු ඔහට මුල කලණ කොට මැද කලණ කොට අග කලණ කොට දම් දෙසත් ද, අර්‍ත්‍ථ සහිත කොට බ්‍යඤ්ජන සහිත කොට සියල්ලෙන් සම්පූර්‍ණ කොට දහම් දෙසත්. පිරිසිදු කොට බඹසර ප්‍රකාශ කරත්. හෙතෙම ඒ අස්නෙහි හුන්නේ ඒ කථාව පිළිබඳ මුල මෙනෙහි නො කරයි ද, මැද මෙනෙහි නො කරයි ද, අග මෙනෙහි නො කරයි ද, ඒ අස්නෙන් නැඟී සිටියේ ම ඒ කථාව පිළිබඳ මුල මෙනෙහි නො කරයි ද, මැද මෙනෙහි නො කරයි ද, අග මෙනෙහි නො කරයි ද; මහණෙනි, මේ අවකුජ්ජපඤ්ඤ පුද්ගලයා යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ උච්ඡඞ්ගපඤ්ඤො පුග්ගලො: ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො ආරාමං ගන්තා හොති අභික්ඛණං භික්ඛූනං සන්තිකෙ ධම්මසවණාය. තස්ස භික්ඛූ ධම්මං දෙසෙන්ති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං, සාත්ථං සව්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙන්ති. සො තස්මිං ආසනෙ නිසින්නො තස්සා කථාය ආදිම්පි මනසි කරොති, මජ්ඣම්පි මනසි කරොති, පරියොසානම්පි මනසි කරොති, වුට්ඨිතොපි තම්හා ආසනා තස්සා කථාය නෙවාදිං මනසි කරොති, න මජ්ඣං මනසි කරොති, න පරියොසානං මනසි කරොති. සෙය්යථාපි භික්ඛවෙ පුරිසස්ස උච්ඡඞ්ගෙ නානාඛජ්ජකානි ආකිණ්ණානි තිලා තණ්ඩුලා මොදකා බදරා. සො තම්හා ආසනා වුට්ඨහන්තො සතිසම්මොසා පකිරෙය්ය. එවමෙව ඛො භික්ඛවෙ ඉධෙකච්චො පුග්ගලො ආරාමං ගන්තා හොති අභික්ඛණං භික්ඛූනං සන්තිකෙ ධම්මසවණාය. තස්ස භික්ඛූ ධම්මං දෙසෙන්ති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං, සාත්ථං සව්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙන්ති. සො තස්මිං ආසනෙ නිසින්නො තස්සා කථාය ආදිම්පි මනසි කරොති, මජ්ඣම්පි මනසි කරොති, පරියොසානම්පි මනසි කරොති. වුට්ඨිතොපි තම්හා ආසනා තස්සා කථාය නෙවාදිං මනසි කරොති, න මජ්ඣං මනසි කරොති, න පරියොසානං මනසි කරොති. අයං වුච්චති භික්ඛවෙ උච්ඡඞ්ගපඤ්ඤො පුග්ගලො.
Sinhala BJTමහණෙනි, උච්ඡඞ්ගපඤ්ඤ පුද්ගල කවරේය යත්: මහණෙනි, මේ ලොව්හි කිසි පුද්ගලයෙක් භික්‍ෂූන් වෙත දහම් ඇසීම පිණිස නිතර ආරාමයට යන්නේ වේ, භික්‍ෂූහු ඔහට මුල කලණ කොට මැද කලණ කොට අග කලණ කොට අර්‍ත්‍ථ සහිත කොට බ්‍යඤ්ජන සහිත කොට සියල්ලෙන් සම්පූර්‍ණ කොට ධර්‍මය දෙසත් ද, පිරිසිදු කොට බඹසර ප්‍රකාශ කරත් ද, හෙතෙම ඒ අස්නෙහි හුන්නේ ඒ කථාව පිළිබඳ මුලත් මෙනෙහි කෙරේ ද, මැදත් මෙනෙහි කෙරේ ද, අගත් මෙනෙහි කෙරේ ද, ඒ අස්නෙන් නැඟී සිටියේත් ඒ කථාව පිළිබඳ මුල මෙනෙහි නො කෙරේ ද, මැද මෙනෙහි නො කෙරේ ද, අග මෙනෙහි නො කෙරේ ද. මහණෙනි, යම් පරිදි පුරුෂයකුගේ හිඟැ තල සහල් අත්වට ඩෙබර යන නොයෙක් කෑයුතු දෑ ගැවසුනේ වේ ද, හෙතෙම ඒ අස්නෙන් නැගී සිටුනේ ම සිහිමුළාවෙන් වම්හයි ද, මහණෙනි, එපරිදි ම මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් භික්‍ෂූන් වෙත බණ ඇසීම පිණිස නිතර ආරාමයට යන්නේ වේ ද, භික්‍ෂූහු ඔහට මුල කලණ කොට මැද කලණ කොට අග කලණ කොට දම් දෙසත් ද, අර්‍ත්‍ථ සහිත කොට බ්‍යඤ්ජන සහිත කොට සියල්ලෙන් සම්පූර්‍ණ කොට පිරිසිදු කොට බඹසර ප්‍රකාශ කරත් ද, හෙතෙම ඒ අස්නෙහි හුන්නේ ඒ කථාව පිළිබඳ මුලත් මෙනෙහි කෙරේ ද, මැදත් මෙනෙහි කෙරේ ද, අගත් මෙනෙහි කෙරේ ද, ඒ අස්නෙන් නැඟී සිටියේ ඒ කථාව පිළිබඳ මුල නො මෙනෙහි කෙරේ ද, මැද නොම මෙනෙහි කෙරේ ද, අග නොම මෙනෙහි කෙරේ ද,මහණෙනි, මේ උච්ඡඞ්ගපඤ්ඤ පුද්ගල යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ පුථුපඤ්ඤො පුග්ගලො: ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො ආරාමං ගන්තා හොති අභික්ඛණං භික්ඛූනං සන්තිකෙ ධම්මසවණාය. තස්ස භික්ඛූ ධම්මං දෙසෙන්ති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං, සාත්ථං සව්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙන්ති. සො තස්මිං ආසනෙ නිසින්නො තස්සා කථාය ආදිම්පි මනසිකරොති, මජ්ඣම්පි මනසි කරොති, පරියොසානම්පි මනසි කරොති. වුට්ඨිතොපි තම්හා ආසනා තස්සා කථාය ආදිම්පි මනසි කරොති, මජ්ඣම්පි මනසි කරොති. පරියොසානම්පි මනසි කරොති. සෙය්යථාපි භික්ඛවෙ කුම්භො උක්කුජ්ජො, තත්ර උදකං ආසිත්තං සණ්ඨාති, නො විවට්ටති. එවමෙව ඛො භික්ඛවෙ ඉධෙකච්චො පුග්ගලො ආරාමං ගන්තා හොති අභික්ඛණං භික්ඛූනං සන්තිකෙ ධම්මසවණාය. තස්ස භික්ඛූ ධම්මං දෙසෙන්ති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං, සාත්ථං සව්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙන්ති. සො තස්මිං ආසනෙ නිසින්නො තස්සා කථාය ආදිම්පි මනසි කරොති, මජ්ඣම්පි මනසි කරොති, පරියොසානම්පි මනසි කරොති. වුට්ඨිතොපි තම්හා ආසනා තස්සා කථාය ආදිම්පි මනසි කරොති, මජ්ඣම්පි මනසි කරොති, පරියොසානම්පි මනසි කරොති. අයං වුච්චති භික්ඛවෙ පුථුපඤ්ඤො පුග්ගලො. ඉමෙ ඛො භික්ඛවෙ තයො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, පුථුපඤ්ඤ පුද්ගල කවරේය යත්: මහණෙනි, මේ ලොව්හි කිසි පුද්ගලයෙක් භික්‍ෂූන් වෙත බණ ඇසීම පිණිස ආරාමයට නිතර යන්නේ වේ. භික්‍ෂූහු ඔහුට මුල කලණ කොට මැද කලණ කොට අග කලණ කොට අර්‍ත්‍ථ සහිත කොට බ්‍යඤ්ජන සහිත කොට සියල්ලෙන් සම්පූර්‍ණ කොට ධර්‍මය දෙසත්. පිරිසිදු බඹසර ප්‍රකාශ කෙරෙත්. හෙතෙම ඒ අස්නෙහි හුන්නේ ඒ කථාව පිළිබඳ මුලත් මෙනෙහි කෙරේ, මැදත් මෙනෙහි කෙරේ, අගත් මෙනෙහි කෙරේ. ඒ අස්නෙන් නැඟීසිටියේත් ඒ කථායෙහි මුලත් මෙනෙහි කෙරේ, මැදත් මෙනෙහි කෙරේ, අගත් මෙනෙහි කෙරේ. මහණෙනි, යම් පරිදි උඩුකුරු කළ කළයෙක් වේ ද, එහි වත් කරණ ලද දිය පිහිටා ද, පිටත නො ගැලේ ද, මහණෙනි, එපරිද්දෙන් ම මෙ ලොව්හි කිසි පුඟුලෙක් භික්‍ෂූන් වෙත බණ ඇසීම පිණිස නිතර ආරාමයට යන්නේ වේ ද, භික්‍ෂූහු ඔහුට මුල කලණ කොට මැද කලණ කොට අග කලණ කොට අර්‍ත්‍ථ සහිත කොට බ්‍යඤ්ජන සහිත කොට සියල්ලෙන් සම්පූර්‍ණ කොට ධර්‍මය දෙසත් ද, පිරිසිදු වූ බඹසර ප්‍රකාශ කරත් ද, හෙ ඒ අස්නේ හුන්නේ ඒ කථායෙහි මුලත් මෙනෙහි කරයි ද, මැදත් මෙනෙහි කරයි ද, අගත් මෙනෙහි කරයි ද, ඒ අස්නෙන් නැඟී සිටියේත් ඒ කථායෙහි මුලත් මෙනෙහි කරයි ද, මැදත් මෙනෙහි කරයි ද, අගත් මෙනෙහි කරයි ද, මහණෙනි, මේ පුථුපඤ්ඤ පුද්ගලයා යි කියනු ලැබේ. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙන ලොව්හි විද්‍යමාන වෙත්.
Pali BJT9. අවකුජ්ජපඤ්ඤො පුරිසො දුම්මෙධො අවිචක්ඛණො, අභික්ඛණම්පි චෙ හොති ගන්තා භික්ඛූන සන්තිකෙ.
Sinhala BJT9. විචක්‍ෂණ නුවූ ප්‍රඥා නැති, අවකුජ්ජපඤ්ඤ පුරුෂ තෙමේ ඉදින් භික්‍ෂූන් වෙත නිතර යන සුලු වේ ද-
Pali BJT10. ආදිං කථාය මජ්ඣඤ්ච පරියොසානඤ්ච තාදිසො, උග්ගහෙතුං න සක්කොති පඤ්ඤා හිස්ස න විජ්ජති.
Sinhala BJT10. එබඳු පුරුෂ කථායෙහි මුල ද මැද ද අග ද උගන්නට නොහැක්කේ ය. ඔහුට ප්‍රඥාව නැත් ද, එහෙයිනි.
Pali BJT11. උච්ඡඞ්ගපඤ්ඤො පුරිසො සෙය්යො එතෙන වුච්චති, අභික්ඛණම්පි චෙ හොති ගන්තා භික්ඛූන සන්තිකෙ.
Sinhala BJT11. ‘උච්ඡඞ්ගපඤ්ඤ’ පුරුෂ තෙමේ මෝහට වඩා ශ්‍රේෂ්ඨය යි කියනු ලැබේ. හෙතෙම ඉදින් නිතර භික්‍ෂූන් වෙත යන සුලු වේ ද-
Pali BJT12. ආදිං කථාය මජ්ඣඤ්ච පරියොසානඤ්ච තාදිසො, නිසින්නො ආසනෙ තස්මිං උග්ගහෙත්වාන බ්යඤ්ජනං, වුට්ඨිතො{1} නප්පජානාති ගහිතම්පිස්ස{2} මුස්සති.
Sinhala BJT12. එබඳු පුද්ගල ඒ ආසනයෙහි හුන්නේ ඒ කථායෙහි මුල ද මැද ද අග ද ඉගෙණ ව්‍යඤ්ජන ධරා නැගී සිටියේ ම නො දනී ද, ඔහු විසින් ගන්නා ලද්ද නැසෙයි.
Pali BJT13. පුථුපඤ්ඤො ච පුරිසො සෙය්යො එතෙහි වුච්චති, අභික්ඛණම්පි චෙ හොති ගන්තා භික්ඛූන සන්තිකෙ.
Sinhala BJT13. ‘පුථුපඤ්ඤ’ පුරුෂ මොවුනට වඩා ශ්‍රේෂ්ඨය යි කියනු ලැබේ. ඉදින් හේ නිතර භික්‍ෂූන් වෙත යන සුලු වේ ද-
Pali BJT14. ආදිං කථාය මජ්ඣඤ්ච පරියොසානඤ්ච තාදිසො, නිසින්නො ආසනෙ තස්මිං උග්ගහෙත්වාන බ්යඤ්ජනං.
