Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු අසෙඛෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන සමාධික්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන පඤ්ඤාක්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන විමුත්තික්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙන සමන්නාගතො හොති, එවං ඛො භික්ඛවෙ භික්ඛු පඤ්චඞ්ගසමන්නාගතො හොති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ අශෛක්‍ෂ්‍ය ශීලස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි, අශෛක්‍ෂ්‍ය සමාධිස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි, අශෛක්‍ෂ්‍ය ප්‍රඥාස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි, අශෛක්‍ෂ්‍ය විමුක්තිස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි, අශෛක්‍ෂ්‍ය විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, මහණ මෙසේ පඤ්චාඞ්ගසමන්‍වාගත වෙයි.
Pali BJTපඤ්චඞ්ගවිප්පහීනො භික්ඛවෙ භික්ඛු පඤ්චඞ්ගසමන්නාගතො ඉමස්මිං ධම්මවිනයෙ කෙවලී වුසිතවා උත්තමපුරිසොති වුච්චතීති.
Sinhala BJTමහණෙනි, පඤ්චාඞ්ගවිප්‍රහීණ පඤ්චාඞ්ගසමන්‍වාගත මහණ තෙම මෙ සස්නෙහි සකලගුණ සමන්‍වාගත වුසූ බඹසර ඇති උත්තමපුරුෂ යයි කියනු ලැබේ.
Pali BJT1. කාමච්ඡන්දො ච ව්යාපාදො ථීනමිද්ධඤ්ච භික්ඛුනො, උද්ධච්චං විචිකිච්ඡා ච සබ්බසොව න විජ්ජති.
Sinhala BJT1. කාමච්ඡන්‍දය, ව්‍යාපාදය, ථිනමිද්ධය, උද්ධච්චකුක්කුච්චය, විචිකිච්ඡාය යන මේ මහණහට සර්‍වප්‍රකාරයෙන් අවිද්‍යාමාන වේ ද
Pali BJT2. අසෙඛෙන ච සීලෙන අසෙඛෙන සමාධිනා විමුත්තියා ච සම්පන්නො ඤාණෙන ච තථාවිධො.
Sinhala BJT2. අශෛක්‍ෂ්‍යශීලයෙනුදු අශෛක්‍ෂ්‍යසමාධියෙනුදු විමුක්තියෙනුදු අශෛක්‍ෂ්‍ය විමුක්තිඥානදර්‍ශනයෙනුදු සමන්‍වාගත එබඳු වූ -
Pali BJT3. ස වෙ පඤ්චඞ්ගසම්පන්නො පඤ්චඞ්ගානිවිවජ්ජයං{1} ඉමස්මිං ධම්මවිනයෙ කෙවලීති පවුච්චතීති.
Sinhala BJT3. පඤ්චාඞ්ගසම්පන්න වූ හේ පඤ්චාඞ්ගයන් හරනේ මේ ධර්‍ම විනයෙහි කේවලී යි කියනු ලැබේ.
Pali BJT10. 1. 2. 3.
Sinhala BJT10. 1. 2. 3.
Pali BJTසංයොජන සුත්තං
Sinhala BJTසංයෝජන සූත්‍රය
Pali BJT[සාවත්ථියං]
Sinhala BJT[සැවැත් නුවර]
Pali BJTදස ඉමානි භික්ඛවෙ සංයොජනානි, කතමානි දස: පඤ්චොරම්භාගියානි සංයොජනානි, පඤ්චුද්ධම්භාගියානි සංයොජනානි.
Sinhala BJTමහණෙනි, මේ දශ සංයෝජනයෙකි. කවර දශයෙක යත්; ඕරම්භාගිය සංයෝජන පසෙක, උද්ධම්භාගිය සංයෝජන පසෙකැයි.
Pali BJTකතමානි පඤ්චොරම්භාගියානි සංයොජනානි: සක්කායදිට්ඨි, විචිකිච්ඡා සීලබ්බතපරාමාසො, කාමච්ඡන්දො, බ්යාපාදොති. ඉමානි පඤ්චොරම්භාගිය සංයොජනානි.
Sinhala BJTපඤ්චෝරම්භාගිය සංයෝජන කවර; සක්කායදිට්ඨිය, විචිකිච්ඡාය, සීලබ්බතපරාමාසය, කාමච්ඡන්‍දය, ව්‍යාපාද යි. මොහු පඤ්චෝරම්භාගිය සංයෝජන යි.
Pali BJTකතමානි පඤ්චුද්ධම්භාගියානි සංයොජනානි: රූපරාගො, අරූපරාගො, මානො, උද්ධච්චං, අවිජ්ජා. ඉමානි ඛො පඤ්චුද්ධම්භාගියානි, සංයොජනානි. ඉමානි ඛො භික්ඛවෙ දසසංයොජනානීති.
Sinhala BJTඋද්ධම්භාගිය සංයෝජන පස කවර; රූපරාගය, අරූපරාගය, මාන ය, උද්ධච්චය, අවිජ්ජා යි. මොහු පඤ්චුද්ධම්භාගිය සංයෝජන යි. මහණෙනි, මොහු දශ සංයෝජන වෙති යි.
Pali BJT10. 1. 2. 4.
Sinhala BJT10. 1. 2. 4.
Pali BJTචෙතොඛිල සුත්තං
Sinhala BJTචේතෝඛිල සූත්‍රය
Pali BJT[සාවත්ථියං]
Sinhala BJT[සැවැත් නුවර]
Pali BJTයස්ස කස්සචි භික්ඛවෙ භික්ඛුස්ස වා භික්ඛුනියා වා පඤ්ච චෙතොඛිලා අප්පහීනා පඤ්ච චෙතසො විනිබන්ධා අසමුච්ඡින්නා, තස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති හානියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු නො වුද්ධි.
Sinhala BJTමහණෙනි, යම් කිසි මහණක්හුගේ වේවයි මෙහෙණකගේ වේවයි පඤ්ච චේතෝඛිලයෝ අප්‍රහීණ වෙත් ද පඤ්ච චේතෝවිනිබන්‍ධයෝ නුසුන්හු ද, ඔහට යම් රැයක් වේවයි දිනක් වේවයි පැමිණේ නම් කුසල ධර්‍මයන්හි හානියෙක් ම කැමැති විය යුතු, වෘද්ධියෙක් නො වේ.
Pali BJTකතමස්ස පඤ්චචෙතොඛිලා අප්පහීනා හොන්ති:
Sinhala BJTඔහුගේ කවර පඤ්ච චේතෝඛිලයෝ අප්‍රහීණ වෙත් ද යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු සත්ථරි කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති, යො සො භික්ඛවෙ භික්ඛු සත්ථරිකඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය එවමස්සායං පඨමො චෙතොඛිලො අප්පහීනො හොති.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක කරනේය, විචිකිච්ඡා කරනේය, නිශ්චයට නො යෙයි. නො පහදනේ ය. මහණෙනි, යම් ඒ මහණෙක් ශෘස්තෘන් වහන්සේ කෙරෙහි සැක කෙරේ ද, විචිකිච්ඡා කෙරේ ද, නිශ්චයට නො යේ ද, නො පහදී ද, ඔහු සිත ආතප්පයට අනුයෝගයට සාතත්‍යයට ප්‍රධන්වීර්‍ය්‍යයට නො නැමෙයි. යමක්හුගේ සිත ආතප්පයට අනුයෝගයට සාතත්‍යයට ප්‍රධන්වීර්‍ය්‍යයට නො නැමේ නම් මෙසේ ඔහුගේ මේ ප්‍රථම චේතෝකිලය අප්‍රහීණ වෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ භික්ඛු ධම්මෙ කඞ්ඛති -පෙ- සඞ්ඝෙ කඞ්ඛති -පෙ- සික්ඛාය කඞ්ඛති -පෙ- සබ්රහ්මචාරීසු කුපිතො හොති අනත්තමනො ආහතචිත්තො ඛිලජාතො. තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. එවමස්සායං පඤ්චමො චෙතොඛිලො අප්පහීනො හොති. ඉමස්ස පඤ්ච චෙතොඛිලා අප්පහීනා හොන්ති.
Sinhala BJTතවද මහණෙනි, මහණ ධර්‍මය කෙරෙහි සැක කෙරෙයි, ... සඞ්ඝයා කෙරෙහි සැක කෙරෙයි, ... ශික්‍ෂායෙහි සැක කෙරෙයි. ... සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ නො සතුටු සිතැතියේ ගැටුණු සිතැත්තේ හටගත් හුල් ඇතියේ වෙයි. ඔහු සිත ආතාපයට අනුයෝගයට සතතභාවයට ප්‍රධන්වීර්‍ය්‍යයට නො නැමෙයි. යමක්හුගේ සිත ආතාපයට අනුයෝගයට සතතභාවයට ප්‍රධන්වීර්‍ය්‍යයට නො නැමේ නම් මෙසේ ඔහුගේ මේ පඤ්චම චේතෝඛිලය අප්‍රහීණ වෙයි. මේ පඤ්ච චේතෝඛිලයෝ අප්‍රහීණ වෙත්.
Pali BJTකතමස්ස පඤ්චචෙතසො විනිබන්ධා අසමුච්ඡින්නො හොන්ති:
Sinhala BJTඔහුගේ කවර කවර පඤ්ච චේතෝවිනිබන්‍ධ කෙනෙක් නුසුන් වෙත් ද යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු කාමෙසු අවීතරාගො හොති අවිගතඡන්දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ්හො. යො සො භික්ඛවෙ භික්ඛු කාමෙසු අවීතරාගො හොති, අවිගතඡන්දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ්හො, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, එවමස්සායං පඨමො චෙතසො විනිබන්ධො අසමුච්ඡින්නො හොති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයන්හි පහ නොවූ රාග ඇතියේ පහ නොවූ ඡන්‍ද ඇතියේ පහ නොවූ රාග ඇතියේ පහ නොවූ ඡන්‍ද ඇතියේ පහ නොවූ ප්‍රේම ඇතියේ පහ නොවූ පිපාසා ඇතියේ පහ නොවූ පරිදාහ ඇතියේ පහ නොවූ තෘෂ්ණා ඇතියේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් කාමයන්හි අවීතරාග වේ ද, අවීගතඡන්‍ද වේ ද, අවිගත පෙම වේද, අවිගත පිපාසා වේ ද, අවිගත පරිදාහ වේ ද, අවිගත තණ්හා වේ ද, ඔහු සිත ආතප්පයට, අනුයෝගයට, සාතත්‍යයට ප්‍රධන්වීර්‍ය්‍යයට නො නැමෙයි. යමක්හුගේ සිත ආතාපයට, අනුයෝගයට, සාතත්‍යයට ප්‍රධානයට නො නැමේ නම්, මෙසේ මේ ඔහුගේ ප්‍රථම චේතෝ විනිබන්‍ධය නුසුන් වෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ භික්ඛු කායෙ අවීතරාගො හොති -පෙ- රූපෙ අවීතරාගො හොති -පෙ- උදරාවදෙහකං භුඤ්ජිත්වා සෙය්යසුඛං ඵස්සසුඛං මිද්ධසුඛං අනුයුත්තො විහරති. අඤ්ඤතරං දෙවනිකායං පණිධාය බ්රහ්මචරියං චරති ‘ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්රහ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි දෙවඤ්ඤතරො වාති. යො සො භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං දෙව නිකායං පණිධාය බ්රහ්මචරියං චරති ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්රහ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි දෙවඤ්ඤතරො වාති. තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, එවමස්සායං පඤ්චමො චෙතසො විනිබන්ධා අසමුච්ඡින්නා හොන්ති. ඉමස්ස පඤ්චචෙතසො විනිබන්ධා අසමුච්ඡින්නා හොන්ති.
Sinhala BJTතවද මහණෙනි, මහණ කයෙහි අවීතරාගි වෙයි ... රූපයෙහි අවීතරාග වෙයි ... කුසපුරා වළඳා ශය්‍යා සුඛයෙහි, ස්පර්‍ශ සුඛයෙහි, මිද්ධ සුඛයෙහි යෙදුනේ වාසය කරයි. එක්තරා දේවනිකායක් පතා බඹසර සෙරෙයි: “මම් මේ සිලින් හෝ වතින් හෝ තෙවෙන් හෝ බඹසෙරන් හෝ දෙවියෙක් හෝ අන්‍යතර දෙවියෙක් හෝ වෙම්ව”යි. මහණෙනි, යම් මහණෙක් එක්තරා දේවනිකායක් පතා බඹසර සෙරේ නම්: “මම් මේ සිලින් හෝ වතින් හෝ තෙවෙන් හෝ බඹසෙරන් හෝ දෙවියෙක් හෝ අන්‍යතර දෙවියෙක් හෝ වෙම්ව”යි. ඔහු සිත ආතාපයට අනුයෝගයට, සාතත්‍යයට ප්‍රධන්වීර්‍ය්‍යයට නො නැමේ. යමකුගේ සිත ආතාපයට අනුයෝගයට, සාතත්‍යයට ප්‍රධන්වීර්‍ය්‍යයට නො නැමේ නම්, මෙසේ ඔහුගේ මේ පඤ්චම චේතෝවිනිබන්‍ධයෝ නුසුන් වෙත්.
Pali BJTයස්ස කස්සචි භික්ඛවෙ භික්ඛුස්ස වා භික්ඛුනියා වා ඉමෙ පඤ්චචෙතොඛිලා අප්පහීනා ඉමෙ පඤ්ච චෙතසො විනිබන්ධා අසමුච්ඡින්නා, තස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති හානියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු නො වුද්ධි.
Sinhala BJTමහණෙනි, යම් කිසි මහණකුගේ වේවයි, මෙහෙණකගේ වේවයි, මේ පඤ්ච චේතෝඛිලයෝ අප්‍රහීණ වෙත් ද, මේ පඤ්ච චේතෝ විනිබද්ධයෝ නුසුන් වෙත් ද ඔහුගේ යම් රැයක් හෝ දවසක් හෝ ඒ නම් කුසල් දහම්හි හානියෙක් ම කැමැති විය යුතු, වෘද්ධියෙක් නො වේ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ කාළපක්ඛෙ චන්දස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති. හායතෙව වණ්ණෙන, හායති මණ්ඩලෙන, හායති ආභාය, හායති ආරොහපරිණාහෙන, එමමෙව ඛො භික්ඛවෙ යස්ස කස්සචි භික්ඛුස්ස වා භික්ඛුනියා වා ඉමෙ පඤ්ච චෙතොඛිලා අප්පහීනා, ඉමෙ පඤ්ච චෙතසො විනිබන්ධා අසමුච්ඡින්නා, තස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති හානියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු නො වුද්ධි.
Sinhala BJTමහණෙනි, යම් පරිදි පසඩමස්හි චන්‍ද්‍රයාගේ යම් බඳු රැයෙක් වේවයි දිනයෙක් වේවයි ඒ නම්, එය වර්‍ණයෙනුදු පිරිහේ මැයි, මණ්ඩලයෙනුදු පිරිහෙයි, ආභායෙනුදු පිරිහෙයි, ආරෝහ පරිණාහයෙනුදු පිරිහේ. මහණෙනි, යම් කිසි මහණක්හු හෝ මෙහෙණකගේ මේ පඤ්ච චේතෝඛිලයෝ අප්‍රහීණ වෙත් නම්, මේ පඤ්ච චේතෝවිනිබන්‍ධයෝ නුසුන් වෙත් නම් ඔහට යම් රැයක් වේවයි දවසෙක් වේවයි ඒ නම් කුශල ධර්‍මයන්හි හානියෙක් ම කැමැති විය යුතු. වෘද්ධියෙක් නො වේ.
Pali BJTයස්ස කස්සචි භික්ඛවෙ භික්ඛුස්ස වා භික්ඛුනියා වා පඤ්ච චෙතොඛිලා පහීනා පඤ්ච චෙතසො විනිබන්ධා සමුච්ඡින්නා{1} තස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති, වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු නො පරිහානි.
Sinhala BJTමහණෙනි, යම් කිසි මහණක්හුගේ වේවයි මෙහෙණක්හුගේ වේවයි පඤ්ච චේතෝඛිලයෝ ප්‍රහීණ වෙත් නම්, පඤ්ච චේතෝවිනිබද්ධයෝ සමුච්ඡින්න වෙත් නම්, ඔහට යම් රැයෙක් හෝ දවසෙක් හෝ ඒ නම් කුශල ධර්‍මයන්හි වෘද්ධියෙක් ම කැමැති විය යුතු. පරිහානියෙක් නො වේ.
Pali BJTකතමස්ස පඤ්ච චෙතොඛිලා පහීනා හොන්ති,
Sinhala BJTඔහුගේ කවර පඤ්ච චේතෝඛිලයෝ ප්‍රහීණ වෙත් ද යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු සත්ථරි න කඞ්ඛති න විචිකිච්ඡති, අධිමුච්චති සම්පසීදති. යො සො භික්ඛවෙ භික්ඛු සත්ථරි න කඞ්ඛති න විචිකිච්ඡති අධිමුච්චති සම්පසීදති, තස්ස චිත්තං නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. එවමස්සායං පඨමො චෙතොඛිලො පහීනො හොති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක නො කරයි. විචිකිච්ඡා නො කරයි. නිශ්චයට යයි. පහදියි. මහණෙනි, යම් ඒ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක නො කෙරේ ද, විචිකිච්ඡා නො කෙරේ ද, විනිශ්චයට යේ ද, පහදී ද ඔහු සිත ආතාපයට අනුයෝගයට සාතත්‍යයට ප්‍රධන්වීර්‍ය්‍යයට නැමෙයි. මෙසේ ඔහුගේ මේ ප්‍රථම චේතෝඛිලය ප්‍රහීණ වෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ භික්ඛු ධම්මෙ න කඞ්ඛති -පෙ- සඞ්ඝෙ න කඞ්ඛති -පෙ- සික්ඛාය න කඞ්ඛති -පෙ- සබ්රහ්මචාරීසු න කුපිතො හොති අත්තමනො න ආහතචිත්තො න ඛිලජාතො, යො සො භික්ඛවෙ භික්ඛු සබ්රහ්මචාරීසු න කුපිතො හොති අත්තමනො න ආහතචිත්තො න ඛිලජාතො තස්ස චිත්තං නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. එවමස්සායං පඤ්චමො චෙතොඛිලො පහීනො හොති. එවමස්ස පඤ්චචෙතොඛිලා පහීනා හොන්ති.
Sinhala BJTතවද මහණෙනි, මහණ ධර්‍මයෙහි සැක නො කරයි. සඞ්ඝයා කෙරෙහි සැක නො කරයි. ශික්‍ෂායෙහි සැක නො කරයි. සබ්‍රම්සරුන් කෙරෙහි නොකිපියේ සතුටු සිතැත්තේ නො ගැටුණු සිතැත්තේ හටගත් හුල් නැතියේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් සබ්‍රම්සරුන් කෙරෙහි නොකිපියේ සතුටු සිතැතියේ නො ගැටුණු සිතැතියේ හටගත් හුල් නැතියේ වේ ද, ඔහුගේ සිත ආතාපයට අනුයෝගයට සාතත්‍යයට ප්‍රධන්වීර්‍ය්‍යයට නැමෙයි. මෙසේ ඔහුගේ මේ පස්වන චේතෝඛිලය ප්‍රහීණ වෙයි. මෙසේ ඔහුගේ පඤ්ච චේතෝඛිලය ප්‍රහීණ වෙත්:
Pali BJTකතමස්ස පඤ්ච චෙතසො විනිබන්ධා සුසමුච්ඡින්නා හොන්ති:
Sinhala BJTඔහුගේ කවර පඤ්චචේතෝවිනිබද්ධ කෙනෙක් සුසමුච්ඡින්ත වෙත් ද යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු කාමෙසු වීතරාගො හොති විගතචිඡන්දො විගතපෙමො විගතපිපාසො විගතපරිළාහො විගතතණ්හො. යො සො භික්ඛවෙ භික්ඛු කාමෙසු වීතරාගො හොති විගතඡන්දො විගතපෙමො විගතපිපාසො විගතපරිළාහො විගතතණ්හො, තස්ස චිත්තං නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. එවමස්සායං පඨමො චෙතසො විනිබන්ධො සුසමුච්ඡින්නො හොති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයන්හි වීතරාග වූයේ විගතච්ඡන්‍ද වූයේ විගතපෙම වූයේ විගතපිපාස වූයේ විගතපරිළාහ වූයේ විගතතණ්හ වූයේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් කාමයන්හි වීතරාග වූයේ විගතච්ඡන්‍ද වූයේ විගතපෙම වූයේ විගතපිපාස වූයේ විගතපරිළාහ වූයේ විගතතණ්හ වූයේ නම් ඔහුගේ සිත ආතාපයට අනුයෝගයට සාතත්‍යයට ප්‍රධන්වීර්‍ය්‍යයට නැමෙයි. මෙසේ ඔහුගේ මේ ප්‍රථම චේතෝවිනිබද්ධය සුසමුච්ඡින්න වෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ භික්ඛු කායෙ වීතරාගො හොති -පෙ- රූපෙ වීතරාගො හොති -පෙ- න යාවදත්ථං, උදරාවදෙහකං භුඤ්ජිත්වා සෙය්යසුඛං පස්සසුඛං මිද්ධසුඛං අනුයුත්තො විහරති. න අඤ්ඤතරං දෙවනිකායං පණිධාය බ්රහ්මචරියං චරති: “ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්රහ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි, දෙවඤ්ඤතරො වා”ති.
Sinhala BJTතවද මහණෙනි, මහණ කයෙහි වීතරාග වෙයි. රූපයෙහි වීතරාග වෙයි. කැමති තාක් කුසපුරා වළඳා සෙය්‍යසුඛයෙහි ඵස්සසුඛයෙහි මිද්ධසුඛයෙහි යෙදුනේ වාසය නො කරයි. එක්තරා දේවනිකායක් පතා බඹසර නො සරයි. “මම් මේ සිලින් හෝ වතින් හෝ තෙවෙන් හෝ බඹසරින් හෝ දෙවියෙක් හෝ එක්තරා දෙවියෙක් හෝ වෙම්වම්ව” යි.
Pali BJTයො සො භික්ඛවෙ භික්ඛු න අඤ්ඤතරං දෙවනිකායං පණිධාය බ්රහ්මචරියං චරති ‘ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්රහ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි දෙවඤ්ඤතරො වා’ ති. තස්ස චිත්තං නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය එවමස්සායං පඤ්චමො චෙතසො විනිබන්ධො සුසමුච්ඡින්නො හොති. ඉමස්ස පඤ්ච චෙතසො විනිබන්ධා සුසමුච්ඡින්නා හොන්ති.
Sinhala BJTමහණෙනි, යම් මහණෙක් එක්තරා දේවනිකායක් පතා බඹසර නො සරා නම්, “මම් මේ සිලින් හෝ වතින් හෝ තෙවෙන් හෝ බ්‍රම්සරින් හෝ දෙවියෙක් හෝ එක්තරා දෙවියෙක් වෙම්ව”යි. ඔහුගේ සිත ආතාපයට, අනුයෝගයට, සාතත්‍යයට, ප්‍රධන්වීර්‍ය්‍යයට නැමෙයි. යමකුගේ සිත ආතාපයට, අනුයෝගයට, සාතත්‍යයට, ප්‍රධන්වීර්‍ය්‍යය නැමේ නම්, මෙසේ ඔහුගේ මේ පස්වන චේතෝවිනිබන්‍ධය සුසමුච්ඡින්න වෙයි. මෙසේ ඔහුගේ පඤ්ච චේතෝවිනිබන්‍ධයෝ සුසමුච්ඡින්න වෙත්.
Pali BJTයස්ස කස්සචි භික්ඛවෙ භික්ඛුස්ස වා භික්ඛුනියා වා ඉමෙ පඤ්චචෙතොඛිලා පහීනා ඉමෙ පඤ්චචෙතසො විනිබන්ධා සුසමුච්ඡින්නා තස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු නො පරිහානි.
Sinhala BJTමහණෙනි, යම් කිසි මහණකුගේ වේ වයි මෙහෙණකගේ වේවයි මේ පඤ්ච චේතෝඛිලයෝ ප්‍රහීණ ද, මේ පඤ්ච චේතෝවිනිබන්‍ධයෝ සුසමුච්ඡන්න ද ඔහට යම් රැයක් වේවයි දවසෙක් වේවයි පැමිණේ නම් කුසල ධර්‍මයන්හි වෘද්ධියෙක් ම කැමැති විය යුතු. පරිහානියෙක් නොවේ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ ජුණ්හපක්ඛෙ චන්දස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති, වඩ්ඪතෙව වණ්ණෙන වඩ්ඪති මණ්ඩලෙන වඩ්ඪති ආභාය වඩ්ඪති ආරොහපරිණාහෙන. එවමෙව ඛො භික්ඛවෙ යස්ස කස්සචි භික්ඛුස්ස වා භික්ඛුනියා වා ඉමෙ පඤ්චචෙතොඛිලා පහීනා ඉමෙ පඤ්චචෙතසො විනිබන්ධා සුසමුච්ඡින්නො, තස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු නො පරිහානීති.
Sinhala BJTමහණෙනි, යම් පරිදි පෙරඩමස සඳුගේ යම් රැයෙක් වේවයි, දවසෙක් වේවයි පැමිණේ නම්, එය වර්‍ණයෙනුදු වඩනේ ම ය, මඬුලුයෙනුදු වඩනේ ම ය, ආභායෙනුදු වඩනේ ය. අරෝහපරිණාහයෙනුදු වඩනේ ය. මහණෙනි, එපරිදි ම යම් කිසි මහණක්හුගේ හෝ මෙහෙණකගේ මේ පඤ්ච චේතෝඛිලයෝ ප්‍රහීණ ද, මේ පඤ්ච චේතෝවිනිබන්‍ධයෝ සුසමුච්ඡින්න ද, ඔ හට යම් රැයෙක් හෝ දවසෙක් හෝ පැමිණේ නම් කුශලධර්‍මයන්හි වෘද්ධියෙක් ම කැමැති විය යුතු. පරිහාණියෙක් නො වේ.
Pali BJT10. 1. 2. 5.
Sinhala BJT10. 1. 2. 5.
Pali BJTඅප්පමාද සුත්තං
Sinhala BJTඅප්‍රමාද සූත්‍රය
Pali BJT1. යාවතා භික්ඛවෙ සත්තා අපදා වා දිපදා වා චතුප්පදා වා බහුප්පදා වා රූපිනො වා අරූපිනො වා සඤ්ඤිනො වා අසඤ්ඤිනො වා නෙවසඤ්ඤීනාසඤ්ඤිනො වා, තථාගතො තෙසං අග්ගමක්ඛායති අරහං සම්මාසබ්බුද්ධො. එවමෙව ඛො භික්ඛවෙ යෙ කෙචි කුසලා ධම්මා, සබ්බෙ තෙ අප්පමාදමූලකා අප්පමාදසමොසරණා, අප්පමාදො තෙසං ධම්මානං{1} අග්ගමක්ඛායති.
Sinhala BJT1. මහණෙනි, අපාද වෙත්වයි ද්විපාද වෙත්වයි චතුෂ්පාද වෙත්වයි බහුප්පාද වෙත්වයි රූපී වෙත්වයි අරූපී වෙත්වයි සංඥී වෙත්වයි අසංඥී වෙත්වයි නෛවසංඥීනාසංඥී වෙත්වයි යම් තාක් සත්ත්‍වයෝ වෙත් නම්, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයෝ උනට අග්‍රහයි කියනු ලබත්. මහණෙනි, එපරිදි ම යම් කිසි කුශල ධර්‍මකෙනෙක් වෙත් නම් උහු හැම අප්‍රමාදය මුල් කොට ඇතියාහු අප්‍රමාදයෙහි වැද ගන්නාහු වෙත්. ඒ දහමුනට අප්‍රමාදය අග්‍රයයි කියනු ලැබේ.
Pali BJT2. සෙය්යථාපි භික්ඛවෙ යානි කානිචි ජඞ්ගමානං{2} පාණානං පදජාතානි, සබ්බානි තානි හත්ථිපදෙ සමොධානං ගච්ඡන්ති, හත්ථිපදං තෙසං අග්ගමක්ඛායති, යදිදං මහන්තත්තෙන, එවමෙව ඛො භික්ඛවෙ යෙ කෙචි කුසලා ධම්මා සබ්බෙ තෙ අප්පමාදමූලකා අප්පමාදසමොසරණා අප්පමාදො තෙසං ධම්මානං අග්ගමක්ඛායති.
Sinhala BJT2. මහණෙනි, ජඞ්ගම ප්‍රාණයන්ගේ යම්බඳු පද ජාතයෙක් ඇත් ද එ හැම ඇත් පියෙහි සමවධානයට යෙත්. ඇත් පිය උනට අග්‍රයි කියනු ලැබේ. මහත් බැවින. මහණෙනි, එ පරිදිම යම් කිසි කුසල් දම්හු වෙත් නම්, එ හැම අප්‍රමාද මූලක වූවාහු අප්‍රමාදයෙහි බැස ගන්නාහු වෙත්. ඒ ධර්‍මයනට අප්‍රමාදය අග්‍ර යයි කියනු ලැබේ.
Pali BJT3. සෙය්යථාපි භික්ඛවෙ කූටාගාරස්ස යා කාචි ගොපානසියො සබ්බා තා කූටඞ්ගමා කූටනින්නා කූටසමොසරණා, කූටො තාසං අග්ගමක්ඛායති. එවමෙව ඛො භික්ඛවෙ යෙ කෙචි කුසලා ධම්මා, සබ්බෙ තෙ අප්පමාදමූලකා අප්පමාදසමොසරණා, අප්පමාදො තෙසං ධම්මානං අග්ගමක්ඛායති.
Sinhala BJT3. මහණෙනි, යම් පරිදි කුළාරගෙහි යම් බඳු ගොනැස්හු වෙත් නම් එ හැම කූටඞ්ගම වූවාහු කූටනිම්න වූවාහු කූටයෙහි බැසගන්නාහු වෙත්. ඔවුනට කූටය අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, එ පරිදි ම යම් කිසි කුශල ධර්‍මයෝ වෙත් නම් ඔහු හැම අප්‍රමාද මූලක වූවාහු අප්‍රමාදයෙහි බැස ගන්නාහු වෙත්. අප්‍රමාදය ඔවුනට අග්‍ර යි කියනු ලැබේ.
Pali BJT4. සෙය්යථාපි භික්ඛවෙ යෙ කෙචි මූලගන්ධා, කාළානුසාරියං තෙසං අග්ගමක්ඛායති, එවමෙව ඛො භික්ඛවෙ -පෙ-
Sinhala BJT4. මහණෙනි, යම් පරිදි කිසි මූලගන්‍ධ කෙනෙක් වෙත් නම්, කළු අගිල් උනට අග්‍ර යි කියනු ලැබේ. මහණෙනි. එපරිදි ම ...
Pali BJT5. සෙය්යථාපි භික්ඛවෙ යෙ කෙචි සාරගන්ධා ලොහිතචන්දනං තෙසං අග්ගමක්ඛායති, එවමෙව ඛො භික්ඛවෙ -පෙ-
Sinhala BJT5. මහණෙනි, යම් පරිදි යම් කිසි සාර (හර) ගන්‍ධ කෙනෙක් වෙත් ද, රත්සඳුන් ඔවුනට අග්‍ර යි කියනු ලැබේ. මහණෙනි. එපරිදි ම ...
Pali BJT6. සෙය්යථාපි භික්ඛවෙ යෙ කෙචි පුප්ඵගන්ධා, වස්සිකං තෙසං අග්ගමක්ඛායති, එවමෙව ඛො භික්ඛවෙ -පෙ-
Sinhala BJT6. මහණෙනි, යම් පරිදි යම් කිසි පුෂ්පගන්‍ධ කෙනෙක් වෙත් නම්, දෑසමන් ඔවුනට අග්‍ර යි කියනු ලැබේ. මහණෙනි. එපරිදි ම ...
Pali BJT7. සෙය්යථාපි භික්ඛවෙ යෙ කෙචි කුඩ්ඩරාජානො, {1}සබ්බෙ තෙ රඤ්ඤො චක්කවත්තිස්ස අනුයන්තා භවන්ති, රාජා තෙසං චක්කවත්ති අග්ගමක්ඛායති, එවමෙව ඛො භික්ඛවෙ -පෙ-
Sinhala BJT7. මහණෙනි, යම් පරිදි කිසි කුඩා රජකෙනෙක් වෙත් නම්, ඔහු හැම සක්විති මහරජු අනුයන්තෘහු වෙත්. සක්විති රජ ඔවුනට අග්‍ර යි කියනු ලැබේ. මහණෙනි. එපරිදි ම ...
Pali BJT8. සෙය්යථාපි භික්ඛවෙ යා කාචි තාරකරූපානං පභා, සබ්බා තා චන්දප්පභාය කලං නාග්ඝන්ති සොළසිං චන්දප්පභා තාසං අග්ගමක්ඛායති, එවමෙව ඛො භික්ඛවෙ -පෙ-
Sinhala BJT8. මහණෙනි, තාරක රූපයන්ගේ යම් බඳු ප්‍රභායෙක් වේ නම් එ හැම චන්‍ද්‍රප්‍රභාවගේ සොළොස් වන කලාවට නො අගී. චන්‍ද්‍ර ප්‍රභාව ඔවුනට අග්‍ර යි කියනු ලැබේ. මහණෙනි. එපරිදි ම ...
Pali BJT9. සෙය්යථාපි භික්ඛවෙ සරදසමයෙ විද්ධො විගතවලාහකෙ දෙවෙ ආදිච්චො නාහං අබ්භුස්සුක්කමානො සබ්බං ආකාසගතං තමගතං අභිවිහච්ච භාසතෙ ච තපතෙ ච විරොචති ච. එවමෙව ඛො භික්ඛවෙ -පෙ-
Sinhala BJT9. මහණෙනි, යම් පරිදි සරාකල්හි පහවූ වලාකුළු ඇති පහන් අහස්හි අහසට නගනා හිරු ආකාශගත හැම අඳුරු නසා බබළා ද තවා ද රස් විහිදුවා ද මහණෙනි, එපරිදි ම ...
Pali BJT10. සෙය්යථාපි භික්ඛවෙ යා කාචි මහානදියො, සෙය්යථීදං: ගඞ්ගා, යමුනා අචිරවතී, සරභූ, මහී, සබ්බා තා සමුද්දඞ්ගමා සමුද්දනින්නා සමුද්දපොනා සමුද්දපබ්භාරා, මහාසමුද්දො තෙසං අග්ගමක්ඛායති. එවමෙව ඛො භික්ඛවෙ යෙ කෙචි කුසලා ධම්මා සබ්බෙ තෙ අප්පමාදමූලකා අප්පමාදසමොසරණා, අප්පමාදො තෙසං ධම්මානං අග්ගමක්ඛායතීති.
Sinhala BJT10. මහණෙනි, යම් පරිදි ගඞ්ගා ය, යමුනා ය, අචිරවතී ය, සරභූ ය, මහී ය යන යම් කිසි මහානදීහු වෙත් නම්, ඔහු හැම මුහුදට යන්නාහු සමුද්‍රනිම්න වූවාහු සමුද්‍ර ප්‍රවණ වූවාහු සමුද්‍ර ප්‍රාග්භාර වූවාහු වෙත්. මහ සමුදුර ඔවුනට අග්‍රයි කියනු ලැබේ. මහණෙනි, එපරිදි ම යම් කිසි කුශල ධර්‍ම කෙනෙක් වෙත් නම් ඔහු හැම අප්‍රමාදය මූලක වූහු අප්‍රමාදයෙහි බැස ගන්නාහු වෙත්. අප්‍රමාදය ඒ ධර්‍මයනට අග්‍රය යි කියනු ලැබේ යි.
Pali BJT10. 1. 2. 6.
Sinhala BJT10. 1. 2. 6.
Pali BJTආහුනෙය්ය සුත්තං
Sinhala BJTආහුනෙය්‍ය සූත්‍රය
Pali BJTදස ඉමෙ භික්ඛවෙ පුග්ගලා ආහුනෙය්යා පාහුනෙය්යා දක්ඛිණෙය්යා අඤ්ජලිකරණීයා අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙ දස:
Sinhala BJTමහණෙනි, මේ පුද්ගලයෝ දස දෙන ආහුනාර්‍හ ද ප්‍රාඝුණාර්‍හ ද දක්‍ෂිණාර්‍හ ද අඤ්ජලිකරණාර්‍හ ද ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රද වෙත්. කවර දස දෙනෙක යත්:
Pali BJTතථාගතො අරහං සම්මාසම්බුද්ධො, පච්චෙකබුද්ධො, උභතොභාග විමුත්තො, පඤ්ඤාවිමුත්තො, කායසක්ඛී, දිට්ඨිප්පත්තො, සද්ධාවිමුත්තො, ධම්මානුසාරී, සද්ධානුසාරී, ගොත්රභූ.
Sinhala BJTතථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයහ, ප්‍රත්‍යෙක බුද්ධයහ, උභතෝ භාග විමුක්ත ය, ප්‍රඥා විමුක්ත ය, කායසාක්‍ෂී ය, දෘෂ්ටිප්‍රාප්ත ය, ශ්‍රද්ධාවිමුක්ත ය, ධර්‍මානුසාරී ය, ශ්‍රද්ධානුසාරී ය, ගෝත්‍රභූ යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ දස පුග්ගලා ආහුනෙය්යා පාහුනෙය්යා, දක්ඛිණෙය්යා, අඤ්ජලිකරණීයා අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTමහණෙනි, මේ දස පුඟුල්හු ආහුනාර්‍හ, ප්‍රාඝුණාර්‍හ, දක්‍ෂිණාර්‍හයහ, අඤ්ජලිකරණීයහ, ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර යි.
Pali BJT10. 1. 2. 7.
Sinhala BJT10. 1. 2. 7.
Pali BJTපඨම නාථකරණ සුත්තං
Sinhala BJTප්‍රථම නාථකරණ සූත්‍රය
Pali BJTසනාථා භික්ඛවෙ විහරථ, මා අනාථා. දුක්ඛං භික්ඛවෙ අනාථො විහරති. දස ඉමෙ භික්ඛවෙ නාථකරණා ධම්මා. කතමෙ දස:
Sinhala BJTමහණෙනි, සනාථ වූවාහු වසවු, නහමක් අනාථ වවු, මහණෙනි, අනාථ වූයේ දුකසේ වසනේ ය. මහණෙනි, මේ නාථකරණධර්‍ම දශයෙක; කවර දසයෙක යත්:
Pali BJT1. ඉධ භික්ඛවෙ භික්ඛු සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො, අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. යම්පි භික්ඛවෙ භික්ඛු සීලවා හොති -පෙ- සමාදාය සික්ඛති සික්ඛාපදෙසු, අයම්පි ධම්මො නාථකරණො.
Sinhala BJT1. මහණෙනි, මෙසස්නෙහි භික්‍ෂූ සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවෘත වූයේ ආචාර ගෝචර සම්පන්න වූයේ වාසය කරයි. අණුමාත්‍ර වරදෙහිදු බිය දක්නා සුල්ලේ සමාදන් කොට ගෙන සික පෙදෙහි හික්මෙයි. මහණෙනි, යම් හෙයකින් මහණ සිල්වත් වේ ද … සමාදන් කොටගෙන ශික්‍ෂාපදයන්හි හික්මේ නම්, මෙ ද නාථකරණ ධර්‍මයෙකි.
Pali BJT2. පුන චපරං භික්ඛවෙ භික්ඛු බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො, යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථා, සබ්යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා, යම්පි භික්ඛවෙ භික්ඛු බහුස්සුතො හොති -පෙ- දිට්ඨියා සුප්පටිවිද්ධා, අයම්පි ධම්මො නාථකරණො.
Sinhala BJT2. තවද මහණෙනි, මහණ ශ්‍රැතධර වූයේ මුළු කොටගත් ශ්‍රැත ඇතියේ බහුශ්‍රුත වෙයි. ආදියෙහි කලණ වූ මධ්‍යයෙහි කළණ වූ පර්‍ය්‍යවසානයෙහි කළණ වූ සාර්‍ත්‍ථ වූ සව්‍යඤ්ජන වූ යම් ඒ දහම් කෙනෙක් කේවල පරිපූර්‍ණ පරිසුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය කියත් නම්, ඔහු විසින් එබඳු ධර්‍මයෝ බහුශ්‍රුත වෙත්, වචනයෙන් ධෘත වෙත්, පරිචිත වෙත්, මනසින් අනුප්‍රේක්‍ෂිත වෙත්, ප්‍රඥා දෘෂ්ටියෙන් සුප්‍රතිවිද්ධ වෙත්, මහණෙනි, යම් හෙයෙකින් මහණ බහුශ්‍ර වේ නම් ... දෘෂ්ටියෙන් සුප්‍රතිවිද්ධ වෙත් නම්, මෙ දහම ද නාථකරණ වෙයි.
Pali BJT3. පුන චපරං භික්ඛවෙ භික්ඛු කල්යාණමිත්තො හොති කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො, යම්පි භික්ඛවෙ භික්ඛු කල්යාණමිත්තො හොති, කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො, අයම්පි ධම්මො නාථකරණො.
Sinhala BJT3. තවද මහණෙනි, මහණ කලණ මිතුරන් ඇතියේ කලණ යහළුවන් ඇතියේ කල්‍යාණ සම්ප්‍රවඞ්ක වෙයි. මහණෙනි, යම් හෙයකින් මහණ කලණ මිතුරන් ඇති කලණ යහළුවන් ඇති කල්‍යාණ සම්ප්‍රවඞ්කයෙක් වේ නම්, මේ ද නාථකරණ ධර්‍මයෙකි.
Pali BJT4. පුන චපරං භික්ඛවෙ භික්ඛු සුවචො හොති සොවචස්සකරණෙහි ධම්මෙහි සමන්නාගතො ඛමො පදක්ඛිණග්ගාහී අනුසාසනිං. යම්පි භික්ඛවෙ භික්ඛු සුවචො හොති සොවචස්සකරණෙහි ධම්මෙහි සමන්නාගතො ඛමො පදක්ඛිණග්ගාහී අනුසාසනිං, අයම්පි ධම්මො නාථකරණො.
Sinhala BJT4. තවද මහණෙනි, මහණ සුවච බව කරන ධර්‍මයන්ගෙන් සමන්‍වාගත වූයේ සැහිය හැකියේ පැදකුණෙන් අනුශාසනය පිළිගන්නා සුල්ලේ සුවච වේ. මහණෙනි, යම් හෙයකින් මහණ සෝවචස්ස කරණ ධර්‍මයෙන් සමන්‍වාගත වූයේ සැහිය හැකිසේ අනුසස්න පැදකුණින් ගන්නා සුල්ලේ සුවච වේ නම්, මෙ ද නාථකරණ ධර්‍මයෙකි.
Pali BJT5. පුන චපරං භික්ඛවෙ භික්ඛු යානි තානි සබ්රහ්මචාරීනං උච්චාවචානි කිඞ්කරණීයානි, තත්ථ දක්ඛො හොති අනලසො තත්රූපායාය වීමංසාය සමන්නාගතො අලං කාතුං අලං සංවිධාතුං. යම්පි භික්ඛවෙ භික්ඛු යානිතානි සබ්රහ්මචාරීනං උච්චාවචානි කිංකරණීයානි, තත්ථ දක්ඛො හොති අනලසො තත්රූපායාය වීමංසාය සමන්නාගතො අලං කාතුං අලං සංවිධාතුං. අයම්පි ධම්මො නාථකරණො.
Sinhala BJT5. තවද මහණෙනි, මහණ සබ්‍රම්සරුන්ගේ යම් කුදුමහත් කුම්කරණීහු වෙත් නම් එහි අනලස වූයේ තත්‍රෝපායඥානයෙන් සමන්‍වාගත වූයේ කරනට සමත් වූයේ සංවිධානයට සුදුසු වූයේ දක්‍ෂ වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ සබ්‍රම්සරුන්ගේ කුදුමහත් යම් කුම්කරණීහු වෙත් නම්, එහි අනලස වූයේ තත්‍රෝපායඥානයෙන් සමන්‍වාගත වූයේ කිරීමට සමත් වූයේ සංවිධානයට සුදුසු වූයේ දක්‍ෂවේ නම්, මෙ ද නාථකරණ ධර්‍මයෙකි.
Pali BJT6. පුන චපරං භික්ඛවෙ භික්ඛු ධම්මකාමො හොති පියසමුදාහාරො අභිධම්මෙ අභිවිනයෙ උළාරපාමොජ්ජො. යම්පි භික්ඛවෙ භික්ඛු ධම්මකාමො හොති පියසමුදාහාරො අභිධම්මෙ අභිවිනයෙ උළාරපාමොජ්ජො අයම්පි ධම්මො නාථකරණො.
Sinhala BJT6. තවද මහණෙනි, මහණ තෙවළා දහම් කැමැතියේ පරහට දහම් දෙසනු කැමැතියේ අභිධර්‍මයෙහි අභිවිනයෙහි මහත් ප්‍රාමෝද්‍යය ඇතියේ වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ දහම් කැමැතියේ පරහට ප්‍රිය දේශනා ඇතියේ අභිධර්‍මයෙහි අභිවිනයෙහි මහත් ප්‍රාමෝද්‍යය ඇතියේ වේ නම්, මෙ ද නාථකරණ ධර්‍මයෙකි.
Pali BJT7. පුන චපරං භික්ඛවෙ භික්ඛු ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු, යම්පි භික්ඛවෙ භික්ඛු ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු, අයම්පි ධම්මො නාථකරණො.
Sinhala BJT7. තවද මහණෙනි, මහණ අකුසල් දහමුන්ගේ ප්‍රහාණය සඳහා කුසල් දහමුන්ගේ උපසම්පත් සඳහා ඇරඹූ වැර ඇතියේ ස්ථාමවත් වූයේ දළ පැරකුම් ඇතියේ කුශලධර්‍මයන්හි නො බහා තැබූ වීර්‍ය්‍යධූර ඇතියේ වාසය කරයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ අකුසල් දහමුන්ගේ ප්‍රහාණය සඳහා කුසල් දහමුන්ගේ උපසම්පත් සඳහා ඇරඹු වැර ඇතියේ ස්ථාමවත් වූයේ දළ පැරකුම් ඇතියේ කුසල් දම්හි නො බහා තැබූ වැර ඇතියේ වාසය කෙරේ නම්, මෙ ද නාථකරණ ධර්‍මයෙක.
Pali BJT8. පුන චපරං භික්ඛවෙ භික්ඛු සන්තුට්ඨො හොති ඉතරීතරචීවර පිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරෙන, යම්පි භික්ඛවෙ භික්ඛු සන්තුට්ඨො හොති ඉතරීතරචීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන, අයම්පි ධම්මො නාථකරණො.
Sinhala BJT8. තවද මහණෙනි, මහණ ඉතරෙතර චීවර පිණ්ඩපාත සේනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාරයෙන් සතුටු වූයේ වෙයි. මහණෙනි, යම්හෙයෙකින් මහණ ඉතරෙතර චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාරයෙන් සතුටු වූයේ වේ නම්, මෙ ද නාථකරණ ධර්‍මයෙකි.
Pali BJT9. පුන චපරං භික්ඛවෙ භික්ඛු සතිමා හොති පරමෙන සතිනෙපක්කෙන සමන්නාගතො චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා, යම්පි භික්ඛවෙ භික්ඛු සතිමා හොති පරමෙන සතිනෙපක්කෙන සමන්නාගතො චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා, අයම්පි ධම්මො නාථකරණො.
Sinhala BJT9. තවද මහණෙනි, මහණ සිහි ඇතියේ පරම ස්මෘති සම්ප්‍රජන්‍යයෙන් සමන්‍වාගත වූයේ චිරකෘතයත් චිරභාසිතයත් සමරනුයේ අනුස්මරණ කරනුයේ වෙයි. මහණෙනි. යම් හෙයෙකින් මහණ සිහි ඇතියේ පරම ස්මෘති සම්ප්‍රජන්‍යයෙන් සමන්‍වාගත වූයේ චිරකෘතයත් චිරභාසිතයත් සමරනුයේ අනුස්මරණ කරනුයේ වේ නම්, මෙ ද නාථකරණ ධර්‍මයෙකි.
Pali BJT10. පුන චපරං භික්ඛවෙ භික්ඛු පඤ්ඤ වා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා. යම්පි භික්ඛවෙ භික්ඛු පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා. අයම්පි ධම්මො නාථකරණො.
Sinhala BJT10. තවද මහණෙනි, මහණ ප්‍රඥාවත් වූයේ ආර්‍ය්‍ය වූ ක්ලේශ නිර්වේධයට හිත වූ මොනොවට දුඃඛක්‍ෂයයට යන උදයාස්තගාමිනී ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ ප්‍රඥාවත් වූයේ ආර්‍ය්‍ය වූ නිර්වේධයට හිත වූ මැනැවින් දුක් නැසුමට යන උදයාස්තගාමිනී ප්‍රඥායෙන් සමන්‍වාගත වේ නම්, මෙ ද නාථකරණ ධර්‍මයෙකි.
Pali BJTසනාථා භික්ඛවෙ විහරථ, මා අනාථා. දුක්ඛං භික්ඛවෙ අනාථො විහරති, ඉමෙ ඛො භික්ඛවෙ දස නාථකරණා ධම්මාති.
Sinhala BJTමහණෙනි, සනාථ වූවෝ වසවු, නහමක් අනාථ වවු, මහණෙනි, අනාථ වූයේ දුකසේ වාසය කරයි. මහණෙනි, මේ දස නාථකරණ ධර්‍මයෝ යි.
Pali BJT10. 1. 2. 8.
Sinhala BJT10. 1. 2. 8.
Pali BJTදුතියනාථකරණ සුත්තං
Sinhala BJTදුතිය නාථකරණ සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTසනාථා භික්ඛවෙ විහරථ, මා අනාථා, දුක්ඛං භික්ඛවෙ අනාථො විහරති. දස ඉමෙ භික්ඛවෙ නාථකරණා ධම්මා. කතමෙ දස:
Sinhala BJTමහණෙනි, සනාථ වූවෝ වාසය කරවු, නහමක් අනාථ වවු. මහණෙනි, අනාථ වූයේ දුකසේ වාසය කරයි. මහණෙනි, මේ නාථ කරණ ධර්‍ම දශයෙක, කවර දශයෙක යත්:
Pali BJT1. ඉධ භික්ඛවෙ භික්ඛු සීලවා හොති -පෙ- සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. ‘සීලවා වතායං භික්ඛු හොති පාතිමොක්ඛ සංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසූ’ති. ථෙරාපි නං භික්ඛු වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති. මජ්ඣිමාපි භික්ඛු -පෙ- නවාපි භික්ඛු වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති. තස්ස ථෙරානුකම්පිතස්ස ... මජ්ඣිමානුකම්පිතස්ස ... නවානුකම්පිතස්ස වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො පරිහානි. අයම්පි ධම්මො නාථකරණො.
Sinhala BJT1. මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි ... සමාදන් කොට ගෙන සික පෙදෙහි හික්මෙයි. “මේ මහණ එකැතින් සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවෘත වූයේ ආචාරගෝචර සම්පන්න වූයේ වාසය කරයි. අණුමාත්‍රවද්‍යයෙහිදු භය දක්නා සුල්ලේ සමාදන් කොට ගෙන සික පෙදෙහි හික්මේ ය”යි. තෙර මහණහු ද ඔහු කිවයුතු කොට අනුසැසිය යුතු කොට හඟිත්. මැදි මහණ හුද ... සගමහණහුද ඔහු කිවයුතු කොට අනුසැසිය යුතු කොට හඟිත්. තෙරුන් විසින් අනුකම්පිත - මැදි මහණුන් විසින් අනුකම්පිත- සග මහණුන් විසින් අනුකම්පිත ඔහට කුශල ධර්‍මයන්හි වෘද්ධියෙක් ම කැමැති විය යුතු. පරිහානියෙක් නොවේ. මෙ ද නාථකරණ ධර්‍මයෙකි.
Pali BJT2. පුන චපරං භික්ඛවෙ භික්ඛු බහුස්සුතො හොති -පෙ- දිට්ඨියා සුප්පටිවිද්ධා. ‘බහුස්සුතො වතායං භික්ඛු සුතධරො සුතසන්නිචයො, යෙ තෙ ධම්මා ආදිකල්යාණා -පෙ- සාත්ථා, සබ්යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති. තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා’ති. ථෙරාපි නං භික්ඛු වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති. මජ්ඣිමාපි භික්ඛු -පෙ- නවාපි භික්ඛු වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති. තස්ස ථෙරානුකම්පිතස්ස ... මජ්ඣිමානුකම්පිතස්ස ... නවානුකම්පිතස්ස වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු,නො පරිහානි. අයම්පි ධම්මො නාථකරණො.
Sinhala BJT2. තවද මහණෙනි, මහණ බහුශ්‍රුත වෙයි. ... දෘෂ්ටියෙන් සුප්‍රතිවිද්ධ වෙත්. “එකැතින් මේ මහණ බහුශ්‍රුත ය, ශ්‍රැතධර ය, ශ්‍රැතසන්තිචයෙක්, ආදිකල්‍යාණ ... සාර්‍ත්‍ථ, සව්‍යඤ්ජන වූ යම් ධර්‍ම කෙනෙක් කේවල පරිපූර්‍ණ, පරිශුද්ධ, බ්‍රහ්මචර්‍ය්‍ය පවසත් නම් එබඳු ධර්‍මයෝ මොහු විසින් බහුශ්‍රැතයහ, ධෘතයහ, වචනයෙන් පරිචිතයහ, සිතින් අනුප්‍රේක්‍ෂිතයහ. දිටුහයෙන් මොනොවට පිළිවිදුනහ”යි ස්ථිවිර භික්‍ෂූහු ද ඔහු කියයුතු කොට අනුසැසිය යුතු කොට හඟිත්. මධ්‍යම භික්‍ෂූහු ද ... නවක භික්‍ෂූහු ද ඔහු වක්තව්‍යයකු කොට අනුශාසයිතව්‍ය කොට හඟිත්. ස්ථවිරානුකම්පිත - මධ්‍යමානුකම්පිත - නවානුකම්පිත ඔහට කුශල ධර්‍මයන්හි වෘද්ධියෙක් ම කැමැති විය යුතු. පරිහානියෙක් නො වේ. මෙ ද නාථකරණ ධර්‍මයෙකි.
Pali BJT3. පුන චපරං භික්ඛවෙ භික්ඛු කල්යාණමිත්තො හොති කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො. ‘කල්යාණමිත්තො වතායං භික්ඛු කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො’ති ථෙරාපි නං වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති. මජ්ඣිමාපි භික්ඛු -පෙ- නවාපි භික්ඛු වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති. තස්ස ථෙරානුකම්පිතස්ස මජ්ඣිමානුකම්පිතස්ස නවානුකම්පිතස්ස වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො පරිහානි, අයම්පි ධම්මො නාථකරණො.
Sinhala BJT3. තවද මහණෙනි, මහණ කලණ මිතුරන් ඇතියේ කලණ යහළුවන් ඇතියේ කල්‍යාණ සම්ප්‍රවඞ්කයෙක් වෙයි. “මේ මහණ එකැතින් කලණ මිතුරන් ඇතියෙක්, කලණ යහළුවන් ඇතියෙක්, කල්‍යාණ සම්ප්‍රවඞ්කැ”යි ස්ථවිර භික්‍ෂූහු දු ඔහු වක්තව්‍යයකු කොට අනුශාස්‍යයකු කොට හඟිත්. මධ්‍යම භික්‍ෂූහු ද ... නවක භික්‍ෂූහු ද ඔහු වක්තව්‍යයකු අනුශාස්‍යයකු කොට හඟිත්. ස්ථවිරානුකම්පිත - මධ්‍යානුකම්පිත - නවකානුකම්පිත ඔහට කුශල ධර්‍මයන්හි වෘද්ධියෙක් ම වෙයි. පරිහානියෙක් නොවේ. මෙ ද නාථකරණ ධර්‍මයෙකි.
Pali BJT4. පුන චපරං භික්ඛවෙ භික්ඛු සුවචො හොති සොවචස්සකරණෙහි ධම්මෙහි සමන්නාගතො ඛමො පදක්ඛිණග්ගාහී අනුසාසනිං. සුවචො වතායං භික්ඛු සොවචස්සකරණෙහි ධම්මෙහි සමන්නාගතො ඛමො පදක්ඛිණග්ගාහී අනුසාසනින්ති ථෙරාපි නං වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති. මජ්ඣිමාපි -පෙ- නවාපි භික්ඛු වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති. තස්ස ථෙරානුකම්පිතස්ස මජ්ඣිමානුකම්පිතස්ස නවානුකම්පිතස්ස වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො පරිහානි. අයම්පි ධම්මො නාථකරණො.
Sinhala BJT4. තවද මහණෙනි, මහණ සෞවචස්සකාර ධර්‍මයෙන් සමන්‍වාගත වූයේ සැහිය හැකියේ අනුශාසනාව පැදකුණින් ගන්නා සුල්ලේ සුවච වෙයි. “එකැතින් මෙ මහණ සුවචය, සෝවචස්සකාර ධර්‍මයෙන් සමන්‍වාගතයෙක. සැහිය සැකියෙක, පැදකුණින් අනුසස්න ගන්නා සුල්ලෙකැ”යි ස්ථවිර භික්‍ෂූහුද ඔහු වක්තව්‍යයකු අනුශාස්‍යයකු කොට හඟිත්. මධ්‍යම භික්‍ෂූහු ද ... නවක භික්‍ෂූහු ද ඔහු වක්තව්‍යයකු අනුශාස්‍යයකු කොට හඟිත්. ස්ථවිරානුකම්පිත - මධ්‍යමානුකම්පිත - නවකානුකම්පිත ඔහට කුශල ධර්‍මයන්හි වෘධියෙක් ම කැමැති විය යුතු, පරිහානියෙක් නො වේ. මෙ ද නාථකරණ ධර්‍මයෙක.
Pali BJT5. පුන චපරං භික්ඛවෙ භික්ඛු යානි තානි සබ්රහ්මචාරීනං උච්චාවචානි කිඞ්කරණීයානි, තත්ථ දක්ඛො හොති අනලසො, තත්රූපායාය වීමංසාය සමන්නාගතො අලං කාතුං අලං සංවිධාතුං, යානි තානි සබ්රහ්මචාරීනං උච්චාවචානි කිංකරණීයානි, තත්ථ දක්ඛො වතායං භික්ඛු අනලසො තත්රූපායාය වීමංසාය සමන්නාගතො අලංකාතුං අලංසංවිධාතුන්ති. ථෙරාපි නං වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති. මජ්ඣිමාපි භික්ඛු -පෙ- නවාපි භික්ඛු වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති. තස්ස ථෙරානුකම්පිතස්ස මජ්ඣිමානුකම්පිතස්ස නවානුකම්පිතස්ස වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො පරිහානි. අයම්පි ධම්මො නාථකරණො.
Sinhala BJT5. තවද මහණෙනි, මහණ සබ්‍රම්සරුන්ගේ යම් කුදු මහත් කුමුකරණී වෙත් නම් එහි දක්‍ෂ වූයේ අනලස් වෙයි. තත්‍රෝපාය වීමංසායෙන් සමන්‍වාගත වූයේ කිරීමට සුදුසු වෙයි. සංවිධානයට සුදුසු වෙයි, “එකැතින් මේ මහණ සබ්‍රම්සරුන්ගේ යම් ඒ කුදු මහත් කුමුකරණීහු වෙත් නම් එහි දක්‍ෂ වූයේ අනලස් වෙයි. තත්‍රෝපාය වීමංසායෙන් සමන්‍වාගත වූයේ කිරීමට සමත් වෙයි. සංවිධාන කිරීමට සමත් වේ යයි ස්ථවිර භික්‍ෂූහු ද ඔහු වක්තව්‍යයකු කොට අනුශාස්‍යයකු කොට හඟිත්. මධ්‍යම භික්‍ෂූහු ද ... නවක භික්‍ෂූහු ද ඔහු වක්තව්‍යයකු කොට අනුශාස්‍යයකු කොට හඟිත්. ස්ථවිරානුකම්පිත - මධ්‍යමානුකම්පිත - නවකානුකම්පිත ඔහට කුශල ධර්‍මයන්හි වෘද්ධියෙක් ම කැමැති විය යුතු, පරිහානියෙක් නො වේ. මෙ ද නාථකරණ ධර්‍මයෙක.
Pali BJT6. පුන චපරං භික්ඛවෙ භික්ඛු ධම්මකාමො හොති පියසමුදාහාරො, අභිධම්මෙ අභිවිනයෙ උළාරපාමොජ්ජො. ‘ධම්මකාමො වතායං භික්ඛු පියසමුදාහාරො අභිධම්මෙ අභිවිනයෙ උළාරපාමොජ්ජො’ති ථෙරාපි නං භික්ඛු වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති. මජ්ඣිමාපි -පෙ- නවාපි භික්ඛු වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති. තස්ස ථෙරානුකම්පිතස්ස මජ්ඣිමානුකම්පිතස්ස නවානුකම්පිතස්ස වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො පරිහානි. අයම්පි ධම්මො නාථකරණො.
Sinhala BJT6. තවද මහණෙනි, මහණ තෙවළා දම් කැමැතියේ ප්‍රිය කථා ඇතියේ අභිධර්‍මයෙහි අභිවිනයෙහි මහත් ප්‍රාමෝද්‍ය ඇතියේ වෙයි. “එකැතින් මෙ මහණ ධර්‍මකාම වූයේ ප්‍රිය කථා ඇතියේ අභිධර්‍මයෙහි අභිවිනයෙහි මහත් ප්‍රාමෝද්‍ය ඇත්තෙකැ”යි ස්ථවිර භික්‍ෂූහු ද ඔහු වක්තව්‍යයකු කොට අනුශාසිතව්‍යයකු කොට හඟිත්. මධ්‍යම භික්‍ෂූහු ද ... නවක භික්‍ෂූහු ද ඔහු වක්තව්‍යයකු අනුශාසිතව්‍යයකු කොට හඟිත්. ස්ථවිරානුකම්පිත - මධ්‍යමානුකම්පිත - නවකානුකම්පිත ඔහට කුශලධර්‍මයන්හි වෘධියෙක ම කැමැති විය යුතු, පරිහානියෙක් නො වේ. මෙ ද නාථකරණ ධර්‍මයෙක.
Pali BJT7. පුන චපරං භික්ඛවෙ භික්ඛු ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු ‘ආරද්ධවිරියො වතායං භික්ඛු විහරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු’ති ථෙරාපි නං භික්ඛු වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති. මජ්ඣිමාපි භික්ඛු -පෙ- නවාපි භික්ඛු වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති. තස්ස ථෙරානුකම්පිතස්ස මජ්ඣිමානුකම්පිතස්ස නවානුකම්පිතස්ස වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො පරිහානි. අයම්පි ධම්මො නාථකරණො.
Sinhala BJT7. තවද මහණෙනි, මහණ අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශල ධර්‍මයන්ගේ උපසම්පත් පිණිස ඇරඹූ වැර ඇතියේ ස්ථාමවත් වූයේ දළපැරකුම් ඇතියේ කුශල් දහම් හි බහා නො තැබූ වැර ඇතියේ වෙසෙයි, “එකැතින් මෙ මහණ අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලධර්‍මයන්ගේ උපසම්පත් පිණිස, ඇරඹූ වැර ඇතියේ ස්ථාමවත් වූයේ දළපැරකුම් ඇතියේ කුශලධර්‍මයන්හි නො බහා තැබූ වීර්‍ය්‍යධූර ඇතියෙකැ”යි. ස්ථවිර භික්‍ෂූහු ද ඔහු වක්තව්‍යකු කොට අනුශාසිතව්‍යයකු කොට හඟිත්. මධ්‍යම භික්‍ෂූහු ද ... නවක භික්‍ෂූහු ද ඔහු වක්තව්‍යයකු අනුශාසිතව්‍යයකු කොට හඟිත්. ස්ථවිරානුකම්පිත - මධ්‍යමානුකම්පිත - නවකානුකම්පිත ඔහට කුශල ධර්‍මයන්හි වෘද්ධියෙක්ම කැමැති විය යුතු. පරිහානියෙක් නො වේ. මෙ ද නාථකරණ ධර්‍මයෙක.
Pali BJT8. පුන චපරං භික්ඛවෙ භික්ඛු සන්තුට්ඨො හොති ඉතරීතරචීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන ‘සන්තුට්ඨො වතායං භික්ඛු ඉතරීතරචීවර පිණ්ඩපාතසෙනාසන ගිලානපච්චය භෙසජ්ජපරික්ඛාරෙනා’ති ථෙරාපි නං භික්ඛු වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති, මජ්ඣිමාපි භික්ඛු -පෙ- වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති. තස්ස ථෙරානුකම්පිතස්ස මජ්ඣිමානුකම්පිතස්ස නවානුකම්පිතස්ස වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො පරිහානි. අයම්පි ධම්මො නාථකරණො.
Sinhala BJT8. තවද මහණෙනි, මහණ ඉතරෙතර චීවර පිණ්ඩපාතශයනාසන ග්ලාන ප්‍රත්‍යය භෛෂජ්ජ්‍ය පරිෂ්කාරයෙන් සතුටු වෙයි. “එකැතින් මෙ මහණ ඉතරෙතර චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්ජ්‍ය පරිෂ්කාරයෙන් සතුටු වේ”යි ස්ථවිර භික්‍ෂූහු ද ඔහු වක්තව්‍යයකු අනුශාසිතව්‍යයකු කොට හඟිත්, මධ්‍යම භික්‍ෂූහු ද ... නවක භික්‍ෂූහු ද ඔහු වක්තව්‍යයකු අනුශාසිතව්‍යයකු කොට හඟිත්. ස්ථවිරානුකම්පිත - මධ්‍යානුකම්පිත - නවකානුකම්පිත ඔහට කුශල ධර්‍මයන්හි වෘද්ධියෙක් ම වෙයි. පරිහානියෙක් නො වෙයි. මෙ ද නාථකරණ ධර්‍මයෙක.
Pali BJT9. පුන චපරං භික්ඛවෙ භික්ඛු සතිමා හොති පරමෙන සතිනෙපක්කෙන සමන්නාගතො චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා. ‘සතිමා වතායං භික්ඛු පරමෙන සතිනෙපක්කෙන සමන්නාගතො චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා’ති ථෙරාපි නං භික්ඛු වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති. මජ්ඣිමා පි -පෙ- නවා පි නං භික්ඛු වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති. තස්ස ථෙරානුකම්පිතස්ස මජ්ඣිමානුකම්පිතස්ස නවානුකම්පිතස්ස වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො පරිහානි. අයම්පි ධම්මො නාථකරණො.
Sinhala BJT9. තවද මහණෙනි, මහණ ස්මෘතිමත් වූයේ පරමස්මෘතිසම්ප්‍රජන්‍යයෙන් යුක්ත වූයේ චිරකෘතය ද චිරභාෂිතය ද සමරනුයේ අනුස්මරණය කරනුයේ වෙයි: “එකැතින් මේ මහණ ස්මෘතිමත් වූයේ පරම ස්මෘතිසම්ප්‍රජන්‍යයෙන් සමන්‍වාගත වූයේ චිරකෘතය ද චිරභාෂිතය ද සමරනුයේ අනුස්මරණය කරනුයේ වෙයි. ස්ථවිර භික්‍ෂූහු ද ඔහු වක්තව්‍යයකු අනුශාසිතව්‍ය කොට හඟිත්. මධ්‍යම භික්‍ෂූහු ද ... නවක භික්‍ෂූහු ද ඔහු වක්තව්‍යයකු අනුශාසිතව්‍යයකු කොට හඟිත්. ස්ථවිරානුකම්පිත මධ්‍යානුකම්පිත - නවකානුකම්පිත ඔහට කුශල ධර්‍මයන්හි වෘද්ධියෙක් ම වෙයි. පරිහානියෙක් නො වෙයි. මෙ ද නාථකරණ ධර්‍මයෙක.
Pali BJT10. පුන චපරං භික්ඛවෙ භික්ඛු පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා පඤ්ඤවා වතායං භික්ඛු උදයත්ථගාමිනියා ‘පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා’ති ථෙරාපි නං භික්ඛූ වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති, මජ්ඣිමා පි භික්ඛු -පෙ- නවා පි භික්ඛු වත්තබ්බං අනුසාසිතබං මඤ්ඤන්ති. තස්ස ථෙරානුකම්පිතස්ස- මජ්ඣිමානුකම්පිතස්ස-නවානුකම්පිතස්ස වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො පරිහානි. අයම්පි ධම්මො නාථකරණො.
Sinhala BJT10. තවද මහණෙනි, මහණ ප්‍රඥාවත් වූයේ ආර්‍ය්‍ය වූ ක්ලේශනිවේධය පිණිස පවත්නා මැනැවින් දුක් කෙළවරට යන උදයාස්තගාමිනී ප්‍රඥාවෙන් සමන්‍වාගත වූයේ වෙයි: “එකැතින් මේ මහණ ප්‍රඥාවත් වූයේ ආර්‍ය්‍ය වූ නිර්වේධයට හිත වූ මැනැවින් දුක් කෙළවරට පමුණුවන උදයාස්තගාමිනී ප්‍රඥායෙන් සමන්‍වාගත යයි ස්ථවිර භික්‍ෂූහු ද ඔහු වක්තව්‍යයකු අනුශාසිතව්‍යයකු කොට හඟිත්. මධ්‍යම භික්‍ෂූහු ද ... නවක භික්‍ෂූහු ද ඔහු වක්තව්‍යයකු අනුශාසිතව්‍යයකු කොට හඟිත්. ස්ථවිරානුකම්පිත - මධ්‍යානුකම්පිත - නවකානුකම්පිත ඔහට කුශල ධර්‍මයන්හි වෘද්ධියෙක් ම වෙයි. පරිහානියෙක් නො වෙයි. මෙ ද නාථකරණ ධර්‍මයෙක.
Pali BJTසනාථා භික්ඛවෙ විහරථ, මා අනාථා, දුක්ඛං භික්ඛවෙ අනාථො විහරති. ඉමෙ ඛො භික්ඛවෙ දසනාථකරණා ධම්මාති.
Sinhala BJTමහණෙනි, මහණ සනාථ වූවෝ වසවු, නහමක් අනාථ වවු, මහණෙනි, අනාථ වූයේ දුකසේ වෙසෙයි. මහණෙනි, මොහු දශ නාථකරණ ධර්‍ම යි.
Pali BJT10. 1. 2. 9.
Sinhala BJT10. 1. 2. 9.
Pali BJTපඨමාරියවාස සුත්තං
Sinhala BJTපඨමාරියවාස සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTදස ඉමෙ භික්ඛවෙ අරියවාසා යදරියා ආවසිංසු වා ආවසන්ති වා ආවසිස්සන්ති වා. කතමෙ දස:
Sinhala BJTමහණෙනි, යම් ආර්‍ය්‍යවාසයෙකැ ආර්‍ය්‍යයෝ වුසූහු හෝ වසත් හෝ වසන්නාහු හෝ නම්, මේ දස ආර්‍ය්‍යවාස කෙනෙක, කවර දශයෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු පඤ්චඞ්ගවිප්පහීනො හොති ඡළඞ්ගසමන්නාගතො එකාරක්ඛො චතුරාපස්සෙනො පනුණ්ණපච්චෙකසච්චො සමවයසට්ඨෙසනො අනාවිලසඞ්කප්පො පස්සද්ධකායසඞ්ඛාරො සුවිමුත්තචිත්තො සුවිමුත්තපඤ්ඤො. ඉමෙ ඛො භික්ඛවෙ දස අරියවාසා යදරියා ආවසිංසු වා ආවසන්ති වා ආවසිස්සන්ති වා ති.
Sinhala BJTමහණෙනි, මේ සස්නෙහි මහණ පඤ්චාඞ්ග විප්‍රහීණ වූයේ ෂඩඞ්ගසමන්‍වාගත වූයේ ඒකාරක්‍ෂා ඇතියේ සතර අපස්සේනයන් ඇතියේ බැහැර කළ ප්‍රත්‍යෙක සත්‍ය ඇතියේ වුහුටු හැම ඒසනා ඇතියේ නො කැලඹුණු සංකල්පනා ඇතියේ සන්හුන් කායසංස්කාර ඇතියේ මොනොවට මිදුණු සිත් ඇතියේ මොනොවට මුත් පැන ඇතියේ වෙයි. මහණෙනි, යම් ආර්‍ය්‍යවාසයන් ආර්‍ය්‍යයෝ වුසූහු නම් වසත් නම් වසන්නාහු නම්, මේ ඒ දශ ආර්‍ය්‍යවාසයයි.
Pali BJT10. 1. 2. 10.
Sinhala BJT10. 1. 2. 10.
Pali BJTදුතිය අරියවාස සුත්තං
Sinhala BJTදෙවෙනි ආරියවාස සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා කුරූසු විහරති කම්මාස්සදම්මං නාම කුරූනං නිගමො, තත්ර ඛො භගවා භික්ඛු ආමන්තෙසි -පෙ- භගවා එතදවොච: දස ඉමෙ භික්ඛවෙ අරියවාසා යදරියා ආවසිංසු වා ආවසන්ති වා ආවසිස්සන්ති වා, කතමෙ දස:
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරුජනපදයෙහි කම්මාස්සදම්ම නම් කුරූන්ගේ නියම්ගම්හි වාසය කෙරෙත්. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූහ. ... භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක. මහණෙනි. ආර්‍ය්‍යයෝ යම් වාසයෙකැ වුසූහු ද වෙසෙත් ද වසන්නාහු ද මේ ඒ ආර්‍ය්‍යයෝ දශයෙක, කවර දශයෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු පඤ්චඞ්ගවිප්පහීනො හොති ඡළඞ්ග සමන්නාගතො එකාරක්ඛො චතුරාපස්සෙනො, පනුණ්ණපච්චෙකසච්චො සමවයසට්ඨෙසනො අනාවිලසඞ්කප්පො පස්සද්ධකායසඞ්ඛාරො සුවිමුත්තචිත්තො සුවිමුත්තපඤ්ඤො.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ පඤ්චඞ්ගවිප්පහීන වෙයි. ඡළඞ්ගසමන්නාගත වෙයි. ඒකාරක්ඛ වෙයි. චතුරාපස්සේන වෙයි. පනුණ්ණපච්චේකසච්ච වෙයි. සමවයසට්ඨෙන වෙයි. අනාවිල සඞ්කප්ප වෙයි. පස්සද්ධකායසඞ්කාර වෙයි. සුවිමුත්තචිත්ත වෙයි. සුවිමුත්තපඤ්ඤ වෙයි.
Pali BJT1. කථඤ්ච භික්ඛවෙ භික්ඛු පඤ්චඞ්ගවිප්පහීනො හොති: ඉධ භික්ඛවෙ භික්ඛුනො කාමච්ඡන්දො පහීනො හොති, බ්යාපාදො පහීනො හොති, ථීනමිද්ධං පහීනං හොති, උද්ධච්චකුක්කුච්චං පහීනං හොති, විචිකිච්ඡා පහීනා හොති. එවං ඛො භික්ඛවෙ භික්ඛු පඤ්චඞ්ගවිප්පහීනො හොති.
Sinhala BJT1. මහණෙනි, කෙසේ නම් මහණ පඤ්චඞ්ගවිප්පහීන වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහුගේ කාමච්ඡන්‍දය ප්‍රහීණය වෙයි, ව්‍යාපාදය ප්‍රහීණය වෙයි, ථිනමිද්ධය ප්‍රහීණය වෙයි, උද්ධච්චකුක්කුච්චය ප්‍රහීණය වෙයි, විචිකිච්ඡා ප්‍රහීණය වෙයි. මහණෙනි, මෙසේ මහණ පඤ්චඞ්ගවිප්පහීන වෙයි.
Pali BJT2. කථඤ්ච භික්ඛවෙ භික්ඛු ඡළඞ්ගසමන්නාගතො හොති: ඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා නෙව සුමනො හොති, න දුම්මනො. උපෙක්ඛකො විහරති සතො සම්පජානො. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය නෙව සුමනො හොති, න දුම්මනො උපෙක්ඛකො විහරති සතො සම්පජානො. එවං ඛො භික්ඛවෙ භික්ඛු ඡළඞ්ගසමන්නාගතො හොති.
Sinhala BJT2. මහණෙනි, කිසෙයින් මහණ ඡළඞ්ගසමන්නාගත වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ චක්‍ෂුස්ප්‍රසාදයෙන් රූපාලම්බනයක් දැක නො ම සුමන වෙයි. නො ම දුම්මන වෙයි. උපේක්‍ෂායෙන් යුක්ත වූයේ ස්මෘති ඇතියේ සම්‍යක්ප්‍රඥා ඇතියේ වාසය කරයි. ශ්‍රෝත්‍රප්‍රසාදයෙන් ශබ්දාලම්භනය අසා - ඝ්‍රාණප්‍රසාදයෙන් ගන්‍ධාලම්බනය ආඝ්‍රාණ කොට - ජිහ්වාප්‍රසාදයෙන් රසාලම්බනය විඳ - කායප්‍රසාදයෙන් ස්ප්‍රෂ්ටව්‍යාලම්බනය පැහැස - මනසින් ධර්‍මාලම්බනය දැන නො ම සුමන වෙයි. නො ම දුම්මන වෙයි. උපේක්‍ෂා ඇතියේ සිහි ඇතියේ සම්‍යක්ප්‍රඥා ඇතියේ වසයි. මහණෙනි, මෙසේ මහණ ඡළඞ්ගසමන්නාගත වෙයි.
Pali BJT3. කථඤ්ච භික්ඛවෙ භික්ඛු එකාරක්ඛො හොති: ඉධ භික්ඛවෙ භික්ඛු සතාරක්ඛෙන චෙතසා සමන්නාගතො හොති. එවං ඛො භික්ඛවෙ භික්ඛු එකාරක්ඛො හොති. {1}
Sinhala BJT3. මහණෙනි, කිසෙයින් මහණ ඒකාරක්ඛ වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ ස්මෘතිය ආරක්‍ෂා කොට ඇති සිතින් සමන්‍වාගත වෙයි. මහණෙනි, මහණ ඒකාරක්ඛ වෙයි.
Pali BJT4. කථඤ්ච භික්ඛවෙ භික්ඛු චතුරාපස්සෙනො හොති: ඉධ භික්ඛවෙ භික්ඛු සඞ්ඛායෙකං පටිසෙවති. සඞ්ඛායෙකං අධිවාසෙති, සඞ්ඛායෙකං පරිවජ්ජෙති. සඞ්ඛායෙකං විනොදෙති. එවං ඛො භික්ඛවෙ භික්ඛු චතුරාපස්සෙනො හොති.
Sinhala BJT4. මහණෙනි, කිසෙයින් මහණ චතුරාපස්සේන වෙයි ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ නුවණින් සලකා එකක් සෙවුනේ ය. නුවණින් සලකා එකක් ඉවසන්නේ ය. නුවණින් සලකා එකක් හරණේ ය. නුවණින් සලකා එකක් දුරලන්නේ ය. මහණෙනි, මෙසේ චතුරාපස්සේන වෙයි.
Pali BJT5. කථඤ්ච භික්ඛවෙ භික්ඛු පනුණ්ණපච්චෙකසච්චො හොති: ඉධ භික්ඛවෙ භික්ඛුනො යානි තානි පුථුසමණබ්රාහ්මණානං පුථුපච්චෙකසච්චානි සෙය්යථීදං: සස්සතො ලොකොති වා අසස්සතො ලොකොති වා අන්තවා ලොකොති වා අනන්තවා ලොකොති වා තං ජීවං තං සරීරන්ති වා අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති වා හොති තථාගතො පරම්මරණාති වා න හොති තථාගතො පරම්මරණාති වා හොති ච න හොති ච තථාගතො පරම්මරණාති වා නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වා, සබ්බානි තානි නුණ්ණානි හොන්ති පනුණ්ණානි, චත්තානි වන්තානි මුත්තානි පහීනානි පටිනිස්සට්ඨානි, එවං ඛො භික්ඛවෙ භික්ඛු පනුණ්ණ පච්චෙකසච්චො හොති.
Sinhala BJT5. මහණෙනි, කිසෙයින් මහණ පනුණ්නපච්චේකසච්ච වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට බොහෝ මහණ බමුණන්ගේ යම් ඒ බොහෝ ප්‍රත්‍යෙකසත්‍යයෝ වෙත් ද, ඒ කිසේ ය: ලෝකය ශාස්වතය කියා වේ වයි, ලෝකය අශාශ්වතය කියා වේවයි, ලෝකය අන්තවත්ය කියා වේවයි, ලෝකය අනන්තවත්ය කියා වේවයි, එයම ජීවය එය ම ශරීරය වෙයි කියා වේවයි, ජීවය අනෙකෙක ශරීරය අනෙකෙක කියා වේවයි, සත්ත්‍ව තෙමේ මරණින් මතු (පුනර්‍භව විසින්) වේ ය කියා වේවයි, සත්ත්‍ව තෙමේ මරණින් මතු නො වේ ය කියා වේවයි, සත්ත්‍ව තෙමේ මරණින් මතු නොම වෙයි නොවන්නේ නොම වෙයි කියා වේවයි, ඒ හැම බැහැර ලූවාහු මොනොවට බැහැර ලූවාහු ත්‍යක්ත වූවාහු වාන්ත වූවාහු මුක්ත වූවාහු ප්‍රහීණ වූවාහු ප්‍රතිනිස්සෘෂ්ට වූවාහු වෙති. මහණෙනි, මෙසේ මහණ පනුණ්ණපච්චේකසච්ච වෙයි.
Pali BJT6. කථඤ්ච භික්ඛවෙ භික්ඛු සමවයසට්ඨෙසනො හොති: ඉධ භික්ඛවෙ භික්ඛුනො කාමෙසනා පහීනා හොති, භවෙසනා පහීනා හොති, බ්රහ්මචරියෙසනා පටිප්පස්සද්ධා. එවං ඛො භික්ඛවෙ භික්ඛු සමවයසට්ඨෙසනො හොති.
Sinhala BJT6. මහණෙනි, කිසෙයින් මහණ සමවයසට්ඨෙසන වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහුට කාමේසනා ප්‍රහීණ වෙයි. භවේසනා ප්‍රහීණ වෙයි, බ්‍රහ්මචර්‍ය්‍යෙසනා ප්‍රතිප්‍රශ්‍රබ්ධ ය, මහණෙනි, මෙසේ මහණ සමවයසට්ඨෙසන වෙයි.
Pali BJT7. කථඤ්ච භික්ඛවෙ භික්ඛු අනාවිලසඞ්කප්පො හොති: ඉධ භික්ඛවෙ භික්ඛුනො කාමසඞ්කප්පො පහීනො හොති, බ්යාපාදසඞ්කප්පො පහීනො හොති, විහිංසාසඞ්කප්පො පහීනො හොති, එවං ඛො භික්ඛවෙ භික්ඛු අනාවිලසඞ්කප්පො හොති.
Sinhala BJT7. මහණෙනි, මහණ කිසෙයින් අනාවිල සඞ්කප්ප වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහුගේ කාමසඞ්ල්පය ප්‍රහීණ වෙයි, ව්‍යාපදසඞ්කල්පය ප්‍රහීණ වෙයි, විහිංසා සංකල්පය ප්‍රහීණ වෙයි. මහණෙනි, මෙසේ මහණ අනාවිල සඞ්කප්ප වෙයි.
Pali BJT8. කථඤ්ච භික්ඛවෙ භික්ඛු පස්සද්ධකායසඞ්ඛාරො හොති: ඉධ භික්ඛවෙ භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථඣානං උපසම්පජ්ජ විහරති. එවං ඛො භික්ඛවෙ භික්ඛු පස්සද්ධකායසඞ්ඛාරො හොති.
Sinhala BJT8. මහණෙනි, කිසෙයින් මහණ පස්සද්ධකාය සඞ්ඛාර වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් පළමු වැ සොම්නස් දොම්නසුන්ගේ අස්තගමයෙන් අදුඃඛ වූ අසුඛ වූ උපේක්‍ෂා පාරිශුද්ධි ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ පස්සද්ධකායසඞ්ඛාර වෙයි.
Pali BJT9. කථඤ්ච භික්ඛවෙ භික්ඛු සුවිමුත්තචිත්තො හොති: ඉධ භික්ඛවෙ භික්ඛුනො රාගා චිත්තං විමුත්තං හොති, දොසා චිත්තං විමුත්තං හොති, මොහා චිත්තං විමුත්තං හොති, එවං ඛො භික්ඛවෙ භික්ඛු සුවිමුත්තචිත්තො හොති.
Sinhala BJT9. මහණෙනි, කිසෙයින් මහණ සුවිමුත්තචිත්ත වේ යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහුගේ සිත රාගයෙන් විමුක්ත වෙයි, දෝෂයෙන් සිත විමුක්ත වෙයි, මෝහයෙන් සිත විමුක්ත වෙයි. මහණෙනි, මෙසේ මහණ සුවිමුක්තචිත්ත වෙයි.
Pali BJT10. කථඤ්ච භික්ඛවෙ භික්ඛු සුවිමුත්තපඤ්ඤො හොති: ඉධ භික්ඛවෙ භික්ඛු රාගො මෙ පහීනො, උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො. ආයතිං අනුප්පාදධම්මොති පජානාති. දොසො මෙ -පෙ- මොහො මෙ පහීනො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මොති පජානාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු සුවිමුත්තපඤ්ඤො හොති.
Sinhala BJT10. මහණෙනි, කෙසේ මහණ සුවිමුක්තපඤ්ඤ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ මාගේ රාගය ප්‍රහීණ ය, උසුන්මුල් ඇතියේ ය, තාලාවස්තුකෘත ය, අනභාවකෘත ය, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ යි දන්නේ ය. මාගේ දෝෂය ... මාගේ මෝහය ප්‍රහීණ ය, උච්චින්නයමූලය, තාලාවස්තුකෘත ය, අනභාවකෘත ය, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ යි දන්නේ ය. මහණෙනි, මෙසේ මහණ සුවිමුත්තචිත්ත වෙයි.
Pali BJTයෙ හි කෙචි භික්ඛවෙ අතීතමද්ධානං අරියා අරියවාසෙ ආවසිංසු, සබ්බෙ තෙ ඉමෙව දස අරියවාසෙ ආවසිංසු. යෙ හි කෙචි භික්ඛවෙ අනාගතමද්ධානං අරියා අරියවාසෙ ආවසිස්සන්ති, සබ්බෙ තෙ ඉමෙව දසඅරියවාසෙ ආවසිස්සන්ති. යෙ හි කෙචි භික්ඛවෙ එතරහි අරියා අරියවාසෙ ආවසන්ති සබ්බෙ තෙ ඉමෙව දසඅරියවාසෙ ආවසන්ති. ඉමෙ ඛො භික්ඛවෙ දසඅරියවාසා යෙ අරියා ආවසිංසු වා ආවසන්ති වා ආවසිස්සන්ති වාති.
Sinhala BJTමහණෙනි, අතීතකාලයෙහි යම් කිසි ආර්‍ය්‍යයෝ ආර්‍ය්‍යවාසයෙකැයි වුසූහු නම් ඒ හැම මේ දශ ආර්‍ය්‍යවාසයෙහි ම වුසූහ. මහණෙනි, අනාගතයෙහි යම් කිසි ආර්‍ය්‍යයෝ ආර්‍ය්‍යවාසයෙකැ වසන්නාහු නම් එ හැම මේ දශ ආර්‍ය්‍යවාසයෙහි ම වසන්නාහ. මහණෙනි, මෙ කල්හි යම් ආර්‍ය්‍යයෝ ආර්‍ය්‍යවාසයෙකැ වසත් නම් එ හැම මේ දශ ආර්‍ය්‍යවාසයෙහි ම වසත්. මහණෙනි, යම් ආර්‍ය්‍යවාසයෙකැ ආර්‍ය්‍යයෝ වුසූහු නම්, වසත් නම්, වසන්නාහු නම් මොහු ඒ දශාර්‍ය්‍යවාස යෝ යි.
Pali BJTනාථවග්ගො දුතියො.
Sinhala BJTදෙවන නාථ වර්‍ග යි.