Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 12501-12600 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTපත්තනික්කුජ්ජන සුත්තං
Sinhala BJTපත්තනිකුජ්ජන සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅට්ඨහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස උපාසකස්ස ආකඞ්ඛමානො සඞ්ඝො පත්තං නික්කුජ්ජෙය්ය. කතමෙහි අට්ඨහි:
Sinhala BJTමහණෙනි, අටඟින් සමන්‍වාගත උපාසකයාහට සඞ්ඝ තෙමේ කැමැති වේ නම් පත්තනික්කුජ්ජන කර්‍මය කරන්නේ ය. කවර අටඟෙකින් යත්:
Pali BJTභික්ඛූනං අලාභාය පරිසක්කති, භික්ඛූනං අනත්ථාය පරිසක්කති, භික්ඛූනං අවාසාය පරිසක්කති, භික්ඛූනං අක්කොසති පරිභාසති. භික්ඛු භික්ඛූහි භෙදෙති, බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති, සඞ්ඝස්ස අවණ්ණං භාසති, ඉමෙහි ඛො භික්ඛවෙ අට්ඨහඞ්ගෙහි සමන්නාගතස්ස උපාසකස්ස ආකඞ්ඛමානො සඞ්ඝො පත්තං නික්කුජ්ජෙය්ය. {1}
Sinhala BJTභික්‍ෂූන්ගේ අලාභය පිණිස උත්සාහ කෙරෙයි. භික්‍ෂූන්ගේ අනර්‍ත්‍ථය පිණිස උත්සාහ කෙරෙයි. භික්‍ෂූන්ගේ අවාසය පිණිස උත්සාහ කෙරෙයි, භික්‍ෂූන්ට ආක්‍රෝශ කෙරෙයි, පරිභව කෙරෙයි, මහණුන් මහණුන් හා බිඳුවයි. බුදුන්ගේ අයුණු කියයි, දහම්හි අයුණු කියයි, සඟුන්ගේ අයුණු කියයි. මහණෙනි, මේ අටඟින් සමන්‍වාගත උපාසකයාහට කැමැති වේ නම් සඞ්ඝයා පත්තනික්කුජ්ජන කර්‍මය (පිඬුවා නො පිළිගැනුම්) කරන්නේ ය.
Pali BJTඅට්ඨහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස උපාසකස්ස ආකඞ්ඛමානො සඞ්ඝො පත්තං උක්කුජ්ජෙය්ය. කතමෙහි අට්ඨහි:
Sinhala BJTමහණෙනි, අටඟෙකින් සමන්‍වාගත උපාසකයාහට කැමැති වේ නම් සඞ්ඝයා පත්ත උක්කුජ්ජන කර්‍මය කරන්නේ ය. කවර අටඟෙකින් යත්:
Pali BJTන භික්ඛූනං අලාභාය පරිසක්කති, න භික්ඛූනං අනත්ථාය පරිසක්කති, න භික්ඛූනං අවාසාය පරිසක්කති, න භික්ඛූනං අක්කොසති පරිභාසති. න භික්ඛු භික්ඛූහි භෙදෙති, බුද්ධස්ස වණ්ණං භාසති, ධම්මස්ස වණ්ණං භාසති, සඞ්ඝස්ස වණ්ණං භාසති, ඉමෙහි ඛො භික්ඛවෙ අට්ඨහඞ්ගෙහි සමන්නාගතස්ස උපාසකස්ස ආකඞ්ඛමානො සඞ්ඝො පත්තං උක්කුජ්ජෙය්යාති.
Sinhala BJTභික්‍ෂූන්ගේ අලාභය පිණිස උත්සාහ නො කෙරෙයි, භික්‍ෂූන්ට අනර්‍ත්‍ථය පිණිස උත්සාහ නො කෙරෙයි. භික්‍ෂූන්ට අවාසය පිණිස උත්සාහ නො කෙරෙයි. භික්‍ෂූන්ට ආක්‍රෝශ නො කෙරෙයි, පරිභව නො කෙරෙයි. භික්‍ෂූන් භික්‍ෂූන් හා නො බිඳුවයි, බුදුන්ගේ ගුණ වනයි. දහම්හි ගුණ වනයි. සඟුන්ගේ ගුණ වනයි. මහණෙනි, මේ අටඟින් සමන්‍වාගත උපාසකයාහට කැමැති වේ නම් සඞ්ඝයා පත්ත උක්කුජ්ජන කර්‍මය කරන්නේ යි.
Pali BJT8. 2. 9. 8.
Sinhala BJT8. 2. 9. 8.
Pali BJTඅප්පසාදප්පසාද සුත්තං
Sinhala BJTඅප්පසාදප්පසාද සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅට්ඨහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානා උපාසකා අප්පසාදං පවෙදෙය්යුං. කතමෙහි අට්ඨහි:
Sinhala BJTමහණෙනි, අටඟෙකින් සමන්‍වාගත මහණහට උපාසකයෝ කැමැති වෙත් නම් අප්‍රසාදය දන්වන්නාහ. කවර අටඟෙකින් යත්:
Pali BJTගිහීනං අලාභාය පරිසක්කති, ගිහීනං අනත්ථාය පරිසක්කති, ගිහීනං අක්කොසති පරිභාසති, ගිහී ගිහීහි භෙදෙති. බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති, සඞ්ඝස්ස අවණ්ණං භාසති, අගොචරෙ ච තං පස්සන්ති. ඉමෙහි ඛො භික්ඛවෙ අට්ඨහි ධම්මෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානා උපාසකා අප්පසාදං පවෙදෙය්යුං.
Sinhala BJTගිහියනට අලාභය පිණිස උත්සාහ කෙරෙයි. ගිහිනට අනර්‍ත්‍ථය පිණිස උත්සාහ කෙරෙයි. ගිහිනට ආක්‍රෝශ කෙරෙයි, පරිභව කෙරෙයි, ගිහියන් ගිහියන් හා බිඳුවයි. බුදුන්ගේ අයුණු කියයි, දහම්හි අයුණු කියයි, සඟුන්ගේ අයුණු කියයි, අගෝචරයෙහිදු ඔහු දකිති. මහණෙනි, මේ අටඟින් සමන්‍වාගත මහණහට උපාසකයෝ කැමැති වන්නාහු නම් අප්‍රසාදය දන්වන්නාහ.
Pali BJTඅට්ඨහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානා උපාසකා පසාදං පවෙදෙය්යුං. කතමෙහි අට්ඨහි:
Sinhala BJTමහණෙනි, දහම් අටකින් සමන්‍වාගත මහණහට උපාසකයෝ කැමැති වෙත් නම් ප්‍රසාදය දන්වන්නාහ. කවර අටකරුණෙකින යත්:
Pali BJTන ගිහීනං අලාභාය පරිසක්කති, න ගිහීනං අනත්ථාය පරිසක්කති, න ගිහීනං අක්කොසති පරිභාසති, න ගිහී ගිහීහි භෙදෙති. බුද්ධස්ස වණ්ණං භාසති, ධම්මස්ස වණ්ණං භාසති, සඞ්ඝස්ස වණ්ණං භාසති, ගොචරෙ ච නං පස්සන්ති. ඉමෙහි ඛො භික්ඛවෙ අට්ඨහි ධම්මෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානා උපාසකා පසාදං පවෙදෙය්යුන්ති.
Sinhala BJTගිහීන්ගේ අලාභය සඳහා උත්සාහ නො කෙරෙයි. ගිහීනට අනර්‍ත්‍ථය සඳහා උත්සාහ නො කෙරෙයි. ගිහීනට ආක්‍රෝශ නො කෙරෙයි, පරිභව නො කෙරෙයි, ගිහියන් ගිහියන් හා නො බිඳුවයි, බුදුන්ගේ ගුණ කියයි, දහම්හි ගුණ කියයි, සඟුන්ගේ ගුණ කියයි, ගෝචරස්ථානයෙහිදු ඔහු දකිති. මහණෙනි, උපාසකයෝ කැමැති වෙත් නම් මේ අටකරුණින් සමන්‍වාගත මහණහට ප්‍රසාදය දන්වන්නාහු යි.
Pali BJT8. 2. 9. 9.
Sinhala BJT8. 2. 9. 9.
Pali BJTපටිසාරණියකම්ම සුත්තං
Sinhala BJTපටිසාරණීයකම්ම සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅට්ඨහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො පටිසාරණීයකම්මං කරෙය්ය. කතමෙහි අට්ඨහි:
Sinhala BJTමහණෙනි, දහම් අටෙකින් සමන්‍වාගත මහණහට සඞ්ඝයා කැමැති වේ නම් පටිසාරණීය කර්‍මය කරන්නේ ය. කවර අට දහමින යත්:
Pali BJTගිහීනං අලාභාය පරිසක්කති, ගිහීනං අනත්ථාය පරිසක්කති, ගිහීනං අක්කොසති පරිභාසති. ගිහී ගිහීහි භෙදෙති. බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති, සඞ්ඝස්ස අවණ්ණං භාසති, ධම්මිකඤ්ච ගිහීපටිස්සවං න සච්චාපෙති. ඉමෙහි ඛො භික්ඛවෙ අට්ඨහි ධම්මෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො පටිසාරණීය කම්මං කරෙය්ය.
Sinhala BJTගිහීනට අලාභය පිණිස උත්සාහ කෙරෙයි. ගිහීනට අනර්‍ත්‍ථය සඳහා උත්සාහ කෙරෙයි. ගිහීනට ආක්‍රෝශ කෙරෙයි, පරිභව බෙණෙයි ගිහියන් ගිහියන් හා බිඳුවයි, බුදුන්ගේ අයුණු කියයි, දහම්හි අයුණු කියයි, සඟුන්ගේ අයුණු කියයි, දැහැමි වූ ද ගිහි පිළිණ සත්‍ය නො කෙරෙයි. (වරදවයි) මහණෙනි, මේ දහම් අටින් සමන්‍වාගත වූ මහණහට කැමැති වේ නම සඞ්ඝයා පටිසාරණීය කර්‍මය කරන්නේ ය.
Pali BJTඅට්ඨහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො පටිසාරණීය කම්මං පටිප්පස්සම්භෙය්ය. කතමෙහි අට්ඨහි:
Sinhala BJTමහණෙනි, කරුණු අටෙකින් සමන්‍වාගත මහණහට සඞ්ඝයා කැමැති වේ නම් පටිසාරණීය කර්‍මය සන්හිඳුවන්නේ ය. කවර අටකරුණෙකිනයත්:
Pali BJTන ගිහීනං අලාභාය පරිසක්කති, න ගිහීනං අනත්ථාය පරිසක්කති, න ගිහීනං අක්කොසති පරිභාසති, න ගිහී ගිහීහි භෙදෙති. බුද්ධස්ස වණ්ණං භාසති, ධම්මස්ස වණ්ණං භාසති, සඞ්ඝස්ස වණ්ණං භාසති, ධම්මිකඤ්ච ගිහීපටිස්සවං සච්චාපෙති. ඉමෙහි ඛො භික්ඛවෙ අට්ඨහි ධම්මෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො පටිසාරණීය කම්මං පටිප්පස්සම්භෙය්යාති.
Sinhala BJTගිහීනට අලාභය සඳහා උත්සාහ නො කෙරෙයි. ගිහීනට අනර්‍ත්‍ථය සඳහා උත්සාහ නො කෙරෙයි. ගිහීනට ආක්‍රෝශ නො කෙරෙයි, පරිභව නො බෙණෙයි, ගිහියන් ගිහියන් හා නො බිඳුවයි, බුදුන්ගේ ගුණ කියයි. දහම්හි ගුණ කියයි. සඟුන්ගේ ගුණ කියයි, දැහැමි ගිහි පිළිණ ද සත්‍ය කෙරෙයි. මහණෙනි, මේ කරුණු අටින් සමන්‍වාගත මහණහට කැමැති වේ නම සඞ්ඝයා පටිසාරණීය කර්‍මය සංහිඳුවන්නේ යි.
Pali BJT8. 2. 9. 10.
Sinhala BJT8. 2. 9. 10.
Pali BJTතස්සපාපිය්යසිකා සම්මාවත්තන සුත්තං
Sinhala BJTතස්සපාපිය්‍යසිකා සම්මාවත්තන සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTතස්සපාපිය්යසිකාකම්මකතෙන භික්ඛවෙ භික්ඛුනා අට්ඨසු ධම්මෙසු සම්මා වත්තිතබ්බං. න උපසම්පාදෙතබ්බං. න නිස්සයො දාතබ්බො, න සාමණෙරො උපට්ඨාපෙතබ්බො, න භික්ඛුනොවාදකසම්මුති සාදිතබ්බා, සම්මතෙන පි භික්ඛුනියො න ඔවදිතබ්බා, න කාචි සඞ්ඝසම්මුති සාදිතබ්බා, න කිස්මිඤ්චි පච්චෙකට්ඨානෙ ඨපෙතබ්බො. න ච තෙනමූලෙන වුට්ඨාපෙතබ්බං.
Sinhala BJTමහණෙනි, තස්සපාපිය්‍යසිකා කර්‍මය කරනලද මහණහු විසින් දහම් අටෙක මොනොවට පැවැත්තයුතු: උපසපන් නො කට යුතු. නිස නො දිය යුතු. හෙරණක් නො එළවිය යුතු. භික්ඛුනෝවාදක සම්මුතිය නො ඉවසිය යුතු. සම්මත වූවහු විසිනුදු මෙහෙණන් ඔවා නො දිය යුතු කිසි සඞ්ඝසම්මුතියක් නො ඉවසිය යුතු. කිසි දෙටු තැනෙක නො තැබිය යුතු. ඔහු පාමොක් කොට ඇති සඟහු විසින් අබ්භාන කම් නො කට යුතු.
Pali BJTතස්ස පාපිය්යසිකාකම්මකතෙන භික්ඛවෙ භික්ඛුනා ඉමෙසු අට්ඨසු ධම්මෙසු සම්මා වත්තිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, තස්සපාපිය්‍යසිකාකර්‍මය කරනලද මහණහු විසින් මේ අටදම්හි මොනොවට පැවැත්ත යුතු.
Pali BJTසතිවග්ගො නවමො.
Sinhala BJTනවවැනි සතිවර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTසති පුණ්ණියමූලෙන චොරාධිවචන{1} පඤ්චමං නාගිත පත්තාප්පසාදො{2} පටිසාරණීයඤ්ච වත්තතී.
Sinhala BJTසතිසූත්‍රය, පුණ්ණියසූත්‍රය, මූලසූත්‍රය, චෝරසූත්‍රය, පස්වැනි තථාගතාධිවනසූත්‍රය, නාගිතසූත්‍රය, පත්තසූත්‍රය, පසාදසූත්‍රය, පටිසාරණී සූත්‍රය, වත්තනසූත්‍රයදැයි දසය යි.
Pali BJT10. සාමඤ්ඤවග්ගො
Sinhala BJT10. සාමඤ්ඤ වර්‍ගය
Pali BJT8. 2. 10. 1-27.
Sinhala BJT8. 2. 10. 1-27.
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅථ ඛො බොජ්ඣා උපාසිකා -පෙ- සිරිමා - පදුමා - සුතනා - මනුජා - උත්තරා - මුත්තා - ඛෙමා - සොමා{1} - රුචි - චුන්දී රාජකුමාරී - බිම්බී{2} උපාසිකා - සුමනා රාජකුමාරී - මල්ලිකා දෙවී - තිස්සා උපාසිකා - තිස්සාය මාතා{3} සොණා - සොණාය මාතා{4} - කාණා - කාණාය මාතා{5} - උත්තරා නන්දමාතා - විසාඛා මිගාරමාතා - ඛුජ්ජුත්තරා උපාසිකා - සාමාවතී උපාසිකා - සුප්පවාසා කොලියධීතා{6} සුප්පියා උපාසිකා - නකුලමාතා ගහපතානී -පෙ-{*}
Sinhala BJTඑකල්හි බොජ්ඣා උවැසි ... සිරිමා උවැසි .... පදුමා ... සුතණා ... මනුජා ... උත්තරා .... මුත්තා ... සෝමා ... රුචි උවැසි ... චුන්‍දි රාජකුමාරි ... බිමිබි උවැසි ... සුමනා රාජකුමාරි ... මල්ලිකා දේවි ... තිස්සා උවැසි ... තිස්සාවගේ මාතා ... සෝණා .... සෝණාවගේ මාතා ... කාණා ... කාණාවගේ මාතා .... උත්තරා නම් නන්‍ද මාතා ... විශාඛා මිගාර මාතාබුජ්ජුත්තරා උපාසිකා ... සාමාවතී උපාසිකා ... කෝලිය දූහිතෘ සුප්පාවාසා ... සුප්පියා උපාසිකා ... නකුලමාතා ගෘහපතානී ... යි.{*}
Pali BJTසාමඤ්ඤවග්ගො දසමො.
Sinhala BJTදසවැනි සාමඤ්ඤවර්‍ග යි
Pali BJTදුතියො පණ්ණාසකො සමත්තො.
Sinhala BJTදුතිය පණ්ණාසකය සමාප්ත යි.
Pali BJT11. රාගාදිපෙය්යාලං
Sinhala BJT11. රාගපෙය්‍යාලය
Pali BJT8. 11. 1.
Sinhala BJT8. 11. 1.
Pali BJTඅට්ඨමග්ගඞ්ග සුත්තං
Sinhala BJTඅට්ඨමග්ගඞ්ක සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTරාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය අට්ඨ ධම්මා භාවෙතබ්බා, කතමෙ අට්ඨ:
Sinhala BJTමහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස අෂ්ට ධර්‍ම කෙනෙක් බැවිය යුතුවහ. කවර අටදෙනෙක යත්:
Pali BJTසම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි. රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය ඉමෙ අට්ඨ ධම්මා භාවෙතබ්බාති.
Sinhala BJTසම්මාදිට්ඨිය, සම්මාසඞ්කප්පය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය, සම්මාසතිය, සම්මාසමාධි යි. මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස මේ අෂ්ට ධර්‍මයෝ බැවිය යුතුවහ යි.
Pali BJT8. 11. 2.
Sinhala BJT8. 11. 2.
Pali BJTඅට්ඨඅභිභායතන සුත්තං
Sinhala BJTඅට්ඨඅභිභායතන සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTරාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය අට්ඨ ධම්මා භාවෙතබ්බා. කතමෙ අට්ඨ:
Sinhala BJTමහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස අෂ්ට ධර්‍මයෝ බැවිය යුතුවහ. කවර අටදෙනෙක යත්:
Pali BJTඅජ්ඣත්තං රූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවණ්ණදුබ්බණ්ණානි. තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවං සඤ්ඤී හොති. අජ්ඣත්තං රූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි සුවණ්ණදුබ්බණ්ණානි තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවං සඤ්ඤී හොති. අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවණ්ණදුබ්බණ්ණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවං සඤ්ඤී හොති. අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි සුවණ්ණදුබ්බණ්ණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවං සඤ්ඤී හොති. අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති නීලානි නීලවණ්ණානි, නීලනිදස්සනානි නීලනිභාසානි, පීතානි පීතවණ්ණානි -පෙ- ලොහිතකානි ලොහිතකවණ්ණානි -පෙ- ඔදාතානි ඔදාතවණ්ණානි -පෙ- ඔදාතනිභාසානි, අතානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවං සඤ්ඤී හොති. රාගස්ස භික්ඛවෙ භිඤ්ඤාය ඉමෙ අට්ඨධම්මා භාවෙතබ්බා.
Sinhala BJTඅධ්‍යාත්මයෙහි රූපසංඥා ඇතියේ නො වැඩූ සුවර්‍ණ දුවර්‍ණ බාහිර රූපායතනයන් දක්නේ ය. ඔවුන් මැඩගෙන දන්මියි දක්මියි යන මෙබඳු සංඥා ඇතියේ වෙයි. ඇතියේ වෙයි. අධ්‍යාත්මයෙහි රූපසංඥා ඇතියේ අප්‍රමාණ වූ සුවර්‍ණ දුවර්‍ණ වූ බාහිර රූපායතනයන් දක්නේ ය. ඔවුන් මැඩගෙන දන්මි දක්මි යන මෙබඳු සංඥා ඇතියේ ය. අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇතියේ නො වැඩූ සුවර්‍ණ දුවර්‍ණ වූ බාහිර රූපායතනයන් දක්නේ ය. ඔවුන් මැඩගෙන දන්මි දක්මි යන මෙබඳු සංඥා ඇතියේ වෙයි. අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇතියේ අප්‍රමාණ වූ සුවර්‍ණ දුවර්‍ණ වූ බාහිර රූපායතනයන් දක්නේ ය. ඔවුන් මැඩගෙන දන්මි දක්මියි යන මෙබඳු සංඥා ඇතියේ වෙයි. අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇතියේ නීල වූ නීලවර්‍ණ වූ නීල නිදර්‍ශන වූ (එක නීලවරපන්නෙ) නීල ප්‍රභා ඇති බාහිර රූපායතනයන් දක්නේ ය ... පීතවූ පීතවර්‍ණ වූ ... ලෝහිත වූ ලෝහිතවර්‍ණ වූ ... අවදාත වු අවදාතවර්‍ණ වූ ... අවදාත ප්‍රභා ඇත්තා වූ ඔවුන් මැඩගෙන දන්මි දක්මි යන මෙබඳු සංඥා ඇතියේ වෙයි. මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස මේ අට දහම්හු බැවිය යුතුයහ යි.
Pali BJT8. 11. 3.
Sinhala BJT8. 11. 3.
Pali BJTඅට්ඨවිමොක්ඛ සුත්තං
Sinhala BJTඅට්ඨවිමොක්ඛ සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTරාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය අට්ඨ ධම්මා භාවෙතබ්බා. කතමෙ අට්ඨ:
Sinhala BJTමහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස අටදහම්හු බැවිය යුතුවහ. කවර අටදෙනෙක යත්:
Pali BJTරූපී රූපානි පස්සති, අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති. සුභන්ත්වෙව අධිමුත්තො හොති. සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති.
Sinhala BJTරූපී වූයේ රූපායතනයන් දක්නේ ය. අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇතියේ බාහිර රූපායතනයන් දක්නේ ය. සුභයැයි කියාම අධිමුක්ත වූයේ වෙයි. හැම අයුරින් රූපසංඥාවන්ගේ සමතික්‍රමණයෙන් ප්‍රතිසංඥාවන්ගේ අස්තගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් අකාසය අනන්ත යී ආකාසානඤ්චායතනයට එළැඹ වෙසේ. හැම පරිදි ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්ත යි, විඤ්ඤාණඤ්චායතනයට එළැඹ වාසය කෙරේ.
Pali BJTසබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති. රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය ඉමෙ අට්ඨ ධම්මා භාවෙතබ්බා.
Sinhala BJTහැම අයුරින් ම විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා නත්‍ථිකිඤ්චි යී ආකිඤ්චඤ්ඤායතනයට එළැඹ වෙසේ. හැම අයුරින් ආකිඤ්ඤාචායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. හැම අයුරින් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට එළැඹ වෙසෙයි. මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස මේ අටදහම්හු බැවිය යුතුව හ යි.
Pali BJT8. 11. 4-510.
Sinhala BJT8.11.4. - 510
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTරාගස්ස භික්ඛවෙ පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය. -පෙ- පහානාය. -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය -පෙ- චාගාය -පෙ- පටිනිස්සග්ගාය -පෙ- ඉමෙ අට්ඨ ධම්මා භාවෙතබ්බා.
Sinhala BJTමහණෙනි, රාගයාගේ පරිජානනය පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස ... ප්‍රතිනිස්සර්‍ගය පිණිස ... මේ අටදහම්හු බැවිය යුතුවහ.
Pali BJTදොසස්ස -පෙ- මොහස්ස - කොධස්ස - උපනාහස්ස - මක්ඛස්ස - පලාසස්ස - ඉස්සාය - මච්ඡරියස්ස - මායාය - සාඨෙය්යස්ස - ථම්භස්ස - සාරම්භස්ස - මානස්ස - අතිමානස්ස - මදස්ස - පමාදස්ස - අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය - පරික්ඛයාය - පහානාය - ඛයාය - වයාය - විරාගාය - නිරොධාය - චාගාය - පටිනිස්සග්ගාය -පෙ- ඉමෙ අට්ඨ ධම්මා භාවෙතබ්බාති.
Sinhala BJTද්වේෂයාගේ ... මෝහයාගේ ... ක්‍රෝධයාගේ ... උපනාහයාගේ ... මක්ඛයාගේ ... පලාසයාගේ ... ඊර්‍ෂ්‍යාවගේ ... මාත්සර්‍ය්‍යාගේ ... මායාවගේ ... සාඨෙය්‍යයාගේ ... ථම්භයාගේ ... සාරම්භයාගේ ... මානයාගේ ... අතිමානයාගේ ... මදයාගේ ... පමාදයාගේ ... අභිජානනය පිණිස ... පරිජානනය පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස ... ප්‍රතිනිස්සර්‍ගය පිණිස මේ අටදහම්හු බැවිය යුතුවහ.
Pali BJTරාගාදිපෙය්යාලං නිට්ඨිතං{*}
Sinhala BJTරාගපෙය්‍යලාය නිමි.{*}
Pali BJTඅට්ඨකනිපාතො සමතෙතා.
Sinhala BJTඅට්ඨක නිපාත සමාප්ත යි.
Pali BJT9. නවකනිපාතො
Sinhala BJT9. නවක නිපාතය
Pali BJT1. පඨමො පණ්ණාසකො
Sinhala BJT1. ප්‍රථම පණ්ණාසකය
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
Sinhala BJTඒ භගවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJT1. සම්බොධිවග්ගො
Sinhala BJT1. සම්බෝධි වර්‍ගය
Pali BJT9. 1. 1. 1.
Sinhala BJT9. 1. 1. 1.
Pali BJTසම්බොධිපක්ඛිය සුත්තං
Sinhala BJTසම්බෝධිපක්ඛිය සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ, තත්ර ඛො භගවා භික්ඛු ආමන්තෙසි. භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. වහන්සැයි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක.
Pali BJTසචෙ භික්ඛවෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං: සම්බොධිපක්ඛියානං{1} ආවුසො ධම්මානං කා උපනිසා භාවනායාති. එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං කින්ති බ්යාකරෙය්යාථාති.
Sinhala BJTමහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි චතුර්මාර්‍ගසඞ්ඛ්‍යාත සම්බෝධිපක්‍ෂයෙහි වූ ධර්‍මයන්ගේ වැඩීමට කවර උපනිශ්‍රය ප්‍රත්‍යයෙක් දැ”යි මෙසේ පුළුවුස්නාහු නම්, මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට කුමැයි පවසන්නාහු දැ? යි.
Pali BJTභගවම්මූලකා නො භන්තෙ ධම්මා භගවන්නෙත්තිකා, භගවම්පටිසරණා, සාධු වත භන්තෙ භගවන්තඤ්ඤෙව පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො. භගවතො සුත්වා භික්ඛු ධාරෙස්සන්තීති.
Sinhala BJTවහන්ස අපගේ ධර්‍මයෝ භාග්‍යවතුන් මුල් කොට ඇතියහ. භාග්‍යවතුන් ප්‍රධාන කොට ඇතියහ. භාග්‍යවතුන් පිළිසරණ කොට ඇතියහ. වහන්ස එතැකින් තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේට ම වටහා නම් මැනව. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා දරන්නාහ යි.
Pali BJTතෙන හි භික්ඛවෙ සුණාථ සාධුකං මනසිකරොථ, භාසිස්සාමීති. එවං භන්තෙති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTමහණෙනි, එසේ වී නම් අසවු. මොනොවට මෙනෙහි කරවු. දෙසන්නෙමි යී. වහන්ස, එසේ යයි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල අර්‍ත්‍ථය වදාළ සේක:
Pali BJTසචෙ භික්ඛවෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං සම්බොධිපක්ඛියානං ආවුසො ධම්මානං කා උපනිසා භාවනායාති. එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං බ්යාකරෙය්යාථ:
Sinhala BJTමහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි සම්බෝධි පාක්‍ෂිකධර්‍මයන්ගේ භාවනාව සඳහා කවර උපනිඃශ්‍රයප්‍රත්‍යයෙක් වේ දැ” යි මෙසේ පුළුවුස්නාහු නම් මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ ප්‍රකාශ කරවු.
Pali BJT1. ඉධාවුසො භික්ඛු කල්යාණමිත්තො හොති කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො. සම්බොධිපක්ඛියානං ආවුසො ධම්මානං අයං පඨමා උපනිසා භාවනාය.
Sinhala BJT1. ඇවැත්නි, මේ සස්නෙහි මහණ කලණමිතුරන් ඇතියේ කලණ යහළුවන් ඇතියේ කලණමිතුරන් කෙරෙහි නැමුණේ වෙයි. ඇවැත්නි, සම්බෝධිපාක්‍ෂිකධර්‍මයන්ගේ භාවනාව පිණිස මේ ප්‍රථම උපනිඃශ්‍රය ප්‍රත්‍යය යි.
Pali BJT2. පුන චපරං ආවුසො භික්ඛු සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. සම්බොධිපක්ඛියානං ආවුසො ධම්මානං අයං දුතියා උපනිසා භාවනාය.
Sinhala BJT2. තවද ඇවැත්නි, මහණ සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත වූයේ ආචාර ගෝචර සම්පන්න වූයේ වාසය කෙරෙයි. අණුමාත්‍ර වද්‍යයෙහි බිය දක්නා සුලු වූයේ සමාදන් කොට ගෙන සිකපදයන්හි හික්මෙයි. ඇවැත්නි, සම්බෝධිපාක්‍ෂිකධර්‍මයන්ගේ භාවනාව පිණිස මේ දෙවන උපනිඃශ්‍රය ප්‍රත්‍යය යි.
Pali BJT3. පුන චපරං ආවුසො භික්ඛු යායං කථා අභිසල්ලෙඛිකා චෙතොවිවරණසප්පායා සෙය්යථීදං: අප්පිච්ඡකථා සන්තුට්ඨිකථා පවිවෙකකථා අසංසග්ගකථා විරියාරම්භකථා සීලකථා සමාධිකථා පඤ්ඤාකථා විමුත්තිකථා විමුත්තිඤාණදස්සනකථා. එවරූපියා කථාය නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී. සම්බොධිපක්ඛියානං ආවුසො ධම්මානං අයං තතියා උපනිසා භාවනාය.
Sinhala BJT3. තවද ඇවැත්නි, යම් මේ කථාවක් ක්ලේශාභිලේඛනයට හිත ද, ශමථ විදර්‍ශනා චිත්තයාගේ විවරණයට සත්ප්‍රාය ද, එනම් අප්පිච්ඡකථාය, සන්තුට්ඨිකථාය, පවිවේකකථාය, අසංසග්ගකථාය, විරියාරම්භකථාය, සීලකථාය, සමාධිකථා ය, පඤ්ඤාකථා ය, විමුත්තිකථා ය, විමුත්තිඤාණදස්සනකථා යයි, එබඳු කථා කැමැති පරිදි ලබන සුලු සුවසේ ලබන සුලු විපුල ව ලබන සුලු වෙයි. ඇවැත්නි, සම්බෝධිපාක්‍ෂික ධර්‍මයන්ගේ භාවනාව පිණිස මේ තෙවන උපනිඃශ්‍රය ප්‍රත්‍යය යි.
Pali BJT4. පුන චපරං ආවුසො භික්ඛු ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. සම්බොධිපක්ඛියානං ආවුසො ධම්මානං අයං චතුත්ථි{1} උපනිසා භාවනාය.
Sinhala BJT4. තවද ඇවැත්නි, මහණ අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශල ධර්‍මයන්ගේ උපසම්පත් පිණිස ඇරඹූ වැර ඇතියේ ස්ථාමයෙන් යුක්ත වූයේ දෘඪපරාක්‍රම ඇතියේ කුශලධර්‍මයන්හි බහා නො තබන ලද ධුර ඇතියේ වාසය කෙරෙයි. ඇවැත්නි, සම්බෝධිපාක්‍ෂිකධර්‍මයන්ගේ භාවනාව පිණිස මේ සිවුවන උපනිඃශ්‍රය ප්‍රත්‍යය යි.
Pali BJT5. පුන චපරං ආවුසො භික්ඛු පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා. සම්බොධිපක්ඛියානං ආවුසො ධම්මානං අයං පඤ්චමී උපනිසා භාවනාය.
Sinhala BJT5. තවද ඇවැත්නි, මහණ (පඤ්චස්කන්‍ධයාගේ) උදය හා විනාශය පිළිවිදිනු සමත් වූ පිරිසිදු වූ කෙළෙස් විදලීමට සමත් වූ මොනොවට දුඃඛක්‍ෂයට යන සුලු ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ ප්‍රඥාවත් වෙයි. ඇවැත්නි, සම්බෝධිපාක්‍ෂිකධර්‍මයන්ගේ භාවනාව පිණිස මේ පස්වන උපනිඃශ්‍රය ප්‍රත්‍යය යි.
Pali BJTකල්යාණමිත්තස්සෙතං භික්ඛවෙ භික්ඛුනො පාටිකඞ්ඛං කල්යාණසහායස්ස කල්යාණසම්පවඞ්කස්ස සීලවා භවිස්සති පාතිමොක්ඛසංවරසංවුතො විහරිස්සති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු.
Sinhala BJTමහණෙනි, කලණමිතුරන් ඇති කලණයහළුවන් ඇති කලණමිතුරන් කෙරෙහි නැඹුරු වූ මහණහු විසින් තෙල කැමැති විය යුතු: “සිල්වත් වන්නේ ය, ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවෘත වූයේ ආචාරගෝචර සම්පන්නව වාසය කරන්නේ ය. අණුමාත්‍රවද්‍යයෙහිදු බිය දක්නා සුලු සමාදන් කොට ගෙන සිකපදයන්හි හික්මෙයි” කියා යි.
Pali BJTකල්යාණමිත්තස්සෙතං භික්ඛවෙ භික්ඛුනො පාටිකඞ්ඛං කල්යාණසහායස්ස කල්යාණසම්පවඞ්කස්ස යායං කථා අභිසල්ලෙඛිකා චෙතොවිවරණසප්පායා සෙය්යථීදං: අප්පිච්ඡකථා -පෙ- එවරූපියා කථාය නිකාමලාභී භවිස්සති අකිච්ඡලාභී අකසිරලාභී.
Sinhala BJTමහණෙනි, කලණමිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණ යහළුවන් කෙරෙහි නැඹුරු වූ මහණහු විසින් තෙල කැමැති විය යුතු: අප්පිච්ඡකථාය ... විමුත්තිඤාණදස්සනකථාය යි ක්ලේශාභිලේඛනයට හිත වූ ශමථවිදර්‍ශනාචිත්තයාගේ විවරණයට සත්ප්‍රාය වූ යම් මේ කථායෙක් වේ නම් එබඳු කථා කැමැති පරිදි ලබන සුලු සුවසේ ලබන සුලු විපුලව ලබන සුලු වන්නේ ය කියා යි.
Pali BJTකල්යාණමිත්තස්සෙතං භික්ඛවෙ භික්ඛුනො පාටිකඞ්ඛං කල්යාණසහායස්ස කල්යාණසම්පවඞ්කස්ස: ආරද්ධවිරියො විහරිස්සති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු.
Sinhala BJTමහණෙනි කලණමිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණ මිතුරන් කෙරෙහි නැඹුරු වූ මහණහු විසින් තෙල කැමැති විය යුතු: අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශල ධර්‍මයන්ගේ උපසම්පත් පිණිස රුකුළුවැර ඇතියේ ස්ථාම ඇතියේ දළ පැරකුම් ඇතියේ කුශලධර්‍මයන්හි අනික්‍ෂිප්ත ධුර ඇතියේ වන්නේ ය කියා යි.
Pali BJTකල්යාණමිත්තස්සෙතං භික්ඛවෙ භික්ඛුනො පාටිකඞ්ඛං කල්යාණසහායස්ස කල්යාණසම්පවඞ්කස්ස: පඤ්ඤවා භවිස්සති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා.
Sinhala BJTමහණෙනි කලණමිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණ මිතුරන් කෙරෙහි නැඹුරු වූ මහණහු විසින් තෙල කැමැති විය යුතු: උදයව්‍යගාමිනී වූ ආර්‍ය වූ නිර්වේදය පිණිස පවත්නා මොනොවට දුඃඛක්‍ෂයට යන සුලු ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ ප්‍රඥාවත් වන්නේ ය කියායි.
Pali BJTතෙන ච පන භික්ඛවෙ භික්ඛුනා ඉමෙසු පඤ්චසු ධම්මෙසු පතිට්ඨාය චත්තාරො ධම්මා උත්තරිං භාවෙතබ්බා:
Sinhala BJTමහණෙනි, එ මහණ විසින් මේ පඤ්චධර්‍මයන්හි පිහිටි මත්තෙහි සතර ධර්‍ම කෙනෙක් වැඩිය යුතුවහ.
Pali BJT6-9. අසුභා භාවෙතබ්බා රාගස්ස පහානාය. මෙත්තා භාවෙතබ්බා ව්යාපාදස්ස පහානාය. ආනාපානසති භාවෙතබ්බා විතක්කුපච්ඡෙදාය. අනිච්චසඤ්ඤා භාවෙතබ්බා අස්මිමානසමුග්ඝාතාය, අනිච්චසඤ්ඤිනො භික්ඛවෙ භික්ඛුනො අනත්තසඤ්ඤා සණ්ඨාති. අනත්තසඤ්ඤී අස්මිමානසමුග්ඝාතං පාපුණාති, දිට්ඨෙව ධම්මෙ නිබ්බානන්ති.
Sinhala BJT6-9 රාගයාගේ ප්‍රහාණය පිණිස අසුභය වැඩිය යුතු. ව්‍යාපාදයාගේ ප්‍රහාණය පිණිස මෛත්‍රිය වැඩිය යුතු. විතර්‍කෝපච්ඡේදය පිණිස ආනාපානසතිය වැඩිය යුතු. අස්මිමානසමුද්ඝාතය පිණිස අනිත්‍යසංඥා වැඩිය යුතු. මහණෙනි, අනිත්‍යසංඥා ඇති මහණහට අනාත්මසංඥාව සිටුනේ ය. අනාත්මසංඥා ඇතියේ අස්මිමානසමුද්ඝාතයට පැමිණෙයි. දිටුදැමියෙහි ම නිර්‍වාණයට ද පැමිණෙයි.
Pali BJT9. 1. 1. 2.
Sinhala BJT9. 1. 2. 2.
Pali BJTනිස්සයසම්පන්න සුත්තං
Sinhala BJTනිස්සයසම්පන්න සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: නිස්සයසම්පන්නො නිස්සයසම්පන්නොති භන්තෙ වුච්චති, කිත්තාවතා නු ඛො භන්තෙ භික්ඛු නිස්සයසම්පන්නො හොතීති.
Sinhala BJTඑකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ ය. වහන්ස, නිස්සයසම්පන්න ය නිස්සයසම්පන්න ය යි කියනු ලැබෙයි. වහන්ස, මහණ කෙතෙක් කරුණින් නිස්සයසම්පන්න වේ දැයි.
Pali BJTසද්ධඤ්චෙ භික්ඛු, භික්ඛු නිස්සාය{1} අකුසලං පජහති කුසලං භාවෙති පහීනමෙවස්ස තං අකුසලං හොති.
Sinhala BJTමහණ, ඉදින් මහණ (අවකල්පන) ශ්‍රද්ධාව නිසා අකුශලය දුරු කෙරේ ද කුශලය වඩා ද ඔහුගේ ඒ අකුශල ප්‍රහීණ ම වෙයි.
Pali BJTහිරිඤ්චෙ භික්ඛු, භික්ඛු නිස්සාය{2} -පෙ- ඔත්තප්පඤ්චෙ භික්ඛු, භික්ඛු නිස්සාය{3} -පෙ- විරියඤ්චෙ භික්ඛු, භික්ඛු නිස්සාය{4} -පෙ- පඤ්ඤඤ්චෙ භික්ඛු, භික්ඛු නිස්සාය{5} අකුසලං පජහති කුසලං භාවෙති පහීනමෙවස්ස තං අකුසලං හොති. තං හි’ස්ස භික්ඛුනො අකුසලං පහීනං හොති සුප්පහීනං, යංස අරියාය පඤ්ඤාය දිස්වා පහීනං.
Sinhala BJTමහණ, ඉදින් හිරිය නිසා ... මහණ ඉදින් ඔත්තප්පය නිසා ... මහණ ඉදින් ප්‍රඥාව නිසා අකුශලය දුරු කෙරේ ද, කුසල් වඩා ද, ඔහුගේ අකුශලය ප්‍රහීණ ම වෙයි. ඒ මහණහුගේ යම් අකුශලයක් ආර්‍ය ප්‍රඥායෙන් දැක ප්‍රහීණ වී ද, එ මහණහුගේ ඒ අකුශලය ප්‍රහීණ ම වූයේ සුප්‍රහීණ වූයේ වෙයි.
Pali BJTතෙන ච පන භික්ඛු, භික්ඛුනා ඉමෙසු පඤ්චසු ධම්මෙසු පතිට්ඨාය චත්තාරො ධම්මා උපනිස්සාය විහාතබ්බා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛු, භික්ඛු සඞ්ඛායෙකං පටිසෙවති, සඞ්ඛායෙකං අධිවාසෙති, සඞ්ඛායෙකං පරිවජ්ජෙති, සඞ්ඛායෙකං විනොදෙති, එවං ඛො භික්ඛු, භික්ඛු නිස්සයසම්පන්නො හොතීති.
Sinhala BJTමහණ, එ මහණහු විසින් මේ පඤ්චධර්‍මයන්හි පිහිටා සතර ධර්‍ම කෙනෙක් ඇසුරු කොට විසිය යුත්තාහ. කවර සතර කෙනෙක යත්: මහණ, මෙසස්නෙහි මහණ සෙවිය යුතු එකක් දැන සෙවුනේ ය. ඉවැසිය යුතු එකක් දැන ඉවසන්නේය. දුරලිය යුතු එකක් දැන දුරලන්නේය. හළ යුතු එකක් දැන හරන්නේය. මහණ, මෙසේ මහණ නිස්සයසම්පන්න වේ.
