Pali BJTකතමෙසං චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී:
Sinhala BJTආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ කවර ධ්‍යාන සතරක් කැමැති සේ ලබන්නේත් නිදුකින් ලබන්නේත් විපුලභාවයෙන් ලබන්නේත් වේ ය යත්:
Pali BJT(1) සෙය්යථාපි භික්ඛවෙ, රඤ්ඤො පච්චන්තිමෙ නගරෙ බහුං තිණකට්ඨොදකං සන්නිචිතං හොති අබ්භන්තරානං රතියා අපරිතස්සාය ඵාසුවිහාරාය බාහිරානං පටිඝාතාය, එවමෙව ඛො භික්ඛවෙ, අරියසාවකො, විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, අත්තනො රතියා අපරිතස්සාය ඵාසුවිහාරාය, ඔක්කමනාය නිබ්බානස්ස.
Sinhala BJT(1) මහණෙනි, යම් පරිදි රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි ආභ්‍යන්තරයන්ගේ රතිය සඳහා අපරිත්‍රාසය සඳහා පහසු විහරණ සඳහා බාහිරයන් වළහනු සඳහා බොහෝ තෘණ, කාෂ්ට, උදක, රැස් කොට තබනලද වේ ද, මහණෙනි, එසෙයින් ආර්‍ය්‍යශ්‍රාවක කාමයෙන් වෙන් ව ම අකුශල ධර්‍මයෙන් වියුක්ත ව ම තමාගේ අභිරතිය සඳහා අපරිත්‍රාසය සඳහා පහසු විහරණ සඳහා නිර්‍වාණයට වැදගනු සඳහා සවිතර්‍ක වූ සවිචාර වූ විවේකජ වූ ප්‍රීති හා සුඛ ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි.
Pali BJT(2) සෙය්යථාපි භික්ඛවෙ, රඤ්ඤො පච්චන්තිමෙ නගරෙ බහුං සාලියවකං සන්නිචිතං හොති අබ්භන්තරානං රතියා අපරිතස්සාය ඵාසුවිහාරාය, බාහිරානං පටිඝාතාය, එවමෙව ඛො භික්ඛවෙ, අරියසාවකො විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියංඣානං උපසම්පජ්ජ විහරති අත්තනො රතියා අපරිතස්සාය ඵාසුවිහාරාය, ඔක්කමනාය නිබ්බානස්ස.
Sinhala BJT(2) මහණෙනි, යම් පරිදි රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි ආභ්‍යන්තරිකයන්ගේ අභිරතිය පිණිස අපරිත්‍රාසය පිණිස, පහසු විහරණය පිණිස, බැහැරි සතුරන් වළහනු පිණිස, බොහෝ ශාලි යව රැස් කොට තබන ලද වේ ද, මහණෙනි, එපරිද්දෙන් ම ආර්‍ය්‍යශ්‍රාවක විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපශමයෙන් අධ්‍යාත්මයෙහි මනා පැහැදීම් ඇති චිත්තයාගේ ඒකාග්‍රතාවයෙන් යුත් අවිතර්‍ක අවිචාර වූ සමාධියෙන් උපන් ප්‍රීති හා සුඛ ඇති ද්විතීය ධ්‍යානයට තමාගේ රතිය පිණිස ද පරිත්‍රාස නො වන පිණිස ද පහසු විහරණ පිණිස ද නිවනට වැදගණු පිණිස ද එළැඹ වෙසෙයි.
Pali BJT(3) සෙය්යථාපි භික්ඛවෙ රඤ්ඤො පච්චන්තිමෙ නගරෙ බහුං තිලමුග්ගමාසාපරන්නං සන්නිචිතං හොති අබ්භන්තරානං රතියා අපරිතස්සාය ඵාසුවිහාරාය බාහිරානං පටිඝාතාය, එවමෙව ඛො භික්ඛවෙ, අරියසාවකො පීතියාච විරාගා උපෙක්ඛකො ච විහරති, සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති, යං තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති තතියංඣානං උපසම්පජ්ජ විහරති අත්තනො රතියා අපරිතස්සාය ඵාසුවිහාරාය, ඔක්කමනාය නිබ්බානස්ස.
Sinhala BJT(3) මහණෙනි, යම් පරිදි රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි ආභ්‍යන්තරයන්ගේ රතිය සඳහා අපරිත්‍රාසය සඳහා පහසු විහරණ සඳහා බැහැරි සතුරන් වළහනු සඳහා බොහෝ තල, මෑ, මුං, අපරාන්ත රැස් කොට තබන ලද වේ ද, මහණෙනි, එ පරිදි ම අරීසව් ප්‍රීතියගේත් විරාගයෙන්, සිහි ද ඇතියේ සම්‍යක්ප්‍රඥා ඇතියේ උපේක්‍ෂක ව වෙසෙයි. සුඛය ද නාමකයින් විදුනේ ය. ආර්‍ය්‍යායෝ යම් පුඟුලෙක් උපේක්‍ෂා ඇතියේ ස්මෘතිමත් වූයේ සුඛවිහාරී යයි කියත් නම් තමාගේ රතිය සඳහා අපරිත්‍රාසය සඳහා පහසුවිහරණ සඳහා නිවනට වැදගනු සඳහා එබඳු තෘතීය ධ්‍යානයට පැමිණ වෙසෙයි.
Pali BJT(4) සෙය්යථාපි භික්ඛවෙ, රඤ්ඤො පච්චන්තිමෙ නගරෙ බහුං භෙසජ්ජං සන්නිචිතං හොති සෙය්යථීදං: සප්පි නවනීතං තෙලං මධු ඵාණිතං ලොණං අබ්භන්තරානං රතියා අපරිතස්සාය ඵාසුවිහාරාය බාහිරානං පටිඝාතාය, එවමෙව ඛො භික්ඛවෙ, අරියසාවකො සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති අත්තනො රතියා අපරිතස්සාය ඵාසුවිහාරාය, ඔක්කමනාය නිබ්බානස්ස.
Sinhala BJT(4) මහණෙනි, යම් පරිදි රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි ආභ්‍යන්තරිකයන්ගේ අභිරතිය සඳහා, අපරිත්‍රාසය සඳහා, පහසුවිහරණය සඳහා, බාහිරයන්ගේ නිවාරණය සඳහා සප්පි ය, නවනීත ය, මධු ය, ඵාණිත ය, ලවණ ය යන බොහෝ භෛෂජ්‍ය රැස් කරණලද වේ ද, මහණෙනි, එ පරිදි ම ආර්‍ය්‍යශ්‍රාවක තෙම තමාගේ අභිරතිය සඳහා අපරිත්‍රාසය සඳහා පහසුවිහරණ සඳහා නිවනට වැදගනු සඳහා සුඛයාගේත් ප්‍රහාණයෙන් දුඃඛයාගේත් ප්‍රහාණයෙන් පළමු ම සොම්නස් දොම්නසුන්ගේ අස්තගමයෙන් අදුක්ඛ වූ අසුඛ වූ උපේක්‍ෂා ස්මෘති දෙකින් පිරිසිදු වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි.
Pali BJTඉමෙසං චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී.
Sinhala BJTමෙ ආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ ධ්‍යාන සතර කැතිසේ ලබන්නේත්, නිදුකින් ලබන්නනේත්, විපුලසේ ලබන්නේත් වෙයි.
Pali BJTයතො ච ඛො භික්ඛවෙ, අරියසාවකො ඉමෙහි සත්තහි සද්ධම්මෙහි සමන්නාගතො හොති, ඉමෙසං චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී
Sinhala BJTමහණෙනි, යම් කලෙක අරීසවු මෙ සප්ත සද්ධර්‍මයෙන් සමන්‍වාගත වේ ද, මෙ ආභිචේතසික වූ ද දිට්ඨධම්මසුඛවිහාර වූ සතර ධ්‍යානයන් කැමැති සේ ලබන්නේ ද, නිදුකින් ලබන්නේ ද, විපුලසේ ලබන්නේත් වේ ද.
Pali BJTඅයං වුච්චති භික්ඛවෙ, අරියසාවකො අකරණීයො මාරස්ස අකරණීයො පාපිමතොති.
Sinhala BJTමහණෙනි, මෙ අරීසවු මාරයා විසින් අකරණීය වේ. පාපීමත් හු විසින් අකරණීය වේ ය යි කියනු ලැබේ.
Pali BJT7. 2. 2. 4.
Sinhala BJT7. 2. 2. 4.
Pali BJT[ධම්මඤ්ඤූ සුත්තං]
Sinhala BJT[ධම්මඤ්ඤූ සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT15. සත්තහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙහි සත්තහි:
Sinhala BJT15. මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි ... ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර සතෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු ධම්මඤ්ඤූ ච හොති අත්ථඤ්ඤූ ච අත්තඤ්ඤූ ච මත්තඤ්ඤූ ච කාලඤ්ඤූ ච පරිසඤ්ඤූ ච පුග්ගලපරොවරඤ්ඤූ ච{1}.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ ධර්‍මඥ ද වෙයි. අර්‍ත්‍ථඥ ද වෙයි. ආත්මඥ ද වෙයි. මාත්‍රඥ ද වෙයි. කාලඥ ද වෙයි. පර්‍ෂද්ඥ ද වෙයි. පුද්ගලපරාවරඥ ද වෙයි.
Pali BJT(1) කථඤ්ච භික්ඛවෙ භික්ඛු ධම්මඤ්ඤූ හොති. ඉධ භික්ඛවෙ, භික්ඛු ධම්මං ජානාති සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. නො චෙ භික්ඛවෙ, භික්ඛු ධම්මං ජානෙය්ය සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං නයිධ ධම්මඤ්ඤූති වුච්චෙය්ය. යස්මා ච ඛො භික්ඛවෙ, භික්ඛූ ධම්මං ජානාති සුත්තං ගෙය්යං -පෙ- අබ්භුතධම්මං වෙදල්ලං, තස්මා භික්ඛු ධම්මඤ්ඤූති වුච්චති. ඉති ධම්මඤ්ඤූ.
Sinhala BJT(1) මහණෙනි, මහණ කෙසේ ධර්‍මඥ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ සූත්‍ර ය, ගෙය ය, වෛය්‍යාකරණ ය, ගාථා ය, උදාන ය, ඉතිවුත්තක ය, ජාතක ය, අද්භූතධර්‍ම ය, වේදල්ල ය යන ධර්‍මය දන්නේ ය. මහණෙනි, ඉදින් මහණ සූත්‍ර ය, ගෙය ය, වෛය්‍යාකරණ ය, ගාථා ය, උදාන ය, ඉතිවුත්තක ය, ජාතක ය, අද්භූතධර්‍ම ය, වේදල්ල ය යන ධර්‍මය නොදන්නේ නම්, මෙ සස්නෙහි ධර්‍මඥයෙකැයි කියනු නො ලබන්නේ ය. මහණෙනි, යම් හෙයකින් මහණ මෙ සූත්‍රය, ගෙය ය, ... අද්භූතධර්‍ම ය, වේදල්ල ය යන ධර්‍මය දන්නේ ද, මහණෙනි, එහෙයින් මහණ ධර්‍මඥ යයි කියනු ලැබේ. මෙසෙයින් ධර්‍මඥ වෙයි.
Pali BJT(2) අත්ථඤ්ඤූ ච කථං හොති. ඉධ භික්ඛවෙ, භික්ඛු තස්ස තස්සෙව භාසිතස්ස අත්ථං ජානාති “අයං ඉමස්ස භාසිතස්ස අත්ථො, අයං ඉමස්ස භාසිතස්ස අත්ථො”ති. නො චෙ භික්ඛවෙ, භික්ඛු තස්ස තස්සෙව භාසිතස්ස අත්ථං ජානෙය්ය “අයං ඉමස්ස භාසිතස්ස අත්ථො, අයංඉමස්ස භාසිතස්ස අත්ථොති” නයිධ අත්ථඤ්ඤූති වුච්චෙය්ය. යස්මා ච ඛො භික්ඛවෙ, භික්ඛූ තස්ස තස්සෙව භාසිතස්ස අත්ථං ජානාති “අයං ඉමස්ස භාසිතස්ස අත්ථො, අයං ඉමස්ස භාසිතස්ස අත්ථො”ති. තස්මා අත්ථඤ්ඤූති වුච්චති. ඉති ධම්මඤ්ඤූ අත්ථඤ්ඤූ.
Sinhala BJT(2) අර්‍ත්‍ථඥ කෙසේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ මෙ මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථ ය, මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය’යි භාෂිතයාගේ අර්‍ත්‍ථය දන්නේ ය. මහණෙනි, ඉදින් මහණ, මෙ මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථ ය, මෙ මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය’යි එ එ භාෂිතයාගේ අර්‍ත්‍ථය නොදන්නේ නම්, මෙ සස්නෙහි අර්‍ත්‍ථඥයෙකැ’යි නො කියනු ලබන්නේ ය. මහණෙනි, යම් හෙයකින් මහණ එ එ භාෂිතයාගේ ම අර්‍ත්‍ථය මෙ මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය යි දන්නේ නම් එහෙයින් ම අර්‍ත්‍ථඥ යයි කියනු ලබනේ ය. මෙසෙයින් ධර්‍මඥ ද අර්‍ත්‍ථඥ ද වෙයි.
Pali BJT(3) අත්තඤ්ඤූ ච කථං හොති. ඉධ භික්ඛවෙ, භික්ඛු අත්තානං ජානාති එත්තකොම්හි සද්ධාය සීලෙන සුතෙන චාගෙන පඤ්ඤාය පටිභානෙනාති. නො චෙ භික්ඛවෙ, භික්ඛු අත්තානං ජානෙය්ය එත්තකොම්හි සද්ධාය සීලෙන සුතෙන චාගෙන පඤ්ඤාය පටිභානෙනාති, නයිධ අත්තඤ්ඤූති වුච්චෙය්ය. යස්මා ච ඛො භික්ඛවෙ, භික්ඛු අත්තානං ජානාති එත්තකොම්හි සද්ධාය සීලෙන සුතෙන චාගෙන පඤ්ඤාය පටිභානෙනාති. තස්මා අත්තඤ්ඤූති වුච්චති. ඉති ධම්මඤ්ඤූ අත්ථඤ්ඤූ අත්තඤ්ඤූ.
Sinhala BJT(3) ආත්මඥ කෙසේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ “ශ්‍රද්ධායෙන් ශීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥායෙන්, ප්‍රතිභාණයෙන් මෙ පමණයෙමි”යි තමා දන්නේ ය. මහණෙනි, ඉදින් මහණ “ශ්‍රද්ධායෙන් ශීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥායෙන්, ප්‍රතිභාණයෙන් මෙතෙක් වෙමි”යි තමා නොදන්නේ නම් මෙ සස්නෙහි ආත්මඥයයි යයි නො කියනු ලබන්නේ ය. මහණෙනි, යම් හෙයකින් මහණ “ශ්‍රද්ධායෙන් ශීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥායෙන්, ප්‍රතිභාණයෙන් මෙතෙක් වෙමි”යි තමා හඳුනන්නේ ද, එහෙයින් ම ‘ආත්මඥය’ යි කියනු ලබන්නේ ය. මෙසේ ධර්‍මඥ, අර්‍ත්‍ථඥ, ආත්මඥ වෙයි.
Pali BJT(4) මත්තඤ්ඤූ ච කතං හොති. ඉධ භික්ඛවෙ, භික්ඛු මත්තං ජානාති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං පටිග්ගහණාය. නො චෙ භික්ඛවෙ, භික්ඛු මත්තං ජානෙය්ය චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං පටිග්ගහණාය, නයිධ මත්තඤ්ඤූති වුච්චෙය්ය. යස්මා ච ඛො භික්ඛවෙ, භික්ඛු මත්තං ජානාති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං පටිග්ගහණාය, තස්මා මත්තඤ්ඤූති වුච්චති. ඉති ධම්මඤ්ඤූ අත්ථඤ්ඤූ, අත්තඤ්ඤූ මත්තඤ්ඤූ.
Sinhala BJT(4) මාත්‍රඥ කෙසේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ සිවුරු, පිඬුවා, සෙනසුන්, ගිලන්පස, බෙහෙසද්පිරිකර පිළිගැණුමට මාත්‍රය දන්නේ ය. මහණෙනි, ඉදින් මහණ චීවර, පිණ්ඩපාත, ශයනාසන, ග්ලානප්‍රත්‍යභෛෂජ්‍යපරිෂ්කාරයන් පිළිගැණුමට පමණ නො දන්නේ ද, මෙ සස්නෙහි ‘මාත්‍රඥ’ය යි කියනු නො ලබන්නේ ය. මහණෙනි, යම් හෙයකින් මහණ චීවර, පිණ්ඩපාත, ශයනාසන, ග්ලානප්‍රත්‍යභෛෂජ්‍යපරිෂ්කාරයන් ප්‍රතිග්‍රහණයට මාත්‍රය දන්නේ ද, එහෙයින් ‘මාත්‍රඥ’යයි කියනු ලබන්නේ ය. මෙසේ ධර්‍මඥ අර්‍ත්‍ථඥ ආත්මඥ මාත්‍රඥ වෙයි.
Pali BJT(5) කාලඤ්ඤූ ච කථං හොති. ඉධ භික්ඛවෙ, භික්ඛු කාලං ජානාති: අයං කාලො උද්දෙසස්ස, අයං කාලො පරිපුච්ඡාය, අයං කාලො යොගස්ස, අයං කාලො පටිසල්ලානායාති.{1} නො චෙ භික්ඛවෙ, භික්ඛූ කාලං ජානෙය්ය, අයං කාලො උද්දෙසස්ස, අයං කාලො පරිපුච්ඡාය, අයං කාලො යොගස්ස, අයං කාලො පටිසල්ලානායාති{1} නයිධ කාලඤ්ඤූති වුච්චෙය්ය. යස්මා ච ඛො භික්ඛවෙ, භික්ඛු කාලං ජානාති: අයං කාලො උද්දෙසස්ස, අයං කාලො පරිපුච්ඡාය, අයං කාලො යොගස්ස, අයං කාලො පටිසල්ලානායා’ති{1} තස්මා කාලඤ්ඤූති වුච්චති. ඉති ධම්මඤ්ඤූ අත්ථඤ්ඤූ අත්තඤ්ඤූ මත්තඤ්ඤූ කාලඤ්ඤූ.
Sinhala BJT(5) කාලඥ කෙසේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ “මෙ උද්දේශයට කලි, මෙ පරිපාච්ඡාවට කලි, මෙ යෝගයට කලි, මෙ පිළිසලනට කලැ”යි කල් දන්නේ ය. මහණෙනි, ඉදින් මහණ, “මේ උදෙසුමට කලි, මෙ පිළිවිසුමට කලි, මෙ යොගයට කලි, මෙ පිලිසලනට කලැ”යි කල් නො දන්නේ නම්, මෙ සස්නෙහි කාලඥ යයි කියනු නො ලබන්නේ ය. මහණෙනි, යම් හෙයකින් මහණ ‘මෙ උද්දේශයට කලි, මෙ පුළුවුස්නට කලි, මෙ යොගයට කලි, මෙ පිලිසලනට කලැ’යි දන්නේ ද, එහෙයින් කාලඥයයි කියනු ලැබේ. මෙසේ ධර්‍මඥ අර්‍ත්‍ථඥ ආත්මඥ මාත්‍රඥ කාලඥ වෙයි.
Pali BJT(6) පරිසඤ්ඤූ ච කථං හොති. ඉධ භික්ඛවෙ භික්ඛු පරිසං ජානාති: අයං ඛත්තිය පරිසා, අයං බ්රාහ්මණ පරිසා, අයං ගහපතිපරිසා, අයං සමණපරිසා, තත්ථ එවං උපසඞ්කමිතබ්බං, එවං ඨාතබ්බං, එවං කත්තබ්බං, එවං නිසීදිතබ්බං, එවං භාසිතබ්බං, එවං තුණ්හීභවිතබ්බන්ති. නො චෙ භික්ඛවෙ, භික්ඛු පරිසං ජානෙය්ය: අයං ඛත්තියපරිසා, අයං බ්රාහ්මණපරිසා, අයං ගහපති පරිසා, අයං සමණපරිසා, තත්ථ එවං උපසඞ්කමිතබ්බං, එවං ඨාතබ්බං, එවං කත්තබ්බං, එවං නිසීදිතබ්බං, එවං භාසිතබ්බං, එවං තුණ්හීභවිතබ්බන්ති. නයිධ පරිසඤ්ඤූති වුච්චෙය්ය. යස්මා ච ඛො භික්ඛවෙ, භික්ඛු පරිසං ජානාති: අයං ඛත්තිය පරිසා, අයං බ්රාහ්මණපරිසා අයං ගහපතිපරිසා, අයං සමණපරිසා, තත්ථ එවං උපසඞ්කමිතබ්බං, එවං ඨාතබ්බං, එවං කත්තබ්බං, එවං නිසීදිතබ්බං, එවං භාසිතබ්බං, එවං තුණ්හීභවිතබ්බන්ති. තස්මා පරිසඤ්ඤූති වුච්චති. ඉති ධම්මඤ්ඤූ අත්ථඤ්ඤූ අත්තඤ්ඤූ මත්තඤ්ඤූ කාලඤ්ඤූ පරිසඤ්ඤූ.
Sinhala BJT(6) පර්‍ෂද්ඥ කෙසේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ, ‘මෙ ක්‍ෂත්‍රියපර්‍ෂද් ය, මෙ බ්‍රාහ්මණපර්‍ෂද් ය, මෙ ගෘහපතිපර්‍ෂද් ය, මෙ ශ්‍රමණපර්‍ෂද් ය, එහි මෙසෙයින් එළැඹි යුතු, මෙ සෙයින් සිටිය මනා ය, මෙ සෙයින් කළමනා ය, මෙ සෙයින් හින්දෑ මනා ය, මෙ සෙයින් බිණුවමනා ය, මෙ සෙයින් තුෂ්ණීම්භූත වුවමනා යයි පිරිස් දන්නේ ය. මහණෙනි, ඉදින් මහණ මෙ කැත් පිරිස, මෙ බමුණු පිරිස, මෙ ගැහැවි පිරිස, මෙ මහණ පිරිසැ. එහි මෙසෙයින් එළැඹිය මනා ය, මෙසෙයින් සිටිය මනා ය, මෙ සෙයින් කළමනා ය, මෙ සෙයින් හින්දෑ මනා ය, මෙ සෙයින් බිණුවමනා ය, මෙ සෙයින් නිහඬ වුවමනායයි පිරිස් නො දන්නේ නම්, මේ සස්නෙහි (මහණ) පර්‍ෂද්ඥ යි නො කියනු ලබන්නේ ය. මහණෙනි, යම් හෙයකින් මහණ ‘මෙ කැත් පිරිස් ය, මේ බමුණු පිරිස් ය, මේ ගැහැවි පිරිස් ය, මේ මහණ පිරිස් ය. එහි මේ සෙයින් එළැඹිය මනා ය, මෙසෙයින් සිටිය මනා ය, මෙසෙයින් කළමනා ය, මෙසෙයින් හින්දෑ මනා ය, මෙසෙයින් බිණුවමනාය, මෙසෙයින් නිහඬ වුවමනා යයි පිරිස් දන්නේ ද, එහෙයින් පර්‍ෂද්ඥ යි කියනු ලබන්නේ ය. මෙසේ ධර්‍මඥ අර්‍ත්‍ථඥ ආත්මඥ මාත්‍රඥ කාලඥ පර්‍ෂද්ඥ වෙයි.
Pali BJT(7) පුග්ගලපරොවරඤ්ඤූ ච{2} කථං හොති. ඉධ භික්ඛවෙ, භික්ඛුනො ද්වයෙන පුග්ගලා විදිතා හොන්ති. ද්වෙ පුග්ගලා: එකො අරියානං දස්සනකාමො, එකො අරියානං න දස්සනකාමො. ය්වායං පුග්ගලො අරියානං න දස්සනකාමො එවං සො තෙනඞ්ගෙන{3} ගාරය්හො. ය්වායං පුග්ගලො අරියානං දස්සනකාමො එවං සො තෙනඞ්ගෙන{3} පාසංසො.
Sinhala BJT(7) පුද්ගලපරාවරඥ කෙසේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහු විසින් දෙ පරිදියෙකින් පුඟුල්හු විදිත වෙත්. පුඟුල්හි දෙ දෙනෙකි. එකෙක් ආර්‍ය්‍යයන් දක්නට කැමැතියේ ය. එකෙක් ආර්‍ය්‍යයන් දක්නට නො කැමතියේ ය. යම් මේ පුඟුලෙක් ආර්‍ය්‍යයන් දක්නට නො කැමැත්තේ නම්, මෙසේ හේ ඒ කරුණින් ගැරැහිය යුතුවේ. යම් මේ පුඟුලෙක් ආර්‍ය්‍යයන් දක්නට කැමැත්තේ නම්, මෙසෙයින් හෙ එකරුණින් පැසැසියයුතු වන්නේ ය.
Pali BJTද්වෙ පුග්ගලා අරියානං දස්සනකාමා: එකො සද්ධම්මං සොතුකාමො, එකො සද්ධම්මං න සොතුකාමො. ය්වායං පුග්ගලො සද්ධම්මං න සොතුකාමො, එවං සො තෙනඞ්ගෙන{3} ගාරය්හො. ය්වායං පුග්ගලො සද්ධම්මං සොතුකාමො, එවං සො තෙනඞ්ගෙන{3} පාසංසො.
Sinhala BJTපුද්ගලයෝ දෙදෙනෙක් ආර්‍ය්‍යයන් දක්නා කැමැත්තාහ: එකෙක් සදහම් අසනට කැමතියේ වෙයි. එකෙක් සදහම් අසනු නො කැමතියේ වෙයි. යම් මේ පුඟුලෙක් සද්ධර්‍මය නො අසනු කැමතියේ නම් මෙසේ හේ එ කරුණින් ගැරැහියයුතු වන්නේ ය. යම් මේ පුඟුලෙක් සද්ධර්‍මය අසනු කැමැතියේ නම්, මෙසේ හේ එ කරුණින් පැසැසිය යුතු වන්නේ ය.
Pali BJTද්වෙ පුග්ගලා සද්ධම්මං සොතුකාමා: එකො ඔහිතසොතො ධම්මං සුණාති, එකො අනොහිතසොතො ධම්මං සුණාති. ය්වායං පුග්ගලො අනොහිතසොතො ධම්මං සුණාති, එවං සො තෙනඞ්ගෙන ගාරය්හො, ය්වායං පුග්ගලො ඔහිතසොතො ධම්මං සුණාති, එවං සො තෙනඞ්ගෙන පාසංසො.
Sinhala BJTසදහම් අසනු කැමැති මේ පුඟුල්හු දෙදෙනෙක්: එකෙක් යොමුකළ කන් ඇතියේ ධර්‍මය අසයි. එකෙක් යොමු නො කළ කන් ඇතියේ දහම් අසයි. යම් මේ පුඟුලෙක් යොමු නො කළ ශ්‍රෝත්‍ර ඇතියේ ධර්‍මය අසා නම්, මෙසේ හෙ එ කරුණින් ගැරැහිය යුතු වෙයි. යම් මේ පුඟුලෙක් යොමු කළ කන් ඇතියේ ධර්‍මය අසා නම් මෙසේ හෙ එ කරුණින් පැසැසිය යුතු වෙයි.
Pali BJTද්වෙ පුග්ගලා ඔහිතසොතා ධම්මං සුණන්ති: එකො සුත්වා ධම්මං ධාරෙති, එකො සුත්වා ධම්මං න ධාරෙති. ය්වායං පුග්ගලො සුත්වා ධම්මං න ධාරෙති, එවං සො තෙනඞ්ගෙන{1} ගාරය්හො, ය්වායං පුග්ගලො සුත්වා ධම්මං ධාරෙති, එවං සො තෙනඞ්ගෙන{1} පාසංසො.
Sinhala BJTමේ පුඟුල්හු දෙදෙනෙක් අවහිත ශ්‍රෝත්‍ර ඇතියාහු ධර්‍මය අසත්. එකෙක් අසා ධර්‍මය ධරයි. එකෙක් අසා ධර්‍මය නො ධරයි. යම් මේ පුඟුලෙක් අසා ධර්‍මය නො ධරා නම්, මෙසෙයින් හෙ එ කරුණින් ගැරැහිය යුතු වෙයි. යම් මේ පුඟුලෙක් ධර්‍මය අසා ධරා නම්, මෙසෙයින් හෙ එ කරුණින් පැසැසිය යුත්තේ ය.
Pali BJTද්වෙ පුග්ගලා සුත්වා ධම්මං ධාරෙන්ති: එකො ධතානං ධම්මානං අත්ථං උපපරික්ඛති, එකො ධතානං ධම්මානං අත්ථං න උපපරික්ඛති. ය්වායං පුග්ගලො ධතානං ධම්මානං අත්ථං න උපපරික්ඛති, එවං සො. තෙනඞ්ගෙන{1} ගාරය්හො. ය්වායං පුග්ගලො ධතානං ධම්මානං අත්ථං උපපරික්ඛති, එවං සො තෙනඞ්ගෙන{1} පාසංසො.
Sinhala BJTමේ පුද්ගලයෝ දෙදෙනෙක් අසා ධර්‍මය ධරත්. එකෙක් ධරණලද ධර්‍මයාගේ අර්‍ත්‍ථය පිරික්සයි. එකෙක් ධරණලද ධර්‍මයාගේ අර්‍ත්‍ථය නො පිරික්සයි. යම් මේ පුද්ගලයෙක් ධරණලද ධර්‍මයාගේ අර්‍ත්‍ථය නො පිරික්සා නම්, මෙසේ හෙ එ කරුණින් ගැරැහිය යුතු වෙයි. යම් මේ පුඟුලෙක් ධරණලද ධර්‍මයන්ගේ අර්‍ත්‍ථය පිරික්සා නම්, මෙසේ හෙ එ කරුණින් පැසැසිය යුත්තේ ය.
Pali BJTද්වෙ පුග්ගලා ධතානං ධම්මානං අත්ථං උපපරික්ඛන්ති: එකො අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො, එකො න අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො. ය්වායං පුග්ගලො න අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො, එවං සො තෙනඞ්ගෙන{1} ගාරය්හො. ය්වායං පුග්ගලො අත්ථමඤ්ඤාය ධම්මඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො, එවං සො තෙනඞ්ගෙන{1} පාසංසො.
Sinhala BJTමේ පුද්ගලයෝ දෙදෙනෙක් ධරණලද ධර්‍මයන්ගේ අර්‍ත්‍ථය පිරික්සත්: එකෙක් අර්‍ත්‍ථය දැන ධර්‍මය දැන ධර්‍මානුධර්‍මයට පිළිපන්නේ වෙයි. එකෙක් අර්‍ත්‍ථය දැන ධර්‍මය දැන ධර්‍මානුධර්‍මයට නො පිළිපන්නේ වෙයි. යම් මේ පුඟුලෙක් අර්‍ත්‍ථය දැන ධර්‍මය දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්න නොවේ නම්, මෙසේ හෙ එකරුණින් ගැරැහිය යුතු වෙයි. යම් මේ පුඟුලෙක් අර්‍ත්‍ථය දැන ධර්‍මය දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්න වේ නම්, මෙසෙයින් හෙ එකරුණෙන් පැසැසිය යුතු වෙයි.
Pali BJTද්වෙ පුග්ගලා අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නා. එකො අත්තහිතාය පටිපන්නො නො පරහිතාය. එකො අත්තහිතාය ච පටිපන්නො පරහිතාය ච. ය්වායං පුග්ගලො අත්තහිතාය පටිපන්නො නො පරහිතාය, එවං සො තෙනඞ්ගෙන{1} ගාරය්හො, ය්වායං පුග්ගලො අත්තහිතාය ච පටිපන්නො පරහිතාය ච, එවං සො තෙනඞ්ගෙන{1} පාසංසො.
Sinhala BJTමහණෙනි, මෙ පුද්ගලයෝ දෙදෙනෙක් අර්‍ත්‍ථය දැන ධර්‍මය දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්න වෙති: එකෙක් ආත්මහිත සඳහා පිළිපන්නේ ය. පරහිත සඳහා නො පිළිපන්නේ ය. එකෙක් ආත්මහිත සඳහා ද පරහිත සඳහා ද පිළිපන්නේ ය. යම් මේ පුද්ගලයෙක් ආත්මහිත සඳහා පිළිපන්නේ පරහිත සඳහා නො පිළිපන්නේ වේ නම්, මෙසෙයින් හෙ එකරුණෙන් ගැරැහිය යුතු වෙයි. යම් මේ පුඟුලෙක් ආත්මහිත සඳහාත් පරහිත සඳහාත් පිළිපන්නේ වේ නම් මෙසේ හෙ එකරුණෙන් පැසැසිය යුතු වෙයි.
Pali BJTඑවං ඛො භික්ඛවෙ, භික්ඛුනො ද්වයෙන පුග්ගලා විදිතා හොන්ති. එවං ඛො භික්ඛවෙ භික්ඛු පුග්ගලපරොවරඤ්ඤූ හොති.
Sinhala BJTමහණෙනි, මෙසේ භික්‍ෂූහු විසින් දෙකරුණින් පුද්ගලයෝ දන්නා ලද වෙත්. මහණෙනි, මෙසේ පුද්ගල පරාවරඥ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ සත්තහි සද්ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTමහණෙනි, මෙ සප්තධර්‍මයෙන් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ.
Pali BJT7. 2. 2. 5.
Sinhala BJT7. 2. 2. 5.
Pali BJT[පාරිච්ඡත්තක සුත්තං]
Sinhala BJT[පාරිච්ඡත්තක සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT16. යස්මිං භික්ඛවෙ සමයෙ දෙවානං තාවතිංසානං පාරිච්ඡත්තකො කොවිළාරො පණ්ඩුපලාසො හොති. අත්තමනා භික්ඛවෙ දෙවා තාවතිංසා තස්මිං සමයෙ හොන්ති: ‘පණ්ඩුපලාසොදානි පාරිච්ඡත්තකො කොවිළාරො, න චිරස්සෙව දානි සන්නපලාසො{2} භවිස්සතී’ති.
Sinhala BJT16. මහණෙනි, යම් කලෙක්හි තාවතිංස දෙවියන්ගේ කෝවිදාර නම් පරසතුරුක පඬුවන් පත් ඇති වේ ද, මහණෙනි, තාවතිංස දෙවියෝ එකල්හි “දැන් කෝවිදාර පරසතුරුක පඬුවන් පත්‍ර ඇතියේ ය. තව නොබෝ කලෙකින් ම ගිලිහුනු පත් ඇතිවන්නේ ය”යි සතුටු සිත් ඇති වන්නාහ.
Pali BJTයස්මිං භික්ඛවෙ, සමයෙ දෙවානං තාවතිංසානං පාරිච්ඡත්තකො කොවිළාරො සන්නපලාසො හොති, අත්තමනා භික්ඛවෙ දෙවා තාවතිංසා තස්මිං සමයෙ හොන්ති: සන්නපලාසොදානි පාරිච්ඡත්තකො කොවිළාරො න චිරස්සෙවදානි ජාලකජාතො භවිස්සතී’ති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක්හි තාවතිංස දෙවියන්ගේ කෝවිදාර නම් පරසතුරුක පතිතපත්‍ර ඇතියේ වේ ද, මහණෙනි, එසමයෙහි තාවතිංස දෙවියෝ “දැන් කෝවිදාර පාරිච්ඡත්‍රකවෘක්‍ෂය ගිලිහුනු පත් ඇතියේ ය. නොබෝ කලෙකින් ම හටගත් කොළමල් දැල් ඇති වන්නේය”යි සතුටු සිතැති වෙත්.
Pali BJTයස්මිං භික්ඛවෙ සමයෙ දෙවානං තාවතිංසානං පාරිච්ඡත්තකො කොවිළාරො ජාලකජාතො හොති, අත්තමනා භික්ඛවෙ, දෙවා තාවතිංසා තස්මිං සමයෙ හොන්ති ජාලකජාතොදානි පාරිච්ඡත්තකො කොවිළාරො, න චිරස්සෙවදානි ඛාරකජාතො භවිස්සතීති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක්හි තාවතිංස දෙවියන්ගේ කෝවිදාර නම් පාරිච්ඡත්‍රවෘක්‍ෂය හටගත් පලුමල්කැන් ඇති වේ නම්, මහණෙනි, එසමයෙහි තාවතිංස දෙවියෝ “දැන් කෝවිදාර පරසතුරුක හටගත් පලුමල්කැන් ඇතියේ නොබෝ කලෙකින් ම වෙන් වෙන් ව බෙදුනු පලුමල්කැන් ඇති වන්නේ ය”යි තුටු සිත් ඇති වෙත්.
Pali BJTයස්මිං භික්ඛවෙ, සමයෙ දෙවානං තාවතිංසානං පාරිච්ඡත්තකො කොවිළාරො ඛාරකජාතො හොති, අත්තමනා භික්ඛවෙ, දෙවා තාවතිංසා තස්මිං සමයෙ හොන්ති ඛාරකජාතොදානි පාරිච්ඡත්තකො කොවිළාරො, න චිරස්සෙවදානි කුඩුමලකජාතො{1} භවිස්සතීති.
Sinhala BJTමහණෙනි, යම් සමයෙක්හි තාවතිංස දෙවියන්ගේ කොවිළාර නම් පරසතුරුක වෙන් වෙන් ව බෙදුනු පලු මල් කැන් ඇති වේ ද, මහණෙනි, එසමයෙහි තාවතිංස දෙවියෝ සතුටුසිත් ඇති වෙත්: “දැන් කොවිළාර නම් පරසතුරුක ක්‍ෂාරකජාත (බෙදීගිය පලුමල් කැන් ඇති) විය, නොබෝ කලෙකින් ම හටගත් කුඩ්මල ඇති වේ යයි.
Pali BJTයස්මිං භික්ඛවෙ සමයෙ දෙවානං තාවතිංසානං පාරිච්ඡත්තකො කොවිළාරො කුඩුමලකජාතො{1} හොති, අත්තමනා භික්ඛවෙ, දෙවා තාවතිංසා තස්මිං සමයෙ හොන්ති කුඩුමලකජාතොදානි පාරිච්ඡත්තකො කොවිළාරො, න චිරස්සෙවදානි කොකාසකජාතො{2} භවිස්සතී’ති.
Sinhala BJTමහණෙනි, යම් සමයෙක්හි තාවතිංස දෙවියන්ගේ කෝවිදාර නම් පාරිච්ඡත්‍රක වෘක්‍ෂය හටගත් කුඩ්මල ඇතියේ වේ ද, මහණෙනි, එසමයෙහි තාවතිංස දෙවියෝ “කෝවිදාර පරසතුරුක දැන් හටගත් කුඩ්මල ඇතියේ නොබෝ දවසෙකින් ම මිණිබුන් මලින් යුතුවේ ය”යි සතුටු වන්නාහ.
Pali BJTයස්මිං භික්ඛවෙ, සමයෙ දෙවානං තාවතිංසානං පාරිච්ඡත්තකො කොවිළාරො කොකාසකජාතො හොති, අත්තමනා භික්ඛවෙ, දෙවා තාවතිංසා හොන්ති කොකාසකජාතොදානි පාරිච්ඡත්තකො කොවිළාරො, න චිරස්සෙවදානි සබ්බපාලිඵුල්ලො{3} භවිස්සතීති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක තවුතිසාවැසි දෙවියන්ගේ කෝවිදාර පරසතුරුක මිණිමුතුවන මල් ඇතිවන්නේ ද, මහණෙනි, තවුතිසාවැසි දෙවියෝ එකල්හි “දැන් කෝවිදාර පරසතුරුක මිණිමුතුවන මල් ඇතියේ ය, නොබෝ දවසෙකින් ම හැම සේ මොනොවට පිපියේ වන්නේ ය”යි තුටු වෙත්.
Pali BJTයස්මිං භික්ඛවෙ, සමයෙ දෙවානං තාවතිංසානං පාරිච්ඡත්තකො කොවිළාරො සබ්බපාලිඵුල්ලො හොති, අත්තමනා භික්ඛවෙ, දෙවා තාවතිංසා පාරිච්ඡත්තකස්ස කොවිළාරස්ස මූලෙ දිබ්බෙ චත්තාරො මාසෙ පඤ්චහි කාමගුණෙහි සමප්පිතා සමඞ්ගිභූතා පරිවාරෙන්ති. සබ්බපාලිඵුල්ලස්ස භික්ඛවෙ, පාරිච්ඡත්තකස්ස කොවිළාරස්ස සමන්තා පඤ්ඤාස යොජනානි ආභාය ඵුටං හොති, අනුවාතං යොජනසතං ගන්ධො ගච්ඡති. අයමනුභාවො පාරිච්ඡත්තකස්ස කොවිළාරස්ස.
Sinhala BJTමහණෙනි, යම් කලෙක තාවතිංස දෙවියන්ගේ කෝවිදාර පරසතුරුක සර්‍වප්‍රකාරයෙන් පාලිඵුල්ල වේ ද, මහණෙනි, (එසමයෙහි) තාවතිංස දෙවියෝ කෝවිදාර පරසතුරුක්හුගේ මුල දිව්‍යවර්‍ෂගණනායෙන් සාරමසක් (මනුෂ්‍ය වර්‍ෂ ගණනායෙන් දොළොස් දහසක් අවුරුදු) පස්කම් ගුණෙන් සමන්‍වාගත වූවාහු සමර්පිත වූවාහු අභිරමණය කෙරෙත්. ක්‍රීඩා කරත්. මහණෙනි, සර්‍වප්‍රකාරයෙන් පාලිඵුල්ල වූ කෝවිදාර පරසතුරුක්හු වටා පණස් යොදුනක් ආලෝකයෙන් පැතිරගියේ වෙයි. ගන්‍ධය යොදුන් සියක් අනුවාතයෙහි හමයි. කෝවිදාර පරිච්ඡත්‍රකයාගේ මෙ අනුභාව වෙයි.
Pali BJT(1) එවමෙව ඛො භික්ඛවෙ, යස්මිං සමයෙ අරියසාවකො අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය චෙතෙති, පණ්ඩුපලාසො භික්ඛවෙ, අරියසාවකො තස්මිං සමයෙ හොති දෙවානංව තාවතිංසානං පාරිච්ඡත්තකො කොවිළාරො.
Sinhala BJT(1) මහණෙනි, එපරිද්දෙන් ම යම් කලෙක්හි අරීසවු ගෙන් නික් ම පැවිද්ද සඳහා සිතා ද, මහණෙනි, එසමයෙහි අරීසවු තව්තිසා වැසි දෙවියන්ගේ කෝවිදාර පාරිච්ඡත්‍රකය සෙයින් පණ්ඩුපලාස වෙයි.
Pali BJT(2) යස්මිං භික්ඛවෙ, සමයෙ අරියසාවකො කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති, සන්නපලාසො භික්ඛවෙ තස්මිං සමයෙ අරියසාවකො හොති දෙවානංව තාවතිංසානං පාරිච්ඡත්තකො කොවිළාරො.
Sinhala BJT(2) මහණෙනි, යම් සමයෙක්හි අරීසවු කෙහෙරවුළු බහා කසාවත් හැඳ ගෙන නික්ම පැවිද්දට පැමිණියේ වේ ද, මහණෙනි, එසමයෙහි අරීසවු තව්තිසා වැසි දෙවියන්ගේ කෝවිදාර පාරිච්ඡත්‍රකය සෙයින් ගුළුපත් (වැටුන කොළ) ඇතියේ වෙයි.
Pali BJT(3) යස්මිං භික්ඛවෙ, සමයෙ අරියසාවකො විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, ජාලකජාතො භික්ඛවෙ, අරියසාවකො තස්මිං සමයෙ හොති දෙවානංව තාවතිංසානං පාරිච්ඡත්තකො කොවිළාරො.
Sinhala BJT(3) මහණෙනි, යම් සමයෙක්හි ආර්‍ය්‍යශ්‍රාවක කාමයන්ගේ වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට එළැඹ වෙසේ ද, මහණෙනි, එසමයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තාවතිංස දේවයන්ගේ කෝවිදාර පාරිච්ඡත්‍රක රුක සෙයින් ජාලක ජාත වෙයි.
Pali BJT(4) යස්මිං භික්ඛවෙ සමයෙ අරියසාවකො විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරති, ඛාරකජාතො භික්ඛවෙ, අරියසාවකො තස්මිං සමයෙ හොති දෙවානංව තාවතිංසානං පාරිච්ඡත්තකො කොවිළාරො.
Sinhala BJT(4) මහණෙනි, යම් කලෙක්හි ආර්‍ය්‍යශ්‍රාවක විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපශමයෙන් ... ද්විතීයධ්‍යානයට එළඹ වෙසේ නම්, මහණෙනි, එසමයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තාවතිංස දේවයන්ගේ කෝවිදාර පරසතුරුක සෙයින් ඛාරකජාත වෙයි.
Pali BJT(5) යස්මිං භික්ඛවෙ, සමයෙ අරියසාවකො පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති. කුඩුමලකජාතො භික්ඛවෙ, අරියසාවකො තස්මිං සමයෙ හොති දෙවානංව තාවතිංසානං පාරිච්ඡත්තකො කොවිළාරො.
Sinhala BJT(5) මහණෙනි, යම් සමයෙක්හි ආර්‍ය්‍යශ්‍රාවක ප්‍රීතියගේ විරාගයෙන් ... තෘතීයධ්‍යානයට එළැඹ වෙසේ ද, මහණෙනි, එසමයෙහි අරීසවු තාවතිංස දෙවියන්ගේ කෝවිදාර පාරිච්ඡත්‍රකය සෙයින් කුඩ්මල හටගත්තේ වෙයි.
Pali BJT(6) යස්මිං භික්ඛවෙ, සමයෙ අරියසාවකො සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති, කොකාසකජාතො භික්ඛවෙ අරියසාවකො තස්මිං සමයෙ හොති දෙවානංව තාවතිංසානං පාරිච්ඡත්තකො කොවිළාරො.
Sinhala BJT(6) මහණෙනි, යම් සමයෙක්හි අරීසවු සුඛප්‍රහාණයෙනුදු ... චතුර්‍ත්‍ථධ්‍යානයට එළැඹ වෙසේ ද, මහණෙනි, එසමයෙහි අරීසවු තාවතිංස දෙවියන්ගේ කෝවිදාර නම් පාරිච්ඡත්‍රකවෘක්‍ෂය සෙයින් කොකාසකජාත වෙයි.
Pali BJT(7) යස්මිං භික්ඛවෙ, සමයෙ අරියසාවකො ආසවානං ඛයා ආනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති, සබ්බපාලිඵුල්ලො භික්ඛවෙ, අරියසාවකො තස්මිං සමයෙ හොති දෙවානංව තාවතිංසානං පාරිච්ඡත්තකො කොවිළාරො.
Sinhala BJT(7) මහණෙනි, යම් සමයෙක්හි අරීසවු ආස්‍රවයන්ගේ ක්‍ෂයෙන් අනාස්‍රව චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය තමා විසින් විශිෂ්ටඥානයෙන් ඉහාත්මයෙහි ම දැන සාක්‍ෂාත් කොට එයට එළැඹ වෙසේ ද, මහණෙනි, එසමයෙහි අරීසවු තාවතිංස දෙවියන්ගේ කෝවිදාර නම් පාරිච්ඡත්‍රකය සෙයින් හැමසේ පාලිඵුල්ල (පිපුනේ) වේ.
Pali BJTතස්මිං භික්ඛවෙ, සමයෙ භුම්මා දෙවා සද්දමනුස්සාවෙන්ති “එසො ඉත්ථන්නාමො ආයස්මා ඉත්ථන්නාමස්ස ආයස්මතො සද්ධිවිහාරිකො අමුකම්හා ගාමා වා නිගමාවා අගාරස්මා අනගාරියං පබ්බජිතො, ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතී”ති භුම්මානං දෙවානං සද්දං සුත්වා චාතුම්මහාරාජිකා දෙවා සද්දමනුස්සාවෙන්ති.
Sinhala BJTමහණෙනි, එසමයෙහි බූමාටු දෙවියෝ “තෙල මෙබඳු නම් ඇති ආයුෂ්මත්හුගේ සද්ධිවිහාරික වූ මෙබඳු නම් ඇති ආයුෂ්මත් අසෝ ගමින් හෝ නියම්ගමින් හෝ නික්මියේ පැවිද්දට පැමිණියේ අනාස්‍රව චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තමා විසින් විශිෂ්ට ඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එළැඹ වෙසේ ය”යි ශබ්දය අනුශ්‍රාවණය කරත්. බූමාටු දේවයන්ගේ ශබ්දය අසා චාතුම්මහාරාජික දේවයෝ ශබ්දානුශ්‍රාවණය කරත්.
Pali BJTඑසො ඉත්ථන්නාමො ආයස්මා ඉත්ථන්නාමස්ස ආයස්මතො සද්ධිවිහාරිකො අමුකම්හා ගාමා වා නිගමා වා අගාරස්මා අනගාරියං පබ්බජිතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතීති චාතුම්මහාරාජිකානං දෙවානං සද්දං සුත්වා තාවතිංසා දෙවා -පෙ- යාමා දෙවා -පෙ- තුසිතා දෙවා -පෙ- නිම්මානරතී දෙවා -පෙ- පරනිම්මිතවසවත්තී දෙවා -පෙ- බ්රහ්මකායිකා දෙවා සද්දමනුස්සාවෙන්ති: එසො ඉත්ථන්නාමො ආයස්මා ඉත්ථන්නාමස්ස ආයස්මතො සද්ධිවිහාරිකො අමුකම්හා ගාමා වා නිගමා වා අගාරස්මා අනගාරියං පබ්බජිතො ආසවානං ඛයා -පෙ- සච්ඡිත්වා උපසම්පජ්ජ විහරතීති.
Sinhala BJTතෙල මෙබඳු නම් ඇති ආයුෂ්මත්හුගේ මෙබඳු නම් ඇති සද්ධිවිහාරික වූ ආයුෂ්මත් අසෝ ගමින් වේවයි, නියම්ගමින් වේවයි ගෙන් නික්ම පැවිද්දට පැමිණියේ ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තමා විසින් ... සාක්‍ෂාත් කොට එයට එළැඹ වාස කෙරේ ය’යි. චාතුර්ම්මහාරාජික දෙවියන්ගේ ශබ්දය අසා තාවතිංස දේවයෝ ... යාම දේවයෝ ... තුසිත දේවයෝ ... නිම්මාණරති දේවයෝ ... පරනිම්මිතවසවත්ති දේවයෝ ... බ්‍රහ්මකායික දේවයෝ ශබ්දය අස්වත්. “තෙල මෙබඳු නම් ඇති ආයුෂ්මත්හුගේ මෙබඳු නම් ඇති සද්ධිවිහාරික වූ ආයුෂ්මත් අසෝ ගමින් හෝ නියම්ගමින් හෝ ගෙන් නික්ම පැවිද්දට පැමිණියේ ආස්‍රවක්‍ෂයෙන් ... සාක්‍ෂාත් කොට එළඹ වෙසේ වෙයි.
Pali BJTඉතිහ තෙන ඛණෙන තෙන මුහුත්තෙන යාව බ්රහ්මලොකා සද්දො{1} අබ්භුග්ගච්ඡති. අයමනුභාවො ඛීණාසවස්ස භික්ඛුනොති.
Sinhala BJTමෙසේ එකෙණෙහි, එ මොහෙතෙහි බඹලොව හිම් කොට ශබ්දය උස් ව නැගෙයි. මෙ ක්‍ෂීණාස්‍රව මහණහුගේ අනුභාවය යි.
Pali BJT7. 2. 2. 6.
Sinhala BJT7. 2. 2. 6.
Pali BJT[සක්කාරගරුකාර සුත්තං]
Sinhala BJT[සක්කාරගරුකාර සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT17. අථ ඛො ආයස්මතො සාරිපුත්තස්ස රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: කින්නු ඛො භික්ඛු සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්තො අකුසලං පජහෙය්ය කුසලං භාවෙය්යා’ති.
Sinhala BJT17. එකල්හි රහසිගත වු පිළිසලනෙහි ඇලුනු ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන්හට මෙබඳු චිත්තපරිවිතර්‍කයෙක් උපන: “සත්කාර කොට, ගුරුකාර කොට කවරකු ඇසුරු කොට වෙසෙන මහණ අකුසල් දුරු කරන්නේ වේ ද, කුසල් වඩන්නේ වේ දැ” යි.
Pali BJTඅථ ඛො ආයස්මතො සාරිපුත්තස්ස එතදහොසි: “සත්ථාරං ඛො භික්ඛු සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්තො අකුසලං පජහෙය්ය, කුසලං භාවෙය්ය. ධම්මං ඛො භික්ඛු -පෙ- සික්ඛං ඛො භික්ඛු -පෙ- සමාධිං ඛො භික්ඛු -පෙ- අප්පමාදං ඛො භික්ඛු -පෙ- පටිසන්ථාරං ඛො භික්ඛු සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්තො අකුසලං පජහෙය්ය, කුසලං භාවෙය්යාති.
Sinhala BJTඑක්බිති ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවන්හට තෙල සිත් වී: “මහණෙක් ශාස්තෘන් වහන්සේට සත්කාර කොට ගුරුකාර කොට ඇසුරු කොට වාස කරන්නෙ අකුසල දුරු කරන්නේ ය. කුසල් වඩන්නේ ය. මහණෙක් ධර්‍මය ... මහණෙක් සඞ්ඝයා ... මහණෙක් ශික්‍ෂාව ... මහණෙක් සමාධිය ... මහණෙක් අප්‍රමාදය ... මහණෙක් පටිසන්‍ථාර සත්කාර කොට ගුරුකාර කොට ඇසුරු කොට වාසය කරන්නේ අකුසල් දුරු කරන්නේ ය, කුසල් වඩන්නේ ය”යි.
Pali BJTඅථ ඛො ආයස්මතො සාරිපුත්තස්ස එතදහොසි: “ඉමෙ ඛො මෙ ධම්මා පරිසුද්ධා පරියොදාතා, යන්නූනාහං ඉමෙ ධම්මෙ ගන්ත්වා භගවතො ආරොචෙය්යං, එවම්මෙ ඉමෙ ධම්මා පරිසුද්ධා චෙව භවිස්සන්ති පරිසුද්ධසඞ්ඛතතරා ච.” සෙය්යථාපි නාම පුරිසො සුවණ්ණනික්ඛං අධිගච්ඡෙය්ය පරිසුද්ධං පරියොදාතං, තස්ස එවමස්ස: අයං ඛො මෙ සුවණ්ණනික්ඛො පරිසුද්ධො පරියොදාතො, යන්නූනාහං ඉමං සුවණ්ණනික්ඛං ගන්ත්වා කම්මාරානං දස්සෙය්යං, එවමෙව අයං සුවණ්ණනික්ඛො කම්මාරගතො පරිසුද්ධො චෙව භවිස්සති පරිසුද්ධසඞ්ඛත්තරො චාති, එවම්මෙ ඉමෙ ධම්මා පරිසුද්ධා පරියොදාතා, යන්නූනාහං ඉමෙ ධම්මෙ ගන්ත්වා භගවතො ආරොචෙය්යං, එවම්මෙ ඉමෙ ධම්මා පරිසුද්ධා චෙව භවිස්සන්ති පරිසුද්ධසඞ්ඛතතරා චාති.
Sinhala BJTඑක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරුන්හට මෙබඳු සිතෙක් විය: මේ දහම්හු පරිශුද්ධයහ. පර්‍ය්‍යවදාතයහ. ඉදින් මම් ගොස් මෙ දහම් භාග්‍යවතුන් වහන්සේට සැළකරන්නෙම් නම්, එසේ වත් මාගේ මේ ධර්‍මයෝ පරිශුද්ධ ද වන්නාහ. පරිශුද්ධ සංස්කෘතතර (ඉතා පිරිසිදුව සකස් කරණ ලද) ද වන්නාහ. යම් පරිදි පුරුෂයෙක් පිරිසුදු වූ පර්‍ය්‍යවදාත වූ රන් ආභරණයක් ලබා නම්, ඔහට මෙබඳු සිතෙක් වෙයි: මාගේ මෙ ස්වර්‍ණ නිෂ්කය ගෙන පරිශුද්ධ ය, පර්‍ය්‍යවදාත ය. ඉදින් මම මේ නිෂ්කය ගෙන ගොස් කඹුරනට දක්වන්නෙම් නම් මැනැව. එසේ වත් ම මාගේ මෙ සුවර්‍ණ නිෂ්කය කඹුරන් අතට ගියේ ඉතා පිරිසුදු හා පරිශුද්ධ සංස්කෘතතර ද වන්නේ ය. එ පරිදි ම මාගේ මේ දහම්හු පරිශුද්ධ වූවාහු පර්‍ය්‍යවදාත වූවාහු වෙති. ඉදින් මම මේ දහම් ඉගෙන ගෙන ගොස් භාග්‍යවතුන් වහන්සේට දක්වම් නම්, එසේවත් ම මාගේ මේ දහම්හු ඉතා නිර්‍මල ද අතිශයින් පරිශුද්ධ සංස්කෘතතර (ඉතා පිරිසිදුව සකස් කරණ ලද) ද වන්නේ යයි.
Pali BJTඅථ ඛො ආයස්මා සාරිපුත්තො සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච:
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ සවස්වරුයෙහි පිළිසලනෙන් නැඟී සිටියාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි හුන්හ. එකත්පස්හි හුන් ආයුෂ්මත් සාරිපුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ:
Pali BJTඉධ මය්හං භන්තෙ, රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “කින්නු ඛො භික්ඛු සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්තො, අකුසලං පජහෙය්ය, කුසලං භාවෙය්යා”ති. තස්ස මය්හං භන්තෙ එතදහොසි:
Sinhala BJT“වහන්ස, මෙහි රහසිගත වූ පිළිසලනට ගිය මට මෙබඳු සිතෙක් පහළ වි. “මහණ කවරකු සත්කාර කොට ගුරුකාර කොට ඇසුරු කොට වසන්නේ අකුශලය ප්‍රහාණ කරන්නේ ද? කුසලය වඩන්නේ දැ?යි”, වහන්ස, එ මට මෙබඳු සිතෙක් පාළ විය:
Pali BJT“සත්ථාරං ඛො භික්ඛු සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්තො අකුසලං පජහෙය්ය කුසලං භාවෙය්ය, ධම්මං ඛො භික්ඛු -පෙ- සඞ්ඝං ඛො භික්ඛු -පෙ- සික්ඛං ඛො භික්ඛු -පෙ- සමාධිං ඛො භික්ඛු -පෙ- අප්පමාදං ඛො භික්ඛු -පෙ- පටිසන්ථාරං ඛො භික්ඛු සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්තො අකුසලං පජහෙය්ය කුසලං භාවෙය්යාති.
Sinhala BJT“මහණෙක්, ශාස්තෘන් වහන්සේට සත්කාර කොට ගුරුකාර කොට ඇසුරු කොට වසන්නේ අකුශලය ප්‍රහීණ කරන්නේ ය. කුශලය වඩන්නේ ය. මහණෙක් ධර්‍මය ... මහණෙක් සඟුන් ... මහණෙක් ශික්‍ෂාව ... මහණෙක් සමාධිය ... මහණෙක් අප්‍රමාදය ... මහණෙක් පටිසන්‍ථාරයට සත්කාර කොට ගුරුකාර කොට ඇසුරු කොට වාස කරන්නේ අකුශලය දුරලන්නේ ය, කුසල් වඩන්නේ ය”යි.
Pali BJTතස්ස මය්හං භන්තෙ, එතදහොසි. “ඉමෙ ඛො මෙ ධම්මා පරිසුද්ධා පරියොදාතා, යන්නූනාහං ඉමෙ ධම්මෙ ගන්ත්වා භගවතො ආරොචෙය්යං, එවම්මෙ ඉමෙ ධම්මා පරිසුද්ධා චෙව භවිස්සන්ති පරිසුද්ධසඞ්ඛතතරා ච.”
Sinhala BJTවහන්ස, එ මට මෙසිත වීය: මාගේ මෙ දහම්හු පරිශුද්ධයහ. පර්‍ය්‍යවදාතයහ. ඉදින් මම් මේ දහම් ගෙණ ගොස් භාග්‍යවතුන් වහන්සේට සැළ කෙරෙම් නම්, එසේ ඇතිවත් ම මාගේ මෙ ධර්‍මයෝ ඉතා පිරිසිදු හා පරිශුද්ධ සංස්කෘතතර වන්නාහ”යි.
Pali BJTසෙය්යථාපි නාම පුරිසො සුවණ්ණනික්ඛං අධිගච්ඡෙය්ය, පරිසුද්ධං පරියොදාතං, තස්ස එවමස්ස: අයං ඛො මෙ සුවණ්ණනික්ඛො, පරිසුද්ධො පරියොදාතො, යන්නූනාහං ඉමං සුවණ්ණනික්ඛං ගන්ත්වා කම්මාරානං දස්සෙය්යං එවම්මෙ අයං සුවණ්ණනික්ඛො කම්මාරගතො පරිසුද්ධො චෙව භවිස්සති පරිසුද්ධසඞ්ඛතතරො චාති, එවම්මෙ ඉමෙ ධම්මා පරිසුද්ධා පරියොදාතා, යන්නූනාහං ඉමෙ ධම්මෙ ගන්ත්වා භගවතො ආරොචෙය්යං, එවම්මෙ ඉමෙ ධම්මා පරිසුද්ධා චෙව භවිස්සන්ති පරිසුද්ධසඞ්ඛතතරා චාති.
Sinhala BJTයම් පරිදි පුරුෂයෙක් පිරිසිදු පර්‍ය්‍යවදාත රන්නිකක් ලබා නම්, ඔහට මෙබඳු සිතෙක් වන්නේ ය. මාගේ මේ ස්වර්‍ණනිෂ්කය පරිශුද්ධ ය, පර්‍ය්‍යවදාත ය. ඉදින් මම මේ සුවර්‍ණනිෂ්කය කඹුරනට දක්වම් නම්, මැනැව. එසේ වත් එ මගේ මේ සුවර්‍ණනිෂ්කය කඹුරන් අත පත් වූයේ ඉතා පිරිසිදු හා පරිශුද්ධසංස්කෘතතර හා වන්නේ ය”යි. එසේ ම මාගේ මේ ධර්‍මයෝ පරිශුද්ධ පර්‍ය්‍යවදාත වෙති. ඉදින් මම මෙදහම් ගෙණ ගොස් භාග්‍යවතුන් වහන්සේට සැළකරම් නම්, එසේ වත් ම මෙදහම්හු ඉතා පිරිසිදු හා පරිශුද්ධසංස්කෘතතර වන්නාහ යි.
Pali BJTසාධු සාරිපුත්ත, සත්ථාරං ඛො සාරිපුත්ත, භික්ඛු සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්තො අකුසලං පජහෙය්ය කුසලං භාවෙය්ය, ධම්මං ඛො සාරිපුත්ත, භික්ඛු -පෙ- සඞ්ඝං ඛො සාරිපුත්ත, භික්ඛු -පෙ- සික්ඛං ඛො සාරිපුත්ත, භික්ඛු -පෙ- සමාධිං ඛො සාරිපුත්ත භික්ඛු -පෙ- අප්පමාදං ඛො සාරිපුත්ත, භික්ඛු -පෙ- පටිසන්ථාරං ඛො සාරිපුත්ත, භික්ඛු සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්තො අකුසලං පජහෙය්ය කුසලං භාවෙය්යාති.
Sinhala BJTසැරියුත, මැනැව, සැරියුත, මහණෙක් ශාස්තෘන්හට සත්කාර කොට ගුරු කොට ශාස්තෘන් ඇසුරු කරමින් වාස කරන්නේ අකුසල් දුරු කරන්නේ ය. කුසල් වඩන්නේ ය. සැරියුත, මහණෙක් ධර්‍මය ... සැරියුත, මහණෙක් සඟුන් … සැරියුත, මහණෙක් ශික්‍ෂාව ... සැරියුත, මහණෙක් සමාධිය ... සැරියුත, මහණෙක් අප්‍රමාදය ... සැරියුත් මහණෙක් පටිසන්‍ථාරයට සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වසනුයේ අකුසල් දුරු කරන්නේ ය, කුලස් වඩන්නේ යයි.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච: ඉමස්ස ඛො අහං භන්තෙ භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමි:
Sinhala BJTමෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍රතෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් වදාරන ලද මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය මෙසෙයින් විස්තර විසින් දනිමි.
Pali BJTසො වත භන්තෙ, භික්ඛු සත්ථරි අගාරවො ධම්මෙ සගාරවො භවිස්සතීති නෙතං ඨානං විජ්ජති. යො සො භන්තෙ, භික්ඛු සත්ථරි අගාරවො ධම්මෙපි සො අගාරවො.
Sinhala BJTවහන්ස, ඒකාන්තයෙන් එ මහණ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැතියේ ධර්‍මය කෙරෙහි ගෞරව සහිත වන්නේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වේ. වහන්ස, යම් එ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි අගෞරව ඇතියේ වේ නම් එ මහණ ඒකාන්තයෙන් ධර්‍මයෙහි දු අගෞරව ඇතියේ වෙයි.
Pali BJTසො වත භන්තෙ, භික්ඛු සත්ථරි අගාරවො ධම්මෙ අගාරවො සඞ්ඝෙ සගාරවො භවිස්සතීති නෙතං ඨානං විජ්ජතී. යො සො භන්තෙ භික්ඛු සත්ථරි අගාරවො ධම්මෙ අගාරවො සඞ්ඝෙපි සො අගාරවො:
Sinhala BJTවහන්ස, එ මහණ ඒකාන්තයෙන් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැතියේ ධර්‍මයෙහි ගෞරව නැතියේ සංඝයා කෙරෙහි ගෞරව සහිත වන්නේ ය යන තෙල කරුණ විද්‍යාමාන නොවේ. වහන්ස, යම් එ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැතියේ, ධර්‍මයෙහි ගෞරව නැතියේ නම් හෙ සඞ්ඝයා කෙරෙහි ද අගෞරව ඇතියේ ය.
Pali BJTසො වත භන්තෙ, භික්ඛූ සත්ථරි අගාරවො ධම්මෙ අගාරවො සඞ්ඝො අගාරවො සික්ඛාය සගාරවො භවිස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTවහන්ස, එ මහණ ඒකාන්තයෙන් ශාස්තෘන් වහන්සේ කෙරෙහි අගෞරව ඇතියේ, ධර්‍මයෙහි අගෞරව ඇතියේ, සඞ්ඝයා කෙරෙහි අගෞරව ඇතියේ, ශික්‍ෂායෙහි සගෞරව වන්නේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වේ.
Pali BJTයො සො භන්තෙ, භික්ඛු සත්ථරි අගාරවො ධම්මෙ අගාරවො සඞ්ඝෙ, අගාරවො සික්ඛායපි සො අගාරවො.
Sinhala BJTවහන්ස, යම් ඒ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැතියේ, ධර්‍මයෙහි අගෞරව ඇතියේ, සඞ්ඝයා කෙරෙහි ගෞරව නැතියේ නම්, හේ ශික්‍ෂායෙහි දු ගෞරව නැතියේ ය.
Pali BJTසො වත භන්තෙ, භික්ඛු සත්ථරි අගාරවො ධම්මෙ අගාරවො සඞ්ඝෙ අගාරවො සික්ඛාය අගාරවො සමාධිස්මිං සගාරවො භවිස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTවහන්ස, ඒකාන්තයෙන් එ මහණ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැතියේ ධර්‍මයෙහි ගෞරව නැතියේ සඟුන් කෙරෙහි ගෞරව නැතියේ ශික්‍ෂායෙහි ගෞරව නැතියේ සමාධියෙහි සගෞරව වන්නේ ය යන තෙල කරුණ නො වේ.
Pali BJTයො සො භන්තෙ, භික්ඛූ සත්ථරි අගාරවො ධම්මෙ අගාරවො සඞ්ඝෙ අගාරවො සික්ඛාය අගාරවො සමාධිස්මිම්පි සො අගාරවො.
Sinhala BJTවහන්ස, යම් එ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි අගෞරව ඇතියේ ධර්‍මයෙහි අගෞරව ඇතියේ සඟුන් කෙරෙහි අගෞරව ඇතියේ ශික්‍ෂායෙහි ගෞරව නැතියේ නම්, හෙ සමාධියෙහි දු අගෞරව ඇතියේ වෙයි.
Pali BJTසො වත භන්තෙ, භික්ඛු සත්ථරි අගාරවො ධම්මෙ අගාරවො සඞ්ඝෙ අගාරවො සික්ඛාය අගාරවො සමාධිස්මිං අගාරවො අප්පමාදෙ සගාරවො භවිස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTවහන්ස, ඒකාන්තයෙන් එ මහණ ශාස්තෘන් වහන්සේ කෙරෙහි අගෞරව ඇතියේ ධර්‍මයෙහි අගෞරව ඇතියේ සඞ්ඝයා කෙරෙහි අගෞරව ඇතියේ, ශික්‍ෂායෙහි අගෞරව ඇතියේ, සමාධියෙහි අගෞරව ඇතියේ, අප්‍රමාදයෙහි ගෞරව සහිත වන්නේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වේ.
Pali BJTයො සො භන්තෙ, භික්ඛු සත්ථරි අගාරවො ධම්මෙ අගාරවො සඞ්ඝෙ අගාරවො සික්ඛාය අගාරවො සමාධිස්මිං අගාරවො අප්පමාදෙපි සො අගාරවො.
Sinhala BJTවහන්ස, යම් එ මහණෙක් ශාස්තෘන් කෙරෙහි ගෞරව නැතියේ ධර්‍මයෙහි ගෞරව නැතියේ සඞ්ඝයා කෙරෙහි ගෞරව නැතියේ ශික්‍ෂායෙහි ගෞරව නැතියේ සමාධියෙහි ගෞරව නැතියේ වේ නම්, අප්‍රමාදයෙහි දු හෙ ගෞරව නැතියේ වෙයි.
Pali BJTසො වත භන්තෙ භික්ඛු සත්ථරි අගාරවො ධම්මෙ අගාරවො සඞ්ඝෙ අගාරවො සික්ඛාය අගාරවො සමාධිස්මිං අගාරවො අප්පමාදෙ අගාරවො පටිසන්ථාරෙ සගාරවො භවිස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTවහන්ස, ඒකාන්තයෙන් එ මහණ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැතියේ ධර්‍මයෙහි ගෞරව නැතියේ සඞ්ඝයා කෙරෙහි ගෞරව නැතියේ ශික්‍ෂායෙහි ගෞරව නැතියේ සමාධියෙහි ගෞරව නැතියේ අප්‍රමාදයෙහි ගෞරව නැතියේ පිළිසඳරෙහි ගෞරව සහිත වන්නේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වේ.
Pali BJTයො සො වත භන්තෙ, භික්ඛු සත්ථරි අගාරවො ධම්මෙ අගාරවො සඞ්ඝෙ අගාරවො සික්ඛාය අගාරවො සමාධිස්මිං අගාරවො අප්පමාදෙ අගාරවො පටිසන්ථාරෙපි සො අගාරවො.
Sinhala BJTවහන්ස, යම් එ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැතියේ ධර්‍මයෙහි ගෞරව නැතියේ සඞ්ඝයා කෙරෙහි ගෞරව නැතියේ ශික්‍ෂායෙහි ගෞරව නැතියේ සමාධියෙහි ගෞරව නැතියේ අප්‍රමාදයෙහි ගෞරව නැතියේ වේ නම්, පටිසන්‍ථාරයෙහි දු හෙ අගෞරව ඇතියේ වෙයි.
Pali BJTසො වත භන්තෙ, භික්ඛු සත්ථරි සගාරවො ධම්මෙ අගාරවො භවිස්සතීති නෙතං ඨානං විජ්ජති. යො සො භන්තෙ, භික්ඛු සත්ථරි සගාරවො ධම්මෙපි සො සගාරවො.
Sinhala BJTවහන්ස, එ මහණ ඒකාන්තයෙන් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව සහිත වූයේ ධර්‍මයෙහි අගෞරව ඇතියේ වන්නේ ය යන තෙල කරුණ විද්‍යාමාන නොවේ. වහන්ස, යම් එ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි සගෞරව වේ නම්, හෙ ධර්‍මයෙහි දු සගෞරව වෙයි.
Pali BJTසො වත භන්තෙ, භික්ඛු සත්ථරි සගාරවො ධම්මෙ සගාරවො සඞ්ඝෙ අගාරවො භවිස්සතීති නෙතං ඨානං විජ්ජති. යො සො භන්තෙ, භික්ඛු සත්ථරි සගාරවො ධම්මෙ සගාරවො, සඞ්ඝෙපි සො සගාරවො.
Sinhala BJTවහන්ස, එ මහණ එකැතියෙන් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව සහිත වූයේ ධර්‍මයෙහි සගෞරව වූයේ සඞ්ඝයා කෙරෙහි ගෞරව නැතියේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. වහන්ස, යම් එ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව සහිත වූයේ ධර්‍මයෙහි ගෞරව සහිත වූයේ නම්, හේ සඟුන් කෙරෙහි දු සගෞරව වෙයි.
Pali BJTසො වත භන්තෙ භික්ඛු සත්ථරි සගාරවො ධම්මෙ සගාරවො සඞ්ඝෙ සගාරවො සික්ඛාය අගාරවො භවිස්සතීති නෙතං ඨානං විජ්ජති. යො සො භන්තෙ, භික්ඛු සත්ථරි සගාරවො ධම්මෙ සගාරවො සඞ්ඝෙ සගාරවො සික්ඛායපි සො සගාරවො.
Sinhala BJTවහන්ස, එකැතියෙන් එ මහණ ශාස්තෘන් වහන්සේ කෙරෙහි සගෞරව වූයේ ධර්‍මයෙහි සගෞරව වූයේ සඟුන් කෙරෙහි සගෞරව වූයේ ශික්‍ෂායෙහි අගෞරව ඇතියේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වේ. වහන්ස, යම් එ මහණෙක් ශාස්තෘන් කෙරෙහි ගෞරව සහිත වූයේ ධර්‍මයෙහි ගෞරව සහිත වූයේ සඟුන් කෙරෙහි ගෞරව සහිත වූයේ නම්, හෙ ශික්‍ෂායෙහි දු සගෞරව වෙයි.
Pali BJTසො වත භන්තෙ, භික්ඛු සත්ථරි සගාරවො ධම්මෙ සගාරවො සඞ්ඝෙ සගාරවො සික්ඛාය සගාරවො සමාධිස්මිං අගාරවො භවිස්සතීති නෙතං ඨානං විජ්ජති. යො සො භන්තෙ, භික්ඛු සත්ථරි සගාරවො ධම්මෙ සගාරවො සඞ්ඝෙ සගාරවො සික්ඛාය සගාරවො සමාධිස්මිංපි සො සගාරවො.
Sinhala BJTවහන්ස, එ මහණ ඒකාන්තයෙන් ශාස්තෘන් වහන්සේ කෙරෙහි සගෞරව වූයේ ධර්‍මයෙහි සගෞරව වූයේ සඟුන් කෙරෙහි සගෞරව වූයේ ශික්‍ෂායෙහි සගෞරව වූයේ සමාධියෙහි අගෞරව ඇතියේ වන්නේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වේ. වහන්ස, යම් එ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ධර්‍මයෙහි සගෞරව වූයේ සඟුන් කෙරෙහි සගෞරව වූයේ ශික්‍ෂායෙහි සගෞරව වූයේ නම්, හෙ සමාධියෙහි දු සගෞරව වේ.
Pali BJTසො වත භන්තෙ, භික්ඛු සත්ථරි සගාරවො. ධම්මෙ සගාරවො සඞ්ඝෙ සගාරවො සික්ඛාය සගාරවො සමාධිස්මිං සගාරවො අප්පමාදෙ අගාරවො භවිස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTවහන්ස, එ මහණ එකැතියෙන් ශාස්තෘන් වහන්සේ කෙරෙහි සගෞරව වූයේ ධර්‍මයෙහි සගෞරව වූයේ සඞ්ඝයා කෙරෙහි සගෞරව වූයේ ශික්‍ෂායෙහි සගෞරව වූයේ සමාධියෙහි සගෞරව වූයේ අප්‍රමාදයෙහි අගෞරව ඇතියේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වේ.
Pali BJTයො සො භන්තෙ භික්ඛු සත්ථරි සගාරවො ධම්මෙ සගාරවො සඞ්ඝෙ සගාරවො සික්ඛාය සගාරවො, සමාධිස්මිං සගාරවො අප්පමාදෙපි සො සගාරවො.
Sinhala BJTවහන්ස, යම් ඒ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි සගෞරව වූයේ ධර්‍මයෙහි සගෞරව වූයේ සඟුන් කෙරෙහි සගෞරව වූයේ ශික්‍ෂායෙහි සගෞරව වූයේ සමාධියෙහි සගෞරව වූයේ අප්‍රමාදයෙහි දු සගෞරව වෙයි.
Pali BJTසො වත භන්තෙ, භික්ඛු සත්ථරි සගාරවො ධම්මෙ සගාරවො සඞ්ඝෙ සගාරවො සික්ඛාය සගාරවො සමාධිස්මිං සගාරවො අප්පමාදෙ සගාරවො පටිසන්ථාරෙ අගාරවො භවිස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTවහන්ස, එ මහණ ඒකාන්තයෙන් ශාස්තෘන් වහන්සේ කෙරෙහි සගෞරව වූයේ ධර්‍මයෙහි සගෞරව වූයේ සඞ්ඝයා කෙරෙහි සගෞරව වූයේ ශික්‍ෂායෙහි සගෞරව වූයේ සමාධියෙහි සගෞරව වූයේ අප්‍රමාදයෙහි සගෞරව වූයේ පටිසන්‍ථාරයෙහි අගෞරව ඇති වන්නේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වේ.
Pali BJTයො සො භන්තෙ, භික්ඛු සත්ථරි සගාරවො ධම්මෙ සගාරවො සඞ්ඝෙ සගාරවො සික්ඛාය සගාරවො සමාධිස්මිං සගාරවො අප්පමාදෙ සගාරවො පටිසන්ථාරෙපි සො සගාරවොති.
Sinhala BJTවහන්ස, යම් එ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි සගෞරව වූයේ ධර්‍මයෙහි සගෞරව වූයේ සඞ්ඝයා කෙරෙහි සගෞරව වූයේ ශික්‍ෂායෙහි සගෞරව වූයේ සමාධියෙහි සගෞරව වූයේ අප්‍රමාදයෙහි සගෞරව වූයේ නම්, හෙ පටිසන්‍ථාරයෙහි දු සගෞරව වෙයි.
Pali BJTඉමස්ස ඛො අහං භන්තෙ, භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමි. සාධු සාධු සාරිපුත්ත, සාධු ඛො ත්වං සාරිපුත්ත, ඉමස්ස මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාසි.
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය මම විස්තර විසින් මෙසෙයින් දනිමි යි. ශාරීපුත්‍රයෙනි, මැනැවි, මැනැවි, ශාරීපුත්‍රය, මා විසින් සැකෙවින් දෙසන ලද මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය තො මෙලෙසින් විස්තර විසින් දනිහි නම් මනා ය.
Pali BJTසො වත සාරිපුත්ත, භික්ඛු සත්ථරි අගාරවො ධම්මෙ සගාරවො භවිස්සතීති නෙතං ඨානං විජ්ජති. යො සො සාරිපුත්ත, භික්ඛු සත්ථරි අගාරවො ධම්මෙපි සො අගාරවො.
Sinhala BJTසැරියුත, එ මහණ එකැතියෙන් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැතියේ ධර්‍මයෙහි සගෞරව වේ ය යන තෙල කරුණ අවිද්‍යාමාන ය. සැරියුත, යම් එ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැතියේ ද, ධර්‍මයෙහි දු හෙ ගෞරව නැතියේ ය.
Pali BJTසො වත සාරිපුත්ත භික්ඛු සත්ථරි අගාරවො ධම්මෙ අගාරවො -පෙ- සඞ්ඝෙ සගාරවො -පෙ- සික්ඛාය අගාරවො -පෙ- සමාධිස්මිං අගාරවො -පෙ- අප්පමාදෙ අගාරවො පටිසන්ථාරෙ සගාරවො භවිස්සතීති නෙතං ඨානං විජ්ජති. යො සො සාරිපුත්ත, භික්ඛු සත්ථරි අගාරවො ධම්මෙ අගාරවො, සඞ්ඝෙ අගාරවො සික්ඛාය අගාරවො, සමාධිස්මිං අගාරවො අප්පමාදෙ අගාරවො පටිසන්ථාරෙපි සො අගාරවො.
Sinhala BJTශාරීපුත්‍රයෙනි, එ මහණ ඒකාන්තයෙන් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැතියේ ධර්‍මයෙහි ගෞරව නැතියේ ... සඟුන් කෙරෙහි ගෞරව නැතියේ … ශික්‍ෂායෙහි ගෞරව නැතියේ … සමාධියෙහි ගෞරව නැතියේ .. අප්‍රමාදයෙහි ගෞරව නැතියේ පටිසන්‍ථාරයෙහි ගෞරව සහිත වන්නේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වේ. ශාරිපුත්‍රය, යම් එ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැතියේ, ධර්‍මයෙහි ගෞරව නැතියේ, සඞ්ඝයා කෙරෙහි ගෞරව නැතියේ, ශික්‍ෂායෙහි ගෞරව නැතියේ, සමාධියෙහි ගෞරව නැතියේ, අප්‍රමාදයෙහි කෙරෙහි ගෞරව නැතියේ වේ ද, හෙ පිළිසඳරෙහි දු ගෞරව නැතියේ ය.
Pali BJTසො වත සාරිපුත්ත, භික්ඛු සත්ථරි සගාරවො ධම්මෙ අගාරවො භවිස්සතීති නෙතං ඨානං විජ්ජති. යො සො සාරිපුත්ත, භික්ඛු සත්ථරි සගාරවො ධම්මෙපි සො සගාරවො.
Sinhala BJTශාරීපුත්‍රයෙනි, ඒකාන්තයෙන් එ මහණ ශාස්තෘන් වහන්සේ කෙරෙහි සගෞරව වූයේ ධර්‍මයෙහි අගෞරව ඇතියේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වේ. ශාරීපුත්‍රය, යම් එ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි සගෞරව වේ ද, සැරියුත, එ මහණ එකැතියෙන් ධර්‍මයෙහි දු සගෞරව වෙයි.
Pali BJTසො වත සාරිපුත්ත භික්ඛු සත්ථරි සගාරවො ධම්මෙ සගාරවො -පෙ- සඞ්ඝෙ සගාරවො -පෙ- සික්ඛාය සගාරවො -පෙ- සමාධිස්මිං සගාරවො -පෙ- අප්පමාදෙ සගාරවො පටිසන්ථාරෙ අගාරවො භවිස්සතීති නෙතං ඨානං විජ්ජති. යො සො සාරිපුත්ත, භික්ඛු සත්ථරි සගාරවො -පෙ- පටිසන්ථාරෙපි සො සගාරවො.
Sinhala BJTශාරීපුත්‍රයෙනි, එ මහණ ඒකාන්තයෙන් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව සහිත වේ ද ... ධර්‍මයෙහි සගෞරව වේ ද ... සඞ්ඝයා කෙරෙහි සගෞරව වේ ද ... ශික්‍ෂායෙහි සගෞරව වේ ද … සමාධියෙහි සගෞරව වේ ද … අප්‍රමාදයෙහි සගෞරව වේ ද ... පටිසන්‍ථාරයෙහි අගෞරව ඇතියේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වේ. සැරියුත, යම් ඒ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි සගෞරව වේ ද ... පිළිසඳරෙහි දු හෙ සගෞරව වෙයි.
Pali BJTඉමස්ස ඛො සාරිපුත්ත, සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බොති.
Sinhala BJTසැරියුත, මා විසින් සැකෙවින් දෙසන ලද මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය මෙසෙයින් විතර විසින් දැක්ක යුත්තේ ය යි.
Pali BJT7. 2. 2. 7.
Sinhala BJT7. 2. 2. 7.
Pali BJT[භාවනානුයුත්ත සුත්තං]
Sinhala BJT[භාවනානුයුත්ත සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT18. භාවනං අනනුයුත්තස්ස භික්ඛවෙ භික්ඛුනො විහරතො කිඤ්චාපි එවං ඉච්ඡා උප්පජ්ජෙය්ය: අහො වත මෙ අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චෙය්යා’ති. අථ ඛ්වස්ස නෙව අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චති. තං කිස්ස හෙතු: අභාවිතත්තාතිස්ස වචනීයං. කිස්ස අභාවිතත්තා: චතුන්නං සතිපට්ඨානානං, චතුන්නං සම්මප්පධානානං, චතුන්නං ඉද්ධිපාදානං, පඤ්චන්නං ඉන්ද්රියානං, පඤ්චන්නං බලානං, සත්තන්නං බොජ්ඣඞ්ගානං, අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස.
Sinhala BJT18. මහණෙනි, භාවනායෙහි යුක්තප්‍රයුක්ත නො වී වාසය කරණ මහණහට, “අහෝ මාගේ සිත (ඒකාන්තයෙන් කිසි සංස්කාරයක්) උපාදාන විසින් නො ගෙන ආස්‍රවයන්ගෙන් මිදේව”යි යන මෙබඳු ඉච්ඡායෙක් උපදනේ නමුදු, වැලිත් ඔහුගේ චිත්තය උපාදාන විසින් නො ගෙණ ආස්‍රවයන්ගෙන් නො මැ මිදෙන්නේ ය. එ කවර හෙයින යත්: ‘අභාවිත වන හෙයිනැ’යි කියයුතු වන්නේ ය. කවරක්හුගේ අභාවිතභාවයෙන යත්: සතරසතිපට්ඨාන, සතරසම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍යය, සතරඉද්ධිපාදය, පඤ්චේන්‍ද්‍රියය, පඤ්චබල, සප්තබෝධ්‍යඞ්ගය, ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය යන ධර්‍ම අභාවිත වන හෙයිනි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, කුක්කුටියා අණ්ඩානි අට්ඨ වා දස වා ද්වාදස වා, තානස්සු කුක්කුටියා න සම්මා අධිසයිතානි න සම්මා පරිසෙදිතානි න සම්මා පරිභාවිතානි. කිඤ්චාපි තස්සා කුක්කුටියා එවං ඉච්ඡා උප්පජ්ජෙය්ය: “අහො වත මෙ කුක්කුටපොතකා පාදනඛසිඛාය වා මුඛතුණ්ඩකෙන වා අණ්ඩකොසං පදාලෙත්වා සොත්ථිනා අභිනිබ්භිජ්ජෙය්යුන්ති.”
Sinhala BJTමහණෙනි, යම් පරිදි කිකිළියකහට බිජුවට අටෙක් හෝ දසයෙක් හෝ දොළොසක් වේ නම්, එ හැම කිකිළිය විසින් මොනොවට අධිශයිත නො වෙත්. මොනොවට හුණුසුම් ගන්වන ලද නො වෙත්. මොනොවට පරිභාවිත නො වෙත්. එ කිකිළියට “අහෝ, මාගේ කැකුළුපැටව් පානියසිළීන් හෝ මුවතුඩින් හෝ අණ්ඩකෝෂය පළා සුවසේ නික්මෙත්වා” යන මෙබඳු ඉච්ඡාවත් උපදනේ ය. වැලිත් එ කුකුළුපැටව් පානියසිළීන් හෝ මුවතුඩින් හෝ අණ්ඩකෝෂය පළා සුවසේ නික්මෙන්නට අභව්‍ය ම වෙත්. එ කවර හෙයින යත්: මහණෙනි, යම් හෙයෙකින් කිකිළිය විසින් බිජුවටහු මොනොවට අධිශයිත නොවෙත් ද, හුණුසුම් ගන්වන ලද නො වෙත් ද, මොනොවට පරිභාවිත නො වෙත් ද, එසෙයිනි.
Pali BJTඅථ ඛො අභබ්බාව තෙ කුක්කුටපොතකා පාදනඛසිඛාය වා මුඛතුණ්ඩකෙන වා අණ්ඩකොසං පදාලෙත්වා සොත්ථිනා අභිනිබ්භිජ්ජිතුං. තං කිස්ස හෙතු: තථා හි භික්ඛවෙ කුක්කුටියා අණ්ඩානි න සම්මා අධිසයිතානි න සම්මා පරිසෙදිතානි, න සම්මා පරිභාවිතානි, එවමෙව ඛො භික්ඛවෙ භාවනං අනනුයුත්තස්ස භික්ඛුනො විහරතො කිඤ්චාපි එවං ඉච්ඡා උප්පජ්ජෙය්ය: අහො වත මෙ අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චෙය්යාති. අථ ඛ්වස්ස නෙව අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චති. තං කිස්ස හෙතු: අභාවිතත්තාතිස්ස වචනීයං. කිස්ස අභාවිතත්තා: චතුන්නං සතිපට්ඨානානං -පෙ- අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස.
Sinhala BJTමහණෙනි, එපරිද්දෙන් ම භාවනායෙහි යුක්තප්‍රයුක්ත නො වී වෙසෙන මහණහට “අහෝ, ඒකාන්තයෙන් මාගේ චිත්තය උපාදානයන් විසින් නො ගෙණ ආස්‍රවයන්ගෙන් මිදේ වා” යන මෙබඳු ඉච්ඡාවක් උපදනේ නමුදු වැලිත් අනුපාදාන විසින් ඔහුගේ චිත්තය ආස්‍රවයන්ගෙන් නොමිදේ මැයි. එ කවර හෙයින යත්: අභාවිතභාවයෙනැයි කිවයුතු වන්නේ ය. කවරක් නොවැඩූ බැවින යත්: සතරසතිපට්ඨාන ... ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය අභාවිත හෙයිනි.
Pali BJTභාවනං අනුයුත්තස්ස භික්ඛවෙ, භික්ඛුනො විහරතො කිඤ්චාපි න එවං ඉච්ඡා උප්පජ්ජෙය්ය: අහො වත මෙ අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චෙය්යාති, අථ ඛ්වස්ස අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චති. තං කිස්ස හෙතු: භාවිතත්තාතිස්ස වචනීයං. කිස්ස භාවිතත්තා: චතුන්නං සතිපට්ඨානානං -පෙ- අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස.
Sinhala BJTමහණෙනි, භාවනායෙහි යුක්තප්‍රයුක්තව වාසය කරණ මහණහට “අහෝ ඒකාන්තයෙන් අනුපාදාන විසින් මාගේ චිත්තය ආස්‍රවයන්ගෙන් මිදේවා” යන මෙබඳු ඉච්ඡාවක් නූපදනේ නමුදු වැලිත් ඔහුගේ චිත්තය උපාදාන විසින් නො ගෙණ ආස්‍රවයන්ගෙන් මිදෙන්නේ ය. එ කවර හෙයින යත්: භාවිතභාවයෙනැයි කිවයුතු වන්නේ ය. කවරක්හුගේ භාවිත භාවයෙන යත්: සතරසතිපට්ඨානයන්ගේ හා ... ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයාගේ (භාවිතභාවයෙනි).
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, කුක්කුටියා අණ්ඩානි අට්ඨ වා දස වා ද්වාදස වා, තානස්සු කුක්කුටියා සම්මා අධිසයිතානි සම්මා පරිසෙදිතානි සම්මා පරිභාවිතානි. කිඤ්චාපි තස්සා කුක්කුටියා න එවං ඉච්ඡා උප්පජ්ජෙය්ය: අහො වත මෙ කුක්කුටපොතකා පාදනඛසිඛාය වා මුඛතුණ්ඩකෙන වා අණ්ඩකොසං පදාලෙත්වා සොත්ථිනා අභිනිබ්භිජ්ජෙය්යුන්ති. අථ ඛො භබ්බාව තෙ කුක්කුටපොතකා පාදනඛසිඛාය වා මුඛතුණ්ඩකෙන වා අණ්ඩකොසං පදාලෙත්වා සොත්ථිනා අභිනිබ්භිජ්ජිතුං. තං කිස්ස හෙතු: තථාහි භික්ඛවෙ කුක්කුටියා අණ්ඩානි සම්මා අධිසයිතානි සම්මා පරිසෙදිතානි, සම්මා පරිභාවිතානි.
Sinhala BJTමහණෙනි, යම් පරිදි කිකිළියට බිජුවට අටෙක් හෝ දසයෙක් හෝ දොළොසෙක් වේ නම්, එ හැම කිකිළිය විසින් මනාකොට අධිශයිත වෙත්. මැනැවින් පරිසෙදිත වෙත්. මනාලෙස පරිභාවිත වෙත්. එ කිකිළියට “අහෝ, ඒකාන්තයෙන් මාගේ කුකුළුපැටහු පානියසිළීන් වේවයි, මුවතුඩින් වේවයි අණ්ඩකෝෂය පළා සුවසේ නික්මෙත්වා”යි මෙබඳු ඉච්ඡාවත් නූපදනේ නමුදු වැලිත් එ කුකුළුපැටහු පානියසිළීන් වේවයි, මුවතුඩින් වේවයි, අණ්ඩකෝෂය බිඳ සුවසේ නික්මෙන්නට භව්‍ය ම වෙත්. එ කවර හෙයින යත්: මහණෙනි, යම් සෙයෙකින් කිකිළිය විසින් බිජුවටහු මනාලෙස අධිශයිත වෙත් නම්, මැනැවින් පරිසෙදිත වෙත් නම්, මැනැවින් පරිභාවිත වෙත් නම්, එහෙයිනි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, භාවනං අනුයුත්තස්ස භික්ඛුනො විහරතො කිඤ්චාපි න එවං ඉච්ඡා උප්පජ්ජෙය්ය: අහො වත මෙ අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චෙය්යාති. අථ ඛ්වස්ස අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චති. තං කිස්ස හෙතු: භාවිතත්තාතිස්ස වචනීයං. කිස්ස භාවිතත්තා: චතුන්නං සතිපට්ඨානානං -පෙ- අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස.
Sinhala BJTමහණෙනි, එ පරිද්දෙන් ම භාවනායෙහි අනුයුක්ත ව වසන මහණහට “අහෝ මාගේ චිත්තය උපාදාන විසින් නො ගෙණ ආස්‍රවයන්ගෙන් මිදේ වා” යන මෙබඳු ඉච්ඡාවක් නූපදනේ නමුදු වැලිත් ඔහුගේ චිත්තය උපාදාන විසින් නො ගෙණ ආස්‍රවයන්ගෙන් මිදෙන්නේ ය. එ කවර හෙයින් යත්: භාවිතභාවයෙනැයි කිවයුතු වෙයි. කවරක්හුගේ භාවිතභාවයෙන යත්: සතර සතිපට්ඨානයන්ගේ ද ... ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයාගේ ද භාවනායෙනි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, පලගණ්ඩස්ස{1} වා පලගණ්ඩන්තෙවාසිකස්ස{2} වා දිස්සන්තෙව වාසිජටෙ අඞ්ගුලිපදානි දිස්සති අඞ්ගුට්ඨපදං.{3} නො ච ඛ්වාස්ස එවං ඤාණං හොති: එත්තකං වා මෙ අජ්ජ වාසිජටස්ස ඛීණං, එත්තකං භිය්යො, එත්තකං පරෙති. අථ ඛ්වාස්ස ඛීණෙ ඛීණන්ත්වෙව ඤාණං හොති. එවමෙව ඛො භික්ඛවෙ, භාවනං අනුයුත්තස්ස භික්ඛුනො විහරතො කිඤ්චාපි න එවං ඤාණං හොති: එත්තකං වා මෙ අජ්ජ ආසවානං ඛීණං, එත්තකං වා භිය්යො, එත්තකං වා පරෙති. අථ ඛ්වාස්ස ඛීණෙ ඛීණන්ත්වෙව ඤාණං හොති.
Sinhala BJTමහණෙනි, දැවවඩුවකුගේ හෝ දැවවඩුඅතවැසියකුගේ හෝ වෑ මිටෙහි යම් පරිදි අඞ්ගුලිපදයෝ පැණෙත් ම නම්, අඞ්ගුෂ්ටපදය පැණේ ම නම්, ඔහට “අද මාගේ වෑමිටෙහි මෙතෙක් අංශුයෙක් ක්‍ෂීණ විය, ඊයේ දවස්හි මෙතෙක් අංශුයෙක් ක්‍ෂීණ විය, පෙරෙයිදා මෙතෙක් අංශුයෙක් ක්‍ෂීණ විය” යන මෙබඳු ඥානයෙක් නො වේ ම ය. වැලිත් ඔහට ක්‍ෂීණ වූ අංශුයෙහි ක්‍ෂීණ ම විය’ යන ඥානය වෙයි. මහණෙනි, එපරිද්දෙන් ම භාවනායෙහි යුක්තප්‍රයුක්ත ව වසන මහණහට “අද මාගේ ආස්‍රවයන්ගෙන් මෙතෙක් අංශයෙක් ක්‍ෂීණ විය. ඊයේ මෙතෙක් අංශයෙක් ක්‍ෂීණ විය. පෙරෙයිදා මෙතෙක් අංශයෙක් ක්‍ෂීණ විය” යන මෙබඳු ඥානයෙක් නැති නමුදු, වැලිත් ඔහට ක්‍ෂීණ වූ ආස්‍රව ක්‍ෂීණ ම ය” යන ඥානය වේ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, සාමුද්දිකාය නාවාය වෙත්තබන්ධනබද්ධාය ඡම්මාසානි උදකෙ පරියාදාය හෙමන්තිකෙන ථලෙ උක්ඛිත්තාය වාතාතපපරෙතානි බන්ධනානි තානි පාවුස්සකෙන මෙඝෙන අහිප්පවට්ටානි අප්පකසිරෙනෙව පටිප්පස්සම්භන්ති පූතිකානි භවන්ති, එවමෙව ඛො භික්ඛවෙ, භාවනං අනුයුත්තස්ස භික්ඛුනො විහරතො අප්පකසිරෙනෙව සංයොජනානි පටිප්පස්සම්භන්ති පූතිකානි භවන්තීති.
Sinhala BJTමහණෙනි, වෙත්‍රබන්‍ධනයෙන් බඳනා ලදුව සමසක් දියෙහි පැවැති හිමත් කල්හි ඉවුරුතෙලෙහි ඔසොවාන ලද සාමුද්‍රික නැවෙක බන්‍ධනයෝ වාතයෙන් හා හිරුඑලියෙන් මඩනා ලද්දාහු යම් පරිදි ප්‍රාවෘට්මේඝයෙන් මොනොවට තෙමන ලද්දාහු පහසුවෙන් ම පිරිහීමට යෙත් නම්, සුණු වී යෙත් නම්, මහණෙනි, එපරිද්දෙන් ම භාවනායෙහි යුක්තප්‍රයුක්ත ව වසන මහණහට නිදුකින් ම සංයෝජනයෝ පිරිහෙත් පූතික වෙත් යයි.
Pali BJT7. 2. 2. 8.
Sinhala BJT7. 2. 2. 8.
Pali BJT[අග්ගික්ඛන්ධොපම සුත්තං]
Sinhala BJT[අග්ගික්ඛන්‍ධොපම සූත්‍රය]
Pali BJT19. එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරති මහතා භික්ඛු සඞ්ඝෙන සද්ධිං. අද්දසා ඛො භගවා අද්ධානමග්ගපටිපන්නො අඤ්ඤතරස්මිං පදෙසෙ මහන්තං අග්ගික්ඛන්ධං ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං. දිස්වාන මග්ගා ඔක්කම්ම අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ පඤ්ඤත්තාසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛු ආමන්තෙසි: පස්සථ නො තුම්හෙ භික්ඛවෙ අමුං මහන්තං අග්ගික්ඛන්ධං ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතන්ති. එවං භන්තෙ.
Sinhala BJT19. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහබික්සඟුන් කැටිව ලා ගෙණ කොසොල්දනව්යෙහි සැරිසරණ සේක. අද්ධාන මාර්‍ගයට පිළිපන් භාග්‍යවතුන් වහන්සේ අන්‍යතර ප්‍රදේශයෙක්හි ඇවිළගත් මොනොවට දිලියෙන් ගිනිසිළු සහිත වූ මහාග්නිස්කන්‍ධයක් දුටු සේක. දැක වදාරා මාර්‍ගයෙන් ඉවත් ව අන්‍යතර වෘක්‍ෂමූලයෙක්හි පනවන ලද අස්නෙක වැඩහුන් සේක. වැඩ හිඳ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා වදාළ සේක: “මහණෙනි, තෙපි ඇවිළගත් මැනැවින් දිලියෙන් ගිනිසිළු ඇති අසෝ මහගිනිකඳ දකිවු දැ?”යි වහන්ස, එසේයයි.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමං නු ඛො වරං යං අමුං මහන්තං අග්ගික්ඛන්ධං ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං ආලිඞ්ගිත්වා උපනිසීදෙය්ය වා උපනිපජ්ජෙය්යවා යං වා ඛත්තියකඤ්ඤං වා බ්රාහ්මණකඤ්ඤං වා, ගහපති කඤ්ඤං වා මුදුතලුණහත්ථපාදිං ආලිඞ්ගිත්වා උපනිසීදෙය්ය වා උපනිපජ්ජෙය්ය වාති. එතදෙව භන්තෙ, චරං යං ඛත්තියකඤ්ඤං වා බ්රාහ්මණකඤ්ඤං වා ගහපතිකඤ්ඤං වා මුදුතලුණහත්ථපාදිං ආලිඞ්ගිත්වා උපනිසීදෙය්ය වා උපනිපජ්ජෙය්ය වා. දුක්ඛං හෙතං භන්තෙ, යං අමුං මහන්තං අග්ගික්ඛන්ධං ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං ආලිඞ්ගිත්වා උපනිසීදෙය්ය වා උපනිපජ්ජෙය්ය වාති.
Sinhala BJTමහණෙනි, එ කිමැයි හඟිවු ද? තෙල අදීප්ත වූ සම්ප්‍රජ්වලිත වූ සජ්‍යොතීර්භූත වූ මහා වහ්නිස්කන්‍ධය වැළඳ ගෙණ හිඳිනේ හෝ හෝනේ හෝ යන යමකුත් වේ නම්, මොළොක් තුරුණු අත්පා ඇති ක්‍ෂත්‍රියකන්‍යාවක හෝ බ්‍රාහ්මණකන්‍යාවක හෝ ගෘහපතිකන්‍යාවක හෝ සිප වැළඳ ගෙණ හිඳුනේ හෝ හෝනේ හෝ යන යමෙක් වේ නම්, (එයින්) කවරක් උතුම් දැ?යි. වහන්ස, මොළොක් තුරුණු අත් පා ඇති ක්‍ෂත්‍රියකන්‍යාවක හෝ බ්‍රාහ්මණකන්‍යාවක හෝ ගෘහපතිකන්‍යාවක හෝ සිප වැළඳ ගෙණ හිඳිනේ හෝ හෝනේ ය යන යමෙක් වේ නම්, මෙය ම උතුම් වේ. වහන්ස, තෙල ඇවිළගත් දිලියෙන, ගිනිසිළු ඇති යම් මහගිනිකඳක් සිපවැළඳ ගෙණ හිඳිනේ ය හෝ හෝනේ ය යන තෙල දුකෙක් මැයි.