Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 11901-12000 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT4. එතස්මිං යං විජ්ජති අන්තරෙ ධනං මුත්තා මණි වෙළුරියඤ්ච භද්දකං සිඞ්ගීසුවණ්ණං අථවාපි කඤ්චනං යං ජාතරූපං හටකන්ති වුච්චති. අට්ඨඞ්ගුපෙතස්ස උපොසථස්ස කලම්පි තෙ නානුභවන්ති සොළසිං චන්දප්පභා තාරගණා ච සබ්බෙ.
Sinhala BJT4. තෙල අන්තරයෙහි උතුම් මුතු මිණි වෙරළුමිණි ය සිඟුරන් ය, වැලිත් කසුන් ය, යම් රනෙක් හටක යයි කියනු ලැබේ නම් එය ද යන යම් ධනයෙක් ඇත් ද, ඒ ධනයෝ අටඟින් යුත් පෙහෙවසට සොළොස්වන කලාවට ද නො පැමිණෙත්, හැම සඳපහන් හා උළු කැන්හු ද එබඳු වෙත්.
Pali BJT5. තස්මාහි නාරී ච නරො ච සීලවා අට්ඨඞ්ගුපෙතං උපවස්සුපොසථං පුඤ්ඤානි කත්වාන සුඛුද්රයානි අනින්දිතා සග්ගමුපෙන්ති ඨානන්ති.
Sinhala BJT5. එහෙයින් සිල්වත් නර නාරීහු ද අෂ්ටාඞ්ග සමන්‍වාගත පෞෂ්ථය වැස සුව උදාකරන පින් කොට විඥප්‍රශස්ත වූවාහු ස්වර්‍ගස්ථානයට ද එළඹෙත්.
Pali BJT8. 1. 5. 6.
Sinhala BJT8. 1. 5. 6.
Pali BJTඅනුරුද්ධමනාපකායික සුත්තං
Sinhala BJTඅනුරුද්ධමනාපකායික සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා අනුරුද්ධො දිවාවිහාරගතො හොති පතිසල්ලීනො. අථ ඛො සම්බහුලා මනාපකායිකා දෙවතා යෙන ආයස්මා අනුරුද්ධො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මන්තං අනුරුද්ධං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො තා දෙවතා ආයස්මන්තං අනුරුද්ධං එතදවොචුං:
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝසිතාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ දිවාවිහාරයට ගියාහු විවේකී ව වෙසෙති. එකල්හි බොහෝ මනාපකායික දේවතාවෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වෙත එළැඹියහ. එළැඹ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වැඳ එකත්පසෙක සිටියහ. එකත් පසෙක සිටි ඒ දේවතාවෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ට තෙල කරුණ සැළ කළහ:
Pali BJTමයං භන්තෙ අනුරුද්ධ, මනාපකායිකා නාම දෙවතා තීසු ඨානෙසු ඉස්සරියං කාරෙම. වසං වත්තෙම. මයං භන්තෙ අනුරුද්ධ, යාදිසකං වණ්ණං ආකඞ්ඛාම තාදිසකං වණ්ණං ඨානසො පටිලභාම. යාදිසකං සුඛං ආක්ඛඞ්ඛාම තාදිසකං සුඛං ඨානසො පටිලභාම. යාදිසකං සරං ආකඞ්ඛාම තාදිසකං සරං ඨානසො පටිලභාම. මයං භන්තෙ අනුරුද්ධ, මනාපකායිකා නාම දෙවතා ඉමෙසු තීසු ඨානෙසු ඉස්සරියං කාරෙම වසං වත්තෙමාති.
Sinhala BJTවහන්ස, අනුරුද්ධයෙනි, මනාපකායික දේවතා නම් අපි තුන් තැනෙක ඉසුරු කරමු, වශය පවත්වමු. වහන්ස, අනුරුද්ධයෙනි, අපි යම්බඳු වර්‍ණයක් කැමැත්තමෝ නම් එබඳු වර්‍ණය සැණෙකින් ලබන්නෙමු. යම්බඳු ස්වරයක් කැමැත්තමෝ නම් එබඳු ස්වරය සැණෙකින් ම ලබන්නෙමු. යම්බඳු සුඛයක් කැමැත්තමෝ නම් එබඳු සුඛය සැණෙකින් ම ලබන්නෙමු. වහන්ස, අනුරුද්ධයෙනි, මනාපකායික දේවතා නම් වූ අපි මේ තුන් කරුණෙහි ඉසුරු කරන්නෙමු, වශය පවත්වන්නෙමු.
Pali BJTඅථ ඛො ආයස්මතො අනුරුද්ධස්ස එතදහොසි: අහො වතිමා දෙවතා සබ්බාව නීලා අස්සු නීලවණ්ණා නීලවත්ථා නීලාලඞ්කාරාති. අථ ඛො තා දෙවතා ආයස්මතො අනුරුද්ධස්ස චිත්තමඤ්ඤාය සබ්බා නීලා අහෙසුං නීලවණ්ණා නීලවත්ථා නීලාලඞ්කාරා. අථ ඛො ආයස්මතො අනුරුද්ධස්ස එතදහොසි: අහො වතිමා සබ්බාව පීතා අස්සු -පෙ- සබ්බාව ලොහිතකා අස්සු -පෙ- සබ්බාව ඔදාතා අස්සු ඔදාතවණ්ණා ඔදාතවත්ථා ඔදාතාලඞ්කාරාති. අථ ඛො තා දෙවතා ආයස්මතො අනුරුද්ධස්ස චිත්තමඤ්ඤාය සබ්බාව ඔදාතා අහෙසුං ඔදාතවණ්ණා ඔදාතවත්ථා ඔදාතාලඞ්කාරා.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්හට මේ සිත වී ය: “ඒකාන්තයෙන් මේ දේවතාවෝ හැම නිල් වූවාහු නිල් පැහැ ඇතියාහු නීලවස්ත්‍ර ඇතියාහු නීලාලඞ්කාර ඇතියාහු වෙත් නම් ඉතා යෙහෙක කියායි. එකල්හි ඒ දේවතාවෝ අනුරුද්ධ තෙරුන්ගේ සිත දැන හැම නිල් වූවාහු නිල්වන් වූවාහු නිල්වත් ඇත්තාහු නීලාලඞ්කාර ඇත්තාහු වුහ. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්හට තෙල සිත විය: ‘ඒකාන්තයෙන් මේ දේවතාවෝ හැම රන් පැහැ වූවාහු වෙත් නම් ... හැම රතු පැහැ වූවාහු වෙත් නම් ... සුදු වූවාහු සුදුවන් වූවාහු සුදු වස්ත්‍ර ඇතියාහු සුදු අලඞ්කාර ඇතියාහු වෙත් නම් යෙහෙක’ කියායි. එකල්හි ඒ දේවතාවෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ගේ සිත දැන හැම අවදාත වූවාහු අවදාතවර්‍ණ වූවාහු අවදාත වස්ත්‍ර ඇත්තාහු අවදාතාලඞ්කාර ඇත්තාහු වූහ.
Pali BJTඅථ ඛො තා දෙවතා එකා ච{1} ගායි, එකා ච නච්චි, එකා ච අච්ඡරිකං වාදෙසි{2} සෙය්යථාපි නාම පඤ්චඞ්ගිකස්ස තුරියස්ස{3} සුවිනීතස්ස සුප්පටිපතාළිතස්ස කුසලෙහි සුසමන්නාගතස්ස සද්දො හොති වග්ගු ච රජනීයො ච කමනීයො ච පෙමනීයො ච මදනීයො ච, එවමෙව තාසං දෙවතානං අලඞ්කාරානං සද්දො හොති වග්ගු ච රජනීයො ච කමනීයො ච පෙමනීයො ච මදනීයො ච. අථ ඛො ආයස්මා අනුරුද්ධො ඉන්ද්රියානි ඔක්ඛිපි.
Sinhala BJTඉක්බිති ඒ දේවතාවන් අතුරෙහි එක් දේවතාවක් ගැයූ ය, එක්දේවතාවක් නැටූ ය, එක් දේවතාවක් හස්තතාලයට වන යම්සේ මැනැවින් සකසන ලද, ස්වරසාම්‍ය සඳහා පූර්‍වවාදන කරනලද, සමතුන් විසින් මොනොවට වයනලද පසඟතුරුහුගේ හඬ සොඳුරුත් වේ ද, සිත් රඳවන්නකුත් වේ ද, කමනීයත් වේ ද, ප්‍රේමණීයත් වේ ද, මදනීයත් වේ ද, එසෙයින් ඒ අලඞ්කාරවත් දෙවියන්ගේ ශබ්දය වල්ගු ද වෙයි, රජනීය ද වෙයි, කමනීය ද වෙයි, ප්‍රේමණීය ද වෙයි, මදනීයද වේ, එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ඉඳුරන් (ඇස්) යටිහුරු කළහ.
Pali BJTඅථ ඛො තා දෙවතා න ඛො අය්යො අනුරුද්ධො සාදීයතීති තත්ථෙවන්තරධායිංසු.
Sinhala BJTඉක්බිති ඒ දේවතාවෝ ආර්‍ය්‍ය අනුරුද්ධයන් වහන්සේ නො ඉවසන්නාහ යි එහි ම අතුරුදහන් වූහ.
Pali BJTඅථ ඛො ආයස්මා අනුරුද්ධො සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා අනුරුද්ධො භගවන්තං එතදවොච:
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ සවස්වරුයෙහි පිළිසලනින් නැඟී සිට භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියාහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළාහ.
Pali BJTඉධාහං භන්තෙ, දිවාවිහාරගතො හොමි පතිසල්ලීනො. අථ ඛො භන්තෙ, සම්බහුලා මනාපකායිකා දෙවතා යෙනාහං තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු, එකමන්තං ඨිතා ඛො භන්තෙ, තා දෙවතා මං එතදවොචුං:
Sinhala BJTවහන්ස, මම දිවා විහරණයට ගියෙම් පිළිසලනෙහි යෙදුනෙම් වෙමි, වහන්ස, එකල්හි බොහෝ මනාපකායිකදේවතාවෝ මා වෙත එළැඹියාහ. එළැඹ මා වැඳ එකත් පසෙක සිටියහ. වහන්ස, එකත්පසෙක සිටි ඒ දේවතාවෝ මට තෙල කීහ:
Pali BJTමයං භන්තෙ අනුරුද්ධ, මනාපකායිකා නාම දෙවතා, තීසු ඨානෙසු ඉස්සරියං කාරෙම, වසං වත්තෙම, මයං භන්තෙ අනුරුද්ධ යාදිසකං වණ්ණං ආකඞ්ඛාම, තාදිසකං වණ්ණං ඨානසො පටිලභාම, යාදිසකං සරං ආකඞ්ඛාම, තාදිසකං සරං ඨානසො පටිලභාම, යාදිසකං සරං ආකඞ්ඛාම, තාදිසකං සරං ඨානසො පටිලභාම, යාදිසකං සුඛං ආකඞ්ඛාම, තාදිසකං සුඛං ඨානසො පටිලභාම, මයං භන්තෙ අනුරුද්ධ, මනාපකායිකා නාම දෙවතා ඉමෙසු තීසු ඨානෙසු ඉස්සරියං කාරෙම, වසං වත්තෙමාති.
Sinhala BJTවහන්ස, අනුරුද්ධයෙනි, මනාපකායිකදේවතා වන අපි තුන් තැනෙක ඉසුරු කරමු, වසය පවත්වමු, වහන්ස, අනුරුද්ධයෙනි, අපි යම්බඳු පැහැයක් කැමැත්තමෝ නම් එබඳු පැහැ සැණෙකින් ම ලබමු, යම්බඳු ස්වරයක් කැමැත්තමෝ නම් එබඳු ස්වර සැණෙකින් ලබමු, යම් බඳු සුවයක් කැමැත්තමෝ නම් එබඳු සුව සැණෙකින් ම ලබමු, වහන්ස, අනුරුද්ධයෙනි, මනාපකායිකාදේවතා වන අපි මේ තුන්තන්හි ඉසුරු කරමු. වසය පවත්වමු යි.
Pali BJTතස්ස මය්හං භන්තෙ එතදහොසි: අහො වතිමා දෙවතා සබ්බාව නීලා අස්සු නීලවණ්ණා නීලවත්ථා නීලාලඞ්කාරාති. අථ ඛො භන්තෙ තා දෙවතා මම චිත්තමඤ්ඤාය සබ්බාව නීලා අහෙසුං නීලවණ්ණා නීලවත්ථා නීලාලඞ්කාරා. තස්ස මයිහං භන්තෙ එතදහොසි: අහො වතිමා දෙවතා සබ්බාව පීතා අස්සු -පෙ- සබ්බාව ලොහිතකා අස්සු -පෙ- සබ්බාව ඔදාතා අස්සු ඔදාතවණ්ණා ඔදාතවත්ථා ඔදාතාලඞ්කාරාති. අථ ඛො භන්තෙ තා දෙවතා මම චිත්තමඤ්ඤාය සබ්බාව ඔදාතා අහෙසුං ඔදාතවණ්ණා ඔදාතවත්ථා ඔදාතාලඞ්කාරා.
Sinhala BJTවහන්ස, මට තෙල සිත්වී; ආශ්චර්‍ය්‍යයෙක, මේ දෙවියෝ හැම නිල් වූවාහු නිල්වන් ඇතියාහු නීලාලඞ්කාර ඇතියාහු වෙත් නම් මැනැව කියා යි. වහන්ස, එකල්හි ඒ දේවතාවෝ මා සිත දැන හැම නිල් වූහ, හැම නිල්වන් වූහ, හැම නිල්වත් ඇති වූහ, හැම නීලාලඞ්කාර ඇති වූහ. වහන්ස, මට තෙල සිත් වී: මේ දේවතාවෝ හැම රන්වන් වෙත් නම් යෙහෙක ... හැම ලෙහෙවන් වෙත් නම් යෙහෙක ... හැම අවදාත වූවාහු අවදාතවර්‍ණ ඇත්තාහු අවදාත වස්ත්‍ර ඇත්තාහු අවදාතාලඞ්කාර ඇත්තාහු වෙත් නම් යෙහෙක කියා යි. වහන්ස, එකල්හි ඒ දේවතාවෝ හැම අවදාත වූහ, අවදාතවර්‍ණ වූහ, අවදාත වස්ත්‍ර ඇති වූහ, අවදතාලඞ්කාර ඇති වූහු.
Pali BJTඅථ ඛො භන්තෙ තා දෙවතා එකා ච ගායි, එකා ච නච්චි, එකා ච අච්ඡරිකං වාදෙසි{1}. සෙය්යථාපි නාම පඤ්චඞ්ගිකස්ස තුරියස්ස සුවිනීතස්ස සුප්පටිපතාළිතස්ස කුසලෙහි සුසමන්නාගතස්ස සද්දො හොති වග්ගු ච රජනීයො ච කමනීයො ච පෙමනීයො ච මදනීයො ච, එවමෙව තාසං දෙවතානං අලඞ්කාරානං සද්දො හොති වග්ගු ච රජනීයො ච කමනීයො ච පෙමනීයො ච මදනීයො ච අථඛ්වාහං භන්තෙ. ඉන්ද්රියානි ඔක්ඛිපිං. අථ ඛො භන්තෙ තා දෙවතා න ඛො අය්යො අනුරුද්ධො සාදියතීති තත්ථෙවන්තරධායිංසු,
Sinhala BJTවහන්ස, ඉක්බිති ඒ දේවතාවෝ එකක් ගැයූ, එකක් නැටූ, එකක් හස්තතාල වැයූ, යම්සේ මැනැවින් සකසනලද, ස්වරසාම්‍ය සඳහා පූර්‍වාදන කරනලද, සමතුන් විසින් මොනොවට වයනලද පසඟතුරුහුගේ හඬ වල්ගුවේ ද, රජනීය වේද, කමනීය වේද, ප්‍රේමණීය වේද, මදනීය වේද, එපරිද්දෙන් ඒ අලඞ්කාරවත් දෙවියන්ගේ හඬ වල්ගු වෙයි, රජනීය ද වෙයි, කමනීය ද වෙයි, ප්‍රේමණීය ද වෙයි, මදනීය ද වෙයි. වහන්ස, එකල්හි මම් ඉඳුරන් (දෙඇස්) යටිහුරු කළෙමි. වහන්ස, ඉක්බිති ඒ දේවතාවෝ ආර්‍ය්‍ය අනුරුද්ධයන් වහන්සේ නො ඉවසන්නාහයි එහි ම අතුරුදහන් වූහ.
Pali BJTකති හි නු ඛො භන්තෙ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා මනාපකායිකානං දෙවානං සහව්යතං උපපජ්ජතීති.
Sinhala BJTවහන්ස, කෙතෙක් ධර්‍මයන්ගෙන් සමන්‍වාගත වූ මාගම කාබුන් මරණින් මතු මනාපකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ ද?
Pali BJTඅට්ඨහි ඛො අනුරුද්ධ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා මනාපකායිකානං දෙවානං සහව්යතං උපපජ්ජති. කතමෙහි අට්ඨහි:
Sinhala BJTඅනුරුද්ධය, ධර්‍ම අටෙකින් සමන්‍වාගත මාගම කාබුන් මරණින් මතු මනාපකායික දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. කවර අටෙකින යත්:
Pali BJT1. ඉධ අනුරුද්ධ, මාතුගාමො යස්ස මාතාපිතරො භත්තුනො දෙන්ති, අත්ථකාමා හිතෙසිනො අනුකම්පකා අනුකම්පං උපාදාය, තස්ස හොති පුබ්බුට්ඨායිනී පච්ඡානිපාතිනී කිඞ්කාරපටිස්සාවිනී මනාපචාරිනී පියවාදිනී.
Sinhala BJT1. අනුරුද්ධය, මෙලොව්හි මාගම අර්‍ත්‍ථකාම වූ හිතෛෂී වූ අනුකම්පා ඇති මවුපියෝ අනුකම්පාව නිසා යම් හිමියකුට දෙත් නම් ඔහට පළමු නැඟී සිටින්නී පසුව හොවින්නී කුම් කෙරෙම් දැයි පිළිවිස කරන්නී මනාප හැසිරීම් ඇත්තී ප්‍රියවචන ඇත්තී වෙයි.
Pali BJT2. යෙ තෙ භත්තුගරුනො හොන්ති, මාතාති වා පිතාති වා සමණබ්රාහ්මණාති වා තෙ සක්කරොති ගරුකරොති මානෙති පූජෙති අබ්භාගතෙ ච ආසනොදකෙන පටිපූජෙති.
Sinhala BJT2. මව වේවයි, පියා වේවයි, මහණබමුණු වෙත්වයි, හිමිහුගේ යම් ඒ ගුරුහු වෙත් නම් ඔවුන් සගනි, ගුරු කෙරෙයි, බුහුමන් කෙරෙයි, පුදයි, වෙත එළැඹියවුන් අස්නෙන් සහ පැනින් පුදයි.
Pali BJT3. යෙ තෙ භත්තු අබ්භන්තරකම්මන්තා උණ්ණාති වා කප්පාසාති වා තත්ථ දක්ඛා හොති අනලසා තත්රූපායාය වීමංසාය සමන්නාගතා අලඞ්කාතුං අලං සංවිධාතුං.
Sinhala BJT3. හිමිහුගේ එළුලොම් වේවයි, කපු වේවයි, යම් ඒ අභ්‍යන්තර කර්‍මාන්ත කෙනෙක් වෙත් නම් එහි දක්‍ෂ වූවා අනලස් වූවා, තත්‍රෝපාය වීමංසායෙන් (ඒ ඒ කරුණ පිළිබඳ උපායඥානයෙන්) සමන්‍විත වූවා කටයුතු කිරීමෙහි සංවිධානය කිරීමෙහි සමත් වෙයි.
Pali BJT4. යො සො භත්තු අබ්භන්තරො අන්තො ජනො දාසාති වා පෙස්සාති වා කම්මකරාති වා තෙසං කතඤ්ච කතතො ජානාති, අකතඤ්ච අකතතො ජානාති, ගිලානකානඤ්ච බලාබලං ජානාති, ඛාදනීයං භොජනීයඤ්චස්ස පච්චංසෙන{1} සංවිභජති.
Sinhala BJT4. හිමිහුගේ දස්හු වෙත්වයි මෙහෙකරුවෝ වෙත්වයි කම්කරුවෝ වෙත්වයි යම් ඒ අභ්‍යන්තර වූ ඇතුළත් ජනයෝ වෙත් නම් ඔවුන් කළ දෑ කළ විසිනුත් දනියි, නො කළ දැ නො කළ විසිනුත් දනියි, ගිලනුන්ගේත් බලාබල දනියි, ඔහු කෑයුතු දෑත් බුදිය යුතු දෑත් කොටස් විසින් සංවිභාග කෙරෙයි.
Pali BJT5. යං භත්තු ආහරති ධනං වා ධඤ්ඤං වා ජාතරූපං වා තං ආරක්ඛෙන ගුත්තියා සම්පාදෙති තත්ථ ච හොති අධුත්තී අථෙනී අසොණ්ඩී අවිනාසිකා.
Sinhala BJT5. භර්‍තෘ තෙමේ ධන වේවයි ධ්‍යාන වේවයි රන් වේවයි යමකුත් ගෙනෙයි නම් එය ආරක්‍ෂායෙන් ගෝපනයෙන් සපයා තබයි. එහිදු ධූර්‍ත නො වූවා සොර නො වූවා ලොල් නො වූවා නො නසන්නී වෙයි.
Pali BJT6. උපාසිකා ඛො පන හොති බුද්ධං සරණං ගතා, ධම්මං සරණං ගතා, සඞ්ඝං සරණං ගතා.
Sinhala BJT6. බුදුන් සරණ ගිය දහම් සරණ ගිය සඟුන් සරණ ගිය උවැසි වෙයි.
Pali BJT7. සීලවතී ඛො පන හොති පාණාතිපාතා පටිවිරතා, අදින්නාදානා පටිවිරතා කාමෙසු මිච්ඡාචාරා පටිවිරතා මුසාවාදා පටිවිරතා සුරාමෙරය මජ්ජපමාදට්ඨානා පටිවිරතා.
Sinhala BJT7. පණිවායෙන් වැළකි, අයිනාදනින් වැළකි, කාමයෙහි මිසහසරින් වැළැකි, මුසවායෙන් වැළකි මද පමා දෙකට කරුණු රහමෙරින් වැළකි සිල් ඇති වෙයි.
Pali BJT8. චාගවතී ඛො පන හොති විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති මුත්තචාගා පයතපාණී වොස්සග්ගරතා යාචයොගා දානසංවිභාගරතා. ඉමෙහි ඛො අනුරුද්ධ, අට්ඨහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා මනාපකායිකානං දෙවානං සහව්යතං උපපජ්ජති.
Sinhala BJT8. ත්‍යාගවත් වෙයි, පහ වූ මසුරු මල ඇති සිතින් මිදූ ත්‍යාග ඇත්තී දෙවූ අත් ඇත්තී දීමෙහි ඇලුනී යදිනට යෝග්‍ය වූවා දානසංවිභාගයෙහි ඇලුනී ගෙහි වෙසෙයි. අනුරුද්ධය, මේ දහම් අටින් සමන්‍වාගත මාගම කාබුන් මරණින් මතු මනාපකායික දෙවියන්ගේ සහභාවයට යන්නී යි.
Pali BJT1. යො නං භරති සබ්බදා නිච්චං ආතාපී උස්සුකො, තං සබ්බකාමදං{2} පොසං භත්තාරං නාතිමඤ්ඤති.
Sinhala BJT1. යම් පුරුෂයෙක් හැම කල්හි සාතත්‍යකාරී වශයෙන් වැර ඇතියේ උත්සුක වූයේ ඒ මාගම පුස්නේ වේ ද, ගෙහඹු කැමැති හැම දෑ දෙන පුස්නා එ හිමිහු හෙළා නො දක්නී ය.
Pali BJT2. න චාපි සොත්ථි භත්තාරං ඉස්සාවාදෙන රොසයෙ, භත්තු ච ගරුනො සබ්බෙ පතිපූජෙති පණ්ඩිතා.
Sinhala BJT2. පණ්ඩිත වූ සුන්‍දරස්ත්‍රී තොමෝ හිමියා ඊර්‍ෂ්‍යාවාදයෙන් රොෂ නො කෙරෙයි. හිමියාගේ ගුරු තන්හි සිටි හැම පුදයි.
Pali BJT3. උට්ඨායිකා{3} අනලසා සඞ්ගහීතපරිජ්ජනා, භත්තු මනාපං චරති සම්භතං අනුරක්ඛති.
Sinhala BJT3. උත්‍ථානවීර්‍ය්‍ය ඇත්තී අලස නො වූවා සඞ්ග්‍රහ කරන ලද පිරිවර ජනයා ඇත්තී හිමියාට මන වඩන නියායෙන් හැසිරෙයි. ඉපයූ ධනය රකියි.
Pali BJT4. යා එවං වත්තතී නාරී භත්තු ඡන්දවසානුගා, මනාපා නාම තෙ දෙවා{4} යත්ථ සා උපපජ්ජතීති.
Sinhala BJT4. යම් ස්ත්‍රියක් මෙසේ හිමියාට වත්පුරා ඡන්‍දානුවර්තී ව පවත්නී ද ඕ මනාපකායික දෙවියෝ යම් තැනෙක ද එතැන (නිම්මාණරතී දෙව්ලොව) උපදිනී ය යි.
Pali BJT8. 1. 5. 7.
Sinhala BJT8. 1. 5. 7.
Pali BJTවිසාඛමනාපකායික සුත්තං
Sinhala BJTවිසාඛාමනාපකායික සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ . අථ ඛො විසාඛා මිගාරමාතා -පෙ- එකමන්තං නිසින්නං ඛො විසාඛං මිගාරමාතරං භගවා එතදවොච:
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි පූර්‍වාරාම නම් මුවරමාපායෙහි වැඩවසන සේක: එකල්හි විසාඛා මිගාරමාතු ... එකත්පසෙක හුන් විසාඛා මිගාරමාතාවට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:
Pali BJTඅට්ඨහි ඛො විසාඛෙ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා මනාපකායිකානං දෙවානං සහව්යතං උපපජ්ජති. කතමෙහි අට්ඨහි:
Sinhala BJTවිශාඛාවෙනි, දහම් අටෙකින් සමන්‍වාගත මාගම කාබුන් මරණින් මතු මනාපකායික නම් දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි, කවර අටෙකින යත්:
Pali BJTඉධ විසාඛෙ, මාතුගාමො යස්ස මාතාපිතරො භත්තුනො දෙන්ති, අත්ථකාමා හිතෙසිනො අනුකම්පකා අනුකම්පං උපාදාය, තස්ස හොති පුබ්බුට්ඨායිනී පච්ඡානිපාතිනී කිඞ්කාරපටිස්සාවිනී මනාපචාරිනී පියවාදිනී -පෙ- චාගවතී ඛො පන හොති විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති මුත්තචාගා පයතපාණී වොස්සග්ගරතා යාචයොගා දානසංවිභාගරතා. ඉමෙහි ඛො විසාඛෙ, අට්ඨහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා මනාපකායිකානං දෙවානං සහව්යතං උපපජ්ජති.
Sinhala BJTවිශාඛාවෙනි, මෙ ලොව්හි මාගම, අර්‍ත්‍ථකාම වූ හිතෛෂී වූ අනුකම්පා ඇති මා පියෝ යම් හිමියකුට අනුකම්පා නිසා දක්වා දෙත් නම් ඔහට පළමු නැඟී සිටිනී පැසුළු වැදහෙන්නී කුම් කරම් දැයි පිළිවිස කරන්නී මනා පැවතුම් ඇත්තී ප්‍රිය වචන ඇත්තී වෙයි ... ත්‍යාග ඇත්තී ද වෙයි. පහ වූ මසුරු මල ඇති සිතින් මිදූ ත්‍යාග ඇත්තී දෙනුවට දෙවූ අත් ඇත්තී දන් දීමෙහි ඇලුනී යදනට යෝග්‍ය වූවා දානසංවිභාගයෙහි ඇලුනී ගෙහි වෙසෙයි. විසාඛාවෙනි, මේ දහම් අටින් සමන්‍වාගත මාගම කාබුන් මරණින් මතු මනාපකායික නම් දෙවියන්ගේ සහභාවයට එළඹේ.
Pali BJT1. යො නං භරති සබ්බදා නිච්චං ආතාපී උස්සුකො, තං සබ්බකාමදං පොසං භත්තාරං නාතිමඤ්ඤති.
Sinhala BJT1. යම් පුරුෂයෙක් හම කල්හි සාතත්‍යකාරී වශයෙන් වැර ඇතියේ උත්සුක වූයේ ඒ මාගම පුස්නේ වේ ද, ගෙහඹු කැමැති හැමදෑ දෙන පුස්නා එ හිමිහු හෙළා නො දක්නී ය.
Pali BJT2. න චාපි සොත්ථි භත්තාරං ඉස්සාවාදෙන රොසයෙ, භත්තු ච ගරුනො සබ්බෙ පතිපූජෙති පණ්ඩිතා.
Sinhala BJT2. පණ්ඩිත වූ සුන්‍දරස්ත්‍රී තොමෝ හිමියා ඊර්‍ෂ්‍යා වාදයෙන් රොෂ නො කෙරෙයි. හිමියාගේ ගුරුතන්හි සිටි හැම පුදයි.
Pali BJT3. උට්ඨායිකා අනලසා සඞ්ගහීතපරිජ්ජනා, භත්තු මනාපං චරති සම්භතං අනුරක්ඛති.
Sinhala BJT3. උත්‍ථානවීර්‍ය්‍ය ඇත්තී අලස නො වූවා සඟහනලද පරිජනයා ඇත්තී හිමියාට මන වඩන නියායෙන් හැසිරෙයි. ඉපැයූ ධනය රකියි.
Pali BJT4. යා එවං වත්තතී නාරී භත්තු ඡන්දවසානුගා, මනාපා නාම තෙ දෙවා යත්ථ සා උපපජ්ජතීති.
Sinhala BJT4. යම් ස්ත්‍රියක් මෙසේ හිමියාට වත් පුරා ඡන්‍දානුවර්තී ව පවත්නී ද, මනාපකායික නම් දෙවියෝ යම් තැනෙක ද, එතැන (නිම්මාණරතී දෙව්ලොව) ඕ උපදිනී ය.
Pali BJT8. 1. 5. 8.
Sinhala BJT8. 1. 5. 8.
Pali BJTනකුලමාතුමනාපකායික සුත්තං
Sinhala BJTනකුලමාතුමනාපකායික සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා භග්ගෙසු විහරති සුංසුමාරගිරෙ{1} භෙසකලාවනෙ මිගදායෙ. අථ ඛො නකුලමාතා ගහපතානී යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා -පෙ- එකමන්තං නිසින්නං ඛො නකුලමාතරං ගහපතානිං භගවා එතදවොච:
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භග්ග ජනපදයෙහි සුංසුමාරගිරියෙහි මෘගදාය නම් වූ භේසකලා වනයෙහි වැඩ වසන සේක. එකල්හි නකුලමාතා නම් ගෘහපත්නී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාය, එළඹ ... එකත්පස්ව හුන් නකුලමාතා ගෘහපත්නියට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:
Pali BJTඅට්ඨහි ඛො නකුලමාතෙ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා මනාපකායිකානං දෙවානං සහව්යතං උපපජ්ජති. කතමෙහි අට්ඨහි:
Sinhala BJTනකුලමාතාවෙනි, දහම් අටෙකින් සමන්‍වාගත මාගම කාබුන් මරණින් මතු මනාපකායික නම් දෙවියන්ගේ සහභාවයට එළඹෙයි. කවර අටෙකින යත්:
Pali BJT1. ඉධ නකුලමාතෙ, මාතුගාමො යස්ස මාතාපිතරො භත්තුනො දෙන්ති, අත්ථකාමා හිතෙසිනො අනුකම්පකා අනුකම්පං උපාදාය. තස්ස හොති පුබ්බුට්ඨායිනී පච්ඡානිපාතිනී කිඞ්කාරපටිස්සාවිනී මනාපචාරිනී පියවාදිනී.
Sinhala BJT1. නකුලමාතාවෙනි, මෙලොව්හි ස්ත්‍රීතොමෝ අර්‍ත්‍ථකැමති වූ හිත කැමැති වූ අනුකම්පා ඇති මාපියෝ අනුකම්පාව නිසා යම් හිමියකුට දක්වා දෙත් නම් ඔහට පළමු නැගී සිටිනී පැසුළු වැදහෝනී කුම් කෙරෙම්දැයි පුළුවුස්නී මනාප හැසිරුම් ඇත්තී ප්‍රියවචන ඇත්තී වෙයි.
Pali BJT2. යෙ තෙ භත්තු ගරුනො හොන්ති, මාතාති වා පිතාති වා සමණබ්රාහ්මණාති වා තෙ සක්කරොති ගරුකරොති මානෙති පූජෙති අබ්භාගතෙ ච ආසනොදකෙන පටිපූජෙති.
Sinhala BJT2. මව ය කියා හෝ පියා ය කියා හෝ මහණ බමුණු ය කියා හෝ භර්‍තෘ හුගේ ගරුකටයුත්තාහු වෙත් නම් ඔවුන් සගන්නී ය, ගරු කරන්නී ය, බුහුමන් කරන්නී ය, පුදන්නී ය, වෙත පැමිණියවුන් අස්නෙන් හා පැනින් පුදන්නී ය.
Pali BJT3. යෙ තෙ භත්තු අබ්භන්තරා කම්මන්තා උණ්ණාති වා කප්පාසාති වා තත්ථ දක්ඛා හොති අනලසා තත්රූපායාය වීමංසාය සමන්නාගතා අලඞ්කාතුං අලං සංවිධාතුං.
Sinhala BJT3. භර්‍තෘහුගේ එළුලොම් වේවයි කපු වේවයි යම් ඒ අභ්‍යන්තර කර්‍මාන්ත කෙනෙක් වෙත් නම් එහි දක්‍ෂ වූවා අනලස් වූවා වෙයි, තත්‍රෝපායවීමංසායෙන් සමන්‍වාගත වූවා කිරීමට හා සංවිධානයට පොහොසත් වෙයි.
Pali BJT4. යො සො භත්තු අබ්භන්තරො අන්තො ජනො දාසාති වා පෙස්සාති වා කම්මකරාති වා තෙසං කතඤ්ච කතතො ජානාති, අකතඤ්ච අකතතො ජානාති, ගිලානකානඤ්ච බලාබලං ජානාති, ඛාදනීයං භොජනීයඤ්චස්ස පච්චංසෙන සංවිභජති.
Sinhala BJT4. භර්‍තෘහුගේ දස්හු වෙත් වයි ප්‍රෙෂ්‍ය වෙත් වයි කම්කරු වෙත් වයි අභ්‍යන්තර වූ යම් ඒ ඇතුළත් ජන කෙනෙක් වෙත් නම් ඔවුන් කළදෑ කළ සේ දනියි. නො කළ දෑත් නො කළ සේ දනියි, ගිලනුන්ගේත් බලාබල දනියි, කෑයුතු දෑත් බුදියයුතු දෑත් කොටස් විසින් ඔවුනට බෙදයි.
Pali BJT5. යං භත්තා ආහරති ධනං වා ධඤ්ඤං වා රජතං වා ජාතරූපං වා තං ආරක්ඛෙන ගුත්තියා සම්පාදෙති, තත්ථ ච හොති අධුත්තී අථෙනී අසොණ්ඩී අවිනාසිකා.
Sinhala BJT5. භර්‍තෘ තෙමේ ධනයක් වේවයි ධාන්‍යයක් වේවයි රජත වේවයි ජාතරූප වේවයි යමක් ගෙන ඒ නම් එය ආරක්‍ෂායෙන් ගෝපනයක් සපයයි. එහිදු අධූර්‍ත වූවා නො සොර වූවා නො සොඬ වූවා අවිනාශික වූවා වෙයි.
Pali BJT6. උපාසිකා ඛො පන හොති බුද්ධං සරණං ගතා, ධම්මං සරණං ගතා, සඞ්ඝං සරණං ගතා.
Sinhala BJT6. බුදුන් සරණගිය දහම් සරණ ගිය සඟුන් සරණ ගිය උවැසි වෙයි.
Pali BJT7. සීලවතී ඛො පන හොති පාණාතිපාතා පටිවිරතා -පෙ- සුරාමෙරය මජ්ජපමාදට්ඨානා පටිවිරතා -පෙ-
Sinhala BJT7. පණිවායෙන් වැළකියා ... මද පමා දෙකට කරුණු වූ රහමෙරින් වැළකියා සිල්වත් වෙයි.
Pali BJT8. චාගවතී ඛො පන හොති විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති මුත්තචාගා පයතපාණිනී{1} වොස්සග්ගරතා යාචයොගා දානසංවිභාගරතා.
Sinhala BJT8. ත්‍යාග වත් වෙයි: මුක්තත්‍යාග වූවා දෙවුඅත්ඇත්තී දීමෙහි ඇලුනී යාචනයට යෝග්‍ය වූවා දානසංවිභාගයෙහි ඇලුනී පහ වු මසුරුමල ඇති සිතින් යුතු ව ගිහිගෙයි වෙසෙයි.
Pali BJTඉමෙහි ඛො නකුලමාතෙ, අට්ඨහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා මනාපකායිකානං දෙවානං සහව්යතං උපපජ්ජතීති.
Sinhala BJTනකුලමාතාවෙනි, මේ අට දහමින් යුත් මාගම කාබුන් මරණින් මතු මනාපකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ යයි.
Pali BJT1. යො නං භරති සබ්බදා නිච්චං ආතාපී උස්සුකො, තං සබ්බකාමදං පොසං භත්තාරං නාතිමඤ්ඤති.
Sinhala BJT1. යම් පුරුෂයෙක් හැම කල්හිම සාතත්‍යකාරී වශයෙන් වැර ඇතියේ උත්සුක වූයේ ඒ මාගම පුස්නේ වේ ද, ගෙහඹු කැමැති හැම දෑ පුස්නා ඒ හිමිහු හෙළා නො දක්නී ය.
Pali BJT2. න චාපි සොත්ථි භත්තාරං ඉස්සාවාදෙන රොසයෙ, භත්තු ච ගරුනො සබ්බෙ පතිපූජෙති පණ්ඩිතා.
Sinhala BJT2. පණ්ඩිත වූ සුන්‍දර ස්ත්‍රී තොමෝ හිමියා ඊර්‍ෂ්‍යාවාදයෙන් රොෂ නො කෙරෙයි. හිමියාගේ ගුරුතන්හි සිටි හැම පුදයි.
Pali BJT3. උට්ඨායිකා අනලසා සඞ්ගහීතපරිජ්ජනා, භත්තු මනාපං චරති සම්භතං අනුරක්ඛති.
Sinhala BJT3. උත්‍ථානවීර්‍ය්‍ය ඇත්තී අලස නො වූවා සංඞ්ගෘහීත පරිජනයා ඇත්තී හිමියාට මන වඩන නියායෙන් හැසිරෙයි, ඉපයූ ධනය රකියි.
Pali BJT4. යා එවං වත්තතී නාරී භත්තු ඡන්දවසානුගා, මනාපා නාම තෙ දෙවා යත්ථ සා උපපජ්ජතීති.
Sinhala BJT4. යම් ස්ත්‍රියක් මෙසේ සැමියාට වත් පුරා ඡන්‍දානුවර්තී ව පවත්නී ද මනාපකායික නම් දෙවියෝ යම් තැනෙක්හි ද, එතැන (නිම්මාණරතී දෙව්ලොව) ඕ උපදිනී යි.
Pali BJT8. 1. 5. 9.
Sinhala BJT8. 1. 5. 9.
Pali BJTපඨමලොකවිජය සුත්තං
Sinhala BJTප්‍රථමලෝකවිජය සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. අථ ඛො විසාඛා මිගාරමාතා යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නං ඛො විසාඛං මිගාරමාතරං භගවා එතදවොච:
Sinhala BJTඑක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි පූර්‍වාරාම නම් මුවරමාපායෙහි වැඩ වසනසේක: එකල්හි විශාඛා මිගාරමාතාවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාහ ... එකත් පසෙක හුන් විසාඛා මිගාරමාතාවට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:
Pali BJTචතුහි ඛො විසාඛෙ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො ඉධලොකවිජයාය පටිපන්නො හොති, අයංසා ලොකො ආරද්ධො හොති. කතමෙහි චතුහි: ඉධ විසාඛෙ, මාතුගාමො සුසංවිහිතකම්මන්තො හොති සඞ්ඝහිතපරිජනා, භත්තු මනාපං චරති, සම්භතං අනුරක්ඛති.
Sinhala BJTවිශාඛාවෙනි, සතර ධර්‍මයෙකින් සමන්‍වාගත වූ මාගම මෙලොව විජය පිණිස පිළිපන්නී වෙයි, අය විසින් මෙලොව ආරබ්ධ වෙයි, කවර සතරෙකින් යත්: විසාඛාවෙනි, මෙ ලොව්හි මාගම මොනොවට සංවිධාන කරනලද කර්‍මාන්ත ඇත්තී වෙයි. සගත් පිරිවර දනා ඇත්තී වෙයි භර්‍තෘහට මනාව හැසිරෙයි. ඉපැයූ දෑ රකී.
Pali BJT1. කතඤ්ච විසාඛෙ, මාතුගාමො සුසංවිහිතකම්මන්තො හොති: ඉධ විසාඛෙ, මාතුගාමො යෙ තෙ භත්තු අබ්භන්තරා කම්මන්තා උණ්ණාති වා කප්පාසාති වා, තත්ථ දක්ඛා හොති අනලසා, තත්රූපායාය වීමංසාය සමන්නාගතා අලං කාතුං අලං සංවිධාතුං. එවං ඛො විසාඛෙ, මාතුගාමො සුසංවිහිතකම්මන්තො හොති.
Sinhala BJT1. විසාඛාවෙනි, කෙසේ නම් මාගම මොනොවට සංවිධාන කළ කර්‍මාන්ත ඇත්තී වේ ද යත්: විසාඛාවෙනි, මොලොව්හි මාගම භර්‍තෘහුගේ එළුලොම් වේවයි කපු වේවයි යම් මේ අභ්‍යන්තර කර්‍මාන්ත කෙනෙක් වෙත් නම් එහි දක්‍ෂ වූවා අනලස් වෙයි. තත්‍රෝපාය වීමංසායෙන් සමන්‍වාගත වූවා කිරීමට හා සංවිධානයට සමත් වෙයි. විසාඛාවෙනි, මෙසේ වනාහි මාගම මොනොවට සංවිධාන කළ කර්‍මාන්ත ඇත්තී වෙයි.
Pali BJT2. කථඤ්ච විසාඛෙ මාතුගාමො සඞ්ගහිතපරිජනො හොති, ඉධ විසාඛෙ මාතුගාමො යො සො භත්තු අබ්භන්තරො අන්තොජනො දාසාති වා පෙස්සාති වා කම්මකරාති වා, තෙසං කතඤ්ච කතතො ජානාති. අකතඤ්ච අකතතො ජානාති, ගිලානකානඤ්ච බලාබලං ජානාති, ඛාදනීයභොජනීයඤ්චස්ස පච්චංසෙන සංවිභජති. එවං ඛො විසාඛෙ,මාතුගාමො සඞ්ගහිතපරිජනො හොති.
Sinhala BJT2. විසාඛාවෙනි, කෙසේ නම් මාගම සඟත් පිරිවරදනා ඇත්තී වේ ද යත්: විසාඛාවෙනි, මෙලොව්හි මාගම භර්‍තෘහුගේ අභ්‍යන්තර වූ දස්හු වෙත්වයි ප්‍රෙෂ්‍ය වෙත්වයි කම්කරු වෙත්වයි යම් අන්තර්‍ජන කෙනෙක් වෙත් නම් ඔවුන්ගේ කළ දෑත් කළ විසින් දනියි, නො කළ දෑත් නො කළ විසින් දනියි, ගිලනුන්ගේත් බලාබල දනියි,. ඔවුනට කෑයුතු බුදිය යුතු දෑ ද කොටස් විසින් සංවිභාග කෙරෙයි. විශාඛාවෙනි, මෙසේ මාගම සඟත් පිරිවර දනා ඇත්තී වෙයි.
Pali BJT3. කතඤ්ච විසාඛෙ, මාතුගාමො භත්තු මනාපං චරති, ඉධ විසාඛෙ, මාතුගාමො යං භත්තු අමනාපසඞ්ඛාතං, තං ජීවිතහෙතුපි න අජ්ඣාචරති. එවං ඛො විසාඛෙ, මාතුගාමො භත්තු මනාපං චරති.
Sinhala BJT3. විශාඛාවෙනි, කෙසේ නම් මාගම භර්‍තෘහට මනාපව හැසිරේ ය යත්: විසාඛාවෙනි, මොලොව්හි මාගම යමක් භර්‍තෘහට අමනාප යයි කියනලද නම් එය දිවි හෙයිනුදු නො කෙරෙයි. විසාඛාවෙනි, මෙසේ වනාහි මාගම භර්‍තෘහට මනාප ව හැසිරේ.
Pali BJT4. කථඤ්ච විසාඛෙ මාතුගාමො සම්භතං අනුරක්ඛති, ඉධ විසාඛෙ, මාතුගාමො යං භත්තා ආහරති, ධනං වා ධඤ්ඤං වා රජතං වා ජාතරූපං වා, තං ආරක්ඛෙන ගුත්තියා සම්පාදෙති. තත්ථ ච හොති අධුත්තී අථෙනී අසොණ්ඩී අවිනාසිකා, එවං ඛො විසාඛෙ, මාතුගාමො සම්භතං අනුරක්ඛති. ඉමෙහි ඛො විසාඛෙ, චතුහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො ඉධ ලොකවිජයාය පටිපන්නො හොති, අයංසා ලොකො{1} ආරද්ධො හොති.
Sinhala BJT4. විසාඛාවෙනි, කෙසේ නම් මාගම ඉපයූ දෑ රකී ද යත්: විසාඛාවෙනි, මෙලොව්හි මාගම භර්‍තෘතෙම ධනයක් වේවයි ධාන්‍යයක් වේවයි රජතයෙක් වේවයි ජාතරූපයෙක් වේවයි යම් ම දැයක් උපයා ගෙන ඒ නම් එය ආරක්‍ෂාවෙන් ගෝපනයෙන් සපයා තබයි. එහිදු අධුර්‍ත වූවා අචෞර වූවා අශෞණ්ඩ වූවා අවිනාගික වූවා වෙයි. විසාඛාවෙනි, මෙසේ වනාහි මාගම ඉපයූ දෑ රකියි. විසාඛාවෙනි, මේ සිවුදහමින් සමන්‍වාගත මාගම මෙලොව දිනුමට පිළිපන්නී වෙයි, ඇය විසින් මොලොව ඇරයූයේ වේ.
Pali BJTචතුහි ඛො විසාඛෙ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො පරලොකවිජයාය පටිපන්නො හොති, පරස්සාලොකො ආරද්ධො හොති. කතමෙහි චතුහි: ඉධ විසාඛෙ, මාතුගාමො සද්ධා සම්පන්නො හොති සීලසම්පන්නො හොති, චාගසම්පන්නො හොති, පඤ්ඤාසම්පන්නො හොති.
Sinhala BJTවිශාඛාවෙනි, සතර ධර්‍මයෙකින් සමන්‍වාගත වූ මාගම පරලොව විජය පිණිස පිළිපන්නී වෙයි, ඇය විසින් පරලොව ආරබ්ධ වෙයි, කවර සතරෙකිනයත්: විසාඛාවෙනි, මෙලොව්හි මාගම සද්ධාසම්පන්න වෙයි, සීලසම්පන්න වෙයි, චාගසම්පන්න වෙයි, පඤ්ඤාසම්පන්න වේ.
Pali BJT5. කථඤ්ච විසාඛෙ මාතුගාමො සද්ධාසම්පන්නො හොති, ඉධ විසාඛෙ, මාතුගාමො සද්ධො හොති, සද්දහති තථාගතස්ස බොධිං ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථී සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. එවං ඛො විසාඛෙ, මාතුගාමො සද්ධාසම්පන්නො හොති.
Sinhala BJT5. විසාඛාවෙනි, කෙසේ නම් මාගම සද්ධාසම්පන්න වේ ද යත්: විසාඛාවෙනි, මෙලොව්හි මාගම ශ්‍රද්ධා ඇත්තී වේ ද, එ භගවත් තෙමේ මෙසේ ද මෙසේ ද අර්‍හත් ය, සම්‍යක් සම්බුද්ධ ය, විද්‍යාචරණ සම්පන්න ය, සුගත ය, ලෝකවිදු ය, අනුත්තර පුරිසධම්මසාරථී ය, දෙව්මිනිස්නට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් ය යි, තථාගතයන් වහන්සේගේ සර්‍වඥබෝධිය හදහා ද, විසාඛාවෙනි, මෙසේ මාගම සද්ධාසම්පන්න වෙයි.
Pali BJT6. කථඤ්ච විසාඛෙ, මාතුගාමො සීලසම්පන්නො හොති: ඉධ විසාඛෙ මාතුගාමො පාණාතිපාතා පටිවිරතො හොති -පෙ- සුරාමෙරය මජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති. එවං ඛො විසාඛෙ, මාතුගාමො සීල සම්පන්නො හොති.
Sinhala BJT6. විසාඛාවෙනි, මාගම කෙසේ සීලසම්පන්න වේ ද යත්: විසාඛාවෙනි, මෙ ලොව්හි මාගම ප්‍රාණඝාතයෙන් වැළැකුණී වේ ද, ... මදපමා දෙකට කරුණු වූ රහමෙර පීමෙන් වැළැකුණී වේ ද, විශාඛාවෙනි, මෙසේ වනාහි මාගම සීලසම්පන්න වෙයි.
Pali BJT7. කථඤ්ච විසාඛෙ, මාතුගාමො චාගසම්පන්නො හොති: ඉධ විසාඛෙ මාතුගාමො විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසතී මුත්තාචාගා පයතපාණී{1} වොස්සග්ගරතා යාචයොගා දානසංවිභාගරතා. එවං ඛො විසාඛෙ, මාතුගාමො චාගසම්පන්නො හොති.
Sinhala BJT7. විශාඛාවෙනි, කෙසේ මාගම චාගසම්පන්න වේ ද යත්: විසාඛාවෙනි, මොලොව්හි මාගම පහවූ මසුරුමල ඇති සිතින් මුක්තත්‍යාග වූවා දෙවු අත් ඇත්තී දීමෙහි ඇලුණී යාචනයට යෝග්‍ය වූවා දන් බෙදීමෙහි ඇලුණී ගිහිගෙයි වෙසේ ද, විසාඛාවෙනි, මෙසේ වනාහි මාගම චාගසම්පන්න වෙයි.
Pali BJT8. කථඤ්ච විසාඛෙ, මාතුගාමො පඤ්ඤාසම්පන්නො හොති: ඉධ විසාඛෙ, මාතුගාමො පඤ්ඤවා හොති -පෙ- එවං ඛො විසාඛෙ, මාතුගාමො පඤ්ඤාසම්පන්නො හොති. ඉමෙහි ඛො විසාඛෙ, චතුහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො පරලොකවිජයාය පටිපන්නො හොති, පරස්සා ලොකො{2} ආරද්ධො හොතීති.
Sinhala BJT8. විශාඛාවෙනි, කෙසේ නම් මාගම පඤ්ඤාසම්පන්න වේ ද යත්: විසාඛාවෙනි, මෙලොව්හි මාගම ප්‍රඥාවත් වේ ද, ... විසාඛාවෙනි, මෙසේ වනාහි මාගම පඤ්ඤාසම්පන්න වෙයි. විසාඛාවෙනි, මේ සිවුදහමින් සමන්‍වාගත මාගම පරලෝකවිජය පිණිස පිළිපන්නී වෙයි. ඇය විසින් පරලොව ආරාධනා කරන ලද්දේ වේ ය යි.
Pali BJT1. සුසංවිහිතකම්මන්තා සඞ්ගහීතපරිජ්ජනා භත්තු මනාපං චරති සම්භතං අනුරක්ඛති.
Sinhala BJT1. ස්ත්‍රියක් මොනොවට සංවිධානය කරනලද කර්‍මාන්ත ඇත්තී, මොනොවට සගත් පිරිවර ජනයා ඇත්තී භර්‍තෘහුගේ මනාපයට අනුව හැසිරෙයි ද, සපයන ලද ධනය රකීයි ද,
Pali BJT2. සද්ධා සීලෙන සම්පන්නා වදඤ්ඤූ වීතමච්ඡරා, නිච්චං මග්ගං විසොධෙති සොත්ථානං සම්පරායිකං
Sinhala BJT2. ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන් සමන්‍වාගත වූවා යදියන්ගේ වදන් දන්නී පහවූ මසුරුබව් ඇත්තී සාම්පරායික සුඛදායක මාර්‍ගය සතතයෙන් පිරිසුදු කෙරෙයි ද,
Pali BJT3. ඉච්චෙතෙ අට්ඨ ධම්මා ච යස්සා විජ්ජන්ති නාරියා, තම්පි සීලවතිං ආහු ධම්මට්ඨං සච්චවාදිනිං.
Sinhala BJT3. මේ අෂ්ටධර්‍මයෝ යම් ස්ත්‍රියකට වෙත් නම් ඕ දහම්හි පිහිටි සත්‍යවාදී සිල්වතියකැයි කීහු.
Pali BJT4. සොළසාකාරසම්පන්නා අට්ඨඞ්ගසුසමාගතා, සා තාදිසී සීලවතී උපාසිකා උපපජ්ජති දෙවලොකං මනාපං
Sinhala BJT4. සොළසාකාර සමන්‍වාගත වූ ද අෂ්ටාඞ්ග සමන්‍වාගත වු ද එබඳු සිල්වත් ඒ උවැසිය මනාපකායික දෙව්ලොවට පැමිණේය යි.
Pali BJT8. 1. 5. 10.
Sinhala BJT8. 1. 5. 10.
Pali BJTදුතියලොකවිජය සුත්තං
Sinhala BJTදෙවැනිලෝකවිජය සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTචතුහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො ඉධ ලොකවිජයාය පටිපන්නො හොති, අයංසා ලොකො ආරද්ධො හොති. කතමෙහි චතුහි:
Sinhala BJTමහණෙනි, සිවුදහමෙකින් යුතු මාගම මෙලොව විජය පිණිස පිළිපන්නී වෙයි. ඇය විසින් මෙලොව ආරබ්ධ වෙයි. කවර සිවුදහමෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ මාතුගාමො සුසංවිහිතකම්මන්තො හොති සඞ්ගහීතපරිජනො, භත්තු මනාපං චරති, සම්භතං අනුරක්ඛති.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි මාගම මොනොවට සංවිධානය කරන ලද කර්‍මාන්ත ඇතියේ වෙයි, සගත් පිරිවර ජනයා ඇත්තේ වෙයි, භර්‍තෘහුගේ මනාපයට හැසිරෙයි. සපයනුලැබූ දෙය රකියි.
Pali BJT1. කතඤ්ච භික්ඛවෙ, මාතුගාමො සුසංවිහිතකම්මන්තො හොති: ඉධ භික්ඛවෙ, මාතුගාමො යෙ තෙ භත්තු අබ්භන්තරා කම්මන්තා -පෙ- එවං ඛො භික්ඛවෙ, මාතුගාමො සුසංවිහිතකම්මන්තො හොති.
Sinhala BJT1. මහණෙනි, කෙසේ මාගම මොනොවට සංවිධානය කරනලද කර්‍මාන්ත ඇත්තී වේ ද යත්: මහණෙනි, මෙ ලොව්හි මාමග යම් ඒ භර්‍තෘහුගේ අභ්‍යන්තර කර්‍මාන්තයෝ ... මහණෙනි, මෙසේ වනාහි මාගම මොනොවට සංවිධානය කරනලද කර්‍මාන්ත ඇත්තී වෙයි.
Pali BJT2. කථඤ්ච භික්ඛවෙ, මාතුගාමො සඞ්ගහීතපරිජනො හොති, ඉධ භික්ඛවෙ මාතුගාමො යො සො භත්තු අබ්භන්තරො අන්තොජනො -පෙ- එවං ඛො භික්ඛවෙ, මාතුගාමො සඞ්ගහීතපරිජනො හොති.
Sinhala BJT2. මහණෙනි, කෙසේ මාගම සඟත් පරිජනයා ඇති වේ ද යත්: මහණෙනි, මෙලොව්හි මාගම යම් ඒ භර්‍තෘහුගේ අභ්‍යන්තර ජනයා ... මහණෙනි, මෙසේ වනාහි මාගම සඟත් පිරිවර ජනයා ඇත්තී වේ.
Pali BJT3. කතඤ්ච භික්ඛවෙ, මාතුගාමො භත්තු මනාපං චරති, ඉධ භික්ඛවෙ, මාතුගාමො යං භත්තු අමනාප සඞ්ඛාතං, තං ජීවිතහෙතුපි න අජ්ඣාචරති. එවං ඛො භික්ඛවෙ, මාතුගාමො භත්තු මනාපං චරති.
Sinhala BJT3. මහණෙනි, කෙසේ මාගම භර්‍තෘහුහට මනාප සේ හැසිරේ ද යත්: මහණෙනි, මෙලෙව්හි මාගම භර්‍තෘහුට අමනාප සඞ්ඛ්‍යාත යමක් වේ ද, එය ජීවිත හේතුයෙනුදු නො ඉක්මවයි. මහණෙනි, මෙසේ වනාහි මාගම භර්‍තෘහුහට මනාප සේ හැසිරෙයි.
Pali BJT4. කථඤ්ච භික්ඛවෙ, මාතුගාමො සම්භතං අනුරක්ඛති, ඉධභික්ඛවෙ මාතුගාමො යං භත්තා ආහරති -පෙ- එවං ඛො භික්ඛවෙ, මාතුගාමො සම්භතං අනුරක්ඛති. ඉමෙහි ඛො භික්ඛවෙ, චතුහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො ඉධ ලොකවිජයායපටිපන්නා හොති, අයංසා ලොකො ආරද්ධො හොති.
Sinhala BJT4. මහණෙනි, කෙසේ මාගම සපයන ලද්ද අනුරක්‍ෂණය කෙරේ ද යත්: මහණෙනි, මෙලොව්හි මාගම සියහිමි යමක් ගෙන ඒ නම් .. මහණෙනි, මෙසේ වනාහි මාගම සපයා ගෙන එන ලද්ද අනුරක්‍ෂණය කෙරෙයි. මහණෙනි, මේ සිවුදහමින් සමන්‍වාගත මාගම මෙලොව විජය පිණිස පිළිපන්නී වෙයි. ඇය විසින් මෙලොව ද ආරබ්ධ වෙයි.
Pali BJTචතුහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො පරලොකවිජයාය පටිපන්නො හොති. පරස්සාලොකො ආරද්ධො හොති. කතමෙහි චතුහි:
Sinhala BJTමහණෙනි, සිවුදහමෙකින් සමන්‍වාගත මාගම පරලෝක විජය පිණිස පිළිපන්නී වෙයි. ඇය විසින් පරලොව ආරබ්ධ වූයේ වෙයි. කවර සිවු දහමෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ, මාතුගාමො සද්ධාසම්පන්නො හොති, සීලසම්පන්නො හොති, චාගසම්පන්නො හොති, පඤ්ඤාසම්පන්නො හොති.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි මාගම සද්ධාසම්පන්න වෙයි, සීලසම්පන්න වෙයි, චාගසම්පන්න වෙයි, පඤ්ඤාසම්පන්න වෙයි.
Pali BJT5. කථඤ්ච භික්ඛවෙ මාතුගාමො සද්ධාසම්පන්නො හොති, ඉධ භික්ඛවෙ, මාතුගාමො සද්ධො හොති -පෙ- එවං ඛො භික්ඛවෙ මාතුගාමො සද්ධාසම්පන්නො හොති.
Sinhala BJT5. මහණෙනි, කෙසේ මාගම සද්ධාසම්පන්න වේ ද යත්: මහණෙනි, මෙ ලොව්හි මාගම සද්ධා ඇත්තී වෙයි ... මහණෙනි, මෙසේ මාගම සද්ධාසම්පන්න වෙයි.
Pali BJT6. කථඤ්ච භික්ඛවෙ, මාතුගාමො සීලසම්පන්නො හොති: ඉධ භික්ඛවෙ මාතුගාමො පාණාතිපාතා පටිවිරතා හොති -පෙ- සුරාමෙරය මජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති -පෙ- එවං ඛො භික්ඛවෙ, මාතුගාමො සීලසම්පන්නො හොති.
Sinhala BJT6. මහණෙනි, කෙසේ මාගම සීලසම්පන්න වේ ද යත්: මහණෙනි, මෙලොව්හි මාගම ප්‍රාණඝාතයෙන් වැළැකුණී වෙයි ... මද පමා දෙකට කරුණු වූ රහමෙර පීමෙන් වැළැකුණී වෙයි. මහණෙනි, මෙසේ මාගම සීලසම්පන්න වෙයි.
Pali BJT7. කථඤ්ච භික්ඛවෙ, මාතුගාමො චාගසම්පන්නො හොති: ඉධ භික්ඛවෙ, මාතුගාමො විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති -පෙ- එවං ඛො භික්ඛවෙ, මාතුගාමො චාගසම්පන්නො හොති.
Sinhala BJT7. මහණෙනි, කෙසේ මාගම චාගසම්පන්න වේ ද යත්: මහණෙනි, මෙලොව්හි මාගම පහවූ මසුරුමලින් යුත් සිතින් ... ගිහිගෙයි වෙසෙයි. මහණෙනි, මෙසේ මාගම ත්‍යාගසම්පන්න වෙයි.
Pali BJT8. කථඤ්ච භික්ඛවෙ, මාතුගාමො පඤ්ඤාසම්පන්නො හොති: ඉධ භික්ඛවෙ, මාතුගාමො පඤ්ඤවා හොති -පෙ- එවං ඛො භික්ඛවෙ, මාතුගාමො පඤ්ඤාසම්පන්නො හොති.
Sinhala BJT8. මහණෙනි, කෙසේ නම් මාගම ප්‍රඥාසම්පන්න වේ ද යත්: මහණෙනි, මෙ ලොව්හි මාගම ප්‍රඥාවත් වෙයි ... මහණෙනි, මෙසේ වනාහි මාගම ප්‍රඥාසම්පන්න වේ.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, චතුහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො පරලොකවිජයාය පටිපන්නො හොති. පරස්ස ලොකො ආරද්ධො හොතීති.
Sinhala BJTමහණෙනි, මේ සිවුදහමින් සමන්‍වාගත මාගම පරලෝක විජය පිණිස පිළිපන්නේ වෙයි. ඇය විසින් පරලොව ඇරයූවා වේ යයි.
Pali BJT1. සුසංවිහිතකම්මන්තා සඞ්ගහීතපරිජ්ජනා භත්තු මනාපං චරති සම්භතං අනුරක්ඛති.
Sinhala BJT1. මොනොවට සංවිධාන කරනලද කර්‍මාන්ත ඇත්තී මොනොවට සගත් පිරිවරජනයා ඇත්තී භර්‍තෘහුගේ මනාපයට අනුව හැසිරෙයි, සපයනලද ධනය රකියි.
Pali BJT2. සද්ධා සීලෙන සම්පන්නා වදඤ්ඤූ වීතමච්ඡරා, නිච්චං මග්ගං විසොධෙති සොත්ථානං සම්පරායිකං
Sinhala BJT2. ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන් සමන්‍විත වූවා යදියන්ගේ වදන් දන්නී පහවූ මසුරුබව් ඇත්තී සාම්පරායික සුඛදායක මාර්‍ගය සතතයෙන් පිරිසුදු කෙරෙයි.
Pali BJT3. ඉච්චෙතෙ අට්ඨ ධම්මා ච යස්සා විජ්ජන්ති නාරියා, තම්පි සීලවතිං ආහු ධම්මට්ඨං සච්චාවාදිනිං.
Sinhala BJT3. මේ අෂ්ටධර්‍මයෝ යම් ස්ත්‍රියකට වෙත් නම් ඕ දහම්හි පිහිටි සත්‍යවාදී සිල්වතියකැයි කීහු.
Pali BJT4. සොළසාකාරසම්පන්නා අට්ඨඞ්ගසුසමාගතා, සා තාදිසී සීලවතී උපාසිකා උපපජ්ජති දෙවලොකං මනාපං
Sinhala BJT4. සොළොසාකාර සමන්‍වාගත වූ ද අට්ඨඞ්ගසමන්‍වාගත වූ ද එබඳු සිල්වත් ඒ උවැසිය මනාපකායික දෙව්ලොව උපදී යයි.
Pali BJTඋපොසථවග්ගො පඤ්චමො.
Sinhala BJTපස් වැනි උපෝසථ වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTසඞ්ඛිත්තෙ විත්ථතෙ විසාඛෙ වාසෙට්ඨො බොජ්ඣාය පඤ්චමං අනුරුද්ධ පුන විසාඛෙ නකුලා ඉධ ලොකිකා{1} ද්වෙති.
Sinhala BJTසඞ්ඛිත්ත (අට්ඨඞ්ගුපෝසථ) සූත්‍රය, විත්‍ථක අට්ඨඞ්ගුපෝසථ සූත්‍ර ය, විසාඛූපෝසථ සූත්‍රය, වාසෙට්ඨ උපෝසථ සූත්‍රය, බොජ්ඣූපෝසථ සූත්‍රය, අනුරුද්ධ මනාපකායික සූත්‍ර ය, විසාඛා මනාපකායික සූත්‍ර ය, නකුලමාතුමනාපකායික සූත්‍ර ය, ලෝකවිජය සූත්‍ර දෙක දැයි මෙහි සූත්‍ර දශයෙකි.
Pali BJTපඨමො පණ්ණාසකො.{*}
Sinhala BJTප්‍රථම පණ්ණාසක යි.
Pali BJT2. දුතියො පණ්ණාසකො
Sinhala BJT2. දෙවන පණ්ණාසකය
Pali BJT6. ගොතමීවග්ගො
Sinhala BJT6. ගෝතමී වර්‍ගය
Pali BJT8. 2. 6. 1.
Sinhala BJT8. 2. 6. 1.
Pali BJTගොතමී සුත්තං
Sinhala BJTගෝතමී සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. අථ ඛො මහාපජාපතී ගොතමී යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො මහාපජාපතී ගොතමී භගවන්තං එතදවොච:
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කපිලවත්‍ථු සමීපයෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි මහාපජාපතීගෝතමී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාය, එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියා. එකත්පසෙක සිට ගත් මහාපජාපතී ගෝතමී භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළා ය: