Pali BJT1. යො වෙ නවෙධති{1} පත්වා පරිසං උග්ගවාදිනිං{2}. න ච හාපෙති වචනං න ච ඡාදෙති සාසනං,
Sinhala BJT1. යමෙක් උග්‍රවාදී පිරිසට පැමිණ නො සැලේ ද, වදන් නො නසනුයේ ද, ශාසනයත් නො සඟවයි ද,
Pali BJT2. අසන්දිද්ධඤ්ච භණති පුච්ඡිතො න ච කුප්පති, ස වෙ තාදිසකො භික්ඛු දූතෙය්යං ගන්තුමරහතීති.
Sinhala BJT2. නිසැක කොට කියාද, පුළුවුස්නා ලදුයේ නො කිපේ ද, එබඳු එ මහණ ඒකාන්තයෙන් දූත මෙහෙවරට යාමට සුදුසු වේ.
Pali BJT8. 1. 2. 7.
Sinhala BJT8. 1. 2. 7.
Pali BJTපුරිසබන්ධන සුත්තං
Sinhala BJTපුරිසබන්‍ධන සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅට්ඨහි භික්ඛවෙ ආකාරෙහි ඉත්ථි පුරිසං බන්ධති, කතමෙහි අට්ඨහි:
Sinhala BJTමහණෙනි, අට අයුරෙකින් මාගම පුරුෂයා බඳියි. කවර අටෙකින යත්:
Pali BJTරූපෙන භික්ඛවෙ, ඉත්ථි පුරිසං බන්ධති. හසිතෙන භික්ඛවෙ ඉත්ථි පුරිසං බන්ධති. භණිතෙන භික්ඛවෙ ඉත්ථි පුරිසං බන්ධති. ගීතෙන භික්ඛවෙ ඉත්ථි පුරිසං බන්ධති. රුණ්ණෙන{1} භික්ඛවෙ ඉත්ථි පුරිසං බන්ධති. ආකප්පෙන භික්ඛවෙ ඉත්ථි පුරිසං බන්ධති. වනභඞ්ගෙන භික්ඛවෙ, ඉත්ථී පුරිසං බන්ධති. ඵස්සෙන භික්ඛවෙ ඉත්ථි පුරිසං බන්ධති. ඉමෙහි ඛො භික්ඛවෙ අට්ඨහි ආකාරෙහි ඉත්ථි පුරිසං බන්ධති. තෙ භික්ඛවෙ සත්තා සුබද්ධා යෙ{2} ඵස්සෙන බද්ධාති.{3}{*}
Sinhala BJTමහණෙනි, රූපයෙන් මාගම පුරුෂයා බඳියි. මහණෙනි, හසිතයෙන් (සිනායෙන්) මාගම පුරුෂයා බඳියි. මහණෙනි, බිණුමෙන් මාගම පුරුෂයා බඳියි. මහණෙනි, ගීතයෙන් මාගම පුරුෂයා බඳියි. මහණෙනි, මාගම රෝදනයෙන් (හැඬුමෙන්) පුරුෂයා බඳියි. මහණෙනි, මාගම ආකල්පයෙන් (හැඳුම් පෙරවුම් ඈ විධියෙන්) පුරුෂයා බඳියි. මහණෙනි, වනභඞ්ගයෙන් (වනයෙන් ගෙනා මල්පල ඈ තුටු පඬුරින්) මාගම පුරුෂයා බඳියි. මහණෙනි, පහසින් මාගම පුරුෂයා බඳියි. මහණෙනි, මේ අට අයුරින් මාගම පුරුෂයා බඳියි. මහණෙනි, යම් සත්ත්‍ව කෙනෙක් පහසින් බැඳුණාහු වෙත් නම් ඔහු මොනොවට (තරව) බැඳුණාහු වෙති යි.
Pali BJT8. 1. 2. 8.
Sinhala BJT8. 1. 2. 8.
Pali BJTඉත්ථිබන්ධන සුත්තං.
Sinhala BJTඉත්‍ථිබන්‍ධන සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅට්ඨහි භික්ඛවෙ ආකාරෙහි පුරිසො ඉත්ථිං බන්ධති, කතමෙහි අට්ඨහි:
Sinhala BJTමහණෙනි, අට අයුරකින් පුරුෂයා මාගම බඳියි. කවර අටෙකින යත්:
Pali BJTරූපෙන භික්ඛවෙ පුරිසො ඉත්ථිං බන්ධති, හසිතෙන භික්ඛවෙ පුරිසො ඉත්ථිං බන්ධති. භණිතෙන භික්ඛවෙ පුරිසො ඉත්ථිං බන්ධති. ගීතෙන භික්ඛවෙ පුරිසො ඉත්ථිං බන්ධති. රුණ්ණෙන{1} භික්ඛවෙ පුරිසො ඉත්ථිං බන්ධති. ආකප්පෙන භික්ඛවෙ පුරිසො ඉත්ථිං බන්ධති. වනභඞ්ගෙන භික්ඛවෙ, පුරිසො ඉත්ථිං බන්ධති. ඵස්සෙන භික්ඛවෙ පුරිසො ඉත්ථිං බන්ධති. ඉමෙහි ඛො භික්ඛවෙ අට්ඨහි ආකාරෙහි පුරිසො ඉත්ථිං බන්ධති, තෙ භික්ඛවෙ සත්තා සුබද්ධා යෙ{2} ඵස්සෙන බද්ධාති.{3}{*}
Sinhala BJTමහණෙනි, රූපයෙන් පුරුෂයා මාගම බඳියි. මහණෙනි, හසිතයෙන් පුරුෂයා මාගම බඳියි. මහණෙනි, භණිතයෙන් පුරුෂයා මාගම බඳියි. මහණෙනි, ගීතයෙන් පුරුෂයා මාගම බඳියි. මහණෙනි, රෝදනයෙන් පුරුෂයා මාගම බඳියි. මහණෙනි, ආකල්පයෙන් පුරුෂයා මාගම බඳියි. මහණෙනි, වනභඞ්ගයෙන් පුරුෂයා මාගම බඳියි. මහණෙනි, ස්පර්‍ශයෙන් පුරුෂයා මාගම බඳී. මහණෙනි, මේ අට අයුරින් පුරුෂයා මාගම බඳියි. මහණෙනි, යම් සත්‍ව කෙනෙක් පහසින් බඳනා ලද්දාහු ද ඔහු මොනොවට බැඳුණාහු වෙතියි.
Pali BJT8. 1. 2. 9.
Sinhala BJT8. 1. 2. 9.
Pali BJTපහාරාද සුත්තං
Sinhala BJTපහාරාද සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා වෙරඤ්ජායං විහරති නළෙරු පුචිමන්ද මූලෙ. අථ ඛො පහාරාදො අසුරින්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතං ඛො පහාරාදං අසුරින්දං භගවා එතදවොච: අපි පන පහාරාද, අසුරා මහාසමුද්දෙ අභිරමන්තීති.
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වේරඤ්ජා නගරයෙහි නලෙරු නම් (යක්‍ෂාධිගෘහිත) කොහොඹ රුක් මුල්හි වැඩ වසන සේක. එකල්හි පහාරාද නම් අසුරේන්‍ද්‍රයා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය, එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව සිටියේ ය. එකත්පසෙක සිටි පහාරාද අසුරේන්‍ද්‍රයාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. පහාරාදය, අසුරයෝ මුහුදෙහි සිත් අලවා වෙසෙත් දැයි?
Pali BJTඅභිරමන්ති භන්තෙ, අසුරා මහාසමුද්දෙති:
Sinhala BJTවහන්ස, අසුරයෝ මුහුදෙහි සිත් අලවා වෙසෙත් යි.
Pali BJTකති පන පහාරාද, මහාසමුද්දෙ අච්ඡරියා අබ්භුතා ධම්මා යෙ දිස්වා දිස්වා අසුරා මහාසමුද්දෙ අභිරමන්තීති.
Sinhala BJTපහාරාද, යම් ආශ්චර්‍ය්‍ය කෙනකුන් දක්මින් අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවා වෙසෙත් නම් ඒ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ කෙතෙක් දැයි?
Pali BJTඅට්ඨ භන්තෙ, මහාසමුද්දෙ අච්ඡරියා අබ්භුතා ධම්මා යෙ දිස්වා දිස්වා අසුරා මහාසමුද්දෙ අභිරමන්ති කතමෙ අට්ඨ?:
Sinhala BJTවහන්ස, යම් ආශ්චර්‍ය්‍ය කෙනෙකුන් පුන පුනා දැක අසුරයෝ මහාසමුද්‍රයෙහි සිත් අලවා වෙසෙත් නම් එබඳු ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ අටදෙනෙක් වෙත්. කවර අට දෙනෙක යත්:
Pali BJT1. මහාසමුද්දො භන්තෙ, අනුපුබ්බනින්නො අනුපුබ්බපොණො අනුපුබ්බපබ්භාරො න ආයතකෙනෙව පපාතො. යම්පි භන්තෙ, මහාසමුද්දො අනුපුබ්බනින්නො අනුපුබ්බපොණො අනුපුබ්බපබ්භාරො න ආයතකෙනෙව පපාතො, අයං භන්තෙ, මහාසමුද්දෙ පඨමො අච්ඡරියො අබ්භුතො ධම්මො යං දිස්වා දිස්වා අසුරා මහාසමුද්දෙ අභිරමන්ති.
Sinhala BJT1. වහන්ස, මහසයුර අනුපූර්‍ව නිම්න යි, (පිළිවෙළින් ගැඹුරු වූයේ වෙයි), අනුපූර්‍වප්‍රවණ යි, (පිළිවෙළින් නැමුනේ වෙයි), අනුපූර්‍ව ප්‍රාග්භාර යි, (පිළිවෙළින් ඉදිරියට බරවූයේ වෙයි), ආදියෙහි ම ගැඹුරු නො වෙයි. වහන්ස, යම් හෙයකින් මහසයුර අනුපූර්‍ව නිම්න වේ ද, අනුපූර්‍වප්‍රවණ වේ ද, අනුපූර්‍වප්‍රාග්භාර වේ ද, ආදියෙහි ම නො ගැඹුරු වේ ද, වහන්ස, යම් හෙයකින් යමක් පුනපුනා දක්මින් මහසයුරෙහි සිත් අලවා වෙසෙත් නම් මෙ මහසයුරෙහි ප්‍රථම ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වෙයි.
Pali BJT2. පුන චපරං භන්තෙ, මහාසමුද්දො ඨිතධම්මො වෙලං නාතිවත්තති. යම්පි භන්තෙ, මහා සමුද්දො ඨිතධම්මො වෙලං නාතිවත්තති, අයං භන්තෙ, මහාසමුද්දෙ දුතියො අච්ඡරියො අබ්භුතො ධම්මො යං දිස්වා දිස්වා අසුරා මහාසමුද්දෙ අභිරමන්ති.
Sinhala BJT2. තවද වහන්ස, පිහිටි සැහැවි ඇති මහසයුර වෙරළ නො ඉක්මවයි. වහන්ස, යම් හෙයෙකින් පිහිටි සැහැවි ඇති මහසයුර වෙරළ නො ඉක්මවා නම්, වහන්ස, යමක් පුනපුනා දක්මින් අසුරයෝ මහසයුරෙහි සිත් අලවා වෙසෙත් ද, මේ මහසයුරෙහි දෙවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි..
Pali BJT3. පුන චපරං භන්තෙ, මහාසමුද්දො න මතෙන කුණපෙන සංවසති, යං හොති මහාසමුද්දෙ මතං කුණපං තං ඛිප්පංයෙව{1} තීරං වාහෙති, ථලං උස්සාදෙති{2} යම්පි භන්තෙ, මහාසමුද්දො න මතෙන කුණපෙන සංවසති. යං හොති මහාසමුද්දෙ මතං කුණපං තං ඛිප්පං යෙව තීරං වාහෙති, ථලං උස්සාදෙති2. අයං භන්තෙ, මහාසමුද්දෙ තතියො අච්ඡරියො අබ්භුතො ධම්මො යං දිස්වා දිස්වා අසුරා මහාසමුද්දෙ අභිරමන්ති.
Sinhala BJT3. තවද වහන්ස, මහසයුර මළකුණු හා නො වෙසෙයි. මහසයුරෙහි යම් බඳු මළකුණපයක් වේ නම් එය වහා ම තෙරට පමුණුවයි. (රළ පහරින්) ගොඩ නංවයි. වහන්ස, යම් හෙයෙකින් මහසයුර මළකුණපයන් හා නො වෙසේ ද, මහසයුරෙහි යම්බඳු මළකුණපයෙක් වේ නම් ඒ වහා ම තෙරට පමුණුවා ද, ගොඩ නංවා ද, වහන්ස, අසුරයෝ මහමුහුදෙහි යමක් පුනපුනා දැක සිත් අලවා වෙසෙත් නම් මේ මහසයුරෙහි තෙවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.
Pali BJT4. පුන චපරං භන්තෙ, යා කාචි මහානදියො, සෙය්යථීදං: ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී, තා මහා සමුද්දං පත්වා ජහන්ති පුරිමානි නාමගොත්තානි, මහාසමුද්දොත්වෙව සඞ්ඛං ගච්ඡන්ති. යම්පි භන්තෙ, යා කාචි මහානදියො සෙය්යථීදං ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී තා මහාසමුද්දං පත්වා ජහන්ති පුරිමානි නාමගොත්තානි, මහාසමුද්දොත්වෙව සඞ්ඛං ගච්ඡන්ති. අයං භන්තෙ මහාසමුද්දෙ චතුත්ථො අච්ඡරියො අබ්භුතො ධම්මො, යං දිස්වා දිස්වා අසුරා මහාසමුද්දෙ අභිරමන්ති.
Sinhala BJT4. තවද වහන්ස, යම්කිසි මහානදීහු වෙත්ද, එනම්: ගඞ්ගා ය, යමුනා ය, අචිරවතී ය, සරභු ය, මහී ය කියා යි. ඔහු මහසයුරට පැමිණ පළමු නම් ගොත් හැරලත්. මහාසමුද්‍රය යි ම සඞ්ඛ්‍යාවට යෙති. වහන්ස, යම් හෙයෙකින් ගඞ්ගා ය, යමුනා ය, අචිරවතී ය, සරභු ය, මහී ය යන යම් බඳු මහානදීහු වෙත් නම් ඔහු මහසයුරට පැමිණ පළමු නම් ගොත් හැරලත් ද, මහාසමුද්‍රයයි ම සඞ්ඛ්‍යාවට යෙත් ද, වහන්ස, යම් හෙයෙකින් අසුරයෝ යමක් පුනපුනා දක්මින් මහාසමුද්‍රයෙහි අභිරමණය කෙරෙත් නම් මේ සිවුවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.
Pali BJT5. පුන චපරං භන්තෙ, යා ච{1} ලොකෙ සවන්තියො මහාසමුද්දං අප්පෙන්ති, යා ච අන්තලික්ඛා ධාරා පපතන්ති, න තෙන මහාසමුද්දස්ස ඌනත්තං වා පූරත්තං වා පඤ්ඤායති, යම්පි භන්තෙ, යා ච ලොකෙ සවන්තියො මහාසමුද්දං අප්පෙන්ති, යා ච අන්තලික්ඛා ධාරා පපතන්ති, න තෙන මහාසමුද්දස්ස ඌනත්තං වා පූරත්තං වා පඤ්ඤායති, අයං භන්තෙ, මහාසමුද්දෙ පඤ්චමො අච්ඡරියො අබ්භුතො ධම්මො යං දිස්වා දිස්වා අසුරා මහා සමුද්දෙ අභිරමන්ති.
Sinhala BJT5. තවද වහන්ස, ලෙව්හි යම්බඳු (කුදුමහත්) නදීහු මහමුහුදට වැද ගනිත් ද, අහසින් යම්බඳු වෘෂ්ටිධාරාවෝ වැටෙත් ද, ඉන් මහසයුරෙහි උනුබවෙක් වේවයි, පිරුණුබවෙක් වේවයි නො පැනේ. වහන්ස, යම් හෙයෙකින් ලොව්හි යම්බඳු කුදුමහත් නදීහු මහමුහුදට වැදගනිත් නම් අහසින්යම්බඳු වෘෂ්ටිධාරාවෝ හෙත් නම්, ඉන් මහසයුරෙහි උනුබවෙක් වේවයි පිරුණුබවෙක් වේවයි නො පැනේ ද, වහන්ස, යමක් පුනපුනා දැක අසුරයෝ මහමුහුදෙහි අභිරමණය කෙරෙත් නම් මහසයුරෙහි මේ පස්වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.
Pali BJT6. පුන චපරං භන්තෙ, මහාසමුද්දො එකරසො ලොණරසො, යම්පි භන්තෙ, මහාසමුද්දො එකරසො ලොණරසො, අයං භන්තෙ, මහා සමුද්දෙ ඡට්ඨො අච්ඡරියො අබ්භුතො ධම්මො යං දිස්වා දිස්වා අසුරා මහාසමුද්දෙ අභිරමන්ති.
Sinhala BJT6. තවද වහන්ස, මහසයුර එක ම රස ඇතියේ ලුණුරස ඇතියේ වෙයි. වහන්ස, යම් හෙයෙකින් ඒකරස වූ මහසයුර ලුණුරස ඇතියේ වේ ද, වහන්ස, අසුරයෝ යමක් පුනපුනා දැක මහසයුරෙහි අභිරමණය කෙරෙත් නම් මහසයුරෙහි මේ සවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.
Pali BJT7. පුන චපරං භන්තෙ, මහාසමුද්දො බහුරතනො අනෙකරතනො{2}. තත්රිමානි රතනානි, සෙය්යථීදං: මුත්තා, මණි, වෙළුරියො, සඞ්ඛො, සිලා, පවාළං. රජතං, ජාතරූපං, ලොහිතඞ්කො, මසාරගල්ලං, යම්පි භන්තෙ, මහා සමුද්දො බහුරතනො අනෙකරතනො. තත්රිමානි රතනානි, සෙය්යථීදං මුත්තා, මණි, වෙළුරියො, සඞ්ඛො, සිලා, පවාළං, රජතං, ජාතරූපං, ලොහිතඞ්කො, මසාරගල්ලං, අයං භන්තෙ, මහාසමුද්දෙ සත්තමො අච්ඡරියො අබ්භුතො ධම්මො යං දිස්වා දිස්වා අසුරා මහාසමුද්දෙ අභිරමන්ති.
Sinhala BJT7. තවද වහන්ස, මහාසමුද්‍රය බොහෝ රුවන් ඇතියේ නන් රුවන් ඇතියේ වෙයි. එහිලා මේ රත්නයෝයි. එනම්: මුතු ය, මිණි ය, වෙරළුමිණි ය, සක් ය, ශිලා ය, පබළු ය, රිදී ය, රන් ය, පියුම්රා ය, මැසිරිගල් ය යන මොහු යි. වහන්ස, යම් හෙයෙකින් මහා සමුද්‍රය බහුරත්න වූයේ අනේකවිධ රත්න ඇති වේ ද, එහිලා මේ රත්නයෝයි. එනම්: මුතු ය, මිණි ය, වෙරළු ය, සක් ය, ශිලා ය, පබළු ය, රිදී ය, රුවන් ය, පියුම්රා ය, මැසිරිගල් ය යන මොහු යි. වහන්ස, යමක් පුනපුනා දැක අසුරයෝ මහසයුරෙහි අභිරමණය කෙරෙත් නම් මේ සත්වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.
Pali BJT8. පුන චපරං භන්තෙ, මහාසමුද්දො මහතං භූතානං ආවාසො. තත්රිමෙ භූතා: තිමි තිමිඞ්ගලා තිමිරපිඞ්ගලා{3}, අසුරා, නාගා, ගන්ධබ්බා. සන්ති මහා සමුද්දෙ යොජනසතිකාපි අත්තභාවා, ද්වියොජනසතිකාපි අත්තභාවා, තියොජනසතිකාපි අත්තභාවා, චතුයොජනසතිකාපි අත්තභාවා, පඤ්චයොජනසතිකාපි අත්තභාවා.
Sinhala BJT8. තවද වහන්ස, මහමුහුද මහසත්නට ආවාස වෙයි. එහි මේ සත්හුය: තිමි ය, තිමඞ්ගල ය, තිමිරපිඞ්ගල ය, අසුරයෝ ය, නාගයෝ ය, ගන්‍ධර්‍වයෝ ය යන මොහු යි. මහමුහුදෙහි සියක් යොදුන් ඇති ආත්මභාවයෝ ද දෙසිය යොදුන් ආත්මභාවයෝ ද තෙසිය යොදුන් ආත්මභාවයෝ ද සිවුසිය යොදුන් ආත්මභාවයෝ ද පන්සිය යොදුන් ආත්මභාවයෝ ද වෙති.
Pali BJTයම්පි භන්තෙ, මහාසමුද්දො මහතං භූතානං ආවාසො. තතිරමෙ භූතා: තිමි, තිමිඞ්ගලා තිමිරපිඞ්ගලා, අසුරා, නාගා, ගන්ධබ්බා. සන්ති මහා සමුද්දෙ යොජනසතිකාපි අත්තභාවා, ද්වියොජන -පෙ- තියොජන -පෙ- චතුයොජන -පෙ- පඤ්චයොජන සතිකාපි අත්තභාවා, අයං භන්තෙ, මහා සමුද්දෙ අට්ඨමො අච්ඡරියො අබ්භුතො ධම්මො යං දිස්වා දිස්වා අසුරා මහාසමුද්දෙ අභිරමන්ති.
Sinhala BJTවහන්ස, යම්හෙයෙකින් මහමුහුද මහත් වූ සත්නට ආවාස වේ නම් එහි ලා තිමි ය, තිමඞ්ගල ය, තිමිරපිඞ්ගල ය, අසුර ය, නාග ය, ගන්‍ධර්‍වය යන මේ සත්හු වෙති. මහමුහුදෙහි සියක් යොදුන් ආත්මභාවයෝ ද දෙසිය යොදුන් ... තෙසිය යොදුන් ... සිවුසිය යොදුන් ... පන්සිය යොදුන් ආත්මභාවයෝ ද වෙත්. වහන්ස, අසුරයෝ යමක් පුනපුනා දැක මහමුහුදෙහි අභිරමණය කෙරෙත් නම් මහමුහුදෙහි මේ අටවැනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.
Pali BJTඉමෙ ඛො භන්තෙ, මහාසමුද්දෙ අට්ඨ අච්ඡරියා අබ්භුතා ධම්මා යෙ දිස්වා දිස්වා අසුරා මහාසමුද්දෙ අභිරමන්තීති.
Sinhala BJTවහන්ස, අසුරයෝ මහමුහුදෙහි යම් කිසිවකුන් පුන පුනා දැක අභිරමණය කෙරෙත් නම් මහසමුදුරෙහි මේ අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ වෙති යි.
Pali BJTඅපි පන භන්තෙ, භික්ඛු ඉමස්මිං ධම්මවිනයෙ අභිරමන්තීති?
Sinhala BJTවහන්ස, භික්‍ෂූහු මේ ධර්‍මවිනයෙහි සිත් අලවා වෙසෙත්දැයි?
Pali BJTඅභිරමන්ති පහාරාද, භික්ඛු ඉමස්මිං ධම්මවිනයෙති.
Sinhala BJTපහාරාදය, භික්‍ෂූහු මේ ධර්‍මවිනයෙහි සිත් අලවා වෙසෙති යි.
Pali BJTකති පන භන්තෙ, ඉමස්මිං ධම්මවිනයෙ අච්ඡරියා අබ්භුතා ධම්මා යෙ දිස්වා දිස්වා භික්ඛු ඉමස්මිං ධම්මවිනයෙ අභිරමන්තීති, ?
Sinhala BJTවහන්ස, යම් ආශ්චර්‍ය්‍ය කෙනකුන් පුනපුනා දැක භික්‍ෂූහු මේ ධර්‍මවිනයෙහි අභිරමණය කෙරෙත් නම් එබඳු ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ කෙතෙක් දැ යි?
Pali BJTඅට්ඨ පහාරාද ඉමස්මිං ධම්මවිනයෙ අච්ඡරියා අබ්භුතා ධම්මා යෙ දිස්වා දිස්වා භික්ඛු ඉමස්මිං ධම්මවිනයෙ අභිරමන්ති. කතමෙ අට්ඨ:
Sinhala BJTපහාරාදය, යම් ආශ්චර්‍ය්‍ය කෙනකුන් පුනපුනා දැක මේ ධර්‍මවිනයෙහි භික්‍ෂූහු අභිරමණය කෙරෙත් නම් එබඳු අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූතධර්‍ම කෙනෙක් මේ ධර්‍ම විනයෙහි වෙති. කවර අටෙක යත්:
Pali BJT1. සෙය්යථාපි පහාරාද මහාසමුද්දො අනුපුබ්බනින්නො අනුපුබ්බපොණො අනුපුබ්බපබ්භාරො න ආයත කෙනෙව පපාතො. එවමෙව ඛො පහාරාද ඉමස්මිං ධම්මවිනයෙ අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා.
Sinhala BJT1. පහාරාදය, යම් සේ මහසයුර අනුපූර්‍වනිම්න ද, අනුපූර්‍වප්‍රවණ ද, අනුපූර්‍වප්‍රාග්භාර ද, ආදියෙහි ම නො ගැඹුරු වේ ද, පහාරාදය, එසෙයින් ම මේ ධර්‍මවිනයෙහි අනුපූර්‍වශික්‍ෂා වෙයි. අනුපූර්‍වක්‍රියා වෙයි. අනුපූර්‍වප්‍රතිපත් වෙයි.
Pali BJTන ආයතකෙනෙ ව අඤ්ඤා පටිවෙධො. යම්පි පහාරාද, ඉමස්මිං ධම්මවිනයෙ අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා න ආයතකෙනෙව අඤ්ඤාපටිවෙධො. අයං පහාරාද, ඉමස්මිං ධම්මවිනයෙ පඨමො අච්ඡරියො අබ්භුතො ධම්මො යං දිස්වා දිස්වා භික්ඛු ඉමස්මිං ධම්මවිනයෙ අභිරමන්ති.
