Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 11701-11800 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTයතො ඛො ත්වං අනුරුද්ධ, ඉමෙ අට්ඨමහාපුරිසවිතක්කෙ විතක්කෙස්සසි තතො ත්වං අනුරුද්ධ, යාවදෙව ආකඞ්ඛිස්සසි, පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරිස්සසි, සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදිස්සසි, යං තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති තතියං ඣානං උපසම්පජ්ජ විහරිස්සසි.
Sinhala BJTඅනුරුද්ධය, යම් කලෙක්හි වනාහි තෙපි මේ අෂ්ට මහාපුරුෂ විතර්‍කයන් විතර්‍කණය කරන්නහු ද, අනුරුද්ධය, එකල්හි තෙපි යම්තාක් කැමැති වන්නහු නම් (ඒ තාක්) ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්‍ෂා ඇත්තේ ම වාස කරන්නහු ය. සිහි ඇත්තේ ද සම්‍යක් ප්‍රඥා ඇත්තේ ද, සුඛයත් කයින් පිළිවිදින්නහු ය. ආර්‍ය්‍යයෝ යම් ධ්‍යානයක් හේතු කොට ඒ පුඟුලා උපේක්‍ෂා ඇත්තේ ය, සතියෙන් යුක්ත ය, සුඛවිහරණ ඇත්තේය යි කියත් නම් (ඒ) තෘතීයධ්‍යානයට පැමිණ වාස කරන්නහු ය.
Pali BJTයතො ඛො ත්වං අනුරුද්ධ, ඉමෙ අට්ඨ මහාපුරිසවිතක්කෙ විතක්කෙස්සසි, තතො ත්වං අනුරුද්ධ, යාවදෙව ආකඞ්ඛිස්සසි, සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරිස්සසි.
Sinhala BJTඅනුරුද්ධය, තෙපි යම් කලෙක වනාහි මේ අෂ්ට මහා පුරුෂ විතර්‍කයන් විතර්‍කණය කරන්නහු ද, අනුරුද්ධය, එකල තෙපි යම්තාක් කැමැති වන්නහු නම් (ඒතාක්) සුඛයාගේ ප්‍රහාණයෙන් ද දුඃඛයාගේ ප්‍රහාණයෙන් ද සොම්නස් දොම්නස් දෙදෙනාගේ අස්තඞ්ගමයෙන් පෙරටුව ම දුක් නො වූ සුඛ නො වූ උපේක්‍ෂාස්මෘතීන්ගෙන් පිරිසුදු වූ චතුර්‍ත්‍ථධ්‍යානයට සමවැද වාස කරන්නහු ය.
Pali BJTයතො ඛො ත්වං අනුරුද්ධ, ඉමෙ ච අට්ඨමහාපුරිසවිතක්කෙ විතක්කෙස්සසි, ඉමෙසඤ්ච චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී භවිස්සසි, අකිච්ඡලාභී, අකසිරලාභී, තතො තුය්හං අනුරුද්ධ, සෙය්යථාපි නාම ගහපතිස්ස වා ගහපතිපුත්තස්ස වා නානාරත්තානං දුස්සානං දුස්සකරණ්ඩකො පූරො, එවමෙව තෙ පංසුකූලං චීවරානං ඛායිස්සති, සන්තුට්ඨස්ස විහරතො, රතියා අපරිතස්සාය, ඵාසුවිහාරාය, ඔක්කමනාය නිබ්බානස්ස.
Sinhala BJTඅනුරුද්ධය, තෙපි යම් කලෙක වනාහි මේ අෂ්ට මහාපුරුෂ විතර්‍කයන් විතර්‍කණය කරන්නහු නම් අධිචිත්තයට අයත් දිටුදැමියෙහි සුඛවිහරණය වූ මේ සතර ධ්‍යානයන් කැමතිසේ ලබන්නෙක් ද සැපසේ ලබන්නෙක් ද නිදුකින් ලබන්නෙක් ද වන්නහු නම් අනුරුද්ධය, එකල්හි තොපට ගැහැවියකුට හෝ ගැහැවිපුතකුට හෝ නොයෙක් පැහැයෙන් රඳනා ලද වතින් පිරුණු පිළීකරඬුයෙක් යම්සේ ද, එසේ ම යථාලාභසන්තෝෂයෙන් යුතුව වාස කරන්නා වූ තොපගේ ඇල්ම පිණිස (තෘෂ්ණා දෘෂ්ටීගෙන්) නො පිරිතැවීම (අපරිත්‍රාසය - නො බියවීම) පිණිස ඵාසුවිහරණය පිණිස නිවනට බැස ගැනීම පිණිස සිවුරු අතුරින් පවුල් සිවුර (මැනැවැයි) වැටහෙන්නේ ය.
Pali BJTයතො ඛො ත්වං අනුරුද්ධ, ඉමෙ ච අට්ඨමහාපුරිසවිතක්කෙ විතක්කෙස්සසි, ඉමෙසඤ්ච චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී භවිස්සසි, අකිච්ඡලාභී අකසිරලාභී, තතො තුය්හං අනුරුද්ධ, සෙය්යථාපි නාම ගහපතිස්ස වා ගහපතිපුත්තස්ස වා සාලීනං ඔදනො විගතකාළකො අනෙකසූපො අනෙකව්යඤ්ජනො, එවමෙව තෙ පිණ්ඩියාලොපං භොජනානං ඛායිස්සති සන්තුට්ඨස්ස විහරතො රතියා අපරිතස්සාය ඵාසුවිහාරාය ඔක්කමනාය නිබ්බානස්ස.
Sinhala BJTඅනුරුද්ධය, තෙපි යම් කලෙක්හි වනාහි මේ අෂ්ටමහාපුරුෂවිතර්‍කයන් ද විතර්‍කණය කරන්නහු නම් අධිචිත්තයට අයත් දිටුදැමියෙහි සුඛ විහරණය වූ මේ සතරධ්‍යානයන් කැමති සේ ලබන්නෙක් ද සැපසේ ලබන්නෙක් ද නිදුකින් ලබන්නෙක් ද වන්නහු නම් අනුරුද්ධය, එකල්හි තොපට ගැහැවියකුට හෝ ගැහැවිපුතකුට හෝ නොයෙක් සූප ඇති නොයෙක් ව්‍යඤ්ජන ඇති බැහැර කළ කළුඇට ඇති හැල්බතක් යම්සේ ද, එසේ ම යථාලාභසන්තෝෂයෙන් යුතුව වාසය කරන්නා වූ තොපගේ ඇල්ම පිණිස (තෘෂ්ණාදෘෂ්ටීන්ගෙන්) නො පිරිතැවීම පිණිස සැප විහරණය පිණිස නිවනට බැසගැනීම පිණිස බොජුන් අතුරින් පිණ්ඩියා ලෝපභෝජනය (මැනැවැයි) වැටහෙන්නේ ය.
Pali BJTයතො ඛො ත්වං අනුරුද්ධ, ඉමෙ ච අට්ඨමහාපුරිසවිතක්කෙ විතක්කෙස්සසි, ඉමෙසඤ්ච චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී භවිස්සසි, අකිච්ඡලාභී අකසිරලාභී, තතො තුය්හං අනුරුද්ධ, සෙය්යථාපි නාම ගහපතිස්ස වා ගහපතිපුත්තස්ස වා කූටාගාරං උල්ලිත්තාවලිත්තං නිවාතං ඵුස්සිතග්ගළං{1} පිහිතවාතපානං, එවමෙව තෙ රුක්ඛමූලං සෙනාසනානං ඛායිස්සති සන්තුට්ඨස්ස විහරතො රතියා අපරිතස්සාය ඵාසුවිහාරාය ඔක්කමනාය නිබ්බානස්ස.
Sinhala BJTඅනුරුද්ධය, තෙපි යම් කලෙක පටන් මේ අෂ්ට මහාපුරුෂවිතර්‍කයන් ද විතර්‍කණය කරන්නහු නම් අධිචිත්තයට අයත් දිටුදැමියෙහි සුඛවිහරණය වූ මේ සතර ධ්‍යානයන් ද කැමතිසේ ලබන්නෙක් ද සැපසේ ලබන්නෙක් ද නිදුකින් ලබන්නෙක් ද වන්නහු නම් අනුරුද්ධය, එතැන් පටන් තොපට යම් හෙයෙකින් ගැහැවියකුට හෝ ගැහැවිපුතකුට හෝ ඇතුළත පිටත පිරියම් කරන ලද වළක්වන ලද වාතප්‍රවේශ ඇති පැහැසූ කවුළු ඇති පියන ලද දොර කවුළු ඇති කුළුගෙයක් මැනැවැයි වටහා ද, එසෙයින් යථාලාභසන්තෝෂයෙන් යුතුව වාසය කරන්නා වූ තොපගේ ඇල්ම පිණිස (තෘෂ්ණාදෘෂ්ටීන්ගෙන්) නො පිරිතැවීම පිණිස ඵාසුවිහරණය පිණිස නිවනට බැස ගැනීම පිණිස සෙනසුන් අතුරෙන් වෘක්‍ෂමූලය (මැනවැයි) වැටහෙන්නේ ය.
Pali BJTයතො ඛො ත්වං අනුරුද්ධ, ඉමෙ ච අට්ඨමහාපුරිසවිතක්කෙ විතක්කෙස්සසි, ඉමෙසං ච චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී භවිස්සසි, අකිච්ඡලාභී අකසිරලාභී, තතො තුය්හං අනුරුද්ධ, සෙය්යථාපි නාම ගහපතිස්ස වා ගහපතිපුත්තස්ස වා පල්ලඞ්කො ගොණකත්ථතො පටිකත්ථතො පටලිකත්ථතො කාදලිමිගපවරපච්චත්ථරණො සඋත්තරච්ඡදො උභතො ලොහිතකූපධානො, එවමෙව තෙ තිණසන්ථාරකො සයනාසනානං ඛායිස්සති සන්තුට්ඨස්ස විහරතො රතියා අපරිතස්සාය ඵාසුවිහාරාය ඔක්කමනාය නිබ්බානස්ස.
Sinhala BJTඅනුරුද්ධය, තෙපි යම් කලෙක වනාහි මේ අෂ්ටමහාපුරුෂ විතර්‍කයන් ද විතර්‍කණය කරන්නහු නම් අධිචිත්තයට අයත් දිටුදැමියෙහි සුඛවිහරණය වූ මේ සතර ධ්‍යානයන් ද කැමති සේ ලබන්නෙක් ද සැප සේ ලබන්නෙක් ද නිදුකින් ලබන්නෙක් ද වන්නහු නම් අනුරුද්ධය, එකල්හි තොපට ගැහැවියකුට හෝ ගැහැවිපුතකුහට හෝ මහ කොඳුපලස් අතුළ, සුදු එළුලොම් ඇතිරි අතුළ, ගනපුප් ඇතිරි අතුළ, කෙහෙල්මුව සමින් කළ උතුම් ඇතිරි අතුළ, රතුඋඩුවියන් සහිත වූ දෙපස රතුකන්වයින් ඇති, පළඟෙක් යම්සේ වේ ද, එපරිද්දෙන් ම සන්තෝෂයෙන් වාස කරන තොපගේ ඇල්ම පිණිස නො පිරිතැවීම පිණිස ඵාසුවිහරණය පිණිස නිවනට බැස ගැනීම පිණිස සෙනසුන් අතුරෙන් තණ ඇතිරිය (මැනැවැ යි) වැටහෙන්නේ ය.
Pali BJTයතො ඛො ත්වං අනුරුද්ධ, ඉමෙ ච අට්ඨ මහාපුරිසවිතක්කෙ විතක්කෙස්සසි, ඉමෙසඤ්ච චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී භවිස්සසි අකිච්ඡලාභී අකසිරලාභී, තතො තුය්හං අනුරුද්ධ, සෙය්යථාපි නාම ගහපතිස්ස වා ගහපතිපුත්තස්ස වා නානා භෙසජ්ජානි, සෙය්යථීදං: සප්පිනවනීතං තෙලං මධු ඵාණිතං. එවමෙව තෙ පූතිමුත්තං භෙසජ්ජානං ඛායිස්සති සන්තුට්ඨස්ස විහරතො රතියා අපරිතස්සාය ඵාසුවිහාරාය ඔක්කමනාය නිබ්බානස්ස.
Sinhala BJTඅනුරුද්ධය, තෙපි යම් කලෙක සිට මේ අෂ්ට මහාපුරුෂ විතර්‍කයන් ද, විතර්‍කණය කරන්නහු නම් අධිචිත්තයට අයත් දිටුදැමියෙහි සුඛ විහරණ වූ මේ සතර ධ්‍යානයන් කැමතිසේ ලබන්නහු නම් සැප සේ ලබන්නහු නම් නිදුකින් ලබන්නහු නම් අනුරුද්ධය, එතැන් සිට ගැහැවියකුට හෝ ගැහැවිපුතකුට හෝ ගිතෙල් වෙඬරු තෙල් මී උක් හකුරු යන නොයෙක් බෙහෙත් යම්සේ වේ ද, එපරිද්දෙන් ම සන්තෝෂයෙන් වාස කරන තොපට ඇල්ම පිණිස නො පිරිතැවීම පිණිස ඵාසුවිහරණය පිණිස නිවනට බැස ගැනීම පිණිස බෙහෙත් අතුරෙන් පූතිමුත්ත හෙසජ්ජය (මැනවැ යි) වැටහෙන්නේ ය.
Pali BJTතෙන හි ත්වං අනුරුද්ධ, ආයතිකම්පි වස්සාවාසං ඉධෙව චෙතීසු පාචීනවංසදායෙ විහරෙය්යාසීති. එවං භන්තෙති ඛො ආයස්මා අනුරුද්ධො භගවතො පච්චස්සොසි.
Sinhala BJTඅනුරුද්ධය, එසේ නම් තෙපි චෙතී දනව්වෙහි මෙහි ම පාචීනවංස මුවවෙනෙහි මත්තෙහි එන වස්විසුම ද කරන්නහු යි. වහන්ස, එසේ යි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.
Pali BJTඅථ ඛො භගවා ආයස්මන්තං අනුරුද්ධං ඉමිනා ඔවාදෙන ඔවදිත්වා සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙව චෙතීසු පාචීනවංසදායෙ අන්තරහිතො භග්ගෙසු සුංසුමාරගිරෙ භෙසකලාවනෙ මිගදායෙ පාතුරහොසි. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ ඛො භගවා භික්ඛු ආමන්තෙසි: අට්ඨ ඛො භික්ඛවෙ, මහාපුරිසවිතක්කෙ දෙසිස්සාමි, තං සුණාථ සාධුකං මනසි කරොථ භාසිස්සාමීති. එවම්භන්තෙති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං භගවා එතදවොච:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ අවවාදයෙන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්හට අවවාද දී බලවත් පුරුෂයෙක් යම්සේ වක්කළ හෝ අතක් දික් කරන්නේ ද, දික් කළ හෝ අතක් හකුළන්නේ ද, එසේ ම චෙතී දනව්වෙහි පාචීනවංස වෙනෙහි අතුරුදන් වූ සේක් භග්ග දනව්වෙහි සුංසුමාරගිර සමීපයෙහි වූ භේසකලාවන නැමැති මුවවෙනෙහි පහළ වූ සේක. භාග්‍යවතුන් වහන්සේ පැන වූ අස්නෙහි වැඩ හුන් සේක. වැඩ හිඳ භාග්‍යවතුන් වහන්සේ මහණුන් ඇමතූ සේක. මහණෙනි, අෂ්ට මහා පුරුෂ විතර්‍කයන් දේශනා කරන්නෙමි. එය අසවු, මැනවින් මෙනෙහි කරවු, දෙසන්නෙමි. වහන්ස, එසේ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
Pali BJTකතමෙ ච භික්ඛවෙ, අට්ඨ මහා පුරිසවිතක්කා:
Sinhala BJTමහණෙනි, අෂ්ට මහාපුරුෂ විතර්‍කයෝ කවරහු ද යත්:
Pali BJTඅප්පිච්ඡස්සායං භික්ඛවෙ, ධම්මො නායං ධම්මො මහිච්ඡස්ස; සන්තුට්ඨස්සායං භික්ඛවෙ ධම්මො නායං ධම්මො අසන්තුට්ඨස්ස; පවිවිත්තස්සායං භික්ඛවෙ, ධම්මො නායං ධම්මො සඞ්ගණිකාරාමස්ස. ආරද්ධවිරියස්සායං භික්ඛවෙ, ධම්මො නායං ධම්මො කුසීතස්ස, උපට්ඨිතසතිස්සායං භික්ඛවෙ, ධම්මො නායං ධම්මො මුට්ඨස්සතිස්ස. සමාහිතස්සායං භික්ඛවෙ, ධම්මො නායං ධම්මො අසමාහිතස්ස. පඤ්ඤවතො අයං භික්ඛවෙ, ධම්මො නායං ධම්මො දුප්පඤ්ඤස්ස, නිප්පපඤ්චාරාමස්සායං භික්ඛවෙ, ධම්මො නිප්පපඤ්චරතිනො නායං ධම්මො පපඤ්චාරාමස්ස පපඤ්චරතිනො.
Sinhala BJTමහණෙනි, මේ ධර්‍මය තෙමේ අල්පේච්ඡයාට ය, මේ ධර්‍මය මහේච්ඡයාට නො වෙයි. මහණෙනි, මේ ධර්‍මය සන්තුෂ්ටයාට ය, මේ ධර්‍මය අසන්තුෂ්ටයාට නො වෙයි. මහණෙනි, මේ ධර්‍මය ප්‍රකර්‍ෂවිවේක ඇත්තාහට ය. මේ ධර්‍මය සඞ්ගණිකායෙහි ඇලුණහුට නො වෙයි. මහණෙනි, මේ ධර්‍මය පටන් ගත් වීර්‍ය්‍ය ඇත්තාහට ය. මේ ධර්‍මය කුසීතයා හට නො වෙයි. මහණෙනි, මේ ධර්‍මය එළැඹ සිටි සිහි ඇත්තාහට ය, මේ ධර්‍මය මුළාසිහි ඇත්තාහට නො වෙයි. මහණෙනි, මේ ධර්‍මය සමාහිත සිත් ඇත්තාහට ය, මේ ධර්‍මය අසමාහිත සිත් ඇත්තාහට නොවෙයි. මහණෙනි, මේ ධර්‍මය ප්‍රඥා ඇත්තාහට ය, මේ ධර්‍මය ප්‍රඥා නැත්තාහට නොවෙ යි. මහණෙනි, මේ ධර්‍මය ප්‍රපඤ්චයෙහි නො ඇලුණහුට ය, මේ ධර්‍මය ප්‍රපඤ්චයෙහි ඇලුණහුට නොවේ.
Pali BJT1. අප්පිච්ඡස්සායං භික්ඛවෙ, ධම්මො නායං ධම්මො මහිච්ඡස්සා’ති ඉති ඛො පනෙතං වුත්තං කිඤ්චෙතං පටිච්ච වුත්තං: ඉධ භික්ඛවෙ භික්ඛු අප්පිච්ඡො සමානො අප්පිච්ඡොති මං ජානෙය්යුන්ති න ඉච්ඡති, සන්තුට්ඨො සමානො සන්තුට්ඨොති මං ජානෙය්යුන්ති න ඉච්ඡති, පවිවිත්තො සමානො පවිවිත්තොති මං ජානෙය්යුන්ති න ඉච්ඡති, ආරද්ධවිරියො සමානො ආරද්ධවිරියොති මං ජානෙය්යුන්ති න ඉච්ඡති, උපට්ඨිතසති සමානො උපට්ඨිතසතීති මං ජානෙය්යුන්ති න ඉච්ඡති, සමාහිතො සමානො සමාහිතොති මං ජානෙය්යුන්ති න ඉච්ඡති, පඤ්ඤවා සමානො පඤ්ඤවාති මං ජානෙය්යුන්ති න ඉච්ඡති, නිප්පපඤ්චාරාමො සමානො නිප්පපඤ්ඤාරාමොති මං ජානෙය්යුන්ති න ඉච්ඡති. ‘අප්පිච්ඡස්සායං ධම්මො නායං ධම්මො මහිච්ඡස්සා’ ති ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJT1. ‘මහණෙනි, මේ ධර්‍මය අල්පේච්ඡයාට ය. මේ ධර්‍මය මහේච්ඡයාට නොවේ’ය යි තෙල මෙසේ කියන ලද නම් මෙය කුමක් පිණිස කියන ලද ද යත්: මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ අල්පෙච්ඡ වූයේ අල්පේච්ඡය යි මා දැනගන්නාහු නම් යෙහෙකැයි නො පතයි. සන්තුෂ්ට වූයේ ම සන්තුෂ්ටයෙකැ යි මා දැනගන්නාහු නම් යෙහෙකැයි නො පතයි. ප්‍රකර්‍ෂ විවේකයෙන් යුක්ත වූයේ ප්‍රකර්‍ෂ විවේකය ඇත්තෙකැ යි මා දැනගත්තාහු නම් යෙහෙකැයි නො පතයි. පටන්ගත් වීර්‍ය්‍ය ඇත්තේ ම පටන්ගත් වීර්‍ය්‍ය ඇත්තෙකැ යි මා දැනගන්නාහු නම් යෙහෙකැ යි නො පත යි. එළැඹ සිටි සිහි ඇත්තේ ම එළැඹ සිටි සිහි ඇත්තෙකැ යි මා දැනගන්නාහු නම් යෙහෙකැ යි නො පතයි. එකඟ වූ සිත් ඇත්තේ ම එකඟ වූ සිත් ඇත්තෙකැයි මා දැනගන්නාහු නම් යෙහෙකැ යි නො පතයි. නුවණ ඇත්තේ ම නුවණැත්තෙකැ යි මා දැනගන්නාහු නම් මැනැවැ යි නො පතයි. ප්‍රපඤ්චයෙහි නො ඇලුණේ ම ප්‍රපඤ්චයෙහි නො ඇලුණෙකැ යි මා දැනගන්නාහු නම් යෙහෙකැ යි නො පතයි. ‘මහණෙනි, මේ ධර්‍මය අල්පේච්ඡයාට ය, මේ ධර්‍මය මහේච්ඡයාහට නො වේ’යි මෙසේ ඒ යමක් කියන ලද නම් මෙය ඒ සඳහා කියන ලද්දේ ය.
Pali BJT2. ‘සන්තුට්ඨස්සායං භික්ඛවෙ, ධම්මො, නායං ධම්මො අසන්තුට්ඨස්සා’ ති ඉති ඛො පනෙතං වුත්තං කිඤ්චෙතං පටිච්ච වුත්තං: ඉධ භික්ඛවෙ, භික්ඛු සන්තුට්ඨො හොති ඉතරීතරචීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන, ‘සන්තුට්ඨස්සායං භික්ඛවෙ, ධම්මො නායං ධම්මො අසට්ඨන්තුස්සා’ ති ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJT2. ‘මහණෙනි, මේ ධර්‍මය සන්තුෂ්ටයාට ය, මේ ධර්‍මය අසන්තුෂ්ටයාහට නො වෙ’යි මෙසේ තෙල කියන ලද වෙයි. මෙය කුමක් නිසා කියන ලද ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ යම්කිසි සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත්පිරිකරින් සතුටු වූයේ වේ. ‘මහණෙනි, මේ ධර්‍මය සන්තුෂ්ටයාට ය, මේ ධර්‍මය අසන්තුෂ්ටයාහට නො වේ’යි මෙසේ ඒ යමක් කියන ලද ද, එය මේ නිසා කියන ලද.
Pali BJT3. ‘පවිවිත්තස්සායං භික්ඛවෙ, ධම්මො, නායං ධම්මො සඞ්ගණිකාරාමස්සා’ ති ඉති ඛො පනෙතං වුත්තං කිඤ්චෙතං පටිච්ච වුත්තං: ඉධ භික්ඛවෙ, භික්ඛුනො පවිවිත්තස්ස විහරතො භවන්ති උපසඞ්කමිතාරො භික්ඛු භික්ඛුනියො, උපාසකා උපාසිකායො රාජානො රාජමහාමත්තා තිත්ථියා තිත්ථියසාවකා. තත්ර භික්ඛු විවෙකනින්නෙන චිත්තෙන විවෙකපොණෙන විවෙකපබ්භාරෙන වවකට්ඨෙන නෙක්ඛම්මාභිරතෙන අඤ්ඤදත්ථු උය්යොජනිකපටිසංයුත්තංයෙව කථං කත්තා හොති. ‘පවිවිත්තස්සායං භික්ඛවෙ, ධම්මො නායං ධම්මො සඞ්ගණිකාරාමස්සා’ති ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJT3. ‘මහණෙනි, මේ ධර්‍මය ප්‍රකර්‍ෂවිවේක ඇත්තහුට ය, මේ ධර්‍මය සඞ්ගණිකාවෙහි ඇලුණහුට නො වේ’යි මෙසේ තෙල කියන ලද වෙයි. මෙය කුමක් නිසා කියන ලද ද යත්: මහණෙනි, මෙ සස්නෙහි ප්‍රකර්‍ෂ විවේක ඇතිව වසන්නහු වෙත එළඹෙන මහණ - මෙහෙණ - උවසු - උවැසි - රජ - රජමහ ඇමති - අන්තොටු - අන්තොටු සව්වෝ වෙති. ඔවුනතුරෙහි විවේකයට නැමුණු විවේකයට නැඹුරු වූ විවේකයට බරවූ විවේකයෙහි පිහිටි නෛෂ්ක්‍රම්‍යයෙහි ඇලුණු සිතින් මහණ ඒකාන්තයෙන් පෙළැඹැ වීම පිළිබැඳි (ඔවුන්ගේ උපස්ථානගමනයට හේතුවන) කථාවක්ම කරන්නෙක් වේ. ‘මහණෙනි, මේ ධර්‍මය ප්‍රකර්‍ෂවිවේක ඇත්තහුට ය, මේ ධර්‍මය සඞ්ගණිකායෙහි ඇලුණහුට නො වේ’යි මෙසේ එ යමක් කියන ලද නම් තෙල මෙ නිසා කියන ලද.
Pali BJT4. ‘ආරද්ධවිරියස්සායං භික්ඛවෙ, ධම්මො නායං ධම්මො කුසීතස්සා’ති ඉති ඛො පනෙතං වුත්තං කිඤ්චෙතං පටිච්ච වුත්තං: ඉධ භික්ඛවෙ, භික්ඛු ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු ‘ආරද්ධවිරියස්සායං භික්ඛවෙ, ධම්මො නායං ධම්මො කුසීතස්සා’ති ඉති යං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJT4. මහණෙනි, මේ ධර්‍මය දැඩි වැ ගත් වැර ඇත්තහුට ය, මේ ධර්‍මය කුසීතයාහට නො වේ’යි මෙසේ තෙල කියන ලද වෙයි. මෙය කුමක් නිසා කියන ලද ද යත්: මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලධර්‍මයන්ගේ රැස් කිරීම පිණිස දැඩි වැ ගත් වීර්‍ය්‍යය ඇත්තේ ශක්ති දළපැරකුම් ඇත්තේ කුශලධර්‍මයන්හි නො බැහූ වෙර ඇත්තේ වාස කෙරෙයි. “මහණෙනි, මේ ධර්‍මය ආරබ්ධ වීර්‍ය්‍යය ඇත්තහුට ය, මේ ධර්‍මය කුසීතයාහට නො වේ’යි, මෙසේ මා යමක් කියන ලද නම්, එය මේ නිසා කියන ලද.
Pali BJT5. ‘උපට්ඨිතසතිස්සායං භික්ඛවෙ, ධම්මො නායං ධම්මො මුට්ඨස්සතිස්සා’ති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං: ඉධ භික්ඛවෙ, භික්ඛු සතිමා හොති පරමෙන සතිනෙපක්කෙන සමන්නාගතො චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා. ‘උපට්ඨිතසතිස්සායං භික්ඛවෙ, ධම්මො නායං ධම්මො මුට්ඨස්සතිස්සා’ති ඉති යන්තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJT5. ‘මහණෙනි, මේ ධර්‍මය එළැඹ සිටි සිහි ඇත්තහුටය, මේ ධර්‍මය මුළාසිහි ඇත්තහුට නොවේ’යී. මෙසේ තෙල කියන ලද වෙයි, මෙය කුමක් නිසා කියන ලද ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙමේ උතුම් සිහිනුවණින් යුතු වූයේ සිහි ඇත්තේ වේ. පෙරකරනලද්ද පෙර කියන ලද්ද සිහි කරන්නේ පුනපුනා සිහි කරන්නේ වේ. ‘මහණෙනි, මේ ධර්‍මය එළැඹ සිටි සිහි ඇත්තහුට ය, මේ ධර්‍මය මුළාසිහි ඇත්තහුට නො වේ’යී මෙසේ ඒ යමක් කියන ලද නම් තෙල මේ නිසා කියන ලද.
Pali BJT6. ‘සමාහිතස්සායං භික්ඛවෙ, ධම්මො නායං ධම්මො අසමාහිතස්සා’ ති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං: ඉධ භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. ‘සමාහිතස්සායං භික්ඛවෙ, ධම්මො නායං ධම්මො අසමාහිතස්සා’ ති ඉති යන්තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJT6. ‘මහණෙනි, මේ ධර්‍මය එකඟ වූ සිත් ඇත්තහුට ය, මේ ධර්‍මය එකඟ නො වූ සිත් ඇත්තහුට නො වේ’යී මෙසේ තෙල කියන ලද වෙයි. මෙය කුමක් නිසා කියන ලද ද යත්: මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන්ව ම ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි. ‘මහණෙනි, මේ ධර්‍මය එකඟ වූ සිත් ඇත්තහුට ය, මේ ධර්‍මය එකඟ නොවූ සිත් ඇත්තහුහට නොවේ’යී මෙසේ ඒ යමක් කියන ලද නම් තෙල මේ නිසා කියන ලද.
Pali BJT7. ‘පඤ්ඤවතො අයං භික්ඛවෙ, ධම්මො නායං ධම්මො දුප්පඤ්ඤස්සා’ති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං: ඉධ භික්ඛවෙ, භික්ඛු පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා. ‘පඤ්ඤවතො අයං භික්ඛවෙ, ධම්මො නායං ධම්මො දුප්පඤ්ඤස්සා’ ති ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJT7. ‘මහණෙනි, මේ ධර්‍මය නුවණ ඇත්තහුට ය, මේ ධර්‍මය නුවණ නැත්තහුට නො වේ’යයි මෙසේ තෙල කියන ලද වෙයි. මෙය කුමක් නිසා කියන ලද ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ උදයවය පිළිවිදුමට සමත් වූ උතුම් වූ නිර්වේදයට හිත වූ මනා කොට දුක් ගෙවීමට යන සුලු ප්‍රඥාවෙන් සමන්‍විත වූයේ පැණවත් වෙයි. ‘මහණෙනි, මේ ධර්‍මය නුවණැත්තහුට ය, මේ ධර්‍මය නුවණ නැත්තහුට නො වේ’යී මෙසේ ඒ යමක් කියන ලද නම් තෙල මේ නිසා කියන ලද.
Pali BJT8. ‘නිප්පපඤ්චාරාමස්සායං භික්ඛවෙ, ධම්මො නිප්පපඤ්චරතිනො නායං ධම්මො පපඤ්චාරාමස්ස පපඤ්චරතිනො’ ති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං: ඉධ භික්ඛවෙ භික්ඛුනො පපඤ්චනිරොධෙ චිත්තං පක්ඛන්දති පසීදති, සන්තිට්ඨති, විමුච්චති, ‘නිප්පපඤ්චාරාමස්සායං භික්ඛවෙ, ධම්මො නිප්පපඤ්චරතිනො නායං ධම්මො පපඤ්චාරාමස්ස පපඤ්චරතිනො’ති ඉති ඛො පනෙතං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තන්ති.
Sinhala BJT8. ‘මහණෙනි, මේ ධර්‍මය ප්‍රපඤ්චයෙහි නො ඇලුණහුට ය, මේ ධර්‍මය ප්‍රපඤ්චයෙහි ඇලුණහුට නොවේ’යී මෙසේ තෙල කියන ලද වෙයි. තෙල කුමක් නිසා කියන ලද ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහුගේ සිත නිර්‍වාණ පදයෙහි පිවිසෙයි, පහදියි, මැනවින් පිහිටයි, මිදේ. ‘මහණෙනි, මේ ධර්‍මය ප්‍රපඤ්චයෙහි නො ඇලුණහුට ය, මේ ධර්‍මය ප්‍රපඤ්චයෙහි ඇලුණහුට නො වේ’යී මෙසේ තෙල යමක් කියන ලද නම්, තෙල මේ නිසා කියන ලද්දේයි.
Pali BJTඅථ ඛො ආයස්මා අනුරුද්ධො ආයතිකම්පි වස්සාවාසං තත්ථෙව චෙතීසු පාචීනවංසදායෙ විහාසි. අථ ඛො ආයස්මා අනුරුද්ධො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරිය පරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්ථායාති අබ්භඤ්ඤාසි.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ මත්තෙහි වූ වස්විසුම ද ඒ චෙතී දනව්වෙහි ම පාචීනවංස වෙනෙහි කළහ. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ එකලා වැ ගණසඞ්ගණිකාවෙන් වෙන් වැ නොපමා වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති වැ වාස කරන්නාහු නොබෝ කලෙකින් ම යමක් පිණිස කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම අනගාරිය සඞ්ඛ්‍යාත පැවිද්දට පැමිණෙද්ද ඒ අනුත්තර වූ මඟබඹසර කෙළවර වූ රහත්බව දිටුදැමියෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට පැමිණ විසූ හ. ජාතිය ක්‍ෂය විය. මඟබඹසර වසන ලද, සිවුමඟ කිස කොට නිමවන ලද. රහත්බව පිණිස කටයුතු අන් කිසෙක් නැතැයි දනගත්හ.
Pali BJTඅඤ්ඤතරො ච පනායස්මා අනුරුද්ධො අරහතං අහොසි. අථ ඛො ආයස්මා අනුරුද්ධො අරහත්තප්පත්තො තායං වෙලායං ඉමා ගාථායො අභාසි.
Sinhala BJTආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ පැමිණි රහත් බැව් ඇති සේක් එවේලෙහි මේ ගාථාවන් වදාළහ.
Pali BJT1. මම සඞ්කප්පමඤ්ඤාය සත්ථා ලොකෙ අනුත්තරො, මනොමයෙන කායෙන ඉද්ධියා උපසඞ්කමි.
Sinhala BJT1. ලෝකයෙහි අනුත්තර වූ ශාස්තෲන් වහන්සේ මාගේ සඞ්කල්පය දැන ඍද්ධියෙන් මැවූ මනෝමය කයින් මා වෙත එළැඹි සේක.
Pali BJT2. යථා මෙ අහු සඞ්කප්පො තතො උත්තරි දෙසයී, නිප්පපඤ්චරතො බුද්ධො නිප්පපඤ්චං අදෙසයි.
Sinhala BJT2. මාගේ විතර්‍කය (සඞ්කල්පය) යම් පරිද්දෙකින් වී ද, එයට වැඩියක් දෙසූ සේක. නිෂ්ප්‍රපඤ්චයෙහි (නිර්‍වාණපදයෙහි) ඇලුණු බුදුරජාණන් වහන්සේ නිෂ්ප්‍රපඤ්චය (නිර්‍වාණධර්‍මය) දෙසූ සේක.
Pali BJT3. තස්සාහං ධම්මමඤ්ඤාය විහාසිං සාසනෙ රතො, තිස්සො විජ්ජා අනුප්පත්තො කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3. මම උන්වහන්සේගේ ධර්‍මය දැන සස්නෙහි ඇලුණෙම් ත්‍රිවිද්‍යාවට පැමිණියෙම් විසීමි. බුදු සසුන කරන ලදැයි.
Pali BJTගහපතිවග්ගො තතියො.
Sinhala BJTතෙවැනි ගෘහපතිවර්‍ගය යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTද්වෙ උග්ගා ද්වෙ ච හත්ථකා මහානාමෙන ජීවකො, ද්වෙ බලා අක්ඛණා වුත්තා අනුරුද්ධෙන තෙ දසාති.
Sinhala BJTඋග්ග සූත්‍ර දෙක ය, හත්‍ථක සූත්‍ර දෙක ය, මහානාම සූත්‍ර ය, ජීවක සූත්‍රය, බල සූත්‍ර දෙක ය, අක්ඛණ සූත්‍රය, අනුරුද්ධ සූත්‍රය යි සූත්‍ර දසයෙකි.
Pali BJT4. දානවග්ගො
Sinhala BJT4. දාන වර්‍ගය
Pali BJT8. 1. 4. 1.
Sinhala BJT8. 1. 4. 1.
Pali BJTදාන සුත්තං
Sinhala BJTදාන සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅට්ඨිමානි භික්ඛවෙ දානානි. කතමානි අට්ඨ:
Sinhala BJTමහණෙනි, මේ දන් අටෙකි. කවර අටෙක් ද යත්:
Pali BJTආසජ්ජ දානං දෙති, භයා දානං දෙති, අදාසි මෙති දානං දෙති, දස්සති මෙති දානං දෙති, සාහු දානන්ති දානං දෙති, අහං පචාමි ඉමෙ න පචන්ති න අරහාමි පචන්තො අපචන්තානං දානං අදාතුන්ති දානං දෙති, ඉමං මෙ දානං දදතො කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡතීති දානං දෙති. චිත්තාලඞ්කාරචිත්තපරික්ඛාරත්ථං දානං දෙති, ඉමානි ඛො භික්ඛවෙ අට්ඨ දානානීති.
Sinhala BJTවෙත පැමිණ දන් දෙයි. බියෙන් දන් දෙයි. මට දුන්නේ යි දන් දෙයි. මට දෙන්නේ යි දන් දෙයි. දීම මැනැවැයි යි දන් දෙයි. මම පිසමි, මොහු නො පිසත්, පිසන්නෙම් නොපිසන්නවුන්හට දන් නොදෙන්නට නුසුදුස්සෙමි යි දන් දෙයි. මේ දානය දෙන මාගේ කළණකිත්හඬ උස්ව නැඟේ යි දන් දෙයි. (ශමථවිදර්‍ශනා) චිත්තයාගේ අලඞ්කාර පිණිසත් පිරිවර පිණිසත් දන් දේ.
Pali BJT8. 1. 4. 2.
Sinhala BJT8. 1. 4. 2.
Pali BJTදුතියදාන සුත්තං
Sinhala BJTද්විතීයදාන සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTසද්ධා හිරියං කුසලඤ්ච දානං ධම්මා එතෙ සප්පුරිසානුයාතා, එතං හි මග්ගං දිවියං වදන්තී එතෙහි ගච්ඡති දෙවලොකන්ති.
Sinhala BJTශ්‍රද්ධායෙන් දීම ය, ලජ්ජායෙන් දීම ය, නිර්දෝෂ දීම ය, යන මේ ධර්‍මයෝ සත්පුරුෂයන් විසින් අනුගමනය කරන ලදහ. තෙල දෙව්ලොට මඟයයි කියත්, මේ ධර්‍මයන්ගෙන් දෙව්ලොවට පැමිණෙත්.
Pali BJT8. 1. 4. 3.
Sinhala BJT8. 1. 4. 3.
Pali BJTදානවත්ථු සුත්තං
Sinhala BJTදානවත්‍ථු සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅට්ඨිමානි භික්ඛවෙ, දානවත්ථූනි, කතමානි අට්ඨ:
Sinhala BJTමහණෙනි, මේ දානවස්තූහු අටෙකි, කවර අටෙක් ද යත්:
Pali BJTඡන්දා දානං දෙති, දොසා දානං දෙති, මොහා දානං දෙති, ගරහා දානං දෙති,{1} දින්නපුබ්බං කතපුබ්බං පිතුපිතාමහෙගි නාරහාමි පොරාණං{2} කුලවංසං හාපෙතුන්ති දානං දෙති, ඉමාහං දානං දත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජිස්සාමීති දානං දෙති, ඉමං මෙ දානං දදතො චිත්තං පසීදති අත්තමනතං සොමනස්සං උපජායතීති දානං දෙති, චිත්තාලඞ්කාරචිත්තපරික්ඛාරත්ථං දානං දෙති. ඉමානි ඛො භික්ඛවෙ අට්ඨ දානවත්ථුනීති.
Sinhala BJTඡන්‍දයෙන් දන් දෙයි. ද්වේෂයෙන් දන් දෙයි. මෝහයෙන් දන් දෙයි. ගැරහීම් බියෙන් දන් දෙයි. පියමුතුන් විසින් දුන්විරූ ය කළවිරූ ය පැරණි කුලවංශය පිරිහෙළන්නට නො සුදුස්සෙමියි දන් දෙයි. මම මේ දන් දී කාබුන් මරණින් මතු මනාගති ඇති ස්වර්‍ගලෝකයෙහි උපදින්නෙමි යි දන් දෙයි. මේ දන්දෙන මාගේ සිත පහදියි අත්තමනතා සඞ්ඛ්‍යාත සොම්නස උපදී යයි දන්දෙයි. සිතෙහි අලඞ්කාරය හා චිත්තපරිෂ්කාරය පිණිස දන් දෙයි. මහණෙනි, මේ වනාහි දානවස්තු අටයි.
Pali BJT8. 1. 4. 4.
Sinhala BJT8. 1. 4. 4.
Pali BJTඛෙත්තූපම සුත්තං
Sinhala BJTඛෙත්තූපම සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅට්ඨඞ්ගසමන්නාගතෙ භික්ඛවෙ, ඛෙත්තෙ බීජං වුත්තං න මහප්ඵලං හොති. න මහස්සාදං න ඵාතියෙය්යාති. කථං අට්ඨඞ්ගසමන්නාගතෙ:
Sinhala BJTමහණෙනි, අටඟෙකින් යුත් කෙතෙහි වපුළ බිජු මහත්ඵල නො වේ. මහත් ආස්වාද ඇත්තේ (මධුර) නොවේ. නො වැඩෙන්නේ යි. කෙසේ අටඟින් යුත් කෙතෙහි ද යත්:
Pali BJTඉධ භික්ඛවෙ, ඛෙත්තං උන්නාමනින්නාමී ච හොති පාසාණසක්ඛරිල්ලඤ්ච හොති. ඌසරඤ්ච හොති. න ච ගම්භීරසීතං හොති. න ආයසම්පන්නං හොති, න අපායසම්පන්නං හොති, න මාතිකාසම්පන්නං හොති, න මරියාදාසම්පන්නං හොති, එවං අට්ඨඞ්ගසමන්නාගතෙ භික්ඛවෙ ඛෙත්තෙ බීජං වුත්තං න මහප්ඵලං හොති. න මහස්සාදං. න ඵාතියෙය්යාති.
Sinhala BJTමහණෙනි, මෙලොවැ කෙතක් වළගොඩැලි ඇත්තේ ද වෙයි. අතළගල් කුඩාගල් හා බොරළු ඇත්තේ ද වෙයි. කරමැටි ඇත්තේ ද වෙයි. නො ද ගැඹුරට සාන ලද වෙයි. (ගලාඑන) දිය මං නැත්තේ ද වෙයි. (ගලායන) දියමං ඇත්තේ ද නො වෙයි. (කුදුමහත්) දිය ඇලි ඇත්තේ ද නොවෙ යි. කෙත්සීමා (මියර) සහිත වූයේ ද නො වේ. මහණෙනි, මෙසේ අටඟින් යුත් කෙතෙහි වපුළ බිජු මහත්ඵල නො වෙයි, මධුර නො වේ. නො වැඩෙන්නේ යී.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ අට්ඨඞ්ගසමන්නාගතෙසු සමණබ්රාහ්මණෙසු දානං දින්නං න මහප්ඵලං හොති, න මහානිසංසං න මහාජුතිකං න මහාවිප්ඵාරං. කථං අට්ඨඞ්ගසමන්නාගතෙසු:
Sinhala BJTමහණෙනි, එසෙයින් ම අටඟින් යුත් මහණබමුණන් කෙරෙහි දුන් දන් මහත් ඵල නො වෙයි. මහානිසංස නො වෙයි. මහත් ශෝභා ඇත්තේ නො වෙයි. මහත් පැතිරීම් ඇත්තේ නො වේ. කෙසේ අටඟින් යුත් මහණබමුණන් කෙරෙහි ද යත්:
Pali BJTඉධ භික්ඛවෙ, සමණබ්රාහ්මණා මිච්ඡාදිට්ඨිකා හොන්ති මිච්ඡාසඞ්කප්පා මිච්ඡාවාචා මිච්ඡාකම්මන්තා මිච්ඡාආජීවා මිච්ඡාවායාමා මිච්ඡාසතිනො මිච්ඡාසමාධිනො. එවං අට්ඨඞ්ගසමන්නාගතෙසු භික්ඛවෙ සමණබ්රාහ්මණෙසු දානං දින්නං න මහප්ඵලං හොති. න මහානිසංසං න මහාජුතිකං න මහාවිප්ඵාරං.
Sinhala BJTමහණෙනි, මෙලොවැ මහණබමුණෝ මිථ්‍යාදෘෂ්ටිකයෝ වෙති, මිථ්‍යාසඞ්කල්ප ඇත්තෝ වෙති, මිථ්‍යාවචන ඇත්තෝ වෙති, මිථ්‍යාකර්‍මාන්ත ඇත්තෝ වෙති, මිථ්‍යාආජීව ඇත්තෝ වෙති, මිථ්‍යාව්‍යායාම ඇත්තෝ වෙති, මිථ්‍යාස්මෘති ඇත්තෝ වෙති, මිථ්‍යාසමාධි ඇත්තෝ වෙත්. මහණෙනි, මෙසේ අටඟින් යුත් මහණබමුණන් කෙරෙහි දුන් දන් මහත්ඵල නො වෙයි. මහානිසංස නො වෙයි. මහාද්‍යුතික නො වෙයි. මහත් පැතිරීම් ඇත්තේ නො වේ.
Pali BJTඅට්ඨඞ්ගසමන්නාගතෙ භික්ඛවෙ, ඛෙත්තෙ බීජං වුත්තං මහප්ඵලං හොති මහස්සාදං ඵාතියෙය්යාති. කථං අට්ඨඞ්ගසමන්නාගතෙ:
Sinhala BJTමහණෙනි, අටඟෙකින් යුත් කෙතෙහි වපුළ බිජු මහත්ඵල ඇත්තේ වේ. මහත් ආස්වාද ඇත්තේ (මධුර) වේ. වැඩෙන්නේ ය, කෙසේ අටඟෙකින් යුත් කෙතෙහි ද යත්:
Pali BJTඉධ භික්ඛවෙ, ඛෙත්තං අනුන්නාමනින්නාමී ච හොති, අපාසාණසක්ඛරිල්ලඤ්ච හොති, අනුසරඤ්ච හොති. ගම්භීරසීතං හොති, ආයසම්පන්නං හොති, අපායසම්පන්නං හොති, මාතිකාසම්පන්නං හොති, මරියාදාසම්පන්නං හොති, එවං අට්ඨඞ්ගසමන්නාගතෙ භික්ඛවෙ, ඛෙත්තෙ බීජං වුත්තං මහප්ඵලං හොති, මහස්සාදං ඵාතියෙය්යාති.
Sinhala BJTමහණෙනි, මෙ ලොවැ කෙතක් වළගොඩැලි නැත්තේ ද වෙයි. ගල් බොරළු නැත්තේ ද වෙයි. කරමැටි නැත්තේ ද වෙයි. ගැඹුරට සානලද ද වෙයි, (ගලාඑන) දිය මං ඇත්තේ ද වෙයි. (ගලායන) දියමං ඇත්තේ ද වෙයි. (කුදුමහත්) දිය ඇලි ඇත්තේ ද වෙයි. කෙත් සීමා (මියර) සහිත ද වෙයි. මහණෙනි, මෙසේ අටඟෙකින් යුත් කෙතෙහි වපුළ බීජ මහත්ඵල ඇත්තේ වෙයි. මධුර වෙයි. වැඩෙන්නේ යි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, අට්ඨඞ්ගසමන්නාගතෙසු සමණබ්රාහ්මණෙසු දානං දින්නං මහප්ඵලං හොති මහානිසංසං මහාජුතිකං මහාවිප්ඵාරං. කථං අට්ඨඞ්ගසමන්නාගතෙසු: ඉධ භික්ඛවෙ, සමණබ්රාහ්මණා සම්මාදිට්ඨිකා හොන්ති සම්මාසඞ්කප්පා සම්මාවාචා සම්මාකම්මන්තා සම්මාආජීවා සම්මාවායාමා සම්මාසතිනො සම්මාසමාධිනො. එවං අට්ඨඞ්ගසමන්නාගතෙසු භික්ඛවෙ, සමණබ්රාහ්මණෙසු දානං දින්නං මහප්ඵලං හොති මහානිසංසං මහාජුතිකං මහාවිප්ඵාරන්ති.
Sinhala BJTමහණෙනි, එ පරිද්දෙන් ම අටඟෙකින් යුත් මහණබමුණන් කෙරෙහි දුන් දන් මහත්ඵල වේ. මහත් අනුසස් ඇත්තේ වේ. මහාද්‍යුතික වේ. මහාපැතිරීම් ඇත්තේ වේ. කෙසේ අටඟෙකින් යුත් මහණබමුණන් කෙරෙහි ද යත්: මහණෙනි, මෙලොව මහණබමුණෝ සම්‍යග්දෘෂ්ටිකයෝ වෙති. සම්‍යක්සංකල්ප ඇත්තෝ වෙති. සම්‍යක් වචන ඇත්තෝ වෙති. සම්‍යක් කර්‍මාන්ත ඇත්තෝ වෙති. සම්‍යක් ආජීව ඇත්තෝ වෙති. සම්‍යග්ව්‍යායාම ඇත්තෝ වෙති. සම්‍යක් ස්මෘති ඇත්තෝ වෙති. සම්‍යක් සමාධි ඇත්තෝ වෙත්. මහණෙනි, මෙසේ අටඟෙකින් යුත් මහණ බමුණන් කෙරෙහි දුන් දන් මහත්ඵලවෙයි. මහත් අනුසස් ඇත්තේ වෙයි, මහාද්‍යුතික වෙයි. මහත් පැතිරීම් ඇත්තේ වෙයි.
Pali BJT1. යථාපි ඛෙත්තෙ සම්පන්නෙ - පවුත්තා බීජසම්පදා, දෙවෙ සම්පාදයන්තම්හි - හොති ධඤ්ඤස්ස සම්පදා
Sinhala BJT1. පිරිපුන් සම්පත් ඇති කෙතෙහි වපුළ බීජසම්පත්ති තොමෝ වැසි මැනවින් වස්නා කල්හි යම්සේ යහපත් ධාන්‍ය සම්පත් ඇත්තී වේ ද,
Pali BJT2. අනීති සම්පදා හොති - විරූළ්හී භවති සම්පදා, වෙපුල්ලසම්පදා හොති - ඵලං වෙ හොති සම්පදා.
Sinhala BJT2. (ඕ) පණුඋවදුරු නැති බව නමැති සම්පත් ඇත්තී වෙයි. වෘද්ධිසම්පත් ඇත්තී වෙයි. වෛපුල්‍ය සම්පත් ඇත්තී වෙයි. ඒකාන්තයෙන් ඵලසම්පත් ඇත්තී වෙයි.
Pali BJT3. එවං සම්පන්නසීලෙසු - දින්නා භොජනසම්පදා, සම්පදානං උපනෙති - සම්පන්නං හිස්ස තං කතං
Sinhala BJT3. එසේම පිරිපුන් සිල් ඇත්තවුන් කෙරෙහි දෙන ලද භෝජන සම්පත් තොමෝ කුශලසම්පත් එළවයි. ඔහු විසින් කරන ලද ඒ කර්‍මය යම්හෙයකින් පිරිපුන් වේ ද,
Pali BJT4. තස්මා සම්පදමාකඞ්ඛී - සම්පන්නත්ථුධ පුග්ගලො, සම්පන්නපඤ්ඤෙ සෙවෙථ - එවං ඉජ්ඣන්ති සම්පදා.
Sinhala BJT4. එහෙයින් මෙලොව සම්පත් කැමැත්තේ පිරිපුන් පුඟුලෙක් වේවා, පිරිපුන් පැණැත්තන් සේවනය කෙරේවා. සම්පත්හු මෙසේ සමෘද්ධ වෙත්.
Pali BJT5. විජ්ජාචරණසම්පන්නො - ලද්ධා චිත්තස්ස සම්පදං, කරොති කම්මසම්පදං - ලභති ච{1} අත්ථසම්පදං.
Sinhala BJT5. විද්‍යාවෙන් හා චරණධර්‍මයෙන් යුක්තවූයේ චිත්තසම්පත් (නොවකල්බව) ලැබ කර්‍මසම්පත් (පරිපූර්‍ණ කර්‍ම) කෙරෙයි. (පිරිපුන්) අර්‍ත්‍ථසම්පත් ද ලබයි.
Pali BJT6. ලොකං ඤත්වා යථාභූතං - පප්පුය්ය දිට්ඨිසම්පදං, වග්ගසම්පදමාගම්ම - යාති සම්පන්නමානසො.
Sinhala BJT6. (විදර්‍ශනා) දෘෂ්ටි සම්පත්තියට පැමිණ තත්වූ පරිදි ලොව දැන (සෝතාපත්ති) මාර්‍ගසම්පත්තියට පැමිණ පිරිපුන් සිත් ඇත්තේ අර්‍හත්ත්‍වයට යෙයි.
Pali BJT7. ඔධුනිත්වා මලං සබ්බං - පත්වා නිබ්බාන සම්පදං, මුච්චති සබ්බදුක්ඛෙහි - සා හොති සබ්බසම්පදා.
Sinhala BJT7. මුළු කෙලෙස්මල කම්පිත කොට හැර නිවන් සැපතට පැමිණ සියලු දුකින් මිදෙයි. ඒ විමුක්ති තොමෝ සර්‍වසම්පත් නම් වෙයි.
Pali BJT8. 1. 4. 5.
Sinhala BJT8. 1. 4. 5.
Pali BJTදානූපපත්ති සුත්තං
Sinhala BJTදානූපපත්ති සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅට්ඨිමා භික්ඛවෙ දානූපපත්තියො කතමා අට්ඨ:
Sinhala BJTමහණෙනි, මේ දානෝපප්‍රාප්තීහු (දානය නිසා වන ඉපදීම්) අට දෙනෙකි. කවර අටෙක් ද යත්:
Pali BJT1. ඉධ භික්ඛවෙ එකච්චො දානං දෙති සමණස්ස වා බ්රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං, සො යං දෙති. තං පච්චාසිංසති. සො පස්සති ඛත්තියමහාසාලෙ වා බ්රාහ්මණමහාසාලෙ වා ගහපතිමහාසාලෙ වා පඤ්චහි කාමගුණෙහි සමප්පිතෙ සමඞ්ගීභූතෙ පරිචාරයමානෙ. තස්ස එවං හොති: අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා ඛත්තියමහාසාලානං වා බ්රාහ්මණමහාසාලානං වා ගහපතිමහාසාලානං වා සහව්යතං උපපජ්ජෙය්යන්ති. සො තං චිත්තං දහති. තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවෙති. තස්ස තං චිත්තං හීනෙ විමුත්තං උත්තරිං අභාවිතං තත්රූපපත්තියා සංවත්තති. කායස්ස භෙදා පරම්මරණා ඛත්තියමහාසාලානං වා බ්රාහ්මණමහාසාලානං වා ගහපතිමහාසාලානං වා සහව්යතං උපපජ්ජති. තඤ්ච ඛො සීලවතො වදාමි, නො දුස්සීලස්ස. ඉජ්ඣති භික්ඛවෙ. සීලවතො චෙතොපණිධි විසුද්ධත්තා.
Sinhala BJT1. මහණෙනි, මෙලොව එකෙක් මහණකුට හෝ බමුණකුට අහර පැන් වත් යන් මල්ගඳවිලෙවුන් යහන් නිවෙස් පහන් උවාරණ දන් දෙයි. හෙතෙමේ යමක් දේද, එය නැවත පතයි. හෙතෙමේ පස්කම් ගුණයෙන් ඇලුණු, යුක්ත වූ ඉඳුරන් පිනවනු ලබන ක්‍ෂත්‍රිය මහාසාරයන් හෝ බ්‍රාහ්මණමහාසාරයන් හෝ ගෘහපති මහාසාරයන් හෝ දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මම කායයාගේ බිඳීමෙන් මරණින් මතු ක්‍ෂත්‍රියමහාසාරයන්ගේ හෝ බ්‍රාහ්මණමහාසාරයන්ගේ හෝ ගෘහපති මහාසාරයන්ගේ හෝ සහවාසයට පැමිණෙන්නෙම් නම් ඉතා යෙහෙක. හේ ඒ සිත තබයි, ඒ සිත ඉටයි, ඒ සිත වඩයි. හීනවූ පස්කම්ගුණයෙහි යෙදුණු ඔහුගේ ඒ සිත මත්තෙහි (මඟපල පිණිස) නොවඩනා ලද්දේ එහි උපත පිණිස පවතී. කාබුන් මරණින් මතු ක්‍ෂත්‍රිය මහාසාරයන් ගේ හෝ බ්‍රාහ්මණමහාසාරයන්ගේ හෝ ගෘහපතිමහාසාරයන්ගේ හෝ සහවාසයට පැමිණේ. එද වනාහි සිල්වත්හට කියමි. දුශ්ශීලහට නො කියමි. මහණෙනි, සිල්වත්හුගේ චිත්තප්‍රණිධිය (සිතපිහිටුවීම) පිරිසුදු බැවින් සමෘද්ධ වෙයි.
Pali BJT2. ඉධ පන භික්ඛවෙ, එකච්චො දානං දෙති, සමණස්ස වා බ්රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං, සො යං දෙති තං පච්චාසිංසති, තස්ස සුතං හොති: චාතුම්මහාරාජිකා දෙවා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලාති. තස්ස එවං හොති: අහොවතාහං කායස්ස භෙදා පරම්මරණා චාතුම්මහාරාජිකානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්යන්ති. සො තං චිත්තං දහති. තං චිත්තං අධිට්ඨාති. තං චිත්තං භාවෙති. තස්ස තං චිත්තං හීනෙ විමුත්තං උත්තරිං අභාවිතං තත්රූපපත්තියා සංවත්තති, කායස්ස භෙදා පරම්මරණා චාතුම්මහාරාජිකානං දෙවානං සහව්යතං උපපජ්ජති. තඤ්ච ඛො සීලවතො වදාමි, නො දුස්සීලස්ස, ඉජ්ඣති භික්ඛවෙ සීලවතො චෙතොපණිධි විසුද්ධත්තා.
Sinhala BJT2. මහණෙනි, මේ ලෝකයෙහි එකෙක් මහණකුට හෝ බමුණකුට හෝ ආහාර පැන් වත් යන් මල්ගඳවිලෙවුන් යහන් නිවෙස් පහන් උවාරණ දන්දෙයි. හෙතෙමේ යමක් දේ ද, එය නැවත පතයි. ඔහු විසින් (මෙසේ) අසනලද්දේ වෙයි: චාතුම්මහාරාජික දෙව්ලොව දෙවියෝ දීර්‍ඝායුෂකයෝ ය, වර්‍ණවත්හු ය, සැපබහුල කොට ඇත්තෝ ය. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මම් කාබුන් මරණින් මතු සිවුමහරජයෙහි දෙවියන්ගේ සහවාසයට පැමිණෙන්නෙම් නම් ඉතා යෙහෙකැයි. හේ ඒ සිත තබයි, ඒ සිත ඉටයි, ඒ සිත වඩයි. ඔහුගේ ඒ සිත හීන වූ පස්කම් ගුණයෙහි යෙදුණේ මත්තෙහි නොවඩනා ලද්දේ එහි උපත පිණිස පවතී. කාබුන් මරණින් මත්තෙහි සිවුමහරජයෙහි දෙවියන්ගේ සහවාසයට පැමිණේ. එද වනාහි සිල්වත්හට කියමි, දුශ්ශීලහට නො කියමි. මහණෙනි, සිල්වත්හුගේ චිත්තප්‍රණිධිය පිරිසුදු බැවින් සමෘද්ධ වෙයි.
Pali BJT3-7 ඉධ පන භික්ඛවෙ, එකච්චො දානං දෙති, සමණස්ස වා බ්රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං. සො යං දෙති තං පච්චාසිංසති. තස්ස සුතං හොති: තාවතිංසා දෙවා -පෙ- යාමා දෙවා -පෙ- තුසිතා දෙවා - නිම්මාණරතී දෙවා - පරනිම්මිතවසවත්තී දෙවා - දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලාති. තස්ස එවං හොති: අහොවතාහං කායස්ස භෙදා පරම්මරණා පරනිම්මිතවසවත්තීනං දෙවානං සහව්යතං උපපජ්ජෙය්යන්ති. සො තං චිත්තං දහති. තං චිත්තං අධිට්ඨාති. තං චිත්තං භාවෙති. තස්ස තං චිත්තං හීනෙ විමුත්තං උත්තරිං අභාවිතං තත්රූපපත්තියා සංවත්තති. කායස්ස භෙදා පරම්මරණා පරනිම්මිතවසවත්තීනං දෙවානං සහව්යතං උපපජ්ජති. තඤ්ච ඛො සීලවතො වදාමි නො දුස්සීලස්ස, ඉජ්ඣති භික්ඛවෙ සීලවතො චෙතොපණිධි විසුද්ධත්තා.
Sinhala BJT3-7 මහණෙනි, මේ ලෝකයෙහි එකෙක් මහණකුට හෝ බමුණකුට හෝ අහර පැන් වත් යන් මල්ගඳවිලෙවුන් යහන් නිවෙස් පහන් දන් දෙයි. යමක් දේද, එය නැවත පතයි, ඔහු විසින් මෙසේ අසන ලද්දේ වෙයි: තාවතිංස දෙවියෝ ... යාම දෙවියෝ ... තුසිත දෙවියෝ ... නිම්මාරණරතී දෙවියෝ ... පරනිම්මිතවසවත්තී දෙවියෝ දීර්‍ඝායුෂ්කයෝ ය. වර්‍ණවත්හු ය, සැප බහුල කොට ඇත්තෝ යි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මම කාබුන් මරණින් මතු පරනිර්මිතවශවර්තී දෙවියන්ගේ සමවාසයට යන්නෙම් නම් ඉතා යෙහෙකි. හේ ඒ සිත තබයි. ඒ සිත ඉටයි. ඒ සිත වඩයි. හීන වූ පස්කම් ගුණයෙහි යෙදුණු ඔහුගේ ඒ සිත මත්තෙහි නො වඩනා ලද්දේ එහි උපත පිණිස පවතී. කාබුන් මරණින් මතු පරනිර්මිතවශවර්තී දෙවියන්ගේ සහවාසයට පැමිණේ. එද සිල්වත්හට කියමි. දුශ්ශීලහට නො කියමි. මහණෙනි, සිල්වත්හුගේ චිත්තප්‍රණිධිය සමෘද්ධ වේ. පිරිසුදු බැවිනි.
Pali BJT8. ඉධ පන භික්ඛවෙ, එකච්චො දානං දෙති. සමණස්ස වා බ්රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං. සො යං දෙති තං පච්චාසිංසති. තස්ස සුතං හොති: බ්රහ්මකායිකා දෙවා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලාති. තස්ස එවං හොති: අහොවතාහං කායස්ස භෙදා පරම්මරණා බ්රහ්මකායිකානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්යන්ති. සො තං චිත්තං දහති. තං චිත්තං අධිට්ඨාති. තං චිත්තං භාවෙති. තස්ස තං චිත්තං හීනෙ විමුත්තං උත්තරිං අභාවිතං තත්රූපපත්තියා සංවත්තති. කායස්ස භෙදා පරම්මරණා බ්රහ්මකායිකානං දෙවානං සහව්යතං උපපජ්ජති. තඤ්ච ඛො සීලවතො වදාමි, නො දුස්සීලස්ස, වීතරාගස්ස නො සරාගස්ස. ඉජ්ඣති භික්ඛවෙ සීලවතො චෙතොපණිධි වීතරාගත්තා. ඉමා ඛො භික්ඛවෙ, අට්ඨදානූපපත්තියොති.
Sinhala BJT8. මහණෙනි, මේ ලෝකයෙහි එකෙක් මහණකුට හෝ බමුණකුට හෝ අහර පැන් වත් යන් මල්ගඳවිලෙවුන් යහන් නිවෙස් පහන් උවාරණ දන් දෙයි. හේ යමක් දේ නම් එය නැවත පතයි. බ්‍රහ්මකායික දෙවියෝ දීර්‍ඝායුෂකයෝ ය. වර්‍ණවත්හු ය. සැපබහුල කොට ඇත්තෝ යි, ඔහු විසින් අසන ලද්දේ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මම කාබුන් මරණින් මතු බ්‍රහ්මකායික දෙවියන්ගේ සහවාසයට පැමිණෙන්නෙම් නම් ඉතා යෙහෙකැ යි, හෙතෙමේ ඒ සිත තබයි. ඒ සිත ඉටයි. ඒ සිත වඩයි. හීනවූ පස්කම්ගුණයෙහි යෙදුණු ඔහුගේ ඒ සිත මත්තෙහි නො වඩනා ලද්දේ එහි උපත පිණිස පවතී. කාබුන් මරණින් මතු බ්‍රහ්මකායික දෙවියන්ගේ සහවාසයට පැමිණේ. එද සිල්වත්හට කියමි. දුශ්ශීලහට නො කියමි. වීතරාගයාහට කියමි. සරාගයාහට නො කියමි. මහණෙනි, සිල්වත්හුගේ චිත්තප්‍රණිධිය සමෘද්ධ වේ. පහවූ රාගය ඇති බැවිනි. මහණෙනි, මේ දානුපපත්ති අටයි.
Pali BJT8. 1. 4. 6.
Sinhala BJT8. 1. 4. 6.
Pali BJTපුඤ්ඤකිරියවත්ථු සුත්තං
Sinhala BJTපුඤ්ඤකිරියවත්‍ථු සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTතීණිමානි භික්ඛවෙ, පුඤ්ඤකිරියවත්ථූනි, කතමානි තීණි.
Sinhala BJTමහණෙනි,මේ පින්කිරියවත් තුනෙකි, කවර තුනෙක යත්:
Pali BJTදානමයං පුඤ්ඤකිරියවත්ථු{1}, සීලමයං පුඤ්ඤකිරියවත්ථු, භාවනාමයං පුඤ්ඤකිරියවත්ථු.
Sinhala BJTදානමය පුණ්‍යක්‍රියාවස්තු ය, ශීලමය පුණ්‍යක්‍රියාවස්තු ය, භාවනාමය පුණ්‍යක්‍රියාවස්තු යි.
Pali BJT1. ඉධ භික්ඛවෙ, එකච්චස්ස දානමයං පුඤ්ඤකිරියවත්ථු පරිත්තං කතං හොති, සීලමයං පුඤ්ඤකිරියවත්ථු පරිත්තං කතං හොති භාවනාමයං පුඤ්ඤකිරියවත්ථු නාභිසම්භොති. සො කායස්ස භෙදා පරම්මරණා මනුස්සදොභග්ගං{1} උපපජ්ජති.
Sinhala BJT1. මහණෙනි, මෙ ලොව එකකු විසින් දානමයපුණ්‍යක්‍රියාවස්තුව මඳ කොට කරන ලද වෙයි. ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව මඳ කොට කරන ලද වෙයි. භාවනාමයපුණ්‍යක්‍රියාවස්තුව නො නිපැයෙයි. හේ කාබුන් මරණින් මතු (පිළිසඳ විසින්) මිනිසුන් අතර දුර්භාග්‍යයට පැමිණෙයි.
Pali BJT2. ඉධ පන භික්ඛවෙ, එකච්චස්ස දානමයං පුඤ්ඤකිරියවත්ථු මත්තසො කතං හොති, සීලමයං පුඤ්ඤකිරියවත්ථු මත්තසො කතං හොති, භාවනාමයං පුඤ්ඤකිරියවත්ථු නාභිසම්භොති. සො කායස්ස භෙදා පරම්මරණා මනුස්සසොභග්ගං{2} උපපජ්ජති.
Sinhala BJT2. මහණෙනි, මෙ ලොවැ එකකු විසින් දානමයපුණ්‍යක්‍රියාවස්තුව පමණින් කරන වෙයි. ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව පමණින් කරන ලද වෙයි. භාවනාමයපුණ්‍යක්‍රියාවස්තුව නො නිපැයෙයි. හේ කාබුන් මරණින් මතු පිළිසඳ විසින් මිනිසුන් අතර සෞභාග්‍යයට පැමිණෙයි.
Pali BJT3. ඉධ පන භික්ඛවෙ, එකච්චස්ස දානමයං පුඤ්ඤකිරියවත්ථු අධිමත්තං කතං හොති, සීලමයං පුඤ්ඤකිරියවත්ථු අධිමත්තං කතං හොති, භාවනාමයං පුඤ්ඤකිරියවත්ථු නාභිසම්භොති. සො කායස්ස භෙදා පරම්මරණා චාතුම්මහාරාජිකානං දෙවානං සහව්යතං උපපජ්ජති. තත්ර භික්ඛවෙ, චත්තාරො මහාරාජානො දානමයං පුඤ්ඤකිරියවත්ථුං අතිරෙකං කරිත්වා{3} සීලමයං පුඤ්ඤකිරියවත්ථුං අතිරෙකං කරිත්වා{3} චාතුම්මහාරාජිකෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හන්ති දිබ්බෙන ආයුනා, දිබ්බෙන වණ්ණෙන, දිබ්බෙන සුඛෙන, දිබ්බෙන යසෙන, දිබ්බෙන ආධිපතෙය්යෙන, දිබ්බෙහි රූපෙහි, දිබ්බෙහි සද්දෙහි, දිබ්බෙහි ගන්ධෙහි, දිබ්බෙහි රසෙහි, දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි.
Sinhala BJT3. මහණෙනි, මෙ ලොවැ එකකු විසින් දානමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍ර කොට කරනලද වෙයි. ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍ර කොට කරනලද වෙයි. භාවනාමය පුණ්‍යක්‍රියාවස්තුව නො නිපැයෙයි. හේ කාබුන් මරණින් මතු චාතුර්මහාරාජික දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. මහණෙනි, එහි සිවුමහරජවරු දානමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේක ව කොට, ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේක ව කොට, දිව්‍ය වූ ආයුෂයෙන්, දිව්‍ය වූ වර්‍ණයෙන්, දිව්‍ය වූ සුඛයෙන්, දිව්‍ය වූ යශසින්, දිව්‍ය වූ ආධිපත්‍යයෙන්, දිව්‍ය වූ රූපයෙන්, දිව්‍ය වු ශබ්දයෙන්, දිව්‍ය වූ ගන්‍ධයෙන්, දිව්‍ය වූ රසයෙන්, දිව්‍ය වූ පහසිනැයි, දස කරුණෙකින් චාතුර්මහාරාජික දෙවියන් මැඩගෙන සිටුනාහ.
Pali BJT4. ඉධ පන භික්ඛවෙ, එකච්චස්ස දානමයං පුඤ්ඤකිරියවත්ථු අධිමත්තං කතං හොති, සීලමයං පුඤ්ඤකිරියවත්ථු අධිමත්තං කතං හොති, භාවනාමයං පුඤ්ඤකිරියවත්ථු නාභිසම්භොති. සො කායස්ස භෙදා පරම්මරණා තාවතිංසානං දෙවානං සහව්යතං උපපජ්ජති. තත්ර භික්ඛවෙ, සක්කො දෙවානමින්දො දානමයං පුඤ්ඤකිරියවත්ථුං අතිරෙකං කරිත්වා, සීලමයං පුඤ්ඤකිරියවත්ථුං අතිරෙකං කරිත්වා තාවතිංසෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හාති දිබ්බෙන ආයුනා -පෙ- දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි.
Sinhala BJT4. මහණෙනි, මෙ ලොවැ එකකු විසින් දානමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍ර ව කරනලද වෙයි. ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍ර ව කරනලද වෙයි. භාවනාමයපුණ්‍යක්‍රියාවස්තුව නො නිපැයෙයි. හේ කාබුන් මරණින් මතු තාවතිංස දෙවියන් අතර සහභාවයට යෙයි. මහණෙනි, එහි ශක්‍රදේවේන්‍ද්‍ර තෙමේ දානමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේක ව කොට, ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේක ව කොට තාවතිංසදෙවියන් දිව්‍ය වූ ආයුෂයෙන් -පෙ- දිව්‍ය වූ පහසිනැයි දස කරුණෙකින් මැඩගෙන සිටුනේ ය.
Pali BJT5. ඉධ පන භික්ඛවෙ, එකච්චස්ස දානමයං පුඤ්ඤකිරියවත්ථු අධිමත්තං කතං හොති, සීලමයං පුඤ්ඤකිරියවත්ථු අධිමත්තං කතං හොති, භාවනාමයං පුඤ්ඤකිරියවත්ථු නාභිසම්භොති. සො කායස්ස භෙදා පරම්මරණා යාමානං දෙවානං සහව්යතං උපපජ්ජති. තත්ර භික්ඛවෙ, සුයාමො දෙවපුත්තො දානමයං පුඤ්ඤකිරියවත්ථුං අතිරෙකං කරිත්වා, සීලමයං පුඤ්ඤකිරියවත්ථුං අතිරෙකං කරිත්වා, යාමෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හාති. දිබ්බෙන ආයුනා -පෙ- දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි.
Sinhala BJT5. මහණෙනි, මෙලොව්හි එකකු විසින් දානමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍රයෙන් කරන ලද වෙයි. ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍රයෙන් කරන ලද වෙයි. භාවනාමයපුණ්‍යක්‍රියාවස්තුව නො නිපැයෙයි. හේ කාබුන් මරණින් මතු යාමදෙවියන්ගේ සහභාවයට පැමිණේ. මහණෙනි, සුයාමදේවපුත්‍රතෙමේ දානමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේක ව කොට ශීලමය පුණ්‍යක්‍රියා වස්තුව අතිරේක ව කොට දිව්‍ය වූ ආයුෂයෙන් ... දිව්‍ය වූ පහසිනැයි දසකරුණෙකින් යාමදෙවියන් මැඩගෙන සිටුනේ ය.
Pali BJT6. ඉධ පන භික්ඛවෙ, එකච්චස්ස දානමයං පුඤ්ඤකිරියවත්ථු අධිමත්තං කතං හොති, සීලමයං පුඤ්ඤකිරියවත්ථු අධිමත්තං කතං හොති, භාවනාමයං පුඤ්ඤකිරියවත්ථු නාභිසම්භොති. සො කායස්ස භෙදා පරම්මරණා තුසිතානං දෙවානං සහව්යතං උපපජ්ජති. තත්ර භික්ඛවෙ සන්තුසිතො දෙවපුත්තො දානමයං පුඤ්ඤකිරියවත්ථුං අතිරෙකං කරිත්වා, සීලමයං පුඤ්ඤකිරියවත්ථුං අතිරෙකං කරිත්වා තුසිතෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හාති. දිබ්බෙන ආයුනා -පෙ- දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි.
Sinhala BJT6. මහණෙනි, මෙ ලොව්හි එකකු විසින් දානමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍රයෙන් කරන ලද වෙයි. ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍රයෙන් කරන ලද වෙයි, භාවනාමයපුණ්‍යක්‍රියාවස්තුව නො නිපැයෙයි. හේ කාබුන් මරණින් මතු තුසිතදෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. මහණෙනි, එහි සන්තුෂිත දේවපුත්‍රතෙමේ දානමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේක ව කොට, ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේක ව කොට දිව්‍ය වූ ආයුෂයෙන් ... දිව්‍ය වූ පහසිනැ යි දසකරුණෙකින් තුසිත දෙවියන් මැඩගෙන සිටුනේ ය.
Pali BJT7. ඉධ පන භික්ඛවෙ, එකච්චස්ස දානමයං පුඤ්ඤකිරියවත්ථු අධිමත්තං කතං හොති, සීලමයං පුඤ්ඤකිරියවත්ථු අධිමත්තං කතං හොති, භාවනාමයං පුඤ්ඤකිරියවත්ථු නාභිසම්භොති. සො කායස්ස භෙදා පරම්මරණා නිම්මාණරතීනං දෙවානං සහව්යතං උපපජ්ජති. තත්ර භික්ඛවෙ, සුනිම්මිතො දෙවපුත්තො දානමයං පුඤ්ඤකිරියවත්ථුං අතිරෙකං කරිත්වා, සීලමයං පුඤ්ඤකිරියවත්ථුං අතිරෙකං කරිත්වා, නිම්මාණරතී දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හාති. දිබ්බෙන ආයුනා -පෙ- දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි.
Sinhala BJT7. මහණෙනි, මෙ ලොව්හි එකකු විසින් දානමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍රයෙන් කරන ලද වෙයි. ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍රයෙන් කරන ලද වෙයි. භාවනාමයපුණ්‍යක්‍රියාවස්තුව නො නිපැයෙයි. හේ කාබුන් මරණින් මතු නිර්‍මාණරති දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. මහණෙනි, එහි සුනිර්මිත දේවපුත්‍ර තෙමේ දානමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේක ව කොට, ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේක ව කොට දිව්‍යවූ ආයුෂයෙන් ... දිව්‍ය වු පහසිනැයි දසකරුණෙකින් නිර්‍මාණරතී දෙවියන් මැඩගෙන සිටුනේ ය.
Pali BJT8. ඉධ පන භික්ඛවෙ, එකච්චස්ස දානමයං පුඤ්ඤකිරියවත්ථු අධිමත්තං කතං හොති, සීලමයං පුඤ්ඤකිරියවත්ථු අධිමත්තං කතං හොති, භාවනාමයං පුඤ්ඤකිරියවත්ථු නාභිසම්භොති. සො කායස්ස භෙදා පරම්මරණා පරනිම්මිත වසවත්තීනං දෙවානං සහව්යතං උපපජ්ජති. තත්ර භික්ඛවෙ, වසවත්තී දෙවපුත්තො දානමයං පුඤ්ඤකිරියවත්ථුං අතිරෙකං කරිත්වා, සීලමයං පුඤ්ඤකිරියවත්ථුං අතිරෙකං කරිත්වා, පරනිම්මිතවසවත්තී දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හාති දිබ්බෙන ආයුනා, දිබ්බෙන වණ්ණෙන, දිබ්බෙන සුඛෙන, දිබ්බෙන යසෙන, දිබ්බෙන ආධිපතෙය්යෙන, දිබ්බෙහි රූපෙහි, දිබ්බෙහි සද්දෙහි, දිබ්බෙහි ගන්ධෙහි,දිබ්බෙහි රසෙහි, දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි.
Sinhala BJT8. මහණෙනි, මෙ ලොව්හි එකකු විසින් දානමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍රයෙන් කරන ලද වෙයි. ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍රයෙන් කරන ලද වෙයි. භාවනාමයපුණ්‍යක්‍රියාවස්තුව නො නිපැයෙයි. හේ කාබුන් මරණින් මතු පරනිම්මිත වසවත්ති දෙවියන්ගේ සහභාවයට පැමිණේ. මහණෙනි, වශවර්ති දේවපුත්‍ර තෙම දානමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේකව කොට, ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේක ව කොට, දිව්‍ය වූ ආයුෂයෙන්, දිව්‍ය වූ වර්‍ණයෙන්, දිව්‍ය වූ සුඛයෙන්, දිව්‍ය වූ යශසින්, දිව්‍ය වූ ආධිපත්‍යයෙන්, දිව්‍ය වූ රූපයෙන්, දිව්‍ය වූ ශබ්දයෙන්, දිව්‍ය වූ ගන්‍ධයෙන්, දිව්‍ය වූ රසයෙන්, දිව්‍ය වූ පහසිනැයි දස කරුණෙකින් පරනිර්මිතවශවර්තී දෙවියන් මැඩගෙන සිටුනේ ය.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ, තීණි පුඤ්ඤකිරියවත්ථුනීති.
Sinhala BJTමහණෙනි, මේ තුන් පින්කිරියවත්හු වෙත්.
Pali BJT8. 1. 4. 7.
Sinhala BJT8. 1. 4. 7.
Pali BJTසප්පුරිසදාන සුත්තං
Sinhala BJTසප්පුරිසදාන සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅට්ඨිමානි භික්ඛවෙ, සප්පුරිසදානානි, කතමානි අට්ඨ:
Sinhala BJTමහණෙනි, මේ සත්පුරුෂදාන අටෙකි. කවරඅටෙක යත්:
Pali BJTසුචිං දෙති, පණීතං දෙතී, කාලෙන දෙති, කප්පියං දෙති, විචෙය්ය දෙති, අභිණ්හං දෙති, දදං චිත්තං පසාදෙති. දත්වා අත්තමනො හොති, ඉමානි ඛො භික්ඛවෙ, අට්ඨ සප්පුරිසදානානීති.
Sinhala BJTපිරිසුදු දැය දෙයි. ප්‍රණීත දැය දෙයි. සුදුසු කල්හි දෙයි. කැපවූවක් දෙයි. පරීක්‍ෂාකොට දෙයි. නිරතුරු දෙයි. දෙනුයේ සිත පහන් කෙරෙයි. දී තුටුසිත් ඇතියේ වෙයි. මහණෙනි, මේ සත්පුරුෂ දාන අටයි.
Pali BJT1. සුචිං පණීතං කාලෙන කප්පියං පානභොජනං, අභිණ්හං දදාති දානං සුඛෙත්තෙසු{1} බ්රහ්මචාරිසු.
Sinhala BJT1. මනා ක්‍ෂේත්‍ර වූ බ්‍රහ්මාචාරීන් කෙරෙහි පිවිතුරු වූ පිණී වූ සුදුසු කල්හි වූ කැප වූ පානභෝජන සඞ්ඛ්‍යාත දානය නිතර දෙන්නේ ය.
Pali BJT2. න ච{2} විප්පටිසාරිස්ස චජිත්වා ආමිසං බහුං, එවං දින්නානි දානානි වණ්ණයන්ති විපස්සිනො.
Sinhala BJT2. බොහෝ ආමිස දී නො ද විපිළිසරවන්නේ ය. විදර්ශීහු (ප්‍රාඥයෝ) මෙසේ දෙනලද දන් වනත්.
Pali BJT3. එවං යජිත්වා මෙධාවී සද්ධො මුත්තෙන චෙතසා, අබ්යාපජ්ඣං සුඛං ලොකං පණ්ඩිතො උපපජ්ජතීති.
Sinhala BJT3. සැදැහැති ස්ථානෝත්පත්තික නුවණ ඇති පණ්ඩිත තෙමේ (මසුරුමලින්) මුත් සිතින් මෙසේ දන් දී නිදුක් සැප ඇති ලොවට පැමිණේ.
Pali BJT8. 1. 4. 8.
Sinhala BJT8. 1. 4. 8.
Pali BJTසප්පුරිස සුත්තං
Sinhala BJTසප්පුරිස සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTසප්පුරිසො භික්ඛවෙ, කුලෙ ජායමානො බහුනො ජනස්ස අත්ථාය හිතාය සුඛාය හොති මාතාපිතුන්නං අත්ථාය හිතාය සුඛාය හොති. පුත්තදාරස්ස අත්ථාය හිතාය සුඛාය හොති, දාසකම්මකරපොරිසස්ස අත්ථාය හිතාය සුඛාය හොති. මිත්තාමච්චානං අත්ථාය හිතාය සුඛාය හොති. පුබ්බපෙතානං අත්ථාය හිතාය සුඛාය හොති, රඤ්ඤො අත්ථාය හිතාය සුඛාය හොති දෙවතානං අත්ථාය හිතාය සුඛාය හොති, සමණබ්රාහ්මණානං අත්ථාය හිතාය සුඛාය හොති.
Sinhala BJTමහණෙනි, සත්පුරුෂ තෙමේ කුලෙහි උපදනේ බොහෝ දෙනාට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, මවුපියනට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, අඹුදරුවනට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, දස්කම්කරුපුරිස්නට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, මිත්‍ර අමාත්‍යනයට (සගයහළුවනට) අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, පරලොව ගියවුන්ට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, රජුට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, දෙවියනට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, මහණ, බමුණනට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, මහාමෙඝො සබ්බසස්සානුසම්පාදෙන්තො බහුනො ජනස්ස අත්ථාය හිතාය සුඛාය හොති. එවමෙව ඛො භික්ඛවෙ, සප්පුරිසො කුලෙ ජායමානො බහුනො ජනස්ස අත්ථාය හිතාය සුඛාය හොති. මාතාපිතුන්නං අත්ථාය හිතාය සුඛාය හොති. පුත්තදාරස්ස අත්ථාය හිතාය සුඛාය හොති. දාසකම්මකරපොරිස්ස අත්ථාය හිතාය සුඛාය හොති. මිත්තාමච්චානං අත්ථාය හිතාය සුඛාය හොති, පුබ්බපෙත්තානං අත්ථාය හිතාය සුඛාය හොති, රඤ්ඤො අත්ථාය හිතාය සුඛාය හොති. දෙවතානං අත්ථාය හිතාය සුඛාය හොති. සමණබ්රාහ්මණානං අත්ථාය හිතාය සුඛාය හොති.
Sinhala BJTමහණෙනි, යම්සේ මහාමේඝය සර්‍වසස්‍යයන් සමෘද්ධ කරනුයේ බොහෝ දෙනාට අර්‍ත්‍ථය පිණිස හිත පිණිස සුව පිණිස වේ ද, මහණෙනි, එපරිදිම සත්පුරුෂ තෙමේ කුලෙහි උපදනේ බොහෝ දෙනාට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, මවුපියනට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, අඹුදරුවනට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, දස් කම්කරුපුරිසනට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, මිත්‍රමාත්‍යනයට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, පූර්‍වප්‍රේතයනට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, රජුට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, දෙවියනට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, මහණබමුණනට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි.
Pali BJT1. බහුන්නං{1} වත අත්ථාය සප්පඤ්ඤො ඝරමාවසං, මාතරං පිතරං පුබ්බෙ රත්තින්දිවමතන්දිතො.
Sinhala BJT1. සප්‍රාඥ තෙමේ ගෙහි වසනුයේ බොහෝ දෙනාට අර්‍ත්‍ථ පිණිස ම (වෙයි). පළමු කොට දිව රෑ දෙක්හි අනලස් වූයේ මව හා පියා හා,
Pali BJT2. පූජෙති සහධම්මෙන පුබ්බෙ කතමනුස්සරං, අනාගාරෙ පබ්බජිතෙ අපචෙ{2} බ්රහ්මචාරයො{3}
Sinhala BJT2. පෙර කළ ගුණ සමරමින් සකරුණින් (ප්‍රත්‍ය පූජායෙන්) පුදන්නේ ය. අනගාරිය වූ පැවිදි බඹසරුන් පුදන්නේ ය.
Pali BJT3. නිවිට්ඨසද්ධො පූජෙති ඤත්වා ධම්මෙධපෙසලෙ,{4} රඤ්ඤො හිතො දෙවහිතො ඤාතීනං සඛිනං හිතො.
Sinhala BJT3. බැසගත් සැදැහැ ඇතියේ ධර්‍මයන් දැන මෙ ලොව ප්‍රියශීලීන් පුදයි. රජුට හිත වූයේ දෙවියනට හිත වූයේ නෑයනට හා යහළුවනට හිත වූයේ වෙයි.
Pali BJT4. සබ්බෙසං සො හිතො{5} හොති සද්ධම්මෙ සුප්පතිට්ඨිතො, විනෙය්ය මච්ඡෙරමලං සලොකං භජතෙ සිවන්ති.
Sinhala BJT4. සදහම්හි සුපුහිටි හෙ හැමට හිත වූයේ වෙයි. හේ මසුරුමල මැඩ ස්වර්‍ගලෝකය බෙජෙයි.
Pali BJT8. 1. 4. 9.
Sinhala BJT8. 1. 4. 9.
Pali BJTපුඤ්ඤාභිසන්ද සුත්තං
Sinhala BJTපුඤ්ඤාභිසන්‍ද සූත්‍රය