Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 12301-12400 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTසද්ධො ච භික්ඛවෙ, භික්ඛු හොති සීලවා ච නො ච බහුස්සුතො -පෙ- බහුස්සුතො ච නො ච ධම්මකථිකො, -පෙ- ධම්මකථිකො ච නො ච පරිසාවචරො, -පෙ- පරිසාවචරො ච හොති නො ච විසාරදො පරිසාය ධම්මං දෙසෙති -පෙ- විසාරදො ච ධම්මං දෙසෙති නො ච යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා තෙ කායෙන ඵුසිත්වා විහරති, -පෙ- යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා තෙ කායෙන ඵුසිත්වා විහරති නො ච ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙවධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. එවං සො තෙනඞ්ගෙන අපරිපූරො හොති. තෙන තං අඞ්ගං පරිපූරෙතබ්බං: කින්තාහං සද්ධො ච අස්සං සීලවා ච බහුස්සුතො ච ධම්මකථිකො ච පරිසාවචරො ච විසාරදො ච පරිසාය ධම්මං දෙසෙය්යං, යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා, තෙ කායෙන ඵුසිත්වා විහරෙය්යං -පෙ- ආසවානං ඛයා -පෙ- සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යන්ති.
Sinhala BJTමහණෙනි. මහණ සැදැහැතියේත් වෙයි සිල් ඇතියේ වෙයි. නො ද බහුශ්‍රුත වෙයි ... බහුශ්‍රුත වූයේත් නො ද ධර්‍මකථික වෙයි ... ධර්‍මකථික වූයේත් නො ද පරිසාවචර වෙයි ... පරිසාවචර වූයේත් විසාරද ව පිරිස්හි නො ද දහම් දෙසන්නේ වෙයි ... විසාරද ව දහම් දෙසනුයේත් වෙයි. රූපාවචර ධ්‍යානයන් ඉක්ම යම් ඒ ආරූප්‍ය වූ ශාන්ත විමෝක්‍ෂ කෙනෙක් වෙත් නම් ඔවුන් නාම කායයෙන් ස්පර්‍ශ කොට නො ද වාසය කරන්නේ ය … රූපාවචරධ්‍යානයන් ඉක්ම යම් ආරූප්‍ය වූ ශාන්ත විමෝක්‍ෂ කෙනෙක් වෙත් නම් ඒ අරූපාවචර ධ්‍යානයන් නාමකායයෙන් පැහැස ගෙන වාසය කරයි ... ආස්‍රවක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් දිටුදැමියෙහි ම තමා විසින් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එළඹ වාසය නොකරයි. මෙසේ හේ ඒ ඇඟින් අපරිපූරකාරී වෙයි. කිනම් උපායෙකින් මම සැදැහැති ද වූයෙම් සිල්වත් ද වූයෙම් බහුශ්‍රුත ද වූයෙම් ධර්‍මකථිකත් වූයෙම් පරිසාවචරත් වූයෙම් විශාරදත් වූයෙම් පිරිස්හි දහම් දෙසන්නෙම් රූපාවචර ධ්‍යානයන් ඉක්ම ආරූප්‍යවූ යම් ඒ ශාන්ත විමෝක්‍ෂ කෙනෙක් වෙත් නම් ඒ අරූපාවචර ධර්‍මයන් නාමකයින් පැහැස වෙසෙම් දැයි ... ආස්‍රවක්‍ෂය කිරීමෙන් ... සාක්‍ෂාත් කොට එළඹ වෙසෙම් දැ”යි ඔහු විසින් ඒ අඞ්ගය පිරිය යුතු යි.
Pali BJTයතො ච ඛො භික්ඛවෙ, භික්ඛු සද්ධො ච හොති සීලවා ච බහුස්සුතො ච ධම්මකථිකො ච පරිසාවචරො ච විසාරදො ච පරිසාය ධම්මං දෙසෙති, යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා තෙ කායෙන ඵුසිත්වා විහරති ආසවානං ඛයා -පෙ- සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති, එවං සො තෙනඞ්ගෙන පරිපූරො හොති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මහණ සැදැහැතියේත්, සිල්වත් වූයේත්, බහුශ්‍රුත වූයේත්, ධර්‍මකථික වූයේත්, පරිසාවචර වූයේත්, විශාරද වූයේත්, පිරිස්හි දහම් දෙසනුයේ වේ ද, රූපාවචර ධ්‍යානයන් ඉක්මවා ආරූප්‍ය වූ යම් ඒ ශාන්තවිමෝක්‍ෂ කෙනෙක් වෙත් නම් ඒ අරූපාවචර ධ්‍යානයන් නාමකායයෙන් ස්පර්‍ශ කොට වාසය කරයි ද, ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ... ප්‍රත්‍යක්‍ෂ කොට එළඹ වෙසෙත් ද, මෙසේ හෙතෙමේ ඒ අඞ්ගයෙන් පරිපූර වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, අට්ඨහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු සමන්තපාසාදිකො ච හොති සබ්බාකාර පරිපූරො චාති.
Sinhala BJTමහණෙනි, මේ දහම් අටින් සමන්‍වාගත මහණ සමන්තපාසාදිකත් වෙයි. සර්‍වාකාර පරිපූරත් වේ යයි.
Pali BJT8. 2. 8. 3.
Sinhala BJT8. 2. 8. 3.
Pali BJTපඨම මරණසති සුත්තං
Sinhala BJTප්‍රථම මරණසති සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා නාදිකෙ{1} විහරති ගිඤ්ජකාවසථෙ. තත්ර ඛො භගවා භික්ඛු ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාදික නම් ගම්හි ගිඤ්ජකාවස්ථයෙහි (ගඩොළුමුවා පායෙහි) වැඩ වසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යි ඒ භික්‍ෂූහු භගවත් හට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:
Pali BJTමරණසති භික්ඛවෙ භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානා. භාවෙථ නො තුම්හෙ භික්ඛවෙ මරණසතින්ති?
Sinhala BJTමහණෙනි, භාවිත, බහුලීකෘත මරණානුස්මෘතිය මහත්ඵල වෙයි, මහානිශංස වෙයි, අමෘතයට බැස සිටියා වෙයි. අමෘතය කෙළවර කොට ඇත්තේ ද වෙයි. මහණෙනි, තෙපි මරණසී වඩව් දැයි.
Pali BJTඑවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච: අහං ඛො භන්තෙ, භාවෙමි මරණසතින්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය: මම මරණානුස්මෘතිය වඩමැයි කියා යි.
Pali BJTයථා කථං පන ත්වං භික්ඛු, භාවෙසි මරණසතින්ති? ඉධ මය්හං භන්තෙ, එවං හොති: අහොවතාහං රත්තින්දිවං ජීවෙය්යං, භගවතො සාසනං මනසිකරෙය්යං, බහුං වත මෙ කතං අස්සාති. එවං ඛො අහං භන්තෙ, භාවෙමි මරණසතින්ති.
Sinhala BJTමහණ, තෝ කෙබඳු කෙසේ නම් මරණසී වඩනේ දැයි? වහන්ස, මෙහිලා මට මෙබඳු සිතෙක් වෙයි: ‘මම එක් රෑදවාලක් ජීවත්වන්නෙම් නම් යෙහෙක, භගවත්හුගේ සස්න (ආර්‍ය්‍යමාර්‍ග ප්‍රතිවේධාවහ වූ අවවාදය) මෙනෙහි කරන්නෙම් නම් මාවිසින් එකතින් බොහෝ ආත්මහිත මහණකිස කරන ලද්දේ වෙයි, කියායි. වහන්ස, මම මෙසේ මරණානුස්මෘතිය වඩමි.
Pali BJT2. අඤ්ඤතරොපි ඛො භික්ඛු භගවන්තං එතදවොච: අහම්පි ඛො භන්තෙ, භාවෙමි මරණසතින්ති.
Sinhala BJT2. අන්‍යතර මහණෙක් ද භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය: “වහන්ස, මමත් මරණානුස්මෘතිය වඩමැ”යි කියා යි.
Pali BJTයථා කථං පන ත්වං භික්ඛු භාවෙසි මරණසතින්ති? ඉධ මය්හං භන්තෙ, එවං හොති: අහො වතාහං දිවසං ජීවෙය්යං භගවතො සාසනං මනසිකරෙය්යං, බහුං වත මෙ කතං අස්සාති. එවං ඛො අහං භන්තෙ, භාවෙමි මරණසතින්ති.
Sinhala BJTමහණ තෝ කෙසේ නම් මරණසී වඩනෙහි දැයි? වහන්ස, මෙහිලා මට මෙබඳු සිතෙක් වෙයි: ‘මම දවසක් ජීවත් වෙම් නම් යෙහෙක, භගවත්හුගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් ඒකාන්තයෙන් මා විසින් බොහෝ ආත්මහිත මහණසකිස කරන ලද්දේ වන්නේ ය කියා යි. වහන්ස, මෙසේ වනාහි මම මරණානුස්මෘතිය වඩමැ යි.
Pali BJT3. අඤ්ඤතරොපි ඛො භික්ඛු භගවන්තං එතදවොච: අහම්පි ඛො භන්තෙ, භාවෙමි මරණසතින්ති.
Sinhala BJT3. අන්‍යතර මහණෙක් ද භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කෙළේ ය: “වහන්ස, මමත් මරණානුස්මෘතිය වඩමැ”යි කියා යි.
Pali BJTයථා කථං පන ත්වං භික්ඛු භාවෙසි මරණසතින්ති? ඉධ මය්හං භන්තෙ, එවං හොති: අහො වතාහං උපඩ්ඪඩදිවසං ජීවෙය්යං භගවතො සාසනං මනසිකරෙය්යං, බහුං වත මෙ කතං අස්සාති. එවං ඛො අහං භන්තෙ, භාවෙමි මරණසතින්ති.
Sinhala BJTමහණ කෙසේ නම් තෝ මරණානුස්මෘතිය වඩනේ දැ යි? වහන්ස, මෙහිලා මට මෙබඳු සිතෙක් වෙයි: මම අඩ දවසක් ජීවත් වෙම් නම් යෙහෙක, භගවත්හුගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් ඒකාන්තයෙන් මා විසින් බොහෝ ආත්මහිත මහණසකිස කෙළේත් වන්නේ ය කියා යි, වහන්ස, මෙසේ වනාහි මම මරණානුස්මෘතිය වඩමි යි.
Pali BJT4. අඤ්ඤතරොපි ඛො භික්ඛු භගවන්තං එතදවොච: අහම්පි ඛො භන්තෙ, භාවෙමි මරණසතින්ති.
Sinhala BJT4. අන්‍යතර මහණෙක් ද භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කෙළේ ය:
Pali BJTයථා කථං පන ත්වං භික්ඛු භාවෙසි මරණසතින්ති? ඉධ මය්හං භන්තෙ, එවං හොති: අහොවතාහං තදන්තරං ජීවෙය්යං යදන්තරං එකං පිණ්ඩපාතං භුඤ්ජාමි, භගවතො සාසනං මනසිකරෙය්යං, බහුං වත මෙ කතං අස්සාති. එවං ඛො අහං භන්තෙ, භාවෙමි මරණසතින්ති.
Sinhala BJT“වහන්ස, මමත් මරණානුස්මෘතිය වඩමි”යි කියා යි. මහණ තෝ කෙසේ නම් මරණස්මෘතිය වඩහි දැ යි? වහන්ස, මට මේ කරුණෙහි මෙබඳු සිතෙක් වෙයි: මම යම් පමණ කලෙකින් එක් පිඬුවායක් (එක් දවසක් පමණ යැපෙන අහරක්) වළඳම් නම් එතෙක් කල් ජීවත්වන්නෙම් නම් මනාය. භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් ඒකාන්තයෙන් එකතින් බොහෝ ආත්මහිත මහණසකිස කෙළේ වන්නේ ය කියා යි, වහන්ස, මම මෙසේ මරණස්මෘතිය වඩමැ යි.
Pali BJT5. අඤ්ඤතරොපි ඛො භික්ඛු භගවන්තං එතදවොච: අහම්පි ඛො භන්තෙ, භාවෙමි මරණසතින්ති. යථා කථං පන ත්වං භික්ඛු භාවෙසි මරණසතින්ති. ?
Sinhala BJT5. අන්‍යතර මහණෙක් ද භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කෙළේ ය:
Pali BJTඉධ මය්හං භන්තෙ, එවං හොති: අහොවතාහං තදන්තරං ජීවෙය්යං යදන්තරං උපඩ්ඪපිණ්ඩපාතං භුඤ්ජාමි, භගවතො සාසනං මනසිකරෙය්යං, බහුං වත මෙ කතං අස්සාති. එවං ඛො අහං භන්තෙ භාවෙමි මරණසතින්ති.
Sinhala BJT“වහන්ස, මමත් මරණස්මෘතිය වඩමි”යි කියා යි. මහණ, තෝ කෙසේ නම් මරණස්මෘතිය වඩන්නෙහි දැ යි? වහන්ස, මෙහිලා මට මෙබඳු සිතෙක් වෙයි: මම යම් පමණ කලෙකින් අඩ පිඬුවා වළඳම් නම් එතෙක් කල් ජීවත් වන්නෙම් නම් යෙහෙක. භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් මා විසින් ඒකාන්තයෙන් බොහෝ ආත්මහිත මහණසකිස කෙළේත් වන්නේ ය කියා යි, වහන්ස, මම මෙසේ වනාහි මම මරණ ස්මෘතිය වඩමි යි.
Pali BJT6. අඤ්ඤතරොපි ඛො භික්ඛු භගවන්තං එතදවොච: අහම්පි ඛො භන්තෙ, භාවෙමි මරණසතින්ති. යථා කථං පන ත්වං භික්ඛු භාවෙසි මරණසතින්ති?
Sinhala BJT6. අන්‍යතර මහණෙක් ද භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය: “වහන්ස, මමත් මරණස්මෘතිය වඩමි”යි කියා යි. මහණ තෝ කෙසේ නම් මරණස්මෘතිය වඩහි දැ යි?
Pali BJTඉධ මය්හං භන්තෙ, එවං හොති: අහො වතාහං තදන්තරං ජීවෙය්යං, යදන්තරං චත්තාරො පඤ්ච ආලොපෙ සඞ්ඛාදිත්වා අජ්ඣොහරාමි. භගවතො සාසනං මනසිකරෙය්යං බහුං වත මෙ කතං අස්සාති. එවං ඛො අහං භන්තෙ, භාවෙමි මරණසතින්ති.
Sinhala BJTවහන්ස, මට මෙහිලා මෙබඳු සිතෙක් වෙයි: මම යම් පමණ කලෙකින් බත් සතර පස් පිඩක් සපා ගිලිම් ද, ඒ තාක් කල් ජීවත් වන්නෙම් නම් යෙහෙක. භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් එකතින් බොහෝ ආත්මහිත මහණසකිස කෙළේ වන්නේ ය කියා යි, වහන්ස, මම මෙසේ මරණස්මෘතිය වඩමි යි.
Pali BJT7. අඤ්ඤතරොපි ඛො භික්ඛු භගවන්තං එතදවොච: අහම්පි ඛො භන්තෙ, භාවෙමි මරණසතින්ති. යථා කථං පන ත්වං භික්ඛු භාවෙසි මරණසතින්ති?
Sinhala BJT7. අන්‍යතර මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කෙළේ ය: “වහන්ස, මමත් මරණස්මෘතිය වඩමි”යි කියා යි. මහණ තෝ කෙසේ නම් මරණස්මෘතිය වඩන්නෙහි දැ යි?
Pali BJTඉධ මය්හං භන්තෙ, එවං හොති: අහො වතාහං තදන්තරං ජීවෙය්යං, යදන්තරං එකං ආලොපං සඞ්ඛාදිත්වා අජ්ඣොහරාමි. භගවතො සාසනං මනසිකරෙය්යං, බහුං වත මෙ කතං අස්සාති. එවං ඛො අහං භන්තෙ, භාවෙමි මරණසතින්ති.
Sinhala BJTවහන්ස, මට මෙහිලා මෙබඳු සිතෙක් වෙයි: මම යම් පමණ කලෙකින් එක ආලෝපයක් සපා ගිලිම්ද, ඒතාක් කල් ජීවත් වන්නෙම් නම් යෙහෙක. භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් ඒකාන්තයෙන් මා විසින් බොහෝ ආත්මහිත මහණසකිස කෙළේත් වන්නේ ය කියා යි, වහන්ස, මම මෙසේ මරණස්මෘතිය වඩමි යි.
Pali BJT8. අඤ්ඤතරොපි ඛො භික්ඛු භගවන්තං එතදවොච: අහම්පි ඛො භන්තෙ, භාවෙමි මරණසතින්ති.
Sinhala BJT8. අන්‍යතර මහණෙක් ද භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කෙළේ ය: “වහන්ස, මමත් මරණානුස්මෘතිය වඩමි”යි කියා යි.
Pali BJTයථා කථං පන ත්වං භික්ඛු භාවෙසි මරණසතින්ති? ඉධ මය්හං භන්තෙ, එවං හොති: අහො වතාහං තදන්තරං ජීවෙය්යං, යදන්තරං අස්සසිත්වා වා පස්සාමි, පස්සසිත්වා වා අස්සසාමි, භගවතො සාසනං මනසිකරෙය්යං, බහුං වත මෙ කතං අස්සාති. එවං ඛො අහං භන්තෙ, භාවෙමි මරණසතින්ති.
Sinhala BJTමහණ තෝ කෙසේ නම් මරණස්මෘතිය වඩන්නෙහි දැ යි? වහන්ස, මෙහිලා මට මෙබඳු සිතෙක් වෙයි: මම යම් පමණ කලෙකින් ආශ්වාස කොට හෝ ප්‍රශ්වාස කෙරෙම් ද, ප්‍රශ්වාස කොට හෝ ආශ්වාස කෙරෙම් ද, ඒතාක් කල් ජීවත්වන්නෙම් නම් යෙහෙක. භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් ඒකාන්තයෙන් මා විසින් බොහෝ ආත්මහිත මහණසකිස කෙළේත් වන්නේ ය කියා යි, වහන්ස, මම මෙසේ මරණස්මෘතිය වඩමි යි.
Pali BJTඑවං වුත්තෙ භගවා තෙ භික්ඛු එතදවොච: ය්වායං භික්ඛවෙ, භික්ඛු එවං මරණසතිං භාවෙති: අහො වතාහං රත්තින්දිවං ජීවෙය්යං භගවතො සාසනං මනසිකරෙය්යං බහුං වත මෙ කතං අස්සාති, යොපායං භික්ඛවෙ, භික්ඛු එවං මරණසතිං භාවෙති: අහො වතාහං දිවසං ජීවෙය්යං භගවතො සාසනං මනසිකරෙය්යං, බහුං වත මෙ කතං අස්සාති. යොපායං භික්ඛවෙ, භික්ඛු එවං මරණසතිං භාවෙති. අහොවතාහං උපඩ්ඪඩදිවසං ජීවෙය්යං, භගවතො සාසනං මනසිකරෙය්යං, බහුං වත මෙ කතං අස්සාති, යොපායං භික්ඛවෙ, භික්ඛු එවං මරණසතිං භාවෙති: අහො වතාහං තදන්තරං ජීවෙය්යං යදන්තරං එකං පිණ්ඩපාතං භුඤ්ජාමි, භගවතො සාසනං මනසිකරෙය්යං, බහුං වත මෙ කතං අස්සාති. යොපායං භික්ඛවෙ, භික්ඛු එවං මරණසතිං භාවෙති: අහො වතාහං තදන්තරං ජීවෙය්යං, යදන්තරං උපඩ්ඪපිණ්ඩපාතං භුඤ්ජාමි, භගවතො සාසනං මනසිකරෙය්යං, බහුං වත මෙ කතං අස්සාති, යොපායං භික්ඛවෙ භික්ඛු එවං මරණසතිං භාවෙති: අහො වතාහං තදන්තරං ජීවෙය්යං යදන්තරං චත්තාරො වා පඤ්ච ආලොපෙ සඞ්ඛාදිත්වා අජ්ඣොහරාමි, භගවතො සාසනං මනසිකරෙය්යං, බහුං වත මෙ කතං අස්සාති, ඉමෙ වුච්චන්ති භික්ඛවෙ භික්ඛු පමත්තා විහරන්ති දන්ධං මරණසතිං භාවෙන්ති ආසවානං ඛයාය:
Sinhala BJTමෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ එ මහණුනට තෙල වදාළ සේක: මහණෙනි, යම් මහණෙක් ‘එකතින් මම එක රෑ දවාලක් ජීවත් වන්නෙම් නම් යෙහෙක, භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් ඒකාන්තයෙන් මා විසින් බොහෝ ආත්මහිත මහණකිස කෙළේ වන්නේ ය’යි මෙසේ මරණස්මෘතිය වඩනේ ද, මහණෙනි, යම් මහණෙක් මම දාවලක් ජීවත් වන්නෙම් නම් යෙහෙක, භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් මා විසින් එකතින් බොහෝ ආත්මහිත මහණකිස කෙළේ වන්නේය’යි මෙසේ මරණස්මෘතිය වඩනේ ද, මහණෙනි, යම් මේ මහණ කෙනෙක් ‘මම එකතින් අඩදිනක ජීවත් වන්නෙම් නම් යෙහෙක, භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් මා විසින් එකතින් බොහෝ ආත්මහිත මහණකිසා කෙළේ වන්නේය’යි මෙසේ මරණස්මෘතිය වඩනේ ද, මහණෙනි, යම් මේ මහණෙක් මම යම් පමණ කලෙකින් එක් පිඬුවායක් වළඳම් නම් එතෙක් කල් ජීවත් වන්නෙම් නම් යෙහෙක, භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් මා විසින් එකතින් බොහෝ ආත්මහිත මහණකිස කෙළේ වන්නේ යයි මෙසේ මරණස්මෘතිය වඩනේ ද, මහණෙනි, යම් මේ මහණෙක් ‘මම යම් පමණ කලෙකින් අඩපිඬුවායක් වළඳම් නම් ඒතාක් කල් ජීවත්වන්නෙම් නම් යෙහෙක, භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් මා විසින් ඒකාන්තයෙන් බොහෝ ආත්මහිත මහණ කිසා කෙළේ වන්නේ ය’යි මෙසේ මරණස්මෘතිය වඩනේ ද, මහණෙනි, යම් මේ මහණෙක් ‘මම යම් පමණ කලෙකින් බත් සතර පිඩක් පස් පිඩක් සපා ගිලිම් නම් එතෙක් ජීවත් වන්නෙම් නම් යෙහෙක, භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් මා විසින් එකතින් බොහෝ ආත්මහිත මහණකිස කෙළේ වන්නේ ය’යි මෙසේ මරණස්මෘතිය වඩනේ ද, මහණෙනි, මේ භික්‍ෂූහු ප්‍රමාදව වෙසෙති ද ආස්‍රවක්‍ෂය පිණිස ලැසිව මරණසතිය වඩත් යයි ද කියනු ලැබෙත්.
Pali BJTයො ච ඛ්වායං භික්ඛවෙ භික්ඛු එවං මරණසතිං භාවෙති; අහො වතාහං තදන්තරං ජීවෙය්යං යදන්තරං එකං ආලොපං සඞ්ඛාදිත්වා අජ්ඣොහරාමි, භගවතො සාසනං මනසිකරෙය්යං බහුං වත මෙ කතං අස්සාති, යොපායං භික්ඛවෙ භික්ඛු මරණසතිං භාවෙති: අහො වතාහං තදන්තරං ජීවෙය්යං, යදන්තරං අස්සසිත්වා පස්සසාමී ච පස්සසිත්වා වා අස්සසාමි, භගවතො සාසනං මනසිකරෙය්යං, බහුං වත මෙ කතං අස්සාති, ඉමෙ වුච්චන්ති භික්ඛවෙ භික්ඛු අප්පමත්තා විහරන්ති තික්ඛං මරණසතිං භාවෙන්ති ආසවානං ඛයාය.
Sinhala BJTමහණෙනි, යම් මේ මහණෙක් ‘මම යම් පමණ කලෙකින් එක් පිඩක් සපා ගිලිම් නම් ඒතාක් කල් ජීවත් වන්නෙම් නම් යෙහෙක, භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් මා විසින් ඒකාන්තයෙන් බොහෝ ආත්මහිත මහණකිස කෙළේ වන්නේය යි මෙසේ මරණස්මෘතිය වඩනේ ද, මහණෙනි, යම් මේ මහණෙක් ‘මම යම් පමණ කලෙකින් අසස් කොට හෝ පසස් කරන්නෙම් ද, පසස් කොට හෝ අසස් කරන්නෙම් ද ඒ තාක් කල් ජීවත් වන්නෙම් නම් යෙහෙක, භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් මා විසින් එකතින් බොහෝ ආත්මහිත මහණකිස කෙළේත් වන්නේ ය යි මෙසේ මරණස්මෘතිය වඩනේ ද, මහණෙනි, මේ භික්‍ෂූහු අප්‍රමත්තව වෙසෙන්නාහ යි ද ආස්‍රවක්‍ෂය කරනු පිණිස තීක්‍ෂණ ව මරණස්මෘතිය වඩන්නාහයි ද කියනු ලැබෙත්.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ එවං සික්ඛිතබ්බං: අප්පමත්තා විහරිස්සාම, තික්ඛං මරණසතිං භාවෙය්යාම ආසවානං ඛයායාති. එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, එහෙයින් මෙසේ හික්මිය යුතු: අප්‍රමත්තව වාසය කරම්හ. ආස්‍රවයන් ක්‍ෂය කරනු පිණිස තීක්‍ෂණ ව මරණස්මෘතිය වඩම්හ කියා යි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි.
Pali BJT8. 2. 8. 4.
Sinhala BJT8. 2. 8. 4.
Pali BJTදුතියමරණසති සුත්තං
Sinhala BJTදෙවැනි මරණසති සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා නාදිකෙ විහරති ගිඤ්ජකාවසථෙ. තත්ර ඛො භගවා භික්ඛු ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාදික ගම්හි ගිඤ්ජකාවස්ථයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක.
Pali BJTමරණසති භික්ඛවෙ භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානා. කථං භාවිතා ච භික්ඛවෙ, මරණසති කථං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානා:
Sinhala BJTමහණෙනි, භාවිත බහුලීකෘත මරණස්මෘතිය මහත්ඵල මහානෘශංස වෙයි, අමෘතාවගාහ වේ, අමෘතපර්‍ය්‍යාවසාන වේ. මහණෙනි, කෙසේ භාවිත කෙසේ බහුලීකෘත මරණස්මෘතිය මහත්ඵල වේ ද, මහානෘශංස වේ ද, අමෘතාවගාහ වේ ද, අමෘතපර්‍ය්‍යාවසාන වේ ද:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු දිවසෙ නික්ඛන්තෙ රත්තියා පතිහිතාය{1} ඉතිපටිසඤ්චික්ඛති: බහුකා ඛො මෙ පච්චයා මරණස්ස. අභි වා මං ඩංසෙය්ය, විච්ඡිකො වා මං ඩංසෙය්ය, සතපදී වා මං ඩංසෙය්ය, තෙන මෙ අස්ස කාලකිරියා. සො මම අස්ස අන්තරායො, උපක්ඛලිත්වා වා පපතෙය්යං, භත්තං වා මෙ භුත්තං බ්යාපජ්ජෙය්ය, පිත්තං වා මෙ කුප්පෙය්ය, සෙම්හං වා මෙ කුප්පෙය්ය, සත්ථකා වා මෙ වාතා කුප්පෙය්යුං, මනුස්සා වා මං උපක්කමෙය්යුං, අමනුස්සා වා මං උපක්කමෙය්යුං, තෙන මෙ අස්ස කාලකිරියා, සො මම අස්ස අන්තරායොති.
Sinhala BJTමහණෙනි, මේ සස්නෙහි මහණ දාවල ඉක්මගිය කල්හි රෑ නැවත එළඹි කල්හි මෙසේ පස්විකයි: මාගේ මරණයට ප්‍රත්‍යයයෝ බොහෝ වෙති. සර්‍පයෙක් හෝ මා ඩස්නේ ය, ගෝනුස්සෙක් හෝ මා ඩස්නේ ය, පත්තෑයෙක් හෝ මා ඩස්නේ ය. එයින් මාගේ කාලක්‍රියාව වෙයි. ඒ මට ජීවිතාන්තරාය වෙයි. පැකිල හෙන්නෙම් නම් හෝ වෙමි. මා වැළඳූ බත හෝ නො දිරන්නේ ය. මාගේ පිත හෝ කිපෙයි. මාගේ සෙම හෝ කිපෙයි. මාගේ ශස්ත්‍රක වාතයෝ හෝ කිපෙති. මිනිස්සු හෝ මට උපක්‍රම කෙරෙති. අමනුෂ්‍යයෝ හෝ මට උපක්‍රම කෙරෙත්. එයින් මාගේ කාලක්‍රියාව වන්නේ ය. ඒ මට අන්තරාය වෙයි.
Pali BJTතෙන භික්ඛවෙ භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: අත්ථී නු ඛො මෙ පාපකා අකුසලා ධම්මා අප්පහීනා යෙ මෙ අස්සු රත්තිං කාලං කරොන්තස්ස අන්තරායායාති. සචෙ භික්ඛවෙ භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: අත්ථි මෙ පාපකා අකුසලා ධම්මා අප්පහීනා යෙ මෙ අස්සු රත්තිං කාලං කරොන්තස්ස අන්තරායායාති. තෙන භික්ඛවෙ භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤං ච කරණීයං.
Sinhala BJTමහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සිතිය යුතු යි: “රෑ කාලක්‍රියා කරන මට අන්තරාය පිණිස යම් අකුශල කෙනෙක් වෙත් නම් එබඳු ලමු අකුසල් දහම්හු මට අප්‍රහීණ වූවාහු ඇත් ද කියා යි. මහණෙනි, ඉදින් මහණ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ දන්නේ ද: “රෑ කාලක්‍රියා කරන මට යම් අකුශලධර්‍ම කෙනෙක් අන්තරාය පිණිස වෙත් නම් මට අප්‍රහීණ වූ එබඳු ලමු අකුශල ධර්‍මයෝ ඇතැයි. මහණෙනි, ඒ මහණහු විසින් ඒ ලමු අකුසල් දහමුන්ගේ ම ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දයත් ව්‍යායාමයත් උත්සාහයත් අධිමාත්‍ර උත්සාහයත් නො කලකිරුමත් ස්මෘතියත් සම්ප්‍රජන්‍යයත් කටයුතු.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, ආදිත්තචෙලො වා ආදිත්තසීසො වා තස්සෙව චෙලස්ස වා සීසස්ස වා නිබ්බාපනාය අධිමත්තං ඡන්දඤ්ච වායාමඤ්ච උස්සාහඤ්ච උස්සොළ්හිඤ්ච අප්පටිවානිඤ්ච සතිඤ්ච සම්පජඤ්ඤඤ්ච කරෙය්යං, එවමෙව ඛො භික්ඛවෙ, තෙන භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤඤ්ච කරණීයං.
Sinhala BJTමහණෙනි, යම් සෙයින් ඇවිළ දන වස්ත්‍රය ඇතියෙක් වේවයි ඇවිළ දන හිසැතියේ වේවයි එම වස්ත්‍රය හෝ හිස නිවීම පිණිස අධිමාත්‍ර ඡන්‍දයත් ව්‍යායාමයත් උත්සායහත් අධිමාත්‍ර උත්සාහයත් උකටලී නොවීමත් ස්මෘතියත් සම්ප්‍රජන්‍යයත් කෙරේ ද, මහණෙනි, එසෙයින් ම ඒ මහණු විසින් එම ලාමක අකුසල් දහමුන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දයත්, ව්‍යායාමයත්, උත්සාහයත්, අධික වීර්‍ය්‍යයත්, උකටලී නො වීමත්, ස්මෘතියත්, සම්ප්‍රජන්‍යයත් කටයුතු යි.
Pali BJTසචෙ පන භික්ඛවෙ භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: නත්ථි මෙ පාපකා අකුසලා ධම්මා අප්පහීනා යෙ මෙ අස්සු රත්තිං කාලං කරොන්තස්ස අන්තරායායාති, තෙන භික්ඛවෙ භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
Sinhala BJTමහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ ‘යම් අකුසල් දහම් කෙනෙක් කෙනෙක් රෑ කලුරිය කරන මට අන්තරාය පිණිස වෙත් නම් එබඳු අප්‍රහීණ වූ ලාමක අකුසල් දහම්හු මට නැතැ යි මෙසේ දන්නේ වේ ද, මහණෙනි, එ මහණහු විසින් දවරෑහි කුසල් දහම්හි හික්මෙනුවහු විසින් එම ප්‍රීතිප්‍රමෝද්‍යයෙන් වාස කටයුතු යි.
Pali BJTඉධ පන භික්ඛවෙ භික්ඛු රත්තියා නික්ඛන්තාය දිවසෙ පතිහිතෙ ඉතිපටිසඤ්චික්ඛති: බහුකා ඛො මෙ පච්චයා මරණස්ස. අහි වා මං ඩංසෙය්ය, විච්ඡිකො වා මං ඩංසෙය්ය, සතපදී වා මං ඩංසෙය්ය, තෙන මෙ අස්ස කාලකිරියා. සො මම අස්ස අන්තරායාති. උපක්ඛලිත්වා වා පපතෙය්යං, භත්තං වා මෙ භුත්තං බ්යාපජ්ජෙය්ය, පිත්තං වා මෙ කුප්පෙය්ය, සෙම්හං වා මෙ කුප්පෙය්ය, සත්ථකා වා මෙ වාතා කුප්පෙය්යුං, මනුස්සා වා මං උපක්කමෙය්යුං, අමනුස්සා වා මං උපක්කමෙය්යුං, තෙන මෙ අස්ස කාලකිරියා. සො මම අස්ස අන්තරායායාති. තෙන භික්ඛවෙ භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: අත්ථි නු ඛො මෙ පාපකා අකුසලා ධම්මා අප්පහීනා යෙ මෙ අස්සු දිවා කාලං කරොන්තස්ස අන්තරායායාති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ රෑ නික්ම ගිය කල්හි දවස නැවත ආ කල්හි මෙසේ නුවණින් සිතයි: මාගේ මරණයට බොහෝ ප්‍රත්‍යයෝ වෙත්: සර්‍පයෙක් හෝ මා ඩස්නේ ය, වෘශ්චිකයෙක් හෝ මා ඩස්නේ ය, ශතපදිකයෙක් හෝ මා ඩස්නේ ය, එයින් මාගේ කාලක්‍රියාව වෙයි. එය මට අන්තරාය පිණිස වෙයි, පා පැකිළ හෝ හෙන්නෙම වෙමි, මා වැළඳූ බත හෝ නොදිරයි, මාගේ පිත හෝ කිපෙයි, මාගේ සෙම හෝ කිපෙයි, මගේ ශස්ත්‍රකවාතයේ හෝ කිපෙත්, මිනිස්සු හෝ මට අපක්‍රම කරත්, අමනුෂ්‍යයෝ හෝ මට උපක්‍රම කරත්, එයින් මාගේ කාලක්‍රියාව වෙයි, ඒ මට අන්තරාය පිණිස වෙයි, කියා යි. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ සිතිය යුතු යි: දවල් කාලක්‍රියා කරන මට අන්තරාය පිණිස යම් අකුසල් කෙනෙක් වෙත් නම්, එබඳු අප්‍රහීණ වූ ලාමක අකුසල් දහම්හු ම ඇත කියා යි.
Pali BJTසචෙ භික්ඛවෙ භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: අත්ථී මෙ පාපකා අකුසලා ධම්මා අප්පහීනා යෙ මෙ අස්සු දිවා කාලං කරොන්තස්ස අන්තරායාති. තෙන භික්ඛවෙ භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤං ච කරණීයං.
Sinhala BJTමහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ දන්නේ ද: “දාවල් කාලක්‍රියා කරන මට අන්තරාය පිණිස යම් අකුශල ධර්‍ම කෙනෙක් වෙත් නම් එබඳු අකුශල ධර්‍මයෝ අප්‍රහීණ වූවාහු මට ඇත කියා යි. මහණෙනි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දයත්, ව්‍යායාමයත්, උත්සාහයත්, උස්සොළ්හියත්, අප්‍රතිවානියත්, ස්මෘතියත්, සම්ප්‍රජන්‍යයත් කට යුතු යි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, ආදිත්තචෙලො වා ආදිත්තසීසො වා තස්සෙව චෙලස්ස වා සීසස්ස වා නිබ්බාපනාය අධිමත්තං ඡන්දඤ්ච වායාමඤ්ච උස්සාහඤ්ච උස්සොළ්හිඤ්ච අප්පටිවානිඤ්ච සතිඤ්ච සම්පජඤ්ඤඤ්ච කරෙය්ය, එවමෙව ඛො භික්ඛවෙ, තෙන භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤඤ්ච කරණීයං.
Sinhala BJTමහණෙනි, යම් සෙයෙකින් ඇවිළ දන වස්ත්‍ර ඇතියේ හෝ ඇවිළ දන හිසැතියේ ඇවිළ දන ඒ වස්ත්‍රය හෝ ඇවිළ දන ඒ හිස හෝ නිවීමට අධිමාත්‍ර ඡන්‍දයත්, ව්‍යායාමයත්, උත්සාහයත්, උස්සොළිහියත්, නො කලකිරුමත්, ස්මෘතියත්, සම්ප්‍රජන්‍යයත් කෙරේ නම්, මහණෙනි, එපරිදි ම ඒ මහණහු විසින් එම ලාමක අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දයත්, ව්‍යායාමයත්, උත්සාහයත්, උස්සොළිහියත්, අප්‍රතිවානියත්, ස්මෘතියත්, සම්ප්‍රජන්‍යයත් කටයුතු යි.
Pali BJTසචෙ පන භික්ඛවෙ, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: නත්ථි මෙ පාපකා අකුසලා ධම්මා අප්පහීනා. යෙ මෙ අස්සු දිවාකාලං කරොන්තස්ස අන්තරායායාති, තෙන භික්ඛවෙ භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
Sinhala BJTමහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ දන්නේ ද: දවල් කලුරිය කරන මට අන්තරාය පිණිස යම් අකුශල ධර්‍ම කෙනෙක් වෙත් නම් එබඳු ලාමක අකුශල ධර්‍මයෝ අප්‍රහීණ වූවහු මට නැත. මහණෙනි, මහණහු විසින් කුශල ධර්‍මයන්හි දව රෑ හික්මෙනුවහු එම ප්‍රීති ප්‍රමෝදයෙන් වාසය කටයුතු යි.
Pali BJTඑවං භාවිතා ඛො භික්ඛවෙ මරණසති එවං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති.
Sinhala BJTමහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුලීකෘත මරණස්මෘතිය මහත්ඵල වෙයි, මහානෘශංස වෙයි, අමෘතාවගාහ වෙයි, අමෘතපර්‍ය්‍යවසානත් වේ යයි.
Pali BJT8. 2. 8. 5.
Sinhala BJT8. 2. 8. 5.
Pali BJTපඨමසම්පදා සුත්තං
Sinhala BJTප්‍රථම සම්පදා සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅට්ඨිමා භික්ඛවෙ සම්පදා. කතමා අට්ඨ: උට්ඨානසම්පදා, ආරක්ඛසම්පදා, කල්යාණමිත්තතා, සමජීවිකතා, සද්ධාසම්පදා, සීලසම්පදා, චාගසම්පදා, පඤ්ඤාසම්පදා, ඉමා ඛො භික්ඛවෙ, අට්ඨ සම්පදාති:
Sinhala BJTමහණෙනි, මේ සම්පත් අට දෙනෙකි. කවර අට දෙනෙක යත්: උත්‍ථානසම්පදා ය, ආරක්‍ෂාසම්පදා ය, කල්‍යාණමිත්‍රසම්පදා ය, සමජීවිතා ය, ශ්‍රද්ධාසම්පදා ය, ශීලසම්පදා ය, ත්‍යාගසම්පදා ය, ප්‍රඥාසම්පදා යි. මහණෙනි, මේ අෂ්ට සම්පත් වෙයි.
Pali BJT1. උට්ඨාතා කම්මධෙය්යෙසු - අප්පමත්තො විධානවා සමං කප්පෙති ජීවිකං සම්භතං අනුරක්ඛති.
Sinhala BJT1. කමතෙහි (කර්‍මාන්ත කරන තන්හි) නැඟි සිටුනා වැර ඇතියේ නො පමා වූයේ විධාන ඇතියේ සම ව ජීවිකා කෙරෙයි. රැස්කළ දෑ රක්නේ ය.
Pali BJT2. සද්ධො සීලෙන සම්පන්නො වදඤ්ඤූ වීතමච්ඡරො, නිච්චං මග්ගං විසොධෙති සොත්ථානං සම්පරායිකං.
Sinhala BJT2. සැදැහැතියේ ශීලයෙන් යුතු වූයේ බිණූ බස්හි අරුත් දන්නේ හළ මසුරුමල ඇතියේ පරලොව ඇසිරි කළ සුව ලැබීමට හේතු වූ කුසල් මඟ නිරතුරු හෙළි කෙරෙයි.
Pali BJT3. ඉච්චෙතෙ අට්ඨධම්මා ච සද්ධස්ස ඝරමෙසිනො අක්ඛාතා සච්චනාමෙන උභයත්ථ සුඛාවහා.
Sinhala BJT3. ගිහිගෙයිවැසි සැදැහැති කුලපුත්හට දෙලොව සුව එළවන තෙල අට දහම්හු සත්‍යනාම (අන්‍වර්‍ත්‍ථ නාම) ඇති බුදුන් විසින් මෙසේ වදාරන ලදහ.
Pali BJT4. දිට්ඨධම්මහිතත්ථාය සම්පරායසුඛාය ච එවමෙතං ගහට්ඨානං චාගො පුඤ්ඤං පවඩ්ඪතීති.
Sinhala BJT4. ගිහියනට දෘෂ්ටධර්‍මහිතය පිණිස ද සම්පරායික සුවය පිණිස ද මෙසේ තෙල දහම වෙයි. ත්‍යාගය පින් වඩනේ යයි.
Pali BJT8. 2. 8. 6.
Sinhala BJT8. 2. 8. 6.
Pali BJTදුතිය සම්පදා සුත්තං
Sinhala BJTද්විතීය සම්පදා සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅට්ඨිමා භික්ඛවෙ සම්පදා: කතමා අට්ඨ: උට්ඨානසම්පදා, ආරක්ඛසම්පදා, කල්යාණමිත්තතා, සමජීවිකතා, සද්ධාසම්පදා, සීලසම්පදා, චාගසම්පදා, පඤ්ඤාසම්පදාති.
Sinhala BJTමහණෙනි, මේ සම්පත්හු අටදෙනෙකි. කවර අටදෙනෙක යත්: උත්‍ථානසම්පදා ය, ආරක්‍ෂසම්පදා ය, කල්‍යාණමිත්‍රතා ය, සමජීවිකතා ය, ශ්‍රද්ධාසම්පදා ය, ශීලසම්පදා ය, ත්‍යාගසම්පදා ය, ප්‍රඥාසම්පදා යි.
Pali BJT1. කතමා ච භික්ඛවෙ උට්ඨානසම්පදා:
Sinhala BJT1. මහණෙනි, උත්‍ථානසම්පදා නම් කවර:
Pali BJTඉධ භික්ඛවෙ කුලපුත්තො යෙන කම්මට්ඨානෙන ජීවිකං කප්පෙති යදි කසියා යදි වණිජ්ජාය යදි ගොරක්ඛෙන යදි ඉස්සත්ථෙන යදි රාජපොරිසෙන යදි සිප්පඤ්ඤතරෙන, තත්ථ දක්ඛො හොති අනලසො තත්රූපායාය වීමංසාය සමන්නාගතො අලං කාතුං අලං සංවිධාතුං, අයං වුච්චති භික්ඛවෙ උට්ඨානසම්පදා.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි කුලපුත් සීසෑමෙන් වේවයි, වෙණදාමෙන් වේවයි, ගෙරි රැක්මෙන් වේවයි, දුනුවා කමින් වේවයි, රජ මෙහෙවරින් වේවයි, අන්‍යතර ශිල්පයෙකින් වේවයි, යම් ම කර්‍මාන්තයකින් ජීවිකාව කෙරේ ද, එහි ලා දක්‍ෂ වෙයි, අනලස් වෙයි, තත්‍රෝපාය වීමංසායෙන් සමන්‍වාගත වෙයි, කරන්නට සමර්‍ත්‍ථ වෙයි, සංවිධානයට සමර්‍ත්‍ථ වෙයි. මහණෙනි, මේ උත්‍ථානසම්පදා යි කියනු ලැබේ.
Pali BJT2. කතමා ච භික්ඛවෙ ආරක්ඛසම්පදා:
Sinhala BJT2. මහණෙනි, ආරක්‍ෂසම්පදා නම් කවර:
Pali BJTඉධ භික්ඛවෙ කුලපුත්තස්ස භොගා හොන්ති උට්ඨානවිරියාධිගතා බාහාබලපරිචිතා සෙදාවක්ඛිත්තා ධම්මිකා ධම්මලද්ධා සො තෙ{1} ආරක්ඛෙන ගුත්තියා සම්පාදෙති ‘කින්ති මෙ භොගෙ නෙව රාජානො හරෙය්යුං, න චොරා හරෙය්යුං, න අග්ගි ඩහෙය්ය, න උදකං වහෙය්ය, න අප්පියා දායාදා හරෙය්යුන්ති. අයං වුච්චති භික්ඛවෙ ආරක්ඛසම්පදා.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි කුලපුතෙක් හට උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලැබූ, බාහුබලයෙන් රැස් කළ, සෝදිය වෑහීමෙන් රැස්කළ, එයින් දැහැමි වූ දැහැමින් ලත් භෝග කෙනෙක් වෙත් ද, හේ ඒ භෝගයන් ආරක්‍ෂායෙන් සැඟැවීමෙන් සපයා තබයි, කෙසේ ය: මා අයත් භෝගයන් කෙසේ රජදරුවෝ පැහැර නො ගනිත් ද, සොරු පැහැර නො ගනිත් ද, ගිනි නො දවා ද, දිය පා නො කෙරේ ද, අප්‍රිය වූ දායාදයෝ බන්‍ධූහු හෝ පැහැර නො ගනිත් ද කියා යි. මහණෙනි, මේ ආරක්‍ෂසම්පදා කියනු ලැබේ.
Pali BJT3. කතමා ච භික්ඛවෙ, කල්යාණමිත්තතා:
Sinhala BJT3. මහණෙනි, කල්‍යාණමිත්තතා කවර:
Pali BJTඉධ භික්ඛවෙ, කුලපුත්තො යස්මිං ගාමෙ වා නිගමෙ වා පටිවසති. තත්ථ යෙ තෙ හොන්ති ගහපති වා ගහපති පුත්තා වා දහරා වා වුද්ධසීලිනො වුද්ධා වා වුද්ධසීලිනො සද්ධාසම්පන්නා සීලසම්පන්නා චාගසම්පන්නා පඤ්ඤාසම්පන්නා, තෙහි සද්ධිං සන්තිට්ඨති, සල්ලපති, සාකච්ඡං සමාපජ්ජති. යථාරූපානං සද්ධාසම්පන්නානං සද්ධාසම්පදං අනුසික්ඛති, යථාරූපානං සීලසම්පන්නානං සීලසම්පදං අනුසික්ඛති, යථාරූපානං චාගසම්පන්නානං චාගසම්පදං අනුසික්ඛති, යථාරූපානං පඤ්ඤාසම්පන්නානං පඤ්ඤාසම්පදං අනුසික්ඛති. අයං වුච්චති භික්ඛවෙ කල්යාණමිත්තතා.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි කුලපුත් යම් ම ගම්කෙතෙක වේ වයි, නියම්ගමෙක වේවයි වෙසේ ද, එහි ශ්‍රද්ධාසම්පන්න, ශීලසම්පන්න, ත්‍යාගසම්පන්න, ප්‍රඥාසම්පන්න වෘද්ධශීලී දහරයේ වෙත්වයි, වෘද්ධශීලී වෘද්ධයෝ වෙත්වයි යම් ඒ ගැහැවි කෙනෙක් හෝ ගැහැවි පුත් කෙනෙක් හෝ ඇද්ද, ඔවුන් හා එක්ව සිටුනේ ය. එක්ව බණන්නේ ය. සාකච්ඡාවට වදනේ ය. යම්බඳු (නොවෙනස් ව සිටුනා) සැදෑ සපනුන්ගේ සැදෑ සපුව අනුව හික්මේ ද, යම්බඳු (නොවෙනස් ව සිටුනා) සිල් සපනුන්ගේ සිල්සපුව අනුව හික්මේ ද, යම් බඳු (නොවෙනස් ව සිටුනා) ත්‍යාගසම්පන්නයන්ගේ ත්‍යාගසම්පත් අනුව හික්මේ ද යම්බඳු (නොවෙනස් ව සිටුනා) ප්‍රඥාසම්පන්නයන්ගේ ප්‍රඥාසම්පත් අනුව හික්මේ ද, මහණෙනි, මේ කල්‍යාණ මිත්‍රතා යි කියනු ලැබේ.
Pali BJT4. කතමා ච භික්ඛවෙ සමජීවිකතා:
Sinhala BJT4. මහණෙනි, සමජීවිතා නම් කවර:
Pali BJTඉධ භික්ඛවෙ, කුලපුත්තො ආයඤ්ච{1} භොගානං විදිත්වා වයඤ්ච භොගානං විදිත්වා සමං ජීවිකං කප්පෙතී න අච්චොගාළ්හං, නාතිහීනං, එවං මෙ ආයො වයං පරියාදාය ඨස්සති, න ච මෙ වයො ආයං පරියාදාය ඨස්සතීති. සෙය්යථාපි භික්ඛවෙ, තුලාධාරො වා තුලාධාරන්තෙවාසී වා තුලං පග්ගහෙත්වා ජානාති එත්තකෙනව ඔනතං එත්තකෙන වා උන්නතන්ති. එවමෙව ඛො භික්ඛවෙ කුලපුත්තො ආයඤ්ච භොගානං විදිත්වා වයඤ්ච භොගානං විදිත්වා සමං ජීවිකං කප්පෙති, න ච අච්චොගාළ්හං, න අතිහීනං. එවං මෙ ආයො වයං පරියාදාය ඨස්සති, න ච මෙ වයො ආයං පරියාදාය ඨස්සතීති.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි කුලපුත් භෝගයන්ගේ අයත් දැන භෝගයන්ගේ වැයත් දැන මෙසේ මාගේ අය වැය යට කොට ගෙන සිටුනේ ය, මගේ වැය අය යට කොටගෙන නො සිටුනේ ය යි අත්‍යවගාහ නො කොට අතිහීන නො කොට මොනොවට ජීවිකා කෙරෙයි. මහණෙනි, යම් පරිදි තුලධරයෙක් හෝ තුලධරු අතඅවැසියෙක් හෝ තුලාව නගා ගෙන මෙතෙකින් ම නතුවිය, මෙතෙකින් ම මතු වී යයි දන්නේ වේදැ, මහණෙනි, එපරිදි ම කුලපුත් භෝගයන්ගේ අයත් දැන භෝගයන්ගේ වැයත් දැන අත්‍යවගාහ නො කොට අතිහීන නො කොට මොනොවට ජීවිකා කරන්නේ ය. මෙසේ මාගේ අය, වැය යටකොට සිටුනේ ය. මාගේ වැය, අය යට කොටගෙන නොසිටුනේ යයි කියා යි.
Pali BJTසචායං භික්ඛවෙ, කුලපුත්තො අප්පායො සමානො උළාරං ජීවිකං කප්පෙති, තස්ස භවන්ති චත්තාරො උදුම්බරඛාදිකං වායං{2} කුලපුත්තො භොගෙ ඛාදතීති. සචෙ පනායං භික්ඛවෙ, කුලපුත්තො මහායො සමානො කසිරං ජීවිකං කප්පෙති, තස්ස භවන්ති වත්තාරො: අජද්ධු{3}මාරිකං වායං කුලපුත්තො මරිස්සතී’ති.
Sinhala BJTමහණෙනි, ඉදින් මේ කුලපුත් මද අය ඇතියේ උදාර සේ ජීවිකා කෙරේ ද, එවිට ‘මේ කුලපුත් දිඹුල් කනුවක්හු සෙයින් භෝගයන් වළඳ කෙරේය’ යි, ඔහට නිගාබණනුවෝ ඇත. මහණෙනි, ඉදින් මේ කුලපුත් මහත් අය ඇතියේ දුකසේ ජීවිකා කෙරේ ද, ‘මේ කුලපුත් අනාථ මරණ ඇතියකු සෙයින් මැරේ’ය යි ඔහට නිගා බණනුවෝ ඇත.
Pali BJTයතො ච ඛ්වායං භික්ඛවෙ කුලපුත්තො ආයං ච භොගානං විදිත්වා වයඤ්ච භොගානං විදිත්වා සමං ජීවිකං කප්පෙති න අච්චොගාළ්හං න අතිහීනං, එවං මෙ ආයො වයං පරියාදාය ඨස්සති, න ච මෙ වයො ආයං පරියාදාය ඨස්සතීති. අයං වුච්චති භික්ඛවෙ සමජීවිකතා.
Sinhala BJTමහණෙනි, යම් හෙයකින් මේ කුලපුත් ඉමහත් නො කොට අතිහීන නො කොට මෙසේ මා අයත් අය, වැය යට කොට සිටුනේ ය, මාගේ වැය, අය යට කොට නො සිටුනේ ය යි භෝගයන්ගේ අයත් දැන භෝගයන්ගේ වැයත් දැන මොනොවට ජීවිකාව කෙරෙයි ද, මහණෙනි, මේ සමජීවිතා යයි කියනු ලැබේ.
Pali BJT5. කතමා ච භික්ඛවෙ, සද්ධාසම්පදා:
Sinhala BJT5. මහණෙනි, ශ්‍රද්ධා සම්පත් කවර:
Pali BJTඉධ භික්ඛවෙ, කුලපුත්තො සද්ධො හොති සද්දහති තථාගතස්ස බොධිං: ‘ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. අයං වුච්චති භික්ඛවෙ, සද්ධාසම්පදා.
Sinhala BJTමහණෙනි, මෙලොව්හි කුලපුත් සැදැහැතියේ වෙයි, ‘ඒ භාග්‍යවත්හු මෙසේත් ... දෙව්මිනිස්නට ශාස්ත්‍රැයම, සිවුසස් දතුවහ, භගවත්හ’යි තථාගතයන් වහන්සේගේ සම්‍යක් සම්බෝධිය අදහයි. මහණෙනි, මේ ශ්‍රද්ධාසම්පදා යි කියනු ලැබේ.
Pali BJT6. කතමා ච භික්ඛවෙ, සීලසම්පදා:
Sinhala BJT6. මහණෙනි, ශීල සම්පත් කවර:
Pali BJTඉධ භික්ඛවෙ කුලපුත්තො පාණාතිපාතා පටිවිරතො හොති -පෙ- සුරාමෙරය මජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති. අයං වුච්චති භික්ඛවෙ සීලසම්පදා.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි කුලපුත් පණිවායෙන් දුරු වෙයි ... මද පමා දෙකට කරුණු වූ රහමෙර පීමෙන් දුරු වෙයි. මහණෙනි, මේ ශීලසම්පදා යි කියනු ලැබේ.
Pali BJT7. කතමා ච භික්ඛවෙ චාගසම්පදා:
Sinhala BJT7. මහණෙනි, ත්‍යාග සම්පත් කවර:
Pali BJTඉධ භික්ඛවෙ, කුලපුත්තො විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති -පෙ- යාචයොගො දානසංවිභාගරතො, අයං වුච්චති භික්ඛවෙ, චාගසම්පදා.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි කුලපුත් පහව ගිය මලමසුරු ඇති සිතින් ගෙහි වසන්නේ ය ... යදනට නිසි වූයේ දානසංවිභාගයෙහි ඇලුණේ වෙයි. මහණෙනි, මේ ත්‍යාගසම්පදා යි කියනු ලැබේ.
Pali BJT8. කතමා ච භික්ඛවෙ පඤ්ඤාසම්පදා:
Sinhala BJT8. මහණෙනි, ප්‍රඥාසම්පත් කවර:
Pali BJTඉධ භික්ඛවෙ කුලපුත්තො පඤ්ඤවා හොති -පෙ- සම්මා දුක්ඛක්ඛයගාමිනියා. අයං වුච්චති භික්ඛවෙ පඤ්ඤාසම්පදා.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි කුලපුත් ප්‍රඥාවත් වෙයි ... මොනොවට දුඃඛක්‍ෂයගාමිණි වූ ... මහණෙනි, මේ ප්‍රඥාසම්පදා යි කියනු ලැබේ.
Pali BJTඉමා ඛො භික්ඛවෙ, අට්ඨසම්පදාති.
Sinhala BJTමහණෙනි, මේ සම්පත්හු අට දන වෙත්,
Pali BJT1. උට්ඨාතා කම්මධෙය්යෙසු අප්පමත්තො විධානවා, සමං කප්පෙති ජීවිකං සම්භතං අනුරක්ඛති.
Sinhala BJT1. කාර්‍ය්‍ය කරන තන්හි නැගී සිටුනා වෙර ඇතියේ නො පමා වූයේ විදහන් ඇතියේ මොනොවට ජීවිකා කෙරෙයි. රැස්කළ දෑ රකියි.
Pali BJT2. සද්ධො සීලෙන සම්පන්නො වදඤ්ඤූ වීතමච්ඡරො, නිච්චං මග්ගං විසොධෙති සොත්ථානං සම්පරායිකං
Sinhala BJT2. සැදැහැතියේ ශීලයෙන් යුක්ත වූයේ වදන් දන්නේ හළ මසුරු මල ඇතියේ පරලොව ඇසිරි කළ සුඛදායක මාර්‍ගය නිතර හෙළි කෙරෙයි.
Pali BJT3. ඉච්චෙතෙ අට්ඨධම්මා ච සද්ධස්ස ඝරමෙසිනො, අක්ඛාතා සච්චනාමෙන උභයත්ථ සුඛාවහා.
Sinhala BJT3. ගිහිගෙයි වැසි සැදැහැති කුලපුත්හට දෙලොව සුව එළවන තෙල අට දහම්හු සත්‍යනාම (අන්‍වර්‍ත්‍ථනාම) ඇති බුදුන් විසින් වදාරන ලදී.
Pali BJT4. දිට්ඨධම්මහිතත්ථාය සම්පරායසුඛාය ච එවමෙතං ගහට්ඨානං චාගො පුඤ්ඤං පවඩ්ඪතීති.
Sinhala BJT4. මෙසේ තෙල දහම ගෘහස්ථයන්ගේ මොලොව හිත පිණිස ද පරලොව සුව පිණිස ද වෙයි. ත්‍යාගය තෙමේ පින් වඩන්නේ යයි.
Pali BJT8. 2. 8. 7.
Sinhala BJT8. 2. 8. 7.
Pali BJTඉච්ඡා සුත්තං
Sinhala BJTඉච්ඡා සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTතත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛු ආමන්තෙසි ආවුසො භික්ඛවොති, ආවුසොති ඛො තෙ භික්ඛු ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං ආයස්මා සාරිපුත්තො එතදවොච:
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ‘ඇවැත්නි, මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූහ. ඒ භික්‍ෂූහු ‘ඇවැත්නි’ යි ආයුෂ්මත් සැරියුත් තෙරණුවනට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල කීහ:
Pali BJTඅට්ඨි මෙ ආවුසො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ අට්ඨ:
Sinhala BJTඇවැත්නි, මේ පුද්ගලයෝ අට දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යාමාන වෙත්. කවර අට දෙනෙක් ද යත්:
Pali BJT1. ඉධාවුසො භික්ඛුනො පවිවිත්තස්ස විහරතො නිරායත්තවුත්තිනො ඉච්ඡා උප්පජ්ජති ලාභාය. සො උට්ඨහති ඝටති වායමති ලාභාය. තස්ස උට්ඨහතො ඝටතො වායමතො ලාභාය ලාභො නූප්පජ්ජති, සො තෙන අලාභෙන සොචති කිලමති පරිදෙවති, උරත්තාළිං කන්දති සම්මොහං ආපජ්ජති. අයං වුච්චතාවුසො, භික්ඛු ඉච්ඡො විහරති ලාභාය, උට්ඨහති ඝටති, වායමති ලාභාය. න ච ලාභී, සොචී ච පරිදෙවී ච චුතො ච සද්ධම්මා.
Sinhala BJT1. ඇවැත්නි, මෙ සස්නෙහි ප්‍රවිවේකයෙන් වසන්නා වූ (කිසිවත් කෙරෙහි) අයත් පැවැතුම් ඇති (විදර්‍ශනා කාර්මික) මහණක්හට ලාභය පිණිස ඉච්ඡාවක් උපදියි. හෙ තෙමේ උත්සාහ කරයි. (පූර්‍වාපරවශයෙන්) ඝටයි. වෑයම් කරයි. ලාභය පිණිස උත්සාහ කරන ඝටන වෑයම් කරන ඔහුට ලාභය නූපදියි. හෙ තෙමේ ඒ අලාභයෙන් ශෝක කෙරෙයි. ක්ලාන්ත වෙයි. වැලපෙයි. ළෙහි අත් ගසා හඬයි. මුළාවට පැමිණෙයි. ඇවැත්නි, මේ මහණ ලාභය පිණිස ඉච්ඡා ඇතියේ මෙසේ ලාභය පිණිස උත්සාහ කරයි. ඝටයි. වෑයම් කරයි. ලාභ නො ලබන සුල්ලේ ශෝක කරන්නේ ද වැලැපෙන්නේ ද ශාසනයෙන් ගිලිහුණේ ද වේ යයි කියනු ලැබේ.
Pali BJT2. ඉධ පනාවුසො භික්ඛුනො පවිවිත්තස්ස විහරතො නිරායත්තවුත්තිනො ඉච්ඡා උප්පජ්ජති ලාභාය. සො උට්ඨහති ඝටති වායමති ලාභාය, තස්ස උට්ඨහතො ඝටතො වායමතො ලාභාය ලාභො උප්පජ්ජති. සො තෙන ලාභෙන මජ්ජති පමජ්ජති පමාදමාපජ්ජති. අයං වුච්චතාවුසො භික්ඛු ඉච්ඡො විහරති ලාභාය. උට්ඨහති ඝටති වායමති ලාභාය. ලාභී ච මදී ච පමාදී ච චුතො ච සද්ධම්මා.
Sinhala BJT2. ඇවැත්නි, මෙ සස්නෙහි ප්‍රවිවේකයෙන් වසන (කිසිවක් කෙරෙහි) අයත් පැවතුම් නැති මහණක්හට ලාභයට ඉච්ඡාවක් උපදියි. හෙතෙමේ ලාභය පිණිස උත්සාහ කරයි, ඝටයි, වෑයම් කරයි. ලාභය පිණිස උත්සාහ කරන ඝටනා කරන වෑයම් කරන ඔහුට ලාභය උපදියි. හේ ලාභයෙන් මත්වෙයි, ප්‍රමත්ත වෙයි, මදයෙන් ප්‍රමාදයට පැමිණෙයි. ඇවැත්නි, මේ මහණ ලාභයට ඉච්ඡා ඇතියේ වෙසෙයි, ලාභය පිණිස උත්සාහ කරයි, ඝටයි, වෑයම් කරයි, ලාභ ලබනසුලු වූයේ ද මත්වනසුලු වූයේ ද ප්‍රමාදවනසුලු වූයේ ද සස්නෙන් ගිලිහුණේ වේ යයි කියනු ලැබේ.
Pali BJT3. ඉධ පනාවුසො භික්ඛුනො පවිවිත්තස්ස විහරතො නිරායත්තවුත්තිනො ඉච්ඡා උප්පජ්ජති ලාභාය. සො න උට්ඨහති න ඝටති න වායමති ලාභාය. තස්ස අනුට්ඨහතො අඝටතො අවායමතො ලාභාය, ලාභො නූප්පජ්ජති. සො තෙන අලාභෙන සොචති කිලමති පරිදෙවති උරත්තාළිං කන්දති. සම්මොහං ආපජ්ජති. අයං වුච්චතාවුසො භික්ඛු ඉච්ඡො විහරති ලාභාය. න උට්ඨහති න ඝටති න වායමති ලාභාය. න ච ලාභී සොචී ච පරිදෙවී ච චුතො ච සද්ධම්මා.
Sinhala BJT3. ඇවැත්නි, මේ සස්නෙහි ප්‍රවිවේකයෙන් වසන, (කිසිවක් කෙරෙහි) අයත් පැවතුම් නැති මහණක්හට ලාභය පිණිස ඉච්ඡාවක් උපදියි. හේ ලාභය පිණිස උත්සාහ කො කෙරෙයි, නො ඝටයි, වෑයම් නොකරයි. ලාභ පිණිස උත්සාහ නොකරන, නො ඝටන, වෑයම් නොකරන ඔහුට ලාභය නූපදියි, හෙ තෙමේ ඒ අලාභයෙන් ශෝක කෙරෙයි, ක්ලාන්ත වෙයි, වැළැපෙයි, ළෙහි අත්ගසා හඬයි, මුළාවට පැමිණෙයි. ඇවැත්නි, මේ මහණ ලාභය පිණිස රිසි ඇතියේ වෙසෙයි, ලාභය පිණිස උත්සාහ නො කරයි, නො ඝටයි, වෑයම් නො කරයි, ලාභ නො ලබනසුලු වූයේ ශෝක කරන්නේ ද වැලැපෙන්නේ ද සස්නෙන් චුත වූයේ වේ ද වේ යයි කියනු ලැබේ.
Pali BJT4. ඉධ පනාවුසො භික්ඛුනො පවිවිත්තස්ස විහරතො නිරායත්තවුත්තිනො ඉච්ඡා උප්පජ්ජති ලාභාය. සො න උට්ඨහති න ඝටති න වායමති ලාභාය, තස්ස අනුට්ඨහතො අඝටතො අවායමතො ලාභාය ලාභො උප්පජ්ජති. සො තෙන ලාභෙන මජ්ජති පමජ්ජති මදාපමාදමාපජ්ජති. අයං වුච්චතාවුසො භික්ඛු ඉච්ඡො විහරති ලාභාය, න උට්ඨහති න ඝටති න වායමති ලාභාය. ලාභී ච මදී ච පමාදී ච චුතො ච සද්ධම්මා.
Sinhala BJT4. ඇවැත්නි, මේ සස්නෙහි ප්‍රවිවේකයෙන් වසන (කිසිවක් කෙරෙහි) අයත් පැවතුම් නැති මහණක්හට ලාභය පිණිස ඉච්ඡාවක් උපදියි. හේ ලාභය පිණිස උත්සාහ නො කෙරෙයි, ඝටනා නොකරයි, වෑයම් නොකරයි. ලාභය පිණිස උත්සාහ නො කරන, නො ඝටන, වෑයම් නො කරන ඔහුට ලාභය උපදියි. හේ ඒ ලාභයෙන් මත් වෙයි, ප්‍රමත්ත වෙයි, මදයෙන් ප්‍රමාදයට පැමිණෙයි. ඇවැත්නි, මේ මහණ ලාභයට රිසි ඇතියේ වෙසෙයි, ලාභය පිණිස උත්සාහ නො කරයි, නො ඝටයි. වෑයම් නො කරයි, ලාභී වූයේ මත් වූයේ පමා වූයේ සස්නෙන් ගිලිහුණේ ද වේ යයි කියනු ලැබේ.
Pali BJT5. ඉධ පනාවුසො භික්ඛුනො පවිවිත්තස්ස විහරතො නිරායත්තවුත්තිනො ඉච්ඡා උප්පජ්ජති ලාභාය. සො උට්ඨහති ඝටති වායමති ලාභාය, තස්ස උට්ඨහතො ඝටතො වායමතො ලාභාය ලාභො නූප්පජ්ජති. සො තෙන අලාභෙන න සොචති න කිලමති, න පරිදෙවති, න උරත්තාළිං කන්දති, න සම්මොහං ආපජ්ජති, අයං වුච්චතාවුසො භික්ඛු ඉච්ඡො විහරති ලාභාය. උට්ඨහති ඝටති වායමති ලාභාය. න ච ලාභී න ච සොචී න ච පරිදෙවී අච්චුතො ච සද්ධම්මා.
Sinhala BJT5. ඇවැත්නි, මේ සස්නෙහි ප්‍රවිවේකයෙන් වසන (කිසිවක් කෙරෙහි) අයත් පැවතුම් නැති මහණක්හට ලාභය පිණිස රිසියෙක් උපදියි. හේ ලාභය පිණිස උත්සාහ කරයි, ඝටයි, වෑයම් කරයි. ලාභය පිණිස උත්සාහ කරන, ඝටනා කරන, වෑයම් කරන ඔහුට ලාභය නූපදියි. හේ ඒ අලාභයෙන් ශෝක නො කරයි, ක්ලාන්ත නො වෙයි, නො වැළැපෙයි, ළෙහි අත් පැහැර නො හඬයි, මුළාවට නො පැමිණෙයි. ඇවැත්නි, මේ මහණ ලාභය පිණිස උත්සාහ කරයි, ඝටයි, වෑයම් කරයි, ලාභය නො ලබනසුලු වූයේ ද ශෝක නො කරනසුලු වූයේ ද නො වැලැපෙනසුලු වූයේ ද සස්නෙන් නො ගිලිහුණේ වේ යයි කියනු ලැබේ.
Pali BJT6. ඉධ පනාවුසො භික්ඛුනො පවිවිත්තස්ස විහරතො නිරායත්තවුත්තිනො ඉච්ඡා උප්පජ්ජති ලාභාය. සො උට්ඨහති ඝටති වායමති ලාභාය. තස්ස උට්ඨහතො ඝටතො වායමතො ලාභාය ලාභො උප්පජ්ජති. සො තෙන ලාභෙන න මජ්ජති න පමජ්ජති න පමාදමාපජ්ජති. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු ඉච්ඡො විහරති ලාභාය, උට්ඨහති ඝටති වායමති ලාභාය ලාභී ච න ච මදී න ච පමාදී අච්චුතො ච සද්ධම්මා.
Sinhala BJT6. ඇවැත්නි, මේ සස්නෙහි ප්‍රවිවේකයෙන් වසන (කිසිවෙක්හි) අයත් පැවතුම් නැති මහණක් හට ලාභය සඳහා ඊප්සායෙක් උපදනේ ය. හේ ලාභය සඳහා උත්සාහ කරයි, ඝටයි, ව්‍යායාම කරයි. ලාභය සඳහා නැඟී සිටුනා, ඝටන, ව්‍යායාම් කරන ඔහුට ලාභය උපදනේ ය. හේ ඒ ලාභයෙන් මත් නො වෙයි, පමා නො වෙයි, ප්‍රමාදයට නො යෙයි. ඇවැත්නි, මේ මහණ ලාභය සඳහා ඊප්සා ඇතියේ වාසය කෙරේ. ලාභය සඳහා උත්සාහය කරයි, ඝටයි, ව්‍යායාම කරයි. ලාභී වූයේත් මද නැතියේත් පමා නැතියේත් සස්නෙන් නො ගිලිහුණේත් වේ යයි කියනු ලැබේ.
Pali BJT7. ඉධ පනාවුසො භික්ඛුනො පවිවිත්තස්ස විහරතො නිරායත්තවුත්තිනො ඉච්ඡා උප්පජ්ජති ලාභාය. සො න උට්ඨහති න ඝටති න වායමති ලාභාය, තස්ස අනුට්ඨහතො අඝටතො න වායමතො ලාභාය ලාභො නූප්පජ්ජති. සො තෙන අලාභෙන න සොචති න කිලමති න පරිදෙවති, න උරත්තාළිං කන්දති, න සම්මොහං ආපජ්ජති. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු ඉච්ඡො විහරති ලාභාය, න උට්ඨහති න ඝටති න වායමති ලාභාය. න ච ලාභී න ච සොචී, න ච පරිදෙවී අච්චුතො ච සද්ධම්මා.
Sinhala BJT7. ඇවැත්නි, මෙ සස්නෙහි ප්‍රවිවේකයෙන් වසන (කිසිවෙක්හි) අයත් පැවතුම් නැති මහණක්හට ලාභය සඳහා ඊප්සායෙක් උපදනේ ය. හේ ලාභය සඳහා උත්සාහ නො කරයි, නො ඝටයි, ව්‍යායාම නො කරයි. ලාභය සඳහා නැඟී නො සිටුන, නො ඝටන, ව්‍යායාම් නො කරන ඔහුට ලාභය නූපදියි. හේ ඒ අලාභයෙන් නො සොස්නේ ය, ක්ලාන්ත නො කරයි, පරිදේවනා නො කරයි, ළෙහි අත් ගසා නො හඬයි, මුළාවට නො පැමිණෙයි. ඇවැත්නි, මේ මහණ ලාභය සඳහා ඊප්සා ඇතියේ වාසය කෙරේ. ලාභය සඳහා උත්සාහ නො කරයි, නො ඝටයි, ව්‍යායාම නො කරයි. නො ද ලාභී වූයේ නො ද සොස්නාසුලු වූයේ නො ද පරිදේවනා කරනසුලු වූයේ සස්නෙන් නො ද ගිලිහුණේ වේ යයි කියනු ලැබේ.
Pali BJT8. ඉධ පනාවුසො භික්ඛුනො පවිවිත්තස්ස විහරතො නිරායත්තවුත්තිනො ඉච්ඡා උප්පජ්ජති ලාභාය. සො න උට්ඨහති න ඝටති න වායමති ලාභාය, තස්ස අනුට්ඨහතො අඝටතො න වායමතො ලාභාය ලාභො උප්පජ්ජති. සො තෙන ලාභෙන න මජ්ජති න පමජ්ජති න පමාදමාපජ්ජති. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු ඉච්ඡො විහරති ලාභාය, න උට්ඨහති න ඝටති න වායමති ලාභාය. ලාභී ච න ච මදී ච න ච පමාදී ච අච්චුතො ච සද්ධම්මා.
Sinhala BJT8. ඇවැත්නි, මෙ සස්නෙහි ප්‍රවිවේක ඇති (කිසිවෙක්හි) අයත් වැටුම් නැති මහණක් හට ලාභය සඳහා ඊප්සායෙක් උපදනේ ය. හේ ලාභය සඳහා නැඟී නො සිටියි, නො ඝටයි, ව්‍යායාම නො කරයි. ලාභය පිණිස උත්සාහ නො කරන, නො ඝටන, ව්‍යායාම් නො කරන ඔහුට ලාභය උපදියි. හේ ඒ ලාභයෙන් මත් නො වෙයි. පමා නො වේ. පමාවට නො පැමිණෙයි. ඇවැත්නි, ලාභය සඳහා මේ මහණ ඊප්සා ඇතියේ වාසය කෙරේ. ලාභී වූයේත් මද මත් නො වූයේ ත් පමා නැතියේත් සස්නෙන් නො ගිලිහුණේත් වේ යයි කියනු ලැබේ.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, අට්ඨ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTඇවැත්නි, මේ පුද්ගලයෝ අට දෙන ලොව්හි ඇත්තාහ, විද්‍යමාන වන්නාහ යි.
Pali BJT8. 2. 8. 8.
Sinhala BJT8. 2. 8. 8.
Pali BJTඅලං සුත්තං
Sinhala BJTඅලං සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTතත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛු ආමන්තෙසි -පෙ- ඡහි ආවුසො ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අත්තනො අලං පරෙසං කතමෙහි ඡහි:
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භික්‍ෂූන් ඇමතූහ ... ඇවැත්නි, දහම් සයෙකින් සමන්‍වාගත මහණ තමාහට සුදුසු වෙයි. මෙරමා හට සුදුසු වෙයි. කවර සයෙකින යත්:
Pali BJTඉධාවුසො භික්ඛු ඛිප්පනිසන්තී ච හොති කුසලෙසු ධම්මෙසු, සුතානඤ්ච ධම්මානං ධාරකජාතිකො හොති, ධතානඤ්ච ධම්මානං අත්ථූපපරික්ඛී හොති. අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො ච හොති. කල්යාණවාචො ච හොති කල්යාණවාක්කරණො පොරියා වාචාය සමන්නාගතො විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා, සන්දස්සකො ච හොති සමාදපකො සමුත්තෙජකො සම්පහංසකො සබ්රහ්මචාරීනං.
Sinhala BJTඇවැත්නි, මෙ සස්නෙහි මහණ කුසල් දහම්හි ඛිප්පනිසන්තී (වහා දක්නාසුලු) ද වෙයි. දැරූ දහමුන්ගේ අර්‍ත්‍ථ පිරික්සනුයේ වෙයි. අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍මප්‍රතිපත්තියට පිළිපන්නේ වෙයි. කල්‍යාණ වචන ඇතියේ කලණබස් හඩ ඇත්තේ ද වෙයි. අරුත් හඟවන විශිෂ්ට වූ නිදොස් වූ පෞර වචනයෙන් සමන්‍විත වෙයි. සබ්‍රම්සරුනට කරුණු දක්වනුයේත් සමාදන් කරවනුයේත් සමුත්තේජනා කරනුයේත් සම්පහංසනා කරනුයේත් වෙයි.
Pali BJTඉමෙහි ඛො ආවුසො, ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අත්තනො අලං පරෙසං.
Sinhala BJTඇවැත්නි, මෙ කරුණු සයින් සමන්‍වාගත වූ මහණ තමාහට සුදුසු වූයේ වෙයි. මෙරමා හට සුදුසු වූයේ වෙයි.
Pali BJTපඤ්චහාවුසො ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අත්තනො, අලං පරෙසං. කතමෙහි පඤ්චහි:
Sinhala BJTඇවැත්නි, මෙ කරුණු පසෙකින් සමන්‍වාගත වූ මහණ තමහට සුදුසු වූයේ, මෙරමා හට සුදුසු වූයේ වෙයි. කවර පසෙකින යත්:
Pali BJTඉධාවුසො භික්ඛු න හෙව ඛො ඛිප්පනිසන්තී ච හොති කුසලෙසු ධම්මෙසු, සුතානඤ්ච ධම්මානං ධාරණජාතිකො හොති, ධතානඤ්ච ධම්මානං අත්ථූපපරික්ඛී හොති, අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො ච හොති. කල්යාණවාචො ච හොති -පෙ- සන්දස්සකො ච හොති -පෙ- සබ්රහ්මචාරීනං.
Sinhala BJTඇවැත්නි, මෙ සස්නෙහි මහණ කුසල් දහම්හි ඛිප්පනිසන්තී නොම වෙයි. ඇසූ දහම් දරන්නේ වෙයි. දැරූ දහමුන්ගේ අර්‍ත්‍ථ පිරික්සනුයේත් වෙයි. අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්න ද වෙයි ... කලණ වදන් ඇතියේත් වෙයි ... සබ්‍රම්සරුනට ... සන්‍දශර්‍ක ද වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අත්තනො, අලං පරෙසං.
Sinhala BJTඇවැත්නි, මෙ කරුණු පසින් සමන්‍වාගත වූ මහණ තම හට සුදුසු වෙයි. මෙරමා හට සුදුසු වෙයි.
Pali BJTචතුහාවුසො ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අත්තනො, නාලං පරෙසං.{1} කතමෙහි චතුහි:
Sinhala BJTඇවැත්නි, මෙ කරුණු සතරෙකින් සමන්‍වාගත වූ මහණ තමහට සුදුසු වෙයි. පරහට සුදුසු වෙයි. කවර සතරෙකින යත්:
Pali BJTඉධාවුසො භික්ඛු ඛිප්පනිසන්තී ච හොති කුසලෙසු ධම්මෙසු, සුතානඤ්ච ධම්මානං ධාරණජාතිකො හොති, ධතානඤ්ච ධම්මානං අත්ථූපපරික්ඛී හොති, අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො හොති. නො ච කල්යාණවාචො හොති -පෙ- නො ච සන්දස්සකො හොති -පෙ- සබ්රහ්මචාරීනං. ඉමෙහි ඛො ආවුසො, චතුහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අත්තනො, නාලං පරෙසං.{1}
Sinhala BJTඇවැත්නි, මෙ සස්නෙහි මහණ කුසල් දහම්හි ඛිප්පනිසන්තී ද වෙයි. ඇසූ දහමුන් දරනසුල්ලේ වෙයි. දැරූ දහමුන්ගේ අරුත් පිරික්සනසුලු වූයේත් වෙයි. අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්නත් වෙයි ... කලණ වදන් ඇතියේත් නො වෙයි ... සබ්‍රම්සරුනට ... සන්‍දශර්‍ක නො වෙයි. මහණෙනි, මෙ සතර කරුණෙන් සමන්‍වාගත මහණ තමහට සුදුසු වෙයි, පරහට සුදුසු නො වෙයි.
Pali BJTචතුහාවුසො ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං පරෙසං, නාලං අත්තනො.{1} කතමෙහි චතුහි:
Sinhala BJTඇවැත්නි, සතර කරුණෙන් සමන්‍වාගත මහණ පරහට සුදුසු වෙයි. තමහට සුදුසු නො වෙයි. කවර සතරෙකින යත්: