Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 13101-13200 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTතස්ස මය්හං ආනන්ද එතදහොසි: ‘යන්නූනාහං සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරෙය්ය’න්ති. තස්ස මය්හං ආනන්ද, ආකිඤ්චඤ්ඤායතනෙ චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති න විමුච්චති ‘එතං සන්ත’න්ති පස්සතො.
Sinhala BJTආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මම සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට එළැඹ වෙසෙම් නම් යෙහෙකැ”යි. ආනන්‍දය, තෙල ශාන්තය යි දක්නා වූ ඒ මාගේ සිත ආකිඤ්චඤ්ඤායතනයෙහි නො බැස ගනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි.
Pali BJTතස්ස මය්හං ආනන්ද, එතදහොසි: කො නු ඛො හෙතු, කො පච්චයො, යෙන මෙ ආකිඤ්චඤ්ඤායතනෙ චිත්තං න පක්ඛන්දති, නප්පසීදති, න සන්තිට්ඨති, න විමුච්චති ‘එතං සන්ත’න්ති පස්සතො.
Sinhala BJTආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත යම්හෙයෙකින් ආකිඤ්චඤ්ඤායතනයෙහි නො පනියි ද, නො පහදියි ද, නො පිහිටයි ද, නො මිදෙයි ද එයට හේතු කවර, ප්‍රත්‍යය කවර යත්:
Pali BJTතස්ස මය්හං ආනන්ද එතදහොසි: “විඤ්ඤාණඤ්චායතනෙ ඛො මෙ ආදීනවො අදිට්ඨො. සො ච මෙ අබහුලීකතො. ආකිඤ්චඤ්ඤායතනෙ ච ආනිසංසො අනධිගතො, සො ච මෙ අනාසෙවිතො. තස්මා මෙ ආකිඤ්චඤ්ඤායතනෙ චිත්තං න පක්ඛන්දති, නප්පසීදති, න සන්තිට්ඨති, න විමුච්චති ‘එතං සන්ත’න්ති පස්සතො.
Sinhala BJTආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මා විසින් විඤ්ඤාණඤ්චායතනයෙහි ආදීනව නොදක්නා ලද ය. හේ ද මා විසින් අබහුලීකෘත ය. ආකිඤ්චඤ්ඤායතනයෙහි අනුසස් ද අවබෝධ නො කරන ලද ය, හේ මා විසින් සේවිත ද නො වේ. එහෙයින් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත ආකිඤ්චඤ්ඤායතනයෙහි නො පැස ගනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි.”
Pali BJTතස්ස මය්හං ආනන්ද එතදහොසි: ‘සචෙ ඛො අහං විඤ්ඤාණඤ්චායතනෙ ආදීනවං දිස්වා තං බහුලීකරෙය්යං, ආකිඤ්චඤ්ඤායතනෙ ආනිසංසං අධිගම්ම තමාසෙවෙය්යං, ඨානං ඛො පනෙතං විජ්ජති යං මෙ ආකිඤ්චඤ්ඤායතනෙ චිත්තං පක්ඛන්දෙය්ය පසීදෙය්ය සන්තිට්ඨෙය්ය විමුච්චෙය්ය “එතං සන්ත”න්ති පස්සතො.
Sinhala BJTආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “ඉදින් මම විඤ්ඤාණඤ්චායතනයෙහි ආදීනව දැක එය බහුල කරනෙම් නම් ආකිඤ්චඤ්ඤායතනයෙහි අනුසස් අවබෝධ කොට එය ආසේවන කරනෙම් නම් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත යම්හෙයෙකින් ආකිඤ්චඤ්ඤායතනයෙහි බැස ගන්නේ ය, පහදින්නේ ය, පිහිටන්නේ ය, මිදෙන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ ම ය.”
Pali BJTසො ඛො අහං ආනන්ද, අපරෙන සමයෙන විඤ්ඤාණඤ්චායතනෙ ආදීනවං දිස්වා තං බහුලමකාසිං ආකිඤ්චඤ්ඤායතනෙ ආනිසංසං අධිගම්ම තමාසෙවිං, තස්ස මය්හං ආනන්ද ආකිඤ්චඤ්ඤායතනෙ චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති විමුච්චති ‘එතං සන්ත’න්ති පස්සතො.
Sinhala BJTආනන්‍දය, ඒ මම පසුකාලයෙහි විඤ්ඤාණඤ්චායතනයෙහි දොස් දැක එය බහුල කෙළෙමි. ආකිඤ්චඤ්ඤායතනයෙහි අනුසස් අවබෝධ කොට එය ආසේවන කෙළෙමි. ආනන්‍දය, තෙල ශාන්තය යි දක්නා වූ ඒ මාගේ සිත ආකිඤ්චඤ්ඤායතනයෙහි බැස ගනියි, පහදියි, පිහිටයි, මිදෙයි.
Pali BJT7. සො ඛො අහං ආනන්ද සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරාමි. තස්ස මය්හං ආනන්ද, ඉමිනා විහාරෙන විහරතො විඤ්ඤාණඤ්චායතනසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති. ස්වාස්ස මෙ හොති ආබාධො.
Sinhala BJT7. ආනන්‍දය, ඒ මම සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට එළැඹ වෙසෙමි. ආනන්‍දය, මේ විහාරයෙන් වසන්නා වූ ඒ මට විඤ්ඤාණඤ්චායතනසහගත වූ සංඥාමනස්කාරයෝ හැසිරෙත්. හේ ඒ මට ආබාධ වෙයි.
Pali BJTසෙය්යථාපි ආනන්ද සුඛිනො දුක්ඛං උප්පජ්ජෙය්ය යාවදෙව ආබාධාය, එවමෙවස්ස මෙ විඤ්ඤාණඤ්චායතනසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති. ස්වාස්ස මෙ හොති ආබාධො.
Sinhala BJTආනන්‍දය, සුව ඇතියහට ආබාධ පිණිසම යම්සේ දුක උපදනේ ද, එසෙයින් ම ඒ මට විඤ්ඤාණඤ්චායතනසහගත වූ සංඥාමනස්කාරයෝ හැසිරෙති. හේ ඒ මට ආබාධ වෙයි.
Pali BJTතස්ස මය්හං ආනන්ද, එතදහොසි: ‘යන්නූනාහං සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරෙය්ය’න්ති. තස්ස මය්හං ආනන්ද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ චිත්තං න පක්ඛන්දති, නප්පසීදති, න සන්තිට්ඨති, න විමුච්චති, ‘එතං සන්ත’න්ති පස්සතො.
Sinhala BJTආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මම සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළැඹ වෙසෙම් නම් යෙහෙකැ”යි. ආනන්‍දය, තෙල ශාන්තය යි දක්නා වූ ඒ මාගේ සිත නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නො පනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි.
Pali BJTතස්ස මය්හං ආනන්ද, එතදහොසි: ‘කො නුඛො හෙතු, කො පච්චයො, යෙන මෙ නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති න විමුච්චති ‘එතං සන්ත’න්ති පස්සතො.
Sinhala BJTආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත යම්හෙයෙකින් නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නො පනී ද, නො පහදී ද, නො පිහිටා ද, නො මිදේ ද, එයට හේතු කවර ප්‍රත්‍යය කවර යත්:
Pali BJTතස්ස මය්හං ආනන්ද, එතදහොසි: ආකිඤ්චඤ්ඤායතනෙ ඛො මෙ ආදීනවො අදිට්ඨො, සො ච මෙ අබහුලීකතො, නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ ආනිසංසො අනධිගතො, සො ච මෙ අනාසෙවිතො. තස්මා මෙ නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති න විමුච්චති ‘එතං සන්ත’න්ති පස්සතො.
Sinhala BJTආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මා විසින් ආකිඤ්චඤ්ඤායතනයෙහි ආදීනවය නොදක්නා ලද ය. මා විසින් හේ අබහුලීකෘත ද වෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි අනුසස් අනධිගත වෙයි. මා විසින් හේ අනාසේවිත ද වෙයි. එහෙයින් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නො පනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි.
Pali BJTතස්ස මය්හං ආනන්ද, එතදහොසි: ‘සචෙ ඛො අහං ආකිඤ්චඤ්ඤායතනෙ ආදීනවං දිස්වා තං බහුලීකරෙය්යං, නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ ආනිසංසං අධිගම්ම තමාසෙවෙය්යං, ඨානං ඛො පනෙතං විජ්ජති යං මෙ නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ චිත්තං පක්ඛන්දෙය්ය, පසීදෙය්ය, සන්තිට්ඨෙය්ය, විමුච්චෙය්ය, ‘එතං සන්ත’න්ති පස්සතො.
Sinhala BJTආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “ඉදින් මම ආකිඤ්චඤ්ඤායතනයෙහි ආදීනව දැක එය බහුල කරනෙම් නම් නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි අනුසස් අවබෝධ කොට එය අදරින් සෙවුනෙම් නම් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත යම්හෙයෙකින් නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි පනින්නේ ය, පහදින්නේ ය, පිහිටන්නේ ය, මිදෙන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ ම ය.
Pali BJTසො ඛො ආහං ආනන්ද, අපරෙන සමයෙන ආකිඤ්චඤ්ඤායතනෙ ආදීනවං දිස්වා තං බහුලමකාසිං. නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ ආනිසංසං අධිගම්ම තමාසෙවිං, තස්ස මය්හං ආනන්ද නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති විමුච්චති ‘එතං සන්ත’න්ති පස්සතො.
Sinhala BJTආනන්‍දය, ඒ මම පසුකාලයෙහි ආකිඤ්චඤ්ඤායතනයෙහි ආදීනව දැක එය බහුල කෙළෙමි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි අනුසස් අවබෝධ කොට එය ආසේවන කළෙමි. ආනන්‍දය, තෙල ශාන්තය යි දක්නා වූ ඒ මාගේ සිත නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි පනියි, පහදියි, පිහිටයි, මිදෙයි.
Pali BJT8. සො ඛො අහං ආනන්ද, සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරාමි, තස්ස මය්හං ආනන්ද, ඉමිනා විහාරෙන විහරතො ආකිඤ්චඤ්ඤායතන සහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති’ ස්වාස්ස මෙ හොති ආබාධො. සෙය්යථාපි ආනන්ද, සුඛිනො දුක්ඛං උප්පජ්ජෙය්ය යාවදෙව ආබාධාය. එවමෙවස්ස මෙ ආකිඤ්චඤ්ඤායතනසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති. ස්වාස්ස මෙ හොති ආබාධො.
Sinhala BJT8. ආනන්‍දය, ඒ මම සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවඤ්ඤානාසඤ්ඤායතනයට එළැඹ වෙසෙමි. ආනන්‍දය, මේ විහාරයෙන් වසන්නා වූ මට ආකිඤ්චඤ්ඤායතනසහගත වූ සංඥාමනස්කාරයෝ මනෝද්වාරයෙහි හැසිරෙත්. හේ ඒ මට ආබාධ වෙයි. ආනන්‍දය, සුව ඇතියහට ආබාධ පිණිස ම යම්සේ දුක උපදනේ ද, එසෙයින් ම මට ආකිඤ්චඤ්ඤායතනසහගත වූ සංඥාමනසිකාරයෝ හැසිරෙත් හේ මට ආබාධ වෙයි.
Pali BJTතස්ස මය්හං ආනන්ද, එතදහොසි: ‘යන්නූනාහං නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤා වෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරෙය්යන්ති’ තස්ස මය්හං ආනන්ද, සඤ්ඤාවෙදයිතනිරොධෙ චිත්තං න පක්ඛන්දති, නප්පසීදති න සන්තිට්ඨති, න විමුච්චති, ‘එතං සන්ත’න්ති පස්සතො.
Sinhala BJTආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මම නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට එළැඹ වෙසෙන්නෙම් නම් යෙහෙකැ”යි. ආනන්‍දය, තෙල ශාන්තයයි දක්නා වූ මාගේ සිත සඤ්ඤාවේදයිතනිරෝධයෙහි නො බැස ගනී, නො පහදී, නො පිහිටයි, නො මිදෙයි.
Pali BJTතස්ස මය්හං ආනන්ද, එතදහොසි: ‘කො නුඛො හෙතු, කො පච්චයො, යෙන මෙ සඤ්ඤාවෙදයිතනිරොධෙ චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති න විමුච්චති ‘එතං සන්ත’න්ති පස්සතො.
Sinhala BJTආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත යම් හෙයෙකින් සසඤ්ඤාවේදයිතනිරෝධයෙහි නො පනී ද, නො පහදී ද, නො පිහිටා ද, නො මිදේ ද, හේතු කවරේ දෝ! ප්‍රත්‍යය කවරේ දෝ!”
Pali BJTතස්ස මය්හං ආනන්ද, එතදහොසි: ‘නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ ඛො මෙ ආදීනවො අදිට්ඨො, සො ච මෙ අබහුලීකතො සඤ්ඤාවෙදයිතනිරොධෙ ආනිසංසො අනධිගතො. සො ච මෙ අනාසෙවිතො. තස්මා මෙ සඤ්ඤාවෙදයිතනිරොධෙ චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති න විමුච්චති ‘එතං සන්ති’න්ති පස්සතො.
Sinhala BJTආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මා විසින් නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි ආදීනව නො දක්නා ලද ය. මා විසින් හේ අබහුලීකෘත ද වෙයි. සඤ්ඤාවේදයිතනිරෝධයෙහි අනුසස් අවබෝධ නො කරන ලද්දේ වෙයි. මා විසින් හේ අනාසේවිත ද වේ. එහෙයින් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත සඤ්ඤාවේදයිතනිරෝධයෙහි නො බැස ගනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි.
Pali BJTතස්ස මය්හං ආනන්ද, එතදහොසි: ‘සචෙ ඛො අහං නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ ආදීනවං දිස්වා තං බහුලීකරෙය්යං සඤ්ඤාවෙදයිතනිරොධෙ ආනිසංසං අධිගම්ම තමාසෙවෙය්යං ඨානං ඛො පනෙතං විජ්ජති යං මෙ සඤ්ඤාවෙදයිතනිරොධෙ චිත්තං පක්ඛන්දෙය්යං, පසීදෙය්ය, සන්තිට්ඨෙය්ය, විමුච්චෙය්ය ‘එතං සන්ත’න්ති පස්සතො.
Sinhala BJTආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “ඉදින් මම නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි ආදීනවය දැක එය බහුල කරනෙම් නම් සඤ්ඤාවේදයිතනිරෝධයෙහි අනුසස් අවබෝධ කොට එය ආසේවන කෙරෙම් නම් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත යම්හෙයෙකින් සඤ්ඤාවේදයිතනිරෝධයෙහි බැසගන්නේ ය, පහදින්නේ ය, පිහිටන්නේ ය, මිදෙන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ ම ය.”
Pali BJTසො ඛො අහං ආනන්ද, අපරෙන සමයෙන නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ ආදීනවං දිස්වා තං බහුලමකාසිං, සඤ්ඤාවෙදයිතනිරොධෙ ආනිසංසං අධිගම්ම තමාසෙවිං. තස්ස මය්හං ආනන්ද, සඤ්ඤාවෙදයිතනිරොධෙ චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති විමුච්චති ‘එතං සන්ත’න්ති පස්සතො.
Sinhala BJTආනන්‍දය, ඒ මම පසුකාලයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි දෝස දැක එය බහුල කෙළෙමි. සඤ්ඤාවේදයිතනිරෝධයෙහි අනුසස් අවබෝධ කොට එය භජනය කෙළෙමි. ආනන්‍දය, තෙල ශාන්තය යි දක්නා වූ ඒ මාගේ සිත සඤ්ඤාවේදයිතනිරෝධයෙහි බැස ගනියි, පහදියි, පිහිටයි, මිදෙයි.
Pali BJT9. සො ඛො අහං ආනන්ද සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරාමි, පඤ්ඤාය ච මෙ දිස්වා ආසවා පරික්ඛයං අගමංසු.
Sinhala BJT9. ආනන්‍දය, ඒ මම සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට එළැඹ වෙසෙමි. ප්‍රඥායෙනුදු දැක මාගේ ආස්‍රවයෝ පරික්‍ෂයට ගියහ.
Pali BJTයාවකීවඤ්චාහං ආනන්ද ඉමා නව අනුපුබ්බවිහාරසමාපත්තියො න එවං අනුලොමපටිලොමං සමාපජ්ජිම්පි, වුට්ඨහිම්පි නෙව තාවාහං ආනන්ද සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති පච්චඤ්ඤාසිං.
Sinhala BJTආනන්‍දය, යම්තාක් කල් මම මේ නව අනුපූර්‍වවිහාරසමාපත්තීන්ට මෙසේ අනුලොමපටිලොමවසයෙන් නො සමවැදියෙම් ද, නො නැඟී සිටියෙම් ද, ආනන්‍දය, ඒ තාක්කල් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි මහණබමුණන් සහිත දෙව්මිනිසුන් සහිත සත්ත්‍වප්‍රජාවෙහි අනුත්තර සම්මාසම්බෝධිය ප්‍රතිවේධ කෙළෙමැයි පිළින නො කෙළෙම්ම ය.
Pali BJTයතො ච ඛො අහං ආනන්ද, ඉමා නව අනුපුබ්බවිහාරසමාපත්තියො එවං අනුලොමපටිලොමං සමාපජ්ජිම්පි වුට්ඨහිම්පි, අථාහං ආනන්ද, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති පච්චඤ්ඤාසිං. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි, අකුප්පා මෙ චෙතොවිමුත්ති. අයමන්තිමා ජාති, නත්ථිදානි පුනබ්භවොති.
Sinhala BJTආනන්‍දය, යම් කලෙක්හි මම මේ නව අනුපූර්‍වවිහාරසමාපත්තීන්ට මෙසේ අනුලොම් පිළිලොම් විසින් සමවැදුණෙම් ද, නැඟී සිටියෙම් ද, ආනන්‍දය, එකල්හි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි මහණබමුණන් සහිත දෙව්මිනිසුන් සහිත සත්ත්‍වප්‍රජාවෙහි අනුත්තර සම්මාසම්බෝධිය ප්‍රතිවේධ කෙළෙමැයි පිළිණ කෙළෙමි. මට ඥානදර්‍ශනය (ප්‍රත්‍යවේක්‍ෂාඥානය) ද උපන, “මාගේ චිත්තවිමුක්තිය අකෝප්‍ය ය, මේ අන්තිමජාති යි, දැන් පුනර්‍භවයෙක් නැත” කියා යි.
Pali BJTමහාවග්ගො චතුත්ථො.
Sinhala BJTසතරවන මහාවර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTද්වෙ විහාරා ච නිබ්බානං ගාවිඣානෙන පඤ්චමං, ආනන්දො බ්රාහ්මණො දෙවො නාගෙන තපුස්සෙන චාති.
Sinhala BJTඅනුපුබ්බවිහාර සූත්‍රදෙක ය, නිබ්බානසූත්‍ර ය, ගාවීසූත්‍රය, පස්වන ඣාන සූත්‍රය, ආනන්‍ද සූත්‍රය, බ්‍රාහ්මණ සූත්‍රය, දෙවාසුර සූත්‍රය, නාග සූත්‍රය, තපුස්ස සූත්‍රය දැයි සූත්‍ර දශයෙකි.
Pali BJT5. සාමඤ්ඤවග්ගො
Sinhala BJT5. සාමඤ්ඤ වර්‍ගය
Pali BJT9. 1. 5. 1.
Sinhala BJT9. 1. 5. 1.
Pali BJTසම්බාධ සුත්තං
Sinhala BJTසම්බාධ සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං ආයස්මා ආනන්දො කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. අථ ඛො ආයස්මා උදායී යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා ආනන්දෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා උදායී ආයස්මන්තං ආනන්දං එතදවොච: වුත්තමිදං ආවුසො, පඤ්චාලචණ්ඩෙන දෙවපුත්තෙන:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ කොසඹෑ නුවර සමීපයෙහි වූ ඝෝෂිතාරාමයෙහි වාස කෙරෙත්. එකල්හි ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් වෙත එළැඹියහ. එළැඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් හා සමඟ සතුටු වූහ. සම්මෝදනීය වූ සාරාණීය වූ කථාව කොට නිමවා එකත්පස්හි හුන්හ. එකත්පස්හි හුන් ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට තෙල කීහ: ඇවැත්නි, පඤ්චාලචණ්ඩ දේවපුත්‍ර විසින් මෙය කියන ලද:
Pali BJT1. “සම්බාධෙ වත{1} ඔකාසං අවින්දි{2} භූරි මෙධසො යො ඣානමබුධා{3} බුද්ධො - පතිලීනනිසභො මුනී” ති.
Sinhala BJT1. සිවුසස් පිළිවිදි (එකී භාවයෙන්) ප්‍රතිලීන වූ ද (උත්තමාර්‍ත්‍ථයෙන්) නිසභ වූ ද යම් බුද්ධ වූ මුනිවරයෙක් ධ්‍යානය අවබෝධ කළේ ද ඒ මහාප්‍රාඥ තෙමේ එකැතින් පඤ්චකාමගුණ සඞ්ඛ්‍යාත සම්බෝධයෙහි අවකාශ දතුයේ ය.
Pali BJTකතමො නු ඛො ආවුසො සම්බාධො කතමො සම්බාධෙ ඔකාසාධිගමො වුත්තො භගවතාති:
Sinhala BJTඇවැත්නි, සම්බාධ නම් කවර? භාග්‍යවතුන් විසින් වදාරන ලද සම්බාධයෙහි ඕකාසාධිගමය කවර?
Pali BJTපඤ්චිමෙ ආවුසො කාමගුණා සම්බාධො වුත්තො භගවතා. කතමෙ පඤ්ච: චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො ආවුසො පඤ්චකාමගුණා සම්බාධො වුත්තො භගවතා.
Sinhala BJTඇවැත්නි, මේ පස්කම් ගුණ භාග්‍යවතුන් වහන්සේ විසින් සම්බාධ යයි වදාරන ලද, කවර පසෙක යත්: චක්‍ෂුර්විඥාන ග්‍රාහ්‍ය ඉෂ්ට කාන්ත මනාප ප්‍රියස්වරූප කාමෝපසංහිත රජනීය රූපයහ, ශ්‍රොතවිඥාන ග්‍රාහ්‍ය ශබ්දයහ … ඝ්‍රාණවිඥාන ග්‍රාහ්‍ය ගන්‍ධයහ … ජිව්හාවිඥාන ග්‍රාහ්‍ය රසයහ … කායවිඥානග්‍රාහ්‍ය ඉෂ්ට කාන්ත මනාප ප්‍රිය රූප කාමෝපසංහිත රජනීය ස්ප්‍රෂ්ටව්‍යයහ. ඇවැත්නි, මේ පඤ්චකාම ගුණ භාග්‍යවතුන් වහන්සේ විසින් සම්බාධ යයි කියන ලද.
Pali BJTඉධාවුසො භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. එත්තාවතා පි ඛො ආවුසො සම්බාධෙ ඔකාසාධිගමො වුත්තො භගවතා. පරියායෙන තත්ථ’පත්ථී සම්බාධො, කිඤ්ච තත්ථ සම්බාධො:{1} යදෙව තත්ථ විතක්කවිචාරා අනිරුද්ධා හොන්ති අයමෙත්ථ සම්බාධො.
Sinhala BJTඇවැත්නි, මේ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන් ව ම … ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරන්නේය. ඇවැත්නි, මෙ පමණෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් සම්බාධයෙහි ඕකාසාධිගම ය කියන ලද, පර්‍ය්‍යායයෙන් එහිදු සම්බාධයෙක් ඇත. එහි සම්බාධ නම් කවර? යම් හෙයෙකින් එහි විතර්‍ක විචාරයෝ අනිරුද්ධ වෙත් නම් මේ මෙහි සම්බාධ වෙයි.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. එත්තාවතා පි ඛො ආවුසො සම්බාධෙ ඔකාසාධිගමො වුත්තො භගවතා පරියායෙන. තත්ථ පත්ථී සම්බාධො. කිඤ්ච තත්ථ සම්බාධො: යදෙව තත්ථ: පීති අනිරුද්ධා හොති, අයමෙත්ථ සම්බාධො.
Sinhala BJTතවද ඇවැත්නි, මහණ විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපශමයෙන් … ද්විතීය ධ්‍යානයට එළැඹ වාස කරන්නේ ය. ඇවැත්නි, මෙ පමණකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් ඕකාසාධිගමය කියන ලද, පර්‍ය්‍යායයෙන් එහිදු සම්බාධයෙක් ඇත. එහි සම්බාධය කවර? යම් හෙයකින් එහි ප්‍රීතිය අනිරුද්ධ වේ නම් මේ එහි සම්බාධ යි.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති. එත්තාවතා පි ඛො ආවුසො සම්බොධෙ ඔකාසාධිගමො වුත්තො භගවතා පරියායෙන. තත්ථ’පත්ථී සම්බාධො, කිඤ්ච තත්ථ සම්බාධො: යදෙව තත්ථ උපෙක්ඛාසුඛං{1} අනිරුද්ධං හොති, අයමෙත්ථ සම්බාධො.
Sinhala BJTතවද ඇවැත්නි, මහණ ප්‍රීතියගේ ද විරාගයෙන් ද … තෘතීය ධ්‍යානයට පැමිණ වාස කරනේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් සම්බාධයෙහි ඕකාසාධිගම ය කියන ලද, එහිදු පර්‍ය්‍යායයෙන් සම්බාධය ඇත. එහි සම්බාධ නම් කවර? යම් හෙයෙකින් එහි උපේක්‍ෂා සුඛය අනිරුද්ධ වේ නම් මේ මෙහි සම්බාධය වෙයි.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. එත්තාවතා පි ඛො ආවුසො, සම්බාධෙ ඔකාසාධිගමො වුත්තො භගවතා. තත්ථ’පත්ථී සම්බාධො. කිඤ්ච තත්ථ සම්බාධො යදෙව තත්ථ රූපසඤ්ඤා අනිරුද්ධා හොති, අයමෙත්ථ සම්බාධො.
Sinhala BJTතවද ඇවැත්නි, මහණ සුඛප්‍රහාණයෙනුදු … චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාස කරන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් සම්බාධයෙහි ඕකාසාධිගම ය කියන ලද පර්‍ය්‍යායයෙන් එහිදු සම්බාධයෙක් ඇත. එහි සම්බාධ නම් කවර? යම් හෙයෙකින් එහි රූපසංඥා අනිරුද්ධ වේ නම් මේ මෙහි සම්බාධ වෙයි.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. එත්තාවතා පි ඛො ආවුසො සම්බාධෙ ඔකාසාධිගමො වුත්තො භගවතා පරියායෙන, තත්ථ’පත්ථී සම්බාධො. කිඤ්ච තත්ථ සම්බාධො යදෙව තත්ථ ආකාසානඤ්චායතනසඤ්ඤා අනිරුද්ධා හොති. අයමෙත්ථ සම්බාධො.
Sinhala BJTතවද ඇවැත්නි, මහණ සර්‍වථායෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමණයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් ආකාශය අනන්තය යි ආකාසානඤ්චායතනයට පැමිණ වාස කරන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු සම්බාධයෙහි ඕකාසාධිගම ය භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද, පර්‍ය්‍යායයෙන් එහිදු සම්බාධ ඇත. එහි සම්බාධ නම් කවර? යම් හෙයෙකින් එහි ආකාසානඤ්චායතන සංඥාව අනිරුද්ධ වේ ද මේ මෙහි සම්බාධ යි.
Pali BJTපුන චපරං ආවුසො, භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. එත්තාවතා පි ඛො ආවුසො සම්බාධෙ ඔකාසාධිගමො වුත්තො භගවතා පරියායෙන, තත්ථ’පත්ථි සම්බාධො. කිඤ්ච තත්ථ සම්බාධො යදෙව තත්ථ විඤ්ඤාණඤ්චායතනසඤ්ඤා අනිරුද්ධා හොති. අයමෙත්ථ සම්බාධො.
Sinhala BJTතවද ඇවැත්නි, මහණ සර්‍වථායෙන් ආකාසානඤ්චායතන ඉක්මවා විඥානය අනන්ත යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් සම්බාධයෙහි ඕකාසාධිගමය කියන ලද, පර්‍ය්‍යායයෙන් එහිදු සම්බාධ ඇත. එහි සම්බාධ නම් කවර? යම් හෙයෙකින් එහි විඤ්ඤාණඤ්චායතන සංඥාව අනිරුද්ධ වේ නම් මේ මෙහි සම්බාධ යි.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. එත්තාවතාපි ඛො ආවුසො සම්බාධෙ ඔකාසාධිගමො වුත්තො භගවතා පරියායෙන, තත්ථ’පත්ථි සම්බාධො. කිඤ්ච තත්ථ සම්බාධො: යදෙව තත්ථ ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤා අනිරුද්ධා හොති, අයමෙත්ථ සම්බාධො.
Sinhala BJTතවද ඇවැත්නි, මහණ සර්‍වථායෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ‘කිසිවක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් සම්බාධයෙහි ඕකාසාධිගමය දෙසන ලද පර්‍ය්‍යායයෙන් එහිදු සම්බාධ ඇත. එහි සම්බාධ නම් කවර? යම් හෙයෙකින් එහි ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිරුද්ධ වේ නම් මේ මෙහි සම්බාධ යි.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. එත්තාවතා පි ඛො ආවුසො සම්බාධෙ ඔකාසාධිගමො වුත්තො භගවතා පරියායෙන, තත්ථ පත්ථි සම්බාධො. කිඤ්ච තත්ථ සම්බාධො: යදෙව තත්ථ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤා අනිරුද්ධා හොති, අයමෙත්ථ සම්බාධො.
Sinhala BJTතවද ඇවැත්නි, මහණ සර්‍වථායෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළැඹ වාසය කරන්නේ ය. ඇවැත්නි මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් සම්බාධයෙහි ඕකාසාධිගමය වදාරන ලද, පර්‍ය්‍යායයෙන් එහිදු සම්බාධ ඇත. එහි සම්බාධ නම් කවර? යම් හෙයෙකින් එහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා අනිරුද්ධ වේ නම් මේ මෙහි සම්බාධ යි.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති. පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. එත්තාවතාපි ඛො ආවුසො සම්බාධෙ ඔකාසාධිගමො වුත්තො භගවතා නිප්පරියායෙනාති.
Sinhala BJTතවද ඇවැත්නි, මහණ නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වාස කරන්නේ ය. ප්‍රඥායෙනුදු දැක ආස්‍රවයෝ පරික්‍ෂීණ වෙත්. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පර්‍ය්‍යායයෙන් සම්බාධයෙහි ඕකාසාධිගමය කියන ලදැ යි.
Pali BJT9. 1. 5. 2.
Sinhala BJT9. 1. 5. 2.
Pali BJTකායසක්ඛි සුත්තං
Sinhala BJTකායසක්ඛී සූත්‍රය
Pali BJT[කොසම්බිනිදානං]
Sinhala BJT[කොසැඹෑනිදාන යි]
Pali BJT“කායසක්ඛි කායසක්ඛී” ති ආවුසො වුච්චති, කිත්තාවතා නු ඛො ආවුසො කායසක්ඛි වුත්තො භගවතාති.
Sinhala BJTඇවැත්නි, කායසක්ඛී, කායසක්ඛී යි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙක් කරුණින් භාග්‍යවතුන් වහන්සේ විසින් කායසක්ඛී පුද්ගලයා දෙසන ලද්දේ දැයි:
Pali BJTඉධාවුසො භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. යථා යථා ච තදායතනං තථා තථා නං කායෙන ඵස්සිත්වා{1}. විහරති. එත්තාවතාපි ඛො ආවුසො කායසක්ඛි වුත්තො භගවතා පරියායෙන.
Sinhala BJTඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන් ව ම … ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරන්නේ ය. යම් යම් සෙයකින් ඒ (ප්‍රථම ධ්‍යාන සඞ්ඛ්‍යාත) ආයතන වේ නම් ඒ ඒ සෙයින් ඒ සමාපත්තිය නාමකායයෙන් පැහැස වාස කරන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් පර්‍ය්‍යායයෙන් කායසක්ඛී පුද්ගලයා දෙසන ලදුයේ ය.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. යථා යථා ච තදායතනං තථා තථා නං කායෙන ඵස්සිත්වා{1} විහරති. එත්තාවතාපි ඛො ආවුසො කායසක්ඛි වුත්තො භගවතා පරියායෙන.
Sinhala BJTඇවැත්නි, තවද, මහණ විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපශමයෙන් … ද්විතීය ධ්‍යානයට … තෘතීය ධ්‍යානයට … චතුර්‍ත්‍ථධ්‍යානයට එළැඹ වාස කරන්නේ ය. යම් යම් සෙයෙකින් ඒ (චතුර්‍ත්‍ථධ්‍යාන සඞ්ඛ්‍යාත) ආයතනය වේ නම් ඒ ඒ සෙයින් එය නාමකායයෙන් පැහැස වාස කරන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් පර්‍ය්‍යායයෙන් කායසක්ඛී පුද්ගල කියන ලද්දේ ය.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කම්ම පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති -පෙ- සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති -පෙ- සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති, යථා යථා ච තදායතනං තථා තථා නං කායෙන ඵස්සිත්වා විහරති, එත්තාවතා පි ඛො ආවුසො කායසක්ඛි වුත්තො භගවතා පරියායෙන,
Sinhala BJTතවද ඇවැත්නි, මහණ සර්‍වථායෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් ‘ආකාශය අනන්තය’යි ආකාසානඤ්චායතනයට පැමිණ වාස කරන්නේය … සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය සමතික්‍රමණ කොට ‘විඤ්ඤාණය අනන්තය’ යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාස කරන්නේ ය … සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ‘කිසිවක් නැහැ’යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාස කරන්නේ ය … සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය සමතික්‍රමණය කොට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාස කරන්නේ ය. යම් යම් සෙයෙකින් ඒ ආයතනය වේ නම් ඒ ඒ සෙයින් එය නාමකායයෙන් පැහැස වාස කරන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ කායසක්ඛී පුද්ගලයා පර්‍ය්‍යායයෙන් දෙසන ලදුයේ ය.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. යථා යථා ච තදායතනං තථා තථා නං කායෙන ඵස්සිත්වා විහරති, එත්තාවතාපි ඛො ආවුසො කායසක්ඛි වුත්තො භගවතා නිප්පරියායෙනාති.
Sinhala BJTතවද ඇවැත්නි, මහණ සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට එළැඹ වාස කරන්නේ ය. ප්‍රඥායෙනුදු දැක ආස්‍රවයෝ පරික්‍ෂීණ වෙත්. යම් යම් සෙයෙකින් ඒ ආයතනය වේ නම් ඒ ඒ සෙයින් නාම කායයෙන් පැහැස වාසය කරන්නේ ය. ඇවැත්නි, එතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ නිෂ්පර්‍ය්‍යායයෙන් කායසක්ඛී පුද්ගලයා දෙසන ලදුයේ යි.
Pali BJT9. 1. 5. 3.
Sinhala BJT9. 1. 5. 3.
Pali BJTපඤ්ඤාවිමුත්ති සුත්තං
Sinhala BJTපඤ්ඤාවිමුත්ත සූත්‍රය
Pali BJT[කොසම්බිනිදාන]
Sinhala BJT[කොසැඹෑනිදාන යි]
Pali BJT“පඤ්ඤාවිමුත්තො පඤ්ඤාවිමුත්තො” ති ආවුසො වුච්චති, කිත්තාවතා නු ඛො ආවුසො පඤ්ඤාවිමුත්තො වුත්තො භගවතාති:
Sinhala BJTඇවැත්නි, ‘පඤ්ඤාවිමුත්ත’ ‘පඤ්ඤාවිමුත්ත’යි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙක් කරුණෙකින් භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රඥාවිමුක්ත පුද්ගලයා දෙසන ලද්දේ දැයි.
Pali BJTඉධාවුසො භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, පඤ්ඤාය ච නං පජානාති. එත්තාවතාපි ඛො ආවුසො පඤ්ඤාවිමුත්තො වුත්තො භගවතා පරියායෙන -පෙ-
Sinhala BJTඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන් ව ම … ප්‍රථම ධ්‍යානයට එළැඹ වාස කරන්නේ ය. (ප්‍රථම ධ්‍යාන විදර්‍ශනා සඞ්ඛ්‍යාත) ප්‍රඥායෙනුදු එය දන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු පර්‍ය්‍යායයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රඥාවිමුක්ත පුද්ගල දෙසන ලද්දේ ය ...
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති පඤ්ඤාය ච නං පජානාති. එත්තාවතා පි ඛො ආවුසො, පඤ්ඤාවිමුත්තො වුත්තො භගවතා පරියායෙන -පෙ-
Sinhala BJTතවද ඇවැත්නි, මහණ විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපශමයෙන් … ද්විතීය ධ්‍යානයට … තෘතීය ධ්‍යානයට … චතුර්‍ත්‍ථ ධ්‍යානයට එළැඹ වාසය කරන්නේ ය. (චතුර්‍ත්‍ථධ්‍යාන විදර්‍ශනා සඞ්ඛ්‍යාත) ප්‍රඥායෙනුදු එය දන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු පර්‍ය්‍යායයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රඥා විමුක්තයා දෙසන ලද්දේ ය.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. පඤ්ඤාය ච නං පජානාති. එත්තාවතාපි ඛො ආවුසො පඤ්ඤාවිමුත්තො වුත්තො භගවතා පරියායෙන.
Sinhala BJTතවද ඇවැත්නි, මහණ සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළැඹ වාස කරන්නේ ය. (නේවසඤ්ඤානාසඤ්ඤායතන විපස්සනා යයි කියන ලද) ප්‍රඥායෙනුදු එය දන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් පර්‍ය්‍යායයෙන් ප්‍රඥාවිමුක්ත පුද්ගල දෙසන ලදුයේ ය.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. යථා යථා ච තදායතනං තථා තථා නං කායෙන ඵස්සිත්වා විහරති පඤ්ඤාය ච නං පජානාති, එත්තාවතාපි ඛො ආවුසො පඤ්ඤාවිමුත්තො වුත්තො භගවතා නිප්පරියායෙනාති.
Sinhala BJTතවද ඇවැත්නි, මහණ නේවසඤ්ඤානාසඤ්ඤායතනය සමතික්‍රමණ කොට සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වාස කරන්නේ ය. (සංඥාවේදයිතනිරෝධවිදර්‍ශනා සඞ්ඛ්‍යාත) ප්‍රඥායෙනුදු දැක ආස්‍රවයෝ පරික්‍ෂීණ වෙත්. යම් යම් සෙයෙකින් ඒ ආයතන වේ නම් ඒ ඒ සෙයින් එය නාමකායයෙන් පැහැස වාස කරන්නේ ය. ප්‍රඥායෙනුදු එය දන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් විසින් ප්‍රඥාවිමුක්ත පුද්ගල නිෂ්පර්‍ය්‍යායයෙන් දෙසන ලද්දේ යි.
Pali BJT9. 1. 5. 4.
Sinhala BJT9. 1. 5. 4.
Pali BJTඋභතොභාගවිමුත්ත සුත්තං
Sinhala BJTඋභතෝභාගවිමුත්ත සූත්‍රය
Pali BJT[කොසම්බිනිදානං]
Sinhala BJT[කොසැඹෑනිදාන යි]
Pali BJT“උභතොභාගවිමුත්තො උභතොභාගවිමුත්තො” ති ආවුසො වුච්චති, කිත්තාවතා නු ඛො ආවුසො උභතොභාගවිමුත්තො වුත්තො භගවතාති:
Sinhala BJTඇවැත්නි, ‘උභතෝභාගවිමුත්තය’ ‘උභතෝභාගවිමුත්තය’ යි කියනු ලැබේ. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් කෙතෙක් කරුණින් උභතෝභාගවිමුත්ත පුද්ගල දෙසන ලදුයේ දැයි.
Pali BJTඉධාවුසො භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, යථා යථා ච තදායතනං තථා තථා නං කායෙන ඵස්සිත්වා විහරති, පඤ්ඤාය ච නං පජානාති. එත්තාවතා පි ඛො ආවුසො උභතොභාගවිමුත්තො වුත්තො භගවතා පරියායෙන -පෙ-
Sinhala BJTඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන් ව මැ ප්‍රථමධ්‍යානයට පැමිණ වාස කරන්නේ ය. යම් යම් සෙයෙකින් ඒ ආයතනය වේ නම් ඒ ඒ සෙයින් එය නාමකායයෙන් පැහැස වාස කරන්නේ ය. (ප්‍රථම ධ්‍යාන විදර්‍ශනා සඞ්ඛ්‍යාත) ප්‍රඥාවෙනුදු එම දන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යතුන් වහන්සේ විසින් පර්‍ය්‍යායයෙන් උභතෝභාග විමුක්ත පුද්ගල දෙසන ලදුයේ ය.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති යථා යථා ච තදායතනං තථා තථා නං කායෙන ඵස්සිත්වා විහරති, පඤ්ඤාය ච නං පජානාති. එත්තාවතාපි ඛො ආවුසො උභතොභාගවිමුත්තො වුත්තො භගවතා පරියායෙන.
Sinhala BJTතවද ඇවැත්නි, මහණ සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය සමතික්‍රමණය කොට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළැඹ වාස කරන්නේ ය. යම් යම් සෙයෙකින් ඒ ආයතනය වේ නම් ඒ ඒ සෙයින් එය නාමකායයෙන් පැහැස වාස කරන්නේ ය. (නෙවසඤ්ඤානාසඤ්ඤා විපස්සනා යයි කියන ලද) ප්‍රඥායෙනුදු එය දන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් පර්‍ය්‍යායයෙන් උභතෝභාග විමුත්ත පුද්ගල දෙසන ලද්දේ ය ...
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. යථා යථා ච තදායතනං තථා තථා නං කායෙන ඵස්සිත්වා විහරති. පඤ්ඤාය ච නං පජානාති. එත්තාවතාපි ඛො ආවුසො උභතොභාගවිමුත්තො වුත්තො භගවතා නිප්පරියායෙනාති.
Sinhala BJTතවද ඇවැත්නි, මහණ සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට එළැඹ වාස කරන්නේ ය. (සංඥාවේදයිතනිරෝධවිදර්‍ශනා සඞ්ඛ්‍යාත) ප්‍රඥාවෙනුදු දැන ඔහුගේ ආස්‍රවයෝ පරික්‍ෂීණ වෙත්. යම් යම් සෙයෙකින් ඒ ආයතනය වේ නම් ඒ ඒ සෙයින් එය නාමකායයෙන් පැහැස වාස කරන්නේ ය. ප්‍රඥායෙනුදු එය දැන ගන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පර්‍ය්‍යායයෙන් උභතෝභාග විමුක්තයා දෙසන ලදුයේ ය යි.
Pali BJT9. 1. 5. 5.
Sinhala BJT9. 1. 5. 5.
Pali BJTසන්දිට්ඨිකධම්ම සුත්තං
Sinhala BJTසන්‍දිට්ඨිකධම්ම සූත්‍රය
Pali BJT[කොසම්බිනිදානං]
Sinhala BJT[කොසැඹෑනිදාන යි]
Pali BJT”සන්දිට්ඨිකො ධම්මො සන්දිට්ඨිකො ධම්මො” ති ආවුසො වුච්චති, කිත්තාවතා නු ඛො ආවුසො සන්දිට්ඨිකො ධම්මො වුත්තො භගවතාති:
Sinhala BJTඇවැත්නි, ධර්‍මය සන්‍දිට්ඨික ය, (තමා විසින් දැකිය යුත්තෙක) ධර්‍මය සන්‍දිට්ඨික යයි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙක් කරුණින් ධර්‍මය සන්‍දිට්ඨික යයි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද දැයි.
Pali BJTඉධාවුසො භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති -පෙ- එත්තාවතාපි ඛො ආවුසො සන්දිට්ඨිකො ධම්මො වුත්තො භගවතා පරියායෙන.
Sinhala BJTඇවැත්නි මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් ව ම ප්‍රථමධ්‍යානයට පැමිණ වාස කෙරෙයි … ඇවැත්නි, මෙතෙකිනුදු ධර්‍මය සන්‍දිට්ඨික යයි පර්‍ය්‍යායයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද ...
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. එත්තාවතාපි ඛො ආවුසො සන්දිට්ඨිකො ධම්මො වුත්තො භගවතා නිප්පරියායෙනාති.
Sinhala BJTතවද ඇවැත්නි, මහණ සර්‍වථායෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්ම සඤ්ඤාවේදයිතනිරෝධයට එළැඹ වෙසෙයි. (සංඥාවේදයිතනිරෝධවිදර්‍ශනා සඞ්ඛ්‍යාත) නුවණිනුදු දැකැ ඔහුගේ ආස්‍රවයෝ පරික්‍ෂීණ වෙත්. ඇවැත්නි, මෙතෙකිනුදු ධර්‍මය සන්‍දිට්ඨික යයි නිෂ්පර්‍ය්‍යායයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලදැ යි.
Pali BJT9. 1. 5. 6.
Sinhala BJT9. 1. 5. 6.
Pali BJTසන්දිට්ඨිකනිබ්බාන සුත්තං
Sinhala BJTසන්‍දිට්ඨිකනිබ්බාන සූත්‍රය
Pali BJT[කොසම්බිනිදානං]
Sinhala BJT[කොසැඹෑනිදාන යි]
Pali BJT“සන්දිට්ඨිකං නිබ්බානං සන්දිට්ඨිකං නිබ්බාන”න්ති ආවුසො වුච්චති, කිත්තාවතා නු ඛො ආවුසො සන්දිට්ඨිකං නිබ්බානං වුත්තං භගවතාති:
Sinhala BJTඇවැත්නි, සන්‍දිට්ඨික නිබ්බානය (තමා විසින් දැක්ක යුතු නිවන) සන්‍දිට්ඨික නිබ්බාන”යි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙක් කරුණින් භාග්‍යවතුන් විසින් නිර්‍වාණය සන්‍දිට්ඨික යයි දෙසන ලද දැයි.
Pali BJTඉධාවුසො භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. එත්තාවතාපි ඛො ආවුසො සන්දිට්ඨිකං නිබ්බානං වුත්තං භගවතා පරියායෙන -පෙ-
Sinhala BJTඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් ව ම … ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, මෙතෙකිනුදු නිබ්බානය සන්‍දිට්ඨික යයි භාග්‍යවතුන් වහන්සේ විසින් පර්‍ය්‍යායයෙන් දෙසන ලද ...
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති. පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. එත්තාවතාපි ඛො ආවුසො සන්දිට්ඨිකං නිබ්බානං වුත්තං භගවතා නිප්පරියායෙනාති.
Sinhala BJTතවද ඇවැත්නි, මහණ සර්‍වථායෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වෙසෙයි. (සංඥාවේදයිතනිරෝධවිදර්‍ශනා සඞ්ඛ්‍යාත) ප්‍රඥායෙනුදු දැක ඔහුගේ ආස්‍රවයෝ පරික්‍ෂීණ වෙත්. ඇවැත්නි, මෙතෙකිනුදු නිබ්බානය සන්‍දිට්ඨික යි භගවත්හු විසින් නිෂ්පර්‍ය්‍යායයෙන් දෙසන ලදැ යි.
Pali BJT9. 1. 5. 7.
Sinhala BJT9. 1. 5. 7.
Pali BJTනිබ්බාන සුත්තං
Sinhala BJTනිබ්බාන සූත්‍රය
Pali BJT[කොසම්බිනිදානං]
Sinhala BJT[කොසැඹෑනිදාන යි]
Pali BJT‘නිබ්බානං නිබ්බාන’න්ති. ආවුසො වුච්චති -පෙ-
Sinhala BJTඇවැත්නි, නිබ්බාන (කෙලෙස් නිවීම) නිබ්බාන යයි කියනු ලැබේ …
Pali BJT9. 1. 5. 8.
Sinhala BJT9. 1. 5. 8.
Pali BJTපරිනිබ්බාන සුත්තං
Sinhala BJTපරිනිබ්බාන සූත්‍රය
Pali BJT[කොසම්බිනිදානං]
Sinhala BJT[කොසැඹෑනිදාන යි]
Pali BJT‘පරිනිබ්බානං පරිනිබ්බාන’න්ති ආවුසො වුච්චති -පෙ-
Sinhala BJTඇවැත්නි, පරිනිබ්බානය (පිරිනිවීම) පරිනිබ්බාන යයි කියනු ලැබේ …
Pali BJT9. 1. 5. 9.
Sinhala BJT9. 1. 5. 9.
Pali BJTතදඞ්ගනිබ්බාන සුත්තං
Sinhala BJTතදඞ්ග නිබ්බාන සූත්‍රය
Pali BJT[කොසම්බිනිදානං]
Sinhala BJT[කොසැඹෑනිදාන යි]
Pali BJT‘තදඞ්ගනිබ්බානං තදඞ්ගනිබ්බාන’න්ති ආවුසො වුච්චති -පෙ-
Sinhala BJTඇවැත්නි, තදඞ්ගනිබ්බාන (ප්‍රථම ධ්‍යානාදි ඒ ඒ අංගයෙන් නිවීම) තදඞ්ගනිබ්බාන යයි කියනු ලැබේ ...
Pali BJT9. 1. 5. 10.
Sinhala BJT9. 1. 5. 10.
Pali BJTදිට්ඨධම්මනිබ්බාන සුත්තං
Sinhala BJTදිට්ඨධම්ම නිබ්බාන සූත්‍රය
Pali BJT[කොසම්බිනිදානං]
Sinhala BJT[කොසැඹෑනිදාන යි]
Pali BJT“දිට්ඨධම්මනිබ්බානං දිට්ඨධම්මනිබ්බාන”න්ති ආවුසො වුච්චති, කිත්තාවතා නු ඛො ආවුසො දිට්ඨධම්මනිබ්බානං වුත්තං භගවතාති?
Sinhala BJTඇවැත්නි, දිට්ඨධම්මනිබ්බාන (ඒ අත් බැව්හිම නිවීම) දිට්ඨධම්මනිබ්බාන යයි කියනු ලැබේ … ඇවැත්නි, කෙතෙක් කරුණින් දිට්ඨධම්මනිබ්බාන යයි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද දැ යි.
Pali BJTඉධාවුසො භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. එත්තාවතාපි ඛො ආවුසො දිට්ඨධම්මනිබ්බානං වුත්තං භගවතා පරියායෙන -පෙ-
Sinhala BJTඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයෙන් විවික්ත ව ම … ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, මෙතෙකිනුදු දිට්ඨධම්මනිබ්බානය භාග්‍යවතුන් වහන්සේ විසින් පර්‍ය්‍යායයෙන් දෙසන ලද ...
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති, පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති, එත්තාවතා පි ඛො ආවුසො දිට්ඨධම්මනිබ්බානං වුත්තං භගවතා නිප්පරියායෙනාති.
Sinhala BJTතවද ඇවැත්නි, මහණ සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්ම සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වාසය කරයි. (නේවසඤ්ඤානාසඤ්ඤායතනවිපස්සනා යයි කියන ලද) ප්‍රඥායෙනුදු දැක්මෙන් ඔහුගේ ආස්‍රවයෝ පරික්‍ෂීණ වෙත්. ඇවැත්නි, මෙතෙකිනුදු දිට්ඨධම්මනිබ්බානය නිෂ්පර්‍ය්‍යායයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලදැ යි.
Pali BJT{*} සාමඤ්ඤවග්ගො පඤ්චමො.
Sinhala BJTපස්වැනි සාමඤ්ඤ වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTසම්බාධො කායසක්ඛි පඤ්ඤා{1} උභතො{2} සන්දිට්ඨිකා දුවෙ නිබ්බානං පරිනිබ්බානං තදඞ්ග දිට්ඨධම්මිකෙන චාති.
Sinhala BJTසම්බාධ සූත්‍රය, කායසක්ඛී සූත්‍රය, පඤ්ඤාවිමුත්ත සූත්‍රය, උභතෝභාග සූත්‍රය, සන්‍දිට්ඨික සූත්‍ර දෙකය, නිබ්බාන සූත්‍රය, පරිනිබ්බාන සූත්‍රය, තදඞ්ග සූත්‍රය, දිට්ඨධම්මික සූත්‍රය දැයි දසයෙකි.
Pali BJTපඨමො පණ්ණාසකො සමත්තො.
Sinhala BJTපඨම පණ්ණාසකය සමාප්ත යි.
Pali BJT2. දුතියො පණ්ණාසකො
Sinhala BJT2. දෙවැනි පණ්ණාසකය
Pali BJT1. ඛෙමවග්ගො
Sinhala BJT1. ඛේම වර්‍ගය
Pali BJT9. 2. 1. 1.
Sinhala BJT9. 2. 1. 1.