Pali BJTතෙන හි භික්ඛවෙ, සුණාථ සාධුකං මනසි කරොථ, භාසිස්සාමීති.
Sinhala BJTමහණෙනි, එසේ නම් අසව මොනොවට මෙනෙහි කරව, කියන්නෙමි යි.
Pali BJTඑවං භන්තෙති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT‘වහන්ස, එසේය’යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJT3. අස්සුතවතො භික්ඛවෙ, පුථුජ්ජනස්ස උප්පජ්ජති ලාභො, සො න ඉති පටිසඤ්චික්ඛති: උප්පන්නො ඛො මෙ අයං ලාභො, සො ච ඛො අනිච්චො දුක්ඛො විපරිනාමධම්මොති, යථාභූතං නප්පජානාති. උප්පජ්ජති අලාභො -පෙ- උප්පජ්ජති යසො -පෙ- උප්පජ්ජති අයසො -පෙ- උප්පජ්ජති නින්දා -පෙ- උප්පජ්ජති පසංසා -පෙ- උප්පජ්ජති සුඛං -පෙ- උප්පජ්ජති දුක්ඛං, සො න ඉතිපටිසඤ්චික්ඛති උප්පන්නං ඛො මෙ ඉදං දුක්ඛං, තං ච ඛො අනිච්චං දුක්ඛං විපරිනාමධම්මන්ති. යථාභූතං නප්පජානාති.
Sinhala BJT3. මහණෙනි, අශ්‍රැතවත් පුහුදුන්හට ලාභයෙක් උපදනේ ය. හේ මෙසේ නුවණින් නොදක්නේ ය: “මට මේ ලාභයෙක් උපන, හෙ ද වනාහි අනිස යැ, දුක යැ, පෙරළෙනසැහැවි යැ”යි මෙසේ ඇති සැටියෙන් නොදන්නේ ය. අලාභයෙක් උපදනේ ය. -පෙ- යශසෙක් උපදනේ ය ... අයශසෙක් උපදනේ ය ... නින්‍දායෙක් උපදනේ ය ... ප්‍රශංසායෙක් උපදනේ ය ... සුඛයෙක් උපදනේ ය ... දුකෙක් උපදනේ ය ... මෙසේ හේ නුවණින් නො දක්නේ ය: “මට දුකෙක් උපන, හෙ ද වනාහි අනිසා යැ, දුකයැ, පෙරළෙන සැහැවි යැ’යි ඇති සැටි නො දන්නේ ය.
Pali BJTතස්ස ලාභොපි චිත්තං පරියාදාය තිට්ඨති, අලොභො පි චිත්තං පරියාදාය තිට්ඨති, යසොපි චිත්තං පරියාදාය තිට්ඨති, අයසොපි චිත්තං පරියාදාය තිට්ඨති, නින්දා පි චිත්තං පරියාදාය තිට්ඨති, පසංසාපි චිත්තං පරියාදාය තිට්ඨති. සුඛම්පි චිත්තං පරියාදාය තිට්ඨති, දුක්ඛම්පි චිත්තං පරියාදාය තිට්ඨති. සො උප්පන්නං ලාභං අනුරුජ්ඣති, අලාභෙ පටිවිරුජ්ඣති. උප්පන්නං යසං අනුරුජ්ඣති, අයසෙ පටිවිරුජ්ඣති. උප්පන්නං පසංසං අනුරුජ්ඣති, නින්දාය පටිවිරුජ්ඣති. උප්පන්නං සුඛං අනුරුජ්ඣති, දුක්ඛෙ පටිවිරුජ්ඣති. සො එවං අනුරොධවිරොධසමාපන්නො න පරිමුච්චති, ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, න පරිමුච්චති දුක්ඛස්මාති වදාමි.
Sinhala BJTලාභයත් ඔහු සිත මැඩගෙන සිටුනේ ය, අලාභයත් සිත මැඩගෙන සිටුනේ ය, යශසත් සිත මැඩගෙන සිටුනේ ය, අයශසත් සිත මැඩගෙන සිටුනේ ය, නින්‍දාවත් සිත මැඩගෙන සිටුනේ ය, ප්‍රශංසාවත් සිත මැඩගෙන සිටුනේ ය, සුඛයත් සිත මැඩගෙන සිටුනේ ය, දුකත් සිත මැඩගෙන සිටුනේ යි. හේ උපන් ලාභය නිමිති කොට ඇලෙයි, අලාභය නිමිති කොට විරෝධ කෙරෙයි. උපන් යශස් නිමිති කොට ඇලෙයි, අයශස් නිමිති කොට විරෝධ කෙරෙයි. උපන් ප්‍රශංසාව නිමිති කොට ඇලෙයි, නින්‍දාව නිමිති කොට විරෝධ කෙරෙයි. උපන් සුව නිමිති කොට ඇලෙයි, දුක් නිමිති කොට විරෝධ කෙරෙයි. හේ මෙසේ අනුරෝධ විරෝධයට වැදුනේ ජාතියෙනුදු මරණිනුදු ශෝකයෙනුදු පරිදේවයෙනුදු දුකිනුදු දොම්නසිනුදු උපායාසයෙනුදු නො මිදෙයි. වර්‍තදුඃඛයෙන් නො මිදෙන්නේ යි කියමි.
Pali BJT4. සුතවතො ච ඛො භික්ඛවෙ, අරියසාවකස්ස උප්පජ්ජති ලාභො. සො ඉති පටිසඤ්චික්ඛති; උප්පන්නො ඛො මෙ අයං ලාභො සො ච ඛො අනිච්චො දුක්ඛො විපරිනාමධම්මොති යථාභූතං පජානාති. උප්පජ්ජති අලාභො -පෙ- උප්පජ්ජති යසො -පෙ- උප්පජ්ජති අයසො -පෙ- උප්පජ්ජති නින්දා -පෙ- උප්පජ්ජති පසංසා -පෙ- සො උප්පජ්ජති සුඛං -පෙ- උප්පජ්ජති දුක්ඛං. සො ඉති පටිසඤ්චික්ඛති:
Sinhala BJT4. මහණෙනි, ශ්‍රැතවත් අරීසවුහට ද ලාභයෙක් උපදියි, හේ මෙසේ සලකයි: මට මේ ලාභයෙක් උපන, එ ද වනාහි අනිත්‍ය ය, දුඃඛ ය, පෙරළෙන සැහැවි ඇතැ යි යථාභූතව දන්නේ ය. අලාභයෙක් උපදනේ ය ... යශසෙක් උපදනේ ය ... අයශසෙක් උපදනේ ය ... ප්‍රශංසායෙක් උපදනේ ය ... නින්‍දායෙක් උපදනේ ය ... සුඛයෙක් උපදනේ ය ... දුඃඛයෙක් උපදනේ ය ... හේ මෙසේ සලකයි:
Pali BJT5. උප්පන්නං ඛො මෙ ඉදං දුක්ඛං, තඤ්ච ඛො අනිච්චං දුක්ඛං විපරිනාමධම්මන්ති යථාභූතං පජානාති. තස්ස ලාභොපි චිත්තං න පරියාදාය තිට්ඨති. අලොභොපි චිත්තං න පරියාදාය තිට්ඨති, යසොපි චිත්තං න පරියාදාය තිට්ඨති, අයසොපි චිත්තං න පරියාදාය තිට්ඨති, නින්දාපි චිත්තං න පරියාදාය තිට්ඨති, පසංසාපි චිත්තං න පරියාදාය තිට්ඨති, සුඛම්පි චිත්තං න පරියාදාය තිට්ඨති, දුක්ඛම්පි චිත්තං න පරියාදාය තිට්ඨති. සො උප්පන්නං ලාභං නානුරුජ්ඣති, අලාභෙ නප්පටිවිරුජ්ඣති. උප්පන්නං යසං නානුරුජ්ඣති, අයසෙ නප්පටිවිරුජ්ඣති. උප්පන්නං පසංසං නානුරුජ්ඣති, නින්දාය නප්පටිවිරුජ්ඣති. උප්පන්නං සුඛං නානුරුජ්ඣති, දුක්ඛෙ නප්පටිවිරුජ්ඣති. සො එවං අනුරොධවිරොධවිප්පහීනො පරිමුච්චති ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි. පරිමුච්චති දුක්ඛස්මාති වදාමි.
Sinhala BJT5. මට මෙ දුකෙක් උපන, එ ද වනාහි අනිත්‍ය ය, දුඃඛ ය, පෙරළෙන සැහැවි ඇතැ යි යථාභූතකොට දන්නේ ය. ලාභය ද ඔහු සිත මැඩගෙන නොසිටි යි, අලාභය ද ඔහු සිත මැඩගෙන නොසිටි යි, යශස් ද සිත මැඩගෙන නොසිටි යි, අයශස් ද සිත මැඩගෙන නොසිටි යි, නින්‍දාව ද සිත මැඩගෙන නොසිටි යි, ප්‍රශංසාව සිත මැඩගෙන නොසිටි යි, සුඛය ද සිත මැඩගෙන නොසිටි යි, දුඃඛය ද සිත මැඩගෙන නොසිටි යි. හේ උපන් ලාභය නිමිති කොට නො ඇලෙයි, අලාභය නිමිති කොට විරෝධය නො කෙරෙයි, උපන් යශස් නිමිති කොට නො ඇලෙයි. අයශස් නිමිති කොට විරෝධ නො කෙරෙයි, උපන් ප්‍රශංසා නිමිති කොට නො ඇලෙයි, නින්‍දාව නිමිති කොට විරෝධ නො කෙරෙයි, උපන් සුඛය නිමිති කොට නො ඇලෙයි, දුඃඛය නිමිති කොට විරෝධ නො කෙරෙයි. හේ මෙසේ අනුරෝධ විරෝධ නැතියේ ජාතියෙනුදු ජරායෙනුදු මරණිනුදු සෝකයෙනුදු පරිදේවයෙනුදු දුකෙනුදු දොම්නසිනුදු උපායාසයෙනුදු මිදෙයි. වර්‍තදුඃඛයෙන් මිදෙන්නේ යයි කියමි.
Pali BJTඅයං ඛො භික්ඛවෙ, විසෙසො අයං අධිප්පයාසො{1} ඉදං නානාකරණං{2} සුතවතො අරියසාවකස්ස අස්සුතවතා පුථුජ්ජනෙනාති.
Sinhala BJTමහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය ශ්‍රාවකයාගේ අශ්‍රැතවත් පෘතග්ජනයා හා මේ විශේෂය යි. මේ අධිකප්‍රයෝගය යි, මේ වෙනස යි.
Pali BJT1. ලාභො අලාභො අයසො යසො ච නින්දා පසංසා ච සුඛඤ්ච{3} දුක්ඛං, එතෙ අනිච්චා මනුජෙසු ධම්මා අසස්සතා විපරිණාමධම්මා.
Sinhala BJT1. ලාභය හා අලාභය ද අයශස් හා යශස් ද නින්‍දා හා ප්‍රශංසා ද සුඛය හා දුඃඛය දැයි මිනිසුන් කෙරෙහි වැටෙන තෙල දහම්හු අනිත්‍යහ, අශාශ්වතයහ, පෙරළෙන සැහැවි ඇතියහ.
Pali BJT2. එතෙ ච ඤත්වා සතිමා සුමෙධො අවෙක්ඛති විපරිනාමධම්මෙ ඉට්ඨස්ස ධම්මා න මථෙන්ති චිත්තං අනිට්ඨතො නො පටිඝාතමෙති.
Sinhala BJT2. ස්මෘතිමත් වූයේ සුන්‍දර ප්‍රඥා ඇතියේ තෙල පෙරළෙන සැහැවි දහමුත් දැන ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ ය. ඉටු දහම්හු ඔහු සිත නො මඩනාහ. අනිටු දහමින් (සිත) ගැටීමට නො එයි.
Pali BJT3. තස්සානුරොධා අථවා විරොධා විධූපිතා අත්ථගතා න සන්ති, පදඤ්ච ඤත්වා විරජං අසොකං සම්මප්පජානාති භවස්සපාරගූති.
Sinhala BJT3. අනුරෝධ වෙත්වයි වැලිත් විරෝධ වෙත්වයි නසන ලද අස්තඞ්ගත දහම්හු ඔහුට නො වෙත්. භවයාගේ පාරයට ගියේ රාගාදි රජස් නැති නිශ්ශෝක වූ නිර්‍වාණපදය දැන (පාරඞ්ගතභාවය) මොනොවට දන්නේ යි.
Pali BJT8. 1. 1. 7.
Sinhala BJT8. 1. 1. 7.
Pali BJTදෙවදත්තවිපත්ති සුත්තං
Sinhala BJTදේවදත්තවිපත්ති සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ අචිරපක්කන්තෙ දෙවදත්තෙ. තත්ර ඛො භගවා දෙවදත්තං ආරබ්භ භික්ඛු ආමන්තෙසි:
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වැඩ වසන සේක. දෙව්දත් තෙරුන් (සඟුන් බිඳ නික්ම) ගිය නොබෝ කල්හි භාග්‍යවතුන් වහන්සේ දෙව්දතුන් අරබයා මහණුන් ඇමතූ සේක:
Pali BJTසාධු භික්ඛවෙ, භික්ඛු කාලෙන කාලං අත්තවිපත්තිං පච්චවෙක්ඛිතා හොති, සාධු භික්ඛවෙ, භික්ඛු කාලෙන කාලං පරවිපත්තිං පච්චවෙක්ඛිතා හොති, සාධු භික්ඛවෙ, භික්ඛු කාලෙන කාලං අත්තසම්පත්තිං පච්චවෙක්ඛිතා හොති, සාධු භික්ඛවෙ, භික්ඛු කාලෙන කාලං පරසම්පත්තිං පච්චවෙක්ඛිතා හොති, අට්ඨහි භික්ඛවෙ, අසද්ධම්මෙහි අභිභූතො පරියාදින්නචිත්තො දෙවදත්තො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො. කතමෙහි අට්ඨහි.
Sinhala BJTමහණෙනි, මහණ කලින් කල ආත්මවිපත් සලකන්නේ නම් මැනැව; මහණෙනි, මහණ කලින් කල පරවිපත් සලකන්නේ නම් මැනැව; මහණෙනි, මහණ කලින් කල ආත්මසම්පත් සලකන්නේ නම් මැනැව; මහණෙනි, මහණ කලින් කල පරසම්පත් සලකන්නේ නම් මැනැව; මහණෙනි, අෂ්ටඅසද්ධර්‍මයෙකින් මැඩ සිටි වටාගත් සිත් ඇති දෙව්දත් අපායට නිසි වූයේ කල්පස්ථායී වූයේ පිළියම් නැතියේ වෙයි. කවර අටෙකින යත්:
Pali BJTලාභෙන භික්ඛවෙ, අභිභූතො පරියාදින්නචිත්තො දෙවදත්තො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො. අලාභෙන භික්ඛවෙ -පෙ- යසෙන භික්ඛවෙ -පෙ- අයසෙන භික්ඛවෙ -පෙ- සක්කාරෙන භික්ඛවෙ -පෙ- අසක්කාරෙන භික්ඛවෙ -පෙ- පාපිච්ඡතාය භික්ඛවෙ -පෙ- පාපමිත්තතාය භික්ඛවෙ, අභිභූතො පරියාදින්නචිත්තො දෙවදත්තො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො.
Sinhala BJTමහණෙනි, ලාභයෙන් මඩනා ලද හාත්පසින් ගන්නා ලද සිත් ඇති දෙව්දත් අපායට නිසි වූයේ නිරයට නිසි වූයේ කල්පස්ථායී වූයේ පිළියම් නැතියේ වෙයි. මහණෙනි, අලාභයෙන් ... මහණෙනි, යශසින් ... මහණෙනි, අයශසින් ... මහණෙනි, සත්කාරයෙන් ... මහණෙනි, අසත්කාරයෙන් ... මහණෙනි, පාපච්ඡතායෙන් ... මහණෙනි, පාපමිත්‍රතායෙන් මඩනා ලද වතුරුවා ගත් සිත් ඇති දෙව්දත් අපායට නිසි වූයේ, නිරයට නිසි වූයේ කල්පස්ථායී වූයේ පිළියම් නැතියේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, අට්ඨහි අසද්ධම්මෙහි අභිභූතො පරියාදින්නචිත්තො දෙවදත්තො ආපායිකො නෙරයිකො කප්පට්ඨො, අතෙකිච්ඡො.
Sinhala BJTමහණෙනි, මේ අෂ්ට අසද්ධර්‍මයෙන් මඩනා ලද වතුරුවාගත් සිත් ඇති දෙව්දත් අපායට නිසි වූයේ නිරයට නිසි වූයේ කල්පාස්ථායී වූයේ පිළියම් නැතියේ වෙයි.
Pali BJTසාධු භික්ඛවෙ භික්ඛු උප්පන්නං ලාභං අභිභුය්ය අභිභුය්ය විහරෙය්ය උප්පන්නං අලාභං -පෙ- උප්පන්නං යසං -පෙ- උප්පන්නං අයසං -පෙ- උප්පන්නං සක්කාරං -පෙ- උප්පන්නං අසක්කාරං -පෙ- උප්පන්නං පාපිච්ඡතං -පෙ- උප්පන්නං පාපමිත්තතං අභිභුය්ය අභිභුය්ය විහරෙය්ය.
Sinhala BJTමහණෙනි, මහණ උපන් ලාභය පුන පුනා මැඩ ගෙන වසන්නේ නම් මැනැව. උපන් අලාභය ... උපන් යශස් ... උපන් අයශස් ... උපන් සත්කාර ... උපන් පාපේච්ඡතා ... උපන් පාපමිත්‍රතා ... පුන පුනා මැඩ ගෙන වසන්නේ නම් මැනැව.
Pali BJTකිඤ්ච භික්ඛවෙ, භික්ඛු අත්ථවසං පටිච්ච උප්පන්නං ලාභං අභිභුය්ය අභිභුය්ය විහරෙය්ය, යං හිස්ස භික්ඛවෙ උප්පන්නං ලාභං අනභිභුය්ය විහරතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා. උප්පන්නං ලාභං අභිභුය්ය විහරතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති.
Sinhala BJTමහණෙනි, මහණ කිනම් අර්‍ත්‍ථයක් පිණිස උපන් ලාභ පුන පුනා මැඩගෙන වසන්නේ වේ ද, මහණෙනි, උපන් ලාභ නො මැඩ ගෙන වසන ඔහුට යම් හෙයකින් විඝාතපරිදාහකරවූ ආස්‍රවයෝ උපදනාහු ද, උපන් ලාභ මැඩ ගෙන වසන ඔහුට විඝාතපරිදාහකරවූ ඒ ආස්‍රවයෝ මෙසේ නොවෙති.
Pali BJTයං හිස්ස භික්ඛවෙ, උප්පන්නං අලාභං -පෙ- උප්පන්නං යසං -පෙ- උප්පන්නං අයසං -පෙ- උප්පන්නං සක්කාරං -පෙ- උප්පන්නං අසක්කාරං -පෙ- උප්පන්නං පාපිච්ඡතං -පෙ- උප්පන්නං පාපමිත්තතං අනභිභුය්ය විහරතො උප්පජ්ජෙය්යුං ආසාවා විඝාතපරිළාහා. උප්පන්නං පාපමිත්තතං අභිභුය්ය විහරතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති.
Sinhala BJTමහණෙනි, යම්හෙයකින් උපන් අලාභ ... උපන් යශස් ... උපන් අයශස් ... උපන් සත්කාර ... උපන් අසත්කාර ... උපන් පාපේච්ඡතා ... උපන් පාපමිත්‍රතා නො මැඩගෙන වසන්නහුට විඝාතපරිදාහ කරන ආස්‍රවයෝ උපදනාහු ද, උපන් පාපමිත්‍රතා මැඩ ගෙන වසන ඔහුට විඝාතපරිදාහ කරන ඒ ආස්‍රවයෝ මෙසේ නොවෙත්.
Pali BJTඉදං ඛො භික්ඛවෙ, භික්ඛු අත්ථවසං පටිච්ච උප්පන්නං ලාභං අභිභුය්ය අභිභුය්ය විහරෙය්ය, උප්පන්නං අලාභං -පෙ- උප්පන්නං යසං -පෙ- උප්පන්නං අයසං -පෙ- උප්පන්නං සක්කාරං -පෙ- උප්පන්නං අසක්කාරං -පෙ- උප්පන්නං පාපිච්ඡතං -පෙ- උප්පන්නං පාපමිත්තතං අභිභුය්ය අභිභුය්ය විහරෙය්ය, තස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං: උප්පන්නං ලාභං අභිභුය්ය අභිභුය්ය විහරිස්සාම උප්පන්නං අලාභං -පෙ- උප්පන්නං යසං -පෙ- උප්පන්නං අයසං -පෙ- උප්පන්නං සක්කාරං -පෙ- උප්පන්නං අසක්කාරං -පෙ- උප්පන්නං පාපිච්ඡතං -පෙ- උප්පන්නං පාපමිත්තතං අභිභුය්ය අභිභුය්ය විහරිස්සාමාති. එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, මහණ මෙ කරුණ පිණිස උපන් ලාභය පුන පුනා මැඩ ගෙන වෙසෙන්නේ ය. උපන් අලාභය ... උපන් යසස … උපන් අයස ... උපන් සත්කාරය ... උපන් අසත්කාරය ... උපන් පාපේච්ඡතාව ... උපන් පාපමිත්‍රතාව පුන පුනා මැඩගෙන වෙසෙන්නේ ය. මහණෙනි, එහෙයින් මෙ කරුණෙහි ලා මෙසේ හික්මිය යුතුයි: උපන් ලාභය පුන පුනා මැඩගෙන වෙසෙන්නෙමු කියායි. උපන් අලාභය ... උපන් යශස ... උපන් අයශස ... උපන් සත්කාරය ... උපන් අසත්කාරය ... උපන් පාපේච්ඡතාව ... උපන් පාපමිත්‍රතාව පුන පුනා මැඩගෙන වෙසෙන්නෙමු යි කියායි. මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.
Pali BJT8. 1. 1. 8.
Sinhala BJT8. 1. 1. 8.
Pali BJTඋත්තර සුත්තං
Sinhala BJTඋත්තර සූත්‍රය
Pali BJTඑකං සමයං ආයස්මා උත්තරො මහිසවත්ථුස්මිං විහරති සඞ්ඛෙය්යකෙ පබ්බතෙ ධවජාලිකායං{1} තත්ර ඛො ආයස්මා උත්තරො භික්ඛු ආමන්තෙසි -පෙ-
Sinhala BJTඑක් සමයෙක්හි ආයුෂ්මත් උත්තර තෙරහු මහිසවත්‍ථු සමීපයෙහි සඞ්ඛෙය්‍යක පර්‍වතයෙහි වූ ධ්වජාලිකා නම් වෙහෙරෙහි වෙසෙති. එකල්හි ආයුෂ්මත් උත්තර තෙරහු භික්‍ෂූන් ඇමතූහ. ...
Pali BJTසාධාවුසො භික්ඛු කාලෙන කාලං අත්තවිපත්තිං පච්චවෙක්ඛිතා හොති, සාධාවුසො භික්ඛු කාලෙන කාලං පරවිපත්තිං පච්චවෙක්ඛිතා හොති, සාධාවුසො භික්ඛු කාලෙන කාලං අත්තසම්පත්තිං පච්චවෙක්ඛිතා හොති, සාධාවුසො භික්ඛු කාලෙන කාලං පරසම්පත්තිං පච්චවෙක්ඛිතා හොතීති.
Sinhala BJTඇවැත්නි, මහණ කලින් කල ආත්මවිපත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ වේ නම් මැනැවැ. ඇවැත්නි, මහණ කලින් කල පරවිපත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ වේ නම් මැනැවැ. ඇවැත්නි, මහණ කලින් කල ආත්මසම්පත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ වේ නම් මැනැවැ. ඇවැත්නි, මහණ කලින් කල පරසම්පත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ වේ නම් මැනැවැ යි.
Pali BJTතෙන ඛො පන සමයෙන වෙස්සවණො මහාරාජා උත්තරාය දිසාය දක්ඛිණං දිසං ගච්ඡති කෙනචි දෙව කරණීයෙන. අස්සොසි ඛො වෙස්සවණො මහාරාජා ආයස්මතො උත්තරස්ස මහිසවත්ථුස්මිං සඞ්ඛෙය්යකෙ පබ්බතෙ ධවජාලිකායං භික්ඛූනං එවං ධම්මං දෙසෙන්තස්ස, ‘සාධාවුසො භික්ඛු කාලෙන කාලං අත්තවිපත්තිං පච්චවෙක්ඛිතා හොති, සාධාවුසො භික්ඛු කාලෙන කාලං පරවිපත්තිං පච්චවෙක්ඛිතා හොති, සාධාවුසො භික්ඛු කාලෙන කාලං අත්තසම්පත්තිං පච්චවෙක්ඛිතා හොති, සාධාවුසො භික්ඛු කාලෙන කාලං පරසම්පත්තිං පච්චවෙක්ඛිතා හොතී’ති.
Sinhala BJTඑ සමයෙහි වනාහි වෙසවුණු මහරජ යම් මැ කටයුත්තෙකින් උතුරුදිගින් දකුණු දිගට යන්නේ ය. වෙසවුණු මහරජ මහිසවත්‍ථු සමීපයෙහි සඞ්ඛෙය්‍යක පර්‍වතයෙහි වූ ධ්වජාලිකා වෙහෙරෙහි ආයුෂ්මත් උත්තර තෙරුන් සඟනට මෙසේ දහම් දෙසනු ඇසී: ඇවැත්නි, මහණ කලින්කල ආත්ම විපත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ නම් මැනැවැ. ඇවැත්නි, මහණ කලින්කල පරවිපත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ නම් මැනැවැ . ඇවැත්නි, මහණ කලින් කල ආත්මසම්පත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ නම් මැනැවැ. ඇවැත්නි, මහණ කලින් කල පරසම්පත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ නම් මැනැවැ කියා යි.
Pali BJTඅථ ඛො වෙස්සවණො මහාරාජා සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං{2} වා බාහං පසාරෙය්ය පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙව මහිසවත්ථුස්මිං සඞ්ඛෙය්යකෙ පබ්බතෙ ධවජාලිකායං{1} අන්තරහිතො දෙවෙසු තාවතිංසෙසු පාතුරහොසි.
Sinhala BJTඉක්බිති වෙසවුණු මහරජ බලවත් පුරුෂයෙක් වක්කළ අතක් යම් සේ දික් කරන්නේ හෝ වේ ද, දික් කළ අතක් යම් සේ වක් කරන්නේ හෝ වේ ද, එසෙයින් මහිසවත්‍ථුයෙහි සඞ්ඛෙය්‍යක පර්‍වතයෙහි වූ ධ්වජාලිකා නම් වෙහෙරෙහි අතුරුදහන් වූයේ තව්තිසා දෙවියන් අතරෙහි පහළවිය.
Pali BJTඅථ ඛො වෙස්සවණො මහාරාජා යෙන සක්කො දෙවානමින්දො තෙනුපසඞ්කමි උපසඞ්කමිත්වා සක්කං දෙවානමින්දං එතදවොච, ‘යග්ඝෙ මාරිස, ජානෙය්යාසි, එසො ආයස්මා උත්තරො මහිසවත්ථුස්මිං සඞ්ඛෙය්යකෙ පබ්බතෙ ධවජාලිකායං භික්ඛූනං එවං ධම්මං දෙසෙති: ‘සාධාවුසො භික්ඛු කාලෙන කාලං අත්තවිපත්තිං පච්චවෙක්ඛිතා හොති, සාධාවුසො භික්ඛු කාලෙන කාලං පරවිපත්තිං -පෙ- අත්තසම්පත්තිං -පෙ- පරසම්පත්තිං පච්චවෙක්ඛිතා හොති’ති.
Sinhala BJTඉක්බිති වෙසවුණු මහරජ සක්දෙවිඳු වෙත එළඹියේ ය. එළඹ සක්දෙවිඳු හට තෙල සැලකළේය: නිදුකාණෙනි, දන්නෙහි: “තෙල ආයුෂ්මත් උත්තර තෙරහු මහිසවත්‍ථු සමීපයෙහි සඞ්ඛෙය්‍යක පර්‍වතයෙහි වූ ධ්වජාලිකා නම් වෙහෙරෙහි සඟනට මෙසේ දම් දෙසති: “ඇවැත්නි, මහණ කලින්කල ආත්මවිපත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ නම් මැනැවැ, ඇවැත්නි, මහණ කලින් කල පරවිපත් … ආත්මසම්පත් ... පරසම්පත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ නම් මැනැවැ”යි.
Pali BJTඅථ ඛො සක්කො දෙවානමින්දො සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙව දෙවෙසු තාවතිංසෙසු අන්තරහිතො මහිසවත්ථුස්මිං සඞ්ඛෙය්යකෙ පබ්බතෙ ධවජාලිකායං ආයස්මතො උත්තරස්ස පමුඛෙ{1}. පාතුරහොසි: අථ ඛො සක්කො දෙවානමින්දො යෙනායස්මා උත්තරො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං උත්තරං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො සක්කො දෙවානමින්දො ආයස්මන්තං උත්තරං එතදවොච:
Sinhala BJTඉක්බිති සක්දෙවිඳු යම්සේ බලවත් පුරුෂයෙක් වක්කළ අතක් දික් කරන්නේ හෝ වේ ද, දික්කළ අතක් වක් කරන්නේ හෝ වේ ද, එසෙයින් ම තව්තිසා දෙවියන් කෙරෙහි අතුරුදන් වූයේ මහිසවත්‍ථු සමීපයෙහි වූ සඞ්ඛෙය්‍යක පර්‍වතයෙහි වූ ධ්වජාලිකා නම් වෙහෙරෙහි ආයුෂ්මත් උත්තර තෙරුන් හමුයෙහි පහළ වී ය. ඉක්බිති සක්දෙවිඳු ආයුෂ්මත් උත්තර තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් උත්තර තෙරුන් වැඳ එකත්පස් වැ සිටියේ ය. එකත්පසෙක සිටි සක්දෙවිඳු ආයුෂ්මත් උත්තර තෙරුන්ට තෙල සැළ කෙළේය:
Pali BJTසච්චං කිර භන්තෙ, ආයස්මා උත්තරො භික්ඛූනං එවං ධම්මං දෙසෙසි: සාධාවුසො භික්ඛු කාලෙන කාලං අත්තවිපත්තිං පච්චවෙක්ඛිතා හොති. සාධාවුසො භික්ඛු කාලෙන කාලං පරවිපත්තිං -පෙ- අත්තසම්පත්තිං -පෙ- පරසම්පත්තිං පච්චවෙක්ඛිතා හොතී’ති. ?
Sinhala BJTවහන්ස, ආයුෂ්මත් උත්තර තෙරණුවෝ “ඇවැත්නි, මහණ කලින් කල ආත්මවිපත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ නම් මැනැවැ. ඇවැත්නි, මහණ කලින් කල පරවිපත් ... ආත්මසම්පත් ... පරසම්පත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ වේ නම් මැනැවැ”යි මෙසේ සඟනට දහම් දෙසුවාහු සැබැවෙක් දැයි?
Pali BJTඑවං දෙවානමින්දාති.
Sinhala BJTඑසේ යැ දේවේන්‍ද්‍රය,
Pali BJTකිං පනිදං{2} භන්තෙ, ආයස්මතො උත්තරස්ස සකං පටිභානං, උදාහු තස්ස භගවතො වචනං අරහතො සම්මාසම්බුද්ධස්සාති?
Sinhala BJTකිම වහන්ස, මෙ ආයුෂ්මත් උත්තරයන්ගේ ස්වයං ප්‍රතිභානයෙක් වේ ද? නොහොත් ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ බසෙක් වේ දැ? යි.
Pali BJTතෙන හි දෙවානමින්ද, උපමං තෙ කරිස්සාමි, උපමායපි ඉධෙකච්චෙ{3} විඤ්ඤූ පුරිසා භාසිතස්ස අත්ථං ආජානන්ති. සෙය්යථාපි දෙවානමින්ද, ගාමස්ස වා නිගමස්ස වා අවිදූරෙ මහාධඤ්ඤරාසි, තතො මහාජනකායො ධඤ්ඤං ආහරෙය්ය කාජෙහිපි පිටකෙහිපි උච්ඡඞ්ගෙහිපි අඤ්ජලීහිපි. යො නු ඛො දෙවානමින්ද තං මහාජනකායං උපසඞ්කමිත්වා එවං පුච්ඡෙය්ය: කුතො ඉමං ධඤ්ඤං ආහරථාති? කථං තං ව්යාකරමානො{4}. නු ඛො දෙවානමින්ද, සො මහාජනකායො සම්මා ව්යාකරමානො ව්යාකරෙය්යාති?
Sinhala BJTඑසේ වී නම් දේවේන්‍ද්‍රය, තොපට උපමාවක් කරමි. මෙ ලොව්හි ඇතැම් විඥ පුරුෂයෝ උපමායෙනුදු භාෂිතයාගේ අර්‍ත්‍ථය දැනගන්නාහයි. යම්සේ දේවේන්‍ද්‍රය, ගමකට වේවයි නියම් ගමකට වේවයි නුදුරෙහි නුදුරෙහි මහා ධ්‍යානරාශියෙක් වේ නම් එයින් මහාජනසමූහයා කයිනුදු පේළායෙනුදු ඇකයෙනුදු ඇඳිලියෙනුදු ධාන්‍ය ගෙන එන්නේ ය. දේවේන්‍ද්‍රය, යමෙක් ඒ මහාජනසමූහයා වෙත එළඹ කොයින් මේ ධාන්‍ය ගෙනෙවුදැ යි මෙසේ පුළුවුස්නේ නම් දේවේනද්‍රය, එය විවරණ කරනුයේ ඒ මහාජනකාය කෙසේ නම් මොනොවට විවරණ කරන්නේ වේ ද?
Pali BJTඅමුම්හා ධඤ්ඤරාසිම්හා ආහරාමාති ඛො භන්තෙ, සො මහාජනකායො සම්මා ව්යාකරමානො ව්යාකරෙය්යාති.
Sinhala BJTවහන්ස, අසෝ මහාධාන්‍යරාශියෙන් ගෙන එන්නෙමුයි මොනොවට විවරණ කරන ඒ මහජනසමූහයා කියන්නේ ය යි.
Pali BJTඑවමෙව ඛො දෙවානමින්ද, යං කිඤ්චි සුභාසිතං සබ්බං තං තස්ස භගවතො වචනං අරහතො සම්මාසම්බුද්ධස්ස, තතො උපාදායුපාදාය මයඤ්චඤ්ඤෙ ච භණාමාති.
Sinhala BJTදේවේන්‍ද්‍රය, එසෙයින් ම යම් සුභාෂිතයෙක් වේ නම් එ හැම බස ඒ භාග්‍යවත් අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ය. එයින් පුනපුනා ගෙන අපිදු අනුනට බණම්හ’යි.
Pali BJTඅච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, යාව සුභාසිතමිදං{1} භන්තෙ, ආයස්මතා උත්තරෙන යං කිඤ්චි සුභාසිතං සබ්බං තං තස්ස භගවතො වචනං අරහතො සම්මාසම්බුද්ධස්ස, තතො උපාදායුපාදාය මයඤ්චඤ්ඤෙ ච භණාමාති,
Sinhala BJTවහන්ස, ආශ්චර්‍ය්‍ය ය. වහන්ස, අද්භූත ය. වහන්ස, ‘යම්කිසි සුභාෂිතයෙක් වේ නම් එ හැම අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේගේ වචනය. එයින් පුන පුනා ගෙන අපිදු අනුනට බණම්හ’ යන මේ ආයුෂ්මත් උත්තර තෙරණුවන් විසින් අත්‍යර්‍ත්‍ථයෙන් සුභාෂිත යි.
Pali BJTඑකමිදං භන්තෙ, උත්තර, සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ අචිරපක්කන්තෙ දෙවදත්තෙ. තත්ර ඛො භගවා දෙවදත්තං ආරබ්භ භික්ඛු ආමන්තෙසි:
Sinhala BJTවහන්ස, උත්තර තෙරණුවනි, එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ දෙව්දතුන් (සඟුන් බිඳ නික්ම) ගිය නොබෝ කල්හි, රජගහනුවර සමීපයෙහි වූ ගිජුකුළුපව්වෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ දෙව්දතුන් අරබයා මහණුන් ඇමතූ සේක:
Pali BJTසාධු භික්ඛවෙ, භික්ඛු කාලෙන කාලං අත්තවිපත්තිං පච්චවෙක්ඛිතා හොති, සාධු භික්ඛවෙ, භික්ඛු කාලෙන කාලං පරවිපත්තිං පච්චවෙක්ඛිතා හොති, -පෙ- අත්තසම්පත්තිං -පෙ- පරසම්පත්තිං පච්චවෙක්ඛිතා හොතීති.
Sinhala BJTමහණෙනි, මහණ කලින් කල ආත්මවිපත් සලකන්නේ වේ නම් මැනැවැ. මහණෙනි, මහණ කලින් කල පරවිපත් ... ආත්මසම්පත් ... පරසම්පත් සලකන්නේ වේ නම් මැනැවි.
Pali BJTඅට්ඨහි භික්ඛවෙ, අසද්ධම්මෙහි අභිභූතො පරියාදින්නචිත්තො දෙවදත්තො අපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො. කතමෙහි අට්ඨහි:
Sinhala BJTමහණෙනි, අෂ්ටඅසද්ධර්‍මයෙකින් අභිභූත වූ දැඩිකොට ගත් සිතැති දෙව්දත් අපායට නිසි වූයේ නිරයට නිසි වූයේ කල්පස්ථායී වූයේ පිළියම් නැතියේ වෙයි. කවර අටෙකින යත්:
Pali BJTලාභෙන{2} භික්ඛවෙ, අභිභූතො -පෙ- අලාභෙන භික්ඛවෙ -පෙ- යසෙන -පෙ- අයසෙන භික්ඛවෙ සක්කාරෙන භික්ඛවෙ -පෙ- අසක්කාරෙන භික්ඛවෙ -පෙ- පාපිච්ඡතාය භික්ඛවෙ -පෙ- පාපමිත්තතාය භික්ඛවෙ අභිභූතො පරියාදින්නචිත්තො දෙවදත්තො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො. ඉමෙහි ඛො භික්ඛවෙ, අට්ඨහි අසද්ධම්මෙහි අභිභූතො පරියාදින්නචිත්තො දෙවදත්තො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො.
Sinhala BJTමහණෙනි, ලාභයෙන් අභිභූත වූ ... මහණෙනි, අලාභයෙන් ... මහණෙනි, යසසින් ... මහණෙනි, අයසසින් ... මහණෙනි, සත්කාරයෙන් ... මහණෙනි, අසත්කාරයෙන් ... මහණෙනි, පාපේච්ඡතායෙන් ... මහණෙනි, පාපමිත්‍රතායෙන් අභිභූත වූ නිමහම් කොට ගත් සිතැති දෙව්දත් අපායට නිසි වූයේ නිරයට නිසි වූයේ කල්පස්ථායී වූයේ පිළියම් නැතියේ වෙයි. මහණෙනි, මේ අටඅසත්දහමින් මැඩුණු නිමහම් කොට ගත් සිතැති දෙව්දත් අපායට නිසි වූයේ නිරයට නිසි වූයේ කල්පස්ථායී වූයේ පිළියම් නැතියේ වෙයි.
Pali BJTසාධු භික්ඛවෙ, භික්ඛු උප්පන්නං ලාභං අභිභුය්ය අභිභුය්ය විහරෙය්ය. උප්පන්නං අලාභං -පෙ- උප්පන්නං යසං -පෙ- උප්පන්නං අයසං -පෙ- උප්පන්නං සක්කාරං -පෙ- උප්පන්නං අසක්කාරං -පෙ- උප්පන්නං පාපිච්ඡතං -පෙ- උප්පන්නං පාපමිත්තතං අභිභුය්ය අභිභුය්ය විහරෙය්ය.
Sinhala BJTමහණෙනි, මහණ උපන් ලාභය පුන පුනා මැඩගෙන වසන්නේ නම් මැනැවැ. උපන් අලාභය ... උපන් යසස් ... උපන් අයසස් … උපන් සත්කාර ... උපන් අසත්කාර ... උපන් පාපේච්ඡතා ... උපන් පාපමිත්‍රතා පුන පුනා මැඩගෙන වසන්නේ නම් මැනැවි.
Pali BJTකිඤ්ච භික්ඛවෙ, භික්ඛු අත්ථවසං පටිච්ච උප්පන්නං ලාභං අභිභුය්ය අභිභුය්ය විහරෙය්ය. උප්පන්නං අලාභං -පෙ- උප්පන්නං යසං -පෙ- උප්පන්නං අයසං -පෙ- උප්පන්නං සක්කාරං -පෙ- උප්පන්නං අසක්කාරං -පෙ- උප්පන්නං පාපිච්ඡතං -පෙ- උප්පන්නං පාපමිත්තතං අභිභුය්ය අභිභුය්ය විහරෙය්ය.
Sinhala BJTමහණෙනි, මහණ කිනම් කරුණක් පිණිස උපන් ලාභ පුන පුනා මැඩ ගෙන වසන්නේ වේ ද, උපන් අලාභ ... උපන් යශස් ... උපන් අයශස් ... උපන් සත්කාර ... උපන් අසත්කාර ... උපන් පාපේච්ඡතා ... උපන් පාපමිත්‍රතා පුන පුනා මැඩගෙන වසන්නේ වේද,
Pali BJTයං හිස්ස භික්ඛවෙ, උප්පන්නං ලාභං අනභිභුය්ය විහරතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා, උප්පන්නං ලාභං අභිභුය්ය විහරතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. යං හිස්ස භික්ඛවෙ, උප්පන්නං අලාභං -පෙ- උප්පන්නං යසං -පෙ- උප්පන්නං අයසං -පෙ- උප්පන්නං සක්කාරං -පෙ- උප්පන්නං අසක්කාරං -පෙ- උප්පන්නං පාපිච්ඡතං -පෙ- උප්පන්නං පාපමිත්තතං අනභිභුය්ය විහරතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා. උප්පන්නං පාපමිත්තතං අභිභුය්ය විහරතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ඉදං ඛො භික්ඛවෙ, භික්ඛු අත්ථවසං පටිච්ච උප්පන්නං ලාභං අභිභුය්ය අභිභුය්ය විහරෙය්ය. උප්පන්නං අලාභං -පෙ- උප්පන්නං යසං -පෙ- උප්පන්නං අයසං -පෙ- උප්පන්නං සක්කාරං -පෙ- උප්පන්නං අසක්කාරං -පෙ- උප්පන්නං පාපිච්ඡතං -පෙ- උප්පන්නං පාපමිත්තතං අභිභුය්ය අභිභුය්ය විහරෙය්ය.
Sinhala BJTමහණෙනි, යම් හෙයකින් උපන් ලාභ නොමැඩගෙන වසන ඔහුට විඝාත පරිදාහ ඇති කරන ආස්‍රවයෝ උපදනාහු නම් උපන් ලාභ මැඩ ගෙන වසන ඔහුට විඝාත පරිදාහ ඇති කරන ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, යම් හෙයකින් උපන් අලාභ ... උපන් යශස් ... උපන් අයශස් ... උපන් සත්කාර ... උපන් අසත්කාර ... උපන් පාපේච්ඡතා ... උපන් පාපමිත්‍රතා නො මැඩගෙන වසන ඔහුට මෙසේ විඝාත පරිදාහ ඇති කරන ආස්‍රවයෝ උපදනාහු නම් උපන් පාපමිත්‍රතාව මැඩගෙන වසන ඔහුට මෙසේ විඝාත පරිදාහ ඇති කරන ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මහ මෙ කරුණ පිණිස උපන් ලාභ පුනපුනා මැඩගෙන වසන්නේ නම් උපන් අලාභ ... උපන් යශස් ... උපන් අයශස් ... උපන් සත්කාර ... උපන් අසත්කාර ... උපන් පාපේච්ඡතා ... උපන් පාපමිත්‍රතා පුන පුනා මැඩ ගෙන වසන්නනේ ය.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං උප්පන්නං ලාභං අභිභුය්ය අභිභුය්ය විහරිස්සාම, උප්පන්නං අලාභං -පෙ- උප්පන්නං යසං -පෙ- උප්පන්නං අයසං -පෙ- උප්පන්නං සක්කාරං -පෙ- උප්පන්නං අසක්කාරං -පෙ- උප්පන්නං පාපිච්ඡතං -පෙ- උප්පන්නං පාපමිත්තතං අභිභුය්ය අභිභුය්ය විහරිස්සාමාති. එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, එහෙයින් මෙහි ලා මෙසේ හික්මිය යුතු ය: උපන් ලාභ පුන පුනා මැඩ වසන්නෙම්හයි උපන් අලාභ ... උපන් යශස් ... උපන් අයශස් ... උපන් සත්කාර ... උපන් අසත්කාර ... උපන් පාපේච්ඡතා ... උපන් පාපමිත්‍රතා ... පුන පුනා මැඩගෙන වසන්නම් හ යි. මහණෙනි, මෙසේ ම තොප විසින් හික්මිය යුතු යි.
Pali BJTඑත්තාවතා භන්තෙ උත්තර, මනුස්සෙසු චතස්සො පරිසා භික්ඛු භික්ඛුනියො උපාසකා උපාසිකායො. නායං ධම්මපරියායො කිස්මිඤ්චි පතිට්ඨිතො{1}. උග්ගණ්හාතු භන්තෙ, ආයස්මා උත්තරො ඉමං ධම්මපරියායං පරියාපුණාතු භන්තෙ, ආයස්මා උත්තරො ඉමං ධම්මපරියායං ධාරෙතු භන්තෙ, ආයස්මා උත්තරො ඉමං ධම්මපරියායං, අත්ථසංහිතො අයං භන්තෙ, ධම්මපරියායො ආදිබ්රහ්මචරියකොති.
Sinhala BJTවහන්ස, උත්තර තෙරණුවනි, මනුෂ්‍යන් කෙරෙහි මහණ ය, මෙහෙණ ය, උවසු ය, උවැසි ය යන සිවුපිරිස් මෙතෙක් ම ය. ඔවුන් කිසිවකු කෙරෙහිදු මේ ධර්‍මපර්‍ය්‍යාය නො පිහිටියේ ය. වහන්ස, ආයුෂ්මත් උත්තර තෙරහු මේ ධර්‍මපර්‍ය්‍යාය උගනිත්වා! වහන්ස, ආයුෂ්මත් උත්තර තෙරහු මේ ධර්‍මපර්‍ය්‍යාය පුරුදු කෙරෙත් වා! වහන්ස, ආයුෂ්මත් උත්තර තෙරහු මේ ධර්‍මපර්‍ය්‍යාය ධරත්වා! වහන්ස, මේ ධර්‍මපර්‍ය්‍යාය අර්‍ත්‍ථසංහිත වෙයි. ශාසන බ්‍රහ්මචර්‍ය්‍යයට ආදිභූත වූයේ වේ යයි.
Pali BJT8. 1. 1. 9.
Sinhala BJT8. 1. 1. 9.
Pali BJTනන්ද සුත්තං
Sinhala BJTනන්‍ද සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTකුලපුත්තො’ ති භික්ඛවෙ, නන්දං සම්මාවදමානො වදෙය්ය; බලවාති භික්ඛවෙ, නන්දං සම්මා වදමානො වදෙය්ය; පාසාදිකොති භික්ඛවෙ, නන්දං සම්මා වදමානො වදෙය්ය; තිබ්බරාගොති භික්ඛවෙ, නන්දං සම්මාවදමානො වදෙය්ය.
Sinhala BJTමහණෙනි, මොනොවට කියනුයෙක් නන්‍දයන් ගෙන ජාතිකුලපුත්‍රය හ යි කියන්නේ ය. මහණෙනි, මොනොවට කියන්නෙක් නන්‍දයන් බලවත්හ යි බණන්නේ ය. මහණෙනි, මනාකොට බණන්නෙක් නන්‍දයන් ප්‍රසාදජනකයහ යි බණන්නේ ය. මහණෙනි, මනාකොට බණන්නෙක් නන්‍දයන් ත්‍රිව්‍රරාග ඇතිය හ යි බණන්නේ ය.
Pali BJTකිමඤ්ඤත්ර භික්ඛවෙ, නන්දො ඉන්ද්රියෙසු ගුත්තද්වාරො භොජනෙසු මත්තඤ්ඤූ ජාගරියං අනුයුත්තො සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො. යෙහි නන්දො සක්කොති පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරිතුං:
Sinhala BJTමහණෙනි, අන් කරුණින් කිම? නන්‍ද පරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍යය පුරන්නට යමෙකින් හැකි වේද එබඳු වූ ඉන්‍ද්‍රිය විෂයයෙහි ගෝපනය කළ දොර ඇතියේ ය. භෝජනයෙහි මාත්‍රඥ ය. නිදි වැරීමෙහි යෙදුනේ ය. ස්මෘති සම්ප්‍රජන්‍යයෙන් සමන්‍වාගත යි.
Pali BJTතත්රීදං භික්ඛවෙ, නන්දස්ස ඉන්ද්රියෙසු ගුත්තද්වාරතාය හොති: සචෙ භික්ඛවෙ, නන්දස්ස පුරත්ථිමා දිසා ආලොකෙතබ්බා හොති, සබ්බං චෙතසා සමන්නාහරිත්වා නන්දො පුරත්ථිමං දිසං ආලොකෙති, ‘එවං මෙ පුරත්ථිමං දිසං ආලොකයතො න අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවිස්සන්තී’ති, ඉතිහ තත්ථ සම්පජානො හොති. සචෙ භික්ඛවෙ, නන්දස්ස පච්ඡිමා දිසා ආලොකෙතබ්බා හොති -පෙ- උත්තරා දිසා ආලොකෙතබ්බා හොති -පෙ- දක්ඛිණා දිසා ආලොකෙතබ්බා හොති -පෙ- උද්ධං උල්ලොකෙතබ්බා හොති -පෙ- අධො ඔලොකෙතබ්බා හොති -පෙ- අනුදිසා අනුවිලොකෙතබ්බා හොති, සබ්බං චෙතසා සමන්නාහරිත්වා නන්දො අනුදිසං අනුවිලොකෙති. ‘එවම්මෙ අනුදිසං අනුවිලොකයතො නාභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවිස්සන්තීති. ඉතිහ තත්ථ සම්පජානො, ඉදං ඛො භික්ඛවෙ, නන්දස්ස ඉන්ද්රියෙසු ගුත්තද්වාරතාය හොති.
Sinhala BJTමහණෙනි, එහි ලා නන්‍දයන්ගේ ඉන්‍ද්‍රියන්හි ගුප්තද්වාරතා මේ වෙයි: මහණෙනි, ඉදින් නන්‍දයන් විසින් පෙරදිග බැලියයුතු වේ නම් නන්‍දයෝ හැම සිතින් සමනා පෙරදිග බලති. ‘මෙසේ පෙරදිග බලන මට අභිධ්‍යා දෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත අකුශලධර්‍මයෝ ලුහු නො බඳනාහු ය’ කියායි. එහි නුවණින් යුතු වූයේ වෙයි. මහණෙනි, ඉදින් නන්‍දයන් විසින් පශ්චිම දිශාව බැලිය යුතු වේ නම් ... උත්තර දිශාව බැලිය යුතු වේ නම් ... දක්‍ෂිණ දිශාව බැලිය යුතු වේ නම් ... උඩ බැලිය යුතු වේ නම් ... යට බැලිය යුතු වේ නම් ... අනුදිශා දිශාව බැලිය යුතු වේ නම්, නන්‍දයෝ හැම සිතින් සමනා අනුදිශා බලති. ‘මෙසේ අනුදික් බලන මට අභිධ්‍යා දෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ රැස් නොවන්නාහුය’ කියා යි. මෙසේ එහි නුවණින් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මේ වනාහි නන්‍දයන්ගේ ඉන්‍ද්‍රියන්හි ගුප්තද්වාරතා වෙයි.
Pali BJTතත්රිදං භික්ඛවෙ, නන්දස්ස භොජනෙ මත්තඤ්ඤුතාය හොති: ඉධ භික්ඛවෙ නන්දො පටිසඞ්ඛායොනිසො ආහාරං ආහාරෙති: නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය, යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්රහ්මචරියානුග්ගහාය, ඉති පුරාණඤ්ච වෙදනං පටිහඞ්ඛාමි, නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි, යාත්රා ච මෙ භවිස්සති, අනවජ්ජතා ච ඵාසුවිහාරො චාති. ඉදං ඛො භික්ඛවෙ, නන්දස්ස භොජනෙ මත්තඤ්ඤුතාය හොති.
Sinhala BJTමහණෙනි, එහිලා නන්‍දයන්ගේ භෝජනයෙහි මාත්‍රඥතා මේ වෙයි: මහණෙනි, නන්‍දයෝ නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට ආහාර වළඳති. දිව පිණිස නො වෙයි, මද පිණිස නොවෙයි, මණ්ඩන පිණිස නොවෙයි, භූෂණ පිණිස නොවෙයි, මේ ආහාරය මේ ශරීරයාගේ ස්ථිතිය පිණිස ම, යැපීම පිණිස ම, විහිංසා නස්නා පිණිස ම, බ්‍රහ්මචර්‍ය්‍යයට අනුග්‍රහ පිණිස ම වෙයි. මෙසේ නො වැළඳීමෙන් වූ පුරාණ වේදනා ද නසන්නෙමි, අභිනව වේදනා ද නූපදවන්නෙමි, මාගේ ජීවිත යාත්‍රා ද වෙයි, අනවද්‍යතාව හා ඵාසුවිහරණය ද වේ ය කියායි. මහණෙනි, මේ නන්‍ද තෙරහුගේ භෝජනයෙහි මාත්‍රඥතාව වෙයි.
Pali BJTතත්රිදං භික්ඛවෙ, නන්දස්ස ජාගරියානුයොගස්මිං හොති. ඉධ භික්ඛවෙ, නන්දො දිවසං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති. රත්තියා පඨමං යාමං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති. රත්තියා මජ්ඣිමං යාමං දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙති. පාදෙ පාදං අච්චාධාය සතො සම්පජානො උට්ඨානසඤ්ඤං මනසිකරිත්වා. රත්තියා පච්ඡිමං යාමං පච්චුට්ඨාය චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති. ඉදං ඛො භික්ඛවෙ, නන්දස්ස ජාගරියානුයොගස්මිං හොති.
Sinhala BJTමහණෙනි, එහිලා මේ නන්‍දයන්ගේ නිදිවැරීමෙහි යෙදීම වෙයි: මහණෙනි, නන්‍දයෝ දාවල සක්මනිනුදු හිඳීමෙනුදු ආවරණය කරන ධර්‍මයෙන් සිත පිරිසිදු කෙරෙති. රෑ පළමුයම සක්මනිනුදු හිඳීමෙනුදු ආවරණය කරන ධර්‍මයෙන් සිත පිරිසිදු කෙරෙති. රෑ මැදුයම්යම පා මත පා හයා තබා සිහි නුවණින් යුතු වැ උත්‍ථානසංඥාව මෙනෙහිකොට දකුණැලයෙන් සිංහසය්‍යා කෙරෙති. රෑ පැසුළුයම නැඟී සිට සක්මනිනුදු හිඳීමෙනුදු ආවරණය කරන ධර්‍මයෙන් සිත පිරිසිදු කෙරෙත්. මහණෙනි, මේ නන්‍දයන්ගේ නිදිවැරීමෙහි යෙදීම වෙයි.
Pali BJTතත්රිදං භික්ඛවෙ, නන්දස්ස සතිසම්පජඤ්ඤස්මිං හොති: ඉධ භික්ඛවෙ, නන්දස්ස විදිතා වෙදනා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති, විදිතා සඤ්ඤා උප්පජ්ජන්ති -පෙ- විදිතා විතක්කා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨාහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති. ඉදං ඛො භික්ඛවෙ, නන්දස්ස සතිසම්පජඤ්ඤස්මිං හොති.
Sinhala BJTමහණෙනි, එහි මේ නන්‍දයන්ගේ ස්මෘතිසම්ප්‍රජන්‍යය වේ: මහණෙනි, නන්‍දයන් දන්නා ලද වූ ම වේදනාවෝ උපදිත්. දන්නා ලද වූ ම වේදනාවෝ වටහත්. දන්නා ලද වූ ම වේදනාවෝ අස්තයට යෙත්. දන්නා ලද වූ ම සංඥාවෝ උපදිත් ... දන්නා ලද වූ ම විතර්‍කයෝ උපදිත්. දන්නා ලද වූ ම විතර්‍කයෝ වටහත්. දන්නා ලද වූ ම විතර්‍කයෝ අස්තයට යෙත්. මහණෙනි, මේ නන්‍දයන්ගේ ස්මෘතිසම්ප්‍රජන්‍යය වෙයි.
Pali BJTකිමඤ්ඤත්ර භික්ඛවෙ, නන්දො ඉන්ද්රියෙසු ගුත්තද්වාරො භොජනෙ මත්තඤ්ඤූ ජාගරියං අනුයුත්තො සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො යෙහි නන්දො සක්කොති පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරිතුන්ති.
Sinhala BJTමහණෙනි, අන් කරුණෙකින් කිම? යමෙකින් නන්‍දයෝ පරිපූර්‍ණ පරිසුද්ධ බ්‍රහ්මචර්‍ය්‍ය පුරන්නට හැකිවෙත් ද, එබඳු වූ ඉන්‍ද්‍රියෙහි ගුප්තද්වාරතා ඇතියහ, භෝජනයෙහි පමණ දන්නාහ, නිදි වැරීමෙහි යෙදුනාහ. ස්මෘතිසම්ප්‍රජන්‍යයෙන් සමන්‍වාගතයහ යි.
Pali BJT8. 1. 1. 10.
Sinhala BJT8. 1. 1. 10.
Pali BJTකාරණ්ඩව සුත්තං
Sinhala BJTකාරණ්ඩව සූත්‍රය
Pali BJTඑකං සමයං භගවා චම්පායං විහරති ගග්ගරාය පොක්ඛරණියා තීරෙ. තෙන ඛො පන සමයෙන භික්ඛු භික්ඛුං ආපත්තියා චොදෙන්ති. සො භික්ඛු භික්ඛූහි ආපත්තියා චොදියමානො අඤ්ඤෙනඤ්ඤං{1} පටිචරති, බහිද්ධා කථං අපනාමෙති, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. අථ ඛො භගවා භික්ඛු ආමන්තෙසි. නිද්ධමථෙතං භික්ඛවෙ පුග්ගලං, නිද්ධමථෙතං භික්ඛවෙ, පුග්ගලං, අපනෙය්යෙසො භික්ඛවෙ පුග්ගලො. කිං වො පරපුත්තො විහෙඨීයති.{2}
Sinhala BJTඑක් කලෙක භාග්‍යවතුන් වහන්සේ චම්පා නුවර සමීපයෙහි ගග්ගරා පොකුණු තෙර වැඩ වසන සේක. එ සමයෙහි මහණහු මහණක් හට ඇවතින් චෝදනා කෙරෙත්. ඒ මහණ මහණුන් විසින් ඇවතින් චෝදනා කරනු ලබනුයේ අන් වචනයෙකින් අන්වචනය වසයි. බැහැරින් අන් අමුතු කථාවත් බහයි, කෝපය හා ද්වේෂය හා නො සතුට හා පහළ කෙරෙයි. එසඳ භාග්‍යවතුන් වහන්සේ මහණුන් ඇමතූ සේක: මහණෙනි, ඒ පුඟුලා නෙරව. මහණෙනි, ඒ පුඟුලා නෙරව. මහණෙනි, ඒ පුඟුලා නෙරියයුත්තෙක. තොප විසින් පරපුත්‍රයෙක් කුමට පෙළනු ලැබේ ද?
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චස්ස පුග්ගලස්ස තාදිසං යෙව හොති. අභික්කන්තං පටික්කන්තං ආලොකිතං විලොකිතං සම්මිඤ්ජිතං පසාරිතං සංඝාටිපත්ත චීවරධාරණං. සෙය්යථාපි අඤ්ඤෙසං භද්දකානං භික්ඛූනං යාවස්ස භික්ඛු ආපත්තිං න පස්සන්ති, යතො ච ඛ්වාස්ස භික්ඛු ආපත්තිං පස්සන්ති තමෙනං එවං ජානන්ති. සමණදූසී චායං සමණපලාපො සමණකාරණ්ඩවොති. තමෙනං ඉති විදිත්වා බහිද්ධා නාසෙන්ති. තං කිස්ස හෙතු: මා අඤ්ඤෙ භද්දකෙ භික්ඛු දූසෙසීති.
Sinhala BJTමහණෙනි, මහණහු යම්තාක් ඔහුගේ ඇවැත් නො දක්නාහු ද, ඒ තාක් අන්‍ය භද්‍ර වූ මහණුන්ගේ ඉදිරි බලා යාම හා පෙරළා ඊම හා ඉදිරි බැලීම හා ඔබ මොබ බැලීම හා අත්පා හැකිළීම් විහිදීම් හා සඟළපාසිවුරු දැරීම් යම්සේ වේද, එසෙයින් ඇතැම් පුද්ගලයක්හුගේ එබඳු ම ඉරියවු වෙයි. යම් කලෙක මහණහු ඔහුගේ ඇවැත් දක්නාහු ද එකල ඔහු මෙසේ දනිති: මේ ශ්‍රමණදූෂ්‍යයෙක, ශ්‍රමණප්‍රලාපයෙක, මහණ කසළෙකැයි. මෙසේ ඔහු හඳුනා බැහැර නෙරත්. ඒ කවර හෙයින: අන්‍යභද්‍ර භික්‍ෂූන් නහමක් දූෂණය කෙරේවා කියා යි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, සම්පන්නෙ යවකරණෙ යවදුසී ජායෙථ, යවපලාපො යවකාරණ්ඩවො. තස්ස තාදිසංයෙව මූලං හොති. සෙය්යථාපි අඤ්ඤෙසං භද්දකානං යවානං, තාදිසංයෙව නාලං හොති සෙය්යථාපි අඤ්ඤෙසං භද්දකානං යවානං, තාදිසංයෙව පත්තං හොති සෙය්යථාපි අඤ්ඤෙසං භද්දකානං යවානං, යාවස්ස සීසං න නිබ්බත්තති, යතො ච ඛ්වාස්ස{1} සීසං නිබ්බත්තති. තමෙනං එවං ජානන්ති: යවදූසී චායං යවපලාපො යවකාරණ්ඩවොති. තමෙනං ඉති විදිත්වා සමූලං උප්පාටෙත්වා බහිද්ධා යවකරණස්ස ඡඩ්ඩෙන්ති. තං කිස්ස හෙතු: මා අඤ්ඤෙ භද්රකෙ යවෙ දූසෙසීති.
Sinhala BJTමහණෙනි, යම් සේ සමෘද්ධ වූ යවක්‍ෂේත්‍රයෙක යවදූෂණ යවප්‍රලාප යවකසළ උපදනේ වේ ද, අන්‍යභද්‍ර යවයන්ගේ මුල් යම් සේ වේ නම් ඒ යව කසළහුගේ එබඳු වූ ම මුල් වෙයි. අන්‍ය භද්‍ර යවයන්ගේ නළ යම්සේ වේ නම් එබඳු වූ ම නළ වෙයි. අන්‍ය භද්‍ර යවයන්ගේ පත් යම්සේ වේ නම් එබඳු වූ ම පත්වැටි වෙයි. යම් තාක් ඒ යවකසළයාගේ ශස්‍යශීර්‍ෂය උපදනේ ද ඒ තාක් මය. යම් කලෙක ඒ යවකසළයාගේ ශස්‍යශීර්‍ෂය උපදනේ ද, එකල ඒ යවය මෙසේ හඳුනත්: මේ යවදූෂණ ය, යවප්‍රලාප ය, යවකසළ ය කියා යි. ඒ යවකසළය මෙසේ හඳුනා සහ මුලින් උපුටා යවක්‍ෂෙත්‍රයන් බැහැර ලත්. ඒ කවර හෙයින: අන්‍ය භද්‍රයවයන් නහමක් දූෂණය කෙරේවා කියා යි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ ඉධෙකච්චස්ස පුග්ගලස්ස තාදිසංයෙව හොති අභික්කන්තං පටික්කන්තං ආලොකිතං විලොකිතං සම්මිඤ්ජිතං පසාරිතං සඞ්ඝාටිපත්තචීවරධාරණං. සෙය්යථාපි අඤ්ඤෙසං භද්දකානං භික්ඛූනං යාවස්ස භික්ඛූ ආපත්තිං න පස්සන්ති. යතො ච ඛ්වාස්ස භික්ඛූ ආපත්තිං පස්සන්ති. තමෙනං එවං ජානන්ති: සමණදූසී චායං සමණපලාපො සමණකාරණ්ඩවොති. තමෙනං ඉති විදිත්වා බහිද්ධා නාසෙන්ති. තං කිස්ස හෙතු: මා අඤ්ඤෙ භද්රකෙ භික්ඛූ දූසෙසීති.
Sinhala BJTමහණෙනි, එ පරිදි ම මේ සස්නෙහි කිසි පුඟුක්හට අන්‍ය භද්‍ර භික්‍ෂූන් හට යම්සේ වේ නම් එබඳු වූ ම ඉදිරිගමන් හා පෙරළා ගමන් හා ඉදිරිබැලීම් හා ඔබමොබ බැලීම් හා අත් පා හැකිළීම් විහිදීම් හා සඟළපාසිවුරු ධැරීම් හා වෙයි. මහණහු යම්තාක් ඔහුගේ ඇවැත් නො දක්නාහු ද, ඒ තාක් ම ය. යම් දවසෙක මහණහු ඔහුගේ ඇවැත් දක්නාහු ද, එ දවස් ඔහු මෙසේ හඳුනත්: මේ ශ්‍රමණ දූෂකයෙක, මේ ශ්‍රමණප්‍රලාපයෙක, මේ මහණකසළෙක කියා යි. මෙසේ ඔහු හඳුනා බැහැර නෙරත්. ඒ කවර හෙයින: අන්‍ය භික්‍ෂූන් නමහක් දූෂණය කෙරේවා කියා යි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, මහතො ධඤ්ඤරාසිස්ස පූයමානස්ස{2} තත්ථ යානි ධඤ්ඤානි දළ්හානි සාරවන්නානි තානි එකමන්තං පුඤ්ජං හොති, යානි පන තානි ධඤ්ඤානි දුබ්බලානි පලාපානි තානි වාතො එකමන්තං අපකස්සති. තමෙනං සාමිකා [අප]සම්මජ්ජනිං ගහෙත්වා භිය්යො සොමත්තාය අපසම්මජ්ජන්ති. තං කිස්ස හෙතු: මා අඤ්ඤෙ භද්රකෙ ධඤ්ඤෙ දූසෙසීති.
Sinhala BJTමහණෙනි, යම්පරිදි පොළනු ලබන මහත් ධාන්‍ය රාශියක්හුගේ සාරවත් දෘඨධාන්‍යයෝ ඇද්ද, ඒ ධාන්‍ය එක්පසෙක ගොඩ වෙයි. බොල් වූ දුබල වූ යම් ඒ ධාන්‍යයෝ ඇද්ද, වාතය ඒ ධාන්‍ය එක්පසෙක ඇද දමයි. කෙත් හිමියෝ සුළංකුල්ල ගෙන ඒ බොල් ධාන්‍ය බෙහෙවින් ම බැහැර කරත්. ඒ කවර හෙයින: අන්‍ය භද්‍රධාන්‍ය නහමක් දූෂණය කෙරේ වා කියා යි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, ඉධෙකච්චස්ස පුග්ගලස්ස තාදිසංයෙව හොති අභික්කන්තං පටික්කන්තං ආලොකිතං විලොකිතං සම්මිඤ්ජිතං පසාරිතං සඞ්ඝාටිපත්තචීවරධාරණං. සෙය්යථාපි නාම අඤ්ඤෙසං භද්දකානං භික්ඛූනං යතො ච ඛ්වාස්ස භික්ඛු ආපත්තිං පස්සන්ති, තමෙනං එවං ජානන්ති; සමණදූසී චායං සමණපලාපො සමණකාරණ්ඩවොති. තමෙනං ඉති විදිත්වා බහිද්ධා නාසෙන්ති. තං කිස්ස හෙතු: මා අඤ්ඤෙ භද්දකෙ භික්ඛු දූසෙසීති.
Sinhala BJTමහණෙනි, එ පරිදි ම මෙසස්නෙහි ඇතැම් පුඟුලක්හට අන්‍යභද්‍ර භික්‍ෂූන් හට යම් බඳු වේ ද, එබඳු වූ ඉදිරි යාම් හා පෙරළා ඊම් හා ඉදිරි බැලීම් හා ඔබමොබ බැලීම් හා අත් පා හැකිළීම් විහිදීම් හා සඟළපාසිවුරු ධැරීම් හා වෙයි. යම් කලෙක මහණහු ඔහුගේ ඇවැත් දක්නාහු ද, එ තෙක් මය. එකල ඔහු මෙසේ හඳුනා ගනී: මේ ශ්‍රමණදූෂකයෙක, ශ්‍රමණප්‍රලාපයෙක්, මහණ කසළෙක කියා යි. මෙසේඔහු හඳුනා බැහැර නෙරත් ඒ කවර හෙයින: අන්‍ය භද්‍ර භික්‍ෂූන් නහමක් දූෂණය කෙරේවා කියා යි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ පුරිසො උදපානපණාලියා අත්ථිකො තිණ්හං කුඨාරිං ආදාය වනං පවිසෙය්ය, සො තං තදෙව{1} රුක්ඛං කුඨාරිපාසෙන ආකොටෙති. තත්ථ යානි තානි රුක්ඛානි දළ්හානි සාරවන්තානි කුඨාරිපාසෙන ආකොටිතානි කක්ඛලං පටිනදන්ති, යානි තානි රුක්ඛානි අන්තොපූතීනි අවස්සුතානි කසම්බුජාතානි තානි කුඨාරිපාසෙන ආකොටිතානි දද්දරං පටිනදන්ති. තමෙනං මූලෙ ඡින්දති, මූලෙ ඡෙත්වා අග්ගෙ ඡින්දති, අග්ගෙ ඡෙත්වා අන්තො සුවිසොධිතං විසොධෙති, අන්තො සුවිසොධිතං විසොධෙත්වා උදපානපණාලියං යොජෙති.
Sinhala BJTමහණෙනි, යම් සේ පුරුෂයෙක් ළිං පිහිල්ලෙකින් අර්ත්‍ථි වූයේ තියුණු පොරොවක් ගෙන වනයට වදනේ වේ ද, හේ ඒ ඒ රුකක් ම පොරෝ හිසින් කොටන්නේ වේ ද, එහි සාරවත් වූ දෘඪ වූ යම් වෘක්‍ෂයෝ කෙටේරි පස්වටුයෙන් කෙටුණාහු කැකුළු කොට නද දෙත් ද, ඇතුළත කුණු වූ තෙත් වූ හටගත් කසළ ඇති යම් වෘක්‍ෂයෝ ඇද්ද, ඒ වෘක්‍ෂයෝ කෙටේරි පස්වටුයෙන් කෙටුණාහු දැදුරු හඬ නඟත් ද, ඒ ගස මුලෙහි ලා සිඳුනේ ය. මුල සිඳ අගෙහි ලා සිඳුනේ ය. අග සිඳ ඇතුළත මොනොවට ශුද්ධ කොට ළිං පිහිල්ලෙහි යොදනේ ය.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ ඉධෙකච්චස්ස පුග්ගලස්ස තාදිසං යෙව හොති අභික්කන්තං පටික්කන්තං ආලොකිතං විලොකිතං සම්මිඤ්ජිතං පසාරිතං සඞ්ඝාටිපත්තචීවරධාරණං, සෙය්යථාපි නාම අඤ්ඤෙසං භද්දකානං භික්ඛූනං යාවස්ස භික්ඛු ආපත්තිං න පස්සන්ති. යතො ච ඛ්වාස්ස භික්ඛු ආපත්තිං පස්සන්ති, තමෙනං එවං ජානන්ති: සමණදූසී චායං සමණපලාපො සමණකාරණ්ඩවොති. තමෙනං ඉති විදිත්වා බහිද්ධා නාසෙන්ති. තං කිස්ස හෙතු: මා අඤ්ඤෙ භද්දකෙ භික්ඛු දූසෙසීති.
Sinhala BJTමහණෙනි, එ පරිදි ම මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් හට අන්‍ය භද්‍ර භික්‍ෂූන් හට යම් සේ වේ ද එබඳු වූ ම ඉදිරි යාම හා පෙරළා ඊම හා ඉදිරි බැලීම් හා ඔබමොබ බැලීම් හා අත් පා හැකිළීම් හා විහිදීම් හා සඟළපාසිවුරු ධැරීම් හා වෙයි. මහණහු යම්තාක් ඔහුගේ ඇවැත් නො දක්නාහු ගේ ද, එතෙක් ම ය. යම් කලෙක මහණහු ඔහුගේ ඇවැත් දක්නාහු ද, එකල මෙසේ ඔහු හඳුනා ගනිත්: මේ ශ්‍රමණ දූෂකයෙක, මේ ශ්‍රමණ ප්‍රලාපයෙක. මේ මහණ කසලෙක කියා යි. මෙසේ ඔහු හඳුනා නෙරපියති. ඒ කවර හෙයින: අන්‍ය භද්‍ර භික්‍ෂූන් නහමක් දූෂණය කෙරේවා කියා යි.
Pali BJT1. සංවාසා’ යං{2} විජානාථ, පාපිච්ඡො කොධනො ඉති, මක්ඛී ථම්භී පලාසී ච, ඉස්සුකී මච්ඡරී සඨො.
Sinhala BJT1. මේ තෙම ලමු ඉච්ඡා ඇතියේ ය, කිපෙන සුලු ය, ගුණමකු ය, දැඩි සිතැතියේ ය, යුගග්‍රාහකලක්‍ෂණ පලාස ඇතියේ ය, ඊර්‍ෂ්‍යා කරන සුලු ය, මසුරු ය, කෛරාටික ය, යනු සංවාසයෙන් දැන ගනුව.
Pali BJT2. සන්තවාචො ජනවති, සමණො විය භාසති, රහො කරොති කටනං{3} පාපදිට්ඨි අනාදරො.
Sinhala BJT2. පාපදෘෂ්ටි ඇතියේ ශික්‍ෂායෙහි අදර නැතියේ ජනයා මධ්‍යයෙහි මොළොක්බස් ඇතියේ මහණකු සෙයින් බෙණේ. රහසෙහි පව් කරයි.
Pali BJT3. සංසප්පී ච මුසාවාදී, තං විදිත්වා යථාතථං, සබ්බෙ සමග්ගා හුත්වාන, අභිනිබ්බජ්ජයාථ, {4} නං.
Sinhala BJT3. සැලෙනුයේ ද මුසවා බණනුයේ ද වෙයි. තතු සේ ඔහු හැඳින හැම සමඟ ව ඔහු නෙරව.
Pali BJT4. කාරණ්ඩවං නිද්ධමථ, කසම්බුඤ්චාපකස්සථ{5}. තතො පලාපෙ වාහෙථ, අස්සමණෙ සමණමානිනෙ.
Sinhala BJT4. ශ්‍රමණ කාරණ්ඩවයා නෙරව, මහණ කසළහු දුරලව, අශ්‍රමණ වූ ශ්‍රමණමානී වූ ශ්‍රමණ ප්‍රලාපයන් බැහැර ලවු.
Pali BJT5. නිද්ධමිත්වාන පාපිච්ඡෙ, පාපකාචාරගොචරෙ, සුද්ධාසුද්ධෙහි සංවාසං, කප්පයව්හො පතිස්සතා තතො සමග්ගා නිපකා, දුක්ඛස්සන්තං කරිස්සථාති.
Sinhala BJT5. පාප ආචාර ගෝචර ඇති පාපේච්ඡයන් නෙරපියා එළඹ සිටි සිහි ඇත්තාහු ශුද්ධ වූවාහු පිරිසිදු සඟුන් හා සමඟ වාස කරව. ඉක්බිති සමඟ වූවාහු තීරණප්‍රඥා ඇතියාහු දුක් කෙළවර කරන්නාහු ය.
Pali BJTමෙත්තාවග්ගො පඨමො.
Sinhala BJTපළමුවැනි මෙත්තාවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTමෙත්තා පඤ්ඤා ච ද්වෙ පියා, ද්වෙ ලොකා ද්වෙ විපත්තියො, දෙවදත්තො ච උත්තරො, නන්දො කාරණ්ඩවෙන චාති.
Sinhala BJTමෙත්තා සූත්‍රය, පඤ්ඤා සූත්‍රය, පිය සූත්‍ර දෙක ය, ලෝකවිපත්ති (ධම්ම) සූත්‍ර දෙකය, දේවදත්ත සූත්‍රය, උත්තර සූත්‍රය, නන්‍ද සූත්‍රය, කාරණ්ඩව සූත්‍රය හා දශ සූත්‍ර යි.
Pali BJT2. මහාවග්ගො
Sinhala BJT2. මහා වර්‍ගය
Pali BJT8. 1. 2. 1.
Sinhala BJT8. 1. 2. 1.
Pali BJTවෙරඤ්ජ සුත්තං
Sinhala BJTවේරඤ්ජ සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං එකං සමයං භගවා වෙරඤ්ජායං විහරති නලෙරුපුචිමන්ද මූලෙ අථ ඛො වෙරඤ්ජො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි, එකමන්තං නිසින්නො ඛො වෙරඤ්ජො බ්රාහ්මණො භගවන්තං එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වේරඤ්ජා නම් නගරයෙහි නලෙරු නම් (යකකු අරක්ගත් හෙයින් එනම් වූ) කොසඹ රුක් මුල්හි වැඩ වසන සේක. එකල්හි වේරඤ්ජ නම් බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සම්මෝදනයට නිසි වූ සිහිකටයුතු කථාව කොට නිමවා එකත් පසෙක හින. එකත් පසෙක හුන් වේරඤ්ජ බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය:
Pali BJTසුතං මෙතං භො ගොතම, න සමණො ගොතමො බ්රාහ්මණෙ ජිණ්ණෙ වුද්ධෙ මහල්ලකෙ අද්ධගතෙ වයොඅනුප්පත්තෙ අභිවාදෙති වා පච්චුට්ඨෙති වා ආසනෙන වා නිමන්තෙතීති තයිදං භො ගොතම, තථෙව, නහි භවං ගොතමො බ්රාහ්මණෙ ජිණ්ණෙ වුද්ධෙ මහල්ලකෙ අද්ධගතෙ වයොඅනුප්පත්තෙ අභිවාදෙති වා පච්චුට්ඨෙති වා ආසනෙන වා නිමන්තෙති, තයිදං භො ගොතම න සම්පන්නමෙවාති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, ‘මහණ ගොයුම්හු ජරාජීර්‍ණ වූ වයෝවෟද්ධ වූ ජාතිමහල්ලක වූ තුන් වයස් ඉක්ම වූ තුන්වන වියට පත් බමුණන් නො වඳනාහ යි ද දැක හුනස්නෙන් නො නැඟී සිටුනාහ යි ද අස්නෙන් හෝ නිමන්ත්‍රණ නො කරන්නා හ යි ද’ යන තෙල කරුණ මා විසින් අසන ලද. භවත් ගෞතමයෙනි, මෙ කරුණ එසේ ම ය. භවත් ගෞතමයෝ ජරාජීර්‍ණ වූ වෘද්ධ වූ මහලු වූ තුන්වයස් ඉක්ම ගිය අවසන් වියට පත් බමුණන් නො වඳනාහ. දැක ද හුනස්නෙන් නැඟී නො සිටුනාහ. අස්නෙන් හෝ නො ද පවරන්නාහ. භවත් ගෞතමයෙනි, මෙ කරුණ නො නිසි මැ යි.
Pali BJTනාහං තං බ්රාහ්මණ, පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය යමහං අභිවාදෙය්යං වා පච්චුට්ඨෙය්යං වා ආසනෙන වා නිමන්තෙය්යං. යං හි බ්රාහ්මණ, තථාගතො අභිවාදෙය්ය වා පච්චුට්ඨෙය්ය වා ආසනෙන වා නිමන්තෙය්ය මුද්ධාපි තස්ස විපතෙය්යාති.
Sinhala BJTබ්‍රාහ්මණය, මම යමකු වදනෙම් නම් හෝ දැක හුනස්නෙන් නැඟී සිටුනෙම් හෝ අස්නෙන් පවරන්නෙම් නම් හෝ එබන්දකු මරුන් සහිත, බඹුන් සහිත, සදෙව් ලොව්හි මහණ බමුණන් සහිත, දෙව් මිනිසුන් සහිත සත්ත්‍වාඛ්‍ය ප්‍රජායෙහි ලා නො දක්මි. බ්‍රාහ්මණය, තථාගත තෙම යම් ම පුඟුලකු වඳියි නම් හෝ දැක හුනස්නෙන් නැඟී සිටී නම් හෝ අස්නෙන් පවරයි නම් හෝ ඔහු මුදුන ද ගිලිහෙන්නේ ය.
Pali BJT1. අරසරූපො භවං ගොතමොති.
Sinhala BJT1. භවත් ගෞතමයෝ අරසරූප (සමඟරස සැහැවි නැති) යහ යි.
Pali BJTඅත්ථි ඛ්වෙස බ්රාහ්මණ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය ‘අරසරූපො සමණො ගොතමො’ ති. යෙ තෙ බ්රාහ්මණ, රූපරසා සද්දරසා ගන්ධරසා රසරසා පොට්ඨබ්බරසා තෙ තථාගතස්ස පහීනා, උච්ඡින්නමූලා තාලාවත්ථුකතා{1} අනභාවකතා{2} ආයතිං අනුප්පාදධම්මා, අයං ඛො බ්රාහ්මණ පරියායො යෙන මං පරියායෙන සම්මාවදමානො වදෙය්ය අරසරූපො සමණො ගොතමො’ති. නො ච ඛො යං ත්වං සන්ධාය වදෙසි.
Sinhala BJTබ්‍රාහ්මණය, මොනොවට කියනුයෙක් යම් කරුණෙන් ‘ශ්‍රමණ භවත් අරසරූපයෙකැ’යි මට කියා නම්, මේ එ කරුණ යි බ්‍රාහ්මණය, යම් (කාම සුඛාස්වාද සඞ්ඛ්‍යාත) රූප රස කෙනෙක්, ශබ්ද කෙනෙක්, ගන්‍ධ රස කෙනෙක්, රස රස කෙනෙක්, ස්ප්‍රෂ්ටව්‍ය රස කෙනෙක් වෙත් නම්, තථාගතයනට ඔහු ප්‍රහීණයහ, උසුන් මුල් ඇතියහ, තාලාවස්තු කෘතයහ, අනභාව කරන ලදහ, මත්තෙහි නූපදනා සැහැවි ඇතියහ. බ්‍රාහ්මණය, යම් කරුණෙකින් මොනවට කියනුයෙක් ‘ශ්‍රමණ භවත් ගෞතම අරසරූපයෙකැ’යි මා ගෙන කියා නම් මේ ඒ පර්‍ය්‍යාය වෙයි. යම් කරුණක් සඳහා තෝ කියහි නම් එය නො වේ මැයි.
Pali BJT2. නිබ්භොගො භවං ගොතමොති.
Sinhala BJT2. භවත් ගෞතමයෝ නීර්භෝගයහ. (සාමග්‍රීපරිභෝග නැත්තාහ)
Pali BJTඅත්ථි ඛ්වෙස බ්රාහ්මණ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය- නිබ්භොගො සමණො ගොතමො’ති. යෙ තෙ බ්රාහ්මණ, රූපභොගා සද්දභොගා ගන්ධභොගා රසභොගා පොට්ඨබ්බභොගා තෙ තථාගතස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා{1} අනභාවකතා{2} ආයතිං අනුප්පාදධම්මා, අයං ඛො බ්රාහ්මණ පරියායො යෙන පරියායෙන සම්මා වදමානො වදෙය්ය නිබ්භොගො සමණො ගොතමොති, නො ච ඛො යං ත්වං සන්ධාය වදෙසි.
Sinhala BJTබ්‍රාහ්මණය, යම් පර්‍ය්‍යායයෙකින් මොනොවට කියනුයෙක් ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ නීර්භෝගයහ’යි මා ගෙන කියන්නේ නම් තෙල කරුණ ඇත් මැයි. බ්‍රාහ්මණය, යම් (ඡන්‍දරාගපරිභොග සඞ්ඛ්‍යාත) රූපභෝග කෙනෙක්, ශබ්ද භෝග කෙනෙක්, ගන්‍ධ භෝග කෙනෙක්, රස භෝග කෙනෙක්, ස්ප්‍රෂ්ටව්‍ය භෝග කෙනෙක් වන්නාහු නම් ඔහු තථාගතයනට ප්‍රහීණයහ, උසුන් මුල් ඇතියහ, තාලාවස්තු කෘතයහ, අනභාවකෘතයහ, මතුයෙහි නූපදනා සැහැවි ඇතියහ. බ්‍රාහ්මණය, යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ නිර්භෝගයහ’යි මා ගෙන කියන්නේ නම් මේ ඒ කරුණයි. යම් කරුණක් සඳහා තෝ කියහි නම් එ නො වේ.
Pali BJT3. අකිරියවාදො භවං ගොතමොති.
Sinhala BJT3. භවත් ගෞතමයෝ අක්‍රිය වාදයහ. (කුලසමුදාචාර කර්‍ම නො කරන්නෙක)
Pali BJTඅත්ථි ඛ්වෙස බ්රාහ්මණ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය, අකිරියවාදො සමණො ගොතමො’ ති. අහං හි බ්රාහ්මණ, අකිරියං වදාමි කායදුච්චරිතස්ස වචීදුච්චරිතස්ස මනොදුච්චරිතස්ස, අනෙකවිහිතානං පාපකානං අකුසලානං ධම්මානං අකිරියං වදාමි. අයං ඛො බ්රාහ්මණ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය අකිරියවාදො සමණො ගොතමොති. නො ච ඛො යං ත්වං සන්ධාය වදෙසි.
Sinhala BJTබ්‍රාහ්මණය, යම් කරුණෙකින් මොනොවට බණනුයේ ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ අක්‍රිය වාද ඇතියහ’යි මා ගෙන කියන්නේ නම් තෙල පර්‍ය්‍යාය ද ඇත. බ්‍රාහ්මණය, මම් වනාහි කායදුශ්චරිතය, වාක්දුශ්චරිතය, මනෝදුශ්චරිතය නො කටයුතු යයි කියමි. නොයෙක් අයුරින් කරනු ලබන ලමු අකුසල දහම් නොකටයුතු යයි කියමි. බ්‍රාහ්මණය, යම් කරුණෙකින් මොනොවට බණනුයේ ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ අක්‍රියවාදයහ’යි මා ගෙන කියන්නේ නම් මේ ඒ පර්‍ය්‍යායයි. තෝ යමක් සඳහා කියනෙහි නම් එය නොවේ.
Pali BJT4. උච්ඡෙදවාදො භවං ගොතමොති.
Sinhala BJT4. භවත් ගෞතමයෝ උච්ඡේදවාද (ලෝකප්‍රවේණිය මුලුසුන් කරන වාද) ඇතියහ.
Pali BJTඅත්ථි ඛ්වෙස බ්රාහ්මණ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය උච්ඡෙදවාදො සමණො ගොතමො’ ති. අහං හි බ්රාහ්මණ, උච්ඡෙදං වදාමි රාගස්ස දොසස්ස මොහස්ස, අනෙකවිහිතානං පාපකානං අකුසලානං ධම්මානං උච්ඡෙදං වදාමි. අයං ඛො බ්රාහ්මණ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය උච්ඡෙදවාදො සමණො ගොතමො’ ති, නො ච ඛො යං ත්වං සන්ධාය වදෙසි.
Sinhala BJTබ්‍රාහ්මණය, මොනොවට කියනුයෙක් යම් කරුණෙකින් ශ්‍රමණ භවත් ගෞතම උච්ඡේදවාද ඇත්තෙකැයි මා ගෙන කියා නම්, තෙල කරුණ ඇත් මැයි. බ්‍රාහ්මණය, මම් වනාහි රාගයාගේ, ද්වේෂයාගේ, මෝහයාගේ උච්ඡේදය කියමි. නන්වැදෑරුම් වූ ලමු අකුසල් දහමුන්ගේ උච්ඡේදය කියමි. බ්‍රාහ්මණය, යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ උච්ඡේදවාද ඇතියහ’යි මා ගෙන කියා නම්, මේ ඒ පර්‍ය්‍යාය වෙයි. යම් කරුණෙක් සඳහා තෝ කියහි නම් එය නො වේ මැ යි.
Pali BJT5. ජෙගුච්ඡි භවං ගොතමොති,
Sinhala BJT5. භවත් ගෞතමයෝ ජුගුප්සා (කුලසමුදාචාරකර්‍ම පිළිබඳ පිළිකුල) ඇතියහ.
Pali BJTඅත්ථි ඛ්වෙස බ්රාහ්මණ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය ‘ජෙගුච්ඡී සමණො ගොතමො’ති, අහං හි බ්රාහ්මණ, ජිගුච්ඡාමි කායදුච්චරිතෙන වචීදුච්චරිතෙන මනොදුච්චරිතෙන, අනෙකවිහිතානං පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා ජිගුච්ඡාමි, අයං ඛො බ්රාහ්මණ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය, ‘ජෙගුච්ඡී සමණො ගොතමො’ති, නො ච ඛො යං ත්වං සන්ධාය වදෙසි.
Sinhala BJTබ්‍රාහ්මණය, මොනොවට කියනුයෙක් යම් කරුණෙකින් ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ ජුගුප්සා ඇතියහ’යි කියා නම්, තෙල කරුණ ඇත් මැ යි. බ්‍රාහ්මණය, මම් වනාහි කායදුශ්චරිතය, වාග්දුශ්චරිතය, මනෝදුශ්චරිතය පිළිකුල් කරමි. නන් වැදෑරුම් ලමු අකුසල දහම් සමවැදුම පිළිකුල් කරමි. බ්‍රාහ්මණය, මොනොවට බණන්නෙක් යම් කරුණෙකින් මා ගෙන ‘ශ්‍රමණ ගෞතමයෝ ජුග්ප්සා ඇතියහ’යි. කියනේ නම් මේ එ කරුණයි. යමක් සඳහා තෝ කියහි නම් එය නොවේ.
Pali BJT6. වෙනයිකො භවං ගොතමොති,
Sinhala BJT6. භවත් ගෞතමයෝ වෙනයිකයහ. (විනයනය කටයුත්තෙක)
Pali BJTඅත්ථි ඛ්වෙස බ්රාහ්මණ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය, ‘වෙනයිකො සමණො ගොතමො’ ති. අහං හි බ්රාහ්මණ, විනයාය ධම්මං දෙසෙමි රාගස්ස දොසස්ස මොහස්ස, අනෙකවිහිතානං පාපකානං අකුසලානං ධම්මානං විනයාය ධම්මං දෙසෙමි. අයං ඛො බ්රාහ්මණ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය ‘වෙනයිකො සමණො ගොතමො’ ති, නො ච ඛො යං ත්වං සන්ධාය වදෙසි.
Sinhala BJTබ්‍රාහ්මණය, මොනොවට කියනුයෙක් මා ගෙන යම් කරුණෙකින් ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ වෙනයිකයහ’යි කියා නම්, තෙල කරුණ විද්‍යාමාන වේ මැයි, බ්‍රාහ්මණය, මම් වනාහි රාගයාගේ, ද්වේෂයාගේ, මෝහයාගේ විනය පිණිස දහම් දෙසමි, නන්වැදෑරුම් ලමු දහමුන්ගේ විනය පිණිස දහම් දෙසමි. බ්‍රාහ්මණය, මොනොවට බණනුයෙක් යම් කරුණකින් මා ගෙන ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ වෙනයිකයහ’යි බණනේ නම් මේ ඒ කරුණය, තෝ යම් කරුණක් සඳහා කියහි නම් එය නොවේ.
Pali BJT7. තපස්සී භවං ගොතමොති.
Sinhala BJT7. භවත් ගෞතමයෝ තපස්වීහ. (සත්පුරුෂා චාරවිරහිත දිළින්දෙක)
Pali BJTඅත්ථි ඛ්වෙස බ්රාහ්මණ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය ‘තපස්සී සමණො ගොතමො’ති, තපනීයාහං බ්රාහ්මණ, පාපකෙ අකුසලෙ ධම්මෙ වදාමි කායදුච්චරිතං වචීදුච්චරිතං මනොදුච්චරිතං, යස්ස ඛො බ්රාහ්මණ, තපනීයා පාපකා අකුසලා ධම්මා පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා, තමහං තපස්සී’ති වදාමි, තථාගතස්ස ඛො බ්රාහ්මණ, තපනීයා පාපකා අකුසලා ධම්මා පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා, අයං ඛො බ්රාහ්මණ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය ‘තපස්සී සමණො ගොතමො’ති, නො ච ඛො යං ත්වං සන්ධාය වදෙසි.
Sinhala BJTබ්‍රාහ්මණය, මොනොවට කියනුයෙක් මා ගෙන ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ තපස්වීහ’යි කියා නම් තෙල කරුණ ඇත්මැයි. බ්‍රාහ්මණය, මම කායදුශ්චරිත, වාග්දුශ්චරිත, මනෝදුශ්චරිත යන ලමු අකුසල් දහම් සපනීය (තැවිය යුතුය’යි) කියමි. බ්‍රාහ්මණය, යමක්හු හට තපනීය වූ ලමු අකුසල් දහම්හු ප්‍රහීණ වෙත් නම්, උසුන් මුල් ඇත්තාහු වෙත් නම්, තාලාවස්තු කෘත වෙත් නම්, අනභාවකෘත වෙත් නම්, මතුයෙහි නූපදනා සැහැවි ඇතියහු කරන ලද්දාහු වෙත් නම්, ඔහු මම තපස් වී යයි කියමි. බ්‍රාහ්මණය, තථාගතයන්ගේ තපනීය ලාමක අකුශල ධර්‍මයෝ ප්‍රහීණ වෙත්, උච්ඡින්න මූල වෙත්, තාලාවස්තුකෘත වෙත්. අනභාවකෘත වෙත්, මතුයෙහි නූපදනාසැහැවි ඇතියහ. බ්‍රාහ්මණය, යම් පර්‍ය්‍යායෙකින් මොනොවට කියන්නෙක් මා ගෙන ‘ශ්‍රමණ ගෞතමයෝ තපස්වීහ’යි කියන්නේ නම් මේ ඒ කරුණ යි. තෝ යම් කරුණක් සඳහා කියනෙහි නම් එය නො වේ.
Pali BJT8. අපගබ්භො භවං ගොතමොති.
Sinhala BJT8. භවත් ගෞතමයෝ අපගර්‍භයහ (හීනගර්‍භ ඇතියහ)
Pali BJTඅත්ථි ඛ්වෙස බ්රාහ්මණ, පරියායෙ, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය, ‘අපගබ්භො සමණො ගොතමො’ති. යස්ස ඛො බ්රාහ්මණ, ආයතිං ගබ්භසෙය්යා පුනබ්භවාභිනිබ්බත්ති පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා, තමහං අපගබ්භොති වදාමි තථාගතස්ස ඛො බ්රාහ්මණ, ආයතිං ගබ්භසෙය්යා පුනබ්භවාභිනිබ්බත්ති පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා, අයං ඛො බ්රාහ්මණ පරියායො යෙන මං පරියායෙන, සම්මා වදමානො වදෙය්ය ‘අපගබ්භො සමණො ගොතමො’ ති නො ච ඛො යං ත්වං සන්ධාය වදෙසි.
Sinhala BJTබ්‍රාහ්මණය, යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මා ගෙන ‘ශ්‍රමණ ගෞතමයෝ අපගර්‍භයහ’යි කියා නම් තෙල කරුණ විද්‍යාමාන වෙයි. බ්‍රාහ්මණය, යමකුගේ මතුයෙහි ගර්‍භශය්‍යාව පුනර්‍භවයෙහි අභිනිර්‍වෘතිය ප්‍රහීණ ද, උච්ඡින්නමූල ද, තාලාවස්තුකෘත ද, අනභාවකෘත ද, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ ද, ඔහු මම අපගර්‍භයයි කියමි. බ්‍රාහ්මණය, තථාගතයන්ගේ අනාගතයෙහි මාතෘගර්‍භශය්‍යාව පුනර්‍භවයෙහි අභිනිර්‍වෘතිය ප්‍රහීණ ය, උසුන් මුල් ඇතියේ ය, තාලාවස්තු කෘත ය, අනභාවකෘතය. මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ ය. බ්‍රාහ්මණය, යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මා ගෙන ‘ශ්‍රමණ ගෞතමයෝ අපගර්‍භයහ’යි කියා නම් මේ ඒ කරුණයි. යම් කරුණක් සඳහා තෝ කියහි නම්, එය නො වේ.
Pali BJTසෙය්යථාපි බ්රාහ්මණ, කුක්කුටියා අණ්ඩානි අට්ඨ වා දස වා ද්වාදස වා, තානස්සු කුක්කුටියා සම්මා අධිසයිතානි සම්මා පරිසෙදිතානි සම්මා පරිභාවිතානි, යො නු ඛො තෙසං කුක්කුටච්ඡාපකානං පඨමතරං පාදනඛසිඛාය වා මුඛතුණ්ඩකෙන වා අණ්ඩකොසං පදාලෙත්වා සොත්ථිනා අභිනිබ්භිජ්ජෙය්ය, කින්ති ස්වාස්ස වචනීයො ජෙට්ඨො වා කණිට්ඨො වාති?
Sinhala BJTබ්‍රාහ්මණය, යම් පරිදි කිකිළියගේ බිජුවට අටෙක් හෝ දසයෙක් හෝ දොළසෙක් හෝ ඇත් ද, ඒ බිජුවටහු කිකිළිය විසින් මොනොවට අධිශයිත වූවාහු මොනොවට උණුසුම් ගන්වන ලද්දාහු මොනොවට පරිභාවිත වෙති. ඒ කුකුළු පැටවුන් අතුරෙන් යමෙක් ම පළමු ම පානීය සිළින් හෝ මුවතුඩින් හෝ අණ්ඩකෝෂය පළාගෙන සුවසේ නික්මෙනුයේ නම් හේ දෙටයි හෝ කනිටු යයි හෝ කිමැයි කිවයුතු වන්නේ ද?
Pali BJTජෙට්ඨොතිස්ස භො ගොතම, වචනීයො, සො හි තෙසං ජෙට්ඨො හොතී’ති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, හේ දෙටුයයි කියයුතු වන්නේ ය, හේ ම ඔවුනතුරෙහි දෙටු වෙයි.
Pali BJTඑවමෙව ඛො අහං බ්රාහ්මණ, අවිජ්ජාගතාය පජාය අණ්ඩභුතාය, පරියොනද්ධාය අවිජ්ජණ්ඩකොසං පදාලෙත්වා එකොව ලොකෙ අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො, අහං හි බ්රාහ්මණ ජෙට්ඨො සෙට්ඨො ලොකස්ස.
Sinhala BJTබ්‍රාහ්මණය, එපරිද්දෙන් මම අවිද්‍යාගත වූ (අවිද්‍යා) බිජුවටෙහි උපන් අවිද්‍යායෙන් වැළඳුණු සත්ත්‍වාඛ්‍ය ප්‍රජායෙහි අවිදු බිජුවට පළාගෙන ලෙව්හි අද්වීතිය වූයෙම් අනුත්තර සම්‍යක් සම්බෝධිය පිළිවිදියෙම් වෙමි. බ්‍රාහ්මණය, මම් ම ලොවට ජ්‍යේෂ්ඨයෙමි, ශ්‍රේෂ්ඨයෙමි.
Pali BJTආරද්ධං ඛො පන මෙ බ්රාහ්මණ, විරියං{1} අහොසි අසල්ලීනං උපට්ඨිතා පති අසම්මුට්ඨා.{2} පස්සද්ධො කායො අසාරද්ධො; සමාහිතං චිත්තං එකග්ගං. සො ඛො අහං බ්රාහ්මණ, විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරාමි.
Sinhala BJTබ්‍රාහ්මණය, මා විසින් අරඹන ලද (සිවුරහ) වැර අසල්ලීන විය, (අරමුණට අභිමුඛව) එළඹ සිටි සිහිය මුළාවට පත් නො වී ය. කය (කායචිත්තපස්සද්ධි වශයෙන්) සන්හුනුයේ ම පහවූ දරථ ඇතියේ විය. සමාධිගත වූ සිත අචල විය. බ්‍රාහ්මණය, මම කාමයන්ගෙන් වෙන් ව ම ලමු දහමුන්ගෙන් වෙන් වෙන් ව ම සවිතර්‍ක වූ සවිචාර වූ විවේකයෙන් උපන් ප්‍රීති හා සුඛ ඇති ප්‍රථම ධ්‍යානයට එළඹ වෙසෙමි.
Pali BJTවිතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරාමි,
Sinhala BJTවිතර්‍කවිචාරයන්ගේ ව්‍යුපශමයෙන් අධ්‍යාත්මයෙහි ප්‍රසාදය ඇති චිත්තයාගේ ඒකෝදිභාවය ඇති විතර්‍ක රහිත වූ විචාර රහිත වු සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුවය ඇති ද්වීතිය ධ්‍යානයට එළඹ වෙසෙමි.
Pali BJTපීතියා ච විරාගා උපෙක්ඛකො{1} ච විහරාමි. සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙමි, යං තං අරියා ආචික්ඛන්ති. ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති තං තතියං ඣානං උපසම්පජ්ජ විහරාමි.
Sinhala BJTප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්‍ෂා ඇතියෙම් වෙසෙමි, යම් දැහැනක් සඳහා ‘උපේක්‍ෂා ඇතියේ ස්මෘතිමත් වූයේ සුඛවිහාරී’ යයි ආර්‍ය්‍යයෝ කියත් නම්, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වෙසෙමි.