Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 11001-11100 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTආරොචයාමි වො භික්ඛවෙ, පටිවෙදයාමි වො භික්ඛවෙ, යථා එතදෙව තස්ස වරං දුස්සීලස්ස පාපධම්මස්ස අසුචිසංකස්සරසමාචාරස්ස පටිච්ඡන්නකම්මන්තස්ස අස්සමණස්ස සමණපටිඤ්ඤස්ස අබ්රහ්මචාරිස්ස බ්රාහ්මචාරීපටිඤ්ඤස්ස අන්තොපූතිස්ස අවස්සුතස්ස කසම්බුජාතස්ස යං අමුං මහන්තං අග්ගික්ඛන්ධං ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං ආලිඞ්ගිත්වා උපනිසීදෙය්ය වා උපනිපජ්ජෙය්ය වා. තං කිස්ස හෙතු: තතො නිදානං හි සො භික්ඛවෙ මරණං වා නිගච්ඡෙය්ය, මරණමත්තං වා දුක්ඛං. නත්වෙව තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය. යඤ්ච ඛො සො භික්ඛවෙ, දුස්සීලො පාපධම්මො අසුචිසඞ්කස්සරසමාචාරො -පෙ- කසම්බුජාතො ඛත්තිය කඤ්ඤං වා බ්රාහ්මණකඤ්ඤං වා ගහපතිකඤ්ඤං වා මුදුතලුණහත්ථපාදිං ආලිඞ්ගිත්වා උපනිසීදති වා උපනිපජ්ජති වා තං හි තස්ස භික්ඛවෙ, හොති දීඝරත්තං අහිතාය දුක්ඛාය. කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.
Sinhala BJTමහණෙනි, තොපට අරෝචනය කරමි, මහණෙනි, තොපට කරුණු හඟවා කියමි: යම් සෙයෙකින් ලමුදම් ඇති, අපවිත්‍ර කායකර්‍මාදියෙන් අපරිශුද්ධව සැකයෙන් සිහිකටයුතු සමාචාර ඇති, පිළිසන් කටයුතු කර්‍ම ඇති, ශ්‍රමණ නො වූ ‘මහණෙක්මි’ යන් ප්‍රතිඥා ඇති අබ්‍රහ්මචාරී වු බ්‍රහ්මචාරීයෙක්මියි කරණ ප්‍රතිඥා ඇති, පූතිකර්‍මයෙන් (ශීලවිපත්තියෙන්) අන්තඃපූති වූ (සදොරින් වෑහෙන රාගාදි) කෙලෙසින් තෙත් වු හටගත් රාගාදිකෙලෙස් කසළැති, එ දුඃශීලයාහට, තෙල ඇවිළගත්, දිලියෙන, ගිනිසිළු ඇති මහගිනිකඳ සිපවැළඳ ගෙණ හිඳිනේ ය හෝ හෝනේ ය හෝ යන යමක් වේ නම්, තෙල කරුණ ම උතුම් වන්නේ ය. එ කවර හෙයින යත්: මහණෙනි, එකරුණෙන් එ දුසිල් මහණ මරණයට හෝ යන්නේ ය. මරණමාත්‍ර වූ දුකට හෝ යන්නේ ය. එ හේතුයෙන් කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට නො පැමිණේමැයි. මහණෙනි, ලමුදම් ඇති අපරිශුද්ධ කායකර්‍මාදියෙන් අපවිත්‍ර ව සංකායෙන් සිහි කටයුතු හැසිරීම් ඇති ... හටගත් කෙලෙස්කසට ඇති එ දුසිල් තෙම මොළොක් තරුණ අත්පා ඇති ක්‍ෂත්‍රියකන්‍යාවක හෝ බ්‍රාහ්මණකන්‍යාවක හෝ ගෘහපතිකන්‍යාවක හෝ සිප වැළඳ ගෙන හිඳිනේ ය හෝ හෝනේ ය හෝ යන යමෙක් වේ නම්, මහණෙනි, එය ඔහට දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස, දුක් පිණිස වෙයි. කාබුන් මරණින් මතු අපාය වූ දුර්‍ගති වූ විනිපාත වු නිරයට පැමිණෙන්නේ ය.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමං නු ඛො වරං යං බලවා පුරිසො දළ්හාය වාලරජ්ජුයා උභො ජඞ්ඝා වෙඨෙත්වා ඝංසෙය්ය, සා ඡවිං ඡින්දෙය්ය, ඡවිං ඡෙත්වා චම්මං ඡින්දෙය්ය, චම්මං ඡෙත්වා මංසං ඡින්දෙය්ය, මංසං ඡෙත්වා නහාරුං ඡින්දෙය්ය, නහාරුං ඡෙත්වා අට්ඨිං ඡින්දෙය්ය, අට්ඨිං ඡෙත්වා අට්ඨිමිඤ්ජං ආහච්ච තිට්ඨෙය්ය, යං වා ඛත්තියමහාසාලානං වා බ්රාහ්මණ මහා සාලානං වා ගහපති මහාසාලානං වා අභිවාදනං සාදියෙය්යාති. එතදෙව භන්තෙ, වරං යං ඛත්තියමහාසාලානං වා බ්රාහ්මණමහාසාලානං වා ගහපතිමහාසාලානං වා අභිවාදනං සාදියෙය්ය. දුක්ඛං හෙතං භන්තෙ, යං බලවා පුරිසො දළ්හාය වාලරජ්ජුයා, උහො ජඞ්ඝා වෙඨෙත්වා -පෙ- අට්ඨිමිඤ්ජං ආහච්ච තිට්ඨෙය්යාති.
Sinhala BJTමහණෙනි, එ කිමැයි හඟිවු ද? බලවත් පුරුෂයෙක් දැඩිවරපටෙකින් දෙ දඟඇට වෙළා ඝටනේ ය. එ වරපට සිවිය සිඳුනේ ය. සිවිය සිඳ සම් සිඳුනේ ය. සම් සිඳ මස් සිඳුනේ ය. මස් සිඳ නහර සිඳුනේ ය. නහර සිඳ ඇට සිඳුනේ ය. ඇට සිඳ ඇටමිදුලෙහි වැද සිටුනේ ය යන යමකුත් වේ නම් හෝ, ක්‍ෂත්‍රියමහාසාරයන්ගේ වේ වයි, බ්‍රාහ්මණමහාසාරයන්ගේ වේ වයි, ගෘහපතිමහසාරයන්ගේ වේවයි අභිවාදනය ඉවසන්නේ ය යන යමකුත් වේ නම්, (එදෙකින්) කවරෙක්) උතුම් වේ දැ? යි. වහන්ස, ක්‍ෂත්‍රියමහාසාරයන්ගේ වේවයි, බ්‍රාහ්මණමහාසාරයන්ගේ වේවයි, ගෘහපතිමහසාරයන්ගේ වේවයි අභිවාදනයක් ඉවසා නම්, මෙය ම උතුම් වෙයි. වහන්ස, බලවත් පුරුෂයෙක් දළ වරපටෙකින් දෙ දඟ වෙළා ... ඇටමිදුළු තෙක් වැද සිටුනේ ය යන යමකුත් වේ නම්, තෙල දුකෙක්මය යි.
Pali BJTආරොචයාමි වො භික්ඛවෙ, පටිවෙදයාමි වො භික්ඛවෙ, යථා එතදෙව තස්ස වරං, දුස්සීලස්ස -පෙ- කසම්බුජාතස්ස යං බලවා පුරිසො දළ්හාය වාලරජ්ජුයා උභො ජඞ්ඝා වෙඨෙත්වා -පෙ- අට්ඨිමිඤ්ජං ආහච්ච තිට්ඨෙය්ය. තං කිස්ස හෙතු: තතො නිදානං හි සො භික්ඛවෙ, මරණං වා නිගච්ඡෙය්ය මරණමත්තං වා දුක්ඛං. නත්වෙව තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය. යඤ්ච ඛො සො භික්ඛවෙ, දුස්සීලො -පෙ- කසම්බුජාතො ඛත්තියමහාසාලානං වා බ්රාහ්මණමහාසාලානං වා ගහපතිමහාසාලානං වා අභිවාදනං සාදියති. තං හි තස්ස භික්ඛවෙ, හොති දීඝරත්තං අහිතාය දුක්ඛාය. කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.
Sinhala BJTමහණෙනි, තොපට ආරෝචනය කරමි. මහණෙනි, තොපට ප්‍රතිවේදනය කරමි. යම් පරිද්දෙකින් බලවත් පුරුෂයෙක් දළ වරපටෙකින් දෙදඟ වෙළා ... ඇට මිදුලු තෙක් වැද සිටුනේ ය. යන යමෙක් වේ නම්, දුශ්ශීල වූ ... කෙලෙස්කසළ ඇති ඔහට මෙය ම උතුම් ම වේ. එ කවර හෙයින යත්: මහණෙනි, එ හේතුකොට ගෙන එතෙම මරණයට හෝ යන්නේ ය. මරණමාත්‍ර දුඃඛයට හෝ පැමිණෙන්නේ ය. එ හේතු කොට ගෙණ කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට නො ම පැමිණෙන්නේ ය. මහණෙනි, දුශ්ශීල වූ ... හටගත් කෙලෙස්කසළ ඇති එ මහණ ක්‍ෂත්‍රියමහාසාරයන්ගේ වේවයි, බ්‍රාහ්මණමහාසාරයන්ගේ වේවයි, ගෘහපතිමහාසාරයන්ගේ වේවයි, අභිවාදනය ඉවසන්නේය යන යමක් වේ නම්, එය ම ඔහට දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වෙයි. කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණෙන්නේ ය.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමන්නු ඛො වරං යං බලවා පුරිසො තිණ්හාය සත්තියා තෙලධොතාය පච්චොරස්මිං පහරෙය්ය, යං වා ඛත්තිය මහාසාලානං වා බ්රාහ්මණමහාසාලානං වා ගහපතිමහාසාලානං වා අඤ්ජලිකම්මං සාදියෙය්යාති. එතදෙව භන්තෙ වරං යං ඛත්තියමහාසාලානං වා බ්රාහ්මණමහාසාලානං වා ගහපතිමහාසාලානං වා අඤ්ජලිකම්මං සාදියෙය්ය. දුක්ඛං හෙතං භන්තෙ, යං බලවා පුරිසො තිණ්හාය සත්තියා තෙලධොතාය පච්චොරස්මිං පහරෙය්යාති.
Sinhala BJTමහණෙනි, එ කිමෙකැයි හඟිවු ද? බලවත් පුරුෂයෙක් තෙලින් මුවහත් කළ තියුණු සැතෙකින් ලමැඩියෙහි පහරන්නේ ය යන යමෙක් වේ නම්, ක්‍ෂත්‍රියමහාසාරයන්ගේ හෝ, බ්‍රාහ්මණමහාසාරයන්ගේ හෝ, ගෘහපතිමහසාරයන්ගේ හෝ අඤ්ජලිකර්‍මය ඉවසන්නේ ය යන යමක් හෝ වේ නම්, (එ දෙකින්) කවරෙක් උතුම් වේ දැ?යි. වහන්ස, ක්‍ෂත්‍රියමහාසාරයන්ගේ හෝ බ්‍රාහ්මණමහාසාරයන්ගේ හෝ ගෘහපතිමහාසාරයන්ගේ හෝ අඤ්ජලිකර්‍මය ඉවසන්නේ ය යන යමක් වේ නම්, තෙල කරුණ ම උතුම් වේ. වහන්ස, බලවත් පුරුෂයෙක් තෙලින් දෝනා ලද තියුණු සැතෙකින් ලමැඬියෙහි පහරන්නේ ය යන යමෙක් වේ නම් තෙල දුක් ම වේ යයි.
Pali BJTආරොචයාමි වො භික්ඛවෙ, පටිවෙදයාමි වො භික්ඛවෙ, යථා එතදෙව තස්ස වරං දුස්සීලස්ස -පෙ- කසම්බුජාතස්ස යං බලවා පුරිසො තිණ්හාය සත්තියා තෙලධොතාය පච්චොරස්මිං පහරෙය්ය. තං කිස්ස හෙතු, තතො නිදානං හි සො භික්ඛවෙ, මරණං වා නිගච්ඡෙය්ය, මරණ මත්තං වා දුක්ඛං. නත්වෙව තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය. යං ච ඛො සො භික්ඛවෙ, දුස්සීලො -පෙ- කසම්බුජාතො ඛත්තියමහාසාලානං වා බ්රාහ්මණමහාසාලානං වා ගහපති මහාසාලානං වා අඤ්ජලිකම්මං සාදියති, තං හි තස්ස භික්ඛවෙ, හොති දීඝරත්තං අහිතාය දුක්ඛාය, කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.
Sinhala BJTමහණෙනි, තොපට ආරෝචනය කරමි. මහණෙනි, තොපට ප්‍රතිවේදනය කරමි. මහණෙනි, යම් පරිද්දෙකින් බලවත් පුරුෂයෙක් තෙලෙන් මුවහත් කළ තියුණු සැතෙකින් ලමැඬියෙහි පහරන්නේ ය යන යමක් වේ නම්, දුශ්ශීල වූ ... හටගත් කෙලෙස්කසළ ඇති ඔහට තෙල කරුණ ම උතුම් වන්නේ ය. එ කවර හෙයින යත්: මහණෙනි, එ පුඟුල් ඒ හේතුයෙන් මරණයට හෝ යෙයි. මරණමාත්‍ර දුකට හෝ යන්නේ ය. ඒ හේතුයෙන් කාබුන් මරණින් මතු අපාය වූ, දුර්‍ගති වූ විනිපාත වූ නිරයට නො එළැඹෙන්නේ ය. මහණෙනි, ඒ දුසිල් පුඟුල් ... හටගත් කෙලෙස්කසළ ඇතියේ ක්‍ෂත්‍රියමහාසාරයන්ගේ හෝ බ්‍රාහ්මණමහාසාරයන්ගේ හෝ ගෘහපතිමහාසාරයන්ගේ හෝ අඤ්ජලිකර්‍ම ඉවසන්නේ ය යන යමක් වේ නම්, මහණෙනි, එයම ඔහට දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස, දුක් පිණිස වෙයි. කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට එළැඹෙන්නේ ය.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමන්නුඛො වරං යං බලවා පුරිසො තත්තෙන අයොපට්ටෙන ආදිත්තෙන සම්පජ්ජලිතෙන සජොතිභූතෙන කායං සම්පලිවෙඨෙය්ය, යං වා ඛත්තියමහාසාලානං වා බ්රාහ්මණමහාසාලානං වා ගහපතිමහාසාලානං වා සද්ධාදෙය්යං චීවරං පරිභුඤ්ජෙය්යාති. එතදෙව භන්තෙ, වරං යං ඛත්තියමහාසාලානං වා බ්රාහ්මණමහාසාලානං වා ගහපතිමහාසාලානං වා සද්ධාදෙය්යං චීවරං පරිභුඤ්ජෙය්ය, දුක්ඛං හෙතං භන්තෙ, යං බලවා පුරිසො තත්තෙන අයොපට්ටෙන ආදිත්තෙන සම්පජ්ජලිතෙ න සජොතිභූතෙන කායං සම්පලිවෙඨෙය්යාති.
Sinhala BJTමහණෙනි, එ කිමැයි හඟිවු ද? බලවත් පුරුෂයෙක් ගිනි ඇවිළගත් මනා කොට දිලියෙන් ගිනිසිළු සහිත රත් යපටෙකින් කය මනාසේ වෙළන්නේ ය යන යමක් වේ නම්, ක්‍ෂත්‍රියමහාසරයන්ගේ හෝ බ්‍රාහ්මණමහාසරයන්ගේ හෝ ගෘහපතිමහාසරයන්ගේ හෝ සැදැහැයෙන් දෙන චීවරපරිභෝග කරන්නේ ය යන යමකුත් වේ නම්, (එ දෙකින්) කවරෙක් උතුම් වේදැ?යි. වහන්ස, ක්‍ෂත්‍රියමහාසරයන්ගේ වේවයි, බ්‍රාහ්මණමහාසරයන්ගේ වේවයි, ගෘහපතිමහාසරයන්ගේ වේවයි, සැදැහැයෙන් දෙන චීවරපරිභෝග කරන්නේ ය යන යමක් වේ නම්, තෙල කරුණ ම උතුම් වෙයි. වහන්ස, බලවත් පුරුෂයෙක් ... එත්වූ යපටින් කය මොනොවට වෙළන්නේ ය යන තෙල යමක් වේ නම් නම්, එය දුක් ම වේ යයි.
Pali BJTආරොචයාමි වො භික්ඛවෙ, පටිවෙදයාමි වො භික්ඛවෙ, යථා එතදෙව තස්සවරං දුස්සීලස්ස -පෙ- කසම්බුජාතස්ස යං බලවා පුරිසො තත්තෙන අයොපට්ටෙන ආදිත්තෙන සම්පජ්ජලිතෙන සජොතිභූතෙන කායං සම්පලිවෙඨෙය්ය. තං කිස්ස හෙතු: තතො නිදානං හි සො භික්ඛවෙ, මරණං වා නිගච්ඡෙය්ය මරණමත්තං වා දුක්ඛං. නත්වෙව තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය. යං ච ඛො සො භික්ඛවෙ, දුස්සීලො -පෙ- කසම්බුජාතො යං ඛත්තියමහාසාලානං වා බ්රාහ්මණමහාසාලානං වා ගහපතිමහාසාලානං වා සද්ධාදෙය්යං චීවරං පරිභුඤ්ජති. තං හි තස්ස භික්ඛවෙ, දීඝරත්තං අහිතාය හොති දුක්ඛාය. කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.
Sinhala BJTමහණෙනි, තොපට ආරෝචනය කරමි. මහණෙනි, තොපට කරුණු ගන්වා දන්වමි. යම් පරිද්දෙකින් බලවත් පුරුෂයෙක් ඇවිලගත්, දිලියෙන ගිනිසිළු ඇති රත්යපටින් කය වෙළන්නේ ය යන යමක් වේ නම්, තෙල කරුණ ම එ ... හටගත් කෙලෙස්කසළ ඇති දුසිල්හට උතුම්. එ කවරහෙයින යත්: මහණෙනි, ඒ හේතුයෙන් හේ මරණයට හෝ පැමිණෙන්නේ ය. මරණමාත්‍ර දුකට හෝ පැමිණෙන්නේ ය. එ හේතුයෙන් කාබුන් මරණින් මතු අපාය නම් වූ, දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට නො පැමිණේ මැ යි. මහණෙනි, හටගත් කෙලෙස්කසළ ඇති එ දුසිල්තෙම … ක්‍ෂත්‍රියමහාසරයන්ගේ හෝ බ්‍රාහ්මණමහාසරයන්ගේ හෝ ගෘහපතිමහාසරයන්ගේ හෝ ශ්‍රද්ධාදේය චීවරපරිභෝග කරන්නේ ය යන යමක් වේ නම්, එය ම ඔහට දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වෙයි. කාබුන් මරණින් මතු අපාය වූ දුර්‍ගති වූ විනිපාත වු නිරයට පැමිණෙයි.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමන්නු ඛො වරං: යං බලවා පුරිසො තත්තෙන අයොසඞ්කුනා ආදිත්තෙන සම්පජ්ජලිතෙන සජොතිභූතෙන මුඛං විවරිත්වා තත්තං ලොහගුලං ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං මුඛෙ පක්ඛිපෙය්ය, තං තස්ස ඔට්ඨම්පි දහෙය්ය, මුඛම්පි දහෙය්ය, ජිව්හම්පි දහෙය්ය, කණ්ඨම්පි{1} දහෙය්ය, උරම්පි දහෙය්ය, අන්තම්පි අන්තගුණම්පි ආදාය අධොභාගා නික්ඛමෙය්ය, යං වා ඛත්තියමහාසාලානං වා බ්රාහ්මණ මහාසාලානං වා ගහපතිමහාසාලානං වා සද්ධාදෙය්යං පිණ්ඩපාතං පරිභුඤ්ජෙය්යාති. එතදෙව භන්තෙ, වරං යං ඛත්තියමහා සාලානං වා බ්රාහ්මණ මහාසාලානං වා ගහපති මහාසාලානං වා සද්ධාදෙය්යං පිණ්ඩපාතං පරිභුඤ්ජෙය්ය. දුක්ඛං හෙතං භන්තෙ, යං බලවා පුරිසො තත්තෙන අයොසඞ්කුනා ආදිත්තෙන සම්පජ්ජලිතෙන සජොතිභූතෙන මුඛං විවරිත්වා තත්තං ලොහගුලං ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං මුඛෙ පක්ඛිපෙය්ය, තං තස්ස ඔට්ඨම්පි දහෙය්ය, මුඛම්පි දහෙය්ය, ජිව්හම්පි දහෙය්ය -පෙ- අධොභාගා නික්ඛමෙය්යාති.
Sinhala BJTමහණෙනි, එ කිමැයි හඟිවු ද? බලවත් පුරුෂයෙක් ඇවිළගත් මොනොවට දිලියෙන, ගිනිසිළු ඇති එත් යහඬුයෙන් මුව විවර කොට ඇවිළගත්, මනාලෙස දිලියෙන ගිනිසිළු ඇති ලොහොගුළක් මුවෙහි බහාලන්නේ ය. එය ඔහුගේ දිව ද දවන්නේ ය, මුව ද දවන්නේ ය, බොටුව ද දවන්නේ ය, ලය ද දවන්නේ ය, අතුනු ද අතුනුබහන් ද ගෙණ අධෝභාගයෙන් නික්මෙන්නේ ය යන යමක් වේ නම්, ක්‍ෂත්‍රියමහාසරයන්ගේ හෝ බ්‍රාහ්මණමහාසරයන්ගේ හෝ ගෘහපතිමහාසරයන්ගේ හෝ ශ්‍රද්ධාදෙය පිණ්ඩපාත වළඳන්නේ ය යන යමක් වේ නම්, එ දෙකින් කවරෙක් උතුම් වේ දැයි? වහන්ස, ක්‍ෂත්‍රියමහාසරයන්ගේ වේවයි, බ්‍රාහ්මණමහාසරයන්ගේ වේවයි, ගෘහපතිමහාසරයන්ගේ වේවයි ශ්‍රද්ධාදෙය පිණ්ඩපාත වළඳන්නේ ය යන යමක් වේ නම්, එය ම උතුම්. වහන්ස, බලවත් පුරුෂයෙක් ඇවිළගත් මොනොවට දිලියෙන, ගිනිසිළු ඇති යහඬුයෙන් මුව හයවා ආදීප්ත වූ සම්ප්‍රජ්වලිත වූ සජ්‍යොතිර්භූත වූ රත්ලොහොගුළක් මුවෙහි බහන්නේ නම් එය ඔහුගේ තොල් ද දවන්නේ ය., මුව ද දවන්නේ ය ... දිව ද දවන්නේ ය ... අතුනු ද අතුනුබහන් ද අධෝභාගයෙන් නික්මෙන්නේ ය යන යමෙක් වේ නම්, එය ඔහට දුක් ම වන්නේ ය යි.
Pali BJTආරොචයාමි වො භික්ඛවෙ, පටිවෙදයාමි වො භික්ඛවෙ, යථා එතදෙව තස්ස වරං දුස්සීලස්ස -පෙ- කසම්බුජාතස්ස යං බලවා පුරිසො තත්තෙන අයොසඞ්කුනා ආදිත්තෙන සම්පජ්ජලිතෙන සජොතිභූතෙන මුඛං විවරිත්වා තත්තං ලොහගුලං ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං මුඛෙ පක්ඛිපෙය්ය, තං තස්ස ඔට්ඨම්පි දහෙය්ය -පෙ- අන්තගුණං ආදාය අධොභාගා නික්ඛමෙය්ය. තං කිස්ස හෙතු: තතො නිදානං හි සො භික්ඛවෙ මරණං වා නිගච්ඡෙය්ය මරණ මත්තං වා දුක්ඛං. නත්වෙව තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය. යඤ්ච ඛො සො භික්ඛවෙ, දුස්සීලො -පෙ- කසම්බුජාතො ඛත්තියමහාසාලානං වා බ්රාහ්මණමහාසාලානං වා ගහපතිමහාසාලානං වා සද්ධාදෙය්යං පිණ්ඩපාතං පරිභුඤ්ජති, තං හි තස්ස භික්ඛවෙ, හොති දීඝරත්තං අහිතාය දුක්ඛාය. කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.
Sinhala BJTමහණෙනි, තොපට ආරෝචනය කරමි. මහණෙනි, තොපට කරුණු ගන්වා දන්වමි. ... හටගත් කෙලෙස්කසළ ඇති එ දුසිල්හට බලවත් පුරුෂයෙක් ඇවිළගත් ගිනි ගෙන දිලියෙන් ගිනිසිළු සහිත රත්යහඬුයෙකින් මුව හයවා ආදීප්ත වූ සම්ප්‍රජ්වලිත වූ සජ්‍යොතිර්භූත වූ රත්ලොහොගුළක් මුවෙහි බහාලන්නේ ය. එය ඔහුගේ තොල් ද දවන්නේ ය, මුව දවන්නේ ය ... අතුනු ද අතුනුබහන් ද ගෙණ අධෝභාගයෙන් නික්මෙන්නේ ය යන යමක් වේ නම්, එයම උතුම්. එ කවර හෙයින යත්: මහණෙනි, එහෙයින් හෙ මරණයට හෝ මරණමාත්‍ර දුකට හෝ යන්නේ ය. එ ප්‍රත්‍යයෙන් හෙ කාබුන් මරණින් මතු අපාය වු දුර්‍ගති වූ විනිපාත වූ නිරයට නො ම පැමිණෙන්නේ ය. මහණෙනි, ... හටගත් කෙලෙස්කසළ ඇති එ දුසිල් තෙම ක්‍ෂත්‍රියමහාසාරයන්ගේ හෝ බ්‍රාහ්මණමහාසාරයන්ගේ හෝ ගෘහපතිමහාසාරයන්ගේ හෝ ශ්‍රද්ධාදෙය පිණ්ඩපාතය වළඳන්නේ ය යන යමක් වේ නම්, මහණෙනි, එය ම දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස, දුක් පිණිස, වන්නේ ය. කාබුන් මරණින් මතු අපාය වූ දුර්‍ගති වූ විනිපාත වු නිරයට පැමිණෙන්නේ ය.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමන්නුඛො වරං යං බලවා පුරිසො සීසෙ වා ගහෙත්වා ඛන්ධෙ වා ගහෙත්වා තත්තං අයො මඤ්චං වා අයො පීඨං වා ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං අහිනිසීදාපෙය්ය වා අහිනිපජ්ජාපෙය්ය වා, යං ඛත්තියමහාසාලානං වා බ්රාහ්මණමහාසාලානං වා ගහපතිමහාසාලානං වා සද්ධාදෙය්යං මඤ්චපීඨං පරිභුඤ්ජෙය්යාති. එතදෙව භන්තෙ, වරං යං ඛත්තියමහාසාලානං වා බ්රාහ්මණමහාසාලානං වා ගහපතිමහාසාලානං වා සද්ධාදෙය්යං මඤ්චපීඨං පරිභුඤ්ජෙය්ය. දුක්ඛං හෙතං භන්තෙ, යං බලවා පුරිසො සීසෙ වා ගහෙත්වා ඛන්ධෙ වා ගහෙත්වා -පෙ- අභිනිපජ්ජෙය්ය වා.
Sinhala BJTමහණෙනි, එ කිමැයි හඟිවු ද? බලවත් පුරුෂයෙක් හිස්හි හෝ ගෙණ, කදෙහි හෝ ගෙණ තප්ත වු දීප්ත වු සම්ප්‍රජ්වලිත වු සජ්‍යොතීර්භූත වූ යහැඳෙක වේ වයි, යපුටුයෙක් වේවයි, හඳුවනේ හෝ හොවන්නේ හෝ යි යන යමෙක් වේ නම්, ක්‍ෂත්‍රියමහාසාරයන්ගේ වේවයි, බ්‍රාහ්මණමහාසාරයන්ගේ වේවයි, ගෘහපතිමහාසාරයන්ගේ වේවයි, ශ්‍රද්ධාදෙය හැඳ පුටු පරිභෝග කරන්නේ ය යන යමෙක් හෝ වේ නම්, එ දෙකින් කවරක් උතුම් වේ දැයි? වහන්ස, කැත්මහසල්කුලන්ගේ වේවයි, බමුණුමහසල්කුලන්ගේ වේවයි, ගැහැවිමහසල්කුලන්ගේ වේවයි, සැදැහැයෙන් දෙන හැඳ පුටු වළඳ කරන්නේ ය යන තෙල කරුණ ම උතුම් ම වේ. වහන්ස, බලවත් පුරුෂයෙක් හිස්හි හෝ ගෙන කදෙහි හෝ ගෙණ ... හොවාලන්නේ හෝ යන යමෙක් වේ නම් තෙල දුකෙක් මැයි.
Pali BJTආරොචයාමි වො භික්ඛවෙ -පෙ- කසම්බු ජාතස්ස යං බලවා පුරිසො සීසෙ වා ගහෙත්වා -පෙ- අභිනිපජ්ජාපෙය්ය වා -පෙ- තං කිස්ස හෙතු: තතො නිදානං හි සො භික්ඛවෙ, මරණං වා නිගච්ඡෙය්ය මරණමත්තං වා දුක්ඛං. නත්වෙව තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය. යඤ්ච ඛො සො භික්ඛවෙ දුස්සීලො -පෙ- කසම්බුජාතො ඛත්තියමහාසාලානං වා බ්රාහ්මණමහාසාලානං වා ගහපතිමහාසාලානංවා සද්ධාදෙය්යං මඤ්චපීඨං පරිභුඤ්ජති, තං හි තස්ස භික්ඛවෙ, හොති දීඝරත්තං අහිතාය දුක්ඛාය. කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.
Sinhala BJTමහණෙනි, තොපට හඟවන්නෙමි. මහණෙනි, තොපට කරුණු ගන්වා දන්වන්නෙමි. බලවත් පුරුෂයෙක් හටගත් කෙලෙස් ඇති ... ඒ දුසිල්හුගේ හිස්හි හෝ ගෙණ ... හොවාලන්නේ ය ... එ කවර හෙයින යත්: මහණෙනි, එ ප්‍රත්‍යයෙන් හෙතෙම මරණයට හෝ මරණමාත්‍ර දුඃඛයට හෝ පැමිණෙන්නේ ය. ඒ හේතුයෙන් කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වු නිරයට නො ම පැමිණෙන්නේ ය. මහණෙනි, ඒ දුසිල් තෙමේ ... හටගත් කෙලෙස්කසළ ඇතියේ කැත්මහසලුන්ගේ හෝ බමුණුමහසලුන්ගේ හෝ ගැහැවිමහසලුන්ගේ හෝ සැදැහැයෙන් දෙන හැඳපුටු පරිභෝග කරන්නේ ය යන යමක් වේ නම්, මහණෙනි, එය ම ඔහට දිගුකලෙක්හි අහිත පිණිස, දුක් පිණිස වෙයි. කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට (උපත් විසින්) එළැඹෙන්නේ ය.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමං නු ඛො වරං යං බලවා පුරිසො උද්ධපාදං අධොසිරං ගහෙත්වා තත්තාය ලොහකුම්භියා පක්ඛිපෙය්ය ආදිත්තාය සම්පජ්ජලිතාය සජොතිභූතාය, සො තත්ථ ඵෙණුද්දෙහකං පච්චමානො සකිම්පි උද්ධං ගච්ඡෙය්ය සකිම්පි අධො ගච්ඡෙය්ය සකිම්පි තිරියං ගච්ඡෙය්ය. යං වා ඛත්තියමහා සාලානං වං බ්රාහ්මණමහාසාලානං වා, ගහපතිමහාසාලානං වා සද්ධාදෙය්යං විහාරං පරිභුඤ්ජෙය්යාති. එතදෙව භන්තෙ, වරං යං ඛත්තියමහාසාලානං වා බ්රාහ්මණමහාසාලානං වා ගහපතිමහාසාලානං වා සද්ධාදෙය්යං විහාරං පරිභුඤ්ජෙය්ය. දුක්ඛං හෙතං භන්තෙ, යං බලවා පුරිසො උද්ධපාදං අධොසිරං ගහෙත්වා තත්තාය ලොහකුම්භියා පක්ඛිපෙය්ය ආදිත්තාය සම්පජ්ජලිතාය සජොතිභූතාය, සො තත්ථ ඵෙණුද්දෙහකං පච්චමානො සකිම්පි උද්ධං ගච්ඡෙය්ය, සකිම්පි අධො ගච්ඡෙය්ය, සකිම්පි තිරියං ගච්ඡෙය්යාති.
Sinhala BJTමහණෙනි, එ කිමෙකැ යි හඟිවු ද? බලවත් පුරුෂයෙක් පා උඩුහුරු කොට හිස යටිකොට ගෙණ ආදීප්ත වු සම්ප්‍රජජ්වලිත වූ සජ්‍යොතීර්භූත වූ තප්ත වූ ලෝහකුම්භියෙක්හි හෙළන්නේ ය. හෙ එහි පෙණ උතුරුවමින් පැසෙමින් වරෙක් උඩට යෙයි, වරෙක යට බස්නේ ය, වරෙක සරස්හි යන්නේ යන යමෙක් වේ නම්, ක්‍ෂත්‍රියමහාසාරයන්ගේ වේවයි, බ්‍රාහ්මණමහාසාරයන්ගේ වේවයි, ගෘහපතිමහාසාරයන්ගේ වේවයි, සැදෑහෙන් දුන් වෙහෙර වළඳ කරන්නේ ය යන යමෙකුත් වේ නම්, එ දෙකින් කවරෙක් උතුම් වේදැ යි? වහන්ස, කැත්මහසලුන්ගේ වේවයි, බමුණුමහසලුන්ගේ වේවයි, ගැහැවිමහසලුන්ගේ වේවයි සැදෑයෙන් දුන් වෙහෙර වළඳ කෙරෙයි යන තෙල කරුණ ම උතුම් වන්නේ ය. වහන්ස, බලවත් පුරුෂයෙක් පා උඩුකුරු කොට හිස යට කොට ගෙණ ඇවිලගත්, ගින්නෙන් දිලියෙන, ගිනිසිළු සහිත රත් ලොහොකුඹයෙක්හි බහන්නේ නම් හෙ එහි පෙණ උතුරුවමින් පැසෙමින් වරෙක උඩට යෙයි, වරෙක යට යෙයි, වරෙක සරසට යෙයි යන යමෙක් වේ නම්, තෙල දුක් ම වේ යයි.
Pali BJTආරොචයාමි වො භික්ඛවෙ, පටිවෙදයාමි වො භික්ඛවෙ, යථා එතදෙව තස්ස වරං දුස්සීලස්ස -පෙ- කසම්බුජාතස්ස යං බලවා පුරිසො උද්ධපාදං අධොසිරං ගහෙත්වා -පෙ- සකිම්පි තිරියං ගච්ඡෙය්ය -පෙ- තං කිස්ස හෙතු: තතො නිදානං හි සො භික්ඛවෙ, මරණං වා නිගච්ඡෙය්ය, මරණමත්තං වා දුක්ඛං. න ත්වෙව තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. යඤ්ච ඛො සො භික්ඛවෙ, දුස්සීලො -පෙ- කසම්බුජාතො ඛත්තියමහාසාලානං වා බ්රාහ්මණමහාසාලානං වා ගහපති මහාසාලානං වා සද්ධාදෙය්යං විහාරං පරිභුඤ්ජති, තං හි තස්ස භික්ඛවෙ, හොති දීඝරත්තං අහිතාය දුක්ඛාය. කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.
Sinhala BJTමහණෙනි, තොපට හඟවා කියමි. මහණෙනි, තොපට කරුණු ගන්වා දන්වමි. යම් පරිද්දෙන් ... බලවත් පුරුෂයෙක් හටගත් කෙලෙස්කසළ ඇති එ දුසිල්හුගේ පා උඩුකුරු කොට හිස යටිකුරු කොට ගෙණ ... වරක් සරසට ද යන්නේ ය ... එ කවර හෙයින යත්: මහණෙනි, ඒ හේතුයෙන් හෙ මරණයට හෝ මරණමාත්‍රවු දුකට හෝ යන්නේ ය. එ හේතුයෙන් කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට නො පැමිණෙන්නේ ම ය. මහණෙනි, … හටගත් කසළ ඇති එ දුසිල් තෙම කැත්මහසලුන්ගේ වේවයි, බමුණුමහසලුන්ගේ වේවයි, ගැහැවිමහසලුන්ගේ වේවයි සැදෑහෙන් දුන් වෙහෙර වළඳනේ ය යන යමෙක් වේ නම්, මහණෙනි, ඔහට එ දිගුකලෙක්හි අහිත පිණිස දුක් පිණිස වෙයි. කාබුන් මරණින් මතු අපාය වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයට එළැඹෙන්නේ ය.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං: යෙසඤ්ච මයං පරිභුඤ්ජාම චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරං තෙසං තෙ කාරා මහප්ඵලා භවිස්සන්ති, මහානිසංසා. අම්හාකං චෙවායං පබ්බජ්ජා අවඤ්ඣා භවිස්සති සඵලා සඋද්රයාති එවංහි වො භික්ඛවෙ, සික්ඛිතබ්බං. අත්තත්ථං වා භික්ඛවෙ, සම්පස්සමානෙන අලමෙව අප්පමාදෙන සම්පාදෙතුං, පරත්ථං වා භික්ඛවෙ සම්පස්සමානෙන අලමෙව අප්පමාදෙන සම්පාදෙතුං. උභයත්ථං වා භික්ඛවෙ සම්පස්සමානෙන අලමෙව අප්පමාදෙන සම්පාදෙතුන්ති.
Sinhala BJTමහණෙනි, එහෙයින් ම මෙ කරුණෙහි ලා මෙසේ හික්මිය යුතු. “යමකුන්ගේ චීවර, පිණ්ඩපාත, ශයනාසන, ග්ලානප්‍රත්‍ය, භෛෂජ්‍යපරිෂ්කාරය අපි වළඳ කරමෝ නම් නම්, ඔවුන්ගේ ඒ පුණ්‍යක්‍රියාවෝ මහත්ඵල ඇත්තාහු මහඅනුසස් ඇත්තාහු වන්නාහ. අපගේ මේ පැවිද්දත් නොවඳ වූයේ සඵල වූයේ වැඩීම් ඇතියේ වන්නේ ය”යි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු යි. මහණෙනි, ආත්මාර්‍ත්‍ථය හෝ දක්නහු විසින් අප්‍රමාදයෙන් කුසල්දම් සපයනට නිසි වෙයි. මහණෙනි, පරාර්‍ත්‍ථය හෝ දක්නහු විසින් අප්‍රමාදයෙන් කුසල් දම් සපයනට නිසි ම වෙයි. මහණෙනි, උභයාර්‍ත්‍ථය ම හෝ දක්නහු විසින් අප්‍රමාදයෙන් කුසල් දම් සපයනට නිසි ම වෙයි.
Pali BJTඉදමවොච භගවා. ඉමස්මිඤ්ච පන වෙය්යාකරණස්මිං භඤ්ඤමානෙ සට්ඨිමත්තානං භික්ඛූනං උණ්හං ලොහිතං මුඛතො උග්ගඤ්ඡි. සට්ඨි මත්තා භික්ඛූ සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තීංසු දුක්කරං භගවා, සුදුක්කරං භගවාති. සට්ඨිමත්තානං භික්ඛූනං අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චිංසූති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙ ව්‍යාකරණය දෙසනු ලබත් ම සැටක් පමණ මහණුන්ගේ මුවින්, උණුලේ නැඟින. සැටක් පමණ භික්‍ෂූහු “භාග්‍යවතුන් වහන්ස, දුෂ්කර ය, භාග්‍යවතුන් වහන්ස, ඉතා දුෂ්කර ය”යි ශික්‍ෂාපද ප්‍රත්‍යාඛ්‍යාන කොට හිනභාව සඞ්ඛ්‍යාත ගිහිබවට පෙරළුනහ. සැටක් පමණ මහණුන්ගේ චිත්තයෝ ආස්‍රවයන්ගෙන් උපාදාන රහිත ව මිදුනහ යි.
Pali BJT7. 2. 2. 9.
Sinhala BJT7. 2. 2. 9.
Pali BJT[සුනෙත්තසුත්තං]
Sinhala BJT[සුනෙත්ත සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT20. භූතපුබ්බං භික්ඛවෙ, සුනෙත්තො නාම සත්ථා අහොසි තිත්ථ කරො කාමෙසු වීතරාගො. සුනෙත්තස්ස ඛො පන භික්ඛවෙ, සත්ථුනො අනෙකානි සාවකසතානි අහෙසුං. සුනෙත්තො නාම සත්ථා සාවකානං බ්රහ්මලොකසහව්යතාය{1} ධම්මං දෙසෙසි. යෙ ඛො භික්ඛවෙ{2} සුනෙත්තස්ස සත්ථුනො බ්රහ්මලොකසහව්යතාය{1} ධම්මං දෙසෙන්තස්ස චිත්තානි නප්පසාදෙසුං{3}, තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං අග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජිංසු. යෙ ඛො පන භික්ඛවෙ සුනෙත්තස්ස සත්ථුනො බ්රහ්මලොකසහව්යතාය ධම්මං දෙසෙන්තස්ස චිත්තානි පසාදෙසුං, තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිංසු.
Sinhala BJT20. මහණෙනි, පෙර වූවක් කියමි. සුනෙත්‍ර නම් තීර්‍ත්‍ථකර වු කාමයන්හි වීතරාග වූ ශාස්තෘවරයෙක් විය. මහණෙනි, සුනෙත්‍ර ශාස්තෘහුගේ නේසියක් සව්වෝ වූහ. සුනෙත්‍ර නම් ස්ථිර සව්වනට බ්‍රහ්මලෝක සහභාවය සඳහා දම් දෙසී ය. මහණෙනි, බ්‍රහ්මලෝක සහභාවය සඳහා ධර්‍ම දේසනා කරණ සුනෙත්‍ර ශාස්තෘහට යම් කෙනෙක් සිත් නොපැහැදුනු නම්, උහු කාබුන් මරණින් මතු අපාය වු දුර්‍ගති වූ විනිපාත වු නිරයට වන්හ. මහණෙනි, යම් කෙනෙක් බ්‍රහ්මලෝක සහවාසය සඳහා දම් දෙසන සුනෙත් ස්ථිර හට සිත් පැහැදුනු නම්, උහු කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට වන්හ.
Pali BJTභූතපුබ්බං භික්ඛවෙ, මූගපක්ඛො නාම සත්ථා අහොසි (තිත්ථකරො කාමෙසු වීතරාගො) -පෙ- අරනෙමී නාම සත්ථා අහොසි -පෙ- කුද්දාලො නාම සත්ථා අහොසි -පෙ- හත්ථිපාලො නාම සත්ථා අහොසි -පෙ- ජොතිපාලො නාම සත්ථා අහොසි -පෙ- අරකො නාම සත්ථා අහොසි තිත්ථකරො කාමෙසු වීතරාගො. අරකස්ස ඛො පන භික්ඛවෙ, සත්ථුනො අනෙකානි සාවකසතානි අහෙසුං. අරකො නාම සත්ථා සාවකානං බ්රහ්මලොකසහව්යතාය ධම්මං දෙසෙසි. යෙ ඛො භික්ඛවෙ අරකස්ස සත්ථුනො බ්රහ්මලොකසහව්යතාය ධම්මං දෙසෙන්තස්ස චිත්තානි නප්පසාදෙසුං, තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජිංසු. යෙ ඛො පන භික්ඛවෙ අරකස්ස සත්ථුනො බ්රහ්මලොකසහව්යතාය ධම්මං දෙසෙන්තස්ස චිත්තානි පසාදෙසුං, තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිංසු.
Sinhala BJTමහණෙනි, පෙර වූවක් කියමි: මුගපක්‍ෂ නම් තීර්‍ත්‍ථකර වූ කාමයන්හි වීතරාග වූ ... ශාස්තෘවරයෙක් විය. ... අරණෙමි නම් ... ශාස්තෘවරයෙක් විය. ... උද්දාල නම් ... සථරෙක් විය ... හත්‍ථිපාල නම් ... සථරෙක් විය … ජෝතිපාල නම් ... සථරෙක් විය ... අරක නම් තීර්‍ත්‍ථකර වූ කාමයන්හි වීතරාග වූ ශාස්තෘවරයෙක් විය. මහණෙනි, අරක නම් වූ ශාස්තෘහට අනේකශත ශ්‍රාවකයෝ වූහ. අරක නම් ශාස්තෘ ශ්‍රාවකයනට බ්‍රහ්මලෝක සහවාසය සඳහා දම් දෙසී ය. මහණෙනි, බ්‍රහ්මලෝක සහවාසය සඳහා ධර්‍මදේශනා කරණ අරක සථරහු කෙරෙහි යම් කෙනෙක් සිත් නො පැහැදුහු නම්, ඔහු කායභේදයෙන් මරණින් මතු අපාය වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයට උපත් විසින් පැමිණියහ. මහණෙනි, බ්‍රහ්මලෝක සහවාසය සඳහා දම් දෙසන අරක සථරහු කෙරෙහි යම් කෙනෙක් සිත් පැහැදුහු නම්, ඔහු කාබුන් මරණින් මතු සුගති ස්වර්‍ගලෝකයට පැමිණියහ.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, යො ඉමෙ සත්ත සත්ථාරෙ තිත්ථකරෙ කාමෙසු වීතරාගෙ අනෙකසතපරිවාරෙ සසාවකසඞ්ඝෙ පදුට්ඨචිත්තො අක්කොසෙය්ය පරිභාසෙය්ය, බහුං සො අපුඤ්ඤං පසවෙය්යාති.
Sinhala BJTමහණෙනි, එ කිමකැයි හඟිවු ද? යමෙක් අනේකශත පරිවාර ඇති ශ්‍රාවකසඞ්ඝයා සහිත, තීර්‍ත්‍ථකර වූ කාමයන්හි වීතරාග වූ මෙ සත් ශාස්තෘවරයනට ප්‍රදුෂ්ටචිත්ත ඇතියේ ආක්‍රෝශ කෙරේ නම්, පරිභාෂා කෙරේ නම්, හෙ බොහෝ අපුණ්‍ය රැස් කෙරේ දැයි?
Pali BJTඑවං භන්තෙ.
Sinhala BJT‘වහන්ස, එසේ ය’යි.
Pali BJTයො ඛො භික්ඛවෙ, ඉමෙ සත්තසත්ථාරෙ තිත්ථකරෙ කාමෙසු වීතරාගෙ අනෙක සතපරිවාරෙ සසාවකසඞ්ඝෙ පදුට්ඨචිත්තො අක්කොසෙය්ය පරිභාසෙය්ය, බහුං සො අපුඤ්ඤං පසවෙය්ය, යො එකං දිට්ඨිසම්පන්නං පුග්ගලං පදුට්ඨචිත්තො අක්කොසති පරිභාසති, අයං තතො බහුතරං අපුඤ්ඤං පසවති. තං කිස්සහෙතු: නාහං භික්ඛවෙ, ඉතොබහිද්ධා එවරූපිං ඛන්තිං වදාමි, යථා අම්හං සබ්රහ්මචාරිසු.{1}
Sinhala BJTමහණෙනි, යමෙක් ප්‍රදුෂ්ට වු සිත් ඇතියේ, අකෙනශත පරිවාර ඇති තීර්‍ත්‍ථකර වු කාමයන්හි වීතරාග වූ ශ්‍රාවකසඞ්ඝයා සහිත මෙ සත් ශාස්තෘවරුනට ආක්‍රෝශ කෙරේ ද, පරිභාෂා කෙරේ ද, හෙ බොහෝ අකුසල් රැස් කෙරේ. යමෙක් (එක් මාර්‍ගසම්‍යක්) දෘෂ්ටිසම්පන්න පුද්ගලයෙකු ප්‍රදුෂ්‍ට චිත්ත ඇතියේ ආක්‍රෝශ කෙරේ නම්, පරිභව කෙරේ නම්, මෙ තෙම එයට බහුතර පව් රැස් කරන්නේ ය. එ කවර හෙයින් යත්: මෙ බුදුසස්නෙන් බැහැර අපගේ සබ්‍රම්සරුන් කෙරෙහි මෙන් මෙබඳු ක්‍ෂාන්තියක් ඇතැයි මම නො කියමි.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං: නත්වෙව අම්හං සබ්රහ්මචාරිසු{2} චිත්තානි පදුට්ඨානි භවිස්සන්තීති. එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, එබැවින් මෙහි ලා මෙසේ හික්මිය යුතු: අපගේ සබ්‍රම්සරුන් කෙරෙහි සිත් නහමක් ප්‍රදුෂ්ට වෙත්වා යි. මහණෙනි, තොප විසින් මෙ සෙයින් ම හික්මිය යුතුයි.
Pali BJT7. 2. 2. 10.
Sinhala BJT7. 2. 2. 10.
Pali BJT[අරකසුත්තං]
Sinhala BJT[අරක සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT21. භූතපුබ්බං භික්ඛවෙ, අරකො නාම සත්ථා අහොසි, තිත්ථකරො කාමෙසු වීතරාගො: අරකස්ස ඛො පන භික්ඛවෙ, සත්ථුනො අනෙකානි සාවකසතානි අහෙසුං. අරකො සත්ථා සාවකානං එවං ධම්මං දෙසෙති: අප්පකං බ්රාහ්මණා, ජීවිතං මනුස්සානං පරිත්තං ලහුකං බහුදුක්ඛං බහුපායාසං මන්තාය{3} බොද්ධබ්බං{4} කත්තබ්බං කුසලං, චරිතබ්බං බ්රහ්මචරියං. නත්ථි ජාතස්ස අමරණං.
Sinhala BJT21. මහණෙනි, පෙර වූවක් කියමි. තීර්‍ත්‍ථකර වූ කාමයන්හි වීතරාගී වූ අරක නම් ශාස්තෘවරයෙක් විය. මහණෙනි, අරක ශාස්තෘහට අනේකශත ශ්‍රාවකයෝ වූහ. අරක ශාස්තෘ සව්වනට මෙසෙයින් දම් දෙසයි: බ්‍රාහ්මණයෙනි, මනුෂ්‍යයන්ගේ ජීවිතය ස්වල්ප ය, පරිත්ත ය, ඉතා ලඝු ය. බොහෝ දුක් ඇතියේ ය, බොහෝ උපායාස ඇතියේ ය. ප්‍රඥායෙන් එ දත යුතු ය. කුශලය කටයුතු ය. බ්‍රහ්මචර්‍ය්‍යය සැරිය යුතු ය. උපන්නහුනට අමරණයෙක් නැත.
Pali BJTසෙය්යථාපි බ්රාහ්මණා, තිණග්ගෙ උස්සාවබින්දු සුරියෙ උග්ගච්ඡන්තෙ ඛිප්පමෙව පටිවිගච්ඡති න චිරට්ඨිතිකං හොති, එවමෙව ඛො බ්රාහ්මණා, උස්සාවබින්දුපමං ජීවිතං මනුස්සානං පරිත්තං ලහුකං බහුදුක්ඛං බහූපායාසං, මන්තාය බොද්ධබ්බං. කත්තබ්බං කුසලං, චරිතබ්බං බ්රහ්මචරියං. නත්ථි ජාතස්ස අමරණං.
Sinhala BJTබ්‍රාහ්මණයෙනි, තණග පිනිබිඳ යම් සේ හිරුඋදාවත්ම වහා නො පැණීයේ ද, චිරස්ථායී නො වේ ද, බ්‍රාහ්මණයෙනි, එපරිද්දෙන් ම තණග පිනිබිඳ උපමා කොට ඇති මිනිසුන්ගේ ජීවිතය පරිත්ත වෙයි. ලඝු වෙයි. බොහෝ දුක් ඇති වෙයි. බොහෝ දැඩි ආයාස ඇතියේ වෙයි. ප්‍රඥායෙන් දතයුතු ය. කුසල් කටයුතු ය. බඹසර සැරිය යුතු ය. උපන්නාහට අමරණයෙක් නැත.
Pali BJTසෙය්යථාපි බ්රාහ්මණා, ථුල්ලඵුසිතකෙ දෙවෙ වස්සන්තෙ උදකබුබ්බූළං ඛිප්පමෙව පටිවිගච්ඡති න චිරට්ඨිතිකං හොති, එවමෙව ඛො බ්රාහ්මණා, උදකබුබ්බූළූපමං ජීවිතං මනුස්සානං පරිත්තං ලහුකං බහුදුක්ඛං බහූපායාසං, මන්තාය බොද්ධබ්බං.{4} කත්තබ්බං කුසලං චරිතබ්බං බ්රහ්මචරියං. නත්ථි ජාතස්ස අමරණං.
Sinhala BJTබ්‍රාහ්මණයෙනි, දළපොද ඇති වැසි වස්නා කල්හි දියබුබුළු වහා නො පැණි යේ ද, චිරස්ථිතික නො වේ ද, බ්‍රාහ්මණයෙනි, එපරිද්දෙන් ම දියබුබුළක් බඳු මනුෂ්‍යයන්ගේ ජීවිතය පරිත්ත වෙයි. ලඝු වෙයි. බොහෝ දුක් ඇති වෙයි. බොහෝ ආයාස ඇති වෙයි. ප්‍රඥායෙන් දතයුතු ය. කුසල් කටයුතු ය. බඹසර සැරිය යුතු ය. උපන්නාහට නො මැරීමෙක් නැත.
Pali BJTසෙය්යථාපි බ්රාහ්මණා, උදකෙ දණ්ඩරාජී ඛිප්පං යෙව පටිවිගච්ඡති, න චිරට්ඨිතිකා හොති, එවමෙව ඛො බ්රාහ්මණා, උදකෙ දණ්ඩ රාජූපමං ජීවිතං මනුස්සානං පරිත්තං -පෙ- නත්ථි ජාතස්ස අමරණං.
Sinhala BJTබ්‍රාහ්මණයෙනි, දියෙහි දඬින් ඇඳි ඉර යම්සේ වහා නො පැණී යේ ද, චිරස්ථික නො වේ ද, බ්‍රාහ්මණයෙනි, එසෙයින් ම දියෙහි දණ්ඩරාජිය බඳු මනුෂ්‍යයන්ගේ ජීවිතය ... උපන්නාහට නො මැරීමෙක් නැත.
Pali BJTසෙය්යථාපි බ්රාහ්මණා, නදී පබ්බතෙය්යා දූරඞ්ගමා සීඝසොතා හාරහාරීනී නත්ථි සො ඛණො වා ලයො වා මුහුත්තො වා යං සාථරති, අථ ඛො සා ගච්ඡතෙව වත්තතෙව සන්දතෙව, එවමෙව ඛො බ්රාහ්මණා, නදීපබ්බතෙය්යුපමං ජීවිතං මනුස්සානං -පෙ- නත්ථි ජාතස්ස අමරණං.
Sinhala BJTබ්‍රාහ්මණයෙනි, පර්‍වතයෙහි හටගත් දුරඞ්ගම වූ ශීඝ්‍ර ස්‍රෝතස් ඇති හසු වු හැම දැ ගසාගෙණ යන නදිය යම්සේ ද, යම් හෙයකින් ඕ නවතී නම් එබඳු ක්‍ෂණයෙක් හෝ ලයෙක් හෝ මුහුර්‍තයෙක් හෝ නැත. වැලිත් ඕ ගමන් කරන්නී ම වෙයි, පවත්නී ම වෙයි, ගලාබස්නී ම වෙයි. බ්‍රාහ්මණයෙනි, එපරිද්දෙන් ම පාර්‍වතීය නදියක් බඳු මනුෂ්‍යයන්ගේ ජීවිතය ජාතයාහට නො මරීමෙක් නැත.
Pali BJTසෙය්යථාපි බ්රාහ්මණා, බලවා පුරිසො ජිව්හග්ගෙ ඛෙළපිණ්ඩං සඤ්ඤුහිත්වා අප්පකසිරෙනෙව වමෙය්ය, එවමෙව ඛො බ්රාහ්මණා ඛෙලපිණ්ඩූපමං ජීවිතං මනුස්සානං පරිත්තං -පෙ- නත්ථි ජාතස්ස අමරණං
Sinhala BJTබ්‍රාහ්මණයෙනි, යම් සේ බලවත් පුරුෂයෙක් දිවග කෙළපිඩක් රැස් කොට නිදුකින් ම වමාරා නම්, බ්‍රාහ්මණයෙනි, එලෙසින් ම කෙළපිඩක් බඳු මිනිසුන්ගේ ජීවිතය පරිත්ත වෙයි ... ජාතයකුහට අමරණයෙක් නැත.
Pali BJTසෙය්යථාපි බ්රාහ්මණා, දිවසසංතත්තෙ අයොකටාහෙ මංසපෙසී පක්ඛිත්තා ඛිප්පංයෙව පටිවිගච්ඡති, න චිරට්ඨිතිකා හොති, එවමෙව ඛො බ්රාහ්මණා, මංසපෙසූපමං ජීවිතං මනුස්සානං -පෙ- නත්ථි ජාතස්ස අමරණං.
Sinhala BJTබ්‍රාහ්මණයෙනි, යම්සේ දවසක් තැවුනු යකබලෙක්හි මස් පිඩක් බහන ලදුයේ වහා නො පැණීයේ නම්, චිරස්ථිතික නො වේ නම්, බ්‍රාහ්මණයෙනි, එසෙයින් ම මනුෂ්‍යයන්ගේ ජීවිතය මාංසපේශියක් උපමා කොට ඇත ... ජාතයකුහට අමරණයෙක් නැත.
Pali BJTසෙය්යථාපි බ්රාහ්මණා, ගාවී වජ්ඣා ආඝාතනං නීයමානා යඤ්ඤදෙව පාදං උද්ධරති සන්තිකෙව හොති වධස්ස සන්තිකෙව මරණස්ස, එවමෙව ඛො බ්රාහ්මණ, ගාවී වජ්ඣූපමං ජීවිතං මනුස්සානං පරිත්තං ලහුකං බහුදුක්ඛං බහූපායාසං මන්තාය බොද්ධබ්බං. කත්තබ්බං කුසලං, චරිතබ්බං බ්රහ්මචරියං, නත්ථි ජාතස්ස අමරණන්ති.
Sinhala BJTබ්‍රාහ්මණයෙනි, යම් සේ වධයට නියත වූ දෙනක් වධස්ථලය කරා ගෙණ යනු ලබන්නී යම් ම පාදයක් ඔසවා නම්, වධයටම සමීප වෙයි. මරණයට ළංවූවා ම වෙයි. බ්‍රාහ්මණයෙනි, එසෙයින් ම වධයට නියත දෙනක උපමා කොට ඇති මනුෂ්‍යයන්ගේ ජීවිතය පරිත්ත වෙයි. ඉතා ලුහු වෙයි. බොහෝ දුක් ඇති වෙයි. බොහෝ උපායාස ඇති වෙයි. ප්‍රඥායෙන් දතයුතු වෙයි. කුශලය කටයුතු ය, බඹසර සැරිය යුතු. ජාතයාහට අමරණයෙක් නැත.
Pali BJTතෙන ඛො පන භික්ඛවෙ සමයෙන මනුස්සානං සට්ඨිවස්සසහස්සානි ආයුප්පමාණං අහොසි. පඤ්චවස්සසතිකා කුමාරිකා අලම්පතෙය්යා අහොසි. තෙන ඛො පන භික්ඛවෙ, සමයෙන මනුස්සානං ඡළෙව ආබාධා අහෙසුං: සීතං, උණ්හං, ජිගච්ඡා, පිපාසා, උච්චාරො, පස්සාවො. සො හි නාම භික්ඛවෙ, අරකො සත්ථා එවං දීඝායුකෙසු මනුස්සෙසු එවං චිරට්ඨිතිකෙසු එවං අප්පාබාධෙසු සාවකානං එවං ධම්මං දෙසෙස්සති:
Sinhala BJTමහණෙනි, එ සමයෙහි මිනිසුනට හවුරුදු සැටදහසක් ආයු ප්‍රමාණ විය. පන්සිය හවුරුදු වියපත් කුමරිය පතිකුල යෑමට නිසි වූ ය. මහණෙනි, එසමයෙහි මිනිසුනට ආබාධයෝ සයක් පමණක් ම ඇති වූහ: ශීතය, උෂ්ණ ය, සා ය, පවස ය, මලාපහරණ ය, ප්‍රස්‍රාවාපහරණ යයි. මහණෙනි, එබඳු වූ ම අරක ශාස්තෘ මෙසේ දීර්‍ඝායුෂ්ක වු මෙසේ චිරස්ථිතික වූ මෙසේ අල්පාබාධා වූ මනුෂ්‍යයන් අතුරෙහි සව්වනට මෙසේ දම් දෙසී ය.
Pali BJT”අප්පකං බ්රාහ්මණා, ජීවිතං මනුස්සානං පරිත්තං ලහුකං බහුදුක්ඛං බහූපායාසං මන්තාය බොද්ධබ්බං. කත්තබ්බං කුසලං, චරිතබ්බං බ්රහ්මචරියං. නත්ථි ජාතස්ස අමරණ”න්ති.
Sinhala BJT“බ්‍රාහ්මණයෙනි, මනුෂ්‍යයන්ගේ ජීවිතය ඉතා අල්ප වෙයි. ස්වල්ප වෙයි. ඉතා ලුහු වෙයි. බොහෝ දුක් ඇතියේ වෙයි. බොහෝ උපායාසය ඇතියේය. ප්‍රඥායෙන් දතයුතු ය. කුසල් කටයුතු ය, බඹසර සැරිය යුතු ය, ජාතයාහට අමරණයෙක් නැතැයි.”
Pali BJTඑතරහි ඛො තං භික්ඛවෙ, සම්මා වදමානො වදෙය්ය අප්පකං ජීවිතං මනුස්සානං පරිත්තං ලහුකං බහුදුක්ඛං බහූපායාසං මන්තාය බොද්ධබ්බං. කත්තබ්බං කුසලං, චරිතබ්බං බ්රහ්මචරියං. නත්ථි ජාතස්ස අමරණන්ති. එතරහි ඛො භික්ඛවෙ, යො චිරං ජීවති, සො වස්සසතං අප්පං වා භිය්යො වා.
Sinhala BJTමහණෙනි, මේ කල්හි මනා කොට කියනුයේ “මනුෂ්‍යයන්ගේ ජීවිතය අල්ප වෙයි. ස්වල්ප වෙයි. ඉතා ලුහු වෙයි. බොහෝ දුක් ඇති වෙයි. බොහෝ උපායාස ඇති වෙයි. ප්‍රඥායෙන් දතයුතු ය. කුසල් කටයුතු ය, බඹසර සැරියයුතු ය. ජාතයාහට අමරණයෙක් නැත.” මහණෙනි, මෙකල්හි යමෙක් බොහෝ කලක් ජීවත් වේ නම්, හෙ වර්‍ෂ ශතයක් හෝ ඉන් අල්පයක් වැඩිය හෝ ජීවත් වෙයි.
Pali BJTවස්සසතං ඛො පන භික්ඛවෙ, ජීවන්තො තීණියෙව උතුසතානි ජීවති: උතුසතං හෙමන්තානං, උතුසතං ගිම්හානං, උතුසතං වස්සානං. තීණි ඛො පන භික්ඛවෙ, උතුසතානි ජීවන්තො ද්වාදසයෙව මාසසතානි ජීවති: චත්තාරි මාසසතානි හෙමන්තානං, චත්තාරි මාසසතානි ගිම්හානං, චත්තාරි මාසසතානි වස්සානං. ද්වාදසං ඛො, පන භික්ඛවෙ, මාසසතානි ජීවන්තො චතුවීසතිං එව අද්ධමාස සතානි ජීවති: අට්ඨද්ධ මාසසතානි හෙමන්තානං අට්ඨද්ධමාසසතානි ගිම්හානං, අට්ඨද්ධමාසසතානි වස්සානං. {1}
Sinhala BJTමහණෙනි, සියක් වස් දිවි වටනුයේ හේමන්ත ඍතු සියක් හා ග්‍රීෂ්ම ඍතු සියක් හා වර්‍ෂා ඍතු සියක් හා ඍතු තුන් සියයක් ම දිවි වටනේ ය. මහණෙනි, ඍතු තුන්සියක් දිවි වටනුයේ හේමන්ත මාස සාරසියයක් හා ග්‍රීෂ්ම මාස සාරසියයක් හා වර්‍ෂා මාස සාරසියක් හා දොළොස් සියමසක් ම දිවි වටනේ ය. මහණෙනි, දොළොස් සියමස් දිවි වටනුයේ අටසියක් හිමත් අඩමස් හා, අටසියක් ගිමන් අඩමස් හා අටසියක් වැසි අඩමස් හා සූවිසි සියක් අඩමස් වසනේ ය.
Pali BJTචතුවීසතිං ඛො පන භික්ඛවෙ, අට්ඨද්ධමාසසතානි ජීවන්තො ඡත්තිංසංයෙව රත්ති සහස්සානි ජීවති: ද්වාදස රත්තිසහස්සානි හෙමන්තානං, ද්වාදසරත්තිසහස්සානි ගිම්හානං, ද්වාදසරත්තිසහස්සානි වස්සානං. ඡත්තිංසං ඛො පන භික්ඛවෙ, රත්ති සහස්සානි ජීවන්තො ද්වෙසත්තතිං එව භත්තසහස්සානි භුඤ්ජති: චතුවීසති භත්තසහස්සානි හෙමන්තානං, චතුවීසති භත්තසහස්සානි ගිම්හානං, චතුවීසති භත්තසහස්සානි වස්සානං සද්ධිං මාතුථඤ්ඤාය, සද්ධිං භත්තන්තරාය.{1} තත්රිමෙ භත්තන්තරායා: කුපිතොපි{2} භත්තං න භුඤ්ජති, දුක්ඛිතොපි භත්තං න භුඤ්ජති, ව්යාධිතොපි භත්තං න භුඤ්ජති, උපොසථිකොපි භත්තං න භුඤ්ජති, අලාභකෙනපි භත්තං න භුඤ්ජති.
Sinhala BJTමහණෙනි, සූවිසි අඩමස් සියක් දිවි වටනුයේ හිමත් රෑ දොළොස් දහසක් හා, ගිමන් රෑ දොළොස් දහසක් හා, වැසිකල් රෑ දොළොස් දහසක් හා, සතිස් රෑ දහසක් ජීවත් වන්නේ ය. මහණෙනි, සතිස් රෑ දහසක් දිවි වටනුයේ හිමත් බත් සූවිසිදහසක් හා, ගිමන් බත් සූවිසිදහසක් හා, වැසිකල් බත් සූවිසිදහසක් හා, මවුකිරි හා භක්තාන්තරාය ද ගෙණ දෙසැත්තෑ බත් දහසක් දිවි වටනේ ය. එහි භක්තාන්තරායයෝ නම් මොහු යැ: කිපියේ ද බත් නො බුදුනේ ය. දුකට පත් වූයේ ද බත් නො බුදුනේ ය. රෝගී වූයේ ද බත් නො බුදුනේ ය. පෙහෙවස් ඇතියේ ද බත් නො බුදුනේ ය. අලාභයෙකිනුදු බත් නො බුදුනේ ය.
Pali BJTඉති ඛො භික්ඛවෙ, මයා වස්සසතායුකස්ස මනුස්සස්ස ආයුපි සඞ්ඛාතං, ආයුප්පමාණම්පි සඞ්ඛාතං, උතුපි සඞ්ඛාතා, සංවච්ඡරාපි සඞ්ඛාතා, මාසාපි සඞ්ඛාතා, අද්ධමාසාපි සඞ්ඛාතා, රත්තිපි සඞ්ඛාතා, දිවාපි සඞ්ඛාතා, භත්තාපි සඞ්ඛාතා, භත්තන්තරායාපි සඞ්ඛාතා.
Sinhala BJTමහණෙනි, මෙ සෙයින් සියවස් ආයු ඇති මනුෂ්‍යයාගේ ආයුෂ ද මා විසින් පවසන ලදී. ආයු ප්‍රමාණය ද කියන ලදී. ඍතුහුද පවසන ලදහ. හවුරුදුත් පවසන ලදි. මාසයෝ ද පවසන ලදහ. අර්‍ධමාසයෝ ද පවසන ලදහ. රාත්‍රීහු ද පවසන ලදහ. දහවල්හු ද පවසන ලදහ. බත්හු ද කියන ලදහ. භක්තාන්තරයයෝද කියන ලදහ.
Pali BJTයං භික්ඛවෙ සත්ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම්පකෙන අනුකම්පං උපාදාය, කතං වො තං මයා. එතානි භික්ඛවෙ, රුක්ඛමූලානි, එතානි සුඤ්ඤාගාරානි. ඣායථ භික්ඛවෙ, මාපමාදත්ථ, මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ. අයං වො අම්හාකං අනුසාසනීති.
Sinhala BJTමහණෙනි, සව්වනට හිතෛෂී වූ අනුකම්පා කරණ ශාස්තෘහු විසින් අනුකම්පා පිණිස යමක් කළයුතු නම්, එය මා විසින් තොපට කරණ ලදි. මහණෙනි, තෙල රුක්මුල්හු ඇත. තෙල ශුන්‍යාගාරයෝ ඇත. මහණෙනි, (ආලම්බනලක්‍ෂණොපනිධ්‍යාන විසින් ශමථවිදර්‍ශනා) ධ්‍යාන කරවු. නහමක් පමාවවු. පසුකල්හි නහමක් විපිළිසර වවු. මෙ තොපට අපගේ අනුශාසනා යි.
Pali BJTමහාවග්ගො දුතියො.
Sinhala BJTමහාවර්‍ගය දෙවැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTහිරීසුරිය{3} නාගරං උපමා ධම්මඤ්ඤූපාරිච්ඡත්තකං සක්කච්චං භාවනං අග්ගි සුනෙත්තඅරකෙන තෙ දසාති.
Sinhala BJTහිරි (ඔත්තප්ප) සූත්‍ර ය, (සත්ත) සූරිය සූත්‍ර ය, නගරෝමප සූත්‍ර ය, ධම්මඤ්ඤු සූත්‍ර ය, පරිච්ඡත්තක සූත්‍ර ය, සක්කච්ච (සක්කාරගරුකාර) සූත්‍ර ය, භාවනා සූත්‍ර ය, අග්ගික්ඛන්‍ධොපම සූත්‍ර ය, සුනෙත්ත සූත්‍ර ය, අරක සූත්‍ර ය දැයි සූත්‍ර දශයෙකි.
Pali BJT3. විනය වග්ගො
Sinhala BJT3. විනය වර්‍ගය
Pali BJT7. 2. 3. 1.
Sinhala BJT7. 2. 3. 1.
Pali BJT[පඨම විනයධර සුත්තං]
Sinhala BJT[ප්‍රථම විනයධර සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT22. සත්තහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු විනයධරො හොති. කතමෙහි සත්තහි:
Sinhala BJT22. මහණෙනි ධර්‍ම සතෙකින් යුක්ත වූ මහණ විනයධර වෙයි. කවර සතෙකින යත්:
Pali BJTආපත්තිං ජානාති. අනාපත්තිං ජානාති. ලහුකං ආපත්තිං ජානාති. ගරුකං ආපත්තිං ජානාති. සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති, ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී. ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
Sinhala BJTආපත්තිය දන්නේ ය. අනාපත්තිය දන්නේ ය. ලහුකාපත්තිය දන්නේ ය. ගරුකාපත්තිය දන්නේ ය. පාමොක් සංවර සීලයෙන් සංවෘත වූයේ සිල්වත් වෙයි, ආචාරගෝචරසම්පන්න වූයේ අණුමාත්‍ර වරදෙහි දු භය දක්නා සුලුයේ වාසය කරයි, සමාදන් කොට ගෙණ සිකපෙදෙහි හික්මෙයි. ආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ සතර ධ්‍යානයන් නිදුකින් ලබන්නේ කැමති සේ ලබන්නේ පහසුවෙන් ලබන්නේ වෙයි. ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එළැඹ වෙසෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, සත්තහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු විනයධරො හොතීති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු සතින් සමන්‍වාගත මහණ විනයධර වේ යයි.
Pali BJT7. 2. 3. 2.
Sinhala BJT7. 2. 3. 2.
Pali BJT[දුතිය විනයධර සුත්තං]
Sinhala BJT[දෙවෙනි විනයධර සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT23. සත්තහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු විනයධරො හොති. කතමෙහි සත්තහි:
Sinhala BJT23. මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත මහණ විනයධර වෙයි. කවර සතෙකින යත්:
Pali BJTආපත්තිං ජානාති. අනාපත්තිං ජානාති. ලහුකං ආපත්තිං ජානාති. ගරුකං ආපත්තිං ජානාති. උභයානි ඛො පනස්ස පාතිමොක්ඛානි විත්ථාරෙන ස්වාගතානි හොන්ති සුවිභත්තානි සුප්පවත්තීනි සුවිනිච්ඡිතානි සුත්තසො අනුබ්යඤ්ජනසො. චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී. ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙවධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
Sinhala BJTඇවැත් දන්නේ ය. අනාපත්ති දන්නේ ය. ලුහු ඇවැත දන්නේ ය. ගුරුඇවැත දන්නේ ය. උභය ප්‍රාතිමොක්‍ෂයෝ ඔහු විස්තර විසින් සුවිභක්ත වූවාහු මොනොවට පවත්නාහු සූත්‍ර විසිනුදු අනුව්‍යඤ්ජන (ඛන්‍ධක පරිවාර) විසිනුදු සුවිනිච්ඡිත වූවාහු ස්වාගත (ප්‍රගුණ) වෙත්. ආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ සතර ධ්‍යානයන් නිදුකින් ලබන සුලුයේ කැමැතිසේ ලබනුයේ පහසුයෙන් ලබන සුලුයේ වෙයි. ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට පැමිණ වාසය කරන්නේ ය.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, සත්තහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු විනයධරො හොතීති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු සතින් සමන්‍වාගත වූ මහණ විනයධර වේ ය යි.
Pali BJT7. 2. 3. 3.
Sinhala BJT7. 2. 3. 3.
Pali BJT[තතිය විනයධර සුත්තං]
Sinhala BJT[තෙවෙනි විනයධර සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT24. සත්තහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු විනයධරො හොති. කතමෙහි සත්තහි:
Sinhala BJT24. මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත මහණ විනයධර වෙයි. කවර සතෙකින යත්:
Pali BJTආපත්තිං ජානාති. අනාපත්තිං ජානාති. ලහුකං ආපත්තිං ජානාති. ගරුකං ආපත්තිං ජානාති. විනයෙ ඛො පන ඨිතො හොති අසංහීරො. චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී. ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
Sinhala BJTආපත්තිය දන්නේ ය. අනාපත්තිය දන්නේ ය. ලහුකාපත්තිය දන්නේ ය. ගරුකාපත්තිය දන්නේ ය. විනයෙහි සිටියේ අසංහීර (ලබ්ධියෙහි ස්ථිර-නිසැක) වෙයි. ආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ සතරධ්‍යානයන් නිදුකින් ලබන්නේ, කැමැතිසේ ලබන්නේ, සුවසේ ලබන්නේ වෙයි. ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට එළැඹ වාසය කරයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, සත්තහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු විනයධරො හොතීති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු සතින් යුත් මහණ තෙම විනයධර වේ ය යි.
Pali BJT7. 2. 3. 4.
Sinhala BJT7. 2. 3. 4.
Pali BJT[චතුත්ථ විනයධර සුත්තං]
Sinhala BJT[සිව්වන විනයධර සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT25. සත්තහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු විනයධරො හොති. කතමෙහි සත්තහි:
Sinhala BJT25. මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත වූ මහණ විනයධර වේ. කවර සතෙකින යත්:
Pali BJTආපත්තිං ජානාති. අනාපත්තිං ජානාති. ලහුකං ආපත්තිං ජානාති. ගරුකං ආපත්තිං ජානාති. අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථීදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන -පෙ- යථාකම්මූපගෙ සත්තෙ පජානාති. ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
Sinhala BJTආපත්තිය දන්නේ ය. අනාපත්තිය දන්නේ ය. ලහුකාපත්තිය දන්නේ ය. ගරුකාපත්තිය දන්නේ ය. අනේකවිධ වූ පෙරවිසූ කඳපිළිවෙළ සමරනේ ය. එ කෙසේ ය යත්: එක් දැයකුදු, දෙ දැයකුදු ... මෙසේ ආකාරසහිත වූ උද්දේස සහිත වූ අනේකවිධ වූ පූර්‍වනිවාසය අනුස්මරණ කෙරෙයි. විශුද්ධ වූ මිනිසැස ඉක්මගිය දිව්‍යචක්‍ෂුසින් යථාකර්මෝපගසත්ත්‍වයන් දක්නේ ය. ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එළැඹ වෙසෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, සත්තහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු විනයධරො හොතීති.
Sinhala BJTමහණෙනි, මේ සත් කරුණින් සමන්‍වාගත මහණ විනයධර වේ ය යි.
Pali BJT7. 2. 3. 5.
Sinhala BJT7. 2. 3. 5.
Pali BJT[පඨම විනයධරසොභන සුත්තං]
Sinhala BJT[ප්‍රථම විනයධර සෝභන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT26. සත්තහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු විනයධරො සොභති. කතමෙහි සත්තහි:
Sinhala BJT26. මහණෙනි, කරුණු සතෙකින සමන්‍වාගත මහණ විනයධර වූයේ හොබනේ ය. කවර සතෙකින යත්:
Pali BJTආපත්තිං ජානාති, අනාපත්තිං ජානාති, ලහුකං ආපත්තිං ජානාති, ගරුකං ආපත්තිං ජානාති, සීලවා හොති -පෙ- සමාදාය සික්ඛති සික්ඛාපදෙසු, චතුන්නං ඣානානං -පෙ- අකසිරලාභී, ආසවානං ඛයා -පෙ- සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
Sinhala BJTආපත්තිය දන්නේ ය. අනාපත්තිය දන්නේ ය. ලහුකාපත්තිය දන්නේ ය. ගරුකාපත්තිය දන්නේ ය ... සිල්වත් වෙයි … ශික්‍ෂාපදයන්හි සමාදන් කොට ගෙණ හික්මෙයි. සතර ධ්‍යානයන් ... සුවසේ ලබනුයේ වෙයි. ආස්‍රවක්‍ෂයයෙන් ... සාක්‍ෂාත් කොට ගෙන එළැඹ වාසය කරයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, සත්තහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු විනයධරො සොභතීති.
Sinhala BJTමහණෙනි, මේ ධර්‍ම සතින් සමන්‍වාගත මහණ විනයධර වූයේ හොබනේ ය.
Pali BJT7. 2. 3. 6.
Sinhala BJT7. 2. 3. 6.
Pali BJT[දුතිය විනයධරසොභන සුත්තං]
Sinhala BJT[දෙවෙනි විනයධර සෝභන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT27. සත්තහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු විනයධරො සොභති. කතමෙහි සත්තහි:
Sinhala BJT27. මහණෙනි, ධර්‍ම සතෙකින් සමන්‍වාගත වූ මහණ විනයධර වූයේ හොබනේ ය. කවර සතෙකින යත්:
Pali BJTආපත්තිං ජානාති, අනාපත්තිං ජානාති, ලහුකං ආපත්තිං ජානාති, ගරුකං ආපත්තිං ජානාති. උභයානි ඛො පනස්ස පාතිමොක්ඛානි විත්ථාරෙන ස්වාගතානි හොන්ති සුවිභත්තානි සුප්පවත්තීනි සුවිනිච්ඡිතානි සුත්තසො අනුබ්යඤ්ජනසො. චතුන්නං ඣානානං -පෙ- අකසිරලාභී, ආසවානං ඛයා -පෙ- සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
Sinhala BJTආපත්තිය දන්නේ ය. අනාපත්තිය දන්නේ ය. ලහුකාපත්තිය දන්නේ ය. ගරුකාපත්තිය දන්නේ ය. උභය ප්‍රාතිමොක්‍ෂයෝ ඔහු විසින් විතර විසින් සුවිභක්ත වූවාහු මොනොවට පවත්නාහු සූත්‍ර වශයෙනුදු අනුව්‍යඤ්ජන වශයෙනුදු සුවිනිච්ඡිත වූවාහු ස්වාගත වෙත්. සතර ධ්‍යානයන් ... අකසිරලාභී වෙයි. ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් ... සාක්‍ෂාත් කොට එයට පැමිණ වාසය කරයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, සත්තහි ධම්මෙහි සමන්නාගතො විනයධරො සොභතීති.
Sinhala BJTමහණෙනි, මේ ධර්‍ම සතින් සමන්‍වාගත මහණ විනයධර වූයේ හොබනේ ය යි.
Pali BJT7. 2. 3. 7.
Sinhala BJT7. 2. 3. 7.
Pali BJT[තතියවිනයධරසොභන සුත්තං]
Sinhala BJT[තෙවැනි විනයධර සෝභන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT28. සත්තහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො විනයධරො සොභති. කතමෙහි සත්තහි:
Sinhala BJT28. මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත විනයධර හොබනේ ය. කවර සතෙකින යත්:
Pali BJTආපත්තිං ජානාති. අනාපත්තිං ජානාති. ලහුකං ආපත්තිං ජානාති. ගරුකං ආපත්තිං ජානාති. විනයෙ ඛො පන ඨිතො හොති අසංහීරො. චතුන්නං ඣානානං -පෙ- අකසිරලාභී. ආසවානං ඛයා -පෙ- සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
Sinhala BJTආපත්තිය දන්නේ ය. අනාපත්තිය දන්නේ ය. ලහුකාපත්තිය දන්නේ ය. ගරුකාපත්තිය දන්නේ ය. විනයෙහි සිටියේ අසංහීර වෙයි. සතර ධ්‍යානයන් ... අකසිරයෙන් ලබන සුලුයේ වෙයි. ආස්‍රවක්‍ෂයෙන් ... සාක්‍ෂාත් කොට එළැඹ වෙසෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, සත්තහි ධම්මෙහි සමන්නාගතො විනයධරො සොභතීති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු සතින් සමන්‍වාගත විනයධර හොබනේ ය යි.
Pali BJT7. 2. 3. 8.
Sinhala BJT7. 2. 3. 8.
Pali BJT[චතුත්ථවිනයධරසොභන සුත්තං]
Sinhala BJT[සිවුවන විනයධර සෝභන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT29. සත්තහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො විනයධරො සොභති. කතමෙහි සත්තහි:
Sinhala BJT29. මහණෙනි, ධර්‍ම සතෙකින් සමන්‍වාගත විනයධර හොබනේ ය. කවර සතෙකින යත්:
Pali BJTආපත්තිං ජානාති. අනාපත්තිං ජානාති. ලහුකං ආපත්තිං ජානාති. ගරුකං ආපත්තිං ජානාති. අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථීදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන -පෙ- යථාකම්මූපගෙ සත්තෙ පජානාති. ආසවානං ඛයා -පෙ- සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
Sinhala BJTආපත්තිය දන්නේ ය. අනාපත්තිය දන්නේ ය. ලහුකාපත්තිය දන්නේ ය. ගරුකාපත්තිය දන්නේ ය. අනේකවිධ පූර්‍වනිවාස සිහි කෙරෙයි: එ කෙසේය යත්: එක් දැයකුදු, දෙ දැයකුදු ... මෙසේ සාකාර කොට උද්දේස සහිත කොට අනේකවිධ පූර්‍වනිවාසය සිහි කෙරෙයි. විශුද්ධ වූ මිනිසැස ඉක්ම ගියා වූ දිවැස්නැණින් ... යථාකර්මෝපග සත්ත්‍වයන් දන්නේ ය. ආස්‍රක්‍ෂයයෙන් ... සාක්‍ෂාත් කොට එයට පැමිණ වෙසෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, සත්තහි ධම්මෙහි සමන්නාගතො විනයධරො සොභතීති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු සතින් සමන්‍වාගත විනයධර හොබනේ ය යි.
Pali BJT7. 2. 3. 9.
Sinhala BJT7. 2. 3. 9.
Pali BJT[සත්ථුසාසන සුත්තං]
Sinhala BJT[සත්‍ථුසාසන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT30. අථ ඛො ආයස්මා උපාලි, යෙන භගවා තෙනුපසඞ්කමි. තෙනුපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා උපාලි භගවන්තං එතදවොච:
Sinhala BJT30. එක්බිති ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පස්හි හුන්හ. එකත්පස්හි හුන් ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ:
Pali BJTසාධු මෙ භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු යං අහං භගවතො ධම්මං සුත්වා එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරෙය්යන්ති.
Sinhala BJTවහන්ස, යම් හෙයෙකින් මම භාග්‍යවතුන් වහන්සේගේ දහම් අසා ඒකාකියෙම් ව්‍යපකර්‍ෂ ඇත්තේ අප්‍රමත්තයෙම්, කෙලෙස් තවන වැර ඇතියෙම්, ප්‍රහිතාත්මයෙම් වෙසෙම් නම්, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට එපරිද්දෙන් සැකෙවින් දහම් දෙසනසේක් නම් මැනැවැ.
Pali BJTයෙ ඛො ත්වං උපාලි ධම්මෙ ජානෙය්යාසි “ඉමෙ ධම්මා න එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්තී”ති, එකංසෙනුපාලි ධාරෙය්යාසි: නෙසො ධම්මො, නෙසෙ විනයො, නෙතං සත්ථුසාසනන්ති. යෙ ච ඛො ත්වං උපාලි, ධම්මෙ ජානෙය්යාසි: “ඉමෙ ධම්මා එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්තී”ති, එකංසෙනුපාලි, ධාරෙය්යාසි: එසො ධම්මො, එසො විනයො, එතං සත්ථුසාසනන්ති.
Sinhala BJTඋපාලියෙනි, “මේ ධර්‍මයෝ ඒකාන්ත නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, ක්ලේශව්‍යපශමය පිණිස විශිෂ්ටඥානය පිණිස, චතුර්මාර්‍ගඥානසම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස නො පවත්නාහ”යි තෝ යම් ධර්‍ම කෙනෙකුන් දනිහි නම්, උපාලියෙනි තෙල ධර්‍ම නො වෙයි, තෙල විනය නොවේ. තෙල ශාස්තෘශාසනය නොවේ යයි ඒකාන්තයෙන් දනුවයි. උපාලියෙනි, මෙ දහම්හු ඒකාන්ත නිර්වේදය සඳහා විරාගය සඳහා නිරෝධය සඳහා ක්ලේශව්‍යපශමය සඳහා අභිඥානය සඳහා සම්බෝධිය සඳහා නිර්‍වාණය සඳහා පවත්නාහයි තෝ යම් ධර්‍ම කෙනෙකුන් දනිහි නම්, උපාලියෙනි, තෙල ධර්‍මය වේ, තෙල විනය වේ, තෙල ශාස්තෘශාසනය වේ යයි ඒකාන්තයෙන් ධරවයි.