Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1101-1200 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT48. ද්වෙමෙ භික්ඛවෙ සන්නිචයා. කතමෙ ද්වෙ: ආමිසසන්නිචයො ච ධම්මසන්නිචයො ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ සන්නිචයා. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං සන්නිචයානං යදිදං ධම්මසන්නිචයොති.
Sinhala BJT48. මහණෙනි, මේ සන්නිචයයෝ (රැස්කිරීම්) දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂසන්නිචය හා ධම්මසන්නිචය හා යන දෙදෙනාය. මහණෙනි, මේ සන්නිචයයන් දෙදෙනා අතුරෙන් යම් ධම්මසන්නිචයයෙක් වේ ද මෙය අග්‍රවේ යයි.
Pali BJT2. 3. 14. 12.
Sinhala BJT2. 3. 14. 12.
Pali BJT49. ද්වෙමානි භික්ඛවෙ වෙපුල්ලානි. කතමානි ද්වෙ: ආමිසවෙපුල්ලඤ්ච ධම්මවෙපුල්ලඤ්ච. ඉමානි ඛො භික්ඛවෙ ද්වෙ වෙපුල්ලානි. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං වෙපුල්ලානං යදිදං ධම්මවෙපුල්ලන්ති.
Sinhala BJT49. මහණෙනි, මේ වෛපුල්‍යයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂවෛපුල්‍යය හා ධර්‍මමවෛපුල්‍යය හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි වෛපුල්‍යයෝ දෙදෙනාය. මහණෙනි, මේ වෛපුල්‍යයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මවෛපුල්‍යයෙක් වේ ද මෙය අග්‍රවේ යයි.
Pali BJTවග්ගො චුද්දසමො
Sinhala BJTතුදුස්වන වග යි.
Pali BJT[15. සමාපත්තිවග්ගො]
Sinhala BJT[15. සමාපත්ති වර්‍ගය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT2. 3. 15. 1.
Sinhala BJT2. 3. 15. 1.
Pali BJT50. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: සමාපත්තිකුසලතා ච සමාපත්තිවුට්ඨානකුසලතා ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මා.{1}
Sinhala BJT50. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙති. කවර දෙදෙනෙක යත්: සමාපත්තියෙහි දක්‍ෂ බව හා සමාපත්තියෙන් නැගී සිටීමෙහි දක්‍ෂ බව හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.
Pali BJT2. 3. 15. 2.
Sinhala BJT2. 3. 15. 2.
Pali BJT51. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: අජ්ජවඤ්ච මද්දවඤ්ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මා.
Sinhala BJT51. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ඍජුත්‍වය හා මෘදුත්‍වය හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.
Pali BJT2. 3. 15. 3.
Sinhala BJT2. 3. 15. 3.
Pali BJT52. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: ඛන්ති ච සොරච්චඤ්ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මා.
Sinhala BJT52. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ක්‍ෂාන්තිය (ඉවසීම) හා සුරතබව හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.
Pali BJT2. 3. 15. 4.
Sinhala BJT2. 3. 15. 4.
Pali BJT53. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: සාඛල්යඤ්ච පටිසන්ථාරො ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මා.
Sinhala BJT53. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: සඛිල (මොළොක් තෙපුල් ඇති) බව හා පටිසන්‍ථාරය (පිළිසඳර) හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.
Pali BJT2. 3. 15. 5.
Sinhala BJT2. 3. 15. 5.
Pali BJT54. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: අවිහිංසා{1} ච සොචෙය්යඤ්ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මා.
Sinhala BJT54. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙති. කවර දෙදෙනෙක යත්: (කරුණා පූර්‍වභාගය වූ) අවිහිංසාව හා (ශීලවශයෙන් පිරිසිදු බව) සුචිභාවය හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.
Pali BJT2. 3. 15. 6.
Sinhala BJT2. 3. 15. 6.
Pali BJT55. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: ඉන්ද්රියෙසු අගුත්තද්වාරතා ච භොජනෙ අමත්තඤ්ඤුතා ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මා.
Sinhala BJT55. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ඉඳුරන්හි නො පියූදොර ඇති බව හා භෝජනයෙහි පමණ නොදන්නා බව හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.
Pali BJT2. 3. 15. 7.
Sinhala BJT2. 3. 15. 7.
Pali BJT56. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: ඉන්ද්රියෙසු ගුත්තද්වාරතා ච භොජනෙ මත්තඤ්ඤුතා ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මා.
Sinhala BJT56. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ඉඳුරන්හි පියූ දොර ඇති බව හා භෝජනයෙහි පමණ දන්නා බව ද යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.
Pali BJT2. 3. 15. 8.
Sinhala BJT2. 3. 15. 8.
Pali BJT57. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: පටිසඞ්ඛානබලඤ්ච භාවනාබලඤ්ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මා.
Sinhala BJT57. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙති. කවර දෙදෙනෙක යත්: ප්‍රත්‍යවේක්‍ෂාබල ය හා භාවනාබලය හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.
Pali BJT2. 3. 15. 9.
Sinhala BJT2. 3. 15. 9.
Pali BJT58. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: සතිබලඤ්ච සමාධිබලඤ්ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මා.
Sinhala BJT58. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ස්මෘතිබලය හා සමාධිබලය හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.
Pali BJT2. 3. 15. 10.
Sinhala BJT2. 3. 15. 10.
Pali BJT59. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: සමථො ච විපස්සනා ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මා.
Sinhala BJT59. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ශමථය හා විදර්‍ශනාව හා යන දෙදෙනාය. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනා යි.
Pali BJT2. 3. 15. 11.
Sinhala BJT2. 3. 15. 11.
Pali BJT60. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: සීලවිපත්ති ච දිට්ඨිවිපත්ති ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මා.
Sinhala BJT60. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ශීලවිපත්තිය හා දෘෂ්ටිවිපත්තිය හා යන දෙදෙනාය. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනා යි.
Pali BJT2. 3. 15. 12.
Sinhala BJT2. 3. 15. 12.
Pali BJT61. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: සීලසම්පදා ච දිට්ඨිසම්පදා ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මා.
Sinhala BJT61. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ශීලසම්පදාව හා දෘෂ්ටිසම්පදාව හා යන දෙදෙනාය. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනා යි.
Pali BJT2. 3. 15. 13.
Sinhala BJT2. 3. 15. 13.
Pali BJT62. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: සීලවිසුද්ධි ච දිට්ඨිවිසුද්ධි ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මා.
Sinhala BJT62. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ශීලවිශුද්ධිය හා දෘෂ්ටිවිශුද්ධිය හා යන දෙදෙනාය. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනා යි.
Pali BJT2. 3. 15. 14.
Sinhala BJT2. 3. 15. 14.
Pali BJT63. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: දිට්ඨිවිසුද්ධි ච යථාදිට්ඨිස්ස ච පධානං. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මා.
Sinhala BJT63. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: දෘෂ්ටිවිශුද්ධිය හා දෘෂ්ටිය වූ පරිදි ප්‍රධන්වීර්‍ය්‍ය කිරීම හා යන දෙදෙනාය. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනා යි.
Pali BJT2. 3. 15. 15.
Sinhala BJT2. 3. 15. 15.
Pali BJT64. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: අසන්තුට්ඨිතා ච කුසලෙසු ධම්මෙසු, අප්පටිවානිතා ච පධානස්මිං. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මා.
Sinhala BJT64. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: කුශලධර්‍මයෙහි අසන්තුෂ්ටභාවය හා ප්‍රධන්වීර්‍ය්‍යයෙහි නො පසුබස්නා බව හා යන දෙදෙනාය. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනා යි.
Pali BJT2. 3. 15. 16.
Sinhala BJT2. 3. 15. 16.
Pali BJT65. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: මුට්ඨස්සච්චඤ්ච අසම්පජඤ්ඤඤ්ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මා.
Sinhala BJT65. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: මුළාසිහිය හා නුනුවණ බව හා යන දෙදෙනාය. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනා යි.
Pali BJT2. 3. 15. 17.
Sinhala BJT2. 3. 15. 17.
Pali BJT66. ද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: සති ච සම්පජඤ්ඤඤ්ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මාති.
Sinhala BJT66. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ස්මෘතිය හා සම්ප්‍රජන්‍යය හා යන දෙදෙනාය. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනා යි.
Pali BJTවග්ගො පණ්ණරසමො.
Sinhala BJTපසළොස්වන වග යි.
Pali BJTතතියො පණ්ණාසකො සමත්තො.
Sinhala BJTතුන්වන පණ්ණාසකය නිමි.
Pali BJT[16. කොධවග්ගො]
Sinhala BJT[16. ක්‍රෝධ වර්‍ගය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT2. 16. 1-5.
Sinhala BJT2. 16. 1-5.
Pali BJTද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: කොධො ච උපනාහො ච -පෙ- මක්ඛො ච පලාසො ච - ඉස්සා ච මච්ඡරියඤ්ච - මායා ච සාඨෙය්යඤ්ච - අහිරිකඤ්ච අනොත්තප්පඤ්ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මා.
Sinhala BJTමහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙති. කවර දෙදෙනෙක යත්: ක්‍රෝධය හා උපනාහය හා යන දෙක ය. ... මක්ඛය හා පලාසය හා දෙකය. ... ඊර්‍ෂ්‍යාව හා මාත්සර්‍ය්‍යය හා දෙකය. ... මායාව හා සාඨෙය්‍ය හා දෙකය. ... අහිරිකය හා අනොත්තප්පය හා දෙකය. මහණෙනි, ධර්‍මයෝ දෙදෙනා යි.
Pali BJT2. 16. 6-10.
Sinhala BJT2. 16. 6-10.
Pali BJTද්වෙමෙ භික්ඛවෙ ධම්මා. කතමෙ ද්වෙ: අක්කොධො ච අනුපනාහො ච -පෙ- අමක්ඛො ච අපලාසො ච - අනිස්සා ච අමච්ඡරියඤ්ච - අමායා ච අසාඨෙය්යඤ්ච - හිරි ච ඔත්තප්පඤ්ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මා.
Sinhala BJTමහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙති. කවර දෙදෙනෙක යත්: අක්‍රෝධය හා අනුපනාහය හා දෙක ය. ... අමක්ඛය හා අපලාසය හා දෙක ය. ... අනිස්සාව හා අමච්ඡරිය හා දෙක ය. ... අමායාව හා අසාඨෙය්‍ය හා දෙකය. ... හිරිය හා ඔත්තප්පය හා දෙක ය. මහණෙනි, ධර්‍මයෝ දෙදෙනා යි.
Pali BJT2. 16. 11-15.
Sinhala BJT2. 16. 11-15.
Pali BJTද්වීහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො දුක්ඛං විහරති. කතමෙහි ද්වීහි: කොධෙන ච උපනාහෙන ච - මක්ඛෙන ච පලාසෙන ච - ඉස්සාය ච මච්ඡරියෙන ච - මායාය ච සාඨෙය්යෙන ච - අහිරිකෙන ච - අනොත්තප්පෙන ච - ඉමෙහි ඛො භික්ඛවෙ ද්වීහි ධම්මෙහි සමන්නාගතො දුක්ඛං විහරති.
Sinhala BJTමහණෙනි, මේ ධර්‍මයෝ දෙකෙකින් සමන්‍වාගත වූයේ දුක සේ වෙසෙයි. කවර දෙකෙකින යත්: ක්‍රෝධයෙන් හා උපනාහයෙන් හා දෙකෙනි. ... මක්ඛයෙන් හා පලාසයෙන් හා දෙකෙනි. ... ඊර්‍ෂ්‍යායෙන් හා මාත්සර්‍ය්‍යයෙන් හා දෙකෙනි. ... මායාවෙන් හා සාඨෙය්‍යයෙන් හා දෙකෙනි. ... අහිරිකයෙන් හා අනොත්තප්පයෙන් හා දෙකෙනි. මහණෙනි, මේ දහම් දෙකින් සමන්‍වාගත වූයේ දුක සේ වෙසේ යි.
Pali BJT2. 16. 16-20.
Sinhala BJT2. 16. 16-20.
Pali BJTද්වීහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො සුඛං විහරති. කතමෙහි ද්වීහි: අක්කොධෙන ච අනුපනාහෙන ච - අමක්ඛෙන ච අපලාසෙන ච - අනිස්සාය ච අමච්ඡරියෙන ච - අමායාය ච අසාඨෙය්යෙන ච - හිරියා ච ඔත්තප්පෙන ච - ඉමෙහි ඛො භික්ඛවෙ ද්වීහි ධම්මෙහි සමන්නාගතො සුඛං විහරති.
Sinhala BJTමහණෙනි, මේ දහම් දෙකෙකින් සමන්‍වාගත වූයේ සුවසේ වෙසෙයි. කවර දෙකෙකින යත්: අක්‍රෝධයෙන් හා අනුපනාහයෙන් හා දෙකෙනි. ... අමක්ඛයෙන් හා අපලාසයෙන් හා දෙකෙනි. ... අනිර්‍ෂ්‍යායෙන් හා අමාත්සර්‍ය්‍යයෙන් හා දෙකෙනි. ... අමායාවෙන් හා අසාඨෙය්‍යයෙන් හා දෙකෙනි. ... හිරියෙන් හා ඔත්තප්පයෙන් හා දෙකෙනි. මහණෙනි, මේ දහම් දෙකින් සමන්‍වාගත වූයේ සුවසේ වෙසේ යී.
Pali BJT2. 16. 21-25.
Sinhala BJT2. 16. 21-25.
Pali BJTද්වෙමෙ භික්ඛවෙ ධම්මා සෙඛස්ස භික්ඛුනො පරිහානාය සංවත්තන්ති. කතමෙ ද්වෙ: කොධො ච උපනාහො ච - මක්ඛො ච පලාසො ච - ඉස්සා ච මච්ඡරියඤ්ච - මායා ච සාඨෙය්යඤ්ච - අහිරිකඤ්ච අනොත්තප්පඤ්ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මා සෙඛස්ස භික්ඛුනො පරිහානාය සංවත්තන්ති.
Sinhala BJTමහණෙනි, ශෛක්‍ෂ භික්‍ෂුහුගේ පිරිහීම පිණිස මේ ධර්‍මයෝ දෙදෙනෙක් පවතිත්. කවර දෙදෙනෙක යත්: ක්‍රෝධය හා උපනාහය හා දෙකය. ... මක්ඛය හා පලාසය හා දෙක ය. ... ඊර්‍ෂ්‍යාව හා මාත්සර්‍ය්‍යය හා දෙක ය. ... මායාව හා සාඨෙය්‍ය හා දෙක ය. ... අහිරිකය හා අනොත්තප්පය හා දෙක ය. මහණෙනි, ශෛක්‍ෂ භික්‍ෂුහුගේ පිරිහීම පිණිස මේ ධර්‍මයෝ දෙදෙන පවතිත්.
Pali BJT2. 16. 26-30.
Sinhala BJT2. 16. 26-30.
Pali BJTද්වෙමෙ භික්ඛවෙ ධම්මා සෙඛස්ස භික්ඛුනො අපරිහානාය සංවත්තන්ති. කතමෙ ද්වෙ: අක්කොධො ච අනුපනාහො ච - අමක්ඛො ච අපලාසො ච - අනිස්සා ච අමච්ඡරියඤ්ච - අමායා ච අසාඨෙය්යඤ්ච - හිරි ච ඔත්තප්පඤ්ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මා සෙඛස්ස භික්ඛුනො අපරිහානාය සංවත්තන්ති.
Sinhala BJTමහණෙනි, ශෛක්‍ෂ භික්‍ෂුහුගේ නො පිරිහීම පිණිස මේ ධර්‍මයෝ දෙදෙනෙක් පවතිත්. කවර දෙදෙනෙක යත්: අක්‍රෝධය හා අනුපනාහය හා දෙක ය. ... අමක්ඛය හා අපලාසය හා දෙක ය. ... අනීර්‍ෂ්‍යාව හා අමාත්සර්‍ය්‍යය හා දෙකය. ... අමායාව හා අසාඨෙය්‍ය හා දෙක ය. ... හිරිය හා ඔත්තප්පය හා දෙක ය. මහණෙනි, ශෛක්‍ෂ භික්‍ෂුහුගේ නො පිරිහීම පිණිස මේ ධර්‍මයෝ දෙදෙන පවතිත්.
Pali BJT2. 16. 31-35.
Sinhala BJT2. 16. 31-35.
Pali BJTද්වීහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි ද්වීහි: කොධෙන ච උපනාහෙන ච - මක්ඛෙන ච පලාසෙන ච - ඉස්සාය ච මච්ඡරියෙන ච - මායාය ච සාඨෙය්යෙන ච - අහිරිකෙන ච අනොත්තප්පෙන ච. ඉමෙහි ඛො භික්ඛවෙ ද්වීහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
Sinhala BJTමහණෙනි, ධර්‍මයෝ දෙකෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ වේ ද, එසෙයින් නිරයෙහි වේ. කවර දෙකෙකින යත්: ක්‍රෝධයෙන් හා උපනාහයෙන් හා දෙකෙනි. ... මක්ඛයෙන් හා පලාසයෙන් හා දෙකෙනි. ... ඊර්‍ෂ්‍යායෙන් හා මාත්සර්‍ය්‍යයෙන් හා දෙකෙනි. ... මායාවෙන් හා සාඨෙය්‍යයෙන් හා දෙකෙනි. ... අහිරිකයෙන් හා අනොත්තප්පයෙන් හා දෙකෙනි. මහණෙනි, මේ දහම් දෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ වේ ද, එසෙයින් නිරයෙහි වේ.
Pali BJT2. 16. 36-40.
Sinhala BJT2. 16. 36-40.
Pali BJTද්වීහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි ද්වීහි: අක්කොධෙන ච අනුපනාහෙන ච - අමක්ඛෙන ච අපලාසෙන ච - අනිස්සාය ච අමච්ඡරියෙන ච - අමායාය ච අසාඨෙය්යෙන ච - හිරියා ච ඔත්තප්පෙන ච. ඉමෙහි ඛො භික්ඛවෙ ද්වීහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
Sinhala BJTමහණෙනි, ධර්‍මයෝ දෙකෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ වේ ද, එසෙයින් ස්වර්‍ගයෙහි ය. කවර දෙකෙකින යත්: අක්‍රෝධයෙන් හා අනුපනාහයෙන් හා දෙකෙනි. ... අමක්ඛයෙන් හා අපලාසයෙන් හා දෙකෙනි. ... අනීර්‍ෂ්‍යායෙන් හා අමාත්සර්‍ය්‍යයෙන් හා දෙකෙනි. ... අමායාවෙන් හා අසාඨෙය්‍යයෙන් හා දෙකෙනි. ... හිරියෙන් හා ඔත්තප්පයෙන් හා දෙකෙනි. මහණෙනි, මේ දහම් දෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ වේ ද, එසෙයින් ස්වර්‍ගයෙහි වේ.
Pali BJT2. 16. 41-45.
Sinhala BJT2. 16. 41-45.
Pali BJTද්වීහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ඉධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. කතමෙහි ද්වීහි: කොධෙන ච උපනාහෙන ච - මක්ඛෙන ච පලාසෙන ච - ඉස්සාය ච මච්ඡරියෙන ච - මායාය ච සාඨෙය්යෙන ච - අහිරිකෙන ච අනොත්තප්පෙන ච. ඉමෙහි ඛො භික්ඛවෙ ද්වීහි ධම්මෙහි සමන්නාගතො ඉධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.
Sinhala BJTමහණෙනි, මෙලොව්හි ඇතැමෙක් දහම් දෙකෙකින් සමන්‍වාගත වූයේ කාබුන් මරණින් මතු අපාය නම් වූ, දුගති නම් වූ, විනිපාත නම් වූ නිරයට (පටිසන්‍ධි විසින්) පැමිණේ. කවර දෙකෙකින යත්: ක්‍රෝධයෙන් හා උපනාහයෙන් හා දෙකෙනි. ... මක්ඛයෙන් හා පලාසයෙන් හා දෙකෙනි. ... ඊර්‍ෂ්‍යායෙන් හා මාත්සර්‍ය්‍යයෙන් හා දෙකෙනි. ... මායාවෙන් හා සාඨෙය්‍යයෙන් හා දෙකෙනි. ... අහිරිකයෙන් හා අනොත්තප්පයෙන් හා දෙකෙනි. මහණෙනි, මෙලොව්හි ඇතැමෙක් මේ දහම් දෙකින් සමන්‍වාගත වූයේ කාබුන් මරණින් මතු අපාය නම් වූ, දුගති නම් වූ නිරයට (පටිසන්‍ධි විසින්) පැමිණේ.
Pali BJT2. 16. 46-50.
Sinhala BJT2. 16. 46-50.
Pali BJTද්වීහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ඉධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. කතමෙහි ද්වීහි? අක්කොධෙන ච අනුපනාහෙන ච - අමක්ඛෙන ච අපලාසෙන ච - අනිස්සාය ච අමච්ඡරියෙන ච - අමායාය ච අසාඨෙය්යෙන ච - හිරියා ච ඔත්තප්පෙන ච. ඉමෙහි ඛො භික්ඛවෙ ද්වීහි ධම්මෙහි සමන්නාගතො ඉධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති”.
Sinhala BJTමහණෙනි, මෙලොව්හි ඇතැමෙක් දහම් දෙකෙකින් සමන්‍වාගත වූයේ කාබුන් මරණින් මතු සුගති නම් වූ, ස්වර්‍ගලෝකයට (පටිසන්‍ධි විසින්) පැමිණේ. කවර දෙකෙකින යත්: අක්‍රෝධයෙන් හා අනුපනාහයෙන් හා දෙකෙනි. ... අමක්ඛයෙන් හා අපලාසයෙන් හා දෙකෙනි. ... අනීර්‍ෂ්‍යායෙන් හා අමාත්සර්‍ය්‍යයෙන් හා දෙකෙනි. ... අමායාවෙන් හා අසාඨෙය්‍යයෙන් හා දෙකෙනි. ... හිරියෙන් හා ඔත්තප්පයෙන් හා දෙකෙනි. මහණෙනි, මෙලොව්හි ඇතැමෙක් දහම් දෙකින් සමන්‍වාගත වූයේ කාබුන් මරණින් මතු සුගති නම් වූ, ස්වර්‍ගලෝකයට (පටිසන්‍ධි විසින්) පැමිණේ.
Pali BJTවග්ගො සොළසමො.
Sinhala BJTසොළොස්වන වග යි.
Pali BJT[17. සත්තරසමො වග්ගො]
Sinhala BJT[17. සතළොස්වනවග]
Pali BJT1. අකුසලපෙය්යාලං
Sinhala BJT1. අකුශල පෙය්‍යාලය
Pali BJT1-50.
Sinhala BJT1-50.
Pali BJTද්වෙමෙ භික්ඛවෙ ධම්මා අකුසලා -පෙ- ද්වෙමෙ භික්ඛවෙ ධම්මා කුසලා -පෙ- ද්වෙමෙ භික්ඛවෙ ධම්මා සාවජ්ජා -පෙ- ද්වෙමෙ භික්ඛවෙ ධම්මා අනවජ්ජා -පෙ- ද්වෙමෙ භික්ඛවෙ ධම්මා දුක්ඛුද්රයා -පෙ- ද්වෙමෙ භික්ඛවෙ ධම්මා සුඛුද්රයා -පෙ- ද්වෙමෙ භික්ඛවෙ ධම්මා දුක්ඛවිපාකා -පෙ- ද්වෙමෙ භික්ඛවෙ ධම්මා සුඛවිපාකා -පෙ- ද්වෙමෙ භික්ඛවෙ ධම්මා සබ්යාබජ්ඣා -පෙ- ද්වෙමෙ භික්ඛවෙ ධම්මා අබ්යාබජ්ඣා. කතමෙ ද්වෙ: අක්කොධො ච අනුපනාහො ච -පෙ- අමක්ඛො ච අපලාසො ච -පෙ- අනිස්සා ච අමච්ඡරියඤ්ච -පෙ- අමායා ච අසාඨෙය්යඤ්ච -පෙ- හිරි ච ඔත්තප්පඤ්ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මා අබ්යාබජ්ඣාති.
Sinhala BJTමහණෙනි, මේ අකුසල් දහම්හු දෙදෙනෙක් වෙති. ... මහණෙනි, මේ කුසල් දහම්හු දෙදෙනෙක් වෙති. ... මහණෙනි, මේ සාවද්‍යධර්‍මයෝ දෙදෙනෙක් වෙති. ... මහණෙනි, මේ අනවද්‍යධර්‍මයෝ දෙදෙනෙක් වෙති. ... මහණෙනි, මේ දුක් වඩන දහම්හු දෙදෙනෙක් වෙති. ... මහණෙනි, මේ සුව වඩන දහම්හු දෙදෙනෙක් වෙති. ... මහණෙනි, මේ දුඃඛවිපාක ඇති දහම්හු දෙදෙනෙක් වෙති. … මහණෙනි, මේ සුඛ විපාක ඇති දහම්හු දෙදෙනෙක් වෙති. ... මහණෙනි, මේ දුක් සහිත ඇති දහම්හු දෙදෙනෙක් වෙති. … මහණෙනි, මේ නිදුක් දහම්හු දෙදෙනෙක් වෙති. … කවර දෙදෙනෙක යත්: අක්‍රෝධය හා අනුපනාහය හා. ... අමක්ඛය හා අපලාසය හා ... අනීර්‍ෂ්‍යාව හා අමාත්සර්‍ය්‍යය හා ... අමායාව හා අසාඨෙය්‍ය හා ... හිරිය හා ඔත්තප්පය හා දෙදෙන වෙති. මහණෙනි, මේ දහම්හු දෙදෙන නිදුක් දහම්හු වෙති.
Pali BJTඅකුසලපෙය්‍යාලං නිට්ඨිතං
Sinhala BJTඅකුශල පෙය්‍යාලය නිමි.
Pali BJT2. විනයපෙය්යාලං
Sinhala BJT2. විනය පෙය්‍යාලය
Pali BJT1-10.
Sinhala BJT1-10.
Pali BJTද්වෙමෙ භික්ඛවෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං. කතමෙ ද්වෙ: සඞ්ඝසුට්ඨුතාය, සඞ්ඝඵාසුතාය -පෙ- දුම්මඞ්කූනං පුග්ගලානං නිග්ගහාය, පෙසලානං භික්ඛූනං ඵාසුවිහාරාය -පෙ- දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය, සම්පරායිකානං ආසවානං පටිඝාතාය -පෙ- දිට්ඨධම්මිකානං වෙරානං සංවරාය, සම්පරායිකානං වෙරානං පටිඝාතාය -පෙ- දිට්ඨධම්මිකානං වජ්ජානං සංවරාය, සම්පරායිකානං වජ්ජානං පටිඝාතාය -පෙ- දිට්ඨධම්මිකානං භයානං සංවරාය, සම්පරායිකානං භයානං පටිඝාතාය -පෙ- දිට්ඨධම්මිකානං අකුසලානං ධම්මානං සංවරාය, සම්පරායිකානං අකුසලානං ධම්මානං පටිඝාතාය -පෙ- ගිහීනං අනුකම්පාය, පාපිච්ඡානං{1} පක්ඛුපච්ඡෙදාය -පෙ- අප්පසන්නානං පසාදාය, පසන්නානං භිය්යොභාවාය -පෙ- සද්ධම්මට්ඨිතියා විනයානුග්ගහාය. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තන්ති.
Sinhala BJTමහණෙනි, කරුණු දෙකක් පිණිස තථාගතයන් වහන්සේ විසින් සව්වනට සිකපද පණවන ලදි. කවර දෙකෙක යත්: සඞ්ඝයාගේ සුෂ්ඨුභාවය පිණිස හා සඞ්ඝයාගේ ඵාසුභාවය පිණිස හා යී ... දුසිල් පුඟුලනට නිගා පිණිස හා පේශල මහණුනට ඵාසුවිහාරය පිණිස හා යී ... ඉහාත්මයෙහි වන ආස්‍රවයන් ගේ සංවරය පිණිස හා පරලොව්හි වන ආස්‍රවයන් වැළහීම පිණිස හා යි ... ඉහාත්මයෙහි වන වෙරයන් ගේ සංවරය පිණිස හා පරලොව්හි වන වෙරයන්ගේ වැළහීම පිණිස හා යී ... ඉහාත්මයෙහි වන දෝෂයන්ගේ සංවරය පිණිස හා පරලොව්හි වන දෝෂයන්ගේ වැළහීම පිණිස හා යී ... ඉහාත්මයෙහි වන බිය වැළහීම පිණිස හා පරලොව්හි වන බිය වැළහීම පිණිස හා යී ... ඉහාත්මයෙහි වන අකුශල ධර්‍මයන්ගේ වැළහීම පිණිස හා පරලොව්හි වන අකුශලධර්‍මයන්ගේ වැළහීම පිණිස හා යී. ... ගිහියනට අනුකම්පා පිණිස හා පාපෙච්ඡයන්ගේ පක්‍ෂෝපච්ඡේදය පිණිස හා යි. ... අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හා ප්‍රසන්නයන්ගේ භූයෝභාවය පිණිස හා යි ... සද්ධර්‍මයාගේ චිරස්ථිතිය පිණිස හා විනයානුග්‍රහය පිණිස හා යි. ... මහණෙනි, මේ කරුණු දෙක පිණිස තථාගතයන් වහන්සේ විසින් සව්වනට සිකපද පණවන ලදී.
Pali BJT11-300.
Sinhala BJT11-300.
Pali BJTද්වෙමෙ භික්ඛවෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං පාතිමොක්ඛං පඤ්ඤත්තං -පෙ- පාතිමොක්ඛුද්දෙසො පඤ්ඤත්තා -පෙ- පාතිමොක්ඛට්ඨපනං පඤ්ඤත්තං -පෙ- පවාරණා පඤ්ඤත්තා -පෙ- පවාරණට්ඨපනං පඤ්ඤත්තං -පෙ- තජ්ජනීයකම්මං පඤ්ඤත්තං -පෙ- නියස්සකම්මං පඤ්ඤත්තං -පෙ- පබ්බාජනීයකම්මං පඤ්ඤත්තං -පෙ- පටිසාරණීයකම්මං පඤ්ඤත්තං -පෙ- උක්ඛෙපනීයකම්මං පඤ්ඤත්තං -පෙ- පරිවාසදානං පඤ්ඤත්තං -පෙ- මූලායපටිකස්සනං පඤ්ඤත්තං -පෙ- මානත්තදානං පඤ්ඤත්තං -පෙ- අබ්භානං පඤ්ඤත්තං -පෙ- ඔසාරණීයං පඤ්ඤත්තං -පෙ- නිස්සාරණීයං පඤ්ඤත්තං -පෙ- උපසම්පදා පඤ්ඤත්තා -පෙ- ඤත්තිකම්මං පඤ්ඤත්තං -පෙ- ඤත්තිදුතියකම්මං පඤ්ඤත්තං -පෙ- ඤත්තිචතුත්ථකම්මං පඤ්ඤත්තං -පෙ- අපඤ්ඤත්තෙ පඤ්ඤත්තං -පෙ- පඤ්ඤත්තෙ අනුප්පඤ්ඤත්තං{2} -පෙ- සම්මුඛාවිනයො පඤ්ඤත්තො -පෙ- සතිවිනයො පඤ්ඤත්තො -පෙ- අමූළ්හවිනයො පඤ්ඤත්තො -පෙ- පටිඤ්ඤාතකරණං පඤ්ඤත්තං -පෙ- යෙභුය්යසිකා පඤ්ඤත්තා -පෙ- තස්ස පාපියසිකා පඤ්ඤත්තා -පෙ- තිණවත්ථාරකො පඤ්ඤත්තො.
Sinhala BJTමහණෙනි, කරුණු දෙකක් පිණිස තථාගතයන් වහන්සේ විසින් සව්වනට පාමොක් පණවන ලදී. ... පාමොක් උදෙසුම් පණවන ලදි. ... පාමොක් තැබීම් පණවන ලදි. ... පවාරණා පණවන ලදු ... පවාරණ තැබුම් පණවන ලදී. ... තජ්ජනීය කර්‍මය පණවන ලදී. ... නියස්සකර්‍මය පණවන ලදී. ... පබ්බාජනීයකර්‍මය පණවන ලදී. ... පටිසාරණීයකර්‍මය පණවන ලදී. ... උක්ඛේපනීයකර්‍මය පණවන ලදී. ... පරිවාසදානය පණවන ලදී. ... මූලායපටිකස්සනය පණවන ලදී. ... මානත්තදානය පණවන ලදී. ... අබ්භානය පණවන ලදී. ... ඔසාරණීයය පණවන ලදී. ... නිස්සාරණීයය පණවන ලදී. ... උපසපුව පණවන ලදී. ... ඤත්තිකර්‍මය පණවන ලදී. ... ඤත්තිදුතියකර්‍මය පණවන ලදී. ... ඤත්තිචතුත්‍ථකර්‍මය පණවන ලදී. ... නො පණවන ලද්දෙහි (සිකපද) පණවන ලදී. ... පණවන ලද්දෙහි අනුප්පඤ්ඤත්ති පණවන ලදු. ... සම්මුඛාවිනය පණවන ලදී. ... සතිවිනය පණවන ලදී. ... අමූළ්හවිනය පණවන ලදී. ... පටිඤ්ඤාතකරණය පණවන ලදී. යේභුය්‍යසිකාව පණවන ලදී. ... තස්සපාපිය්‍යසිකාව පණවන ලදී. තිණවත්‍ථාරකය පණවන ලදී. ...
Pali BJTකතමෙ ද්වෙ: සඞ්ඝසුට්ඨුතාය -පෙ- සඞ්ඝඵාසුතාය -පෙ- දුම්මඞ්කූනං පුග්ගලානං නිග්ගහාය -පෙ- පෙසලානං භික්ඛූනං ඵාසුවිහාරාය -පෙ- දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය -පෙ- සම්පරායිකානං ආසවානං පටිඝාතාය -පෙ- දිට්ඨධම්මිකානං වෙරානං -පෙ- වජ්ජානං -පෙ- භයානං -පෙ- අකුසලානං ධම්මානං සංවරාය -පෙ- සම්පරායිකානං අකුසලානං ධම්මානං පටිඝාතාය -පෙ- ගිහීනං අනුකම්පාය -පෙ- පාපිච්ඡානං පක්ඛුපච්ඡෙදාය -පෙ- අප්පසන්නානං පසාදාය -පෙ- පසන්නානං භිය්යොභාවාය -පෙ- සද්ධම්මට්ඨිතියා -පෙ- විනයානුග්ගහාය. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං තිණවත්ථාරකො පඤ්ඤත්තොති.
Sinhala BJTකවර දෙකෙක යත්: සඞ්ඝයාගේ සුෂ්ඨුභාවය පිණිස හා ... සඞ්ඝඵාසුතාව පිණිස හා ... දුසිල් පුඟුලනට නිගා පිණිස හා ... පේශල භික්‍ෂුනට ඵාසුවිහාරය පිණිස හා ... ඉහාත්මයෙහි වන ආස්‍රවයන්ගේ සංවරය පිණිස හා … සම්පරායික ආස්‍රවයන්ගේ වැළහීම පිණිස හා … දෘෂ්ටධාර්මික වෙරයන්ගේ … විද්‍යයන්ගේ … භීතින්ගේ … අකුශලධර්‍මයන්ගේ සංවරය පිණිස හා … සම්පරායික අකුශල ධර්‍මයන්ගේ ප්‍රතිඝාතය පිණිස හා … ගිහියනට අනුකම්පා පිණිස හා … පාපේච්ඡායන්ගේ පක්‍ෂෝපච්ඡේදය පිණිස හා … අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හා … විනයානුග්‍රහය පිණිස හා යී. මහණෙනි, මෙ කරුණු දෙක පිණිස තථාගතයන් වහන්සේ විසින් සව්වනට තිණවත්‍ථාරකය පණවන ලදී.
Pali BJTවිනයපෙය්යාලං නිට්ඨිතං.
Sinhala BJTවිනයපෙය්‍යාලය නිමි.
Pali BJTරාගපෙය්යාලං
Sinhala BJTරාගපෙය්‍යාලය
Pali BJT1-10.
Sinhala BJT1-10.
Pali BJTරාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය ද්වෙ ධම්මා භාවෙතබ්බා. කතමෙ ද්වෙ: සමථො ච විපස්සනා ච. රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය ඉමෙ ද්වෙ ධම්මා භාවෙතබ්බා.
Sinhala BJTමහණෙනි, රාගය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස ධර්‍මයෝ දෙදෙනෙක් වැඩිය යුත්තාහ.
Pali BJTරාගස්ස භික්ඛවෙ පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය -පෙ- චාගාය -පෙ- පටිනිස්සග්ගාය. ඉමෙ ද්වෙ ධම්මා භාවෙතබ්බා.
Sinhala BJTකවර දෙදෙනෙක් යත්: සමථය හා විදර්‍ශනාව හා දෙදෙන ය. මහණෙනි රාගය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස මේ ධර්‍මයෝ දෙදෙන වැඩිය යුත්තාහ. මහණෙනි රාගයාගේ පරිජානනය පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස ... නිසර්‍ජනය පිණිස ... මේ ධර්‍මයෝ දෙදෙන වැඩිය යුත්තාහ.
Pali BJT11-70.
Sinhala BJT11-70.
Pali BJTදොසස්ස -පෙ- මොහස්ස -පෙ- කොධස්ස -පෙ- උපනාහස්ස -පෙ- මක්ඛස්ස -පෙ- පලාසස්ස -පෙ- ඉස්සාය -පෙ- මච්ඡරියස්ස -පෙ- මායාය -පෙ- සාඨෙය්යස්ස -පෙ- ථම්භස්ස -පෙ- සාරම්භස්ස -පෙ- මානස්ස -පෙ- අතිමානස්ස -පෙ- මදස්ස -පෙ- පමාදස්ස, අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය -පෙ- චාගාය -පෙ- පටිනිස්සග්ගාය. ඉමෙ ද්වෙ ධම්මා භාවෙතබ්බාති.
Sinhala BJTමහණෙනි, ද්වේෂයාගේ ... මෝහයාගේ ... ක්‍රෝධයාගේ ... උපනාහයාගේ ... මක්ඛයාගේ ... පලාසයාගේ ... ඊර්‍ෂ්‍යාවගේ ... මාත්සර්‍ය්‍යයාගේ ... මායාවගේ ... ශඨභාවයාගේ ... ස්තම්භයාගේ සාරම්භයාගේ ... මානයාගේ ... අතිමානයාගේ ... මදයාගේ ... ප්‍රමාදයාගේ ... ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස ... පරිජානනය පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස ... නිසර්‍ජනය පිණිස ... මේ ධර්‍මයෝ දෙදෙන වැඩිය යුත්තාහ.
Pali BJTරාගපෙය්යාලං නිට්ඨිතං.
Sinhala BJTරාගපෙය්‍යාලය නිමි.
Pali BJTවග්ගො සත්තරසමො නිට්ඨිතො.
Sinhala BJTසතළොස්වන වර්‍ගය නිමි.
Pali BJTදුකනිපාතො සමත්තො.
Sinhala BJTදුකනිපාතය සමාප්තයි.
Pali BJT3. තිකනිපාතො
Sinhala BJT3. තිකනිපාතය
Pali BJT1. පඨමො පණ්ණාසකො
Sinhala BJT1. පඨමපණ්ණාසකය
Pali BJT[1. බාලවග්ගො]
Sinhala BJT[1. බාලවර්‍ගය]
Pali BJT3. 1. 1. 1.
Sinhala BJT3. 1. 1. 1.
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි, භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. පින්වතුන් වහන්සැ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල සූත්‍රය වදාළ සේක.
Pali BJTයානි කානිචි භික්ඛවෙ භයානි උප්පජ්ජන්ති. සබ්බානි තානි බාලතො උප්පජ්ජන්ති, නො පණ්ඩිතතො. යෙ කෙචි උපද්දවා උප්පජ්ජන්ති, සබ්බෙ තෙ බාලතො උප්පජ්ජන්ති, නො පණ්ඩිතතො. යෙ කෙචි උපසග්ගා{1} උප්පජ්ජන්ති, සබ්බෙ තෙ බාලතො උප්පජ්ජන්ති, නො පණ්ඩිතතො.
Sinhala BJTමහණෙනි, යම් කිසි බිය කෙනෙක් උපදිත් නම් එහැම භීතීහු බාලයා කෙරෙන් උපදනාහ. පණ්ඩිතයා කෙරෙන් නූපදනාහ. යම් කිසි උපද්‍රව කෙනෙක් උපදිත් නම් එහැම උපද්‍රවයෝ බාලයා කෙරෙන් උපදනාහ. පණ්ඩිතයා කෙරෙන් නූපදනාහ. යම් කිසි උපසර්‍ග කෙනෙක් උපදිත් නම් එහැම උපසර්‍ගයෝ බාලයා කෙරෙන් උපදනාහ. පණ්ඩිතයා කෙරෙන් නූපදනාහ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ නළාගාරො වා තිණාගාරො{2} වා අග්ගිමුක්කො{3} කූටාගාරානිපි දහති උල්ලිත්තාවලිත්තානි නිවාතානි ඵුස්සිතග්ගලානි{4} පිහිතවාතපානානි.{5} එවමෙව ඛො භික්ඛවෙ යානි කානිචි භයානි උප්පජ්ජන්ති, සබ්බානි තානි බාලතො උප්පජ්ජන්ති, නො පණ්ඩිතතො. යෙ කෙචි උපද්දවා උප්පජ්ජන්ති, සබ්බෙ තෙ බාලතො උප්පජ්ජන්ති, නො පණ්ඩිතතො. යෙ කෙචි උපසග්ගා උප්පජ්ජන්ති, සබ්බෙ තෙ බාලතො උප්පජ්ජන්ති නො පණ්ඩිතතො.
Sinhala BJTමහණෙනි, රනහුණින් සුසන් ගෙයක් හෝ තණ කරලින් සුසන් ගෙයක් හෝ ගිනි ඇවිළ ගත්තේ, ඇතුළත පිටත සුණුවමින් ගල්වන ලද, වැළැහු සුළං ඇති, පැහැසු කවුළු ඇති, යෙදූ දැල් කවුළුදොර ඇති කැණි දුන් ගෙය ද යම්සේ දවා ද, මහණෙනි, එසෙයින් ම යම් කිසි බිය කෙනෙක් උපදිත් නම් එහැම භීතීහු බාලයා කෙරෙන් උපදනාහ. පණ්ඩිතයා කෙරෙන් නූපදනාහ. යම් කිසි උපද්‍රව කෙනෙක් උපදිත් නම් එහැම උපද්‍රවයෝ බාලයා කෙරෙන් උපදනාහ. පණ්ඩිතයා කෙරෙන් නූපදනාහ. යම් කිසි උපසර්‍ග කෙනෙක් උපදිත් නම් එහැම උපසර්‍ගයෝ බාලයා කෙරෙන් උපදනාහ. පණ්ඩිතයා කෙරෙන් නූපදනාහ.
Pali BJTඉති ඛො භික්ඛවෙ සප්පටිභයො බාලො, අප්පටිභයො පණ්ඩිතො. සඋපද්දවො බාලො, අනුපද්දවො පණ්ඩිතො. සඋපසග්ගො බාලො, අනුපසග්ගො පණ්ඩිතො. නත්ථි භික්ඛවෙ පණ්ඩිතතො භයං, නත්ථි පණ්ඩිතතො උපද්දවො, නත්ථි පණ්ඩිතතො උපසග්ගො.
Sinhala BJTමහණෙනි, මෙසේ වනාහි බාල තෙමේ ප්‍රතිභය සහිත වේ. පණ්ඩිත තෙමේ ප්‍රතිභය රහිත වේ. බාල තෙමේ උපද්‍රව සහිත වේ. පණ්ඩිත තෙමේ උපද්‍රව රහිත වේ. බාල තෙමේ උපසර්‍ග සහිත වේ. පණ්ඩිත තෙමේ උපසර්‍ග රහිත වේ. මහණෙනි, පණ්ඩිතයා කෙරෙන් බියෙක් නැත. පණ්ඩිතයා කෙරෙන් උපද්‍රවයෙක් නැත. පණ්ඩිතයා කෙරෙන් උපසර්‍ගයෙක් නැත.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ එවං සික්ඛිතබ්බං : යෙහි තීහි ධම්මෙහි සමන්නාගතො බාලො වෙදිතබ්බො, තෙ තයො ධම්මෙ අභිනිවජ්ජෙත්වා යෙහි තීහි ධම්මෙහි සමන්නාගතො පණ්ඩිතො වෙදිතබ්බො, තෙ තයො ධම්මෙ සමාදාය වත්තිස්සාමාති. එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, එහෙයින් යම් ධර්‍ම තුණෙකින් සමන්‍වාගත බාල තෙම දත යුතු නම්, ඒ ධර්‍ම තුණ නෙරැ යම්බඳු ධර්‍ම තුණෙකින් සමන්‍වාගත පණ්ඩිත තෙම දතයුතු නම්, ඒ ධර්‍ම තුණ සමාදන් කොට ගෙණ පවත්නම්හ යි මෙසේ හික්මිය යුතුය. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි.
Pali BJT3. 1. 1. 2.
Sinhala BJT3. 1. 1. 2.
Pali BJT2. කම්මලක්ඛණො භික්ඛවෙ බාලො, කම්මලක්ඛණො පණ්ඩිතො, අපදානසොභිනී{1} පඤ්ඤාති.
Sinhala BJT2. මහණෙනි, බාල තෙමේ කර්‍මය ලකුණු කොට ඇතියේ ය. පණ්ඩිත තෙමේ කර්‍මය ලකුණු කොට ඇතියේ ය. ප්‍රඥාව චරිතාපදානයෙන් හොබනී ය.
Pali BJTතීහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො බාලො වෙදිතබ්බො. කතමෙහි තීහි: කායදුච්චරිතෙන, වචීදුච්චරිතෙන, මනොදුච්චරිතෙන, ඉමෙහි ඛො භික්ඛවෙ තීහි ධම්මෙහි සමන්නාගතො බාලො වෙදිතබ්බො.
Sinhala BJTමහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත වූ බාලයා දතයුතු ය. කවර තුණෙකින යත්: කායදුශ්චරිතයෙන් හා වාග්දුශ්චරිතයෙන් හා මනෝදුශ්චරිතයෙන් හා යන තුණෙනි. මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත වූ බාල තෙමේ දතයුතු ය.
Pali BJTතීහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො පණ්ඩිතො වෙදිතබ්බො; කතමෙහි තීහි: කායසුචරිතෙන, වචීසුචරිතෙන, මනොසුචරිතෙන. ඉමෙහි ඛො භික්ඛවෙ තීහි ධම්මෙහි සමන්නාගතො පණ්ඩිතො වෙදිතබ්බො.
Sinhala BJTමහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත වූ පණ්ඩිත තෙමේ දතයුතුය: කවර තුණෙකින යත්: කායසුචරිතයෙන් හා වාක්දුචරිතයෙන් හා මනස්සුචරිතයෙන් හා යන තුණෙනි. මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත වූ පණ්ඩිත තෙමේ දතයුතු ය.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ එවං සික්ඛිතබ්බං ; යෙහි තීහි ධම්මෙහි සමන්නාගතො බාලො වෙදිතබ්බො, තෙ තයො ධම්මෙ අභිනිවජ්ජෙත්වා, යෙහි තීහි ධම්මෙහි සමන්නාගතො පණ්ඩිතො වෙදිතබ්බො, තෙ තයො ධම්මෙ සමාදාය වත්තිස්සාමාති. එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, එහෙයින් යම් ධර්‍ම තුණෙකින් සමන්‍වාගත බාල තෙම දත යුත්තේ නම්, ඒ තුන් ධර්‍මයන් නෙරැ යම් ධර්‍ම තුණෙකින් සමන්‍වාගත පණ්ඩිත තෙමේ දතයුත්තේ නම්, ඒ ධර්‍ම තුණ සමාදන් කොට ගෙණ පවත්නම්හ යි මෙසේ හික්මිය යුතුය. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි.