Pali BJTසතිසම්බොජ්ඣඞ්ගො -පෙ- උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො.
Sinhala BJTසතිසම්බොජ්ඣඞ්ගය ... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය යි.
Pali BJTරාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය ඉමෙ සත්තධම්මා භාවෙතබ්බා.
Sinhala BJTමහණෙනි, රාගයාගේ අභිඥාව සඳහා මෙ කරුණු සත වැඩිය යුතු යි.
Pali BJT2. රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය සත්තධම්මා භාවෙතබ්බා. කතමෙ සත්ත:
Sinhala BJT2. මහණෙනි, රාගයාගේ අභිඥානය සඳහා මෙ කරුණු සතෙක් වැඩිය යුතු. කවර සතෙක යත්:
Pali BJTඅනිච්චසඤ්ඤා, අනත්තසඤ්ඤා, අසුභසඤ්ඤා, ආදීනවසඤ්ඤා, පහානසඤ්ඤා, විරාගසඤ්ඤා, නිරොධසඤ්ඤා,
Sinhala BJTඅනිත්‍යසංඥා ය, අනාත්මසංඥා ය, අශුභසංඥා ය, ආදීනවසංඥා ය, ප්‍රහාණසංඥා ය, විරාගසංඥා ය, නිරෝධසංඥා යි.
Pali BJTරාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය ඉමෙ සත්තධම්මා භාවෙතබ්බා.
Sinhala BJTමහණෙනි, රාගයාගේ අභිජානනය සඳහා මෙ සත් කරුණු වැඩිය යුතු යි.
Pali BJT3. රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය සත්තධම්මා භාවෙතබ්බා. කතමෙ සත්ත :
Sinhala BJT3. මහණෙනි, රාගයාගේ අභිඥාව සඳහා සත් කරුණෙක් වැඩිය යුතු. කවර සතෙක යත්.
Pali BJTඅසුභසඤ්ඤා, මරණසඤ්ඤා, ආහාරෙ පටික්කූලසඤ්ඤා, සබ්බලොකෙ අනභිරතසඤ්ඤා, අනිච්චසඤ්ඤා, අනිච්චෙ දුක්ඛසඤ්ඤා, දුක්ඛෙ අනත්තසඤ්ඤා,
Sinhala BJTඅශුභසංඥා ය, මරණසංඥා ය, ආහාරයෙහි ප්‍රතිකූලසංඥා ය, සර්‍වලෝකයෙහි අනභිරතසංඥා ය, අනිත්‍යසංඥා ය, අනිත්‍යයෙහි දුඃඛසංඥා ය, දුඃඛයෙහි අනාත්මසංඥා යි.
Pali BJTරාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය ඉමෙ සත්තධම්මා භාවෙතබ්බා.
Sinhala BJTමහණෙනි, රාගයාගේ අභිඥාව සඳහා මේ සත් කරුණු වැඩිය යුතු යයි.
Pali BJT4-30. රාගස්ස භික්ඛවෙ, පරිඤ්ඤාය සත්තධම්මා භාවෙතබ්බා -පෙ- [රාගස්ස භික්ඛවෙ] පරික්ඛයාය -පෙ- පහානාය -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය -පෙ- චාගාය -පෙ- පටිනිස්සග්ගාය -පෙ- ඉමෙ සත්තධම්මා භාවෙතබ්බා’ති.
Sinhala BJT4-30. මහණෙනි, රාගයාගේ පරිඥාව සඳහා සප්තධර්‍මයෙක් වැඩිය යුතු ය ... මහණෙනි, රාගයාගේ පරික්‍ෂය සඳහා ... ප්‍රහාණය සඳහා … ක්‍ෂය සඳහා ... ව්‍යය සඳහා ... විරාගය සඳහා .... නිරෝධය සඳහා ... ත්‍යාගය සඳහා … ප්‍රතිනිඃසර්‍ගය සඳහා මෙ කරුණු සත වැඩිය යුතුයි.
Pali BJT31-60. දොසස්සභික්ඛවෙ අභිඤ්ඤාය සත්තධම්මා භාවෙතබ්බා -පෙ- දොසස්ස භික්ඛවෙ පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය -පෙ- චාගාය -පෙ- පටිනිස්සග්ගාය -පෙ- ඉමෙ සත්තධම්මා භාවෙතබ්බා’ති.
Sinhala BJT31-60. මහණෙනි, ද්වේෂයාගේ අභිඥාව පිණිස සත් කරුණෙක් වැඩිය යුතු ය ... මහණෙනි, ද්වේෂයාගේ පරිඥාව සඳහා ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස … ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස … නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස … ප්‍රතිනිඃසර්‍ගය පිණිස මෙ කරුණු සත වැඩිය යුතු.
Pali BJT61-90. මොහස්ස භික්ඛවෙ අභිඤ්ඤාය සත්තධම්මා භාවෙතබ්බා -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය -පෙ- චාගාය -පෙ- පටිනිස්සග්ගාය -පෙ- ඉමෙ සත්තධම්මා භාවෙතබ්බා’ති.
Sinhala BJT61-90. මහණෙනි, මෝහයාගේ අභිඥාව පිණිස සත් කරුණෙක් වැඩිය යුතු ය ... පරිඥාව පිණිස ... පරික්‍ෂය පිණිස .... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස .... ව්‍යය පිණිස ... විරාගය පිණිස .... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස … ප්‍රතිනිඃසර්‍ගය පිණිස මෙ කරුණු සත වැඩිය යුතු.
Pali BJT91-120. කොධස්ස භික්ඛවෙ අභිඤ්ඤාය -පෙ-
Sinhala BJT91-120. මහණෙනි, ක්‍රෝධයාගේ අභිඥාව පිණිස ...
Pali BJT121-250. උපනාහස්ස භික්ඛවෙ අභිඤ්ඤාය -පෙ-
Sinhala BJT121-150. මහණෙනි, උපනාහයාගේ අභිඥාව පිණිස ...
Pali BJT151-180. මක්ඛස්ස භික්ඛවෙ අභිඤ්ඤාය -පෙ-
Sinhala BJT151-180. මහණෙනි, මක්ඛයාගේ ...
Pali BJT181 210. පලාසස්ස භික්ඛවෙ අභිඤ්ඤාය -පෙ-
Sinhala BJT181-210. මහණෙනි, පලාසයාගේ ...
Pali BJT211-240. ඉස්සාය භික්ඛවෙ අභිඤ්ඤාය -පෙ-
Sinhala BJT211-240. මහණෙනි, ඊෂර්‍ය්‍යාහුගේ ...
Pali BJT241-270. මච්ඡරියස්ස භික්ඛවෙ අභිඤ්ඤාය -පෙ-
Sinhala BJT241-270. මහණෙනි, මාත්සර්‍ය්‍යාගේ ...
Pali BJT271-300. මායාය භික්ඛවෙ අභිඤ්ඤාය -පෙ-
Sinhala BJT271-300. මහණෙනි, මායාවගේ ...
Pali BJT301-330. සාඨෙය්යස්ස භික්ඛවෙ අභිඤ්ඤාය -පෙ-
Sinhala BJT301-330. මහණෙනි, ශාඨෙයයාගේ ...
Pali BJT331-360. ථම්භස්ස භික්ඛවෙ අභිඤ්ඤාය -පෙ-
Sinhala BJT331-360. මහණෙනි, ථම්භයාගේ ...
Pali BJT361-390. සාරම්භස්ස භික්ඛවෙ අභිඤ්ඤාය -පෙ-
Sinhala BJT361-390. මහණෙනි, සාරම්භයාගේ ...
Pali BJT391-420. මානස්ස භික්ඛවෙ අභිඤ්ඤාය -පෙ-
Sinhala BJT391-420. මහණෙනි, මානයාගේ ...
Pali BJT421-450. අතිමානස්ස භික්ඛවෙ අභිඤ්ඤාය -පෙ-
Sinhala BJT421-450. මහණෙනි, අතිමානයාගේ ...
Pali BJT451-480. මදස්ස භික්ඛවෙ අභිඤ්ඤාය -පෙ-
Sinhala BJT451-480. මහණෙනි, මදයාගේ ...
Pali BJT481-510. පමාදස්ස භික්ඛවෙ අභිඤ්ඤා -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය -පෙ- චාගාය -පෙ- පටිනිස්සග්ගාය -පෙ- ඉමෙ සත්තධම්මා භාවෙතබ්බා’ති.
Sinhala BJT481-510. මහණෙනි, ප්‍රමාදයාගේ අභිඥාව පිණිස ... පරිඥාව පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස … ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස … ප්‍රතිනිඃසර්‍ගය පිණිස, මෙ කරුණු සත වැඩිය යුතු ය යි. [භාග්‍යවතුන් වහන්සේ මෙ ධර්‍මය දෙසූ සේක. තුටුසිත් ඇති එ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ යි.]
Pali BJTරාගාදිපෙය්යාලං නිට්ඨිතං{*}
Sinhala BJTරාගාදිපෙය්‍යාලය නිමි. {*}
Pali BJTසත්තක නිපාතෙ සමත්තො
Sinhala BJTසත්තකනිපාතය නිමි.
Pali BJTසුත්තන්තපිටකෙ
Sinhala BJTසූත්‍රාන්තපිටකයෙහි
Pali BJTඅඞ්ගුත්තරනිකායො
Sinhala BJTඅඞ්ගුත්තරසඟිය
Pali BJTපඤ්චමො භාගො
Sinhala BJTපඤ්චම භාගය
Pali BJT8. අට්ඨකනිපාතො
Sinhala BJT8. අට්ඨක නිපාතය
Pali BJT1. පඨමො පණ්ණාසකො
Sinhala BJT1. ප්‍රථම පණ්ණාසකය
Pali BJT1. මෙත්තාවග්ගො
Sinhala BJT1. මෙත්තා වර්‍ගය
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
Sinhala BJTඒ භගවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJT8. 1. 1. 1.
Sinhala BJT8. 1. 1. 1.
Pali BJTමෙත්තානිසංස සුත්තං
Sinhala BJTමෙත්තානිසංස සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛු ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු මහසිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJTමෙත්තාය භික්ඛවෙ චෙතොවිමුත්තියා ආසෙවිතාය භාවිතාය බහුලීකතාය යානීකතාය{1} වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය අට්ඨානිසංසා පාටිකඞ්ඛා. කතමෙ අට්ඨ:
Sinhala BJTමහණෙනි, අදරින් සෙවුනා ලද, වඩනා ලද, බහුල වශයෙන් (නැවත නැවත) කරන ලද යානාවක් බඳු කරන ලද, ප්‍රතිෂ්ඨානාර්‍ත්‍ථයෙන් වස්තුවක් මෙන් කරනලද, එළඹ සිටි පුරුදු කරන ලද, මොනොවට පටන් ගන්නා ලද මෛත්‍රීචිත්තවිමුක්තියෙහි අට අනුසස් කෙනෙක් කැමති විය යුත්තාහ. කවර අට දෙනෙක යත්:
Pali BJTසුඛං සුපති, සුඛං පටිබුජ්ඣති, න පාපකං සුපිනං පස්සති, මනුස්සානං පියො හොති, අමනුස්සානං පියො හොති, දෙවතා රක්ඛන්ති, නාස්ස අග්ගි වා විසං වා සත්ථං වා කමති, උත්තරිං අප්පටිවිජ්ඣන්තො බ්රහ්මලොකූපගො හොති.
Sinhala BJTසුවසේ නිදයි, සුවසේ පිබිදෙයි, ලමු සිහින නො දක්නේ ය, මිනිස්නට ප්‍රිය වෙයි, අමනුෂ්‍යයනට ප්‍රිය වෙයි, දෙවියෝ රක්නාහ, ඕහට ගිනි වේවයි, විෂ ගිනි වේවයි, අවි වේවයි නො වදනේ ය, මතුයෙහි මඟපල නො පිළිවිදුනේ බඹලොව යන්නේ වෙයි.
Pali BJTමෙත්තාය භික්ඛවෙ චෙතොවිමුත්තියා ආසෙවිතාය භාවිතාය බහුලීකතාය යානීකතාය{1} වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය ඉමෙ අට්ඨානිසංසා පාටිකඞ්ඛාති.
Sinhala BJTමහණෙනි, අදරින් සෙවුනා ලද, වඩනා ලද, බහුලවශයෙන් කරන ලද යානාවක් වැනි කරන ලද, වස්තුවක් මෙන් කරන ලද, එළඹ සිටි, පුරුදු කරන ලද, මොනොවට පටන් ගන්නා ලද මෛත්‍රීචිත්තවිමුක්තියෙහි මේ අට අනුසස් කැමැති විය යුතු ය යි.
Pali BJT1. යො ච මෙත්තං භාවයති, අප්පමාණං පතිස්සතො{1} තනූ{2} සංයොජනා හොන්ති, පස්සතො උපධික්ඛයං.
Sinhala BJT1. එළඹ සිටි සිහි ඇති යමෙක් (පැතිරීම් විසින්) අප්‍රමාණ වූ මෙත් සිත වඩනේ නම්, ක්ලේශෝපධීන්ගේ ක්‍ෂය දක්නා ඔහුගේ සංයෝජනයෝ තුනී වෙත්.
Pali BJT2. එකම්පි චෙ පාණමදුට්ඨචිත්තො, මෙත්තායති කුසලී තෙන හොති, සබ්බෙව{3} පාණෙ මනසානුකම්පී, පහූතමරියො පකරොති පුඤ්ඤං.
Sinhala BJT2. ඉදින් එක ද සත්ත්‍වයකු කෙරෙහි දුෂ්ට නොවූ සිතැතියේ මෙත් වඩා නම්, ඒ හේතුයෙන් කුසල් ඇත්තෙක් (කුසල් කරන්නෙක්) වෙයි. සව්සතුන් කෙරෙහි සිතින් අනුකම්පා කරන ආර්‍ය්‍ය තෙමේ බොහෝ පින් කෙරෙයි.
Pali BJT3. යෙ සත්තසණ්ඩං පඨවිං ජිනිත්වා,{4} රාජීසයො{5} යජමානානුපරියගා{6}, සස්සමෙධං{7} පුරිසමෙධං, සම්මාපාසං වාචපෙය්යං{8} නිරග්ගළං.
Sinhala BJT3. යම් රාජර්ෂි කෙනෙක් (ඍසිසදෘශ දැහැමි රජකෙනෙක්) සත්කැලන්ගෙන් ගැවසි පොළෝතල දනා (ගෙදොර නිරගුළු කළ හෙයින්) නිරග්ගල නම් වූ සස්සමේධ ය පුරිසමේධ ය සම්මාපාස ය වාචපෙය්‍ය ය යන සිවුසඟරාවතින් යාග කරමින් (දන් දෙමින්) හැසුරුනාහු වෙත් ද,
Pali BJT4. මෙත්තස්ස චිත්තස්ස සුභාවිතස්ස, කලම්පි තෙ නානුභවන්ති සොළසිං, චන්දප්පභා තාරගණා ච සබ්බෙ, යථා න අග්ඝන්ති කලම්පි සොළසිං.
Sinhala BJT4. ඒ යාගයෝ සුභාවිත මෛත්‍රීසහගතචිත්තයාගේ (විපාකමහත්ත්‍වයෙන්) සොළොස්වන කලාව ද පවා නො අගිත්. සඳපහන හැම තුරුකැල මඬනාක් මෙනි.
Pali BJT5. යො න හන්ති න ඝාතෙති, න ජිනාති න ජාපයෙ, මෙත්තං සො සබ්බභූතානං, වෙරං තස්ස න කෙනචීති.
Sinhala BJT5. යමෙක් නො නසා ද, නො නස්වා ද, හානි නො කෙරේ ද, හානි නො කරවා ද, හැම සතුන් කෙරෙහි මෛත්‍රීභාගව සිටුනේ වේ ද, කිසිවකුදු හා ඔහුගේ වෙරයෙක් නැත්තේ යි.
Pali BJT8. 1. 1. 2.
Sinhala BJT8. 1. 1. 2.
Pali BJTආදිබ්රහ්මචරියපඤ්ඤා සුත්තං
Sinhala BJTආදිබ්‍රහ්මචරියපඤ්ඤා සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅට්ඨිමෙ භික්ඛවෙ, හෙතු අට්ඨ පච්චයා ආදිබ්රහ්මචරියිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය, පටිලද්ධාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තන්ති. කතමෙ අට්ඨ :
Sinhala BJTමහණෙනි, නො ලැබූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට ආදිභූත විදර්‍ශනා ප්‍රඥාව ලබනු පිණිස ලත් ප්‍රඥාව පිළිබඳ භූයස්ත්‍වය පිණිස වෛපුල්‍යය පිණිස වඩනු පරිපූරභාවය පිණිස හේතූහු අට දෙනෙක් ප්‍රත්‍යයයෝ අට දෙනෙක් පවත්නාහ. කවර අට දෙනෙක යත්:
Pali BJT1. ඉධ භික්ඛවෙ, භික්ඛු සත්ථාරං උපනිස්සාය විහරති, අඤ්ඤතරං වා ගරුට්ඨානියං සබ්රහ්මචාරිං යත්ථස්ස තිබ්බං හිරොත්තප්පං පච්චුපට්ඨිතං හොති පෙමඤ්ච ගාරවො ච, අයං භික්ඛවෙ, පඨමො හෙතු පඨමො පච්චයො ආදිබ්රහ්මචරියිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති.
Sinhala BJT1. මහණෙනි, මෙ සස්නෙහි මහණ ශාස්තෘන් වහන්සේ ඇසිරු කොට වෙසේ. යමකු කෙරෙහි ඔහුගේ බහල හිරිඔතප් එළැඹ සිටියේ වේ ද, සෙනෙහස හා ගෞරවත් එළැඹ සිටියේ වේ ද, එබඳු ගුරුස්ථානයට නිසි අන්‍යතර සබ්‍රම්සරකු හෝ ඇසිරි කොට වෙසෙයි. මහණෙනි, මේ පළමු හේතුව පළමු ප්‍රත්‍යය නො ලැබූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට ආදිභූත විදර්‍ශනාප්‍රඥාව ලබනු පිණිස ලත් ප්‍රඥාව පිළිබඳ භූයස්ත්‍වය පිණිස වෛපුල්‍යය පිණිස වඩනු පිණිස පරිපූරභාවය පිණිස පවත්නේ ය.
Pali BJT2. සො තං සත්ථාරං උපනිස්සාය විහරති{1} අඤ්ඤතරං වා ගරුට්ඨානියං සබ්රහ්මචාරිං, යත්ථස්ස තිබ්බං හිරොත්තප්පං පච්චුපට්ඨිතං හොති. පෙමඤ්ච ගාරවො ච, තෙ කාලෙන කාලං උපසඞ්කමිත්වා පරිපුච්ඡති, පරිපඤ්හති. ඉදං භන්තෙ, කථං? ඉමස්ස ක්වත්ථොති{2}? තස්ස තෙ ආයස්මන්තො අවිවටං චෙව විවරන්ති. අනුත්තානීකතං ච උත්තානීකරොන්ති. අනෙක විහිතෙසු{3} කඞ්ඛාඨානීයෙසු ධම්මෙසු කඞ්ඛං පටිවිනොදෙන්ති. අයං භික්ඛවෙ, දුතියො හෙතු දුතියො පච්චයො ආදිබ්රහ්මචරියිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති.
Sinhala BJT2. හෙතෙමේ ඒ ශාස්තෘන් වහන්සේ ඇසිරු කොට වෙසේ. යමකු කෙරෙහි ඔහුගේ බහල වූ හිරිඔතප් එළැඹ සිටියේ වේ ද, සෙනෙහස හා ගෞරවත් එළැඹ සිටියේ වේ ද, එබඳු ගුරුස්ථානයට නිසි අන්‍යතරසබ්‍රම්සරකු හෝ ඇසිරි කොට වෙසේ. කලින් කල ඔවුන් වෙත එළැඹ වහන්ස, මේ කෙසේ ද? මේ පෙළදහම්හුගේ අර්‍ත්‍ථ කවරේ දැයි පරිපුච්ඡා කෙරෙයි. ප්‍රශ්න කෙරෙයි. ඔහුට ඒ ආයුෂ්මත්හු අවිවෘත දැයත් විවරණ කෙරෙති, අප්‍රකට දැයත් ප්‍රකට කෙරෙති. නන් වැදෑරුම් සැක කරනට නිසි දහම්හි සැක දුරු කෙරෙත්. මහණෙනි, මේ දෙවන හේතුව දෙවන ප්‍රත්‍යයය නො ලැබූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට ආදිභූත විදර්‍ශනා ප්‍රඥාව ලබනු පිණිස ලත් ප්‍රඥාව පිළිබඳ භූයස්ත්‍වය පිණිස වෛපුල්‍යය පිණිස වඩනු පිණිස පරිපූරභාවය පිණිස පවත්නේ ය.
Pali BJT3. සො තං ධම්මං සුත්වා ද්වයෙන වූපකාසෙන සම්පාදෙති, කායවූපකාසෙන ච චිත්තවූපකාසෙන ච. අයං භික්ඛවෙ, තතියො හෙතු තතියො පච්චයො ආදිබ්රහ්මචරියිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති.
Sinhala BJT3. හේ එ දහම් අසා කායවිවේකයෙන් ද චිත්තවිවේකයෙන් දැයි දෙවැදෑරුම් විවේකයෙන් සපයයි. මහණෙනි, මේ තෙවන හේතුව තෙවන ප්‍රත්‍යයය නොලැබූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට ආදිභූත විදර්‍ශනාප්‍රඥාව ලබනු පිණිස ලත් ප්‍රඥාව පිළිබඳ භූයස්ත්‍වය පිණිස වෛපුල්‍යය පිණිස වඩනු පිණිස පරිපූරභාවය පිණිස පවත්නේ ය.
Pali BJT4. සීලවා ච හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති, ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. අයං භික්ඛවෙ, චතුත්ථො හෙතු චතුත්ථො පච්චයො ආදිබ්රහ්මචරියිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති.
Sinhala BJT4. සිල්වත් ද වෙයි. ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘතව වෙසෙයි. ආචාරගෝචරසම්පන්න වූයේ අණුමාත්‍ර වූ වරදෙහිත් බිය දක්නා සුලු වූයේ සමාදාන කොට සිකපදයෙහිදු හික්මෙයි. මහණෙනි, නො ලැබූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට ආදිභූත විදර්‍ශනාප්‍රඥාව ලබනු පිණිස ලත් ප්‍රඥාව පිළිබඳ භූයස්ත්‍වය පිණිස වෛපුල්‍යය පිණිස භාවනාව පිණිස පරිපූරභාවය පිණිස මේ සිවුවන හේතුව සිවුවන ප්‍රත්‍යය පවත්නේ ය.
Pali BJT5. බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො, යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථං සව්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපස්ස ධම්මා බහුස්සුතා හොන්ති. ධතා{4} වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. අයං භික්ඛවෙ, පඤ්චමො හෙතු පඤ්චමො පච්චයො ආදිබ්රහ්මචරියිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති.
Sinhala BJT5. බහුශ්‍රුත වූයේ ශ්‍රැතධර වූයේ මුළු කොට ගත් හදාළ පෙළ - අරුත් ඇතියේ වෙයි. ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ යම් දහම්හු සාර්‍ත්‍ථ-සව්‍යඤ්ජන කොට කේවලපරිපූර්‍ණ-පරිසුද්ධ බ්‍රහ්මචර්‍ය්‍ය පවසත් ද, එබඳු දහම්හු ඔහු විසින් බෙහෙවින් අසන ලද්දාහු වෙත්. ධරන ලද්දාහු වචනයෙන් පුරුදු කරන ලද්දාහු සිතින් පුන පුනා බලන ලද්දාහු දෘෂ්ටියෙන් පිළිවිදුනා ලද්දාහු වෙත්. මහණෙනි, නො ලැබූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට ආදිභූත විදර්‍ශනාප්‍රඥාව ලබනු පිණිස ලත් ප්‍රඥාව පිළිබඳ භූයස්ත්‍වය පිණිස වෛපුල්‍යය පිණිස වඩනු පිණිස භාවනාව පිණිස පරිපූරභාවය පිණිස මේ පස්වන හේතුව ප්‍රත්‍යය පවත්නේ ය.
Pali BJT6. ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. අයං භික්ඛවෙ, ඡට්ඨො හෙතු ඡට්ඨො පච්චයො ආදිබ්රහ්මචරියිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති.
Sinhala BJT6. අකුශල ධර්‍මයන් ප්‍රහාණ කරනු පිණිස කුශලධර්‍මයන් වඩනු පිණිස ඇරඹූ වැර ඇතියේ බල ඇතියේ දළ පැරකුම් ඇතියේ කුසල් දහම්හි නො හළ වෙර ඇතියේ වෙසෙයි. මහණෙනි, නො ලැබූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට ආදිභූත විදර්‍ශනාප්‍රඥාව ලබනු පිණිස ලත් ප්‍රඥාව පිළිබඳ භූයස්ත්‍වය පිණිස වෛපුල්‍යය පිණිස භාවනාව පිණිස පරිපූරභාවය පිණිස මේ සවන හේතුව සවන ප්‍රත්‍යය පවත්නේ ය.
Pali BJT7. සංඝගතො ඛො පන අනානාකථිකො හොති, අතිරච්ඡානකථිකො හොති, සාමං වා ධම්මං භාසති, පරං වා අජ්ඣෙසති, අරියං වා තුණ්හීභාවං නාතිමඤ්ඤති. අයං භික්ඛවෙ, සත්තමො හෙතු සත්තමො පච්චයො ආදිබ්රහ්මචරියිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති.
Sinhala BJT7. සඟමැදට ගියේ නානා කියුම් නැතියේ වෙයි, තිරිසන් කථායෙහි නො යෙදුනේ වෙයි, තෙමේ හෝ දහම් දෙසයි, මෙරමා හෝ අධ්‍යෙෂණා කෙරෙයි, ආර්‍ය්‍යතුෂ්ණීම්භාවය හෝ ඉක්ම නො සිතයි. මහණෙනි, නො ලැබූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට ආදිභූත විදර්‍ශනාප්‍රඥාව ලබනු පිණිස ලත් ප්‍රඥාව පිළිබඳ භූයස්ත්‍වය පිණිස වෛපුල්‍යය පිණිස භාවනාව පිණිස පරිපූරභාවය පිණිස මේ සත්වන හේතුව සත්වන ප්‍රත්‍යය පවත්නේ ය.
Pali BJT8. පඤ්චසු ඛො පන උපාදානක්ඛන්ධෙසු උදයබ්බයානුපස්සී විහරති “ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථගමො{1}, ඉති වෙදනා, ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්ථගමො{1}, ඉති සඤ්ඤා -පෙ- ඉති සඤ්ඤාය ඉති සඞ්ඛාරා -පෙ- ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, විඤ්ඤාණස්ස අත්ථගමො”ති. අයං භික්ඛවෙ, අට්ඨමො හෙතු අට්ඨමො පච්චයො ආදිබ්රහ්මචරියිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති.
Sinhala BJT8. පඤ්ච උපාදානස්කන්‍ධයෙහි රූපය මෙසේ ය. රූපසමුදය මෙසේ ය. රූපයාගේ අස්තඞ්ගමය මෙසේ ය. වේදනා මෙසේ ය. වේදනාසමුදය මෙසේ ය. වේදනාවගේ අස්තඞ්ගමය මෙසේ ය. සංඥා මෙසේ ය ... සංස්කාර මෙසේ ය ... විඥාන මෙසේ ය ... විඥානසමුදය මෙසේය. විඥානයාගේ අස්තඞ්ගමය මෙසේ යයි උදා - විය දක්නා සුලු වැ වෙසෙයි. මහණෙනි, නො ලැබූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට ආදිභූත විදර්‍ශනාප්‍රඥාව ලබනු පිණිස ලත් ප්‍රඥාව පිළිබඳ භූයස්ත්‍වය පිණිස වෛපුල්‍යය පිණිස භාවනාව පිණිස පරිපූරභාවය පිණිස මේ අටවැනි හේතුව අටවැනි ප්‍රත්‍යය පවත්න්නේය.
Pali BJTතමෙනං සබ්රහ්මචාරී එවං සම්භාවයන්ති{2}: “අයං ඛො ආයස්මා සත්ථාරං උපනිස්සාය විහරති, අඤ්ඤතරං වා ගරුට්ඨානියං සබ්රහ්මචාරිං, යත්ථස්ස තිබ්බං හිරොත්තප්පං පච්චුපට්ඨිතං හොති පෙමඤ්ච ගාරවො ච. අද්ධා අයමායස්මා ජානං ජානාති පස්සං පස්සතී”ති. අයම්පි ධම්මො පියත්තාය ගරුත්තාය භාවනාය සාමඤ්ඤාය එකීභාවාය සංවත්තති.
Sinhala BJTසබ්‍රම්සරහු තෙල මහණහු මෙසේ සම්භාවනා කෙරෙත්: “මේ ආයුෂ්මත් වනාහි ශාස්තෘන්වහන්සේ ඇසුරු කොට වෙසෙයි, ගුරුස්ථානයට නිසි යමකු කෙරෙහි තීව්‍ර හිරිඔතප් එළඹැ සිටුනේ වේ ද, සෙනෙහස හා ගෞරව එළඹැ සිටුනේ වේ ද, එබඳු අන්‍යතර සබ්‍රම්සරකු හෝ ඇසුරු කොට වෙසෙයි; වැලිත් මේ ආයුෂ්මත් දතයුත්ත දන්නේ ය, දැක්ක යුත්ත දක්නේ ය”යි. මේ ධර්‍මය ද ප්‍රියභාවය පිණිස ගරුභාවය පිණිස භාවනාව හෝ සම්භාවනාව පිණිස ශ්‍රමණධර්‍මය පිණිස නෛරන්තර්‍ය්‍යය පිණිස පවත්නේ ය.
Pali BJTතං ඛො පනායමායස්මා සත්ථාරං උපනිස්සාය විහරන්තො අඤ්ඤතරං වා ගරුට්ඨානියං සබ්රහ්මචාරිං යත්ථස්ස තිබ්බං හිරොත්තප්පං පච්චුපට්ඨිතං හොති පෙමඤ්ච ගාරවො ච, තෙ{3} කාලෙන කාලං උපසඞ්කමිත්වා පරිපුච්ඡති පරිපඤ්හති: ඉදං භන්තෙ කථං? ඉමස්ස ක්වත්ථොති{4}?”
Sinhala BJTමේ ආයුෂ්මත් ඒ ශාස්තෘහු ඇසුරු කොට වසන්නේ වෙයි, යමකු කෙරෙහි තීව්‍ර හිරිඔතප් එළඹැ සිටුනේ වේ ද, සෙනෙහස හා ගෞරවය එළඹැ සිටුනේ වේ ද, එබඳු ගුරුස්ථානයට නිසි එක්තරා සබ්‍රම්සරකු හෝ ඇසුරු කොට වෙසෙන්නේ වෙයි. කලින් කල ඔවුන් වෙතැ එළඹැ සිට ‘වහන්ස, මේ දහම් කෙසේ ද? මේ දහම්හුගේ අර්‍ත්‍ථ කවරේ දැ?යි’ (අර්‍ත්‍ථ - පාලි - අනුසන්‍ධි - පූර්‍වාපර විසින්) පරිපෘච්ඡා කෙරෙයි, පරිප්‍රශ්න නඟයි.
Pali BJTතස්ස තෙ ආයස්මන්තො අවිවටං චෙව විවරන්ති, අනුත්තානීකතඤ්ච උත්තානීකරොන්ති. අනෙකවිහිතෙසු ච කඞ්ඛාඨානියෙසු ධම්මෙසු කඞ්ඛං පටිවිනොදෙන්ති අද්ධා අයමායස්මා ජානං ජානාති පස්සං පස්සතීති. අයම්පි ධම්මො පියත්තාය ගරුත්තාය භාවනාය සාමඤ්ඤාය එකීභාවාය සංවත්තති.
Sinhala BJT“මේ ආයුෂ්මත් එකැතින් දතයුත්ත දන්නේ ය, දැක්ක යුත්ත දක්නේ යයි.” ඔහුට ඒ ආයුෂ්මත්හු අවිවෘත දැය විවරණ කෙරෙති, නො පාළ දැය ද පාළ කෙරෙති, සැක කටයුතු නන්වැදෑරුම් දහමෙහි සැක හැර පියත්, මේ දහම ද ප්‍රියභාවය පිණිස, ගුරුභාවය පිණිස, භාවනාව හෝ සම්භාවනාව පිණිස ශ්‍රමණ ධර්‍මය පිණිස නෛරන්තර්‍ය්‍යය පිණිස පවත්නේ ය.
Pali BJT“තං ඛො පනායමායස්මා ධම්මං සුත්වා ද්වයෙන වූපකාසෙන සම්පාදෙති, කායවූපකාසෙන ච චිත්තවූපකාසෙන ච: අද්ධා අයමායස්මා ජානං ජානාති පස්සං පස්සතී”ති. අයම්පි ධම්මො පියත්තාය ගරුත්තාය භාවනාය සාමඤ්ඤාය එකීභාවාය සංවත්තති.
Sinhala BJTමේ ආයුෂ්මත් ඒ දහම් අසා කායවිවේකයෙන් හා චිත්තවිවේකයෙන් දැ යි යම් විවේකයෙකින් සපයා ද, වැලිත් මේ ආයුෂ්මත් දතයුත්ත දන්නේ ය, දැක්ක යුත්ත දක්නේ යයි. මේ ධර්‍මය ද ප්‍රියභාවය පිණිස ගුරුභාවය පිණිස, ගුණසම්භාවනාව පිණිස ශ්‍රමණධර්‍මය පිණිස, නෛරන්තර්‍ය්‍යය පිණිස පවත්නේ ය.
Pali BJT“සීලවා ඛො පන අයමායස්මා පාතිමොක්ඛසංවරසංවුතො විහරති. ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. අද්ධා අයමායස්මා ජානං ජානාති පස්සං පස්සතී”ති. අයම්පි ධම්මො පියත්තාය ගරුත්තාය භාවනාය සාමඤ්ඤාය එකීභාවාය සංවත්තති.
Sinhala BJTමේ ආයුෂ්මත් සිල්වත් වූයේ ප්‍රාතිමෝක්‍ෂ ශීලසංවරයෙන් සංවෘතවූයේ ආචාර ගෝචර සම්පන්න වූයේ අණුමාත්‍ර වරදෙහි බිය දක්නා සුලු වැ වෙසෙයි, සමාදාන කොට සිකපදෙහි හික්මෙයි, එකැතින් මේ ආයුෂ්මත් දතයුත්ත දන්නේ ය; දැක්කයුත්ත දන්නේ ය යි. මේ ධර්‍මය ද ප්‍රියභාවය පිණිස ගුරුභාවය පිණිස භාවනාව හෝ ගුණසම්භාවනාව පිණිස ශ්‍රමණධර්‍මය පිණිස, නෛරන්තර්‍ය්‍යය පිණිස පවත්නේ ය.
Pali BJT“බහුස්සුතො ඛො පන අයමායස්මා සුතධරො සුතසන්නිචයො යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථා රූපස්ස ධම්මා බහුස්සුතා හොන්ති. ධතා{1} වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා, අද්ධා අයමායස්මා ජානං ජානාති, පස්සං පස්සතී”ති. අයම්පි ධම්මො පියත්තාය ගරුත්තාය භාවනාය සාමඤ්ඤාය එකීභාවාය සංවත්තති.
Sinhala BJTමේ ආයුෂ්මත් වනාහි බහුශ්‍රුත වූයේ ශ්‍රැතධර වූයේ මුළු කොටගත් ඇසූ දෑ ඇතියේ වෙයි, ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසානකල්‍යාණ වූ යම් දහම්හු සාර්‍ත්‍ථ සව්‍යඤ්ජන කොට කේවල පරිපූර්‍ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍ය පවසත් ද, එබඳු දහම්හු තුලුන් විසින් බෙහෙවින් අසන ලද වෙත්. ධරණ ලද වෙත්. වචනයෙන් හසළ වෙත්. සිතින් විමසා බලන ලද වෙත්. නුවණින් පිළිවිදින ලද වෙත් වැලි මේ ආයුෂ්මත් දතයුත්ත දන්නේ ය. දැක්කයුත්ත දන්නේ ය යි. මේ දහම ද ප්‍රියභාවය පිණිස ගුරුභාවය පිණිස ගුණ භාවනාව හෝ සම්භාවනාව පිණිස ශ්‍රමණධර්‍මය පිණිස, නෛරන්තර්‍ය්‍යය පිණිස පවත්නේ ය.
Pali BJT“ආරද්ධවිරියො ඛො පන අයමායස්මා විහරති. අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු, අද්ධා අයමායස්මා ජානං ජානාති පස්සං පස්සතී”ති. අයම්පි ධම්මො පියත්තාය ගරුත්තාය භාවනාය සාමඤ්ඤාය එකීභාවාය සංවත්තති.
Sinhala BJTමේ ආයුෂ්මත් වනාහි අකුශලධර්‍ම ප්‍රහාණය පිණිස කුශලධර්‍ම වඩනු පිණිස ඇරඹු වැර ඇතියේ වෙසෙයි. බල ඇතියේ දළ පැරකුම් ඇතියේ කුසල්දහම්හි නොහළ ධූර ඇතියේ වෙයි. එකැතින් මේ ආයුෂ්මත් දතයුත්ත දන්නේ ය, දැක්කයුත්ත දක්නේ ය යි, මේ ධර්‍මය ද ප්‍රියභාවය පිණිස ගුරුභාවය පිණිස භාවනාව හෝ සම්භාවනාව පිණිස ශ්‍රමණධර්‍මය පිණිස, නෛරන්තර්‍ය්‍යය පිණිස පවත්නේ ය.
Pali BJT“සංඝගතො ඛො පන අයමායස්මා අනානාකථිකො හොති අතිරච්ඡානකථිකො, සාමං වා ධම්මං භාසති, පරං වා අජ්ඣෙසති, අරියං වා තුණ්හීභාවං නාතිමඤ්ඤති. අද්ධා අයමායස්මා ජානං ජානාති පස්සං පස්සතී”ති. අයම්පි ධම්මො පියත්තාය ගරුත්තාය භාවනාය සාමඤ්ඤාය එකීභාවාය සංවත්තති.
Sinhala BJTමේ ආයුෂ්මත් වනාහි සඟ මැදට ගියේ නන්වැදෑරුම් හිස් කියුම් නැතියේ තිරශ්චීන කථා නැතියේ තෙමේ හෝ දහම් දෙසයි, මෙරමා හෝ අධ්‍යෙෂණා කෙරෙයි, ආර්‍ය්‍ය තුෂ්ණීම්භාවය හෝ නො පැන සිතයි. එකතින් මේ ආයුෂ්මත් දතයුත්ත දන්නේ ය, දැක්කයුත්ත දක්නේ ය යි, මේ ධර්‍මය ද ප්‍රියභාවය පිණිස ගුරුභාවය පිණිස භාවනාව හෝ සම්භාවනාව පිණිස ශ්‍රමණධර්‍මය පිණිස, නෛරන්තර්‍ය්‍යය පිණිස පවත්නේ ය.
Pali BJT“පඤ්චසු ඛො පන අයමායස්මා උපාදානක්ඛන්ධෙසු උදයබ්බයානුපස්සී විහරති; ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථගමො, ඉති වෙදනා -පෙ- ඉති සඤ්ඤා -පෙ- ඉති සඞ්ඛාරා -පෙ- ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථගමොති, අද්ධා අයමායස්මා ජානං ජානාති, පස්සං පස්සතී”ති. අයම්පි ධම්මො පියත්තාය ගරුත්තාය භාවනාය සාමඤ්ඤාය එකීභාවාය සංවත්තතීති.
Sinhala BJTමේ ආයුෂ්මත් වනාහි රූපය මෙසේ ය, රූපසමුදය මෙසේ ය, රූපයාගේ අස්තඞ්ගමය මෙසේ ය, වේදනා මෙසේ ය, ... සංඥා මෙසේ ය, ... සංස්කාර මෙසේ ය, ... විඥානය මෙසේ ය, විඥාන සමුදය මෙසේ ය, විඥානයාගේ අස්තඞ්ගමය මෙසේ ය යි පඤ්ච උපාදානස්කන්‍ධයෙහි උදා - විය දක්නේ වෙසෙයි, එකතින් මේ ආයුෂ්මත් දතයුත්ත දන්නේ ය, දැක්කයුත් දක්නේ ය යි, මේ ධර්‍මය ද ප්‍රිය භාවය පිණිස ගුරුභාවය පිණිස භාවනාව හෝ සම්භාවනාව පිණිස ශ්‍රමණධර්‍මය පිණිස, නෛරන්තර්‍ය්‍යය පිණිස පවත්නේ යයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, අට්ඨ හෙතු අට්ඨ පච්චයා ආදිබ්රහ්මචරියිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තන්තීති.
Sinhala BJTමහණෙනි, නොලැබූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට ආදිභූත විවසුන් නුවණ ලබනු පිණිස ලත් නුවණ පිළිබඳ භූයස්ත්‍වය පිණිස වෛපුල්‍යය පිණිස භාවනාව පිණිස පරිපූර්‍ණභාවය පිණිස මේ අෂ්ට හේතූහු අෂ්ට ප්‍රත්‍යයෝ පවතිත් යයි.
Pali BJT8. 1. 1. 3.
Sinhala BJT8. 1. 1. 3.
Pali BJTපඨමපිය සුත්තං
Sinhala BJTපළමුවැනි පිය සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅට්ඨහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු සබ්රහ්මචාරීනං අප්පියො ච හොති, අමනාපො ච අගරු ච අභාවනීයො ච. කතමෙහි අට්ඨහි:
Sinhala BJTමහණෙනි, කරුණු අටෙකින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට අප්‍රිය ද වෙයි, අමනාප ද වෙයි, අගරු ද අභාවනීය ද වෙයි, කවර අටෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු අප්පියපසංසී ච හොති. පියගරහී ච ලාභකාමො ච සක්කාරකාමො ච අහිරිකො ච අනොත්තප්පී ච පාපිච්ඡො ච මිච්ඡාදිට්ඨී ච. ඉමෙහි ඛො භික්ඛවෙ, අට්ඨහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු සබ්රහ්මචාරීනං අප්පියො ච හොති අමනාපො ච අගරු ච අභාවනීයො ච.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ අප්‍රියයන් පසස්නා සුලු ද වෙයි, ප්‍රියයන් ගරහන සුලු ද වෙයි, ලාභ කැමැතියේ ද වෙයි, සත්කාර කැමැතියේ ද වෙයි, ලජ්ජා නැතියේ ද වෙයි, ඔතප් නැතියේ ද වෙයි, ලමු ඉච්ඡා ඇතියේ ද වෙයි, මිසදුටු ඇතියේ ද වෙයි. මහණෙනි, මේ අට කරුණින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට අප්‍රිය ද වෙයි, අමනාප ද වෙයි, ගරුතන් නැතියේ වෙයි, ගුණසම්භාවනා නැතියේ ද වෙයි.
Pali BJTඅට්ඨහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො ච. කතමෙහි අට්ඨහි:
Sinhala BJTමහණෙනි, අට කරුණෙකින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට ප්‍රිය ද වෙයි, මනාප ද වෙයි, ගරුතැන් ඇතියේ ද වෙයි, ගුණසම්භාවනාවට නිසි ද වෙයි. කවර අට කරුණෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු න අප්පියපසංසී ච හොති න පියගරහී ච න ලාභකාමො ච න සක්කාරකාමො ච, හිරිමා ච හොති ඔත්තප්පී ච අප්පිච්ඡො ච සම්මාදිට්ඨි ච. ඉමෙහි ඛො භික්ඛවෙ, අට්ඨහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති, මනාපො ච ගරු ච භාවනීයො චාති.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ අප්‍රියයන් නො පසස්නා සුලු ද වෙයි, ප්‍රියයන් නොගරහන සුලු ද වෙයි, ලාභ කැමතියේ ද නොවෙයි, සත්කාර කැමතියේ ද නොවෙයි, ලජ්ජා ඇතියේ ද වෙයි, පවට බාන සුලු ද වෙයි, අල්පෙච්ඡ ද වෙයි, සම්දිටු ඇතියේ ද වෙයි. මහණෙනි, මේ අට කරුණින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට ප්‍රිය ද වෙයි, මනාප ද වෙයි, ගරුතැන් ඇතියේ ද වෙයි, සම්භාවනීය ද වේ යයි.
Pali BJT8. 1. 1. 4.
Sinhala BJT8. 1. 1. 4.
Pali BJTදුතියපිය සුත්තං
Sinhala BJTදෙවැනි පිය සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅට්ඨහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු සබ්රහ්මචාරීනං අප්පියො ච හොති අමනාපො ච අගරු ච අභාවනීයො ච කතමෙහි අට්ඨහි:
Sinhala BJTමහණෙනි, කරුණු අටෙකින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට අප්‍රිය ද වෙයි, අමනාප ද වෙයි, අගරු ද වෙයි, අභාවනීය ද වේ. කවර අට කරුණින යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු ලාභකාමො ච හොති. සක්කාරකාමො ච අනවඤ්ඤත්තිකාමො ච අකාලඤ්ඤූ ච අමත්තඤ්ඤූ ච අසුචි ච බහුභාණී ච අක්කොසකපරිභාසකො ච සබ්රහ්මචාරීනං.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ ලාභ කැමැතියේ ද වෙයි, සත්කාර කැමැතියේ ද වෙයි, අවඥා නො කැමැතියේ ද වෙයි, අකාලඥ වෙයි, අමාත්‍රඥ ද වෙයි, අපවිත්‍ර කායකර්‍මයාදිය ඇතියේ වෙයි, බහුභාණී ද වෙයි, සබ්‍රම්සරුනට ආක්‍රෝශ්‍ර පරිභව කරනුයේ ද වේ.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, අට්ඨහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු සබ්රහ්මචාරීනං අප්පියො ච හොති අමනාපො ච අගරු ච අභාවනීයො ච.
Sinhala BJTමහණෙනි, මේ අට කරුණින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට අප්‍රිය ද වෙයි, අමනාප ද වෙයි, අගරු ද වෙයි, අභාවනීය ද වේ.
Pali BJTඅට්ඨහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො ච. කතමෙහි අට්ඨහි:
Sinhala BJTමහණෙනි, අට කරුණින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට ප්‍රිය ද වෙයි, මනාප ද වෙයි, ගරු ද වෙයි, භාවනීය ද වේ. කවර අට කරුණින් යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු න ලාභකාමො ච හොති. න සක්කාරකාමො ච න අනවඤ්ඤත්තිකාමො ච කාලඤ්ඤූ ච මත්තඤ්ඤූ ච සුචි ච න බහුභාණී ච න අක්කොසකපරිභාසකො ච සබ්රහ්මචාරීනං.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ ලාභ කැමැතියේ ද නො වෙයි, සත්කාර කැමැතියේ ද නො වෙයි, අවඥාත බව කැමැතියේ ද නො වෙයි, කාලඥ වෙයි, මාත්‍රඥ ද වෙයි, පවිත්‍රකායකර්‍මාදිය ඇතියේ ද වෙයි, බහුභාණී ද නොවෙයි, සබ්‍රම්සරුනට ආක්‍රෝශපරිභව නො කරනුයේ ද වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, අට්ඨහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති. මනාපො ච ගරු ච භාවනීයො චාති.
Sinhala BJTමහණෙනි, මේ අට කරුණින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට ප්‍රිය ද වෙයි, මනාප ද වෙයි, ගරු ද වෙයි, භාවනීය ද වේ යයි.
Pali BJT8. 1. 1. 5.
Sinhala BJT8. 1. 1. 5.
Pali BJTපඨමලොකධම්ම සුත්තං
Sinhala BJTපළමුවැනි ලෝකධම්ම සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅට්ඨිමෙ භික්ඛවෙ, ලොක ධම්මා ලොකං අනුපරිවත්තන්ති, ලොකො ච අට්ඨලොකධම්මෙ අනුපරිවත්තති. කතමෙ අට්ඨ:
Sinhala BJTමහණෙනි, මේ අෂ්ට ලෝකධර්‍මයෝ ලොව අනුව පෙරැළෙත් ලෝකය ද අෂ්ටලෝකධර්‍මයන් අනුව පෙරැළෙයි. කවර අටදෙනෙක යත්:
Pali BJTලාභො ච අලාභො ච අයසො ච යසො ච නින්දා ච පසංසා ච සුඛං ච දුක්ඛං ච, ඉමෙ ඛො භික්ඛවෙ අට්ඨලොකධම්මෙ ලොකං අනුපරිවත්තන්ති, ලොකො ච ඉමෙ අට්ඨලොකධම්මෙ අනුපරිවත්තතීති.
Sinhala BJTලාභය ද අලාභය ද අයස ද යස ද නින්‍දාව ද ප්‍රශංසාව ද සුඛය ද දුඃඛය ද යන මේ යි. මහණෙනි, මේ අටලෝදහම්හු ලොව අනුව පෙරැළෙති, ලොව ද මේ අටලෝ දහම් අනුව පෙරැළේ යයි.
Pali BJT1. ලාභො අලාභො {*}අයසො යසො ච නින්දා පසංසා ච සුඛං ච දුක්ඛං, එතෙ අනිච්චා මනුජෙසු ධම්මා අසස්සතා විපරිණාමධම්මා
Sinhala BJT1. ලාභ ය, අලාභ ය, අයසය, යස ය, නින්‍දා ය, පසංසා ය, සුඛ ය, දුක්ඛ ය යන අනිත්‍ය වූ අශාස්ත වු මේ ධර්‍මයෝ මනුෂ්‍යයන් කෙරෙහි පෙරැළෙන ස්වභාව ඇතියහ.
Pali BJT2. එතෙ ච ඤත්වා සතිමා සුමෙධො අවෙක්ඛතී විපරිනාමධම්මෙ, ඉට්ඨස්ස ධම්මා න මථෙන්ති චිත්තං අනිට්ඨතො නො පටිඝාතමෙති.
Sinhala BJT2. ස්මෘතිමත් වූ පණ්ඩිත තෙමේ තෙල විපරිණාමධර්‍මයන් දැන (නුවණින්) බලයි. ඉෂ්ට වූ (ලාභාදි) ධර්‍මයෝ ඔහුගේ සිත නො මඩනාහ. අනිටු දහමින් (නොහොත් අනිටුදහම් විසයෙහි) හෙ ප්‍රතිඝාතයට නො පැමිණෙයි.
Pali BJT3. තස්සානුරොධා අථවා විරොධා විධූපිතා අත්ථගතා න සන්ති, පදඤ්ච ඤත්වා විරජං අසොකං සම්මප්පජානාති භවස්ස පාරගූති.
Sinhala BJT3. ඔහුගේ අනුරෝධයෝ නොහොත් විරෝධයෝ වනසන ලද්දාහු අස්තයට ගියාහු නො ම ඇතියහ. රජස් නැති ශෝක නැති නිර්‍වාණපදය ද දැන භවයාගේ පරතෙරට ගියේ (එබව) මොනොවට දන්නේ යි.
Pali BJT8. 1. 1. 6.
Sinhala BJT8. 1. 1. 6.
Pali BJTදුතියලොකධම්ම සුත්තං
Sinhala BJTදෙවැනි ලෝකධම්ම සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT1. අට්ඨිමෙ භික්ඛවෙ, ලොකධම්මා ලොකං අනුපරිවත්තන්ති, ලොකො ච අට්ඨ ලොකධම්මෙ අනුපරිවත්තති. කතමෙ අට්ඨ:
Sinhala BJT1. මහණෙනි, මේ ලෝකධර්‍මයෝ අටදෙනෙක් ලෝකය අනුව පෙරැළෙත්. ලෝකය ද අෂ්ටලෝකධර්‍මයන් අනුව පෙරැළෙයි. කවර අටදෙනෙක යත්:
Pali BJTලාභො ච අලාභො ච යසො ච අයසො ච නින්දා ච පසංසා ච සුඛං ච දුක්ඛං ච, ඉමෙ ඛො භික්ඛවෙ, අට්ඨලොකධම්මා ලොකං අනුපරිවත්තන්ති. ලොකො ච ඉමෙ අට්ඨලොකධම්මෙ අනුපරිවත්තති.
Sinhala BJTලාභ යැ අලාභ යැ අයස යැ යසයැ නින්‍දා යැ පසංසා යැ සුඛ යැ දුක්ඛ යැ යන අට යි. මහණෙනි, මේ අට ලෝදහම්හු ලෝකය අනුව පෙරැළෙත්. ලෝකය ද මේ අටලෝදහම් අනුව පෙරැළෙයි.
Pali BJTඅස්සුතවතො භික්ඛවෙ, පුථුජ්ජනස්ස උප්පජ්ජති ලාභොපි අලාභොපි යසොපි අයසොපි නින්දාපි පසංසාපි සුඛම්පි දුක්ඛම්පි.
Sinhala BJTමහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයාහට ලාභයත් උපදියි, අලාභයත් උපදියි, අයසත් උපදියි, යසත් උපදියි, නින්‍දාත් උපදියි, පසංසාත් උපදියි, සුඛත් උපදියි, දුක්ඛත් උපදී.
Pali BJTසුතවතොපි ඛො භික්ඛවෙ, අරියසාවකස්ස උප්පජ්ජති ලාභොපි අලාභොපි, යසොපි අයසොපි නින්දාපි පසංසාපි සුඛම්පි දුක්ඛම්පි.
Sinhala BJTමහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට ද ලාභත් උපදනේ ය, අලාභත් උපදනේ ය, යසත් උපදනේ ය, අයසත් උපදනේ ය, නින්‍දාත් උපදනේ ය, යැ ප්‍රශංසාත් උපදනේ ය, සුඛත් උපදනේ ය, දුඃඛත් උපදනේ යි.
Pali BJT2. තත්ර භික්ඛවෙ, කො විසෙසො කො අධිප්පයාසො{1} කිං නානාකරණං{2} සුතවතො අරියසාවකස්ස අස්සුතවතා පුථුජ්ජනෙනාති:
Sinhala BJT2. මහණෙනි, එහිලා අශ්‍රැතවත් පෘතග්ජනයාට වඩා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ වෙසෙස කවර, අධික ප්‍රයෝගය කවර, නානාකරණය කවරැ?
Pali BJTභගවම්මූලකා නො භන්තෙ ධම්මා, භගවන්නෙත්තිකා, භගවම්පටිසරණා. සාධු වත භන්තෙ, භගවන්තංයෙව පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො, භගවතො සුත්වා භික්ඛු ධාරෙස්සන්තීති.
Sinhala BJTවහන්ස, ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ ප්‍රභව කොට පවත්නාහ, භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ගෙන පවත්නාහ, භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ගෙන පවත්නාහ. වහන්ස, එකැතින් තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහේ නම් මැනැවි. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසා දරන්නාහ යි.