Pali BJTසඞ්ඝභෙද සුත්තං
Sinhala BJTසඞ්ඝභේද සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJTසඞ්ඝභෙදො සඞ්ඝභෙදොති භන්තෙ වුච්චති. කිත්තාවතා නුඛො භන්තෙ සඞ්ඝො භින්නො හොතීති?
Sinhala BJTවහන්ස, සඞ්ඝභේදය, සඞ්ඝභේදයයි කියනු ලැබේ. වහන්ස, කෙතෙක් කරුණින් සඞ්ඝභේදය වේ දැයි.
Pali BJTඉධූපාලි භික්ඛු අධම්මං “ධම්මො’ ති දීපෙන්ති, ධම්මං ‘අධම්මො’ ති දීපෙන්ති, අවිනයං ‘විනයො’ති දීපෙන්ති, විනයං අවිනයො’ ති දීපෙන්ති, අභාසිතං අලපිතං තථාගතෙන’භාසිතං ලපිතං තථාගතෙනා’ති දීපෙන්ති, භාසිතං ලපිතං තථාගතෙන ‘අභාසිතං අලපිතං තථාගතෙනා’ති දීපෙන්ති, අනාචිණ්ණං තථාගතෙන ‘ආචිණ්ණං තථාගතෙනා’ති දීපෙන්ති, ආචිණ්ණං තථාගතෙන අනාචිණ්ණං තථාගතෙනා’ති දීපෙන්ති, අප්පඤ්ඤත්තං තථාගතෙන ‘පඤ්ඤත්තං තථාගතෙනා’ති දීපෙන්ති, පඤ්ඤත්තං තථාගතෙන, අප්පඤ්ඤත්තං තථාගතෙනාති දීපෙන්ති. තෙ ඉමෙහි දසහි වත්ථූහි අවකස්සන්ති, වවකස්සන්ති, ආවෙනි කම්මානි කරොන්ති, ආවෙනි පාතිමොක්ඛං උද්දිසන්ති. එත්තාවතා ඛො උපාලි සඞ්ඝො භින්නො හොතී ති.
Sinhala BJTඋපාලියෙනි, මෙ සස්නෙහි මහණහු අධර්‍මය ධර්‍මයයි දක්වත්. ධර්‍මය ‘අධර්‍ම’ යයි දක්වත්, අවිනය විනයයි දක්වත්, විනය අවිනයයි දක්වත්, තථාගතයන් විසින් අභාසිත අලපිතය තථාගත විසින් භාෂිතය ලපිතයයි දක්වත්, තථාගත විසින් භාෂිතය ලපිතය තථාගත විසින් අභාෂිතය අලපිතයයි දක්වත්. තථාගත විසින් අනාචීර්‍ණය තථාගත විසින් ආචීර්‍ණයයි දක්වත්. තථාගත විසින් නො පනවන ලද්ද තථාගතයන් විසින් පනවන ලදැයි දක්වත්, තථාගතයන් විසින් පනවන ලද්ද තථාගතයන් විසින් නො පනවන ලදැයි දක්වත්, ඔහු මේ දශ වස්තුයෙන් (පිරිස) ඇද ගනිත්, අත්‍යර්‍ත්‍ථයෙන් ඇද ගනිත්, වෙන් ව කර්‍ම කෙරෙත්, වෙන් ව පාමොක් උදෙසත්, උපාලියෙනි, මෙතෙකින් සඞ්ඝ භේද වෙයි.
Pali BJT10. 1. 4. 8.
Sinhala BJT10. 1. 4. 8.
Pali BJTසඞ්ඝසාමග්ගි සුත්තං
Sinhala BJTසඞ්ඝ සාමග්ගී සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJTසඞ්ඝසාමග්ගි සඞ්ඝසාමග්ගීති භන්තෙ වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ සඞ්ඝො සමග්ගො හොතී ති:
Sinhala BJTවහන්ස, සඞ්ඝ සාමග්ගිය, සඞ්ඝ සාමග්ගි යයි කියනු ලැබේ. වහන්ස, කෙතෙක් කරුණින් සඞ්ඝ සාමග්ගිය වේ දැයි?
Pali BJTඉධූපාලි භික්ඛු අධම්මං අධම්මොති දීපෙන්ති, ධම්මං ධම්මො ති දීපෙන්ති, අවිනයං අවිනයොති දීපෙන්ති. විනයං විනයොති දීපෙන්ති, අභාසිතං අලපිතං තථාගතෙන අභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙන්ති, භාසිතං ලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙන්ති, අනාචිණ්ණං තථාගතෙන අනාචිණ්ණං තථාගතෙනාති දීපෙන්ති, ආචිණ්ණං තථාගතෙන ආචිණ්ණං තථාගතෙනාති දීපෙන්ති, අපඤ්ඤත්තං තථාගතෙන අපඤ්ඤත්තං තථාගතෙනා ති දීපෙන්ති, පඤ්ඤත්තං තථාගතෙන පඤ්ඤත්තං තථාගතෙනාති දීපෙන්ති. තෙ ඉමෙහි දසහි වත්ථූහි න අවකස්සන්ති, න වවකස්සන්ති, න ආවෙනිකම්මානි කරොන්ති, න ආවෙනිපාතිමොක්ඛං උද්දිසන්ති. එත්තාවතා ඛො උපාලි සඞ්ඝො සමග්ගො හොතී ති.
Sinhala BJTඋපාලියෙනි, මෙ සස්නෙහි මහණහු අධර්‍මය අධර්‍ම යයි දක්වත්. ධර්‍මය ධර්‍මයයි දක්වත්, අවිනය අවිනයයි දක්වත්, තථාගතයන් විසින් අභාෂිත අලපිතය තථාගතයන් විසින් අභාෂිත අලපිතයයි දක්වත්, තථාගතයන් විසින් භාෂිත ලපිතය තථාගතයන් විසින් භාෂිත ලපිතයයි දක්වත්, තථාගතයන් විසින් අනාචීර්‍ණය තථාගතයන් විසින් අනාචීර්‍ණයයි දක්වත්, තථාගතයන් විසින් ආචීර්‍ණය තථාගතයන් විසින් ආචීර්‍ණයයි දක්වත්, තථාගතයන් විසින් නො පනවන ලද්ද තථාගතයන් විසින් නො පනවන ලදැයි දක්වත්, තථාගතයන් විසින් පනවන ලද්ද තථාගතයන් විසින් පනවන ලදැයි දක්වත්, ඔහු මේ දශ වස්තුයෙන් පිරිස නො ඇද ගනිත්, අත්‍යර්‍ත්‍ථයෙන් නො ඇද ගනිත්, වෙන්ව කර්‍ම නො කෙරෙත්, වෙන්ව ප්‍රාතිමෝක්‍ෂය නො උදෙසත්, උපාලියෙනි, මෙතෙක් කරුණින් සඞ්ඝ සාමග්ගිය වේ.
Pali BJT10. 1. 4. 9.
Sinhala BJT10. 1. 4. 9.
Pali BJTපඨමආනන්ද සුත්තං
Sinhala BJTප්‍රථම ආනන්‍ද සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච:
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ මොනොවට වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කළහ:
Pali BJTසඞ්ඝ භෙදො සඞ්ඝභෙදොති භන්තෙ වුච්චති, කිත්තාවතා නු ඛො භන්තෙ සඞ්ඝො භින්නො හොතී ති.
Sinhala BJTවහන්ස, සඞ්ඝ භේදය, සඞ්ඝ භේදය යි කියනු ලැබෙයි. වහන්ස, කෙතෙක් කරුණින් සඞ්ඝ භේදය වේ දැයි?
Pali BJTඉධානන්ද භික්ඛු අධම්මං ධම්මොති දීපෙන්ති, ධම්මං අධම්මොති දීපෙන්ති, අවිනයං විනයොති දීපෙන්ති, විනයං අවිනයොති දීපෙන්ති, අභාසිතං අලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙන්ති, භාසිතං ලපිතං තථාගතෙන අභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙන්ති, අනාචිණ්ණං තථාගතෙන ආචිණ්ණං තථාගතෙනා ති දීපෙන්ති ආචිණ්ණං, තථාගතෙන අනාචිණ්ණං තථාගතෙනා’ති දීපෙන්ති. අප්පඤ්ඤත්තං තථාගතෙන පඤ්ඤත්තං තථාගතෙනාති දීපෙන්ති. පඤ්ඤත්තං තථාගතෙන අප්පඤ්ඤත්තං තථාගතෙනාති දීපෙන්ති. තෙ ඉමෙහි දසහි වත්ථූහි අවකස්සන්ති, වවකස්සන්ති, ආවෙනිකම්මානි කරොන්ති, ආවෙනි පාතිමොක්ඛං උද්දිසන්ති. එත්තාවතා ඛො ආනන්ද සඞ්ඝො භින්නො හොති ති.
Sinhala BJTආනන්‍දයෙනි, මෙ සස්නෙහි මහණහු අධර්‍මය ධර්‍මය යි දක්වත්. ධර්‍මය අධර්‍මය යි දක්වත්, අවිනය විනය යි දක්වත්, විනය අවිනය යි දක්වත්, තථාගතයන් විසින් අභාෂිත අලපිතය තථාගතයන් විසින් භාෂිතය ලපිතයයි දක්වත්, තථාගතයන් විසින් භාෂිත ලපිතය තථාගතයන් විසින් අභාෂිතය අලපිතයයි දක්වත්, තථාගතයන් විසින් අනාචීර්‍ණය තථාගතයන් විසින් ආචීර්‍ණයයි දක්වත්, තථාගතයන් විසින් ආචීර්‍ණය තථාගතයන් විසින් අනාචීර්‍ණය යයි දක්වත්, තථාගතයන් විසින් අප්‍රඥප්තය තථාගතයන් විසින් ප්‍රඥප්තයයි දක්වත්, තථාගතයන් විසින් ප්‍රඥප්තය තථාගතයන් විසින් අප්‍රඥප්තයයි දක්වත්, ඔහු මේ දශ වස්තුයෙන් (පිරිස) ඇද ගනිත්, අත්‍යර්‍ත්‍ථයෙන් ඇද ගනිත්, ආවෙනි කර්‍ම කෙරෙත්, ආවෙනි ප්‍රාතිමෝක්‍ෂය උදෙසත්, ආනන්‍දයෙනි, මෙතෙක් කරුණින් සඞ්ඝ භේදය වේ.
Pali BJTසමග්ගං පන භන්තෙ සඞ්ඝං භින්දිත්වා{1} කිං සො පසවතී ති?
Sinhala BJTවහන්ස, සමග සඞ්ඝයා බිඳුවා හේ කුමක් ප්‍රසව කෙරේ දැයි?
Pali BJTකප්පට්ඨියං{2} ආනන්ද කිබ්බිසං පසවතීති.
Sinhala BJTආනන්‍දයෙනි, සමග සඞ්ඝයා බිඳුවා හේ කල්පස්ථායී පාපවිපාකය ප්‍රසව කෙරෙයි.
Pali BJTකිං පන භන්තෙ කප්පට්ඨියං කිබ්බිසන්ති?
Sinhala BJTවහන්ස, කල්පස්ථායී කිල්විෂය නම් කවර?
Pali BJTකප්පං ආනන්ද නිරයම්හි පච්චතීති.
Sinhala BJTආනන්‍දයෙනි, ආයුෂ්කල්පයක් නිරෑහි පැසේ යයි.
Pali BJT1. ආපායිකො නෙරයිකො කප්පට්ඨො සඞ්ඝභෙදකො වග්ගරතො අධම්මට්ඨො - යොගක්ඛෙමා{3}පධංසති සඞ්ඝං සමග්ගං භෙත්වාන - කප්පං නිරයම්හි පච්චතීති.
Sinhala BJT1. අධර්‍මයෙහි සිටුනා භේදයෙහි ඇලුණු අපායට යන සුලු නිරයෙහි උපදනා කල්පස්ථායී සඞ්ඝ භේදකයා යෝගක්‍ෂේම සංඛ්‍යාත අර්‍හත්‍වයෙන් පිරිහෙයි. සමග සඟුන් කපක් නිරෑහි පැසේ යයි.
Pali BJT10. 1. 4. 10.
Sinhala BJT10. 1. 4. 10.
Pali BJTදුතියආනන්ද සුත්තං
Sinhala BJTද්විතීය ආනන්‍ද සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJTසඞ්ඝසාමග්ගි සඞ්ඝසාමග්ගීති භන්තෙ වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ සඞ්ඝො සමග්ගො හොතී ති?
Sinhala BJTවහන්ස, සඞ්ඝ සාමග්ගිය, සඞ්ඝ සාමග්ගිය යි කියනු ලැබේ. වහන්ස, කෙතෙක් කරුණින් සඞ්ඝයා සමග වේ දැයි?
Pali BJTඉධානන්ද භික්ඛු අධම්මං අධම්මොති දීපෙන්ති. ධම්මං ධම්මොති දීපෙන්ති. අවිනයං අවිනයොති දීපෙන්ති, විනයං විනයොති දීපෙන්ති. අභාසිතං අලපිතං තථාගතෙන අභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙන්ති. භාසිතං ලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙන්ති. අනාචිණ්ණං තථාගතෙන අනාචිණ්ණං තථාගතෙනාති දීපෙන්ති. ආචිණ්ණං තථාගතෙන ආචිණ්ණං තථාගතෙනාති දීපෙන්ති. අපඤ්ඤත්තං තථාගතෙන අපඤ්ඤත්තං තථාගතෙනාති දීපෙන්ති. පඤ්ඤත්තං තථාගතෙන පඤ්ඤත්තං තථාගතෙනාති දීපෙන්ති. තෙ ඉමෙහි දසහි වත්ථූහි න අවකස්සන්ති, න වවකස්සන්ති න ආවෙනිකකම්මානි කරොන්ති. න ආවෙනිපාතිමොක්ඛං උද්දිසන්ති. එත්තාවතා ඛො ආනන්ද සඞ්ඝො සමග්ගො හොතීති.
Sinhala BJTආනන්‍දයෙනි, මෙ සස්නෙහි මහණහු අධර්‍මය අධර්‍මයයි දක්වති, ධර්‍මය ධර්‍මය යි දක්වත්, අවිනය අවිනයයි දක්වති, විනය විනයයි දක්වති, තථාගතයන් විසින් අභාෂිත අලපිතය තථාගතයන් විසින් අභාෂිතය අලපිතය යි දක්වති, තථාගතයන් විසින් භාෂිත ලපිතය තථාගතයන් විසින් භාෂිත ලපිතය යි දක්වති, තථාගතයන් විසින් අනාචීර්‍ණය තථාගතයන් විසින් අනාචීර්‍ණය යි දක්වත්, තථාගතයන් විසින් ආචීර්‍ණය තථාගතයන් විසින් ආචීර්‍ණය යි දක්වති, තථාගතයන් විසින් අප්‍රඥප්තය තථාගතයන් විසින් අප්‍රඥප්තය යි දක්වති, තථාගතයන් විසින් ප්‍රඥප්තය තථාගතයන් විසින් ප්‍රඥප්තය යි දක්වති. ඔහු මේ දශ වස්තුයෙන් පිරිස නො ඇද ගනිති, අත්‍යර්‍ත්‍ථයෙන් නො ඇද ගනිත්, ආවෙනි කර්‍ම නො කෙරෙති, ආවෙනි ප්‍රාතිමෝක්‍ෂය නො උදෙසත් යි. ආනන්‍දයෙනි, මෙතෙක් කරුණින් සඞ්ඝයා සමග වේ යයි.
Pali BJTභින්නං පන භන්තෙ සඞ්ඝං සමග්ගං කත්වා කිං සො පසවතී ති?
Sinhala BJTවහන්ස, බුන් සඟහු සමග කොට හේ කුමක් ප්‍රසව කෙරේ දැයි?
Pali BJTබ්රහ්මං ආනන්ද පුඤ්ඤං පසවතීති.
Sinhala BJTආනන‍්‍දයෙනි, බ්‍රහ්ම පුණ්‍යය ප්‍රසව කෙරේ යයි.
Pali BJTකිං පන භන්තෙ බ්රහ්මං පුඤ්ඤන්ති?
Sinhala BJTවහන්ස, බ්‍රහ්ම පුණ්‍යය කවර?
Pali BJTකප්පං ආනන්ද සග්ගම්හි මොදතීති.
Sinhala BJTආනන්‍දයෙනි, ආයුෂ්කල්පයක් ස්වර්‍ගයෙහි සතුටු වෙයි.
Pali BJT1. සුඛා සඞ්ඝස්ස සාමග්ගි සමග්ගානඤ්ච අනුග්ගහො සමග්ගරතො ධම්මට්ඨො යොගක්ඛෙමා න ධංසති සඞ්ඝං සමග්ගං කත්වාන කප්පං සග්ගම්හි මොදතීති.
Sinhala BJT1. සඟුන්ගේ සමගිය සුවැතියේ වෙයි. සමග සඟුන්ගේ අනුග්‍රහය ද සුවැතියේ ය. සමගියෙහි ඇලුනේ ධර්‍මස්ථ වූයේ යෝග ක්‍ෂේමයෙන් නො පිරිහෙයි. සඟුන් සමග කොට කපක් සගෙහි ප්‍රමොදිතවේ යයි.
Pali BJTඋපාලිවග්ගො චතුත්ථො.
Sinhala BJTසතර වැනි උපාලි වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඋපාලිට්ඨපන උබ්බාහො - උපසම්පද නිස්සයෙන ච සාමණෙරො ච ද්වෙ භෙදා ආනන්දෙහි පරෙ දුවෙති.
Sinhala BJTඋපාලි සූත්‍රය, පාතිමොක්ඛට්ඨපන සූත්‍රය, උබ්බාහිකා සූත්‍රය, උපසම්පදා සූත්‍රය, නිස්සය සූත්‍රය, සාමණේර සූත්‍රය, සඞ්ඝ භේද සූත්‍රය, සඞ්ඝ සාමග්ගි සූත්‍රය, ආනන්‍ද සූත්‍ර දෙක දැයි මේ වර්‍ගයෙහි සූත්‍ර දශයෙකි.
Pali BJT5. අක්කොසවග්ගො
Sinhala BJT5. අක්කෝස වර්‍ගය
Pali BJT10. 1. 5. 1.
Sinhala BJT10. 1. 5. 1.
Pali BJTවිවාද සුත්තං
Sinhala BJTවිවාද සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅථ ඛො ආයස්මා උපාලි යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා උපාලි භගවන්තං එතදවොච:
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ:
Pali BJT“කො නු ඛො භන්තෙ හෙතු, කො පච්චයො යෙන සඞ්ඝෙ භණ්ඩනකලහවිග්ගහවිවාදා උප්පජ්ජන්ති භික්ඛු ච න ඵාසු විහරන්තී”ති?
Sinhala BJTවහන්ස, යම් හෙයෙකින් සඞ්ඝයාගේ භණ්ඩන කලහ විග්‍රහ විවාදයෝ උපදනාහු නම් භික්‍ෂූහු ද පහසු සේ නො වෙසෙත් නම් ඒ හේතු කවර, ඒ ප්‍රත්‍යය කවරැ? යි.
