Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 13701-13800 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT6. ඡ පඤ්හා, ඡ උද්දෙසා ඡ වෙය්යාකරණානීති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං: ඡසු භික්ඛවෙ ධම්මෙසු භික්ඛු සම්මා නිබ්බින්දමානො සම්මා විරජ්ජමානො සම්මා විමුච්චමානො සම්මා පරියන්තදස්සාවී සම්මත්ථාභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති, කතමෙසු ඡසු. ඡසු අජ්ඣත්තිකෙසු ආයතනෙසු. ඉමෙසු ඛො භික්ඛවෙ ඡසු ධම්මෙසු භික්ඛු සම්මා නිබ්බින්දමානො සම්මා විරජ්ජමානො සම්මා විමුච්චමානො සම්මා පරියන්තදස්සාවී සම්මත්ථාභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. ජ පඤ්හා, ජ උද්දෙසා, ජ වෙය්යාකරණානීති. ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJT6. ස පැනයෙක, ස උදෙසුමෙක, ස විසඳුමෙකැයි මෙසේ තෙල යමක් කියන ලද නම්, තෙල කුමක් පිණිස කියන ලද ය යත්: මහණෙනි, දහම් සයෙක මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුලු වූයේ සම සභාගත්‍වය දැන ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරන්නේ වෙයි. කවර සයෙක් යත්: ෂට්ආධ්‍යාත්මික ආයතනයන්හි ය. මහණෙනි, ස දහම්හි මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වය දැන දිටුදැමියෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. ස පැනයෙක, ස උදෙසුමෙක, ස විසඳුමෙකැයි. මෙසේ යම් ම බසක් කියන ලද නම්, තෙල මේ පිණිස කියන ලද.
Pali BJT7. සත්ත පඤ්හා සත්ත උද්දෙසා සත්ත වෙය්යාකරණානීති. ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං. සත්තසු භික්ඛවෙ ධම්මෙසු භික්ඛු සම්මා නිබ්බින්දමානො සම්මා විරජ්ජමානො සම්මා විමුච්චමානො සම්මා පරියන්තදස්සාවී සම්මත්ථාභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. කතමෙසු සත්තසු: සත්තසු විඤ්ඤාණට්ඨිතිසු. ඉමෙසු ඛො භික්ඛවෙ සත්තසු ධම්මෙසු සම්මා නිබ්බින්දමානො සම්මා විරජ්ජමානො සම්මා විමුච්චමානො සම්මා පරියන්තදස්සාවී සම්මත්ථාභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. සත්තපඤ්හා, සත්ත උද්දෙසා, සත්ත වෙය්යාකරණානීති. ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJT7. සත් පැනයෙක, සත් උදෙසුමෙක, සත් විසඳුමෙකැයි මෙසේ තෙල යමක් කියන ලද නම්, තෙල කුමක් පිණිස කියන ලද යත්: මහණෙනි, දහම් සතෙක මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුලු වූයේ සම සභාගත්‍වය දැනැ ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරන්නේ වෙයි. කවර සතෙක යත්: සප්ත විඥානස්ථිතියෙහි ය. මහණෙනි, මේ දහම් සතෙහි මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුලු වූයේ සම සභාගත්‍වය දැනැ දිටුදැමියෙහි ම දුක් කෙළවර කරන්නේ වෙයි. සත් පැනයෙක, සත් උදෙසුමෙක, සත් විසඳුමෙකැයි. මෙසේ යම් ම බසක් කියන ලද නම්, තෙල මෙ පිණිස කියන ලද
Pali BJT8. අට්ඨ පඤ්හා අට්ඨුද්දෙසා, අට්ඨ වෙය්යාකරණානීති. ඉති ඛො පනෙතං වුත්තං කිඤ්චෙතං පටිච්ච වුත්තං. අට්ඨසු භික්ඛවෙ ධම්මෙසු භික්ඛු සම්මා නිබ්බින්දමානො සම්මා විරජ්ජමානො සම්මා විමුච්චමානො සම්මා පරියන්තදස්සාවී සම්මත්ථාභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. කතමෙසු අට්ඨසු: අට්ඨසු ලොකධම්මෙසු. ඉමෙසු ඛො භික්ඛවෙ අට්ඨසු ධම්මෙසු සම්මා නිබ්බින්දමානො සම්මා විරජ්ජමානො සම්මා විමුච්චමානො සම්මා පරියන්තදස්සාවී සම්මත්ථාභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. අට්ඨ පඤ්හා අට්ඨුද්දෙසා අට්ඨ වෙය්යාකරණානීති. ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJT8. අට පැනෙක, අට උදෙසුමෙක, අට විමසුමෙකැයි මෙසේ යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද ය යත්: මහණෙනි, දහම් අටෙක මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වය දැනැ ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. කවර අටෙක යත්: අටලෝදහම්හි ය. මහණෙනි, මේ අට දහම්හි මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුලු වූයේ සම සභාගත්‍වය දැනැ ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. අට පැනෙක, අට උදෙසුමෙක, අට විමසුමෙකැයි. මෙසේ යම් ම බසක් කියන ලද නම් තෙල මෙ පිණිස කියන ලද.
Pali BJT9. නව පඤ්හා, නව උද්දෙසා, නව වෙය්යාකරණානීති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං. නවසු භික්ඛවෙ ධම්මෙසු භික්ඛු සම්මා නිබ්බින්දමානො සම්මා විරජ්ජමානො සම්මා විමුච්චමානො සම්මා පරියන්තදස්සාවී සම්මත්ථාභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. කතමෙසු නවසු: නවසු සත්තාවාසෙසු. ඉමෙසු ඛො භික්ඛවෙ නවසු ධම්මෙසු භික්ඛු සම්මා නිබ්බින්දමානො සම්මා විරජ්ජමානො සම්මාවිමුච්චමානො සම්මා පරියන්තදස්සාවී සම්මත්ථාභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. නව පඤ්හා, නව උද්දෙසා නව වෙය්යාකරණානීති ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJT9. නව පැනෙක, නව උදෙසුමෙක, නව විමසුමෙකැයි මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද ද යත්: මහණෙනි, නව දහමෙක මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වය දැනැ ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරන්නේ වෙයි. කවර නවයෙක යත්: නව සත්තාවාසයන්හි ය. මහණෙනි, මේ නව දහම්හි මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වය දැනැ ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරන්නේ වෙයි. නව පැණයෙකි, නව උදෙසුමෙක, නව විමසුමෙකැයි. මෙසේ යම් ම බසක් කියන ලද නම් තෙල මෙ පිණිස කියන ලද.
Pali BJT10. දස පඤ්හා, දසුද්දෙසා, දස වෙය්යාකරණානීති ඉති ඛො පනෙතං වුත්තං කිඤ්චෙතං පටිච්ච වුත්තං. දසසු භික්ඛවෙ ධම්මෙසු භික්ඛු සම්මා නිබ්බින්දමානො සම්මා විරජ්ජමානො සම්මා විමුච්චමානො සම්මා පරියන්තදස්සාවී සම්මත්ථාභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති, කතමෙසු දසසු: දසසු අකුසලෙසු ධම්මෙසු,{1} ඉමෙසු ඛො භික්ඛවෙ දසසු ධම්මෙසු භික්ඛු සම්මා නිබ්බින්දමානො සම්මා විරජ්ජමානො සම්මා විමුච්චමානො සම්මා පරියන්තදස්සාවී සම්මත්ථාභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. දස පඤ්හා, දසුද්දෙසා, දස වෙය්යාකරණානීති. ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තන්ති.
Sinhala BJT10. දස පැනයෙක, දස උදෙසුමෙක, දස විසඳුමෙකියි මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද ය යත්: මහණෙනි, දස දහමෙක මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වය දැනැ ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරන්නේ වෙයි. කවර දසයක යත්: දස අකුසල්දහම්හි ය. මහණෙනි, මේ දස දහම්හි මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වය දැනැ දිටුදැහැමියෙහි ම දුක් කෙළවර කරන්නේ වෙයි. දස පැණයෙකි, දස උදෙසුමෙක, දස විසඳුමෙකැයි. මෙසේ යම් ම බසක් කියන ලද නම් තෙල මෙ පිණිස කියන ලදැ යි.
Pali BJT10. 1. 3. 8.
Sinhala BJT10. 1. 3. 8.
Pali BJTදුතිය මහාපඤ්හ සුත්තං
Sinhala BJTදෙවන මහාපඤ්හ සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා කජඞ්ගලායං විහරති වෙළුවනෙ. අථ ඛො සම්බහුලා කජඞ්ගලා{1} උපාසකා යෙන කජඞ්ගලා{2} භික්ඛුනී තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා කජඞ්ගලං භික්ඛුනිං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු එකමන්තං නිසින්නා ඛො කජඞ්ගලා උපාසකා කජඞ්ගලං භික්ඛුනිං එතදවොචුං.
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කජඞ්ගලා නගරයෙහි වේළුවනයෙහි වැඩවසන සේක. එකල්හි බොහෝ කජඞ්ගලා වැසි උවසුවෝ කජඞ්ගලා මෙහෙණ වෙත එළඹියහ. එළඹ කජඞ්ගලා මෙහෙණ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් කජඞ්ගලා වැසි උවසුවෝ කජඞ්ගලා මෙහෙණට තෙල කීහ:
Pali BJTවුත්තමිදං අය්යෙ භගවතා මහාපඤ්හෙසු: එකොපඤ්හො, එකො උද්දෙසො, එකං වෙය්යාකරණං. ද්වෙ පඤ්හා, ද්වෙ උද්දෙසා ද්වෙ වෙය්යාකරණානි, තයො පඤ්හා තයො උද්දෙසා තීණි වෙය්යාකරණානි, චත්තාරො පඤ්හා. චත්තාරො උද්දෙසා චත්තාරි වෙය්යාකරණානි. පඤ්ච පඤ්හා පඤ්චුද්දෙසා පඤ්ච වෙය්යාකරණානි. ඡ පඤ්හා ඡ උද්දෙසා, ඡ වෙය්යාකරණානි. සත්ත පඤ්හා සත්ත උද්දෙසා, සත්ත වෙය්යාකරණානි. අට්ඨ පඤ්හා අට්ඨ උද්දෙසා අට්ඨ වෙය්යාකරණානි. නව පඤ්හා නව උද්දෙසා නව වෙය්යාකරණානි, දස පඤ්හා දස උද්දෙසා දස වෙය්යාකරණානීති. ඉමස්ස නු ඛො අය්යෙ භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස කථං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බොති?
Sinhala BJTආර්‍ය්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මහා ප්‍රශ්නයන්හි ලා මෙය වදාරන ලද: “එක් පැනයෙක, එක් උදෙසුමෙක, එක් විසඳුමෙක. දෙ පැනෙක, දෙ උදෙසුමෙක, දෙ විසඳුමෙක. තුන් පැනෙක, තුන් උදෙසුමෙක, තුන් විසඳුමෙක. සිවු පැනෙක, සිවු උදෙසුමෙක, සිවු විසඳුමෙක. පස් පැනෙක, පස් උදෙසුමෙක, පස් විසඳුමෙක. ස පැනෙක, ස උදෙසුමෙක, ස විසඳුමෙක. සත් පැනෙක, සත් උදෙසුමෙක, සත් විසඳුමෙක. අට පැනෙක, අට උදෙසුමෙක, අට විසඳුමෙක. නව පැනෙක, නව උදෙසුමෙක, නව විසඳුමෙක. දස පැනෙක, දස උදෙසුමෙක, දස විසඳුමෙකැ”යි. ආර්‍ය්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ මේ භාෂිතයාගේ විස්තර විසින් කෙසේ අර්‍ත්‍ථ දතයුතු දැයි.
Pali BJTන ඛො පනෙතං ආවුසො භගවතො සම්මුඛා සුතං, සම්මුඛා පටිග්ගහීතං. නපි මනොභාවනීයානං භික්ඛූනං සම්මුඛා සුතං, සම්මුඛා පටිග්ගහීතං, අපිච යථා මෙත්ථ ඛායති, තං සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස්සාමීති. එවං අය්යෙති ඛො කජඞ්ගලා උපාසකා කජඞ්ගලාය භික්ඛුනියා පච්චස්සොසුං. කජඞ්ගලා භික්ඛුනී එතදවොච:
Sinhala BJTඇවැත්නි, තෙල භගවතුන් හමුයෙන් නො ම අසන ලද. හමුයෙන් නො ම පිළිගන්නා ලද, මනෝභාවනීය භික්‍ෂූන් හමුයෙන් නො ද අසන ලද, නො ද පිළිගන්නා ලද. වැලිත් මෙහි ලා මට යම් සේ වැටහේ නම් ඒ අසවු. මොනොවට මෙනෙහි කරවු. කියමි යි. ආර්‍ය්‍යාවෙනි, එසේ ය යි කජඞ්ගලා උපාසකයෝ කජඞ්ගලා භික්‍ෂුණියට පිළිවදන් අස් වූ හ. කජඞ්ගලා භික්‍ෂුණී තෙල කිවු ය.
Pali BJTඑකො පඤ්හො, එකො උද්දෙසො, එකං වෙය්යාකරණන්ති ඉති ඛො පනෙතං වුත්තං භගවතා, කිඤ්චෙතං පටිච්ච වුත්තං. එකධම්මෙ ආවුසො භික්ඛු සම්මා නිබ්බින්දමානො සම්මා විරජ්ජමානො සම්මා විමුච්චමානො සම්මා පරියන්තදස්සාවී සම්මත්ථාභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. කතමස්මිං එකධම්මෙ: සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා, ඉමස්මිං ඛො ආවුසො එකධම්මෙ භික්ඛු සම්මා නිබ්බින්දමානො සම්මා විරජ්ජමානො, සම්මා විමුච්චමානො සම්මාපරියන්තදස්සාවී සම්මත්ථාභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. එකො පඤ්හො, එකො උද්දෙසො, එකං වෙය්යාකරණන්ති ඉති යං තං වුත්තං භගවතා ඉදමෙතං පටිච්චවුත්තං.
Sinhala BJTඑක් පැනෙක, එක් උදෙසුමෙක, එක් විමසුමෙකැයි, මෙසේ තෙල යමක් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද නම් තෙල කුමක් සඳහා කියන ලදය. ඇවැත්නි, එකම දහමෙක් මොනොවට මහණ උකටලී වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වය දැන දිටු දැමියෙහි ම දුක් කෙළවර කරන්නේ වෙයි. කවර එක් දහමෙක යත්: සර්‍වසත්‍වයෝ ආහාර ස්ථිතිකය හ. ඇවැත්නි, මේ එක් ධර්‍මයෙහි මහණ මොනොවට උකටලී වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වවයට පැමිණ දිටු දැමියෙහි ම දුක් කෙළවර කරන්නේ වෙයි. එක් පැනෙක, එක් උදෙසුමෙක, එක් විසඳුමෙකැයි, මෙසේ යම් ම බසක් කියන ලද නම්, තෙල භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ පිණිස කියන ලද.
Pali BJTද්වෙ පඤ්හා, ද්වෙ උද්දෙසා, ද්වෙ වෙය්යාකරණානීති ඉති ඛො පනෙතං වුත්තං භගවතා, කිඤ්චෙතං පටිච්ච වුත්තං. ද්වීසු ආවුසො ධම්මෙසු භික්ඛු සම්මා නිබ්බින්දමානො සම්මා විරජ්ජමානො, සම්මා විමුච්චමානො සම්මා පරියන්තදස්සාවී සම්මත්ථාභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. කතමෙසු ද්වීසු: නාමෙ ච රූපෙ ච. -පෙ- කතමෙසු තීසු: තීසු වෙදනාසු. ඉමෙසු ඛො ආවුසො තීසු ධම්මෙසු භික්ඛු සම්මා නිබ්බින්දමානො, සම්මා විරජ්ජමානො, සම්මා විමුච්චමානො සම්මා පරියන්තදස්සාවී සම්මත්ථාභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති, තයො පඤ්හා තයො උද්දෙසා, තීණි වෙය්යාකරණානීති ඉති යං තං වුත්තං භගවතා ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTදෙ පැනෙක, දෙ උදෙසුමෙක, දෙ විමසුමෙකැයි, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල යමක් කියන ලද නම්, තෙල කුමක් සඳහා දෙසන ලද ය යත්: ඇවැත්නි, දහම් දෙකෙකැ මහණ මොනොවට උකටලී වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වයට පැමිණ දිටුදැමියෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. කවර දෙකෙක යත්: නාමයෙහි හා රූපයෙහි හා යි. ... කවර තුනෙක යත්: තුන් වේදනායෙහි ය -පෙ- ඇවැත්නි, මේ තුන් දහම්හි මහණ මොනොවට උකටලී වනුයේ මොනොවට නොඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වයට පැමිණ ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. තුන් පැනයෙක, තුන් උදෙසුමෙක, තුන් විසඳුමෙකැයි, මෙසේ යම් ම බසක් භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද නම්, තෙල මෙ පිණිස කියන ලද.
Pali BJTචත්තාරො පඤ්හා, චත්තාරො උද්දෙසා චත්තාරි වෙය්යාකරණානීති ඉති යං තං වුත්තං භගවතා, කිඤ්චෙතං පටිච්ච වුත්තං: චතුසු ආවුසො ධම්මෙසු භික්ඛු සම්මා සුභාවිතචිත්තො සම්මා පරියන්තදස්සාවී සම්මත්ථාභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. කතමෙසු චතුසු: චතුසු සතිපට්ඨානෙසු. ඉමෙසු ඛො ආවුසො චතුසු ධම්මෙසු භික්ඛු සම්මා සුභාවිතචිත්තො සම්මා පරියන්තදස්සාවී සම්මත්ථාභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. චත්තාරො පඤ්හා, චත්තාරො උද්දෙසා, චත්තාරි වෙය්යාකරණානීති ඉති යං තං වුත්තං භගවතා ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTසතර පැනෙක, සතර උදෙසුමෙක, සතර විසඳුමෙකැයි, මෙසේ යමක් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද නම් තෙල කුමක් පිණිස දෙසන ලද ය යත්: ඇවැත්නි, සතර දහමෙක මහණ මොනොවට වැඩූ සිතැතියේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුලුයේ සම සභාගත්‍වයට පැමිණ ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. කවර සතරෙක යත්: සතර සීවටන්හි ය. ඇවැත්නි, මේ සතර දහම්හි මහණ මොනොවට සුභාවිත චිත්තය ඇතියේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නේ සම සභාගත්‍වයට පැමිණ ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. සතර පැනෙක, සතර උදෙසුමෙක, සතර විසඳුමෙකැයි, මෙසේ යම් ම බසක් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද නම්, තෙල කරුණ මෙ පිණිස දෙසන ලද.
Pali BJTපඤ්ච පඤ්හා, පඤ්චුද්දෙසා, පඤ්ච වෙය්යාකරණානීති ඉති ඛො පනෙතං වුත්තං භගවතා, කිඤ්චෙතං පටිච්ච වුත්තං: පඤ්චසු ආවුසො ධම්මෙසු භික්ඛු සම්මා සුභාවිතචිත්තො සම්මා පරියන්තදස්සාවී සම්මත්ථාභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. කතමෙසු පඤ්චසු: පඤ්චසු ඉන්ද්රියෙසු. -පෙ- කතමෙසු ඡසු: ඡසු නිස්සාරණීයාසු ධාතුසු. -පෙ- කතමෙසු සත්තසු: සත්තසු බොජ්ඣඞ්ගෙසු. -පෙ- කතමෙසු අට්ඨසු: අරියෙ අට්ඨඞ්ගිකෙ මග්ගෙ{1} ඉමෙසු ඛො ආවුසො අට්ඨසු ධම්මෙසු භික්ඛු සම්මා සුභාවිතචිත්තො සම්මා පරියන්තදස්සාවී, සම්මත්ථාභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. අට්ඨ පඤ්හා, අට්ඨ උද්දෙසා, අට්ඨ වෙය්යාකරණානීති ඉති යං තං වුත්තං භගවතා ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTපස් පැනෙක, පස් උදෙසුමෙක, පස් විසඳුමෙකැයි, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද ය යත්: ඇවැත්නි, පස් දහමෙක්හි මහණ මොනොවට වැඩූ සිතැතියේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වයට පැමිණ දිටුදැමියෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. කවර පසෙක යත්: පඤේචන්‍ද්‍රියන්හි ය. .. කවර සයෙක යත්: ෂට් නිඃසරණීය ධාතුයෙහි ය ... කවර සතෙක යත්: සප්ත බෝධ්‍යඞ්ගයන්හි ය. ... කවර අටෙක යත්: ආර්‍ය්‍යාෂ්ටාඞ්ගික මාර්‍ගයෙහි ය. ඇවැත්නි, මේ අට දහම්හි මහණ මොනොවට වැඩූ සිතැතියේ මොනොවට පර්‍ය්‍යයන්තය දක්නේ මොනොවට ස්වභාවාර්‍ත්‍ථය දැන ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. අට පැනෙක, අට උදෙසුමෙක, අට විසඳුමෙකැයි මෙසේ යම් ම බසක් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද නම්, තෙල පිණිස දෙසන ලද.
Pali BJTනව පඤ්හා, නවුද්දෙසා නව වෙය්යාකරණානීති ඉති යං තං වුත්තං භගවතා, කිඤ්චෙතං පටිච්ච වුත්තං: නවසු ආවුසො ධම්මෙසු භික්ඛු සම්මා නිබ්බින්දමානො සම්මා විරජ්ජමානො සම්මා විමුච්චමානො සම්මා පරියන්තදස්සාවී සම්මදත්ථාභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. කතමෙසු නවසු: නවසු සත්තාවාසෙසු. ඉමෙසු ඛො ආවුසො නවසු ධම්මෙසු භික්ඛු සම්මා නිබ්බින්දමානො සම්මා විරජ්ජමානො සම්මා විමුච්චමානො සම්මා පරියන්තදස්සාවී සම්මදත්ථාභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. නව පඤ්හා, නවුද්දෙසා නව වෙය්යාකරණානීති ඉති යං තං වුත්තං භගවතා, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTනව පැනෙක, නව උදෙසුමෙක, නව විසඳුමෙකැයි, මෙසේ යම් ම බසක් භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද නම්, තෙල කුමක් පිණිස දෙස ලද ය යත්: ඇවැත්නි, දහම් නවයෙක මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට ස්වභාව අර්‍ත්‍ථය දැන ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. කවර නවයෙක යත්: නව සත්ත්‍වාවාසන්හි ය. ඇවැත්නි මේ නව දහම්හි මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුලුයේ මොනොවට ස්වභාවාර්‍ත්‍ථය දැන ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. නව පැනෙක, නව උදෙසුමෙක, නව විසඳුමෙකැයි, මෙසේ යම් ම බසක් භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද නම්, තෙල මේ සඳහා කියන ලද.
Pali BJTදස පඤ්හා දස උද්දෙසා, දස වෙය්යාකරණානීති ඉති ඛො පනෙතං වුත්තං භගවතා, කිඤ්චෙතං පටිච්ච වුත්තං: දසසු ආවුසො ධම්මෙසු භික්ඛු සම්මා සුභාවිතචිත්තො සම්මා පරියන්තදස්සාවී සම්මදත්ථාභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. කතමෙසු දසසු: දසසු කුසලෙසු කම්මපථෙසු: ඉමෙසු ඛො ආවුසො දසසු ධම්මෙසු සම්මා සුභාවිතචිත්තො සම්මා පරියන්තදස්සාවී සම්මදත්ථාභිසමෙච්ච දිට්ඨෙවධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. දස පඤ්හා, දසුද්දෙසා, දස වෙය්යාකරණානීති ඉති යං තං වුත්තං භගවතා, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTදස පැනෙක, දස උදෙසුමෙක, දස විසඳුමෙකැයි, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල යමක් දෙසන ලද නම්, තෙල කුමක් පිණිස කියන ලද ය යත්: ඇවැත්නි, දස දහමෙක මොනොවට වැඩූ සිතැතියේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුලුයේ මොනොවට ස්වභාවාර්‍ත්‍ථය දැන ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. කවර දසයෙක් යත්: දශ කුසල කර්‍මපථයෙහි ය. ඇවැත්නි,මේ දස දහම්හි මොනොවට වැඩූ සිතැතියේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුලුයේ මොනොවට ස්වභාවාර්‍ත්‍ථය දැන ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. දස පැනෙක, දස උදෙසුමෙක දස විසඳුමෙකැයි, මෙසේ යම් ම බසක් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද නම්, තෙල මෙ පිණිස කියන ලද.
Pali BJTඉති ඛො ආවුසො යං තං වුත්තං භගවතා මහාපඤ්හෙසු{1} එකො පඤ්හො, එකො උද්දෙසො, එකං වෙය්යාකරණං -පෙ- දසවෙය්යාකරණානීති ඉමස්ස ඛො අහං ආවුසො භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමි. ආකඞ්ඛමානා ච පන තුම්හෙ ආවුසො භගවන්තං යෙව උපසඞ්කමිත්වා එතමත්ථං පුච්ඡෙය්යාථ{2}, යථා නො භගවා ව්යාකරොති{3}, තථා නං ධාරෙය්යාථාති.
Sinhala BJTඇවැත්නි, මෙසේ මහාප්‍රශ්නයෙහි එක් පැනෙක, එක් උදෙසුමෙක, එක් විමසුමෙකැයි, ... දස විසඳුමෙකැයි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ම බසක් කියන ලද නම්, ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දෙසන ලද මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය මෙසේ විස්තර විසින් මම දන්මි, ඇවැත්නි, තෙපි කැමැත්තහු නම් භාග්‍යවතුන් වහන්සේ කරා ම එළඹ තෙල අර්‍ත්‍ථය පුළුවුස්ව. යම් පරිද්දෙකින් භාග්‍යවතුන් වහන්සේ තොපට ව්‍යාකරණ කරන සේක් නම් එය එපරිද්දෙන් දරවු යි.
Pali BJTඑවං අය්යෙති ඛො කජඞ්ගලා උපාසකා කජඞ්ගලාය භික්ඛුනියා භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා කජඞ්ගලං භික්ඛුනිං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො කජඞ්ගලා උපාසකා යාවතකො අහොසි කජඞ්ගලාය භික්ඛුනියා සද්ධිං කථාසල්ලාපො, තං සබ්බං භගවතො ආරොචෙසුං.
Sinhala BJTආර්‍ය්‍යාවෙනි, එසේ යයි කජඞ්ගලා වැසි උපාසකයෝ කජඞ්ගලා මෙහෙණගේ භාෂිතය පිළිගෙන අනුමෝදන් කොටගෙන හුනස්නෙන් නැගී කජඞ්ගලා භික්‍ෂුණිය වැඳ පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹි සිටියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හ, එකත්පස් ව හුන් කජඞ්ගලා වැසි උවසුවෝ කජඞ්ගලා භික්‍ෂුණිය සමග යම්තාක් කථා සල්ලාපයෙක් වී නම් එ හැම භාග්‍යවතුන් වහන්සේට සැලකළහ.
Pali BJTසාධු, සාධු ගහපතයො, පණ්ඩිතා ගහපතයො කජඞ්ගලා භික්ඛුනී මහාපඤ්ඤා ගහපතයො කජඞ්ගලා භික්ඛුනී. සචෙපි{1} තුම්හෙ ගහපතයො මං උපසඞ්කමිත්වා එතමත්ථං පුච්ඡෙය්යාථ, අහම්පි චෙතං එවමෙව බ්යාකරෙය්යං යථා තං කජඞ්ගලාය භික්ඛුනියා බ්යාකතං. එසො චෙව තස්සත්ථො, එවඤ්ච තං ධාරෙය්යාථාති.
Sinhala BJTගැහැවියෙනි, මැනැව, මැනැව. ගැහැවියෙනි, කජඞ්ගලා මෙහෙණ පණ්ඩිතය, ගැහැවියෙනි, කජඞ්ගලා මෙහෙණ මහපැනැතියක. ගැහැවියෙනි, ඉදින් තෙපි මා කරා එළඹ මේ අර්‍ත්‍ථය පුළුවුස්හු නම්, යම් පරිද්දෙකින් එය කජඞ්ගලා භික්‍ෂුණිය විසින් විසඳන ලද නම්, එපරිද්දෙන් ම විසඳන්නෙමි. තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය තෙල මැයි. එසෙයින් එයම දරවුයි.
Pali BJT10. 1. 3. 9.
Sinhala BJT10. 1. 3. 9.
Pali BJTපඨමකොසල සුත්තං
Sinhala BJTප්‍රථම කෝසල සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJT1. යාවතා භික්ඛවෙ කාසිකොසලා, යාවතා රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස විජිතෙ{2}, රාජා තත්ථ පසෙනදී කොසලො රාජා අග්ගමක්ඛායති. රඤ්ඤොපි ඛො භික්ඛවෙ පසෙනදිස්ස කොසලස්ස අත්ථෙව අඤ්ඤථත්තං, අත්ථි විපරිණාමො. එවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො තස්මිම්පි නිබ්බින්දති. තස්මිං නිබ්බින්දන්තො අග්ගෙ විරජ්ජති, පගෙව හීනස්මිං.
Sinhala BJT1. මහණෙනි, යම්තාක් කසී කොසොල් ජනපද වැසියෝ වෙත් නම්, පසේනදී කෝසල රජුගේ විජිතයෙහි යම්තාක් රජහු වෙත් නම්, ඔවුන් අතුරෙහි පසේනදී කෝසල රජ අග්‍රයි කියනු ලැබේ. මහණෙනි, පසේනදී කොසොල් රජහුගේ ද අන්‍යථාත්‍වයෙක් ඇති. විපරිණාමයෙක් (මරණය) ඇත. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරිසවු ඒ සැපත්හි දු උකටලී වෙයි. එහි උකටලී වනුයේ අග්‍ර කෝශල රාජ්‍යයෙහි නො ඇලෙන්නේ ය. හීන(පඤ්චකාම ගුණ) යෙහි කැලමැයි.
Pali BJT2. යාවතා භික්ඛවෙ චන්දිමසුරියා පරිහරන්ති, දිසා භන්ති විරොචනා, තාව සහස්සධා ලොකො. තස්මිං සහස්සධා ලොකෙ සහස්සං චන්දානං, සහස්සං සුරියානං{3}, සහස්සං සිනෙරුපබ්බතරාජානං, සහස්සං ජම්බුදීපානං, සහස්සං අපරගොයානානං සහස්සං උත්තරකුරූනං, සහස්සං පුබ්බවිදෙහානං, චත්තාරි මහාසමුද්දසහස්සානි, චත්තාරි මහාරාජසහස්සානි, සහස්සං චාතුම්මහාරාජිකානං, සහස්සං තාවතිංසානං, සහස්සං යාමානං, සහස්සං තුසිතානං, සහස්සං නිම්මාණරතීනං, සහස්සං පරනිම්මිතවසවත්තීනං, සහස්සං බ්රහ්මලොකානං, යාවතා භික්ඛවෙ සහස්සීලොකධාතු, මහාබ්රහ්මා තත්ථ අග්ගමක්ඛායති. මහාබ්රහ්මුනොපි ඛො භික්ඛවෙ අත්ථෙව අඤ්ඤථත්තං, අත්ථි විපරිණාමො එවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො තස්මිම්පි නිබ්බින්දති. තස්මිං නිබ්බින්දන්තො අග්ගෙ විරජ්ජති, පගෙව හීනස්මිං.
Sinhala BJT2. මහණෙනි, යම්තාක් සඳහිරුහු වට ඇවිදිද් ද, බබළන්නාහු දිගුන් හොබවත් ද, එතෙක් සහස්‍රී ලෝකධාතු වෙයි. එ සහස්‍රී ලෝකධාතුයෙහි සද දහසෙක, හිරුදහසෙක, මහමෙර දහසෙක, දඹදිවු දහසෙක, අපර ගොයාන දහසෙක, උතුරුකුරු දහසෙක, පූර්‍වවිදේහ දහසෙක, මහ මුහුදු සාරදහසෙක, වරම්රජහු සාරදහසෙක, චාතුර්‍මහාරාජිකා දහසෙක, ත්‍රයත්ත්‍රිංශත් දහසෙක, යාම දහසෙක, තුසිත දහසෙක, නිම්මාණරතී දහසෙක, පරනිර්මිතවශවර්ති දහසෙක, බ්‍රහ්මලෝක දහසෙක, මහණෙනි, යම්තාක් සහස්‍රී ලෝකධාතු වේ ද, එහි මහබඹු අග්‍ර යි කියනු ලැබේ. මහණෙනි, මහබඹුහු දු ගේ අන්‍යථාත්‍වයෙක් ඇත. ච්‍යුතියෙක් ඇත. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක ඒ බඹසැපත්හි දු උකටලී වෙයි. එහි උකටලී වනුයේ අග්‍රබ්‍රහ්මසම්පත්හි නො ඇලෙයි, යටත් සැපත්හි කැල මැයි.
Pali BJT3. හොති ඛො සො භික්ඛවෙ සමයො, යං අයං ලොකො සංවට්ටති, සංවට්ටමානෙ භික්ඛවෙ ලොකෙ යෙභුය්යෙන සත්තා ආභස්සර සංවත්තනිකා{1} භවන්ති, තෙ තත්ථ හොන්ති මනොමයා, පීතිභක්ඛා සයං පභා අන්තලික්ඛෙචරා සුභට්ඨායිනො චිරං දීඝමද්ධානං තිට්ඨන්ති. සංවට්ටමානෙ භික්ඛවෙ ලොකෙ ආභස්සරා දෙවා අග්ගමක්ඛායන්ති. ආභස්සරානම්පි ඛො භික්ඛවෙ දෙවානං අත්ථෙව අඤ්ඤථත්තං. අත්ථි විපරිණාමො, එවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො තස්මිම්පි නිබ්බින්දති, තස්මිං නිබ්බින්දන්තො අග්ගෙ විරජ්ජති, පගෙව හීනස්මිං.
Sinhala BJT3. මහණෙනි, යම් හෙයකින් මෙ ලොව නස්නේ වේ ද, එබඳු කාලයෙක් වේ මැ ය, මහණෙනි, ලොව නස්නා කල්හි බෙහෙවින් සත්හු ආභාස්වර දෙව්ලොව උපදනාහු වෙත්. එහු ඒ බඹලොව ධ්‍යානමනසින් මනෝමය වූවාහු ප්‍රීතිභක්‍ෂ්‍ය වූවාහු ස්වයම්ප්‍රභා ඇත්තාහු අන්තරීක්‍ෂවර වූවාහු ශුභස්ථායි වූවාහු දීර්‍ඝ කාලයක් සිටින්නාහු වෙත්. මහණෙනි, ලෝකය නස්නා කල්හි ආභාස්වර දෙවියෝ අග්‍රයහ යි කියනු ලැබෙත්. මහණෙනි, ආභාස්වර දෙවියනුදු ගේ අන්‍යථාත්‍වයෙක් ඇත, ච්‍යුතියෙක් ඇත. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඒ බඹසැපත්හි දු උකටලී වෙයි. එහි උකටලී වනුයේ එ අග්‍ර සැපත්හි නො ඇලෙයි. යටත් සැපත්හි කැල ම ය.
Pali BJT4. දසඉමානි භික්ඛවෙ කසිණායතනානි. කතමානි දස: පඨවිකසිණමෙකො සඤ්ජානාති උද්ධං අධො තිරියං අද්වයං අප්පමාණං. ආපොකසිණමෙකො සඤ්ජානාති උද්ධං අධො, තිරියං අද්වයං අප්පමාණං. තෙජොකසිණමෙකො සඤ්ජානාති -පෙ- වායොකසිණමෙකො සඤ්ජානාති -පෙ- නීලකසිණමෙකො සඤ්ජානාති -පෙ- පීතකසිණමෙකො සඤ්ජානාති -පෙ- ලොහිතකසිණමෙකො සඤ්ජානාති -පෙ- ඔදාතකසිණමෙකො සඤ්ජානාති -පෙ- ආකාසකසිණමෙකො සඤ්ජානාති -පෙ- විඤ්ඤාණකසිණමෙකො සඤ්ජානාති උද්ධං අධො තිරියං අද්වයං අප්පමාණං ඉමානි ඛො භික්ඛවෙ දස කසිණානි. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං දසන්නං කසිණායතනානං යදිදං විඤ්ඤාණකසිණමෙකො සඤ්ජානාති උද්ධං අධො තිරියං අද්වයං අප්පමාණං, එවංසඤ්ඤිනොපි ඛො භික්ඛවෙ සන්ති සත්තා. එවං සඤ්ඤීනම්පි භික්ඛවෙ සත්තානං අත්ථෙව අඤ්ඤථත්තං, අත්ථි විපරිණාමො. එවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො තස්මිම්පි නිබ්බින්දති. තස්මිං නිබ්බින්දන්තො අග්ගෙ විරජ්ජති, පගෙව හීනස්මිං.
Sinhala BJT4. මහණෙනි, මේ කසිණායතනයෝ දස දෙනෙකි. කවර දස දෙනෙක යත්: එකෙක් උඩ යට සරස ද්වය රහිත ප්‍රමාණ රහිත පඨවිකසිණය දන්නේ ය. එකෙක් ... අපොකසිණය දන්නේ ය ... එකෙක් තේජෝකසිණය දන්නේ ය ... එකෙක් වායෝකසිණය දන්නේ ය ... එකෙක් නීලකසිණය දන්නේ ය … එකෙක් පීතකසිණය දන්නේ ය ... එකෙක් ලෝහිතකසිණය දන්නේ ය … එකෙක් ඕදාතකසිණය දන්නේ ය ... එකෙක් ආකාසකසිණය දන්නේ ය ... එකෙක් උඩ යට සරස ද්වය රහිත ප්‍රමාණ රහිත විඤ්ඤාණකසිණය දන්නේ ය. මහණෙනි, මොහු දස කසිණායතනයෝ ය. මහණෙනි, එකෙක් උඩ යට සරස ද්වය රහිත ප්‍රමාණ රහිත විඤ්ඤාණකසිණය දන්නේ ය යන මේ කරුණෙක් ඇද්ද, මේ දස කසිණයන් අතුරෙහි තෙල අග්‍ර වෙයි. මහණෙනි, මෙ බඳු සංඥා ඇති සත්ත්‍වයෝ වෙත් ද මහණෙනි, මෙබඳු සංඥා ඇති සත්ත්‍වයන් අතුරෙහි දු අන්‍යථාත්‍වයෙක් ඇත, ච්‍යුතියෙක් ඇති. මහණෙනි, මෙසේ දක්නා ආර්‍ය්‍යශ්‍රාවක එ සැපත්හි දු උකටලි වෙයි. එහි උකටලි වනුයේ ඒ අග්‍ර සැපත්හි නො ඇලෙයි. යටත් සැපතෙහි කැල ම ය.
Pali BJT5. අට්ඨිමානි භික්ඛවෙ අභිභායතනානි, කතමානි. අට්ඨ: අජ්ඣත්තං රූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවණ්ණ දුබ්බණ්ණානි. “තානි අභිභුය්ය ජානාමි පස්සාමී”ති එවංසඤ්ඤී හොති ඉදං පඨමං අභිභායතනං.
Sinhala BJT5. මහණෙනි, මේ අභිභායතනයෝ අට දෙනෙක, කවර අට දෙනෙක යත්: එකෙක් තමා තුළ රූප සංඥා ඇතියේ අල්ප වූ සුවර්‍ණ දුර්වර්‍ණ වූ බැහැර රූ දක්නේ ය. එ රූ අභිභවා දන්මි, දක්මි යි යන මෙබ දු සංඥා ඇතියේ වෙයි. මේ ප්‍රථමාභිභායතන යි.
Pali BJTඅජ්ඣත්තං රූපසඤ්ඤී එකොබහිද්ධා රූපානි පස්සති අප්පමාණානි සුවණ්ණ දුබ්බණ්ණානි, තානි අභිභුය්ය ජානාමි, පස්සාමී’ති එවං සඤ්ඤී හොති. ඉදං දුතියං අභිභායතනං.
Sinhala BJTඑකෙක් තමා තුළ රූප සංඥා ඇතියේ ප්‍රමාණ රහිත සුවර්‍ණ දුර්වර්‍ණ වූ බැහැර රූ දක්නේය. එ රූ අභිභවා දන්මි, දක්මි යි මෙබඳු සංඥා ඇතියේ වෙයි. මේ ද්විතීයාභිභායතනය යි.
Pali BJTඅජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවණ්ණදුබ්බණ්ණානි, “තානි අභිභුය්ය ජානාමි, පස්සාමී” ති එවං සඤ්ඤී හොති. ඉදං තතියං අභිභායතනං.
Sinhala BJTඑකෙක් තමා තුළ අරූප සංඥා ඇතියේ අල්ප වූ සුවර්‍ණ දුර්වර්‍ණ වූ බැහැර රූ දක්නේය. එ රූ අභිභවා දන්මි, දක්මි යි මෙබඳු සංඥා ඇතියේ වෙයි. මේ තෘතීයාභිභායතනය යි.
Pali BJTඅජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි සුවණ්ණදුබ්බණ්ණානි, ‘තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති එවං සඤ්ඤී හොති ඉදං චතුත්ථං අභිභායතනං.
Sinhala BJTඑකෙක් තමා තුළ අරූප සංඥා ඇතියේ අප්‍රමාණ වූ සුවර්‍ණ දුර්වර්‍ණ වූ බැහැර රූ දක්නේය. එ රූ අභිභවා දන්මි, දක්මි යි මෙබඳු සංඥා ඇතියේ වෙයි. මේ චතුර්‍ත්‍ථාභිභායතනය යි.
Pali BJTඅජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති නීලානි නීලවණ්ණානි නීල නිදස්සනානි නීල නිභාසානි සෙය්යථාපි නාම උම්මා පුප්ඵං{1} නීලං නීලවණ්ණං නීලනිදස්සනං නීලනිභාසං, සෙය්යථාපි වා පන තං වත්ථං බාරාණසෙය්යකං උභතොභාග විමට්ඨං නීලං නීලවණ්ණං නීලදස්සනං නීල නිභාසං. එවමෙව අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති නීලානි නීලවණ්ණානි නීලනිදස්සනානි. ‘තානි අභිභුය්ය ජානාමි, පස්සාමී’ති එවං සඤ්ඤී හොති, ඉමං පඤ්චමං අභිභායතනං.
Sinhala BJTඑකෙක් තමා තුළ අරූපසංඥා ඇතියේ නීල වූ නීලවර්‍ණ වූ නීලනිදර්‍ශන වූ නීලනිභාස වූ බැහැර රූ දක්නේ ය, නීල වූ නීල වර්‍ණ වූ නීල දර්‍ශන වු දිය මෙරලිය මල යම්සේ වේ ද, බරණැස වියූ දෙපය මොළොක් වූ නීල වූ නීලවර්‍ණ වූ නීලනිදර්‍ශන වූ නීලනිභාස වූ ඒ පිළී යම් සේ වේ ද එපරිදි ම එකෙක් තමා තුළ අරූපසංඥා ඇතියේ නීල වූ නීලවර්‍ණ වූ නීලනිදර්‍ශන වූ නීලනිභාස වූ බැහැර රූ දක්නේ ය. ඒ රූ අභිභවා දන්මි, දක්මි යි මෙසේ සංඥා ඇතියේ වෙයි. මේ පඤ්චමාභිබායතනය යි.
Pali BJTඅජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පීතානි පීතවණ්ණානි පීතනිදස්සනානි, පීතනිභාසානි. සෙය්යථාපි නාම කණිකාරපුප්ඵං පීතං පීතවණ්ණං පීතනිදස්සනං පීතනිභාසං. සෙය්යථාපි වා පන තං වත්ථං බාරාණසෙය්යකං උභතොභාගවිමට්ඨං පීතං පීතවණ්ණං පීතනිදස්සනං පීතනිභාසං. එවමෙවං අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පීතානි පීතවණ්ණානි පීතනිදස්සනානි පීතනිභාසානි. ‘තානි අභිභුය්ය ජානාමි, පස්සාමී’ති එවං සඤ්ඤී හොති ඉදං ඡට්ඨං අභිභායතනං.
Sinhala BJTඑකෙක් තමා තුළ අරූපසංඥා ඇතියේ පීත වූ පීත වර්‍ණ වූ පීතනිදර්‍ශන වූ පීතනිහාස වූ බැහැර රූ දක්නේ ය. පීත වූ පීතවර්‍ණ වූ පීතනිදර්‍ශන වූ පීතනිහාස වූ කිණිහිරි පුප් යම්සේ වේ ද, බරණැස වියූ දෙපය මොළොක් වූ පීත වූ පීතවර්‍ණ වූ පීතනිදර්‍ශන වූ පීතනිහාස වූ ඒ පිළී යම්සේ වේ ද, එපරිදිම එකෙක් තමා තුළ අරූපසංඥා ඇතියේ පීත වූ පීතවර්‍ණ වූ පීතනිදර්‍ශන වූ පීතනිහාස වූ බැහැර රූ දක්නේ ය. ඒ රූ අභිභවා දන්මි, දක්මි යි මෙසේ සංඥා ඇතියේ වෙයි. මේ ෂෂ්ඨාභිභායතනය යි.
Pali BJTඅජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ලොහිතකානි ලොහිතකවණ්ණානි ලොහිතකනිදස්සනානි ලොහිතකනිභාසානි සෙය්යථාපි නාම බන්ධුජීවකපුප්ඵං ලොහිතකං ලොහිතකවණ්ණං ලොහිතකනිදස්සනං ලොහිතකනිභාසං, සෙය්යථාපි වා පන තං වත්ථං බාරාණසෙය්යකං උභතොභාගවිමට්ඨං ලොහිතකං ලොහිතවණ්ණං ලොහිතකනිදස්සනං ලොහිතක නිභාසං. එවමෙවං අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ලොහිතකානි ලොහිතකවණ්ණානි ලොහිතක නිදස්සනානි ලොහිතක නිභාසානි තානි අභිභුය්ය ජානාමි, පස්සාමී’ති එවං සඤ්ඤී හොති ඉදං සත්තමං අභිභායතනං.
Sinhala BJTඑකෙක් තමා තුළ අරූපසංඥා ඇතියේ ලෝහිත වූ ලෝහිතවර්‍ණ වූ ලෝහිතකනිදර්‍ශන වූ ලෝහිතකනිහාස වූ බැහැර රූ දක්නේ ය. ලෝහිත වූ ලෝහිතවර්‍ණ වූ ලෝහිතකනිදර්‍ශන වූ ලෝහිතකනිහාස වූ බඳුවද පුප් යම්සේ වේ ද බරණැස වියූ දෙපය මොළොක් වූ ලෝහිතක වූ ලෝහිතවර්‍ණ වූ ලෝහිතකනිදර්‍ශන වූ ලෝහිතකනිහාස වූ ඒ පිළී යම්සේ වේ ද, එපරිදිම එකෙක් තමා තුළ අරූපසංඥා ඇතියේ ලෝහිතක වූ ලෝහිතකවර්‍ණ වූ ලෝහිතකනිදර්‍ශන වූ ලෝහිතකනිහාස වූ බැහැර රූ දක්නේ ය. ඒ රූ අභිභවා දන්මි දක්මි යි මෙසේ සංඥා ඇතියේ වෙයි. මේ සප්තාමාභිභයතනය යි,
Pali BJTඅජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ඔදාතානි ඔදාතවණ්ණානි ඔදාතනිදස්සනානි ඔදාත නිභාසානි.
Sinhala BJTඑකෙක් තමා තුළ අරූපසංඥා ඇතියේ ඕදාත වූ ඔදාතවර්‍ණ වූ ඕදාතකනිදර්‍ශන වූ ඔදාතකනිහාස වූ බැහැර රූ දක්නේ ය.
Pali BJTසෙය්යථාපි නාම ඔසධීතාරකා ඔදාතා ඔදාතවණ්ණා ඔදාතනිදස්සනා ඔදාතනිභාසා. සෙය්යථාපි වා පන තං වත්ථං බාරාණසෙය්යකං උභතොභාගවිමට්ඨං ඔදාතං ඔදාතවණ්ණං ඔදාතනිදස්සනං ඔදාතනිභාසං එවමෙවං අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ඔදාතානි ඔදාතවණ්ණානි ඔදාතනිදස්සනානි ඔදාතනිභාසානි. ‘තානි අභිභුය්ය ජානාමි, පස්සාමී’ති එවංසඤ්ඤී හොති ඉදං අට්ඨමං අභිභායතනං.
Sinhala BJTඅවදාත වූ අවදාතවර්‍ණ වූ අවදාතනිදර්‍ශන වූ අවදාතනිහාස වූ දහවත් තරු යම් සේ වේ ද, අවදාත වූ අවදාත වර්‍ණ වූ අවදාත නිදර්‍ශන වූ නිභාස වූ බරණැස වියූ ඒ වස්ත්‍රයක් යම් සේ වේ ද, එසේ එකෙක් තමා තුළ අරූපසංඥා ඇතියේ අවදාත වූ අවදාතවර්‍ණ වූ අවදාතනිදර්‍ශන වූ අවදාතනිහාස වූ බැහැර රූ දක්නේ ය. ඒ රූ අභිභවා දන්මි, දක්මි යි මෙසේ සංඥා ඇතියේ වෙයි. මේ අෂ්ටමාභිභයතනය යි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ අට්ඨ අභිභායතනානි. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං අට්ඨන්නං අභිභායතනානං යදිදං අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ඔදාතානි ඔදාතවණ්ණානි ඔදාතනිදස්සනානි ඔදාතනිභාසානි. තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවං සඤ්ඤී හොති. එවං සඤ්ඤිනොපි ඛො භික්ඛවෙ සන්ති සත්තා. එවං සඤ්ඤීනම්පි ඛො භික්ඛවෙ සත්තානං අත්ථෙව අඤ්ඤථත්තං, අත්ථි විපරිණාමො, එවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො තස්මිම්පි නිබ්බින්දති. තස්මිං නිබ්බින්දන්තො අග්ගෙ විරජ්ජති, පගෙව හීනස්මිං.
Sinhala BJTමහණෙනි, මේ අෂ්ට අභිභායතනයෝ යි. මහණෙනි, “එකෙක් තමා තුළ අරූප සංඥා ඇතියේ අවදාත වූ අවදාතවර්‍ණ වූ අවදාතනිදර්‍ශන වූ අවදාතනිහාස වූ බැහැර රූ දක්නේ ය. ඒ රූ අභිභවා දන්මි, දක්මි යි මෙසේ සංඥා ඇතියේ වෙයි” යන යම් මේ අභිභායතනයෙක් වේ ද, මේ අෂ්ට අභිභායතනයන් අතුරෙන් තෙල අග්‍ර වෙයි. මහණෙනි, මෙසේ සංඥා ඇති වූත් සත්ත්‍වයෝ ඇත. මහණෙනි, මෙසේ සංඥා ඇති වූත් සත්ත්‍වයන්ගේ අන්‍යථාත්‍වයෙක් ඇත් ම ය. ච්‍යුතියෙක් ඇත් ම ය. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඒ සැපත්හීදු උකටලී වෙයි. එහි උකටලි වනුයේ ඒ අග්‍රසැපත්හි නො ඇලෙයි. යටත් සැපතෙහි කැල ම ය.
Pali BJT6. චතස්සො ඉමා භික්ඛවෙ පටිපදා. කතමා චතස්සො: දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා, දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා, සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා, සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා. ඉමා ඛො භික්ඛවෙ චතස්සො පටිපදා. එතදග්ගං භික්ඛවෙ ඉමාසං චතුන්නං පටිපදානං යදිදං සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා. එවං පටිපන්නාපි ඛො භික්ඛවෙ සන්ති සත්තා. එවං පටිපන්නානම්පි ඛො භික්ඛවෙ සත්තානං අත්ථෙව අඤ්ඤථත්තං, අත්ථි විපරිණාමො. එවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො තස්මිම්පි නිබ්බින්දති. තස්මිං නිබ්බින්දන්තො අග්ගෙ විරජ්ජති, පගෙව හීනස්මිං.
Sinhala BJT6. මහණෙනි, මේ ප්‍රතිපදාවෝ සතර දෙනෙක, කවර සතර දෙනෙක යත්: දන්‍ධාභිඥ දුක්ඛාපටිපදා ය, ක්‍ෂිප්‍රාභිඥ දුක්ඛාපටිපදා ය, දන්‍ධාභිඥ සුඛාපටිපදා ය, ක්‍ෂිප්‍රාභිඥ සුඛාපටිපදා ය. මහණෙනි, මොහු සතර ප්‍රතිපදාවෝ යි. මහණෙනි, ක්‍ෂිප්‍රාභිඥ සුඛාපටිපදා යැ යන යම් මේ ප්‍රතිපදායෙක් වේ ද, මේ සතර ප්‍රතිපදාවන් අතුරෙන් තෙල අග්‍ර ය. මහණෙනි, මෙසේ පිළිපන් සත්ත්‍වයෝ ද ඇත. මහණෙනි, මෙසේ පිළිපන් සත්ත්‍වයනුදු ගේ අන්‍යථාත්‍වයෙක් ඇති. ච්‍යුතියෙක් ඇත. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක එහි උකටලී වෙයි. එහි උකටලී වනුයේ එ අග්‍රප්‍රතිපත්හි නො ඇලෙයි. යටත් ප්‍රතිපත්හි කැල මය.
Pali BJT7. චතස්සො ඉමා භික්ඛවෙ සඤ්ඤා, කතමා චතස්සො: පරිත්තමෙකො සඤ්ජානාති, මහග්ගතමෙකො සඤ්ජානාති, අප්පමාණමෙකො සඤ්ජානාති නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනමෙකො සඤ්ජානාති, ඉමා ඛො භික්ඛවෙ චතස්සො සඤ්ඤා. එතදග්ගං භික්ඛවෙ ඉමාසං චතුන්නං සඤ්ඤානං යදිදං “නත්ථි කිඤ්චී”ති ආකිඤ්චඤ්ඤායතනමෙකො සඤ්ජානාති. එවං සඤ්ඤිනොපි ඛො භික්ඛවෙ සන්ති සත්තා. එවං සඤ්ඤීනම්පි ඛො භික්ඛවෙ සත්තානං අත්ථෙව අඤ්ඤථත්තං, අත්ථි විපරිණාමො එවං පස්සං භික්ඛවෙ සුතවා, අරියසාවකො තස්මිම්පි නිබ්බින්දති. තස්මිං නිබ්බින්දන්තො අග්ගෙ විරජ්ජති, පගෙව හීනස්මිං.
Sinhala BJT7. මහණෙනි, මේ සංඥාවෝ සතර දෙනෙක. කවර සතර දෙනෙක යත්: එකෙක් සූක්‍ෂම ය දන්නේ ය. එකෙක් මහද්ගතය දන්නේ ය. එකෙක් අප්‍රමාණය දන්නේ ය. එකෙක් කිසිදු නැති ආකිඤ්චඤ්ඤය දන්නේ ය. මහණෙනි, මේ සතර සංඥාවෝ ය. මහණෙනි, එකෙක් කිසිදු නැති ආකිඤ්චඤ්ඤය දන්නේ ය යන යම් මේ සංඥායෙක් වේ ද, මේ සතර සංඥාවන් අතුරෙන් තෙල අග්‍රය. මහණෙනි, මෙසේ සංඥා ඇති සත්ත්‍වයෝ ද ඇත. මහණෙනි, මෙසේ සංඥා ඇති සත්ත්‍වයනුදු ගේ අන්‍යථාත්‍වයෙක් ඇත. ච්‍යුතියෙක් ඇත. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක එහිදු උකටලී වෙයි. එහි උකටලී වනුයේ අග්‍රසංඥාවෙහි නො ඇලෙයි. යටත් සංඥායෙහි කැල ම ය.
Pali BJT8. එතදග්ගං භික්ඛවෙ බාහිරකානං දිට්ඨිගතානං යදිදං නො චස්සං, නො ච මෙ සියා, න භවිස්සාමි, න මෙ භවිස්සන්තීති. එවංදිට්ඨිනො භික්ඛවෙ එතං පාටිකඞ්ඛං: යා චායං භවෙ අප්පටිකූල්යතා, සා චස්ස න භවිස්සති, යාචායං භවනිරොධෙ පාටිකුල්යතා, සා චස්ස න භවිස්සතීති. එවං දිට්ඨිනොපි ඛො භික්ඛවෙ සන්ති සත්තා. එවං දිට්ඨිනම්පි ඛො භික්ඛවෙ සත්තානං අත්ථෙව අඤ්ඤථත්තං, අත්ථි විපරිණාමො. එවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො තස්මිම්පි නිබ්බින්දති. තස්මිං නිබ්බින්දන්තො අග්ගෙ විරජ්ජති, පගෙව හීනස්මිං.
Sinhala BJT8. මහණෙනි, “අතීතයෙහි නො වීම් නම් වර්‍තමානයෙහි මාගේ ආත්මභාවයෙක් නැත. මතුයෙහි නොවෙම් නම් මාගේ කිසි පළිබෝධයෙක් නැත” යන යම් මේ දෘෂ්ටිගතයෙක් වේද, ශාසනසමයෙන් බැහැර සිටුනා දෘෂ්ටිගතයන් අතුරෙන් තෙල අග්‍ර ය. මහණෙනි, මෙසේ දෘෂ්ටි ඇතියා හට තෙල කැමැති විය යුතු ය: “භවයෙහි ලා යම් මේ අප්පටිකූල්‍යතායෙක් වේ ද එද ඔහුට නො වේ. භවනිරෝධයෙහි ලා යම් මේ පටිකූල්‍යතායෙක් වේ ද එ ද නො වේ ය”යි. මහණෙනි, මෙසේ දෘෂ්ටි ඇති සත්හු ද ඇත. මහණෙනි, මෙසේ දෘෂ්ටි ඇති සතුනුදු ගේ අන්‍යථාත්‍වයෙක් ඇත. ච්‍යුතියෙක් ඇත. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක එහිදු උකටලී වෙයි. එහි උකටලී වනුයේ අග්‍රදෘෂ්ටිගතයෙහි නො ඇලෙයි. යටත් අග්‍රදෘෂ්ටිගතයෙහි කැල ම ය.
Pali BJT9. සන්ති භික්ඛවෙ එකෙ සමණබ්රාහ්මණා පරමත්ථවිසුද්ධිං පඤ්ඤාපෙන්ති. එතදග්ගං භික්ඛවෙ පරමත්ථවිසුද්ධිං පඤ්ඤාපෙන්තානං යදිදං සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. තෙ තදභිඤ්ඤාය තස්ස සච්ඡිකිරියාය ධම්මං දෙසෙන්ති. එවං වාදිනොපි ඛො භික්ඛවෙ සන්ති සත්තා. එවං වාදීනම්පි ඛො භික්ඛවෙ සත්තානං අත්ථෙව අඤ්ඤථත්තං, අත්ථි විපරිණාමො. එවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො තස්මිම්පි නිබ්බින්දති, තස්මිං නිබ්බින්දන්තො අග්ගෙ විරජ්ජති. පගෙව හීනස්මිං.
Sinhala BJT9. මහණෙනි, නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය පනවන ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. මහණෙනි, “සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම නේවසඤ්ඤානාසඤ්ඤායතනය උපයා වෙසෙයි” යන යම් මේ පරමාර්‍ත්‍ථ විසුද්ධියෙක් වේ ද පරමාර්‍ත්‍ථ විසුද්ධි පනවනුවන් අතුරෙන් තෙල අග්‍ර ය. ඔහු එ දැනැ එය සාක්‍ෂාත් කරනු පිණිස දහම් දෙසත්. මහණෙනි, මෙසේ වාද ඇති සත්හුදු ඇත. මහණෙනි, මෙසේ වාද ඇති සත්නුදු ගේ අන්‍යථාත්‍වයෙක් ඇත. ච්‍යුතියෙක් ඇත, මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඒ පරමාර්‍ත්‍ථ විසුද්ධියෙහිදු උකටලි වෙයි. එහි උකටලි වනුයේ නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නො ඇලෙයි. යටතෙහි කැල ම ය.
Pali BJT10. සන්ති භික්ඛවෙ එකෙ සමණබ්රාහ්මණා පරමදිට්ඨධම්මනිබ්බානවාදා. තෙ පරමදිට්ඨධම්මං නිබ්බානං පඤ්ඤාපෙන්ති. එතදග්ගං භික්ඛවෙ පරමදිට්ඨධම්ම නිබ්බානං පඤ්ඤාපෙන්තානං යදිදං ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා අනුපාදා විමොක්ඛො. එවං වාදිං ඛො මං භික්ඛවෙ එවමක්ඛායිං. එකෙ සමණබ්රාහ්මණා අසතා තුච්ඡා මුසා අභූතෙන අබ්භාචික්ඛන්ති: න සමණො ගොතමො කාමානං පරිඤ්ඤං පඤ්ඤාපෙති. න රූපානං පරිඤ්ඤං පඤ්ඤාපෙති, න වෙදනානං පරිඤ්ඤං පඤ්ඤාපෙතීති. කාමානං ඛො අහං භික්ඛවෙ පරිඤ්ඤං පඤ්ඤාපෙමි, රූපානඤ්ච පරිඤ්ඤං පඤ්ඤාපෙමි, වෙදනානඤ්ච පරිඤ්ඤං පඤ්ඤාපෙමි දිට්ඨෙව ධම්මෙ නිච්ඡාතො නිබ්බුතො සීතිභූතො අනුපාදා පරිනිබ්බානං පඤ්ඤාපෙමීති.
Sinhala BJT10. මහණෙනි, පරමදෘෂ්ටධර්‍ම නිර්‍වාණවාද ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ඔහු පරමදෘෂ්ටධර්‍ම නිර්‍වාණය පනවත්. මහණෙනි, “ෂට්ස්පර්‍ශායතනයන්ගේ සමුදය හා අස්තඞ්ගමය හා ආස්වාදය හා දෝෂය හා නිස්සරණය හා තත් වූ පරිදි දැන අනුපාදා විමෝක්‍ෂයෙක් වේ” යන යම් මේ අර්‍හත්‍වයෙක් වේ ද, පරමදෘෂ්ටධර්‍ම නිර්‍වාණය පනවන්නවුන් අතුරෙන් තෙල අග්‍ර ය. මහණෙනි, මෙසේ බණන සුලු මෙසේ කියන සුලු මා ඇතැම් මහණ බමුණෝ අසත් වූ ඒ ලඝුමෘෂා වූ අභූතයෙන් අභ්‍යාඛ්‍යාන කෙරෙත්: “ශ්‍රමණ ගෞතම කාමයන්ගේ සමතික්‍රමණය නො පනවයි” කියා යි. මහණෙනි, මම කාමසමතික්‍රමණය පනවමි, රූපසමතික්‍රමණය ද පනවමි. වේදනාසමතික්‍රමණය ද පනවමි. ඉහාත්මයෙහි නිෂ්තෘෂ්ණ වූයෙම් නිවෘත වූයෙම් ශීතීභූත වූයෙම් අනුපාදාපරිනිර්‍වාණය පනවමි.
Pali BJT10. 1. 3. 10.
Sinhala BJT10. 1. 3. 10.
Pali BJTදුතිය කොසල සුත්තං
Sinhala BJTදුතිය කෝසල සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන රාජා පසෙනදී කොසලො උය්යොධිකාය{1} නිවත්තො හොති විජිතසඞ්ගාමො ලද්ධාධිප්පායො අථ ඛො රාජා පසෙනදි කොසලො යෙන ආරාමො තෙන පායාසි. යාවතිකා යානස්සභූමි, යානෙන ගන්ත්වා යානා පච්චාරොහිත්වා පත්තිකොව ආරාමං පාවිසි. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛු අබ්භොකාසෙ චඞ්කමන්ති. අථ ඛො රාජා පසෙනදී කොසලො යෙන තෙ භික්ඛු තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ භික්ඛු එතදවොච:
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරන සේක. එසමයෙහි පසේනදී කෝසල රජ යුධයෙන් නැවතියේ දිනූ සඞ්ග්‍රාම ඇතියේ ලැබූ අධිප්‍රාය ඇතියේ වෙයි. එසඳ ප්‍රසේනජිත් කොසොල් රජ අරම් කරා ගියේ ය. යානභූමිය වැටෙන තාක් යානයෙන් ගොස් යානයෙන් බැස පාගමන් ඇතියේ ම අරමට පිවිසියේ ය. එසමයෙහි බොහෝ භික්‍ෂූහු අභ්‍යාවකාශයෙහි සක්මන් කෙරෙත්. එසඳ ප්‍රසේනජිත් කොසොල් රජ ඒ භික්‍ෂූහු වෙත එළඹියේ ය. එළඹ ඒ භික්‍ෂූන් අතින් තෙල විචාළේ ය:
Pali BJTකහන්නු ඛො භන්තෙ භගවා එතරහි විහරති අරහං සම්මා සම්බුද්ධො? දස්සනකාමා හි මයං භන්තෙ තං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධන්ති.
Sinhala BJTවහන්ස, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වු භාග්‍යවතුන් වහන්සේ දැන් වෙසෙද්ද? වහන්ස. අපි අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ දක්නට කැමැත්තම්හ යි.
Pali BJTඑසො මහාරාජ විහාරො සංවුතද්වාරො, තෙන අප්පසද්දො උපසඞ්කමිත්වා අතරමානො ආලින්දං පවිසිත්වා උක්කාසිත්වා අග්ගලං ආකොටෙහි, විවරිස්සති තෙ භගවා ද්වාරන්ති.
Sinhala BJTමහරජ, තෙල ගඳොළ ය: පියු දොර ඇත. එයින් නිශ්ශබ්ද ව නො වෙළෙවි ව එළඹ දොර කොටුවට වැද කැසැ අගුළු පහරව. භාග්‍යවතුන් වහන්සේ තොපට දොර විවර කරන්නාහ යි.
Pali BJTඅථ ඛො රාජා පසෙනදී කොසලො යෙන සො විහාරො සංවුතද්වාරො, තෙන අප්පසද්දො උපසඞ්කමිත්වා අතරමානො ආලින්දං පවිසිත්වා උක්කාසිත්වා අග්ගලං ආකොටෙසි. විවරී භගවා ද්වාරං. අථ ඛො රාජා පසෙනදි කොසලො විහාරං පවිසිත්වා භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවතො පාදානි මුඛෙන ච පරිචුම්බති, පාණීහි ච පරිසම්බාහති, නාමං ච සාවෙති: ‘රාජාහං භන්තෙ පසෙනදී කොසලො, රාජාහං භන්තෙ පසෙනදී කොසලො’ති.
Sinhala BJTඑසඳ ප්‍රසේනජිත් කොසොල් රජ පියු දොර ඇති ඒ ගඳොල වෙත එළඹ එහි අල්පශබ්ද ව නො වෙළෙවි ව එළඹ ප්‍රමුඛයට වැද කැසි හඬ නගා අගුළු පහළේ ය. භාග්‍යවතුන් වහන්සේ දොර විවර කළ සේක. එසඳ ප්‍රසේනජිත් කොසොල් රජ වෙහෙරට වැද බුදුන් පාමුල්හි හිසින් වැටී බුදුන් සිරිපා මුවිනිදු සුඹුනේ ය. දෙයතිනුදු පරිමදනේ ය. “වහන්ස, මම ප්‍රසේනජිත් කොසොල් රජිමි. වහන්ස, මම ප්‍රසේනජිත් කොසොල් රජමි”යි නම ද අස්වනුයේ වෙයි.
Pali BJTකම්පන ත්වං මහාරාජ අත්ථවසං සම්පස්සමානො ඉමස්මිං සරීරෙ එවරූපං පරමනිපච්චාකාරං කරොසි මෙත්තූපහාරං උපදංසෙසීති?
Sinhala BJTමහරජ, තෙපි කවර කරුණක් දක්නේ මේ ශරීරයෙහි මෙබඳු පරමනිපත්‍යකාරයක් මෛත්‍රීසම්ප්‍රයුක්ත උපහාරයක් දක්වහු ද?
Pali BJTකතඤ්ඤුතං ඛො අහං භන්තෙ කතවෙදිතං සම්පස්සමානො භගවති එවරූපං පරමනිපච්චාකාරං කරොමි, මෙත්තූපහාරාං උපදංසෙමි.
Sinhala BJTවහන්ස, මම කෘතඥතා කෘතවේදිතා දක්මින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු පරමනිපත්‍යකාරයක් කෙරෙමි. මෛත්‍රීසම්ප්‍රයුක්ත උපහාරයක් දක්වමි.
Pali BJT1. භගවා හි භන්තෙ බහුජනහිතාය පටිපන්නො බහුජනසුඛාය, බහුනොජනස්ස අරියෙ ඤායෙ පතිට්ඨාපිතා යදිදං කල්යාණධම්මතාය කුසලධම්මතාය, යම්පි භන්තෙ භගවා බහුජනහිතාය පටිපන්නො බහුජනසුඛාය බහුනො ජනස්ස අරියෙ ඤායෙ පතිට්ඨාපිතා යදිදං කල්යාණධම්මතාය කුසලධම්මතාය, ඉදම්පි ඛො අහං භන්තෙ අත්ථවසං සම්පස්සමානො භගවතී එවරූපං පරමනිපච්චාකාරං කරොමි, මෙත්තුපහාරං උපදංසෙමි.
Sinhala BJT1. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කල්‍යාණධර්‍මතායෙනුදු කුසලධර්‍මතායෙන් දැයි යම් ඒ මඟෙකින් බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුඛ පිණිස පිළිපන් සේක්, බොහෝ දෙනා විදර්‍ශනා සහති මාර්‍ගයෙහි පිහිටුවන සේක. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කල්‍යාණධර්‍මතායෙනුදු කුසලධර්‍මතායෙන් දැයි යම් ඒ මඟෙකින් බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුඛ පිණිස පිළිපන් සේක් බොහෝ දෙනා ආර්‍ය්‍ය න්‍යායෙහි පිහිටුවන සේක් ද, වහන්ස, මම මෙ කරුණ දක්මින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු පරමනිපත්‍යාකාරයක් කෙරෙමි, මෛත්‍රීසම්ප්‍රයුක්ත උපහාර දක්වමි.
Pali BJT2. පුන චපරං භන්තෙ භගවා සීලවා වුද්ධසීලො අරියසීලො කුසලසීලො කුසලසීලෙන සමන්නාගතො. යම්පි භන්තෙ භගවා සීලවා වුද්ධසීලො අරියසීලො කුසලසීලො කුසලසීලෙන සමන්නාගතො, ඉමම්පි ඛො අහං භන්තෙ අත්ථවසං සම්පස්සමානො භගවති එවරූපං පරමනිපච්චාකාරං කරොමි, මෙත්තුපහාරං උපදංසෙමි.
Sinhala BJT2. තවද වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සිල්වත්හ. වැඩුණු සිල් ඇතියහ, ආර්‍ය්‍යශීල ඇතියහ. අනවද්‍ය ශීල ඇතියහ, කුශලශීලයෙන් සමන්‍වාගතයහ. වහන්ස, ‘භාග්‍යවතුන් වහන්සේ සිල්වත්හ, වැඩුණු සිල් ඇතියහ. ආර්‍ය්‍ය ශීල ඇතියහ. අනවද්‍ය ශීල ඇතියහ. කුශලශීලයෙන් සමන්‍වාගතයහ’ යන යමෙක් ඇද්ද, වහන්ස, මම මෙ කරුණ ද දක්මින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු පරමනිපත්‍යාකාර කෙරෙමි. මෛත්‍රී සම්ප්‍රයුක්ත උපහාර දක්වමි.
Pali BJT3. පුන චපරං භන්තෙ භගවා දීඝරත්තං ආරඤ්ඤකො අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවති. යම්පි භන්තෙ භගවා දීඝරත්තං ආරඤ්ඤකො අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවති, ඉමම්පි ඛො අහං භන්තෙ අත්ථවසං සම්පස්සමානො භගවති එවරූපං පරමනිපච්චාකාරං කරොමි, මෙත්තුපහාරං උපදංසෙමි.
Sinhala BJT3. තවද වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දීර්‍ඝරාත්‍රයෙහි ආරණ්‍යකයහ. අරණ සෙනසුන් ද වනපෙත් සෙනසුන් ද ඉතා දුරු වනසෙනසුන් ද සෙවුනාහ. වහන්ස, “භාග්‍යවතුන් වහන්සේ දීර්‍ඝරාත්‍රයෙහි ආරණ්‍යකයහ. අරණ සෙනසුන් ද වනපෙත් සෙනසුන් ද ඉතා දුරු වනසෙනසුන් ද සෙවුනාහ” යන් යමෙක් ඇද් ද, වහන්ස, මම මෙ කරුණ ද දක්මින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු පරමනිපත්‍යාකාර කෙරෙමි. මෛත්‍රී සම්ප්‍රයුක්ත උපහාර දක්වමි.
Pali BJT4. පුන චපරං භන්තෙ භගවා සන්තුට්ඨො ඉතරීතරචීවර පිණ්ඩපාතසයනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන, යම්පි භන්තෙ භගවා සන්තුට්ඨො ඉතරීතරචීවරපිණ්ඩපාතසයනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන, ඉමම්පි ඛො අහං භන්තෙ අත්ථවසං සම්පස්සමානො භගවති එවරූපං පරමනිපච්චාකාරං කරොමි මෙත්තුපහාරං උපදංසෙමි.
Sinhala BJT4. තවද වහන්ස, “භාග්‍යවතුන් වහන්සේ ඉතරෙතර චීවර පිණ්ඩපාතශයනාසන ග්ලානප්‍රත්‍යයභෛසජ්‍යපරිෂ්කාරයෙන් සන්තුෂ්ටයහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඉතරෙතර චීවර පිණ්ඩපාතශයනාසන ග්ලානප්‍රත්‍යයභෛසජ්‍යපරිෂ්කාරයෙන් සන්තුෂ්ටයහ” යන යමෙක් ඇද්ද, වහන්ස, මම මෙ කරුණ ද දක්මින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු පරමනිපත්‍යාකාර කෙරෙමි. මෛත්‍රී සම්ප්‍රයුක්ත උපහාර දක්වමි.
Pali BJT5. පුන චපරං භන්තෙ භගවා ආහුනෙය්යො පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. යම්පි භන්තෙ භගවා ආහුනෙය්යො පාහුනෙය්යා දක්ඛිණෙය්යා අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස, ඉමම්පි ඛො අහං භන්තො අත්ථවසං සම්පස්සමානො භගවති එවරූපං පරමනිපච්චාකාරං කරොමි, මෙත්තූපහාරං උපදංසෙමි.
Sinhala BJT5. තවද වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ආහුනෙය්‍යයහ, පාහුනෙය්‍යයහ. දක්ඛිණෙය්‍යයහ, අඤ්ජලිකරණීයහ. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රයහ, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ආහුනෙය්‍යයහ, පාහුනෙය්‍යයහ. දක්ඛිණෙය්‍යයහ, අඤ්ජලිකරණීයහ, ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රයහ යන යමෙක් ඇත්ද, වහන්ස, මම මෙ කරුණ ද දක්මින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු පරමනිපත්‍යාකාර කෙරෙමි. මෛත්‍රී සම්ප්‍රයුක්ත උපහාර කෙරෙමි.
Pali BJT6. පුන චපරං භන්තෙ භගවා යායං කථා අභිසල්ලෙඛිකා චෙතොවිවරණසප්පායා, සෙය්යථීදං: අප්පිච්ඡකථා, සන්තුට්ඨිකථා, පවිවෙකකථා, අසංසග්ගකථා, විරියාරම්භකථා, සීලකථා, සමාධිකථා, පඤ්ඤාකථා, විමුත්තිකථා, විමුත්තිඤාණදස්සනකථා එවරූපියා කථාය නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභී. යම්පි භන්තෙ භගවා යායං කථා අභිසල්ලෙඛිකා චෙතො විවරණසප්පායා සෙය්යථීදං: අප්පිච්ඡකථා -පෙ- විමුත්තිඤාණදස්සනකථා. එවරූපියා කථාය නිකාමලාභී, අකිච්ඡලාභී අකසිරලාභී. ඉමම්පි ඛො අහං භන්තෙ අත්ථවසං සම්පස්සමානො භගවති එවරූපං පරම නිපච්චාකාරං කරොමි, මෙත්තූපහාරං උපදංසෙමි.
Sinhala BJT6. තවද වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මොනොවට කෙලෙස් ලියන සුලු වූ සමථවිදර්‍ශනාචිත්තවිවරණයට සත්ප්‍රාය වූ යම් මේ කථායෙක් වේ නම්, එ කවර යත්: අප්පිච්ඡකථාය, සන්තුට්ඨිකථාය, පවිවේකකථාය, අසංසග්ගකථාය, විරියාරම්භකථාය, සීලකථාය, සමාධිකථාය, පඤ්ඤාකථාය, විමුත්තිකථාය, විමුත්තිඤාණදස්සනකථා යි. මෙබඳු කථා කැමතිසේ ලබන සුල්ලහු නිදුකින් ලබන සුල්ලහු විපුල කොට ලබන සුල්ලහු වෙත්. වහන්ස, “භාග්‍යවතුන් වහන්සේ කෙලෙස් ලියන සුලු චේතෝවිවරණයට සත්ප්‍රාය වන යම් ඒ කථායෙක්වේ නම් ඒ කවර යත්: අප්පිච්ඡකථා ය ... විමුත්තිඤාණදස්සනකථා යි. එබඳු කථා කැමතිසේ ලබන සුල්ලහ, විපුල කොට ලබන සුල්ලහු වෙත්. වහන්ස. “භාගග්‍යවතුන් වහන්සේ කෙලෙස් ලියන සුලු චේතෝවිවරණයට සත්ප්‍රාය වන යම් ඒ කථායෙක් වේ නම් ඒ කවර යත්: අප්පිච්ඡකථා ය ... විමුත්තිඤාණදස්සනකථා යි. එබඳු කථා කැමතියේ ලබන සුල්ලහ, නිදුකින් ලබන සුල්ලහ, විපුල කොට ලබන සුල්ලහ” යන යමෙක් වේ ද, වහන්ස, මම් මෙ කරුණ ද මොනොවට දක්නෙම් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු පරමනිපත්‍යාකාරයක් කෙරෙමි, මෛත්‍රීසම්ප්‍රයුක්ත උපහාර දක්වමි.
Pali BJT7. පුන චපරං භන්තෙ භගවා චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභී. යම්පි භන්තෙ භගවා චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභී, ඉමම්පි ඛො අහං භන්තෙ අත්ථවසං සම්පස්සමානො භගවති එවරූපං පරම නිපච්චාකාරං කරොමි, මෙත්තූපහාරං උපදංසෙමි.
Sinhala BJT7. තවද වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අධිචිත්තයෙහි හටගත් ඉහාත්මයෙහි සුඛවිහරණ වූ සතර ධ්‍යානයන් කැමැතිසේ ලබන සුල්ලහ, නිදුකින් ලබන සුල්ලහ, විපුල සේ ලබන සුල්ලහ. වහන්ස, “භාග්‍යවතුන් වහන්සේ අධිචිත්තයෙහි හටගන්නා දිට්ඨධම්මසුඛවිහාර වන සතර ධ්‍යානයන් කැමැති සේ ලබන සුල්ල හ, නිදුකින් ලබන සුල්ලහ, විපුල සේ ලබන සුල්ලහ” යන යමෙක් වේ නම්, වහන්ස, මම් මෙ කරුණ ද මොනොවට දක්නෙම් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු පරමනිපත්‍යාකාරයක් කරමි, මෛත්‍රීසම්ප්‍රයුක්ත උපහාර දක්වමි.
Pali BJT8. පුන චපරං භන්තෙ භගවා අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්යථීදං: එකම්පිජාතිං, ද්වෙපි ජාතියො, තිස්සොපි ජාතියො, චතස්සොපි ජාතියො, පඤ්චපි ජාතියො දසපි ජාතියො, වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාරීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි, ජාතිසහස්සම්පි, ජාතිසතසහස්සම්පි, අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ, අමුත්රාසිං එවන්නාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවං සුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො ඉධූපපන්නොති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. යම්පි භන්තෙ භගවා අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්යථීදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. ඉමම්පි ඛො අහං භන්තෙ අත්ථවසං සම්පස්සමානො භගවති එවරූපං පරමනිපච්චාකාරං කරොමි. මෙත්තූපහාරං උපදංසෙමි.
Sinhala BJT8. තවද වහන්ස, ‘භාග්‍යවතුන් වහන්සේ අනේකවිධ පූර්වේනිවාසය සිහි කෙරෙත්. ඒ කිසෙ ය යත්: එක් ජාතියක් ද, ජාති දෙකක් ද, ජාති තුනක් ද, ජාති සතරක් ද, ජාති පසක් ද, ජාති දසයක් ද, ජාති විස්සක් ද, ජාති තිසක් ද, ජාති සතලිසක් ද, ජාති පනසක් ද, ජාති සියයක් ද, ජාති දහසක් ද, ජාති සියදහසක් ද, නොයෙක් සංවර්‍තකල්පයන් ද, නොයෙක් විවර්‍තකල්පයන් ද, නොයෙක් සංවර්‍තවිවර්‍තකල්පයන් දැයි, මෙබඳු නම් ඇතියෙම්, මෙබඳු ගෝත්‍ර ඇතියෙම්, මෙබඳු සිරුරු පැහැ ඇතියෙම්, මෙබඳු ආහාර ඇතියෙම්, මෙබඳු සුව දුක් විඳුනෙම්, මෙබඳු ආයු කෙළවර කොටැතියෙම් අසෝතන්හි වීමි, ඒ මම් එතැනින් ච්‍යුත ව මෙහි උපන්මි”යි. මෙසේ ආකාර සහිත උද්දේශ සහිත අනේකවිධ වූ පූර්වේනිවාසය සිහි කෙරෙත් නම්, ඒ කෙසේ ය යත්: එක් ජාතියක් ද, ජාති දෙකක් ද ... මෙසේ ආකාර සහිත උද්දේශ සහිත අනේකවිධ වූ පූර්වේනිවාසය සිහි කෙරෙත් ද, වහන්ස, මම් මෙ කරුණ ද දක්මින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු පරම නිපත්‍යාකාරයක් කරමි, මෛත්‍රීසම්ප්‍රයුක්ත උපහාර දක්වමි.
Pali BJT9. පුන චපරං භන්තෙ භගවා දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උප්පජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථා කම්මූපගෙ සත්තෙ පජානාති. “ඉමෙ වතභොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචී -පෙ- මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචී -පෙ- මනො -පෙ- අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නාති. ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උප්පජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති. යම්පි භන්තෙ භගවා දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන යථාකම්මූපගෙ සත්තෙ පජානාති. ඉමම්පි ඛො අහං භන්තෙ අත්ථවසං සම්පස්සමානො භගවති එව රූපං පරමනිපච්චාකාරං කරොමි. මෙත්තූපහාරං උපදංසෙමි.
Sinhala BJT9. තවද වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මිනිසැස ඉක්ම පවත්නා විශුද්ධ වූ දිවැසින් ච්‍යුත වන්නා වූත් උපදනා වූත් හින වූත් ප්‍රණීත වූත් සුවර්‍ණ වූත් දුර්වර්‍ණ වූත් සත්ත්‍වයන් දක්නාහ. කම් වූ පරිදි මියන සත්‍වයන් දක්නාහ. “මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් සමන්‍වාගතයහ. වාක් ... මනෝදුශ්චරිතයෙන් සමන්‍වාගතයහ. ... අරීනට උපවාද කරන්නාහු ගත් මිසදිටු ඇත්තාහු මිථ්‍යාදෘෂ්ටික කර්‍මසමාදාන කොට ඇත්තාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණියාහු වෙති. මේ භවත් සත්ත්‍වයෝත් කාය සුචරිතයෙන් සමන්‍වාගත වූවාහු වාක් ... මනෝ ... අරීනට උපවාද නො කරන්නාහු සම්‍යක්දෘෂ්ටික වූවාහු සම්‍යක්දෘෂ්ටික කර්‍මසමාදාන ඇත්තාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ග ලෝකයෙහි උපන්නාහු වෙතියි, මෙසේ මිනිසැස ඉක්ම පවත්නා විශුද්ධ වූ දිවැසින් ච්‍යුත වන්නා වූත් උපදනා වූත් හින වූත් ප්‍රණීත වූත් සුවර්‍ණ වූත් දුර්වර්‍ණ වූත් සුගත වූත් දුර්‍ගති ඇත්තා වූත් සත්ත්‍වයන් දක්නාහ. යථාකර්මෝපග සත්ත්‍වයන් දන්නාහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මිනිසැස ඉක්ම පවත්නා විශුද්ධ වූ දිවැසින් ... යථා කර්මෝපග සත්ත්‍වයන් දන්නාහ” යන යමෙක් ඇත් ද වහන්ස, මම් මෙ කරුණ ද මොනොවට දක්නෙම් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු පරමනිපත්‍යාකාරයක් කරමි, මෛත්‍රී සම්ප්‍රයුක්ත උපහාරය දක්වමි.
Pali BJT10. පුන චපරං භන්තෙ භගවා ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. යම්පි භන්තෙ භගවා ආසවානං ඛයා -පෙ- සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. ඉමම්පි ඛො අහං භන්තෙ අත්ථවසං සම්පස්සමානො භගවති එවරූපං පරමනිපච්චාකාරං කරොමි, මෙත්තූපහාරං උපදංසෙමි.
Sinhala BJT10. තවද වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තුමූ විශිෂ්ට ඥානයෙන් දැන පසක් කොට එළඹ වාසය කරත්. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ආස්‍රවක්‍ෂයෙන් ... පසක් කොට එළඹ වාසය වෙසෙත් යන යමක් ඇත් නම්, වහන්ස, මම් මෙ කරුණ ද මොනොවට දක්නෙම් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු පරමනිපත්‍යාකාරයක් කරමි, මෛත්‍රී සම්ප්‍රයුක්ත උපහාරය දක්වමි.
Pali BJTහන්දදානි මයං භන්තෙ ගච්ඡාම බහුකිච්චා මයං බහුකරණීයාති.
Sinhala BJTවහන්ස, දැන් අපි යමු, අපි බොහෝ කිස ඇත්තම්හ, බොහෝ කරණී ඇත්තම්හ යි.
Pali BJTයස්සදානි ත්වං මහාරාජ කාලං මඤ්ඤසීති.
Sinhala BJTමහරජ යමක් සඳහා දැන් කල් නම් එය දනුව යි.
Pali BJTඅථ ඛො රාජා පසෙනදි කොසලො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමී ති.
Sinhala BJTඉක්බිති පසේනදී කෝසල රජ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියේ යි.
Pali BJTමහාවග්ගො තතියො.
Sinhala BJTතුන්වැනි මහාවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTසීහාධිවුත්තිකායෙන චුන්දෙන කසිණෙන ච කාළී ද්වෙ මහාපඤ්ඤා කොසලෙහි පරෙ දුවෙ.
Sinhala BJTසීහනාද සූත්‍රය, අධිවුත්තිපද සූත්‍රය, කාය සූත්‍රය, මහාචුන්‍ද සූත්‍රය, කසිණ සූත්‍රය, කාලී සූත්‍රය, මහාපඤ්ඤ සූත්‍ර දෙක ය, කෝසල සූත්‍ර දෙක යැයි සූත්‍ර දශයෙකි.
Pali BJT4. උපාලිවග්ගො
Sinhala BJT4. උපාලි වර්‍ගය
Pali BJT10. 1. 4. 1.
Sinhala BJT10. 1. 4. 1.
Pali BJTඋපාලි සුත්තං
Sinhala BJTඋපාලි සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJTඅථ ඛො ආයස්මා උපාලි යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා උපාලි භගවන්තං එතදවොච:
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළහ:
Pali BJTකති නුඛො භන්තෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං? පාතිමොක්ඛං උද්දිට්ඨන්ති?
Sinhala BJTවහන්ස, කෙතෙක් කරුණු පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයනට ශික්‍ෂාපද පනවන ලද ද? පාමොක් උදෙසන ලද දැ යි?
Pali BJTදස ඛො උපාලි අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං. පාතිමොක්ඛං උද්දිට්ඨං කතමෙ දස: සඞ්ඝසුට්ඨුතාය, සඞ්ඝඵාසුතාය, දුම්මඞ්කූනං පුග්ගලානං නිග්ගහාය, පෙසලානං භික්ඛූනං ඵාසු විහාරාය, දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය, සම්පරායිකානං ආසවානං පටිඝාතාය, අප්පසන්නානං පසාදාය, පසන්නානං භිය්යොභාවාය, සද්ධම්මට්ඨිතියා, විනයානුග්ගහාය.
Sinhala BJTඋපාලි, කරුණු දසයක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට ශික්‍ෂාපද පනවන ලද පාමොක් උදෙසන ලදී. කවර දසයෙක යත්: සඞ්ඝයාගේ සෞෂ්ටවය පිණිස ය, සඞ්ඝයාගේ පහසුබව පිණිස ය, දුසිල් පුද්ගලයනට නිග්‍රහ පිණිස ය, ප්‍රියශීල භික්‍ෂූන්ගේ පහසුවිහරණය පිණිස ය, දෘෂ්ටධාර්මික ආස්‍රවයන්ගේ සංවරය පිණිස ය, සාම්පරායික ආස්‍රවයන් නැසීම පිණිස ය, අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස ය, ප්‍රසන්නයන්ගේ භූයෝභාවය පිණිය ය, සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස ය, විනයානුග්‍රහය පිණිස යි.
Pali BJTඉමෙ ඛො උපාලි දස අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං, පාතිමොක්ඛං උද්දිට්ඨන්ති.
Sinhala BJTඋපාලි, මෙ කරුණු දසය පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකනයට ශික්‍ෂාපද පනවන ලද, පාමොක් උදෙසනලදැ යි.
Pali BJT10. 1. 4. 2.
Sinhala BJT10. 1. 4. 2.
Pali BJTපාතිමොක්ඛට්ඨපන සුත්තං
Sinhala BJTපාතිමොක්ඛට්ඨපන සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJTකති නු ඛො භන්තෙ පාතිමොක්ඛට්ඨපනානීති?
Sinhala BJTවහන්ස, පාමොක් තැබීම්හු කෙතෙකැයි?
Pali BJTදස ඛො උපාලි පාතිමොක්ඛට්ඨපනා කතමෙ දස: පාරාජිකො තස්සං පරිසායං නිසින්නො හොති, පාරාජිකකථා විප්පකතා හොති, අනුපසම්පන්නො තස්සං පරිසායං නිසින්නො හොති, අනුපසම්පන්නකථා විප්පකතා හොති, සික්ඛං පච්චක්ඛාතකො තස්සං පරිසායං නිසින්නො හොති, සික්ඛං පච්චක්ඛාතකථා විප්පකතා හොති,පණ්ඩකො තස්සං පරිසායං නිසින්නො හොති, පණ්ඩකකථා විප්පකතා හොති, භික්ඛුනීදූසකො තස්සං පරිසායං නිසින්නො හොති, භික්ඛුනීදූසකකථා විප්පකතා හොති. ඉමෙ ඛො උපාලි දස පාතිමොක්ඛට්ඨපනාති.
Sinhala BJTඋපාලි, පාමොක් තැබීම්හු දසයෙක. කවර දසයෙක යත්: පරිජි අවන්නෙක් එ පිරිස්හි හුන්නේ වෙයි, පාරාජික කථාව කොට අඩහළ වෙයි, අනුපසපනෙක් එ පිරිස්හි හුන්නේ වෙයි, අනුපසම්පන්නකථාව කොට අඩහළ වෙයි, ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කෙළේ එ පිරිස්හි හුන්නේ වෙයි, ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කළහු පිළිබඳ කථාව කොට අඩහළ වෙයි, පණ්ඩකයෙක් එ පිරිස්හි හුන්නේ වෙයි, පණ්ඩකකථාව කොට අඩහළ වෙයි, භික්‍ෂුණීදූෂකයෙක් එ පිරිස්හි හුන්නේ වෙයි, භික්‍ෂුණීදූෂක කථාව කොට අඩහළ වෙයි, උපාලි, මේ දස පාමොක් තැබීම්හු වෙති යි.
Pali BJT10. 1. 4. 3.
Sinhala BJT10. 1. 4. 3.
Pali BJTඋබ්බාහිකා සුත්තං
Sinhala BJTඋබ්බාහිකා සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJTකති හි නු ඛො භන්තෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය සම්මන්නිතබ්බො හොති?
Sinhala BJTවහන්ස, කෙතෙක් ධර්‍මයෙන් සමන්‍වාගත මහණෙක් උබ්බාහිකායෙන් සම්මත කළයුතු වේද?
Pali BJTදසහි ඛො උපාලි ධම්මෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය සම්මන්නිතබ්බො කතමෙහි දසහි: ඉධූපාලි භික්ඛු සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති, ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු, බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සබ්යඤ්ජනා, කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා, උභයානි ඛො පනස්ස පාතිමොක්ඛානි විත්ථාරෙන ස්වාගතානි හොන්ති සුවිභත්තානි සුප්පවත්තීනි සුවිනිච්ඡිතානි සුත්තසො අනුව්යඤ්ජනසො, විනයෙ ඛො පන ඨිතො හොති අසංහීරො, පටිබලො හොති උභො අත්තපච්චත්ථිකෙ සඤ්ඤාපෙතුං පඤ්ඤාපෙතුං නිජ්ඣාපෙතුං පෙක්ඛෙතුං පසාදෙතුං, අධිකරණසමුප්පාදවූපසමකුසලො හොති, අධිකරණං ජානාති අධිකරණසමුදයං ජානාති අධිකරණනිරොධං ජානාති, අධිකරණනිරොධගාමිනීපටිපදං ජානාති. ඉමෙහි ඛො උපාලි දසහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය සම්මන්නීතබ්බොති.
Sinhala BJTඋපාලි, දශ ධර්‍මයෙන් සමන්‍වාගත මහණ උබ්බාහිකායෙන් සම්මත කටයුත්තේ ය: කවර දසයෙකින යත්: උපාලි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවෘත වූයේ වාස කරයි. ආචාරගෝචර සම්පන්න වූයේ අණුමාත්‍ර වරදෙහිදු බියදක්නා සුලුයේ ශික්‍ෂාපදවිෂයෙහි සමාදන් කොට ගෙණ හික්මෙයි. ශ්‍රැතධර වූයේ ශ්‍රැත සන්නිචය ඇතියේ බහුශ්‍රුත වෙයි. ආදි කල්‍යාණ වූ මධ්‍යයෙහි කල්‍යාණ වූ පර්‍ය්‍යවසානයෙහි කල්‍යාණ වූ සාර්‍ත්‍ථ සව්‍යඤ්ජන වූ යම් ඒ ධර්‍ම කෙනෙක් කේවල පරිපූර්‍ණ, පරිශුද්ධ, බ්‍රහ්මචර්‍ය්‍යය කියත් නම්, ඔහු විසින් එබඳු ධර්‍මයෝ බහුශ්‍රුත වෙති, ධෘතවෙති, වචනයෙන් පරිචිත වෙති, මනසින් අනුප්‍රේක්‍ෂිත වෙත්, ප්‍රඥා දෘෂ්ටියෙන් සුප්‍රතිවිද්ධ වෙති, ඔහට උභය ප්‍රාතිමොක්‍ෂයෝ විස්තර විසින් ස්වාගත වෙති, සූත්‍ර විසින් ද අනුව්‍යඤ්ජන විසින් ද ස්විභක්ත වූවාහු මොනොවට පවත්නාහු සුවිනිශ්චිත වෙති. අසංයතවචනමාත්‍රයෙන් ස්වලබ්ධිය නො හරනේ විනයෙහි සිටියේ වෙයි. උභය අර්‍ත්‍ථාපේක්‍ෂකයන් හඟවනට දන්වනුවට දක්වනුවට බලවනුවට පහදවනුවට ප්‍රතිබල වෙයි. චතුර්විධාධිකරණ සමුත්පාදය සන්හිඳුවීමෙහි කුශල වේ. අධිකරණය දන්නේ ය, අධිකරණ සමුදය දන්නේ ය, අධිකරණ නිරෝධය දන්නේ ය, අධිකරණනිරෝධගාමිනීපටිපදා දන්නේ යි. උපාලියෙනි, මේ දසදහමින් සමන්‍වාගත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත කළයුත්තේ යි.
Pali BJT10. 1. 4. 4.
Sinhala BJT10. 1. 4. 4.
Pali BJTඋපසම්පදා සුත්තං
Sinhala BJTඋපසම්පදා සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJTකතීහි නු ඛො භන්තෙ ධම්මෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බන්ති?
Sinhala BJTවහන්ස, කෙතෙක් ධර්‍මයෙන් සමන්‍වාගත මහණහු විසින් උපසම්පදා කළයුතු දැයි?
Pali BJTදසහි ඛො උපාලි ධම්මෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං. කතමෙහි දසහි: ඉධූපාලි භික්ඛු සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු, බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො, යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සබ්යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා.
Sinhala BJTඋපාලි, දශ ධර්‍මයෙකින් සමන්‍වාගත වූ මහණහු විසින් උපසම්පදාව කළ යුතු ය. කවර දශයෙකින යත්: උපාලි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. පාමොක් සංවරයෙන් සංවෘත වූයේ ආචාර ගෝචර සම්පන්න වූයේ වාස කෙරෙයි. අණුමාත්‍ර වූද වරදෙහි බියදක්නා සුලුයේ සමාදන් කොට ගෙන සිකපෙදෙහි හික්මෙයි. ශ්‍රැතධර වූයේ ශ්‍රැතසන්නිචය ඇතියේ බහුශ්‍රුත වෙයි. ආදියෙහි කල්‍යාණ වන, මධ්‍යයෙහි කල්‍යාණ වන පර්‍ය්‍යාවසානයෙහි කල්‍යාණ වන සාර්‍ත්‍ථ සව්‍යඤ්ජන වූ යම් ඒ ධර්‍මයෝ කේවල පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය පවසත් නම්, ඔහු විසින් එබඳු ධර්‍මයෝ ධෘත වූවාහු බහුශ්‍රුත වෙති. වචනයෙන් පරිචිත වූහු මනැසින් අනුප්‍රේක්‍ෂිත වූහු දිටුහයෙන් මොනොවට පිළිවිදියාහු වෙත්.
Pali BJTපාතිමොක්ඛං ඛො පනස්ස විත්ථාරෙන ස්වාගතං හොති සුවිභත්තං සුප්පවත්තං සුවිනිච්ඡිතං සුත්තසො අනුබ්යඤ්ජනසො, පටිබලො හොති ගිලානං උපට්ඨාතුං වා උපට්ඨාපෙතුං වා, පටිබලො හොති අනභිරතිං වූපකාසෙතුං වා වූපකාසාපෙතුං වා, පටිබලො හොති උප්පන්නං කුක්කුච්චං ධම්මතො විනොදෙතුං, පටිබලො හොති උප්පන්නං දිට්ඨිගතං ධම්මතො විවෙචෙතුං, පටිබලො හොති අධිසීලෙ සමාදපෙතුං, පටිබලො හොති අධිචිත්තෙ සමාදපෙතුං, පටිබලො හොති අධිපඤ්ඤාය සමාදපෙතුං. ඉමෙහි ඛො උපාලි දසහි ධම්මෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බන්ති.
Sinhala BJTඔහට ප්‍රාතිමෝක්‍ෂ විස්තර විසින් ස්වාගත වෙයි. සූත්‍ර විසිනුදු අනුව්‍යඤ්ජන විසිනුදු සුවිභක්ත වූයේ මොනොවට පැවැත්තේ සුවිනිශ්චිත වෙයි. ගිලනහු උවටනුවට හෝ උවටන් කරනුවට ප්‍රතිබල වෙයි. උකටලීබව දුරැලීමට වේවයි ප්‍රතිබල වෙයි. උපන් කුකුස් ධර්‍මයෙන් සන්හිඳුවීමට ප්‍රතිබල වෙයි. උපන් දෘෂ්ටිගතය ධර්‍මයෙන් විවෙචන කිරීමට ප්‍රතිබල වෙයි. අධිශීලයෙහි සමාදන් කරවීමට ප්‍රතිබල වෙයි. අධිචිත්තයෙහි සමාදන් කරවනුවට ප්‍රතිබල වෙයි. අධිප්‍රඥායෙහි සමාදන් කරවනුවට ප්‍රතිබල වේ. උපාලි, මේ දසදහමින් සමන්‍වාගත මහණහු විසින් උපසම්පදා කළයුතු වේ.
Pali BJT10. 1. 4. 5.
Sinhala BJT10. 1. 4. 5.
Pali BJTනිස්සය සුත්තං
Sinhala BJTනිස්සය සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJTකතිහි නු ඛො භන්තෙ ධම්මෙහි සමන්නාගතෙන භික්ඛුනා නිස්සයො දාතබ්බොති?
Sinhala BJTවහන්ස, කෙතෙක් කරුණින් සමන්‍වාගත මහණහු විසින් නිඃශ්‍රය දියයුතු දැයි?
Pali BJTදසහි ඛො උපාලි ධම්මෙහි සමන්නාගතෙන භික්ඛුනා නිස්සයො දාතබ්බො. කතමෙහි දසහි: ඉධූපාලි භික්ඛු සීලවා හොති -පෙ- සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. බහුස්සුතො හොති -පෙ- දිට්ඨියා සුප්පටිවිද්ධා, පාතිමොක්ඛං ඛො පනස්ස විත්ථාරෙන ස්වාගතං හොති සුවිභත්තං සුප්පවත්තං සුවිනිච්ඡිතං සුත්තසො අනුබ්යඤ්ජනසො, පටිබලො හොති ගිලානං උපට්ඨාතුං වා උපට්ඨාපෙතුං වා, පටිබලො හොති අනභිරතිං වූපකාසෙතුං වා වූපකාසාපෙතුං වා, පටිබලො හොති උප්පන්නං කුක්කුච්චං ධම්මතො විනොදෙතුං, පටිබලො හොති උප්පන්නං දිට්ඨිගතං ධම්මතො විවෙචෙතුං, පටිබලො හොති අධිසීලෙ -පෙ- අධිචිත්තෙ ස -පෙ- අධිපඤ්ඤාය සමාදපෙතුං. ඉමෙහි ඛො උපාලි දසහි ධම්මෙහි සමන්නාගතෙන භික්ඛුනා නිස්සයො දාතබ්බොති.
Sinhala BJTඋපාලි, දස කරුණෙකින් සමන්‍වාගත මහණහු විසින් නිඃශ්‍රය දිය යුත්තේය. කවර දසයෙකින යත්: උපාලි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි ... සමාදන් කොට ගෙන සිකපදෙහි හික්මෙයි ... බහුශ්‍රුත වෙයි. ... දෘෂ්ටියෙන් මොනොවට පිළිවිදින ලදහ. ඔහට ප්‍රාතිමෝක්‍ෂය විතර විසින් ස්වාගත වෙයි. සූත්‍ර විසින් අනුව්‍යඤ්ජන විසින් සුවිභක්ත වූයේ මොනොවට පවත්වන ලදුයේ සුවිනිශ්චිත වෙයි. ගිලන් උවටනුවට වේවයි උවටවනුවට වේවයි සමර්‍ත්‍ථ වෙයි. උකටලී බව් සන්හිඳුවනට හෝ සන්හිඳුවිම් කරවනුවට සමර්‍ත්‍ථ වෙයි. උපන් කුකුස් දැහැමින් දුරලනුවට සමර්‍ත්‍ථ වෙයි. උපන් දෘෂ්ටිගතය ධර්‍මයේන දුරැලීමට ප්‍රතිබල වෙයි. අධිශීලයෙහි ... අධිචිත්තයෙහි ... අධිප්‍රඥායෙහි සමාදන් කරනුවට සමර්‍ත්‍ථ වෙයි. උපාලි, මේ දසදහමින් සමන්‍වාගත වූ භික්‍ෂූහු විසින් නිඃශ්‍රය දියයුතු වේ.
Pali BJT10. 1. 4. 6.
Sinhala BJT10. 1. 4. 6.
Pali BJTසාමණෙර සුත්තං
Sinhala BJTසාමණේර සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJTකතීහි නු ඛො භන්තෙ ධම්මෙහි සමන්නාගතෙන භික්ඛුනා සාමණෙරො උපට්ඨාපෙතබ්බොති?
Sinhala BJTවහන්ස, කෙතෙක් අඞ්ගයෙන් සමන්‍වාගත මහණහු විසින් හෙරණ එළඹවාගත යුත්තේ දැයි?
Pali BJTදසහි ඛො උපාලි ධම්මෙහි සමන්නාගතෙන භික්ඛුනා සාමණෙරො උපට්ඨාපෙතබ්බො. කතමෙහි දසහි: ඉධූපාලි භික්ඛු සීලවා හොති -පෙ- සමාදාය සික්ඛති සික්ඛාපදෙසු, බහුස්සුතො හොති -පෙ- දිට්ඨියා සුප්පටිවිද්ධා, පාතිමොක්ඛං ඛො පනස්ස විත්ථාරෙන ස්වාගතං හොති සුවිභත්තං සුප්පවත්තං සුවිනිච්ඡිතං සුත්තසො අනුබ්යඤ්ජනසො, පටිබලො හොති ගිලානං උපට්ඨාතුං වා, උපට්ඨාපෙතුං වා, පටිබලො හොති අනභිරතිං වූපකාසෙතුං වා වූපකාසාපෙතුං වා, පටිබලො හොති උප්පන්නං කුක්කුච්චං ධම්මතො විනොදෙතුං, පටිබලො හොති උප්පන්නං දිට්ඨිගතං ධම්මතො විවෙචෙතුං, පටිබලො හොති අධිසීලෙ සමාදපෙතුං. පටිබලො හොති අධිචිත්තෙ සමාදපෙතුං. පටිබලො හොති අධිපඤ්ඤාය සමාදපෙතුං. ඉමෙහි ඛො උපාලි දසහි ධම්මෙහි සමන්නාගතෙන භික්ඛුනා සාමණෙරො උපට්ඨාපෙතබ්බොති.
Sinhala BJTඋපාලියෙනි, දශාඞ්ගයෙකින් සමන්‍වාගත මහණහු විසින් හෙරණ එළවාගත යුත්තේය: කවර දශයෙකින යත්: උපාලියෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි ... සමාදන් කොට ගෙන සිකපෙදෙහි හික්මෙයි. ... බහුශැත වෙයි ... ප්‍රඥාදෘෂ්ටියෙන් මොනොවට පිළිවිදුනා ලදහ. ඔහට ප්‍රාතිමෝක්‍ෂය විස්තර විසින් ස්වාගත වෙයි. සූත්‍ර විසිනුදු අනුව්‍යඤ්ජන විසිනුදු සුවිභක්ත වූයේ මොනොවට පවත්වන ලදුයේ සුවිනිශ්චිත වූයේ වෙයි. ගිලන්හු උවටනුවට හෝ උවටන්කරවන්නට ප්‍රතිබල වෙයි. උපන් අනභිරතිය සංහිඳුනට හෝ සංහිඳුවන්නට ප්‍රතිබල වෙයි. උපන් කුකුස ධර්‍මයෙන් දුරැලීමට ප්‍රතිබල වෙයි. උපන් දෘෂ්ටිගතය ධර්‍මයෙන් දුරලීමට සමර්‍ත්‍ථ වෙයි. අධිශීලයෙහි සමාදන් කරවනට සමර්‍ත්‍ථ වෙයි. අධිචිත්තයෙහි සමාදන් කරවනට සමර්‍ත්‍ථ වෙයි. අධිප්‍රඥායෙහි සමාදන් කරවනට සමර්‍ත්‍ථ වෙයි. උපාලියෙනි, මේ දශාඞ්ගයෙන් සමන්‍වාගත මහණහු විසින් සාමණේරයෙක් එළවිය යුත්තේයි.
Pali BJT10. 1. 4. 7.
Sinhala BJT10. 1. 4. 7.