Pali BJTසුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරාමි.
Sinhala BJTසුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් පළමු ම සොම්නස් දොම්නසුන්ගේ අස්තගමයෙන් නිදුක් වූ නො සුව වූ උපේක්‍ෂා හා ස්මෘතියෙන් පිරිසුදු වූ චතුර්‍ත්‍ථ ධ්‍යානයට පැමිණ වෙසෙමි.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමෙසිං.
Sinhala BJTහේ මම මෙසෙයින් සිත සමාධිගත වූ කල්හි පිරිසිදු වූ කල්හි පර්‍ය්‍යවදාත වු කල්හි අඞ්ගණ රහිත වූ කල්හි පහවූ කෙලෙස් ඇති කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය කල්හි ස්ථිත කල්හි ස්ථිරභාවයට ගිය කල්හි පූර්වේ නිවාසානුස්මෘතිඥානය පිණිස සිත වෙසෙසින් නැමීමි.
Pali BJTසො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි සෙය්යථීදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි. අයං ඛො මෙ බ්රාහ්මණ, රත්තියා පඨමෙ යාමෙ පඨමා විජ්ජා අධිගතා අවිජ්ජා විහතා විජ්ජා උප්පන්නා තමො විහතො ආලොකො උප්පන්නො යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො. අයං ඛො මෙ බ්රාහ්මණ, පඨමා අභිනිබ්භිදා අහොසි කුක්කුටච්ඡාපකස්සෙව අණ්ඩකොසම්හා.
Sinhala BJTඒ මම අනේකවිධ වූ පෙරවිසූ කඳ පිළිවෙළ සිහිකරමි. කෙසේ ය යත්: එක් ජාතියකුදු ජාතිදෙකකුදු ... මෙසේ සාකාර වූ උද්දේශ සහිත අනේකවිධ වූ පූර්‍වනිවාසය සිහිකරනෙම් වෙමි. බ්‍රාහ්මණය, රෑ පළමු යම්හි මා විසින් මේ ප්‍රථම විද්‍යා තොමෝ ලබන ලදු, අවිදු නසන ලදු, විද්‍යාව උපන, මෝහාන්‍ධකාරය පහව ගියේ ය. ප්‍රඥාලෝකය උපන, (ස්මෘතිහුගේ අවිප්‍රවාසයෙන්) අප්‍රමත්ත වූ කෙලෙස් තවන වැර ඇති (කාය ජීවිතදෙක්හි නිරපේක්‍ෂ ව) නිවන් කෙරේ මෙහෙයූ සිත් ඇතියකුහට යම් සේ වේ නම් එසේ ය. බ්‍රාහ්මණය, බිජුවටින් කුකුළු පැටවකුගේ (උපත) බඳු මාගේ මේ පළමු (ආර්‍ය්‍යජාති සඞ්ඛ්‍යාත) අභිනිර්‍වෘතිය විය.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙසිං. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සාමි චවමානෙ උප්පජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාමි -පෙ- අයං ඛො මෙ බ්රාහ්මණ, රත්තියා මජ්ඣිමෙ යාමෙ දුතියා විජ්ජා අධිගතා, අවිජ්ජා විහතා විජ්ජා උප්පන්නා තමො විහතො ආලොකො උප්පන්නො යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො, අයං ඛො මෙ බ්රාහ්මණ, දුතියා අභිනිබ්භිදා අහොසි. කුක්කුටච්ඡාපකස්සෙව අණ්ඩකොසම්හා.
Sinhala BJTඒ මම මෙසේ සිත සමාධිගත කල්හි පිරිසිදු වූ කල්හි පර්‍ය්‍යාවදාත කල්හි කෙලෙස් රහිත වූ පහ වූ උපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වූ කල්හි සිටි කල්හි ස්ථිර වූ කල්හි සත්ත්‍වයන්ගේ චුතුපපාතඥානය පිණිස සිත නැමූයෙමි. එ මම වෙසෙසින් පිරිසිදු වූ මිනිසැස ඉක්ම ගිය දිවැසින් චුතවන්නා වූ ද උපදනා වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද සුවර්‍ණ වූ ද දුර්‍වණ වු ද මනාගති ඇත්තා වූ ද දුර්‍ගති ඇත්තා වූ ද සත්ත්‍වයන් දක්මි, කම් වූ පරිදි යන සත්ත්‍වයන් දන්මි ... බ්‍රාහ්මණය, රෑ මැදුම් යම්හි මේ දෙවන විද්‍යාව මා විසින් ලබන ලදු, අවිදු නසන ලදු, විද්‍යාව උපන, මෝහාන්‍ධකාරය නසන ලදී, ප්‍රඥාලෝකය උපන, අප්‍රමත්තව කෙලෙස් තවන වැර ඇතිව නිවන් කෙරෙහි මෙහෙයූ සිත් ඇතිව වාස කරන්නහුට යම් සේ නම් එසේයි. බ්‍රාහ්මණය, කුකුළු පැටවකුගේ බිජුවටින් (නික්මීම) සෙයින් මාගේ මේ දෙවන අභිනිර්‍වෘතිය විය.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙසිං, සො ඉදං දුක්ඛන්ති යථාභූතං අබ්භඤ්ඤාසිං. අයං දුක්ඛසමුදයොති යථාභූතං අබ්භඤ්ඤාසිං. අයං දුක්ඛනිරොධොති යථාභූතං අබ්භඤ්ඤාසිං. අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං අබ්භඤ්ඤාසිං.
Sinhala BJTඒ මම මෙසේ සිත සමාහිත වූ කල්හි පිරිසිදු වූ කල්හි පර්‍ය්‍යවදාත කල්හි කෙලෙස් රහිත වූ කල්හි උපක්ලේශයන්ගෙන් පහ වූ කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වු කල්හි ස්ථිති ප්‍රාප්ත කල්හි නිශ්චල භාවයට පත් කල්හි ආස්‍රවක්‍ෂයඥානය පිණිස සිත නතු කෙළෙමි. ඒ මම ‘මේ (පස්කඳ) දුකැ’යි ඇතිසැටි මැනැවින් දැනගතිමි. මේ (තෘෂ්ණාව) දුඃඛ සමුදය යි මැනැවින් ඇතිසැටි දැන ගතිමි. මේ (නිර්‍වාණය) දුඃඛ නිරෝධය යි ඇතිසැටි මැනැවින් දැන ගතිමි. මේ (අරිඅටඟි මඟ) දුඃඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ය යි ඇති සැටි මැනැවින් දත්මි.
Pali BJTඉමෙ ආසවාති යථාභූතං අබ්භඤ්ඤාසිං. අයං ආසවසමුදයොති යථාභූතං අබ්භඤ්ඤාසිං. අයං ආසවනිරොධොති යථාභූතං අබ්භඤ්ඤාසිං, අයං ආසවනිරොධගාමිනී පටිපදාති යථාභූතං අබ්භඤ්ඤාසිං.
Sinhala BJTමොහු ආස්‍රවයහයි යථාභූතය මැනැවින් දත්මි, මේ ආස්‍රව සමුදය යි යථාභූතය මැනැවින් දත්මි, මේ ආස්‍රව නිරෝධය යි යථාභූතය මැනැවින් දත්මි, මේ ආස්‍රව නිරෝධගාමිනී ප්‍රතිපදාය යි යථාභූතය මැනැවින් දත්මි.
Pali BJTතස්ස මෙ එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චිත්ථ, භවාසවාපි චිත්තං විමුච්චිත්ථ, දිට්ඨාසවාපි චිත්තං විමුච්චිත්ථ, අවිජ්ජාසවාපි චිත්තං විමුච්චිත්ථ. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං අහොසි. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති අබ්භඤ්ඤාසිං. අයං ඛො මෙ බ්රාහ්මණ, රත්තියා පච්ඡිමෙ යාමෙ තතියා විජ්ජා අධිගතා, අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා, තමො විහතො ආලොකො උප්පන්නො යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො. අයං ඛො මෙ බ්රාහ්මණ, තතියා අභිනිබ්භිදා අහොසි කුක්කුටච්ඡාපකස්සෙව අණ්ඩකොසම්භාති.
Sinhala BJTමෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ ඒ මාගේ සිත කාමාස්‍රවයෙනුදු මිදුනේ ය, භවාස්‍රවයෙනුදු මිදුනේ ය, දෘෂ්ට්‍යාස්‍රවයෙනුදු මිදුනේ ය, අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදුනේ ය, විමුක්ත වූ කල්හි මිදුනේ ය යි (ප්‍රත්‍යවේක්‍ෂා) ඥානය විය, ජාතිය ක්‍ෂීණ විය, මගබඹසර වැස නිමවන ලදී, සිවුමඟ කටයුතු කොට නිමවන ලදී, මේ අර්‍හත්‍වය පිණිස අන්කරණී නැතැයි දත්මි. බ්‍රාහ්මණය, රෑ පැසුළු යම්හි මා විසින් මේ තෙවන (අර්‍හන්මාර්‍ගඥාන සඞ්ඛ්‍යාත) විද්‍යාව ලබන ලදු, (සිවුසස් මුවහ කරන) අවිද්‍යාව නසන ලදු, විද්‍යාව උපන, (මෝහ සඞ්ඛ්‍යාත) තමස නසන ලද, ආලෝකය උපන. අප්‍රමත්ත වූ කෙලෙස් තවන වැර ඇති ව නිවන් කෙරේ මෙහෙයූ සිත් ඇති ව වසන්නහුට යම් සේ වේ නම් එසේ යි. බ්‍රාහ්මණය, බිජුවටින් (නික්මෙන) කුකුළු පැටවකුගේ මෙන් මාගේ මේ තෙවන අභිනිර්‍වෘතිය වී.
Pali BJTඑවං වුත්තෙ වෙරඤ්ජො බ්රාහ්මණො භගවන්තං එතදවොච: ජෙට්ඨො භවං ගොතමො, සෙට්ඨො භවං ගොතමො, අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි වේරඤ්ජ බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “භවත් ගෞතමයෝ ජ්‍යේෂ්ඨයහ, භවත් ගෞතමයෝ ශ්‍රේෂ්ඨයහ. භවත් ගෞතමයෙනි, ඉතා කාන්ත වෙයි, භවත් ගෞතමයෙනි, ඉතා කාන්ත වෙයි ... භවත් ගෞතමයෝ අද පටන් මා දිවි හිම් කොට සරණ ගිය උවසුවකු කොට ධරත්ව” යි.
Pali BJT8. 1. 2. 2.
Sinhala BJT8. 1. 2. 2.
Pali BJTසීහසෙනාපති සුත්තං
Sinhala BJTසීහසේනාපති සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන සම්බහුලා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා ලිච්ඡවී සන්ථාගාරෙ සන්නිසින්නා සන්නිපතිතා අනෙකපරියායෙන බුද්ධස්ස වණ්ණං භාසන්ති. ධම්මස්ස වණ්ණං භාසන්ති. සඞ්ඝස්ස වණ්ණං භාසන්ති.
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල් පුර මහවෙනෙහි කූටාගාර ශාලාවේ වසන සේක. එ සමයෙහි ප්‍රසිද්ධ ප්‍රසිද්ධ බොහෝ ලිච්ඡවීහු සන්‍ථාගාර ශාලාවෙහි රැස්ව හුන්නාහු නන් අයුරින් බුදුන්ගේ ගුණ වනති, ධර්‍මයාගේ ගුණ වනති, සඞ්ඝයාගේ ගුණ වනත්.
Pali BJTතෙන ඛො පන සමයෙන සීහො සෙනාපති නිගණ්ඨසාවකො තස්සං පරිසායං නිසින්නො හොති. අථ ඛො සීහස්ස සෙනාපතිස්ස එතදහොසි; නිස්සංසයං ඛො සො භගවා අරහං සම්මාසම්බුද්ධො භවිස්සති. තථා හි ‘මෙ සම්බහුලා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා ලිච්ඡවී සන්ථාගාරෙ සන්නිසින්නා සන්නිපතිතා අනෙකපරියායෙන බුද්ධස්ස වණ්ණං භාසන්ති. ධම්මස්ස වණ්ණං භාසන්ති, සඞ්ඝස්ස වණ්ණං භාසන්ති. යන්නූනාහං තං භගවන්තං දස්සනාය උපසඞ්කමෙය්යං අරහන්තං සම්මාසම්බුද්ධන්ති.
Sinhala BJTඑ සමයෙහි නුවට සවු සිංහ සේනාපති එ පිරිස්හි හුන්නේ වෙයි. එ කල්හි සිංහ සේනාපතිහට තෙල සිත විය: “නිසැකින් ම ඒ භාග්‍යවතුන් වහන්සේ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වන්නාහ. එහෙයින් ම මේ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ වූ ලිච්ඡවීහු සන්‍ථාගාරයෙහි රැස්ව හුන්නාහු නන් අයුරින් බුදුන්ගේ ගුණ වනත්, ධර්‍මයාගේ ගුණ වනත්, සඞ්ඝයාගේ ගුණ වනත්. මම ඒ භාග්‍යවතුන් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් දක්නා පිණිස එළඹෙම් නම් මනා මැනු”යි.
Pali BJTඅථ ඛො සීහො සෙනාපති යෙන නිගණ්ඨො නාතපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා නිගණ්ඨං නාතපුත්තං එතදවොච: ඉච්ඡාමහං භන්තෙ, සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිතුන්ති.
Sinhala BJTඉක්බිති සිංහසේනාපති නුවට නාතපුත් වෙත එළඹියේ ය. එළඹ නිගණ්ඨනාත පුත්තහට මෙය කීය: “වහන්ස, මම මහණ ගොයුම්හු දක්නා පිණිස එළඹෙනු කැමැත්තෙමි”යි.
Pali BJTකිං පන ත්වං සීහ, කිරියවාදො සමානො අකිරියවාදං සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිස්සසි. සමණො හි සීහ, ගොතමො අකිරියවාදො අකිරියාය ධම්මං දෙසෙති, තෙන ච සාවකෙ විනෙතීති.
Sinhala BJTසීහය, තෝ ක්‍රියවාද ඇත්තෙහි ම කවර හෙයෙකින් අක්‍රියවාද ඇති මහණ ගොයුම්හු දක්නා පිණිස එළඹෙනුයෙහි ද? සීහය, අක්‍රියවාද ඇත්තේ ම මහණ ගොයුම් අක්‍රියාව පිණිස දම් දෙසන්නේ ය. එයින් සව්වන් හික්ම වන්නේ ද වෙයි.
Pali BJTඅථ ඛො සීහස්ස සෙනාපතිස්ස යො අහොසි ගමියාභිසඞ්ඛාරො.{1} භගවන්තං දස්සනාය, සො පටිප්පස්සම්භි.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ දැක්ම පිණිස සිංහ සේනාපතිහුගේ යම් ගමන සඳහා කරන පියෝ වී නම්, එය සන්හින.
Pali BJTදුතියම්පි ඛො සම්බහුලා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා ලිච්ඡවී සන්ථාගාරෙ සන්නිසින්නා සන්නිපතිතා අනෙකපරියායෙන බුද්ධස්ස වණ්ණං භාසන්ති, ධම්මස්ස වණ්ණං භාසන්ති, සඞ්ඝස්ස වණ්ණං භාසන්ති.
Sinhala BJTදෙවන වට දු බොහෝ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ වූ ලිච්ඡවීහු සන්‍ථාගාරයෙහි රැස්ව හුන්නාහු නන් අයුරින් බුදුන්ගේ ගුණ වනත්, ධර්‍මයාගේ ගුණ වනත්, සඞ්ඝයාගේ ගුණ වනත්.
Pali BJTදුතියම්පි ඛො සීහස්ස සෙනාපතිස්ස එතදහොසි: නිස්සංසයං ඛො සො භගවා අරහං සම්මාසම්බුද්ධො භවිස්සති. තථා හි’මෙ සම්බහුලා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා ලිච්ඡවී සන්ථාගාරෙ සන්නිසින්නා සන්නිපතිතා අනෙකපරියායෙන බුද්ධස්ස වණ්ණං භාසන්ති, ධම්මස්ස වණ්ණං භාසන්ති, සඞ්ඝස්ස වණ්ණං භාසන්ති. යන්නූනාහං තං භගවන්තං දස්සනාය උපසඞ්කමෙය්යං අරහන්තං සම්මාසම්බුද්ධන්ති.
Sinhala BJTදෙවන වටදු සිංහ සේනාපති හට තෙල සිත විය: නිසැකින් ම භාග්‍යවතුන් වහන්සේ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වන්නාහ. එහෙයින් ම මේ බොහෝ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ලිච්ඡවීහු සන්‍ථාගාරයෙහි රැස්ව හුන්නාහු නන් අයුරින් බුදුන්ගේ ගුණ වනත්, ධර්‍මයාගේ ගුණ වනත්, සඞ්ඝයාගේ ගුණ වනත්. මම ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් දක්නා පිණිස එළඹෙම් නම් මනා මැනු යි.
Pali BJTඅථ ඛො සීහො සෙනාපති යෙන නිගණ්ඨො නාතපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා නිගණ්ඨං නාතපුත්තං එතදවොච: ඉච්ඡාමහං භන්තෙ, සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිතුන්ති.
Sinhala BJTඉක්බිති සිංහසේනාපති තෙම නුවට නාතපුත්ත වෙත එළඹියේ ය. එළඹ නුවට නාතපුත්තහට තෙල සැල කෙළේය: “වහන්ස, මම මහණ ගොයුම්හු දක්නා පිණිස එළඹෙනු කැමැත්තෙමි”යි.
Pali BJTකිං පන ත්වං සීහ, කිරියවාදො සමානො අකිරියවාදං සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිස්සසි, සමණො හි සීහ, ගොතමො අකිරියවාදො අකිරියාය ධම්මං දෙසෙති, තෙන ච සාවකෙ විනෙතීති.
Sinhala BJTසීහය, තෝ කිරියවාද ඇතියෙහි ම අකිරියවාද ඇති මහණ ගොයුම් දක්නට කවර හෙයින් එළඹෙන්නෙහි ද? සීහය, මහණ ගොයුම් වනාහි අකිරියවාද ඇත්තේ ම අක්‍රිය පිණිස දහම් දෙසන්නේ ය, එයින් සව්වන් හික්ම වන්නේ ද වෙයි.
Pali BJTදුතියම්පි ඛො සීහස්ස සෙනාපතිස්ස යො අහොසි ගමියාභිසඞ්ඛාරො භගවන්තං දස්සනාය, සො පටිප්පස්සම්භි.
Sinhala BJTදෙවනවට ද සිංහසේනාපතිහුගේ භාග්‍යවත්හු දැකීම පිණිස යම් බඳු ගමන සඳහා කරන පියොවෙක් වි නම්, එය සන්හින.
Pali BJTතතියම්පි ඛො සම්බහුලා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා ලිච්ඡවී සන්ථාගාරෙ සන්නිසින්නා සන්නිපතිතා අනෙකපරියායෙන බුද්ධස්ස වණ්ණං භාසන්ති, ධම්මස්ස වණ්ණං භාසන්ති, සඞ්ඝස්ස වණ්ණං භාසන්ති.
Sinhala BJTතෙවනවටත් අතිප්‍රසිද්ධ ලිච්ඡවීහු සන්‍ථාගාරයෙහි රැස්ව හුන්නාහු නන් අයුරින් බුදුන්ගේ ගුණ බණත්, දහම්හුගේ ගුණ බණත්, සඟුන් ගුණ බණත්, තෙවනවටත් සිංහසේනාපතිහට තෙල සිත විය.
Pali BJTතතියම්පි ඛො සීහස්ස සෙනාපතිස්ස එතදහොසි: නිස්සංසයං ඛො සො භගවා අරහං සම්මාසම්බුද්ධො භවිස්සති. තථා හිමෙ සම්බහුලා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා ලිච්ඡවී සන්ථාගාරෙ සන්නිසින්නා සන්නිපතිතා අනෙකපරියායෙන බුද්ධස්ස වණ්ණං භාසන්ති, ධම්මස්ස වණ්ණං භාසන්ති, සඞ්ඝස්ස වණ්ණං භාසන්ති. කිං හිමෙ කරිස්සන්ති නිගණ්ඨා අපලොකිතා වා අනපලොකිතා වා, යන්නූනාහං අනපලොකිතාව නිගණ්ඨෙ තං භගවන්තං දස්සනාය උපසඞ්කමෙය්යං අරහන්තං සම්මාසම්බුද්ධන්ති.
Sinhala BJTනිසැකින් ම ඒ භාග්‍යවතුන් වහන්සේ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වන්නාහ. එ හෙයින් ම මේ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ලිච්ඡවීහු සන්‍ථාගාරයෙහි රැස්ව හුන්නාහු නන් අයුරින් බුදුන්ගේ ගුණ බණත්, දහම් ගුණ බණත්, සඟුන් ගුණ බණත්. කළ ආපුච්ඡා ඇතියාහු වෙත්වයි, කළ ආපුච්ඡා නැතියාහු වෙත්වයි මේ නුවටහු මට කුමක් නම් කරත් ද? මම නුවටුන් ආච්ඡා නො කොටම ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් දක්නා පිණිස එළඹෙන්නෙම් නම් මනා මැනු යි.
Pali BJTඅථ ඛො සීහො සෙනාපති පඤ්චමත්තෙහි රථසතෙහි දිවාදිවස්ස වෙසාලියා නිය්යාසි භගවන්තං දස්සනාය. යාවතිකා යානස්ස භූමි, යානෙන ගන්ත්වා යානා පච්චොරොහිත්වා පත්තිකොව ආරාමං පාවිසි. අථ ඛො සීහො සෙනාපති යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි, එකමන්තං නිසින්නො ඛො සීහො සෙනාපති භගවන්තං එතදවොච:
Sinhala BJTඑකල්හි සිංහසේනාපති තෙම පන්සියක් පමණැති රියෙන් දෙවෙන් දාවල් භාග්‍යවතුන් දක්නට විසල්පුරින් නික්ම ගියේ ය. යානයට බිම යම්තාක් ද එතෙක් යානයෙන් ගොස් යානයෙන් බැස පා ගමනෙහි යෙදුනේ ම ආරාමයට පිවිසියේ ය. ඉක්බිති සිංහසේනාපති භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් සිංහසේනාපති භාග්‍යවතුන් වහන්සට තෙල කීය:
Pali BJTසුතං මෙ’තං භන්තෙ, අකිරියවාදො සමණො ගොතමො අකිරියාය ධම්මං දෙසෙති, තෙන ච සාවකෙ විනෙතීති. යෙ තෙ භන්තෙ, එවමාහංසු: අකිරියවාදො සමණො ගොතමො අකිරියාය ධම්මං දෙසෙති, තෙන ච සාවකෙ විනෙතීති. කච්චි තෙ භන්තෙ, වුත්තවාදිනො? න ච භගවන්තං අභූතෙන අබ්භාචික්ඛන්ති,? ධම්මස්ස චානුධම්මං ව්යාකරොන්ති, න ච කොචි සහධම්මිකො වාදානුවාදො ගාරය්හං ඨානං ආගච්ඡති? අනබ්භක්ඛාතුකාමාහි මයං භන්තෙ, භගවන්තන්ති.
Sinhala BJTවහන්ස, ‘අක්‍රියවාද ඇති මහණ ගොයුම් අක්‍රියාවට දහම් දෙසන්නේ ය, එයින් ම සව්වන් හික්මවන්නේ ය’ යන තෙල කරුණ මා විසින් අසන ලද. වහන්ස, යම් බඳු අක්‍රියවාද ඇති මහණ ගොයුම් අක්‍රියාවට දහම් දෙසන්නේ ය: එයින් ම සව්වන් හික්මවන්නේ යයි මෙසේ කියත් නම් වහන්ස, කිම ඔහු භගවත්හට කියුවා කියනු වෙත් ද? භගවත්හට අභූතයෙන් අභ්‍යාඛ්‍යාන නො කෙරෙත් ද? (භාග්‍යවතුන් වහන්සේගේ) ධර්‍මයට අනුකාරණයක් කියත් ද? කිසි සහධාර්මික වූ වාදානුවාදයෙකුත් ගැරහිය යුතු කරුණට නො ඒ ද? වහන්ස, අපි වනාහි භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛාන (අභූතයෙන් කියනු කැමැත්තමෝ නො වම්හ) නො කරනු කැමැත්තම්හ’යි.
Pali BJT1. අත්ථි සීහ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය අකිරියවාදො සමණො ගොතමො අකිරියාය ධම්මං දෙසෙති, තෙන ච සාවකෙ විනෙතීති.
Sinhala BJT1. සීහය, ‘මහණ ගොයුම් අක්‍රියවාද ඇතියේ අක්‍රියාවට දහම් දෙසන්නේ ය, එයින් ම සව්වන් හික්මවන්නේ’ යි යම් අයුරෙකින් මොනොවට කියනුයෙක් මා ගෙන කියන්නේ නම් ඒ කරුණ ඇත.
Pali BJT2. අත්ථි සීහ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය, කිරියවාදො සමණො ගොතමො කිරියාය ධම්මං දෙසෙති, තෙන ච සාවකෙ විනෙතීති.
Sinhala BJT2. සීහය, ‘මහණ ගොයුම් ක්‍රියවාද ඇත්තේ ක්‍රියාවට දහම් දෙසන්නේ ය, එයින් සව්වන් ද හික්ම වන්නේ ය’යි යම් අයුරෙකින් මොනොවට කියන්නෙක් මට කියන්නේ නම් එ කරුණ ඇත.
Pali BJT3. අත්ථි සීහ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය උච්ඡෙදවාදො සමණො ගොතමො, උච්ඡෙදාය ධම්මං දෙසෙති, තෙන ච සාවකෙ විනෙතීති.
Sinhala BJT3. සීහය, ‘ශ්‍රමණ ගෞතම උච්ඡේදවාද ඇත්තේ උච්ඡේදය පිණිස දහම් දෙසන්නේ ය, එයින් ශ්‍රාවකයන් ද හික්ම වන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියන්නෙක් මට කියන්නේ නම් එ කරුණ ඇත.
Pali BJT4. අත්ථි සීහ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය, ජෙගුච්ඡී සමණො ගොතමො ජෙගුච්ඡිතාය ධම්මං දෙසෙති, තෙන ච සාවකෙ විනෙතීති.
Sinhala BJT4. සීහය, ‘ශ්‍රමණ ගෞතම ජුගුප්සා කරන සුලු වූයේ ජුගුප්සාවට දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු ද හික්ම වන්නේය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියන්නේ නම් එ කරුණ ඇත.
Pali BJT5. අත්ථි සීහ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය, වෙනයිකො සමණො ගොතමො විනයාය ධම්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතීති.
Sinhala BJT5. සීහය, ‘ශ්‍රමණ ගෞතම වෙනයික වූයේ විනය පිණිස දම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියන්නේ නම් එ කරුණ ඇත.
Pali BJT6. අත්ථි සීහ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය තපස්සී සමණො ගොතමො තපස්සිතාය ධම්මං දෙසෙති, තෙන ච සාවකෙ විනෙතීති.
Sinhala BJT6. සීහය, ‘ශ්‍රමණ ගෞතම තපස්වී වූයේ තපස්වීතාවට දම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියන්නේ නම් එ කරුණ ඇත.
Pali BJT7. අත්ථි සීහ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය, අපගබ්භො සමණො ගොතමො අපගබ්භතාය ධම්මං දෙසෙති, තෙන ච සාවකෙ විනෙතීති.
Sinhala BJT7. සීහය, ‘ශ්‍රමණ ගෞතම අපගර්‍භ වූයේ අපගර්‍භතාවට දම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්ම වන්නේය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියන්නේ නම් එ කරුණ ඇත.
Pali BJT8. අත්ථි සීහ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය, අස්සාසකො{1} සමණො ගොතමො අස්සාසාය ධම්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතීති.
Sinhala BJT8. සීහය, ‘ශ්‍රමණ ගෞතම ආශ්වාසක වූයේ ආශ්වාසය පිණිස දම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්ම වන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියන්නේ නම් එ කරුණ ඇත.
Pali BJT1. කතමො ච සීහ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය අකිරියවාදො සමණො ගොතමො අකිරියාය ධම්මං දෙසෙති, තෙන ච සාවකෙ විනෙතීති: අහං හි සීහ, අකිරියං වදාමි කායදුච්චරිතස්ස වචීදුච්චරිතස්ස මනොදුච්චරිතස්ස, අනෙකවිහිතානං පාපකානං අකුසලානං ධම්මානං අකිරියං වදාමි. අයං ඛො සීහ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය අකිරියවාදො සමණො ගොතමො අකිරියාය ධම්මං දෙසෙති, තෙන ච සාවකෙ විනෙතීති.
Sinhala BJT1. සීහය. ‘ශ්‍රමණ ගෞතම අක්‍රියවාද ඇත්තේ අක්‍රියවාදයට දහම් දෙසන්නේය, එයින් එයින් සව්වනුදු හික්ම වන්නේ ය’යි මොනොවට කියන්නෙක් යම් කරුණෙකින් මට කියන්නේ නම් ඒ කරුණ කවර යත්: සීහය, මම වනාහි කාය දුශ්චරිතයාගේ වාග් දුශ්චරිතයාගේ මනෝ දුශ්චරිතයාගේ අක්‍රියාව කියන්නෙමි, නන් වැදෑරුම් වූ ලාමක අකුශල ධර්‍මයන්ගේ අක්‍රියාව කියන්නෙමි. සීහය, ‘ශ්‍රමණ ගෞතම අක්‍රියවාද ඇත්තේ අක්‍රියාවට දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේය’යි මොනොවට කියන්නෙක් යම් කරුණෙකින් මට කියන්නේ නම් මේ එ කරුණ යි.
Pali BJT2. කතමො ච සීහ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය කිරියවාදො සමණො ගොතමො කිරියාය ධම්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතීති: අහං හි සීහ, කිරියං වදාමි. කායසුචරිතස්ස වචීසුචරිතස්ස මනොසුචරිතස්ස, අනෙකවිහිතානං කුසලානං ධම්මානං කිරියං වදාමි. අයං ඛො සීහ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය කිරියවාදො සමණො ගොතමො කිරියාය ධම්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතීති.
Sinhala BJT2. සීහය, ‘ශ්‍රමණ ගෞතම තෙම ක්‍රියාවාද ඇත්තේ ක්‍රියාවට දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියන්නෙක් මට කියන්නේ නම් ඒ කරුණ කවර යත්: සීහය, මම් වනාහි කාය සුචරිතයාගේ වාක් සුචරිතයාගේ මනස් සුචරිතයාගේ ක්‍රියාව කියමි, නන් වැදැරුම් කුසල්දහමුන්ගේ ක්‍රියාව කියමි. සීහය. ‘ශ්‍රමණ ගෞතම ක්‍රියාවාද ඇත්තේ ක්‍රියාවට දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියන්නෙක් මට කියා නම් මේ එ කරුණ යි.
Pali BJT3. කතමො ච සීහ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය උච්ඡෙදවාදො සමණො ගොතමො, උච්ඡෙදාය ධම්මං දෙසෙති, තෙන ච සාවකෙ විනෙතීති: අහං හි සීහ, උච්ඡෙදං වදාමි රාගස්ස දොසස්ස මොහස්ස, අනෙකවිහිතානං පාපකානං අකුසලානං ධම්මානං උච්ඡෙදං වදාමි. අයං ඛො සීහ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය උච්ඡෙදවාදො සමණො ගොතමො උච්ඡෙදාය ධම්මං දෙසෙති, තෙන ච සාවකෙ විනෙතීති.
Sinhala BJT3. සීහය, ‘ශ්‍රමණ ගෞතම උච්ඡේද වාද ඇත්තේ උච්ඡේදයට දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියන්නෙක් මට කියා නම් ඒ කරුණ කවර යත්: සීහය මම වනාහි රාගයාගේ ද්වේෂයාගේ මෝහයාගේ උච්ඡේදය කියන්නෙමි, අනේක විහිත වූ ලාමක අකුශල ධර්‍මයන්ගේ උච්ඡේදය කියන්නෙමි. සීහය, ‘ශ්‍රමණ ගෞතම තෙම උච්ඡේද වාද ඇතියේ උච්ඡේදය පිණිස දම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයේ මට කියන්නේ නම් මේ එ කරුණයි.
Pali BJT4. කතමො ච සීහ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය ජෙගුච්ඡී සමණො ගොතමො ජෙගුච්ඡිතාය ධම්මං දෙසෙති, තෙන ච සාවකෙ විනෙතීති: අහං හි සීහ, ජිගුච්ඡාමි. කායදුච්චරිතෙන වචීදුච්චරිතෙන මනොදුච්චරිතෙන, අනෙකවිහිතානං පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා ජිගුච්ඡාමි. අයං ඛො සීහ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය ජෙගුච්ඡි සමණො ගොතමො ජෙගුච්ඡිතාය ධම්මං දෙසෙති, තෙන ච සාවකෙ විනෙතීති.
Sinhala BJT4. සීහය, ‘ශ්‍රමණ ගෞතම තෙම ජුගුප්සා කරන සුලු වූයේ ජුගුප්සා කරන සුලු බවට ධර්‍මය දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියන්නෙක් මට කියා නම් ඒ කරුණ කවර යත්: සීහය, මම වනාහි කාය දුශ්චරිතයට වාග් දුශ්චරිතයට ම මනෝ දුශ්චරිතයට ජුගුප්සා කරමි, අනේක විහිත වු ලාමක අකුශල ධර්‍මයනට සමවැදුමට ජුගුප්සා කරමි. සීහය, ‘ශ්‍රමණ ගෞතම තෙමේ ජුගුප්සා කරන සුලු වූයේ ජුගුප්සා කරන සුලු බවට දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියන්නෙක් මට කියා නම් මේ එ කරුණ වෙයි.
Pali BJT5. කතමො ච සීහ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය: වෙනයිකො සමණො ගොතමො විනයාය ධම්මං දෙසෙති, තෙන ච සාවකෙ විනෙතීති: අහං හි සීහ, විනයාය ධම්මං දෙසෙමි. රාගස්ස දොසස්ස මොහස්ස, අනෙකවිහිතානං පාපකානං අකුසලානං ධම්මානං විනයාය ධම්මං දෙසෙමි. අයං ඛො සීහ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය වෙනයිකො සමණො ගොතමො, විනයාය ධම්මං දෙසෙති, තෙන ච සාවකෙ විනෙතීති.
Sinhala BJT5. සීහය, ‘ශ්‍රමණ ගෞතම තෙමේ වෙනයික වූයේ විනය පිණිස දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියා නම් ඒ කරුණ කවර යත්: සීහය, මම වනාහි රාගයාගේ ද්වේෂයාගේ මෝහයාගේ විනය පිණිස දහම් දෙසමි, අනේකවිධ වූ ලාමක අකුශල ධර්‍මයන්ගේ විනය පිණිස දහම් දෙසමි. සීහය, ‘ශ්‍රමණ ගෞතම තෙමේ වෙනයික වූයේ විනය පිණිස දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියා නම් මේ එ කරුණ වෙයි.
Pali BJT6. කතමො ච සීහ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය: තපස්සී සමණො ගොතමො තපස්සිතාය ධම්මං දෙසෙති, තෙන ච සාවකෙ විනෙතීති: තපනීයාහං සීහ, පාපකෙ අකුසලෙ ධම්මෙ වදාමි. කායදුච්චරිතං වචීදුච්චරිතං මනොදුච්චරිතං, යස්ස ඛො සීහ, තපනීයා පාපකා අකුසලා ධම්මා පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. තමහං තපස්සීති වදාමි. තථාගතස්ස ඛො සීහ, තපනීයා පාපකා අකුසලා ධම්මා පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. අයං ඛො සීහ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය තපස්සී සමණො. ගොතමො තපස්සිතාය ධම්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතීති.
Sinhala BJT6. සීහය, ‘ශ්‍රමණ ගෞතම තපස්වී වූයේ තපස්වී භාවයට ධර්‍මය දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්ම වන්නේ ය’යි යම් කරුණෙකින් මට කියන්නේ නම් ඒ කරුණ කවර යත්: සීහය, මම් කාය දුශ්චරිතය වාග් දුශ්චරිතය මනෝ දුශ්චරිතය යන ලාමක අකුශල ධර්‍ම තපනීය යි කියමි. සීහය, යමකුගේ තපනීය ලාමක අකුශල ධර්‍මයෝ ප්‍රහීණ වූවාහු උසුන් මුල් ඇත්තාහු තාලාවස්තුකෘත වූවාහු අනභාවකෘත වූවාහු මතුයෙහි නූපදනා සැහැවි ඇත්තාහු වෙත් නම්, මම ඔහු තපස්වී යයි කියමි. සීහය, තථාගතයන්හට වනාහි තපනීය වූ ලාමක අකුශල ධර්‍මයෝ ප්‍රහීණයහ, උච්ඡින්න මූලයහ, තාලාවස්තුකෘතයහ, අනභාවකෘතයහ, මතුයෙහි නූපදනා සැහැවි ඇතියහ. සීහය, ‘ශ්‍රමණ ගෞතම තෙමේ තපස්වී වූයේ තපස්වී භාවයට දහම් දෙසන්නේ ය. එයින් සව්වනුදු ම හික්ම වන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියා නම්, මේ එ කරුණ වෙයි.
Pali BJT7. කතමො ච සීහ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය අපගබ්භො සමණො ගොතමො අපගබ්භතාය ධම්මං දෙසෙති, තෙන ච සාවකෙ විනෙතීති. යස්ස ඛො සීහ, ආයතිං ගබ්භසෙය්යා පුනබ්භවාභිනිබ්බත්ති පහීනා, උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා, තමහං අපගබ්භොති වදාමි. තථාගතස්ස ඛො සීහ, ආයතිං ගබ්භසෙය්යා පුනබ්භවාභිනිබ්බත්ති පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. අයං ඛො සීහ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය අපගබ්භො සමණො ගොතමො අපගබ්භතාය ධම්මං දෙසෙති, තෙන ච සාවකෙ විනෙතීති.
Sinhala BJT7. සීහය, ‘ශ්‍රමණ ගෞතම අපගර්‍භ වූයේ අපගර්‍හතාව පිණිස දම් දෙසන්නේ ය, එයින් සව්වනුදු ම හික්ම වන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියා නම්, මේ එ කරුණ කවර යත්: සීහය, යමක්හුගේ මතුයෙහි මාතෘගර්‍භශය්‍යාව පුනර්‍හවාහිනිර්‍වෘත්තිය ප්‍රහීණ ද, උච්ඡින්නමූල ද, තාලාවස්තුකෘත ද, අනභාවකෘත ද, මතුයෙහි නූපදනා සැහැවි ඇත්තී ද, මම ඔහු අපගර්‍භය යි කියමි. සීහය, තථාගතයන්ගේ මතුයෙහි ගර්‍භශය්‍යාව පුනර්‍භවාහිනිර්‍වෘත්තිය ප්‍රහීණ ය, උච්ඡින්නමූල ය, තාලාවස්තුකෘත ය, අනභාවකෘත ය, මතුයෙහි නූපදනා සුලු ය. සීහය, ශ්‍රමණ ගෞතම තෙමේ අපගර්‍භ වූයේ අපගර්‍හතාව පිණිස දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියන්නෙක් මට කියා නම් මේ එ කරුණ යි.
Pali BJT8. කතමො ච සීහ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය අස්සාසකො සමණො ගොතමො අස්සාසාය ධම්මං දෙසෙති, තෙන ච සාවකෙ විනෙතීති. අහං හි සීහ, අස්සාසකො පරමෙන අස්සාසෙන, අස්සාසාය ච ධම්මං දෙසෙමි, තෙන ච සාවකෙ විනෙමි. අයං ඛො සීහ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය අස්සාසකො සමණො ගොතමො අස්සාසාය ධම්මං දෙසෙති, තෙන ච සාවකෙ විනෙතීති.
Sinhala BJT8. සීහය, ‘ශ්‍රමණ ගෞතම ආශ්වාසකවූයේ ආශ්වාසය සඳහා දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියන්නෙක් මට කියා නම් ඒ කරුණ කවර යත්: සීහය, මම් වනාහි (චතුමාර්‍ග - ඵල සඞ්ඛ්‍යාත) උත්තම ආශ්වාසයෙන් ආශ්වාසක වූයෙම් ආශ්වාසය පිණිස දහම් දෙසමි, එයින් සව්වනුදු හික්මවමි. සීහය, ‘ශ්‍රමණ ගෞතම ආශ්වාසක වූයේ ආශ්වාසය පිණිස දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියා නම් මේ එ කරුණ යි.
Pali BJTඑවං වුත්තෙ සීහො සෙනාපති භගවන්තං එතදවොච: අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ, -පෙ- උපාසකං මං භන්තෙ, භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි සිංහසේනාපති භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: ‘වහන්ස, ඉතා කාන්තය, වහන්ස, ඉතා කාන්ත ය ... වහන්ස, අද පටන් දිවි හිම් කොට සරණ ගිය උවසකු කොට භාග්‍යවතුන් වහන්සේ මා දරන සේක්වා’යි.
Pali BJTඅනුවිච්චකාරං ඛො සීහ, කරොහි, අනුවිච්චකාරො තුම්හාදිසානං ඤාතමනුස්සානං සාධු හොතීති.
Sinhala BJTසීහය, අනුචින්තනය කොට (සිතා පිරික්සා) කටයුතු කරව, තා බඳු ප්‍රසිද්ධ මනුෂ්‍යයනට අනුචින්තන ක්‍රියාව ම මනා වෙයි.
Pali BJTඉමිනා පහං භන්තෙ භගවතො භිය්යොසොමත්තාය අත්තමනො අභිරද්ධො, යං මං භගවා එවමාහ: අනුවිච්චකාරං ඛො සීහ, කරොහි, අනුවිච්චකාරො තුම්හාදිසානං ඤාතමනුස්සානං සාධු හොතීති.
Sinhala BJTවහන්ස, මෙ කරුණෙනුත් මම භාග්‍යවතුන් වහන්සේට බෙහෙවින් සතුටු සිතැත්තෙම් ඇලුනෙම් වෙමි. යම් කරුණෙකින් භාග්‍යවතුන් වහන්සේ ‘සීහය, අනුචින්තන ක්‍රියා කරව, අනුචින්තන ක්‍රියාව ම තොප බඳු ප්‍රසිද්ධ මනුෂ්‍යයනට මනා වේ ය’යි මට මෙසේ වදාළ සේක් නම් එහෙයිනි.
Pali BJTමමං හි භන්තෙ, අඤ්ඤතිත්ථියා සාවකං ලභිත්වා කෙවලකප්පං වෙසාලිං පටාකං පරිහරෙය්යුං: සීහො අම්හාකං සෙනාපති සාවකත්තං උපගතොති. අථ ච පන මං භගවා එවමාහ: අනුවිච්චකාරං ඛො සීහ, කරොහි. අනුවිච්චකාරො තුම්හාදිසානං ඤාතමනුස්සානං සාධු හොතීති. එසාහං භන්තෙ, දුතියම්පි භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච, උපාසකං මං භන්තෙ, භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTවහන්ස, මා බඳු සව්වකු ලැබ අන්තොටුවෝ හැම විසල්පුර ‘සිංහ සේනාපති අපගේ සවු බවට පැමිණියේ ය’යි කෙහෙලි නගන්නාහ. වැලිත් භාග්‍යවතුන් වහන්සේ ‘සීහය, අනුචින්තන ක්‍රියා කරව, තොප බඳු ප්‍රසිද්ධ මනුෂ්‍යයනට අනුචින්තන ක්‍රියාව ම මනා වන්නේ ය’යි මට මෙසේ වදාරන සේක. වහන්ස, තෙල මම දෙවනවට ද භාග්‍යවතුන් වහන්සේත් ධර්‍මයත් බික්සඟුනුත් සරණ යෙමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් මා දිවිහිම් කොට සරණ ගිය උවසු කොට දරන සේක්ව යී.
Pali BJTදීඝරත්තං ඛො තෙ සීහ, නිගණ්ඨානාං ඔපානභූතං කුලං යෙන තෙසං උපගතානං පිණ්ඩකං දාතබ්බං මඤ්ඤෙය්යාසීති.
Sinhala BJTසීහය, යම් හෙයකින් තාගේ නිවෙස බොහෝ කල් පටන් නුවටුනට (පිළියෙළකළ) උදපානයක් (ළිඳක්) බඳු වී ද (එහෙයින්) එළඹුණු ඔවුනට පිඬු දිය යුතු කොට හඟුවයි.
Pali BJTඉමිනාපහං භන්තෙ, භගවතො භීය්යොසොමත්තාය අත්තමනො අභිරද්ධො යං මං භගවා එවමාහ: දීඝරත්තං ඛො තෙ සීහ, නිගණ්ඨානං ඔපානභූතං කුලං යෙන තෙසං උපගතානං පිණ්ඩකං දාතබ්බං මඤ්ඤෙය්යාසීති.
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ යම්බඳු මට ‘සීහය, යම් හෙයෙකින් දිගු කලෙක පටන් තාගේ නිවෙස අන්තොටුවනට පිළියෙළ කළ ළිඳක් බඳු වීද, එහෙයින් වෙත පැමිණි උනට පිඬුවා දිය යුතු කොට හඟුව’යි මෙසේ වදාරන සේක් නම්, මෙ කරුණින් ද මම් භාග්‍යවතුන් වහන්සේට බෙහෙවින් සතුටු සිතැතියෙම් ඇලුනෙම් වෙමි.
Pali BJTසුතං මෙ තං භන්තෙ, සමණො ගොතමො එවමාහ: මය්හමෙව දානං දාතබ්බං න අඤ්ඤෙසං දානං දාතබ්බං, මය්හමෙව සාවකානං දානං දාතබ්බං න අඤ්ඤෙසං සාවකානං දානං දාතබ්බං, මය්හමෙව දින්නං මහප්ඵලං, න අඤ්ඤෙසං දින්නං මහප්ඵලං, මය්හමෙව සාවකානං දින්නං මහප්ඵලං නාඤ්ඤෙසං සාවකානං දින්නං මහප්ඵලන්ති. අථ ච පන මං භගවා නිගණ්ඨෙසුපි දානෙ සමාදපෙති. අපි ච භන්තෙ, මයමෙත්ථකාලං ජානිස්සාම. එසාහං භන්තෙ තතියම්පි භගවන්තං සරණං ගච්ඡාමි. ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච උපාසකං මං භන්තෙ, භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTවහන්ස, ‘මහණ ගොයුම් මෙසේ කියති’යි යන තෙල කරුණ මා විසින් අසන ලදී. ‘මාහට ම දන් දියයුතු වෙයි. අන්හට දන් දියයුතු නො වෙයි. මාගේ සව්වනට ම දන් දියයුතු වෙයි, අන්සව්වනට දන් දියයුතු නො වේ. මාහට දෙන ලද්ද ම මහත් ඵල වෙයි, අන්හට දෙන ලද්ද මහත්ඵල නො වෙයි. මාගේ සව්වනට ම දුන් දෑ මහත් ඵල වෙයි, අන් සව්වනට දුන් දෑ මහත් ඵල නො වෙයි’ කියායි. වැලි දු භාග්‍යවතුන් වහන්සේ මා නුවටුන් කෙරෙහිදු දීමෙහි සමාදන් කරවන්නාහ. වැලිදු වහන්ස, මෙ කරුණෙහි ලා අපි කල් දන්නමු. වහන්ස, තෙල මම තෙවනවටත් භාග්‍යවතුන් වහන්සේත් දහමත් බික්සඟනත් සරණ කොට යෙමි. වහන්ස, අද පටන් භාග්‍යවතුන් වහන්සේ මා දිවිහිමියෙන් සරණ ගිය උවසු කොට ධරන සේක්වයි.
Pali BJTඅථ ඛො භගවා සීහස්ස සෙනාපතිස්ස ආනුපුබ්බීකථං{1} කථෙසි. සෙය්යථීදං: දාන කථං සීලකථං සග්ගකථං කාමානං ආදීනවං ඔකාරං සඞ්කිලෙසං නෙක්ඛම්මෙ ච ආනිසංසං පකාසෙසි.
Sinhala BJTඉක්බිති සිංහ සේනාපතිහට භාග්‍යවතුන් වහන්සේ අනුපිළිවෙළ කථාව වදාළ සේක. එනම්: දානකථාය, සීලකථාය, සග්ගකථාය, කාමයන්ගේ අයුණු හා ලමු බව හා සකිලිටිය හා පැවිද්දෙහි අනුසස් ද පැවසූ සේක.
Pali BJTයදා භගවා අඤ්ඤාසි සීහං සෙනාපතිං කල්ලචිත්තං මුදුචිත්තං විනීවරණචිත්තං උදග්ගචිත්තං පසන්නචිත්තං, අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදෙසනා තං පකාසෙසි: දුක්ඛං සමුදයං නිරොධං මග්ගං, සෙය්යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදෙව රජනං පතිගණ්හෙය්ය, එවමෙව සීහස්ස සෙනාපතිස්ස තස්මිං යෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි යං කිඤ්චි සමුදයධම්මං සබ්බන්තං නිරොධධම්මන්ති.
Sinhala BJTයම් විටෙක භාග්‍යවතුන් වහන්සේ සිංහ සේනාපති අරෝග සිත් ඇතියහු, මෘදු චිත්ත වූවහු නීවරණින් තොර සිත් ඇතියහු ඔදපත් සිතැතියහු පහන් සිතැතියහු දත් සේක් ද, එවිට දුඃඛ, සමුදය, නිරෝධ, මාර්‍ග යන බුදුවරුන්ගේ යම් සාමුක්කංසික ධම්මදේසනායෙක් (තමා විසින් ම දත් අන්‍යයනට අසාධාරණ දහම් දෙසුමෙක්) වේ නම් එය පාළ කළ සේක. යම් පරිදි ඉවත්කළ කළුලප ඇති සුදු වතක් මොනොවට රදන් පිළිගන්නේ ද, එපරිදිම සිංහ සේනාපතිහට එම අස්නෙහි පහවූ රාගාදී රජස් ඇති පහවූ රාගාදි මල ඇති යම්කිසි සමුදය ස්වභාවයෙක් ඇත්නම්, එ හැම නිරුද්ධවන සුලු යැයි (ස්‍රෝතාපත්ති මාර්‍ග සඞ්ඛ්‍යාත) ධර්‍ම චක්සුස උපන.
Pali BJTඅථ ඛො සීහො සෙනාපති දිට්ඨධම්මො පත්තධම්මො විදිතධම්මො පරියොගාළ්හධම්මො තිණ්ණවිචිකිච්ඡො විගතකථඞ්කථො වෙසාරජ්ජප්පත්තො අපරප්පච්චයො සත්ථුසාසනෙ භගවන්තං එතදවොච:
Sinhala BJTඉක්බිති සිංහ සේනාපති දුටු (අරීසස්) දම් ඇතියේ (සෝවාන් මඟ පල නමැති) පත්දම් ඇතියේ පසක් කළ (නිවන්) දම් ඇතියේ බැසගත් දහම් ඇතියේ තරණය කළ විචිකිත්සා ඇතියේ පහවූ කථඞ්කථා ඇතියේ වෙසරද බවට පැමිණියේ (ශාස්තෘ ශාසනයෙහි) පරප්‍රත්‍යය රහිත වූයේ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කෙළේය:
Pali BJTඅධිවාසෙතු මෙ භන්තෙ, භගවා ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනාති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සඟුන් සමඟ සෙට දවස් පිණිස මාගේ බත ඉවසා වදාරන සේක්වයි. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසූ සේක.
Pali BJTඅථ ඛො සීහො සෙනාපති භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJTඉක්බිති සිංහ සේනාපති භාග්‍යවත්හුගේ අධිවාසනය දැන හුනස්නෙන් නැඟි භාග්‍යවතුන් වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.
Pali BJTඅථ ඛො සීහො සෙනාපති අඤ්ඤතරං පුරිසං ආමන්තෙසි: ගච්ඡ ත්වං අම්භො පුරිස, පවත්තමංසං ජානාහීති. අථ ඛො සීහො සෙනාපති තස්සා රත්තියා අච්චයෙන සකෙ නිවෙසනෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා භගවතො කාලං ආරොචාපෙසි. කාලො භන්තෙ, නිට්ඨිතං භත්තන්ති.
Sinhala BJTඉක්බිති සිංහ සේනාපති ‘එම්බා පුරුෂය, යව, ප්‍රවෘත්ත මාංශයක් දනුව’යි අන්‍යතර පුරුෂයකු ඇමතී ය. ඉන්පසු සිංහසේනාපති එ රෑ ඇවෑමෙන් සිය නිවෙස්හි ප්‍රණීත වූ කෑ යුතු බුදිය යුතු දෑ පිළියෙළ කරවා භාග්‍යවතුන් වහන්සේට ‘වහන්ස, බතට කල් වේ වයි. බත් (සපයා) නිමැවිණැයි’ කල් දැන්වී ය.
Pali BJTඅථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන සීහස්ස සෙනාපතිස්ස නිවෙසනං තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි සද්ධිං භික්ඛුසඞ්ඝෙන.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු සමයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙන සිංහ සේනාපතිහුගේ නිවෙසට වැඩි සේක, වැඩ බික්සඟුන් සමඟ පැනවූ අස්නෙහි වැඩ හුන්හ.
Pali BJTතෙන ඛො පන සමයෙන සම්බහුලා නිගණ්ඨා වෙසාලියං රථිකාය රථිකං{1} සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං බාහා පග්ගය්හ කන්දන්ති. අජ්ජ සීහෙන සෙනාපතිනා ථුල්ලං පසුං වධිත්වා සමණස්ස ගොතමස්ස භත්තං කතං. තං සමණො ගොතමො ජානං උද්දිස්සකටං මංසං පරිභුඤ්ජති පටිච්ච කම්මන්ති.
Sinhala BJTඑකල්හි බොහෝ නුවටෝ විසල්පුර වීථියෙන් වීථියෙහි සිවුමංසලින් සිවුමංසල දෙයත් බැඳ ‘අද සිංහ සේනාපතීහු විසින් මහසිරුරැති සිවුපාවකු මරා මහණ ගොයුම්හට බතක් කරන ලදී. මහණ ගොයුම් උදෙසා කළ ප්‍රතීත්‍යකර්‍ම (කර්‍මස්පර්‍ශය ඇති නොහොත් තමා පිණිස කළ නොහොත් නිමිත්තකර්‍ම) වූ එ මස දන්නේ ම වළඳ කෙරේය යි හඬගා කියත්.
Pali BJTඅථ ඛො අඤ්ඤතරො පුරිසො යෙන සීහො සෙනාපති තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා සීහස්ස සෙනාපතිස්ස උපකණ්ණකෙ ආරොචෙසි. යග්ඝෙ භන්තෙ, ජානෙය්යාසි: එතෙ සම්බහුලා නිගණ්ඨා වෙසාලියං රථිකාය රථිකං{1} සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං බාහා පග්ගය්හ කන්දන්ති. අජ්ජ සීහෙන සෙනාපතිනා ථුල්ලං පසුං වධිත්වා සමණස්ස ගොතමස්ස භත්තං කතං, තං සමණො ගොතමො ජානං උද්දිස්සකටං මංසං පරිභුඤ්ජති පටිච්චකම්මන්ති.
Sinhala BJTඑකල්හි අන්‍යතර පුරුෂයෙක් සිංහ සේනාපතීහු යම් තැනෙක ද, එහි එළැඹියේ ය, වෙත අවුත් කන්මුල්හි කොඳුරා සැල කෙළේ: ‘වහන්ස, තෙල කරුණ දන්නහු ද? තෙල බොහෝ නුවටහු විසල් පුර වීථියෙන් වීථියෙහි සිවුමංසලින් සිවුමංසලෙහි දෙයත් බැඳ අද සිංහ සේනාපතීහු විසින් තර සිවුපාවකු මරා මහණ ගොයුම්හට බතක් කරන ලදී, මහණ ගොයුම් දන්නේ ම උදෙසා කළ ප්‍රතීත්‍යකර්‍ම වූ එ මස දන්නේ ම වළඳ කරනේය යි හඬ නගා කියති” යි.
Pali BJTඅලං අය්යො දීඝරත්තම්පි තෙ ආයස්මන්තො අවණ්ණකාමා බුද්ධස්ස, අවණ්ණකාමා ධම්මස්ස, අවණ්ණකාමා සඞ්ඝස්ස න ච පනෙතෙ ආයස්මන්තො ජීරන්ති තං භගවන්තං අසතා තුච්ඡා මුසා අභූතෙන අබ්භාචික්ඛන්තා, න ච මයං ජීවිතහෙතූපි සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙය්යාමාති.
Sinhala BJT“ආර්‍ය්‍යය, ඉන් කම් නැත, බොහෝ කලක් ම ඒ ආයුෂ්මත්හු බුදුන්ට අයුණු කැමැත්තාහුය, දහමට අයුණු කැමැතියහ, සඟනට අයුණු කැමැතියහ. තෙල ආයුෂ්මත්හු ඒ භාග්‍යවතුන් අසත්‍ය වූ තුච්ඡ වූ මුසා වූ අභූතයෙන් අභ්‍යාඛ්‍යාන කරන්නාහු (අයුණු කියුම්හි) නිමාවට ද නො යන්නාහ, අපිදු ජීවිත හේතුයෙන් දැන දැන සතකු දිවි තොර නොකරම්හි”යි.
Pali BJTඅථ ඛො සීහො සෙනාපති බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසි. සම්පවාරෙසි. අථ ඛො සීහො සෙනාපති භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො සීහං සෙනාපතිං භගවා ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමීති.
Sinhala BJTඉක්බිති සීහ සේනාපති බුදුපාමොක් බික්සඟුන් පිණි වු කෑ යුතුයෙන් හා බුදිය යුතුයෙන් සියතින් සතපාලී ය, පවරාලී ය. ඉක්බිති සීහ සේනාපති වැළඳූ පාත්‍රයෙන් ඉවතගත් ඇති, භාග්‍යවතුන් වහන්සේගේ එකත්පසෙක හින. එකත්පසෙක හුන් සිහ සේනාපතීහු භාග්‍යවතුන් වහන්සේ දැහැමි කථායෙන් කරුණු දක්වා සමාදන් කරවා තෙද ගන්වා පහන් කරවා හුනස්නෙන් නැඟී වැඩි සේකි.
Pali BJT8. 1. 2. 3.
Sinhala BJT8. 1. 2. 3.
Pali BJTආජඤ්ඤ සුත්තං
Sinhala BJTආජඤ්ඤ සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅට්ඨහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො භද්රො අස්සාජානීයො රාජාරහො හොති රාජභොග්ගො රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති, කතමෙහි අට්ඨහි:
Sinhala BJTමහණෙනි, රජහුගේ භද්‍ර වූ අශ්වාජානේයයා අංග අටෙකින් සමන්‍වාගත වූයේ රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. රාජාඞ්ගයෙකැයි ම සඞ්ඛ්‍යාවට යෙයි. කවර අටෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ, රඤ්ඤො භද්රො අස්සාජානීයො උභතො සුජාතො හොති. මාතිතො ච පිතිතො ච යස්සං දිසායං අඤ්ඤෙපි භද්රා අස්සාජානීයා ජායන්ති තස්සං දිසායං ජාතො හොති, යං ඛො පනස්ස භොජනං දෙන්ති අල්ලං වා සුක්ඛං වා, තං සක්කච්චං යෙව පරිභුඤ්ජති අවිකිරන්තො, ජෙගුච්ඡි හොති උච්චාරං වා පස්සාවං වා අභිනිසීදිතුං වා අභිනිපජ්ජිතුං වා, සොරතො හොති සුඛසංවාසො, න අඤ්ඤෙ අස්සෙ උබ්බෙජෙතා, යානි ඛො පනස්ස හොන්ති සාඨෙය්යානි කූටෙය්යානි ජිම්භෙය්යානි වඞ්කෙය්යානි තානි යථාභූතං සාරථිස්ස ආවීකත්තා හොති.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි රජුගේ භද්‍ර වූ ආජානේය අශ්ව තෙමේ මවගෙන් හා පියාගෙන් සුජාත වෙයි. යම් දිගෙක අන්‍ය භද්‍රවූ ආජානේය අශ්වයෝ උපදිත් නම් එ දික්හි උපනේ වෙයි. ඔහට අමු වේවයි වියැළි වේවයි යම් ම භෝජනයක් දෙත් නම් එය නො විසුරුවමින් සකසාම බුදියි. මලෙහි හෝ මූයෙහි හෝ හිඳිනට හෝ හෝනට හෝ පිළිකුල් කරන සුලු වෙයි. සුඛසංවාස ඇතියේ සොරත වෙයි. අන් අසුන් නො තැකි ගන්වන්නේ වෙයි. ඔහුගේ යම් ශඨබැව්හු කුළුබැව්හු ඇදබැව්හු වක්බැව්හු වෙත් නම් එ හැම අස්සැරිහට ඇති සැටියෙන් පළ කරන්නේ වෙයි.
Pali BJTතෙසමස්ස සාරථී අභිනිම්මදනාය වායමති, වාහී ඛො පන හොති කාමඤ්ඤෙ අස්සා වහන්තු වා මා වා අහමෙත්ථ වහිස්සාමීති චිත්තං උප්පාදෙති, ගච්ඡන්තො ඛො පන උජුමග්ගෙනෙව ගච්ඡති, ථාමවා හොති යාව ජීවිතමරණපරියාදානා ථාමං උපදංසෙතා, ඉමෙහි ඛො භික්ඛවෙ, අට්ඨහි අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො භද්රො අස්සාජානීයො රාජාරහො හොති රාජභොග්ගො, රඤ්ඤො අඞ්ගත්වෙ සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTඔහුගේ එ හැම මඩනට අස්සැරි වෑයම් කෙරෙයි. වහන සැහැවි (බර උසුලන බව, දුන් ඔවා පිළිපදින බව) ඇතියේ වෙයි. එකැතින් අන් අස්හු උසුලත්වයි නො උසුලත්වයි මෙහිලා මම් උසුලන්නෙමැයි සිත් දනවයි. යන්නේ ද ඉදු මඟින් ම යන්නේ වෙයි. ස්ථාමවත් වෙයි. ජීවිතයාගේ මරණයෙන් කෙළවර තෙක් ස්ථාමය (ශක්තිය) පවත්වනුයේ ද වෙයි. මහණෙනි, රජුගේ භද්‍රවූ ආජානේය අශ්වයා මේ අටඟින් යුක්ත වූයේ රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. රජහුගේ අංගයෙකැයි ම සඞ්ඛ්‍යාවට යෙයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ අට්ඨහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස, කතමෙහි අට්ඨහි:
Sinhala BJTමහණෙනි, එ පරිද්දෙන් ම ගුණදම් අටෙකින් සමන්‍වාගත වූ මහණ ආහුනාර්‍හ වෙයි ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ. කවර අටෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු සීලවා හොති. පාතිමොක්ඛසංවරසංවුතො විහරති. ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු, යං ඛො පනස්ස භොජනං දෙන්ති ලූඛං වා පණීතං වා තං සක්කච්චංයෙව පරිභුඤ්ජති අවිහඤ්ඤමානො, ජෙගුච්ඡි හොති කායදුච්චරිතෙන වචීදුච්චරිතෙන මනොදුච්චරිතෙන, ජෙගුච්ඡි හොති අනෙකවිහිතානං පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා, සොරතො හොති සුඛසංවාසො, න අඤ්ඤෙ භික්ඛු උබ්බෙජෙතා. යානි ඛො පනස්ස හොන්තී සාඨෙය්යානි කූටෙය්යානි ජිම්භෙය්යානි වඞ්කෙය්යානි තානි යථාභූතං ආවීකත්තා හොති සත්ථරි වා විඤ්ඤූසු වා සබ්රහ්මචාරිසු, තෙසමස්ස සත්ථා වා විඤ්ඤූ වා සබ්රහ්මචාරී අභිනිම්මදනාය වායමති. සික්ඛිතා ඛො පන හොති. කාමඤ්ඤෙ භික්ඛු සික්ඛන්තු වා මා වා අහමෙත්ථ සික්ඛිස්සාමීති චිත්තං උප්පාදෙති. ගච්ඡන්තො ඛො පන උජුමග්ගෙනෙව ගච්ඡති. තත්රායං උජුමග්ගො සෙය්යථීදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි, ආරද්ධවිරියො විහරති කාමං තචො ච නහාරු ච අට්ඨි ච අවසිස්සතු සරීරෙ උපසුස්සතු මංසලොහිතං, යන්තං පුරිසථාමෙන පුරිසවිරියෙන පුරිසපරක්කමෙන පත්තබ්බං, න තං අපාපුණිත්වා විරියස්ස සන්ථානං භවිස්සතීති. ඉමෙහි ඛො භික්ඛවෙ, අට්ඨහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති, -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවෘතව වාස කෙරෙයි. ආචාර ගෝචර සම්පන්න වූයේ අණුමාත්‍ර වරදෙහිදු බිය දක්නා සුලු වූයේ සිකපද සමාදන් කොට ගෙන හික්මෙයි. ඕහට රළු වේවයි පිණී වේවයි යම් ම බොජුනක් දෙත්නම් (තණ්හාමාන දිට්ඨි විසින්) නො ගැටෙමින් සකසා (අමාවක මෙන් සලකා) වලඳ කෙරෙයි. කාය දුශ්චරිතය වාග් දුශ්චරිතය මනෝ දුශ්චරිතය පිළිකුල් කරන සුලු වෙයි. අනේකවිධ වූ ලාමක වූ අකුශලධර්‍මයන්ගේ සමාපත්තියට පිළිකුල් කරන සුළු වෙයි. සුඛසංවාස ඇතියේ සුරත ගුණ ඇතියේ වෙයි. අන් මහණුන් නො තැති ගන්වනුයේ වෙයි. ඔහුගේ යම් ශඨ බැව්හු කුළුබැව්හු ඇද බැව්හු වක් බැව්හු වෙත් නම් එ හැම ශාස්තෘන් වහන්සේ කෙරෙහි හෝ නුවණැති සබ්‍රම්සරුන් කෙරෙහි හෝ ඇති සැටියෙන් පළ කරන්නේ වෙයි. ශාස්තෘන් වහන්සේ වේවයි නුවණැති සබ්‍රම්සරුහු වේවයි ඔහුගේ ඒ හැම මැඩුම් සඳහා වෑයම් කෙරෙයි. හික්මෙනුයේ ම වෙයි. එතැතින් අන් මහණහු හික්මෙත්වා හෝ නොහික්මෙත්වා හෝ යි මම මෙහි ලා හික්මෙන්නෙමැයි සිත උපදවයි. යන්නේ ද ඉදු මඟින් ම යෙයි. එහිලා මේ ඍජු මාර්‍ගය වේ: එනම්, සම්‍යක් දෘෂ්ටිය ... සම්‍යක්සමාධිය යි. ඇරඹූ වැර ඇතියේ වෙයි, නියතින් සිරුරෙහි සම ද නහර ද ඇට ද ශේෂ වේවා, මස් ලෙහෙ වියැළේවා. පුරුෂ ස්ථාමයෙන් (පුරුෂඥානබලයෙන්) පුරුෂවීර්‍ය්‍යයෙන්, පුරුෂපරාක්‍රමයෙන් පැමිණිය යුතු යමෙක් වේ නම් එයට (නිවනට) නොපැමිණ වීර්‍ය්‍යයාගේ පසුබැස්මෙක් නො වන්නේ ය කියායි. මහණෙනි, මේ අටදහමින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි ... ලොවට අනුතුරු පින්කෙත් වේයයි.
Pali BJT8. 1. 2. 4.
Sinhala BJT8. 1. 2. 4.
Pali BJTඛලුඞ්ක සුත්තං
Sinhala BJTඛලුඞ්ක සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅට්ඨ ච භික්ඛවෙ අස්සඛලුඞ්කෙ දෙසිස්සාමි අට්ඨ ච අස්සදොසෙ, අට්ඨ ච පුරිසඛලුඞ්කෙ අට්ඨ ච පුරිසදොසෙ, තං සුණාථ සාධුකං මනසි කරොථ භාසිස්සාමීති. එවං භන්තෙති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTමහණෙනි, අශ්වපෝතකයන් අට දෙනෙකුන් ද අශ්වදෝෂ අටක් ද පුරුෂඛලුඞ්කයන් හෙවත් අස්කුණ්ඩයන් බඳු (පුරුෂයන්) අට දෙනෙකුන් ද පුරිස්දොස් අටක් ද දෙසන්නෙමි. ඒ අසවු, මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමැ යි. ‘එසේය වහන්සැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක.
Pali BJT1. කතමෙ ච භික්ඛවෙ, අට්ඨ අස්සඛලුඞ්කා අට්ඨ ච අස්සදොසා: ඉධ භික්ඛවෙ, එකච්චො අස්සඛලුඞ්කො ‘පෙහී’ති වුත්තො විද්ධො සමානො චොදිතො සාරථිනා පච්ඡතො පටිසක්කති{1} පිට්ඨිතො රථං පටිවත්තෙති{2}. එවරූපොපි භික්ඛවෙ ඉධෙකච්චො අස්සඛලුඞ්කො හොති. අයං භික්ඛවෙ, පඨමො අස්සදොසො.
Sinhala BJT1. මහණෙනි, අශ්වඛලුඞ්කයන් අට දෙන ද අස්දොස් අට ද කවරහ යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් අශ්වඛලුඞ්කයෙක් රියසැරිහු විසින් යවයි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ පිටුපසට ඇදෙයි. පිටින් රිය පෙරළයි (කඳටින් විය උලා පසුපසින් රිය පෙරළමින් පසු බසී යූ සේ යි) මහණෙනි, මෙලොව්හි මෙ බඳු වූත් ඇතැම් අශ්වපෝතකයෙක් වෙයි. මහණෙනි, මේ පළමු අශ්වදෝෂ යි.
Pali BJT2. පුන චපරං භික්ඛවෙ, ඉධෙකච්චො අස්සඛලුඞ්කො ‘පෙහී’ති වුත්තො විද්ධො සමානො චොදිතො සාරථිනා පච්ඡා ලංඝති{3} කුබ්බරං හන්ති. තිදණ්ඩං භඤ්ජති. එවරූපොපි භික්ඛවෙ, ඉධෙකච්චො අස්සඛලුඞ්කො හොති. අයං භික්ඛවෙ දුතියො අස්සදොසො.
Sinhala BJT2. මහණෙනි, තව ද මෙ ලොව්හි අශ්වපෝතකයෙක් සාරථීහු විසින් යව යි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ පසු දෙපා ඔසවා පහර දෙයි. (රියෙහි) කිඹුල්මුව (පිටුපා ඔසවා පහර දී) බිඳියි. (රිය ඉදිරිපස වූ) දඬුතුණ බිඳියි. මහණෙනි, මෙලොව්හි මෙ බඳුවූත් ඇතැම් අස්කුණ්ඩයෙක් වෙයි. මහණෙනි, මේ දෙවන අශ්ව දෝෂ යි.
Pali BJT3. පුන චපරං භික්ඛවෙ, ඉධෙකච්චො අස්සඛලුඞ්කො ‘පෙහී’ති වුත්තො විද්ධො සමානො චොදිතො සාරථිනා රථිසාය සත්ථිං උස්සජ්ජිත්වා{4} රථිසං යෙව අජ්ඣොමද්දති, එවරූපොපි භික්ඛවෙ, ඉධෙකච්චො අස්සඛලුඞ්කො හොති. අයං භික්ඛවෙ තතියො අස්සදොසො.
Sinhala BJT3. තවද මහණෙනි, මෙලොව්හි ඇතැම් ඛලුඞ්කාශ්වයෙක් රිය සැරිහු විසින් යව යි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ රියහිසෙහි කලවා ඝටා රියහිස ම මඩිමින් සිටියි. (හිස නමා විය බිම හෙළා කලවයෙන් රියහිසට පහර දී දෙපයින් රියහිස මඩිමින් සිටියි යූ සේ යි) මහණෙනි, මෙ ලොව්හි මෙ බඳුවූත් ඇතැම් අස් පොව්වෙක් වෙයි. මහණෙනි, මේ තෙවන අශ්වදෝෂයි.
Pali BJT4. පුන චපරං භික්ඛවෙ ඉධෙකච්චො අස්සඛලුඞ්කො ‘පෙහී’ති වුත්තො විද්ධො සමානො චොදිතො සාරථිනා උම්මග්ගං ගණ්හාති, උබ්බටුමං රථං කරොති. එවරූපොපි භික්ඛවෙ ඉධෙකච්චො අස්සඛලුඞ්කො හොති. අයං භික්ඛවෙ චතුත්ථො අස්සදොසො.
Sinhala BJT4. මහණෙනි, තවද, මෙලොව්හි ඇතැම් අශ්වඛලුඞ්කයෙක් රියසැරිහු විසින් යව යි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ නො මඟ ගනියි. (ගොඩට හෝ කටුළැහැබකට හෝ නංවා) රිය නො මඟ ගන්නා ලද්දක් කරයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳුවූත් ඇතැම් අස්කුණ්ඩයෙක් වෙයි. මහණෙනි, මේ සිවුවන අශ්වදෝෂ යි.
Pali BJT5. පුන චපරං භික්ඛවෙ, ඉධෙකච්චො අස්සඛලුඞ්කො ‘පෙහී’ති වුත්තො විද්ධො සමානො චොදිතො සාරථිනා ලඞ්ඝති පුරිමං කායං, පග්ගණ්හාති පුරිමෙ පාදෙ. එවරූපොපි භික්ඛවෙ ඉධෙකච්චො අස්සඛලුඞ්කො හොති. අයං භික්ඛවෙ, පඤ්චමො අස්සදොසො.
Sinhala BJT5. මහණෙනි, තවද, මෙලොව්හි ඇතැම් අස්පොව්වෙක් සාරථීහු විසින් යව යි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ පෙරකය නඟයි. පෙර පා තර කොට ගනියි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූත් ඇතැම් අශ්වඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි, මේ පස් වන අශ්වදෝෂ යි.
Pali BJT6. පුන චපරං භික්ඛවෙ ඉධෙකච්චො අස්සඛලුඞ්කො ‘පෙහී’ති වුත්තො විද්ධො සමානො චොදිතො සාරථිනා අනාදියිත්වා සාරථිං අනාදියිත්වා පතොදං{1} දන්තෙහි{2} මුඛාධානං විදංසිත්වා{3} යෙන කාමං පක්කමති, එවරූපොපි භික්ඛවෙ, ඉධෙකච්චො අස්සඛලුඞ්කො හොති. අයං භික්ඛවෙ, ඡට්ඨො අස්සදොසො.
Sinhala BJT6. තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් අශ්වඛලුඞ්කයෙක් සාරථීහු විසින් යවයි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ සාරථීහු නො මෙනෙහි කොට කැවිට ද නො මෙනෙහි කොට දතින් මුව වළලු (කටකලියාව) ඩැහැගෙන කැමැතියේ යම් තෙනකට යයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූත් ඇතැම් අස්පොව්වෙක් වෙයි. මහණෙනි, මේ සවන අශ්වදෝෂ යි.
Pali BJT7. පුන චපරං භික්ඛවෙ ඉධෙකච්චො අස්සඛලුඞ්කො ‘පෙහී’ති වුත්තො විද්ධො සමානො චොදිතො සාරථිනා, නෙව අභික්කමති, නො පටික්කමති, තත්ථෙව ඛීලට්ඨායී ඨිතො හොති. එවරූපොපි භික්ඛවෙ, ඉධෙකච්චො අස්සඛලුඞ්කො හොති. අයං භික්ඛවෙ, සත්තමො, අස්සදොසො.
Sinhala BJT7. තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් අශ්වඛලුඞ්කයෙක් සාරථීහු විසින් යවයි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ ඉදිරියට නො ම යෙයි. පසුපසට ද ගමන් නො කෙරෙයි. එ තන්හි ම කීලස්ථායී ව (සතරපා ටැම්සේ පිහිටුවා ගෙන නිශ්චල ව) සිටියේ වෙයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූත් ඇතැම් අස්කුණ්ඩයෙක් වෙයි. මහණෙනි, මේ සත්වන අශ්වදෝෂ යි.
Pali BJT8. පුන චපරං භික්ඛවෙ ඉධෙකච්චො අස්සඛලුඞ්කො ‘පෙහී’ති වුත්තො විද්ධො සමානො චොදිතො සාරථිනා පුරිමෙ ච පාදෙ සංහරිත්වා පච්ඡිමෙ ච පාදෙ සංහරිත්වා තත්ථෙව චත්තාරො පාදෙ අභිනිසීදති. එවරූපොපි භික්ඛවෙ, ඉධෙකච්චො අස්සඛලුඞ්කො හොති. අයං භික්ඛවෙ, අට්ඨමො අස්සදොසො. ඉමෙ ඛො භික්ඛවෙ, අට්ඨ අස්සඛලුඞ්කා අට්ඨ ච අස්සදොසා.
Sinhala BJT8. මහණෙනි, තවද මෙ ලොව්හි ඇතැම් අශ්වපෝතකයෙක් රියසැරිහු විසින් යවයි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ පෙර පා හකුළුවා පසු පාත් හකුළුවා එහි ම සතර පා මැඩ ගෙන හිඳියි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූත් ඇතැම් ඛලුඞ්කාශ්වයෙක් වෙයි. මහණෙනි, මේ අටවැනි අශ්වදෝෂ යි. මහණෙනි, මේ අශ්ව ඛලුඞ්කයෝ අට දෙන ද අශ්වදෝෂයෝ අට ද වෙත්.
Pali BJT1. කතමෙ ච භික්ඛවෙ අට්ඨ ච පුරිසඛලුඞ්කා, අට්ඨ ච පුරිසදොසා: ඉධ භික්ඛවෙ භික්ඛු භික්ඛුං ආපත්තියා චොදෙන්ති. සො භික්ඛු භික්ඛූහි ආපත්තියා චොදියමානො න සරාමීති අසතියා ව නිබ්බෙඨෙති. සෙය්යථාපි සො භික්ඛවෙ, අස්සඛලුඞ්කො පෙහීති වුත්තො විද්ධො සමානො චොදිතො සාරථිනා පච්ඡතො පටිසක්කති පිට්ඨිතො රථං පටිවත්තෙති. තථූපමාහං භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමි. එවරූපොපි භික්ඛවෙ, ඉධෙකච්චො පුරිසඛලුඞ්කො හොති. අයං භික්ඛවෙ, පඨමො පුරිසදොසො.
Sinhala BJT1. මහණෙනි, පුරුෂ ඛලුඞ්කයෝ අට දෙනත් පුරුසදොස් අටත් කවරහු ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහු මහණක්හු ඇවතින් චෝදනා කෙරෙත්, ඒ මහණ මහණුන් විසින් ඇවතින් චෝදනා කරනු ලබන්නේ නො සිහියෙන්ම නො සමරමැයි නිර්වේධන කරයි (ලිහයි). මහණෙනි, යම් පරිදි ඒ අශ්වඛලුඞ්ක තෙමේ රියසැරිහු විසින් යවයි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ පසුපසට ඇදේද, පිටින් රිය පෙරළා ද, මහණෙනි, මම් එබඳු උපමා ඇත්තකු කොට මේ පුඟුලා කියමි. මහණෙනි, මෙසස්නෙහි මෙ බඳු වූත් ඇතැම් ඛලුඞ්කාශ්ව බඳු පුරුසයෙක් වෙයි. මහණෙනි, මෙ පළමු පුරුෂ දෝෂ යි.
Pali BJT2. පුන චපරං භික්ඛවෙ භික්ඛු භික්ඛුං ආපත්තියා චොදෙන්ති සො භික්ඛු භික්ඛූහි ආපත්තියා චොදියමානො චොදකං යෙව පටිප්ඵරති. කිං නුඛො තුය්හං බාලස්ස අබ්යත්තස්ස භණිතෙන ත්වම්පි නාම භණිතබ්බං මඤ්ඤසීති. සෙය්යථාපි සො භික්ඛවෙ අස්සඛලුඞ්කො පෙහීති වුත්තො විද්ධො සමානො චොදිතො සාරථිනා පච්ඡාලංඝති, කුබ්බරං හන්ති, තිදණ්ඩං භඤ්ජති. තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි. එවරූපොපි භික්ඛවෙ, ඉධෙකච්චො පුරිසඛලුඞ්කො හොති. අයං භික්ඛවෙ දුතියො පුරිසදොසො.
Sinhala BJT2. තවද මහණෙනි, මහණහු මහණක්හු ඇවතින් චෝදනා කෙරෙත්. එ මහණ මහණුන් විසින් ඇවතින් චෝදනා කරනු ලබන්නේ බාල වූ අව්‍යක්ත වූ තාගේ බිණුමෙන් කවර නම් ප්‍රයෝජනයෙක් ද? තෝත් බිණිය යුත්තකු කොට හඟනෙහි දැයි චෝදකයාට ම ප්‍රතිවිරුද්ධ ව සිටියි. මහණෙනි, ඒ ඛලුඞ්කාශ්ව සාරථීහු විසින් යවයි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ යම්සේ පසු දෙපා ඔසවා පහර දේ ද , (රියෙහි) කිඹුල්මුව බිඳී ද, තෙදඬු බිඳී ද, මහණෙනි, මම මේ පුඟුලා එබඳු උපමා ඇත්තකු කොට කියමි. මහණෙනි, මෙ සස්නෙහි මෙ බඳු වූත් ඇතැම් පුරුෂ ඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි, මෙ දෙවන පුරුෂ දෝෂ යි.
Pali BJT3. පුන චපරං භික්ඛවෙ, භික්ඛු භික්ඛුං ආපත්තියා චොදෙන්ති. සො භික්ඛු භික්ඛූහි ආපත්තියා චොදියමානො චොදකස්සෙව පච්චාරොපෙති ත්වම්පි ඛොසි ඉත්ථන්නාමං ආපත්තිං ආපන්නො ත්වං තාව පඨමං පටිකරොහීති. සෙය්යථාපි සො භික්ඛවෙ, අස්සඛලුඞ්කො පෙහීති වුත්තො විද්ධො සමානො චොදිතො සාරථිනා රථිසාය සත්ථිං උස්සජ්ජිත්වා රථිසං යෙව අජ්ඣොමද්දති. තථූපමාහං භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමි. එවරූපොපි භික්ඛවෙ, ඉධෙකච්චො පුරිසඛලුඞ්කො හොති. අයං භික්ඛවෙ, තතියො පුරිසදොසො.
Sinhala BJT3. මහණෙනි, තවද මහණහු මහණක්හු ඇවතින් චෝදනා කෙරෙත්. එ මහණ මහණුන් විසින් ඇවතින් චෝදනා කරනු ලබන්නේ තොද මෙ නම් ඇවැතට පැමිණියේ වෙහි, තෝ පළමු කොට පිළියම් කරව යි චෝදකයාට ම පෙරළා චෝදනා නඟයි. මහණෙනි, යම් පරිදි ඒ අශ්වබලුඞ්කයා රිය සැරිහු විසින් යව යි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ රියහිසෙහි කලවා ඝටා රියහිසම මඩිමින් සිටී ද, මහණෙනි, මම් මේ පුඟුලා එබඳු උපමා ඇත්තකු කොට කියමි. මහණෙනි, මෙ සස්නෙහි මෙ බඳු වූත් ඇතැම් පුරුෂ ඛලුඞ්ඛයෙක් වෙයි. මහණෙනි, මෙ තෙවන පුරුෂ දෝෂ යි.
Pali BJT4. පුන චපරං භික්ඛවෙ, භික්ඛු භික්ඛුං ආපත්තියා චොදෙන්ති. සො භික්ඛු භික්ඛූහි ආපත්තියා චොදියමානො අඤ්ඤෙනඤ්ඤං පටිචරති, බහිද්ධා කථං අපනාමෙති, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයං ච පාතුකරොති. සෙය්යථාපි සො භික්ඛවෙ, අස්සඛලුඞ්කො පෙහීති වුත්තො විද්ධො සමානො චොදිතො සාරථිනා උම්මග්ගං ගණ්හාති, උබ්බටුමං රථං කරොති. තථූපමාහං භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමි. එවරූපොපි භික්ඛවෙ, ඉධෙකච්චො පුරිසඛලුඞ්කො හොති. අයං භික්ඛවෙ, චතුත්ථො පුරිසදොසො.
Sinhala BJT4. තවද මහණෙනි, මහණහු මහණක්හු ආපත්තියෙන් චෝදනා කෙරෙත්, එ මහණ මහණුන් විසින් ඇවැතින් චෝදනා කරනු ලබන්නේ අනෙකෙකින් අනෙකක් (හෙවත් අන් කරුණෙකින් අන් කරුණක් හෝ අන් වචනයෙකින් අන් වචනයක් හෝ) වසයි, කථාව පිටතට හෙළයි, කෝපය ද ද්වේෂය ද නො සතුට ද පහළ කෙරෙයි. මහණෙනි, යම් පරිදි එ අශ්ව ඛලුඞ්ක තෙමේ රියසැරිහු විසින් යව යි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ නො මඟ ගනී ද, රිය නො මඟ ගන්නා ලද්දක් කෙරේ ද, මහණෙනි, මම් මේ පුඟුලා එබඳු උපමා ඇත්තකු කොට කියමි. මහණෙනි, මේ සස්නෙහි මෙබඳු වූත් ඇතැම් පුරුෂ ඛලුඞ්ඛයෙක් වෙයි. මහණෙනි, මේ සිවුවන් පුරුෂදෝෂ යි.
Pali BJT5. පුන චපරං භික්ඛවෙ, භික්ඛු භික්ඛුං ආපත්තියා චොදෙන්ති. සො භික්ඛු භික්ඛූහි ආපත්තියා චොදියමානො සඞ්ඝමජ්ඣෙ බාහා වික්ඛෙපං භණති. සෙය්යථාපි සො භික්ඛවෙ අස්සඛලුඞ්කො පෙහීති වුත්තො විද්ධො සමානො චොදිතො සාරථිනා ලඞ්ඝති පුරිමං කායං, පග්ගණ්හාති පුරිමෙ පාදෙ, තථූපමාහං භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමි එවරූපොපි භික්ඛවෙ ඉධෙකච්චො පුරිසඛලුඞ්කො හොති. අයං භික්ඛවෙ, පඤ්චමො පුරිසදොසො.
Sinhala BJT5. මහණෙනි, තවද මහණහු මහණක්හු ඇවතින් චෝදනා කෙරෙත්. එ මහණ මහණුන් විසින් ඇවතින් චෝදනා කරනු ලබන්නේ සඟමැද බාහුවික්‍ෂේපය (අත්සැලීම්) කරමින් බෙණෙයි. මහණෙනි, ඒ ඛලුඞ්ඛාශ්ව යම් සේ රියසැරිහු විසින් යව යි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ පෙරකය නඟා ද, පෙරපා තරකොට ගනී ද, මහණෙනි, මම මේ පුඟුලා එබඳු උපමා ඇත්තකු කොට කියමි. මහණෙනි, මෙ සස්නෙහි මෙ බඳු වූත් ඇතැම් පුරුෂ ඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි, මෙ පස්වන පුරුෂදෝෂ යි.
Pali BJT6. පුන චපරං භික්ඛවෙ, භික්ඛු භික්ඛුං ආපත්තියා චොදෙන්ති. සො භික්ඛු භික්ඛූහි ආපත්තියා චොදියමානො අනාදියිත්වා සඞ්ඝං අනාදියිත්වා චොදකං සාපත්තිකොව යෙන කාමං පක්කමති. සෙය්යථාපි සො භික්ඛවෙ, අස්සඛලුඞ්කො පෙහීති වුත්තො විද්ධො සමානො චොදිතො සාරථිනා අනාදියිත්වා සාරථිං අනාදියිත්වා පතොදං දන්තෙහි මුඛාධානං විදංසිත්වා{1} යෙන කාමං පක්කමති. තථූපමාහං භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමි. එව රූපොපි භික්ඛවෙ, ඉධෙකච්චො පුරිසඛලුඞ්කො හොති. අයං භික්ඛවෙ ඡට්ඨො පුරිසදොසො.
Sinhala BJT6. මහණෙනි, තවද මහණහු මහණක්හු ඇවතින් චෝදනා කෙරෙත්. එ මහණ මහණුන් විසින් ඇවතින් චෝදනා කරනු ලබන්නේ සඞ්ඝයා නො මෙනෙහි කොට චෝදකයා නො මෙනෙහි කොට ඇවැත් සහිත වූයේ ම කැමැති සේ යම් තෙනකට යෙයි. මහණෙනි, එ අශ්වඛලුඞ්කයා සාරථීහු විසින් යව යි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ යම්සේ සාරථීහු නො මෙනෙහි කොට කැවිට නො මෙනෙහි කොට දතින් මුවවළලු ඩැහැගෙන කැමැති සේ යම් තෙනකට යේද, මහණෙනි, මම් මේ පුඟුල් එබඳු උපමා ඇත්තකු කොට කියමි. මහණෙනි, මෙසස්නෙහි මෙ බඳු වූත් ඇතැම් පුරුෂ ඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි මෙ සවන පුරුෂදෝෂ යි.
Pali BJT7. පුන චපරං භික්ඛවෙ භික්ඛු භික්ඛුං ආපත්තියා චොදෙන්ති. සො භික්ඛු භික්ඛූහි ආපත්තියා චොදියමානො නෙවාහං ආපත්තොම්හි න පනාහං ආපත්තොම්හීති තුණ්හීභාවෙන සඞ්ඝං විහෙසෙති. සෙය්යථාපි සො භික්ඛවෙ, අස්සඛලුඞ්කො පෙහීති වුත්තො විද්ධො සමානො චොදිතො සාරථිනා නෙව අභික්කමති, නො පටික්කමති, තත්ථෙව ඛීලට්ඨායී ඨිතො හොති. තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි. එවරූපොපි භික්ඛවෙ, ඉධෙකච්චො පුරිසඛලුඞ්කො හොති. අයං භික්ඛවෙ, සත්තමො පුරිසදොසො.
Sinhala BJT7. තවද මහණෙනි, මහණහු මහණක්හු ඇවතින් චෝදනා කෙරෙත්. එ මහණ මහණුන් විසින් ඇවතින් චෝදනා කරනු ලබන්නේ මම ඇවත් අවන්නෙම් නොවෙම් ම ය, ඒකාන්තයෙන් මම අවන්නෙම් නො වෙමැයි තුෂ්ණීම්භාවයෙන් සඞ්ඝයා වෙහෙසයි. මහණෙනි, යම් සේ ඒ අශ්වඛලුඞ්ක තෙමේ සාරථීහු විසින් යව යි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ පෙරපසට නො ම යෙයි ද, පසුපසටත් නො ම යෙයි ද, එතන්හි ම කීලස්ථායී ව සිටියේ වේ ද, මහණෙනි, මම් මේ පුඟුලා එබඳු උපමා ඇත්තකු කොට කියමි. මහණෙනි, මෙ සසුන්හි මෙ බඳු වූත් ඇතැම් පුරුෂඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි මෙ සත්වන පුරුෂදෝෂ යි.
Pali BJT8. පුන චපරං භික්ඛවෙ භික්ඛු භික්ඛුං ආපත්තියා චොදෙන්ති. සො භික්ඛු භික්ඛූහි ආපත්තියා චොදියමානො එවමාහ; කිං නුඛො තුම්හෙ ආයස්මන්තො අතිබාළ්හං මයි බ්යාවටා, ඉදානාහං සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සාමීති, සො සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිත්වා එවමාහ: ඉදානි ඛො තුම්හෙ ආයස්මන්තො අත්තමනා හොථා’ති, සෙය්යථාපි සො භික්ඛවෙ අස්සඛලුඞ්කො පෙහීති වුත්තො විද්ධො සමානො චොදිතො සාරථිනා පුරිමෙ ච පාදෙ සංහරිත්වා පච්ඡිමෙ ව පාදෙ සංහරිත්වා තත්ථෙව චත්තාරො පාදෙ අභිනිසීදති. තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි. එවරූපොපි භික්ඛවෙ ඉධෙකච්චො පුරිසඛලුඞ්කො හොති. අයං භික්ඛවෙ අට්ඨමො පුරිසදොසො. ඉමෙ ඛො භික්ඛවෙ අට්ඨ පුරිසඛලුඞ්කා අට්ඨ ච පුරිසදොසාති.
Sinhala BJT8. මහණෙනි, තවද මහණහු මහණක්හු ඇවතින් චෝදනා කෙරෙත්. මහණුන් විසින් ඇවතින් චෝදනා කරනු ලබන එ මහණ මෙසේ කියයි. “ආයුෂ්මත්නි, තෙපි කුමක් හෙයින් දැඩිකොට මා කෙරෙහි ව්‍යාවෘත වවු ද? දැන් මම ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහි බවට පෙරැළෙන්නෙමැ”යි. හේ සික බැහැරලා ගිහිබවට පෙරැළී මෙසේ කියයි: “ආයුෂ්මත්නි, තෙපි දැන් සතුටු වවු”යි. මහණෙනි, ඒ අශ්වඛලුඞ්ක තෙමේ රියසැරිහු විසින් යවයි කියන ලදුයේ (කැවිටෙන්) විදුනාලදුයේ ම මෙහෙයන ලදුයේ පෙර පා හකුළුවා පසු පාත් හකුළුවා එහි ම සතර පා මැඩගෙන හිඳියි ද, මහණෙනි, මම් මේ පුඟුලා එබඳු උපමා ඇතියකු කොට කියමි. මහණෙනි, මෙ සසුන්හි මෙ බඳු වූත් ඇතැම් පුරුෂඛලුඞ්කයෙක් (ඛලුඞ්ක අශ්ව බඳු පුරුෂයෙක්) වෙයි. මහණෙනි, මෙ අටවැනි පුරුෂ දෝෂ යි. මහණෙනි, මෙහු වනාහි අෂ්ටපුරුෂඛලුඞ්කයෝ ද අෂ්ටපුරුෂදෝෂයෝ ද වෙතැයි.
Pali BJT8. 1. 2. 5.
Sinhala BJT8. 1. 2. 5.
Pali BJTමල සුත්තං
Sinhala BJTමල සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅට්ඨිමානි භික්ඛවෙ මලානි කතමානි අට්ඨ.
Sinhala BJTමහණෙනි, මේ මල අටෙකි. කවර අටෙක යත්:
Pali BJTඅසජ්ඣාය මලා භික්ඛවෙ මන්තා, අනුට්ඨානමලා භික්ඛවෙ ඝරා, මලං භික්ඛවෙ වණ්ණස්ස කොසජ්ජං, පමාදො භික්ඛවෙ රක්ඛතො මලං. මලං භික්ඛවෙ ඉත්ථියා දුච්චරිතං. මච්ඡෙරං භික්ඛවෙ දදතො මලං. මලා භික්ඛවෙ පාපකා අකුසලා ධම්මා අස්මිං ලොකෙ පරම්හි ච. තතො භික්ඛවෙ මලා මලතරං අවිජ්ජා පරමං මලං. ඉමානි ඛො භික්ඛවෙ අට්ඨ මලානීති.
Sinhala BJTමහණෙනි, මන්ත්‍ර (ශාස්ත්‍ර) යෝ නො හැදෑරීම මල කොට ඇත්තාහ. මහණෙනි, ගෘහයෝ උත්‍ථානවීර්‍ය්‍යයාගේ අභාවය මල කොට ඇතියහ. මහණෙනි, සිරුරු පැහැයට කුසීතභාවය මලෙකි. මහණෙනි, (යම් අයත් දැයක්) රක්නහුට ප්‍රමාදය මලෙකි. මහණෙනි, මාගම්හට දුසිරිත් මලෙකි. මහණෙනි, දායකහාහට මසුරු බව මලෙකි. මහණෙනි, ලමු දහම් හු මෙලෝ පරලෝ දෙක්හි ම මල වෙත්. මහණෙනි, ඒ මලයනට වැඩි මල තරය නම් (අට තන්හි නො දැනීම වූ) අවිද්‍යා නමැති පරම මල යි. මහණෙනි, මොහු මල අට වෙත්.
Pali BJT1. අසජ්ඣාය මලා මන්තා අනුට්ඨානමලා ඝරා, මලං වණ්ණස්ස කොසජ්ජං පමාදො රක්ඛතො මලං
Sinhala BJT1. මන්ත්‍රයෝ නො පිරිවැහීම මල කොට ඇතියහ. ගෘහයෝ අනුත්‍ථානය මල කොට ඇතියහ, ශරීර වර්‍ණයට කුසීත භාවය මල වේ. වස්තු රක්නහුට ප්‍රමාදය මල වේ.
Pali BJT2. මලිත්ථියා දුච්චරිතං මච්ඡෙරං දදතො මලං, මලා වෙ පාපකා ධම්මා අස්මිං ලොකෙ පරම්හි ච තතො මලා මලතරං අවිජ්ජා පරමං මලන්ති.
Sinhala BJT2. මාගම්හට දුසිරිත මල යි. දෙනුවහට මසුරු බව මල යි. මෙලොව්හිත් පරලොව්හිත් ලමු දහම්හු එකැතියෙන් මල වෙත්. ඒ මලයනට වැඩි මලතර වූයේ අවිද්‍යා නමැති මහාමල වෙයි.
Pali BJT8. 1. 2. 6.
Sinhala BJT8. 1. 2. 6.
Pali BJTදූතෙය්ය සුත්තං
Sinhala BJTදූතෙය්‍ය සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅට්ඨහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු දූතෙය්යං ගන්තුමරහති. කතමෙහි අට්ඨහි:
Sinhala BJTමහණෙනි, කරුණු අටෙකින් සමන්‍වාගත මහණ දූතකර්‍මයට යාමට සුදුසු වේ. කවර අට කරුණින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු සොතා ච හොති සාවෙතා ච, උග්ගහෙතා ච ධාරෙතා ච, විඤ්ඤාතා ච විඤ්ඤාපෙතා ච, කුසලො ච සහිතාසහිතස්ස, නො ච කලහකාරකො. ඉමෙහි ඛො භික්ඛවෙ, අට්ඨහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු දූතෙය්යං ගන්තුමරහති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ අසනුයේත් අස්වනුයේත් වෙයි. උගන්නේත් ධරන්නේත් වෙයි. විඥවූයේත් (අර්‍ත්‍ථානර්‍ත්‍ථයෙහි අරුත් දන්නේත්) විඥාපනය කරනුයේත් වෙයි. සහිත අසහිත දෙක්හි කුශල වූයේත් වෙයි. කලහ කරනුයේ ද නො වේ. මහණෙනි, මේ අට කරුණින් සමන්‍වාගත වු මහණ දූතකර්‍මයට යාමට සුදුසු වෙයි.
Pali BJTඅට්ඨහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො සාරිපුත්තො දූතෙය්යං ගන්තුමරහති. කතමෙහි අට්ඨහි:
Sinhala BJTමහණෙනි, කරුණු අටෙකින් සමන්‍වාගත ශාරිපුත්‍ර දූතකර්‍මයට යාමට යෝග්‍ය වෙයි. කවර අට කරුණින යත්:
Pali BJTඉධ භික්ඛවෙ සාරිපුත්තො සොතා ච හොති සාවෙතා ච, උග්ගහෙතා ච, ධාරෙතා ච, විඤ්ඤාතා ච, විඤ්ඤාපෙතා ච, කුසලො ච සහිතාසහිතස්ස, නො ච කලහකාරකො. ඉමෙහි ඛො භික්ඛවෙ අට්ඨහි ධම්මෙහි සමන්නාගතො සාරිපුත්තො දූතෙය්යං ගන්තුමරහතීති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි සැරියුත් අසනුයේත් අස්වසනුයේත් වෙයි, උගනුයේත් වෙයි, විජානන කරනුයේත් විඥාපන කරනුයේත් වෙයි, සහිත අසහිතයෙහි කුශලවූයේත් වෙයි. කලහකාරක ද නො වේ. මහණෙනි, මේ අට කරුණින් සමන්‍වාගත වූ ශාරිපුත්‍ර දූතමෙහෙවරට යාමට යෝග්‍ය වේ.