Pali BJTඉති ඛො ආනන්ද කුසලානි සීලානි අවිප්පටිසාරත්ථානි අවිප්පටිසාරානිසංසානි. අවිප්පටිසාරො පාමොජ්ජත්ථො, පාමොජ්ජානිසංසො. පාමොජ්ජං පීතත්ථං පීතානිසංසං. පීති පස්සද්ධත්ථා, පස්සද්ධානිසංසා. පස්සද්ධි සුඛත්ථා සුඛානිසංසා. සුඛං සමාධත්ථං සමාධානිසංසං. සමාධි යථාභූතඤාණදස්සනත්ථො යථාභූතඤාණදස්සනානිසංසො. යථාභූතඤාණදස්සනං නිබ්බිදාවිරාගානිසංසං. නිබ්බිදාවිරාගො විමුත්තිඤාණදස්සනත්ථො විමුත්තිඤාණදස්සනානිසංසො. ඉති ඛො ආනන්ද කුසලානි සීලානි අනුපුබ්බෙන අග්ගාය පරෙන්තී{1}ති.
Sinhala BJTආනන්‍දයෙනි, මෙසේ කුශලශීලයෝ අවිප්‍රතිසාරය අර්‍ත්‍ථ කොට අවිප්‍රතිසාරය අනුසස් කොට ඇතියහ. අවිප්‍රතිසාරය ප්‍රාමෝද්‍යය අර්‍ත්‍ථ කොට ප්‍රාමෝද්‍යය අනුසස් කොට ඇත. ප්‍රාමෝද්‍යය ප්‍රීතිය අර්‍ත්‍ථ කොට ප්‍රීතිය අනුසස් කොට ඇත. ප්‍රීතිය ප්‍රශ්‍රබ්ධිය අර්‍ත්‍ථ කොට ප්‍රශ්‍රබ්ධිය අනුසස් කොට ඇත. ප්‍රශ්‍රබ්ධිය සුඛය අර්‍ත්‍ථ කොට සුඛය අනුසස් කොට ඇත. සුඛය සමාධිය අර්‍ත්‍ථ කොට සමාධිය අනුසස් කොට ඇත. සමාධිය යථාභූතඥානදර්‍ශනය අර්‍ත්‍ථ කොට යථාභූතඥානදර්‍ශනය අනුසස් කොට ඇත. යථාභූතඥානදර්‍ශනය නිබ්බිදාවිරාගය අර්‍ත්‍ථ කොට නිබ්බිදාවිරාගය අනුසස් කොට ඇත. නිබ්බිදාවිරාගය විමුත්තිඥානදර්‍ශනය අර්‍ත්‍ථ කොට විමුත්තිඥානදර්‍ශනය අනුසස් කොට ඇත. ආනන්‍දයෙනි, මෙසේ කුශලශීලයෝ අනුපිළිවෙළින් අර්‍හත්ත්‍ව සඞ්ඛ්‍යාත අග්‍රයට පැමිණෙන්නාහයි.
Pali BJT10. 1. 1. 2.
Sinhala BJT10. 1. 1. 2.
Pali BJTචෙතනාකරණීය සුත්තං
Sinhala BJTචේතනාකරණීය සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTසීලවතො භික්ඛවෙ සීලසම්පන්නස්ස න චෙතනාය කරණීයං “අවිප්පටිසාරො මෙ උප්පජ්ජතූ”ති. ධම්මතා එසා භික්ඛවෙ යං සීලවතො සීලසම්පන්නස්ස අවිප්පටිසාරො උප්පජ්ජති. අවිප්පටිසාරිස්ස{1} භික්ඛවෙ න චෙතනාය කරණීයං “පාමොජ්ජං උප්පජ්ජත්තූ”ති. ධම්මතා එසා භික්ඛවෙ යං අවිප්පටිසාරිස්ස පාමොජ්ජං උප්පජ්ජති. පමුදිතස්ස භික්ඛවෙ න චෙතනාය කරණීයං “පීති මෙ උප්පජ්ජතූ”ති. ධම්මතා එසා භික්ඛවෙ යං පමුදිතස්ස පීති උප්පජ්ජති. පීතිමනස්ස භික්ඛවෙ න චෙතනාය කරණීයං ‘කායො මෙ පස්සම්භතූ’ති ධම්මතා එසා භික්ඛවෙ යං පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායස්ස භික්ඛවෙ න චෙතනාය ය කරණීයං ‘සුඛං වෙදියාමී’ති. ධම්මතා එසා භික්ඛවෙ යං පස්සද්ධකායො සුඛං වෙදියති. සුඛිනො භික්ඛවෙ න චෙතනාය කරණීයං ‘චිත්තං මෙ සමාධියතූ’ති. ධම්මතා එසා භික්ඛවෙ යං සුඛිනො චිත්තං සමාධියති. සමාහිතස්ස භික්ඛවෙ න චෙතනාය කරණීයං ‘යථාභූතං ජානාමි පස්සාමී’ති. ධම්මතා එසා භික්ඛවෙ යං සමාහිතො යථාභූතං ජානාති පස්සති. යථාභූතං භික්ඛවෙ ජානතො පස්සතො න චෙතනාය කරණීයං, විරජ්ජාමී’ති. ධම්මතා එසා භික්ඛවෙ යං යථාභූතං ජානං පස්සං නිබ්බින්දති විරජ්ජති. නිබ්බින්දස්ස භික්ඛවෙ විරජ්ජන්තස්ස න චෙතනාය කරණීයං’ විමුත්තිඤාණදස්සනං සච්ඡිකරොමී’ති. ධම්මතා එසා භික්ඛවෙ යං නිබ්බිණ්ණො{2} විරත්තො විමුත්තිඤාණදස්සනං සච්ඡිකරොති.
Sinhala BJTමහණෙනි, සිල්සපන් සිල්වත් හට ‘මට අවිප්‍රතිසාරය උපදීව’යි චේතනායෙන් කරණී නැත. මහණෙනි, යම්හෙයෙකින් සිල්සපන් සිල්වත්හට අවිප්‍රතිසාරය උපදනේය යන තෙල ධර්‍මතා යි. මහණෙනි, ‘මට ප්‍රාමෝද්‍යය උපදීව’යි අවිප්‍රතිසාරීහට චේතනායෙන් කරණී නැත. මහණෙනි, අවිප්‍රතිසාරීහට ප්‍රාමෝද්‍යය උපදනේය යන තෙල ධර්‍මතා යි. මහණෙනි, ප්‍රමුදිත වූවහුට ‘මට ප්‍රීතිය උපදීව’යි චේතනායෙන් කරණී නැත. මහණෙනි, ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදනේය යන තෙල ධර්‍මතා යි. මහණෙනි, ප්‍රීතිමනස්කයාට ‘මාගේ කය සන්හිඳේව’යි චේතනායෙන් කරණී නැත. මහණෙනි, ප්‍රීතිමනස්කයාගේ කය සන්හිඳේය යන තෙල ධර්‍මතා යි. මහණෙනි, සන්හුන් කය ඇතියහට ‘සුව විඳිනෙම්ව’යි චේතනායෙන් කරණී නැත. මහණෙනි, සන්හුන් කය ඇතියේ සුව විඳුනේ ය යන තෙල ධර්‍මතා යි. මහණෙනි, ‘මගේ සිත සමාහිතවේවා’යි සුව ඇතියහට චේතනායෙන් කරණී නැත. මහණෙනි, සුව ඇතියහුගේ සිත සමාහිත වන්නේය යන තෙල ධර්‍මතා යි. මහණෙනි, සමාහිතයාට ‘යථාභූතය දන්නෙම්වයි, දක්වන්නෙම්ව’යි චේතනායෙන් කරණී නැත. මහණෙනි, සමාහිත වූයේ යථාභූතය දන්නේ ය’ දක්නේය යන තෙල ධර්‍මතා යි. මහණෙනි, යථාභූතය දන්නහුට දක්නහුට ‘නිර්වේද කරවම්හයි, විරාග කරවම්හ’යි චේතනායෙන් කරණී නැත. මහණෙනි, යථාභූතය දන්නේ දක්නේ නිර්වේදය කෙරේය, නො ඇලේය යන තෙල ධර්‍මතා යි. මහණෙනි, නිර්වේදකරනුවහට විරාග කරනුවහට ‘විමුත්තිඥානදර්‍ශනය පසක් කරනෙම්ව’යි චේතනායෙන් කරණී නැත. මහණෙනි, නිර්විග්න වූයේ විරක්ත වූයේ විමුත්තිඥානදර්‍ශනය පසක් කරණේය යන තෙල ධර්‍මතා යි.
Pali BJTඉති ඛො භික්ඛවෙ නිබ්බිදාවිරාගො විමුත්තිඤාණදස්සනත්ථො විමුත්තිඤාණදස්සනානිසංසො. යථාභූතඤාණදස්සනං නිබ්බිදා විරාගත්ථං නිබ්බිදා විරාගානිසංසං. සමාධි යථාභූතඤාණදස්සනත්ථො යථාභූතඤාණදස්සනානිසංසො. සුඛං සමාධත්ථං සමාධානිසංසං. පස්සද්ධි සුඛත්ථා සුඛානිසංසා. පීති පස්සද්ධත්ථා පස්සද්ධානිසංසා. පාමොජ්ජං පීතත්ථං පීතානිසංසං. අවිප්පටිසාරො පාමොජ්ජත්ථො පාමොජ්ජානිසංසො. කුසලානි සීලානි අවිප්පටිසාරත්ථානි අවිප්පටිසාරානිසංසානි.