Sinhala BJT14. එබඳු පුද්ගල ඒ අස්නෙහි හුන්නේ ඒ කථායෙහි මුල ද මැද ද අග ද ඉගෙණ ව්‍යඤ්ජනය දරයි.
Pali BJT15. ධාරෙති සෙට්ඨසඞ්කප්පො අව්යග්ගමනසො නරො, ධම්මානුධම්මපටිපන්නො දුක්ඛස්සන්තකරො{3} සියාති.
Sinhala BJT15. ශ්‍රේෂ්ඨසංකල්පනා ඇති විචිකිච්ඡා රහිත සිත් ඇති ධර්‍මානුධර්‍මයෙහි පිළිපන් මිනිස් ඒ දුක් කෙළවර කරන්නෙක් වන්නේය යි.
Pali BJTපුග්ගලවග්ගො තතියො.{*}
Sinhala BJTතෙවන පුඟුල් වග යි.
Pali BJT[4. දෙවදූතවග්ගො]
Sinhala BJT[4. දේවදූත වර්‍ගය]
Pali BJT3. 1. 4. 1.
Sinhala BJT3. 1. 4. 1.
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT31. සබ්රහ්මකානි භික්ඛවෙ තානි කුලානි, යෙසං පුත්තානං මාතාපිතරො අජ්ඣාගාරෙ පූජිතා හොන්ති. සපුබ්බාචරියකානි භික්ඛවෙ තානි කුලානි, යෙසං පුත්තානං මාතාපිතරො අජ්ඣාගාරෙ පූජිතා හොන්ති. සාහුනෙය්යකානි{1} භික්ඛවෙ තානි කුලානි, යෙසං පුත්තානං මාතාපිතරො අජ්ඣාගාරෙ පූජිතා හොන්ති. බ්රහ්මාති භික්ඛවෙ මාතාපිතුන්නං එතං අධිවචනං. පුබ්බාචරියාති භික්ඛවෙ මාතාපිතුන්නං එතං අධිවචනං. ආහුනෙය්යාති භික්ඛවෙ මාතාපිතුන්නං එතං අධිවචනං. තං කිස්ස හෙතු: බහුකාරා භික්ඛවෙ මාතාපිතරො පුත්තානං. ආපාදකා පොසකා ඉමස්ස ලොකස්ස දස්සෙතාරොති.
Sinhala BJT31. මහණෙනි, යම් පුත්‍ර කෙනකුන් විසින් මාපියෝ සියගෙහි පුදන ලද්දාහු වෙත් ද, ඒ කුලයෝ බ්‍රහ්ම සහිතයහ. මහණෙනි, යම් පුත්‍ර කෙනකුන් විසින් මාපියෝ සියගෙහි පුදන ලද්දාහු වෙත් ද, ඒ කුලයෝ පූර්‍වාචාර්‍ය සහිතයහ. මහණෙනි, යම් පුත්‍ර කෙනකුන් විසින් මාපියෝ සියගෙහි පුදන ලද්දාහු වෙත් ද, ඒ කුලයෝ ආහුනෙය්‍ය සහිතයහ. මහණෙනි, ‘බ්‍රහ්ම’ යනු මාපියනට තෙල නමෙකි. මහණෙනි, ‘පුබ්බාචරිය’ යනු මාපියනට තෙල නමෙකි. මහණෙනි, ‘ආහුනෙය්‍ය’ යනු මාපියනට තෙල නමෙකි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මාපියෝ පුත්‍රයන් පල්නාහු පුස්නාහු මේ ලෝකය දක්වන්නාහු වෙත් ද, එහෙයින් දරුවනට බොහෝ උපකාර ඇතියහ.
Pali BJT16. බ්රහ්මාති මාතාපිතරො පුබ්බාචරියාති වුච්චරෙ, ආහුනෙය්යා ච පුත්තානං පජාය අනුකම්පකා.
Sinhala BJT16. මාපියෝ පුත්‍රයනට බ්‍රහ්මයහ යි ද පූර්‍වාචාර්‍ය්‍යයහ යි ද ආහුනෙය්‍යහ යි ද දරුවනට අනුකම්පා කරන්නාහු යයි ද කියනු ලැබෙත්.
Pali BJT17. තස්මා හි නෙ නමස්සෙය්ය සක්කරෙය්යාථ පණ්ඩිතො, අන්නෙන අථ පානෙන වත්ථෙන සයනෙන ච, උච්ඡාදනෙන නහාපනෙන පාදානං ධොවනෙන ච.
Sinhala BJT17. එහෙයින් නුවණැත්තේ ඔවුන් නමදනේ ය. ආහාරයෙනුදු යලි පානයෙනුදු වස්ත්‍රයෙනුදු යහනිනුදු ඇඟ ඉළීමෙනුදු නෑවීමෙනුදු පා දෙවීමෙනුදු ඔවුන් සගන්නේ ය.
Pali BJT18. තාය නං පාරිචරියාය මාතාපිතූසු පණ්ඩිතා, ඉධචෙව{2} නං පසංසන්ති පෙච්ච සග්ගෙ ච මොදතීති.
Sinhala BJT18. මවුපියන් කෙරෙහි ඒ පිරිසැරියෙන් පණ්ඩිතයෝ මෙලොව්හි ද ඔහු පසසත්. හේ පරලොව ගොස් ස්වර්‍ගයෙහි ද (විපාකමෝදනායෙන්) තුටු වේ යයි.
Pali BJT3. 1. 4. 2.
Sinhala BJT3. 1. 4. 2.
Pali BJT32. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: සියා නු ඛො භන්තෙ භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො, යථා ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ අහිඞ්කාරමමිඞ්කාරමානානුසයා{3} නාස්සු, බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහිඞ්කාරමමිඞ්කාරමානානුසයා නාස්සු, යඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං උපසම්පජ්ජ විහරතො අහිඞ්කාරමමිඞ්කාරමානානුසයා{3} න හොන්ති, තං ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං උපසම්පජ්ජ විහරෙය්යා?ති.
Sinhala BJT32. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ: වහන්ස, යම් පරිද්දෙකින් සවිඥානක වූ මේ ශරීරයෙහිත් අහඞ්කාරදෘෂටි හා මමඞ්කාරතෘෂණා හා මානානුසය හා යන මොහු නො වෙත් නම්, බාහිර වූ ද සියලු නිමිත්තයෙහි අහඞ්කාර, මමඞ්කාර, මානානුසය යන මොහු නො වෙත් නම්, යම් ඵලසමාධියකටත් ඵලප්‍රඥාවකටත් සමවැද වසන්නහුට අහඞ්කාර, මමඞ්කාර, මානානුසයෝ නො වෙත් නම්, එබඳු ඵලසමාධියකට ද ඵලප්‍රඥාවකට ද පැමිණ වසන්නේ නම්, ඒ භික්‍ෂූහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් ඇත් ද?
Pali BJTසියා ආනන්ද භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො, යථා ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ අහිඞ්කාරමමිඞ්කාරමානානුසයා{3} නාස්සු, බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහිඞ්කාරමමිඞ්කාරමානානුසයා{3} නාස්සු, යඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං උපසම්පජ්ජ විහරතො අහිඞ්කාරමමිඞ්කාරමානානුසයා{3} න හොන්ති, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං උපසම්පජ්ජ විහරෙය්යාති.
Sinhala BJTආනන්‍දයෙනි, යම් පරිද්දෙකින් මේ සවිඥානක ශරීරයෙහි ද, අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් නම්, බාහිර වූ ද සියලු රූපාදිනිමිත්තයෙහි අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් නම්, යම් බඳු වූ ඵල සමාධියකට ඵලප්‍රඥාවකට පැමිණ වසන්නහුට අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් නම්, එබඳු වූ ද ඵලසමාධියකට ඵලප්‍රඥාවකට පැමිණ වෙසෙන්නේ නම්, ඒ භික්‍ෂූහට එවැනි සමාධිප්‍රතිලාභයෙක් ඇත.
Pali BJTයථා කථං පන භන්තෙ සියා භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො, යථා ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ අහිඞ්කාරමමිඞ්කාරමානානුසයා{3} න හොන්ති, බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහිඞ්කාරමමිඞ්කාරමානානුසයා{3} න හොන්ති, යං ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං උපසම්පජ්ජ විහරතො අහිඞ්කාරමමිඞ්කාරමානානුසයා{3} න හොන්ති, තං ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං උපසම්පජ්ජ විහරෙය්යා?ති.
Sinhala BJTවහන්ස, යම් හෙයෙකින් මේ සවිඥානක ශරීරයෙහි ද අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් ද, බාහිර වූ ද සියලු නිමිත්තයෙහි අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් ද, යම් බඳු වූ ඵලසමාධියකට ඵලප්‍රඥාවකට පැමිණ වසන්නහුට අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් නම්, එබඳු වූ ඵලසමාධියට ඵලප්‍රඥාවට පැමිණ වසන්නේ නම්, ඒ භික්‍ෂූහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් කෙසේ නම් වන්නේ ද?
Pali BJTඉධානන්ද භික්ඛුනො එවං හොති: එතං සන්තං, එතං පණීතං, යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානන්ති. එවං ඛො ආනන්ද සියා භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො, යථා ඉමස්මිං ච සවිඤ්ඤාණකෙ කායෙ අහිඞ්කාරමමිඞ්කාරමානානුසයා{1} නාස්සු, බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහිඞ්කාරමමිඞ්කාරමානානුසයා{1} නාස්සු, යං ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං උපසම්පජ්ජ විහරතො අහිඞ්කාරමමිඞ්කාරමානානුසයා{1} න හොන්ති, තං ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං උපසම්පජ්ජ විහරෙය්ය.{2} ඉදං ච පන මෙතං ආනන්ද සන්ධාය භාසිතං පාරායණෙ පුණ්ණකපඤ්හෙ:
Sinhala BJTආනන්‍දයෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුහට මෙබඳු සිතෙක් වෙයි: යම් සියලු සංස්කාරයන්ගේ සංහිඳීමෙක් සියලු උපධීන්ගේ දුරලීමෙක් තෘෂ්ණාක්‍ෂයයෙක් නො ඇලීමෙක් නිරෝධයෙක් නිවණෙක් වේ ද, තෙල ශාන්තය. තෙල ප්‍රණීතයි. ආනන්‍දයෙනි, යම්සේ මේ සවිඥානක ශරීරයෙහි අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් ද, යම් ඵලසමාධියකට ද ඵලප්‍රඥාවකට ද පැමිණ වාසය කරන්නාහට අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් ද, ඒ ඵලසමාධියට ද ඵලප්‍රඥාවට ද පැමිණ වාසය කරන්නේ ද, මෙසේ ඒ භික්‍ෂුහට එබඳු වූ සමාධිප්‍රතිලාභයෙක් වන්නේ ය. ආනන්‍දයෙනි, මේ කරුණ සඳහා පාරායණයෙහි පූර්‍ණක ප්‍රශ්නයෙහිදී මා විසින් තෙල දෙසන ලදී:
Pali BJT19. සඞ්ඛාය ලොකස්මිං පරොවරානි{3} යස්සිඤ්ජිතං නත්ථි කුහිඤ්චි ලොකෙ, සන්තො විධූමො අනීඝො නිරාසො අතාරි සො ජාතිජරන්ති බ්රූමී’ති.
Sinhala BJT19. ලෝකයෙහි ස්වාත්මභාව පරාත්මභාව සඞ්ඛ්‍යාත පරාවරයන් නුවණින් දැන, ලොව්හි කිසි අරමුණෙක්හිදු යමකුගේ කම්පායෙක් නැත් ද, විරුද්ධ වූ ක්ලේශයන් සංහිඳ වූ හෙයින් ශාන්ත වූ කායදුශ්චරිතාදි වූ දුම් නැති රාගාදි ඊඝ හා ආශා නැති හෙතෙම ජාති ජරා ව්‍යාධි මරණ සමූහය තරණය කෙළේය යි කියමි.
Pali BJT3. 1. 4. 3.
Sinhala BJT3. 1. 4. 3.
Pali BJT33. අථ ඛො ආයස්මා සාරිපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං සාරිපුත්තං භගවා එතදවොච : සඞ්ඛිත්තෙනපි ඛො අහං සාරිපුත්ත ධම්මං දෙසෙය්යං, විත්ථාරෙනපි ඛො අහං සාරිපුත්ත ධම්මං දෙසෙය්යං, සඞ්ඛිත්තවිත්ථාරෙනපි ඛො අහං සාරිපුත්ත ධම්මං දෙසෙය්යං, අඤ්ඤාතාරො{4} ච දුල්ලභාති. එතස්ස භගවා කාලො, එතස්ස සුගත කාලො, යං භගවා සඞ්ඛිත්තෙනපි ධම්මං දෙසෙය්ය, විත්ථාරෙනපි ධම්මං දෙසෙය්ය, සඞ්ඛිත්තවිත්ථාරෙනපි ධම්මං දෙසෙය්ය. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරොති.
Sinhala BJT33. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවනට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: ‘ශාරීපුත්‍රයෙනි, මම සැකෙවිනුදු දහම් දෙසමි. ශාරීපුත්‍රයෙනි, මම විතර විසිනුදු දහම් දෙසමි. සංක්‍ෂේපවිස්තර දෙකිනුදු දහම් දෙසමි. එතෙකුදුවත් ප්‍රතිවේධ කරණුවෝ දුර්‍ලභයහ යි. භාග්‍යවතුන්වහන්සේ යම් හෙයෙකින් සැකෙවිනුදු දහම් දෙසන සේක් ද, විතර විසිනුදු දහම් දෙසන සේක් ද, සංක්‍ෂේපවිස්තර දෙකිනුත් දහම් දෙසන සේක් ද, භාග්‍යවතුන් වහන්ස, මේ එයට කලි. සුගතයන් වහන්ස, මේ එයට කලි. ධර්‍මය ප්‍රතිවේධ කරණුවෝ වෙති යි.
Pali BJTතස්මාතිහ සාරිපුත්ත එවං සික්ඛිතබ්බං : ඉමස්මිං ච සවිඤ්ඤාණකෙ කායෙ අහිඞ්කාරමමිඞ්කාරමානානුසයා න භවිස්සන්ති, බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහිඞ්කාරමමිඞ්කාරමානානුසයා න භවිස්සන්ති, යං ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං උපසම්පජ්ජ විහරතො අහිඞ්කාරමමිඞ්කාරමානානුසයා න හොන්ති, තං ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං උපසම්පජ්ජ විහරිස්සාමාති. එවං හි ඛො සාරිපුත්ත සික්ඛිතබ්බං.
Sinhala BJTශාරීපුත්‍රයෙනි, එසේ හෙයින් මේ සවිඥානක ශරීරයෙහි අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නොවන්නාහු ද, බාහ්‍ය වූ හැම නිමිත්හිදු අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නොවන්නාහු ද, යම් ඵලසමාධියකටත් ඵලප්‍රඥාවකටත් පැමිණ වාසය කරන්නහුට අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් නම් ඒ ඵලසමාධියට ද ඵලප්‍රඥාවට ද පැමිණ වසන්නම්හ යි මෙසේ හික්මිය යුතුයි. ශාරීපුත්‍රයෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි.
Pali BJTයතො ච ඛො සාරිපුත්ත භික්ඛුනො ඉමස්මිං ච සවිඤ්ඤාණකෙ කායෙ අහිඞ්කාරමමිඞ්කාරමානානුසයා න හොන්ති, බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහිඞ්කාරමමිඞ්කාරමානානුසයා න හොන්ති, යං ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං උපසම්පජ්ජ විහරතො අහිඞ්කාරමමිඞ්කාරමානානුසයා න හොන්ති, තං ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති සාරිපුත්ත භික්ඛු අච්ඡෙච්ඡි{5} තණ්හං, වාවත්තයී{6} සංයොජනං, සම්මා මානාභිසමයා අන්තමකාසි දුක්ඛස්ස. ඉදං ච පන මෙතං සාරිපුත්ත සන්ධාය භාසිතං පාරායණෙ උදයපඤ්හෙ.
Sinhala BJTශාරීපුත්‍රයෙනි, යම් කලෙක පටන්ගෙණ භික්‍ෂුහට සවිඥානක වූ මේ ශරීරයෙහි අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නොවෙත් නම්, බාහිර වූ සියලු නිමිත්තයෙහිදු අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නොවෙත් නම්, යම් ඵලසමාධියකට ද යම් ඵලප්‍රඥාවකට ද පැමිණ වාසය කරන්නහුට අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් නම්, ඒ ඵලසමාධියට ද ඵලප්‍රඥාවට ද පැමිණ වෙසේ නම්, ශාරීපුත්‍රයෙනි, මේ භික්‍ෂු තෘෂ්ණාව සිඳලී ය යි ද, සංයෝජන උපුටා හළේ ය යි ද, මනා පිළිවෙතින් මානය සංහිඳවීමෙන් සසරදුක් අවසන් කෙළේය යි ද, කියනු ලැබේ. ශාරීපුත්‍රයෙනි, මෙය සඳහා ම පාරායණ වර්‍ගයෙහි උදය ප්‍රශ්නයෙහි මා විසින් තෙල දෙසන ලදී:
Pali BJT20. පහාණං කාමසඤ්ඤානං දොමනස්සානචූභයං, ථීනස්ස ච පනූදනං කුක්කුච්චානං නිවාරණං.
Sinhala BJT20-21. කාමසංඥාවන්ගේ ද දොම්නසුන්ගේ දැයි මේ ධර්‍මයන් දෙදෙනාගේ ප්‍රහාණය ද ථීනමිද‍්ධයාගේ දුරලීම ද කුක්කුච්චයන්ගේ වැළැහීම ද චතුර්‍ත්‍ථධ්‍යානයට අයත් ඵලයෙහි උපන් උපේක්‍ෂායෙන් හා ස්මෘතියෙන් පිරිසිදු වූ සම්‍යක්සංකල්පය පෙරට කොට සිටි අඤ්ඤින්‍ද්‍රියයාගේ කෙළවර උපදනා අර්‍හත්ඵලය අවිද්‍යාව බිඳීමය යි කියමි.
Pali BJT21. උපෙක්ඛාසතිසංසුද්ධං ධම්මතක්කපුරෙජවං, අඤ්ඤාවිමොක්ඛං පබ්රූමි අවිජ්ජායප්පභෙදනං’ති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT3. 1. 4. 4.
Sinhala BJT3. 1. 4. 4.
Pali BJT34. තීණි’මානි භික්ඛවෙ නිදානානි කම්මානං සමුදයාය. කතමානි තීණි: ලොභො නිදානං කම්මානං සමුදයාය, දොසො නිදානං කම්මානං සමුදයාය, මොහො නිදානං කම්මානං සමුදයාය.
Sinhala BJT34. මහණෙනි, (වෘත්තගාමී) කර්‍මයන්ගේ රැස් කිරීමට මේ කරුණු තුණෙකි. කවර තුණෙක යත්: කර්‍මයන්ගේ රැස් කිරීමට ලෝභය කරුණෙකි, කර්‍මයන්ගේ රැස් කිරීමට ද්වේෂය කරුණෙකි, කර්‍මයන්ගේ රැස් කිරීමට මෝහය කරුණෙකි.
