Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ පඤ්චන්නං උද්ධම්භාගියානං සඤ්ඤොජනානං පහානාය -පෙ- ඉමෙ චත්තාරො සතිපට්ඨානා භාවෙතබ්බාති.
Sinhala BJTමහණෙනි, මේ පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස මේ සතර සතිපට්ඨාන වැඩිය යුතු යි.
Pali BJT9. 2. 2. 9.
Sinhala BJT9. 2. 2. 9.
Pali BJTචෙතොඛිල සතිපට්ඨාන සුත්තං
Sinhala BJTචේතෝඛිල සතිපට්ඨාන සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ චෙතොඛිලා. කතමෙ පඤ්ච:
Sinhala BJTමහණෙනි, මේ චේතෝඛිලයෝ (චිත්තයාගේ ස්තබ්ධභාවයෝ) පස්දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු සත්ථරි කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති. යො සො භික්ඛවෙ භික්ඛු සත්ථරි කඞ්ඛති, විචිකිච්ඡති, නාධිමුච්චති, න සම්පසීදති, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, අයං පඨමො චෙතොඛිලො.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක කරයි, විචිකිච්ඡා කරයි. අධිමෝක්‍ෂ (ඇලීම) නො කරයි, නො පහදියි. මහණෙනි, යම් මහණෙක් ශාස්තෲන් වහන්සේ කෙරෙයි සැක කරන්නේ ද, විචිකිච්ඡා කරන්නේ ද, අධිමෝක්‍ෂ නොකරන්නේ ද, නො පහදනේ ද, ඔහු සිත ආතාපය (වීර්‍ය්‍යය) පිණිස අනුයෝගය (යෙදීම) පිණිස සතතභාවය පිණිස ප්‍රධන්වීර්‍ය්‍යය පිණිස නො නැමෙයි. යමක්හුගේ සිත ආතාපය පිණිස අනුයෝගය පිණිස සතතභාවය පිණිස ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නො නැමේ නම් මේ පළමු චේතෝඛිල යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ භික්ඛු ධම්මෙ කඞ්ඛති -පෙ- සඞ්ඝෙ කඞ්ඛති -පෙ- සික්ඛාය කඞ්ඛති -පෙ- සබ්රහ්මචාරිසු කුපිතො හොති අනත්තමනො ආහතචිත්තො ඛිල ජාතො. යො සො භික්ඛවෙ භික්ඛු සබ්රහ්මචාරිසු කුපිතො හොති අනත්තමනො ආහතචිත්තො ඛිල ජාතො, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය, සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, අයං පඤ්චමො චෙතොඛිලො. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච චෙතොඛිලා.
Sinhala BJTතවද මහණෙනි, මහණ ධර්‍මයෙහි ශඞ්කා කෙරෙයි … සඞ්ඝයා කෙරෙහි ශඞ්කා කෙරෙයි … ශික්‍ෂාව කෙරෙහි ශඞ්කා කෙරෙයි … සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ නො සතුටු සිතැතියේ ගැටුණු සිතැතියේ ඛිල ජාත වෙයි. (කණුවක් මෙන් තදගති ඇතියේ වෙයි.) මහණෙනි, යම් ම මහණෙක් සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ නො සතුටු සිතැතියේ ගැටුණු සිතැතියේ ඛිලජාත වේ නම් ඔහු සිත ආතාපය (කෙලෙස් තවන වීර්‍ය්‍යය) පිණිස අනුයෝග (පුනපුනා යෙදීම) පිණිස සතතභාවය පිණිස ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නො නැමෙයි. යමක්හුගේ සිත ආතප්පය පිණිස අනුයෝගය පිණිස සතතභාවය පිණිස ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නො නැමේ නම් මේ පස්වන චේතෝඛිල යි. මහණෙනි, මේ පඤ්ච චේතෝඛිල යි.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ පඤ්චන්නං චෙතොඛිලානං පහානාය -පෙ- ඉමෙ චත්තාරො සතිපට්ඨානා භාවෙතබ්බාති.
Sinhala BJTමහණෙනි, මේ පඤ්ච චේතෝඛිලයන්ගේ ප්‍රහාණය පිණිස මේ සතර සතිපට්ඨාන වැඩිය යුතු යි.
Pali BJT9. 2. 2. 10.
Sinhala BJT9. 2. 2. 10.
