Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 12701-12800 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTතෙන ඛො පන භන්තෙ සමයෙන තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරා කථා උදපාදි: “යොහි කොචි ආවුසො සොපාදිසෙසො කාලං කරොති, සබ්බො සො අපරිමුත්තො නිරයා, අපරිමුත්තො තිරච්ඡානයොනියා, අපරිමුත්තො පෙත්තිවිසයා අපරිමුත්තො අපායදුග්ගතිවිනිපාතා” ති. අථඛ්වාහං භන්තෙ තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං භාසිතං නෙව අභිනන්දිං න පටික්කොසිං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා උට්ඨායාසනා පක්කාමිං භගවතො සන්තිකෙ එතස්ස භාසිතස්ස අත්ථං ආජානිස්සාමී’ති
Sinhala BJTවහන්ස, එසමයෙහි, රැස්ව හුන් ඒ අන්තොටු පිරිවැජියන්ගේ මේ අතුරු කථාව උපන: “ඇවැත්නි, යම් කිසිවෙක් උපාදානශේෂ ඇතියේ කලුරිය කළේ නම් එ හැමදෙන නිරයෙන් නො මිදුණේ වෙයි, තිරිසන්යෝනින් නො මිදුණේ වෙයි, ප්‍රේතවිසයෙන් නො මිදුණේ වෙයි, අවාදුගතින් නොමිදුණේ වෙ”යි. වහන්ස, එකල්හි මම ඒ අන්තොටු පිරිවැජියන්ගේ භාෂිතය නො ම පිළිගතිමි, නො ම පිළිකෙව් කෙළෙමි. නො පිළිගෙන නො පිළිකෙව් කොට හුනස්නෙන් නැඟී “භගවතුන් හමුයෙහි තෙල භාෂිතයාගේ අරුත් දැනගන්මි”යි නික්ම ගියෙමි යි.
Pali BJTකෙ ච{1} සාරිපුත්ත අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා බාලා අබ්යත්තා, කෙ ච සොපාදිසෙසං{2} වා උපාදිසෙසොති ජානිස්සන්ති, අනුපාදිසෙසං වා අනුපාදිසෙසොති ජානිස්සන්ති.
Sinhala BJTශාරිපුත්‍රය, බාල වූ අව්‍යක්ත වූ ඒ අන්තොටු පිරිවැජියෝ කවරහ: කවරහු සඋපාදානශේෂ ඇතියකු හෝ සෝපාදිසේසයෙකැයි දනිත්ද, අනුපාදිශේෂයකු හෝ අනුපාදිශේෂයෙකැයි දනිත්ද:
Pali BJTනව ඉමෙ සාරිපුත්ත පුග්ගලා සොපාදිසෙසා කාලං කුරුමානා පරිමුත්තා නිරයා, පරිමුත්තා තිරච්ඡානයොනියා, පරිමුත්තා පෙත්තිවිසයා, පරිමුත්තා අපායදුග්ගතිවිනිපාතා. කතමෙ නව:
Sinhala BJTශාරිපුත්‍රය, මේ සෝපාදිශේෂ පුද්ගලයෝ නවදෙනෙක් කලුරිය කරන්නාහු නිරයෙන් මිදුණාහු වෙති. තිරිසන් යෝනින් මිදුණාහු වෙති. ප්‍රේතවිෂයෙන් මිදුණාහු වෙති. අපාය දුර්‍ගති විනිපාතයෙන් මිදුණාහු වෙති. කවර නවදෙනෙක යත්:
Pali BJT1. ඉධ සාරිපුත්ත එකච්චො පුග්ගලො සීලෙසු පරිපූරකාරී හොති, සමාධිස්මිං පරිපූරකාරී පඤ්ඤාය මත්තසොකාරී{3}. සො පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා අන්තරා පරිනිබ්බායී හොති. අයං සාරිපුත්ත, පඨමො පුග්ගලො සොපාදිසෙසො කාලං කුරුමානො පරිමුත්තො නිරයා, පරිමුත්තො තිරච්ඡානයොනියා පරිමුත්තො පෙත්තිවිසයා පරිමුත්තො අපායදුග්ගතිවිනිපාතා.
Sinhala BJT1. ශාරිපුත්‍රය, මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් ශීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි පරිපූරකාරී වෙයි. ප්‍රඥායෙහි මාත්‍රකාරී වෙයි. හේ පඤ්චඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් අන්තරාපරිනිබ්බායී වෙයි. ශාරිපුත්‍රය, මේ සෝපාදිසේසව කලුරිය කරන නිරයෙන් මුත් තිරිසන් යෝනින් මුත් ප්‍රේතවිෂයෙන් මුත් අපාය දුර්‍ගතිවිනිපාතයෙන් මුත් ප්‍රථමපුද්ගල යි.
Pali BJT2-5 පුන චපරං සාරිපුත්ත ඉධෙකච්චො පුග්ගලො සීලෙසු පරිපූරකාරී හොති, සමාධිස්මිං පරිපූරකාරී, පඤ්ඤාය මත්තසොකාරී{4} සො පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා උපහච්ච පරිනිබ්බායී හොති -පෙ- අසඞ්ඛාරපරිනිබ්බායී හොති -පෙ- සසඞ්ඛාර පරිනිබ්බායී හොති -පෙ- උද්ධංසොතො හොති අකනිට්ඨගාමී{5}. අයං සාරිපුත්ත, පඤ්චමො පුග්ගලො සොපාදිසෙසො කාලං කුරුමානො පරිමුත්තො නිරයා, පරිමුත්තො තිරච්ඡානයොනියා පරිමුත්තො පෙත්තිවිසයා, පරිමුත්තො අපායදුග්ගතිවිනිපාතා.
Sinhala BJT2.-5 ශාරිපුත්‍රයෙනි, තවද, මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් සීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි පරිපූරකාරී වෙයි. ප්‍රඥායෙහි මාත්‍රකාරී වෙයි. හේ පඤ්චඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් උපහච්චපරිනිබ්බායී වෙයි … අසඞ්ඛාර පරිනිබ්බායී වෙයි … සසඞ්ඛාර පරිනිබ්බායී වෙයි … උද්ධං සෝත අකනිට්ඨගාමී වෙයි … ශාරිපුත්‍රය, මේ සෝපාදිසේසව කලුරිය කරන නිරයෙන් මුත් තිරිසන්යෝනින් මුත් ප්‍රේතවිෂයෙන් මුත් අපායදුර්‍ගතිවිනිපාතයෙන් මුත් පස්වැනි පුද්ගල යි.
Pali BJT6. පුන චපරං සාරිපුත්ත, ඉධෙකච්චො පුග්ගලො, සීලෙසු පරිපූරකාරී හොති, සමාධිස්මිං මත්තසොකාරී, පඤ්ඤාය මත්තසොකාරී{1}. සො තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමී හොති, සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරොති. අයං සාරිපුත්ත, ඡට්ඨො පුග්ගලො සොපාදිසෙසො කාලං කුරුමානො පරිමුත්තො නිරයා, පරිමුත්තො තිරච්ඡානයොනියා පරිමුත්තො පෙත්තිවිසයා, පරිමුත්තො අපායදුග්ගති විනිපාතා.
Sinhala BJT6. ශාරීපුත්‍රය, තවද මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් සීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි පරිපූරකාරී වෙයි, ප්‍රඥායෙහි මාත්‍රකාරී වෙයි, හේ ත්‍රිවිධ සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් රාග දෝෂ මෝහයන්ගේ තනුත්‍වයෙන් සකෘදාගාමී වෙයි. වරක් ම මේ ලොවට අවුත් දුක් කෙළවර කෙරෙයි. ශාරිපුත්‍රය, මේ සෝපාදිසේස ව කලුරිය කරන නිරයෙන් මුත්, තිරිසන් යෝනින් මුත් ප්‍රේතවිෂයෙන් මුත් අපාය දුර්‍ගති විනිපාතයෙන් මුත් සවැනි පුද්ගල යි.
Pali BJT7. පුන චපරං සාරිපුත්ත ඉධෙකච්චො පුග්ගලො සීලෙසු පරිපූරකාරී හොති සමාධිස්මිං මත්තසොකාරී{1}, පඤ්ඤාය මත්තසොකාරී{1}, සො තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා එකබීජී හොති එකඤ්ඤෙව මානුසකං භවං නිබ්බත්තෙත්වා දුක්ඛස්සන්තං කරොති. අයං සාරිපුත්ත සත්තමො පුග්ගලො සොපාදිසෙසො කාලං කුරුමානො පරිමුත්තො නිරයා, පරිමුත්තො තිරච්ඡානයොනියා, පරිමුත්තො පෙත්තිවිසයා, පරිමුත්තො අපායදුග්ගතිවිනිපාතා.
Sinhala BJT7. ශාරීපුත්‍රය, තවද මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් සීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි මාත්‍රකාරී වෙයි. ප්‍රඥාවෙහි මාත්‍රකාරී වෙයි. හේ ත්‍රිවිධ සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් ඒකබීජී වෙයි. එක් ම මිනිසත් බවක් නිපදවා දුක් කෙළවර කෙරෙයි. ශාරීපුත්‍රය, මේ සෝපාදිසේස ව කලුරිය කරන නිරයෙන් මුත් තිරිසන් යෝනින් මුත් ප්‍රේතවිෂයෙන් මුත් අපාය දුර්‍ගති විනිපාතයෙන් මුත් සත්වැනි පුද්ගල යි.
Pali BJT8. පුන චපරං සාරිපුත්ත ඉධෙකච්චො පුග්ගලො සීලෙසු පරිපූරකාරී හොති, සමාධිස්මිං මත්තසොකාරී, පඤ්ඤාය මත්තසොකාරී, සො තිණ්ණං සංයොජනානං පරික්ඛයා කොලඞ්කොලො හොති, ද්වෙ වා තීණි වා කුලානි සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තකරො. අයං සාරිපුත්ත, අට්ඨමො පුග්ගලො සොපාදිසෙසො කාලං කුරුමානො පරිමුත්තො නිරයා -පෙ- පරිමුත්තො අපායදුග්ගතිවිනිපාතා.
Sinhala BJT8. ශාරිපුත්‍රය, තවද මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් සීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි, මාත්‍රකාරී වෙයි. ප්‍රඥායෙහි මාත්‍රකාරී වෙයි. හේ ත්‍රිවිධසංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් කොලඞ්කොල වෙයි. දෙකක් හෝ තුනක් හෝ කුලයන් (කාමලෝකයෙහි) දිව හැසිර දුක් කෙළවර කෙරෙයි. ශාරීපුත්‍රය, මේ සෝපාදිසේස ව කලුරිය කරන නිරයෙන් මුත් … අපාය දුර්‍ගති විනිපාතයෙන් මුත් අටවැනි පුද්ගල යි.
Pali BJT9. පුන චපරං සාරිපුත්ත ඉධෙකච්චො පුග්ගලො සීලෙසු පරිපූරකාරී හොති සමාධිස්මිං මත්තසොකාරී පඤ්ඤාය මත්තසොකාරී. සො තිණ්ණං සංයොජනානං පරික්ඛයා සත්තක්ඛත්තුපරමො හොති, සත්තක්ඛත්තුපරමං දෙවෙ ච මානුසෙ ච සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරොති. අයං සාරිපුත්ත නවමො පුග්ගලො සොපාදිසෙසො කාලං කුරුමානො පරිමුත්තො නිරයා, පරිමුත්තො තිරච්ඡානයොනියා, පරිමුත්තො පෙත්තිවිසයා, පරිමුත්තො අපායදුග්ගතිවිනිපාතා.
Sinhala BJT9. ශාරීපුත්‍රය, තවද මෙසස්නෙහි ඇතැම් පුඟුලෙක් සීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි මාත්‍රකාරී වෙයි. ප්‍රඥායෙහි මාත්‍රකාරී වෙයි. හේ ත්‍රිවිධ සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් සත්තක්ඛත්තු පරම වෙයි. දෙව් ලොව ද මිනිස් ලොව ද සත්වරක් පරම කොට දිව හැසිර දුක් කෙළවර කෙරෙයි. ශාරීපුත්‍රය, මේ සෝපාදිසේස ව කලුරිය කරන නිරයෙන් මුත් තිරිසන් යෝනින් මුත් ප්‍රේතවිෂයෙන් මුත් අපාය දුර්‍ගති විනිපාතයෙන් මුත් නවවැනි පුද්ගල වෙයි.
Pali BJTකෙ ච සාරිපුත්ත අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා බාලා අබ්යත්තා, කෙ ච සොපාදිසෙසං වා සොපාදිසෙසොති ජානිස්සන්ති. අනුපාදිසෙසං වා අනුපාදිසෙසොති ජානිස්සන්ති.
Sinhala BJTශාරීපුත්‍රය, බාල වූ අව්‍යක්ත වූ ඒ අන්තොටු පිරිවැජියෝ කවරහ: කවරහු සඋපාදානශේෂයකු සෝපාදිසේසයෙකැයි හෝ දනිත් ද: අනුපාදිසේසයෙකැයි හෝ දනිත් ද?
Pali BJTඉමෙ ඛො සාරිපුත්ත නව පුග්ගලා සොපාදිසෙසා කාලං කුරුමානා පරිමුත්තා නිරයා, පරිමුත්තා තිරච්ඡානයොනියා, පරිමුත්තා පෙත්තිවිසයා, පරිමුත්තා අපායදුග්ගතිවිනිපාතා. න තාවායං සාරිපුත්ත ධම්මපරියායො පටිභාසි භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං. තං කිස්ස හෙතු: මායිමං ධම්මපරියායං සුත්වා පමාදං ආහරිංසූති, අපි ච මයා සාරිපුත්ත ධම්මපරියායො පඤ්හාධිප්පායෙන භාසිතොති.
Sinhala BJTශාරීපුත්‍රය, මේ සෝපාදිශේෂ පුද්ගලයෝ නවදෙනෙක් කලුරිය කරන්නාහු නිරයෙන් මිදුණාහු වෙති. තිරිසන් යෝනින් මිදුණාහු වෙති. ප්‍රේතවිෂයෙන් මිදුණාහු වෙති. අපාය දුර්‍ගතිවිනිපාතයෙන් මිදුණාහු වෙත්. ශාරීපුත්‍රය, මේ ධර්‍ම පරියායය භික්‍ෂූන්ට, භික්‍ෂුණීන්ට, උපාසකයන්ට, උපාසිකාවන්ට මේතාක් නො වැටහිණි. (මම නො කීයෙමි) ඒ කවර හෙයින යත්: මේ ධර්‍මපර්‍ය්‍යාය අසා (මතුරහත් බව පිණිස වැර නොකරන ඔහු) ප්‍රමාදයට නොපැමිණෙත්වා යි. වැලිත් ශාරීපුත්‍රය ප්‍රශ්නාධිප්‍රායයෙන් (තොප ඇසූ ප්‍රශ්නයට සභාග වශයෙන්) මා විසින් මේ ධර්‍මපර්‍ය්‍යාය දෙසනලදි යි.
Pali BJT9. 1. 2. 3.
Sinhala BJT9. 1. 2. 3.
Pali BJTමහාකොට්ඨිත සුත්තං
Sinhala BJTමහාකොට්ඨික සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅථ ඛො ආයස්මා මහාකොට්ඨිතො{1} යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මතා සාරිපුත්තෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා මහාකොට්ඨිතො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච:
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වෙත එළැඹිය හ. එළැඹ ආයුෂ්මත් සැරියුත් තෙරුන් සමඟ සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට තෙල සැල කළහ:
Pali BJTකින්නුඛො ආවුසො සාරිපුත්ත යං කම්මං දිට්ඨධම්මවෙදනීයං තං මෙ කම්මං සම්පරායවෙදනීයං හොතූති, එතස්ස අත්ථාය භගවති බ්රහ්මචරියං වුස්සතීති? නො හිදං ආවුසො.
Sinhala BJTඇවැත් ශාරීපුත්‍රය, කිමෙක යම් කර්‍මයෙක් දෘෂ්ටධර්‍මවේදනීය වේ නම් මාගේ ඒ කර්‍මය සම්පරාය වේදනීය වේවයි යන තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේ දැයි? ඇවැත්නි, මෙය නො වේ මැයි.
Pali BJTකිම්පනාවුසො සාරිපුත්ත යං කම්මං සම්පරායවෙදනීයං, තම්මෙ කම්මං දිට්ඨධම්මවෙදනීයං හොතූති එතස්ස අත්ථාය භගවති බ්රහ්මචරියං වුස්සතීති? නො හිදං ආවුසො.
Sinhala BJTඇවැත් ශාරීපුත්‍රය, කිම යම් කර්‍මයෙක් සම්පරාය වේදනීය නම් මාගේ ඒ කර්‍මය දෘෂ්ටධර්‍ම වේදනීය වේවයි යන තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේදැ යි? ඇවැත්නි, මෙය නො වේ මැයි.
Pali BJTකින්නුඛො ආවුසො සාරිපුත්ත යං කම්මං සුඛවෙදනියං, තං මෙ කම්මං සුඛවෙදනියං{2} හොතූති එතස්ස අත්ථාය භගවති බ්රහ්මචරියං වුස්සතීති? නො හිදං ආවුසො.
Sinhala BJTඇවැත් ශාරීපුත්‍රය, කිම යම් කර්‍මයෙක් සුඛවේදනීය වේ නම් මාගේ ඒ කර්‍මය සුඛවේදනීය ම වේවයි තෙල කරුණෙහි අරුත් සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේ දැ යි? ඇවැත්නි, මෙය නො වේ මැයි.
Pali BJTකින්නු ඛො ආවුසො සාරිපුත්ත යං කම්මං දුක්ඛවෙදනීයං, තං මෙ කම්මං සුඛවෙදනීයං හොතූති එතස්ස අත්ථාය භගවති බ්රහ්මචරියං වුස්සතීති? නො හිදං ආවුසො.
Sinhala BJTඇවැත් ශාරීපුත්‍රය, කිම යම් කර්‍මයෙක් දුක්ඛවෙදනීය වේ නම් මාගේ ඒ කර්‍මය සුඛවේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේ දැයි? ඇවැත්නි, මෙය නො වේ මැයි.
Pali BJTකින්නුඛො කින්නු ඛො ආවුසො සාරිපුත්ත යං කම්මං පරිපක්කවෙදනියං, තං මෙ කම්මං අපරිපක්කවෙදනීයං හොතූති එතස්ස අත්ථාය භගවති බ්රහ්මචරියං වුස්සතීති? නො හිදං ආවුසො.
Sinhala BJTඇවැත් ශාරීපුත්‍රය, කිම යම් කර්‍මයෙක් පරිපක්වවේදනීය වේ නම් මාගේ ඒ කර්‍මය අපරිපක්වවෙදනීය වේව යි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේදැයි? ඇවැත්නි, මෙය නො වේ මැයි.
Pali BJTකිම්පන ආවුසො සාරිපුත්ත යං කම්මං අපරිපක්කවෙදනියං, තං මෙ කම්මං පරිපක්කවෙදනීයං හොතූති එතස්ස අත්ථාය භගවති බ්රහ්මචරියං වුස්සතීති? නො හිදං ආවුසො.
Sinhala BJTඇවැත් ශාරීපුත්‍රය, කිම යම් කර්‍මයෙක් අපරිපක්වවෙදනීය වේ නම් මාගේ ඒ කර්‍මය පරිපක්වවේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේදැයි? ඇවැත්නි, මෙය නො වේ ම යි.
Pali BJTකින්නු ඛො ආවුසො සාරිපුත්ත යං කම්මං බහුවෙදනියං, තං මෙ කම්මං අප්පවෙදනියං හොතූති එතස්ස අත්ථාය භගවති බ්රහ්මචරියං වුස්සතීති? නො හිදං ආවුසො.
Sinhala BJTකිමෙක ඇවැත් ශාරීපුත්‍රය, යම් කර්‍මයෙක් බහුවේදනීය වේ නම් මාගේ ඒ කර්‍මය අල්පවෙදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේ දැයි? ඇවැත්නි, මෙය නො වේ මැයි.
Pali BJTකිම්පනාවුසො සාරිපුත්ත, යං කම්මං අප්ප වෙදනියං තං මෙ කම්මං බහුවෙදනියං හොතූති එතස්ස අත්ථාය භගවති බ්රහ්මචරියං වුස්සතීති? නො හිදං ආවුසො.
Sinhala BJTකිමෙක ඇවැත් ශාරීපුත්‍රය, යම් කර්‍මයෙක් අල්පවෙදනීය වේ නම් මාගේ ඒ කර්‍මය බහුවේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේදැයි? ඇවැත්නි, මෙය නො වේ මැ යි.
Pali BJTකින්නුඛො ආවුසො සාරිපුත්ත, යං කම්මං වෙදනියං තං මෙ කම්මං අවෙදනියං හොතූති එතස්ස අත්ථාය භගවති බ්රහ්මචරියං වුස්සතීති? නො හිදං ආවුසො.
Sinhala BJTකිමෙක ඇවැත් ශාරීපුත්‍රය, යම් කර්‍මයෙක් වේදනීය නම් මාගේ ඒ කර්‍මය අවෙදනීය වේවයි තෙල කරුණ සඳහා භගවතුන් කෙරෙහි බඹසර වැසේදැයි? ඇවැත්නි, මෙය නො වේ මැ යි.
Pali BJTකිම්පනාවුසො ආවුසො සාරිපුත්ත, යං කම්මං අවෙදනියං තං මෙ කම්මං වෙදනියං හොතූති එතස්ස අත්ථාය භගවති බ්රහ්මචරියං වුස්සතීති? නො හිදං ආවුසො.
Sinhala BJTකිමෙක ඇවැත් ශාරීපුත්‍රය, යම් කර්‍මයෙක් අවෙදනීය නම් මාගේ ඒ කර්‍මය වේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේදැයි? ඇවැත්නි, මෙය නො වේ මැ යි.
Pali BJTකින්නුඛො ආවුසො සාරිපුත්ත, යං කම්මං දිට්ඨධම්මවෙදනීයං තං මෙ කම්මං සම්පරායවෙදනියං හොතූති එතස්ස අත්ථාය භගවති බ්රහ්මචරියං වුස්සතීති ඉති පුට්ඨො සමානො නො හිදං ආවුසොති වදෙසි.
Sinhala BJTකිමෙක ඇවැත් ශාරීපුත්‍රය, යම් කර්‍මයෙක් දෘෂ්ට ධර්‍මවේදනීය නම් මාගේ ඒ කර්‍මය සම්පරායවේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේදැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ම ඇවැත්නි, මෙය නො වේ මැයි කියහි.
Pali BJTකින්නු ඛො ආවුසො සාරිපුත්ත, යං කම්මං සම්පරාය වෙදනියං තං මෙ කම්මං දිට්ඨධම්මවෙදනීයං හොතූති එතස්ස අත්ථාය භගවති බ්රහ්මචරියං වුස්සතීති ඉති පුට්ඨො සමානො නො හිදං ආවුසොති වදෙසි.
Sinhala BJTකිමෙක ඇවැත් ශාරීපුත්‍රය, යම් කර්‍මයෙක් සම්පරායවේදනීය වේ නම් මාගේ ඒ කර්‍මය දෘෂ්ටධර්‍මවේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේ දැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ම ඇවැත්නි, මෙය නො වේ මැයි කියහි.
Pali BJTකින්නුඛො ආවුසො සාරිපුත්ත, යං කම්මං සුඛවෙදනීයං තං මෙ කම්මං සුඛවෙදනීයං{1} හොතූති එතස්ස අත්ථාය භගවති බ්රහ්මචරියං වුස්සතීති ඉති පුට්ඨො සමානො නො හිදං ආවුසොති වදෙසි.
Sinhala BJTකිමෙක, ඇවැත් ශාරීපුත්‍රය, යම් කර්‍මයෙක් සුඛවේදනීය නම් මාගේ ඒ කර්‍මය සුඛවේදනීය ම වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේ දැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ම ඇවැත්නි, මෙය නො වේ මැයි කියහි.
Pali BJTකින්නුඛො ආවුසො සාරිපුත්ත, යං කම්මං දුක්ඛවෙදනියං තං මෙ කම්මං සුඛවෙදනියං හොතූති එතස්ස අත්ථාය භගවති බ්රහ්මචරියං වුස්සතීති ඉති පුට්ඨො සමානො නො හිදං ආවුසොති වදෙසි.
Sinhala BJTකිමෙක ඇවැත් ශාරීපුත්‍රය, යම් කර්‍මයෙක් දුඃඛ වේදනීය නම් මාගේ ඒ කර්‍මය සුඛවේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේ දැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ම ඇවැත්නි, මෙය නො වේ මැයි කියහි.
Pali BJTකින්නුඛො ආවුසො සාරිපුත්ත, යං කම්මං පරිපක්කවෙදනියං තං මෙ කම්මං අපරිපක්කවෙදනියං හොතූති එතස්ස අත්ථාය භගවති බ්රහ්මචරියං වුස්සතීති ඉති පුට්ඨො සමානො නො හිදං ආවුසොති වදෙසි.
Sinhala BJTකිමෙක ඇවැත් ශාරීපුත්‍රය, යම් කර්‍මයෙක් පරිපක්ව වේදනීය වේ නම් මාගේ ඒ කර්‍මය අපරිපක්ව වේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේ දැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ඇවැත්නි, මෙය නොවේ මැයි කියහි.
Pali BJTකින්නු ඛො ආවුසො සාරිපුත්ත, යං කම්මං අපරිපක්කවෙදනියං තං මෙ කම්මං පරිපක්කවෙදනියං හොතූති එතස්ස අත්ථාය භගවති බ්රහ්මචරියං වුස්සතීති ඉති පුට්ඨො සමානො නො හිදං ආවුසොති වදෙසි.
Sinhala BJTකිමෙක ඇවැත් ශාරීපුත්‍රය, යම් කර්‍මයෙක් අපරිපක්වවෙදනීය නම් මාගේ ඒ කර්‍මය පරිපක්වවේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේ දැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ඇවැත්නි, මෙය නො වේ මැයි කියහි.
Pali BJTකින්නුඛො ආවුසො සාරිපුත්ත, යං කම්මං බහුවෙදනියං තං මෙ කම්මං අප්පවෙදනියං හොතූති එතස්ස අත්ථාය භගවති බ්රහ්මචරියං වුස්සතීති ඉති පුට්ඨො සමානො නො හිදං ආවුසොති වදෙසි.
Sinhala BJTකිමෙක ඇවැත් ශාරීපුත්‍රය, යම්කර්‍මයෙක් බහුවේදනීය නම් මාගේ ඒ කර්‍මය අල්පවෙදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේදැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ඇවැත්නි, මෙය නොවේ මැයි කියහි.
Pali BJTකින්නුඛො ආවුසො සාරිපුත්ත, යං කම්මං අප්පවෙදනියං තං මෙ කම්මං බහුවෙදනියං හොතූති එතස්ස අත්ථාය භගවති බ්රහ්මචරියං වුස්සතීති ඉති පුට්ඨො සමානො නො හිදං ආවුසොති වදෙසි.
Sinhala BJTකිමෙක ඇවැත් ශාරීපුත්‍රය, යම් කර්‍මයෙක් අල්පවෙදනීය වේ නම් මාගේ ඒ කර්‍මය බහුවේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේදැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ම ඇවැත්නි, මෙය නොවේ මැයි කියහි.
Pali BJTකින්නු ඛො ආවුසො සාරිපුත්ත, යං කම්මං වෙදනීයං තං මෙ කම්මං අවෙදනීයං හොතූති එතස්ස අත්ථාය භගවති බ්රහ්මචරියං වුස්සතීති ඉති පුට්ඨො සමානො නොහිදං ආවුසොති වදෙසි.
Sinhala BJTකිමෙක ඇවැත් ශාරීපුත්‍රය, යම් කර්‍මයෙක් වේදනීය වේ නම් මාගේ ඒ කර්‍මය අවෙදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේදැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ම ඇවැත්නි, මෙය නො වේ මැයි කියහි.
Pali BJTකින්නු ඛො ආවුසො සාරිපුත්ත, යං කම්මං අවෙදනියං තං මෙ කම්මං වෙදනියං හොතූති එතස්ස අත්ථාය භගවති බ්රහ්මචරියං වුස්සතීති ඉති පුට්ඨො සමානො නො හිදං ආවුසොති වදෙසි. අථ කිමත්ථං චරහාවුසො, භගවති බ්රහ්මචරියං වුස්සතීති?
Sinhala BJTකිමෙක ඇවැත් ශාරීපුත්‍රය, යම් කර්‍මයෙක් අවෙදනීය වේ නම් මාගේ ඒ කර්‍මය වේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේදැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ම ඇවැත්නි, මෙය නොවේමැයි කියහි, වැලි කුම්හෙයින් ඇවැත්නි, භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේදැයි?
Pali BJTයං ඛ්වස්සාවුසො,{1} අඤ්ඤාතං අදිට්ඨං අප්පත්තං අසච්ඡිකතං අනභිසමෙතං, තස්ස ඤාණාය දස්සනාය පත්තියා සච්ඡිකිරියාය අභිසමාය භගවති බ්රහ්මචරියං වුස්සතීති.
Sinhala BJTඇවැත්නි, යම් නිවනක් අඥාත ද, අදෘෂ්ට ද, අප්‍රාප්ත ද, අසාක්‍ෂාත්කෘත ද, අනවබුද්ධ ද, ඒ නිර්‍වාණයාගේ ඥානය පිණිස, දර්‍ශනය පිණිස, ප්‍රාප්තිය පිණිස සාක්‍ෂාත් ක්‍රියාව පිණිස අවබෝධය පිණිස භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේ යි.
Pali BJTකිම්පනස්සාවුසො, අඤ්ඤාතං අදිට්ඨං අප්පත්තං අසච්ඡිකතං අනභිසමෙතං යස්ස ඤාණාය දස්සනාය පත්තියා සච්ඡිකිරියාය අභිසමාය භගවති බ්රහ්මචරියං වුස්සතීති?
Sinhala BJTඇවැත්නි, යමක් ම දැනගන්නා පිණිස දැකුම් පිණිස ප්‍රාප්තිය පිණිස පසක් කිරීම පිණිස අභිසමය පිණිස භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේ නම් ඒ අඥාත ය අදෘෂ්ටය අප්‍රාප්තය අසාක්‍ෂාත්කෘත ය අනවබුද්ධය කවර?
Pali BJTඉදං දුක්ඛන්ති ඛ්වස්ස ආවුසො අඤ්ඤාතං අදිට්ඨං අප්පත්තං අසච්ඡිකතං අනභිසමෙතං. තස්ස ඤාණාය දස්සනාය පත්තියා සච්ඡිකිරියාය අභිසමාය භගවති බ්රහ්මචරියං වුස්සතීති. අයං දුක්ඛසමුදයොති ඛ්වස්ස ආවුසො -පෙ- අයං දුක්ඛනිරොධොති ඛ්වස්ස ආවුසො -පෙ- අයං දුක්ඛනිරොධගාමිනීපටිපදාති ඛ්වස්ස ආවුසො. අඤ්ඤාතං අදිට්ඨං අප්පත්තං අසච්ඡිකතං අනභිසමෙතං. තස්ස ඤාණාය දස්සනාය පත්තියා සච්ඡිකිරියාය අභිසමාය භගවති බ්රහ්මචරියං වුස්සතීති, ඉදං ඛ්වස්ස ආවුසො අඤ්ඤාතං අදිට්ඨං අප්පත්තං අසච්ඡිකතං අනභිසමෙතං. තස්ස ඤාණාය දස්සනාය පත්තියා සච්ඡිකිරියාය අභිසමාය භගවති බ්රහ්මචරියං වුස්සතීති.
Sinhala BJTඇවැත්නි, “මේ දුකැ”යි යන මොහුගේ අඥාතයෙක් අදෘෂ්ටයෙක් අප්‍රාප්තයෙක් අසාක්‍ෂාත් කෘතයෙක් අනවබුද්ධයෙක් වේ නම් එහි දැනුම් පිණිස දැකුම් පිණිස ලැබුම් පිණිස පසක් කරනු පිණිස අභිසමය පිණිස භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේ යි. ඇවැත්නි, ‘මේ දුක්ඛසමුදය’යි යන මොහුගේ … ‘මේ දුක්ඛනිරෝධ’යී යන මොහුගේ … ‘මේ දුක්ඛනිරෝධගාමිනීපටිපදා’යී යන මොහුගේ අඥාතයෙක් අදෘෂ්ටයෙක් අප්‍රාප්තයෙක් අසාක්‍ෂාත් කෘතයෙක් අනභිසමෙතයෙක් වේ නම් එහි දැනුම පිණිස දැකුම් පිණිස ලැබුම පිණිස පසක් කැරුම් පිණිස අභිසමය පිණිස භගවතුන් කෙරෙහි බඹසර වැසේ යි. ඇවැත්නි, මෙය අඥාත වෙයි, අදෘෂ්ට වෙයි, අප්‍රාප්ත වෙයි, අසාක්‍ෂාත්කෘත වේ, අනභිසමෙත වේ, එහි ඥානය පිණිස දර්‍ශනය පිණිස ප්‍රාප්තිය පිණිස සාක්‍ෂාත්කෘතිය පිණිස, අභිසමය පිණිස භගවතුන් කෙරෙහි බඹසර වැසේ යි.
Pali BJT9. 1. 2. 4.
Sinhala BJT9. 1. 2. 4.
Pali BJTසමිද්ධි සුත්තං
Sinhala BJTසමිද්ධි සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅථ ඛො ආයස්මා සමිද්ධි යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං සාරිපුත්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං සමිද්ධිං ආයස්මා සාරිපුත්තො එතදවොච:
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළැඹියහ. එළැඹ ආයුෂ්මත් සැරියුත් තෙරුන් වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සමිද්ධි තෙරුනට ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල කීහ:
Pali BJT‘කිමාරම්මණා සමිද්ධි, පුරිසස්ස සඞ්කප්පවිතක්කා උප්පජ්ජන්තීති? නාමරූපාරම්මණා භන්තෙති.
Sinhala BJTසමිද්ධිය, පුරුෂයාට සඞ්කල්පවූ විතර්‍කයෝ කුමක් අරමුණු කොට උපදනාහු දැයි? වහන්ස, නාමරූප ප්‍රත්‍යය කොට ය.
Pali BJTතෙ පන සමිද්ධි, ක්ව නානත්තං ගච්ඡන්තීති? ධාතුසු භන්තෙති.
Sinhala BJTසමිද්ධිය, ඔහු කොතැන්හි නානාස්වභාවයට යෙත් දැයි.? වහන්ස, ධාතූන් කෙරෙහි ය.
Pali BJTතෙ පන සමිද්ධි, කිං සමුදයාති? ඵස්සසමුදයා භන්තෙති.
Sinhala BJTසමිද්ධිය, ඔහු කුමක් සමුදය කොට ඇත්තාහු දැයි.? වහන්ස, ස්පර්‍ශ සමුදය කොට ඇතිය හ.
Pali BJTතෙ පන සමිද්ධි, කිං සමොසරණාති? වෙදනා සමොසරණා භන්තෙති.
Sinhala BJTසමිද්ධිය, ඔහු කුමක් සමවසරණ (එක් රැස්වීම ස්වභාව) කොට ඇත්තාහු දැයි. වහන්ස, වේදනාව සමවසරණකොට ඇත්තාහ.
Pali BJTතෙ පන සමිද්ධි, කිං පමුඛාති? සමාධිපමුඛා භන්තෙති.
Sinhala BJTසමිද්ධිය, ඔහු කුමක් ප්‍රමුඛ කොට ඇත්තාහු දැයි? වහන්ස, සමාධිය ප්‍රමුඛ කොට ඇත්තාහ.
Pali BJTතෙ පන සමිද්ධි, කිං ආධිපතෙය්යාති? සතාධිපතෙය්යා භන්තෙති.
Sinhala BJTසමිද්ධිය, ඔහු කුමක් අධිපති කොට ඇත්තාහු දැයි? වහන්ස, ස්මෘතිය අධිපති කොට ඇත්තාහ.
Pali BJTතෙ පන සමිද්ධි, කිමුත්තරාති? පඤ්ඤුත්තරා භන්තෙති.
Sinhala BJTසමිද්ධිය, ඔහු කුමක් උතුරු කොට ඇත්තාහු දැයි? වහන්ස, ප්‍රඥාව උතුරු කොට ඇතියහයි.
Pali BJTතෙ පන සමිද්ධි, කිං සාරාති? විමුත්තිසාරා භන්තෙති.
Sinhala BJTසමිද්ධිය, ඔහු කුමක් සාරය කොට ඇත්තාහු දැයි? වහන්ස, විමුක්තිය සාර කොට ඇත්තාහ.
Pali BJTතෙ පන සමිද්ධි කිං ඔගධාති? අමතොගධා භන්තෙති.
Sinhala BJTසමිද්ධිය, ඔහු කිමෙක බැසගත්තාහු දැයි? වහන්ස, අමෘතයෙහි බැසගත්තාහයි.
Pali BJTකිමාරම්මණා සමිද්ධි, පුරිසස්ස සඞ්කප්පවිතක්කා උප්පජ්ජන්තීති? ඉති පුට්ඨො සමානො නාමරූපාරම්මණා භන්තෙති වදෙසි.
Sinhala BJTසමිද්ධිය, පුරුෂයාගේ සඞ්කල්ප විතර්‍කයෝ කුමක් ප්‍රත්‍යය කොට උපදනාහුදැයි මෙසේත් පුළුවුස්නා ලදුයේ වහන්ස, නාමරූප ප්‍රත්‍යය කොට ය’යි කියහි.
Pali BJTතෙ පන සමිද්ධි, ක්ව නානත්තං ගච්ඡන්තීති. ඉති පුට්ඨො සමානො ධාතුසු භන්තෙති වදෙසි.
Sinhala BJTසමිද්ධිය, ඔහු කො තන්හි නානාස්වභාවයට යෙත් දැයි පුළුවුස්නා ලදුයේ ‘වහන්ස, ධාතූන් කෙරෙහි’යි කියහි.
Pali BJTතෙ පන සමිද්ධි, කිංසමුදයාති ඉති පුට්ඨො සමානො ඵස්සසමුදයා භන්තෙති වදෙසි.
Sinhala BJTසමිද්ධිය, ඔහු කුමක් සමුදය කොට ඇත්තාහුදැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ‘වහන්ස, ස්පර්‍ශය සමුදය කොට ඇතියහ’යි කියහි.
Pali BJTතෙ පන සමිද්ධි, කිංසමොසරණාති ඉති පුට්ඨො සමානො වෙදනා සමොසරණා භන්තෙති වදෙසි.
Sinhala BJTසමිද්ධිය, ඔහු කුමක් සමවසරණ කොට ඇත්තාහුදැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ‘වහන්ස, වේදනා සමෝසරණ කොට ඇතියහ’යි කියහි.
Pali BJTතෙ පන සමිද්ධි, කිංපමුඛාති ඉති පුට්ඨො සමානො සමාධිපමුඛා භන්තෙති වදෙසි.
Sinhala BJTසමිද්ධිය, ඔහු කුමක් ප්‍රමුඛ කොට ඇත්තාහුදැ යි මෙසේ පුළුවුස්නා ලදුයේ ‘වහන්ස, සමාධිප්‍රමුඛයහ’යි කියහි.
Pali BJTතෙ පන සමිද්ධි, කිංආධිපතෙය්යාති ඉති පුට්ඨො සමානො සතාධිපතෙය්යා භන්තෙති වදෙසි.
Sinhala BJTසමිද්ධිය, ඔහු කුමක් අධිපති කොට ඇත්තාහුදැ යි මෙසේ පුළුවුස්නා ලදුයේ ‘වහන්ස, සතාධිපතෙය්‍යහ’යි කියහි.
Pali BJTතෙ පන සමිද්ධි, කිංඋත්තරාති ඉති පුට්ඨො සමානො පඤ්ඤුත්තරා භන්තෙති වදෙසි.
Sinhala BJTසමිද්ධිය, ඔහු කුමක් උතුරු කොට ඇත්තාහුදැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ‘වහන්ස, පඤ්ඤුත්තරයහ’යි කියහි.
Pali BJTතෙ පන සමිද්ධි, කිංසාරාති ඉති පුට්ඨො සමානො විමුත්තිසාරා භන්තෙති වදෙසි.
Sinhala BJTසමිද්ධිය, ඔහු කුමක් සාර කොට ඇත්තාහුදැ යි මෙසේ පුළුවුස්නා ලදුයේ ‘වහන්ස, විමුත්තිසාරයහ’යි කියහි.
Pali BJTතෙ පන සමිද්ධි, කිංඔගධාති ඉති පුට්ඨො සමානො අමතොගධා භන්තෙති වදෙසි.
Sinhala BJTසමිද්ධිය, ඔහු කුමක් ප්‍රතිෂ්ඨා කොට ඇත්තාහුදැ යි මෙසේ පුළුවුස්නා ලදුයේ ‘වහන්ස, අමෘතය ප්‍රතිෂ්ඨා කොට ඇතියහ’යි කියහි.
Pali BJTසාධු සාධු සමිද්ධි, සාධු ඛො ත්වං සමිද්ධි, පඤ්හං පුට්ඨො විස්සජ්ජෙසි තෙන ච මා මඤ්ඤීති.
Sinhala BJTසමිද්ධිය, මැනැව, මැනැව, තෝ පැණ පුළුවුස්නා ලදුයේ මොනොවට විසඳුයෙහි, ඉනුදු (අගසව්වකු ඇසූ පැණ විසැඳියෙමියි) මානය නො කෙළෙහි යි.
Pali BJT9. 1. 2. 5.
Sinhala BJT9. 1. 2. 5.
Pali BJTගණ්ඩොපම සුත්තං
Sinhala BJTගණ්ඩොපම සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, ගණ්ඩො අනෙකවස්සගණිකො තස්සස්සු නව වණමුඛානි නව අභෙදනමුඛානි, තතො යං කිඤ්චි පග්ඝරෙය්ය අසුචිඤ්ඤෙව පග්ඝරෙය්ය, දුග්ගන්ධඤ්චෙව පග්ඝරෙය්ය, ජෙගුච්ඡියඤ්ඤෙව පග්ඝරෙය්ය. යං කිඤ්චි පසවෙය්ය අසුචිඤ්ඤෙව පසවෙය්ය, දුග්ගන්ධඤ්ඤෙව පසවෙය්ය, ජෙගුච්ඡියඤ්ඤෙව පසවෙය්ය.
Sinhala BJTමහණෙනි, නොයෙක් වස් ගණන් ඇති ගඬක් යම්පරිදි වේද, එයට නවවණ මුඛකෙනෙක් වෙත්. (කිසිවකු විසින් බිඳ නො කළ) කර්‍ම සමුත්‍ථිත වූම නව අභේදන මුඛ කෙනෙක් වෙත්. එයින් යම් කිසිවක් ම වෑහේ නම් අශුචි ම වෑහේ, දුගඳ ම වෑහේ, ජුගුප්සා කටයුතු ම වෑහෙයි. යම් කිසිවක් ම ගලා නම් අශුචි වූවක් ම ගලයි. දුර්‍ගන්‍ධ වූවක් ම ගලයි ජුගුප්සා කටයුතු වූවක් ම ගලයි.
Pali BJT’ගණ්ඩො’ති ඛො භික්ඛවෙ, ඉමස්සෙව චාතුම්මහාභූතිකස්ස කායස්ස අධිවචනං මාතාපෙත්තිකසම්භවස්ස ඔදනකුම්මාසූපචයස්ස අනිච්චුච්ඡාදනපරිමද්දන භෙදන විද්ධංසනධම්මස්ස. තස්ස නව වණමුඛානි, නව අභෙදනමුඛානි, තතො යං කිඤ්චි පග්ඝරති අසුචිඤ්ඤෙව පග්ඝරති, දුග්ගන්ධඤ්ඤෙව පග්ඝරති, ජෙගුච්ඡියඤ්ඤෙව පග්ඝරති. යං කිඤ්චි පසවති අසුචිඤ්ඤෙව පසවති, දුග්ගන්ධඤ්ඤෙව පසවති, ජෙගුච්ඡියඤ්ඤෙව පසවති. තස්මාතිහ භික්ඛවෙ ඉමස්මිං කායෙ නිබ්බින්දථාති.
Sinhala BJTමහණෙනි, ‘ගණ්ඩ’ යනු සතරමහාභූතයෙන් උපන්, මවුපියන්ගේ ශුක්‍රශෝණිතයෙන් හටගත්, බතින් හා කොමුයෙන් වැඩුණු, අනිත්‍යස්වභාව ඇති සුවඳ ඉලීම් හා පිරිමැදීම් සැහැවි කොට ඇති, භේදන හා විද්ධවංසනය ස්වභාව කොට ඇති මේ කයට ම නමෙකි. එයම ව්‍රණමුඛ නවයෙක, අභේදනමුඛ නවයෙකි. එයින් යම් කිසිත් ම වෑහේ නම් අශුචි වූවක් ම වෑහෙයි, දුර්‍ගන්‍ධ වූවක් ම වෑහෙයි, ජුගුප්සා කටයුත්තක්ම වෑහෙයි. යම් කිසිත් ගලා නම්, අශුචි වූවක් ම ගලයි, දුර්‍ගන්‍ධ වූවක් ම ගලයි, ජුගුප්සා කටයුතු වූවක් ම ගලයි. මහණෙනි, එහෙයින් ම මේ කායයෙහි උකටලී වවු.
Pali BJT9. 1. 2. 6.
Sinhala BJT9. 1. 2. 6.
Pali BJTසඤ්ඤා සුත්තං
Sinhala BJTසඤ්ඤා සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTනව ඉමා භික්ඛවෙ, සඤ්ඤා භාවිතා බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිංසා අමතොගධා අමතපරියොසානා. කතමා නව?
Sinhala BJTමහණෙනි, මේ නව සංඥාවෝ භාවිත වූවාහු, බහුලීකෘත වූවාහු මහත්ඵල ද මහානෘශංස ද අමෘතාවගාහ ද අමෘතපර්‍ය්‍යාවසාන ද වෙත්. කවර නවයෙක් යත්:
Pali BJTඅසුභසඤ්ඤා, මරණසඤ්ඤා, ආහාරෙ පටික්කූලසඤ්ඤා, සබ්බලොකෙ අනභිරතසඤ්ඤා, අනිච්චසඤ්ඤා, අනිච්චෙ දුක්ඛසඤ්ඤා, දුක්ඛෙ අනත්තසඤ්ඤා, පහානසඤ්ඤා, විරාග සඤ්ඤා. ඉමා ඛො භික්ඛවෙ, නව සඤ්ඤා භාවිතා බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති.
Sinhala BJTඅසුභසඤ්ඤා ය, මරණ සඤ්ඤා ය, ආහාරයෙහි පටික්කූල සඤ්ඤා ය, සර්‍වලෝකයෙහි අනභිරතසඤ්ඤා ය, අනිච්චසඤ්ඤා ය, අනිත්‍යයෙහි දුක්ඛ සඤ්ඤා ය, දුඃඛයෙහි අනත්තසඤ්ඤා ය, පහානසඤ්ඤා ය, විරාගසඤ්ඤා යි. මහණෙනි, මේ නව සංඥාවෝ භාවිත බහුලීකෘත වූවාහු මහත්ඵල ද මහානෘශංස ද අමෘතාවගාහ ද අමෘතපර්‍ය්‍යාවසාන ද වෙත්.
Pali BJT9. 1. 2. 7.
Sinhala BJT9. 1. 2. 7.
Pali BJTකුලොපගමන සුත්තං
Sinhala BJTකුලෝපගමන සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTනවහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතං කුලං අනුපගන්ත්වා වා නාලං උපගන්තුං, උපගන්ත්වා වා නාලං උපනිසීදිතුං{1} කතමෙහි නවහි:
Sinhala BJTමහණෙනි, කරුණු නවයෙකින් සමන්‍වාගත කුල (පෙර) නො එළැඹ ම හෝ එළැඹෙනුවට නුසුදුසු ය, එළැඹ හෝ හිඳුමට නුසුදුසු ය, කවර නවයෙකින යත්:
Pali BJTන මනාපෙන පච්චුට්ඨෙන්ති, න මනාපෙන අභිවාදෙන්ති, න මනාපෙන ආසනං දෙන්ති, සන්තමස්ස පරිගූහන්ති, බහුකම්පි ථොකං දෙන්ති, පණීතම්පි ලූඛං දෙන්ති, අසක්කච්චං දෙන්ති නො සක්කච්චං, න උපනිසීදන්ති ධම්මසවණාය, භාසිතස්ස න රසීයන්ති. ඉමෙහි ඛො භික්ඛවෙ, නවහඞ්ගෙහි සමන්නාගතං කුලං අනුපගන්ත්වා වා නාලං උපගන්තුං, උපගන්ත්වා වා නාලං උපනිසීදිතුං.
Sinhala BJTමනා අයුරින් හුනස්නෙන් නැගිට පෙරගමන් නො කරත්. මනා අයුරින් නො වඳිත්. මැනැවින් අසුන් නො දෙත්. ඔහට සතු දෑ සඟවත්. බොහෝ ඇත ද මදක් දෙත්. පිණී දෑ ඇත ද රූක්‍ෂයක් ම දෙත්. සකසා නොව නො සකසා දෙත්. ධර්‍ම ශ්‍රවණයට ළඟ නො හිඳිත්. භාෂිතයාගේ අර්‍ත්‍ථරස විඳිමින් සතුටු නො වෙත්. මහණෙනි, මේ නව කරුණින් සමන්‍වාගත කුලය (පෙර) නො එළැඹ හෝ එළැඹීමට නුසුදුසුය. එළැඹ හෝ හිඳිනට නුසුදුසු ය.
Pali BJTනවහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතං කුලං අනුපගන්ත්වා වා අලං උපගන්තුං, උපගන්ත්වා වා අලං උපනිසීදිතුං. කතමෙහි නවහි:
Sinhala BJTමහණෙනි කරුණු නවයෙකින් සමන්‍වාගත කුලය (පෙර) එළැඹ හෝ එළැඹීමට සුදුසු ය. එළැඹ හෝ හිඳිනට සුදුසු ය. කවර නවයෙකින යත්:
Pali BJTමනාපෙන පච්චුට්ඨෙන්ති, මනාපෙන අභිවාදෙන්ති, මනාපෙන ආසනං දෙන්ති, සන්තමස්ස න පරිගූහන්ති, බහුකම්පි බහුකං දෙන්ති, පණීතම්පි පණීතං දෙන්ති, සක්කච්චං දෙන්ති නො අසක්කච්චං, උපනිසීදන්නි ධම්මසවණාය, භාසිතස්ස රසීයන්ති.
Sinhala BJTමැනැවින් හුනස්නෙන් නැගී පෙරගමන් කරත්. මැනැවින් අභිවාදනා කෙරෙත්, මැනැවින් අසුන් දෙත්, ඔහුට ඇති දෑ නො සඟවත්, බොහෝ ඇතිවත් බොහෝ කොට දෙත්. පිණී දෑ ඇතිවත් පිණී දෑ ම දෙත්. සකස් කොට දෙත් නො සකසා නො දෙත්, දහම්ඇසීමට ළඟ හිඳිත්, භාෂිතයාගේ රසවිඳිමින් සතුටු වෙත්.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, නවහඞ්ගෙහි සමන්නාගතං කුලං අනුපගන්ත්වා වා අලං උපගන්තුං, උපගන්ත්වා වා අලං උපනිසීදිතුන්ති.
Sinhala BJTමහණෙනි, මේ නව කරුණින්, සමන්‍වාගත කුලය නො එළැඹ හෝ එළැඹුමට සුදුසු ය. එළැඹ හිඳිනට හෝ සුදුසු යි.
Pali BJT9. 1. 2. 8.
Sinhala BJT9. 1. 2. 8.
Pali BJTනවඞ්ගුපොසථ සුත්තං
Sinhala BJTනවඞ්ගුපෝසථ සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTනවහඞ්ගෙහි සමන්නාගතො{1} භික්ඛවෙ උපොසථො උපවුත්ථො මහප්ඵලො හොති මහානිසංසො මහාජුතිකො මහාවිප්ඵාරො. කථං උපවුත්ථො ච භික්ඛවෙ, නවහඞ්ගෙහි සමන්නාගතො උපොසථො මහප්ඵලො හොති මහානිසංසො මහාජුතිකො මහාවිප්ඵාරො:
Sinhala BJTමහණෙනි, නව අඟින් සමන්‍වාගත පෙහෙවස් වුසූයේ මහත්ඵල වෙයි. මහානිසංස වෙයි. මහාද්‍යුතික වෙයි. මහාවිස්ඵාර වෙයි. මහණෙනි, කෙසේ වුසූ නවඟින් සමන්‍වාගත උපෝසථය මහත්ඵල, මහා නෘශංස, මහාද්‍යුතික, මහාවිස්ඵාර වේය යත්:
Pali BJT1. ඉධ භික්ඛවෙ, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති “යාවජීවං අරහන්තො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතා නිහිතදණ්ඩා නිහිතසත්ථා ලජ්ජී දයාපන්නා සබ්බපාණභූතහිතානුකම්පී{2} විහරන්ති. අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරාමි. ඉමානාපඞ්ගෙන අරහතං අනුකරොමි. උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සතී”ති. ඉමිනා පඨමෙනඞ්ගෙන සමන්නාගතො හොති.
Sinhala BJT1. මහණෙනි, මෙ සස්නෙහි අරීසවු මෙසේ නුවණින් සිතයි: “යවදිව් රහත්හු පණිවා හැර පණිවායෙන් වැළැකියාහු බහාතැබූ දඬු ඇත්තාහු බහාතැබූ අවි ඇත්තාහු ලජ්ජාවත් වූවාහු දයාවට පැමිණියාහු සර්‍වප්‍රාණීන් කෙරේ හිතානුකම්පී ව විහරණ කරත්: අද මමත් මේ රෑත් මේ දාවලත් පණිවා හැර පියා පණිවායෙන් වැළැකියෙම් බැහූ දඬු ඇතියෙම් බැහූ අවි ඇතියෙම් ලදැතියෙම් දයාවට පැමිණියෙම් සර්‍වප්‍රාණීන් කෙරේ හිතානුකම්පී වූයෙම් විහරණ කරමි. මෙ කරුණෙනුදු රහතුනට අනුක්‍රියා කරමි. මා විසින් උපෝසථය ද වුසූයේ වෙයි. මේ පළමු අඟින් සමන්‍වාගත වෙයි.
Pali BJT2. “යාවජීවං අරහන්තො අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතා දින්නාදායී දින්නපාටිකඞ්ඛී අථෙනෙන සුචිභූතෙන අත්තනා විහරන්තී. අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං අදින්නාදානං පහාය -පෙ- උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සතී”ති. ඉමිනා දුතියෙනඞ්ගෙන සමන්නාගතො හොති.
Sinhala BJT2. “රහත්හු යව්දිව් අයිනාදන් හැර පියා අයිනාදනින් වැළැකියාහු දුන් දෑ ගන්නා සුල්ලහු දුන් දෑ කැමැතිවන්නාහු නොසොර පිවිතුරු සිතින් වෙසෙත්. අද මමත් මේ රෑත් මේ දාවලත් අයිනාදන් හැරපියා … මා විසින් පෙහෙවස් ද වුසූයේ වෙයි. මේ දෙවන අඟින් සමන්‍වාගත වූයේ වෙයි.
Pali BJT3. “යාවජීවං අරහන්තො අබ්රහ්මචරියං පහාය බ්රහ්මචාරී ආරාචාරී විරතා මෙථුනා ගාමධම්මා. අහම්පජ්ජ -පෙ- උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සතී”ති. ඉමිනා තතියෙනඞ්ගෙන සමන්නාගතො හොති.
Sinhala BJT3. “රහත්හු යව්දිව් අබ්‍රම්සර හැර පියා බ්‍රහ්මචාරී වූවාහු ගැමිදම් වූ මෙවුන් දමින් වැළැකියාහු ආරාචාරී වූවාහු වෙත්. දැන් මම ද ... මා විසින් පෙහෙවස් වුසූයේත් වන්නේය. මේ තෙවන අඟින් සමන්‍වාගත වෙයි.
Pali BJT4. “යාවජීවං අරහන්තො මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතා සච්චවාදී සච්චසන්ධා ථෙතා පච්චයිකා අවිසංවාදකා ලොකස්ස, අහම්පජ්ජ -පෙ- උපවුත්ථො භවිස්සතී”ති. ඉමිනා චතුත්ථෙනඞ්ගෙන සමන්නාගතො හොති.
Sinhala BJT4. ‘රහත්හු යව්දිව් මුසවා හැර පියා මුසවායෙන් වැළැකියාහු සත්‍යවාදී වූවාහු සත්‍යසන්‍ධ වූවාහු ස්ථිර කථා ඇත්තාහු හැදැහිය හැකි තෙපුල් ඇත්තාහු ලොවට අවිසංවාදක වූවාහු වෙත්. දැන් මම ද … වුසුයේ වෙයි. මේ සිවුවන අඟින් සමන්‍වාගත වෙයි.
Pali BJT5. “යාවජීවං අරහන්තො සුරාමෙරය මජ්ජපමාදට්ඨානං පහාය සුරාමෙරය මජ්ජපමාදට්ඨානා පටිවිරතා. අහම්පජ්ජ -පෙ- උපවුත්ථො භවිස්සතී”ති. ඉමිනා පඤ්චමෙනඞ්ගෙන සමන්නාගතො හොති.
Sinhala BJT5. රහත්හු යව්දිව් මදපමා දෙකට කරුණු වූ රහමෙර හැර පියා මද පමා දෙකට කරුණු වූ රහමෙරින් වැළැකියාහු වෙත්. අද මම ද … වුසූයේ වෙයි. මේ පස්වන අඟින් සමන්‍වාගත වෙයි.
Pali BJT6. “යාවජීවං අරහන්තො එකභත්තිකා රත්තුපරතා විරතා විකාලභොජනා. අහම්පජ්ජ -පෙ- උපවුත්ථො භවිස්සතීති. ඉමිනා ඡට්ඨෙනඞ්ගෙන සමන්නාගතො හොති.
Sinhala BJT6. යව්දිව් රහත්හු ඒකභක්තික වූවාහු රාත්‍රි භෝජනයෙන් වැළැකියාහු විකල් බොජුනින් දුරුවූවාහු වෙත්. මම ද අද … වුසුයේ වෙයි. මේ සවන අඟින් සමන්‍වාගත වෙයි.
Pali BJT7. “යාවජීවං අරහන්තො නච්චගීතවාදිතවිසූකදස්සනමාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා පටිවිරතා. අහම්පජ්ජ -පෙ- උපවුත්ථො භවිස්සතී ති. ඉමිනා සත්තමෙනඞ්ගෙන සමන්නාගතො හොති.
Sinhala BJT7. රහත්හු යව්දිව් නැටුම් ගැයුම් වැයුම් විසුළු දස්න මල්ගඳ විලවුන් දැරුම් සිරුර උනුතැන් පිරවීම් සිරුරු සැරසුම් යන කරුණින් වැළකියාහු වෙත්. මම ද අද … වුසුයේ වෙයි. මේ සත්වන අඟින් සමන්‍වාගත වෙයි.
Pali BJT8. “යාවජීවං අරහන්තො උච්චාසයනමහාසයනං පහාය උච්චාසයනමහාසයනා පටිවිරතා නීචසෙය්යං කප්පෙන්ති මඤ්චකෙ වා තිණසන්ථාරකෙ වා අහම්පජ්ජ -පෙ- උපවුත්ථො භවිස්සතී”ති. ඉමිනා අට්ඨමෙනඞ්ගෙන සමන්නාගතො හොති.
Sinhala BJT8. යව්දිව් රහත්හු උසසුන් මහසුන් හැරපියා උසසුන් මහස්නෙන් වැළැකියාහු මැස්සෙක හෝ තණ ඇතිරියෙක හෝ නීචශය්‍යා කරත්. මම ද අද … වුසුයේ වෙයි. මේ අටවැනි කරුණින් සමන්‍වාගත වෙයි.
Pali BJT9. ඉධ භික්ඛවෙ, අරියසාවකො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති තථා දුතියං -පෙ- තථා තතියං -පෙ- තථා චතුත්ථිං -පෙ- ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. ඉමිනා නවමෙනඞ්ගෙන සමන්නාගතො හොති.
Sinhala BJT9. මහණෙනි, මෙ සස්නෙහි අරීසවු මෙත්සහගිය සිතින් එක් දිගක් පැතිර වාසය කරයි. එපරිදි ම දෙවන … එපරිදි ම තෙවන … එපරිදිම සතරවන ... මෙසේ උඩ යට සරස හැම තන්හි සර්‍වාත්ම භාවයෙන් සියල්ලෙන් යුත් ලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ මෙත් සහගිය සිතින් පැතිර වෙසෙයි.
Pali BJTඑවං උපවුත්ථො ඛො භික්ඛවෙ, නවහඞ්ගෙහි සමන්නාගතො උපොසථො මහප්ඵලො හොති මහානිසංසො මහාජුතිකො මහාවිප්ඵාරොති.
Sinhala BJTමහණෙනි, මෙසේ වුසූ නවඟින් යුත් පෙහෙවස මහප්ඵල වෙයි. මහානිසංස වෙයි. මහාජුතික වෙයි. මහාවිප්ඵාර වේය යි.
Pali BJT9. 1. 2. 9.
Sinhala BJT9. 1. 2. 9.
Pali BJTදෙවතා සුත්තං
Sinhala BJTදේවතා සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඉමං{1} භික්ඛවෙ, රත්තිං සම්බහුලා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙනාහං තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො භික්ඛවෙ, තා දෙවතා මං එතදවොචුං:
Sinhala BJTමහණෙනි, මෙ රෑ බොහෝ දේවතාවෝ රෑ බෙහෙවින් ඉක්මගිය කල්හි විසිතුරු පැහැ ඇත්තාහු මුළු දෙව්රම බබුළුවා මා වෙත එළැඹියහ. එළැඹ මා සකසා වැඳ එකත්පස්ව සිට ගත්හ. මහණෙනි, එකත්පස්ව සිට ගත් ඒ දේවතාවෝ මට තෙල කීහ:
Pali BJTඋපසඞ්කමිංසු නො භන්තෙ, පුබ්බෙ මනුස්සභූතානං පබ්බජිතා අගාරානි, තා මයං{2} භන්තෙ, පච්චුට්ඨිම්හ, නො ච ඛො අභිවාදිම්හ, තා මයං භන්තෙ, අපරිපුණ්ණකම්මන්තා විප්පටිසාරිනියො පච්ඡානුතාපිනියො{3} හීනං කායං උපපන්නා”ති.
Sinhala BJT“වහන්ස, පෙර මිනිස් වූ අපගේ අගාරයනට පැවිද්දෝ එළැඹියහ. වහන්ස, ඒ අපි (ඔවුන්ට) ප්‍රත්‍යුපස්ථාන කළම්හ. නො ද අභිවාදනා කළම්හ. වහන්ස, නොපිරිපුන් කම් ඇති ඒ අපි විපිළිසර වන්නමෝ පසුතැවෙන්නමෝ හීන කායයට පැමිණියම්හ”යි.
Pali BJTඅපරාපි මං භික්ඛවෙ, සම්බහුලා දෙවතා උපසඞ්කමිත්වා එතදවොචුං “උපසඞ්කමිංසු නො භන්තෙ පුබ්බෙ මනුස්සභූතානං පබ්බජිතා අගාරානි තා{2} මයං භන්තෙ පච්චුට්ඨිම්හ, අභිවාදිම්හ{4} නො ච ඛො{5} ආසනං අදම්හ, තා මයං භන්තෙ, අපරිපුණ්ණකම්මන්තා විප්පටිසාරිනියො පච්ඡානුතාපිනියො හීනං කායං උපපන්නා”ති.
Sinhala BJTමහණෙනි, අනෙක් බොහෝ දේවතා කෙනෙක් මා වෙත එළැඹ තෙල කීහු: “වහන්ස, පෙර මිනිස් වූ අපගේ නිවෙස් කරා පැවිද්දෝ එළැඹියහ. වහන්ස, ඒ අපි ඔවුන්ට ප්‍රත්‍යුපස්ථාන කළම්හ. අභිවාදන කළම්හ, නො ද අසුන් දුනුම්හ, වහන්ස, ඒ අපි නො පිරිපුන් කම් ඇත්තෝ විපිළිසර වන්නමෝ පසුතැවෙන්නමෝ හීන කායයට පැමිණියම්හ”යි.
Pali BJTඅපරාපි මං භික්ඛවෙ, සම්බහුලා දෙවතා උපසඞ්කමිත්වා එතදවොචුං “උපසඞ්කමිංසු නො භන්තෙ, පුබ්බෙ මනුස්සභූතානං පබ්බජිතා අගාරානි, තා මයං භන්තෙ පච්චුට්ඨිම්හ, අභිවාදිම්හ ආසනඤ්ච අදම්හ{6} නො ච ඛො යථාසත්ති යථාබලං සංවිභජිම්හ -පෙ- යථාසත්ති යථාබලං සංවිභජිම්හ. නො ච ඛො උපනිසීදිම්හ ධම්මසවණාය -පෙ- උපනිසීදිම්හ{7} ධම්මසවණාය නො ච ඛො ඔහිතසොතො ධම්මං සුණිම්හ -පෙ- ඔහිතසොතො{8} ධම්මං සුණිම්හ, නො ච සුත්වා ධම්මං ධාරයිම්හ -පෙ- සුත්වා{9} ධම්මං ධාරයිම්හ, නො ච ධතානං{10} ධම්මානං අත්ථං උපපරික්ඛිම්හ -පෙ- ධතානං{11} ධම්මානං අත්ථං උපපරික්ඛිම්හ, නො ච ඛො අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මං පටිපජ්ජිම්හ. තා මයං භන්තෙ අපරිපුණ්ණකම්මන්තා විප්පටිසාරිනියො පච්ඡානුතාපිනියො හීනං කායං උපපන්නා”ති.
Sinhala BJTමහණෙනි, අනෙක් බොහෝ දේවතා කෙනෙක් ද මා කරා එළැඹ තෙල සැළකළහ: “වහන්ස, පෙර මිනිස් බවට පැමිණි අපගේ නිවෙස් කරා පැවිද්දෝ පැමිණියහ. වහන්ස, ඒ අපි ඔවුන්ට ප්‍රත්‍යුපස්ථාන කළම්හ. අභිවාදනා කළම්හ. අසුන් ද දුනුම්හ. යථාශක්තියෙන් යථාබලයෙන් සංවිභාග නොකළම් හ. දහම් අසනු සඳහා නො ද ළඟ හුනුම්හ … දහම් ඇසුමට ළඟ හුනුම් හ. යොමු කළ කන් ඇත්තමෝ නො ද දහම් ඇසුම්හ … යොමු කළ කන් ඇත්තමෝ දහමුදු ඇසුම්හ. අසා දහම් නො ම දැරුම් හ … අසා දහම් දැරුම්හ, දැරූ දහමුන්ගේ නො ම අරුත් පිරික්සුම් හ … දැරූ දහමුන්ගේ අරුත් පිරික්සුම්හ. අරුත් දැන පෙළදම් දැන ධර්‍මානුධර්‍මය නො ම පිළිපැදියම්හ. වහන්ස, ඒ අපි අපරිපූර්‍ණ කර්‍මාන්ත ඇත්තමෝ විපිළිසර වන්නමෝ පසු තැවෙන්නමෝ හීන කායයට පැමිණියම්හ”යී.