Pali BJTඉධූපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙන්ති, ධම්මං අධම්මොති දීපෙන්ති, අවිනයං විනයොති දීපෙන්ති, විනයං අවිනයොති දීපෙන්ති, අභාසිතං අලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙන්ති, භාසිතං ලපිතං තථාගතෙන අභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙන්ති, අනාචිණ්ණං තථාගතෙන ආචිණ්ණං තථාගතෙනාති දීපෙන්ති, ආචිණ්ණං තථාගතෙන අනාචිණ්ණං තථාගතෙනාති දීපෙන්ති, අපඤ්ඤත්තං තථාගතෙන පඤ්ඤත්තං තථාගතෙනාති දීපෙන්ති, පඤ්ඤත්තං තථාගතෙන අපඤ්ඤත්තං තථාගතෙනාති දීපෙන්ති. අයං ඛො උපාලි හෙතු අයං පච්චයො යෙන සඞ්ඝෙ භණ්ඩන කලහ විග්ගහ විවාදා උප්පජ්ජන්ති, භික්ඛු ච න ඵාසු විහරන්තී ති.
Sinhala BJTඋපාලියෙනි, මෙ සස්නෙහි මහණහු අධර්‍මය ධර්‍මයයි දක්වත්, ධර්‍මය අධර්‍මයයි දක්වත්, අවිනය විනයයි දක්වත්, විනය අවිනයයි දක්වත්, තථාගතයන් විසින් අභාෂිතය අලපිතය තථාගතයන් විසින් භාෂිත ය ලපිත යයි දක්වත්, භාග්‍යවතුන් වහන්සේ විසින් භාෂිතය ලපිතය තථාගතයන් විසින් අභාෂිත ය අලපිත යයි දක්වත්, තථාගතයන් විසින් අනාචීර්‍ණය තථාගතයන් විසින් ආචීර්‍ණ යයි දක්වත්, තථාගතයන් විසින් ආචීර්‍ණය තථාගතයන් විසින් අනාචිර්‍ණයයි දක්වති, තථාගතයන් විසින් අප්‍රඥප්තය තථාගතයන් විසින් ප්‍රඥප්ත යයි දක්වත්, තථාගතයන් විසින් ප්‍රඥප්තය තථාගතයන් විසින් අප්‍රඥප්ත යයි දක්වත්, උපාලියෙනි, යම් හෙයෙකින් සඞ්ඝයා කෙරෙහි භණ්ඩන කලහ විග්‍රහ විවාදයෝ උපදනාහු නම්, භික්‍ෂුහු ද පහසු සේ නො වෙසෙත් නම් මේ ඒ හේතු ය, මේ ඒ ප්‍රත්‍යය යි.
Pali BJT10. 1. 5. 2.
Sinhala BJT10. 1. 5. 2.
Pali BJTපඨම විවාදමූල සුත්තං
Sinhala BJTප්‍රථම විවාදමූල සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTකති නු ඛො භන්තෙ විවාදමූලානීති?
Sinhala BJTවහන්ස, විවාද මූලයෝ කෙතෙක් දැයි?
Pali BJTදස ඛො උපාලි විවාදමූලානි. කතමානි දස: ඉධූපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙන්ති. ධම්මං අධම්මොති දීපෙන්ති. අවිනයං විනයොති දීපෙන්ති. විනයං අවිනයොති දීපෙන්ති. අභාසිතං අලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙන්ති, භාසිතං ලපිතං තථාගතෙන අභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙන්ති. අනාචිණ්ණං තථාගතෙන ආචිණ්ණං තථාගතෙනාති දීපෙන්ති, ආචිණ්ණං තථාගතෙන අනාචිණ්ණං තථාගතෙනාති දීපෙන්ති. අපඤ්ඤත්තං තථාගතෙන පඤ්ඤත්තං තථාගතෙනාති දීපෙන්ති. පඤ්ඤත්තං තථාගතෙන අපඤ්ඤත්තං තථාගතෙනාති දීපෙන්ති. ඉමානි ඛො උපාලි දස විවාදමූලානීති.
Sinhala BJTඋපාලියෙනි, විවාදමූලයෝ දසයෙක. කවර දසයෙක යත්: උපාලි මෙ සස්නෙහි මහණහු අධර්‍මය ධර්‍ම යයි දක්වත්, ධර්‍මය අධර්‍ම යයි දක්වත්, අවිනය විනය යි දක්වත්, විනය අවිනය යි දක්වත්, තථාගතයන් විසින් අභාෂිතය අලපිතය තථාගතයන් විසින් භාෂිතය ලපිත යයි දක්වත්, තථාගතයන් විසින් භාෂිතය ලපිතය අභාෂිත ය අලපිත යයි දක්වත්. තථාගතයන් විසින් අනාචීර්‍ණය තථාගතයන් විසින් ආචීර්‍ණ යයි දක්වත්, තථාගතයන් විසින් ආචීර්‍ණය තථාගතයන් විසින් අනාචීර්‍ණ යයි දක්වත්, තථාගතයන් විසින් අප්‍රඥප්තය තථාගතයන් විසින් ප්‍රඥප්ත යයි දක්වත්, තථාගතයන් විසින් ප්‍රඥප්තය තථාගතයන් විසින් අප්‍රඥප්ත යයි දක්වත්, උපාලියෙනි, මේ දස විවාදමූලයෝ යි.
Pali BJT10. 1. 5. 3.
Sinhala BJT10. 1. 5. 3.
Pali BJTදුතිය විවාදමූල සුත්තං
Sinhala BJTදුතිය විවාදමූල සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTකති නු ඛො භන්තෙ විවාදමූලානීති?
Sinhala BJTවහන්ස, විවාදමූල කෙතෙක් දැයි?
Pali BJTදස ඛො උපාලි විවාද මූලානි. කතමානි දස? ඉධූපාලි භික්ඛු අනාපත්තිං ආපත්තීති දීපෙන්ති. ආපත්තිං අනාපත්තීති දීපෙන්ති. ලහුකං ආපත්තිං ගරුකං ආපත්තීති දීපෙන්ති. ගරුකං ආපත්තිං ලහුකං ආපත්තීති දීපෙන්ති. දුට්ඨුල්ලං අපත්තිං අදුට්ඨුල්ලා අප්පත්තීති දීපෙන්ති. අදුට්ඨුල්ලං ආපත්තිං දුට්ඨුල්ලාපත්තීති දීපෙන්ති. සාවසෙසං ආපත්තිං අනවසෙසා ආපත්තීති දීපෙන්ති. අනවසෙසං ආපත්තිං සාවසෙසාපත්තීති දීපෙන්ති. සප්පටිකම්මං ආපත්තිං අප්පටිකම්මා ආපත්තීති දීපෙන්ති. අප්පටිකම්මං ආපත්තිං සප්පටිකම්මා ආපත්තීති දීපෙන්ති. ඉමානි ඛො උපාලි දස විවාදමූලානීති:
Sinhala BJTඋපාලියෙනි, විවාදමූල දසයෙකි. කවර දසයෙක යත්: උපාලියෙනි, මෙසස්නෙහි භික්‍ෂූහු අනාපත්තිය ආපත්ති යයි දක්වත්, ආපත්තිය අනාපත්ති යයි දක්වත්, ලහුකාපත්තිය ගරුකාපත්ති යයි දක්වත්, ගරුකාපත්තිය ලහුකාපත්ති යයි දක්වත්, දුට්ඨුල්ලාපත්තිය අදුට්ඨුල්ලාපත්තිය යයි දක්වත්, අදුට්ඨුල්ලාපත්තිය දුට්ඨුල්ලාපත්තිය යයි දක්වත්, සාවසේසාපත්තිය අනවසේසාපත්ති යයි දක්වත්, අනවසේසාපත්තිය සාවසේසාපත්තිය යයි දක්වත්, සප්පටිකම්මාපත්තිය අප්පටිකම්මාපත්තිය යයි දක්වත්, අප්පටිකම්මාපත්තිය සප්පටිකම්මාපත්තිය යයි දක්වත්, උපාලියෙනි, මේ දසවිවාදමූල යි.
Pali BJT10. 1. 5. 4.
Sinhala BJT10. 1. 5. 4.
Pali BJTකුසිනාරා සුත්තං
Sinhala BJTකුසිනාරා සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා කුසිනාරායං විහරති බලිහරණෙ වනසණ්ඩෙ. තත්ර ඛො භගවා භික්ඛු ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුසිනාරායෙහි බලිහරණ නම් වන ලැහැබ්හි වාසය කරනසේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. වහන්සැයි ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ.
Pali BJTචොදකෙන භික්ඛවෙ භික්ඛුනා පරං චොදෙතුකාමෙන පඤ්ච ධම්මෙ අජ්ඣත්තං පච්චවෙක්ඛිත්වා පඤ්ච ධම්මෙ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පරො චොදෙතබ්බො කතමෙ පඤ්ච ධම්මා අජ්ඣත්තං පච්චවෙක්ඛිතබ්බා:
Sinhala BJTමහණෙනි, මෙරමාහට චෝදනා කරනු කැමති චෝදක මහණහු විසින් කරුණු පසක් තමා කෙරෙහි ප්‍රත්‍යවේක්‍ෂා කොට තමා කෙරෙහි කරුණු පසක් එළවා මෙරමා චෝදනා කළයුතු. කවර කරුණු පසෙක් තමා කෙරෙහි ප්‍රත්‍යවේක්‍ෂා කළයුතු වේ යැ යත්:
Pali BJTචොදකෙන භික්ඛවෙ භික්ඛුනා පරං චොදෙතුකාමෙන එවං පච්චවෙක්ඛිතබ්බං: පරිසුද්ධකායසමාචාරො නු ඛොම්හි, පරිසුද්ධෙනම්හි කායසමාචාරෙන සමන්නාගතො අච්ඡිද්දෙන අප්පටිමංසෙන. සංවිජ්ජති නු ඛො මෙ එසො ධම්මො, උදාහු නො ති. නො චෙ භික්ඛු පරිසුද්ධකායසමාචාරො හොති පරිසුද්ධෙන කායසමාචාරෙන සමන්නාගතො අච්ඡිද්දෙන අප්පටිමංසෙන, තස්ස භවන්ති චත්තාරො “ඉඞ්ඝ තාව ආයස්මා කායිකං සික්ඛස්සූ”ති ඉතිස්ස භවන්ති වත්තාරො.
Sinhala BJTමහණෙනි, පරහට චෝදනා කරනු කැමැති චෝදක භික්‍ෂුහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු: අච්ඡිද්‍ර වූ ප්‍රත්‍යාමර්‍ශ නො කට හැකි වූ පරිශුද්ධ කායසමාචාරයෙන් සමන්‍වාගත වූයෙම් පරිශුද්ධ කායසමාචාර ඇතියෙම් දැයි, තෙල දහම මට විද්‍යාමාන වේ ද නො හොත් අවිද්‍යාමානවේදැයි. ඉදින් මහණ අච්ඡිද්‍රවූ ප්‍රත්‍යාමර්‍ශ නො කට හැකි පරිශුද්ධ කායසමාචාරයෙන් සමන්‍වාගත වූයේ පරිශුද්ධ කායසමාචාරය ඇතියේ නො වේද ඔහට “එසේ නම් ආයුෂ්මත් පළමු ම කායිකසමාචාරයෙහි හික්මෙව”යි කියන්නාහු වෙත්. මෙසේ ඔහට කියන්නාහු වෙත් මැයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ චොදකෙන භික්ඛුනා පරං චොදෙතුකාමෙන එවං පච්චවෙක්ඛිතබ්බං: “පරිසුද්ධවචීසමාචාරො නු ඛොම්හි” පරිසුද්ධෙනම්හි වචීසමාචාරෙන සමන්නාගතො අච්ඡිද්දෙන අප්පටිමංසෙන සංවිජ්ජති නු ඛො මෙ එසො ධම්මො, උදාහු නොති නො චෙ භික්ඛවෙ භික්ඛු පරිසුද්ධ වචීසමාචාරො හොති, පරිසුද්ධෙන වචීසමාචාරෙන සමන්නාගතො අච්ඡිද්දෙන අප්පටිමංසෙන, තස්ස භවන්ති චත්තාරො, “ඉඞ්ඝ තාව ආයස්මා වාචසිකං සික්ඛස්සූ”ති. ඉතිස්ස භවන්ති වත්තාරො.
Sinhala BJTතවද මහණෙනි, පරහට චෝදනා කරනු කැමැති චෝදක මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු: “අච්ඡිද්‍ර වූ ප්‍රත්‍යාමර්‍ශ නො කට හැකි පරිශුද්ධ වාක්සමාචාරයෙන් සමන්‍වාගතයෙම් පරිශුද්ධ වාක්සමාචාර ඇතියෙම් ද, මට තෙල දහම විද්‍යාමාන වේ ද නැතහොත් අවිද්‍යාමාන වේදැ”යි. ඉදින් මහණ අච්ඡිද්‍රවූ ප්‍රත්‍යාමර්‍ශ නො කට හැකි පරිශුද්ධ වාක්සමාචාරයෙන් සමන්‍වාගත වූයේ පරිශුද්ධ වාක්සමාචාරය ඇතියේ නො වේ නම් ඔහට “එසේ නම් ආයුෂ්මත් පළමුව වාක්සමාචාරයෙහි හික්මෙව”යි කියන්නාහු වෙති. ඔහට මෙසේ කියන්නාහු ම වෙති.
Pali BJTපුන චපරං භික්ඛවෙ චොදකෙන භික්ඛුනා පරං චොදෙතුකාමෙන එවං පච්චවෙක්ඛිතබ්බං: “මෙත්තං නු ඛො මෙ චිත්තං පච්චුපට්ඨිතං සබ්රහ්මචාරීසු අනාඝාතං, සංවිජ්ජති නු ඛො මෙ එසො ධම්මො, උදාහු නො”ති. නො චෙ භික්ඛවෙ භික්ඛුනො මෙත්තං චිත්තං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු අනාඝාතං, තස්ස භවන්ති චත්තාරො, “ඉඞ්ඝ තාව ආයස්මා සබ්රහ්මචාරීසු මෙත්තං චිත්තං පච්චුපට්ඨපෙහී”ති. ඉතිස්ස භවන්ති වත්තාරො.
Sinhala BJTතවද මහණෙනි, පරහට චෝදනා කරනු කැමැති චෝදක මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු: “සබ්‍රම්සරුන් කෙරෙහි ආඝාත රහිත මාගේ මෙත් සිත එළඹ සිටියේ ද මට තෙල දහම විද්‍යාමාන වේද නොහොත් අවිද්‍යාමාන වේ දැ”යි. ඉදින් මහණහුගේ ආඝාත විරහිත මෙත් සිත සබ්‍රම්සරුන් කෙරෙහි එළඹ නො සිටියේ නම් ඔහට “ආයුෂ්මත් එසේ නම් පළමු ව සබ්‍රම්සරුන් කෙරෙහි මෙත්සිත පිහිටුව”යි කියන්නාහු වෙති. ඔහට මෙසේ කියන්නාහු වෙත්ම ය.
Pali BJTපුන චපරං භික්ඛවෙ චොදකෙන භික්ඛුනා පරං චොදෙතුකාමෙන එවං පච්චවෙක්ඛිතබ්බං: “බහුස්සුතො නු ඛොම්හි සුතධරො සුතසන්නිචයො යෙ තෙ ධම්මා ආදිකල්යාණා, මජ්ඣෙ කල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සබ්යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති. තථාරූපා මෙ ධම්මා බහුස්සුතා හොන්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා, සංවිජ්ජති නු ඛො මෙ එසො ධම්මො, උදාහුනො”ති. නො චෙ භික්ඛවෙ භික්ඛු බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො, යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙ කල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සබ්යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. තස්ස භවන්ති චත්තාරො: “ඉඞ්ඝ තාව ආයස්මා ආගමං පරියාපුණස්සූ”ති. ඉතිස්ස භවන්ති වත්තාරො,
Sinhala BJTතව ද මහණෙනි, අන්හට චෝදනා කරනු කැමැති චෝදක මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු: “ශ්‍රැතධර වූයෙම් ශ්‍රැතසන්නිචය ඇතියෙම් බහුශ්‍රැතයෙම් ද සාර්‍ත්‍ථ සව්‍යඤ්ජන වූ ආදි කල්‍යාණ වූ මධ්‍ය කල්‍යාණ වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ යම් ඒ ධර්‍ම කෙනෙක් කේවල පරිපූර්‍ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කරත් නම් මා විසින් එබඳු දහම්හු ධෘත වූවාහු බහුශ්‍රුත වෙත් ද, වචනයෙන් පරිචිත වෙත් ද, මනසින් අනුප්‍රේක්‍ෂිත වෙත් ද ප්‍රඥාදෘෂ්ටියෙන් සුප්‍රතිවිද්ධ වෙත් ද මට තෙල දහම විද්‍යාමාන ද නැත හොත් අවිද්‍යාමාන දැ”යි. ඉදින් මහණ ශ්‍රැතධර වූයේ, ශ්‍රැතසන්නිචය ඇතියේ බහුශ්‍රුත නො වේ නම් සාර්‍ත්‍ථ සව්‍යඤ්ජන වූ ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසානකල්‍යාණ වූ යම් ඒ ධර්‍ම කෙනෙක් කේවල පරිපූර්‍ණ පාරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය පවසත් නම් ඔහු විසින් එබඳු ධර්‍මයෝ ධෘත-බහුශ්‍රුත නො වෙත් නම් වචනයෙන් පරිචිත නො වෙත් නම් මනසින් අනුප්‍රේක්‍ෂිත නො වෙත් නම් දෘෂ්ටියෙන් සුප්‍රතිවිද්ධ නො වෙත් නම් ඔහට “එසේ නම් ආයුෂ්මත් පළමු ව ආගමය පිරිවහව”යි කියන්නාහු වෙති. ඔහට මෙසේ කියන්නාහු ම වෙත්.
Pali BJTපුන චපරං භික්ඛවෙ චොදකෙන භික්ඛුනා පරං චොදෙතුකාමෙන එවං පච්චවෙක්ඛිතබ්බං. “උභයානි නු ඛො මෙ පාතිමොක්ඛානි විත්ථාරෙන ස්වාගතානි හොන්ති, සුවිභත්තානි සුප්පවත්තීනි සුවිනිච්ඡිතානි සුත්තසො අනුබ්යඤ්ජනසො. සංවිජ්ජති නු ඛො මෙ එසො ධම්මො. උදාහු නො”ති. නො චෙ භික්ඛවෙ භික්ඛුනො උභයානි පාතිමොක්ඛානි විත්ථාරෙන ස්වාගතානි හොන්ති සුවිභත්තානි සුප්පවත්තීනි සුවිනිච්ඡිතානි සුත්තසො අනුබ්යඤ්ජනසො. ඉදං පනායස්මා “කත්ථ වුත්තං භගවතා”ති ඉති පුට්ඨො න සම්පායති, තස්ස භවන්ති චත්තාරො: “ඉඞ්ඝ තාව ආයස්මා විනයං සික්ඛස්සූ”ති ඉතිස්ස භවන්ති වත්තාරො. ඉමෙ පඤ්ච ධම්මා අජ්ඣත්තං පච්චවෙක්ඛිතබ්බා.
Sinhala BJTතව ද මහණෙනි, අනිකකුට චෝදනා කරනු කැමැති චෝදක මහණ විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු: “මට උභය ප්‍රාතිමොක්‍ෂයෝ සුවිභක්ත වූවාහු මොනොවට පවත්නාහු සූත්‍ර විසින් අනුඛ්‍යඤ්ජන විසින් සුවිනිශ්චිත වූවාහු විස්තර විසින් ස්වාගත වෙත් ද මට තෙල දහම් විද්‍යාමාන ද නැත හොත් අවිද්‍යාමාන දැ”යි. ඉදින් මහණහට උභය ප්‍රාතිමොක්‍ෂයෝ සුවිභක්ත වූවාහු මොනොවට පවත්නාහු සූත්‍ර විසින් අනුව්‍යඤ්ජන විසින් සුවිනිශ්චිත වූවාහු විස්තර විසින් ස්වාගත නො වෙත් නම් “ආයුෂ්මත්නි, මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් කොහි දෙසන ලද දැ”යි. මෙසේ පුළුවුස්නා ලදුයේ නො සපයා නම් ඔහට “ආයුෂ්මත් එසේ නම් පළමු ව විනයෙහි හික්මෙව”යි කියන්නාහු වෙති. ඔහට මෙසේ කියන්නාහු ම වෙති. මේ පඤ්ච ධර්‍මයෝ අධ්‍යාත්මයෙහි ප්‍රත්‍යවේක්‍ෂා කටයුතුවහ.
Pali BJTකතමෙ පඤ්චධම්මා අජ්ඣත්තං උපට්ඨපෙතබ්බා: කාලෙන වක්ඛාමි නො අකාලෙන, භූතෙන වක්ඛාමි නො අභූතෙන, සණ්හෙන වක්ඛාමි නො ඵරුසෙන, අත්ථසංහිතෙන වක්ඛාමි නො අනත්ථසංහිතෙන. මෙත්තචිත්තො වක්ඛාමි නො දොසන්තරොති. ඉමෙ පඤ්ච ධම්මා අජ්ඣත්තං උපට්ඨපෙතබ්බා.
Sinhala BJTකවර පඤ්ච ධර්‍ම කෙනෙක් අධාත්මයෙහි එළවිය යුතුවහ යත්: නො කල්හි නොව කල්හි ම කියනෙමි අභූතයෙන් නොව භූතයෙන් කියනෙමි. පරුෂයෙන් නොව මොළොකින් කියනෙමි. අනර්‍ත්‍ථසංහිත ව නොව අර්‍ත්‍ථසංහිත ව කියනෙමි. දුෂ්ට චිත්තයෙන් නොව මෙත්සිත් ඇතියෙම් කියනෙමි මේ පඤ්ච ධර්‍මයෝ අධ්‍යාත්මයෙහි එළවිය යුතු වෙත්.
Pali BJTචොදකෙන භික්ඛවෙ භික්ඛුනා ඉමෙ පඤ්ච ධම්මෙ අජ්ඣත්තං පච්චවෙක්ඛිත්වා, ඉමෙ පඤ්ච ධම්මෙ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පරො චොදෙතබ්බොති.
Sinhala BJTමහණෙනි, චෝදක මහණහු විසින් මෙ පස් දහම් තමා තුළ ප්‍රත්‍යවේක්‍ෂා කොට මේ පස් දහම් තමා තුළ එළවා පරා චෝදනා කටයුත්තේ යි.
Pali BJT10. 1. 5. 5.
Sinhala BJT10. 1. 5. 5.
Pali BJTරාජන්තෙපුරප්පවෙසන සුත්තං
Sinhala BJTරාජන්තෙපුරප්පවේසන සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJTදස ඉමෙ භික්ඛවෙ ආදීනවා රාජන්තෙපුරප්පවෙසනෙ. කතමෙ දස:
Sinhala BJTමහණෙනි, රාජාන්තඃපුරප්‍රවෙෂයෙහි මේ ආදීනවයෝ දස දෙනෙකි. කවර දස දෙනෙක යත්:
Pali BJT1. ඉධ භික්ඛවෙ රාජා මහෙසියා සද්ධිං නිසින්නො හොති, තත්ර භික්ඛු පවිසති, මහෙසී වා භික්ඛුං දිස්වා සිතං පාතු කරොති, භික්ඛු වා මහෙසිං දිස්වා සිතං පාතු කරොති. තත්ථ රඤ්ඤො එවං හොති: “අද්ධා ඉමෙසං කතං වා කරිස්සන්ති වා”ති. අයං භික්ඛවෙ පඨමො ආදීනවො රාජන්තෙපුරප්පවෙසනෙ.
Sinhala BJT1. මහණෙනි, රජ තෙම මෙහෙසිය හා සමග හුන්නේ වෙයි, මහණ එහි පිවිසෙයි. මෙහෙස්න හෝ මහණහු දැක සිනහ පහළ කෙරෙයි. මහණ හෝ මෙහෙස්න දැක සිනහ පාළ කෙරෙයි. එහි ලා රජහට මෙබඳු සිතෙක් වෙයි: “එකැතින් මොවුන් විසින් අසද්ධර්‍ම කෙළේ දෝ හෝ කරත් දෝ හෝ”යි. මහණෙනි, මේ ඇතොරට වැදීමෙහි පළමුවන ආදීනව යි.
Pali BJT2. පුන චපරං භික්ඛවෙ රාජා බහුකිච්චො බහුකරණීයො අඤ්ඤතරං ඉත්ථිං ගන්ත්වා න සරති, සා තෙන ගබ්භං ගණ්හාති, තත්ථ රඤ්ඤො එවං හොති: “ න ඛො ඉධ අඤ්ඤො කොචි පවිසති. අඤ්ඤත්ර පබ්බජිතෙන, සියා නු ඛො පබ්බජිතස්ස කම්මන්ති. අයං භික්ඛවෙ දුතියො ආදීනවො රාජන්තෙ පුරප්පවෙසනෙ.
Sinhala BJT2. තව ද මහණෙනි, රජ බහුකෘත්‍ය ව බහුකරණීය ව සිට අන්‍යතර ස්ත්‍රියක කරා ගොස් සඳහන් නො කෙරෙයි. ඕ එයින් ගැබ් ගනියි. එහි ලා රජුට මෙසේ සිත් වෙයි: “මේ ඇතොරට පැවිද්දකු විනා අන් කිසිවෙක් නො වදනේ ය. පැවිද්දහුගේ කමෙක දෝ හෝ”යි. මහණෙනි, මේ ඇතොරට වැදීමෙහි මේ දෙවෙනි ආදීනව යි.
Pali BJT3. පුන චපරං භික්ඛවෙ රඤ්ඤො අන්තෙපුරෙ අඤ්ඤතරං රතනං නස්සති තත්ථ රඤ්ඤො එවං හොති: “න ඛො ඉධ අඤ්ඤො කොචි පවිසති අඤ්ඤත්ර පබ්බජිතෙන, සියා නු ඛො පබ්බජිතස්ස කම්මන්ති”. අයං භික්ඛවෙ තතියො ආදීනවො රාජන්තෙපුරප්පවෙසනෙ.
Sinhala BJT3. තව ද මහණෙනි, රජුගේ ඇතොරෙහි අන්‍යතර රත්නයෙක් නස්නේ ය. එහි ලා රජුට මෙසේ සිත් වෙයි: “මෙහි පැවිද්දහු මිස අන් කිසිවෙක් නො වදනේ ය. පැවිද්දහුගේ කමෙක දෝ හෝ”යි. මහණෙනි, මේ ඇතොරට වැදීමෙහි තෙවන ආදීනවය යි.
Pali BJT4. පුන චපරං භික්ඛවෙ රඤ්ඤො අන්තෙපුරෙ අබ්භන්තරා ගුය්හමන්තා බහිද්ධා සම්භෙදං ගච්ඡන්ති. තත්ථ රඤ්ඤො එවං හොති: “න ඛො ඉධ අඤ්ඤො කොචි පවිසති අඤ්ඤත්ර පබ්බජිතෙන, සියා නු ඛො පබ්බජිතස්ස කම්මන්ති. අයං භික්ඛවෙ චතුත්ථො ආදීනවො රාජන්තෙපුරප්පවෙසනෙ.
Sinhala BJT4. තව ද මහණෙනි, රජුගේ ඇතොරෙහි වූ අභ්‍යන්තර ගුහ්‍යමන්ත්‍රණයෝ බැහැර පළට බවට යෙත්. එහි ලා රජුට මෙසේ සිත් වෙයි: “මෙහි පැවිද්දකු මිස අන් කිසිවෙක් නො වදනේ ය, පැවිද්දහුගේ කමෙක දෝ හෝ”යි. මහණෙනි, මේ ඇතොරට වැදීමෙහි සතරවන ආදීනව යි.
Pali BJT5. පුන චපරං භික්ඛවෙ රඤ්ඤො අන්තෙපුරෙ පිතා වා පුත්තං පත්ථෙති, පුත්තො, වා, පිතරං, පත්ථෙති, තෙසං එවං හොති: “න ඛො ඉධ අඤ්ඤො කොචි පවිසති අඤ්ඤත්ර පබ්බජිතෙන, සියා නු ඛො පබ්බජිතස්ස කම්මන්ති, අයං භික්ඛවෙ පඤ්චමො ආදීනවො රාජන්තෙපුරප්පවෙසනෙ.
Sinhala BJT5. තව ද මහණෙනි, රජුගේ ඇතොරෙහි පියා හෝ පුතු නස්නා පතයි. පුතා හෝ පියා නස්නා පතයි. ඔවුනට මෙසේ සිත් වෙයි: “මෙහි පැවිද්දහු මිස අන් කිසිවෙක් නො වදනේ ය. පැවිද්දහුගේ කමෙක දෝ හෝ”යි. මහණෙනි, මේ ඇතොරට වැදීමෙහි පස්වන ආදීනවය යි.
Pali BJT6. පුන චපරං භික්ඛවෙ රාජා නීචට්ඨානියං උච්චෙ ඨානෙ ඨපෙති. යෙසං තං අමනාපං තෙසං එවං හොති: “රාජා ඛො පබ්බජිතෙන සංසට්ඨො, සියානු ඛො පබ්බජිතස්ස කම්මන්ති. “ අයං භික්ඛවෙ ඡට්ඨො ආදීනවො රාජන්තෙපුරප්පවෙසනෙ.
Sinhala BJT6. තව ද මහණෙනි, රජ යටතට නිසියකු උස්තැන තබයි. යම් කෙනකුට ඒ අමනාප වේ ද, ඔවුනට මෙසේ සිත් වෙයි: “රජ පැවිද්දහු හා සමග සසඟ වෙයි, පැවිද්දහුගේ කමෙක් දෝ හෝ”යි, මහණෙනි, මේ ඇතොරට වැදීමෙහි සවන ආදීනව යි.
Pali BJT7. පුන චපරං භික්ඛවෙ රාජා උච්චට්ඨානීයං නීචෙ ඨානෙ ඨපෙති යෙසං තං අමනාපං තෙසං එවං හොති: “රාජා ඛො පබ්බජිතෙන සංසට්ඨො, සියා නු ඛො පබ්බජිතස්ස කම්මන්ති”. අයං ඛො භික්ඛවෙ සත්තමො ආදීනවො රාජන්තෙපුරප්පවෙසනෙ.
Sinhala BJT7. තව ද මහණෙනි, රජ උස්තැනට නිසියහු යටත් තැන තබන්නේ ය. යම් කෙනකුන්ට එය අමනාප වේ ද, ඔවුනට මෙසේ සිත් වෙයි: “රජ පැවිද්දහු හා සමග සසට වෙයි. පැවිද්දහුගේ කමෙක් වේ දෝ හෝ”යි. මහණෙනි, මේ ඇතොරට වැදීමෙහි සත්වන ආදීනව යි.
Pali BJT8. පුන චපරං භික්ඛවෙ රාජා අකාලෙ සෙනං උය්යොජෙති, යෙසං තං අමනාපං, තෙසං එවං හොති: “රාජා ඛො පබ්බජිතෙන සංසට්ඨො, සියා නු ඛො පබ්බජිතස්ස කම්මන්ති. “ අයං භික්ඛවෙ අට්ඨමො ආදීනවො රාජන්තෙපුරප්පවෙසනෙ.
Sinhala BJT8. තව ද මහණෙනි, රජ අකාලයෙහි සෙන් මෙහෙයයි. යම් කෙනකුට ඒ අමනාප වේ ද, ඔවුනට මෙසේ සිත් වෙයි: “රජ පැවිද්දහු හා සමග සසට වෙයි. පැවිද්දහුගේ කමෙක් වේ දෝ හෝ”යි. මහණෙනි, මේ ඇතොරට වැදීමෙහි අටවන ආදීනව යි.
Pali BJT9. පුන චපරං භික්ඛවෙ රාජා කාලෙ සෙනං උය්යොජෙත්වා අන්තරාමග්ගතො නිවත්තාපෙති, යෙසං තං අමනාපං තෙසං එවං හොති. “රාජා ඛො පබ්බජිතෙන සංසට්ඨො, සියා නු ඛො පබ්බජිතස්ස කම්මන්ති.” අයං භික්ඛවෙ නවමො ආදීනවො. රාජන්තෙපුරප්පවෙසනෙ.
Sinhala BJT9. තව ද මහණෙනි, රජ නිසිකල සෙන් මෙහෙයා අතරමඟින් නවත්වා ලයි. යම් කෙනෙකුට ඒ අමනාප වේද ඔවුනට මෙසේ සිත් වෙයි. “රජ පැවිද්දහු හා සමග සසට වෙයි. පැවිද්දහුගේ කමෙක් දෝ හෝ”යි. මහණෙනි, මේ ඇතොරට වැදීමෙහි නවවන ආදීනව යි.
Pali BJT10. පුන චපරං භික්ඛවෙ රඤ්ඤො අන්තෙපුරං හත්ථිසම්මද්දං අස්සසම්මද්දං රථසම්මද්දං{1} රජනීයානි රූප සද්ද ගන්ධරසඵොට්ඨබ්බානි යානි න පබ්බජිතසාරුප්පානි. අයං භික්ඛවෙ දසමො ආදීනවො රාජන්තෙපුරප්පවෙසනෙ.
Sinhala BJT10. තව ද මහණෙනි, රජුගේ ඇතොර හස්තිසම්මර්දය අශ්වසම්මර්දය රථසම්මර්දය වෙයි. පැවිද්දනට නොසරුප් යම් රූපාදීහු ඇද්ද රජනීය වූ ඒ රූප ශබ්ද ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍යයෝ ඇත. මහණෙනි, මෙ ඇතොරට වැදීමෙහි දසවන ආදීනව යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ දස ආදීනවා රාජන්තෙපුරප්පවෙසනෙති.
Sinhala BJTමහණෙනි, ඇතොරට වැදීමෙහි මේ දස ආදීනවයෝ යි.
Pali BJT10. 1. 5. 6.
Sinhala BJT10. 1. 5. 6.
Pali BJTසක්ය සුත්තං
Sinhala BJTසකක්‍ය සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ අථ ඛො සම්බහුලා සක්ක්යා{2} උපාසකා තදහුපොසථෙ යෙන භගවා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො සක්යෙ උපාසකෙ භගවා එතදවොච: “අපි නු ඛො තුම්හෙ සක්යා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසථා”ති?
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කපිල වාස්තුයෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල බොහෝ සැහැ උවසුවෝ පොහෝ ලත් එදින භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ ඇදුරු කොට වැඳ එකත්පස් ව හුන්හ. භාග්‍යවතුන් වහන්සේ එකත්පස් ව හුන් සැහැ උවසුවනට තෙල වදාළ සේක: “ශාක්‍යයෙනි, තෙපි අටඟින් යුතු පෙහෙවස් වසවුදැ”යි
Pali BJT“අප්පෙකදා මයං භන්තෙ අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසාම, අප්පෙකදා න උපවසාමා”ති. තෙසං වො සක්යා අලාභා තෙසං දුල්ලද්ධං යෙ තුම්හෙ එවං සොකසභයෙ ජීවිතෙ මරණසභයෙ ජීවිතෙ අප්පෙකදා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසථ, අප්පෙකදා න උපවසථ, තං කිං මඤ්ඤථ සක්යා, ඉධ පුරිසො යෙන කෙනචි කම්මට්ඨානෙන අනාපජ්ජ{3} අකුසලං දිවසං අඩ්ඪකහාපණෙ නිබ්බිසෙය්ය, දක්ඛො පුරිසො උට්ඨානසම්පන්නොති අලං වචනායාති? එවං භන්තෙ,
Sinhala BJTවහන්ස, අපි කිසි දිනෙක අටඟින් යුත් පෙහෙවස් වසම්හ. කිසි දිනෙක නො වසම්හ යි. ශාක්‍යයෙනි, යම් බඳු තෙපි මෙසේ ශෝකයෙන් බිය ඇති දිවි වැටෙත් ම මරණයෙන් බිය ඇති දිවිවැටෙත් ම කිසි දිනක අෂ්ටාඞ්ග සමන්‍වාගත පෙහෙවස් වසව් නම් කිසි දිනක නො වසව් නම් ඒ තොපට අලාභයෙක. ඒ තොපට නපුරු කොට ලැබීමෙක. ශාක්‍යයෙනි, ඒ කෙසේ හඟිව් ද? මෙලොව පුරුෂයෙක් යම් ම කර්‍මාන්තයෙකින් අකුශලයට නො වදනේ දවසට අඩකහවණුවක් උපදවන්නේ ය. දක්‍ෂ පුරුෂයෙක. උත්‍ථාන වීර්‍ය්‍යසම්පන්නයෙකැයි කියනට නිසි වේ ද? වහන්ස එසේය.
Pali BJTතං කිං මඤ්ඤථ සක්යා, ඉධ පුරිසො යෙන කෙනචි කම්මට්ඨානෙන අනාපජ්ජ අකුසලං දිවසං කහාපණං නිබ්බිසෙය්ය, දක්ඛො පුරිසො උට්ඨානසම්පන්නොති අලං වචනායාති? එවං භන්තෙ,
Sinhala BJTශාක්‍යයෙනි, එ කෙසේ හඟිවුද? මෙහි මෙලොව පුරුෂයෙක් යම් ම කර්‍මාන්තයෙකින් අකුශලයට නො වදනේ දවසට කහවණුවක් උපයනේ ය. දක්‍ෂ පුරුෂයෙක, උත්‍ථානවීර්‍ය්‍යසම්පන්නයෙකැයි කියනට නිසි වේ ද? වහන්ස, එසේ ය.
Pali BJTතං කිං මඤ්ඤථ සක්කා, ඉධ පුරිසො යෙන කෙනචි කම්මට්ඨානෙන අනාපජ්ජ අකුසලං දිවසං ද්වෙ කහාපණෙ නිබ්බිසෙය්ය -පෙ- තයො කහාපණෙ නිබ්බිසෙය්ය -පෙ- චත්තාරො කහාපණෙ නිබ්බිසෙය්ය -පෙ- පඤ්ච කහාපණෙ නිබ්බිසෙය්ය -පෙ- ඡ කහාපණෙ නිබ්බිසෙය්ය -පෙ- සත්ත කහාපණෙ නිබ්බිසෙය්ය -පෙ- අට්ඨ කහාපණෙ නිබ්බිසෙය්ය -පෙ- නව කහාපණෙ නිබ්බිසෙය්ය -පෙ- දස කහාපණෙ නිබ්බිසෙය්ය -පෙ- වීසති කහාපණෙ නිබ්බිසෙය්ය -පෙ- තිංස කහාපණෙ නිබ්බිසෙය්ය -පෙ- චත්තාරීසං කහාපණෙ නිබ්බිසෙය්ය -පෙ- පඤ්ඤාසං කහාපණෙ නිබ්බිසෙය්ය, “දක්ඛො පුරිසො උට්ඨානසම්පන්නො”ති අලං වචනායාති? එවං භන්තෙ,
Sinhala BJTශාක්‍යයෙනි, ඒ කිමැයි හඟිවු ද? මෙ ලොව පුරුෂයෙක් යම් ම කර්‍මාන්තයෙකින් අකුසලට නො වදනේ දවසට දෙකහවණුවක් උපයනේ ය ... තුන් කහවණුවක් උපයනේ ය ... සතර කහවණුවක් උපයනේ ය ... පස් කහවණුවක් උපයනේ ය ... ස කහවණුවක් උපයනේ ය ... සත් කහවණුවක් උපයනේ ය. ... අට කහවණුවක් උපයනේ ය ... නව කහවණුවක් උපයනේ ය ... දස කහවණුවක් උපයනේ ය ... විසි කහවණුවක් උපයනේ ය ... තිස් කහවණුවක් උපයනේ ය ... සතලිස් කහවණුවක් උපයනේ ය ... පනස් කහවණුවක් උපයනේ ය. “දක්‍ෂ පුරුෂයෙක, උත්‍ථාන වීර්‍ය්‍ය සම්පන්නයෙකැයි කියන්නට නිසි වේ ද? වහන්ස, එසේය.
Pali BJTතං කිම්මඤ්ඤථ සක්යා, අපි නු සො පුරිසො දිවසෙ දිවසෙ කහාපණසතං කහාපණසහස්සං නිබ්බිසමානො ලද්ධං ලද්ධං නික්ඛිපන්තො වස්සසතායුකො වස්සසතජීවී මහන්තං භොගක්ඛන්ධං අධිගච්ඡෙය්යාති? එවං භන්තෙ,
Sinhala BJTශාක්‍යයෙනි, ඒ කිමැයි හඟිවු ද? ඒ පුරිස් දවස දවස කහවණු සියක් කහවණු දහසක් උපයනේ ලද ලද කහවණු නික්‍ෂේප කරනුයේ ශතවර්‍ෂායුෂ්ක සියක් වස් දිවි වටනුයේ මහත් භෝගස්කන්‍ධයක් ලබන්නේ දැයි? වහන්ස, එසේය.
Pali BJTතං කිං මඤ්ඤථ සක්යා, අපි නු සො පුරිසො භොගහෙතු භොගනිදානං භොගාධිකරණං එකං වා රත්තිං එකං වා දිවසං උපඩ්ඪං වා රත්තිං උපඩ්ඪං වා දිවසං එකන්තසුඛපටිසංවෙදී විහරෙය්යාති? නො හෙතං භන්තෙ,
Sinhala BJTශාක්‍යයෙනි, එ කුමක් හඟිව් ද? ඒ පුරිස් භෝගහේතුවෙන් භොගනිදානයෙන් භෝගාධිකරණයෙන් එක් රැයක් වේව යි එක් දවසක් වේවයි අඩ රැයක් වේවයි. අඩ දවසක් වේවයි ඒකාන්තසුඛ විඳින සුලුයේ වාසය කෙරේ දැයි? වහන්ස, තෙල නො වේ ම ය.
Pali BJTතං කිස්ස හෙතු?
Sinhala BJTඑ කවර හෙයින යත්:
Pali BJTකාමා හි භන්තෙ අනිච්චා තුච්ඡා මුසා මොස ධම්මාති.
Sinhala BJTවහන්ස, කාමයෝ වනාහි අනිත්‍යයහ, තුච්ඡයහ, මෘෂාය. නස්නා සුල්ලහයි.
Pali BJTඉධ ඛො පන වො සක්ක්යා මම සාවකො දස වස්සානි අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො යථා මයානුසිට්ඨං තථා පටිපජ්ජමානො සතම්පි වස්සානි සතම්පි වස්සසතානි සතම්පි වස්සසහස්සානි සතම්පි වස්සසතසහස්සානි එකන්තසුඛපටිසංවෙදී විහරෙය්ය, සො ච ඛ්වස්ස සකදාගාමී වා අනාගාමී වා අපණ්ණකං වා සොතාපන්නො, තිට්ඨන්තු සක්යා දස වස්සානි.
Sinhala BJTශාක්‍යයෙනි, මෙ සස්නෙහි මාගේ සව්වෙක් දස වසක් අප්‍රමත්ත වූයේ කෙලෙස් තවන වැර ඇතියේ ප්‍රහිතාත්ම වූයේ වාසය කරනුයේ මා විසින් යම්සේ අනුසස්නා ලද නම් එසේ පිළිපදනේ සියවසකුදු සියවස් සියයකුදු සියවස් දහසකුදු සියවස් සියදහසකුදු ඒකාන්තසුඛ විඳිනුයේ වාසය කෙරෙයි. හෙද වනාහි සකෘදාගාමි හෝ අනාගාමි හෝ අවිරුද්ධ කොට සෝවාන් හෝ වෙයි. ශාක්‍යයෙනි, දසවසක් තිබේවා,
Pali BJTඉධ මම සාවකො නව වස්සානි අට්ඨ වස්සානි -පෙ- සත්ත වස්සානි - ඡ වස්සානි -පෙ- පඤ්ච වස්සානි - චත්තාරි වස්සානි - තීණි වස්සානි - ද්වෙ වස්සානි - එකං වස්සං අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො යථා මයානුසිට්ඨං තථා පටිපජ්ජමානො සතම්පි වස්සානි - සතම්පි වස්සසතානි සතම්පි වස්සසහස්සානි - සතම්පි වස්සසතසහස්සානි එකන්ත සුඛපටිසංවෙදී විහරෙය්ය: සො ච ඛ්වස්ස සකදාගාමී වා අනාගාමී වා අපණ්ණකං වා සොතාපන්නො.
Sinhala BJTමෙසස්නෙහි මගේ සවු නව වසක් ... අට වසක් ... සත් වසක් ... සවසක් ... පස් වසක් ... සිවු වසක් ... තුන් වසක් ... දෙවසක් ... එක් වසක් අප්‍රමත්ත වූයේ ආතාප ඇතියේ ප්‍රහිතාත්ම වූයේ වසනුයේ මවිසින් යම්සේ අනුසස්නා ලද නම් එසේ පිළිපදනේ සියවසකුදු සියවස්සියයකුදු සියවස් දහසකුදු සියවස් සියදහසකුදු ඒකාන්තසුඛ විඳිනුයේ වාසය කෙරෙයි. හෙද වනාහි සෙදගැමි හෝ අනගැමි හෝ අවිරාධ කොට සෝවන් හෝ වෙයි.
Pali BJTතිට්ඨතු සක්යා එකං වස්සං. ඉධ පන සාවකො දස මාසෙ අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො යථා මයානුසිට්ඨං තථා පටිපජ්ජමානො සතම්පි වස්සානි සතම්පි වස්සසතානි සතම්පි වස්සසහස්සානි සතම්පි වස්සසත සහස්සානි එකන්තසුඛපටිසංවෙදී විහරෙය්ය සො ච ඛ්වස්ස සකදාගාමී වා අනාගාමී වා අපණ්ණකං වා සොතාපන්නො.
Sinhala BJTශාක්‍යයෙනි, එක් වසෙක් තිබේවා, මෙ සස්නෙහි මාගේ සවු දසමසක් අප්‍රමත්ත වූයේ ආතාප ඇතියේ ප්‍රහිතාත්ම වූයේ වසනුයේ ම විසින් යම් පරිදි අනුසස්නා ලද නම් එ පරිදි පිළිපදනේ සියක් වසකුදු සියවස් සියයකුදු සහස්වස් සියයකුදු සුවහස්වස් සියයකුදු ඒකාන්තසුඛ විඳිනුයේ වෙසෙයි. හෙද සෙදගැමි හෝ අනගැමි හෝ අවිරාධ කොට සෝවාන් හෝ වෙයි.
Pali BJTතිට්ඨන්තු සක්යා දස මාසා ඉධ මම සාවකො නව මාසෙ - අට්ඨ මාසෙ - සත්ත මාසෙ - ඡ මාසෙ - පඤ්ච මාසෙ - චත්තාරො මාසෙ - තයො මාසෙ - ද්වෙ මාසෙ - එකං මාසං - අද්ධමාසං අප්පමත්තො ආතාපී පහිතත්තො යථා මයානුසිට්ඨං තථා පටිපජ්ජමානො සතම්පි වස්සානි - සතම්පි වස්සසතානි - සතම්පිවස්ස සහස්සානි - සතම්පි වස්සසතසහස්සානි එකන්තසුඛපටිසංවෙදී විහරෙය්ය, සො ච ඛ්වස්ස සකදාගාමී වා අනාගාමී වා අපණ්ණකං වා සොතාපන්නො.
Sinhala BJTශාක්‍යයෙනි, දසමසෙක් තිබේවා, මෙ සස්නෙහි මාගේ සවු නව මසක් ... අට මසක් ... සත් මසක් ... සමසක් ... පස්මසක් ... සිවුමසක් ... තෙමසක් ... දෙමසක් ... එක්මසක් ... අඩමසක් අප්‍රමත්ත වූයේ ආතාප ඇතියේ ප්‍රහිතාත්ම ව වසනුයේ ම විසින් යම් පරිදි අනුසස්නා ලද නම් එ පරිදි පිළිපදනේ සියවසකුදු සියවස් සියයකුදු සහස්වස් සියයකුදු සුවහස්වස් සියයකුදු ඒකාන්ත සුඛවිඳිනුයේ වාසය කෙරෙයි. හෙද වනාහි සෙදගැමි හෝ අනගැමි හෝ අවිරාධ කොට සෝවාන් හෝ වෙයි.
Pali BJTතිට්ඨතු සක්යා අද්ධමාසො ඉධ මම සාවකො දස රත්තින්දිවෙ අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො යථා මයානුසිට්ඨං තථා පටිපජ්ජමානො සතම්පි වස්සානි - සතම්පි වස්සසතානි - සතම්පි වස්සසහස්සානි - සතම්පි වස්සසතසහස්සානි එකන්ත සුඛපටිසංවෙදී විහරෙය්ය, සො ච ඛ්වස්ස සකදාගාමී වා අනාගාමී වා අපණ්ණකං වා සොතාපන්නො.
Sinhala BJTශාක්‍යයෙනි, අඩමසෙක් තිබේවා, මෙ සස්නෙහි ම සවු දස රෑදාවලක් අප්‍රමත්ත වූයේ ආතාප ඇතියේ ප්‍රහිතාත්ම ව වසනුයේ ම විසින් යම් පරිදි අනුසස්නා ලද නම් එ පරිදි පිළිපදනේ සියවසකුදු සියවස් සියයකුදු සහස්වස් සියයකුදු සුවහස් වස් සියයකුදු ඒකාන්තසුඛ විඳිනුයේ වාසය කෙරෙයි. හෙද වනාහි සෙදගැමි හෝ අනගැමි හෝ අවිරාධ කොට සෝවාන් හෝ වෙයි.
Pali BJTතිට්ඨතු සක්ක්යා දස රත්තින්දිවා. ඉධ මම සාවකො නව රත්තින්දිවෙ - අට්ඨ රත්තින්දිවෙ - සත්ත රත්තින්දිවෙ - ඡ රත්තින්දිවෙ - පඤ්ච රත්තින්දිවෙ - චත්තාරො රත්තින්දිවෙ - තයො රත්තින්දිවෙ - ද්වො රත්තින්දිවෙ - එකං රත්තින්දිවං අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො යථා මයානුසිට්ඨං තථා පටිපජ්ජමානො සතම්පි වස්සානි - සතම්පි වස්සසතානි - සතම්පි වස්සසහස්සානි සතම්පි වස්සසතසහස්සානි එකන්ත සුඛපටිසංවෙදී විහරෙය්ය,
Sinhala BJTශාක්‍යයෙනි, දස රෑදවාලක් තිබේවා, මෙ සස්නෙහි ම සවු නව රෑදාවලක් ... අට රෑදාවලක් ... සත් රෑදාවලක් ... ස රෑදාවලක් ... පස් රෑදාවලක් ... සිවු රෑ දාවලක් ... තුන් රෑ දාවලක් ... දෙ රෑදාවලක් ... එක් රෑදාවලක් අප්‍රමත්ත වූයේ ආතාප ඇතියේ ප්‍රහිතාත්ම ව වසනුයේ ම විසින් යම් පරිදි අනුසස්නා ලද නම් එ පරිදි පිළිපදනේ සියවසකුදු සියවස් සියයකුදු දහස්වස් සියයකුදු සුවහස් වස් සියයකුදු ඒකාන්තසුඛ විඳිනුයේ වෙසෙයි.
Pali BJTසො ච ඛ්වස්ස සකදාගාමී වා අනාගාමී වා අපණ්ණකං වා සොතාපන්නො.
Sinhala BJTහෙ ද වනාහි සෙදගැමි හෝ අනගැමි හෝ අවිරාධ කොට සෝවාන් හෝ වෙයි.
Pali BJTතෙසං වො සක්යා අලාභා, තෙසං දුල්ලද්ධං, යෙ තුම්හෙ එවං සොකසභයෙ ජීවිතෙ මරණසභයෙ ජීවිතෙ අප්පෙකදා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසථ, අප්පෙකදා න උපවසථාති.
Sinhala BJTශාක්‍යයෙනි, ඒ තෙපි මෙසේ ශෝකයෙන් සභය වූ ජීවිතයෙහි මෙසේ මරණින් සභය වූ ජීවිතයෙහි කිසි දිනෙක අටඟින් යුත් පෙහෙවස් වසවු නම්, කිසි දිනක නො වසවු නම් ඒ තොපට අලාභයෙක, ඒ තොපට නපුරු කොට ලැබීමෙක.
Pali BJTඑතෙ මයං භන්තෙ අජ්ජතග්ගෙ අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසිස්සාමාති.
Sinhala BJTවහන්ස, තෙල අපි අද පටන් කොට අටඟින් යුත් පෙහෙවස් වසම්හ යි.
Pali BJT10. 1. 5. 7.
Sinhala BJT10. 1. 5. 7.
Pali BJTමහාලි සුත්තං
Sinhala BJTමහාලි සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං අථ ඛො මහාලි ලිච්ඡවී යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො මහාලි ලිච්ඡවි භගවන්තං එතදවොච:
Sinhala BJTඑක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලා නුවර සමීපයෙහි වූ මහාවන කුළාරහල්හි වැඩ වෙසෙති. එසඳ මහාලී ලිච්ඡවී රජ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ ඇදුරු කොට වැඳ එකත්පස්ව ව හින. එකත්පස් ව හුන් මහාලී ලිච්ඡවී රජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ ය.
Pali BJT“කො නු ඛො භන්තෙ හෙතු, කො පච්චයො, පාපස්ස කම්මස්ස කිරියාය, පාපස්ස කම්මස්ස පවත්තියාති?”
Sinhala BJTවහන්ස, පාපක්‍රියා කරන්නට වේවයි පාපක්‍රියා පවත්නට වේවයි හේතු කවරේ ය? ප්‍රත්‍යය කවරේ ය?
Pali BJTලොභො ඛො මහාලි හෙතු, ලොභො පච්චයො පාපස්ස කම්මස්ස කිරියාය, පාපස්ස කම්මස්ස පවත්තියා. දොසො ඛො මහාලි හෙතු, දොසො පච්චයො, පාපස්ස කම්මස්ස කිරියාය, පාපස්ස කම්මස්ස පවත්තියා, මොහො ඛො මහාලි හෙතු, මොහො පච්චයො පාපස්ස කම්මස්ස කිරියාය, පාපස්ස කම්මස්ස පවත්තියා. අයොනිසො මනසිකාරො ඛො මහාලි හෙතු, අයොනිසො මනසිකාරො පච්චයො පාපස්ස කම්මස්ස කිරියාය, පාපස්ස කම්මස්ස පවත්තියා, මිච්ඡා පණිහිතං ඛො මහාලි චිත්තං හෙතු, මිච්ඡා පණිහිතං චිත්තං පච්චයො පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා, අයං ඛො මහාලි හෙතු, අයං පච්චයො පාපස්ස කම්මස්ස කිරියාය, පාපස්ස කම්මස්ස පවත්තියා ති.
Sinhala BJTමහාලිය පාපක්‍රියා කරන්නට වේවයි පාපක්‍රියා පවත්නට වේවයි ලෝභය හේතු වන්නේ ය. ලෝභය ප්‍රත්‍යය වන්නේ ය. මහාලිය, පාපක්‍රියා කරන්නට වේවයි පාපක්‍රියා පවත්නට වේවයි ද්වේෂය හේතු වන්නේ ය. ද්වේෂය ප්‍රත්‍යය වන්නේ ය. මහාලිය පාපක්‍රියා කරන්නට වේවයි පාපක්‍රියා පවත්නට වේවයි මෝහය හේතු වන්නේ ය. මෝහය ප්‍රත්‍යය වන්නේ ය. මහාලිය, පාපක්‍රියා කරන්නට වේවයි පාපක්‍රියා පවත්නට වේවයි අයෝනිසෝමනසිකාරය හේතු වන්නේ ය. අයෝනිසෝමනසිකාරය ප්‍රත්‍යය වන්නේ ය. මහාලිය, පාපක්‍රියා කරන්නට වේවයි පාපක්‍රියා පවත්නට වේවයි නො සෙ පිහිටුවා ලූ සිත හේතු වන්නේ ය. නො සෙ පිහිටුවා ලූ සිත ප්‍රත්‍යය වන්නේ ය. මහාලිය, පාපක්‍රියා කරන්නට වේවයි පාපක්‍රියා පවත්නට වේවයි මේ හේතු වන්නේ ය. මේ ප්‍රත්‍යය වන්නේ යයි.