Sinhala BJTමහණෙනි, මෙසෙයින් නිබ්බිදාවිරාගය විමුක්තිඥානදර්‍ශනය අර්‍ත්‍ථ කොට විමුක්තිඥානදර්‍ශනය අනුසස් කොට ඇත්තේ ය. යථාභූතඥානදර්‍ශනය නිබ්බිදාවිරාගය අර්‍ත්‍ථ කොට නිබ්බිදාවිරාගය අනුසස් කොට ඇත. සමාධිය යථාභූතඥානදර්‍ශනය අර්‍ත්‍ථ කොට යථාභූතඥානදර්‍ශනය අනුසස් කොට ඇත. සුඛය සමාධිය අර්‍ත්‍ථ කොට සමාධිය අනුසස් කොට ඇත. ප්‍රශ්‍රබ්ධිය සුඛය අර්‍ත්‍ථ කොට සුඛය අර්‍ත්‍ථ කොට ඇත. ප්‍රීතිය ප්‍රශ්‍රබ්ධිය අර්‍ත්‍ථකොට ප්‍රශ්‍රබ්ධිය අනුසස් කොට ඇත. ප්‍රාමෝද්‍යය ප්‍රීතිය අර්‍ත්‍ථ කොට ප්‍රීතිය අනුසස් කොට ඇත. අවිප්‍රතිසාරාය ප්‍රාමෝද්‍යය අර්‍ත්‍ථ කොට ප්‍රාමෝද්‍යය අනුසස් කොට ඇත. කුශලශීලයෝ අවිප්‍රතිසාරය අර්‍ත්‍ථ කොට අවිප්‍රතිසාරය අනුසස් කොට ඇතියහ.
Pali BJTඉති ඛො භික්ඛවෙ ධම්මාවධම්මෙ අභිසන්දෙන්ති, ධම්මාවධම්මෙ පරිපූරෙන්ති අපාරාපාරං ගමනායාති.
Sinhala BJTමහණෙනි, මෙසෙයින් (ත්‍රෛභූමකවර්‍ත සඞ්ඛ්‍යාත) ඔරිමතීරයෙන් නිබ්බානපාර සඞ්ඛ්‍යාත පාරිමතීරයට යාම සඳහා ධර්‍මයෝ ම ධර්‍මයන් පවත්වන්නාහ, ධර්‍මයෝ ම ධර්‍මයන් පුරන්නාහයි.
Pali BJT10. 1. 1. 3.
Sinhala BJT10. 1. 1. 3.
Pali BJTපඨම උපනිසසුත්තං
Sinhala BJTප්‍රථම උපනිස සූත්‍රය
Pali BJT[සාවත්ථියං]
Sinhala BJT[සැවැත් නුවර]
Pali BJTදුස්සීලස්ස භික්ඛවෙ සීලවිපන්නස්ස හතූපනිසො හොති අවිප්පටිසාරො. අවිප්පටිසාරෙ අසති අවිප්පටිසාරවිපන්නස්ස හතූපනිසං හොති පාමොජ්ජං. පාමොජ්ජෙ අසති පාමොජ්ජවිපන්නස්ස හතූපනිසා හොති පීති. පීතියා අසති පීතිවිපන්නස්ස හතූපනිසා හොති පස්සද්ධි. පස්සද්ධියා අසති පස්සද්ධිවිපන්නස්ස හතූපනිසං හොති සුඛං. සුඛෙ අසති සුඛවිපන්නස්ස හතූපනිසො හොති සම්මාසමාධි. සම්මාසමාධිම්හි අසති සම්මාසමාධිවිපන්නස්ස හතූපනිසං හොති යථාභූතඤාණදස්සනං. යථාභූතඤාණදස්සනෙ අසති යථාභූතඤාණදස්සනවිපන්නසස්ස හතූපනිසො හොති නිබ්බිදාවිරාගො. නිබ්බිදාවිරාගෙ අසති . නිබ්බිදාවිරාගවිපන්නස්ස හතූපනිසං හොති විමුත්තිඤාණදස්සනං
Sinhala BJTමහණෙනි, ශීලවිපන්න වූ දුශ්ශීලහට අවිප්‍රතිසාරය නටහේතු ඇතියේ වෙයි. අවිප්‍රතිසාරය නැතිවත් ම අවිප්‍රතිසාර විපන්නහට ප්‍රාමෝද්‍යය නටහේතු ඇතියේ වෙයි. ප්‍රාමෝද්‍යය නැතිවත් ම ප්‍රාමෝද්‍යයවිපන්නහට ප්‍රීතිය නටහේතු ඇති වෙයි. ප්‍රීතිය නැතිවත්ම ප්‍රීතිවිපන්නහට ප්‍රශ්‍රබ්ධිය නටඋපනිඃශ්‍රය ඇතියේ වෙයි. ප්‍රශ්‍රබ්ධිය නැතිවත් ම ප්‍රශ්‍රබ්ධිවිපන්නහට සුඛය නටඋපනිඃශ්‍රය ඇතියේ වෙයි. සුඛය නැතිවත්ම සුඛවිපන්නහට සම්‍යක්සමාධිය නටඋපනිඃශ්‍රය ඇතියේ වෙයි. සම්මාසමාධිය නැතිවත් ම සම්මාසමාධිවිපන්නහට යථාභූතඥානදර්‍ශනය නටඋපනිඃශ්‍රය ඇතියේ වෙයි. යථාභූතඥානදර්‍ශනය නැතිවත් ම යථාභූතඥානදර්‍ශනවිපන්නහට නිබ්බිදාවිරාගය නටඋපනිඃශ්‍රය ඇති වෙයි. නිබ්බිදාවිරාගය නැතිවත් ම නිබ්බිදාවිරාගවිපන්නහට විමුක්තිඥානදර්‍ශනය නටඋපනිඃශ්‍රය ඇත්තේ වේ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ රුක්ඛො සාඛාපලාසවිපන්නො. තස්ස පපටිකාපි න පාරිපූරිං ගච්ඡති, තචොපි ඵෙග්ගුපි සාරොපි න පාරිපූරිං ගච්ඡති. එවමෙව ඛො භික්ඛවෙ දුස්සීලස්ස සීලවිපන්නස්ස හතූපනිසො හොති අවිප්පටිසාරො, අවිප්පටිසාරෙ අසති හතූපනිසං හොති -පෙ- විමුත්තිඤාණදස්සනං.
Sinhala BJTමහණෙනි, යම් සේ රුකෙක් අතුකොළින් ගිලිහුනේ නම් එහි පිට පොතුදු පිරිපුන්බවට නොයෙයි. ඇතුළුපොතුදු, ඵලදු, හරදු පිරිපුන්බවට නොයේ, මහණෙනි, එසෙයින් ම ශීලවිපන්න දුශ්ශීලහට අවිප්‍රතිසාරය නටඋපනිඃශ්‍රය ඇත්තේය. අවිප්‍රතිසාරය නැතිවත් ම ... විමුක්තිඥානදර්‍ශනය නටඋපනිඃශ්‍රය ඇත්තේ යි.
Pali BJTසීලවතො භික්ඛවෙ සීලසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති අවිප්පටිසාරො. අවිප්පටිසාරෙ සති අවිප්පටිසාරසම්පන්නස්ස උපනිසස්මපන්නං හොති පාමොජ්ජං. පාමොජ්ජෙ සති පාමොජ්ජසම්පන්නස්ස උපනිසසම්පන්නා හොති පීති. පීතියා සති පීතිසම්පන්නස්ස උපනිසසම්පන්නා හොති පස්සද්ධි. පස්සද්ධියා සති පස්සද්ධිසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති සුඛං. සුඛෙ සති සුඛසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති සම්මාසමාධි. සම්මාසමාධිම්හි සති සම්මාසමාධිසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති යථාභූතඤාණදස්සනං. යථාභූතඤාණදස්සනෙ සති යථාභූතඤාණදස්සනසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති නිබ්බිදාවිරාගො. නිබ්බිදාවිරාගෙ සති නිබ්බිදාවිරාගසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති විමුත්තිඤාණදස්සනං.
Sinhala BJTමහණෙනි, සිල්සපන් සිල්වත්හට අවිප්‍රතිසාරය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. අවිප්‍රතිසාරය ඇතිවත් ම අවිප්‍රතිසාරසම්පන්නහට ප්‍රාමෝද්‍යය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රාමෝද්‍යය ඇතිවත් ම ප්‍රාමෝද්‍යයසම්පන්නහට ප්‍රීතිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රීතිය ඇතිවත් ම ප්‍රීතිසම්පන්නහට ප්‍රශ්‍රබ්ධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රශ්‍රබ්ධිය ඇතිවත් ම ප්‍රශ්‍රබ්ධිසම්පන්නහට සුඛය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සුඛය ඇතිවත් ම සුඛසම්පන්නහට සම්මාසමාධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සම්මාසමාධිය ඇතිවත් ම සම්මාසමාධිසම්පන්නහට යථාභූතඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. යථාභූතඥානදර්‍ශනය ඇතිවත් ම යථාභූතඥානදර්‍ශනසම්පන්නහට නිබ්බිදාවිරාගය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. නිබ්බිදාවිරාගය ඇතිවත් ම නිබ්බිදාවිරාගසම්පන්නහට විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ රුක්ඛො සාඛාපලාසසම්පන්නො තස්ස පපටිකාපි පාරිපූරිං ගච්ඡති තචොපි ඵෙග්ගුපි සාරොපි පාරිපූරිං ගච්ඡති. එවමෙව ඛො භික්ඛවෙ සීලවතො සීලසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති අවිප්පටිසාරො, අවිප්පටිසාරෙ සති අවිප්පටිසාරසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති -පෙ- විමුත්තිඤාණදස්සනන්ති.
Sinhala BJTමහණෙනි, යම්සේ ශාඛාපලාස සමෘද්ධ වෘක්‍ෂයෙක් වේ ද, එහි පිට පොතුදු පිරිපුන්බවට යෙයි. ඇතුළුපොතුදු, බොරුදු, හරදු පිරිපුන් බවට යෙයි. මහණෙනි, එසෙයින් ම සිල්සපන් සිල්වත්හට අවිප්‍රතිසාරය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. අවිප්‍රතිසාරය ඇතිවත් ම අවිප්‍රතිසාරසම්පන්නහට ... විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි.
Pali BJT10. 1. 1. 4.
Sinhala BJT10. 1. 1. 4.
Pali BJTදුතිය උපනිසසුත්තං
Sinhala BJTදුතිය උපනිස සූත්‍රය
Pali BJT[සාවත්ථියං]
Sinhala BJT[සැවැත් නුවර]
Pali BJTතත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛු ආමන්තෙසි: දුස්සීලස්ස ආවුසො සීලවිපන්නස්ස හතූපනිසො හොති අවිප්පටිසාරො. අවිප්පටිසාරෙ අසති අවිප්පටිසාරවිපන්නස්ස හතූපනිසං හොති -පෙ- විමුත්තිඤාණදස්සනං.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මහණුන් ඇමතූහ: ඇවැත්නි, ශීලවිපත්තියට පැමිණි දුසිල්හට අවිප්‍රතිසාරය නටඋපනිඃශ්‍රය ඇති වෙයි, අවිප්‍රතිසාරය නැතිවත් ම අවිප්‍රතිසාරයවිපන්නහට ... විමුක්තිඥානදර්‍ශන නටඋපනිඃශ්‍රය ඇති වේ.
Pali BJTසෙය්යථාපි ආවුසො රුක්ඛො සාඛාපලාස විපන්නො, තස්ස පපටිකාපි න පාරිපූරිං ගච්ඡති, තචොපි ඵෙග්ගුපි සාරොපි න පාරිපූරිං ගච්ඡති. එවමෙව ඛො ආවුසො දුස්සීලස්ස සීලවිපන්නස්ස හතූපනිසො හොති අවිප්පටිසාරො. අවිප්පටිසාරෙ අසති අවිප්පටිසාරවිපන්නස්ස හතූපනිසං හොති -පෙ- විමුත්තිඤාණදස්සනං.
Sinhala BJTඇවැත්නි, යම් සේ රුකෙක් නට අතුකොළ ඇත්තේ වේ ද, එහි පිට පොතුදු පිරිපුන් බවට නොයෙයි. ඇතුළු පොතුදු, බොරුදු, හරදු පිරිපුන් බවට නො යේ. ඇවැත්නි, එපරිදි ම ශීලවිපත්තියට පැමිණි දුසිල්හට අවිප්‍රතිසාරය නටඋපනිඃශ්‍රය ඇත්තේ වෙයි, අවිප්‍රතිසාරය නැතිවත් ම ... විමුක්තිඥානදර්‍ශන නටඋපනිඃශ්‍රය ඇත්තේ වේ.
Pali BJTසීලවතො ආවුසො සීලසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති අවිප්පටිසාරො. අවිප්පටිසාරෙ සති අවිප්පටිසාරසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති -පෙ- විමුත්තිඤාණදස්සනං.
Sinhala BJTඇවැත්නි, සිල්සපන් සිල්වත්හට අවිප්‍රතිසාරය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. අවිප්‍රතිසාරය ඇතිවත් ම අවිප්‍රතිසාරයසම්පන්නහට ... විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වේ.
Pali BJTසෙය්යථාපි ආවුසො රුක්ඛො සාඛා පලාසසම්පන්නො, තස්ස පපටිකාපි පාරිපූරිං ගච්ඡති, තචොපි ඵෙග්ගුපි සාරොපි පාරිපූරිං ගච්ඡති. එවමෙව ඛො ආවුසො සීලවතො සීලසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති අවිප්පටිසාරො. අවිප්පටිසාරෙ සති අවිප්පටිසාරසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති -පෙ- විමුත්තිඤාණදස්සනන්ති.
Sinhala BJTඇවැත්නි, යම්සේ රුකෙක් ශාඛාපලාශසම්පන්න වේ ද, එහි පිට පොතුදු පිරිපුන් බවට යෙයි. ඇතුළු පොතුදු, බොරුදු, හරදු පිරිපුන් බවට යේ. ඇවැත්නි, එසෙයින් ම සිල්සපන් සිල්වත්හට අවිප්‍රතිසාරය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. අවිප්‍රතිසාරය ඇතිවත්ම අවිප්‍රතිසාරසම්පන්නහට ... විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වේ යි.
Pali BJT10. 1. 1. 5.
Sinhala BJT10. 1. 1. 5.
Pali BJTතතිය උපනිස සුත්තං
Sinhala BJTතතිය උපනිස සූත්‍රය
Pali BJT[සාවත්ථි]
Sinhala BJT[සැවැත්]
Pali BJTතත්ර ඛො ආයස්මා ආනන්දො භික්ඛු ආමන්තෙසි: දුස්සීලස්ස ආවුසො සීලවිපන්නස්ස හතූපනිසො හොති අවිප්පටිසාරො. අවිප්පටිසාරෙ අසති අවිප්පටිසාරවිපන්නස්ස හතූපනිසං හොති පාමොජ්ජං. පාමොජ්ජෙ අසති පාමොජ්ජවිපන්නස්ස හතූපනිසා හොති පීති. පීතියා අසති පීතිවිපන්නස්ස හතූපනිසා හොති පස්සද්ධි. පස්සද්ධියා අසති පස්සද්ධිවිපන්නස්ස හතූපනිසං හොති සුඛං. සුඛෙ අසති සුඛවිපන්නස්ස හතූපනිසො හොති සම්මාසමාධි.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ මහණුන් ඇමතූහ: ‘ඇවැත්නි, ශීලවිපත්තියට පැමිණි දුසිල්හට අවිප්‍රතිසාරය නටඋපනිඃශ්‍රයසම්පන්න වෙයි. අවිප්‍රතිසාරය නැතිවත් ම අවිප්‍රතිසාරයවිපන්නහට ප්‍රාමෝද්‍ය නටඋපනිඃශ්‍රය ඇති වෙයි. ප්‍රාමෝද්‍ය නැතිවත් ම ප්‍රමෝද්‍යවිපන්නහට ප්‍රීතිය නටඋපනිඃශ්‍රය ඇති වෙයි. ප්‍රීතිය නැතිවත් ම ප්‍රීතිවිපන්නහට ප්‍රශ්‍රබ්ධිය නටඋපනිඃශ්‍රය ඇති වෙයි. ප්‍රශ්‍රබ්ධිය නැතිවත් ම ප්‍රශ්‍රබ්ධිවිපන්නහට සුඛය නටඋපනිඃශ්‍රය ඇති වෙයි. සුඛය නැතිවත් ම සුඛවිපන්නහට සම්මාසමාධිය නටඋපනිඃශ්‍රය ඇති වෙයි.
Pali BJTසම්මාසමාධිම්හි අසති සම්මාසමාධිවිපන්නස්ස හතූපනිසං හොති යථාභූතඤාණදස්සනං. යථාභූතඤාණදස්සනෙ අසති යථාභූතඤාණදස්සනවිපන්නස්ස හතූපනිසො හොති නිබ්බිදාවිරාගො. නිබ්බිදාවිරාගෙ අසති නිබ්බිදාවිරාග විපන්නස්ස හතූපනිසං හොති විමුත්තිඤාණදස්සනං.
Sinhala BJTසම්මාසමාධිය නැතිවත් ම සම්මාසමාධිවිපන්නහට යථාභූතඥානදර්‍ශනය නටඋපනිඃශ්‍රය ඇති වෙයි. යථාභූතඥානදර්‍ශනය නැතිවත් ම යථාභූතඥානදර්‍ශනවිපන්නහට නිබ්බිදාවිරාගය නටඋපනිඃශ්‍රයසම්පන්න වෙයි. නිබ්බිදාවිරාගය නැතිවත් ම නිබ්බිදාවිරාගවිපන්නහට විමුක්තිඥානදර්‍ශනය නටඋපනිඃශ්‍රය ඇති වේ.
Pali BJTසෙය්යථාපි ආවුසො රුක්ඛො සාඛාපලාසවිපන්නො තස්ස පපටිකාපි න පාරිපූරිං ගච්ඡති, තචොපි ඵෙග්ගුපි සාරොපි න පාරිපූරිං ගච්ඡති. එවමෙව ඛො ආවුසො දුස්සීලස්ස සීලවිපන්නස්ස හතූපනිසො හොති. අවිප්පටිසාරො, අවිප්පටිසාරෙ අසති අවිප්පටිසාර විපන්නස්ස හතූපනිසං හොති -පෙ- විමුත්තිඤාණදස්සනං.
Sinhala BJTඇවැත්නි, යම් සේ ශාඛාපලාශවිපන්න වෘක්‍ෂයෙක් වේ ද, එහි පිට පොතුදු පිරිපුන්බවට නොයෙයි, ඇතුළු පොතුදු, බොරුදු, හරදු පිරිපුන්බවට නොයේ, ඇවැත්නි, එසෙයින් ම ශීලවිපත්තියට පැමිණි දුසිල්හට අවිප්‍රතිසාරය නටඋපනිඃශ්‍රය ඇති වෙයි. අවිප්‍රතිසාරය නැතිවත් ම ... විමුක්තිඥානදර්‍ශනය නටඋපනිඃශ්‍රය ඇති වේ.
Pali BJTසීලවතො ආවුසො සීලසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති අවිප්පටිසාරො. අවිප්පටිසාරෙ සති අවිප්පටිසාරසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති පාමොජ්ජං. පාමුජ්ජෙ සති පාමොජ්ජසම්පන්නස්ස උපනිසාසම්පන්නා හොති පීති. පීතියා සති පීතිසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති පස්සද්ධි. පස්සද්ධියා සති පස්සද්ධිසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති සුඛං. සුඛෙ සති සුඛසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති සම්මාසමාධි. සම්මා සමාධිම්හි සති සම්මාසමාධිසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති යථාභූතඤාණදස්සනං. යථාභූතඤාණදස්සනෙ සති යථාභූතඤාණදස්සනසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති නිබිබිදාවිරාගො. නිබ්බිදාවිරාගෙ සති නිබ්බිදාවිරාග සම්පන්නස්ස උපනිසසම්පන්නං හොති විමුත්තිඤාණදස්සනං.
