Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 12001-12100 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTසාධු භන්තෙ, ලභෙය්ය මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජන්ති.
Sinhala BJTවහන්ස, මාගම තථාගත ප්‍රවිදිත වූ ධර්‍මවිනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද ලබන්නේ නම් මැනැවැයි.
Pali BJTඅලං ගොතමී, මා තෙ රුච්චි මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජාති.
Sinhala BJTගෞතමිය, කම් නැත. තථාගත ප්‍රවිදිත වූ ධර්‍මවිනයෙහි ගිහි ගෙන් නික්ම මාගමගේ අනගාරිය පැවිද්ද තොපට රිසි නො වේව යි.
Pali BJTදුතියම්පි ඛො මහාපජාපතී ගොතමී භගවන්තං එතදවොච: සාධු භන්තෙ, ලභෙය්ය මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජන්ති.
Sinhala BJTදෙවන වටත් මහාප්‍රජාපතී ගෝතමී භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළා ය: වහන්ස, තථාගත ප්‍රවිදිත වූ ධර්‍මවිනයෙහි මාගම ගිහිගෙන් නික්ම අනගාරිය සඞ්ඛ්‍යාත පැවිද්ද ලබන්නේ නම් මැනැවැ යි.
Pali BJTඅලං ගොතමි, මා තෙ රුච්චි, මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජාති.
Sinhala BJTගෞතමිය, කම් නැත. තථාගත ප්‍රවිදිත වූ ධර්‍ම විනයෙහි ගිහි ගෙන් නික්ම මාගම්හුගේ අනගාරිය පැවිද්ද තොපට රිසි නො වේවා යි.
Pali BJTතතියම්පි ඛො මහාපජාපතී ගොතමී භගවන්තං එතදවොච: සාධු භන්තෙ, ලභෙය්ය මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජන්ති.
Sinhala BJTතෙවන වටත් මහාපජාපතී ගෝතමී භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළා ය: වහන්ස, මාගම තථාගත ප්‍රවිදිත ධර්‍මවිනයෙහි අනගාරිය පැවිද්ද ලබන්නේ නම් මැනැවැයි.
Pali BJTඅලං ගොතමි, මා තෙ රුච්චි, මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජාති.
Sinhala BJTගෝතමිය, කම් නැත. තථාගත ප්‍රවිදිත වූ ධර්‍මවිනයෙහි මාගමගේ අනගාරිය පැවිද්ද රිසි නො වේව යි.
Pali BJTඅථ ඛො මහාපජාපතී ගොතමී න භගවා අනුජානාති මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජන්ති දුක්ඛී දුම්මනා අස්සුමුඛී රුදමානා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJTඉක්බිති මහාප්‍රජාපතී ගෝතමී භාග්‍යවතුන් වහන්සේ මාගමට තථාගත ප්‍රවිදිත ධර්‍මවිනයෙහි අනගාරිය පැවිද්ද නො අනුදන්නා සේකැ යි දුක් ඇත්තී නො සතුටු සිතැත්තී කඳුළු පිරි මුහුණැත්තී හඬන්නී භාග්‍යවතුන් වැඳ පැදකුණු කොට බැහැර ගියා ය.
Pali BJTඅථ ඛො භගවා කපිලවත්ථුස්මිං යථාභිරන්තං විහරිත්වා යෙන වෙසාලී තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන වෙසාලී තදවසරි. තත්ර සුදං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කපිලවත්‍ථුවෙහි කැමති තාක් කල් වැස වේසාලිය බලා චාරිකාවට පිටත්ව වැඩි සේක. අනුපිළිවෙළින් සැරිසරන සේක් වෛශාලියට වැදගත් සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ වේසාලියෙහි මහාවනයෙහි වූ කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක.
Pali BJTඅථ ඛො මහාපජාපතී ගොතමී කෙසෙ ඡෙදාපෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා සම්බහුලාහි සාකියානීහි සද්ධිං යෙන වෙසාලී තෙන පක්කාමි. අනුපුබ්බෙන යෙන වෙසාලී මහාවනෙ කූටාගාරසාලං තෙනුපසඞ්කමි.
Sinhala BJTඑකල්හි මහාපජාපතී ගෝතමී කෙස් බහවා කසාවත් හැඳ බොහෝ සැහැදුන් හා සමග වේසාලිය බලා පිටත් වූ, අනුපිළිවෙළින් වේසාලියෙහි මහාවනයෙහි කූටාගාරශාලාවට එළඹියා ය.
Pali BJTඅථ ඛො මහාපජාපතී ගොතමී සුනෙහි පාදෙහි රජොකිණ්ණෙන ගත්තෙන දුක්ඛී දුම්මනා අස්සුමුඛී රුදමානා බහිද්වාරකොට්ඨකෙ අට්ඨාසි, අද්දසා ඛො ආයස්මා ආනන්දො මහාපජාපතිං ගොතමිං සුනෙහි පාදෙහි රජොකිණ්ණෙන ගත්තෙන දුක්ඛිං දුම්මනං අස්සුමුඛිං රුදමානං බහිද්වාරකොට්ඨකෙ ඨිතං, දිස්වාන මහාපජාපතිං ගොතමිං එතදවොච:
Sinhala BJTඉක්බිති මහාපජාපතී ගෝතමී ඉදිමුණු පයින් රජස් වැකි සිරුරින් යුතුව දුක් ඇත්තී දොම්නස් ඇත්තී කඳුළු පිරි මුහුණැත්තී හඬන්නී බිහි දොර කොටුවෙහි සිටියා ය. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ඉදිමුණු පයින් රජස් වැකි සිරුරින් දුක් ඇති දොම්නසින් යුත් කඳුළු පිරි මුහුණැතිව හඬනා බිහි දොර කොටුවෙහි සිටි මහා ප්‍රජාපතී ගෝතමිය දුටහ. දැක මහාපජාපතී ගෝතමියට තෙල කරුණ කීහ:
Pali BJTකින්නු ත්වං ගොතමි, සුනෙහි පාදෙහි රජොකිණ්ණෙන ගත්තෙන දුක්ඛී දුම්මනා අස්සුමුඛී රුදමානා බහිද්වාරකොට්ඨකෙ ඨිතාති?
Sinhala BJTගෝතමිය, කවර හෙයින් තෙපි ඉදිමුණු පයින් හා රජස් වැකි සිරුරින් යුක්ත වූවා දුක් ඇත්තී දොම්නස් ඇත්තී කඳුළු පිරි මුහුණැත්තී හඬන්නී බිහිදොර කොටුවෙහි සිටිය වු ද?
Pali BJTතථා හි පන භන්තෙ ආනන්ද, න භගවා අනුජානාති මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජන්ති.
Sinhala BJTවහන්ස ආනන්‍දයෙනි, එසේ මැයි; භාග්‍යවතුන් වහන්සේ තථාගත ප්‍රවිදිත වු ශාසනයෙහි මාගම්ට ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද නො අනුදන්නා සේකැ යි.
Pali BJTතෙන හි ගොතමී, ඉධෙව තාව{1} හොහි, යාවාහං භගවන්තං යාචාමි මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජන්ති.
Sinhala BJTගෞතමිය, එසේ වී නම් තථාගත ප්‍රවිදිත ධර්‍මවිනයෙහි මාගමක්හට ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද භගවතුන් අතින් මම් යම් තාක් යදිම් ද, ඒතාක් මෙහි ම වෙව.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි, එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච:
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ:
Pali BJT‘එසා භන්තෙ, මහාපජාපතී ගොතමී සුනෙහි පාදෙහි රජොකිණ්ණෙන ගත්තෙන දුක්ඛී දුම්මනා අස්සුමුඛී රුදමානා බහිද්වාරකොට්ඨකෙ ඨිතා, න භගවා අනුජානාති මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජන්ති’.
Sinhala BJT“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගමට තථාගත ප්‍රවිදිත ශාසනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද නො අනුදන්නා සේකැයි තෙල මහාපජාපතී ගෝතමී තොමෝ ඉදිමුණු පයින් රජස් වැකි සිරුරින් යුතුව දුක් ඇත්තී දොම්නස් ඇත්තී කදුළුපිරි මුහුණැත්තී හඬන්නී බිහිදොර කොටුවෙහි සිටියා ය.
Pali BJTසාධු භන්තෙ, ලභෙය්ය මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජන්ති’.
Sinhala BJTවහන්ස, මාගම තථාගතප්‍රවිදිත ශාසනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද ලබනු නම් මැනැවි.”
Pali BJTඅලං ආනන්ද, මා තෙ රුච්චි මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජාති.
Sinhala BJTආනන්‍දය, කම් නැත. මාගමට තථාගතප්‍රවිදිත ශාසනයෙහි ගිහි ගෙන් නික්ම අනගාරිය පැවිද්ද තට රිසි නො වේව යි.
Pali BJTදුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: ‘සාධු භන්තෙ, ලභෙය්ය මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජන්ති’
Sinhala BJTදෙවනු වටදු ... තෙවන වටදු ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: “වහන්ස, මාගම තථාගතයන් වහන්සේ විසින් පහදා ප්‍රකාශ කරන ලද ධර්‍මවිනයෙහි (ශාසනයෙහි) ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද ලබන්නේ නම් මැනැවි” යි.
Pali BJTඅලං ආනන්ද, මාතෙ රුච්චි මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්ම විනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජන්ති.
Sinhala BJTආනන්‍දය, කම් නැත; මාගමට තථාගතප්‍රවිදිත ධර්‍මවිනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද තට නහමක් රුස්නේව යි.
Pali BJTඅථ ඛො ආයස්මතො ආනන්දස්ස එතදහොසි: න භගවා අනුජානාති මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජං. යන්නූනාහං අඤ්ඤෙනපි පරියායෙන භගවන්තං යාචෙය්යං මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජන්ති.
Sinhala BJTඑසඳ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවනට තෙල සිත විය: භාග්‍යවතුන් වහන්සේ මාගමහට තථාගතප්‍රවිදිත ධර්‍මවිනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද නො අනුදන්නා සේක. මම් අන් අයුරෙකිනුදු තථාගත ප්‍රවිදිත ධර්‍මවිනයෙහි මාගමහට ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද බුදුන් යදනෙම් මනා මැනු.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: භබ්බො නු ඛො භන්තෙ, මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජිත්වා සොතාපත්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත්තඵලං වා සච්ඡිකාතුන්ති?
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ. වහන්ස, මාගම තථාගතප්‍රවිදිත ධර්‍මවිනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්දට පැමිණ සෝවත්පල හෝ සෙදගැමි පල හෝ අනගැමිපල හෝ රහත්පල හෝ පසක් කරන්නට භව්‍ය වේ දැයි?
Pali BJTභබ්බො ආනන්ද මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජිත්වා සොතාපත්තිඵලම්පි සකදාගාමිඵලම්පි අනාගාමිඵලම්පි අරහත්තඵලම්පි සච්ඡිකාතුන්ති.
Sinhala BJTආනන්‍දය, මාගම තථාගතප්‍රවිදිත ධර්‍මවිනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්දට පැමිණ සෝවත්පල හෝ සෙදගැමි පල හෝ අනගැමි පල හෝ රහත්පල හා පසක් කරන්නට භව්‍ය වෙයි.
Pali BJTසචෙ භන්තෙ, භබ්බො මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජිත්වා සොතාපත්තිඵලම්පි -පෙ- අරහත්තඵලම්පි සච්ඡිකාතුං, බහුකාරා{1} භන්තෙ, මහාපජාපතී ගොතමී භගවතො මාතුච්ඡා ආපාදිකා පොසිකා, භගවන්තං ජනෙත්තියා කාලකතාය{2} ථඤ්ඤං පායෙසි.
Sinhala BJTඉදින් වහන්ස, මාගම තථාගතප්‍රවිදිත ධර්‍මවිනයෙහි ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණ සෝවත්පල හා ... රහත්පල හා පසක් කරන්නට භව්‍ය වේ නම්, වහන්ස, මහාප්‍රජාපතී ගෝතමී භගවත්නට බොහෝ වහල් වුව, සුළුමවු ය, අත් පා වැඩූ ය, පෝෂණය කළා ය. මෑණියන් කලුරිය කරත් ම භගවත්නට කිරි පෙවූ ය.
Pali BJTසාධු භන්තෙ, ලභෙය්ය මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජන්ති.
Sinhala BJTවහන්ස, මාගම තථාගතප්‍රවිදිත ධර්‍මවිනයෙහි අනගාරිය පැවිද්ද ලබන්නේ නම් මැනැව.
Pali BJTසචෙ ආනන්ද, මහාපජාපතී ගොතමී අට්ඨගරුධම්මෙ පතිගණ්හාති, සාවස්සා හොතු උපසම්පදා.
Sinhala BJTආනන්‍දය, ඉදින් මහාප්‍රජාපතී ගෝතමී අෂ්ට ගුරුධර්‍මයන් පිළි ගන්නී නම් ඇයට එම උපසම්පදා වේවා යි.
Pali BJT1. “වස්සසතූපසම්පන්නාය භික්ඛුනියා තදහුපසම්පන්නස්ස භික්ඛුනො අභිවාදනපච්චුට්ඨානඅඤ්ජලිකම්ම සාමීචිකම්මං කත්තබ්බං. අයම්පි ධම්මො සක්කත්වා ගරුකත්වා{1}. මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයො.
Sinhala BJT1. “උපසපන් සියක්වස් ඇති මෙහෙණ විසිනුදු එදින උපසපන් මහණක්හට අභිවාදන, ප්‍රත්‍යුත්‍ථාන, අඤ්ජලිකර්‍ම, සාමීචිකර්‍ම කළ යුතු ය. මෙ දහමත් සකසා ගුරු කොට බුහුමන් කොට පූජා කොට දිවිහිමියෙන් නොයික්ම විය යුතු.
Pali BJT2. න භික්ඛුනියා අභික්ඛුකෙ ආවාසෙ වස්සං උපගන්තබ්බං, අයම්පි ධම්මො සක්කත්වා ගරුකත්වා මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයො.
Sinhala BJT2. මෙහෙණ විසින් ඔවා දෙන මහණක්හු නැති ආවාසයෙහි වස් නො එළැඹිය යුතු. මේ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට දිවිහිමියෙන් නොයික්ම විය යුතු.
Pali BJT3. අන්වද්ධමාසං භික්ඛුනියා භික්ඛුසඞ්ඝතො ද්වෙධම්මො පච්චාසිංසිතබ්බා: උපොසථපුච්ඡකඤ්ච ඔවදුපසඞ්කමනඤ්ච. අයම්පි ධම්මො සක්කත්වා ගරුකත්වා මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයො.
Sinhala BJT3. අඩමසක් පාසා මෙහෙණ විසින් බික් සඟන කෙරෙන් පෙහෙවස් පිළිවිසුම ය, ඔවා පිණිස එළැඹුම් ය යන දහම්හු දෙදෙන කැමති විය යුතුවහ. මෙ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට දිවිහිමියෙන් නො ඉක්ම විය යුතු.
Pali BJT4. වස්සං වුත්ථාය භික්ඛුනියා උභතො සඞ්ඝෙ තීහි ඨානෙහි පවාරෙතබ්බා: දිට්ඨෙන සුතෙන පරිසඞ්කාය. අයම්පි ධම්මො සක්කත්වා ගරුකත්වා මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයො.
Sinhala BJT4. වස් වුසූ මෙහෙණ විසින් උභතෝ සඞ්ඝයා කෙරෙහි දැකීමෙන්, ඇසීමෙන්, පරිසඞ්කායෙන් යන තුන් තැනෙකින් පැවරිය යුතු ය. මෙ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට දිවිහිමියෙන් නො ඉක්ම විය යුතු.
Pali BJT5. ගරුධම්මං අජ්ඣාපන්නාය භික්ඛුනියා උභතො සඞ්ඝෙ පක්ඛමානත්තං චරිතබ්බං. අයම්පි ධම්මො සක්කත්වා ගරුකත්වා මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයො.
Sinhala BJT5. ගරු ඇවැත් අවන් මෙහෙණ විසින් උභතෝසඞ්ඝයා කෙරෙහි පක්‍ෂමානත් පිරිය යුතු ය. මෙ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට දිවිහිමියෙන් නො ඉක්ම විය යුතු.
Pali BJT6. ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛාය සික්ඛමානාය උභතො සඞ්ඝෙ උපසම්පදා පරියෙසිතබ්බා. අයම්පි ධම්මො සක්කත්වා ගරුකත්වා මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයො.
Sinhala BJT6. දෙවසක් දහම් සයෙක හික්මුණු ශික්‍ෂා ඇති සික්ඛමානාව විසින් උභතෝසඞ්ඝයා කෙරෙහි උපසම්පත් සෙවිය යුතු. මේ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට දිවිහිමියෙන් නොයික්ම විය යුතු.
Pali BJT7. න කෙනචි පරියායෙන භික්ඛුනියා භික්ඛු අක්කොසිතබ්බො පරිභාසිතබ්බො. අයම්පි ධම්මො සක්කත්වා ගරුකත්වා මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයො.
Sinhala BJT7. කිසි කරුණෙකිනුදු මෙහෙණ මහණ විසින් ආක්‍රෝශ පරික්‍රෝෂ නොකට යුතු. මේ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට දිවිහිමියෙන් නොයික්ම විය යුතු.
Pali BJT8. අජ්ජතග්ගෙ ආනන්ද, ඔවටො භික්ඛුනීනං භික්ඛූසු වචනපථො, අනොවටො භික්ඛූනං භික්ඛුනීසු වචනපථො. අයම්පි ධම්මො සක්කත්වා ගරුකත්වා මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයො.”
Sinhala BJT8. ආනන්‍දය, අද පටන් කොට මහණුන් කෙරෙහි මෙහෙණන්ගේ (අවවාදානුශාසන ධර්‍ම කථා සඞ්ඛ්‍යාත) වචනපථය වැසිණ. මහණුන්ගේ වචනපථය මෙහෙණන් කෙරෙහි නො වැසිණ. මේ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට දිවිහිමියෙන් නොයික්ම විය යුතු.
Pali BJTසචෙ ආනන්ද, මහාපජාපතී ගොතමී ඉමෙ අට්ඨගරුධම්මෙ පතිගණ්හාති, සාවස්සා හොතු උපසම්පදාති.
Sinhala BJTආනන්‍දය, ඉදින් මහාපජාපතී ගෝතමී මේ අෂ්ට ගුරු ධර්‍මය පිළිගන්නී නම් ඇයට උපසම්පත් එයම වේවයි.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො භගවතො සන්තිකෙ ඉමෙ අට්ඨගරුධම්මෙ උග්ගහෙත්වා යෙන මහාපජාපතී ගොතමී තෙනුපසඞ්කමි උපසඞ්කමිත්වා මහාපජාපතිං ගොතමිං එතදවොච:
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භගවතුන් හමුයෙහි මේ අෂ්ට ගුරුධර්‍මයන් ඉගෙන මහාපජාපතී ගෝතමිය වෙත එළඹියහ. එළඹ මහාපජාපතී ගෝතමියට තෙල කීහ:
Pali BJTසචෙ ඛො ත්වං ගොතමි, අට්ඨගරුධම්මෙ පතිගණ්හෙය්යාසි, සාව තෙ භවිස්සති උපසම්පදා.
Sinhala BJTගෝතමිය, ඉදින් තෙපි අෂ්ටගුරුධර්‍මයන් පිළිගන්නවු නම් තොපට උපසපුව එ ම වෙයි.
Pali BJTවස්සසතූපසම්පන්නාය භික්ඛුනියා තදහුපසම්පන්නස්ස භික්ඛුනො අභිවාදනපච්චුට්ඨානඅඤ්ජලිකම්ම සාමීචිකම්මං කත්තබ්බං. අයම්පි ධම්මො සක්කත්වා ගරුකත්වා මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයො -පෙ- අජ්ජතග්ගෙ ඔවටො භික්ඛුනීනං භික්ඛූසු වචනපථො, අනොවටො භික්ඛූනං භික්ඛුනීසු වචනපථො. අයම්පි ධම්මො සක්කත්වා ගරුකත්වා මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයො.
Sinhala BJTඋපසපන් සියක් වස් ඇති මෙහෙණ විසින් එදින උපසපන් මහණහට අභිවාදන ප්‍රත්‍යුත්‍ථාන, අඤ්ජලිකර්‍ම සාමීචිකර්‍ම කළ යුතු ය. මෙ දහම ද සකස් කොට, ගුරු කොට, බුහුමන් කොට පූජා කොට දිවිහිමියෙන් නො ඉක්මිවියයුතු ... අද පටන් මෙහෙණන්ගේ වචනපථය මහණුන් කෙරෙහි වැසිණි. මහණුන් ගේ වචනපථය මෙහෙණන් කෙරෙහි නො වැසිණි, මෙ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට දිවි හිමියෙන් නොයික්ම විය යුතු ය.
Pali BJTසචෙ ඛො ත්වං ගොතමී, ඉමෙ අට්ඨගරුධම්මෙ පතිගණ්හය්යාසි, සාව තෙ භවිස්සති උපසම්පදාති.
Sinhala BJTගෝතමිය, ඉදින් තෙපි මේ අෂ්ට ගුරු ධර්‍මයන් පිළිගන්නවු නම් තොපට උපසපුව එ ම වන්නේ ය.
Pali BJTසෙය්යථාපි භන්තෙ ආනන්ද, ඉත්ථි වා පුරිසො වා දහරො යුවාමණ්ඩනකජාතිකො සීසං නහාතො උප්පලමාලං වා වස්සිකමාලං වා අතිමුත්තකමාලං වා ලභිත්වා උභොහි හත්ථෙහි පටිග්ගහෙත්වා උත්තමඞ්ගෙ සිරස්මිං පතිට්ඨාපෙය්ය{1} එවමෙව ඛො අහං භන්තෙ, ඉමෙ අට්ඨගරුධම්මෙ පතිගණ්හිස්සාමි යාවජීවං අනතික්කමනීයෙති.
Sinhala BJTවහන්ස, ආනන්‍දයෙනි, යම් සේ තුරුණු වූ යොවුන් බවට පත් සැරසුම් සැහැවි කොට ඇති ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ හිස් සැනැහුයේ උපුල් මල්දමක් වේව යි සමන්මල්දමක් වේව යි යොහොඹුමල්දමක් වේවයි ලැබගෙන දෙ අතින් පිළිගෙන උත්තමාඞ්ගය වූ සිරස්හි පිහිටුවන්නේ වේ ද, වහන්ස, එපරිදි ම මම් දිවිහිමියෙන් නොඉක්මවිය යුතු මෙ අෂ්ට ගුරු ධර්‍මයන් පිළිගනිමි.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි, එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච:
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ:
Pali BJTපටිග්ගහිතා භන්තෙ, මහාපජාපතියා ගොතමියා අට්ඨ ගරුධම්මා යාවජීවං අනතික්කමනීයාති.{2}
Sinhala BJTවහන්ස, මහාප්‍රජාපතී ගෝතමිය විසින් දිවිහිමියෙන් නො ඉක්මිය යුතු අෂ්ටගුරු ධර්‍මයෝ පිළිගන්නා ලදහ යි.
Pali BJTසචෙ ආනන්ද, නාලභිස්ස{3} මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජං, චිරට්ඨිතිකං ආනන්ද, බ්රහ්මචරියං අභවිස්ස, වස්සසහස්සමෙව සද්ධම්මො පතිට්ඨහෙය්ය, යතො ච ඛො ආනන්ද, මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජිතො, නදානි ආනන්ද, බ්රහ්මචරියං චිරට්ඨිතිකං භවිස්සති, පඤ්චෙවදානි ආනන්ද, වස්සසතානි සද්ධම්මො ඨස්සති.
Sinhala BJTආනන්‍දය, ඉදින් මාගම තථාගතප්‍රවිදිත ධර්‍මවිනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද නො ලැබූ නම්, ආනන්‍දය සස්න චිරස්ථිතික විය. (අධිගම) සද්ධර්‍මය වර්‍ෂසහස්‍රයක් ම සිටුනේ ය. ආනන්‍දය, යම් හෙයකින් මාගම තථාගතප්‍රවිදිත ධර්‍මවිනයෙහි ගිහිගෙන් නික්ම සස්නට වැදගත්තී ද, ආනන්‍දය, දැන් බ්‍රහ්මචර්‍ය්‍යය චිරස්ථිතික නො වේ. ආනන්‍දය, දැන් (අධිගම) සද්ධර්‍මය පස්වාසියක් ම සිටුනේ ය.
Pali BJTසෙය්යථාපි ආනන්ද, යානි කානිචි කුලානි බහුකිත්ථිකානි{1} අප්පුරිසකානි, තානි සුප්පධංසියානි හොන්ති චොරෙහි කුම්භත්ථෙනකෙහි. එවමෙව ඛො ආනන්ද, යස්මිං ධම්මවිනයෙ ලභති මාතුගාමො අගාරස්මා අනගාරියං පබ්බජ්ජං, න තං බ්රහ්මචරියං චිරට්ඨිතිකං හොති.
Sinhala BJTආනන්‍දය, යම් පරිදි බොහෝ ස්ත්‍රීන් ඇති අල්පපුරුෂයන් ඇති යම් කිසි කුලයෝ වෙත් නම් ඒ කුලයෝ කුම්භත්‍ථේනක (කුඹුයෙහි පහන් දල්වා ඒ එළියෙන් ගෙයි බඩු සොයා සොරකම් කරන) සොරුන් විසින් පහසුයෙන් නැසිය හැකි වෙත් ද, ආනන්‍දය, එපරිදි ම යම් ධර්‍ම විනයෙක් මාගම ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද ලබා ද, ඒ බ්‍රහ්මචර්‍ය්‍යය චිරස්ථිතික නො වෙයි.
Pali BJTසෙය්යථාපි ආනන්ද, සම්පන්නෙ සාලික්ඛෙත්තෙ සෙතට්ඨිකා නාමරොගජාති නිපතති, එවං තං සාලික්ඛෙත්තං න චිරට්ඨිතිකං හොති. එවමෙව ඛො ආනන්ද, යස්මිං ධම්මවිනයෙ ලභති මාතුගාමො අගාරස්මා අනගාරියං පබ්බජ්ජං න තං බ්රහ්මචරියං චිරට්ඨිතිකං හොති.
Sinhala BJTආනන්‍දය, යම් පරිදි සම්පන්න ශාලික්‍ෂේත්‍රයක (පණුවන් විදීමෙන් හටගන්නා) සේතට්ඨිකා නම් ශෂ්‍යරෝග ජාතියෙක් උපදනේ ද, එසේ ඇතිවත් ම ඒ ශාලික්‍ෂෙත්‍රය චිරස්ථිතික නො වේ ද, ආනන්‍දය, එපරිදි ම යම් ධර්‍මවිනයෙක් මාගම ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද ලබා ද, ඒ බ්‍රහ්මචර්‍ය්‍යය චිරස්ථිතික නො වෙයි.
Pali BJTසෙය්යථාපි ආනන්ද, සම්පන්නෙ උච්ඡුක්ඛෙත්තෙ මඤ්ජෙට්ඨිකා නාම රොගජාති නිපතති, එවං තං උච්ඡුක්ඛෙත්තං න චිරට්ඨිතිකං හොති, එවමෙව ඛො ආනන්ද, යස්මිං ධම්මවිනයෙ ලභති මාතුගාමො අගාරස්මා අනගාරියං පබ්බජ්ජං න තං බ්රහ්මචරියං චිරට්ඨිතිකං හොති.
Sinhala BJTආනන්‍දය, යම් පරිදි සමෘද්ධ වූ උක්කෙතෙක (උක් ගස තුළ රතුවන) මඤේජට්ඨකා නම් ඉක්‍ෂු රෝගයෙක් උපදනේ ද, එසේ වත්ම ඒ ඉක්‍ෂු ක්‍ෂේත්‍රය චිරස්ථිතික නො වේ ද, ආනන්‍දය, එපරිදි ම යම් ධර්‍මවිනයෙක මාගම ගිහි ගෙන් නික්ම අනගාරිය පැවිද්ද ලබා නම් ඒ බ්‍රහ්මචර්‍ය්‍යය චිරස්ථිතික නො වෙයි.
Pali BJTසෙය්යථාපි ආනන්ද, පුරිසො මහතො තළාකස්ස පටිගච්චෙව ආළිං බන්ධෙය්ය යාවදෙව උදකස්ස අනතික්කමනාය, එවමෙව ඛො ආනන්ද මයා පටිගච්චෙව භික්ඛුනීනං අට්ඨ ගරුධම්මා පඤ්ඤත්තා යාවජීවං අනතික්කමනීයාති.
Sinhala BJTආනන්‍දය, යම් පරිදි පුරුෂයෙක් මහත් තඩාගයක්හුගේ නියර (දිය නො බැස යනු පිණිස කැල ම), බඳනේ වේ ද, ආනන්‍දය, එ පරිදි ම මා විසින් කැල ම මෙහෙණනට දිවිහිමියෙන් නො ඉක්මවිය යුතු අෂ්ට ගුරුධර්‍මයෝ පණවන ලදහ යි.
Pali BJT8. 2. 6. 2.
Sinhala BJT8. 2. 6. 2.
Pali BJTභික්ඛුනොවාදක සුත්තං
Sinhala BJTභික්ඛුනෝවාදක සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච:
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වේසාලී නගර සමීපයෙහි මහාවනයෙහි වූ කූටාගාරශාලාවෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළහ:
Pali BJTකති හි නු ඛො භන්තෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු භික්ඛුනො වාදකො සම්මන්තීතබ්බොති.
Sinhala BJTවහන්ස, කෙතෙක් කරුණින් සමන්‍වාගත මහණ මෙහෙණනට ඔවා දෙනුයේ සම්මත කටයුත්තේ දැ යි?
Pali BJTඅට්ඨහි ඛො ආනන්ද, ධම්මෙහි සමන්නාගතො භික්ඛු භික්ඛුනො වාදකො සම්මන්නිතබ්බො. කතමෙහි අට්ඨහි:
Sinhala BJTආනන්‍දය, මෙහෙණනට ඔවා දෙන මහණ කරුණු අටෙකින් සමන්‍වාගත වූයේ සම්මත කටයුතු ය. කවර අටෙකින යත්:
Pali BJTඉධානන්ද, භික්ඛු සීලවා හොති -පෙ- සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. බහුස්සුතො හොති -පෙ- දිට්ඨියා සුප්පටිවිද්ධො. උභයානි ඛො පනස්ස පාතිමොක්ඛානි විත්ථාරෙන ස්වාගතානි හොන්ති සුවිභත්තානි සුප්පවත්තිනී සුවිනිච්ඡිතානි සුත්තසො අනුබ්යඤ්ජනසො. කල්යාණවාචො හොති කල්යාණවාක්කරණො පොරියා වාචාය සමන්නාගතො විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා, පටිබලො හොති භික්ඛුනීසඞ්ඝස්ස ධම්මියා කථාය සන්දස්සෙතුං සමාදපෙතුං සමුත්තෙජෙතුං සම්පහංසෙතුං, යෙභුය්යෙන භික්ඛුනීනං පියො හොති මනාපො, න ඛො පනෙතං භගවන්තං උද්දිස්ස පබ්බජිතාය කාසායවත්ථවසනාය ගරුධම්මං අජ්ඣාපන්නපුබ්බො හොති, වීසතිවස්සො වා හොති අතිරෙකවීසති වස්සො වා.
Sinhala BJTආනන්‍දය, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි ... සිකපද විෂයෙහි මොනොවට ගෙන හික්මෙයි. බහුශ්‍රුත වෙයි ... දෘෂ්ටියෙන් මොනොවට සුප්‍රතිවිද්ධය. ඔහු විසින් උභය ප්‍රාතිමොක්‍ෂයෝ විස්තර විසින් ස්වාගත (මනාසේ ප්‍රගුණ) වෙති. (සූත්‍ර වශයෙන් අනුව්‍යඤ්ජන වශයෙන්) මොනවට විභාග කරන ලද්දාහු (ආවර්‍ජන කළ තන්හි) මොනොවට පැවත්තා හු මොනොවට විනිශ්චය කරන ලද්දා හු වෙති. කල්‍යාණ වචන ඇත්තේ වෙයි. කල්‍යාණ වාක්කරණ (සුන්‍දර වචන ඝෝෂ) ඇත්තේ වෙයි, පළිබෝධ (බාධා) නැති නිර්දෝෂ වූ අර්‍ත්‍ථවින්‍යාසයට (අරුත් හඟවන්නට) පොහොසත් පරිපූර්‍ණ වචනයෙන් සමන්‍වාගත වෙයි, මෙහෙණ සඟනට දැහැමි කථායෙන් කරුණු දක්වන්නට සමාදන් කරවන්නට තෙද ගන්වන්නට සතුටු කරවන්නට ප්‍රතිබල වෙයි, බෙහෙවින් මෙහෙණනට ප්‍රිය වෙයි, මන වඩන්නේ වෙයි. ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා පැවිදි වූ කහවත් හඳනා මෙහෙණක හා කායසංසර්‍ගයට නො පැමිණිවිරූ වෙයි, විසි වස් පිරුණේ හෝ විසි වසින් වැඩි සිටියේ හෝ වේ.
Pali BJTඉමෙහි ඛො ආනන්ද, අට්ඨහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු භික්ඛුනොවාදකො සම්මන්තිතබ්බොති.
Sinhala BJTආනන්‍දය, මෙහෙණනට ඔවා දෙන මහණ මේ කරුණු අටින් සමන්‍වාගත වූයේ සම්මත කටයුතු යි.
Pali BJT8. 2. 6. 3.
Sinhala BJT8. 2. 6. 3.
Pali BJTසඞ්ඛිත්ත ගොතමියොවාද සුත්තං
Sinhala BJTසංක්‍ෂිප්ත ගෝතමියොවාද සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං, අථ ඛො මහාපජාපතී ගොතමී යෙන භගවා තෙනුපසඞ්කමි උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො මහාපජාපතී ගොතමී භගවන්තං එතදවොච:
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වේසාලී නගර සමීපයෙහි වූ මහවෙනෙහි කූටාගාරශාලායෙහි වැඩ වසන සේක. එකල්හි මහා පජාපතී ගෝතමී භාග්‍යවතුන් වහන්සේ කරා එළඹුණා ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුන්නා ය. එකත් පසෙක හුන් මහාපජාපතී ගෝතමී භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළා ය:
Pali BJTසාධු භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු, යමහං භගවතො ධම්මං සුත්වා වූපකට්ඨා අප්පමත්තා ආතාපිනී පහිතත්තා විහරෙය්යන්ති.
Sinhala BJTවහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා (කාය ගණ ආදියෙන්) වෙන් වූයෙම් නො පමා වූයෙම් වැර ඇතියෙම් නිවනට මෙහෙයූ සිතැතියෙම් වෙසෙම් ද, භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් ඒ දහම් දෙසන සේක් නම් මැනැව.
Pali BJTයෙ ඛො ත්වං ගොතමී, ධම්මෙ ජානෙය්යාසි ඉමෙ ධම්මා සරාගාය සංවත්තන්ති නො විරාගාය, සංයොගාය සංවත්තන්ති නො විසංයොගාය, ආචයාය සංවත්තන්ති නො අපචයාය, මහිච්ඡතාය සංවත්තන්ති නො අප්පිච්ඡතාය, අසන්තුට්ඨියා සංවත්තන්ති නො සන්තුට්ඨියා. සඞ්ගණිකාය සංවත්තන්ති නො පවිවෙකාය. කොසජ්ජාය සංවත්තන්ති නො විරියාරම්භාය. දුභරතාය සංවත්තන්ති නො සුභරතාය, එකංසෙන ගොතමි, ධාරෙය්යාසි නෙසො ධම්මො නෙසො විනයො නෙතං සත්ථුසාසනන්ති.
Sinhala BJTගෞතමිය, තෙපි ‘මේ දහම්හු සරාගය පිණිස වැටෙති, විරාගයට නො වැටෙත්; සංසාර සංයෝගයට වැටෙති, විසංයෝගයට නො වැටෙත්, සසර වඩනට පවතිති, නො වඩනට නො පවතිත්, මහිච්ඡතා පිණිස පවතිති, අප්පිච්ඡතා පිණිස නො පවතිත්, අසන්තුට්ඨිය පිණිස පවතිති, සන්තුට්ඨිය පිණිස නො පවතිත්, සඞ්ගණිකාව පිණිස පවතිති, ප්‍රවිවේකය පිණිස නො පවතිත්, කුසීත භාවය පිණිස පවතිති, වීර්‍ය්‍යාරම්භය පිණිස නො පවතිත්, දුෂ්පෝෂණය පිණිස පවතිති, සුපෝෂණය පිණිස නො පවතිත් යයි යම් දහමුන් දන්නෙහි ද, ගෝතමිය, ඒකාන්තයෙන් ‘මේ දහම නො වෙයි, මේ විනය නො වෙයි, මේ ශාස්තෘ ශාසනය නො වේ’ යයි දරව.
Pali BJTයෙ ච ඛො ත්වං ගොතමී, ධම්මෙ ජානෙය්යාසි ඉමෙ ධම්මා විරාගාය සංවත්තන්ති නො සරාගාය, විසංයොගාය සංවත්තන්ති නො සංයොගාය, අපචයාය සංවත්තන්ති නො ආචයාය, අප්පිච්ඡතාය සංවත්තන්ති නො මහිච්ඡතාය, සන්තුට්ඨියා සංවත්තන්ති නො අසන්තුට්ඨියා, පවිවෙකාය සංවත්තන්ති නො සඞ්ගණිකාය, විරියාරම්භාය සංවත්තන්ති නො කොසජ්ජාය, සුභරතාය සංවත්තන්ති නො දුභරතායාති. එකංසෙන ගොතමී, ධාරෙය්යාසි එසො ධම්මො එසො විනයො එතං සත්ථුසාසනන්ති.
Sinhala BJTගෝතමිය, තෙපි “මේ ධර්‍මයෝ විරාගයට වැටෙති, සරාගයට නො වැටෙති; විසංයෝගයට වැටෙති, සංයෝගයට නො වැටෙති; වට නො වඩනට වැටෙති, වට වඩනට නො වැටෙති, අප්පිච්ඡතාවට වැටෙති, මහිච්ඡතාවට නො වැටෙති; සංතුට්ඨියට වැටෙති, අසංතුට්ඨියට නො වැටෙති; ප්‍රවිවේකයට වැටෙති, සඞ්ගණීකාවට නො වැටෙති; වීර්‍ය්‍යාරම්භයට වැටෙති, කුසීත භාවයට නො වැටෙති; සුභරතාවට වැටෙති, දුහරතාවට නො වැටෙත්’යයි දන්නවු නම්, ගෝතමිය, ඒකාන්තයෙන් තෙල ධර්‍මය වෙයි, තෙල විනය වෙයි, තෙල ශාස්තෘ ශාසනය වේ යයි දරව යි.
Pali BJT8. 2. 6. 4.
Sinhala BJT8. 2. 6. 4.
Pali BJTව්යග්ඝපජ්ජ සුත්තං
Sinhala BJTව්‍යග්ඝපජ්ජ සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා කොලියෙසු විහරති කක්කරපත්තං නාම කොලියානං නිගමො. තත්ර{1} ඛො දීඝජාණු කොලියපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො දීඝජාණු කොලියපුත්තො භගවන්තං එතදවොච:
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කෝලිය ජනපදයෙහි කක්කරපත්ත නම් වූ කෝලියයන්ගේ නියම්ගම්හි වෙසෙන සේක. එකල්හි දීඝජාණු නම් කෝලිය පුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හින. එකත් පසෙක හුන් දීඝජාණු කෝලියපුත්‍ර තෙමේ භගවත්නට තෙල සැල කළේ ය.
Pali BJTමයං භන්තෙ, ගිහී කාමභොගී{2} පුත්තසම්බාධසයනං අජ්ඣාවසාම, කාසිකචන්දනං පච්චනුභොම, මාලාගන්ධවිලෙපනං ධාරයාම, ජාතරූපරජතං සාදියාම. තෙසං නො භන්තෙ, භගවා තථා ධම්මං දෙසෙතු, යෙ අම්හාකං අස්සු ධම්මා දිට්ඨධම්මහිතාය දිට්ඨධම්මසුඛාය සම්පරාය හිතාය සම්පරායසුඛායාති.
Sinhala BJTවහන්ස, ගෘහස්ථ කාමභෝගී වන අපි පුත්‍රදාරයන් විසින් සම්බාධ ඇති සයනයෙහි වසන්නෙමු. කසීසළු හා සඳුන් වළඳ කරම්හ, මල්ගඳවිලෙවුන් දරම්හ, රන් හා රිදී හා ඉවසම්හ; වහන්ස, ඒ අපට යම් දහම් කෙනෙක් අපගේ ඉහාත්මයෙහි හිත පිණිස ඉහාත්මයෙහි සුව පිණිස, පරලොව්හි සැප පිණිස වන්නාහු නම් එලෙසින් දහම් දෙසන සේක් වා.
Pali BJTචත්තාරො මෙ ව්යග්ඝපජ්ජ, ධම්මා කුලපුත්තස්ස දිට්ඨධම්මහිතාය සංවත්තන්ති දිට්ඨධම්මසුඛාය. කතමෙ චත්තාරො: උට්ඨානසම්පදා ආරක්ඛසම්පදා කල්යාණමිත්තතා සමජීවිකතා.{1}
Sinhala BJTව්‍යාඝ්‍රපද්‍යය, මේ සතර දහම් කෙනෙක් කුලපුත්හුගේ ඉහාත්ම භාවයෙහි හිත පිණිස, ඉහාත්මභාවයෙහි සුව පිණිස පවත්නාහ. කවර සතර දෙනෙක යත්: උත්‍ථාන සම්පත් ය, ආරක්‍ෂා සම්පත් ය, කල්‍යාණමිත්‍රතාව ය, සමජීවිකතා ය යනුයි.
Pali BJT1. කතමා ච ව්යග්ඝපජ්ජ, උට්ඨානසම්පදා: ඉධ ව්යග්ඝපජ්ජ කුලපුත්තො යෙන කම්මට්ඨානෙන ජීවිකං කප්පෙති, යදි කසියා යදි වණිජ්ජාය යදි ගොරක්ඛෙන යදි ඉස්සත්ථෙන{2} යදි රාජපොරිසෙන යදි සිප්පඤ්ඤතරෙන. තත්ථ දක්ඛො හොති අනලසො තත්රූපායාය වීමංසාය සමන්නාගතො අලං කාතුං අලං සංවිධාතුං, අයං වුච්චති ව්යග්ඝපජ්ජ, උට්ඨානසම්පදා.
Sinhala BJT1. ව්‍යාඝ්‍රපද්‍යය, උත්‍ථානසම්පත් කවර යත්; ව්‍යාඝ්‍රපද්‍යය, මෙ ලොව්හි කුලපුත් තෙමේ කෘෂිකර්‍මයෙන් වේවායි වණික්කර්‍මයෙන් වේවයි, ගෝරක්‍ෂායෙන් වේවයි, දුනුවාකමින් වේවයි, රාජපුරුෂ භාවයෙන් වේවයි, අන්‍යතර ශිල්පයෙකින් වේවයි, යම්බඳු වූ ම කර්‍මාන්තයෙකින් ජීවිකා කෙරෙයි නම්, එහි අනලස් වූයේ තත්‍රෝපාය වීමංසායෙන් සමන්‍වාගත වූයේ කරන්නට සමත් වූයේ සංවිධානයට සමත් වූයේ දක්‍ෂ වෙයි. ව්‍යාඝ්‍රපද්‍යය, මේ උත්‍ථානසම්පත් යයි කියනු ලැබේ.
Pali BJT2. කතමා ච ව්යග්ඝපජ්ජ, ආරක්ඛසම්පදා: ඉධ ව්යග්ඝපජ්ජ, කුලපුත්තස්ස භොගා හොන්ති උට්ඨානවිරියාධිගතා බාහාබලපරිචිතා සෙදාවක්ඛිත්තා ධම්මිකා ධම්මලද්ධා, තෙ ආරක්ඛෙන ගුත්තියා සම්පාදෙති ‘කින්ති මෙ ඉමෙ භොගෙ නෙව රාජානො හරෙය්යුං න චොරා හරෙය්යුං න අග්ගි ඩහෙය්ය න උදකං වහෙය්ය න අප්පියා දායාදා හරෙය්යුන්ති. අයං වුච්චති ව්යග්ඝපජ්ජ, ආරක්ඛසම්පදා.
Sinhala BJT2. ව්‍යාඝ්‍රපද්‍යය, ආරක්‍ෂාසම්පත් කවර යත්: ව්‍යාඝ්‍රපද්‍යය, මෙ ලොව්හි කුලපුත් හට උත්‍ථානවීර්‍ය්‍යයයෙන් ලබන ලද බාහුබලයෙන් රැස් කරන ලද ඩහදිය හෙළා උපදවන ලද දැහැමි වූ දැහැමින් ලද භෝගයෝ වෙත්. ඔහු ආරක්‍ෂායෙන් ගෝපනයෙන් ‘මාගේ භෝගයන් රජවරු කිමැ හැර නො ගනිත් ද, සොරු පැහැර නො ගනිත් ද, ගින්න නො දවා ද, දිය හෝ ගසාගෙන නො යේ ද, අප්‍රිය බන්‍ධූහු නො ගනිත් දැයි ආරක්‍ෂායෙන් ගෝපනයෙන් පිළියෙළ කර තබයි. ‘ව්‍යාඝ්‍රපද්‍යය, මේ ආරක්‍ෂාසම්පත් යයි කියනු ලැබේ.
Pali BJT3. කතමා ච ව්යග්ඝපජ්ජ, කල්යාණමිත්තතා: ඉධ ව්යග්ඝපජ්ජ, කුලපුත්තො යස්මිං ගාමෙ වා නිගමෙ වා පටිවසති. තත්ථ යෙ තෙ හොන්ති ගහපති වා ගහපතිපුත්තො වා දහරා වා වුද්ධසීලිනො වුද්ධා වා වුද්ධසීලා සද්ධාසම්පන්නා සීලසම්පන්නා චාගසම්පන්නා පඤ්ඤාසම්පන්නා’ තෙහි සද්ධිං සන්තිට්ඨති සල්ලපති සාකච්ඡං සමාපජ්ජති. යථා රූපානං සද්ධාසම්පන්නානං සද්ධාසම්පදං අනුසික්ඛති, යථාරූපානං සීලසම්පන්නානං සීලසම්පදං අනුසික්ඛති යථාරූපානං චාගසම්පන්නානං චාගසම්පදං අනුසික්ඛති, යථාරූපානං පඤ්ඤාසම්පන්නානං පඤ්ඤාසම්පදං අනුසික්ඛති. අයං වුච්චති ව්යග්ඝපජ්ජ, කල්යාණමිත්තතා.
Sinhala BJT3. ව්‍යාඝ්‍රපද්‍යය, කල්‍යාණමිත්‍රතාව කවරයත්: ව්‍යාඝ්‍රපද්‍යය, මෙ ලොව්හි කුලපුත් තෙමේ යම් ගමෙක වේවයි නියම් ගමෙක වේවයි වෙසේ නම් එහි ගෘහපති වේවයි ගෘහපති පුත්‍ර වේවයි ළදරු වූ වෘද්ධ ස්වාභාව ඇත්තාහු වෙත්වයි, වෘද්ධ ස්වභාව ඇති වෘද්ධයෝ වෙත්වයි යම් ඒ ශ්‍රද්ධාසම්පන්න වූවාහු ශීලසම්පන්න වූවාහු ත්‍යාගසම්පන්න වූවාහු ප්‍රඥාසම්පන්න වූවාහු වෙත් නම් ඔවුන් හා සමඟ සිටුනේ ය, සල්ලාප කරන්නේ ය, සාකච්ඡාවට පැමිණෙන්නේ ය, යම් බඳු වූ ශ්‍රද්ධාසම්පන්නයන් ගේ ශ්‍රද්ධාසම්පත් අනුව හික්මෙයි. යම්බඳු ශීලසම්පන්නයන් ගේ ශීලසම්පත් වේ නම් ඒ අනුව හික්මෙයි. යම්බඳු ත්‍යාගසම්පන්නයන් ගේ ත්‍යාගසම්පත් වේ නම් ඒ අනුව හික්මෙයි: යම්බඳු ප්‍රඥාසම්පන්නයන් ගේ ප්‍රඥාසම්පත් වේ නම් ඒ අනුව හික්මෙයි. ව්‍යාඝ්‍රපද්‍යය, මේ කල්‍යාණමිත්‍රතා යි කියනු ලැබේ.
Pali BJT4. කතමා ච ව්යග්ඝපජ්ජ සමජීවිකතා: ඉධ ව්යග්ඝපජ්ජ, කුලපුත්තො ආයඤ්ච භොගානං විදිත්වා වයඤ්ච භොගානං විදිත්වා සමං ජීවිකං කප්පෙති නාච්චොගාළ්හං නාතිහීනං, එවං මෙ ආයො වයං පරියාදාය ඨස්සති, න ච මෙ වයො ආයං පරියාදාය ඨස්සතීති.
Sinhala BJT4. ව්‍යාඝ්‍රපද්‍යය, සමජීවිකතා කවර යත්: ව්‍යාඝ්‍රපද්‍යය, මෙ ලොව්හි කුලපුත්‍ර තෙමේ භෝගයන් ගේ අයදු දැන, භෝගයන් ගේ වැයදු දැන ඉමහත් ද නො වූ ඉතා පහත් ද නො වූ සම දිවිපැවැත්ම කෙරෙයි. මෙ ලෙසින් මාගේ අය ව්‍යය ගෙවා සිටුනේ ය, මාගේ ව්‍යය අය ගෙවා නො සිටුනේ යයි කියා යි.
Pali BJTසෙය්යථාපි ව්යග්ඝපජ්ජ, තුලාධාරො වා තුලාධාරන්තෙවාසී වා තුලං පග්ගහෙත්වා ජානාති එත්තකෙන වා ඔනතං එත්තකෙන වා උන්නතන්ති. එවමෙව ඛො ව්යග්ඝපජ්ජ, කුලපුත්තො ආයඤ්ච භොගානං විදිත්වා වයඤ්ච භොගානං විදිත්වා සමං ජීවිකං කප්පෙති, න ච අච්චොගාළ්හං න අතිහීනං. එවං මෙ ආයො වයං පරියාදාය ඨස්සති, න ච මෙ වයො ආයං පරියාදාය ඨස්සතීති. සචායං ව්යග්ඝපජ්ජ, කුලපුත්තො අප්පායො සමානො උළාරං ජීවිකං කප්පෙති, තස්ස භවන්ති චත්තාරො උදුම්බරඛාදිකං වායං{1} කුලපුත්තො භොගෙ බාදතී’ති.
Sinhala BJTව්‍යාඝ්‍රපද්‍යය, යම් සේ තුලාව දරන්නෙක් වේවයි, තුලා දරන්නකුගේ අතවැසියෙක් වේව යි තුලාව ඔසවා ගෙන මෙ පමණෙකින් අවනත මෙපමණකින් උන්නත වේයයි දන්නේ ද, ව්‍යාඝ්‍රපද්‍යය, එ පරිද්දෙන් ම කුලපුත් තෙමේ භෝගයන් ගේ අයත් දැන භෝගයන්ගේ වැයත් දැන ඉමහත් ද නො වූ ඉතා හීන ද නො වූ සම වූ ජීවිකා කෙරෙයි. මෙ සෙයින් මාගේ අය ව්‍යය ගෙවා සිටුනේ ය, මාගේ ව්‍යයය අය ගෙවා නො සිටුනේ ය කියා යි.
Pali BJTසචෙ පනායං ව්යග්ඝපජ්ජ, කුලපුත්තො මහායො සමානො කසිරං ජීවිකං කප්පෙති, තස්ස භවන්ති චත්තාරො ‘අජද්ධුමාරිකං වායං{2} කුලපුත්තො මරිස්සතීති.
Sinhala BJTව්‍යාඝ්‍රපද්‍යය, ඉදින් මේ කුලපුත් තෙමේ අල්පවූ අය ඇතියේ ම උදාරව ජීවිකා කෙරේ නම්, ඔහට ‘මෙ කුලපුත් දිඹුල් කෑමක් සෙයින් භෝගයන් වළඳන්නේ ය’යි කියන්නාහු වෙත්. ව්‍යාඝ්‍රපද්‍යය, ඉදින් මේ කුලපුත් මහත් වූ අය ඇතියේ ම අල්පව ජීවිකා කරන්නේ නම් ඔහට ‘මෙ කුල පුත් අනාථ මරණයෙන් මැරෙන්නකු සෙයින් මැරෙන්නේ ය’යි කියන්නෝ වෙති.
Pali BJTයතො ච ඛ්වායං ව්යග්ඝපජ්ජ, කුලපුත්තො ආයඤ්ච භොගානං විදිත්වා වයඤ්ච භොගානං විදිත්වා සමං ජීවිකං කප්පෙති න අච්චොගාළ්හං නාතිහීනං, එවං මෙ ආයො වයං පරියාදාය ඨස්සති, න ච මෙ වයො ආයං පරියාදාය ඨස්සතී ති. අයං වුච්චති ව්යග්ඝපජ්ජ, සමජීවිකතා.
Sinhala BJTව්‍යාඝ්‍රපද්‍යය, යම්හෙයකින් කුලපුත්‍ර භෝගයන්ගේ අය ද සලකා භෝගයන්ගේ වැය ද සලකා ඉතා මහත් නොව ඉතා හීන නොව සම ව ජීවිකාව කෙරේ ද, මෙ සෙයින් මාගේ අය විය ම මැඩ ගෙන සිටුනේ ය. මාගේ වැය ආදායම මැඩගෙන නො ද සිටුනේ ය යි. ව්‍යග්ඝපජ්ජය, මේ සමජීවිකතා යී කියනු ලැබේ.
Pali BJTඑවං සමුප්පන්නානං ව්යග්ඝපජ්ජ භොගානං චත්තාරි අපායමුඛානි හොන්ති: ඉත්ථිධුත්තො හොති සුරාධුත්තො අක්ඛධුත්තො පාපමිත්තො පාපසහායො පාපසම්පවඞ්කො. සෙය්යථාපි ව්යග්ඝපජ්ජ, මහතො තළාකස්ස චත්තාරි චෙව ආයමුඛානි. චත්තාරි ච අපායමුඛානි, තස්ස පුරිසො යානි චෙව ආයමුඛානි තානි පිදහෙය්ය, යානි ච අපායමුඛානි තානි විවරෙය්ය, දෙවො ච න සම්මාධාරං අනුප්පවෙච්ඡෙය්ය, එවං හි තස්ස ව්යග්ඝපජ්ජ මහතො තළාකස්ස හානියෙව පාටිකඞ්ඛා. නො වුද්ධි. එවමෙව ඛො ව්යග්ඝපජ්ජ, එවං සමුප්පන්නානං භොගානං චත්තාරි අපායමුඛානි හොන්ති: ඉත්ථිධුත්තො හොති සුරාධුත්තො අක්ඛධුත්තො පාපමිත්තො පාපසහායො පාපසම්පවඞ්කො.
Sinhala BJTව්‍යග්ඝපජ්ජය, මෙසේ උපන් භෝගයනට අපාය මුඛයෝ සතර දෙනෙක් වෙත්: ස්ත්‍රීධූර්‍ත වෙයි, සුරාධූර්‍ත වෙයි, අක්‍ෂධූර්‍ත වෙයි, පවිටු යහළුවන් ඇති පාපසහායයන් ඇති පවිටනට බෙහෙවින් නැඹුරු වූ වෙක් වෙයි. ව්‍යග්ඝපජ්ජය, යම්සේ මහත් තඩාගයකට සතර ආයමුඛ (ආගමාන මාර්‍ග) කෙනෙක් ද සතර අපායමුඛ (විනාශ මාර්‍ග) කෙනෙක් ද වෙත් නම් පුරුෂයෙක් ඒ තඩාගයාගේ යම්බඳු අයමුඛ වෙත් නම් ඔහු වසාලන්නේ වෙයි. යම්බඳු අපායමුඛ කෙනෙක් වෙත් නම් ඔහු විවර කෙරෙයි. මේඝය ද මොනවට වැසී දහර නො වස්වන්නේ වෙයි. ව්‍යග්ඝපජ්ජය, මෙසේ ඇති කල්හි ඒ මහත් තඩාගයට හානියෙක් ම කැමැති විය යුතු, වෘද්ධියෙක් කැමති නො විය යුතු. ව්‍යග්ඝපජ්ජය, එ පරිදි ම මෙසේ උපන් භෝගයනට සතර අවාමුඛ කෙනෙක් වෙත්: ස්ත්‍රීධූර්‍ත වෙයි, සුරාධූර්‍ත වෙයි, අක්‍ෂධූර්‍ත වෙයි පවිටු මිතුරන් ඇතියේ පවිටු යහළුවන් ඇතියේ පවිටු මිතුරනට නැඹුරු වූවෙක් වෙයි.
Pali BJTඑවං සමුප්පන්නානං ව්යග්ඝපජ්ජ, භොගානං චත්තාරි ආයමුඛානි හොන්ති. න ඉත්ථිධුත්තො හොති න සුරාධුත්තො න අක්ඛධුත්තො කල්යාණමිත්තො කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො. සෙය්යථාපි ව්යග්ඝපජ්ජ, මහතො තළාකස්ස චත්තාරි චෙව ආයමුඛානි චත්තාරි චෙව අපායමුඛානි, තස්ස පුරිසො යානි චෙව ආයමුඛානි තානි විවරෙය්ය, යානි ච අපායමුඛානි තානි පිදහෙය්ය, දෙවො ච සම්මා ධාරං අනුප්පවෙච්ඡෙය්ය, එවං හි තස්ස ව්යග්ඝපජ්ජ, මහතො තළාකස්ස වුද්ධියෙව පාටිකඞ්ඛා නො පරිහානි, එවමෙව ඛො ව්යග්ඝපජ්ජ, එවං සමුප්පන්නානං භොගානං චත්තාරි ආයමුඛානි හොන්ති න ඉත්ථිධුත්තො හොති, න සුරාධුත්තො න අක්ඛධුත්තො කල්යාණමිත්තො කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො.
Sinhala BJTව්‍යග්ඝපජ්ජය, මෙසේ උපන් භෝගයනට සතර අයමුව කෙනෙක් වෙත්: ස්ත්‍රීධුර්‍ත නො වෙයි, සුරාධූර්‍ත නො වෙයි, අක්‍ෂධූර්‍ත නො වෙයි, කළණ මිතුරන් ඇති කළණ යහළුවන් ඇති කළණ යහළුවනට නැඹුරු වූවෙක් වෙයි. ව්‍යග්ඝපජ්ජය, යම් පරිදි මහත් වූ තඩාගයකට සතර ආයමුඛ කෙනෙක් ද සතර අපායමුඛ කෙනෙක් ද වෙත් නම් පුරුෂයෙක් ඒ තඩාගයාගේ යම් ආයමුඛයෝ වෙත් නම් ඒ විවර කෙරෙයි. යම් අපායමුඛ කෙනෙක් වෙත් නම් ඒ වසා තබන්නේ වෙයි, මේඝය ද මොනොවට වැසිදහර වස්වන්නේ වෙයි. ව්‍යග්ඝපජ්ජය, මෙසේ ඇති කල්හි ඒ මහාතඩාගයා ගේ වෘද්ධියෙක් ම කැමැති විය යුතු යි, පරිහානියෙක් නො වෙයි. ව්‍යග්ඝපජ්ජය, එපරිදි ම මෙසේ උපන් භෝගයනට සතර අයමුව කෙනෙක් වෙත්: ස්ත්‍රීධූර්‍ත නො වෙයි, සුරාධූර්‍ත නො වෙයි, අක්‍ෂධූර්‍ත නො වෙයි කළණ මිතුරන් ඇති, කළණ යහළුවන් ඇති කළණයනට නැඹුරු වූවෙක් වෙයි.
Pali BJTඉමෙ ඛො ව්යග්ඝපජ්ජ, චත්තාරො ධම්මා කුලපුත්තස්ස දිට්ඨධම්මහිතාය සංවත්තන්ති, දිට්ඨධම්මසුඛායාති.
Sinhala BJTව්‍යග්ඝපජ්ජය, මේ සතර දහම්හු කුලපුත්හුගේ දිටුදැමියෙහි හිත පිණිස දැටුදැමියෙහි සුව පිණිස පවතිත්.
Pali BJTචත්තාරො මෙ ව්යග්ඝපජ්ජ, ධම්මා කුලපුත්තස්ස සම්පරායහිතාය සංවත්තන්ති සම්පරායසුඛාය. කතමෙ චත්තාරො: සද්ධාසම්පදා සීලසම්පදා චාගසම්පදා පඤ්ඤාසම්පදා.
Sinhala BJTව්‍යග්ඝපජ්ජය, මේ සතර ධර්‍ම කෙනෙක් කුලපුත්හුගේ පරලොව්හි හිත පිණිස, පරලොව සුඛ පිණිස පවතිත්, කවර සතරධර්‍ම කෙනෙක් යත්: සද්ධාසම්පදා සීලම්පදා චාගසම්පදා පඤ්ඤාසම්පදා යි.
Pali BJT5. කතමා ච ව්යග්ඝපජ්ජ, සද්ධාසම්පදා: ඉධ ව්යග්ඝපජ්ජ, කුලපුත්තො සද්ධො හොති සද්දහති තථාගතස්ස බොධිං: ඉති’පි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. අයං වුච්චති ව්යග්ඝපජ්ජ සද්ධාසම්පදා.
Sinhala BJT5. ව්‍යග්ඝපජ්ජය, සද්ධාසම්පදා කවර යත්: ව්‍යග්ඝපජ්ජය, මෙ ලොව්හි කුලපුත් සැදැහැතියේ වෙයි. තථාගතයන් ගේ බෝධිය හදහයි: මෙ කරුණෙනුදු ඒ භගවත්හු අර්‍හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගත්හ, ලෝකවිද්හ, අනුත්තර පුරුෂදම්‍යසාරථීහ, දෙවිමිනිස්නට ශාස්තෘහ, බුද්ධයහ, භගවත්හ යි. ව්‍යග්ඝපජ්ජය, මේ සද්ධාසම්පදා යි කියනු ලැබෙයි.
Pali BJT6. කතමා ච ව්යග්ඝපජ්ජ, සීලසම්පදා: ඉධ ව්යග්ඝපජ්ජ කුලපුත්තො පාණාතිපාතා පටිවිරතො හොති අදින්නාදානා පටිවිරතො හොති කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො හොති මුසාවාදා පටිවිරතො හොති සුරාමෙරය මජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති, අයං වුච්චති ව්යග්ඝපජ්ජ සීලසම්පදා.
Sinhala BJT6. ව්‍යග්ඝපජ්ජය, සීලසම්පදා කවර යත්: ව්‍යග්ඝපජ්ජය, මෙ ලොව්හි කුලපුත් පණිවායෙන් වැළකියේ වෙයි, අයිනාදනින් වැළකියේ වෙයි, කාමයෙහි මිසහසරින් වැළකියේ වෙයි, මුසවායෙන් වැළකියේ වෙයි, මද පමා දෙකට කරුණු රහමෙරින් වැළැක්කේ වේ. ව්‍යග්ඝපජ්ජය, මේ සීලසම්පදා යි කියනු ලැබේ.
Pali BJT7. කතමා ච ව්යග්ඝපජ්ජ චාගසම්පදා: ඉධ ව්යග්ඝපජ්ජ, කුලපුත්තො විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති මුත්තචාගො පයතපාණි වොස්සග්ගරතො යාචයොගො දානසංවිභාගරතො, අයං වුච්චති ව්යග්ඝපජ්ජ චාගසම්පදා.
Sinhala BJT7. ව්‍යග්ඝපජ්ජය, චාගසම්පදා කවර යත්: ව්‍යග්ඝපජ්ජය, මෙ ලොව්හි කුලපුත් දුරු කළ මසුරුමල ඇති සිතින් මිදූ ත්‍යාග ඇත්තේ දීමට දෙවු අත් ඇත්තේ ව්‍යවසර්‍ගයෙහි (දානයෙහි) ඇලුණේ යදනට සුදුසු වූයේ දානසංවිභාගයෙහි ඇලුණේ ගිහිගෙයි වෙසෙයි. ව්‍යග්ඝපජ්ජය, මේ ත්‍යාගසම්පදා යි කියනු ලැබෙයි.
Pali BJT8. කතමා ච ව්යග්ඝපජ්ජ පඤ්ඤාසම්පදා: ඉධ ව්යග්ඝපජ්ජ, කුලපුත්තො පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො, අරියාය නිබ්බෙධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා, අයං වුච්චති ව්යග්ඝපජ්ජ පඤ්ඤාසම්පදා.
Sinhala BJT8. ව්‍යග්ඝපජ්ජය, පඤ්ඤාසම්පදා කවර යත්: ව්‍යග්ඝපජ්ජය, මෙ ලොව්හි කුලපුත් උදයව්‍යයව යන නිර්වේදය පිණිස පවත්නා මොනොවට දුක් කෙළවර කිරීම පිණිස පවත්නා ආර්‍ය්‍ය වූ ප්‍රඥාවෙන් සමන්‍වාගත වූයේ පැනවත් වෙයි. ව්‍යග්ඝපජ්ජය, මේ පඤ්ඤාසම්පදා යි කියනු ලැබේ.
Pali BJTඉමෙ ඛො ව්යග්ඝපජ්ජ, චත්තාරො ධම්මා කුලපුත්තස්ස සම්පරායහිතාය සංවත්තන්ති සම්පරායසුඛායාති.
Sinhala BJTව්‍යග්ඝපජ්ජය, මේ සතර දහම්හු කුලපුත්හු ගේ සම්පරාය හිත පිණිස සම්පරාය සුඛ පිණිස පවත්නාහ යි.
Pali BJT1. උට්ඨාතා කම්මධෙය්යෙසු අප්පමත්තො විධානවා, සමං කප්පෙති ජීවිකං{1} සම්භතං අනුරක්ඛති.
Sinhala BJT1. කර්‍මාන්ත කරන තන්හි උත්‍ථානවීර්‍ය්‍ය ඇත්තේ නො පමා වූයේ සංවිධාන ඇත්තේ සමජීවිකා කෙරෙයි, සපයන ලද්ද රක්නේ ය.
Pali BJT2. සද්ධො සීලෙන සම්පන්නො වදඤ්ඤූ වීතමච්ඡරො, නිච්චං මග්ගං විසොධෙති සොත්ථානං සම්පරායිකං
Sinhala BJT2. සැදැහැතියේ සිල්සපන් වූයේ යැදි වදන් දන්නේ පහ වූ මසුරු මල ඇතියේ සුඛ දායක වූ සාම්පරායික මාර්‍ගය නිතර පිරිසිදු කෙරෙයි.
Pali BJT3. ඉච්චෙතෙ අට්ඨ ධම්මා ච සද්ධස්ස ඝරමෙසිනො, අක්ඛාතා සච්චනාමෙන උභයත්ථ සුඛාවහා.
Sinhala BJT3. මෙසේ තෙල අටදහම්හු සැදැහැති ගිහියාගේ දෙලොව සුව එළවත් යයි අවිතථ නම් බුදුන් විසින් පවසන ලදහ.
Pali BJT4. දිට්ඨධම්මහිතත්ථාය සම්පරායසුඛාය ච එවමෙතං ගහට්ඨානං චාගො පුඤ්ඤං පවඩ්ඪතීති.
Sinhala BJT4. දිටුදැමියෙහි හිත පිණිස ද පරලොව්හි සුව පිණිස ද මෙසේ ත්‍යාගය තෙමේ ගෘහස්ථයනට තෙල පින් වඩන්නේ යයි.
Pali BJT8. 2. 6. 5.
Sinhala BJT8. 2. 6. 5.
Pali BJTඋජ්ජය සුත්තං
Sinhala BJTඋජ්ජය සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅථ ඛො උජ්ජයො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි, සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො උජ්ජයො බ්රාහ්මණො භගවන්තං එතදවොච:
Sinhala BJTඑකල්හි උජ්ජය බමුණු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහිකට යුතු කථාව නිමවා එකත්පසෙක හින, එකත්පසෙක හුන් උජ්ජය බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ ය:
Pali BJTමයං භො ගොතම, පවාසං ගන්තුකාමා, තෙසං නො භවං ගොතමො අම්හාකං තථා ධම්මං දෙසෙතු යෙනම්හාකං අස්සු ධම්මා දිට්ඨධම්මහිතාය දිට්ඨධම්මසුඛාය සම්පරායහිතාය සම්පරායසුඛායාති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, අපි ප්‍රවාසයට (පිටත වාසයට) යනු කැමැත්තම්හ. යම් හෙයෙකින් අපට දිටුදැමියෙහි හිත පිණිස දිටුදැමියෙහි සුව පිණිස සම්පරායෙහි හිත පිණිස සම්පරායෙහි සුව පිණිස ධර්‍ම කෙනෙක් වෙත් නම් භාග්‍යවතුන් වහන්සේ එසේ අපට දහම් දෙසන සේක් ව යි.
Pali BJTචත්තාරොමෙ බ්රාහ්මණ, ධම්මා කුලපුත්තස්ස දිට්ඨධම්මහිතාය සංවත්තන්ති දිට්ඨධම්මසුඛාය. කතමෙ චත්තාරො:
Sinhala BJTබමුණ, මේ සතර දහම්හු කුලපුත්හු ගේ දිටුදැමියෙහි හිත පිණිස දිටුදැමියෙහි සුව පිණිස පවත්නාහ. කවර සතර දෙනෙක යත්:
Pali BJTඋට්ඨානසම්පදා ආරක්ඛසම්පදා කල්යාණමිත්තතා සමජීවිකතා:
Sinhala BJTඋට්ඨානසම්පදා ය, ආරක්ඛසම්පදා ය, කල්‍යාණමිත්තතා ය, සමජීවිකතා යි.
Pali BJT1. කතමා ච බ්රාහ්මණ, උට්ඨානසම්පදා: ඉධ බ්රාහ්මණ, කුලපුත්තො යෙන කම්මට්ඨානෙන ජීවිකං කප්පෙති යදි කසියා යදි වණිජ්ජාය යදි ගොරක්ඛෙන යදි ඉස්සත්ථෙන යදි රාජපොරිසෙන යදි සිප්පඤ්ඤතරෙන, තත්ථ දක්ඛො හොති අනලසො තත්රූපායාය වීමංසාය සමන්නාගතො අලං කාතුං අලං සංවිධාතුන්ති. අයං වුච්චති බ්රාහ්මණ, උට්ඨානසම්පදා.
Sinhala BJT1. බමුණ, උට්ඨානසම්පදා කවර: බමුණ, මෙ ලොව්හි කුලපුත් සීසෑමෙන් වේවයි, වෙණදහමින් වේවයි, ගෙරිරැක්මෙන් වේවයි, දුනුවාකැමින් වේවයි රාජසෙවායෙන් වේවයි අන්‍යතර ශිල්පයෙකින් වේවයි යම්බඳු වූ කර්‍මාන්තයෙකින් ජීවිකා කෙරේ නම් එහි අනලස් වූයේ තත්‍රෝපායවිමංසායෙන් සමන්‍වාගත වූයේ දක්‍ෂ වෙයි. කිරීමට සමත් වෙයි. සංවිධානයට සමත් වෙයි. බමුණ, මේ උට්ඨානසම්පදා යි කියනු ලැබේ.
Pali BJT2. කතමා ච බ්රාහ්මණ ආරක්ඛසම්පදා: ඉධ බ්රාහ්මණ, කුලපුත්තස්ස භොගා හොන්ති උට්ඨානවිරියාධිගතා බාහාබලපරිචිතා සෙදාවක්ඛිත්තා ධම්මිකා ධම්මලද්ධා තෙ ආරක්ඛෙන ගුත්තියා සම්පාදෙති, කින්ති මෙ භොගෙ නෙව රාජානො හරෙය්යුං න චොරා හරෙය්යුං න අග්ගි ඩහෙය්ය න උදකං වහෙය්ය න අප්පියා දායාදා හරෙය්යුන්ති. අයං වුච්චති බ්රාහ්මණ ආරක්ඛසම්පදා.
Sinhala BJT2. බමුණ, ආරක්ඛසම්පදා කවර: බමුණ, මෙලොව්හි කුලපුත්හට උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලබනලද බාහුබලයෙන් රැස්කරන ලද ඩහදිය වැගිරවීමෙන් උපයන ලද දැහැමි වූ දැහැමින් ලද භෝගයෝ වෙත්. ඒ භොග ආරක්‍ෂායෙන් ගෝපනයෙන් පිළියෙළ කොට තබයි. කිමෙක, මාගේ භොග රජහු හැර නො ගනිත් නම්, සොරු පැහැර නො ගනිත් නම් ගිනි නො දවා නම්, වතුරු ගසාගෙන නො යේ නම්, අප්‍රිය බන්‍ධුහු පැහැර නොගනිත් නම් යෙහෙක කියායි. බමුණ, මේ ආරක්ඛසම්පදා යි කියනු ලැබේ.
Pali BJT3. කතමා ච බ්රාහ්මණ, කල්යාණමිත්තතා: ඉධ බ්රාහ්මණ, කුලපුත්තො යස්මිං ගාමෙ වා නිගමෙ වා පටිවසති. තත්ර යෙ තෙ හොන්ති ගහපති වා ගහපතිපුත්තා වා දහරා වා වුද්ධසීලිනො වුද්ධා වා වුද්ධසීලිනො සද්ධාසම්පන්නා සීලසම්පන්නා චාගසම්පන්නා පඤ්ඤාසම්පන්නා, තෙහි සද්ධිං සන්තිට්ඨති සල්ලපති සාකච්ඡං සමාපජ්ජති, යථාරූපානං සද්ධාසම්පන්නානං සද්ධාසම්පදං අනුසික්ඛති, යථාරූපානං සීලසම්පන්නානං සීලසම්පදං අනුසික්ඛති යථාරූපානං චාගසම්පන්නානං චාගසම්පදං අනුසික්ඛති. යථාරූපානං පඤ්ඤාසම්පන්නානං පඤ්ඤාසම්පදං අනුසික්ඛති. අයං වුච්චති බ්රාහ්මණ, කල්යාණමිත්තතා.
Sinhala BJT3. බමුණ කල්‍යාණමිත්තතා නම් කවර: බමුණ මෙ ලොව්හි කුලපුත් යම් ගමෙක වේවයි නියම්ගමෙක වේවයි වෙසේ නම් එහි ගැහැවි හෝ ගැහැවිපුත්හු හෝ වෘද්ධශීලී දහරයෝ හෝ වෘද්ධශීලී වෘද්ධයෝ හෝ ශ්‍රද්ධා සම්පන්න වූවාහු සීලසම්පන්න වූවාහු ත්‍යාගසම්පන්න වූවාහු ප්‍රඥාසම්පන්න වූවාහු යම් ඒ කෙනෙක් වෙත් නම් ඔවුන් හා සමග සිටුනේ ය. සල්ලාප කරන්නේ ය. සාකච්ඡාවට එළඹෙන්නේ ය. යම් බඳු සැදැහැතියන්ගේ ශ්‍රද්ධාසම්පත් අනුව හික්මේ නම්, යම්බඳු ශීලසම්පන්නයන්ගේ ශීලසම්පත් අනුව හික්මේ නම්, යම්බඳු ත්‍යාගසම්පන්නයන්ගේ ත්‍යාගසම්පත් අනුව හික්මේ නම්, යම්බඳු ප්‍රඥාසම්පන්නයන්ගේ ප්‍රඥාසම්පත් අනුව හික්මේ නම් බමුණ මේ කල්‍යාණ මිත්තතා යි කියනු ලැබෙයි.
Pali BJT4. කතමා ච බ්රාහ්මණ සමජීවිකතා: ඉධ බ්රාහ්මණ, කුලපුත්තො ආයං ච භොගානං විදිත්වා වයං ච භොගානං විදිත්වා සමං ජීවිකං කප්පෙති නාච්චොගාළ්හං නාතිහීනං ‘එවං මෙ ආයො වයං පරියාදාය ඨස්සති, න ච මෙ වයො ආයං පරියාදාය ඨස්සතී’ති.
Sinhala BJT4. බමුණ, සමජීවිකතා කවර: බමුණ, මෙ ලොව්හි කුලපුත් භෝගයන්ගේ අය ද දැන භෝගයන්ගේ වැය ද දැන ඉතා දැඩි ද නො වූ ඉතා හීන ද නො වූ සම වූ ජීවිකා කෙරෙයි, මෙසේ මාගේ අය තෙමේ වැය මැඩගෙන සිටුනේ ය. මාගේ වැය තෙමේ අය මැඩගෙන නො සිටුනේ ය කියා යි.
Pali BJTසෙය්යථාපි බ්රාහ්මණ, තුලාධාරො වා තුලාධාරන්තෙවාසී වා තුලං පග්ගහෙත්වා ජානාති එත්තකෙන වා ඔත්තං එත්තකෙන වා උන්නතන්ති. එවමෙව ඛො බ්රාහ්මණ කුලපුත්තො ආයඤ්ච භොගානං විදිත්වා වයං ච භොගානං විදිත්වා සමං ජීවිකං කප්පෙති, නාච්චොගාළ්හං නාතිහීනං, එවං මෙ ආයො වයං පරියාදාය ඨස්සති, න ච මෙ වයො ආයං පරියාදාය ඨස්සතීති.
Sinhala BJTබමුණ, යම් පරිදි තුලා දරන්නෙක් වේවයි තුලා දරන්නකුගේ අතැවැස්සෙක් වේවයි තුලාව ගෙන මෙතෙකින් අවනතය මෙතෙකින් උන්නතය යි දන්නේ ද, බමුණ, එපරිදි ම කුලපුත් භෝගයන්ගේ අය ද දැන භෝගයන්ගේ වැය ද දැන ඉතා දැඩිත් නො වූ ඉතා හීනත් නො වූ සම වූ ජීවිකාව කෙරෙයි. මෙසේ මාගේ අය තෙමේ වැය මැඩ ගෙන සිටුනේ ය. මාගේ වැය තෙමේ අය මැඩ ගෙන නො සිටුනේ ය කියායි.
Pali BJTසචායං බ්රාහ්මණ, කුලපුත්තො අප්පායො සමානො උළාරං ජීවිකං කප්පෙති, තස්ස භවන්ති චත්තාරො ‘උදුම්බරඛාදිකං වායං කුලපුත්තො භොගෙ බාදතී’ති.
Sinhala BJTබමුණ, ඉදින් මේ කුලපුත් අල්ප වූ අය ඇතිසේ ම උළාරව ජීවිකා කෙරේ නම් ‘ඔහට මෙ කුලපුත් දිඹුල් කනු සෙයින් භෝගයන් කා දමන්නේ ය’යි කියන්නාහු වෙත්.
Pali BJTසචෙ පනායං බ්රාහ්මණ, කුලපුත්තො මහායො සමානො කසිරං ජීවිකං කප්පෙති, තස්ස භවන්ති චත්තාරො ‘අජද්ධුමාරිකං චායං කුලපුත්තො මරිස්සතී’ති.
Sinhala BJTබමුණ, ඉදින් මේ කුලපුත් මහත් අය ඇතියේ ම හීන ව ජීවිකා කෙර් නම් ඔහට ‘මේ කුලපුත් අනාථමරණයෙන් මැරෙන්නේ ය’යි කියන්නාහු වෙත්.
Pali BJTයතො ච ඛො අයං බ්රාහ්මණ, කුලපුත්තො ආයඤ්ච භොගානං විදිත්වා වයඤ්ච භොගානං විදිත්වා සමං ජීවිකං කප්පෙති නාච්චොගාළ්හං නාතිහීනං එවං මෙ ආයො වයං පරියාදාය ඨස්සති, න ච මෙ වයො ආයං පරියාදාය ඨස්සතී ති, අයං වුච්චති බ්රාහ්මණ සමජීවිකතා.
Sinhala BJTබමුණ, යම් හෙයෙකින් මේ කුලපුත් භෝගයන් ගේ අය ද දැන භෝගයන්ගේ වැය ද දැන ඉතා දැඩි නො වූ ඉතා හීන නො වූ සමජීවිකා කෙරේ ද, මෙසේ ඇති කල්හි මාගේ අය වැය මැඩ ගෙන සිටුනේ ය. මාගේ වැය අය මැඩ ගෙන නො සිටුනේ ය’යි බමුණ, මේ සමජීවිකතා යි කියනු ලැබේ.
Pali BJTඑවං සමුප්පන්නානං බ්රාහ්මණ, භොගානං චත්තාරි අපායමුඛානි හොන්ති: ඉත්ථිධුත්තො හොති සුරාධුත්තො අක්ඛධුත්තො පාපමිත්තො පාපසහායො පාපසම්පවඞ්කො.
Sinhala BJTබමුණ, මෙසේ උපන් භෝගයන්ගේ සතර අවාමුව කෙනෙක් වෙත්: ස්ත්‍රීධූර්‍ත වෙයි, සුරාධූර්‍ත වෙයි, අක්‍ෂධූර්‍ත වෙයි. පාපමිත්‍රයන් ඇති පවිටු යහළුවන් ඇති පවිටනට නැඹුරු වූවෙක් වෙයි.