Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 11801-11900 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅට්ඨිමෙ භික්ඛවෙ, පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරා සොවග්ගිකා සුඛවිපාකා සග්ගසංවත්තනිකා ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තන්ති. කතමෙ අට්ඨ:
Sinhala BJTමහණෙනි, කුශල ප්‍රසව කරන සුව එළවන්නා වූ මොනොවට රූපාදි අග සැප දෙන, සුඛ විපාක ඇති සගසැප පිණිස පවත්නා පුණ්‍යාභිස්‍යන්‍දයෝ (පින් ඉපදීමට හේතුවන කරුණු) අට දෙනෙක් ඉෂ්ටය පිණිස කාන්තය (ප්‍රියභාවය) පිණිස මනවඩනා පිණිස හිත පිණිස සුව පිණිස පවත්නාහ. කවර අටදෙනෙක යත්:
Pali BJT1. ඉධ භික්ඛවෙ, අරියසාවකො බුද්ධං සරණං ගතො හොති. අයං භික්ඛවෙ, පඨමො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො සොවග්ගිකො සුඛවිපාකො සග්ගසංවත්තනිකො ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති.
Sinhala BJT1. මහණෙනි, මෙ ලොව අරීසවු තෙමේ බුදුන් සරණ ගියේ වෙයි. මහණෙනි, කුශල ප්‍රසව කරන සුව එළවන, මොනවට අග්‍රරූපාදිය දෙන සුඛවිපාක ඇති ස්වර්‍ගය පිණිස පවත්නා මේ පළමුවන පුණ්‍යාභිස්‍යන්‍දය ඉෂ්ටය පිණිස කාන්තභාවය පිණිස මනවඩනා පිණිස හිත පිණිස සුව පිණිස පවත්නේ ය.
Pali BJT2. පුන චපරං භික්ඛවෙ, අරියසාවකො ධම්මං සරණං ගතො හොති. අයං භික්ඛවෙ, දුතියො පුඤ්ඤාභිසන්දො -පෙ- සංවත්තති.
Sinhala BJT2. තවද මහණෙනි, අරීසවුතෙමේ දහම් සරණ ගියේ වෙයි. මහණෙනි, මේ ... දෙවන පුණ්‍යාභිස්‍යන්‍දය පවත්නේ ය.
Pali BJT3. පුන චපරං භික්ඛවෙ, අරියසාවකො සංඝං සරණං ගතො හොති. අයං භික්ඛවෙ, තතියො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො සොවග්ගිකො සුඛවිපාකො සග්ගසංවත්තනිකො ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති.
Sinhala BJT3. තවද මහණෙනි, අරීසවු තෙමේ සඟුන් සරණ ගියේ වෙයි. මහණෙනි, කුශලප්‍රසවකරන, සුව එළවන, ස්වග්‍රරූපාදිය දෙන සුඛවිපාක ඇති ස්වර්‍ගයෙහි උපතට හේතු වන මේ තෙවන පුණ්‍යාභිස්‍යන්‍දය ඉෂ්ටය පිණිස කාන්තභාවය පිණිස මනවඩනු පිණිස හිත පිණිස සුව පිණිස පවත්නේ ය.
Pali BJT4. පඤ්චිමානි භික්ඛවෙ, දානානි මහාදානානි අග්ගඤ්ඤානි රත්තඤ්ඤානි වංසඤ්ඤානි පොරාණානි අසඞ්කිණ්ණානි අසඞ්කිණ්ණපුබ්බානි න සඞ්කීයන්ති න සඞ්කීයිස්සන්ති අප්පතිකුට්ඨානි සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි. කතමානි පඤ්ච:
Sinhala BJT4. මහණෙනි, අග්‍ර යයි දතයුතු වූ දිගුකලක් පැවැත්තාහ යි දතයුතු වූ වංශ යයි දතයුතු වූ පැරණි වු අසඞ්කීර්‍ණ වූ (නො හළ) (පෙර බුදුරදුන් විසිනුදු) අසංකීර්‍ණ පූර්‍ව වූ මහදන් වූ මේ දන්හු පස්දෙනෙක් (දැනුදු) නො නෙරනා ලැබෙත් (අනායෙහිදු) නො නෙරනු ලබන්නාහ. නුවණැති මහණබමුණන් විසින් අනින්‍දිත වෙත්. කවර පස් දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ, අරියසාවකො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති. පාණාතිපාතා පටිවිරතො භික්ඛවෙ, අරියසාවකො අපරිමාණානං සත්තානං අභයං දෙති. අවෙරං දෙති. අබ්යාපජ්ඣං දෙති. අපරිමාණානං සත්තානං අභයං දත්වා අවෙරං දත්වා අබ්යාපජ්ඣං දත්වා අපරිමාණස්ස අභයස්ස අවෙරස්ස අබ්යාපජ්ඣස්ස භාගී හොති. ඉමං භික්ඛවෙ, පඨමං දානං මහාදානං, අග්ගඤ්ඤං රත්තඤ්ඤං වංසඤ්ඤං පොරාණං අසඞ්කිණ්ණං අසඞ්කිණ්ණපුබ්බං න සඞ්කීයති න සඞ්කීයිස්සති අප්පතිකුට්ඨං සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි. අයං භික්ඛවෙ චතුත්ථො පුඤ්ඤාභිසාන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො සොවග්ගිකො සුඛවිපාකො සග්ගසංවත්තනිකො ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, මෙලොව්හි අරීසවු තෙමේ පණිවා හැර පණිවායෙන් වැළැකියේ වෙයි. මහණෙනි, පණිවායෙන් වැළැකි අරීසවු තෙමේ අපරිමාණ වූ සත්නට අභය දෙන්නේ ය. අවෛරය දෙන්නේ ය. නිදුක්බව දෙන්නේ ය. අපරිමාණ වූ සත්නට අභය දී අවෛරය නිදුක් බව දී අපරිමාණ වූ අභයට අවෛරයට, නිදුක් බවට භාගී (හිමි) වෙයි. මහණෙනි, අග්‍රයයි දතයුතු, දිගුකල්පැවැතියේ යයි දතයුතු, වංශ යයි දතයුතු පැරණි වූ අසඞ්කීර්‍ණ වූ අසඞ්කීර්‍ණ පූර්‍ව වූ නුවණැති මහණ බමුණන් විසින් නො පිළිකෙව් කළ දානය වන මහාදානය නො නෙරනා ලැබේ. නො නෙරනාලබන්නේ ය. මහණෙනි, කුශලප්‍රසව කරන, සුව එළවන, ස්වග්‍රරූපාදිය දෙන, සුඛ විපාක ඇති ස්වර්‍ගයෙහි උපතට හේතු වූ මේ සිවුවන පුණ්‍යාභිස්‍යන්‍දය ඉෂ්ට පිණිස කාන්තබාවය පිණිස මනවඩනු පිණිස, හිත පිණිස සුඛ පිණිස පවත්නේ ය.
Pali BJT5-8 පුන චපරං භික්ඛවෙ, අරියසාවකො අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති -පෙ- කාමෙසු මිච්ඡාචාරං පහාය කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති -පෙ- මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති -පෙ- සුරාමෙරයමජ්ජපමාදට්ඨානං පහාය සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති. සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො භික්ඛවෙ, අරියසාවකො අපරිමාණානං සත්තානං අභයං දෙති. අවෙරං දෙති. අබ්යාපජ්ඣං දෙති. අපරිමාණානං සත්තානං අභයං දත්වා අවෙරං දත්වා අබ්යාපජ්ඣං දත්වා අපරිමාණස්ස අභයස්ස අවෙරස්ස අබ්යාපජ්ඣස්ස භාගී හොති.
Sinhala BJT5-8. තවද මහණෙනි, අරීසවු තෙමේ අයිනාදනින් හැර අයිනාදනින් වැළැකියේ වෙයි ... කාමයෙහි මිසහසර හැර කාමයෙහි මිසහසරින් වෙන් වූයේ වෙයි ... මුසවා හැරදමා මුසවායෙන් වැළැකියේ වෙයි ... මද ප්‍රමාදයට කරුණු වූ රහමෙර හැර මද ප්‍රමාදයට කරුණු වූ රහමෙරින් වැළැකියේ වෙයි. මහණෙනි, මදයට හා ප්‍රමාදයට කරුණු වූ රහමෙරින් වැළැකි අරීසවු තෙමේ අපරිමාණ වූ සත්නට අභය දෙන්නේ ය, අවෛරය දෙන්නේ ය, නිදුක්බව දෙන්නේ ය. අපරිමාණ වූ සත්නට අභය දී අවෛරය දී නිදුක්බව දී අපරිමාණ වූ අභයට අවෛරයට නිදුක්බවට භාගී වෙයි.
Pali BJTඉදං භික්ඛවෙ, පඤ්චමං දානං මහාදානං අග්ගඤ්ඤං රත්තඤ්ඤං වංසඤ්ඤං පොරාණං අසඞ්කිණ්ණං අසඞ්කිණ්ණපුබ්බං න සඞ්කීයති න සඞ්කීයිස්සති අප්පතිකුට්ඨං සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි. අයං භික්ඛවෙ අට්ඨමො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො සොවග්ගිකො සුඛවිපාකො සග්ගසංවත්තනිකො ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, අග්‍රයයි දත යුතු, දිගුකල් පැවතියේයයි දතයුතු, වංශ යයි දතයුතු පැරණි වු අසඞ්කීර්‍ණ වූ අසඞ්කීර්‍ණ පූර්‍ව වූ දානය වන, නුවණැති මහණබමුණන් විසින් නො පිළිකුල් කළ මේ සිවුවන මහාදානය නො නෙරනා ලැබෙයි. නො නෙරනු ලබන්නේ යි. මහණෙනි, කුශල ප්‍රසවකරන, සුව එළවන, ස්වග්‍රරූපාදිය දෙන, සුඛවිපාක ඇති, ස්වර්‍ගයට හේතු වන මේ අට වැනි පුණ්‍යාභිස්‍යන්‍දය ඉෂ්ටය පිණිස කාන්තභාවය පිණිස, මන වඩනා පිණිස හිත පිණිස සුව පිණිස පවත්නේ ය.
Pali BJTඉමා ඛො භික්ඛවෙ, අට්ඨ පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරා සොවග්ගිකා සුඛවිපාකා සග්ගසංවත්තනිකා ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තන්තීති.
Sinhala BJTමහණෙනි, කුශල් ප්‍රසව කරන සුව එළවන, ස්වග්‍රරූපාදිය දෙන, සුඛවිපාක ඇති ස්වර්‍ගයට කරුණු වන මේ අෂ්ට පුණ්‍යාභිස්‍යන්‍දයෝ ඉටුබව පිණිස කාන්තභාවය පිණිස මන වඩනු පිණිස සුව පිණිස පවත්නාහ යි.
Pali BJT8. 1. 4. 10.
Sinhala BJT8. 1. 4. 10.
Pali BJTඅපායසංවත්තනික සුත්තං
Sinhala BJTඅපායසංවත්තනික සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT1. පාණාතිපාතො භික්ඛවෙ, ආසෙවිතො භාවිතො බහුලීකතො නිරයසංවත්තනිකො තිරච්ඡානයොනිසංවත්තනිකො පෙත්තිවිසයසංවත්තනිකො, යො සබ්බලහුසො පාණාතිපාතස්ස විපාකො මනුස්සභූතස්ස අප්පායුකසංවත්තනිකො හොති.
Sinhala BJT1. මහණෙනි, පණිවා සෙවුනා ලදුයේ වඩන ලදුයේ බහුල වශයෙන් කරන ලදුයේ නිරයෙහි උපතට කරුණු වූයේ වෙයි. තිරිසන් යොන්හි උපතට කරුණු වූයේ වෙයි. ප්‍රේතවිෂයෙහි උපතට කරුණු වූයේ වෙයි. යටතින් පණිවාහුගේ යම් විපාකයෙක් වේ නම් මිනිස් වූවහුගේ අල්පායුෂ්කභාවයට හේතු වූයේ වෙයි.
Pali BJT2. අදින්නාදානං භික්ඛවෙ, ආසෙවිතං භාවිතං බහුලීකතං නිරයසංවත්තනිකං තිරච්ඡානයොනිසංවත්තනිකං පෙත්තිවිසයසංවත්තනිකං, යො සබ්බලහුසො අදින්නාදානස්ස විපාකො මනුස්සභූතස්ස භොගව්යසන සංවත්තනිකො හොති.
Sinhala BJT2. මහණෙනි, අයිනාදන් සෙවුනා ලදුයේ වඩන ලදුයේ බහුල වශයෙන් කරන ලදුයේ නිරයෙහි උපතට හේතු වෙයි. තිරිසන්යොන්හි උපතට හේතු වෙයි. ප්‍රේතවිෂයෙහි උපතට හේතු වෙයි. අයිනාදන්හුගේ ලුහු විසින් යම් විපාකයෙක් වේ නම් මිනිස් වූවහුගේ භෝගව්‍යසනය පිණිස හේතු වූයේ වෙයි.
Pali BJT3. කාමෙසු මිච්ඡාචාරො භික්ඛවෙ, ආසෙවිතො භාවිතො බහුලීකතො නිරයසංවත්තනිකො තිරච්ඡානයොනිසංවත්තනිකො පෙත්තිවිසයසංවත්තනිකො, යො සබ්බලහුසො කාමෙසු මිච්ඡාචාරස්ස විපාකො මනුස්සභූතස්ස වෙරසපත්තසංවත්තනිකො හොති.
Sinhala BJT3. මහණෙනි, කාමයෙහි මිසහසර සෙවුනා ලදුයේ වඩන ලදුයේ බහුලීකෘත වූයේ නිරයෙහි උපතට හේතු වෙයි. තිරිසන්යොන්හි උපතට හේතු වෙයි. ප්‍රේතවිෂයෙහි උපතට හේතු වෙයි. කාමමිථ්‍යාචාරයාගේ යටතින් යම් විපාකයෙක් වේ නම් මිනිස් වූවහුගේ සතුරන් සහිත වෛරයට කරුණු වූයේ වෙයි.
Pali BJT4. මුසාවාදො භික්ඛවෙ, ආසෙවිතො භාවිතො බහුලීකතො නිරයසංවත්තනිකො තිරච්ඡානයොනිසංවත්තනිකො පෙත්තිවිසයසංවත්තනිකො, යො සබ්බලහුසො{1} මුසාවාදස්ස විපාකො මනුස්සභූතස්ස අභූතබ්යාක්ඛානසංවත්තනිකො හොති.
Sinhala BJT4. මහණෙනි, මුසාවාදය සෙවුනාලද්දේ වඩන ලද්දේ බහුලීකෘත වූයේ නිරයෙහි උපතට හේතු වෙයි. තිරිසන්යොන්හි උපතට හේතු වෙයි. ප්‍රේතවිෂයෙහි උපතට හේතු වෙයි. මුසවාදයාගේ ලුහු විසින් යම් විපාකයෙක් වේ නම් මිනිස් වූවහුගේ අභූතයෙන් අභ්‍යාඛ්‍යානයට කරුණු වූයේ වෙයි.
Pali BJT5. පිසුණා භික්ඛවෙ, වාචා ආසෙවිතා භාවිතා බහුලීකතා නිරයසංවත්තනිකා තිරච්ඡානයොනිසංවත්තනිකා පෙත්තිවිසයසංවත්තනිකා, යො සබ්බලහුසො පිසුණාය වාචාය විපාකො මනුස්සභූතස්ස මිත්තෙහි භෙදනසංවත්තනිකො හොති.
Sinhala BJT5. මහණෙනි, පිසුණුබස් සෙවුනා ලද්දේ වඩනා ලද්දේ බහුල වශයෙන් කරනා ලද්දේ නිරයෙහි උපතට හේතු වෙයි. තිරිසන්යොන්හි උපතට හේතු වෙයි. ප්‍රේතවිෂයෙහි උපතට හේතු වෙයි. පිසුණුවාචයාගේ ලුහු විසින් යම් විපාකයෙක් වේ නම් මිනිස් වූවහුට මිතුරන් සමග බිඳීමට කරුණු වූයේ වෙයි.
Pali BJT6. ඵරුසා භික්ඛවෙ, වාචා ආසෙවිතා භාවිතා බහුලීකතා නිරයසංවත්තනිකා තිරච්ඡානයොනිසංවත්තනිකා පෙත්තිවිසයසංවත්තනිකා, යො සබ්බලහුසො ඵරුසාය වාචාය විපාකො මනුස්සභූතස්ස අමනාපසද්දසංවත්තනිකො හොති.
Sinhala BJT6. මහණෙනි, පරොස්බස් සෙවුනා ලදුයේ වඩනලදුයේ බහුලීකෘත වූයේ නිරයෙහි උපතට හේතු වෙයි. තිරිසන්යොන්හි උපතට හේතු වෙයි. ප්‍රේතවිෂයෙහි උපතට හේතු වෙයි. පරුෂවචනයාගේ ලුහු විසින් යම් විපාකයෙක් වේ නම් මිනිස් වූවහුගේ අමනාපශබ්දයට කරුණු වූයේ වෙයි.
Pali BJT7. සම්ඵප්පලාපො භික්ඛවෙ, ආසෙවිතො භාවිතො බහුලීකතො නිරයසංවත්තනිකො තිරච්ඡානයොනිසංවත්තනිකො පෙත්තිවිසයසංවත්තනිකො, යො සබ්බලහුසො සම්ඵප්පලාපස්ස විපාකො මනුස්සභූතස්ස අනාදෙය්ය වාචාසංවත්තනිකො හොති.
Sinhala BJT7. මහණෙනි, සම්ඵප්‍රලාපය සෙවුනා ලද්දේ වඩන ලද්දේ බහුලීකෘත වූයේ නිරයෙහි උපතට කරුණු වෙයි. තිරිසන්යෝනියෙහි උපතට කරුණු වෙයි, ප්‍රේතවිෂයෙහි උපතට කරුණු වෙයි, සම්ඵප්‍රලාපයාගේ ලුහු විසින් යම් විපාකයෙක් වේ නම් මිනිස් වූවහුගේ නො ඇදහිය හැකි වචනයට කරුණු වූයේ වෙයි.
Pali BJT8. සුරාමෙරයපානං භික්ඛවෙ, ආසෙවිතං භාවිතං බහුලීකතං නිරයසංවත්තනිකං තිරච්ඡානයොනිසංවත්තනිකං පෙත්තිවිසයසංවත්තනිකං, යො සබ්බලහුසො සුරාමෙරයපානස්ස විපාකො මනුස්සභූතස්ස උම්මත්තකසංවත්තනිකො හොතීති.
Sinhala BJT8. මහණෙනි, රහමෙර පීම සෙවුනා ලද්දේ වඩනා ලද්දේ බහුලීකෘත වූයේ නිරයෙහි උපතට කරුණු වෙයි. තිරිසන්යොන්හි උපතට කරුණු වෙයි. ප්‍රේතවිෂයෙහි උපතට කරුණු වෙයි, සුරාමේරයපානයාගේ ලුහු විසින් යම් විපාකයෙක් වේ නම් මිනිස් වූවහුට උමතුබව පිණිස කරුණු වන්නේ යි.
Pali BJTදානවග්ගො චතුත්ථො.
Sinhala BJTසිවුවන දාන වග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTද්වෙ දානානි වත්ථුඤ්ච මෙත්තං දානූපපත්තියො කිරියං දෙවසප්පුරිසා අභිසන්දො සංවත්තති.
Sinhala BJTදානසූත්‍ර දෙක ය, (දාන) වත්‍ථුසූත්‍ර ය, ඛෙත්ත සූත්‍රය, දානුපපත්ති සූත්‍රය, (පුණ්‍ය) ක්‍රියා සූත්‍රය, සප්පුරිස සූත්‍ර දෙක ය, අභිසන්‍ද සූත්‍රය, සංවත්තනික සූත්‍ර ද වේ.
Pali BJT5. උපොසථවග්ගො
Sinhala BJT5. උපෝසථ වර්‍ගය
Pali BJT8. 1. 5. 1.
Sinhala BJT8. 1. 5. 1.
Pali BJTසඞ්ඛිත්ත අට්ඨඞ්ගුපොසථ සුත්තං.
Sinhala BJTසඞ්ඛිත්ත අට්ඨඞ්ගුපෝසථ සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛු ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස් වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:
Pali BJTඅට්ඨඞ්ගසමන්නාගතො භික්ඛවෙ, උපොසථො උපවුත්ථො මහප්ඵලො හොති මහානිසංසො මහාජුතිකො මහාවිප්ඵාරො.
Sinhala BJTමහණෙනි, අටඟෙකින් සමන්‍වාගත පෙහෙවස් වසන ලදුයේ මහත්ඵල ඇත්තේ වෙයි, මහානෘශංස ඇත්තේ වෙයි, මහත් බැබළීම් ඇත්තේ වෙයි, මහත් පැතිරීම් ඇත්තේ ද වෙයි.
Pali BJTකථං උපවුත්ථො ච භික්ඛවෙ, අට්ඨඞ්ගසමන්නාගතො උපොසථො මහප්ඵලො හොති මහානිසංසො මහාජුතිකො මහාවිප්ඵාරො:
Sinhala BJTමහණෙනි, කෙසේ වසනලද අටඟින් යුත් පෙහෙවස මහත්ඵල වේ ද, මහානිසංස වේ ද, මහාද්‍යුතික වේ ද, මහා විස්ථාර වේ ද යත්:
Pali BJT1. ඉධ භික්ඛවෙ, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: යාවජීවං අරහන්තො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතා නිහිතදණ්ඩා නිහිතසත්ථා ලජ්ජී දයාපන්නා සබ්බපාණභූතහිතානුකම්පිනො විහරන්ති. අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරාමි. ඉමිනාපහං{1} අඞ්ගෙන අරහතං අනුකරොමි. උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සතීති ඉමිනා පඨමෙන අඞ්ගෙන සමන්නාගතො හොති.
Sinhala BJT1. මහණෙනි, මෙ සස්නෙහි අරීසවු මෙසේ නුවණින් සලකන්නේ ය: “රහත්හු දිවිහිම් කොට ප්‍රාණඝාත හැර ප්‍රාණඝාතයෙන් වැළකියාහු බහා තැබූ දඬු ඇත්තාහු බහාතැබූ අවි ඇත්තාහු ලජ්ජා ඇත්තාහු දයාවට පැමිණියාහු සර්‍වප්‍රාණීගණයා කෙරෙහි හිතානුකම්පා ඇති ව වසන්නාහ. මම ද අද මේ රැයත් මේ දාවලත් පණිවා හැර පණිවායෙන් වැළකියෙම් බහාතැබූ දඬු ඇතියෙම් බහාලු අවි ඇතියෙම් ලජ්ජා ඇතියෙම් දයාවට පැමිණියෙම් සර්‍වප්‍රාණී ගණයා කෙරෙහි හිතානුකම්පා ඇතියෙම් වෙසෙමි. මම් මේ අඞ්ගයෙනුදු රහතුන් අනුකරණ කෙරෙමි. මා විසින් පෙහෙවස් ද වසන ලද වනැ යි මේ පළමු අඞ්ගයෙන් සමන්‍වාගත වෙයි.
Pali BJT2. යාවජීවං අරහන්තො අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතා දින්නාදායී දින්නපාටිකඞ්ඛී අථෙනෙන සුචිභූතෙන අත්තනා විහරන්ති. අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො දින්නාදායී දින්නපාටිකඞ්ඛී අථෙනෙන සුචිභූතෙන අත්තනා විහරාමි. ඉමිනාපහං අඞ්ගෙන අරහතං අනුකරොමි. උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සතීති ඉමිනා දුතියෙන අඞ්ගෙන සමන්නාගතො හොති.
Sinhala BJT2. රහත්හු දිවිහිම් කොට අයිනාදන් හැර අයිනාදනින් වැළකියාහු දුන් දෑ ගන්නාහු දුන් දෑ කැමැති වන්නාහු නො සොර වූ පිවිතුරු සිතින් වසන්නාහ. මම් ද අද මේ රැයත් මේ දාවලත් අයිනාදන් හැරපියා අයිනාදනින් වැළැකියෙම් දුන් දැ ගන්නෙම් දුන් දෑ කැමැති වන්නෙම් නො සොර වූ පිවිතුරු වූ සිතින් වෙසෙමි. මම් මේ අඟිනුදු රහතුන් අනුකරණ කෙරෙමි. පෙහෙවස් ද මා විසින් වසන ලද වනැ යි මේ දෙවන අඞ්ගයෙන් සමන්‍වාගත වෙයි.
Pali BJT3. යාවජීවං අරහන්තො අබ්රහ්මචරියං පහාය බ්රහ්මචාරිනො ආරාචාරිනො විරතා මෙථුනා ගාමධම්මා, අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං අබ්රහ්මචරියං පහාය බ්රහ්මචාරී ආරාචාරී විරතො මෙථුනා ගාමධම්මා විහරාමි, ඉමිනාපහං අඞ්ගෙන අරහතං අනුකරොමි. උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සතීති ඉමිනා තතියෙන අඞ්ගෙන සමන්නාගතො හොති.
Sinhala BJT3. රහත්හු දිවිහිමියෙන් අබ්‍රම්සර හැර බ්‍රම්සර ඇත්තාහු (අබ්‍රහ්මචර්‍ය්‍යයෙන්) දුරු ව හැසිරෙන්නාහු ග්‍රාමධර්‍ම සඞ්ඛ්‍යාත මෙවුන්දමින් වැළකියාහු වෙසෙත්. මම ද අද මේ රැයත්, මේ දාවලත් අබ්‍රම්සර හැර බ්‍රම්සර ඇතියෙම් (අබ්‍රහ්මචර්‍ය්‍යයෙන්) දුරු වූ හැසුරුම් ඇතියෙම් ග්‍රාමධර්‍ම වූ මෙවුන්දමින් වැළකියෙම් වෙසෙමි. මම් මේ අඟිනුදු රහතුන් අනුකරණ කෙරෙමි. මා විසින් පෙහෙවස් වසන ලද වනැ යි මේ තෙවන අඞ්ගයෙන් සමන්‍වාගත වෙයි.
Pali BJT4. යාවජීවං අරහන්තො මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතා සච්චවාදිනො සච්චසන්ධා ථෙතා පච්චයිකා අවිසංවාදකා ලොකස්ස, අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො සච්චවාදී සච්චසන්ධො ථෙතො පච්චයිකො අවිසංවාදකො ලොකස්ස. ඉමිනාපහං අඞ්ගෙන අරහතං අනුකරොමි. උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සතීති ඉමිනා චතුත්ථෙන අඞ්ගෙන සමන්නාගතො හොති.
Sinhala BJT4. රහත්හු දිවිහිම් කොට මුසාවාදය හැර මුසාවාදයෙන් වැළැකියාහු සත්‍යවචන කියන්නාහු ඇත්තෙන් ඇත්ත ගළපා කියන්නාහු තහවුරු ව පිහිටි කථා ඇත්තාහු ඇදැහිය යුතු කථා ඇත්තාහු ලොව නො රවටන්නාහු වෙත්. මම ද අද මේ රැයත් මේ දහවලත් මුසවා හැර මුසවායෙන් වැළැකියෙම් ඇත්ත කියන්නෙම් ඇත්තෙන් ඇත්ත ගළපා කියන්නෙම් ස්ථිර ව පිහිටි කථා ඇත්තෙම් ඇදැහිය යුතු කථා ඇත්තෙම් ලොව නො රවටන්නෙම් වෙමි. මම මේ කරුණින් ද රහතුන් අනුකරණ කෙරෙමි, මා විසින් පෙහෙවස් වසන ලද වනැ යි මේ සිවු වන කරුණින් සමන්‍වාගත වෙයි.
Pali BJT5. යාවජීවං අරහන්තො සුරාමෙරයමජ්ජපමාදට්ඨානං පහාය සුරාමෙරය මජ්ජපමාදට්ඨානා පටිවිරතා. අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං සුරාමෙරයමජ්ජපමාදට්ඨානං පහාය සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො ඉමිනාපහං අඞ්ගෙන අරහතං අනුකරොමි. උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සතීති ඉමිනා පඤ්චමෙන අඞ්ගෙන සමන්නාගතො හොති.
Sinhala BJT5. රහත්හු දිවිහිම් කොට මද ප්‍රමාදයට කරුණු වූ රහමෙර හැර මද ප්‍රමාදයට කරුණු වූ රහමෙරින් වැළැකියාහු වෙත්. මම් ද මේ රැයත් මේ දාවලත් මද ප්‍රමාදයට කරුණු වූ රහමෙර හැර මද ප්‍රමාදයට කරුණු වූ රහමෙරින් වැළැකියෙම් වෙමි. මම මේ කරුණිනුදු රහතුන් අනුකරණ කරමි, මා විසින් පෙහෙවස් වසන ලද වනැ යි මේ පස්වන අඞ්ගයෙන් යුතු වෙයි.
Pali BJT6. යාවජීවං අරහන්තො එකභත්තිකා රත්තූපරතා විරතා විකාලභොජනා. අහම්පජ්ජ ඉමඤ්චරත්තිං ඉමඤ්ච දිවසං එකභත්තිකො රත්තූපරතො විරතො විකාලභොජනා. ඉමිනාපහං අඞ්ගෙන අරහතං අනුකරොමි, උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සතීති ඉමිනා ඡට්ඨෙන අඞ්ගෙන සමන්නාගතො හොති.
Sinhala BJT6. රහත්හු දිවිහිම් කොට එක් ම (පෙරවරු) බත ඇත්තාහු රාත්‍රි භෝජනයෙන් තොර වූවාහු විකල් බොජුනෙන් වැළැකියාහු වෙත්. මම ද අද මේ රැයත් මේ දාවලත් එක භක්තික වූයෙම් රෑ බොජුනෙන් වැළැකියෙම් විකල් බොජුනෙන් වැළැකියෙම් වෙමි. මම මේ අඟිනුදු රහතුන් අනුකරණ කරමි, මා විසින් පෙහෙවස් වසන ලද වනැ යි මේ සවන අඟින් සමන්‍වාගත වෙයි.
Pali BJT7. යාවජීවං අරහන්තො නච්චගීතවාදිතවිසූකදස්සනමාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා පටිවිරතා. අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං නච්චගීතවාදිතවිසූකදස්සනමාලාගන්ධවිලෙපනධාරණමණ්ඩන විභූසනට්ඨානා පටිවිරතො. ඉමිනාපහං අඞ්ගෙන අරහතං අනුකරොමි, උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සතීති. ඉමිනා සත්තමෙන අඞ්ගෙන සමන්නාගතො හොති.
Sinhala BJT7. රහත්හු දිවිහිම් කොට නැටුම් ගැයුම් වැයුම් විසුළු දැකුම් යන මෙයින් ද මල් ගඳ විලෙවුන් යන මේ පැළැඳ ගැනුම අඩුතැන් පිරවීම ඡවිරාග කරණ යන මෙයට කරුණු වන දැයින් ද වැළැකියාහු වෙති. මම් ද මේ රැයත් දාවලත් නැටුම් ගැයුම් වැයුම් දස්නෙන් හා මල් ගඳ විලෙවුන් යන මේ පැළැඳගැනුම අඩුතැන් පිරවීම ඡවිරාග කරණය යන මෙයට කරුණු වන දැයින් ද වැළකියෙම් වෙමි. මම් මේ කරුණින් ද රහතුන් අනුකරණ කරමි, මා විසින් පෙහෙවස් වසන ලද වනැ යි මේ සත්වන අඞ්ගයෙන් සමන්‍වාගත වෙයි.
Pali BJT8. යාවජීවං අරහන්තො උච්චාසයනමහාසයනං පහාය උච්චාසයනමහාසයනා පටිවිරතා නීචසෙය්යං කප්පෙන්ති මඤ්චකෙ වා තිණසන්ථාරකෙ වා. අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං උච්චාසයනමහාසයනං පහාය උච්චාසයනමහාසයනා පටිවිරතො නීචසෙය්යං කප්පෙමි මඤ්චකෙ වා තිණසන්ථාරකෙ වා. ඉමිනාපහං අඞ්ගෙන අරහතං අනුකරොමි, උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සතීති ඉමිනා අට්ඨමෙන අඞ්ගෙන සමන්නාගතො හොති.
Sinhala BJT8. රහත්හු දිවිහිම් කොට (පමණ ඉක්ම වූ) උස් අසුන් (නො කැප වූ) මහ අසුන් හැර උසසුන් මහසුනින් වැළැකියාහු හැඳෙක හෝ තණ ඇතිරියෙක හෝ නීචශය්‍යා කෙරෙත්. මම ද අද මේ රැයත් දාවලත් උසසුන් මහසුන් හැර උසසුන් මහසුනින් වැළැකියෙම් හැඳෙක හෝ තණ ඇතිරියෙක හෝ නීචශය්‍යා කරමි. මම් මේ අඞ්ගයෙනුදු රහතුන් අනුකරණ කරමි. මා විසින් පෙහෙවස් වසන ලද වනැ යි මේ අටවන අඞ්ගයෙන් සමන්‍වාගත වෙයි.
Pali BJTඑවං උපවුත්ථො ඛො භික්ඛවෙ, අට්ඨඞ්ගසමන්නාගතො උපොසථො මහප්ඵලො හොති මහානිසංසො මහාජුතිකො මහාවිප්ඵාරොති.
Sinhala BJTමහණෙනි, මෙසේ අටඟින් යුත් පෙහෙවස් වසන ලදුයේ මහත් ඵල වෙයි. මහානෘශංස වෙයි. මහාද්‍යුතික වෙයි. මහා විස්ථාර වෙයි.
Pali BJT8. 1. 5. 2.
Sinhala BJT8. 1. 5. 2.
Pali BJTවිත්ථත අට්ඨඞ්ගුපොසථ සුත්තං
Sinhala BJTවිත්‍ථත අට්ඨඞ්ගුපෝසථ සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅට්ඨඞ්ගසමන්නාගතො භික්ඛවෙ, උපොසථො උපවුත්ථො මහප්ඵලො හොති මහානිසංසො මහාජුතිකො මහාවිප්ඵාරො. කථං උපවුත්ථො ච භික්ඛවෙ, අට්ඨඞ්ගසමන්නාගතො උපොසථො මහප්ඵලො හොති මහානිසංසො මහාජුතිකො මහාවිප්ඵාරො:
Sinhala BJTමහණෙනි, අටඟින් සමන්‍වාගත වූ පෙහෙවස් වසන ලදුයේ මහත්ඵල වෙයි, මහානෘශංස වෙයි, මහාද්‍යුතික වෙයි, මහාවිස්ඵාර වෙයි, මහණෙනි, අටඟින් සමන්‍වාගත පෙහෙවස කෙසේ වසනලදුයේ මහත්ඵල වේ ය, මහානෘශංස වේ ය, මහාද්‍යුතික වේ ය, මහාවිස්ථාර වේ ය යත්:
Pali BJTඉධ භික්ඛවෙ, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: යාවජීවං අරහන්තො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතා නිහිතදණ්ඩා නිහිතසත්ථා ලජ්ජී දයාපන්නා සබ්බපාණභූතෙසු හිතානුකම්පිනො විහරන්ති. අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතෙසු හිතානුකම්පී විහරාමි. ඉමිපනාහං අඞ්ගෙන අරහතං අනුකරොමි. උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සතීති ඉමිනා පඨමෙන අඞ්ගෙන සමන්නාගතො හොති -පෙ-
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි අරීසවු මෙසේ නුවණින් සලකන්නේ ය: රහත්හු දිවිහිමියෙන් පණිවා හැර පණිවායෙන් දුරු වූවාහු බහා තැබූ දඬු ඇත්තාහු බහා තැබූ සැත් ඇත්තාහු ලජ්ජායෙන් යුක්ත වූවාහු දයාවට පැමිණියාහු සර්‍වප්‍රාණිගණයා කෙරෙහි හිතානුකම්පා ඇත්තාහු වෙසෙත්. මම ද අද මේ රැයත් මේ දාවලත් පණිවා හැර පණිවායෙන් දුරු වූයෙම් බහා තැබූ දඬු ඇතියෙම් බහා තැබූ සැත් ඇතියෙම් ලජ්ජා ඇත්තෙම් දයාවට පැමිණියෙම් සර්‍වප්‍රාණිගණයා කෙරෙහි හිතානුකම්පා ඇත්තෙම් වෙසෙමි. මම් මේ කරුණිනුදු රහතුන් අනුකරණ කරමි. මා විසින් පෙහෙවස වසනාලද වේ යයි මේ පළමුවන අඟින් සමන්‍වාගත වෙයි ...
Pali BJTයාවජීවං අරහන්තො උච්චාසයනමහාසයනං පහාය උච්චාසයනමහාසයනා පටිවිරතා නීචසෙය්යං කප්පෙන්ති මඤ්චකෙ වා තිණසන්ථාරකෙ වා. අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං උච්චාසයනමහාසයනං පහාය උච්චාසයනමහාසයනා පටිවිරතො නීචසෙය්යං කප්පෙමි මඤ්චකෙ වා තිණසන්ථාරකෙ වා. ඉමිනාපහං අඞ්ගෙන අරහතං අනුකරොමි, උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සති. ඉමිනා අට්ඨමෙන අඞ්ගෙන සමන්නාගතො හොති. එවං උපවුත්ථො ඛො භික්ඛවෙ, අට්ඨඞ්ගසමන්නාගතො උපොසථො මහප්ඵලො හොති මහානිසංසො මහාජුතිකො මහාවිප්ඵාරොති.
Sinhala BJTරහත්හු දිවිහිමියෙන් උසසුන් මහසුන් හැර උසසුන් මහස්නෙන් වැළැකියාහු හැඳෙක වේවයි තණ ඇතිරියෙක වේවයි නීචශය්‍යා කෙරෙත්. මම ද මේ රැයත් මේ දාවලත් උසසුන් මහසුන් හැර උසසුන් මහස්නෙන් වැළැකියෙම් හැඳෙක වේවයි තණ ඇතිරියෙක වේවයි නීචශය්‍යා කරමි. මේ කරුණිනුදු මම් රහතුන් අනුකරණ කරමි. මා විසින් පෙහෙවස් ද වසන ලද වේ යයි. මේ අට වැනි කරුණින් සමන්‍වාගත වෙයි. මහණෙනි, මෙසේ අටඟින් යුත් පෙහෙවස වසන ලද්දේ මහත්ඵල වෙයි, මහානෘශංස වෙයි, මහාද්‍යුතික වෙයි. මහාවිස්ථාර වේ.
Pali BJTකීවමහප්ඵලො හොති කීවමහානිසංසො කීවමහාජුතිකො කීවමහාවිප්ඵාරො:
Sinhala BJTකොතෙක් මහත්ඵල වේය කෙතෙක් මහානෘශංස වේ ය, කෙතෙක් මහාද්‍යුතික වේ ය, කෙතෙක් මහා විස්ථාරවේ ය යත්:
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, යො ඉමෙසං සොළසන්නං මහාජනපදානං පහූතසත්තරතනානං ඉස්සරියාධිපච්චං රජ්ජං කාරෙය්ය, සෙය්යථීදං: අඞ්ගානං මගධානං කාසීනං කොසලානං වජ්ජීනං මල්ලානං චෙතීනං වඞ්ගානං කුරූනං පඤ්චාලානං මච්ඡානං සූරසෙනානං අස්සකානං අවන්තීනං ගන්ධාරානං කම්බොජානං, අට්ඨඞ්ගසමන්නාගතස්ස උපොසථස්ස එතං කලං නාග්ඝති සොළසිං. තං කිස්ස හෙතු: කපණං භික්ඛවෙ, මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධාය.
Sinhala BJTමහණෙනි, යමෙක් යම්සේ අඞ්ග ය, මගධ ය, කාසී ය, කෝසල ය, වජ්ජී ය, මල්ල ය, චෙතී ය, වඞ්ක ය, කුරු ය, පඤ්චාල ය, මච්ඡ ය, සූරසේන ය, අස්සක ය, අවන්තී ය, ගන්‍ධාර ය, කම්බෝජ ය, යන නම් ඇති බොහෝ සත් රුවන් ඇති මේ සොළොස් මහාජනපදයන් ගේ ඓශ්වර්‍ය්‍යාධිපත්‍යය ඇති රජය කරවන්නේ නම්, තෙල අටඟින් යුත් පෙහෙවසුහුගේ සොළොස්වන කලාවට ද නො අගනේ ය. එයට හේතු කවර යත්: මහණෙනි, දිව්‍ය සුඛය පිණිස මානුෂක රාජ්‍යය කෘපණ (දිළිඳු) වෙයි.
Pali BJTයානිමානි භික්ඛවෙ, මානුසකානි පඤ්ඤාසවස්සානි චාතුම්මහාරාජිකානං දෙවානං එසො එකො රත්තින්දිවො, තාය රත්තියා තිංසරත්තියො මාසො, තෙන මාසෙන ද්වාදසමාසියො සංවච්ඡරො, තෙන සංවච්ඡරෙන පඤ්චවස්සසතානි චාතුම්මහාරාජිකානං දෙවානං ආයුප්පමාණං. ඨානං ඛො පනෙතං භික්ඛවෙ, විජ්ජති යං ඉධෙකච්චො ඉත්ථි වා පුරිසො වා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසිත්වා කායස්ස භෙදා පරම්මරණා චාතුම්මහාරාජිකානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්ය. ඉදං ඛො පනෙතං භික්ඛවෙ, සන්ධාය භාසිතං කපණං මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධාය.
Sinhala BJTමහණෙනි, මිනිස්නට අයත් යම් මේ පනස් වසෙක් වේ නම් තෙල චාතුම්මහාරාජික දෙවියන්ගේ එක් රෑ දාවලෙක. එරැයින් තිස් රැයෙක් මසෙක: එ මසින් දොළොස් මසැතියේ හවුරුද්දෙක. එ හවුරුදුයෙන් පන්සිය හවුරුද්දෙක් චාතුම්මහාරාජික දෙවියන්ගේ ආයුප්‍රමාණ වෙයි. මහණෙනි, යම් කරුණෙකින් මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අටඟින් යුත් පෙහෙවස් වැස කාබුන් මරණින් මතු චාතුම්මහාරාජික දෙවියන්ගේ සහවාසයට එළඹෙන්නේ ය යන තෙල කරුණ විද්‍යාමාන වෙයි. මහණෙනි, දිව්‍යසුඛය සඳහා (ශාක්‍ෂ්‍ය කොට සලකා) මානුෂික රාජ්‍යය කෘපණය යන තෙල කරුණ මේ සඳහා කියන ලද්දේ ය.
Pali BJTයං භික්ඛවෙ මානුසකං වස්සසතං තාවතිංසානං දෙවානං එසො එකො රත්තින්දිවො; තාය රත්තියා තිංසරත්තියො මාසො; තෙන මාසෙන ද්වාදසමාසියො සංවච්ඡරො තෙන සංවච්ඡරෙන දිබ්බං වස්සසහස්සං තාවතිංසානං දෙවානං ආයුප්පමාණං. ඨානං ඛො පනෙතං භික්ඛවෙ, විජ්ජති යං ඉධෙකච්චො ඉත්ථී වා පුරිසො වා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසිත්වා කායස්ස භෙදා පරම්මරණා තාවතිංසානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්ය, ඉදං ඛො පනෙතං භික්ඛවෙ, සන්ධාය භාසිතං කපණං මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධාය.
Sinhala BJTමහණෙනි, මිනිසුන් සතු සියක් හවුරුද්දෙක් වේ නම් තෙල තාවතිංස දෙවියන් ගේ එක් රෑ දාවලෙකි. එ රැයින් තිස් රැයෙක් මසෙක, එ මසින් දොළොස් මසෙක් හවුරුද්දෙක. එ හවුරුදුයෙන් දිව්‍යවර්‍ෂ සහස්‍රයෙක් තාවතිංස දෙවියන්ගේ ආයුප්‍රමාණ වෙයි. මහණෙනි, යම් කරුණෙකින් මෙලොව්හි කිසි ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි අටඟින් යුත් පෙහෙවස් වැස කාබුන් මරණින් මතු තාවතිංස දෙවියන් ගේ සහවාසයට යේ නම් තෙල කරුණ විද්‍යාමාන වෙයි: මහණෙනි, දිව්‍ය සුඛය නිසා මිනිස් රජසිරි කෘපණය යන තෙල කරුණ මේ සඳහා කියන ලදි.
Pali BJTයානි භික්ඛවෙ, මානුසකානි ද්වෙ වස්සසතානි යාමානං දෙවානං එසො එකො රත්තින්දිවො, තාය රත්තියා තිංසරත්තියො මාසො, තෙන මාසෙන ද්වාදසමාසියො සංවච්ඡරො, තෙන සංවච්ඡරෙන දිබ්බානි ද්වෙ වස්සසහස්සානි යාමානං දෙවානං ආයුප්පමාණං. ඨානං ඛො පනෙතං භික්ඛවෙ, විජ්ජති යං ඉධෙකච්චො ඉත්ථී වා පුරිසො වා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසිත්වා කායස්ස භෙදා පරම්මරණා යාමානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්ය, ඉදං ඛො පනෙතං භික්ඛවෙ, සන්ධාය භාසිතං කපණං මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධාය.
Sinhala BJTමහණෙනි, මිනිසුන් පිළිබඳ යම් දෙසිය වසෙක් වේ නම් තෙල යාම දෙවියන්ගේ එක් රෑ දාවලෙකි. ඒ රැයින් තිස් රැයෙක් මාසයෙක. එ මසින් දොළොස් මස් ඇතියේ හවුරුද්දෙක. ඒ හවුරුදුයෙන් දිව්‍ය වූ දෙදහසෙක් හවුරුදු යාමදෙවියන්ගේ ආයුප්‍රමාණ වෙයි. මහණෙනි, යම් කරුණෙකින් මෙලොව්හි කිසි මාගමක් වේවයි පුරුෂයෙක් වේවයි අටඟින් සමන්‍වාගත වූ පෙහෙවස් වැස කාබුන් මරණින් මතු යාම දෙවියන්ගේ සහභාවසයට එළඹෙන්නේ ය යන තෙල කරුණ විද්‍යාමාන වෙයි. මහණෙනි, දිව සැපත් නිසා මානුෂක රාජ්‍යය කෘපණය යන තෙල කරුණ මේ සඳහා කියන ලදි.
Pali BJTයානි ඛො භික්ඛවෙ, මානුසකානි චත්තාරි වස්සසතානි තුසිතානං එසො එකො රත්තින්දිවො; තාය රත්තියා තිංසරත්තියො මාසො; තෙන මාසෙන ද්වාදසමාසියො සංවච්ඡරො, තෙන සංවච්ඡරෙන දිබ්බානි චත්තාරි වස්සසහස්සානි තුසිතානං දෙවානං ආයුප්පමාණං. ඨානං ඛො පනෙතං භික්ඛවෙ, විජ්ජති යං ඉධෙකච්චො ඉත්ථී වා පුරිසො වා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසිත්වා කායස්ස භෙදා පරම්මරණා තුසිතානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්ය. ඉදං ඛො පනෙතං භික්ඛවෙ, සන්ධාය භාසිතං කපණං මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධාය.
Sinhala BJTමහණෙනි, යම් මානුෂක වූ හවුදුරු සාරසියෙක් වේ නම් තෙල තුසිත දෙවියනට එක් රෑ දාවලෙකි. එ රැයින් තිස් රැයෙක් මසෙක. එ මසින් දොළොස් මසෙක් හවුරුද්දෙක. එ හවුරුදුයෙන් දිව්‍ය වූ සාරදහස් හවුරුදුයෙක් තුසිත දෙවියන්ගේ ආයුප්‍රමාණ වේ. මහණෙනි, යම් හෙයකින් මෙලොව්හි කිසි මාගමක් වේවයි පිරිම්නියෙක් වේවයි අටඟින්යුත් පෙහෙවස් වැස කාබුන් මරණින් මතු තුසිත දෙවියන්ගේ සහභාවයට එළඹෙන්නේ ය යන තෙල කරුණ විද්‍යාමාන වෙයි. මහණෙනි, දිව්‍යසුඛය නිසා මානුෂක රාජ්‍යය දිළිඳුය යන තෙල කරුණ මේ සඳහා කියන ලදි.
Pali BJTයානි භික්ඛවෙ, මානුසකානි අට්ඨවස්සසතානි නිම්මාණරතීනං දෙවානං එසො එකො රත්තින්දිවො. තාය රත්තියා තිංසරත්තියො මාසො, තෙන මාසෙන ද්වාදසමාසියො සංවච්ඡරො, තෙන සංවච්ඡරෙන දිබ්බානි අට්ඨවස්සසහස්සානි නිම්මාණරතීනං දෙවානං ආයුප්පමාණං. ඨානං ඛො පනෙතං භික්ඛවෙ, විජ්ජති යං ඉධෙකච්චො ඉත්ථී වා පුරිසො වා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසිත්වා කායස්ස භෙදා පරම්මරණා නිම්මාණරතීනං දෙවානං සහව්යතං උපපජ්ජෙය්ය, ඉමං ඛො පනෙතං භික්ඛවෙ සන්ධාය භාසිතං කපණං මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධාය.
Sinhala BJTමහණෙනි, මානුෂක වූ යම් අටසිය හවුරුද්දෙක් වේ නම් නිම්මාණරතී දෙවියනට තෙල එක් රෑ දාවලෙක. එ රැයින් තිස් රැයක් ඇතියේ මාසයෙක. එමසින් දොළොස් මසෙක් හවුරුද්දෙක, එ හවුරුදුයෙන් දිව්‍යවර්‍ෂ අටදහසෙක් නිම්මාණරතී දෙවියන්ගේ ආයුප්‍රමාණ වෙයි. මහණෙනි, යම් හෙයකින් මෙලොව්හි කිසි මාගමක් වේවයි පිරිම්නියෙක් වේවයි අටඟින් යුත් පෙහෙවස් වැස කාබුන් මරණින්මතු නිම්මාරණරතී දෙවියන්ගේ සහභාගයට එළඹෙන්නේ නම් තෙල කරුණ විද්‍යාමාන වෙයි. මහණෙනි, දිව්‍යසුඛය සාක්‍ෂ්‍ය කොට ගෙන මානුෂක රාජ්‍යය කෘපණය යන තෙල කරුණ මේ සඳහා කියන ලදි.
Pali BJTයානි භික්ඛවෙ, මානුසකානි සොළසවස්සසතානි පරනිම්මිතවසවත්තීනං දෙවානං එසො එකො රත්තින්දිවො; තාය රත්තියා තිංසරත්තියො මාසො, තෙන මාසෙන ද්වාදසමාසියො සංවච්ඡරො, තෙන සංවච්ඡරෙන දිබ්බානි සොළසවස්සසහස්සානි පරනිම්මිතවසවත්තීනං දෙවානං ආයුප්පමාණං ඨානං ඛො පනෙතං භික්ඛවෙ, විජ්ජති යං ඉධෙකච්චො ඉත්ථි වා පුරිසො වා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසිත්වා කායස්ස භෙදා පරම්මරණා පරනිම්මිතසවත්තීනං දෙවානං සහව්යතං උපපජ්ජෙය්ය ඉදං ඛො පනෙතං භික්ඛවෙ, සන්ධාය භාසිතං කපණං මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධායාති.
Sinhala BJTමහණෙනි, මනුෂ්‍යයන් පිළිබඳ යම් සොළොස් සියවසෙක් වේ ද, තෙල පරනිම්මිත වසවත්තී දෙව්ලොව වැසි දෙවියනට එක් රෑ දාවලෙකි. එ රැයින් තිස් රැයක් මසෙකි. ඒ මසින් දොළොසමසෙක් හවුරුද්දෙකි. ඒ හවුරුදුයෙන් දිව්‍යවර්‍ෂ සොළොස් දහසක් පරනිම්මිත වසවත්තී දෙව් ලොව වැසි දෙවියන් ගේ ආයුප්‍රමාණ වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මෙ ලෙව්හි කිසි මාගමක් හෝ පුරුෂයෙක් හෝ අටඟින් යුතු පෙහෙවස් වැස කාබුන් මරණින් මතු පරනිම්මිත වසවත්තී දෙව්ලොව වැසි දෙවියන්ගේ සහවාසයට එළැඹෙන්නේ ය යන තෙල කරුණ විද්‍යාමාන වෙයි. මහණෙනි, දිව්‍යසුඛය සාක්‍ෂ්‍ය කොට මානුෂක රාජ්‍යය කෘපණය යන තෙල කරුණ මේ සඳහා කියන ලදි.
Pali BJT1. පාණං න හානෙ න ච දින්නමාදියෙ මුසා න භාසෙ න ච මජ්ජපො සියා අබ්රහ්මචරියා විරමෙය්ය මෙථුනා රත්තිං න භුඤ්ජෙය්ය විකාලභොජනං.
Sinhala BJT1. පරපණ නො නසන්නේ ය, නුදුන් දෑ නො ගන්නේ ය; මුසා නො බණන්නේ ය, මද්‍යපයෙක්ද නො වන්නේ ය, අබ්‍රහ්මචරිය වූ මෙවුන් දමින් දුරු වන්නේ ය, රෑ විකල් බොජුන් නො වළඳන්නේ ය.
Pali BJT2. මාලං න ධාරෙ න ච ගන්ධමාචරෙ මඤ්චෙ ඡමායං ච සයෙථ සන්ථතෙ එතං හි අට්ඨඞ්ගිකමාහු පොසථං බුද්ධෙන දුක්ඛන්තගුනා පකාසිතං.
Sinhala BJT2. මල් නො දරන්නේ ය, ගඳ (විලෙවුන්) නො ගල්වන්නේ ය. (මිටිරියන් පා ඇති) කැප ඇඳෙහි හෝ (පිරියම් කළ) බිම තණකොළ ආදිය අතුරා කළ ඇතිරියෙහි හෝ සයනය කරන්නේ ය, තෙල දුක්ඛයාගේ කෙළවරට පැමිණි බුදුන් විසින් වදාරන ලද අෂ්ටාඞ්ගික උපෝෂිතය යි කියති.
Pali BJT3. චන්දො ච සුරියො ච උභො සුදස්සනා ඔභාසයං අනුපරියන්ති යාවතා, තමොනුදා තෙ පන අන්තලික්ඛගා නභෙ පභාසෙන්ති දිසාවිරොචනා.
Sinhala BJT3. සඳ ද හිරු ද යන දෙදෙන මනා දැකුම් ඇත්තාහු යම්තාක් බබුළුවමින් හැසිරෙත් ද, අහස ගමන් ගත් අඳුරු දුරලන ඔහු දිගුන් බබුළුවමින් අහස් තෙලෙහි බැබැළෙත්.
Pali BJT4. එතස්මිං යං විජ්ජති අන්තරෙ ධනං මුත්තා මණි වෙළුරියඤ්ච භද්දකං සිඞ්ගීසුවණ්ණං අථවාපි කඤ්චනං යං ජාතරූපං හටකන්ති වුච්චති අට්ඨඞ්ගුපෙතස්ස උපොසථස්ස කලම්පි තෙ නානුභවන්ති සොළසිං චන්දප්පභා තාරගණා ච සබ්බෙ.
Sinhala BJT4. තෙල අන්තරයෙහි උතුම් මුතු ය මිණි ය වෙරළුමිණි ය සිඟුරන් ය වැලිත් (පර්‍වතයෙහි හටගත්) කසුන් ය යන යම් ධනයෙක් වේ ද, යම් රනෙක් හටක (කුහුඹුවන් විසින් ගෙනෙන ලද ස්වර්‍ණ) යයි කියනු ලැබේ ද, ඔහු අටඟින් යුතු උපෝසථයාගේ සොළොස්වන කලාවට ද නො පැමිණෙත්. සඳ එළිය ද සියලු තරුකැල ද එබඳු වෙයි.
Pali BJT5. තස්මාහි නාරී ච නරො ච සීලවා අට්ඨඞ්ගුපෙතං උපවස්සුපොසථං පුඤ්ඤානි කත්වාන සුඛුදායානි අනින්දිතා සග්ගමුපෙන්ති ඨානන්ති.
Sinhala BJT5. එහෙයින් සිල්වත් ස්ත්‍රිය ද පුරුෂයා ද අටඟින් යුතු පෙහෙවස් වැස සුව උදා කරන පින් කොට (කිසිවකු විසින්) අනින්‍දිත වැ ස්වර්‍ගස්ථානයට එළැඹෙත්.
Pali BJT8. 1. 5. 3.
Sinhala BJT8. 1. 5. 3.
Pali BJTවිසාඛූපොසථ සුත්තං
Sinhala BJTවිසාඛූපෝසථ සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. අථ ඛො විසාඛා මිගාරමාතා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො විසාඛං මිගාරමාතරං භගවා එතදවොච:
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි පූර්‍වාරාම නම් වූ මිගාරමාතුපාසාදයෙහි වැඩ වසන සේක. එකල්හි මිගාරමාතු විශාඛා තොමෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියා ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුනු. එකත්පසෙක හුන් විසාඛා මිගාරමාතාවට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක.
Pali BJTඅට්ඨඞ්ගසමන්නාගතො ඛො විසාඛෙ, උපොසථො උපවුත්ථො මහප්ඵලො හොති මහානිසංසො මහාජුතිකො මහාවිප්ඵාරො.
Sinhala BJTවිශාඛාවෙනි, විසූ අටඟින් යුත් පෙහෙවස මහත්ඵල ඇතියේ වෙයි, මහ අනුසස් ඇතියේ වෙයි, මහත් දිලුම් ඇත්තේ වෙයි, මහත් පැතුරුම් ඇත්තේ වෙයි.
Pali BJTකථං උපවුත්ථො ච විසාඛෙ අට්ඨඞ්ගසමන්නාගතො උපොසථො මහප්ඵලො හොති මහානිසංසො මහාජුතිකො මහාවිප්ඵාරො:
Sinhala BJTවිශාඛාවෙනි, කෙසේ විසූ අටඟින් යුත් පෙහෙවස මහත්ඵල වේ ය. මහානෘශංස වේ ය, මහාද්‍යුතික වේ ය, මහා විස්ථාර වේ ය යත්:
Pali BJTඉධ විසාඛෙ, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: යාවජීවං අරහන්තො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතා නිහිතදණ්ඩා නිහිතසත්ථා ලජ්ජී දයාපන්නා සබ්බපාණභූතහිතානුකම්පිනො විහරන්ති. අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරාමී. ඉමිපනාහං අඞ්ගෙන අරහතං අනුකරොමි. උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සතීති ඉමිනා පඨමෙන අඞ්ගෙන සමන්නාගතො හොති. -පෙ-
Sinhala BJTවිශාඛාවෙනි, මෙසස්නෙහි අරීසවු මෙසේ නුවණින් සලකන්නේ ය: රහත්හු දිවිහිමියෙන් පණිවා දුරැර පණිවායෙන් වැළැකියාහු බහා තැබූ දඬු ඇතියාහු බහා තැබූ සැත් ඇතියාහු පවට ලජ්ජා ඇතියාහු දයාපත් වූවාහු හැම ප්‍රාණීසමූහයා කෙරෙහි හිතානුකම්පා ඇතියාහු වෙසෙත්. මම ද අද මේ රෑත් මේ දාවලත් පණිවා දුරැර පණිවායෙන් වැළැකියෙම් බහා තැබූ දඬු ඇතියෙම් බහාතැබූ අවි ඇතියෙම් පවට ලජ්ජා ඇතියෙම් දයාපත් වූයෙම් හැම ප්‍රාණීභූතයන් කෙරෙහි හිතානුකම්පා ඇතියෙම් වෙසෙමි. මම් මෙකරුණිනුදු රහතුන් අනුකරණ කරමි. මා විසින් පෙහෙවස් වසන ලද ද වේ යයි මේ පළමු අඟින් සමන්‍වාගත වෙයි …
Pali BJTයාවජීවං අරහන්තො උච්චාසයනමහාසයනං පහාය උච්චාසයනමහාසයනා පටිවිරතා නීචසෙය්යං කප්පෙන්ති මඤ්චකෙ වා තිණසන්ථාරකෙ වා. අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං උච්චාසයනමහාසයනං පහාය උච්චාසයනමහාසයනා පටිවිරතො නීචසෙය්යං කප්පෙමි මඤ්චකෙ වා තිණසන්ථාරකෙ වා. ඉමිනාපහං අඞ්ගෙන අරහතං අනුකරොමි, උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සතීති ඉමිනා අට්ඨමෙන අඞ්ගෙන සමන්නාගතො හොති.
Sinhala BJTදිවිහිමියෙන් රහත්හු උසසුන්මහසුන් දුරැර උසසුන් මහස්නෙන් වැළැකියාහු (කුරු) හැඳෙක වේවයි. තණ ඇතිරියෙහි වේවයි නීචශය්‍යා කරත්. මම ද අද මේ රෑත් මේ දාවලත් උසසුන් මහසුන් දුරැර උසසුන් මහස්නෙන් වැළැකියෙම් හැඳෙක වේවයි, තණ ඇතිරියෙහි වේවයි නීචශය්‍යා කෙරෙම්. මේ කරුණිනුදු මම රහතුන් අනුකරණ කරම්. මා විසින් පෙහෙවස් වුසුයේත් වන්නේ යයි මේ අටවැනි අඟින් සමන්‍වාගත වෙයි.
Pali BJTඑවං උපවුත්ථො ඛො විසාඛෙ, අට්ඨඞ්ගසමන්නාගතො උපොසථො මහප්ඵලො හොති මහානිසංසො මහාජුතිකො මහාවිප්ඵාරොති.
Sinhala BJTවිශාඛාවෙනි, මෙසේ වුසූ අටඟින් සමන්‍වාගත වූ පෙහෙවස මහත් ඵල වෙයි. මහානිසංස වෙයි, මහාද්‍යුතික වෙයි, මහාවිස්ථාර වේ යයි.
Pali BJTකීව මහප්ඵලො හොති, කීව මහානිසංසො කීව මහාජුතිකො කීව මහාවිප්ඵාරො:
Sinhala BJTකොතෙක් මහත්ඵල වේ ය, කොතෙක් මහානෘශංස වේ ය, කොතෙක් මහාද්‍යුතික වේය, කොතෙක් මහාවිස්ථාරවේය යත්:
Pali BJTසෙය්යථාපි විසාඛෙ, යො ඉමෙසං සොළසන්නං මහාජනපදානං පහූතසත්තරතනානං ඉස්සරියාධිපච්චං රජ්ජං කාරෙය්ය, සෙය්යථීදං: අඞ්ගානං මගධානං කාසීනං කොසලානං වජ්ජීනං මල්ලානං චෙතීනං වඞ්ගානං කුරූනං පඤ්චාලානං මච්ඡානං සූරසෙනානං අස්සකානං අවන්තීනං ගන්ධාරානං කම්බොජානං, අට්ඨඞ්ගසමන්නාගතස්ස උපොසථස්ස එතං කලං නාග්ඝති සොළසිං. තං කිස්ස හෙතු:
Sinhala BJTවිශාඛාවෙනි, යම්සේ අඞ්ග ය, මගධ ය, කාශී ය, කෝශල ය, වජ්ජී ය, මල්‍ය ය, චෙතී ය, වඞ්ගය, කුරු ය, පඤ්චාල ය, මත්ස්‍ය ය, ශූරසේන ය, අශ්වක ය, අවන්ති ය, ගන්‍ධාර ය, කම්බෝජ ය යන බොහෝ සත් රුවන් ඇති මේ සොළොස් මහාජනපදයන්ගේ ඓශ්වර්‍ය්‍යාධිපත්‍යය ඇති රාජ්‍යය යමෙක් කරන්නේ නම්, තෙල අටඟින් යුත් පෙහෙවස්හුගේ සොළොස්වන කලාවට ද නො අගනේ ය. එ කවර හෙයින යත්:
Pali BJTකපණං විසාඛෙ, මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධාය. යානි විසාඛෙ, මානුසකානි පඤ්ඤාසවස්සානි චාතුම්මහාරාජිකානං දෙවානං එසො එකො රත්තින්දිවො, තාය රත්තියා තිංසරත්තියො මාසො, තෙන මාසෙන ද්වාදසමාසියො සංවච්ඡරො, තෙන සංවච්ඡරෙන පඤ්චවස්සසතානි චාතුම්මහාරාජිකානං දෙවානං ආයුප්පමාණං. ඨානං ඛො පනෙතං විසාඛෙ, විජ්ජති යං ඉධෙකච්චො ඉත්ථි වා පුරිසො වා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසිත්වා කායස්ස භෙදා පරම්මරණා චාතුම්මහාරාජිකානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්ය ඉදං ඛො පනෙතං විසාඛෙ සන්ධාය භාසිතං කපණං මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධාය.
Sinhala BJTවිසාඛාවෙනි, මානුෂක රාජ්‍යය දිව්‍ය සුඛය සඳහා අල්ප වෙයි. විසාඛාවෙනි, මිනිසුන්ගේ යම් පනස් හවුරුද්දෙක් වේ නම් තෙල සිව්මහරද වැසි දෙවියනට එක් රෑ දාවලෙක. එ රැයින් තිස් රෑ ඇතියේ මාසයෙක, එ මසින් දොළොස්මස් ඇතියේ හවුරුද්දෙක, එ හවුරුදුයෙන් පන්සිය හවුරුද්දෙක් සිව්මහරද වැසි දෙවියන්ගේ ආයුප්‍රමාණය වේ. විසාඛාවෙනි, යම් හෙයකින් මෙලොව්හි ඇතැම් මාගමක් වේවයි, පුරුෂයෙක් වේවයි අටඟින් සමන්‍වාගත පෙහෙවස් වැස කාබුන් මරණින් මතු සිව්මහරද වැසි දෙවියන්ගේ සහභාවයට එළඹෙන්නේ ය යන තෙල කරුණ ඇත. විසාඛාවෙනි, දිවසුව පිණිස මානුෂක රාජ්‍යය අල්ප වෙයි යන යමක් කියන ලද නම් තෙල කරුණ මේ සඳහා කියන ලදී.
Pali BJTයං විසාඛෙ, මානුසකං වස්සසතං තාවතිංසානං දෙවානං එසො එකො රත්තින්දිවො; තාය රත්තියා තිංසරත්තියො මාසො; තෙන මාසෙන ද්වාදසමාසියො සංවච්ඡරො. තෙන සංවච්ඡරෙන දිබ්බං වස්සසහස්සං තාවතිංසානං දෙවානං ආයුප්පමාණං, ඨානං ඛො පනෙතං විසාඛෙ, විජ්ජති යං ඉධෙකච්චො ඉත්ථී වා පුරිසො වා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසිත්වා කායස්ස භෙදා පරම්මරණා තාවතිංසානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්ය, ඉදං ඛො පනෙතං විසාඛෙ, සන්ධාය භාසිතං කපණං මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධාය.
Sinhala BJTවිසාඛාවෙනි, මානුෂක වූ යම් සියක් හවුරුද්දෙක් වේ නම් තව්තිසා වැසි දෙවියනට තෙල එක් රෑ දාවලෙකි. එ රැයින් තිස් රැයෙක් මාසයෙක, එ මසින් දොළොස්මසෙක් හවුරුද්දෙක. එ හවුරුදුයෙන් දිව්‍යවර්‍ෂ සහස්‍රයෙක් තව්තිසා වැසි දෙවියනට ආයුප්‍රමාණ වෙයි. විසාඛාවෙනි, යම් හෙයෙකින් මෙලොව්හි කිසි ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි අටඟින් සමන්‍වාගත පෙහෙවස් වැස කාබුන් මරණින් මතු තව්තිසා වැසි දෙවියන්ගේ සහවාසයට පැමිණෙන්නේ ය යන තෙල කරුණ ඇත. විසාඛාවෙනි, දිව්‍ය සුඛය පිණිස මානුෂක රාජ්‍යය අල්ප වෙයි යන තෙල කරුණ මේ සඳහා කියන ලදී.
Pali BJTයානි විසාඛෙ, මානුසකානි ද්වෙ වස්සසතානි -පෙ- අට්ඨවස්සසතානි -පෙ- සොළසවස්සසතානි -පෙ- පරනිම්මිතවසවත්තීනං දෙවානං එසො එකො රත්තින්දිවො; තාය රත්තියා තිංසරත්තියො මාසො, තෙන මාසෙන ද්වාදසමාසියො සංවච්ඡරො, තෙන සංවච්ඡරෙන දිබ්බානි සොළසවස්සසහස්සානි පරනිම්මිතවසවත්තීනං දෙවානං ආයුප්පමාණං,
Sinhala BJTවිශාඛාවෙනි, මිනිසුන් සතු යම් දෙසිය හවුරුද්දෙක් වේ නම් ... අටසිය හවුරුදුයෙක් ... සොළොස්සියවසෙක් පරනිම්මිතවසවත්තී දෙවියනට තෙල එක් රෑදාවලෙකි. එ රැයින් තිස් රැයෙක් මාසයෙක, එ මසින් දොළොස් මසෙක් හවුරුදුයෙක. එ හවුරුදුයෙන් සොළොස් දහසක් හවුරුදු පරනිම්මිතවසවත්තී දෙවියන්ගේ ආයුප්‍රමාණය වෙයි.
Pali BJTඨානං ඛො පනෙතං විසාඛෙ, විජ්ජති යං ඉධෙකච්චො ඉත්ථී වා පුරිසො වා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසිත්වා කායස්ස භෙදා පරම්මරණා පරනිම්මිතසවත්තීනං දෙවානං සහව්යතං උපපජ්ජෙය්ය. ඉදං ඛො පනෙතං විසාඛෙ, සන්ධාය භාසිතං කපණං මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධායාති.
Sinhala BJTවිසාඛාවෙනි, යම් හෙයෙකින් මෙලොව්හි කිසි මාගමක් වේවයි පිරිමියෙක් වේවයි අටඟින් යුත් පෙහෙවස් වැස කාබුන් මරණින් මතු පරනිම්මිතවසවත්තී දෙවියන්ගේ සහභාවයට එළඹෙන්නේ ය යන තෙල කරුණ ඇත. විසාඛාවෙනි, දිව්‍ය සුඛය පිණිස මානුෂක රාජ්‍යය අල්ප වෙයි. යන තෙල කරුණ මේ සඳහා කියන ලදී.
Pali BJT1. පාණං න හානෙ න ච දින්නමාදියෙ මුසා න භාසෙ න ච මජ්ජපො සියා අබ්රහ්මචරියා විරමෙය්ය මෙථුනා රත්තං න භුඤ්ජෙය්ය විකාලභොජනං.
Sinhala BJT1. පරපණ නො නස්නේ ය, නුදුන් දෑ නො ගන්නේ ය, මුසවා නො බණන්නේ ය, මද්‍යපයෙක් ද නොවන්නේ ය අබ්‍රම්සර වූ මෙවුන් දමින් දුරු වන්නේ ය, රෑ විකල් බොජුන් නො බුදිනේ ය,
Pali BJT2. මාලං න ධාරෙ න ච ගන්ධමාචරෙ මඤ්චෙ ඡමායං ච සයෙථ සන්ථතෙ එතං හි අට්ඨඞ්ගිකමාහු පොසථං බුද්ධෙන දුක්ඛන්තගුනා පකාසිතං.
Sinhala BJT2. මල් නො දරන්නේ ය, නො ද ගඳ අලෙවූ දෙන්නේ ය, හැඳෙක හෝ බිම්හි හෝ (තණ ඈ අතුළ) ඇතිරියෙක හෝ හෝනේ ය. තෙල දුක් කෙළවරට පත් බුදුනු විසින් වදාරන ලද අටඟින් යුත් පෙහෙවසැයි කියති.
Pali BJT3. චන්දො ච සුරියො ච උභො සුදස්සනා ඔභාසයං අනුපරියන්ති යාවතා, තමොනුදා තෙ පන අන්තලික්ඛගා නභෙ පභාසෙන්ති දිසාවිරොචනා.
Sinhala BJT3. සුදසුන් වූ සඳු හා හිරු දෙදෙන යම් තාක් බබුළුවමින් හැසිරෙත් ද, අඳුරු දුරුකරන ඔහු වනාහි අන්තරීක්‍ෂගත වූවාහු දිගුන් බබුළුවමින් අහස්හි බබළත්.
Pali BJT4. එතස්මිං යං විජ්ජති අන්තරෙ ධනං මුත්තා මණි වෙළුරියඤ්ච භද්දකං සිඞ්ගීසුවණ්ණං අථවාපි කඤ්චනං යං ජාතරූපං හටකන්ති වුච්චති අට්ඨඞ්ගුපෙතස්ස උපොසථස්ස කලම්පි තෙ නානුභවන්ති සොළසිං චන්දප්පභා තාරගණා ච සබ්බෙ.
Sinhala BJT4. තෙල අන්තරයෙහි උතුම් මුතු මිණි වෙරළුමිණි ද සිඟුරන් ද වැලිත් කසුන් ද යම් රනෙක් ‘හටක’ යයි කියනු ලැබේ නම් එ ද යන යම් ධනයෙක් ඇද්ද, ඒ අටඟින් යුත් පෙහෙවසට ඒ ධනයෝ සොළොස් වන කලාවටද නො පැමිණෙත්. හැම සඳ පහන් හා උළු කැන්හු ද එබඳු වෙත්,
Pali BJT5. තස්මාහි නාරී ච නරො ච සීලවා අට්ඨඞ්ගුපෙතං උපවස්සුපොසථං පුඤ්ඤානි කත්වාන සුඛුද්රයානි අනින්දිතා සග්ගමුපෙන්ති ඨානන්ති.
Sinhala BJT5. එහෙයින් සිල්වත් නර නාරීහු ද අෂ්ටාඞ්ග සමන්‍වාගත පෞෂථය වැස සුව උදාකරන පින් කොට විඥප්‍රශස්ත වූවාහු ස්වර්‍ගස්ථානයට ද එළඹෙත්.
Pali BJT8. 1. 5. 4.
Sinhala BJT8. 1. 5. 4.
Pali BJTවාසෙට්ඨුපොසථ සුත්තං
Sinhala BJTවාසෙට්ඨූපෝසථ සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා කොසම්බියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො වාසෙට්ඨො උපාසකො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි, එකමන්තං නිසින්නං ඛො වාසෙට්ඨං උපාසකං භගවා එතදවොච:
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර සමීපයෙහි මහාවන නම් වූ කූටාගාරශාලායෙහි වැඩවසන සේක. එකල්හි වාසෙට්ඨ උපාසක තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් වාසෙට්ඨ උපාසකයාට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළහ.
Pali BJTඅට්ඨඞ්ගසමන්නාගතො වාසෙට්ඨ, උපොසථො උපවුත්ථො මහප්ඵලො හොති -පෙ- අනින්දිතා සග්ගමුපෙන්ති ඨානන්ති.
Sinhala BJTවාසෙට්ඨය, වුසූ අටඟින් සමන්‍වාගත වූ පෙහෙවස මහත්ඵල වෙයි ... අනින්‍දිත වූවා හු ස්වර්‍ගස්ථානයට ද එළඹෙතියි.
Pali BJTඑවං වුත්තෙ වාසෙට්ඨො උපාසකො භගවන්තං එතදවොච:
Sinhala BJTමෙසේ වදාළ කල්හි වාසෙට්ඨ උවසු තෙමේ භාග්‍යවත් හට තෙල කරුණ සැල කෙළේ ය:
Pali BJTපියා මෙ භන්තෙ ඤාතිසාලොහිතා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසෙය්යුං. පියානම්පි මෙ අස්ස ඤාතිසාලොහිතානං දීඝරත්තං හිතාය සුඛාය. සබ්බෙ චෙපි භන්තෙ, ඛත්තියා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසෙය්යුං. සබ්බෙසම්පිස්ස ඛත්තියානං දීඝරත්තං හිතාය සුඛාය. සබ්බෙ චෙපි භන්තෙ, බ්රාහ්මණා -පෙ- වෙස්සා -පෙ- සුද්දා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසෙය්යුං. සබ්බෙසම්පිස්ස සුද්දානං දීඝරත්තං හිතාය සුඛායාති.
Sinhala BJTවහන්ස, මාගේ ප්‍රිය නෑ සහලේනෑයෝ අටඟින් යුත් පෙහෙවස් වසත් නම් මාගේ ප්‍රිය නෑ සහලේනෑයනට එය දිගුකලක් හිත පිණිස සුඛ පිණිස වන්නේ ය. වහන්ස, හැම ක්‍ෂත්‍රියයෝත් අටඟින් යුත් පෙහෙවස් වෙසෙත් නම් එය හැම ක්‍ෂත්‍රියනට දිගුකලක් හිතයට සුඛයට වන්නේ ය. වහන්ස, හැම බ්‍රාහ්මණයෝත් ... වෛශ්‍යයෝත් ... ශුද්‍රයෝත් අටඟින් යුත් පෙහෙවස් වෙසෙත් නම් හැම ශුද්‍රයනට එය දිගු කලක් හිතයට සුඛයට වන්නේ යයි.
Pali BJTඑවමෙතං වාසෙට්ඨ, එවමෙතං වාසෙට්ඨ, සබ්බෙ චෙපි වාසෙට්ඨ, ඛත්තියා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසෙය්යුං, සබ්බෙසම්පිස්ස ඛත්තියානං දීඝරත්තං හිතාය සුඛාය. සබ්බෙ චෙපි වාසෙට්ඨ, බ්රාහ්මණා -පෙ- වෙස්සා -පෙ- සුද්දා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසෙය්යුං, සබ්බෙසම්පිස්ස සුද්දානං දීඝරත්තං හිතාය සුඛාය. සදෙවකො චෙපි වාසෙට්ඨ, ලොකො සමාරකො සබ්රහ්මකො සස්සමණබ්රාහ්මණී පජා සදෙවමනුස්සා{1} තෙ අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසෙය්යුං. සදෙවකස්සපිස්ස ලොකස්ස සමාරකස්ස සබ්රහ්මකස්ස සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය දීඝරත්තං හිතාය සුඛාය. ඉමෙ චෙපි වාසෙට්ඨ මහාසාලා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසෙය්යුං. ඉමෙසම්පිස්ස මහාසාලානං දීඝරත්තං හිතාය සුඛාය. කො පන වාදො මනුස්සභූතස්සාති.
Sinhala BJTවාසෙට්ඨය, තෙල කරුණ එසේ ම ය; වාසෙට්ඨය, තෙල කරුණ එසේ ම ය, වාසෙට්ඨය, හැම ක්‍ෂත්‍රියෝත් අටඟින් යුත් පෙහෙවස් වෙසෙත් නම්, හැම ක්‍ෂත්‍රියනට හිතයට සුවයට පවත්නේ ය. වාසෙට්ඨය, හැම බමුණෝත් ... වෛශ්‍යයෝත් ... ශුද්‍රයෝත් අටඟින් යුත් පෙහෙවස් වසන්නාහු නම් හැම ශුද්‍රයනට හිත පිණිස සුව පිණිස දිගුකලක් පවත්නේ ය, වාසෙට්ඨය, දෙවියන් සහිත මාරයන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකයා මහණබමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාව අටඟින් යුත් පෙහෙවස් වසා නම් දෙවියන් සහිත මරුන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකයට මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වාඛ්‍යප්‍රජාවට දිගුකලක් හිත පිණිස, සුව පිණිස පවත්නේ ය. වාසෙට්ඨය, තෙල මහා සල්රුක් දෙක නමුදු (සචේතනව) අටඟින් යුත් පෙහෙවස් වෙසෙත් නම් මේ සල්රුක් දෙකට ද දිගුකලක් හිතයට සුවයට වන්නේ ය. මනුෂ්‍ය වූවක් හට කවර කථා යයි.
Pali BJT8. 1. 5. 5.
Sinhala BJT8. 1. 5. 5.
Pali BJTබොජ්ඣුපොසථ සුත්තං
Sinhala BJTබොජ්ඣූපෝසථ සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො බොජ්ඣා උපාසිකා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො බොජ්ඣං උපාසිකං භගවා එතදවොච:
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ, අනාථපිණ්ඩිකයන්ගේ ආරාමයෙහි වෙසෙන සේක. එකල්හි බොජ්ඣා උවැසි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියා. එළඹ භාග්‍යවතුන් වැඳ එකත්පසෙක හුනු. එකත් පසෙක හුන් බොජ්ඣා උවැසියට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළහ:
Pali BJTඅට්ඨඞ්ගසමන්නාගතො ඛො බොජ්ඣෙ, උපොසථො උපවුත්ථො මහප්ඵලො හොති මහානිසංසො මහාජුතිකො මහාවිප්ඵාරො.
Sinhala BJTබොජ්ඣාවෙනි, වුසූ අටඟින් යුත් පෙහෙවස් මහත්ඵල වෙයි, මහානෘශංස වෙයි, මහාද්‍යුතික වෙයි, මහාවිස්ථාර වෙයි.
Pali BJTකථං උපවුත්ථො ච බොජ්ඣෙ, අට්ඨඞ්ගසමන්නාගතො උපොසථො මහප්ඵලො හොති මහානිසංසො මහාජුතිකො මහාවිප්ඵාරො:
Sinhala BJTබොජ්ඣාවෙනි, කෙසේ වුසූ අටඟින් යුත් පෙහෙවස මහත්ඵල වේ ය, මහානෘශංස වේ ය, මහාද්‍යුතික වේ ය, මහාවිස්ථාර වේ ය යත්:
Pali BJTඉධ බොජ්ඣෙ, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: යාවජීවං අරහන්තො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතා නිහිතදණ්ඩා නිහිතසත්ථා ලජ්ජී දයාපන්නා සබ්බපාණභූතහිතානුකම්පිනො විහරන්ති. අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරාමි. ඉමිනාපහං අඞ්ගෙන{1} අරහතං අනුකරොමි. උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සතීති. ඉමිනා පඨමෙන අඞ්ගෙන සමන්නාගතො හොති -පෙ- යාවජීවං අරහන්තො උච්චාසයනමහාසයනං පහාය උච්චාසයනමහාසයනා පටිවිරතා නීචසෙය්යං කප්පෙන්ති, මඤ්චකෙ වා තිණසන්ථාරකෙ වා, අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං උච්චාසයනමහාසයනං පහාය උච්චාසයනමහාසයනා පටිවිරතො නීචසෙය්යං කප්පෙමි මඤ්චකෙ වා තිණසන්ථාරකෙ වා, ඉමිනාපහං අඞ්ගෙන අරහතං අනුකරොමි. උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සතීති ඉමිනා අට්ඨමෙන අඞ්ගෙන සමන්නාගතො හොති.
Sinhala BJTබොජ්ඣාවෙනි, මෙ සස්නෙහි අරීසවු මෙසේ නුවණින් සලකන්නේ ය: ‘රහත්හු දිවිහිමියෙන් පණිවා දුරැර පණිවායෙන් වැළැකියාහු බහා තැබූ දඬු ඇත්තාහු බහා තැබූ සැත් ඇත්තාහු පවට ලජ්ජා ඇතියාහු දයාපත් වූවාහු හැම ප්‍රාණීභූතයන් කෙරෙහි හිතානුකම්පා ඇත්තාහු වෙසෙත්. මම ද අද මේ රැයත් මේ දාවලත් පණිවා දුරැර පණිවායෙන් වැළැකියෙම් බහා දඬු ඇතියෙම් බහා තැබූ අවි ඇතියෙම් පවට ලජ්ජා ඇතියෙම් දයාපත් වූයෙම් හැම ප්‍රාණීගණයා කෙරෙහි හිතානුකම්පා ඇතියෙම් වෙසෙමි. මම මෙකරුණිනුදු රහතුන් අනුකරණ කරමි. මා විසින් පෙහෙවස් වසන ලද වන්නේ ය යි මේ පළමුවන අඞ්ගයෙන් සමන්‍වාගත වෙයි ... රහත්හු දිවිහිමියෙන් උසසුන් මහසුන් දුරැර උසසුන් මහස්නෙන් වැළැකියාහු හැඳෙක හෝ තණ ඇතිරියෙක හෝ නීචශය්‍යා කරන්නාහ. අද මම ද මෙ රෑත් දාවලත් උසසුන් මහසුන් දුරැර උසසුන් මහසුනෙන් වැළැකියෙම් හැඳෙක හෝ තණ ඇතිරියෙක හෝ නීචශය්‍යා කෙරෙමි. මම මේ අඟිනුදු රහතුන් අනුකරණ කෙරෙම්. මා විසින් පෙහෙවස් වසනලද වන්නේ යි මේ අටවැනි අඟින් සමන්‍වාගත වෙයි.
Pali BJTඑවං උපවුත්ථො ඛො බොජ්ඣෙ, අට්ඨඞ්ගසමන්නාගතො උපොසථො මහප්ඵලො හොති මහානිසංසො මහාජුතිකො මහාවිප්ඵාරොති.
Sinhala BJTබොජ්ඣාවෙනි, මෙසේ වුසූ අටඟින් යුත් පෙහෙවස මහත්ඵල වෙයි, මහානෘශංස වෙයි. මහාද්‍යුතික වෙයි, මහාවිස්ථාර වේ.
Pali BJTකීවමහප්ඵලො හොති, කීවමහානිසංසො, කීවමහාජුතිකො කීවමහාවිප්ඵාරො:
Sinhala BJTකෙතෙක් මහත් ඵල වේ ය, කෙතෙක් මහානෘශංස වේ ය, මහාද්‍යුතික වේ ය, මහාවිස්ථාර වේ ය යත්:
Pali BJTසෙය්යථාපි බොජ්ඣෙ, යො ඉමෙසං සොළසන්නං මහාජනපදානං පහූතසත්තරතනානං ඉස්සරියාධිපච්චං රජ්ජං කාරෙය්ය, සෙය්යථීදං: අඞ්ගානං මගධානං කාසීනං කොසලානං වජ්ජීනං මල්ලානං චෙතීනං වඞ්ගානං කුරූනං පඤ්චාලානං මච්ඡානං සූරසෙනානං අස්සකානං අවන්තීනං ගන්ධාරානං කම්බොජානං, අට්ඨඞ්ගසමන්නාගතස්ස උපොසථස්ස එතං කලං නාග්ඝති සොළසිං. තං කිස්ස හෙතු: කපණං බොජ්ඣෙ, මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධාය.
Sinhala BJTබොජ්ඣාවෙනි, යම්සේ යමෙක් අඞ්ග ය, මගධ ය, කාසී ය, කෝසල ය, වජ්ජී ය, මල්ල ය, චෙතී ය, වඞ්ග ය, කුරු ය, පඤ්චාල ය, මච්ඡ ය, සූරසේන ය, අස්සක ය, අවන්ති ය, ගන්‍ධාර ය, කම්බෝජ ය යන බොහෝ සත් රුවන් ඇති මේ සොළොස් මහාජනපදයන්ගේ ඓශ්වර්‍ය්‍යාධිපත්‍යය ඇති රජය කරන්නේ නම් තෙල අටඟින් යුත් පෙහෙවස්හුගේ සොළොස්වන කලාවට ද නො අගනේ ය. එ කවර හෙයින යත්: බොජ්ඣාවෙනි, මානුෂක රාජ්‍යය දිව්‍යසුඛය සඳහා කෘපණ වෙයි.
Pali BJTයානි බොජ්ඣෙ, මානුසකානි පඤ්ඤාසවස්සානි චාතුම්මහාරාජිකානං දෙවානං එසො එකො රත්තින්දිවො, තාය රත්තියා තිංසරත්තියො මාසො, තෙන මාසෙන ද්වාදසමාසියො සංවච්ඡරො තෙන සංවච්ඡරෙන පඤ්චවස්සසතානි චාතුම්මහාරාජිකානං දෙවානං ආයුප්පමාණං.
Sinhala BJTබොජ්ඣාවෙනි, මානුෂක වූ යම් පනස්හවුරුදුයෙක් වේ නම් චාතුම්මහාරාජික දෙවියනට තෙල එක් රෑදාවලෙකි. එ රැයින් තිස්රැයෙක් මාසයෙක, එ මසින් දොළොස් මසෙක් හවුරුද්දෙක. එ හවුරුදුයෙන් පන්සිය හවුරුද්දෙක් චාතුම්මහාරාජික දෙවියන්ගේ ආයුප්‍රමාණ වෙයි.
Pali BJTඨානං ඛො පනෙතං බොජ්ඣෙ, විජ්ජති යං ඉධෙකච්චො ඉත්ථි වා පුරිසො වා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසිත්වා කායස්ස භෙදා පරම්මරණා චාතුම්මහාරාජිකානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්ය. ඉදං ඛො පනෙතං බොජ්ඣෙ, සන්ධාය භාසිතං කපණං මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධාය.
Sinhala BJTබොජ්ඣාවෙනි, යම් හෙයෙකින් මෙලොව්හි මාගමක් වේවයි පිරිමියෙක් වේවයි අටඟින් යුත් පෙහෙවස් වැස කාබුන් මරණින් මතු චාතුම්මහාරාජික දෙවියන්ගේ සහවාසයට එළඹෙන්නේ ය යන තෙල කරුණ ඇත. බොජ්ඣාවෙනි, දිව්‍යසුඛය පිණිස මානුෂක රාජ්‍යය අල්ප වෙයි යන තෙල කරුණ මේ සඳහා කියන ලදී.
Pali BJTයං බොජ්ඣෙ, මානුසකං වස්සසතං -පෙ- යානි බොජ්ඣෙ, මානුසකානි ද්වෙ වස්සසතානි -පෙ- චත්තාරි වස්සසතානි -පෙ- අට්ඨවස්සසතානි -පෙ- සොළසවස්සසතානි පරනිම්මිතවසවත්තීනං දෙවානං එසො එකො රත්තින්දිවො; තාය රත්තියා තිංසරත්තියො මාසො, තෙන මාසෙන ද්වාදසමාසියො සංවච්ඡරො. තෙන සංවච්ඡරෙන දිබ්බානි සොළසවස්සසහස්සානි පරනිම්මිතවසවත්තීනං දෙවානං ආයුප්පමාණං.
Sinhala BJTබොජ්ඣාවෙනි, යම්බඳු මානුෂක සියක් හවුරුදු ... මානුෂක වූ යම්බඳු දෙසියක් හවුරුදු ... සාරසිය හවුරුදුයෙක් ... අටසිය වසෙක් ... සොළොස් සියවසෙක් වේ නම් තෙල පරනිම්මිතවසවත්තී දෙවියනට එක් රෑ දාවලෙක, එ රැයින් තිස් රැයක් මාසයෙකි. ඒ මසින් දොළොස් මසෙක් හවුරුද්දෙක. ඒ හවුරුදුයෙන් දිව්‍ය වර්‍ෂ සොළොස්දහසෙක් පරනිම්මිත වසවත්තී දෙවියනට ආයුප්‍රමාණ වේ.
Pali BJTඨානං ඛො පනෙතං බොජ්ඣෙ, විජ්ජති යං ඉධෙකච්චො ඉත්ථී වා පුරිසො වා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසිත්වා කායස්ස භෙදා පරම්මරණා පරනිම්මිතසවත්තීනං දෙවානං සහව්යතං උපපජ්ජෙය්ය. ඉදං ඛො පනෙතං බොජ්ඣෙ, සන්ධාය භාසිතං කපණං මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධායාති.
Sinhala BJTබොජ්ඣාවෙනි, යම් හෙයෙකින් මෙලොව්හි කිසි මාගමක් වේවයි පිරිමියෙක් වේවයි අටඟින් යුත් පෙහෙවස් වැස කාබුන් මරණින් මතු පරනිම්මිතවසවත්තී දෙවියන්ගේ සහවාසයට එළඹෙන්නේ ය යන තෙල කරුණ ඇත. බොජ්ඣාවෙනි, දිව්‍ය සුඛය උපනිධි කොටගෙන මානුෂක රාජ්‍යය අල්ප වෙයි යන තෙල කරුණ මේ සඳහා කියන ලදි.
Pali BJT1. පාණං න හානෙ න ච දින්නමාදියෙ මුසා න භාසෙ න ච මජ්ජපො සියා අබ්රහ්මචරියා විරමෙය්ය මෙථුනා රත්තං න භුඤ්ජෙය්ය විකාලභොජනං.
Sinhala BJT1. පරපණ නො නස්නේ ය, නුදුන් දෑ නො ද ගන්නේ ය, මුසවා නො බණනේ ය. නො ද මද්‍යප වන්නේ ය, අබ්‍රම්සරින් මෙවුන්දමින් දුරුවන්නේ ය, රෑ විකල් බොජුන් නො බුදිනේ ය.
Pali BJT2. මාලං න ධාරෙ න ච ගන්ධමාචරෙ මඤ්චෙ ඡමායං ච සයෙථ සන්ථතෙ එතං හි අට්ඨඞ්ගිකමාහු පොසථං බුද්ධෙන දුක්ඛන්තගුනා පකාසිතං.
Sinhala BJT2. මල්දම් නො දරන්නේ ය, ගඳ නො ද අලෙවු කරන්නේ ය, හැඳෙක හෝ බිම්හි හෝ තණ ඈ අතුළ ඇතිරියෙක හෝ හෝනේ ය, තෙල දුක්කෙළවරට ගිය බුදුන් විසින් පවසනලද අටඟින් යුත් පෙහෙවසැ යි කියත්.
Pali BJT3. චන්දො ච සුරියො ච උභො සුදස්සනා ඔභාසයං අනුපරියන්ති යාවතා, තමොනුදා තෙ පන අන්තලික්ඛගා නභෙ පභාසෙන්ති දිසාවිරොචනා.
Sinhala BJT3. අහස ගමන්ගත් අඳුර බිඳුනා දික් බබුළුවන සුදසුන් වූ සඳ හා හිරු හා දෙදෙන යම්තාක් බබුළුවමින් හැසිරෙත් ද, අඳුර බිඳුනා අන්තරීක්‍ෂගත වූ ඔහු වනාහි දිගුන් බබුළුවමින් අහස් තලෙහි බැබළෙත් ද,