Pali BJTයං භික්ඛවෙ ලොභපකතං කම්මං ලොභජං ලොභනිදානං ලොභසමුදයං, යත්ථස්ස අත්තභාවො නිබ්බත්තති, තත්ථ තං කම්මං විපච්චති. යත්ථ තං කම්මං විපච්චති, තත්ථ තස්ස කම්මස්ස විපාකං පටිසංවෙදෙති දිට්ඨෙ වා ධම්මෙ උපපජ්ජෙ වා,{1} අපරෙ වා පරියායෙ.
Sinhala BJTමහණෙනි, ලෝභයෙන් කරණ ලද ලෝභයෙන් උපන් ලෝභය නිදාන කොට ඇති ලෝභය ප්‍රත්‍යය කොට ඇති යම් කර්‍මයෙක් වේ ද, යම් තැනෙක කර්‍මවත් ඔහුගේ පස්කඳ පහළ වේ ද, ඒ අත්බැව්හි ඔහුගේ ඒ කර්‍මය විපාක දෙයි. යම් තැනෙක ඒ කර්‍මය විපාක දෙන්නේ වේ ද, ඒ කර්‍මයාගේ විපාකය ඉහාත්මයෙහි හෝ දෙවන අත්බැව්හි හෝ අවකාශ ලත් යම් ම අත්බැවෙක හෝ විඳුනේය.
Pali BJTයං භික්ඛවෙ දොසපකතං කම්මං දොසජං දොසනිදානං දොසසමුදයං, යත්ථස්ස අත්තභාවො නිබ්බත්තති, තත්ථ තං කම්මං විපච්චති. යත්ථ තං කම්මං විපච්චති, තත්ථ තස්ස කම්මස්ස විපාකං පටිසංවෙදෙති දිට්ඨෙ වා ධම්මෙ, උපපජ්ජෙ වා,{1} අපරෙ වා පරියායෙ.
Sinhala BJTමහණෙනි, ද්වේෂයෙන් කරණ ලද ද්වේෂයෙන් උපන් ද්වේෂය නිදාන කොට ඇති ද්වේෂය ප්‍රත්‍යය කොට ඇති යම් කර්‍මයෙක් වේ ද, යම් තැනෙක ඔහුගේ පස්කඳ පහළ වේ නම්, ඒ අත්බැව්හි ඒ කර්‍මය විවස්නේ වෙයි. යම් තැනෙක ඒ කර්‍මය විවස්නේ ද, මේ භවයෙහි වේවයි, දෙවන අත්බැව්හි වේවයි, තදන්‍යභවයෙක වේවයි, එහි ඒ කර්‍මවිපාකය විඳුනේ ය.
Pali BJTයං භික්ඛවෙ මොහපකතං කම්මං මොහජං මොහනිදානං මොහසමුදයං, යත්ථස්ස අත්තභාවො නිබ්බත්තති, තත්ථ තං කම්මං විපච්චති. යත්ථ තං කම්මං විපච්චති, තත්ථ තස්ස කම්මස්ස විපාකං පටිසංවෙදෙති දිට්ඨෙ වා ධම්මෙ, උපපජ්ජෙ වා, අපරෙ වා පරියායෙ.
Sinhala BJTමහණෙනි, මෝහයෙන් කරණ ලද මෝහයෙන් උපන් මෝහය නිදාන කොට ඇති මෝහය ප්‍රත්‍යය කොට ඇති යම් කර්‍මයෙක් වේ ද, යම් තැනෙක ඔහුගේ ආත්මභාවය පහළ වේ නම්, ඒ අත්බැව්හි ඒ කර්‍මය විවස්නේ වෙයි. යම් තැනෙක ඒ කර්‍මය විවස්නේ ද, ඉහාත්මභාවයෙහි වේවයි, දෙවන භවයෙහි වේවයි, තදන්‍යභවයෙක වේවයි, එහි ඒ කර්‍මවිපාකය විඳුනේ ය.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ බීජානි අඛණ්ඩානි අපූතීනි අවාතාතපහතානි සාරාදානි සුඛසයිතානි සුඛෙත්තෙ සුපරිකම්මකතාය භූමියා නික්ඛිත්තානි, දෙවො ච සම්මා ධාරං අනුප්පවෙච්ඡෙය්ය, එවස්සු තානි භික්ඛවෙ බීජානි වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජෙය්යුං. එවමෙව ඛො භික්ඛවෙ යං ලොභපකතං කම්මං ලොභජං ලොභනිදානං ලොභසමුදයං, යත්ථස්ස අත්තභාවො නිබ්බත්තති, තත්ථ තං කම්මං විපච්චති. යත්ථ තං කම්මං විපච්චති, තත්ථ තස්ස කම්මස්ස විපාකං පටිසංවෙදෙති දිට්ඨෙ වා ධම්මෙ, උපපජ්ජෙ, වා අපරෙ වා පරියායෙ.
Sinhala BJTමහණෙනි, යම්සේ නොබුන් කුණු නුවූ අව්සුළඟින් නොපහළ ඇදගත් සාරය ඇති සුවයෙන් හොත් මනා කෙතෙක්හි මොනොවට සහට බිම්හි වපුළ බීජකෙනෙක් වෙත් ද, මේඝය ද සම්‍යක් ධාරාව වර්‍ෂණ කෙරේ ද, මහණෙනි, එසේ ඇතිකල්හි ඒ බීජයෝ (අකුර නැඟීමෙන්) වෘද්ධියට (මුල්බැස ගැණීමෙන්) විරූඪියට (පැතිරීමෙන්) වෛපුල්‍යයට යන්නාහ. මහණෙනි, එපරිද්දෙන් ම ලෝභයෙන් කරන ලද ලෝභයෙන් උපන් ලෝභය නිදාන කොට ඇති ලෝභය ප්‍රත්‍යය කොට ඇති යම් කර්‍මයෙක් වේ ද, යම් තැනෙක ඔහුගේ ආත්මභාවය (පස්කඳ) පහළ වේ ද, ඒ අත්බැව්හි ඒ කර්‍මය විවස්නේය. යම් තැනෙක ඒ කර්‍මය විවස්නේ වේ ද, ඉහාත්මභාවයෙහි වේවයි, දෙවන අත්බැව්හි වේවයි, තදන්‍යභවයෙක වේවයි, එහි ඒ කර්‍ම විපාකය විඳුනේය.
Pali BJTයං දොසපකතං කම්මං -පෙ- යං මොහපකතං කම්මං මොහජං මොහනිදානං මොහසමුදයං, යත්ථස්ස අත්තභාවො නිබ්බත්තති, තත්ථ තං කම්මං විපච්චති. යත්ථ තං කම්මං විපච්චති, තත්ථ තස්ස කම්මස්ස විපාකං පටිසංවෙදෙති දිට්ඨෙ වා ධම්මෙ, උපපජ්ජෙ වා අපරෙ වා පරියායෙ. ඉමානි ඛො භික්ඛවෙ තීණි නිදානානි කම්මානං සමුදයාය.
Sinhala BJTද්වේෂයෙන් කරණ ලද යම් කර්‍මයෙක් වේ ද ... මෝහයෙන් කරණ ලද මෝහයෙන් උපන් මෝහය නිදාන කොට ඇති මෝහය ප්‍රත්‍යය කොට ඇති යම් කර්‍මයෙක් වේ ද, යම් තැනෙක ඔහුගේ ආත්මභාවය පහළ වේ ද, එහි ඔහුගේ ඒ කර්‍මය විවස්නේය. යම් තැනෙක ඒ කර්‍මය විවස්නේ වේ ද, ඉහාත්මභාවයෙහි වේවයි, දෙවන අත්බැව්හි වේවයි, එයින් අන් අත්බැවෙක්හි වේවයි එහි ඒ කර්‍මවිපාකය විඳුනේය. මහණෙනි, (වෘත්තගාමී) කර්‍මයන්ගේ සමුදය පිණිස මේ නිදානයෝ තුන් දෙන වෙති.
Pali BJTතීණිමානි භික්ඛවෙ නිදානානි කම්මානං සමුදයාය. කතමානි තීණි: අලොභො නිදානං කම්මානං සමුදයාය, අදොසො නිදානං කම්මානං සමුදයාය, අමොහො නිදානං කම්මානං සමුදයාය.
Sinhala BJTමහණෙනි, වෘත්තගාමී කර්‍මයන්ගේ සමුදය පිණිස මේ නිදානයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක් යත්: වෘත්තගාමී කර්‍මයන්ගේ සමුදය පිණිස අලෝභය නිදාන වේ. වෘත්තගාමී කර්‍මයන්ගේ සමුදය පිණිස අදෝසය නිදානය වේ. වෘත්තගාමී කර්‍මයන්ගේ සමුදය පිණිස අමෝහය නිදානය වේ.
Pali BJTයං භික්ඛවෙ අලොභපකතං කම්මං අලොභජං අලොභනිදානං අලොභසමුදයං, ලොභෙ විගතෙ එවං තං කම්මං පහීණං හොති උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවකතං{1} ආයතිං අනුප්පාදධම්මං.
Sinhala BJTමහණෙනි, අලෝභයෙන් කරණ ලද අලෝභයෙන් උපන් අලෝභය නිදාන කොට ඇති අලෝභය සමුදය කොට ඇති යම් කර්‍මයෙක් වේ ද, ලෝභය පහ වූ කල්හි මෙසේ ඒ කර්‍මය ප්‍රහත වේ. උපුටා හළ මුල් ඇති වේ. මුදුන සිඳලූ (තාලවස්තුවක් මෙන්) කරණ ලද්දේ වේ. නැවත නොවැඩීම කරණ ලද්දේ වේ. නැවත නූපදනා සැහැවි ඇති වේ.
Pali BJTයං භික්ඛවෙ අදොසපකතං කම්මං අදොසජං අදොසනිදානං අදොසසමුදයං, දොසෙ විගතෙ එවං තං කම්මං පහීණං හොති උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවකතං{1} ආයතිං අනුප්පාදධම්මං.
Sinhala BJTමහණෙනි, අද්වේෂයෙන් කරණ ලද අද්වේෂයෙන් උපන් අද්වේෂය නිදාන කොට ඇති අද්වේෂය සමුදය කොට ඇති යම් කර්‍මයෙක් වේ ද, ද්වේෂය පහ වූ කල්හි මෙසේ ඒ කර්‍මය ප්‍රහත වේ. උපුටා හළ මුල් ඇති වේ. (මුදුන සිඳුනා ලද) තාලවස්තුවක් මෙන් කරණ ලද්දේ වේ. මතු නොවැඩීම කරණ ලද්දේ වේ. මතු නූපදනා සැහැවි ඇති වේ.
Pali BJTයං භික්ඛවෙ අමොහපකතං කම්මං අමොහජං අමොහනිදානං අමොහසමුදයං, මොහෙ විගතෙ එවං තං කම්මං පහීණං හොති උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවකතං ආයතිං අනුප්පාදධම්මං.
Sinhala BJTමහණෙනි, අමෝහයෙන් කරණ ලද අමෝහයෙන් උපන් අමෝහය නිදාන කොට ඇති අමෝහය සමුදය කොට ඇති යම් කර්‍මයෙක් වේ ද, මෝහය පහ වූ කල්හි මෙසේ ඒ කර්‍මය ප්‍රහත වේ. උපුටා හළ මුල් ඇති වේ. (මුදුන සිඳුනා ලද) තාලවස්තුවක් මෙන් කරණ ලද්දේ වේ. නැවත නොවැඩීම කරණ ලද්දේ වේ. නැවත නූපදනා සැහැවි ඇති වේ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ බීජානි අඛණ්ඩානි අපූතීනි අවාතාතපහතානි සාරාදානි සුඛසයිතානි. තානි පුරිසො අග්ගිනා දහෙය්ය. අග්ගිනා දහිත්වා මසිං කරෙය්ය. මසිං කරිත්වා මහාවාතෙ වා ඔපුනෙය්ය,{2} නදියා වා සීඝසොතාය පවාහෙය්ය. එවස්සු තානි භික්ඛවෙ බීජානි උච්ඡින්නමූලානි තාලාවත්ථුකතානි අනභාවකතානි ආයතිං අනුප්පාදධම්මානි. එවමෙව ඛො භික්ඛවෙ යං අලොභපකතං කම්මං අලොභජං අලොභනිදානං අලොභසමුදයං, ලොභෙ විගතෙ එවං තං කම්මං පහීණං හොති උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවකතං ආයතිං අනුප්පාදධම්මං.
Sinhala BJTමහණෙනි, යම්සේ නො බුන් කුණු නුවූ අව්සුළඟින් නොපහළ ඇදගත් සාරය ඇති, මොනොවට හොත් බිජුවට ඇත් ද, ඒ බිජුවට පුරුෂයෙක් ගින්නෙන් දවන්නේ ද, ගින්නෙන් දවා හළු කරන්නේ ද, හළු කොට මහසුළඟෙහි හෝ පොළාහරණේ ද, සැඩ දියපහර ඇති නදියෙක්හි හෝ උල්පවා හරණේ ද, මහණෙනි, එසේ ඇති කල්හි ඒ බිජුවට සිඳලූ මුල් ඇති වේ. (මුදුන සිඳුනා ලද) තාලවස්තුවක් මෙන් කරණ ලද්දේ වේ. නැවත නොවැඩීම කරණ ලද්දේ වේ. මත්තෙහි නූපදනා සැහැවි ඇති වේ. මහණෙනි, එපරිද්දෙන් ම අලෝභයෙන් කරණ ලද අලෝභයෙන් උපන් අලෝභය නිදාන කොට ඇති අලෝභය සමුදය කොට ඇති යම් කර්‍මයෙක් වේ ද, ලෝභය පහවූ කල්හි මෙසේ ඒ කර්‍මය ප්‍රහත වේ. සිඳලූ මුල් ඇති වේ. (මුදුන සිඳුනා ලද) තාලවස්තුවක් මෙන් කරණ ලද්දේ වේ. නැවත නොවැඩීම කරණ ලද්දේ වේ. නැවත නූපදනා සැහැවි ඇති වේ.
Pali BJTයං අදොසපකතං කම්මං -පෙ- යං අමොහපකතං කම්මං අමොහජං අමොහනිදානං අමොහසමුදයං, මොහෙ විගතෙ එවං තං කම්මං පහීණං හොති උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවකතං ආයතිං අනුප්පාදධම්මං. ඉමානි ඛො භික්ඛවෙ තීණි නිදානානි කම්මානං සමුදයායාති.
Sinhala BJTඅද්වේෂයෙන් කරණ ලද යම් කර්‍මයෙක් වේ ද ... අමෝහයෙන් කරණ ලද අමෝහයෙන් උපන් අමෝහය නිදාන කොට ඇති අමෝහය සමුදය කොට ඇති යම් කර්‍මයෙක් වේ ද, මෝහය පහ වූ කල්හි ඒ කර්‍මය ප්‍රහත වේ. සිඳලූ මුල් ඇති වේ. (මුදුන සිඳලූ) තාලවස්තුවක් මෙන් කරණ ලද්දේ වේ. නැවත නොවැඩීම කරණ ලද්දේ වේ. නැවත නූපදනා සැහැවි ඇති වේ. මහණෙනි, වෘත්තගාමී කර්‍මයන්ගේ සමුදය පිණිස වූ තුන් නිදානයෝයි.
Pali BJT22. ලොභජං දොසජං චෙව මොහජං චාපවිද්දසු, යං තෙන පකතං කම්මං අප්පං වා යදි වා බහුං, ඉධෙව තං වෙදනීයං වත්ථු අඤ්ඤං න විජ්ජති.
Sinhala BJT22. අන්‍ධ බාල තෙම ලෝභයෙන් උපන් හෝ ද්වේෂයෙන් උපන් හෝ{1} ස්වල්ප වූ හෝ බොහෝ වූ යම් කර්‍මයක් කරයි ද, ඔහු විසින් කරණ ලද ඒ කර්‍මය මේ අත්බැව්හි ම වින්ද යුතු වේ. (එහි විපාක දීමට) අන් තැනෙක් නැත.
Pali BJT23. තස්මා ලොභං ච දොසං ච මොහජං චාපි විද්දසු, විජ්ජං උප්පාදයං භික්ඛු සබ්බා දුග්ගතියො ජහෙ’ති.
Sinhala BJT23. එහෙයින් පණ්ඩිත භික්‍ෂු තෙම අර්‍හත්ත්‍වමාර්‍ඥානවිද්‍යාව උපදවන්නේ ලෝභයෙන් උපන් හෝ ද්වේෂයෙන් උපන් හෝ මෝහයෙන් උපන් කර්‍ම ද සියලු දුගතීන් ද දුර ලන්නේ යයි.
Pali BJT3. 1. 4. 5.
Sinhala BJT3. 1. 4. 5.
Pali BJT35. එකං සමයං භගවා ආළවියං විහරති ගොමග්ගෙ සිංසපාවනෙ පණ්ණසන්ථරෙ. අථ ඛො හත්ථකො ආළවකො ජඞ්ඝාවිහාරං අනුචඞ්කමමානො අනුවිචරමානො අද්දස භගවන්තං ගොමග්ගෙ සිංසපාවනෙ පණ්ණසන්ථරෙ නිසින්නං. දිස්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො හත්ථකො ආළවකො භගවන්තං එතදවොච: කච්චි භන්තෙ භගවා සුඛමසයිත්ථාති? එවං කුමාර සුඛමසයිත්ථං. යෙ ච පන ලොකෙ සුඛං සෙන්ති, අහං තෙසං අඤ්ඤතරොති.
Sinhala BJT35. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අළව්රට ගොන්මග ඇට්ටර වෙනෙහි කොළ ඇතිරියෙහි වැඩවසන සේක. එකල්හි හත්‍ථක ආළවක නම් රජපුත් ජඞ්ඝාවිහාරය කොට සක්මන් කරනුයේ ඇවිදිනුයේ ගොන්මග ඇට්ටර වෙන්හි කොළ ඇතිරියෙහි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දැක භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පස් ව හින. එකත්පස්ව හුන් හත්‍ථක ආළවක භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: කිමෙක් ද, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සුවසේ හොත්සේක් ද? කුමාරය, එසේ ය. සුවසේ හොත්මි. ලොව්හි යම් කෙනෙක් සුවසේ හොවිත් නම්, මම ඔවුන් අතුරෙන් අන්‍යතරයෙක්මි.
Pali BJTසීතා භන්තෙ හෙමන්තිකා රත්ති, අන්තරට්ඨකො හිමපාතසමයො, ඛරා ගොකණ්ටකහතා භූමි, තනුකො පණ්ණසන්ථරො, විරළානි රුක්ඛස්ස පත්තානි, සීතානි කාසායානි වත්ථානි, සීතො ච වෙරම්බවාතො{1} වාති. අථ ච පන භගවා එවමාහ: එවං කුමාර සුඛමසයිත්ථං; යෙ ච පන ලොකෙ සුඛං සෙන්ති, අහං තෙසං අඤ්ඤතරොති.
Sinhala BJTවහන්ස, හේමන්තයට අයත් රැය ශීතය, (නවම් මැදින් දෙමස අගමුල අට දවස) හිම වැටෙන කාලය වේ. බිම රළුය, ගොකුරකටුයෙන් බිඳින. පත් ඇතිරිය තූනීය. ගසේ කොළ ද විරල ය. කසාවත් සිහිලැ. සිහිල් වේරම්බ වාතය ද හමයි. එතෙකුදු වුව භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරණ සේක: ‘කුමාරය, එසේ ය. සුවසේ හොත්මි. ලොව්හි යම් කෙනෙක් සුවසේ හොවිත් නම්, මම ඔවුනතුරෙන් අන්‍යතරයෙක්මි යි.’