Pali BJTයතො ඛො ගහපති අරියසාවකස්ස පඤ්ච භයානි වෙරානි වූපසන්තානි හොන්ති. චතුහි ච සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති. සො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං බ්යාකරෙය්ය: ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනි ඛීණපෙත්තිවිසයො ඛීණඅපායදුග්ගතිවිනිපාතො සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනො{1}.
Sinhala BJTගෘහපතිය, යම් කලෙක අරීසවුහුගේ පස් චිත්තෝත්‍රාස භය ද අකුසල වෛරයෝ ද සන්හුන් වෙත් ද, සතර සෝතාපත්ති මාර්‍ගාඞ්ගයන්ගෙන් සමන්‍වාගත වේ ද, හේ කැමැති වනුයේ තෙමේ ම “ක්‍ෂය කළ නිරා ඇතියෙම් වෙමි, පහවූ තිරිසන් අත්බව් ඇතියෙම් වෙමි, ක්‍ෂය කළ ප්‍රේතවිෂය ඇතියෙම් වෙමි, ක්‍ෂය කළ අවා දුගති විනිපා ඇතියෙම් වෙමි. (සුවයෙන්) නොහෙනසුලුයෙම් නියතයෙම් සම්බෝධිපරායන වූයෙම් සෝවන් වෙමි යී තමා පවසන්නේ ය.”
Pali BJTකතමානි පඤ්ච භයානි වෙරානි වූපසන්තානි හොන්ති:
Sinhala BJTකවර පඤ්ච භය කෙනෙක් වෛර කෙනෙක් සන්හුන් වූවාහු වෙත් ද යත්:
Pali BJT1. යං ගහපති පාණාතිපාතී පාණාතිපාතප්පච්චයා දිට්ඨධම්මිකම්පි භයං වෙරං පසවති, සම්පරායිකම්පි භයං වෙරං පසවති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. පාණාතිපාතා පටිවිරතො නෙව දිට්ඨධම්මිකම්පි භයං වෙරං පසවති, න සම්පරායිකම්පි භයං වෙරං පසවති, න චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. පාණාතිපාතා පටිවිරතස්ස එවං තං භයං වෙරං වූපසන්තං හොති.
Sinhala BJT1. ගෘහපති, පණිවා කරනුයේ පණිවා හේතුයෙන් දෘෂ්ටධාර්මික වූ යම් භයක් වෛරයක් ලබනේ ද, සම්පරායික වූ භයක් වෛරයක් ලබයි ද, චෛතසික දුක් දොම්නසක් විඳී ද, පණිවායෙන් වැළැකියේ දිටුදැමි වූ ද භය වෛරය නො ම ලබයි. සාම්පරායිකවූ ද භය වෛරය නො ම ලබයි. චෛතසික වූ ද දුක් දොම්නස් නොම විඳියි. පණිවායෙන් වැළකියාහට මෙසේ ඒ භය වෛරය සන්සිඳුනේ වෙයි.
Pali BJT2-5 යං ගහපති අදින්නාදායී -පෙ- සුරාමෙරයමජ්ජපමාදට්ඨායී, සුරාමෙරයමජ්ජපමාදට්ඨානප්පච්චයා දිට්ඨධම්මිකම්පි භයං වෙරං පසවති, සම්පරායිකම්පි භයං වෙරං පසවති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති -පෙසුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතස්ස එවං තං භයං වෙරං වූපසන්තං හොති. ඉමානි පඤ්ච භයානි වෙරානි වූපසන්තානි හොන්ති.
Sinhala BJT2-5. ගැහැවිය, නුදුන් දෑ ගන්නා සුලුයේ … කාමයෙහි මිසහසර ඇතියේ … මුසවා කියනුයේ … මද පමා දෙකට කරුණු රහමෙර බොනසුලුයේ මද පමා දෙකට කරුණු රහමෙරහේතුයෙන් යම්ම දිටුදැමි භයක් වෛරයක් ලබා ද, සාම්පරායික භයවෛරයක් ලබා ද, චෛතසික දුක්දොම්නසුත් විඳී ද … මදපමා දෙකට කරුණු රහමෙරින් වැළකියාහට මෙසේ ඒ භයවෛර සන්හිඳුනේ වෙයි. මේ පඤ්ච භයවෛරයෝ ව්‍යුපශාන්ත වෙත්.
Pali BJTකතමෙහි චතුහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති.
Sinhala BJTකවර සෝතාපත්තිමාර්‍ගාඞ්යන් ගෙන් සමන්‍වාගත වේය යත්:
Pali BJT6. ඉධ ගහපති අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථී සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති.
Sinhala BJT6. ගැහැවිය, මෙ සස්නෙහි අරීසවු බුදුරජුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි: “මෙ කරුණෙනුදු ඒ භගවත්හු අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගතයහ, ලෝකවිද්හ, අනුත්තරපුරුෂදම්‍යසාරථීහ, දෙව්මිනිස්නට ශාස්තෘහ, බුද්ධයහ, භගවත්හ”යි.
Pali BJT7. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති. ‘ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී’ති.
Sinhala BJT7. ධර්‍මයෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි, “භගවත්හු විසින් ධර්‍මය ස්වාඛ්‍යාත ය, සාන්දෘෂ්ටික ය, අකාලික ය, එහිපස්සවිධියට අර්‍හ ය, උපනයනාර්‍හ ය, විඥයන් විසින් සිය සතන්හි ලා වේදිතව්‍ය”ය කියා යි.
Pali BJT8. සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති. ‘සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො උජුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො ඤායපටිපන්නො භගවතො සාවකසඞ්ඝො සාමීචිපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා එස භගවතො සාවකසඞ්ඝො ආහුනෙය්යො පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා’ති.
Sinhala BJT8. සඟුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. භගවත්හුගේ සවුසඟහු සුපිළිපන්හ. භගවත්හුගේ සව් සඟහු ඉදි ව පිළිපන්හ, භගවත්හුගේ සවු සඟහු න්‍යායානුකූල ව පිළිපන්හ, භගවත්හුගේ සවුසඟහු සාමීචි ප්‍රතිපදායෙන් පිළිපන්හ. ඔහු කවරහ: චතුෂ්පුරුෂ යුගයෝ ය, අෂ්ට පුරුෂ පුද්ගලයෝ ය, භගවත්හුගේ තෙල සවුසඟහු (ඇරදෙන්නට නිසි අන්නපානප්‍රතිග්‍රහණයට අර්‍හවන බැවින්) ආහුනෙය්‍යයහ, (ආගන්තුක සත්කාරයට අර්‍හ වන බැවින්) පාහුනෙය්‍යයහ, (දක්‍ෂිණාවට අර්‍හ වන බැවින්) දක්ඛිණෙය්‍යයහ, (අඤ්ජලි කර්‍මයට අර්‍හ වන බැවින්) අඤ්ජලිකරණීයයහ. ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රයහ කියා යි.
Pali BJT9. අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති, අඛණ්ඩෙහි අච්ඡිද්දෙහි අසබලෙහි අකම්මාසෙහි භුජිස්සෙහි විඤ්ඤුප්පසත්ථෙහි අපරාමට්ඨෙහි සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි චතුහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති.
Sinhala BJT9. නොකැඩුණු නො සිදුරුවුණු කබර පැහැ නොගත් ලප නැති නිදහස් විඥප්‍රශස්ත (තණ්හා දිට්ඨි දෙකින්) පරාමර්‍ශනය නො කළ සමාධි සංවර්‍තනික ආර්‍ය්‍යයනට ප්‍රිය ශීලයෙන් සමන්‍වාගත වෙයි. මේ සතර සෝවන් අඟින් සමන්‍වාගත වෙයි.
Pali BJTයතො ඛො ගහපති අරියසාවකස්ස ඉමානි පඤ්චභයානි වෙරානි වූපසන්තානි හොන්ති, ඉමෙහි චතුහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති, සො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං බ්යාකරෙය්ය: ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනි ඛීණපෙත්තිවිසයො ඛීණඅපායදුග්ගතිවිනිපාතො සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනොති.
Sinhala BJTගැහැවිය, යම් කලෙක අරීසවුහට මේ පස් භීතිහු අකුශල වෛරයෝ සන්සුන් වෙත් ද, මේ සතර සෝවන් අඟින් සමන්‍වාගත වේ ද, හේ කැමැතියේ තෙමේ ම තමන් පහළ කරන්නේ ය, ‘පහවූ නිරා ඇතියෙමි, ක්‍ෂය කළ තිරිසන් යොන් ඇතියෙමි, ක්‍ෂය කළ ප්‍රේතවිෂය ඇතියෙමි, ක්‍ෂය කළ අවාදුගති විනිපාත ඇතියෙමි, මම සෝවානමි, විනිපාතස්වභාව නැතියෙම් නියතයෙම් සම්බෝධි පරායණ කොට ගත්තෙම් වෙමි’ කියායි.
Pali BJT9. 1. 3. 8.
Sinhala BJT9. 1. 3. 8.
Pali BJTදුතියවෙරභය සුත්තං
Sinhala BJTද්විතීය වෙරභය සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTයතො ඛො ගහපති අරියසාවකස්ස පඤ්ච භයානි වෙරානි වූපසන්තානි හොන්ති. චතුහි ච සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති. සො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං බ්යාකරෙය්ය: ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනි ඛීණපෙත්තිවිසයො ඛීණඅපායදුග්ගතිවිනිපාතො සොතාපන්නො ‘හමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනො, කතමානි පඤ්ච භයානි වෙරානි වූපසන්තානි හොන්ති -පෙ- ඉමානි පඤ්චභයානි වෙරානි වූපසන්තානි හොන්ති’.
Sinhala BJTමහණෙනි, යම් කලෙක අරීසවුහට පස් භීතිහු ද වෙරයෝ ද, සන්හුන් වෙත් ද, සිවුසෝවන් අඟින් සමන්‍වාගත වේ ද, හේ රුස්නේ තෙමේ ම තමා පහළ කරන්නේ ය, ‘ක්‍ෂය කළ නිරෑ ඇතියෙමි, ක්‍ෂය කළ තිරිසන්යොන් ඇතියෙමි, ක්‍ෂය කළ ප්‍රේතවිෂය ඇතියෙමි, ක්‍ෂය කළ අපාය දුර්‍ගති විනිපාත ඇතියෙම් මම සොවන්මී. අවිනිපාතස්වභාව ඇතියෙමි. නියතයෙමි. සම්බෝධිය පරායණ කොටගතිමි’ කියායි. කවර පඤ්චභීතීහු පඤ්ච වෙරයෝ සන්හුන් වෙත් ද … මේ පඤ්චභීතීහු පඤ්චවේරයෝ සන්හුන් වෙති.
Pali BJTකතමෙහි චතුහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති -පෙ- ඉමෙහි චතුහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති
Sinhala BJTකවර සිවු සෝවන් අඟින් සමන්‍වාගත වේ ද … මේ සතර සෝවන් අඟින් සමන්‍වාගත වෙයි.
Pali BJTයතො ඛො භික්ඛවෙ අරියසාවකස්ස ඉමානි පඤ්චභයානි වෙරානි වූපසන්තානි හොන්ති, ඉමෙහි චතුහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති, සො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං බ්යාකරෙය්ය: ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනි ඛීණපෙත්තිවිසයො ඛීණඅපායදුග්ගතිවිනිපාතො සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනොති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක අරීසවුහට මේ පඤ්ච භීතීහු පඤ්ච වෛරයෝ සන්හුන් වෙත් ද, මේ සතර සෝවන් අඟින් සමන්‍වාගත වේ ද, හේ රුස්නේ තෙමේ ම තමා පහළ කරන්නේ ය. ‘ක්‍ෂය කළ නිරය ඇතියෙමි, ක්‍ෂය කළ තිරශ්චීන ගති ඇතියෙමි, ක්‍ෂය කළ ප්‍රේතවිෂය ඇතියෙමි, ක්‍ෂය කළ අපාය දුර්‍ගති විනිපාත ඇතියෙමි, මම ශ්‍රොතාපන්නයෙමි, අවිනිපාත ස්වභාව ඇතියෙමි, නියතයෙමි, සම්බෝධිපරායණයෙමි’ කියා යි.
Pali BJT9. 1. 3. 9.
Sinhala BJT9. 1. 3. 9.
Pali BJTආඝාතවත්ථු සුත්තං
Sinhala BJTආඝාතවත්‍ථු සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTනව ඉමානි භික්ඛවෙ ආඝාතවත්ථූනි, කතමානි නව:
Sinhala BJTමහණෙනි, මේ ආඝාත වස්තූහු නව දෙනෙකි. කවර නවදෙනෙක යත්:
Pali BJTඅනත්ථං මෙ අචරීති ආඝාතං බන්ධති. අනත්ථං මෙ චරතීති ආඝාතං බන්ධති, අනත්ථං මෙ චරිස්සතීති ආඝාතං බන්ධති. පියස්ස මෙ මනාපස්ස අනත්ථං අචරි -පෙ- අනත්ථං චරති -පෙ- අනත්ථං චරිස්සතීති ආඝාතං බන්ධති. අප්පියස්ස මෙ අමනාපස්ස අත්ථං අචරි -පෙ- අත්ථං චරති -පෙ- අත්ථං චරිස්සතීති ආඝාතං බන්ධති. ඉමානි ඛො භික්ඛවෙ නව ආඝාතවත්ථූනීති.
Sinhala BJTමට අනර්‍ත්‍ථ කළහ යි කෝපය බඳනේ ය. මට අනර්‍ත්‍ථ කරති යි කෝපය බඳනේ ය. මට මතුයෙහි අනර්‍ත්‍ථ කරති යි කෝපය බඳනේ ය. මාගේ මනවඩන ප්‍රියයාහට අනර්‍ත්‍ථ කළහ යි … අනර්‍ත්‍ථ කරති යි … මතුයෙහි දු අනර්‍ත්‍ථ කරති යි කෝපය බඳනේ ය. මාගේ මන නො ගත් අප්‍රියයාහට අර්‍ත්‍ථ කළහ යි … අර්‍ත්‍ථ කරති යි … මතුයෙහි දු අර්‍ත්‍ථ කරති යි කෝපය බඳනේය. මහණෙනි, මොහු නව ආඝාතවස්තූහු යි.
Pali BJT9. 1. 3. 10.
Sinhala BJT9. 1. 3. 10.
Pali BJTආඝාතපටිවිනය සුත්තං
Sinhala BJTආඝාතපටිවිනය සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTනව ඉමෙ භික්ඛවෙ ආඝාත පටිවිනයා, කතමෙ නව:
Sinhala BJTමහණෙනි, මේ ආඝාතප්‍රතිවිනයයෝ නම දෙනෙකි. කවර නව දෙනෙක් යත්:
Pali BJTඅනත්ථං මෙ අචරි තං කුතෙත්ථ ලබ්භාති ආඝාතං පටිවිනෙති, අනත්ථං මෙ චරති තං කුතෙත්ථ ලබ්භාති ආඝාතං පටිවිනෙති, අනත්ථං මෙ චරිස්සති තං කුතෙත්ථ ලබ්භාති ආඝාතං පටිවිනෙති. පියස්ස මෙ මනාපස්ස අනත්ථං අචරි -පෙ- අනත්ථං චරති -පෙ- අනත්ථං චරිස්සති තං කුතෙත්ථ ලබ්භාති ආඝාතං පටිවිනෙති. අප්පියස්ස මෙ අමනාපස්ස අත්ථං අචරි -පෙ- අත්ථං චරති -පෙ- අත්ථං චරිස්සති. තං කුතෙත්ථ ලබ්භාති, ආඝාතං පටිවිනෙති, ඉමෙ ඛො භික්ඛවෙ නව ආඝාතපටිවිනයාති.
Sinhala BJTමට අනර්‍ත්‍ථ කෙළේ ය, ඒ (නහමක් වේවයි) තෙල පුඟුලා කෙරෙහි කිනම් කරුණින් ලැබිය හේ දැයි කෝපය සන්හිඳුවයි. මට අනර්‍ත්‍ථ කරයි. ඒ (නහමක් වේවයි) තෙල පුඟුලා කෙරෙහි කිනම් කරුණින් ලැබිය හේ දැයි කෝපය සන්හිඳුවයි. මට මතුයෙහි අනර්‍ත්‍ථ කරයි, ඒ (නහමක් වේවයි) තෙල පුඟුලා කෙරෙහි කිනම් කරුණින් ලැබිය හේ දැයි කෝපය සන්හිඳුවයි. මාගේ මනවඩනා ප්‍රියයාහට අනර්‍ත්‍ථයක් කෙළේය … අනර්‍ත්‍ථයක් කරයි .. අනර්‍ත්‍ථයක් මතුයෙහි කරයි, ඒ (නහමක් වේවයි) තෙල පුඟුලා කෙරෙහි කිනම් කරුණින් ලැබිය හේ දැයි කෝපය සන්හිඳුවයි. මාගේ මන නො ගත් අප්‍රියයාහට අර්‍ත්‍ථයක් කෙළේය … අර්‍ත්‍ථයක් කරයි … අර්‍ත්‍ථයක් මතුයෙහි කරයි, ඒ (නහමක් වේවයි) තෙල පුඟුලා කෙරෙහි කිනම් කරුණින් ලැබියහේදැයි කෝපය සන්හිඳුවයි, මහණෙනි, මොහු නව ආඝාත පටිවිනයෝ ය.
Pali BJT9. 1. 3. 11.
Sinhala BJT9. 1. 3. 11.
Pali BJTඅනුපුබ්බනිරොධ සුත්තං
Sinhala BJTඅනුපුබ්බනිරෝධ සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTනව ඉමෙ භික්ඛවෙ අනුපුබ්බනිරොධා, කතමෙ නව
Sinhala BJTමහණෙනි, මේ අනුපූර්‍ව නිරෝධයෝ නවදෙනෙක. කවර නව දෙනෙක් යත්:
Pali BJTපඨමං ඣානං සමාපන්නස්ස කාමසඤ්ඤා නිරුද්ධා හොති. දුතියං ඣානං සමාපන්නස්ස විතක්කවිචාරා නිරුද්ධා හොන්ති. තතියං ඣානං සමාපන්නස්ස පීති නිරුද්ධා හොති. චතුත්ථං ඣානං සමාපන්නස්ස අස්සාසපස්සාසා නිරුද්ධා හොන්ති. ආකාසානඤ්චායතනං සමාපන්නස්ස රූපසඤ්ඤා නිරුද්ධා හොති. විඤ්ඤාණඤ්චායතනං සමාපන්නස්ස ආකාසානඤ්චායතන සඤ්ඤා නිරුද්ධා හොති, ආකිඤ්චඤ්ඤායතනං සමාපන්නස්ස විඤ්ඤාණඤ්චායතනසඤ්ඤා නිරුද්ධා හොති. නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපන්නස්ස ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤා නිරුද්ධා හොති. සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස සඤ්ඤා ච වෙදනා ච නිරුද්ධා හොන්ති. ඉමෙ ඛො භික්ඛවෙ නව අනුපුබ්බනිරොධාති.
Sinhala BJTප්‍රථමධ්‍යානය සමවන්හට කාමසංඥා නිරුද්ධ වෙයි, ද්විතීය ධ්‍යාන සමවන්හට විතර්‍කවිචාරයෝ නිරුද්ධ වෙති, තෘතීය ධ්‍යාන සමවන්හට ප්‍රීතිය නිරුද්ධ වෙයි, චතුර්‍ත්‍ථධ්‍යාන සමවන්හට ආශ්වාස ප්‍රශ්වාසයෝ නිරුද්ධ වෙති, ආකාසානඤ්චායතන සමවන්හට රූපසංඥා නිරුද්ධ වෙයි, විඤ්ඤාණඤ්චායතන සමවන්හට ආකාසානඤ්චායතන සංඥා නිරුද්ධ වෙයි, ආකිඤ්චඤ්ඤායතන සමවන්හට විඤ්ඤාණඤ්චායතන සංඥා නිරුද්ධ වෙයි, නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවන්හට ආකිඤ්චඤ්ඤායතන සංඥා නිරුද්ධ වෙයි, සඤ්ඤාවේදයිත නිරෝධ සමවන්හට සංඥා වේදනාවෝ නිරුද්ධ වෙත්. මහණෙනි, මොහු නව අනුපුබ්බ නිරෝධයෝ යි.
Pali BJTසත්තාවාසවග්ගො තතියො
Sinhala BJTතෙවැනි සත්තාවසා වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඨානබලුඞ්කා තණ්හා ච සත්තපඤ්ඤා සීලායුපො, ද්වෙ වෙරා ච ද්වෙ ආඝාතානි, අනුපුබ්බනිරොධෙන චාති.
Sinhala BJTඨානසූත්‍රය, ඛලුඞ්ක සූත්‍රය, තණ්හා (මූලක) සූත්‍රය, සත්තාවාස, පඤ්ඤාපරිචිත සූත්‍ර දෙකය, සිලායූප සූත්‍රය, වෙර සූත්‍ර දෙකෙක, ආඝාත සූත්‍ර දෙකෙක, අනුපුබ්බනිරෝධ සූත්‍රය දැයි මේ වර්‍ගයෙහි සූත්‍ර ඒකාදශයෙකි.
Pali BJT4. මහාවග්ගො
Sinhala BJT4. මහා වර්‍ගය
Pali BJT9. 1. 4. 1.
Sinhala BJT9. 1. 4. 1.
Pali BJTඅනුපුබ්බවිහාර සුත්තං
Sinhala BJTඅනුපුබ්බවිහාර සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTනව ඉමෙ භික්ඛවෙ, අනුපුබ්බවිහාරා. කතමෙ නව:
Sinhala BJTමහණෙනි, මේ අනුපිළිවලින් සමවැදිය යුතු විහාරයෝ නව දෙනෙකි. කවර නව දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. විතක්ක විචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව ම සවිතර්‍ක වූ සවිචාර වූ විවේකයෙන් උපන් ප්‍රීති හා සුඛ ඇති ප්‍රථම ධ්‍යානයට එළඹ වාසය කෙරෙයි. විතර්‍ක විචාරයන්ගේ ව්‍යපශමයෙන් (ඉක්මවීමෙන්) අධ්‍යාත්මයෙහි සම්ප්‍රසාදන ඇති චිත්තයාගේ එක අරමුණෙක්හි උදා වූ බව ඇති අවිතර්‍ක අවිචාර වූ සමාධියෙන් උපන් ප්‍රීති හා සුඛ ඇති ද්විතීය ධ්‍යානයට එළැඹ වාස කෙරෙයි. ප්‍රීතිහුගේ ද විරාගයෙන් … තෘතීයධ්‍යානයට එළඹ වාස කෙරෙයි. සුඛයාගේ ප්‍රහාණයෙන් දුක්ඛයාගේ ද ප්‍රහාණයෙන් පෙරම සෞම්‍යතස්ස දෞර්‍මනස්‍යයන්ගේ අස්තඞ්ගමයෙන් අදුඃඛ වූ අසුඛ වූ උපේක්‍ෂාස්මෘති දෙකින් වූ පිරිසිදු බව ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට එළැඹ වාස කෙරෙයි.
Pali BJTසබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති.
Sinhala BJTසර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් ‘කසිණුග්ඝාටිමාකාසය අනන්තය’යි ආකාසානඤ්චායතනය ට එළැඹ වාස කෙරෙයි. සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඥානය අනන්තය’යි විඤ්ඤාණඤ්චායතනයට එළැඹ වාස කෙරෙයි. සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ‘කිසිත් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනයට එළැඹ වාස කෙරෙයි. සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළැඹ වාස කෙරෙයි. සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට එළැඹ වාස කෙරෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, නව අනුපුබ්බ විහාරාති.
Sinhala BJTමහණෙනි, මේ නවානුපූර්‍වවිහාර යෝ යි.
Pali BJT9. 1. 4. 2.
Sinhala BJT9. 1. 4. 2.
Pali BJTඅනුපුබ්බවිහාරසමාපත්ති සුත්තං
Sinhala BJTඅනුපුබ්බවිහාර සමාපත්ති සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTනව ඉමා භික්ඛවෙ, අනුපුබ්බවිහාරසමාපත්තියො දෙසෙස්සාමි.{1} තං සුණාථ -පෙ- කතමා ච භික්ඛවෙ, නව අනුපුබ්බවිහාර සමාපත්තියො:
Sinhala BJTමහණෙනි, මේ නවානුපූර්‍වවිහාරසමාපත්තීන් දෙසමි. එය අසවු … මහණෙනි, අනුපූර්‍ව විහාර සමාපත්තීහු නවදෙන කවරහු ද යත්:
Pali BJT1. යත්ථ කාමා නිරුජ්ඣන්ති, යෙ ච කාමෙ නිරොධෙත්වා නිරොධෙත්වා විහරන්ති, අද්ධා තෙ ආයස්මන්තො නිච්ඡාතා නිබ්බුතා නිත්තණ්හා{2}, පාරගතා තදඞ්ගෙනාති වදාමි. ‘කත්ථ කාමා නිරුජ්ඣන්ති, කෙ ච කාමෙ නිරොධෙත්වා නිරොධෙත්වා විහරන්ති: අහමෙතං න ජානාමි, අහමෙතං න පස්සාමී’ති ඉති යො එවං වදෙය්ය, සො එවමස්ස වචනීයො:
Sinhala BJT1. යම් තැනෙක් හි කාමයෝ නිරුද්ධ වෙත් ද, යම්කෙනෙක් කාමයන් පුන පුනා නිරුද්ධ කොට වෙසෙත් ද, ඒකාන්තයෙන් ඒ ආයුෂ්මත්හු ඒ අංගයෙන් (තෘෂ්ණාදෘෂ්ටි ක්‍ෂුධා නැතියෙන්) නිච්ඡාතයහ. (ඇතුළත තවන කෙලෙසුන් නැතියෙන්) නිබ්බුතය හ. (කාමතණ්හා නැතියෙන්) තිත්තණ්හයහ. (කාමයෙහි පරතෙරට ගියෙන්) පාරගතයහ යි කියමි. කාමයෝ කොහි නිරුද්ධ වෙත් ද, කවුරු කාමයන් පුන පුනා නිරුද්ධ කොට වාස කෙරෙත් ද: මම් තෙල නො දන්මි, මම් තෙල නො දක්මි යි යමෙක් මෙසේ කියා නම්, හේ මෙසේ කිය යුතු වන්නේ ය:
Pali BJT‘ඉධාවුසො, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. එත්ථ කාමා නිරුජ්ඣන්ති, තෙ ච කාමෙ නිරොධෙත්වා නිරොධෙත්වා විහරන්තීති. අද්ධා භික්ඛවෙ, අසඨො අමායාවී සාධූති භාසිතං අභිනන්දෙය්ය අනුමොදෙය්ය සාධූති භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා නමස්සමානො පඤ්ජලිකො පයිරුපාසෙය්ය.
Sinhala BJTඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව ම … ප්‍රථමධ්‍යානයට එළඹ වෙසෙයි. මෙහි කාමයෝ නිරුද්ධ වෙත්, ඔහු දු කාමයන් පුන පුනා නිරුද්ධ කොට වාස කෙරෙත් යි. මහණෙනි, එකැතින් අශඨ වූ අමායාවී තැනැත්තේ මැනැවැයි භාෂිතය සතුටින් පිළිගන්නේ ය, අනුමොවන්නේ ය. මැනැවැයි භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් කොට වඳනේ බදැඳිලි වූයේ පර්‍ය්‍යුපාසනා කරන්නේ ය.
Pali BJT2. යත්ථ විතක්කවිචාරා නිරුජ්ඣන්ති, යෙ ච විතක්කවිචාරෙ නිරොධෙත්වා නිරොධෙත්වා විහරන්ති, අද්ධා තෙ ආයස්මන්තො නිච්ඡාතා නිබ්බුතා නිත්තණ්හා පාරගතා තදඞ්ගෙනාති වදාමි. කත්ථ විතක්කවිචාරා නිරුජ්ඣන්ති. කෙ ච විතක්කවිචාරෙ නිරොධෙත්වා නිරොධෙත්වා විහරන්ති? අහමෙතං න ජානාමි අහමෙතං න පස්සාමීති. ඉති යො එවං වදෙය්ය, සො එවමස්ස වචනීයො: “ඉධාවුසො, භික්ඛු විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. එත්ථ විතක්කවිචාරා නිරුජ්ඣන්ති, තෙ ච විතක්කවිචාරෙ නිරොධෙත්වා නිරොධෙත්වා විහරන්තීති. අද්ධා භික්ඛවෙ, අසඨො අමායාවී සාධූති භාසිතං අභිනන්දෙය්ය අනුමොදෙය්ය, සාධූති භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා නමස්සමානො පඤ්ජලිකො පයිරුපාසෙය්ය.
Sinhala BJT2. යම් තැනෙක් හි විතර්‍ක විචාරයෝ නිරුද්ධ වෙත් ද, යම් කෙනෙක් විතර්‍කවිචාරයන් පුන පුනා නිරුද්ධ කොට වාසය කරත් ද, එකැතින් ඒ ආයුෂ්මත්හු ඒ කරුණින් (තණ්හා දිට්ඨි නමැති සාගිනි නැතියෙන්) නිච්ඡාතය හ. (ඇතුළත තවන කෙලෙස් නැතියෙන්) නිබ්බුතයහ, (කාම තණ්හා නැතියෙන්) තිත්තණ්හයහ, පාරගතයහ, (කාමයෙහි පරතෙරට ගියහ)යි කියමි. විතර්‍ක විචාරයෝ කොහි නිරුද්ධ වෙත් ද, කවරහු විතර්‍ක විචාරයන් පුනපුනා නිරුද්ධ කොට වාසය කරත් ද, ‘මම් තෙල නො දන්මි, මම් තෙල නො දක්මි’යි මෙසේ යමෙක් කියා නම්, හේ මෙසේ කිය යුතු වෙයි: ඇවැත්නි, මෙ සස්නෙහි මහණ විතර්‍ක විචාරයන්ගේ ව්‍යපශමයෙන් ද්විතීය ධ්‍යානයට එළැඹ වාස කරයි. මෙහි විතර්‍ක විචාරයෝ නිරුද්ධ වෙත්, ඔහු ද විතර්‍ක විචාරයන් පුන පුනා නිරුද්ධ කොට වාසය කරත්ය’යි. මහණෙනි, එකැතින් අශඨවූයේ අමායාවී වූයේ ‘සාධු’යි භාෂිතය සතුටින් පිළිගන්නේ ය, අනුමොවන්ගේ ය, ‘සාධු’යි භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් කොට නමදනේ බදැඳිලි වූයේ පර්‍ය්‍යුපාසනා කරන්නේ ය.
Pali BJT3. යත්ථ පීති නිරුජ්ඣති, යෙ ච පීතිං නිරොධෙත්වා නිරොධෙත්වා විහරන්ති, අද්ධා තෙ ආයස්මන්තො නිච්ඡාතා නිබ්බුතා නිත්තණ්හා පාරගතා තදඞ්ගෙනාති වදාමි. කත්ථ පීති නිරුජ්ඣති: කෙ ච පීතිං නිරොධෙත්වා නිරොධෙත්වා විහරන්තීති: අහමෙතං න ජානාමි. අහමෙතං න පස්සාමීති. ඉති යො එවං වදෙය්ය, සො එවමස්ස වචනීයො: ඉධාවුසො, භික්ඛු පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති. එත්ථ පීති නිරුජ්ඣති, තං ච පීතිං නිරොධෙත්වා නිරොධෙත්වා විහරන්තීති. අද්ධා භික්ඛවෙ,අසඨො අමායාවී සාධූති භාසිතං අභිනන්දෙය්ය අනුමොදෙය්ය, සාධූති භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා නමස්සමානො පඤ්ජලිකො පයිරුපාසෙය්ය.
Sinhala BJT3. යම් තැනෙක ප්‍රීතිය නිරුද්ධ වේ නම් යම් කෙනෙකුත් ප්‍රීතිය පුන පුනා නිරුද්ධ කොට වාස කරත් නම් එකැතින් ඒ ආයුෂ්මත් හු ඒ අඞ්ගයෙන් නිච්ඡාතයහ, නිබ්බුතයහ, නිත්තණ්හයහ, පාරගතයහ යි කියමි. කොහි ප්‍රීතිය නිරුද්ධ වේ ද? කවරහු ප්‍රීතිය පුන පුනා නිරුද්ධ කොට වාසය කරත් ද? යි. මම් තෙල නො දන්මි, මම් තෙල නො දක්මි යි මෙසේ යමෙක් කියා නම් හේ මෙසේ කිය යුතු වෙයි: ඇවැත්නි, මෙ සස්නෙහි මහණ ප්‍රීතිහුගේ ද විරාගයෙන් … තෘතීය ධ්‍යානයට එළැඔ වාස කරයි. මෙහි ප්‍රීතිය නිරුද්ධ වෙයි. ඔහුත් පුන පුනා ප්‍රීතිය නිරුද්ධ කොට වාසය කරතැයි. මහණෙනි, එකැතින් අශඨ වූ අමායාවී තැනැත්තේ ‘සාධු’ යි භාෂිතය සතුටින් පිළිගන්නේ ය, අනුමොවන්නේ ය. ‘සාධු’යි භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් කොට ගෙන නමදනේ බදැඳිලි වූයේ පර්‍ය්‍යුපාසනා කරන්නේ ය.
Pali BJT4. යත්ථ උපෙඛාසුඛං{1} නිරුජ්ඣති, යෙ ච උපෙඛාසුඛං නිරොධෙත්වා නිරොධෙත්වා විහරන්ති. අද්ධා තෙ ආයස්මන්තො නිච්ඡාතා නිබ්බුතා නිත්තණ්හා පාරගතා තදඞ්ගෙනාති වදාමි. “කත්ථ උපෙඛාසුඛං නිරුජ්ඣති, කෙ ච උපෙක්ඛාසුඛං නිරොධෙත්වා නිරොධෙත්වා විහරන්ති? අහමෙතං න ජානාමි, අහමෙතං න පස්සාමීති ඉති යො එවං වදෙය්ය, සො එවමස්ස වචනීයො: “ඉධාවුසො, භික්ඛු සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. එත්ථ උපෙඛාසුඛං නිරුජ්ඣති, තෙ ච උපෙඛාසුඛං නිරොධෙත්වා නිරොධෙත්වා විහරන්තී”ති. අද්ධා භික්ඛවෙ, අසඨො අමායාවී ‘සාධු’ති භාසිතං අභිනන්දෙය්ය අනුමොදෙය්ය, ‘සාධූ’ති භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා නමස්සමානො පඤ්ජලිකො පයිරුපාසෙය්ය.
Sinhala BJT4. යම් තැනෙක උපේක්‍ෂා සුඛය නිරුද්ධ වේ ද, යම් කෙනෙකුත් උපේක්‍ෂා සුඛය පුන පුනා නිරුද්ධ කොට වාසය කරත් ද, එකතින් ඒ ආයුෂ්මත්හු ඒ කරුණින් නිච්ඡාතයහ, නිබ්බුතයහ, නිත්තණ්හය හ, පාරඞ්ගතයහ යි කියමි. කොහි උපේක්‍ෂා සුඛය නිරුද්ධ වේ ද? කවරහු උපේක්‍ෂා පුන පුනා නිරුද්ධ කොට වාස කරත් ද? මම් තෙල නො දන්මි, මම් තෙල නො දක්මියි යමෙක් මෙසේ කියා නම් හේ මෙසේ කිය යුතු වන්නේ ය. ඇවැත්නි, මෙ සස්නෙහි මහණ සුඛ ප්‍රහාණයෙන් ද දුක්ඛ ප්‍රහාණයෙන් ද … චතුර්‍ත්‍ථධ්‍යානයට එළැඹ වාස කරයි. මෙහි උපේක්‍ෂා සුඛය නිරුද්ධ වෙයි. ඔහු ද උපේක්‍ෂා සුඛය පුන පුනා නිරුද්ධ කොට වාස කරති යි එකතින් අශඨ වූයේ අමායාවී වූයේ ‘සාධු’යි භාෂිතය සතුටින් පිළිගන්නේය, අනුමෝදන් කොට ගන්නේය. සාධුයි භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් කොට ගෙන නමඳිනුයේ බඳැඳිලි වූයේ පර්‍ය්‍යුපාසනා කරන්නේ ය.
Pali BJT5. යත්ථ රූපසඤ්ඤා{2} නිරුජ්ඣන්ති{3}, යෙ ච රූපසඤ්ඤා{2} නිරොධෙත්වා නිරොධෙත්වා විහරන්ති. අද්ධා තෙ ආයස්මන්තො නිච්ඡාතා නිබ්බුතා නිත්තණ්හා පාරගතා තදඞ්ගෙනාති වදාමි, “කත්ථ රූපසඤ්ඤා නිරුජ්ඣන්ති, කෙ ච රූපසඤ්ඤා නිරොධෙත්වා නිරොධෙත්වා විහරන්ති, අහමෙතං න ජානාමි, අහමෙතං න පස්සාමී”ති. ඉති යො එවං වදෙය්ය සො එවමස්ස වචනීයො: “ඉධාවුසො, භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. එත්ථ රූපසඤ්ඤා නිරුජ්ඣන්ති.
Sinhala BJT5. යම් තැනෙක රූපසංඥා නිරුද්ධ වෙත් ද, යම් කෙනෙක්හුදු රූප සංඥාවන් පුන පුනා නිරුද්ධ කොට වාස කරත් ද, එකතින් ඒ ආයුෂ්මත්හු එකරුණින් නිච්ඡාතයහ, නිබ්බුතයහ, තිත්තණ්හයහ, පාරගතයහ යි කියමි. කොහි රූපසංඥා හු නිරුද්ධ වෙත් ද? කවරහු රූපසංඥාවන් පුන පුනා නිරුද්ධ කොට වාස කරත් ද? මම් තෙල නො දන්මි, මම් තෙල නො දක්මි යි මෙසේ යමෙක් කියා නම් හේ මෙසේ කිය යුතු වන්නේ ය: ඇවැත්නි, මෙසස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් සමතික්‍රමණය කොට ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍ව සංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ‘ආකාසය අනන්ත’යි ආකාසානඤ්චායතනයට එළැඹ වාස කරයි. මෙහි රූපසංඥා හු නිරුද්ධ වෙත්.
Pali BJTතෙ ව රූපසඤ්ඤා නිරොධෙත්වා නිරොධෙත්වා විහරන්තීති. අද්ධා භික්ඛවෙ, අසඨො අමායාවී සාධූති භාසිතං අභිනන්දෙය්ය අනුමොදෙය්ය, සාධූති භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා නමස්සමානො පඤ්ජලිකො පයිරුපාසෙය්ය.
Sinhala BJTඔහු ද රූපසංඥා පුන පුනා නිරුද්ධ කොට වාස කරති යි. මහණෙනි, එකැතින් අශඨ වූ අමායාවී තැනැත්තේ ‘සාධු’යි භාෂිතය සතුටින් පිළිගන්නේ ය. අනුමෝදන් කොට ගන්නේ ය, ‘සාධු’යි භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් කොට ගෙන නමඳනේ බැදැඳිලි වූයේ පර්‍ය්‍යුපාසනා කරන්නේය.
Pali BJT6. යත්ථ ආකාසානඤ්චායතනසඤ්ඤා නිරුජ්ඣති. යෙ ච ආකාසානඤ්චායතනසඤ්ඤං නිරොධෙත්වා නිරොධෙත්වා විහරන්ති, අද්ධා තෙ{1} ආයස්මන්තො නිච්ඡාතා නිබ්බුතා නිත්තණ්හා{2} පාරගතා තදඞ්ගෙනාති වදාමි. “කත්ථ ආකාසානඤ්චායතනසඤ්ඤා නිරුජ්ඣති, කෙ ච ආකාසානඤ්චායතනසඤ්ඤං නිරොධෙත්වා නිරොධෙත්වා විහරන්ති. අහමෙතං න ජානාමි අහමෙතං න පස්සාමී”ති ඉති සො එවං වදෙය්ය, සො එවමස්ස වචනීයො: “ඉධාවුසො, භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති එත්ථ ආකාසානඤ්චායතනසඤ්ඤා නිරුජ්ඣති. තෙ ච ආකාසානඤ්චායතනසඤ්ඤං නිරොධෙත්වා විහරන්තී”ති. අද්ධා භික්ඛවෙ අසඨො අමායාවී සාධූති භාසිතං අභිනන්දෙය්ය අනුමොදෙය්ය, සාධූති භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා නමස්සමානො පඤ්ජලිකො පයිරුපාසෙය්ය.
Sinhala BJT6. යම් තැනෙක් හි ආකාසානඤ්චායතන සංඥාව නිරුද්ධ වේ ද, යම් කෙනෙකුදු ආකාසානඤ්චායතනසංඥාව පුන පුනා නිරුද්ධ කොට වාසය කරත් ද, එකැතින් ඒ ආයුෂ්මත්හු එකරුණින් නිච්ඡාතයහ, නිබ්බුතයහ, නිත්තණ්හ ය, පාරඞ්ගතයහ යි කියමි. කොතන්හි ආකාසානඤ්චායතන සංඥාව නිරුද්ධ වේ ද? කවර කෙනෙක් ආකාසානඤ්චායතනසංඥාව පුන පුනා නිරුද්ධ කොට වෙසෙත් දැ?යි ‘මම් තෙල නො දන්මි, මම් තෙල නො දක්මි’යි මෙසේ යමෙක් කියා නම් හේ මෙසේ කිය යුතු වන්නේ ය: ඇවැත්නි, මෙ සස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඥානය අනන්ත ය’ යි විඤ්ඤාණඤ්චායතනයට එළැඹ වෙසෙයි. මෙහි ආකාසානඤ්චායතන සංඥාව නිරුද්ධ වෙයි. ඔහුදු ආකාසානඤ්චායතනය පුන පුනා නිරුද්ධ කොට වාසය කරත් යයි. මහණෙනි, එකැතින් අශඨ වූ අමායාවී තැනැත්තේ මැනැවැයි භාෂිතය සතුටින් පිළිගන්නේ ය. අනුමෝදන් කරන්නේ ය. මැනැවැයි භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් කොට ගෙන නමඳනේ බදැඳිලි වූයේ පර්‍ය්‍යුපාසනා කරන්නේ ය.
Pali BJT7. යත්ථ විඤ්ඤාණඤ්චායතනසඤ්ඤා නිරුජ්ඣති, යෙ ච විඤ්ඤාණඤ්චායතනසඤ්ඤං නිරොධෙත්වා නිරොධෙත්වා විහරන්ති, අද්ධා තෙ ආයස්මන්තො නිච්ඡාතා නිබ්බුතා නිත්තණ්හා{2} පාරගතා තදඞ්ගෙනාති වදාමි. “කත්ථ විඤ්ඤාණඤ්චායතනසඤ්ඤා නිරුජ්ඣති, කෙ ච විඤ්ඤාණඤ්චායතනසඤ්ඤං නිරොධෙත්වා නිරොධෙත්වා විහරන්ති. අහමෙතං න ජානාමි, අහමෙතං න පස්සාමීති යො එවං වදෙය්ය. සො එවමස්ස වචනීයො: ඉධාවුසො, භික්ඛු සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති, එත්ථ විඤ්ඤාණඤ්චායතනසඤ්ඤා නිරුජ්ඣති, තෙ ච විඤ්ඤාණඤ්චායතනසඤ්ඤං නිරොධෙත්වා නිරොධෙත්වා විහරන්තී”ති. අද්ධා භික්ඛවෙ අසඨො අමායාවී ‘සාධූ’ති භාසිතං අභිනන්දෙය්ය අනුමොදෙය්ය, ‘සාධූ’ති භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා නමස්සමානො පඤ්ජලිකො පයිරුපාසෙය්ය.
Sinhala BJT7. යම් තැනෙක විඤ්ඤාණඤ්චායතන සංඥාව නිරුද්ධ වේ ද යම් කෙනෙකුදු විඤ්ඤාණඤ්චායතන සංඥාව පුන පුනා නිරුද්ධ කොට වෙසෙත් ද, එකැතින් ඒ ආයුෂ්මත්හු එකරුණින් නිච්ඡාතයහ, නිබ්බුතයහ, නිත්තණ්හයහ, පාරඞ්ගතයහ යි කියමි. කොතන්හි විඤ්ඤාණඤ්චායතන සංඥාව නිරුද්ධ වේ ද? කවර කෙනෙක් විඤ්ඤාණඤ්චායතන සංඥාව පුන පුනා නිරුද්ධ කොට වාසය කරත් ද? තෙල මම් නො දන්මි. තෙල මම් නො දක්මියි, යමෙක් මෙසේ කියා නම් හේ මෙසේ කිය යුතු වන්නේ ය: “ඇවැත්නි, මෙ සස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මැ “කිසිත් නැතැ”යි ආකිඤ්චඤ්ඤායතනයට එළැඹ වෙසෙයි. එත්නහි විඤ්ඤාණඤ්චායතන සංඥාව නිරුද්ධ වෙයි. ඔහුදු පුනපුනා විඤ්ඤාණඤ්චායතන සංඥාව නිරුද්ධ කොට වාස කෙරෙත් ය යි. මහණෙනි, එකැතින් අශඨ වූයේ අමායාවී වූයේ ‘මැනවැ’යි භාෂිතය සතුටින් පිළිගන්නේ ය. අනුමෝදනා කරන්නේ ය. ‘මැනැවැ’යි භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් කොට ගෙන නමදනේ බඳැඳිලි වැ පර්‍ය්‍යුපාසනා කෙරෙයි.
Pali BJT8. යත්ථ ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤා නිරුජ්ඣති, යෙ ච ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤං නිරොධෙත්වා නිරොධෙත්වා විහරන්ති. අද්ධා තෙ ආයස්මන්තො නිච්ඡාතා නිබ්බුතා නිත්තණ්හා පාරගතා තදඞ්ගෙනාති වදාමි. “කත්ථ ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤා නිරුජ්ඣති?, කෙ ච ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤං නිරොධෙත්වා නිරොධෙත්වා විහරන්ති. අහමෙතං න ජානාමි, අහමෙතං න පස්සාමී’ති. ඉති යො එවං වදෙය්ය, සො එවමස්ස වචනීයො: ‘ඉධාවුසො භික්ඛු සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති, එත්ථ ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤා නිරුජ්ඣති, තෙ ච ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤං නිරොධෙත්වා නිරොධෙත්වා විහරන්තී’ති. අද්ධා භික්ඛවෙ අසඨො අමායාවී සාධූති භාසිතං අභිනන්දෙය්ය අනුමොදෙය්ය, සාධූති භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා නමස්සමානො පඤ්ජලිකො පයිරුපාසෙය්ය.
Sinhala BJT8. යම් තැනෙක ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිරුද්ධ වේද, යම් කෙනෙකුත් ආකිඤ්චඤ්ඤායතන සංඥාව පුන පුනා නිරුද්ධ කොට වෙසෙත් ද, එකැතින් ඒ ආයුෂ්මත් හු එකරුණින් නිච්ඡාතයහ, නිබ්බුතයහ, නිත්තණ්හයහ, පාරඞ්ගතයහයි කියමි. කොතන්හි ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිරුද්ධ වේ ද, කවර කෙනෙක් ආකිඤ්චඤ්ඤායතන සංඥාව පුන පුනා නිරුද්ධ කොට වෙසෙත් ද? තෙල මම් නො දන්මි, තෙල මම් නො දක්මියි මෙසේ යමෙක් කියා නම් හේ මෙසේ කිය යුතු වන්නේ ය: “ඇවැත්නි, මෙ සස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළැඹ වෙසෙයි. මෙහි ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිරුද්ධ වෙයි. ඔහු ද ආකිඤ්චඤ්ඤායතන සංඥාව පුනපුනා නිරුද්ධ කොට වෙසෙත්”යි මහණෙනි, එකැතින් අසඨ වූයේ අමායාවී වූයේ භාෂිතය මැනැවැයි සතුටින් පිළිගන්නේ ය, අනුමෝදනා කරන්නේ ය. භාෂිතය මැනැවැයි සතුටින් පිළිගෙන අනුමෝදනා කොට ගෙන නමඳනේ බඳැඳිලි වැ පර්‍ය්‍යුපාසනා කරන්නේ ය.
Pali BJT9. යත්ථ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤා නිරුජ්ඣති, යෙ ච නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤං නිරොධෙත්වා නිරොධෙත්වා විහරන්ති, අද්ධා තෙ ආයස්මන්තො නිච්ඡාතා නිබ්බුතා නිත්තණ්හා පාරගතා තදඞ්ගෙනාති වදාමි. “කත්ථ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤා නිරුජ්ඣති. කෙ ච නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤං නිරොධෙත්වා නිරොධෙත්වා විහරන්ති. අහමෙතං න ජානාමි, අහමෙතං න පස්සාමී”ති ඉති යො එවං වදෙය්ය, සො එවමස්ස වචනීයො: “ඉධාවුසො භික්ඛු සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති. එත්ථ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤා නිරුජ්ඣති. තෙ ච නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤං නිරොධෙත්වා නිරොධෙත්වා විහරන්තී”ති. අද්ධා භික්ඛවෙ අසඨො අමායාවී සාධූති භාසිතං අභිනන්දෙය්ය, අනුමොදෙය්ය ‘සාධූ’ති භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා නමස්සමානො පඤ්ජලිකො පයිරුපාසෙය්ය.
Sinhala BJT9. යම් තැනෙක නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව නිරුද්ධ වේද, යම් කෙනෙකුන් නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව පුනපුනා නිරුද්ධ කොට වෙසෙත් ද, එකැතින් ඒ ආයුෂ්මත්හු එකරුණින් නිච්ඡාතය හ, නිබ්බුතය හ, නිත්තණ්හය හ, පාරඞ්ගතය හ යි කියමි. කොතන්හි නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව නිරුද්ධ වේ ද, කවර කෙනෙක් නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව පුනපුනා නිරුද්ධ කොට වෙසෙත් ද? තෙල මම් නොදන්මි, තෙල මම් නො දක්මියි යමෙක් මෙසේ කියා නම් හේ මෙසේ කිය යුතු වන්නේ ය: ඇවැත්නි, මෙ සස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මැ සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වෙසෙයි. එත්නහි නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව නිරුද්ධ වෙයි. ඔහුදු නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව පුනපුනා නිරුද්ධ කොට වෙසෙති යි මහණෙනි, එකැතින් අසඨ වූයේ අමායාවී වූයේ මැනැවැයි භාෂිතය සතුටින් පිළිගන්නේ ය, අනුමෝදනා කරන්නේ ය. මැනැවැයි භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදනා කොට ගෙන නමදනේ බඳැඳිලි වැ පර්‍ය්‍යුපාසනා කරන්නේ යි.
Pali BJTඉමා ඛො භික්ඛවෙ, නව අනුපුබ්බ විහාරසමාපත්තියොති.
Sinhala BJTමහණෙනි, මේ නව අනුපූර්‍ව විහාරසමාපත්තීහු යි.
Pali BJT9. 1. 4. 3.
Sinhala BJT9. 1. 4. 3.
Pali BJTනිබ්බානසුඛ සුත්තං
Sinhala BJTනිබ්බානසුඛ සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං එකං සමයං ආයස්මා සාරිපුත්තො රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ, තත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛු ආමන්තෙසි ආවුසො භික්ඛවොති. ආවුසොති ඛො තෙ භික්ඛු ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච: සුඛමිදං ආවුසො නිබ්බානං සුඛමිදං ආවුසො, නිබ්බානන්ති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ රජගහ නුවර වේළුවන නම් කලන්‍දක නිවාපයෙහි වාසය කෙරෙත්. එකල්හි ඇවැත් සැරියුත් තෙරණුවෝ ‘ඇවැත් මහණෙනි’ යි මහණුන් ඇමතූහ. ‘ඇවැත්නි’ යී ඒ මහණහු ඇවැත් සැරියුත් තෙරුනට පිළිවදන් ඇස් වූහ. ඇවැත් සැරියුත් තෙරණුවෝ තෙල වදාළහ. “ඇවැත්නි, මේ නිර්‍වාණය සුඛ යි, ඇවැත්නි, මේ නිර්‍වාණය සුඛ”යි.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා උදායී ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: කිං පනෙත්ථ ආවුසො සාරිපුත්ත සුඛං යදෙත්ථ නත්ථි වෙදයිතන්ති? එතදෙව ඛොත්ථ{1} ආවුසො සුඛං, යදෙත්ථ නත්ථි වෙදයිතං.
Sinhala BJTමෙසේ වදාළ කල්හි ආයුෂ්මත් උදායි තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරුනට තෙල කීහ: “ඇවැත්නි ශාරිපුත්‍රය, යම් තැනෙක වේදයිතයෙක් නැද්ද, එහි කවර සුඛයෙක් දැ”යි. “ඇවැත්නි, ඉදින් යම් තැනෙක වේදයිතයෙක් නැද්ද, තෙල ම සුඛ වේ”යි.
Pali BJTපඤ්චිමෙ ආවුසො කාමගුණා, කතමෙ පඤ්ච: චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො ආවුසො පඤ්චකාමගුණෙ පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං. ඉදං වුච්චතාවුසො කාමසුඛං.
Sinhala BJTඇවැත්නි, මෙ කාමගුණ පසෙක් වෙයි, කවර පසක යත් ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියරූප වූ කාමෝපසංහිත වූ රජනීය වූ චක්‍ෂුර්විඥේය රූපහ … ශ්‍රෝත්‍රවිඥේය ශබ්දහ … ඝ්‍රාණවිඥේය ගන්‍ධහ … ජිහ්වාවිඥේය රස හ. ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ රජනීය වූ ප්‍රියරූප වූ කාමෝපසංහිත වූ කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යහ. ඇවැත්නි, මේ පඤ්චකාමගුණ යි. ඇවැත්නි, මේ පස්කම් ගුණනිසා යම් බඳු සුඛයෙක් සෞමනස්සයෙක් උපදනේ ද, ඇවැත්නි, මේ කාමසුඛ යි.
Pali BJT1. ඉධාවුසො භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. තස්ස චෙ ආවුසො භික්ඛුනො ඉමිනා විහාරෙන විහරතො කාමසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, ස්වාස්ස හොති ආබාධො. සෙය්යථාපි ආවුසො සුඛිනො දුක්ඛං උප්පජ්ජෙය්ය, යාවදෙව ආබාධාය, එවමෙවස්ස තෙ කාමසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති ස්වාස්ස හොති ආබාධො, යො ඛො පනාවුසො ආබාධො දුක්ඛමෙතං වුත්තං භගවතා. ඉමිනාපි ඛො එතං ආවුසො පරියායෙන වෙදිතබ්බං යථාසුඛං නිබ්බානන්ති.
Sinhala BJT1. ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම අකුසල් දහමින් වෙන්ව ම ප්‍රථමධ්‍යානයට එළැඹ වෙසෙයි. ඇවැත්නි, මේ විහරණයෙන් වාස කරන ඒ මහණහට ඉදින් කාම සහගත සංඥාමනසිකාරයෝ පහළ වෙත් නම් එය ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, සුව ඇත්තහුට හුදෙක් ආබාධ පිණිස ම යම් බඳු දුකෙක් උපදනේ නම් එ පරිදි ම ඕහට ඒ කාමසහගත සංඥාමනසිකාරයෝ පහළ වෙත් නම් එය ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යමෙක් ආබාධ වේ නම් තෙල භාග්‍යවතුන් විසින් දුකැයි වදාරන ලද. ඇවැත්නි, මේ පර්‍ය්‍යායෙනුදු නිර්‍වාණය යම් බඳු සුඛයෙක් වේ නම් තෙල දතයුතු යි.
Pali BJT2. පුන චපරං ආවුසො භික්ඛු විතක්ක විචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. තස්ස චෙ ආවුසො, භික්ඛුනො ඉමිනා විහාරෙන විහරතො විතක්කසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, ස්වාස්ස හොති ආබාධො. සෙය්යථාපි ආවුසො සුඛිනො දුක්ඛං උප්පජ්ජෙය්ය යාවදෙව ආබාධාය, එවමෙවස්ස තෙ විතක්කසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති. ස්වාස්ස හොති ආබාධො. යො ඛො පනාවුසො ආබාධො දුක්ඛමෙතං වුත්තං භගවතා. ඉමිනාපි ඛො එතං ආවුසො පරියායෙන වෙදිතබ්බං යථාසුඛං නිබ්බානන්ති.
Sinhala BJT2. ඇවැත්නි, තව ද මහණ විතර්‍ක විචාරයන්ගෙන් ව්‍යුපශමයෙන් … ද්විතීයධ්‍යානයට එළඹ වෙසෙයි. ඇවැත්නි, මේ විහාරයෙන් වාසය කරන ඒ මහණහට විතර්‍ක සහගත සංඥාමනසිකාරයෝ ඉදින් පහළ වෙත් නම් එ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, සුව ඇත්තහුට යම් සේ හුදෙක් ආබාධ පිණිස ම දුක් උපදනේ නම් එපරිදි ම ඕහට ඒ විතර්‍කසහගත සංඥාමනසිකාරයෝ උපදනාහු නම් ඒ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යමෙක් ආබාධ නම් තෙල භාග්‍යවතුන් විසින් දුකැයි වදාරන ලද. ඇවැත්නි, මේ කාරණයෙනුදු තෙල නිර්‍වාණය සුඛ වූ පරිදි දතයුතු යි.
Pali BJT3. පුන චපරං ආවුසො පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති, තස්ස තෙ ආවුසො භික්ඛුනො ඉමිනා විහාරෙන විහරතො පීතිසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, ස්වාස්ස හොති ආබාධො. සෙය්යථාපි ආවුසො, සුඛිනො දුක්ඛං උප්පජ්ජෙය්ය යාවදෙව ආබාධාය, එවමෙවස්ස තෙ පීතිසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති ස්වාස්ස හොති ආබාධො. යො ඛො පනාවුසො, ආබාධො දුක්ඛමෙතං වුත්තං භගවතා. ඉමිනාපි ඛො එතං ආවුසො, පරියායෙන වෙදිතබ්බං යථාසුඛං නිබ්බානන්ති.
Sinhala BJT3. තවද ඇවැත්නි, මහණ ප්‍රීතිහුගේ විරාගයෙන් … තෘතීයධ්‍යානයට එළැඹ වෙසෙයි. ඇවැත්නි, මේ විහාරයෙන් වාස කරන ඒ මහණහට ඒ ප්‍රීතිසහගත සංඥාමනසිකාරයෝ උපදනාහ. ඒ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යම් පරිදි සුව ඇතියහුට හුදෙක් ආබාධ පිණිස ම දුක් උපදනේ නම් එ පරිදි ම ඕහට ඒ ප්‍රීතිසහගතසංඥාමනසිකාරයෝ උපදිත් නම් එය ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යමෙක් ආබාධ වේ නම් තෙල භාග්‍යවතුන් විසින් දුකැයි වදාරන ලද. ඇවැත්නි, මෙපරිද්දෙනුදු තෙල නිර්‍වාණය සුඛ පරිදි දතයුතු.
Pali BJT4. පුන චපරං ආවුසො, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති, තස්ස චෙ ආවුසො, භික්ඛුනො ඉමිනා විහාරෙන විහරතො උපෙක්ඛා සහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, ස්වාස්ස හොති ආබාධො. සෙය්යථාපි ආවුසො, සුඛිනො දුක්ඛං උප්පජ්ජෙය්ය යාවදෙව ආබාධාය, එවමෙවස්ස තෙ උපෙක්ඛා සහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, ස්වාස්ස හොති ආබාධො. යො ඛො පනාවුසො, ආබාධො දුක්ඛමෙතං වුත්තං භගවතා. ඉමිනාපි ඛො එතං ආවුසො, පරියායෙන වෙදිතබ්බං යථාසුඛං නිබ්බානන්ති.
Sinhala BJT4. ඇවැත්නි, තව ද මහණ සුඛප්‍රහාණයෙනුදු දුක්ඛප්‍රහාණයෙනුදු … චතුර්‍ත්‍ථධ්‍යානයට එළැඹ වෙසෙයි. ඇවැත්නි, ඉදින් මේ විහාරයෙන් වාස කරන එ මහණහට උපේක්‍ෂාසහගත සංඥාමනසිකාරයෝ උපදනාහු නම් ඒ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යම් පරිදි සුව ඇතියහුට ආබාධ පිණිස ම දුක් උපදනේ නම් එ පරිදි ම ඕහට උපේක්‍ෂාසහගත සංඥාමනසිකාරයෝ පහළ වෙත්. එ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යමෙක් ආබාධ වේ නම් තෙල භාග්‍යවතුන් විසින් දුකැයි වදාරන ලද. ඇවැත්නි, මෙ අයුරිනුදු තෙල නිර්‍වාණය සුඛ පරිදි දතයුතු.
Pali BJT5. පුන චපරං ආවුසො භික්ඛු රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති, තස්ස චෙ ආවුසො, භික්ඛුනො ඉමිනා විහාරෙන විහරතො රූපසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, ස්වාස්ස හොති ආබාධො. සෙය්යථාපි ආවුසො, සුඛිනො දුක්ඛං උප්පජ්ජෙය්ය යාවදෙව ආබාධාය, එවමෙවස්ස තෙ රූපසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, ස්වාස්ස හොති ආබාධො. යො ඛො පනාවුසො, ආබාධො දුක්ඛමෙතං වුත්තං භගවතා. ඉමිනාපි ඛො එතං ආවුසො, පරියායෙන වෙදිතබ්බං යථාසුඛං නිබ්බානන්ති.
Sinhala BJT5. තව ද ඇවැත්නි, මහණ රූපසංඥාවන්ගේ සමතික්‍රමණයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් ‘ආකාශය අනන්තය’යි ආකාසානඤ්චායතනයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, ඉදින් මේ විහාරයෙන් වාස කරන එ මහණහට රූපසහගත සංඥාමනසිකාරයෝ පහළ වෙත් නම් එ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යම් පරිදි සුව ඇතියහුට හුදෙක් ආබාධ පිණිස ම දුක් උපදනේ නම් එ පරිදි ම ඕහට රූපසහගත සංඥාමනසිකාරයෝ පහළ වෙත්. ඒ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යමෙක් ආබාධ වේ නම් තෙල භාග්‍යවතුන් විසින් දුකැයි වදාරන ලද. ඇවැත්නි, මේ අයුරිනුදු තෙල නිර්‍වාණය දුඛ පරිදි දතයුතු.
Pali BJT6. පුන චපරං ආවුසො භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. තස්ස චෙ ආවුසො භික්ඛුනො ඉමිනා විහාරෙන විහරතො ආකාසානඤ්චායතනසහගතා සඤ්ඤා මනසිකාරා සමුදාචරන්ති, ස්වාස්ස හොති ආබාධො. සෙය්යථාපි ආවුසො සුඛිනො දුක්ඛං උප්පජ්ජෙය්ය යාවදෙව ආබාධාය, එවමස්ස තෙ ආකාසානඤ්චායතනසහගතා සඤ්ඤා මනසිකාරා සමුදාචරන්ති. ස්වාස්ස හොති ආබාධො, යො ඛො පනාවුසො ආබාධො, දුක්ඛමෙතං වුත්තං භගවතා. ඉමිනාපි ඛො එතං ආවුසො පරියායෙන වෙදිතබ්බං යථා සුඛං නිබ්බානන්ති.
Sinhala BJT6. ඇවැත්නි, තවද මහණ හැම පරිදි ආකාසානඤ්චායතනය ඉක්මවා විඥානය අනන්ත යි විඤ්ඤාණඤ්චායතනය උපයා වෙසෙයි. ඇවැත්නි, ඉදින් මේ විහාරයෙන් වාස කරන ඒ මහණහට ආකාසානඤ්චායතන සහගත මනසිකාරයෝ පහළ වෙත් නම් එ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යම් පරිදි සුව ඇතියහුට හුදෙක් ආබාධ පිණිස ම දුක් උපදනේ ද, එපරිදි ඔහුගේ ඒ ආකාසානඤ්චායතන සංඥා මනසිකාරයෝ පහළ වෙත්. එ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යමෙක් ආබාධ නම් තෙල භාග්‍යවතුන් විසින් දුකැයි වදාරන ලද. ඇවැත්නි, මේ අයුරිනුදු තෙල නිර්‍වාණය සුඛ පරිදි දත යුතු.
Pali BJT7. පුන චපරං ආවුසො භික්ඛු සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. තස්ස චෙ ආවුසො, භික්ඛුනො ඉමිනා විහාරෙන විහරතො විඤ්ඤාණඤ්චායතන සහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, ස්වාස්ස හොති ආබාධො. සෙය්යථාපි ආවුසො, සුඛිනො දුක්ඛා උප්පජ්ජෙය්ය යාවදෙව ආබාධාය. එවමෙවස්ස තෙ විඤ්ඤාණඤ්චායතනසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, ස්වාස්ස හොති ආබාධො. යො ඛො පනාවුසො ආබාධො දුක්ඛමෙතං වුත්තං භගවතා. ඉමිනාපි ඛො එතං ආවුසො පරියායෙන වෙදිතබ්බං යථාසුඛං නිබ්බානන්ති.
Sinhala BJT7. තවද ඇවැත්නි, මහණ හැම පරිදි විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ‘කිසිත් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනයට එළැඹ වෙසෙයි. ඇවැත්නි, මේ විහාරයෙන් වාසය කරන එ මහණහට විඤ්ඤාණඤ්චායතන සංඥා මනසිකාරයෝ පහළ වෙත්. එ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යම් පරිදි සුව ඇතියහුට හුදෙක් ආබාධය පිණිස ම දුක් උපදනේ ද, එ පරිදි ම ඕහට එ විඤ්ඤාණඤ්චායතන සංඥා මනසිකාරයෝ පහළ වෙත්. එ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යමෙක් ආබාධ වේ ද, තෙල දුකැයි භාග්‍යවතුන් විසින් වදාරන ලද. ඇවැත්නි, මේ අයුරිනුදු තෙල නිවන සුව පරිදි දත යුතු.
Pali BJT8. පුන චපරං ආවුසො භික්ඛු සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතිකම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. තස්ස චෙ ආවුසො භික්ඛුනො ඉමිනා විහාරෙන විහරතො ආකිඤ්චඤ්ඤායතනසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, ස්වාස්ස හොති ආබාධො. සෙය්යථාපි ආවුසො සුඛිනො දුක්ඛං උප්පජ්ජෙය්ය යාවදෙව ආබාධාය. එවමෙවස්ස තෙ ආකිඤ්චඤ්ඤායතනසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, ස්වාස්ස හොති ආබාධො. යො ඛො පනාවුසො ආබාධො, දුක්ඛමෙතං වුත්තං භගවතා. ඉමිනාපි ඛො එතං ආවුසො, පරියායෙන වෙදිතබ්බං යථාසුඛං නිබ්බානන්ති.
Sinhala BJT8. ඇවැත්නි, තවද මහණ සර්‍වථායෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළැඹ වෙසෙයි. ඇවැන්ති, ඉදින් මේ විහාරයෙන් වාසය කරන එ මහණහට ආකිඤ්චඤ්ඤායතන සහගත සංඥා මනසිකාරයෝ පහළ වෙත් නම් එ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යම් පරිදි සුව ඇතියහුට හුදෙක් ආබාධය පිණිස ම දුක් උපදනේ නම් එ පරිදි ම ඕහට ඒ ආකිඤ්චඤ්ඤායතන සහගත සංඥාමනසිකාරයෝ පහළ වෙත්. ඒ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යමෙක් ආබාධ වේ නම් තෙල දුකැයි භාග්‍යවතුන් විසින් වදාරන ලද. ඇවැත්නි, මෙ අයුරිනුදු තෙල නිවන සුව පරිදි දත යුතු.
Pali BJT9. පුන චපරං ආවුසො භික්ඛු සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති, පඤ්ඤායං චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. ඉමිනාපි ඛො එතං ආවුසො පරියායෙන වෙදිතබ්බං යථා සුඛං නිබ්බානන්ති.
Sinhala BJT9. තවද ඇවැත්නි, මහණ සර්‍වථායෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මැ සඤ්ඤාවේදයිතනිරෝධයට එළැඹ වෙසෙයි. ප්‍රඥායෙන් දැක ඔහුගේ ආස්‍රවයෝ පරික්‍ෂීණ ද වෙත්. මෙ කරුණෙනුදු තෙල නිවන සුව පරිදි දත යුතු.
Pali BJT9. 1. 4. 4.
Sinhala BJT9. 1. 4. 4.
Pali BJTගාවීඋපමා සුත්තං
Sinhala BJTගාවීඋපමා සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, ගාවී පබ්බතෙය්යා බාලා අබ්යත්තා අඛෙත්තඤ්ඤූ අකුසලා විසමෙ පබ්බතෙ චරිතුං, තස්සා එවමස්ස: ‘යන්නූනාහං අගතපුබ්බඤ්චෙව දිසං ගච්ඡෙය්යං, අඛාදිතපුබ්බානි ච තිණානි ඛාදෙය්යං, අපීතපුබ්බානි ච පානීයානි පිවෙය්යන්ති. සා පුරිමං පාදං න සුප්පතිට්ඨිතං පතිට්ඨාපෙත්වා පච්ඡිමං පාදං උද්ධරෙය්ය, සා න චෙව අගතපුබ්බං දිසං ගච්ඡෙය්ය, න ච අඛාදිතපුබ්බානි තිණානි ඛාදෙය්ය. න ච අපීතපුබ්බානි ච පානීයානි පිවෙය්ය, යස්මිං චස්සා පදෙසෙ ඨිතාය එවමස්ස: යන්නූනාහං අගතපුබ්බඤ්චෙව දිසං ගච්ඡෙය්යං, අඛාදිතපුබ්බානි චෙව තිණානි ඛාදෙය්යං, අපීතපුබ්බානි චෙ ව පානීයානි පිවෙය්යන්ති, තඤ්ච පදෙසං න සොත්ථිනා පච්චාගච්ඡෙය්ය. තං කිස්ස හෙතු: තථා හි සා භික්ඛවෙ, ගාවී පබ්බතෙය්යා බාලා අබ්යත්තා අඛෙත්තඤ්ඤූ අකුසලා විසමෙ පබ්බතෙ චරිතුං.
Sinhala BJTමහණෙනි, යම් පරිදි බාල අව්‍යක්ත ක්‍ෂේත්‍රය නොදන්නා පර්‍වතයෙහි හැසිරෙන දෙන විසම පර්‍වතයෙහි සරනට අසමත් වේ ද, ඇයට මෙ බඳු සිතෙක් වෙයි: “මම නො ගිය විරූ දිගට යෙම් නම්, නො කෑ විරූ තණ කන්නෙම් නම්, නො පී විරී පැන් බොන්නෙම් නම් යෙහෙකැ”යි. ඔ පළමු පා මොනවට පිහිටියක් කොට නො පිහිටුවා පැසුළු පා නඟයි. ඕ නො ගිය විරූ දිගට නො යයි. නො කෑ විරූ තණ ද නො කයි. නො පී විරී පැන් නො බොයි. යම් පියසෙක්හිදු සිටි ඇයට මෙ බඳු සිතෙක් වේ නම්: “මම් නො ගිය විරූ දිගට යෙමි යි, නො කෑ විරූ තණ ද කමි යි, නො පී විරී පැනුදු බොමි”යි එ පියසට නිදුකින් පෙරළා නො යෙයි. එ කවර හෙයින යත්: මහණෙනි, බාල අව්‍යක්ත ක්‍ෂේත්‍රඥ නො වූ ඒ දෙන යම් හෙයකින් විසම පර්‍වතයෙහි සරනට නො සමත් ද, එහෙයිනි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ ඉධෙකච්චො භික්ඛු බාලො අබ්යත්තො අඛෙත්තඤ්ඤූ අකුසලො විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති{1} සො තං නිමිත්තං න ආසෙවති, න භාවෙති, න බහුලීකරොති, න ස්වාධිට්ඨිතං අධිට්ඨාති.
Sinhala BJTමහණෙනි, එ පරිදි ම මෙ සස්නෙහි බාල අව්‍යක්ත ක්‍ෂේත්‍රඥ නො වන අදක්‍ෂ වූ කිසියම් මහණෙක් කාමයන්ගෙන් වෙන් වැ ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන් වැ සවිතර්‍ක සවිචාර විවේකජ ප්‍රීතිසුඛ ඇති පළමු දැහැන උපයා වෙසෙයි. හේ ඒ දැහැන් නිමිත්ත පුනපුනා සේවනය නො කෙරෙයි, නො වඩයි, බහුල විසින් නො කරයි, මොනවට ඉටන ලද්දක් කොට නො ඉටයි.
Pali BJTතස්ස එවං හොති: ‘යන්නූනාහං විතක්ක විචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරෙය්යන්ති. සො න සක්කොති විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරිතුං. තස්සෙවං හොති; යන්නූනාහං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරෙය්යන්ති. සො න සක්කොති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුං. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු උභතො භට්ඨො උභතො පරිහීනො. සෙය්යථාපි සා ගාවී පබ්බතෙය්යා බාලා අබ්යත්තා අඛෙත්තඤ්ඤූ අකුසලා විසමෙ පබ්බතෙ චරිතුං.
Sinhala BJTඕහට මෙ බඳු සිතෙක් වෙයි: “මම් විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපශමයෙන් … දෙවන දැහැනට පැමිණ වෙසෙම් නම් මැනව”යි. හේ විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපශමයෙන් දෙවන දැහැනට එළැඹ වසනට නො හැකියේ වෙයි. ඕහට මෙබඳු සිතෙක් වෙයි: “මම කාමයන්ගෙන් වෙන් වැ ම පළමු දැහැනට එළැඹ වෙසෙම් නම් යෙහෙකැ”යි. හේ කාමයන්ගෙන් වෙන්වැ … පළමු දැහැනට එළඹ වසනට නො හැකි වෙයි. මහණෙනි, මෙ මහණ දෙපසින් නටුයේ දෙපසින් පිරිහුනේ යයි කියනු ලැබේ. බාල අව්‍යක්ත ක්‍ෂේත්‍රඥ නො වන පර්‍වතයෙහි සරණ ඒ දෙන විසම පර්‍වතයෙහි සරනට අදක්‍ෂ වූවා යම් සේ ද, එ මෙනි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ ගාවී පබ්බතෙය්යා පණ්ඩිතා බ්යත්තා ඛෙත්තඤ්ඤූ කුසලා විසමෙ පබ්බතෙ චරිතුං. තස්සා එවමස්ස: ‘යන්නූනාහං අගතපුබ්බඤ්චෙව දිසං ගච්ඡෙය්යං, අඛාදිතපුබ්බානි ච තිණානි ඛාදෙය්යං, අපීතපුබ්බානි ච පානීයානි පිවෙය්යන්ති. සා පුරිමං පාදං සුප්පතිට්ඨිතං පතිට්ඨාපෙත්වා පච්ඡිමං පාදං උද්ධරෙය්ය, සා අගතපුබ්බඤ්චෙව දිසං ගච්ඡෙය්ය, අඛාදිතපුබ්බානි චෙව තිණානි ඛාදෙය්ය, අපීතපුබ්බානි ච පානීයානි පිවෙය්ය. යස්මිං චස්සා පදෙසෙ ඨිතාය එවමස්ස: යන්නූනාහං අගතපුබ්බඤ්චෙව දිසං ගච්ඡෙය්යං, අඛාදිතපුබ්බානි චෙව තිණානි ඛාදෙය්යං අපීතපුබ්බානි චෙව පානීයානි පිවෙය්යන්ති’ තඤ්ච පදෙසං සොත්ථිනා පච්චාගච්ඡෙය්ය. තං කිස්ස හෙතු: තථා හි සා භික්ඛවෙ ගාවී පබ්බතෙය්යා පණ්ඩිතා ව්යත්තා ඛෙත්තඤ්ඤු කුසලා විසමෙ පබ්බතෙ චරිතුං.
Sinhala BJTමහණෙනි, පණ්ඩිත ව්‍යක්ත ක්‍ෂේත්‍රඥ වූ පර්‍වතයෙහි සරණ දෙනක් විෂම පර්‍වතයෙහි සරනට යම්සේ දක්‍ෂ වේ ද, ඇයට මෙ බඳු සිතෙක් වෙයි: “මම් නො ගිය විරූ දිගට යෙම් නම් නො කෑ විරූ තණ ද කන්නෙම් නම් නො පී විරී පැන් ද බොන්නෙම් නම් යෙහෙකැ”යි. ඕ පළමු පා මොනවට පිහිටියක් කොට තබා පැසුළු පා නඟයි, ඕ නො ගිය විරූ දිගට ද යයි, නො කෑ විරූ තණ ද කයි, නො පී විරී පැන් ද බොයි. යම් පියෙසෙකැ සිටි ඇයට මෙ බඳු සිතෙක් වේ නම්: “මම් නො ගිය විරූ දිගට ද යමි. නො කෑ විරූ තණ ද කමි. නො පී විරි පැන් ද බොමැ” යි, එ පියසට නිදුකින් පෙරළා එයි. එ කවර හෙයින යත්: මහණෙනි, යම් හෙයෙකින් පණ්ඩිත ව්‍යක්ත ක්‍ෂේත්‍රඥ ඒ දෙන විෂම පර්‍වතයෙහි සරනට සමත් වේ ද, එහෙයිනි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ ඉධෙකච්චො භික්ඛු පණ්ඩිතො බ්යත්තො ඛෙත්තඤ්ඤු කුසලො විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සො තං නිමිත්තං ආසෙවති භාවෙති බහුලීකරොති ස්වාධිට්ඨිතං අධිට්ඨාති.
Sinhala BJTමහණෙනි, එ පරිදි ම මෙ සස්නෙහි පණ්ඩිත ව්‍යක්ත ක්‍ෂේත්‍රඥ දක්‍ෂ කිසියම් මහණෙක් කාමයෙන් වෙන් වැ ම අකුශල දහමින් වෙන් වැ … පළමු දැහැනට පැමිණ වෙසෙයි. හේ ඒ සමාධිනිමිත්ත පුනපුනා සේවනය කෙරෙයි, වඩයි, බහුලීකෘත කරයි, මොනවට ඉටුවක් කොට ඉටයි.
Pali BJTතස්ස එවං හොති: ‘යන්නූනාහං විතක්ක විචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරෙය්යන්ති’. සො දුතියං ඣානං අනභිහිංසමානො විතක්කවිචාරානං වූපසමා දුතියං ජ්ඣානං උපසම්පජ්ජ විහරති. සො තං නිමිත්තං ආසෙවති භාවෙති බහුලීකරොති ස්වාධිට්ඨිතං අධිට්ඨාති.
Sinhala BJTඕහට මෙ බඳු සිතෙක් වෙයි: “මම් විතර්‍ක විචාරයන්ගේ ව්‍යපශමයෙන් දෙවන දැහැනට එළැඹ වෙසෙම් නම් යෙහෙකැ”යි, හේ දෙවන දැහැන නො පෙළනුයේ විතර්‍ක විචාරයන්ගේ ව්‍යපශමයෙන් දෙවන දැහැනට එළැඹ වෙසෙයි. හේ ඒ නිමිත්ත සේවනය කෙරෙයි, වඩයි, බහුල කරයි, මොනවට ඉටුවක් කොට ඉටයි.
Pali BJTතස්ස එවං හොති: ‘යන්නූනාහං පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරෙය්යන්ති’. සො තතියං ඣානං අනභිහිංසමානො පීතියා ච විරාගා තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො තං නිමිත්තං ආසෙවති භාවෙති බහුලීකරොති ස්වාධිට්ඨිතං අධිට්ඨාති.
Sinhala BJTඕහට මෙබඳු සිතෙක් වෙයි: “මම් ප්‍රීතියගේ ද විරාගයෙන් ද තෙවන දැහැනට පැමිණ වෙසෙම් නම් යෙහෙකැ”යි. හේ තෙවන දැහැන නො පෙළනුයේ ප්‍රීතියගේ ද විරාගයෙන් තෙවන දැහැනට එළැඹ වෙසෙයි. හේ ඒ සමාධිනිමිත්ත සේවනය කරයි, වඩයි, බහුල කරයි, මොනවට ඉටුවක් කොට ඉටයි.
Pali BJTතස්ස එවං හොති: ‘යන්නූනාහං සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරෙය්යන්ති. සො චතුත්ථං ඣානං අනභිහිංසමානො සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො තං නිමිත්තං ආසෙවති, භාවෙති, බහුලීකරොති, ස්වාධිට්ඨිතං අධිට්ඨාති.
Sinhala BJTඕහට මෙබඳු සිතෙක් වෙයි: “මම් සුඛප්‍රහාණයෙනුදු දුක්ඛප්‍රහාණයෙනුදු … සිවුවැනි දැහැනට එළැඹ වෙසෙම් නම් යෙහෙක” කියා යි. හේ සිවුවන දැහැන නො පෙළමින් සුඛප්‍රහාණයෙනුදු … සිවුවන දැහැනට එළැඹ වෙසෙයි. හේ ඒ නිමිත්ත සේවනය කෙරෙයි, වඩයි, බහුල කරයි, මොනවට ඉටුවක් කොට ඉටයි.
Pali BJTතස්ස එවං හොති: ‘යන්නූනාහං සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා{1} නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරෙය්යන්ති. සො ආකාසානඤ්චායතනං අනභිහිංසමානො සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා -පෙ- ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සො තං නිමිත්තං ආසෙවති, භාවෙති, බහුලීකරොති, ස්වාධිට්ඨිතං අධිට්ඨාති.
Sinhala BJTඕහට මෙ බඳු සිතෙක් වෙයි: “මම් සර්‍වාර්‍ත්‍ථයෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමණයෙන්, ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන්, නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් ‘ආකාශය අනන්ත’ යයි ආකාසානඤ්චායතනයට පැමිණ වෙසෙම් නම් යෙහෙකැ’යි, හේ ආකාසානඤ්චායතනය නො පෙළනුයේ සර්‍වථායෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමණයෙන් … ආකාසානඤ්චායතනයට එළැඹ වෙසෙයි. හේ ඒ නිමිත්ත සේවනය කෙරෙයි, වඩයි, බහුල කරයි, ස්වාධිෂ්ඨිත කොට ඉටයි.
Pali BJTතස්ස එවං හොති: ‘යන්නූනාහං සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණන්ති’ විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරෙය්යන්ති. සො විඤ්ඤාණඤ්චායතනං අනිභිහිංසමානො සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සො තං නිමිත්තං ආසෙවති භාවෙති බහුලීකරොති ස්වාධිට්ඨිතං අධිට්ඨාති.
Sinhala BJTඕහට මෙ බඳු සිතෙක් වෙයි: “මම් සර්‍වථායෙන් ආකාසානඤ්චායතනය ඉක්ම ‘විඥානය අනන්තය’යි විඤ්ඤාණඤ්චායතනය උපයා වෙසෙම් නම් මැනැවයි හේ විඤ්ඤාණඤ්චායතනය නො පෙළෙමින් සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි. හේ ඒ නිමිත්ත සේවනය කෙරෙයි, වඩයි, බහුල කරයි. ස්වාධිෂ්ඨිත කොට ඉටයි.
Pali BJTතස්ස එවං හොති: ‘යන්නූනාහං සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරෙය්යන්ති. සො ආකිඤ්චඤ්ඤායතනං අනභිහිංසමානො සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සො තං නිමිත්තං ආසෙවති භාවෙති බහුලීකරොති ස්වාධිට්ඨිතං අධිට්ඨාති.
Sinhala BJTඕහට මෙ බඳු සිතෙක් වෙයි: “මම් හැම පරිද්දෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරම් නම් යෙහෙකැ”යි. හේ ආකිඤ්චඤ්ඤායතනය නො පෙළමින් හැම පරිද්දෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මැ “කිසිවක් නැතැ”යි ආකිඤ්චඤ්ඤායතනයට එළැඹ වාසය කරයි. හේ ඒ නිමිත්ත සේවනය කෙරෙයි, වඩයි, බහුල කරයි, ස්වාධිෂ්ඨිත කොට ඉටයි.
Pali BJTතස්ස එවං හොති: ‘යන්නූනාහං සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරෙය්ය’න්ති. සො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං අනභිහිංසමානො සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සො තං නිමිත්තං ආසෙවති භාවෙති බහුලීකරොති ස්වාධිට්ඨිතං අධිට්ඨාති.
Sinhala BJTඕහට මෙ බඳු සිතෙක් වෙයි: “මම් හැම පරිදි ආකිඤ්චඤ්ඤායතනය ඉක්මැ නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරම් නම් යෙහෙකැ”යි. හේ නේවසඤ්ඤානාසඤ්ඤායතනය නොපෙළමින් හැම පරිදි ආකිඤ්චඤ්ඤායතනය ඉක්මැ නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. හේ ඒ නිමිත්ත සේවනය කෙරෙයි, වඩයි, බහුල කෙරෙයි. ස්වාධිෂ්ඨිත කොට ඉටයි.
Pali BJTතස්ස එවං හොති: “යන්නූනාහං සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරෙය්ය’න්ති. සො සඤ්ඤාවෙදයිතනිරොධං අනභිහිංසමානො සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති.
Sinhala BJTඕහට මෙ බඳු සිතෙක් වෙයි: “මම් සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මැ සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වෙසෙම් නම් යෙහෙකැ”යි. හේ සඤ්ඤාවේදයිතනිරෝධය නො පෙළනුයේ හැම පරිදි නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්ම සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වෙසෙයි.
Pali BJTයතො ඛො භික්ඛවෙ භික්ඛු තං තදෙවසමාපත්තිං සමාපජ්ජතිපි වුට්ඨාතිපි. තස්ස මුදුං චිත්තං හොති කම්මඤ්ඤං,මුදුනා චිත්තෙන කම්මඤ්ඤෙන අප්පමාණො සමාධි හොති සුභාවිතො. සො අප්පමාණෙන සමාධිනා සුභාවිතෙන යස්ස යස්ස අභිඤ්ඤාසච්ඡිකරණීයස්ස ධම්මස්ස චිත්තං අභිනින්නාමෙති අභිඤ්ඤාසච්ඡිකිරියාය. තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙ.
Sinhala BJTමහණෙනි, යම් කලෙක පටන් මහණ එම සමවතට සමවදනේ නම් නැඟී සිටුනේ නම් ඔහු සිත මෘදු වෙයි. කර්‍මණ්‍ය වෙයි. මෘදු වූ කර්‍මණ්‍ය වූ සිතින් අප්‍රමාණ සමාධිය මොනවට වඩන ලද්දේ වෙයි. හේ සුභාවිත වූ අප්‍රමාණ සමාධියෙන් (විශිෂ්ට ඥානයෙන්) දැන සාක්‍ෂාත් කටයුතු යම් යම් ධර්‍මයකට සිත (දැන් සාක්‍ෂාත් කරනු පිණිස) මොනොවට නමයි ද, කරුණු ඇති ඇති වත් ම ඒ ඒ වෙසෙසෙහි ප්‍රත්‍යක්‍ෂ භාවයට පැමිණෙයි.
Pali BJTසො සචෙ ආකඞ්ඛති අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභවෙය්යං, එකොපි හුත්වා බහුධා අස්සං බහුධාපි හුත්වා එකො අස්සං -පෙ- යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙය්ය”න්ති. තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙ.
Sinhala BJTඉදින් හේ කැමැති වන්නේ නම් අනේකවිහිත ඍද්ධිවිධය වළඳනෙම්, එකෙක් වැ ද බොහෝ පරිදි වෙම්වයි, බොහෝ පරිදි වැද එකෙක් වෙම්වයි … බඹලොව දක්වා කයින් වශය පවත්වමව යි කැමැති වේ නම් කරුණු ඇති ඇති වත් ම ඒ ඒ වෙසෙසෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණෙයි.
Pali BJTසො සචෙ ආකඞ්ඛති දිබ්බාය සොතධාතුයා -පෙ- සති සති ආයතනෙ.
Sinhala BJTඉදින් හේ දිවසෝධයින් … කැමති වේ නම් කරුණු ඇති ඇති වත් ම ...
Pali BJTසො සචෙ ආකඞ්ඛති පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානෙය්යං සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානෙය්යන්ති -පෙ- විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානෙය්ය”න්ති. තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙ.
Sinhala BJTඉදින් හේ පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ සිත සිය සිතින් පිරිසිඳ දැනගන්නෙම්වයි. සරාග වූ හෝ සිත සරාග සිතැයි දැන ගන්නෙම් වයි … විමුක්ත වූ හෝ සිත විමුක්තචිත්ත යයි දැන ගන්නෙම් වයි කැමැති වේ නම් ඒ ඒ වෙසෙසෙහි කරුණු ඇති ඇති වත් මැ පසක් බවට පැමිණෙයි.
Pali BJTසො සචෙ ආකඞ්ඛති “නෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරෙය්යං, සෙය්යථීදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරෙය්ය”න්ති. තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙ.
Sinhala BJTඉදින් හේ නන් වැදෑරුම් පෙර විසූ කඳපිළිවෙළ සමරම්වයි එනම්: එක් ජාතියකුදු … මෙසේ ආකාර සහිත උද්දේස සහිත නන් වැදෑරුම් පෙර විසූ කඳ පිළිවෙළ සමරම්වයි කැමැති වේ නම් කරුණු ඇති වත් මැ ඒ ඒ වෙසෙස්හි පසක් බවට පැමිණෙයි.
Pali BJTසො සචෙ ආකඞ්ඛති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන -පෙ- යථාකම්මූපගෙ සත්තෙ පජානෙය්ය”න්ති. තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙ.
Sinhala BJT“ඉදින් හේ විශුද්ධ වූ මිනිසැස ඉක්ම පවත්නා වූ දිවැසින් … කම් වූ පරිදි පිළිසඳට යන සත්ත්‍වයන් දන්නෙම්වා”යි කැමැති වේ නම් කරුණු ඇති ඇති වත් ම එ එ වෙසෙස්හි ප්‍රත්‍යක්‍ෂ භාවයට පැමිණෙයි.
Pali BJTසො සචෙ ආකඞ්ඛති “ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙවධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්ය”න්ති තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙති.
Sinhala BJT“හේ ඉදින් ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වූ චිත්ත විමුක්තිය හා ප්‍රඥා විමුක්තිය ඉහාත්මයෙහි මැ තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට පැමිණ වෙසෙම්වා”යි කැමැති වේ නම් කරුණු ඇති ඇතිවත් මැ ඒ ඒ වෙසෙස්හි පසක් බවට පැමිණේ.
Pali BJT9. 1. 4. 5.
Sinhala BJT9. 1. 4. 5.
Pali BJTඣානනිස්සය සුත්තං
Sinhala BJTඣානනිස්සය සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTපඨමම්පහං{1} භික්ඛවෙ ඣානං නිස්සාය ආසවානං ඛයං වදාමි. දුතියම්පහං{2} භික්ඛවෙ ඣානං නිස්සාය ආසවානං ඛයං වදාමි. තතියම්පහං භික්ඛවෙ ඣානං නිස්සාය ආසවානං ඛයං වදාමි. චතුත්ථම්පහං භික්ඛවෙ ඣානං නිස්සාය ආසවානං ඛයං වදාමි. ආකාසානඤ්චායතනම්පහං භික්ඛවෙ{3} නිස්සාය ආසවානං ඛයං වදාමි. විඤ්ඤානඤ්චායතනම්පහං භික්ඛවෙ නිස්සාය ආසවානං ඛයං වදාමි. ආකි__ඤ්චාය__තනම්පහං භික්ඛවෙ නිස්සාය ආසවානං ඛයං වදාමි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනම්පහං භික්ඛවෙ නිස්සාය ආසවානං ඛයං වදාමි. සඤ්ඤාවෙදයිතනිරොධම්පහං භික්ඛවෙ නිස්සාය ආසවානං ඛයං වදාමි.
Sinhala BJTමහණෙනි, මම ප්‍රථමධ්‍යානය නිසා ද ආස්‍රවයන්ගේ ක්‍ෂය (වේ ය යි) කියමි. මහණෙනි, මම ද්විතීයධ්‍යානය නිසා ද ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි. මහණෙනි, මම තෘතීයධ්‍යානය නිසා ද ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි. මහණෙනි, මම චතුර්‍ත්‍ථධ්‍යානය නිසා ද ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි. මහණෙනි, මම ආකාසානඤ්චායතනය නිසාත් ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි. මහණෙනි, මම විඤ්ඤාණඤ්චායතනය නිසාත් ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි. මහණෙනි, මම ආකිඤ්චඤ්ඤායතනය නිසාත් ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි. මහණෙනි, මම නේවසඤ්ඤානාසඤ්ඤායතනය නිසාත් ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි. මහණෙනි, මම සඤ්ඤාවේදයිත නිරෝධය නිසාත් ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි.
Pali BJT“පඨමම්පහං භික්ඛවෙ ඣානං නිස්සාය ආසවානං ඛයං වදාමී”ති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං; ඉධ භික්ඛවෙ භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති.
Sinhala BJT“මහණෙනි, මම ප්‍රථමධ්‍යානය නිසාත් ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි”යි මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන් වැ ම … ප්‍රථමධ්‍යානයට එළැඹ වාසය කෙරෙයි.