Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 13201-13300 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඛෙම සුත්තං
Sinhala BJTඛේම සූත්‍රය
Pali BJT[කොසම්බිනිදානං]
Sinhala BJT[කොසැඹෑනිදාන යි]
Pali BJT‘ඛෙමං ඛෙම”න්ති ආවුසො වුච්චති. කිත්තාවතා නු ඛො ආවුසො ඛෙමං වුත්තං භගවතාති:
Sinhala BJTඇවැත්නි, ඛේම ය (නිරුපද්‍රව යයි) ඛේම යයි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙක් කරුණින් භාග්‍යවතුන් වහන්සේ විසින් ඛේමය වදාරන ලද දැයි.
Pali BJTඉධාවුසො භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. එත්තාවතා පි ඛො ආවුසො ඛෙමං වුත්තං භගවතා පරියායෙන -පෙ-
Sinhala BJTඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයෙන් විවික්ත ව ම ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් පර්‍ය්‍යායයෙන් ඛේමය වදාරන ලද ...
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති. පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. එත්තාවතාපි ඛො ආවුසො ඛෙමං වුත්තං භගවතා නිප්පරියායෙනාති.
Sinhala BJTතවද ඇවැත්නි, මහණ සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වාසය කරයි. (සංඥාවේදයිතනිරෝධය) ප්‍රඥායෙනුදු දැක්මෙන් ඔහුගේ ආස්‍රවයෝ පරික්‍ෂීණ වෙත්. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන්වහන්සේ විසින් නිෂ්පර්‍ය්‍යායයෙන් ඛේමය වදාරන ලදැ යි.
Pali BJT9. 2. 1. 2.
Sinhala BJT9. 2. 1. 2.
Pali BJTඛෙමප්පත්ත සුත්තං
Sinhala BJTඛෙමප්පත්ත සූත්‍රය
Pali BJT[කොසම්බිනිදානං]
Sinhala BJT[කොසැඹෑනිදාන යි]
Pali BJT‘ඛෙමප්පත්තො ඛෙමප්පත්තො’ති ආවුසො වුච්චති -පෙ-
Sinhala BJTඇවැත්නි, ඛෙමප්පත්ත ය (නිරුපද්‍රැත බවට පැමිණියේ ය) ඛෙමප්පත්ත යයි කියනු ලැබේ …
Pali BJT9. 2. 1. 3.
Sinhala BJT9. 2. 1. 3.
Pali BJTඅමත සුත්තං
Sinhala BJTඅමත සූත්‍රය
Pali BJT[කොසම්බිනිදානං]
Sinhala BJT[කොසැඹෑනිදාන යි]
Pali BJT‘අමතං අමත’න්ති ආවුසො වුච්චති -පෙ-
Sinhala BJTඇවැත්නි, අමතය අමත යයි කියනු ලැබේ …
Pali BJT9. 2. 1. 4.
Sinhala BJT9. 2. 1. 4.
Pali BJTඅමතප්පත්ත සුත්තං
Sinhala BJTඅමතප්පත්ත සූත්‍රය
Pali BJT[කොසම්බිනිදානං]
Sinhala BJT[කොසැඹෑනිදාන යි]
Pali BJT‘අමතප්පත්තො අමතප්පත්තො’ති ආවුසො වුච්චති -පෙ-
Sinhala BJTඇවැත්නි, අමතප්පත්ත ය අමතප්පත්ත යයි කියනු ලැබේ ...
Pali BJT9. 2. 1. 5.
Sinhala BJT9. 2. 1. 5.
Pali BJTඅභය සුත්තං
Sinhala BJTඅභය සූත්‍රය
Pali BJT[කොසම්බිනිදානං]
Sinhala BJT[කොසැඹෑනිදාන යි]
Pali BJT‘අභයං අභය’න්ති ආවුසො වුච්චති -පෙ-
Sinhala BJTඇවැත්නි, අභය අභය යි කියනු ලැබේ …
Pali BJT9. 2. 1. 6.
Sinhala BJT9. 2. 1. 6.
Pali BJTඅභයප්පත්ත සුත්තං
Sinhala BJTඅභයප්පත්ත සූත්‍රය
Pali BJT[කොසම්බිනිදානං]
Sinhala BJT[කොසැඹෑනිදාන යි]
Pali BJT‘අභයප්පත්තො අභයප්පත්තො’ති ආවුසො වුච්චති -පෙ-
Sinhala BJTඇවැත්නි, අභයප්පත්ත ය අභයප්පත්ත යයි කියනු ලැබේ …
Pali BJT9. 2. 1. 7.
Sinhala BJT9. 2. 1. 7.
Pali BJTපස්සද්ධි සුත්තං
Sinhala BJTපස්සද්ධි සූත්‍රය
Pali BJT[කොසම්බිනිදානං]
Sinhala BJT[කොසැඹෑනිදාන යි]
Pali BJT‘පස්සද්ධි පස්සද්ධී’ති ආවුසො වුච්චති -පෙ-
Sinhala BJTඇවැත්නි, පස්සද්ධි පස්සද්ධි යි කියනු ලැබේ …
Pali BJT9. 2. 1. 8.
Sinhala BJT9. 2. 1. 8.
Pali BJTඅනුපුබ්බපස්සද්ධි සුත්තං
Sinhala BJTඅනුපුබ්බ පස්සද්ධි සූත්‍රය
Pali BJT[කොසම්බිනිදානං]
Sinhala BJT[කොසැඹෑනිදාන යි]
Pali BJT‘අනුපුබ්බපස්සද්ධි අනුපුබ්බපස්සද්ධී’ති ආවුසො වුච්චති -පෙ-
Sinhala BJTඇවැත්නි, අනුපුබ්බපස්සද්ධි අනුපුබ්බපස්සද්ධි යි කියනු ලැබේ ...
Pali BJT9. 2. 1. 9.
Sinhala BJT9. 2. 1. 9.
Pali BJTනිරොධ සුත්තං
Sinhala BJTනිරෝධ සූත්‍රය
Pali BJT[කොසම්බිනිදානං]
Sinhala BJT[කොසැඹෑනිදාන යි]
Pali BJT‘නිරොධො නිරොධො’ති ආවුසො වුච්චති -පෙ-
Sinhala BJTඇවැත්නි, නිරෝධ ය නිරෝධ යයි කියනු ලැබේ …
Pali BJT9. 2. 1. 10.
Sinhala BJT9. 2. 1. 10.
Pali BJTඅනුපුබ්බ නිරොධ සුත්තං
Sinhala BJTඅනුපුබ්බ නිරෝධ සූත්‍රය
Pali BJT[කොසම්බිනිදානං]
Sinhala BJT[කොසැඹෑනිදාන යි]
Pali BJTඅනුපුබ්බනිරොධො අනුපුබ්බනිරොධොති ආවුසො වුච්චති. කිත්තාවතා නු ඛො ආවුසො අනුපුබ්බනිරොධො වුත්තො භගවතාති.
Sinhala BJTඇවැත්නි, අනුපුබ්බනිරෝධ ය අනුපුබ්බනිරෝධ යයි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙක් කරුණින් අනුපුබ්බනිරෝධය භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද දැයි.
Pali BJTඉධාවුසො භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. එත්තාවතා පි ඛො ආවුසො අනුපුබ්බනිරොධො වුත්තො භගවතා පරියායෙන -පෙ-
Sinhala BJTඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයෙන් විවික්ත ව ම … ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, මෙතෙකිනුදු අනුපුබ්බනිරෝධය භාග්‍යවතුන් වහන්සේ විසින් පර්‍ය්‍යායයෙන් දෙසනලදී.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති. පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති එත්තාවතාපි ඛො ආවුසො අනුපුබ්බනිරොධො වුත්තො භගවතා නිප්පරියායෙනාති.
Sinhala BJTතවද ඇවැත්නි, මහණ සර්‍වථායෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්ම සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වාසය කරයි. සංඥා වේදයිත නිරෝධය (විදර්‍ශනා සඞ්ඛ්‍යාත) ප්‍රඥායෙනුදු දැක්මෙන් ඔහුගේ ආස්‍රවයෝ පරික්‍ෂීණ වෙත්. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් අනුපුබ්බනිරෝධය නිෂ්පර්‍ය්‍යායයෙන් දෙසන ලදැයි.
Pali BJT9. 2. 1. 11.
Sinhala BJT9. 2. 1. 11.
Pali BJTඅරහත්තා භබ්බාභබ්බධම්ම සුත්තං
Sinhala BJTඅරහත්ත භබ්බාභබ්බ සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTනව භික්ඛවෙ ධම්මෙ අප්පහාය අභබ්බො අරහත්තං සච්ඡිකාතුං කතමෙ නම:
Sinhala BJTමහණෙනි, නව දහම් කෙනෙක් නො පහ කොට අර්‍හත්ත්‍වය පිළිවිදුනට අභව්‍ය වෙයි. කවර නවයෙක යත්:
Pali BJTරාගං, දොසං, මොහං, කොධං, උපනාහං, මක්ඛං, පලාසං, ඉස්සං, මච්ඡරියං. ඉමෙ ඛො භික්ඛවෙ නව ධම්මෙ අප්පහාය අභබ්බො අරහත්තං සච්ඡිකාතුං.
Sinhala BJTරාග ය, දෝස ය, මෝහ ය, කෝධ ය, උපනාහ ය, මක්ඛ ය, පලාස ය, ඉස්සා හා මච්ඡරිය යි. මහණෙනි, මේ නව දහම් නො පහා අර්‍හත්ත්‍වය පිළිවිදුනට අභව්‍ය වෙයි.
Pali BJTනව භික්ඛවෙ ධම්මෙ පහාය භබ්බො අරහත්තං සච්ඡිකාතුං කතමෙ නව:
Sinhala BJTමහණෙනි, නව දහම් කෙනෙකුන් පහ කොට අර්‍හත්ත්‍වය පිළිවිදුනට භව්‍ය වෙයි. කවර නවයෙක යත්:
Pali BJTරාගං, දොසං, මොහං, කොධං, උපනාහං, මක්ඛං, පලාසං, ඉස්සං මච්ඡරියං. ඉමෙ ඛො භික්ඛවෙ නව ධම්මෙ පහාය භබ්බො අරහත්තං සච්ඡිකාතුන්ති.
Sinhala BJTරාග ය, දෝස ය, මෝහ ය, කෝධ ය, උපනාහ ය, මක්ඛ ය, පලාස ය, ඉස්සා හා මච්ඡරිය යි. මහණෙනි, මේ නව දහම් පහා රහත් බව පිළිවිදුනට භව්‍ය වෙයි.
Pali BJTඛෙමවග්ගො පඨමො.{1}
Sinhala BJTප්‍රථම ඛේම වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඛෙමා ද්වෙ අමතා ද්වෙ ච ද්වෙ භයා පස්සද්ධියා දුවෙ, නිරොධො අනුපුබ්බො චෙව - භබ්බාභබ්බෙනෙකාදසාති.{*}
Sinhala BJTඛේම සූත්‍ර දෙකය, අමත සූත්‍ර දෙකය, අභය සූත්‍ර දෙකය, පස්සද්ධි සූත්‍ර දෙකය, නිරෝධ සූත්‍රය, අනුපුබ්බනිරෝධ සූත්‍රය, භබ්බාභබ්බ සූත්‍රය දැයි එකොළොසෙකි.
Pali BJT2. සතිපට්ඨානවග්ගො
Sinhala BJT2. සතිපට්ඨාන වර්‍ගය
Pali BJT9. 2. 2. 1.
Sinhala BJT9. 2. 2. 1.
