Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 13601-13700 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTසෙනාසනඤ්ච අඞ්ගානි සංයොජන ඛිලෙන ච අප්පමාදො ආහුනෙය්යා ද්වෙනාථා ද්වෙඅරියවාසා චා’ති. {1}
Sinhala BJTසේනාසන සූත්‍රය ද අඞ්ග සූත්‍ර ද සංයෝජන සූත්‍රය ද ඛිල සූත්‍රය ද අප්පමාද සූත්‍රය ද ආහුනෙය්‍ය සූත්‍රය ද නාථ සූත්‍ර දෙක ද අරියවාස සූත්‍රදෙක දැයි, දශයෙකි.
Pali BJT3. මහාවග්ගො
Sinhala BJT3. මහා වර්‍ගය
Pali BJT10. 1. 3. 1.
Sinhala BJT10. 1. 3. 1.
Pali BJTසීහනාද සුත්තං
Sinhala BJTසිංහනාද සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTසීහො භික්ඛවෙ මිගරාජා සායන්හසමයං ආසයා නික්ඛමති. ආසයා නික්ඛමිත්වා විජම්භති: විජම්භිත්වා සමන්තා චතුද්දිසං{1} අනුවිලොකෙති. සමන්තා චතුද්දිසං අනුවිලොකෙත්වා තික්ඛත්තුං සීහනාදං නදති. තික්ඛත්තුං සීහනාදං නදිත්වා ගොචරාය පක්කමති. තං කිස්ස හෙතු: ‘මාහං ඛුද්දකෙපාණෙ විසමගතෙ සඞ්ඝාතං ආපාදෙසින්ති”.
Sinhala BJTමහණෙනි, මෘගරාජන් වන සිංහ සවස් වේලෙහි ලැග්මෙන් නික්මෙයි. ලැග්මෙන් නික්ම වජඹනේය. වජඹා වටා සිවු දිගුන් නහමයි. වටා සිවුදිගුන් නහමා තෙවරක් සිංහ නාද කරයි. තෙවරක් සිංහ නාද කොට ගොදුරට නික්ම යයි. එ කවර හෙයින යත්: “විෂම ස්ථානගත ක්‍ෂුද්‍රප්‍රාණීන් නහමක් වධයට පමුණුව මැ”යි.
Pali BJTසීහොති ඛො භික්ඛවෙ තථාගතස්සෙතං අධිවචනං අරහතො සම්මා සම්බුද්ධස්ස: යං ඛො භික්ඛවෙ තථාගතො පරිසාය ධම්මං දෙසෙති, ඉදමස්ස හොති සීහනාදස්මිං.
Sinhala BJTමහණෙනි, සීහ යන තෙල අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයනට නමෙකි. මහණෙනි, යම් හෙයකින් තථාගතයෝ (සිවුවණක්) පර්‍ෂද්හි දහම් දෙසත් ද මේ උන්වහන්සේගේ සිංහනාද යයි.
Pali BJTදස ඉමානි භික්ඛවෙ තථාගතස්ස තථාගතබලානි යෙහි බලෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති. කතමානි දස:
Sinhala BJTමහණෙනි, යම්බඳු බලයෙකින් සමන්‍වාගත තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය පිළින කෙරෙත් ද අට පිරිස්හි සිංහනාද කෙරෙත් ද විශිෂ්ට ධර්‍මචක්‍රය පවත්වත් ද තථාගතයන්ගේ එබඳු වූ මේ බලයෝ දශ දෙනෙක. කවර දශ කෙනෙක යත්:
Pali BJT1. ඉධ භික්ඛවෙ තථාගතො ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති. යම්පි භික්ඛවෙ තථාගතො ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති, ඉදම්පි භික්ඛවෙ තථාගතස්ස තථාගතබලං හොති. යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJT1. මහණෙනි, මෙලොව්හි තථාගතයෝ කාරණය කාරණ වශයෙන් ද අස්ථානය අස්ථානය විසින් ද යථාභූතව දන්නාහ: මහණෙනි, යම් කරුණෙකින් තථාගතයෝ ස්ථානය ස්ථාන වශයෙන් ද අස්ථානය අස්ථාන වශයෙන් ද යථාභූතයෙන් දන්නාහු ද, මහණෙනි, යම්බඳු බලයෙකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨ ස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, අට පිරිස්හි සිංහ නාද කරත් ද, බ්‍රහ්ම චක්‍රය පවත්වත් ද, තථාගතයන්ගේ මේ ද තථාගතබල යි.
Pali BJT2. පුන චපරං භික්ඛවෙ තථාගතො අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති. යම්පි භික්ඛවෙ තථාගතො අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති, ඉදම්පි භික්ඛවෙ තථාගතස්ස තථාගතබලං හොති යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJT2. තවද මහණෙනි, තථාගතයෝ අතීත, අනාගත, ප්‍රත්‍යුත්පන්න කර්‍මසමාදානයන්ගේ විපාකය යථාභූත ප්‍රත්‍යය විසින් හේතු විසින් දන්නාහ. මහණෙනි, යම් කරුණෙකින් තථාගතයෝ අතීතානාගත ප්‍රත්‍යුත්පන්න කර්‍මසමාදානයන්ගේ විපාකය යථාභූත ව ප්‍රත්‍යය විසින් හේතු විසින් දන්නාහු ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨ ස්ථානය පිළින කරත් ද, පිරිස්හි සිංහනාද කරත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, තථාගතයන්ගේ මෙ ද තථාගතබල යි.
Pali BJT3. පුන චපරං භික්ඛවෙ තථාගතො සබ්බත්ථගාමිනීපටිපදං යථාභූතං පජානාති. යම්පි භික්ඛවෙ තථාගතො සබ්බත්ථගාමිනීපටිපදං යථාභූතං පජානාති, ඉදම්පි භික්ඛවෙ තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJT3. තවද මහණෙනි, යථාභූත වූ සර්‍වත්‍රගාමිනීප්‍රතිපද් දන්නාහ. මහණෙනි, යම් හෙයකින් තථාගතයෝ යථාභූතයෙන් සර්‍වත්‍රගාමිනීප්‍රතිපද් දන්නාහු ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨ ස්ථානය පිළින කරත් ද, පර්‍ෂද්හි සිංහනාද කරත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, තථාගතයන්ගේ මෙ ද තථාගතබල යි.
Pali BJT4. පුන චපරං භික්ඛවෙ තථාගතො අනෙකධාතු{1}නානාධාතු{1}ලොකං යථාභූතං පජානාති. යම්පි භික්ඛවෙ තථාගතො අනෙකධාතු නානාධාතු ලොකං යථාභූතං පජානාති, ඉදම්පි භික්ඛවෙ තථාගතස්ස තථාගතබලං හොති. යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJT4. තවද මහණෙනි, තථාගතයෝ යථාභූත වූ (කාමධාතු ඈ) බහුධාතුක (විලක්‍ෂණ විසින්) නානාධාතුක ස්කන්‍ධලෝකය දන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් තථාගතයෝ අනේකධාතු නානාධාතු ලෝකය ඇති සැටියෙන් දන්නාහු ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය පිළිනකරත් ද, පර්‍ෂද්හි සිංහනාද කරත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, තථාගතයන්ගේ මෙ ද තථාගතබල යි.
Pali BJT5. පුන චපරං භික්ඛවෙ තථාගතො සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං පජානාති, යම්පි භික්ඛවෙ තථාගතො සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං පජානාති, ඉදම්පි භික්ඛවෙ තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJT5. තවද මහණෙනි, තථාගතයෝ සත්ත්‍වයන්ගේ (හීනාදි) නානාධිමුක්තික භාවය වූ යථාභූතය දන්නාහ. මහණෙනි, යම්හෙයකින් තථාගතයෝ සත්ත්‍වයන්ගේ යථාභූත කොට නානාධිමුක්තික භාවය දනිත් ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය පිළිනකරත් ද, පර්‍ෂද්හි සිංහනාද කරත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, තථාගතයන්ගේ මෙ ද තථාගතබල යි.
Pali BJT6. පුන චපරං භික්ඛවෙ තථාගතො පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්රියපරොපරියත්තං යථාභූතං පජානාති. යම්පි භික්ඛවෙ තථාගතො පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්රියපරොපරියත්තං යථාභූතං පජානාති, ඉදම්පි භික්ඛවෙ තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJT6. තවද මහණෙනි, තථාගතයෝ ප්‍රධාන සත්ත්‍වයන්ගේ හා හීනසත්ත්‍වයන්ගේ ඉන්‍ද්‍රියපරාවරභාවය යථාභූත කොට දන්නාහ. මහණෙනි, යම් කරුණෙකින් තථාගතයෝ ප්‍රධානාප්‍රධාන සත්ත්‍වයන්ගේ ඉන්‍ද්‍රිය පරාවරතාව යථාභූත කොට දනිත් ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයෝ ඍෂ්භස්ථානය පිළින කරත් ද, පිරිස්හි සිංහනාද කරත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, තථාගතයන්ගේ මෙ ද තථාගතබල යි.
Pali BJT7. පුන චපරං භික්ඛවෙ තථාගතො ඣානවිමොක්ඛසමාධිසම්පත්තීනං සංකිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං පජානාති, යම්පි භික්ඛවෙ තථාගතො ඣානවිමොක්ඛසමාධිසමාපත්තීනං සංකිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං පජානාති, ඉදම්පි භික්ඛවෙ තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJT7. තවද මහණෙනි, තථාගතයෝ ධ්‍යාන, විමෝක්‍ෂ, සමාධි සමාපත්තීන්ගේ (හානභාගිය ධර්‍මසඞ්ඛ්‍යාත) සංක්ලේශයත් (විශේෂ භාගිය ධර්‍ම සඞ්ඛ්‍යාත) ව්‍යවදානයත් ප්‍රගුණධ්‍යාන හා භවාඞ්ග (ඵලසමාපත්ති සඞ්ඛ්‍යාත) ව්‍යුත්‍ථානයත් යථාභූතයෙන් දන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් තථාගතයෝ ධ්‍යානවිමෝක්‍ෂ සමාධි සමාපත්තීන්ගේ සංක්ලේශව්‍යවදාන ව්‍යුත්‍ථාන යථාභූතයෙන් දන්නාහු ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයෝ ඍෂ්භස්ථානය ප්‍රතිඥාකරත් ද, පර්‍ෂද්හි සිංහනාද කරත් ද, ධර්‍මචක්‍රය පවත්වත් ද, තථාගතයන්ගේ මෙ ද තථාගතබල යි.
Pali BJT8. පුන චපරං භික්ඛවෙ තථාගතො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්යථීදං: එකම්පි ජාතිං, ද්වෙපි ජාතියො, තිස්සොපි ජාතියො, චතස්සොපි ජාතියො, පඤ්චපි ජාතියො -පෙ- දසපි ජාතියො - වීසම්පි ජාතියො, තිංසම්පි ජාතියො, චත්තාරීසම්පි ජාතියො, පඤ්ඤාසම්පි ජාතියො, ජාතිසතම්පි, ජාතිසහස්සම්පි, ජාතිසතසහස්සම්පි, අනෙකෙපි සංවට්ටකප්පෙ, අනෙකෙපි විවට්ටකප්පෙ, අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ, අමුත්රාසිං එවන්නාමො, එවංගොත්තො, එවංවණ්ණො එවමාහාරො එවං සුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො අමුත්ර උපපාදිං,
Sinhala BJT8. තවද මහණෙනි, තථාගතයෝ අනේකවිධ පූර්‍වනිවාසානු ස්මෘතිය, එනම් එක්ජාතියකුදු ජාති දෙකකුදු ජාති තුනකුදු ජාති සතරකුදු ජාති පසකුදු ජාති දශයකුදු ජාති විස්සකුදු ජාති තිසකුදු ජාති සතලිසකුදු ජාති පනසකුදු ජාති සියයකුදු ජාති දහසකුදු ජාති සියදහසකුදු නොයෙක් සංවර්‍ත කල්පයනුදු නොයෙක් විවර්‍ත කල්පයනුදු නොයෙක් සංවර්‍ත විවර්‍ත කල්පයනුදු සිහි කරත්: “මෙසේ නම් ඇතියෙම්, මෙසේ ගෝත්‍ර ඇතියෙම්, මෙසේ වර්‍ණ ඇතියෙම්, මෙසේ ආහාර ඇතියෙම්, මෙසේ සුවදුක් විඳුනා සුල්ලෙම්, මෙසේ ආයුපරියන්ත ඇතියෙම් අසෝතන්හි වීමි. හේ මම් එයින් සැව අසෝ තැන්හි උපන්මි.
Pali BJTතත්රාපාසිං එවං නාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො සො තතො චුතො ඉධූපපන්නොති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. යම්පි භික්ඛවෙ තථාගතො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්යථීදං එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, ඉදම්පි භික්ඛවෙ තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්ම චක්කං පවත්තෙන්ති.
Sinhala BJTඑහිදු මෙසේ නමැතියෙම් මෙසේ ගෝත්‍ර ඇතියෙම් මෙසේ වර්‍ණ ඇතියෙම් මේ ආහාර ඇතියෙම් මෙසේ සුව දුක් විඳුනෙම් මෙසේ ආපිරියත් ඇතියෙම් වීමි. හෙ මම ඉන් ච්‍යුතවූයෙම් මෙහි උපන්මි”යි මෙසේ ආකාර සහිත, උද්දේශ සහිත අනේකවිධ පූර්‍වානිවාසානු ස්මෘතිය සිහිකරත්. මහණෙනි, යම් හෙයෙකින් අනේකවිධ පූර්‍වනිවාසය එ නම් එක් ජාතියකුදු, ජාති දෙකකුදු, ... සිහිකරත්, ... මෙසේ ආකාර සහිත උද්දේශ සහිත අනේකවිහිත පූර්‍වනිවාසය සිහිකරත් ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයෝ ඍෂ්භස්ථානය ප්‍රතිඥා කරත් ද, පර්‍ෂද්හි සිංහනාද කරත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වන්නාහු ද, තථාගතයන්ගේ මෙ ද තථාගතබල යි.
Pali BJT9. පුන චපරං භික්ඛවෙ තථාගතො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති: ‘ඉමෙ වත භොන්තො සත්තා කාය දුච්චරිතෙන සමන්නාගතා - වචී -පෙ- මනො දුච්චරිතෙන සමන්නාගතා ආරියානං උපවාදකා, මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්ම සමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචී -පෙ- මනො සුචරිතෙන සමන්නාගතා. අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නාති. ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන. සත්තෙ පස්සති චවමානෙ උප්පජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති. යම්පි භික්ඛවෙ තථාගතො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්ත මානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති. යම්පි භික්ඛවෙ තථාගතො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන -පෙ- යථාකම්මූපගෙ සත්තෙ පජානාති. ඉදම්පි භික්ඛවෙ තථාගතස්ස තථාගතබලං හොති. යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJT9. තවද මහණෙනි, තථාගතයෝ විශුද්ධ වූ මිනිසැස ඉක්මගිය දිව්‍යචක්‍ෂුසින් ච්‍යුතවන්නා වූ ද උපදනාවූද හීන වූ ද ප්‍රණීත වූ සුවර්‍ණ වූ දුර්වර්‍ණ වූ ද සුගත වූ ද දුර්‍ගත වූ ද සත්ත්‍වයන් දක්නාහ. කම් වු පරිදි යන සත්ත්‍වයන් දක්නාහ. එකතින් මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් සමන්‍වාගතහ. වාක්දුශ්චරිතයෙන් සමන්‍වාගතහ. මනෝදුශ්චරිතයෙන් සමන්‍වාගතහ. ආර්‍ය්‍යයන්ට උපවාද කරන්නාහ. මිසදිටු ඇතියහ, මිථ්‍යාදෘෂ්ටික කර්‍මසමාදාන ඇතියහ. උහු කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති වූ විනිපාත නම් වූ නිරයට (ප්‍රතිසන්‍ධි විසින්) පැමිණියාහු වෙති. මේ භවත්සත්ත්‍වයෝ ද කායසුචරිතයෙන් සමන්‍වාගත වූවාහු වාක්සුචරිතයෙන් සමන්‍වාගත වූවා මනස්සුචරිතයෙන් සමන්‍වාගත වූවාහු වෙති. ආර්‍ය්‍යයනට උපවාද නො කරන්නාහ, සම්දිටු ඇතියහ, සම්‍යක් දෘෂ්ටිකර්‍මසමාදාන ඇතියහ. උහු කාබුන් මරණින් සුගති නම් වූ ස්වර්‍ග ලෝකයට (ප්‍රතිසන්‍ධි විසින්) පැමිණියහ. මෙසේ විශුද්ධ වූ මිනිසැස ඉක්මැ පවත්නා දිවැසින් ච්‍යුතවන්නා වූත් උපදනාවූත් හීනවූත් ප්‍රණීත වූත් සුවර්‍ණ වූත් දුර්වර්‍ණ වූත් සුගත වූත් දුර්‍ගත වූත් සත්ත්‍වයන් දක්නාහ. යථා කර්මෝපග සත්ත්‍වයන් දක්නාහ. මහණෙනි, යම්හෙයකින් තථාගතයෝ විශුද්ධ වූ මිනිසැස ඉක්මගිය දිවැසින් ච්‍යුතවන උපදනා, හීන ප්‍රණීත, සුවර්‍ණ දුර්වර්‍ණ සත්ත්‍වයන් දක්නාහු ද, යථාකර්මෝපග සත්ත්‍වයන් දක්නාහු ද, මහණෙනි, යම් හෙයෙකිනුදු තථාගතයෝ විශුද්ධ වූ මිනිසැස ඉක්මගියා වූ දිවැසින් ... යථාකර්මෝපග සත්ත්‍වයන් දක්නාහු නම්, මහණෙනි, යම්බලයකට පැමිණ ඍෂ්භස්ථානය ප්‍රතිඥා කරත් ද, පර්‍ෂද්හි සිංහනාද කරත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, මෙ ද තථාගතයන්ගේ තථාගතබල යි.
Pali BJT10. පුන චපරං භික්ඛවෙ තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති යම්පි භික්ඛවෙ තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙවධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති, ඉදම්පි භික්ඛවෙ තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJT10. තවද මහණෙනි, තථාගතයෝ ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය ඉහාත්මයෙහි ම තුමූ විශිෂ්ට ඥානයෙන් දැන සාක්‍ෂාත් කොට පැමිණ වෙසෙත්. මහණෙනි, යම් හෙයෙකින් තථාගතයෝ ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය ඉහාත්මයෙහි ම තුමූ විශිෂ්ට ඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට එළඹ වෙසෙත් ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයෝ ඍෂ්භස්ථානය ප්‍රතිඥා කරත් ද, පර්‍ෂද්හි ශ්‍රේෂ්ඨ නාද කරත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, මෙ ද තථාගතයන්ගේ තථාගතබල යි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ දස තථාගතස්ස තථාගතබලානි, යෙහි බලෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති. බ්රහ්මචක්කං පවත්තෙන්ති.
Sinhala BJTමහණෙනි, යම් බඳු බලයන්ගෙන් සමන්‍විත වූවාහු තථාගතයෝ ශ්‍රේෂ්ඨ ස්ථානය ප්‍රතිඥා කරත් ද, පර්‍ෂද්හි සිංහනාද කරත් ද, (ධර්‍ම) බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, මේ ඒ දශබල යි.
Pali BJTසීහනාද සුත්තං පඨමං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT10. 1. 3. 2.
Sinhala BJT10. 1. 3. 2.
Pali BJTඅධිවුත්තිපද සුත්තං
Sinhala BJTඅධිවුත්තිපද සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං ආනන්දං භගවා එතදවොච:
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJTයෙ තෙ ආනන්ද, ධම්මා තෙසං තෙසං අධිවුත්තිපදානං{1} අභිඤ්ඤා සච්ඡිකිරියාය සංවත්තන්ති. විසාරදො අහං ආනන්ද තත්ර පටිජානාමි තෙසං තෙසං තථා තථා ධම්මං දෙසෙතුං, යථා යථා පටිපන්නො සන්තං වා අත්ථීති ඤස්සති, අසන්තං වා නත්ථීති ඤස්සති, හීනං වා හීනන්ති ඤස්සති, පණීතං වා පණීතන්ති ඤස්සති. ස උත්තරං වා ස උත්තරන්ති ඤස්සති, අනුත්තරං වා අනුත්තරන්ති ඤස්සති, යථා යථා වා පන තං ඤාතෙය්යං වා දට්ඨෙය්යං වා සච්ඡිකාතය්යං වා තථා තථා ඤස්සති වා දක්ඛති වා සච්ඡිකරිස්සතීති වා ඨානමෙතං විජ්ජති. එතදනුත්තරියං{2} ආනන්ද ඤාණානං යදිදං තත්ථ තත්ථ යථාභූතඤාණං, එතස්මා වාහං ආනන්ද ඤාණා අඤ්ඤං ඤාණං උත්තරිතරං වා පණීතතරං වා නත්ථීති වදාමි.
Sinhala BJTආනන්‍දයෙනි, ඒ ඒ (ස්කන්‍ධධාත්‍වායතන ධර්‍ම හා දෘෂ්ටිව්‍යවහාර සඞ්ඛ්‍යාත) අධිවචනපදයන් දැන පසක් කිරීම සඳහා යම් ඒ (දශබලඥාන සර්‍වඥතාඥානසඞ්ඛ්‍යාත) ධර්‍මයෝ වෙත් නම්, ආනන්‍දයෙනි, එහිලා ඒ ඒ දෘෂ්ටිගතයනට ඒ ඒ පරිදි ධර්‍මය දෙසනුවට මම් විශාරද වූයෙම් (ඥානසෞමනස්‍යප්‍රාප්ත වූමේ) පිළින කරමි. යම් යම් පරිදි පිළිපන්නේ විද්‍යාමාන වූ ධර්‍මය ‘ඇතැ’යි දන්නේ හෝ වේද, අවිද්‍යාමාන ධර්‍මය ‘නැතැ’යි දන්නේ හෝ වේ ද, හීන ධර්‍මය හීන ධර්‍ම යයි දන්නේ හෝ වේ ද, ප්‍රණීත වූ ධර්‍මය ප්‍රණීතධර්‍ම යයි දන්නේ හෝ වේද, සෝත්තර ධර්‍මය සෝත්තර ධර්‍මය යයි දන්නේ හෝ වේද, අනුත්තර ධර්‍මය අනුත්තර ධර්‍ම යයි දන්නේ හෝ වේද, ඥාතව්‍යය වේවයි, ද්‍රෂ්ටව්‍යය වේවයි, සාක්‍ෂාත් කර්‍තව්‍යය වේවයි යම් යම් පරිදි වේ නම්, එය ඒ ඒ පරිදි දැනගන්නේ වේවයි දක්නේ වේවයි සාක්‍ෂාත් කරන්නේ වේවයි යන තෙල කාරණය ඇත. ආනන්‍දයෙනි, ඥානයන් අතුරෙහි ඒ ඒ ධර්‍මයන් විෂයයෙහි යම්බඳු යථාභූත (යථාස්වභාව) ඥානයෙක් වේ නම් තෙල අනුත්තරිය වෙයි. ආනන්‍දයෙනි, තෙල (යථාභූත) ඥානයෙන් උත්තරීතර වූ හෝ ප්‍රණීතතර අන්‍යඥානයෙක් නැතැයි මම කියම්.
Pali BJTදස ඉමානි ආනන්ද, තථාගතස්ස තථාගතබලානි යෙහි, බලෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති, කතමානි දස:
Sinhala BJTආනන්‍දයෙනි, යම් බල කෙනෙකුන්ගේ සමන්‍වාගත තථාගත තෙම ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කරනුයේ ද, පර්‍ෂද්හි සිංහනාද කෙරෙයි ද, බ්‍රහ්මචක්‍රය පවත්වා ද, තථාගතයන්ගේ මෙ එබඳු බල දශයෙක: කවර දශයෙක යත්:
Pali BJT1. ඉධානන්ද, තථාගතො ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති, යම්පනානන්ද තථාගතො ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති ඉදං පනානන්ද තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJT1. ආනන්‍දය, මෙලොව්හි තථාගත ස්ථානය ස්ථාන විසිනුත් අස්ථානය අස්ථාන විසිනුත් දන්නේය. ආනන්‍දයෙනි, යම්හෙයෙකින් තථාගත ස්ථානය ස්ථාන විසින්ද අස්ථානය අස්ථාන විසින් ද යථාභුතකොට ප්‍රතිඥා කෙරේ ද, ආනන්‍දයෙනි, තථාගත යම් බලයකට පැමිණ ශ්‍රේෂ්ඨස්ථානය පිළින කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරෙයි ද බ්‍රහ්මචක්‍රය පවත්වා ද තථාගත යන්ගේ මේ ඒ තථාගත බලයයි.
Pali BJT2. පුන චපරං ආනන්ද, තථාගතො අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති. යම්පනානන්ද -පෙ-
Sinhala BJT2. තවද ආනන්‍දයෙනි, තථාගත අතීතානාගත ප්‍රත්‍යුපන්න කර්‍මසමාදානයන්ගේ විපාකය යථාභූත කොට ප්‍රත්‍යය විසින් හේතු විසින් පිළින කරයි. ආනන්‍දයෙනි, යම් හෙයකින් ... ආනන්‍දයෙනි, මේ වනාහි ...
Pali BJT3. පුන චපරං ආනන්ද, තථාගතො සබ්බත්ථගාමිනිං පටිපදං යථාභූතං පජානාති -පෙ- යම්පනානන්ද -පෙ- ඉදම්පනානන්ද -පෙ-
Sinhala BJT3. තවද ආනන්‍දයෙනි, තථාගත සර්‍වත්‍රගාමිනී ප්‍රතිපද් සඞ්ඛ්‍යාත යථාභූතව, දන්නේ ය. ... ආනන්‍දයෙනි, යම් හෙයෙකින් ... ආනන්‍දයෙනි, මේ වනාහි ...
Pali BJT4. පුන චපරං ආනන්ද, තථාගතො අනෙකධාතුනානාධාතුලොකං යථාභූතං පජානාති. යම්පනානන්ද -පෙ- ඉදම්පනානන්ද -පෙ-
Sinhala BJT4. තවද ආනන්‍දයෙනි, තථාගත අනේකධාතු නානාධාතු ලෝකසඞ්ඛ්‍යාත යථාභූතය දන්නේ ය. ආනන්‍දයෙනි, යම් හෙයෙකින් ... ආනන්‍දයෙනි, මේ වනාහි ...
Pali BJT5. පුන චපරං ආනන්ද, තථාගතො සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං පජානාති. යම්පනානන්ද -පෙ- ඉදම්පනානන්ද -පෙ-
Sinhala BJT5. තවද ආනන්‍දයෙනි, තථාගත සත්ත්‍වයන්ගේ නානාධිමුක්තිකතාසඞ්ඛ්‍යාත යථාභූතය දන්නේ ය. ආනන්‍දයෙනි, යම් හෙයෙකින් ... ආනන්‍දයෙනි, මේ වනාහි ...
Pali BJT6. පුන චපරං ආනන්ද, තථාගතො පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්රිය පරොපරියත්තං යථාභූතං පජානාති. යම්පනානන්ද -පෙ- ඉදම්පනානන්ද -පෙ-
Sinhala BJT6. තවද ආනන්‍දයෙනි, තථාගත පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ ඉන්‍ද්‍රියපරාවරතා සඞ්ඛ්‍යාත යථාභූතය දන්නේ ය. ආනන්‍දයෙනි, යම් හෙයෙකින් ... ආනන්‍දයෙනි, මේ වනාහි ...
Pali BJT7. පුන චපරං ආනන්ද තථාගතො ඣානවිමොක්ඛසමාධිසම්පත්තීනං සංකිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං පජානාති. යම්පනානන්ද -පෙ- ඉදම්පනානන්ද -පෙ-
Sinhala BJT7. තවද ආනන්‍දයෙනි, තථාගත ධ්‍යානවිමෝක්‍ෂ සමාධි සමාපත්තීන්ගේ සංකිලේස, වෝදාන, වුට්ඨාන සඞ්ඛ්‍යාත යථාභූතය දන්නේ ය. ආනන්‍දයෙනි, යම් හෙයෙකින් ... ආනන්‍දයෙනි, මේ වනාහි ...
Pali BJT8. පුන චපරං ආනන්ද, තථාගතො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්යථීදං: එකම්පිජාතිං ද්වෙපිජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. යම්පනානන්ද -පෙ- ඉදම්පනානන්ද -පෙ-
Sinhala BJT8. තවද ආනන්‍දයෙනි, තථාගත අනේකවිධ පූර්‍වනිවාසය එනම් එක් ජාතියකුදු ජාතිදෙකකුදු ... සිහිකරන්නේ ය. ... මෙසේ සාකාර සොද්දේශ වූ අනේකවිධ පූර්‍වනිවාසය සිහිකරන්නේ ය. ආනන්‍දයෙනි, යම් හෙයෙකින් ... ආනන්‍දයෙනි, මේ වනාහි …
Pali BJT9. පුන චපරං ආනන්ද තථාගතො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන -පෙ- යථාකම්මූපගෙ සත්තෙ පජානාති -පෙ- යම්පනානන්ද තථාගතො -පෙ- ඉදම්පනානන්ද -පෙ-
Sinhala BJT9. තවද ආනන්‍දයෙනි, තථාගත විශුද්ධ වූ මිනිසැස ඉක්ම පවත්නා දිවැසින් … යථා කර්මෝපග සත්ත්‍වයන් දන්නේය. ආනන්‍දයෙනි, යම්හෙයෙකින් … ආනන්‍දයෙනි, මේ වනාහි ...
Pali BJT10. පුන චපරං ආනන්ද තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. යම්පනානන්ද තථාගතො ආසවානං ඛයා -පෙ- සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. ඉදම්පනානන්ද තථාගතස්ස තථාගතබලං හොති. යම්බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙන්ති.
Sinhala BJT10. තවද ආනන්‍දයෙනි, තථාගත ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය තෙමේ දැන පසක් කොට එයට එළඹ වාස කරයි. ආනන්‍දයෙනි, යම්හෙයෙකින් තථාගත ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්ත විමුක්තිය, ප්‍රඥා විමුක්තිය ... පසක් කොට එළඹ වෙසේ ද, ආනන්‍දයෙනි, යම්බලයකට පැමිණ තථාගත ශ්‍රේෂ්ඨ ස්ථානය ප්‍රතිඥා කෙරේ ද පර්‍ෂද්හි සිංහනාද කෙරේ ද බඹසක් පවත්වා ද, මේ ඒ තථාගතයන්ගේ තථාගත බල යි.
Pali BJTඉමානි ඛො ආනන්ද දස තථාගතස්ස තථාගතබලානි, යෙහි බලෙහි සමන්නාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙතීති.
Sinhala BJTආනන්‍දයෙනි, යම්බල කෙනෙකුගෙන් සමන්‍වාගත තථාගත ශ්‍රේෂ්ඨස්ථානය පිළින කෙරේ ද, පර්‍ෂද්හි සිංහනාද කරයි ද, බ්‍රහ්මචක්‍රය පවත්වා ද, තථාගතයන්ගේ මේ ඒ තථාගත බලයි.
Pali BJT10. 1. 3. 3.
Sinhala BJT10. 1. 3. 3.
Pali BJTකාය සුත්තං
Sinhala BJTකාය සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅත්ථි භික්ඛවෙ ධම්මා කායෙන පහාතබ්බා නො වාචාය. අත්ථි භික්ඛවෙ ධම්මා වාචාය පහාතබ්බා නො කායෙන. අත්ථි භික්ඛවෙ ධම්මා නෙව කායෙන පහාතබ්බා නො වාචාය, පඤ්ඤාය දිස්වා දිස්වා පහාතබ්බා.
Sinhala BJTමහණෙනි, වාග්ද්වාරය තබා කායද්වාරයෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ ඇත. මහණෙනි, කායද්වාරය තබා වාග්ද්වාරයෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ ඇත. මහණෙනි, කායද්වාරය ද තබා වාග්ද්වාරය ද තබා ප්‍රඥායෙන් දැක දැක ප්‍රහාතව්‍ය ධර්‍මයෝ ඇති.
Pali BJTකතමෙ ව භික්ඛවෙ ධම්මා කායෙන පහාතබ්බා නො වාචාය:
Sinhala BJTමහණෙනි, වාග්ද්වාරය තබා කායද්වාරයෙන් ප්‍රහාතව්‍ය ධර්‍ම කවර යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු අකුසලං ආපන්නො හොති කඤ්චිදෙව දෙසං{1} කායෙන. තමෙනං අනුවිච්ච විඤ්ඤූ සබ්රහ්මචාරී එවමාහංසු: “ආයස්මා ඛො අකුසලං ආපන්නො කඤ්චිදෙව දෙසං කායෙන, සාධු වතායස්මා කායදුච්චරිතං පහාය කායසුචරිතං භාවෙතු”ති. සො අනුවිච්ච විඤ්ඤූහි සබ්රහ්මචාරීහි වුච්චමානො කාය දුච්චරිතං පහාය කාය සුචරිතං භාවෙති. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ ධම්මා කායෙන පහාතබ්බා නො වාචාය.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ කයින් කිසි ලේශමාත්‍රවූ අකුශලාපත්තියක් අවන්නේ වෙයි. විඥ සබ්‍රම්සරහු එයට බැස ගෙන ඔහට මෙසේ කියත්: “ඇවැත් කයින් කිසි ලේශමාත්‍ර වූ අකුශලයක් අවන්නේ වෙයි. ඇවැත් කායදුශ්චරිතය හැරපියා කායසුචරිතය වඩා නම් නම් මැනවැ”යි. හේ විඥ සබ්‍රම්සරුන් විසින් බැස ගෙන දැන කියනු ලබන්නේ කායදුශ්චරිතය හැරපියා කායසුචරිතය වඩනේ ය. මහණෙනි. මොහු වාග්ද්වාරය තබා කායද්වාරයෙන් ප්‍රාතව්‍ය ධර්‍මයහයි කියනු ලැබෙත්.
Pali BJTකතමෙ ච භික්ඛවෙ ධම්මා වාචාය පහාතබ්බා නො කායෙන:
Sinhala BJTමහණෙනි, කායද්වාරය තබා වාග්ද්වාරයෙන් ප්‍රහාතව්‍ය ධර්‍ම කවරහ යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු අකුසලං ආපන්නො හොති කඤ්චිදෙව දෙසං වාචාය. තමෙනං අනුවිවච්ච විඤ්ඤූ සබ්රහ්මචාරී එවමාහංසු: ආයස්මා ඛො අකුසලං ආපන්නො කඤ්චිදෙව දෙසං වාචාය, සාධුවතායස්මා වචී දුච්චරිතං පහාය වචී සුචරිතං භාවෙතු”ති. සො අනුවිච්ච විඤ්ඤූහි සබ්රහ්මචාරීහි වුච්චමානො වචීදුච්චරිතං පහාය වචීසුචරිතං භාවෙති. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ ධම්මා වාචාය පහාතබ්බා, නො කායෙන.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ කිසි දේශමාත්‍ර අකුශලාපත්තියක් වාග්ද්වාරයෙන් අවන්නේ වෙයි. විඥ සබ්‍රම්සරහු එයට බැස ගෙන දැන ඔහට මෙසේ කියත්: ආයුෂ්මත් වනාහි වාග්ද්වාරයෙන් කිසි දේශමාත්‍ර අකුශලයක් අවන්නේ ය. ඇවැත් වාග්දුශ්චරිතය හැරපියා වාග්සුචරිතය වඩා නම් මැනැවැ’යි. හේ විඥ සබ්‍රම්සරුන් විසින් බැස ගෙන දැන කියනු ලබනුයේ වාග්දුශ්චරිතය හැරපියා වාග්සුචරිතය වඩනේ ය. මහණෙනි, මොහු කායද්වාරය තබා වාග්ද්වාරයෙන් ප්‍රහාතව්‍ය ධර්‍ම යි කියනු ලබත්.
Pali BJTකතමෙ ච භික්ඛවෙ ධම්මා නෙව කායෙන පහාතබ්බා නො වාචාය, පඤ්ඤාය දිස්වා දිස්වා පහාතබ්බා:
Sinhala BJTමහණෙනි, කායද්වාරය හා වාග්ද්වාරය තබා ප්‍රඥායෙන් දැක දැක ප්‍රහාතව්‍ය ධර්‍ම කවරහ යත්:
Pali BJTලොභො භික්ඛවෙ නෙව කායෙන පහාතබ්බො, නො වාචාය, පඤ්ඤාය දිස්වා දිස්වා පහාතබ්බො. දොසො භික්ඛවෙ -පෙ- මොහො භික්ඛවෙ -පෙ- කොධො භික්ඛවෙ -පෙ- උපනාහො භික්ඛවෙ -පෙ- මක්ඛො භික්ඛවෙ -පෙ- පළාසො භික්ඛවෙ -පෙ- මච්ඡරියං භික්ඛවෙ නෙව කායෙන පහාතබ්බො නො වාචාය, පඤ්ඤාය දිස්වා දිස්වා පහාතබ්බං. පාපිකා භික්ඛවෙ ඉස්සා නෙව කායෙන පහාතබ්බා නො වාචාය, පඤ්ඤාය දිස්වා දිස්වා පහාතබ්බා.
Sinhala BJTමහණෙනි, ලෝභය නො ද කායද්වාරයෙන් නො ද වාග්ද්වාරයෙන් ප්‍රහාතව්‍ය වෙයි. ප්‍රඥායෙන් දැක දැක ප්‍රහාතව්‍ය වෙයි. මහණෙනි, ද්වේෂය ... මහණෙනි, මෝහය ... මහණෙනි, ක්‍රෝධය ... මහණෙනි, උපනාහය ... මහණෙනි, මක්ඛය ... මහණෙනි, පලාසය ... මහණෙනි, මච්ඡරිය නො ද කයින් නො ද වචසින් ප්‍රහාතව්‍ය වෙයි. ප්‍රඥායෙන් දැක දැක ප්‍රහාතව්‍ය වෙයි. මහණෙනි, ලමු ඊර්‍ෂ්‍යාව නො ම කයින් නො ම වචසින් ප්‍රහාතව්‍ය වෙයි. ප්‍රඥායෙන් දැක දැක ප්‍රහාතව්‍ය වෙයි.
Pali BJTකතමා ච භික්ඛවෙ පාපිකා ඉස්සා:
Sinhala BJTමහණෙනි, ලාමක ඊර්‍ෂ්‍යා කවර යත්:
Pali BJTඉධ භික්ඛවෙ ඉජ්ඣති ගහපතිස්ස වා ගහපතිපුත්තස්ස වා ධනෙන වා ධඤ්ඤෙන වා රජතෙන වා ජාතරූපෙන වා. තත්රඤ්ඤතතරස්ස දාසස්ස වා ඔපවාසස්ස වා එවං හොති. “අහො වතිමස්ස ගහපතිස්ස වා ගහපතිපුත්තස්ස වා න ඉජ්ඣෙය්ය ධනෙන වා ධඤ්ඤෙන වා රජතෙන වා ජාතරූපෙන වා”ති. සමණො වා පන බ්රාහ්මණෙවා ලාභී හොති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං තත්රඤ්ඤතරස්ස සමණස්ස වා බ්රාහ්මණස්ස වා එවං හොති: “අහො වත අයමායස්මා න ලාභී අස්ස චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානන්ති”. අයං වුච්චති භික්ඛවෙ පාපිකා ඉස්සා, පාපිකා භික්ඛවෙ ඉස්සා නෙව කායෙන පහාතබ්බා නො වාචාය, පඤ්ඤාය දිස්වා දිස්වා පහාතබ්බා.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි ගැහැවියකුහට වේවයි, ගැහැවිපුතක්හට වේවයි ධනයෙන් හෝ ධාන්‍යයෙන් හෝ රිදියෙන් හෝ රනින් හෝ සමෘද්ධියෙක් වෙයි. එහිලා අන්‍යතර දාසයකුහට වේවයි වෙත වසනුවකුහට වේවයි මෙ බඳු සිතෙක් වෙයි: “එකැතින් මේ ගැහැවි හට හෝ ගැහැවි පුත්හට හෝ ධනයෙන් වේවයි, ධාන්‍යයෙන් වේවයි, රිදියෙන් වේවයි, රනින් වේවයි, සමෘධියෙක් නොවේ නම් යෙහෙකැ”යි. මහණෙක් වේවයි, බමුණෙක් වේවයි, සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන සුලු වෙයි. එහිලා අන්‍යතර මහණක්හට හෝ බමුණකු හට හෝ මෙ බඳු සිතෙක් වෙයි: “එකැතින් මේ ඇවැත් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර නොලබන සුලු නම්, අහෝ යෙහෙකැ”යි. මහණෙනි, මෙ ලාමක ඊර්‍ෂ්‍යා යි කියනු ලැබේ. මහණෙනි, ලාමක ඊර්‍ෂ්‍යාව නො ද කයින් නො ද වචසින් ප්‍රහාතව්‍ය වෙයි. (විදර්‍ශනා මාර්‍ග) ප්‍රඥායෙන් දැක දැක ප්‍රහාතව්‍ය වෙයි.
Pali BJTපාපිකා භික්ඛවෙ ඉච්ඡා නෙව කායෙන පහාතබ්බා නො වාචාය, පඤ්ඤාය දිස්වා දිස්වා පහාතබ්බා.
Sinhala BJTමහණෙනි, ලාමක ඉච්ඡාව නො ද කයින් නො ද වචසින් ප්‍රහාතව්‍යයයි. ප්‍රඥායෙන් දැක දැක ප්‍රහාතව්‍ය වෙයි.
Pali BJTකතමා ච භික්ඛවෙ පාපිකා ඉච්ඡා:
Sinhala BJTමහණෙනි, පාපිකා ඉච්ඡා කවර යත්:
Pali BJTඉධ භික්ඛවෙ එකච්චො අස්සද්ධො සමානො ‘සද්ධො’ති මං ජානෙය්යුන්ති ඉච්ඡති, දුස්සීලො සමානො ‘සීලවා’ති මං ජානෙය්යුන්ති ඉච්ඡති, අප්පස්සුතො සමානො ‘බහුස්සුතො’ ති මං ජානෙය්යුන්ති ඉච්ඡති, සඞ්ගණිකාරාමො සමානො පවිවිත්තොති මං ජානෙය්යුන්ති ඉච්ඡති, කුසීතො සමානො ආරද්ධවිරියොති මං ජානෙය්යුන්ති ඉච්ඡති, මුට්ඨස්සතිසමානො උපට්ඨිතසතීති මං ජානෙය්යුන්ති ඉච්ඡති අසමාහිතො සමානො සමාහිතො ති මං ජානෙය්යුන්ති ඉච්ඡති, දුප්පඤ්ඤො සමානො පඤ්ඤවාති මං ජානෙය්යුන්ති ඉච්ඡති, අඛීණාසවො සමානො ඛීණාසවොති මං ජානෙය්යුන්ති ඉච්ඡති, අයං වුච්චති භික්ඛවෙ පාපිකා ඉච්ඡා, පාපිකා භික්ඛවෙ ඉච්ඡා නෙව කායෙන පහාතබ්බා නො වාචාය, පඤ්ඤාය දිස්වා දිස්වා පහාතබ්බා.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි කිසිවෙක් ශ්‍රද්ධා නැතියේ ම මා සැදැහැතියේයි දනිත්වයි කැමැතිවෙයි. දුස්සීලවූයේ ම මා “සිල්වතැයි දනිත්ව”යි කැමැති වෙයි. අල්පශ්‍රැත වූයේ ම “මා බහුශ්‍රැතයි දනිත්ව”යි කැමැති වෙයි. ගණාහි ඇලුනේ ම “මා ප්‍රවිවික්තයි දනිත්ව”යි කැමැති වෙයි. කුශීද වූයේ ම “මා ප්‍රාරබ්ධවීර්‍ය්‍යයි දනිත්ව”යි කැමැති වෙයි. නටසිහි ඇතියේ ම “මා එළඹ සිටි සිහි ඇතියේ දනිත්ව”යි කැමැති වෙයි. අසමාහිත වූයේ හ “මා සමාහිතැයි දනිත්ව”යි කැමැති වෙයි. දුෂ්ප්‍රාඥ වූයේ ම “මා ප්‍රාඥයයි දනිත්ව”යි කැමැති වෙයි. ක්‍ෂීණාස්‍රව නොවූයේ ම “මා ක්‍ෂීණාස්‍රවයි දනිත්ව”යි කැමැති වෙයි. මහණෙනි, මේ පාපික ඉච්ඡායි කියනු ලැබේ. මහණෙනි, පාපික ඉච්ඡාව නො ද කයින් නො ද වචසින් ප්‍රහාතව්‍යයයි. ප්‍රඥායෙන් දැක දැක ප්‍රහාතව්‍ය යි.
Pali BJTතං චෙ භික්ඛවෙ භික්ඛු, ලොභො අභිභුය්ය ඉරීයති. දොසො -පෙ- මොහො -පෙ- කොධො -පෙ- උපනාහො -පෙ- මක්ඛො -පෙ- පළාසො -පෙ- මච්ඡරියං පාපිකා ඉස්සා -පෙ- පාපිකා ඉච්ඡා අභිභුය්ය ඉරීයති, සො එවමස්ස වෙදිතබ්බො: න අයමායස්මා තථා පජානාති, යථා පජානතො ලොභො න හොති, තථා හිමං ආයස්මන්තං ලොභො අභිභුය්ය ඉරීයති, න අයමායස්මා තථා පජානාති, යථා පජානතො දොසො න හොති -පෙ- මොහො - කොධො - උපනාහො - මක්ඛො - පළාසො - මච්ඡරියං - න පාපිකා ඉස්සා - පාපිකා ඉච්ඡා න හොති තථා හිමං ආයස්මන්තං පාපිකා ඉච්ඡා අභිභුය්ය ඉරීයති. තඤ්චෙ භික්ඛවෙ භික්ඛුං ලොභො නාභිභුය්ය ඉරීයති. දොසො - මොහො - කොධො - උපනාහො - මක්ඛො - පළාසො - පාපිකා ඉස්සා - පාපිකා ඉච්ඡා නාභිභුය්ය ඉරීයති. සො එවමස්ස වෙදිතබ්බො: -පෙ- තථා අයමායස්මා පජානාති යථා පජානතො ලොභො න හොති, තථා හිමං ආයස්මන්තං ලොභො නාභිභුය්ය ඉරීයති, තථා යමායස්මා පජානාති යථා පජානතො දොසො න හොති. මොහො - කොධො - උපනාහො - මක්ඛො - පළාසො - මච්ඡරියං - පාපිකා ඉස්සා - පාපිකා ඉච්ඡා න හොති. තථා හි මං ආයස්මන්තං පාපිකා ඉච්ඡා නාභිභුය්ය ඉරීයතීති.
Sinhala BJTමහණෙනි, ඉදින් ඒ ලෝභය ඒ මහණ මැඩ ගෙන වැටේ නම් ... ද්වේෂය ... මෝහය ... ක්‍රෝධය ... උපනාහය ... මක්ඛය ... පලාසය ... මාත්සර්‍ය්‍ය ... ලාමක ඊර්‍ෂ්‍යාව ... ලාමක ඉච්ඡාව මැඩගෙන වැටේ නම්, හේ මෙසේ දතයුතු වෙයි: “යම් පරිදි දන්නහුට ලෝභය නොවේ ද, මේ ඇවැත් එපරිදි නොදන්නේ ය. එහෙයින්ම ලෝභය මේ ඇවැත් මැඩගෙන සිටුනේය. යම් පරිදි දන්නහුගේ ද්වේෂය නොවේ ද, මේ ආයුෂ්මත් එපරිදි නොදන්නේ ය. ... මෝහය ... ක්‍රෝධය ... උපනාහය ... මක්ඛය ... පලාසය ... මාත්සර්‍ය්‍ය ... ලාමක ඉච්ඡාව ... ලාමක ඉච්ඡාව නොවේ ද ... එහෙයින් ම පාපික ඉච්ඡාව මේ ආයුෂ්මත් මැඩගෙන සිටුනේ ය”යි. මහණෙනි, ඉදින් ලෝභය එ මහණ මැඩගෙන නො වැටේ නම්, ද්වේෂය ... මෝහය ... ක්‍රෝධය ... උපනාහය ... මක්ඛය ... පලාසය ... මච්ඡරිය ... ලමු ඉස්සාව ... ලමු ඉච්ඡාව එ මහණ මැඩගෙන නොවැටේ නම්, හේ මෙසේ දතයුතු වෙයි: … යම් පරිදි දන්නාහුගේ ලෝභය නොවේ නම්, මේ ආයුෂ්මත් එපරිදි දන්නේ ය. එහෙයින් ම ලෝභය මේ ආයුෂ්මත් මැඩගෙන නො වැටෙයි. යම් පරිදි දන්නහුගේ ද්වේෂය නොවේ නම්, එපරිදි මේ ආයුෂ්මත් දන්නේ ය. මෝහය ... ක්‍රෝධය ... උපනාහය ... මක්ඛය ... පළාසය ... මච්ඡරිය ... ලාමක ඉස්සාව ... ලාමක ඉච්ඡාව නො වේ නම්, එහෙයින් ලාමක ඉච්ඡාව මේ ආයුෂ්මත් මැඩගෙන නො වැටේයයි.
Pali BJT10. 1. 3. 4.
Sinhala BJT10. 1. 3. 4.
Pali BJTමහාචුන්ද සුත්තං
Sinhala BJTමහාචුන්‍ද සූත්‍රය
Pali BJTඑකං සමයං ආයස්මා මහාචුන්දො චෙතීසු විහරති සහජාතියං. තත්ර ඛො ආයස්මා මහාචුන්දො භික්ඛු ආමන්තෙසි ආවුසො භික්ඛවොති. ‘ආවුසො’ති ඛො තෙ භික්ඛු ආයස්මතො මහාචුන්දස්ස පච්චස්සොසුං. ආයස්මා මහාචුන්දො එතදවොච.
Sinhala BJTඑක් සමයෙක්හි ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ චෙතී ජනපදයෙහි වූ සහජාතියෙහි වාස කරන්නාහ. එකල්හි ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ ‘ඇවැත් මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහාචුන්‍ද තෙරුන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ තෙල කීහ.
Pali BJTඤාණවාදං ආවුසො භික්ඛු වදමානො ජානාමිමං ධම්මං පස්සාමිමං ධම්ම”න්ති. තඤ්චෙ ආවුසො භික්ඛුං ලොභො අභිභුය්ය තිට්ඨති. දොසො -පෙ- මොහො -පෙ- කොධො -පෙ- උපනාහො -පෙ- මක්ඛො -පෙ- පළාසො -පෙ- මච්ඡරියං -පෙ- පාපිකා ඉස්සා -පෙ- පාපිකා ඉච්ඡා අභිභුය්ය තිට්ඨති. සො එවමස්ස වෙදිතබ්බො: න අයමායස්මා තථා පජානාති යථා පජානතො ලොභො න හොති. තථා හිමං ආයස්මන්තං ලොභො අභිභුය්ය තිට්ඨති. න අයමායස්මා තථා පජානාති යථා පජානතො දොසො න හොති. මොහො -පෙ- කොධො -පෙ- උපනාහො -පෙ- මක්ඛො -පෙ- පළාසො -පෙ- මච්ඡරියං -පෙ- පාපිකා ඉස්සා -පෙ- පාපිකා ඉච්ඡා න හොති. තථා හිමං ආයස්මන්තං පාපිකා ඉච්ඡා අභිභුය්ය තිට්ඨති.
Sinhala BJTඇවැත්නි, මහණ “මේ දහම් දන්මි, මේ දහම් දක්මියි, ඥානවාදය කියන්නේ වේ ද, ඇවැත්නි, ඉදින් ලෝභය එ මහණ මැඩගෙන සිටුනේ නම්, ද්වේෂය ... මෝහය ... ක්‍රෝධය ... උපනාහය ... මක්ඛය ... පළාසය ... මච්ඡරිය ... පාපෙර්‍ෂ්‍යාය ... පාපේච්ඡාය මැඩ ගෙන සිටුනේ නම්, ඒ මහණ මෙසේ දත යුතු වෙයි: මේ ආයුෂ්මත් යම් පරිද්දෙකින් දන්නාහට ලෝභයෙක් නොවේ ද, එ පරිදි නො දන්නේ ය. එසේ මැයි ලෝභය මේ ආයුෂ්මත්හු මැඩ ගෙන සිටුනේය. මේ ආයුෂ්මත් යම් පරිදි දන්නාහට ද්වේෂය නො වේ ද, එපරිදි නො දන්නේ ය, මෝහය ... ක්‍රෝධය ... උපනාහය ... මක්ඛය ... පළාසය ... මච්ඡරිය ... පාපෙර්‍ෂ්‍යාය ... පාපේච්ඡාය නො වේ ද, එ පරිදි නො දන්නේ ය. එසේමය, පාපේච්ඡාව මේ ආයුෂ්මත්හු මැඩ ගෙන සිටුනේය.
Pali BJTභාවනාවාදං ආවුසො භික්ඛු වදමානො භාවිතකායොම්හි භාවිතසීලො භාවිතචිත්තො භාවිතපඤ්ඤොති. තඤ්චෙ ආවුසො භික්ඛුං ලොභො අභිභුය්ය තිට්ඨති. දොසො -පෙ- මොහො -පෙ- කොධො -පෙ- උපනාහො -පෙ- මක්ඛො -පෙ- පළාසො -පෙ- මච්ඡරියං -පෙ- පාපිකා ඉස්සා -පෙ- පාපිකා ඉච්ඡා අභිභුය්ය තිට්ඨති. සො එවමස්ස වෙදිතබ්බො: න අයමායස්මා තථා පජානාති, යථා පජානතො ලොභො න හොති. තථා හි මං ආයස්මන්තං ලොභො අභිභුය්ය තිට්ඨති. න අයමායස්මා තථා පජානාති, යථා පජානතො දොසො න හොති. මොහො -පෙ- කොධො -පෙ- උපනාහො -පෙ- මක්ඛො -පෙ- පළාසො -පෙ- මච්ඡරියං -පෙ- පාපිකා ඉස්සා -පෙ- පාපිකා ඉච්ඡා න හොති. තථා හිමං ආයස්මන්තං පාපිකා ඉච්ඡා අභිභුය්ය තිට්ඨති.
Sinhala BJTඇවැත්නි, මහණ “භාවිතකාය ඇතියෙමි, භාවිතශීල ඇතියෙමි, භාවිත චිත්ත ඇතියෙමි, භාවිත ප්‍රඥා ඇතියෙමි”යි භාවනා වාදය කියන්නේ වේ ද, ඇවැත්නි, ඉදින් ලෝභය ඒ මහණ මැඩ ගෙන සිටුනේ නම්, ද්වේෂය ... මෝහය ... ක්‍රෝධය ... උපනාහය ... මක්ඛය ... පළාසය ... මච්ඡරිය ... පාපෙර්‍ෂ්‍යාය ... පාපේච්ඡාය මැඩ ගෙන සිටුනේ නම්, ඒ මහණ මෙසේ දත යුතු වෙයි: “මේ ආයුෂ්මත් යම් පරිදි දන්නාහට ලෝභය නොවේ ද, එ පරිදි නොදන්නේ ය. එසේ මැයි, ලෝභය මේ ආයුෂ්මත්හු මැඩ ගෙන සිතුනේ ය. මේ ආයුෂ්මත් යම් පරිදි දන්නාක්හට ද්වේෂය නො වේ ද, ඒ පරිදි නො දන්නේය. මෝහය … ක්‍රෝධය … උපනාහය … මක්ඛය … පළාසය ... මච්ඡරිය ... පාපෙර්‍ෂ්‍යාය ... පාපේච්ඡාය නො වේ ද, ඒ පරිදි නො දන්නේ ය. එසේ ම ය. පාපේච්ඡාව මේ ආයුෂ්මත්හු මැඩ ගෙන සිටුනේ ය.
Pali BJTඤාණවාදඤ්ච ආවුසො භික්ඛු වදමානො භාවනාවාදඤ්ච ජානාමිමං ධම්මං පස්සාමිමං ධම්මං. භාවිතකායොම්හි භාවිතසීලො භාවිතචිත්තො භාවිතපඤ්ඤොති. තඤ්චෙ ආවුසො භික්ඛුං ලොභො අභිභුය්ය තිට්ඨති. දොසො -පෙ- මොහො -පෙ- කොධො -පෙ- උපනාහො -පෙ- මක්ඛො -පෙ- පළාසො -පෙ- මච්ඡරියං -පෙ- පාපිකා ඉස්සා -පෙ- පාපිකා ඉච්ඡා අභිභුය්ය තිට්ඨති. සො එවමස්ස වෙදිතබ්බො: “න අයමායස්මා තථා පජානාති යථා පජානතො ලොභො න හොති. තථා හිමං ආයස්මන්තං ලොභො අභිභුය්ය තිට්ඨති. න අයමායස්මා තථා පජානාති යථා පජානතො දොසො න හොති මොහො -පෙ- කොධො -පෙ- උපනාහො -පෙ- මක්ඛො -පෙ- පළාසො -පෙ- මච්ඡරියං -පෙ- පාපිකා ඉස්සා -පෙ- පාපිකා ඉච්ඡා න හොති. තථා හිමං ආයස්මන්තං පාපිකා ඉච්ඡා අභිභුය්ය තිට්ඨති.
Sinhala BJTඇවැත්නි, මහණ “මේ දහම් දන්මි, මේ දහම් දක්මි, භාවිතකාය ඇතියෙමි, භාවිතශීල ඇතියෙමි, භාවිතචිත්ත ඇතියෙමි, භාවිතප්‍රඥා ඇතියෙමි”යි ඥානවාද හා භාවනා වාදය හා කියන්නේ වේ ද, ඇවැත්නි, ඉදින් ලෝභය ඒ මහණ මැඩගෙන සිටුනේ නම් ද්වේෂය ... මෝහය ... ක්‍රෝධය ... උපනාහය ... මක්ඛය ... පළාසය ... මච්ඡරිය ... පාපෙර්‍ෂ්‍යාය ... පාපේච්ඡාය මැඩ ගෙන සිටුනේ නම්, ඒ මහණ මෙසේ දත යුතු වෙයි: මේ ආයුෂ්මත් යම් පරිදි දක්නාහට ලෝභය නොවේ ද, එ පරිදි නොදන්නේ ය. එසේමය, ලෝභය මේ ආයුෂ්මත්හු මැඩ ගෙන සිටුනේ ය, මේ ආයුෂ්මත්හු යම් පරිදි දක්නාහට ද්වේෂය නොවේ ද එ පරිදි නොදන්නේ ය. මෝහය ... ක්‍රෝධය ... උපනාහය ... මක්ඛය ... පළාසය ... මච්ඡරිය ... පාපෙර්‍ෂ්‍යාය ... පාපේච්ඡාය නොවේ ද, එපරිදි නොදන්නේ ය. එසේමය පාපේච්ඡාව මේ ආයුෂ්මත්හු මැඩ ගෙන සිටුනේ ය.
Pali BJTසෙය්යථාපි ආවුසො පුරිසො දළිද්දොව සමානො අඩ්ඪවාදං වදෙය්ය, අධනොව සමානො ධනවාදං වදෙය්ය, අභොගවාව සමානො භොගවාදං වදෙය්ය. සො කිස්මිඤ්චිදෙව ධන කරණීයෙ සමුප්පන්නො න සක්කුණෙය්ය උපනිහත්තුං{1} ධනං වා ධඤ්ඤං වා රජතං වා ජාතරූපං වා. තමෙනං එවං ජානෙය්ය: දළිද්දොව අයමායස්මා සමානො අඩ්ඪවාදං වදෙති, අධනොව අයමායස්මා සමානො ධනවාදං වදෙති, අභොගවාව අයමායස්මා සමානො භොගවාදං වදෙති. තං කිස්ස හෙතු: තථා හි අයමායස්මා කිස්මිඤ්චිදෙව ධනකරණීයෙ සමුප්පන්නෙ න සක්කොති උපනිහත්තුං ධනං වා ධඤ්ඤං වා රජතං වා ජාතරූපං වාති.
Sinhala BJTඇවැත්නි, යම්පුරුෂයෙක් දිළිඳු වූයේ ම ආඪ්‍යවාදය කියන්නේ වේ ද, නිර්ධන වූයේ ම ධනවාදය කියන්නේ වේ ද, භොග රහිත වූයේ ම භෝගවාදය කියන්නේ වේ ද, හේ යම් ධනකරණී ඇතිවත්ම ධනය වේ වයි ධ්‍යාන වේවයි, රජත වේවයි, කනක වේවයි, එළවන්නට නො හැකි වන්නේ ය. “මේ ආයුෂ්මත් දිළිඳු වූයේ ම ආඪ්‍යවාදය කියයි, මේ ආයුෂ්මත් නිර්ධන වූයේ ම ධනවාදය කියයි, මේ ආයුෂ්මත් භොග නැතියේ ම භෝගවාදය කියා ය”යි තුලුන් මෙසේ හඳුනා ගන්නේ ය. එ කවර හෙයින යත්: මේ ආයුෂ්මත් යම් ම ධනකරණී ඇතිවත් ධන වේවයි, ධාන්‍ය වේවයි, රජත වේවයි, කනක වේවයි, එළවන්නට නො හැකි වන්නේ ද, එහෙයිනි.
Pali BJTඑවමෙව ඛො ආවුසො ඤාණවාදඤ්ච භික්ඛු වදමානො භාවනාවාදඤ්ච ජානාමිමං ධම්මං පස්සාමිමං ධම්මං, භාවිතකායොම්හි භාවිතසීලො භාවිතචිත්තො භාවිතපඤ්ඤොති. තඤ්චෙ ආවුසො භික්ඛුං ලොභො අභිභුය්ය තිට්ඨති, දොසො -පෙ- මොහො -පෙ- කොධො -පෙ- උපනාහො -පෙ- මක්ඛො -පෙ- පළාසො -පෙ- මච්ඡරියං -පෙ- පාපිකා ඉස්සා -පෙ- පාපිකා ඉච්ඡා අභිභුය්ය තිට්ඨති. සො එවමස්ස වෙදිතබ්බො: “න අයමායස්මා තථා පජානාති යථා පජානතො ලොභො න හොති. තථා හිමං ආයස්මන්තං ලොභො අභිභුය්ය තිට්ඨති. න අයමායස්මා තථා පජානාති යථා පජානතො දොසො න හොති - මොහො -පෙ- කොධො -පෙ- උපනාහො -පෙ- මක්ඛො -පෙ- පළාසො -පෙ- මච්ඡරියං -පෙ- පාපිකා ඉස්සා -පෙ- පාපිකා ඉච්ඡා න හොති. තථා හිමං ආයස්මන්තං පාපිකා ඉච්ඡා අභිභුය්ය තිට්ඨති.
Sinhala BJTඇවැත්නි, එසෙයින් ම “මේ දහම් දන්මි, මේ දහම් දක්මි, භාවිතකායයෙමි, භාවිතශීලයෙමි, භාවිතචිත්තයෙමි, භාවිතප්‍රාඥයෙමි” යි මහණ ඥානවාදය හා භාවනා වාදය කියන්නේ වේ ද, ඇවැත්නි, ඉදින් ලෝභය ඒ මහණ මැඩගෙන සිටුනේ නම්, ද්වේෂය - මෝහය - ක්‍රෝධය - උපනාහය - මක්ඛය - පළාසය - මච්ඡරිය - පාපෙර්‍ෂ්‍යය - පාපේච්ඡාය මැඩගෙන සිටුනේ නම්, ඒ මහණ මෙසේ දතයුතු වෙයි. “මේ ආයුෂ්මත් යම් පරිදි දන්නාහට ලෝභය නො වේ ද, එපරිදි නො දන්නේ ය”යි. එසේ ම ය, ලෝභය මේ ආයුෂ්මත්හු මැඩ ගෙන සිටුනේ ය, මේ ආයුෂ්මත් යම්පරිදි දන්නාහට ද්වේෂය නො වේ ද, එපරිදි නො දන්නේ ය. මෝහය - ක්‍රෝධය - උපනාහය - මක්ඛය - පළාසය - මච්ඡරිය - පාපෙර්‍ෂ්‍යය - පාපේච්ඡාය නො වේ ද, එපරිදි නො දන්නේ ය. එසේ ම පාපේච්ඡාව මේ ආයුෂ්මත්හු මැඩ ගෙන සිටුනේ ය.
Pali BJTඤාණවාදං ආවුසො භික්ඛු වදමානො ජානාමිමං ධම්මං පස්සාමිමං ධම්මන්ති. තඤ්චෙ ආවුසො භික්ඛුං ලොභො නාභිභුය්ය තිට්ඨති - දොසො -පෙ- මොහො -පෙ- කොධො -පෙ- උපනාහො -පෙ- මක්ඛො -පෙ- පළාසො -පෙ- මච්ඡරියං -පෙ- පාපිකා ඉස්සා -පෙ- පාපිකා ඉච්ඡා නාභිභුය්ය තිට්ඨති. සො එවමස්ස වෙදිතබ්බො: තථා අයමායස්මා පජානාති යථා පජානතො ලොභො න හොති: තථා හිමං ආයස්මන්තං ලොභො නාභිභුය්ය තිට්ඨති. තථා ආයමායස්මා පජානාති යථා පජානතො දොසො න හොති. මෙහො -පෙ- කොධො -පෙ- උපනාහො -පෙ- මක්ඛො -පෙ- පළාසො -පෙ- මච්ඡරියං -පෙ- පාපිකා ඉස්සා -පෙ- න හොති. පාපිකා ඉච්ඡා න හොති. තථා හිමං ආයස්මන්තං පාපිකා ඉච්ඡා නාභිභුය්ය තිට්ඨති.
Sinhala BJTඇවැත්නි, මහණ “මේ දහම් දන්මි, මේ දහම් දක්මි”යි ඥානවාදය කියන්නේ වේ ද, ඇවැත්නි, ඉදින් ලෝභය ඒ මහණ මැඩගෙන නො සිටුනේ නම්, -පෙ- ද්වේෂය - මෝහය - ක්‍රෝධය - උපනාහය - මක්ඛය - පළාසය - මච්ඡරිය - පාපෙර්‍ෂ්‍යය - පාපේච්ඡාය මැඩගෙන නො සිටුනේ නම්, ඒ මහණ මෙසේ දතයුතු වෙයි: මේ ආයුෂ්මත් යම් පරිදි දන්නාක්හට ලෝභය නො වේ නම්, එපරිදි දන්නේ ය, එසේම ය, ලෝභය මේ ආයුෂ්මත්හු මැඩගෙන නො සිටුනේ ය, මේ ආයුෂ්මත් යම් පරිදි දන්නාක්හට එපරිදි දන්නේ ය. මෝහය - ක්‍රෝධය - උපනාහය - මක්ඛය - පළාසය - මච්ඡරිය - පාපෙර්‍ෂ්‍යය - පාපේච්ඡාය නො වේ නම් එපරිදි දන්නේ ය. එසේ ම ය, පාපේච්ඡාව මේ ආයුෂ්මත්හු මැඩ ගෙන නො සිටුනේ ය.
Pali BJTභාවනාවාදං ආවුසො භික්ඛු වදමානො භාවිතකායොම්හි භාවිතසීලො භාවිතචිත්තො භාවිතපඤ්ඤොති, තඤ්චෙ ආවුසො භික්ඛුං ලොභො නාභිභුය්ය තිට්ඨති. දොසො -පෙ- මොහො -පෙ- කොධො -පෙ- උපනාහො -පෙ- මක්ඛො -පෙ- පළාසො -පෙ- මච්ඡරියං -පෙ- පාපිකා ඉස්සා -පෙ- පාපිකා ඉච්ඡා නාභිභුය්ය තිට්ඨති. සො එවමස්ස වෙදිතබ්බො: තථා අයමායස්මා පජානාති යථා පජානතො ලොභො න හොති. තථා හිමං ආයස්මන්තං ලොභො නාභිභුය්ය තිට්ඨති. තථා අයමායස්මා පජානාති යථා පජානතො දොසො න හොති - මොහො -පෙ- කොධො -පෙ- උපනාහො -පෙ- මක්ඛො -පෙ- පළාසො -පෙ- මච්ඡරියං -පෙ- පාපිකා ඉස්සා -පෙ- පාපිකා ඉච්ඡා න හොති. තථා හිමං ආයස්මන්තං පාපිකා ඉච්ඡා නාභිභුය්ය තිට්ඨති.
Sinhala BJTඇවැත්නි, මහණ භාවිතකායයෙමි, භාවිතශීලයෙමි, භාවිතප්‍රාඥායෙමි’යි භාවනාවාදය කියන්නේ වේ ද, ඇවැත්නි, ඉදින් ලෝභය එ මහණ මැඩගෙන නො සිටුනේ නම්, ද්වේෂය - මෝහය - ක්‍රෝධය - උපනාහය - මක්ඛය - පළාසය - මච්ඡරිය පාපෙර්‍ෂ්‍යය - පාපේච්ඡාය මැඩගෙන නො සිටුනේ නම්, ඒ මහණ මෙසේ දතයුතු වෙයි. “මේ ආයුෂ්මත් යම් පරිදි දක්නාහට ලෝභය නො වේ නම් එපරිදි දන්නේ ය. එසේ ම ය, ලෝභය මේ ආයුෂ්මත්හු මැඩ ගෙන නො සිටුනේ ය, මේ ආයුෂ්මත් යම්පරිදි දන්නාක්හට ද්වේෂය නො වේ නම් එපරිදි දන්නේ ය, මෝහය - ක්‍රෝධය - උපනාහය - මක්ඛය - පළාසය - මච්ඡරිය - පාපෙර්‍ෂ්‍යය - පාපේච්ඡාය නො වේ නම් එපරිදි දන්නේ ය. එසේ ම ය, පාපේච්ඡාව මේ ආයුෂ්මත්හු මැඩ ගෙන නො සිටුනේ ය.
Pali BJTඤාණවාදඤ්ච ආවුසො භික්ඛු වදමානො භාවනාවාදඤ්ච ජානාමිමං ධම්මං පස්සාමිමං ධම්මං, භාවිතකායොම්හි භාවිතසීලො භාවිතචිත්තො භාවිතපඤ්ඤොති. තඤ්චෙ ආවුසො භික්ඛුං ලොභො නාභිභුය්ය තිට්ඨති. දොසො -පෙ- මොහො -පෙ- කොධො -පෙ- උපනාහො -පෙ- මක්ඛො -පෙ- පළාසො -පෙ- මච්ඡරියං -පෙ- පාපිකා ඉස්සා -පෙ- පාපිකා ඉච්ඡා නාභිභුය්ය තිට්ඨති. සො එවමස්ස වෙදිතබ්බො: තථා අයමායස්මා පජානාති යථා පජානතො ලොභො න හොති. තථා හිමං ආයස්මන්තං ලොභො නාභිභුය්ය තිට්ඨති. තථා අයමායස්මා පජානාති යථා පජානතො දොසො න හොති. මොහො -පෙ- කොධො -පෙ- උපනාහො -පෙ- මක්ඛො -පෙ- පළාසො -පෙ- මච්ඡරියං -පෙ- පාපිකා ඉස්සා -පෙ- පාපිකා ඉච්ඡා න හොති. තථා හිමං ආයස්මන්තං පාපිකා ඉච්ඡා නාභිභුය්ය තිට්ඨති.
Sinhala BJTඇවැත්නි, මහණ “මේ මහණ දන්මි, මේ මහණ දක්මි, භාවිතකායයෙමි, භාවිතශීලයෙමි, භාවිතචිත්තයෙමි, භාවිතප්‍රාඥයෙමි” යි ඥානවාදය හා භාවනාවාදය හා කියන්නේ වේ ද, ඇවැත්නි, ඉදින් ලෝභය එ මහණ මැඩගෙන නො සිටුනේ නම්, ද්වේෂය - මෝහය - ක්‍රෝධය - උපනාහය - මක්ඛය - පළාසය - මච්ඡරිය පාපෙර්‍ෂ්‍යය - පාපේච්ඡාය මැඩගෙන නො සිටුනේ නම්, ඒ මහණ මෙසේ දතයුතු වෙයි. “මේ ආයුෂ්මත් යම් පරිදි දක්නාක්හට ලෝභය නො වේ නම් එපරිදි දන්නේ ය. එසේ ම ය, ලෝභය මේ ආයුෂ්මත්හු මැඩ ගෙන නො සිටුනේ ය, මේ ආයුෂ්මත් යම්පරිදි දන්නාක්හට ද්වේෂය නො වේ නම් එපරිදි දන්නේ ය, මෝහය - ක්‍රෝධය - උපනාහය - මක්ඛය - පළාසය - මච්ඡරිය - පාපෙර්‍ෂ්‍යය - පාපේච්ඡාය නො වේ නම් එපරිදි දන්නේ ය. එසේ ම ය, පාපේච්ඡාව මේ ආයුෂ්මත්හු මැඩ ගෙන නො සිටුනේ ය.
Pali BJTසෙය්යථාපි ආවුසො පුරිසො අඩ්ඪො ව සමානො අඩ්ඪවාදං වදෙය්ය, ධනවාව සමානො ධනවාදං වදෙය්ය, භොගවාව සමානො භොගවාදං වදෙය්ය, සො කිස්මිඤ්චිදෙව ධනකරණීයෙ සමුප්පන්නෙ සක්කුණෙය්ය උපනිහත්තුං ධනං වා ධඤ්ඤං වා රජතං වා ජාතරූපං වා. තමෙනං එවං ජානෙය්යුං: “අඩ්ඪොව අයමායස්මා සමානො අඩ්ඪවාදං වදෙති, ධනවාව අයමායස්මා සමානො ධනවාදං වදෙති, භොගවාව අයමායස්මා සමානො භොගවාදං වදෙති. තං කිස්ස හෙතු: තථාහි අයමායස්මා කිස්මිඤ්චි දෙව ධනකරණීයෙ සමුප්පන්නෙ සක්කොති උපනිහත්තුං ධනං වා ධඤ්ඤං වා රජතං වා ජාතරූපං වා”ති.
Sinhala BJTඇවැත්නි, යම් පරිදි පුරුෂයෙක් ආඪ්‍ය වූයේ ම ආඪ්‍යවාදය කියන්නේ වේ ද, ධනවත් වූයේ ම ධනවාදය කියන්නේ වේ ද, භෝගවත් වූයේ ම භෝගවාදය කියන්නේ වේ ද, හේ යම් ම ධනකරණී ඇතිවත් ධන වේවයි, ධාන්‍ය වේවයි, රජත වේවයි, කනක වේවයි, එළවන්නට හැකි වන්නේ වේ ද, “මේ ආයුෂ්මත් ආඪ්‍ය වූයේ ම ආඪ්‍යවාද කියන්නේ ය, මේ ආයුෂ්මත් ධනවත් වූයේ ම ධනවාද කියන්නේ ය, මේ ආයුෂ්මත් භෝගවත් වූයේ ම භෝගවාදය කියන්නේ යයි මෙසේ තුලුන් හඳුනා ගන්නේ ය. එ කවර හෙයින යත්: එසේ ම ය, මේ ආයුෂ්මත් යම් ම ධනකරණී ඇතිවත් ම ධන වේවයි, ධාන්‍ය වේවයි, රජත වේවයි, කනක වේවයි, එළවන්නට හැකි වන්නේ ය.
Pali BJTඑවමෙව ඛො ආවුසො ඤාණවාදඤ්ච භික්ඛු වදමානො භාවනාවාදඤ්ච ජානාමිමං ධම්මං පස්සාමිමං ධම්මං, භාවිතකායොම්හි භාවිතසීලො භාවිතචිත්තො භාවිතපඤ්ඤොති. තඤ්චෙ ආවුසො භික්ඛුං ලොභො නාභිභුය්ය තිට්ඨති. දොසො -පෙ- මොහො -පෙ- කොධො -පෙ- උපනාහො -පෙ- මක්ඛො -පෙ- පළාසො -පෙ- මච්ඡරියං -පෙ- පාපිකා ඉස්සා -පෙ- පාපිකා ඉච්ඡා නාභිභුය්ය තිට්ඨති. සො එවමස්ස වෙදිතබ්බො: තථා අයමායස්මා පජානාති යථා පජානතො ලොභො න හොති, තථාහි මං ආයස්මන්තං ලොභො නාභිභුය්ය තිට්ඨති. තථා යමායස්මා පජානාති යථා පජානතො දොසො න හොති. මොහො -පෙ- කොධො -පෙ- උපනාහො -පෙ- මක්ඛො -පෙ- පළාසො -පෙ- මච්ඡරියං -පෙ- පාපිකා ඉස්සා -පෙ- පාපිකා ඉච්ඡා න හොති. තථා හිමං ආයස්මන්තං පාපිකා ඉච්ඡා නාභිභුය්ය තිට්ඨතීති.
Sinhala BJTඇවැත්නි, එසෙයින් ම මහණ “මේ දහම් දන්මි, මේ දහම් දක්මි, භාවිතකායයෙමි, භාවිතශීලයෙමි, භාවිතචිත්තයෙමි, භාවිතප්‍රාඥයෙමි” යි ඥානවාද හා භාවනාවාද හා කියන්නේ වේ ද, ඇවැත්නි, ඉදින් ලෝභය ඒ මහණ මැඩගෙන නො සිටුනේ නම්, ද්වේෂය - මෝහය - ක්‍රෝධය - උපනාහය - මක්ඛය - පළාසය - මච්ඡරිය - පාපෙර්‍ෂ්‍යය - පාපේච්ඡාය මැඩගෙන නො සිටුනේ නම්, ඒ මහණ මෙසේ දතයුතු වෙයි. “මේ ආයුෂ්මත් යම් පරිදි දන්නාක්හට ලෝභය නො වේ ද, එසේ දන්නේ ය. එසේ ම ය, ලෝභය මේ ආයුෂ්මත්හු මැඩගෙන නො සිටුනේ ය. මේ ආයුෂ්මත් යම්පරිදි දන්නාක්හට ද්වේෂය නො වේ ද, එසේ දන්නේ ය. මෝහය - ක්‍රෝධය - උපනාහය - මක්ඛය - පළාසය - මච්ඡරිය - පාපෙර්‍ෂ්‍යය - පාපේච්ඡාය නො වේ නම්, එසේ දන්නේ ය. එසේ ම ය, පාපේච්ඡාව මේ ආයුෂ්මත්හු මැඩ ගෙන නො සිටුනේ ය.
Pali BJT10. 1. 3. 5.
Sinhala BJT10. 1. 3. 5.
Pali BJTකසිණ සුත්තං
Sinhala BJTකසිණ සූත්‍රය
Pali BJTදස ඉමානි භික්ඛවෙ කසිණායතනානි, කතමානි දස: පඨවිකසිණමෙකො සඤ්ජානාති උද්ධං අධො තිරියං අද්වයං අප්පමාණං. ආපොකසිණමෙකො සඤ්ජානාති -පෙ- තෙජොකසිණමෙකො සඤ්ජානාති -පෙ- වායොකසිණමෙකො සඤ්ජානාති -පෙ- නීලකසිණමෙකො සඤ්ජානාති -පෙ- පීතකසිණමෙකො සඤ්ජානාති -පෙ- ලොහිතකසිණ මෙකො සඤ්ජානාති -පෙ- ඔදාතකසිණමෙකො සඤ්ජානාති -පෙ- ආකාසකසිණමෙකො සඤ්ජානාති -පෙ- විඤ්ඤාණකසිණමෙකො සඤ්ජානාති උද්ධං අධො තිරියං අද්වයං අප්පමාණං. ඉමානි ඛො භික්ඛවෙ දස කසිණායතනානීති.
Sinhala BJTමහණෙනි, මේ කසිණායතනයෝ දස දෙනෙකි, කවර දස දෙනෙක යත්: කිසිවෙක් ගගනතලාභිමුඛ වූ භූමිතලාභිමුඛ වූ තිර්‍ය්‍යග්ගත වූ අනන්‍ය වූ ප්‍රමාණ රහිත වූ පඨවිකසිණායතනය දන්නේ ය. කිසිවෙක් ආපෝකසිණායතනය දන්නේ ය ... කිසිවෙක් තේජෝකසිණායතනය දන්නේ ය ... කිසිවෙක් වායොකසිණායතනය දන්නේ ය ... කිසිවෙක් නීලකසිණායතන දන්නේය ... කිසිවෙක් පීතකසිණායතන දන්නේය ... කිසිවෙක් ලෝහිතකසිණායතන දන්නේය ... කිසිවෙක් ඕදාතකසිණායතන දන්නේය ... කිසිවෙක් ගගනතලගත වූ භූමි තලගත වූ තිර්‍ය්‍යග්ගත වූ අනන්‍ය වූ ප්‍රමාණ රහිත වූ විඤ්ඤාණ කසිණායතන දන්නේ යි. මහණෙනි, මේ දස කසිණායතන යි.
Pali BJT10. 1. 3. 6.
Sinhala BJT10. 1. 3. 6.
Pali BJTකාළී සුත්තං
Sinhala BJTකාලී සූත්‍රය
Pali BJTඑකං සමයං ආයස්මා මහාකච්චානො අවන්තීසු විහරති කුරරඝරෙ පවත්තෙ පබ්බතෙ. අථ ඛො කාළී උපාසිකා කුරරඝරිකා යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකච්චානං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො කාළී උපාසිකා කුරරඝරිකා ආයස්මන්තං මහාකච්චානං එතදවොච:
Sinhala BJTඑක් සමයෙක්හි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ අවන්තී ජනපදයෙහි කුරරඝර සමීපයෙහි වූ පවත්ත පව්වෙහි වාසය කරත්. එකල්හි කුරරඝර වැසි කාලී උපාසිකා ආයුෂ්මත් මහාකච්චාන තෙරුන් වෙත එළඹියා. එළඹ ආයුෂ්මත් මහාකච්චාන තෙරුන් වැඳ එකත්පස් ව හුනු. එකත්පස් ව හුන් කුරරඝර වැසි කාලී උපාසිකා ආයුෂ්මත් මහාකච්චාන තෙරුන්ට තෙල සැලකළා:
Pali BJTවුත්තමිදං භන්තෙ භගවතා කුමාරි පඤ්හෙසු:
Sinhala BJTවහන්ස, (මාරදුහිතෘ) කුමාරි ප්‍රශ්නයන්හිදී භාග්‍යවතුන්වහන්සේ විසින් මෙය වදාරණ ලදී:
Pali BJT1. “අත්ථස්ස පත්තිං හදයස්ස සන්තිං ජෙත්වාන සෙනං පියසාතරූපං එකොහං ඣායං සුඛමනුබොධිං තස්මා ජනෙන{1} කරොමි සක්ඛිං{2} සක්ඛී{3} න සම්පජ්ජති කෙනචි මෙ”ති.
Sinhala BJT1. “ප්‍රිය ස්වභාව ඇත්තාවූ ද සාත ස්වරූප ඇත්තාවූ ද කෙලෙස් මරසෙන් දිනා මම ඒකාකී වූයෙම් ධ්‍යාන කරමින් (අර්‍හත්‍ව නැමැති) අර්‍ත්‍ථ ප්‍රාප්තිය ඇති හෘදයාගේ ශාන්තිය වූ සුඛය සාක්‍ෂාත් කෙළෙමි. එහෙයින් ජනයා සමග ධර්‍මසාක්‍ෂිභාවයක් නො කරමි, කිසිවකු හා මාගේ සාක්‍ෂි ධර්‍මයක් නො සැපෙයේ”යි.
Pali BJTඉමස්ස නු ඛො භන්තෙ භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස කථං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බොති?
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දෙසන ලද තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය කිසෙයින් විතර විසින් දැක්ක යුතුදැ? යි.
Pali BJTපඨවිකසිණසමාපත්තිපරමා ඛො භගිනි එකෙ සමණබ්රාහ්මණා අත්ථාභිනිබ්බත්තෙසුං{4}. යාවතා ඛො භගිනි පඨවී කසිණසමාපත්ති පරමතා, තදභිඤ්ඤාසි භගවා. තදභිඤ්ඤාය භගවා ආදිමද්දස,{5} ආදීනවමද්දස, නිස්සරණමද්දස, මග්ගාමග්ගඤාණදස්සනමද්දස, තස්ස ආදි දස්සනහෙතු{6} ආදීනවදස්සනහෙතු නිස්සරණදස්සනහෙතු මග්ගාමග්ගඤානදස්සනහෙතු අත්ථස්ස පත්ති, හදයස්ස සන්ති විදිතා හොති.
Sinhala BJTබුහුන, ඇතැම් මහණබමුණෝ “අර්‍ත්‍ථයෝ පෘථිවීකෘත්සනය පරම කොට ඇතියහ”යි (එදැහැන) නිපදවූහ. බුහුන, පඨවී කසිණසමාපත්තියගේ යම් පමණ වූ උත්තමතායෙක් වේ නම් භාග්‍යවත්හු එය අභිඥා ප්‍රඥායෙන් දත්හ, එය අභිඥා ප්‍රඥායෙන් දැන භාග්‍යවත්හු එහි ආදිය (සමුදය සත්‍යය) දුටහ, එහි ආදීනව (දුඃඛ සත්‍යය) දුටහ, එහි නිඃසරණය (නිරෝධ සත්‍යය) දුටහ. මාර්‍ගාමාර්‍ගඥානදර්‍ශනය (මාර්‍ගසත්‍යය) දුටහ. ඔහුගේ ආදිදර්‍ශනහේතුයෙන් ආදිනවදර්‍ශන හේතුයෙන් නිඃසරණ දර්‍ශන හේතුයෙන් මාර්‍ගාමාර්‍ගඥානදර්‍ශනය හේතුයෙන් (අර්‍හත්‍ව සඞ්ඛ්‍යාත) අර්‍ත්‍ථ ප්‍රාප්තිය, හෘදය ශාන්තිය දන්නාලද වෙයි.
Pali BJTආපොකසිණසමාපත්තිපරමා ඛො භගිනි -පෙ- තෙජොකසිණසමාපත්ති පරමා ඛො භගිනි -පෙ- වායොකසිණසමාපත්ති පරමා ඛො භගිනි -පෙ- නීලකසිණසමාපත්ති පරමා ඛො භගිනි -පෙ- පීතකසිණසමාපත්ති පරමා ඛො භගිනි -පෙ-
Sinhala BJTබුහුන, ඇතැම් මහණබමුණෝ අර්‍ත්‍ථයෝ අපොකසිණසමාපත්තිය පරම කොට ඇතියහයි ... බුහුන, තේජෝකසිණසමාපත්තිය පරම කොට ඇතියහයි ... බුහුන, වායොකසිණසමාපත්තිය පරම කොට ඇතියහයි ... බුහුන, නීලකසිණසමාපත්තිය පරම කොට ඇතියහයි ... බුහුන, පීතකසිණසමාපත්තිය පරම කොට ඇතියහයි ...
Pali BJTලොහිතකසිණසමාපත්තිපරමා ඛො භගිනි -පෙ- ඔදාතකසිණසමාපත්ති පරමා ඛො භගිනි -පෙ- ආකාසකසිණසමාපත්තිපරමා ඛො භගිනි -පෙ- විඤ්ඤාණකසිණසමාපත්ති පරමා ඛො භගිනි එකෙ සමණබ්රාහ්මණා අත්ථාභිනිබ්බත්තෙසුං. යාවතා ඛො භගිනි විඤ්ඤාණකසිණසමාපත්ති පරමතා, තදභිඤ්ඤාසි භගවා. තදභිඤ්ඤාය භගවා ආදිමද්දස, ආදීනවමද්දස, නිස්සරණමද්දස, මග්ගාමග්ගඤාණදස්සනමද්දස, තස්ස ආදිදස්සනහෙතු ආදීනවදස්සනහෙතු නිස්සරණදස්සනහෙතු මග්ගාමග්ගඤානදස්සනහෙතු අත්ථස්ස පත්ති, හදයස්ස සන්ති විදිතා හොති.
Sinhala BJTබුහුන, ලෝහිතකසිණසමාපත්තිය පරම කොට ඇතියහයි ... බුහුන, ඔදාතකසිණසමාපත්තිය පරම කොට ඇතියහයි ... බුහුන, ආකාසකසිණසමාපත්තිය පරම කොට ඇතියහයි ... බුහුන, විඤ්ඤාණකසිණසමාපත්තිය පරම කොට ඇතියහ යි එය නිපද වූහ. බුහුන, විඤ්ඤාණකසිණසමාපත්තියහුගේ යම් පමණ වූ පරමතායෙත් වේ නම් භගවත්හු එය විශිෂ්ට ඥානයෙන් දත්හ, භගවත්හු එය විශිෂ්ට ඥානයෙන් දැන ආදිය දුටහ, ආදීනවය දුටහ, නිස්සරණය දුටහ, මග්ගාමග්ගඤාණදස්සනය දුටුහු. ඔබ විසින් ආදිදර්‍ශනය හේතුයෙන් ආදිනවදර්‍ශන හේතුයෙන් නිස්සරණදර්‍ශන හේතුයෙන් මාර්‍ගාමාර්‍ගඥානදර්‍ශන හේතුයෙන් හෘදයයාගේ ශාන්තිය වූ අර්‍හත්‍වර්‍ත්‍ථප්‍රාප්තිය විදිත වෙයි.
Pali BJTඉති ඛො භගිනි යන්තං වුත්තං භගවතා කුමාරි පඤ්හෙසු:
Sinhala BJTබුහුන, භාග්‍යවතුන් වහන්සේ කුමාරි ප්‍රශ්නයෙහි:
Pali BJT2. අත්ථස්ස පත්තිං හදයස්ස සන්තිං ජෙත්වාන සෙනං පිය සාතරූපං එකොහං ඣායං සුඛමනුබොධිං තස්මා ජනෙ න කරොමි සක්ඛිං සක්ඛී න සම්පජ්ජති කෙනචි මෙති.
Sinhala BJT2. “ප්‍රිය ස්වභාව හා සාතස්වරූප ඇති ක්ලේශසේනාව දිනා එකලා වූයෙම් ධ්‍යාන කරනෙම් මම හෘදයාගේ ශාන්තිය වූ අර්‍හත්‍ව සඞ්ඛ්‍යාත අර්‍ත්‍ථප්‍රාප්තිය නම් වූ සුඛය ලදිමි, එහෙයින් ජනයා කෙරෙහි සාක්‍ෂි නො කරමි. කිසිවකු හා මාගේ සාක්‍ෂියෙක් නො යෙදේ ය”යි. මෙසේ යමක් දෙසන ලද නම්:
Pali BJTඉමස්ස ඛො භගිනි, භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බොති.
Sinhala BJTබුහුන, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දෙසන ලද මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය විස්තර විසින් මෙසේ දතයුතුයි.
Pali BJT10. 1. 3. 7.
Sinhala BJT10. 1. 3. 7.
Pali BJTපඨම මහාපඤ්හ සුත්තං
Sinhala BJTපඨම මහාපඤ්හ සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො සම්බහුලා භික්ඛු පුබ්බන්හ සමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථියං පිණ්ඩාය පවිසිංසු. අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි:
Sinhala BJTඑක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනාථපිණ්ඩික සිටුහුගේ ආරාමයෙහි වාසය කරන සේක. එකල්හි සම්බහුල භික්‍ෂුහු පෙරවරුයෙහි හැඳ පෙරව පා සිවුරු ගෙන සැවැත්හි පිඬුපිණිස පිවිසගත්හ. එකල්හි මහණුන්ට තෙල සිත විය:
Pali BJT“අතිප්පගො ඛො තාව සාවත්ථියං පිණ්ඩාය චරිතුං, යන්නූන මයං යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමෙය්යාමා”ති.
Sinhala BJT“සැවැත්හි පිඬු පිණිස සරනට දැන් ඉතා අලුයම ය. අපි අන්තොටු පිරිවැජියන්ගේ අසපුව කරා එළඹෙමෝ නම් යෙහෙකැ”යි.
Pali BJTඅථ ඛො තෙ භික්ඛු යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා තෙහි අඤ්ඤතිත්ථියෙහි පරිබ්බාජකෙහි සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො තෙ භික්ඛු තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එතදවොචුං.
Sinhala BJTඉක්බිති ඒ මහණහු අන්තොටු පිරිවැජියන්ගේ අසපුවට එළඹියහ. එළඹ ඒ අන්තොටු පිරිවැජියන් හා සතුටු වූහ. සම්මෝදනාවට හිත වූ සිහිකටයුතු කථාව නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් ඒ භික්‍ෂූන්ට ඒ අන්තොටු පිරිවැජියෝ තෙල කීහ:
Pali BJT“සමණො ආවුසො ගොතමො සාවකානං එවං ධම්මං දෙසෙති: “එථ තුම්හෙ භික්ඛවෙ සබ්බං ධම්මං අභිජානාථ: සබ්බං ධම්මං අභිඤ්ඤාය අභිඤ්ඤාය විහරථා”ති. මයම්පි ඛො ආවුසො සාවකානං එවං ධම්මං දෙසෙම: “එථ තුම්හෙ ආවුසො සබ්බං ධම්මං අභිජානාථ: සබ්බං ධම්මං අභිඤ්ඤාය අභිඤ්ඤාය විහරථා”ති.
Sinhala BJTඇවැත්නි, මහණ ගොයුම්හු සව්වනට මෙසේ දම් දෙසත්: එව, මහණෙනි, හැම දහම් දැන පසක්කොට වාසය කරව, හැම දහම් පසක් කොට කොට වසව”යි, ඇවැත්නි, අපිදු සව්වනට මෙසේ දම් දෙසමු: “ඇවැත්නි, එව, තෙපි මෙ දහම් හැම දැන පසක් කරව, හැම දහම් දැන පසක්කොට වාසය කරව”යි.
Pali BJTඉධ නො ආවුසො කො විසෙසො, කො අධිප්පායො, කිං නානාකරණං සමණස්ස වා ගොතමස්ස අම්හාකං වා යදිදං ධම්මදෙසනාය වා ධම්මදෙසනං, අනුසාසනියා වා අනුසාසනින්ති”?
Sinhala BJTඇවැත්නි, ශ්‍රමණ ගෞතමයන් ගේ මේ ධර්‍ම දේශනාව හෝ අනුශාසනාව සමග අපගේ ධර්‍ම දේශනාව හෝ අනුශාසනාව අරභයා අපගේ කවර වෙසෙසෙක? කවර අධිප්‍රායයෙක? කවර වෙනසෙකැ?”යි.
Pali BJTඅථ ඛො තෙ භික්ඛු තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං නෙව අභිනන්දිංසු න පටික්කොසිංසු, අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා උට්ඨායාසනා පක්කමිංසු භගවතො සන්තිකෙ එතස්ස භාසිතස්ස අත්ථං ආජානිස්සාමාති.
Sinhala BJTඑකල්හි එ මහණහු ඒ අන්තොටු පිරිවැජියනගේ වචනය නොම පිළිගත්හ, පරිත්‍යාග නො ද කළහ, නො ද පිළිගෙන පරිත්‍යාග නො ද කොට හුනස්සෙන් නැගී “භගවත්හු වෙතින් තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය දැනගනුම්හ”යි ගියහ.
Pali BJTඅථ ඛො තෙ භික්ඛු සාවත්ථියං පිණණ්ඩාය චරිත්වා පච්ඡා භත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛු භගවන්තං එතදවොචුං
Sinhala BJTඉක්බිති එ මහණෝ සැවැත්හි පිඬු පිණිස සැර පිඬුවායෙන් වැළැකියාහු පසුබත්හි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියාහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ, එකත්පස්ව හුන්නා වූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කලහ:
Pali BJTඉධ මයං භන්තෙ, පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්ත චීවරමාදාය සාවත්ථියං පිණ්ඩාය පවිසිම්හ. තෙසං නො භන්තෙ, අම්හාකං එතදහොසි: “අතිප්පගො ඛො තාව සාවත්ථියං පිණ්ඩාය චරිතුං, යන්නූන මයං යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමෙය්යාමා”ති. අථ ඛො මයං භන්තෙ යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො, තෙනුපසඞ්කමිම්හ. උපසඞ්කමිත්වා තෙහි අඤ්ඤතිත්ථියෙහි පරිබ්බාජකෙහි සද්ධිං සම්මොදිම්හ. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිම්හ. එකමන්තං නිසින්නො ඛො භන්තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා අම්හෙ එතදවොචුං: “සමණො ආවුසො ගොතමො සාවකානං එවං ධම්මං දෙසෙති: ‘එථ තුම්හෙ භික්ඛවෙ සබ්බං ධම්මං අභිජානාථ, සබ්බං ධම්මං අභිඤ්ඤාය අභිඤ්ඤාය විහරථා’ති. මයම්පි ඛො ආවුසො සාවකානං එවං ධම්මං දෙසෙම: “එථ තුම්හෙ ආවුසො සබ්බං ධම්මං අභිජානාථ, සබ්බං ධම්මං අභිඤ්ඤාය අභිඤ්ඤාය විහරථා’ති. ඉධ නො ආවුසො කො විසෙසො, කො අධිප්පායො කිංනානා කරණං, සමණස්ස වා ගොතමස්ස අම්හාකං වා යදිදං ධම්මදෙසනාය වා ධම්මදෙසනං අනුසාසනියා වා අනුසාසනින්ති”.
Sinhala BJTවහන්ස, මෙ සැවැත්හි අපි පෙරවරුයෙහි හැඳපෙරව පා සිවුරු ගෙන පිඬු පිණිස බැස ගතුම්හ. වහන්ස, එ අපහට තෙල සිත විය: “සැවැත්හි පිඬු පිණිස සරනට තව බොහෝ කල් ඇත් මැයි. අපි අන්තොටු පිරිවැජියන්ගේ අරමට එළඹමෝ නම් මැනැවැ”යි. වහන්ස, ඉක්බිති අපි අන්තොටු පිරිවැජියන්ගේ අරමට එළඹියෙමු. එළඹ ඒ අන්තොටු පිරිවැජියන් හා සතුටු වීම්හ, සතුටු වියුයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් ව හුනුම්හ. වහන්ස, එකත්පස්ව හුන් අපට අන්තොටු පිරිවැජියෝ තෙල කීහ: “ඇවැත්නි, මහණ ගොයුම්හු සව්වනට මෙසේ දම් දෙසන්නාහ: “මහණෙනි, එව, තෙපි හැම දහම් මොනොවට දනුව, හැම දහම් මොනොවට දැන පසක් කොට වායස කරව”යි. ඇවැත්නි, අපිදු සව්වනට මෙසේ දහම් දෙසමු: ‘ඇවැත්නි, එව තෙපි සියලු දහම් මොනොවට දනිවු. සියලු දහම් මොනොවට දැන දැන වාසය කරවු”යි. ඇවැත්නි, මෙ කරුණෙහි ලා අප අතර කවර වෙසෙසෙක? කවර අධිප්‍රායයෙක? මහණ ගොයුම්හුගේ ධර්‍ම දේශනාව හෝ අනුශාසනාව සමග අපගේ ධර්‍ම දේශනාව ඇරබ කවර නානා කරණයෙක්ද?
Pali BJTඅථ ඛො මයං භන්තෙ තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං භාසිතං නෙව අභිනන්දිම්හ, න පටික්කොසිම්හ. අනභිනන්දිත්වා අපටික්කොසිත්වා උට්ඨායාසනා පක්කමිම්හ. “භගවතො සන්තිකෙ එතස්ස භාසිතස්ස අත්ථං ආජානිස්සාමා”ති.
Sinhala BJTවහන්ස, එකල්හි අපි ඒ අන්තොටු පිරිවැජියන්ගේ භාසිතය නො ද පිළිගතුම්හ, නො ද බැහැරලුම්හ, නො පිළිගෙන බැහැර නොලා හුනස්සෙන් නැඟී ගියම්හ, තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි දනුම්හ”යි.
Pali BJTඑවං වාදිනො භික්ඛවෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවමස්සු වචනීයා: “එකො ආවුසො පඤ්හො, එකො උද්දෙසො, එකං වෙය්යාකරණං, ද්වෙ පඤ්හා, ද්වෙ උද්දෙසා, ද්වෙ වෙය්යාකරණානි, තයො පඤ්හා, තයො උද්දෙසා තීණි වෙය්යාකරණානි, චත්තාරො පඤ්හා, චත්තාරො උද්දෙසා, චත්තාරි වෙය්යාකරණානි, පඤ්ච පඤ්හා, පඤ්චුද්දෙසා, පඤ්ච වෙය්යාකරණානි, ඡ පඤ්හා, ඡ උද්දෙසා, ඡ වෙය්යාකරණානි, සත්ත පඤ්හා, සත්ත උද්දෙසා, සත්ත වෙය්යාකරණානි, අට්ඨ පඤ්හා, අට්ඨ උද්දෙසා, අට්ඨ වෙය්යාකරණානි, නව පඤ්හා, නව උද්දෙසා, නව වෙය්යාකරණානි, දස පඤ්හා, දසුද්දෙසා, දස වෙය්යාකරණානීති. එවං පුට්ඨො භික්ඛවෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා න චෙව සම්පායිස්සන්ති, උත්තරිඤ්ච විඝාතං ආපජ්ජිස්සන්ති. තං කිස්ස හෙතු: යථා තං භික්ඛවෙ අවිසයස්මිං. නාහන්තං භික්ඛවෙ පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණ බ්රාහ්මණියා පජාය සදෙව මනුස්සාය, යො ඉමෙසං පඤ්හානං වෙය්යාකරණෙන චිත්තං ආරාධෙය්ය, අඤ්ඤත්ර තථාගතෙන වා තථාගතසාවකෙන වා, ඉතො වා පන සුත්වා.
Sinhala BJTමහණෙනි, මෙසේ කියන සුලු අන්තොටු පිරිවැජියෝ මෙසේ කියයුතුවහ. ඇවැත්නි, එක් ප්‍රශ්නයෙක, එක් උද්දේසයෙක, ව්‍යාකරණයෙක, ප්‍රශ්න දෙකෙක, උද්දේස දෙකෙක, ව්‍යාකරණ දෙකෙක, ප්‍රශ්න තුනෙක, උද්දේස තුනෙක, ව්‍යාකරණ තුනෙක, පැන සතරෙක, උදෙස් සතරෙක, විසඳුම් සතරෙකැයි, පැන පසෙක, උදෙසුම් පසෙක, විසඳුම් පසෙකැයි, පැනසයෙක, උදෙසුම් සයෙක, විසඳුම් සයෙකැයි, පැන සතෙක, උදෙසුම් සතෙක, විදෙසුම් සතෙකැයි, පැන අටෙක, උදෙසුම් අටෙක, විසඳුම් අටෙකැයි, පැන නවයෙක, උදෙසුම් නවයෙක, විසඳුම් නවයෙකැයි, පැන දසයෙක, උදෙසුම් දසයෙක, විසඳුම් දසයෙකැයි, මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජියෝ සපයා කියනට ද නො හැකි වෙත්, මතුයෙහිදු විඝාතයට යෙත්: ඒ කවර හෙයින යත්: මහණෙනි, යම් හෙයකින් අවිෂයෙහි පැන පුළුවුස්නා ලදහු ද එහෙයිනි, මහණෙනි, යමෙක් තථාගතයන් හැර හෝ තථාගත ශ්‍රාවකයකු හැර හෝ මේ සස්නෙන් අසා දතුවකු හෝ හැර මෙ ප්‍රශ්නයන් විසඳීමෙන් සිත් ගන්නෝ ද, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොව්හි මහණ බමුණන් සහිත දෙව්මිනිසුන් සහිත සත්ත්‍වාඛ්‍ය ප්‍රජාවෙහි එබන්දකු මම නො දක්මි.
Pali BJT1. එකො පඤ්හො, එකො උද්දෙසො, එකං වෙය්යාකරණන්ති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං: එකධම්මෙ භික්ඛවෙ භික්ඛු සම්මා නිබ්බින්දමානො සම්මා විරජ්ජමානො සම්මා විමුච්චමානො සම්මා පරියන්තදස්සාවී සම්මත්ථාභිසමෙච්ච{1} දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති, කතමස්මිං එක ධම්මෙ: සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා. ඉමස්මිං ඛො භික්ඛවෙ එකධම්මෙ භික්ඛු සම්මා නිබ්බින්දමානො සම්මා විරජ්ජමානො සම්මා විමුච්චමානො සම්මා පරියන්තදස්සාවී සම්මත්ථාභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. එකො පඤ්හො, එකො උද්දෙසො, එකං වෙය්යාකරණන්ති ඉති යන්තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJT1. එක් පැනයෙක, එක් උදෙසුමෙක, එක් විමසුමෙකැයි, මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලදය යත්: මහණෙනි, එකම ධර්‍මයෙක්හි මහණ මොනොවට උකටලී වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පිරිසිඳ දක්නා සුලු වූයේ සම සභාගත්‍වය නුවණින් අවබෝධ කොට ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. කවර එක් ධර්‍මයෙක යත්: හැම සත්හු ආහාර ස්ථිතිකය හ. මහණෙනි, මේ එක්ම දහම්හි මහණ මොනොවට උකටලී වනුයේ මොනොවට නොඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පිරිසිඳ දක්නා සුලු වූයේ සම සභාගත්‍වය නුවණින් දැන ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. එක් පැනෙක, එක් උදෙසුමෙක, එක් විසඳුමෙකැයි. මෙසේ යමක් කියන ලද නම් මෙය තෙල සඳහා කියන ලද.
Pali BJT2. ද්වෙ පඤ්හා, ද්වෙ උද්දෙසා, ද්වෙ වෙය්යාකරණානීති ඉති ඛො පනෙතං වුත්තං කිඤ්චෙතං පටිච්ච වුත්තං: ද්වීසු භික්ඛවෙ ධම්මෙසු භික්ඛු සම්මා නිබ්බින්දමානො සම්මා විරජ්ජමානො සම්මා විමුච්චමානො සම්මා පරියන්තදස්සාවී සම්මත්ථාභිසමෙච්ච{1} දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති, කතමෙසු ද්වීසු: නාමෙ ච රූපෙ ච. ඉමෙසු ඛො භික්ඛවෙ ද්වීසු ධම්මෙසු භික්ඛු සම්මා නිබ්බින්දමානො සම්මා විරජ්ජමානො සම්මා විමුච්චමානො සම්මා පරියන්තදස්සාවී සම්මත්ථාභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. ද්වෙ පඤ්හා, ද්වෙ උද්දෙසා. ද්වෙ වෙය්යාකරණානීති ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්චවුත්තං.
Sinhala BJT2. පැන දෙකෙක, උදෙසුම් දෙකෙක, විමසුම් දෙකෙකැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද ය යත්: මහණෙනි, ධර්‍ම දෙකෙක මහණ මොනොවට උකටලී වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පිරිසිඳ දක්නා සුලුයේ සම සභාගත්‍වය දැන ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. කවර දෙකෙක යත්: නාමයෙහි ද රූපයෙහි දැයි. මහණෙනි, මේ දහම් දෙක්හි මහණ මොනොවට උකටලී වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සමසභාගත්‍වය මොනොවට දැන ඉහාත්මයෙහි ම දුක් කෙළවර නරන්නේ වෙයි. පැන දෙකෙක, උදෙසුම් දෙකෙක, විමසුම් දෙකෙකැයි. මෙසේ යම් ම බසක් කියන ලද නම් තෙල මේ පිණිස කියන ලද ය.
Pali BJT3. තයො පඤ්හා, තයො උද්දෙසා, තයො වෙය්යාකරණානීති ඉති ඛො පනෙතං වුත්තං කිඤ්චෙතං පටිච්චවුත්තං: තීසු භික්ඛවෙ ධම්මෙසු භික්ඛු සම්මා නිබ්බින්දමානො සම්මා විරජ්ජමානො සම්මා විමුච්චමානො සම්මා පරියන්තදස්සාවී සම්මත්ථාභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති, කතමෙසු තීසු: තීසු වෙදනාසු. ඉමෙසු ඛො භික්ඛවෙ තීසු ධම්මෙසු භික්ඛු සම්මා නිබ්බින්දමානො සම්මා විරජ්ජමානො සම්මා විමුච්චමානො සම්මා පරියන්තදස්සාවී සම්මත්ථාභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. තයො පඤ්හා, තයො උද්දෙසා. තීණි වෙය්යාකරණානීති ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්චවුත්තං.
Sinhala BJT3. පැන තුනෙක, උදෙසුම් තුනෙක, විමසුම් තුනෙකැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල කුමක් කියන ලද ය යත්: මහණෙනි, ධර්‍ම තුනෙක, මහණ මොනොවට උකටලී වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පිරිසිඳ දක්නා සුලුයේ සමසභාගත්‍වය දැන ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. කවර තුනෙක යත්: තුන් වේදනාවෙහිය. මහණෙනි, මේ තුන් දහම්හි මහණ මොනොවට උකටලී වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පිරිසිඳ දක්නා සුල්ලේ සම සභාගත්‍වය දැන ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. තුන් පැනයෙක, තුන් උදෙසුමෙක, තුන් විමසුමෙකැයි. මෙසේ යම් ම බසක් කියන ලද නම් තෙල මේ පිණිස කියන ලද.
Pali BJT4. චත්තාරො පඤ්හා, චත්තාරො උද්දෙසා, චත්තාරි වෙය්යාකරණානීති, ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්චවුත්තං: චතුසු භික්ඛවෙ ධම්මෙසු භික්ඛු සම්මා නිබ්බින්දමානො සම්මා විරජ්ජමානො සම්මා විමුච්චමානො සම්මා පරියන්තදස්සාවී සම්මත්ථාභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. කතමෙසු චතුසු: චතුසු ආහාරෙසු. ඉමෙසු ඛො භික්ඛවෙ චතුසු ධම්මෙසු භික්ඛු සම්මා නිබ්බින්දමානො සම්මා විරජ්ජමානො සම්මා විමුච්චමානො සම්මා පරියන්තදස්සාවී සම්මත්ථාභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. චත්තාරො පඤ්හා, චත්තාරො උද්දෙසා. චත්තාරි වෙය්යාකරණානීති, ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්චවුත්තං.
Sinhala BJT4. සතර පැනයෙක, සතර උදෙසුමෙක, සතර විමසුමෙකැයි. මෙසේ තෙල බසක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද ය යත්: මහණෙනි, සතර දහමෙක. මහණෙනි මොනොවට උකටලී වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුලු වූයේ සම සභාගත්‍වය දැන ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. කවර සතරෙක යත්: සතර ආහාරයෙහි ය. මහණෙනි, මේ සිවු දහම්හි මහණ මොනොවට උකටලී වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වය දැන දිටුදැමියෙහි ම දුක් කෙළවර කරන්නේ වෙයි. සතර පැනෙක, සතර උදෙසුමෙක, සතර විමසුමෙකැයි. මෙසේ යම් ම බසක් කියන ලද නම් තෙල මේ පිණිස කියන ලද.
Pali BJT5. පඤ්ච පඤ්හා, පඤ්චුද්දෙස්සා, පඤ්ච වෙය්යාකරණානීති. ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්චවුත්තං: පඤ්චසු භික්ඛවෙ ධම්මෙසු භික්ඛු සම්මා නිබ්බින්දමානො සම්මා විරජ්ජමානො සම්මා විමුච්චමානො සම්මා පරියන්තදස්සාවී සම්මත්ථාභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. කතමෙසු පඤ්චසු: පඤ්චසු උපාදානක්ඛන්ධෙසු. ඉමෙසු ඛො භික්ඛවෙ පඤ්චසු ධම්මෙසු භික්ඛු සම්මා නිබ්බින්දමානො සම්මා විරජ්ජමානො සම්මා විමුච්චමානො සම්මා පරියන්තදස්සාවී සම්මත්ථාභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. පඤ්ච පඤ්හා, පඤ්චුද්දෙසා පඤ්චවෙය්යාකරණානීති. ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්චවුත්තං.
Sinhala BJT5. පස් පැනෙක, පස් උදෙසුමෙක පස් විමසුමෙකැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද ද යත්: මහණෙනි, දහම් පසෙක මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්ත දක්නා සුල්ලේ සම සභාගත්‍වය දැන දිටුදැමියෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. කවර පසෙක ය යත්: පඤ්ච උපාදානාස්කන්‍ධයෙහිය. මහණෙනි, මේ දහම් පසෙහි මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වය දැන දිටුදැමියෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. පස් පැනෙක, පස් උදෙසුමෙක, පස් විසඳුමෙකැයි. මෙසේ යම් ම බසක් කියන ලද නම් තෙල මෙ පිණිස කියන ලද.