Pali BJTවිනිබන්ධ සතිපට්ඨාන සුත්තං
Sinhala BJTවිනිබන්‍ධ සතිපට්ඨාන සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ චෙතසො විනිබන්ධා, කතමෙ පඤ්ච:
Sinhala BJTමහණෙනි, මේ චෙතසො විනිබන්‍ධයෝ (සිත තරකොට ගැනුම්) පසෙකි. කවර පසෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු කාමෙසු අවීතරාගො හොති අවිගතඡන්දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ්හො . යො සො භික්ඛවෙ භික්ඛු කාමෙසු අවීතරාගො හොති අවිගතඡන්දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ්හො, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, අයං පඨමො චෙතසො විනිබන්ධො.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයන්හි අවීත (පහ නොකළ) රාග වූයේ අවිගත (පහ නො වූ) ඡන්‍ද ඇතියේ අවිගතප්‍රේම ඇතියේ අවිගතපිපාසා ඇතියේ අවිගතපරිදාහ ඇතියේ අවිගතතෘෂ්ණා ඇතියේ වෙයි. මහණෙනි, යම් මහණෙක් කාමයන්හි අවීතරාග වූයේ අවිගත ඡන්‍ද ඇතියේ අවිගතප්‍රේම ඇතියේ අවිගතපිපාසා ඇතියේ අවිගතපරිදාහ ඇතියේ අවිගතතෘෂ්ණා ඇතියේ වේ නම් ඔහු සිත ආතප්පය පිණිස අනුයෝගය පිණිස සාතත්‍යය පිණිස ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නො නැමෙයි. යමක්හු සිත ආතප්පය පිණිස අනුයෝගය පිණිස සතතභාවය පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම් ප්‍රථම චෙතසො විනිබන්‍ධ යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ භික්ඛු කායෙ අවීතරාගො හොති -පෙ- රූපෙ අවීතරාගො හොති -පෙ- යාවදත්ථං උදරාවදෙහකං භුඤ්ජිත්වා සෙය්යසුඛං පස්සසුඛං මිද්ධසුඛං අනුයුත්තො විහරති -පෙ- අඤ්ඤතරං දෙවනිකායං පණිධාය බ්රහ්මචරියං චරති, ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්රහ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි දෙවඤ්ඤතරො වා’ති.
Sinhala BJTතවද මහණෙනි, මහණ කයෙහි අවීතරාග වූයේ වෙයි … රූපයෙහි අවීතරාග වූයේ වෙයි … කැමැති තාක් කුස්පුරා කා ශය්‍යාසුඛය පාර්ශ්වසුඛය මිද්ධසුඛය යන මෙහි යෙදුනේ වෙසෙයි … අන්‍යතර දේවනිකායයක් පතා බඹසර සෙරෙයි. මම් මේ ශීලයෙන් වේවයි, ව්‍රතයෙන් වේවයි, තවුස්දමින් වේවයි, බඹසරින් වේවයි දෙවියෙක් හෝ අන්‍යතර දෙවියෙක් හෝ වෙම්වයි.
Pali BJTයො සො භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං දෙවනිකායං පණිධාය බ්රහ්මචරියං චරති ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්රහ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි දෙවඤ්ඤතරො චාති, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය, සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, අයං පඤ්චමො චෙතසො විනිබන්ධො. ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච චෙතසො විනිබන්ධානං.
Sinhala BJTමහණෙනි, යම් මහණෙක් මම මේ සීලයෙන් වේවයි වතින් වේවයි තවුස්දමින් වේවයි බඹසරින් වේවයි ප්‍රමුඛ දෙවියෙක් හෝ අන්‍යතර දෙවියෙක් හෝ වෙම්වයි එක්තරා දේවනිකායක් පතා බඹසර හැසිරේ නම් ඔහු සිත ආතප්පය පිණිස අනුයෝගය පිණිස සාතත්‍ය පිණිස ප්‍රධන් පිණිස නො නැමෙයි. යමකුගේ සිත ආතප්පය පිණිස අනුයෝගය පිණිස සාතත්‍යය පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම් මේ පස්වන චෙතසො විනිබන්‍ධ යි. මහණෙනි, මේ චෙතසොවිනිබන්‍ධයෝ පස්දෙන යි.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ පඤ්චන්නං චෙතසො විනිබන්ධානං පහානාය -පෙ- චත්තාරො සතිපට්ඨානා භාවෙතබ්බාති.
Sinhala BJTමහණෙනි, මේ පඤ්ච චෙතසො විනිබන්‍ධයන්ගේ ප්‍රහාණය පිණිස … මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුතුවහ යි.
Pali BJTසතිපට්ඨානවග්ගො දුතියො{1}
Sinhala BJTදෙවන සතිපට්ඨාන වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTසික්ඛා නීවරණා කාමා ඛන්ධා ච ඔරම්භාගියා ගති, මච්ඡෙරඤ්චෙව උද්ධම්භාගියා අට්ඨමං චෙතොඛිල විනිබන්ධාති.
Sinhala BJTසික්ඛා සූත්‍රය, නීවරණ සූත්‍රය, කාම සූත්‍රය, ඛන්‍ධ සූත්‍රය, ඕරම්භාගිය සූත්‍රය, ගති සූත්‍රය, මච්ඡෙර සූත්‍රය, උද්ධම්භාගිය සූත්‍රය, චේතෝඛිල විනිබන්‍ධ සූත්‍ර දෙක දැයි දසයෙකි.
Pali BJT3. සම්මප්පධානවග්ගො
Sinhala BJT3. සම්මප්පධාන වර්‍ගය
Pali BJT9. 2. 3. 1.
Sinhala BJT9. 2. 3. 1.
Pali BJTසික්ඛාදුබ්බල්යසම්මප්පධාන සුත්තං
Sinhala BJTසික්ඛාදුබ්බල්‍යසම්මප්පධාන සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTපඤ්චිමානි භික්ඛවෙ සික්ඛාදුබ්බල්යානි, කතමානි පඤ්ච:
Sinhala BJTමහණෙනි, මේ සික්ඛා දුබ්බල්‍යයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
Pali BJTපාණාතිපාතො -පෙ- සුරාමෙරයමජ්ජපමාදට්ඨානං. ඉමානි ඛො භික්ඛවෙ පඤ්චසික්ඛාදුබ්බල්යානි.
Sinhala BJTපාණාතිපාත ය … සුරාමේරයමජ්ජපමාදට්ඨාන ය, මහණෙනි, මේ පඤ්ච සික්ඛාදුබ්බල්‍ය යි.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ පඤ්චන්නං සික්ඛාදුබ්බල්යානං පහානාය චත්තාරො සම්මප්පධානා භාවෙතබ්බා. කතමෙ චත්තාරො:
Sinhala BJTමහණෙනි, මේ පඤ්ච ශික්‍ෂාදෞර්බල්‍යයන්ගේ ප්‍රහාණය පිණිස, සතර සම්මප්පධාන වැඩිය යුතු යි. කවර සතරෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භීය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඉමෙසං ඛො භික්ඛවෙ පඤ්චන්නං සික්ඛාදුබ්බල්යානං පහානාය ඉමෙ චත්තාරො සම්මප්පධානා භාවෙතබ්බාති.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ නො උපන් ලමු අකුසල දහමුන්ගේ නො ඉපදීම පිණිස ඡන්‍දය දනවයි, ව්‍යායාම කරයි, වැර අරඹයි, සිත තර කොට ගනියි, ප්‍රධන්වීර්‍ය්‍යය කරයි. උපන් ලමු අකුසල දහමුන්ගේ ප්‍රහාණය පිණිස කුසලච්ඡන්‍දය දනවයි, ව්‍යායාම කරයි, වැර අරඹයි, සිත තරකොට ගනියි, ප්‍රධන් වීර්‍ය්‍යය කරයි. නූපන් කුසල් දහමුන්ගේ උපත පිණිස කුසලච්ඡන්‍දය දනවයි, ව්‍යායාම කරයි, වැර අරඹයි, සිත තරකොට ගනියි, ප්‍රධන් වීර්‍ය්‍යය කරයි. උපන් කුසල් දහමුන්ගේ ස්ථිතිය පිණිස අසම්මෝසය පිණිස භිය්‍යොභාවය පිණිස වෛපුල්‍යය පිණිස භාවනාව පිණිස පරිපූර්ත්තිය පිණිස කුසලච්ඡන්‍දය දනවයි, ව්‍යායාම කරයි, වැර අරඹයි, සිත තර කොට ගනියි, ප්‍රධන්වීර්‍ය්‍යය කරයි. මහණෙනි මේ පඤ්චශික්‍ෂා දෞර්බල්‍යයන්ගේ ප්‍රහාණය පිණිස මේ සතර සම්‍යක්ප්‍රධාන වැඩිය යුතු යි.
Pali BJT9. 2. 3. 2-9.
Sinhala BJT9. 2. 3. 2-9.
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT(දුතියසුත්තතො පට්ඨාය යාව නවමා, යථා සතිපට්ඨාන වග්ගෙ තථා සම්මප්පධානවසෙන විත්ථාරෙතබ්බා)
Sinhala BJT(ද්විතීය සූත්‍රයෙහි පටන් නවම සූත්‍රය තෙක් සතිපට්ඨානවර්‍ගයෙහි යම් පරිදි වේ නම් ඒ පරිදි සම්මප්පධාන විසින් විස්තර කටයුතු)
Pali BJT9. 2. 3. 10.
Sinhala BJT9. 2. 3. 10.
Pali BJTවිනිබන්ධ සම්මප්පධාන සුත්තං
Sinhala BJTවිනිබන්‍ධ සම්මප්පධාන සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ චෙතසො විනිබන්ධා, කතමෙ පඤ්ච: ඉධ භික්ඛවෙ භික්ඛු කාමෙසු අවීතරාගො හොති -පෙ- ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච චෙතසො විනිබන්ධා.
Sinhala BJTමහණෙනි, මේ චෙතසොවිනිබන්‍ධයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයන්හි අවීතරාග වෙයි … මහණෙනි, මේ පඤ්ච චේතසෝවිනිබන්‍ධ යි.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ පඤ්චන්නං චෙතසො විනිබන්ධානං පහානාය චත්තාරො සම්මප්පධානා භාවෙතබ්බා, කතමෙ චත්තාරො:
Sinhala BJTමහණෙනි, මේ පඤ්ච චේතසෝවිනිබන්‍ධයන්ගේ ප්‍රහාණය පිණිස සතර සම්‍යක් ප්‍රධාන වැඩිය යුතු. කවර සතරෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය -පෙ- උප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය -පෙ- උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භීය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඉමෙසං ඛො භික්ඛවෙ පඤ්චන්නං චෙතසො විනිබන්ධානං පහානාය ඉමෙ චත්තාරො සම්මප්පධානා භාවෙතබ්බාති.
Sinhala BJTනූපන් ලමු අකුසල දහමුන්ගේ නො ඉපදීම පිණිස ඡන්‍දය දනවයි, ව්‍යායාම කරයි, වැර අරඹයි, සිත තර කොට ගනියි, ප්‍රධන්වීර්‍ය්‍යය කරයි. නො උපන් ලමු අකුසල දහමුන්ගේ ප්‍රහාණය පිණිස නූපන් කුසල් දහමුන්ගේ ඉපදීම පිණිස … උපන් කුසල් දහමුන්ගේ ස්ථිතිය පිණිස අසම්මෝසය පිණිස භිය්‍යොභාවය පිණිස වෛපුල්‍යය පිණිස භාවනාව පිණිස පරිපූර්ත්තිය පිණිස ඡන්‍දය දනවයි, ව්‍යායාම කරයි, වැර අරඹයි, සිත තර කොට ගනියි, ප්‍රධන්වීර්‍ය්‍යය කරයි. මහණෙනි, මේ පඤ්චචෙතසො විනිබන්‍ධයන්ගේ ප්‍රහාණය පිණිස මේ සතර සම්‍යක් ප්‍රධාන වැඩිය යුතු යි.
Pali BJTසම්මප්පධානවග්ගො තතියො
Sinhala BJTතෙවැනි සම්මප්පධානවර්‍ග යි.
Pali BJT4. ඉද්ධිපාදවග්ගො
Sinhala BJT4. ඉද්ධිපාද වර්‍ගය
Pali BJT9. 2. 4. 1.
Sinhala BJT9. 2. 4. 1.
Pali BJTසික්ඛාදුබ්බල්ය ඉද්ධිපාද සුත්තං
Sinhala BJTසික්ඛාදුබ්බල්‍ය ඉද්ධිපාද සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTපඤ්චිමානි භික්ඛවෙ සික්ඛාදුබ්බල්යානි, කතමානි පඤ්ච: පාණාතිපාතො -පෙ- සුරාමෙරයමජ්ජපමාදට්ඨානා. ඉමානි ඛො භික්ඛවෙ පඤ්චසික්ඛාදුබ්බල්යානි.
Sinhala BJTමහණෙනි, මේ ශික්‍ෂාදෞර්බල්‍යයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: පාණාතිපාත ය … සුරාමේරයමජ්ජපමාදට්ඨාන යි, මහණෙනි, මේ පඤ්චසික්ඛාදුබ්බල්‍ය යි.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ පඤ්චන්නං සික්ඛා දුබ්බල්යානං පහානාය චත්තාරො ඉද්ධිපාදා භාවෙතබ්බා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. ඉමෙසං ඛො භික්ඛවෙ පඤ්චන්නං සික්ඛාදුබ්බල්යානං පහානාය ඉමෙ චත්තාරො ඉද්ධිපාදා භාවෙතබ්බාති.
Sinhala BJTමහණෙනි, මේ පඤ්චශික්‍ෂාදෞර්බල්‍යයන්ගේ ප්‍රහාණය පිණිස මේ සතර ඍද්ධිපාදයෝ වැඩිය යුතුවහ. කවර සතරෙක යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාර සමන්නාගත වූ ඉද්ධිපාද වඩයි. විරියසමාධි … චිත්තසමාධි … වීමංසාසමාධිපධානසඞ්ඛාර සමන්‍වාගත ඉද්ධිපාද වඩයි. මහණෙනි, මේ පඤ්චශික්‍ෂා දෞර්බල්‍යයන්ගේ ප්‍රහාණය පිණිස මේ සතර ඉද්ධිපාද වැඩිය යුතු යි.
Pali BJT9. 2. 4. 2-9.
Sinhala BJT9. 2. 4. 2-9.
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT(දුතියසුත්තතො පට්ඨාය යාව නවමා යථා සතිපට්ඨානවග්ගෙ තථා ඉද්ධිපාදවසෙන විත්ථාරෙතබ්බං)
Sinhala BJT(ද්විතීය සූත්‍රයේ පටන් නවවැන්න තෙක් සතිපට්ඨානසූත්‍රවර්‍ගයෙහි ආ නයින් ඍද්ධිපාද විසින් විස්තර කටයුතුයි.)
Pali BJT9. 2. 4. 10.
Sinhala BJT9. 2. 4. 10.
Pali BJTවිනිබන්ධ ඉද්ධිපාද සුත්තං
Sinhala BJTවිනිබන්‍ධ ඉද්ධිපාද සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ චෙතසො විනිබන්ධා. කතමෙ පඤ්ච:
Sinhala BJTමහණෙනි, මේ චෙතසො විනිබන්‍ධයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු කාමෙසු අවීතරාගො හොති -පෙ- ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච චෙතසො විනිබන්ධා.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයන්හි අවීතරාග වූයේ වෙයි … මහණෙනි, මේ පඤ්ච චෙතසො විනිබන්‍ධයහ.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ පඤ්චන්නං චෙතසො විනිබන්ධානං පහානාය ඉමෙ චත්තාරො ඉද්ධිපාදා භාවෙතබ්බා, කතමෙ චත්තාරො:
Sinhala BJTමහණෙනි, මේ පඤ්ච චෙතසො විනිබන්‍ධයන්ගේ ප්‍රහාණය පිණිස මේ සතර ඍද්ධිපාදයෝ වැඩිය යුතුවහ. කවර සතර කෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. ඉමෙසං ඛො භික්ඛවෙ පඤ්චන්නං චෙතසො විනිබන්ධානං පහානාය ඉමෙ චත්තාරො ඉද්ධිපාදා භාවෙතබ්බාති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ ඡන්‍දසමාධිපධාන සඞ්ඛාර සමන්නාගත වූ ඍද්ධිපාදය වඩනේ ය. විරියසමාධි … චිත්තසමාධි … වීමංසාසමාධිපධාන සඞ්ඛාර සමන්නාගත වූ ඍද්ධිපාදය වඩනේ ය. මහණෙනි, මේ පඤ්ච චෙතසො විනිබන්‍ධයන්ගේ ප්‍රහාණය පිණිස මේ සතර ඍද්ධිපාදයෝ වැඩිය යුතු වෙත් යයි.
Pali BJTඉද්ධිපාදවග්ගො චතුත්ථො{1}.
Sinhala BJTසතරවන ඍද්ධිපාද වර්‍ගය යි.
Pali BJTදුතියො පණ්ණාසකො සමත්තො
Sinhala BJTදුතිය පණ්ණාසකය සමාප්ත යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTචත්තාරො සතිපට්ඨානා - පධානා චතුරො පදෙ, චත්තාරො ඉද්ධිපාදාපි - පුරිමෙහි ච යොජයෙ.{*}
Sinhala BJTසතර සතිපට්ඨානයෝ ය. සතර සම්‍යක්ප්‍රධානයහ, සතර ඍද්ධිපාදයෝ ය යන මොහු පළමුපදයන් හා යෙදිය යුතුවහ.
Pali BJT5. රාගාදිපෙය්යාලං
Sinhala BJT5. රාගාදිපෙය්‍යාලය
Pali BJT9. 2. 5. 1.
Sinhala BJT9. 2. 5. 1.
Pali BJTනවසඤ්ඤා සුත්තං
Sinhala BJTනවසඤ්ඤා සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTරාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය නව ධම්මා භාවෙතබ්බා. කතමෙ නව: අසුභසඤ්ඤා, මරණසඤ්ඤා, ආහාරෙ පටික්කූලසඤ්ඤා, සබ්බලොකෙ අනභිරතසඤ්ඤා, අනිච්චසඤ්ඤා, අනිච්චෙ දුක්ඛසඤ්ඤා, දුක්ඛෙ අනත්තසඤ්ඤා, පහානසඤ්ඤා, විරාගසඤ්ඤා. රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය ඉමෙ නව ධම්මා භාවෙතබ්බාති.
Sinhala BJTමහණෙනි, රාගයාගේ අභිඥානය පිණිස නව ධර්‍ම කෙනෙක් වැඩියයුතු වෙත්. කවර නව කෙනෙක යත්: අසුභසඤ්ඤා ය, මරණසඤ්ඤා ය, ආහාරයෙහි පටික්කූලසඤ්ඤා ය, සර්‍වලෝකයෙහි අනභිරතසඤ්ඤා ය, අනිච්චසඤ්ඤා ය, අනිත්‍යයෙහි දුක්ඛසඤ්ඤා ය, දුක්ඛයෙහි අනත්තසඤ්ඤා ය, පහානසඤ්ඤා ය, විරාගසඤ්ඤා යි. මහණෙනි, රාගයාගේ අභිඥානය පිණිස මේ නව ධර්‍මයෝ වැඩියයුතු වෙත්.
Pali BJT9. 2. 5. 2.
Sinhala BJT9. 2. 5. 2.
Pali BJTඣානසමාපත්ති සුත්තං
Sinhala BJTඣානසමාපත්ති සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTරාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය නව ධම්මා භාවෙතබ්බා. කතමෙ නව: පඨමං ඣානං, දුතියං ඣානං, තතියං ඣානං, චතුත්ථං ඣානං, ආකාසානඤ්චායතනං, විඤ්ඤාණඤ්චායතනං, ආකිඤ්චඤ්ඤායතනං, නෙවසඤ්ඤානාසඤ්ඤායතනං, සඤ්ඤාවෙදයිතනිරොධො, රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය ඉමෙ නව ධම්මා භාවෙතබ්බාති.
Sinhala BJTමහණෙනි, රාගයාගේ අභිඥාය පිණිස නව ධර්‍ම කෙනෙක් වැඩිය යුතු වෙත්. කවර නව කෙනෙක යත්: පඨමජ්ඣාන ය, දුතියජ්ඣාන ය, තතියජ්ඣාන ය, චතුත්‍ථජ්ඣාන ය, ආකාසානඤ්චායතන ය, විඤ්ඤාණඤ්චායතන ය, ආකිඤ්චඤ්ඤායතන ය, නේවසඤ්ඤානාසසඤ්ඤායතන ය, සඤ්ඤාවේදයිත නිරෝධ යි. මහණෙනි, රාගයාගේ අභිඥානය පිණිස මේ නවදහම්හු වැඩිය යුතු වෙත් යි.
Pali BJT9. 2. 5. 3-18.
Sinhala BJT9. 2. 5. 3-18.
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTරාගස්ස භික්ඛවෙ පරිඤ්ඤාය -පෙ- පරික්ඛාය -පෙ- පහානාය -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය -පෙ- චාගාය -පෙ- පටිනිස්සග්ගාය ඉමෙ නව ධම්මා භාවෙතබ්බා.
Sinhala BJTමහණෙනි, රාගයාගේ පරිඥානය පිණිස … පරික්‍ෂය පිණිස … ප්‍රහාණය පිණිස … ක්‍ෂයය පිණිස … ව්‍යයය පිණිස … විරාගය පිණිස … නිරෝධය පිණිස … ත්‍යාගය පිණිස … පටිනිස්සග්ගය පිණිස මේ නව දහම්හු වැඩියයුතු වෙත්.
Pali BJT9. 2. 5. 19-340.
Sinhala BJT9. 2. 5. 19-340.
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTදොසස්ස -පෙ- මොහස්ස -පෙ- කොධස්ස -පෙ- උපනාහස්ස -පෙ- මක්ඛස්ස -පෙ- පලාසස්ස -පෙ- ඉස්සාය -පෙ- මච්ඡරියස්ස -පෙ- මායාය -පෙ- සාඨෙය්යස්ස -පෙ- ථම්භස්ස -පෙ- සාරම්භස්ස -පෙ- මානස්ස -පෙ- අතිමානස්ස -පෙ- මදස්ස -පෙ- පමාදස්ස -පෙ- අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය -පෙ- චාගාය -පෙ- පටිනිස්සග්ගාය ඉමෙ නව ධම්මා භාවෙතබ්බාති. ඉදමවොච භගවා අත්තමනා තෙ භික්ඛු භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTදෝසයාගේ … මෝහයාගේ … කෝධයාගේ … උපනාහයාගේ … මක්ඛයාගේ … පලාසයාගේ … ඉස්සාවගේ … මච්ඡරියයාගේ … මායාවගේ … සාඨෙය්‍යයාගේ … ථම්භයාගේ … සාරම්භයාගේ … මානයාගේ … අතිමානයාගේ … මදයාගේ … පමාදයාගේ … අභිඥානය පිණිස … පරික්‍ෂය පිණිස … ප්‍රහාණය පිණිස … ක්‍ෂය පිණිස … ව්‍යය පිණිස … විරාගය පිණිස … නිරෝධය පිණිස … ත්‍යාගය පිණිස … පටිනිස්සග්ගය පිණිස මේ නව දහම්හු වැඩිය යුතු වෙති යී, භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටුසිත් ඇත් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.
Pali BJTරාගාදිපෙය්යාලං නිට්ඨිතං{*}
Sinhala BJTපස්වැනි රාගාදිපෙය්‍යාලය නිමියේ ය.{*}
Pali BJTනවකනිපාතො සමත්තො
Sinhala BJTනවකනිපාතය සමාප්ත යි.
Pali BJTඅඞ්ගුත්තරනිකායෙ
Sinhala BJTඅඞ්ගොත්තර සඟියෙහි
Pali BJT10. දසකනිපාතො
Sinhala BJT10. දසක නිපාතය
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
Sinhala BJTඒ භගවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJT1. පඨමො පණ්ණාසකො
Sinhala BJT1. ප්‍රථම පණ්ණාසකය
Pali BJT1. ආනිසංසවග්ගො
Sinhala BJT1. ආනිසංස වර්‍ගය
Pali BJT10. 1. 1. 1.
Sinhala BJT10. 1. 1. 1.
Pali BJTකිමත්ථියසුත්තං
Sinhala BJTකිමත්‍ථිය සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසංකමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ:
Pali BJTකිමත්ථියානි භන්තෙ කුසලානි සීලානි, කිමානිසංසානීති?
Sinhala BJTවහන්ස, කුශල ශීලයෝ කුමක් අර්‍ත්‍ථ කොට කුමක් අනුසස් කොට ඇත්තාහු ද?
Pali BJTඅවිප්පටිසාරත්ථානි ඛො ආනන්ද කුසලානි සීලානි, අවිප්පටිසාරානිසංසානීති.
Sinhala BJTආනන්‍දය, කුශලශීලයෝ අවිප්‍රතිසාරය (නො විපිළිසර බව) අර්‍ත්‍ථ කොට අවිප්‍රතිසාරය අනුසස් කොට ඇත්තාහ යි.
Pali BJTඅවිප්පටිසාරො පන භන්තෙ කිමත්ථියො, කිමානිසංසොති?
Sinhala BJTවහන්ස, අවිප්‍රතිසාරය කුමක් අර්‍ත්‍ථ කොට කුමක් අනුසස් කොට ඇද්ද?
Pali BJTඅවිප්පටිසාරො ඛො ආනන්ද පාමොජ්ජත්ථො, පාමොජ්ජානිසංසො{1}ති.
Sinhala BJTආනන්‍දයෙනි, අවිප්‍රතිසාරය ප්‍රාමෝද්‍යය අර්‍ත්‍ථ කොට ප්‍රාමෝද්‍යය අනුසස් කොට ඇත.
Pali BJTපාමොජ්ජං පන භන්තෙ කිමත්ථියං, කිමානිසංසන්ති?
Sinhala BJTවහන්ස, ප්‍රාමෝද්‍යය කුමක් අර්‍ත්‍ථ කොට කුමක් අනුසස් කොට ඇද්ද?
Pali BJTපාමොජ්ජං ඛො ආනන්ද පීතත්ථං, පීතානිසංසන්ති.
Sinhala BJTආනන්‍දයෙනි, ප්‍රාමෝද්‍යය ප්‍රීතිය අර්‍ත්‍ථ කොට ප්‍රීතිය අනුසස් කොට ඇත.
Pali BJTපීති පන භන්තෙ කිමත්ථියා, කිමානිසංසාති?
Sinhala BJTවහන්ස, ප්‍රීතිය කුමක් අර්‍ත්‍ථ කොට කුමක් අනුසස් කොට ඇද්ද?
Pali BJTපීති ඛො ආනන්ද පස්සද්ධත්ථා, පස්සද්ධානිසංසාති.
Sinhala BJTආනන්‍දයෙනි, ප්‍රීතිය ප්‍රශ්‍රබ්ධිය අර්‍ත්‍ථ කොට ප්‍රශ්‍රබ්ධිය අනුසස් කොට ඇත.
Pali BJTපස්සද්ධි පන භන්තෙ කිමත්ථියා, කිමානිසංසාති?
Sinhala BJTවහන්ස, ප්‍රශ්‍රබ්ධිය කුමක් අර්‍ත්‍ථ කොට කුමක් අනුසස් කොට ඇද්ද?
Pali BJTපස්සද්ධි ඛො ආනන්ද සුඛත්ථා, සුඛානිසංසාති.
Sinhala BJTආනන්‍දයෙනි, ප්‍රශ්‍රබ්ධිය සුඛය අර්‍ත්‍ථ කොට සුඛය අනුසස් කොට ඇත.
Pali BJTසුඛං පන භන්තෙ කිමත්ථියං, කිමානිසංසන්ති?
Sinhala BJTවහන්ස, සුඛය කුමක් අර්‍ත්‍ථ කොට කුමක් අනුසස් කොට ඇද්ද?
Pali BJTසුඛං ඛො ආනන්ද සමාධත්ථං, සමාධානිසංසන්ති.
Sinhala BJTආනන්‍දයෙනි, සුඛය සමාධිය අර්‍ත්‍ථ කොට සමාධිය අනුසස් කොට ඇත.
Pali BJTසමාධි පන භන්තෙ කිමත්ථියො, කිමානිසංසොති?
Sinhala BJTවහන්ස, සමාධිය කුමක් අර්‍ත්‍ථ කොට කුමක් අනුසස් කොට ඇද්ද?
Pali BJTසමාධි ඛො ආනන්ද යථාභූතඤාණදස්සනත්ථො, යථාභූතඤාණදස්සනානිසංසොති.
Sinhala BJTආනන්‍දයෙනි, සමාධිය යථාභූතඥානදර්‍ශනය අර්‍ත්‍ථ කොට යථාභූතඥානදර්‍ශනය අනුසස් කොට ඇත.
Pali BJTයථාභූතඤාණදස්සනං පන භන්තෙ කිමත්ථියං, කිමානිසංසන්ති?
Sinhala BJTවහන්ස, යථාභූතඥානදර්‍ශනය කුමක් අර්‍ත්‍ථ කොට කුමක් අනුසස් කොට ඇද්ද?
Pali BJTයථාභූතඤාණදස්සනං ඛො ආනන්ද නිබ්බිදාවිරාගත්ථං, නිබ්බිදාවිරාගානිසංසන්ති. .
Sinhala BJTආනන්‍දයෙනි, යථාභූතඥානදර්‍ශනය නිබ්බිදාවිරාගය අර්‍ත්‍ථ කොට නිබ්බිදාවිරාගය අනුසස් කොට ඇත.
Pali BJTනිබ්බිදාවිරාගො පන භන්තෙ කිමත්ථියො, කිමානිසංසොති?
Sinhala BJTවහන්ස, නිබ්බිදාවිරාගය කුමක් අර්‍ත්‍ථ කොට කුමක් අනුසස් කොට ඇද්ද?
Pali BJTනිබ්බිදාවිරාගො ඛො ආනන්ද විමුත්තිඤාණදස්සනත්ථො, විමුත්තිඤාණදස්සනානිසංසොති.
Sinhala BJTආනන්‍දයෙනි, නිබ්බිදාවිරාගය විමුත්තිඥානදර්‍ශනය අර්‍ත්‍ථ කොට විමුත්තිඥානදර්‍ශනය අනුසස් කොට ඇතැ යි.