Pali BJT1. ඉධ මෙඝිය, භික්ඛු කල්යාණමිත්තො හොති කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො. අපරිපක්කාය මෙඝිය චෙතො විමුත්තියා අයං පඨමො ධම්මො පරිපක්කාය සංවත්තති.
Sinhala BJT1. මේඝිය, මේ සස්නෙහි මහණ කලණමිතුරන් ඇතියේ කලණ යහළුවන් ඇතියේ කලණ යහළුවන් කෙරෙහි නැඹුරු වූයේ වෙයි. මේඝිය ය, නො පිරිපැසුණු චිත්තවිමුත්තිහුගේ පරිපාකය පිණිස මේ පළමු දහම වෙයි.
Pali BJT2. පුන චපරං මෙඝිය භික්ඛු සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු අපරිපක්කාය මෙඝිය, චෙතොවිමුත්තියා අයං දුතියො ධම්මො පරිපක්කාය සංවත්තති.
Sinhala BJT2. මේඝිය, තවද මහණ සිල්වත් වූයේ ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත වූයේ වෙයි. ආචාරගෝචරසම්පන්න වූයේ අණුමාත්‍රවද්‍යයෙහි භය දක්නා සුලු වැ වාස කෙරෙයි. සමාදන් කොට ගෙන සිකපදයන්හි හික්මෙයි. මේඝිය ය, නො පිරිපැසුණු චිත්තවිමුත්තිහුගේ පරිපාකය පිණිස මේ දෙවන ධර්‍මය වෙයි.
Pali BJT3. පුන චපරං මෙඝිය භික්ඛු යායං කථා අභිසල්ලෙඛිකා චෙතොවිවරණසප්පායා සෙය්යථීදං: අප්පිච්ඡකථා -පෙ- එවරූපියා කථාය නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභිං අපරිපක්කාය මෙඝිය, චෙතොවිමුත්තියා අයං තතියො ධම්මො පරිපක්කාය සංවත්තති.
Sinhala BJT3. මේඝිය ය, තවද මහණ යම් මේ කථාවක් ක්ලේශාභිලේඛනයට හිත ද, ශමථවිදර්‍ශනා චිත්තවිවරණයට සත්ප්‍රාය ද, එනම් අප්පිච්ඡකථාය ... විමුත්තිඤාණදස්සනකථා යි. එබඳු කථා කැමැති සේ ලබන සුලු සුවසේ ලබන සුලු විපුල ව ලබන සුලු වෙයි. මේඝිය ය, නො පිරිපැසුණු චිත්තවිමුත්තිහුගේ පරිපාකය පිණිස මේ තෙවන ධර්‍මය වෙයි.
Pali BJT4. පුන චපරං මෙඝිය භික්ඛු ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. අපරිපක්කාය මෙඝිය චෙතොවිමුත්තියා අයං චතුත්ථො ධම්මො පරිපක්කාය සංවත්තති.
Sinhala BJT4. තවද මේඝිය ය, මහණ අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශල ධර්‍මයන්ගේ උපසම්පත් පිණිස ස්ථාම ඇතියේ දළපැරකුම් ඇතියේ කුශල ධර්‍මයන්හි නිඃක්‍ෂිප්ත ධුර ඇතියේ ඇරඹූ වැර ඇතියේ වෙසෙයි. මේඝිය ය, නො පිරිපැසුණු චිත්තවිමුත්තිහුගේ පරිපාකය පිණිස මේ සිවුවන ධර්‍මය වෙයි.
Pali BJT5. පුන චපරං මෙඝිය භික්ඛු පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා. අපරිපක්කාය මෙඝිය චෙතොවිමුත්තියා අයං පඤ්චමො ධම්මො පරිපක්කාය සංවත්තති.
Sinhala BJT5. තවද මේඝිය ය, මහණ උදයව්‍යගාමිනී වූ ආර්‍ය වූ නිර්වේදය ඇසුරු කළ මොනොවට දුඃඛක්‍ෂයට යන සුලු ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ පැණවත් වෙයි. මේඝිය ය, නොපිරිපැසුණු චිත්තවිමුත්තිහුගේ පරිපාකය පිණිස මේ පස්වන ධර්‍මය වෙයි.
Pali BJTකල්යාණමිත්තස්සෙතං මෙඝිය භික්ඛුනො පාටිකඞ්ඛං කල්යාණසහායස්ස කල්යාණසම්පවඞ්කස්ස සීලවා භවිස්සති පාතිමොක්ඛසංවරසංවුතො විහරිස්සති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු.
Sinhala BJTමේඝිය ය, කලණමිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණ මිතුරන් කෙරෙහි නැඹුරු වූ මහණහු විසින් තෙල කැමැති විය යුතු: ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවෘත වූයේ සිල්වත් වන්නේය. ආචාරගෝචර සම්පන්න වූයේ අණුමාත්‍රවද්‍යයෙහි බිය දක්නා සුලු වැ වාසය කරන්නේය. සමාදන් කොට ගෙන සිකපදයන්හි හික්මෙන්නේ ය කියා යි.
Pali BJTකල්යාණමිත්තස්සෙතං මෙඝිය භික්ඛුනො පාටිකඞ්ඛං කල්යාණසහායස්ස කල්යාණසම්පවඞ්කස්ස: යායං කථා අභිසල්ලෙඛිකා චෙතොවිවරණසප්පායා, සෙය්යථීදං; අප්පිච්ඡකථා -පෙ- විමුත්තිඤාණදස්සනකථා, එවරූපියා කථාය නිකාමලාභී භවිස්සති අකිච්ඡලාභී අකසිරලාභී.
Sinhala BJTමේඝිය ය, කලණමිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණ මිතුරන් කෙරෙහි නැඹුරු වූ මහණ විසින් තෙල කැමැති විය යුතු. අප්පිච්ඡකථා ය ... විමුත්තිඤාණදස්සනකථා යන අභිසල්ලේඛයට හිත වූ චිත්තවිවරණයට සත්ප්‍රාය වූ යම් මේ කථායෙක් වේ නම් එබඳු කථා කැමැති සේ ලබන සුලු, විපුලව ලබන සුලු, නිදුකින් ලබන සුලු වෙයි.
Pali BJTකල්යාණමිත්තස්සෙතං මෙඝිය භික්ඛුනො පාටිකඞ්ඛං කල්යාණසහායස්ස, කල්යාණසම්පවඞ්කස්ස ආරද්ධවිරියො විහරිස්සති -පෙ- කුසලෙසු ධම්මෙසු.
Sinhala BJTමේඝිය ය, කලණමිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණ මිතුරන් කෙරෙහි නැඹුරු වූ මහණහු විසින් තෙල කැමැති විය යුතු: කුසල් දහම් හි ... ඇරඹු වැර ඇතියේ වාස කරන්නේ ය කියා යි.
Pali BJTකල්යාණමිත්තස්සෙතං මෙඝිය භික්ඛුනො පාටිකඞ්ඛං කල්යාණසහායස්ස කල්යාණසම්පවඞ්කස්ස: පඤ්ඤවා භවිස්සති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා.
Sinhala BJTමේඝිය ය, කලණමිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණ මිතුරන් කෙරෙහි නැඹුරු වූ මහණහු විසින් තෙල කැමැති විය යුතු: උදයව්‍යයගාමිනී වූ ආර්‍ය වූ නිර්වේදයට හිත වූ මොනොවට දුඃඛක්‍ෂයට යන සුලු ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ පැණවත් වන්නේය කියා යි.
Pali BJT6-9 තෙන ච පන මෙඝිය භික්ඛුනො ඉමෙසු පඤ්චසු ධම්මෙසු පතිට්ඨාය චත්තාරො ධම්මා උත්තරිං භාවෙතබ්බා: අසුභා භාවෙතබ්බා රාගස්ස පහානාය, මෙත්තා භාවෙතබ්බා ව්යාපාදස්ස පහානාය, ආනාපානසති භාවෙතබ්බා විතක්කුපච්ඡෙදාය, අනිච්චසඤ්ඤා භාවෙතබ්බා අස්මිමානසමුග්ඝාතාය. අනිච්චසඤ්ඤිනො මෙඝිය අනත්තසඤ්ඤා සණ්ඨාති. අනත්තසඤ්ඤී අස්මිමානසමුග්ඝාතං පාපුණාති. දිට්ඨෙව ධම්මෙ නිබ්බානන්ති.
Sinhala BJT6-9 මේඝිය ය, එ මහණහු විසින් මේ පඤ්ච ධර්‍මයන්හි පිහිටා මතුයෙහි සතර ධර්‍ම කෙනෙක් වැඩිය යුතුවහ: රාගයාගේ ප්‍රහාණය පිණිස අසුභයෝ වැඩිය යුතුවහ. ව්‍යාපාදයාගේ ප්‍රහාණය පිණිස මෛත්‍රිය වැඩිය යුතු ය. විතර්‍කෝපච්ඡේදය පිණිස ආනාපානසතිය වැඩිය යුතුය. අස්මිමානසමුද්ඝාතය පිණිස අනිත්‍යසංඥා වැඩිය යුතු. මේඝිය, අනිත්‍යසංඥා ඇතියහුට අනාත්මසංඥා සිටුනේ ය. අනාත්මසංඥා ඇතියේ අස්මිමානසමුද්ඝාතයට පැමිණෙයි. ඉහාත්මයෙහි ම නිර්‍වාණයට පැමිණෙයි.
Pali BJT9. 1. 1. 4.
Sinhala BJT9. 1. 4. 4.
Pali BJTනන්දක සුත්තං
Sinhala BJTනන්‍දක සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා නන්දකො උපට්ඨානසාලායං භික්ඛු ධම්මියා කථාය සන්දෙස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති.
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වාසය කරන සේක. එසමයෙහි ආයුෂ්මත් නන්‍දක ස්ථවිර උවටන්හල්හි දැහැමි කථායෙන් මහණුන්ට කරුණු දක්වයි, සමාදන් කරවයි, සමුත්තේජනා කරවයි. මොනොවට පහන් කරවයි.
Pali BJTඅථ ඛො භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙන උපට්ඨානසාලං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා බහිද්වාරකොට්ඨකෙ අට්ඨාසි කථාපරියොසානං ආගමයමානො. අථ ඛො භගවා කථාපරියොසානං විදිත්වා උක්කාසිත්වා අග්ගලං ආකොටෙසි. විවරිංසු ඛො තෙ භික්ඛු භගවතො ද්වාරං. අථ ඛො භගවා උපට්ඨානසාලං පාවිසි. පවිසිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා ආයස්මන්තං නන්දකං එතදවොච: දීඝො ඛො ත්යායං නන්දක ධම්මපරියායො භික්ඛූනං පටිභාසි. අපි ච මෙ{1} පිට්ඨි ආගිලායති බහිද්වාරකොට්ඨකෙ ඨිතස්ස කථාපරියොසානං ආගමයමානස්සාති.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් වරුයෙහි පිළිසලනින් නැඟී සේක් උවටන්හල වෙත එළඹි සේක. එළැඹ බිහිදොරටුයෙහි කථාපර්‍ය්‍යවසානය බලන සේක් වැඩ සිටියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කථාපර්‍ය්‍යවසානය දැන කාරා දොරගුල පහළහ. එ මහණහු භගවත්නට දොර විවර කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ උපස්ථාන ශාලාවට පිවිසියහ. පිවිස පැන වූ අස්නෙහි හුන්හ. හිඳ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්‍දකහට තෙල වදාළ සේක. නන්‍දකය, තාගේ මේ දීර්‍ඝධර්‍මපර්‍ය්‍යාය ය මහණුන්හට වැටහිණ. එතෙකුදු වුව බිහි දොරටුයෙහි කතා කෙළවර බලා සිටි මාගේ පිට රිදෙයි.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා නන්දකො සාරජ්ජායමානරූපො{2} භගවන්තං එතදවොච, න ඛො මය්හං භන්තෙ ජානාම භගවා බහිද්වාරකොට්ඨකෙ ඨිතොති. සචෙ හි මයං භන්තෙ ජානෙය්යාම භගවා බහිද්වාරකොට්ඨකෙ ඨිතොති එත්තකම්පි{3} නො නප්පටිභාසෙය්යාති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි ආයුෂ්මත් නන්‍දක බියපත් සැහැවි ඇත්තේ භාග්‍යවතුනට තෙල සැල කළේය. වහන්ස, අපි භාග්‍යවතුන් බිහි දොරටුයෙහි සිටියහ යි නොදන්මු. වහන්ස, ඉදින් අපි භගවතුන් බිහි දොරටුයෙහි සිටියහ යි දත්තමෝ නම් අපට මෙ පමණකුදු නො වැටහේ යි (නො කියවෙන්නේ යි.)
Pali BJTඅථ ඛො භගවා ආයස්මන්තං නන්දකං සාරජ්ජායමානරූපං විදිත්වා ආයස්මන්තං නන්දකං එතදවොච: සාධු සාධු නන්දක, එවං ඛො නන්දක, තුම්හාකං පතිරූපං කුලපුත්තානං සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතානං යං තුම්හෙ ධම්මියා කථාය සන්නිසීදෙය්යාථ. සන්නිපතිතානං වො නන්දක ද්වයං කරණීයං: ධම්මී වා කථා, අරියො වා තුණ්හීභාවො.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්‍දක ස්ථවිර බියපත් සැහැවි ඇතියහු දැන ආයුෂ්මත් නන්‍දක හට තෙල වදාළ සේක. නන්‍දකය, මැනවි මැනවි. නන්‍දකය, කුලපුත්‍ර වූ සැදැහැයෙන් ගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදි වූ තොපට යම් හෙයකින් මෙබඳු දැහැමි කථායෙන් තෙපි හිඳිනහු නම් එය සුදුසු වෙයි. නන්‍දකය රැස් වූ තොප විසින් කටයුතු දෙකෙකි. දැහැමි කථාව හෝ ආර්‍ය්‍යතුෂ්ණීම්භාවය හෝ යි.
Pali BJTසද්ධො ච නන්දක භික්ඛු හොති නො ච සීලවා, එවං සො තෙනඞ්ගෙන අපරිපූරො හොති. තෙන තං අඞ්ගං පරිපූරෙතබ්බං: කින්තාහං සද්ධො ච අස්සං සීලවා චාති. යතො ච ඛො නන්දක, භික්ඛු සද්ධො ච හොති සීලවා ච, එවං සො තෙනඞ්ගෙන පරිපූරො හොති.
Sinhala BJTනන්‍දකය, මහණ සැදැහැතියේ වෙයි. සිල්වත් නො ද වෙයි. මෙසේ හේ ඒ කරුණින් අපරිපූර්‍ණ වෙයි. ඔහු විසින් එකරුණ පිරිය යුතු: කවර උපායෙන් මම සැදැහැතියෙම් ද සිල් ඇතියෙම් ද වෙමි යි. නන්‍දකය, යම් කලෙක මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් වේ ද, මෙසේ හේ එකරුණින් පරිපූර්‍ණ වෙයි.
Pali BJTසද්ධො ච නන්දක භික්ඛු හොති සීලවා ච, නො ච ලාභී අජ්ඣත්තං චෙතොසමථස්ස. එවං සො තෙනඞ්ගෙන අපරිපූරො හොති. තෙන තං අඞ්ගං පරිපූරෙතබ්බං: කිං තාහං සද්ධො ච අස්සං සීලවා ච ලාභී ච අජ්ඣත්තං චෙතොසමථස්සාති. යතො ච ඛො නන්දක භික්ඛු සද්ධො ච හොති සීලවා ච, ලාභී ච අජ්ඣත්තං චෙතොසමථස්ස, එවං සො තෙනඞ්ගෙන පරිපූරො හොති. සද්ධො ච නන්දක භික්ඛු හොති සීලවා ච, ලාභී ච අජ්ඣත්තං චෙතො සමථස්ස. න ලාභී අධිපඤ්ඤාධම්මවිපස්සනාය. එවං සො තෙනඞ්ගෙන අපරිපූරො හොති.
Sinhala BJTනන්‍දකය, මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් වෙයි. අධ්‍යාත්මයෙහි චිත්තසමථය නො ලබනසුලු වෙයි. මෙසේ හේ එකරුණින් අපරිපූර්‍ණ වෙයි. ඔහු විසින් එකරුණ පිරිය යුතු: කිමෙකින් මම සැදැහැතියෙම් ද සිල් ඇතියෙම් ද අධ්‍යාත්මයෙහි චිත්තසමථය ලබනසුලු යෙම් ද වෙම් දැයි. නන්‍දකය, යම් කලෙක මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් අධ්‍යාත්මයෙහි චිත්තසමථය ලබනසුලුයේත් වේ ද, මෙසේ හේ එ කරුණින් පරිපූර්‍ණ වෙයි. නන්‍දකය, මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් අධ්‍යාත්මයෙහි චිත්තසමථ ලබනසුලුයේත් වෙයි, සංස්කාරපරිග්‍රහවිදර්‍ශනාඥානය නොලබන සුලුයේ වෙයි ද, මෙසේ හේ එකරුණින් අපරිපූර්‍ණ වේ.
Pali BJTසෙය්යථාපි නන්දක පාණකො චතුප්පාදකො, තස්සස්ස එකො පාදො ඔමකො ලාමකො, එවං සො තෙනඞ්ගෙන අපරිපූරො අස්ස, එවමෙව ඛො නන්දක භික්ඛු සද්ධො ච හොති සීලවා ච ලාභී ච අජ්ඣත්තං චෙතොසමථස්ස න ලාභී අධිපඤ්ඤාධම්මවිපස්සනාය, එවං සො තෙනඞ්ගෙන අපරිපූරො හොති. තෙන තං අඞ්ගං පරිපූරෙතබ්බං; කින්තාහං සද්ධො ච අස්සං සීලවා ච ලාභී ච අජ්ඣත්තං චෙතොසමථස්ස, ලාභී ච අධිපඤ්ඤාධම්ම විපස්සනායාති. යතො ච ඛො නන්දක, භික්ඛු සද්ධො ච හොති සීලවා ච ලාභී ච අජ්ඣත්තං චෙතොසමථස්ස ලාභී ච අධිපඤ්ඤාධම්මවිපස්සනාය, එවං සො තෙනඞ්ගෙන පරිපූරො හොතීති.
Sinhala BJTනන්‍දකය, යම් පරිදි සිවුපා ඇති ප්‍රාණියෙක් වේ ද, ඔහුගේ එක් පයෙක හීන වූයේ ලාමක වූයේ වෙයි. මෙසේ හේ ඒ කරුණින් අපරිපූර්‍ණ වන්නේ ය. නන්‍දකය, එපරිදි ම මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් අධ්‍යාත්මයෙහි චිත්තසමථය ලබන සුලුයේත් වෙයි. අධිප්‍රඥා ධර්‍ම විදර්‍ශනාව (සංස්කාරපරිග්‍රහවිදර්‍ශනාඥානය) නො ලබනසුලුයේ වෙයි. මෙසේ හේ එකරුණින් අපරිපූර්‍ණ වෙයි. ඔහු විසින් එකරුණ පිරිය යුතු: කවර කරුණින් මම සැදැහැතියෙම් සිල් ඇතියෙම් අධ්‍යාත්මයෙහි චිත්තසමථය ලබනසුලු යෙම් ද සංස්කාරපරිග්‍රහවිදර්‍ශනාඥානය ලබනසුලුයෙම් ද වෙමි යි. නන්‍දකය, යම් කලෙක මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් අධ්‍යාත්මයෙහි චිත්තසමථය ලබන සුලුයේත් සංස්කාරපරිග්‍රහවිදර්‍ශනාඥාන ලබනසුලුයේත් වේ ද, හේ මෙසේ එ කරුණින් පරිපූර්‍ණ වෙයි.
Pali BJTඉදමවො ච භගවා ඉදං වත්වා සුගතො උට්ඨායාසනා විහාරං පාවිසි.
Sinhala BJTභගවත්හු මේ වදාළහ. සුගත්හු මේ වදාරා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසියහ.
Pali BJTඅථ ඛො ආයස්මා නන්දකො අචිරපක්කන්තස්ස භගවතො භික්ඛු ආමන්තෙසි: ඉදානාවුසො භගවා චතුහි පදෙහි කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො: “සද්ධො ච නන්දක භික්ඛු හොති, නො ච සීලවා, එවං සො තෙනඞ්ගෙන අපරිපූරො හොති, තෙන තං අඞ්ගං පරිපූරෙතබ්බං: කින්තාහං සද්ධො ච අස්සං සීලවා චාති. යතො ච ඛො නන්දක භික්ඛු සද්ධො ච හොති සීලවා ච, එවං සො තෙනඞ්ගෙන පරිපූරො හොති. සද්ධො ච නන්දක භික්ඛු හොති සීලවා ච, නො ච ලාභී අජ්ඣත්තං චෙතොසමථස්ස -පෙ- ලාභී ච අජ්ඣත්තං චෙතොසමථස්ස න ලාභී අධිපඤ්ඤාධම්මවිපස්සනාය, එවං සො තෙනඞ්ගෙන අපරිපූරො හොති.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් නන්‍දක භාග්‍යවතුන් වහන්සේ වැඩි නො බෝ වේලාවකින් මහණුන් ඇමතීය. ඇවැත්නි, දැන් භාග්‍යවතුන් වහන්සේ සිවුපෙදෙකින් සර්‍වපරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කොට හුනස්නෙන් නැඟී (ගඳකිළි) වෙහෙරට පිවිසියහ. “නන්‍දකය, මහණ සැදැහැති වෙයි. නො ද සිල්වත් වෙයි. මෙසේ හේ එ කරුණින් අපරිපූර්‍ණ වෙයි. ඔහු විසින් එ කරුණ පිරිය යුතු: කවර කරුණින් මම සැදැහැතියෙම් ද සිල් ඇතියෙම් ද වෙමි” යි. නන්‍දකය, යම් කලෙක මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් වේ ද, මෙසේ හේ එ කරුණින් පරිපූර්‍ණ වෙයි. නන්‍දකය, මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් වෙයි. අධ්‍යාත්මයෙහි චිත්තසමථය නො ලබන සුලුයේත් වෙයි ... අධ්‍යාත්මයෙහි චිත්තසමථය ලබන සුලුයේත් වෙයි. සංස්කාරපරිග්‍රහවිදර්‍ශනාඥානය නො ලබන සුලුයේ වෙයි. මෙසේ හේ එකරුණින් අපරිපූර්‍ණ වෙයි.
Pali BJTසෙය්යථාපි නන්දක, පාණකො චතුප්පාදකො, තස්සස්ස එකො පාදො ඔමකො ලාමකො, එවං සො තෙනඞ්ගෙන අපරිපූරො අස්ස. එවමෙව ඛො නන්දක, භික්ඛු සද්ධො ච හොති සීලවා ච ලාභී ච අජ්ඣත්තං චෙතොසමථස්ස, න ලාභී අධිපඤ්ඤාධම්මවිපස්සනාය, එවං සො තෙනඞ්ගෙන අපරිපූරො හොති. තෙන තං අඞ්ගං පරිපූරෙතබ්බං, කින්තාහං සද්ධො ච අස්සං සීලවා ච ලාභී ච අජ්ඣත්තං චෙතොසමථස්ස ලාභී ච අධිපඤ්ඤාධම්මවිපස්සනායාති. යතො ච ඛො නන්දක, භික්ඛු සද්ධො ච හොති සීලවා ච ලාභී ච අජ්ඣත්තං චෙතොසමථස්ස ලාභී ච අධිපඤ්ඤාධම්මවිපස්සනාය, එවං සො තෙනඞ්ගෙන පරිපූරො හොතීති.
Sinhala BJTනන්‍දකය, යම් පරිදි සිවුපා ඇති ප්‍රාණියෙක් වේ ද, ඔහුගේ එක් පයෙක් ඕමකය, ලාමකය මෙසේ හේ එකරුණින් අපරිපූර්‍ණ වෙයි. නන්‍දකය, එ පරිදි ම මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් අධ්‍යාත්මයෙහි චිත්තසමථය ලබනසුලුයේත් වෙයි. සංස්කාරපරිග්‍රහවිදර්‍ශනාඥානය නො ලබනසුලුයේ වෙයි. මෙසේ හේ එ කරුණින් අපරිපූර්‍ණ වෙයි. ඔහු විසින් එ කරුණ පිරිය යුතු. කවර කරුණින් මම සැදැහැතියෙම් ද, සිල් ඇතියෙම් ද, අධ්‍යාත්මයෙහි චිත්තසමථය ලබන සුලුයෙම් ද සංස්කාරපරිග්‍රහවිදර්‍ශනාඥානය ලබනසුලුයෙම් ද වෙමි යි. නන්‍දකය, යම් කලෙක මහණ සැදැහැතියේත්, සිල් ඇතියේත්, අධ්‍යාත්මයෙහි චිත්තසමථ ලබන සුලුයේත් සංස්කාරපරිග්‍රහවිදර්‍ශනාඥාන ලබනසුලුයේත් වේ ද, මෙසේ හෙතෙම එකරුණින් පරිපූර්‍ණ වේ යයි.
Pali BJTපඤ්චිමෙ ආවුසො. ආනිසංසා කාලෙන ධම්මසවණෙ, කාලෙන ධම්මසාකච්ඡාය. කතමෙ පඤ්ච:
Sinhala BJTඇවැත්නි, සුදුසු කල්හි ධර්‍මශ්‍රවණයෙහි, සුදුසු කල්හි ධර්‍මසාකච්ඡායෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්?
Pali BJTඉධාවුසො, භික්ඛු භික්ඛූනං ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති. යථා යථා ආවුසො, භික්ඛු භික්ඛූනං ධම්මං දෙසෙති ආදිකල්යාණං -පෙ- පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති, තථා තථා සො සත්ථු පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො ච අයං ආවුසො, පඨමො ආනිසංසො කාලෙන ධම්මසවණෙ, කාලෙන ධම්මසාකච්ඡාය.
Sinhala BJTඇවැත්නි, මේ සස්නෙහි මහණෙක් මහණුනට ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යාවසානකල්‍යාණ වූ සාර්‍ත්‍ථසව්‍යඤ්ජන වූ දහම් දෙසයි. කේවලපරිපූර්‍ණ වූ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරයි. ඇවැත්නි, යම් යම් පරිදි මහණ මහණුනට ආදිකල්‍යාණ වූ ... දහම් දෙසා නම් පරිශුද්ධබ්‍රහ්මචර්‍ය්‍යය පවසා නම්, ඒ ඒ පරිදි හේ ශාස්තෘහට ප්‍රිය ද වෙයි. මනාප ද වෙයි. ගරුතන්හි සිටියේ වෙයි. සම්භාවනාවට සුදුසු ද වෙයි. ඇවැත්නි, මේ සුදුසු කල්හි ධර්‍මශ්‍රවණයෙහි, සුදුසු කල්හි ධර්‍මසාකච්ඡා කිරීමෙහි පළමු අනුසසි.
Pali BJTපුන චපරං ආවුසො, භික්ඛු භික්ඛූනං ධම්මං දෙසෙති ආදිකල්යාණං -පෙ- බ්රහ්මචරියං පකාසෙති. යථා යථා ආවුසො, භික්ඛු භික්ඛූනං ධම්මං දෙසෙති ආදිකල්යාණං -පෙ- බ්රහ්මචරියං පකාසෙති, තථා තථා සො තස්මිං ධම්මෙ අත්ථපටිසංවෙදී ච හොති ධම්මපටිසංවෙදී ච, අයං ආවුසො, දුතියො ආනිසංසො කාලෙන ධම්මසවණෙ, කාලෙන ධම්මසාකච්ඡාය.
Sinhala BJTතවද ඇවැත්නි, මහණ මහණුනට ආදිකල්‍යාණ වූ ... දහම් දෙසයි. සසුන් බඹසර පවසයි. ඇවැත්නි, යම් යම් පරිදි මහණ මහණුනට ආදිකල්‍යාණ වූ දහම් දෙසා නම් බඹසර පවසා නම් ඒ ඒ පරිදි හේ එ දහම්හි අරුත් දන්නේත් වෙයි. පෙළ දහම් දන්නේත් වෙයි. ඇවැත්නි, සුදුසු කල්හි දහම් ඇසුම්හි, සුදුසු කල්හි ධර්‍මසාකච්ඡායෙහි මේ දෙවන අනුසසි.
Pali BJTපුන චපරං ආවුසො, භික්ඛු භික්ඛූනං ධම්මං දෙසෙති ආදිකල්යාණං -පෙ- බ්රහ්මචරියං පකාසෙති. යථා යථා ආවුසො, භික්ඛු භික්ඛූනං ධම්මං දෙසෙති ආදිකල්යාණං -පෙ- බ්රහ්මචරියං පකාසෙති, තථා තථා සො තස්මිං ධම්මෙ ගම්භීරං අත්ථපදං පඤ්ඤාය අතිවිජ්ඣ පස්සති, අයං ආවුසො තතියො ආනිසංසො කාලෙන ධම්මසවණෙ, කාලෙන ධම්මසාකච්ඡාය.
Sinhala BJTතවද ඇවැත්නි, මහණ මහණුනට ආදිකල්‍යාණ වූ ... දහම් දෙසයි. බඹසර පවසයි. ඇවැත්නි, යම් යම් පරිදි මහණ මහණුනට ආදිකල්‍යාණ වූ ... දහම් දෙසා නම් බඹසර පවසා නම් ඒ ඒ පරිදි හේ එ දහම්හි ගැඹුරු අරුත් පද විවසුන් සහහිය මඟනැණින් විනිවිද දක්නෙයි. ඇවැත්නි, සුදුසු කල්හි දහම් ඇසුම්හි, සුදුසු කල්හි ධර්‍මසාකච්ඡායෙහි මේ තෙවන අනුසසි.
