Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 12401-12500 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඉධාවුසො භික්ඛු ඛිප්පනිසන්තී ච හොති කුසලෙසු ධම්මෙසු සුතානඤ්ච ධම්මානං ධාරකජාතිකො හොති. නො ව ධතානං ධම්මානං අත්ථූපපරික්ඛී හොති, නො ච අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො හොති. කල්යාණවාචො ච හොති -පෙ- සන්දස්සකො ච හොති -පෙ- සබ්රහ්මචාරීනං. ඉමෙහි ඛො භික්ඛවෙ, චතුහි ධම්මෙහි සමන්නාගතො අලං පරෙසං. නාලං අත්තනො.{1}
Sinhala BJTඇවැත්නි, මෙ සස්නෙහි මහණ කුසල් දහම්හි ඛිප්පනිසන්ති ද වෙයි. ඇසූ දහමුන් දරනසුලු ද වෙයි, දැරූ දහමුන්ගේ අරුත් පිරික්සන සුලු ද නොවෙ යි, අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්නත් නො වෙයි ... කලණ බස් ඇතියේ ද වෙයි. ... සබ්‍රම්සරුනට ... සන්‍දර්‍ශක ද වෙයි. ඇවැත්නි, මෙ කරුණු සතරින් සමන්‍වාගත මහණ පරහට සුදුසු වෙයි, තමහට සුදුසු නො වෙයි.
Pali BJTතීහාවුසො ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අත්තනො, නාලං පරෙසං.{2} කතමෙහි තීහි:
Sinhala BJTඇවැත්නි, තුන්දහමෙකින් සමන්‍වාගත මහණ තමහට සුදුසු වෙයි. පරහට සුදුසු නො වෙයි. කවර තුනෙකින යත්:
Pali BJTඉධාවුසො භික්ඛු න හෙව ඛො ඛිප්පනින්තී ච හොති කුසලෙසු ධම්මෙසු සුතානඤ්ච ධම්මානං ධාරකජාතිකො හොති. ධතානඤ්ච ධම්මානං අත්ථූපපරික්ඛී හොති, අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො ච හොති. නො ච කල්යාණවාචො හොති -පෙ- නො ච සන්දස්සකො හොති සබ්රහ්මචාරීනං. ඉමෙහි ඛො ආවුසො, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අත්තනො, නාලං පරෙසං.{2}
Sinhala BJTඇවැත්නි, මෙ සස්නෙහි මහණ කුසල් දහම්හි ඛිප්පනිසන්ති ද වේ ම ය. ඇසූ දහමුන් දරන සැහැවි ඇත්තේ ද වෙයි, දැරූ දහමුන්ගේ අරුත් පිරික්සනසුලු ද වෙයි, අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්නත් වෙයි ... කලණවදන් ඇත්තේත් නො වෙයි. ... සබ්‍රම්සරුනට සන්‍දර්‍ශක ද නො වෙයි. ඇවැත්නි, මෙ තුන් දහමින් සමන්‍වාගත මහණ තමහට සුදුසු වෙයි, පරහට සුදුසු නො වෙයි.
Pali BJTතීහාවුසො ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං පරෙසං. නාලං අත්තනො{1} කතමෙහි තීහි:
Sinhala BJTඇවැත්නි, තුන්දහමෙකින් සමන්‍වාගත මහණ පරහට සුදුසු වෙයි. තමහට සුදුසු නො වෙයි. කවර තුනෙකින යත්:
Pali BJTඉධාවුසො භික්ඛු න භෙව ඛො ඛිප්පනිසන්තී ච හොති කුසලෙසු ධම්මෙසු, සුතානඤ්ච ධම්මානං ධාරණජාතිකො හොති. නො ච ධතානං ධම්මානං අත්ථූපපරික්ඛී හොති. නො ච අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො හොති, කල්යාණවාචො ච හොති -පෙ- සන්දස්සකො ච හොති -පෙ- සබ්රහ්මචාරීනං. ඉමෙහි ඛො භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං පරෙසං, නාලං අත්තනො.{1}
Sinhala BJTඇවැත්නි, මෙ සස්නෙහි මහණ කුසල්දහම්හි ඛිප්පනිසන්ති ද නො වේ මය. ඇසූ දහමුන් දරන සැහැවි ඇත්තේ ද වෙයි, දැරූ දහමුන්ගේ අරුත් පිරික්සන්නේ ද නොවෙ යි, අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්නත් නො වෙයි. කලණවදන් ඇත්තේ වෙයි. ... සබ්‍රම්සරුනට සන්‍දර්‍ශක ද වෙයි. ඇවැත්නි, මෙ තුන් දහමුන්ගෙන් සමන්‍වාගත මහණ පරහට සුදුසු වෙයි, තමහට සුදුසු නො වෙයි.
Pali BJTද්වීහාවුසො ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අත්තනො, නො පරෙසං,{2} කතමෙහි ද්වීහි:
Sinhala BJTඇවැත්නි, දෙදහමෙකින් සමන්‍වාගත මහණ තමහට සුදුසු වෙයි, පරහට සුදුසු නො වෙයි. කවර දෙකෙකින යත්:
Pali BJTඉධාවුසො භික්ඛු න හෙව ඛො ඛිප්පනිසන්තී ච හොති කුසලෙසු ධම්මෙසු. සුතානඤ්ච ධම්මානං ධාරණජාතිකො හොති. ධතානඤ්ච ධම්මානං අත්ථූපපරික්ඛී හොති, අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො ච හොති. නො ච කල්යාණවාචො හොති -පෙ- නො ච සන්දස්සකො හොති -පෙ- සබ්රහ්මචාරීනං. ඉමෙහි ඛො ආවුසො, ද්වීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අත්තනො, නාලං පරෙසං.{3}
Sinhala BJTඇවැත්නි, මෙ සස්නෙහි මහණ කුසල්දහම්හි ඛිප්පනිසන්ති ද නො වේ මය. ඇසූ දහමුන් දරන සැහැවි ඇත්තේත් වෙයි, දැරූ දහමුන්ගේ අරුත් පිරික්සන සුල්ලේත් වෙයි, අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්න ද වෙයි, කලණවදන් ඇත්තේ ද නො වෙයි ... සබ්‍රම්සරුනට ... සන්‍දර්‍ශක ද නො වෙයි. ඇවැත්නි, මේ දෙදහමින් සමන්‍වාගත මහණ තමහට සුදුසු වෙයි, පරහට සුදුසු නො වෙයි.
Pali BJTද්වීහාවුසො ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං පරෙසං, නාලං අත්තනො{1} කතමෙහි ද්වීහි:
Sinhala BJTඇවැත්නි, දෙදහමෙකින් සමන්‍වාගත මහණ පරහට සුදුසු වෙයි, තමහට සුදුසු නො වෙයි. කවර දෙකෙකින යත්:
Pali BJTඉධාවුසො භික්ඛු න හෙව ඛො ඛිප්පනිසන්තී හොති කුසලෙසු ධම්මෙසු. නො ච සුතානං ධම්මානං ධාරණජාතිකො හොති -පෙ- නො ච නො ච අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො හොති. කල්යාණවාචො ච හොති කල්යාණවාක්කරණො පොරියා වාචාය සමන්නාගතො විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා. සන්දස්සකො ච හොති සමාදපකො සමුත්තෙජකො සම්පහංසකො සබ්රහ්මචාරීනං. ඉමෙහි ඛො ආවුසො ද්වීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං පරෙසං, නාලං අත්තනො{1}ති.
Sinhala BJTඇවැත්නි, මෙ සස්නෙහි මහණ කුසල්දහම්හි ඛිප්පනිසන්ති ද නො වේ මය. ඇසූ දහම් දරන සැහැවි ඇත්තේ නො වෙයි ... අරුත් දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්නත් නො වෙයි. යහපත් වචනඝෝෂ ඇතියේ යහපත් වදන් ඇතියේ ද වෙයි. පළිබෝධරහිත නිදොස් නො ගිලිහුණු පද ව්‍යඤ්ජන ඇති අරුත් ඇඟවීමෙහි සමත් පිරිපුන් වදනින් සමන්‍වාගත වෙයි. සබ්‍රම්සරුනට සම්මුඛයෙහි මෙත් කොට දක්වයි, සමාදන් කරවයි, උත්සාහවත් කරයි, ගුණ කියමින් සතුටු කරවයි, ඇවැත්නි, මේ දෙදහමින් සමන්‍වාගත මහණ පරහට සුදුසු වෙයි, තමහට සුදුසු නො වෙයි.
Pali BJT8. 2. 8. 9.
Sinhala BJT8. 2. 8. 9.
Pali BJTසෙඛපරිහානිය සුත්තං
Sinhala BJTසේඛපරිහානිය සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅට්ඨිමෙ භික්ඛවෙ ධම්මා සෙඛස්ස භික්ඛුනො පරිහානාය සංවත්තන්ති. කතමෙ අට්ඨ:
Sinhala BJTමහණෙනි, මේ අටදහම් කෙනෙක් ශෛක්‍ෂ භික්‍ෂූහුගේ පරිහානිය පිණිස පවතිත්. කවර අටදෙනෙක යත්:
Pali BJTකම්මාරාමතා, භස්සාරාමතා, නිද්දාරාමතා, සඞ්ගණිකාරාමතා, ඉන්ද්රියෙසු අගුත්තද්වාරතා, භොජනෙ අමත්තඤ්ඤුතා, සංසග්ගාරාමතා, පපඤ්චාරාමතා. ඉමෙ ඛො භික්ඛවෙ අට්ඨ ධම්මා සෙඛස්ස භික්ඛුනො පරිහානාය සංවත්තන්ති.
Sinhala BJTනවකම්හි නිරත බව ය, අල්ලාපසල්ලාපයෙහි නිරත බව ය, නිද්‍රායෙහි නිරත බව ය, ගණසඞ්ගණිකායේහි නිරත බව ය, ඉඳුරන්හි නො අවුරන ලද දොර ඇති බව ය, බොජුන්හි පමණ නොදන්නා බව ය, (පස්වැදෑරුම්) සංසර්‍ගයෙහි නිරත බව ය, (තණ්හාමානදිට්ඨි) පපඤ්චයන්හි නිරත බව යි. මහණෙනි, මේ අටදහම්හු ශෛක්‍ෂ භික්‍ෂූහුගේ පරිහානිය පිණිස පවතිත්.
Pali BJTඅට්ඨිමෙ භික්ඛවෙ ධම්මා සෙඛස්ස භික්ඛුනො අපරිහානාය සංවත්තන්ති. කතමෙ අට්ඨ:
Sinhala BJTමහණෙනි, මේ අටදහම් කෙනෙක් ශෛක්‍ෂ භික්‍ෂූහුගේ නො පිරිහීම පිණිස පවතිත්. කවර අට දෙනෙක යත්:
Pali BJTන කම්මාරාමතා, න භස්සාරාමතා, න නිද්දාරාමතා, න සඞ්ගණිකාරාමතා, ඉන්ද්රියෙසු ගුත්තද්වාරතා, භොජනෙ මත්තඤ්ඤුතා, අසංසග්ගාරාමතා, නිප්පපඤ්චාරාමතා. ඉමෙ ඛො භික්ඛවෙ අට්ඨ ධම්මා සෙඛස්ස භික්ඛුනො අපරිහානාය සංවත්තන්තීති.
Sinhala BJTනවකම්හි නිරත නොවන බව ය, අලප්සලප්හි නිරත නොවන බව ය, නිද්‍රායෙහි නිරත නොවන බව ය, ගණසඞ්ගණිකායේහි නිරත නොවන බව ය, ඉඳුරන්හි අවුරන ලද දොර ඇති බව ය, බොජුන්හි පමණ දන්නා බව ය, සංසර්‍ගයෙහි නිරත නොවන බව ය, ප්‍රපඤ්චයන්හි නිරත නොවන බව යි. මහණෙනි, මේ අටදහම්හු ශෛක්‍ෂ භික්‍ෂූහුගේ නො පිරිහීම පිණිස පවතිත්.
Pali BJT8. 2. 8. 10.
Sinhala BJT8. 2. 8. 10.
Pali BJTකුසීතාරම්භවත්ථු සුත්තං
Sinhala BJTකුසීතාරම්භවත්‍ථු සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅට්ඨිමානි භික්ඛවෙ කුසීතවත්ථූනි. කතමානි අට්ඨ:
Sinhala BJTමහණෙනි, මේ කුසීතවත්‍ථු අටදෙනෙක් වෙති. කවර අටදෙනෙක යත්:
Pali BJT1. ඉධ භික්ඛවෙ භික්ඛුනා කම්මං කත්තබ්බං හොති. තස්ස එවං හොති: කම්මං ඛො මෙ කත්තබ්බං භවිස්සති. කම්මං ඛො පන මෙ කරොන්තස්ස කායො කිලමිස්සති හන්දාහං නිපජ්ජාමීති. සො නිපජ්ජති, න විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං භික්ඛවෙ පඨමං කුසීතවත්ථු.
Sinhala BJT1. මහණෙනි, මෙ සස්නෙහි මහණ (චීවරවිචාරණාදි) කර්‍ම කටයුතු වෙයි. ඔහුට මෙ බඳු සිත් වේ: “මා විසින් කර්‍ම කටයුතු වන්නේ ය. කර්‍ම කරන මාගේ කය ක්ලාන්ත වෙයි. එහෙයින් මම හොවිමි”යි හේ හොවියි. නො පත් ධ්‍යානාදියට පැමිණෙනු පිණිස අධිගම නො කළ ධ්‍යානාදිය අධිගම කරණු පිණිස සාක්‍ෂාත් නො කළ ධ්‍යානාදිය සාක්‍ෂාත් කරනු පිණිස වැර නො අරඹයි. මහණෙනි, මේ ප්‍රථම කුසීතවස්තුවයි.
Pali BJT2. පුන චපරං භික්ඛවෙ භික්ඛුනා කම්මං කතං හොති. තස්ස එවං හොති: අහං ඛො කම්මං අකාසිං, කම්මං ඛො පන මෙ කරොන්තස්ස කායො කිලන්තො, හන්දාහං නිපජ්ජාමීති. සො නිපජ්ජති, න විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං භික්ඛවෙ දුතියං කුසීතවත්ථු.
Sinhala BJT2. තවද මහණෙනි, මහණ විසින් කර්‍ම කරන ලදුයේ වෙයි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මම් කර්‍ම කෙළෙම් ම ය. කර්‍ම කරන මාගේ කය ක්ලාන්ත විය. එහෙයින් මම හොවීම්”යි හේ හොවියි. නොපත් ධ්‍යානාදියට පැමිණෙනු පිණිස අධිගම නො කළ ධ්‍යානාදිය අධිගම කරණු පිණිස සාක්‍ෂාත් නො කළ ධ්‍යානාදිය සාක්‍ෂාත් කරනු පිණිස වැර නො අරඹයි. මහණෙනි, මේ ද්විතීය කුසීත වස්තුව යි.
Pali BJT3. පුන චපරං භික්ඛවෙ භික්ඛුනා මග්ගො ගන්තබ්බො හොති. තස්ස එවං හොති: ‘මග්ගො මෙ ගන්තබ්බො භවිස්සති, මග්ගං ඛො පන මෙ ගච්ඡන්තස්ස කායො කිලමිස්සති. හන්දාහං නිපජ්ජාමී’ති. සො නිපජ්ජති න විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය ඉදං භික්ඛවෙ, තතියං කුසීතවත්ථු.
Sinhala BJT3. තවද මහණෙනි, මහණහු විසින් මඟ යා යුතු වෙයි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මා විසින් මඟ යා යුතු වෙයි. මඟ යන මාගේ කය ක්ලාන්ත විය. එහෙයින් මම හොවීම්”යි හේ හොවියි. නොපත් ධ්‍යානාදියට පැමිණෙනු පිණිස අධිගම නො කළ ධ්‍යානාදිය අධිගම කරණු පිණිස සාක්‍ෂාත් නො කළ ධ්‍යානාදිය සාක්‍ෂාත් කරනු පිණිස වැර නො අරඹයි. මහණෙනි, මේ තෘතීය කුසීත වස්තුව යි.
Pali BJT4. පුන චපරං භික්ඛවෙ භික්ඛුනා මග්ගො ගතො හොති. තස්ස එවං හොති: අහං ඛො මග්ගං අගමාසිං, මග්ගං ඛො පන මෙ ගච්ඡන්තස්ස කායො කිලන්තො, හන්දාහං නිපජ්ජාමී’ති, සො නිපජ්ජති, න විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං භික්ඛවෙ චතුත්ථං කුසීතත්ථු.
Sinhala BJT4. තවද මහණෙනි, මහණහු විසින් මඟ ගියේ වෙයි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මම මඟ ගියෙම් වෙමි, මඟ යන මාගේ කය ක්ලාන්ත ය. එහෙයින් මම හොවීම්“යි හේ හොවියි. නොපත් ධ්‍යානාදියට පැමිණෙනු පිණිස අධිගම නො කළ ධ්‍යානාදිය අධිගම කරණු පිණිස සාක්‍ෂාත් නො කළ ධ්‍යානාදිය සාක්‍ෂාත් කරනු පිණිස වැර නො අරඹයි. මහණෙනි, මේ චතුර්‍ත්‍ථ කුසීත වස්තුව යි.
Pali BJT5. පුන චපරං භික්ඛවෙ භික්ඛු ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො න ලභති ලූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස එවං හොති: අහං ඛො ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො නාලත්ථං ලූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං, තස්ස මෙ කායො කිලන්තො, අකම්මඤ්ඤොහං, නිපජ්ජාමී’ති. සො නිපජ්ජති. -පෙ- අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං භික්ඛවෙ පඤ්චමං කුසීතවත්ථු.
Sinhala BJT5. තවද මහණෙනි, මහණ ගමෙක වේව යි නියම් ගමෙක වේව යි. පිඬු පිණිස හැසිරෙන්නේ රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ භෝජනයක් කැමැති තාක් පිරිපුන් කොට නො ලබයි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මම් වනාහි ගම්හි වේව යි නියම්ගම්හි වේව යි, පිඬු පිණිස හැසිරෙන්නෙම් රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ භෝජන කැමැති තාක් පිරිපුන් කොට නො ලත්මි. ඒ මාගේ කය ක්ලාන්ත ය. මම අකර්‍මණ්‍යයෙමි හොවීම්”යි හේ හොවියි ... සාක්‍ෂාත් නො කළ ධ්‍යානාදිය සාක්‍ෂාත් කරනු පිණිස .... මහණෙනි, මේ පඤ්චම කුසීත වස්තුව යි.
Pali BJT6. පුන චපරං භික්ඛවෙ භික්ඛු ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො ලභති ලූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස එවං හොති: අහං ඛො ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො අලත්ථං ලූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස මෙ කායො ගරුකො අකම්මඤ්ඤො, මාසාචිතං{1} මඤ්ඤෙ, හන්දාහං නිපජ්ජාමී’ ති සො නිපජ්ජති -පෙ- අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං භික්ඛවෙ, ඡට්ඨං කුසීතවත්ථු.
Sinhala BJT6. තවද මහණෙනි, මහණ ගමෙක වේව යි නියම්ගමෙක වේව යි පිඬු පිණිස හැසිරෙනුයේ රූක්‍ෂ වූ හේ ප්‍රණීත වූ හෝ භෝජන කැමැති තාක් පරිපූර්‍ණ කොට ලබයි. ඔහට මෙබඳු සිතෙක් වෙයි: “මම වනාහි ගමෙක වේව යි නියම්ගමෙක වේව යි පිඬු පිණිස සෙරෙනුයෙම් රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ භෝජන කැමැති තාක් පිරිපුන් කොට ලත්මි. ඒ මාගේ කුස බරෙක් වෙයි. අකර්‍මණ්‍ය වෙයි. තෙත් මෑ ඇටක් මෙනි. (නොහොත් මෑ බත් කෑවකුගේ කුස මෙනි. නොහොත් මෑ ඇට පිරූ පසිබ්බකයක් මෙනි) එහෙයින් මම හොවිමි”යි හේ හොවියි ... සාක්‍ෂාත් නො කළ ධ්‍යානාදිය සාක්‍ෂාත් කරනු පිණිස ... මහණෙනි, මේ ෂෂ්ඨ කුසීත වස්තු යි.
Pali BJT7. පුන චපරං භික්ඛවෙ භික්ඛුනො උප්පන්නො හොති අප්පමත්තකො ආබාධො, තස්ස එවං හොති: “උප්පන්නො ඛො මෙ අයං අප්පමත්තකො ආබාධො, අත්ථිකප්පො{2} නිපජ්ජිතුං{3} හන්දාහං නිපජ්ජාමී” ති. සො නිපජ්ජති -පෙ- අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං භික්ඛවෙ සත්තමං කුසීතවත්ථු.
Sinhala BJT7. තවද මහණෙනි, මහණහට ස්වල්පමාත්‍ර ආබාධයෙක් උපනේ වෙයි. මෙ බඳු සිතෙක් වෙයි: “මට ස්වල්පමාත්‍ර ආබාධයෙක් උපනේ වෙයි. හෝනට අදහසෙක් නැත. එහෙයින් මම හොවිමි” යි හේ හොවියි … සාක්‍ෂාත් නො කළ ධ්‍යානාදිය සාක්‍ෂාත් කරනු පිණිස ... මහණෙනි, මේ සප්තම කුසීතවස්තු යි.
Pali BJT8. පුන චපරං භික්ඛවෙ භික්ඛු ගිලානා වුට්ඨිතො හොති, අචිරවුට්ඨිතො ගෙලඤ්ඤා. තස්ස එවං හොති: අහං ඛො ගිලානා වුට්ඨිතො අචිරවුට්ඨිතො ගෙලඤ්ඤා, තස්ස මෙ කායො දුබ්බලො අකම්මඤ්ඤො. හන්දාහං නිපජ්ජාමීති. සො නිපජ්ජති, න විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං භික්ඛවෙ අට්ඨමං කුසීතවත්ථු.
Sinhala BJT8. තවද මහණෙනි, මහණ ගිලන් බැවින් නැඟී සිටියේ වෙයි. ගිලන් බැවින් නැඟි සිටි නොබෝ කල් ඇති වෙයි. ඔහට මෙබඳු සිතෙක් වෙයි: “මම් වනාහි ගිලන් බැවින් නැඟි සිටියෙම් ගිලන් බැවින් නැඟී සිටි නොබෝ කල් ඇතියෙම් වෙමි. ඒ මාගේ කය දුර්‍වල වූයේ අකර්‍මණ්‍ය වෙයි. එ හෙයින් මම හොවිමි”යි හේ හොවී. නො පත් ධ්‍යානාදියට පැමිණෙනු පිණිස අධිගම නො කළ ධ්‍යානාදිය අධිගම කරනු පිණිස, සාක්‍ෂාත් නො කළ ධ්‍යානාදිය සාක්‍ෂාත් කරනු පිණිස වැර නො අරඹයි. මහණෙනි, මේ අෂ්ටම කුසීතවස්තු යි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ අට්ඨ කුසීතවත්ථූනී ති.
Sinhala BJTමහණෙනි, මේ අෂ්ටකුසීත වස්තූහු වෙත්.
Pali BJTඅට්ඨිමානි භික්ඛවෙ ආරම්භවත්ථූනි, කතමානි අට්ඨ:
Sinhala BJTමහණෙනි, මේ ආරම්භ වත්‍ථු අටෙකි. කවර අටෙක යත්:
Pali BJT1. ඉධ භික්ඛවෙ භික්ඛුනා කම්මං කත්තබ්බං හොති. තස්ස එවං හොති; කම්මං ඛො මෙ කත්තබ්බං භවිස්සති, කම්මං ඛො පන මෙ කරොන්තෙන න සුකරං බුද්ධානං සාසනං මනසිකාතුං, හන්දාහං පටිගච්චෙව විරියං ආරභාමි අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියායා’ති සො විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං භික්ඛවෙ පඨමං ආරම්භවත්ථු.
Sinhala BJT1. මහණෙනි, මෙ සස්නෙහි මහණහු විසින් (චිචරචිචාරාණාදි) කර්‍මාන්ත කටයුතු වෙයි, ඔහට මෙ බඳු සිතෙක් වෙයි: “මා විසින් කර්‍මාන්ත කටයුතු වෙයි, කර්‍මාන්ත කරන මා විසින් බුදුවරුන්ගේ සස්න මෙනෙහි කිරීමට සුකර නො වෙයි, එහෙයින් මම පළමු ම අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස වැර අරඹමි” යි හේ අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස වැර වඩයි. මහණෙනි, මේ ප්‍රථමාරම්භවස්තු යි.
Pali BJT2. පුන චපරං භික්ඛවෙ භික්ඛුනා කම්මං කතං හොති. තස්ස එවං හොති: අහං ඛො කම්මං අකාසිං, කම්මං ඛො පනාහං කරොන්තො නාසක්ඛිං බුද්ධානං සාසනං මනසිකාතුං, හන්දාහං විරියං ආරභාමි අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. සො විරියං ආරභති අප්පත්තස්ස පත්තියා, අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං භික්ඛවෙ දුතියං ආරම්භවත්ථු.
Sinhala BJT2. මහණෙනි, තවද මහණහු විසින් කර්‍මාන්ත කෙළේ වෙයි. ඔහට මෙ බඳු සිතෙක් වෙයි: “මම වනාහි (චිවරාදි) කර්‍මාන්ත කෙළෙමි. කර්‍මාන්ත කරන මට බුදුන්ගේ සස්න මෙනෙහි කිරීමට නො හැකි වීමි, එ හෙයින් මම අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස වැර වඩමි”යි හේ අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස වැර වඩයි. මහණෙනි, මේ ද්වීතීයාරම්භවස්තු යි.
Pali BJT3. පුන චපරං භික්ඛවෙ භික්ඛුනා මග්ගො ගන්තබ්බො හොති. තස්ස එවං හොති: මග්ගො ඛො මෙ ගන්තබ්බො භවිස්සති, මග්ගං ඛො පන මෙ ගච්ඡන්තෙන න සුකරං බුද්ධානං සාසනං මනසිකාතුං. හන්දාහං පටිගච්චෙව විරියං ආරභාමි. -පෙ- ඉදං භික්ඛවෙ තතියං ආරම්භවත්ථු.
Sinhala BJT3. තවද මහණෙනි, මහණහු විසින් මඟ විසින් මඟ යා යුතු වෙයි. ඔහට හෙ බඳු සිතෙක් වෙයි: “මඟ මා විසින් යා යුතු වෙයි. මඟ යන මා විසින් බුදුවරුන්ගේ සස්න මෙනෙහි කිරීමට සුකර නො වෙයි. එ හෙයින් මම ... පළමු ව වැර අරඹමි”. මහණෙනි, මේ තෘතීය ආරම්භ වස්තු යි.
Pali BJT4. පුන චපරං භික්ඛවෙ භික්ඛුනා මග්ගො ගතො හොති. තස්ස එවං හොති: අහං ඛො මග්ගං අගමාසිං, මග්ගං ඛො පනාහං ගච්ඡන්තො නාසක්ඛිං බුද්ධානං සාසනං මනසිකාතුං, හන්දාහං විරියං ආරභාමි -පෙ- ඉදං භික්ඛවෙ චතුත්ථං ආරම්භවත්ථු.
Sinhala BJT4. තවද මහණෙනි, භික්‍ෂූහු විසින් මඟ යන ලද වෙයි. ඔහට මෙ බඳු සිතෙක් වෙයි: “මම් මඟ ගියෙමි. මඟ යන මට බුදුවරුන්ගේ සස්න මෙනෙහි කිරීමට නො හැකිවීමි. එහෙයින් මම ... වැර අරඹමි”. මහණෙනි, මේ චතුර්‍ත්‍ථආරම්භ වස්තු යි.
Pali BJT5. පුන චපරං භික්ඛවෙ භික්ඛු ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො න ලභති ලූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස එවං හොති: අහං ඛො ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො නාලත්ථං ලූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං, තස්ස මෙ කායො ලහුකො කම්මඤ්ඤො, හන්දාහං විරියං ආරභාමි -පෙ- ඉදං භික්ඛවෙ පඤ්චමං ආරම්භවත්ථු.
Sinhala BJT5. මහණෙනි, තවද මහණ ගමෙක වේව්යි නියම් ගමෙක වේවයි පිඬු පිණිස සරනුයේ රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ භෝජන කැමැතිතාක් පරිපූර්‍ණ කොට නො ලබයි. ඔහට මෙ බඳු සිතෙක් වෙයි: “මම ගමෙක වේව යි නියම්ගමෙක වේව යි පිඬු පිණිස සරනුයෙම් රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ භෝජන කැමැති තාක් පරිපූර්‍ණ කොට නො ලත්මි. ඒ මාගේ කය ලඝු වූයේත් කර්‍මණ්‍ය වූයේත් වෙයි. එහෙයින් මම ... වැර අරඹමි”. මහණෙනි, මේ පඤ්චම ආරම්භවස්තු යි.
Pali BJT6. පුන චපරං භික්ඛවෙ භික්ඛු ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො ලභති ලූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස එවං හොති: අහං ඛො ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො අලත්ථං ලූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස මෙ කායො බලවා කම්මඤ්ඤො, හන්දාහං විරියං ආරභාමි -පෙ- ඉදං භික්ඛවෙ, ඡට්ඨං ආරම්භවත්ථු.
Sinhala BJT6. මහණෙනි, තව ද මහණ ගමෙක වේව යි නියම්ගමෙක වේව යි පිඬු පිණිස සරනුයේ රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ භෝජන කැමැති තාක් පරිපූර්‍ණ කොට ලබයි. ඔහට මෙ බඳු සිතෙක් වෙයි: “මම ගමෙක වේව යි නියම්ගමෙක වේව යි පිඬු පිණිස සරනුයෙම් රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ භෝජන කැමැතිතාක් පරිපූර්‍ණ කොට ලත්මි. ඒ මාගේ කය බලවත් වූයේ කර්‍මණ්‍ය වේ. එහෙයින් මම ... වැර අරඹමි”. මහණෙනි, මේ ෂෂ්ඨ ආරම්භවස්තු යි.
Pali BJT7. පුන චපරං භික්ඛවෙ, භික්ඛුනො උප්පන්නො හොති අප්පමත්තකො ආබාධො. තස්ස එවං හොති: උප්පන්නො ඛො මෙ අයං අප්පමත්තකො ආබාධො. ඨානං ඛො පනෙතං විජ්ජති යං මෙ ආබාධො පවඩ්ඪෙය්ය, හන්දාහං පටිගච්චෙව විරියං ආරභාමි -පෙ- ඉදං භික්ඛවෙ, සත්තමං ආරම්භවත්ථු.
Sinhala BJT7. මහණෙනි, තව ද මහණ හට අල්පමාත්‍ර ආබාධයෙක් උපනේ වෙයි. ඔහට මෙ බඳු සිතෙක් වෙයි: “මට අල්පමාත්‍ර ආබාධය උපනේ වෙයි. යම්හෙයකින් මාගේ මේ ආබාධය වැඩේ නම් තෙල කරුණ විද්‍යාමාන වේ, එහෙයින් මම පළමුම ... වැර අරඹමි”. මහණෙනි, මේ සප්තම ආරම්භවස්තු යි.
Pali BJT8. පුන චපරං භික්ඛවෙ, භික්ඛු ගිලානා වුට්ඨිතො හොති, අචිර වුට්ඨිතො ගෙලඤ්ඤා. තස්ස එවං හොති: අහං ඛො ගිලානා වුට්ඨිතො, අචිරවුට්ඨිතො ගෙලඤ්ඤා. ඨානං ඛො පනෙතං විජ්ජති යං මෙ ආබාධො පච්චුදාවත්තෙය්ය, හන්දාහං පටිගච්චෙව විරියං ආරභාමි අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. සො විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං භික්ඛවෙ, අට්ඨමං ආරම්භවත්ථු.
Sinhala BJT8. තවද මහණෙනි, මහණ ගිලන් බැවින් නැඟි සිටි නො බෝ කල් ඇතියේ ගිලන් බැවින් නැඟි සිටියේ වෙයි. ඔහට මෙ බඳු සිතෙක් වෙයි: “මම ගිලන් බැවින් නැඟි සිටි නොබෝ කල් ඇතියෙම් ගිලන් බැවින් නැඟී සිටියෙම් වෙමි. යම් හෙයකින් මාගේ ආබාධය පෙරළා නැඟී සිටුනේ නම් තෙල කරුණ විද්‍යාමාන වෙයි. එහෙයින් මම අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස වැර අරඹමි”. හේ අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත් කිරීම පිණිස වැර අරඹයි. මහණෙනි, මේ අෂ්ටම ආරම්භවස්තු යි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ, අට්ඨ ආරම්භවත්ථූනීති.
Sinhala BJTමහණෙනි, මොහු අෂ්ට ආරම්භ වස්තූහු වෙත්.
Pali BJTයමකවග්ගො අට්ඨමො.
Sinhala BJTඅටවැනි යමකවර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTද්වෙ සද්ධා ද්වෙ මරණසතී - ද්වෙ සම්පදා අථාපරෙ ඉච්ඡා අලං පරිහානං - කුසීතං ආරම්භවත්ථනීති.
Sinhala BJTසද්ධාව මුල්කොට ඇති (සමන්තපාසාදිකා) සූත්‍රදෙක ය, මරණ සති සූත්‍ර දෙකය, සම්පදා සූත්‍ර දෙකය, වැලි අනෙක් ඉච්ඡා සූත්‍රය, අලං සූත්‍රය, පරිහාන සූත්‍රය, කුසිතාරම්භවත්‍ථු සූත්‍රය දැයි දසයෙකි.
Pali BJT9. සතිවග්ගො
Sinhala BJT9. සති වර්‍ගය
Pali BJT8. 2. 9. 1.
Sinhala BJT8. 2. 9. 1.
Pali BJTසතිසම්පජඤ්ඤ සුත්තං
Sinhala BJTසතිසම්පජඤ්ඤ සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTසතිසම්පජඤ්ඤෙ භික්ඛවෙ, අසති සම්පජඤ්ඤවිපන්නස්ස හතූපනිසං හොති හිරොත්තප්පං. හිරොත්තප්පෙ අසති හිරොත්තප්පවිපන්නස්ස හතූපනිසො හොති ඉන්ද්රියසංවරො. ඉන්ද්රියසංවරෙ අසති ඉන්ද්රියසංවරවිපන්නස්ස හතූපනිසං හොති සීලං. සීලෙ අසති සීලවිපන්නස්ස හතූපනිසො හොති සම්මාසමාධි. සම්මාසමාධිම්හි අසති සම්මාසමාධිවිපන්නස්ස හතූපනිසං හොති යථාභූතඤාණදස්සනං. යථාභූතඤාණදස්සනෙ අසති යථාභූතඤාණදස්සනවිපන්නස්ස හතූපනිසො හොති නිබ්බිදාවිරාගො. නිබ්බිදාවිරාගෙ අසති නිබ්බිදාවිරාගවිපන්නස්ස හතූපනිසං හොති විමුත්තිඤාණදස්සනං.
Sinhala BJTමහණෙනි, ස්මෘතිසම්ප්‍රජන්‍යය නැති කල්හි ස්මෘතිසම්ප්‍රජන්‍යය නටුවහුගේ හිරිඔතප් හතොපනිඃශ්‍රය (නටඋපනිඃශ්‍රය ඇතියේ) වෙයි. හිරිඔතප් නැති කල්හි නට හිරිඔතප් ඇතියහුගේ ඉන්‍ද්‍රිසංවරය හතොපනිඃශ්‍රය වෙයි. ඉන්‍ද්‍රිය සංවරය නැති කල්හි ඉන්‍ද්‍රියසංවර විපන්නයාගේ සීලය හතොපනිඃශ්‍රය වෙයි. ශීලය නැති කල්හි ශීලවිපන්නයාගේ සම්‍යක්සමාධිය හතොපනිඃශ්‍රය වෙයි. සම්‍යක්සමාධිය නැතිකල්හි සම්‍යක්සමාධි විපන්නයාගේ යථාභූතඥානදර්‍ශනය හතොපනිඃශ්‍රය වෙයි. යථාභූතඥානදර්‍ශනය නැතිකල්හි යථාභූත ඥානදර්‍ශනවිපන්නයාගේ (බලවත් විදර්‍ශනා සඞ්ඛ්‍යාත) නිර්වේදය හා (ආර්‍ය්‍යමාර්‍ග සඞ්ඛ්‍යාත) විරාගය හතොපනිඃශ්‍රය වෙයි. නිර්වේද විරාගය නැතිකල්හි විරාග විපන්නයාගේ (අර්‍හත්‍වඵල හා ප්‍රත්‍යවේක්‍ෂාඥාන සඞ්ඛ්‍යාත) විමුක්තිඥාන දර්‍ශනය හතොපනිඃශ්‍රය වේ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, රුක්ඛො සාඛාපලාසවිපන්නෙ, තස්ස පපටිකාපි න පාරිපූරිං ගච්ඡති, තචොපි ඵෙග්ගුපි සාරොපි න පාරිපූරිං ගච්ඡති. එවමෙව ඛො භික්ඛවෙ, සතිසම්පජඤ්ඤෙ අසති සතිසම්පජඤ්ඤ විපන්නස්ස හතූපනිසං හොති හිරොත්තප්පං. හිරොත්තප්පෙ අසති හිරොත්තප්ප විපන්නස්ස හතූපනිසං හොති -පෙ- විමුත්තිඤාණදස්සනං.
Sinhala BJTමහණෙනි, අතුකොළ නැති රුකෙක් යම්සේ වේ නම් එහි පොතු ද පිරිපුන්බවට නො යෙයි, සිවියත් බොරුද් හරත් පිරිපුන්බවට නො යේ. මහණෙනි, එසෙයින් ම ස්මෘතිසම්ප්‍රජන්‍යය නැතිකල්හි ස්මෘති සම්ප්‍රජන්‍යය විපන්නයාගේ හිරිඔතප් නටුවා වු ප්‍රත්‍යය ඇත්තේ වෙයි. හිරිඔතප් නැති කල්හි හිරිඔතප් විපන්නයාගේ ... විමුක්තිඥානදර්‍ශනය නටුවාවූ ප්‍රත්‍ය ඇත්තේ වේ.
Pali BJTසතිසම්පජඤ්ඤෙ භික්ඛවෙ, සති සතිසම්පජඤ්ඤසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති හිරොත්තප්පං. හිරොත්තප්පෙ සති හිරොත්තප්පසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති ඉන්ද්රියසංවරො. ඉන්ද්රියසංවරෙ සති ඉන්ද්රියසංවරසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති සීලං. සීලෙ සති සීලසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති සම්මාසමාධි. සම්මා සමාධිම්හි සති සම්මාසමාධිසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති යථාභූතඤාණදස්සනං. යථාභූතඤාණදස්සනෙ සති යථාභූතඤාණදස්සන සම්පන්නස්ස උපනිසසම්පන්නො හොති නිබ්බිදාවිරාගො. නිබ්බිදාවිරාගෙ සති නිබ්බිදා විරාගසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති විමුත්තිඤාණදස්සනං.
Sinhala BJTමහණෙනි, ස්මෘතිසම්ප්‍රජන්‍යය ඇතිකල්හි ස්මෘතිසම්ප්‍රජන්‍යය සම්පන්නයාගේ හිරිඔතප් උපනිඃශ්‍රය සම්පන්න වෙයි. හිරිඔතප් ඇතිකල්හි හිරිඔතප් සපන්හුගේ ඉන්‍ද්‍රියසංවරය උපනිඃශ්‍රය සම්පන්න වෙයි. ඉන්‍ද්‍රිය සංවරය ඇතිකල්හි ඉන්‍ද්‍රිය සංවරසම්පන්නයාගේ ශීලය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ශීලය ඇතිකල්හි ශීලසම්පන්නයා ගේ සම්‍යක්සමාධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සම්‍යක්සමාධිය ඇතිකල්හි සම්‍යක්සමාධිසම්පන්නයා ගේ යථාභූතඥානදර්‍ශනය උපනිඃශ්‍රය සම්පන්න වෙයි. යථාභූතඥානදර්‍ශනය ඇතිකල්හි යථාභූතඥානදර්‍ශනසම්පන්නයාගේ නිර්වේදවිරාගය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. නිර්වේදවිරාගය ඇතිකල්හි නිර්වේදවිරාගසම්පන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රය සම්පන්න වේ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, රුක්ඛො සාඛාපලාසසම්පන්නො තස්ස පපටිකාපි පාරිපූරිං ගච්ඡති, තචොපි ඵෙග්ගුපි සාරොපි පාරිපූරිං ගච්ඡති. එවමෙව ඛො භික්ඛවෙ සතිසම්පජඤ්ඤෙ සති සතිසම්පජඤ්ඤසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති හිරොත්තප්පං, හිරොත්තප්පෙ සති හිරොත්තප්පසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති -පෙ- විමුත්තිඤාණදස්සනන්ති.
Sinhala BJTමහණෙනි, යම්පරිදි අතුකොළින් යුතු රුකෙක් වේ නම් එහි පොතුත් පිරිපුන් බවට යෙයි ද, සිවියත් බොරුත් හරත් පිරිපුන් බවට යෙයි ද, මහණෙනි, එපරිදි ම ස්මෘතිසම්ප්‍රජන්‍යය ඇතිකල්හි ස්මෘතිසම්ප්‍රජන්‍ය සම්පන්නයාගේ හිරිඔතප් උපනිඃශ්‍රය වෙයි. හිරිඔතප් ඇතිකල්හි හිරිඔතප් සපන්හුගේ ... විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රය සම්පන්න වේ යයි.
Pali BJT8. 2. 9. 2.
Sinhala BJT8. 2. 9. 2.
Pali BJTපුණ්ණිය සුත්තං
Sinhala BJTපුණ්ණිය සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅථ ඛො ආයස්මා පුණ්ණියො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා -පෙ- එකමන්තං නිසින්නො ඛො ආයස්මා පුණ්ණියො භගවන්තං එතදවොච:
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් පුණ්ණිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹිය හ ... එකත්පසෙක හුන් ආයුෂ්මත් පුණ්ණිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ:
Pali BJTකො නු ඛො භන්තෙ හෙතු කො පච්චයො යෙන අප්පෙකදා තථාගතං ධම්මදෙසනා පටිභාති, අප්පෙකදා නප්පටිභාතීති?
Sinhala BJTවහන්ස, යම් කරුණෙකින් තථාගතහට කිසිකලෙක ධර්‍මදේශනාව වටහා නම්, කිසිකලෙක නො වටහා නම් එයට හේතු කවර යැ, ප්‍රත්‍යය කවර යැ යි?
Pali BJTසද්ධො ච පුණ්ණිය, භික්ඛු හොති, නො ච උපසඞ්කමිතා. නෙව තාව තථාගතං ධම්මදෙසනා පටිභාති. යතො ච ඛො පුණ්ණිය, භික්ඛු සද්ධො ච හොති, උපසඞ්කමිතා ච. එවං තථාගතං ධම්මදෙසනා පටිභාති.
Sinhala BJTපුණ්ණිය, භික්‍ෂු තෙමේ ශ්‍රද්ධා ඇතියේ ද වෙයි, එළඹෙන සුලු ද නො වෙයි. ඒ තාක් කල් තථාගතහට ධර්‍මදේශනාව නො වටහයි. පුණ්ණිය, යම් කලෙක භික්‍ෂු තෙමේ ශ්‍රද්ධා ඇතියේත් වේ ද, එළැඹෙන සුලුත් වේ ද, එසේවත් ම තථාගතහට ධර්‍මදේශනාව වටහයි.
Pali BJTසද්ධො ච පුණ්ණිය, භික්ඛු හොති, උපසඞ්කමිතා ච නො ච පයිරුපාසිතා -පෙ- පයිරුපාසිතා ච නො ච පරිපුච්ඡිතා -පෙ- පරිපුච්ඡිතා ච නො ච ඔහිතසොතො ධම්මං සුණාති -පෙ- ඔහිත සොතො ච ධම්මං සුණාති නො ච සුත්වා ධම්මං ධාරෙති. -පෙ- සුත්වා ච ධම්මං ධාරෙති නො ච ධතානං ධම්මානං අත්ථං උපපරික්ඛති -පෙ- ධතානඤ්ච ධම්මානං අත්ථං උපපරික්ඛති නො ච අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො හොති, නෙව තාව තථාගතං ධම්මදෙසනා පටිභාති.
Sinhala BJTපුණ්ණිය, භික්‍ෂු ශ්‍රද්ධා ඇතියේත් වෙයි, එළැඹෙනුයේත් වෙයි, ඇසුරු නො කරනුයේත් වෙයි. ... ඇසුරුකරනුයේත් වෙයි, පරිපෘච්ඡා නො කරනුයේත් වෙයි ... පරිපෘච්ඡා කරනුයේත් වෙයි, යොමුකළ කන් ඇතියේ දහම් නො ද අසයි ... යොමු කළ කන් ඇතියේ දහම් අස අසා දහම් ද නො ද ධරයි. ... අසා ධර්‍මය ධරන්නේත් වෙයි. දැරූ දහමුන්ගේ අරුත් නො පිරික්සයි ... දැරූ දහමුන්ගේ අර්‍ත්‍ථ ද පිරික්සයි අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්න නො වේ. ඒ තාක් තථාගතහට ධර්‍මදේශනාව නො වටහ යි.
Pali BJTයතො ච ඛො පුණ්ණිය, භික්ඛු සද්ධො ච හොති උපසඞ්කමිතා ච පයිරුපාසිතා ච පරිපුච්ඡිතා ච ඔහිතසොතො ච ධම්මං සුණාති, සුත්වා ච ධම්මං ධාරෙති, ධතානඤ්ච ධම්මානං අත්ථං උපපරික්ඛති, අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො ච හොති. එවං තථාගතං ධම්මදෙසනා පටිභාති. ඉමෙහි ඛො පුණ්ණිය අට්ඨහි ධම්මෙහි සමන්නාගතො එකන්තපටිභානං තථාගතං ධම්මදෙසනා හොතීති.
Sinhala BJTපුණ්ණිය, යම් කලෙක භික්‍ෂු තෙමේ ශ්‍රද්ධා ඇතියේත් වේ ද, වෙත එළැඹෙනුයේත් වේ ද, ඇසුරු කරනුයේත් වේ ද, පරිපෘච්ඡාකරනුයේත් වේද, අවහිතශ්‍රෝත වූයේත් දහම් අසා ද, අසා දහමත් ධරා ද, ධැරූ දහමුන්ගේ අරුත් පිරික්සන්නේ ද, අරුත් දැන, දහම් දැන ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්නත් වේ ද, මෙසේ තථාගතහට ධර්‍මදේශනාව වටහ යි. පුණ්ණිය, මේ දහම් අටින් සමන්‍වාගත වූවහුට තථාගතයන්ගේ ඒකාන්ත ප්‍රතිභාන ඇති ධර්‍මදේශනාව වේ ය යි.
Pali BJT8. 2. 9. 3.
Sinhala BJT8. 2. 9. 3.
Pali BJTකිංමූලක සුත්තං
Sinhala BJTකිංමූලක සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTසචෙ භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං: කිංමූලකා ආවුසො, සබ්බෙ ධම්මා, කිංසම්භවා සබ්බෙ ධම්මා, කිං සමුදයා සබ්බෙ ධම්මා, කිංසමොසරණා සබ්බෙ ධම්මා, කිංපමුඛා සබ්බෙ ධම්මා, කිංආධිපතෙය්යා සබ්බෙ ධම්මා, කිංඋත්තරා සබ්බෙ ධම්මා, කිංසාරා සබ්බෙ ධම්මාති? එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං කින්ති බ්යාකරෙය්යාථාති?
Sinhala BJTඉදින් මහණෙනි, අන් තොටු පිරිවැජියෝ මෙසේ පුළුවුස්නාහු ද: ඇවැත්නි, හැම දහම්හු (පඤ්චස්කන්‍ධයෝ) කුමක් මුල්කොට ඇත්තාහු ද, හැමදහම්හු කුමක් ප්‍රභවකොට ඇත්තාහු ද, හැමදහම්හු කුමක් සමුදයකොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් වැදගැනුම් කොට ඇත්තාහු ද, හැමදහම්හු කුමක් ප්‍රමුඛ කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් ආධිපත්‍යය කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් උතුරු කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් හරකොට ඇත්තාහු ද? කියා යි. මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි අන්තොටු පිරිවැජියනට කුමැයි පවසවු ද?
Pali BJTභගවම්මූලකා නො භන්තෙ, ධම්මා භගවන්නෙත්තිකා භගවං පටිසරණා. සාධු භන්තෙ, භගවන්තං යෙව පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො. භගවතො සුත්වා භික්ඛු ධාරෙස්සන්ති ති.
Sinhala BJTවහන්ස, අපගේ ධර්‍මයෝ භගවත්හු මුල්කොට ඇත්තාහ. භගවත්හු නේතෘකොට ඇත්තාහ. භගවත්හු පිළිසරණ කොට ඇත්තාහ. වහන්ස, තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා! භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අසා භික්‍ෂූහු ධරත්යි.
Pali BJTතෙන හි භික්ඛවෙ, සුණාථ{1} සාධුකං මනසිකරොථ භාසිස්සාමීති. එවං භන්තෙති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTඑසේ නම් මහණෙනි, අසවු, මොනොවට මෙනෙහි කරවු, කියමි යි. වහන්ස, එසේ යයි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:
Pali BJTසචෙ භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං: කිම්මූලකා ආවුසො, සබ්බෙ ධම්මා, කිංසම්භවා සබ්බෙ ධම්මා, කිං සමුදයා සබ්බෙ ධම්මා, කිංසමොසරණා සබ්බෙ ධම්මා, කිංපමුඛා සබ්බෙ ධම්මා, කිං ආධිපතෙය්යා සබ්බෙ ධම්මා, කිංඋත්තරා සබ්බෙ ධම්මා, කිං සාරා සබ්බෙ ධම්මාති? එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං බ්යාකරෙය්යාථ:
Sinhala BJTමහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, හැම දහම්හු කුමක් මුල් කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් ප්‍රභව කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් සමුදය කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් වැදගැනුම් කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් ප්‍රමුඛ කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් ආධිපත්‍ය කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් උතුරුකොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් හරකොට ඇත්තාහු දැයි මෙසේ පුළුවුස්නාහු නම් මහණෙනි, මෙසේ පුළුවුස්නාලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසවු.
Pali BJTඡන්දමූලකා ආවුසො, සබ්බෙ ධම්මා, මනසිකාරසම්භවා සබ්බෙ ධම්මා, ඵස්සසමුදයා සබ්බෙ ධම්මා, වෙදනා සමොසරණා සබ්බෙ ධම්මා, සමාධිපමුඛා සබ්බෙ ධම්මා, සතාධිපතෙය්යා සබ්බෙ ධම්මා, පඤ්ඤුත්තරා සබ්බෙ ධම්මා, විමුත්තිසාරා සබ්බෙ ධම්මා’ති. එවං ඵුට්ඨා තුම්හෙ භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං බ්යාකරෙය්යාථාති.
Sinhala BJTඇවැත්නි, හැම දහම්හු ඡන්‍දය (අධ්‍යාශයඡන්‍දය, කත්තුකම්‍යතා ඡන්‍දය) මුල්කොට ඇත්තාහ, හැම දහම්හු මනසිකාරය ප්‍රභවකොට ඇත්තාහ, හැම දහම්හු ස්පර්‍ශය සමුදය කොට ඇත්තාහ, හැම දහම්හු වේදනාව වැදගැනුම් කොට ඇත්තාහ, හැම දහම්හු සමාධිය ප්‍රමුඛ කොට ඇත්තාහ, හැමදහම්හු ස්මෘතිය ආධිපත්‍යය කොට ඇත්තාහ, හැම දහම්හු ප්‍රඥාව උතුරු කොට ඇත්තාහ, හැමදහම්හු විමුක්තිය සාරකොට ඇත්තාහ යි. මහණෙනි, මෙසේ පුළුවුස්නාලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසවු යි.
Pali BJT8. 2. 9. 4.
Sinhala BJT8. 2. 9. 4.
Pali BJTමහා චොරඞ්ග සුත්තං
Sinhala BJTමහාචෝරඞ්ග සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅට්ඨහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො මහාචොරො ඛිප්පං පරියාපජ්ජති, න චිරට්ඨිතිකො හොති. කතමෙහි අට්ඨහි:
Sinhala BJTමහණෙනි, අටඟෙකින් සමන්‍වාගත මහසොර වහා අවසානයට පැමිණෙයි, චිරස්ථිතික නො වෙයි. කවර අටෙකින යත්:
Pali BJTඅප්පහරන්තස්ස පහරති, අනවසෙසං ආදියති, ඉත්ථිං හනති, කුමාරිං දූසෙති, පබ්බජිතං විලුම්පති, රාජකොසං විලුම්පති, අච්චාසන්නෙ කම්මං කරොති, න ච නිධානකුසලො හොති, ඉමෙහි ඛො භික්ඛවෙ, අට්ඨහඞ්ගෙහි සමන්නාගතො මහාචොරො ඛිප්පං පරියාපජ්ජති, න චිරට්ඨිතිකො හොති.
Sinhala BJTනො පහරනුවහට පහර දෙයි, නිඃශේෂ කොට ගනියි, ස්ත්‍රිය නසයි. කුමරිය දුෂණ කෙරෙයි, පැවිද්දා පැහැර ගනියි, රාජභාණ්ඩාගාරය පැහැර ගනියි, ඉතා නුදුරෙහි සොරකම් කෙරෙයි, නිධානයෙහි (ලද දෙය පරලොව තකා දක්‍ෂිණාර්‍හයන් වෙත් පිදීමෙහි) දක්‍ෂ නො වේ. මහණෙනි, මේ අටඟින් සමන්‍වාගත මහසොර වහා ගැනුමට යෙයි, චිරස්ථිතික නො වේ.
Pali BJTඅට්ඨහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො මහාචොරො න ඛිප්පං පරියාපජ්ජති, චිරට්ඨිතිකො හොති. කතමෙහි අට්ඨහි:
Sinhala BJTමහණෙනි, අටඟෙකින් සමන්‍වාගත මහසොර වහා අවසානයට නො යෙයි, චිරස්ථිතික වෙයි. කවර අටෙකින යත්:
Pali BJTන අප්පහරන්තස්ස පහරති, න අනවසෙසං ආදියති, න ඉත්ථිං හන්ති, න කුමාරිං දූසෙති, න පබ්බජිතං විලුම්පති, න රාජකොසං විලුම්පති, න අච්චාසන්නෙ කම්මං කරොති, නිධාන කුසලො ච හොති. ඉමෙහි ඛො භික්ඛවෙ, අට්ඨහි අඞ්ගෙහි සමන්නාගතො මහාචොරො න ඛිප්පං පරියාපජ්ජති, චිරට්ඨිතිකො හොති.
Sinhala BJTනො පහරනුව හට නො පහරයි, නිඃශේෂකොට නො ගනියි, ස්ත්‍රිය නො නසයි, කුමරිය දුෂණ නො කරයි, පැවිද්දා වොලො ගැනුම් නො කෙරෙයි, රාජකොෂය වොලො ගැනුම් නො කෙරෙයි, ඉතා නුදුරෙහි සොරකම් නො කෙරෙයි, නිධානයෙහි කුශල වේ, මහණෙනි, මේ අටඟින් සමන්‍වාගත මහසොර වහා ගැනුමට නො යෙයි, චිරස්ථිතික වේ.
Pali BJT8. 2. 9. 5.
Sinhala BJT8. 2. 9. 5.
Pali BJTතථාගතාධිවචන සුත්තං
Sinhala BJTතථාගතාධිවචන සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTසමණොති භික්ඛවෙ, තථාගතස්සෙතං අධිවචනං අරහතො සම්මාසම්බුද්ධස්ස. බ්රාහ්මණො ති භික්ඛවෙ, තථාගතස්සෙතං අධිවචනං අරහතො සම්මාසම්බුද්ධස්ස. භිසක්කොති භික්ඛවෙ, තථාගතස්සෙතං අධිවචනං අරහතො සම්මාසම්බුද්ධස්ස. වෙදගූ ති භික්ඛවෙ, තථාගතස්සෙතං අධිවචනං අරහතො සම්මාසම්බුද්ධස්ස. නිම්මලො ති භික්ඛවෙ, තථාගතස්සෙතං අධිවචනං අරහතො සම්මාසම්බුද්ධස්ස. විමලො ති භික්ඛවෙ, තථාගතස්සෙතං අධිවචනං අරහතො සම්මාසමාබුද්ධස්ස. ඤාණී ති භික්ඛවෙ තථාගතස්සෙතං අධිවචනං අරහතො සම්මාසම්බුද්ධස්ස. විමුත්තො ති භික්ඛවෙ, තථාගතස්සෙතං අධිවචනං අරහතො සම්මාසම්බුද්ධස්සාති.
Sinhala BJTමහණෙනි, ශ්‍රමණ යන මේ තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධනයට නමෙකි, මහණෙනි, බ්‍රාහ්මණ යන මේ තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධනයට නමෙකි, මහණෙනි, වේදගූ යන මේ තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධනයට නමෙකි, මහණෙනි, භිසක්ක යන මේ තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධනයට නමෙකි. මහණෙනි, නිර්‍මල යන මේ තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධනයට නමෙකි, මහණෙනි, විමල යන මේ තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධනයට නමෙකි, මහණෙනි, ඤාණී යන මේ තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධනයට නමෙකි, මහණෙනි, විමුත්ත යන මේ තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධනයට නමෙකි,
Pali BJT1. යං සමණෙන පත්තබ්බං බ්රාහ්මණෙන වුසීමතා, යං වෙදගුනා පත්තබ්බං භිසක්කෙන අනුත්තරං
Sinhala BJT1. බ්‍රාහ්මණ වූ වැස නිම වූ බඹසර ඇති මහණහු විසින් යමකට පැමිණිය යුතු ද, ඤාණයෙහි කෙළවරට පත් වෙදහු විසින් අනුත්තර වූ යමකට පැමිණිය යුතු ද,
Pali BJT2. යං නිම්මලෙන පත්තබ්බං විමලෙන සුධීමතා, යං ඤාණිනා පත්තබ්බං විමුත්තෙන අනුත්තරං.
Sinhala BJT2. විමල වූ මනා නුවණ ඇති නිර්‍මලහු විසින් යමකට පැමිණිය යුතු ද, ඤාණී වූ විමුක්තයා විසින් අනුත්තර වූ යමකට පැමිණිය යුතු ද,
Pali BJT3. සොහං විජිතසඞ්ගාමො මුත්තො මොචෙමි බන්ධනා, නාගොම්හි පරමො දන්තො අසෙඛො පරිනිබ්බුතො ති.
Sinhala BJT3. දිනූ සඞ්ග්‍රාම ඇති ඒ මම් මිදුනෙම් භවබන්‍ධනයෙන් (සෙස්සන්) මුදවමි. දැමුණු කෙලෙස් පිරිනිවනින් පිරිනිවි අශෛක්‍ෂ වූ උතුම් නාග වෙමි යි.
Pali BJT8. 2. 9. 6.
Sinhala BJT8. 2. 9. 6.
Pali BJTනාගිත සුත්තං
Sinhala BJTනාගිත සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන ඉච්ඡානඞ්ගලං නාම කොසලානං බ්රාහ්මණගාමො තදවසරි. තත්ර සුදං භගවා ඉච්ඡානඞ්ගලෙ විහරති ඉච්ඡානඞ්ගලවනසණ්ඩෙ. අස්සොසුං ඛො ඉච්ඡානඞ්ගලකා බ්රාහ්මණ ගහපතිකා සමණො ඛලු භො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො ඉච්ඡානඞ්ගලං අනුපත්තො ඉච්ඡානඞ්ගලෙ විහරති ඉච්ඡානඞ්ගලවනසණ්ඩෙ. තං ඛො පන භගවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො; ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො -පෙ- සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතීති.
Sinhala BJTඑක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල්රට මහබික්සඟුන් හා සැරිසරන සේක් කෝසලයන්ගේ ඉච්ඡානඞ්ගල නම් බමුණුගමට වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ ඒ ඉච්ඡානඞ්ගලයෙහි වූ ඉච්ඡානඞ්ගලවන ලැහැබ්හි වසන සේක. ඉච්ඡානඞ්ගලක බමුණන් හා ගැහැවියෝ (සැහැපුත් සැහැකුලෙන් පැවිදි වූ) පින්වත් මහණ ගොයුම් ඉච්ඡානඞ්ගලයට පැමිණියේ ඉච්ඡානඞ්ගලයෙහි වූ ඉච්ඡානඞ්ගල වනළැහැබ්හි වාස කෙරෙ යයි ඇසූහ. “මෙ කරුණෙනුදු ඒ භගවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයහ ... එ භවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳු කලණකිත්ගොස උස්ව නැඟියේය. එබඳු රහතුන්ගේ දර්‍ශනය වේ නම් මැනැවැ”යි.
Pali BJTඅථ ඛො ඉච්ඡානඞ්ගලකා බ්රාහ්මණ ගහපතිකා තස්සා රත්තියා අච්චයෙන පහූතං ඛාදනීයං භොජනීයං ආදාය යෙන ඉච්ඡානඞ්ගලා වනසණ්ඩො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා බහිද්වාරකොට්ඨකෙ අට්ඨංසු උච්චාසද්දා මහාසද්දා.
Sinhala BJTඉක්බිති ඉච්ඡානඞ්ගලක බමුණන් හා ගැහැවියෝ ඒ රෑ ඉක්මයාමෙන් පසු බොහෝ ඛාද්‍ය භෝජ්‍යයන් ගෙන ඉච්ඡානඞ්ගල වනළැහැබට එළැඹියහ. එළැඹ උස්හඬ - මහහඬ ඇත්තාහු බිහිදොරටුයෙහි සිටගත්හ.
Pali BJTතෙන ඛො පන සමයෙන ආයස්මා නාගිතො භගවතො උපට්ඨාකො හොති. අථ ඛො භගවා ආයස්මන්තං නාගිතං ආමන්තෙසි: ‘කෙ පන තෙ නාගිත, උච්චාසද්දා මහාසද්දා කෙවට්ටා මඤ්ඤෙ මච්ඡවිලොපෙ’ ති?
Sinhala BJTඑසමයෙහි ආයුෂ්මත් නාගිත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක වෙත්. එකල භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නාගිත තෙරුන් ඇමතූසේක: නාගිතය, මසුන් මරා විකුණන තන්හි කෙවුළන් සෙයින් උස් හඬ - මහහඬ ඇති ඔහු කවරහ යි.
Pali BJTඑතෙ භන්තෙ ඉච්ඡානඞ්ගලකා බ්රාහ්මණගහපතිකා පහූතං ඛාදනීයං භොජනීයං ආදාය බහිද්වාරකොට්ඨකෙ ඨිතා භගවන්තංයෙව උද්දිස්ස භික්ඛුසඞ්ඝඤ්චාති.
Sinhala BJTවහන්ස, තෙල ඉච්ඡානඞ්ගලක බමුණන් හා ගැහැවියෝ බොහෝ ඛාද්‍ය භෝජ්‍ය ගෙන භාග්‍යවතුන් වහන්සේ හා භික්‍ෂූසඞ්ඝයා උදෙසා බිහිදොරොටුයෙහි සිටියහයි.
Pali BJTමාහං නාගිත, යසෙන සමාගමං, මා ච මයා යසො, යො ඛො නාගිත, නයිමස්ස නෙක්ඛම්මසුඛස්ස පවිවෙකසුඛස්ස උපසමසුඛස්ස සම්බොධසුඛස්ස නිකාමලාභී අස්ස අකිච්ඡලාභී අකසිරලාභී, යස්සාහං නෙක්ඛම්මසුඛස්ස පවිවෙකසුඛස්ස උපසමසුඛස්ස සම්බොධසුඛස්ස නිකාමලාභී අස්සං අකිච්ඡලාභී අකසිරලාභී. සො තං මීළ්හසුඛං මිද්ධසුඛං ලාභසක්කාරසිලොකසුඛං සාදියෙය්යාති.
Sinhala BJTනාගිතය, මම යශස් හා නො එක්වෙම්වා! යශස් මා හා එක් නො එක් වේවා! නාගිතය, මම් යම් ම නෙක්ඛම්මසුඛයක් පවිවේකසුඛයක්, උපසමසුඛයක්, සම්බෝධසුඛයක්, කැමැතිසේ ලබනුයෙම් නිදුක්සේ ලබනුයෙම්, විපුල කොට ලබනුයෙම් වෙම් ද, යමෙක් මේ නෙක්ඛම්මසුඛය පවිවේක සුඛය උපසමසුඛය සම්බෝධසුඛය කැමැතිසේ නො ලබනුයේ නිදුක්සේ නො ලබනුයේ විපුල සේ නො ලබනුයේ වේ නම් හෙ මීඪසුඛ වූ මිද්ධ සුඛ වූ ඒ ලාභසත්කාර කීර්ත්ති සුඛය ඉවසනේ ය.
Pali BJTඅධිවාසෙතු’දානි භන්තෙ, භගවා, අධිවාසෙතු සුගතො, අධිවාසනකාලොදානි භන්තෙ, භගවතො. යෙන යෙනෙවදානි භන්තෙ, භගවා ගමිස්සති, තන්නින්නාව භවිස්සන්ති බ්රාහ්මණගහපතිකා නෙගමා චෙව ජානපදා ච. සෙය්යථාපි භන්තෙ, ථුල්ලඵුසිතකෙ දෙවෙ වස්සන්තෙ යතා නින්නං උදකානි පවත්තන්ති, එවමෙව ඛො භන්තෙ, යෙන යෙනෙවදානි භගවා ගමිස්සති, තන්නින්නාව භවිස්සති බ්රාහ්මණා ගහපතිකා නෙගමා චෙව ජානපදා ච තං කිස්ස හෙතු: තථා හි භන්තෙ, භගවතො සීලපඤ්ඤාණන්ති.
Sinhala BJTවහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ ඉවසන සේක්වා! සුගතයන් වහන්සේ ඉවසන සේක්වා! වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ අධිවාසන කාලයයි. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ යම් යම් තැනෙකින් ම වඩනා සේක් ද, නියම්ගම් වැසිවූත් දනවු වැසිවූත් බමුණන් හා ගැහැවියෝ එතැනට නතුවූවාහු ම වෙත්. වහන්ස, යම්පරිදි දළ පොද ඇති මේඝය වස්නා කල්හි නතු තැන් නො ඉක්මැ දිය වැටේ ද, වහන්ස, එපරිදිම දැන් භාග්‍යවතුන් වහන්සේ යම් යම් තැනෙකින් ම වඩනා සේක් ද, නියම්ගම් වැසි වූත් දනවු වැසිවූත් බමුණන් හා ගැහැවියෝ එතැනට නතු වූවාහු ම වෙත්. ඒ කවර හෙයින: වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ ශීලය හා ප්‍රඥාව එසේ මැයි.
Pali BJTමාහං නාගිත, යසෙන සමාගමං, මා ච මයා යසො. යො ඛො නාගිත, නයිමස්ස නෙක්ඛම්මසුඛස්ස පවිවෙකසුඛස්ස උපසමසුඛස්ස සම්බොධසුඛස්ස නිකාමලාභී අස්ස අකිච්ඡලාභී අකසිරලාභී. යස්සාහං නෙක්ඛම්ම සුඛස්ස පවිවෙකසුඛස්ස උපසමසුඛස්ස සම්බොධසුඛස්ස නිකාමලාභී අස්සං අකිච්ඡලාභී අකසිරලාභී සො තං මීළ්හසුඛං මිද්ධසුඛං ලාභසක්කාරසිලොකසුඛං සාදියෙය්ය.
Sinhala BJTනාගිතය, මම යශස් හා නො එක්වෙම්වා! යශස් ද මා හා නො එක් වේවා! නාගිතය, මම යම් ම නෙක්ඛම්මසුඛයක් පවිවේක සුඛයක් උපසම සුඛයක් සම්බොධ සුඛයක් කැමැතිසේ ලබනුයෙම්, නිදුක්සේ ලබනුයෙම්, විපුලකොට ලබනුයෙම් වෙම් ද, යමෙක් මේ නෙක්ඛම්ම සුඛය, පවිවේක සුඛය, උපසම සුඛය, සම්බොධ සුඛය කැමැතිසේ නො ලබනුයේ නිදුක්සේ නො ලබනුයේ විපුලසේ නො ලබනුයේ වේ නම් හෙතෙමේ මීඪසුඛ (අසුවිසුඛ) වූ මිද්ධ සුඛ (නිද්‍රාසුඛ) වූ ඒ ලාභසත්කාර ශ්ලෝකසුඛය ඉවසන්නේ ය.
Pali BJTදෙවතාපි ඛො නාගිත, එකච්චා නයිමස්ස නෙක්ඛම්මසුඛස්ස පවිවෙකසුඛස්ස උපසමසුඛස්ස සම්බොධසුඛස්ස නිකාමලාභිනියො අස්සු අකිච්ඡලාභිනියො අකසිරලාභිනියො. යස්සාහං නෙක්ඛම්මසුඛස්ස පවිවෙකසුඛස්ස උපසමසුඛස්ස සම්බොධසුඛස්ස නිකාමලාභී අස්සං අකිච්ඡලාභී අකසිරලාභී. {1}
Sinhala BJTනාගිතය, මම යම් නෙක්ඛම්මසුඛයක් පවිවේක සුඛයක් උපසම සුඛයක් සම්බොධ සුඛයක් කැමැතිසේ ලබනුයෙම් නිදුක්සේ ලබනුයෙම් විපුලසේ ලබනුයෙම් වෙම් නම් ඇතැම් දෙවතාවෝත් මේ නෙක්ඛම්මසුඛය පවිවේක සුඛය උපසම සුඛය සම්බොධ සුඛය කැමැතිසේ ලබන්නාහු නිදුක්සේ ලබන්නාහු විපුලසේ ලබන්නාහු නො වෙත්.
Pali BJT1. තුම්හාකම්පි ඛො නාගිත, සඞ්ගම්ම සමාගම්ම සඞ්ගණිකවිහාරං අනුයුත්තානං විහරතං එවං හොති: නහනූන මෙ ආයස්මන්තො ඉමස්ස නෙක්ඛම්මසුඛස්ස පවිවෙකසුඛස්ස උපසමසුඛස්ස සම්බොධසුඛස්ස නිකාමලාභිනො අස්සු, අකිච්ඡලාභිනො අකසිරලාභිනො, යස්සාහං නෙක්ඛම්මසුඛස්ස පවිවෙකසුඛස්ස උපසමසුඛස්ස සම්බොධසුඛස්ස නිකාමලාභී අස්සං අකිච්ඡලාභී අකසිරලාභී. තථා හි පනමෙ{1} ආයස්මන්තො සඞ්ගම්ම සමාගම්ම සඞ්ගණික විහාරං අනුයුත්තා විහරන්ති.
Sinhala BJT1. නාගිතය, රැස්ව මුළුදී සඞ්ගණිකවිහාරයෙහි ඇලී වෙසෙන තොපට ද මෙබඳු සිතෙක් වෙයි: මම් යම් ම නෙක්ඛම්ම සුඛයක් පවිවේක සුඛයක් උපසම සුඛයක් සම්බොධ සුඛයක් කැමැතිසේ ලබනුයෙම් නිදුක්සේ ලබනුයෙම් විපුලසේ ලබනුයෙම් වෙම් නම්, මේ ආයුෂ්මත්හු එකැතියෙන් මේ නෙක්ඛම්ම සුඛය, පවිවේක සුඛය, උපසම සුඛය, සම්බොධ සුඛය කැමැතිසේ ලබන්නාහු නිදුක්සේ ලබන්නාහු විපුලසේ ලබන්නාහු නො වෙති. එහෙයින්ම මේ ආයුෂ්මත්හු රැස්ව මුළුදී සඞ්ගණික විහාරයෙහි යෙදුණාහු වෙසෙති කියා යි.
Pali BJT2. ඉධාහං නාගිත, භික්ඛු පස්සාමි අඤ්ඤමඤ්ඤං අඞ්ගුලිපතොදකෙහි සඤ්ජග්ඝන්තෙ සඞ්කීළන්තෙ. තස්ස මය්හං නාගිත, එවං හොති: නහනූනමෙ{2} ආයස්මන්තො ඉමස්ස නෙක්ඛම්මසුඛස්ස පවිවෙකසුඛස්ස උපසමසුඛස්ස සම්බොධසුඛස්ස නිකාමලාභිනො අකිච්ඡලාභිනො අස්සු අකසිරලාභිනො යස්සාහං නෙක්ඛම්මසුඛස්ස පවිවෙකසුඛස්ස උපසමසුඛස්ස සම්බොධසුඛස්ස නිකාමලාභී අස්සං අකිච්ඡලාභී අකසිරලාභී තථා හි පනමෙ{1} ආයස්මන්තො අඤ්ඤමඤ්ඤං අඞ්ගුලිපතොදකෙහි සඤ්ජග්ඝන්ති{3} සඞ්කීළන්ති.
Sinhala BJT2. නාගිතය, මෙ සස්නෙහි උනුන් ඇඟිලියෙන් ගිරිතිකැවීමෙන් (ඇඟිලි කැවිටි කොට විදීමෙන්) මහහඬින් සිනාසෙන ක්‍රීඩා කරන මහණුන් මම දක්මි. නාගිතය, ඒ මට මෙ සිත වෙයි: එකැතින් මේ ආයුෂ්මත්හු මම් යම් ම නෙක්ඛම්ම සුඛයක් පවිවේක සුඛයක්, උපසම සුඛයක් සම්බොධ සුඛයක් කැමැතිසේ ලබනුයෙම්, නිදුක්සේ ලබනුයෙම්, විපුලසේ ලබනුයෙම් වේ නම් මේ ආයුෂ්මත්හු මේ නෙක්ඛම්ම සුඛය, පවිවේක සුඛය, උපසම සුඛය, සම්බොධ සුඛය කැමැතිසේ ලබන්නාහු නිදුක්සේ ලබන්නාහු විපුලසේ ලබන්නාහු නො වෙති. එහෙයින්ම මේ ආයුෂ්මත්හු උනුන් ඇඟිලියෙන් ගිරිතිකැවීමෙන් මහහඬින් සිනාසෙති, ක්‍රීඩා කෙරෙති කියා යි.
Pali BJT3. ඉධාහං{4} නාගිත, භික්ඛු පස්සාමි යාවඅත්ථං උදරාවදෙහකං භුඤ්ජිත්වා සෙය්යසුඛං පස්සසුඛං{5} මිද්ධසුඛං අනුයුත්තෙ විහරන්තෙ. තස්ස මය්හං නාගිත, එවං හොති: නහනූන මෙ{2} ආයස්මන්තො ඉමස්ස නෙක්ඛම්මසුඛස්ස පවිවෙකසුඛස්ස උපසමසුඛස්ස සම්බොධසුඛස්ස නිකාමලාභිනො අස්සු අකිච්ඡලාභිනො අකසිරලාභිනො යස්සාහං නෙක්ඛම්ම සුඛස්ස පවිවෙකසුඛස්ස උපසමසුඛස්ස සම්බොධසුඛස්ස නිකාමලාභී අස්සං, අකිච්ඡලාභී අකසිරලාභී තථා හි මෙ ආයස්මන්තො යාවදත්ථං උදරාවදෙහකං භුඤ්ජිත්වා සෙය්යසුඛං පස්සසුඛං{5} මිද්ධසුඛං අනුයුත්තා විහරන්ති.
Sinhala BJT3. නාගිතය, මම් මෙසස්නෙහි මහණුන් කැමැතිතාක් කුස්පුරා වළඳා ශය්‍යා සුඛයෙහි පාර්ශ්ව සුඛයෙහි මිද්ධ සුඛයෙහි යෙදී වාස කරනුවන් දක්මි. නාගිතය, එබඳු මට මෙ සිත වේ: එකතින් මේ ආයුෂ්මත්හු මම යම් ම නෙක්ඛම්ම සුඛයක් පවිවේක සුඛයක් උපසම සුඛයක් සම්බොධ සුඛයක් කැමැතිසේ ලබනුයෙම්, නිදුක්සේ ලබනුයෙම්, විපුලසේ ලබනුයෙම් වෙම් නම් මේ ආයුෂ්මත්හු එකතින් මේ නෙක්ඛම්ම සුඛය පවිවේක සුඛය, උපසම සුඛය සම්බොධ සුඛය කැමැතිසේ ලබන්නාහු නිදුක්සේ ලබන්නාහු විපුලසේ ලබන්නාහු නො වෙත්. එහෙයින් ම මේ ආයුෂ්මත්හු කැමැතිතාක් කුස්පුරා වළඳා සෙය්‍යසුඛයෙහි ඵස්සසුඛයෙහි මිද්ධසුඛයෙහි යෙදුණාහු වෙසෙතියි කියා යි.
Pali BJT4. ඉධාහං{4} නාගිත, භික්ඛුං පස්සාමි ගාමන්තවිහාරිං සමාහිතං නිසින්නං, තස්ස මය්හං නාගිත, එවං හොති:
Sinhala BJT4. නාගිතය, මෙසස්නෙහි ග්‍රාමාන්තවිහාරී වූ සමාධිගත ව හුන් මහණකු මම දක්මි. නාගිතය, එබඳු මට මෙ සිත වෙයි:
Pali BJTඉදානි ඉමං ආයස්මන්තං ආරාමිකො වා පච්චෙස්සති සමණුද්දෙසො වා, තං තම්හා සමාධිම්හා චාවෙස්සතීති. තෙනාහං නාගිත තස්ස භික්ඛුනො න අත්තමනො හොමි ගාමන්තවිහාරෙන.
Sinhala BJTදැන් අරම් මෙහෙකරුවෙක් හෝ මේ ආයුෂ්මත්හු කරා පෙරළා එන්නේ ය. හෙරණෙක් හෝ ඒ සමාධියෙන් ඔහු පහකරන්නේ ය, නාගිතය, මම ඒ මහණහුගේ ඒ ග්‍රාමාන්ත විහාරයෙන් සතුටු සිතැතියෙම් නො වෙමි.
Pali BJT5. ඉධ පනාහං නාගිත භික්ඛුං පස්සාමි ආරඤ්ඤකං ආරඤ්ඤෙ පචලායමානං නිසින්නං. තස්ස මය්හං නාගිත එවං හොති: ඉදානි අයං ආයස්මා ඉමං නිද්දාකිලමථං පටිවිනොදෙත්වා අරඤ්ඤසඤ්ඤං යෙව මනසිකරිස්සති එකත්තන්ති: තෙනාහං නාගිත තස්ස භික්ඛුනො අත්තමනො හොමි අරඤ්ඤවිහාරෙන.
Sinhala BJT5. නාගිතය, මම මෙ සස්නෙහි අරනෙහි නිඳමින් හුන් ආරණ්‍යක මහණක්හු දක්මි. නාගිතය, එබඳු මට මෙ සිත වෙයි: දැන් මේ ආයුෂ්මත් මේ නිද්‍රාක්ලථමය දුරු කොටලා ඒකත්‍වය වූ අරණ්‍යසංඥාව ම මෙනෙහි කරන්නේය කියා යි. නාගිතය, මම ඒ මහණහුගේ එ අරනවිහරණයෙන් තුටුසිතැතියෙම් වෙමි.
Pali BJT6. ඉධ පනාහං නාගිත භික්ඛුං පස්සාමි ආරඤ්ඤකං අරඤ්ඤෙ අසමාහිතං නිසින්නං. තස්ස මය්හං නාගිත එවං හොති: ඉදානි අයමායස්මා අසමාහිතං වා චිත්තං සමාදහිස්සති, සමාහිතං වා චිත්තං අනුරක්ඛිස්සතීති. තෙනාහං නාගිත තස්ස භික්ඛුනො අත්තමනො හොමි අරඤ්ඤවිහාරෙන.
Sinhala BJT6. නාගිතය, මම මේ සස්නෙහි අරනෙහි අසමාහිත ව හුන් ආරණ්‍ය මහණක්හු දක්මි. නාගිත, ඒ මට මෙබඳු සිතෙක් වෙයි: දැන් මේ ආයුෂ්මත් අසමාහිත වූ හෝ සිත සමාහිත කරන්නේ ය, සමාධිගත වූ හෝ සිත රක්නේ ය කියා යි. නාගිතය, මම එ භික්‍ෂුහුගේ ඒ අරන විහරණින් සතුටු සිතැතියෙම් වෙමි.
Pali BJT7. ඉධ පනාහං නාගිත භික්ඛුං පස්සාමි ආරඤ්ඤකං අරඤ්ඤෙ සමාහිතං නිසින්නං. තස්ස මය්හං නාගිත එවං හොති: ඉදානි අයමායස්මා අවිමුත්තං වා චිත්තං විමුච්චිස්සති, විමුත්තං වා චිත්තං අනුරක්ඛිස්සතීති. තෙනාහං නාගිත තස්ස භික්ඛුනො අත්තමනො හොමි අරඤ්ඤවිහාරෙන.
Sinhala BJT7. නාගිතය, මම මෙ සස්නෙහි අරනෙහි සමාහිත ව හුන් ආරණ්‍යක මහණක්හු දකිමි. නාගිතය, මට මෙබඳු සිතෙක් වෙයි: දැන් මේ ආයුෂ්මත් අවිමුක්ත වූ හෝ සිත විමුක්ත කරයි, විමුක්ත වූ හෝ සිත රක්නේ ය කියා යි. නාගිතය, එ මහණහුගේ එම අරන විහරණින් මම තුටුසිතැතියෙම් වෙමි.
Pali BJT8. යස්මාහං නාගිත සමයෙ අද්ධානමග්ගපටිපන්නො න කඤ්චි පස්සාමි පුරතො වා පච්ඡතො වා, ඵාසු මෙ නාගිත තස්මිං සමයෙ හොති අන්තමසො උච්චාරපස්සාවකම්මායාති.
Sinhala BJT8. නාගිතය, යම් සමයෙක්හි මම අදන්මඟට පිළිපන්නෙම් ඉදිරිපස්හි වේවයි පසුපස්හි වේවයි කිසිවකු නොදක්නෙම් නම් නාගිතය, එකල්හි මට යටත්පිරිසෙයින් මලමූකිසට ද පහසු වෙයි.
Pali BJT8. 2. 9. 7.
Sinhala BJT8. 2. 9. 7.