Pali BJTසික්ඛාදුබ්බල්ය සතිපට්ඨාන සුත්තං
Sinhala BJTසික්ඛාදුබ්බල්‍ය සතිපට්ඨාන සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTපඤ්චිමානි භික්ඛවෙ සික්ඛාදුබ්බල්යානි. කතමානි පඤ්ච: පාණාතිපාතො, අදින්නාදානං, කාමෙසු මිච්ඡාචාරො, මුසාවාදො, සුරාමෙරයමජ්ජපමාදට්ඨානං. ඉමානි ඛො භික්ඛවෙ පඤ්ච සික්ඛා දුබ්බල්යානි. ඉමෙසං ඛො භික්ඛවෙ පඤ්චන්නං සික්ඛාදුබ්බල්යානං පහානාය චත්තාරො සතිපට්ඨානා භාවෙතබ්බා. කතමෙ චත්තාරො:
Sinhala BJTමහණෙනි, මේ ශික්‍ෂා දෞර්බල්‍යයෝ පස්දෙනෙක. කවර පසෙක යත්: පණිවා ය, අයිනාදන් ය, කාමයෙහි මිසහසර ය, මුසවා ය, මදපමාදෙකට කරුණු වූ රහමෙරය දැයි. මහණෙනි, මේ පඤ්චශික්‍ෂාදෞර්බල්‍යයෝ යි. මහණෙනි, මේ පඤ්චශික්‍ෂාදෞර්බල්‍යයන්ගේ ප්‍රහාණය පිණිස සතර සීවටන් වැඩිය යුතු. කවර සතරෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු වෙදනානුපස්සී විහරති -පෙ- චිත්තෙ චිත්තානුපස්සී විහරති -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉමෙසං ඛො භික්ඛවෙ පඤ්චන්නං සික්ඛාදුබ්බල්යානං පහානාය ඉමෙ චත්තාරො සතිපට්ඨානා භාවෙතබ්බාති.
Sinhala BJTමහණෙනි, මේ සස්නෙහි මහණ කයෙහි කායානුදර්ශී වූයේ කෙලෙස් තවන වැර ඇතියේ සම්‍යක් ප්‍රඥා ඇතියේ ස්මෘතිමත් වූයේ (පඤ්චස්කන්‍ධ) ලෝකයෙහි අභිධ්‍යා දෞර්‍මනස්‍ය විෂ්කම්භණ කොට වාස කෙරෙයි. වේදනාවන්හි වේදනානුදර්ශී වූයේ වේදනානුදර්ශී ව වාස කෙරෙයි … චිත්තයෙහි චිත්තානුදර්ශී ව වාස කෙරෙයි … ධර්‍මයන්හි ධර්‍මානුදර්ශී ව කෙලෙස් තවන වැර ඇතියේ සම්‍යක්ප්‍රඥා ඇතියේ ස්මෘතිමත් වූයේ ලෝකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍යයන් විෂ්කම්භණ කොට වාස කෙරෙයි. මහණෙනි, මෙ පඤ්චශික්‍ෂාදෞර්බල්‍යයන්ගේ ප්‍රහාණය පිණිස මේ සතර සීවටන් වැඩිය යුතුවෙ යි.
Pali BJT9. 2. 2. 2.
Sinhala BJT9. 2. 2. 2.
Pali BJTනීවරණ සතිපට්ඨාන සුත්තං
Sinhala BJTනීවරණ සතිපට්ඨාන සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTපඤ්චිමානි භික්ඛවෙ නීවරණානි. කතමානි පඤ්ච:
Sinhala BJTමහණෙනි, මේ නීවරණ පසෙකි, කවර පසෙක යත්:
Pali BJTකාමච්ඡන්දනීවරණං, ව්යාපාදනීවරණං, ථීනමිද්ධනීවරණං, උද්ධච්චකුක්කුච්චනීවරණං, විචිකිච්ඡානීවරණං. ඉමානි ඛො භික්ඛවෙ පඤ්ච නීවරණානි.
Sinhala BJTකාමච්ඡන්‍ද නීවරණය, ව්‍යාපාද නීවරණය, ථීනමිද්ධ නීවරණය, උද්ධච්චකුක්කුච්ච නීවරණය, විචිකිච්ඡා නීවරණ යි. මහණෙනි, මේ පඤ්ච නීවරණ යි.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ පඤ්චන්නං නීවරණානං පහානාය -පෙ- ඉමෙ චත්තාරො සතිපට්ඨානා භාවෙතබ්බාති.
Sinhala BJTමහණෙනි, මේ පඤ්ච නීවරණයන්ගේ ප්‍රහාණය පිණිස … මේ සතර සීවටන් වැඩිය යුතුවෙ යි.
Pali BJT9. 2. 2. 3.
Sinhala BJT9. 2. 2. 3.
Pali BJTකාමගුණ සතිපට්ඨාන සුත්තං
Sinhala BJTකාමගුණ සතිපට්ඨාන සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ කාමගුණා. කතමෙ පඤ්ච:
Sinhala BJTමහණෙනි, මේ කාමගුණයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
Pali BJTචක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්චකාමගුණා.
Sinhala BJTචක්‍ෂුර්විඥානග්‍රාහ්‍ය වූ ඉෂ්ට කාන්ත මනාප ප්‍රියරූප කාමෝපසංහිත රජනීය රූපයහ. ශ්‍රෝතවිඥානග්‍රාහ්‍ය … ශබ්දයහ. ඝ්‍රාණවිඥානග්‍රාහ්‍ය … ගන්‍ධයහ. ජිහ්වාවිඥානග්‍රාහ්‍ය … රසයහ. කායවිඥානග්‍රාහ්‍ය ඉෂ්ට කාන්ත මනාප ප්‍රියරූප කාමෝපසංහිත රජනීය ස්ප්‍රෂ්ටව්‍යහ යී, මහණෙනි, මේ පඤ්චකාම ගුණයෝය.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ පඤ්චන්නං කාමගුණානං පහානාය -පෙ- ඉමෙ චත්තාරො සතිපට්ඨානා භාවෙතබ්බාති.
Sinhala BJTමහණෙනි, මේ පඤ්චකාම ගුණයන්ගේ ප්‍රහාණය පිණිස මේ සතර සීවටන්හු වැඩිය යුතුවහ යි.
Pali BJT9. 2. 2. 4.
Sinhala BJT9. 2. 2. 4.
Pali BJTඋපාදානක්ඛන්ධ සතිපට්ඨාන සුත්තං
Sinhala BJTඋපාදානක්ඛන්‍ධ සතිපට්ඨාන සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ උපාදානක්ඛන්ධා. කතමෙ පඤ්ච:
Sinhala BJTමහණෙනි, මේ උපාදානස්කන්‍ධයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
Pali BJTරූපූපාදානක්ඛන්ධො, වෙදනූපාදානක්ඛන්ධො, සඤ්ඤූපාදානක්ඛන්ධො, සඞ්ඛාරූපාදානක්ඛන්ධො, විඤ්ඤාණුපාදානක්ඛන්ධො. ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්චුපාදානක්ඛන්ධා.
Sinhala BJTරූපූපාදානක්ඛන්‍ධ ය, වේදනූපාදානක්ඛන්‍ධ ය, සඤ්ඤූපාදානක්ඛන්‍ධ ය, සඞ්ඛාරූපාදානක්ඛන්‍ධ ය, විඤ්ඤාණූපාදානක්ඛන්‍ධ යි. මහණෙනි, මොහු පඤ්චූපාදානක්ඛන්‍ධ යි.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ පඤ්චන්නං උපාදානක්ඛන්ධානං පහානාය -පෙ- ඉමෙ චත්තාරො සතිපට්ඨානා භාවෙතබ්බාති.
Sinhala BJTමහණෙනි, මේ පඤ්චූපාදානක්ඛන්‍ධයන්ගේ ප්‍රහාණය පිණිස … මේ සතර සීවටන්හු වැඩියයුතුවහ.
Pali BJT9. 2. 2. 5.
Sinhala BJT9. 2. 2. 5.
Pali BJTඔරම්භාගිය සතිපට්ඨාන සුත්තං
Sinhala BJTඕරම්භාගිය සතිපට්ඨාන සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTපඤ්චිමානි භික්ඛවෙ ඔරම්භාගියානි සඤ්ඤොජනානි. කතමානි පඤ්ච:
Sinhala BJTමහණෙනි, මේ ඕරම්භාගියසංයෝජනයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
Pali BJTසක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාසො, කාමච්ඡන්දො, බ්යාපාදො. ඉමානි ඛො භික්ඛවෙ පඤ්චොරම්භාගියානි සඤ්ඤොජනානි.
Sinhala BJTසක්කායදිට්ඨිය, විචිකිච්ඡා ය, සීලබ්බතපරාමාස ය, කාමච්ඡන්‍ද ය, ව්‍යාපාදය දැයි, මහණෙනි, මොහු පඤ්චෝරම්භාගියසංයෝජන යි.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පහානාය -පෙ- ඉමෙ චත්තාරො සතිපට්ඨානා භාවෙතබ්බාති.
Sinhala BJTමහණෙනි, මේ පඤ්චඕරම්භාගිය සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස … මේ සතර සීවටන්හු වැඩිය යුතුවහ යි.
Pali BJT9. 2. 2. 6.
Sinhala BJT9. 2. 2. 6.
Pali BJTගති සතිපට්ඨාන සුත්තං
Sinhala BJTගති සතිපට්ඨාන සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTපඤ්චිමා භික්ඛවෙ ගතියො. කතමෙ පඤ්ච:
Sinhala BJTමහණෙනි, මේ ගති පසෙක, කවර පසෙක යත්:
Pali BJTනිරයො, තිරච්ඡානයොනි, පෙත්තිවිසයො, මනුස්සා, දෙවා. ඉමා ඛො භික්ඛවෙ පඤ්ච ගතියො.
Sinhala BJTනිරය, තිරච්ඡානයෝනි ය, පෙත්තිවිසය ය, මනුස්සයහ, දේවයහ යි. මහණෙනි, මේ පස්ගතිහු යි.
Pali BJTඉමාසං ඛො භික්ඛවෙ පඤ්චන්නං ගතීනං පහානාය -පෙ- ඉමෙ චත්තාරො සතිපට්ඨානා භාවෙතබ්බාති.
Sinhala BJTමහණෙනි, මේ පඤ්චගතීන්ගේ ප්‍රහාණය පිණිස … මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුතුවහ යි.
Pali BJT9. 2. 2. 7.
Sinhala BJT9. 2. 2. 7.
Pali BJTමච්ඡරිය සතිපට්ඨාන සුත්තං
Sinhala BJTමච්ඡරිය සතිපට්ඨාන සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTපඤ්චිමානි භික්ඛවෙ මච්ඡරියානි. කතමානි පඤ්ච:
Sinhala BJTමහණෙනි, මේ මච්ඡරියයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
Pali BJTආවාසමච්ඡරියං, කුලමච්ඡරියං, ලාභමච්ඡරියං, වණ්ණමච්ඡරියං, ධම්මමච්ඡරියං. ඉමානි ඛො භික්ඛවෙ පඤ්ච මච්ඡරියානි.
Sinhala BJTආවාසමච්ඡරිය, කුලමච්ඡරිය, ලාභමච්ඡරිය, වණ්ණමච්ඡරිය, ධම්මමච්ඡරි ය යී. මහණෙනි, මේ පඤ්චමච්ඡරිය යි.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං මච්ඡරියානං පහානාය -පෙ- ඉමෙ චත්තාරො සතිපට්ඨානා භාවෙතබ්බාති.
Sinhala BJTමහණෙනි, මේ පඤ්චමාත්සර්‍ය්‍යයන්ගේ ප්‍රහාණය පිණිස … මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුතුවහ යි.
Pali BJT9. 2. 2. 8.
Sinhala BJT9. 2. 2. 8.
Pali BJTඋද්ධම්භාගිය සතිපට්ඨාන සුත්තං
Sinhala BJTඋද්ධම්භාගිය සතිපට්ඨාන සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTපඤ්චිමානි භික්ඛවෙ, උද්ධම්භාගියානි සඤ්ඤොජනානි, කතමානි පඤ්ච:
Sinhala BJTමහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජනයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
Pali BJTරූපරාගො, අරූපරාගො, මානො, උද්ධච්චං, අවිජ්ජා. ඉමානි ඛො භික්ඛවෙ පඤ්චුද්ධම්භාගියානි සඤ්ඤොජනාති.
Sinhala BJTරූපරාග ය, අරූපරාග ය, මාන ය, උද්ධච්ච ය, අවිජ්ජා යි. මහණෙනි, මේ පඤ්ච උද්ධම්භාගිය සංයෝජන යි.