Pali BJTපුන චපරං ආවුසො, භික්ඛු භික්ඛූනං ධම්මං දෙසෙති ආදිකල්යාණං -පෙ- බ්රහ්මචරියං පකාසෙති. යථා යථා ආවුසො, භික්ඛු භික්ඛූනං ධම්මං දෙසෙති ආදිකල්යාණං -පෙ- බ්රහ්මචරියං පකාසෙති. තථා තථා නං සබ්රහ්මචාරී උත්තරිං සම්භාවෙන්ති, “අද්ධා අයමායස්මා පත්තො වා පච්ඡති වා” ති, අයං ආවුසො, චතුත්ථො ආනිසංසො කාලෙන ධම්මසවණෙ, කාලෙන ධම්මසාකච්ඡාය.
Sinhala BJTතවද ඇවැත්නි, මහණ මහණුනට ආදිකල්‍යාණ වූ ... දහම් දෙසයි. බඹසර පවසයි. ඇවැත්නි, මහණ යම් යම් පරිදි මහණුනට ආදිකල්‍යාණ වූ ... දහම් දෙසා නම් බඹසර පවසා නම් ඒ ඒ පරිදි සබ්‍රම්සරහු ඕහට මතුයෙහි සම්භාවනා කෙරෙති. “එකතින් මේ ආයුෂ්මත් (රහත්බවට) පැමිණියේ හෝ පැමිණෙන්නේ හෝ වේ” යයි. ඇවැත්නි, කල්හි දහම් ඇසුම්හි, කල්හි ධර්‍මසාකච්ඡායෙහි මේ සිවුවන අනුසසි.
Pali BJTපුන චපරං ආවුසො, භික්ඛු භික්ඛූනං ධම්මං දෙසෙති ආදිකල්යාණං -පෙ- බ්රහ්මචරියං පකාසෙති. යථා යථා ආවුසො, භික්ඛු භික්ඛූනං ධම්මං දෙසෙති ආදිකල්යාණං -පෙ- බ්රහ්මචරියං පකාසෙති. තත්ථ තත්ථ යෙ තෙ භික්ඛු සෙඛා අප්පත්තමානසා අනුත්තරං යොගක්ඛෙමං පත්ථයමානා විහරන්ති, තෙ තං ධම්මං සුත්වා විරියං ආරභන්ති අප්පත්තස්ස පත්තියා, අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. යෙ පන තත්ථ භික්ඛු අරහන්තො ඛීණාසවා වුසිතවන්තො කතකරණීයා ඔහිතභාරා අනුප්පත්තසදත්ථා පරික්ඛීණභවසංයොජනා සම්මදඤ්ඤා විමුත්තා, තෙ තං ධම්මං සුත්වා දිට්ඨධම්මසුඛවිහාරඤ්ඤෙව අනුයුත්තා විහරන්ති. අයං ආවුසො, පඤ්චමො ආනිසංසො කාලෙන ධම්මසවණෙ, කාලෙන ධම්මසාකච්ඡාය. ඉමෙ ඛො ආවුසො, පඤ්ච ආනිසංසා කාලෙන ධම්මසවණෙ, කාලෙන ධම්මසාකච්ඡායාති. {1}
Sinhala BJTතවද ඇවැත්නි, මහණ මහණුනට ආදිකල්‍යාණ වූ ... දහම් දෙසයි. බඹසර පවසයි. ඇවැත්නි, යම් යම් පරිදි මහණ මහණුනට ආදිකල්‍යාණ වූ ... දහම් දෙසා නම් බඹසර පවසා නම් ඒ ඒ කරුණෙහි යම් ඒ මහණ කෙනෙක් ශෛක්‍ෂ වූවාහු රහත් ඵලයට නො පත් සිත් ඇත්තාහු අනුත්තර රහත්ඵල පතන්නාහු වෙසෙත් නම් ඔහු ඒ දහම් අසා අප්‍රාප්තමාර්‍ගඵලයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතමාර්‍ගඵලයාගේ අධිගමය පිණිස අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස වැර අරඹත්. යම් ඒ මහණ කෙනෙක් එහි ලා රහත් වූවාහු ක්‍ෂීණාස්‍රව වූවාහු වැස නිම වූ මඟබඹසර ඇත්තාහු කළ සිවුමඟ කරණී ඇත්තාහු බහා තැබූ කෙලෙස්බර ඇතියාහු පැමිණි රහත්ඵල ඇතියාහු පරික්‍ෂීණ භවසංයෝජන ඇතියාහු මොනොවට දැන මිදුණාහු වෙත් නම්, ඔහු එදහම් අසා ඉහාත්මසුඛවිහරණයෙහි ම යෙදුණාහු වෙසෙත්. ඇවැත්නි, කල්හි දහම් ඇසුම්හි කල්හි ධර්‍මසාකච්ඡායෙහි මේ පස්වන අනුසසි.
Pali BJT9. 1. 1. 5.
Sinhala BJT9. 1. 5. 5.
Pali BJTබලසඞ්ගහවත්ථු සුත්තං
Sinhala BJTබලසඞ්ගහවත්‍ථු සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTචත්තාරිමානි භික්ඛවෙ බලානි, කතමානි චත්තාරි: පඤ්ඤාබලං විරියබලං අනවජ්ජබලං සඞ්ගහබලං. කතමඤ්ච භික්ඛවෙ පඤ්ඤාබලං: යෙ ධම්මා අකුසලා අකුසලසඞ්ඛාතා, යෙ ධම්මා කුසලා කුසලසඞ්ඛාතා, යෙ ධම්මා සාවජ්ජා සාවජ්ජසඞ්ඛාතා, යෙ ධම්මා අනවජ්ජා අනවජ්ජසඞ්ඛාතා, යෙ ධම්මා කණ්හා කණ්හසඞ්ඛාතා, යෙ ධම්මා සුක්කා සුක්කසඞ්ඛාතා, යෙ ධම්මා අසෙවිතබ්බා අසෙවිතබ්බසඞ්ඛාතා, යෙ ධම්මා සෙවිතබ්බා සෙවිතබ්බසඞ්ඛාතා, යෙ ධම්මා නාලමරියා නාලමරියසඞ්ඛාතා, යෙ ධම්මා අලමරියා අලමරියසඞ්ඛාතා, ත්යාස්ස ධම්මා පඤ්ඤාය වොදිට්ඨා හොන්ති වොචරිතා හොන්ති. ඉදං වුච්චති භික්ඛවෙ පඤ්ඤාබලං.
Sinhala BJTමහණෙනි, මේ බල සතරෙකි. කවර සතරෙක යත්? පඤ්ඤා බල ය, විරිය බල ය, අනවජ්ජ බල ය, සඞ්ගහ බල යි. මහණෙනි, පඤ්ඤාබල නම් කවර යත්: අකුශල වූ අකුශලසඞ්ඛ්‍යාත වූ යම් දහම් කෙනෙක් වෙත් ද කුශල වූ කුශලසඞ්ඛ්‍යාත වූ යම් දහම් කෙනෙක් වෙත් ද, සාවද්‍ය වූ සාවද්‍යසඞ්ඛ්‍යාත වූ යම් දහම් කෙනෙක් වෙත් ද, අනවද්‍ය වූ අනවද්‍යසඞ්ඛ්‍යාත වූ යම් දහම් කෙනෙක් වෙත් ද, කෘෂ්ණ වූ කෘෂ්ණසඞ්ඛ්‍යාත වූ යම් දහම් කෙනෙක් වෙත් ද, ශුක්ල වූ ශුක්ලසඞ්ඛ්‍යාත වූ යම් දහම් කෙනෙක් වෙත් ද, අසේවිතව්‍ය වූ අසේවිතව්‍යසඞ්ඛ්‍යාත වූ යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, සේවිතව්‍ය වූ සේවිතව්‍යසඞ්ඛ්‍යාත වූ යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, ආර්‍ය්‍යභාවකරණයට අසමර්‍ත්‍ථ වූ ආර්‍ය්‍යභාවකරණයට අසමර්‍ත්‍ථ යයි කියන ලද යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, ආර්‍ය්‍යභාවකරණයට සමර්‍ත්‍ථ වූ ආර්‍ය්‍යභාවකරණයට සමර්‍ත්‍ථ යයි කියන ලද යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, ඔහු විසින් ඒ ධර්‍මයෝ මොනොවට දක්නාලදහු වෙත්. මනෝද්වාරයෙහි මොනොවට සමුදාචාරප්‍රාප්ත වෙති. මහණෙනි, මේ පඤ්චබල යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ විරියබලං: යෙ ධම්මා අකුසලා අකුසලසඞ්ඛාතා, යෙ ධම්මා සාවජ්ජා සාවජ්ජසඞ්ඛාතා, යෙ ධම්මා කණ්හා කණ්හසඞ්ඛාතා, යෙ ධම්මා අසෙවිතබ්බා අසෙවිතබ්බසඞ්ඛාතා, යෙ ධම්මා නාලමරියා නාලමරියසඞ්ඛාතා, තෙසං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. යෙ ධම්මා කුසලා කුසලසඞ්ඛාතා, යෙ ධම්මා අනවජ්ජා අනවජ්ජසඞ්ඛාතා, යෙ ධම්මා සුක්කා සුක්කසඞ්ඛාතා, යෙ ධම්මා සෙවිතබ්බා සෙවිතබ්බසඞ්ඛාතා, යෙ ධම්මා අලමරියා අලමරියසඞ්ඛාතා, තෙසං ධම්මානං පටිලාභාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඉදං වුච්චති භික්ඛවෙ විරියබලං.
Sinhala BJTමහණෙනි, විරිය බල නම් කවර යත්: අකුශල වූ අකුශලසඞ්ඛ්‍යාත වූ යම් දහම් කෙනෙක් වෙත් ද, සාවද්‍ය වූ සාවද්‍යසඞ්ඛ්‍යාත වූ යම් දහම් කෙනෙක් වෙත් ද, කෘෂ්ණ වූ කෘෂ්ණසඞ්ඛ්‍යාත වූ යම් දහම් කෙනෙක් වෙත් ද, අසේවිතව්‍ය වූ අසේවිතව්‍යසඞ්ඛ්‍යාත වූ යම් දහම් කෙනෙක් වෙත් ද, ආර්‍ය්‍යභාවකරණයට අසමර්‍ත්‍ථ වූ ආර්‍ය්‍යභාවකරණයට අසමර්‍ත්‍ථ යයි කියන ලද යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, ඒ දහමුන්ගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය දනවයි, ව්‍යායාම කෙරෙයි, වැර අරඹයි, සිත නඟා ගනියි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි, කුශල් වූ කුශලසඞ්ඛ්‍යාත වූ යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, අනවද්‍ය වූ අනවද්‍යසඞ්ඛ්‍යාත වූ යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, ශුක්ල වූ ශුක්ලසඞ්ඛ්‍යාත වූ යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, සේවිතව්‍ය වූ සේවිතව්‍යසඞ්ඛ්‍යාත වූ යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, ආර්‍ය්‍යභාවකරණයට සමර්‍ත්‍ථ වූ ආර්‍ය්‍යභාවකරණයට සමර්‍ත්‍ථ යයි කියන ලද යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, එ දහමුන්ගේ ප්‍රතිලාභය පිණිස ඡන්‍දය දනවයි, ව්‍යායාම කරයි, වැර වඩයි, සිත නඟා ගනියි, ප්‍රධන් කෙරෙයි. මහණෙනි, මේ විරිය බලැයි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, අනවජ්ජබලං: ඉධ භික්ඛවෙ අරියසාවකො අනවජ්ජෙන කායකම්මෙන සමන්නාගතො හොති. අනවජ්ජෙන වචීකම්මෙන සමන්නාගතො හොති, අනවජ්ජෙන මනොකම්මෙන සමන්නාගතො හොති. ඉදං වුච්චති භික්ඛවෙ අනවජ්ජබලං.
Sinhala BJTමහණෙනි, අනවජ්ජබල නම් කවර: මහණෙනි, මෙසස්නෙහි අරිසවු අනවද්‍ය කායකර්‍මයෙන් සමන්‍වාගත වෙයි. අනවද්‍ය වාක්කර්‍මයෙන් සමන්‍වාගත වෙයි. අනවද්‍ය මනඃ කර්‍මයෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, මේ අනවද්‍ය බලැයි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, සඞ්ගහබලං: චත්තාරිමානි භික්ඛවෙ සඞ්ගහවත්ථූනි. දානං පෙය්යවජ්ජං අත්ථචරියා සමානත්තතා. එතදග්ගං භික්ඛවෙ, දානානං යදිදං ධම්මදානං. එතදග්ගං භික්ඛවෙ, පෙය්යවජ්ජානං යදිදං අත්ථිකස්ස ඔහිතසොතස්ස පුනප්පුනං ධම්මං දෙසෙති. එතදග්ගං භික්ඛවෙ, අත්ථචරියානං යදිදං අස්සද්ධං සද්ධාසම්පදාය සමාදපෙති නිවෙසෙති පතිට්ඨාපෙති. දුස්සීලං සීලසම්පදාය සමාදපෙති නිවෙසෙති පතිට්ඨාපෙති, මච්ඡරිං චාගසම්පදාය සමාදපෙති නිවෙසෙති පතිට්ඨාපෙති. දුප්පඤ්ඤෙ පඤ්ඤාසම්පදාය සමාදපෙති නිවෙසෙති පතිට්ඨාපෙති, එතදග්ගං භික්ඛවෙ, සමානත්තතානං යදිදං සොතාපන්නො සොතාපන්නස්ස සමානත්තො, සකදාගාමී සකදාගාමිස්ස සමානත්තො, අනාගාමී අනාගාමිස්ස සමානත්තො, අරහං අරහතො සමානත්තො. ඉදං වුච්චති භික්ඛවෙ සඞ්ගහබලං. ඉමානි ඛො භික්ඛවෙ චත්තාරි බලානීති.
Sinhala BJTමහණෙනි, සඞ්ගහ බල නම් කවර යත්: මහණෙනි, මේ සඞ්ග්‍රහවස්තු සතරෙකි. දාන ය, ප්‍රිය වචන ය, අර්‍ත්‍ථචර්‍ය්‍යා ය, සමානාත්මතා යි. මහණෙනි, යම් මේ ධර්‍මදානයෙක් වේ ද, දානයන් අතුරෙහි මේ අග්‍ර යි. මහණෙනි, කන් යොමු කොටගත් ධර්‍මදේශනායෙන් ප්‍රයෝජන ඇතියකු හට පුනපුනා දම් දෙසන්නේය යන යමෙක් වේ නම් ප්‍රියවචන අතුරෙහි තෙල අග්‍ර යි. මහණෙනි, අශ්‍රාද්ධයකු ශ්‍රද්ධාසම්පත්හි සමාදන් කරවයි. වස්වයි. පිහිටුවයි. දුසිල්හු ශීලසම්පත්හි සමාදන් කරවයි. වසවයි. පිහිටුවයි. මසුරක්හු ත්‍යාගසම්පත්හි සමාදන් කරවයි. වස්වයි. පිහිටුවයි. දුෂ්ප්‍රාඥයන් ප්‍රඥාසම්පත්හි සමාදන් කරවයි. වස්වයි. පිහිටුවයි යන මෙබඳු යමෙක් වේ නම් අර්‍ත්‍ථචර්‍ය්‍යාවන් අතුරෙහි මේ අග්‍ර යි. සෝතාපන්න වූයේ සෝතාපන්නයකුහට සමානාත්ම වෙයි. සකදාගාමී වූයේ සකදාගාමියක්හට සමානාත්ම වෙයි. අනාගාමී වූයේ අනාගාමියක්හට සමානාත්ම වෙයි. අර්‍හත් වූයේ අර්‍හත්හට සමානාත්ම වෙයි යන මෙබඳු යමෙක් වේ නම් සමානාත්මතාවන් අතුරෙහි මේ අග්‍ර යි. මහණෙනි, මේ සඞ්ග්‍රහ බලැයි කියනු ලැබේ. මහණෙනි, මේ සතර බලයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ චතුහි බලෙහි සමන්නාගතො අරියසාවකො පඤ්චභයානි සමතික්කන්තො හොති, කතමානි පඤ්ච: ආජීවිකභයං, අසිලොකභයං, පරිසසාරජ්ජභයං, මරණභයං, දුග්ගතිභයං. ස ඛො සො භික්ඛවෙ අරියසාවකො ඉතිපටිසඤ්චික්ඛති: නාහං ආජීවිකභයස්ස භායාමි, කිස්සාහං ආජීවිකභයස්ස භායිස්සාමි, අත්ථි මෙ චත්තාරි බලානි, පඤ්ඤාබලං විරියබලං අනවජ්ජබලං සඞ්ගහබලං. දුප්පඤ්ඤො ඛො ආජීවිකභයස්ස භායෙය්ය, කුසීතො ආජීවිකභයස්ස භායෙය්ය, සාවජ්ජකායකම්මන්තො වචීකම්මන්තො මනොකම්මන්තො ආජීවිකභයස්ස භායෙය්ය, අසඞ්ගාහකො ආජීවිකභයස්ස භායෙය්ය. නාහං අසිලොකභයස්ස භායාමි -පෙ- නාහං පරිසසාරජ්ජභයස්ස භායාමි, -පෙ- නාහං මරණභයස්ස භායාමි -පෙ- නාහං දුග්ගතිභයස්ස භායාමි -පෙ- කිස්සාහං දුග්ගතිභයස්ස භායිස්සාමි අත්ථි මෙ චත්තාරි බලානි: පඤ්ඤාබලං විරියබලං අනවජ්ජබලං සඞ්ගහබලං. දුප්පඤ්ඤො ඛො දුග්ගතිභයස්ස භායෙය්ය, කුසීතො දුග්ගතිභයස්ස භායෙය්ය, සාවජ්ජකායකම්මන්තො -පෙ- වචීකම්මන්තො -පෙ- මනොකම්මන්තො -පෙ- දුග්ගතිභයස්ස භායෙය්ය, අසඞ්ගාහකො දුග්ගතිභයස්ස භායෙය්ය. ඉමෙහි ඛො භික්ඛවෙ චතුහි බලෙහි සමන්නාගතො අරියසාවකො ඉමානි පඤ්චභයානි සමතික්කන්තො හොතීති.
Sinhala BJTමහණෙනි, මේ සතර බලයෙන් සමන්‍වාගත අරිසවු පස්බිය ඉක්ම වූයේ වෙයි. කවර පස් බියෙක් යත්: ආජීවිකභය, (ජීවිතවෘත්තිය පිළිබඳ බිය) අසිලෝකභය (ගැරහුම් ලැබීමේ බිය) පරිසසාරජ්ජභය (පිරිස්මැද පසුබෑමේ බිය) මරණභය, දුග්ගතිභය (අපාය බිය) යි. මහණෙනි, ඒ අරිසවු තෙමේ මෙසේ සලකයි: මම ආජීවිකභයින් (දිවිවැටුම් බියෙන්) නොබානෙමි. කවර හෙයින් මම ආජීවිකභයින් බානෙම් ද, මට පඤ්ඤාබලය, විරිය බලය, අනවජ්ජ බලය, සඞ්ගහ බලය යන සතර බල ඇත. දුෂ්ප්‍රාඥ වූයේම ආජීවිකභයින් බානේ ය. කුශීත වූයේ ම ආජීවිකභයින් බානේ ය. සාවද්‍ය කායකර්‍මාන්ත ඇතියේ වාක්කර්‍මාන්ත ඇතියේ මනඃකර්‍මාන්ත ඇතියේ ආජීවිකභයින් බානේ ය. අසඞ්ග්‍රාහක වූයේ ආජීවිකභයින් බානේ ය. මම අසිලෝක භයින් නො බමි ... මම පරිසසාරජ්ජභයින් නො බමි ... මම මරණභයින් නො බමි ... මම දුග්ගතිභයින් නො බමි ... කවර හෙයින් මම දුග්ගතිභයින් බානෙම් ද? මට සිවුබලකෙනෙක් ඇත. පඤ්ඤාබලය, විරියබලය, අනවජ්ජබලය, සඞ්ගහබලයි. දුෂ්ප්‍රාඥ වූයේ ම දුග්ගතිභයින් බානේ ය. කුසීත වූයේ දුග්ගතිභයින් බානේ ය. සාවද්‍යකායකර්‍ම ඇතියේ ... වාක්කර්‍ම ඇතියේ ... මනඃකර්‍ම ඇතියේ දුග්ගතිභයින් බානේ ය. අසඞ්ග්‍රාහක වූයේ දුග්ගතිභයින් බානේ ය. මහණෙනි, මේ සිවුබලෙන් සමන්‍වාගත අරිසවු මේ පස්බිය ඉක්ම ගියේ වෙයි.
Pali BJT9. 1. 1. 6.
Sinhala BJT9. 1. 6. 6.
Pali BJTසෙවිතබ්බාසෙවිතබ්බ සුත්තං
Sinhala BJTසේවිතබ්බාසේවිතබ්බ සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTතත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛු ආමන්තෙසි ආවුසො භික්ඛවොති, ආවුසොති ඛො තෙ භික්ඛු ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං, ආයස්මා සාරිපුත්තො එතදවොච: පුග්ගලොපි ආවුසො දුවිධෙන වෙදිතබ්බො සෙවිතබ්බොපි අසෙවිතබ්බොපි, චීවරම්පි ආවුසො දුවිධෙන වෙදිතබ්බං සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි. පිණ්ඩපාතොපි ආවුසො දුවිධෙන වෙදිතබ්බො සෙවිතබ්බොපි අසෙවිතබ්බොපි, සෙනාසනම්පි ආවුසො දුවිධෙන වෙදිතබ්බං සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි. ගාමනිගමොපි ආවුසො දුවිධෙන වෙදිතබ්බො සෙවිතබ්බොපි අසෙවිතබ්බොපි. ජනපදපදෙසොපි ආවුසො දුවිධෙන වෙදිතබ්බො සෙවිතබ්බොපි අසෙවිතබ්බොපි.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ‘ඇවැත්නි මහණෙනි’ යි මහණුන් ඇමතූහ. ඇවැත්නි යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ තෙල කීහ. ඇවැත්නි, පුඟුලාත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැයි දෙපරිද්දෙන් දත යුත්තේ ය. ඇවැත්නි, චීවරයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැයි දෙපරිද්දෙන් දතයුතු. පිණ්ඩපාතයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැයි දෙපරිද්දෙන් දතයුතු. ඇවැත්නි, සෙනසුනුත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැයි දෙපරිදියෙන් දතයුතු. ඇවැත්නි, ගම් නියම්ගමුත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැයි දෙපරිදියෙන් දතයුතු. ඇවැත්නි, දනවුපියෙසුත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැයි දෙපරිදියෙන් දතයුතු.
Pali BJT“පුග්ගලොපි ආවුසො දුවිධෙන වෙදිතබ්බො සෙවිතබ්බොපි අසෙවිතබ්බොපී” ඉති ඛො පනෙතං වුත්තං කිඤ්චෙතං පටිච්ච වුත්තං තත්ථ යං ජඤ්ඤා පුග්ගලං “ඉමං ඛො මෙ පුග්ගලං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪඩන්ති කුසලා ධම්මා පරිහායන්ති යෙ ච ඛො මෙ පබ්බජිතෙන ජීවිත පරික්ඛාරා සමුදානෙතබ්බා චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා, තෙ ච කසිරෙන සමුදාගච්ඡන්ති. යස්ස චම්හි අත්ථාය අගාරස්මා අනගාරියං පබ්බජිතො, සො ච මෙ සාමඤ්ඤත්ථො න භාවනා පාරිපූරිං ගච්ඡති” ති. තෙනාවුසො, පුග්ගලෙන සො පුග්ගලො රත්තිභාගං වා දිවසභාගං වා සඞ්ඛාපි අනාපුච්ඡා පක්කමිතබ්බං නානුබන්ධිතබ්බො:
Sinhala BJT“ඇවැත්නි, පුඟුල් ද සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැයි දෙපරිද්දෙන් දතයුතු වේ ය” යි තෙල යමෙක් කියන ලද නම් තෙල කුමක් සඳහා කියන ලද ද යත්: එහි යම් පුඟුලකු “මේ පුඟුල්හු සෙවුනාහට අකුසල් දහම්හු වැඩෙත්, කුසල් දහම්හු පිරිහෙත්. පැවිදි වූ මා විසින් ජීවිත පරිෂ්කාර වූ යම් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර කෙනෙක් රැස්කර ගතයුතු වෙද් ද, ඔහුදු දුක සේ උපදිත්. යමක් ම සඳහා මම් ගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් වෙම් නම් මාගේ ඒ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ද භාවනායෙන් පිරිපුන් බවට නො යේ” යි දන්නේ නම් ඇවැත්නි, ඒ පුඟුල්හු විසින් ඒ පුද්ගල දැනත් රාත්‍රිභාගයෙහි වේව යි දිවසභාගයෙහි වේව යි නො විමසා බැහැර යා යුතු. නො ලුහුබැඳිය යුතු.
Pali BJTතත්ථ යං ජඤ්ඤා පුග්ගලං “ඉමං ඛො මෙ පුග්ගලං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪඩන්ති කුසලා ධම්මා පරිහායන්ති. යෙ ච ඛො මෙ පබ්බජිතෙන ජීවිතපරික්ඛාරා සමුදානෙතබ්බා චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා, තෙ ච අප්පකසිරෙන සමුදාගච්ඡන්ති. යස්ස චම්හි අත්ථාය අගාරස්මා අනගාරියං පබ්බජිතො, සො ච මෙ සාමඤ්ඤත්ථො න භාවනා පාරිපූරිං ගච්ඡතීති, තෙනාවුසො පුග්ගලෙන සො පුග්ගලො සඞ්ඛාපි අනාපුච්ඡා පක්කමිතබ්බං නානුබන්ධිතබ්බො.
Sinhala BJTඑහි යම් පුඟුලකු “මෙ පුඟුල් සෙවුනා වූ මාගේ අකුසල් දහම්හු වැඩෙත්, කුසල් දහම්හු පිරිහෙත්, පැවිදි වූ මා විසින් ජීවිතපරිෂ්කාර වූ යම් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර කෙනෙක් රැස් කරගත යුතු වෙත් නම් ඔහුත් නො දුකින් උපදිත්. යමක් ම සඳහා මම ගෙන් නික්ම අනගාරිය සස්නෙහි පැවිදි වූයෙම් වෙම් නම් ඒ මාගේ ශ්‍රාමණපාර්‍ත්‍ථයත් භාවනායෙන් පිරිපුන් බවට නො යේ” යි දන්නේ නම් ඇවැත්නි, ඒ පුඟුල්හු විසින් දැනත් ඒ පුඟුල් නො විමසා බැහැර යා යුතුයි. නො ලුහුබැඳිය යුතු.
Pali BJTතත්ථ යං ජඤ්ඤා පුග්ගලං “ඉමං ඛො මෙ පුග්ගලං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. යෙ ච ඛො මෙ පබ්බජිතෙන ජීවිතපරික්ඛාරා සමුදානෙතබ්බා චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා, තෙ ච කසිරෙන සමුදාගච්ඡන්ති. යස්ස චම්හි අත්ථාය අගාරස්මා අනගාරියං පබ්බජිතො, සො ච මෙ සාමඤ්ඤත්ථො භාවනා පාරිපූරිං ගච්ඡතී”ති, තෙනාවුසො පුග්ගලෙන සො පුග්ගලො සඞ්ඛාපි අනුබන්ධිතබ්බො න පක්කමිතබ්බං.
Sinhala BJTඑහිලා යම් පුඟුලක්හු “මේ පුඟුල් සෙවුනා මාහට අකුශල ධර්‍මයෝ පිරිහෙත්, කුශලධර්‍මයෝ වැඩෙත්, පැවිදි වූ මා විසින් ජීවිතපරිෂ්කාර වූ යම්බඳු සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර උපදවාගත යුතු වී නම් එද නිදුකින් උපදනේ ය. යම් ම අර්‍හත් ඵල සඞ්ඛ්‍යාත අර්‍ත්‍ථයක් පිණිස ගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් නම් මාගේ ඒ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථයත් භාවනායෙන් පිරිපුන් බවට යේ” යයි දන්නේ නම් ඇවැත්නි, ඒ පුඟුල්හු විසින් ඒ පුඟුල් දැනගෙන ද ලුහුබැඳිය යුත්තේය. බැහැර නොයා යුතු.
Pali BJTතත්ථ යං ජඤ්ඤා පුග්ගලං “ඉමං ඛො මෙ පුග්ගලං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. යෙ ච ඛො මෙ පබ්බජිතෙන ජීවිතපරික්ඛාරා සමුදානෙතබ්බා චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා, තෙ ච අප්පකසිරෙන සමුදාගච්ඡන්ති. යස්ස චම්හි අත්ථාය අගාරස්මා අනගාරියං පබ්බජිතො. සො ච මෙ සාමඤ්ඤත්ථො භාවනා පාරිපූරිං ගච්ඡතී”ති, තෙනාවුසො පුග්ගලෙන සො පුග්ගලො යාවජීවං අනුබන්ධිතබ්බො න පක්කමිතබ්බං අපි පනුජ්ජමානෙන. “පුග්ගලොපි ආවුසො දුවිධෙන වෙදිතබ්බො සෙවිතබ්බොපි අසෙවිතබ්බොපී” ති ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්චවුත්තං.
Sinhala BJTඑහිලා යම් පුඟුලකු “මේ පුඟුල්හු සෙවුනා මාහට අකුශල ධර්‍මයෝ පිරිහෙත්. කුශලධර්‍මයෝ වැඩෙත්, පැවිදි වූ මා විසින් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර බඳු යම් ම ජීවිතපරිෂ්කාර කෙනෙක් උපයාගත යුතු වෙත් නම් ඔහු ද නිදුකින් ඉපැයෙතැයි ද යම් රහත් පලක් පිණිස ගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් වෙම් නම් මාගේ තෙල ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථයත් භාවනායෙන් පිරිපුන් බවට යේ යයි දන්නේ නම් ඇවැත්නි, ඒ පුඟුල්හු විසින් එම පුද්ගල දිවිහිමියෙන් ලුහුබැඳිය යුත්තේ ය. නෙරනා ලදහු විසිනුදු බැහැර නොයා යුතු. “ඇවැත්නි, පුද්ගලයා ද සේවිතව්‍ය ය, අසේවිතව්‍ය යි දෙපරිදියෙන් දත යුත්තේ” යි ඒ යමක් කියන ලද නම් තෙල මේ පිණිස කියන ලදී.
Pali BJTචීවරම්පි ඛො ආවුසො{1}: දුවිධෙන වෙදිතබ්බං සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි” ති. ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං: තත්ථ යං ජඤ්ඤා චීවරං “ඉදං ඛො මෙ චීවරං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪඩන්ති කුසලා ධම්මා පරිහායන්තී”ති. එවරූපං චීවරං න සෙවිතබ්බං. තත්ථ යං ජඤ්ඤා චීවරං ඉදං ඛො මෙ චීවරං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්තී”ති. එවරූපං චීවරං සෙවිතබ්බං. “චීවරම්පි ඛො ආවුසො දුවිධෙන වෙදිතබ්බං සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී”ති ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJT“ඇවැත්නි, චීවරත් සේවිතව්‍ය ය අසේවිතව්‍ය යයි දෙපරිදියෙන් දතයුතු” යි මෙසේ තෙල යමෙක් කියන ලද නම් තෙල කුමක් සඳහා කියන ලද ද යත්: එහි ලා යම් චීවරයක් “මේ චීවරය සෙවුනා මට අකුශල ධර්‍මයෝ වැඩෙත්, කුශල ධර්‍මයෝ පිරිහෙත්” යයි දන්නේ නම් එබඳු චීවරය නො සෙවිය යුතු. එහි යම් චීවරයෙක් “මේ චීවරය සෙවුනා මට අකුශල ධර්‍මයෝ පිරිහෙත්, කුශල ධර්‍මයෝ වැඩෙත්” යයි දන්නේ නම් එබඳු චීවරය සෙවිය යුතු. “ඇවැත්නි, චීවරයත් සෙවිය යුතුය නො සෙවිය යුතු යයි දෙපරිදියෙන් දත යුතු ය” යි මෙසේ ඒ යමෙක් කියන ලද නම් තෙල මේ සඳහා කියන ලදී.
Pali BJT“පිණ්ඩපාතොපි ආවුසො දුවිධෙන වෙදිතබ්බො සෙවිතබ්බොපි අසෙවිතබ්බොපී” ති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං: තත්ථ යං ජඤ්ඤා පිණ්ඩපාතං “ඉමං ඛො මෙ පිණ්ඩපාතං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්තී” ති. එවරූපො පිණ්ඩපාතො න සෙවිතබ්බො. තත්ථ යං ජඤ්ඤා පිණ්ඩපාතං ඉමං ඛො මෙ පිණ්ඩපාතං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්තී” ති. එවරූපො පිණ්ඩපාතො සෙවිතබ්බො “පිණ්ඩපාතොපි ආවුසො දුවිධෙන වෙදිතබ්බො සෙවිතබ්බොපි අසෙවිතබ්බොපි” ති ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJT“ඇවැත්නි, පිණ්ඩපාතයත් සේවිතව්‍ය ය අසේවිතව්‍ය යයි දෙපරිදියෙන් දත යුතු ය” යි මෙසේ තෙල යමෙක් කියන ලද නම් තෙල කුමක් සඳහා කියන ලද ද යත්: එහිලා යම් පිණ්ඩපාතයක් “මේ පිණ්ඩපාතය සෙවුනා මට අකුශලධර්‍මයෝ වැඩෙත්, කුශලධර්‍මයෝ පිරිහෙත්” යයි දන්නේ නම් එබඳු පිණ්ඩපාතය නො සෙවිය යුත්තේ ය, එහිලා යම් පිණ්ඩපාතයෙක් “මේ පිණ්ඩපාතය සෙවුනා මට අකුශල ධර්‍මයෝ පිරිහෙත්, කුශලධර්‍මයෝ වැඩෙත්” යයි දන්නේ නම් එබඳු පිණ්ඩපාතය සෙවිය යුත්තේ ය. “ඇවැත්නි, පිණ්ඩපාතයත් සේවිතව්‍ය ය අසේවිතව්‍ය යයි දෙපරිදියෙන් දත යුතු ය” යි ඒ යමක් කියන ලද නම් තෙල මෙම කරුණ සඳහා කියන ලදී.
Pali BJT“සෙනාසනම්පි ඛො ආවුසො දුවිධෙන වෙදිතබ්බං සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී” ති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්චවුත්තං: තත්ථ යං ජඤ්ඤා සෙනාසනං “ඉදං ඛො මෙ සෙනාසනං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්තී” ති. එවරූපං සෙනාසනං න සෙවිතබ්බං. තත්ථ යං ජඤ්ඤා සෙනාසනං ඉදං ඛො මෙ සෙනාසනං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪඩන්තී” ති එවරූපං සෙනාසනං සෙවිතබ්බං. “සෙනාසනම්පි ආවුසො දුවිධෙන වෙදිතබ්බං සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී” ති ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්චවුත්තං.
Sinhala BJT“ඇවැත්නි, සේනාසනත් සේවිතව්‍ය ය අසේවිතව්‍ය යයි දෙපරිදියෙන් දත යුතු ය” යි. මෙසේ තෙල යමෙක් කියන ලද නම් තෙල කුමක් සඳහා කියන ලද ද යත්: එහිලා යම් සේනාසනයක් “මේ සෙනසුන සෙවුනා මට අකුශලධර්‍මයෝ වැඩෙත්. කුශලධර්‍මයෝ පිරිහෙත්” යයි දන්නේ නම් එබඳු සේනාසනය නො සෙවිය යුතුය. එහිලා යම් සේනාසනයක් “මේ සෙනසුන සෙවුනා මට අකුශල ධර්‍මයෝ පිරිහෙත්, කුශලධර්‍මයෝ වැඩෙතැ” යි දන්නේ නම් එබඳු සේනාසනය සෙවිය යුතුය. “ඇවැත්නි, සේනාසනයත් සේවිතව්‍ය ය අසේවිතව්‍ය යයි දෙපරිදියෙන් දත යුතු ය” යි මෙසේ තෙල යමෙක් කියන ලද නම් තෙල මේ සඳහා කියන ලදී.
Pali BJT“ගාමනිගමොපි ආවුසො දුවිධෙන වෙදිතබ්බො සෙවිතබ්බොපි අසෙවිතබ්බොපී” ති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං: තත්ථ යං ජඤ්ඤා ගාමනිගමං “ඉමං ඛො මෙ ගාමනිගමං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්තී” ති එවරූපො ගාමනිගමො න සෙවිතබ්බො. තත්ථ යං ජඤ්ඤා ගාමනිගමං “ඉමං ඛො මෙ ගාමනිගමං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪඩන්තී” ති. එවරූපො ගාමනිගමො සෙවිතබ්බො “ගාමනිගමොපි ආවුසො දුවිධෙන වෙදිතබ්බො සෙවිතබ්බොපි අසෙවිතබ්බොපී” ති ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJT“ඇවැත්නි, ගම්නියම්ගමුදු සේවිතව්‍ය ය අසේවිතව්‍ය යයි දෙපරිදියෙන් දත යුතු ය” යි. මෙසේ තෙල යමෙක් කියන ලද නම් තෙල කුමක් සඳහා කියන ලද ද: එහිලා යම් ගම්නියම්ගමක් “මේ ගම්නියම්ගම් සෙවුනා මට අකුශලධර්‍මයෝ වැඩෙත්, කුශලධර්‍මයෝ පිරිහෙතී” යි දන්නේ නම් එබඳු ගම්නියම්ගම් නො සෙවිය යුතු. එහි යම් ගම් නියම්ගමක් “මේ ගම් නියම්ගම සෙවුනා මට කුශලධර්‍මයෝ වැඩෙත්, අකුශල ධර්‍මයෝ පිරිහෙතී” යි දන්නේ නම් එබඳු ගම් නියම්ගම් සෙවිය යුතුය. “ඇවැත්නි, ගම් නියම්ගමුදු සේවිතව්‍ය ය අසේවිතව්‍ය යයි දෙපරිදියෙන් දතයුත්තේ ය” යි මෙසේ ඒ යමෙක් කියන ලද නම් තෙල මේ සඳහා කියන ලද.
Pali BJT”ජනපදපදෙසොපි ආවුසො දුවිධෙන වෙදිතබ්බො සෙවිතබ්බොපි අසෙවිතබ්බොපී” ති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං: තත්ථ යං ජඤ්ඤා ජනපදපදෙසං “ඉමං ඛො මෙ ජනපදපදෙසං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪඩන්ති කුසලා ධම්මා පරිහායන්තී” ති එවරූපො ජනපදපදෙසො න සෙවිතබ්බො. තත්ථ යං ජඤ්ඤා ජනපදපදෙසං “ඉමං ඛො මෙ ජනපදපදෙසං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪඩන්තී” ති එවරූපො ජනපදපදෙසො සෙවිතබ්බො. “ජනපදපදෙසොපි ආවුසො දුවිධෙන වෙදිතබ්බො සෙවිතබ්බොපි අසෙවිතබ්බොපී” ති ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තන්ති.
Sinhala BJT“ඇවැත්නි, දනවු පියෙසත් සේවිතව්‍ය ය අසේවිතව්‍ය යයි දෙපරිදියෙන් දත යුතු ය” යි. මෙසේ තෙල යමෙක් කියන ලද නම් තෙල කුමක් සඳහා කියන ලද ද යත්: එහිලා යම් දනවුපියෙසක් “මේ දනවුපියෙස සෙවුනා මට අකුශලධර්‍මයෝ වැඩෙත්, කුශලධර්‍මයෝ පිරිහෙති” යි දන්නේ නම් එබඳු දනවුපියෙස නො සෙවිය යුත්තේය. එහිලා යම් දනවුපියෙසක් “මේ දනවුපියෙස සෙවුනා මට කුශලධර්‍මයෝ වැඩෙත්, අකුශල ධර්‍මයෝ පිරිහෙති” යි දන්නේ නම් එබඳු දනවුපියෙස සෙවිය යුතුය. “ඇවැත්නි, දනවුපියෙස ද සේවිතව්‍ය ය අසේවිතව්‍ය යයි දෙපරිදියෙන් දත යුතු ය” යි මෙසේ ඒ යමෙක් කියන ලද නම් තෙල මේ සඳහා කියන ලදී.
Pali BJT9. 1. 1. 7.
Sinhala BJT9. 1. 7. 7.
Pali BJTසුතවාපරිබ්බාජක සුත්තං
Sinhala BJTසුතවාපරිබ්බාජක සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං, එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. අථ ඛො සුතවා පරිබ්බාජකො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි, සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සුතවා පරිබ්බාජකො භගවන්තං එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වසන සේක. එකල්හි සුතවා පිරිවැජි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමඟ සතුටු විය. සතුටු විය යුතු සාරාණීය කථාව කොට නිමවා එකත්පස්ව හින. එකත්පස්ව හුන් සුතවා පිරිවැජි භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේය:
Pali BJTඑකමිදං භන්තෙ, සමයං භගවා ඉධෙව රාජගහෙ විහරති ගිරිබ්බජෙ, තත්ර මෙ භන්තෙ, භගවතො සම්මුඛා පටිග්ගහීතං “යො සො සුතවා{1} භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤා විමුත්තො, අභබ්බො සො පඤ්චඨානානි අජ්ඣාචරිතුං. අභබ්බො ඛීණාසවො භික්ඛු සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙතුං, අභබ්බො ඛීණාසවො භික්ඛු අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදාතුං, අභබ්බො ඛීණාසවො භික්ඛු මෙථුනං ධම්මං පතිසෙවිතුං, අභබ්බො ඛීණාසවො භික්ඛු සම්පජානමුසා භාසිතුං, අභබ්බො ඛීණාසවො භික්ඛු සන්නිධිකාරකං කාමෙ පරිභුඤ්ජිතුං, සෙය්යථාපි පුබ්බෙ අගාරිකභූතොති.” කච්චි මෙතං භන්තෙ, භගවතො සුස්සුතං සුග්ගහීතං සුමනසිකතං සූපධාරිතන්ති.
Sinhala BJTවහන්ස, එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මේ (පර්‍වත වළල්ලෙන් වටවූ හෙයින්) ගිරිව්‍රජ නම් වූ රජගහනුවර ම වාසය කරන සේක. වහන්ස, එකල්හි මා විසින් “සුතවායෙනි, යම් ඒ අර්‍හත් ක්‍ෂීණාශ්‍රව වූ වැස නිමකළ මඟ බඹසර ඇති කළ සිවුමඟකරණී ඇති, බහාතැබූ කෙලෙස් බරැති, පැමිණි රහත් බැව් ඇති පරික්‍ෂීණ භව සංයෝජන ඇති, මොනොවට දැන විමුක්ත වූ මහණෙක් වේ නම් හේ කරුණු පසක් ඉක්මවන්නට අභව්‍ය වෙයි: ක්‍ෂීණාස්‍රව මහණ දැන දැන ප්‍රාණියකු දිවියෙන් ගලවනට අභව්‍ය වෙයි. ක්‍ෂීණාස්‍රව මහණ ථෙය්‍ය සඞ්ඛ්‍යාත නුදුන් දෑ සොර සිතින් ගන්නට අභව්‍ය වෙයි. ක්‍ෂීණාස්‍රව මහණ මෙවුන් දම් සෙවුමට අභව්‍ය වෙයි. ක්‍ෂීණාස්‍රව මහණ දැන දැන මුසවා කීමය අභව්‍ය වෙයි. ක්‍ෂීණාස්‍රව මහණ පෙර ගිහි වූ පරිදි සන්නිධිකාරක ව හෙවත් තැන්පත් කොට තබාගෙන කාමයන් සෙවුමට අභව්‍ය වේ ය” යි භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි අසන ලදී. හමුවෙහි පිළිගන්නා ලදී. වහන්ස, කිම මා විසින් භාග්‍යවතුන් වහන්සේගේ ඒ භාෂිතය මනාකොට අසන ලද ද? මනාකොට උගන්නා ලද ද? මොනොවට මෙනෙහි කරන ලද ද? මොනොවට දරන ලද ද? යි
Pali BJTතග්ඝ තෙතං{2} සුතවා, සුස්සුතං සුග්ගහීතං සුමනසිකතං සූපධාරිතං. පුබ්බෙවාහං සුතවා, එතරහි ච එවං වදාමි. “යො සො භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤාවිමුත්තො. අභබ්බො සො නවඨානානි අජ්ඣාචරිතුං: අභබ්බො ඛීණාසවො භික්ඛු සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙතුං, අභබ්බො ඛීණාසවො භික්ඛු අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදාතුං, අභබ්බො ඛීණාසවො භික්ඛු මෙථුනං ධම්මං පතිසෙවිතුං, අභබ්බො ඛීණාසවො භික්ඛු සම්පජානමුසා භාසිතුං, අභබ්බො ඛීණාසවො භික්ඛු සන්නිධිකාරකෙ කාමෙ පරිභුඤ්ජිතුං, සෙය්යථාපි පුබ්බෙ අගාරියභූතො.
Sinhala BJTසුතවායෙනි, එකතින් ඒ තා විසින් මොනොවට අසන ලද, මොනොවට උගන්නා ලද, මොනොවට මෙනෙහි කරන ලද, මනාකොට දරන ලද, සුතවායෙනි, දැනුදු මම මෙසේ කියමි: “අර්‍හත් ක්‍ෂීණාස්‍රව වූ වැස නිම වූ බඹසර ඇති, කළමඟ කිස ඇති, බහාතැබූ කෙලෙස් බර ඇති, පැමිණි රහත්ඵල ඇති, ගෙවූ භවසංයෝජන ඇති, මොනොවට දැන මිදුණු යම් ඒ මහණෙක් වේ නම්, හේ කරුණු පසක් මඩනට අභව්‍ය වෙයි. රහත් මහණ දැන දැන සතක්හු දිවියෙන් ගැලවීමට අභව්‍ය වෙයි. රහත් මහණ ථෙය්‍යසඞ්ඛ්‍යාත සොරසිතින් නුදුන් දෑ ගන්නට අභව්‍ය වෙයි. රහත් මහණ මෙවුන්දම් සෙවුනට අභව්‍ය වෙයි. රහත් මහණ දැන දැන මුසවා කියනට අභව්‍ය වෙයි. රහත් මහණ පෙර ගිහි වූ පරිදි සන්නිධිකාරකව කාමයන් වළඳනට අභව්‍ය වෙයි.
Pali BJTඅභබ්බො ඛීණාසවො භික්ඛු බුද්ධං පච්චක්ඛාතුං{1} අභබ්බො ඛීණාසවො භික්ඛු ධම්මං පච්චක්ඛාතුං{2} අභබ්බො ඛීණාසවො භික්ඛු සඞ්ඝං පච්චක්ඛාතුං{3} අභබ්බො ඛීණාසවො භික්ඛු සික්ඛං පච්චක්ඛාතුං{4}. පුබ්බෙවාහං සුතවා, එතරහි ච එවං වදාමි: යො සො භික්ඛු අරහං වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤා විමුත්තො. අභබ්බො සො ඉමානි නවඨානානි අජ්ඣාචරිතුන්ති.
Sinhala BJTරහත් මහණ බුදුන් ප්‍රතික්‍ෂේප කරනට අභව්‍ය වෙයි. රහත් මහණ ධර්‍මය ප්‍රතික්‍ෂේප කරනට අභව්‍ය වෙයි. රහත් මහණ සංඝයා ප්‍රතික්‍ෂේප කරනට අභව්‍ය වෙයි. රහත් මහණ ශික්‍ෂා ප්‍රතික්‍ෂේප කරනට අභව්‍ය වේ” යයි. සුතවායෙනි, මම් පෙරත් දැනුත් “අර්‍හත් වැසනිම වූ මඟ බඹසර ඇති කළ සිවුමඟකිස ඇති බහා තැබූ කෙලෙස් බරැති පත් රහත් පල ඇති, ගෙවූ භවසංයෝජන ඇති, යම් ඒ මහණෙක් වේ නම්, හේ මේ කරුණු නවය මඩනට අභව්‍ය ය” යි මෙසේ ම කියමි යි.
Pali BJT9. 1. 1. 8.
Sinhala BJT9. 1. 8. 8.
Pali BJTසජ්ඣපරිබ්බාජක සුත්තං
Sinhala BJTසජ්ඣපරිබ්බාජක සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං, එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. අථ ඛො සජ්ඣො පරිබ්බාජකො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සජ්ඣො පරිබ්බාජකො භගවන්තං එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වසන සේක. එකල්හි සජ්ඣ පිරිවැජි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමඟ සතුටු විය. සතුටු විය යුතු සාරාණීය කථාව කොට නිමවා එකත්පස්ව හින. එකත්පස්ව හුන් සජ්ඣ පිරිවැජි භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේය:
Pali BJTඑකමිදං භන්තෙ, සමයං භගවා ඉධෙව රාජගහෙ විහරති ගිරිබ්බජෙ, තත්ර මෙ භන්තෙ, භගවතො සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහීතං “යො සො සජ්ඣ, භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤාවිමුත්තො, අභබ්බො සො පඤ්චඨානානි අජ්ඣාචරිතුං:
Sinhala BJTවහන්ස, එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මේ ගිරිව්‍රජ නම් වූ රජගහනුවර ම වාසය කරන සේක. වහන්ස, එකල්හි මා විසින් “සජ්ඣයෙනි, අර්‍හත් ක්‍ෂීණාශ්‍රව වූ වැසනිම වූ මඟ බඹසර ඇති, කළ සිවුමඟකරණී ඇති, බහාතැබූ කෙලෙස් බර ඇති, පැමිණි රහත්ඵල සඞ්ඛ්‍යාත ස්වාර්‍ත්‍ථය ඇති, ගෙවූ භව සංයෝජන ඇති, මනාකොට දැන විමුක්ත වූ යම් ඒ මහණෙක් වේ නම් හේ කරුණු පසක් මඩනට අභව්‍ය වේ” යි. භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි අසන ලදී. හමුවෙහි පිළිගන්නා ලදී:
Pali BJTඅභබ්බො ඛීණාසවො භික්ඛු සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙතුං, අභබ්බො ඛීණාසවො භික්ඛු අදින්නං ථෙය්ය සඞ්ඛාතං ආදාතුං. අභබ්බො ඛීණාසවො භික්ඛු මෙථුනං ධම්මං පතිසෙවිතුං. අභබ්බො ඛීණාසවො භික්ඛු සම්පජානමුසා භාසිතුං, අභබ්බො ඛීණාසවො භික්ඛු සන්නිධිකාරකෙ කාමෙ පටිසෙවිතුං සෙය්යථාපි පුබ්බෙ අගාරියභූතොති. කච්චිමෙතං භන්තෙ, භගවතො සුස්සුතං සුග්ගහීතං සුමනසිකතං සූපධාරිතන්ති.
Sinhala BJTරහත් මහණ දැන දැන පරපණ දිවියෙන් ගැලවුමට අභව්‍ය වෙයි. රහත් මහණ ථෙය්‍යසඞ්ඛ්‍යාතය ගන්නට අභව්‍ය වෙයි. රහත් මහණ මෙවුන්දම් සෙවුනට අභව්‍ය වෙයි. රහත් මහණ මුසවා කීමට අභව්‍ය වෙයි. රහත් මහණ පෙර ගිහි වූ පරිදි සන්නිධිකාරක ව කාමයන් වළඳනට අභව්‍ය වේ ය” යි. වහන්ස, කිම, තෙල මා විසින් මැනවින් අසන ලද ද? මනාකොට උගන්නා ලද ද? මොනොවට මෙනෙහි කරන ලද ද? මොනොවට දරන ලදදැ’ යි.
Pali BJTතග්ඝ තෙතං{1} සජ්ඣ, සුස්සුතං සුග්ගහීතං සුමනසිකතං සූපධාරිතං. පුබ්බෙ චාහං සජ්ඣ, එතරහි ච එවං වදාමි. “යො සො භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤාවිමුත්තො, අභබ්බො සො නවඨානානි අජ්ඣාචරිතුං, අභබ්බො ඛීණාසවො භික්ඛු සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙතුං -පෙ- අභබ්බො ඛීණාසවො භික්ඛු සන්නිධිකාරකෙ කාමෙ පරිභුඤ්ජිතුං. සෙය්යථාපි පුබ්බෙ අගාරියභූතො. අභබ්බො ඛීණාසවො භික්ඛු ඡන්දාගතිං ගන්තුං, අභබ්බො ඛීණාසවො භික්ඛු දොසාගතිං ගන්තුං, අභබ්බො ඛීණාසවො භික්ඛු මොහාගතිං ගන්තුං, අභබ්බො ඛීණාසවො භික්ඛු භයාගතිං ගන්තුං. පුබ්බෙවාහං සජ්ඣ, එතරහි ච එවං වදාමි. “යො ඛො භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො, සම්මදඤ්ඤා විමුත්තො, අභබ්බො සො ඉමානි නවඨානානි අජ්ඣාචරිතු” න්ති.
Sinhala BJTසජ්ඣයෙනි, එකතින් තා විසින් එය මොනොවට අසන ලද, මොනොවට උගන්නා ලද, මොනොවට මෙනෙහි කරන ලද, මොනොවට දරන ලද වෙයි. සජ්ඣයෙනි, පෙර ද දැනුදු මම මෙසේ කියමි. “අර්‍හත් වූ ක්‍ෂීණාස්‍රව, වැස නිමවූ මඟ බඹසර ඇති, කළ සිවුමඟකරණී ඇති, බහාතැබූ කෙලෙස් බර ඇති, පිළිවෙළින් පත් අර්‍හත්‍වය ඇති, පරික්‍ෂීණ භව සංයෝජන ඇති, මොනොවට දැන විමුක්ත වූ යම් ඒ මහණෙක් වේ නම්, හේ නව කරුණක් මඩනට අභව්‍ය වේ: රහත් මහණ දැන දැන සතක්හු දිවියෙන් ගැළවීමට අභව්‍ය වෙයි. රහත් මහණ ථෙය්‍ය සඞ්ඛ්‍යාතය ගන්නට අභව්‍ය වෙයි. රහත් මහණ මෙවුන්දම් සෙවුනට අභව්‍ය වෙයි. රහත් මහණ දැන දැන මුසවා බණනට අභව්‍ය වෙයි. රහත් මහණ පෙර ගිහි වූ පරිදි සන්නිධිකාරකව කාමයන් වළඳනට අභව්‍ය වේ යයි. රහත් මහණ ඡන්‍දයෙන් අගතියට යනුවට අභව්‍ය වෙයි. රහත් මහණ ද්වේෂයෙන් අගතියට යනුවට අභව්‍ය වෙයි. රහත් මහණ මෝහයෙන් අගතියට යනුවට අභව්‍ය වෙයි. රහත් මහණ භයෙන් අගතියට යනුවට අභව්‍ය වෙයි.” සජ්ඣයෙනි, පෙරත් දැනුත් මම මෙසේ කියමි: රහත් වූ ක්‍ෂීණාස්‍රව වූ වැස නිමවූ බඹසර ඇති, කළ සිවුමඟ කිස ඇති, බහාතැබූ කෙලෙස් බර ඇති, පිළිවෙළින් පත් රහත්බව ඇති, ගෙවූ භවසංයෝජන ඇති, මොනොවට දැන විමුක්ත වූ යම් ඒ මහණෙක් වේ නම්, හේ මේ නව කාරණයන් මඩනට අභව්‍ය වේ ය” යි.
Pali BJT9. 1. 1. 9.
Sinhala BJT9. 1. 9. 9.
Pali BJTපුග්ගල සුත්තං
Sinhala BJTපුග්ගල සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTනව ඉමෙ භික්ඛවෙ, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං, කතමෙ නව: අරහා, අරහත්තාය පටිපන්නො, අනාගාමී, අනාගාමිඵලං සච්ඡිකිරියාය පටිපන්නො, සකදාගාමි, සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො, සොතාපන්නො, සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො, පුථුජ්ජනො. ඉමෙ ඛො භික්ඛවෙ, නවපුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, ලොව්හි මේ පුද්ගලයෝ නවදෙනෙක් ඇතියහ. විද්‍යමාන වෙත්: කවර නවදෙනෙක යත්: අර්‍හත් ය, අර්‍හත්‍වයට පිළිපන්නේ ය. අනාගාමී ය. අනාගාමීඵල සාක්‍ෂාත්කරණයට පිළිපන්නේ ය. සකෘදාගාමී ය, සකෘදාගාමීඵල සාක්‍ෂාත්කරණයට පිළිපන්නේ ය. සෝතාපන්න යැ. සෝතාපත්තිඵල පසක් කිරීමට පිළිපන්නේ යැ. පෘථග්ජන යි. මහණෙනි, ලොව්හි මේ පුද්ගලයෝ නවදෙන ඇතියහ. විද්‍යමාන වෙත්.
Pali BJT9. 1. 1. 10.
Sinhala BJT9. 1. 10. 10.
Pali BJTආහුනෙය්යපුග්ගල සුත්තං
Sinhala BJTආහුනෙය්‍යපුග්ගල සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTනව ඉමෙ භික්ඛවෙ, පුග්ගලා ආහුනෙය්යා පාහුනෙය්යා දක්ඛිණෙය්යා අඤ්ජලිකරණීයා අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙ නව: අරහා, අරහත්තාය පටිපන්නො, අනාගාමී, අනාගාමිඵල සච්ඡිකිරියාය පටිපන්නො, සකදාගාමි, සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො, සොතාපන්නො, සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො, ගොත්රභූ. ඉමෙ ඛො භික්ඛවෙ, නවපුග්ගලා ආහුනෙය්යා -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTමහණෙනි, ආහුනාර්‍හ, ප්‍රාඝුණාර්‍හ, දක්‍ෂිණාර්‍හ, අඤ්ජලිකරණීය, ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ මේ පුද්ගලයෝ නව දෙනෙකි, කවර නව දෙනෙක යත්: අර්‍හත් ය, අර්‍හත්‍වයට පිළිපන්නේ ය, අනාගාමී ය, අනාගාමීඵල සාක්‍ෂාත්කරණයට පිළිපන්නේ ය. සකෘදාගාමී ය, සකෘදාගාමීඵල සාක්‍ෂාත්කරණයට පිළිපන්නේ ය. සෝතාපන්න යැ. සෝතාපත්තිඵල සාක්‍ෂාත්කරණයට පිළිපන්නේ ය. ගෝත්‍රභූ ය. මහණෙනි, මේ පුද්ගලයෝ නව දෙන අහුනෙය්‍ය ... ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙති.
Pali BJTසම්බොධිවග්ගො පඨමො.
Sinhala BJTප්‍රථම සම්බෝධිවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTසම්බොධිනිස්සයො චෙව මෙඝියං නන්දකං බලං, සෙවනා සුතවා සජ්ඣො පුග්ගලො ආහුනෙය්යො චාති.
Sinhala BJTසම්බෝධි සූත්‍රය, නිස්සය සූත්‍රය, මේඝිය සූත්‍රය, නන්‍දක සූත්‍රය, බල සූත්‍රය, සේවිතබ්බාසේවිතබ්බ සූත්‍රය, සුතවා සූත්‍රය, සජ්ඣ සූත්‍රය, පුග්ගල සූත්‍රය, ආහුනෙය්‍ය සූත්‍රය යි දශයෙක.
Pali BJT2. සීහනාදවග්ගො
Sinhala BJT2. සීහනාද වර්‍ගය
Pali BJT9. 1. 2. 1.
Sinhala BJT9. 1. 2. 1.
Pali BJTසාරිපුත්ත සීහනාද සුත්තං
Sinhala BJTසාරිපුත්ත සීහනාද සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ, අථ ඛො ආයස්මා සාරිපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච: “වුත්ථො මෙ භන්තෙ, සාවත්ථියං වස්සාවාසො, ඉච්ඡාමහං භන්තෙ, ජනපදචාරිකං පක්කමිතු”න්ති. යස්සදානි ත්වං සාරිපුත්ත, කාලං මඤ්ඤසීති. අථ ඛො ආයස්මා සාරිපුත්තො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු මහ සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වෙත එළැඹිය හ. එළැඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පස් ව හුන් හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භගවතුන්ට තෙල සැලකළහ. “වහන්ස, මා විසින් සැවැත්හි වස්සාවාසය වැස නිමවී ය. වහන්ස, මම ජනපදචාරිකාවට පිටත් වනු කැමැතියෙමි”යී. ශාරිපුත්‍ර ය, තෙපි දැන් යමක් සඳහා කල් දනිවු නම් එය කරව, ඉක්බිති සැරියුත් තෙරණුවෝ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් සකසා වැඳ පැදකුණු කොට බැහැර ගියහ.
Pali BJTඅථ ඛො අඤ්ඤතරො භික්ඛු අචිරපක්කන්තෙ ආයස්මන්තෙ සාරිපුත්තෙ භගවන්තං එතදවොච: “ආයස්මා මං භන්තෙ, සාරිපුත්තො ආසජ්ජ අප්පටිනිස්සජ්ජ චාරිකං පක්කන්තො” ති.
Sinhala BJTඑකල එක්තරා මහණෙක් ආයුෂ්මත් සැරියුත් තෙරුන් ගිය නො බෝ කල්හි භගවත්නට තෙල සැලකළේ ය: “වහන්ස, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මා ඝටා වරද නො දෙසා චාරිකාවට පිටත් වූහ” යි.
Pali BJTඅථ ඛො භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසි: “එහි ත්වං භික්ඛු, මම වචනෙන සාරිපුත්තං ආමන්තෙසි: ‘සත්ථා තං ආවුසො සාරිපුත්ත, ආමන්තෙතී’ ති”. “එවං භන්තෙ” ති ඛො සො භික්ඛු භගවතො පටිස්සුත්වා යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: “සත්ථා තං ආවුසො සාරිපුත්ත, ආමන්තෙතී” ති. එවමාවුසොති ඛො ආයස්මා සාරිපුත්තො තස්ස භික්ඛුනො පච්චස්සොසි.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණකු ඇමතූහ: මහණ, එව. තෙපි මාගේ වචනයෙන් “ඇවැත් ශාරීපුත්‍රයෙනි, ශාස්තෘහු තොප කැඳවති”යි සාරිපුත්‍රයන් අමතව, ‘වහන්ස, එසේ ය’යි ඒ මහණ භගවත්නට පිළිවදන් අස්වා සැරියුත්තෙරුන් වෙත එළැඹියේ ය. එළැඹැ තෙල කී ය: “ඇවැත් ශාරීපුත්‍රයෙනි, ශාස්තෘහු තොප අමතති”යී “ඇවැත්නි එසේය”යි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ එ මහණහට පිළිවදන් ඇස් වූ හ.
Pali BJTතෙන ඛො පන සමයෙන ආයස්මා ච මහාමොග්ගල්ලානො ආයස්මා ච ආනන්දො අවාපුරණං{1} ආදාය විහාරෙන විහාරං අන්වාහිණ්ඩන්ති{2} අභික්කමථායස්මන්තො, අභික්කමථායස්මන්තො, ඉදානායස්මා සාරිපුත්තො භගවතො සම්මුඛා සීහනාදං නදිස්සතීති.
Sinhala BJTඑ සමයෙහි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ද ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ද දොරයතුරු ගෙන වෙහෙරින් වෙහෙර ඇවිදුනාහ. “ආයුෂ්මත්නි, එව ආයුෂ්මත්නි, එව දැන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් හමුයෙහි සීහනාද කරති”යි.
Pali BJTඅථ ඛො ආයස්මා සාරිපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං සාරිපුත්තං භගවා එතදවොච: ඉධ තෙ සාරිපුත්ත, අඤ්ඤතරො සබ්රහ්මචාරී ඛීයනධම්මං ආපන්නො. “ආයස්මා මං භන්තෙ, සාරිපුත්තො ආසජ්ජ අප්පටිනිස්සජ්ජ චාරිකං පක්කන්තො” ති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ භගවතුන් සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත් පස්ව හුන් ආයුෂ්මත් සැරියුත් තෙරුනට භගවත්හු තෙල වදාළහ: ශාරීපුත්‍රයෙනි, මෙහි තොපගේ එක්තරා සබ්‍රම්සරකෙනෙක් කථාධර්‍මයකට (දොස් පැවසීමකට) පැමිණියහ. වහන්ස, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මා ඝටා නො කමවා චාරිකාවට පිටත් වූහ”යි.
Pali BJT1. යස්ස නූන භන්තෙ කායෙ කායගතාසති අනුපට්ඨිතා අස්ස, සො ඉධ අඤ්ඤතරං සබ්රහ්මචාරිං ආසජ්ජ අප්පටිනිස්සජ්ජ චාරිකං පක්කමෙය්ය. සෙය්යථාපි භන්තෙ, පඨවියං{1} සුචිම්පි නික්ඛිපන්ති, අසුචිම්පි නික්ඛිපන්ති, ගූථගතම්පි නික්ඛිපන්ති, මුත්තගතම්පි නික්ඛිපන්ති, ඛෙලගතම්පි නික්ඛිපන්ති, පුබ්බගතම්පි නික්ඛිපන්ති, ලොහිතගතම්පි නික්ඛිපන්ති, න ච තෙන පඨවී අට්ටීයති වා හරායති වා ජිගුච්ඡති වා එවමෙව ඛො අහං භන්තෙ පඨවිසමෙන චෙතසා විහරාමි විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන.
Sinhala BJT1. වහන්ස යමක්හට එකැතින් කයෙහි කාගියා සිහි නො එළැඹ සිටී නම් හේ මෙහි එක්තරා සබ්‍රම්සරකු ඝටා වරද නො දෙසා චාරිකාවට පිටත් වන්නේ ය. වහන්ස, යම් පරිදි පොළෝහි සුචිදෑත් බහත් ද, අසුචි දෑත් බහත් ද, මල හා මූ හා බහත් ද, කෙළත් බහත් ද, පූයාත් බහත් ද, ලෙහෙත් බහත් ද, පොළෝ ඉන් නො පෙළෙයි ලජ්ජිත හෝ නො වෙයි ජුගුප්සාවට හෝ නො පැමිණෙ යි. වහන්ස, එ පරිදි ම මම් පොළෝ සම වූ විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ සිතින් වාස කරමි.
Pali BJT2. යස්ස නූන භන්තෙ කායෙ කායගතාසති අනුපට්ඨිතා අස්ස, සො ඉධ අඤ්ඤතරං සබ්රහ්මචාරිං ආසජ්ජ අප්පටිනිස්සජ්ජ චාරිකං පක්කමෙය්ය, සෙය්යථාපි භන්තෙ, ආපස්මිං සුචිම්පි ධොවන්ති, අසුචිම්පි ධොවන්ති, ගූථගතම්පි ධොවන්ති, මුත්තගතම්පි ධොවන්ති, ඛෙලගතම්පි ධොවන්ති, පුබ්බගතම්පි ධොවන්ති, ලොහිතගතම්පි ධොවන්ති, න ච තෙන ආපො අට්ටීයති වා හරායති වා ජිගුච්ඡති වා එවමෙව ඛො අහං භන්තෙ ආපොසමෙන චෙතසා විහරාමි විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන.
Sinhala BJT2. වහන්ස, යමකුට එකැතින් කයෙහි කාගියා සිහි නොඑළැඹ සිටී නම් හේ මෙ සස්නෙහි එක්තරා සබ්‍රම්සරක්හු ඝටා නො කමවා චාරිකාවට යන්නේ ය. වහන්ස, යම් පරිදි (ජලයෙහි) සුචිදෑත් දොවත්ද, අසුචිදෑත් දොවත් ද, ගූථත් දොවත් ද, මුත්‍රත් දොවත් ද, කෙළත් දොවත් ද, පූයාත් දොවත් ද, ලෙහෙත් දොවත් ද, එයින් ආපය නො පෙළෙයි ලජ්ජිත හෝ නො වෙයි, ජුගුප්සා හෝ නො කෙරෙයි. වහන්ස, එපරිදි ම මම් විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ ආපෝසම සිතින් වාස කරමි.
Pali BJT3. යස්ස නූන භන්තෙ කායෙ කායගතාසති අනුපට්ඨිතා අස්ස, සො ඉධ අඤ්ඤතරං සබ්රහ්මචාරිං ආසජ්ජ අප්පටිනිස්සජ්ජ චාරිකං පක්කමෙය්ය. සෙය්යථාපි භන්තෙ, තෙජො සුචිම්පි ඩහති, අසුචිම්පි ඩහති, ගූථගතම්පි ඩහති, මුත්තගතම්පි ඩහති, ඛෙලගතම්පි ඩහති, පුබ්බගතම්පි ඩහති, ලොහිතගතම්පි ඩහති. න ච තෙන තෙජො අට්ටීයති වා හරායති වා ජිගුච්ඡති වා එවමෙව ඛො අහං භන්තෙ තෙජොසමෙන චෙතසා විහරාමි, විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන.
Sinhala BJT3. වහන්ස, එකැතින් යමකුට කයෙහි කාගියා සී නො එළැඹ සිටී නම් හේ මෙ සස්නෙහි එක්තරා සබ්‍රම්සරක්හු ඝටා නො කමවා චාරිකා පිණිස යන්නේ ය. වහන්ස, යම්පරිදි තේජස් (ගින්න) සුචිදෑත් දවා ද, අසුචි දෑත් දවා ද, ගූථත් දවා ද, මුත්‍රත් දවා ද, කෙළත් දවා ද, පූයාත් දවා ද, ලෙහෙත් දවා ද එයින් තේජස් නො පෙළෙයි ලජ්ජිත නොවෙයි ජුගුප්සා නො කෙරෙයි. වහන්ස, එපරිදි ම මම් විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ තේජස් සම සිතින් වාස කරමි.
Pali BJT4. යස්ස නූන භන්තෙ කායෙ කායගතා සති අනුපට්ඨිතා අස්ස, සො ඉධ අඤ්ඤතරං සබ්රහ්මචාරිං ආසජ්ජ අප්පටිනිස්සජ්ජ චාරිකං පක්කමෙය්ය. සෙය්යථාපි භන්තෙ, වායො සුචිම්පි උපවායති, අසුචිම්පි උපවායති, ගූථගතම්පි උපවායති, මුත්තගතම්පි උපවායති, ඛෙලගතම්පි උපවායති, පුබ්බගතම්පි උපවායති, ලොහිතගතම්පි උපවායති. න ච තෙන වායො අට්ටීයති වා හරායති වා ජිගුච්ඡති වා. එවමෙව ඛො අහං භන්තෙ, වායොසමෙන චෙතසා විහරාමි, විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන.
Sinhala BJT4. වහන්ස, එකැතින් යමකුට කයෙහි කාගියා සී නො එළඹ සිටී නම් හේ මෙ සස්නෙහි එක්තරා සබ්‍රම්සරක්හු ඝටා නො කමවා චාරිකාවට නික්මෙන්නේ ය. වහන්ස, යම් පරිදි වායුව සුචිදෑත් ගෙන හමා ද, අසුචිදෑත් ගෙන හමා ද, ගූථත් ගෙන හමා ද, මුත්‍රත් ගෙන හමා ද, කෙළත් ගෙන හමා ද, පූයාත් ගෙන හමා ද, ලෙහෙත් ගෙන හමා ද එයින් වායුව නො ද පෙළෙයි ද ලජ්ජිත හෝ නො වෙයි ද ජුගුප්සා හෝ නො කෙරෙයි ද වහන්ස, එ පරිදි ම මම් විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ වායුසම සිතින් වාස කරමි.
Pali BJT5. යස්ස නූන භන්තෙ කායෙ කායගතාසති අනුපට්ඨිතා අස්ස, සො ඉධ අඤ්ඤතරං සබ්රහ්මචාරිං ආසජ්ජ අප්පටිනිස්සජ්ජ චාරිකං පක්කමෙය්ය. සෙය්යථාපි භන්තෙ, රජොහරණං සුචිම්පි පුඤ්ඡති. අසුචිම්පි පුඤ්ඡති, ගූථගතම්පි පුඤ්ඡති, මුත්තගතම්පි පුඤ්ඡති, ඛෙලගතම්පි පුඤ්ඡති, පුබ්බගතම්පි පුඤ්ඡති, ලොහිතගතම්පි පුඤ්ඡති. න ච තෙන රජොහරණං අට්ටීයති වා හරායති වා ජිගුච්ඡති වා. එවමෙව ඛො අහං භන්තෙ රජොහරණසමෙන චෙතසා විහරාමි, විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන.
Sinhala BJT5. වහන්ස, එකැතින් යමකුට කයෙහි කායගතාසතිය නො එළැඹ සිටී නම් හේ මෙ සස්නෙහි එක්තරා සබ්‍රම්සරක්හු ඝටා නො කමවා චාරිකාවට නික්මෙන්නේ ය. වහන්ස, යම් පරිදි පිස්නාකඩ සුචිදෑත් පිස්නේ ද, අසුචිදෑත් පිස්නේ ද, ගූථත් පිස්නේ ද, මුත්‍රත් පිස්නේ ද, කෙළත් පිස්නේ ද, පූයාත් පිස්නේ ද, ලෙහෙත් පිස්නේ ද, එයින් පිස්නාකඩ නො ද පෙළෙයි නො ද ලජ්ජිත වෙයි නො ද ජුගුප්සා කෙරෙයි. වහන්ස, එ පරිදි ම මම් විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ පිස්නා කඩ බඳු සිතින් වාස කරමි.
Pali BJT6. යස්ස නූන භන්තෙ කායෙ කායගතාසති අනුපට්ඨිතා අස්ස, සො ඉධ අඤ්ඤතරං සබ්රහ්මචාරිං ආසජ්ජ අප්පටිනිස්සජ්ජ චාරිකං පක්කමෙය්ය, සෙය්යථාපි භන්තෙ චණ්ඩාලකුමාරකො වා චණ්ඩාලකුමාරිකා වා කළොපිහත්ථො නන්තකවාසී ගාමං වා නිගමං වා පවිසන්තො නීචචිත්තඤ්ඤෙව උපට්ඨපෙත්වා පවිසති. එවමෙව ඛො අහං භන්තෙ චණ්ඩාලකුමාරකසමෙන චෙතසා විහරාමි විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන.
Sinhala BJT6. වහන්ස, යමකුට එකැතින් කයෙහි කායගතාසතිය නො එළැඹ සිටි නම් හේ මෙ සස්නෙහි එක්තරා සබ්‍රම්සරක්හු ඝටා වරද නො දෙසා චාරිකාවට පිටත් වන්නේ ය. වහන්ස, යම් පරිදි සැඩොල් දරුවෙක් හෝ සැඩොල් දැරියක් හෝ පැසක් ගත් අත් ඇත්තේ පියලි කඩක් හැඳීයේ ගමකට වේවයි නියම්ගමකට වේවයි වදනේ හළ මන් ඇති සිත් ම එළවා වදනේ ද, වහන්ස, එ පරිදි ම මම් විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ සැඩොල් දරුවකු සම සිතින් වාස කරමි.
Pali BJT7. යස්ස නූන භන්තෙ කායෙ කායගතාසති අනුපට්ඨිතා අස්ස, සො ඉධ අඤ්ඤතරං සබ්රහ්මචාරිං ආසජ්ජ අප්පටිනිස්සජ්ජ චාරිකං පක්කමෙය්ය. සෙය්යථාපි භන්තෙ උසභො ඡින්නවිසාණො සොරතො{1} සුදන්තො සුවිනීතො රථියාය රථියං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං අන්වාහිණ්ඩන්තො න කිඤ්චි හිංසති පාදෙන වා විසාණෙන වා. එවමෙව ඛො අහං භන්තෙ උසභච්ඡින්නවිසාණසමෙන චෙතසා විහරාමි විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන.
Sinhala BJT7. වහන්ස, යමකුට එකැතින් කයෙහි කාගියාසිහි නො එළැඹ සිටී නම් හේ මෙ සස්නෙහි එක්තරා සබ්‍රම්සරක්හු ඝටා නො කමවා චාරිකාවට යන්නේ ය. වහන්ස, යම් පරිදි සුන් අං ඇති ගොනෙක් සුරත වූයේ දැමුණේ සුවිනීත වූයේ වෙයින් වෙයි සිවුමංසලින් සිවුමංසල ඇවිදුනේ පයින් වේවයි හඟින් වේවයි කිසිවකු නො පෙළා ද, වහන්ස, එ පරිදි ම මම් විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ සුන් අං ඇති වැහැප් බඳු සිතින් වාස කරමි.
Pali BJT8. යස්ස නූන භන්තෙ කායෙ කායගතාසති අනුපට්ඨිතා අස්ස. සො ඉධ අඤ්ඤතරං සබ්රහ්මචාරිං ආසජ්ජ අප්පටිනිස්සජ්ජ චාරිකං පක්කමෙය්ය. සෙය්යථාපි භන්තෙ ඉත්ථි වා පුරිසො වා දහරො වා යුවා වා මණ්ඩනක ජාතිකො සීසං නහාතො අහිකුණපෙන වා කුක්කුරකුණපෙන වා මනුස්සකුණපෙන වා කණ්ඨෙ ආසත්තෙන අට්ටීයෙය්ය, හරායෙය්ය ජිගුච්ඡෙය්ය. එවමෙව ඛො අහං භන්තෙ ඉමිනා පූතිකායෙන අට්ටියාමි හරායාමි ජිගුච්ඡාමි.
Sinhala BJT8. වහන්ස, එකැතින් යමකුට කයෙහි කාගියාසිහි නො එළඹ සිටී නම් හේ මෙ සස්නෙහි එක්තරා සබ්‍රම්සරක්හු ඝටා නො කමවා චාරිකාවට යන්නේ ය. වහන්ස, යම් පරිදි තරුණ වූ හෝ තුරුණු බැව්හි සිටියාවූ හෝ සැරසුම් සැහැවි ඇති ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි හිසැ නඟා ලූයේ ගෙළ බැඳි අහිකුණපයෙන් හෝ කුක්කුරකුණපයෙන් හෝ මනුෂ්‍යකුණපයෙන් හෝ පෙළේ ද, ලජ්ජිත වේ ද, ජුගුප්සා කෙරේ ද, වහන්ස, එපරිදි ම මම් මේ කුණුකයින් පෙළෙමි, ලජ්ජිතයෙමි, ජුගුප්සා කෙරෙමි.
Pali BJT9. යස්ස නූන භන්තෙ කායෙ කායගතාසති අනුපට්ඨිතා අස්ස සො ඉධ අඤ්ඤතරං සබ්රහ්මචාරිං ආසජ්ජ අප්පටිනිස්සජ්ජ චාරිකං පක්කමෙය්ය. සෙය්යථාපි භන්තෙ පුරිසො මෙදකථාලිකං පරිහරෙය්ය ඡිද්දං විච්ඡිද්දං{1} උග්ඝරන්තං පග්ඝරන්තං. එවමෙව ඛො අහං භන්තෙ ඉමං කායං පරිහරාමි, ඡිද්දං විච්ඡිද්දං උග්ඝරන්තං පග්ඝරන්තං.
Sinhala BJT9. වහන්ස, එකැතින් යමෙකුට කයෙහි කාගියාසිහි නො එළැඹ සිටී නම් හේ මෙ සස්නෙහි එක්තරා සබ්‍රම්සරක්හු ඝටා නො කමවා චාරිකාවට යන්නේය. වහන්ස, යම් පරිදි පුරුෂයෙක් සිදුරු ඇති මහසිදුරු ඇති උඩු මුවින් වැහෙන යුසඇති යටිමුවින් ගලන යුස ඇති සිදුරු මේද තෙල් පිරුණු සැළියක් නොහොත් යුස නික්මීම පිණිස තන්හි තන්හි කළ සිදුරු ඇති ථාලිකාවක් (මසින් පුරුවාගෙන) පරිහරණය කෙරේ ද, වහන්ස, එපරිදි ම මම් කුදු මහත් සිදුරු ඇති උඩුමුවින් වැහෙන අසුචි ඇති යටිමුවින් ගලන අසුචි ඇති මේ කය පරිහරණය කරමි.
Pali BJTයස්ස නූන භන්තෙ කායෙ කායගතාසති අනුපට්ඨිතා අස්ස, සො ඉධ අඤ්ඤතරං සබ්රහ්මචාරිං ආසජ්ජ අප්පටිනිස්සජ්ජ චාරිකං පක්කමෙය්යාති.
Sinhala BJTවහන්ස එකැතින් යමකුට කයෙහි කාගියාසිහි නො එළැඹ සිටී නම් හේ මෙ සස්නෙහි එක්තරා සබ්‍රම්සරක්හු ඝටා නො කමවා චාරිකාවට යන්නේ ය.
Pali BJTඅථ ඛො සො භික්ඛු උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවන්තං එතදවොච: “අච්චයො මං භන්තෙ අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං. යොහං ආයස්මන්තං සාරිපුත්තං අසතා තුච්ඡා මුසා අභූතෙන අබ්භාචික්ඛිං. තස්ස මෙ භන්තෙ භගවා අච්චයං අච්චයතො පතිගණ්හාතු ආයතිං සංවරායා” ති.
Sinhala BJTඉක්බිති එ මහණ හුනස්නෙන් නැඟී සිටි උත්තරාසඞ්ගය එකස් කොට ලා භගවතුන්ගේ පාමුල හිසින් හෙව භවත්නට තෙල සැලකළේ ය. “වහන්ස, බාලයකු කරා යම්සේ නම් මූඪයකු කරා යම්සේ නම් අදක්‍ෂයකු කරා යම්සේ නම් එසේ දෝෂය මා ඉක්මවා ගියේ ය. යම්බඳු මම් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් අසත්‍ය වූ සිස් වූ මුසා වූ අභූතයෙන් අබිබවා කීයෙම් නම් එ හෙයිනි. වහන්ස, භගවතුන් මතුයෙහි සංවර පිණිස ඒ මාගේ අපරාධය අපරාධ විසින් පිළිගන්නා සේක්වා” යී.
Pali BJTතග්ඝ තං{2} භික්ඛු අච්චයො අච්චගමා යථාබාලං යථාමූළ්හං යථා අකුසලං යො ත්වං සාරිපුත්තං අසතා තුච්ඡා මුසා අභූතෙන අබ්භාචික්ඛි. යතො ච ඛො ත්වං භික්ඛු අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොසි, තං තෙ මයං පතිගණ්හාම. වුද්ධිහෙසා භික්ඛු අරියස්ස විනයෙ යො අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොති ආයතිං සංවරං ආපජ්ජතීති.
Sinhala BJTයම් බඳු වූ තෙපි සැරියුත් තෙරුන් අසත්‍ය වූ තුච්ඡ වූ මෘෂා වූ අභූතයෙන් අබිබවා කීහු ද නියතින් බාලයකුට යම්සේ නම් මූඪයකුට යම්සේ නම් අදක්‍ෂයකුට යම් සේ නම් එසේ දෝෂය තොප ඉක්මැ ගියේ ය. මහණ, යම් හෙයෙකින් තෙපි වරද වරද විසින් දැක දහම් වූ පරිදි ප්‍රතික්‍රියා කරවූ නම් අපි තොපගේ ඒ වරද පිළිගනිමු. මහණ ආර්‍ය්‍ය විනයෙහි යමෙක් වරද වරද විසින් දැක දහම් වූ පරිදි ප්‍රතික්‍රියා කෙරේ නම් මතුයෙහි සංවරයට පැමිණේ නම් තෙල වෘද්ධියෙක් ම ය.
Pali BJTඅථ ඛො භගවා ආයස්මන්තං සාරිපුත්තං ආමන්තෙසි: ඛම සාරිපුත්ත ඉමස්ස මොඝපුරිසස්ස පුරාස්ස එත්ථෙව සත්තධා මුද්ධා ඵලිස්සතීති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරුන් ඇමතූහ: “ශාරීපුත්‍රය, මොහුගේ හිස මෙ තන්හි ම සත්කඩෙක් ව පැළේ නම් එයට පළමු ම මේ හිස් පුඟුල් හට සමා කරව”යි.
Pali BJTඛමාමහං භන්තෙ තස්ස ආයස්මතො සචෙ මං සො ආයස්මා එවමාහ: ඛමතු ච මෙ{3} සො ආයස්මාති.
Sinhala BJT“වහන්ස, ඉදින් ඒ ආයුෂ්මත් මට ක්‍ෂමා කෙරේවා”යි මෙසේ කියා නම් ඒ ආයුෂ්මත් හට මම් කමමි”යී.
Pali BJT9. 1. 2. 2.
Sinhala BJT9. 1. 2. 2.
Pali BJTසොපාදිසෙස සුත්තං
Sinhala BJTසෝපාදිසේස සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා සාරිපුත්තො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථියං පිණ්ඩාය පාවිසි. අථඛො ආයස්මතො සාරිපුත්තස්ස එතදහොසි: “අතිප්පගො ඛො තාව සාවත්ථියං පිණ්ඩාය චරිතුං, යන්නූනාහං යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමෙය්ය” න්ති. අථ ඛො ආයස්මා සාරිපුත්තො යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙහි අඤ්ඤතිත්ථියෙහි පරිබ්බාජකෙහි සද්ධිං සම්මොදි සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි.
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසනසේක. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පෙරවරුයෙහි හැඳ පොරවා පාසිවුරු ගෙන සැවැත්හි පිඬු පිණිස පිවිසියහ. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරුනට තෙල සිත විය: “සැවැත්හි පිඬු පිණිස සරනට ඉතා කල් ඇත්තේ ය. මම් අන්තොටු පිරිවැජි අරම යම්තන්හි ද, එහි එළඹෙම් නම් ඉතා මැනැවැ”යි. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අන්තොටු පිරිවැජි අරමට එළඹිය හ. එළැඹ ඒ අන්තොටු පිරිවැජියන් හා සතුටු වූහ. සතුටු වියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්හ.
Pali BJTතෙන ඛො පන සමයෙන තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරා කථා උදපාදි: “යො හි කොචි ආවුසො සොපාදිසෙසො{1} කාලං කරොති සබ්බො සො අපරිමුත්තො නිරයා, අපරිමුත්තො තිරච්ඡානයොනියා, අපරිමුත්තො පෙත්තිවිසයා, අපරිමුත්තො අපාය දුග්ගති විනිපාතාති.
Sinhala BJTඑසමයෙහි රැස්ව හුන් ඒ පිරිවැජියන් අතර මේ අතුරු කථාව උපන: “ඇවැත්හි, යම් කිසිවෙක් උපාදාන ශේෂ ඇතියේ කලුරිය කෙරේ නම් ඒ හැම දෙන නිරයෙන් නො මිදුණේ වෙයි. තිරිසන්යෝනින් නො මිදුණේ වෙයි. ප්‍රේතවිෂයෙන් නො මිදුණේ වෙයි. අපායදුගතියෙන් නො මිදුණේ වෙ”යි.
Pali BJTඅථ ඛො ආයස්මා සාරිපුත්තො තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං භාසිතං නෙව අභිනන්දි, න පටික්කොසි. අනභිනන්දිත්වා අප්පටිකොසිත්වා උට්ඨායාසනා පක්කාමි, “භගවතො සන්තිකෙ එතස්ස භාසිතස්ස අත්ථං ආජානිස්සාමී” ති. අථ ඛො ආයස්මා සාරිපුත්තො සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච:
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ඒ අන්තොටු පිරිවැජියන්ගේ භාෂිතය නො ම පිළිගත්හ. නො ම පිළිකෙව් කළහ. නො පිළිගෙන නො පිළිකෙව් කොට හුනස්නෙන් නැඟී නික්ම ගියහ, “භගවතුන් හමුයෙහි තෙල භාෂිතයාගේ අරුත් දැන ගනිමැ”යි. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සැවැත්හි පිඬු පිණිස සැරැ පසුබත්හි පිඬුවායෙන් වැළකුණාහු භගවතුන් වෙත එළඹිය හ. එළැඹ භගවතුන් සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භගවත්නට තෙල සැලකළහ.
Pali BJT“ඉදාහං භන්තෙ පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථියං පිණ්ඩාය පාවිසිං. තස්ස මය්හං භන්තෙ එතදහොසි: “අතිප්පගො ඛො තාව සාවත්ථියං පිණ්ඩාය චරිතුං, යන්නූනාහං යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමෙය්ය” න්ති. අථඛ්වාහං භන්තෙ යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමිං, උපසඞ්කමිත්වා තෙහි අඤ්ඤතිත්ථියෙහි පරිබ්බාජකෙහි සද්ධිං සම්මොදිං. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිං.
Sinhala BJT“වහන්ස, මෙහි මම් පෙරවරුයෙහි හැඳ පෙරව පා සිවුරු ගෙන සැවැත්හි පිඬු පිණිස පිවිසියෙමි. වහන්ස, ඒ මට තෙල සිත විය. “සැවැත්හි පිඬු පිණිස සරනට ඉතාකල් ඇත්තේ ය. මම අන්තොටු පිරිවැජියන්ගේ අසපුව යම්තෙනෙක්හි ද, එහි එළඹෙන්නෙම් නම්, ඉතා යෙහෙකැ”යි. වහන්ස, ඉක්බිති මම් අන්තොටු පිරිවැජියන්ගේ අසපුව යම්තෙනෙක්හි ද, එහි එළඹියෙමි. එළඹ ඒ අන්තොටු පිරිවැජියන් හා සතුටු වූයෙමි. සතුටු වියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්මි.