Pali BJT9. 1. 1. 3.
Sinhala BJT9. 1. 3. 3.
Pali BJTමෙඝිය සුත්තං
Sinhala BJTමේඝිය සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා චාලිකායං විහරති චාලිකාය පබ්බතෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා මෙඝියො භගවතො උපට්ඨාකො හොති, අථ ඛො ආයස්මා මෙඝියො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො ආයස්මා මෙඝියො භගවන්තං එතදවොච: ඉච්ඡාමහං භන්තෙ, ජන්තුගාමං{1} පිණ්ඩාය පවිසිතුන්ති. යස්සදානි ත්වං මෙඝිය කාලං මඤ්ඤසීති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ චාලිකා නගරසමීපයෙහි වූ චාලිකාපර්‍වතයෙහි වාසය කරන සේක. එසමයෙහි ආයුෂ්මත් මේඝිය ස්ථවිර භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක වෙයි. එකල්හි ආයුෂ්මත් මේඝිය ස්ථවිර භාග්‍යවතුන් වෙත එළඹියේය. එළැඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් මේඝිය ස්ථවිර භාග්‍යවතුන්හට තෙල සැළකළේය. වහන්ස, මම ජන්තුග්‍රාමයට පිඬු පිණිස වඩනට කැමැති යෙමි යි. මේඝිය යමක් පිණිස තෝ දැන් කලැයි හඟනේ නම් එය කරවයි.
Pali BJTඅථ ඛො ආයස්මා මෙඝියො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ජන්තුගාමං පිණ්ඩාය පාවිසි: ජන්තුගාමෙ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන කිමිකාලාය නදියා තීරං තෙනුපසඞ්කමි. අද්දසා ඛො ආයස්මා මෙඝියො කිමිකාලාය නදියා තීරෙ ජඞ්ඝාවිහාරං අනුචඞ්කමමානො අනුවිචරමානො අම්බවනං පාසාදිකං රමණීයං. දිස්වානස්ස එතදහොසි: පාසාදිකං වතිදං අම්බවනං රමණීයං, අලං වතිදං කුලපුත්තස්ස පධානත්ථිකස්ස පධානාය. සචෙ මං භගවා අනුජානෙය්ය, ආගච්ඡෙය්යාහං ඉමං අම්බවනං පධානායාති.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් මේඝිය ස්ථවිර පෙරවරුයෙහි හැඳ පෙරවැ පාසිවුරු ගෙන ජන්තුග්‍රාමයට පිඬු පිණිස පිවිසියේය. ජන්තුග්‍රාමයෙහි පිඬු පිණිස හැසිර පසුබත්හි පිඬුවායෙන් පෙරළා පැමිණියේ කිමිකාලා නදී තීරය යම් තැනෙක්හි ද එහි එළඹියේය. ආයුෂ්මත් මේඝිය ස්ථවිර තෙම කිමිකාලා නදී තීරයෙහි ජඞ්ඝාවිහරණයෙන් සක්මන් කරනුයේ අනුවිචරණය කරනුයේ පහන් එළවන රමණී අඹවනයක් දිටී. දැක ඔහුට මෙ සිත වී: එකතින් මේ අඹවනය පහන් එළවයි, රමණී වෙයි. එකතින් මෙය ප්‍රධන්වීර්‍ය්‍ය වඩනු කැමැති කුලපුතක්හුගේ ප්‍රධන් වැඩීම පිණිස සුදුසු ය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ මා අනුදන්නා සේක් නම් ප්‍රධන් පිණිස මම මේ අඹවනයට එමැයි.
Pali BJTඅථ ඛො ආයස්මා මෙඝියො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා මෙඝියො භගවන්තං එතදවොච: ඉධාහං භන්තෙ පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ජන්තුගාමං පිණ්ඩාය පාවිසිං. ජන්තුගාමෙ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන කිමිකාලාය නදියා තීරං තෙනුපසඞ්කමිං.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් මේඝිය ස්ථවිර භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේය. එළැඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් ආයුෂ්මත් මේඝිය ස්ථවිර භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේය: වහන්ස, මෙහි මම පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පා සිවුරු ගෙන ජන්තුග්‍රාමයට පිඬු පිණිස වන්මි. ජන්තුග්‍රාමයෙහි පිඬු පිණිස හැසිර පසු බත්හි පිඬුවායෙන් පෙරළා පැමිණියෙම් කිමිකාලා නදී තීරයට එළැඹියෙමි.
Pali BJTඅද්දසං ඛො අහං භන්තෙ, කිමිකාලාය නදියා තීරෙ ජඞ්ඝාවිහාරං අනුචඞ්කමමානො අනුවිචරමානො අම්බවනං පාසාදිකං රමණීයං, දිස්වාන මෙ එතදහොසි: පාසාදිකං වතිදං අම්බවනං රමණීයං, අලං වතිදං කුලපුත්තස්ස පධානත්ථිකස්ස පධානාය. සචෙ මං භගවා අනුජානෙය්ය ආගච්ඡෙය්යාහං ඉමං අම්බවනං පධානායාති. සචෙ මං භගවා අනුජානෙය්ය ගච්ඡෙය්යාහං තං අම්බවනං පධානායාති.
Sinhala BJTවහන්ස, කිමිකාලා නදී තීරයෙහි ජඞ්ඝාවිහාරයෙන් මම සක්මන් කරනුයෙම් අනුසඤ්චරණ කරනුයෙම් පහන් එළවන රමණී අඹවනයක් දිටිමි. දැක මට මෙ සිත විය. එකතින් මේ අඹවනය පහන් එළවන්නෙකි, රමණී වෙයි, ප්‍රධානාර්ත්‍ථී වූ කුලපුතක්හට ප්‍රධන් පිණිස සුදුසු ය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ මා අනුදන්නා සේක් නම් ප්‍රධන් පිණිස මම මේ අඹවනයට එමි යි. ඉදින් භාග්‍යවතුන් වහන්සේ මා අනුදන්නා සේක් නම් මම ඒ අඹවනයට ප්‍රධන් පිණිස යෙමි යි.
Pali BJTආගමෙහි තාව මෙඝිය, එකකම්හා{1} තාව යාව අඤ්ඤාපි කොචි භික්ඛු ආගච්ඡතීති{2}.
Sinhala BJTමේඝිය ය, මඳකලක් බලව, (අපි) එකලා වම්හ. අන්කිසි මහණක්හු එන තාක් බල.
Pali BJTදුතියම්පි ඛො ආයස්මා මෙඝියො භගවන්තං එතදවොච: භගවතො භන්තෙ, නත්ථි කිඤ්චි උත්තරිං කරණීයං, නත්ථි කතස්ස පතිචයො. මය්හං ඛො පන භන්තෙ, අත්ථි උත්තරිං කරණීයං, අත්ථි කතස්ස පතිචයො. සචෙ මං භගවා අනුජානෙය්ය, ගච්ඡෙය්යාහං තං අම්බවනං පධානායාති.
Sinhala BJTදෙවන වරටත් ආයුෂ්මත් මේඝිය ස්ථවිර භාග්‍යවතුන් හට තෙල සැල කළේය: වහන්ස, භාග්‍යවතුන්ට මතුයෙහි කටයුතු කිසිවක් නැත. කෘතයක්හුගේ පුනපුනා කිරීමෙක් නැති. වහන්ස, මට වැලිත් මතුයෙහි කරණී ඇත. කළ දැයක්හුගේ පුනපුනා කිරීමෙක් ඇති. ඉදින් භාග්‍යවතුන් වහන්සේ මා අනුදන්නා සේක් නම් මම ඒ අඹවනයට ප්‍රධන් පිණිස යන්නෙමැ යි.
Pali BJTආගමෙහි තාව මෙඝිය, එකකම්හා{1} තාව යාව අඤ්ඤොපි කොචි භික්ඛු ආගච්ඡතීති.{2}
Sinhala BJTමේඝිය ය, මඳකලක් බලව, (අපි) එකලා වම්හ. අන්කිසි මහණක්හු එන තාක් බල.
Pali BJTතතියම්පි ඛො ආයස්මා මෙඝියො භගවන්තං එතදවොච: භගවතො භන්තෙ, නත්ථි කිඤ්චි උත්තරිං කරණීයං, නත්ථි කතස්ස වා පතිචයො. මය්හං ඛො පන භන්තෙ, අත්ථි උත්තරිං කරණීයං, අත්ථි කතස්ස පතිචයො. සචෙ මං භගවා අනුජානෙය්ය, ගච්ඡෙය්යාහං තං අම්බවනං පධානායාති.
Sinhala BJTතෙවන වරටත් ආයුෂ්මත් මේඝිය ස්ථවිර භාග්‍යවතුන් හට තෙල සැල කළේය: වහන්ස, භාග්‍යවතුන්ට මතුයෙහි කටයුතු කිසිවක් නැත. කෘතයක්හුගේ පුනපුනා කිරීමෙක් නැති. වහන්ස, මට වැලිත් මතුයෙහි කරණී ඇත. කෘතයාගේ පුනපුනා කිරීමෙක් ඇති. ඉදින් භාග්‍යවතුන් වහන්සේ මා අනුදන්නා සේක් නම් මම ඒ අඹවනයට ප්‍රධන් පිණිස යෙමි යි.
Pali BJTපධානන්ති ඛො මෙඝිය වදමානං කින්ති වදෙය්යාම, යස්සදානි ත්වං මෙඝිය කාලං මඤ්ඤසීති.
Sinhala BJTමේඝිය, ප්‍රධන් ය යි කියනුව හට කුමැයි කියමෝ ද? මේඝිය, තෝ දැන් යමක් සඳහා කලැයි හඟිහි නම් එය කර.
Pali BJTඅථ ඛො ආයස්මා මෙඝියො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන තං අම්බවනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං අම්බවනං අජ්ඣොගාහෙත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසීදි. අථ ඛො ආයස්මතො මෙඝියස්ස තස්මිං අම්බවනෙ විහරන්තස්ස යෙභුය්යෙන තයො පාපකා අකුසලා විතක්කා සමුදාචරන්ති. සෙය්යථීදං: කාමවිතක්කො ව්යාපාදවිතක්කො විහිංසාවිතක්කො. අථ ඛො ආයස්මතො මෙඝියස්ස එතදහොසි: අච්ඡරියං වත භො, අබ්භුතං වත භො, සද්ධාය වත චම්හි අගාරස්මා අනගාරියං පබ්බජිතො. අථ ච පන ඉමෙහි තීහි පාපකෙහි අකුසලෙහි විතක්කෙහි අන්වාසත්තො කාමවිතක්කෙන ව්යාපාදවිතක්කෙන විහිංසාවිතක්කෙනාති.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් මේඝිය හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් සකසා වැඳ පැදකුණු කොට ඒ අඹවනය කරා එළඹියේය. එළැඹ ඒ අඹවනයට වැද ගෙන එක්තරා රුක්මුලෙක දිවාවිහාර පිණිස හුන්නේය. ඉක්බිති ඒ අඹ වෙනෙහි වෙසෙන ආයුෂ්මත් මේඝිය ස්ථවිරහට බෙහෙවින් තුන් ලාමක අකුශල විතර්‍කයෝ පහළ වෙති. එනම්; කාමවිතර්‍ක, ව්‍යාපාදවිතර්‍කය, විහිංසා විතර්‍ක යි. එකල්හි ආයුෂ්මත් මේඝිය ස්ථවිරහට මෙ සිත වීය: භවත්නි, එකැතින් ආශ්චර්‍ය්‍ය යි. භවත්නි, එකැතින් අද්භූත යි. එකැතින් මම සැදැහැයෙන් ගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදි වූයෙම් වෙමි. වැලිත් කාම විතර්‍කයෙන් ව්‍යාපාද විතර්‍කයෙන් විහිංසා විතර්‍කයෙනැයි මේ තුන් ලමු අකුශල විතර්‍කයන් විසින් ලුහුබැඳියෙම් වෙමි.
Pali BJTඅථ ඛො ආයස්මා මෙඝියො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා මෙඝියො භගවන්තං එතදවොච: ඉධ මය්හං භන්තෙ තස්මිං අම්බවනෙ විහරන්තස්ස යෙභුය්යෙන තයො පාපකා අකුසලා විතක්කා සමුදාචරන්ති. සෙය්යථීදං: කාමවිතක්කො ව්යාපාදවිතක්කො විහිංසාවිතක්කො. තස්ස මය්හං භන්තෙ, එතදහොසි: අච්ඡරියං වත භො, අබ්භුතං වත භො, සද්ධාය වතචම්හී අගාරස්මා අනගාරියං පබ්බජිතො. අථ ච පනිමෙහි තීහි පාපකෙහි අකුසලෙහි විතක්කෙහි අන්වාපත්තො කාමවිතක්කෙන ව්යාපාදවිතක්කෙන විහිංසාවිතක්කෙනාති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් මේඝිය ස්ථවිර භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළැඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් ආයුෂ්මත් මේඝිය ස්ථවිර භගවත්හට තෙල සැල කළේය: වහන්ස, මෙහි එ අඹවනයෙහි වසන මට බෙහෙවින් කාම විතර්‍කය, ව්‍යාපාද විතර්‍කය, විහිංසා විතර්‍කය යන තුන් ලමු අකුශල විතර්‍කයෝ පහළ වෙත්. වහන්ස, ඒ මට මෙ සිත විය. භවත්නි, එකතින් ආශ්චර්‍ය්‍ය ය. භවත්නි, එකතින් අද්භූත ය. ගෙන් නික්ම අනගාරිය සස්නෙහි පැවිදි වූයෙම් සැදැහැයෙන් වෙමි. වැලිත් කාම විතර්‍කයෙන, ව්‍යාපාද විතර්‍කයෙන, විහිංසා විතර්‍කයෙනැයි මේ තුන් ලමු අකුශල විතර්‍කයෙන් ලුහුබැඳියෙම් වෙමි.
Pali BJTඅපරිපක්කාය මෙඝිය චෙතොවිමුත්තියා පඤ්චධම්මා පරිපක්කාය සංවත්තන්ති. කතමෙ පඤ්ච:
Sinhala BJTමේඝිය ය, නො මුහුකළ චිත්තවිමුක්තිහුගේ මුහුකිරීම පිණිස පඤ්චධර්‍ම කෙනෙක් වෙති. කවර පසෙක යත්: