Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 11601-11700 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT4. සංවිජ්ජන්ති ඛො පන මෙ භන්තෙ, කුලෙ භොගා තෙ ච ඛො අප්පටිවිභත්තා සීලවන්තෙහි කල්යාණධම්මෙහි. අයං ඛො මෙ භන්තෙ, චතුත්ථො අච්ඡරියො අබ්භුතො ධම්මො සංවිජ්ජති.
Sinhala BJT4. වහන්ස, මාගේ කුලයෙහි භෝගයෝ ඇත්තාහුම ය, ඒ භෝගයෝ කලණදහම් ඇති සිල්වතුන් හා (මෙතෙක් දිය යුතුය මෙතෙක් නො දිය යුතුය යනාදීන්) නො බෙදන ලද්දාහු ම ය. වහන්ස, මාගේ මේ සිවුවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ඇත්තේ ය.
Pali BJT5. යං ඛො පනාහං භන්තෙ, භික්ඛුං පයිරුපාසාමි, සක්කච්චං යෙව පයිරුපාසාමි නො අසක්කච්චං, සො චෙ මෙ භන්තෙ, ආයස්මා ධම්මං දෙසෙති සක්කච්චං යෙව සුණාමි, නො අසක්කච්චං. නො චෙ මෙ සො ආයස්මා ධම්මං දෙසෙති, අහමස්ස ධම්මං දෙසෙමි. අයං ඛො මෙ භන්තෙ, පඤ්චමො අච්ඡරියො අබ්භුතො ධම්මො සංවිජ්ජති.
Sinhala BJT5. වහන්ස, මම යම් මහණකු ඇසුරු කෙරෙම් ද සකසා ම එළැඹ ඇසුරු කරමි. නො සකසා එළැඹ ඇසුරු නො කරමි. වහන්ස, ඉදින් ඒ ආයුෂ්මත් මට දහම් දෙසා නම් සකසා ම අසමි. නො සකසා නො අසමි. ඉදින් ඒ ආයුෂ්මත් මට දහම් නො දෙසා නම් මම ඔබට දහම් දෙසමි. වහන්ස, මාගේ මේ පස්වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ඇත්තේ ය.
Pali BJT6. අනච්ඡරියං ඛො පන මෙ භන්තෙ, සඞ්ඝෙ නිමන්තිතෙ දෙවතා උපසඞ්කමිත්වා ආරොචෙන්ති: අසුකො ගහපති, භික්ඛු උභතොභාගවිමුත්තො, අසුකො පඤ්ඤාවිමුත්තො, අසුකො කායසක්ඛී, අසුකො දිට්ඨප්පත්තො අසුකො සද්ධාවිමුත්තො, අසුකො සද්ධානුසාරී, අසුකො ධම්මානුසාරී, අසුකො සීලවා කල්යාණධම්මො, අසුකො දුස්සීලො පාපධම්මොති. සඞ්ඝං ඛො පනාහං භන්තෙ, පරිවිසන්තො නාභිජානාමි. එවං චිත්තං උප්පාදෙතා: ඉමස්ස වා ථොකං දෙමි ඉමස්ස වා බහුකන්ති. අථඛ්වාහං භන්තෙ, සමචිත්තොව දෙමි. අයං ඛො මෙ භන්තෙ, ඡට්ඨො අච්ඡරියො අබ්භුතො ධම්මො සංවිජ්ජති.
Sinhala BJT6. වහන්ස, සඞ්ඝයා බතින් පැවරූ කල්හි දෙවියෝ මා වෙත එළඹැ ගැහැවිය, අසුවල් මහණ උභතොභාගවිමුක්ත ය. අසුවල් මහණ ප්‍රඥාවිමුක්ත ය. අසුවල් මහණ කායසාක්‍ෂී ය. අසුවල් මහණ දෘෂ්ටිප්‍රාප්ත ය. අසුවල් මහණ ශ්‍රද්ධාවිමුක්ත ය. අසුවල් මහණ ශ්‍රද්ධානුසාරී ය. අසුවල් මහණ ධර්‍මානුසාරී ය. අසුවල් මහණ කලණ දම් ඇති සිල්වතෙක. අසුවල් මහණ ලමුදම් ඇති දුශ්ශීලයෙකැ යි සැළ කෙරෙත්. එය ආශ්චර්‍ය්‍යයෙක් නො වෙ යි. වහන්ස, මම සඞ්ඝයා වළඳවන්නෙම් මොහුට හෝ මඳක් දෙමි. මොහුට හෝ බොහෝ කොට දෙමැයි යන මෙ බඳු සිතක් ඉපදවූ බව නො මැ දනිමි. වහන්ස, වැළිදු සම සිත් ඇත්තේ ම දෙමි වහන්ස, මාගේ මේ සවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ඇත්තේ ය.
Pali BJT7. අච්ඡරියං ඛො පන මෙ භන්තෙ, දෙවතා උපසඞ්කමිත්වා ආරොචෙන්ති: ‘ස්වාක්ඛාතො ගහපති භගවතා ධම්මො’ ති. එවං වුත්තෙ අහං භන්තෙ, තා දෙවතා එවං වදාමි. ‘වදෙය්යාථ වා එවං ඛො තුම්හෙ දෙවතා නො වා වදෙය්යාථ, අථ ඛො ස්වාක්ඛාතො භගවතා ධම්මො’ ති. න ඛො පනාහං භන්තෙ, අභිජානාමි තතො නිදානං චිත්තස්ස උණ්ණතිං. මං වා දෙවතා උපසඞ්කමන්ති. අහං වා දෙවතාහි සල්ලපාමීති. අයං ඛො මෙ භන්තෙ, සත්තමො අච්ඡරියො අබ්භුතො ධම්මො සංවිජ්ජති.
Sinhala BJT7. වහන්ස, දෙවියෝ එළැඹ ගැහැවිය, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මැනැවින් ප්‍රකාශකරන ලද්දේ ය යි සැළ කෙරෙත්. එය ආශ්චර්‍ය්‍යයෙක් නො වෙයි. වහන්ස, මෙසේ කී කල්හි ඒ දෙවියනට මම මෙසේ කියමි: ‘දේවතාවෙනි, තෙපි මෙසේ කියහු ද නො කියහු ද භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මැනවින් ප්‍රකාශ කරණ ලද්දේ ම’ ය යි. වහන්ස, මම ඒ හේතු කොට ගෙන දෙවියෝ හෝ මා වෙත එළඹෙත්. මම හෝ දෙවියන් හා කථා කෙරෙමැයි සිතෙහි නැඟීමක් නො ම දනිමි. වහන්ස, මාගේ මෙ සත්වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ඇත්තේ ය.
Pali BJT8. සචෙ ඛො පනාහං භන්තෙ, භගවතො පඨමතරං කාලඞ්කරෙය්යං අනච්ඡරියං ඛො පනෙතං යං මං භගවා එවං ව්යාකරෙය්ය; නත්ථි තං සංයොජනං යෙන සංයොජනෙන සංයුත්තො උග්ගො ගහපති හත්ථිගාමකො පුන ඉමං ලොකං ආගච්ඡෙය්යාති. අයං ඛො මෙ භන්තෙ, අට්ඨමො අච්ඡරියො අබ්භුතො ධම්මො සංවිජ්ජති.
Sinhala BJT8. වහන්ස, ඉදින් මම භාග්‍යවතුන් වහන්සේට පෙරාතුව ම කලුරිය කරන්නෙම් නම්, ‘ඇත්ගම්වැසි උග්ගගහපති යම් සංයෝජනයෙකින් බැඳුනේ යළි මෙ ලොවට එන්නේ නම් ඒ සංයෝජනය (ඔහුට) නැතැ’යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ මා උදෙසා යමක් ප්‍රකාශ කරණ සේක් ද, එය ආශ්චර්‍ය්‍යයෙක් නො වේ. වහන්ස, මේ මාගේ අෂ්ටම ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ඇත්තේ ය.
Pali BJTඉමෙ ඛො භන්තෙ, අට්ඨ අච්ඡරියා අබ්භුතා ධම්මා සංවිජ්ජන්ති. නො ච ඛො අහං ජානාමි. කතමෙහිපහං අට්ඨහි අච්ඡරියෙහි අබ්භුතෙහි ධම්මෙහි සමන්නාගතො භගවතා ව්යාකතොති.
Sinhala BJTවහන්ස, මේ අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ ඇත්තාහ. මම කවර නම් අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයන් ගෙන් සමන්‍විත ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද්දෙම් දැයි මම නො දනිම් ම ය.
Pali BJTඅථ ඛො සො භික්ඛු උග්ගස්ස ගහපතිනො හත්ථිගාමකස්ස නිවෙසනෙ පිණ්ඩපාතං ගහෙත්වා උට්ඨායාසනා පක්කාමි. අථ ඛො සො භික්ඛු පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු යාවතකො අහොසි උග්ගෙන ගහපතිනා හත්ථිගාමකෙන සද්ධිං කථාසල්ලාප්පො, තං සබ්බං භගවතො ආරොචෙසි.
Sinhala BJTඉක්බිති ඒ මහණ ඇත්ගම්වැසි උග්‍රගෘහපතිහුගේ පිණ්ඩපාතය ගෙන හුනස්නෙන් නැඟි ගියේ ය. ඉක්බිති ඒ මහණ පිණ්ඩපාතයෙන් වැළැකුණේ පසු බත භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් එ මහණ ඇත්ගම්වැසි උග්‍රගෘහපති හා සමඟ යම් පමණ වූ කථාසල්ලාපයෙක් වී ද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළ කෙළේ ය.
Pali BJTසාධු සාධු භික්ඛු, යථා තං උග්ගො ගහපති හත්ථිගාමකො සම්මා ව්යාකරමානො ව්යාකරෙය්ය ඉමෙහෙව ඛො භික්ඛු, අට්ඨහි අච්ඡරියෙහි අබ්භුතෙහි ධම්මෙහි සමන්නාගතො උග්ගො ගහපති හත්ථිගාමකො මයා ව්යාකතො. ඉමෙහි ච පන භික්ඛු අට්ඨහි අච්ඡරියෙහි අබ්භුතෙහි ධම්මෙහි සමන්නාගතං උග්ගං ගහපතිං හත්ථිගාමකං ධාරෙථාති.
Sinhala BJTමහණ, ඉතා මැනැව, ඇත්ගම් වැසි උග්‍රගෘහපති යම්සේ තොපට මනා කොට පවසන්නේ කියා ද, මහණ මේ අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයන්ගෙන් ම ඇත්ගම් වැසි උග්‍ර ගෘහපති සමන්‍විතය යි මා විසින් ප්‍රකාශ කරන ලද්දේ ය. මහණ ඇත් ගම් වැසි උග්‍ර ගෘහපති මේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයන් ගෙන් සමන්‍විත ය යි ධරව යි.
Pali BJT8. 1. 3. 3.
Sinhala BJT8. 1. 3. 3.
Pali BJTහත්ථකාළවක සුත්තං
Sinhala BJTහත්‍ථකාළවක සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා ආළවියං විහරති අග්ගාළවෙ චෙතියෙ. තත්ර ඛො භගවා භික්ඛු ආමන්තෙසි: -පෙ-
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අළවුනුවර අග්ගාළව නම් චෛත්‍යස්ථානයෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක:
Pali BJTසත්තහි භික්ඛවෙ, අච්ඡරියෙහි අබ්භුතෙහි ධම්මෙහි සමන්නාගතං හත්ථකං ආළවකං ධාරෙථ. කතමෙහි සත්තහි:
Sinhala BJTමහණෙනි, හත්‍ථකආළවක කුමර සප්ත ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයන්ගෙන් යුක්ත වූවකු කොට දරවු. කවර සතෙකින යත්:
Pali BJTසද්ධො භික්ඛවෙ, හත්ථකො ආළවකො, සීලවා භික්ඛවෙ, හත්ථකො ආළවකො, හිරිමා භික්ඛවෙ, හත්ථකො ආළවකො, ඔත්තප්පී භික්ඛවෙ, හත්ථකො ආළවකො. බහුස්සුතො භික්ඛවෙ, හත්ථකො ආළවකො. චාගවා භික්ඛවෙ, හත්ථකො ආළවකො. පඤ්ඤවා භික්ඛවෙ, හත්ථකො ආළවකො. ඉමෙහි ඛො භික්ඛවෙ, සත්තහි අච්ඡරියෙහි අබ්භුතෙහි ධම්මෙහි සමන්නාගතං හත්ථකං ආළවකං ධාරෙථාති, ඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො උට්ඨායාසනා විහාරං පාවිසි.
Sinhala BJTමහණෙනි, හත්‍ථකආළවක තෙමේ ශ්‍රද්ධාවත්ය, මහණෙනි, හත්‍ථකආළවක තෙමේ සිල්වත් ය, මහණෙනි, හත්‍ථකආළවක තෙමේ ලජ්ජීය, මහණෙනි, හත්‍ථකආළවක තෙමේ ඔතප් ඇත්තේ ය. මහණෙනි, හත්‍ථකආළවක තෙමේ බහුශ්‍රැතය, මහණෙනි, හත්‍ථකආළවක තෙමේ ත්‍යාගී ය. මහණෙනි, හත්‍ථකආළවක තෙමේ ප්‍රඥාවත් ය යි, මහණෙනි, හත්‍ථකආළවක මේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම සතින් යුක්තවූවකු කොට ධරවු යයි භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැඟී විහාරයට පිවිසි සේක.
Pali BJTඅථ ඛො අඤ්ඤතරො භික්ඛු පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන හත්ථකස්ස ආළවකස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො හත්ථකො ආළවකො යෙන සො භික්ඛු තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං භික්ඛුං අභිවාදෙත්වා එකමන්තං නිසීදි, එකමන්තං නිසින්නං ඛො හත්ථකං ආළවකං සො භික්ඛු එතදවොච: සත්තහි ඛො ත්වං ආවුසො, අච්ඡරියෙහි අබ්භුතෙහි ධම්මෙහි සමන්නාගතො භගවතා ව්යාකතො. කතමෙහි සත්තහි:
Sinhala BJTඉක්බිති එක්තරා මහණෙක් පෙරවරුයෙහි හැඳ පෙරව පා සිවුරු ගෙණ හත්‍ථකආළවක කුමරුගේ නිවෙස්නට එළඹියේ ය. එළැඹ පනවන ලද අස්නෙහි හින, ඉක්බිති හත්‍ථකආළවක ඒ මහණහු කරා එළැඹියේ ය, එළැඹ ඒ මහණහු සකසා වැඳ එකත්පසෙක හුන්නේ ය, ඒ මහණ එකත් පසෙක හුන් හත්‍ථක ආළවක හට මෙය කීය, ඇවත, තෙපි භාග්‍යවතුන් වහන්සේ විසින් ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම සතෙකින් යුක්ත ය යි ප්‍රකාශ කරන ලද්දාව, කවර සතෙකින යත්:
Pali BJTසද්ධො භික්ඛවෙ, හත්ථකො ආළවකො, සීලවා භික්ඛවෙ -පෙ- හිරිමා -පෙ- ඔත්තප්පී -පෙ- බහුස්සුතො -පෙ- චාගවා -පෙ- පඤ්ඤවා භික්ඛවෙ හත්ථකො ආළවකොති. ඉමෙහි ඛො ත්වං ආවුසො, සත්තහි අච්ඡරියෙහි අබ්භුතෙහි ධම්මෙහි සමන්නාගතො භගවතා ව්යාකතොති.
Sinhala BJTමහණෙනි, හත්‍ථකආළවක තෙමේ සැදැහැවත් ය, සිල්වත්ය, ලජ්ජීය, ඔත්තප්පීය, බහුශ්‍රැතය, ත්‍යාගීය. මහණෙනි, හත්‍ථකආළවක ප්‍රඥාවත් ය, ඇවත, තෙපි මේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම සතින් සමන්‍විත යයි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දාව.
Pali BJTකච්චිත්ථ භන්තෙ, න කොචි ගිහී අහොසි ඔදාතවසනොති?
Sinhala BJTවහන්ස, කිම කිසියම් සුදුවත් හැඳි ගිහියෙක් එහි නො වි දැයි?
Pali BJTන ඛොත්ථ{1} ආවුසො, කොචි ගිහී අහොසි ඔදාතවසනොති.
Sinhala BJTඇවත, එතන්හි සුදුවත් හැඳි කිසිදු ගිහියෙක් නො වී ය.
Pali BJTසාධු භන්තෙ, යදෙත්ථ න කොචි ගිහී අහොසි ඔදාතවසනොති.
Sinhala BJTවහන්ස, ඉදින් එහි සුදුවත් හැඳි කිසි ගිහියෙක් නො වී නම් මැනැවි.
Pali BJTඅථ ඛො සො භික්ඛු හත්ථකස්ස ආළවකස්ස නිවෙසනෙ පිණ්ඩපාතං ගහෙත්වා උට්ඨායාසනා පක්කාමි. අථ ඛො සො භික්ඛු පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: ඉධාහං භන්තෙ, පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන හත්ථකස්ස ආළවකස්ස නිවෙසනං තෙනුපසඞ්කමිං, උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදිං. අථ ඛො භන්තෙ හත්ථකො ආළවකො යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං නිසීදි: එකමන්තං නිසින්නං ඛො අහං භන්තෙ, හත්ථකං ආළවකං එතදවොචං.
Sinhala BJTඉක්බිති ඒ මහණ හත්‍ථකආළවක කුමරහුගේ නිවෙස්නෙහි පිණ්ඩපාතය පිළිගෙන හුනස්නෙන් නැඟී ගියේ ය. ඉක්බිති එ මහණ පිණ්ඩපාතයෙන් වැළැකුනේ පස්වරුයෙහි භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය, එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ ය: “වහන්ස, මෙහි මම පෙරවරුයෙහි හැඳ පෙරව පා සිවුරු ගෙන හත්‍ථකආළවක කුමරහුගේ නිවසට පැමිණියෙමි. එළැඹ පැනවූ අස්නෙහි හුන්නෙමි. වහන්ස, ඉක්බිති හත්‍ථකආළවක තෙමේ මා වෙත එළඹියේ ය. එළැඹ මා වැඳ එකත් පසෙක හුන්නේ ය. වහන්ස, එකත් පසෙක හුන් හත්‍ථකආළවක හට මම මෙය කීමි:
Pali BJTසත්තහි ඛො ත්වං ආවුසො, අච්ඡරියෙහි අබ්භුතෙහි ධම්මෙහි සමන්නාගතො භගවතා ව්යාකතො. කතමෙ සත්තහි: සද්ධො භික්ඛවෙ, හත්ථකො ආළවකො, සීලවා භික්ඛවෙ -පෙ- හිරිමා -පෙ- ඔත්තප්පී -පෙ- බහුස්සුතො -පෙ- චාගවා -පෙ- පඤ්ඤවා භික්ඛවෙ, හත්ථකො ආළවකොති. ඉමෙහි ඛො ත්වං ආවුසො, සත්තහි අච්ඡරියෙහි අබ්භුතෙහි ධම්මෙහි සමන්නාගතො භගවතා ව්යාකතොති.
Sinhala BJTඇවත, තෙපි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම සතෙකින් සමන්‍විත ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද්දාව. කවර සතෙකින් යත්: මහණෙනි, හත්‍ථකආළවක සැදැහැවත් ය, සිල්වත් ය, ලජ්ජී ය, ඔත්තප්පී ය, බහුශ්‍රුත ය, ත්‍යාගීය. මහණෙනි, හත්‍ථක ආළවක පැනවත් ය. ඇවත, තෙපි මේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම සතින් සමන්‍විත ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දාව.
Pali BJTඑවං වුත්තෙ භන්තෙ, හත්ථකො ආළවකො මං එතදවොච: කච්චිත්ථ භන්තෙ, න කොචි ගිහී අහොසි ඔදාතවසනොති. න ඛොත්ථ ආවුසො, කොචි ගිහී අහොසි ඔදාත වසනොති. සාධු භන්තෙ, යදෙත්ථ න කොචි ගිහී අහොසි ඔදාතවසනොති.
Sinhala BJTමෙසේ කී කල්හි වහන්ස, හත්‍ථක ආළවක මට මෙය කී ය: කිම වහන්ස, එහි සුදුවත් හැඳි කිසියම් ගිහියෙක් නොවී ද? ඇවත එහි සුදුවත් හැඳි ගිහියෙක් නො වී ය. එහි සුදුවත් හැඳි කිසි ගිහියෙක් නො වී නම් මැනැවි.
Pali BJTසාධු සාධු භික්ඛු, අප්පිච්ඡො සො භික්ඛු කුලපුත්තො සන්තෙයෙව අත්තනි කුසලෙ ධම්මෙ න ඉච්ඡති පරෙහි ඤායමානෙ, තෙන හි ත්වං භික්ඛු, ඉමිනාපි අට්ඨමෙන අච්ඡරියෙන අබ්භුතෙන ධම්මෙන සමන්නාගතං හත්ථකං ආළවකං ධාරෙහි යදිදං අප්පිච්ඡතායාති.
Sinhala BJTමැනැව මැනැව මහණ. අල්පෙච්ඡ වූ ඒ කුල පුත්‍ර තෙමේ තමා තුළ කුශලධර්‍ම ඇති කල්හි මැ මෙරමා විසින් දැනගනු ලැබීමෙහි නො කැමති වෙයි. එහෙයින් මහණ තෙපි හත්‍ථක ආළවක යම් මේ අල්පේච්ඡතාය යන අටවැනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෙනු දු සමන්‍වාගතයහ යි ධරව.
Pali BJT8. 1. 3. 4.
Sinhala BJT8. 1. 3. 4.
Pali BJTහත්ථකාළවක සඞ්ගහවත්ථු සුත්තං
Sinhala BJTහත්‍ථකආළවක සඞ්ගහවත්‍ථු සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා ආළවියං විහරති අග්ගාළවෙ චෙතියෙ. අථ ඛො හත්ථකො ආළවකො පඤ්චමත්තෙහි උපාසකසතෙහි පරිවුතො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො හත්ථකං ආළවකං භගවා එතදවොච:
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අළව්නුවර අග්ගාළව චෛත්‍යස්ථානයෙහි වැඩ වසන සේක. ඉක්බිති හත්‍ථක ආළවක තෙමේ පන්සියයක් පමණ උවසුවන් විසින් පිරිවරන ලදුයේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත් පසෙක හුන් හත්‍ථක ආළවක හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJTමහතී ඛො ත්යායං හත්ථක, පරිසා, කථං පන ත්වං හත්ථක, ඉමං මහතිං පරිසං සඞ්ගණ්හාහීති? යානිමානි භන්තෙ, භගවතා දෙසිතානි චත්තාරි සඞ්ගහවත්ථූනි තෙනාහං ඉමං පරිසං සඞ්ගණ්හාමි. අහං භන්තෙ, යං ජානාමි, ‘අයං දානෙන සඞ්ගහෙතබ්බො’ ති, තං දානෙන සඞ්ගණ්හාමි. යං ජානාමි ‘අයං පෙය්යවජ්ජෙන සඞ්ගහෙතබ්බො’ති තං පෙය්යවජ්ජෙන සඞ්ගණ්හාමි, යං ජානාමි ‘අයං අත්ථචරියාය සඞ්ගහෙතබ්බො’ති තං අත්ථචරියාය සඞ්ගණ්හාමි, යං ජානාමි ‘අයං සමානත්තතාය සඞ්ගහෙතබ්බො’ති තං සමානත්තතාය සඞ්ගණ්හාමි, සංවිජ්ජන්ති ඛො පන මෙ භන්තෙ, කුලෙ භොගා. දළිද්දස්ස ඛො නො තථා සොතබ්බං මඤ්ඤන්තීති,
Sinhala BJT“හත්‍ථකය, තොප ගේ මේ පිරිස මහත් ය, හත්‍ථකය කෙසේ නම් තෙපි මේ මහ පිරිස සඞ්ග්‍රහ කරවු දැයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද යම් මේ සතර සඞ්ග්‍රහ වස්තු කෙනෙක් වෙත් ද, එයින් මම මේ මහපිරිස සගන්මි. වහන්ස, මම යමකු ‘මේ තෙමේ දානයෙන් සඞ්ග්‍රහ කටයුත්තෙකැයි දනිම් ද, දානයෙන් ඔහු සගන්මි. යමකු ‘මෙ තෙමේ ප්‍රිය වචනයෙන් සැඟැහිය යුත්තෙකැ’යි දනිම් ද, ප්‍රිය වචනයෙන් ඔහු සඟන්මි. යමකු ‘මෙ තෙමේ අර්‍ත්‍ථචර්‍ය්‍යායෙන් සැඟැහිය යුත්තෙකැ’යි දනිම් ද, ඔහු අර්‍ත්‍ථචර්‍ය්‍යායෙන් සඟන්මි. යමකු ‘මෙ තෙමේ සමානාත්මතායෙන් සැඟැහිය යුත්තෙකැ’යි දනිම් ද, ඔහු සමානාත්මතායෙන් සගන්මි. වහන්ස, මාගේ කුලයෙහි භෝගයෝ ඇත. ඇසිය යුතු තෙපුල දිළින්දකු ගේ බඳු කොට නො හඟිත්. (දිළින්දකු නොවූ මාගේ ඔවා නො ඉක්මවිය යුතු කොට හඟිත්යි සේ යි.)
Pali BJTසාධු සාධු හත්ථක, යොනි ඛො ත්යායං හත්ථක, මහතිං පරිසං සඞ්ගහෙතුං, යෙ හි කෙචි හත්ථක, අතීතමද්ධානං පරිසං සඞ්ගහෙසුං, සබ්බෙ තෙ ඉමෙහෙව චතුහි සඞ්ගහවත්ථූහි මහතිං පරිසං සඞ්ගහෙසුං. යෙපි හි කෙචි හත්ථක, අනාගතමද්ධානං මහතිං පරිසං සඞ්ගහෙස්සන්ති සබ්බෙ තෙ ඉමෙහෙව චතුහි සඞ්ගහවත්ථූහි මහතිං පරිසං සඞ්ගහිස්සන්ති.
Sinhala BJTහත්‍ථක, ඉතා මැනවි, හත්‍ථකය, මහපිරිස සැඟැහීමට තොප ගේ මේ උපාය වේ. හත්‍ථකය, යම් කිසිවෙක් ඉකුත් කල මහ පිරිස් සැඟැහු නම් ඒ සියලු දෙන මේ සිව්සඟරාවතින් ම මහපිරිස් සඟන්හ. හත්‍ථකය, යම් කෙනෙක් මතු කල්හි මහපිරිස් සඟන්නාහු ද ඒ සියලු දෙන මේ සිව්සඟරාවතින් ම මහපිරිස් සඟන්නාහ.
Pali BJTයෙපි හි කෙචි හත්ථක, එතරහි මහතිං පරිසං සඞ්ගණ්හන්නි සබ්බෙ තෙ ඉමෙහෙව චතුහි සඞ්ගහවත්ථූහි මහතිං පරිසං සඞ්ගණ්හන්තීති. අථ ඛො හත්ථකො ආළවකො භගවතා ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJTහත්‍ථකය, යම් කිසි කෙනෙක් දැන් මහපිරිස් සගන්නාහු නම් ඒ සියලු දෙන මේ සිවුසඟරා වතින් ම මහපිරිස් සගන්නාහ යි. ඉක්බිති හත්‍ථක ආළවක භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ තෙද ගන්වන ලද්දේ සතුටු කරන ලද්දේ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියේ ය.
Pali BJTඅථ ඛො භගවා අචිරපක්කන්තෙ හත්ථකෙ ආළවකෙ භික්ඛු ආමන්තෙසි: අට්ඨහි භික්ඛවෙ, අච්ඡරියෙහි අබ්භුතෙහි ධම්මෙහි සමන්නාගතං හත්ථකං ආළවකං ධාරෙථ, කතමෙහි අට්ඨහි:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හත්‍ථක ආළවකයන් නැඟී ගිය නොබෝ කල්හි භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, හත්‍ථක ආළවක අෂ්ටආශ්චර්‍ය්‍යාද්භූත ධර්‍මයන්ගෙන් සමන්‍විත කොට දරවු. කවර අටෙකින යත්:
Pali BJTසද්ධො භික්ඛවෙ, හත්ථකො ආළවකො. සීලවා භික්ඛවෙ, හත්ථකො ආළවකො. හිරිමා භික්ඛවෙ, හත්ථකො ආළවකො. ඔත්තප්පී භික්ඛවෙ, හත්ථකො ආළවකො. බහුස්සුතො භික්ඛවෙ, හත්ථකො ආළවකො. චාගවා භික්ඛවෙ, හත්ථකො ආළවකො. පඤ්ඤවා භික්ඛවෙ, හත්ථකො ආළවකො. අප්පිච්ඡෙ භික්ඛවෙ, හත්ථකො ආළවකො. ඉමෙහි ඛො භික්ඛවෙ, අට්ඨහි අච්ඡරියෙහි අබ්භුතෙහි ධම්මෙහි සමන්නාගතං හත්ථකං ආළවකං ධාරෙථාති.
Sinhala BJTමහණෙනි, හත්‍ථක ආළවක සැදැහැත්තේ ය. මහණෙනි, හත්‍ථක ආළවක සිල් ඇත්තේ ය. මහණෙනි, හත්‍ථක ආළවක පවට ලජ්ජා ඇත්තේ ය. මහණෙනි, හත්‍ථක ආළවක පවට බිය ඇත්තේ ය. මහණෙනි, හත්‍ථක ආළවක බොහෝ ඇසු පිරූ තැන් ඇත්තේ ය. මහණෙනි, හත්‍ථක ආළවක ත්‍යාග ඇත්තේ ය. මහණෙනි, හත්‍ථක ආළවක පැනැත්තේ ය. මහණෙනි, හත්‍ථක ආළවක අපිස්ගුණ ඇත්තේ ය. මහණෙනි, හත්‍ථක ආළවක මේ අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයන්ගෙන් සමන්‍විත කොට ධරව යි.
Pali BJT8. 1. 3. 5.
Sinhala BJT8. 1. 3. 5.
Pali BJTමහානාම සුත්තං
Sinhala BJTමහානාම සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ, අථ ඛො මහානාමො සක්කො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො මහානාමො සක්කො භගවන්තං එතදවොච:
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කිඹුල්වත් පුර න්‍යග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි මහානාම ශාක්‍ය භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් මහානාම ශාක්‍ය භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය:
Pali BJTකිත්තාවතා නු ඛො භන්තෙ, උපාසකො හොතීති:
Sinhala BJTවහන්ස, කො පමණකින් උපාසකයෙක් වේ දැයි:
Pali BJTයතො ඛො මහානාම, බුද්ධං සරණං ගතො හොති, ධම්මං සරණං ගතො හොති, සඞ්ඝං සරණං ගතො හොති, එත්තාවතා ඛො මහානාම, උපාසකො හොතීති.
Sinhala BJTමහානාම ය, යම් දිනෙක පටන් බුදුන් සරණ ගියේ වේ ද, දහම් සරණ ගියේ වේ ද, සඟුන් සරණ ගියේ වේ ද, මහානාමය, මෙ පමණකින් උපාසක වේ.
Pali BJTකිත්තාවතා පන භන්තෙ, උපාසකො සීලවා හොතීති:
Sinhala BJTවහන්ස, කො පමණෙකින් උපාසක තෙමේ සිල් ඇත්තේ වේ ද:
Pali BJTයතො ඛො මහානාම, උපාසකො පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති. එත්තාවතා ඛො මහානාම, උපාසකො සීලවා හොතීති.
Sinhala BJTමහානාමය, යම් දිනෙක පටන් උපාසක තෙමේ පණිවායෙන් වැළකුණේ වේ ද, අයිනාදනින් වැළකුණේ වේ ද, කාමයන්හි මිසහසරින් වැළකුණේ වේ ද, මුසවායෙන් වැළැකුණේ වේ ද, මදයට හා ප්‍රමාදයට කරුණු වූ රහමෙර පානයෙන් වැළකුණේ වේ ද, මහානාමය, මෙපමණෙකින් උපාසක තෙමේ සිල් ඇත්තේ වේ.
Pali BJTකිත්තාවතා පන භන්තෙ, උපාසකො අත්තහිතාය පටිපන්නො හොති නො පරහිතායාති:
Sinhala BJTවහන්ස, කොපමණෙකින් උපාසක තමනට හිත පිණිස පිළිපන්නේ අනුනට හිත පිණිස නො පිළිපන්නේ වේ ද?
Pali BJTයතො ඛො මහානාම, උපාසකො අත්තනා සද්ධාසම්පන්නො හොති නො පරං සද්ධාසම්පදාය සමාදපෙති. අත්තනා සීලසම්පන්නො හොති නො පරං සීලසම්පදාය සමාදපෙති. අත්තනා චාගසම්පන්නො හොති නො පරං චාගසම්පදාය සමාදපෙති. අත්තනා භික්ඛූනං දස්සනකාමො හොති නො පරං භික්ඛූනං දස්සනෙ සමාදපෙති. අත්තනා සද්ධම්මං සොතුකාමො හොති නො පරං සද්ධම්මසවණෙ සමාදපෙති. අත්තනා සුතානං ධම්මානං ධාරණජාතිකො හොති නො පරං ධම්මධාරණාය සමාදපෙති. අත්තනා{1} ධතානං ධම්මානං අත්ථූපපරික්ඛී හොති නො පරං අත්ථූපපරික්ඛාය සමාදපෙති. අත්තනා අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො හොති, නො පරං ධම්මානුධම්මපටිපත්තියා සමාදපෙති. එත්තාවතා ඛො මහානාම උපාසකො අත්තහිතාය පටිපන්නො හොති නො පරහිතායාති.
Sinhala BJTමහානාමය, යම් දිනෙක් පටන් උපාසක තෙමේ, සැදැහැයෙන් යුතු වූයේ මෙරමා ශ්‍රද්ධාසම්පත්තියෙහි සමාදන් නො කරවා ද, තෙමේ සීලයෙන් යුතු වූයේ මෙරමා සීලසම්පත්තියෙහි සමාදන් නො කරවා ද, තෙමේ ත්‍යාගයෙන් යුතු වූයේ මෙරමා ත්‍යාගසම්පත්තියෙහි සමාදන් නො කරවා ද, තෙමේ මහණුන් දකිනු කැමැත්තේ මෙරමා මහණුන් දැක්මෙන් සමාදන් නො කරවා ද, තෙමේ සදහම් අසනු කැමැත්තේ මෙරමා සදහම් ඇසීමෙහි සමාදන් නො කරවා ද, තෙමේ ඇසූ දහම් දරණ ස්වභාවය ඇත්තේ මෙරමා දහම් දැරීමෙහි සමාදන් නො කරවා ද, තෙමේ දැරූ දහම් පිළිබඳ අරුත් පිරික්සන්නේ මෙරමා අරුත් පිරික්සීමෙහි සමාදන් නො කරවා ද, තෙමේ අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්න වූයේ මෙරමා ධර්‍මානුධර්‍මප්‍රතිපත්තියෙහි සමාදන් නො කරවා ද, මහානාමය, මෙපමණෙකින් ම උපාසක තමනට හිත පිණිස පිළිපන්නේ අනුනට හිත පිණිස නො පිළිපන්නේ වේ.
Pali BJTකිත්තාවතා පන භන්තෙ, උපාසකො අත්තහිතාය ච පටිපන්නො හොති, පරහිතාය චාති:
Sinhala BJTවහන්ස, කොපමණෙකින් උපාසක තමනට හිත පිණිසත් අනුනට හිත පිණිසත් පිළිපන්නේ වේ දැ යි?
Pali BJTයතො ඛො මහානාම උපාසකො අත්තනා ච සද්ධාසම්පන්නො හොති පරඤ්ච සද්ධාසම්පදාය සමාදපෙති. අත්තනා ච සීලසම්පන්නො හොති, පරඤ්ච සීලසම්පදාය සමාදපෙති. අත්තනා ච චාගසම්පන්නො හොති, පරඤ්ච චාගසම්පදාය සමාදපෙති, අත්තනා ච භික්ඛූනං දස්සනකාමො හොති, පරඤ්ච භික්ඛූනං දස්සනෙ සමාදපෙති. අත්තනා ච සද්ධම්මං සොතුකාමො හොති, පරඤ්ච සද්ධම්මසවණෙ සමාදපෙති. අත්තනා ච සුතානං ධම්මානං ධාරණජාතිකො හොති, පරඤ්ච ධම්මධාරණාය සමාදපෙති. අත්තනා ච ධතානං ධම්මානං අත්ථූපපරික්ඛී හොති පරඤ්ච අත්ථූපපරික්ඛාය සමාදපෙති. අත්තනා ච අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො හොති, පරඤ්ච ධම්මානුධම්මපටිපත්තියා සමාදපෙති. එත්තාවතා ඛො මහානාම, උපාසකො අත්තහිතාය ච පටිපන්නො හොති පරහිතාය චාති.
Sinhala BJTමහානාමය, යම් දිනෙක පටන් උපාසක තෙමේත් සැදැහැයෙන් යුතු වූයේ මෙරමාත් ශ්‍රද්ධාසම්පදාවෙහි සමාදන් කරවා ද, තෙමේත් සීලයෙන් යුතු වූයේ මෙරමාත් සීලසම්පත්තියෙහි සමාදන් කරවා ද, තෙමේත් ත්‍යාගයෙන් යුතු වූයේත් මෙරමාත් ත්‍යාගසම්පත්තියෙහි සමාදන් කරවා ද, තෙමේත් මහණුන් දකිනු කැමැත්තේ මෙරමාත් මහණුන් දැක්මෙහි සමාදන් කරවා ද, තෙමේත් සදහම් අසනු කැමැත්තේ මෙරමාත් සදහම් ඇසීමෙහි සමාදන් කරවා ද, තෙමේත් ඇසූ දහම් දැරීම ස්වභාව කොට ඇත්තේ මෙරමාත් දහම් දැරීමෙහි සමාදන් කරවා ද තෙමේත් දැරූ දහම් පිළිබඳ අරුත් පිරික්සන්නේ මෙරමාත් අරුත් පිරික්සීමෙහි සමාදන් කරවා ද තෙමේත් අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්න වූයේ මෙරමාත් ධර්‍මානුධර්‍මප්‍රතිපත්තියෙහි සමාදන් කරවා ද, මහානාමය, මෙ පමණෙකින් ම උපාසක තෙමේ තමනට හිත පිණිසත් අනුනට හිත පිණිසත් පිළිපන්නේ වේ ය යි.
Pali BJT8. 1. 3. 6.
Sinhala BJT8. 1. 3. 6.
Pali BJTජීවක සුත්තං
Sinhala BJTජීවක සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා රාජගහෙ විහරති ජීවකම්බවනෙ. අථ ඛො ජීවකො කොමාරභච්චො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි, එකමන්තං නිසින්නො ඛො ජීවකො කොමාරභච්චො භගවන්තං එතදවොච:
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ජීවක වෙදහුගේ අඹවනයෙහි වැඩ වසන සේක. එකල්හි කෝමාරභච්ච ජීවක භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හින, එකත්පසෙක හුන් කෝමාරභච්ච ජීවක භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේ ය:
Pali BJTකිත්තාවතා නු ඛො භන්තෙ උපාසකො හොතීති:
Sinhala BJTවහන්ස, කො පමණෙකින් උපාසකයෙක් වේ ද?
Pali BJTයතො ඛො ජීවක, බුද්ධං සරණං ගතො හොති, ධම්මං සරණං ගතො හොති, සඞ්ඝං සරණං ගතො හොති, එත්තාවතා ඛො ජීවක, උපාසකො හොතීති.
Sinhala BJTජීවක ය, යම් දිනෙක පටන් බුදුන් සරණ ගියේ වේ ද, දහම් සරණ ගියේ වේ ද, සඟුන් සරණ ගියේ වේ ද, ජීවක මෙ පමණකින් ම උපාසකයෙක් වේ යයි.
Pali BJTකිත්තාවතා පන භන්තෙ, උපාසකො සීලවා හොතීති:
Sinhala BJTවහන්ස, කොපමණෙකින් උපාසක සිල් ඇත්තේ වේ ද:
Pali BJTයතො ඛො ජීවක, උපාසකො පාණාතිපාතා පටිවිරතො හොති, -පෙ- සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති. එත්තාවතා ඛො ජීවක, උපාසකො සීලවා හොතීති.
Sinhala BJTජීවක ය, යම් දිනෙක පටන් උපාසක තෙමේ පණිවායෙන් වැළකුණේ වේ ද ... මදයට හා ප්‍රමාදයට කරුණු වූ රහමෙර පානයෙන් වැළැකුණේ වේ ද, ජීවක, මෙ පමණකින් ම උපාසක සිල් ඇත්තේ වෙයි.
Pali BJTකිත්තාවතා පන භන්තෙ, උපාසකො අත්තහිතාය පටිපන්නො හොති නො පරහිතායාති:
Sinhala BJTවහන්ස, කොපමණෙකින් උපාසක තමනට හිත පිණිස පිළිපන්නේ අනුනට හිත පිණිස නො පිළිපන්නේ වේ ද?
Pali BJTයතො ඛො ජීවක, උපාසකො අත්තනා සද්ධාසම්පන්නො හොති, නො පරං සද්ධාසම්පදාය සමාදපෙති -පෙ- අත්තනා අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො හොති, නො පරං ධම්මානුධම්මපටිපත්තියා සමාදපෙති. එත්තාවතා ඛො ජීවක උපාසකො අත්තහිතාය පටිපන්නො හොති නො පරහිතායාති.
Sinhala BJTජීවකය, යම් දිනෙක් පටන් උපාසක තෙමේ සැදැහැයෙන් යුතු වූයේ මෙරමා ශ්‍රද්ධාසම්පත්තියෙහි සමාදන් නො කරවා ද, ... තෙමේ අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්න වූයේ මෙරමා ධර්‍මානුධර්‍මප්‍රතිපත්තියෙහි සමාදන් නො කරවා ද, ජීවකය, මෙපමණෙකින්ම උපාසක තෙමේ තමනට හිත පිණිස පිළිපන්නේ අනුනට හිත පිණිස නො පිළිපන්නේ වෙයි.
Pali BJTකිත්තාවතා පන භන්තෙ, උපාසකො අත්තහිතාය ච පටිපන්නො හොති, පරහිතාය චාති:
Sinhala BJTවහන්ස, උපාසක තෙමේ කොපමණෙකින් තමනට හිත පිණිස පිළිපන්නේත් අනුනට හිත පිණිස පිළිපන්නේත් වේ ද?
Pali BJTයතො ඛො ජීවක, උපාසකො අත්තනා ච සද්ධාසම්පන්නො හොති, පරඤ්ච සද්ධාසම්පදාය සමාදපෙති. අත්තනා ච සීලසම්පන්නො හොති, පරඤ්ච සීලසම්පදාය සමාදපෙති. අත්තනා ච චාගසම්පන්නො හොති, පරඤ්ච චාගසම්පදාය සමාදපෙති, අත්තනා ච භික්ඛූනං දස්සනකාමො හොති, පරඤ්ච භික්ඛූනං දස්සනෙ සමාදපෙති. අත්තනා ච සද්ධම්මං සොතුකාමො හොති, පරඤ්ච සද්ධම්මසවණෙ සමාදපෙති. අත්තනා ච සුතානං ධම්මානං ධාරණජාතිකො හොති, පරඤ්ච ධම්මධාරණාය සමාදපෙති. අත්තනා ච ධතානං ධම්මානං අත්ථූපපරික්ඛී හොති, පරඤ්ච අත්ථූපපරික්ඛාය සමාදපෙති. අත්තනා ච අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො හොති, පරඤ්ච ධම්මානුධම්මපටිපත්තියා සමාදපෙති. එත්තාවතා ඛො ජීවක, උපාසකො අත්තහිතාය ච පටිපන්නො හොති පරහිතාය චාති.
Sinhala BJTජීවකය, යම් දිනෙක පටන් උපාසක තෙමේත් සැදැහැයෙන් යුක්ත වූයේ මෙරමාත් ශ්‍රද්ධාසම්පත්තියෙහි සමාදන් කරවා ද, තෙමේත් ශීලයෙන් යුක්ත වූයේ මෙරමාත් ශීලසම්පත්තියෙහි සමාදන් කරවා ද, තෙමේත් ත්‍යාගයෙන් යුතු වූයේ මෙරමාත් ත්‍යාගසම්පත්තියෙහි සමාදන් කරවා ද තෙමේත් මහණුන් දකිනු කැමැත්තේ මෙරමාත් මහණුන් දකිනු කැමැත්තෙහි සමාදන් කරවා ද, තෙමේත් සදහම් අසනු කැමැත්තේ මෙරමාත් සදහම් ඇසීමෙහි සමාදන් කරවා ද, තෙමේත් ඇසූ දහම් දැරීම ස්වභාවය කොට ඇත්තේ මෙරමාත් දහම් දැරීමෙහි සමාදන් කරවා ද, තෙමේත් දැරූ දහම් පිළිබඳ අරුත් පිරික්සන්නේ මෙරමාත් අරුත් පිරික්සීමෙහි සමාදන් කරවා ද, තෙමේත් අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්න වූයේ මෙරමාත් ධර්‍මානුධර්‍මප්‍රතිපත්තියෙහි සමාදන් කරවා ද ජීවක, මෙපමණෙකින් ම උපාසක තෙමේ තමනට හිත පිණිසත් අනුනට හිත පිණිසත් පිළිපන්නේ වෙයි.
Pali BJT8. 1. 3. 7.
Sinhala BJT8. 1. 3. 7.
Pali BJTබල සුත්තං
Sinhala BJTබල සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅට්ඨිමානි භික්ඛවෙ, බලානි, කතමානි අට්ඨ: රුණ්ණබලා භික්ඛවෙ දාරකා, කොධබලො මාතුගාමො, ආවුධබලා චොරා, ඉස්සරියබලා රාජානො, උජ්ඣත්තිබලා බාලා, නිජ්ඣත්තිබලා{1} පණ්ඩිතා, පටිසඞ්ඛානබලා බහුස්සුතා, ඛන්තිබලා සමණබ්රාහ්මණා, ඉමානි ඛො භික්ඛවෙ, අට්ඨබලානීති.
Sinhala BJTමහණෙනි, මේ බල අටෙකි. කවර අටෙකැ යත්: මහණෙනි, ළදරුවෝ හැඬීම බල කොට ඇත්තෝ ය. මාගම ක්‍රෝධය බල කොට ඇත්තී ය. සොරු ආවුධ බල කොට ඇත්තෝ ය. රජවරු ඓශ්චර්‍ය්‍යය බල කොට ඇත්තෝ ය. අඥානයෝ උදහස්වීම (ක්‍රෝධචිත්තය ම දැඩි ව ගැනීම) බල කොට ඇත්තෝ ය. පණ්ඩිතයෝ වැඩ අවැඩ නිශ්චය කොට අවබෝධ කර වීම බලකොට ඇත්තෝ ය. බහුශ්‍රැතයෝ පස්විකුම් බලකොට ඇත්තෝ ය. මහණබමුණෝ ඉවසීම බල කොට ඇත්තෝ ය. මහණෙනි, මේ අට බලයෝ වෙති යි.
Pali BJT8. 1. 3. 8.
Sinhala BJT8. 1. 3. 8.
Pali BJTඛීණාසවබල සුත්තං
Sinhala BJTඛීණාසවබල සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅථ ඛො ආයස්මා සාරිපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං සාරිපුත්තං භගවා එතදවොච:
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJTකති නුඛො සාරිපුත්ත, ඛීණාසවස්ස භික්ඛුනො බලානි, යෙහි බලෙහි සමන්නාගතො ඛීණාසවො භික්ඛු ආසවානං ඛයං පටිජානාති ඛීණා මෙ ආසවාති?
Sinhala BJTශාරීපුත්‍රය, යම් බලයන්ගෙන් යුක්ත වූ රහත් මහණ මාගේ ආස්‍රවයෝ ගෙවී ගියහ යි ආස්‍රවයන්ගේ ක්‍ෂයවීම පිළිණ කෙරේ ද, රහත් මහණහුගේ (එබඳු) බල කෙතෙක් ද?
Pali BJTඅට්ඨ භන්තෙ, ඛීණාසවස්ස භික්ඛුනො බලානි යෙහි බලෙහි සමන්නාගතො ඛීණාසවො ආසවානං ඛයං පටිජානාති ඛීණා මෙ ආසවාති. කතමානි අට්ඨ:
Sinhala BJTවහන්ස, යම් බලයන්ගෙන් යුතු රහත් මහණ මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ යි ආස්‍රවයන්ගේ ක්‍ෂයවීම පිළිණ කෙරේ ද, රහත් මහණහුගේ (එබඳු) බල අටෙකි. කවර අටෙක යත්:
Pali BJT1. ඉධ භන්තෙ, ඛීණාසවස්ස භික්ඛුනො අනිච්චතො සබ්බෙ සඞ්ඛාරා යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨා හොන්ති, යම්පි භන්තෙ ඛීණාසවස්ස භික්ඛුනො අනිච්චතො සබ්බෙ සඞ්ඛාරා යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨා හොන්ති, ඉදම්පි භන්තෙ, ඛීණාසවස්ස භික්ඛුනො බලං හොති, යං බලං ආගම්ම ඛීණාසවො භික්ඛු ආසවානං ඛයං පටිජානාති ඛීණා මෙ ආසවාති.
Sinhala BJT1. වහන්ස, මෙ සස්නෙහි රහත් මහණහු විසින් අනිත්‍ය වශයෙන් සියලු සංස්කාරයෝ තත්වූ පරිද්දෙන් මනානුවණින් මොනවට දක්නා ලද්දාහු වෙත්. වහන්ස, රහත් මහණ තෙමේ යම් බලයකට පැමිණ මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ යි ආස්‍රවයන්ගේ ක්‍ෂයවීම පිළිණ කෙරේ ද, මෙ ද රහත් මහණහුගේ බලයෙක් වෙයි.
Pali BJT2. පුන චපරං භන්තෙ, ඛීණාසවස්ස භික්ඛුනො අඞ්ගාරකාසූපමා කාමා යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨා හොන්ති, යම්පි භන්තෙ, ඛීණාසවස්ස භික්ඛුනො අඞ්ගාරකාසූපමා කාමා යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨා හොන්ති, ඉදම්පි භන්තෙ, ඛීණාසවස්ස භික්ඛුනො බලං හොති, යං බලං ආගම්ම ඛීණාසවො භික්ඛු ආසවානං ඛයං පටිජානාති ඛීණා මෙ ආසවාති.
Sinhala BJT2. තවද, වහන්ස, රහත් මහණහු විසින් කාමයෝ අඟුරු වළක් උපමා කොට ඇතියහ යි තත් වූ පරිද්දෙන් මනානුවණින් මොනවට දක්නා ලද්දාහු වෙත්. වහන්ස, රහත් මහණහු විසින් යම් හෙයෙකින් කාමයෝ අඟුරුවළක් උපමා කොට ඇතියහ යි තත්වූ පරිද්දෙන් මනා නුවණින් මොනවට දක්නා ලද්දාහු වෙත් ද, යම් බලයකට පැමිණ රහත් මහණ තෙමේ මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ යි (ගෙවී ගියහ යි) ආස්‍රවයන්ගේ ක්‍ෂය වීම පිළිණ කෙරේ ද, වහන්ස, මෙ ද රහත් මහණහුගේ බලයෙක් වෙයි.
Pali BJT3. පුන චපරං භන්තෙ, ඛීණාසවස්ස භික්ඛුනො විවෙකනින්නං චිත්තං හොති විවෙකපොණං විවෙකපබ්භාරං වවකට්ඨං{1} නෙක්ඛම්මාභිරතං ව්යන්තීභූතං සබ්බසො ආසවට්ඨානීයෙහි ධම්මෙහි, යම්පි භන්තෙ, ඛීණාසවස්ස භික්ඛුනො විවෙකනින්නං චිත්තං හොති විවෙකපොණං විවෙකපබ්භාරං වවකට්ඨං නෙක්ඛම්මාභිරතං ව්යන්තීභූතං සබ්බසො ආසවට්ඨානීයෙහි ධම්මෙහි, ඉදම්පි භන්තෙ, ඛීණාසවස්ස භික්ඛුනො බලං හොති, යං බලං ආගම්ම ඛීණාසවො භික්ඛු ආසවානං ඛයං පටිජානාති ඛීණා මෙ ආසවාති.
Sinhala BJT3. තවද වහන්ස, රහත් මහණුගේ සිත (පලසමවත් විසින්) විවේකයට (නිවනට) නැඹුරු වූයේ විවේකයට (නිවනට) අවනත වූයේ විවේකයට (නිවනට) බර වූයේ කෙලෙසුන්ගෙන් දුරු වූයේ පැවිද්දෙහි මොනවට ඇලුණේ හැම අයුරින් ම ආස්‍රවයනට කරුණු වූ ධර්‍මයන් හා සමඟ ඇලුම් රහිත වූයේ හෙවත් සියලු ත්‍රෛභූමකධර්‍මයන්ගෙන් විගතාන්ත වූයේ වේ. වහන්ස, රහත් මහණ තෙමේ යම් බලයකට පැමිණ මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ යි ආස්‍රවයන්ගේ ක්‍ෂයවීම පිළිණ කෙරේ ද, මෙ ද රහත් මහණහුගේ බලයෙක් වෙයි.
Pali BJT4. පුන චපරං භන්තෙ, ඛීණාසවස්ස භික්ඛුනො චත්තාරො සතිපට්ඨානා භාවිතා හොන්ති සුභාවිතා. යම්පි භන්තෙ, ඛීණාසවස්ස භික්ඛුනො චත්තාරො සතිපට්ඨානා භාවිතා හොන්ති සුභාවිතා, ඉදම්පි භන්තෙ, ඛීණාසවස්ස භික්ඛුනො බලං හොති යං බලං ආගම්ම ඛීණාසවො භික්ඛු ආසවානං ඛයං පටිජානාති, ඛීණා මෙ ආසවාති.
Sinhala BJT4. තවද, වහන්ස, රහත් මහණහු විසින් සතර සීවටන්හු වඩනා ලද්දාහු මොනොවට වඩනා ලද්දාහු වෙති. වහන්ස, යම් හෙයෙකින් රහත් මහණහු විසින් සතර සීවටන්හු වඩනා ලද්දාහු මොනවට වඩනා ලද්දාහු වෙත් ද, වහන්ස, රහත් මහණ තෙමේ යම් බලයකට පැමිණ මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ යි ආස්‍රවයන් ගේ ක්‍ෂයවීම පිළිණ කෙරේ ද මෙ ද රහත් මහණහුගේ බලයෙක් වෙයි.
Pali BJT5-8 පුන චපරං භන්තෙ, ඛීණාසවස්ස භික්ඛුනො චත්තාරො ඉද්ධිපාදා භාවිතා හොන්ති සුභාවිතා -පෙ- පඤ්චින්ද්රියානි භාවිතානි හොන්ති සුභාවිතානි -පෙ- සත්තබොජ්ඣඞ්ගා භාවිතා හොන්ති සුභාවිතා -පෙ- අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවිතො හොති සුභාවිතො, යම්පි භන්තෙ ඛීණාසවස්ස භික්ඛුනො අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවිතො හොති සුභාවිතො, ඉදම්පි භන්තෙ, ඛීණාසවස්ස භික්ඛුනො බලං හොති, යං බලං ආගම්ම ඛීණාසවො භික්ඛු ආසවානං ඛයං පටිජානාති ඛීණා මෙ ආසවාති.
Sinhala BJT5-8 තවද, වහන්ස, ක්‍ෂීණාස්‍රව මහණහු විසින් සතර ඍද්ධිපාදයෝ භාවිත වූවාහු සුභාවිත වූවාහු වෙත් ... පඤ්චඉන්‍ද්‍රියයෝ භාවිත වූවාහු සුභාවිත වූවාහු වෙත් ... සප්තබෝධ්‍යඞ්ගයෝ භාවිත වූවාහු සුභාවිත වූවාහු වෙත් … අටඟෙකින් යුතු ආර්‍ය්‍ය වූ මාර්‍ගය භාවිත වූයේ සුභාවිත වූයේ වෙයි. වහන්ස, යම් හෙයෙකින් රහත් මහණහු විසින් ආර්‍ය්‍ය වූ අෂ්ටාඞ්ගිකමාර්‍ගය වඩනලද්දේ මොනොවට වඩනලද්දේ වේ ද, යම් බලයකට පැමිණ රහත් මහණ තෙමේ මාගේ ආස්‍රවයෝ ක්‍ෂය වූහ යි ආස්‍රවයන්ගේ ක්‍ෂයවීම පිළිණ කෙරේ ද, මෙ ද රහත් මහණහුගේ බලයෙක් වේ.
Pali BJTඉමානි ඛො භන්තෙ, අට්ඨ ඛීණාසවස්ස භික්ඛුනො බලානි, යෙහි බලෙහි සමන්නාගතො ඛීණාසවො භික්ඛු ආසවානං ඛයං පටිජානාති ඛීණා මෙ ආසවාති.
Sinhala BJTවහන්ස, යම් බලයන්ගෙන් සමන්‍වාගත රහත් මහණ තෙමේ මාගේ ආස්‍රවයෝ ක්‍ෂය වූහයි ආස්‍රවයන්ගේ ක්‍ෂය වීම පිළිණ කෙරේ ද, ක්‍ෂීණාස්‍රව මහණ හට මේ අට බලයෝ වෙති යි.
Pali BJT8. 1. 3. 9.
Sinhala BJT8. 1. 3. 9.
Pali BJTඅක්ඛණ සුත්තං
Sinhala BJTඅක්ඛණ සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඛණකිච්චො ලොකො ඛණකිච්චො ලොකොති භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො භාසති, නො ච ඛො සො ජානාති ඛණං වා අක්ඛණං වා. අට්ඨිමෙ භික්ඛවෙ, අක්ඛණා අසමයා බ්රහ්මචරියවාසාය. කතමෙ අට්ඨ.
Sinhala BJTමහණෙනි, ඇසූ පිරූ තැන් නැති පුහුදුන් තෙමේ ලෝකය ක්‍ෂණකෘත්‍ය ඇත්තේ ය, (අවකාශ ලැබැ ම කරන කිස ඇත්තේ ය) ක්‍ෂණ කෘත්‍ය ඇත්තේ ය යි කියයි. හෙතෙමේ ක්‍ෂණය (අවකාශය) හෝ අක්‍ෂණය (අනවකාශය) හෝ නො දනියි. මහණෙනි, බඹසර විසීමට අනවකාස අකාල මේ අටෙක් වෙයි. කවර අටෙක යත්:
Pali BJT1. ඉධ භික්ඛවෙ, තථාගතො ච ලොකෙ උප්පන්නො හොති අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථී සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. ධම්මො ච දෙසීයති ඔපසමිකො පරිනිබ්බායිකො සම්බොධගාමී සුගතප්පවෙදිතො, අයං ච පුග්ගලො නිරයං උපපන්නො හොති. අයං භික්ඛවෙ, පඨමො අක්ඛණො අසමයො බ්රහ්මචරියවාසාය.
Sinhala BJT1. මහණෙනි, අර්‍හත් වූ සම්මාසම්බුද්ධ වූ අෂ්ටවිද්‍යා පසළොස්චරණ ධර්‍මයන්ගෙන් යුක්ත වූ සුගත වූ ලෝකවිදු වූ අනුත්තර පුරුෂදම්‍යසාරථී වූ දෙව්මිනිස්නට ශාස්තෘ වූ සිවුසස් පිළිවිදි භාග්‍යවත් තථාගත තෙමේ ලෝකයෙහි උපන්නේ වෙයි. කෙලෙස් සන්හිඳුවන්නා වූ කෙලෙස් පිරිනිවීම කරන්නා වූ (චතුර්මාර්‍ගඥාන සඞ්ඛ්‍යාත) සම්බෝධිය කරා යන්නා වූ සුගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දා වූ ධර්‍මය ද දෙසනු ලැබේ. (එකල) මේ පුඟුල් තෙමේ ද නිරයෙහි උපන්නේ වෙයි. මහණෙනි, බඹසර විසීමට මේ පළමු වන අනවකාශය වේ අකාලය වේ.
Pali BJT2. පුන චපරං භික්ඛවෙ, තථාගතො ච ලොකෙ උප්පන්නො හොති -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. ධම්මො ච දෙසීයති -පෙ- සුගතප්පවෙදිතො, අයඤ්ච පුග්ගලො තිරච්ඡානයොනිං උපපන්නො හොති. අයං භික්ඛවෙ, දුතියො අක්ඛණො අසමයො බ්රහ්මචරියවාසාය.
Sinhala BJT2. තවද මහණෙනි, ... දෙව්මිනිස්නට ශාස්තෘ වූ සිවුසස් පිළිවිදි භාග්‍යවත් තථාගත තෙමේ ද ලෝකයෙහි උපන්නේ වේ ... සුගතයන් වහන්සේ විසින් වදාරන ලද ධර්‍මය ද දෙසනු ලැබේ. මේ පුඟුල් තෙමේ ද තිරිසන් යොන්හි උපන්නේ වෙයි. මහණෙනි, බ්‍රහ්මචරියවාසයට මේ දෙවන අනවකාශය වේ. අකාලය වේ.
Pali BJT3. පුන චපරං භික්ඛවෙ, තථාගතො ච ලොකෙ උප්පන්නො හොති -පෙ- ධම්මො ච දෙසීයති -පෙ- අයඤ්ච පුග්ගලො පෙත්තිවිසයං උපපන්නො හොති. අයං භික්ඛවෙ, තතියො අක්ඛණො අසමයො බ්රහ්මචරියවාසාය.
Sinhala BJT3. තවද මහණෙනි, ... දෙව්මිනිස්නට ශාස්තෘ වූ සිව්සස් පිළිවිදි භාග්‍යවත් තථාගත තෙමේ ද ලෝකයෙහි උපන්නේ වෙයි. ... සුගත ප්‍රවේදිත ධර්‍මය ද දෙසනු ලැබේ. මේ පුඟුල් තෙමේ ද ප්‍රේත විෂයෙහි උපන්නේ වෙයි. මහණෙනි, බඹසර විසුමට මේ තෙවන අනවකාශය වේ. අකාලය වේ.
Pali BJT4. පුන චපරං භික්ඛවෙ, තථාගතො ච ලොකෙ උප්පන්නො හොති -පෙ- ධම්මො ච දෙසීයති -පෙ- අයඤ්ච පුග්ගලො අඤ්ඤතරං දීඝායුකං දෙවනිකායං උපපන්නො හොති. අයං භික්ඛවෙ චතුත්ථො අක්ඛණො අසමයො බ්රහ්මචරියවාසාය.
Sinhala BJT4. තවද මහණෙනි, ... දෙව්මිනිස්නට ශාස්තෘ වූ සිව්සස් පිළිවිදි භාග්‍යවත් තථාගත තෙමේ ද ලෝකයෙහි උපන්නේ වෙයි. ... සුගතයන් වහන්සේ විසින් ප්‍රකාශිත ධර්‍මය ද දෙසනු ලැබේ. මේ පුඟුල් තෙමේ ද දීර්‍ඝායුෂ ඇති එක්තරා දේවනිකායයෙක්හි (අසංඥතලයෙහි) උපන්නේ වෙයි. මහණෙනි, බඹසර විසුමට මේ සිවුවන අනවකාශය වේ. අකාලය වේ.
Pali BJT5. පුන චපරං භික්ඛවෙ, තථාගතො ච ලොකෙ උප්පන්නො හොති -පෙ- ධම්මො ච දෙසීයති -පෙ- අයඤ්ච පුග්ගලො පච්චන්තිමෙසු ජනපදෙසු පච්චාජාතො හොති අවිඤ්ඤාතාරෙසු මිලක්ඛෙසු. යත්ථ නත්ථි ගති භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං. අයං භික්ඛවෙ පඤ්චමො අක්ඛණො අසමයො බ්රහ්මචරියවාසාය.
Sinhala BJT5. තවද මහණෙනි, ... දෙව්මිනිස්නට ශාස්තෘ වූ සිවුසස් පිළිවිදි භාග්‍යවත් තථාගත තෙමේ ද ලෝකයෙහි උපන්නේ වෙයි. ... සුගත ප්‍රවේදිත ධර්‍මය ද දෙසනු ලැබේ. මේ පුඟුල් තෙමේ ද මහණුන්ගේ මෙහෙණන්ගේ උවසුවන්ගේ උවැසියන්ගේ හසරෙක් යම් තැනෙක නැති ද, එබඳු වූ අතිශය අඥ වූ ම්ලෙච්ඡ වූ ප්‍රත්‍යන්තජනපදයන්හි උපන්නේ වෙයි. මහණෙනි, බඹසර විසීමට මේ පස්වන අනවකාශය වේ. අකාලය වේ.
Pali BJT6. පුන චපරං භික්ඛවෙ තථාගතො ච ලොකෙ උප්පන්නො හොති -පෙ- ධම්මො ච දෙසීයති -පෙ- අයංඤ්ච පුග්ගලො මජ්ඣිමෙසු ජනපදෙසු පච්චාජාතො හොති මිච්ඡාදිට්ඨිකො විපරීතදස්සනො නත්ථි දින්නං නත්ථි යිට්ඨං නත්ථි හුතං නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො නත්ථි පරො ලොකො නත්ථි මාතා නත්ථි පිතා නත්ථි සත්තා ඔපපාතිකා නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තීති. අයං භික්ඛවෙ ඡට්ඨො අක්ඛණො අසමයො බ්රහ්මචරියවාසාය.
Sinhala BJT6. තවද මහණෙනි, ... දෙව්මිනිස්නට ශාස්තෘ වූ සිවුසස් පිළිවිදි භාග්‍යවත් තථාගත තෙමේ ද ලෝකයෙහි උපන්නේ වෙයි. ... සුගතයන් වහන්සේ විසින් පවසන ලද ධර්‍මය ද දෙසනු ලැබේ. මේ පුඟුල් තෙමේ ද මධ්‍යමජනපදයෙහි උපන්නේ දෙන ලද්දෙහි විපාක නැත, මහායාගයෙහි විපාක නැත, අමුත්තනට පිළියෙළ කළ සත්කාරයෙහි විපාක නැත, සුකෘතදුෂ්කෘත කර්‍මයන්ගේ (කුසලාකුසලයන්ගේ) පලයෙක් විපාකයෙක් නැත, (පරලොව සිටියහුට) මෙලොවක් නැත, (මෙලොව සිටියහුට) පරලොවක් නැත, මවු නැත, පියා නැත, (මවුපියනට කළ යහපත් අයහපත් පිළිවෙතින් පලවිපාක නැතැ යි සේ යි). ඕපපාතික සත්ත්‍වයෝ නැත, යමෙක් මෙලොව ද පරලොව ද තුමූ අභිවිශිෂ්ටඥානයෙන් පසක් කොට කියත් නම් (එබඳු) මනා මඟෙහි ගිය සම්‍යක්ප්‍රතිපන්න මහණබමුණෝ ලෝකයෙහි නැතියි විපරීත දැකුම් ඇති මිසදිටුවෙක් වේ. මහණෙනි, බඹසර විසුමට මේ සවන අනවකාශය වේ. අකාලය වේ.
Pali BJT7. පුන චපරං භික්ඛවෙ, තථාගතො ච ලොකෙ උප්පන්නො හොති -පෙ- ධම්මො ච දෙසීයති -පෙ- අයංඤ්ච පුග්ගලො මජ්ඣිමෙසු ජනපදෙසු පච්චාජාතො හොති. සො ච හොති දුප්පඤ්ඤො ජළො එලමූගො. න පටිබලො සුභාසිත දුබ්භාසිතස්ස අත්ථමඤ්ඤාතුං. අයං භික්ඛවෙ සත්තමො අක්ඛණො අසමයො බ්රහ්මචරියවාසාය.
Sinhala BJT7. තවද, මහණෙනි, ... දෙව්මිනිස්නට ශාස්තෘ වූ සිවුසස් පිළිවිදි භාග්‍යවත් තථාගත තෙමේ ද ලොව උපන්නේ වේ ... සුගතප්‍රවේදිත ධර්‍ම ය ද දෙසනු ලැබෙයි. මේ පුඟුල් තෙමේ ද මධ්‍යමජනපදයෙහි උපන්නේ වෙයි. හෙතෙමේ ද මූඪ වූ කෙළ තොලු වූ සුභාෂිත දුර්‍භාෂිතයක්හු ගේ අරුත් දන්නට අසමත් වූ දුෂ්ප්‍රාඥයෙක් වේ. මහණෙනි, මෙ බඹසර විසුමට සත්වන අනවකාශය යි, අකාලය යි.
Pali BJT8. පුන චපරං භික්ඛවෙ, තථාගතො ච ලොකෙ අනුප්පන්නො හොති අරහං සම්මා සම්බුද්ධො -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. ධම්මො ච න දෙසීයති ඔපසමිකො පරිනිබ්බායිකො සම්බොධගාමී සුගතප්පවෙදිතො, අයංඤ්ච පුග්ගලො මජ්ඣිමෙසු ජනපදෙසු පච්චාජාතො හොති. සො ච හොති පඤ්ඤවා අජළො අනෙළමූගො පටිබලො සුභාසිත දුබ්භාසිතස්ස අත්ථමඤ්ඤාතුං. අයං භික්ඛවෙ, අට්ඨමො අක්ඛණො අසමයො බ්රහ්මචරියවාසාය. ඉමෙ ඛො භික්ඛවෙ, අට්ඨ අක්ඛණා අසමයා බ්රහ්මචරියවාසාය.
Sinhala BJT8. තවද, මහණෙනි, අර්‍හත් වූ සම්මාසම්බුද්ධ වූ ... දෙවිමිනිසුනට ශාස්තෘ වූ සිවුසස් පිළිවිදි භාග්‍යවත් වූ තථාගත තෙමේ ද ලෝකයෙහි නූපන්නේ වෙයි. කෙලෙස් සන්හිඳුවන්නා වූ කෙලෙස් පිරිනිවෙන්නා වු සම්බෝධියට යන සුලු වූ සුගතයන් වහන්සේ විසින් පවසන ලද ධර්‍මය ද නො දෙසනු ලැබේ. මේ පුද්ගල තෙමේ ද මධ්‍යම ජනපදයෙහි උපන්නේ වේ. හෙතෙමේ ද නුවණැත්තේ අජඩ වූයේ කෙලතොලු නො වූයේ සුභාෂිත දුර්‍භාෂිතයක්හුගේ අරුත් දැනීමෙහි ප්‍රතිබල වූයේ වේ. මහණෙනි, බඹසර විසුමට මේ අටවැනි වූ අනවකාශය වේ. අකාලය වේ. මහණෙනි, බඹසර විසුමට මෙ අනවකාශයෝ අකාලයෝ අට දෙන වෙත්.
Pali BJTඑකොව භික්ඛවෙ, ඛණො ච සමයො ච බ්රහ්මචරියවාසාය. කතමො එකො: ඉධ භික්ඛවෙ, තථාගතො ච ලොකෙ උප්පන්නො හොති, අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථී සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. ධම්මො ච දෙසීයති ඔපසමිකො පරිනිබ්බායිකො සම්බොධගාමී සුගතප්පවෙදිතො. අයඤ්ච පුග්ගලො මජ්ඣිමෙසු ජනපදෙසු පච්චාජාතො හොති. සො ච හොති පඤ්ඤවා අජළො අනෙළමූගො පටිබලො සුභාසිත දුබ්භාසිතස්ස අත්ථමඤ්ඤාතුං. අයං භික්ඛවෙ, එකොව ඛණො ච සමයො ච බ්රහ්මචරියවාසායාති.
Sinhala BJTමහණෙනි, බඹසර විසුමට එකම අවකාශයෙක් ද කාලයෙක් ද වේ. කවර එකෙක යත්: මහණෙනි, අර්‍හත් වූ සම්මාසම්බුද්ධ වූ අෂ්ටවිද්‍යා පසළොස්චරණ ධර්‍මයන්ගෙන් යුක්ත වූ සුගත් වූ ලෝකවිදු වූ අනුත්තර පුරිසදම්ම සාරථී වූ දෙවිමිනිසුනට ශාස්තෘ වූ සිවුසස් පිළිවිදි භාග්‍යවත් වූ තථාගත තෙමේ ද මේ ලෝකයෙහි උපන්නේ වේ. කෙලෙස් සන්හිඳුවන කෙලෙස් පිරිනිවන චතුර්මාර්‍ගඥානාවබෝධයට පමුණුවන සුගතප්‍රවේදිත ධර්‍මය ද දෙසනු ලැබේ. මේ පුද්ගල තෙමේ ද මධ්‍යම ජනපදයෙහි උපන්නේ වේ. හෙතෙමේ ද නුවණැත්තේ අජඩ වූයේ කෙලතොලු නො වූයේ සුභාෂිත දුර්‍භාෂිතයක්හුගේ අරුත් දැනුමෙහි ප්‍රතිබල වූයේ වේ. මහණෙනි, මේ බඹසර විසුමට එක ම අවකාශය ද කාලය ද වේ.
Pali BJT1. මනුස්සලාභං ලද්ධාන සද්ධම්මෙ සුප්පවෙදිතෙ, යෙ ඛණං නාධිගච්ඡන්ති අතිනාමෙන්ති තෙ ඛණං.
Sinhala BJT1. යම් කෙනෙක් මනුෂ්‍යාත්ම භාවය ලැබ මැනැවින් දෙසූ සදහම්හි අවකාශය නො ලබත් ද, ඔහු අවකාශය (ක්‍ෂණය) ඉක්මවා යෙත්.
Pali BJT2. බහූ හි අක්ඛණා වුත්තා මග්ගස්ස අන්තරායිකා, කදාචි කරහචි ලොකෙ උප්පජ්ජන්ති තථාගතා.
Sinhala BJT2. මාර්‍ගයට අන්තරායකර වූ බොහෝ අනවකාශයෝ වදාරන ලදහ, තථාගතයෝ කිසියම් කලෙක ලෙව්හි උපදිත්.
Pali BJT3. තස්සිදං සම්මුඛීභූතං යං ලොකස්මිං සුදුල්ලභං, මනුස්සපටිලාභො ච සද්ධම්මස්ස ච දෙසනා අලං වායමිතුං තත්ථ අත්ථකාමෙන ජන්තුනා.
Sinhala BJT3. මිනිසත් බව ලැබීම ද සදහම් දෙසීම ද යන යමක් ලොව අතිශය දුර්‍ලභ වේ ද, මෙය ඔහුට හමු විය. එහි ලා හිත කැමති මිනිසා විසින් වෑයම් කිරීමට සුදුසු ය.
Pali BJT4. කථං විජඤ්ඤා සද්ධම්මං ඛණො වෙ මා උපච්චගා ඛණාතීතා හි සොචන්ති නිරයම්හි සමප්පිතා.
Sinhala BJT4. සදහම් දෙසුම දැන ගත්තේ ය. අවකාශය නහමක් ඉක්ම යේ වා ඉකුත් අවකාශ ඇත්තෝ නිරයෙහි උපන්නාහු ශෝක කෙරෙත් මැයි.
Pali BJT5. ඉධ චෙව නං විරාධෙති සද්ධම්මස්ස නියාමතං, වාණිජොව අතීතත්ථො චිරත්තං අනුතපෙස්සති.
Sinhala BJT5. මෙලොව්හි ම (ඒ ක්‍ෂණය ලබා) සද්ධර්‍ම නියාම සඞ්ඛ්‍යාත වූ ඒ ආර්‍ය්‍ය මාර්‍ගය වරදවා ගනී (නම්) පිරිහුණු ධන ඇති වෙළෙඳකු මෙන් බොහෝ කලක් තැවෙන්නේ ය.
Pali BJT6. අවිජ්ජානිවුතො පොසො සද්ධම්මං අපරාධිකො, ජාතිමරණසංසාරං චිරං පච්චනුභොස්සති.
Sinhala BJT6. සද්ධර්‍මය වරදවා ගත් අවිද්‍යාවෙන් ඇවුරුණු පුරුෂ තෙමේ ජාතිමරණ සඞ්ඛ්‍යාත සංසාරදුක්ඛය බොහෝ කලක් විඳින්නේ ය.
Pali BJT7. යෙ ච ලද්ධා මනුස්සත්තං සද්ධම්මෙ සුප්පවෙදිතෙ, අකංසු තත්ථ වචනං කරිස්සන්ති කරොන්ති වා.
Sinhala BJT7. යම් කෙනෙක් මනා කොට දෙසූ දහම් පවත්නා කල්හි මිනිසත් බව ලැබ ශාස්තෘශාසනය කළාහු ද කෙරෙත් ද කරන්නාහු ද
Pali BJT8. ඛණං පච්චවිදුං ලොකෙ බ්රහ්මචරියං අනුත්තරං, යෙ මග්ගං පටිපජ්ජිංසු තථාගතප්පවෙදිතං.
Sinhala BJT8. යම් කෙනෙක් ලෝකයෙහි අනුත්තර වූ බ්‍රහ්මචර්‍ය්‍ය සඞ්ඛ්‍යාත ක්‍ෂණය ප්‍රතිවේධ කළාහු ද ඔහු තථාගතයන් වහන්සේ විසින් දෙසන ලද මඟට පිළිපන්හ.
Pali BJT9. යෙ සංවරා චක්ඛුමතා දෙසිතාදිච්චබන්ධුනා, තෙසු ගුත්තො සදා සතො විහරෙ අනවස්සුතො.
Sinhala BJT9. පසැස් ඇති ආදිත්‍යබන්‍ධු වූ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් සංවර කෙනෙක් දෙසන ලද්දාහු ද, එහි සංවෘත වූයේ හැම කල්හි සිහි ඇත්තේ කෙලෙසුන්ගෙන් නො තෙත් වූයේ වාස කරන්නේ ය.
Pali BJT10. සබ්බෙ අනුසයෙ ඡෙත්වා මාරධෙය්ය සරානුගෙ, තෙ වෙ පාරගතා ලොකෙ යෙ පත්තා ආසවක්ඛයන්ති.
Sinhala BJT10. යම් කෙනෙක් ලෝකයෙහි මාරධෙය්‍ය සඞ්ඛ්‍යාත සංසාරය අනුව යන සියලු අනුසයයන් සිඳ රහත් ඵලයට පැමිණියාහු ද ඔහු ඒකාන්තයෙන් නිවනට පත්වූවෝ වෙති යි.
Pali BJT8. 1. 3. 10.
Sinhala BJT8. 1. 3. 10.
Pali BJTඅනුරුද්ධ සුත්තං
Sinhala BJTඅනුරුද්ධ සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා භග්ගෙසු විහරති සුංසුමාරගිරෙ භෙසකලාවනෙ මිගදායෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා අනුරුද්ධෙ චෙතීසු විහරති පාචීනවංසදායෙ. අථ ඛො ආයස්මතො අනුරුද්ධස්ස රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි:
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භග්ග ජනපදයෙහි සුංසුමාරගිර නගරය අසල භේසකලාවන නම් මුවවෙනෙහි වැඩ වෙසෙන සේක. එ සමයෙහි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ චෙතී දනව්වෙහි (බුදුරදුන් වැඩහුන් තැනින්) පෙරදිගෙහි වූ හුණ වෙනෙහි වෙසෙති. ඉක්බිති රහසිගත වූ එකලාව හුන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ගේ සිත්හි මෙ බඳු අදහසෙක් (මහා පුරුෂ විතර්‍කයෙක්) පහළ විය;
Pali BJTඅප්පිච්ඡස්සායං ධම්මො නායං ධම්මො මහිච්ඡස්ස, සන්තුට්ඨස්සායං ධම්මො නායං ධම්මො අසන්තුට්ඨස්ස, පවිවිත්තස්සායං ධම්මො නායං ධම්මො සඞ්ගණිකාරාමස්ස. ආරද්ධ විරියස්සායං ධම්මො නායං ධම්මො කුසීතස්ස, උපට්ඨිතසතිස්සායං ධම්මො නායං ධම්මො මුට්ඨස්සතිස්ස, සමාහිතස්සායං ධම්මො නායං ධම්මො අසමාහිතස්ස, පඤ්ඤාවතො අයං ධම්මො, නායං ධම්මො දුප්පඤ්ඤස්සාති.
Sinhala BJTඑනම්, මේ (නව ලෝකෝත්තර) ධර්‍මය (ලද ගුණ සැඟවීමෙන් ද පිළිගැනීමේ මාත්‍රඥතායෙන් ද) අල්පේච්ඡයා හට ය. මේ ධර්‍මය මහේච්ඡයාට නොවේ. මේ ධර්‍මය (සිවුපසෙහි තෙවැදෑරුම් සන්තෝසයෙන්) සතුටු වන්නහුට ය. මේ ධර්‍මය අසන්තුෂ්ටයාට නො වේ. මේ ධර්‍මය (කාය චිත්ත උපධිවිවේකයන්ගෙන්) ප්‍රවිවික්ත සිත් ඇතියහුට ය. මේ ධර්‍මය (ගණසඞ්ගණිකායේහි හා ක්ලේශසඞ්ගණිකායේහි ඇලුණු) සඞ්ගණිකාරාමයාහට නො වේ. මේ ධර්‍මය (කායිකචෛතසික වසයෙන්) පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තහුට ය. මේ ධර්‍මය කුසීතයාහට නො වේ. මේ ධර්‍මය (සතර සතිපට්ඨාන වසයෙන්) එළැඹ සිටි සිහි ඇත්තහුට ය, මේ ධර්‍මය මුළා සිහි ඇත්තහුට නො වේ. මේ ධර්‍මය එකඟ සිත් ඇත්තහුට ය, මේ ධර්‍මය අසමාහිත සිත් ඇත්තහුට නො වේ. මේ ධර්‍මය (කර්‍මස්වක ප්‍රඥායෙන්) ප්‍රඥා ඇත්තහුට ය. මේ ධර්‍මය දුෂ්ප්‍රාඥයාට නො වේ යයි.
Pali BJTඅථ ඛො භගවා ආයස්මතො අනුරුද්ධස්ස චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය එවමෙව භග්ගෙසු සුංසුමාරගිරෙ භෙසකලාවනෙ මිගදායෙ අන්තරහිතො චෙතීසු පාචීනවංසදායෙ ආයස්මතො අනුරුද්ධස්ස සම්මුඛෙ පාතුරහොසි.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ගේ සිත්හි වූ පරිවිතර්‍කය තමන් වහන්සේගේ සිතින් දැන යම් සේ බලවත් පුරුෂයෙක් වක් කළ අතක් දිගු කරන්නේ ද, දික් කළ අතක් හකුළුවන්නේ ද, එසෙයින් භග්ගජනපදයෙහි සුංසුමාරගිර සමීපයෙහි භේසකලාවන නම් මුවවෙනෙහි අතුරුදන් වූසේක් චෙතී ජනපදයෙහි වූ (දශබල වසනස්ථානයෙන්) පෙරදිගෙහි පිහිටි හුණවෙනෙහි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ හමුයෙහි පහළ වූ සේක.
Pali BJTනිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ, ආයස්මාපි ඛො අනුරුද්ධො භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං අනුරුද්ධං භගවා එතදවොච: සාධු සාධු අනුරුද්ධ, සාධු ඛො ත්වං අනුරුද්ධ, යං තං මහාපුරිසවිතක්කං විතක්කෙසි: අප්පිච්ඡස්සායං ධම්මො නායං ධම්මො මහිච්ඡස්ස, සන්තුට්ඨස්සායං ධම්මො නායං ධම්මො අසන්තුට්ඨස්ස, පවිවිත්තස්සායං ධම්මො නායං ධම්මො සඞ්ගණිකාරාමස්ස, ආරද්ධවිරියස්සායං ධම්මො නායං ධම්මො කුසීතස්ස, උපට්ඨිතසතිස්සායං ධම්මො නායං ධම්මො මුට්ඨස්සතිස්ස, සමාහිතස්සායං ධම්මො නායං ධම්මො අසමාහිතස්ස, පඤ්ඤවතො අයං ධම්මො නායං ධම්මො දුප්පඤ්ඤස්සාති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ පැන වූ අස්නෙහි වැඩහුන් සේක. ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ ද භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක් හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: ‘අනුරුද්ධය, මැනව, මැනව, අනුරුද්ධය, මේ ධර්‍මය අල්පේච්ඡයාට ය, මේ ධර්‍මය මහේච්ඡයා ට නො වෙයි. මේ ධර්‍මය සන්තුෂ්ටයාට ය, මේ ධර්‍මය අසන්තුෂ්ටයාට නො වෙයි. මේ ධර්‍මය ප්‍රවිවික්තයාට ය, මේ ධර්‍මය සඞ්ගණිකාරාමයාට නො වෙයි. මේ ධර්‍මය ආරබ්ධ වීර්‍ය්‍ය ඇත්තහුට ය, මේ ධර්‍මය කුසීතයා ට නො වෙයි, මේ ධර්‍මය එළැඹ සිටි සිහි ඇත්තහුට ය, මේ ධර්‍මය මුළා සිහි ඇත්තහුට නො වෙයි. මේ ධර්‍මය සමාහිතයාට ය, මේ ධර්‍මය අසමාහිතයාට නොවෙයි. මේ ධර්‍මය ප්‍රඥාවත් හට ය. මේ ධර්‍මය දුෂ්ප්‍රාඥයාට නො වේ යයි තෙපි යම් මහාපුරුෂවිතර්‍කයක් විතර්‍කණය කරහු ද, එය මනා මැ යි.
Pali BJTතෙන හි ත්වං අනුරුද්ධ, ඉමම්පි අට්ඨමං මහාපුරිසවිතක්කං විතක්කෙහි: නිප්පපඤ්චාරාමස්සායං ධම්මො නිප්පපඤ්චරතිනො නායං ධම්මො පපඤ්චාරාමස්ස පපඤ්චරතිනොති.
Sinhala BJTඑසේ නම් අනුරුද්ධය, තෙපි මේ අටවැනි වූ මහා පුරුෂ විතර්‍කය ද විතර්‍කණය කරව:- මේ ධර්‍මය නිෂ්ප්‍රපඤ්චසඞ්ඛ්‍යාත නිවනෙහි ඇලුණහු ට ය. මේ ධර්‍මය ප්‍රපඤ්චසඞ්ඛ්‍යාත තෘෂ්ණාමානදෘෂ්ටීන්හි ඇලුණහුට නො වේ ය කියායි.
Pali BJTයතො ඛො ත්වං අනුරුද්ධ, ඉමෙ අට්ඨමහාපුරිසවිතක්කෙ විතක්කෙස්සසි, තතො ත්වං අනුරුද්ධ, යාවදෙව ආකඞ්ඛිස්සසි විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරිස්සසි.
Sinhala BJTඅනුරුද්ධය, යම් කලෙක්හි වනාහි තෙපි මේ අෂ්ට මහාපුරුෂ විතර්‍කයන් විතර්‍කණය කරන්න හු ද, අනුරුද්ධය, එකල්හි තෙපි යම්තාක් කැමතිවන්නහු නම් (ඒතාක්) කාමයන්ගෙන් වෙන්ව ම අකුශලධර්‍මයන්ගෙන් වෙන්ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථමධ්‍යානයට සම වැද වාස කරන්නහු ය.
Pali BJTයතො ඛො ත්වං අනුරුද්ධ, ඉමෙ අට්ඨමහාපුරිසවිතක්කෙ විතක්කෙස්සසි තතො ත්වං අනුරුද්ධ, යාවදෙව ආකඞ්ඛිස්සසි විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරිස්සසි.
Sinhala BJTඅනුරුද්ධය, යම් කලෙක්හි වනාහි තෙපි මේ අෂ්ට මහාපුරුෂවිතර්‍කයන් විතර්‍කණය කරන්නහු ද, අනුරුද්ධය, එකල්හි තෙපි යම්තාක් කැමැති වන්නහු නම් (ඒ තාක්) විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපසමයෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති චිත්තයාගේ එකඟබව ඇති විතර්‍ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීතිසුඛය ඇති ද්විතීයධ්‍යානයට සමවැද වාස කරන්නහුය.