Sinhala BJTඇවැත්නි, සිල්සපන් සිල්වත්හට අවිප්‍රතිසාරය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. අවිප්‍රතිසාරය ඇතිවත් ම අවිප්‍රතිසාරසම්පන්නහට ප්‍රාමෝද්‍යය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රාමෝද්‍යය ඇතිවත් ම ප්‍රාමෝද්‍යයසම්පන්නහට ප්‍රීතිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රීතිය ඇතිවත් ම ප්‍රීතිසම්පන්නහට ප්‍රශ්‍රබ්ධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රශ්‍රබ්ධිය ඇතිවත් ම ප්‍රශ්‍රබ්ධිසම්පන්නහට සුඛය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සුඛය ඇතිවත් ම සුඛසම්පන්නහට සම්මා සමාධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සම්මාසමාධිය ඇතිවත් ම සම්මාසමාධිසම්පන්නහට යථාභූතඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. යථාභූතඥානදර්‍ශනය ඇතිවත් ම යථාභූතඥානදර්‍ශනසම්පන්නහට නිබ්බිදාවිරාගය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. නිබ්බිදාවිරාගය ඇතිවත් ම නිබ්බිදාවිරාගසම්පන්නහට විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වේ.
Pali BJTසෙය්යථාපි ආවුසො රුක්ඛො සාඛාපලාසසම්පන්නො තස්ස පපටිකාපි පාරිපූරිං ගච්ඡති, තචොපි ඵෙග්ගුපි සාරොපි පාරිපූරිං ගච්ඡති. එවමෙව ඛො ආවුසො සීලවතො සීලසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති අවිප්පටිසාරො. අවිප්පටිසාරෙ සති අවිප්පටිසාරසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති -පෙ- විමුත්තිඤාණදස්සනන්ති.
Sinhala BJTඇවැත්නි, යම් සේ ශාඛාපලාශයෙන් යුක්ත වෘක්‍ෂයෙක් වේ නම්, එහි පිට පොතුදු පිරිපුන් බවට යෙයි. ඇතුළු පොතුදු, බොරුදු, හරදු පිරිපුන්බවට යෙයි. ඇවැත්නි, එසෙයින් ම සිල්සපන්සිල්වත්හට අවිප්‍රතිසාරය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. අවිප්‍රතිසාරය ඇතිවත් ම අවිප්‍රතිසාරසම්පන්නහට ... විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වේ යි.
Pali BJT10. 1. 1. 6.
Sinhala BJT10. 1. 1. 6.
Pali BJTසමාධි සුත්තං
Sinhala BJTසමාධි සූත්‍රය
Pali BJT[සාවත්ථියං]
Sinhala BJT[සැවැත් නුවර]
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච:
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ, පැමිණ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ, එකත්පස්ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ:
Pali BJTසියා නු ඛො භන්තෙ භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස, න ආපස්මිං ආපොසඤ්ඤී අස්ස, න තෙජස්මිං තෙජොසඤ්ඤී අස්ස, න වායස්මිං වායොසඤ්ඤී අස්ස, න ආකාසානඤ්චායතනෙ ආකාසානඤ්චායතනසඤ්ඤී අස්ස, න විඤ්ඤාණඤ්චායතනෙ විඤ්ඤාණඤ්චායතනසඤ්ඤී අස්ස, න ආකිඤ්චඤ්ඤායතනෙ ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤී අස්ස, න නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤී අස්ස, න ඉධ ලොකෙ ඉධ ලොකසඤ්ඤී අස්ස. න පරලොකෙ පරලොකසඤ්ඤී අස්ස, සඤ්ඤී ච පන අස්සා ති?
Sinhala BJTවහන්ස, යම්සේ පඨවිකසිණයෙහි පෘථිවිසංඥා ඇති නො ම වේ නම්, මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ ද? ආපෝකසිණයෙහි අප්සංඥා ඇති නොවේ නම්, තේජෝකසිණයෙහි තෙජඃසංඥා ඇති නොවේ නම්, වායෝකසිණයෙහි වායුසංඥා ඇති නොවේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා ඇති නොවේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා ඇති නොවේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා ඇති නොවේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥා ඇති නො වේ නම් මෙ ලොව්හි මෙලෝ යන සංඥා ඇති නො වේ නම්, පරලොව්හි පරලෝ යන සංඥා ඇති නොවේ නම්, එබඳු සමාධි ප්‍රතිලාභයෙක් මහණහට වන්නේ ද? යළි සංඥා ඇතියේත් වන්නේදැ යි?
Pali BJTසියා ආනන්ද භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස, න ආපස්මිං ආපොසඤ්ඤී අස්ස, න තෙජස්මිං තෙජොසඤ්ඤී අස්ස, න වායස්මිං වායොසඤ්ඤී අස්ස, න ආකාසානඤ්චායතනෙ ආකාසානඤ්චායතනසඤ්ඤී අස්ස, න විඤ්ඤාණඤ්චායතනෙ විඤ්ඤාණඤ්චායතනසඤ්ඤී අස්ස, න ආකිඤ්චඤ්ඤායතනෙ ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤී අස්ස, න නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤී අස්ස, න ඉධ ලොකෙ ඉධලොකසඤ්ඤී අස්ස, න පරලොකෙ පරලොකසඤ්ඤී අස්ස. සඤ්ඤී ච පන අස්සාති.
Sinhala BJTආනන්‍දයෙනි, යම්සේ පඨවිකසිණයෙහි පෘථිවිසංඥා නො වේ නම්, මහණහට එබඳු සමාධි ප්‍රතිලාභයෙක් වන්නේ යැ, ආපෝ කසිණයෙහි ආපෝ ඇති සංඥා නො වේ නම්, තේජෝ කසිණයෙහි තෙජඃසංඥා ඇති නො වේ නම්, වායෝ කසිණ සමාපත්තියෙහි වායුසංඥා ඇති නො වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා ඇති නො වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා ඇති නො වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා ඇති නොවේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා ඇති නොවේ නම්, මෙ ලොව්හි මෙලෝ යන සංඥා ඇති නො වේ නම්, පරලොව්හි පරලෝ සංඥා ඇති නොවේ නම්, මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ යැ. යළි සංඥා ඇතියේත් වන්නේයි.
Pali BJTයථා කථම්පන භන්තෙ සියා භික්ඛුනො තථාරූපො සමාධි පටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස, න ආපස්මිං ආපොසඤ්ඤී අස්ස, න තෙජස්මිං තෙජොසඤ්ඤී අස්ස, න වායස්මිං වායොසඤ්ඤී අස්ස, න ආකාසානඤ්චායතනෙ ආකාසානඤ්චායතනසඤ්ඤී අස්ස, න විඤ්ඤාණඤ්චායතනෙ විඤ්ඤාණඤ්චායතනසඤ්ඤී අස්ස, (ආකිඤ්චඤ්ඤායතන??) න නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤී අස්ස, න ඉධලොකෙ ඉධලොකසඤ්ඤී අස්ස, න පරලොකෙ පරලොකසඤ්ඤී අස්ස. සඤ්ඤී ච පන අස්සාති.
Sinhala BJTවහන්ස, කිසෙයින් පඨවිකසිණයෙහි පෘථිවිසංඥා නො ම ඇති වේ නම්, අපොකසිණයෙහි අප්සංඥා ඇති නොවේ නම්, තේජෝකසිණයෙහි තේජස්සංඥා ඇති නො වේ නම්, වායොකසිණයෙහි වායුසංඥා ඇති නො වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා ඇති නො වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා ඇති නො වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා ඇති නොවේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා ඇති නොවේ නම්, මෙ ලොව්හි මෙලෝ යන සංඥා ඇති නො වේ නම්, පරලොව්හි පරලෝ සංඥා ඇති නොවේ නම්, මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ ද? යළි සංඥා ඇතියේත් වන්නේ ද? යි.
Pali BJTඉධානන්ද භික්ඛු එවං සඤ්ඤී හොති: එතං සන්තං එතං පණීතං යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානන්ති. එවං ඛො ආනන්ද සියා භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස, න ආපස්මිං ආපොසඤ්ඤී අස්ස, න තෙජස්මිං තෙජොසඤ්ඤී අස්ස, න වායස්මිං වායොසඤ්ඤී අස්ස, න ආකාසානඤ්චායතනෙ ආකාසානඤ්චායතනසඤ්ඤී අස්ස, න විඤ්ඤාණඤ්චායතනෙ විඤ්ඤාණඤ්චායතනසඤ්ඤී අස්ස, න ආකිඤ්චඤ්ඤායතනෙ ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤී අස්ස, න නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤී අස්ස, න ඉධලොකෙ ඉධලොකසඤ්ඤී අස්ස, න පරලොකෙ පරලොකසඤ්ඤී අස්ස, සඤ්ඤී ච පන අස්සාති.
Sinhala BJTආනන්‍දයෙනි, මෙ සස්නෙහි මහණ මෙ බඳු සංඥා ඇතියේ වෙයි: “යම් සර්‍වසංස්කාරයන්ගේ සමථයෙක් සර්‍වොපධීන්ගේ දුරලීමෙක් තෘෂ්ණාක්‍ෂයයෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ නම් තෙල ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ”යි. ආනන්‍දයෙනි, මෙසෙයින් යම් සේ පඨවිකසිණයෙහි පෘථිවිසංඥා ඇතියේ නො ම වේ නම්, අපොකසිණයෙහි අප්සංඥා නැතියේ වේ නම්, තේජෝකසිණයෙහි තේජස්සංඥා නැතියේ වේ නම්, වායොකසිණයෙහි වායුසංඥා නැතියේ වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා නැතියේ වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා නැතියේ වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා නැතියේ වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා නැතියේ වේ නම්, මෙ ලොව්හි මෙලෝ යන සංඥා නැතියේ වේ නම්, පරලොව්හි පරලෝ සංඥා නැතියේ වේ නම්, එතෙකුදුවත් සංඥීත් වේ නම් මෙසේ මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ යි.
Pali BJT10. 1. 1. 7.
Sinhala BJT10. 1. 1. 7.
Pali BJTසාරිපුත්ත සුත්තං
Sinhala BJTසාරිපුත්ත සූත්‍රය
Pali BJT[සාවත්ථියං]
Sinhala BJT[සැවැත් නුවර]
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො යෙනායස්මා සාරිපුත්තො තෙනුපසංකමි. උපසඞ්කමිත්වා ආයස්මතා සාරිපුත්තෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච:
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරුන් කරා පැමිණියහ. පැමිණ ආයුෂ්මත් ආයුෂ්මත් සැරියුත් තෙරුන් හා සතුටු වූහ. සතුටු වියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට තෙල කීහ:
Pali BJTසියානු ඛො ආවුසො සාරිපුත්ත භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො, යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස, න ආපස්මිං ආපොසඤ්ඤී අස්ස, න තෙජස්මිං තෙජොසඤ්ඤී අස්ස, න වායස්මිං වායොසඤ්ඤී අස්ස, න ආකාසානඤ්චායතනෙ ආකාසානඤ්චායතනනසඤ්ඤී අස්ස, න විඤ්ඤාණඤ්චායතනෙ විඤ්ඤාණඤ්චායතනසඤ්ඤී අස්ස, න ආකිඤ්චඤ්ඤායතනෙ ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤී අස්ස, න නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤී අස්ස, න ඉධ ලොකෙ ඉධලොකසඤ්ඤී අස්ස, න පරලොකෙ පරලොකසඤ්ඤී අස්ස. සඤ්ඤී ච පන අස්සාති?
Sinhala BJTඇවැත් සාරිපුත්‍රයෙනි, යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නැතියේ වේ නම්, ආපයෙහි අප්සංඥා නැතියේ වේ නම්, තේජස්හි තේජස් සංඥා නැතියේ වේ නම්, වායුයෙහි වායුසංඥා නැතියේ වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා නැතියේ වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා නැතියේ වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා නැතියේ වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා නැතියේ වේ නම්, මෙ ලොව්හි මෙලෝ යන සංඥා නැතියේ වේ නම්, පරලොව්හි පරලෝ සංඥා නැතියේ වේ නම්, එතෙකුදුවත් සංඥීත් වේ නම් මෙසේ මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ වේ දැ යි.
Pali BJTසියා ආවුසො ආනන්ද භික්ඛුනො තථාරූපො සමාධි පටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස -පෙ- න පරලොකෙ පරලොකසඤ්ඤී අස්ස, සඤ්ඤී ච පන අස්සාති?
Sinhala BJTඇවැත් ආනන්‍දයෙනි, යම් පරිදි පෘථිවියෙහි පෘථිවිසංඥා ඇතියේ නො වේ නම් ... පරලෝකයෙහි පරලෝසංඥා නැතියේ වේ නම් සංඥීත් වේ නම් මහණහට එබඳු සමාධි ප්‍රතිලාභයෙක් වේ යයි.
Pali BJTයථා කථං පනාවුසො සාරිපුත්ත සියා භික්ඛුනො තථාරූපො සමාධි පටිලාභො, යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස -පෙ- න පරලොකෙ පරලොකසඤ්ඤී අස්ස. සඤ්ඤී ච පන අස්සාති?
Sinhala BJTඇවැත් ශාරීපුත්‍රයෙනි, යම් පරිදි පෘථිවියෙහි පෘථිවිසංඥා ඇතියේ නො ම වේ නම් … පරලෝකයෙහි පරලෝකසංඥා ඇතියේ නො වේ නම් සංඥීත් වේ නම් මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් කිසෙයින් වේ ද?
Pali BJTඑකමිදාහං ආවුසො ආනන්ද සමයං ඉධෙව සාවත්ථියං විහරාමි අන්ධවනස්මිං තත්ථාහං තථාරූපං සමාධිං සමාපජ්ජිං යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අහොසිං, න ආපස්මිං ආපොසඤ්ඤී අහොසිං, න තෙජස්මිං තෙජොසඤ්ඤී අහොසිං, න වායස්මිං වායොසඤ්ඤී අහොසිං. න ආකාසානඤ්චායතනෙ ආකාසානඤ්චායතනසඤ්ඤී අහොසිං, න විඤ්ඤාණඤ්චායතනෙ විඤ්ඤාණඤ්චායතනසඤ්ඤී අහොසිං, න ආකිඤ්චඤ්ඤායතනෙ ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤී අහොසිං, න නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ නෙවසඤ්ඤානාසසඤ්ඤායතනසඤ්ඤී අහොසිං, න ඉධලොකෙ ඉධලොකසඤ්ඤී අහොසිං, න පරලොකෙ පරලොකසඤ්ඤී අහොසින්ති.
Sinhala BJTඇවැත් ආනන්‍දයෙනි, එක් කලෙක මම් මෙ සැවැත්හි ම අන්‍ධවනයෙහි වාසය කරමි. එහි දී මම් යම් පරිදි පෘථිවියෙහි පෘථිවිසංඥා නො වීම් නම්, අප්හි අප්සංඥී නො වීම් නම්, තේජස්හි තේජස්සංඥී නො වීම් නම්, වායුවෙහි වායුසංඥී නො වීම් නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥී නො වීම් නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥී නො වීම් නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥී නො වීම් නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥී නො වීම් නම්, ඉධලෝකයෙහි ඉධලෝකසංඥී නො වීම් නම්, පරලොව්හි පරලෝ සංඥී නො වීම් නම්, එබඳු සමාධියකට සමවන්මි.
Pali BJTකිං සඤ්ඤී පනායස්මා සාරිපුත්තො තස්මිං සමයෙ අහොසීති?
Sinhala BJTඇවැත්නි, එකල ශාරීපුත්‍ර තෙමේ කවර සංඥා ඇතියෙක් වූයේ දැ යි.
Pali BJTභවනිරොධො නිබ්බානං, භවනිරොධො නිබ්බානන්ති ඛො මෙ ආවුසො අඤ්ඤාව සඤ්ඤා උප්පජ්ජති, අඤ්ඤාව සඤ්ඤා නිරුජ්ඣති, සෙය්යථාපි ආවුසො සකලිකග්ගිස්ස ඣායමානස්ස අඤ්ඤාව අච්චි උප්පජ්ජති, අඤ්ඤාව අච්චි නිරුජ්ඣති, එවමෙව ඛො මෙ ආවුසො භවනිරොධො නිබ්බානං භවනිරොධො නිබ්බානන්ති අඤ්ඤාව සඤ්ඤා උප්පජ්ජති, අඤ්ඤාව සඤ්ඤා නිරුජ්ඣති. භවනිරොධො නිබ්බානන්ති සඤ්ඤී ච පනාහං ආවුසො තස්මිං සමයෙ අහොසින්ති
Sinhala BJTඇවැත්නි, භවනිරෝධය නිර්‍වාණය, භවනිරෝධය නිර්‍වාණය යි අන් ම සංඥාවෙක් උපදනේ ය. අන් ම සංඥායෙක් නිරුද්ධ වන්නේ ය. එ කෙසේ යැ: ඇවැත්නි, ගිනිගත් රුක්පොතු ගින්නක්හුගේ අන් ම ගිනිසිළෙක් උපදනේ ය, අන් ම ගිනිසිළෙක් නිරුද්ධ වන්නේ ය. ඇවැත්නි, එපරිදි ම භවනිරෝධය නිර්‍වාණය, භවනිරෝධය නිර්‍වාණය යි අන්ම සංඥාවෙක් උපදනේ ය. අන්ම සංඥායෙක් නිරුද්ධ වන්නේ ය. ඇවැත්නි, එසමයෙහි මම භවනිරෝධය නිර්‍වාණය යි යන සංඥා ඇතියෙම් ම වීමි යි.
Pali BJT10. 1. 1. 8.
Sinhala BJT10. 1. 1. 8.
Pali BJTසද්ධ සුත්තං
Sinhala BJTසද්ධ සූත්‍රය
Pali BJT[සාවත්ථියං]
Sinhala BJT[සැවැත් නුවර]
Pali BJTසද්ධො ච භික්ඛවෙ භික්ඛු හොති නො ච සීලවා. එවං සො තෙනඞ්ගෙන අපරිපූරො හොති. තෙන තං අඞ්ගං පරිපූරෙතබ්බං, “කින්තාහං සද්ධො ච අස්සං සීලවා චා”ති. යතො ච ඛො භික්ඛවෙ භික්ඛු සද්ධො ච හොති සීලවා ච, එවං සො තෙනඞ්ගෙන පරිපූරො හොති.
Sinhala BJTමහණෙනි, භික්‍ෂු සැදැහැතියේත් වෙයි සිල්වත් නො ද වෙයි, මෙසේ හේ ඒ අංගයෙන් අපරිපූර්‍ණ වෙයි. උහු විසින් ඒ අංගය පිරිය යුතු. “කිසෙයින් මම් සැදැහැතියෙම් ද, සිල් ඇතියෙම් ද වන්නෙම් දැ”යි, මහණෙනි, යම් කලෙක මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් වේ ද මෙසේ ඒ අංගයෙන් පරිපූර්‍ණ වෙයි.
Pali BJTසද්ධො ච භික්ඛවෙ භික්ඛු හොති, සීලවා ච, නො ච බහුස්සුතො -පෙ- බහුස්සුතො ච නො ච ධම්මකථිකො - ධම්මකථිකො ච නො ච පරිසාවචරො - පරිසාවචරො ච නො ච විසාරදො පරිසාය ධම්මං දෙසෙති - විසාරදො ච පරිසාය ධම්මං දෙසෙති නො ච විනයධරො - විනයධරො ච නො ච ආරඤ්ඤකො පන්තසෙනාසනො - ආරඤ්ඤකො ච පන්තසෙනාසනො නො ච චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී - චතුන්නඤ්ච ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී - නො ච ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
Sinhala BJTමහණෙනි, භික්‍ෂු සැදැහැතියේත් වෙයි සිල් ඇතියේත් වෙයි. නො ද බහුශ්‍රුත වෙයි ... බහුශ්‍රුත ද වෙයි. ධර්‍මකථික නො ද වෙයි ... ධර්‍මකථික වෙයි. පරිසාවචර නො ද වෙයි ... පරිසාවචර වූයේත් විසාරද ව පිරිස්හි නො ද දහම් දෙසයි ... විසාරද වූයේත් පිරිස්හි දහම් දෙසයි ... නො ද විනයධර වෙයි ... විනයධර ද වෙයි ප්‍රාන්තසෙනසුන් ඇති ආරණ්‍යක නො වෙයි ... ප්‍රාන්තසෙනසුන්හි යෙදුනු ආරණ්‍යක වූයේත්, ආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ සිවුදැහැන් නිකාමලාභියෙක් අකිච්ඡලාභියෙක් අකසිරලාභියෙක් නො ද වෙයි ... ආභිචේතසික, දිට්ඨධම්මසුඛවිහාර වූ සිවුදැහැන් නිකාමලාභියෙක් අකිච්ඡලාභියෙක් අකසිරලාභියෙක් ද වෙයි. ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය දිටුදැමියෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට එළඹ නො වෙසෙයි.
Pali BJTඑවං සො තෙනඞ්ගෙන අපරිපූරො හොති, තෙන තං අඞ්ගං පරිපූරෙතබ්බං. ‘කින්තාහං සද්ධො ච අස්සං සීලවා ච බහුස්සුතො ච ධම්මකථිකො ච පරිසාවචරො ච විසාරදො ච පරිසාය ධම්මං දෙසෙය්යං, විනයධරො ච ආරඤ්ඤකො ච පන්තසෙනාසනො ච චතුන්නඤ්ච ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී අස්සං අකිච්ඡලාභී අකසිරලාභී, ආසවානඤ්ච ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්ය’න්ති.
Sinhala BJTමෙසේ හේ ඒ අංගයෙන් අපරිපූර්‍ණ වෙයි. ඔහු විසින් ඒ අංගය පිරිය යුතු වෙයි. “කිසෙයින් මම් සැදැහැතියෙම් ද සිල්ඇතියෙම් ද බහුශ්‍රැතයෙම් ද ධර්‍මකථිකයෙම් ද වන්නෙම් ද, පරිසාවචරයෙම් ද විසාරද ව පිරිස් හි දහම් දෙසන්නෙම් ද විනයධර වූයෙම් ප්‍රාන්තසෙනසුන් ඇතියෙම් ආරණ්‍යක ද වූයෙම් ආභිචේතසික වන දිට්ඨධම්මසුඛවිහාර වන සිවුදැහැන් නිකාමලාභියෙම් අකිච්ඡලාභියෙම් අකසිරලාභියෙම් වන්නෙම් ද ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව චිත්තවිමුක්ති ප්‍රඥාවිමුක්ති දිටුදැමියෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට පැමිණ වාසය කරන්නෙම් දැ යි.
Pali BJTයථො ච ඛො භික්ඛවෙ භික්ඛු සද්ධො ච හොති සීලවා ච බහුස්සුතො ච ධම්මකථිකො ච පරිසාවචරො ච විසාරදො ච පරිසාය ධම්මං දෙසෙති, විනයධරො ච ආරඤ්ඤකො ච පන්තසෙනාසනො, චතුන්නඤ්ච ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභී, ආසවානඤ්ච ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. එවං සො තෙනඞ්ගෙන පරිපූරො හොති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක පටන් මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් බහුශ්‍රුත වූයේත් ධර්‍මකථික වූයේත් පරිසාවචර වූයේත් විසාරද වූයේත් පිරිස්හි දහම් දෙසාද විනයධර වූයේත් ආරණ්‍යක වූයේ ප්‍රාන්තසේනාසන ඇතියේත් ආභිචේතසික දිට්ඨධම්මසුඛවිහාර සතරධ්‍යානයන්ගේ නිකාමලාභියෙක් අකිච්ඡලාභියෙක් අකසිරලාභියෙක් වේ ද, ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙනුදු අනාශ්‍රව වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය දිටුදැමියෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට පැමිණ වාසය කෙරේ ද, මෙසේ හේ එඅඟින් පරිපූර්‍ණ වේය යි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ දසහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු සමන්තපාසාදිකො ච හොති සබ්බාකාර පරිපූරොචාති.
Sinhala BJTමහණෙනි, මේ දසදහමින් සමන්‍වාගත මහණ සමන්තපාසාදික ද වෙයි. සර්‍වාකාර පරිපූර්‍ණ ද වෙයි.
Pali BJT10. 1. 1. 9.
Sinhala BJT10. 1. 1. 9.
Pali BJTසන්තවිමොක්ඛ සුත්තං
Sinhala BJTසන්තවිමොක්ඛ සූත්‍රය
Pali BJT[සාවත්ථියං]
Sinhala BJT[සැවැත් නුවර]
Pali BJTසද්ධො ච භික්ඛවෙ භික්ඛු හොති නො ච සීලවා -පෙ- සීලවා ච නො ච බහුස්සුතො - බහුස්සුතො ච නො ච ධම්මකථිකො - ධම්මකථිකො ච නො ච පරිසාවචරො - පරිසාවචරො ච නො ච විසාරදො - පරිසාය ධම්මං දෙසෙති - විසාරදො ච පරිසාය ධම්මං දෙසෙති නො ච විනයධරො - විනයධරො ච නො ච ආරඤ්ඤකො පන්තසෙනාසනො - ආරඤ්ඤකො ච පන්තසෙනාසනො නො ච යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා තෙ කායෙන ඵස්සිත්වා විහරති - යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා තෙ ච කායෙන ඵස්සිත්වා විහරති නො ච ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති, එවං සො තෙනඞ්ගෙන අපරිපූරො හොති.
Sinhala BJTමහණෙනි, භික්‍ෂු සැදැහැතියේත් වෙයි, නො ද සිල් ඇතියේ වෙයි ... සිල් ඇතියේත් නො ද බහුශ්‍රුත වෙයි ... බහුශ්‍රුත වූයේත් නො ද ධර්‍මකථික වෙයි ... ධර්‍මකථික වූයේත් නො ද පරිසාවචර වෙයි ... පරිසාවචර වූයේත් නො ද විසාරද වූයේ පිරිස්හි දහම් දෙසයි ... විසාරද වූයේත් පිරිස්හි දහම් දෙසයි ... නො ද විනයධර වෙයි ... විනයධර වූයේත් ප්‍රාන්ත සෙනසුන් ඇති ආරණ්‍යක නො ද වෙයි ... ප්‍රාන්ත සෙනසුන් ඇති ආරණ්‍යක වූයේත් රූපයන් ඉක්ම ආරූප්‍ය වූ යම් ඒ ශාන්ත විමෝක්‍ෂ කෙනෙක් වෙත් නම් උන් කයින් පැහැස නො ද වෙසෙයි ... රූපයන් ඉක්ම සිටුනා ආරූප්‍ය වූ යම් ඒ ශාන්ත විමෝක්‍ෂ කෙනෙක් වෙත් නම් උනුදු නාමකයින් පැහැස වෙසෙයි. ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති දිටුදැමියෙහි තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට එළඹ වාසය නො කෙරෙයි. මෙසේ හේ එඅඟින් අපරිපූර්‍ණ වෙයි.
Pali BJTතෙන තං අඞ්ගං පරිපූරෙතබ්බං. “කින්තාහං සද්ධො ච අස්සං සීලවා ච බහුස්සුතො ච ධම්මකථිකො ච පරිසාවචරො ච විසාරදො ච පරිසාය ධම්මං දෙසෙය්යං, විනයධරො ච ආරඤ්ඤකො ච පන්තසෙනාසනො යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා තෙ ච කායෙන ඵස්සිත්වා විහරෙය්යං ආසවානඤ්ච ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යන්ති.
Sinhala BJTඔහු විසින් එ අංගය පිරිය යුතු, කිසෙයින් මම් සැදැහැතියෙම් සිල් ඇතියෙම් බහුශ්‍රුත වූයෙම් ධර්‍මකථික ද වූයෙම් පරිසාවචර ද වූයෙම් විසාරද ව පිරිස්හි දහම් දෙසනුයෙම් විනයධර වූයෙම් ප්‍රාන්ත සෙනසුන් ඇති ආරණ්‍යක ද වූයෙම් රූපාවචර ධ්‍යානයන් ඉක්ම සිටුනා ආරූප්‍ය වූ යම් ඒ ශාන්ත විමෝක්‍ෂ කෙනෙක් වෙත් නම් උනුදු කයින් පැහැස වසනුයෙම් ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට පැමිණ වාසය කරන්නෙම් දැ’යි.
Pali BJTයතො ච ඛො භික්ඛවෙ භික්ඛු සද්ධො ච හොති සීලවා ච බහුස්සුතො ච ධම්මකථිකො ච පරිසාවචරො ච විසාරදො ච පරිසාය ධම්මං දෙසෙති, විනයධරො ච ආරඤ්ඤකො ච පන්තසෙනාසනො යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා තෙ ච කායෙන ඵස්සිත්වා විහරති ආසවානඤ්ච ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙවධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති, එවං සො තෙනඞ්ගෙන පරිපූරො හොති. ඉමෙහි ඛො භික්ඛවෙ දසහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු සමන්තපාසාදිකො ච හොති, සබ්බාකාර පරිපූරො චාති.
Sinhala BJTමහණෙනි, මහණ යම් කලෙක සැදැහැතියේත්, සිල් ඇතියේත් වේ ද, බහුශ්‍රුත වූයේත් වේද, ධර්‍මකථිකත් වේ ද, පරිසාවචර වූයේත් වේ ද, විසාරද වූයේත් පිරිස්හි දහම් දෙසා ද, විනයධර වූයේත් වේ ද, ප්‍රාන්ත සෙනසුන් ඇති ආරණ්‍යක වූයේත්, රූපධ්‍යානයන් ඉක්ම සිටුනා අරූපධ්‍යාන වූ යම් ඒ ශාන්ත විමෝක්‍ෂ කෙනෙක් වෙත් නම් ඔවුනුදු නාමකයින් පැහැස වාසය කෙරේ ද, ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව චිත්තවිමුක්ති ප්‍රඥාවිමුක්ති ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට පැමිණ වාසය කෙරේ ද, මෙසේ හේ ඒ අඟින් පරිපූර්‍ණ වෙයි. මහණෙනි, මේ දශධර්‍මයෙන් සමන්‍වාගත මහණ සමන්තපාසාදික ද වේ යයි.
Pali BJTසන්තවිමොක්ඛසුත්තං නවමං.
Sinhala BJTසන්තවිමොක්ඛ සූත්‍රය නමවැනි යි.
Pali BJT10. 1. 1. 10.
Sinhala BJT10. 1. 1. 10.
Pali BJTවිජ්ජා සුත්තං
Sinhala BJTවිජ්ජා සූත්‍රය
Pali BJT[සාවත්ථියං]
Sinhala BJT[සැවැත් නුවර]
Pali BJTසද්ධො ච භික්ඛවෙ භික්ඛු හොති නො ච සීලවා එවං සො තෙනඞ්ගෙන අපරිපූරො හොති, තෙන තං අඞ්ගං පරිපූරෙතබ්බං “කින්තාහං සද්ධො ච අස්සං සීලවා චා”ති.
Sinhala BJTමහණෙනි, මහණ සැදැහැතියේත් වෙයි, නො ද සිල්වත් වෙයි. මෙසේ හේ එ අංගයෙන් අපරිපූර්‍ණ වෙයි. ඔහු විසින් එ අංගය පිරිය යුතු. කිසෙයින් මම් සැදැහැතියෙම් ද සිල් ඇතියෙම් ද වන්නෙම් දැ’යි.
Pali BJTයතො ච ඛො භික්ඛවෙ භික්ඛු සද්ධො ච හොති සීලවා ච එවං සො තෙනඞ්ගෙන පරිපූරො හොති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් වේ ද, මෙසේ හේ එඅඟින් පරිපූර්‍ණ වෙයි.
Pali BJTසද්ධො ච භික්ඛවෙ භික්ඛු හොති සීලවා ච නො ච බහුස්සුතො -පෙ- බහුස්සුතො ච නො ච ධම්මකථිකො - ධම්මකථිකො ච නො ච පරිසාවචරො - පරිසාවචරො ච නො ච විසාරදො පරිසාය ධම්මං දෙසෙති - විසාරදො ච පරිසාය ධම්මං දෙසෙති නො ච විනයධරො - විනයධරො ච නො ච අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්යථීදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති -පෙ- නො ච දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන -පෙ- යථාකම්මූපගෙ සත්තෙ පජානාති, නො ච ආසවානං ඛයා -පෙ- සචිඡිකත්වා උපසම්පජ්ජ විහරති, එවං සො තෙනඞ්ගෙන අපරිපූරො හොති.
Sinhala BJTමහණෙනි, මහණ සැදැහැතියේත්, සිල් ඇතියේත් වෙයි. නො ද බහුශ්‍රුත වෙයි ... බහුශ්‍රුත වූයේත් නො ද ධර්‍මකථික වෙයි ... ධර්‍මකථික ද වෙයි, පරිසාවචර නො වෙයි ... පරිසාවචර ද වෙයි. විසාරද වූයේ පිරිස් දහම් නො ද දෙසයි … විසාරද වූයේ පිරිස්හි දහම් ද දෙසයි, නො ද විනයධර වෙයි ... විනයධර වූයේත් අනේකවිහිත පූර්‍වනිවාසයන් නො ද සිහිකෙරෙයි. එනම් එක් දැයකුදු, දෙදැයකුදු ... මෙසේ ආකාර සහිත උද්දේස සහිත අනේකවිහිත පූර්‍වනිවාසයන් සිහි කරයි … අනේකවිහිත පූර්‍වනිවාසයන් ද සිහි කරයි. එනම්, එක් දැයකුදු, දෙදැයකුදු ... මෙසේ ආකාර සහිත උද්දේස සහිත අනේකවිහිත පූර්‍වනිවාසයන් සිහි කරයි. විසුද්ධ වූ මිනිසැස ඉක්ම ගිය දිවැසින් ... කම් වූ පරිදි යන සත්ත්‍වයන් නො ද දක්නේ යි ... විශුද්ධ වූ මිනිසැස ඉක්ම ගිය දිවැසින් ... කම්වූ පරිදි යන සත්ත්‍වයන් දක්නේ ය. ආස්‍රවක්‍ෂයෙන් ... සාක්‍ෂාත් කොට එයට පැමිණ නො ද වාසය කරයි. මෙසේ එඅඟින් අපරිපූර්‍ණ වෙයි.
Pali BJTතෙන තං අඞ්ගං පරිපූරෙතබ්බං “කින්තාහං සද්ධො ච අස්සං සීලවා ච බහුස්සුතො ච ධම්මකථිකො ච පරිසාවචරො ච විසාරදො ච පරිසාය ධම්මං දෙසෙය්යං, විනයධරො ච අනෙකවිහිතඤ්ච පුබ්බෙනිවාසං අනුස්සරෙය්යං, සෙය්යථීදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරෙය්යං , දිබ්බෙන ච චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන -පෙ- යථාකම්මූපගෙ සත්තෙ පජානෙය්යං, ආසවානඤ්ච ඛයා -පෙ- සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යන්ති.
Sinhala BJTඔහු විසින් එ අඟ පිරිය යුතු: කිසෙයින් මම් සැදැහැතියෙම් ද බහුශ්‍රුත වූයෙම් ද, ධර්‍මකථිකයෙම් ද, පරිසාවචරයෙම් ද, විසාරදව පිරිස්හි දහම් දෙසන්නෙම් විනයධර වූයෙම් අනේකවිහිත පූර්‍වනිවාසයන් අනුස්මරණ කරන්නෙම් එනම්: එක් දැයකුදු, දෙදැයකුදු ... මෙසේ සාකාර වූ සඋද්දේස වූ අනේකවිහිත වූ පූර්‍වනිවාසය අනුස්මරණ කරන්නෙම් විශුද්ධ වූ මිනිසැස ඉක්ම ගිය දිවැසින් … කම් වූ පරිදි පරලොව ගිය සතුන් දක්නෙම් ද, ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් ... සාක්‍ෂාත් කොට එයට පැමිණ වාසය කෙරෙම් දැයි.
Pali BJTයතො ච ඛො භික්ඛවෙ භික්ඛු සද්ධො ච හොති සීලවා ච බහුස්සුතො ච ධම්මකථිකො ච පරිසාවචරො ච විසාරදො ච පරිසාය ධම්මං දෙසෙති, විනයධරො ච අනෙකකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්යථීදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. දිබ්බෙන ච චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන -පෙ- යථාකම්මූපගෙ සත්තෙ පජානාති. ආසවානඤ්ච ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙවධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති, එවං සො තෙනඞ්ගෙන පරිපූරො හොති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මහණ සැදැහැතියේත්, සිල් ඇතියේත්, බහුශ්‍රුත වූයේත්, ධර්‍මකථික වූයේත්, පරිසාවචර වූයේත් වේ ද, විසාරද වූයේ පිරිස්හි දහම් දෙසා ද විනයධර වූයේත් අනේකවිහිත පූර්‍වනිවාසය අනුස්මරණ කෙරෙයි. එනම්: එක් දැයකුදු, දෙදැයකුදු ... මෙසේ ආකාර සහිත උද්දේස සහිත අනේකවිහිත පූර්වේනිවාස අනුස්මරණ කෙරේ ද, විසුද්ධ වූ මිනිසැස ඉක්ම ගිය දිවැසින් ... කම් වූ පරිදි පරලොව ගිය සත්ත්‍වයන් දක්නේ ද ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්ති ප්‍රඥාවිමුක්ති දිටුදැමියෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට පැමිණ වාසය කෙරේ ද මෙසේ හේ එ අඟින් පරිපූර්‍ණ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ දසහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු හොති සමන්තපාසාදිකො ච හොති සබ්බාකාරපරිපූරොචාති.
Sinhala BJTමහණෙනි, මෙ දසදහමින් සමන්‍වාගත මහණ සමන්තපාසාදික ද වෙයි. සර්‍වාකාර පරිපූර්‍ණ ද වේ යයි.
Pali BJTආනිසංසවග්ගො පඨමො.
Sinhala BJTප්‍රථම ආනිසංසවර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTකිමත්ථියං චෙතනා සීලං උපනිසා ආනන්ද පඤ්චමං, සමාධි සාරිපුත්තො ච සද්ධො සන්තෙන විජ්ජයාති, {1}
Sinhala BJTකිමත්‍ථිය සූත්‍රය, චේතනා සූත්‍රය, සීල සූත්‍රය, උපනිස සූත්‍රය, ආනන්‍ද සූත්‍රය, සමාධි සූත්‍රය, සාරිපුත්ත සූත්‍රය, සද්ධ සූත්‍රය, සන්ත සූත්‍රය, විජ්ජා සූත්‍රය දැයි දසයෙක.
Pali BJT2. නාථවග්ගො
Sinhala BJT2. නාථ වර්‍ගය
Pali BJT10. 1. 2. 1.
Sinhala BJT10. 1. 2. 1.
Pali BJTසෙනාසන සුත්තං
Sinhala BJTසේනාසන සූත්‍රය
Pali BJT[සාවත්ථියං]
Sinhala BJT[සැවැත් නුවර]
Pali BJTපඤ්චඞ්ගසමන්නාගතො භික්ඛවෙ භික්ඛු පඤ්චඞ්ගසමන්නාගතං සෙනාසනං සෙවමානො භජමානො න චිරස්සෙව ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙවධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්ය,
Sinhala BJTමහණෙනි, අඞ්ග පසෙකින් සමන්‍වාගත මහණ පසඟෙකින් සමන්‍වාගත සෙනසුන් සෙවුනේ බජනුයේ නොබෝ කලෙකින් ම ආස්‍රවක්‍ෂයයෙන් ඉහාත්මයෙහි ම චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය තෙමේ පසක් කොට එයට පැමිණ වාස කරන්නේ ය.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු පඤ්චඞ්ගසමන්නාගතො හොති:
Sinhala BJTමහණෙනි, කෙසේ මහණ පසඟෙකින් සමන්‍වාගත වේ ද:
Pali BJT1. ඉධ භික්ඛවෙ භික්ඛු සද්ධො හොති, සද්දහති තථාගතස්ස බොධිං: ‘ඉති පි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථී සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති.
Sinhala BJT1. මහණෙනි, මෙ සස්නෙහි මහණ සැදැහැතියේ වෙයි. තථාගතයන් වහන්සේගේ සම්බෝධිය හදනේ ය: “මෙසේ ද ඒ භගවත්හු අර්‍හත්හ, සම්‍යක්සම්බුද්යහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගතයහ, ලෝකවිද්හ, අනුත්තරයහ, පුරුෂදම්‍යසාරථිහ, දෙව්මිනිස්නට ශාස්තෘ හ, බුද්ධයහ, භගවත්හ”යි.
Pali BJT2. අප්පාබාධො හොති අප්පාතඞ්කො සමවෙපාකිනියා ගහණියා සමන්නාගතො නාතිසීතාය නාච්චුණ්හාය මජ්ඣිමාය පධානක්ඛමාය.
Sinhala BJT2. අල්පාබාධ වූයේ අල්පාතඞ්ක වූයේ අතිශීත නො වූ අත්‍යුෂ්ණ නො වූ ප්‍රධන්වීර්‍ය්‍යයට ක්‍ෂම වූ මධ්‍යම වූ සමව පැසවන කර්‍මජතේජෝධාතුයෙන් සමන්‍වාගත වෙයි.
Pali BJT3. අසඨො හොති අමායාවී, යථාභූතං අත්තානං ආවීකත්තා සත්ථරි වා විඤ්ඤූසු වා සබ්රහ්මචාරිසු.
Sinhala BJT3. සඨ නො වූයේ මායා නැතියේ ඇති සැටිය තමා ශාස්තෘන් කෙරෙහි වේවයි නුවණැති සබ්‍රම්සරුන් කෙරෙහි වේවයි පාළ කරනුයේ වෙයි.
Pali BJT4. ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු.
Sinhala BJT4. අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය සඳහා කුශලධර්‍මයන්ගේ උපසම්පත් සඳහා ස්ථාම ඇතියේ දළපැරකුම් ඇතියේ කුසල්දහම්හි නො බහා තැබූ වීර්‍ය්‍යධූර ඇතියේ ඇරඹූ වැර ඇතියේ වාසය කෙරෙයි.
Pali BJT5. පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා.
Sinhala BJT5. ආර්‍ය්‍ය වූ ලොභස්කන්‍ධාදිය බිඳීමට සමත් මොනොවට දුඃඛක්‍ෂයට පමුණුවන උදයාස්තංගාමිනිප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ ප්‍රඥාවත් වෙයි.
Pali BJTඑවං ඛො භික්ඛවෙ භික්ඛු පඤ්චඞ්ගසමන්නාගතො හොති.
Sinhala BJTමහණෙනි, මෙසේ මහණ පඤ්චාඞ්ගසමන්‍වාගත වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ සෙනාසනං පඤ්චඞ්ගසමන්නාගතං හොති?
Sinhala BJTමහණෙනි, කෙසේ සෙනසුන පඤ්චාඞ්ගසමන්‍වාගත වේ ද ;
Pali BJT6. ඉධ භික්ඛවෙ සෙනාසනං නාතිදූරං හොති නාච්චාසන්නං ගමනාගමනසම්පන්නං
Sinhala BJT6. මහණෙනි, මෙ සස්නෙහි සෙනස්න අතිදුර නො වූයේ අත්‍යාසන්න නො වූයේ ගමනාගමනින් සපන් වූයේ වෙයි.
Pali BJT7. දිවා අප්පකිණ්ණං රත්තිං අප්පසද්දං අප්පනිග්ඝොසං.
Sinhala BJT7. දහවල් (මිනිසුන්) නො ගැවසුණේ රාත්‍රි අල්පශබ්ද වූයේ අල්පනිර්ඝෝෂ වූයේ වෙයි.
Pali BJT8. අප්පඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සං.
Sinhala BJT8. මැසිමදුරු වා අවු දිගුදෑ පහස් නැතියේ වෙයි.
Pali BJT9. තස්මිං ඛො පන සෙනාසනෙ විහරන්තස්ස අප්පකසිරෙනෙව උප්පජ්ජන්ති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා.
Sinhala BJT9. එ සෙනස්නෙහි වසන්නහුට නිදුකින් ම සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර උපදනේ ය:
Pali BJT10. තස්මිං ඛො පන සෙනාසනෙ ථෙරා භික්ඛු විහරන්ති බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා, තෙ කාලෙන කාලං උපසඞ්කමිත්වා පරිපුච්ඡති පරිපඤ්හති: “ඉදම්භන්තෙ කථං ඉමස්ස කො අත්ථො”ති. තස්ස තෙ ආයස්මන්තො අවිවටඤ්චෙව විවරන්ති, අනුත්තානීකතඤ්ච උත්තානීකරොන්ති. අනෙකවිහිතෙසු ච කඞ්ඛාඨානීයෙසු ධම්මෙසු කඞ්ඛං පටිවිනොදෙන්ති.
Sinhala BJT10. එ සෙනස්නෙහි බොහෝ ඇසූ පිරූ තැන් ඇති හසළ ආගම ඇති සූත්‍රපිටකධර විනයධර (ප්‍රාතිමෝක්‍ෂද්වය සඞ්ඛ්‍යාත) මාතෘකාධර තෙර මහණහු වෙසෙත්. කලින් කල උන් කරා එළඹ පුළුවුස්නේ ය, පිරිසිඳුනේ ය: ‘වහන්ස, මේ කිසේ ය, මෙහි කවර අරුත් දැ’යි. ඔහට ඒ ඇවත්හු අවිවෘත වූත් අර්‍ත්‍ථය විවර කෙරෙත්, නො පාළ වූවා පාළ කෙරෙත්, නන් වැදෑරුම් සැකයට කරුණු වූ දහම්හි සැක දුරලත්.
Pali BJTඑවං ඛො භික්ඛවෙ සෙනාසනං පඤ්චඞ්ගසමන්නාගතං හොති. පඤ්චඞ්ගසමන්නාගතො ඛො භික්ඛවෙ භික්ඛු පඤ්චඞ්ගසමන්නාගතං සෙනාසනං සෙවමානො භජමානො න චිරස්සෙව ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙවධම්මෙ සයං අභිඤ්ඤාසච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යාති.
Sinhala BJTමහණෙනි, මෙසේ සෙනස්න පසඟින් සමන්‍වාගත වෙයි; මහණෙනි, පඤ්චාඞ්ගයෙන් සමන්‍වාගත මහණ පඤ්චාඞ්ගසමන්‍වාගත සෙනස්න සෙවුනේ බෙජෙනුයේ නො බෝ කලෙකින් ම ආස්‍රවක්‍ෂයයෙන් දුටුදැමියෙහි ම ආස්‍රව රහිත වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට පැමිණ වාසය කරනේ ය.
Pali BJT10. 1. 2. 2.
Sinhala BJT10. 1. 2. 2.
Pali BJTපඤ්චඞ්ග සුත්තං
Sinhala BJTපඤ්චඞ්ග සූත්‍රය
Pali BJT[සාවත්ථියං]
Sinhala BJT[සැවැත් නුවර]
Pali BJTපඤ්චඞ්ගවිප්පහීනො භික්ඛවෙ භික්ඛු පඤ්චඞ්ග සමන්නාගතො ඉමස්මිං ධම්මවිනයෙ කෙවලී වුසිතවා උත්තමපුරිසොති වුච්චති.
Sinhala BJTමහණෙනි, පඤ්චාඞ්ගවිප්‍රහීණ වූ පඤ්චාඞ්ගසමන්‍වාගත මහණ මේ ධර්‍මවිනයෙහි සකලගුණසමන්‍වාගත වුසූබඹසර ඇති උත්තමපුරුෂ යි කියනු ලැබේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු පඤ්චඞ්ගවිප්පහීනො හොති:
Sinhala BJTමහණෙනි, මහණ කෙසේ පඤ්චාඞ්ගවිප්‍රහීණ වේ ද යත්;
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛුනො කාමච්ඡන්දො පහීනො හොති, ව්යාපාදො පහීනො හොති, ථීනමිද්ධං පහීනං හොති, උද්ධච්චකුක්කුච්චං පහීනං හොති, විචිකිච්ඡා පහීනා හොති, එවං ඛො භික්ඛවෙ භික්ඛු පඤ්චඞ්ගවිප්පහීනො හොති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණහුගේ කාමච්ඡන්‍දය ප්‍රහීණ වෙයි, ව්‍යාපාදය ප්‍රහීණ වෙයි, ථිනමිද්ධය ප්‍රහීණ වෙයි, උද්ධච්චකුක්කුච්චය ප්‍රහීණ වෙයි, විචිකිච්ඡා ප්‍රහීණ වෙයි. මහණෙනි, මෙසේ මහණ පඤ්චාඞ්ගප්‍රහීණ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු පඤ්චඞ්ගසමන්නාගතො හොති:
Sinhala BJTමහණෙනි, කෙසේ මහණ පඤ්චාඞ්ගසමන්‍වාගත වේ ද යත්;