Pali BJTඅථ ඛො සො භික්ඛු එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤාසච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි, ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච පන සො භික්ඛු අරහතං අහොසීති.
Sinhala BJTඑකල්හි ඒ මහණ එකලා වූයේ සඞ්ගණිකායෙන් දුරු වූයේ අප්‍රමත්ත වූයේ කෙලෙස් තවන වැර ඇතියේ නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව වෙසෙනුයේ නොබෝ කලෙකින් ම කුලපුත්හු යමක් පිණිස මොනොවට ගිහිගෙන් නික්ම පැවිද්දට වදනාහු නම් ඒ අනුත්තර බ්‍රහ්මචර්‍ය්‍ය පර්‍ය්‍යවසාන කොට ඇති රහත්ඵලය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන පසක් කොට එයට පැමිණ විසී ය. ජාතිය ක්‍ෂීණ විය. බඹසර වසනා ලද, සිවුමඟ කටයුතු කරන ලද, මේ රහත් බව් පිණිස (කටයුතු) අනිකෙක් නැතැයි මොනොවට දත්තේ ය. ඒ මහණ රහතුන් කෙරෙහි අන්‍යතරයෙක් ද විය.
Pali BJT8. 2. 7. 4.
Sinhala BJT8. 1. 7. 4.
Pali BJTඅධිදෙවඤාණදස්සන සුත්තං
Sinhala BJTඅධිදේවඤාණදස්සන සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා ගයායං විහරති ගයාසීසෙ. තත්ර ඛො භගවා භික්ඛු ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ගයා නගර සමීපයෙහි ගයාශීර්‍ෂයෙහි වෙසෙන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJT1. පුබ්බාහං භික්ඛවෙ, සම්බොධා අනභිසම්බුද්ධො බොධිසත්තොව සමානො ඔභාසඤ්ඤෙව ඛො{1} සඤ්ජානාමි, නො ච රූපානි පස්සාමි.
Sinhala BJT1. මහණෙනි, මම සම්බෝධියෙන් පූර්‍වයෙහි අභිසම්බුද්ධ නො වූයෙම් ම බෝසත් වූයෙම් අවභාසයක් (දිවැස් නුවණ එළියක්) ම හඳුනමි. රූපයන් නො දක්මි.
Pali BJT2. තස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි: සචෙ ඛො අහං ඔභාසඤ්චෙව සඤ්ජානෙය්යං, රූපානි ච පස්සෙය්යං, එවං මෙ ඉදං ඤාණදස්සනං පරිසුද්ධතරං අස්සාති. සො ඛො අහං භික්ඛවෙ, අපරෙන සමයෙන අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො ඔභාසඤ්චෙව සඤ්ජානාමි රූපානි ච පස්සාමි. නො ච ඛො තාහි දෙවතාහි සද්ධිං සන්තිට්ඨාමි, සල්ලපාමි, සාකච්ඡං සමාපජ්ජාමි.
Sinhala BJT2. මහණෙනි, ඒ මට තෙල සිත විය: ඉදින් මම අවභාසයත් හැඳින ගන්නෙම් රූපයන් ද දක්නෙම් නම් මෙසේ මාගේ මේ ඥාන දර්‍ශනය (දිවැස් නුවණ නමැති දැකීම) පරිශුද්ධතර වන්නේ ය කියා යි. මහණෙනි, ඒ මම අපරසමයෙහි අප්‍රමත්ත වූයෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් නිවනට මෙහෙය වූ සිතැති ව වසන්නෙම් අවභාසය ද හඳුනමි. රූ ද දක්මි. ඒ දෙවියන් හා නො ද සිටිමි, සල්ලාප නො කරමි, සාකච්ඡාවට නො පැමිණෙමි.
Pali BJT3. තස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි: සචෙ ඛො අහං ඔභාසඤ්චෙව සඤ්ජානෙය්යං රූපානි ච පස්සෙය්යං තාහි ච දෙවතාහි සද්ධිං සන්තිට්ඨෙය්යං සල්ලපෙය්යං සාකච්ඡං සමාපජ්ජෙය්යං, එවං මෙ ඉදං ඤාණදස්සනං පරිසුද්ධතරං අස්සාති.
Sinhala BJT3. මහණෙනි, ඒ මට තෙල සිත විය: ඉදින් මම අවභාසයත් දන්නෙම් නම් රූ ද දක්නෙම් ඒ දෙවියන් හාත් සිටුනෙම් සල්ලාප කරන්නෙම් සාකච්ඡාවට පැමිණෙම් නම් මෙසේ මාගේ මේ ඥානය දර්‍ශනය පරිශුද්ධතර වන්නේ ය කියා යි.
Pali BJTසො ඛො අහං භික්ඛවෙ, අපරෙන සමයෙන අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො ඔභාසඤ්චෙව සඤ්ජානාමි, රූපානි ච පස්සාමි, තාහි ච දෙවතාහි සද්ධිං සන්තිට්ඨාමි, සල්ලපාමි, සාකච්ඡං සමාපජ්ජාමි. නො ච ඛො තා දෙවතා ජානාමි, ඉමා දෙවතා අමුකම්හා වා අමුකම්හා වා දෙවනිකායාති.
Sinhala BJTමහණෙනි, ඒ මම අපරසමයෙහි අප්‍රමත්ත වූයෙම් ආතාප ඇතියෙම් ප්‍රහිතාත්ම ව වෙසෙන්නෙමි අවභාසයත් හඳුනමි, රූ ද දකිමි, ඒ දෙවියන්හාත් සිටිමි, සල්ලාප කරමි, සාකච්ඡාවට පැමිණෙමි මෙ දේවතාවෝ අසෝ අසෝ දේවනිකායෙන් පත් වූහයි ඒ දේවතාවන් නො දනිම්.
Pali BJT4. තස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි: සචෙ ඛො අහං ඔභාසඤ්චෙව සඤ්ජානෙය්යං, රූපානි ච පස්සෙය්යං, තාහි ච දෙවතාහි සද්ධිං සන්තිට්ඨෙය්යං සල්ලපෙය්යං සාකච්ඡං සමාපජ්ජෙය්යං, තා ච දෙවතා ජානෙය්යං ඉමා දෙවතා අමුකම්හා වා අමුකම්හා වා දෙවනිකායාති, එවං චෙ ඉදං ඤාණදස්සනං පරිසුද්ධතරං අස්සාති.
Sinhala BJT4. මහණෙනි, ඒ මට තෙල සිත විය: ඉදින් මම් අවභාසයත් හඳුනන්නෙම් රූත් දන්නෙම් ඒ දෙවියන්හාත් සිටුනෙම් සල්ලාප කරනෙම් සාකච්ඡාවට පැමිණෙම් නම් මේ දේවතාවෝ අසෝ දේවනිකායෙන් පැමිණියහයි ඒ දෙවියන් ද දන්නෙම් නම් මෙසේ මාගේ මේ ඥාන දර්‍ශනය පරිශුද්ධතර වන්නේ ය කියා යි.
Pali BJTසො ඛො අහං භික්ඛවෙ, අපරෙන සමයෙන අප්පමත්තො ආතාපි පහිතත්තො විහරන්තො ඔභාසඤ්චෙව සඤ්ජානාමි, රූපානි ච පස්සාමි, තාහි ච දෙවතාහි සද්ධිං සන්තිට්ඨාමි සල්ලපාමි සාකච්ඡං සමාපජ්ජාමි. තා ච දෙවතා ජානාමි ඉමා දෙවතා අමුකම්හා වා අමුකම්හා වා දෙවනිකායාති. නො ච ඛො තා දෙවතා ජානාමි ඉමා දෙවතා ඉමස්ස කම්මස්ස විපාකෙන ඉතො චුතා තත්ථ උප්පන්නාති -පෙ-
Sinhala BJTමහණෙනි, ඒ මම අපරසමයෙහි අප්‍රමත්ත වූයෙම්, ආතාප ඇතියෙම් ප්‍රහිතාත්මව වසන්නෙම් අවභාසයත් හඳුනමි, රූත් දක්මි, ඒ දේවතාවන් හාත් සිටිමි, සල්ලාප කරමි සාකච්ඡාවට පැමිණෙමි ...
Pali BJT5. තා ච දෙවතා ජානාමි, ඉමා දෙවතා ඉමස්ස කම්මස්ස විපාකෙන ඉතො චුතා තත්ථ උප්පන්නා’ ති. නො ච ඛො තා දෙවතා ජානාමි. ඉමා දෙවතා ඉමස්ස කම්මස්ස විපාකෙන එවමාහාරා එවං සුඛදුක්ඛපටිසංවෙදිනියොති. -පෙ-
Sinhala BJT5. මේ දේවතාවෝ අසෝ දේවනිකායෙන් පැමිණියහ යි ඒ දෙවියනුත් දනිමි. මේ දේවතාවෝ මෙ නම් කර්‍මයක්හුගේ විපාකයෙන් මෙයින් සැව එහි උපන්හ යි ඒ දෙවියන් නො දනිමි. මේ දේවතාවෝ මේ කර්‍මයාගේ විපාකයෙන් මෙයින් ච්‍යුත වූවාහු එහි උපන්හ යි ඒ දේවතාවනුත් දනිම්. ඒ දේවතාවනුදු ‘මේ දේවතාවෝ මේ කර්‍මයාගේ විපාකයෙන් මෙබඳු ආහාර ඇත්තාහු මෙබඳු සුවදුක් විඳින්නාහු’යයි නො දනිමි ...
Pali BJT6. තා ච දෙවතා ජානාමි, ඉමා දෙවතා ඉමස්ස කම්මස්ස විපාකෙන එවමාහාරා එවං සුඛදුක්ඛපටිසංවෙදිනියොති, නො ච ඛො තා දෙවතා ජානාමි. ඉමා දෙවතා එවං දීඝායුකා එවං චිරට්ඨිතිකාති. -පෙ-
Sinhala BJT6. මේ දේවතාවෝ මේ කර්‍මයාගේ විපාකයෙන් මෙබඳු ආහාර ඇත්තාහු මෙ බඳු සුවදුක් විඳිනාහු යයි ඒ දේවතාවනුදු දනිමි. ...
Pali BJT7. තා ච දෙවතා ජානාමි, ඉමා දෙවතා එවං දීඝායුකා එවං චිරට්ඨිතිකාති. නො ච ඛො තා දෙවතා ජානාමි, යදි වා මෙ ඉමාහි දෙවතාහි සද්ධිං සන්නිවුත්ථපුබ්බං යදි වා න සන්නිවුත්ථපුබ්බ’න්ති.
Sinhala BJT7. මේ දේවතාවෝ මෙබඳු දීර්‍ඝායුෂ ඇත්තාහු මෙසේ චිරස්ථිකහ යි ඒ දේවතාවන් නො දනිමි. මේ දේවතාවෝ මෙසේ දීර්‍ඝායුෂ ඇත්තාහ මෙසේ චිරස්ථිකයහ යි ඒ දෙවියනුදු දනිමි. මේ දෙවියන් සමග මා (එකතුව) විසූ විරූ දැයි කියා හෝ නො විසූ විරූ දැයි කියා හෝ ඒ දෙවියන් නො දනිමි.
Pali BJT8. තස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි: සචෙ ඛො අහං ඔභාසඤ්චෙව සඤ්ජානෙය්යං, රූපානි ච පස්සෙය්යං, තාහි ච දෙවතාහි සද්ධිං සන්තිට්ඨෙය්යං සල්ලපෙය්යං සාකච්ඡං සමාපජ්ජෙය්යං, තා ච දෙවතා ජානෙය්යං ඉමා දෙවතා අමුකම්හා වා අමුකම්හා වා දෙවනිකායාති, තා ච දෙවතා ජානෙය්යං ඉමා දෙවතා ඉමස්ස කම්මස්ස විපාකෙන ඉතො චුතා තත්ථ උප්පන්නාති, තා ච දෙවතා ජානෙය්යං ඉමා දෙවතා එවමාහාරා එවං සුඛදුක්ඛපටිසංවෙදිනියොති, තා ච දෙවතා ජානෙය්යං ඉමා දෙවතා එවං දීඝායුකා එවං චිරට්ඨිතිකාති, තා ච දෙවතා ජානෙය්යං යදි වා මෙ ඉමාහි දෙවතාහි සද්ධිං සන්නිවුත්ථපුබ්බං යදි වා න සන්නිවුත්ථපුබ්බන්ති. එවං මෙ ඉදං ඤාණදස්සනං පරිසුද්ධතරං අස්සාති.
Sinhala BJT8. මහණෙනි, ඒ මට මෙ සිත විය: ඉදින් මම අවභාසයත් හඳුනන්නෙම් නම්, රූ ද දක්නෙම් නම්, ඒ දෙවියන් සමග සිටුනෙම් නම්, සල්ලාප කෙරෙම් නම්, සාකච්ඡාවට පැමිණෙම් නම්, ඒ දෙවියනුත් මේ දේවතාවෝ අසෝ අසෝ දේවනිකායෙන් පැමිණියහ යි දන්නෙම් නම්, මේ දේවතාවෝ මේ කර්‍මයාගේ විපාකයෙන් මෙයින් සැව එහි උපන්හ යි ඒ දෙවියනුත් දන්නෙම් නම්, මේ දේවතාවෝ මෙබඳු ආහාර ඇත්තාහු මෙබඳු සුවදුක් විඳිනාහු යයි ඒ දේවතාවන් දන්නෙම් නම්, මේ දේවතාවෝ මෙසේ දීර්‍ඝායුෂ ඇත්තාහු මෙසේ චිරස්ථිකයහ යි ඒ දේවතාවන් ද දන්නෙම් නම්, මේ දෙවියන් සමග (මා එකතුව) විසූ විරූ දැ යි කියා හෝ නො විසූ විරූ දැයි කියා හෝ ඒ දෙවියනුදු දන්නෙම් නම් මෙසේ මාගේ මේ ඥානදර්‍ශනය පරිශුද්ධතර වන්නේ යයි.
Pali BJTසො ඛො අහං භික්ඛවෙ, අපරෙන සමයෙන අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො ඔභාසඤ්චෙව සඤ්ජානාමි, රූපානි ච පස්සාමි තාහිච දෙවතාහි සද්ධිං සන්තිට්ඨාමි සල්ලපාමි සාකච්ඡං සමාපජ්ජාමි,
Sinhala BJTමහණෙනි, ඒ මම අපරසමයෙහි අප්‍රමත්ත වූයෙම් ආතාප ඇතියෙම් ප්‍රහිතාත්ම ව වසන්නෙම් අවභාසයත් හඳුනමි. රූ ද දකිමි, ඒ දේවතාවන් සමඟත් සිටිමි. සල්ලාප කරමි. සාකච්ඡාවට වදිමි.
Pali BJTතා ච දෙවතා ජානාමි: ඉමා දෙවතා අමුකම්හා වා අමුකම්හා වා දෙවනිකායාති. තා ච දෙවතා ජානාමි: ඉමා දෙවතා ඉමස්ස කම්මස්ස විපාකෙන ඉතො චුතා තත්ථ උප්පන්නාති. තා ච දෙවතා ජානාමි: ඉමා දෙවතා එවමාහාරා එවං සුඛදුක්ඛපටිසංවෙදිනියොති. තා ච දෙවතා ජානාමි ඉමා දෙවතා එවං දීඝායුකා එවං චිරට්ඨිතිකාති. තා ච දෙවතා ජානාමි: යදි වා මෙ ඉමාහි දෙවතාහි සද්ධිං සන්නිවුත්ථපුබ්බං, යදි වා න සන්නිවුත්ථපුබ්බන්ති.
Sinhala BJTමේ දේවතාවෝ අසෝ අසෝ දේවනිකායෙනැයි ඒ දෙවියනුත් හඳුනමි. මේ දේවතාවෝ මේ කර්‍මයාගේ විපාකයෙන් මෙයින් ච්‍යුත වූවාහු එහි උපන්හ යි ඒ දේවතාවන් ද දනිමි. මේ දේවතාවෝ මෙබඳු ආහාර ඇත්තාහු මෙබඳු සුවදුක් විඳුනාහු යයි ඒ දේවතාවන්ද දනිමි, මේ දේවතාවෝ මෙබඳු දීර්‍ඝායුෂ ඇතියාහු මෙසේ චිරස්ථිකයහ යි ඒ දෙවියනුත් දනිමි, මේ දේවතාවන් සමග මා විසූ විරූ දැයි හෝ නො විසූ විරූ දැයි හෝ කියාත් ඒ දේවතාවන් ද දනිමි.
Pali BJTයාවකීවඤ්ච මෙ භික්ඛවෙ, එවං අට්ඨපරිවට්ටං අධිදෙවඤාණදස්සනං න සුවිසුද්ධං අහොසි, නෙව තාවාහං භික්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති පච්චඤ්ඤාසිං, යතො ච ඛො මෙ භික්ඛවෙ, එවං අට්ඨපරිවත්තං අධිදෙවඤාණදස්සනං සුවිසුද්ධං අහොසි. අථාහං භික්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති පච්චඤ්ඤාසිං. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි: “අකුප්පා මෙ චෙතොවිමුත්ති. අයමන්තිමා ජාති, නත්ථිදානි පුනබ්භවො” ති.
Sinhala BJTමහණෙනි, යම්තාක් මෙසේ අෂ්ටපරිවර්‍ත (දිවැස් ආදි නුවණ අටෙක පෙරැළියක්) ඇති මාගේ අධිදේව ඥානදර්‍ශනය සුවිශුද්ධ නො වී ද, මහණෙනි, ඒ තාක් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොව්හි මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි අනුත්තර සම්‍යක් සම්බෝධිය අභිසම්බුද්ධයෙමි යි පිළින නො කෙළෙමි. මහණෙනි, යම් කලෙක පටන් අෂ්ටපරිවර්‍ත ඇති මාගේ අධිදේව ඥානදර්‍ශනය සුවිසුද්ධ වී නම්, මහණෙනි, එ කල්හි මම සදේවක සමාරක සබ්‍රහ්මක ලොව්හි මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි අනුත්තර සම්‍යක් සම්බෝධිය අභිසම්බුද්ධයෙමැ යි පිළින කෙළෙමි. මාගේ ඥානදර්‍ශනයත් උපන: “මාගේ චිත්තවිමුක්තිය අකෝප්‍ය ය. මේ අන්තිම ජාතිය ය, දැන් පුනර්‍භවයෙක් නැතැ”යි.
Pali BJT8. 2. 7. 5.
Sinhala BJT8. 1. 7. 5.
Pali BJTඅභිභායතන සුත්තං
Sinhala BJTඅභිභායතන සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT1. අට්ඨිමානි භික්ඛවෙ, අභිභායතනානි, කතමානි අට්ඨ: අජ්ඣත්තං රූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවණ්ණදුබ්බණ්ණානි. තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවං සඤ්ඤී හොති, ඉදං පඨමං අභිභායතනං.
Sinhala BJT1. මහණෙනි, මේ අභිභායතනයෝ (සතුරු දහම් හා අරමුණු මඩින කරුණු) අට දෙනෙකි. කවර අටදෙනෙක යත්: අධ්‍යාත්මරූපයෙහි (පරිකර්‍ම වශයෙන්) රූප සංඥා ඇත්තේ එකෙක් නො වැඩූ සුවර්‍ණ දුර්වර්‍ණ බාහිර රූපායතන දක්නේ ය. ඔවුන් මැඩගෙන දන්මි දක්මි යි යන මෙබඳු සංඥා ඇත්තේ වෙයි. මේ ප්‍රථම අභිභායතනය යි.
Pali BJT2. අජ්ඣත්තං රූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි සුවණ්ණදුබ්බණ්ණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවං සඤ්ඤී හොති. ඉදං දුතියං අභිභායතනං.
Sinhala BJT2. අධ්‍යාත්මයෙහි රූපසංඥා ඇත්තේ එකෙක් අප්‍රමාණ වූ සුවර්‍ණ දුර්වර්‍ණ බාහිර රූපයන් දකියි, ඔවුන් මැඩගෙන දන්මි දක්මි යි යන මෙබඳු සංඥා ඇත්තේ වෙයි. මේ දෙවන අභිභායතනය යි.
Pali BJT3. අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවණ්ණදුබ්බණ්ණානි. තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවං සඤ්ඤී හොති. ඉදං තතියං අභිභායතනං.
Sinhala BJT3. අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇත්තේ එකෙක් නො වැඩූ සුවර්‍ණ දුර්වර්‍ණ බාහිර රූපයන් දකියි, ඔවුන් මැඩගෙන දන්මි දක්මි යි යන මෙබඳු සංඥා ඇත්තේ වෙයි. මේ තෘතීය අභිභායතනය යි.
Pali BJT4. අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි සුවණ්ණදුබ්බණ්ණානි. තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවං සඤ්ඤී හොති. ඉදං චතුත්ථං අභිභායතනං.
Sinhala BJT4. අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇත්තේ එකෙක් අප්‍රමාණ වූ සුවර්‍ණ දුර්වර්‍ණ බාහිර රූපයන් දක්නේ ය, ඔවුන් මැඩගෙන දන්මි දක්මි යි යන මෙබඳු සංඥා ඇත්තේ වෙයි. මේ චතුර්‍ත්‍ථ අභිභායතනය යි.
Pali BJT5. අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති නීලානි නීලවණ්ණානි නීලනිදස්සනානි නීලනිභාසානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවං සඤ්ඤී හොති. ඉදං පඤ්චමං අභිභායතනං.
Sinhala BJT5. අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇතියේ එකෙක් නිල් වූ නිල්වන් වූ නීලනිදර්‍ශන වූ නීලාවභාස වූ බාහිර රූපයන් දක්නේ ය, ඔවුන් මැඩගෙන දන්මි දක්මි යි යන මෙබඳු සංඥා ඇත්තේ වෙයි. මේ පඤ්චම අභිභායතනය යි.
Pali BJT6. අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පීතානි පීතවණ්ණානි පීතනිදස්සනානි පීතනිභාසානි. තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවං සඤ්ඤී හොති. ඉදං ඡට්ඨං අභිභායතනං.
Sinhala BJT6. අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇතියේ එකෙක් පීත වූ පීත වර්‍ණ වූ පීතනිදර්‍ශන වූ පීතාවභාස වූ බාහිර රූපයන් දක්නේ ය, ඔවුන් මැඩගෙන දන්මි දක්මි යි යන මෙබඳු සංඥා ඇත්යේ වෙයි. මේ ෂෂ්ඨ අභිභායතනය යි.
Pali BJT7. අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ලොහිතකානි ලොහිතකවණ්ණානි ලොහිතකනිදස්සනානි ලොහිතකනිභාසානි. තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවං සඤ්ඤී හොති. ඉදං සත්තමං අභිභායතනං.
Sinhala BJT7. අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇතියේ එකෙක් ලෝහිත වූ ලෝහිතක වර්‍ණ වූ ලෝහිතක නිදර්‍ශන වූ ලෝහිතාවභාස ඇති බාහිර රූපයන් දක්නේ ය, ඔවුන් මැඩගෙන දන්මි දක්මි යි යන මෙබඳු සංඥා ඇත්තේ වෙයි. මේ සප්තම අභිභායතනය යි.
Pali BJT8. අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ඔදාතානි ඔදාතවණ්ණානි ඔදාතනිදස්සනානි ඔදාතනිභාසානි. තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවං සඤ්ඤී හොති. ඉදං අට්ඨමං අභිභායතනං. ඉමානි ඛො භික්ඛවෙ, අට්ඨඅභිභායතනානීති.
Sinhala BJT8. අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇතියේ එකෙක් අවදාත වූ අවදාතවර්‍ණ වූ අවදාත නිදර්‍ශන වූ අවදාතාවභාස ඇති බාහිර රූපයන් දක්නේ ය, ඔවුන් මැඩගෙන දන්මි දක්මි යි යන මෙබඳු සංඥා ඇත්තේ වෙයි. මේ අෂ්ටම අභිභායතනය යි. මහණෙනි, අෂ්ටම අභිභායතනය යි.
Pali BJT8. 2. 7. 6.
Sinhala BJT8. 1. 7. 6.
Pali BJTවිමොක්ඛ සුත්තං
Sinhala BJTවිමොක්ඛ සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅට්ඨිමෙ භික්ඛවෙ, විමොක්ඛා කතමෙ අට්ඨ:
Sinhala BJTමහණෙනි, මේ විමෝක්‍ෂයෝ අටදෙනෙකි. කවර අටදෙනෙක යත්:
Pali BJT1. රූපී රූපානි පස්සති. අයං පඨමො විමොක්ඛො.
Sinhala BJT1. (අධ්‍යාත්මයෙහි උපදවන ලද) රූපධ්‍යාන ඇත්තේ බැහැර (නීලකසිණාදී) රූපයන් (දැහැන් ඇසින්) දකියි. මේ ප්‍රථම විමෝක්‍ෂ යි.
Pali BJT2. අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො{1} බහිද්ධා රූපානි පස්සති. අයං දුතියො විමොක්ඛො.
Sinhala BJT2. එකෙක් අධ්‍යාත්මයෙහි අරූපසංඥා (නූපදවන ලද රූපාවචර ධ්‍යානයන්) ඇත්තේ බැහැර රූපයන් (රූපාවචර ධ්‍යානයන්) දකියි. මේ දෙවන විමෝක්‍ෂ යි.
Pali BJT3. සුභන්තෙව අධිමුත්තො හොති. අයං තතියා විමොක්ඛො.
Sinhala BJT3. (වර්‍ණකසිණයන්හි ධ්‍යානයෙහි) සුභ ම ය යි ඇලුණේ වෙයි. මේ තෙවන විමෝක්‍ෂ යි.
Pali BJT4. සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථගමා{1} නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං චතුත්ථො විමොක්ඛො.
Sinhala BJT4. සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තංගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් (කසිණුගඝාටිම) ආකාසය අනන්තය යි අකාසානඤ්චායතනයට පැමිණ වෙසෙයි. මේ සිවුවන විමෝක්‍ෂ යි.
Pali BJT5. සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං පඤ්චමො විමොක්ඛො.
Sinhala BJT5. සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඥානය අනන්තය යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වෙසෙයි. මේ පස්වන විමෝක්‍ෂ යි.
Pali BJT6. සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං ඡට්ඨො විමොක්ඛො.
Sinhala BJT6. සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිත් නැතැ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. මේ සවන විමෝක්‍ෂ යි.
Pali BJT7. සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං සත්තමො විමොක්ඛො.
Sinhala BJT7. සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. මේ සත්වන විමෝක්‍ෂ යි.
Pali BJT8. සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතං නිරොධං උපසම්පජ්ජ විහරති. අයං අට්ඨමො විමොක්ඛොති.
Sinhala BJT8. සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වෙසෙයි. මේ අටවන විමෝක්‍ෂ යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ අට්ඨ විමොක්ඛාති.
Sinhala BJTමහණෙනි, මේ අෂ්ට විමෝක්‍ෂයෝ වෙතැ යි.
Pali BJT8. 2. 7. 7.
Sinhala BJT8. 2. 7. 7.
Pali BJTඅනරියවොහාර සුත්තං
Sinhala BJTඅනරියවෝහාර සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅට්ඨිමෙ භික්ඛවෙ, අනරියවොහාරා. කතමෙ අට්ඨ:
Sinhala BJTමහණෙනි, මේ අනාර්‍ය්‍ය ව්‍යවහාරයෝ අට දෙනෙකි. කවර අට දෙනෙක යත්:
Pali BJTඅදිට්ඨෙ දිට්ඨවාදිතා, අසුතෙ සුතවාදිතා, අමුතෙ මුතවාදිතා, අවිඤ්ඤාතෙ විඤ්ඤාතවාදිතා, දිට්ඨෙ අදිට්ඨවාදිතා, සුතෙ අසුතවාදිතා, මුතෙ අමුතවාදිතා, විඤ්ඤාතෙ අවිඤ්ඤාතවාදිතා. ඉමා ඛො භික්ඛවෙ, අට්ඨ අනරියවොහාරාති.
Sinhala BJTනො දක්නා ලද්දෙහි දක්නා ලදැ යි කියන බව ය, නො අසන ලද්දෙහි අසන ලදැ යි කියන බව ය, අමුතයෙහි (ගානජීව්හකායද්වාරයනට නොපත් ගන්‍ධ රස පොට්ඨබ්බයෙහි) මුතවාදී (ඝානාදිද්වාරයනට ගන්‍ධාදි ආයතන පැමිණෙන ලදැ යි කියන) බව ය, සිතින් නො දන්නා ලද්දෙහි දන්නා ලදැයි කියන බව ය, දක්නා ලද්දෙහි අදිට්ඨාවාදිතා ය, අසන ලද්දෙහි අසුතවාදිතා ය, මුතයෙහි (ගන්‍ධරස ඵොට්ඨාබ්බාරම්මණයන් ලබන ලද කල්හි ඒ නැතැයි කියන) අමුතවාදිතා ය, සිතින් දන්නා ලද්දෙහි නො දන්නා ලදැ යි කියන බව ය. මහණෙනි, මේ අෂ්ට අනාර්‍ය්‍යව්‍යවහාරයෝ යි.
Pali BJT8. 2. 7. 8.
Sinhala BJT8. 2. 7. 8.
Pali BJTඅරියවොහාරසුත්තං
Sinhala BJTඅරියවෝහාර සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅට්ඨිමෙ භික්ඛවෙ, අරියවොහාරා. කතමෙ අට්ඨ: අදිට්ඨෙ අදිට්ඨවාදිතා, අසුතෙ අසුතවාදිතා, අමුතෙ අමුතවාදිතා, අවිඤ්ඤාතෙ අවිඤ්ඤාතවාදිතා, දිට්ඨෙ දිට්ඨවාදිතා, සුතෙ සුතවාදිතා, මුතෙ මුතවාදිතා, විඤ්ඤාතෙ විඤ්ඤාතවාදිතා. ඉමෙ ඛො භික්ඛවෙ, අට්ඨ අරියවොහාරාති.
Sinhala BJTමහණෙනි, මේ ආර්‍ය්‍යව්‍යවහාරයෝ අට දෙනෙකි. කවර අට දෙනෙක යත්: අදිට්ඨයෙහි අදිට්ඨවාදිතා ය, අසුතයෙහි අසුතවාදිතා ය, අමුතයෙහි ආමුතවාදිතා ය, අවිඤ්ඤාතයෙහි අවිඤ්ඤාවාදිතා ය, දිට්ඨයෙහි දිට්ඨවාදිතා ය, සුතයෙහි සුතවාදිතා ය, මුතයෙහි මුතවාදිතා ය, විඤ්ඤාතයෙහි විඤ්ඤාතවාදිතා යි. මහණෙනි,මේ ආර්‍ය්‍යව්‍යවහාරයෝ අටදෙනා යි.
Pali BJT8. 2. 7. 9.
Sinhala BJT8. 2. 7. 9.
Pali BJTපරිස සුත්තං
Sinhala BJTපරිස සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅට්ඨිමා භික්ඛවෙ පරිසා කතමා අට්ඨ: ඛත්තියපරිසා, බ්රාහ්මණා පරිසා, ගහපතිපරිසා, සමණපරිසා, චාතුම්මහාරාජිකපරිසා, තාවතිංසපරිසා, මාරපරිසා, බ්රහ්මපරිසා.
Sinhala BJTමහණෙනි, මේ පිරිස් අටෙකි. කවර අටෙක යත්: ඛත්තිය පිරිස ය, බ්‍රාහ්මණ පිරිස ය, ගහපති පිරිස ය, සමණ පිරිස ය, චාතුම්මහාරාජික පිරිස ය, තාවතිංස පිරිස ය, මාර පිරිස ය, බ්‍රහ්ම පිරිස යි.
Pali BJTඅභිජානාමි ඛො පනාහං භික්ඛවෙ, අනෙකසතං ඛත්තියපරිසං උපසඞ්කමිතා. තත්රපි මයා සන්නිසින්නපුබ්බඤ්චෙව සල්ලපිතපුබ්බඤ්ච. සාකච්ඡා ච සමාපන්නපුබ්බා, තත්ථ යාදිසකො තෙසං වණ්ණො හොති, තාදිසකො මය්හං වණ්ණො හොති, යාදිසකො තෙසං සරො හොති, තාදිසකො මය්හං සරො හොති, ධම්මියා ච කථාය සන්දස්සෙමි සමාදපෙමි සමුත්තෙජෙමි, සම්පහංසෙමි, භාසමානඤ්ච මං න ජානන්ති, කො නු ඛො අයං භාසති දෙවො වා මනුස්සො වාති. ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා අන්තරධායාමි. අන්තරහිතඤ්ච මං න ජානන්ති කො නුඛො අන්තරහිතො දෙවො වා මනුස්සො වාති.
Sinhala BJTමහණෙනි, මම නේසිය කැත්පිරිස් වෙත එළඹියෙමි දනිම් ම ය.. එහිදු මා විසින් හුන්විරූ බිණූවිරූ ද වේ. සාකච්ඡාවට පැමිණිවිරූ ද වේ. එහි යම් බඳු ඔවුන්ගේ වර්‍ණයෙක් වේ ද, එබඳු වර්‍ණයෙක් මට ද වෙයි. යම් බඳු ඔවුන්ගේ ස්වරයෙක් වේ ද, එබඳු ස්වරයෙක් මට ද වේ. දැහැමි කථායෙන් ද සන්‍දර්‍ශනය කරමි, සමාදන් කරවමි, සමුත්තේජන කරමි, සම්පහංසන කරමි, මේ දෙවි හෝ මිනිස් හෝ කවරෙක් බෙණේ දැ යි බණන මා නො දනිත්. දැහැමි තෙපුලෙන් සන්‍දර්‍ශනය කොට සමාදන් කොට සමුත්තේජන කොට, සම්පහංසන කොට අතුරුදන් වෙමි. දෙවි වූ හෝ මිනිස් වූ හෝ මේ කවරෙක් නම් අතුරුදන් වී දැයි අතුරුදන් වූ ද මා නොදනිත්.
Pali BJTඅභිජානාමි ඛො පනාහං භික්ඛවෙ, අනෙකසතං බ්රාහ්මණපරිසං -පෙ- ගහපතිපරිසං -පෙ- සමණපරිසං -පෙ- චාතුම්මහාරාජිකපරිසං -පෙ- තාවතිංසපරිසං -පෙ- මාරපරිසං -පෙ- බ්රහ්මපරිසං උපසඞ්කමිතා. තත්රපි මයා සන්නිසින්නපුබ්බඤ්චෙව සල්ලපිතපුබ්බඤ්ච සාකච්ඡා ච සමාපන්නපුබ්බ. තත්ථ යාදිසකො තෙසං වණ්ණො හොති, තාදිසකො මය්හං වණ්ණො හොති, යාදිසකො තෙසං සරො හොති, තාදිසකො මය්හං සරො හොති. ධම්මියා ච කථාය සන්දස්සෙමි සමාදපෙමි සමුත්තෙජෙමි, සම්පහංසෙමි. භාසමානඤ්ච මං න ජානන්ති, කො නුඛො අයං භාසති දෙවො වා මනුස්සො වාති. ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා අන්තරධායාමි. අන්තරහිතඤ්ච මං න ජානන්ති කො නුඛො අයං අන්තරහිතො දෙවො වා මනුස්සො වාති. ඉමා ඛො භික්ඛවෙ, අට්ඨපරිසාති.
Sinhala BJTමහණෙනි, මම නේසිය බමුණු පිරිස් වෙත ... ගැහැවි පිරිස් වෙත ... මහණ පිරිස් වෙත ... සිවුමහරදපිරිස් වෙත ... තව්තිසපිරිස් වෙත ... මරපිරිස් වෙත ... බඹපිරිස් වෙත එළඹියෙම් දනිමි. එහිදු මා විසින් හුන්විරූ ද බිණූවිරූ ද වේ. සාකච්ඡා කළ විරූ ය. එහි යම් බඳු ඔවුන්ගේ වර්‍ණයෙක් වේ ද, එබඳු වර්‍ණයෙක් මට ද වෙයි. ඔවුන්ගේ යම් බඳු ස්වරයෙක් වේ නම් මට ද එබඳු ස්වරයෙක් වේ. දැහැමි කථායෙනුදු සන්‍දර්‍ශනය කරමි, සමාදන් කරමි, සමුත්තේජනය කරමි, සම්පහංසනය කරමි. මේ කවර නම් දෙවියෙක් හෝ මිනිසෙක් බෙණේදැයි බණන මා නො දනිත්. දැහැමි කථායෙන් සන්‍දර්‍ශනය කොට, සමාදන් කොට, සමුත්තේජනය කොට, සම්පහංසනය කොට අතුරුදන් වෙමි. මේ කවර නම් දෙවියන් හෝ මිනිසෙක් හෝ අතුරුදන් වී දැයි අතුරුදන් වූ ද මා නොදනිත්. මහණෙනි, මේ පිරිස් අට ය.
Pali BJT8. 2. 7. 10.
Sinhala BJT8. 1. 7. 10.
Pali BJTභුමිචාල සුත්තං
Sinhala BJTභූමිචාල සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය වෙසාලියං පිණ්ඩාය පාවිසි. වෙසාලියා පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි; ගණ්හාහි ආනන්ද නිසීදනං, යෙන චාපාලං චෙතියං{1} තෙනුපසඞ්කමිස්සාම දිවාවිහාරායාති. එවං භන්තෙති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා නිසීදනමාදාය භගවන්තං පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධි.
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වේසාලී නගර සමීපයෙහි වූ මහාවනයෙහි කුළාරහල්හි වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙන විසාලාවට පිඬු පිණිස පිවිස සේක. විසාලායෙහි පිඬු පිණිස හැසිර පස්බත පිඬුවායෙන් පෙරළා වැඩි සේක් ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූ සේක: ආනන්‍ද ය, නිසීදනය (පත්කඩ) ගනුව, චාපාලචේතිය වෙත දිවාවිහාරය පිණිස යම්හයි, වහන්ස, එසේ යයි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා අනඳ තෙරහු නිසීදනය ගෙන භාග්‍යවතුන් වහන්සේ පසුපස් ලුහුබැඳියහ.
Pali BJTඅථ ඛො භගවා යෙන චාපාලං චෙතියං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: රමණීයා ආනන්ද වෙසාලී, රමණීයං උදෙනං චෙතියං, රමණීයං ගොතමකං චෙතියං, රමණීයං සත්තම්බං{2} චෙතියං, රමණීයං බහුපුත්තං චෙතියං, රමණීයං සාරන්දදං චෙතියං රමණීයං චාපාලං චෙතියං. {*}
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චාපාලචෙතිය වෙත එළඹි සේක. එළැඹ පැන වූ අස්නෙහි හුන් සේක. හිඳ භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් ඇමතූ සේක: ආනන්‍දය, වේසාලිය රමණී වෙයි. උදේනචේතිය රමණී වෙයි. ගොතමකචේතිය රමණී වෙයි. සත්තම්බචෙතිය රමණී වෙයි. බහුපුත්තචේතිය රමණී වෙයි. සාරන්‍දදචෙතිය රමණී වෙයි. චාපාලචේතිය රමණී වෙයි.
Pali BJTයස්ස කස්සචි ආනන්ද චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, ආකඞ්ඛමානො සො, ආනන්ද කප්පං වා{3} තිට්ඨෙය්ය, කප්පාවසෙසං වා. තථාගතස්ස ඛො ආනන්ද චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, ආකඞ්ඛමානො ආනන්ද{4} තථාගතො කප්පං වා තිට්ඨෙය්ය, කප්පාවසෙසං වාති. එවම්පි ඛො ආයස්මා ආනන්දො භගවතා ඔළාරිකෙ නිමිත්තෙ කයිරමානෙ ඔළාරිකෙ ඔභාසෙ කයිරමානෙ නාසක්ඛි පටිවිජ්ඣිතුං. න භගවන්තං යාචි: තිට්ඨතු භන්තෙ, භගවා කප්පං තිට්ඨතු සුගතො කප්පං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානන්ති, යථා තං මාරෙන පරියුට්ඨිතචිත්තො.
Sinhala BJTආනන්‍දය, යම් කිසිවකුන් විසින් සතර ඍද්ධිපාදයෝ භාවිත ද බහුලීකෘත ද, යානීකෘත ද, වස්තුකෘත ද, අනුත්‍ථිත ද, පරිචිත ද, සුසමාරද්ධ ද, ආනන්‍ද ය, හේ කැමති වනුයේ කපක් (ආයුෂ්කල්පයක්) හෝ කල්පාවශේෂයක් හෝ (ආයුෂ්කල්පයෙන් වැඩියක්) සිටුනේ ය. ආනන්‍ද ය, තථාගතයන් විසින් සතර ඉදුපා භාවිත ය, බහුලීකෘත ය, යානීකෘත ය, වස්තුකෘත ය, අනුත්‍ථිත ය, පරිචිත ය, සුසමාරද්ධ ය. ආනන්‍ද ය, තථාගත තෙමේ කැමැති වනුයේ කපක් හෝ කල්පාවශේෂයක් හෝ සිටුනේ ය. මෙසේත් ආයුෂ්මත් ආනන්‍ද තෙරහු භාග්‍යවතුන් වහන්සේ විසින් ඖදාරික නිමිති පහළ කළ කල්හි ඖදාරික අවභාසය (ආලෝකය) පහළ කළ කල්හිදු පිළිවිදුනට නො හැකි වූහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කපක් කල් සිටුනා සේක්වා. වහන්ස, සුගතයන් වහන්සේ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලෝකානුකම්පා පිණිස දෙවිමිනිස්නට අර්‍ත්‍ථය පිණිස හිත පිණිස සුඛ පිණිස කපක් කල් සිටුනා සේක්වා යි මරහු විසින් මැඩි සිතැතියකු සේ භාග්‍යවතුන් වහන්සේ නො යැදූහ.
Pali BJTදුතියම්පි ඛො භගවා -පෙ- තතියම්පි ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: රමණීයා ආනන්ද, වෙසාලී, රමණීයං උදෙනං චෙතියං, රමණීයං ගොතමකං චෙතියං, රමණීයං සත්තම්බකං චෙතියං, රමණීයං බහුපුත්තං චෙතියං, රමණීයං සාරන්දදං චෙතියං, රමණීයං චාපාලං චෙතියං. යස්ස කස්සචි ආනන්ද, චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, ආකඞ්ඛමානො සො ආනන්ද, කප්පං වා{1} තිට්ඨෙය්ය, කප්පාවසෙසං වා. තථාගතස්ස ඛො ආනන්ද, චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, ආකඞ්ඛමානො ආනන්ද{2} තථාගතො කප්පං වා තිට්ඨෙය්ය, කප්පාවසෙසං වාති. එවම්පි ඛො ආයස්මා ආනන්දො භගවතා ඔළාරිකෙ නිමිත්තෙ කයිරමානෙ ඔළාරිකෙ ඔභාසෙ කයිරමානෙ නාසක්ඛි පටිවිජ්ඣිතුං. න භගවන්තං යාචි: තිට්ඨතු භන්තෙ, භගවා කප්පං තිට්ඨතු සුගතො කප්පං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානන්ති, යථා තං මාරෙන පරියුට්ඨිත චිත්තො.
Sinhala BJTදෙවනවටත් භාග්‍යවතුන් වහන්සේ ... තෙවනවටත් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූ සේක: ආනන්‍දය, වෛශාලිය රමණී වෙයි. උදේනචේතිය රමණී වෙයි. ගොතමකචේතිය රමණී වෙයි. සත්තම්බ චේතිය රමණී වෙයි. බහුපුත්තචේතිය රමණී වෙයි. සාරන්‍දදචෙතිය රමණී වෙයි. චාපාලචේතිය රමණී වෙයි. ආනන්‍දය, යම් කිසිවකු විසින් සතර ඉදුපා භාවිත ද, බහුලීකෘත ද, යානීකෘත ද, වස්තුකෘත ද, අනුත්‍ථිත ද, පරිචිත ද, සුසමාරබ්ධ ද, ආනන්‍ද ය, හේ කැමැති වනුයේ කපක් හෝ කල්පාවශේෂයක් හෝ සිටුනේ ය. ආනන්‍ද ය, තථාගතයන් විසින් සතර ඉදුපා භාවිත ය, බහුලීකෘත ය, යානීකෘත ය, වස්තුකෘත ය, අනුත්‍ථිත ය, පරිචිත ය, සුසමාරද්ධ ය. ආනන්‍ද ය, කැමති වනුයේ තථාගත තෙමේ කපක් හෝ කල්පාවශේෂයක් හෝ සිටුනේ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේත් ඖදාරික නිමිත්ත පහළ කරනු ලබන කල්හි ඖදාරික අවභාසය පහළ කරනු ලබන කල්හි ආයුෂ්මත් අනඳ තෙරහු පිළිවිදුනට නො හැකි වූහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කපක් සිටුනා සේක්වා, සුගතයන් වහන්සේ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුඛ පිණිස ලෝකානුකම්පා පිණිස දෙවිමිනිස්නට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස කපක් සිටුනා සේක්වා යි මරහු විසින් මැඩි සිතැතියකු සෙයින් භාග්‍යවතුන් වහන්සේ නො යැදූහ.
Pali BJTඅථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ගච්ඡ ත්වං ආනන්ද, යස්සදානි කාලං මඤ්ඤසීති. එවං භන්තෙති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා භගවතො අවිදූරෙ අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසීදි.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූ සේක: ආනන්‍ද ය, තෝ යව, දැන් යමකට කල් නම් ඒ දනුවයි. වහන්ස, එසේ යයි ආයුෂ්මත් අනඳ තෙරහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා හුනස්නෙන් නැඟි භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේට නුදුරු එක්තරා රුක්මුලෙක හුන්හ.
Pali BJTඅථ ඛො මාරො පාපිමා අචිරපක්කන්තෙ ආයස්මන්තෙ ආනන්දො භගවන්තං එතදවොච; පරිනිබ්බාතු භන්තෙ, භගවා. පරිනිබ්බාතු සුගතො. පරිනිබ්බානකාලොදානි භන්තෙ, භගවතො. භාසිතා ඛො පනෙසා භන්තෙ භගවතා වාචා: න තාවාහං පාපිම, පරිනිබ්බායිස්සාමි යාව මෙ භික්ඛු න සාවකා භවිස්සන්ති වියත්තා විනීතා විසාරදා පත්තයොගක්ඛෙමා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා{3} සාමීචිපටිපන්නා අනුධම්මචාරිනො සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛිස්සන්ති දෙසිස්සන්ති{4} පඤ්ඤාපෙස්සන්ති පට්ඨපෙස්සන්ති විවරිස්සන්ති විභජිස්සන්ති උත්තානී{5} කරිස්සන්ති, උප්පන්නං පරප්පවාදං සහධම්මෙන සුනිග්ගහීතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දෙසිස්සන්තීති.
Sinhala BJTඑකල්හි පවිටු මාර තෙමේ අනඳ තෙරුන් නික්ම ගිය නොබෝ කලෙකින් භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක්වා, සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක්වා, වහන්ස, භාග්‍යවතුන් වහන්සේට දැන් පිරිනිවෙන්නට කලී, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් “පාපීමය, යම්තාක් කල් මාගේ භික්‍ෂු ශ්‍රාවකයෝ වියත් වූවාහු විනීත වූවාහු විසාරද වූවාහු පැමිණි යෝගක්‍ෂේම ඇත්තාහු බහුශ්‍රුත වූවාහු ධර්‍මධර වූවාහු ධර්‍මානුධර්‍මයට පිළිපන්නාහු සාමීචි පිළිවෙතෙහි යෙදුනාහු අනුධර්‍මචාරී වූවාහු වෙත් ද, ස්ව-ආචාර්‍ය්‍යවාදය උගෙන කියන්නාහු ද, දෙසන්නාහු ද, පනවන්නාහු ද, තබන්නාහු ද, විවරණ කරන්නාහු ද, විභාග කරන්නාහු ද, ප්‍රකට කරන්නාහු ද, උපන් පරප්‍රවාදය සහධර්‍මයෙන් මොනොවට නිගෙන සප්‍රාතිහාර්‍ය්‍ය ධර්‍මය දෙසන්නාහු ද, එතෙක් මම නො පිරිනිවෙන්නෙමි යන තෙල වචනය කියන ලද මැයි.
Pali BJTඑතරහි භන්තෙ භික්ඛු භගවතො සාවකා වියත්තා විනීතා විසාරදා පත්තයොගක්ඛෙමා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනො සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛන්ති දෙසෙන්ති පඤ්ඤපෙන්ති පට්ඨපෙන්ති, විවරන්ති විභජන්ති උත්තානී කරොන්ති. උප්පන්නං පරප්පවාදං සහධම්මෙන සුනිග්ගහීතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දෙසෙන්ති. පරිනිබ්බාතු’දානි භන්තෙ භගවා පරිනිබ්බාතු සුගතො, පරිනිබ්බානකාලො’දානි භන්තෙ, භගවතො.
Sinhala BJTවහන්ස, මෙ කල්හි භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක භික්‍ෂූහු ව්‍යක්ත වූවාහු විනීත වූවාහු විසාරද වූවාහු පැමිණි යෝගක්‍ෂේම ඇත්තාහු බහුශ්‍රුත වූවාහු ධර්‍මධර වූවාහු ධර්‍මානුධර්‍මප්‍රතිපන්න වූවාහු සාමීචියට පිළිපන්නාහු අනුධර්‍මචාරී වූවාහු ස්වකීය ආචාර්‍ය්‍යවාදය උගෙන කියත්, දෙසත්, පනවත්, තබත්, විස්තර කරත්, විභාග කරත්, ප්‍රකට කරත්, උපන් පරප්‍රවාදය සහධර්‍මයෙන් නිගෙන සප්‍රතිහාර්‍ය්‍ය ධර්‍මය දෙසත්. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවෙන සේක්වා. සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක්වා, වහන්ස, භාග්‍යවතුන් වහන්සේට දැන් පිරිනිවෙනට කලි.
Pali BJTභාසිතා ඛොපනෙසා භන්තෙ භගවතා වාචා: න තාවාහං පාපිම, පරිනිබ්බායිස්සාමි, යාව මෙ භික්ඛුනියො න සාවිකා -පෙ- යාව මෙ උපාසකා න සාවකා -පෙ- යාව මෙ උපාසිකා න සාවිකා භවිස්සන්ති වියත්තා විනීතා විසාරදා පත්තයොගක්ඛෙමා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනියො සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛිස්සන්ති, දෙසිස්සන්ති, පඤ්ඤපෙස්සන්ති පට්ඨපෙස්සන්ති විවරිස්සන්ති විභජිස්සන්ති උත්තානීකරිස්සන්ති උප්පන්නං පරප්පවාදං සහධම්මෙන සුනිග්ගහිතං නිග්ගහෙත්වා සප්පටිහාරියං ධම්මං දෙසිස්සන්තීති.
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල බස වදාරන ලදී: පාපිමය, යම්තාක් මාගේ භික්‍ෂුණී ශ්‍රාවිකාවෝ ... යම්තාක් මාගේ උපාසක ශ්‍රාවකයෝ ... යම්තාක් මාගේ උපාසිකා ශ්‍රාවිකාවෝ ව්‍යක්ත වූවාහු විනීත වූවාහු විශාරද වූවාහු පැමිණි යෝගක්‍ෂේම ඇත්තාහු බහුශ්‍රුත වූවාහු ධර්‍මධර වූවාහු ධර්‍මානුධර්‍මප්‍රතිපන්න වූවාහු සාමීචි පිළිවෙතට පිළිපන්නාහු අනුධර්‍මචාරීනී වූවාහු වෙත් ද, සිය ආචාර්‍ය්‍යවාදය උගෙන කියන්නාහු ද, දෙසන්නාහු ද, පනවන්නාහු ද, තබන්නාහු ද, විවරණ කරන්නාහු ද, විභාග කරන්නාහු ද, ප්‍රකට කරන්නාහු ද, උපන් පරප්‍රවාදය සහධර්‍මයෙන් මොනොවට නිගෙන සප්‍රාතිහාර්‍ය්‍ය ධර්‍මය දෙසන්නාහු ද, ඒ තාක් මම නො පිරිනිවෙන්නෙමි යි කියා යි.
Pali BJTඑතරහි භන්තෙ උපාසිකා භගවතො සාවිකා වියත්තා විනීතා විසාරදා පත්තයොගක්ඛෙමා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනියො සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛන්ති දෙසෙන්ති පඤ්ඤපෙන්ති පට්ඨපෙන්ති විවරන්ති විභජන්ති උත්තානීකරොන්ති. උප්පන්නං පරප්පවාදං සහධම්මෙන සුනිග්ගහිතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දෙසෙන්ති.
Sinhala BJTවහන්ස, මෙකල භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකා උපාසිකාවෝ බහුශ්‍රැතයහ, ධර්‍මධරයහ, ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්නයහ, සාමීචි ප්‍රතිපන්නයහ, ව්‍යක්තයහ, විනීතයහ, විශාරදයහ, පැමිණි යෝගක්‍ෂේම ඇත්තාහ. අනුධර්‍මචාරී වූවාහු සිය ආචාර්‍ය්‍යවාදය උගෙන කියත්, දෙසත්, පනවත්, තබත්, විවරණ කරත්, විභාග කරත්, ප්‍රකට කරත්, උපන් පරප්‍රවාදය සහධර්‍මයෙන් මොනොවට නිගෙන සප්‍රතිහාර්‍ය්‍ය ධර්‍මය දෙසත්.
Pali BJTපරිනිබ්බාතු ‘දානි භන්තෙ භගවා පරිනිබ්බාතු සුගතො, පරිනිබ්බාන කාලො’ දානි භන්තෙ භගවතො. භාසිතා ඛො පනෙසා භන්තෙ භගවතා වාචා: න තාවාහං පාපිම පරිනිබ්බායිස්සාමි. යාව මෙ ඉදං බ්රහ්මචරියං න ඉද්ධං චෙව භවිස්සති ඵීතඤ්ච විත්ථාරිකං{1} බාහුජඤ්ඤං පුථුභූතං යාව දෙවමනුස්සෙහි සුප්පකාසිතන්ති. එතරහි භන්තෙ භගවතො බ්රහ්මචරියං ඉද්ධඤ්චෙව ඵීතඤ්ච විත්ථාරිකං බාහුජඤ්ඤං පුථුභූතං යාව දෙවමනුස්සෙහි සුප්පකාසිතං.
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවෙන සේක්වා. සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක්වා. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට දැන් පිරිනිවෙන්නට කලි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල බස වදාරන ලදී: පාපිමය යම්තාක් මාගේ මේ බ්‍රහ්මචර්‍ය්‍ය සමෘද්ධ වූයේත් වැඩුණේත් විස්තෘත වූයේත් බොහෝ දෙන අතර ප්‍රකට වූයේත් පෘථුල භාවයට ගියේත් යම්තාක් දෙවිමිනිසුන් විසින් සුප්‍රකාශිත වූයේත් වේ ද, ඒ තාක් කල් නො පිරිනිවෙන්නෙමැයි කියා යි.
Pali BJTපරිනිබ්බාතු ‘දානි භන්තෙ භගවා, පරිනිබ්බාතු සුගතො, පරිනිබ්බාන කාලො’ දානි භන්තෙ භගවතොති.
Sinhala BJTවහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක්වා, සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක්වා, භාග්‍යවතුන් වහන්සේට මේ පිරිනිවීමට කල් වේ යයි.
Pali BJTඅප්පොස්සුක්කො ත්වං පාපිම හොහි, නචිරං තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති, ඉතො තිණ්ණං මාසානං අච්චයෙන තථාගතො පරිනිබ්බායිස්සතීති.
Sinhala BJTපාපිමය, තෝ අල්පොත්සුක වව, නොබෝ කලෙකින් තථාගතයන්ගේ පරිනිර්‍වාණය වන්නේ ය. මෙයින් තුන්මසක්හුගේ ඇවෑමෙන් තථාගතයෝ පිරිනිවෙන්නාහ යි.
Pali BJTඅථ ඛො භගවා චාපාලෙ චෙතියෙ{1} සතො සම්පජානො ආයුසඞ්ඛාරං ඔස්සජි. ඔස්සට්ඨෙ ච භගවතා ආයුසඞ්ඛාරෙ මහාභූමිචාලො අහොසි භිංසනකො{2} සලොමහංසො.{3} දෙවදුන්දුභියො ච චලිංසු. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චාපාල චෙතියෙහි ස්මෘති ඇත්තාහු සම්ප්‍රජන්‍යය ඇත්තාහු ආහුසංස්කාරය හළ සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් ආයුසංස්කාරය හළ කල්හි බිහිසුණු වූ ලොමුදහගන්වන මහා භූමිකම්පනයෙක් විය. දෙව්බෙරහු (මේඝයෝ) සැලුණාහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තෙල අරුත් දැන ඒ වේලායෙහි මේ උදානය ඇනූසේක.
Pali BJT1. තුලමතුලඤ්ච සම්භවං භවසඞ්ඛාරමවස්සජි{4} මුනී, අජ්ඣත්තරතො සමාහිතො අභින්දි කවචමිවත්තසම්භවන්ති.
Sinhala BJT1. නියකාධ්‍යාත්මයෙහි ඇලුණු උපචාරාර්‍පණා සමාධි වශයෙන් සමාහිත වූ බුද්ධ මුනි තෙමේ කාමාවචර අරූපාවචර කර්‍මය හා මහද්ගත කර්‍මය දැයි දෙවැදෑරුම් වූ උත්පත්තිජනක වූ පුනර්‍භව සංස්කාරක වූ කර්‍මය හළේ ය. (නොහොත් අතුල සඞ්ඛ්‍යාත නිර්‍වාණය හා භවය හා තුලනා කෙරෙමින් භවගාමී කර්‍මය හළේ ය.) ආත්මසම්භව වූ ක්ලේශය ද සන්නාහයක් සෙයින් බෝ මුල දී බිඳලී ය.
Pali BJTඅථ ඛො ආයස්මතො ආනන්දස්ස එතදහොසි: මහාවතායං භූමිචාලො, සුමහාවතායං භූමිචාලො භිංසනකො සලොමහංසො දෙවදුන්දුභියො ච ඵලිංසු. කො නුඛො හෙතු. කො පච්චයො මහතො භූමිචාලස්ස පාතුභාවායාති:
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් අනඳ තෙරුනට මෙ සිත විය: ඒකාන්තයෙන් මේ මහාභූමිචාලයෙක. ඒකාන්තයෙන් ඉමහත් වු මේ භූමිචාලය බිහිසුණු ද ලොමුදහගන්වන්නේද වෙයි. දේවදුන්‍දුභීහු (දෙව්බෙර නම් වූ මේඝයෝ) ද සැලුනාහ. මහත් වූ භූමිචාලයක්හුගේ ප්‍රාදුර්‍භාවයට හේතු කවරැ? සත්‍ය කවරැ? යි
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච:
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ:
Pali BJTමහාවතායං භන්තෙ භූමිචාලො{*} සුමහාවතායං භන්තෙ භූමිචාලො භිංසනකො සලොමහංසො. දෙවදුන්දුභියො ච ඵලිංසු. කො නුඛො භන්තෙ හෙතු, කො පච්චයො මහතො භූමිචාලස්ස පාතුභාවායාති:
Sinhala BJT“වහන්ස, එකැතින් මේ මහාභූමිචාලයෙක. වහන්ස, එකැතින් ඉමහත් වූ මේ භූමිචාලය බිහිසුණු වෙයි, ලොමුදහගන්වන්නෙකි. දේවදුන්‍දුභීහු සැලුණහ. වහන්ස, මහත් වූ භූමිචාලයක්හුගේ ප්‍රාදුර්‍භාවයට හේතු කවරැ? ප්‍රත්‍යය කවරැ? යි.
Pali BJTඅට්ඨි මෙ ආනන්ද{5} හෙතු, අට්ඨ පච්චයා මහතො භූමිචාලස්ස පාතුභාවාය, කතමෙ අට්ඨ:
Sinhala BJTආනන්‍දය, මහාභූමිචාලයක ප්‍රාදුර්‍භාවය පිණිස මේ හේතූහු අටදෙනෙක. ප්‍රත්‍යයෝ අට දෙනෙක කවර අට දෙනෙක යත්:
Pali BJT1. අයං ආනන්ද මහාපඨවි{1} උදකෙ පතිට්ඨිතා. උදකං වාතෙ ඨිතං, වාතො ආකාසට්ඨො හොති. සො ආනන්ද{2} සමයො යං මහාවාතා වායන්ති, මහාවාතා වායන්තා උදකං කම්පෙන්ති. උදකං කම්පිතං පඨවිං කම්පෙති. අයං ආනන්ද පඨමො හෙතු{3} පඨමො පච්චයො මහතො භූමිචාලස්ස පාතුභාවාය.
Sinhala BJT1. ආනන්‍දය, මේ පොළොව දියෙහි පිහිටියා ය, දිය වාතයෙහි පිහිටියේ ය. වාතය ආකාශස්ථ වෙයි. ආනන්‍දය, යම් හෙයකින් මහා වාතයෝ හමත් නම් එබඳු කලෙක් වෙයි. හමන්නා වූ මහාවාතයෝ දීය කම්පිත කරත්. කම්පිත උදකය පොළොව සලයි. ආනන්‍දය, මහත් භූමිචාලයක්හුගේ ප්‍රාදූර්‍භාවයට මේ පළමු හේතු ය. මේ පළමු ප්‍රත්‍යය යි.
Pali BJT2. පුන චපරං ආනන්ද සමණො වා බ්රාහ්මණො වා ඉද්ධිමා චෙතොව සිප්පත්තො දෙවතා වා මහිද්ධිකා මහානුභාවා{4} තස්ස පරිත්තා පඨවිසඤ්ඤා භාවිතා හොති, අප්පමාණා ආපොසඤ්ඤා. සො ඉමං පඨවිං කම්පෙති. සඞ්කම්පෙති, සම්පකම්පෙති{5} අයං ආනන්ද{*} දුතියො හෙතු, දුතියො පච්චයො මහතො භූමිචාලස්ස පාතුභාවාය.
Sinhala BJT2. ආනන්‍දය, තවද ඍද්ධිමත් වූ චිත්තවශීප්‍රාප්ත වූ මහණෙක් වේවයි, බමුණෙක් වේවයි, මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති දේවතාවෙක් වේවයි ඇත. ඔහු විසින් ස්වල්ප වූ පෘථිවිසංඥා තොමෝ වඩන ලදු වෙයි. අප්සංඥා තොමෝ බලවත් කොට වඩන ලදු. හේ මේ පොළොව සොලවයි, හාත්පසින් සොලවයි, බොහෝ සෙයින් කම්පිත කරයි. ආනන්‍දය, මහත් භූමිචාලයක්හුගේ ප්‍රාදුර්‍භාවය පිණිස මේ දෙවන හේතු යි, මේ දෙවන ප්‍රත්‍යය යි.
Pali BJT3. පුන චපරං ආනන්ද යදා බොධිසත්තො තුසිතා කායා චවිත්වා සතො සම්පජානො මාතුකුච්ඡිං ඔක්කමති, තදායං පඨවී කම්පති සඞ්කම්පති සම්පකම්පති{5}. අයං ආනන්ද{*} තතියො හෙතු. තතියො පච්චයො මහතො භූමිචාලස්ස පාතුභාවාය.
Sinhala BJT3. ආනන්‍දය, තවද යම් කලෙක බෝධිසත්‍ව තුසී දෙව්ලොවින් සැව සිහි ඇතියේ මනා නුවණැතියේ මව් කුසට වදනේ ද එකල්හි මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙයි, බොහෝ සෙයින් කම්පිත වෙයි. ආනන්‍දය, මහත් භූමිචාලයක්හුගේ ප්‍රාදූර්‍භාවයට මේ තෙවන හේතු යි, මේ තෙවන ප්‍රත්‍යය යි.
Pali BJT4. පුන චපරං ආනන්ද යදා බොධිසත්තො සතො සම්පජානො මාතු කුච්ඡිස්මා නික්ඛමති, තදායං පඨවී කම්පති සඞ්කම්පති සම්පකම්පති. අයං ආනන්ද{*} චතුත්ථො හෙතු චතුත්ථො පච්චයො මහතො භූමිචාලස්ස පාතුභාවාය.
Sinhala BJT4. ආනන්‍දය, යම් කලෙක බෝධිසත්‍ව සිහි ඇතියේ මනා නුවණැතියේ මව්කුසින් බිහිවේ ද එකල මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙයි, බොහෝසේ කම්පිත වෙයි. ආනන්‍දය, මහත් භූමිචාලයක්හුගේ ප්‍රාදූර්‍භාවයට මේ සිවුවන හේතු යි, මේ සිවුවන ප්‍රත්‍යය යි.
Pali BJT5. පුන චපරං ආනන්ද යදා තථාගතො අනුත්තරං සම්මා සම්බොධිං අභිසම්බුජ්ඣති. තදායං පඨවී කම්පති, සඞ්කම්පති සම්පකම්පති{6}. අයං ආනන්ද{*} පඤ්චමො හෙතු පඤ්චමො පච්චයො මහතො භූමිචාලස්ස පාතුභාවාය.
Sinhala BJT5. ආනන්‍දය, තවද, යම් කලෙක්හි තථාගත අනුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙරෙත් ද, එකල්හි මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙයි, බොහෝ සෙයින් කම්පිත වෙයි. ආනන්‍දය, මහත් භූමිචාලයක්හු ගේ ප්‍රාදූර්‍භාවයට මේ පස්වන හේතු යි, මේ පස්වන ප්‍රත්‍යය යි.
Pali BJT6. පුන චපරං ආනන්ද යදා තථාගතො අනුත්තරං ධම්මචක්කං පවත්තෙති, තදායං පඨවී කම්පති, සඞ්කම්පති සම්පකම්පති{6}. අයං ආනන්ද{*} ඡට්ඨො හෙතු, ඡට්ඨො පච්චයො මහතො භූමිචාලස්ස පාතුභාවාය.
Sinhala BJT6. ආනන්‍දය, තවද, යම් කලෙක තථාගතයෝ අනුත්තර ධර්‍මචක්‍රය පවත්වත් ද, එකල පොළොව සැලෙයි, හාත්පසින් සැලෙ යි, බොහෝසේ කම්පිත වෙයි. ආනන්‍දය, මහත් භූමිචාලයක්හුගේ පහළවීමට මේ සවන හේතු යි, මේ සවන ප්‍රත්‍යය යි.
Pali BJT7. පුන චපරං ආනන්ද යදා තථාගතො සතො සම්පජානො ආයුසඞ්ඛාරං ඔස්සජති,{1} තදායං පඨවී කම්පති, සඞ්කම්පති, සම්පකම්පති{2}. අයං ආනන්ද{*} සත්තමො හෙතු, සත්තමො පච්චයො මහතො භූමිචාලස්ස පාතුභාවාය.
Sinhala BJT7. ආනන්‍දය, තවද, යම් කලෙක තථාගතයෝ සිහි ඇතියේ මනා නුවණැති ව ආයුස්සංස්කාරය හරිත් ද, එකල්හි මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙ යි, බොහෝ සෙයින් කම්පිත වෙයි. ආනන්‍දය, මහත් භූමිචාලයක්හුගේ පහළවීමට මේ සත්වන හේතු යි, මේ සත්වන ප්‍රත්‍යය යි.
Pali BJT8. පුන චපරං ආනන්ද යදා තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායති, තදායං පඨවී කම්පති, සඞ්කම්පති, සම්පකම්පති.{2} අයං ආනන්ද{*} අට්ඨමො හෙතු, අට්ඨමො පච්චයො මහතො භූමිචාලස්ස පාතුභාවාය. ඉමෙ ඛො ආනන්ද අට්ඨහෙතු, අට්ඨපච්චයා මහතො භූමිචාලස්ස පාතුභාවායාති.
Sinhala BJT8. ආනන්‍දය, තවද, යම් කලෙක තථාගතයෝ අනුපාදිශේෂ පරිනිර්‍වාණධාතුයෙන් පිරි නිවෙත් ද, එකල්හි මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙ යි, බොහෝ සෙයින් කම්පිත වෙයි. ආනන්‍දය, මහත් භූමිචාලයක්හුගේ පහළවීමට මේ අටැවනි හේතු යි, මේ අටවැනි ප්‍රත්‍යය යි.
Pali BJTචාපාලවග්ගො සත්තමො.
Sinhala BJTසත්වැනි චාපාල වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඉච්ඡා අලඤ්ච සඞ්ඛිත්තං - ගයා අභිභුනා සහ විමොක්ඛො ද්වෙ ච වොහාරා - පරිසා භූමිචාලෙනාති.
Sinhala BJTඉච්ඡා සූත්‍රය, අලං සූත්‍රය, සඞ්ඛිත්ත සූත්‍රය, දේසිත සූත්‍රය, ගයාශීර්‍ෂයෙහි දී වදාළ අධිදේවඤාණදස්සන සූත්‍රය, අභිභායතන සූත්‍රය හා විමොක්ඛ සූත්‍රය ද වෝහාර සූත්‍රදෙක ද පරිස සූත්‍රය ද භූමිචාල සූත්‍රය දැයි දශයෙකි.
Pali BJT8. යමකවග්ගො
Sinhala BJT8. යමක වර්‍ගය
Pali BJT8. 2. 8. 1.
Sinhala BJT8. 2. 8. 1.
Pali BJTපඨම සමන්තපාසාදික සුත්තං
Sinhala BJTප්‍රථම සමන්තපාසාදික සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTසද්ධො ච{1} භික්ඛවෙ භික්ඛු හොති, නො ච සීලවා{2} , එවං සො තෙනඞ්ගෙන අපරිපූරො හොති. තෙන තං අඞ්ගං පරිපූරෙතබ්බං ‘කින්තාහං සද්ධො ච අස්සං සීලවා චා’ ති. යතො ච ඛො භික්ඛවෙ භික්ඛු සද්ධො ච හොති සීලවා ච. එවං සො තෙනඞ්ගෙන පරිපූරො හොති.
Sinhala BJTමහණෙනි, භික්‍ෂු තෙමේ සැදැහැතියේ ද වෙයි, නො ද සිල්වත්වෙයි, මෙසේ හේ මහණ ඒ ඇඟින් පරිපූර වූයේ නො වෙයි. ඒ මහණ විසින් කවර නම් උපායෙකින් සැදැහැතියෙම් වෙම් ද සිල්වත් ද වෙම් දැයි ඒ අඞ්ගය පිරිය යුතු. මහණෙනි, යම් කලෙක මහණ සැදැහැතියේත් සිල්වත් වූයේත් වේ ද මෙසේ මහණ ඒ ඇඟින් පරිපූර වූයේ වෙයි.
Pali BJTසද්ධො ච භික්ඛවෙ භික්ඛු හොති, සීලවා ච නො ච බහුස්සුතො එවං සො තෙනඞ්ගෙන අපරිපූරො හොති. තෙන තං අඞ්ගං පරිපූරෙතබ්බං “කින්තාහං සද්ධො ච අස්සං සීලවා ච බහුස්සුතො චා” ති. යතො ච ඛො භික්ඛවෙ භික්ඛු සද්ධො ච හොති සීලවා ච බහුස්සුතො ච, එවං සො තෙනඞ්ගෙන පරිපූරො හොති.
Sinhala BJTමහණෙනි, මහණ සැදැහැතියේත් වෙයි. සිල්වත් ද වෙයි. නො ද බහුශ්‍රුත වෙයි. මෙසේ හේ ඒ ඇඟින් අපරිපූර වෙයි. ඔහු විසින් “කවර නම් උපායෙකින් මම සැදැහැයෙම්, සිල්වත් වූයෙම් බහුශ්‍රුත ද වූයෙම් වෙම් දැ යි ඒ මහණ විසින් ඒ අඞ්ගය පිරිය යුතු යි. මහණෙනි, යම් කලෙක මහණ සැදැහැතියේත්, සිල්වත් වූයේත්, බහුශ්‍රුත වූයේත් වේ ද, මෙසේ ඒ මහණ ඒ ඇඟින් පරිපූරකාරී වෙයි.
Pali BJTසද්ධො ච භික්ඛවෙ භික්ඛු හොති, සීලවා ච බහුස්සුතො ච නො ච ධම්මකථිකො, -පෙ- ධම්මකථිකො ච නො ච පරිසාවචරො -පෙ- පරිසාවචරො ච නො ච විසාරදො පරිසාය ධම්මං දෙසෙති, -පෙ- විසාරදො ච පරිසාය ධම්මං දෙසෙති. නො ච චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී -පෙ- චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී, නො ච ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති, එවං සො තෙනඞ්ගෙන අපරිපූරො හොති. තෙන තං අඞ්ගං පරිපූරෙතබ්බං, කින්තාහං සද්ධො ච අස්සං සීලවා ච බහුස්සුතො ච ධම්මකථිකො ච පරිසාවචරො ච විසාරදො ච පරිසාය ධම්මං දෙසෙය්යං, චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී අස්සං අකිච්ඡලාභී අකසිරලාභී ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යන්ති.
Sinhala BJTමහණෙනි, මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් බහුශ්‍රුත වූයේත් වේ ද, නො ද ධර්‍මකථික වේ ද ... ධර්‍මකථිකත් වේ ද, පරිසාවචර (පිරිස්හි හැසිරෙන්නෙක්) නො වේ ද ... පරිසාවචර වූයේත් විශාරද ව පිරිස්හි දහම් නොදෙසා ද ... විශාරද ව පිරිස්හි දහම් දෙසනුයේත් දෘෂ්ටධර්‍ම සුඛ විහරණ ඇති ආභිචේතසික (උතුම්සිත් ඇසුරු කළ) සතර දැහැන් කැමැති සේ නො ලබන සුල්ලේ නිදුකින් ලබන සුල්ලේත් සුවසේ ලබන සුල්ලේත් නො වේද ... දෘෂ්ටධර්‍ම සුඛවිහරණ ඇති ආභිචේතසික වූ සතර දැහැන් කැමැති සේ ලබන සුල්ලේ නිදුකින් ලබන සුල්ලේ, සුවසේ ලබන සුල්ලේත් වෙයි. ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් ඉහාත්මයෙහි ම තමා විසින් මොනොවට දැන පසක්කොට එළඹ නො වෙසෙයි. මෙසේ හෙතෙමේ ඒ ඇඟින් අපරිපූර වෙයි . “කවර නම් උපායෙකින් මම සැදැහැතියෙම් සිල් ඇතියෙම් බහුශ්‍රුත වූයෙම් ධර්‍ම කථික වූයෙම් පරිසාවචර වූයෙම් විශාරදව පිරිස්හි දහම් දෙසනුයෙම් දෘෂ්ටධර්‍මසුඛවිහරණ ඇති ආභිචේතසික සතර දැහැන් කැමැති සේ ලබනුයෙම් නිදුකින් ලබනුයෙම් සුවසේ ලබනුයෙම් ආස්‍රවක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය පඤ්ඤාවිමුක්තිය දිටුදැමියෙහි ම තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එළඹ වෙසෙන්නෙම් දැ” යි ඔහු විසින් ඒ අඞ්ගය පිරිය යුතු ය.
Pali BJTයතො ච ඛො භික්ඛවෙ, භික්ඛු සද්ධො ච හොති සීලවා ච බහුස්සුතො ච ධම්මකථිකො ච පරිසාවචරො ච විසාරදො ච පරිසාය ධම්මං දෙසෙති, චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී, ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. එවං සො තෙනඞ්ගෙන පරිපූරො හොති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් බහුශ්‍රුත වූයේත් ධර්‍මකථික වූයේත් පරිසාවචර වූයේත් විසාරද වූයේත් පිරිස්හි දහම් දෙසන්නේ වේ ද, දෘෂ්ටධර්‍ම සුඛවිහරණ ඇති ආභිචේතසික සතර දැහැන් කැමැති සේ ලබන සුල්ලේ නිදුකින් ලබන සුල්ලේ සුවසේ ලබන සුල්ලේත් වේ ද, ආස්‍රවක්‍ෂය කිරීමෙන් අනාස්‍රව චේතෝවිමුත්තිය ප්‍රඥා විමුත්තිය දිටුදැමියෙහි තමා විසින් ම විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට එළැඹ වෙසේ ද, මෙසේ හේ ඒ ඇඟින් පරිපූර වේ.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, අට්ඨෙහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු සමන්තපාසාදිකො ච හොති සබ්බාකාරපරිපූරො චාති.
Sinhala BJTමහණෙනි, මේ අට දහමින් සමන්‍වාගත මහණ සමන්තපාසාදික ද වෙයි. සර්‍වාකාර පරිපූර ද වේ යයි.
Pali BJT8. 2. 8. 2.
Sinhala BJT8. 2. 8. 2.
Pali BJTදුතිය සමන්තපාසාදික සුත්තං
Sinhala BJTදෙවැනි සමන්තපාසාදික සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTසද්ධො ච භික්ඛවෙ, භික්ඛු හොති නො ච සීලවා. එවං සො තෙනඞ්ගෙන අපරිපූරො හොති. තෙන තං අඞ්ගං පරිපූරෙතබ්බං කින්තාහං සද්ධො ච අස්සං සීලවා චාති. යතො ච ඛො භික්ඛවෙ, භික්ඛු සද්ධො ච හොති, සීලවා ච, එවං සො තෙනඞ්ගෙන පරිපූරො හොති.
Sinhala BJTමහණෙනි, මහණ සැදැහැතියේත් වෙයි සිල් ඇතියේ නො ද වෙයි, මෙසේ හේ ඒ ඇඟින් අපරිපූර වෙයි. කිනම් උපායෙකින්, මම සැදැහැතියෙම් ද සිල් ඇතියෙම් ද වෙම් දැ යි ඔහු විසින් ඒ අඞ්ගය පිරි යුතු. මහණෙනි, යම් කලෙක මහණ සැදැහැතියේත්, සිල් ඇතියේත් වේ ද, මෙසේ ඒ ඇඟින් පරපුර වෙයි.