Pali BJTසෙය්යථාපි බ්රාහ්මණ, මහතො තළාකස්ස චත්තාරි චෙව ආයමුඛානි චත්තාරි ච අපායමුඛානි, තස්ස පුරිසො යානි චෙව ආයමුඛානි තානි පිදහෙය්ය, යානි ච අපායමුඛානි තානි විවරෙය්ය, දෙවො ච න සම්මාධාරං අනුප්පවෙච්ඡෙය්ය, එවං තස්ස බ්රාහ්මණ, මහතො තළාකස්ස පරිහානියෙව පාටිකඞ්ඛා. නො වුද්ධි.
Sinhala BJTබමුණ, යම් පරිදි මහත් තඩාගයකට සතර අයමුව කෙනෙක් වෙත් ද, සතර අවාමුව කෙනෙකුත් වෙත් ද, පුරුෂයෙක් ඒ තඩාගයාගේ යම්බඳු අයමුව වෙත් නම් ඔවුන් වසා තබන්නේ ය. යම් අවාමුව කෙනෙක් වෙත් නම් ඔවුන් විවර කරන්නේ ය. මේඝය ද මොනොවට වැසිදහර නො වස්වන්නේ ය. මෙසේ ඇති කල්හි බමුණ, ඒ මහතඩාගයාගේ පරිහානිය ම කැමති විය යුතු, වෘද්ධියෙක් නො වේ.
Pali BJTඑවමෙව ඛො බ්රාහ්මණ, එවං සමුප්පන්නානං භොගානං චත්තාරි අපායමුඛානි හොන්ති: ඉත්ථිධුත්තො සුරාධුත්තො අක්ඛධුත්තො පාපමිත්තො පාපසහායො පාපසම්පවඞ්කො. එවං සමුප්පන්නානං බ්රාහ්මණ, භොගානං චත්තාරි ආයමුඛානි හොන්ති: න ඉත්ථිධුත්තො හොති න සුරාධුත්තො න අක්ඛධුත්තො කල්යාණමිත්තො කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො.
Sinhala BJTබමුණ, එ පරිදි ම මෙසේ උපන් භෝගයනට අවාමුව සතරෙක් වේ: ස්ත්‍රීධූර්‍ත වෙයි, සුරාධූර්‍ත වෙයි, අක්‍ෂධූර්‍ත වෙයි. පවිටු යහළුවන් ඇති පවට නැඹුරු වූ පාපමිත්‍රයන් ඇතියෙක් වේ, බමුණ, මෙසේ උපන් භෝගයනට අයමුව සතරෙක් වෙයි: ස්ත්‍රීධුර්‍ත නො වේ, සුරාධූර්‍ත නො වේ. අක්‍ෂධූර්‍ත නො වේ. කලණ මිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණයනට නැඹුරු වූවෙක් වේ.
Pali BJTසෙය්යථාපි බ්රාහ්මණ, මහතො තළාකස්ස චත්තාරි චෙව ආයමුඛානි චත්තාරි ච අපායමුඛානි, තස්ස පුරිසො යානි චෙව ආයමුඛානි තානි විවරෙය්ය, යානි ච අපායමුඛානි තානි පිදහෙය්ය, දෙවො ච සම්මාධාරං අනුප්පවෙච්ඡෙය්ය, එවං හි තස්ස බ්රාහ්මණ, මහතො තළාකස්ස වුද්ධියෙව පාටිකඞ්ඛා. නො පරිහානි. එවමෙව ඛො බ්රාහ්මණ, එවං සමුප්පන්නානං භොගානං චත්තාරි ආයමුඛානි හොන්ති: න ඉත්ථිධුත්තො -පෙ- කල්යාණසම්පවඞ්කො.
Sinhala BJTබමුණ, යම් පරිදි මහත් තඩාගයෙක් සතර අයමුව කෙනෙක් හා සතර අවාමුව කෙනෙක් හා වෙත් නම් පුරුෂයෙක් ඒ තඩාගයා ගේ යම් අයමුව වෙත් නම් විවර කෙරෙයි, යම් අවාමුව වෙත් නම් වසාලයි. මේඝයත් මොනොවට වැසි දහර වස්වන්නේ ය. බමුණ, මෙසේ ඇති කල්හි ඒ මහාතඩාගයාගේ වෘද්ධියෙක් ම කැමැති විය යුතු. පරිහානිය නො වේ. බමුණ, එපරිදි ම මෙසේ උපන් භෝගයන්ගේ සිව් අයමුව කෙනෙක් වෙත්: ස්ත්‍රීධූර්‍ත නො වෙයි ... කලණට නැඹුරු වූයේ වෙයි.
Pali BJTඉමෙ ඛො බ්රාහ්මණ, චත්තාරො ධම්මා කුලපුත්තස්ස දිට්ඨධම්මහිතාය සංවත්තන්ති දිට්ඨධම්මසුඛාය.
Sinhala BJTබමුණ, මේ සතර ධර්‍මයෝ කුලපුත්හුගේ දිටුදැමියෙහි හිත පිණිස දැටුදැමියෙහි සුව පිණිස පවතිත්.
Pali BJTචත්තාරො මෙ බ්රාහ්මණ, ධම්මා කුලපුත්තස්ස සම්පරායහිතාය සංවත්තන්ති සම්පරායසුඛාය. කතමෙ චත්තාරො: සද්ධාසම්පදා සීලසම්පදා චාගසම්පදා පඤ්ඤාසම්පදා.
Sinhala BJTබමුණ, මේ සතර දහම් කෙනෙක් කුලපුත්හු ගේ සම්පාරය හිත පිණිස සම්පරාය සුව පිණිස පවතිත්. කවර සතර දෙනෙක යත්: සද්ධා සම්පදාය, සීලසම්පදාය, චාග සම්පදාය, පඤ්ඤාසම්පදා යි.
Pali BJT5. කතමා ච බ්රාහ්මණ, සද්ධාසම්පදා: ඉධ බ්රාහ්මණ, කුලපුත්තො සද්ධො හොති සද්දහති තථාගතස්ස බොධිං: ඉති’පි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. අයං වුච්චති බ්රාහ්මණ, සද්ධාසම්පදා.
Sinhala BJT5. බමුණ, සද්ධා සම්පදා නම් කවර: බමුණ, මෙ ලොව්හි කුලපුත් සැදැහැතියේ වෙයි. තථාගතයන් ගේ බෝධිය හදහයි. මෙ කරුණෙනුදු ඒ භගවත්හු ... දෙවිමිනිස්නට ශාස්තෘ හ, සිවුසස් පිළිවිදියහ, භගවත්හ, කියා යි. බමුණ, මේ සද්ධාසම්පදා යි කියනු ලැබේ.
Pali BJT6. කතමා ච බ්රාහ්මණ, සීලසම්පදා: ඉධ බ්රාහ්මණ කුලපුත්තො පාණාතිපාතා පටිවිරතො හොති -පෙ- සුරාමෙරය මජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති, අයං වුච්චති බ්රාහ්මණ සීලසම්පදා.
Sinhala BJT6. බමුණ, සීල සම්පදා නම් කවර: මෙ බමුණ, මෙ ලොව්හි කුලපුත් පණිවායෙන් වැළැකියේ වෙයි ... මද පමා දෙකට කරුණු වූ රහමෙරින් වැළැක්කේ වෙයි. බමුණ, මේ සීල සම්පදා යි කියනු ලැබෙයි.
Pali BJT7. කතමා ච බ්රාහ්මණ චාගසම්පදා: ඉධ බ්රාහ්මණ, කුලපුත්තො විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති මුත්තචාගො පයතපාණි වොස්සග්ගාරතො යාචයොගො දානසංවිභාගරතො, අයං වුච්චති බ්රාහ්මණ, චාගසම්පදා.
Sinhala BJT7. බමුණ, චාගසම්පදා නම් කවර: බමුණ, මෙ ලොව්හි කුලපුත් පහ වූ මසුරු මල ඇති සිතින් යුතුව මුදා ලූ ත්‍යාග ඇතියේ, දෙවූ අත් ඇතියේ ව්‍යවසර්‍ගයෙහි (දානයෙහි) ඇලුනේ යදනට සුදුසු වූයේ දානසංවිභාගයෙහි ඇලුනේ ගිහි ගෙයි වෙසෙයි. බමුණ, මේ චාගසම්පදා යි කියනු ලැබෙයි.
Pali BJT8. කතමා ච බ්රාහ්මණ පඤ්ඤාසම්පදා: ඉධ බ්රාහ්මණ, කුලපුත්තො පඤ්ඤවා හොති -පෙ- සම්මාදුක්ඛක්ඛයගාමිනියා. අයං වුච්චති බ්රාහ්මණ පඤ්ඤාසම්පදා.
Sinhala BJT8. බමුණ, පඤ්ඤාසම්පදා නම් කවර: බමුණ, මෙ ලොව්හි කුල පුත් ... මැනැවින් දුඃඛක්‍ෂයට යන සුලු නුවණින් පැන ඇත්තේ වෙයි. බමුණ, මේ පඤ්ඤාසම්පදා යී කියනු ලැබේ.
Pali BJTඉමෙ ඛො බ්රාහ්මණ, චත්තාරො ධම්මා කුලපුත්තස්ස සම්පරායහිතාය සංවත්තන්ති සම්පරායසුඛායාති.
Sinhala BJTබමුණ, මේ සතර දහම්හු කුල පුත්හුගේ සම්පරාය හිත පිණිස සම්පරාය සුව පිණිස පවත්නා හයි.
Pali BJT1. උට්ඨාතා කම්මධෙය්යෙසු අප්පමත්තො විධානවා, සමං කප්පෙති ජීවිකං සම්භතං අනුරක්ඛති.
Sinhala BJT1. කර්‍මාන්ත කරන තන්හි උත්‍ථානවීර්‍ය්‍ය ඇත්තේ අප්‍රමත්ත වූයේ විධාන ඇත්තේ සමදිවි ගෙවයි. ඉපයූ දෑ දරන්නේ ය.
Pali BJT2. සද්ධො සීලෙන සම්පන්නො වදඤ්ඤූ වීතමච්ඡරො, නිච්චං මග්ගං විසොධෙති සොත්ථානං සම්පරායිකං
Sinhala BJT2. සැදැහැතියේ සිල් සපන් වූයේ යැදියන්ගේ වදන් දන්නේ පහ වූ මසුරු මල ඇතියේ සම්පරායට හිත වූ සුඛදායක මාර්‍ගය නිතර පිරිසුදු කෙරෙයි.
Pali BJT3. ඉච්චෙතෙ අට්ඨ ධම්මා ච සද්ධස්ස ඝරමෙසිනො, අක්ඛාතා සච්චනාමෙන උභයත්ථ සුඛාවහා.
Sinhala BJT3. මෙසේ තෙල අටදහම් හු සැදැහැති ගිහිහුගේ දෙලෝ සුව එළවන්නාහ යි සත්‍ය වූ නම් ඇති බුදුන් විසින් පවසන ලදහ.
Pali BJT4. දිට්ඨධම්මහිතත්ථාය සම්පරායසුඛාය ච, එවමෙතං ගහට්ඨානං චාගො පුඤ්ඤං පවඩ්ඪතී ති.
Sinhala BJT4. දිටුදැමියෙහි හිත පිණිස පරලොව සැප පිණිස ත්‍යාගය ගැහැවියන්ගේ තෙල පින මෙසේ වඩන්නේ යයි.
Pali BJT8. 2. 6. 6.
Sinhala BJT8. 2. 6. 6.
Pali BJTකාමාධිවචන සුත්තං
Sinhala BJTකාමාධිවචන සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTභයන්ති භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං, දුක්ඛන්ති භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං, රොගොති භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං, ගණ්ඩොති භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං, සල්ලන්ති භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං, සඞ්ගොති භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං පඞ්කොති භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං. ගබ්භොති භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං.
Sinhala BJTමහණෙනි, භය යන මෙය කාමයනට නමෙකි. මහණෙනි, දුක්ඛ යන මෙය කාමයනට නමෙකි. මහණෙනි, රෝග මෙය කාමයනට නමෙකි. මහණෙනි, ගණ්ඩ යන මෙය කාමයනට නමෙකි. මහණෙනි, සල්ල මෙය කාමයනට නමෙකි. මහණෙනි, සඞ්ග මෙය කාමයනට නමෙකි. මහණෙනි, පඞ්ක මෙය කාමයනට නමෙකි. මහණෙනි, ගබ්භ මෙය කාමයනට නමෙකි.
Pali BJTකස්මා ච භික්ඛවෙ, භයන්ති කාමානමෙතං අධිවචනං: යස්මා ච කාමරාගරත්තායං භික්ඛවෙ, ඡන්දරාගවිනිබද්ධො දිට්ඨධම්මිකාපි භයා න පරිමුච්චති, සම්පරාධිකාපි භයා න පරිමුච්චති, තස්මා භයන්ති කාමානමෙතං අධිවචනං.
Sinhala BJTමහණෙනි, කවර හෙයින් භය යන මෙය කාමයනට නම් වේ ද යත්: මහණෙනි, යම් කරුණෙකින් කාමරාගයෙන් රත්වූ ඡන්‍දරාගයෙන් බැඳුණු මෙ පුඟුල් දිටුදැමියෙහි බියෙනුදු නො මිදෙයි. පරලොව්හි බියෙනුදු නොමිදේ. එහෙයින් භය යන මෙය කාමයනට නමෙකි.
Pali BJTකස්මා ච භික්ඛවෙ, දුක්ඛන්ති -පෙ- රොගොති -පෙ- ගණ්ඩොති -පෙ- සල්ලන්ති -පෙ- සඞ්ගොති -පෙ- පඞ්කොති -පෙ- ගබ්භොති කාමානමෙතං අධිවචනං:
Sinhala BJTමහණෙනි, කවර හෙයින් දුක්ඛ යන ... රෝග යන ... ගණ්ඩ යන ... සල්ල යන ... සඞ්ග යන ... ගබ්භ යන මෙය කාමයනට නම් වේ ද, යත්:
Pali BJTයස්මා ච කාමරාගරත්තායං භික්ඛවෙ, ඡන්දරාගවිනිබද්ධො දිට්ඨධම්මිකාපි ගබ්භා න පරිමුච්චති, සම්පරාධිකාපි ගබ්භා න පරිමුච්චති, තස්මා ගබ්භොති කාමානමෙතං අධිවචනං.
Sinhala BJTමහණෙනි, යම් හෙයකින් කාමරාගයෙන් රත් වූ ඡන්‍දරාගයෙන් බැඳුණු මෙ පුඟුල් දිටුදැමි ගැබිනුදු නො මිදේ, පරලෝ ගැබිනුදු නො මිදේ. එහෙයින් ගබ්භ යන මෙය කාමයනට නමෙකි.
Pali BJT1. භයං දුක්ඛඤ්ච රොගො ච ගණ්ඩො සල්ලඤ්ච සඞ්ගො ච, පඞ්කො ගබ්භො ච උභයං එතෙ කාමා පවුච්චන්ති, යත්ථ සත්තො පුථුජ්ජනො.
Sinhala BJT1. භය ද දුක්ඛ ද රෝග ද ගණ්ඩ ද සල්ල ද සඞ්ග ද පඞ්ක හා ගබ්භ යන මේ දෙදෙන දැයි යන මොහු කාමය යයි කියනු ලැබෙත්. යම් තැනෙක පුහුදුන් සත්ත්‍ව තෙමේ ඇලුනේ ද එහෙයිනි.
Pali BJT2. ඔතිණ්ණො සාතරූපෙන පුනගබ්භාය ගච්ඡති, යතො ච භික්ඛු ආතාපී සම්පජඤ්ඤං න රිඤ්චති{1}
Sinhala BJT2. සුඛස්වරූපයෙන් (කාම සුඛයෙන්) අවතීර්‍ණ වූයේ යළි (පුනර්‍භව සඞ්ඛ්‍යාත) ගර්‍භයට යෙයි. යම් කලෙක පටන් කෙලෙස් තවන වැර ඇති මහණ සම්‍යක්ප්‍රඥානය නො හරී ද-
Pali BJT3. සො ඉමං පලිපං දුග්ගං අතික්කම්ම තථාවිධො, පජංජාති ජරූපෙතං ඵන්දමානං අවෙක්ඛතීති.
Sinhala BJT3. එබඳු හේ මේ දුර්‍ග වූ පලිපය (සංසාර නැමැති මහමඩවළ) ඉක්මවා ජාති ජරායෙන් යුත් (තුන් භවයෙහි) සැලෙන ප්‍රජාව (විදසුන් නැණින්) දක්නේ යයි.
Pali BJT8. 2. 6. 7.
Sinhala BJT8. 2. 6. 7.
Pali BJTපඨම ආහුනෙය්යභික්ඛු සුත්තං
Sinhala BJTපඨම ආහුනෙය්‍ය භික්ඛු සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅට්ඨහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස, කතමෙහි අට්ඨහි:
Sinhala BJTමහණෙනි, දහම් අටෙකින් යුතු මහණ සිවුපසය පිළිගැනීමට සුදුසු වෙයි, ආගන්තුක දානාදියට සුදුසු වෙයි. පරලොව අදහා දෙන දානයට සුදුසු වෙයි, ඇඳිලිබැඳීමට සුදුසු වෙයි, ලොවට අසදෘස පුණ්‍යක්‍ෂේත්‍ර වේ.
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු සීලවා හොති -පෙ- සමාදාය සික්ඛති සික්ඛාපදෙසු, බහුස්සුතො හොති -පෙ- දිට්ඨියා සුප්පටිවිද්ධො. කල්යාණමිත්තො හොති , කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො. සම්මාදිට්ඨිකො හොති, සම්මාදස්සනෙන සමන්නාගතො. චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති. අකිච්ඡලාභී අකසිරලාභී. අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන -පෙ- යථාකම්මූපගෙ සත්තෙ පජානාති, ආසවානං ඛයා -පෙ- සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. ඉමෙහි ඛො භික්ඛවෙ, අට්ඨහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTකවර අටෙකින යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි ... සමාදන් කොට ගෙන සික පදයන් හි හික්මෙයි, බහුශ්‍රුත වෙයි ... දෘෂ්ටි (ප්‍රඥා) යෙන් මොනොවට පිළිවිදියේ වෙයි, කල්‍යාණ සහායයන් ඇත්තේ කල්‍යාණයනට නැඹුරු වූයේ කල්‍යාණ මිත්‍ර වෙයි, සම්‍යක් දර්‍ශනයෙන් සමන්‍වාගත වූයේ සම්‍යක්දෘෂ්ටික වෙයි, ඉහාත්මයෙහි සුඛ විහරණ ඇති අධිචිත්තයෙහි උපන් සිවුදැහැන් කැමැති සේ ලබන සුලු වූයේ සුවසේ ලබන සුලු වූයේ විපුලසේ ලබන සුලු වූයේ වෙයි, අනේකවිධ වූ පූර්‍වනිවාසය සිහි කරන්නේ ය. කෙසේ ය යත්: එක් දැයකුදු දෙ දැයකුදු ... මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ නන් වැදෑරුම් පූර්‍වනිවාසය සිහි කරයි. විශුද්ධ වූ මිනිසැස ඉක්ම පවත්නා දිවැසින් ... කම් වූ පරිදි පරලොව ගිය සත්ත්‍වයන් දක්නේ ය. ආස්‍රවක්‍ෂයයෙන් ... ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වෙසේ. මහණෙනි, මේ අට දහමින් සමන්‍වාගත වූ මහණ ආහුනෙය්‍ය වෙයි ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ යයි.
Pali BJT8. 2. 6. 8.
Sinhala BJT8. 2. 6. 8.
Pali BJTදුතියාහුනෙය්යභික්ඛු සුත්තං
Sinhala BJTදෙවැනි ආහුනෙය්‍ය භික්ඛු සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅට්ඨහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙහි අට්ඨහි:
Sinhala BJTමහණෙනි, අටදහමෙකින් සමන්‍වාගත මහණ ... ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර අටෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු සීලවා හොති. -පෙ- සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. බහුස්සුතො හොති -පෙ- දිට්ඨියා සුප්පටිවිද්ධො. ආරද්ධවිරියො විහරති ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. ආරඤ්ඤිකො හොති පන්ථ-සෙනාසනො. අරතිරති සහො හොති, උප්පන්නං අරතිං අභිභුය්ය අභිභුය්ය විහරති. භයභෙරවසහො හොති, උප්පන්නං භයභෙරවං අභිභුය්ය අභිභුය්ය විහරති. චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී, ආසවානං ඛයා -පෙ- සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. ඉමෙහි ඛො භික්ඛවෙ, අට්ඨහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ සිල්වත් වෙයි ... සමාදන් කොට ගෙන සිකපදයන්හි හික්මෙයි, බහුශ්‍රුත වෙයි ... දෘෂ්ටියෙන් මොනොවට පිළිපිදියේ වෙයි, ඇරඹු වැර ඇතියේ වීර්‍ය්‍යස්ථාමයෙන් යුක්ත වූයේ දළ පැරකුම් ඇතියේ කුශල ධර්‍මයන් කෙරෙහි නො බහා තැබූ වීර්‍ය්‍යධුර ඇතියේ වෙසෙයි: ප්‍රාන්ත ශයනාසන ඇතියේ ආරණ්‍යක වෙයි, අරති හා රති හා ඉවසනුයේ වෙයි, උපන් අරතිය මැඩ මැඩ වෙසේ, භය හා භෛරව හා ඉවසනුයේ උපන් අරතිය මැඩ මැඩ වෙසේ, අධිචිත්තයෙහි උපන් දිටුදැහැමියෙහි සුඛ විහරණ වූ සතර ධ්‍යානයන් කැමතිසේ ලබනුයේ නිදුකින් ලබනුයේ විපුලසේ ලබනුයේ වෙයි. ආස්‍රවක්‍ෂයයෙන් ... පසක් කොට එයට එළඹ වාසය කරයි. මහණෙනි, මේ අට කරුණින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි ... ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ.
Pali BJT8. 2. 6. 9.
Sinhala BJT8. 2. 6. 9.
Pali BJTපඨම අට්ඨපුග්ගල සුත්තං
Sinhala BJTප්‍රථම අට්ඨපුග්ගල සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅට්ඨිමෙ භික්ඛවෙ, පුග්ගලා ආහුනෙය්යා පාහුනෙය්යා දක්ඛිණෙය්යා අඤ්ජලිකරණීයා අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙහි අට්ඨ:
Sinhala BJTමහණෙනි, මේ අෂ්ට පුද්ගලයෝ ආහුනෙය්‍ය වෙත්, පාහුනෙය්‍ය වෙත්, දක්ඛිණෙය්‍ය වෙත්, අඤ්ජලිකරණීය වෙත්, ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙත්. කවර අටදෙනෙක යත්:
Pali BJTසොතාපන්නො සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො, සකදාගාමී සකදාගාමිඵල සච්ඡිකිරියාය පටිපන්නො, අනාගාමී අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො, අරහා අරහත්තඵලසච්ඡිකිරියාය පටිපන්නො. ඉමෙ ඛො භික්ඛවෙ, අට්ඨපුග්ගලා ආහුනෙය්යා -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTසෝතාපන්නය, සෝවන් ඵල පසක් කිරීමට පිළිපන්නේ ය, සකදාගාමීය, සකදාගාමිඵල පසක් කිරීමට පිළිපන්නේ ය, අනාගාමී ය, අනාගාමිඵල පසක් කිරීමට පිළිපන්නේ ය. රහත් ය, රහත්ඵල පසක් කිරීමට පිළිපන්නේ යි. මහණෙනි, මේ අෂ්ට පුද්ගලයෝ ආහුනෙය්‍ය වෙති ... ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙත්.
Pali BJT1. චත්තාරො ච පටිපන්නා චත්තාරො ච ඵලෙ ඨිතා එස සඞ්ඝො උජුභූතො පඤ්ඤාසීලසමාහිතො.
Sinhala BJT1. සතර මඟට පිළිපන්නාහු ය, සතර ඵලයෙහි සිටියහ යන තෙල සඞ්ඝ තෙමේ ඍජු වූයේ ප්‍රඥා ශීල සමාධියෙන් යුක්ත වූයේ ය.
Pali BJT2. යජමානානං මනුස්සානං පුඤ්ඤපෙක්ඛානපාණිනං{1} කරොතං ඔපධිකං පුඤ්ඤං සඞ්ඝෙ දින්නං මහප්ඵලන්ති.
Sinhala BJT2. දන් දෙන මිනිස්නට පින් කැමති ප්‍රාණීන්හට උපධිවිපාක ඇති (ප්‍රතිසන්‍ධි ප්‍රවෘත්ති වශයෙන් සැප විපාක දෙන) පින් කරනුවට සඞ්ඝයා කෙරෙහි දෙන ලද්ද මහත්ඵල වෙයි.
Pali BJT8. 2. 6. 10.
Sinhala BJT8. 2. 6. 10.
Pali BJTදුතිය අට්ඨපුග්ගල සුත්තං
Sinhala BJTද්විතීය අට්ඨපුග්ගල සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅට්ඨිමෙ භික්ඛවෙ, පුග්ගලා ආහුනෙය්යා -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙ අට්ඨ: සොතාපන්නො සොතාපන්නඵලසච්ඡිකිරියාය පටිපන්නො -පෙ- අරහා අරහත්තඵලසච්ඡිකිරියාය පටිපන්නො. ඉමෙ ඛො භික්ඛවෙ, අට්ඨපුග්ගලා ආහුනෙය්යා -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTමහණෙනි, මේ පුද්ගලයෝ අටදෙනෙක් ආහුනෙය්‍ය වෙත් ... ලෝකයට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර වෙත්. කවර අට දෙනෙක යත්: සෝතාපන්න ය, සෝවන් ඵල පසක් කිරීමට පිළිපන්නේ ය, සකදාගාමීය. සකදාගාමීඵල පසක් කිරීමට පිළිපන්නේ ය; අනාගාමී ය, අනාගාමී ඵල පසක් කිරීමට පිළිපන්නේ ය, රහත් ය, රහත්ඵල පසක් කිරීමට පිළිපන්නේයි. මහණෙනි, මේ පුද්ගලයෝ අට දෙන ආහුනෙය්‍ය වෙත් ... ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙත්.
Pali BJT1. චත්තාරො ච පටිපන්නා චත්තාරො ච ඵලෙ ඨිතා එස සඞ්ඝො සමුක්කට්ඨො සත්තානං අට්ඨපුග්ගලා.
Sinhala BJT1. මාර්‍ගයට පිළිපන් සතර දෙනෙක් ද ඵලයෙහි පිහිටි සතර දෙනෙක් ද යන පුද්ගලයෝ අට දෙනෙක් වෙත්. සත්ත්‍වයනට මෙය උත්කෘෂ්ට සඞ්ඝ වෙයි.
Pali BJT2. යජමානානං මනුස්සානං පුඤ්ඤපෙක්ඛාන පාණිනං, කරොතං ඔපධිකං පුඤ්ඤං එත්ථ දින්නං මහප්ඵලන්ති.
Sinhala BJT2. දන් දෙන මිනිස්නට පින් කැමති සත්නට උපධිවිපාක ඇති පින් කරනුවට මේ සඞ්ඝයා කෙරෙහි දෙන ලද්ද මහත්ඵල වේයයි.
Pali BJTගොතමීවග්ගො ඡට්ඨො.
Sinhala BJTසවැනි ගෝතමී වර්‍ගය යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTගොතමී ඔවාදං සඞ්ඛිත්තං දීඝජාණු ච උජ්ජයො, භයං ද්වෙ ආහුනෙය්යා ච ද්වෙ ච අට්ඨපුග්ගලා ති.
Sinhala BJTගෝතමී සූත්‍රය, ඕවාද සූත්‍රය, සඞ්ඛිත්ත (ගෝතමීයො වාද) සූත්‍රය, දීඝජාණු (ව්‍යග්ඝපජ්ජ) සූත්‍රය, උජ්ජය සූත්‍ර ය, භය (කාමාධි වචන) සූත්‍ර ය, ආහුනෙය්‍ය සූත්‍ර දෙකය අට්ඨපුග්ගල සූත්‍ර දෙක දැයි සූත්‍ර දශයෙකි.
Pali BJT7. චාපාලවග්ගො
Sinhala BJT7. චාපාල වර්‍ගය
Pali BJT8. 2. 7. 1.
Sinhala BJT8. 1. 7. 1.
Pali BJTලාභිච්ඡා සුත්තං
Sinhala BJTලාහිච්ඡා සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅට්ඨිමෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ අට්ඨ:
Sinhala BJTමහණෙනි, ලොව්හි විද්‍යාමාන මේ පුද්ගලයෝ අටදෙනෙක් ඇත. කවර අටදෙනෙක යත්:
Pali BJT1. ඉධ භික්ඛවෙ, භික්ඛුනො පවිවිත්තස්ස විහරතො නිරායත්තවුත්තිනො ඉච්ඡා උප්පජ්ජති ලාභාය. සො උට්ඨහති ඝටති වායමති ලාභාය. තස්ස උට්ඨහතො ඝටතො වායමතො ලාභාය ලාභො නූප්පජ්ජති, සො තෙන අලාභෙන සොචති කිලමති පරිදෙවති උරත්තාළිංකන්දති සම්මොහං ආපජ්ජති. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු ඉච්ඡො විහරති ලාභාය. උට්ඨහති ඝටති වායමති ලාභාය. න ච ලාභී, සොචී ච පරිදෙවී ච චුතො ච සද්ධම්මා.
Sinhala BJT1. මහණෙනි, මෙ සස්නෙහි ප්‍රකර්‍ෂ විවේකයට ගිය (කිසිවක්හි) අයත් පැවැතුම් නැතිව වෙසෙන (විදර්‍ශනා කම්මික) මහණහට ප්‍රත්‍යය ලාභය පිණිස ඉච්ඡායෙක් උපදී. හේ ලාභය පිණිස උත්‍ථාන වීර්‍ය්‍යය කරයි, ඝටයි, වැර කරයි. ලාභය සඳහා උත්‍ථාන වීර්‍ය්‍යය කරන, ඝටනා කරන, ව්‍යායාම කරන ඔහට ලාභය නූපදනේ ය. හේ ඒ අලාභයෙන් ශෝක කරන්නේ ය, ක්ලාන්ත වෙයි, පරිදේවනා කරන්නේ ය, ළෙහි අත් පැහැර හඬනේ ය, සම්මෝහයට පැමිණේ. මහණෙනි, මෙ මහණ ලාභයට ඉච්ඡා ඇති ව වසයි, ලාභය පිණිස උත්‍ථානවීර්‍ය්‍ය කරයි, ඝටයි, වෑයම් කරයි, (ඉච්ඡිතය) නො ලබන සුලු වූයේ ශෝක කරනුයේ පරිදේවනා කරනුයේ සද්ධර්‍මයෙන් (විදර්‍ශනායෙන්) ච්‍යුත වූයේ යි කියනු ලැබේ.
Pali BJT2. ඉධ පන භික්ඛවෙ, භික්ඛුනො පවිවිත්තස්ස විහරතො නිරායත්තවුත්තිනො ඉච්ඡා උප්පජ්ජති ලාභාය. සො උට්ඨහති ඝටති වායමති ලාභාය, තස්ස උට්ඨහතො ඝටතො වායමතො ලාභාය ලාභො උප්පජ්ජති. සො තෙන ලාභෙන මජ්ජති පමජ්ජති පමාදමාපජ්ජති. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු ඉච්ඡො විහරති ලාභාය, උට්ඨහති ඝටති වායමති ලාභාය ලාභී ච මදී ච පමාදී ච චුතො ච සද්ධම්මා.
Sinhala BJT2. මහණෙනි, මෙ සස්නෙහි ප්‍රවිවික්තව වෙසෙන අයත් පැවතුම් නැති මහණහට ලාභයට ඉච්ඡායෙක් උපදනේ ය. හේ ලාභය පිණිස උත්‍ථාන වීර්‍ය්‍ය කරයි, ඝටයි, ව්‍යායාම කරයි. උත්‍ථාන වීර්‍ය්‍ය කරන, ඝටන, ව්‍යායාම කරන ඔහට ලාභය උපදනේ ය. හේ ඒ ලාභයෙන් මත්වෙයි, ප්‍රමත්ත වෙයි, ප්‍රමාදයට පැමිණෙයි. මහණෙනි, මේ මහණ ලාභයට ඉච්ඡා ඇතියේ වෙසේ. ලාභයට උත්‍ථාන වීර්‍ය්‍ය කරයි, ඝටයි, වෑයම් කරයි. ලාභී වූයේත් මදැතියේත් ප්‍රමාදී වූයේත් සද්ධර්‍මයෙන් ච්‍යුත වූයේත් වී යයි කියනු ලැබේ.
Pali BJT3. ඉධ පන භික්ඛවෙ, භික්ඛුනො පවිවිත්තස්ස විහරතො නිරායත්තවුත්තිනො ඉච්ඡා උප්පජ්ජති ලාභාය. සො න උට්ඨහති න ඝටති න වායමති ලාභාය, තස්ස අනුට්ඨහතො අඝටතො අවායමතො ලාභාය, ලාභො නූප්පජ්ජති. සො තෙන අලාභෙන සොචති කිලමති පරිදෙවති උරත්තාළිංකන්දති සම්මොහං ආපජ්ජති. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු ඉච්ඡො විහරති ලාභාය, න උට්ඨහති න ඝටති න වායමති ලාභාය. න ච ලාභී සොචී ච පරිදෙවී ච චුතො ච සද්ධම්මා.
Sinhala BJT3. මහණෙනි, මෙ සස්නෙහි ප්‍රවිවික්ත ව වසන අයත් නැති පැවතුම් ඇති මහණහට ලාභය පිණිස ඉච්ඡායෙක් උපදනේය. හේ ලාභය පිණිස උත්‍ථාන වීර්‍ය්‍යය නොකරයි, නො ඝටයි, ව්‍යායාම නො කරයි. ලාභය පිණිස වැර නො කරන, ඝටනා නො කරන, ව්‍යායාම නො කරන ඔහට ලාභය නූපදනේ ය. හේ ඒ අලාභයෙන් ශෝක කරයි, ක්ලාන්ත වෙයි, පරිදේවනා කරයි, ළෙහි අත්පැහැරැ හඬයි, සම්මෝහයට පැමිණේ. මහණෙනි, මේ මහණ ලාභයට ඉච්ඡා ඇතියේ වෙසේ. උත්‍ථාන වීර්‍ය්‍ය නො කරයි, නො ඝටයි, ව්‍යායාම නො කරයි. නො ද (ඉච්ඡිතය) ලබන සුලුයේ ශෝක කරනුයේ ද පරිදේවනා කරනුයේ ද සද්ධර්‍මයෙන් ච්‍යුත වූයේ ද වේ යයි කියනු ලැබේ.
Pali BJT4. ඉධ පන භික්ඛවෙ, භික්ඛුනො පවිවිත්තස්ස විහරතො නිරායත්තවුත්තිනො ඉච්ඡා උප්පජ්ජති ලාභාය. සො න උට්ඨහති න ඝටති න වායමති ලාභාය. තස්ස අනුට්ඨහතො අඝටතො අවායමතො ලාභාය ලාභො උප්පජ්ජති. සො තෙන ලාභෙන මජ්ජති පමජ්ජති පමාදමාපජ්ජති. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු ඉච්ඡො විහරති ලාභාය, න උට්ඨහති න ඝටති න වායමති ලාභාය, ලාභී ච මදී ච පමාදී ච චුතො ච සද්ධම්මා.
Sinhala BJT4. මහණෙනි, මේ සස්නෙහි ප්‍රවිවික්ත ව වසන අයත් පැවතුම් නැති ව වෙසෙන මහණහට ලාභයට ඉච්ඡායෙක් උපදනේ ය. හේ ලාභයට උත්‍ථානවීර්‍ය්‍යය නො කරයි, නො ඝටයි, ව්‍යායාම නො කරයි. ලාභය පිණිස උත්‍ථානවීර්‍ය්‍ය නො කරන, නො ඝටන, ව්‍යායාම නො කරන ඔහට ලාභය උපදනේ ය. හේ ඒ ලාභයෙන් මත් වෙයි. ප්‍රමත්ත වෙයි. ප්‍රමාදයට යෙයි. මහණෙනි, මේ මහණ ලාභයට ඉච්ඡා ඇතිවැ වෙසෙයි. උත්‍ථානවීර්‍ය්‍ය නො කරයි, නොඝටයි, ව්‍යායාම නො කරයි. ලාභී වූයේත් මදැතියේ ද ප්‍රමාදී ද සද්ධර්‍මයෙන් හුණුයේ දැයි කියනු ලැබේ.
Pali BJT5. ඉධ පන භික්ඛවෙ, භික්ඛුනො පවිවිත්තස්ස විහරතො නිරායත්තවුත්තිනො ඉච්ඡා උප්පජ්ජති ලාභාය. සො උට්ඨහති ඝටති වායමති ලාභාය, තස්ස උට්ඨහතො ඝටතො වායමතො ලාභාය ලාභො නූප්පජ්ජති. සො තෙන අලාභෙන න සොචති න කිලමති, න පරිදෙවති, න උරත්තාළිංකන්දති න සම්මොහං ආපජ්ජති, අයං වුච්චති භික්ඛවෙ භික්ඛු ඉච්ඡො විහරති ලාභාය. උට්ඨහති ඝටති වායමති ලාභාය, න ච ලාභී න ච සොචී න ච පරිදෙවී අච්චුතො ච සද්ධම්මා.
Sinhala BJT5. මහණෙනි, මෙ සස්නෙහි ප්‍රවිවික්තව වෙසෙන අයත් පැවතුම් නැති මහණහට ලාභයට ඉච්ඡායෙක් උපදනේ ය. හේ ලාභය පිණිස උත්‍ථාන වීර්‍ය්‍ය කරයි, ඝටයි, ව්‍යායාම කරයි. ලාභය පිණිස උත්‍ථානවීර්‍ය්‍යය කරන, ඝටනා කරන, වෑයම් කරන ඔහට ලාභය නූපදනේ ය. හේ අලාභයෙන් ශෝක නො කරයි, ක්ලාන්ත නො වෙයි, පරිදේවනා නොකරයි. ළෙහි පැහැර නො හඬයි, සම්මෝහයට නො යේ. මහණෙනි, මේ මහණ ලාභයට ඉච්ඡා ඇති වැ වෙසේ. ලාභය පිණිස උත්‍ථාන වීර්‍ය්‍ය කෙරේ, ඝටනා කෙරේ, ව්‍යායාම කෙරේ, ලාභී නො වූයේ ශෝක නො කරනුයේ යයි ද, පරිදේවනා නො කරන සුලු යේ යයි ද, සද්ධර්‍මයෙන් ච්‍යුත නො වූයේ යයි ද කියනු ලැබේ.
Pali BJT6. ඉධ පන භික්ඛවෙ, භික්ඛුනො පවිවිත්තස්ස විහරතො නිරායත්ත වුත්තිනො ඉච්ඡා උප්පජ්ජති ලාභාය. සො උට්ඨහති ඝටති වායමති ලාභාය. තස්ස උට්ඨහතො ඝටතො වායමතො ලාභාය ලාභො උප්පජ්ජති. සො තෙන ලාභෙන න මජ්ජති, න පමජ්ජති, න පමාදමාපජ්ජති. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු ඉච්ඡො විහරති ලාභාය, උට්ඨහති ඝටති වායමති ලාභාය ලාභී ච න ච මදී ච න ච පමාදී අච්චුතො ච සද්ධම්මා.
Sinhala BJT6. මහණෙනි, මෙ සස්නෙහි ප්‍රවිවික්ත ව වෙසෙන අයත් පැවතුම් නැති මහණහට ලාභය පිණිස ඉච්ඡා උපදනේ ය. හේ ලාභය පිණිස උත්‍ථාන කරයි, ඝටයි, වෑයම් කරයි. ලාභය පිණිස උත්‍ථාන කරන, ඝටනා කරන, ව්‍යායාම කරන ඔහට ලාභය උපදනේ ය. හේ ලාභයෙන් මත් නො වෙයි, ප්‍රමත්ත නො වෙයි, ප්‍රමාදයට නො වෙයි. මහණෙනි, මේ මහණ, ලාභයට ඉච්ඡා ඇතියේ වෙසෙයි, ලාභය පිණිස උත්‍ථාන කෙරේ, ඝටනා කෙරේ, ව්‍යායාම කෙරේ. ලාභී වූයේත් මද නැතියේ යයි ද ප්‍රමාද නැතියේ යයි ද සද්ධර්‍මයෙන් අච්‍යුත යයි ද කියනු ලැබේ.
Pali BJT7. ඉධ පන භික්ඛවෙ, භික්ඛුනො පවිවිත්තස්ස විහරතො නිරායත්තවුත්තිනො ඉච්ඡා උප්පජ්ජති ලාභාය. සො න උට්ඨහති න ඝටති න වායමති ලාභාය. තස්ස අනුට්ඨහතො අඝටතො න වායමතො ලාභාය ලාභො නූප්පජ්ජති. සො තෙන අලාභෙන න සොචති න කිලමති න පරිදෙවති, න උරත්තාළිංකන්දති, න සම්මොහං ආපජ්ජති. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු ඉච්ඡො විහරති ලාභාය, න උට්ඨහති න ඝටති න වායමති ලාභාය. න ච ලාභී, න ච සොචී, න ච පරිදෙවී අච්චුතො ච සද්ධම්මා.
Sinhala BJT7. මහණෙනි, මෙ සස්නෙහි ප්‍රවිවික්ත ව වෙසෙන අයත් පැවතුම් නැති මහණහට ලාභය පිණිස ඉච්ඡා උපදනේ ය. හේ ලාභය පිණිස උත්‍ථාන නො කරයි, ඝටනා නොකරයි, ව්‍යායාම නො කරයි. ලාභය පිණිස උත්‍ථාන නො කරන, ඝටනා නො කරන, ව්‍යායාම නො කරන ඔහට ලාභය නූපදනේ ය. හේ ඒ අලාභයෙන් ශෝක නො කරයි, ක්ලාන්ත නො වෙයි, පරිදේවනා නො කරයි, ළය තළමින් නො හඬයි, සම්මෝහයට නො යේ. මහණෙනි, මෙ මහණ ලාභය පිණිස ඉච්ඡා ඇතියේ වෙසේ. උත්‍ථාන නො කෙරේ, ඝටනා නො කෙරේ, ව්‍යායාම නො කෙරේ. ලාභී නො වූයේත් ශෝක නො කරන සුලුයේ යයි ද පරිදේවනා නො කරන සුලු යයි ද සද්ධර්‍මයෙන් අච්‍යුත යයි ද කියනු ලැබේ.
Pali BJT8. ඉධ පන භික්ඛවෙ, භික්ඛුනො පවිවිත්තස්ස විහරතො නිරායත්තවුත්තිනො ඉච්ඡා උප්පජ්ජති ලාභාය, සො න උට්ඨහති න ඝටති න වායමති ලාභාය. තස්ස අනුට්ඨහතො අඝටතො න වායමතො ලාභාය ලාභො උප්පජ්ජති. සො තෙන ලාභෙන න මජ්ජති න පමජ්ජති න පමාදමාපජ්ජති. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු ඉච්ඡො විහරති ලාභාය, න උට්ඨහති න ඝටති න වායමති ලාභාය. ලාභී ච න ච මදී න ච පමාදී අච්චුතො ච සද්ධම්මා.
Sinhala BJT8. මහණෙනි, මෙ සස්නෙහි ප්‍රවිවික්ත ව වෙසෙන අයත් පැවතුම් නැති මහණහට ලාභය පිණිස ඉච්ඡා උපදනේ ය. හේ ලාභය පිණිස උත්‍ථාන නො කරයි, නො ඝටයි, ව්‍යායාම නො කරයි. ලාභය පිණිස උත්‍ථාන නො කරන, ඝටනා නො කරන, ව්‍යායාම නො කරන ඔහට ලාභය උපදනේ ය. හේ ඒ ලාභයෙන් මත් නො වෙයි, පමා නො වෙයි, ප්‍රමාදයට නො යෙයි. මහණෙනි, මේ මහණ ලාභය පිණිස ඉච්ඡා ඇතියේ වෙසේ, ලාභය පිණිස උත්‍ථාන නො කෙරේ, ඝටනා නො කෙරේ, ව්‍යායාම නො කෙරේ, ලාභී වූයේත් මද නැතියේ යයි ද ප්‍රමාද නැතියේ යයි ද සද්ධර්‍මයෙන් අච්‍යුත යයි ද කියනු ලැබේ.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, අට්ඨ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මේ ලෝකයෙහි විද්‍යාමාන පුද්ගලයෝ අට දෙන වෙත් යයි.
Pali BJT8. 2. 7. 2.
Sinhala BJT8. 1. 7. 2.
Pali BJTඅලං සුත්තං
Sinhala BJTඅලං සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT1. ඡහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අත්තනො, අලං පරෙසං. කතමෙහි ඡහි:
Sinhala BJT1. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණ තමහට (හිත ප්‍රතිපත්තියෙහි ලා) සුදුසු වෙයි, පරහට (හිත ප්‍රතිපත්තියෙහි ලා) සුදුසු වෙයි, කවර සයෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු ඛිප්පනිසන්තී ච හොති කුසලෙසු ධම්මෙසු, සුතානං ධම්මානං ධාරණජාතිකො හොති, ධතානඤ්ච ධම්මානං අත්ථූපපරික්ඛිතා හොති, අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො ච හොති, කල්යාණවාචො ච හොති කල්යාණවාක්කරණො පොරියා වාචාය සමන්නාගතො විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා. සන්දස්සකො ච හොති සමාදපකො සමුත්තෙජකො සම්පහංසකො සබ්රහ්මචාරීනං. ඉමෙහි ඛො භික්ඛවෙ, ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං පරෙසං.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ (ස්කන්‍ධ, ධාතු, ආයතනාදි) කුසලධර්‍මයන්හි වහා උපධාරණ කරන්නේත් වෙයි, ඇසූ දහමුන් දරන සැහැවි ඇත්තේත් වෙයි, දැරූ දහමුන්ගේ අරුත් විමසනුයේත් වෙයි, අරුත් දැන පෙළ දහම් දැන ධර්‍මානු ධර්‍මයට පිළිපන්නේත් වෙයි, සුන්‍දර වාග්ඝෝෂ ඇතියේ නො පැකුළුණු නිදොස් නො ගිලිහුණු අර්‍ත්‍ථ විඥාපනයෙන් යුත් පිරිපුන් තෙපුලින් සමන්‍වාගත වූයේ කල්‍යාණ කථා ඇතියේ වෙයි, සබ්‍රම්සරුනට සමාදන් කරනුයේ සමුත්තේජනා කරනුයේ සම්ප්‍රහර්‍ෂණ කරනුයේ කරුණු දක්වනුයේත් වෙයි. මහණෙනි, මෙ ස කරුණින් සමන්‍වාගත මහණ තමහට (හිත ප්‍රතිපත්ති පිණිස) සුදුසු වෙයි, පරහට (හිත ප්‍රතිපත්ති පිණිස) සුදුසු වේ.
Pali BJT2. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අත්තනො අලංපරෙසං. කතමෙහි පඤ්චහි:
Sinhala BJT2. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත වූ මහණ තමහට සුදුසු වෙයි, පරහට සුදුසු වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු න හෙව ඛො ඛිප්පනිසන්තී ච හොති කුසලෙසු ධම්මෙසු. සුතානඤ්ච ධම්මානං ධාරණජාතිකො හොති, ධතානඤ්ච ධම්මානං අත්ථූපපරික්ඛිතා හොති, අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො ච හොති, කල්යාණවාචො හොති -පෙ- අත්ථස්ස විඤ්ඤාපනියා, සන්දස්සකො ච හොති සමාදපකො සමුත්තෙජකො සම්පහංසකො සබ්රහ්මචාරීනං. ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අත්තනො, අලං පරෙසං.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ කුසල ධර්‍මයන්හි වහා උපධාරණ කරනුයේ නො ම වෙයි. ඇසූ දහම් දරන සැහැවි ඇතියේ, දැරූ දහමුන්ගේ අරුත් විමසා දන්නේත් වෙයි, අටුවා දැන, පෙළ දහම් දැන, ධර්‍මානු ධර්‍මයෙහි පිළිපන්නේත් වෙයි. අර්‍ත්‍ථවිඥාපනයට හිත වූ ... කල්‍යාණකථා ඇතියේ වෙයි, සබ්‍රම්සරුනට සමාදන් කරනුයේ සමුත්තේජනා කරනුයේ සම්ප්‍රහර්‍ෂණ කරනුයේ සන්‍දර්‍ශක ද වෙයි. මහණෙනි, මේ දහම් පසින් සමන්‍වාගත මහණ තමහට සුදුසු වෙයි, පරහට සුදුසු වේ.
Pali BJT3. චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අත්තනො නාලං පරෙසං. කතමෙහි චතුහි:
Sinhala BJT3. මහණෙනි, සිවු කරුණෙකින් සමන්‍වාගත මහණ තමහට සුදුසු වෙයි. පරහට සුදුසු නො වේ. කවර සතරෙකින් යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු ඛිප්පනිසන්තී ච හොති කුසලෙසු ධම්මෙසු, සුතානඤ්ච ධම්මානං ධාරණජාතිකො හොති, ධතානඤ්ච ධම්මානං අත්ථූපපරික්ඛිතා හොති, අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො ච හොති. නො ච කල්යාණවාචො හොති කල්යාණවාක්කරණො පොරියා වාචාය සමන්නාගතො විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා, නො ච සන්දස්සකො හොති සමාදපකො සමුත්තෙජකො සම්පහංසකො සබ්රහ්මචාරීනං. ඉමෙහි ඛො භික්ඛවෙ, චතුහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අත්තනො, නාලං පරෙසං.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ කුශල ධර්‍මයන්හි ඛිප්පනිස්සන්ති ද වෙයි. ඇසූ දහමුන් දරන සැහැවි ඇතියේත් වෙයි. දැරූ දහමුන්ගේ අරුත් විමසනුයේත් වෙයි. අටුවා දැන පෙළ දම් දැන ධර්‍මානු ධර්‍මයට පිළිපන්නේත් වෙයි. නො පැකුළුණු නිදොස් නො ගිලිහුණු, අරුත් හඟවන පිරිණු වදනින් සමන්‍වාගත වූයේ කල්‍යාණ වාග්ඝෝෂ ඇතියේ කල්‍යාණ කථා ඇත්තේ ද නො වෙයි. සබ්‍රම්සරුන්ට සමාදන් කරවන සමුත්තේජන කරන සම්ප්‍රහර්‍ෂණ කරන සන්‍දශර්‍ක ද නො වෙයි. මහණෙනි, මේ සිවු කරුණින් සමන්‍වාගත මහණ තම හට සුදුසු වෙයි. පරහට සුදුසු නො වේ.
Pali BJT4. චතුහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං පරෙසං, නාලං අත්තනො. කතමෙහි චතුහි:
Sinhala BJT4. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත මහණ පරහට (හිත පිළිවෙත් පිණිස) සුදුසු වෙයි, තමහට (හිත පිළිවෙත් පිණිස) නො සුදුසු වෙයි. කවර සතරෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු ඛිප්පනිසන්තී ච හොති කුසලෙසු ධම්මෙසු, සුතානඤ්ච ධම්මානං ධාරණජාතිකො හොති, නො ච ධතානං ධම්මානං අත්ථූපපරික්ඛිතා හොති, න ච අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො හොති, කල්යාණවාචො ච හොති කල්යාණවාක්කරණො -පෙ- අත්ථස්ස විඤ්ඤාපනියා සන්දස්සකො ච හොති -පෙ- සබ්රහ්මචාරීනං. ඉමෙහි ඛො භික්ඛවෙ, චතුහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං පරෙසං නාලං අත්තනො.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ කුශල ධර්‍මයන්හි ඛිප්පනිසන්ති ද වෙයි. ඇසූ දහම් දරන සැහැවි ඇතියේ ද වෙයි, දැරූ දහමුන්ගේ අරුත් විමසනුයේ නො වෙයි, අටුවා දැන පෙළ දම් දැන ධර්‍මානුධර්‍මයට පිළිපන්නේත් නො වෙයි, සොඳුරු වදන් ඇතියේ සුන්‍දර වාග් ඝෝෂ ඇතියේ ... අරුත් හැඟවීමට සුදුසු තෙපුලින් සමන්‍වාගත වූයේ ... කල්‍යාණ කථා ඇතියේ වෙයි, සබ්‍රම්සරුනට සන්‍දර්‍ශක ද වෙයි. ... මහණෙනි, මේ සතර දහමින් සමන්‍වාගත මහණ පරහට සුදුසු වෙයි. තමහට සුදුසු නො වේ.
Pali BJT5. තීහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අත්තනො, නාලං පරෙසං. කතමෙහි තීහි:
Sinhala BJT5. මහණෙනි, දහම් තුනෙකින් සමන්‍වාගත මහණ තමහට සුදුසු වෙයි, පරහට සුදුසු නො වෙයි. කවර තුනෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු න හෙව ඛො ඛිප්පනිසන්තී ච හොති කුසලෙසු ධම්මෙසු. සුතානඤ්ච ධම්මානං ධාරණජාතිකො හොති, ධතානඤ්ච ධම්මානං අත්ථූපපරික්ඛිතා හොති, අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො ච හොති, නො ච කල්යාණවාචො හොති, කල්යාණවාක්කරණො පොරියා වාචාය සමන්නාගතො විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා, නො ච සන්දස්සකො හොති සමාදපකො සමුත්තෙජකො සම්පහංසකො සබ්රහ්මචාරීනං. ඉමෙහි ඛො භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අත්තනො, නාලං පරෙසං.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ කුසල් දහම්හි ඛිප්පනිසන්ති ද නො වෙයි, දැරූ දහමුන් දරන සැහැවි ඇතියේ ද වෙයි, දැරූ දහමුන්ගේ අරුත් පිරික්සනුයේ ද වෙයි, අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍මයෙහි පිළිපදනේත් වෙයි, කලණ තෙපුල් ඇතියේ අරුත් හැඟවීමට සුදුසු වුහුටු නිදොස් වූ නො ගිලිහුණු අරුත් ඇති අර්‍ත්‍ථවිඥාපනයෙන් යුක්ත වූ සොඳුරු වචනයෙන් සමන්‍වාගත වූයේ කළ්‍යාණවාක් ඇතියේ වෙයි. සබ්‍රම්සරුනට කරුණු සමාදන් කරවන, මොනොවට තෙද ගන්වන සම්ප්‍රහර්‍ෂණය කරන සංදර්‍ශකයෙක් ද නො වෙයි. මහණෙනි, මේ තුන් කරුණෙන් සමන්‍වාගත ව මහණ තමාට හිත පිණිස සුදුසු වෙයි, පරහට හිත පිණිස සුදුසු නො වෙයි.
Pali BJT6. තීහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං පරෙසං. නාලං අත්තනො{1} කතමෙහි තීහි:
Sinhala BJT6. මහණෙනි, කරුණු තුනෙකින් සමන්‍වාගත වූ මහණ මෙරමාහට සුදුසු වෙයි, තමහට සුදුසු නොවෙයි. කවර තුනෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු න හෙව ඛො ඛිප්පනිසන්තී ච හොති කුසලෙසු ධම්මෙසු. සුතානඤ්ච ධම්මානං ධාරණජාතිකො හොති. නො ච ධතානං ධම්මානං අත්ථූපපරික්ඛිතා හොති. නො ච අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො හොති. කල්යාණවාචො ච හොති -පෙ- අත්ථස්ස විඤ්ඤාපනියා. සන්දස්සකො ච හොති සමාදපකො සමුත්තෙජකො සම්පහංසකො සබ්රහ්මචාරීනං. ඉමෙහි ඛො භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං පරෙසං, නාලං අත්තනො.{1}
Sinhala BJTමහණ, මෙ සස්නෙහි මහණ, කුසල් දහම්හි ඛිප්පනිසන්ති නොම වෙයි, ඇසූ දහමුන් දරන සැහැවිද වේ. දැරූ දහමුන්ගේ අරුත් පිරික්සනුයේ වෙයි. අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍ම ප්‍රතිපත්තියට නො පිළිපන්නේත් වෙයි ... අරුත් හැඟවීමට හිත ... කලණ වදන් ඇතියේත් වෙයි. සබ්‍රම්සරුනට සමාදන් කරවන, සමුත්තේජනා කරවන, සම්ප්‍රහර්‍ෂණය කරන සන්‍දර්‍ශකයෙක් ද වෙයි. මහණෙනි, මේ දහම් තුනෙන් සමන්‍වාගත මහණ මෙරමාහට යෝග්‍ය වෙයි, තමහට අයෝග්‍ය වෙයි.
Pali BJT7. ද්වීහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අත්තනො, නාලං පරෙසං,2 කතමෙහි ද්වීහි:
Sinhala BJT7. මහණෙනි, කරුණු දෙකෙකින් සමන්‍වාගත මහණ තම හට සුදුසු වෙයි. පරහට සුදුසු නො වෙයි. කවර දෙකෙකින යත් .
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු න හෙව ඛො ඛිප්පනිසන්තී හොති කුසලෙසු ධම්මෙසු. නො ච සුතානං ධම්මානං ධාරණජාතිකො හොති. ධතානඤ්ච ධම්මානං අත්ථූපපරික්ඛිතා හොති. අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො ච හොති. නො ච කල්යාණවාචො හොති -පෙ- අත්ථස්ස විඤ්ඤාපනියා, නො ච සන්දස්සකො හොති -පෙ- සබ්රහ්මචාරීනං. ඉමෙහි ඛො භික්ඛවෙ, ද්වීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අත්තනො, නාලං පරෙසං.{2}
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ කුසල් දහම්හි ඛිප්පනිසන්ති නො වෙයි, ඇසූ දහම් දරන සැහැවි ඇතියේත් නො වෙයි. දැරූ දහමුන්ගේ අරුත් පිරික්සන්නේ වෙයි. අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍මයට පිළිපන්නේත් වෙයි ... අරුත් හැඟවීමට සුදුසු ... කලණ වදන් ඇතියේ නොවෙයි. සබ්‍රම්සරුනට සන්‍දර්‍ශක ද නො වෙයි. මහණෙනි, මේ දහම් දෙකින් සමන්‍වාගත මහණ තමහට සුදුසු වෙයි. පරහට සුදුසු නොවෙයි.
Pali BJT8. ද්වීහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං පරෙසං, නාලං අත්තනො{1}. කතමෙහි ද්වීහි:
Sinhala BJT8. මහණෙනි, දහම් දෙකෙකින් සමන්‍වාගත මහණ පරහට සුදුසු වෙයි, තමහට සුදුසු නො වෙයි. කවර දෙකෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු නහෙව ඛො ඛිප්පනිසන්තී හොති කුසලෙසු ධම්මෙසු. නො ච සුතානං ධම්මානං ධාරණජාතිකො හොති. නො ච ධතානං ධම්මානං අත්ථූපපරික්ඛිතා හොති. නො ච අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො හොති. කල්යාණවාචො ච හොති කල්යාණවාක්කරණො පොරියා වාචාය සමන්නාගතො විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා. සන්දස්සකො ච හොති සමාදපකො සමුත්තෙජකො සම්පහංසකො සබ්රහ්මචාරීනං. ඉමෙහි ඛො භික්ඛවෙ, ද්වීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං පරෙසං, නාලං අත්තනොති.{1}
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ කුසල් දහම්හි ඛිප්පනිසන්ති නො ම වෙයි. ඇසූ දහමුන් දරන සැහැවි ඇතියේත් නො වෙයි. දැරූ දහමුන්ගේ අරුත් පිරික්සනුයේත් නො වෙයි. අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍මයට පිළිපන්නේත් නො වෙයි. සුන්‍දර කථා ඇතියේ වුහුටු නිදොස් නො ගිලිහුණු අරුත් හඟවන සොඳුරු වදනින් සමන්‍වාගත වූයේ කලණ වදන් ඇතියේ වෙයි. සබ්‍රම්සරුනට සන්‍දර්‍ශක වූයේ සමාදන් කරවන්නේ උත්තේජනා කරන්නේ සම්ප්‍රහර්‍ෂණය කරන්නේ වෙයි. මහණෙනි, මේ දහම් දෙකින් සමන්‍වාගත මහණ පරහට සුදුසු වෙයි. තමහට සුදුසු නො වෙයි.
Pali BJT8. 2. 7. 3.
Sinhala BJT8. 1. 7. 3.
Pali BJTසඞ්ඛිත්තදෙසිත සුත්තං
Sinhala BJTසඞ්ඛිත්තදේසිත සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච:
Sinhala BJTඑකල එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හින. එකත් පසෙක හුන් එ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය:
Pali BJTසාධු මෙ භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු. යමහං භගවතො ධම්මං සුත්වා එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපි පහිතත්තො විහරෙය්යන්ති.
Sinhala BJTවහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්‍මයක් අසා එකලා වූයෙම් සඞ්ගණිකායෙන් දුරු වූයෙම් නො පමා වූයෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් නිවන් කෙරේ යැවූ සිත් ඇතියෙම් වෙසෙම් නම් භාග්‍යවතුන් වහන්සේ මට සැකෙවින් එ දහම් දෙසන සේක් නම් මැනැවැ යි.
Pali BJTඑවමෙව පනිධෙකච්චෙ මොඝපුරිසා මමඤ්ඤෙව අජ්ඣෙසන්ති. ධම්මෙ ච භාසිතෙ මමඤ්ඤෙව අනුබන්ධිතබ්බං මඤ්ඤන්ති.
Sinhala BJTමෙ ලොව්හි ඇතැම් හිස් පුඟුලෝ මෙ ලෙසින් ම මට අධ්‍යෙෂණ කෙරෙත්. දහම් දෙසූ කල්හිත් මා ම ලුහුබැඳිය යුතු කොට හඟිත්.
Pali BJTදෙසෙතු මෙ භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං, දෙසෙතු සුගතො සඞ්ඛිත්තෙන ධම්මං, අප්පෙවනාමාහං භගවතො භාසිතස්ස අත්ථං ආජානෙය්යං, අප්පෙවනාමාහං භගවතො භාසිතස්ස දායාදො අස්සන්තී.
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට සැකෙවින් දම් දෙසන සේක්වා, සුගතයන් වහන්සේ සැකෙවින් දහම් දෙසන සේක්වා, භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතයේ අර්‍ත්‍ථය මම දැන ගන්නෙම් නම් මනා මැනු. භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතයට මම දායාද වන්නෙම් නම් මනා මැනු.
Pali BJTතස්මාතිහ තෙ භික්ඛු, එවං සික්ඛිතබ්බං: අජ්ඣත්තමෙව{1} චිත්තං ඨිතං භවිස්සති සුසණ්ඨිතං. න චුප්පන්නා{2} පාපකා අකුසලා ධම්මා චිත්තං පරියාදාය ඨස්සන්තීති. එවං හි තෙ භික්ඛු, සික්ඛිතබ්බං.
Sinhala BJTමහණ, එ හෙයින් තොප මෙසේ හික්මිය යුතුය: මාගේ සිත මොනොවට පිහිටියේ අධ්‍යාත්මයෙහි ම සිටියෙක් වන්නේ ය. උපන් ලමු අකුශල ධර්‍මයෝ සිත මැඩ ගෙන නො ද සිටුනාහයි, මහණ තොප මෙසේ ම හික්මිය යුතුය.
Pali BJTයතො ඛො තෙ භික්ඛු, අජ්ඣත්තං චිත්තං ඨිතං හොති සුසණ්ඨිතං, න චුප්පන්නා පාපකා අකුසලා ධම්මා චිත්තං පරියාදාය තිට්ඨන්ති, තතො තෙ භික්ඛු, එවං සික්ඛිතබ්බං: මෙත්තා මෙ චෙතොවිමුත්ති භාවිතා භවිස්සති බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධාති. එවං හි තෙ භික්ඛු, සික්ඛිතබ්බං.
Sinhala BJTමහණ, යම් කලෙක තොපගේ සිත මනාව සිටියේ අධ්‍යාත්මයෙහි සිටියේ වේද, උපන් ලමු අකුශල ධර්‍මයෝත් සිත මැඩගෙන නො සිටිනාහු වේ ද, මහණ, එකල්හි තා විසින් මෙසේ හික්මිය යුතු: මාගේ මෛත්‍රීචිත්තවිමුක්ති තොමෝ භාවිත වූවා බහුලීකෘත වූවා යානාවක්මෙන් කරන ලද වූවා වාස්තුවක් මෙන් කෘත වූවා සුපිහිටි වූවා මනාසේ වඩන ලද වූවා සුසමාරබ්ධ වූවා වන්නීය කියා යි. මහණ, තොප විසින් මෙසේ ම හික්මිය යුතු.
Pali BJTයතො ඛො තෙ භික්ඛු, අයං සමාධි එවං භාවිතො හොති බහුලීකතො තතො ත්වං භික්ඛු, ඉමං සමාධිං සවිතක්කම්පි සවිචාරං{3} භාවෙය්යාසි. අවිතක්කම්පි විචාරමත්තං{4} භාවෙය්යාසි. අවිතක්කම්පි අවිචාරං{5} භාවෙය්යාසි. සප්පීතිකම්පි භාවෙය්යාසි, නිප්පීතිකම්පි භාවෙය්යාසි, සාතසහගතම්පි භාවෙය්යාසි උපෙක්ඛාසහගතම්පි භාවෙය්යාසි.
Sinhala BJTමහණ, යම් කලෙක තොප මේ සමාධිය මෙසේ වඩන ලද්දේ වේ ද බහුලීකෘත වේ ද, එකල්හි මහණ තොපි මේ සමාධිය සවිතර්‍ක කොට ද සවිචාර කොට ද වඩන්නහු, විචාරමාත්‍රවු අවිතර්‍ක කොට ද වඩන්නහු, අවිතර්‍ක කොට ද අවිචාර කොට ද වඩන්නහු, සප්‍රීතික කොට ද වඩන්නහු, නිෂ්ප්‍රීතික කොට ද වඩන්නහු, සුඛ සහගත කොට ද වඩන්නහු, උපේක්‍ෂා සහගත කොට ද වඩන්නහු ය.
Pali BJTයතො ඛො තෙ භික්ඛු, අයං සමාධි එවං භාවිතො හොති සුභාවිතො, තතො තෙ භික්ඛු, එවං සික්ඛිතබ්බං: කරුණා මෙ චෙතොවිමුත්ති -පෙ- මුදිතා මෙ චෙතොවිමුත්ති -පෙ- උපෙක්ඛා මෙ චෙතොවිමුත්ති භාවිතා භවිස්සති බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධාති. එවං හි තෙ භික්ඛු, සික්ඛිතබ්බං.
Sinhala BJTමහණ, යම් කලෙක තොප විසින් මේ සමාධිය මෙසේ භාවිත වූයේ මොනොවට වඩනා ලදුයේ වේ ද, මහණ, එකල්හි තොප මෙසේ හික්මිය යුතු: මාගේ කරුණාචිත්ත විමුක්ති තොමෝ ... මාගේ මුදිතාචිත්ත විමුක්ති තොමෝ ... මාගේ උපේක්‍ෂාචිත්ත විමුක්ති තොමෝ භාවිත වූවා බහුලීකෘත වූවා යානීකෘත වූවා වස්තුකෘත වූවා අනුත්‍ථිත වූවා පරිචිත වූවා සුසමාරබ්ධ වූවා වන්නීය කියා යි. මහණ, තොප මෙසේ ම හික්මිය යුතු.
Pali BJTයතො ඛො තෙ භික්ඛු, අයං සමාධි එවං භාවිතො හොති සුභාවිතො තතො ත්වං භික්ඛු, ඉමං සමාධිං සවිතක්කම්පි සවිචාරං භාවෙය්යාසි, අවිතක්කම්පි විචාරමත්තං භාවෙය්යාසි, අවිතක්කම්පි අවිචාරං භාවෙය්යාසි, සප්පීතිකම්පි භාවෙය්යාසි, නිප්පීතිකම්පි භාවෙය්යාසි, සාතසහගතම්පි භාවෙය්යාසි, උපෙක්ඛාසහගතම්පි භාවෙය්යාසි.
Sinhala BJTමහණ, යම් කලෙක තොප විසින් මේ සමාධිය මෙසේ භාවිතා වූයේ බහුල කරන ලද්දේ වේ ද, මහණ, එකල තොපි මේ සමාධිය සවිතර්‍ක කොටත් සවිචාර කොටත් වඩනහු, අවිතර්‍ක විචාරමාත්‍ර කොටත් වඩනහු, අවිතර්‍ක අවිචාරමාත්‍ර කොටත් වඩනහු, සප්‍රීතික කොටත් වඩනහු, නිෂ්ප්‍රීතික කොටත් වඩනහු, සුඛ සහගත කොටත් වඩනහු, උපේක්‍ෂා සහගත කොටත් වඩනහුය,
Pali BJTයතො ඛො තෙ භික්ඛු, අයං සමාධි එවං භාවිතො හොති සුභාවිතො, තතො තෙ භික්ඛු, එවං සික්ඛිතබ්බං: කායෙ කායානුපස්සී විහරිස්සාමි ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සන්ති. එවං හි තෙ භික්ඛු, සික්ඛිතබ්බං.
Sinhala BJTමහණ, යම් කලෙක තා විසින් මේ සමාධිය මෙසේ වඩන ලදුයේ සුභාවිත වේ ද, මහණ, එ කල්හි තා විසින් මෙසේ හික්මිය යුතු: කයෙහි කය අනුව දක්නාසුලු වූයෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් සම්‍යග්ඥාන ඇතියෙම් සිහි ඇතියෙම් පඤ්චස්කන්‍ධ ලෝකයෙහි අභිධ්‍යා දෞර්‍මනස්‍යයන් මැඩගෙන වෙසෙන්නෙමි යි කියා යි. මහණ, තා විසින් මෙසේ ම හික්මිය යුතු.
Pali BJTයතො ඛො තෙ භික්ඛු, අයං සමාධි එවං භාවිතො හොති බහුලීකතො තතො ත්වං භික්ඛු, ඉමං සමාධිං සවිතක්කම්පි සවිචාරං භාවෙය්යාසි. අවිතක්කම්පි විචාරමත්තං භාවෙය්යාසි. අවිතක්කම්පි අවිචාරං භාවෙය්යාසි. සප්පීතිකම්පි භාවෙය්යාසි, නිප්පීතිකම්පි භාවෙය්යාසි, සාතසහගතම්පි භාවෙය්යාසි, උපෙක්ඛාසහගතම්පි භාවෙය්යාසි.
Sinhala BJTමහණ, යම් කලෙක තා විසින් මේ සමාධිය මෙසේ වඩන ලද්දේ බහුලීකෘත වේ ද, මහණ, තෝ එ කල්හි මේ සමාධිය සවිතර්‍ක සවිචාර කොටත් වඩනෙහි, අවිතර්‍ක විචාරමාත්‍ර කොටත් වඩනෙහි, අවිතර්‍ක අවිචාර කොටත් වඩනෙහි, සප්‍රීතික කොටත් වඩනෙහි, නිෂ්ප්‍රීතික කොටත් වඩනෙහි, සුඛ සහගත කොටත් වඩනෙහි, උපේක්‍ෂා සහගත කොටත් වඩනෙහි.
Pali BJTයතො ඛො තෙ භික්ඛු, අයං සමාධි එවං භාවිතො හොති සුභාවිතො, තතො තෙ භික්ඛු, එවං සික්ඛිතබ්බං: වෙදනාසු -පෙ- චිත්තෙසු ධම්මෙසු ධම්මානුපස්සී විහරිස්සාමි ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සන්ති. එවං හි තෙ භික්ඛු, සික්ඛිතබ්බං.
Sinhala BJTමහණ, යම් කලෙක තා විසින් මේ සමාධිය මෙසේ වඩන ලදුයේ සුභාවිත වේ ද, මහණ, එකල තා විසින් මෙසේ හික්මිය යුතු: වේදනාවන්හි ... චිත්තයෙහි ... ධර්‍මයන්හි ධර්‍මානුදර්ශී වූයෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් මනා කොට දන්නෙම් සිහි ඇතියෙම් ලෙව්හි අභිධ්‍යා දෞර්‍මනස්‍යයන් මැඩගෙන වෙසෙන්නෙමි යි කියායි. මහණ, තා විසින් මෙසේ ම හික්මිය යුතු.
Pali BJTයතො ඛො තෙ භික්ඛු, අයං සමාධි එවං භාවිතො හොති බහුලීකතො, තතො ත්වං භික්ඛු, ඉමං සමාධිං සවිතක්කම්පි සවිචාරං භාවෙය්යාසි, අවිතක්කම්පි විචාරමත්තං භාවෙය්යාසි, අවිතක්කම්පි අවිචාරං භාවෙය්යාසි, සප්පීතිකම්පි භාවෙය්යාසි, නිප්පීතිකම්පි භාවෙය්යාසි, සාතසහගතම්පි භාවෙය්යාසි උපෙක්ඛාසහගතම්පි භාවෙය්යාසි.
Sinhala BJTමහණ, යම් කලෙක තා විසින් මේ සමාධිය මෙසේ වඩන ලදුයේ බහුලීකෘත වේ ද, මහණ, එකල තෝ මේ සමාධිය සවිතර්‍ක සවිචාර කොටත් වඩනෙහි, අවිතර්‍ක විචාරමාත්‍ර කොටත් වඩනෙහි, අවිතර්‍ක අවිචාර කොටත් වඩනෙහි, සප්‍රීතික කොටත් වඩනෙහි, නිෂ්ප්‍රීතික කොටත් වඩනෙහි, සුඛ සහගත කොටත් වඩනෙහි, උපේක්‍ෂා සහගත කොටත් වඩනෙහි.
Pali BJTයතො ඛො තෙ භික්ඛු, අයං සමාධි එවං භාවිතො භවිස්සති සුභාවිතො, තතො ත්වං භික්ඛු, යෙන යෙනෙව ගච්ඡසි ඵාසුඤ්ඤෙව ගච්ඡසි. යත්ථ යත්ථ ඨස්සසි ඵාසුඤ්ඤෙව ඨස්සසි. යත්ථ යත්ථ නිසීදිස්සසි ඵාසුඤ්ඤෙව නිසීදිස්සසි. යත්ථ යත්ථ සෙය්යං කප්පෙස්සසි ඵාසුඤ්ඤෙව’ සෙය්යං කප්පෙස්සසීති.
Sinhala BJTමහණ, යම් කලෙක තා විසින් මේ සමාධිය මෙසේ වඩන ලදුයේ සුභාවිත වේ ද, මහණ, එකල තෝ යම් යම් ම තැනෙක යෙහි නම් සුවසේ ම යෙහි, යම් යම් ම තැනෙක සිටුනෙහි නම් සුවසේ ම සිටුනෙහි. යම් යම් ම තැනෙක හිඳුනෙහි නම් සුවසේ ම හිඳුනෙහි, යම් යම් ම තැනෙක ශය්‍යා කෙරෙහි නම් සුවසේ ම ශය්‍යා කරන්නෙහි යී.