Sinhala BJTආදියෙහි ම අර්‍හත්ත්‍ව ප්‍රතිවේධය නො වේ. පහාරාදය, යම් හෙයෙකින් මේ ධර්‍මවිනයෙහි අනුපූර්‍වශික්‍ෂා වේ ද, අනුපූර්‍වක්‍රියා වේ ද, අනුපූර්‍වප්‍රතිපත් වේ ද, ආදියෙහි ම අර්‍හත්ත්‍ව ප්‍රතිවේධය නො වේ ද, පහාරාදය, මේ ධර්‍මවිනයෙහි භික්‍ෂූහු යමක් පුනපුනා දැක අභිරමණය කෙරෙත් නම් මේ ධර්‍ම විනයෙහි මෙ පළමුවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.
Pali BJT2. සෙය්යථාපි පහාරාද, මහාසමුද්දො ඨිතධම්මො වෙලං නාතිවත්තති, එවමෙව ඛො පහාරාද, යං මයා සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං තං මම සාවකා ජීවිතහෙතුපි නාතික්කමන්ති. යම්පි පහාරාද, මයා සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං තං මම සාවකා ජීවිතහෙතුපි නාතික්කමන්ති. අයං පහාරාද, ඉමස්මිං ධම්මවිනයෙ දුතියො අච්ඡරියො අබ්භුතො ධම්මො යං දිස්වා දිස්වා භික්ඛු ඉමස්මිං ධම්මවිනයෙ අභිරමන්ති.
Sinhala BJT2. පහාරාදය, යම්පරිදි මහාසමුද්‍රය ස්ථිත ධර්‍ම වූයේ වෙලාතික්‍රම නො කෙරේ ද, පහාරාදය, එපරිදි ම ම විසින් සව්වනට යම් සිකපදයෙක් පනවන ලද නම් එය මාගේ සව්වෝ දිවි හෙයිනුදු නො ඉක්මවත්. පහාරාදය, යම් හෙයෙකින් මා විසින් පනවන ලද ඒ සිකපදය මාගේ සව්වෝ දිවි හෙයිනුදු නො ඉක්මවත් නම්, පහාරාදය, යම් ආශ්චර්‍ය්‍යයක් පුනපුනා දැක භික්‍ෂූහු මේ ධර්‍මවිනයෙහි අභිරමණය කෙරෙත් ද, මේ ධර්‍ම විනයෙහි මෙ දෙ වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.
Pali BJT3. සෙය්යථාපි පහාරාද මහාසමුද්දො න මතෙන කුණපෙන සංවසති. යං හොති මහාසමුද්දෙ මතං කුණපං තං ඛිප්පඤ්ඤෙව{1} තීරං වාහෙති, ථලං උස්සාදෙති.{2} එවමෙව ඛො පහාරාද, යො සො පුග්ගලො දුස්සීලො පාපධම්මො අසුචිසඞ්කස්සරසමාචාරො පටිච්ඡන්නකම්මන්තො අස්සමණො සමණපටිඤ්ඤො අබ්රහ්මචාරී බ්රහ්මචාරීපටිඤ්ඤො. අන්තොපූති අවස්සුතො කසම්බුජාතො. න තෙන සඞ්ඝො සංවසති. අථ ඛො නං ඛිප්පඤ්ඤෙව{3} සන්නිපතිත්වා උක්ඛිපති. කිඤ්චාපි සො හොති මජ්ඣෙ භික්ඛුසඞ්ඝස්ස නිසින්නො.{4} අථ ඛො සො ආරකාව සඞ්ඝම්හා සඞ්ඝො ච තෙන. යම්පි පහාරාද යො සො පුග්ගලො දුස්සීලො පාපධම්මො අසුචි සඞ්කස්සරසමාචාරො පටිච්ඡන්නකම්මන්තො අස්සමණො සමණපටිඤ්ඤො අබ්රහ්මචාරී බ්රහ්මචාරීපටිඤ්ඤො අන්තොපූති අවස්සුතො කසම්බුජාතො, න තෙන සඞ්ඝො සංවසති. අථ ඛො නං ඛිප්පඤ්ඤෙව සන්නිපතිත්වා උක්ඛිපති. කිඤ්චාපි සො හොති මජ්ඣෙ භික්ඛුසඞ්ඝස්ස නිසින්නො{4} අථ ඛො සො ආරකාව සඞ්ඝම්හා සඞ්ඝො ච තෙන. අයං පහාරාද ඉමස්මිං ධම්මවිනයෙ තතියො අච්ඡරියො අබ්භුතො ධම්මො යං දිස්වා දිස්වා භික්ඛු ඉමස්මිං ධම්මවිනයෙ අභිරමන්ති.
Sinhala BJT3. පහාරාදය, යම්පරිදි මහමුහුද මළකුණු හා නො වෙසේ ද, මහමුහුදෙහි යම් මළකුණපයෙක් වේ නම් එය වහාම තෙරට පමුණුවා ද, ගොඩ නංවා ද, එපරිදි ම, පහාරාදය, යම් මේ පුඟුලෙක් දුශ්ශීල වූයේ ලමු දහම් ඇතියේ අපවිත්‍ර කායකර්‍මාදියෙන් යුක්ත වූයේ සැකකටයුතු හැසිරීම් ඇතියේ පිළිසන් කම් ඇතියේ අශ්‍රමණ වූයේ ශ්‍රමණයෙක්මි යන පිළිණ ඇතියේ අබ්‍රම්සර ඇතියේ බ්‍රහ්මචාරියෙක් මැයි ප්‍රතිඥා ඇතියේ ඇතුළත කුණු වූයේ කෙලෙසුන් විසින් තෙත් වූයේ හටගත් කෙලෙස් මඩ ඇතියේ වේ නම් ඔහු හා සඞ්ඝ තෙමේ සංවාස නො කරයි. වැලිත් වහා ම ඔහු රැස්ව උත්ක්‍ෂේප (ඔසොවාදැමීම) කෙරෙයි. හේ බික්සඟුන් මැද හුන්නේ නමුදු වැලිත් හේ සඟුන්ගෙන් දුරු වූයේ ම වෙයි. සඞ්ඝ තෙමේ ද ඔහු කෙරෙන් දුරු වූයේ වෙයි. පහාරාදය, යම් හෙයෙකින් යම් පුඟුලෙක් දුස්සීල වූයේ ලමු දහම් ඇතියේ අශෞචයෙන් යුතු වූයේ සැක කටයුතු හැසිරීම් ඇතියේ පිළිසන් කම් ඇතියේ අශ්‍රමණ වූයේ ශ්‍රමණයෙක්මි යන ප්‍රතිඥා ඇතියේ අබ්‍රම්සැරි වූයේ බඹසැරිමි යන පිළිණ ඇතියේ ඇතුළත කුණු වූයේ කෙලෙසුන්ගෙන් තෙත් වූයේ හටගත් කෙලෙස් මඩ ඇතියේ වේ ද, සඞ්ඝ තෙම ඔහු හා සංවාස නො කෙරෙයි. වැලිත් වහා රැස්ව ඔහු උත්ක්‍ෂේප කෙරෙයි. හේ බික්සඟුන් මැද හුන්නේ නමුදු වැලිත් හේ සඟුන් කෙරෙන් දුරු වූයේ ම වෙයි. සඞ්ඝ තෙමේ ද ඔහුගෙන් දුරු වූයේ වේ. පහාරාදය, යම් ආශ්චර්‍ය්‍යයක් පුනපුනා දැක භික්‍ෂූහු මේ ධර්‍මවිනයෙහි අභිරමණය කෙරෙත් නම් මේ ධර්‍මවිනයෙහි මෙ තෙවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.
Pali BJT4. සෙය්යථාපි පහාරාද, යා කාචි මහා නදියො, සෙය්යථීදං: ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී, තා මහාසමුද්දං පත්වා ජහන්ති පුරිමානි නාමගොත්තානි, මහාසමුද්දොත්වෙව සඞ්ඛං ගච්ඡන්ති එවමෙව ඛො පහාරාද, චත්තාරොමෙ වණ්ණා, ඛත්තියා බ්රාහ්මණා වෙස්සා සුද්දා, තෙ තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජිත්වා ජහන්ති පුරිමානි නාමගොත්තානි, ‘සමණා සක්යපුත්තියා’ ත්වෙව සඞ්ඛං ගච්ඡන්ති, යම්පි පහාරාද චත්තාරොමෙ වණ්ණා ඛත්තියා බ්රාහ්මණා වෙස්සා සුද්දා. තෙ තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජිත්වා ජහන්ති පුරිමානි නාමගොත්තානි, ‘සමණා සක්යපුත්තියා’ ත්වෙව සඞ්ඛං ගච්ඡන්ති. අයං පහාරාද, ඉමස්මිං ධම්මවිනයෙ චතුත්ථො අච්ඡරියො අබ්භුතො ධම්මො යං දිස්වා දිස්වා භික්ඛු ඉමස්මිං ධම්මවිනයෙ අභිරමන්ති.
Sinhala BJT4. පහාරාදය, යම් පරිදි යම්කිසි මහා නදීහු වෙද්ද, එනම්: ගඞ්ගා ය, යමුනා ය, අචිරවතී ය, සරභු ය, මහී ය යන මොහු යි. ඔහු මහමුහුදට පැමිණ පළමු නම් ගොත් හරිත් ද, මහමුහුදැයි කියා ම සඞ්ඛ්‍යාවට යෙත් ද, පහාරාදය, එපරිදි ම ක්‍ෂත්‍රීයයහ, බ්‍රාහ්මණයහ, වෛශ්‍යයහ, ශුද්‍රයහයි මේ චතුර්වර්‍ණයෝ වෙත් නම් ඔහු තථාගත ප්‍රවිදිත වූ ධර්‍මවිනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය බවට පැමිණ පළමු නම් ගොත් හැරලත්. ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයහ යන සඞ්ඛ්‍යාවට ම යෙත්. පහාරාදය, යම් හෙයෙකින් ක්‍ෂත්‍රියහ, බ්‍රාහ්මණයහ, වෛශ්‍යයහ, ශුද්‍රයහයි මේ චතුර්වර්‍ණයෝ වෙත් නම් ඔහු තථාගත ප්‍රවිදිත ධර්‍මවිනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය භාවයට පැමිණ පළමු නම් ගොත් හැරලත් ද, ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයහ යි කියා ම සඞ්ඛ්‍යාවට යෙත් ද, පහාරාදය, භික්‍ෂූහු යම් ආශ්චර්‍ය්‍යයක් පුනපුනා දැක මේ ධර්‍මවිනයෙහි අභිරමණය කෙරෙත් නම් මේ ධර්‍ම විනයෙහි මෙ සිවුවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.
Pali BJT5. සෙය්යථාපි පහාරාද, යා ච ලොකෙ සවන්තියො මහාසමුද්දං අප්පෙන්ති යා ච අන්තලික්ඛා ධාරා පපතන්ති. න තෙන මහාසමුද්දස්ස ඌනත්තං වා පූරත්තං වා පඤ්ඤායති එවමෙව ඛො පහාරාද, බහූ චෙපි භික්ඛු අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායන්ති. න තෙන නිබ්බානධාතුයා ඌනත්තං වා පූරත්තං වා පඤ්ඤායති. යම්පි පහාරාද, බහූ චෙපි භික්ඛු අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායන්ති, න තෙන නිබ්බානධාතුයා ඌනත්තං වා පූරත්තං වා පඤ්ඤායති. අයං පහාරාද, ඉමස්මිං ධම්මවිනයෙ පඤ්චමො අච්ඡරියො අබ්භුතො ධම්මො යං දිස්වා දිස්වා භික්ඛු ඉමස්මිං ධම්මවිනයෙ අභිරමන්ති.
Sinhala BJT5. පහාරාදය, යම් පරිදි ලොව්හි යම් නදී කෙනෙක් මහසයුරට වැදගනිත් ද, යම් වෘෂ්ටිධාරාකෙනෙක් අහසින් ඇදහැලෙත් ද, එයින් මහසයුරුගේ උනුබවෙක් වේවයි පිරුණුබවෙක් වේවයි නො පැනේ ද. පහාරාදය, එපරිදි ම බොහෝ භික්‍ෂූහු අනුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවෙත් නමුදු එයින් නිර්‍වාණධාතුහුගේ උනුබවෙක් වේවයි පිරුණුබවෙක් වේවයි නො පැනේ. පහාරාදය, යම් කරුණකින් බොහෝ වූත් භික්‍ෂූහු අනුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවෙත් නමුදු එයින් නිර්‍වාණ ධාතුහුගේ උනුබවෙක් වේවයි පිරුණුබවෙක් වේවයි නො පැනේ ද, පහාරාදය, මේ ධර්‍මවිනයෙහි භික්‍ෂූහු යම් ආශ්චර්‍ය්‍යයක් පුනපුනා දැක අභිරමණය කෙරෙත් නම් මේ ධර්‍මවිනයෙහි මෙ පස් වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.
Pali BJT6. සෙය්යථාපි පහාරාද, මහාසමුද්දො එකරසො ලොණරසො, එවමෙව ඛො පහාරාද, අයං ධම්මවිනයො එකරසො විමුත්තිරසො, යම්පි පහාරාද, අයං ධම්මවිනයො එකරසො විමුත්තිරසො, අයං පහාරාද ඉමස්මිං ධම්මවිනයෙ ඡට්ඨො අච්ඡරියො අබ්භුතො ධම්මො, යං දිස්වා දිස්වා භික්ඛු ඉමස්මිං ධම්මවිනයෙ අභිරමන්ති.
Sinhala BJT6. පහාරාදය, යම් පරිදි ඒක රස වූ මහා සමුද්‍රය ලුණු රස ඇතියේ ද එපරිදි ම, පහාරාදය, ඒකරස වූ මේ ධර්‍මවිනය විමුක්තිරස ඇතියේ වෙයි. යම් හෙයෙකින් ඒකරස වූ මේ ධර්‍මවිනය විමුක්තිරස ඇතියේ වේ ද, පහාරාදය, මේ ධර්‍මවිනයෙහි භික්‍ෂූහු යම් ආශ්චර්‍ය්‍යයක් පුනපුනා දැකඅභිරමණය කෙරෙත් නම් මේ ධර්‍මවිනයෙහි මේ සවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.
Pali BJT7. සෙය්යථාපි පහාරාද, මහාසමුද්දො බහුරතනො අනෙකරතනො, තත්රිමානි රතනානි, සෙය්යථීදං, මුත්තා මණි වෙළුරියො සඞ්ඛො සිලා පවාළං රජතං ජාතරූපං ලොහිතඞ්කො මසාරගල්ලං. එවමෙව ඛො පහාරාද, අයං ධම්මවිනයො බහුරතනො අනෙකරතනො, තත්රිමානි රතනානි: සෙය්යථීදං, චත්තාරො සතිපට්ඨානා, චත්තාරො සම්මප්පධානා චත්තාරො ඉද්ධිපාදා පඤ්චින්ද්රියානි පඤ්ච බලානි සත්ත බොජ්ඣඞ්ගා අරියො අට්ඨඞ්ගිකො මග්ගො. යම්පි පහාරාද අයං ධම්මවිනයො බහුරතනො අනෙකරතනො, තත්රිමානි රතනානි: සෙය්යථීදං, චත්තාරො සතිපට්ඨානා, චත්තාරො සම්මප්පධානා චත්තාරො ඉද්ධිපාදා පඤ්චින්ද්රියානි පඤ්ච බලානි සත්ත බොජ්ඣඞ්ගා අරියො අට්ඨඞ්ගිකො මග්ගො. අයං පහාරාද, ඉමස්මිං ධම්මවිනයෙ සත්තමො අච්ඡරියො අබ්භුතො ධම්මො, යං දිස්වා දිස්වා භික්ඛු ඉමස්මිං ධම්මවිනයෙ අභිරමන්ති.
Sinhala BJT7. පහාරාදය, යම් පරිදි මහමුහුද බහුරත්න වූයේ නන් රුවන් ඇතියේ වේ ද, එහි මේ රත්නයෝ වෙති. එනම්: මුතු ය, මිණි ය, වෙරළුමිණි ය, සක් ය, ශිලා ය, පබළු ය, රිදී ය, රන් ය, පියුම්රා මිණි ය, මැසිරිගල් ය යන මොහු යි. පහාරාදය, එපරිදි ම මේ ධර්‍මවිනය බහුරත්න වූයේ නන් රුවන් ඇතියේ ය. එහි මේ රත්නයෝ වෙති. එනම්: සතර සතිපට්ඨාන ය, සතර සම්‍යක් ප්‍රධාන ය, සතර ඍද්ධිපාද ය, පඤ්චේන්‍ද්‍රිය ය, පඤ්ච බල ය, සප්ත බෝධ්‍යඞ්ග ය, අරිඅටඟිමඟ යි. පහාරාදය, යම් හෙයෙකින් මේ ධර්‍මවිනය බහුරත්න වූයේ නන් රුවන් ඇතියේ වේ නම් එහි මේ රත්නයෝ වෙති, එනම්: සතර සතිපට්ඨාන ය, සතර සම්‍යක් ප්‍රධාන ය, සතර ඍද්ධිපාද ය, පඤ්චේන්‍ද්‍රිය ය, පඤ්ච බල ය, සප්ත බෝධ්‍යඞ්ග ය, අරිඅටඟිමඟ යි. පහාරාදය, මේ ධර්‍මවිනයෙහි යම් ආශ්චර්‍ය්‍යයක් පුනපුනා දැක භික්‍ෂූහු අභිරමණය කෙරෙත් නම් මේ ධර්‍මවිනයෙහි මෙ සත්වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.
Pali BJT8. සෙය්යථාපි පහාරාද මහා සමුද්දො මහතං භූතානං ආවාසො, තත්රිමෙ භූතා: තිමි තිමිඞ්ගලා තිමිරපිඞ්ගලා අසුරා නාගා ගන්ධබ්බා, සන්ති මහා සමුද්දෙ යොජනසතිකාපි අත්තභාවා ද්වියොජනසතිකාපි අත්තභාවා, තියොජනසතිකාපි අත්තභාවා, චතුයොජනසතිකාපි අත්තභාවා, පඤ්චයොජනසතිකාපි අත්තභාවා.
Sinhala BJT8. පහාරාදය, යම් පරිදි මහමුහුද මහත් වූ සත්නට ආවාස වේ ද, එහි තිමි ය, තිමඞ්ගල ය, තිමිරපිඞ්ගල ය, අසුර ය, නාග ය, ගන්‍ධර්‍ව ය යන මේ මහසත්හු වෙති. මහසමුදුරෙහි සියක් යොදුන් ආත්මභාවයෝ ද දෙසියක් යොදුන් ආත්මභාවයෝ ද තෙසියක් යොදුන් ආත්මභාවයෝ ද සිවු සියක් යොදුන් ආත්මභාවයෝ ද පන්සියක් යොදුන් ආත්මභාවයෝ ද වෙත්.
Pali BJTඑවමෙව ඛො පහාරාද, අයං ධම්මවිනයො මහතං භූතානං ආවාසො තත්රිමෙ භූතා: සොතාපන්නො, සොතාපත්ති ඵලසච්ඡිකිරියාය පටිපන්නො, සකදාගාමී, සකදාගාමි ඵලසච්ඡිකිරියාය පටිපන්නො, අනාගාමී, අනාගාමී ඵලසච්ඡිකිරියාය පටිපන්නො, අරහා, අරහත්තාය පටිපන්නො. යම්පි පහාරාද, අයං ධම්මවිනයෙ මහතං භූතානං ආවාසො, තත්රිමෙ භූතා, සොතාපන්නො, සොතාපත්ති ඵලසච්ඡිකිරියාය පටිපන්නො, සකදාගාමී, සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො, අනාගාමී, අනාගාමී ඵලසච්ඡිකිරියාය පටිපන්නො, අරහා, අරහත්තාය පටිපන්නො, අයං පහාරාද ඉමස්මිං ධම්මවිනයෙ අට්ඨමො අච්ඡරියො අබ්භුතො ධම්මො යං දිස්වා දිස්වා භික්ඛු ඉමස්මිං ධම්මවිනයෙ අභිරමන්ති.
Sinhala BJTපහාරාදය, එපරිදි ම මේ ධර්‍මවිනය මහත් වූ භූතයන්ගේ ආවාසයෙක. එහි මේ භූතයෝ වෙති: සෝවාන් ය, සෝවාන් ඵල පසක් කිරීමට පිළිපන්නේ ය. සකෘදාගාමී ය, සකෘදාගාමී ඵල පසක් කිරීමට පිළිපන්නේ ය. අනාගාමී ය, අනාගාමී ඵල පසක් කිරීමට පිළිපන්නේ ය. අර්‍හත් ය, අර්‍හත් ඵල පසක් කිරීමට පිළිපන්නේ ය කියා යි. පහාරාදය, යම් හෙයෙකින් මේ ධර්‍මවිනය මහත් වූ භූතයනට ආවාස වේ නම් එහි සෝවාන් ය, සෝවාන් ඵල පසක් කිරීමට පිළිපන්නේ ය. සකෘදාගාමී ය, සකෘදාගාමී ඵල පසක් කිරීමට පිළිපන්නේ ය. අනාගාමී ය, අනාගාමී ඵල පසක් කිරීමට පිළිපන්නේ ය. අර්‍හත් ය, අර්‍හත් ඵල පසක් කිරීමට පිළිපන්නේ ය යි මේ භූතයෝ වෙති. පහාරාදය, මේ ධර්‍මවිනයෙහි යම් ආශ්චර්‍ය්‍යයක් පුනපුනා දැක භික්‍ෂූහු අභිරමණය කෙරෙත් නම් මේ ධර්‍මවිනයෙහි මෙ අටවැනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.
Pali BJTඉමෙ ඛො පහාරාද, ඉමස්මිං ධම්මවිනයෙ අට්ඨ අච්ඡරියා අබ්භුතා ධම්මා යෙ දිස්වා දිස්වා භික්ඛු ඉමස්මිං ධම්මවිනයෙ අභිරමන්තීති.
Sinhala BJTපහාරාදය, භික්‍ෂූහු යම් ධර්‍ම කෙනකුන් දැක දැක මේ ශාසනයෙහි සිත් අලවා වෙසෙත් නම්, මේ ශාසනයෙහි මේ අටවැදෑරුම් ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ වෙත් යයි.
Pali BJT8. 1. 2. 10.
Sinhala BJT8. 1. 2. 10.
Pali BJTඋපොසථ සුත්තං
Sinhala BJTඋපෝසථ සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ තෙන ඛො පන සමයෙන භගවා තදහුපොසථෙ භික්ඛුසඞ්ඝපරිවුතො නිසින්නො හොති. අථ ඛො ආයස්මා ආනන්දො අභික්කන්තාය රත්තියා නික්ඛන්තෙ පඨමෙ යාමෙ උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච:
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර පූර්‍වාරාම නම් මුවරමාපායෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ පොහෝ ලත් එ දවස බික්සඟුන් පිරිවරා වැඩ හුන්නාහු වෙති. එ කල ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ ඉකුත් බොහෝ කල් ඇති රාත්‍රියෙහි පළමු යම ඉකුත් කල්හි හුනස්නෙන් නැඟී උතුරුසඟ එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය:
Pali BJTඅභික්කන්තා භන්තෙ රත්ති නික්ඛන්තො පඨමො යාමො, චිරනිසින්නො භික්ඛුසඞ්ඝො, උද්දිසතු භන්තෙ භගවා භික්ඛූනං පාතිමොක්ඛන්ති. එවං වුත්තෙ භගවා තුණ්හී අහොසි. දුතියම්පි ඛො ආයස්මා ආනන්දො අභික්කන්තාය රත්තියා නික්ඛන්තෙ මජ්ඣිමෙ යාමෙ උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච:
Sinhala BJTවහන්ස, රෑ ඉක්ම බොහෝ කල් ඇත, පළමු යම නික්ම ගියේ ය, බික්සඟහු හුන් බොහෝ කල් ඇත්තාහු වෙති. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මහණුන්ට පාමොක් උදෙසන සේක්ව යි. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භූත වූ සේක. දෙවන වටත් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ ඉක්ම ගිය බොහෝ කල් ඇති රාත්‍රියෙහි මැදුම් යම ඉකුත් කල්හි හුනස්නෙන් නැඟී උතුරුසඟ එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ මෙය සැළ කෙළේය:
Pali BJTඅභික්කන්තා භන්තෙ, රත්ති නික්ඛන්තො මජ්ඣිමො යාමො, චිරනිසින්නො භික්ඛුසඞ්ඝො, උද්දිසතු භන්තෙ, භගවා භික්ඛූනං ‘පාතිමොක්ඛන්ති, දුතියම්පි ඛො භගවා තුණ්හී අහොසි, තතියම්පි ඛො ආයස්මා ආනන්දො අභික්කන්තාය රත්තියා නික්ඛන්තෙ පච්ඡිමෙ යාමෙ උද්ධස්තෙ අරුණෙ නන්දිමුඛියා රත්තියා උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච: “අභික්කන්තා භන්තෙ, රත්ති, නික්ඛන්තො පච්ඡිමො යාමො උද්ධස්තං අරුණං නන්දිමුඛී රත්ති, චිරනිසින්නො භික්ඛුසඞ්ඝො, උද්දිසතු භන්තෙ, භගවා භික්ඛූනං පාතිමොක්ඛන්ති.
Sinhala BJTවහන්ස, රෑ ඉකුත් බොහෝ කල් ඇත, මැඳුම් යම නික්ම ගියේ ය, බික්සඟහු හුන් බොහෝ කල් ඇත්තාහු වෙති. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මහණුන්ට පාමොක් උදෙසන සේක්වා යි, භාග්‍යවතුන් වහන්සේ දෙවන වටත් තුෂ්ණීම්භූත වූ සේක. තෙවන වට ද ඇවැත් ආනන්‍ද තෙර ඉකුත් බොහෝ කල් ඇති රැයෙහි පැසුළු යම ඉක්ම ගිය කල්හි අරුණ නැඟි කල්හි රැය පහන් වූ කල්හි හුනස්නෙන් නැඟී උතුරුසඟ එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ වහන්ස, රාත්‍රි තොමෝ ඉකුත් බොහෝ කල් ඇත්තී ය. පැසුළු යම ඉක්ම ගියේ ය. අරුණ නැංගේ ය. රාත්‍රි තොමෝ නන්‍දිමුඛී වෙයි, බික්සඟහු හුන් බොහෝ කල් ඇත්තා හ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මහණුන්ට පාමොක් උදෙසන සේක්ව යි, මෙය සැලකළේ ය.
Pali BJTඅපරිසුද්ධා ආනන්ද පරිසාති. අථ ඛො ආයස්මතො මොග්ගල්ලානස්ස එතදහොසි: කං නු ඛො භගවා පුග්ගලං සන්ධාය එවමාහ: ‘අපරිසුද්ධා ආනන්ද පරිසා’ ති. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො සබ්බාවන්තං භික්ඛුසඞ්ඝං චෙතසා චෙතො පරිච්ච මනසාකාසි.
Sinhala BJTආනන්‍දය, පිරිස අපිරිසුදු ය යි (වදාළහ.) එ කල්හි ආයුෂ්මත් මහ මුගලන් තෙරුනට මේ සිත විය: කවර නම් පුඟුලකු සඳහා භාග්‍යවතුන් වහන්සේ ‘ආනන්‍දය, පිරිස අපිරිසුදු ය’ යි මෙසේ වදාළ සේක් දැයි. ඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ සිය සිතින් හැම බික්සඟුන් සිතින් සිත පිරිසිඳ බලා මෙනෙහි කළහ.
Pali BJTඅද්දසා ඛො ආයස්මා මහාමොග්ගල්ලානො තං පුග්ගලං දුස්සීලං පාපධම්මං අසුචිං සඞ්කස්සරසමාචාරං පටිච්ඡන්නකම්මන්තං අස්සමණං සමණපටිඤ්ඤං අබ්රහ්මචාරිං බ්රහ්මචාරීපටිඤ්ඤං අන්තොපූතිං අවස්සුතං කසම්බුජාතං මජ්ඣෙ භික්ඛුසඞ්ඝස්ස නිසින්නං, දිස්වාන උට්ඨායාසනා යෙන සො පුග්ගලො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං පුග්ගලං එතදවොච: උට්ඨෙහි ආවුසො{1} දිට්ඨොසි භගවතා, නත්ථි තෙ භික්ඛූහි සද්ධිං සංවාසොති.
Sinhala BJTආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ දුසිල් වූ ලමු දහම් ඇති අපවිත්‍ර කර්‍ම ඇති සැකයෙන් සිහි කටයුතු හැසිරීම් ඇති පිළිසන්කම් ඇති අශ්‍රමණ වූ ශ්‍රමණයෙමියි කරන ප්‍රතිඥා ඇති අබ්‍රම්සැරි වූ බඹසැරිමි සන පිළිණ ඇති ඇතුළත කුණු වූ කෙලෙසින් තෙත් වූ උපන් කෙලෙස් මඩ ඇති බික්සඟුන් මැද හුන් ඒ පුඟුලා දුටහ. දැක හුනස්නෙන් නැඟි ඒ පුඟුල් වෙත එළඹියහ. එළඹ ඒ පුඟුල් හට මෙය කීහ: “ඇවැත්නි, නැඟී සිටුව, භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහි, තට මහණුන් හා සංවාසයෙක් නැතැ”යි.
Pali BJTඑවං වුත්තෙ සො පුග්ගලො තුණ්හී අහොසි. දුතියම්පි ඛො ආයස්මා මහාමොග්ගල්ලානො තං පුග්ගලං එතදවොච: උට්ඨෙහි ආවුසො,{1} දිට්ඨොසි භගවතා, නත්ථි තෙ භික්ඛූහි සද්ධිං සංවාසොති. දුතියම්පි ඛො සො පුග්ගලො තුණ්හී අහොසි. තතියම්පි ඛො ආයස්මා මහාමොග්ගල්ලානො තං පුග්ගලං එතදවොච: උට්ඨෙහි ආවුසො, දිට්ඨොසි භගවතා, නත්ථි තෙ භික්ඛූහි සද්ධිං සංවාසොති, තතියම්පි ඛො සො පුග්ගලො තුණ්හී අහොසි.
Sinhala BJTමෙසේ කී කල්හි ඒ පුද්ගල තුෂ්ණීම්භූත විය, දෙවන වටත් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ඒ පුඟුල්හට මෙය කීහ. “ඇවැත්නි, නැඟී සිටුව, භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහි, තට මහණුන් හා සංවාසයෙක් නැතැ”යි. දෙවන වටත් ඒ පුඟුල් තුෂ්ණීම්භූත විය. තෙවන වටත් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ඒ පුඟුල්හට මෙය කීහ. “ඇවැත්නි, නැඟී සිටුව, භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහි, තට මහණුන් හා සංවාසයෙක් නැතැ”යි. තෙවන වටත් ඒ පුඟුල් තුෂ්ණීම්භූත විය.
Pali BJTඅථ ඛො ආයස්මා මහා මොග්ගල්ලානො තං පුග්ගලං බාහායං ගහෙත්වා බහිද්වාරකොට්ඨකා නික්ඛාමෙත්වා සූචිඝටිකං දත්වා යෙන භගවා තෙනුපසඞ්කමි උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච:
Sinhala BJTඑකල ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ එ පුඟුල්හු බාහුයෙහි ගෙන බිහිදොර කොටුවෙන් නෙරා දොරගුළු දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ, එළඹ භාග්‍යවතුනට මෙය සැළ කළහ:
Pali BJTනික්ඛාමිතො සො භන්තෙ පුග්ගලො මයා, පරිසුද්ධා පරිසා, උද්දිසතු භන්තෙ භගවා භික්ඛූනං පාතිමොක්ඛන්ති.
Sinhala BJT“වහන්ස, මා විසින් ඒ පුඟුල් තෙම නෙරන ලදුයේ වෙයි. පිරිස් පිරිසුදු ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මහණුන්ට පාමොක් උදෙසන සේක්වා”යී.
Pali BJTඅච්ඡරියං මොග්ගල්ලාන, අබ්භුතං මොග්ගල්ලාන, යාව බාහා ගහණාපි නාම සො මොඝපුරිසො ආගමෙස්සතීති{1} අථ ඛො භගවා භික්ඛු ආමන්තෙසි, තුම්හෙවදානි භික්ඛවෙ, උපොසථං,{2} කරෙය්යාථ. පාතිමොක්ඛං උද්දිසෙය්යාථ. නදානාහං භික්ඛවෙ, අජ්ජතග්ගෙ උපොසථං කරිස්සාමි. පාතිමොක්ඛං උද්දිසිස්සාමි. අට්ඨානමෙතං භික්ඛවෙ, අනවකාසො යං තථාගතො අපරිසුද්ධාය පරිසාය{3} උපොසථං කරෙය්ය පාතිමොක්ඛං උද්දිසෙය්ය.
Sinhala BJT“මුගලන, ආශ්චර්‍ය්‍ය ය. මුගලන, අද්භූත. බාහුයෙන් ගන්නාතාක් ම ඒ මෝඝපුරුෂ හුන්නේ”යයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, දැන් තෙපි ම පොහෝ කරවු. පාමොක් උදෙසවු, මහණෙනි, අද පටන් කොට මම පොහෝ නො කරන්නෙම්, පාමොක් නො උදසන්නෙමි. මහණෙනි, යම් කරුණෙකින් තථාගතයෝ අපිරිසිදු පිරිස්හි පොහෝ කරන්නාහ, පාමොක් උදෙසන්නාහ යන තෙල කරුණ අස්ථාන වෙයි. අවකාශ රහිත වේ.”
Pali BJTඅට්ඨිමෙ භික්ඛවෙ, මහාසමුද්දෙ අච්ඡරියා අබ්භුතා ධම්මා යෙ දිස්වා දිස්වා අසුරා මහාසමුද්දෙ අභිරමන්ති. කතමෙ අට්ඨ:
Sinhala BJTමහණෙනි, යම් ආශ්චර්‍ය්‍ය කෙනෙකුන් පුන පුනා දැක අසුරයෝ අභිරමණය කෙරෙත් නම් මහසමුදුරෙහි මේ අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම කෙනෙක් වෙති. කවර අටදෙනෙක යත්:
Pali BJTමහාසමුද්දො භික්ඛවෙ, අනුපුබ්බනින්නො අනුපුබ්බපොණො අනුපුබ්බපබ්භාරො න ආයතකෙනෙව පපාතො. යම්පි භික්ඛවෙ, මහාසමුද්දො අනුපුබ්බනින්නො අනුපුබ්බපොණො අනුපුබ්බපබ්භාරො න ආයතකෙනෙව පපාතො, අයං භික්ඛවෙ, මහාසමුද්දෙ පඨමො අච්ඡරියො අබ්භුතො ධම්මො යං දිස්වා දිස්වා අසුරා මහාසමුද්දෙ අභිරමන්ති -පෙ-
Sinhala BJTමහණෙනි, මහසයුර අනුපූර්‍ව නිම්නයි, අනුපූර්‍වප්‍රවණයි, අනුපූර්‍වප්‍රාග්භාර යි. ආදියෙහි ම ගැඹුරු නො වේ. මහණෙනි, යම් හෙයෙකින් අනුපූර්‍වනිම්න වේ ද, අනුපූර්‍වප්‍රවණ වේ ද, අනුපූර්‍වප්‍රාග්භාර වේ ද, ආදියෙහි ම ගැඹුරු නො වේ ද, මහණෙනි, මහමුහුදෙහි යම් ආශ්චර්‍ය්‍යයෙක් පුනපුනා දැක අසුරයෝ අභිරමණය කෙරෙත් නම් මහමුහුදෙහි මේ පළමු වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි ...
Pali BJTපුන චපරං භික්ඛවෙ, මහාසමුද්දො මහතං භූතානං ආවාසො. තත්රිමෙ භූතා: තිමි තිමිඞ්ගලා තිමිරපිඞ්ගලා{4} අසුරා, නාගා, ගන්ධබ්බා, සන්ති මහාසමුද්දෙ යොජනසතිකාපි, අත්තභාවා -පෙ- පඤ්චයොජනසතිකාපි අත්තභාවා, යම්පි භික්ඛවෙ, මහාසමුද්දො මහතං භූතානං ආවාසො. තත්රිමෙ භූතා: ‘තිමි තිමිඞ්ගලා තිමිරපිඞ්ගලා, අසුරා, නාගා, ගන්ධබ්බා සන්ති{5} මහා සමුද්දෙ යොජනසතිකාපි අත්තභාවා -පෙ- පඤ්චයොජනසතිකාපි අත්තභාවා, අයං භික්ඛවෙ, මහා සමුද්දෙ අට්ඨමො අච්ඡරියො අබ්භුතො ධම්මො යං දිස්වා දිස්වා අසුරා මහාසමුද්දෙ අභිරමන්ති.
Sinhala BJTතවද මහණෙනි, මහසයුර මහත් වූ සත්නට ආවාස වෙයි. එහි තිමි ය, තිමිඞ්ගල ය, තිමිරපිඞ්ගල ය, අසුරය, නාගය, ගන්‍ධර්‍ව ය යන මොහු මහසත්හු වෙති. මහමුහුදෙහි සියක් යොදුන් ආත්මභාවයෝ ද ... පන්සියක් යොදුන් ආත්මභාවයෝ ද වෙති. මහණෙනි, යම් හෙයෙකින් මහමුහුද මහසත්නට ආවාස වේ ද, එහි තිමි ය, තිමිඞ්ගල ය, තිමිරපිඞ්ගල ය, අසුරය, නාගය, ගන්‍ධර්‍ව ය යන මෙ මහ සත්හු වෙත් ද, මහමුහුදෙහි සියක් යොදුන් ආත්මභාවයෝත් ... පන්සියක් යොදුන් ආත්මභාවයෝත් වෙත් ද, මහණෙනි, මහමුහුදෙහි අසුරයෝ යම් ආශ්චර්‍ය්‍යයක් පුනපුනා දැක අභිරමණය කෙරෙත් නම් මහමුහුදෙහි මෙ අට වැනි ආශ්චර්‍ය්‍ය ධර්‍මය යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, මහාසමුද්දෙ අට්ඨ අච්ඡරියා අබ්භුතා ධම්මා යෙ දිස්වා දිස්වා{6} අසුරා මහාසමුද්දෙ අභිරමන්ති.
Sinhala BJTමහණෙනි, මහමුහුදෙහි යම් බඳු ආශ්චර්‍ය්‍යයන් පුනපුනා දැක අසුරයෝ අභිරමණය කෙරෙත් නම් මහමුහුදෙහි මේ අටදෙන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ වෙති.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, අට්ඨ ඉමස්මිං ධම්මවිනයෙ අච්ඡරියා අබ්භුතා ධම්මා යෙ දිස්වා දිස්වා භික්ඛු ඉමස්මිං ධම්මවිනයෙ අභිරමන්ති.
Sinhala BJTමහණෙනි, එපරිදිම මේ ධර්‍මවිනයෙහි භික්‍ෂූහු යම් ආශ්චර්‍ය්‍ය කෙනෙකුන් පුනපුනා දැක අභිරමණය කෙරෙත් නම් මේ ධර්‍මවිනයෙහි අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මකෙනෙක් වෙති.
Pali BJTකතමෙ අට්ඨ:
Sinhala BJTකවර අට දෙනෙක යත්:
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, මහාසමුද්දො අනුපුබ්බනින්නො අනුපුබ්බපොණො අනුපුබ්බපබ්භාරො න ආයතකෙනෙව පපාතො. එවමෙව ඛො භික්ඛවෙ, ඉමස්මිං ධම්මවිනයෙ අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා න ආයතකෙනෙව අඤ්ඤාපටිවෙධො. යම්පි භික්ඛවෙ, ඉමස්මිං ධම්මවිනයෙ අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා න ආයතකෙනෙව අඤ්ඤාපටිවෙධො. අයං භික්ඛවෙ, ඉමස්මිං ධම්මවිනයෙ පඨමො අච්ඡරියො අබ්භුතො ධම්මො යං දිස්වා දිස්වා භික්ඛු ඉමස්මිං ධම්මවිනයෙ අභිරමන්ති -පෙ-
Sinhala BJTමහණෙනි, යම්පරිදි මහමුහුද අනුපූර්‍ව නිම්න වේ ද, අනුපූර්‍වප්‍රවණ වේ ද, අනුපූර්‍වප්‍රාග්භාර වේ ද, ආදියෙහි ම ගැඹුරු නො වේ ද, මහණෙනි, එපරිදි ම මේ ධර්‍මවිනයෙහි අනුපූර්‍ව ශික්‍ෂා වෙයි, අනුපූර්‍ව ක්‍රියා වෙයි, අනුපූර්‍ව ප්‍රතිපත්ති වෙයි, ආදියෙහි ම අර්‍හත්ත්‍වප්‍රතිවේධය නොවේ. මහණෙනි, යම් හෙයෙකින් මේ ධර්‍මවිනයෙහි අනුපූර්‍ව ශික්‍ෂා වේ ද, අනුපූර්‍ව ක්‍රියා වේ ද, අනුපූර්‍ව ප්‍රතිපත් වේ ද, ආදියෙහි ම අර්‍හත්ත්‍වප්‍රතිවේධය නොවේ ද, මහණෙනි, මෙ ධර්‍මවිනයෙහි යම් ආශ්චර්‍ය්‍යයක් පුනපුනා දැක භික්‍ෂූහු සිත් අලවා වෙසෙත් නම් මේ ධර්‍මවිනයෙහි මේ පළමුවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වෙයි ...
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, මහා සමුද්දො මහතං භූතානං ආවාසො තත්රිමෙ භූතා: තිමි තිමිඞ්ගලා තිමිරපිඞ්ගලා{1} අසුරා නාගා ගන්ධබ්බා, සන්ති{2} මහා සමුද්දෙ යොජනසතිකාපි අත්තභාවා -පෙ- පඤ්චයොජනසතිකාපි අත්තභාවා. එවමෙව ඛො භික්ඛවෙ, අයං ධම්මවිනයො මහතං භූතානං ආවාසො තත්රිමෙ භූතා: සොතාපන්නො, සොතාපත්ති ඵලසච්ඡිකිරියාය පටිපන්නො -පෙ- අරහා, අරහත්තාය පටිපන්නො. යම්පි භික්ඛවෙ, අයං ධම්මවිනයො මහතං භූතානං ආවාසො, තත්රිමෙ භූතා සොතාපන්නො, සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො -පෙ- අරහා, අරහත්තාය පටිපන්නො. අයං භික්ඛවෙ ඉමස්මිං ධම්මවිනයෙ අට්ඨමො අච්ඡරියො අබ්භුතො ධම්මො යං දිස්වා දිස්වා භික්ඛු ඉමස්මිං ධම්මවිනයෙ අභිරමන්ති. ඉමෙ ඛො භික්ඛවෙ, ඉමස්මිං ධම්මවිනයෙ අට්ඨ අච්ඡරියා අබ්භුතා ධම්මා යෙ දිස්වා දිස්වා භික්ඛු ඉමස්මිං ධම්මවිනයෙ අභිරමන්තීති.
Sinhala BJTමහණෙනි, යම්පරිදි මහමුහුද මහත් සත්නට ආවාස වේ ද, එහි තිමි ය, තිමිඞ්ගලය, තිමිර පිඞ්ගලය, අසුර ය, නාග ය, ගන්‍ධර්‍වය යන මේ මහසත්හු වෙත්. මහ මුහුදෙහි සියක් යොදුන් අත්බැව් ද ... පන්සියක් යොදුන් අත්බැව් ද වෙත්. මහණෙනි, එපරිදිම මේ ධර්‍මවිනය මහසත්නට ආවාස වෙයි. සෝවන් ය, සෝවන්ඵල පසක් කිරීමට පිළිපන්නේ ය, .. අර්‍හත්ය, අර්‍හත්ඵල පසක් කිරීමට පිළිපන්නේ යන මේ මහසත්හු වෙති. මහණෙනි, යම් හෙයෙකින් මේ ධර්‍මවිනය මහසත්නට ආවාස වේ ද, එහි සෝවන් ය, සෝවන්ඵල පසක් කිරීමට පිළිපන්නේ ය, … රහත් බවට පිළිපන්නේ ය යන මේ මහසත්හු වෙත් ද , මහණෙනි, මේ ධර්‍මවිනයෙහි භික්‍ෂූහු යම් ආශ්චර්‍ය්‍යයක් පුනපුනා දැක අභිරමණය කෙරෙත් නම් මේ ධර්‍මවිනයෙහි මේ අටවැනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි. මහණෙනි, මේ ධර්‍මවිනයෙහි භික්‍ෂූහු යම් ආශ්චර්‍ය්‍ය කෙනෙකුන් පුනපුනා දැක අභිරමණය කෙරෙත් නම් මොහු මේ ධර්‍මවිනයෙහි අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ යි.
Pali BJTමහාවග්ගො දුතියො.
Sinhala BJTදෙවැනි මහාවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTවෙරඤ්ජොසීහො ආජඤ්ඤා ඛලුඞ්කෙන මලානි ච දූතෙය්යං ද්වෙ ච බන්ධනා පහාරාදො උපොසථොති,
Sinhala BJTවේරඤ්ජ සූත්‍රය, සීහ (සේනාපති) සූත්‍රය, ආජඤ්ඤ සූත්‍රය, ඛලුඞ්ක සූත්‍රය, මල සූත්‍රය, දූතෙය්‍ය සූත්‍රය, ඉත්‍ථිබන්‍ධන සූත්‍රය, පුරුසබන්‍ධන සූත්‍රය, පහාරාද සූත්‍රය, උපෝසථ සූත්‍රය ද යන දශය යි.
Pali BJT3. ගහපතිවග්ගො
Sinhala BJT3. ගහපති වර්‍ගය
Pali BJT8. 1. 3. 1.
Sinhala BJT8. 1. 3. 1.
Pali BJTවෙසාලිකඋග්ග සුත්තං
Sinhala BJTවේසාලික උග්ග සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං තත්ර ඛො භගවා භික්ඛු ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලානුවර සමීපයෙහි වූ මහවෙනෙහි කූටාගාරසාලායෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු ‘වහන්සැ’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJTඅට්ඨහි භික්ඛවෙ, අච්ඡරියෙහි අබ්භුතෙහි ධම්මෙහි සමන්නාගතං උග්ගං ගහපතිං වෙසාලිකං ධාරෙථාති. ඉදමවොච භගවා, ඉදං වත්වාන සුගතො උට්ඨායාසනා විහාරං පාවිසි. අථ ඛො අඤ්ඤතරො භික්ඛු පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන උග්ගස්ස ගහපතිනො වෙසාලිකස්ස නිවෙසනං තෙනුපසඞ්කමි.
Sinhala BJTමහණෙනි, විසල්පුර වැසි උග්ග ගහපති ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම අටෙකින් සමන්‍වාගත කොට දරවුයි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක, සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැඟී විහාරයට පිවිසි සේක.
Pali BJTඋපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො උග්ගො ගහපති වෙසාලිකො යෙන සො භික්ඛු තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං භික්ඛුං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො උග්ගං ගහපතිං වෙසාලිකං සො භික්ඛු එතදවොච:
Sinhala BJTඉක්බිති එක්තරා මහණෙක් පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙන විසල්පුර වැසි උග්ග ගැහැවිහුගේ නිවෙස්න යම් තෙනෙක්හි ද, එහි එළැඹියේ ය, එළඹ පැනවූ අස්නෙහි හින. එකල්හි විසල්පුරවැසි උග්‍රගෘහපති ඒ මහණහු වෙත එළැඹියේ ය. එළැඹ එ මහණහු වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් විසල්පුර වැසි උග්‍රගෘහපති හට ඒ මහණ මෙය කී ය:
Pali BJTඅට්ඨහි ඛො ත්වං ගහපති, අච්ඡරියෙහි අබ්භුතෙහි ධම්මෙහි සමන්නාගතො භගවතා ව්යාකතො. කතමෙ තෙ ගහපති, අට්ඨ අච්ඡරියා අබ්භුතා ධම්මා යෙහි ත්වං සමන්නාගතො භගවතා ව්යාකතොති.
Sinhala BJTගෘහපතිය, තෙපි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම අටෙකින් සමන්‍වාගත වවු යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දාහු, ගෘහපතිය, තෙපි යම් ධර්‍ම අටෙකින් සමන්‍වාගත වවු යි භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද්දහු ද, ඒ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ අටදෙන කවරහු ද?
Pali BJTන ඛො අහං භන්තෙ, ජානාමි කතමෙහි අට්ඨහි අබ්භුතෙහි ධම්මෙහි සමන්නාගතො භගවතා ව්යාකතො. අපි ච භන්තෙ, යෙ මෙ අට්ඨ අච්ඡරියා අබ්භුතා ධම්මා සංවිජ්ජන්ති තෙ සුණාහි, සාධුකං මනසිකරොහි, භාසිස්සාමීති.
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මම කවර අසිරි අබුතු දහම් අටෙකින් සමන්‍වාගතය යි ප්‍රකාශිතයෙම් දැයි නො දනිමි. එහෙත් වහන්ස, මාගේ යම් මේ අට අසිරි අබුතු දහම් කෙනෙක් ඇත් ද ඔවුන් අසව. මැනවින් මෙනෙහි කරව, පවසන්නෙමි යි.
Pali BJTඑවං ගහපතීති ඛො සො භික්ඛු උග්ගස්ස ගහපතිනො වෙසාලිකස්ස පච්චස්සොසි. උග්ගො ගහපති වෙසාලිකො එතදවොච:
Sinhala BJTඒ මහණ තෙමේ ‘එසේ ය ගෘහපතිය’ යි විසල්පුරවැසි උග්‍රගෘහපති හට පිළිවදන් ඇස්වී ය. විසල් පුරවැසි උග්‍රගහෘපති තෙමේ මෙය කී ය:
Pali BJT1. යදාහං භන්තෙ, භගවන්තං පඨමං දූරතොව අද්දසං සහදස්සනෙනෙව මෙ භන්තෙ භගවතො චිත්තං පසීදි. අයං ඛො මෙ භන්තෙ පඨමො අච්ඡරියො අබ්භුතො ධම්මො සංවිජ්ජති.
Sinhala BJT1. වහන්ස, මම් යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ පළමු කොට දුරදීම දුටුයෙමි ද, වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ දර්‍ශනය හා සමග ම මාගේ සිත පහන් වි ය. වහන්ස, මාගේ මේ පළමු ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ඇත්තේ ය.
Pali BJT2. සො ඛො අහං භන්තෙ, පසන්නචිත්තො භගවන්තං පයිරුපාසිං. තස්ස මෙ භගවා ආනුපුබ්බීකථං කථෙසි, සෙය්යථීදං:දානකථං සීලකථං සග්ගකථං කාමානං ආදීනවං ඔකාරං සඞ්කිලෙසං නෙක්ඛම්මෙ ච ආනිසංසං පකාසෙසි. යදා මං භගවා අඤ්ඤාසි කල්ලචිත්තං මුදුචිත්තං විනීවරණචිත්තං උදග්ගචිත්තං පසන්නචිත්තං, අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදෙසනා, තං පකාසෙසි, දුක්ඛං සමුදයං නිරොධං මග්ගං. සෙය්යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදෙව රජනං පතිගණ්හෙය්ය, එවමෙව ඛො මෙ තස්මිං යෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි, යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්මන්ති.
Sinhala BJT2. වහන්ස, ඒ මම පහන්සිත් ඇතියෙම් භාග්‍යවතුන් වහන්සේ පර්‍ය්‍යුපාසනය (වෙත එළැඹ ඇසුරු කිරීම) කෙළෙමි. එ මට භාග්‍යවතුන් වහන්සේ අනුපිළිවෙළ කථාව දෙසූසේක. එ නම්: දානකථා සීලකථා ද සග්ගකථා ද කාමයන්ගේ ආදීනව ලමුබව කිලිටිබව ද නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ද වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ යම් කලෙක්හි අරෝගසිත් ඇති මොළොක් සිත් ඇති නීවරණ රහිත සිත් ඇති ඔදවැඩි සිත් ඇති පහන් සිත් ඇති මා දත් සේක් ද, එකල්හි බුදුවරයින්ගේ සාමුක්කංසික වූ (තමන් විසින් ම කිසිවකුගේ වහලක් නැති ව නගාගත්) යම් ධර්‍මදේශනාවක් වේ ද, දුඃඛ ය, සමුදය ය, නිරෝධය ය, මාර්‍ගය ය යන ඒ (චතුස්සත්‍ය) ධර්‍මය ප්‍රකාශ කළ සේක. යම්සේ පහවූ කළු ඇති ශුද්ධ වස්ත්‍රයක් මොනොවට රඳන් ගන්නේ වේ ද, එසෙයින් ම මට එ හුන් අස්නෙහි මැ, සමුදය, ස්වභාව ඇති යමක් ඇත් ද, ඒ හැම නිරෝධ ස්වාභාව ඇතැයි විරජ වූ වීතමල වූ ධර්‍මචක්‍ෂුස පහළ වී.
Pali BJTසො ඛො අහං භන්තෙ, දිට්ඨධම්මො පත්තධම්මො විදිතධම්මො පරියොගාළ්හධම්මො තිණ්ණවිචිකිච්ඡො විගතකථංකථො වෙසාරජ්ජප්පත්තො අපරප්පච්චයො සත්ථුසාසනෙ තත්ථෙව බුද්ධඤ්ච ධම්මඤ්ච සඞ්ඝඤ්ච සරණං අගමාසිං. බ්රහ්මචරියපඤ්චමානි ච සික්ඛාපදානි සමාදියිං. අයං ඛො මෙ භන්තෙ, දුතියො අච්ඡරියො අබ්භුතො ධම්මො සංවිජ්ජති.
Sinhala BJTවහන්ස, ඒ මම වනාහි දුටුදහම් ඇතියෙම් ප්‍රකට කොට දත් දහම් ඇතියෙම් බැසගත් දහම් ඇතියෙම් ඉක්මවූ විචිකිච්ඡා ඇතියෙම් පහ වූ කථඞ්කථා (කෙසේ ද කෙසේදැයි කරන සැක) ඇතියෙම් වෙසරද බවට පැමිණියෙම් ශාස්තෘශාසනයෙහි (ධර්‍මාවබෝධයට) අන් ප්‍රත්‍යයක් (පිහිටක්) නැත්තෙම් එහිදී ම ඒ බුදුන් ද දහම් ද සඟුන් ද කරණ කොට ගියෙමි. බඹසර පස් වනු කොට ඇති සිකපද (බ්‍රහ්මචරිය පඤ්චමකශීලය) සමාදන් වීමි. වහන්ස, මෙ මාගේ දෙවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ඇත.
Pali BJT3. තස්ස මය්හං භන්තෙ, චතස්සො කොමාරියො පජාපතියො අහෙසුං. අථ ඛ්වාහං භන්තෙ, යෙන තා පජාපතියො තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා තා පජාපතියො එතදවොචං: මයා ඛො භගිනියො බ්රහ්මචරියපඤ්චමානි සික්ඛාපදානි සමාදින්නානි. යා ඉච්ඡති සා ඉධෙව භොගෙ ච භුඤ්ජතු! පුඤ්ඤානි ච කරොතු! සකානි වා ඤාතිකුලානි ගච්ඡතු! හොති වා පන පුරිසාධිප්පායා, කස්ස වො දම්මීති. එවං වුත්තෙ සා භන්තෙ ජෙට්ඨා පජාපතී මං එතදවොච: ඉත්ථංනාමස්ස මං අය්යපුත්ත පුරිසස්ස දෙහීති.
Sinhala BJT3. වහන්ස, ඒ මට තරුණ භාර්‍ය්‍යාවෝ සිවුදෙනෙක් වූහ. වහන්ස, ඉක්බිත්තෙන් මම ඒ භාර්‍ය්‍යාවෝ යම් තෙනෙක්හි වූ ද, එතන්හි එළැඹියෙමි. එළැඹ ඒ භාර්‍ය්‍යාවනට තෙල කීමි: සොහොවිරියනි, මා විසින් බඹසර පස් වනු කොට ඇති සිකපදයෝ සමාදන්ව ගන්නා ලදහු ය. යම් ස්ත්‍රියක් කැමැති වේ නම් ඕතොමෝ මෙහි ම (හිඳ) භෝගයන් ද අනුභව කෙරේවා! සිය නෑ කුලයන් කරා හෝ යේවා! පුරුෂයන් පිළිබඳ අදහස් ඇති හෝ වේ නම් කවරක් හට තොප දෙම් දැයි. වහන්ස, මෙසේ කී කල්හි දෙටු භාර්‍ය්‍යා තොමෝ මට මෙය කී: ආර්‍ය්‍යපුත්‍රය, මා මෙ නම් ඇති පුරුෂයාහට දෙව යි.
Pali BJTඅථ ඛ්වාහං භන්තෙ, තං පුරිසං පක්කොසාපෙත්වා වාමෙන හත්ථෙන පජාපතිං ගහෙත්වා දක්ඛිණෙන හත්ථෙන භිඞ්කාරං ගහෙත්වා තස්ස පුරිසස්ස ඔනොජෙසිං. කොමාරිං ඛො පනාහං භන්තෙ, දාරං පරිච්චජන්නො නාභිජානාමි චිත්තස්ස අඤ්ඤථත්තං. අයං ඛො මෙ භන්තෙ, තතියො අච්ඡරියො ධම්මො සංවිජ්ජති.
Sinhala BJTවහන්ස, එකල මම ඒ පුරුෂයා කැඳවා වමතින් භාර්‍ය්‍යාව අල්ලාගෙන දකුණතින් කෙණ්ඩිය ගෙන ඒ පුරුෂහට අත පැන් වඩා දිනිමි. වහන්ස, තරුණ භාර්‍ය්‍යාව හරනෙම් මම සිතෙහි වෙනස් බවක් නො දනිමි. වහන්ස, මාගේ මේ තෙවන අසිරි අබුතු දහම ඇත.
Pali BJT4. සංවිජ්ජන්ති ඛො පන මෙ භන්තෙ, කුලෙ භොගා. තෙ ච ඛො අප්පටිවිභත්තා සීලවන්තෙහි කල්යාණධම්මෙහි. අයං ඛො මෙ භන්තෙ, චතුත්ථො අච්ඡරියො අබ්භුතො ධම්මො සංවිජ්ජති.
Sinhala BJT4. වහන්ස, මාගේ කුලයෙහි භෝගයෝ ඇත්තාහ. ඒ භෝගයෝ ද කලණ දහම් ඇති සිල්වතුන් සමග (මෙතෙක් දෙමි මෙතෙක් නොදෙමි මෙය දෙමි මෙය නො දෙමි යි සිතක් නැතිව සාධාරණ බෙදුම් ඇතියෙන්) අප්‍රතිවිභක්තයහ. වහන්ස, මාගේ මේ සිවුවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ද ඇත්තේ ය.
Pali BJT5. යං ඛො පන අහං භන්තෙ, භික්ඛුං පයිරුපාසාමි, සක්කච්චංයෙව පයිරුපාසාමි නො අසක්කච්චං. අයං ඛො මෙ භන්තෙ, පඤ්චමො අච්ඡරියො අබ්භුතො ධම්මො සංවිජ්ජති.
Sinhala BJT5. වහන්ස, මම යම් මහණක්හු පර්‍ය්‍යුපාසන කෙරෙම් ද, සකසා ම පර්‍ය්‍යුපාසන කරමි. නො සකසා පර්‍ය්‍යුපාසන නො කරමි. වහන්ස, මාගේ මෙ පස් වන අසිරි අබුතු දහම ද ඇත්තේ ය.
Pali BJT6. සො චෙ{1} මෙ භන්තෙ, ආයස්මා ධම්මං දෙසෙති සක්කච්චං යෙව සුණාමි, නො අසක්කච්චං. නො චෙ මෙ සො ආයස්මා ධම්මං දෙසෙති අහමස්ස ධම්මං දෙසෙමි. අයං ඛො මෙ භන්තෙ, ඡට්ඨො අච්ඡරියො අබ්භුතො ධම්මො සංවිජ්ජති.
Sinhala BJT6. වහන්ස, ඉදින් ඒ ආයුෂ්‍මත් මට දහම් දෙසා නම් සකසා ම අසමි, නො සකසා නො අසමි. ඒ ආයුෂ්මත් ඉදින් මට දහම් නො දෙසා නම් මම ඔබට දහම් දෙසමි. වහන්ස, මාගේ මෙ සවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ද ඇත.
Pali BJT7. අනච්ඡරියං ඛො පන මං භන්තෙ, දෙවතා උපසඞ්කමිත්වා ආරොචෙන්ති: ස්වාක්ඛාතො ගහපති, භගවතා ධම්මොති. එවං වුත්තෙ අහං භන්තෙ, තා දෙවතා එවං වදාමි: වදෙය්යාථ වා එවං ඛො තුම්හෙ දෙවතා නො වා වදෙය්යාථ, අථ ඛො ස්වාක්ඛාතො භගවතා ධම්මොති, න ඛො පනාහං භන්තෙ, අභිජානාමි තතොනිදානං චිත්තස්ස උණ්ණතිං, මං වා දෙවතා උපසඞ්කමන්ති අහං වා දෙවතාහි සල්ලපාමීති. අයං ඛො මෙ භන්තෙ, සත්තමො අච්ඡරියො අබ්භුතො ධම්මො සංවිජ්ජති.
Sinhala BJT7. වහන්ස, දෙවියෝ මා කරා එළැඹ ‘ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මනාකොට දෙසන ලද්දේ ය’යි සැළ කෙරෙති. (එය) ආශ්චර්‍ය්‍යයෙක් නො වේ. එසේ කී කල්හි වහන්ස, මම ඒ දෙවියනට මෙසේ කියමි: දේවතාවෙනි, තෙපි මෙසේ කියහු දු නො කියහු දු ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට දෙසන ලද්දේ ම ය. වහන්ස, දෙවියෝ මා කරා එළැඹෙති යි හෝ මම දෙවියන් හා සමග සාකච්ඡා කෙරෙමි යි හෝ ඒ හේතු කොට ගෙන උන්නතියක් (සිතෙහි උසස් වීමක්) මම නොදනිම් ම ය. වහන්ස, මාගේ මෙ සත් වන අසිරි අබුතු දහම ද ඇත.
Pali BJT8. යානිමානි භන්තෙ, භගවතා දෙසිතානි පඤ්චොරම්භාගියානි සංයොජනානි, නාහං තෙසං කිඤ්චි අත්තනි අප්පහීනං සමනුපස්සාමීති. අයං ඛො මෙ භන්තෙ, අට්ඨමො අච්ඡරියො අබ්භුතො ධම්මො සංවිජ්ජති.
Sinhala BJT8. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ඕරම්භාගියහ යි යම් සංයෝජන පසෙක් දෙසන ලදහු ද, ඉන් ප්‍රහීණ නො වූ කිසිවක් මම තමා කෙරෙහි නො දකිමි. වහන්ස, මාගේ මෙම අට වැනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ද ඇත්තේ ය.
Pali BJTඉමෙ ඛො භන්තෙ, අට්ඨ අච්ඡරියා අබ්භුතා ධම්මා සංවිජ්ජන්ති. නො ච ඛො අහං ජානාමි. කතමෙහිපහං අට්ඨහි අච්ඡරියෙහි අබ්භුතෙහි ධම්මෙහි සමන්නාගතො භගවතා ව්යාකතොති.
Sinhala BJTවහන්ස, මේ අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ ඇත්තාහ. කවර අසිරි අබුතු දහම් අටෙකින් මම සමන්‍වාගතය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ වෙම්දැයි මම නො දනිමි.
Pali BJTඅථ ඛො සො භික්ඛු උග්ගස්ස ගහපතිනො වෙසාලිකස්ස නිවෙසනෙ පිණ්ඩපාතං ගහෙත්වා උට්ඨායාසනා පක්කාමි.
Sinhala BJTඉක්බිති ඒ මහණ විසල්පුරවැසි උග්‍රගෘහපතිහුගේ නිවසෙහි පිණ්ඩපාතය පිළිගෙන, හුනස්නෙන් නැඟී ගියේ ය.
Pali BJTඅථ ඛො සො භික්ඛු පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු යාවතකො අහොසි උග්ගෙන ගහපතිනා වෙසාලිකෙන සද්ධිං කථාසල්ලාපො, තං සබ්බං භගවතො ආරොචෙසි.
Sinhala BJTඉක්බිති ඒ මහණ පිණ්ඩපාතයෙන් වැළැකුණේ පැසුළුබත භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හින, එකත් පසෙක හුන් ඒ මහණ විසල්පුර වැසි ඒ උග්‍රගෘහපති හා සමඟ යම් පමණ වූ කථා සල්ලාපයෙක් වී නම් ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළ කෙළේ ය.
Pali BJTසාධු සාධු භික්ඛු, යථා තං උග්ගො ගහපති වෙසාලිකො සම්මා ව්යාකරමානො ව්යාකරෙය්ය ඉමෙහෙව භික්ඛු, අට්ඨහි අච්ඡරියෙහි අබ්භුතෙහි ධම්මෙහි සමන්නාගතො උග්ගො ගහපති වෙසාලිකො මයා බ්යාකතො.
Sinhala BJTමහණ, මොනොවට පවසන විසල් පුර වැසි උග්‍රගෘහපති තෙමේ තොපට යම්සේ පවසන්නේ ද, එ ඉතා මැනැව. මහණ විසල් පුර වැසි උග්‍රගෘහපති මේ අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයන්ගෙන් ම සමන්‍විතය යි මා විසින් ප්‍රකාශ කරන ලද්දේ ය.
Pali BJTඉමෙහි ච පන භික්ඛු, අච්ඡරියෙහි අබ්භුතෙහි ධම්මෙහි සමන්නාගතං උග්ගං ගහපතිං වෙසාලිකං ධාරෙථාති.
Sinhala BJTමහණ, විසල්පුර වැසි උග්‍රගෘහපති මේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයන්ගෙන් සමන්‍විතැ යි දරව යි.
Pali BJT8. 1. 3. 2.
Sinhala BJT8. 1. 3. 2.
Pali BJTහත්ථිගාමක උග්ග සුත්තං.
Sinhala BJTහත්‍ථිගාමක උග්ග සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා වජ්ජීසු විහරති හත්ථිගාමෙ. තත්ර ඛො භගවා භික්ඛු ආමන්තෙසි -පෙ-
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වැදෑදනව්වෙහි හස්ති ග්‍රාමයෙහි වැඩ වසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක ...
Pali BJTඅට්ඨහි භික්ඛවෙ, අච්ඡරියෙහි අබ්භුතෙහි ධම්මෙහි සමන්නාගතං උග්ගං ගහපතිං හත්ථිගාමකං ධාරෙථා’ති. ඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො උට්ඨායාසනා විහාරං පාවිසි.
Sinhala BJT‘මහණෙනි, ඇත්ගම් වැසි උග්‍ර ගෘහපති අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයන් ගෙන් සමන්‍විත ය යි දරවු. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක, සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැඟී විහාරයට පිවිසි සේක.
Pali BJTඅථ ඛො අඤ්ඤතරො භික්ඛු පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන උග්ගස්ස ගහපතිනො හත්ථිගාමකස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො උග්ගො ගහපති හත්ථිගාමකො යෙන සො භික්ඛු තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං භික්ඛුං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො උග්ගං ගහපතිං හත්ථිගාමකං සො භික්ඛු එතදවොච:
Sinhala BJTඉක්බිති එක්තරා මහණෙක් පෙරවරුයෙහි හැඳ පෙරව පා සිවුරු ගෙන ඇත්ගම්වැසි උග්‍ර ගෘහපතිහු ගේ නිවසට එළැඹියේ ය. එළැඹ පැනවූ අස්නෙහි හුන්නේ ය. ඉක්බිති ඇත්ගම් වැසි උග්‍ර ගෘහපති තෙමේ එ මහණහු වෙත එළැඹියේ ය. එළැඹ එ මහණුහු වැඳ එකත් පසෙක හුන්නේ ය. එකත් පසෙක හුන් ඇත්ගම් වැසි උග්‍ර ගෘහපතිහට එ මහණ මෙය කීය:
Pali BJTඅට්ඨහි ඛො ත්වං ගහපති, අච්ඡරියෙහි අබ්භුතෙහි ධම්මෙහි සමන්නාගතො භගවතා ව්යාකතො. කතමෙ තෙ ගහපති, අට්ඨ අච්ඡරියා අබ්භුතා ධම්මා යෙහි ත්වං සමන්නාගතො භගවතා ව්යාකතොති?
Sinhala BJTගැහැවිය, තෙපි අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයන්ගෙන් සමන්‍විත ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දාහු ය. ගෘහපතිය, යම් ධර්‍ම අටෙකින් තෙපි සමන්‍විත හ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දහු ද, ඒ අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ කවර හුද?
Pali BJTන ඛො අහං භන්තෙ, ජානාමි කතමෙහිපහං අට්ඨහි අච්ඡරියෙහි අබ්භුතෙහි ධම්මෙහි සමන්නාගතො භගවතා ව්යාකතො. අපිච භන්තෙ, යෙ මෙ අට්ඨ අච්ඡරියා අබ්භුතා ධම්මා සංවිජ්ජන්ති තෙ සුණාහි සාධුකං මනසිකරොහි භාසිස්සාමීති. එවං ගහපතීති සො භික්ඛු උග්ගස්ස ගහපතිනො හත්ථිගාමකස්ස පච්චස්සොසි. උග්ගො ගහපති හත්ථිගාමකො එතදවොච:
Sinhala BJTවහන්ස, මම කවර නම් අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයන් ගෙන් සමන්‍විත ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද්දෙම් ද, එය මම නොදනිම් ම ය. වහන්ස එතකුදු වුවත් මාගේ යම් අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මකෙනෙක් වෙත් නම් ඔවුන් අසව, මනා කොට මෙනෙහි කරව, කියන්නෙමි යි. එසේ ය ගෘහපතිය යි එ මහණ ඇත්ගම්වැසි උග්‍ර ගෘහපති හට පිළිවදන් ඇස්වී ය. ඇත්ගම් වැසි උග්‍ර ගෘහපති මෙය කීය:
Pali BJT1. යදාහං භන්තෙ, නාගවනෙ පරිචාරෙන්තො භගවන්තං පඨමං දූරතොව අද්දසං. සහදස්සනෙනෙව මෙ භන්තෙ, භගවතො චිත්තං පසීදි. සුරාමදො ච පහීයි. අයං ඛො මෙ භන්තෙ, පඨමො අච්ඡරියො අබ්භුතො ධම්මො සංවිජ්ජති.
Sinhala BJT1. වහන්ස, යම් කලෙක මම නාගවන නම් උයනෙහි ඉඳුරන් පිනවමින් හැසිරෙන්නෙම් පළමු කොට දුරදී ම භාග්‍යවතුන් වහන්සේ දිටිම් ද, භාග්‍යවතුන් වහන්සේගේ දැකීම හා සමග ම මාගේ සිත පහන් විය. සුරාමදය ද පහවී ය. වහන්ස, මාගේ මේ ප්‍රථම ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ඇත්තේ ය.
Pali BJT2. සො ඛො අහං භන්තෙ, පසන්නචිත්තො භගවන්තං පයිරුපාසිං. තස්ස මෙ භගවා ආනුපුබ්බීකථං කථෙසි, සෙය්යථීදං:දානකථං සීලකථං සග්ගකථං කාමානං ආදීනවං ඔකාරං සඞ්කිලෙසං නෙක්ඛම්මෙ ච ආනිසංසං පකාසෙසි. යදා මං භගවා අඤ්ඤාසි කල්ලචිත්තං මුදුචිත්තං විනීවරණචිත්තං උදග්ගචිත්තං පසන්නචිත්තං අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදෙසනා තං පකාසෙසි. දුක්ඛං සමුදයං නිරොධං මග්ගං. සෙය්යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදෙව රජනං පතිගණ්හෙය්ය, එවමෙව ඛො තස්මිං යෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි, යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්මන්ති.
Sinhala BJT2. වහන්ස, පහන්සිත් ඇති මම භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ ඇසිරි කෙළෙමි. ඒ මට භාග්‍යවතුන් වහන්සේ අනුපිළිවෙළ කථාව වදාළ සේක. එනම්: දානකථාව ද සීලකථාව ද සග්ගකථාව ද කාමයන්ගේ ආදීනව ය ලාමක බව කිලිටි බව ද නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ද ප්‍රකාශ කළ සේක. යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ අරෝග සිත් ඇති මොළොක් සිත් ඇති නීවරණ රහිත සිත් ඇති ඔද වැඩි සිත් ඇති පහන් සිත් ඇති මා දත් සේක් ද, එකල්හි බුදුවරුන්ගේ යම් සාමුක්කංසික ධර්‍මදේශනාවක් වේ ද, දුක්ඛ ය සමුදය ය නිරෝධ ය මාර්‍ගය යන ඒ (චතුස්සත්‍ය) ධර්‍මය වදාළ සේක. යම්සේ පහ වූ කළු බව (කිලිටි) ඇති සුදු වතෙක් මොනොවට රඳන් පිළිගන්නේ ද, එ පරිද්දෙන් ම ඒ අසුනෙහි ම සමුදය ස්වභාව ඇති යමක් ඇත් ද, එ හැම නිරෝධ ස්වභාව ඇතැයි පහවූ (රාගාදි) රජස් ඇති පහ වූ (රාගාදි) කිලිටි ඇති දහම් ඇස (අනගැමි මඟ) පහළ විය.
Pali BJTසො ඛො අහං භන්තෙ, දිට්ඨධම්මො පත්තධම්මො විදිතධම්මො පරියොගාළ්හධම්මො තිණ්ණවිචිකිච්ඡො විගතකථංකථො වෙසාරජ්ජප්පත්තො අපරප්පච්චයො සත්ථුසාසනෙ තත්ථෙව බුද්ධං ච ධම්මං ච සඞ්ඝං ච සරණං අගමාසිං. බ්රහ්මචරියපඤ්චමානි ච සික්ඛාපදානි සමාදියිං. අයං ඛො මෙ භන්තෙ, දුතියො අච්ඡරියො අබ්භුතො ධම්මො සංවිජ්ජති.
Sinhala BJTවහන්ස, ඒ මම දක්නා ලද (ආර්‍ය්‍යසත්‍ය) ධර්‍ම ඇත්තෙම් පැමිණි දහම් ඇත්තෙම් බැසගත් දහම් ඇත්තෙම් තරණය කළ විචිකිච්ඡා ඇත්තෙම් පහවූ කථඞ්කථා (සැක) ඇත්තෙම් විසාරද බවට පැමිණියෙම් ශාස්තෘශාසනයෙහි (අනෙකක්හු හැදැහීමෙන් පැවැත්මක් නැතියෙන්) පරප්‍රත්‍යය රහිතයෙම් එහිදී ම බුදුන් ද දහම් ද සඟුන් ද සරණ කොට ගියෙමි. බඹසර පස්වනු කොට ඇති සිකපදයන් (බ්‍රහ්මචරිය පඤ්චමකශීලය) සමාදන් කොට ගතිමි. වහන්ස, මාගේ මෙ දෙවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ද ඇත්තේ ය.
Pali BJT3. තස්ස මය්හං භන්තෙ, චතස්සො කොමාරියො පජාපතියො අහෙසුං. අථ ඛ්වාහං භන්තෙ, යෙන තා පජාපතියො තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා තා පජාපතියො එතදවොචං: මයා ඛො භගිනියො බ්රහ්මචරියපඤ්චමානි සික්ඛාපදානි සමාදින්නානි. යා ඉච්ඡති සා ඉධෙව භොගෙ ච භුඤ්ජතු! පුඤ්ඤානි ච කරොතු! සකානි වා ඤාතිකුලානි ගච්ඡතු! හොති වා පන පුරිසාධිප්පායා, කස්ස වො දම්මීති. එවං වුත්තෙ සා භන්තෙ ජෙට්ඨා පජාපතී මං එතදවොච: ඉත්ථන්නාමස්ස මං අය්යපුත්ත පුරිසස්ස, දෙහීති. අථ ඛ්වාහං භන්තෙ, තං පුරිසං පක්කොසාපෙත්වා වාමෙන හත්ථෙන පජාපතිං ගහෙත්වා දක්ඛිණෙන හත්ථෙන භිඞ්කාරං ගහෙත්වා තස්ස පුරිසස්ස ඔනොජෙසිං. කොමාරිං ඛො පනාහං භන්තෙ, දාරං පරිච්චජන්නො නාභිජානාමි චිත්තස්ස අඤ්ඤථත්තං. අයං ඛො මෙ භන්තෙ, තතියො අච්ඡරියො අබ්භුතො ධම්මො සංවිජ්ජති.
Sinhala BJT3. වහන්ස, ඒ මට තරුණ භාර්‍ය්‍යාවෝ සතරදෙනෙක් වූහ. එකල වහන්ස, මම ඒ භාර්‍ය්‍යාවන් වෙත එළඹියෙමි. එළඹ ඒ භාර්‍ය්‍යවන්ට මෙය කීමි: සොහොවිරියෙනි, “මවිසින් බඹසර පස්වැනි කොට ඇති සිකපද සමාදන්වන ලදි, යම් ස්ත්‍රියක් කැමති නම් ඕ මෙහි ම භෝගයන් ද වළඳාවා! පින් ද කෙරේ වා! සිය නෑකුලයන් වෙත හෝ යේ වා! පුරුෂයකු පිළිබඳ අදහස් ඇති හෝ වේ නම් කවරකුහට තොප දෙම් දැයි, මෙසේ කී කල්හි වහන්ස, ඒ දෙටු බිරිඳ මෙසේ කිවු: ආර්‍ය්‍යපුත්‍රය, මෙ නම් ඇති පුරුෂයා හට මා දෙව යි, ඉක්බිති වහන්ස, මම ඒ පුරුෂයා කැඳවා වමතින් බිරිඳ අල්වා ගෙන දකුණතින් කෙණ්ඩිය ගෙන ඒ පුරුෂයා හට අතපැන් වඩා පවරා දුනිමි. වහන්ස, මම තරුණ වූ බිරිඳ හරනෙම් සිතේ වෙනස් බවක් නොදනිමි. වහන්ස, මාගේ මේ තෙවෙනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ඇත්තේ ය.