Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 12801-12900 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඅපරාපි මං භික්ඛවෙ, සම්බහුලා දෙවතා උපසඞ්කමිත්වා එතදවොචුං:
Sinhala BJTමහණෙනි, අනෙක් බොහෝ දේවතා කෙනෙකුදු මා කරා එළැඹ තෙල සැළකළහ.
Pali BJT“උපසඞ්කමිංසු නො භන්තෙ, පුබ්බෙ මනුස්සභූතානං පබ්බජිතා අගාරානි. තා මයං භන්තෙ, පච්චුට්ඨිම්හ, අභිවාදිම්හ, ආසනං අදම්හ, යථාසත්ති යථාබලං සංවිභජිම්හ, උපනිසීදිම්හ ධම්මසවණාය, ඔහිතසොතා ච ධම්මං සුණිම්හ, සුත්වා ච ධම්මං ධාරයිම්හ, ධතානඤ්ච ධම්මානං අත්ථං උපපරික්ඛිම්හ. අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මං පටිපජ්ජිම්හ. තා මයං භන්තෙ, පරිපුණ්ණකම්මන්තා අවිප්පටිසාරිනියො අපච්ඡානුතාපිනියො පණීතං කායං උපපන්නා”ති.
Sinhala BJT“වහන්ස, පෙර මිනිස් බවට පැමිණියා වූ ම අපගේ නිවෙස් කරා පැවිද්දෝ එළැඹියහ. වහන්ස, ඒ අපි උවටන් කළම් හ. වන්‍දනා කළම්හ. අසුන් දුනුම්හ. යථාශක්තියෙන් යථාබලයෙන් දාන සංවිභාග කළම්හ. දහම් ඇසුමට වෙත හුනුම්හ. යොමු කළ කන් ඇත්තමෝ දහමුදු ඇසුම්හ. අසා දහමුදු දැරුම්හ. දැරූ දහමුන්ගේ අරුත් පිරික්සුම්හ. අරුත් දැන පෙළ දම් දැන ධර්‍මානුධර්‍මය පිළිපැදියම්හ. වහන්ස, ඒ අපි පරිපූර්‍ණ කර්‍මාන්ත ඇත්තමෝ විපිළිසර නො වූමෝ නො පසු තැවෙන්නමෝ ප්‍රණීත කායයට පැමිණියම්හ”යි.
Pali BJTඑතානි භික්ඛවෙ, රුක්ඛමූලානි එතානි සුඤ්ඤාගාරානි ඣායථ භික්ඛවෙ, මා පමාදත්ථ, මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ, සෙය්යථාපි තා පුරිමිකා දෙවතාති.
Sinhala BJTමහණෙනි, තෙල රුක් මුල් ය, තෙල ශූන්‍යාගාර ය, මහණෙනි, ධ්‍යාන කරවු, පමා නො වවු, තෙල පළමු දේවතාවන් සෙයින් පසු නහමක් විපිළිසර වවු යි.
Pali BJT9. 1. 2. 10.
Sinhala BJT9. 1. 2. 10.
Pali BJTවෙලාම සුත්තං
Sinhala BJTවේලාම සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ, අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අනාථපිණ්ඩිකං ගහපතිං භගවා එතදවොච:
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ අරම්හි වසනසේක. එකල්හි අනේපිඬු ගැහැවි භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස්ව හින, එකත් පස්ව හුන් අනේපිඬු ගැහැවි හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJTඅපි නු තෙ ගහපති, කුලෙ දානං දීයතීති? දීයති මෙ භන්තෙ, කුලෙ දානං, තඤ්ච ඛො ලූඛං කණාකං බිලඞ්ගදුතියන්ති.
Sinhala BJTගැහැවිය, තාගේ කුලයෙහි දන් දෙනු ලැබේ දැයි. “වහන්ස, මාගේ කුලයෙහි දන් දෙනු ලැබේ. හෙද වනාහි රූක්‍ෂ වූ කාඩි දිය දෙවනු කොට ඇති නිවුඩු බතෙකැ”යි.
Pali BJTලූඛඤ්චෙපි{1} ගහපති, දානං දෙති පණීතං වා, තඤ්ච අසක්කච්චං දෙති, අචිත්තීකත්වා{2} දෙති, අසහත්ථා දෙති, අපවිද්ධං{3} දෙති, අනාගමනදිට්ඨිකො දෙති. යත්ථ යත්ථ තස්ස තස්ස දානස්ස විපාකො නිබ්බත්තති, න උළාරාය භත්තභොගාය චිත්තං නමති, න උළාරාය වත්ථභොගාය චිත්තං නමති, න උළාරාය යානභොගාය චිත්තං නමති,න උළාරෙසු පඤ්චසු කාමගුණෙසු භොගාය චිත්තං නමති. යෙපිස්ස තෙ හොන්ති පුත්තාති වා දාරාති වා දාසාති වා පෙස්සාති වා කම්මකරාති වා, තෙපි න සුස්සූසන්ති, න සොතං ඔදාහන්ති, න අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති. තං කිස්සහෙතු: එවං හෙතං{4} ගහපති, හොති අසක්කච්චකතානං{5} කම්මානං විපාකො.
Sinhala BJTගැහැවිය, රූක්‍ෂ වේව යි ප්‍රණීත වේව යි දන් දේ නම් හෙද නොසකස් කොට දේ නම් අගරු කොට දේ නම් සියතින් නො දේ නම් නිරතුරු කොට නො දේ නම් කම්පල සඳහා නො දේ නම් යම් යම් ම තැනෙක ඒ ඒ දානයාගේ විපාක පහළ වේ ද උදාර භක්තානුභවය පිණිස ඔහු සිත නො නැමෙයි. උදාර වස්ත්‍රභෝගය පිණිස ඔහු සිත නො නැමෙයි. උදාර යානභෝගය පිණිස ඔහු සිත නො නැමෙයි. උදාර පස්කම්හි ගුණෙහි භොගය පිණිස සිත නො නැමෙයි. ඔහුගේ පුත්‍රයහ කියා වේවයි අඹුහු කියා වේව යි දස්හ කියා වේව යි, ප්‍රෙෂ්‍යයහ (මෙහෙකරු වහල්ලු) කියා වේව යි, කම්කරුහ කියා වේව යි යම් ඒ කෙනෙක් වෙත් නම් උහුත් වදන් අසනු නො කැමැති වෙත්, සවන් නො දෙත්, දැනුමට සිත නො එළවත්, එ කවර හෙයිනැ: ගැහැවිය, නො සකස් කොට කළ කර්‍මයන්ගේ විපාකය එබඳු වේ ද එහෙයිනි.
Pali BJTලූඛඤ්චෙපි ගහපති, දානං දෙති, පණීතං වා. තඤ්ච සක්කච්චං දෙති, චිත්තීකත්වා දෙති, සහත්ථා දෙති, අනපවිද්ධං දෙති, ආගමනදිට්ඨිකො දෙති. යත්ථ යත්ථ තස්ස තස්ස දානස්ස විපාකො නිබ්බත්තති, උළාරාය භත්තභොගාය චිත්තං නමති. උළාරාය වත්ථභොගාය චිත්තං නමති. උළාරාය යානභොගාය චිත්තං නමති. උළාරෙසු පඤ්චසු කාමගුණෙසු භොගාය චිත්තං නමති. යෙපිස්ස තෙ හොන්ති පුත්තාති වා දාරාති වා දාසාති වා පෙස්සාති වා කම්මකරාති වා තෙපි සුස්සූසන්ති සොතං ඔදහන්ති, අඤ්ඤාය චිත්තං උපට්ඨපෙන්ති. තං කිස්ස හෙතු: එවං හෙතං ගහපති, හොති සක්කච්චකතානං{1} කම්මානං විපාකො.
Sinhala BJTගැහැවිය, රූක්‍ෂ වේවයි ප්‍රණීත වේවයි දන් දේ නම් එ ද සකසා දේ නම් ගරු කොට දේ නම් සියතින් දේ නම් නිරතුරු කොට දේ නම් කම්පල හදහා දේ නම් යම් යම් තැනෙක ඒ ඒ දානයාගේ විපාක පහළ වේ ද, උදාර භක්තභෝගය පිණිස සිත නැමෙයි. උදාර වස්ත්‍රභෝගය පිණිස සිත නැමෙයි. උදාර යානභෝගය පිණිස සිත නැමෙයි. උදාර පස්කම්ගුණෙහි භොගයට සිත නැමේ. ඔහුගේ පුත්‍රයහ කියා වේව යි අඹුහ කියා වේව යි, දස්හ කියා වේව යි ප්‍රෙෂ්‍යයහ කියා වේව යි කම්කරුහ කියා වේවයි යම් ඒ කෙනෙක් වෙත් නම් ඔහු ද අසනු කැමැති වෙත්. සවන් දෙත්. දැනුමට සිත් එළවත්. එහෙයිනැ: කවර ගැහැවිය, සකස් කොට කළ කර්‍මයන්ගේ විපාකය එබඳු වේද එහෙයිනි.
Pali BJTභූතපුබ්බං ගහපති, වෙලාමො නාම බ්රාහ්මණො අහොසි. සො එවරූපං දානං අදාසි මහාදානං: චතුරාසීතිසුවණ්ණපාතිසහස්සානි අදාසි රූපිය පූරානි. චතුරාසීති රූපියපාතිසහස්සානි අදාසි සුවණ්ණපූරානි, චතුරාසීති කංසපාතිසහස්සානි අදාසි හිරඤ්ඤපූරානි, චතුරාසීති හත්ථිසහස්සානි අදාසි සොවණ්ණාලඞ්කාරානි සොවණ්ණධජානි හෙමජාලසඤ්ඡන්නානි. චතුරාසීතිරථසහස්සානි අදාසි සීහචම්මපරිවාරානි ව්යග්ඝචම්මපරිවාරානි දීපිචම්මපරිවාරානි පණ්ඩුකම්බලපරිවාරානි සොවණ්ණාලඞ්කාරානි සොවණ්ණධජානි හෙමජාලසඤ්ඡන්නානි{2}. චතුරාසීති ධෙනුසහස්සානි අදාසි දුකූලසන්දස්සනානි{3} කංසූපධාරණානි, චතුරාසීතිකඤ්ඤාසහස්සානි අදාසි ආමුක්තමණිකුණ්ඩලායො.{4} චතුරාසීතිපල්ලඞ්කසහස්සානි අදාසි ගොණකත්ථතානි පටිකත්ථතානි පටලිකත්ථතානි කාදලිමිගපවරපච්චත්ථරණානි{5} සඋත්තරච්ඡාදානි උභතො ලොහිතකූපධානානි. චතුරාසීති වත්ථකොටිසහස්සානි අදාසි ඛොමසුඛුමානං කොසෙය්යසුඛුමානං කම්බලසුඛුමානං කප්පාසිකසුඛුමානං. කො පන වාදො අන්නස්ස පානස්ස බජ්ජස්ස භොජ්ජස්ස ලෙය්යස්ස පෙය්යස්ස? නජ්ජො මඤ්ඤෙ විස්සන්දන්ති{6}.
Sinhala BJTගැහැවිය, පෙරවූවක් කියමි. වේලාම නම් බමුණෙක් වී ය. හේ මෙ බඳු මහාදාන නම් දනක් දින: රිදියෙන් පිරූ සුවාසූ දහසක් රන්මුවා පා දින. රනින් පිරූ සුවාසූ දහසක් රිදීමුවා පා දින. අමුරනින් පිරූ සුවාසූ දහසක් කස්ලෝපා දින. ස්වර්‍ණාලඞ්කාර ඇති රන් දද ඇති රන් රසු දැලින් ගැවසුණු සුවාසූ දහසක් ඇතුන් දින. සිහසම් අතුළ, වගසම් අතුළ, දිවිසම් අතුළ, පඬු ඇඹුල් අතුළ රන්ලකර ඇති රන් දද ඇති රන්රසු දැලින් ගැවසුණු සුවාසූ දහසක් රිය දින. දුහුල් අතුළ කස්ලෝ කොසු ඇති සුවාසූ දහසක් දෙනුන් දින. මිණි කොඬොල් පැළඳි සුවාසූ දහසක් කන්‍යාවන් දින. කොඳුපලස් අතුළ සුදු ඇතිරි අතුළ ඝනපුප් එළුලොම් ඇතිරි අතුළ කෙසෙල් මුව සමින් කළ උතුම් පසතුරුණු ඇති උඩුවියන් සහිත දෙපස තැබූ කණ්වයින් ඇති සුවාසූ දහසක් පළඟ දින. සියුම් කොමු පිළිය, සියුම් කෝසෙය්‍ය පිළිය, සියුම් කම්බිලිය, සියුම් කපුපිළිය යන කෙළ සුවාසූ දහසක් වස්ත්‍ර දින. අන්නපාන ඛාද්‍ය භෝජ්‍ය ලෙහ්‍ය පෙය පිළිබඳ කවර කථා ය? නදීන් මෙන් ගලති.
Pali BJTසියා ඛො පන තෙ ගහපති එවමස්ස “අඤ්ඤො නූන තෙන සමයෙන වෙලාමො බ්රාහ්මණො අහොසි. සො තං දානං අදාසි මහාදානන්ති න ඛො පනෙතං ගහපති, එවං දට්ඨබ්බං, අහං තෙන සමයෙන වෙලාමො බ්රාහ්මණො අහොසිං, අහං තං දානං අදාසිං මහාදානං.
Sinhala BJTගැහැවිය, තට මෙ බඳු සිතෙක් වන්නේ ම ය: එසමයෙහි වේලාම බමුණු අනිකෙක් ම විය. හේ මහාදාන නම් ඒ දන දින” යි, ගැහැවිය, තෙල මෙසේ නො දත යුතු: එසමයෙහි මම වේලාම බ්‍රාහ්මණ වීමි, මහාදාන නම් වූ ඒ දන මම දිනිමි.
Pali BJTතස්මිං ඛො පන ගහපති, දානෙ න කොචි දක්ඛිණෙය්යො අහොසි. න තං කොචි දක්ඛිණං විසොධෙති. යං ගහපති, වෙලාමො බ්රාහ්මණො දානං අදාසි මහාදානං. යො චෙකං දිට්ඨිසම්පන්නං භොජෙය්ය, ඉදං තතො මහප්ඵලතරං.
Sinhala BJTගැහැවිය, ඒ දානයෙහි දක්‍ෂිණාර්‍හ කිසිවෙක් නො වීය. කිසිවෙක් ඒ දක්‍ෂිණාව පිරිසිදු නො කෙළේ ය. ගැහැවිය වේලාම බමුණු මහාදාන නම් යම් දනක් දිනී ද, යමෙකුත් එක් දිට්ඨිසම්පන්න (සෝතාපන්න) යකු වළඳවා ද, මෙය එයට මහත්ඵලතරයි.
Pali BJTයඤ්ච ගහපති වෙලාමො බ්රාහ්මණො දානං අදාසි මහාදානං, යො ච සතං දිට්ඨිසම්පන්නානං භොජෙය්ය, යො චෙකං සකදාගාමිං භොජෙය්ය, ඉදං තතො මහප්ඵලතරං.
Sinhala BJTගැහැවිය, වේලාම බමුණු මහාදාන නම් යම් දනක් දිනි ද, යමෙක් දිට්ඨිසම්පන්නයන් සියයක් වළඳවා ද, යමෙකුත් එක් සකෘදාගාමි පුඟුලකු වළඳවා නම් මෙය එයට මහත්ඵලතර යි.
Pali BJTයඤ්ච ගහපති වෙලාමො බ්රාහ්මණො දානං අදාසි මහාදානං, යො ච සතං සකදාගාමීනං භොජෙය්ය, යො චෙකං අනාගාමිං භොජෙය්ය, -පෙ- යො ච සතං අනාගාමීනං භොජෙය්ය, යො චෙකං අරහන්තං භොජෙය්ය -පෙ- යො ච සතං අරහන්තානං භොජෙය්ය, යො චෙකං පච්චෙකබුද්ධං භොජෙය්ය -පෙ- යො ච සතං පච්චෙකබුද්ධානං භොජෙය්ය, යො ච තථාගතං අරහන්තං සම්මාසම්බුද්ධං භොජෙය්ය -පෙයො ච බුද්ධපමුඛං{1} භික්ඛුසඞ්ඝං භොජෙය්ය -පෙ- යො ච චාතුද්දිසං සඞ්ඝං උද්දිස්ස විහාරං කාරාපෙය්ය -පෙ- යො ච පසන්නචිත්තො බුද්ධඤ්ච ධම්මඤ්ච සඞ්ඝඤ්ච සරණං ගච්ඡෙය්ය -පෙ- යො ච පසන්නචිත්තො සික්ඛාපදානි සමාදියෙය්ය පාණාතිපාතා වෙරමණිං, අදින්නාදානා වෙරමණිං, කාමෙසුමිච්ඡාචාරා වෙරමණිං, මුසාවාදා වෙරමණිං, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණිං. යො ච අන්තමසො ගන්ධූහනමත්තම්පි{2} මෙත්තචිත්තං භාවෙය්ය, ඉදං තතො මහප්ඵලතරං.
Sinhala BJTගැහැවිය, වේලාම බමුණු මහාදාන නම් යම් දනක් දිනි නම් යමෙකුත් සකෘදාගාමින් සියයක් වළඳවා නම් ... යමෙකුත් එක් අනාගාමියකු වළඳවා නම් … යමෙකුත් සියක් අනාගාමීන් වළඳවා නම් … එක් රහතකු වළඳවා නම් … යමෙකුත් සියක් රහතුන් වළඳවා නම් … යමෙකුත් එක් පසේ බුදු කෙනකුන් වළඳවා නම් … යමෙකුත් සියක් පසේ බුදු කෙනෙකුන් වළඳවා නම් … යමෙකුත් තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වළඳවා නම් … යමෙකුත් බුදුපාමොක් බික්සඟන වළඳවා නම් … යමෙකුත් සිවුදිගින් වඩනා සඟුන් උදෙසා, වෙහෙරක් කරවා නම් … යමෙකුත් පහන් සිතැතියේ බුදුන් දහම් සඟුන් සරණ යේ නම් ... යමෙකුත් පහන් සිතැතියේ පණිවායෙන් දුරුවීම ය, අයිනාදනින් දුරු වීම ය, කාමයන්හි මිසහසරින් දුරුවීම ය, මුසවායෙන් දුරුවීම ය, මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වීම ය යන සිකපද සමාදන් වේ නම් … යමෙකුත් යටත්පිරිසෙයින් ගඳ සුඹුනා පමණ කලක් මෙත්සිත වඩා නම් මෙය එයට මහත්ඵලතර යි.
Pali BJTයඤ්ච ගහපති වෙලාමො බ්රාහ්මණො දානං අදාසි මහාදානං, යො චෙකං දිට්ඨිසම්පන්නං භොජෙය්ය, යො ච සතං දිට්ඨිසම්පන්නානං භොජෙය්ය, යො චෙකං සකදාගාමිං භොජෙය්ය, යො ච සතං සකදාගාමීනං භොජෙය්ය, යො චෙකං අනාගාමිං භොජෙය්ය, යො ච සතං අනාගාමීනං භොජෙය්ය, යො චෙකං අරහන්තං භොජෙය්ය, යො ච සතං අරහන්තානං භොජෙය්ය, යො චෙකං පච්චෙකබුද්ධං භොජෙය්ය, යො ච සතං පච්චෙකබුද්ධානං භොජෙය්ය. යො ච තථාගතං අරහන්තං සම්මාසම්බුද්ධං භොජෙය්ය, යො ච බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං භොජෙය්ය, යො ච චාතුද්දිසං සඞ්ඝං උද්දිස්ස විහාරං කාරාපෙය්ය, යො ච පසන්නචිත්තො බුද්ධඤ්ච ධම්මඤ්ච සඞ්ඝඤ්ච සරණං ගච්ඡෙය්ය, යො ච පසන්නචිත්තො සික්ඛාපදානි සමාදියෙය්ය පාණාතිපාතා වෙරමණී -පෙ- සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණී. යො ච අන්තමසො ගන්ධූහනමත්තම්පි මෙත්තචිත්තං භාවෙය්ය, යො ච අච්ඡරාසඞ්ඝාතමත්තම්පි අනිච්චසඤ්ඤං භාවෙය්ය ඉදං තතො මහප්ඵලතරන්ති.
Sinhala BJTගැහැවිය, වේලාම බමුණු මහාදාන නම් යම් දනක් දිනි නම් යමෙකුත් දිට්ඨිසම්පන්නයකු වළඳවා නම්, යමෙකුත් සියක් දිට්ඨිසම්පන්නයන් වළඳවා නම්, යමෙකුත් එක් සකෘදාගාමියකු වළඳවා නම්, යමෙකුත් සියක් සකෘදාගාමීන් වළඳවා නම්, යමෙකුත් එක් අනාගාමියකු වළඳවා නම්, යමෙකුත් සියක් අනාගාමීන් වළඳවා නම්, යමෙකුත් එක් රහතකු වළඳවා නම්, යමෙකුත් සියක් රහතුන් වළඳවා නම්, යමෙකුත් එක් පසේ බුදු කෙනෙකුන් වළඳවා නම්, යමෙකුත් සියක් පසේබුදුකෙනෙකුන් වළඳවා නම්, යමෙකුත් තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වළඳවා නම්, යමෙකුත් බුදුපාමොක් බික්සඟුන් වළඳවා නම්, යමෙකුත් සිවුදිග්හි සඟුන් උදෙසා වෙහෙරක් කරවා නම්, යමෙකුත් පහන් සිතැතියේ බුදුන් දහම් සඟුන් සරණ යේ නම්, යමෙකුත් පහන් සිතැතියේ පණිවායෙන් දුරුවීම ය … මඳ පමා දෙකට කරුණු රහමෙරින් දුරුවීමය යන සිකපද සමාදන් වේ නම්, යමෙකුත් යටත් පිරිසෙයින් ගඳ සුඹුනා පමණ කලකුත් මෙත් සිත් වඩා නම් යමෙකුත් අසුරුසන් ගසන පමණ කලකුත් අනිත්‍ය සංඥා වඩා නම් මේ එයට මහත්ඵලතර යි.
Pali BJTසීහනාදවග්ගො දුතියො
Sinhala BJTදෙවැනි සීහනාද වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTනාදො{3} ස උපාදිසෙසො ච කොට්ඨිතෙන සමිද්ධිනා ගණ්ඩසඤ්ඤා කුලං මෙත්තා දෙවතා වෙලාමෙනචාති
Sinhala BJTසීහනාදය, සෝපාදිසේසය, කොට්ඨිතය, සමිද්ධිය, ගණ්ඩය, සඤ්ඤාය, කුලය, මෙත්තාය, දේවතාය, වේලාම ය යි, දස සූත්‍ර යි.
Pali BJT3. සත්තාවාසවග්ගො
Sinhala BJT3. සත්තාවාස වර්‍ගය
Pali BJT9. 1. 3. 1.
Sinhala BJT9. 1. 3. 1.
Pali BJTඨාන සුත්තං
Sinhala BJTඨාන සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTතීහි භික්ඛවෙ, ඨානෙහි උත්තරකුරුකා මනුස්සා දෙවෙ ච තාවතිංසෙ අධිගණ්හන්ති{1} ජම්බුදීපිකෙ ච මනුස්සෙ. කතමෙහි තීහි:
Sinhala BJTමහණෙනි, කරුණු තුනෙකින් උතුරුකුරු දිවයින් වැසි මිනිස්සු තව්තිසා වැසි දෙවියන් ද දඹදිව් වැසි මිනිසුන් ද මැඩ සිටුනාහ (විශිෂ්ට වෙති) කවර තුනෙකින් යත්:
Pali BJTඅමමා අපරිග්ගහා, නියතායුකා, විසෙසභුනො.{1} ඉමෙහි ඛො භික්ඛවෙ, තීහි ඨානෙහි උත්තරකුරුකා මනුස්සා දෙවෙ ච තාවතිංසෙ අධිගණ්හන්ති ජම්බුදීපිකෙ ච මනුස්සෙ.
Sinhala BJTමමත්‍වය නැතියාහු පරිග්‍රහ රහිතයහ, නියතගති හා ආයු හා ඇතියහ, වෙසෙස් වැඩුම් ඇතියහ. මහණෙනි, මේ තෙකරුණින් උතුරුකුරු දිවයින් වැසි මිනිස්සු තව්තිසා වැසි දෙවියනුදු දඹදිව්වැසි මිනිසුනුදු මැඩ සිටුනාහ.
Pali BJTතීහි භික්ඛවෙ, ඨානෙහි දෙවා තාවතිංසා උත්තරකුරුකෙ ච මනුස්සෙ අධිගණ්හන්ති ජම්බුදීපිකෙ ච මනුස්සෙ. කතමෙහි තීහි:
Sinhala BJTමහණෙනි, කරුණු තුනෙකින් තව්තිසා වැසි දෙවියෝ උතුරුකුරු දිවයින් වැසි මිනිසුනුදු දඹදිව්වැසි මිනිසුනුදු මැඩ සිටුනාහ. කවර තුනෙකින් ද යත්:
Pali BJTදිබ්බෙන ආයුනා, දිබ්බෙන වණ්ණෙන, දිබ්බෙන සුඛෙන. ඉමෙහි ඛො භික්ඛවෙ, තීහි ඨානෙහි දෙවා තාවතිංසා උත්තරකුරුකෙ ච මනුස්සෙ අධිගණ්හන්ති ජම්බුදීපිකෙ ච මනුස්සෙ.
Sinhala BJTදිව්‍ය ආයුෂයෙන, දිව්‍ය වර්‍ණයෙන, දිව්‍ය සුඛයෙනැ. මහණෙනි, මේ තෙකරුණින් තව්තිසා වැසි දෙවියෝ උතුරුකුරු දිවයින් වැසි මිනිසුනුදු දඹදිව්වැසි මිනිසුනුදු මැඩ සිටුනාහ.
Pali BJTතීහි භික්ඛවෙ, ඨානෙහි ජම්බුදිපිකා මනුස්සා උත්තරකුරුකෙ ච මනුස්සෙ අධිගණ්හන්ති දෙවෙ ච තාවතිංසෙ. කතමෙහි තීහි:
Sinhala BJTමහණෙනි, තෙකරුණෙකින් දඹදිව්වැසි මිනිස්සු උතුරුකුරු දිවයින් වැසි මිනිසුනුදු තව්තිසා වැසි දෙවියනුදු මැඩ සිටුනාහ. කවර තුනකින යත්:
Pali BJTසූරා, සතිමන්තො, ඉධ බ්රහ්මචරියවාසො. ඉමෙහි ඛො භික්ඛවෙ, තීහි ඨානෙහි ජම්බුදීපිකා මනුස්සා උත්තරකුරුකෙ ච මනුස්සෙ අධිගණ්හන්ති දෙවෙ ච තාවතිංසෙති.
Sinhala BJTශූරයහ, ස්මෘතිමත් හ, මේ අත්බව්හි බඹසර විසුම ය. මහණෙනි, මේ තෙකරුණින් දඹදිව් වැසි මිනිස්සු උතුරුකුරු දිවයින් වැසි මිනිසුනුදු තව්තිසා වැසි දෙවියනුදු මැඩ සිටුනාහ.
Pali BJT9. 1. 3. 2.
Sinhala BJT9. 1. 3. 2.
Pali BJTඛලුඞ්ක සුත්තං
Sinhala BJTඛලුඞ්කෝපම සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTතයො ච භික්ඛවෙ, අස්සඛලුඞ්කෙ දෙසිස්සාමි තයො ච පුරිසඛලුඞ්කෙ, තයො ච අස්සසදස්සෙ{2} තයො ච පුරිසසදස්සෙ{3} තයො ච භද්රෙ{4} අස්සාජානීයො තයො ච භද්රෙ පුරිසාජානීයෙ. තං සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස්සාමීති.
Sinhala BJT‘මහණෙනි, තුන් අස්කුංඩයනුදු තුන් මිනිස් කුංඩයනුදු තුන් අභිජාත අශ්වයනුදු තුන් භද්‍ර අශ්වාජානේයනුදු තුන් භද්‍රපුරුෂාභිජානේයයනුදු දෙසමි. ඒ අසවු, මොනවට මෙනෙහි කරවු, දෙසමී’ යි.
Pali BJTඑවං භන්තෙති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං භගවා එතදවොච:
Sinhala BJT‘එසේ ය වහන්සැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවත්හු තෙල වදාළහ:
Pali BJTකතමෙ ච භික්ඛවෙ, තයො අස්සඛලුඞ්කා:
Sinhala BJTමහණෙනි, තුන් අස්කුංඩයෝ කවරහ යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො අස්සඛලුඞ්කො ජවසම්පන්නො ච හොති, න වණ්ණසම්පන්නො, න ආරොහපරිණාහ සම්පන්නො.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි එක් අස්කුංඩයෙක් ජවසම්පන්න වෙයි, වර්‍ණසම්පන්න නො වෙයි, ආරෝහපරිණාහ සම්පන්න නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො අස්සඛලුඞ්කො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච න ආරොහපරිණාහ සම්පන්නො.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි එක් අස්කුංඩයෙක් ජවසම්පන්න ද වෙයි, වර්‍ණසම්පන්න ද වෙයි, ආරෝහපරිණාහ සම්පන්න නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො අස්සඛලුඞ්කො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච ආරොහපරිණාහසම්පන්නො ච. ඉමෙ ඛො භික්ඛවෙ තයො අස්සඛලුඞ්කා.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි එක් අස්කුංඩයෙක් ජවසම්පන්න ද වෙයි, වර්‍ණසම්පන්න ද වෙයි, ආරෝහපරිණාහසම්පන්න ද වේ. මහණෙනි, මේ අස් කුංඩයෝ තුන්දෙන ය.
Pali BJTකතමෙ ච භික්ඛවෙ, තයො පුරිසඛලුඞ්කා:
Sinhala BJTමහණෙනි, මිනිස් කුංඩයෝ තිදෙන කවරහ යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො පුරිසඛලුඞ්කො ජවසම්පන්නො හොති න වණ්ණසම්පන්නො හොති, න ආරොහපරිණාහ සම්පන්නො.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි එක් මිනිස් කුංඩයෙක් ජවසම්පන්න වෙයි, වර්‍ණසම්පන්න නො වෙයි, ආරෝහපරිණාහ සම්පන්න නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො පුරිසඛලුඞ්කො ජවසම්පන්නො ච හොති, වණ්ණසම්පන්නො ච, න ආරොහපරිණාහ සම්පන්නො.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි එක් මිනිස් කුංඩයෙක් ජවසම්පන්න ද වෙයි, වර්‍ණසම්පන්න ද වෙයි, ආරෝහපරිණාහසම්පන්න නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො පුරිසඛලුඞ්කො ජවසම්පන්නො ච හොති, වණ්ණසම්පන්නො ච, ආරොහපරිණාහ සම්පන්නො ච.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි එක් මිනිස් කුංඩයෙක් ජවසම්පන්න ද වෙයි, වර්‍ණසම්පන්න ද වෙයි, ආරෝහපරිණාහසම්පන්න ද වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, පුරිසඛලුඞ්කො, ජවසම්පන්නො හොති න වණ්ණසම්පන්නො, න ආරොහපරිණාහ සම්පන්නො:
Sinhala BJTමහණෙනි, මිනිස් කුංඩයා කෙසේ ජවසම්පන්න වේද, වර්‍ණසම්පන්න නො වේද, ආරෝහපරිණාහ සම්පන්න නො වේද යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛසමුදයො’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරොධො’ ති යථාභූතං පජානාති ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ ති යථාභූතං පජානාති. ඉදමස්ස ජවස්මිං වදාමි. අභිධම්මෙ ඛො පන අභිවිනයෙ පඤ්හං පුට්ඨො සංසාදෙති, නො විස්සජ්ජෙති, ඉදමස්ස න වණ්ණස්මිං වදාමි. න ඛො පන ලාභී හොති චීවර පිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං, ඉදමස්ස න ආරොහපරිණාහස්මිං වදාමි. එවං ඛො භික්ඛවෙ, පුරිසඛලුඞ්කො ජවසම්පන්නො හොති න වණ්ණසම්පන්නො, න ආරොහපරිණාහ සම්පන්නො.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ ‘මේ දුකැ’යි යථාභූත කොට (ඇති සැටියෙන්) දනී. ‘මේ දුක්ඛසමුදය’යි යථාභූතය දනී. ‘මේ දුක්ඛනිරෝධය’යි යථාභූත කොට දනී. ‘මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදා’යි යථාභූත කොට දනී. මේ ඔහුගේ ජවයෙහි ලා කියමි. අභිධර්‍මවිෂයෙහි අභිවිනය විෂයෙහි පැණ පුළුවුස්නා ලදුයේ (කථාව) හිඳුවයි. විසර්‍ජනා නො කෙරෙයි. මේ ඔහුගේ අවර්‍ණයයි කියමි. සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර නො ලබනසුලු වෙයි. මෙය ඔහුගේ අනාරෝහපරිණාහයි කියමි. මහණෙනි, මෙසේ මිනිස් කුංඩයා ජවසම්පන්න වෙයි. වර්‍ණසම්පන්න නො වෙයි. ආරෝහපරිණාහ සම්පන්න නො වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, පුරිසඛලුඞ්කො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච, න ආරොහපරිණාහ සම්පන්නො:
Sinhala BJTමහණෙනි, කෙසේ මිනිස් කුංඩයා ජවසම්පන්නත් වර්‍ණසම්පන්නත් වේ ද, ආරෝහපරිණාහසම්පන්න නො වේ ද:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛසමුදයො’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරොධො’ ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති. ඉදමස්ස ජවස්මිං වදාමි. අභිධම්මෙ ඛො පන අභිවිනයෙ පඤ්හං පුට්ඨො විස්සජ්ජෙති නො සංසාදෙති. ඉදමස්ස වණ්ණස්මිං වදාමි. න ඛො පන ලාභී හොති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං, ඉදමස්ස න ආරොහපරිණාහස්මිං වදාමි. එවං ඛො භික්ඛවෙ, පුරිසඛලුඞ්කො ජවසම්පන්නො ච හොති න වණ්ණසම්පන්නො ච, න ආරොහපරිණාහ සම්පන්නො.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ ‘මෙ දුකැ’යි යථාභූත කොට දන්නේ ය, ‘මේ දුක්ඛසමුදය’යි යථාභූත කොට දන්නේය, ‘මේ දුක්ඛ නිරෝධය’යි යථාභූත කොට දන්නේය, මේ ‘දුක්ඛ නිරොධගාමිනී ප්‍රතිපදා’යි යථාභූත කොට දන්නේය. මේ ඔහුගේ ජවයයි කියමි. අභිධර්‍ම විෂයෙහි අභිවිනය විෂයෙහි පැණ පුළුවුස්නා ලදුයේ විසර්‍ජනා කෙරෙයි. අවසාදනා නො කෙරෙයි. මේ ඔහුගේ වර්‍ණයයි කියමි. සිදුරු පිඬුවා සෙනුස් ගිලන්පස බෙහෙත් පිරිකර නො ලබන සුලු වෙයි. මේ ඔහුගේ අනාරෝහපරිණාහයයි කියමි. මහණෙනි, මෙසේ මිනිස් කුංඩයා ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහ සම්පන්න නො වේ.
Pali BJTකතඤ්ච භික්ඛවෙ, පුරිසඛලුඞ්කො ජව සම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච ආරොහපරිණාහ සම්පන්නො ච:
Sinhala BJTමහණෙනි, මිනිස් කුංඩයා කෙසේ ජවසම්පන්න වේ ද, වර්‍ණසම්පන්න වේ ද, ආරෝහපරිණාහසම්පන්න වේ ද යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති, ඉදමස්ස ජවස්මිං වදාමි. අභිධම්මෙ ඛො පන අභිවිනයෙ පඤ්හං පුට්ඨො විස්සජ්ජෙති, නො සංසාදෙති. ඉදමස්ස වණ්ණස්මිං වදාමි. ලාභී ඛො පන හොති චීවර පිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං, ඉදමස්ස ආරොහපරිණාහස්මිං වදාමි. එවං ඛො භික්ඛවෙ, පුරිසඛලුඞ්කො ජවසම්පන්නො ච හොති, වණ්ණසම්පන්නො ච ආරොහපරිණාහ සම්පන්නො ච. ඉමෙ ඛො භික්ඛවෙ, තයො පුරිසඛලුඞ්කා.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ, ‘මේ දුකැ’යි යථාභූත කොට දන්නේ ය … ‘මේ දුක්ඛ නිරොධගාමිනී ප්‍රතිපදා’යි යථාභූත කොට දන්නේය. මේ ඔහුගේ ජවයයි කියමි. අභිධර්‍මයෙහි අභිවිනයෙහි පැණ පුළුවුස්නා ලදුයේ විසර්‍ජනා කෙරෙයි (කථාව) නො හිඳුවයි. මේ ඔහුගේ වර්‍ණයයි කියමි. සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබනසුලු වෙයි. මේ ඔහුගේ ආරෝහපරිණාහයයි කියමි. මහණෙනි, මෙසේ මිනිස් පොව්වා ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහසම්පන්න ද වෙයි. මහණෙනි, මේ මිනිස් කුංඩයෝ තිදෙන ය.
Pali BJTකතමෙ ච භික්ඛවෙ, තයො අස්සසදස්සා{1}
Sinhala BJTමහණෙනි, අභිජාතාශ්වයෝ තිදෙන කවරහ යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො අස්සසදස්සො -පෙ- ජවසම්පන්නො ච හොති, වණ්ණසම්පන්නො ච, ආරොහපරිණාහ සම්පන්නො ච, ඉමෙ ඛො භික්ඛවෙ තයො අස්සසදස්සා.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි එක් අභිජාත අශ්වයෙක් … ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහ සම්පන්න ද වෙයි. මහණෙනි, මේ අභිජාත අශ්වයෝ තිදෙනා යි.
Pali BJTකතමෙ ච භික්ඛවෙ, තයො පුරිස සදස්සා:
Sinhala BJTමහණෙනි, අභිජාත පුරුෂයෝ තිදෙන කවරහ යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො පුරිසසදස්සො -පෙ- ජවසම්පන්නො ච හොති, වණ්ණසම්පන්නො ච, ආරොහපරිණාහ සම්පන්නො ච.
Sinhala BJTමහණෙනි, මේ සස්නෙහි එක් අභිජාත පුරුෂයෙක් … ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහ සම්පන්න ද වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, පුරිසසදස්සො -පෙ- ජවසම්පන්නො ච හොති, වණ්ණසම්පන්නො ච, ආරොහපරිණාහ සම්පන්නොච:
Sinhala BJTමහණෙනි, කෙසේ අභිජාතපුරුෂ … ජවසම්පන්න වේද, වර්‍ණසම්පන්න වේද, ආරෝහපරිණාහ සම්පන්න වේද යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායි හොති අනාවත්තිධම්මො තස්මා ලොකා, ඉදමස්ස ජවස්මිං වදාමි. අභිධම්මෙ ඛො පන අභිවිනයෙ පඤ්හං පුට්ඨො විස්සජ්ජෙති නො සංසාදෙති, ඉදමස්ස වණ්ණස්මිං වදාමි. ලාභී ඛො පන හොති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං, ඉදමස්ස ආරොහපරිණාහස්මිං වදාමි. එවං ඛො භික්ඛවෙ, පුරිසසදස්සො ජවසම්පන්නො ච හොති, වණ්ණසම්පන්නො ච, ආරොහපරිණාහසම්පන්නො ච. ඉමෙ ඛො භික්ඛවෙ, තයො පුරිසසදස්සා.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් ඕපපාතික වෙයි. එ ලොවින් නො පෙරළෙන සැහැවි ඇතියේ එහි පිරිනිවෙන සුලු වෙයි. මේ ඔහුගේ ජවයයි කියමි. අභිධර්‍මයෙහි අභිවිනයෙහි පැන පුළුවුස්නා ලදුයේ විසර්‍ජනා කෙරෙයි. කථාව නො හිඳුවයි. මේ ඔහුගේ වර්‍ණය යි කියමි. සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබනසුලු වෙයි. මේ ඔහුගේ ආරෝහපරිණාහයයි කියමි. මහණෙනි, මෙසේ අභිජාත පුරුෂ ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහසම්පන්න ද වේ. මහණෙනි, මේ පුරුෂාභිජාතයෝ තිදෙනයහ.
Pali BJTකතමෙ ච භික්ඛවෙ, තයො භද්රා අස්සාජානීයා:
Sinhala BJTමහණෙනි, භද්‍රාශ්වාජානේයයෝ තිදෙන කවරහ යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො භද්රො අස්සාජානීයො -පෙ- ජවසම්පන්නො ච හොති, න වණ්ණසම්පන්නො ච, ආරොහපරිණාහ සම්පන්නො ච. ඉමෙ ඛො භික්ඛවෙ, තයො භද්රා අස්සාජානීයා.
Sinhala BJTමහණෙනි, මෙලොව්හි එක් භද්‍ර අශ්වාජානෙයයෙක් … ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහසම්පන්න ද වෙයි. මහණෙනි, මේ භද්‍ර අශ්වාජානේයයෝ තිදෙන යි.
Pali BJTකතමෙ ච භික්ඛවෙ, තයො භද්රා පුරිසාජානීයා:
Sinhala BJTමහණෙනි, භද්‍රපුරුෂජානේයයෝ තිදෙන කවරහ යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො භද්රො පුරිසාජානීයො -පෙ- ජවසම්පන්නො ච හොති, වණ්ණසම්පන්නො ච ආරොහපරිණාහ සම්පන්නො ච.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි එක් භද්‍ර පුරුෂාජානෙයයෙක් … ජවසම්පන්න වෙයි. වර්‍ණසම්පන්න වෙයි. ආරෝහපරිණාහසම්පන්නත් වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භද්රො පුරිසාජානීයො -පෙ- ජවසම්පන්නො ච හොති, වණ්ණසම්පන්නො ච, ආරොහපරිණාහ සම්පන්නො ච:
Sinhala BJTමහණෙනි, කෙසේ භද්‍රපුරුෂාජානේය තෙමේ ජවසම්පන්න වේ ද, වර්‍ණසම්පන්නත් වේ ද, ආරෝහපරිණාහසම්පන්නත් වේ ද යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. ඉදමස්ස ජවස්මිං වදාමි. අභිධම්මෙ ඛො පන අභිවිනයෙ පඤ්හං පුට්ඨො විස්සජ්ජෙති, නො සංසාදෙති. ඉද මස්ස වණ්ණස්මිං වදාමි, ලාභී ඛො පන හොති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං, ඉදමස්ස ආරොහපරිණාහස්මිං වදාමි.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ දැන පසක් කොට එළැඹ වෙසෙයි. මේ ඔහුගේ ජවයයි කියමි. අභිධර්‍මයෙහි අභිවිනයෙහි පැණ පුළුවුස්නාලදුයේ විසර්‍ජනා කරයි. කථාව නො හිඳුවයි. මේ ඔහුගේ වර්‍ණයයි කියමි. සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබනසුලු වෙයි. මේ ඔහුගේ ආරෝහපරිණාහයයි කියමි.
Pali BJTඑවං ඛො භික්ඛවෙ, භද්රො පුරිසාජානීයො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච ආරොහපරිණාහ සම්පන්නො ච. ඉමෙ ඛො භික්ඛවෙ, තයො භද්රා පුරිසාජානීයාති.
Sinhala BJTමහණෙනි, මෙසේ භද්‍රපුරුෂාජානේය ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහසම්පන්න ද වේ. මහණෙනි, මේ භද්‍රපුරුෂාජානේයයෝ තිදෙනාහ යි.
Pali BJT9. 1. 3. 3.
Sinhala BJT9. 1. 3. 3.
Pali BJTතණ්හා මූලක සුත්තං
Sinhala BJTතණ්හාමූලක සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTනව භික්ඛවෙ, තණ්හාමූලකෙ ධම්මෙ දෙසෙස්සාමි. තං සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස්සාමීති. එවං භන්තෙ ති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT‘මහණෙනි, තෘෂ්ණා මූලක ධර්‍ම නවය දෙසමි. අසවු, මොනවට මෙනෙහි කරවු, කියමි’ යි. ‘එසේය වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJTකතමෙ ච භික්ඛවෙ, නව තණ්හාමූලකා ධම්මා? තණ්හං පටිච්ච පරියෙසනා. පරියෙසනං පටිච්ච ලාභො, ලාභං පටිච්ච විනිච්ඡයො, විනිච්ඡයං පටිච්ච ඡන්දරාගො, ඡන්දරාගං පටිච්ච අජ්ඣොසානං, අජ්ඣොසානං පටිච්ච පරිග්ගහො, පරිග්ගහං පටිච්ච මච්ඡරියං, මච්ඡරියං පටිච්ච ආරක්ඛා, ආරක්ඛාධිකරණං දණ්ඩාදානසත්ථාදාන{1} කලහ විග්ගහ විවාදා{2} තුවංතුවපෙසුඤ්ඤමුසාවාදා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති. ඉමෙ ඛො භික්ඛවෙ, නව තණ්හාමූලකා ධම්මාති.
Sinhala BJTමහණෙනි, නව තෘෂ්ණාමූලකධර්‍මයෝ කවරහ යත්: (වස්තු සෙවීමේ) තෘෂ්ණාව නිසා (රූපාදි අරමුණු) පර්‍ය්‍යෙෂණය, පර්‍ය්‍යෙෂණ නිසා (රූපාදි අරමුණු) ලාභය, ලාභය නිසා විනිශ්චය ය, විනිශ්චය නිසා ඡන්‍දරාග ය, ඡන්‍දරාගය නිසා (මම ය මාගේ යයි) බලවත් සනිටුහනය, බලවත් සනිටුහන නිසා (තණ්හා දිට්ඨි වශයෙන්) පරිග්‍රහකරණ ය, පරිග්‍රහකරණය නිසා මාත්සර්‍ය්‍යය, මාත්සර්‍ය්‍යය නිසා ආරක්‍ෂාය, ආරක්‍ෂා හේතුවෙන් දණ්ඩාදාන ය ශාස්ත්‍රාදාන කලහ විග්‍රහ විවාද ය තෝ තෝ යි බිණුම් පෛශුන්‍යය මුසාවාදය යන අනේක ලාමක අකුශලධර්‍මයෝ උපදනාහ. මහණෙනි, මේ නව තෘෂ්ණා මූලක ධර්‍ම යි.
Pali BJT9. 1. 3. 4.
Sinhala BJT9. 1. 3. 4.
Pali BJTසත්තාවාස සුත්තං
Sinhala BJTසත්තාවාස සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTනව ඉමෙ භික්ඛවෙ, සත්තාවාසා. කතමෙ නව:
Sinhala BJTමහණෙනි, මේ සත්ත්‍වයන් වසන තැන් නවයෙකි. කවර නවයෙක යත්:
Pali BJT1. සන්ති භික්ඛවෙ, සත්තා නානත්තකායා නානත්ත සඤ්ඤිනො සෙය්යථාපි මනුස්සා එකච්චෙ ව දෙවා එකච්චෙ ව විනිපාතිකා. අයං පඨමො සත්තාවාසො.
Sinhala BJT1. මහණෙනි නානාත්‍වකාය නානාත්‍වසංඥ සත්හු ඇත. මිනිස්හු ඇතැම් දෙවියෝ ඇතැම් විනිපාතිකයෝ යම් බඳු ද, එ මෙනි. මේ ප්‍රථම සත්‍වාවාස යි.
Pali BJT2. සන්ති භික්ඛවෙ, සත්තා නානත්තකායා එකත්තසඤ්ඤිනො සෙය්යථාපි දෙවා බ්රහ්මකායිකා පඨමාභිනිබ්බත්තා අයං දුතියො සත්තාවාසො.
Sinhala BJT2. මහණෙනි, නානාත්‍වකාය ඒකත්‍වසංඥ සත්‍වයෝ ඇත. පළමු පහළ බ්‍රහ්මකායික දෙවියෝ යම්බඳු ද, එ මෙනි. මේ ද්විතීය සත්ත්‍වාවාස යි.
Pali BJT3. සන්ති භික්ඛවෙ, සත්තා එකත්තකායා නානත්තසඤ්ඤිනො සෙය්යථාපි දෙවා ආභස්සරා. අයං තතියො සත්තාවාසො.
Sinhala BJT3. මහණෙනි, ඒකත්‍වකාය නානාත්‍වසංඥා සත්හු ඇත. ආභාස්වර දෙවියෝ යම්බඳු ද, එ මෙනි. මේ තෘතීය සත්‍වාවාස යි.
Pali BJT4. සන්ති භික්ඛවෙ, සත්තා එකත්තකායා එකත්තසඤ්ඤිනො සෙය්යථාපි දෙවා සුභකිණ්හා. අයං චතුත්ථො සත්තාවාසො.
Sinhala BJT4. මහණෙනි, ඒකත්‍වකාය ඒකත්‍වසංඥ සත්හු ඇත. ශුභකෘත්ස්න දෙවියෝ යම්බඳු ද, එ මෙනි. මේ චතුර්‍ත්‍ථ සත්ත්‍වාවාස යි.
Pali BJT5. සන්ති භික්ඛවෙ සත්තා අසඤ්ඤිනො අප්පටිසංවෙදිනො, සෙය්යථාපි දෙවා අසඤ්ඤසත්තා. අයං පඤ්චමො සත්තාවාසො.
Sinhala BJT5. මහණෙනි, ප්‍රතිසංවේදනා රහිත අසංඥසත්හු ඇත. අසංඥසත්ත්‍ව දෙවියෝ යම්බඳු ද, එ මෙනි. මේ පඤ්ච සත්ත්‍වාවාස යි.
Pali BJT6. සන්ති භික්ඛවෙ සත්තා සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ ති ආකාසානඤ්චායතනූපගා. අයං ඡට්ඨො සත්තාවාසො.
Sinhala BJT6. මහණෙනි, සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් ඉක්ම ප්‍රතිඝසංඥාවන්ගේ අස්තගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් ආකාශය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණි සත්හු ඇත. මේ ෂෂ්ඨසත්ත්‍වාවාස යි.
Pali BJT7. සන්ති භික්ඛවෙ සත්තා සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණන්ති’ විඤ්ඤාණඤ්චායතනූපගා. අයං සත්තමො සත්තාවාසො.
Sinhala BJT7. මහණෙනි, සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය සමතික්‍රමණය කොට විඥානය අනන්තය යි විඥානන්ත්‍යායතනයට පැමිණි සත්හු ඇත. මේ සප්තම සත්ත්‍වාවාස යි.
Pali BJT8. සන්ති භික්ඛවෙ සත්තා සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චි’ති ආකිඤ්චඤ්ඤායතනූපගා. අයං අට්ඨමො සත්තාවාසො.
Sinhala BJT8. මහණෙනි, සර්‍වප්‍රකාරයෙන් විඥානන්ත්‍යායතනය ඉක්මවා කිසිත් නැතැයි යන ආකිඤ්චඤ්ඤායතනයට පැමිණි සත්හු ඇත. මේ අෂ්ටම සත්ත්‍වාවාස යි.
Pali BJT9. සන්ති භික්ඛවෙ සත්තා සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපගා. අයං නවමො සත්තාවාසො.
Sinhala BJT9. මහණෙනි, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය සමතික්‍රමණය කොට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණි සත්හු ඇත. මේ නවම සත්ත්‍වාවාස යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ නව සත්තාවාසාති.
Sinhala BJTමහණෙනි, මේ නව සත්ත්‍වාවාස යි.
Pali BJT9. 1. 3. 5.
Sinhala BJT9. 1. 3. 5.
Pali BJTපඤ්ඤාපරිචිත සුත්තං
Sinhala BJTපඤ්ඤාපරිචිත සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTයතො ඛො භික්ඛවෙ භික්ඛුනො පඤ්ඤාය චිත්තං සුපරිචිතං හොති, තස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො කල්ලං වචනාය ‘ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාතී’ ති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මහණහුගේ සිත ප්‍රඥායෙන් මොනොවට (මතුමතුයෙහිත්) වැඩුණේ වේ ද, මහණෙනි, ඒ මහණහට “ජාතිය ක්‍ෂය විය, බඹසර වැස නිම වි ය, කරණී කරන ලද, අර්‍හත්ත්‍වය පිණිස අනෙකෙක් නැතැයි දනිමි” යන තෙල කියන්නට වටනේ ය.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛුනො පඤ්ඤාය චිත්තං සුපරිචිතං හොති. වීතරාගං මෙ චිත්තන්ති පඤ්ඤාය චිත්තං සුපරිචිතං හොති. වීතදොසං මෙ චිත්තන්ති පඤ්ඤාය චිත්තං සුපරිචිතං හොති, වීතමොහං මෙ චිත්තන්ති පඤ්ඤාය චිත්තං සුපරිචිතං හොති. අසාරාගධම්මං{1} මෙ චිත්තන්ති පඤ්ඤාය චිත්තං සුපරිචිතං හොති. අසන්දොසධම්මං මෙ චිත්තන්ති පඤ්ඤාය චිත්තං සුපරිචිතං හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ මහණහුගේ සිත ප්‍රඥායෙන් මොනවට (මතුමතුයෙහිත්) වැඩුණේ වේ ද? “මා සිත වීතරාගය”යි ප්‍රඥායෙන් සිත මොනවට වැඩුණේ වෙයි. “මා සිත වීතද්වේෂය”යි ප්‍රඥාවෙන් සිත මොනවට (මතුමතුයෙහිත්) වැඩුණේ වෙයි. “මා සිත වීතමෝහය”යි ප්‍රඥායෙන් සිත මොනවට (මතුමතුයෙහිත්) වැඩුණේ වෙයි. “මා සිත සංරාගස්වභාව නැතැ”යි ප්‍රඥායෙන් සිත මොනවට (මතුමතුයෙහිත්) වැඩුණේ වෙයි. “මා සිත සංදූෂණ ස්වභාව නැතැ”යි ප්‍රඥායෙන් සිත මොනවට (මතුමතුයෙහිත්) වැඩුණේ වෙයි.
Pali BJTඅසම්මොහධම්මං මෙ චිත්තන්ති පඤ්ඤාය චිත්තං සුපරිචිතං හොති අනාවත්තිධම්මං මෙ චිත්තං කාමභවායාති පඤ්ඤාය චිත්තං සුපරිචිතං හොති අනාවත්තිධම්මං මෙ චිත්තං රූපභවායාති පඤ්ඤාය චිත්තං සුපරිචිතං හොති. අනාවත්තිධම්මං මෙ චිත්තං අරූපභවායාති පඤ්ඤාය චිත්තං සුපරිචිතං හොති.
Sinhala BJT“මා සිත මෝහනස්වභාව නැතැ”යි ප්‍රඥාවෙන් සිත මොනවට වැඩුණේ වෙයි. “මා සිත කාමභවය පිණිස ආවර්‍තනස්වභාව නැතැ”යි ප්‍රඥාවෙන් සිත මොනවට (මතුමතුයෙහිත්) වැඩුණේ වෙයි. “මා සිත රූපභවය පිණිස ආවර්‍තනස්වභාව නැතැ”යි ප්‍රඥායෙන් සිත මොනවට (මතුමතුයෙහිත්) වැඩුනේ වෙයි. “මා සිත අරූපභවය පිණිස ආවර්‍තනස්වභාව නැතැ”යි ප්‍රඥායෙන් සිත මොනවට (මතුමතුයෙහිත්) වැඩුණේ වෙයි.
Pali BJTයතො ඛො භික්ඛවෙ භික්ඛුනො පඤ්ඤාය චිත්තං සුපරිචිතං හොති, තස්සෙතං භික්ඛවෙ භික්ඛුනො කල්ලං වචනාය ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාමීති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මහණහුගේ සිත ප්‍රඥායෙන් මොනවට (මතුමතුයෙහිත්) වැඩුණේ වේ ද, මහණෙනි, ඒ මහණහට “දැය ක්‍ෂය විය, බඹසර වැස නිම විය, කටයුතු කරණ ලදී. මෙ බවට කටයුතු අනෙකක් නැතැයි දනිමි” යන තෙල කියනට වටනේ යි.
Pali BJT9. 1. 3. 6.
Sinhala BJT9. 1. 3. 6.
Pali BJTසිලායූපොපම සුත්තං
Sinhala BJTසිලායූපොම සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච චන්දිකාපුත්තො{1} රාජගහෙ විහරන්ති{2} වෙළුවනෙ කලන්දකනිවාපෙ. තත්ර ඛො ආයස්මා චන්දිකාපුත්තො භික්ඛු ආමන්තෙසි: ආවුසො භික්ඛවොති. ආවුසොති ඛො තෙ භික්ඛු ආයස්මතො චන්දිකාපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා චන්දිකාපුත්තො එතදවොච: “දෙවදත්තො ආවුසො භික්ඛූනං එවං ධම්මං දෙසෙති: යතො ච{3} ඛො ආවුසො භික්ඛුනො චෙතසා චිත්තං පරිචිතං හොති{4} තස්සෙතං භික්ඛුනො කල්ලං වෙය්යාකරණාය ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාමීති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද ආයුෂ්මත් චන්‍දිකාපුත්ත තෙරණුවෝ ද රජගහනුවර වේළුවනාරාමයෙහි විහරණ කෙරෙත්. එහි දී ආයුෂ්මත් චන්‍දිකාපුත්ත තෙරණුවෝ ‘ඇවැත් මහණෙනි’යි මහණුන් ඇමතූහ. ‘ඇවැත්නි’යි ඒ මහණහු ආයුෂ්මත් චන්‍දිකාපුත්හට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් චන්‍දිකාපුත්ත තෙරණුවෝ තෙල කීහ. ඇවැත්නි, දෙව්දත් භික්‍ෂූන්ට මෙසේ දහම් දෙසයි: “ඇවැත්නි, යම් කලෙක මහණහුගේ සිතින් සිත (චිත්තාචාරපරියාය) වඩනා ලද්දේ වේ ද, එ මහණහට ජාතිය ක්‍ෂය විය, බඹසරවැස නිමවන ලද, කරණී කරනලද, මෙ රහත්බැව් පිණිස කටයුතු අනිකෙක් නැතැයි දනිමි තෙල කියනට වටිනේ”යි.
Pali BJTඅථ ඛො{5} ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං චන්දිකාපුත්තං එතදවොච: “න ඛො ආවුසො චන්දිකාපුත්ත, දෙවදත්තො භික්ඛූනං එවං ධම්මං දෙසෙති:” යතො ඛො ආවුසො භික්ඛුනො චෙතසා චිත්තං පරිචිතං හොති{3} තස්සෙතං භික්ඛුනො කල්ලං වෙය්යාකරණාය ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාමී’ ති. එවඤ්ච ඛො ආවුසො චන්දිකාපුත්ත දෙවදත්තො භික්ඛූනං ධම්මං දෙසෙති: ‘යතො ඛො ආවුසො භික්ඛුනො චෙතසා චිත්තං සුපරිචිතං හොති, තස්සෙතං භික්ඛුනො කල්ලං වෙය්යාකරණාය ‘ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාමි’ ති.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් චන්‍දිකාපුත්ත හට තෙල කීහ: “ඇවැත්නි චන්‍දිකාපුත්තය, දෙව්දත් භික්‍ෂූන්ට “ඇවැත්නි යම් කලෙක පටන් මහණහුගේ සිතින් සිත (චිත්තාචාරපරියාය) වඩනා ලද්දේ වේ ද, ඒ මහණහට දැය ක්‍ෂය විය, බඹසර වසන ලද, කරණී කරන ලද, මේ බව් පිණිස කළයුතු අනිකෙක් නැතැයි දනිමි යන තෙල කියනට වටනේ”යි, මෙසේ දහම් නො දෙසයි. ඇවැත් චන්‍ද්‍රිකාපුත්‍රය, දෙව්දත් භික්‍ෂූන්ට “ඇවැත්නි, යම් කලෙක පටන් මහණහුගේ සිතින් සිත (චිත්තාචාර පරියායයෙන්) මොනොවට මතුමත්තෙහිත් වඩනා ලද්දේ වේ ද, එ මහණහට ජාතිය ක්‍ෂය විය, බඹසර වසන ලද කරණී කරන ලද, මෙ බැව් පිණිස කටයුතු අනිකෙක් නැතැයි දනිමි යන තෙල කියනට වටනේ”යී, මෙසේ වනාහි දහම් දෙසයි.
Pali BJTදුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො ආයස්මා චන්දිකාපුත්තො භික්ඛු ආමන්තෙසි : දෙවදත්තො ආවුසො භික්ඛූනං එවං ධම්මං දෙසෙති: යතො ඛො ආවුසො භික්ඛුනො චෙතසා චිත්තං පරිචිතං හොති, තස්සෙතං භික්ඛුනො කල්ලං වෙය්යාකරණාය ‘ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාමී’ ති.
Sinhala BJTදෙවනවටත් … තෙවනවටත් ආයුෂ්මත් චන්‍ද්‍රිකාපුත්‍ර තෙරණුවෝ මහණුන් ඇමතූහ: “ඇවැත්නි, දෙව්දත් භික්‍ෂූන්ට මෙසේ දහම් දෙසයි: “ඇවැත්නි, යම් කලෙක පටන් මහණහුගේ සිතින් සිත (චිත්තාචාරපරියාය) වඩනා ලද්දේ වේ ද, ඒ මහණහට දැය ගෙවින, බඹසර වසන ලද, කරණී කරන ලද, මෙ බැව් පිණිස අනිකෙක් නැතැයි දනිමි යන තෙල කියනට වටනේ”යි.
Pali BJTතතියම්පි ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං චන්දිකාපුත්තං එතදවොච: න ඛො ආවුසො චන්දිකාපුත්ත, දෙවදත්තො භික්ඛූනං එවං ධම්මං දෙසෙති: යතො ඛො ආවුසො, භික්ඛුනො චෙතසා චිත්තං පරිචිතං හොති, තස්සෙතං භික්ඛුනො කල්ලං වෙය්යාකරණාය ඛීණාජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාමීති. එවඤ්ච ඛො ආවුසො චන්දිකාපුත්ත දෙවදත්තො භික්ඛූනං ධම්මං දෙසෙති: යතො ඛො ආවුසො භික්ඛුනො චෙතසා චිත්තං සුපරිචිතං හොති, තස්සෙතං භික්ඛුනො කල්ලං වෙය්යාකරණාය ‘ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාමී’ ති.
Sinhala BJTතෙවනවටත් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් චන්‍ද්‍රිකාපුත්‍රහට තෙල කීහ: ඇවැත් චන්‍ද්‍රිකාපුත්‍රය, දෙව්දත් භික්‍ෂූන්හට මෙසේ නහමක් දහම් දෙසයි. “ඇවැත්නි, යම් කලෙක සිට මහණහුගේ සිතින් සිත (චිත්තාචාරපරියාය) වචන ලද වේ ද, ඒ මහණහට දැය ගෙවිණ, බඹසර වසන ලද, කරණී කරන ලද, මේ බැව් පිණිස අනිකෙක් නැතැයි දනිමි යන තෙල කියනට වටනේ”යි. ඇවැත් චන්‍ද්‍රිකාපුත්‍රය, මෙසේ වනාහි දෙව්දතු භික්‍ෂූන්ට දහම් දෙසයි: “ඇවැත්නි, යම් කලෙක මහණහුගේ සිතින් සිත (චිත්තාචාරපරියාය) වඩනාලදුයේ වේ ද, එ මහණහට දැය ක්‍ෂය විය, බඹසර වසන ලද, කරණී කරන ලද, මෙ බැව් පිණිස අනෙකෙක් නැතැයි දනිමි යන තෙල කීමට වටනේ”යි.
Pali BJTකථඤ්ච ආවුසො භික්ඛුනො චෙතසා චිත්තං සුපරිචිතං හොති: වීතරාගං මෙ චිත්තන්ති චෙතසා චිත්තං සුපරිචිතං හොති. වීතදොසං මෙ චිත්තන්ති චෙතසා චිත්තං සුපරිචිතං හොති. වීතමොහං මෙ චිත්තන්ති චෙතසා චිත්තං සුපරිචිතං හොති. අසාරාගධම්මං මෙ චිත්තන්ති{1} චෙතසා චිත්තං සුපරිචිතං හොති. අසන්දොසධම්මං මෙ චිත්තන්ති{2} චෙතසා චිත්තං සුපරිචිතං හොති. අසම්මොහධම්මං මෙ චිත්තන්ති{3} චෙතසා චිත්තං සුපරිචිතං හොති. අනාවත්තිධම්මං මෙ චිත්තං කාමභවායාති චෙතසා චිත්තං සුපරිචිතං හොති. අනාවත්තිධම්මං මෙ චිත්තං රූපභවායාති චෙතසා චිත්තං සුපරිචිතං හොති. අනාවත්තිධම්මං මෙ චිත්තං අරූපභවායාති චෙතසා චිත්තං සුපරිචිතං හොති.
Sinhala BJTඇවැත්නි, කෙසේ මහණහුගේ සිතින් සිත (චිත්තාචාරපරියාය) මොනවට වඩනා ලදුයේ වේ ද, “මාගේ සිත වීතරාගය”යි සිතින් සිත මොනවට වඩනා ලදුයේ වෙයි. “මාගේ සිත වීතදෝසය”යි සිතින් සිත මොනවට වඩනා ලදුයේ වෙයි. “මාගේ සිත වීතමෝහය”යි සිතින් සිත මොනවට වඩනා ලදුයේ වෙයි. “මාගේ සිත ඇලුම් ස්වභාව නැත්තේය”යි සිතින් සිත මොනවට වඩනා ලදුයේ වෙයි. “මාගේ සිත දුෂ්ටවන ස්වභාව නැත්තේ ය”යි සිතින් සිත මොනොවට වඩනා ලදුයේ වෙයි. “මාගේ සිත මුළාවන ස්වභාව නැත්තේය”යි සිතින් සිත මොනවට වඩනා ලදුයේ වෙයි. “මාගේ සිත කාමභවයෙන් ආපසු එන ස්වභාව නැත්තේය”යි සිතින් සිත මොනවට වඩනා ලදුයේ වෙයි. “මාගේ සිත රූපභවයෙන් ආපසු එන ස්වභාව නැත්තේය”යි සිතින් සිත මොනවට වඩනා ලදුයේ වෙයි. “මාගේ සිත අරූපභවයෙන් ආවර්‍තන ස්වභාව රහිතය”යි සිතින් සිත මොනවට වඩනා ලදුයේ වෙයි.
Pali BJTඑවං සම්මා විමුත්තචිත්තස්ස ඛො ආවුසො භික්ඛුනො භුසා චෙපි චක්ඛුවිඤ්ඤෙය්යා රූපා චක්ඛුස්ස ආපාථං ආගච්ඡන්ති. නෙවස්ස චිත්තං පරියාදියන්ති අමිස්සීකතමෙවස්ස චිත්තං හොති ඨිතං ආනෙඤ්ජප්පත්තං වයඤ්චස්සානුපස්සති. භුසා චෙපි සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- මනොවිඤ්ඤෙය්යා ධම්මා මනස්ස ආපාථං ආගච්ඡන්ති නෙවස්ස චිත්තං පරියාදියන්ති. අමිස්සීකතමෙවස්ස චිත්තං හොති ඨිතං ආනෙඤ්ජප්පත්තං, වයඤ්චස්සානුපස්සති.
Sinhala BJTමහණෙනි, මෙසේ මොනවට මිදුණු සිත් ඇත් මහණහට බොහෝ වූ චක්‍ෂුර්විඥේය රූපයෝ ඇස්හමුවට එත් නමුදු ඔහුගේ සිත මැඩ නො සිටුනා හ. ඔහුගේ සිත ස්ථිත වූයේ ඒ අරමුණු හා නො මුසු වූයේ ම නො සැලෙන බවට පැමිණියේ වෙයි. ව්‍යය අනුවත් දක්නේ ය. බොහෝ වූ ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයෝ. .. ඝ්‍රාණවිඥේය ගන්‍ධයෝ … ජිහ්වාවිඥේය රසයෝ … කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යයෝ … මනෝ විඥේය ධර්‍මයෝ මනස හමුවට එත් නමුදු ඔහු සිත මැඩ නො සිටුනාහ. ඔහුගේ සිත ස්ථිත වූයේ ඒ අරමුණු හා නො මුසු වූයේ ම නො සැලෙන බවට පැමිණියේ වෙයි. වැය ද දක්නේ යි.
Pali BJTසෙය්යථාපි ආවුසො සිලායූපො සොළසකුක්කුකො, තස්සස්සු අට්ඨකුක්කු හෙට්ඨා නෙමස්ස අට්ඨකුක්කු උපරිනෙමස්ස අථ පුරත්ථිමාය චෙපි දිසාය ආගච්ඡෙය්ය භුසා වාතවුට්ඨි නෙව නං කම්පෙය්ය න සඞ්කම්පෙය්ය න සම්පකම්පෙය්ය න සම්පවෙධෙය්ය, අථ පච්ඡිමාය චෙපි දිසාය -පෙ- අථ උත්තරාය චෙපි දිසාය -පෙ- අථ දක්ඛිණාය චෙපි දිසාය ආගච්ඡෙය්ය භුසා වාතවුට්ඨි නෙව නං කම්පෙය්ය න සඞ්කම්පෙය්ය න සම්පකම්පෙය්ය, තං කිස්ස හෙතු: ගම්භීරත්තා ආවුසො නෙමස්ස, සුනිඛාතත්තා න සම්පවෙධෙය්ය සිලායූපස්ස.
Sinhala BJTඇවැත්නි, යම් පරිදි (දිගින්) සොළොස්රියන් ගල් ටැඹෙක් වේ නම් ඒ ටැම්හුගේ අටරියනෙක් යට වළෙහි වෙයි. අටරියනෙක් වළෙන් මතුයෙහි වෙයි. එකල පෙරදිගින් දළපොද සුළඟෙක් ඒ නම් එය නො ම සලනේ ය. වෙසෙසින් නො සලනේ ය. වෙවුලා නො යන්නේ ය. වෙසෙසින් වෙවුලා නො යන්නේය. වැලි පැදුම් දිගින් … වැලි උතුරු දිගින් … වැලි දකුණු දිගින් මහවැසි සුළඟෙක් ඒ නම් එය නො ම සලනේ ය. වෙසෙසින් නො සලනේ ය. වෙවුලා නො යන්නේය. වෙසෙසින් වෙවුලා නො යන්නේය. ඒ කවර හෙයින යත්: ඇවැත්නි, වළ ගැඹුරු බැවිනි. ගල්ටැඹ මොනවට සිටුවන ලද බැවිනි.
Pali BJTඑවමෙව ඛො ආවුසො එවං සම්මා විමුත්තචිත්තස්ස භික්ඛුනො භුසා චෙපි චක්ඛුවිඤ්ඤෙය්යා රූපා චක්ඛුස්ස ආපාථං ආගච්ඡන්ති. නෙවස්ස චිත්තං පරියාදියන්ති, අමිස්සීකතමෙවස්ස චිත්තං හොති, ඨිතං ආනෙඤ්ජප්පත්තං වයඤ්චස්සානුපස්සති. භුසා චෙපි සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- මනොවිඤ්ඤෙය්යා ධම්මා මනස්ස ආපාථං ආගච්ඡන්ති. නෙවස්ස චිත්තං පරියාදියන්ති. අමිස්සීකතමෙවස්ස චිත්තං හොති ඨිතං ආනෙඤ්ජප්පත්තං, වයඤ්චස්සානුපස්සති.
Sinhala BJTඇවැත්නි, එපරිදි ම මෙසේ මිදුණු සිත් ඇති එ මහණහුගේ ඇස් හමුවට බොහෝ වූ චක්‍ෂුර්විඥේය රූපයෝ එත් නමුදු ඔහු සිත මැඩ නොම සිටුනාහ. ඔහුගේ සිත අමිශ්‍රීකෘත වූයේ ම ස්ථිත වූයේ නො සැලෙන බවට පැමිණියේ වෙයි. වැය අනුව දක්නේත් වෙයි. බොහෝ වූ ශොත්‍රවිඥේය ශබ්දයෝ ... ඝ්‍රාණවිඥේය ගන්‍ධයෝ … ජිහ්වාවිඥේය රසයෝ … කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යයෝ … මනෝ විඥේය ධර්‍මයෝ මනස් හමුවට එත් නමුදු ඔහුගේ සිත මැඩ නො ම සිටුනාහ. ඔහුගේ සිත අමිශ්‍රීකෘත වූයේ ම ස්ථිත වූයේ ම නො සැලෙන බවට පැමිණියේ වෙයි. වැය ද නුවණින් දක්නේත් වේ.
Pali BJT9. 1. 3. 7.
Sinhala BJT9. 1. 3. 7.
Pali BJTපඨමවෙරභය සුත්තං
Sinhala BJTපඨමවෙරභය සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අනාථපිණ්ඩිකං ගහපතිං භගවා එතදවොච:
Sinhala BJTඑකල අනේපිඬු ගැහැවි භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන් අනේපිඬු ගැහැවිහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: